යෙදුමෙන් කියවන්න

මහාවනවණ‍්ණනා අට‍්ඨකථා

මහාවනවණ‍්ණනා

මහාවන වර්ණනාව

“ගච‍්ඡන‍්තො සො භාරද‍්වාජො, අද‍්දස‍්ස අච‍්චුතං ඉසිං; දිස‍්වාන තං භාරද‍්වාජො, සම‍්මොදි ඉසිනා සහ.

ඒ ජූජක බමුණා යන්නේ අච්‍යුත තවුසා දිටී. බමුණු ඔහු දැක තවුසා සමග පිළිසඳර කථා කළේය.

“කච‍්චි නු භොතො කුසලං, කච‍්චි භොතො අනාමයං; කච‍්චි උඤ‍්ඡෙන යාපෙසි, කච‍්චි මූලඵලා බහූ.

කිම, භවතා නිරෝගීද, භවතාට දුකක් නැද්ද? කිම වනමුල් ඵලාඵලයන්ගෙන් යැපෙන්නෙහිද? කිම මුල් හා පලවැල බොහෝ ඇද්ද,

“කච‍්චි ඩංසා මකසා ච, අප‍්පමෙව සරීසපා; වනෙ වාළමිගාකිණ‍්ණෙ, කච‍්චි හිංසා න විජ‍්ජතී”ති.

කිම ඔබට මැසිමදුරුවෝ ද දීර්ඝ ජාතික සර්පයෝ ද අල්පවැ සිටිත්ද? චණ්ඩ මෘගයන් ගැවසීගත් වනයේ කිම හිංසා නැද්ද?

තත්‍ථ භාරද‍්වාජොති ජූජකො. අප‍්පමෙවාති අප‍්පායෙව. හිංසාති තෙසං වසෙන තුම‍්හාකං විහිංසා.

එහි භාරද්වාජො යනු ජූජකයා. අප්පමෙව ස්වල්පමයැ. හිංසා ඔවුන්ගේ වසඟවීමෙන් තොපට විහිංසාය.

තාපසො ආහ –

තාපසයා කීය.

“කුසලඤ‍්චෙව මෙ බ්‍රහ‍්මෙ, අථො බ්‍රහ‍්මෙ අනාමයං; අථො උඤ‍්ඡෙන යාපෙමි, අථො මූලඵලා බහූ.

බමුණ, මට රෝග නැත. තවද මට දුක්ද නැත. වනමුල් එලවලින් ජීවත්වෙමි. මුල් හා පලවැල බොහෝය.

“අථො ඩංසා මකසා ච, අප‍්පමෙව සරීසපා; වනෙ වාළමිගාකිණ‍්ණෙ, හිංසා මය‍්හං න විජ‍්ජති.

තවද මැසිමදුරුවෝද දීඝ ජාති සර්පයෝ ද අල්පමයැ. චණ්ඩ මෘගයන් සිටින වනයේ මා හට හිංසාවක් නැත.

“බහූනි වස‍්සපූගානි, අස‍්සමෙ වසතො මම; නාභිජානාමි උප‍්පන‍්නං, ආබාධං අමනොරමං.

අවුරුදු බොහෝ ගණනක් අසපුවේ වසන මට උපන් සිත්කළු නොවන රෝගයක් නුදුටිමි.

“ස‍්වාගතං තෙ මහාබ්‍රහ‍්මෙ, අථො තෙ අදුරාගතං; අන‍්තො පවිස භද‍්දන‍්තෙ, පාදෙ පක‍්ඛාලයස‍්සු තෙ.

බමුණ, ඔබට යහපත් ගමන් වේවා. තවද තොපගේ නුසුදුසු පැමිණීමක් නොවේ. තොපට යහපතක් වේවා. තොපගේ පා ධෝවනය කරන්න. පන්සල ඇතුළට පිවිසෙන්න.

“තින්‍දුකානි පියාලානි, මධුකෙ කාසුමාරියො; ඵලානි ඛුද‍්දකප‍්පානි, භුඤ‍්ජ බ්‍රහ‍්මෙ වරං වරං.

බමුණ, තිඹිරි පලය, පියල්පලය, මිහිරි කටු එරමිණියයැ. දඬුඵල් බෑ මීයෙකැ යන මේවා මෙහි ඇත. යහපත් යහපත් දේ වළඳන්න.

“ඉදම‍්පි පානීයං සීතං, ආභතං ගිරිගබ‍්භරා; තතො පිව මහාබ්‍රහ‍්මෙ, සචෙ ත්‍වං අභිකඞ‍්ඛසී”ති.

මේ පැන්ද සීතලය. ගල්කුසින් ගලා ආ ඔයෙන් ගෙනෙන ලදය. බමුණ, ඉදින් තෙපි රිසියවු නම් එයින් ගෙන පානය කරව.

ජූජකො ආහ –

ජූජකයා කීය.

“පටිග‍්ගහිතං යං දින‍්නං, සබ‍්බස‍්ස අග‍්ඝියං කතං; සඤ‍්ජයස‍්ස සකං පුත‍්තං, සිවීහි විප‍්පවාසිතං; තමහං දස‍්සනමාගතො, යදි ජානාසි සංස මෙ”ති.

යමක් තොප විසින් දෙමියි කීවේනම් ඒ දෙන ලදැමූයි වේවා. මා විසිනුදු පිළිගන්නා ලදමැයි. සියල්ල පඩුරු කරන ලදය. සඳමහ රජුගේ ප්‍රිය පුත්‍රයා සිවීන්ගෙන් වෙන්ව වසන බව නොදහුද? මම ඔහු දක්නට ආමි. ඉදින් දන්නේ නම් මට කියන්න.

තත්‍ථ තමහං දස‍්සනමාගතොති තං අහං දස‍්සනාය ආගතො. තාපසො ආහ –

එහි තමහං දස්සනමාගතො මම ඔහු දැකීමට ආවෙමියි තාපසයා කීය.

“න භවං එති පුඤ‍්ඤත්‍ථං, සිවිරාජස‍්ස දස‍්සනං; මඤ‍්ඤෙ භවං පත්‍ථයති, රඤ‍්ඤො භරියං පතිබ‍්බතං; මඤ‍්ඤෙ කණ‍්හාජිනං දාසිං, ජාලිං දාසඤ‍්ච ඉච‍්ඡසි.

භවතා සිවිරජ දකින්නට එන්නේ පින් පිණිස නොවෙයි. ඔබ රජුගේ දේවිය පතාගෙන ආවේ වන. කෘෂ්ණජිනා දාසියකොට ජාලිය දාසයාකොට ගන්නට රුචිවනැයි හඟිමි.

“අථ වා තයො මාතාපුත‍්තෙ, අරඤ‍්ඤා නෙතුමාගතො; න තස‍්ස භොගා විජ‍්ජන‍්ති, ධනං ධඤ‍්ඤඤ‍්ච බ්‍රාහ‍්මණා”ති.

නොහොත් මවය. දෙදරුය යන තිදෙනා වනයෙන් ගෙන යන්නට ආයේ වනැයි හඟිමි. කොළ බමුණ, ඕ හට භෝග නැත. ධන ධාන්‍යද නැත.

තත්‍ථ න තස‍්ස භොගාති භො බ්‍රාහ‍්මණ, තස‍්ස වෙස‍්සන‍්තරස‍්ස අරඤ‍්ඤෙ විහරන‍්තස‍්ස නෙව භොගා විජ‍්ජන‍්ති, ධනධඤ‍්ඤඤ‍්ච න විජ‍්ජති, දුග‍්ගතො හුත්‍වා වසති, තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා කිං කරිස‍්සසීති?

එහි න තස්සභොගා එම්බා බ්‍රාහ්මණය, වනයේ වසන ඒ වෙස්සන්තර හට භවභෝග සම්පත් නැත. ධනං ධඤ්ඤඤ්ච ධන ධාන්‍යයද නැත. දුප්පත්ව සිට ජීවත්වෙයි. ඔහුගේ සමීපයට ගොස් කුමක් කරන්නෙහිද?

තං සුත්‍වා ජූජකො ආහ –

ඒ අසා ජූජකයා මෙසේ කීය.

“අකුද‍්ධරූපොහං භොතො, නාහං යාචිතුමාගතො; සාධු දස‍්සනමරියානං, සන‍්නිවාසො සදා සුඛො.

මම භවත්හු විසින් නොකිපිය යුතු කෙනෙක් වෙමි. මම කිසිවක් ඉල්ලන්නට නොආමි. ආර්යයන්ගේ දැක්ම යහපති. ඔවුන් හා විසීම හැමදා සුවදායකයැ.

“අදිට‍්ඨපුබ‍්බො සිවිරාජා, සිවීහි විප‍්පවාසිතො; තමහං දස‍්සනමාගතො, යදි ජානාසි සංස මෙ”ති.

සිවි මහරජු යම් දවසෙකැ සිවීන් විසින් රටින් නෙරපන ලදද ඒ දවස් පටන් හේ මා විසින් නුදුටුවිරූය. එබැවින් මම ඔහු දක්නට ආමි. ඉදින් දනුනම් මට කියව.

තස‍්සත්‍ථො – අහං, භො තාපස, අකුද‍්ධරූපො, අලං එත‍්තාවතා, අහං පන න කිඤ‍්චි වෙස‍්සන‍්තරං යාචිතුමාගතො, අරියානං පන දස‍්සනං සාධු, සන‍්නිවාසො ච තෙහි සද‍්ධිං සුඛො. අහං තස‍්ස ආචරියබ්‍රාහ‍්මණො, මයා ච සො යතො සිවීහි විප‍්පවාසිතො, තතො පට‍්ඨාය අදිට‍්ඨපුබ‍්බො, තෙනාහං තං දස‍්සනත්‍ථාය ආගතො. යදි තස‍්ස වසනට‍්ඨානං ජානාසි, සංස මෙති.

මෙසේ කියා ඇත. එම්බා තාපසය, මම නුඹ විසින් නොකිපිය යුත්තෙක් වෙමි. මෙපමණකින් මට වැඩක් නැත. මට වනාහි වෙස්සන්තරගෙන් කිසිවක් ඉල්වනු කැමැත්තේ නොවෙමි. උතුමන්ගේ දැකීම යහපත්ය. මොවුන් සමග විසීමද සැපතකි. මම ඔහුගේ ඇදුරු බමුණා වෙමි. යම්කලෙක සිවීන් විසින් නෙරපන ලද්දේ ද එතැන්පටන් මා විසින් නොදකින ලද්දේය. ඒ නිසා මම ඔහු දැකීමට ආවෙමි. ඔහු වසන තැනක් දන්නේ නම් මට කියන්න.

සො තස‍්ස වචනං සුත්‍වා සද‍්දහිත්‍වා “හොතු ස‍්වෙ සංසිස‍්සාමි තෙ, අජ‍්ජ තාව ඉධෙව වසාහී”ති තං ඵලාඵලෙහි සන‍්තප‍්පෙත්‍වා පුනදිවසෙ මග‍්ගං දස‍්සෙන‍්තො දක‍්ඛිණහත්‍ථං පසාරෙත්‍වා ආහ –

ඔහු ඒ බමුණාව විශ්වාස කොට වේවා! මම ඔබව සනසන්නෙමි. අද දවස මෙහිම ගතකරන්නයැයි පලාඵල ආදියෙන් සංග්‍රහකොට පසුදා මාර්ගය පෙන්වන්නේ අත දිගුකර මෙසේ කීය.

“එස සෙලො මහාබ්‍රහ‍්මෙ, පබ‍්බතො ගන්‍ධමාදනො; යත්‍ථ වෙස‍්සන‍්තරො රාජා, සහ පුත‍්තෙහි සම‍්මති.

බමුණ, යම්තැනෙක වෙසතුරු රජදරුවන් සමග වාසය කෙරේද, තෙල පෙනෙන පර්වතය ගන්‍ධමාදන නම් වේ.

“ධාරෙන‍්තො බ්‍රාහ‍්මණවණ‍්ණං, ආසදඤ‍්ච මසං ජටං; චම‍්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස‍්සති.

හේ තාපස විලාශයද දෙහෙටිල්ල ද ගිනිපුදන හැන්දද දළමඬුළුද දරනුයේ අඳුන්දිවිසම් දරනුයේ බිම හොවී. ගිනිදෙවියා පුදයි.

“එතෙ නීලා පදිස‍්සන‍්ති, නානාඵලධරා දුමා; උග‍්ගතා අබ‍්භකූටාව, නීලා අඤ‍්ජනපබ‍්බතා.

තෙල නිල්වන් වූ නොයෙක් ඵල දරණ වෘක්‍ෂයෝ නැගී සිටි වලාකුළු මෙන් නිල්වන් අඳුන්කුළු මෙන් පැනෙති.

“ධවස‍්සකණ‍්ණා ඛදිරා, සාලා ඵන්‍දනමාලුවා; සම‍්පවෙධන‍්ති වාතෙන, සකිං පීතාව මාණවා.

දැවැ. අසුයැ. කිහිරිය. සල්යැ. කොළොම්යැ. මාළුවා ය යන වෘක්‍ෂයෝ එක්වරක් පානය කළ රාසොඬුන් මෙන් පවනින් වෙවුළති.

“උපරි දුමපරියායෙසු, සංගීතියොව සුය්‍යරෙ; නජ‍්ජුහා කොකිලසඞ‍්ඝා, සම‍්පතන‍්ති දුමා දුමං.

රුක් අතු මත්තේ පක්‍ෂීන්ගේ රාවය දේවගීතිකා මෙන් ඇසෙයි. විලිකුළු ගණන හා කෙවිලි ගණන ගසින් ගසට පනිති.

“අව‍්හයන‍්තෙව ගච‍්ඡන‍්තං, සාඛාපත‍්තසමීරිතා; රමයන‍්තෙව ආගන‍්තං, මොදයන‍්ති නිවාසිනං; යත්‍ථ වෙස‍්සන‍්තරො රාජා, සහ පුත‍්තෙහි සම‍්මති.

යම්තැනක වෙසතුරු රජදරුවන් හා සමග වෙසේද එහි පවතින් සැලෙන ගසේ පත්‍ර තමා පියා යනු වහා කැඳවන්නවුන් වැනිය. තමා කරා එන්නහු සතුටු කරනුවන් වැන්නාහ. නිරන්තරයෙන් වාසය කරන ජනයා තුටු කරනුවහ.

“ධාරෙන‍්තො බ්‍රාහ‍්මණවණ‍්ණං, ආසදඤ‍්ච මසං ජටං; චම‍්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස‍්සති.

රජ එහි තවුස් වෙස්ද පලවැල නෙළන කෙක්ක ද ගිනිපුදන හැන්ද ද දළමඬුලු ද දරනුයේ අඳුන්දිවිසම් හැඳගෙන බිම සයනය කරයි. ගිනි දෙවියාද පුදයි.

“කරෙරිමාලා විතතා, භූමිභාගෙ මනොරමෙ; සද‍්දලාහරිතා භූමි, න තත්‍ථුද‍්ධංසතෙ රජො.

ඒ වනයේ සිත්කලු බිම්පෙදෙස්හි පැතිර සිටි හෙළගිරිකිල්ල මල් ඇති බිම හීතණයෙන් නිල්සන් වූයේයැ. ඒ බිමැ ධූලි නොනැඟෙයි.

“මයූරගීවසඞ‍්කාසා, තූලඵස‍්සසමූපමා; තිණානි නාතිවත‍්තන‍්ති, සමන‍්තා චතුරඞ‍්ගුලා.

මොනරකර බඳු වූ හිඹුල් පුලුන් ස්පර්ශය සමාන උපමා ඇති තෘණයෝ හාත්පස්හි සතරඟුල් ඉක්ම නොවැඩේ.

“අම‍්බා ජම‍්බූ කපිත්‍ථා ච, නීචෙ පක‍්කා චුදුම‍්බරා; පරිභොගෙහි රුක‍්ඛෙහි, වනං තං රතිවඩ‍්ඪනං.

අඹ, දඹ, ගිවුලු ද මිටිරුක්හි විලිකුන් දිඹුල් ද ඇත. නොයෙක් පරිභෝග වෘක්‍ෂයගෙන් ඒ වනය ඇලුම් වඩවයි.

“වෙළුරියවණ‍්ණසන‍්නිභං, මච‍්ඡගුම‍්බනිසෙවිතං; සුචිං සුගන්‍ධං සලිලං, ආපො තත්‍ථපි සන්‍දති.

මස්කැලන් විසින් නිරන්තරයෙන් සෙවුනා ලද වෙරළුමිණිවන් පැහැ ඇති පිරිසිදු සුවඳ සිලිල් ඇති දියදහර ඒ වනරොදෙහි ගලාබසියි.

“තස‍්සාවිදූරෙ පොක‍්ඛරණී, භූමිභාගෙ මනොරමෙ; පදුමුප‍්පලසඤ‍්ඡන‍්නා, දෙවානමිව නන්‍දනෙ.

එයට නුදුරුව මනරම් බිමිපෙදෙසකැ දෙවියන්ගේ නඳුනුයනෙහි මෙන් පියුමින් හා උපුලින් සැදි පොකුණක් ඇත.

“තීණි උප‍්පලජාතානි, තස‍්මිං සරසි බ්‍රාහ‍්මණ; විචිත‍්තං නීලානෙකානි, සෙතා ලොහිතකානි චා”ති.

බමුණ, ඒ සිවුරැස් පොකුණෙහි උපුල් වර්ග තුනක් ඇත. එක් වර්ගයක් නිල්පැහැය. අනික් වර්ගය සුදුපැහැය. එක් වර්ගයක් ලේ පැහැය. ඒ පොකුණ විසිතුරුය.

තස‍්සත්‍ථො හෙට‍්ඨා වුත‍්තසදිසොයෙව. කරෙරිමාලා විතතාති කරෙරිපුප‍්ඵෙහි විතතා. සද‍්දලාහරිතාති ධුවසද‍්දලෙන හරිතා. න තත්‍ථුද‍්ධංසතෙ රජොති තස‍්මිං වනෙ අප‍්පමත‍්තකොපි රජො න උද‍්ධංසතෙ. තූලඵස‍්සසමූපමාති මුදුසම‍්ඵස‍්සතාය තූලඵස‍්සසදිසා. තිණානි නාතිවත‍්තන‍්තීති තානි තස‍්සා භූමියා මයූරගීවවණ‍්ණානි තිණානි සමන‍්තතො චතුරඞ‍්ගුලප‍්පමාණානෙව වත‍්තන‍්ති, තතො පන උත‍්තරි න වඩ‍්ඪන‍්ති. අම‍්බා ජම‍්බූ කපිත්‍ථා චාති අම‍්බා ච ජම‍්බූ ච කපිත්‍ථා ච. පරිභොගෙහීති නානාවිධෙහි පුප‍්ඵූපගඵලූපගෙහි පරිභොගරුක‍්ඛෙහි. සන්‍දතීති තස‍්මිං වනසණ‍්ඩෙ වඞ‍්කපබ‍්බතෙ කුන‍්නදීහි ඔතරන‍්තං උදකං සන්‍දති, පවත‍්තතීති අත්‍ථො. විචිත‍්තං නීලානෙකානි, සෙතා ලොහිතකානි චාති එකානි නීලානි, එකානි සෙතානි, එකානි ලොහිතකානීති ඉමෙහි තීහි උප‍්පලජාතෙහි තං සරං විචිත‍්තං. සුසජ‍්ජිතපුප‍්ඵචඞ‍්කොටකං විය සොභතීති දස‍්සෙති.

අර්ථය කියන ලද්දේ මැයි. කරෙරිමාලා විතතා ගිරිතිල්ල මල් වියනකින්. සද්දලාහරිතා නිල් තණයෙන් නීල වර්ණ වූ න තත්‍ථුද්ධංසතෙ රජො ඒ ස්ථානයෙහි අල්ප වූද දූවිල්ලක් නොනගී. තූලඵස්සසමූපමා මෘදු ස්පර්ශයෙන් පුළුන් හා ස්පර්ශවීමට සමානය. තිනානිනාතිවත්තන්ති ඒ භූමියෙහි ඇති මොනර ග්‍රීවාව වැනි වර්ණ ඇති නිල් තණ හාත්පසින් අඟල් සතරක් පමණක්ම පවතී. ඊට වඩා වැඩී නොයයි. අම්බාජම්බූක පිත්‍ථාවා අඹ ද දඹ ද ගිවුලු ද පරිභොගෙහි නොයෙක් ආකාර පුෂ්පයන්ගෙන් හා ඵලයන්ගෙන් යුත් පරිභෝග වෘක්‍ෂවලින් ආපොතත්‍ථපිසන්‍දති ඒ වනරොදෙහි වංකගිරියෙහි කුඩා ගංගාවලින් ගලා බස්නා ජලය පවතී යන අර්ථයි. විචිත්‍රනීලානෙකානිසෙතලොහිතකානිවා එක් වර්ගයක් නිල්පාටය. එක් වර්ගයක් සුදුය. එක් වර්ගයක් ලේ පාටය. මේ තුන් ආකාර උපුල්වලින් ඒ විල විසිතුරුය. සරසන ලද මුදුන් මල්කඩක් මෙන් බබලයි. දක්නට ලැබේ.

එවං චතුරස‍්සපොක‍්ඛරණිං වණ‍්ණෙත්‍වා පුන මුචලින්‍දසරං වණ‍්ණෙන‍්තො ආහ –

මෙසේ සිවුරැස් පොකුණ වර්ණනා කර නැවත මුචලින්ද විල වර්ණනා කරමින් කීය.

“ඛොමාව තත්‍ථ පදුමා, සෙතසොගන්‍ධිකෙහි ච; කලම‍්බකෙහි සඤ‍්ඡන‍්නො, මුචලින්‍දො නාම සො සරො.

ඒ වන ලැහැබෙහි විලක්ද ඇත. ඒ විලෙහි හෙලපියුම්, හෙළපිළි අතුරණලද තැනක් බඳුය. හෙලපුළින් හා හෙල්මැල්ලෙන් ද දියකූරයෙන්ද ගැවසුනේය. ඒ විල මුචලින්ද නම් වේ.

“අථෙත්‍ථ පදුමා ඵුල‍්ලා, අපරියන‍්තාව දිස‍්සරෙ; ගිම‍්හා හෙමන‍්තිකා ඵුල‍්ලා, ජණ‍්ණුතග‍්ඝා උපත්‍ථරා.

තවද ඒ මුචලින්ද විලෙහි පිපුණු පියුම් කෙළවරක් නැත්තා සේ පෙනෙති. ගිම්හාන, හේමන්ත සෘතුවල පිපුණු පියුම් දණක් පමණ ගැඹුරු දියෙහි පැතිරැ සිටිති.

“සුරභී සම‍්පවායන‍්ති, විචිත‍්තපුප‍්ඵසන්‍ථතා; භමරා පුප‍්ඵගන්‍ධෙන, සමන‍්තා මභිනාදිතා”ති.

විසිතුරු මල්පතර සුවඳ පතුරුවයි. බඹරු මල්ගඳින් හාත්පසැ අභිනාද කරති.

තත්‍ථ ඛොමාවාති ඛොමමයා විය පණ‍්ඩරා. සෙතසොගන්‍ධිකෙහි චාති සෙතුප‍්පලෙහි ච සොගන්‍ධිකෙහි ච කලම‍්බකෙහි ච සො සරො සඤ‍්ඡන‍්නො. අපරියන‍්තාව දිස‍්සරෙති අපරිමාණා විය දිස‍්සන‍්ති. ගිම‍්හා හෙමන‍්තිකාති ගිම‍්හෙ ච හෙමන‍්තිකෙ ච පුප‍්ඵිතපදුමා. ජණ‍්ණුතග‍්ඝා උපත්‍ථරාති ජණ‍්ණුපමාණෙ උදකෙ උපත්‍ථරා ඵුල‍්ලා හොන‍්ති, සන්‍ථතා විය ඛායන‍්ති. විචිත‍්තපුප‍්ඵසන්‍ථතාති විචිත‍්තා හුත්‍වා පුප‍්ඵෙහි සන්‍ථතා සදා සුරභී සම‍්පවායන‍්ති.

එහි ඛොමාවා කොමුපිළියෙන් සුදුපාට. සෙතසොගන්‍ධිකෙහිච සුදුඋපුල්, හෙල්මැල්ලෙන් දිය කුරයෙන් ද යන මේවායින් ඒ විල ගැවසී ගත්තේය. අපරියන්තාව දිස්සරෙ අප්‍රමාණ ලෙස පෙනේ. ගිම්හාහෙමන්තිකා ගිම්හානයේ ද හේමන්තයේ ද පිපුණු නෙලුම් මල්. ඡිණ්ණුතග්ඝා උපත්‍ථරා දනක් පමණ ජලයෙහි පැතිර පිපී තිබේ. ඇතිරිල්ලක් මෙන් පෙනේ. විචිත්තා පුප්ඵසන්‍ථතා විසිතුරුව මල් පැතිරී හැමදාම සුවඳ හමා යත්.

“අථෙත්‍ථ උදකන‍්තස‍්මිං, රුක‍්ඛා තිට‍්ඨන‍්ති බ්‍රාහ‍්මණ; කදම‍්බා පාටලී ඵුල‍්ලා, කොවිළාරා ච පුප‍්ඵිතා.

තවද බමුණ ඒ විල්දිය කෙළවර වෘක්‍ෂයෝ වෙත්. සුපිපි කොළොම් රුක්ය. පළොල් රුක්ය. මල් පිපී ගිය කොබෝලීල රුක්ය.

“අඞ‍්කොලා කච‍්ඡිකාරා ච, පාරිජඤ‍්ඤා ච පුප‍්ඵිතා; වාරණා වයනා රුක‍්ඛා, මුචලින්‍දමුභතො සරං.

අගුණ රුක්යැ. වැල්කිණිහිරිය. කරගස්යැ. එරබදුයැ. නාගස්ය යන මේ වෘක්‍ෂයෝ මුචලින්ද විල වටා පිපී සිටිත්.

“සිරීසා සෙතපාරිසා, සාධු වායන‍්ති පද‍්ධකා; නිග‍්ගුණ‍්ඩී සිරීනිග‍්ගුණ‍්ඩී, අසනා චෙත්‍ථ පුප‍්ඵිතා.

මහරිය හෙළපළුය. පියුමගස්ය යන මේ ගස් මනා සුවඳ හමයි. මහනිකද සුළුනිකද පියාරුක්ද එහි පිපී තිබේ.

“පඞ‍්ගුරා බහුලා සෙලා, සොභඤ‍්ජනා ච පුප‍්ඵිතා; කෙතකා කණිකාරා ච, කණවෙරා ච පුප‍්ඵිතා.

පඟුරුය. මුහුළුය. සල්ය. මුරුංගාය යන මේ රුක් පිපී සිටී. දුනුකේ ගස් ද කිණිහිරි ගස්ද කණේරු ගස්ද පිපී තිබේ.

“අජ‍්ජුනා අජ‍්ජුකණ‍්ණා ච, මහානාමා ච පුප‍්ඵිතා; සුපුප‍්ඵිතග‍්ගා තිට‍්ඨන‍්ති, පජ‍්ජලන‍්තෙව කිංසුකා.

මහ කුඹුක්ද සුළු කුඹුක්ද මහඋක්ද මල් පිපී සිටී. මනාව පිපුණු අග් ඇති කෑල ගස් දිළිසෙන අඟුරු මෙන් සිටී.

“සෙතපණ‍්ණී සත‍්තපණ‍්ණා, කදලියො කුසුම‍්භරා; ධනුතක‍්කාරී පුප‍්ඵෙහි, සීසපාවරණානි ච.

ඇත්දෙමටය. රුක්අත්තනය. කඳලය. වනුක්ය. දුනුවලලා යැ. තිටිඟය යන රුක්මලින්ද ඇට්ටර හා වරණ රුකින්ද ඒ වනය හොබී.

“අච‍්ඡිවා සල‍්ලවා රුක‍්ඛා, සල‍්ලකියො ච පුප‍්ඵිතා; සෙතගෙරු ච තගරා, මංසිකුට‍්ඨා කුලාවරා.

අසුගස්ද තෙලඹු රුක්ද හිනිසල්රුකක්ද පිපීවනම සිටී. හෙළවසුරුක් හා තුවරලා ද මැසිගස්ද උපුල්කොළ ද කලුවර ගස් ද ඇත.

“දහරා රුක‍්ඛා ච වුද‍්ධා ච, අකුටිලා චෙත්‍ථ පුප‍්ඵිතා; අස‍්සමං උභතො ඨන‍්ති, අග්‍යාගාරං සමන‍්තතො”ති.

ඒ වෙනෙහි ඍජු වූ පිපියා වූද තරුණ රුක් ද මහලු රුක් ද අසපුව දෙපසැ ගිනිහල්ගෙය සිසාරා සිටී.

තත්‍ථ තිට‍්ඨන‍්තීති සරං පරික‍්ඛිපිත්‍වා තිට‍්ඨන‍්ති. කදම‍්බාති කදම‍්බරුක‍්ඛා. කච‍්ඡිකාරා චාති එවංනාමකා රුක‍්ඛා. පාරිජඤ‍්ඤාති රත‍්තමාලා. වාරණා වයනාති වාරණරුක‍්ඛා ච වයනරුක‍්ඛා ච. මුචලින්‍දමුභතො සරන‍්ති මුචලින්‍දස‍්ස සරස‍්ස උභයපස‍්සෙසු. සෙතපාරිසාති සෙතගච‍්ඡරුක‍්ඛා . තෙ කිර සෙතක‍්ඛන්‍ධා මහාපණ‍්ණා කණිකාරසදිසපුප‍්ඵා හොන‍්ති. නිග‍්ගුණ‍්ඩී සිරීනිග‍්ගුණ‍්ඩීති පකතිනිග‍්ගුණ‍්ඩී චෙව කාළනිග‍්ගුණ‍්ඩී ච. පඞ‍්ගුරාති පඞ‍්ගුරරුක‍්ඛා. කුසුම‍්භරාති එකගච‍්ඡා. ධනුතක‍්කාරී පුප‍්ඵෙහීති ධනූනඤ‍්ච තක‍්කාරීනඤ‍්ච පුප‍්ඵෙහි සොභිතා. සීසපාවරණානි චාති සීසපෙහි ච වරණෙහි ච සොභිතා. අච‍්ඡිවාතිආදයොපි රුක‍්ඛායෙව. සෙතගෙරු ච තගරාති සෙතගෙරු ච තගරා ච. මංසිකුට‍්ඨා කුලාවරාති මංසිගච‍්ඡා ච කුට‍්ඨගච‍්ඡා ච කුලාවරා ච. අකුටිලාති උජුකා. අග්‍යාගාරං සමන‍්තතොති අග්‍යාගාරං පරික‍්ඛිපිත්‍වා ඨිතාති අත්‍ථො.

එහි තිට්ඨන්ති යනු විල වටකොට සිටිත්. කදම්බා ච කච්චිකාරා ච එකී නම් ඇති වෘක්‍ෂයෝ. පාරිජඤ්ඤා කරගස්. වාරණසායනා නාගවෘක්‍ෂයෝ. මුචලින්‍ද මභිතො සරං මුචලින්ද විල දෙපැත්තේ. සෙතපාරිසා හෙළපළුගස්. ඒ ගස් වනාහි සුදුපාට කඳක් හා විශාල කොළ ඇති කිණිහිරිවලට සමාන මල් ඇති. නිග්ගුණ්ඩී සිරිනිග්ගුණ්ඩී ප්‍රකෘති මහනික ද, කළු මහනිකද පංගුරා පඟුරු ගස්. කුසුම්භරා වණුක් ගස්. ධනුතක්කාරි මලින් බබළන්නාහු. අච්ඡිවා ආදී වූ ගස් වර්ග. සෙතගෙරුතගරකා හෙළවසුරුක් ද තුවරලා ද මංසිකුට්ඨා කුලාචරා මැසිගස්ද උපුල්කොළ ද කුලුවර ගස් ද අකුටිලා ඍජුව. අග්ග්‍යා ගාරං සමන්තතො ගිනිහල් ගෙය හාත්පස සිටියාහු යන අර්ථයි.

“අථෙත්‍ථ උදකන‍්තස‍්මිං, බහුජාතො ඵණිජ‍්ජකො; මුග‍්ගතියො කරතියො, සෙවාලසීසකා බහූ.

තවද ඒ විලෙහි උදකාන්තයෙහි බහුලවැ හටගත් දඹලද ඇත. සිහින් මුඟු ද මහමෑ ද කටුකොහොවිල ද බොහෝ ය.

“උද‍්දාපවත‍්තං උල‍්ලුළිතං, මක‍්ඛිකා හිඞ‍්ගුජාලිකා; දාසිමකඤ‍්ජකො චෙත්‍ථ, බහූ නීචෙකලම‍්බකා.

තව ද ඒ විලමියර ඇත්තේය. වාතයෙන් අලළන ලද්දේ වෙයි. නද දෙන මීමැස්සන්ගෙන් යුක්ත මල් පිපුණ හුඟු ගස් හා රත්කරව් ගස් ඇතියේය. සුළු අංගෙන්ද මහඅංගෙන් ද හූරුකලන්ද ගස් ද මෙහි බොහෝය.

“එලම‍්ඵුරකසඤ‍්ඡන‍්නා, රුක‍්ඛා තිට‍්ඨන‍්ති බ්‍රාහ‍්මණ; සත‍්තාහං ධාරියමානානං, ගන්‍ධො තෙසං න ඡිජ‍්ජති.

බමුණ, හෙළ කලවැලින් ගැවසීගත් වෘක්‍ෂ ඇත. සත් දවසක් මුළුල්ලෙහි රඳා සිටින ඒ මල්වල සුවඳ නොසිඳේ.

“උභතො සරං මුචලින්‍දං, පුප‍්ඵා තිට‍්ඨන‍්ති සොභනා; ඉන්‍දීවරෙහි සඤ‍්ඡන‍්නං, වනං තං උපසොභති.

ඒ මුචලින්ද විල දෙපසැ ශෝභමාන මල් ඇත. එරහැන්ද ගස්වලින් යුත් ඒ වනය හොබනේය.

“අඩ‍්ඪමාසං ධාරියමානානං, ගන්‍ධො තෙසං න ඡිජ‍්ජති; නීලපුප‍්ඵී සෙතවාරී, පුප‍්ඵිතා ගිරිකණ‍්ණිකා; කලෙරුක‍්ඛෙහි සඤ‍්ඡන‍්නං, වනං තං තුලසීහි ච.

අඩමසක් මුළුල්ලෙහි දරනු ලබන ඒ එරහැන්ද ආදී මල්වල සුවඳ නොසිඳේ. පිපියා වූ දියමෙරලිය සේතවාරි, නිල්කටරොළු ද ඇත. ඒ වනය කටෙරුකයෙන් හා තලාගසින් වැසුණේය.

“සම‍්මද‍්දතෙව ගන්‍ධෙන, පුප‍්ඵසාඛාහි තං වනං; භමරා පුප‍්ඵගන්‍ධෙන, සමන‍්තා මභිනාදිතා.

ඒ වනය මල්අත්තෙන් පවත්නා සුවඳින් පැමිණි අයව මත් කරවයි. මල්ගඳින් හාත්පසැ නද දෙන බඹරු වෙති.

“තීණි කක‍්කාරුජාතානි, තස‍්මිං සරසි බ්‍රාහ‍්මණ; කුම‍්භමත‍්තානි චෙකානි, මුරජමත‍්තානි තා උභො”ති.

බමුණ, ඒ විල අසල කැකිරි වර්ග තුනකි. එක් වර්ගයක් කළයක් පමණය. වර්ග දෙකක් මිහිඟු බෙර තරම් වෙයි.

තත්‍ථ ඵණිජ‍්ජකොති භූතනකො. මුග‍්ගතියොති එකා මුග‍්ගජාති. කරතියොති රාජමාසො. සෙවාලසීසකාති ඉමෙපි ගච‍්ඡායෙව, අපි ච සීසකාති රත‍්තචන්‍දනං වුත‍්තං. උද‍්දාපවත‍්තං උල‍්ලුළිතන‍්ති තං උදකං තීරමරියාදබන්‍ධං වාතාපහතං උල‍්ලුළිතං හුත්‍වා තිට‍්ඨති. මක‍්ඛිකා හිඞ‍්ගුජාලිකාති හිඞ‍්ගුජාලසඞ‍්ඛාතෙ විකසිතපුප‍්ඵගච‍්ඡෙ පඤ‍්චවණ‍්ණා මධුමක‍්ඛිකා මධුරස‍්සරෙන විරවන‍්තියො තත්‍ථ විචරන‍්තීති අත්‍ථො. දාසිමකඤ‍්ජකො චෙත්‍ථාති ඉමානි ද‍්වෙ රුක‍්ඛජාතියො ච එත්‍ථ. නීචෙකලම‍්බකාති නීචකලම‍්බකා. එලම‍්ඵුරකසඤ‍්ඡන‍්නාති එවංනාමිකාය වල‍්ලියා සඤ‍්ඡන‍්නා. තෙසන‍්ති තෙසං තස‍්සා වල‍්ලියා පුප‍්ඵානං සබ‍්බෙසම‍්පි වා එතෙසං දාසිමකඤ‍්ජකාදීනං පුප‍්ඵානං සත‍්තාහං ගන්‍ධො න ඡිජ‍්ජති. එවං ගන්‍ධසම‍්පන‍්නානි පුප‍්ඵානි, රජතපට‍්ටසදිසවාලුකපුණ‍්ණා භූමිභාගා. ගන්‍ධො තෙසන‍්ති තෙසං ඉන්‍දීවරපුප‍්ඵාදීනං ගන්‍ධො අඩ‍්ඪමාසං න ඡිජ‍්ජති. නීලපුප‍්ඵීතිආදිකා පුප‍්ඵවල‍්ලියො. තුලසීහි චාති තුලසිගච‍්ඡෙහි ච. කක‍්කාරුජාතානීති වල‍්ලිඵලානි. තත්‍ථ එකිස‍්සා වල‍්ලියා ඵලානි මහාඝටමත‍්තානි, ද‍්වින‍්නං මුදිඞ‍්ගමත‍්තානි. තෙන වුත‍්තං “මුරජමත‍්තානි තා උභො”ති.

එහි එණිජ්ජකො දඹල. මුග්ගතියො එක් මුගු වර්ගයක්. සිහින්මුඟු. කරතියො මහ මෑ. සේවාල සිංසකං කටුකොහොවිල ගස්ද සිංසකං රත්සඳුන් කියන ලදී. උද්දාපවත්තං උල්ලුලිතං ඒ ජලය වැව් බැම්මෙන් යුක්ත වූයේ වාතයෙන් කැළඹී සිටියේ වෙයි. මක්ඛිකා භිංගුජාලකා භිංගුජාලක සංඛ්‍යාත වූ පිපුණු මල් ඇති ගස්වල පංචවරණ මීමැස්සන් මිහිරි නදින් ශබ්ද කරමින් එහි හැසිරෙත්. දාසීමකචකො චෙත්‍ථාති මෙහි වෘක්‍ෂ ජාති දෙක. දෙක. නීචෙක ලම්බිකා හූරුකලන්ද ගස්. එළම්බරකසඤ්ජන්නා හෙළකලවැල් නම් වැල්වලින් ගැවසීගත්. තෙසං ඒ කළවැල් වැල්වලද සියළුම ඒ සුළු අංගෙන් ද මහා අංගෙන්ද ආදියේ සුවඳ දින හතක් පවතී. මෙසේ සුවඳවත් මල්, රිදීපටක් සමාන වැලිතලාවෙන් පිරුණු භූමිභාග ඇති. ගන්‍ධො තෙසං ඒ ඉඳුවර ආදී මල්වල සුවඳ අඩමසක් යන තෙක් පවතී. නීලපුප්ඵි ආදී වූ පුෂ්ප සමූහය. තුලසීහි වා තලා ගසින්, කක්කාරුජාතානි කැකිරිගෙඩි. එහි එක් කැකිරි වර්ගයක් මහා කළගෙඩියක් තරම්ය. මිහිඟුබෙර දෙකක ප්‍රමාණය. ඒ නිසා මුරජමත්තානි තා උභො (මේ කැකිරි වර්ග දෙකට)

“අථෙත්‍ථ සාසපො බහුකො, නාදියො හරිතායුතො; අසී තාලාව තිට‍්ඨන‍්ති, ඡෙජ‍්ජා ඉන්‍දීවරා බහූ.

තවද ඒ අසපුව ඉදිරියේ අබ ද හරිතායුත යනාදිය යන ලුහුණු බොහෝය. ඉඳිගස් තල්රුක් මෙන් සිටී. මිටින් සිඳලිය හැකි රන් එරහැඳි බොහෝය.

“අප‍්ඵොටා සූරියවල‍්ලී ච, කාළීයා මධුගන්‍ධියා; අසොකා මුදයන‍්තී ච, වල‍්ලිභො ඛුද‍්දපුප‍්ඵියො.

ගැහැවි සමණවැල්ද හිරිවැල්ද කෑලියද මිහිඟෙදි ද හෝපලු ද නීතුද ලබුකොමඩු ද හිඟිනි රුක් ද

“කොරණ‍්ඩකා අනොජා ච, පුප‍්ඵිතා නාගමල‍්ලිකා; රුක‍්ඛමාරුය‍්හ තිට‍්ඨන‍්ති, ඵුල‍්ලා කිංසුකවල‍්ලියො.

කටුකරඬු, අනෝජා ද පිපී ඇත. නාලියද හිරමුසු වැල් ද ගස්නැඟ පිපිවනමැ සිටී.

“කටෙරුහා ච වාසන‍්තී, යූථිකා මධුගන්‍ධියා; නිලියා සුමනා භණ‍්ඩී, සොභති පදුමුත‍්තරො.

රන්කටුකරඬු ද වෑකොඳ විනිගස් ද ඉද්ද ද වැල්සමන් ද හොයොඹුද ගඳඇඹුල ද යන වෘක්‍ෂයන්ගෙන් ඒ වනය හොබනේය.

“පාටලී සමුද‍්දකප‍්පාසී, කණිකාරා ච පුප‍්ඵිතා; හෙමජාලාව දිස‍්සන‍්ති, රුචිරග‍්ගි සිඛූපමා.

පළොල් ද සුරිඳුගස් ද කිණිහිරි ගස් ද පිපියාහු රුසිරු ගිනිසිළු වැනිය. එළන ලද රන්දැල් මෙන් පෙනේ.

“යානි තානි ච පුප‍්ඵානි, ථලජානුදකානි ච; සබ‍්බානි තත්‍ථ දිස‍්සන‍්ති, එවං රම‍්මො මහොදධී”ති.

දියගොඩ උපදනා හටගන්නා යම්කිසි කුසුමයෙක් ඇද්ද ඒ සියළුම පුෂ්පයන් ඒ විලේ පෙනෙයි. මහා දියකඳ දරන මුචලින්ද විල මෙසේ රමණීය වේ.

තත්‍ථ සාසපොති සිද‍්ධත්‍ථකො. බහුකොති බහු. නාදියො හරිතායුතොති හරිතෙන ආයුතො නාදියො. ඉමා ද‍්වෙපි ලසුණජාතියො, සොපි ලසුණො තත්‍ථ බහුකොති අත්‍ථො. අසී තාලාව තිට‍්ඨන‍්තීති අසීති එවංනාමකා රුක‍්ඛා සිනිද‍්ධාය භූමියා ඨිතා තාලා විය තිට‍්ඨන‍්ති. ඡෙජ‍්ජා ඉන්‍දීවරා බහූති උදකපරියන‍්තෙ බහූ සුවණ‍්ණඉන්‍දීවරා මුට‍්ඨිනා ඡින්‍දිතබ‍්බා හුත්‍වා ඨිතා. අප‍්ඵොටාති අප‍්ඵොටවල‍්ලියො. වල‍්ලිභො ඛුද‍්දපුප‍්ඵියොති වල‍්ලිභො ච ඛුද‍්දපුප‍්ඵියො ච. නාගමල‍්ලිකාති වල‍්ලිනාගා ච මල‍්ලිකා ච. කිංසුකවල‍්ලියොති සුගන්‍ධපත‍්තා වල‍්ලිජාතී. කටෙරුහා ච වාසන‍්තීති ඉමෙ ච ද‍්වෙ පුප‍්ඵගච‍්ඡා. මධුගන්‍ධියාති මධුසමානගන්‍ධා. නිලියා සුමනා භණ‍්ඩීති නීලවල‍්ලිසුමනා ච පකතිසුමනා ච භණ‍්ඩී ච. පදුමුත‍්තරොති එවංනාමකො රුක‍්ඛො. කණිකාරාති වල‍්ලිකණිකාරා රුක‍්ඛකණිකාරා. හෙමජාලාවාති පසාරිතහෙමජාලා විය දිස‍්සන‍්ති. මහොදධීති මහතො උදකක‍්ඛන්‍ධස‍්ස ආධාරභූතො මුචලින්‍දසරොති.

එහි සාසපො අබ බහුකො බොහෝ තාදියො හරිතායුතො හරිතායුත, තාදිය යන මේ ලුණු වර්ග දෙකකි. මේ ලුණු වර්ග බොහෝ කොට ඇත්තේය. අසිතාලාවතිට්ඨන්ති මෙබඳු නම් ඇති අසූවක් වෘක්‍ෂ සිනිඳු භූමියෙහි පිහිටියාහු තල්රුක් මෙන් තිබෙත්. ජෙජ්ජාඉන්‍දීවරා බහූ ජලය අග බොහෝ රන්ඉඳිවර මිටින් සිඳිය හැකිසේ පිහිටියහ. අප්පොටා සමන්වැල්, වල්ලිභො ඛුද්ද පුප්ඵියො හිඟිනි රුක්, පුහුල් ද නාගවල්ලිකාච නාලිය, කිංසූකවල්ලියො සුවඳවත් වැල්ජාතින් කටෙරුහාච වාසන්ති මේ දෙවැදෑරුම් මල් ගස්. මධුගන්‍ධියා මීපැණි සමාන සුවඳ ඇති. නීලියා සුමනා භණ්ඩී වැල් හා යොහොඹු පදුමුත්තරො එක් රුකක්. කණීකාරා කිණිහිරියා ගස්ද කිණිහිරියා වැල් ද හෙමජාලාවා දිගහරින ලද රන්දැලක් මෙන් දිස්වේ. මහොදධි විශාල ජලකඳක් දරාසිටින මුචලින්ද විල.

“අථස‍්සා පොක‍්ඛරණියා, බහුකා වාරිගොචරා; රොහිතා නළපී සිඞ‍්ගූ, කුම‍්භිලා මකරා සුසූ.

තව ද ඒ මුචලින්ද විලේ දිය ඇසුරුකොට සිටින්නා වූ රෙහෙ මස්හුද ඉස්සෝ ද සුඟුමස්හුද කිඹුලෝ ද මෝරු ද සුංසුමාරයෝද බොහෝ වෙත්.

“මධු ච මධුලට‍්ඨි ච, තාලිසා ච පියඞ‍්ගුකා; කුටන්‍දජා භද‍්දමුත‍්තා, සෙතපුප‍්ඵා ච ලොලුපා.

මී ද වැල්මී ද තලිස්පතුරු ද පුවඟු ද කළුනීර ද වම්මුතු ද සියපුප් ද ලොලුපද

“සුරභී ච රුක‍්ඛා තගරා, බහුකා තුඞ‍්ගවණ‍්ටකා; පද‍්ධකා නරදා කුට‍්ඨා, ඣාමකා ච හරෙණුකා.

තුවරලාය. අංගවටකය, පද්මකයැ, නරදය, කුට්ඨයැ, ඣාමකයැ, හරෙණුකය යන සුවඳ රුක් බොහෝය.

“හලිද‍්දකා ගන්‍ධසිලා, හිරිවෙරා ච ගුග‍්ගුලා; විභෙදිකා චොරකා කුට‍්ඨා, කප‍්පූරා ච කලිඞ‍්ගුකා”ති.

දෙකසාද සිරියෙල් ද හිරිවේරිය ද ගුගුල් ද විභේදිකා ද සොරමල ද තකුල් ද කපුරු ද කිලිඟු ද බොහෝය.

තත්‍ථ අථස‍්සා පොක‍්ඛරණියාති ඉධ පොක‍්ඛරණිසදිසතාය සරමෙව පොක‍්ඛරණීති වදති. රොහිතාතිආදීනි තෙසං වාරිගොචරානං නාමානි. මධු චාති නිම‍්මක‍්ඛිකමධු ච. මධුලට‍්ඨි චාති ලට‍්ඨිමධුකඤ‍්ච. තාලිසා චාතිආදිකා සබ‍්බා ගන්‍ධජාතියො.

එහි අථස්සා පොක්ඛරණියා මෙහිදී පොකුණකට සමාන බැවින් විලටම පොකුණ කියා කියති. රොහිතා යනු රෝහිත ආදී වූ ජලාශ්‍රිතයන්ගේ නම්ය. මධුවා මැස්සන් නැති මීය. මධුලට්ඨි වැල්මී. තාලිසා තලිස්පතුරු ආදී වූ සියළු සුවඳ දේවල්.

“අථෙත්‍ථ සීහබ්‍යග‍්ඝා ච, පුරිසාලූ ච හත්‍ථියො; එණෙය්‍යා පසදා චෙව, රොහිච‍්චා සරභා මිගා.

තව ද ඒ වනයේ සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද වෙළෙඹ, මුව, පක්‍ෂීහුද ඇත්හුද ඒණිමුවන් ද පසද මුවන්ද රෙහෙ මුවන්ද සරභ මුවන්ද කැනහිලුන් කොක් නහවෝත්, ගිජු නහවෝත් පියා බළලුන් ද රුක් නහවෝද සෙමරහුද තිත්මුවෝ ද වාමුවෝද මහකළු වඳුරෝද හැලිවඳුරන්ද රිලා වඳුරන්ද ගෝණහුද හඟමොරලියෝද වලස්සුද දඩගෝන්නු ද බොහෝ වෙති. කඟවෙහෙණුවෝ ද හූරෝ ද මුගටියෝ ද කළවැද්දෝ ද ඒ විල්තෙර බොහෝ වෙති.

“කොට‍්ඨසුණා සුණොපි ච, තුලියා නළසන‍්නිභා; චාමරී චලනී ලඞ‍්ඝී, ඣාපිතා මක‍්කටා පිචු.

“කක‍්කටා කටමායා ච, ඉක‍්කා ගොණසිරා බහූ; ඛග‍්ගා වරාහා නකුලා, කාළකෙත්‍ථ බහූතසො.

“මහිංසා සොණසිඞ‍්ගාලා, පම‍්පකා ච සමන‍්තතො; ආකුච‍්ඡා පචලාකා ච, චිත්‍රකා චාපි දීපියො.

මිහිවෝ ද රුක්නහවෝද සිවල්හුද උණහපුළුවෝද හාත්පසැ ඇවිදිනා ගොයි ද ගජකුඹුවෝ ද චිත්‍රකයෝ ද දිවියෝ ද මෙහි බොහෝ වෙති.

“පෙලකා ච විඝාසාදා, සීහා ගොගණිසාදකා; අට‍්ඨපාදා ච මොරා ච, භස‍්සරා ච කුකුත්‍ථකා.

සාවෝ ද සිනිඩිල්ලෝ ද සිංහයෝ ද කොක්නහනුවෝද සරභමුවෝද රණමොනරුද ශ්වේත හංසයෝද මහසිනිඹිල්ලෝ ද

“චඞ‍්කොරා කුක‍්කුටා නාගා, අඤ‍්ඤමඤ‍්ඤං පකූජිනො; බකා බලාකා නජ‍්ජුහා, දින්‍දිභා කුඤ‍්ජවාජිතා.

සුවර ලිහිණියෝ ද වනසැවුලෝ ද ඇත්තු ද ඔවුනොවුන්ට රැව් පිළිරැව් දෙන කණකොක්හුද හෙළ කොක්කුද බස්සෝ ද කිරල්හුද කොස්ලිහිණියෝද දියකාවෝ ද

“බ්‍යග‍්ඝිනසා ලොහපිට‍්ඨා, පම‍්පකා ජීවජීවකා; කපිඤ‍්ජරා තිත‍්තිරායො, කුලා ච පටිකුත්‍ථකා.

උකුස්සෝද රත්කොරළුවෝද හුණහපුළුවෝ ද ජීවංජීවක ලිහිණියෝද කපිඤ්ජර නම් ලිහිණියෝ ද තිත්වටුවෝ ද වඩුකුරුල්ලෝද බටුකුරුල්ලෝද

“මන්‍දාලකා චෙලකෙටු, භණ‍්ඩුතිත‍්තිරනාමකා; චෙලාවකා පිඞ‍්ගලායො, ගොටකා අඞ‍්ගහෙතුකා.

මද්දාලකයෝද සලපිඤ්‍ඤෝ ද මහසැළලිහිණියෝ ද තිත්වටුවෝද දනව්ලිහිණියෝ ද පිඟුහැලි ලිහිණියෝ ද ගෝලිහිණියෝ ද අඟුහැලි ලිහිණියෝ ද

“කරවියා ච සග‍්ගා ච, උහුඞ‍්කාරා ච කුක‍්කුහා; නානාදිජගණාකිණ‍්ණං, නානාසරනිකූජිත”න‍්ති.

කරවී ලිහිණියෝ ද වැසිලිහිණියෝ ද මහමුහුණෝද ඇටිකුකුළෝද ඒ වනයෙහි බොහෝ වෙසෙති. ඒ වනය නොයෙක් පක්‍ෂි සමූහයාගෙන් ගැවසී ගත්තේය. නොයෙක් ස්වරයෙන් කුල්නා ලද්දේය.

තත්‍ථ පුරිසාලූති වළවාමුඛයක‍්ඛිනියො. රොහිච‍්චා සරභා මිගාති රොහිතා චෙව සරභා මිගා ච. කොට‍්ඨසුකාති සිඞ‍්ගාලසුනඛා. “කොත්‍ථුසුණා”තිපි පාඨො. සුණොපි චාති එසාපෙකා ඛුද‍්දකමිගජාති. තුලියාති පක‍්ඛිබිළාරා. නළසන‍්නිභාති නළපුප‍්ඵවණ‍්ණා රුක‍්ඛසුනඛා. චාමරී චලනී ලඞ‍්ඝීති චාමරීමිගා ච චලනීමිගා ච ලඞ‍්ඝීමිගා ච. ඣාපිතා මක‍්කටාති ද‍්වෙ මක‍්කටජාතියොව. පිචූති සරපරියන‍්තෙ ගොචරග‍්ගාහී එකො මක‍්කටො. කක‍්කටා කටමායා චාති ද‍්වෙ මහාමිගා. ඉක‍්කාති අච‍්ඡා. ගොණසිරාති අරඤ‍්ඤගොණා. කාළකෙත්‍ථ බහූතසොති කාළමිගා නාමෙත්‍ථ බහූතසො. සොණසිඞ‍්ගාලාති රුක‍්ඛසුනඛා ච සිඞ‍්ගාලා ච. පම‍්පකාති අස‍්සමපදං පරික‍්ඛිපිත්‍වා ඨිතා මහාවෙළුපම‍්පකා. ආකුච‍්ඡාති ගොධා. පචලාකා චාති ගජකුම‍්භමිගා. චිත්‍රකා චාපි දීපියොති චිත්‍රකමිගා ච දීපිමිගා ච.

එහි පුරිසාලූ වළවාමුඛ යක්‍ෂණියෝ, රොහිච්චා සරභාමිගා රෝහිත මුවෝ ද සරභ මුවෝ ද කොට්ඨුසූණා සිවල් සුනඛයෝ ද කත්‍ථුසොණා කියාද පාඨයකි. සුරෝපීච එක් කුඩ මුව වර්ගයක් තුලියා පියා බළල්ලුද නළසන්නිභා ගස්බල්ලෝ ද චමරී, චලනී, ලංඝී සෙමරහු, තිත්මුවෝ ද සාටුවෝද යන වාතටුවෝ ඣාපිතාමක්කටා වඳුරු වර්ග දෙකක්. පිචූ විල අගසිට ගොදුරු ගන්නා වූ එක් වඳුරු වර්ගයක්. කක්කටා කතමායා විශාල මුව වර්ග දෙකක්. ඉක්කා වලස්සු ද ගොණ සිරා දඩගෝණහු. කාළඛෙත්තබහූතසො මෙහි කාල මුවෝ ගැනේ. සොණාසිගාලා ගස් බල්ලෝ ද සිවල්ලු ද පම්පකා අසපුව වටකොට සිටියා වූ මහා උණ හපුළුවෝ ද ආකුච්චා තලගොයි. පචලාකා ගජකුඹුවෝ චිත්‍රකාදීපියො චිත්‍රකයෝ ද දිවියෝ ද.

පෙලකා චාති සසා. විඝාසාදාති එතෙ ගිජ‍්ඣා සකුණා. සීහාති කෙසරසීහා. ගොගණිසාදකාති ගොගණෙ ගහෙත්‍වා ඛාදනසීලා දුට‍්ඨමිගා. අට‍්ඨපාදාති සරභා මිගා. භස‍්සරාති සෙතහංසා. කුකුත්‍ථකාති කුකුත්‍ථකසකුණා. චඞ‍්කොරාති චඞ‍්කොරසකුණා. කුක‍්කුටාති වනකුක‍්කුටා. දින්‍දිභා කුඤ‍්ජවාජිතාති ඉමෙ තයොපි සකුණායෙව. බ්‍යග‍්ඝිනසාති සෙනා. ලොහපිට‍්ඨාති ලොහිතවණ‍්ණසකුණා. පම‍්පකාති පම‍්පටකා. කපිඤ‍්ජරා තිත‍්තිරායොති කපිඤ‍්ජරා ච තිත‍්තිරා ච. කුලා ච පටිකුත්‍ථකාති ඉමෙපි ද‍්වෙ සකුණා. මන්‍දාලකා චෙලකෙටූති මන්‍දාලකා චෙව චෙලකෙටු ච. භණ‍්ඩුතිත‍්තිරනාමකාති භණ‍්ඩූ ච තිත‍්තිරා ච නාමකා ච. චෙලාවකා පිඞ‍්ගලායොති ද‍්වෙ සකුණජාතියො ච, තථා ගොටකා අඞ‍්ගහෙතුකා. සග‍්ගාති චාතකසකුණා. උහුඞ‍්කාරාති උලූකා.

පෙලකා සාවෝ. විඝාසාදා සිනිඹිල්ලෝ සීහා කේශර සිංහයෝ කොකනිසාතකා කොකකු අල්ලාගෙන කන ස්වභාවය ඇති දුෂ්ට මෘගයෝ අට්ඨපාදා සරභමුවෝ. භස්සරා සුදු හංසයෝ. කකුත්‍ථකා මහාසිනිඹිල්ලෝ චංකොරා චංකොර නම් පක්‍ෂීහු. කුක්කුටා වනසැවුලෝ දින්‍දිභා කොඤ්චවාදිකා මේ තුන්දෙනම පක්‍ෂීහුය. ව්‍යග්ඝීනසා උකුස්සෝ. ලොහපිට්ඨා ලේ පාට පක්‍ෂීහු. පම්පකා හුණහපුළුවෝ. කපිඤ්ජරා තිත්තිරායො කපිඤ්ජර නම් ලිහිණියෝ ද තිත්වටුවෝ ද කුලාවා පටිකුත්තකා පක්‍ෂීන් දෙවර්ගයකි. මද්දාලකා චෙලකෙදූ මද්දාලකයෝ ද සලපිඤ්ජෝද භණ්ඩුතිත්තරනාමකා මහසැළලිහිණියෝද තිත්වටුවෝ ද චෙලාබකා පිංගුලායො මේ නමින් හඳුන්වන පක්‍ෂීන් දෙවර්ගය. ගොධකා අංගහෙතකා ගෝලිහිණියෝ ද අඟුහැලි ලිහිණියෝ ද සග්ගා වැහිලිහිණියෝ. උහුංකාරා මහමුහුණෝ.

“අථෙත්‍ථ සකුණා සන‍්ති, නීලකා මඤ‍්ජුභාණකා; මොදන‍්ති සහ භරියාහි, අඤ‍්ඤමඤ‍්ඤං පකූජිනො.

[missing trans]

“අථෙත්‍ථ සකුණා සන‍්ති, දිජා මඤ‍්ජුස‍්සරා සිතා; සෙතච‍්ඡිකූටා භද්‍රක‍්ඛා, අණ‍්ඩජා චිත්‍රපෙඛුණා.

[missing trans]

“අථෙත්‍ථ සකුණා සන‍්ති, දිජා මඤ‍්ජුස‍්සරා සිතා; සිඛණ‍්ඩී නීලගීවාහි, අඤ‍්ඤමඤ‍්ඤං පකූජිනො.

තවද එහි ලිහිණියෝ ඇත. ඔහු නිබඳ මියුරුසර ඇත්තේය. සුදුපැහැ නෙත් කණ ඇතියහ. සොඳුරු ඇස් ඇතියහ. සිළු ඇතියහ. නිල්ගල ඇතියහ. ඔවුනොවුනට රැව් දෙන්නාහ.

“කුකුත්‍ථකා කුළීරකා, කොට‍්ඨා පොක‍්ඛරසාතකා; කාලාමෙය්‍යා බලීයක‍්ඛා, කදම‍්බා සුවසාළිකා.

කළු කළල් ලිහිණියෝ ද කුකුළෝ ද කොට්ඨ සකුණයෝද තල්රෙහෙනුද කලලොහොල්ලෝ ද කළුකොළ ලිහිණියෝද දියකෙරළියෝද ගිරවුද සැළලිහිණියෝ ද

“හලිද‍්දා ලොහිතා සෙතා, අථෙත්‍ථ නලකා බහූ; වාරණා භිඞ‍්ගරාජා ච, කදම‍්බා සුවකොකිලා.

තවද එහි කහකුරුල්ලෝ ද තඹතොලුවෝ ද සුදු ලිහිණියෝ ද නළක ලිහිණියෝ ද ඇත් ගිජුලිහිණියෝ ද හිංගුරාජයෝ ද මහදිය කෙරැළියෝ ද සමග වැ හැසිරෙන ගිරා කොවුල්හුද

“උක‍්කුසා කුරරා හංසා, ආටා පරිවදෙන‍්තිකා; පාකහංසා අතිබලා, නජ‍්ජුහා ජීවජීවකා.

කළු උකුස්සෝ ද හෙළ උකුස්සෝ ද හංසයෝ ද සැදිමුව ලිහිණියෝද පරිවදන්තික ලිහිණියෝ ද පාක හංසයෝ ද අතිබල ලිහිණියෝ ද වලිකුකුළෝ ද ජීව ජීවකයෝ ද

“පාරෙවතා රවිහංසා, චක‍්කවාකා නදීචරා; වාරණාභිරුදා රම‍්මා, උභො කාලූපකූජිනො.

පරෙවියෝ ද හැල්බෝ ද ගඟේ හැසිරෙන සක්වාලිහිණියෝ ද දෙවරුයෙහිම රැව්දෙන මනා හඬ ඇති ඇත් ගිජුලිහිණියෝ ද ඒ විල්හි බොහෝ සිටිත්.

“අථෙත්‍ථ සකුණා සන‍්ති, නානාවණ‍්ණා බහූ දිජා; මොදන‍්ති සහ භරියාහි, අඤ‍්ඤමඤ‍්ඤං පකූජිනො.

මෙහි නොයෙක් වර්ණ ඇති බොහෝ පක්‍ෂීහු බිරියන් සමග කුල්නාහු ප්‍රීති වෙති.

“අථෙත්‍ථ සකුණා සන‍්ති, නානාවණ‍්ණා බහූ දිජා; සබ‍්බෙ මඤ‍්ජූ නිකූජන‍්ති, මුචලින්‍දමුභතො සරං.

මේ මුචලින්ද විල අවට නොයෙක් පැහැ ඇති බොහෝ පක්‍ෂීහු මියුරුසරින් කුල්නාහ.

“අථෙත්‍ථ සකුණා සන‍්ති, කරවියා නාම තෙ දිජා; මොදන‍්ති සහ භරියාහි, අඤ‍්ඤමඤ‍්ඤං පකූජිනො.

මෙහි කුරවි කෙවිල්ලෝ නම් පක්‍ෂීහු බිරියන් සමග කුල්නාහු ප්‍රීති වෙත්.

“අථෙත්‍ථ සකුණා සන‍්ති, කරවියා නාම තෙ දිජා; සබ‍්බෙ මඤ‍්ජූ නිකූජන‍්ති, මුචලින්‍දමුභතො සරං.

මෙහි මුචලින්ද විල අවට කුරවි කෙවිල්ලෝ නම් පක්‍ෂීහු මියුරු සරින් කුල්නාහු ප්‍රීතිවෙති.

“එණෙය්‍යපසදාකිණ‍්ණං, නාගසංසෙවිතං වනං; නානාලතාහි සඤ‍්ඡන‍්නං, කදලීමිගසෙවිතං.

ඒ වනය ඒණිමුවන් හා පසදමුවන් විසින් ගැවසී ගත්තේය. ඇතුන් විසින් සෙව්නා ලද්දේය. නොයෙක් ලතාවන්ගෙන් වැසුණේය. කෙහෙල් මුවන් විසින් සෙවුනා ලද්දේය.

“අථෙත්‍ථ සාසපො බහුකො, නීවාරො වරකො බහු; සාලි අකට‍්ඨපාකො ච, උච‍්ඡු තත්‍ථ අනප‍්පකො.

තවද ඒ වනයෙහි අබ බොහෝ ඇත. හූරුවැල් ද වරා සොරද බොහෝය. නොසාන ලද තැන්හි හටගත් ස්වයංජාත හැල්ද වනමුල් වනඵල ද ඒ වනයෙහි නොමඳ වෙයි.

“අයං එකපදී එති, උජුං ගච‍්ඡති අස‍්සමං; ඛුදං පිපාසං අරතිං, තත්‍ථ පත‍්තො න වින්‍දති; යත්‍ථ වෙස‍්සන‍්තරො රාජා, සහ පුත‍්තෙහි සම‍්මති.

මේ අඩිපාර ඉඳුරා අප සිටිතැන් බලා එයි. අසපුව වෙතට ඉඳුරාම යයි. යම් අසපුවක වෙසතුරු මහරජ අඹුදරුවන් සමග වාසය කෙරේද, ඒ අසපුවට පැමිණියහු සාපිපාසාව හා උකටලී බව නොලබයි.

“ධාරෙන‍්තො බ්‍රාහ‍්මණවණ‍්ණං, ආසදඤ‍්ච මසං ජටං; චම‍්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස‍්සතී”ති.

හේ තාපස විලාශයද කෙක්ක ද ගිනි පුදන හැන්දද දළමඬුලු ද දරන්නේ අඳුන් දිවිසම් හඳනේ බිම හොවී. ගිනිදෙවියා නමදියි.

තත්‍ථ නීලකාති චිත්‍රරාජිපත‍්තා. මඤ‍්ජූස‍්සරා සිතාති නිබද‍්ධමධුරස‍්සරා. සෙතච‍්ඡිකූටා භද්‍රක‍්ඛාති උභයපස‍්සෙසු සෙතෙහි අක‍්ඛිකූටෙහි සමන‍්නාගතා සුන්‍දරක‍්ඛා. චිත්‍රපෙඛුණාති විචිත්‍රපත‍්තා. කුළීරකාති කක‍්කටකා. කොට‍්ඨාතිආදයො සකුණාව. වාරණාති හත්‍ථිලිඞ‍්ගසකුණා. කදම‍්බාති මහාකදම‍්බා ගහිතා. සුවකොකිලාති කොකිලෙහි සද‍්ධිං විචරණසුවකා චෙව කොකිලා ච. උක‍්කුසාති කාළකුරරා. කුරරාති සෙතකුරරා. හංසාති සකුණහංසා. ආටාති දබ‍්බිසණ‍්ඨානමුඛසකුණා. පරිවදෙන‍්තිකාති එකා සකුණජාති. වාරණාභිරුදා රම‍්මාති රම‍්මාභිරුදා වාරණා. උභො කාලූපකූජිනොති සායං පාතො පබ‍්බතපාදං එකනින‍්නාදං කරොන‍්තා නිකූජන‍්ති. එණෙය්‍යපසදාකිණ‍්ණන‍්ති එණෙය්‍යමිගෙහි ච පසදමිගෙහි ච ආකිණ‍්ණං. තත්‍ථ පත‍්තො න වින්‍දතීති බ්‍රාහ‍්මණ, වෙස‍්සන‍්තරස‍්ස අස‍්සමපදං පත‍්තො පුරිසො තත්‍ථ අස‍්සමෙ ඡාතකං වා පානීයපිපාසං වා උක‍්කණ‍්ඨිතං වා න පටිලභති.

එහි නීලකා යනු චිත්‍රරාජි ශතපත්‍ර ලිහිණියෝ. මඤ්ජුස්සරා සිතා නිරන්තරයෙන් බැඳුනු මිහිරි ස්වර ඇති. සෙතච්ඡකුමා භද්‍රක්ඛා අක්‍ෂිකූට දෙපස සුදු පැහැයෙන් මනහර වූ ඇස් ඇති අණ්ඩජාචිත්‍රපෙක්ඛුණා බිජුවටින් හටගත්. විචිත්‍ර පියාපත් ඇති. කුලීරකා කුකුල්ලු. කොට්ඨා පක්‍ෂියෙක්. වාරණ ඇතුලිඟු පක්‍ෂීහු. කදම්බා මහගිරවු ගැනේ. සුවකොකිලා කොවුලන් සමග හැසිරෙන ගිරව්ද, කොවුලන්ද උකුස්සා කළු උකුස්සෝ. කුරරා හෙළ උකුස්සෝ ද ආටා හැදිමුව ලිහිනියෝද පරිවදන්තිකා එනම් ලිහිණි වර්ගයක් වාරණාභිරුදාරම්මා මහා හඬින් හඬන ඇත් ගිජුලිහිණියෝ. උභොකාලූපකූජිනො සවසද උදේද පර්වත පාදයෙහි ඒකනින්නාද කරමින් හඬත්. එණෙය්‍යපසදාකිණ්ණං ඒණිමුවන්ගෙන්ද පසද මුවන්ගෙන්ද ගැවසී ගත්තේය. තත්‍ථ පත්තො න වින්‍දති බ්‍රාහ්මණය. වෙස්සන්තරගේ අසපුවට පැමිණි පුරුෂයා එම අසපුවේදී කුසගින්නක් හෝ පිපාසයක් හෝ කලකිරීමක් ඇති නොවේ.

“ඉදං සුත්‍වා බ්‍රහ‍්මබන්‍ධු, ඉසිං කත්‍වා පදක‍්ඛිණං; උදග‍්ගචිත‍්තො පක‍්කාමි, යත්‍ථ වෙස‍්සන‍්තරො අහූ”ති.

ඒ බමුණු මෙවදන් අසා තවුසා පැදකුණු කොට ප්‍රීතියෙන් ඔදවැඩී සිතැත්තේ යම්තැනක වෙසතුරු මහරජ වීද එතැනට පිටත්ව ගියේය.

තත්‍ථ යත්‍ථ වෙස‍්සන‍්තරො අහූති යස‍්මිං ඨානෙ වෙස‍්සන‍්තරො අහොසි, තං ඨානං ගතොති.

එහි යත්‍ථ වෙස්සන්තරො අහූ යනු යම් තැනක වෙස්සන්තර රජු වීද එතැනට ගියේය යන අර්ථයි.

මහාවනවණ‍්ණනා නිට‍්ඨිතා.

මහා වන වර්ණනාව නිමියේ ය.