යෙදුමෙන් කියවන්න

මහාවනවණ‍්ණනා නිට‍්ඨිතා

6471. ගච‍්ඡන‍්තො සො භාරද‍්වාජො අද‍්දසා අච‍්චුතං ඉසිං, දිස‍්වානං තං භාරද‍්වාජො සම‍්මොදි ඉසිනා සහ.

6471. එ ජූජක බමුණු යන්නෙ ‘අච්‍යුත’ තවුසා දිටි. බමුණු ඔහු දැකැ තවුසා සමග පිළිසඳර කෙළේ යැ.

6472. කච‍්චින‍්නු භොතො කුසලං කච‍්චි භොතො අනාමයං, කච‍්චි උඤ‍්ඡෙන යාපෙසි කච‍්චි මූලඵලා බහූ.

6472. කිම භවත්හට රෝග නැද් ද? කිම භවත්හට දුක් නැද් ද? කිම වනමුල්පලයෙන් යැපෙහි ද? කිම මුල් හා පලවැළ බොහෝ ඇද්ද?

6473. කච‍්චි ඩංසා ච මකසා ච අප‍්පමෙව සිරිංසපා, වනෙ වාළමිගාකිණ‍්ණෙ කච‍්චි හිංසා න විජ‍්ජති.

6473. කිම තොපට මැසිමදුරුවෝ ද දික්දෑසප්හු ද අල්ප මැ වෙත් ද? සැඬමුවන් ගැවැසිගත් වෙනෙහි කිම හිංසා නැද්ද?

6474. කුසලඤ‍්චෙව මෙ බ්‍රහ‍්මෙ අථො බ්‍රහ‍්මෙ අනාමයං, අථො උඤ‍්ඡෙන යාපෙමි අථො මූලඵලා බහූ.

6474. බමුණ, මට රෝග නැත. තවද මට දුක් නැත. වන මුල්පලවැළින් යැපෙමි. මුල් හා පලවැළ බොහෝ යැ.

6475. අථො ඩංසා ච මකසා ච අප‍්පමෙව සිරිංසපා, වනෙ වාළමිගාකිණ‍්ණෙ හිංසා මය‍්හං න විජ‍්ජති.

6475. තවද මැසිමදුරුවෝ ද දීර්‍ඝජාති සර්‍පයෝ ද අල්ප මැ වෙති. සැඬමුවන් ගැවැසිගත් වෙනෙහි මට හිංසා නැත.

6476. බහූනි චස‍්ස පූගානි අස‍්සමෙ වසතො මම, නාභිජානාමි උප‍්පන‍්නං ආබාධං අමනොරමං.

6476. බොහෝ අවුරුදු ගණන් අසපුවෙහි වසන මට උපන් නො සිත්කලු රෝගයක් නො දන්මි.

6477. ස‍්වාගං තෙ මහාබ්‍රහ‍්මෙ අථො තෙ අදුරාගතං. අන‍්තො පවිස භද‍්දන‍්තෙ පාදෙ පක‍්ඛාලයස‍්සු තෙ.

6477. බමුණ, තොපට ස්වාගත යැ (තොපගේ පැමිණීම මැනැවැ) තවද තොපගේ නො මනා ඊමෙක් නො වෙයි. තොපට යහපතක් වේවා. තොපගේ පා ධෝවන කරව. ඇතුළු පන්සලට පිවිසෙව.

6478. තින්‍දුකානි පියාලානි මධුකෙ කාසුමාරියො, ඵලානි ඛුද‍්දකප‍්පානි භුඤ‍්ජ බ්‍රහ‍්මෙ වරං වරං.

6478. බමුණ, තිඹිරිපල යැ පියල්පල යැ මිහිරි කටුඑරමිණිය යැ දඬුඑල්බැ මී යැ යන මේ ඇත. උතුම් උතුම් දැය වළඳව.

6479. ඉදම‍්පි පානීයං සීතං ආභතං ගිරිගබ‍්භරා, තතො පිව මහාබ්‍රහ‍්මෙ සචෙ ත්‍වං අභිකඞ‍්ඛසි.

6479. මෙ පැනුදු සිහිලැ, ගල්කුසින් බට හොයින් ගෙනෙන ලද. බමුණ ඉදින් තෙපි රිසියවු නම් එයින් ගෙන පානය කරව.

6480. පටිග‍්ගහීතං යං දින‍්නං සබ‍්බස‍්ස අග‍්ඝියං කතං, සඤ‍්ජයස‍්ස සකං පුත‍්තං සිවීහි විප‍්පවාසිතං; තමහං දස‍්සනමාගතො යදි ජානාසි සංස මෙ.

6480. යමක් තොප විසින් දෙමි යි කී නම් ඒ දෙනලද මැ වේවා මා විසිනුදු පිළිගන්නාලද මැ වේවා. සියල්ල පඬුරු කරන ලද යැ. සඳමහරජුගේ සියපිත් (වෙසතුරු) සිවින් කෙරෙන් වෙන් වැ වසන බව නො දනු ද? මම ඔහු දක්නට අයිමි. ඉදින් දන්නවු නම් මට කියව.

6481. න භවං එති පුඤ‍්ඤත්‍ථං සිවිරාජස‍්ස දස‍්සනං, මඤ‍්ඤෙ භවං පත්‍ථයති රඤ‍්ඤො භරියං පතිබ‍්බතං.

6481. භවත් සිවිරජහු දක්නට පින් පිණිස නො එයි. භවත් රජහට පතිනි වූ අඹුව පතන වනැයි හඟිමි.

6482. මඤ‍්ඤෙ කණ‍්හාජිනං දාසිං ජාලිං දාසඤ‍්ච ඉච‍්ඡසි, අථවා තයො මාතාපුත‍්තෙ අරඤ‍්ඤා නෙතුමාගතො; න තස‍්ස භොගා විජ‍්ජන‍්ති ධනං ධඤ‍්ඤඤ‍්ච බ්‍රාහ‍්මණ.

6482. කෘෂ්ණාජිනා දැස් කොට ජාලිය දස් කොට රුස්නා වනැයි හඟිමි. නොහොත් මව යැ දෙදරු යැ යන තිදෙනා වනයෙන් ගෙන යන්නට ආයෙ වනැ යි හඟිමි. කොළ බමුණ, ඔහට භෝග නැත. ධනධාන්‍ය ද නැත.

6483. අකුද‍්ධරූපාහං භොතො නාහං යාචිතුමාගතො, සාධු දස‍්සනමරියානං සන‍්නිවාසො සදා සුඛො.

6483. මම භවත්හු විසින් නො කිපියයුතු සැහැවියෙමි. මම කිසිත් යදනට නො ආමි. ආර්‍ය්‍යයන්ගේ දැක්ම යහපත. ඔවුන් හා සමග විසීම හැමදා සුව යැ.

6484. අදිට‍්ඨපුබ‍්බො සිවිරාජා සිවීහි විප‍්පවාසිතො, තමහං දස‍්සනමාගතො යදි ජානාසි සංස මෙ.

6484. සිවිමහරජ යම් දවසෙකැ සිවීන් විසින් රටින් නෙරන ලද ද එ දවස් පටන් හෙ මා විසින් නුදුටුවිරූ යැ. එයින් මම ඔහු දක්නට අයිමි. ඉදින් දනු නම් මට කියව.

6485. එස සෙලො මහාබ්‍රහ‍්මෙ පබ‍්බතො ගන්‍ධමාදනො, යත්‍ථ වෙස‍්සන‍්තරො රාජා සහපුත‍්තෙහි සම‍්මති.

6485. බමුණ, යම් තැනෙකැ වෙසතුරු රජ දරුවන් සමග සන්හිඳේ ද තෙල පැනෙන ගල ඒ ගඳමහන් පව්ව යි.

6486. ධාරෙන‍්තො බ්‍රාහ‍්මණං වණ‍්ණං ආසදඤ‍්ච මසං ජටං, චම‍්මවාසී ඡමා සෙති ජාතවෙදං නමස‍්සති.

6486. හේ තවුස්වෙස් ද දෙහෙටිල්ල ද ගිනිපුදන සැන්ද ද දළමඬුලු ද ධරනුයේ අඳුන්දිවිසම් ධරනුයේ බිමැ (පත් ඇතිරියෙහි) හොවී. ගිනිදෙවියා පුදයි.

6487. එතෙ නීලා පදිස‍්සන‍්ති නානාඵලධරා දුමා, උග‍්ගතා අබ‍්භකූටාව නීලා අඤ‍්ජනපබ‍්බතා.

6487. තෙල නිල්වන් වූ නොයෙක් පල ධරන වෘක්‍ෂයෝ නැඟී සිටි වලාකුළු මෙන් නිල්වන් අඳුන්කුළු මෙන් පැනෙති.

6488. ධවස‍්සකණ‍්ණා ඛදිරා සාලාඵන්‍දනමාලුවා, සම‍්පවෙධන‍්ති වාතෙන සකිං පීතාව මාණවා.

6488. දැව යැ අසු යැ කිහිරි යැ සල් යැ කොළොම් යැ මාළුවා යැ යන වෘක්‍ෂයෝ එක්වරක් පානය කළ රාසොඬුන් මෙන් පවනින් වෙවුළති.

6489. උපරි දුමපරියායෙසු සංගීතියොව සූයරෙ, නජ‍්ජුහා කොකිලසඞ‍්ඝා සම‍්පතන‍්ති දුමා දුමං.

6489. රුක්අතු මතුයෙහි (සියොතුන් හඬ) දෙව්ගී මෙන් ඇසෙයි. විලිකුළුගණා හා කෙවිලිගණා ගසින් ගසට පනිති.

6490. අව‍්හයන‍්තෙව ගච‍්ඡන‍්තං සාඛාපත‍්තසමෙරිතා, රමයන‍්තෙව ආගන‍්තුං මොදයන‍්ති නිවාසිනං; යත්‍ථ වෙස‍්සන‍්තරො රාජා සහ පුත‍්තෙහි සම‍්මති.

6490. යම් තැනෙකැ වෙසතුරු රජ දරුවන් හා සමග වෙසේ ද (එහි) පවනින් සැලෙන තුරුසාපත් තමා පියා යනුවහු කැඳවනුවන් වැන්නහ. තමා කරා එනුවහු රමණය කරනුවන් වැන්නහ. නිති වසන දනන් තුටු කරනුවහ.

6491. ධාරෙන‍්තො බ්‍රාහ‍්මණං වණ‍්ණං ආසදඤ‍්ච මසං ජටං, චම‍්මවාසී ඡමා සෙති ජාතවෙදං නමස‍්සති.

6491. (එරජ එහි) තවුස්වෙස් ද පලවැළ නෙළන අකුස්ස ද ගිනි පුදන සැන්ද ද දළමඬුලු ද ධරනුයේ අඳුන්දිවිසම් හඳනුයෙ බිමැ (පත් ඇතිරියෙහි) සයන කෙරෙයි, ගිනිදෙවියා නමදී.

6492. කරෙරිමාලා විතතා භූමිභාගෙ මනොරමෙ, සද‍්දලාහරිතා භූමි න තත්‍ථුද‍්ධංසතෙ රජො.

6492. (එ වෙනෙහි) සිත්කලු බිම්පෙදෙස්හි පැතිරැ සිටි හෙළගිරිතිල්ල මල් ඇති බිම හීතණයෙන් නිල්වන් වූයේ යැ. එ බිමැ ධූලි නො නැඟෙයි.

6493. මයූරගීවසඞ‍්කාසා තූලඵස‍්සසමූපමා, තිණානි නාතිවත‍්තන‍්ති සමන‍්තා චතුරඞ‍්ගුලා.

6493. මොනරකර බඳු වූ හිඹුල්පුළුන් පහස් සම උපමා ඇති තෘණයෝ හාත්පස්හි සතරඟුල් ඉක්ම නො වැඩෙති.

6494. අම‍්බා ජම‍්බූ කපිත්‍ථා ච නීචෙ පක‍්කා උදුම‍්බරා, පරිභොගෙහි රුක‍්ඛෙහි වනං තං රතිවඩ‍්ඪනං.

6494.අඹ දඹ ගිවුලු ද මිටිරුක්හි විලිකුන් දිඹුල් ද ඇත. (නොයෙක් මල්පලයෙන් සැදි) පරිභෝග වෘක්‍ෂයෙන් එ වන ඇලුම් වඩයි.

6495. වෙළුරියවණ‍්ණූපනිභං මච‍්ඡගුම‍්බනිසවිතං, සුචිං සුගන්‍ධං සලිලං ආපො තත්‍ථපි සන්‍දති.

6495. මස්කැලන් විසින් නිති සෙවුනාලද වෙරළුමිණි වන් පැහැ ඇති පිරිසිදු සුවඳ සිලිල් ඇති (කඳුරැලියෙන් බස්නා) දියදහර එ වනළැව්හි ගළායෙයි.

6496. තස‍්සාවිදූරෙ පොක‍්ඛරණී භූමිභාගෙ මනොරමෙ, පදුමුප‍්පලසඤ‍්ඡන‍්නා දෙවානමිව නන්‍දනෙ.

6496. එයට නුදුරෙහි මනරම් බිම්පෙදෙසකැ දෙවියන්ගේ නඳුනුයනෙහි මෙන් පියුමුපුලින් සැදි පොකුණෙක් ඇත.

6497. තීණි උප‍්පලජාතානි තස‍්මිං සරසි බ්‍රාහ‍්මණ, විචිත්‍ර නීලානෙකානී සෙතා ලොහිතකානි ච.

6497. බමුණ, එ සිවුරැස් පොකුණෙහි තුන් උපුල්ජාතියක් ඇත. එක් ජාතියක් නිල්පැහැ වෙයි, එක් ජාතියක් සුදුපැහැ වෙයි, එක් ජාතියක් ලේපැහැ වෙයි, එ පොකුණ විසිතුරු යැ.

6498. ඛොමා ච තත්‍ථ පදුමා සෙතයොගන්‍ධිකෙහි ච, කලම‍්බකෙහි සඤ‍්ඡන‍්නො මුචලින්‍දො නාම සො සරො.

6498. බමුණ, ඒ වනළැහැබ්හි විලෙකුදු ඇත. ඒ විලැ හෙළපියුම්හු හෙළ පිළී අතුළ තැන් වැනියහ. හෙළුපුලින් හා හෙල්මැල්ලෙන් ද දියකූරයෙන් ද ගැවසුණෙ යැ. එ විල මුචලින්‍ද නමැ.

6499. අථෙත්‍ථ පදුමා ඵුල‍්ලා අපරියන‍්තාව දිස‍්සරෙ, ගිම‍්හා හෙමන‍්තිකා ඵුල‍්ලා ජණ‍්ණුතග‍්ඝාඋපත්‍ථරා.

6499. තවද ඒ මුදලිඳු විල්හි පිපි පියුම්හු කෙළවර නැත්තවුන් මෙන් පෙනෙන්නාහ. ගිමන් හිමත් ඍතුයෙහි වූ පිපි පියුම්හු දණ පමණ දියෙහි පැතිරැ සිටිති.

6500. සුරභී සම‍්පවායන‍්ති විචිත‍්තා පුප‍්ඵසන්‍ථතා, භමරා පුප‍්ඵගන්‍ධෙන සමන‍්තාමභිනාදිතා.

6500. විසිතුරු මල්පතර සුවඳ පතුරුවයි. බමරු මල්ගඳින් හාත්පසැ අභිනාද කෙරෙති.

6501. අථෙත්‍ථ උදකන‍්තස‍්මිං රුක‍්ඛා තිට‍්ඨන‍්ති බ්‍රාහ‍්මණ, කදම‍්බා පාටලි ඵුල‍්ලා කොවිළාරා ච පුප‍්ඵිතා.

6501. තවද බමුණ, ඒ විල්දිය කෙළවරැ වෘක්‍ෂයෝ පවතිත්, සුපිපි කොළොම් රුක් යැ පළොල් රුක් යැ පිපි කොබලිල රුක් යැ.

6502. අඞ‍්කොලා කච‍්චිකාරා ච පාරිජඤ‍්ඤා ච පුප‍්ඵිතා, වාරණසායනා රුක‍්ඛා මුචලින්‍දමභිතො සරං.

6502. අඟුණ රුක් යැ වැලකිණිහිරි යැ කරගස් යැ එරබදු යැ නාරුක් යැ යන මෙ රුක් මුදලිඳු විල් වට පිපී සිටි.

6503. සිරීසා සෙතපාරීසා සාධු වායන‍්ති පද‍්මකා, නිග‍්ගුණ‍්ඩී සිරිනිග‍්ගුණ‍්ඩී අසනා චෙත්‍ථ පුප‍්ඵිතා.

6503. මහරි යැ හෙළපළු යැ පියුම්ගස් යැ යන් මෙ රුක් මනා සුවඳ හමයි, මහනික ද සුළුනික ද පියාරුක් ද එහි පිපි වන සිටී.

6504. පංගුරා වකුලා සාලා සොභඤ‍්ජනා ච පුප‍්ඵිතා, කෙතකා කණිකාරා ච කණවෙරා ච පුප‍්ඵිතා.

6504. පඟුරු යැ මුහුළු යැ සල් යැ මුරුංගා යැ යන මෙ රුක් පිපී සිටී. දුනුකේගස් ද කිණිහිරිගස් ද කණේරුගස් ද පිපි වන සිටී.

6505. අජ‍්ජුනා අජ‍්ජුකණ‍්ණා ච මහානාමා ච පුප‍්ඵිතා, සම‍්පුප‍්ඵිතග‍්ගා තිට‍්ඨන‍්ති පජ‍්ජලන‍්තෙව කිංසුකා.

6505. මහකුඹුක් ද සුළුකුඹුක් ද මහඋක් ද පිපි වන සිටියි, මොනොවට පිපි අග ඇති කෑලරුක්හු දිලියෙන අඟුරු මෙන් සිටිති.

6506. සෙතපණ‍්ණී සත‍්තපණ‍්ණා කදලියො කුසුම‍්භරා, ධනුතක‍්කාරි පුප‍්ඵෙහි සිංසපාවරණෙහි ච.

6506. ඇත්දෙමට යැ සත්පත් (රුක්අත්තන) යැ කඳල යැ වනුක් යැ දුනුවලලා හා තිටිඟ යැ යන රුක්මලින් ද ඇට්ටර හා වරණ රුකින් ද එ වන හොබී.

6507. අච‍්ඡිවා සබලා රුක‍්ඛා සල‍්ලකියො ච පුප‍්ඵිතා. සෙතගෙරූ ච තගරා මංසිකුට‍්ඨා කුලාවරා.

6507. අසුගස් ද තෙලඹු රුක් ද හින්සල් රුක් ද පිපි වන සිටියි. හෙළවසුරුවක් ද තුවරලා ද මැසිගස් ද උපුල්කොළ ද කුලුවරගස් ද ඇත.

6508. දහරා ච රුක‍්ඛා වුද‍්ධා ච අකුටිලා චෙත්‍ථ පුප‍්ඵිතා, අස‍්සමං උභතො ඨන‍්ති අග්‍යාගාරං සමන‍්තතො.

6508. එ වෙනෙහි ඍජු වූ ද පිපියා වූ ද තරුණ රුක් ද මහලු රුක් ද අසපුව දෙපසැ ද ගිනිහල්ගෙය සිසාරා ද සිටී.

6509. අථෙත්‍ථ උදකන‍්තස‍්මිං බහුජාතො ඵජ‍්ජණිකො, මුග‍්ගතියො කරතියො සෙවාලසිංසකං බහූ.

6509. තවද එ විල්හි උදකාන්තයෙහි බහුල වැ හටගත් දමුණු (දඹල) ද ඇත. සිහින්මුඟු ද මහමෑ ද කටුකොහොවිල ද බෙහෙවැ.

6510. උද‍්දාපවන‍්තං උල‍්ලුළිතං මක‍්ඛිකා භිංගුජාලකා, දාසීමකචකො චෙත්‍ථ බහූ නීවෙකලම‍්බකා.

6510. (එ විල) මියර ඇතියෙ යැ. වාතයෙන් අලළන ලද්දේ යැ. මීමැස්සන් නද දෙන මල්පිපි හුඟුගස් හා රත්කරව්ගස් ඇතියෙ යැ. සුළු අංගෙන්ද මහඅංගෙන්ද හුරුකලන්ද රුක් මෙහි බෙහෙවැ.

6511. ඵළම‍්බරකසඤ‍්ඡන‍්තා රුක‍්ඛා තිට‍්ඨන‍්ති බ්‍රාහ‍්මණ, සත‍්තාහං ධාරියමානානං ගන්‍ධො තෙසං න ඡිජ‍්ජති.

6511. බමුණ, හෙළ කලවැලින් ගැවැසිගත් වෘක්‍ෂයෝ සිටිති. සත්දවසක් මුළුල්ලෙහි ධරනුලබන ඒ (දාසී මකචකාදි) කුසුමයන්ගේ සුවඳ නො සිඳෙයි.

6512. උභතො සරං මුචලින්‍දං පුප‍්ඵා තිට‍්ඨන‍්ති සොභනා, ඉන්‍දීවරෙහි සඤ‍්ඡන‍්නං වනං තං උපසොභිතං. අඩ‍්ඪමාසං ධාරියමානානං ගන්‍ධො තෙසං න ඡිජ‍්ජති.

6512. මුදලිඳු විල් දෙපසැ හොබනා කුසුම් පවති. එරහැඳි රුකින් සැදි එ වන හොබනෙ යැ. අඩමසක් මුළුල්ලෙහි ධරනු ලබන ඒ එරහැඳි ආදී කුසුමයන්ගේ සුවඳ නො සිඳෙයි.

6513. නීලපුප‍්ඵි සෙතවාරී පුප‍්ඵිතා ගිරිකණ‍්ණිකා; කටෙරුකෙහි සඤ‍්ඡන‍්නං වනං තං තුලසීභි ච.

6513. (එහි) පිපියා වූ දියමෙරලිය සෙතවාරි නිල්කටරොළු ඇත. එ වනය කටෙරුකයෙන් හා තලාගසින් වැසුණෙ යැ.

6514. සද‍්දම‍්මතෙව ගන්‍ධෙන පුප‍්ඵසාඛාහි තං වනං, භමරා පුප‍්ඵගන්‍ධෙන සමන‍්තාමභිනාදිතා.

6514. එ වනය මල් අත්තෙන් පවත්නා ගඳින් (පැමිණි දනන්) මද දනවා මැ යි. මල්ගඳින් හාත්පසැ නද දෙන බමරු වෙති.

6515. තීණිකක‍්කරුජාතානි තස‍්මිං සරසි බ්‍රාහ‍්මණ, කුම‍්භමත‍්තානි චෙකානි මුරජමත‍්තානි තා උභො.

6515. බමුණ, ඒ විල් අසැ තුන් කැකිරි ජාතියෙකැ . එක් ජාතියක් කළ පමණ වෙයි. දෙ ජාතියක් මිහිඟුබෙර පමණ වෙයි.

6516. අථෙත්‍ථ සාසපො බහුකො නාදියො හරිතායුතො, අසී තාලාව තිට‍්ඨන‍්ති ඡෙජ‍්ජා ඉන්‍දීවරා බහූ.

6516. තවද ඒ අසපු අබියෙස අබ ද හරිතායුත යැ නාදිය යැ යන ලුහුණු ද බෙහෙව. ඉඳිරුක්හු තල්රුක් මෙන් සිටිති. මිටින් සිඳැලියැහැකි රන් එරහැඳි බෙහෙව.

6517. අප‍්ඵොටා සුරියවල‍්ලී ච කාළියා මධුගන්‍ධියා, අසොකා මුදයන‍්තී ච වල‍්ලිභො ඛුද‍්දපුප‍්ඵියො.

6517. ගැහැවි සමණවැල් ද හිරිවැල් ද කෑලිය ද මිහිගෙඳි ද හෝපලු ද නීතු ද ලබුකොමඬු ද හිඟිනි රුක් ද,

6518. කොරණ‍්ඩකා අනොජා ච පුප‍්ඵිතා නාගවල‍්ලිකා, රුක‍්ඛමාරුය‍්හ තිට‍්ඨන‍්ති ඵුල‍්ලා කිංසුකවල‍්ලියො.

6518. කටුකරඬු ද අනෝජා ද පිපී සිටියහ. නාලිය ද හිරමුසු වැල් ද ගස් නැඟ පිපිවන මැ සිටිති.

6519. කටෙරුහා ච වාසන‍්තී යූථිකා මධුගන්‍ධියො, නීලියා සුමනා භණ‍්ඩී සොභති පදුමුත‍්තරො.

6519. රන්කටුකරඬු ද වෑකොඳ ද විනිගස් ද ඉද්ද ද වැල්සමන් ද යොහොඹු ද ගඳඇඹුලු ද යන මේ රුකින් එ වන හොබී.

6520. පාටලී සමුද‍්දකප‍්පාසි කණිකාරා ච පුප‍්ඵිතා, හෙමජාලාව දිස‍්සන‍්ති රුචිරා අග‍්ගිසිඛූපමා.

6520. පළොල් ද සුරිදුගස් ද කිණිහිරිගස් ද පිපියාහු රුසිරු ගිනිසිළු වැන්නහ. එළාලූ රන්දැල් මෙන් පැනෙති.

6521. යානි කානි ච පුප‍්ඵානි ථලජානුදකානි ච, සබ‍්බානි තත්‍ථ දිස‍්සන‍්ති එවං රම‍්මො මහොදධි.

6521. දිය ගොඩැ උපදනා යම් කිසි කුසුමයෙක් ඇද්ද එහැම කුසුම් ඒ විල්හි පැනෙති. මහදියකඳ දරන මුදලිඳු විල මෙසේ රමණී වෙයි.

6522. අථස‍්සා පොක‍්ඛරණියා පහූතා වාරිගොචරා, රොහිතා නළපී සිඞ‍්ගු කුම‍්භීලා මකරා සුසු.

6522. තවද ඒ මුදලිඳු විල්හි දිය ගොදුරු කොට ඇති, රෙහෙමස්හු ද ඉස්සෝ ද සුඟුමස්හු ද කිඹුලෝ ද මෝරු ද සුංසුමාරයෝ ද බොහෝ වෙති.

6523. මධූ ච මධුලට‍්ඨි ච තාලීසා ච පියඞ‍්ගුකා, උන‍්නකා භද‍්දමුත‍්තා ච සතපුප‍්ඵා ච ලොලුපා.

6523. මී ද වැල්මී ද තලිස්පතුරු ද පුවඟු ද කළුනීර ද වම්මුතු ද සියපුප් ද ලෝලුප ද,

6524. සුරභී ච රුක‍්ඛා තගරා පහූතා තුඞ‍්ගවණ‍්ටකා, පද‍්මකා නරදා කුට‍්ඨා ඣාමකා ච හරෙණුකා.

6524. තුවරලා යැ තුංගවණ්ටක යැ පද්මක යැ නරද යැ කුට්ඨ යැ ඣාමක යැ හරේණුක යැ යන සුවඳ රුක් බෙහෙව.

6525. හලිද‍්දකා ගන්‍ධසිලා හිරිවෙරා ච ගුග‍්ගුලා, විභෙදිකා චොරකා කුට‍්ඨා කප‍්පූරා ච කලිඞ‍්ගු ච.

6525. දෙ කසා ද සිරියෙල් ද හිරිවේරිය ද ගුගුල් ද විභේදිකා ද සොරමල ද තකුල් ද කපුරු ද කිලිඟු ද බෙහෙව.

6526. අථෙත්‍ථ සීහව්‍යග‍්ඝා ච පුරිසාලූ ච හත්‍ථියො, එණෙය්‍යා පසදා චෙව රොහිච‍්චා සරභා මිගා.

6526. තවද ඒ වෙනෙහි සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද වෙළඹ මුව පක්‍ෂීහු ද ඇත්හු ද එණි මුවන් හා පසද මුවෝ ද රෙහෙ මුවන් හා සරභ මුවෝ ද,

6527. කොට‍්ඨුසුණා සුලොපී ච තුලියා නළසන‍්නිභා, චමරී චලනී ලඞ‍්ඝි ඣාපිතා මක‍්කටා පිචු,

6527. කැනහිල්ලු ද කොක්නහවෝ ද ගිජුනහවෝ ද පියා බළල්ලු ද රුක්නහවෝ ද සෙමරහු ද තිත්මුවෝ ද වාමුවෝ ද මහකළුවඳුරෝ ද හැලිවඳුරෝ ද රිලාවඳුරෝ ද,

6528. කක‍්කටා කතමායා ච ඉක‍්කා ගොණසිරා බහූ, ඛග‍්ගා වරාහා නකුලා කාළකෙත්‍ථ බහූතසො.

6528. ගෝණහු ද හඟමොරලියෝ ද වලස්සු ද දඩගෝණහු ද බොහෝ වෙති. කගවෙහෙණහු ද හූරෝ ද මුගටියෝ ද කළවැද්දෝ ද ඒ විල්තෙර බොහෝ වෙති.

6529. මහිසා සොණා සිගාලා ච පම‍්පකා ච සමන‍්තතො, ආකුච‍්චා පචලාකා ච චිත්‍රකා චාපි දීපියො.

6529. මිහිවෝ ද රුක්නහවෝ ද සිවල්හු ද උණහපුළුවෝ ද හාත්පසැ ඇවිදුනා ගොයි ද ගජකුඹුවෝ ද චිත්‍රකයෝ ද දිවියෝ ද මෙහි බොහෝ වෙති.

6530. පෙලකා ච විඝාසාදා සීහා කොකනිසාතකා, අට‍්ඨපාදා ච මොරා ච භස‍්සරා ච කුකුත්‍ථකා,

6530. සාවෝ ද සිනිඹිල්ලෝද සිංහයෝ ද කොක්නහනුවෝ ද සරභමුවෝ ද රනමොනරු ද ශ්වේතහංසයෝ ද මහසිනිඹිල්ලෝ ද,

6531. වඞ‍්කොරා කුක‍්කුටා නාගා අඤ‍්ඤමඤ‍්ඤං පකූජිනො, බකා බලාකා නජ‍්ජුහා දින්‍දිභා කුඤ‍්ජවාදිකා.

6531. සුවර ලිහිණියෝ ද වනසැවුලෝ ද ඇත්තු ද ඔවුනොවුන්ට රැව්පිළිරැව් දෙන කණකොක්හු ද හෙළකොක්හු ද බස්සෝ ද කිරල්හු ද කොස්ලිහිණියෝ ද දියකාවෝ ද,

6532. ව්‍යග‍්ඝීනසා ලොහපිට‍්ඨා පම‍්පකා ජීවජීවකා, කපිඤ‍්ජරා තිත‍්තිරායො කුලාවා පටිකුත‍්තකා,

6532. උකුස්සෝ ද රත්කොරළුවෝ ද හුණුපුපුළුවෝ ද ‘ජීව ජීව’ යි හඬන ජීවංජීවක ලිහිණියෝ ද කපිඤ්ජර නම් ලිහිණියෝ ද තිත්වටුවෝ ද වඩුකුරුල්ලෝ ද බටු කුරුල්ලෝ ද,

6533. මද‍්දාලකා චෙලකෙදු භණ‍්ඩුතිත‍්තිරනාමකා, වෙලාබකා පිඞ‍්ගුලායො ගොධකා අඞ‍්ගහෙතුකා,

6533. මද්දාලකයෝ ද සලපිඤ්ජෝ ද මහසැළලිහිණියෝ ද තිත්වටුවෝ ද දනවුලිහිණියෝ ද පිඟුහැලි ලිහිණියෝ ද ගෝලිහිණියෝ ද අඟුහැලි ලිහිණියෝ ද,

6534. කරවීයා ච වග‍්ගා ච උහුඞ‍්කාරා ච කුක‍්කුභා, නානාදිජගණාකිණ‍්ණං නානාසරනිකුජ‍්ජිතං.

6534. කරවී ලිහිණියෝ ද වැසිලිහිණියෝ ද මහමුහුණෝ ද ඇටිකුකුළෝ ද එ වෙනෙහි බොහෝ වෙති. එ වනය නොයෙක් සියොත්ගණ විසින් ගැවැසිගත්තෙ යැ. නොයෙක් සරින් කුල්නා ලද්දේ යැ.

6535. අථෙත්‍ථ සකුණා සන‍්ති නීලකා මඤජුභාණකා, මොදන‍්ති සභ භරියාහි අඤ‍්ඤමඤ‍්ඤං පකූජිනො.

6535. තවද එ වෙනෙහි මියුරු හඬ ඇති චිත්‍රරාජිශතපත්‍ර ලිහිණියෝ ඇත. ඔහු ඔවුනොවුනට රැව්දෙමින් ලිහිණි දෙනුන් හා සමග තුටු වෙති.

6536. අථෙත්‍ථ සකුණා සන‍්තී දිජා මඤ‍්ජුස‍්සරා සිතා, සෙතච‍්ඡකූටා භද්‍රක‍්ඛා අණ‍්ඩජා චිත්‍රපෙක‍්ඛුණා.

6536. තවද එහි ලිහිණි කෙනෙක් ඇත. ඒ ලිහිණියෝ නිබඳ මියුරු හඬ ඇතියහ. සුදුපැහැ නෙත්කණ ඇතියහ. සොඳුරු ඇස් ඇතියහ. බිජුවටින් ජනිතයහ. විසිතුරු පත් ඇතියහ.

6537. අථෙත්‍ථ සකුණා සන‍්තී දිජාමඤ‍්ජුස‍්සරා සිතා, සිඛණ‍්ඩිනීලගීවාහි අඤ‍්ඤමඤ‍්ඤං පකූජිනො.

6537. තවද එහි ලිහිණියෝ ඇත. ඔහු නිබඳ මියුරු සර ඇතියහ. සිළු ඇතියහ. නිල්ගල ඇතියහ. ඔවුනොවුනට රැව් දෙන්නාහ.

6538. කුකුත්‍ථකා කුලීරකා කොට‍්ඨා පොක‍්ඛරසාතකා, කාළාමෙය්‍යා ඛලීයක‍්ඛා කදම‍්බා සුවසාළිකා.

6538. කළු තලල් ලිහිණියෝ ද කුකුළෝ ද කොට්ඨ සකුණයෝ ද තල්රෙහෙරහු ද කලලොහොල්ලෝ ද කළුහොල ලිහිණියෝ ද දියකෙරළියෝ ද ගිරවු ද සැළලිහිණියෝ ද,

6539. හලිද‍්දා ලොහිතා සෙතා අථෙත්‍ථ නළකා බහු, වාරණා හිඞ‍්ගුරාජා ච කදම‍්බා සුචිකොකිලා,

6539. තවද එහි කහ කුරුල්ලෝ ද තඹතොලුවෝ ද සුදු ලිහිණියෝ ද නළක ලිහිණියෝ ද ඇත්ගිජුලිහිණියෝ ද හිංගුරාජයෝ ද මහදියකෙරැළියෝ ද සමග වැ සරන ගිරා කොවුල්හු ද,

6540. උක‍්කුසා කුරරා හංසා ආටා පරිවදන‍්තිකා, පාකහංසා අතිබලා නජ‍්ජූහා ජීවජීවකා,

6540. කළු උකුස්සෝ ද හෙළ උකුස්සෝ ද හංසයෝ ද සැදිමුව ලිහිණියෝ ද පරිවදන්තික ලිහිණියෝ ද පාකහංසයෝ ද අතිබල ලිහිණියෝ ද වලිකුකුළෝ ද ජීවජීවකයෝ ද,

6541. පාරෙවතා රවිහංසා චක‍්කවාකා නදීචරා, වාරණාභිරුදා රම‍්මා උභො කාලූපකූජිනො.

6541. පරෙවියෝ ද හැල්බෝ ද නදියෙහි සරන සක්වාවෝ ද දෙවරුයෙහි මැ රැව් දෙන මනා හඬ ඇති ඇත්ගිජුලිහිණියෝ ද එ විල්හි බොහෝ වෙති.

6542. අථෙත්‍ථ සකුණා සන‍්ති නානාවණ‍්ණා බහූ දිජා, මොදන‍්ති සභ භරියාහි අඤ‍්ඤමඤ‍්ඤං පකූජිනො.

6542. මෙහි නොයෙක් පැහැ ඇති බොහෝ පක්‍ෂීහු බිරියන් සමග කුල්නාහු ප්‍රීතවෙති.

6543. අථෙත්‍ථ සකුණා සන‍්ති නානාවණ‍්ණා බහූ දිජා, සබ‍්බෙ මඤ‍්ජූනි කූජන‍්ති මුචලින්‍දමභිතො සරං.

6543. මෙහි මුදලිඳු (මුචලින්‍ද) විල අවට නොයෙක් පැහැ ඇති බොහෝ පක්‍ෂීහු මියුරු සරින් කුල්නාහ.

6544. අථෙත්‍ථ සකුණා සන‍්ති කරවීයා නාම තෙ දිජා, මොදන‍්ති සභ භරියාහි අඤ‍්ඤමඤ‍්ඤං පකූජිනො.

6544. මෙහි කුරවී කෙවිල්ලෝ නම් පක්‍ෂීහු බිරියන් සමග කුල්නාහු ප්‍රීත වෙති.

6545. අථෙත්‍ථ සකුණා සන‍්ති කරවීයා නාම තෙ දිජා, සබ‍්බෙ මඤ‍්ජූනි කූජන‍්ති මුචලින්‍දමභිතො සරං.

6545. මෙහි මුදලිඳු (මුචලින්‍ද) විල අවට කුරවීකෙවිල්ලෝ නම් පක්‍ෂීහු මියුරු සරින් කුල්නාහු ප්‍රීත වෙති.

6546. එණෙය්‍යපසදාකිණ‍්ණං නාගසංසෙවිතං වනං, නානාලතාහි සඤ‍්ඡන‍්නං කදලීමිගසෙවිතං.

6546. එ වනය ඒණිමුවන් හා පසදමුවන් විසින් ගැවසි ගත්තේ යැ. ඇතුන් විසින් සෙවුනාලද්දෙ යැ, නන්ලියෙන් වැසුණෙ යැ, කෙහෙල් මුවන් විසින් සෙවුනාලද්දෙ යැ.

6547. අථෙත්‍ථ සාසපො බහුකො නීවාරො වරකො බහු, සාලී අකට‍්ඨපාකො ච උච‍්ඡු තත්‍ථ අනප‍්පකො.

6547. තවද එ වෙනෙහි අබ බෙහෙව. හූරුහැල් ද වරාසොර ද බෙහෙව. නො සාපු තන්හි පැසුණු (සයංජාත) හැලුදු වනමුල් වනඵල ද එ වෙනෙහි නො මඳ වෙති.

6548. අයං එකපදී එති උජුං ගච‍්ඡති අස‍්සමං, ඛුදං පිපාසං අරතිං තත්‍ථ පත‍්තො න වින්‍දති: යත්‍ථ වෙස‍්සන‍්තරො රාජා සහ පුත‍්තෙහි සම‍්මති.

6548. මේ එක්පිය මඟ අප සිටි තැන් බලා එයි. අසපුවට ඉඳුරා යෙයි. යම් අසපුයෙකැ වෙසතුරු මහරජ අඹුදරුවන් සමග වාස කෙරේ ද එ අසපුවට පැමිණියේ සා පවස් උකටලී නො ලැබෙයි.

6549. ධාරෙන‍්තො බ්‍රාහ‍්මණං වණ‍්ණං ආසඤ‍්ච මසං ජටං, චම‍්මවාසී ඡමා සෙති ජාතවෙදං නමස‍්සති.

6549. හේ තවුස්වෙස් ද (මල්පල නෙලන) අකුස්ස ද ගිනි පුදන සැන්ද ද දළමඬුලු ද ධරනුයේ අඳුම්දිවිසම් හඳනෙ බිමැ (පත් ඇතිරියෙහි) හොවී. ගිනිදෙවියා නමදි යි.

6550. ඉදං සුත්‍වා බ්‍රහ‍්මබන්‍ධු ඉසිං කත්‍වා පදක‍්ඛිණං, උදග‍්ගචිත‍්තො පක‍්කාමි යත්‍ථ වෙස‍්සන‍්තරො අහූ.

6550. එ බමුණු මෙ වදන් අසා තවුසා පැදකුණු කොට ඔද වැඩි සිතැතියේ යම් තැනෙකැ වෙසතුරු මහරජ වී ද එ තැනට පිටත් වැ ගියේ.

මහාවනවණ‍්ණනා නිට‍්ඨිතා.

මහවන වැනුම යි.