යෙදුමෙන් කියවන්න

කුමාරපබ‍්බං

6551. උට‍්ඨෙහි ජාලි පතිතිට‍්ඨ පොරාණං විය දිස‍්සති, බ්‍රාහ‍්මණං විය පස‍්සාමි නන්‍දියො මාභිකීරරෙ.

6551. දැලිසිර නැඟී සිටු, පෙරගමන් යා. පෙර (ජයතුරා නුවර යදියකු මෙන්) දසුනක් පැනෙයි. බමුණකු මෙන් දක්මි. සොම්නස්හු මා සිත පැතිරෙති.

6552. අහංපි තාත පස‍්සාමි යො සො බ්‍රහ‍්මාව දිස‍්සති, අත්‍ථිකො විය ආයාති අතිථී නො භවිස‍්සති.

6552. පියාණෙනි, මම ද දක්මි. යමෙක් බමුණකු මෙන් පැනේ ද හේ ඉලියනුවකු සෙයින් එයි. හේ අපට අමුත්තෙක් වන්නෙ යි.

6553. කච‍්චින‍්නු භොතො කුසලං කච‍්චි භොතො අනාමයං, කච‍්චි උඤ‍්ඡෙන යාපෙථ කච‍්චි මූලඵලා බහු.

6553. කිම භවත්හට රෝග නැද්ද? කිම භවත්හට දුක් නැද්ද? කිම වනමුල් වනපෙලෙන් යැපෙයි ද? කිම අලපල බොහෝ ඇද්ද?

6554. කච‍්චි ඩංසා ච මකසා ච අප‍්පමෙව සිරිංසපා, වනෙ වාළමිගාකිණ‍්ණෙ කච‍්චි හිංසා න විජ‍්ජති.

6554. කිම මැසිමදුරුවෝ ද දීර්‍ඝජාති සර්‍පයෝ ද අල්ප මැ වෙත් ද? සැඬමුවන් ගැවැසිගත් වෙනෙහි කිම (උන්ගෙන් වන) හිංසා නැද්ද?

6555. කුසලඤ‍්චෙව නො බ්‍රහ‍්මෙ අථො බ්‍රහ‍්මෙ අනාමයං, අථො උඤ‍්ඡෙන යාපෙම අථො මූලඵලා බහු.

6555. බමුණ, අපට රෝග නැත් මැ යැ. තවද බමුණ දුකුදු නැත. වනමුල් වනපලයෙන් යැපෙමි. අලපල බොහෝ ඇත.

6556. අථො ඩංසා ච මකසා ච අප‍්පමෙව සිරිංසපා, වනෙ වාළමිගාකිණ‍්ණෙ හිංසා අම‍්හං න විජ‍්ජති.

6556. තවද මැසිමදුරුවෝ ද උරගජාතීහු ද අල්ප මැ වෙති. වල්මුවන් විසින් ගැවැසිගත් වෙනෙහි අපට උන්ගෙන් හිංසා නො පැනෙයි.

6557. සත‍්ත නො මාසෙ වසතං අරඤ‍්ඤෙ ජීවසොකිනං, ඉදම‍්පි පඨමං පස‍්සාම බ්‍රාහ‍්මණං දෙවවණ‍්ණිනං; ආදාය ඛෙළුවං දණ‍්ඩං අග‍්ගිහුත‍්තං කමණ‍්ඩලුං.

6557. සත්මසක් කල් අරනෙහි වසන ජීවශෝකී අප වසන තැනට බෙලිපැහැ හුණදඬුව ද ගිනිපුදන කෙණෙස්ස ද කමඬලාව ද ගෙන ආ දෙවියන් විසින් වනන ලද මෙ බමුණහු පළමු කොට දක්මහ.

6558. ස‍්වාගතං තෙ මහාබ්‍රහ‍්මෙ අථො තෙ අදුරාගතං, අන‍්තො පවිස භද‍්දන‍්තෙ පදෙ පක‍්ඛාලයස‍්සු තෙ

6558. බමුණ, තොපගේ මනා ඊමෙකැ, තවද තොපගේ නො මනා ඊමෙක් නො වෙයි. භවත, තොපගේ පාසඟළ ධොවනය කරව. පන්සල ඇතුළට පිවිසෙව.

6559. තින්‍දුකානි පියාලානි මධුකෙ කාසුමාරියො, ඵලානි ඛුද‍්දකප‍්පානි භුඤ‍්ජ බ්‍රහ‍්මෙ වරං වරං,

6559. තිඹිරි යැ පියල් යැ මිහි යැ කටුඑරමිණිය යැ යන ඵලයෝ ද දඬුවෙල්බැ මී ද ඇත. බමුණ උතුම් උතුම් දැය වළඳව.

6560. ඉදම‍්පි පානීයං සීතං ආභතං ගිරිගබ‍්භරා, තතො පිච මහාබ්‍රහ‍්මෙ සචෙ ත්‍වං අභිකඞ‍්ඛසි.

6560. මෙ කළෙහි පැනුදු සිහිල, ගල්කුසින් බට හොයින් අළියෙ යැ, බමුණ, ඉදින් තෙපි බියැටියවු නම් එයින් ගෙන බොව.

6561. අථ ත්‍වං කෙන වණ‍්ණෙන කෙන වා පන හෙතුනා, අනුප‍්පත‍්තො බ්‍රහාරඤ‍්ඤං තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.

6561. තවද තෙපි කවර කරුණෙකින් හෝ කවර හේතුයෙකින් හෝ මහවලට පැමිණියවු ද? මා විසින් පුළුවුස්නාලදහු එය මට කියව.

6562. යථා වාරිවහො පූරො සබ‍්බකාලෙ න ඛීයති, එවං තං යාචිතාගඤ‍්ඡිං පුත‍්තෙ මෙ දෙහි යාචිතො.

6562. යම් සේ (පස්මහනදියෙහි) පිරුණු දියකඳ හැම කල්හි නො ගෙවේ ද එවන් (නො ගෙවෙන සැදැහැති) තොප අයදනට අයිමි. අයදනාලද තෙපි මට දෙදරුවන් දෙව.

6563. දදාමි න විකම‍්පාමි ඉස‍්සරො නය බ්‍රාහ‍්මණ. පාතො ගතා රාජපුත‍්ති සායං උඤ‍්ඡාතො එහීති.

6563. බමුණ (දෙදරුවන්) දෙමි. කම්පා නො වෙමි. ස්වාමි වැ ගෙනයව. (කිවයුත්තෙක් ඇති.) රදූ (පලවැළයට) උදය මැ ගියා. සවසැ අරනෙන් එයි.

6564. එකරත‍්තිං වසිත්‍වාන පාතො ගච‍්ඡසි බ්‍රාහ‍්මණ, තස‍්සා නහාතෙ උපඝාතෙ අථ නෙ මාලධාරිනෙ.

6564. බමුණ, අද එක්රැයක් මෙහි වැසැ අලුයමැ යව. ඒ මද්‍රීය විසින් නහවන ලද මුදුන සිප සනහන ලද තවද මල්දම් පැලැඳි,

6565. එකරත‍්තිං වසිත්‍වාන පාතො ගච‍්ඡසි බ්‍රාහ‍්මණ, නානාපුප‍්ඵෙහි සඤ‍්ඡන‍්නෙ නානාගන්‍ධවිභූසිතෙ; නානාමූලඵලාකිණ‍්ණෙ ගච‍්ඡිස‍්සාදාය බ්‍රාහ‍්මණ.

6565. නොයෙක් සුවඳ කුසුමින් සදන ලද, නොයෙක් සුවඳ විලෙවුනින් සරසන ලද (මඟ අහරට දුන්) නොයෙක් අලපලයෙන් යුතු දෙදරුවන් ගෙන යව.

6566. න වාසමභිරොචාමි ගමනං මය‍්හ රුච‍්චති, අන‍්තරායොපි මෙ අස‍්ස ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.

6566. රජතුමනි, (මෙහි එක්රැයක්) විසීම නො රුස්නෙමි. ගමන් මැ මට රිසියෙයි. (මෙහි විසුව) මට ලාභාන්තරාය ද වෙයි. එහෙයින් යන්නෙම් මැ යැ.

6567. න හෙතා යාචයොගී නං අන‍්තරායස‍්ස කාරියා, ඉත්‍ථියො මන‍්තං ජානන‍්තී සබ‍්බං ගණ‍්හන‍්ති වාමතො.

6567. තෙල මාගම්හු අයදමට නිසි නො වෙති. පුණ්‍යාන්තරාය ද ලාභාන්තරාය ද කෙරෙති. මායා මන්ත්‍ර දනිති. හැම අවැඩ හෙයින් ගනිති.

6568. සද‍්ධාය දානං දදතො මාසං අද‍්දක‍්ඛි මාතරං, අන‍්තරායම‍්පි සා කයිරා ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.

6568. සැදැහැයෙන් දන් දෙනුවහු මොවුන් මව නො දක්ව. හෝ (මොවුන් දුටු නම්) දනට අන්තරාය ද කරන්නී යැ. එහෙයින් රජතුමනි, යන්නෙම් මැ යැ.

6569. ආමන‍්තයස‍්සු තෙ පුත‍්තෙ මා තෙ මාතරමද‍්දසුං, සද‍්ධාය දානං දදතො එවං පුඤ‍්ඤං පවඩ‍්ඪති.

6569. තොප දෙදරුවන් කැඳව. ඒ දරුවෝ මව නහමක් දකිත්වා. මෙසේ සැදැහැයෙන් දන් දෙන්නාහට පින් වැඩෙයි.

6570. ආමන‍්තයස‍්සු තෙ පුත‍්තෙ මා තෙ මාතරමද‍්දසුං, මාදිසස‍්ස ධනං දත්‍වා රාජ සග‍්ගං ගමිස‍්සසි.

6570. තොප දෙදරුවන් කැඳව. ඒ දරුවෝ මව නො දකිත්වා. මහරජතුමනි, මා වැන්නකුට පුත්‍රධනය දී දෙව්ලෝ යන්නවු යැ.

6571. සචෙ ත්‍වං නිච‍්ඡසෙ අට‍්ඨුං මම භරියං පතිබ‍්බතං, අය්‍යකස‍්සපි දස‍්සෙහි ජාලිං කණ‍්හාජිනඤ‍්චුභො.

6571. ඉදින් තෙපි මට පතිනි වූ බිරිය දක්නට නො රිස්සහු නම් දැලිසිරු කන්සිරු දෙදරුවන් මුත්නා (සඳමහරජ) හට හෝ දක්වවු.

6572. ඉමෙ කුමාරෙ දිස‍්වාන මඤ‍්ජුකෙ පියභාණිනෙ, පතීතො සුමනො විත‍්තො බහුං දස‍්සති තෙ ධනං.

6572. සිත්කලු වූ පිය තෙපුල් බණන මේ දෙදරුවන් දැකැ ඔදවැඩි සොම්නස් වූ තුටු වූ මුත්නා රජ තොපට බොහෝ ධනය දෙන්නෙ යැ.

6573. අච‍්ඡෙදනස‍්ස භායාමි රාජපුත‍්ත සුණොහි මෙ, රාජා දණ‍්ඩාය මං දජ‍්ජා වික‍්කිණෙය්‍ය හනෙය්‍ය වා; ජිනො ධනඤ‍්ච දාසෙ ච ගාරය‍්හස‍්ස බ්‍රහ‍්මබන්‍ධුයා.

6573. (මා අතින් දරුවන්) පැහැරගැනුමට බියෙමි. රාජපුත්‍රය මබස් අසව. එරජ මා දඬුවමට ඇමැතියනට දෙන්නෙ හෝ යැ, රජ මා විකුණන්නෙ හෝ යැ, ඝාතන කරන්නෙ හෝ යැ. ධනය ද දාසයන් ද පිරිහුණෙම් බැමිණිය විසින් ගැරහියැයුතු වෙමි.

6574. ඉමෙ කුමාරෙ දිස‍්වාන මඤ‍්ජුකෙ පියභාණිනෙ, ධම‍්මෙ ඨිතො මහාරාජා සිවීනං රට‍්ඨවඩ‍්ඪනො; ලද‍්ධා පීතිසොමනස‍්සං බහුං දස‍්සති තෙ ධනං.

6574. සිත්කලු වූ ප්‍රිය තෙපුල් බණන මේ දෙදරුවන් දැක සිවිරට වඩන දහමෙහි සිටි මහරජ ප්‍රීති සොම්නස් ලැබැ තොපට බොහෝ ධනය දෙන්නේ යැ.

6575. නාහං තම‍්පි කරිස‍්සාමි යං මං ත්‍වං අනුසාසසි, දාරකෙ ච අහං නෙස‍්සං බ්‍රාහ‍්මණියා පරිචාරකෙ,

6575. මහරජ තෙපි මට යමක් කියවු නම් එ ද නො කෙරෙමි. මම මේ දෙදරුවන් බැමිණියට දාස මෙහෙයට ගෙන යෙමි.

6576. තතො කුමාරා බ්‍යථිතා සුත්‍වා ලුද‍්දස‍්ස භාසිතං, තෙන තෙන පධාවිංසු ජාලිකණ‍්හාජිනා චුභො.

6576. ඉක්බිති දැලිසිරු කන්සිරු දෙකුමරහු රුදුරු බමුණුහුගේ බස් අසා වෙවුළන්නාහු ඒ ඒ තන්හි දිවූහ.

6577. එහි තාත පියපුත‍්ත පූරෙථ මම පාරමිං, හදයං මෙභිසිඤ‍්චෙථ කරොථ වචනං මම.

6577. දරුව ප්‍රියපුත්‍රය, එව. මාගේ පැරුම් පුරව. මාගේ ළය තෙමවු. මාගේ තෙපුල් කරවු.

6578. යානනාවා ච මෙ හොථ අචලා භවසාගරෙ, ජාතිපාරං තරිස‍්සාමි සන‍්තාරෙස‍්සං සදෙවකෙ.

6578. බවසයුරෙහි මට නිසල වූ ගමන් නැවක් වව. දෑ සයුරෙහි එතෙරට තරණය කරනෙමි. දෙවියන් සහිත ලෝවැසියනුදු තරණය කරවන්නෙමි,

6579. එහි අම‍්ම පියධීති පූරෙථ මම පාරමිං, හදයං මෙභිසිඤ‍්චෙථ කරොථ වචනං මම.

6579. දරුව, ප්‍රිය දියැණියෙනි, මාගේ දානපාරමිතා පුරව. මාගේ ළය තෙමව. මාගේ වචනය කරව.

6580. යානනාවා ච මෙ හොථ අචලා භවසාගරෙ, ජාතිපාරං තරිස‍්සාමි උද‍්ධරිස‍්සං සදෙවකෙ

6580. සසර සයුරෙහි මට නිසල ගමන් නැව වව. දෑ සයුරෙහි පරතෙරට යන්නෙමි. දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් නඟාලන්නෙමි.

6581. තතො කුමාරෙ ආදාය ජාලිං කණ‍්හාජිනඤ‍්චුභො, බ්‍රාහ‍්මණස‍්ස අදා දානං සිවීනං රට‍්ඨවඩ‍්ඪනො.

6581. ඉක්බිති සිවිරට වඩන වෙසතුරු මහරජ දැලිසිරු කන්සිරු දෙදරුවන් අත් ගෙන බමුණුහට දන් දින.

6582. තතො කුමාරෙ ආදාය ජාලිං කණ‍්හාජිනඤ‍්චුභො, බ්‍රාහ‍්මණස‍්ස අදා විත‍්තො පුත‍්තකෙ දානමුත‍්තමං.

6582. ඉක්බිති දැලිසිරු කන්සිරු දෙදරුවන් ගෙන තුටු සිත් ඇත්තේ දෙදරුවන් උතුම් දන් කොට බමුණුහට දින.

6583. තදාසි යං භිංසනකං තදාසි ලොමහංසනං, යං කුමාරෙ පදින‍්නම‍්හි මෙදිනී සමකම‍්පථ.

6583. යම් කලෙකැ දෙදරුවන් දුන් කල්හි මහපොළොව ප්‍රකම්පිත වූ ද එකල්හි යම් බිහිසුණු බවෙක් වී ද එසඳ ලොමුදහ ගැන්මෙක් වී.

6584. තදාසි යං භිංසනකං තදාසි ලොමහංසනං, යං පඤ‍්ජලිකතො රාජා කුමාරෙ සුඛවච‍්ඡිතෙ; බ්‍රාහ‍්මණස‍්ස අදා දානං සිවීනං රට‍්ඨවඩ‍්ඪනො.

6584. යම් කලෙකැ සිවිරට වඩන වෙසතුරු මහරජ කළ බැදැඳිලි ඇති වැ සුවසේ වුසූ දෙදරුවන් බමුණුහට දන් දුන්නේ ද එදවස් යම් බිහිසුණු බවෙක් වී ද එදවස් ලොමුදහගැන්මෙක් වී.

6585. තතො සො බ්‍රාහ‍්මණො ලුද‍්දො ලතං දන‍්තෙහි ඡින්‍දිය, ලතාය හත්‍ථෙ බන්‍ධිත්‍වා ලතාය අනුමජ‍්ජථ,

6585.ඉක්බිති එ රුදුරු බමුණු වැලක් දතින් සිඳැගෙනැ වැලින් දෑත් බැඳැ වැලින් පහර දින.

6586. තතො සො රජ‍්ජුමාදාය දණ‍්ඩඤ‍්චාදාය බ්‍රාහ‍්මණො, ආකොටයන‍්තො තෙ නෙති සිවිරාජස‍්ස පෙක‍්ඛතො.

6586. ඉක්බිති එ බමුණු රැහැන ගෙන දණ්ඩක් ද ගෙන වෙසතුරු රජු බලා සිටිය දී තලමින් (දරුවන්) ගෙන යයි.

6587. තතො කුමාරා පක‍්කාමුං බ්‍රාහ‍්මණස‍්ස පමුඤ‍්චිය, අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි පිතරං සො උදික‍්ඛති.

6587. (පැකිළ හුණු බමුණු අතින් වැල ගැලවී ගිය) ඉක්බිති දෙදරුවෝ බමුණු අතින් මිදී (බෝසතුන් කරා) පලාගියහ. කඳුළු පිරි ඇසින් ඒ ජාලිය කුමර පියාණන් බලයි.

6588. වෙධං අස‍්සත්‍ථපන‍්නංව පිතු පාදානි වන්‍දති, පිතුපාදානි වන්‍දිත්‍වා ඉදං වචනමබ්‍රවි.

6588. බෝපත් සෙයින් වෙවුළමින් පියාණන් පා වඳී. පියාණන් පා වැඳැ මෙවදන් කී.

6589. අම‍්මා ච තාත නික‍්ඛන‍්තා ත්‍වං ච නො තාත දස‍්සසි, යාව අම‍්මම‍්පි පස‍්සෙමු අථ නො තාත දස‍්සසි.

6589. පියාණෙනි, අම්මා ද පන්සලින් බැහැරැ නික්මගියා යැ. පියාණෙනි තෙපි ද අප බමුණුහට දෙන්නාවු යැ. යම්තාක් අම්මා ද දක්මෝ නම් එසඳ අප දෙව.

6590. අම‍්මා ච තාත නික‍්ඛන‍්තා ත්‍වං ච නො තාත දස‍්සසි, මා නො ත්‍වං තාත අද‍්දා යාව අම‍්මාපි එති නො; තදායං බ්‍රාහ‍්මණො කාමං වික‍්කිණාතු හනාතු වා.

6590. පියාණෙනි, අම්මා ද නික්මගියා. තෙපි ද අප බමුණුහට දෙන්නාවූ යැ. පියාණෙනි, තෙපි අප නහමක් දෙව. යම් තාක් අපගේ මවු තොමෝ ඒ ද එසඳ මෙ බමුණු රිසි සේ අප විකුණාවා, හෝ මරා පියවයි.

6591. බලඞ‍්කපාදො අද‍්ධනඛො අථො ඔවද‍්ධපිණ‍්ඩිකො, දීඝුත‍්තරොට‍්ඨො චපලො කළාරො භග‍්ගනාසකො.

6591. මෙ බමුණු බකලපා ඇත්තේ යැ; කුණුනිය ඇත්තේ යැ; තවද එලෙන පිඬිමස් ඇත්තේ යැ; දිගු උඩුතොල ඇත්තේ යැ; මහතොලු යැ; නිකුත්දළ ඇත්තේ යැ; බුන් නාසා ඇත්තේ යැ.

6592. කුම‍්භොදරො භග‍්ගපිට‍්ඨි අථො විසම චක‍්ඛුලො, ලොහමස‍්සු භරිතකෙසො වලීනං තිලකාහතො.

6592. සැළ බඳු උදර ඇතියෙ යැ; බුන් පිටඇට ඇතියෙ යැ; තවද වමරැසි යැ; තඹදැළි ඇතියෙ යැ; පිඟුවන් කෙහෙ ඇතියෙ යැ; සම්රැලි ඇතියෙ යැ; කළුතලකැලලි ඇතියෙ යැ.

6593. පිඞ‍්ගලො ච විනතො ච විකටො ච බ්‍රහා ඛරො, අජිනානි ච සන‍්නද‍්ධො අමනුස‍්සො භයානකො.

6593. පිඟුඇස් ඇතියෙ යැ; කටිය පිට කඳට වකැ විසුළුපා ඇතියෙ යැ; මහසිරුරු ඇතියෙ යැ; අඳුන්දිවිසම් ධැරුයෙ යැ; යකකු වැන්න. බිය එළවනුයේ යැ.

6594. මනුස‍්සො උදාහු යක‍්ඛො මංසලොහිතභොජනො, ගාමා අරඤ‍්ඤං ආගම‍්ම ධනං තං තාත යාචති, නීයමානෙ පිසාචෙන කින‍්නු තාත උදික‍්ඛසි.

6594. මිනිසෙක් දෝ හෝ නොහොත් මසලේ බුදිනා යකෙක් දෝහෝ යි සිතම්, ගමින් වලට අවුත් පුත්‍රධනය ඉල්වයි. පියාණෙනි, මේ පිසාචයා විසින් ගෙනයනු ලබන අප කුමට උදාසීන වැ බලව.

6595. අස‍්මා නූන තෙ හදයං ආයසං දළ‍්හබන්‍ධනං. යො නො බද‍්ධෙ න ජානාසි බ්‍රාහ‍්මණෙන ධනෙසිනා, අච‍්චායිකෙන ලුද‍්දෙන යො නො ගාවොව සුම‍්භති.

6595. තොපගේ ළය ගල කෙළෙ යයි හඟිම්. යපතින් තර කොට බඳනාලද වනැ යි සිතම්, යම්බඳු තෙපි ධනය සොයන ඉතා රුදුරු බමුණා විසින් බඳනාලද අප නො දනුව. එ බමුණු අප ගෙරින් මෙන් තළාපියයි.

6596. ඉධෙව අච‍්ඡථං කණ‍්හා න සා ජානාසි කිස‍්මිචි, මිගීව ඛීරසම‍්මත‍්තා යූථා හීනා පකන්‍දති,

6596. කෘෂ්ණජිනා මෙහි මැ හිඳීවා. ඕ කිසි දුකක් නො දනී. කිරෙන් මත් වූ මුවරැළින් ගිලිහුණු මුවපෙල්ලක මෙන් (මව නො දැකැ) හඬයි.

6597. න මෙ ඉදං තථා දුක‍්ඛං ලබ‍්භා හි පුමුනා ඉදං, යඤ‍්ච අම‍්මං න පස‍්සාමි තං මෙ දුක‍්ඛතරං ඉතො.

6597. මෙ (පහරනා) දුක් මට එවන් දුක් නො වෙයි. මෙ දුක් පිරිමියකු විසින් ලදයුතු මැ යැ. යම් හෙයෙකින් අම්මා නො දකිම් ද එ දුක මට මෙයට වඩා ඉතා දුක් වෙයි.

6598. න මෙ ඉදං තථා දුක‍්ඛං ලබ‍්භා හි පුමුනා ඉදං, යඤ‍්ච තාතං න පස‍්සාමි තං මෙ දුක‍්ඛතරං ඉතො.

6598. මෙ (පහරනා) දුක් මට එවන් දුක් නො වෙයි. මෙ දුක් පිරිමියකු විසින් ලදයුතු මැ යැ. යම් හෙයකින් පියා නො දකිම් ද එ දුක මට මෙයට වඩා දුක්තර වෙයි.

6599. සා නූන කපණා අම‍්මා චිරරත‍්තාය රුච‍්ඡති, කණ‍්හාජිනං අපස‍්සන‍්තී කුමාරිං චාරුදස‍්සනිං.

6599. මනෝඥදර්‍ශන ඇති කෘෂ්ණජිනා කුමරිය නො දක්නා ඒ අප බැගෑපත් මවු තොමෝ බොහෝ කලක් වලප්නී ය යි සිතම්.

6600. සො නූන කපණො තාතො චිරරත‍්තාය රුච‍්ඡති, කණ‍්හාජිනං අපස‍්සන‍්තො කුමාරිං චාරුදස‍්සනිං.

6600. මනකල් දසුන් ඇති කන්සිරු කුමරිය නො දක්නා ඒ අප බැගෑපත් පිය තෙම බොහෝ කලක් වලප්නෙ ය යි සිතම්.

6601. සා නූන කපණා අම‍්මා චිර රත‍්තාය රුච‍්ඡති අස‍්සමෙ, කණ‍්හාජිනං අපස‍්සන‍්තී කුමාරිං චාරුදස‍්සනිං

6601. සොඳුරු දැකුම් ඇති කන්සිරු කුමරිය නො දක්නා ඒ අප බැගෑපත් මව අසපුවෙහි හිඳ බොහෝ කල් වලපිතී සිතම්.

6602. සො නූන කපණො තතො චිරං රුච‍්ඡති අස‍්සමෙ, කණ‍්හාජිනං අපස‍්සන‍්තො කුමාරිං චාරුදස‍්සනිං.

6602. සොඳුරු දැකුම් ඇති කන්සිරු කුමරිය නො දක්නා ඒ අප බැගෑපත් පියා අසපුවෙහි හිඳ බොහෝ කල් වලපිතී සිතම්.

6603. සා නූන කපණා අම‍්මා චිරරත‍්තාය රුච‍්ඡති, අඩ‍්ඪරත‍්තෙ ව රත‍්තෙ වා නදීව අවසුච‍්ඡති.

6603. ඒ අප බැගෑපත් මව අඩරැයැ හෝ මුළුරැයැ හෝ (අප සිහි කොට) බොහෝ කල් වලපිතී සිතම්. වැලැපැ නදියක් මෙන් වියළෙතී සිතම්.

6604. සො නූන කපණො තාතො චිරරත‍්තාය රුච‍්ඡති, අඩ‍්ඪරත‍්තෙ ව රත‍්තෙ වා නදීව අවසුච‍්ඡති.

6604. ඒ අප බැගෑපත් පියා අඩරැයැ හෝ මුළුරැයැ හෝ (අප සිහි කොට) බොහෝ කල් වලපිතී සිතම්. වැලැපැ නදියක් මෙන් වියළෙතී සිතම්.

6605. ඉමෙ තෙ ජම‍්බුකා රුක‍්ඛා වෙදිසා සින්‍ධුවාරිකා, විවිධානි රුක‍්ඛජාතානි තානි අජ‍්ජ ජහාමසෙ.

6605. මොහු ඒ (අපට කෙළි බිමැ සෙවණ දුන්) දඹ රුක්හ. එලෙන අතු ඇති සිඳුවර (නික) යැ, නන් වැදෑරුම් රුක්දෑ යැ, එ හැම අද හැරැපියා (සමුගෙන) යම්හ.

6606. අස‍්සත්‍ථා පනසා චෙමෙ නිග්‍රොධා ච කපිත්‍ථනා, විවිධානි ඵලජාතානි තානි අජ‍්ජ ජහාමසෙ.

6606. මොහු ඇසතු රුක්හ; පනා රුක්හ; නුග රුක්හ; හෙළ කිඳි ඇසතු රුක්හ; නන් වැදෑරුම් පලරුක්දෑ යැ. එ හැම අද හැරැපියා යම්හ.

6607. ඉමෙ තිට‍්ඨන‍්ති ආරාමා අයං සීතොදිකා නදී, යත්‍ථස‍්සු පුබ‍්බෙ කීළාම තානි අජ‍්ජ ජහාමසෙ.

6607. පෙර යම් තැනෙකැ හිඳ කෙළුමෝ නම් මේ ඒ අරම්හු පවතිත්. සිහිල් දිය ඇති මේ හොය ද පවතී. එ හැම අද හැරැපියා යම්හ.

6608. විවිධානි පුප‍්ඵජාතානි අස‍්මිං උපරි පබ‍්බතෙ, යානස‍්සු පුබ‍්බෙ ධාරෙම තානි අජ‍්ජ ජහාමසෙ.

6608. මේ ගල්මුදුනෙහි නන් වැදෑරුම් යම් මල් ජාති කෙනෙකුන් පෙර පලඳිමෝ ද එ හැම අද හැරැපියා යම්හ.

6609. විවිධානි ඵලජාතානි අස‍්මිං උපරි පබ‍්බතෙ, යානස‍්සු පුබ‍්බෙ භුඤ‍්ජාම තානි අජ‍්ජ ජහාමසෙ.

6609. මේ ගල්මුදුනෙහි නන් වැදෑරුම් යම් ඵල ජාති කෙනෙකුන් පෙර වළඳමෝ ද එ හැම අද හැරැපියා යම්හ.

6610. ඉමෙ නො හත්‍ථිකා අස‍්සා බලිවද‍්දා ච නො ඉමෙ, යෙහිස‍්සු පුබ‍්බෙ කීළාම තානි අජ‍්ජ ජහාමසෙ.

6610. පෙර යමෙකින් කෙළියමෝ ද මොහු ඒ අපගේ ඇත් පෙතැලි රූ යැ අස්පෙතැල්ලෝ යැ මොහු අපගේ ගොන්පෙතැල්ලෝ යැ එ හැම අද හැරැපියා යම්හ.

6611. නීයමානා කුමාරා තෙ පිතරං එතදබ්‍රවුං, අම‍්මං ආරොග්‍යං වජ‍්ජාසි ත්‍වං ච තාත සුඛී භව.

6611. බමුණහු විසින් ගෙන යනු ලබන එ කුමරහු පිය මහරජහට මෙ තෙපුල් කීහු: අම්මාට අප අරෝග බව කියව පියාණෙනි, තෙපිදු සුවපත්ව.

6612. ඉමෙ නො හත්‍ථිකා අස‍්සා බලිවද‍්දා ච නො ඉමෙ, තානි අම‍්මාය දජ‍්ජාසි සොකං තෙහි විනෙස‍්සති.

6612. මොහු අපගේ කෙළි ඇත් පෙතැල්ලෝ යැ අස් පෙතැල්ලෝ යැ මොහු ද අපගේ ගොන් පෙතැල්ලෝ යැ එ හැම අම්මාට දෙව එයින් පුත්‍රශෝක දුරුකරගන්නී යැ.

6613. ඉමෙ නො හත්‍ථිකා අස‍්සා බලිවද‍්දා ච නො ඉමෙ, තානි අම‍්මා උදික‍්ඛන‍්ති සොකං පටිවිනෙස‍්සති.

6613. මොහු අපගේ කෙළි ඇත්රූ යැ අස්රූ යැ ගොන්රූ යැ එ හැම අම්මා පුනපුනා බලන්නී යැ එයින් ශෝක දුරුකර ගන්නී යැ.

6614. තතො වෙස‍්සන‍්තරො රාජා දානං දත්‍වාන ඛත‍්තියො, පණ‍්ණසාලං පවිසිත්‍වා කරුණං පරිදෙවයි.

6614. ක්‍ෂත්‍රිය වූ ඒ වෙස්සන්තර රජ පුත්‍රදාන දී ඉක්බිති (දරුවන් හඬන හඬ අසා) පන්සලට පිවිසැ බැගෑපත් වැ (මතු කියන සේ) පරිදේවනා කෙළේ (හැඬී.)

6615. ක න්‍වජ‍්ජ ජාතා තසිතා උපරුච‍්ඡන‍්ති දාරකා, සායං සංවෙසනාකාලෙ කො නෙ දස‍්සති භොජනං.

6615. මාගේ දෙදරුවෝ සාපවස් ඇතියාහු අද කවරක්හු වෙත හඬා කියද් ද? සවස වළඳනා වේලෙහි කවරෙක් ඔවුනට බොජුනක් දේ ද?

6616. කං න්‍වජ‍්ජ ඡාතා තසිතා උපරුච‍්ඡන‍්ති දාරකා, සායං සංවෙසනාකාලෙ අම‍්ම ඡාතම‍්හ දෙථ නො.

6616. මාගේ දෙදරුවෝ සාපවස් ඇතියාහු අද කවරක්හු වෙත හඬා කියත් ද? සවස වළඳනා වේලෙහි මෑණියෙනි, සාගිනි ඇතියහම්හ. අපට අහර දෙවයි කවරක අයදිද්ද?

6617. කථන‍්නු පථං ගච‍්ඡන‍්ති පත‍්තිකා අනුපාහනා, සන‍්තා සූණෙහි පදෙහි කො නෙ හත්‍ථෙ ගහෙස‍්සති.

6617. පාගමන් යෙදුණු වහන් නැති මාගේ දෙදරුවෝ ගමන්හි මිරිකුණාහු ඉදිමුණු පයින් සැටයොදුන් මඟ කෙසේ නම් යෙද්දෝ කවරෙක් විඩාහරනට ඔවුන් අත්හි ගනිත් දෝ හෝ.

6618. කථන‍්නු සො න ලජ‍්ජෙය්‍ය සම‍්මුඛා පහරං මම, අදූසකානං පුත‍්තානං අලජ‍්ජී වත බ්‍රාහ‍්මණො.

6618. මාගේ නිදොස් දරුවනට මා හමුයෙහි පහර දෙන එ බමුණු කෙසේ නම් ලජ්ජා නො වන්නේ ද? බමුණු ලජ්ජා නැතියෙක් මැ යි.

6619. යො හි මෙ දාසි දාසස‍්ස අඤ‍්ඤො වා පන ජෙස‍්සියො, තස‍්සාපි සුවිහීනස‍්ස කො ලජ‍්ජි පහරිස‍්සති.

6619. යමෙක් වනාහි මාගේ දාසියකගේ දාසයෙක් වී ද නොහොත් අන් මෙහෙකරුවෙක් හෝ වී ද ඕහට ද වඩා හීනතරයෙක් හෝ වී ද ඕහට පවා ලජ්ජා ඇති කවරෙක් නම් පහර දෙන්නේ ද? (නො දේ මැ යි).

6620. වාරිජස‍්සෙව මෙ සතො බුද‍්ධස‍්ස කුමිනාමුඛෙ, අක‍්කොසති පහරති පියෙ පුත‍්තෙ අපස‍්සතො.

6620. කෙමිනෙහි බැඳුණු මසකු මෙන් වූ මා බලාසිටිය දී මැ මාගේ ප්‍රිය දරුවනට ආක්‍රෝශ කෙරෙයි; පහර දෙයි. කියා හැඬී.

6621. ආදුං චාපං ගහෙත්‍වාන ඛග‍්ගං බන්‍ධිත්‍වා වාමතො, ආනයාමි සකෙ පුත‍්තෙ පුත‍්තානං හි වධො දුඛො.

6621. වැළිත් වම්දසරුවෙහි කඩුව බැඳැ දුන්න ගෙන (ලුහුබැඳ ගොස්) සිය දරුවන් ගෙන එම් දෝහෝ, දරුවනට දෙන වධ දුකෙකි.

6622. අට‍්ඨානමෙතං දුක‍්ඛරූපං යං කුමාරා විහඤ‍්ඤරෙ, සතඤ‍්ච ධම‍්මමඤ‍්ඤාය කො දත්‍වා අථ තප‍්පති.

6622. යම් හෙයෙකින් දරුවෝ වෙහෙසෙත් ද තෙල වෙහෙස ඒකාන්තයෙන් මට දුක් දෙනසුලු යැ. වැළිත් පෙර බෝසතුන්ගේ ප්‍රවේණිධර්‍මය දැනැ කවරෙක් නම් දන් දී පසුතැවේ ද?

6623. සච‍්චං කිරෙවමාහංසු නරා එකච‍්චියා ඉධ, යස‍්ස නත්‍ථි සකා මාතා යථා නත්‍ථි තථෙව සො.

6623. මෙ ලොව්හි ඇතැම් මිනිස් කෙනෙක් යමක්හු අබියෙසැ සිය මව යම්සේ නැත් ද එසෙයින් ම හෙ ද නැතැයි සැබවක් මැ කීහු යැ.

6624. එහි කණ‍්හෙ මරිස‍්සාම නත්‍ථත්‍ථො ජීවිතෙන නො, දින‍්නම‍්හාපි ජනින්‍දෙන බ්‍රාහ‍්මණස‍්ස ධනෙසිනො; අච‍්චායිකස‍්ස ලුද‍්දස‍්ස යො නො ගාවොව සුම‍්භති.

6624. කෘෂ්ණාජිනාවෙනි, ධනය සොයන ඉතා රුදුරු බමුණුහට පියරජු විසින් අපි දෙනලදුම්හ. එව මියම්හ. යමෙක් ගෙරිනට මෙන් අපට පහර දේ ද ඔහු වෙත අපට දිවියෙන් කම් නැත.

6625. ඉමෙ තෙ ජම‍්බුකා රුක‍්ඛා වෙදිසා සින්‍ධුවාරිකා, විවිධානි රුක‍්ඛජාතානි තානි කණ‍්හෙ ජහාමසෙ.

6625. මොහු ඒ (අපට බිමැ සෙවණ දුන්) දඹ රුක්හ, එලෙන අතු ඇති සිඳුවර (නික) යැ. නන් වැදෑරුම් රුක්දෑ යැ, එ හැම අද හැරැපියා (සමුගෙන) යම්හ.

6626. අස‍්සත්‍ථා පනසා චෙමෙ නිග්‍රොධා ච කපිත්‍ථනා, විවිධානි ඵලජාතානි තානි කණ‍්හෙ ජහාමසෙ.

6626. මොහු ඇසතු රුක්හ, පනා රුක්හ, නුග රුක්හ, හෙළ කිඳි ඇසතු රුක්හ, නන් වැදෑරුම් පලරුක්දෑ යැ, ඒ හැම අද හැරැපියා යම්හ.

6627. ඉමෙ තිට‍්ඨන‍්ති ආරාමා අයං සීතොදිකා නදී, යත්‍ථස‍්සු පුබ‍්බෙ කීළාම තානි කණ‍්හෙ ජහාමසෙ.

6627. පෙර යම් තැනෙකැ හිඳ කෙළුමෝ නම් මේ ඒ අරම්හු පවතිත්. සිහිල් දිය ඇති මේ හොයද පවතී. එ හැම අද හැරැපියා යම්හ.

6628. විවිධානි පුප‍්ඵජාතානි අස‍්මිං උපරි පබ‍්බතෙ, යානස‍්සු පුබ‍්බෙ ධාරෙම තානි කණ‍්හෙ ජහාමසෙ.

6628. මේ ගල් මුදුනෙහි නන් වැදෑරුම් යම් මල් ජාති කෙනෙකුන් පෙර පැලැඳුමෝ ද එ හැම අද හැරැපියා යම්හ.

6629. විවිධානි ඵලජාතානි අස‍්මිං උපරි පබ‍්බතෙ, යානස‍්සු පුබ‍්බෙ භුඤ‍්ජාම තානි කණ‍්හෙ ජහාමසෙ.

6629. මේ ගල් මුදුනෙහි නන් වැදෑරුම් යම් ඵල ජාති කෙනකුන් පෙර වැලැඳුමෝ ද එ හැම අද හැරැපියා යම්හ.

6630. ඉමෙ නො හත්‍ථිකා අස‍්සා බලිවද‍්දා ච නො ඉමෙ, යෙහිස‍්සු පුබ‍්බෙ කීළාම තානි කණ‍්හෙ ජහාමෙස.

6630. පෙරැ යමෙකින් කෙළියමෝ ද මොහු ඒ අපගේ ඇත් පෙතලිරූ යැ, අස්පෙතල්ලෝ යැ, මොහු අපගේ ගොන් පෙතැල්ලෝ යැ, එ හැම අද හැරැපියා යම්හ.

6631. නීයමානා කුමාරා තෙ බ්‍රාහ‍්මණස‍්ස පමුඤ‍්චිය, තෙන තෙන පධාවිංසු ජාලී කණ‍්හාජිනා චුභො.

6631. බැඳැගෙනයනු ලබන ඒ ජාලිය කෘෂ්ණාජිනා දෙකුමරහු බමුණා අතින් මිදී ඒ ඒ තන්හි දිවගියහ.

6632. තතො සො රජ‍්ජුමාදාය දණ‍්ඩඤ‍්චාදාය බ්‍රාහ‍්මණො, ආකොටයන‍්තො තෙ නෙති සිවිරාජස‍්ස පෙක‍්ඛතො.

6632. ඉක්බිති එ බමුණු රැහැන ගෙන දණ්ඩක්ද ගෙන සිවි රජහු බලා සිටිය දී තළමින් ඔවුන් දෙදෙනා ගෙනයයි.

6633. තං තං කණ‍්හාජිනාවොච අයං මං තාත බ්‍රාහ‍්මණො, ලට‍්ඨියා පතිකොටෙති ඝරෙ ජාතංව දාසියං.

6633. කෘෂ්ණාජිනා ඒ පියරජහට මෙ තෙපුල් කිවු: පියාණෙනි, මෙ බමුණු තමා ගෙහි උපන් දැස්සකට මෙන් වැල්කොනින් පහර දෙයි.

6634. න චායං බ්‍රාහ‍්මණො තාත ධම‍්මිකා හොන‍්ති බ්‍රාහ‍්මණා, යක‍්ඛො බ්‍රාහ‍්මණවණ‍්ණෙන ඛාදිතුං තාත නෙති නො; නියමානෙ පිසාචෙන කින‍්නු තාතා උදික‍්ඛසි.

6634. පියාණෙනි, මෙ බමුණෙක් නො වෙයි, බමුණෝ දැහැමි වෙති. පියාණෙනි, යකෙක් බමුණු වෙසින් අප කන්නට ගෙන යයි. පියාණෙනි, යකකු විසින් ගෙනයනු ලබන කල්හි කුමට උපේක්‍ෂාවෙන් බලන්නහු ද?

6635. ඉමෙ නො පාදුකා දුක‍්ඛා දීඝො චද‍්ධා සුදුග‍්ගමො, නීචෙ වොලම‍්බතෙ සුරියො බ්‍රාහ‍්මණො ච තරෙති නො.

6635. අපගේ මේ පතුල්සුඟු රිදෙයි. මඟ ද දිගැ, ඉතා දුදුලැ. හිරුදු පහත එල්බෙයි. (බැස යයි) මෙ බමුණුදු අප වෙලෙවි කෙරෙයි.

6636. ඔකන්‍දාමසි භූතානි පබ‍්බතානි වනානි ච, සරස‍්ස සිරසා වන්‍දාම සුපතිත්‍ථෙ ච ආපකෙ.

6636. පර්‍වතයෙහි උපන් දෙවියන් ද වෙනෙහි උපන් දෙවියන් ද යටහත් වැ හඬගා යදුම්හ. මෙ විල් අරක්ගත් දෙවියන් ද මුදුනින් වඳුම්හ. මනා තොට ඇති නදියෙහි උපන් දෙවියන් ද වඳුම්හ.

6637. තිණලතා ච ඔසද‍්ධ්‍යො පබ‍්බතානි වනානි ච, අම‍්මං ආරොග්‍යං වජ‍්ජාථ අයං නො නෙති බ්‍රාහ‍්මණො.

6637. තෘණ දෙවියනි, ලිය දෙවියනි, ඕසධී දෙවියනි, ගිරි දෙවියනි, වන දෙවියනි, අම්මාට අප අරෝග බව කියව. මෙ බමුණු අප මරමින් ගෙන යයි.

6638. වජ‍්ජන‍්නු භොන‍්තො අම‍්මඤ‍්ච මද‍්දිං අම‍්හාකමාතරං, සචෙ අනුපතිතුකාමාසි ඛිප‍්පං අනුපතියාසි නො.

6638. භවත්නි, ඉදින් අප ලුහුබැඳැ ඉයටි වූහු නම් “වහා අප අනුව යවයි” අප මෑණියත් මද්‍රීදේවීන්ට කියත්වා.

6639. අයං එකපදී එති උජුං ගච‍්ඡති අස‍්සමං, තමෙවනුපතෙය්‍යාසි අපි පස‍්සෙසි නො ලහුං.

6639. මේ එක්පියමඟ අප කරා එයි. ඍජු වැ අසපුවට යෙයි. එ හසර මඟ මැ අනුව යව. ඔවුන් වහා දක්නෙහි නම් මැනැවැයි කියව.

6640. අහො වත රෙ ජටිනි වනමූලඵලහාරිකෙ, සුඤ‍්ඤං දිස‍්වාන අස‍්සමං තං තෙ දුක‍්ඛං භවිස‍්සති.

6640. අහෝ පරිහානියෙකි. දළමඬලු ඇත්තිය, වනමුල්පල ගෙනෙන්නිය, අප නැති හිස් අසපුව දැකැ එ තොපට දුක් වන්නෙ යැ.

6641. අතිවෙලං නූන අම‍්මාය උඤ‍්ඡාලද‍්ධො අනප‍්පකො, යා නො බද‍්ධෙ න ජානාති බ්‍රාහ‍්මණෙන ධනෙසිනා; අච‍්චායිකෙන ලුද‍්දෙන යො නො ගාවොව සුම‍්භති.

6641. යමෙක් අප ගෙරින් සෙයින් මරා ද ඒ ඉතා රුදුරු වූ ධනය සොයන බමුණා විසින් බඳනාලද අප තතු යම් මවක් නො දනී ද ඒ මව විසින් වේලා ඉක් මැ නො මඳ අලපල ලබන ලද වන.

6642. අහජ‍්ජ අම‍්මං පස‍්සෙමු සායං උඤ‍්ඡාතො ආගතං, දජ‍්ජා අම‍්මා බ්‍රාහ‍්මණස‍්ස ඵලං ඛුද‍්දෙන මිස‍්සිතං.

6642. අලමුල් පලවැළ නෙළාගෙන සවස වලින් ආ මව අද දක්මෝ නම් යෙහෙකි. අම්මා දඬුයෙල්බෑ මීයෙන් හැනූ පලවැළ මේ බමුණුහට දෙන්නී යැ.

6643. තදායං අසිතො ධාතො න බාළ‍්හං තරයෙය්‍ය නො, සූණා ච වත නො පදා බාළ‍්හං තාරෙති බ්‍රාහ‍්මණො; ඉති තත්‍ථ විලපිංසු කුමාරා මාතුගිද‍්ධිනො.

6643. එසඳ පලවැළ වැළඳු එහෙයින් මැ සුහිත වූ මෙ බමුණු අප වෙලෙවි වැ නො ගෙනයන්නෙ යැ. අපගේ පාදයෝ ඉතා ඉදිමැ ගියහ. මෙ බමුණු අප වෙලෙවි වැ ගෙනයයි කියා මවට ලොල් වූ කුමරහු එ මඟ වැලැපියෝ.

කුමාරපබ‍්බං.

කුමාර පර්‍වය යි.