දාරකපබ්බවණ්ණනා අට්ඨකථා
දාරකපබ්බවණ්ණනා
කුමාර කාණ්ඩය
ජූජකොපි අච්චුතතාපසෙන කථිතමග්ගෙන ගච්ඡන්තො චතුරස්සපොක්ඛරණිං පත්වා චින්තෙසි “අජ්ජ අතිසායන්හො, ඉදානි මද්දී අරඤ්ඤතො ආගමිස්සති. මාතුගාමො හි නාම දානස්ස අන්තරායකරො හොති, ස්වෙ තස්සා අරඤ්ඤං ගතකාලෙ අස්සමං ගන්ත්වා වෙස්සන්තරං උපසඞ්කමිත්වා දාරකෙ යාචිත්වා තාය අනාගතාය තෙ ගහෙත්වා පක්කමිස්සාමී”ති. අථස්ස අවිදූරෙ එකං සානුපබ්බතං ආරුය්හ එකස්මිං ඵාසුකට්ඨානෙ නිපජ්ජි. තං පන රත්තිං පච්චූසකාලෙ මද්දී සුපිනං අද්දස. එවරූපො සුපිනො අහොසි – එකො පුරිසො කණ්හො ද්වෙ කාසායානි පරිදහිත්වා ද්වීසු කණ්ණෙසු රත්තමාලං පිළන්ධිත්වා ආවුධහත්ථො තජ්ජෙන්තො ආගන්ත්වා පණ්ණසාලං පවිසිත්වා මද්දිං ජටාසු ගහෙත්වා ආකඩ්ඪිත්වා භූමියං උත්තානකං පාතෙත්වා විරවන්තියා තස්සා ද්වෙ අක්ඛීනි උප්පාටෙත්වා බාහානි ඡින්දිත්වා උරං භින්දිත්වා පග්ඝරන්තලොහිතබින්දුං හදයමංසං ආදාය පක්කාමීති. සා පබුජ්ඣිත්වා භීතතසිතා “පාපකො සුපිනො මෙ දිට්ඨො, සුපිනපාඨකො පන වෙස්සන්තරෙන සදිසො නාම නත්ථි, පුච්ඡිස්සාමි න”න්ති චින්තෙත්වා පණ්ණසාලං ගන්ත්වා මහාසත්තස්ස පණ්ණසාලද්වාරං ආකොටෙසි. මහාසත්තො “කො එසො”ති ආහ. “අහං දෙව, මද්දී”ති. “භද්දෙ, අම්හාකං කතිකවත්තං භින්දිත්වා කස්මා අකාලෙ ආගතාසී”ති. “දෙව, නාහං කිලෙසවසෙන ආගච්ඡාමි, අපිච ඛො පන මෙ පාපකො සුපිනො දිට්ඨො”ති. “තෙන හි කථෙහි, මද්දී”ති. සා අත්තනා දිට්ඨනියාමෙනෙව කථෙසි.
ජූජකයාද අච්චුත තාපසයා විසින් කියන ලද මාර්ගයෙන් ගොස් සතරැස් පොකුණ වෙතට පැමිණ මෙසේ සිතීය. අද බොහෝ සවස් විය. දැන් මද්‍රිදේවිය වනයෙන් එන්නීය. කාන්තාවෝ වනාහි දානයට විරුද්ධ වූවෝ වෙති. හෙට ඇය වනයට ගිය කල්හි අසපුවට ගොස් වෙසතුරුගෙන් දරුවන් ඉල්වා ඇය පැමිණෙන්නට පළමු දරුවන් රැගෙන නික්ම යන්නෙමි. ඉක්බිති එයට නුදුරෙහි එක් කඳුගැටයකට නැග පහසුතැනක හොත්තේය. එදා රාත්‍රියේ මද්‍රිදේවිය සිහිනයක් දුටුවාය. මෙබඳු සිහිනයක් විය. එක් කාලවර්ණ පුරුෂයෙක් කසාවන් රෙදි දෙකක් හැඳ දෙකන්හි රතුමාලා පැළඳ ආයුධ ගත් අත් ඇතිව තර්ජනය කරමින් අවුත් පන්සලට පිවිස මද්‍රිදේවිය ජටාවෙන් අල්ලාගෙන ඇද බිම හෙළා හඬා වැලපෙද්දී ඇගේ ඇස්දෙක ගලවා අත්දෙක කපා පපුව පළා ලේ බිඳු වගුරුවමින් හෘදයමාංශය ගෙන නික්ම ගියේය. ඇය පිබිද බියෙන් තැතිගත්තී මා විසින් පවිටු සිහිනයක් දකින ලදී. වෙස්සන්තර සමානව සිහින විස්තර කරන්න වෙන කෙනෙක් නැත. ඔහුගෙන් විචාරන්නෙමියි සිතා පන්සලට ගොස් මහා සත්ත්වයන්ගේ පන්සල් දොරට තට්ටු කළාය. මහාසත්ත්වයෝ මේ කවරෙක්දැයි ඇසීය. ස්වාමීනි, මම මද්රියයි. සොඳුර, අපගේ පොරොන්දුව කඩකර කුමක් නිසා විකාලයේ මෙහි ආවෙහිද? ස්වාමීනි කෙලෙස් සිතකින් පැමිණියා නොවෙයි. තව ද මා විසින් පවිටු සිහිනයක් දක්නා ලදී. එසේනම් මද්‍රිය කියව. ඇය තමා විසින් දුටු අයුරින්ම පැවසුවාය.
මහාසත්තොපි සුපිනං පරිග්ගණ්හිත්වා “මය්හං දානපාරමී පූරිස්සති, ස්වෙ මං යාචකො ආගන්ත්වා පුත්තෙ යාචිස්සති, මද්දිං අස්සාසෙත්වා උය්යොජෙස්සාමී”ති චින්තෙත්වා “මද්දි, තව දුස්සයනදුබ්භොජනෙහි චිත්තං ආලුළිතං භවිස්සති, මා භායී”ති සංමොහෙත්වා අස්සාසෙත්වා උය්යොජෙසි. සා විභාතාය රත්තියා සබ්බං කත්තබ්බකිච්චං කත්වා ද්වෙ පුත්තෙ ආලිඞ්ගිත්වා සීසෙ චුම්බිත්වා “තාතා, අජ්ජ මෙ දුස්සුපිනො දිට්ඨො, අප්පමත්තා භවෙය්යාථා”ති ඔවදිත්වා “දෙව, තුම්හෙ ද්වීසු කුමාරෙසු අප්පමත්තා හොථා”ති මහාසත්තං පුත්තෙ පටිච්ඡාපෙත්වා පච්ඡිඛණිත්තිආදීනි ආදාය අස්සූනි පුඤ්ඡන්තී මූලඵලාඵලත්ථාය වනං පාවිසි. තදා ජූජකොපි “ඉදානි මද්දී අරඤ්ඤං ගතා භවිස්සතී”ති සානුපබ්බතා ඔරුය්හ එකපදිකමග්ගෙන අස්සමාභිමුඛො පායාසි. මහාසත්තොපි පණ්ණසාලතො නික්ඛමිත්වා පණ්ණසාලද්වාරෙ පාසාණඵලකෙ සුවණ්ණපටිමා විය නිසින්නො “ඉදානි යාචකො ආගමිස්සතී”ති පිපාසිතො විය සුරාසොණ්ඩො තස්සාගමනමග්ගං ඔලොකෙන්තොව නිසීදි. පුත්තාපිස්ස පාදමූලෙ කීළන්ති. සො මග්ගං ඔලොකෙන්තො බ්රාහ්මණං ආගච්ඡන්තං දිස්වා සත්ත මාසෙ නික්ඛිත්තං දානධුරං උක්ඛිපන්තො විය ‘එහි, ත්වං භො බ්රාහ්මණා”ති සොමනස්සජාතො ජාලිකුමාරං ආමන්තෙන්තො ඉමං ගාථමාහ –
මහාසත්ත්වයෝ සිහිනය පරීක්ෂාකර බලා මාගේ දාන පාරමිතාව සම්පූර්ණ වන්නේය. හෙට මා වෙත යදියකු පැමිණ දරුවන් ඉල්වන්නේය. මද්‍රි දේවියව සනසා පිටත්කර හරින්නෙමියි සිතා මද්‍රිය, නරක සයනය නිසාත් නරක ආහාර නිසාත් ඔබගේ සිත අවුල් වූයේ වෙයි. බිය නොවන්නැයි මුලාකර, අස්වසා පිටත්කර හැරියේය. ඇය රාත්‍රිය පහවූ කල්හි, සියළු වැඩ නිමවා දරුවන් දෙදෙනා වැළඳගෙන හිස සිඹ, අද මා විසින් නරක සිහිනයක් දකින ලදී. දරුවෙනි, ප්‍රවේශම් වන්නැයි අවවාද දී ස්වාමීනි, දරුවන් හොඳින් බලාගන්නයැයි මහාසත්ත්වයන්ට දරුවන් භාරදී පැස ආදී උපකරණ රැගෙන කඳුළු පිසමින් මුල් පලාඵල සඳහා වනයට පිවිසියාය. ජූජකයාද දැන් මද්‍රිදේවිය වනයට යන්නට ඇතැයි කඳුගැටයෙන් බැස අඩිපාර දිගේ අසපුවට ගියේය. මහාසත්ත්වයෝ ද පන්සලෙන් නික්ම ගල්තලාවක රත්පිළිමයක් මෙන් හිඳ දැන් යාචකයා එන්නේයැයි පිපාසිතයකු මෙන්, සුරාසොඬකු මෙන් ඔහු එනමග බලමින් සිටියේය. දරුවෝ ද ඔවුන්ගේ දෙපා ළඟ සෙල්ලම් කරත්. ඔහු මගබලමින් සිටින්නේ බ්‍රාහ්මණයා එනු දැක සත්මසක් අත්හැර දමා තිබුණු දාන ධුරය ඔසවන්නාක් මෙන්, මෙහි එව බ්‍රාහ්මණය කියා සතුටට පත්වූයේ ජාලිය කුමාරයා අමතා මේ ගාථාව කීය.
“උට්ඨෙහි ජාලි පතිට්ඨ, පොරාණං විය දිස්සති; බ්රාහ්මණං විය පස්සාමි, නන්දියො මාභිකීරරෙ”ති.
ජාලිය, නැගී සිටින්න. පෙරගමන් කරන්න. පැරණි දසුනක් මෙන් පෙනේ. බමුණකු ලෙස පෙන්නේ. මගේ සිත සොම්නසින් පිරේ.
තත්ථ පොරාණං විය දිස්සතීති පුබ්බෙ ජෙතුත්තරනගරෙ නානාදිසාහි යාචකානං ආගමනං විය අජ්ජ යාචකානං ආගමනං දිස්සති. නන්දියො මාභිකීරරෙති එතස්ස බ්රාහ්මණස්ස දිට්ඨකාලතො පට්ඨාය මං සොමනස්සානි අභිකීරන්ති, ඝම්මාභිතත්තස්ස පුරිසස්ස සීසෙ සීතූදකඝටසහස්සෙහි අභිසෙචනකාලො විය ජාතොති.
එහි පොරාණං විය යනු පෙර ජයතුරා නුවර නොයෙක් දිසාවන්ගෙන් යාචකයන්ගේ පැමිණීම මෙන් අදද යාචකයන්ගේ පැමිණීමක් දක්නට ලැබේ. නන්දියො මාභිකීරරෙ මේ බමුණා දුටු වේලාවේ පටන් මාගේ සිතෙහි සොම්නස පැතිරි යයි. ග්‍රීෂ්මයෙන් පීඩිත වූවකුගේ හිසට සිහිල්පැන් කල දසදහසක් වත්කරන්නාක් මෙන් විය.
තං සුත්වා කුමාරො ආහ –
එය අසා කුමාරයා මෙසේ කීය.
“අහම්පි තාත පස්සාමි, යො සො බ්‍රහ්මාව දිස්සති; අද්ධිකො විය ආයාති, අතිථී නො භවිස්සතී”ති.
පියාණෙනි, මම ද දකිමි. යමෙක් බමුණකු මෙන් පෙනේ ද ඔහු යදියකු ලෙසින් එයි. හේ අපට අමුත්තෙක් වන්නේය.
වත්වා ච පන කුමාරො මහාසත්තස්ස අපචිතිං කරොන්තො උට්ඨායාසනා බ්රාහ්මණං පච්චුග්ගන්ත්වා පරික්ඛාරග්ගහණං ආපුච්ඡි. බ්රාහ්මණො තං ඔලොකෙන්තො “අයං වෙස්සන්තරස්ස පුත්තො ජාලිකුමාරො නාම භවිස්සති, ආදිතො පට්ඨායෙව ඵරුසවචනං කථෙස්සාමී”ති චින්තෙත්වා “අපෙහි අපෙහී”ති අච්ඡරං පහරි. කුමාරො අපගන්ත්වා “අයං බ්රාහ්මණො අතිඵරුසො, කිං නු ඛො”ති තස්ස සරීරං ඔලොකෙන්තො අට්ඨාරස පුරිසදොසෙ පස්සි. බ්රාහ්මණොපි බොධිසත්තං උපසඞ්කමිත්වා පටිසන්ථාරං කරොන්තො ආහ –
මෙසේ ද කියා කුමාරයා ඔහුට ගරුසත්කාර දක්වන්නේ අසුනින් නැගිට බ්‍රාහ්මණයාට පෙරගමන්කොට පිරිකර ගන්නටදැයි ඇසීය. බ්‍රාහ්මණයා ඔහුව බලා මේ වෙස්සන්තරගේ පුත්‍රයා වූ ජාලිය කුමාරයා නම් වන්නේ යැයි මුලසිටම එරුසවචනයෙන් කථා කරන්නෙමියි සිතා ඉවත්වන්න ඉවත්වන්න කියා අසුර ගැසීය. කුමාරයා ඉවත්ව ගොස් මේ බ්‍රාහ්මණයා අතිශයින් ඵරුෂය. කුමක් නිසාදැයි ඔහුගේ ශරීරය බලන්නේ අටළොස් පුරුෂ දෝෂයන් දුටුවේය. බ්‍රාහ්මණයාද බෝසතුන් වෙතට පැමිණ පිළිසඳර කථා කරමින් කීය.
“කච්චි නු භොතො කුසලං, කච්චි භොතො අනාමයං; කච්චි උඤ්ඡෙන යාපෙථ, කච්චි මූලඵලා බහූ.
කිම භවතට රෝගයක් නැද්ද? කිම ඔබට දුකක් නැද්ද, කිම වනමුල් වනඵලයන්ගෙන් යැපෙන්නෙහිද? කිම අලවර්ග හා පලාඵල බොහෝ තිබේද?
“කච්චි ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා; වනෙ වාළමිගාකිණ්ණෙ, කච්චි හිංසා න විජ්ජතී”ති.
කිම මැසිමදුරුවෝද දීර්ඝජාති සර්පයෝ ද අල්පද? චණ්ඩ මෘගයන් ගැවසීගත් වනයේ උන්ගෙන් හිංසාවක් නැත්තේද?
බොධිසත්තොපි තෙන සද්ධිං පටිසන්ථාරං කරොන්තො ආහ –
බෝධිසත්ත්වයෝ ද ඔහු සමග පිළිසඳර කථා කරන්නේ මෙසේ පැවසීය;
“කුසලඤ්චෙව නො බ්රහ්මෙ, අථො බ්රහ්මෙ අනාමයං; අථො උඤ්ඡෙන යාපෙම, අථො මූලඵලා බහූ.
බමුණා අපට රෝග නැත්මය. තවද බ්‍රාහ්මණය, දුකක්ද නැත. වනමුල් වන ඵලයෙන් යැපෙමි. පලාඵල බොහෝ ඇත.
“අථො ඩංසා මකසා ච, අප්පමෙව සරීසවා; වනෙ වාළමිගාකිණ්ණෙ, හිංසා අම්හං න විජ්ජති.
තවද මැසිමදුරුවෝද උරග ජාතීහුද අල්පමැ වෙති. නපුරු සතුන්ගෙන් ගැවසී ගත් වනයෙහි අපට උන්ගෙන් හිංසා නොපැනෙයි.
“සත්ත නො මාසෙ වසතං, අරඤ්ඤෙ ජීවසොකිනං; ඉමම්පි පඨමං පස්සාම, බ්රාහ්මණං දෙවවණ්ණිනං; ආදාය වෙළුවං දණ්ඩං, අග්ගිහුත්තං කමණ්ඩලුං.
සත්මසක් කල් වනයේ වසන ජීවශෝකී අප වසන තැනට බෙලිපැහැ හුණ දණ්ඩද ගිනිපුදන හැන්දද කමඬලාවද ගෙන ආ දෙවියන් විසින් වර්ණනා කළ මේ බමුණාව පළමුකොට දකුම්හ.
“ස්වාගතං තෙ මහාබ්රහ්මෙ, අථො තෙ අදුරාගතං; අන්තො පවිස භද්දන්තෙ, පාදෙ පක්ඛාලයස්සු තෙ.
බමුණ, තොපගේ පැමිණීම යහපත් එකකි. තවද මේ පැමිණීම නොමනා එකක් නොවේ. භවත, ඔබගේ දෙපා සෝදා පන්සල ඇතුළට පිවිසෙන්න.
“තිණ්ඩුකානි පියාලානි, මධුකෙ කාසුමාරියො; ඵලානි ඛුද්දකප්පානි, භුඤ්ජ බ්රහ්මෙ වරං වරං.
තිඹිරිය, පියල්ය, මිහිරු, කටුඑරමිණිය යන ඵලයෝ ද දඬුවෙල් බෑ මී ද ඇත. බමුණ හොඳ හොඳ දේ අනුභව කරව.
“ඉදම්පි පානීයං සීතං, ආභතං ගිරිගබ්භරා; තතො පිව මහාබ්රහ්මෙ, සචෙ ත්වං අභිකඞ්ඛසී”ති.
මේ කළයේ පැන් ද සිහිල්ය. ගිරිකඳුරුවලින් ගලා ආ ඒවාය. බමුණ, තොප පානය කරනු කැමැතිනම් එයින් ගෙන පානය කරන්න.
එවඤ්ච පන වත්වා මහාසත්තො “අයං බ්රාහ්මණො න අකාරණෙන ඉමං බ්රහාරඤ්ඤං ආගතො, ආගමනකාරණං පපඤ්චං අකත්වා පුච්ඡිස්සාමි න”න්ති චින්තෙත්වා ඉමං ගාථමාහ –
මෙසේද කියා මහාසත්ත්වයෝ මෙසේ සිතූහ. මේ බ්‍රාහ්මණයා හේතුවක් නැතිව මේ මහා වනාන්තරයට පැමිණියේ නොවන්නේය. පැමිණි කාරණය ප්‍රමාද නොකොට ඔහුගෙන් විචාරන්නෙමියි සිතා මේ ගාථාව කීය.
“අථ ත්වං කෙන වණ්ණෙන, කෙන වා පන හෙතුනා; අනුප්පත්තො බ්රහාරඤ්ඤං, තං මෙ අක්ඛාහි පුච්ඡිතො”ති.
තවද තොප කවර කරුණකින් හෝ කවර හේතුවකින් හෝ මහා වනයට පැමිණියහුද? මා විසින් විචාරන ලදහු එය මට කියව.
තත්ථ වණ්ණෙනාති කාරණෙන. හෙතුනාති පච්චයෙන.
එහි කෙන වණ්ණෙන කුමන කරුණකින්. හෙතුනා හේතුවකින්.
ජූජකො ආහ –
ජූජකයා මෙසේ කීය.
“යථා වාරිවහො පූරො, සබ්බකාලං න ඛීයති; එවං තං යාචිතාගච්ඡිං, පුත්තෙ මෙ දෙහි යාචිතො”ති.
යම්සේ පිරුණු දියකඳ හැමකල්හි නොගෙවේද, එවන් තොප අයදනට ආවෙමි. අයදනා ලද තොප මට දෙදරුවන් දෙව.
තත්ථ වාරිවහොති පඤ්චසු මහානදීසු උදකවාහො. න ඛීයතීති පිපාසිතෙහි ආගන්ත්වා හත්ථෙහිපි භාජනෙහිපි උස්සිඤ්චිත්වා පිවියමානො න ඛීයති. එවං තං යාචිතාගච්ඡින්ති ත්වම්පි සද්ධාය පූරිතත්තා එවරූපොයෙවාති මඤ්ඤමානො අහං තං යාචිතුං ආගච්ඡිං. පුත්තෙ මෙ දෙහි යාචිතොති මයා යාචිතො තව පුත්තෙ මය්හං දාසත්ථාය දෙහීති.
එහි වාරිවහො යනු පස්මහා ගංගාවන්හි ජලකඳ. න ඛීයති පිපාසිතයන් පැමිණ අත්වලින්ද භාජනවලින්ද හිස්කර පානය කරන්නේ නමුදු ක්ෂය නොවේ. එවං තං යාචිතාඤ්ජි ඔබද ශ්‍රද්ධාවෙන් පිරීසිටින බැවින් මෙබඳු වන්නේ යයි හඟිමින් මම ඔබගෙන් ඉල්ලීමට පැමිණියෙමි. පුත්තෙ මෙ දෙහි මා විසින් ඉල්වන ලද්දේ දරුවන්ට මාගේ දාසයන් ලෙස දෙන්න.
තං සුත්වා මහාසත්තො සොමනස්සජාතො පසාරිතහත්ථෙ සහස්සත්ථවිකං ඨපෙන්තො විය පබ්බතපාදං උන්නාදෙන්තො ඉමා ගාථා ආහ –
එය අසා මහාසත්ත්වයෝ හටගත් සොස් ඇතිව දිගුකරන ලද අතෙහි දහසක් වටිනා තැටියක් තබන්නාක් මෙන් පර්වතපාදයම නාද කරමින් මේ ගාථාවන් කීය.
“දදාමි න විකම්පාමි, ඉස්සරො නය බ්‍රාහ්මණ; පාතො ගතා රාජපුත්තී, සායං උඤ්ඡාතො එහිති.
බමුණ, දෙදරුවන් දෙමි. කම්පා නොවෙමි. ස්වාමීවැ ගෙන යව. රජ දුව උදයේම වනයට ගියාය. සවස වනයෙන් ආපසු එයි.
“එකරත්තිං වසිත්වාන, පාතො ගච්ඡසි බ්‍රාහ්මණ; තස්සා න්හාතෙ උපඝාතෙ, අථ නෙ මාලධාරිනෙ.
බමුණ, එක් රැයක් මෙහි නතරවී සිට අලුයම යව. ඒ මද්‍රිය විසින් නහවා හිස සිඹ සනසන ලද මල්දම් පැළඳි නොයෙක් සුවඳ කුසුමින් සදන ලද නොයෙක් සුවඳ විලවුන් ආලේප කරන ලද මගට අවශ්‍ය පලාඵලද ඇතිව දරුවන් ගෙන යන්න.
“එකරත්තිං වසිත්වාන, පාතො ගච්ඡසි බ්‍රාහ්මණ; නානාපුප්ඵෙහි සඤ්ඡන්නෙ, නානාගන්ධෙහි භූසිතෙ; නානාමූලඵලාකිණ්ණෙ, ගච්ඡ ස්වාදාය බ්රාහ්මණා”ති.
තත්ථ ඉස්සරොති ත්වං මම පුත්තානං ඉස්සරො සාමිකො හුත්වා එතෙ නය, අපිච ඛො පනෙකං කාරණං අත්ථි. එතෙසං මාතා රාජපුත්තී ඵලාඵලත්ථාය පාතො ගතා සායං අරඤ්ඤතො ආගමිස්සති, තාය ආනීතානි මධුරඵලාඵලානි භුඤ්ජිත්වා ඉධෙව ඨානෙ අජ්ජෙකරත්තිං වසිත්වා පාතොව දාරකෙ ගහෙත්වා ගමිස්සසි. තස්සා න්හාතෙති තාය න්හාපිතෙ. උපඝාතෙති සීසම්හි උපසිඞ්ඝිතෙ. අථ නෙ මාලධාරිනෙති අථ නෙ විචිත්රාය මාලාය අලඞ්කතෙ තං මාලං වහමානෙ. පාළිපොත්ථකෙසු පන “අථ නෙ මාලධාරිනො”ති ලිඛිතං, තස්සත්ථො න විචාරිතො. නානාමූලඵලාකිණ්ණෙති මග්ගෙ පාථෙය්යත්ථාය දින්නෙහි නානාමූලඵලාඵලෙහි ආකිණ්ණෙ.
එහි ඉස්සරො යනු ඔබ මාගේ දරුවන්ට ප්‍රධානියා වී, ස්වාමියා වී මොවුන් රැගෙන යන්න. තවද එක් කාරණයක් ඇත. මොවුන්ගේ මව වන රජදේවිය පලාඵල සඳහා උදෑසනම ගියාය. සවස ආරණ්‍යයෙන් ආපසු එන්නීය. ඇය විසින් ගෙනෙන ලද මිහිරි පලාඵලද අනුභවකොට මෙතනම එක් රැයක් නතරවී උදෑසනම දරුවන් ගෙන යන්න යැයි කීය. තස්සා නහාතෙ ඇය විසින් නාවන ලද උපඝාතෙ හිසෙහි සිටිකල්හි අථනෙ මාලධාරිනෙ ඉක්බිති විසිතුරු මාලාවන්ගෙන් අලංකාර කරන ලද මාලා දරන. (ඇතැම් පාලි පොත්වල වනාහි අථතෙ මාලධාරිනො කියා ඇත. එහි අර්ථය නම් කුමක්දැයි විශේෂ අර්ථයක් නැත.) මූළඵලාකිණ්ණෙ මගට අවශ්‍ය දෑ සඳහා දෙන ලද නොයෙක් පලාඵල ආදියෙන් ගැවසී ගත්. ගච්ඡාස්ස යන්නෙහි.
ජූජකො ආහ –
ජූජකයා කීය,
“න වාසමභිරොචාමි, ගමනං මය්හ රුච්චති; අන්තරායොපි මෙ අස්ස, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
රජතුමනි, මෙහි එක්රැයක් සිටීම නොකැමැත්තෙමි. ගමනම මට රුචි වෙයි. මට ලාභාන්තරායද වන්නේය. එහෙයින් යන්නෙම්මයැ.
“න හෙතා යාචයොගී නං, අන්තරායස්ස කාරියා; ඉත්ථියො මන්තං ජානන්ති, සබ්බං ගණ්හන්ති වාමතො.
තෙල කාන්තාවෝ, ඉල්ලීමට සුදුසු නොවෙති. ඔහු පිනට බාධා කරති. ලාභයටද බාධා කරති. මායා මන්ත්‍ර දනිති. හැමදෙයක්ම අවැඩ ලෙස සළකති.
“සද්ධාය දානං දදතො, මාසං අදක්ඛි මාතරං; අන්තරායම්පි සා කයිරා, ගච්ඡඤ්ඤෙව රථෙසභ.
ශ්‍රද්ධාවෙන් දන් දෙන්නහු මොවුන්ට මව නොදක්වව. ඔවුන් දුටුනම් දානයට අන්තරාය කරන්නීය. රජතුමනි, ඒ නිසා යන්නෙමි.
“ආමන්තයස්සු තෙ පුත්තෙ, මා තෙ මාතරමද්දසුං; සද්ධාය දානං දදතො, එවං පුඤ්ඤං පවඩ්ඪති.
තොප දෙදරුවන් කැඳවව. ඒ දරුවෝ මව නොදකිත්වා. මෙසේ ශ්‍රද්ධාවෙන් දන් දෙන්නහුට පින් වැඩෙයි.
“ආමන්තයස්සු තෙ පුත්තෙ, මා තෙ මාතරමද්දසුං; මාදිසස්ස ධනං දත්වා, රාජ සග්ගං ගමිස්සසී”ති.
තොප දෙදරුවන් කැඳවව. ඒ දරුවෝ මව නොදකිත්වා. මහරජතුමනි, මා වැන්නකුට පුත්‍රධනය දී දෙව්ලෝ යන්න.
තත්ථ න හෙතා යාචයොගී නන්ති එත්ථ නන්ති නිපාතමත්තං. ඉදං වුත්තං හොති – මහාරාජ, එතා ඉත්ථියො ච නාම න හි යාචයොගී, න යාචනාය අනුච්ඡවිකා හොන්ති, කෙවලං අන්තරායස්ස කාරියා දායකානං පුඤ්ඤන්තරායං, යාචකානඤ්ච ලාභන්තරායං කරොන්තීති. ඉත්ථියො මන්තන්ති ඉත්ථී මායං නාම ජානන්ති. වාමතොති සබ්බං වාමතො ගණ්හන්ති, න දක්ඛිණතො. සද්ධාය දානං දදතොති කම්මඤ්ච ඵලඤ්ච සද්දහිත්වා දානං දදතො. මාසන්ති මා එතෙසං මාතරං අදක්ඛි. කයිරාති කරෙය්ය. ආමන්තයස්සූති ජානාපෙහි, මයා සද්ධිං පෙසෙහීති වදති. දදතොති දදන්තස්ස.
එහි න හෙතා යාචයොගීනං යනු මෙහි නං යනු නිපාත මාත්‍රයකි. මෙසේ කියන ලදී. මහරජතුමනි! මේ කාන්තාවෝ නම් ඉල්ලීමට යෝග්‍ය නොවෙති. ඉල්වීමට නුසුදුසුය. එපමණක් නොවේ. අන්තරායස්ස කාරියා දායකයන්ගේ පිනට බාධාකරන අතර යාචකයන්ට ලැබෙන දෙයටද බාධා කරත්. මනකං යනු ස්ත්‍රීහු මායාවන් දනිති. වාමතො සියල්ල නුහුරු ලෙස ගනිති. සුභ ලෙස නොගනිති. සද්ධාය දානං දදතො කර්මයත් විපාකයත් සළකා දන් දෙන්නහුට. මාසං මේ මව නොදකීවා. කයිරා කරන්නේය. ආමන්තයස්සු දන්වන්න. මා සමග එවන්න යැයි කියයි. දදතො දෙන්නහුට.
වෙස්සන්තරො ආහ –
වෙස්සන්තර මෙසේ කීය.
“සචෙ ත්වං නිච්ඡසෙ දට්ඨුං, මම භරියං පතිබ්බතං; අය්යකස්සපි දස්සෙහි, ජාලිං කණ්හාජිනං චුභො.
ඉදින් තෙපි මට පතිනිය වූ බිරිය දක්නට නොරිස්සහු නම් ජාලිය, ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනාව මුත්තා සඳමහරජුට දක්වව.
“ඉමෙ කුමාරෙ දිස්වාන, මඤ්ජුකෙ පියභාණිනෙ; පතීතො සුමනො විත්තො, බහුං දස්සති තෙ ධන”න්ති.
සිත්කලු වූ පියතෙපුල් බණන මේ දෙදරුවන් දැක ඔදවැඩී සතුටු වූ මුක්තා මහරජ තොපට බොහෝ ධනය දෙන්නේය.
තත්ථ අය්යකස්සාති මය්හං පිතුනො සඤ්ජයමහාරාජස්ස ද්වින්නං කුමාරානං අය්යකස්ස. දස්සති තෙ ධනන්ති සො රාජා තුය්හං බහුං ධනං දස්සති.
එහි අය්යකස්ස යනු මාගේ පියා වූ සඳමහරජුට, කුමාරවරුන් දෙදෙනාගේ සීයාට, දස්සති ඒ රජු නුඹට බොහෝ ධනය දෙන්නේය.
ජූජකො ආහ –
ජූජකයා කීය,
“අච්ඡෙදනස්ස භායාමි, රාජපුත්ත සුණොහි මෙ; රාජදණ්ඩාය මං දජ්ජා, වික්කිණෙය්ය හනෙය්‍ය වා; ජිනො ධනඤ්ච දාසෙ ච, ගාරය්හස්ස බ්රහ්මබන්ධුයා”ති.
මා අතින් දරුවන් පැහැර ගැනුමට බියවෙමි. රාජපුත්‍රය, මාගේ වචනය අසන්න. ඒ රජු මා දඬුවම් කිරිමට ඇමැතියන්ට දෙන්නේ හෝ වෙයි. රජ මා විකුණන්නේ හෝ වෙයි. ඝාතනය කරන්නේ හෝ වෙයි. ධනය ද දාසයන් ද යන දෙකින්ම පිරිහුණු මම බැමිණිය විසින් ගැරහීමට ලක්වෙමි.
තත්ථ අච්ඡෙදනස්සාති අච්ඡින්දිත්වා ගහණස්ස භායාමි. රාජදණ්ඩාය මං දජ්ජාති “අයං බ්රාහ්මණො දාරකචොරො, දණ්ඩමස්ස දෙථා”ති එවං දණ්ඩත්ථාය මං අමච්චානං දදෙය්ය. ගාරය්හස්ස බ්රහ්මබන්ධුයාති කෙවලං බ්රාහ්මණියාව ගරහිතබ්බො භවිස්සාමීති.
එහි අච්ඡෙදනස්ස නොසිඳගැනීමට බිය වෙමි. රාජා දණ්ඩාය මං දජ්ජා මේ බමුණා දරුවන් සොරකම් කරන්නෙකි. මොහුට දඩුවම් දිය යුතුය. මේ ලෙස දඬුවම් දීම සඳහා රජු මා ඇමැතියන්ට දෙන්නේය. ගාරය්හස්ස බ්රහ්මබන්ධුයා හුදෙක් බැමිණිය විසින් ගැරහිය යුත්තෙක් වන්නෙමි.
වෙස්සන්තරො ආහ –
වෙස්සන්තර මෙසේ කීය,
“ඉමෙ කුමාරෙ දිස්වාන, මඤ්ජුකෙ පියභාණිනෙ; ධම්මෙ ඨිතො මහාරාජා, සිවීනං රට්ඨවඩ්ඪනො; ලද්ධා පීතිසොමනස්සං, බහුං දස්සති තෙ ධන”න්ති.
සිත්කලු වූ ප්‍රියතෙපුල් බණන මේ දෙදරුවන් දැක සිවිරට වඩන දහමෙහි හැසිරෙන සිවි මහරජ ප්‍රීති සොම්නස් ලැබැ තොපට බොහෝ ධනය දෙන්නේය.
ජූජකො ආහ –
ජූජකයා මෙසේ කීය.
“නාහං තම්පි කරිස්සාමි, යං මං ත්වං අනුසාසසි; දාරකෙව අහං නෙස්සං, බ්රාහ්මණ්යා පරිචාරකෙ”ති.
මහරජ, තෙපි මට යමක් කියවු නම් එද නොකරමි. මම මේ දෙදරුවන් බැමිණියගේ දාසමෙහෙයට ගෙන යන්නෙමි.
තත්ථ දාරකෙවාති අලං මය්හං අඤ්ඤෙන ධනෙන, අහං ඉමෙ දාරකෙව අත්තනො බ්රාහ්මණියා පරිචාරකෙ නෙස්සාමීති.
එහි දාරකෙච මට වෙන ධනයකින් ප්‍රයෝජනයක් නැත. මම මේ දරුවන් තමන්ගේ බැමිණියගේ දාසයන් ලෙස ගෙන යන්නෙමි.
තං තස්ස ඵරුසවචනං සුත්වා දාරකා භීතා පලායිත්වා පිට්ඨිපණ්ණසාලං ගන්ත්වා තතොපි පලායිත්වා ගුම්බගහනෙ නිලීයිත්වා තත්රාපි ජූජකෙනාගන්ත්වා ගහිතා විය අත්තානං සම්පස්සමානා කම්පන්තා කත්ථචි ඨාතුං අසමත්ථා ඉතො චිතො ච ධාවිත්වා චතුරස්සපොක්ඛරණිතීරං ගන්ත්වා දළ්හං වාකචීරං නිවාසෙත්වා උදකං ඔරුය්හ පොක්ඛරපත්තං සීසෙ ඨපෙත්වා උදකෙන පටිච්ඡන්නා හුත්වා අට්ඨංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
දරුවෝ ඔහුගේ ඒ නපුරු වචනය අසා පන්සල පිටුපසට ගොස් එතනින්ද පැනගොස් වනරොදක සැගවී එහිදීද ජූජකයා අවුත් අල්ලා ගත්තාක් මෙන් තමන් සිතන්නාහු කම්පාවට පත්වන්නාහු කිසිතැනක සිටින්නට නොහැකිව එහෙමෙහෙ දුවගොස් සතරැස් පොකුණු තෙරට ගොස් ගොරෝසු වැහැරි වස්ත්‍රය පොරවාගෙන වතුරට බැස නෙලුම්කොළයක් හිසට තබාගෙන ජලයේ සැගවී සිටියාහ. මේ කාරණය දේශනා කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
“තතො කුමාරා බ්යථිතා, සුත්වා ලුද්දස්ස භාසිතං; තෙන තෙන පධාවිංසු, ජාලී කණ්හාජිනා චුභො”ති.
ඉක්බිති ජාලිය, ක්‍රිෂ්ණජිනා දෙදරුවෝ නපුරු බමුණාගේ බස් අසා වෙවුළන්නාහු ඒ ඒ තන්හි දිවූහ.
ජූජකොපි කුමාරෙ අදිස්වා බොධිසත්තං අපසාදෙසි “භො වෙස්සන්තර, ඉදානෙව ත්වං මය්හං දාරකෙ දත්වා මයා ‘නාහං ජෙතුත්තරනගරං ගමිස්සාමි, දාරකෙ මම බ්රාහ්මණියා පරිචාරකෙ නෙස්සාමී’ති වුත්තෙ ඉඞ්ඝිතසඤ්ඤං දත්වා පුත්තෙ පලාපෙත්වා අජානන්තො විය නිසින්නො, නත්ථි මඤ්ඤෙ ලොකස්මිං තයා සදිසො මුසාවාදී”ති. තං සුත්වා මහාසත්තො පකම්පිතචිත්තො හුත්වා “දාරකා පලාතා භවිස්සන්තී”ති චින්තෙත්වා “භො බ්‍රාහ්මණ, මා චින්තයි, ආනෙස්සාමි තෙ කුමාරෙ”ති උට්ඨාය පිට්ඨිපණ්ණසාලං ගන්ත්වා තෙසං වනගහනං පවිට්ඨභාවං ඤත්වා පදවලඤ්ජානුසාරෙන පොක්ඛරණිතීරං ගන්ත්වා උදකෙ ඔතිණ්ණපදං දිස්වා “කුමාරා උදකං ඔරුය්හ ඨිතා භවිස්සන්තී”ති ඤත්වා “තාත, ජාලී”ති පක්කොසන්තො ඉමං ගාථාද්වයමාහ –
ජූජකයාද දරුවන් නොදැක බෝධිසත්ත්වයන්ට දොස් පැවරීය. වෙස්සන්තරයෙනි, දැන්ම මට දරුවන් දී මම ජයතුරා නගරයට ගෙන යන්නෙමි. දරුවන් මගේ බැමිණියගේ සේවකයන් ලෙස ගෙන යන්නෙමියි කියා ඉඟියක් කර දරුවන් පලවාහැර නොදන්නාක් මෙන් සිටියේය. ඔබ වැනි මුසාවාදියෙක් මේ ලොව නැතැයි සිතමි කියා කී කල්හි මහාසත්ත්වයෝ කම්පා වී ඔවුන් පැන ගියහයි සිතා බ්‍රාහ්මණය, නොසිතන්න. මම දරුවන් රැගෙන එමියි නැගිට පන්සල පිටුපසට ගොස් ඔවුන් වනරොදට පිවිසි බව දැනගෙන පියසටහන් අනුසාරයෙන් පොකුණුතෙරට ගොස් ජලයට බැස්ස පාසටහන් දැක ජලයට බැස සිටින්නාහු යයි දැන දරුව ජාලිය, කියා අමතා මේ ගාථා දෙක කීය.
“එහි තාත පියපුත්ත, පූරෙථ මම පාරමිං; හදයං මෙභිසිඤ්චෙථ, කරොථ වචනං මම.
දරුව පිය පුත්‍රය, එව මාගේ ප්‍රාර්ථනාව සම්පූර්ණ කරන්න. මාගේ ළය තෙත් කරන්න. මාගේ වචනය කරන්න.
“යානා නාවා ච මෙ හොථ, අචලා භවසාගරෙ; ජාතිපාරං තරිස්සාමි, සන්තාරෙස්සං සදෙවක”න්ති.
සංසාර සාගරයෙහි මට නිසල වූ ගමන් නැවක් වන්න. ජාති සාගරයෙහි පරතෙරට තරණය කරන්නෙමි. දෙවියන් සහිත ලෝවැසියනුදු තරණය කරවන්නෙමි.
කුමාරො පිතු වචනං සුත්වා “බ්රාහ්මණො මං යථාරුචි කරොතු, පිතරා සද්ධිං ද්වෙ කථා න කථෙස්සාමී”ති සීසං නීහරිත්වා පොක්ඛරපත්තානි වියූහිත්වා උදකා උත්තරිත්වා මහාසත්තස්ස දක්ඛිණපාදෙ නිපතිත්වා ගොප්ඵකසන්ධිං දළ්හං ගහෙත්වා පරොදි. අථ නං මහාසත්තො ආහ “තාත, භගිනී තෙ කුහි”න්ති. “තාත, ඉමෙ සත්තා නාම භයෙ උප්පන්නෙ අත්තානමෙව රක්ඛන්තී”ති. අථ මහාසත්තො “පුත්තෙහි මෙ කතිකා කතා භවිස්සතී”ති ඤත්වා “එහි අම්ම කණ්හෙ”ති පක්කොසන්තො ගාථාද්වයමාහ –
කුමාරයා පියාගේ හඬ අසා මෙසේ සිතීය. බ්‍රාහ්මණයා මට කැමැති දෙයක් කළාවේ. පියා සමග කථා දෙකක් නොකියන්නෙමියි හිස ඔසවා නෙලුම්කොළ බැහැර කර ජලයෙන් ගොඩ අවුත් මහාසත්ත්වයන්ගේ දකුණුපාදය ළඟ වැඳවැටී වළලුකරය තදින් අල්ලාගෙන හැඬුවේය. ඉක්බිති බෝධිසත්ත්වයෝ ඔහුට මෙසේ කීහ. දරුව, ඔබගේ නැගණිය කොහිද? දරුව මේ සත්ත්වයෝ බියක් ඇතිවූ විට තමන්ව රැකගනිති. ඉක්බිති මහාසත්ත්වයෝ මා විසින් දරුවන් සමග කතිකාවක් කළේ වන්නේයයි දැනගෙන එන්න නැගණිය කෘෂ්ණයැයි හඬ ගසා මේ ගාථා දෙක පැවසීය.
“එහි අම්ම පියධීති, පූරෙථ මම පාරමිං; හදයං මෙභිසිඤ්චෙථ, කරොථ වචනං මම.
දරුව, ප්‍රිය දියණියනි, මාගේ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න. මාගේ ළය තෙමන්න. මාගේ වචනය කරන්න.
“යානා නාවා ච මෙ හොථ, අචලා භවසාගරෙ; ජාතිපාරං තරිස්සාමි, උද්ධරිස්සං සදෙවක”න්ති.
සසර සයුරෙහි මට නිසල ගමන් නැව වන්න. ජාති සාගරයෙහි පරතෙරට යන්නෙමි. දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් නඟාලන්නෙමි.
සාපි “පිතරා සද්ධිං ද්වෙ කථා න කථෙස්සාමී”ති තථෙව උදකා උත්තරිත්වා මහාසත්තස්ස වාමපාදෙ නිපතිත්වා ගොප්ඵකසන්ධිං දළ්හං ගහෙත්වා පරොදි. තෙසං අස්සූනි මහාසත්තස්ස ඵුල්ලපදුමවණ්ණෙ පාදපිට්ඨෙ පතන්ති. තස්ස අස්සූනි තෙසං සුවණ්ණඵලකසදිසාය පිට්ඨියා පතන්ති. අථ මහාසත්තො කුමාරෙ උට්ඨාපෙත්වා අස්සාසෙත්වා “තාත, ජාලි කිං ත්වං මම දානවිත්තකභාවං න ජානාසි, අජ්ඣාසයං මෙ, තාත, මත්ථකං පාපෙහී”ති වත්වා ගොණෙ අග්ඝාපෙන්තො විය තත්ථෙව ඨිතො කුමාරෙ අග්ඝාපෙසි. සො කිර පුත්තං ආමන්තෙත්වා ආහ “තාත, ජාලි ත්වං භුජිස්සො හොතුකාමො බ්රාහ්මණස්ස නික්ඛසහස්සං දත්වා භුජිස්සො භවෙය්‍යාසි, භගිනී ඛො පන තෙ උත්තමරූපධරා, කොචි නීචජාතිකො බ්රාහ්මණස්ස කිඤ්චිදෙව ධනං දත්වා තව භගිනිං භුජිස්සං කත්වා ජාතිසම්භෙදං කරෙය්ය, අඤ්ඤත්රරඤ්ඤා සබ්බසතදායකො නාම නත්ථි, තස්මා භගිනී තෙ භුජිස්සා හොතුකාමා බ්රාහ්මණස්ස දාසසතං දාසීසතං හත්‍ථිසතං අස්සසතං උසභසතං නික්ඛසතන්ති එවං සබ්බසතානි දත්වා භුජිස්සා හොතූ”ති එවං කුමාරෙ අග්ඝාපෙත්වා සමස්සාසෙත්‍වා අස්සමපදං ගන්ත්වා කමණ්ඩලුනා උදකං ගහෙත්වා “එහි වත, භො බ්රාහ්මණා”ති ආමන්තෙත්වා සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස පච්චයො හොතූති පත්ථනං කත්වා උදකං පාතෙත්වා “අම්භො බ්‍රාහ්මණ, පුත්තෙහි මෙ සතගුණෙන සහස්සගුණෙන සතසහස්සගුණෙන සබ්බඤ්ඤුතඤ්ඤාණමෙව පියතර”න්ති පථවිං උන්නාදෙන්තො බ්රාහ්මණස්ස පියපුත්තදානං අදාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඕ තොමෝද පියා සමග කථා දෙකක් නොකරන්නෙමියි එසේම ගොඩ අවුත් මහාසත්ත්වයන්ගේ වම් පා ළඟ වැටී වළලුකරය තදින් අල්ලාගෙන හැඬුවාය. ඔවුන්ගේ කඳුළු මහාසත්ත්වයන්ගේ පිපුණු පියුමක් බඳු පාමත වැටේ. ඔහුගේ කඳුළු ඔවුන්ගේ රන්ඵලකයක් බඳු පිටට වැටේ. ඉක්බිති මහාසත්ත්වයෝ කුමාරයන් නැගිටුවා සනසා ජාලිය, කිම දරුව, ඔබ මාගේ දාන චේතනාව ගැන නොදන්නේද? මගේ බලාපොරොත්තුව මස්තකප්රාප්ත කරන්නැයි කියා ගොනුන් මිළ කරන්නා මෙන් එහිම සිටියේ දරුවන් මිළ කළේය. ඔහු වනාහි පුත්‍රයා අමතා මෙසේ කීය. දරුව ජාලිය, නුඹ දාසක මෙන් නිදහස් වනු කැමැත්තේ නම් බ්‍රාහ්මණයාට තික දහසක් දී නිදහස් වෙන්න. ඔබගේ නැගණිය වනාහි අතිශයින් රූමත්ය. කිසියම් පහත් ජන්ම ඇති කෙනෙක් බමුණාට කිසියම් මුදලක් දී ඔබගේ නැගණියව නිදහස්කරගෙන ජාතිභේදය කරන්නේය. අන්තැනක රජු විසින් සියල්ලෙන් සියය බැගින් දෙන කෙනෙක් නම් නැත. ඒ නිසා ඔබගේ නැගණිය දාසබවෙන් නිදහස් කරගනු කැමැත්තේ බ්‍රාහ්මණයාට දාසයන් සියයක්, දාසීන් සියයක්, ඇතුන් සියයක්, අශ්වයන් සියයක්, වෘෂභයන් සියයක් රන්මසු සියයක් යන ලෙස සියල්ල සියය බැගින් දී නිදහස් කරගන්න. මෙසේ දරුවන් මිළකර අස්වසා අසපුවට ගෙනගොස් කෙණ්ඩියකින් පැන් ගෙන, එම්බා බ්‍රාහ්මණය, මෙහි එවයි අමතා සර්වඥතා ඥානයට හේතු වේවායි ප්රාර්ථනාකොට පැන් වත්කර, එම්බා බ්‍රාහ්මණය, මට දරුවන්ට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින් ශතසහශ්ර ගුණයකින් සර්වඥතා ඥානයම ප්‍රිය වන්නේය කියා මහපොළව කම්පා කරවමින් බ්‍රාහ්මණයාට සිය දරුවන් දන් දුන්නේය. මේ කාරණය ගෙනහැර දක්වන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“තතො කුමාරෙ ආදාය, ජාලිං කණ්හාජිනං චුභො; බ්රාහ්මණස්ස අදා දානං, සිවීනං රට්ඨවඩ්ඪනො.
ඉක්බිති සිවිරට වඩන වෙසතුරු මහරජ ජාලිය, ක්‍රිෂ්ණජිනාවන් යන දරුවන් දෙදෙනාව අත්ගෙන බමුණාට දන් දුන්නේය.
“තතො කුමාරෙ ආදාය, ජාලිං කණ්හාජිනං චුභො; බ්රාහ්මණස්ස අදා විත්තො, පුත්තකෙ දානමුත්තමං.
ඉක්බිති ජාලිය, ක්‍රිෂ්ණජිනාවන් යන දරුවන් දෙදෙනාව ගෙන සතුටු සිත් ඇත්තේ දෙදරුවන්ව උතුම් දානයක් කොට බමුණාට දුන්නේය.
“තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං; යං කුමාරෙ පදින්නම්හි, මෙදනී සම්පකම්පථ.
යම්විටෙක දෙදරුවන් දුන්කල්හි මහපොළොව කම්පා වීද එකල්හි යම් බිහිසුණු බවෙක් වීද එකල්හි ලොමුදැහැ ගැන්මෙක් විය.
“තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං; යං පඤ්ජලිකතො රාජා, කුමාරෙ සුඛවච්ඡිතෙ; බ්රාහ්මණස්ස අදා දානං, සිවීනං රට්ඨවඩ්ඪනො”ති.
යම්කලෙක සිවිරට වඩන වෙසතුරු මහරජ කළ බඳැඳිලි ඇතිවැ සුවසේ විසූ දෙදරුවන් බමුණාට දන් දුන්නේද එදවස් යම් බිහිසුණු බවෙක් වීද එදවස් ලොමුදැහැගැන්මෙක් විය.
තත්ථ විත්තොති පීතිසොමනස්සජාතො හුත්වා. තදාසි යං භිංසනකන්ති තදා දානතෙජෙන උන්නදන්තී මහාපථවී චතුනහුතාධිකද්වියොජනසතසහස්සබහලා මත්තවාරණො විය ගජ්ජමානා කම්පි, සාගරො සඞ්ඛුභි. සිනෙරුපබ්බතරාජා සුසෙදිතවෙත්තඞ්කුරො විය ඔනමිත්වා වඞ්කපබ්බතාභිමුඛො අට්ඨාසි. සක්කො දෙවරාජා අප්ඵොටෙසි, මහාබ්රහ්මා සාධුකාරමදාසි. යාව බ්රහ්මලොකා එකකොලාහලං අහොසි. පථවිසද්දෙන දෙවො ගජ්ජන්තො ඛණිකවස්සං වස්සි, අකාලවිජ්ජුලතා නිච්ඡරිංසු. හිමවන්තවාසිනො සීහාදයො සකලහිමවන්තං එකනින්නාදං කරිංසූති එවරූපං භිංසනකං අහොසි. පාළියං පන “මෙදනී සම්පකම්පථා”ති එත්තකමෙව වුත්තං . යන්ති යදා. සුඛවච්ඡිතෙති සුඛවසිතෙ සුඛසංවඩ්ඪිතෙ. අදා දානන්ති අම්භො බ්‍රාහ්මණ, පුත්තෙහි මෙ සතගුණෙන සහස්සගුණෙන සතසහස්සගුණෙන සබ්බඤ්ඤුතඤ්ඤාණමෙව පියතරන්ති තස්සත්ථාය අදාසි.
එහි විත්තො යනු ප්‍රීති සොස් ඇතිව. තදාසියං භිංසනකං එකහි දාන තේජසින් නද දෙන්නා වූ මහාපොළොව කම්පා විය. සිනේරු පර්වතරාජයා නැමුනේය. සියළු දෙවියෝ සාධුකාර දුන්හ. බඹලොව තෙක් ඒකකෝළාහල විය. හදිසි වර්ෂාවක් වැස්සේය. අකල්හි විදුලිය නිකුත්විය. හිමවත් වැසි සිංහාදිහූ මුළු හිමවතම එකනින්නාද කළහ. මේ ආකාර බිහිසුණු බවක් විය. පෙළෙහි වනාහි මෙදිනී සමකම්පථා (පොළව කම්පා විය) යන්න පමණක් දක්වා ඇත. යං යම්විටක සුඛවච්ඡිතෙ සැපසේ වැඩුණු සුවසේ වාසය කළ සැපසේ පරිපාලනය කරන ලද අදාසි යනු එම්බා බ්‍රාහ්මණය! මට දරුවන්ට වඩා සියගුණයකින් දහස් ගුණයකින් ලක්ෂ ගුණයකින් සර්වඥතාඥානයම ප්‍රිය වන්නේය. ඒ සඳහා දුන්නේය.
මහාසත්තො දානං දත්වා “සුදින්නං වත මෙ දාන”න්ති පීතිං උප්පාදෙත්වා කුමාරෙ ඔලොකෙන්තොව අට්ඨාසි. ජූජකොපි වනගුම්බං පවිසිත්වා වල්ලිං දන්තෙහි ඡින්දිත්වා ආදාය කුමාරස්ස දක්ඛිණහත්ථං කුමාරිකාය වාමහත්ථෙන සද්ධිං එකතො බන්ධිත්වා තමෙව වල්ලිකොටිං ගහෙත්වා පොථයමානො පායාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මහාසත්ත්වයෝ දන් දී අහෝ! මා විසින් මනාකොට දන් දෙන ලදී යැයි සතුටු උපදවාගෙන දරුවන් දෙස බලමින් සිටියේය. ජූජකයා ද වනරොදට පිවිස වැලක් දතින් කඩාගෙන කුමාරයාගේ දකුණු අත කුමරියගේ වම් අතේ බැඳ එම වැල් කෙළවර අල්ලාගෙන තලමින් ගෙන ගියේය. මේ කාරණය දක්වන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
“තතො සො බ්රාහ්මණො ලුද්දො, ලතං දන්තෙහි ඡින්දිය; ලතාය හත්ථෙ බන්ධිත්වා, ලතාය අනුමජ්ජථ.
ඉක්බිති ඒ රුදුරු බමුණු වැලක් දතින් සිඳගෙන වෙසතුරු රජු බලාසිටියදී තළමින් දරුවන් ගෙන යයි.
“තතො සො රජ්ජුමාදාය, දණ්ඩඤ්චාදාය බ්රාහ්මණො; ආකොටයන්තො තෙ නෙති, සිවිරාජස්ස පෙක්ඛතො”ති.
තත්ථ සිවිරාජස්සාති වෙස්සන්තරස්ස.
[missing trans]
තෙසං පහටපහටට්ඨානෙ ඡවි ඡිජ්ජති, ලොහිතං පග්ඝරති. පහරණකාලෙ අඤ්ඤමඤ්ඤස්ස පිට්ඨිං දදන්ති. අථෙකස්මිං විසමට්ඨානෙ බ්රාහ්මණො පක්ඛලිත්වා පති. කුමාරානං මුදුහත්ථෙහි බද්ධවල්ලි ගළිත්වා ගතා. තෙ රොදමානා පලායිත්වා මහාසත්තස්ස සන්තිකං ආගමංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
එහිදී ඔවුන්ට පහර දුන් දුන් තැන්වල සම බිඳෙයි. ලේ වැගිරෙයි. පහරදෙන කල්හි ඔවුනොවුන් පිට දෙත්. ඉක්බිති එක් විෂම තැනක බමුණා පැකිළී වැටුනේය. කුමාරයන් ගේ මෘදු අත්වලින් තදවී තිබුණු වැල ගැලවී ගියේය. ඔහු හඬමින් පැනගොස් මහාසත්ත්වයන් සමීපයට ගියහ. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මේ වදාළ සේක.
“තතො කුමාරා පක්කාමුං, බ්රාහ්මණස්ස පමුඤ්චිය; අස්සුපුණ්ණෙහි නෙත්තෙහි, පිතරං සො උදික්ඛති.
ඉක්බිති දෙදරුවෝ බමුණු අතින් මිදී බෝසතුන් ළඟට පළාගියහ. කඳුළු පිරි ඇසින් ඒ ජාලිය කුමරා පියා දෙස බලයි.
“වෙධමස්සත්ථපත්තංව, පිතු පාදානි වන්දති; පිතු පාදානි වන්දිත්වා, ඉදං වචනමබ්රවි.
බෝපත් සෙයින් වෙවුලමින් පියාණන් වඳියි. පියාණන් පාවැඳ මෙවදන් කියයි.
“අම්මා ච තාත නික්ඛන්තා, ත්වඤ්ච නො තාත දස්සසි; යාව අම්මම්පි පස්සෙමු, අථ නො තාත දස්සසි.
පියාණනි, අම්මා ද පන්සලින් බැහැර නික්ම ගියාය. පියාණෙනි, තෙපි ද අපව බමුණාට දෙන්නහුය. යම්තාක් අම්මා ද දකින්නමෝ නම් එසඳ අපව දෙන්න.
“අම්මා ච තාත නික්ඛන්තා, ත්වඤ්ච නො තාත දස්සසි; මා නො ත්වං තාත අදදා, යාව අම්මාපි එතු නො; තදායං බ්රාහ්මණො කාමං, වික්කිණාතු හනාතු වා.
පියාණෙනි, අම්මා ද නික්ම ගියාය. ඔබද අපව බමුණා හට දෙන්නවුයැ. පියාණෙනි, ඔබ අපව දෙන්න එපා. යම්තාක් අපගේ මව්තොමෝ ඒ ද එසඳ මේ බමුණු රිසිසේ අපව විකුණවා. නැතහොත් මරාවා.
“බලඞ්කපාදො අන්ධනඛො, අථො ඔවද්ධපිණ්ඩිකො; දීඝුත්තරොට්ඨො චපලො, කළාරො භග්ගනාසකො.
මේ බමුණු බකල පා ඇත්තේය. කුණු නිය ඇත්තේය. තවද එල්ලා හැලෙන පිඩිමස් ඇත්තේය. දිගු උඩුතොල ඇත්තේය. මහතොලුය. නිකුත් දළ ඇතෙක්ය. බුන් නිසා ඇත්තේය.
“කුම්භොදරො භග්ගපිට්ඨි, අථො විසමචක්ඛුකො; ලොහමස්සු හරිතකෙසො, වලීනං තිලකාහතො.
පැළ බඳු උදර ඇත්තේය. බිඳුනු පිටකොඳු ඇත්තේය. තවද වමරැ සිය. තඹදැළි ඇතියේය. පිඟුවන් කෙරේ ඇතියේයැ. සම රැළි ඇතියේය. කළුතල කැලලි ඇතියේය.
“පිඞ්ගලො ච විනතො ච, විකටො ච බ්රහා ඛරො; අජිනානි ච සන්නද්ධො, අමනුස්සො භයානකො.
පිඟු ඇස් ඇතියේයැ. කටිය පිට කඳට වකැ. විසුළු පා ඇතියේය. මහ සිරුර ඇතියේයැ. අඳුන් දිවිසම් දරයි. යකකු වැන්න. බිය ගෙන දෙයි.
“මනුස්සො උදාහු යක්ඛො, මංසලොහිතභොජනො; ගාමා අරඤ්ඤමාගම්ම, ධනං තං තාත යාචති.
මිනිසෙක් දෝ හෝ නොහොත් මස් ලේ බුදිනා යකෙක් දෝ හෝයි සිතමි. ගමින් වලට අවුත් පුත්‍ර ධනය ඉල්වයි.
“නීයමානෙ පිසාචෙන, කිං නු තාත උදික්ඛසි; අස්මා නූන තෙ හදයං, ආයසං දළ්හබන්ධනං.
පියාණෙනි, මේ පිසාචයා විසින් ගෙනයනු ලබන අප කුමට උදාසීනව බලව. තොපගේ ළය ගල කළේයයි හඟිමි. යහතින් තරකොට බඳනා ලදැයි සිතමි.
“යො නො බද්ධෙ න ජානාසි, බ්රාහ්මණෙන ධනෙසිනා; අච්චායිකෙන ලුද්දෙන, යො නො ගාවොව සුම්භති.
යම්බඳු තෙපි ධනය සොයන ඉතා රුදුරු බමුණා විසින් බඳනා ලද අප නො දනුව. ඒ බමුණු අපට ගෙරින්ට මෙන් තළයි.
“ඉධෙව අච්ඡතං කණ්හා, න සා ජානාති කිස්මිඤ්චි; මිගීව ඛිරසම්මත්තා, යූථා හීනා පකන්දතී”ති.
කෘෂ්ණජින මෙහිමැ හිඳීවා. ඕ කිසි දුකක් නොදනී. කිරෙන් මත්වූ මුවරළින් ගිලිහුණු මුවංපල්ලක මෙන් හඬන්නීය.
තත්ථ උදික්ඛතීති සො පිතු සන්තිකං ගන්ත්වා කම්පමානො ඔලොකෙති. වෙධන්ති වෙධමානො. ත්වඤ්ච නො තාත, දස්සසීති ත්වඤ්ච අම්හෙ තාය අනාගතාය එව බ්රාහ්මණස්ස දදාසි, එවං මා කරි, අධිවාසෙහි ත්වං තාව. යාව අම්මං පස්සෙමු, අථ නො තාය දිට්ඨකාලෙ ත්වං පුන දස්සසි. වික්කිණාතු හනාතු වාති තාත, අම්මාය ආගතකාලෙ එස අම්හෙ වික්කිණාතු වා හනතු වා. යං ඉච්ඡති, තං කරොතු. අපිච ඛො පනෙස කක්ඛළො ඵරුසො, අට්ඨාරසහි පුරිසදොසෙහි සමන්නාගතොති අට්ඨාරස පුරිසදොසෙ කථෙසි.
එහි උදික්ඛතී යනු පියා සමීපයට ගොස් කම්පාවෙමින් බලයි. වෙධං කම්පාවෙමින්. ත්වඤ්චනො කාක දස්සසි දරුව, නුඹද අපව ඇය පැමිණෙන්නට කලින් බ්‍රාහ්මණයාට දෙන්නේය. එසේ නොකරන්න. මෑණියන් පැමිණෙන තෙක් ඉවසන්න. අපි ඇය දකිමු. පියාණෙනි, අම්මා දුටුවිට අපට දෙන්න. වික්කිණාතු හනාතුවා පියාණෙනි, මව පැමිණි කල්හි මොහු අපව විකුණාවා. නසාවා. යමක් කැමතිද එය කරනු ලැබේවා. තවද මොහු නපුරුය. ඵරුෂය. පුරුෂ දෝෂයන්ගෙන් යුක්තයැ කියා අටළොස් පුරුෂ දෝෂයන් කීවේය.
තත්ථ බලඞ්කපාදොති පත්ථටපාදො. අන්ධනඛොති පූතිනඛො. ඔවද්ධපිණ්ඩිකොති හෙට්ඨාගලිතපිණ්ඩිකමංසො. දීඝුත්තරොට්ඨොති මුඛං පිදහිත්වා ඨිතෙන දීඝෙන උත්තරොට්ඨෙන සමන්නාගතො. චපලොති පග්ඝරිතලාලො. කළාරොති සූකරදාඨාහි විය නික්ඛන්තදන්තෙහි සමන්නාගතො . භග්ගනාසකොති භග්ගාය විසමාය නාසාය සමන්නාගතො. ලොහමස්සූති තම්බලොහවණ්ණමස්සු. හරිතකෙසොති සුවණ්ණවණ්ණවිරූළ්හකෙසො. වලීනන්ති සරීරචම්මමස්ස වලිග්ගහිතං. තිලකාහතොති කාළතිලකෙහි පරිකිණ්ණො. පිඞ්ගලොති නිබ්බිද්ධපිඞ්ගලො බිළාරක්ඛිසදිසෙහි අක්ඛීහි සමන්නාගතො. විනතොති කටියං පිට්ඨියං ඛන්ධෙති තීසු ඨානෙසු වඞ්කො. විකටොති විකටපාදො. “අබද්ධසන්ධී”තිපි වුත්තං, “කටකටා”ති විරවන්තෙහි අට්ඨිසන්ධීහි සමන්නාගතො. බ්රහාති දීඝො. අමනුස්සොති න මනුස්සො, මනුස්සවෙසෙන විචරන්තොපි යක්ඛො එස. භයානකොති අතිවිය භිංසනකො.
එහි බලංකපාදො පළල් වූ පා ඇති අන්ධනඛො කිළිටි නිය ඇත්තේය යන අර්ථයි. ඔවද්ධ පිණ්ඩිකො පහතට කඩාවැටෙන මස්. දිඝුත්තරොට්ඨො මුඛය වසාගෙන සිටින්නා වූ උඩුතොලින් යුක්ත. චපලො කෙළ වැගිරෙන. කළාරො ඌරුදළ මෙන් පිටතට නෙරා ආ දත්වලින් යුක්ත. භග්ගනාසකො බුන් නාසයකින් යුක්ත වූ. ලොහමස්සු තඹවන් රැවුළ. හරිතකෙසා රන්වන් වූ වැඩුණු කෙස්. වලිනං රැළි ගැසුණු ඇඟෙහි හම. තිලකාහතො තල කැළැල් වලින් පිරීගිය. පිංගලො බළල් ඇස් වැනි ඇස්වලින් යුත්. විනතො තුනටිය, පිටකොන්ද යන තුන් තැනකින් වක් වූ. විකටො විකෘති පා ඇති. නොබැඳි හන්දිපත් යැයි කියන ලදී. කට, කට යන හඬක් නිකුත්වන ඇටසන්ධිවලින් යුක්ත. බ්රහා දිග් වූ. අමනුස්සො මිනිසෙක් නොවේ. මිනිස්වෙසින් හැසිරෙන්නේ නමුදු මොහු යක්ෂයෙකි. භයානකො අතිශයින් හිංසාකාරීය.
මනුස්සො උදාහු යක්ඛොති තාත, සචෙ කොචි ඉමං බ්රාහ්මණං දිස්වා එවං පුච්ඡෙය්ය “මනුස්සොයං බ්රාහ්මණො, උදාහු යක්ඛො”ති. “න මනුස්සො, අථ ඛො මංසලොහිතභොජනො යක්ඛො”ති වත්තුං යුත්තං. ධනං තං තාත යාචතීති තාත, එස අම්හාකං මංසං ඛාදිතුකාමො තුම්හෙ පුත්තධනං යාචති. උදික්ඛසීති අජ්ඣුපෙක්ඛසි. අස්මා නූන තෙ හදයන්ති තාත, මාතාපිතූනං හදයං නාම පුත්තෙසු මුදුකං හොති, පුත්තානං දුක්ඛං න සහති, ත්වං අජානන්තො විය අච්ඡසි, තව පන හදයං පාසාණො විය මඤ්ඤෙ, අථ වා ආයසං දළ්හබන්ධනං. තෙන අම්හාකං එවරූපෙ දුක්ඛෙ උප්පන්නෙ න රුජති.
මනුස්සො උදාහු යක්ඛො පියාණෙනි, ඉදින් මෙසේ කෙනෙක් අසන්නේය ඉක්බිති. මංස ලොහිතහොජනො (මස් ලේ අනුභවකරන) කිවයුතුයි. ධනං තං තාච යාචති පියාණෙනි, මොහු අපගේ මස් කනු කැමැතිව ඔබගෙන් පුත්‍ර ධනය ඉල්ලයි. උදික්ඛසි උදාසීන වන්නෙහිද? අස්මා හූත තෙ හදයං පියාණෙනි, මව්පියන්ගේ හදවත් නම් දරුවන් කෙරෙහි මෘදු වෙයි. දරුවන්ගේ දුක නොඉවසයි. ඔබගේ සිත ගලින් සෑදී ඇතැයි සිතමි. එසේ නැත්නම් ආයසං දළ්හබන්ධනං ලෝහයෙන් බඳනා ලද්දේ වන. ඒ නිසාවෙන් අපට මෙවන් දුකක් ඇති වූ කල්හි වේදනාවක් නොදැනේද?
න ජානාසීති අජානන්තො විය අච්ඡසි. අච්චායිකෙන ලුද්දෙනාති අතිවිය ලුද්දෙන පමාණාතික්කන්තෙන. යො නොති බ්රාහ්මණෙන නො අම්හෙ කනිට්ඨභාතිකෙ බද්ධෙ බන්ධිතෙ යො ත්වං න ජානාසි. සුම්භතීති පොථෙති. ඉධෙව අච්ඡතන්ති තාත, අයං කණ්හාජිනා කිඤ්චි දුක්ඛං න ජානාති. යථා නාම ඛීරසම්මත්තා මිගපොතිකා යූථා පරිහීනා මාතරං අපස්සන්තී ඛීරත්ථාය කන්දති, එවං අම්මං අපස්සන්තී කන්දිත්වා සුස්සිත්වා මරිස්සති, තස්මා මංයෙව බ්රාහ්මණස්ස දෙහි, අහං ගමිස්සාමි, අයං කණ්හාජිනා ඉධෙව හොතූති.
න ජානාසි නොදන්නාක් මෙන් සිටින්නෙහිය. අච්චායිකෙන ලුද්දෙන අතිශයින් නපුරු. යො නො බමුණා විසින් මාත් නැගණියත් එකට බැඳ සිටින බව ඔබ නොදන්නේද? සුම්භති තලයි. ඉධෙව අච්ඡතං පියාණෙනි, මේ කෘෂ්ණජිනාව කිසි දුකක් නොදනී. යම්සේ කිරි පිපාසයෙන් මුළා වූ මුවපෙල්ලක් රංචුවෙන් ඈත්වූවා මව නොදැක කිරි සඳහා හඬන්නී මෙසේ මව නොදකින්නී හඩා වැළැප මරණයට පත්වන්නීය. ඒ නිසාම පමණක් බමුණාට දෙන්න. මම යන්නෙමි. මේ කෘෂ්ණජිනාව මෙහිම සිටීවා.
එවං වුත්තෙපි මහාසත්තො න කිඤ්චි කථෙති. තතො කුමාරො මාතාපිතරො ආරබ්භ පරිදෙවන්තො ආහ –
මෙසේ කී කල්හි මහාසත්ත්වයෝ කිසිවක් නොපැවසූහ. ඉක්බිති කුමාරයා මව්පියන් පිළිබඳව වැළපෙමින් මෙසේ කීය.
“න මෙ ඉදං තථා දුක්ඛං, ලබ්භා හි පුමුනා ඉදං; යඤ්ච අම්මං න පස්සාමි, තං මෙ දුක්ඛතරං ඉතො.
මේ මට ලැබෙන දුක් දුක් නොවෙයි. මෙය පිරිමියකු විසින් ලැබිය යුතුමයි. යම්හෙයකින් අම්මා නොදකිම්ද ඒ දුක මට මෙයට වඩා දුක් ගෙන දෙයි.
“න මෙ ඉදං තථා දුක්ඛං, ලබ්භා හි පුමුනා ඉදං; යඤ්ච තාතං න පස්සාමි, තං මෙ දුක්ඛතරං ඉතො.
ලැබෙන දුක දුකක් නොවේ. මෙය පිරිමියකු විසින් ලැබිය යුතුමැයි. යම්හෙයකින් පියා නොදකිම්ද, ඒ දුක මට මෙයට වඩා දුක් දෙයි.
“සා නූන කපණා අම්මා, චිරරත්තාය රුච්ඡති; කණ්හාජිනං අපස්සන්තී, කුමාරිං චාරුදස්සනිං.
මනා දැකුම් ඇති කෘෂ්ණජිනා කුමරියව නොදක්නා ඒ අපේ බැගෑපත් බවට පත්වන මව්තොමෝ බොහෝකලක් වැළපෙන්නීය.
“සො නූන කපණො තාතො, චිරරත්තාය රුච්ඡති; කණ්හාජිනං අපස්සන්තො, කුමාරිං චාරුදස්සනිං.
සොඳුරු දැකුම් ඇති කෘෂ්ණජිනා කුමරිය නොදක්නා ඒ අපේ බැගෑපත් පියා බොහෝකල් වැලපෙතීයි සිතමි.
“සා නූන කපණා අම්මා, චිරං රුච්ඡති අස්සමෙ; කණ්හාජිනං අපස්සන්තී, කුමාරිං චාරුදස්සනිං.
සොඳුරු දැකුම් ඇති කෘෂ්ණජිනා කුමරිය නොදක්නා ඒ අපේ බැගෑපත් මව අසපුවෙහි හිඳ බොහෝකල් වැළපෙතියි සිතමි.
“සො නූන කපණො තාතො, චිරං රුච්ඡති අස්සමෙ; කණ්හාජිනං අපස්සන්තො, කුමාරිං චාරුදස්සනිං.
සොඳුරු දැකුම් ඇති කෘෂ්ණජිනා කුමරිය නොදක්නා ඒ අපේ බැගෑපත් පියා අසපුවෙහි හිඳ බොහෝ කල් වැලපෙතියි සිතමි.
“සා නූන කපණා අම්මා, චිරරත්තාය රුච්ඡති; අඩ්ඪරත්තෙ ව රත්තෙ වා, නදීව අවසුච්ඡති.
ඒ අපේ බැගෑපත් මව අඩරැයක් හෝ මුළුරැයක් අප සිහිකර බොහෝකල් වැලපෙතියි සිතමි. වැළප නදියක් මෙන් වියළෙතීයි සිතමි.
“සො නූන කපණො තාතො, චිරරත්තාය රුච්ඡති; අඩ්ඪරත්තෙ ව රත්තෙ වා, නදීව අවසුච්ඡති.
ඒ අපේ බැගෑපත් පියා අඩරැයක් හෝ මුළු රැයක් හෝ අප සිහිකර බොහෝකල් වැලපෙතියි සිතමි. වැලැපැ නදියක් මෙහි වියලෙතියි සිතමි.
“ඉමෙ තෙ ජම්බුකා රුක්ඛා, වෙදිසා සින්දුවාරකා; විවිධානි රුක්ඛජාතානි, තානි අජ්ජ ජහාමසෙ.
මේ අඹ වෘක්ෂයෝ, එළෙන අතු ඇති තික ගස්ය. නොයෙක් ආකාර ගස් ඇත. අද ඒ සියල්ල හැර පියා යන්නෙමු.
“අස්සත්ථා පනසා චෙමෙ, නිග්රොධා ච කපිත්ථනා; විවිධානි ඵලජාතානි, තානි අජ්ජ ජහාමසෙ.
මේ ඇසතු රුක්ය. පනාරුක්ය. නුගරුක්ය. හෙළකිඳි ඇසතු රුකය. නොයෙක් ආකාර ඵල දරන වෘක්ෂයෝය. ඒ සියල්ල හැරපියා යන්නෙමු.
“ඉමෙ තිට්ඨන්ති ආරාමා, අයං සීතූදකා නදී; යත්ථස්සු පුබ්බෙ කීළාම, තානි අජ්ජ ජහාමසෙ.
පෙරයම් තැනෙකැ හිඳ ක්‍රීඩා කළෝනම් මේ ඒ ආරාමයෝ වෙත්. සිහිල්දිය ඇති මේ හොයද තිබේ. ඒ හැම අද හැරපියා යන්නෙමු.
“විවිධානි පුප්ඵජාතානි, අස්මිං උපරිපබ්බතෙ; යානස්සු පුබ්බෙ ධාරෙම, තානි අජ්ජ ජහාමසෙ.
මේ ගල් මුදුන්වල ඇති නොයෙක් වර්ගයේ මල් පෙර පැළඳියෝ වෙමුද ඒ හැම අද හැරපියා යන්නෙමු.
“විවිධානි ඵලජාතානි, අස්මිං උපරිපබ්බතෙ; යානස්සු පුබ්බෙ භුඤ්ජාම, තානි අජ්ජ ජහාමසෙ.
මේ ගල් මුදුනෙහි නන්වැදෑරුම් පලජාති වේද ඒවා පෙර වළඳමෝද ඒ හැම අද හැරපියා යම්හ.
“ඉමෙ නො හත්ථිකා අස්සා, බලිබද්දා ච නො ඉමෙ; යෙහිස්සු පුබ්බෙ කීළාම, තානි අජ්ජ ජහාමසෙ”ති.
පෙර යමකින් ක්‍රීඩා කළෙමුද ඒ අපගේ ඇත්රූප, අශ්වරූප, ගවරූප ආදී හැම අද හැරපියා යම්හ.
තත්ථ පුමුනාති භවෙ විචරන්තෙන පුරිසෙන. ලබ්භාති ලභිතබ්බං. තං මෙ දුක්ඛතරං ඉතොති යං මෙ අම්මං පස්සිතුං අලභන්තස්ස දුක්ඛං, තං ඉතො පොථනදුක්ඛතො සතගුණෙන සහස්සගුණෙන සතසහස්සගුණෙන දුක්ඛතරං. රුච්ඡතීති රොදිස්සති. අඩ්ඪරත්තෙ ව රත්තෙ වාති අඩ්ඪරත්තෙ වා සකලරත්තෙ වා අම්හෙ සරිත්වා චිරං රොදිස්සති. අවසුච්ඡතීති අප්පොදකා කුන්නදී අවසුස්සති. යථා සා ඛිප්පමෙව සුස්සති, එවං අරුණෙ උග්ගච්ඡන්තෙයෙව සුස්සිත්වා මරිස්සතීති අධිප්පායෙනෙවමාහ. වෙදිසාති ඔලම්බනසාඛා. තානීති යෙසං නො මූලපුප්ඵඵලානි ගණ්හන්තෙහි චිරං කීළිතං, තානි අජ්ජ උභොපි මයං ජහාම. හත්ථිකාති තාතෙන අම්හාකං කීළනත්ථාය කතා හත්ථිකා.
මෙහි පුමුනා යනු මේ භවයෙහි හැසිරෙන මා වැනි පුරුෂයකු විසින්. ලබ්භා ලැබිය යුතුමය. තම්මෙ දුක්ඛතරං ඉතො මව දකින්නට නොලැබෙන මට යම්බඳු දුකක් ඇතිවේද එය පහරදීමෙන් ලබන වේදනාවට වඩා සියගුණයකින් දුක්ය. රුච්ඡති හඬන්නේය. අඩ්ඪරත්තෙව රත්තෙ වා අඩරැයක් හෝ මුළුරැයක් හෝ අප සිහිකර බොහෝ කල් හඬන්නේය. අවසුච්ඡති ජලය ස්වල්පයක් ඇති කුඩා නදියක් මෙන් වියළී යන්නේය. යම්සේ එය වහා වියළී යන්නේ ද, එපරිද්දෙන් අරුණ නැග එනවිටම වියළී මැරෙන්නේය යන අදහසින් කියන ලදී. වෙදිසා එල්බෙන අතු තානි යම්ගසක් මුල අපි ගෙඩිමල් ලබා ගත්තෙමුද බොහෝවේලා සෙල්ලම් කෙළෙමෝද අද අපි දෙදෙනාම ඒ සියල්ල අත්හැර දමමු. හත්ථිකා පියා විසින් අපට සෙල්ලම් කිරිම සඳහා සාදන ලද සෙල්ලම් අලි ඇතුන්.
තං එවං පරිදෙවමානමෙව සද්ධිං භගිනියා ජූජකො ආගන්ත්වා පොථෙන්තො ගහෙත්වා පක්කාමි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ නැගණිය සමග හඬාවැලපෙන්නහුව ජූජකයා අවුත් පහරදෙමින් රැගෙන ගියේය. මේ කාරණය දක්වන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“නීයමානා කුමාරා තෙ, පිතරං එතදබ්රවුං; අම්මං ආරොග්යං වජ්ජාසි, ත්වඤ්ච තාත සුඛී භව.
බමුණා විසින් ගෙන යනු ලබන ඒ කුමාරයා පියමහරජහට මේ තෙපුල් කීය. අප නීරෝගී බව අම්මාට කියන්න. පියාණෙනි, ඔබට සැපවේවා.
“ඉමෙ නො හත්ථිකා අස්සා, බලිබද්දා ච නො ඉමෙ; තානි අම්මාය දජ්ජෙසි, සොකං තෙහි විනෙස්සති.
මේ අපගේ සෙල්ලම් අලි, අශ්වයන්, හරකුන් ආදිය අම්මාට දෙන්න. එයින් පුත්රශෝක දුරුකර ගන්නීය.
“ඉමෙ නො හත්ථිකා අස්සා, බලිබද්දා ච නො ඉමෙ; තානි අම්මා උදික්ඛන්තී, සොකං පටිවිනෙස්සතී”ති.
අපගේ සෙල්ලම් අලි, සෙල්ලම් අශ්වයන්, සෙල්ලම් හරකුන් ආදිය අම්මාට දෙන්න. අම්මා ඒවා පුනපුනා බලන්නීය. එයින් ශෝකය දුරුකරන්නීය.
තදා බොධිසත්තස්ස පුත්තෙ ආරබ්භ බලවසොකො උප්පජ්ජි, හදයමංසං උණ්හං අහොසි. සො කෙසරසීහෙන ගහිතමත්තවාරණො විය රාහුමුඛං පවිට්ඨචන්දො විය ච කම්පමානො සකභාවෙන සණ්ඨාතුං අසක්කොන්තො අස්සුපුණ්ණෙහි නෙත්තෙහි පණ්ණසාලං පවිසිත්වා කලුනං පරිදෙවි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
දරුවන් අරභයා මහාසත්ත්වයන්ට බලවත් ශෝකයක් උපන්නේය. හෘදයමාංශය රත්විය. කේශර සිංහයකු විසින් අල්ලාගත් මත්ඇතකු මෙන් රාහු ගිලගත් චන්ද්‍රයා මෙන් කම්පා වෙමින් ස්වභාවික ලෙස සිටින්නට අපොහොසත් වූයේ කඳුළු පිරි දෙනෙතින් පන්සලට පිවිස වේදනාවෙන් හැඬුවේය. මේ කාරණය දක්වන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;
“තතො වෙස්සන්තරො රාජා, දානං දත්වාන ඛත්තියො; පණ්ණසාලං පවිසිත්වා, කලුනං පරිදෙවයී”ති.
ක්ෂත්රිය වූ ඒ වෙස්සන්තර රජු දරුවන් දන් දී ඉක්බිති දරුවන් හඬන හඬ අසා පන්සලට පිවිස බැගෑපත්ව වැලපුණේය.
තතො පරා මහාසත්තස්ස විලාපගාථා හොන්ති –
මෙයින් පසුව මහාසත්ත්වයන්ගේ විලාප ගාථාවෝ වෙත්;
“කං න්වජ්ජ ඡාතා තසිතා, උපරුච්ඡන්ති දාරකා; සායං සංවෙසනාකාලෙ, කො නෙ දස්සති භොජනං.
මාගේ දරුවෝ සාපිපාසා ඇතිව අද කාටනම් හඬා කියත්ද? සවස ආහාර ගන්නා වේලෙහි කවරෙක් ඔවුනට බොජුන් දෙත්ද?
“කං න්වජ්ජ ඡාතා තසිතා, උපරුච්ඡන්ති දාරකා; සායං සංවෙසනාකාලෙ, ‘අම්මා ඡාතම්හ දෙථ නො’.
මාගේ දරුවෝ සාපිපාසා ඇතිව අද කාහට හඬා කියත්ද? සවස ආහාර ගන්නා වේලෙහි මෑණියෙනි, බඩගිනියි. අපට ආහාර දෙන්න කියා අද කාහට කියන්නහුද?
“කථං නු පථං ගච්ඡන්ති, පත්තිකා අනුපාහනා; සන්තා සූනෙහි පාදෙහි, කො නෙ හත්ථෙ ගහෙස්සති.
පා ගමනින් යන පාවහන් නැති මාගේ නොදරුවෝ ගමනේදී මිරිකුනාහු ඉදිමුණු පයින් සැටයොදුන් මග කෙසේනම් යෙද්ද? ඔවුන්ගේ විඩාහැරීමට කවරෙක් ඔවුන් අතට ගනිත්ද?
“කථං නු සො න ලජ්ජෙය්ය, සම්මුඛා පහරං මම; අදූසකානං පුත්තානං, අලජ්ජී වත බ්රාහ්මණො.
මාගේ නිදොස් දරුවනට මා හමුවේදී පහර දෙන ඒ බමුණා කෙසේ නම් ලජ්ජා නොවන්නේද? ඒ බමුණාට ලජ්ජා නැත්තේමය.
“යොපි මෙ දාසිදාසස්ස, අඤ්ඤො වා පන පෙසියො; තස්සාපි සුවිහීනස්ස, කො ලජ්ජී පහරිස්සති.
යමෙක් වනාහි මාගේ දාසියකගේ දාසයෙක් වීද නැතහොත් අන් මෙහෙකරුවෙක් හෝ වීද ඕහට ද වඩා හීනතරයෙක් වීද ඕහට පවා ලජ්ජා ඇති කවරෙක් පහර දෙන්නේද?
“වාරිජස්සෙව මෙ සතො, බද්ධස්ස කුමිනාමුඛෙ; අක්කොසති පහරති, පියෙ පුත්තෙ අපස්සතො”ති.
කෙමිනෙහි බැඳුණු මසකු මෙන් මා බලාසිටියදීම මාගේ ආදරණීය දරුවන්ට ආක්‍රෝශ කරයි. පහරදෙයි.
තත්ථ කං න්වජ්ජාති කං නු අජ්ජ. උපරුච්ඡන්තීති සට්ඨියොජනමග්ගං ගන්ත්වා උපරොදිස්සන්ති. සංවෙසනාකාලෙති මහාජනස්ස පරිවෙසනාකාලෙ. කොනෙ දස්සතීති කො නෙසං භොජනං දස්සති. කථං නු පථං ගච්ඡන්තීති කථං නු සට්ඨියොජනමග්ගං ගමිස්සන්ති. පත්තිකාති හත්ථියානාදීහි විරහිතා. අනුපාහනාති උපාහනමත්තෙනපි වියුත්තා සුඛුමාලපාදා. ගහෙස්සතීති කිලමථවිනොදනත්ථාය කො ගණ්හිස්සති. දාසිදාසස්සාති දාසියා දාසො අස්ස. අඤ්ඤො වා පන පෙසියොති තස්සපි දාසො, තස්සපි දාසොති එවං දාසපතිදාසපරම්පරාය “යො මය්හං චතුත්ථො පෙසියො පෙසනකාරකො අස්ස, තස්ස එවං සුවිහීනස්සපි අයං වෙස්සන්තරස්ස දාසපතිදාසො”ති ඤත්වා. කො ලජ්ජීති කො ලජ්ජාසම්පන්නො පහරෙය්ය, යුත්තං නු ඛො තස්ස නිල්ලජ්ජස්ස මම පුත්තෙ පහරිතුන්ති. වාරිජස්සෙවාති කුමිනාමුඛෙ බද්ධස්ස මච්ඡස්සෙව සතො මම. අපස්සතොති අ-කාරො නිපාතමත්තො, පස්සන්තස්සෙව පියපුත්තෙ අක්කොසති චෙව පහරති ච, අහො වත දාරුණොති.
එහි කං ත්වජ්ජ අද කවරෙක් නම් සැටයොදුන් මග ගොස් හඬන්නාහ. සංවෙසනාකාලෙ මහජනයා අහරගන්නා වේලාවේ. කොනෙ දස්සති කවරෙක් ඔවුන්ට ආහාර දෙන්නේ ද? කථංනුපථං ගච්ඡන්ති කෙසේනම් සැටයොදුන් මග යන්නේද පත්තිකා ඇත්වාහන ආදිය නැතිව. අනුපාහතා පාවහන්වත් නැතිව සියුම් පා ඇති ගහෙස්සති වෙහෙස නිවීම සඳහා කවරෙක් ගන්නේද දාසිදසස්ස ඔහුට දාසි දාසයන් වේ. අඤ්ඤොවා පන පෙසසි යො දාසයන් යයි මෙසේ පරපුරෙන් යමෙක් මට සතරවන මෙහෙකරුවෙක් එවන්නෙක් වේද ඔහුට මෙසේ සුවිහීනස්ස මේ වෙස්සන්තරයේ දාසපතියාගේ දාසයෙක් දැනගෙන. කොලජ්ජි පහරිස්සති ලජ්ජාවෙන් යුක්ත වූයේ කවරෙක් නම් පහරදෙන්නේද? නිර්ලජ්ජි වූ ඔහු මගේ දරුවන්ට පහරදීම සුදුසුද? වාරිජස්සෙව කෙමනෙහි බැඳුනා වූ මත්ස්‍යයකු බඳු මා බලා සිටියදීම අපස්සතාතො ‘අ’ කාරය නිපාත මාත්‍රයකි. බලාසිටියදීම ප්‍රිය දරුවන්ට ආක්‍රෝශ කරයි. නින්දා කරයි. අනේ කොතරම් දරුණුද?
අථස්ස කුමාරෙසු සිනෙහෙන එවං පරිවිතක්කො උදපාදි “අයං බ්රාහ්මණො මම පුත්තෙ අතිවිය විහෙඨෙති, සොකං සන්ධාරෙතුං න සක්කොමි, බ්රාහ්මණං අනුබන්‍ධිත්‍වා ජීවිතක්ඛයං පාපෙත්වා ආනෙස්සාමි තෙ කුමාරෙ”ති . තතො “අට්ඨානමෙතං කුමාරානං පීළනං අතිදුක්ඛන්ති දානං දත්වා පච්ඡානුතප්පං නාම සතං ධම්මො න හොතී”ති චින්තෙසි. තදත්ථජොතනා ඉමා ද්වෙ පරිවිතක්කගාථා නාම හොන්ති –
මෙසේ මහාසත්ත්වයන්ට දරුවන් පිළිබඳව මෙසේ ආදරයෙන් සිතෙහි තර්ක විතර්ක ඇතිවිය. මේ බ්‍රාහ්මණයා මාගේ දරුවන්ව අතිශයින් වෙහෙසට පත්කරයි. බ්‍රාහ්මණයාව ලුහුබැඳ ගොස් දිවිතොරකොට ඒ කුමාරවරුන් ගෙන එන්නෙමි. ඉක්බිති සුදුසු වූවක් නොවේ. කුමාරවරුන් හිංසා කිරීම අතිශයින් දුකකි. මෙසේ දන් දී පසුතැවිලි වීම සත්පුරුෂයන්ගේ ස්වභාවය නොවේයැයි සිතුවේය. මේ කාරණය පැහැදිලි කිරීම සඳහා මේ ගාථා දෙක රජුගේ පරිවිතර්ක ගාථා නම් වේ.
“අදු චාපං ගහෙත්වාන, ඛග්ගං බන්ධිය වාමතො; ආනෙස්සාමි සකෙ පුත්තෙ, පුත්තානඤ්හි වධො දුඛො.
වැළිත් වම්ද සරුවේ කඩුව ගෙන වැඳගෙන දුන්න ද රැගෙන ඔහු පසුපස ගොස් තමන්ගේ දරුවන් ගෙන එම්දෝ දරුවන්ට දෙන වධහිංසා දුකකි.
“අට්ඨානමෙතං දුක්ඛරූපං, යං කුමාරා විහඤ්ඤරෙ; සතඤ්ච ධම්මමඤ්ඤාය, කො දත්වා අනුතප්පතී”ති.
යම්හෙයකින් දරුවෝ වෙහෙසෙත්ද ඒ වෙහෙස මට ඒකාන්තයෙන් දුක් ගෙනදෙන සුළුය. තවද පෙර බෝසතුන්ගේ ප්රවේණී ධර්මය දැන කවරෙක් නම් දන් දී පසුතැවේ ද?
තත්ථ සතන්ති පුබ්බබොධිසත්තානං පවෙණිධම්මං.
එහි සතං පෙර බෝසත්ත්වරුන්ගේ ප්රවේණි ධර්මය.
සො කිර තස්මිං ඛණෙ බොධිසත්තානං පවෙණිං අනුස්සරි. තතො “සබ්බබොධිසත්තානං ධනපරිච්චාගං , අඞ්ගපරිච්චාගං , පුත්තපරිච්චාගං, භරියපරිච්චාගං, ජීවිතපරිච්චාගන්ති ඉමෙ පඤ්ච මහාපරිච්චාගෙ අපරිච්චජිත්වා බුද්ධභූතපුබ්බො නාම නත්ථි. අහම්පි තෙසං අබ්භන්තරො හොමි, මයාපි පියපුත්තධීතරො අදත්වා න සක්කා බුද්ධෙන භවිතු”න්ති චින්තෙත්වා “කිං ත්වං වෙස්සන්තර පරෙසං දාසත්ථාය දින්නපුත්තානං දුක්ඛභාවං න ජානාසි, යෙන බ්රාහ්මණං අනුබන්‍ධිත්‍වා ජීවිතක්ඛයං පාපෙස්සාමීති සඤ්ඤං උප්පාදෙසි, දානං දත්වා පච්ඡානුතප්පො නාම තව නානුරූපො”ති එවං අත්තානං පරිභාසිත්වා “සචෙපි එසො කුමාරෙ මාරෙස්සති, දින්නකාලතො පට්ඨාය මම න කිඤ්චි හොතී”ති දළ්හසමාදානං අධිට්ඨාය පණ්ණසාලතො නික්ඛමිත්වා පණ්ණසාලද්වාරෙ පාසාණඵලකෙ කඤ්චනපටිමා විය නිසීදි. ජූජකොපි බොධිසත්තස්ස සම්මුඛෙ කුමාරෙ පොථෙත්වා නෙති. තතො කුමාරො විලපන්තො ආහ –
ඔහු වනාහි ඒ මොහොතේ බෝධිසත්ත්වයන්ගේ පරම්පරා ධර්මය සිහිපත් කළේය. ඉක්බිති සියළු බෝසතුන්ගේ ධන පරිත්‍යාගයත් අංගපරිත්යගයත් ජීවිත පරිත්‍යාගයත් දරුවන් පරිත්‍යාගයත්, බිරිඳ පරිත්‍යාගයත් යන මේ මහා පරිත්‍යාග පස කඩකර බුදු වූ කෙනෙක් නම් නැත. මම ද ඒ කොටසට අයත් වෙමි. මා විසින්ද දූදරුවන් දන් නොදී බුදුවන්නට නොහැකැයි සිතා, කිම! වෙස්සන්තර, නුඹ අනුන්ට දාස පිණිස දුන් දරුවන්ගේ දුක්බව නොදන්නෙහිද? යම් හෙයකින් ලුහුබැඳ ගොස් ඔහුව මරා දමන්නෙමියි අදහසක් ඇතිකර ගත්තෙහිද? දනක් දී පසුතැවිලි වීම නම් නුඹට නුසුදුසු දෙයකි. මෙසේ තමන්ටම නින්දා කරගෙන ඉදින් ඔහු දරුවන් මරන්නේද දෙන ලද කාලයේ පටන් මට කිසිවක් නොවේවායි. මෙසේ දැඩි ලෙස අධිෂ්ඨා කරගෙන පන්සලින් නික්ම පන්සල්දොර අසල ගල්තලාවේ රන් පිළිමයක් මෙන් සිටියේය. ජූජකයාද කුමාරයන්ට බැටදෙමින් ගෙන ගියේය. ඉක්බිති කුමාරයා වැළපෙමින් මෙසේ කීය;
“සච්චං කිරෙවමාහංසු, නරා එකච්චියා ඉධ; යස්ස නත්ථි සකා මාතා, යථා නත්ථි තථෙව සො.
මේ ලෝකයෙහි ඇතැම් මිනිස් කෙනෙක් යමක්හු අබියසැ සිය මව යම්සේ නැද්ද ඔහු ද නැතැයි සැබෑවක්ම කීහ.
“එහි කණ්හෙ මරිස්සාම, නත්ථත්ථො ජීවිතෙන නො; දින්නම්හාති ජනින්දෙන, බ්රාහ්මණස්ස ධනෙසිනො; අච්චායිකස්ස ලුද්දස්ස, යො නො ගාවොව සුම්භති.
කෘෂ්ණජිනාවෙනි. ධනය සොයන ඉතා රෞද්‍ර බමුණාට පියරජ විසින් අපි දෙනු ලදුම්හ. එන්න මියම්හ. යමෙක් ගවයන්ට මෙන් අපට පහර දේද, ඔහු ළඟ අපට ජීවිතයෙන් වැඩක් නැත.
“ඉමෙ තෙ ජම්බුකා රුක්ඛා, වෙදිසා සින්දුවාරකා; විවිධානි රුක්ඛජාතානි, තානි කණ්හෙ ජහාමසෙ.
මේ දඹරුක්හි එලෙන අතු ඇති නිකගස්යැ. නන්වැදෑරුම් ගස්ය. ඒ හැම අද හැරපියා යම්හ.
“අස්සත්ථා පනසා චෙමෙ, නිග්රොධා ච කපිත්ථනා; විවිධානි ඵලජාතානි, තානි කණ්හෙ ජහාමසෙ.
මේ ඇසතු ගස්ය. පනා ගස්ය. නුගගස්ය. හෙළකිඳි ඇසතු ගස්ය. නන් වැදෑරුම් පල රුක්ය. ඒ හැම අද හැරපියා යම්හ.
“ඉමෙ තිට්ඨන්ති ආරාමා, අයං සීතූදකා නදී; යත්ථස්සු පුබ්බෙ කීළාම, තානි කණ්හෙ ජහාමසෙ.
පෙර යම්තැනක හිඳ ක්‍රීඩා කළමෝද, ඒ මේ ආරාමයෝ පවතිත්. සිහිල් දිය ඇති මේ හොයද තිබේ. ඒ හැම අද හැරපියා යම්හ.
“විවිධානි පුප්ඵජාතානි, අස්මිං උපරිපබ්බතෙ; යානස්සු පුබ්බෙ ධාරෙම, තානි කණ්හෙ ජහාමසෙ.
මේ ගල් මුදුනෙහි නන්වැදෑරුම් යම් මල්ජාතින් පෙර අප පැළඳුමෝද ඒ හැම අද හැරපියා යමු.
“විවිධානි ඵලජාතානි, අස්මිං උපරිපබ්බතෙ; යානස්සු පුබ්බෙ භුඤ්ජාම, තානි කණ්හෙ ජහාමසෙ.
මේ ගල්මුදුනෙහි ඇති යම් ඵල ජාතීන් පෙර වැළඳුමෝද ඒ හැම අද හැරපියා යන්නෙමු.
“ඉමෙ නො හත්ථිකා අස්සා, බලිබද්දා ච නො ඉමෙ; යෙහිස්සු පුබ්බෙ කීළාම, තානි කණ්හෙ ජහාමසෙ”ති.
පෙර යමකින් ක්‍රීඩා කෙළියමෝද මොහු ඒ අපගේ ඇත්පෙතලි රුපය අස්පෙතලි රූපය මොහු අපගේ ගොන් පෙතලි රූපයන්ය ඒ හැම අද හැරපියා යම්හ.
තත්ථ යස්සාති යස්ස සන්තිකෙ සකා මාතා නත්ථි. පිතා අත්ථි, යථා නත්ථියෙව.
එහි යස්ස යමකු සමීපයෙහි තම මව නැතිද. [missing trans]
පුන බ්රාහ්මණො එකස්මිං විසමට්ඨානෙ පක්ඛලිත්වා පති. තෙසං හත්ථතො බන්ධනවල්ලි මුච්චිත්වා ගතා. තෙ පහටකුක්කුටා විය කම්පන්තා පලායිත්වා එකවෙගෙනෙව පිතු සන්තිකං ආගමිංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
නැවත බ්‍රාහ්මණයා එක් විෂම තැනක පැකිලී වැටුනේය. ඔවුන්ගේ අත්වලින් බැමි ගැලවී ගියේය. ඔව්හු පහරදෙන ලද කුකුළන් මෙන් කම්පාවෙමින් පලාගොස් එකවේගයෙන්ම පියා සමීපයට ආවාහ. මේ කාරණය දක්වන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;
“නීයමානා කුමාරා තෙ, බ්රාහ්මණස්ස පමුඤ්චිය; තෙන තෙන පධාවිංසු, ජාලී කණ්හාජිනා චුභො”ති.
බැඳගෙන යනු ලබන ඒ ජාලිය කෘෂ්ණජිනා දෙකුමාරයෝ බමුණා අතින් මිදී ඒ ඒ තන්හි දිවගියහ.
තත්ථ තෙන තෙනාති තෙන මුත්තඛණෙන යෙන දිසාභාගෙන තෙසං පිතා අත්ථි, තෙන පධාවිංසු, පධාවිත්වා පිතු සන්තිකඤ්ඤෙව ආගමිංසූති අත්ථො.
එහි තෙන තෙන යනු ඔහුගෙන් මිදුණු කෙණෙහිම යම්පැත්තක පියා සිටීද, එහි දුවගියාහ. දුවගොස් පියාගේ සමීපයටම ගියහ යන අර්ථයි.
ජූජකො වෙගෙනුට්ඨාය වල්ලිදණ්ඩහත්ථො කප්පුට්ඨානග්ගි විය අවත්ථරන්තො ආගන්ත්වා “අතිවිය පලායිතුං ඡෙකා තුම්හෙ”ති හත්ථෙ බන්ධිත්වා පුන නෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ජූජකයා වේගයෙන් නැගිට දණ්ඩක් ගත් අත් ඇත්තේ කල්ප විනාශයේ නැගි ගින්නක් මෙන් ගුගුරමින් අවුත් නුඹලා පැනයන්ට දක්ෂයයි කියා අත්බැඳ නැවත ගෙන ගියේය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ වදාළහ;
“තතො සො රජ්ජුමාදාය, දණ්ඩඤ්චාදාය බ්රාහ්මණො; ආකොටයන්තො තෙ නෙති, සිවිරාජස්ස පෙක්ඛතො”ති.
[missing trans]
එවං නීයමානෙසු කණ්හාජිනා නිවත්තිත්වා ඔලොකෙන්තී පිතරා සද්ධිං සල්ලපි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
[missing trans]
“තං තං කණ්හාජිනාවොච, අයං මං තාත බ්රාහ්මණො; ලට්ඨියා පටිකොටෙති, ඝරෙ ජාතංව දාසියං.
කෘෂ්ණජිනා ඒ පියරජහට මේ තෙපුල් කීය. පියාණෙනි, මේ බමුණ. තමාගේ ගෙයි උපන් දාසියකට මෙන් වැල්කොනින් පහරදෙයි.
“න චායං බ්රාහ්මණො තාත, ධම්මිකා හොන්ති බ්රාහ්මණා; යක්ඛො බ්රාහ්මණවණ්ණෙන, ඛාදිතුං තාත නෙති නො; නීයමානෙ පිසාචෙන, කිං නු තාත උදික්ඛසී”ති.
පියාණෙනි, මේ බමුණෙක් නොවෙයි. බමුණෝ දැහැමි වෙති. පියාණෙනි, යමෙක් බමුණු වෙසින් අප කන්නට ගෙන යයි. පියාණෙනි, යකකු විසින් ගෙනයනු ලබන කල්හි කුමට උපේක්ෂාවෙන් බලන්නහුද?
තත්ථ තන්ති තං පස්සමානං නිසින්නං පිතරං සිවිරාජානං. දාසියන්ති දාසිකං. ඛාදිතුන්ති ඛාදනත්ථාය අයං නො ගිරිද්වාරං අසම්පත්තෙයෙව උභොහි චක්ඛූහි රත්තලොහිතබින්දුං පග්ඝරන්තෙහි ඛාදිස්සාමීති නෙති, ත්වඤ්ච ඛාදිතුං වා පචිතුං වා නීයමානෙ කිං අම්හෙ උදික්ඛසි, සබ්බදා සුඛිතො හොහීති පරිදෙවි.
එහි තං ඒ බලාගෙන සිටින්නා වූ පියමහ රජ වූ සිවි රජුව. දාසියං දාසියක. ඛාදිතුං මොහු අපව අනුභව කරන්නට ගිරිදොරට නොපැමිණි කල්හිම දෑසින් රතු ලේ බිඳු වගුරුවමින් කන්නෙමුයි ගෙන යයි. කන්නට හෝ පිසින්නට හෝ ගෙනයනු ලබන කල්හි අප දෙස බලන්නේ ඇයි. ඔබ සැමදා සුවසේ සිටින්න.
දහරකුමාරිකාය විලපන්තියා කම්පමානාය ගච්ඡන්තියා මහාසත්තස්ස බලවසොකො උප්පජ්ජි, හදයවත්ථු උණ්හං අහොසි. නාසිකාය අප්පහොන්තියා මුඛෙන උණ්හෙ අස්සාසපස්සාසෙ විස්සජ්ජෙසි. අස්සූනි ලොහිතබින්දූනි හුත්වා නෙත්තෙහි නික්ඛමිංසු. සො “ඉදං එවරූපං දුක්ඛං සිනෙහදොසෙන ජාතං, න අඤ්ඤෙන කාරණෙන. සිනෙහං අකත්වා මජ්ඣත්තෙනෙව භවිතබ්බ”න්ති තථාරූපං සොකං අත්තනො ඤාණබලෙන විනොදෙත්වා පකතිනිසින්නාකාරෙනෙව නිසීදි. ගිරිද්වාරං අසම්පත්තායෙව කුමාරිකා විලපන්තී අගමාසි.
ලාබාල කුමරිය වැලපෙමින් කම්පා වෙමින් යන කල්හි මහාසත්ත්වයන්ට බලවත් ශෝකයක් උපන්නේය. හදවත උණුසුම් විය. නාසයෙන් නොසෑහෙන බැවින් මුඛයෙන් උණුසුම් ආශ්වාස ප්‍රශ්වාස පිටකළේය. කඳුළු ලේ බිඳු වී නේත්‍රයන්ගෙන් නික්මින. හෙතෙම මේ මෙබඳු වූ දුකක් සෙනෙහසේ දෝෂයෙන්ම උපදී. වෙන කරුණක් නිසා නොවේ. සෙනෙහ නොකොට මා මධ්‍යස්ථ විය යුතුයැයි. එබඳු වූ ශෝක හුලක්. තමන්ගේ ඤාණබලයෙන් බැහැර කරගෙන ස්වාභාවික ස්වභාවයෙන්ම හුන්නේය.
“ඉමෙ නො පාදකා දුක්ඛා, දීඝො චද්ධා සුදුග්ගමො; නීචෙ චොලම්බතෙ සූරියො, බ්රාහ්මණො ච ධාරෙති නො.
ගිරිදොරටුවට නොපත් කල්හිම කුමරිය වැළපෙමින් ගියාය. අපේ මේ කුඩා පතුල් රිදෙයි. මාර්ගයද දුරය. දුෂ්කරයි. හිරුද පහතින් එල්බෙයි. (බැස යයි) මේ බමුණ, අප ඉක්මන් කරවයි.
“ඔකන්දාමසෙ භූතානි, පබ්බතානි වනානි ච; සරස්ස සිරසා වන්දාම, සුපතිත්ථෙ ච ආපකෙ.
පර්වතයෙහි උපන් දෙවියන්ට ද වනයෙහි උපන් දෙවියන්ට ද යටහත්වැ හඬගා යදිමු. මේ විල්වලට අරක්ගත් දෙවියන්ද හිස් මුදුනින් වඳුම්හ. සුන්දර වූ තොටුපලවල් ඇති නදියෙහි උපන් දෙවියන්ද වඳුම්හ.
“තිණලතානි ඔසධ්යො, පබ්බතානි වනානි ච; අම්මං ආරොග්යං වජ්ජාථ, අයං නො නෙති බ්රාහ්මණො.
තෘණ දෙවියනි, ලිය දෙවියනි, ඖෂධීය දෙවියනි, ගිරි දෙවියනි, වන දෙවියනි, අම්මාට අප නීරෝග බව කියන්න. මේ බමුණු අප මරමින් ගෙන යයි.
“වජ්ජන්තු භොන්තො අම්මඤ්ච, මද්දිං අස්මාක මාතරං; සචෙ අනුපතිතුකාමාසි, ඛිප්පං අනුපතියාසි නො.
භවත්නි, ඉදින් අප ලුහුබඳිනු කැමැතිනම් වහා අප අනුව වහා එන්න. අප මෑණියන් මද්‍රි දේවීන්ට කියන්න.
“අයං එකපදී එති, උජුං ගච්ඡති අස්සමං; තමෙවානුපතෙය්යාසි, අපි පස්සෙසි නෙ ලහුං.
ම් අඩිපාර අප කරා එයි. ඍජුව අසපුවට යෙයි. ඒ මාර්ගයෙන්ම එන්න ඔවුන් වහා දකින්නට ඇත්නම් යෙහෙකැයි කියව.
“අහො වත රෙ ජටිනී, වනමූලඵලහාරිකෙ; සුඤ්ඤං දිස්වාන අස්සමං, තං තෙ දුක්ඛං භවිස්සති.
අහෝ විපතකි. දළමඬුලු ඇත්තිය. වනමුල්ඵල ගෙනෙන්නිය, අප නැති හිස් අසපුව දැක ඒ ඔබට දුක් වන්නේය.
“අතිවෙලං නු අම්මාය, උඤ්ඡා ලද්ධො අනප්පකො; යා නො බද්ධෙ න ජානාසි, බ්රාහ්මණෙන ධනෙසිනා.
යමෙක් අපට ගවයන්ට සේ බැටදෙමින් ගෙනයාද ඒ ඉතා රුදුරු ධනය සොයන බමුණා විසින් බඳනා ලද අපගේ තොරතුරු යම් මවක් නොදනී ද ඒ මව විසින් වේලාව ඉක්මවා බොහෝ අල පලාඵල ලබන ලද්දේය. අලමුල් පලවැල නෙළාගෙන සවස වනයෙන් ආ මව දක්නට ලැබේනම් හොඳය.
“අච්චායිකෙන ලුද්දෙන, යො නො ගාවොව සුම්භති; අපජ්ජ අම්මං පස්සෙමු, සායං උඤ්ඡාතො ආගතං.
“දජ්ජා අම්මා බ්රාහ්මණස්ස, ඵලං ඛුද්දෙන මිස්සිතං; තදායං අසිතො ධාතො, න බාළ්හං ධාරයෙය්ය නො.
අම්මා දඬුයෙල්බෑ මීයෙන් අනන ලද පලවැල මේ බමුණාට දෙන්නීය. එකල්හි ඒ පලවැල අනුභව කළ එහෙයින්ම තෘප්තිමත් වූ මේ බමුණා අපව ඉක්මනින් නොගෙනියන්නේය.
“සූනා ච වත නො පාදා, බාළ්හං ධාරෙති බ්රාහ්මණො; ඉති තත්ථ විලපිංසු, කුමාරා මාතුගිද්ධිනො”ති.
අපගේ පාද ඉදිමූ ඇත. මේ බමුණා අපව වෙලෙවිව ගෙනයයි කියා මවට ආදර කරන ඒ දරුවෝ ඒ මහා මාර්ගයේ වැළපුනාහ.
තත්ථ පාදකාති ඛුද්දකපාදා. ඔකන්දාමසෙති අවකන්දාම, අපචිතිං නීචවුත්තිං දස්සෙන්තා ජානාපෙම. සරස්සාති ඉමස්ස පදුමසරස්ස පරිග්ගාහකානෙව නාගකුලානි සිරසා වන්දාම. සුපතිත්ථෙ ච ආපකෙති සුපතිත්ථාය නදියා අධිවත්ථා දෙවතාපි වන්දාම. තිණලතානීති තිණානි ච ඔලම්බකලතායො ච. ඔසධ්යොති ඔසධියො. සබ්බත්ථ අධිවත්ථා දෙවතා සන්ධායෙවමාහ. අනුපතිතුකාමාසීති සචෙපි සා අම්හාකං පදානුපදං ආගන්තුකාමාසි. අපි පස්සෙසි නෙ ලහුන්ති අපි නාම එතාය එකපදියා අනුපතමානා පුත්තකෙ තෙ ලහුං පස්සෙය්යාසීති එවං තං වදෙය්යාථාති. ජටිනීති බද්ධජටං ආරබ්භ මාතරං පරම්මුඛාලපනෙන ආලපන්තී ආහ. අතිවෙලන්ති පමාණාතික්කන්තං කත්වා. උඤ්ඡාති උඤ්ඡාචරියාය . ඵලන්ති වනමූලඵලාඵලං. ඛුද්දෙන මිස්සිතන්ති ඛුද්දකමධුනා මිස්සිතං. අසිතොති අසිතාසනො පරිභුත්තඵලො. ධාතොති සුහිතො. න බාළ්හං ධාරයෙය්ය නොති න නො බාළ්හං වෙගෙන නයෙය්ය. මාතුගිද්ධිනොති මාතරි ගිද්ධෙන සමන්නාගතා බලවසිනෙහා එවං විලවිංසූති.
[missing trans]
දාරකපබ්බවණ්ණනා නිට්ඨිතා.
කුමාර කාණ්ඩය නිමියේ ය.