යෙදුමෙන් කියවන්න

මද‍්දීපබ‍්බවණ‍්ණනා අට‍්ඨකථා

මද‍්දීපබ‍්බවණ‍්ණනා

මද්‍රීදේවි කාණ්ඩය

යං පන තං රඤ‍්ඤා පථවිං උන‍්නාදෙත්‍වා බ්‍රාහ‍්මණස‍්ස පියපුත‍්තෙසු දින‍්නෙසු යාව බ්‍රහ‍්මලොකා එකකොලාහලං ජාතං, තෙනපි භිජ‍්ජමානහදයා විය හිමවන‍්තවාසිනො දෙවා තෙසං බ්‍රාහ‍්මණෙන නියමානානං තං විලාපං සුත්‍වා මන‍්තයිංසු “සචෙ මද‍්දී කාලස‍්සෙව අස‍්සමං ආගමිස‍්සති, තත්‍ථ පුත‍්තකෙ අදිස‍්වා වෙස‍්සන‍්තරං පුච‍්ඡිත්‍වා බ්‍රාහ‍්මණස‍්ස දින‍්නභාවං සුත්‍වා බලවසිනෙහෙන පදානුපදං ධාවිත්‍වා මහන‍්තං දුක‍්ඛං අනුභවෙය්‍යා”ති. අථ තෙ තයො දෙවපුත‍්තෙ “තුම‍්හෙ සීහබ්‍යග‍්ඝදීපිවෙසෙ නිම‍්මිනිත්‍වා දෙවියා ආගමනමග‍්ගං සන‍්නිරුම‍්භිත්‍වා යාචියමානාපි යාව සූරියත්‍ථඞ‍්ගමනා මග‍්ගං අදත්‍වා යථා චන්‍දාලොකෙන අස‍්සමං පවිසිස‍්සති, එවමස‍්සා සීහාදීනම‍්පි අවිහෙඨනත්‍ථාය ආරක‍්ඛං සුසංවිහිතං කරෙය්‍යාථා”ති ආණාපෙසුං. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මහාපොළව කම්පා කරමින් රජු විසින් බ්‍රාහ්මණයාට තම දරුවන් දීම බඹලොව දක්වා පැතිර ගියේය. එයින් බිඳුනු හදවත් හිමවත් වැසි දේවතාවෝ බ්‍රාහ්මණයා විසින් ගෙනයනු ලබන ඔවුන්ගේ විලාපය අසා මෙසේ කතිකාකර ගත්හ. ඉදින් මද්‍රිදේවිය කල්ඇතිව අසපුවට එන්නීද, එහි දරුවන් නොදැක වෙස්සන්තරගෙන් අසා බ්‍රාහ්මණයාට දුන් බව දැනගෙන බලවත් සෙනෙහසින් පසුපස්සේ දුවගොස් මහත් දුකකට පත්වන්නීය. ඉක්බිති ඒ දේවතාවෝ, නුඹලා සිංහ, ව්‍යාඝ්‍ර, දිවි යන වෙස්ගෙන දේවියගේ ගමන්මග බාධාකරමින් ඉල්වා සිටියත් ඉර බැසයනතුරු මාර්ගය ඉඩනොදී යම්සේ සඳඑළියෙන් අසපුවට පැමිණේ ද එපරිද්දෙන් සිංහාදී සතුන්ගෙන් පීඩාවකට පත්නොවන ලෙස ආරක්‍ෂා කරව්යැයි අණ කළහ. මේ කාරණය දක්වන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.

“තෙසං ලාලප‍්පිතං සුත්‍වා, තයො වාළා වනෙ මිගා; සීහො බ්‍යග‍්ඝො ච දීපි ච, ඉදං වචනමබ්‍රවුං.

ඒ දරුවන් දෙදෙනාගේ විලාප අසා වනදෙවියෝ දිව්‍යපුත්‍රයන් තිදෙනෙකු මේ වදන් කීහ. තෙපි සිංහ, ව්‍යාඝ්‍ර, දිවි යන වනවැසි චණ්ඩ මෘගයන්ගේ වෙස් ගනිව්.

“මා හෙව නො රාජපුත‍්තී, සායං උඤ‍්ඡාතො ආගමා; මා හෙවම‍්හාක නිබ‍්භොගෙ, හෙඨයිත්‍ථ වනෙ මිගා.

අපගේ රාජදේවිය සන්ධ්‍යාවේ වනයෙන් නොඒවා. අප නිරන්තරයෙන් පරිභෝග කරන වනයෙහි චණ්ඩ මෘගයෝ ඇයට පීඩාවක් නොකරත්වා.

“සීහො චෙ නං විහෙඨෙය්‍ය, බ්‍යග‍්ඝො දීපි ච ලක‍්ඛණං; නෙව ජාලීකුමාරස‍්ස, කුතො කණ‍්හාජිනා සියා; උභයෙනෙව ජීයෙථ, පතිං පුත‍්තෙ ච ලක‍්ඛණා”ති.

සිංහයෙක් හෝ ව්‍යාඝ්‍රයෙක් හෝ දිවියෙක් හෝ ඒ ශ්‍රීමතිය වෙහෙසට පත්කරන්නේ නම් ජාලිය කුමරු නොම පවත්නේය. කෘෂ්ණජිනා කෙසේ පවත්නීද? ඒ බිසෝ තොමෝ ස්වාමියාගෙනුත් දරුවන්ගෙනුත් යන දෙකොටසින්ම පිරිහෙන්නීයැයි කීහ.

තත්‍ථ ඉදං වචනමබ්‍රවුන‍්ති “තුම‍්හෙ තයො ජනා සීහො ච බ්‍යග‍්ඝො ච දීපි චාති එවං තයො වාළා වනෙ මිගා හොථා”ති ඉදං තා දෙවතා තයො දෙවපුත‍්තෙ වචනමබ්‍රවුං. මා හෙව නොති මද‍්දී රාජපුත‍්තී උඤ‍්ඡාතො සායං මා ආගමි, චන්‍දාලොකෙන සායං ආගච‍්ඡතූති වදන‍්ති. මා හෙවම‍්හාක නිබ‍්භොගෙති අම‍්හාකං නිබ‍්භොගෙ විජිතෙ වනඝටායං මා නං කොචිපි වනෙ වාළමිගො විහෙඨෙසි. න යථා විහෙඨෙති, එවමස‍්සා ආරක‍්ඛං ගණ‍්හථාති වදන‍්ති. සීහො චෙ නන‍්ති සචෙ හි තං අනාරක‍්ඛං සීහාදීසු කොචි විහෙඨෙය්‍ය, අථස‍්සා ජීවිතක‍්ඛයං පත‍්තාය නෙව ජාලිකුමාරො අස‍්ස, කුතො කණ‍්හාජිනා සියා. එවං සා ලක‍්ඛණසම‍්පන‍්නා උභයෙනෙව ජීයෙථ පතිං පුත‍්තෙ චාති ද‍්වීහි කොට‍්ඨාසෙහි ජීයෙථෙව, තස‍්මා සුසංවිහිතමස‍්සා ආරක‍්ඛං කරොථාති.

එහි ඉදං වචන මබ්‍රවුං නුඹලා තුන්දෙනා සිංහයෙක්, ව්‍යාඝ්‍රයෙක්, දිවියෙක් යන නපුරු සතුන් බවට පත් වව්යැයි ඒ දේවපුත්‍රයන් තුන්දෙනාට කීහ. මාහෙවනො මද්‍රිදේවිය වනයෙන් සන්ධ්‍යාවේ නොඒවා. සඳඑළියෙන් අඳුර වැටීගෙන එනවිට යේවායි කීහ. මාහෙවාමහාකං නිබ්භොගෙ යනු අප පරිභෝග කරන විජිතයෙහි අපගේ මනරොදේ ඇයව කිසි මෘගයෙක් හිංසාවට පත් නොකෙරේවා. යම්සේ හිංසා නොකරයිද එපරිද්දෙන් ඇයට ආරක්‍ෂාව යොදන්න යැයි කියත්. සීහොචෙනං ඉදින් යම්හෙයකින් ආරක්‍ෂා රහිත ඇයට සිංහාදී වූ කිසිවෙක් හිංසා කළේ වීනම් ජීවිත හානියට පත් ඇයට ජාලිය කෙනෙක් කොයින්ද? කෘෂ්ණජිනා කෙනෙක් කොයින්ද? මෙපරිද්දෙන් ඕ තොමෝ විශේෂ අවධානයෙන් යුක්ත වූවාය. උභයෙ නෙවජීයෙථ පතිං පුත්තෙවා දෙපැත්තකින්ම පිරිහෙන්නේය. ඒ නිසා ඇගේ ආරක්‍ෂාව මනාව සංවිධානය කරව්.

අථ තෙ තයො දෙවපුත‍්තා “සාධූ”ති තාසං දෙවතානං තං වචනං පටිස‍්සුණිත්‍වා සීහබ්‍යග‍්ඝදීපිනො හුත්‍වා ආගන‍්ත්‍වා තස‍්සා ආගමනමග‍්ගෙ පටිපාටියා නිපජ‍්ජිංසු. මද‍්දීපි ඛො “අජ‍්ජ මයා දුස‍්සුපිනො දිට‍්ඨො, කාලස‍්සෙව මූලඵලාඵලං ගහෙත්‍වා අස‍්සමං ගමිස‍්සාමී”ති කම‍්පමානා මූලඵලාඵලානි උපධාරෙසි. අථස‍්සා හත්‍ථතො ඛණිත‍්ති පති, තථා අංසතො උග‍්ගීවඤ‍්ච පති, දක‍්ඛිණක‍්ඛිච ඵන්‍දති, ඵලිනො රුක‍්ඛා අඵලා විය අඵලා ච ඵලිනො විය ඛායිංසු, දස දිසා න පඤ‍්ඤායිංසු. සා “කිං නු ඛො ඉදං, පුබ‍්බෙ අභූතපුබ‍්බං අජ‍්ජ මෙ හොති, කිං භවිස‍්සති, මය‍්හං වා අන‍්තරායො භවිස‍්සති, මම පුත‍්තානං වා, උදාහු වෙස‍්සන‍්තරස‍්සා”ති චින‍්තෙත්‍වා ආහ –

ඉක්බිති ඒ දේවපුත්‍රයෝ යහපතැයි ඒ දේවතාවන්ට ප්‍රතිඥා දී සිංහ, ව්‍යාඝ්‍ර, දිවියන් වී ගොස් ඇය එන ගමන්මගැ පිළිවෙලින් හොත්තාහ. මද්‍රිය මෙසේ සිතුවාය. ඈ මා විසින් නරක සිහිනයක් දකින ලදී. ඉක්මණින් මූලපලාදිය ගෙන අසපුවට යන්නෙමියි කම්පාවන්නී මූලපලයන් සොයාබැලීය. ඉක්බිති ඇගේ අතින් අලවංගුව වැටෙයි. එසේම පසෙකින් එල්ලාගත් පැස ද වැටෙයි. දකුණු ඇසද සෙලවෙයි. ඵල දරණ ගස් ඵල නැති ඒවා ලෙසත් පල නැති ගස් පල ඇති ඒවා ලෙසත් පෙනී ගියේය. දස දිසාව නොපෙනී ගියේය. ඇය මේ කුමක්ද? අද සිදුවන්නේ කලින් සිදු නොවූවකියි සිතා මෙසේ කීය.

“ඛණිත‍්තිකං මෙ පතිතං, දක‍්ඛිණක‍්ඛි ච ඵන්‍දති; අඵලා ඵලිනො රුක‍්ඛා, සබ‍්බා මුය‍්හන‍්ති මෙ දිසා”ති.

මා අතින් පොළව කණින හුල ගිලිහෙයි. දකුණු ඇසද සැලෙයි. ඵල ඇති රුක් ඵල නැතියන් සේය. මට සැට දිශාවක් මුලාව පෙනෙයි.

එවං සා පරිදෙවන‍්තී පක‍්කාමි.

“තස‍්සා සායන‍්හකාලස‍්මිං, අස‍්සමාගමනං පති; අත්‍ථඞ‍්ගතම‍්හි සූරියෙ, වාළා පන්‍ථෙ උපට‍්ඨහුං.

ඒ මා සවස් වේලෙහි හිරු අවරට ගිය කල්හි අසපුව දෙසට එනකල්හි සැඩ සිවුපාවෝ පෙරමග නැගී සිටියහ.

“නීචෙ චොලම‍්බතෙ සූරියො, දූරෙ ච වත අස‍්සමො; යඤ‍්ච නෙසං ඉතො හස‍්සං, තං තෙ භුඤ‍්ජෙය්‍යු භොජනං.

හිරු ද පහතින් එල්බෙයි. අසපුවද ඉතා දුරයැ. ඔවුනට යමක් මෙයින් ගෙනයම්ද ඔවුහු ඒ බොජුන් වළඳනාහ.

“සො නූන ඛත‍්තියො එකො, පණ‍්ණසාලාය අච‍්ඡති; තොසෙන‍්තො දාරකෙ ඡාතෙ, මමං දිස‍්වා අනායතිං.

එරද මා නො එන්නා දැක, සාගිනි ඇති හඬන දරුවන් සනහමින් අසපුවෙහි හුදෙකලාව හිඳිනේයැයි සිතමි.

“තෙ නූන පුත‍්තකා මය‍්හං, කපණාය වරාකියා; සායං සංවෙසනාකාලෙ, ඛීරපීතාව අච‍්ඡරෙ.

බැගෑ වූ පින් නැති මාගේ සවසැ බොජුන් වේලෙහි කිරිබොන ඒ දරුවෝ කිරි නොලැබ නිදන මෙන් නිදතීයි සිතමි.

“තෙ නූන පුත‍්තකා මය‍්හං, කපණාය වරාකියා; සායං සංවෙසනාකාලෙ, වාරිපීතාව අච‍්ඡරෙ.

[missing trans]

“තෙ නූන පුත‍්තකා මය‍්හං, කපණාය වරාකියා; පච‍්චුග‍්ගතා මං තිට‍්ඨන‍්ති, වච‍්ඡා බාලාව මාතරං.

බැගෑ වූ පින් නැති මාගේ ඒ දරුවන් මව්දෙනගේ පෙරමගට පැමිණ සිටින වසුපැටවුන් මෙන් මා පෙරමගට අවුත් සිටිතියි සිතමි.

“තෙ නූන පුත‍්තකා මය‍්හං, කපණාය වරාකියා; පච‍්චුග‍්ගතා මං තිට‍්ඨන‍්ති, හංසාවුපරිපල‍්ලලෙ.

බැගෑ වූ පින් නැති මාගේ ඒ දරුවෝ විල්පිට හංස පෝතකයන් මෙන් මා පෙරමගට අවුත් සිටිතියි සිතමි.

“තෙ නූන පුත‍්තකා මය‍්හං, කපණාය වරාකියා; පච‍්චුග‍්ගතා මං තිට‍්ඨන‍්ති, අස‍්සමස‍්සාවිදූරතො.

බැගෑපත් වූ පින් නැති ඒ මාගේ දරුවෝ අසපුව අබියස මා පෙරමගට අවුත් සිටිතියි සිතමි.

“එකායනො එකපථො, සරා සොබ‍්භා ච පස‍්සතො; අඤ‍්ඤං මග‍්ගං න පස‍්සාමි, යෙන ගච‍්ඡෙය්‍ය අස‍්සමං.

එක් අඩිපාරකි. එයද එකම මගයැ. දෙපසැ විල් හා හෙල්යැ. යම් මගෙකින් අසපුවට යන්නෙම් නම් එබඳු අන් මගක් නොදකිමි.

“මිගා නමත්‍ථු රාජානො, කානනස‍්මිං මහබ‍්බලා; ධම‍්මෙන භාතරො හොථ, මග‍්ගං මෙ දෙථ යාචිතා.

වනයේ මහාබල ඇති මුවරජහට නමස්කාර වේවා. දැහැමින් මට සොහොයුරෝ වව්. මා විසින් අයදනා ලද තෙපි මට මඟ ඉඩදෙවු.

“අවරුද‍්ධස‍්සාහං භරියා, රාජපුත‍්තස‍්ස සිරීමතො; තං චාහං නාතිමඤ‍්ඤාමි, රාමං සීතාවනුබ‍්බතා.

මම රටින් නෙරනා ලදසිරිමත් වෙසතුරු මහරජහු අඹු වෙමි. මම ඔහු රාම රජහට අනුගත වූ සීතාදේවිය මෙන් ඔහු ඉක්මවා වෙනකකු ගැන නොසිතමි.

“තුම‍්හෙ ච පුත‍්තෙ පස‍්සථ, සායං සංවෙසනං පති; අහඤ‍්ච පුත‍්තෙ පස‍්සෙය්‍යං, ජාලිං කණ‍්හාජිනං චුභො.

තෙපිදු සවස ගොදුරු ගන්නා වේලෙහි තොප දරුවන් බලවු. ද ජාලිය කෘෂ්ණජිනා දෙදරුවන් දක්නෙමි.

“බහුං චිදං මූලඵලං, භක‍්ඛො චායං අනප‍්පකො; තතො උපඩ‍්ඪං දස‍්සාමි, මග‍්ගං මෙ දෙථ යාචිතා.

මේ අල හා පලවැල බොහෝය. මෙහි කෑ යුතු දේ අනල්පය. ඉන් අඩක් තොපට දෙමි. මා විසින් අයදනා ලද තෙපි මට මග අවසර දෙන්න.

“රාජපුත‍්තී ච නො මාතා, රාජපුත‍්තො ච නො පිතා; ධම‍්මෙන භාතරො හොථ, මග‍්ගං මෙ දෙථ යාචිතා”ති.

අප මවු රදුයැ. අප පිය රජුයැ. තෙපි මට දැහැමින් සොහොයුරු වව. මා විසින් අයදනා ලද තෙපි මට මග අවකාශ දෙව.

තත්‍ථ තස‍්සාති තස‍්සා මම. අස‍්සමාගමනං පතීති අස‍්සමං පටිච‍්ච සන්‍ධාය ආගච‍්ඡන‍්තියා. උපට‍්ඨහුන‍්ති උට‍්ඨාය ඨිතා. තෙ කිර පඨමං පටිපාටියා නිපජ‍්ජිත්‍වා තාය ආගමනකාලෙ උට‍්ඨාය විජම‍්භිත්‍වා මග‍්ගං රුම‍්භන‍්තා පටිපාටියා තිරියං අට‍්ඨංසු. යඤ‍්ච තෙසන‍්ති අහඤ‍්ච යං ඉතො මූලඵලාඵලං තෙසං හරිස‍්සං, තමෙව වෙස‍්සන‍්තරො ච උභො පුත‍්තකා චාති තෙ තයොපි ජනා භුඤ‍්ජෙය්‍යුං, අඤ‍්ඤං තෙසං භොජනං නත්‍ථි. අනායතින‍්ති අනාගච‍්ඡන‍්තිං මං ඤත්‍වා එකකොව නූන දාරකෙ තොසෙන‍්තො නිසින‍්නො. සංවෙසනාකාලෙති අඤ‍්ඤෙසු දිවසෙසු අත‍්තනො ඛාදාපනපිවාපනකාලෙ ඛීරපීතාවාති යථා ඛීරපීතා මිගපොතකා ඛීරත්‍ථාය කන්‍දිත්‍වා තං අලභිත්‍වා කන්‍දන‍්තාව නිද‍්දං ඔක‍්කමන‍්ති, එවං මෙ පුත‍්තකා ඵලාඵලත්‍ථාය කන්‍දිත්‍වා තං අලභිත්‍වා කන්‍දන‍්තාව නිද‍්දං උපගතා භවිස‍්සන‍්තීති වදති.

එහි තස්සා යනු ඒ මගේ. අස්සමාගමණම්පති අසපුව දෙසට එන්නියගේ. උපට්ඨහුං නැගී සිටියාහ. ඔහු වනාහි පළදු පිළිවෙලින් හෙව ඇය එන වේලාවේ නැගිට කිලිපොළා මග හරස්කරමින් පිළිවෙලින් හරස්ව සිටියහ. යංචතෙසං මම ද යම් ඒ මූල ඵලාදියන් මෙතනින් මූලපල ගෙනයම්ද ඒ වෙස්සන්තරද දරුවෝ ද යන මේ තුන්දෙනා ජනයෝ වැළඳූහ. ඔවුන්ට වෙන බොජුනක් නැත. අනායති මා නොඑන බව දැනගෙන හුදෙකලාව දරුවන් සතුටු කරමින් සිටියේ. සංවෙසනාකාලෙ වෙන දිනවල තමන්ගේ කවනපොවන අවස්ථාවේදී ඛීරපීතාවා යම්සේ කිරිබොන දරුවෝ කිරි පිණිස හඬා එය නොලැබ හඬමින්ම නින්දට ගියා වන්නාහයි කියති.

වාරිපීතාවාති යථා පිපාසිතා මිගපොතකා පානීයත්‍ථාය කන්‍දිත්‍වා තං අලභිත්‍වා කන්‍දන‍්තාව නිද‍්දං ඔක‍්කමන‍්තීති ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. අච‍්ඡරෙති අච‍්ඡන‍්ති. පච‍්චුග‍්ගතා මං තිට‍්ඨන‍්තීති මං පච‍්චුග‍්ගතා හුත්‍වා තිට‍්ඨන‍්ති. “පච‍්චුග‍්ගන‍්තුනා”තිපි පාඨො, පච‍්චුග‍්ගන‍්ත්‍වාති අත්‍ථො. එකායනොති එකස‍්සෙව අයනො එකපදිකමග‍්ගො. එකපථොති සො ච එකොව, දුතියො නත්‍ථි, ඔක‍්කමිත්‍වා ගන‍්තුං න සක‍්කා. කස‍්මා? යස‍්මා සරා සොබ‍්භා ච පස‍්සතො. මිගා නමත්‍ථූති සා අඤ‍්ඤං මග‍්ගං අදිස‍්වා “එතෙ යාචිත්‍වා පටික‍්කමාපෙස‍්සාමී”ති ඵලපච‍්ඡිං සීසතො ඔතාරෙත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ නමස‍්සමානා එවමාහ. භාතරොති අහම‍්පි මනුස‍්සරාජපුත‍්තී, තුම‍්හීපි මිගරාජපුත‍්තා, ඉති මෙ ධම‍්මෙන භාතරො හොථ.

වාරිපීතාවා යම්සේ පිපාසිතවැ පැන් පිණිස හඬා නොලැබ හඬමින්ම නින්දට යත්යැයි මේ අයුරින් අර්ථය දතයුතුයි. අච්ඡරෙ හිඳිත්. පච්චුග්ගතාමං තිට්ඨන්ති මා ඉදිරියට අවුත් සිටිති. පච්චුග්ගතාමං තිට්ඨන්ති මා ඉදිරියට අවුත් සිටිත්. පච්චුග්ගන්තුං කියාද පාඨයකි. ඉදිරියට අවුත් යන අර්ථයි. එකායනො එකම මාර්ගය. එක්පිය මගකි. එකපථො එය එකටමය. දෙවැන්නක් නැත. ඉවත්ව යන්නට නොහැකිය. කුමක් හෙයින්ද, යම්හෙයකින් සරාසොබ්භාච පස්සතො නමත්‍ථු ඇය වෙනත් මගක් නොදැන ඔවුන්ගෙන් ඉල්ලා සිට පිටකරන්නෙමියි පලාඵල පැස හිසෙන් බිමට බා ඇඳිලි බැඳගෙන වඳිමින් මෙසේකීවාය. සාතරො අපි වනාහි මනුෂ්‍ය රාජපුත්‍රයෝ වෙමු. නුඹලා මෘගරාජ පුත්‍රයෝය. මෙසේ ධර්මතාවය අනුව සොහොයුරෙක් වන්නාහුය.

අවරුද‍්ධස‍්සාති රට‍්ඨතො පබ‍්බාජිතස‍්ස. රාමං සීතාවනුබ‍්බතාති යථා දසරථරාජපුත‍්තං රාමං තස‍්ස කනිට‍්ඨභගිනී සීතාදෙවී තස‍්සෙව අග‍්ගමහෙසී හුත්‍වා තං අනුබ‍්බතා පතිදෙවතා හුත්‍වා අප‍්පමත‍්තා උපට‍්ඨාසි, තථා අහම‍්පි වෙස‍්සන‍්තරං උපට‍්ඨහාමි, නාතිමඤ‍්ඤාමීති වදති. තුම‍්හෙ චාති තුම‍්හෙ ච මය‍්හං මග‍්ගං දත්‍වා සායං ගොචරග‍්ගහණකාලෙ පුත‍්තෙ පස‍්සථ, අහඤ‍්ච අත‍්තනො පුත‍්තෙ පස‍්සෙය්‍යං, දෙථ මෙ මග‍්ගන්‍ථි යාචති.

අවරුද්ධස්ස රටින් පිටුවහල් කරන ලද්දහුගේ රාමංසීතාවනුබ්බතා යම්සේ දසරථ රාජපුත්‍ර වූ රාම ඔහුගේ කණිටු නැගනිය සීතා දේවිය ඔහුගේම අගමෙහෙසිය වී ඔහු අනුබ්බතා ස්වාමිදේවතාවා වී අප්‍රමාණ ලෙස උවටැන් කළාය. එපරිද්දෙන් මම ද වෙස්සන්තර හට උපස්ථාන කරමි. අවමන් නොකරමි යැයි කියයි. තුම්හෙච නුඹද මාගේ මාර්ගය දී ගමන් ගොදුරු ගන්නා වේලාවේ දරුවන් බලව්. මම ද බලන්නෙමි. මට මාර්ගය ඉඩදෙන්න යැයි ඉල්ලා සිටියි.

අථ තෙ තයො දෙවපුත‍්තා වෙලං ඔලොකෙත්‍වා “ඉදානිස‍්සා මග‍්ගං දාතුං වෙලා”ති ඤත්‍වා උට‍්ඨාය අපගච‍්ඡිංසු. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඉක්බිති ඒ දේවපුත්‍රයෝ වේලාව බලා දැන් මැයට මාර්ගය ඉඩදිය යුතුයැයි දැනගෙන නැගිට පිටව ගියහ. මේ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මේ ගාථාව වදාළහ,

“තස‍්සා ලාලප‍්පමානාය, බහුං කාරුඤ‍්ඤසඤ‍්හිතං; සුත්‍වා නෙලපතිං වාචං, වාළා පන්‍ථා අපක‍්කමු”න‍්ති.

වැලපෙන්නා වූ ඇගේ බැගෑබවින් මුසු වූ බොහෝ මියුරු තෙපුල් අසා සැඩ මුව වෙස්ගත් දෙව්පුත්හු මගින් බැහැර වූහ.

තත්‍ථ නෙලපතින‍්ති න එලපතිං එලපාතවිරහිතං විසට‍්ඨං මධුරවාචං.

එහි නෙලපතිං කෙල වැගිරෙන්නේ නැති දක්‍ෂ - මිහිරි වචන.

සාපි වාළෙසු අපගතෙසු අස‍්සමං අගමාසි. තදා ච පුණ‍්ණමුපොසථො හොති. සා චඞ‍්කමනකොටිං පත්‍වා යෙසු යෙසු ඨානෙසු පුබ‍්බෙ පුත‍්තෙ පස‍්සති, තෙසු තෙසු ඨානෙසු අපස‍්සන‍්තී ආහ –

ඇයද මෘගයන් ඉවත්ව ගිය කල්හි අසපුවට ගියාය. එදිනද පුන්පොහෝ දිනක් විය. ඇය සන්වන කෙළවර සිට යම්තැනක පෙර දරුවන් දකීද ඒ තැන්වල දරුවන් නොදැක මෙසේ කීවාය.

“ඉමම‍්හි නං පදෙසම‍්හි, පුත‍්තකා පංසුකුණ‍්ඨිතා; පච‍්චුග‍්ගතා මං තිට‍්ඨන‍්ති, වච‍්ඡා බාලාව මාතරං.

පස් වැකුණු සිරුරු ඇති දරුසිඟිත්තෝ මවුදෙන පෙරමගට ආ වසුපැටියන් මෙන් මා පෙරමගට ආවාහු (පෙර) මේ මේ තන්හි සිටිති.

“ඉමම‍්හි නං පදෙසම‍්හි, පුත‍්තකා පංසුකුණ‍්ඨිතා; පච‍්චුග‍්ගතා මං තිට‍්ඨන‍්ති, හංසාවුපරිපල‍්ලලෙ.

පස් තැවරුණු සිරුරු ඇති දෙදරු බිළින්දෝ විලේ මතුපිට හංස පෝතකයන් මෙන් මා පෙරමගට ආවාහු පෙර මේ තැන්වල සිටිති.

“ඉමම‍්හි නං පදෙසම‍්හි, පුත‍්තකා පංසුකුණ‍්ඨිතා; පච‍්චුග‍්ගතා මං තිට‍්ඨන‍්ති, අස‍්සමස‍්සාවිදූරතො.

පස් තවරාගත් සිරුරු ඇති දරුපැටියෝ මා පෙරමගට ආවාහු (පෙර) අසපු අබියෙසැ මේ තන්හි සිටිති.

“ද‍්වෙ මිගා විය උක‍්කණ‍්ණා, සමන‍්තා මභිධාවිනො; ආනන්‍දිනො පමුදිතා, වග‍්ගමානාව කම‍්පරෙ; ත්‍යජ‍්ජ පුත‍්තෙ න පස‍්සාමි, ජාලිං කණ‍්හාජිනං චුභො.

ඒ දෙදරුවෝ කන් ඔසවාගත් මුවපොව්වන් මෙන් මා දැක සතුටු වූවාහු ප්‍රමුදිත වූවාහු අවටින් දුවනුවෝ පනනුවන් මෙන් මාගේ ළය කම්පා කරති. ඒ ජාලිය කෘෂ්ණජිනා දෙදරුවන් අද දක්නට නැත.

“ඡකලීව මිගී ඡාපං, පක‍්ඛී මුත‍්තාව පඤ‍්ජරා; ඔහාය පුත‍්තෙ නික‍්ඛමිං, සීහීවාමිසගිද‍්ධිනී; ත්‍යජ‍්ජ පුත‍්තෙ න පස‍්සාමි, ජාලිං කණ‍්හාජිනං චුභො.

පැටවුන් අතහැර ගොදුරට ගිය එළුදෙනක මෙන් මුවපෙල්ලක මෙන් කැදැල්ල හැරගිය කිරිල්ලියක මෙන් ගොදුරට ගිජු වූ සිහ දෙනක මෙන් දරුවන් පියා අහර සොයා නික්මුණෙමු. ඒ මට ජාලිය, ක්‍රිෂ්ණජිනා දෙදරුවන් නොදකිමි.

“ඉදං නෙසං පදක‍්කන‍්තං, නාගානමිව පබ‍්බතෙ; චිතකා පරිකිණ‍්ණායො, අස‍්සමස‍්සාවිදූරතො; ත්‍යජ‍්ජ පුත‍්තෙ න පස‍්සාමි, ජාලිං කණ‍්හාජිනං චුභො.

පර්වතයෙහි ඇතුන්ගේ පියසටහන් සෙයින් මේ ඔවුන් කෙළැ ඇවිදි පියසටහන් පෙනෙයි. අසපුව අබියස වැලි සෑයවල් විසිරී ඇත. ඒ ජාලිය, කෘෂ්ණජිනා දෙදෙනා අද දක්නට නැත.

“වාලිකායපි ඔකිණ‍්ණා, පුත‍්තකා පංසුකුණ‍්ඨිතා; සමන‍්තා අභිධාවන‍්ති, තෙ න පස‍්සාමි දාරකෙ.

පස් තවරාගත් වැලිවලින් ගැවසීගත් දරුවෝ මා සිසාරා දිවයෙති. ඒ දරුවන් අද නොදක්මි.

“යෙ මං පුරෙ පච‍්චුට‍්ඨෙන‍්ති, අරඤ‍්ඤා දූරමායතිං; ත්‍යජ‍්ජ පුත‍්තෙ න පස‍්සාමි, ජාලිං කණ‍්හාජිනං චුභො.

පෙර යම් දරු කෙනෙක් වනයෙන් එන මා දුරදීමැ දැක පෙරමගට එන්ද අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් නො දකිමි.

“ඡකලිංව මිගිං ඡාපා, පච‍්චුග‍්ගන‍්තුන මාතරං; දූරෙ මං පවිලොකෙන‍්ති, තෙ න පස‍්සාමි දාරකෙ.

පෙර ඔවුන් අසපුවෙන් පෙරමගට අවුත් මව්එළුදෙන මව් මුවදෙන එනතෙක් බලාසිටිනා පැටවුන් මෙන් දුරසිට මා බලති. අද ඒ දරුවන් නොදකිමි.

“ඉදං නෙසං කීළනකං, පතිතං පණ‍්ඩුබෙලුවං; ත්‍යජ‍්ජ පුත‍්තෙ න පස‍්සාමි, ජාලිං කණ‍්හාජිනං චුභො.

මේ ද ඔවුන්ගේ කෙළිබඩු වූ ගිලිහී වැටුණා වූ ඉදුණු බෙඩි පලය. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද නොදකිමි.

“ථනා ච මය‍්හිමෙ පූරා, උරො ච සම‍්පදාලති; ත්‍යජ‍්ජ පුත‍්තෙ න පස‍්සාමි, ජාලිං කණ‍්හාජිනං චුභො.

මාගේ මේ දෙතන කිරෙන් පිරී ඇත. ළය පැළෙනු වැන්න. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද නොදකිමි.

“උච‍්ඡඞ‍්ගෙකො විචිනාති, ථනමෙකාවලම‍්බති; ත්‍යජ‍්ජ පුත‍්තෙ න පස‍්සාමි, ජාලිං කණ‍්හාජිනං චුභො.

එකෙක් මා හිණ සොයයි. එක් තැනැත්තියක් තනයෙහි එල්බගනී. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද නොදකිමි.

“යස‍්සු සායන‍්හසමයං, පුත‍්තකා පංසුකුණ‍්ඨිතා; උච‍්ඡඞ‍්ගෙ මෙ විවත‍්තන‍්ති, තෙ න පස‍්සාමි දාරකෙ.

යම්දරු කෙනෙක් පස් වැකුණු සිරුරු ඇතිවැ සවස් වේලෙහි මාගේ ඇකයෙහි පෙරැළෙත්ද ඒ දරුවන් නොදකිමි.

“අයං සො අස‍්සමො පුබ‍්බෙ, සමජ‍්ජො පටිභාති මං; ත්‍යජ‍්ජ පුත‍්තෙ අපස‍්සන‍්ත්‍යා, භමතෙ විය අස‍්සමො.

පෙර දවස යම් අසපුවක් කෙළි මඩුල්ලක් මෙන් මට වැටහුණේ වේද මේ ඒ අසපුවයි. අද ඒ දරුවන් නොදක්නා මට අසපුව භ්‍රමණය වෙන්නාක් මෙන් දැනේ.

“කිමිදං අප‍්පසද‍්දොව, අස‍්සමො පටිභාති මං; කාකොලාපි න වස‍්සන‍්ති, මතා මෙ නූන දාරකා.

මේ කිම, අසපුව නිහඬව මෙන් මට වැටහෙයි. වන කවුඩෝද නො හඬති. මාගේ දරුවෝ මළාහු දෝ හෝ.

“කිමිදං අප‍්පසද‍්දොව, අස‍්සමො පටිභාති මං; සකුණාපි න වස‍්සන‍්ති, මතා මෙ නූන දාරකා”ති.

මේ කිම, අසපුව නිහඬව මෙන් මට වැටහෙයි. කුරුල්ලෝ ද නොහඬති. මාගේ දරුවෝ මළාහු දෝ.

තත්‍ථ නන‍්ති නිපාතමත‍්තං. පංසුකුණ‍්ඨිතාති පංසුමක‍්ඛිතා. පච‍්චුග‍්ගතා මන‍්ති මං පච‍්චුග‍්ගතා හුත්‍වා. “පච‍්චුග‍්ගන‍්තුනා”තිපි පාඨො, පච‍්චුග‍්ගන‍්ත්‍වාඉච‍්චෙව අත්‍ථො. උක‍්කණ‍්ණාති යථා මිගපොතකා මාතරං දිස‍්වා කණ‍්ණෙ උක‍්ඛිපිත්‍වා ගීවං පසාරෙත්‍වා මාතරං උපගන‍්ත්‍වා හට‍්ඨතුට‍්ඨා සමන‍්තා අභිධාවිනො. වග‍්ගමානාව කම‍්පරෙතිවජ‍්ජමානායෙව මාතු හදයමංසං කම‍්පෙන‍්ති විය එවං පුබ‍්බෙ මම පුත‍්තා. ත්‍යජ‍්ජාති තෙ අජ‍්ජ න පස‍්සාමි. ඡකලීව මිගී ඡාපන‍්ති යථා ඡකලී ච මිගී ච පඤ‍්ජරසඞ‍්ඛාතා කුලාවකා මුත‍්තා පක‍්ඛී ච ආමිසගිද‍්ධිනී සීහී ච අත‍්තනො ඡාපං ඔහාය ගොචරාය පක‍්කමන‍්ති, තථාහම‍්පි ඔහාය පුත‍්තෙ ගොචරාය නික‍්ඛමින‍්ති වදති. ඉදං නෙසං පදක‍්කන‍්තන‍්ති වස‍්සාරත‍්තෙ සානුපබ‍්බතෙ නාගානං පදවලඤ‍්ජං විය ඉදං නෙසං කීළනට‍්ඨානෙ ආධාවනපරිධාවනපදක‍්කන‍්තං පඤ‍්ඤායති. චිතකාති සඤ‍්චිතනිචිතා කවාලුකපුඤ‍්ජා. පරිකිණ‍්ණායොති විප‍්පකිණ‍්ණායො. සමන‍්තා මභිධාවන‍්තීති අඤ‍්ඤෙසු දිවසෙසු සමන‍්තා අභිධාවන‍්ති.

එහි නං යනු නිපාත මාත්‍රයකි. පංසුකුණ්ඨිතා පස් වැකුණු. පච්චුග්ගාතා මං මට පෙරගමන්කොට. පච්චුග්ගන්තුං කියාද පාඨයෙකි. පෙරට ගොස් යන අර්ථයි. උක්කණ්ණා යම්සේ මුවපොව්වෝ මව දැක කන් ඔසවා ගෙල දිගුකොට මව ළඟට ගොස් තුටපහටු වූවාහු හාත්පස දුවති. වග්ගමානාව කම්පරෙ පනනුවන් මෙන් මවගේ හෘදයමාංශය කම්පා කරන්නාක් මෙන් පෙර මාගේ දරුවෝ ත්‍යජ්ජා ඔවුන් අද නොදකිමි. ජකලීව මිගී ජාපං යම්සේ එළුදෙන, මුවදෙන මැදිරි සංඛ්‍යාත වූ කූඩුවෙන් මිදුනු පක්‍ෂියෙක් මෙන් ගොදුරට ගිජුවූ සිංහ ධේනුවක් මෙන් තමන්ගේ පැටවා තබා ගොදුර සඳහා යන්නීද එපරිද්දෙන් මට දරුවන් දමා අහර සෙවීමට ගියෙමියි කියයි. ඉදං තෙසං පරක්කත්තං පර්වතසානුයෙහි හස්තීන්ගේ පා සටහන් මෙන් මේ ඔවුන්ගේ ක්‍රීඩාකරන ස්ථානයෙහි එහෙමෙහෙ දුවනලද අඩි පාරවල් පෙනෙයි. චිතකා ගොඩගසන ලද වැලිගොඩවල්. පරිකිණ්ණායො විසිරි ගොස්. සමන්තාමභිධාවන්ති අන් දිනවල හාත්පස දුවත්.

පච‍්චුට‍්ඨෙන‍්තීති පච‍්චුග‍්ගච‍්ඡන‍්ති. දූරමායතින‍්ති දූරතො ආගච‍්ඡන‍්තිං. ඡකලිංව මිගිං ඡාපාති අත‍්තනො මාතරං ඡකලිං විය මිගිං විය ච ඡාපා. ඉදං නෙසං කීළනකන‍්ති හත්‍ථිරූපකාදීහි කීළන‍්තානං ඉදඤ‍්ච තෙසං හත්‍ථතො සුවණ‍්ණවණ‍්ණං කීළනබෙලුවං පරිගළිත්‍වා පතිතං. මය‍්හිමෙති මය‍්හං ඉමෙ ථනා ච ඛීරස‍්ස පූරා. උරො ච සම‍්පදාලතීති හදයඤ‍්ච ඵලති. උච‍්ඡඞ‍්ගෙ මෙ විවත‍්තන‍්තීති මම උච‍්ඡඞ‍්ගෙ ආවත‍්තන‍්ති විවත‍්තන‍්ති. සමජ‍්ජො පටිභාති මන‍්ති සමජ‍්ජට‍්ඨානං විය මය‍්හං උපට‍්ඨාති. ත්‍යජ‍්ජාති තෙ අජ‍්ජ. අපස‍්සන‍්ත්‍යාති අපස‍්සන‍්තියා මම. භමතෙ වියාති කුලාලචක‍්කං විය භමති. කාකොලාති වනකාකා. මතා නූනාති අද‍්ධා මතා වා කෙනචි නීතා වා භවිස‍්සන‍්ති. සකුණාති අවසෙසසකුණා.

පච්වුදෙන්ති පෙරට ගමන් කරත්. දූරමායති දුරින් එන්නිය. ජකාලිංව මිහිං ජාපා තමන්ගේ මව එළුදෙනක්, මුවදෙනක් මෙන් පැටවුන්. ඉදං තෙසං ඇත්රූප ආදියෙන් ක්‍රීඩා කරන්නවුන්ගේ වේද රන්වන් වූ සෙල්ලම් බෙලි ගිලිහී වැටී ඇත. මය්හිමෙ මගේ මේ පියවුරු කිරෙන් පිරී ඇත. උරොව සමපදාලති හදවතද පැලීයයි. උච්ඡංගමෙ විවත්තනති මාගේ උකුලෙහි වැටෙත්. පෙරළෙත්. සමජ්ජො පටිභාති මං සැණකෙලි පවත්වන තැනක් මෙන් හැඟේ. ත්‍යජ්ජ ඔව්හු අද අපස්සන්ත්‍යා මා නොදක්නාහු භමනෙ විය කුඹල් සක මෙන් කැරකේ. කාකොළා වන කවුඩෝ. මතානූතා ඒකාන්තයෙන් මළාහුද නැතහොත් කවරකු විසින් හෝ ගෙනයන ලදහද? වන්නෝය. සකුණා ඉතිරි පක්‍ෂීහු. මතානූතා ඒකාන්තයෙන් මළා වන්නාහුය.

ඉති සා විලපන‍්තී මහාසත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ඵලපච‍්ඡිං ඔතාරෙත්‍වා මහාසත‍්තං තුණ‍්හිමාසීනං දිස‍්වා දාරකෙ චස‍්ස සන‍්තිකෙ අපස‍්සන‍්තී ආහ –

මෙසේ ඇය වැලපෙන්නී මහාසත්ත්වයන්ගේ සමීපයට ගොස් පළතුරු පැස කරෙන් බහා නිහඬව සිටිය මහාසත්ත්වයන්ව දැක දරුවන්ද ඔහු ළඟ නැති බව දකින්නී මෙසේ කීය.

“කිමිදං තුණ‍්හිභූතොසි, අපි රත‍්තෙව මෙ මනො; කාකොලාපි න වස‍්සන‍්ති, මතා මෙ නූන දාරකා.

මේ කිම නිහඬ වූයෙහි. මාගේ සිත සිහින දුටු රැය මෙනි. වනකවුඩෝද නො හඬති. මාගේ දරුවෝ මළාහුද?

“කිමිදං තුණ‍්හිභූතොසි, අපි රත‍්තෙව මෙ මනො; සකුණාපි න වස‍්සන‍්ති, මතා මෙ නූන දාරකා.

මේ කිම. නිහඬ වූයෙහි. මාගේ සිත සිහින දුටු රැය මෙනි. සියොත්හුද නොහඬති. මාගේ දරුවෝ මළාහුද?

“කච‍්චි නු මෙ අය්‍යපුත‍්ත, මිගා ඛාදිංසු දාරකෙ; අරඤ‍්ඤෙ ඉරිණෙ විවනෙ, කෙන නීතා මෙ දාරකා.

කිම ස්වාමීනි, මාගේ දරුවෝ චණ්ඩ සිවුපාවෝ කීවාහුද? ජනශූන්‍ය වූ ඕජස් නැති වනයෙහි මාගේ දරුවෝ කවරකු විසින් ගෙනයන ලද්දාහුද?

“අදු තෙ පහිතා දූතා, අදු සුත‍්තා පියංවදා; අදු බහි නො නික‍්ඛන‍්තා, ඛිඩ‍්ඩාසු පසුතා නු තෙ.

එසේ නැතහොත් තොප විසින් දූත මෙහෙකොට යවන ලද්දාහුද? නැත්නම් ප්‍රිය වූ තෙපුල් ඇති දරුවෝ නිදාගත්තහුද? නැත්නම් ඔව්හු ක්‍රීඩාවෙහි යෙදී බැහැර ගියාහුද?

“නෙවාසං කෙසා දිස‍්සන‍්ති, හත්‍ථපාදා ච ජාලිනො; සකුණානඤ‍්ච ඔපාතො, කෙන නීතා මෙ දාරකා”ති.

ඔවුන්ගේ අඳුන්වන් කේශයෝ නොපැනෙති. රන්දෙළින් විසිතුරු වූ අත්පා නොපෙනේ. ලිහිණියෙකුගේ බැස්මක් වීද? මාගේ දරුවෝ කවරක්හු විසින් ගෙනයන ලද්දාහුද?

තත්‍ථ අපි රත‍්තෙව මෙ මනොති අපි බලවපච‍්චූසෙ සුපිනං පස‍්සන‍්තියා විය මෙ මනො. මිගාති සීහාදයො වාළමිගා. ඉරිණෙති නිරොජෙ. විවනෙති විවිත‍්තෙ. දූතාති අදු ජෙතුත‍්තරනගරෙ සිවිරඤ‍්ඤො සන‍්තිකං තයා දූතා කත්‍වා පෙසිතා. සුත‍්තාති අන‍්තොපණ‍්ණසාලං පවිසිත්‍වා සයිතා. අදු බහි නොති අදු තෙ දාරකා ඛිඩ‍්ඩාපසුතා හුත්‍වා බහි නික‍්ඛන‍්තාති පුච‍්ඡති. නෙවාසං කෙසා දිස‍්සන‍්තීති සාමි වෙස‍්සන‍්තර, නෙව තෙසං කාළඤ‍්ජනවණ‍්ණා කෙසා දිස‍්සන‍්ති. ජාලිනොති කඤ‍්චනජාලවිචිත‍්තා හත්‍ථපාදා. සකුණානඤ‍්ච ඔපාතොති හිමවන‍්තපදෙසෙ හත්‍ථිලිඞ‍්ගසකුණා නාම අත්‍ථි, තෙ ඔපතිත්‍වා ආදාය ආකාසෙනෙව ගච‍්ඡන‍්ති. තෙන තං පුච‍්ඡාමි “කිං තෙහි සකුණෙහි නීතා, ඉතො අඤ‍්ඤෙසම‍්පි කෙසඤ‍්චි තෙසං සකුණානං විය ඔපාතො ජාතො, අක‍්ඛාහි, කෙන නීතා මෙ දාරකා”ති?

එහි අපිරත්තෙවමෙ ඉතා අළුයම සිහියක් දකින්නා වූ මාගේ සිත මෙන්. මිගා සිංහාදී වූ ව්‍යාල මෘගයෝ. ඉරිතෙ ඕජස් රහිත. විවනෙ තොර වූ දූතා නැතහොත් දිවිතුරා නගරයේ සිවිරජුගේ සමීපයට ඔබ විසින් දූතයකු ලෙස යවන ලද්දේ ද? සුත්තා පන්සලට පිවිස නිදාගත්තාහුද? ආදුබහිතො එසේ නැත්නම් ඒ දරුවෝ ක්‍රීඩාවෙහි යෙදී සිටියාහු පිටතට ගියාහුද කියා අසයි. නෙවාසංකෙසා දිස්සන්ති ස්වාමීනි, වෙස්සන්තර ඔවුන්ගේ අඳුන්වන් කේශයෝ දක්නට නැත්තාහ. න ජාලිනො රන්දළින් විසිතුරු වූ අත්පා. සකුණානං ච ඔපාතො හිමවත් පෙදෙසෙහි ඇත්ගිජුලිහිණියෝ නම් පක්‍ෂියෝ සිටිති. පැන අහසෙන්ම යත්. ඒ නිසා මම අසමි කිම ඔවුන් විසින් ගෙනයන ලදහුද මෙහි වෙනත් ඒ විශාල පක්‍ෂීන්ට සමාන පක්‍ෂීන්ගේ පහළවීමක් වීද? කියන්න. කවරකු විසින් මාගේ දරුවෝ ගෙන ගියාහුද?

එවං වුත‍්තෙපි මහාසත‍්තො න කිඤ‍්චි ආහ. අථ නං සා “දෙව, කස‍්මා මයා සද‍්ධිං න කථෙසි, කො මම දොසො”ති වත්‍වා ආහ –

මෙසේ කී කල්හිද මහාසත්ත්වයෝ කිසිවක් නොකීහ. ඉක්බිති ඇය ඔහුට ස්වාමීනි, කුමක් නිසා මා සමග නොකියන්නේද? මගේ වරද කුමක්ද කියා මෙසේ කීවාය.

“ඉදං තතො දුක‍්ඛතරං, සල‍්ලවිද‍්ධො යථා වණො; ත්‍යජ‍්ජ පුත‍්තෙ න පස‍්සාමි, ජාලිං කණ‍්හාජිනං චුභො.

අද ඒ ජාලිය කෘෂ්ණජිනා දෙපුතුන් නො දකිම්ද? ඒ දුකට වඩා තොප කථා නොකරන දුක ඉතා දුක්ය. හුළින් විදිනා ලද වනයක් මෙනි.

“ඉදම‍්පි දුතියං සල‍්ලං, කම‍්පෙති හදයං මම; යඤ‍්ච පුත‍්තෙ න පස‍්සාමි, ත්‍වඤ‍්ච මං නාභිභාසසි.

අද මම ඒ දරුවන් නොදක්මි. ඔබද මා හා කථා නොකරති. මේ දෙවැනි හුළද මාගේ ළය කම්පා කරවයි.

“අජ‍්ජෙව මෙ ඉමං රත‍්තිං, රාජපුත‍්ත න සංසති; මඤ‍්ඤෙ ඔක‍්කන‍්තසන‍්තං මං, පාතො දක‍්ඛිසි නො මත”න‍්ති.

රාජපුත්‍රයෙනි, අද මේ රාත්‍රිය මා හා කථා නොකරන්නාහු නම් පහවැ ගිය දිවි ඇති මා උදයේ මළ එකකු ලෙස දකින්න.

තත්‍ථ ඉදං තතො දුක‍්ඛතරන‍්ති සාමි වෙස‍්සන‍්තර, යං මම රට‍්ඨා පබ‍්බාජිතාය අරඤ‍්ඤෙ වසන‍්තියා පුත‍්තෙ ච අපස‍්සන‍්තියා දුක‍්ඛං, ඉදං තව මයා සද‍්ධිං අකථනං මය‍්හං තතො දුක‍්ඛතරං. ත්‍වඤ‍්හි මං අග‍්ගිදඩ‍්ඪං පටිදහන‍්තො විය පපාතා පතිතං දණ‍්ඩෙන පොථෙන‍්තො විය සල‍්ලෙන වණං විජ‍්ඣන‍්තො විය තුණ‍්හීභාවෙන කිලමෙසි. ඉදඤ‍්හි මෙ හදයං සල‍්ලවිද‍්ධො යථා වණො තථෙව කම‍්පති චෙව රුජති ච. “සම‍්පවිද‍්ධො”තිපි පාඨො, සම‍්පතිවිද‍්ධොති අත්‍ථො. ඔක‍්කන‍්තසන‍්තං මන‍්ති අපගතජීවිතං මං. දක‍්ඛිසි නො මතන‍්ති එත්‍ථ නො-කාරො නිපාතමත‍්තො, මතං මං කාලස‍්සෙව ත්‍වං පස‍්සිස‍්සසීති අත්‍ථො.

ඉක්බිති ඉදං තතො දුක්ඛතරං වෙස්සන්තර ස්වාමීනි, රටින් නෙරපන ලද වනයෙහි වාසය කරන දරුවන් දකින්නට නැති මා සමග දුක නොකියා සිටීම ඊටත් වඩා දුකකි. ඔබ වනාහි ගින්නෙන් දැවුනු මා නැවත දවන්නාක් මෙනි. තල්ගසින් වැටුනහුට මුගුරකින් ගසන්නාක් මෙන් නිහඬතාවයෙන් මා වෙහෙසට පත්කරන්නෙහිය. මේ මාගේ හෘදය ආයුධයකින් විදින ලද්දක් මෙන්ද එසේම වනයක් මෙන් ද වේදනාවට පත්වෙයි. කම්පාවෙයි. සම්පවිද්ධො කියාද පාඨයකි. දැන් විදින ලද්දේය යන අර්ථයි. උක්කන්තසත්තං මං පහවූ දිවි ඇති. දක්ඛි සිනො මෙහි ‘නො’ කාරය නිපාත මාත්‍රයකි. මා කල්ඇතිව මළාක් මෙන් දකින්න යන අර්ථයි.

අථ මහාසත‍්තො “කක‍්ඛළකථාය නං පුත‍්තසොකං ජහාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා ඉමං ගාථමාහ –

මහාසත්ත්වයෝ කර්කශ කථාවෙන් ඇගේ දරුශෝකය දුරු කරන්නෙමියි සිතා මේ ගාථාව කීය.

“නූන මද‍්දී වරාරොහා, රාජපුත‍්තී යසස‍්සිනී; පාතො ගතාසි උඤ‍්ඡාය, කිමිදං සායමාගතා”ති.

රූපශ්‍රීයෙන් යුත් යසස් ඇති මද්‍රිරාජදේවිය, තෙපි වනමුල් පලවැල පිණිස උදයේම ගියා නොවේද? කුමන කරුණකින් ප්‍රමාදවී ආවාහුද?

තත්‍ථ කිමිදං සායමාගතාති “මද‍්දි, ත්‍වං අභිරූපා පාසාදිකා, හිමවන‍්තෙ ච නාම බහූ වනචරකා තාපසවිජ‍්ජාධරාදයො විචරන‍්ති. කො ජානාති, කිං භවිස‍්සති, කිඤ‍්චි තයා කතං, ත්‍වං පාතොව ගන‍්ත්‍වා කිමිදං සායමාගච‍්ඡසි, දහරකුමාරකෙ ඔහාය අරඤ‍්ඤගතිත්‍ථියො නාම සසාමිකිත්‍ථියො එවරූපා න හොන‍්ති, ‘කා නු ඛො මෙ දාරකානං පවත‍්ති, කිං වා මෙ සාමිකො චින‍්තෙස‍්සතී’ති එත‍්තකම‍්පි තෙ නාහොසි. ත්‍වං පාතොව ගන‍්ත්‍වා චන්‍දාලොකෙන ආගච‍්ඡසි, මම දුග‍්ගතභාවස‍්සෙවෙස දොසො”ති තජ‍්ජෙත්‍වා වඤ‍්චෙත්‍වා කථෙසි.

එහි කිමිදං සායමාගතා මද්‍රිදේවිය, නුඹ රූමත්ය. පැහැපත්ය. හිමවත වනාහි වනයේ හැසිරෙන බොහෝ තාපස විජ්ජාධරයන්ගෙන් යුක්තය. ඇය විසින් කුමක් කරන ලද්දේ දැයි කවුරු දනීද? ඔබ අළුයම ගොස් කුමක් නිසා මේ සවස එන්නෙහිද? සිඟිති දරුවන් දමා වනයට ගිය ස්ත්‍රීහු නම් ස්වාමිවරුන් සහිත නම් මෙසේ නොකරන්නාහ. මාගේ දරුවන්ගේ තොරතුරු මොනවාද? මාගේ ස්වාමියාට කුමක් වීද යන මෙපමණක්වත් ඔබට සිතුනේ නැත. උදේම ගොස් සඳඑළියේ එන්නෙහිය. මේ මාගේ දුගී බවෙහි දෝෂයක්මයැයි තර්ජනයකොට වංචාකර කීවේය.

සා තස‍්ස කථං සුත්‍වා ආහ –

ඇය ඔහුගේ කථාව අසා මෙසේ කීය,

“නනු ත්‍වං සද‍්දමස‍්සොසි, යෙ සරං පාතුමාගතා; සීහස‍්සපි නදන‍්තස‍්ස, බ්‍යග‍්ඝස‍්ස ච නිකුජ‍්ජිතං.

යම් සිවුපා කෙනෙක් දිය බොන්නට විලට ආවහුද ඔවුනතුරෙන් තෙපි වෙසෙසින් නාදකරන සිංහයාගේද ව්‍යාඝ්‍රයාගේද එකනින්නාද හඬ නොඇසූහුද?

“අහු පුබ‍්බනිමිත‍්තං මෙ, විචරන‍්ත්‍යා බ්‍රහාවනෙ; ඛණිත‍්තො මෙ හත්‍ථා පතිතො, උග‍්ගීවඤ‍්චාපි අංසතො.

මහවෙනෙහි සැරිසරන මට පෙරනිමිති පහළ වී, මා අතින් අල කණින හුල ගිලිහී වැටුණේය. දසරුවෙන් පලවැල පැස ගිලිහී වැටුණේය.

“තදාහං බ්‍යථිතා භීතා, පුථු කත්‍වාන අඤ‍්ජලිං; සබ‍්බදිසා නමස‍්සිස‍්සං, අපි සොත්‍ථි ඉතො සියා.

එකල්හි මට කම්පා වී බියපත්ව වෙන වෙනම ඇඳිලි බැඳගෙන මෙයින් ශාන්තියක් වන්නේයැයි සිතා හැම දිශාවන්ට වැන්දෙමු.

“මා හෙව නො රාජපුත‍්තො, හතො සීහෙන දීපිනා; දාරකා වා පරාමට‍්ඨා, අච‍්ඡකොකතරච‍්ඡිහි.

අප හිමි රාජපුත්‍රයා සිංහයකු විසින් හෝ දිවියකු විසින් නොනසාවා. දරුවෝ ද වලස්, වෘක යන සතුන්ගෙන් හිංසාවට පත්නොවෙත්වා.

“සීහො බ්‍යග‍්ඝො ච දීපි ච, තයො වාළා වනෙ මිගා; තෙ මං පරියාවරුං මග‍්ගං, තෙන සායම‍්හි ආගතා”ති.

සිංහය, ව්‍යාඝ්‍රය, දිවිය යන සැඩ වනමෘගයෝ තිදෙනෙකි. ඔව්හු මට මග අවරූහ. ඒ නිසා ප්‍රමාදවී සවස ආවෙමි.

තත්‍ථ යෙ සරං පාතුමාගතාති යෙ පානීයං පාතුං ඉමං සරං ආගතා. බ්‍යග‍්ඝස‍්ස චාති බ්‍යග‍්ඝස‍්ස ච අඤ‍්ඤෙසං හත්‍ථිආදීනං චතුප‍්පදානඤ‍්චෙව සකුණසඞ‍්ඝස‍්ස ච නිකූජිතං එකනින‍්නාදසද‍්දං කිං ත්‍වං න අස‍්සොසීති පුච‍්ඡති. සො පන මහාසත‍්තෙන පුත‍්තානං දින‍්නවෙලාය සද‍්දො අහොසි. අහු පුබ‍්බනිමිත‍්තං මෙති දෙව, ඉමස‍්ස මෙ දුක‍්ඛස‍්ස අනුභවනත්‍ථාය පුබ‍්බනිමිත‍්තං අහොසි. උග‍්ගීවන‍්ති අංසකූටෙ පච‍්ඡිලග‍්ගනකං. පුථූති විසුං විසුං. සබ‍්බදිසා නමස‍්සිස‍්සන‍්ති සබ‍්බා දස දිසා නමස‍්සිං. මා හෙව නොති අම‍්හාකං රාජපුත‍්තො සීහාදීහි හතො මා හොතු, දාරකාපි අච‍්ඡාදීහි පරාමට‍්ඨා මා හොන‍්තූති පත්‍ථයන‍්තී නමස‍්සිස‍්සං. තෙ මං පරියාවරුං මග‍්ගන‍්ති සාමි වෙස‍්සන‍්තර, අහං “ඉමානි ච භීසනකානි මහන‍්තානි, දුස‍්සුපිනො ච මෙ දිට‍්ඨො, අජ‍්ජ සකාලස‍්සෙව ගමිස‍්සාමී”ති කම‍්පමානා මූලඵලාඵලානි උපධාරෙසිං, අථ මෙ ඵලිතරුක‍්ඛාපි අඵලා විය අඵලා ච ඵලිනො විය දිස‍්සන‍්ති, කිච‍්ඡෙන ඵලාඵලානි ගහෙත්‍වා ගිරිද‍්වාරං සම‍්පාපුණිං. අථ තෙ සීහාදයො මං දිස‍්වා මග‍්ගං පටිපාටියා රුම‍්භිත්‍වා අට‍්ඨංසු. තෙන සායං ආගතාම‍්හි, ඛමාහි මෙ, සාමීති.

එහි යෙ ඝරං පාතුමාගතා යමෙක් පැන් බීමට මේ විලට ආවාහු. ව්‍යාග්ඝස්සච ව්‍යාඝ්‍රයන්ගේද අනිකුත් ඇත් ආදීන්ගේද කුරුළු සමූහයාගේද කූජනය. එකනින්නාදය කිම ඔබට නෑසුනේදැයි අසයි. ඒ ශබ්දය වනාහි මහාසත්ත්වයන් විසින් දරුවන්ට දෙන ලද වේලාවේ විය. අහු පුබ්බනිමිත්තං දේවයිනි, මේ දුක විඳීම පිණිස පෙරනිමිති විය. උග්ගීවං දසරුවෙහි එල්බෙන පැස. පුථුං වෙන වෙනම සියලු දිසා අනුදිසා නමස්කාර කළෙමි. මාහෙවහො රාජපුත්‍රයා සිංහාදීන් විසින් නො නසාවා. දරුවෝ වළස් ආදීන්ගේ පීඩාවකට පත් නොවෙත්වායි ප්‍රාර්ථනා කරමින් නමස්කාර කළෙමි. තෙ මං පරියාවරුංමග්ගං ස්වාමීනි, මම වනාහි මේ බිහිසුණු මහත් වූ නරක සිහිනයක් ද දුටුවෙමි. අද කල්ඇතිව යන්නෙමියි වල සහිත ගස් පල නැති ගස් ලෙසත් ගෙඩි නැති ගස් ඇති ගස් ලෙසත් දකින්නී අපහසුවෙන් පලාපල ගෙන ගිරිදොරකඩට පැමිණියෙමි. ඉක්බිති ඒ සිංහ ආදී වූ මෘගයෝ මා දැක මග පිළිවෙල වළක්වා සිටියාහ. ඒ නිසා සවස්වී පැමිණියාට ස්වාමීනි මට සමාවන්න.

මහාසත‍්තො තාය සද‍්ධිං එත‍්තකමෙව කථං වත්‍වා යාව අරුණුග‍්ගමනා න කිඤ‍්චි කථෙසි. තතො පට‍්ඨාය මද‍්දී නානප‍්පකාරකං විලපන‍්තී ආහ –

මහාසත්ත්වයෝ ඇය සමග මෙපමණක්ම කථාකොට අරුණ නැගෙන තෙක් කිසිවක් කථා කළේ නැත. එතැන් පටන් මද්‍රිය නොයෙක් අයුරින් වැලපෙන්නී මෙසේ කීවාය.

“අහං පතිඤ‍්ච පුත‍්තෙ ච, ආචෙරමිව මාණවො; අනුට‍්ඨිතා දිවාරත‍්තිං, ජටිනී බ්‍රහ‍්මචාරිනී.

මම දඟමඬුළු දරන්නී බඹසර රකින්නී අතවැසි මානවකයෙක් ඇදුරහුට මෙන් හිමියන්ට ද දරුවන්ට ද දිවා රෑ අප්‍රමාදීව මෙහෙ කළෙමි.

“අජිනානි පරිදහිත්‍වා, වනමූලඵලහාරියා; විචරාමි දිවාරත‍්තිං, තුම‍්හං කාමා හි පුත‍්තකා.

දරුවනි, මම තොප කැමැත්තෙන් අඳුන්දිවිසම් පෙරවැ වනමුල් පලවැල ගෙනයන්හී දිවාරාත්‍රී ඇවිදිමි.

“අහං සුවණ‍්ණහලිද‍්දිං, ආභතං පණ‍්ඩුබෙලුවං; රුක‍්ඛපක‍්කානි චාහාසිං, ඉමෙ වො පුත‍්ත කීළනා.

දරුවනි, මේ රන්වන් කසාය, කල්ක, ගෙනෙන ලදය. ඔබලාට සෙල්ලම් කිරීමට රන්වන් බෙලිපල ගෙනෙන ලදය. ගස්වල ඉදුණු මිහිරිපලද ගෙන ආමි. මේ තොපට කෙළිබඩුය.

“ඉමං මූළාලිවත‍්තකං, සාලුකං චිඤ‍්චභෙදකං; භුඤ‍්ජ ඛුද‍්දෙහි සංයුත‍්තං, සහ පුත‍්තෙහි ඛත‍්තිය.

මේ නෙලුඹුදැලි වළලුය. ඕලුයැ. පිඤ්ජර යුෂය යන මේවා තිබේ. රජතුමනි, දඬුයෙල්බෑ මීයෙන් හනන ලදුවැ දරුවන් හා එක්වැ වළඳන්න.

“පදුමං ජාලිනො දෙහි, කුමුදඤ‍්ච කුමාරියා; මාලිනෙ පස‍්ස නච‍්චන‍්තෙ, සිවි පුත‍්තානි අව‍්හය.

මේ පියුම ජොලියට දෙන්න. ඇඹුලමල කුමරියට දෙන්න. මල් පැළඳ නටන දරුවන් බලව. සිවි රජතුමනි, දරුවන් කැඳවන්න.

“තතො කණ‍්හාජිනායපි, නිසාමෙහි රථෙසභ; මඤ‍්ජුස‍්සරාය වග‍්ගුයා, අස‍්සමං උපයන‍්තියා.

රජතුමනි, මියුරු හඬ ඇති සිත්කළු ස්වභා ඇති කෘෂ්ණජිනාවද අසපුව කරා යන්නීය. බලව.

“සමානසුඛදුක‍්ඛම‍්හා, රට‍්ඨා පබ‍්බාජිතා උභො; අපි සිවි පුත‍්තෙ පස‍්සෙසි, ජාලිං කණ‍්හාජිනං චුභො.

රටින් නෙරපන ලද අපි දෙදෙන සමාන සුවදුක් ඇත්තෝ වෙමු. සිවි මහරජුනි, ජාලිය, ක්‍රිෂ්ණජිනා දෙදරුවන් දුටුවහුද?

“සමණෙ බ්‍රාහ‍්මණෙ නූන, බ්‍රහ‍්මචරියපරායණෙ; අහං ලොකෙ අභිස‍්සපිං, සීලවන‍්තෙ බහුස‍්සුතෙ; ත්‍යජ‍්ජ පුත‍්තෙ න පස‍්සාමි, ජාලිං කණ‍්හාජිනං චුභො”ති.

මම ලෝකයේ බඹසර පිහිටකොට ඇති බොහෝ ඇසූපිරූ තැන් ඇති සිල්වත් මහණුන්ද බමුණන්ද ශාප කළෙමි. එහෙයින් අද ඒ ජාලිය, කෘෂ්ණජිනා දෙදරුවන් නො දක්මි.

තත්‍ථ ආචෙරමිව මාණවොති වත‍්තසම‍්පන‍්නො අන‍්තෙවාසිකො ආචරියං විය පටිජග‍්ගති. අනුට‍්ඨිතාති පාරිචරියානුට‍්ඨානෙන අනුට‍්ඨිතා අප‍්පමත‍්තා හුත්‍වා පටිජග‍්ගාමි. තුම‍්හං කාමාති තුම‍්හාකං කාමෙන තුම‍්හෙ පත්‍ථයන‍්තී. පුත‍්තකාති කුමාරෙ ආලපන‍්තී පරිදෙවති. සුවණ‍්ණහලිද‍්දින‍්ති පුත‍්තකා අහං තුම‍්හාකං න‍්හාපනත්‍ථාය සුවණ‍්ණවණ‍්ණං හලිද‍්දිං ඝංසිත්‍වා ආදාය ආගතා. පණ‍්ඩුබෙලුවන‍්ති කීළනත්‍ථාය ච වො ඉදං සුවණ‍්ණවණ‍්ණං බෙලුවපක‍්කං මයා ආභතං. රුක‍්ඛපක‍්කානීති තුම‍්හාකං කීළනත්‍ථාය අඤ‍්ඤානිපි මනාපානි රුක‍්ඛඵලානි ආහාසිං. ඉමෙ වොති පුත‍්තකා ඉමෙ වො කීළනාති වදති. මූළාලිවත‍්තකන‍්ති මූළාලකුණ‍්ඩලකං. සාලුකන‍්ති ඉදං උප‍්පලාදිසාලුකම‍්පි මෙ බහු ආභතං. චිඤ‍්චභෙදකන‍්ති සිඞ‍්ඝාටකං. භුඤ‍්ජාති ඉදං සබ‍්බං ඛුද‍්දමධුනා සංයුත‍්තං පුත‍්තෙහි සද‍්ධිං භුඤ‍්ජාහීති පරිදෙවති. සිවි පුත‍්තානි අව‍්හයාති සාමි සිවිරාජ, පණ‍්ණසාලාය සයාපිතට‍්ඨානතො සීඝං පුත‍්තකෙ පක‍්කොසාහි. අපි සිවි පුත‍්තෙ පස‍්සෙසීති සාමි සිවිරාජ, අපි පුත‍්තෙ පස‍්සසි, සචෙ පස‍්සසි, මම දස‍්සෙහි, කිං මං අතිවිය කිලමෙසි. අභිස‍්සපින‍්ති තුම‍්හාකං පුත‍්තධීතරො මා පස‍්සිත්‍ථාති එවං නූන අක‍්කොසින‍්ති.

ආචෙරමිවමාණවො වත්සපන් අතවැසියෙක් ගුරුවරයාට මෙන්. අනුට්ඨිතා වතාවත් කටයුතු නොනැගිට, අප්‍රමාදීව ඉටුකරමි. තුම්හං කාමා ඔබගේ කැමැත්තෙන් ඔබ පතයි. පුත්තකා කුමාරයන්ට අමතන්නී හඬයි. සුවණ්ණහාලිද්දිං දරුවෙනි, මම ඔබලාට ස්නානය පිණිස රන්වන් වූ කසා කල්ක ගලගා ගෙන ආවේය. බෙළුවං සෙල්ලම් කිරීම පිණිස ඔබලාට මේ රන්වන් බෙලි මා විසින් රැගෙන ආවේය. රුක්ඛ පක්කානි ක්‍රීඩා කිරිම සඳහා වෙනත් ප්‍රියමනාප ගෙඩි වර්ග ගෙනාවෙමි. ඉමෙ තෙ දරුවෙනි, මේ ඔබලාට ක්‍රීඩා කිරීම පිණිසයැයි කියයි. මූළාලවටකං නෙළුම් අල රවුම්. සාලුකං මේ උපුල් ආදී අල ගෙනෙන ලදී. පිඤ්ජරොදකං පිඟුවන් ජලය. භුඤ්ජ මේ සියල්ල කුඩා මධු සමග අනුභව කරන්නයැයි හඬයි. සිවිපුත්තානි චව්හයා සිවිරජතුමනි, දරුවන් දකින්නෙහිද? දකීනම් මට පෙන්වන්න. ඇයි මා වෙහෙසට පත්කරන්නේ. අභිසපිං ඔබගේ දූ දරුවන් නොදකීවායි මෙසේ ඒකාන්තයෙන් ආක්‍රෝශ කළෙමි.

එවං විලපමානායපි තාය සද‍්ධිං මහාසත‍්තො න කිඤ‍්චි කථෙසි. සා තස‍්මිං අකථෙන‍්තෙ කම‍්පමානා චන්‍දාලොකෙන පුත‍්තෙ විචිනන‍්තී යෙසු යෙසු ජම‍්බුරුක‍්ඛාදීසු පුබ‍්බෙ කීළිංසු, තානි තානි පත්‍වා පරිදෙවන‍්තී ආහ –

මෙසේ වැළපෙන්නියට මහාසත්ත්වයෝ කිසිවක් පැවසූයේ නැත. ඇය ඔහු කිසිවක් නොකියන කල්හි කම්පාවෙමින් සඳඑළියෙන් දරුවන් සොයන්නී ඒ ඒ දඹරුක් ආදි තැන්වල පෙර ඔවුන් ක්‍රීඩා කළේද ඒ ඒ තැන්වලට ගොස් වැලපෙමින් කීවාය.

“ඉමෙ තෙ ජම‍්බුකා රුක‍්ඛා, වෙදිසා සින්‍දුවාරකා; විවිධානි රුක‍්ඛජාතානි, තෙ කුමාරා න දිස‍්සරෙ.

මේ දරුවන් සෙල්ලම් කළ තැන්වල දඹරුක්ය. එලෙන අතු ඇති සිඳුවරය. නන් වැදෑරුම් රුක්ය. ඒ කුමරුවෝ නො පැනෙති.

“අස‍්සත්‍ථා පනසා චෙමෙ, නිග්‍රොධා ච කපිත්‍ථනා; විවිධානි ඵලජාතානි, තෙ කුමාරා න දිස‍්සරෙ.

මේ ඒ ඇසතු රුක්ය. පනා රුක්ය. නුග රුක්ය. හෙළකිදි ඇසතු රුක්ය. නන්වැදෑරුම් පලරුක්දෑය. ඒ කුමරුවෝ නොපෙනෙති.

“ඉමෙ තිට‍්ඨන‍්ති ආරාමා, අයං සීතූදකා නදී; යත්‍ථස‍්සු පුබ‍්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස‍්සරෙ.

පෙර යම්තැනෙක හිඳ ක්‍රීඩා කෙරෙත්නම් මේ ඒ අරම පවතී. මේ සිහිල් දිය ඇති හොයද තිබේ. ඒ කුමරුවෝ නොපෙනෙති.

“විවිධානි පුප‍්ඵජාතානි, අස‍්මිං උපරිපබ‍්බතෙ; යානස‍්සු පුබ‍්බෙ ධාරිංසු, තෙ කුමාරා න දිස‍්සරෙ.

පෙරයම් මල්වර්ග පැළඳියාහුද මේ ගල්මුදුනෙහි ඒ විවිධ පුෂ්පවර්ග ඇත. ඒ කුමරුවෝ නොපෙනෙති.

“විවිධානි ඵලජාතානි, අස‍්මිං උපරිපබ‍්බතෙ; යානස‍්සු පුබ‍්බෙ භුඤ‍්ජිංසු, තෙ කුමාරා න දිස‍්සරෙ.

පෙර යම් ඵලජාතීන් වැළලූහුද මේ ගල්මුදුනෙහි ඒ විවිධ ඵලජාති ඇත. ඒ කුමරුවෝ නොපෙනෙති.

“ඉමෙ තෙ හත්‍ථිකා අස‍්සා, බලිබද‍්දා ච තෙ ඉමෙ; යෙහිස‍්සු පුබ‍්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස‍්සරෙ”ති.

පෙර යම් පෙතැලිරුවින් ක්‍රීඩා කළාහුද මේ ඒ ඇත්රූපය අස්රූපය මේ ඒ ගොනුන්ගේ පෙතලි රූපද ඇත. ඒ කුමරුවෝ නොපැනෙති.

තත්‍ථ ඉමෙ තෙ හත්‍ථිකාති සා පබ‍්බතූපරි දාරකෙ අදිස‍්වා පරිදෙවමානා තතො ඔරුය‍්හ පුන අස‍්සමපදං ආගන‍්ත්‍වා තත්‍ථ තෙ උපධාරෙන‍්තී තෙසං කීළනභණ‍්ඩකානි දිස‍්වා එවමාහ.

එහි ඉමෙ තෙ හත්‍ථිකා පර්වතය මත්තේ දරුවන් නොදැක හඬන්නී ඉන් බැස නැවත අසපුවට අවුත් එහි ඔවුන් ගැන සිතන්නී ඔවුන්ගේ ක්‍රීඩා භාණ්ඩයන් දැක මෙසේ කීවාය.

අථස‍්සා පරිදෙවනසද‍්දෙන චෙව පදසද‍්දෙන ච මිගපක‍්ඛිනො චලිංසු. සා තෙ දිස‍්වා ආහ –

“ඉමෙ සාමා සසොලූකා, බහුකා කදලීමිගා; යෙහිස‍්සු පුබ‍්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස‍්සරෙ.

පෙර යම් කෙනෙකුන් හා සමග ක්‍රීඩා කළාහු නම් මේ ඒ කුඩා සමවන් මුවෝය. සාවෝය. බකමූණෝය. බොහෝ වූ කෙහෙල්මුවෝය. ඒ කුමරුවෝ නොපෙනෙති.

“ඉමෙ හංසා ච කොඤ‍්චා ච, මයූරා චිත්‍රපෙඛුණා; යෙහිස‍්සු පුබ‍්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස‍්සරෙ”ති.

පෙරයම් කෙනෙකු හා ක්‍රීඩා කළාහුද මේ ඒ හංසයෝය. කොස්ලිහිණියෝය. විසිතුරු පිල්කළඹ ඇති මොනරුය. ඒ කුමරුවෝ නොපෙනෙති.

තත්‍ථ සාමාති ඛුද‍්දකා සාමා සුවණ‍්ණමිගා. සසොලූකාති සසා ච උලූකා ච.

එහි සාමා කුඩා මුවෝ, රන් මුවෝ. සසොලුකා හාවෝ ද මහ මුහුණෝ ද,

සා අස‍්සමපදෙ පියපුත‍්තෙ අදිස‍්වා නික‍්ඛමිත්‍වා පුප‍්ඵිතවනඝටං පවිසිත්‍වා තං තං ඨානං ඔලොකෙන‍්තී ආහ –

ඇය අසපුවෙහි ප්‍රිය දරුවන් නොදැක ඉන් නික්ම මල් පිපුණු වනරොදට පිවිස ඒ ඒ තැන බලන්නී මෙසේ කීවාය.

“ඉමා තා වනගුම‍්බායො, පුප‍්ඵිතා සබ‍්බකාලිකා; යත්‍ථස‍්සු පුබ‍්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස‍්සරෙ.

පෙර යම්තැනක ක්‍රීඩා කළාහු නම් මේ ඒ හැමකල්හි මල් පිපී ඇති වනලැහැබ්ය. ඒ කුමරුවෝ නොපෙනෙති.

“ඉමා තා පොක‍්ඛරණී රම‍්මා, චක‍්කවාකූපකූජිතා; මන්‍දාලකෙහි සඤ‍්ඡන‍්නා, පදුමුප‍්පලකෙහි ච; යත්‍ථස‍්සු පුබ‍්බෙ කීළිංසු, තෙ කුමාරා න දිස‍්සරෙ”ති.

පෙර යම්තැනක ක්‍රීඩා කළාහු නම් මේ ඒ සක්වාලිහිණියන් ළඟ හිඳ කුස්නා හෙල්මැලිවලින් ද පියුම්වලින් ද උපුල්වලින් ද ගැවසීගත් රමණීය පොකුණු ඇත. ඒ කුමරුවෝ නොපෙනෙති.

තත්‍ථ වනගුම‍්බායොති වනඝටායො.

එහි වනගුම්බායො යනු කැලෑ රොදවල්.

සා කත්‍ථචි පියපුත‍්තෙ අදිස‍්වා පුන මහාසත‍්තස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා තං දුම‍්මුඛං නිසින‍්නං දිස‍්වා ආහ –

ඇය කිසිතැනක දරුවන් නොදැක නැවත මහාසත්ත්වයන් සමීපයට ගොස් දුර්මුඛව සිටි ඔහුට මෙසේ කීය,

“න තෙ කට‍්ඨානි භින‍්නානි, න තෙ උදකමාහටං; අග‍්ගිපි තෙ න හාපිතො, කිං නු මන්‍දොව ඣායසි.

තොප විසින් දර නොබිඳින ලද තොප විසින් දිය නොගෙනෙන ලද, තොප විසින් ගිනිද නොදල්වන ලද කිම නොදන්නා බාලයකු මෙන් සිතිවිලි පරවශව සිටීද?

“පියො පියෙන සඞ‍්ගම‍්ම, සමො මෙ බ්‍යපහඤ‍්ඤති; ත්‍යජ‍්ජ පුත‍්තෙ න පස‍්සාමි, ජාලිං කණ‍්හාජිනං චුභො”ති.

තෙපි මට ප්‍රියව. ප්‍රිය වූ තොප හා සමග එකවැ සමවැ විඳිනා දුක් මා විසින් නසනු ලැබේ. අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද නොදක්මි.

තත්‍ථ න හාපිතොති න ජලිතො. ඉදං වුත‍්තං හොති – සාමි, ත්‍වං පුබ‍්බෙ කට‍්ඨානි භින්‍දසි, උදකං ආහරිත්‍වා ඨපෙසි, අඞ‍්ගාරකපල‍්ලෙ අග‍්ගිං කරොසි, අජ‍්ජ තෙසු එකම‍්පි අකත්‍වා කිං නු මන්‍දොව ඣායසි, තව කිරියා මය‍්හං න රුච‍්චතීති. පියො පියෙනාති වෙස‍්සන‍්තරො මය‍්හං පියො, ඉතො මෙ පියතරො නත්‍ථි, ඉමිනා මෙ පියෙන සඞ‍්ගම‍්ම සමාගන‍්ත්‍වා පුබ‍්බෙ සමො මෙ බ්‍යපහඤ‍්ඤති දුක‍්ඛං විගච‍්ඡති, අජ‍්ජ පන මෙ ඉමං පස‍්සන‍්තියාපි සොකො න විගච‍්ඡති, කිං නු ඛො කාරණන‍්ති. ත්‍යජ‍්ජාති හොතු, දිට‍්ඨං මෙ කාරණං, තෙ අජ‍්ජ පුත‍්තෙ න පස‍්සාමි, තෙන මෙ ඉමං පස‍්සන‍්තියාපි සොකො න විගච‍්ඡතීති.

එහි න හාපිතො දිලිසෙන්නේ නැත. මෙසේ කියන ලදී. ස්වාමීනි, ඔබ පෙර දර කඩන්නෙහි. ජලය ගෙන තබනෙහි ගිනිකබලෙහි ගිනි මෙලවීය. අද එයින් එකක්වත් නොකොට කින්නු මන්‍දොව ඣායසි ඔබගේ ක්‍රියාවන් මට රුචි නොවේ. පියො පියෙන වෙස්සන්තර මට ප්‍රියය. මීට වඩා මට ප්‍රියතරයෙක් නම් නැත. මේ ප්‍රියයා සමග එක්වී පෙර සමො මෙ ව්‍යපහඤ්ඤති. දුක පහව යයි. අද වනාහි මොහු දකින්නා වූ මාගේ ශෝකය පහව නොයයි. කවර කරුණක් නිසාද? ත්‍යජ්ජ වේවා. මා විසින් කරුණ දක්නා ලදී. අද ඒ පුතුන් නොදකිමි. මොහු දකින්නා වූ නමුත් ශෝකය පහව නොයයි.

තාය එවං වුත‍්තෙපි මහාසත‍්තො තුණ‍්හීභූතොව නිසීදි. සා තස‍්මිං අකථෙන‍්තෙ සොකසමප‍්පිතා පහටකුක‍්කුටී විය කම‍්පමානා පුන පඨමං විචරිතට‍්ඨානානි විචරිත්‍වා මහාසත‍්තස‍්ස සන‍්තිකං පච‍්චාගන‍්ත්‍වා ආහ –

ඈ විසින් මෙසේ කී කල්හි මහාසත්ත්වයෝ නිහඬව හුන්නේය. ඇය ඔහු කථා නොකර සිටිනවිට ශෝකයෙන් මඩනා ලද්දේ පහරකෑ කිකිළියක් මෙන් නැවත කලින් සොයා බැලූ තැන්වලට නැවත ගොස් බලා ආපසු ඇවිත් කීවාය.

“න ඛො නො දෙව පස‍්සාමි, යෙන තෙ නීහතා මතා; කාකොලාපි න වස‍්සන‍්ති, මතා මෙ නූන දාරකා.

දේවයිනි, අපගේ දරුවන් නොදක්මි. යමකු විසින් ඔවුහු ගෙන යන ලදහද? නොහොත් මළාහුද? වන කවුඩෝද නොහඬති. මාගේ දරුවෝ කිසිවකු විසින් ගෙනයන ලද්දෝ වන.

“න ඛො නො දෙව පස‍්සාමි, යෙන තෙ නීහතා මතා; සකුණාපි න වස‍්සන‍්ති, මතා මෙ නූන දාරකා”ති.

තත්‍ථ න ඛො නොති දෙව, න ඛො අම‍්හාකං පුත‍්තෙ පස‍්සාමි. යෙන තෙ නීහතාති කෙනචි තෙසං නීහතභාවම‍්පි න ජානාමීති අධිප‍්පායෙනෙවමාහ.

එහි නඛො නො යනු දේවයිනි, අපගේ දරුවන් නොදකිමි. යෙන තෙ නිපාතා මතා කිසිවකු විසින් ඔවුන් නසන ලද බවද නොදනිමි යන අදහසින් මෙසේ කියන ලදී.

එවං වුත‍්තෙපි මහාසත‍්තො න කිඤ‍්චි කථෙසියෙව. සා පුත‍්තසොකෙන ඵුට‍්ඨා පුත‍්තෙ උපධාරෙන‍්තී තතියම‍්පි තානි තානි ඨානානි වාතවෙගෙන විචරි. තාය එකරත‍්තිං විචරිතට‍්ඨානං පරිග‍්ගය‍්හමානං පන‍්නරසයොජනමත‍්තං අහොසි. අථ රත‍්ති විභාසි, අරුණොදයො ජාතො. සා පුන ගන‍්ත්‍වා මහාසත‍්තස‍්ස සන‍්තිකෙ ඨිතා පරිදෙවි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මෙසේ කී කල්හිද මහාසත්ත්වයෝ කිසිවක් නොකීවේය. ඇය දරුසොවින් දරුවන් ගැන සිතන්න තුන්වන වරටත් ඒ ඒ තැන්වලට වාතවේගයෙන් ගියේය. එක්රැයක් තුළ ඇවිද්ද තැන් ගණන් කරන්නේ නම් යොදුන් පසළොසක් පමණ විය. ඉක්බිති රාත්‍රිය ගතවිය. අරුණ නැගි කල්හි ඕතොමෝ නැවත ගොස් මහාසත්ත්වයන් සමීපයේ සිට හැඬුවාය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;

“සා තත්‍ථ පරිදෙවිත්‍වා, පබ‍්බතානි වනානි ච; පුනදෙවස‍්සමං ගන‍්ත්‍වා, රොදි සාමිකසන‍්තිකෙ.

ඒ බිසෝ පර්වතයන්ද වනයන්ද බලමින් හඬාවැළප යළණිදු අසපුවට ගොස් ස්වාමියා ළඟ හඬන්නීය.

“න ඛො නො දෙව පස‍්සාමි, යෙන තෙ නීහතා මතා; කාකොලාපි න වස‍්සන‍්ති, මතා මෙ නූන දාරකා.

දේවයිනි, අපගේ දරුවන් නොදක්මි. යමකු විසින් ඔවුන් ගෙනයන ලදද? නොහොත් මළාහුද? වනකවුඩෝද නො හඬති. මාගේ දරුවෝ කිසිවකු විසින් ගෙනයන ලද්දේ විය යුතුයි.

“න ඛො නො දෙව පස‍්සාමි, යෙන තෙ නීහතා මතා; සකුණාපි න වස‍්සන‍්ති, මතා මෙ නූන දාරකා.

දේවයිනි, අපගේ දරුවන් නො දක්මි. යම්කිසිවකු විසින් ඔව්හු ගෙනයන ලදහුද? නොහොත් මළාහුද? පක්‍ෂීහුද නොහඬති. මාගේ දරුවන් මළා විය යුතුය.

“නු ඛො නො දෙව පස‍්සාමි, යෙන තෙ නීහතා මතා; විචරන‍්තී රුක‍්ඛමූලෙසු, පබ‍්බතෙසු ගුහාසු ච.

දේවයිනි, පර්වතයෙහි රුක්මුල්හි ගල්ලෙන්වල ඇවිදින්නී අපගේ දරුවන් නොදක්මි. ඔවුන් යම්කිසිවකු විසින් ගෙනයන ලද ද? නැතහොත් මළාහුද?

“ඉති මද‍්දී වරාරොහා, රාජපුත‍්තී යසස‍්සිනී; බාහා පග‍්ගය‍්හ කන්‍දිත්‍වා, තත්‍ථෙව පතිතා ඡමා”ති.

මෙසේ යසස් ඇති උතුම් වළඟ ඇති මදුරජ දූ දොහොත් හිස බැඳ හඬා එහිමැ බිම ඇදහුණු.

තත්‍ථ සාමිකසන‍්තිකෙති භික‍්ඛවෙ, සා මද‍්දී තත්‍ථ වඞ‍්කපබ‍්බතකුච‍්ඡියං සානුපබ‍්බතානි වනානි ච විචරන‍්තී පරිදෙවිත්‍වා පුන ගන‍්ත්‍වා සාමිකං නිස‍්සාය තස‍්ස සන‍්තිකෙ ඨිතා පුත‍්තානං අත්‍ථාය රොදි, “න ඛො නො”තිආදීනි වදන‍්තී පරිදෙවීති අත්‍ථො. ඉති මද‍්දී වරාරොහාති භික‍්ඛවෙ, එවං සා උත‍්තමරූපධරා වරාරොහා මද‍්දී රුක‍්ඛමූලාදීසු විචරන‍්තී දාරකෙ අදිස‍්වා “නිස‍්සංසයං මතා භවිස‍්සන‍්තී”ති බාහා පග‍්ගය‍්හ කන්‍දිත්‍වා තත්‍ථෙව වෙස‍්සන‍්තරස‍්ස පාදමූලෙ ඡින‍්නසුවණ‍්ණකදලී විය ඡමායං පති.

එහි සාමිකස්සන්ති රොදති මද්‍රිදේවිය වංකගිරියේ ඇතුළත හා සානුවල වනයන්හි ඇවිදින්නී හඬාවැළප නැවත අවුත් ස්වාමියා ඇසුරුකොට ඔහු සමීපයෙහි සිට දරුවන් වෙනුවෙන් හඬයි යන අර්ථයි. ඉති මද්දි මහණෙනි, මෙසේ උතුම් ශරීර ඇති අභිරූපවත් වූවා මද්‍රිදේවිය ගස්මුල් ආදියෙහි හැසිරෙන්නී දරුවන් නොදැක නිසැකවම මළා විය යුතුයැයි බාහා පග්ගය්හ කන්‍දිත්‍වා එහිම වෙස්සන්තර පාද මූලයේ කපා දැමූ රන්වන් කෙසෙල් ගසක් මෙන් බිම පතිත වූවාය.

අථ මහාසත‍්තො “මතා මද‍්දී”ති සඤ‍්ඤාය කම‍්පමානො “අට‍්ඨානෙ පදෙසෙ මතා මද‍්දී. සචෙ හිස‍්සා ජෙතුත‍්තරනගරෙ කාලකිරියා අභවිස‍්ස, මහන‍්තො පරිවාරො අභවිස‍්ස, ද‍්වෙ රට‍්ඨානි චලෙය්‍යුං. අහං පන අරඤ‍්ඤෙ එකකොව, කිං නු ඛො කරිස‍්සාමී”ති උප‍්පන‍්නබලවසොකොපි සතිං පච‍්චුපට‍්ඨාපෙත්‍වා “ජානිස‍්සාමි තාවා”ති උට‍්ඨාය තස‍්සා හදයෙ හත්‍ථං ඨපෙත්‍වා සන‍්තාපපවත‍්තිං ඤත්‍වා කමණ‍්ඩලුනා උදකං ආහරිත්‍වා සත‍්ත මාසෙ කායසංසග‍්ගං අනාපන‍්නපුබ‍්බොපි බලවසොකෙන පබ‍්බජිතභාවං සල‍්ලක‍්ඛෙතුං අසක‍්කොන‍්තො අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි තස‍්සා සීසං උක‍්ඛිපිත්‍වා ඌරූසු ඨපෙත්‍වා උදකෙන පරිප‍්ඵොසිත්‍වා මුඛඤ‍්ච හදයඤ‍්ච පරිමජ‍්ජන‍්තො නිසීදි. මද‍්දීපි ඛො ථොකං වීතිනාමෙත්‍වා සතිං පටිලභිත්‍වා හිරොත‍්තප‍්පං පච‍්චුපට‍්ඨාපෙත්‍වා උට‍්ඨාය මහාසත‍්තං වන්‍දිත්‍වා “සාමි වෙස‍්සන‍්තර, දාරකා තෙ කුහිං ගතා”ති ආහ. “දෙවි, එකස‍්ස බ්‍රාහ‍්මණස‍්ස දාසත්‍ථාය දින‍්නා”ති. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

බෝධිසත්ත්වයෝ, ඇය මළායැයි සිතා කම්ප වන්නේ මද්‍රිදේවිය අස්ථානයෙහි පිටරටකදී මළාය. ඉදින් ඇගේ මරණය ජයතුරා නුවරදී සිදුවූවානම් මහත් වූ පෙරහර වන්නේය. රටවල් දෙකම කම්පා වන්නේය. මම වනාහි වනයෙහි හුදෙකලා වීමි. කුමක් කරන්නෙම්දැයි හටගත් බලවත් ශෝක ඇත්තේ සිහිය පිහිටුවාගෙන පළමුව දැනගන්නෙමියි නැගිට ඇගේ හදවතට අත තබා සන්තාපයට පත්වූ බව දැනගෙන කෙණ්ඩියෙන් ජලය ගෙනවුත් සත්මසක් කාය සංසර්ගයක් නුවූ නමුත් හටගත් බලවත් ශෝකයෙන් පැවිදිබව සලකා ගන්නටද නොහැකිව කඳුළු පිරි දෙනෙතින් යුතුව ඇගේ හිස ඔසවා උකුලෙහි තබාගෙන වතුර ඉස මුහුණද හදවතද පිරිමදිමින් සිටියේය. මද්‍රිදේවියද ටිකවේලාවක් සිට සිහි එළවා නැගිට ලජ්ජාභය පිහිටුවා ගෙන මහාසත්ත්වයන්ට වැඳ ස්වාමීනි, වෙස්සන්තර ඔබගේ දරුවෝ කොහි ගියාහුදැයි ඇසුවාය. දේවීනි, එක් බ්‍රාහ්මණයකුගේ දාස බවට දෙන ලදී. ඒ කාරණය දක්වන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;

“තමජ‍්ඣපත‍්තං රාජපුත‍්තිං, උදකෙනාභිසිඤ‍්චථ; අස‍්සත්‍ථං නං විදිත්‍වාන, අථ නං එතදබ්‍රවී”ති.

බිම වැටුනා වූ රජදුවගේ මුහුණ දියෙන් තෙමී. ඉක්බිති ඇය පියවි බවට පත්වූ සැටි දැන ඇයට මේ වචන පැවසීය.

තත්‍ථ අජ‍්ඣපත‍්තන‍්ති අත‍්තනො සන‍්තිකං පත‍්තං, පාදමූලෙ පතිත්‍වා විසඤ‍්ඤිභූතන‍්ති අත්‍ථො. එතදබ්‍රවීති එතං “එකස‍්ස මෙ බ්‍රාහ‍්මණස‍්ස දාසත්‍ථාය දින‍්නා”ති වචනං අබ්‍රවි.

එහි අජ්ඣපත්ත යනු තමාගේ සමීපයට පැමිණි, පාමුල වැටී සිහිසන් නැතිවී යන අර්ථයි. නංඑතදබ්‍රවී මා විසින් එක් බ්‍රාහ්මණයකුගේ දාසබවට දෙනලදැයි යන මේ වචනය පැවසීය.

තතො තාය “දෙව, පුත‍්තෙ බ්‍රාහ‍්මණස‍්ස දත්‍වා මම සබ‍්බරත‍්තිං පරිදෙවිත්‍වා විචරන‍්තියා කිං නාචික‍්ඛසී”ති වුත‍්තෙ මහාසත‍්තො ආහ –

ඉක්බිති, දේවයන් වහන්ස, දරුවන් බ්‍රාහ්මණයාට දී මුළු රැයම හඬමින් ඇවිදින මට නොකීවේ ඇයිදැයි කී කල්හි මහාසත්ත්වයෝ මෙසේ කීහ.

“ආදියෙනෙව තෙ මද‍්දි, දුක‍්ඛං නක‍්ඛාතුමිච‍්ඡිසං; දලිද‍්දො යාචකො වුඩ‍්ඪො, බ්‍රාහ‍්මණො ඝරමාගතො.

මද්‍රිදේවීනි, මුලදීම ඔබව දුකට පත්කරන්නට නොකැමැති වීමි. දිළිඳු වූ මහලු වූ යාචක බමුණෙක් ගෙට ආවේය.

“තස‍්ස දින‍්නා මයා පුත‍්තා, මද‍්දි මා භායි අස‍්සස; මං පස‍්ස මද‍්දි මා පුත‍්තෙ, මා බාළ‍්හං පරිදෙවසි; ලච‍්ඡාම පුත‍්තෙ ජීවන‍්තා, අරොගා ච භවාමසෙ.

ඔහුට මා විසින් දරුවෝ දෙන ලදහ. මද්‍රි බිය නොවන්න. සැනසෙන්න. මද්‍රි දේවීනි, මා බලව. දරුවන් ගැන නොබලව. දැඩිකොට නොහඬන්න. ජීවත්වන්නමෝ නීරෝගී වන්නමෝ නම් දරුවන් ලබම්හ.

“පුත‍්තෙ පසුඤ‍්ච ධඤ‍්ඤඤ‍්ච, යඤ‍්ච අඤ‍්ඤං ඝරෙ ධනං; දජ‍්ජා සප‍්පුරිසො දානං, දිස‍්වා යාචකමාගතං; අනුමොදාහි මෙ මද‍්දි, පුත‍්තකෙ දානමුත‍්තම”න‍්ති.

සත්පුරුෂයා යදියා ආ කල්හි දැක දරුවනුත් සිවුපාවනුත් ගෙහි ඇති යම් ධනයක් ඇද්ද ඒ සියල්ල ද දන් දෙන්නේය. මද්‍රි දේවීනි, දරුවන් කෙරෙහි පිහිටි මාගේ උතුම් දානය අනුමෝදන් වන්න.

තත්‍ථ ආදියෙනෙවාති ආදිකෙනෙව. ඉදං වුත‍්තං හොති – සචෙ තෙ අහං ආදිතොව තමත්‍ථං ආචික‍්ඛිස‍්සං, තතො තව සොකං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තියා හදයං ඵලෙය්‍ය, තස‍්මා ආදිකෙනෙව තෙ මද‍්දි දුක‍්ඛං න අක‍්ඛාතුං ඉච‍්ඡිස‍්සන‍්ති. ඝරමාගතොති ඉමං අම‍්හාකං වසනට‍්ඨානං ආගතො. අරොගා ච භවාමසෙති යථා තථා මයං අරොගා හොම, ජීවමානා අවස‍්සං පුත‍්තෙ බ්‍රාහ‍්මණෙන නීතෙපි පස‍්සිස‍්සාම. යඤ‍්ච අඤ‍්ඤන‍්ති යඤ‍්ච අඤ‍්ඤං ඝරෙ සවිඤ‍්ඤාණකං ධනං. දජ‍්ජා සප‍්පුරිසො දානන‍්ති සප‍්පුරිසො උත‍්තමත්‍ථං පත්‍ථෙන‍්තො උරං භින්‍දිත්‍වා හදයමංසම‍්පි ගහෙත්‍වා දානං දදෙය්‍යාති.

එහි ආදියෙනෙව යනු කලින් මෙසේ කියා ඇත. ඉදින් මම නුඹට කලින්ම ඒ කාරණය කියූවේ නම් ශෝකය දරාගත නොහැකිව හදවත පැලෙන්නේය. ඒ නිසා මද්‍රියෙනි, පළමුකොට ඔබට දුකක් ඇතිකරන්නට කැමැති නොවූයෙමි. ඝරමාගතො මේ අපේ වාසස්ථානයට පැමිණියේ. අරොගාච භවාමසෙ යම්හෙයකින් අපි නිරෝගී වමු ද ජීවත්වන්නාහු දරුවන් දකින්නෙමු. යඤ්චමඤ්ඤං යම් අනිකක්. ඝරෙ ධනං සවිඤ්ඤාණක හා අවිඤ්ඤාණක ධනය දජ්ජා සප්පුරිසො දානං සත්පුරුෂයා වනාහි උතුම් කරුණක් ප්‍රාර්ථනා කරමින් පපුව පළා හෘදයමාංශයද දෙන්නේය.

මද‍්දී ආහ –

මද්‍රිය කීවාය,

“අනුමොදාමි තෙ දෙව, පුත‍්තකෙ දානමුත‍්තමං; දත්‍වා චිත‍්තං පසාදෙහි, භිය්‍යො දානං දදො භව.

දේවයිනි, තොප දරුවන් කෙරෙහි පිහිටි උතුම් දන අනුමෝදන් වෙමි. දන් දී සිත පහදව. පුන පුනා දන්දෙනුයේ වව.

“යො ත්‍වං මච‍්ඡෙරභූතෙසු, මනුස‍්සෙසු ජනාධිප; බ්‍රාහ‍්මණස‍්ස අදා දානං, සිවීනං රට‍්ඨවඩ‍්ඪනො”ති.

නරදේවයිනි, සිවිරට වඩනා යම්බඳු තෙපි මසුරුමලින් මැඩුනු මිනිසුන් අතුරෙහි බමුණුහට පුත්‍රදානය දුන්නහුයැ.

තත්‍ථ අනුමොදාමි තෙති දස මාසෙ කුච‍්ඡියා ධාරෙත්‍වා දිවසස‍්ස ද‍්වත‍්තික‍්ඛත‍්තුං න‍්හාපෙත්‍වා පායෙත්‍වා භොජෙත්‍වා උරෙ නිපජ‍්ජාපෙත්‍වා පටිජග‍්ගිතපුත‍්තකෙසු බොධිසත‍්තෙන දින‍්නෙසු සයං පුත‍්තදානං අනුමොදන‍්තී එවමාහ. ඉමිනා කාරණෙන ජානිතබ‍්බං “පිතාව පුත‍්තානං සාමිකො”ති. භිය්‍යො දානං දදො භවාති මහාරාජ, උත‍්තරිපි පුනප‍්පුනං දානං දායකොව හොහි, “සුදින‍්නං මෙ දාන”න‍්ති චිත‍්තං පසාදෙහි, යො ත්‍වං මච‍්ඡෙරභූතෙසු සත‍්තෙසු පියපුත‍්තෙ අදාසීති.

එහි අනුමොදාමි තෙ දස මාසයක් කුසෙහි දරාගෙන දවසට දෙතුන්වරක් නාවා පොවා, කවා ළයෙහි හොවාගෙන පෝෂණය කළ දරුවන් බෝධිසත්ත්වයන් විසින් දුන්කල්හි තමන්ගේ පින අනුමෝදන් වෙමින් මෙසේ කීවාය. මේ කරුණෙන් පියාම දරුවන්ගේ ස්වාමියා ලෙස දතයුතුයි. භීය්‍යො මහරජ, මත්තෙහිද නැවත නැවත දන් දෙන්නෙක වව. යම් ඒ ඔබ මසුරුබවින් මඩින ලද සත්ත්වයන් ඇති ලෝකයේ ප්‍රිය දරුවන් දුන්නේද, මා විසින් දානය මනාකොට දෙනලදැයි සිත පහදවා ගත්හ.

එවං වුත‍්තෙ මහාසත‍්තො “මද‍්දි, කින‍්නාමෙතං කථෙසි, සචෙ හි මයා පුත‍්තෙ දත්‍වා චිත‍්තං පසාදෙතුං නාභවිස‍්ස, ඉමානි පන මෙ අච‍්ඡරියානි න පවත‍්තෙය්‍යු”න‍්ති වත්‍වා සබ‍්බානි පථවිනින‍්නාදාදීනි කථෙසි. තතො මද‍්දී තානි අච‍්ඡරියානි කිත‍්තෙත්‍වා දානං අනුමොදන‍්තී ආහ –

මෙසේ කී කල්හි මහාසත්ත්වයෝ, මද්‍රි දේවියනි, ඔබ මේ කුමක් කියන්නෙහිද? ඉදින් වනාහි මා විසින් දරුවන් දන් දී සිත ප්‍රසාදයට පත් නුවූයේ නම් මාගේ මේ විශ්මය වන සිද්ධීන් සිදුනොවන්නේ යැයි සියළු මහපොළව කම්පාවීම ආදිය කීවේය. ඉක්බිති මද්‍රි දේවිය ඒ පුදුමයන් ගැන සිතා දානයේ පින අනුමෝදන් වන්නී මෙසේ කීවාය.

“නින‍්නාදිතා තෙ පථවී, සද‍්දො තෙ තිදිවඞ‍්ගතො; සමන‍්තා විජ‍්ජුතා ආගුං, ගිරීනංව පතිස‍්සුතා”ති.

තොප විසින් මහපොළව හඬවන ලද. තොපගේ කීර්තිඝෝෂාව දෙව්ලොවට ගියේය. අකල් විදුලිය අවට හැසිරිණි. පර්වතවලින් ප්‍රතිරාවය නැගුණේය.

තත්‍ථ විජ‍්ජුතා ආගුන‍්ති අකාලවිජ‍්ජුලතා හිමවන‍්තපදෙසෙ සමන‍්තා නිච‍්ඡරිංසු. ගිරීනංව පතිස‍්සුතාති ගිරීනං පතිස‍්සුතසද‍්දා විය විරවා උට‍්ඨහිංසු.

එහි විජ්ජුතා අකල් විදුලිය හිමවත් පෙදෙසේ හාත්පස හැසුරුනාහ. ගිරීනංච පරිස්සුතා පර්වතයන්හි ප්‍රතිරාවය මෙන් මහත් හඬක් පැනනැංගේය.

“තස‍්ස තෙ අනුමොදන‍්ති, උභො නාරදපබ‍්බතා; ඉන්‍දො ච බ්‍රහ‍්මා පජාපති, සොමො යමො වෙස‍්සවණො; සබ‍්බෙ දෙවානුමොදන‍්ති, තාවතිංසා සඉන්‍දකා.

තොපගේ ඒ පුත්‍රදානය නාරදය, පර්වතය යන දෙකොටසෙහි දෙවිවරු අනුමෝදන් වෙති. ඉන්ද්‍ර, බ්‍රහ්ම, ප්‍රජාපතී, සෝමදේව, යමදේව, වෙසමුණි රජ ද ඉන්ද්‍රයා ප්‍රමුඛ තව්තිසාවේ සියළු දෙවියෝද අනුමෝදන් වෙත්.

“ඉති මද‍්දී වරාරොහා, රාජපුත‍්තී යසස‍්සිනී; වෙස‍්සන‍්තරස‍්ස අනුමොදි, පුත‍්තකෙ දානමුත‍්තම”න‍්ති.

යස පිරිවර ඇති උතුම් රූසපුවක් ඇති රාජපුත්‍රිය, මෙසේ වෙසතුරු මහරජුගේ උතුම් වූ පුත්‍රදානය අනුමෝදන් වූවාය.

තත්‍ථ උභො නාරදපබ‍්බතාති ඉමෙපි ද‍්වෙ දෙවනිකායා අත‍්තනො විමානද‍්වාරෙ ඨිතාව “සුදින‍්නං තෙ දාන”න‍්ති අනුමොදන‍්ති. තාවතිංසා සඉන්‍දකාති ඉන්‍දජෙට‍්ඨකා තාවතිංසාපි දෙවා තෙ දානං අනුමොදන‍්තීති.

එහි නාරද පබ්බතා යනු මේ දේව නිකාය දෙකම තම තමන්ගේ විමන්දොරකඩ සිටම ඔබ විසින් මනාව දානය දෙන ලදී යැයි අනුමෝදන් වෙත්. තාවතිංසාස ඉන්‍දකා ශක්‍රයා ප්‍රමුඛ තව්තිසා වැසි සියලු දෙවිවරු ඔබගේ දානය අනුමෝදන් වෙත්.

එවං මහාසත‍්තෙන අත‍්තනො දානෙ වණ‍්ණිතෙ තමෙවත්‍ථං පරිවත‍්තෙත්‍වා “මහාරාජ වෙස‍්සන‍්තර, සුදින‍්නං නාම තෙ දාන”න‍්ති මද‍්දීපි තථෙව දානං වණ‍්ණයිත්‍වා අනුමොදමානා නිසීදි. තෙන සත්‍ථා “ඉති මද‍්දී වරාරොහා”ති ගාථමාහ.

මෙසේ මහාසත්ත්වයන් විසින් තමන්ගේ දානය වර්ණනා කළ කල්හි ඒ අර්ථයම පෙරළා මහරජ, වෙස්සන්තර ඔබ විසින් මනාව දානය දෙන ලදී යැයි මද්‍රිදේවියද එම දානයම වර්ණනාකොට අනුමෝදන් වෙමින් සිටියාය. ඒ නිසා ශාස්තෲන් වහන්සේ ‘ඉතිමද්දී’ යනාදී ගාථාව වදාළහ.

මද‍්දීපබ‍්බවණ‍්ණනා නිට‍්ඨිතා.

මද්‍රිදේවි කාණ්ඩය නිමියේ ය.