සක්කපබ්බවණ්ණනා අට්ඨකථා
සක්කපබ්බවණ්ණනා
ශක්‍ර කාණ්ඩය
එවං තෙසු අඤ්ඤමඤ්ඤං සම්මොදනීයං කථං කථෙන්තෙසු සක්කො චින්තෙසි “අයං වෙස්සන්තරො රාජා හිය්යො ජූජකස්ස පථවිං උන්නාදෙත්වා දාරකෙ අදාසි, ඉදානි තං කොචි හීනපුරිසො උපසඞ්කමිත්වා සබ්බලක්ඛණසම්පන්නං මද්දිං යාචිත්වා රාජානං එකකං කත්වා මද්දිං ගහෙත්වා ගච්ඡෙය්ය, තතො එස අනාථො නිප්පච්චයො භවෙය්ය. අහං බ්රාහ්මණවණ්ණෙන නං උපසඞ්කමිත්වා මද්දිං යාචිත්වා පාරමිකූටං ගාහාපෙත්වා කස්සචි අවිස්සජ්ජියං කත්වා පුන නං තස්සෙව දත්වා ආගමිස්සාමී”ති. සො සූරියුග්ගමනවෙලාය තස්ස සන්තිකං අගමාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ ඔවුනොවුන් සතුටුසාමීචි කථා කරද්දී ශක්‍රයා මෙන් සිතීය. වෙස්සන්තර රජු ඊයේ මහපොළව කම්පා කරමින් දරුවන් ජූජකයාට දන් දුන්නේය. දැන් කිසියම් හීන පුරුෂයෙක් පැමිණ සියලු අඟපසඟින් හෙබි සිල්වත් වූ මද්‍රිදේවිය ඉල්වා රජ තනිකොට මද්‍රිය ගෙන යන්නේය. එයින් ඔහු පිහිටක් නැති අනාථයෙක් වන්නේය. බ්‍රාහ්මණ රූපයෙන් ඔහු වෙතට පැමිණ මද්‍රිය ඉල්ලා පාරමි මුදුන් පමුණුවා කිසිවකුට නොදෙන ලෙස කොට නැවත ඇයව ඔහුටම දී එන්නෙමියි සිතීය. හෙතෙම හිරු උදාවන කල්හි ඔහුගේ සමීපයට ගියේය. මේ කාරණය පැහැදිලි කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
“තතො රත්යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති; සක්කො බ්රාහ්මණවණ්ණෙන, පාතො තෙසං අදිස්සථා”ති.
ඉක්බිති රාත්‍රිය අවසානයේ හිරු උදාවත්ම සක්දෙව් රජ බමුණු වෙසෙකින් යුතුව අලුයම්හි ඒ දෙදෙනාට පෙනී සිටියේය.
තත්ථ පාතො තෙසං අදිස්සථාති පාතොව නෙසං ද්වින්නම්පි ජනානං පඤ්ඤායමානරූපො පුරතො අට්ඨාසි, ඨත්වා ච පන පටිසන්ථාරං කරොන්තො ආහ –
එහි පාතො යනු උදෙන්ම ඒ දෙදෙනාටම පෙනෙන පරිද්දෙන් ඉදිරියෙහි සිටියේය. සිට ද පිළිසඳර කථා කරමින් මෙසේ කීය.
“කච්චි නු භොතො කුසලං, කච්චි භොතො අනාමයං; කච්චි උඤ්ඡෙන යාපෙථ, කච්චි මූලඵලා බහූ.
කිම භවත්හට රෝග නැද්ද? කිම භවත්හට දුක් නැද්ද කිම වනමුල් පලයන්ගෙන් යැපෙන්නේද? කිම අල හා පලවැල බොහෝ තිබේද?
“කච්චි ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා; වනෙ වාළමිගාකිණ්ණෙ, කච්චි හිංසා න විජ්ජතී”ති.
කිම මැසි මදුරුවෝද සර්ප ජාතීහුද අල්ප වෙන්ද, චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් වනයේ කිම හිංසා නැද්ද?
මහාසත්තො ආහ –
මහාසත්ත්වයෝ මෙසේ පැවසූහ,
“කුසලඤ්චෙව නො බ්රහ්මෙ, අථො බ්රහ්මෙ අනාමයං; අථො උඤ්ඡෙන යාපෙම, අථො මූලඵලා බහූ.
බමුණානෙනි, අපට රෝග නැත්තේමය. තවද බමුණානෙනි, අපට දුක් නැත්තේමය. තවද වනයේ පලවැලින් යැපෙන්නෙමු. අල හා පලවැල බොහෝ තිබේ.
“අථො ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා; වනෙ වාළමිගාකිණ්ණෙ, හිංසා මය්හං න විජ්ජති.
මැසිමදුරුවෝද සර්පයෝද අල්ප වෙති. නපුරු වනසතුන් ගැවසීගත් වෙනෙහි අපට හිංසා නොපෙනෙයි.
“සත්ත නො මාසෙ වසතං, අරඤ්ඤෙ ජීවසොකිනං; ඉදං දුතියං පස්සාම, බ්රාහ්මණං දෙවවණ්ණිනං; ආදාය වෙළුවං දණ්ඩං, ධාරෙන්තං අජිනක්ඛිපං.
සත්මසක් වනයෙහි වසන ජීවශෝකී වූ අප වෙතට බෙලිපැහැ හුණදණ්ඩද (සැරයටිය) ගෙන ආවා වූ අඳුන්දිවිසම් දරන දෙවියන් පසස්නා මේ දෙවෙනි බමුණා නන්ද දකිමු.
“ස්වාගතං තෙ මහාබ්රහ්මෙ, අථො තෙ අදුරාගතං; අන්තො පවිස භද්දන්තෙ, පාදෙ පක්ඛාලයස්සු තෙ.
බ්‍රාහ්මණය, තොපගේ යහපත් වූ ගමනෙකි. තවද තොපගේ නුසුදුසු පැමිණීමක් නොවේ. තොපට යහපතක් වේවා. තොපගේ දෙපා දෝවනය කරව. පන්සල තුලට පිවිසෙන්න.
“තින්දුකානි පියාලානි, මධුකෙ කාසුමාරියො; ඵලානි ඛුද්දකප්පානි, භුඤ්ජ බ්රහ්මෙ වරං වරං.
තිඹිරිපලයැ. පියල්පලය. මීපලය. කටුඑරමිණිය යන මේ පලවැල මිහිරිය. බමුණානෙනි, හොඳ හොඳ පල ගෙන වළඳන්න.
“ඉදම්පි පානීයං සීතං, ආභතං ගිරිගබ්භරා; තතො පිව මහාබ්රහ්මෙ, සචෙ ත්වං අභිකඞ්ඛසී”ති.
පර්වතය තුළින් ගලා ආ හොයින් ගෙනෙන ලද මේ පැන් ද සිසිල්ය. බමුණානෙනි, ඉදින් තෙපි බොනු කැමැත්තහු නම් එයින් ගෙන පානය කරන්න.
එවං තෙන සද්ධිං පටිසන්ථාරං කත්වා මහාසත්තො –
මෙසේ ඔහු සමග පිළිසඳර කථා කොට,
“අථ ත්වං කෙන වණ්ණෙන, කෙන වා පන හෙතුනා; අනුප්පත්තො බ්රහාරඤ්ඤං, තං මෙ අක්ඛාහි පුච්ඡිතො”ති. –
තවද තෙපි කිනම් කරුණකි. කිනම් හේතුවකින් මහ අරණට පැමිණියහුද, මා විසින් විචාරණ ලද්දා වූ තොප ඒ කරුණ කියන්න.
ආගමනකාරණං පුච්ඡි. අථ නං සක්කො “මහාරාජ, අහං මහල්ලකො, ඉධාගච්ඡන්තො තව භරියං මද්දිං යාචිතුං ආගතො, තං මෙ දෙහී”ති වත්වා ඉමං ගාථමාහ –
මෙසේ පැමිණි කාරණය විචාළේය. ඉක්බිති ඔහුට ශක්‍රයා මෙසේ කීය. මහරජ, මහළු මම මෙහි එන්නේ නුඹගේ බිරිඳ වූ මද්‍රිය ඉල්වන්නටය. ඇයව මට දෙන්න කියා මේ ගාථාව කීය.
“යථා වාරිවහො පූරො, සබ්බකාලං න ඛීයති; එවං තං යාචිතාගච්ඡිං, භරියං මෙ දෙහි යාචිතො”ති.
යම්සේ පිරුණු ගංගාවෝ හැමකල්හි නොසිඳේද, එබඳු වූ තොපගෙන් ඉල්ලීමට ආවෙමි. මා විසින් අයදනා ලද තෙපි මට තොපගේ අඹුව දෙව.
එවං වුත්තෙ මහාසත්තො “හිය්යො මෙ බ්රාහ්මණස්ස දාරකා දින්නා, අරඤ්ඤෙ එකකො හුත්වා කථං තෙ මද්දිං දස්සාමී”ති අවත්වා පසාරිතහත්ථෙ සහස්සත්ථවිකං ඨපෙන්තො විය අසජ්ජිත්වා අබජ්ඣිත්වා අනොලීනමානසො හුත්වා ගිරිං උන්නාදෙන්තො ඉමං ගාථමාහ –
මෙසේ කී කල්හි මහාසත්ත්වයෝ, බ්‍රාහ්මණය, ඊයේ දරුවන් දෙන ලදී. වනයෙහි හුදෙකලාව සිට කෙසේනම් ඔබට මද්‍රි දේවිය දෙන්නෙම්දැයි නොකියා දිගුකළ අතෙහි දහසින් බැඳි පසුම්බියක් තබන්නාක් මෙන් නොගැටී නොබැඳී නොසැඟවුණු සිතැත්තේ පර්වතය සිසාරා නදදෙමින් ගාථාව කීය.
“දදාමි න විකම්පාමි, යං මං යාචසි බ්‍රාහ්මණ; සන්තං නප්පටිගුය්හාමි, දානෙ මෙ රමතී මනො”ති.
බමුණානෙනි, තෙපි යමක් මා අතින් ඉල්වවු නම් එය දෙමි. දෙන්නට නොසැලෙමි. ඇති දැය නොසඟවමි. මා සිත දානයෙහි ඇලෙයි.
තත්ථ සන්තං නප්පටිගුය්හාමීති සංවිජ්ජමානං න ගුය්හාමි.
එහි සන්තං නප්පටිගූහාමි ඇති දෙය නොසඟවමි.
එවඤ්ච පන වත්වා සීඝමෙව කමණ්ඩලුනා උදකං ආහරිත්වා උදකං හත්ථෙ පාතෙත්වා පියභරියං බ්රාහ්මණස්ස අදාසි. තඞ්ඛණෙයෙව හෙට්ඨා වුත්තප්පකාරානි සබ්බානි අච්ඡරියානි පාතුරහෙසුං. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ ද කියා වහාම කෙණ්ඩියෙන් පැන් ගෙන අතෙහි වත්කර භාර්යාව බමුණාට දුන්නේය. එකෙණෙහිම ඉහත කියූ ආකාරයේ සියළුම ආශ්චර්යයන් සිදුවිය. මේ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ,
“මද්දිං හත්ථෙ ගහෙත්වාන, උදකස්ස කමණ්ඩලුං; බ්රාහ්මණස්ස අදා දානං, සිවීනං රට්ඨවඩ්ඪනො.
මද්‍රි බිසව අත්හි ගෙන දිය පිරි කෙණ්ඩිය ද ගෙන සිවිරට වඩනා වෙසතුරු රජ බමුණාට දන් දින.
“තදාසි යං භිංසනකං, තදාසි ලොමහංසනං; මද්දිං පරිච්චජන්තස්ස, මෙදනී සම්පකම්පථ.
එදවස් යම් බිහිසුණු බවෙක් වීද, එදවස් ලොමුදැහැ ගැන්මෙක් වී මද්‍රිදේවිය දන් දෙත්මැ මහපොළව කම්පා විය.
“නෙවස්ස මද්දී භාකුටි, න සන්ධීයති න රොදති; පෙක්ඛතෙවස්ස තුණ්හී සා, එසො ජානාති යං වර”න්ති.
මද්‍රි දේවිය මුව නොහැකිලූය. දුර්මුඛ නොවීය. නොහැඬූය. මියෙන් නොබැන තෙල වෙසතුරු රජ මට යම් වෘද්ධියක් ඇත්ද එය දනියි ඔහුගේ මුහුණ බලමින්ම සිටියාය.
තත්ථ අදා දානන්ති “අම්භො බ්‍රාහ්මණ, මද්දිතො මෙ සතගුණෙන සහස්සගුණෙන සතසහස්සගුණෙන සබ්බඤ්ඤුතඤ්ඤාණමෙව පියතරං, ඉදං මෙ දානං සබ්බඤ්ඤුතඤ්ඤාණප්පටිවෙධස්ස පච්චයො හොතූ”ති වත්වා දානං අදාසි වුත්තම්පි චෙතං –
එහි අදා දානං යනු එම්බා බ්‍රාහ්මණය, මට මද්රිදේවියට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින් දසදහස් ගුණයකින් සර්වඥතා ඥානය ප්‍රියතරය. මාගේ මේ දානය සර්වඥතා ඥානය අවබෝධ කරගැනීම පිණිස හේතුවේවායි කියා දන් දුන්නේය. මෙසේද කියා ඇත.
“ජාලිං කණ්හාජිනං ධීතං, මද්දිං දෙවිං පතිබ්බතං; චජමානො න චින්තෙසිං, බොධියායෙව කාරණා.
මා පුතු ජාලියද ක්‍රිෂ්ණජිනා දියණියද පතිනී මද්‍රි දේවියද බුදුබව පිණිසමැ ත්‍යාග කරනුයෙම් කිසිවක් නො සිතීමි.
“න මෙ දෙස්සා උභො පුත්තා, මද්දී දෙවී න දෙස්සියා; සබ්බඤ්ඤුතං පියං මය්හං, තස්මා පියෙ අදාසහ”න්ති. (චරියා· 1.118-119);
දෙදරුවෝ මට අප්‍රිය නොවෙති. මද්‍රි දේවියද මට අප්‍රිය නොවෙයි. ඔවුනට වඩා සර්වඥ බව මට ප්‍රිය වෙයි. එහෙයින් මම ප්‍රිය වූ අඹුදරුවන් දුන්නෙමි.
තත්ථ සම්පකම්පථාති පථවී උදකපරියන්තං කත්වා කම්පිත්ථ. නෙවස්ස මද්දී භාකුටීති භික්ඛවෙ, තස්මිං ඛණෙ මද්දී “මං මහල්ලකස්ස බ්රාහ්මණස්ස රාජා දෙතී”ති කොධවසෙන භාකුටිපි නාහොසි. න සන්ධීයති න රොදතීති නෙව මඞ්කු අහොසි, න අක්ඛීනි පූරෙත්වා රොදති, අථ ඛො තුණ්හී සා හුත්වා “මාදිසං ඉත්ථිරතනං දදමානො න නික්කාරණා දස්සති, එසො යං වරං, තං ජානාතී”ති ඵුල්ලපදුමවණ්ණං අස්ස මුඛං පෙක්ඛතෙව, ඔලොකයමානාව ඨිතාති අත්ථො.
එහි සමකම්පථ ජලය අවසන් කොට කම්පා විය. නෙවස්ස මද්දී භකුටී මහණෙනි, ඒ වේලාවේ, රජු මහළු බමුණකුට මා දෙයි කියා ක්‍රෝධ වශයෙන් මද්‍රි දේවියගේ මුහුණෙහි බුකුටි බවක් නොවීය. න සන්ධියති න රොදති මකු වූයේ නැත. ඇස් පුරවාගෙන හැඬුයේ නැත. ඉක්බිති නිහඬව මා වැනි ස්ත්‍රියක දෙන තැනැත්තා භේද රහිතව නොදෙයි. මොහු යමක් උතුම්ද එය දනියි. පිපුණු පියුමක් මෙන් පෙනේයැයි බලමින්ම සිටියාය යන අර්ථයි.
අථ මහාසත්තො “කීදිසා මද්දී”ති තස්සා මුඛං ඔලොකෙසි. සාපි “සාමි කිං මං ඔලොකෙසී”ති වත්වා සීහනාදං නදන්තී ඉමං ගාථමාහ –
ඉක්බිති මහා සත්ත්වයෝ මද්‍රි දේවිය කෙසේදැයි අසා මුහුණ බැලීය. ඇය ස්වාමීනි, මා දෙස කුමක් නිසා බලන්නේදැයි අසා සිංහනාද පවත්වන්නේ මේ ගාථාව කීවාය.
“කොමාරී යස්සාහං භරියා, සාමිකො මම ඉස්සරො; යස්සිච්ඡෙ තස්ස මං දජ්ජා, වික්කිණෙය්ය හනෙය්‍ය වා”ති.
කුමරි වූ මම යමෙක් හට භාර්යාව වීම්ද ස්වාමී වූ තෙපි මට ඉසුරු වව. යමෙක්හට දෙනු කැමැත්තහු නම් ඕ හට මා දෙනු මැනව. නැතහොත් මා විකුණන්න. මා මරා දමන්න.
තත්ථ කොමාරී යස්සාහං භරියාති අහං යස්ස තව දහරිකා භරියා, සො ත්වඤ්ඤෙව මම ඉස්සරො සාමිකො. යස්සිච්ඡෙ තස්සාති ඉස්සරො ච නාම දාසිං මං යස්ස දාතුං ඉච්ඡෙය්ය, තස්ස දදෙය්ය. වික්කිණෙය්ය වාති ධනෙන වා අත්ථෙ සති වික්කිණෙය්ය, මංසෙන වා අත්ථෙ සති හනෙය්‍ය, තස්මා යං වො රුච්චති, තං කරොථ, නාහං කුජ්ඣාමීති.
එහි යස්ස යනු කුමරිය වූ මම යමකුගේ භාර්යාව වීම්ද ඒ ඔබට මාගේ ස්වාමියාය. යමෙක් හට දාසියක් කැමති වෙයිද ඔහුට දෙන්න. ධනයෙන් වැඩක් ඇත්තේ නම් විකුණන්න. මස්වලින් වැඩක් ඇත්තේ නම් මරාදමන්න. ඒ නිසා ඔබට යමක් කැමැති වන්නේද එය කරන්න. මම නොකිපෙමි.
සක්කො තෙසං පණීතජ්ඣාසයතං විදිත්වා ථුතිං අකාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඉක්බිති ශක්‍රයා ඔවුන්ගේ උතුම් වූ අදහස දැනගෙන ස්තුති කළේය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
“තෙසං සඞ්කප්පමඤ්ඤාය, දෙවින්දො එතදබ්රවි; සබ්බෙ ජිතා තෙ පච්චූහා, යෙ දිබ්බා යෙ ච මානුසා.
සක්දෙව් රජ ඔවුන්ගේ අදහස් දැන මේ වචන පැවසී යම් දිව්‍යමය වූත් මානුෂික වූත් සතුරෙක් වූ නම් ඒ හැම දෙන තොප විසින් දිනන ලදහ.
“නින්නාදිතා තෙ පථවී, සද්දො තෙ තිදිවඞ්ගතො; සමන්තා විජ්ජුතා ආගුං, ගිරීනංව පතිස්සුතා.
තොප විසින් පෘථිවිය හඬවන ලද කීර්ති ඝෝෂාව දෙව්ලොවට ගියේය. අකල් විදුලිය හිමවත සිසාරා ගියේය. පර්වතයන්ගේ ප්රතිරාවය නැගුනේය.
“තස්ස තෙ අනුමොදන්ති, උභො නාරදපබ්බතා; ඉන්දො ච බ්රහ්මා පජාපති, සොමො යමො වෙස්සවණො; සබ්බෙ දෙවානුමොදන්ති, දුක්කරඤ්හි කරොති සො.
තොපගේ ඒ දානය නාරදය, පර්වතය යන නිකාය දෙකේම දෙවියෝ අනුමෝදන් වෙති. ඉන්ද්‍රය, බ්රහ්මයැ, ප්රජාපතියැ, සෝමය, යමය යන දෙවිවරු ද වෙසමුණි මහරජ ද අනුමෝදන් වෙති. ඒ වෙසතුරු රජු දුෂ්කර දෙයක් කෙරෙයි කියා හැමදෙවියෝ අනුමෝදන් වෙති.
“දුද්දදං දදමානානං, දුක්කරං කම්ම කුබ්බතං; අසන්තො නානුකුබ්බන්ති, සතං ධම්මො දුරන්නයො.
අසත්පුරුෂයෝ වනාහි නොදිය හැකි දෙය දෙනුවන් නොකටහැකි දෙයක් කරනුවන් අනුකරණය නොකරති. සත්පුරුෂයන්ගේ අදහස් සිතාගත නොහැක.
“තස්මා සතඤ්ච අසතං, නානා හොති ඉතො ගති; අසන්තො නිරයං යන්ති, සන්තො සග්ගපරායණා.
එහෙයින් සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේ ද මෙලොවින් චුතව යන පරලෝගමන් වෙන් වෙන් වෙයි. අසත්පුරුෂයෝ නිරයට යත්. සත්පුරුෂයෝ ස්වර්ගයට යත්.
“යමෙතං කුමාරෙ අදා, භරියං අදා වනෙ වසං; බ්රහ්මයානමනොක්කම්ම, සග්ගෙ තෙ තං විපච්චතූ”ති.
යම්හෙයකින් වනයේ වාසය කරමින් දරුවන් දිනී ද අඹුව දිනී ද ඒ බ්‍රහ්මයානය අපාය භූමියකට නොබැස ස්වර්ගයෙහි තොපට විපාක දේවා.
තත්ථ පච්චූහාති පච්චත්ථිකා. දිබ්බාති දිබ්බසම්පත්තිපටිබාහකා. මානුසාති මනුස්සසම්පත්තිපටිබාහකා. කෙ පන තෙති? මච්ඡරියධම්මා. තෙ සබ්බෙ පුත්තදාරං දෙන්තෙන මහාසත්තෙන ජිතා. තෙනාහ “සබ්බෙ ජිතා තෙ පච්චූහා”ති. දුක්කරඤ්හි කරොති සොති සො වෙස්සන්තරො රාජා එකකොව අරඤ්ඤෙ වසන්තො භරියං බ්රාහ්මණස්ස දෙන්තො දුක්කරං කරොතීති එවං සබ්බෙ දෙවා අනුමොදන්තීති වදති. “යමෙත”න්ති ගාථං අනුමොදනං කරොන්තො ආහ. වනෙ වසන්ති වනෙ වසන්තො. බ්රහ්මයානන්ති සෙට්ඨයානං. තිවිධො හි සුචරිතධම්මො එවරූපො ච දානධම්මො අරියමග්ගස්ස පච්චයො හොතීති “බ්‍රහ්මයාන”න්ති වුච්චති. තස්මා යං තං ඉදං අජ්ජ දානං දදතොපි නිප්ඵන්නං බ්රහ්මයානං අපායභූමිං අනොක්කමිත්වා සග්ගෙ තෙ තං විපච්චතු, විපාකපරියොසානෙ ච සබ්බඤ්ඤුතඤ්ඤාණදායකං හොතූති.
එහි පච්චූහා සතුරෝ දිබ්බා දේවත්වයට විරුද්ධ. මානුසා මනුෂ්‍යත්වයට විරුද්ධ. ඔවුහු වනාහි කවරහුද යත් මසුරුබව ස්වභාවකොට ඇති ඒ සියල්ලන්වම දූදරුවන් දන් දෙන්නා වූ මහාසත්ත්වයන් විසින් දිනන ලදහ. ඒ නිසා කියන ලදී. සබ්බෙජිතා තෙ පච්චූහා දුක්කරං හි කරොති සො වෙස්සන්තර රජු හුදෙකලාව වනයෙහි වසන්නේ බිරිඳව බමුණාට දෙන්නේ දුෂ්කර වූ දෙයක් කරන්නේ යැයි, මෙසේ සියළු දෙවිවරු අනුමෝදන් වෙතියි කියයි. යමෙතං අනුමෝදනා කරන්නේ ගාථාව කීය. වනෙ වසන්ති වනයෙහි වාසය කරන්නේ. බ්රහ්මයානං ශ්‍රේෂ්ඨ වූ මාර්ගය, සුචරිත ධර්මය තුන්වැදෑරුම්ය. මෙබඳු වූ මේ දාන ධර්මය ආර්ය මාර්ගය ලැබීමට හේතු වන්නේය යන අර්ථයෙන් බ්‍රහ්මයාන යයි කියනු ලැබේ. ඒ නිසා අද යම් මේ දානයක් දෙන්නහුට බ්රහ්මයාගයක් බිහිවිය. අපාය භූමිය අපායභූමින්හි බැස නොගෙන සර්ගයෙහි මෙය පලදේවා. විපාක කෙළවර සර්වඥතාඥානය ලබාදෙන්නක් වේවායි.
එවමස්ස සක්කො අනුමොදනං කත්වා “ඉදානි මයා ඉධ පපඤ්චං අකත්වා ඉමං ඉමස්සෙව දත්වා ගන්තුං වට්ටතී”ති චින්තෙත්වා ආහ –
මෙසේ ඔහුට අනුමෝදන් කොට දැන් මා විසින් මෙහිදී ප්‍රමාද නොවී මැයව මොහුටම දී යන්නට වටනේ යයි සිතා කීය.
“දදාමි භොතො භරියං, මද්දිං සබ්බඞ්ගසොභනං; ත්වඤ්චෙව මද්දියා ඡන්නො, මද්දී ච පතිනා සහ.
සර්වාංග ශෝභන වූ මද්‍රි දේවිය භවතාට භාර්යාකොට දෙමි. මද්රිදේවියට සුදුසු වන්නේ තොපමය. මද්‍රි ද ස්වාමියා සමග වාසය කරන්නට සුදුසුය.
“යථා පයො ච සඞ්ඛො ච, උභො සමානවණ්ණිනො; එවං තුවඤ්ච මද්දී ච, සමානමනචෙතසා.
යම්සේ කිරිත්, සේදූ සංඛයත් යන දෙකම සමාන පැහැ ඇත්තාහුද එසෙයින් තෙපි ද මද්‍රි ද සම වූ සිතින් යුක්ත වව.
“අවරුද්ධෙත්ථ අරඤ්ඤස්මිං, උභො සම්මථ අස්සමෙ; ඛත්තියා ගොත්තසම්පන්නා, සුජාතා මාතුපෙත්තිතො; යථා පුඤ්ඤානි කයිරාථ, දදන්තා අපරාපර”න්ති.
මව්පිය දෙපසින් සුජාත වූ ගෝත්‍රයෙන් සමෘද්ධ වූ ක්ෂත්රිය වූ තෙපි දෙදෙන රටින් නෙරපන ලදහු මේ වනයේ අසපුවක වාසය කරවු. යළි යළිත් දන්දෙමින් හැකි පමණින් පින් කරව්.
තත්ථ ඡන්නොති අනුරූපො. උභො සමානවණ්ණිනොති සමානවණ්ණා උභොපි පරිසුද්ධායෙව. සමානමනචෙතසාති ආචාරාදීහි කම්මෙහි සමානෙන මනසඞ්ඛාතෙන චෙතසා සමන්නාගතා. අවරුද්ධෙත්ථාති රට්ඨතො පබ්බාජිතා හුත්වා එත්ථ අරඤ්ඤෙ වසථ. යථා පුඤ්ඤානීති යථා ජෙතුත්තරනගරෙ වො බහූනි පුඤ්ඤානි කතානි, හිය්යො පුත්තානං අජ්ජ භරියාය දානවසෙනපි කතානීති එත්තකෙනෙව පරිතොසං අකත්වා ඉතො උත්තරිපි අපරාපරං දදන්තා යථානුරූපානි පුඤ්ඤානි කරෙය්යාථාති.
එහි ජන්නො අනුරූප වූ. සමාන වණ්ණිනො සමාන වණ ඇති, දෙදෙනාම පරිශුද්ධය. සමානමනචෙතසා ආචාර ආදී වූ ක්‍රියාවන්ගෙන් වන සංඛ්‍යාත වූ සිතින් යුක්ත. අවරුද්ධෙත්ථ රටින් නෙරපන ලද්දාහු මේ වනයෙහි වාසය කරව්. යථා පුඤ්ඤානි ජයතුරා නුවරදී නුඹලා බොහෝ පින් කරන ලදී. ඊයේ දරුවන් අද බිරිඳ දීම් වශයෙන් ද කරන ලද මෙපමණකින්ම සතුටට පත් නොවී ඉන් මත්තේද නැවත නැවතත් දන් දෙන්නී යෝග්‍ය වූ පින් කරව් කියාය.
එවඤ්ච පන වත්වා සක්කො මහාසත්තස්ස මද්දිං පටිච්ඡාපෙත්වා වරං දාතුං අත්තානං ආචික්ඛන්තො ආහ –
මෙසේ කියා වරයක් දීමට තමා හෙළිදරව් කරමින් මෙසේ කීය.
“සක්කොහමස්මි දෙවින්දො, ආගතොස්මි තවන්තිකෙ; වරං වරස්සු රාජිසි, වරෙ අට්ඨ දදාමි තෙ”ති.
මම දෙවියනට අධිපති සක්දෙව් රජවෙමි. තොප සමීපයට ආවෙමි. රාජර්ෂිය, කැමති වරයක් අයදින්න. තොපට වර අටක් දෙමි.
කථෙන්තොයෙව ච දිබ්බත්තභාවෙන ජලන්තො තරුණසූරියො විය ආකාසෙ අට්ඨාසි. තතො බොධිසත්තො වරං ගණ්හන්තො ආහ –
මෙසේ කියත්ම දිව්‍ය ආත්මභාවයෙන් දිළිසෙමින් තරුණ හිරු මෙන් අහසෙහි සිටියේය. ඉක්බිති බෝධිසත්ත්වයෝ වරයන් ගනිමින් මෙසේ කීය.
“වරං චෙ මෙ අදො සක්ක, සබ්බභූතානමිස්සර; පිතා මං අනුමොදෙය්ය, ඉතො පත්තං සකං ඝරං; ආසනෙන නිමන්තෙය්‍ය, පඨමෙතං වරං වරෙ.
සියළු දෙවියන්ට අධිපති සක්දෙව් රජුනි, ඉදින් මට වරයක් දෙන්නේ නම් මාගේ පියා මේ වනයෙන් සිය ගෙදරට පැමිණීම පිළිගනීවා. සිහසුනෙත් පවරාවා. මේ වරය පළමුකොට ඉල්ලමි.
“පුරිසස්ස වධං න රොචෙය්යං, අපි කිබ්බිසකාරකං; වජ්ඣං වධම්හා මොචෙය්‍යං, දුතියෙතං වරං වරෙ.
පුරුෂයකු හට වධය රුචි නොකෙරෙම්වා. දරුණු ක්‍රියාකොට වධයට පැමිණවිය යුත්තාද වධයෙන් මුදනෙම්වා. මේ වරය දෙවනුකොට ඉල්ලමි.
“යෙ වුඩ්ඪා යෙ ච දහරා, යෙ ච මජ්ඣිමපොරිසා; මමෙව උපජීවෙය්යුං, තතියෙතං වරං වරෙ.
යම් මහළු මිනිස් කෙනෙක් ඇද්ද, යම් ළදරු කෙනෙක් ඇද්ද යම් මධ්‍යම පුරුෂ කෙනෙක් ඇද්ද ඒ හැමදෙනාම මා නිසාමැ ජීවත් වෙත්වා. මේ වරය තුන්වනුව ඉල්ලමි.
“පරදාරං න ගච්ඡෙය්යං, සදාරපසුතො සියං; ථීනං වසං න ගච්ඡෙය්යං, චතුත්ථෙතං වරං වරෙ.
පරඹුවන් කරා නොයෙම්වා. තම අඹුවන් සතෝෂයෙහි නියැලේවා. මාගමුන් වශයට නොයෙම්වා. මේ වරය සතරවෙනිව ඉල්ලමි.
“පුත්තො මෙ සක්ක ජායෙථ, සො ච දීඝායුකො සියා; ධම්මෙන ජිනෙ පථවිං, පඤ්චමෙතං වරං වරෙ.
සක්දෙව් රජුනි, මට පුතෙක් උපදීවා. හේද දීර්ඝායු ඇතිවේවා. පෘථිවිය දැහැමෙන් දිනාවා. මේ වරය පස්වනු කොට ඉල්ලමි.
“තතො රත්යා විවසානෙ, සූරියස්සුග්ගමනං පති; දිබ්බා භක්ඛා පාතුභවෙය්යුං, ඡට්ඨමෙතං වරං වරෙ.
මා ජයතුරා නුවරට පැමිණි ඉක්බිති රාත්‍රී අවසානයේ හිරු උදාවත්මැ දිව බොජුන් පහළ වේවා. මේ වරය සවනුකොට ඉල්ලමි.
“දදතො මෙ න ඛීයෙථ, දත්වා නානුතපෙය්යහං; දදං චිත්තං පසාදෙය්යං, සත්තමෙතං වරං වරෙ.
මා දන් දෙත්මැ ක්ෂය නොවේවා. මම දන් දී පසුව නොතැවෙම්වා. දෙමින් සිත පහදම්වා. මේ වරය සත්වනු කොට ඉල්ලමි.
“ඉතො විමුච්චමානාහං, සග්ගගාමී විසෙසගූ; අනිවත්ති තතො අස්සං, අට්ඨමෙතං වරං වරෙ”ති.
මම මේ ජාතියෙන් මිදෙනුයෙම් වෙසස් ගමන් ඇතිවැ සුගති ගමන් ඇතිවෙම්වා. ඉක්බිති භවයෙහි පුනර්භව නැත්තෙක් වෙම්වා. මේ වරය අටවනුව ඉල්ලමි.
තත්ථ අනුමොදෙය්යාති සම්පටිච්ඡෙය්ය න කුජ්ඣෙය්‍ය. ඉතො පත්තන්ති ඉමම්හා අරඤ්ඤා සකං ඝරං අනුප්පත්තං. ආසනෙනාති රාජාසනෙන. රජ්ජං මෙ දෙතූති වදති. අපි කිබ්බිසකාරකන්ති රාජා හුත්වා රාජාපරාධිකම්පි වජ්ඣං වධම්හා මොචෙය්‍යං, එවරූපස්සපි මෙ වධො නාම න රුච්චතු. මමෙව උපජීවෙය්යුන්ති සබ්බෙතෙ මඤ්ඤෙව නිස්සාය උපජීවෙය්යුං. ධම්මෙන ජිනෙති ධම්මෙන ජිනාතු, ධම්මෙන රජ්ජං කාරෙතූති අත්ථො. විසෙසගූති විසෙසගමනො හුත්වා තුසිතපුරෙ නිබ්බත්තො හොමීති වදති. අනිවත්ති තතො අස්සන්ති තුසිතභවනතො චවිත්වා මනුස්සත්තං ආගතො පුනභවෙ අනිවත්ති අස්සං, සබ්බඤ්ඤුතං සම්පාපුණෙය්යන්ති වදති.
එහි අනුමොදෙය්ය පිළිගන්නේය. නොකිපෙන්නේය. ඉකොපත්තං මේ වනයෙන් තම ගෘහයට පැමිණි. ආසනෙන රාජාසනයෙන් මට රාජ්‍යය දේවායි කියයි. අපිකිබ්බිසකාරිකං රජවී රජු විසින් වධයට නියම කරන ලද්දහුව වදයෙන් මුදන්නෙමි. මෙවැනි වූ මට වධය රුචි නොවෙයි. මමෙව උපජීවෙය්යුං ඒ සියල්ලෝම මා නිසා ජීවත් වෙත්වා. ධම්මෙන ජිනෙ ධර්මයෙන් දිනාවා. මනාව රාජ්‍යය කෙරේවායි යන අර්ථයි. විසෙසගු විශේෂ ගමන් ඇතිව තුසිතපුරයේ උපත වේවායි කියයි. අනිබ්බන්ති තතො අස්ස ඒ තුසිත භවනයෙන් චුතව මිනිසත් බවට පැමිණියේ නැවත භවයක් නොවේවා. සර්වඥතාවට පත්වේවා යි කියයි.
“තස්ස තං වචනං සුත්වා, දෙවින්දො එතදබ්රවි; ‘අචිරං වත තෙ තතො, පිතා තං දට්ඨුමෙස්සතී’”ති.
ඒ වෙස්සන්තර රජුගේ ඒ තෙපුල් අසා සක්දෙව් රජ මේ වචන කීය. තොපගේ පියමහරජ නොබෝකල්හි තොප දක්නට එන්නේයැ.
තත්ථ දට්ඨුමෙස්සතීති මහාරාජ, තව මාතා ච පිතා ච අචිරෙනෙව තං පස්සිතුකාමො හුත්වා ඉධාගමිස්සති, ආගන්ත්වා ච පන සෙතච්ඡත්තං දත්වා රජ්ජං නිය්යාදෙත්වා ජෙතුත්තරනගරමෙව නෙස්සති, සබ්බෙ තෙ මනොරථා මත්ථකං පාපුණිස්සන්ති, මා චින්තයි, අප්පමත්තො හොහි, මහාරාජාති.
එහි දට්ඨුමෙස්සති මහරජ, ඔබගේ පියා නොබෝ කලකින්ම ඔබව දකිනු කැමැතිව මෙහි එන්නේය. අවුත් ද වනාහි සේසත දී දිවිතුරා නුවරටම ඔබව ගෙනයන්නේය. ඒ සියළු මනෝරථයන් මස්තකප්රාප්ත වන්නේය. නොසිතන්න. අප්රමාදී වන්න මහරජ.
එවං මහාසත්තස්ස ඔවාදං දත්වා සක්කො සකට්ඨානමෙව ගතො. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ මහාසත්ත්වයන්ට අවවාද දී ශක්‍රයා තමන්ගේ තැනටම ගියේය. මේ කාරණය ප්‍රකාශකරන ශාස්තෲන් වහන්සේ මේ ගාථාව කී සේක,
“ඉදං වත්වාන මඝවා, දෙවරාජා සුජම්පති; වෙස්සන්තරෙ වරං දත්වා, සග්ගකායං අපක්කමී”ති.
සුජම්පති වූ මඝ නම් වූ සක්දෙව්රජ මෙවදන් කියා වෙස්සන්තර රජුට වරයන් දී දෙව්ලොවට ගියේය.
තත්ථ වෙස්සන්තරෙති වෙස්සන්තරස්ස. අපක්කමීති ගතො අනුප්පත්තොයෙවාති.
[missing trans]
සක්කපබ්බවණ්ණනා නිට්ඨිතා.
ශක්‍ර කාණ්ඩය නිමියේ ය.