මහාරාජපබ්බවණ්ණනා අට්ඨකථා
මහාරාජපබ්බවණ්ණනා
මහාරාජ කාණ්ඩය
බොධිසත්තො ච මද්දී ච සම්මොදමානා සක්කදත්තියෙ අස්සමෙ වසිංසු. ජූජකොපි කුමාරෙ ගහෙත්වා සට්ඨියොජනමග්ගං පටිපජ්ජි. දෙවතා කුමාරානං ආරක්ඛමකංසු. ජූජකොපි සූරියෙ අත්ථඞ්ගතෙ කුමාරෙ ගච්ඡෙ බන්ධිත්වා භූමියං නිපජ්ජාපෙත්වා සයං චණ්ඩවාළමිගභයෙන රුක්ඛං ආරුය්හ විටපන්තරෙ සයති. තස්මිං ඛණෙ එකො දෙවපුත්තො වෙස්සන්තරවණ්ණෙන, එකා දෙවධීතා මද්දිවණ්ණෙන ආගන්ත්වා කුමාරෙ මොචෙත්වා හත්ථපාදෙ සම්බාහිත්වා න්හාපෙත්වා මණ්ඩෙත්වා දිබ්බභොජනං භොජෙත්වා දිබ්බසයනෙ සයාපෙත්වා අරුණුග්ගමනකාලෙ බද්ධාකාරෙනෙව නිපජ්ජාපෙත්වා අන්තරධායි. එවං තෙ දෙවතාසඞ්ගහෙන අරොගා හුත්වා ගච්ඡන්ති. ජූජකොපි දෙවතාධිග්ගහිතො හුත්වා “කාලිඞ්ගරට්ඨං ගච්ඡාමී”ති ගච්ඡන්තො අඩ්ඪමාසෙන ජෙතුත්තරනගරං පත්තො. තං දිවසං පච්චූසකාලෙ සඤ්ජයො මහාරාජා සුපිනං පස්සි. එවරූපො සුපිනො අහොසි – රඤ්ඤො මහාවිනිච්ඡයෙ නිසින්නස්ස එකො පුරිසො කණ්හො ද්වෙ පදුමානි ආහරිත්වා රඤ්ඤො හත්ථෙ ඨපෙසි. රාජා තානි ද්වීසු කණ්ණෙසු පිළන්ධි. තෙසං රෙණු භස්සිත්වා රඤ්ඤො උරෙ පතති. සො පබුජ්ඣිත්වා පාතොව බ්රාහ්මණෙ පුච්ඡි. තෙ “චිරපවුත්ථා වො, දෙව, බන්ධවා ආගමිස්සන්තී”ති බ්යාකරිංසු. සො පාතොව සීසං න්හායිත්වා නානග්ගරසභොජනං භුඤ්ජිත්වා අලඞ්කරිත්වා විනිච්ඡයෙ නිසීදි. දෙවතා බ්රාහ්මණං ද්වීහි කුමාරෙහි සද්ධිං ආනෙත්වා රාජඞ්ගණෙ ඨපයිංසු. තස්මිං ඛණෙ රාජා මග්ගං ඔලොකෙන්තො කුමාරෙ දිස්වා ආහ –
බෝධිසත්ත්වයෝ ද මද්‍රි දේවියද සතුටුව ශක්‍රයා විසින් දෙන ලද පන්සලෙහි වාසය කළහ. ජූජකයාද කුමාරයන් ගෙන සැටයොදුන් මගට පිළිපන්නේය. දෙවියෝ කුමාරවරුන්ගේ ආරක්ෂාව සිදුකළහ. ජූජකයාද හිරු බැසගිය කල්හි කුමාරවරුන්ව ගසක බැඳ බිම හොවා තෙමේ චණ්ඩ මෘගයන්ට බියෙන් ගසකට නැග අතු අතර නිදයි. ඒ මොහොතේ එක් දිව්‍යපුත්‍රයෙක් වෙස්සන්තර ලෙසත් එක් දෙව්දුවක් මද්‍රිදේවිය ලෙසත් අවුත් කුමාරවරුන් ඉන් මුදා අත්පා මිරිකා නාවා සරසවා භෝජන අනුභව කරවා දිවයන්හි නිදිකරවා හිරු උදාවන කල්හි බැඳ ඇති සැටියෙන්ම තබා නිදිකරවා අතුරුදන් වෙයි. මෙසේ ඔවුහු දේවතාවන්ගේ සැළකිල්ලෙන් නිරෝගීව ගමන් කරත්. ජූජකයාද දෙවියකු අධිගෘහිත වී කලිඟුරටට යමියි අඩමසෙකින් දිවිතුරු නගරයට පැමිණියේය. ඒ දිනයේම අළුයම සිවුමහරජ සංජය සිහිනයක් දුටුවේය. එය මෙබඳු සිහිනයක් විය. මහාධිකරණ කාර්යයේ රජු යෙදී සිටින අවස්ථාවේ එක් පුරුෂයෙක් නෙලුම් මල් දෙකක් ගෙනවුත් රජුගේ අතේ තැබීය. රජු ඒ මල් දෙකන්හි පැළඳ ගත්තේය. ඒවායේ රේණු ගැලවී රජුගේ උදරයට වැටෙයි. හෙතෙම පිබිද උදෑසනම බ්‍රාහ්මණයන්ගෙන් විචාළේය. දේවයන් වහන්ස, බොහෝකලක් වෙන්ව සිටිය නෑයෝ පැමිණෙන්නාහ කියා තේරුම් කළහ. හෙතෙම උදයෙන්ම නොයෙක් රජබොජුන් වළඳා විනිශ්චයාසනයේ හුන්නේය. දේවතාවෝ බ්‍රාහ්මණයා ගෙනවුත් රජගෙදර මිදුලේ තැබුවාහ. ඒ වේලාවේ රජතුමා බලන්නේ කුමාරවරුන් දැක මෙසේ කීය.
“කස්සෙතං මුඛමාභාති, හෙමං-වුත්තත්තමග්ගිනා; නික්ඛංව ජාතරූපස්ස, උක්කාමුඛපහංසිතං.
ගින්නෙන් තවන ලද රත්රන් මෙන් උදුනෙහිලා පැහැ ගැන්වූ රන් කොඬොලක් සෙයින් තෙල කාගේනම් මුහුණක් බබළන්නේද?
“උභො සදිසපච්චඞ්ගා, උභො සදිසලක්ඛණා; ජාලිස්ස සදිසො එකො, එකා කණ්හාජිනා යථා.
දෙදෙනාම සමාන අඟපසඟ ඇත්තාහ. දෙදෙනාම සමාන ලක්ෂණ ඇත්තාහ. එකෙක් ජාලිය හා සමානය. එකක් තෘෂ්ණජිනාවන් හා සමානය.
“සීහා බිලාව නික්ඛන්තා, උභො සම්පතිරූපකා; ජාතරූපමයායෙව, ඉමෙ දිස්සන්ති දාරකා”ති.
දෙදෙනාම ඔවුනොවුන්ට සමාන රූ ඇතියාහු ගුහායෙන් නික්මුණු සිංහ පැටවුන් වැනියහ. මේ දරුවෝ රනින් මවන ලද්දවුන් මෙන් පෙනෙති.
තත්ථ හෙමංවුත්තත්තමග්ගිනාති හෙමං ඉව උත්තත්තං අග්ගිනා. සීහා බිලාව නික්ඛන්තාති කඤ්චනගුහතො නික්ඛන්තා සීහා විය.
එහි වුත්තන්තමග්ගිනා ගින්නෙන් තවන ලද බිලාවනික්ඛන්තා ගුහාවෙන් නික්මෙන සිංහයන් මෙන්.
එවං රාජා තීහි ගාථාහි කුමාරෙ වණ්ණෙත්වා එකං අමච්චං ආණාපෙසි “ගච්ඡෙතං බ්රාහ්මණං දාරකෙහි සද්ධිං ආනෙහී”ති. සො වෙගෙන ගන්ත්වා බ්රාහ්මණං ආනෙසි. අථ රාජා බ්රාහ්මණං ආහ –
මෙසේ රජතුමා ගාථා තුනකින් කුමාරයන් වර්ණනා කර එක් ඇමතියකුට අණ කළේය. යව්, මේ බ්‍රාහ්මණයාව දරුවන් සමග මෙහි කැඳවාගෙන එව්. ඔහු ඉක්මණින් ගොස් කැඳවාගෙන ආවේය. ඉක්බිති බ්‍රාහ්මණයාට රජු මෙසේ පැවසීය.
“කුතො නු භවං භාරද්වාජ, ඉමෙ ආනෙසි දාරකෙ; අජ්ජ රට්ඨං අනුප්පත්තො, කුහිං ගච්ඡසි බ්රාහ්මණා”ති.
පින්වත් බ්‍රාහ්මණය, මේ දරුවන් කොහි සිට ගෙනෙන්නෙහිද?
ජූජකො ආහ –
ජූජකයා මෙසේ කීය,
“මය්හං තෙ දාරකා දෙව, දින්නා විත්තෙන සඤ්ජය; අජ්ජ පන්නරසා රත්ති, යතො ලද්ධා මෙ දාරකා”ති.
සඳමහ රජතුමනි, මේ දරුවෝ මට ප්‍රසාදයට පත් වූවකු විසින් දෙන ලදහ. මේ දරුවෝ යම් දවසෙකැ මට දෙන ලද්දාහුද එතැන් පටන් අද පසළොස්වන රාත්‍රියයි.
තත්ථ විත්තෙනාති තුට්ඨෙන පසන්නෙන. අජ්ජ පන්නරසා රත්තීති ඉමෙසං ලද්ධදිවසතො පට්ඨාය අජ්ජ පන්නරසා රත්තීති වදති.
එහි විත්තෙන යනු සතුටින්, පැහැදුනු අයකු විසින්. අජ්ජපන්නරසා රත්ති මා විසින් මේ දරුවන් ලබන ලද දවසේ පටන් අදට පසළොස්වන රාත්‍රියයි කියා පවසයි.
රාජා ආහ –
රජතුමා කීය,
“කෙන වා වාචපෙය්යෙන, සම්මාඤායෙන සද්දහෙ; කො තෙතං දානමදදා, පුත්තකෙ දානමුත්තම”න්ති.
බමුණ, තා විසින් කවරනම් ප්‍රිය වචනයකින් ලබන ලද්දහුද? සත්‍ය කරුණෙන් පහදව. කවරෙක් තොපට තමන්ගේ දරුවන් උතුම් දානයක් ලෙස සලකා දන් දුන්නේද?
තත්ථ කෙන වා වාචපෙය්යෙනාති බ්‍රාහ්මණ, කෙන පියවචනෙන තෙ තයා ලද්ධා. සම්මාඤායෙන සද්දහෙති මුසාවාදං අකත්වා සම්මාඤායෙන කාරණෙන අම්හෙ සද්දහාපෙය්යාසි. පුත්තකෙති අත්තනො පියපුත්තකෙ උත්තමං දානං කත්වා කො තෙ එතං දානං අදදාති.
එහි කෙනවා වාචපෙය්යෙත බ්‍රාහ්මණය, කවර නම් ප්‍රිය වචනයකින් ඔබ විසින් ඔවුහු ලබන ලද්දාහුද? සම්මාඤායෙන සද්දහෙ බොරුවක් නොකොට නිවැරදි කරුණින් අපව විශ්වාසවත් කරන්න. පුත්තකෙ තමන්ගේ දරුවන් උතුම් දානයක් කොට කවරෙක් තොපට දෙන ලද්දේද?
ජූජකො ආහ –
ජූජකයා කීය,
“යො යාචතං පතිට්ඨාසි, භූතානං ධරණීරිව; සො මෙ වෙස්සන්තරො රාජා, පුත්තෙදාසි වනෙ වසං.
යමෙක් සත්ත්වයන්ට මහපොළව මෙන් යදියනට පිහිටවීද ඒ වෙසතුරු මහරජ වනයෙහි වසන්නේ තම දරුවන් මට දුන්නේය.
“යො යාචතං ගතී ආසි, සවන්තීනංව සාගරො; සො මෙ වෙස්සන්තරො රාජා, පුත්තෙදාසි වනෙ වස”න්ති.
යමෙක් ගංගාවන්ට සාගරය මෙන් යදියනට පිහිටවීද ඒ වෙසතුරු මහරජ වෙනෙහි වසනුයේ තම දරුවන් මට දන් දිනි.
තත්ථ පතිට්ඨාසීති පතිට්ඨා ආසි.
එහි පතිට්ඨාසි පිහිට විය.
තං සුත්වා අමච්චා වෙස්සන්තරං ගරහමානා ආහංසු –
ඒ අසා ඇමැතිවරු වෙස්සන්තර රජුට නින්දා කරමින් මෙසේ කීවාහ,
“දුක්කටං වත භො රඤ්ඤා, සද්ධෙන ඝරමෙසිනා; කථං නු පුත්තකෙ දජ්ජා, අරඤ්ඤෙ අවරුද්ධකො.
භවත්නි, මෙහි යම්තාක් දෙනා රැස්වූවාහුද ඒ හැමදෙනා මේ අසවු. වෙසතුරු රජ වනයෙහි වසනුයේ කුමට දරුවන් දිනිද?
“ඉමං භොන්තො නිසාමෙථ, යාවන්තෙත්ථ සමාගතා; කථං වෙස්සන්තරො රාජා, පුත්තෙදාසි වනෙ වසං.
[missing trans]
“දාසිං දාසඤ්ච සො දජ්ජා, අස්සං චස්සතරීරථං; හත්ථිඤ්ච කුඤ්ජරං දජ්ජා, කථං සො දජ්ජ දාරකෙ”ති.
හේ දාසියකද දාසයකුදු අශ්වයකු ද අශ්වතරයන් යෙදූ රථයක්ද දෙනු ලැබේවා. උතුම් ඇතකුද දෙනු ලැබේවා. හේ කුමට දරුවන් දෙන්නේ ද?
තත්ථ සද්ධෙනාති සද්ධාය සම්පන්නෙනපි සතා ඝරං ආවසන්තෙන රඤ්ඤා ඉදං දුක්කටං වත, අයුත්තං වත කතං. අවරුද්ධකොති රට්ඨා පබ්බාජිතො අරඤ්ඤෙ වසන්තො. ඉමං භොන්තොති භොන්තො නගරවාසිනො යාවන්තො එත්ථ සමාගතා, සබ්බෙ ඉමං නිසාමෙථ උපධාරෙථ, කථං නාමෙසො පුත්තකෙ දාසෙ කත්වා අදාසි, කෙන නාම එවරූපං කතපුබ්බන්ති අධිප්පායෙනෙවමාහංසු. දජ්ජාති දාසාදීසු යං කිඤ්චි ධනං දෙතු. කථං සො දජ්ජ දාරකෙති ඉමෙ පන දාරකෙ කෙන කාරණෙන අදාසීති.
එහි සද්ධෙන ශ්‍රද්ධා සම්පන්න ගිහිගෙයි වසන්නා රජු විසින් නුසුදුසු අකටයුත්තක් කරන ලදී. අවරුද්ධකො රටින් නෙරපන ලද්දේ වනයෙහි වසන්නේ. ඉමං භොන්තො පින්වත් නගරවැසියනි, මෙහි පැමිණි යම්තාක් දෙනා සිටිත්ද, ඒ සියල්ලෝම මෙය අසත්වා. කල්පනා කර බලත්වා. කෙසේ නම් වෙස්සන්තර රජ තම දරුවන් දාසයන් ලෙස දුන්නේ ද, කවරකු විසින් නම් මෙබඳු කටයුත්තක් කරන ලදදැයි යන අදහසින් මෙසේ කීවාහ. දජ්ජා දාසිදාස ආදීන්ට යමක් දෙන්න. කථං සො දජ්ජා දාරකෙ කවර කරුණකින් මේ දරුවන් දෙන ලදද?
තං සුත්වා කුමාරො පිතු ගරහං අසහන්තො වාතාභිහතස්ස සිනෙරුනො බාහං ඔඩ්ඩෙන්තො විය ඉමං ගාථමාහ –
ඒ අසා කුමාරයා පියාට නින්දා කිරීම නොඉවසන්නේ වාතයෙන් කම්පා වූ සිනේරුවේ අතක් ඔසවන්නාක් මෙන් මේ ගාථාව කීය.
“යස්ස නස්ස ඝරෙ දාසො, අස්සො චස්සතරීරථො; හත්ථී ච කුඤ්ජරො නාගො, කිං සො දජ්ජා පිතාමහා”ති.
මුත්තණුවනි, යමෙක් හට තම ගෙයි දාසයෙක් හෝ අශ්වයකු හෝ උතුම් අශ්වයන් යෙදූ රියක් හෝ ගැඹුරු හඬ ඇති උතුම් ඇතෙක් හෝ නැත්තම් හේ කුමක් දෙන්නේද?
රාජා ආහ –
රජතුමා මෙසේ කීය,
“දානමස්ස පසංසාම, න ච නින්දාම පුත්තකා; කථං නු හදයං ආසි, තුම්හෙ දත්වා වනිබ්බකෙ”ති.
දරුවනි, ඔහුගේ දානය පසසමි. තොපව යදියාට දී ඔහුගේ ළය කෙසේ වී දෝ හෝ?
තත්ථ දානමස්ස පසංසාමාති පුත්තකා මයං තව පිතු දානං පසංසාම න නින්දාම.
එහි දානමස්ස යනු දරුව, අපි ඔබගේ පියාගේ දානය පසසමු. නින්දා නොකරමු.
තං සුත්වා කුමාරො ආහ –
කුමාරයා කීය,
“දුක්ඛස්ස හදයං ආසි, අථො උණ්හම්පි පස්සසි; රොහිනීහෙව තම්බක්ඛී, පිතා අස්සූනි වත්තයී”ති.
ඔහුගේ ළය දුක්වී. ඒ මතු නොවෙයි මියෙන් උණු උඩුහුරු කළ වායුව විහිදුවන ලද රෙහෙණ නැකත මෙන් තඹපැහැ ඇස් ඇති මාගේ පියා කඳුළු හෙළීය.
තත්ථ දුක්ඛස්ස හදයං ආසීති පිතාමහ කණ්හාජිනාය වුත්තං එතං වචනං සුත්වා තස්ස හදයං දුක්ඛං ආසි. රොහිනීහෙව තම්බක්ඛීති තම්බවණ්ණෙහි විය රත්තඅක්ඛීහි මම පිතා තස්මිං ඛණෙ අස්සූනි පවත්තයි.
එහි දුක්ඛස්ස මුත්තණුවෝ ක්‍රිෂ්ණජිනා විසින් කියන ලද එක් වචනයක් අසා ඔහුගේ හදවත දුක්විය. රොහිණි හෙවතම්බක්ඛිනී තඹවන් රෝහිණිය මෙන් තඹවන් ඇස්වලින් මගේ පියා ඒ මොහොතේ කඳුළු හෙළයි.
ඉදානිස්සා තං වචනං දස්සෙන්තො ආහ –
දැන් ඒ වචනය දක්වන්නේ මෙසේ කීය,
“යං තං කණ්හාජිනාවොච, අයං මං තාත බ්රාහ්මණො; ලට්ඨියා පටිකොටෙති, ඝරෙ ජාතංව දාසියං.
ක්‍රිෂ්ණජිනා මෙසේ යම් වචනයක් කියූද පියාණෙනි! මේ බමුණා ගෙහි උපන් දැස්සකට මෙන් මට පහර දෙයි.
“න චායං බ්රාහ්මණො තාත, ධම්මිකා හොන්ති බ්රාහ්මණා; යක්ඛො බ්රාහ්මණවණ්ණෙන, ඛාදිතුං තාත නෙති නො; නීයමානෙ පිසාචෙන, කිං නු තාත උදික්ඛසී”ති.
පියාණනි! මේ බමුණෙක් නොවෙයි. බමුණා ධාර්මිකයහ. පියාණෙනි! යකෙක් බ්‍රාහ්මණ වේශයෙන් අප කන්නට ගෙන යයි. පියාණෙනි, යකකු විසින් ගෙන යනු ලබන කල්හි කුමක් නිසා උපේක්ෂාවෙන් බලා සිටිවුදැයි.
අථ නෙ කුමාරෙ බ්රාහ්මණං අමුඤ්චන්තෙ දිස්වා රාජා ගාථමාහ –
ඉක්බිති ඒ කුමාරවරු බ්‍රාහ්මණයාව අත්නොහරින බව දැක රජතුමා මේ ගාථාව කීය.
“රාජපුත්තී ච වො මාතා, රාජපුත්තො ච වො පිතා; පුබ්බෙ මෙ අඞ්කමාරුය්හ, කිං නු තිට්ඨථ ආරකා”ති.
තොප මව් රාජපුත්රයනි, තොප පියා රාජපුත්‍රයෙකි. පෙර මාගේ ඇකයෙහි නැගී හිඳුව. කිම දැන් දුරින් සිටින්නහුද?
තත්ථ පුබ්බෙ මෙති තුම්හෙ ඉතො පුබ්බෙ මං දිස්වා වෙගෙනාගන්ත්වා මම අඞ්කමාරුය්හ, ඉදානි කිං නු ආරකා තිට්ඨථාති?
[missing trans]
කුමාරො ආහ –
“රාජපුත්තී ච නො මාතා, රාජපුත්තො ච නො පිතා; දාසා මයං බ්රාහ්මණස්ස, තස්මා තිට්ඨාම ආරකා”ති.
[missing trans]
තත්ථ දාසා මයන්ති ඉදානි පන මයං බ්රාහ්මණස්ස දාසා භවාම.
එහි දාසමයං යනු දැන් වනාහි අපි බ්‍රාහ්මණයාගේ දාසයෝ වෙමු.
රාජා ආහ –
රජු කීය,
“මා සම්මෙවං අවචුත්ථ, ඩය්හතෙ හදයං මම; චිතකායංව මෙ කායො, ආසනෙ න සුඛං ලභෙ.
සබඳ එසේ නොකියන්න. මාගේ ළය දැවෙයි. මාගේ සිරුර ගින්නට නැගූ කලක් වැන්න. හුනස්නෙහි සුව නොලබමි.
“මා සම්මෙවං අවචුත්ථ, භිය්යො සොකං ජනෙථ මං; නික්කිණිස්සාමි දබ්බෙන, න වො දාසා භවිස්සථ.
සබඳ එසේ නොකියන්න මට ශෝකය දනවවු. ධනය දී මුදවා ගන්නෙමි. තෙපි දස් නොවවු.
“කිමග්ඝියඤ්හි වො තාත, බ්රාහ්මණස්ස පිතා අදා; යථාභූතං මෙ අක්ඛාථ, පටිපාදෙන්තු බ්‍රාහ්මණ”න්ති.
දරුවෙනි, තොපගේ පියා තොපව කොතෙක් මිලකොට මේ බමුණාට දෙන ලදද? ඇත්ත කියව. බමුණාට ධනය දෙනු ලැබේවා.
තත්ථ සම්මාති පියවචනං. චිතකායංව මෙ කායොති ඉදානි මම කායො අඞ්ගාරචිතකායං ආරොපිතො විය ජාතො. ජනෙථ මන්ති ජනෙථ මෙ, අයමෙව වා පාඨො. නික්කිණිස්සාමි දබ්බෙනාති ධනං දත්වා මොචෙස්සාමි. කිමග්ඝියන්ති කිං අග්ඝං කත්වා. පටිපාදෙන්තූති ධනං පටිච්ඡාපෙන්තු.
එහි සම්මා ප්‍රිය වචනය. චිතකාවිය කායො දැන් මගේ කය අගුරු සෑයකට දමන ලද එතාක් බඳුය. ජනෙථ මං මට දනවන්න. අයමෙව වා (මෙයම) කියාද පාඨයකි. නික්කිණිස්සාමි ධනය දී මුදන්නෙමි. කිමග්ඝියං කොපමණ මිළකොට. පටිපාදෙන්තු ධනය දෙනු ලැබේවා.
කුමාරො ආහ –
කුමාරයා කීය,
“සහස්සග්ඝඤ්හි මං තාත, බ්රාහ්මණස්ස පිතා අදා; අථ කණ්හාජිනං කඤ්ඤං, හත්ථිනා ච සතෙන චා”ති.
මුත්තණුවෙනි, මාගේ පියා මා දහසක් මිළකොට බමුණාට දින. කණිටු ක්‍රිෂ්ණජිනාව ඇතුන් සියයෙන්ද අශ්ව ආදී සැම සියය බැගින්ද අගය කළේය.
තත්ථ සහස්සග්ඝං හීති දෙව, මං පිතා තදා නික්ඛසහස්සං අග්ඝාපෙත්වා අදාසි. අථ කණ්හාජිනන්ති කනිට්ඨං පන මෙ කණ්හාජිනං. හත්ථිනා ච සතෙන චාති හත්ථීනඤ්ච අස්සානඤ්ච උසභානඤ්ච නික්ඛානඤ්චාති සබ්බෙසං එතෙසං සතෙන අන්තමසො මඤ්චපීඨපාදුකෙ උපාදාය සබ්බසතෙන අග්ඝාපෙසීති.
එහි සහස්සග්ඝං දේවයිනි, මගේ පියා මා තික දහසක් අගයකොට දුන්නේය. අච්ඡං මාගේ කණිටු සොයුරිය ක්‍රිෂ්ණජිනාව. හත්ථිනා ච සතෙන ච ඇතුන් සියයකින්, අශ්වයන් සියයකින් රථ සියයකින් යන හැම සියයකින්ම යටත්පිරිසෙයින් ඇඳපුටු ආදි සියල්ලද ලබාදෙන්න.
රාජා කුමාරානං නික්කයං දාපෙන්තො ආහ –
රජ කුමාරයන්ට මිළ ගෙවමින් කීය,
“උට්ඨෙහි කත්තෙ තරමානො, බ්රාහ්මණස්ස අවාකර; දාසිසතං දාසසතං, ගවං හත්ථුසභං සතං; ජාතරූපසහස්සඤ්ච, පුත්තානං දෙහි නික්කය”න්ති.
කාර්යයන් කරවන ඇමතිය, නැගී සිටුව. වහාම මොහුට දිය යුතු තාක් දෙන්න. දැස්සත් සියයකුදු දසුන් සියයකුදු ඇතුන් සියයකුදු ගොනුන් සියයකුද දෙනුන් සියයකුදු රත්රන් තික දහසකුදු දරුවනට මිල ගෙවන්න.
තත්ථ අවාකරාති දෙහි.
“තතො කත්තා තරමානො, බ්රාහ්මණස්ස අවාකරි; දාසිසතං දාසසතං, ගවං හත්ථුසභං සතං; ජාතරූපසහස්සඤ්ච, පුත්තානංදාසි නික්කය”න්ති.
[missing trans]
තත්ථ අවාකරීති අදාසි. නික්කයන්ති අග්ඝස්ස මූලං.
එහි අවාකර දුන්නේය. නික්කයං [missing trans]
එවං බ්රාහ්මණස්ස සබ්බසතඤ්ච නික්ඛසහස්සඤ්ච කුමාරානං නික්කයං අදාසි, සත්තභූමිකඤ්ච පාසාදං, බ්රාහ්මණස්ස පරිවාරො මහා අහොසි. සො ධනං පටිසාමෙත්වා පාසාදං අභිරුය්හ සාදුරසභොජනං භුඤ්ජිත්වා මහාසයනෙ නිපජ්ජි. කුමාරෙ සීසං නහාපෙත්වා භොජෙත්වා අලඞ්කරිත්වා එකං අය්යකො, එකං අය්යිකාති ද්වෙපි උච්ඡඞ්ගෙ උපවෙසෙසුං. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
බ්‍රාහ්මණයාට සියල්ලෙන් සියය බැගින්ද රන්නික දහසක් ද යන ලෙස කුමාරවරුන්ට මිළ ගෙවීය. එසේම සත්මහල් ප්‍රාසාදයක්ද දුන්නේය. බ්‍රාහ්මණයාට විශාල පිරිවරක් විය. හෙතෙම ධනය දී ප්‍රාසාදයට නැගී මහාබොජුන් වළඳා මහා සයනයෙහි හොත්තේය. කුමාරවරුන්වද නාවා වළඳවා සරසවා එක් දරුවකු මුත්තාගේත් එක් දරුවකු මිත්තණියගේත් උකුලෙහි සිටුවා ගත්හ. මේ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ,
“නික්කිණිත්වා නහාපෙත්වා, භොජයිත්වාන දාරකෙ; සමලඞ්කරිත්වා භණ්ඩෙන, උච්ඡඞ්ගෙ උපවෙසයුං.
දරුවන් නිදහස් කරගෙන නහවා වළඳවා අලංකාරයෙන් සරසා ඇකයෙහි හිඳවූහ.
“සීසං න්හාතෙ සුචිවත්ථෙ, සබ්බාභරණභූසිතෙ; රාජා අඞ්කෙ කරිත්වාන, අය්යකො පරිපුච්ඡථ.
මුත්තා මහරජ, ස්නානය කළ පිරිසිඳු වස්ත්‍ර හැඳි සව් බරණින් සැදි දරුවන් ඇකයෙහි හිඳුවාගෙන පිළිවිසීය.
“කුණ්ඩලෙ ඝුසිතෙ මාලෙ, සබ්බාභරණභූසිතෙ; රාජා අඞ්කෙ කරිත්වාන, ඉදං වචනමබ්රවි.
රජතෙම රැදෙන කොඬොල් ඇති පැළඳි මල්දම් ඇති සව්බරණින් සදන ලද දරුවන් ඇකයේ හිඳුවාගෙන මෙවදන් කීය.
“කච්චි උභො අරොගා තෙ, ජාලි මාතාපිතා තව; කච්චි උඤ්ඡෙන යාපෙන්ති, කච්චි මූලඵලා බහූ.
ජාලිය, කියන්න. තොපගේ මවුපිය දෙදෙන නිරෝගීද? කිම වනමුල් පලයෙන් යැපෙත්ද? කිම අල හා ඵලවැල බොහෝ ඇත්ද?
“කච්චි ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා; වනෙ වාළමිගාකිණ්ණෙ, කච්චි හිංසා න විජ්ජතී”ති.
කිම මැසි මදුරුවන් සර්පයෝ අල්ප වෙත්ද? කිම නපුරු වනසතුන්ගෙන් ගහන වනාන්තරයේ ඔවුනට පීඩාවක් නැද්ද?
තත්ථ කුණ්ඩලෙති කුණ්ඩලානි පිලන්ධාපෙත්වා. ඝුසිතෙති උග්ඝොසිතෙ මනොරමං රවං රවන්තෙ. මාලෙති පුප්ඵානි පිලන්ධාපෙත්වා. අඞ්කෙ කරිත්වානාති ජාලිකුමාරං අඞ්කෙ නිසීදාපෙත්වා.
එහි කුණ්ඩලෙ කුණ්ඩලාභරණ පළඳවා සූසිතෙ ඝෝෂා කළ කල්හි, මනහර නාදයක් නිකුත්කළ කල්හි මාලෙ මල් පළඳවා. අංකෙ කරිත්වාන ජාලිය කුමාරයාව ඇකයෙහි හිඳුවාගෙන.
කුමාරො ආහ –
කුමාරයා කීය,
“අථො උභො අරොගා මෙ, දෙව මාතාපිතා මම; අථො උඤ්ඡෙන යාපෙන්ති, අථො මූලඵලා බහූ.
එසේය දේවයිනි, මාගේ මව්පිය දෙදෙන නිරෝගී වෙති. එසේමැ වනමුල් ඵලවැලයෙන් යැපෙති. එසේ අල හා ඵලවැල බොහෝ ඇත.
“අථො ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා; වනෙ වාළමිගාකිණ්ණෙ, හිංසා නෙසං න විජ්ජති.
එසේම මැසිමදුරුවෝ ද සර්පජාතීහු ද අල්පමය. වන මෘගයන්ගෙන් ගැවැසීගත් වෙනෙහි ඔවුනට පීඩා නැත.
“ඛණන්තාලුකලම්බානි, බිලානි තක්කලානි ච; කොලං භල්ලාතකං බෙල්ලං, සා නො ආහත්ව පොසති.
ඒ මව්තොමෝ අලද හූරුඅලද කටුඅල ද කෙකටිය අලද කණිමින් ඩෙබර ඵලද බදුලු ඵලද බෙලි ඵලද ගෙනවුත් අප පෝෂණය කරයි.
“යඤ්චෙව සා ආහරති, වනමූලඵලහාරියා; තං නො සබ්බෙ සමාගන්ත්වා, රත්තිං භුඤ්ජාම නො දිවා.
වනමල් ඵල ගෙනඑන ඒ මවුතොමෝ යම් දෙයක් ගෙන ඒද අපි හැමදෙනම එක්වැ ඒවා රාත්‍රියෙහි වළඳම්භ. දහවල් නොවළඳම්හ.
“අම්මාව නො කිසා පණ්ඩු, ආහරන්තී දුමප්ඵලං; වාතාතපෙන සුඛුමාලී, පදුමං හත්ථගතාමිව.
අපගේ අම්මාද සියුමැලි වූවා රුක් ඵලගෙන එන්න අව් සුළඟින් බැහැර සුදුවැ ගියාය. අතින් මඩින ලද පියුමක් වැන්න.
“අම්මාය පතනූ කෙසා, විචරන්ත්යා බ්රහාවනෙ; වනෙ වාළමිගාකිණ්ණෙ, ඛග්ගදීපිනිසෙවිතෙ.
නපුරු වන සතුන්ගෙන් ගැවසී ගත් කඟවෙහෙණුන් දිවියන් විසින් නිති සෙවුනා ලද මහ වනයෙහි ඇවිදිනා අම්මාගේ හිසකෙස් ඉතා තුනීවැ ගියේය.
“කෙසෙසු ජටං බන්ධිත්වා, කච්ඡෙ ජල්ලමධාරයි; චම්මවාසී ඡමා සෙති, ජාතවෙදං නමස්සතී”ති.
කෙස් දළ මඬුලු ලෙස බැඳ සිටී. දෙකිසිලි දැලි දරයි. සම් හඳින්නීය. බිමැ හොවී. ගිනි පුදයි.
තත්ථ ඛණන්තාලුකලම්බානීති ඛණන්තී ආලූනි ච කලම්බානි ච. ඉමිනා මාතාපිතූනං කිච්ඡජීවිකං වණ්ණෙති. තං නොති එත්ථ නොති නිපාතමත්තං. පදුමං හත්ථගතාමිවාති හත්ථෙන පරිමද්දිතං පදුමං විය ජාතා. පතනූ කෙසාති දෙව, අම්මාය මෙ මහාවනෙ විචරන්තියා තෙ භමරපත්තවණ්ණා කාළකෙසා රුක්ඛසාඛාදීහි විලුත්තා පතනූ ජාතා. ජල්ලමධාරයීති උභොහි කච්ඡෙහි ජල්ලං ධාරෙති, කිලිට්ඨවෙසෙන විචරතීති.
එහි ඛණන්තාලූකලම්බානි සාරන්න, අල ද හූරු අලද මෙයින් මව්පියන්ගේ කාර්යබහුල ජීවිකාව වර්ණනා කරයි. මෙහි නො යනු නිපාත මාත්‍රයකි. පදුමං හත්ථගතාමිව අතින් මඩින ලද පියුමක් මෙන් විය. පතනූකෙසා දේවයිනි, මහා අරණ්‍යයෙහි ඇවිදින මාගේ අම්මාගේ බඹරපත් වැනි කළුකෙස් ගස් අතු ආදියෙහි පැටලී තුනීව ගොස්ය. ජල්ලමධාරයි දෙකිසිල්ලෙන් දැලි වැගිරෙයි. කිලිටිව හැසිරෙයි.
සො එවං මාතු දුක්ඛිතභාවං කථෙත්වා අය්යකං චොදෙන්තො ඉමං ගාථමාහ –
මෙසේ මවගේ දුක්බිත බව කියා මුත්තණුවන්ට චෝදනා කරමින් ගාථාව කීය.
“පුත්තා පියා මනුස්සානං, ලොකස්මිං උදපජ්ජිසුං; න හි නූනම්හාකං අය්යස්ස, පුත්තෙ ස්නෙහො අජායථා”ති.
ලෝකයේ මිනිසුනට දරුවෝ ප්‍රිය උපදිති. අපගේ මුත්තණුවන්ට දරු සෙනෙහස නූපන් වනැයි සිතම්හ.
තත්ථ උදපජ්ජිසුන්ති උප්පජ්ජිංසු.
එහි උදපජ්ජිසුං උපදිත්.
තතො රාජා අත්තනො දොසං ආවිකරොන්තො ආහ –
ඉක්බිති රජු තමන්ගේ වරද හෙළිකරමින් මෙසේ කීය.
“දුක්කටඤ්ච හි නො පුත්ත, භූනහච්චං කතං මයා; යොහං සිවීනං වචනා, පබ්බාජෙසිමදූසකං.
දරුව, අප විසින් නපුරක් කරන ලද. මා විසින් අභිවෘද්ධිය නසන ක්‍රියාවක් කරන ලදී. ඒ මම සිවිරට වැසියන්ගේ බසින් නිදොස් පුතු රටින් නෙරපීමි.
“යං මෙ කිඤ්චි ඉධ අත්ථි, ධනං ධඤ්ඤඤ්ච විජ්ජති; එතු වෙස්සන්තරො රාජා, සිවිරට්ඨෙ පසාසතූ”ති.
පුත, මෙහි මා සතු යමක් ඇද්ද, ධනධාන්‍යයක් ඇද්ද ඒ හැම දෙමි. වෙසතුරු රජ ඒවා සිවුරට අනුශාසනා කෙරේවා.
තත්ථ පුත්තාති පුත්ත ජාලි එතං අම්හාකං දුක්කටං. භූනහච්චන්ති වුඩ්ඪිඝාතකම්මං. යං මෙ කිඤ්චීති තාත, යං මෙ කිඤ්චි ඉධ අත්ථි, සබ්බං තෙ පිතු දෙමි. සිවිරට්ඨෙ පසාසතූති ඉමස්මිං නගරෙ සො රාජා හුත්වා පසාසතූති.
එහි පුත්තා යනු පුත ජාලිය, මේ අප විසින් වරදකි. භුනහච්චං අභිවෘද්ධිය නසන ක්‍රියාවක්. යං මෙ කිඤ්චි දරුව, යම්කිසිවක් මෙහි තිබේද, ඒ සියල්ල ඔබට දෙමි. සිවිරට්ඨෙ මේ නගරයෙහි ඒ රජු අනුශාසනා කෙරේවා.
කුමාරො ආහ –
කුමාරයා කීය,
“න දෙව මය්හං වචනා, එහිති සිවිසුත්තමො; සයමෙව දෙවො ගන්ත්වා, සිඤ්ච භොගෙහි අත්‍රජ”න්ති.
දේවයිනි, සිවිරට වැසියන් කෙරෙහි උතුම් වූ වෙසතුරු රජ මාගේ බසින් නොඑයි. දේවයෝ තුමූම ගොස් පුතණුවන් සම්පතින් අභිෂේක කරන්න.
තත්ථ සිවිසුත්තමොති සිවිසෙට්ඨො වෙස්සන්තරො. සිඤ්චාති මහාමෙඝො විය වුට්ඨියා භොගෙහි අභිසිඤ්ච.
එහි සිවිසූත්තමො සිවිරට වැසියන්ගේ ප්‍රධානියා. සිඤ්ච මහා වර්ෂාවක් මෙන්, භෝගයන්ගෙන් අභිෂේක කරන්න.
“තතො සෙනාපතිං රාජා, සඤ්ජයො අජ්ඣභාසථ; හත්ථී අස්සා රථා පත්තී, සෙනා සන්නාහයන්තු නං; නෙගමා ච මං අන්වෙන්තු, බ්රාහ්මණා ච පුරොහිතා.
ඉක්බිති සඳමහරජ, සෙනෙවියා හට මෙසේ කීය. ඇත්, අස්, රිය, පාබළ සේනාවෝ සන්නද්ධ වෙත්වා. නියම්ගම් වැසියෝද පෙරෙවි බමුණෝ ද මා අනුව එත්වා.
“තතො සට්ඨිසහස්සානි, යොධිනො චාරුදස්සනා; ඛිප්පමායන්තු සන්නද්ධා, නානාවණ්ණෙහිලඞ්කතා.
ඉක්බිති මනහර දසුන් ඇති සැටදහසක් යෝධයෝ සන්නද්ධවැ නන් පැහැයෙන් සැරසුණාහු වහා එත්වා.
“නීලවත්ථධරා නෙකෙ, පීතානෙකෙ නිවාසිතා; අඤ්ඤෙ ලොහිතඋණ්හීසා, සුද්ධානෙකෙ නිවාසිතා; ඛිප්පමායන්තු සන්නද්ධා, නානාවණ්ණෙහිලඞ්කතා.
ඇතැම් කෙනෙක් නීල වස්ත්රධරවැ, ඇතැම් කෙනෙක් පීතවස්ත්රධරවැ අන්‍යයෝ රක්තවර්ණ නළල්පට ධරවැ ඇතැම් කෙනෙක් ශ්වේතවස්ත්රධරවැ මෙසේ නන් වස්ත්‍රයෙන් සැරසුණාහු සන්නද්ධවැ නොලස්වැ එත්වා.
“හිමවා යථා ගන්ධධරො, පබ්බතො ගන්ධමාදනො; නානාරුක්ඛෙහි සඤ්ඡන්නො, මහාභූතගණාලයො.
සුවඳ මල්ඵල ඇති එහෙයින්මැ ගන්ධමාදන නම් නොයෙක් රුකින් වැසුණු යක්ෂ රාක්ෂසාදී මහාභූත සමූහයාට නිවාස වූ හිමවත් පර්වතය යම්සේ.
“ඔසධෙහි ච දිබ්බෙහි, දිසා භාති පවාති ච; ඛිප්පමායන්තු සන්නද්ධා, දිසා භන්තු පවන්තු ච.
දිව ඔසුවෙන් දිසා බබළාද සුවඳ හමාද එසෙයින් සන්නද්ධ වූවාහු යුහුව එත්වා. පළන් අබරණින් දිසා බබළත්වා. තවරාගත් විලවුන් සුවඳ හමත්වා.
“තතො නාගසහස්සානි, යොජයන්තු චතුද්දස; සුවණ්ණකච්ඡා මාතඞ්ගා, හෙමකප්පනවාසසා.
ඉක්බිති රන්පොරොදු ඇති මහත් ශරීර ඇති රන්සැදින් සදන ලද අඩයටි හා අකුසු ගත් අත් ඇති ඇතරුවන් විසින් අරා හිඳුනා ලද තුදුස් දහසක් ඇතුන් යොදත්වා. දක්වන ලද විභූෂණ ඇති සන්නද්ධ භටයෝ ඇතුන්පිටින් වහා එත්වා.
“ආරූළ්හා ගාමණීයෙහි, තොමරඞ්කුසපාණිභි; ඛිප්පමායන්තු සන්නද්ධා, හත්ථික්ඛන්ධෙහි දස්සිතා.
“තතො අස්සසහස්සානි, යොජයන්තු චතුද්දස; ආජානීයාව ජාතියා, සින්ධවා සීඝවාහනා.
ඉක්බිති දුනු හී දරන අසරුවන් විසින් හිඳුනා ලද ජාතියෙන් ආජානේය වූ සින්ධු දේශයේ උපන් ශීඝ්‍රවාහන වූ තුදුස්දහසක් අසුන් යොදත්වා. අලංකෘත සන්නද්ධ වූවාහු අශ්වයන් විසින් වහා එත්වා.
“ආරූළ්හා ගාමණීයෙහි, ඉල්ලියාචාපධාරිභි; ඛිප්පමායන්තු සන්නද්ධා, අස්සපිට්ඨෙහීලඞ්කතා.
“තතො රථසහස්සානි, යොජයන්තු චතුද්දස; අයොසුකතනෙමියො, සුවණ්ණචිතපක්ඛරෙ.
ඉක්බිති ලෝහයෙන් මොනවට කරන ලද නිම්වළලු ඇති රන්කම් කළ රථ අවයව ඇති තුදුස් දහසක් රිය යොදත්වා.
“ආරොපෙන්තු ධජෙ තත්ථ, චම්මානි කවචානි ච; විප්පාලෙන්තු ච චාපානි, දළ්හධම්මා පහාරිනො; ඛිප්පමායන්තු සන්නද්ධා, රථෙසු රථජීවිනො”ති.
ඒ රියෙහි ධ්වජ නඟත්වා. ඵලකායුධයන් හා සන්නාහයන් ආරෝපණ කෙරෙත්වා. පහරදෛන දුනුවායෝ දුනුදිය නහත්වා. රියැදුරෝ සන්නද්ධවැ රියෙහි හිඳ වහා එත්වායි අණ කළේය.
තත්ථ සන්නාහයන්තුනන්ති සන්නය්හන්තු. සට්ඨිසහස්සානීති මම පුත්තෙන සහජාතා සට්ඨිසහස්සා අමච්චා. නීලවත්ථධරා නෙකෙති එකෙ නීලවත්ථනිවාසිතා හුත්වා ආයන්තු. මහාභූතගණාලයොති බහුයක්ඛගණානං ආලයො. දිසා භන්තු පවන්තු චාති වුත්තප්පකාරො හිමවා විය ආභරණවිලෙපනාදීහි ඔභාසෙන්තු චෙව පවායන්තු ච. හත්ථික්ඛන්ධෙහීති තෙ හත්ථිගාමණිනො හත්ථික්ඛන්ධෙහි ඛිප්පමායන්තු. දස්සිතාති දස්සිතවිභූසනා. අයොසුකතනෙමියොති අයෙන සුට්ඨු පරික්ඛිත්තනෙමියො. සුවණ්ණචිතපක්ඛරෙති සුවණ්ණෙන ඛචිතපක්ඛරෙ. එවරූපෙ චුද්දස සහස්සෙ රථෙ යොජයන්තූති වදති. විප්පාලෙන්තූති ආරොපෙන්තු.
එහි සන්නාහයන්තු නං සන්නාහ සන්නද්ධ වෙත්වා. සට්ඨිසහස්සාති මාගේ පුත්‍රයා හා සහජාත වූ හැටදහසක් ඇමතිවරු නීලවණ්ණධරානෙකෙ කෙනෙක් නීලවර්ණ වූ නිල්පාට වස්ත්‍ර හැඳගෙන, මහාභූත ගණාලයො යක්ෂ සමූහයාට වාස වූ. භාති පවාති ච කියන ලද ස්වරූප ඇති හිමාලය මෙන් ආභරණ හා ආලේපන ආදියෙන් බබලත්වා. හමා යත්වා. හත්ථික්ඛන්ධෙහි ඇතුන්පිට යන්නෝ ඇතුන්පිටින් වහා එත්වා. දස්සිතා පෙන්වන ලද ආභරණ ඇති. අයොසුකතනෙමියො ලෝහයෙන් මනාකොට වටකරන ලද නිම්වළල්ල ඇති. සුවණ්ණචිතපක්ඛරෙ රනින් සරසන ලද මෙබඳු වූ තුදුස් දහසක් රථ යොදත්වායි කියයි. විප්ඵාලෙන්තු නගත්වා.
එවං රාජා සෙනඞ්ගං විචාරෙත්වා “පුත්තස්ස මෙ ජෙතුත්තරනගරතො යාව වඞ්කපබ්බතා අට්ඨුසභවිත්ථාරං ආගමනමග්ගං සමතලං කත්වා මග්ගාලඞ්කාරත්ථාය ඉදඤ්චිදඤ්ච කරොථා”ති ආණාපෙන්තො ආහ –
මෙසේ රජතුමා සේනා අංගයන් විමසා බලා මාගේ පුත්‍රයාට ජයතුරා නගරයේ සිට වංකගිරිය දක්වා උසභ අටක් පමණ වූ ගමන්මග සමතලා කොට මග සැරසීම සඳහා මේ මේ දේ කරවයි අණ කරමින් මෙසේ කීය.
“ලාජා ඔලොපියා පුප්ඵා, මාලාගන්ධවිලෙපනා; අග්ඝියානි ච තිට්ඨන්තු, යෙන මග්ගෙන එහිති.
ඉස්නා ලද පස්මල් මල්දම් හා සුවඳ විලෙවුන් ප්‍රතිපාදන කරව. වෙස්සන්තර යම් මගකින් එයිද ඒ මග මල්ඇගෑ රුවන් ඇගෑද සිටුවා.
“ගාමෙ ගාමෙ සතං කුම්භා, මෙරයස්ස සුරාය ච; මග්ගම්හි පතිතිට්ඨන්තු, යෙන මග්ගෙන එහිති.
යම් මගෙකින් ඒද ඒ මගැ ගම්දොරක් පාසා රහමෙර පුරවන ලද සියක් කළ තබාවා.
“මංසා පූවා සඞ්කුලියො, කුම්මාසා මච්ඡසංයුතා; මග්ගම්හි පතිතිට්ඨන්තු, යෙන මග්ගෙන එහිති.
යම් මඟෙකින් ඒද ඒ මගැ මස් ද කැවුම් ද ආස්මි ද මසින් යුතු කොමුද තිබේවා.
“සප්පි තෙලං දධි ඛීරං, කඞ්ගුබීජා බහූ සුරා; මග්ගම්හි පතිතිට්ඨන්තු, යෙන මග්ගෙන එහිති.
යම් මඟෙකින් ඒ ද එමඟෙහි ගිතෙල් ද තලතෙල් ද දී ද කිරි ද තණපිටියෙන් හා වී පිටියෙන් කළ බොහෝ සුරාද තිබේවා.
“ආළාරිකා ච සූදා ච, නටනට්ටකගායිනො; පාණිස්සරා කුම්භථූණියො, මන්දකා සොකජ්ඣායිකා.
බත් පිසන්නෝ ද මාළු පිසන්නෝ ද නටනෝ ද නටා ගී කියන්නෝද අත්තල ගසනුවෝද කළබෙර වයනුවෝද මුණ්ඩකයෝද ශෝක නසනුවෝද එත්වා.
“ආහඤ්ඤන්තු සබ්බවීණා, භෙරියො දින්දිමානි ච; ඛරමුඛානි ධමෙන්තු, නදන්තු එකපොක්ඛරා.
හැම වීණා ද උඩස් බෙර ද ගැටබෙර ද වයනු ලැබේවා. දකුණට කැරකුණු සක් පිඹිත්වා. පුෂ්කර වාද්‍ය වයත්වා.
“මුදිඞ්ගා පණවා සඞ්ඛා, ගොධා පරිවදෙන්තිකා; දින්දිමානි ච හඤ්ඤන්තු, කුතුම්පදින්දිමානි චා”ති.
තත්ථ ලාජා ඔලොපියා පුප්ඵාති ලාජෙහි සද්ධිං ලාජපඤ්චමකානි පුප්ඵානි ඔකිරන්තානං ඔකිරණපුප්ඵානි පටියාදෙථාති ආණාපෙති. මාලාගන්ධවිලෙපනාති මග්ගවිතානෙ ඔලම්බකමාලා චෙව ගන්ධවිලෙපනානි ච. අග්ඝියානි චාති පුප්ඵඅග්ඝියානි චෙව රතනඅග්ඝියානි ච යෙන මග්ගෙන මම පුත්තො එහිති, තත්ථ තිට්ඨන්තු. ගාමෙ ගාමෙති ගාමද්වාරෙ ගාමද්වාරෙ. පතිතිට්ඨන්තූති පිපාසිතානං පිවනත්ථාය පටියාදිතා හුත්වා සුරාමෙරයමජ්ජකුම්භා තිට්ඨන්තු. මච්ඡසංයුතාති මච්ඡෙහි සංයුත්තා. කඞ්ගුබීජාති කඞ්ගුපිට්ඨමයා. මන්දකාති මන්දකගායිනො. සොකජ්ඣායිකාති මායාකාරා, අඤ්ඤෙපි වා යෙ කෙචි උප්පන්නසොකහරණසමත්ථා සොකජ්ඣායිකාති වුච්චන්ති, සොචන්තෙ ජනෙ අත්තනො වංසඝොසපරම්පරානං නච්චෙ කතෙ නිස්සොකෙ කත්වා සයාපකාති අත්ථො. ඛරමුඛානීති සාමුද්දිකමහාමුඛසඞ්ඛා. සඞ්ඛාති දක්ඛිණාවට්ටා මුට්ඨිසඞ්ඛා , නාළිසඞ්ඛාති ද්වෙ සඞ්ඛා. ගොධා පරිවදෙන්තිකා දින්දිමානි කුතුම්පදින්දිමානීති ඉමානිපි චත්තාරි තූරියානෙව.
එහි ඔලොපියා විළඳ සමග ලද පස්මල් විසුරුවමින් විසුරුවන මල් සූදානම් කර දෙත්වායි අණ කළේය. මාලා ගන්ධවිලෙපනා මාර්ගයෙහි කොඩි, එල්බෙන මල්මාලා සුවඳ විලවුන්, අග්ඝියානිච මල්ඇගෑ රුවන් ඇගෑය යම් මගකින් මාගේ පුත්‍රයා එන්නේද ඒ ඒ තැන්වල සිටිත්වා. ගාමෙනාමෙ ගම්දොරක්, ගම්දොරක් පාසා. පතිතිට්ඨන්තු පවසා ඇති අයට පානය කිරිම සඳහා පිළියෙල කරන ලද සුරාකළ තබාවා. මච්ඡසංයුතා මාළු සමග. කංගුවීහි තණහාල් පිටිවලින් ද හාල්පිටිවලින්ද මණ්ඩකා මුණ්ඩක ගායකයෝ ද, සොකංඣායිකා මායාකාරයෝ ද අන් ඒ කිසියම් කෙනෙක් හටගත් ශෝකය නැතිකිරීමට සමර්ථ වූ. ඛුරමුඛානි දකුණට කරකැවුණු සමුද්‍රයේ හටගත් සංඛ. සංඛා යනු මුට්ඨි - නාළි යනුවෙන් දෙවර්ගයකි. ගෝධ, පරිවදෙන්තිකා, දින්දිමානි, කුටුම්බදින්දිමානි යැයි තූර්යභාණ්ඩ සතරකි.
එවං රාජා මග්ගාලඞ්කාරානි විචාරෙසි. ජූජකොපි පමාණාතික්කන්තං භුඤ්ජිත්වා ජීරාපෙතුං අසක්කොන්තො තත්ථෙව කාලමකාසි. රාජා තස්ස සරීරකිච්චං කාරාපෙත්වා “නගරෙ කොචි බ්රාහ්මණස්ස ඤාතකො අත්ථි, ඉදං ගණ්හාතූ”ති භෙරිං චරාපෙසි. න කඤ්චිස්ස ඤාතකං පස්සි, ධනං පුන රඤ්ඤොයෙව අහොසි. අථ සත්තමෙ දිවසෙ සබ්බා සෙනා සන්නිපති. අථ රාජා මහන්තෙන පරිවාරෙන ජාලිං මග්ගනායකං කත්වා නික්ඛමි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ රජු මග සැරසීම් පිළියෙල කරවීය. ජූජකයාද සීමාවට වඩා ආහාර අනුභවකොට දිරවා ගන්නට අසමත් වූයේ එහිම මළේය. රජු ඔහුගේ සිරුර කිස කරවවා නගරයෙහි බෙර හසුරුවා ඔහුගේ කිසි ඥාතියකු දුටුවේ නැත. ධනය නැවතත් රජුටම අයත් විය. ඉක්බිති සත්වන දිනයේ සියළු සේනාවෝ එක්රැස් වූහ. රජු මහත් පිරිවරින් ජාලිය කුමරුව ගමන්මග ප්‍රධානියා කොට පිටත්ව ගියේය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ,
“සා සෙනා මහතී ආසි, උය්යුත්තා සිවිවාහිනී; ජාලිනා මග්ගනායෙන, වඞ්කං පායාසි පබ්බතං.
ගමන් ගත්තා වූ සිවිරජහු උසුළන ඒ සෙනග මහත්වී මග කියන ජාලිය හා සමග වංකගිරියට නික්මිණි.
“කොඤ්චං නදති මාතඞ්ගො, කුඤ්ජරො සට්ඨිහායනො; කච්ඡාය බද්ධමානාය, කොඤ්චං නදති වාරණො.
මහත් සිරුරු ඇති ගැඹුරු හඬ ඇති සැට හවුරුද්දෙන් පිරිහෙන බල ඇති ඇත්රජ රන්පොරෝදු බඳනා ලබන කල්හි කුංචනාද කරයි.
“ආජානීයා හසියන්ති, නෙමිඝොසො අජායථ; අබ්භං රජො අච්ඡාදෙසි, උය්යුත්තා සිවිවාහිනී.
ආජානීය අශ්වයෝ හේසාරව කළහ. නිම්වළලු හඬ මතුවිය. ධූලි අහස වැසීය. චතුරංගනී සේනාව ගමන්හි යෙදුනේය.
“සා සෙනා මහතී ආසි, උය්යුත්තා හාරහාරිනී; ජාලිනා මග්ගනායෙන, වඞ්කං පායාසි පබ්බතං.
ගමන්හි යෙදුණු නිල් තණබිම් හරනා වූ ඒ සේනාව විශාල විය. ඒ සේනාව මගපෙන්වන ජාලිය කුමරු හා සමග වංකගිරියට පිටත්වැ ගියේය.
“තෙ පාවිංසු බ්රහාරඤ්ඤං, බහුසාඛං මහොදකං; පුප්ඵරුක්ඛෙහි සඤ්ඡන්නං, ඵලරුක්ඛෙහි චූභයං.
ඔව්හු බොහෝ ශාක ඇති බොහෝ දිය ඇති මල්රුකින්ද ඵලරුකින්ද වැසුණු මහා වනයට පිවිසියහ.
“තත්ථ බින්දුස්සරා වග්ගූ, නානාවණ්ණා බහූ දිජා; කූජන්තමුපකූජන්ති, උතුසම්පුප්ඵිතෙ දුමෙ.
ඒ වනයෙහි වට වූ ස්වර ඇති මියුරු හඬ ඇති නන්වන් බොහෝ සියොත්හු ඍතු සමයෙහි පිපි රුක්හි හිඳ කූජනය කරන්නවුන් අනුව කූජනය කරත්.
“තෙ ගන්ත්වා දීඝමද්ධානං, අහොරත්තානමච්චයෙ; පදෙසං තං උපාගච්ඡුං, යත්ථ වෙස්සන්තරො අහූ”ති.
ඔව්හු සැටයොදුන් දික් මගැ ගෙවා දවසක් හා රැයක් ඇවෑමෙන් යම් පෙදෙසක වෙසතුරු රජ වාසය කළේ නම් ඒ පෙදෙසට පැමිණියාහ.
තත්ථ මහතීති ද්වාදසඅක්ඛොභණිසඞ්ඛාතා සෙනා. උය්යුත්තාති පයාතා. කොඤ්චං නදතීති තදා කාලිඞ්ගරට්ඨවාසිනො බ්රාහ්මණා අත්තනො රට්ඨෙ දෙවෙ වුට්ඨෙ තං නාගං ආහරිත්වා සඤ්ජයස්ස අදංසු. සො හත්ථී “සාමිකං වත පස්සිතුං ලභිස්සාමී”ති තුට්ඨො කොඤ්චනාදමකාසි. තං සන්ධායෙතං වුත්තං. කච්ඡායාති සුවණ්ණකච්ඡාය බද්ධමානායපි තුස්සිත්වා කොඤ්චං නදති. හසියන්තීති හසසද්දමකංසු . හාරහාරිනීති හරිතබ්බහරණසමත්ථා. පාවිංසූති පවිසිංසු. බහුසාඛන්ති බහුරුක්ඛසාඛං. දීඝමද්ධානන්ති සට්ඨියොජනමග්ගං. උපාගච්ඡුන්ති යත්ථ වෙස්සන්තරො අහොසි, තං පදෙසං උපගතාති.
එහි මහතී යනු දොළොස් අක්ෂෞභිණියක් පමණ වූ උය්යුත්තා උත්සාහවත් වූ, යන්නාහු. කුඤ්චං නදතීති කලිඟුරටවැසි බ්‍රාහ්මණයෝ තමන්ගේ රටෙහි වැසි වට කල්හි ඒ හස්තියාව ගෙන අවුත් සංජය රජුට දුන්හ. ඒ හස්තියා තමන්ගේ ස්වාමියාව දැකගන්නට ලැබේයයි සතුටින් කුංචනාද කළේය. ඒ සඳහා මෙය කියන ලදී. කච්ඡාය රන්පටියෙන් බඳිනු ලබනවිට සතුටින් කුඤ්චනාද කළේය. හසිස්සිංසු හඬ නැගූහ. ශබ්ද කළහ. හාරහාරිණී ඉවත් කළයුතු දේ ඉවත් කිරිමට සමර්ථ. පාවිසුං පිවිසියාහ. බහුසාඛං බොහෝ ගස්වල අතු. දීඝමද්ධානං සැටයොදුන් මග. උපාගඤ්ජු යම්තැනක වෙස්සන්තර රජ වූයේද ඒ ප්‍රදේශයට ළඟාවිය.
මහාරාජපබ්බවණ්ණනා නිට්ඨිතා.
මහාරාජ කාණ්ඩය නිමි.