යෙදුමෙන් කියවන්න

ඡඛත‍්තියකම‍්මවණ‍්ණනා අට‍්ඨකථා

ඡඛත‍්තියකම‍්මවණ‍්ණනා

ෂට්ක්‍ෂත්‍රිය කාණ්ඩය

ජාලිකුමාරො මුචලින්‍දසරතීරෙ ඛන්‍ධාවාරං නිවාසාපෙත්‍වා චුද‍්දස රථසහස‍්සානි ආගතමග‍්ගාභිමුඛානෙව ඨපාපෙත්‍වා තස‍්මිං තස‍්මිං පදෙසෙ සීහබ්‍යග‍්ඝදීපිආදීසු ආරක‍්ඛං සංවිදහි. හත්‍ථිආදීනං සද‍්දො මහා අහොසි. අථ මහාසත‍්තො තං සද‍්දං සුත්‍වා “කිං නු ඛො මෙ පච‍්චාමිත‍්තා මම පිතරං ඝාතෙත්‍වා මමත්‍ථාය ආගතා”ති මරණභයභීතො මද‍්දිං ආදාය පබ‍්බතං ආරුය‍්හ සෙනං ඔලොකෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ජාලිය කුමාරයා මුචලින්ද විල ඉවුරේ කඳවුරු බඳවා දහහතර දහසක් රථ ආවා වූ මාර්ගයට අභිමුඛව තබ්බවා ඒ ඒ ප්‍රදේශවල සිංහ, ව්‍යාඝ්‍ර, කඩු මාර්ග ආදියේ ආරක්‍ෂාව යෙදීය. ඇත් ආදීන්ගේ ශබ්දය මහත්විය. මහාසත්ත්වයෝ එය අසා කිම මාගේ සතුරෝ පියා ඝාතනය කොට මා සොයා ආවාහු යැයි මරණ බියෙන් බියපත් වූයේ මද්‍රි දේවියද ගෙන පර්වතයට නැග සේනාව දෙස බැලීය. ඒ කාරණ ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

“තෙසං සුත්‍වාන නිග‍්ඝොසං, භීතො වෙස‍්සන‍්තරො අහු; පබ‍්බතං අභිරුහිත්‍වා, භීතො සෙනං උදික‍්ඛති.

වෙසතුරු රජ ඔවුන්ගේ හඬ අසා බියපත් වීය. බියපත් වූයේ කඳුගැටයකට නැග සෙනඟ බලයි.

“ඉඞ‍්ඝ මද‍්දි නිසාමෙහි, නිග‍්ඝොසො යාදිසො වනෙ; ආජානීයා හසියන‍්ති, ධජග‍්ගානි ච දිස‍්සරෙ.

එම්බා මද්‍රි දේවියනි, වනයෙහි යම්බඳු මහ හඬෙක් ඇද්ද එය පිරික්සව. ආජානේය අශ්වයේ හේසාරව කෙරෙති. රියෙහි නැගූ දද අග පෙනෙයි.

“ඉමෙ නූන අරඤ‍්ඤස‍්මිං, මිගසඞ‍්ඝානි ලුද‍්දකා; වාගුරාහි පරික‍්ඛිප‍්ප, සොබ‍්භං පාතෙත්‍වා තාවදෙ; වික‍්කොසමානා තිබ‍්බාහි, හන‍්ති නෙසං වරං වරං.

ඒකාන්තයෙන් මොව්හු වනාහි වනයෙහි මුවසමූහයා වරදැලින් හාත්පස බැඳ වළට හෙළා එකෙණෙහි මරව. තළව ආදීන් විවිධාකාරයෙන් නපුරු හඬ නගමින් ඔවුනතුරෙහි හොඳ හොඳ මුවන් තියුණු ආයුධවලින් යම්සේ සැණින් මරාදමත්ද එසෙයින් අපවද නසතියි සිතමි.

“යථා මයං අදූසකා, අරඤ‍්ඤෙ අවරුද‍්ධකා; අමිත‍්තහත්‍ථත‍්තං ගතා, පස‍්ස දුබ‍්බලඝාතක”න‍්ති.

අපි නිදොස් වෙමු. රටින් නෙරපන ලදුව වනයෙහි සිරකරනු ලැබුවහු සතුරන් අතට පත්වූයෙමු. දුර්වලයන් මරණ සැටි බලව.

තත්‍ථ ඉඞ‍්ඝාති චොදනත්‍ථෙ නිපාතො. නිසාමෙහීති සකසෙනා වා පරසෙනා වාති ඔලොකෙහි උපධාරෙහි. “ඉමෙ නූන අරඤ‍්ඤස‍්මි”න‍්තිආදීනං අඩ‍්ඪතෙය්‍යගාථානං එවමත්‍ථසම‍්බන්‍ධො වෙදිතබ‍්බො “මද‍්දි යථා අරඤ‍්ඤම‍්හි මිගසඞ‍්ඝානි ලුද‍්දකා වාගුරාහි පරික‍්ඛිප‍්ප අථ වා පන සොබ‍්භං පාතෙත්‍වා තාවදෙව ‘හනථ, අරෙ, දුට‍්ඨමිගෙ’ති වික‍්කොසමානා තිබ‍්බාහි මිගමාරණසත‍්තීහි නෙසං මිගානං වරං වරං ථූලං ථූලං හනන‍්ති, ඉමෙ ච නූන තථෙව අම‍්හෙ අසබ‍්භාහි වාචාහි වික‍්කොසමානා තිබ‍්බාති සත‍්තීහි හනිස‍්සන‍්ති, මයඤ‍්ච අදූසකා අරඤ‍්ඤෙ අවරුද‍්ධකා රට‍්ඨා පබ‍්බාජිතා වනෙ වසාම, එවං සන‍්තෙපි අමිත‍්තානං හත්‍ථත‍්තං ගතා, පස‍්ස දුබ‍්බලඝාතක”න‍්ති. එවං සො මරණභයෙන පරිදෙවි.

එහි ඉංඝ චෝදනාර්ථයේ නිපාතයකි. නිසාමෙහි තමන්ගේ සේනාව කියා හෝ පරසේනාව කියා හෝ කල්පනා කරයි. ඉමෙ නූන අරඤ්ඤස්මිං ආදී වූ ගාථා දෙකහමාරක අර්ථ සම්බන්ධය දතයුතුය. මද්‍රිය, යම්සේ වනයෙහි වැද්දෝ මෘග සමූහයාව වරදැල් දමා හෝ වළවල්වලට හෙළා හෝ එවේලේම නසන්නහුය. දුෂ්ට මෘගයෙනියි කියමින් නිග්‍රහ කරමින් තිබුණු මෘගයන් මරණ ආයුධවලින් ඒ මුවන්ගෙන් හොඳ හොඳ මුවන් නසත්. මොව්හු වනාහි ඒකාන්තයෙන් අපව අසභ්‍ය වචනවලින් නිග්‍රහ කරමින් තියුණු ආයුධවලින් නසත්. අපි ද නිවැරදිකාරයෝ වෙමු. රටින් නෙරපන ලද්දාහු වනයෙහි වසමු. මෙසේ ඇතිකල්හිද අමත්තහත්‍ථත්‍ථගතා සතුරන් අතට පත්වූවාහු මේ දුබලයන් මරන සැටි බලව කියා මරණ බියෙන් හැඬීය.

සා තස‍්ස වචනං සුත්‍වා සෙනං ඔලොකෙත්‍වා “සකසෙනාය භවිතබ‍්බ”න‍්ති මහාසත‍්තං අස‍්සාසෙන‍්තී ඉමං ගාථමාහ –

ඕ තොමෝ ඔහුගේ වචනය අසා සේනාව දෙස බලා එය තමන්ගේ සේනාව විය යුතුයැයි මහාසත්ත්වයන් අස්වසමින් මේ ගාථාව කීය.

“අමිත‍්තා නප‍්පසාහෙය්‍යුං, අග‍්ගීව උදකණ‍්ණවෙ; තදෙව ත්‍වං විචින‍්තෙහි, අපි සොත්‍ථි ඉතො සියා”ති.

තණහුලෙක ගින්න ගැඹුරු දිය ඇති මුහුද සෙයින් සතුරෝ තොප මැඩිය හැකි නොවෙත්. තෙපි එයම සිතව. මේ බලකායෙන් සෙතක් වන්නේ මැනවැ.

තත්‍ථ අග‍්ගීව උදකණ‍්ණවෙති යථා තිණුක‍්කාදීනං වසෙන උපනීතො අග‍්ගි අණ‍්ණවසඞ‍්ඛාතානි පුථුලගම‍්භීරානි උදකානි නප‍්පසහති, තාපෙතුං න සක‍්කොති , තථා තං අමිත‍්තා නප‍්පසහෙය්‍යුං නාභිභවිස‍්සන‍්ති. තදෙවාති යං සක‍්කෙන තුය‍්හං වරං දත්‍වා “මහාරාජ, න චිරස‍්සෙව තෙ පිතා එහිතී”ති වුත‍්තං, තදෙව ත්‍වං විචින‍්තෙහි, අපි නාම ඉතො බලකායතො අම‍්හාකං සොත්‍ථි සියාති මහාසත‍්තං අස‍්සාසෙසි.

එහි අග්ගීව උදකණ්ණවෙ යම්සේ තණ ගිනිහුළ ආදියෙන් ගෙනෙන ගින්න මහා සාගර සංඛ්‍යාත විශාල ජලකඳක් මැඩපවත්වන්නට අසමත් වෙයි. රත් කරන්නට නොහැකි වෙයි. එපරිද්දෙන් ඔහුව අමිත්තා නප්පසහෙය්‍යුං අභිභවනය නොකරත්. තදෙව ශක්‍රයා විසින් නුඹට වරයක් දී මහරජ නොබෝ කලකින්ම ඔබගේ පියා එන්නේයැයි කියන ලදී. තදෙව ත්‍වං විචින්තෙහි මේ බලකායෙන් අපට යහපතක් වන්නේය.

අථ මහාසත‍්තො සොකං තනුකං කත්‍වා තාය සද‍්ධිං පබ‍්බතා ඔරුය‍්හ පණ‍්ණසාලාද‍්වාරෙ නිසීදි, ඉතරාපි අත‍්තනො පණ‍්ණසාලාද‍්වාරෙ නිසීදි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඉක්බිති මහාසත්ත්වයෝ ශෝකය දුරුකොට ඇය සමග පර්වතයෙන් බැස පන්සල් දොරටුවේ සිටියේය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක,

“තතො වෙස‍්සන‍්තරො රාජා, ඔරොහිත්‍වාන පබ‍්බතා; නිසීදි පණ‍්ණසාලායං, දළ‍්හං කත්‍වාන මානස”න‍්ති.

ඉක්බිති වෙසතුරු රජ පර්වතයෙන් බැසැ සිත දැඩි කොටගෙන පන්සල් දොර හුන්නේයැ.

තත්‍ථ දළ‍්හං කත්‍වාන මානසන‍්ති මයං පබ‍්බජිතා නාම, අම‍්හාකං කො කිං කරිස‍්සතීති ථිරං හදයං කත්‍වා නිසීදි.

එහි දළ්හං කත්‍වාන මානසං අපි පැවිද්දෝ වෙමු. අපට කවරෙක් කුමක් කරන්නේදැයි සිත දැඩිකොට හුන්නේය.

තස‍්මිං ඛණෙ සඤ‍්ජයො රාජා දෙවිං ආමන‍්තෙත්‍වා – “භද‍්දෙ, ඵුස‍්සති අම‍්හෙසු සබ‍්බෙසු එකතො ගතෙසු සොකො මහා භවිස‍්සති, පඨමං තාව අහං ගච‍්ඡාමි, තතො ‘ඉදානි සොකං විනොදෙත්‍වා නිසින‍්නා භවිස‍්සන‍්තී’ති සල‍්ලක‍්ඛෙත්‍වා ත්‍වං මහන‍්තෙන පරිවාරෙන ආගච‍්ඡෙය්‍යාසි. අථ ථොකං කාලං වීතිනාමෙත්‍වා ජාලිකණ‍්හාජිනා පච‍්ඡතො ආගච‍්ඡන‍්තූ”ති වත්‍වා රථං නිවත‍්තාපෙත්‍වා ආගතමග‍්ගාභිමුඛං කත්‍වා තත්‍ථ තත්‍ථ ආරක‍්ඛං සංවිදහිත්‍වා අලඞ‍්කතහත්‍ථික‍්ඛන්‍ධතො ඔරුය‍්හ පුත‍්තස‍්ස සන‍්තිකං අගමාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඒ මොහොතේ සංජය රජදේවියට අමතා සොඳුර, ඵුසති. අපි සියළු දෙනාම එකට ගිය කල්හි ශෝකය මහත් වන්නේය. මම පළමුව යන්නෙමි. එයින් ශෝකය නැතිකොට හුන්නේ වන්නාහයි සළකා නුඹ මහත් පිරිවරින් එන්නෙහියැයි ඉක්බිති ටික වේලාවක් ගතකොට ක්‍රිෂ්ණජිනාවන් ද එන්නයැයි කියා රථය නතරකර පැමිණි මගට අභිමුඛව ඒ ඒ තන්හි ආරක්‍ෂාව යොදා අලංකාර කරන ලද ඇතාපිට නැගී එයින් බැස පුතාගේ සමීපයට ගියේය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ,

“නිවත‍්තයිත්‍වාන රථං, වුට‍්ඨපෙත්‍වාන සෙනියො; එකං අරඤ‍්ඤෙ විහරන‍්තං, පිතා පුත‍්තං උපාගමි.

පියමහරජ රිය නවත්වා සෙනෙවියන්ට නියෝග කොට එකලාවැ වනයේ වාසය කරන පුතු වෙත එළඹියේය.

“හත්‍ථික‍්ඛන්‍ධතො ඔරුය‍්හ, එකංසො පඤ‍්ජලීකතො; පරිකිණ‍්ණො අමච‍්චෙහි, පුත‍්තං සිඤ‍්චිතුමාගමි.

ඇත්කඳින් බැස ඒකංස කළ උතුරුසළු ඇතියේ ජනයා විසින් කරන ලද ඇඳිලි ඇතියේ ඇමැතියන් විසින් පිරිවරන ලදුයේ පුතු අභිෂේක කරන්නට ආයේයැ.

“තත්‍ථද‍්දස කුමාරං සො, රම‍්මරූපං සමාහිතං; නිසින‍්නං පණ‍්ණසාලායං, ඣායන‍්තං අකුතොභය”න‍්ති.

ඒ සඳ මහරජ ඒ අසපුවෙහි පන්සල් දොර හුන් රම්‍ය වූ ස්වභාව ඇති එකඟ සිත් ඇති ධ්‍යාන කරන කිසිවකින් බිය නැති වෙසතුරු කුමරහු දිටි.

තත්‍ථ වුට‍්ඨපෙත්‍වාන සෙනියොති ආරක‍්ඛත්‍ථාය බලකායෙ ඨපෙත්‍වා. එකංසොති එකංසකතඋත‍්තරාසඞ‍්ගො. සිඤ‍්චිතුමාගමීති රජ‍්ජෙ අභිසිඤ‍්චිතුං උපාගමි. රම‍්මරූපන‍්ති අනඤ‍්ජිතං අමණ‍්ඩිතං.

එහි වොත්‍ථාපෙත්‍වාන සෙනියො ආරක්‍ෂාව පිණිස බලසේනාවන් යොදා. එකංසො එක් අංශයකට පැළඳි උතුරුසළු ඇත්තේ. සිඤ්චිතුමාගමි රාජ්‍යයේ අභිෂේක කරන්නට ගියේය. රම්මරූපං අඳුන් නොයෙදූ නොසැරසූ.

“තඤ‍්ච දිස‍්වාන ආයන‍්තං, පිතරං පුත‍්තගිද‍්ධිනං; වෙස‍්සන‍්තරො ච මද‍්දී ච, පච‍්චුග‍්ගන‍්ත්‍වා අවන්‍දිසුං.

වෙසතුරු රජ ද මද්‍රිදේවී ද දරුවන් කෙරෙහි ගිජු වූ ඒ පියරජු එන්නා දැක පෙරමගට ගොස් වැන්දාහ.

“මද‍්දී ච සිරසා පාදෙ, සසුරස‍්සාභිවාදයි; මද‍්දී අහඤ‍්හි තෙ දෙව, පාදෙ වන්‍දාමි තෙ සුණ‍්හා; තෙ සු තත්‍ථ පලිස‍්සජ‍්ජ, පාණිනා පරිමජ‍්ජථා”ති.

දේවයිනි, මම ඔබ ලෙහෙලි මද්‍රි වෙමි. පායුග වඳිමියි මාමණ්ඩියගේ පා යුගවල හිස තබා වැන්දේය. එහිදී වැළඳගෙන අත්ලෙන් පිට පිරිමැද්දේය.

තත්‍ථ පාදෙ වන්‍දාමි තෙ සුණ‍්හාති අහං, දෙව, තව සුණ‍්හා පාදෙ වන්‍දාමීති එවං වත්‍වා වන්‍දි. තෙ සු තත්‍ථාති තෙ උභොපි ජනෙ තස‍්මිං සක‍්කදත‍්තියෙ අස‍්සමෙ පලිස‍්සජිත්‍වා හදයෙ නිපජ‍්ජාපෙත්‍වා සීසෙ පරිචුම‍්බිත්‍වා මුදුකෙන පාණිනා පරිමජ‍්ජථ, පිට‍්ඨියො නෙසං පරිමජ‍්ජි.

එහි පාදෙ වන්‍දාමි තෙහුසා මම ඔබගේ ලේලියයි. ඔබගේ පාවඳිමියි කියා වැන්දාය. තෙසු තත්‍ථ ඒ දෙදෙනාම ඒ ශක්‍රයා විසින් දෙන ලද අපසුවෙහි වැළඳගෙන හදවතේ හොවා ගෙන සිඹ මොළොක් අතින් පරිමජ්ජථ ඔවුන්ගේ පිට පිරිමැද්දේය.

තතො රොදිත්‍වා පරිදෙවිත්‍වා රාජා සොකෙ පරිනිබ‍්බුතෙ තෙහි සද‍්ධිං පටිසන්‍ථාරං කරොන‍්තො ආහ –

ඉක්බිති හඬා වැළප ශෝකය නිවුණු කල්හි රජු ඔවුන් සමග පිළිසඳර කථා කරමින් මෙසේ කීය.

“කච‍්චි වො කුසලං පුත‍්ත, කච‍්චි පුත‍්ත අනාමයං; කච‍්චි උඤ‍්ඡෙන යාපෙථ, කච‍්චි මූලඵලා බහූ.

පුතණුවෙනි, කිම තොප සුවසේද පුතණුවනි? කිම දුක් නැද්ද? කිම වනමුල් ඵලයෙන් යැපෙවුද? කිම අල හා ඵලවැල බොහෝ ඇද්ද?

“කච‍්චි ඩංසා මකසා ච, අප‍්පමෙව සරීසපා; වනෙ වාළමිගාකිණ‍්ණෙ, කච‍්චි හිංසා න විජ‍්ජතී”ති.

කිම මැසිමදුරුවෝ ද සර්පයෝ ද අල්ප වෙත් ද? චණ්ඩ මෘගයන්ගෙන් ආකීර්ණ වූ වනයෙහි පීඩා නැද්ද?

පිතු වචනං සුත්‍වා මහාසත‍්තො ආහ –

පියාගේ වචනය අසා මහාසත්ත්වයෝ මෙසේ කීය.

“අත්‍ථි නො ජීවිකා දෙව, සා ච යාදිසකීදිසා; කසිරා ජීවිකා හොම, උඤ‍්ඡාචරියාය ජීවිතං.

දේවයිනි, අපගේ දිවිපැවැත්මක් ඇත. එද යම් වනුයේයැ. වනමුල් ඵලවැලින් දිවිපැවැත්ම වෙයි. දුකින්ම දිවි පවත්වමු.

“අනිද‍්ධිනං මහාරාජ, දමෙතස‍්සංව සාරථි; ත්‍යම‍්හා අනිද‍්ධිකා දන‍්තා, අසමිද‍්ධි දමෙති නො.

මහරජතුමනි, දිළිඳු පුරුෂයා අශ්වාරෝහකයා අසතුටෙන් දමනය කරයි. ඒ අපි දිළිඳු වූවමෝ දැමුණම්හ. දිළිඳු බව අප දමනය කරයි.

“අපි නො කිසානි මංසානි, පිතු මාතු අදස‍්සනා; අවරුද‍්ධානං මහාරාජ, අරඤ‍්ඤෙ ජීවසොකින”න‍්ති.

මහරජතුමනි, රටින් නෙරපන ලදුව වනයෙහි වසන ජීවශෝකී වූ අපගේ මව්පියන් නොදැක්මෙන් ශරීරයේ මස්ද කෘශ විය.

තත්‍ථ යාදිසකීදිසාති යා වා සා වා, ලාමකාති අත්‍ථො. කසිරා ජීවිකා හොමාති තාත, අම‍්හාකං උඤ‍්ඡාචරියාය ජීවිතං නාම කිච‍්ඡං, දුක‍්ඛා නො ජීවිකා අහොසි. අනිද‍්ධිනන‍්ති මහාරාජ, අනිද‍්ධිං අසමිද‍්ධිං දලිද‍්දපුරිසං නාම සාව අනිද‍්ධි ඡෙකො සාරථි අස‍්සං විය දමෙති, නිබ‍්බිසෙවනං කරොති, තෙ මයං ඉධ වසන‍්තා අනිද‍්ධිකා දන‍්තා නිබ‍්බිසෙවනා කතා, අසමිද‍්ධියෙව නො දමෙතීති. “දමෙථ නො”තිපි පාඨො, දමයිත්‍ථ නොති අත්‍ථො. ජීවසොකිනන‍්ති අවිගතසොකානං අරඤ‍්ඤෙ වසන‍්තානං කිං නාම අම‍්හාකං සුඛන‍්ති වදති.

එහි යාදිසිකීදිසා යම්බඳු වූ. එබඳු වූයේ ලාමක යන අර්ථයි. කසිරා හි ජීවිකා හොම පියාණෙනි, අපගේ සිඟාකෑමෙන් පවත්වන අපගේ ජීවිතය නම් කෙබඳු දුක්වූවක් වීද? අනිද්ධිතං මහරජ, සම්පත් නැති. දුප්පත් දිළිඳු පුරුෂයා වනාහි එම දිළිඳු බව විසින්ම දමනය කරයි. දක්‍ෂ රථාචාර්යයා අශ්වයකු දමනය කරන්නාක් මෙනි. දමෙති දමනය කරයි. ඔව්හු මෙහි වසන දුප්පත්, සම්පත් නැති අපව දමනය කරන ලදී. දුප්පත්කම විසින්ම අපව දමනය කරයි. දමෙථනො කියාද පාඨයකි. අපව දමනය කළහ යන අර්ථයි. ජීවසොකිනං පහනොවූ ශෝක ඇති අපට කුමන නම් සැපයෙක් ද?

එවඤ‍්ච පන වත්‍වා පුන පුත‍්තානං පවත‍්තිං පුච‍්ඡන‍්තො ආහ –

මෙසේ ද කියා නැවත දරුවන්ගේ තොරතුරු අසමින් මෙසේ කීය.

“යෙපි තෙ සිවිසෙට‍්ඨස‍්ස, දායාදාපත‍්තමානසා; ජාලී කණ‍්හාජිනා චුභො, බ්‍රාහ‍්මණස‍්ස වසානුගා; අච‍්චායිකස‍්ස ලුද‍්දස‍්ස, යො නෙ ගාවොව සුම‍්භති.

යම් ඒ ජාලිය, ක්‍රිෂ්ණජිනා දෙකුමරහු සිවුමහරජුගේ දායාදයෙන් නොපිරිහුන් මනදොළ ඇතිවැ ඉක්මන් වූ රුදුරු බමුණකගේ වසඟ බවට ගියහ. ඒ බමුණා ගෙරින්ට පහරදෙන්නාක් මෙන් ඔවුන්ට පහරදෙයි.

“තෙ රාජපුත‍්තියා පුත‍්තෙ, යදි ජානාථ සංසථ; පරියාපුණාථ නො ඛිප‍්පං, සප‍්පදට‍්ඨංව මාණව”න‍්ති.

ඉදින් ඒ දරුවන් තතු දනිවු නම් මේ රජදූට කියව. සර්පයකු විසින් දෂ්ට කරන ලද මානවකයන් හට විෂ හරන මන්ත්‍රයක් මෙන් වහා අපට කියව.

තත්‍ථ දායාදාපත‍්තමානසාති මහාරාජ, යෙපි තෙ තව සිවිසෙට‍්ඨස‍්ස දායාදා අපත‍්තමානසා අසම‍්පුණ‍්ණමනොරථා හුත්‍වා බ්‍රාහ‍්මණස‍්ස වසානුගා ජාතා, තෙ ද‍්වෙ කුමාරෙ යො බ්‍රාහ‍්මණො ගාවොව සුම‍්භති පහරති, තෙ රාජපුත‍්තියා පුත‍්තෙ යදි දිට‍්ඨවසෙන වා සුතවසෙන වා ජානාථ සංසථ. සප‍්පදට‍්ඨංව මාණවන‍්ති විසනිම‍්මදනත්‍ථාය සප‍්පදට‍්ඨං මාණවං තිකිච‍්ඡන‍්තා විය ඛිප‍්පං නො පරියාපුණාථ කථෙථාති වදති.

එහි දායාදප්පත්තමානසා මහරජ, යම් කෙනෙක් ඒ සිවිරජුගේ දායාද නොලත්, සම්පූර්ණ නොවූ මනදොළ ඇතිව බ්‍රාහ්මණයාගේ යටතට පත්වූවාහුද ඒ කුමාරයන් දෙදෙනාව යමෙක් ගවයන්ට මෙන් තලයි. තෙ රාජපුත්තියා පුත්තෙ ඉදින් දැකීමෙන් හෝ ඇසීමෙන් දනිව්ද කියව්. සප්පදට්ඨංවා විස නැතිකිරීම සඳහා සර්පයකු දෂ්ට කළ මානවකයකුට බෙහෙත් කරන්නාක් මෙන් වහා අපට පරියාපුණාථ කියව් යැයි පවසයි.

රාජා ආහ –

රජු කීය,

“උභො කුමාරා නික‍්කීතා, ජාලී කණ‍්හාජිනා චුභො; බ්‍රාහ‍්මණස‍්ස ධනං දත්‍වා, පුත‍්ත මා භායි අස‍්සසා”ති.

ජාලිය, ක්‍රිෂ්ණජිනා දෙකුමරහු බමුණාට ධනය දී නිදහස්කොට ගන්නා ලදහ. පුත, බිය නොවන්න. සැනසෙන්න.

තත්‍ථ නික‍්කීතාති නික‍්කයං දත්‍වා ගහිතා.

එහි නික්කිතා මුදල් ගෙවා ගත්තාහුය.

තං සුත්‍වා මහාසත‍්තො පටිලද‍්ධස‍්සාසො පිතරා සද‍්ධිං පටිසන්‍ථාරමකාසි –

ඒ අසා මහාසත්ත්වයෝ ලබන ලද අස්වැසීම් ඇත්තේ පියා සමග පිළිසඳර කථා කළහ.

“කච‍්චි නු තාත කුසලං, කච‍්චි තාත අනාමයං; කච‍්චි නු තාත මෙ මාතු, චක‍්ඛු න පරිහායතී”ති.

කියන්න පියාණෙනි, සුවසේද? කිම පියාණෙනි දුක් නැද්ද? කිම පියාණෙනි, මාගේ මවගේ ඇස් කඳුළින් නොපිරිහේද?

තත්‍ථ චක‍්ඛු න පරිහායතීති පුත‍්තසොකෙන රොදන‍්තියා චක‍්ඛු න පරිහායතීති.

එහි චක්ඛු යනු පුත්‍ර ශෝකයෙන් අඬන්නියගේ ඇස් නොපිරිහෙයි.

රාජා ආහ –

රජු කීය,

“කුසලඤ‍්චෙව මෙ පුත‍්ත, අථො පුත‍්ත අනාමයං; අථො ච පුත‍්ත තෙ මාතු, චක‍්ඛු න පරිහායතී”ති.

පුතණුවනි, මට රෝග නැත. තවද පුතණුවනි. මට දුක් නැත. තවද පුතණුවනි, තොප මවගේ ඇස් නොපිරිහේ.

බොධිසත‍්තො ආහ –

මහා සත්ත්වයෝ කීහ,

“කච‍්චි අරොගං යොග‍්ගං තෙ, කච‍්චි වහති වාහනං; කච‍්චි ඵීතො ජනපදො, කච‍්චි වුට‍්ඨි න ඡිජ‍්ජතී”ති.

කිම තොපගේ ධුර දරන්නවුන් සුවසේද? කිම වාහන උසුළාද? කිම ජනපද සමෘද්ධිමත් ද කිම වැසි නොසිඳේද?

තත්‍ථ වුට‍්ඨීති වුට‍්ඨිධාරා.

එහි වුට්ඨි වැසිධාරා.

රාජා ආහ –

රජු කීය,

“අථො අරොගං යොග‍්ගං මෙ, අථො වහති වාහනං; අථො ඵීතො ජනපදො, අථො වුට‍්ඨි න ඡිජ‍්ජතී”ති.

මාගේ ධුර දරන්නේ නීරෝගය. වාහනද උසුළා දනවුද සමෘද්ධය. වැසිද නොසිඳේ.

එවං තෙසං සල‍්ලපන‍්තානඤ‍්ඤෙව ඵුස‍්සතී දෙවී “ඉදානි සොකං තනුකං කත්‍වා නිසින‍්නා භවිස‍්සන‍්තී”ති සල‍්ලක‍්ඛෙත්‍වා මහාපරිවාරෙන සද‍්ධිං පුත‍්තස‍්ස සන‍්තිකං අගමාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මෙසේ කථා සල්ලාපයේ යෙදෙන්නන්ගේද ඵුසතී දේවියද දැන් ශෝකය තුනීකොට හුන්නාහු වන්නේයැයි සළකා මහා පිරිවර සමග පුතා සමීපයට ගියේය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ,

“ඉච‍්චෙවං මන‍්තයන‍්තානං, මාතා නෙසං අදිස‍්සථ; රාජපුත‍්තී ගිරිද‍්වාරෙ, පත‍්තිකා අනුපාහනා.

මෙසේ සල්ලාප කරත්මැ මව්රජ දූ පාවහන් නැතිව පා ගමනින් එන්නී පර්වත දොරැ ඔවුනට පෙනුණි.

“තඤ‍්ච දිස‍්වාන ආයන‍්තිං, මාතරං පුත‍්තගිද‍්ධිනිං; වෙස‍්සන‍්තරො ච මද‍්දී ච, පච‍්චුග‍්ගන‍්ත්‍වා අවන්‍දිසුං.

පුතු කෙරෙහි ගිජු වූ ඒ මව මව ද එන්නිය දැක වෙස්සන්තර රජු ද මද්‍රි දේවියද පෙරගමන්කොට වැන්දාහ.

“මද‍්දී ච සිරසා පාදෙ, සස‍්සුයා අභිවාදයි; මද‍්දී අහඤ‍්හි තෙ අය්‍යෙ, පාදෙ වන්‍දාමි තෙ සුණ‍්හා”ති.

ආර්යාවෙනි, මම තොපගේ ලෙහෙලි මදි වෙමි. තොපගේ පා යුවළ වඳිමියි මද්‍රි දේවියද නැන්දණියගේ පා යුගවල හිසතබා වැන්දාය.

තෙසං ඵුස‍්සතිදෙවිං වන්‍දිත්‍වා ඨිතකාලෙ පුත‍්තකා කුමාරකුමාරිකාහි පරිවුතා ආගමිංසු. මද‍්දී ච තෙසං ආගමනමග‍්ගං ඔලොකෙන‍්තීයෙව අට‍්ඨාසි. සා තෙ සොත්‍ථිනා ආගච‍්ඡන‍්තෙ දිස‍්වා සකභාවෙන සණ‍්ඨාතුං අසක‍්කොන‍්තී තරුණවච‍්ඡා විය ගාවී පරිදෙවමානා තතො පායාසි. තෙපි තං දිස‍්වා පරිදෙවන‍්තා මාතරාභිමුඛාව පධාවිංසු. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඔවුන් ඵුසති දේවිය වැඳ සිටි කල්හි කුමර කුමරියන් පිරිවරා ආවාහුය. මද්‍රිය ඔවුන් එනමග බලමින්ම සිටියාය. ඇය ඔවුන් යහතින් එනු දැක ස්වාභාවික ලෙසින් සිටින්නට අපොහොසත් වන්නී වසුපැටියකු සහිත ගවදෙනක් මෙන් හඬන්නී එයින් නික්ම ගියාය. ඔව්හුද ඇය දැක වැළපෙන්නාහු ඔවුන්ට අභිමුඛව ගියාහ. ඒ කාරණය පවසන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මද‍්දිඤ‍්ච පුත‍්තකා දිස‍්වා, දූරතො සොත්‍ථිමාගතා; කන්‍දන‍්තා මභිධාවිංසු, වච‍්ඡබාලාව මාතරං.

දුර සිට සුවසේ ආ දරුවෝ මද්‍රිදේවිය දැක මවුදෙන කරා වසුපැටියන් මෙන් හඬමින් පෙරට දිවූහ.

“මද‍්දී ච පුත‍්තකෙ දිස‍්වා, දූරතො සොත්‍ථිමාගතෙ; වාරුණීව පවෙධෙන‍්තී, ථනධාරාභිසිඤ‍්චථා”ති.

මද්‍රිදේවියද දුරින් සුවසේ ආ දරුවන් දැක භූතාවේශ වූවක මෙන් වෙවුළමින් දිවගොස් කිරි දහරින් තෙමූ.

තත්‍ථ කන්‍දන‍්තා මභිධාවිංසූති කන්‍දන‍්තා අභිධාවිංසු. වාරුණීවාති යක‍්ඛාවිට‍්ඨා ඉක‍්ඛණිකා විය පවෙධමානා ථනධාරා අභිසිඤ‍්චථාති.

එහි කන්‍දන්තා මභිධාවිංසු හඬමින් දිවුවාහ. වාරුණීවා යක්‍ෂාවේශ වූ ඇදුරු තැනැත්තියක් මෙන් සැළෙමින් ථනධාරාභිසිඤ්චථ

සා කිර මහාසද‍්දෙන පරිදෙවිත්‍වා කම‍්පමානා විසඤ‍්ඤී හුත්‍වා දීඝතො පථවියං පති. කුමාරාපි වෙගෙනාගන‍්ත්‍වා විසඤ‍්ඤිනො හුත්‍වා මාතු උපරියෙව පතිංසු. තස‍්මිං ඛණෙ තස‍්සා ද‍්වීහි ථනෙහි ද‍්වෙ ඛීරධාරා නික‍්ඛමිත්‍වා තෙසං මුඛෙයෙව පවිසිංසු. සචෙ කිර එත‍්තකො අස‍්සාසො නාභවිස‍්ස, ද‍්වෙ කුමාරා සුක‍්ඛහදයා හුත්‍වා අද‍්ධා නස‍්සිස‍්සන‍්ති. වෙස‍්සන‍්තරොපි පියපුත‍්තෙ දිස‍්වා සොකං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තො විසඤ‍්ඤී හුත්‍වා තත්‍ථෙව පති. මාතාපිතරොපිස‍්ස විසඤ‍්ඤිනො හුත්‍වා තත්‍ථෙව පතිංසු, තථා සහජාතා සට‍්ඨිසහස‍්සා අමච‍්චා. තං කාරුඤ‍්ඤං පස‍්සන‍්තෙසු එකොපි සකභාවෙන සණ‍්ඨාතුං නාසක‍්ඛි. සකලං අස‍්සමපදං යුගන‍්තවාතෙන පමද‍්දිතං විය සාලවනං අහොසි. තස‍්මිං ඛණෙ පබ‍්බතා නදිංසු, මහාපථවී කම‍්පි, මහාසමුද‍්දො සඞ‍්ඛුභි, සිනෙරු ගිරිරාජා ඔනමි. ඡ කාමාවචරදෙවලොකා එකකොලාහලා අහෙසුං.

ඇය වනාහි මහත් හඬින් හඬා කම්පා වන්නී විසංඥ වී බිම පතිත වූවාය. කුමාරවරුද වේගයෙන් අවුත් සිහි නැතිව මව් මත්තේම වැටුනාහ. ඒ මොහොතේ ඇගේ දෙතනයෙන් කිරි ධාරා දෙකක් නික්ම ඔවුන්ගේ මුඛයෙහිම වැටුනේය. ඉදින් වනාහි මෙපමණ අස්වැසිල්ලක් නොවන්නට දරුවෝ දෙදෙන හදවත් වියළී නැසෙන්නාහ. වෙස්සන්තරද ප්‍රිය පුතුන් දැක ශෝකය දරාගන්නට නොහැකිව සිහි නැතිව එහිම වැටුණේය. මව්පියවරුද සිහි නැතිව එහිම වැටුනාහ. එසේම සහජාත වූ හැටදහසක් ඇමැතිවරුද ඒ ශෝකී දර්ශනය බලන්නවුන්ගෙන් එක් අයෙක්වත් එය දරාගන්නට නොහැකි විය. මුළු අසපු පෙදෙසම යුගාන්ත වාතයෙන් කම්පා වූ සල්වනයක් මෙන් විය. ඒ මොහොතෙහි පර්වතයෝ හඬ නැගුහ. පොළොව කම්පා විය. මහා සමුද්‍රය කැළඹින. සිනේරු පර්වතය නැමී ගියේය. කාමාවචර දෙව්ලෝ සය ඒකකෝලාහල විය.

සක‍්කො දෙවරාජා “ඡ ඛත‍්තියා සපරිසා විසඤ‍්ඤිනො ජාතා, තෙසු එකොපි උට‍්ඨාය කස‍්සචි සරීරෙ උදකං සිඤ‍්චිතුං සමත්‍ථො නාම නත්‍ථි, අහං දානි ඉමෙසං පොක‍්ඛරවස‍්සං වස‍්සාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා ඡඛත‍්තියසමාගමෙ පොක‍්ඛරවස‍්සං වස‍්සාපෙසි. තත්‍ථ යෙ තෙමිතුකාමා, තෙ තෙමෙන‍්ති, අතෙමිතුකාමානං උපරි එකබින්‍දුමත‍්තම‍්පි න පතති, පදුමපත‍්තතො උදකං විය නිවත‍්තිත්‍වා ගච‍්ඡති. ඉති පොක‍්ඛරවනෙ පතිතං වස‍්සං විය තං වස‍්සං අහොසි. ඡ ඛත‍්තියා අස‍්සාසං පටිලභිංසු. මහාජනො තම‍්පි දිස‍්වා “අහො අච‍්ඡරියං, අහො අබ‍්භුතං එවරූපෙ ඤාතිසමාගමෙ පොක‍්ඛරවස‍්සං වස‍්සි, මහාපථවී කම‍්පී”ති අච‍්ඡරියං පවෙදෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ක්‍ෂත්‍රියයන් සයදෙනා සිය පිරිස් සමග සිහි නැතිවී වැටුනාහ. ඔවුනතුරෙන් කිසිවෙක් නැගිට කිසිවකුගේ ශරීරයකට ජලය ස්වල්පයක් ඉසින්නට සමර්ථ නැතැයි සිතූ ශක්‍ර දේවේන්ද්‍රයා පොකුරු වැස්සක් වස්වා පීයමීයි ක්‍ෂත්‍රිය සමාගමයෙහි පොකුරු වැස්සක් වැස්සවීය. යමෙක් එහි තෙමෙනු කැමැති වෙත්ද ඔවුහු තෙමෙත්. තෙමෙනු අකමැති අය මත එය ජලබිඳුවකුදු නොවැටෙයි. නෙලුම්පතකට වැටුණු ජලය මෙන් පෙරලී යයි. මෙසේ එය පොකුරු වනයෙහි වට වැස්සක් මෙන් විය. ක්‍ෂත්‍රියයෝ සයදෙන අස්වැසීම් ලැබුවාහ. ඤාති සමාගමයෙහි පොකුරු වැසි වැස්සේය. මහපොළව කම්පා විය ආදී ලෙස මහජනයා පුදුමය පැවසූහ. මේ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

“සමාගතානං ඤාතීනං, මහාඝොසො අජායථ; පබ‍්බතා සමනාදිංසු, මහී පකම‍්පිතා අහු.

රැස් වූ නෑයන්ගේ මහහඬක් උපන. පර්වතයෝ පිළිරැව් දුන්හ. පොළොව කම්පිත විය.

“වුට‍්ඨිධාරං පවත‍්තෙන‍්තො, දෙවො පාවස‍්සි තාවදෙ; අථ වෙස‍්සන‍්තරො රාජා, ඤාතීහි සමගච‍්ඡථ.

ඒ කෙණෙහි පොකුරු ජලදහර හොවමින් පොකුරු වැසි වට. එසඳ වෙසතුරු රජ නෑයන් හා සමග බවට පත්වූහ.

“නත‍්තාරො සුණිසා පුත‍්තො, රාජා දෙවී ච එකතො; යදා සමාගතා ආසුං, තදාසි ලොමහංසනං.

මුණුබුරෝද ලෙහෙලි ද පුත් ද පියරජ ද මවුදේවියද යම් දවසෙකැ එකට රැස් වූවහු ද එදවස් ලොමුදැහැ ගැන්මෙක් විය.

“පඤ‍්ජලිකා තස‍්ස යාචන‍්ති, රොදන‍්තා භෙරවෙ වනෙ; වෙස‍්සන‍්තරඤ‍්ච මද‍්දිඤ‍්ච, සබ‍්බෙ රට‍්ඨා සමාගතා; ත්‍වං නොසි ඉස‍්සරො රාජා, රජ‍්ජං කාරෙථ නො උභො”ති.

බිහිසුණු වනයෙහි එක්රැස් වූ සියලු රටවැසියෝ වෙසතුරු රජුටද මද්‍රි දේවියටද බඳැඳිලි ඇතිවැ හඬමින් ඔහු පාමුල වැටී මහරජතුමනි, තෙපි අපට අධිපති වන්න. ඔබ දෙදෙනා අපගේ රාජ්‍යය කරවයි ආයාචනා කරත්.

තත්‍ථ ඝොසොති කාරුඤ‍්ඤඝොසො. පඤ‍්ජලිකාති සබ‍්බෙ නාගරා චෙව නෙගමා ච ජානපදා ච පග‍්ගහිතඤ‍්ජලිකා හුත්‍වා. තස‍්ස යාචන‍්තීති තස‍්ස පාදෙසු පතිත්‍වා රොදිත්‍වා කන්‍දිත්‍වා “දෙව, ත්‍වං නො සාමි ඉස‍්සරො, පිතා තෙ ඉධෙව අභිසිඤ‍්චිත්‍වා නගරං නෙතුකාමො, කුලසන‍්තකං සෙතච‍්ඡත‍්තං පටිච‍්ඡථා”ති යාචිංසු.

එහි ඝොසො යනු කාරුණික ඝෝෂාව පඤ්ජලිකා සියලු නගරවැසියෝද නියම්ගම් ජනපද වැසියෝද ඇඳිලි බැඳගෙන. තස්සයාචන්ති ඔහුගේ දෙපා ළඟ වැටී හඬා වැළැප දේවයන් වහන්ස, ඔබවහන්සේ අපගේ නායකය. ඔබගේ පියා මෙහිම අභිෂේක කොට නගරයට කැඳවාගෙන යනු කැමැත්තේ කුලසන්තක වූ ශ්වේතඡත්‍රය භාරගන්නයැයි ඉල්වා සිටිත්.

ඡඛත‍්තියකම‍්මවණ‍්ණනා නිට‍්ඨිතා.

ක්‍ෂත්‍රියයන් සයදෙනා පිළිබඳ කාණ්ඩය නිමියේ ය.