යෙදුමෙන් කියවන්න

නගරකණ‍්ඩවණ‍්ණනා අට‍්ඨකථා

නගරකණ‍්ඩවණ‍්ණනා

නගර කාණ්ඩය

තං සුත්‍වා මහාසත‍්තො පිතරා සද‍්ධිං සල‍්ලපන‍්තො ඉමං ගාථමාහ –

ඒ අසා මහාසත්ත්වයෝ පියා සමග කථා කරන්නේ මේ ගාථාව කීය.

“ධම‍්මෙන රජ‍්ජං කාරෙන‍්තං, රට‍්ඨා පබ‍්බාජයිත්‍ථ මං; ත්‍වඤ‍්ච ජානපදා චෙව, නෙගමා ච සමාගතා”ති.

තෙපි ද දනව්වැස්සෝ ද නියම්ගම් වැස්සෝ ද එක්වැ ගෙන දැහැමින් රජකරන මා රටින් නෙරැපූහ.

තතො රාජා පුත‍්තං අත‍්තනො දොසං ඛමාපෙන‍්තො ආහ –

ඉක්බිති රජතුමා පුතාගෙන් සමාව අයදිමින්,

“දුක‍්කටඤ‍්ච හි නො පුත‍්ත, භූනහච‍්චං කතං මයා; යොහං සිවීනං වචනා, පබ‍්බාජෙසිමදූසක”න‍්ති.

පුත, අප විසින් අකටයුත්තක් කරන ලදී. මා විසින් අභිවෘද්ධිය නසන ලදී. යම්බඳු වූ මම සිවිරට වැසියන්ගේ වචනයෙන් නිදොස් තොප රටින් නෙරපූයෙමි.

ඉමං ගාථං වත්‍වා අත‍්තනො දුක‍්ඛහරණත්‍ථං පුත‍්තං යාචන‍්තො ඉතරං ගාථමාහ –

මේ ගාථාව කියා තමාගේ දුක නැතිකර ගැනීම පිණිස ඉල්ලමින් මේ ගාථාව කීය.

“යෙන කෙනචි වණ‍්ණෙන, පිතු දුක‍්ඛං උදබ‍්බහෙ; මාතු භගිනියා චාපි, අපි පාණෙහි අත‍්තනො”ති.

යම්කිසි අයුරකින් තමා ජීවිතයෙනුදු පිහ හට උපන් දුක්ද මවට හා සොයුරියට උපන් දුක් ද හරනේය.

තත්‍ථ උදබ‍්බහෙති හරෙය්‍ය. අපි පාණෙහීති තාත පුත‍්තෙන නාම ජීවිතං පරිච‍්චජිත්‍වාපි මාතාපිතූනං සොකදුක‍්ඛං හරිතබ‍්බං, තස‍්මා මම දොසං හදයෙ අකත්‍වා මම වචනං කරොහි, ඉමං ඉසිලිඞ‍්ගං හාරෙත්‍වා රාජවෙසං ගණ‍්හ තාතාති ඉමිනා කිර නං අධිප‍්පායෙනෙවමාහ.

එහි උදබ්බහෙ පහ කරන්ය. අපි පාණෙහි පියාණෙනි, දරුවකු විසින් ජීවිතය හැරදමා හෝ මව්පියන්ගේ ශෝකය දුක හළ යුතුයි. ඒ නිසා මා කියන දේ කරන්න. මේ තවුස්වෙස් අත්හැර දරුව, රජවෙස් ගන්නයැයි යන අදහසින් ඔහුට මෙය කියන ලදී.

බොධිසත‍්තො රජ‍්ජං කාරෙතුකාමොපි “එත‍්තකෙ පන අකථිතෙ ගරුකං නාම න හොතී”ති කථෙසි. මහාසත‍්තො “සාධූ”ති සම‍්පටිච‍්ඡි. අථස‍්ස අධිවාසනං විදිත්‍වා සහජාතා සට‍්ඨිසහස‍්සා අමච‍්චා “නහානකාලො මහාරාජ, රජොජල‍්ලං පවාහයා”ති වදිංසු. අථ නෙ මහාසත‍්තො “ථොකං අධිවාසෙථා”ති වත්‍වා පණ‍්ණසාලං පවිසිත්‍වා ඉසිභණ‍්ඩං ඔමුඤ‍්චිත්‍වා පටිසාමෙත්‍වා සඞ‍්ඛවණ‍්ණසාටකං නිවාසෙත්‍වා පණ‍්ණසාලතො නික‍්ඛමිත්‍වා “ඉදං මයා නව මාසෙ අඩ‍්ඪමාසඤ‍්ච වසන‍්තෙන සමණධම‍්මස‍්ස කතට‍්ඨානං, පාරමීකූටං ගණ‍්හන‍්තෙන මයා දානං දත්‍වා මහාපථවියා කම‍්පාපිතට‍්ඨාන”න‍්ති පණ‍්ණසාලං තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා අට‍්ඨාසි. අථස‍්ස කප‍්පකාදයො කෙසමස‍්සුකම‍්මාදීනි කරිංසු. තමෙනං සබ‍්බාභරණභූසිතං දෙවරාජානමිව විරොචමානං රජ‍්ජෙ අභිසිඤ‍්චිංසු. තෙන වුත‍්තං –

බෝධිසත්ත්වයෝ රාජ්‍යය කරනු කැමැත්තේ නමුත් මෙපමණක්ම නොකියූ දෙයෙහි සැළකිල්ලක් නැතැයි කීය. රජතුමා මහාසත්ත්වයන්ට ආරාධනා කළේය. මහාසත්ත්වයෝ එය පිළිගත්තේය. ඉක්බිති ඔහුගේ ඉවසීම දැනගෙන සහජාත හැටදහසක් ඇමැතිවරු මහරජතුමනි, දැන් ජලස්නානයට කාලයයි. රජස් දැලි ඉවත්කරන්න යැයි කීවාහුය. ඉක්බිති ඔව්හු මහාසත්ත්වයන් වහන්ස, ටික වේලාවක් ඉවසන්න යැයි පන්සලට පිවිස තවුස් උපකරණ බැහැරකොට ඒවා තැන්පත් කර පන්සලින් නික්ම මේ මා විසින්. මාස නවය හමාරක් (සිංහල පොත්වල මාස හතක්) මහණදම් පිරූ තැන, පාරමිතා මුදුන්පත් කර දන් දී මහපොළව කම්පා කළ තැන කියා පන්සලට තුන්වරක් පැදකුණු කර වැඳ පසඟ පිහිටුවා වැඳ සිටියේය. ඉක්බිති කපුවෝ හිසකෙස් රවුල් කැපීම් ආදිය කළහ. සියළු අබරණින් අලංකාර වූ ශක්‍ර දේවේන්ද්‍රයා මෙන් බබලන ඔහුව රාජ්‍යයේ අභිෂේක කළහ. මේ කාරණය පවසන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

“තතො වෙස‍්සන‍්තරො රාජා, රජොජල‍්ලං පවාහයි; රජොජල‍්ලං පවාහෙත්‍වා, සඞ‍්ඛවණ‍්ණං අධාරයී”ති.

ඉක්බිති වෙසතුරු රජ රජස්දැළි සෝදා හැරියේය. රජස්දැළි සෝදා හැර ප්‍රකෘති වෙස් ගත්තේය.

තත්‍ථ පවාහයීති හාරෙසි, හාරෙත්‍වා ච පන රාජවෙසං ගණ‍්හීති අත්‍ථො.

එහි පවාහසී අත්හළේය. හැරද රජවෙස් ගත්තේය යන අර්ථයි.

අථස‍්ස යසො මහා අහොසි. ඔලොකිතඔලොකිතට‍්ඨානං කම‍්පති, මුඛමඞ‍්ගලිකා මුඛමඞ‍්ගලානි ඝොසයිංසු, සබ‍්බතූරියානි පග‍්ගණ‍්හිංසු, මහාසමුද‍්දකුච‍්ඡියං මෙඝගජ‍්ජිතඝොසො විය තූරියඝොසො අහොසි. හත්‍ථිරතනං අලඞ‍්කරිත්‍වා උපානයිංසු. සො ඛග‍්ගරතනං බන්‍ධිත්‍වා හත්‍ථිරතනං අභිරුහි. තාවදෙව නං සහජාතා සට‍්ඨිසහස‍්සා අමච‍්චා සබ‍්බාලඞ‍්කාරප‍්පටිමණ‍්ඩිතා පරිවාරයිංසු, සබ‍්බකඤ‍්ඤායො මද‍්දිදෙවිම‍්පි නහාපෙත්‍වා අලඞ‍්කරිත්‍වා අභිසිඤ‍්චිංසු. සීසෙ ච පනස‍්සා අභිසෙකඋදකං අභිසිඤ‍්චමානා “වෙස‍්සන‍්තරො තං පාලෙතූ”තිආදීනි මඞ‍්ගලානි වදිංසු. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඉක්බිති ඔහුගේ යසස මහත් විය. බැලු බැලූ තැන කම්පා වෙයි. ස්තෝත්‍ර ගායකයෝ මංගල ගායනා කළහ. සියළු තූර්ය භාණ්ඩ ඔසවා ගත්හ. මහා සමුද්‍රය තුළ හෙණ ගිගුරුම් මෙන් නාද විය. හස්ති රත්නය සූදානම් කර සමීපයට ගෙන ආහ. ඔහු උතුම් කඩුව පැළඳගෙන හස්තියා පිටට නැංගේය. එවිටම සියලු අලංකාරයන්ගෙන් සැරසුනු සහජාත හැටදහසක් ඇමතියෝ ඔහු පිරිවරා ගත්හ. මද්‍රි දේවියවද නාවවා අලංකාර කොට, අභිෂේක කර ඇගේ හිසට අභිෂේක ජලය වත්කරන විට වෙස්සන්තර රජු ඇයව රකීවා ආදී වූ මංගල වචන පැවසීය. එම කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.

“සීසං න‍්හාතො සුචිවත්‍ථො, සබ‍්බාභරණභූසිතො; පච‍්චයං නාගමාරුය‍්හ, ඛග‍්ගං බන්‍ධි පරන‍්තපං.

හිසින් ස්නානය කළේ පිවිතුරු වස්ත්‍ර ඇත්තේ සව්බරණින් සැදුනේ පච්චය නම් අලි ඇතු පිට නැගී සතුරන් නසන කඩුව බැඳගත්තේය.

“තතො සට‍්ඨිසහස‍්සානි, යොධිනො චාරුදස‍්සනා; සහජාතා පකිරිංසු, නන්‍දයන‍්තා රථෙසභං.

ඉක්බිති තමා සමග උපන් මනා දැකුම් ඇති සැටදහසක් යෝධයෝ රජු සතුටු කරවමින් පිරිවරාගත්හ.

“තතො මද‍්දිම‍්පි න‍්හාපෙසුං, සිවිකඤ‍්ඤා සමාගතා; වෙස‍්සන‍්තරො තං පාලෙතු, ජාලී කණ‍්හාජිනා චුභො; අථොපි තං මහාරාජා, සඤ‍්ජයො අභිරක‍්ඛතූ”ති.

ඉක්බිති සිවි කන්‍යාවෝ රැස්ව මද්‍රිදේවියද නැහැවූහ. වෙසතුරු මහරජ ද ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදෙනා ද තොප පාලනය කෙරෙත්වා. තවද සඳමහරජ තොප රකීවයි කිව.

තත්‍ථ පච‍්චයං නාගමාරුය‍්හාති තං අත‍්තනො ජාතදිවසෙ උප‍්පන‍්නං හත්‍ථිනාගං. පරන‍්තපන‍්ති අමිත‍්තතාපනං. පකිරිංසූති පරිවාරයිංසු. නන්‍දයන‍්තාති තොසෙන‍්තා. සිවිකඤ‍්ඤාති සිවිරඤ‍්ඤො පජාපතියො සන‍්නිපතිත්‍වා ගන්‍ධොදකෙන න‍්හාපෙසුං. ජාලී කණ‍්හාජිනා චුභොති ඉමෙ තෙ පුත‍්තාපි මාතරං රක‍්ඛන‍්තූති.

එහි පච්චයං නාගං ඒ තමන් උපන්දිනයේ උපන් හස්ති රාජයා, පරන්තපං සතුරන් තවන. පරිකරිංසු පිරිවරා ගත්හ. නන්‍දයන්තා සතුටු කරන්නාහු. සිවිකඤ්ඤා සිවි රජුගේ බිසෝවරුන් රැස්වී සුවඳ පැනින් නෑවූහ. ජාලිකණ්හාජිනාචුභො මේ ඒ දරුවෝද මව රකිත්වා.

“ඉදඤ‍්ච පච‍්චයං ලද‍්ධා, පුබ‍්බෙ සංක‍්ලෙසමත‍්තනො; ආනන්‍දියං ආචරිංසු, රමණීයෙ ගිරිබ‍්බජෙ.

මේ පිහිට ලදින් පෙර තමන් වනයෙහි විඳි දුකදු සිහිකොට රම්‍ය වූ වංකගිරි පර්වතය තුළ සැණකෙළි කළහ.

“ඉදඤ‍්ච පච‍්චයං ලද‍්ධා, පුබ‍්බෙ සංක‍්ලෙසමත‍්තනො; ආනන්‍දි විත‍්තා සුමනා, පුත‍්තෙ සඞ‍්ගම‍්ම ලක‍්ඛණා.

මද්‍රිදේවි මේ පිහිට ලැබ පෙර තමා විඳි දුකදු සිහිකොට දරුවන් හා සමග සොම්නස් සිතැතිව සතුටට පැමිණියා.

“ඉදඤ‍්ච පච‍්චයං ලද‍්ධා, පුබ‍්බෙ සංක‍්ලෙසමත‍්තනො; ආනන්‍දි විත‍්තා පතීතා, සහ පුත‍්තෙහි ලක‍්ඛණා”ති.

මද්‍රිදේවී මේ පිහිට ලැබ පෙර තමා විඳි දුකදු සිහිකොට දරුවන් හා සමග සොම්නස් සිතැතිව ආනන්දයට පැමිණියා.

තත්‍ථ ඉදඤ‍්ච පච‍්චයං ලද‍්ධාති භික‍්ඛවෙ, වෙස‍්සන‍්තරො මද‍්දී ච ඉදඤ‍්ච පච‍්චයං ලද‍්ධා ඉමං පතිට‍්ඨං ලභිත්‍වා, රජ‍්ජෙ පතිට‍්ඨහිත්‍වාති අත්‍ථො. පුබ‍්බෙති ඉතො පුබ‍්බෙ අත‍්තනො වනවාසසංක‍්ලෙසඤ‍්ච අනුස‍්සරිත්‍වා. ආනන්‍දියං ආචරිංසු, රමණීයෙ ගිරිබ‍්බජෙති රමණීයෙ වඞ‍්කගිරිකුච‍්ඡිම‍්හි “වෙස‍්සන‍්තරස‍්ස රඤ‍්ඤො ආණා”ති කඤ‍්චනලතාවිනද‍්ධං ආනන්‍දභෙරිං චරාපෙත්‍වා ආනන්‍දඡණං ආචරිංසු. ආනන්‍දි විත‍්තා සුමනාති ලක‍්ඛණසම‍්පන‍්නා මද‍්දී පුත‍්තෙ සඞ‍්ගම‍්ම සම‍්පාපුණිත්‍වා විත‍්තා සුමනා හුත්‍වා අතිවිය නන්‍දීති අත්‍ථො. පතීතාති සොමනස‍්සා හුත්‍වා.

එහි ඉදඤ්ච පච්චයං ලද්ධා මහණෙනි, වෙස්සන්තර ද මද්‍රි දේවියද මේ හේතුව, මේ පිහිට ලැබ රාජ්‍යයෙහි පිහිටුවා යන අර්ථයි. පුබ්බෙ මීට පෙර තමන්ගේ වනයෙහි වාසය කිරීම නමැති කිලිටි සිහිකර ආනන්‍දියං ආචරිංසු රමණීයෙ ගිරිබ්බජෙ රමණීය වංකගිරි පර්වතය තුළ වෙස්සන්තර රජුගේ ආඥාව යැයි වැල් ඔතන ලද ආනන්ද භේරිය හසුරුවා සැණකෙළි පැවැත්වූහ. ආනන්‍ද විත්තා සුමනා ලක්‍ෂණයන්ගෙන් යුක්ත මද්‍රිදේවිය. පුත්තෙසංගම්ම දරුවන් පැමිණි සතුටු සිත් ඇතිව අතිශයින් සතුටු විය. පතීතා පැවති ප්‍රීතිසෝමනස්ස ඇතිව.

එවං පතීතා හුත්‍වා ච පන පුත‍්තෙ ආහ –

මෙසේ පැවති ප්‍රීතියෙන් යුතුව දරුවන්ට කීය.

“එකභත‍්තා පුරෙ ආසිං, නිච‍්චං ථණ‍්ඩිලසායිනී; ඉති මෙතං වතං ආසි, තුම‍්හං කාමා හි පුත‍්තකා.

දරුවෙනි, තොප පතන්නී පෙර නිරතුරු එක්වේලේ වළඳන්නී වීමු. බිමැ හෙන්නාහු වීමු. මෙසේ මට මේ වතාවත් විය.

“තං මෙ වතං සමිද‍්ධජ‍්ජ, තුම‍්හෙ සඞ‍්ගම‍්ම පුත‍්තකා; මාතුජම‍්පි තං පාලෙතු, පිතුජම‍්පි ච පුත‍්තක; අථොපි තං මහාරාජා, සඤ‍්ජයො අභිරක‍්ඛතු.

දරුවෙනි, මාගේ ඒ ව්‍රත සමාදානය අද තොප හා එක්වැ සමෘද්ධ විය. දරුවෙනි, මව කෙරෙන්ද පියා කෙරෙන්ද උපන් ඒ සොම්නස පාලනය කෙරේවා. වැළිදු සඳමහරජ එය රකීවා.

“යං කිඤ‍්චිත්‍ථි කතං පුඤ‍්ඤං, මය‍්හඤ‍්චෙව පිතුච‍්ච තෙ; සබ‍්බෙන තෙන කුසලෙන, අජරො අමරො භවා”ති.

මා විසිනුදු තොප පියා විසිනුදු කරන ලද යම්කිසි පිනෙක් ඇද්ද ඒ හැම පිනින් තෙපි අජර අමර වව.

තත්‍ථ තුම‍්හං කාමා හි පුත‍්තකාති පුත‍්තකා අහං තුම‍්හාකං කාමා තුම‍්හෙ පත්‍ථයමානා පුරෙ තුම‍්හෙසු බ්‍රාහ‍්මණෙන නීතෙසු එකභත‍්තං භුඤ‍්ජිත්‍වා භූමියං සයිං, ඉති මෙ තුම‍්හාකං කාමා එතං වතං ආසීති වදති. සමිද‍්ධජ‍්ජාති තං මෙ වතං අජ‍්ජ සමිද‍්ධං. මාතුජම‍්පි තං පාලෙතු, පිතුජම‍්පි ච පුත‍්තකාති පුත‍්තජාලි තං මාතුජාතං සොමනස‍්සම‍්පි පිතුජාතං සොමනස‍්සම‍්පි පාලෙතු, මාතාපිතූනං සන‍්තකං පුඤ‍්ඤං තං පාලෙතූති අත්‍ථො. තෙනෙවාහ “යං කිඤ‍්චිත්‍ථි කතං පුඤ‍්ඤ”න‍්ති.

එහි තුම්හං කාමාහි පුත්තකා දරුවෙනි, නුඹලාව. කැමැත්තෙන් ඔබලාව ප්‍රාර්ථනා කරමින් පෙර නුඹලාව බ්‍රාහ්මණයා විසින් ගෙනගිය කල්හි එක්වේලක් වළඳා බිම නිදාගත්තෙමි. මෙසේ ඔබලාව බලාපොරොත්තුවෙන් පසු වූ මාගේ ව්‍රතය වීයැයි කියයි. සමිද්ධජ්ජා මාගේ ඒ වත අද සමෘද්ධ විය. මාතුජම්පිතං පාලෙතු පිතුජම්පි ච පුත්තකා දරුවෝ මව නිසා හටගත් සොම්නස ද පියා නිසා හටගත් සොම්නසද පාලනය කෙරේවා. මව්පියන් සතු පින ඔහුව පාලනය කෙරේවායි යන අර්ථයි. ඒ නිසාම යං කිඤ්චත්‍ථි කතං පුඤ්ඤං යැයි කීය.

ඵුස‍්සතීපි දෙවී “ඉතො පට‍්ඨාය මම සුණ‍්හා ඉමානෙව වත්‍ථානි නිවාසෙතු, ඉමානි ආභරණානි ධාරෙතූ”ති සුවණ‍්ණසමුග‍්ගෙ පූරෙත්‍වා පහිණි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඵුසතී දේවියද මෙතැන් පටන් මාගේ ල්ලිය මේ වස්ත්‍රම හඳීවා. ම් ආභරණ ද පළඳීවායි කරඬුවක දමා යැව්වේය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ,

“කප‍්පාසිකඤ‍්ච කොසෙය්‍යං, ඛොමකොටුම‍්බරානි ච; සස‍්සු සුණ‍්හාය පාහෙසි, යෙහි මද‍්දී අසොභථ.

යම් වස්ත්‍රයකින් මද්‍රි දේවි ශෝභමාන වූද එයට නිසි කපුපිළි ද කිහිරිපිළිද කොමුපිළිද කොදුම්බර රට නිපන් පිළිද නැන්දා වූ ඵුසති දේවිය ලෙහෙලියට යැවූ.

“තතො හෙමඤ‍්ච කායූරං, ගීවෙය්‍යං රතනාමයං; සස‍්සු සුණ‍්හාය පාහෙසි, යෙහි මද‍්දී අසොභථ.

ඉක්බිති යම් අලංකාරයෙකින් මද්‍රිදේවී ශෝභමාන වූද එබඳු රන්මුවා ග්‍රීවා භරණද අඟුපලඳනාද මිණිමෙවුල් ද නැන්දණිය ලෙහෙලියට යැවීය.

“තතො හෙමඤ‍්ච කායූරං, අඞ‍්ගදං මණිමෙඛලං; සස‍්සු සුණ‍්හාය පාහෙසි, යෙහි මද‍්දී අසොභථ.

ඉක්බිති යම් ආභරණයකින් මද්‍රිදේවී ශෝභමාන වූද එබඳු ස්වර්ණමය ග්‍රීවාභරණද මිණිමුවා ග්‍රීවාභරණද නැන්දනිය ලෙහෙලියට යැවීය.

“උණ‍්ණතං මුඛඵුල‍්ලඤ‍්ච, නානාරත‍්තෙ ච මාණිකෙ; සස‍්සු සුණ‍්හාය පාහෙසි, යෙහි මද‍්දී අසොභථ.

යම් ආභරණයකින් මද්‍රිදේවි ශෝභමාන වූද එබඳු රන් බුබුළු ද නන්පැහැ මිණියෙක් කරන ලද තිලකාභරණ ද නැන්දණිය ලෙහෙලියට යවන ලදී.

“උග‍්ගත්‍ථනං ගිඞ‍්ගමකං, මෙඛලං පාටිපාදකං; සස‍්සු සුණ‍්හාය පාහෙසි, යෙහි මද‍්දී අසොභථ.

යම් පළඳනාවකින් මද්‍රිදේවි ශෝභමාන වූද එබඳු රන්කසුකම් කළ තනපටද රන් වොරසුද මෙවුල්දම්ද පාදාභරණ ද නැන්දණිය ලෙහෙලියට යැවීය.

“සුත‍්තඤ‍්ච සුත‍්තවජ‍්ජඤ‍්ච, උපනිජ‍්ඣාය සෙය්‍යසි; අසොභථ රාජපුත‍්තී, දෙවකඤ‍්ඤාව නන්‍දනෙ.

හුයෙන් ඇමුණු අබරණ ද හුයක් නැති අබරණ ද පරික්‍ෂාවක් කර බලා සැරසී සිටි උතුම් රූ දැරූ රාජපුත්‍රී නඳුන් වනයේ දෙවඟනක මෙන් ශෝභමාන වී.

“සීසං න‍්හාතා සුචිවත්‍ථා, සබ‍්බාලඞ‍්කාරභූසිතා; අසොභථ රාජපුත‍්තී, තාවතිංසෙව අච‍්ඡරා.

හිසින් ස්නාන කළ පවිත්‍ර ඇඳුම් ඇඳගත් සියළු අබරණින් සැදුනු රජ දූ තව්තිසා වැසි දිව්‍යාප්සරාවක මෙන් ශෝභන වූවාය.

“කදලීව වාතච‍්ඡුපිතා, ජාතා චිත‍්තලතාවනෙ; අන‍්තාවරණසම‍්පන‍්නා, රාජපුත‍්තී අසොභථ.

බිඹු පලවන් ලවණින් යුතු රාජපුත්‍රිය, චිත්‍රලතා වනයේ හටගත් සුළඟින් කම්පිත වූ කෙසෙල්ගසක් මෙන් ශෝභමාන වී.

“සකුණී මානුසිනීව, ජාතා චිත‍්තපත‍්තා පතී; නිග්‍රොධපක‍්කබිම‍්බොට‍්ඨී, රාජපුත‍්තී අසොභථා”ති.

ඉදුණු නුගපල බිඹුපලවන් ලවන් ඇති එ රජ දූ උපන් විසිතුරු පියාපත් ඇති අහස්හි පියාසලා යන කිඳුරු ලිහිණියක මෙන් ශෝභන වී.

තත්‍ථ හෙමඤ‍්ච කායූරන‍්ති සුවණ‍්ණමයං වනඛජ‍්ජූරිඵලසණ‍්ඨානං ගීවාපසාධනමෙව. රතනමයන‍්ති අපරම‍්පි රතනමයං ගීවෙය්‍යං. අඞ‍්ගදං මණිමෙඛලන‍්ති අඞ‍්ගදාභරණඤ‍්ච මණිමයමෙඛලඤ‍්ච. උණ‍්ණතන‍්ති එකං නලාටපසාධනං. මුඛඵුල‍්ලන‍්ති නලාටන‍්තෙ තිලකමාලාභරණං. නානාරත‍්තෙති නානාවණ‍්ණෙ. මාණිකෙති මණිමයෙ. උග‍්ගත්‍ථනං ගිඞ‍්ගමකන‍්ති එතානිපි ද‍්වෙ ආභරණානි. මෙඛලන‍්ති සුවණ‍්ණරජතමයං මෙඛලං. පාටිපාදකන‍්ති පාදපසාධනං. සුත‍්තඤ‍්ච සුත‍්තවජ‍්ජං චාති සුත‍්තාරූළ‍්හඤ‍්ච අසුත‍්තාරූළ‍්හඤ‍්ච පසාධනං. පාළියං පන “සුප‍්පඤ‍්ච සුප‍්පවජ‍්ජඤ‍්චා”ති ලිඛිතං. උපනිජ‍්ඣාය සෙය්‍යසීති එතං සුත‍්තාරූළ‍්හඤ‍්ච අසුත‍්තාරූළ‍්හඤ‍්ච ආභරණං තං තං ඌනට‍්ඨානං ඔලොකෙත්‍වා අලඞ‍්කරිත්‍වා ඨිතා සෙය්‍යසී උත‍්තමරූපධරා මද‍්දී දෙවකඤ‍්ඤාව නන්‍දනෙ අසොභථ. වාතච‍්ඡුපිතාති චිත‍්තලතාවනෙ ජාතා වාතසම‍්ඵුට‍්ඨා සුවණ‍්ණකදලී විය තං දිවසං සා විජම‍්භමානා අසොභථ . දන‍්තාවරණසම‍්පන‍්නාති බිම‍්බඵලසදිසෙහි රත‍්තදන‍්තාවරණෙහි සමන‍්නාගතා. සකුණී මානුසිනීව, ජාතා චිත‍්තපත‍්තා පතීති යථා මානුසියා සරීරෙන ජාතා මානුසිනී නාම සකුණී චිත‍්තපත‍්තා ආකාසෙ උප‍්පතමානා පක‍්ඛෙ පසාරෙත්‍වා ගච‍්ඡන‍්තී සොභති, එවං සා රත‍්තොට‍්ඨතාය නිග්‍රොධපක‍්කබිම‍්බඵලසදිසඔට‍්ඨෙහි අසොභථ.

එහි ඛොමඤ්චකායූරං ස්වර්ණමය ගෙළ පළඳනාව. අංගදං මණිමෙඛලං අඟුපලඳනාවද මිණිමෙවුලද කොමඤ්චකායූරං ස්වර්ණමය වූ වනයෙහි ඉඳිගෙඩිවලට සමාන වූ ගෙළ පළඳනාව. රතනාමයං තවත් මාණික්‍යමය ගෙළ පළඳනාවක්. උන්නතං එක ආභරණ විශේෂයක්. මුඛථුල්ලං නළලත බඳින බුබුළුද තිලකාභරණද නානාරත්තෙ නොයෙක් වර්ණ ඇති. මාණියෙ මාණික්‍යමය. උග්ගත්‍ථනං ගිංගමකං ආභරණ විශේෂ දෙකක්. මෙඛලං රන් හා රිදීමය මෙවුල. පටිපාදුකං පා පළඳනාවන්. සුත්තඤ්ච සුත්තවජ්ජඤ්ච නූලෙන් ඇමුණූ හා නූලෙන් අමුණා නැති ආභරණ. පෙළෙහි වනාහි සුප්පඤ්ච සුප්පවජ්ජඤ්ච ලියන ලද. උපනිජ්ඣාය සෙය්‍යසී මේ නූලෙහි අමුණන ලද හා නූලෙහි නො අමුණන ලද ආභරණද ඒ ඒ හිස්තැන් බලා සරසා සිටියා වූ උත්තම රූප ඇති මද්‍රිය නන්දන වනයේ දෙව්ලියක් මෙන් බැබලින. වාතච්ඡුපිතා චිත්‍රලතා වනයෙහි හටගත් වනයෙහි හටගත් රන්කෙසෙල් ගසක් මෙන් ඒ දවස ඇය බැබලෙමින් සිටියාය. දන්තාවරණසම්පන්නා බිඹුපල හා සමාන වූ තොල්වලින් යුක්ත වූ. සකුණී මානුසිනීව ජාතා චිත්තපත්තා පතී යම්සේ මිනිස් සිරුරෙන් හටගත් ‘මානුසිනී’ නම් වූ විසිතුරු පියාපත් ඇතිව අහසෙහි සැරිසරන්නේ පියාපත් දිගුකර යන්නී හොබනේය. මෙසේ ඇය රතු පැහැයෙන් නුගගෙඩි හා බිඹුපල සමාන තොලින් බබලන්නී වූවාය.

සට‍්ඨිසහස‍්සා අමච‍්චා මද‍්දිං අභිරුහනත්‍ථාය සබ‍්බාලඞ‍්කාරප‍්පටිමණ‍්ඩිතං නාතිවද‍්ධං සත‍්තිසරපහාරක‍්ඛමං එකං තරුණහත්‍ථිං උපනාමෙසුං. තෙන වුත‍්තං –

[missing trans]

“තස‍්සා ච නාගමානෙසුං, නාතිවද‍්ධංව කුඤ‍්ජරං; සත‍්තික‍්ඛමං සරක‍්ඛමං, ඊසාදන‍්තං උරූළ‍්හවං.

ඇයටද තරුණ වූ ගැඹුරු වූ නාද ඇති ඊ පහර ඉවසනු සමත් රියහිස් වැනි දළ බර උසුලන හස්තියකු එළැවූහ.

“සා මද‍්දී නාගමාරුහි, නාතිවද‍්ධංව කුඤ‍්ජරං; සත‍්තික‍්ඛමං සරක‍්ඛමං, ඊසාදන‍්තං උරූළ‍්හව”න‍්ති.

ඒ මද්‍රිදේවී තරුණ වූ ගැඹුරු වූ නාද ඇති ඊ පහර ඉවසීමට සමත් රියහිස් බඳු දළ ඇති බර උසුලන ඇතුපිට නැගුණි.

තත්‍ථ තස‍්සා චාති භික‍්ඛවෙ, තස‍්සාපි මද‍්දියා සබ‍්බාලඞ‍්කාරප‍්පටිමණ‍්ඩිතං කත්‍වා නාතිවද‍්ධං සත‍්තිසරපහාරක‍්ඛමං එකං තරුණහත්‍ථිං උපනෙසුං. නාගමාරුහීති වරහත්‍ථිපිට‍්ඨිං අභිරුහි.

එහි කස්සාච මහණෙනි, ඒ මදිංදේවිය සියළු අලංකාරයෙන් සරසා ඊපහරවල් ඉවසීමට සමර්ථ වූ තරුණ හස්තියකු ඉදිරිපත් කළහ. නාගමාරුය්හි ගන්‍ධ හස්තියා පිටට නැංගේය.

ඉති තෙ උභොපි මහන‍්තෙන යසෙන ඛන්‍ධාවාරං අගමංසු. සඤ‍්ජයරාජා ද‍්වාදසහි අක‍්ඛොභිණීහි සද‍්ධිං මාසමත‍්තං පබ‍්බතකීළං වනකීළං කීළි. මහාසත‍්තස‍්ස තෙජෙන තාවමහන‍්තෙ අරඤ‍්ඤෙ කොචි වාළමිගො වා පක‍්ඛී වා කඤ‍්චි න විහෙඨෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඉක්බිති ඔවුන් දෙදෙනාම මහත් වූ යසසින් කඳවුරට ගියහ. සංජය දොළොස් අක්‍ෂෞභිණියක් සමග මාසයක් පමණ පර්වත ක්‍රීඩා වනක්‍රීඩා පැවැත්වීය. මහාසත්ත්වයන්ගේ තේජසින් විශාල වූ අරණ්‍යයේ කිසිම නපුරු සතෙක් හෝ පක්‍ෂියෙක් හෝ කිසිවකුටත් පීඩා කළේ නැත. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ වදාළහ,

“සබ‍්බම‍්හි තං අරඤ‍්ඤම‍්හි, යාවන‍්තෙත්‍ථ මිගා අහුං; වෙස‍්සන‍්තරස‍්ස තෙජෙන, නඤ‍්ඤමඤ‍්ඤං විහෙඨයුං.

ඒ හැම වනයෙහිම යම් පමණ සැඬ සිවුපාවෝ වූහුද ඔහු වෙසතුරු රජුගේ ගුණ තේජසින් ඔවුනොවුන් නොපෙලූහ.

“සබ‍්බම‍්හි තං අරඤ‍්ඤම‍්හි, යාවන‍්තෙත්‍ථ දිජා අහුං; වෙස‍්සන‍්තරස‍්ස තෙජෙන, නඤ‍්ඤමඤ‍්ඤං විහෙඨෙයුං.

ඒ මුළ වනයෙහිම යම් පමණ ලිහිණියෝ වූවහු ද ඔවුහු වෙසතුරු රජුගේ ගුණ තේජසින් ඔවුනොවුන් නොපෙලූහ.

“සබ‍්බම‍්හි තං අරඤ‍්ඤම‍්හි, යාවන‍්තෙත්‍ථ මිගා අහුං; එකජ‍්ඣං සන‍්නිපාතිංසු, වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි; සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.

සිවිරට වර්ධනය කරන වෙස්සන්තර රජු නික්මැ ගියකල්හි ඒ මුළු වනයෙහි යම් පමණ සිව්පාවෝ වූහුද ඔවුහු එක් තැනක රැස්වූහ.

“සබ‍්බම‍්හි තං අරඤ‍්ඤම‍්හි, යාවන‍්තෙත්‍ථ දිජා අහුං; එකජ‍්ඣං සන‍්නිපාතිංසු, වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි; සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.

සිවිරට වඩන වෙසතුරු රජ නික්ම ගිය කල්හි ඒ හැම වනයෙහි යම් පමණ සියොත්හු වූහුද ඔවුහු සියල්ලෝම එක්රැස් වූහ.

“සබ‍්බම‍්හි තං අරඤ‍්ඤම‍්හි, යාවන‍්තෙත්‍ථ මිගා අහුං; නාස‍්සු මඤ‍්ජූ නිකූජිංසු, වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි; සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.

සිවිරට වඩන වෙසතුරු රජු නික්මගිය කල්හි ඒ මුළු වනයෙහි යම් පමණ සිව්පාවෝ වූහුද ඒ සැම මියුරු ලෙස කූජනය නොකළහ.

“සබ‍්බම‍්හි තං අරඤ‍්ඤම‍්හි, යාවන‍්තෙත්‍ථ දිජා අහුං; නාස‍්සු මඤ‍්ජූ නිකූජිංසු, වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි; සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ”ති.

සිවිරට වඩන වෙසතුරු රජු නික්මගිය කල්හි ඒ මුළු වනයෙහි යම් පමණ සියොත්හු වූවහුද ඒ සැම මියුරු ලෙස කූජනය නොකළහ.

තත්‍ථ යාවන‍්තෙත්‍ථාති යාවන‍්තො එත්‍ථ. එකජ‍්ඣං සන‍්නිපාතිංසූති එකස‍්මිං ඨානෙ සන‍්නිපතිංසු, සන‍්නිපතිත්‍වා ච පන “ඉතො පට‍්ඨාය ඉදානි අම‍්හාකං අඤ‍්ඤමඤ‍්ඤං ලජ‍්ජා වා හිරොත‍්තප‍්පං වා සංවරො වා න භවිස‍්සතී”ති දොමනස‍්සපත‍්තා අහෙසුං. නාස‍්සු මඤ‍්ජූ නිකූජිංසූති මහාසත‍්තස‍්ස වියොගදුක‍්ඛිතා මධුරං රවං පුබ‍්බෙ විය න රවිංසු.

එහි යාවනෙතත්‍ථ මෙහි යම්පමණ වෙත්ද එකජ්ඣං සන්නිපකිංසු එක්තැනක රැස්වූහ. රැස්වීද මෙතැන් පටන් අපට ඔවුනොවුන් අතර ලජ්ජාවක් හෝ සංවරයක් හෝ නොවේවායි දොම්නස් වූහ. නාස්සු මඤ්ජූනි කූජිංසු මහාසත්ත්වයන්ගේ වියෝදුකින් මිහිරි නදින් නාද නොකළහ.

සඤ‍්ජයනරින්‍දො මාසමත‍්තං පබ‍්බතකීළං, වනකීළං කීළිත්‍වා සෙනාපතිං පක‍්කොසාපෙත්‍වා “තාත, චිරං නො අරඤ‍්ඤෙ වුත‍්තං, කිං තෙ මම පුත‍්තස‍්ස ගමනමග‍්ගො අලඞ‍්කතො”ති පුච‍්ඡිත්‍වා “ආම, දෙව, කාලො වො ගමනායා”ති වුත‍්තෙ වෙස‍්සන‍්තරස‍්ස ආරොචාපෙත්‍වා සෙනං ආදාය නික‍්ඛමි. වඞ‍්කගිරිකුච‍්ඡිතො යාව ජෙතුත‍්තරනගරා සට‍්ඨියොජනං අලඞ‍්කතමග‍්ගං මහාසත‍්තො මහන‍්තෙන පරිවාරෙන සද‍්ධිං පටිපජ‍්ජි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

සංජය රජු මසක් පමණ සැණකෙළි පවත්වා සේනාපතියා කැඳවා දරුව, අපි බොහෝ කලක් වනයෙහි විසුවෙමු. කිම මාගේ පුත්‍රයාගේ ගමන්මග සරසන ලද්දේදැයි අසා, එසේය දේවයන් වහන්ස, ඔබවහන්සේලාට ගමන් ඇරඹීමට කාලයයි කී කල්හි වෙස්සන්තර රජුට දන්වා සේනාව ගෙන පිටත්විය. වංකගිරියේ සිට ජයතුරා නුවර දක්වා වූ මනාලෙස අලංකාර කරන ලද සැටයොදුන් මගට මහත් පිරිවර සමග මහාසත්ත්වයෝ පිළිපන්හ. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක,

“පටියත‍්තො රාජමග‍්ගො, විචිත‍්තො පුප‍්ඵසන්‍ථතො; වසි වෙස‍්සන‍්තරො යත්‍ථ, යාවතාව ජෙතුත‍්තරා.

වෙස්සන්තර රජු යම්තැනක විසීද එතැන් පටන් ජයතුරා නුවර තෙක් ලදපස්මල් අතුරන ලද රාජමාර්ගය පිළියෙල කරන ලද.

“තතො සට‍්ඨිසහස‍්සානි, යොධිනො චාරුදස‍්සනා; සමන‍්තා පරිකිරිංසු, වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි; සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.

ඉක්බිති සිවිරට යන්නා වූ වෙස්සන්තර රජු නික්මුණු කල්හි යහපත් දර්ශන ඇති සැටදහසක් යෝධයෝ හාත්පසින් පිරිවරා ගත්හ.

“ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්‍රාහ‍්මණා; සමන‍්තා පරිකිරිංසු, වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි; සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.

සිවිරට වඩන වෙසතුරු රජ නික්මුණු කල්හි අන්තඃපුර ස්ත්‍රීහුද කුමාරයෝ ද වෛශ්‍යයෝ ද බ්‍රාහ්මණයෝ ද හාත්පසින් පිරිවරා ගත්හ.

“හත්‍ථාරොහා අනීකට‍්ඨා, රථිකා පත‍්තිකාරකා; සමන‍්තා පරිකිරිංසු, වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි; සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.

සිවිරට වඩන වෙස්සන්තර රජු නික්මුණු කල්හි ඇතරුවෝද අසරුවෝද රථාචාරීහුද පාබල සේනාද හාත්පසින් පිරිවරා ගත්හ.

“සමාගතා ජානපදා, නෙගමා ච සමාගතා; සමන‍්තා පරිකිරිංසු, වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි; සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.

සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි දනවු වැසියෝද නියම්ගම් වැසියෝද රැස්වූහ.

“කරොටියා චම‍්මධරා, ඉල‍්ලීහත්‍ථා සුවම‍්මිනො; පුරතො පටිපජ‍්ජිංසු, වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි; සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ”ති.

සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි හිස්වැසුම් ලූවෝ පලඟ දරුවෝ කඩුගත් අත් ඇත්තෝ සන්නාහ පොරවාගත් අය රජු පෙරටුකොට පිළිපන්හ.

තත්‍ථ පටියත‍්තොති විසාඛාපුණ‍්ණමපූජාකාලෙ විය අලඞ‍්කතො. විචිත‍්තොති කදලිපුණ‍්ණඝටධජපටාකාදීහි විචිත‍්තො. පුප‍්ඵසන්‍ථතොති ලාජාපඤ‍්චමකෙහි පුප‍්ඵෙහි සන්‍ථතො. යත්‍ථාති යස‍්මිං වඞ‍්කපබ‍්බතෙ වෙස‍්සන‍්තරො වසති, තතො පට‍්ඨාය යාව ජෙතුත‍්තරනගරා නිරන‍්තරං අලඞ‍්කතප‍්පටියත‍්තොව. කරොටියාති සීසකරොටීති ලද‍්ධනාමාය සීසෙ පටිමුක‍්කකරොටිකා යොධා. චම‍්මධරාති කණ‍්ඩවාරණචම‍්මධරා. සුවම‍්මිනොති විචිත්‍රාහි ජාලිකාහි සුට‍්ඨු වම‍්මිකා. පුරතො පටිපජ‍්ජිංසූති මත‍්තහත්‍ථීසුපි ආගච‍්ඡන‍්තෙසු අනිවත‍්තිනො සූරයොධා රඤ‍්ඤො වෙස‍්සන‍්තරස‍්ස පුරතො පටිපජ‍්ජිංසු.

එහි පටියත්තො වෙසක් සැණකෙළි කාලයේ මෙන් අලංකාර කරන ලද. විචිත්තො කෙසෙල්, පුන්කලස්, ධජ, පතාක ආදියෙන් විසිතුරු වූ. පුප්ඵසන්තතො ලදපස්මල් විසුරුවා. යත්‍ථ යම්තැනක වංකගිරියේ වෙස්සන්තර රජු වාසය කළේද, එතැන් පටන් ජයතුරා නුවර තෙක් අලංකාර කරන ලදී. කරොටියා සීසකරොටි යන නම් ඇති හිසෙහි පළඳනා ඇති යෝධයෝ චම්මධරා ඊතල පහරවල් වලක්වන සම් දරණ. සුවම්මිනො විසිතුරු දැල්වලින්, මනාව යුද ඇඳුම්වලින් සැරසී. පුරතො පටිපජ්ජිංසු මෙබඳු මත්ඇතුන්ද එනකල්හි නොනවතින සූර යෝධයෝ වෙස්සන්තර රජු පෙරටුකොට ගියහ.

රාජා සට‍්ඨියොජනමග‍්ගං ද‍්වීහි මාසෙහි අතික‍්කම‍්ම ජෙතුත‍්තරනගරං පත‍්තො අලඞ‍්කතප‍්පටියත‍්තනගරං පවිසිත්‍වා පාසාදං අභිරුහි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

රජු සැටයොදුන් මග දෙමසකින් ගෙවා ජයතුරා නගරයට සැපත් වූයේ මනාලෙස අලංකාර කර පිළියෙල කරන ලද නගරයට පිවිස ප්‍රාසාදයට නැංගේය. මේ කාරණය ප්‍රකාශකරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ,

“තෙ පාවිසුං පුරං රම‍්මං, මහාපාකාරතොරණං; උපෙතං අන‍්නපානෙහි, නච‍්චගීතෙහි චූභයං.

ආහාරපානවලින්ද ගීනැටුම්වලින්ද යන දෙකින් යුක්ත වූ බොහෝ පවුරු හා තොරන් ඇති රම්‍ය වූ ජයතුරා නුවරට ඔව්හු පිවිසියහ.

“විත‍්තා ජානපදා ආසුං, නෙගමා ච සමාගතා; අනුප‍්පත‍්තෙ කුමාරම‍්හි, සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.

සිවිරට වඩන රජකුමරහු නුවරට පැමිණි කල්හි රැස්වූ ජනපද වැසියෝද නියම්ගම් වැසියෝද සතුටු වූහ.

“චෙලුක‍්ඛෙපො අවත‍්තිත්‍ථ, ආගතෙ ධනදායකෙ; නන්‍දිං පවෙසි නගරෙ, බන්‍ධනා මොක‍්ඛො අඝොසථා”ති.

ධන දායක වූ වෙස්සන්තර රජු සිය නුවරට පැමිණි කල්හි පිළිහිස සිසෑරීම් පැවැත්විණ. සතුටුබෙර හැසිරවීය. හැම සතුන් බන්ධනයෙන් මුදන්නයැයි ඝෝෂා කළේය.

තත්‍ථ මහාපාකාරතොරණන‍්ති මහන‍්තෙහි පාකාරෙහි ච තොරණෙහි ච සමන‍්නාගතං. නච‍්චගීතෙහි චූභයන‍්ති නච‍්චෙහි ච ගීතෙහි ච උභයෙහි සමන‍්නාගතං. විත‍්තාති තුට‍්ඨා සොමනස‍්සප‍්පත‍්තා. ආගතෙ ධනදායකෙති මහාජනස‍්ස ධනදායකෙ මහාසත‍්තෙ ආගතෙ. නන්‍දිං පවෙසීති “වෙස‍්සන‍්තරස‍්ස මහාරාජස‍්ස ආණා”ති නගරෙ නන්‍දිභෙරී චරි. බන්‍ධනා මොක‍්ඛො අඝොසථාති සබ‍්බසත‍්තානං බන්‍ධනා මොක‍්ඛො ඝොසිතො. අන‍්තමසො බිළාරං උපාදාය වෙස‍්සන‍්තරමහාරාජා සබ‍්බසත‍්තෙ බන්‍ධනා විස‍්සජ‍්ජාපෙසි.

එහි බහුපාකාර තොරණං බොහෝ ප්‍රාකාරවලින් හා තොරන්වලින් යුක්ත වූ. නච්චගීතෙහි චූහයං නෘත්‍ය ගීත දෙකින් සමන්විත වූ. විත්තා සතුටු වූවාහු, සොම්නසට පැමිණියාහු. ආගතෙ ධනදායකෙ මහජනයාට ධනය දෙන මහාසත්ත්වයන් පැමිණි කල්හි නන්‍දිප්පවෙසී වෙස්සන්තර රජුගේ අණ යැයි නගරයෙහි බෙර හැසිරවීය. බන්‍දන මොක්ඛො අඝොසථ සියළු සත්ත්වයන් බැඳීම්වලින් මිදිය යුතුයයි ඝෝෂා කරන ලදී. යටත්පිරිසෙයින් බළලුන් පවා වෙස්සන්තර මහරජු සියළු සත්ත්වයන් නිදහස් කරවීය.

සො නගරං පවිට‍්ඨදිවසෙයෙව පච‍්චූසකාලෙ චින‍්තෙසි “යෙ විභාතාය රත‍්තියා මම ආගතභාවං සුත්‍වා යාචකා ආගමිස‍්සන‍්ති, තෙසාහං කිං දස‍්සාමී”ති? තස‍්මිං ඛණෙ සක‍්කස‍්ස භවනං උණ‍්හාකාරං දස‍්සෙසි. සො ආවජ‍්ජෙන‍්තො තං කාරණං ඤත්‍වා තාවදෙව රාජනිවෙසනස‍්ස පුරිමවත්‍ථුඤ‍්ච පච‍්ඡිමවත්‍ථුඤ‍්ච කටිප‍්පමාණං පූරෙන‍්තො ඝනමෙඝො විය සත‍්තරතනවස‍්සං වස‍්සාපෙසි, සකලනගරෙ ජාණුප‍්පමාණං වස‍්සාපෙසි. පුනදිවසෙ මහාසත‍්තො “තෙසං තෙසං කුලානං පුරිමපච‍්ඡිමවත්‍ථූසු වුට‍්ඨධනං තෙසං තෙසඤ‍්ඤෙව හොතූ”ති දාපෙත්‍වා අවසෙසං ආහරාපෙත්‍වා අත‍්තනො ගෙහවත්‍ථුස‍්මිං සද‍්ධිං ධනෙන කොට‍්ඨාගාරෙසු ඔකිරාපෙත්‍වා දානමුඛෙ ඨපෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඔහු නගරයට පිවිසි දිනයේ අළුයම් වේලෙහි සිතීය. රෑ පහන් වූ කල්හි මා පැමිණි බව අසා යම් යාචක කෙනෙක් පැමිණෙත්ද ඔවුන්ට මම කුමක් දෙන්නෙම්ද කියා ඒ වේලාවේ ශක්‍රයාගේ ආසනය උණුසුම් විය. ඔහු සිතා බලන්නේ ඒ කාරණය දැනගෙන රජගෙදරට බටහිර හා පෙරදිග නිවාසවල තුනටිය තෙක් ප්‍රමාණයේ පිරෙන්නට තද වර්ෂාවක් මෙන් සත්රුවන් වර්ෂාවක් වැස්සවීය. මුළු නගරයෙහිම දනක් පමණ වැසි වැස්සවීය. පසුදා මහාසත්ත්වයෝ ඒ ඒ නිවෙස්වලට බටහිරින් හා පෙරදිගින් වැසි වසින ලද ධනය ඔවුන්ටම වේවායි ඔවුන්ට දෙවා ඉතිරිය ගෙන්වාගෙන තමන්ගේ වාසස්ථානයේ ධනයත් සමග භාණ්ඩාගාරවල විසුරුවා දන්දීම ආරම්භ කළේය. මේ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක,

“ජාතරූපමයං වස‍්සං, දෙවො පාවස‍්සි තාවදෙ; වෙස‍්සන‍්තරෙ පවිට‍්ඨම‍්හි, සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.

සිවිරට වඩන වෙසතුරු රජු නුවරට පිවිසි කල්හි එකෙණෙහිම වලාකුළු ස්වර්ණමය වැසි වැස්සේය.

“තතො වෙස‍්සන‍්තරො රාජා, දානං දත්‍වාන ඛත‍්තියො; කායස‍්ස භෙදා සප‍්පඤ‍්ඤො, සග‍්ගං සො උපපජ‍්ජථා”ති.

ඉක්බිති ඒ ක්‍ෂත්‍රිය වූ නුවණැති වෙස්සන්තර රජු දන්දී කයේ බිඳීමෙන් මරණින් පසු ස්වර්ගයට පැමිණියේය.

තත්‍ථ සග‍්ගං සො උපපජ‍්ජථාති තතො චුතො දුතියචිත‍්තෙන තුසිතපුරෙ උප‍්පජ‍්ජීති.

එහි සග්ගං සො උපපජ්ජථ එයින් චුතවූයේ දෙවෙනි චිත්තයෙන් තුසිතපුරයෙහි උපන්නේය.

නගරකණ‍්ඩවණ‍්ණනා නිට‍්ඨිතා.

නගර කාණ්ඩය නිමියේ ය.

සත්‍ථා ඉමං ගාථාසහස‍්සප‍්පටිමණ‍්ඩිතං මහාවෙස‍්සන‍්තරධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ජූජකො දෙවදත‍්තො අහොසි, අමිත‍්තතාපනා චිඤ‍්චමාණවිකා, චෙතපුත‍්තො ඡන‍්නො, අච‍්චුතතාපසො සාරිපුත‍්තො, සක‍්කො අනුරුද‍්ධො, සඤ‍්චයනරින්‍දො සුද‍්ධොදනමහාරාජා, ඵුස‍්සතී දෙවී සිරිමහාමායා, මද‍්දී දෙවී රාහුලමාතා, ජාලිකුමාරො රාහුලො, කණ‍්හාජිනා උප‍්පලවණ‍්ණා, සෙසපරිසා බුද‍්ධපරිසා, මහාවෙස‍්සන‍්තරො රාජා පන අහමෙව සම‍්මාසම‍්බුද‍්ධො අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ගාථා දහසකින් සමන්විත මහා වෙස්සන්තර ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව ගලපා වදාළ සේක. එකල්හි ජූජකයා වූයේ දෙව්දත්ය. අමත්තතාපා වූයේ චිංචි මානවිකාවය. චෙත පුත්‍රයා වූයේ ඡන්නය. අච්චුත තාපසයා වූයේ සැරියුත් තෙරුන් වහන්සේය. ශක්‍රයා වූයේ අනුරුද්ධ තෙරුන්ය. සංජය රජු නම් සුද්ධෝදන මහරජතුමාය. ඵුසති දේවිය නම් මහාමායා දේවිය. මද්‍රිදේවිය. රාහුල මාතාවය. ජාලිය කුමාරයා රාහුලය. ක්‍රිෂ්ණජිනා උප්පලවණ්ණාය. ඉතිරි පිරිස බුදුපිරිසය. වෙසතුරු මහරජ වූයේ මම් ම ය.

වෙස‍්සන‍්තරජාතකවණ‍්ණනා දසමා.

මහා වෙස්සන්තර ජාතකය

මහානිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

මහා නිපාත වර්ණනාව නිමියේ ය.

ජාතක-අට‍්ඨකථා සමත‍්තා.

ජාතක අටුවාව නිමි.

නිගමනගාථා

නිගමන ගාථා

ජාති දුක‍්ඛාතිවත‍්තස‍්ස සුජාතස‍්ස මහෙසිනො ජාතියො දීපයන‍්තස‍්ස ජාතකස‍්සත්‍ථවණ‍්ණනා

සුජාත වූ ජාති ආදී දුක්ඛයන් නැතිකළා වූ. මහර්ෂී වූ තථාගතයන් වහන්සේගේ අතීත ජාතීන් දක්වන්නා වූ ප්‍රඥා චක්‍ෂුස දියුණුකර ගැනීමට උපකාර වන තථාගත ධර්මාලෝකය බොහෝකල් පැවැත්ම කැමැතිවන්නා වූ මා විසින් යම් ඒ බණවර දෙදහසකින් සමන්විත ජාතක කථා අර්ථ වර්ණනාව විහාරස්ථානයන්හි වැඩසිටින භික්‍ෂූන්ගේ දහම්හි ඇල්ම වඩවන පිණිස ආරම්භ කරන ලදී.

ආරද‍්ධා මයා ලොකෙ ධම‍්මාලොකස‍්ස භූරිනො පඤ‍්ඤා චක‍්ඛුපකාරස‍්ස ඉච‍්ඡන‍්තෙන චිරට‍්ඨිතිං

සා එසා වීසති සතං භාණවාරාය තන‍්තියා විහාරෙසු විහාරීනං භික‍්ඛූනං රතිවඩ‍්ඪනං

ඉමිනා පුඤ‍්ඤකම‍්මෙන ඉතොහං දුතියෙ භවෙ උප‍්පජ‍්ජිත්‍වා සුරාවාසෙ සුන්‍දරෙ තුසිතෙ පුරෙ

මේ පුණ්‍යකර්මයෙන් මම මෙයින් දෙවන භවයෙහි සුන්දර වූ තුසිත භවනයෙහි ඉපිද අනතුරුව මෙතේ බුදුන්ගේ ධර්මය අසමින් ඒ සමග බොහෝකලක් මහත්වූ ශ්‍රී සම්පත්තියක් විඳින්නේ.

මෙත‍්තෙය්‍ය ලොකනාථස‍්ස සුණන‍්තො ධම‍්මදෙසනං තෙන සද‍්ධිං චිරංකාලං වින්‍දන‍්තො මහතං සිරිං

බුද‍්ධෙජාතෙ මහාසත‍්තෙ රම‍්මෙ කෙතුමතී පුරෙ විප‍්පවංසෙ ජනිත්‍වාන තිහෙතුපටිසන්‍ධිකො

මහාසත්ත්වයන් වහන්සේ රම්‍ය වූ කේතුමතී පුරයෙහි බුදු වූ කල්හි බමුණු කුලයක ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා

චීවරං පිණ‍්ඩපාතං ච අනග‍්ඝං විපුලං වරං සෙනාසනං ච භෙසජ‍්ජං දත්‍වා තස‍්ස මහෙසිනො

අනර්ඝ වූ උතුම් වූ චීවර, පිණ්ඩපාත, සේනාංසන හා භේසජ්ජ යන සිව්පසයන් ඒ මහර්ෂීන් වහන්සේට පූජාකර

සාසනෙ පබ‍්බජිත්‍වාන ජොතෙන‍්තො තමනුත‍්තරං ඉද‍්ධිමා සතිමා සම‍්මා ධාරෙන‍්තො පිටකත‍්තයං

උන්වහන්සේන්ගේ ශාසනයේ පැවිදිවී ධර්මය බබුලුවමින් ඍද්ධිමත්ව, සතීමත්ව මනාව පිටකත්‍රය දරමින් සිට

ව්‍යාකතො තෙන ‘බුද‍්ධොයං හෙස‍්සතී’ අනාගතෙ උප‍්පන‍්නුප‍්පන‍්නබුද‍්ධානං දානං දත්‍වාන තෙහිපි

අනාගතයෙහි මේ තැනැත්තා බුදුවන්නේ යැයි විවරණ ලැබ පහළ වූ බුදුවරයන් වහන්සේලාට දන් දී

සංසාරෙ සංසරන‍්තොව කප‍්පරුක‍්ඛොව පාණිනං ඉච‍්ඡිතිච‍්ඡිතමන‍්නාදිං දදං චිත‍්ත සමාහිතො

සසරෙහි ඇවිදින්නේ ලෝකවාසීන්ට කල්ප වෘක්‍ෂයක් මෙන් කැමැති කැමැති ආහාරපාන දෙන්නේ සිතෙහි සමාධිගත වූයේ

සීලනෙක‍්ඛම‍්ම පඤ‍්ඤාදී පූරෙත්‍වා සබ‍්බපාරමී පාරමී සිඛරං පත්‍වා බුද‍්ධො හුත්‍වා අනුත‍්තරො

සීල, නෙක්ඛම්ම, ප්‍රඥා ආදී සියළු පාරමිතාවන් සම්පූර්ණ කර පාරමිතාවන් මුදුන් පමුණුවාගෙන අනුත්තර වූ බුදුබවට පත්වී.

දෙසෙත්‍වා මධුරං ධම‍්මං ජන‍්තූනං සිවමාවහං සබ‍්බං සදෙවකං ලොකං බ්‍රහා සංසාර බන්‍ධනා

මම සත්ත්වයන්ට මධුර වූ ශාන්ත වූ ධර්මය දේශනා කර සියලු දෙවියන් සහිත ලෝකය සංසාර බැම්මෙන් මුදවා උතුම් වූ ක්‍ෂේම වූ නිවන්මගට පත්කරන්නෙමි.

මොචයිත්‍වා වරං ඛෙමං පාපුණෙය්‍යං සිවං පදං පුඤ‍්ඤෙනානෙන පප‍්පොමි නිබ‍්බුතිං යාව තාවහං

මම මේ පිනෙන් යම්තාක් නිවන් පදවියට පත්වන්නෙම්ද ඒතාක් ශුද්ධ වූ ශ්‍රද්ධාවන්ත වූ ආඪ්‍ය වූ ධනවත් කුලයන්හි උපදිනු ලබම්වා.

උප‍්පජ‍්ජෙය්‍යං කුලෙසුංඝෙ සංඝෙ අඩ‍්ඪෙ මහද‍්ධනෙ අසෙසදෙස භාසාසු කලාසු සකලාසුච

සියලු කලාවන්හිද අප්‍රමාණ වූ දේශ භාෂාවන්හිද දක්‍ෂ වූ සැඩපරුෂයන් දමනය කරන්නට දක්‍ෂ වූ පාණ්ඩිත්‍යයෙන් යුක්තව.

කුසලො ලොකපණ‍්ඩිච‍්චෙ චණ‍්ඩනිම‍්මද‍්දනෙසු ච පිටකෙසු ච වෙදෙසු නෙකව්‍යාකරණෙසු ච

පිටකයන්හිත් වේදයන්හිත් නොයෙක් ව්‍යාකරණයන්හිත් තර්කාදියෙත් අනිකුත් ශාස්ත්‍රයන්හිත් විශාරද වී.

තක‍්කාදි සු පහඤ‍්ඤෙසු සත්‍ථෙසුච විසාරදො කවි චාගමකොවාදො පරවාදප‍්පමද‍්දනො

අනුන්ගේ වාද මර්දනයේ දක්‍ෂ පණ්ඩිත වූයේ නොයෙක් දහස් ගණන් ග්‍රන්ථයන් ඒකශ්‍රැතිව දරන්නා වූ

එකස‍්සුතිධරො නෙක සහස‍්සානම‍්පි ගත්‍ථතො ගන්‍ථසත සහස‍්සම‍්පි සුත මත‍්තෙන ධාරයෙ අත්‍ථව්‍යඤ‍්ජනතො චාපි සහස‍්සනයතො පි ච

ග්‍රන්ථ සියදහස් ගණනකුත් ඇසූ පමණින් මතක තබා ගන්නේය. අර්ථ ව්‍යඤ්ජන වශයෙන් ද දහසක් ක්‍රමයන්ගෙන්ද

වසා සීහස‍්ස පක‍්ඛිත‍්තං යථා කඤ‍්චන පාතියා සිලාලෙඛෙව මෙ නිච‍්චං සබ‍්බං සුතං න නාසයෙ

රන්බඳුනක දමන ලද සිංහතෙල් මෙන්ද ගලෙහි කෙටූ අකුරු මෙන්ද නිරන්තරයෙන් ඇසූපිරූ සියල්ල නොනැසී සිතේ තබා ගන්නේය.

මහිද‍්ධිකො මහාතෙජො කතඤ‍්ඤූ කුසලො බලී ධිතිමා ජාතිසම‍්පන‍්තො භවෙය්‍යං ජාතිජාතියං

උපනුපන් ජාතීන්හි මහා සෘද්ධි ඇතිව මහා තේජස් ඇතිව කළගුණ දන්නේ දක්‍ෂ වූයේ බලවත් වූයේ බුද්ධිමත් වූයේ උතුම් ජාති සම්පන්නයෙක් වන්නෙමි.

පරොපි මං න හිංසෙය්‍ය න හිංසෙය්‍යං පරම‍්පි ච අදණ‍්ඩෙන අසත්‍ථෙන ද මෙය්‍යං සබ‍්බපාණිනො

වෙන කෙනෙක් මට හිංසා නොකරන්නේය. මම කිසිවකුටත් හිංසා නොකරන්නෙමි. සියළු සත්ත්වයන්ට දණ්ඩනයෙන් තොරව ආයුධයෙන් තොරව දමනය කරන්නෙමි.

කුදිට‍්ඨිං පාපමිත‍්තං ච න සෙවෙය්‍යං කුදාචනං හිතචිත‍්තෙන සත‍්තානං භණෙය්‍යං මධුරං ගිරං

කවදාවත් මිථ්‍යාදෘෂ්ටියක් හෝ පාපමිත්‍රයකූ සේවනය නොකරන්නෙමි. හිතසිතින්ම සත්ත්වයන්ට මිහිරි වූ වචනයක් කියන්නෙමි.

නිපුණං දුද‍්දසං පඤ‍්හං යෙන කෙනචි පුච‍්ඡිතො මුහුත‍්තෙන පකාසෙය්‍යං තොසෙන‍්තො සකලං පජං

කිසිවකු විසින් අසන ලද දක්‍ෂ වූ වටහාගැනීමට දුෂ්කර වූ ප්‍රශ්නයක් සියළු ජනයා සතුටු කරවමින් මොහොතකින් විසඳා ප්‍රකාශ කරන්නෙමි.

අථෙකිච‍්ඡාපි යෙරොගා තෙ මයා පෙක‍්ඛිතක‍්ඛණො නිස‍්සෙසා ව්‍යාපගච‍්ඡන‍්තු උදබින්‍දූව පොක‍්ඛරෙ

සුවකළ නොහැකි රෝගයක් වේද, එය මා විසින් දුටු සැණින් නෙලුම්පතෙහි ජලය මෙන් නිරවශේෂයෙන් පහව යේවා.

දසිකසුත‍්තමත‍්තම‍්පි යං කිඤ‍්චි මම සන‍්තකං රාජචොරප‍්පියා සත‍්තා අග‍්ගිනා උදකෙනවා

යම්කිසි මා සන්තක නූල්පටක පමණ දෙයක් රාජ, චෝර, අප්‍රියජන, ගින්න, ජලය යන මේවායින් විනාශ නොවේවා. මාගේ භෝගයෝ විනාශ නොවෙත්වා. තදින් අල්ලා ගැනීම දැවීම, ගසාගෙන යාමක් හෝ රෝග ව්‍යාධි අන්තරාවක් හෝ කිසිදාක නොපැමිණේවා.

න විනස‍්සන‍්තු මෙ භොගා මා ගය‍්හ ඩය‍්හ වුය‍්හතු රොගව්‍යාධන‍්තරායා තු න පප‍්පොන‍්තු කදාචි මං

දෙවා මනුස‍්සා අසුරා ගන්‍ධබ‍්බා යක‍්ඛරක‍්ඛසා තෙපිමං අනුරක‍්ඛන‍්තු භවෙ සංසරතො මම

භවයෙහි සැරිසරන මා දෙවියෝ, මනුෂ්‍යයෝ අසුරයෝ ගාන්ධර්වයෝ යක්‍ෂයෝ රාක්‍ෂසයෝ යන මොව්හු රකිත්වා,

අදින‍්නං පරදාරංච සුරාපානං විහිංසනං අසච‍්චං සුපිනෙනාපි න භණෙය්‍යං කුදාචනං

සොරකම් කිරීමත් පරදාර සේවනයත් සුරාපානයත් අනුන්ට හිංසාවක් නොකරමි. කිසිදිනක සිහිනෙන්වත් අසත්‍යයක් නොකියන්නෙමි.

පඤ‍්චානන‍්තරියං කම‍්මං පඤ‍්ච දුච‍්චරිතංපි ච මනසාපි න චින‍්තෙය්‍යං සබ‍්බකාලං ඉතොපරං

න කරෙය්‍යං න කාරෙය්‍යං න චින‍්තෙය්‍යං කුදාචනං පාපකං අනුමත‍්තම‍්පි තථා දුක‍්ඛං ව පාණිනං

නිරයෙ ච තිරච‍්ඡානෙ පෙතෙ අසුරයොනියං යංහි දුක‍්ඛං තං සබ‍්බං න ඵුසෙය්‍යං කුදාචනං

නිරයෙහිත් තිරිසන් යෝනියෙහිත් ප්‍රේත ලෝකයෙහිත් අසුර යෝනියෙහිත් යම්කිසි දුකක් ඇත්තේද කිසිදාක ඒ දුක විඳින්නට නොලැබේවා.

යානි සිප‍්පානි ලොකස‍්මිං අණුංථූලානි විජ‍්ජරෙ තානි සබ‍්බානි සිප‍්පාති සයං සිද‍්ධා භවන‍්තු මෙ

ලෝකයේ යම්තාක් ලොකු කුඩා යම් ශිල්ප සමූහයක් වේද ඒ සියලු ශිල්පියන් ස්වයං සිද්ධ වේවා.

පුරෙත්‍වා බොධි සම‍්භාරෙ බුධො නෙස‍්සං අනාගතෙ දෙසෙත්‍වා ජන‍්තූනං ධම‍්මං පූරයිස‍්සං සිවං පදං

බෝධි සම්භාරයක් පුරා අනාගතයේ බුදුවන්නෙමි. සත්ත්වයන්ට ධර්මය දේශනා කර නිර්වාණපදය සම්පූර්ණ කරන්නෙමි.

පටිසන්‍ධී මානුසී භොගා වාසනා පිටකත‍්තයෙ දානසීලමයා පඤ‍්ඤා මම හොතු භවාභවෙ

භවයක් පාසා මනුෂ්‍යාත්මයක්ම ලැබේවා. භෝග සම්පත්තියත් පිටකත්‍රය අවබෝධ කිරීමේ වාසනා මහිමයත් දාන, ශීල, ප්‍රඥා ගුණයනුත් වේවා.

අනෙන මෙ සබ‍්බ භවාභවෙසු ජාතිස‍්සරො සබ‍්බගුණූපපන‍්නො ධනෙන පුඤ‍්ඤෙන කුලෙ චාථො බුද‍්ධො භවිස‍්සාමි අනාගතෙසු

මේ පිනෙන් සියලු භවයන්හි සියළු ගුණයන්ගෙන් පිරිපුන් ධනයෙන්, පිනෙන් හා කුලයෙන් ජාතියේ ශ්‍රේෂ්ඨත්වයට පත්වී අනාගතයෙහි බුදුවන්නෙමි.

සද‍්ධාසීලාදි පඤ‍්ඤා සිරිධිති සතිමා චාගමෙත‍්තාදයාලූ සන‍්තො දන‍්තො සුචිත‍්තො සකල විගමකො දස‍්සනෙය්‍යාභිරූපො

භවයක් පාසා බුද්ධත්වයට පත්වනතුරු ශ්‍රද්ධා, ශීල, ප්‍රඥා, ශ්‍රියාව, උත්සාහය, මනා සිහිය, පරිත්‍යාගය, මෛත්‍රිය, දයාව, ශාන්ත බව, දැමුණු බව, යහපත් සිත් ඇති බව, දැකුම්කලු අභිරූප ගුණය තේජස, සමෘද්ධිය, පෙර ජාති සිහිකිරීමේ නුවණ, කීකරු බව, මිහිරි හඬක් ඇති බව අනන්ත වූ භවභෝග සම්පත් ඇති බව යන ගුණාංග ලැබේවා. ශ්‍රී සද්ධර්මය මාගේ එකම පිහිටා රක්‍ෂාව වේවා.

තෙජස‍්සිද‍්ධි ච ජාතිස‍්සරමති සුවචො සුස‍්සරොනන‍්තභොගො සද‍්ධම‍්මො යෙව තාණො භවතු භවභවෙ පාපුණෙ යාව බොධිං

ඉමිනා පුඤ‍්ඤකම‍්මෙන යාව බුද‍්ධො භවාමයං වෙස‍්සන‍්තරොව දානෙන - ජොතිසෙට‍්ඨීව භොගිනා මහොසධොව ඤාණෙන හොතු මය‍්හං භවෙ භවෙ

මම බුදුවනතෙක් මේ පුණ්‍යකර්මයෙන් භවයක් පාසා දන්දීමෙන් වෙස්සන්තර මෙන්ද භවභෝග සම්පත්වලින් ජෝති සිටුවරයා මෙන්ද ප්‍රඥාවෙන් මහෞෂධ පණ්ඩිතයන් මෙන්ද වෙම්වා.

ඉච‍්ඡිතං පත්‍ථිතං මය‍්හං ඛිප‍්පමෙව සමිජ‍්ඣතු පූරෙන‍්තු චිත‍්තසංකප‍්පා චන්‍දො පණ‍්ණරසො යථා

සිතන ලද පතන ලද දේ මට වහා සමෘද්ධ වේවා. පසළොස්වකදා චන්ද්‍රයා මෙන් සියළු බලාපොරොත්තු සම්පූර්ණ වේවා.