යෙදුමෙන් කියවන්න

ගන්‍ථාරම‍්භකථා අට‍්ඨකථා

ගන්‍ථාරම‍්භකථා

ගන්ථාරම්භකථා

අවිජ‍්ජාලඞ‍්ගිං ඝාතෙන‍්තො, නන්‍දිරාගඤ‍්ච මූලතො; භාවෙන‍්තට‍්ඨඞ‍්ගිකං මග‍්ගං, ඵුසි යො අමතං පදං.

අවිජ්ජාලඞ්ගිං ඝාටෙන්තො නන්‍දිරාගඤ්ව මූලතො, භාමෙන්තට්ඨඞ්ගිකං මග්ගං ඵුසී යො අමතං පදං

අවිද්‍යා නමැති අගුලද නන්‍දිරාග තෘෂ්ණාවද මුලින්ම ගලවා දමා, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩමින්, යම් කෙනෙක් තුමූ අමෘත පද සංඛ්‍යාත නිර්වාණය ස්පර්ශ කළාහුද,

පාපුණිත්‍වා ජිනො බොධිං, මිගදායං විගාහිය; ධම‍්මචක‍්කං පවත‍්තෙත්‍වා, ථෙරං කොණ‍්ඩඤ‍්ඤමාදිතො.

පාපුණිත්‍වා ජිනො බොධිං මිගදායං විගාහිය, ධම්මචක්කං පවත්තෙත්‍වා ථෙර කොණ්ඩඤ්ඤ මාදිතො

(ඒ ජිනයන්) බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණ (ඉක්බිති) මිගදායයට වැඩමවා, දම්සක් දෙසුම් පවත්වා, එහි කොණ්ඩඤ්ඤ තෙරුන් ප්‍රමුඛ කොට.

අට‍්ඨාරසන‍්නං කොටීනං, බොධෙසි තාපසො තහිං; වන්‍දෙහං සිරසා තඤ‍්ච, සබ‍්බසත‍්තානමුත‍්තමං.

අට්ඨාරසන්නං කොටීනං බොධෙසි පිතාමහෙ තහිං, වන්‍දෙහං සිරසා තඤ්ච සබ්බසත්තාන මුත්තමං

අටළොස් කෙළෙක (කෙලක් පමණ වූ) බ්‍රහ්මයන්ට ධර්මාවබෝධය කරවූවහුද, සියලු සත්ත්වයනට වඩා උතුම් වූ ඒ බුදුරජාණන් වහන්සේ සිරස නමා වඳිමි.

තථා ධම‍්මුත‍්තමඤ‍්චෙව, සඞ‍්ඝඤ‍්චාපි අනුත‍්තරං; සංඛිත‍්තෙන හි යො වුත‍්තං, ධම‍්මචක‍්කං විභාගසො.

තථා ධම්මුත්තමඤ්චෙව සංඝඤ්චාපි අනුත්තරං, සංඛිත්තෙන භියො වුත්තං ධම්මචක්කං වචිභාගසො

එසේම උතුම් වූ ධර්මයද, අනුත්තර වූ (ශ්‍රාවක) සංඝයාද (වඳිමි.) බොහෝ සෙයින් සංක්‍ෂිප්ත කොට දේශනා කරන ධම්මචක්ක දේශනාව විස්තර විභාග වශයෙන් දක්වමින්

සාරිපුත‍්තො මහාපඤ‍්ඤො, සත්‍ථුකප‍්පො ජිනත්‍රජො; ධම‍්මචක‍්කං විභාජෙත්‍වා, මහානිද‍්දෙසමබ්‍රවි; පාඨො විසිට‍්ඨො නිද‍්දෙසො, තංනාමවිසෙසිතො ච.

සාරිපුත්තො මහාපඤ්ඤො සත්‍ථුකප්පො ජිනත්‍රජො, ධම්මචක්කං විභාජෙත්‍වා මහානිද්දෙසමබ්‍රවි

මහාප්‍රාඥ වූ, ශාස්තෲන් වහන්සේ හා සමාන වූ, ජිනරාජ පුත්‍ර වූ, සැරියුත් මහ තෙරුන් වහන්සේ, ධම්මචක්ක දේශනාව විභාග කර දක්වමින් මහානිද්දේසය දෙසූ සේක.

පාඨො විසිට්ඨො නිද්දෙසො තං නාම විසෙසතො ච

විශේෂ කොට දන්වන ලද පාඨය නිද්දේස නමි. එම (ග්‍රන්ථ) නාමයද (මෙකී) විශේෂාර්ථ වශයෙන් වේ.

තං සාරිපුත‍්තං ජිනරාජපුත‍්තං, ථෙරං ථිරානෙකගුණාධිවාසං; පඤ‍්ඤාපභාවුග‍්ගතචාරුකිත‍්තිං, සුනීචවුත‍්තිඤ‍්ච අථො නමිත්‍වා.

තං සාරිපුත්ත ජිනරාජපුත්තං ථෙරං ථිරානෙක ගුණාභිරාමං, පඤ්ඤාසභාවුග්ගත නාමකිත්තිං සුනීච වුත්තිඤ්ච අථො නමිත්‍වා

අනතුරුව, ජිනරාජ පුත්‍ර වූ, ස්ථිරසාර නොයෙක් ගුණ මහිමයෙන් ශෝහිත වූ, ප්‍රඥා ස්වභාවයෙන් උස්ව නැගි කීර්තිරාව ඇති, මනා වූ නිවාත ගුණයෙන් (නිහතමානී බවින්) හෙබි පැවතුම් ඇති, ඒ ශාරිපුත්‍ර තෙරණුවන්ද නැමද,

ඛමාදයාදියුත‍්තෙන, යුත‍්තමුත‍්තාදිවාදිනා; බහුස‍්සුතෙන ථෙරෙන, දෙවෙන අභියාචිතො.

ඛමා දයාදියුත්තෙන යුත්ත මුත්තාදි වාදිනා, බහුස්සුතෙන ථෙරෙන දෙවෙන අභියාචිතො

ඉවසීම, දයාව ආදී ගුණයෙන් යුත්, ගුණ යුක්ත, දෝෂ මුක්ත ආදි ආකාරයෙන් කථාකරන සුලු, බහුශ්‍රැත වූ දේව නම් තෙරුන් විසින් ආරාධිත වුයෙම්.

මහාවිහාරවාසීනං, සජ‍්ඣායම‍්හි පතිට‍්ඨිතො; ගහෙතබ‍්බං ගහෙත්‍වාන, පොරාණෙසු විනිච‍්ඡයං.

මහාවිහාරවාසීනං සජ්ඣායම්හි පතිට්ඨිකො, ගහෙතබ්බං ගහෙත්‍වාන පොරාණෙසු විනිච්ඡයං

මහා විහාර වාසීන්ගේ ඉගෙනීම් සම්ප්‍රදායෙහි පිහිටියෙම්, පුරාණාචාර්යවරයන්ගේ අර්ථ විවරණයන්ගෙන් ගතයුතු විනිශ්චයද ගෙන,

අවොක‍්කමෙන‍්තො සමයං සකඤ‍්ච, අනාමසන‍්තො සමයං පරඤ‍්ච; පුබ‍්බොපදෙසට‍්ඨකථානයඤ‍්ච, යථානුරූපං උපසංහරන‍්තො.

අවොක්කමන්තො සමයං සකඤ්ච අනාමසන්තො සමයං පරඤ්ච, පුබ්බාපරෙපට්ඨ කථානයඤ්ච යථානුරූපං උපසංහරන්තො

සමය නො ඉක්මවමින්ද, පරසමය ස්පර්ශ නොකරමින්ද, (මෙකී) පෙර පසු දෙ කරුණෙහිදීම, සුදුසු පරිදි, අට්ඨකථා නය හකුලුවමින්ද (පිඬුකොට දක්වමින්ද),

ඤාණප‍්පභෙදාවහනස‍්ස තස‍්ස, යොගීහි නෙකෙහි නිසෙවිතස‍්ස; අත්‍ථං අපුබ‍්බං අනුවණ‍්ණයන‍්තො, සුත‍්තඤ‍්ච යුත‍්තිඤ‍්ච අනුක‍්කමෙන‍්තො.

ඤාණප්පභෙදා වහනස්ස තස්ස යොගෙහි නෙකෙහි නිසෙවතස්ස, අත්‍ථං අපුබ්බං අනුවණ්ණයන්තො සුත්තඤ්ච යුත්තිඤ්ච අවොක්කමන්තො

(මාර්ග-ඵල ආදී වූ) ඥාන ප්‍රභේදයන් ගෙන දෙවන, බොහෝ වූ යෝගීන් විසින් සෙවුනා ලද, එම නිද්දේස පාළියෙහි අපූර්ව වූ අර්ථය වර්ණනා කෙරෙමින්, සූත්‍ර පාඨයද, යුක්ති යුක්තතාවද නො ඉක්මවමින්

ආරභිස‍්සං සමාසෙන, මහානිද‍්දෙසවණ‍්ණනං; සද‍්ධම‍්මබහුමානෙන, නාත‍්තුක‍්කංසනකම්‍යතා.

ආරභිස්සං සමාසෙන මහානිද්දෙස වණ්ණනං, සද්ධම්ම බහුමානෙන නාත්තුක්කංසන කම්‍යතා

තමා හුවා දැක්වීමේ කැමැත්තෙන් නොව, සද්ධර්මය කෙරෙහි බහුමානයෙන් යුක්තව මහා නිද්දේස පාළියෙහි අර්ථ වර්ණනාව බොහෝ විස්තර නැතිව අරඹන්නෙමි.

වක‍්ඛාමහං අට‍්ඨකථං ජනස‍්ස, හිතාය සද‍්ධම‍්මචිරට‍්ඨිතත්‍ථං; සක‍්කච‍්ච සද‍්ධම‍්මපජොතිකං තං, සුණාථ ධාරෙථ ච සාධු සන‍්තොති.

වක්ඛාමහං අට්ඨකථං ජනස්ස හිතාය සද්ධම්ම චිරට්ඨිතත්‍ථං, සක්කච්ච සද්ධම්ම පජොතිකං කථං සුණාථ ධාරෙථ ච සාධු සන්තො

හික්මවිය යුතු ජනයාගේ හිතසුව පිණිස, සද්ධර්මයේ චිරස්ථිතිය අපේක්‍ෂාවෙන් සද්ධර්මය අතිශයින් ජ්‍යොතිමත් කරන කථා ඇති එම (සද්ධම්ම පජ්ජොතිකා නම් වූ) අට්ඨකථාව මම කියමි. සාධු ජනයිනි, එය යහපත් සිතින් මනාකොට අසවු. ධාරණයද කරගනිවු.

තත්‍ථ “පාඨො විසිට‍්ඨො නිද‍්දෙසො, තංනාමවිසෙසිතො චා”ති වුත‍්තත‍්තා දුවිධො පාඨො – බ්‍යඤ‍්ජනපාඨො, අත්‍ථපාඨො ච. තෙසු බ්‍යඤ‍්ජනපාඨො අක‍්ඛරපදබ්‍යඤ‍්ජනආකාරනිරුත‍්තිනිද‍්දෙසවසෙන ඡබ‍්බිධො. අත්‍ථපාඨො සඞ‍්කාසනපකාසනවිවරණවිභජනඋත‍්තානීකරණපඤ‍්ඤත‍්තිවසෙන ඡබ‍්බිධො. තත්‍ථ තීසු ද‍්වාරෙසු පරිසුද‍්ධපයොගභාවෙන විසුද‍්ධකරුණානං චිත‍්තෙන පවත‍්තිතදෙසනා වාචාහි අකථිතත‍්තා අදෙසිතත‍්තා අක‍්ඛරමිති සඤ‍්ඤිතා, තං පාරායනිකබ්‍රාහ‍්මණානං මනසා පුච‍්ඡිතපඤ‍්හානං වසෙන භගවතා රතනඝරෙ නිසීදිත්‍වා සම‍්මසිතපට‍්ඨානමහාපකරණවසෙන ච අක‍්ඛරං නාමාති ගහෙතබ‍්බං.

එහි, පාඨො විසිට්ඨො නිද්දෙසො තං නාම විසෙසතොච යනුවෙන් කී බැවින්, පාඨය ද්විවිධ වේ. බ්‍යඤ්ජන පාඨය, අත්‍ථ පාඨය යනුවෙනි. ඒ අතුරින් බ්‍යඤ්ජන පාඨය අක්‍ෂර, පද, ව්‍යඤ්ජන, ආකාර, නිරුක්ති, නිද්දේස වශයෙන් සවැදෑරුම් වේ. අත්‍ථපාඨයද සංකාසන, පකාසන, විවරණ, විභජන, උත්තානී කරණ, ප්‍රඥප්ති යනුවෙන් ස-වැදෑරුම් වේ. එහි තුන් දොරෙහි පිරිසිදුව යෙදීම් වශයෙන් පිරිසිදු කරන්නවුන්ගේ සිතින් පවත්වන ලද දේශනාව වචනයෙන් කියන ලද බැවින්ද (වචනයෙන්ම) සෙවුනා ලබන බැවින්ද අක්ඛර නම් වීය. එය (වචනයම පිහිටකොට ගත් බ්‍රහ්මයන්ගේ මනසින් අසන ලද ප්‍රශ්නයන්ට අනුව භාග්‍යවතුන් වහන්සේ විසින් රුවන් ගෙහි වැඩහිඳ සම්මර්ශනය (විමසීම) කරන ලද පට්ඨාන මහා ප්‍රකරණ වශයෙන්ද අක්ඛර නම් වෙති’යි ගතයුතුය.

අථ වා අපරිපුණ‍්ණං පදං අක‍්ඛරමිති ගහෙතබ‍්බං “සට‍්ඨිවස‍්සසහස‍්සානී”ති එවමාදීසු (පෙ· ව· 802; ජා· 1.4.54; නෙත‍්ති· 120) විය. එත්‍ථ හි සකාර නකාර සොකාරාදීනි අක‍්ඛරමිති, එකක‍්ඛරං වා පදං අක‍්ඛරමිති එකෙ. “යායං තණ‍්හා පොනොභවිකා”ති එවමාදීසු (මහාව· 14; විභ· 203; ම· නි· 3.374; පටි· ම· 2.30) විභත්‍යන‍්තං අත්‍ථජොතකං අක‍්ඛරපිණ‍්ඩං පදං. “නාමඤ‍්ච රූපඤ‍්චා”ති එවමාදීසු (ධ· ස· දුකමාතිකා 109; සු· නි· 878; මහානි· 107; චූළනි· අජිතමාණවපුච‍්ඡානිද‍්දෙසො 6; නෙත‍්ති· 45) බහුඅක‍්ඛරෙහි යුත‍්තං පදං නාම. සංඛිත‍්තෙන වුත‍්තං පදං විභාවෙති. පදෙන අභිහිතං බ්‍යඤ‍්ජයති බ්‍යත‍්තං පාකටං කරොතීති බ්‍යඤ‍්ජනං, වාක්‍යමෙව. “චත‍්තාරො ඉද‍්ධිපාදා”ති සඞ‍්ඛෙපෙන කථිතමත්‍ථං. “කතමෙ චත‍්තාරො? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. වීරියචිත‍්තවීමංසසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙතී”තිආදීසු (විභ· 431; සං· නි· 5.813; දී· නි· 3.306; අ· නි· 4.276) පාකටකරණභාවෙන බ්‍යඤ‍්ජනං නාම. බ්‍යඤ‍්ජනවිභාගපකාසො ආකාරො. “තත්‍ථ කතමො ඡන්‍දො? යො ඡන්‍දො ඡන්‍දිකතා කත‍්තුකම්‍යතා”ති එවමාදීසු (විභ· 433) කථිතබ්‍යඤ‍්ජනං අනෙකවිධෙන විභාගකරණං ආකාරො නාම. ආකාරාභිහිතස‍්ස නිබ‍්බචනං නිරුත‍්ති. “ඵස‍්සො, වෙදනා”ති එවමාදීසු (ධ· ස· 1) ආකාරෙන කථිතං “ඵුසතීති ඵස‍්සො. වෙදියතීති වෙදනා”ති නීහරිත්‍වා වචනං නිරුත‍්ති නාම. නිබ‍්බචනවිත්‍ථාරො නිස‍්සෙසතො දෙසොති නිද‍්දෙසො, වෙදියතීති වෙදනාති නිබ‍්බචනලද‍්ධපදං “සුඛා දුක‍්ඛා අදුක‍්ඛමසුඛා, සුඛයතීති සුඛා, දුක‍්ඛයතීති දුක‍්ඛා, නෙව දුක‍්ඛයති න සුඛයතීති අදුක‍්ඛමසුඛා”ති අත්‍ථවිත්‍ථාරො නිරවසෙසෙන කථිතත‍්තා නිද‍්දෙසො නාම.

නැතහොත් පිරිපුන් (සම්පූර්ණ) පදය ‘අක්‍ෂර’ යයි ගත යුතුය. ‘සට්ඨිවස්ස සහස්සානි’ යන ආදියෙහි මෙනි. මෙහි ස කාර, න කාර, සො කාර ආදිය අක්‍ෂර යයි ගෙන ඇතැමෙක් එක අකුරෙකින් සැදි පදය හෝ අක්‍ෂර යයි පවසති. ‘යායං තණ්හා පොණොභවිකා’ යන ආදියෙහි විභක්ත්‍යන්ත වූ අර්ථයක් ප්‍රකට කරන අකුරු - පිඬ පද නම් වේ. ‘නාමඤ්ච රූපඤ්ච’ යන ආදියෙහි බොහෝ අක්‍ෂරයන්ගෙන් යුතු පදය නාම යයි කියන ලද පදය ප්‍රකට කරයි. පදයෙන් නො මුතු වූයේ ව්‍යඤ්ජන යි. එනම් වාක්‍යයමැයි. ‘චත්තාරො ඉද්ධිපාදා’ යනුවෙන් සංක්‍ෂිප්ත කොට දෙසූ අර්හත්වය ‘කතමෙ චත්තාරො’ ඡන්‍ද සමාධිපධාන සංඛාර - සමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරිය-චිත්ත වීමංස සමාධි පධාන-සංඛාර -සමන්නාගතං ඉද්ධිපාදං භාවෙතී’ යන ආදි තන්හි ප්‍රකට කිරීමේ අර්ථයෙන් බ්‍යඤ්ජන නම් වේ. බ්‍යඤ්ජනයන්ගේ විභාගය හෙවත් විග්‍රහය ප්‍රකට කිරීම ආකාර යි. ‘තත්‍ථ කතමො ඡන්‍දො? යො ඡන්‍දො, ඡන්‍දීයතා, කත්තුකම්මතා යන ආදියෙහි යන ලද බ්‍යඤ්ජනය නොයෙක් ආකාරයෙන් (නැවත) විභාග කිරීම ආකාර නම් වේ. ආකාර වශයෙන් කියන ලද පදය නිර්වචන කිරීම නිරුත්ති නමි. ‘ඵස්සො වෙදනා යන ආදී තන්හි ආකාර වශයෙන් කියන ලද දෙය (නැවත) ‘ඵුසතීති ඵස්සො වෙදියතීති වෙදනා’ යනුවෙන් ගෙනහැර දැක්වීම නිරුත්ති නමි. නිර්වචන කළ දෙය (නැවත) නියමකොට නිශ්චිත කොට දැක්වීම නිද්දේස යි. ‘වෙදියතී ති වෙදනා’ යනුවෙන් නිර්වචන කළ ශබ්ද පාඨය ‘සුකා, දුක්ඛා, අදුක්ඛමසුඛා, සුඛයතීති සුඛ, දුක්ඛයතීති දුක්ඛා, නෙව දුක්ඛයති, නසුඛයතීති අදුක්ඛමසුඛා’ යනුවෙන් අර්ථ විස්තරය නිරවශේෂ වශයෙන් කියන ලද හෙයින් නිද්දේස නම් වේ.

එවං ඡබ‍්බිධානි බ්‍යඤ‍්ජනපදානි ජානිත්‍වා ච ඡසු අත්‍ථපදෙසු සඞ‍්ඛෙපතො කාසනා දීපනා සඞ‍්කාසනා, “මඤ‍්ඤමානො ඛො, භික‍්ඛු, බන්‍ධො මාරස‍්ස අමඤ‍්ඤමානො මුත‍්තො පාපිමතො”ති එවමාදීසු සඞ‍්ඛෙපෙන අත්‍ථදීපනා සඞ‍්කාසනා නාම. එසො පන ථෙරො “බුද‍්ධෙන භගවතා එවං සඞ‍්ඛෙපං කත්‍වා වුත‍්තමත්‍ථං ‘අඤ‍්ඤාතං භගවා, අඤ‍්ඤාතං සුගතා’”ති කථෙතුං සමත්‍ථො පටිවිජ‍්ඣි.

මෙසේ සවැදෑරුම් බ්‍යඤ්ජන පාඨය පැහැදිලි කොට, ඉක්බිති සවැදෑරුම් අර්ථ පාඨයන් අතුරෙන්, පළමු කොට, ‘කාසනා’ යනු: සංක්‍ෂේපයෙන් අරුත් හැඟවීම, හෙලි කිරීම සංකාසන යි. ‘මඤ්ඤමානො ඛො භික්ඛූ බද්ධො මාරස්ස, ආමඤ්ඤමානො මුත්තො පාපිමතො’ යන (ආදී තන්හි සංක්‍ෂිප්ත කොට අර්ථ දැක්වීම සංකාසනා නමි. මේ තෙරණුවෝ වනාහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ සංක්‍ෂිප්ත කොට පවසන ලද අර්ථය, අඤ්ඤාතං භගවා, අඤ්ඤාතං සුගත’ යයි පවසනු සමත් වූවාහු (රහත්ඵලය) ප්‍රතිවේධ කළහ.

උපරි වත‍්තබ‍්බමත්‍ථං ආදිතො කාසනා දීපනා පකාසනා, “සබ‍්බං, භික‍්ඛවෙ, ආදිත‍්ත”න‍්ති එවමාදීසු (මහාව· 54; සං· නි· 4.28) පච‍්ඡා කථිතබ‍්බමත්‍ථං පඨමවචනෙන දීපනා පකාසනා නාම. එවං පඨමං දීපිතං අත්‍ථං පුන පාකටං කත්‍වා දීපනෙන “කිඤ‍්ච, භික‍්ඛවෙ, සබ‍්බං ආදිත‍්තං? චක‍්ඛුං, භික‍්ඛවෙ, ආදිත‍්තං, රූපා ආදිත‍්තා”ති එවමාදීසු (මහාව· 54; සං· නි· 4.28) කථිතෙසු “තික‍්ඛින්‍ද්‍රියො සඞ‍්ඛෙපෙන වුත‍්තං පටිවිජ‍්ඣතී”ති කථිතත‍්තා ද‍්වෙ අත්‍ථපදානි තික‍්ඛින්‍ද්‍රියස‍්ස උපකාරවසෙන වුත‍්තානි.

මත්තෙහි (පසුව) කිවයුතු අර්ථය පළමුව ප්‍රකාශ කිරීම පකාසනා යි. ‘සබ්බං භික්ඛවෙ ආදිත්තං’ යන ආදියෙහි පසුව කිවයුතු අර්ථය ප්‍රථම වචනයෙන්ම දක්වා තිබීම පකාසනා නම් වේ. මෙසේ ප්‍රථමයෙන් දැක්වූ අර්ථය නැවත ප්‍රකට කොට දැක්වීම් වශයෙනි. ‘කිඤ්ච භික්ඛවෙ සබ්බං ආදිත්තං, චක්ඛුං භික්ඛවෙ ආදිත්තං, රූපං ආදිත්තං’ යනුවෙන් මේ ආදිය පැවසූ විට, තියුණු ඉන්‍ද්‍රිය සහිත පුද්ගලයා සංක්‍ෂිප්ත කොට දෙසන ලද අර්ථය අවබෝධ කරගනීය’යි කියන ලද හෙයින් මෙකී (සංකාසනා, පකාසනා යන) අර්ථ පද දෙකම තීක්‍ෂණ ඉන්‍ද්‍රිය ඇත්තාට උපකාර වශයෙන් කියන ලදි.

සංඛිත‍්තස‍්ස විත්‍ථාරාභිධානං සකිං වුත‍්තස‍්ස ච පුනපි අභිධානං විවරණං, “කුසලා ධම‍්මා”ති (ධ· ස· 1) සඞ‍්ඛෙපෙන නික‍්ඛිත‍්තස‍්ස. “කතමෙ ධම‍්මා කුසලා? යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොතී”ති (ධ· ස· 1) නිද‍්දෙසවසෙන විත්‍ථාරණං විත්‍ථාරවසෙන පුන කථනං විවරණං නාම.

සංක්‍ෂිප්ත කොට කියන ලද දෙයද, එක් වරක් පමණක් විස්තර කොට පවසන ලද දෙයද නැවත විස්තර කිරීම විවරණ යි. ‘කුසලා ධම්මා’ සංක්‍ෂිප්ත වශයෙන් පවසන ලද දෙය නැවත, ‘කතමෙ ධම්මා කුසලා යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති’ යනුවෙන් නිද්දේස වශයෙන් විස්තර කිරීමද, විස්තර වශයෙන් නැවත කීමද ‘විවරණ’ නම් වේ.

තං විභාගකරණං විභජනං, “යස‍්මිං සමයෙ”ති (ධ· ස· 1) විවරිතෙ කුසලෙ ධම‍්මෙ “තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොතී”ති (ධ· ස· 1) විභාගකරණං විභජනං නාම. විවරස‍්ස විත්‍ථාරාභිධානෙන විභත‍්තස‍්ස ච උපමාභිධානෙන පටිපාදනං උත‍්තානීකරණං, විවරණෙන විවරිතත්‍ථස‍්ස “කතමො තස‍්මිං සමයෙ ඵස‍්සො හොති? යො තස‍්මිං සමයෙ ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා”ති (ධ· ස· 2) අතිවිවරිත්‍වා කථනඤ‍්ච විභජනෙන විභත‍්තස‍්ස “සෙය්‍යථාපි, භික‍්ඛවෙ, ගාවී නිච‍්චම‍්මා, එවමෙව ඛ‍්වාහං, භික‍්ඛවෙ, ඵස‍්සාහාරො දට‍්ඨබ‍්බොති වදාමී”ති (සං· නි· 2.63) එවමාදිඋපමාකථනඤ‍්ච උත‍්තානීකරණං නාම. ධම‍්මං සුණන‍්තානං ධම‍්මදෙසනෙන චිත‍්තස‍්ස අනෙකවිධෙන සොමනස‍්සඋප‍්පාදනඤ‍්ච අතිඛිණබුද‍්ධීනං අනෙකවිධෙන ඤාණස‍්ස තිඛිණභාවකරණඤ‍්ච පඤ‍්ඤත‍්ති නාම, තෙසං සුණන‍්තානං තංචිත‍්තතොසනෙන තංචිත‍්තනිසාමනෙන ච පඤ‍්ඤායතීති පඤ‍්ඤත‍්ති. තත්‍ථ භගවා අක‍්ඛරෙහි සඞ‍්කාසයති, පදෙහි පකාසයති, බ්‍යඤ‍්ජනෙහි විවරති, ආකාරෙහි විභජති, නිරුත‍්තීහි උත‍්තානීකරොති, නිද‍්දෙසෙහි පඤ‍්ඤාපයතීති. කිං වුත‍්තං හොති? බුද‍්ධා භගවන‍්තො එකච‍්චෙ වෙනෙය්‍යෙ එකස‍්මිං දෙසනෙ අක‍්ඛරෙහි අත්‍ථසඞ‍්කාසනං කරොන‍්ති…පෙ… නිද‍්දෙසෙහි අත්‍ථපඤ‍්ඤාපනං කරොන‍්තීති අයමෙත්‍ථ අධිප‍්පායො.

එය විභාග (විග්‍රහ) කොට දැක්වීම ‘විභජන’යි. ‘තස්මිං සමයෙ’යි විවරණ කරන ලද කුසල ධර්මයන්, ‘තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති’ යනුවෙන් විභාග කිරීම ‘විභජන’ නම් වේ. විවරණ කරන ලද දෙයද, විස්තර පැවසීමෙන් ව්‍යවස්ථා කරන ලද දෙය උපමා කීමෙන් තවදුරටත් පැහැදිලි කිරීම උත්තානී කරණ යි, විවරණයෙන් හෙළි පෙහෙළි කරන ලද අර්ථය, ‘කතමො තස්මිං සමයෙ ඵස්සො හොති, යො තස්මිං ඵස්සො ඵුසනා, සම්ඵුසනා’ යනුවෙන් තවදුරටත් විවරණ කර පැවසීමද විභජනය මගින් විග්‍රහකොට දක්වන ලද දෙය, ‘සෙය්‍යථාපි භික්ඛවෙ ගාවී නිච්චම්මා, එවමෙවඛ්වාහං භික්ඛවෙ ඵස්සාහාරො දට්ඨම්බො’ති වදාමි’ යන ආදී වශයෙන් උපමාකථනයෙන් වඩාත් පැහැදිලි කිරීමද උත්තානීකරණ නම් වේ. දහම් අසන්නවුන්ගේ සිත්හි දහම් දෙසීමෙන් අනේක ප්‍රකාරයෙන් සොම්නස් ඉපදවීමද, තීක්‍ෂණ නොවූ බුද්ධි ඇත්තවුන්ගේ ඥානය නොයෙක් ආකාරයෙන් තීක්‍ෂණභාවයට පත් කිරීමද පඤ්ඤත්ති නමි. එසේ දහම් අසන්නවුන්ගේ සිත තොස්වමින්ද, ධර්මය වෙතට යොමවමින්ද ප්‍රඥාව වඩති’යි පඤ්ඤත්ති නම් වේ. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ අක්‍ෂරයන්ගෙන් (දහම් කරුණු) සංකාසනය (සංක්‍ෂේපයෙන් ඇර දැක්වීම) කරති. පදයන්ගෙන් ප්‍රකාශනය කරති. බ්‍යඤ්ජනයන්ගෙන් විවරණය කරති. ආකාරයන්ගෙන් විභජනය කරති. නිරුත්තීන්ගෙන් උත්තානීකරණය කරති. නිද්දේසයන් පඤ්ඤායනය (ප්‍රඥා වර්ධනය) කරවති. කුමක් කියන ලද්දේද යත්, භාග්‍යවත් බුදුවරයෝ තුමූ ද ඇතැම් වෙනෙය ජනයනි, (හික්මවිය යුතු පුද්ගලයන්ට), ඇතැම් දේශනයෙක්හිදී අක්‍ෂරයන් මගින් අර්ථ සංකාසනය කෙරෙති. -පෙ- නිද්දේසයන් මගින් අර්ථාවබෝධනය කරවති’යි යනු මෙහි අභිප්‍රායයි.

අථ වා අක‍්ඛරෙහි සඞ‍්කාසයිත්‍වා පදෙහි පකාසයති, බ්‍යඤ‍්ජනෙහි විවරිත්‍වා ආකාරෙහි විභජති, නිරුත‍්තීහි උත‍්තානීකත්‍වා නිද‍්දෙසෙහි පඤ‍්ඤාපයති . කිං වුත‍්තං හොති? එවරූපෙන ධම‍්මදෙසනෙන එකච‍්චෙසු ඨානෙසු එකච‍්චානං වෙනෙය්‍යානං විනයතීති.

නොහොත් අක්‍ෂරයන්ගෙන් සංකාසනය (සංක්‍ෂිප්තාර්ථය දැක්වීම) කොට පදයන්ගෙන් පකාසනය (නිගමනය කළ යුතු අර්ථය දැක්වීම) කරති. බ්‍යඤ්ජනයන්ගෙන් අර්ථ විවරණය කොට ආකාරයන්ගෙන් විභජනය (බෙදා දැක්වීම) කෙරෙති. නිරුත්තියෙන් උත්තානීකරණය කොට නිද්දේසයෙන් පඤ්ඤාපනය (අර්ථාවබෝධනය) කරවති. කුමක් කියන ලද්දේද යත්, මෙබඳු වූ ධර්මදේශනයෙන් ඇතැම් තැන්වලදී ඇතැම් ශෛක්‍ෂයන් (හික්මවිය යුතු පුද්ගලයන්) හික්මවති’ යනුයි.

අථ වා අක‍්ඛරෙහි උග‍්ඝාටයිත්‍වා පදෙහි පකාසෙන‍්තො විනයති උග‍්ඝටිතඤ‍්ඤුං, බ්‍යඤ‍්ජනෙහි විවරිත්‍වා ආකාරෙහි විභජන‍්තො විනයති විපඤ‍්චිතඤ‍්ඤුං, නිරුත‍්තීහි උත‍්තානීකත්‍වා නිද‍්දෙසෙහි පඤ‍්ඤාපෙන‍්තො විනයති නෙය්‍යං. ඉති වෙනෙය්‍යවසෙනපි යොජෙතබ‍්බමෙව.

නොහොත්, අක්‍ෂරයන්ගෙන් වැසුම් හරවා පදයන්ගෙන් ප්‍රකාශනය කරමින් උග්ඝටිතඤ්ඤූ නම් ශෛක්‍ෂ්‍යයා හික්මවති. බ්‍යඤ්ජනයන්ගෙන් විවරණය කොට ආකාරයන්ගෙන් විභජනය කෙරෙමින් විපචිතඤ්ඤූ නම් ශෛක්‍ෂයා හික්මවති. නිරුත්තීන්ගෙන් උත්තානීකරණය කොට, නිද්දේසයන්ගෙන් අර්ථාවබෝධනය කරවමින් නෙය්‍ය නම් ශෛක්‍ෂයා හික්මවති. මෙසේ වෛනේය ජනයන් වශයෙන්ද යෙදිය යුත්තේමය.

අත්‍ථතො පනෙත්‍ථ කතමො බ්‍යඤ‍්ජනපාඨො, කතමො අත්‍ථපාඨොති? බුද‍්ධානං භගවන‍්තානං ධම‍්මං දෙසෙන‍්තානං යො අත්‍ථාවගමකො සවිඤ‍්ඤත‍්තිකසද‍්දො, සො බ්‍යඤ‍්ජනපාඨො . යො තෙන අභිසමෙතබ‍්බො ලක‍්ඛණරසාදිසහිතො ධම‍්මො, සො අත්‍ථපාඨොති වෙදිතබ‍්බො. පුනපි සන්‍ධායභාසිතො බ්‍යඤ‍්ජනභාසිතො සාවසෙසපාඨො අනවසෙසපාඨො නීතො නෙය්‍යොති ඡබ‍්බිධො පාඨො. තත්‍ථ අනෙකත්‍ථවත‍්තා සන්‍ධායභාසිතො “මාතරං පිතරං හන‍්ත්‍වා, රාජානො ද‍්වෙ ච ඛත‍්තියෙ”ති එවමාදි (ධ· ප· 294). එකත්‍ථවත‍්තා බ්‍යඤ‍්ජනභාසිතො ‘මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා”ති එවමාදි (ධ· ප· 1.2; නෙත‍්ති· 89, 92; පෙටකො· 14). සාවසෙසො “සබ‍්බං, භික‍්ඛවෙ, ආදිත‍්ත”න‍්ති එවමාදි (මහාව· 54; සං· නි· 4.28). විපරීතො අනවසෙසො “සබ‍්බෙ ධම‍්මා සබ‍්බාකාරෙන බුද‍්ධස‍්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච‍්ඡන‍්තී”ති එවමාදි (මහානි· 156; චූළනි· මොඝරාජමාණවපුච‍්ඡානිද‍්දෙසො 85; පටි· ම· 3.5). යථා වචනං, තථා අවගන‍්තබ‍්බො නීතො “අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා”ති එවමාදි. යුත‍්තියා අනුස‍්සරිතබ‍්බො නෙය්‍යො “එකපුග‍්ගලො භික‍්ඛවෙ”ති එවමාදි (අ· නි· 1.170).

මෙහි අර්ථ වශයෙන් වනාහි ‘ව්‍යඤ්ජන පාඨ’ යනු කවරේද? ‘අත්‍ථපාඨ’ යනු කවරේදැ’යි යතහොත්, දහම් දෙසන්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ අර්ථයක් ගෙන දෙන, විඤ්ඤත්ති (ඇඟවීමක්) සහිත යම් ශබ්දයක් වේද, එය බ්‍යඤ්ජන පාඨ යි. එම දේශනාවෙන් අවබෝධ කරගත යුතු, ලක්‍ෂණ, රස, ආදියෙන් යුත් යම් ධර්මයක් වේද එය අත්‍ථ පාඨයි යනුවෙන් දතයුතුය. යලිදු ‘පාඨ’ යනු, සන්‍ධාය භාසිත, බ්‍යඤ්ජන භාසිත, සාවසේස පාඨ, අනවසේස පාඨ, නීත, නෙය්‍ය යනුවෙන් සවැදෑරුම් වේ. එහි අනේකාර්ථ (යටි අරුත්) හඟවන පාඨ සන්‍ධාය භාසිත නම් වේ. ‘මාතරං පිතරං හන්ත්‍වා රාජානො දෙව ඛත්තියෙ යන ආදිය මෙනි. ඒකාර්ථවත් පාඨය බ්‍යඤ්ජන භාසි නමි. ‘මනො පුබ්බංගමා ධම්මා’ ආදියයි. සාවසෙස යනු, ‘සබ්බං භික්ඛවෙ ආදිත්තං’ යන ආදියයි. එයට (සාවසේසයට) විපරීත ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති යන ආදියයි. වචනය අනුවම අවබෝධ කළයුතු පාඨය නීත යි. ‘අනිච්චං දුක්ඛං අනත්තා’ යන ආදියයි. යුක්ති යුක්ත වන සේ සිහි කළ යුතු පාඨය නෙය්‍ය නමි. ‘එක පුග්ගලො භික්ඛවෙ’ යන මේ ආදියයි.

අත්‍ථො පන අනෙකප‍්පකාරො පාඨත්‍ථො සභාවත්‍ථො ඤායත්‍ථො පාඨානුරූපො නපාඨානුරූපො සාවසෙසත්‍ථො නිරවසෙසත්‍ථො නීතත්‍ථො නෙය්‍යත්‍ථො ඉච‍්චාදි. තත්‍ථ යො අප‍්පස‍්සත්‍ථස‍්ස ඤාපනත්‍ථමුච‍්චාරියතෙ, සො පාඨත්‍ථො “සාත්‍ථං සබ්‍යඤ‍්ජන”න‍්තිආදීසු (පාරා· 1; දී· නි· 1.190) විය. රූපාරූපධම‍්මානං ලක‍්ඛණරසාදිසභාවත්‍ථො “සම‍්මාදිට‍්ඨිං භාවෙතී”තිආදීසු (විභ· 485; සං· නි· 5.3) විය. යො ඤායමානො හිතාය සංවත‍්තති, සො ඤාතුං අරහතීති ඤායත්‍ථො – “අත්‍ථවාදී ධම‍්මවාදී”තිආදීසු (දී· නි· 1.9, 194; 3.238; ම· නි· 1.411) විය. යථාපාඨං භාසිතො පාඨානුරූපො “චක‍්ඛු , භික‍්ඛවෙ, පුරාණකම‍්ම”න‍්ති (සං· නි· 4.146) භගවතා වුත‍්තං. තස‍්මා චක‍්ඛුමපි කම‍්මන‍්ති. බ්‍යඤ‍්ජනච‍්ඡායාය අත්‍ථං පටිබාහයමානෙන වුත‍්තො අත්‍ථො නපාඨානුරූපො, සො පාඨතො අනනුඤ‍්ඤාතො අකතපටික‍්ඛෙපො වියුත‍්තො. සො ච සඞ‍්ගහෙතබ‍්බම‍්පි අසඞ‍්ගහෙත්‍වා, පරිවජ‍්ජෙතබ‍්බම‍්පි වා කිඤ‍්චි අපරිවජ‍්ජෙත්‍වා පරිසෙසං කත්‍වා වුත‍්තො සාවසෙසත්‍ථො “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං (සං· නි· 4.60; මහානි· 107). සබ‍්බෙ තසන‍්ති දණ‍්ඩස‍්ස, සබ‍්බෙ භායන‍්ති මච‍්චුනො”තිආදීසු (ධ· ප· 129) විය. විපරීතො නිරවසෙසත්‍ථො “සන්‍ධාවිතං සංසරිතං මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්ච (දී· නි· 2.155; මහාව· 287; නෙත‍්ති· 114). තත්‍ර, භික‍්ඛවෙ, කො මන‍්තා කො සද‍්ධාතා…පෙ… අඤ‍්ඤත්‍ර දිට‍්ඨපදෙහී”තිආදීසු (අ· නි· 7.66) විය. සද‍්දවසෙනෙව වෙදිතබ‍්බො නීතත්‍ථො “රූපා සද‍්දා රසා ගන්‍ධා, ඵොට‍්ඨබ‍්බා ච මනොරමා”තිආදීසු (සං· නි· 1.151, 165; මහාව· 33) විය. සම‍්මුතිවසෙන වෙදිතබ‍්බො නෙය්‍යත්‍ථො “චත‍්තාරොමෙ, භික‍්ඛවෙ, වලාහකූපමා පුග‍්ගලා”තිආදීසු (අ· නි· 4.101-102) විය. එවමිධ පාඨඤ‍්ච අත්‍ථඤ‍්ච විවරිත්‍වා ඨිතො අසංහීරො භවති පරවාදීහි දීඝරත‍්තං තිත්‍ථවාසෙන.

‘අත්‍ථ’ යනුද පාඨත්ථය, සභාවත්‍ථය, ඤායත්‍ථය, පාඨානූරූපය, නපාඨානුරූපය, සාවසේසත්‍ථය, නිරවසේසත්‍ථය, නීතත්‍ථය, නෙය්‍යත්‍ථය යනාදී වශයෙන් අනේකප්‍රකාර වේ. එහි, මඳ වූ (සුලු) අරුතක් හැඟවීම පිණිස යම් පාඨයක් උච්චාරණය කරනු ලැබේද, එය පාඨත්‍ථ යි, ‘සාත්‍ථං සබ්‍යඤ්ජනං’ ආදිය සභාවත්‍ථ යි, ‘සම්මා දිට්ඨිං භාවෙති’ යන ආදියෙහි මෙනි. යම් අර්ථයක් දැනගනු ලබනුයේ හිතසුව පිණිස පවත්නේද එය (අනුන් හට) දැන්වීම සුදුසුයයි ඤායත්‍ථ යි, ‘අත්‍ථවාදී ධම්මවාදී’ යන ආදියෙහි මෙනි. පාඨයට අනුරූපීව කියන ලද අරථය පාඨානුරූප යි. ‘චක්ඛුං භික්ඛවෙ පොරාණ කම්මං’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදි. එහෙයින් ඇසද කර්මයයි’ යන බ්‍යඤ්ජනච්ඡායාවෙහි අර්ථය බැහැර කිරීම් වශයෙන් කියන ලද අර්ථය න පාඨානූරූප යි එය පාඨයෙන් අනුදන්නා ලද්දේ, ප්‍රතික්‍ෂේප නොකරන ලද්දේ පාඨාර්ථයෙන් වියුක්ත වූයේ ද වේ. සංග්‍රහ කළයුතු දෙය සංග්‍රහ නොකොට, ඉවත් කළ යුතු දෙය ඉවත් නොකොට, කිවයුතු දෙය ඉතිරි නොකොට කියන ලද්දේ වුවද සාවසෙසත්‍ථ වේ. ‘චක්ඛුඤ්ච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං’ ‘සබ්බෙ තසන්ති දණ්ඩස්ස සබ්බෙ භායන්ති මච්චුනො’ ආදියෙහි මෙනි. එයට (සාවසේසත්‍ථයට) විපරීත වූයේ නිරවසේසත්‍ථ යි, ‘සන්‍ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ව’ “තත්‍ර භික්ඛවෙ, කො මනතා කො සන්‍ධාතා අඤ්ඤත්‍ර දිට්ඨපදෙහි යන ආදියෙහි මෙනි. ශබ්ද වශයෙන්ම දතයුතු අර්ථය නීතත්‍ථ යි. ‘රූපා සද්දා රසා ගන්‍ධා ඵොට්ඨබ්බා ච මනොරමා’ යන ආදියෙහි මෙනි. සම්මුති වශයෙන් දතයුතු වුයේ නෙය්‍යත්‍ථ නමි. ‘ චත්තාරො’ මෙ භික්ඛවෙ වලහාකොපමා පුග්ගලා’ යන ආදියෙහි මෙනි. මේ ආකාරයෙන් පාඨයද, අර්ථයද මනාව දැන සිටියේ. බොහෝ කාලයක් තීර්ථක ස්ථානයක විසීමෙන් වුවද අන්‍ය ලබ්ධිකයන් විසින් (පැහැරගනු ලැබිය) හැක්කේ නොවේ. (ස්ථිරව බුදු දහමෙහි පිහිටියේය යන අර්ථයි.)

ඉති අසංහීරභාවෙන යාව ආගමාධිගමසම‍්පදං, තාව වත‍්තුං සක‍්කොති. සඞ‍්ඛෙපවිත්‍ථාරනයෙන හෙතුදාහරණාදීහි අවබොධයිතුං සමත්‍ථො. එවංවිධො අත‍්තානඤ‍්ච පරඤ‍්ච සොධෙතුං සමත්‍ථභාවෙන දුස‍්සීල්‍යදිට‍්ඨිමලවිරහිතත‍්තා සුචි. දුස‍්සීලො හි අත‍්තානං උපහනති, තෙන නාදෙය්‍යවාචො ච භවති සබ්‍යොහාරමානො ඉධ නිච‍්චාතුරො වෙජ‍්ජොව. දුද‍්දිට‍්ඨි පරං උපහනති, නාවස‍්සයො ච භවති වාළගහාකුලො ඉව කමලසණ‍්ඩො. උභයවිපන‍්නො පන සබ‍්බථාපි අනුපාසනීයො භවති ගූථගතමිව ඡවාලාතං ගූථගතො විය ච කණ‍්හසප‍්පො. උභයසම‍්පන‍්නො පන සබ‍්බථාපි උපාසනීයො සෙවිතබ‍්බො ච විඤ‍්ඤූහි, නිරුපද‍්දවො ඉව රතනාකරො, එවං භූතො එවං අමච‍්ඡරො අහීනාචරියමුට‍්ඨි. සුත‍්තසුත‍්තානුලොමආචරියවාදඅත‍්තනොමතිසඞ‍්ඛාතානඤ‍්ච චතුන‍්නං අපරිච‍්චාගී, තෙසං වසෙන බ්‍යාඛ්‍යාතො.

මෙසේ නොසෙල්විය හැකි බැවින් යම්තාක් ආගම-අධිගම සම්පත්තිය වේද, ඒ තාක් ඒ පිළිබඳව කථා කිරීමට හැකි වේ. සංක්‍ෂේප-විස්තර ක්‍රමයන් මගින්, හේතු උදාහරණාදියෙන් අවබෝධ කරවීමට සමත් වේ. මෙසේ වූ බව දත් කල තමා මෙන්ම මෙරමාද පිරිසිදු කරවීමට සමත් බැවින් දුසිල්-මිසදිටු මල-විරහිතතාව ඇති වේ. (දුසිල්, මිසදිටු යන) දෙදෙනා අතරින්ද, දුස්සීලයා වනාහි තෙමේම නැසේ. එහෙයින් නොපිළිගත හැකි වචන ඇති හේ තෙමේ, වස්ත්‍ර ආහාර නැතිව හැසිරෙනුයේ, මව් දෙන වෙත යාමට ආශාවෙන් පෙළෙන වස්සකු මෙන් වේ. මිථ්‍යාදෘෂ්ටි ගත්තේද තෙමේම නැසේ. ඇසුරු කළවුන් විසින් ද දුරුකරනු ලැබේ. සර්ප ගුහාවලින් ගැවසි පියුම් ලැහැබක් මෙනි. දෙ අතින්ම විනාශයට පත්වූයේ වනාහි සර්වප්‍රකාරයෙන්ම ඇසුරු නොකළ යුත්තේය. අසූචි මත තිබෙන සොහොන් පෙනෙල්ලක්ද, අසූචි මත සිටි කෘෂ්ණ සර්පයකු ද සෙයිනි. (සිල්වත් බවින් මෙන්ම සම්‍යග් දෘෂ්ටික බවින්) යන දෙ අතින්ම සම්පත්තියට (හෙවත් සමෘද්ධභාවයට පත් වූයේ වනාහි සර්වප්‍රකාරයෙන්ම ඇසුරු කළ යුත්තේය. නුවණැත්තන් විසින් සේවනය කළ යුත්තේය. උපද්‍රව රහිත රුවන් ආකරයක් සෙයිනි. මෙසේ වූයේම, දරු (හෝ ශිෂ්‍ය) පරම්පරාවෙන් පවත්වාගෙන ආ යුතු ගුරුමුෂ්ටි, සූත්‍ර සූත්‍රානුලෝම, ආචාර්යවාද, අත්තනෝමති සංඛ්‍යාත චාරිත්‍රයන් අත් නොහරිනුයේ (කඩ නොකරනුයේ) ඒ චාරිත්‍රයන්ට අනුව විස්තර කරන ලද්දේ වේ.

“එකංසවචනං එකං, විභජ‍්ජවචනං පදං; තතියං පටිපුච‍්ඡෙය්‍ය, චතුත්‍ථං පන ඨාපයෙ”ති.

එකංස වචනං එකං විභජ්ජවචනං පදං, තතියං පටිපුච්ඡෙය්‍ය චතුත්‍ථං පන ඨාපයෙ’ති

ඒකාන්ත වශයෙන් කියන වචනය එකෙකි. විග්‍රහකොට කියන වචනය (දෙවන) පදයයි. තුන්වන වචනය අනුව ප්‍රතිප්‍රශ්න විචාරන්නේය. සතරවැන්න අනුව (කියන ලද දෙය) ස්ථාපනය කරන්නේය. (තහවුරු කළ යුත්තේය) යන,

එතෙසං වා අපරිච‍්චාගී. තතො එව සොතූනං හිතෙ නියුත‍්තත‍්තා නෙසං අවබොධනං පති අකිලාසු භවතීති. ආහ චෙත්‍ථ –

මේ චාරිත්‍ර ධර්මයන් හෝ නොහරින්නේයි. එහෙයින්ම ඵල-හේතූන් පිළිබඳ සිත සාධනයෙහි නියුතු වූ හෙයිනි. එහෙයින්ම මේ ධර්මයන් අවබෝධ කිරීමෙහිලා අනලස් (උත්සුක) වෙති’යි (යන අර්ථයි.) මෙහිලා මෙසේද කීහු :-

“පාඨත්‍ථවිදසංහීරො, වත‍්තා සුචි අමච‍්ඡරො; චතුන‍්නං අපරිච‍්චාගී, දෙසකස‍්ස හිතාන්‍විතො”ති.

පාඨත්‍ථවිද සංහීරො වත්තා සුචි අමච්ඡරො, චතුන්නං අපරිච්චාගී දෙසතස්ස හිතත්‍විතො

පාඨාර්ථයන් මැනවින් දත්, අචල ස්වභාව ඇති, අර්ථවත් කථා ඇති, පිරිසිදු චරිත ඇති, නොමසුරු වූ (ඉහත කී) චතුර් ධර්මයන් අත් නොහරිනුයේ හිත කැමැති දේශකයෙක් වන්නේය.

එත්‍ථ දෙසකස‍්සාති දෙසකො අස‍්ස, භවෙය්‍යාති අත්‍ථො. හිතාන්‍විතොති හිතෙ අනුගතො හිතචිත‍්තො. සො එසො සුචිත‍්තා පියො, චතුන‍්නං අපරිච‍්චාගිත‍්තා ගරු, අසංහීරත‍්තා භාවනීයො, දෙසකත‍්තා වත‍්තා, හිතාන්‍විතත‍්තා වචනක‍්ඛමො, පාඨත්‍ථවිදත‍්තා ගම‍්භීරකථං කත‍්තා, අමච‍්ඡරත‍්තා න චාට‍්ඨානෙ නියොජකො ඉති –

මෙහි, ‘දෙසකස්ස’ යනු, දෙසකො අස්ස = භවෙය්‍ය, දේශකයෙක් වන්නේය යන අර්ථයි. ‘හිතන්‍විතො’ හිතසුව අනුව ගියේ, හිත කැමැති සිත් ඇත්තේයි. ඒ මේ හිත සිත් ඇති ආචාර්ය තෙමේ (දේශක තෙමේ) ශිෂ්‍යයා කෙරෙහි (ඉහත කී) චතුර් ධර්මයන් අත් නොහරින හෙයින් අචල ස්වභාවයෙන් සම්භාවනීය බවට පත් වූයේ, හිත සිත් ඇති හෙයින් වචනයෙහි දක්ෂ වුයේ, පාඨාර්ථයන් දත් හෙයින් ගැඹුරු ලෙස කථා කරනුයේ, මසුරු නොවන හෙයින් නිසි තැන්හි (ශිෂ්‍යයා) යොදවන්නේ ය’යි මෙසේ,

“පියො ගරු භාවනීයො, වත‍්තා ච වචනක‍්ඛමො; ගම‍්භීරඤ‍්ච කථං කත‍්තා, නො චාට‍්ඨානෙ නියොජකො”ති. (අ· නි· 7.37; නෙත‍්ති· 113);

පියො ච ගරු භාවනීයො වත්තා ච වචනක්ඛමො, ගම්භීරඤ්ච කථං කත්තා නො චට්ඨානෙ නියොජකො’ති

‘ප්‍රියමනාප වූ, ගෞරවාර්හ වූ, අර්ථවත් කථා කියන, වචනයෙහි දක්‍ෂ, ගැඹුරු ලෙස කථා කරන ගුරුවර තෙමේ (ශිෂ්‍යයා) නොනිසි තන්හි නොයොදවන්නේ වේ’ යනුවෙන්,

“අභිහිතො දෙසකො සො, තාව දානි අභිධීයතෙ”.

[missing trans]

තත්‍ථ ධම‍්මගරුත‍්තා කථං න පරිභවති, ආචරියගරුත‍්තා කථිකං න පරිභවති, සද‍්ධාපඤ‍්ඤාදිගුණපටිමණ‍්ඩිතත‍්තා අත‍්තානං න පරිභවති, අසඨාමායාවිත‍්තා අමතාභිමුඛත‍්තා ච අවික‍්ඛිත‍්තචිත‍්තො භවති, සුමෙධත‍්තා යොනිසො මනසි කරොතීති. වුත‍්තඤ‍්හෙතං –

පසසන ලද දේශක (ආචාර්ය) තෙමේ ශ්‍රාවකයකු (ශිෂ්‍යයකු වශයෙන් හුදෙක් පදයන් අධ්‍යයනය කරන්නෙක් නොවේ. (ඉහත සඳහන් වතුර්ධර්මයන් කෙරෙහි ගරුසරු ඇති හෙයිනි. කථාවට (දේශනාවට) පරිභව නොකරයි. ආචාර්යවරයා කෙරෙහි ගරුසරු ඇති හෙයිනි. දෙසන ලද්දට (ධර්මයට) පරිභව නොකරයි. ශ්‍රද්ධා, ප්‍රඥාදී ගුණයෙන් උපලක්‍ෂිත වූ හෙයිනි. තමාට පරිභව නොකරයි. කපටි මායා ස්වභාව නැති හෙයිනි. නිවනට යොමු වූ හෙයින් නොවිසුරුණ සිත් ඇත්තේ වේ. ඉතා නුවණැති බැවින් නුවණින් මෙනෙහි කරයි. කියන ලද මැයි භාග්‍යවතුන් වහන්සේ විසින්;

“පඤ‍්චහි, භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො සුණන‍්තො සද‍්ධම‍්මං භබ‍්බො නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං. කතමෙහි පඤ‍්චහි? න කථං පරිභොති, න කථිකං පරිභොති, න අත‍්තානං පරිභොති, අවික‍්ඛිත‍්තචිත‍්තො ධම‍්මං සුණාති එකග‍්ගචිත‍්තො, යොනිසො මනසි කරොතී”ති (අ· නි· 5.151).

‘මහණෙනි, අංග පසෙකින් සමන්විත වූ අසන්නා සද්ධර්ම ප්‍රතිපදාවට පත්වීමට, කුසල් දහම්හි ප්‍රීණනයට (සතුටට) පත්වීමට සමත් වේ. කවර අංග පසෙකින්ද යත්, දේශනාවට පරිභව නොකරයි. දෙසන ලද්දට (ධර්මයට) පරිභව නොකරයි. තමාට පරිභව නොකරයි. නොවිසුරුණ සිතින් ධර්මය ශ්‍රවණය කරයි. එකඟ වූ සිතින් නුවණින් මෙනෙහි කරයි.

තංලක‍්ඛණප‍්පත‍්තත‍්තා භාවනං භජතීති. ආහ චෙත්‍ථ –

එම ලක්‍ෂණයනට පත්වූ හෙයින් ඇසුරට සුදුසු වේ. මෙහිලා මෙසේද කීහු :-

“ධම‍්මාචරියගරු සද‍්ධාපඤ‍්ඤාදිගුණමණ‍්ඩිතො; අසඨාමායාවිකස‍්ස, සුමෙධො අමතාභිමුඛො”. –

ධම්මාචරිය ගරු සද්ධො පඤ්ඤාදිගුණ මණ්ඩිතො, අසඨා මායාවිකසස සුමෙධො අමතාභිමුඛො ඉති වත්තා ච සොතාච

‘ධර්මාචාර්ය ගෞරව ඇති, ශ්‍රද්ධා සම්පන්න, ප්‍රඥාදී ගුණයෙන් හෙබි, කපටි-මායා බවින් තොර, නුවණැත්තේ නිවනට යොමුවන්නේය. දේශක ශ්‍රාවක යන දෙදෙනාම මෙසේ (විය යුතු)ය.

ඉති වත‍්තා ච සොතා ච. එවං වුත‍්තප‍්පකාරං බ්‍යඤ‍්ජනඤ‍්ච අත්‍ථඤ‍්ච දස‍්සෙත්‍වා ඉදානි යො අතිඅග‍්ගං කත්‍වා කථිතත‍්තා මහාසමුද‍්දමහාපථවී විය මහා ච සො නිද‍්දෙසො චාති මහානිද‍්දෙසො, තං මහානිද‍්දෙසං වණ‍්ණයිස‍්සාමි.

කියන ලද ආකාරයෙන් මෙසේ බ්‍යඤ්ජනයද, අර්ථයද දක්වා ඉක්බිති, විශේෂ කොට කියන ලද හෙයින් ‘මහා සමුද්ද, මහාපඨවි’ (මහ මුහුද, මහ පොළොව) යනුවෙන් ‘මහා ච සො නිද්දෙසො චාති, මහා නිද්දෙසො’ (මහා වූයේ ද එම නිද්දේස වූයේ ද, මහා නිද්දේසයයි.) යනුවෙන් යමෙක් කියාද, ඒ මහා නිද්දේසය වර්ණනා කරන්නෙමි.

‘ආයස්මතා සාරිපුත්තත්‍ථෙරෙන භාසිතං තදෙතං මහානිද්දෙසං සුත්‍වා ආයස්මා ආනන්‍දත්‍ථෙරො පඨම මහා සංගීතිකාලෙ යථාසුතමෙව සංගහං ආරොපෙසි’ (ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් කියන ලද ඒ මේ මහා නිද්දේසය අසා ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ප්‍රථම මහා සංගායනාවස්ථාවෙහිදී අසන ලද පරිද්දෙන්ම සංග්‍රහයට නැගූහ)යි යනු සම්බන්ධයයි.

තදෙතං මහානිද‍්දෙසං අත්‍ථසම‍්පන‍්නං බ්‍යඤ‍්ජනසම‍්පන‍්නං ගම‍්භීරං ගම‍්භීරත්‍ථං ලොකුත‍්තරප‍්පකාසකං සුඤ‍්ඤතප‍්පටිසංයුත‍්තං පටිපත‍්තිමග‍්ගඵලවිසෙසසාධනං පටිපත‍්තිපටිපක‍්ඛපටිසෙධනං යොගාවචරානං ඤාණවරරතනාකරභූතං ධම‍්මකථිකානං ධම‍්මකථාවිලාසවිසෙසහෙතුභූතං සංසාරභීරුකානං දුක‍්ඛනිස‍්සරණතදුපායදස‍්සනෙන අස‍්සාසජනනත්‍ථං තප‍්පටිපක‍්ඛනාසනත්‍ථඤ‍්ච ගම‍්භීරත්‍ථානඤ‍්ච අනෙකෙසං සුත‍්තන‍්තපදානං අත්‍ථවිවරණෙන සුජනහදයපරිතොසජනනත්‍ථං, තථාගතෙන අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන සබ‍්බත්‍ථ අප‍්පටිහතසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණමහාදීපොභාසෙන සකලජනවිත්‍ථතමහාකරුණාසිනෙහෙන වෙනෙය්‍යජනහදයගතකිලෙසන්‍ධකාරවිධමනත්‍ථං සමුජ‍්ජලිතස‍්ස සද‍්ධම‍්මමහාපදීපස‍්ස තදධිප‍්පායවිකාසනසිනෙහපරිසෙකෙන පඤ‍්චවස‍්සසහස‍්සමතිචිරසමුජ‍්ජලනමිච‍්ඡතා ලොකානුකම‍්පකෙන සත්‍ථුකප‍්පෙන ධම‍්මරාජස‍්ස ධම‍්මසෙනාපතිනා ආයස‍්මතා සාරිපුත‍්තත්‍ථෙරෙන භාසිතං සුත්‍වා ආයස‍්මා ආනන්‍දො පඨමමහාසඞ‍්ගීතිකාලෙ යථාසුතමෙව සඞ‍්ගහං ආරොපෙසි.

ඒ මහා නිද්දේසය අර්ථ සම්පන්නය. බ්‍යඤ්ජන සම්පන්නය. ගැඹුරුය. ගැඹුරු අර්ථ ඇත්තේය. ලෝකෝත්තර අර්ථයන් ප්‍රකාශ කරන්නේය. ශුන්‍යතාවෙන් (නිර්වාණ ස්වභාවයෙන්) යුක්තය. ප්‍රතිපත්ති-මාර්ග-ඵල ගුණ විශේෂයන් සාධනය කරන්නේය. ප්‍රතිපත්ති විරෝධ වූ තත්ත්වයන් වලක්වන්නේය. යෝගාවචරයන්ගේ විදර්ශනා ඥානාචාරයට ආකරයක් වූයේය. ධර්මකථිකයන්ගේ ධර්මකථා විලාශය අලංකාර කිරීමට විශේෂ හේතු වූයේය. සසර බිය ඇත්තනට දුකින් මිදීමට අවශ්‍ය උපාය මාර්ගය දැක්වීමෙන් ආශ්වාද ජනනය පිණිස, ප්‍රතිපක්‍ෂ උපාය මාර්ගයන් නසනු පිණිස, ගැඹුරු අරුත් ඇති නොයෙක් සූත්‍රාන්ත පදයන්ගේ අර්ථ විවරණයෙන් නුවණැත්තන්ගේ හදවත්හි සතුට දනවනු පිණිස, තථාගත වූ අර්හත් වූ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින්, සියලු තන්හි නොපැකිලෙන සර්වඥතා ඥාන නමැති මහා ප්‍රදීපයෙහි ආලෝකයෙන්, සියලු සත්ත්වයා වෙත පතළ මහාකරුණා නමැති තෙලින්, වෛනෙය ජනයන්ගේ හදවත්හි කෙළෙස් අඳුරු දුරුකිරීම පිණිස දල්වන ලද සද්ධර්ම ප්‍රදීපයෙහි ඒ අභිප්‍රාය පතුරුවනු සඳහා තෙල් වැගිරවීමෙන් මෙන් පන්දහස් වස් තරම් ඉතා දිගු කලක් (එම සද්ධර්ම ප්‍රදීපය) දැල්වෙනු කැමැති, ලෝකානුකම්පී වූ, ශාස්තෲන් වහන්සේ හා සමකළ හැකි තරම් වූ, ධර්මරාජයන් වහන්සේගේ ධර්මසේනාපති වූ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් කියන ලද (මහා නිද්දේසය) අසා (ධාරණය කොටගෙන) ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ප්‍රථම මහා සංගායනාවස්ථාවෙහිදී අසන ලද පරිදිම සංග්‍රහයට නැගූහ.

සො පනෙස විනයපිටකං සුත‍්තන‍්තපිටකං අභිධම‍්මපිටකන‍්ති තීසු පිටකෙසු සුත‍්තන‍්තපිටකපරියාපන‍්නො, දීඝනිකායො මජ‍්ඣිමනිකායො සංයුත‍්තනිකායො අඞ‍්ගුත‍්තරනිකායො ඛුද‍්දකනිකායොති පඤ‍්චසු මහානිකායෙසු ඛුද‍්දකමහානිකායපරියාපන‍්නො, සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලන‍්ති නවසු සත්‍ථුසාසනඞ‍්ගෙසු යථාසම‍්භවං ගාථඞ‍්ගවෙය්‍යාකරණඞ‍්ගද‍්වයසඞ‍්ගහිතො.

ඒ මේ (මහා නිද්දේසය) වනාහි, විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය යන තුන් පිටකයෙන් සූත්‍ර පිටකයට අයත් වේ. දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකායය යන පංච මහා නිකායයන් අතුරෙන් ඛුද්දක මහා නිකායයට අයත් වේ. සුත්ත, ගෙය්‍ය, වෙයියාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක ජාතක, අබ්භූතධම්ම, වේදල්ලය යන නව සත්‍ථුසාසනාංගයන් අතුරෙන්, සම්භව වූ පරිදි, ගාථා, වෙය්‍යාකරණ යන අංගද්වයය තුළ සංග්‍රහ කරන ලද්දේය.

“ද‍්වාසීති බුද‍්ධතො ගණ‍්හිං, ද‍්වෙසහස‍්සානි භික‍්ඛුතො; චතුරාසීති සහස‍්සානි, යෙ මෙ ධම‍්මා පවත‍්තිනො”ති. (ථෙරගා· 1027) –

ද්වාසීතිං බුද්ධතො ගණ්හිං ද්වෙ සහස්සානි භික්ඛුතො, චතුරාසීති සහස්සානී යෙ මෙ ධම්මා පවත්තිතො

දෙ-අසූ දහසක් බුදුරදුන්ගෙන් ද, දෙදහසක් ධර්මස්කන්ධය භික්‍ෂු, භික්‍ෂුණී උභය සංඝයාගෙන්ද ලබා ගතිමි. මෙසේ යම් ඒ සද්ධර්ම ස්කන්ධයක් වේද, එය පවත්නා පරිදි සුවාසූ දහසක් වේ.’

ධම‍්මභණ‍්ඩාගාරිකත්‍ථෙරෙන පඤ‍්චසු ඨානෙසු එතදග‍්ගං ආරොපිතෙන පටිඤ‍්ඤාතානං චතුරාසීතියා ධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානං භික‍්ඛුතො ගහිතෙසු ද‍්වීසු ධම‍්මක‍්ඛන්‍ධසහස‍්සෙසු අනෙකසතධම‍්මක‍්ඛන්‍ධසඞ‍්ගහිතො. තස‍්ස ද‍්වෙ වග‍්ගා අට‍්ඨකවග‍්ගො පාරායනවග‍්ගො ඛග‍්ගවිසාණසුත‍්තඤ‍්ච, එකෙකස‍්මිං වග‍්ගෙ සොළස සොළස කත්‍වා ඛග‍්ගවිසාණසුත‍්තඤ‍්චාති තෙත‍්තිංස සුත‍්තානි කාමසුත‍්තාදිඛග‍්ගවිසාණසුත‍්තපරියොසානානි . එවං අනෙකධා වවත්‍ථාපිතස‍්ස ඉමස‍්ස මහානිද‍්දෙසස‍්ස අනුපුබ‍්බපදත්‍ථවණ‍්ණනං කරිස‍්සාමි. අයඤ‍්හි මහානිද‍්දෙසො පාඨතො අත්‍ථතො ච උද‍්දිසන‍්තෙන නිද‍්දිසන‍්තෙන ච සක‍්කච‍්චං උද‍්දිසිතබ‍්බො නිද‍්දිසිතබ‍්බො ච, උග‍්ගණ‍්හන‍්තෙනාපි සක‍්කච‍්චං උග‍්ගණ‍්හිතබ‍්බො ධාරෙතබ‍්බො ච. තං කිස‍්ස හෙතු? ගම‍්භීරත‍්තා ඉමස‍්ස මහානිද‍්දෙසස‍්ස ලොකහිතාය ලොකෙ චිරට‍්ඨිතත්‍ථන‍්ති.

කරුණු පහක් පිළිබඳව අග තන්හි තබනු ලැබූ ධර්ම භාණ්ඩාගාරික තෙරුන් විසින් අනුමත කරන ලද සුවාසූ දහසක් ධර්ම ස්කන්ධයන් අතුරෙන් භික්‍ෂූන්ගෙන් ගන්නා ලද දෙදහසක් වූ ධර්මස්කන්ධයන් තුළ නොයෙක් සිය ගණන් ධර්මස්කන්ධයන් සංග්‍රහ කරනු ලැබ ඇත. (ඔවුනතුරෙන්) ඒ මහා නිද්දේසයට අට්ඨක වග්ග, පාරායනිකවග්ග යන වර්ග දෙකද, ඛග්ගවිසාණ සූත්‍රයද අයත් වේ. එක් එක් වර්ගයෙහි සොළොසක් සොළොසක් බැගින් (සූත්‍ර දෙතිසක්) ද, ඛග්ගවිසාණ සූත්‍රයද සමග, කාමසූත්‍රයෙන් පටන්ගෙන ඛග්ගවිසාණ සූත්‍රයෙන් අවසන් වන තෙතිසක් සූත්‍රයෝ වෙති. මෙසේ නන් අයුරින් ව්‍යවස්ථාපනය කරන ලද මේ මහා නිද්දේසයේ පදාර්ථ වර්ණනාව අනුපිළිවෙළින් කරන්නෙමි. මේ මහා නිද්දේසය පාඨ වශයෙන්ද අර්ථ වශයෙන්ද (මතු ඡේදයෙහි දැක්වෙන පරිදි) උද්දේස කරන්නහුද, නිද්දේස කරන්නහුද විසින් මැනවින් උද්දේසද, නිද්දේසද කළ යුතුය. උගන්නහු විසින් ද සකසා ඉගැනීමද ධාරණයද කළයුතුය. කවර හෙයින්ද? මේ මහා නිද්දේසය ගැඹුරු හෙයින් හා ලොවට හිතසුව පිණිස එය බොහෝකලක් ලෝකයෙහි පවතිනු පිණිසද වේ.

අට‍්ඨකවග‍්ගො