1 - 1 අට්ඨකථා
1 - 1
1 - 1
තත්ථ කාමසුත්තං ආදි. තස්මිම්පි “කාමං කාමයමානස්සා”ති ගාථා ආදි. සා උද්දෙසනිද්දෙසපටිනිද්දෙසවසෙන තිධා ඨිතා. “කාමං කාමයමානස්සා”ති එවමාදි උද්දෙසො. “කාමාති උද්දානතො ද්වෙ කාමා – වත්ථුකාමා ච කිලෙසකාමා චා”ති නිද්දෙසො. “කතමෙ වත්ථුකාමා? මනාපිකා රූපා”ති එවමාදි පටිනිද්දෙසො.
එහි මුල් සූත්‍රය කාමසූත්රයයි. එහිද මුල් ගාථාව කාමං කාමයමානස්ස යනුයි. එය (ඒ ගාථාව) උද්දේස, නිද්දේස වශයෙන් තුන් අයුරෙකින් සිටියේය. කාමං කාමය මානස්ස යන මේ ආදිය උද්දේසයි. ‘කාමා’ ති උද්දානතො ද්වෙ කාමා, වත්ථුකාමො කිලෙසකාමොච යනුවෙන් (වෙසෙසා) දැක්වීම නිද්දේසයි. කතමෙ වත්ථුකාමා, මනාපිකා රූපා යන මේ ආදිය පටිනිද්දෙසයි.
තත්ථ කාමන්ති මනාපියරූපාදිතෙභූමකධම්මසඞ්ඛාතං වත්ථුකාමං. කාමයමානස්සාති ඉච්ඡමානස්ස. තස්ස චෙතං සමිජ්ඣතීති තස්ස කාමයමානස්ස සත්තස්ස තං කාමසඞ්ඛාතං වත්ථු සමිජ්ඣති චෙ, සචෙ සො තං ලභතීති වුත්තං හොති. අද්ධා පීතිමනො හොතීති එකංසං තුට්ඨචිත්තො හොති. ලද්ධාති ලභිත්වා. මච්චොති සත්තො. යදිච්ඡතීති යං ඉච්ඡති. ඉදං පන සඞ්ඛෙපතො පදත්ථසම්බන්ධමත්තමෙව, විත්ථාරො පන උපරි පාළියං ආගතනයෙනෙව වෙදිතබ්බො. යථා ච ඉමස්මිං, එවං ඉතො පරං සබ්බෙසුපීති.
එහි කාමං මනාප වූ ප්රියරූපාදී ත්‍රෛභූමක ධර්ම නම් වූ වස්තු කාමයයි. කාමයමානස්ස යනු, කැමැති වන්නහුටයි. තස්ස චෙ තං සමිජ්ඣති යනු, ඒ කැමතිවන සත්ත්වයා හට, ඉදින් ඒ කැමතිවන කාම සංඛ්‍යාත වස්තුව සමෘද්ධ වේ නම්, ‘ඉදින් ඔහු එය ලබතොත්” යයි කී නිසයි. අද්ධා පීති මනො හොති යනු ඒකාන්තයෙන් සතුටු සිත් ඇත්තෙක් වේ. ලද්ධා යනු ලැබ, මච්චො යනු ඒ සත්ත්වයායි. ‘යදිච්ඡති’ යමක් කැමැති වෙතොත් එයයි. මේ වනාහි සංක්ෂේප වශයෙන් පදාර්ථයන් දැක්වීම පමණෙකි. විස්තරය වනාහි පෙළෙහි (මහා නිද්දේස පාළියෙහි) ආ නයින්ම දතයුතුය. මෙහි යම් සේද, මින්මතු සියලු තන්හි එසේය.
කාමාති උද්දිසිතබ්බපදං. උද්දානතොති නිද්දිසිතබ්බපදං. උද්දානතොති වග්ගවසෙන “මච්ඡුද්දානං කිනෙය්යා”ති ආදීසු විය. අථ වා උපරූපරි දානතො උද්දානං, උද්ධං උද්ධං සොධනතො බ්යවදානට්ඨෙන වොදානං විය. විත්ථාරකරණභාවෙන වා. කාමා ඉති පාඨසෙසං කත්වා වත්තබ්බං. ද්වෙති ගණනපරිච්ඡෙදො , න එකං, න තයො. වත්ථුකාමා චාති මනාපියරූපාදිවත්ථුකාමා ච. උපතාපනට්ඨෙන විබාධනට්ඨෙන ච කිලෙසකාමා ච. තෙසු වත්ථුකාමො පරිඤ්ඤෙය්යො, කිලෙසකාමො පහාතබ්බො. තත්ථ වත්ථුකාමො කිලෙසකාමෙන පත්ථයිතබ්බොති කාමීයතීති කාමො. කිලෙසකාමො වත්ථුකාමානං පච්චාසීසනස්ස කාරණභාවෙන කාමීයතෙ අනෙනාති කාමො. තත්ථ රූපාදික්ඛන්ධෙ සඞ්ගහිතො වත්ථුකාමො, සඞ්ඛාරක්ඛන්ධෙ සඞ්ගහිතො කිලෙසකාමො. ඡහි විඤ්ඤාණෙහි විජානිතබ්බො වත්ථුකාමො, මනොවිඤ්ඤාණෙන ජානිතබ්බො කිලෙසකාමො. කිලෙසානං පතිට්ඨට්ඨෙන කාරණට්ඨෙන ආරම්මණට්ඨෙන ච වත්ථුකාමො.
‘කාමා’ යනු මතුකොට දැක්විය යුතු පදයයි. ‘උද්දානතො’ යනු, වර්ග වශයෙන් නැවත ගැනීමයි. ‘කිණෙය්ය’ (තෝරා) මිලට ගන්නේය) යන ආදියෙහි මෙන් නැතහොත්, මතු මත්තෙහිත් දැක්වීම් වශයෙන් විස්තර කිරීමයි. මතු මත්තෙහිද සේදීමෙන් පිරිසිදු කිරීමේ අර්ථයෙන් ‘වොදාන’ යන වචනය මෙනි. විස්තර කරන බැවින් හෝ ‘කාමා’ යන පදය වෙන්කොට දැක්විය යුතුය. ද්වෙ යනු, සංඛ්‍යාව දෙක යයි පිරිසිඳ දැක්වීමයි. එකක් හෝ තුනක් නොවෙති’යි යනුවෙනි. වත්ථුකාමාච යනු ප්‍රියමනාප රූපාදී වූ වස්තු කාමයෝ ද, තැවීම් අරුතින් හා බාධා කිරීම් අරුතින් ද ක්ලේශ කාමයෝද ගැනෙති. ඔවුන් (වස්තුකාම ක්ලේශකාමයන්) අතරෙන් වස්තු කාමය පිරිසිඳ දතයුතුය. ක්ලේශකාමය පහකළ යුතුය. එහි වස්තුකාමය ක්ලේශකාමය මගින් පැතිය යුත්තේ නුයි, පතනු ලබන්නේ නුයි ‘කාම’ නම් වේ. ක්ලේශකාමය වස්තුකාමයන් පිළිබඳ අපේක්ෂාවනට හේතුවන බැවින්, මෙය (ක්ලේශ කාමය) හේතු කොටගෙන පතනු ලැබේනුයි ‘කාම’ නම් වේ. එහි රූපාදී වූ ස්කන්ධය තුළ සංගෘහීත වූයේ වස්තු කාමයයි. සංඛාර ස්කන්ධය තුළ සංගෘහීත වූයේ ක්ලේශකාමයයි. (චක්ඛු විඤ්ඤාණ ආදී) ෂඩ් විඥානයන් මගින් දතයුත්තේ වස්තු කාමයයි. හුදෙක් මනෝ විඤ්ඤාණයෙන් දතයුත්තේ ක්ලේශ කාමයයි. කෙලෙසුනට පිහිට ආධාර වෙතැ’යි හේතු වෙතැ’යි යන අරුතින්ද වස්තුකාම නම් වේ.
“නෙතෙ කාමා යානි චිත්‍රානි ලොකෙ, සඞ්කප්පරාගො පුරිසස්ස කාමො; තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ, අථෙත්ථ ධීරා විනයන්ති ඡන්ද”න්ති. (අ· නි· 6.63);
න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ සංකප්පරාගො පුරිසස්ස කාමො, තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං’ති
ලොව යම් විසිතුරු කාමයෝ වෙත්ද, ඔව්හු කාමයෝ නොවෙති. පුරුෂයාගේ සංකල්ප රාගයම කාමය වේ. ලොව විසිතුරු වස්තූහු එසේම පවතිත්. මෙහි (ඒ බව දත්) නුවණැත්තෝ වස්තූන් කෙරෙහි ඇතිවන ආශාව හික්මවා ගනිති.
නන්‍දමාණවක- (ධ· ප· අට්ඨ· 1.68 උප්පලවණ්ණත්ථෙරීවත්ථු) සොරෙය්යසෙට්ඨිපුත්තාදීනං (ධ· ප· 43) වත්ථූනි චෙත්ථ නිදස්සනං. කිලෙසකාමො තාපනට්ඨෙන බාධනට්ඨෙන ච සයං කාමෙතීති කාමො. වුත්තම්පි චෙතං “රත්තො ඛො, බ්‍රාහ්මණ, රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙතී”ති ච “රත්තො ඛො, බ්‍රාහ්මණ, පාණම්පි හනති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණතී”ති (අ· නි· 3.54) ච එවමාදි නිදස්සනං.
නන්ද මානවක සෝරෙය්‍ය සිටු පුත් ආදීන්ගේ කථා වස්තු මෙහිලා නිදර්ශන වේ. ක්ලේශ කාමයෝ තැවීම් අරුතින් ද, බාධා කිරීමේ අරුතින්ද, තුමූම කැමැති වෙත්නුයි ‘කාම’ නම් වේ. කියන ලදමැයි. ‘බ්‍රාහ්මණය, රාගයට හසු වූයේ, රාගයෙන් මඩනා ලද්දේ තමාට දුක් පිණිස සිතයි. -පෙ- දෙපිරිසේම දුක් පිණිස සිතයි’ යනු ද, බ්‍රාහ්මණය, රාගයට ගොදුරු වූයේ පර පණද නසයි. නුදුන් දෙයද ගනියි. පරඹුවන් කරාද යෙයි. බොරුද කියයි’ යනුද නිදර්ශන වේ. එයම පටිනිද්දේස වශයෙන් විස්තර කොට කියනු කැමැතිව කතමෙ වත්ථුකාමා යන ආදිය කීහු. එහි ‘කතමෙ’ යනු, (තමාම) කියනු කැමැතිව ප්‍රශ්න කිරීම (කථෙතු කම්‍යතා පුච්ඡා) යි. පුච්ඡාව (ප්‍රශ්න කිරීම) පස්වැදෑරුම් වේ. ඒ පිළිබඳ විභාගය පෙළෙහිම මතු විස්තර වශයෙන් දැක්වේ. ඒ (පස්වැදෑරුම්) පුච්ඡාවන් අතුරෙන් මෙය කථෙතුකම්‍යතා පුච්ඡා’යි.
තමෙව පටිනිද්දෙසවසෙන විත්ථාරෙත්වා වත්තුකාමො – “කතමෙ වත්ථුකාමා”තිආදිමාහ. තත්ථ කතමෙති කථෙතුකම්යතාපුච්ඡා. පඤ්චවිධා හි පුච්ඡා, තාසං විභාගො උපරි පාළියංයෙව ආවි භවිස්සති. තාසු අයං කථෙතුකම්යතාපුච්ඡා. තත්ථ මනාපිකාති මනං අප්පායන්ති වද්ධෙන්තීති මනාපා, මනාපා එව මනාපිකා. රූපාති කම්මචිත්තඋතුආහාරසමුට්ඨානවසෙන චතුසමුට්ඨානිකා රූපාරම්මණා. රූපයන්තීති රූපා, වණ්ණවිකාරං ආපජ්ජමානා හදයඞ්ගතභාවං පකාසෙන්තීති අත්ථො.
එහි මනාපිකා යනු, මන පිනවති’යි, මන වඩති’යි යන අරුතින් ‘මනාප’ නමි. මනාප වූයේම (තදර්ථ තද්ධිත) ‘මනාපික’ වේ. රූපා යනු කම්ම, චිත්ත, උතු, ආහාර යන මොවුන්ගෙන් හටගැනීම් වශයෙන් ඇතිවන චතු සමුට්ඨානික රූපාරම්මණයෝයි. රූපයන්තී’ති, රූපා-රූපණය වෙති’යි ‘රූප’ නමි. වර්ණ විකාරයට පත්වෙමින් හදවත කරා ළඟා වන බව පවසති’යි යන අර්ථයි. එහි, කවර අරුතෙකින් ‘රූප’ නම් වේද, විනාශ වෙතැ’යි යන අරුතෙනි.
තත්ථ කෙනට්ඨෙන රූපන්ති? රුප්පනට්ඨෙන. වුත්තඤ්හෙතං භගවතා –
වදාරන ලදමැයි භාග්‍යවතුන් වහන්සේ විසින්;
“කිඤ්ච, භික්ඛවෙ, රූපං වදෙථ? රුප්පතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘රූප’න්ති වුච්චති. කෙන රුප්පති? සීතෙනපි රුප්පති, උණ්හෙනපි රුප්පති, ජිඝච්ඡායපි රුප්පති, පිපාසායපි රුප්පති, ඩංසමකසවාතාතපසරීසපසම්ඵස්සෙනපි රුප්පති. රුප්පතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘රූප’න්ති වුච්චතී”ති (සං· නි· 3.79).
‘මහණෙනි, ‘රූප’ යනු කුමකැ’යි කියහුද? මහණෙනි, විනාශ වෙති’යි යන අරුතින් ‘රූප’ යයි කියනු ලැබේ. එය කුමකින් විනාශ වේද? සීතලෙන් විනාශ වේ. උණුසුමින් විනාශ වේ. සාගින්නෙන් විනාශ වේ. පිපාසයෙන් විනාශ වේ. මැසි, මදුරු, අවු, සුළං, සර්ප ස්පර්ශ ආදියෙන් ද විනාශ වේ යන අරුතින්, ‘මහණෙනි, ‘රූප’ යයි කියනු ලැබේ.
තත්ථ රුප්පතීති කුප්පති ඝට්ටීයති පීළීයති, භිජ්ජතීති අත්ථො. සීතෙන තාව රුප්පනං ලොකන්තරිකනිරයෙ පාකටං. මහිංසකරට්ඨාදීසුපි හිමපාතසීතලෙසු පදෙසෙසු එතං පාකටමෙව. තත්ථ හි සත්තා සීතෙන භින්නඡින්නසරීරා ජීවිතක්ඛයම්පි පාපුණන්ති.
එහි, ‘රුප්පති’ යනු, ඇවිසෙති’යි, ගැටෙති’යි, පෙළෙති’යි, බිඳෙති’යි යන අර්ථයි. ශීතයෙන් විනාශවීම ලෝකාන්තරික නරකයෙහි ප්‍රකට වේ. මහංස රට ආදී හිම වැටෙන ශීත ප්රදේශයන්හිද එය ප්‍රකට වේමය. එහි ජීවත්වන සත්ත්වයෝ ශීතයෙන් පෙළුණ ශරීර ඇතිව ජීවිතක්ෂයට පවා පැමිණෙති.
උණ්හෙන රුප්පනං අවීචිමහානිරයෙ පාකටං. තත්ථ හි තත්තාය ලොහපථවියා නිපජ්ජාපෙත්වා පඤ්චවිධබන්ධනාදිකරණකාලෙ සත්තා මහාදුක්ඛං අනුභවන්ති.
උෂ්ණයෙන් විනාශ වීම අවීචි මහා නිරයෙහි ප්‍රකට වේ. එහි රත් වූ ලෝහමය පොළොව මත හොවා පංචවිධ වධ බන්ධනයන් කරන කල සත්ත්වයෝ මහ දුක් විඳිති.
ජිඝච්ඡාය රුප්පනං පෙත්තිවිසයෙ චෙව දුබ්භික්ඛකාලෙ ච පාකටං. පෙත්තිවිසයස්මිඤ්හි සත්තා ද්වෙ තීණි බුද්ධන්තරානි කිඤ්චිදෙව ආමිසං හත්ථෙන ගහෙත්වා මුඛෙ පක්ඛිපන්තා නාම න හොන්ති, අන්තොඋදරං ආදිත්තසුසිරරුක්ඛො විය හොති. දුබ්භික්ඛෙ කඤ්ජිකමත්තම්පි අලභිත්වා මරණසත්තානං පමාණං නත්ථි.
සාගින්නෙන් වන විනාශය ප්‍රේත ලෝකයෙහි මෙන්ම දුර්භික්ෂ කාලයෙහිද ප්‍රකට වේ. ප්‍රේත ලෝකයෙහි සත්ත්වයෝ බුද්ධාන්තර දෙක තුනක් කිසිම ආහාරයක් අතින් ගෙන මුවෙහි බහාලන්නාහු නම් නොවෙති. උදරය ඇතුළත ගිනිගත් සිදුරු සහිත ගසක් මෙන් දැවේ. දුර්භික්ෂ කාලයෙහිදී කැඳිත්තක් පමණකුදු නොලැබ මරණයට පත් වන්නන්ගේ ප්‍රමාණයක් නැත.
පිපාසාය රුප්පනං කාලකඤ්ජිකාදීසු පාකටං. තත්ථ හි සත්තා ද්වෙ තීණි බුද්ධන්තරානි හදයතෙමනමත්තං වා ජිව්හාතෙමනමත්තං වා උදකබින්දුම්පි ලද්ධුං න සක්කොන්ති. “පානීයං පිවිස්සාමා”ති නදිං ගතානං ජලං වාලුකාතලං සම්පජ්ජති. මහාසමුද්දං පක්ඛන්තානම්පි සමුද්දො පිට්ඨිපාසාණොයෙව හොති. තෙ සුස්සන්තා බලවදුක්ඛපීළිතා විරවන්ති. ඩංසාදීහි රුප්පනං ඩංසමක්ඛිකාදිබහුලෙසු පදෙසෙසු පාකටං. තං පන – “කතමං තං රූපං සනිදස්සනං? සප්පටිඝ”න්ති ආදිනා නයෙන අභිධම්මෙ (ධ· ස· 656, 658) විත්ථාරිතමෙව.
පිපාසයෙන් වන විනාශය කාලකංජ ආදී ලෝකයන්හි ප්‍රකට වේ. එහි වනාහි සත්ත්වයෝ බුද්ධාන්තර දෙක තුනක් මුළුල්ලෙහි හදවත තෙමන පමණකුදු, දිව තෙමන පමණකුදු පැන්පොදක් ලැබීමට නොහැකි වෙති. පැන් බොන්නමු’යි ගඟට බටවුනට ගඟෙහි වැලිතලාවම මතුවී එයි. මහ මුහුදට පනිනවුනට පවා මහ මුහුද මතුපිට පාෂාණයක්ම (ගල්තලාවක්ම) වේ. ඔව්හු මෙසේ වියලෙන්නාහු බලවත් දුකින් පෙළෙමින් හඬති. මැසිමදුරු ආදීන්ගෙන් විනාශවීම මැසිමදුරුවන් බහුල ප්‍රදේශයන්හි ප්රකටය. එය වනාහි, ‘කතමං තං රූපං, සනිදස්සනං සප්පටිසං’ (නිදර්ශන සහිත වූ, ප්‍රතිඝ සහිත වූ ඒ රූපය කවරේද) යන ආදී වශයෙන් අභිධර්මයෙහි විස්තර කරන ලද්දේමය.
සප්පන්තීති සද්දා, උදාහරීයන්තීති අත්ථො. උතුචිත්තවසෙන ද්විසමුට්ඨානිකා සද්දා. ගන්ධයන්තීති ගන්ධා, අත්තනො වත්ථූනි සූචයන්තීති අත්ථො. රසන්ති තෙ සත්තාති රසා, අස්සාදෙන්තීති අත්ථො. ඵුසීයන්තීති ඵොට්ඨබ්බා . එතෙ ගන්ධාදයො චතුසමුට්ඨානිකාව . තෙසං විභාගො අභිධම්මෙ (ධ· ස· 622-624) විත්ථාරිතොයෙව.
ශබ්ද කරනු ලැබෙත්නු’යි සද්දා ශබ්ද නම් වෙති. කියනු ලැබෙතැ’යි යන අර්ථයි. ශබ්දයෝ ඍතු හා චිත්ත වශයෙන් ද්විසමුට්ඨානික වෙති. වහනය කෙරෙති’යි ගන්ධා ගන්ධ නම් වෙති. තමාට අයත් වස්තූන් ප්‍රකාශ කෙරෙති’යි යන අර්ථයි. සත්ත්වයෝ එහි රස විඳිති’යි යන අරුතින් රසා රස නම් වෙති. ආශ්වාදනය කෙරෙති යන අර්ථයි. ස්පර්ශ කරනු ලැබෙත්නුයි. ඵොට්ඨබ්බ ස්පර්ශ නම් වෙති. මෙකී ගන්ධ ආදිය චතු සමුට්ඨානිකම වේ. එහි පිළිවෙල විභාගය අභිධර්මයෙහි විස්තර කරන ලද්දේමය.
තමෙවත්ථං විත්ථාරවසෙන දස්සෙන්තො “අත්ථරණා පාවුරණා”තිආදිමාහ. තත්ථ අත්ථරිත්වා නිපජ්ජියන්තීති අත්ථරණා. සරීරං වෙඨෙත්වා පාරුපීයන්තීති පාවුරණා. අන්තොජාතාදයො චත්තාරො දාසී ච දාසො ච දාසිදාසා. ඛෙත්තං නාම යස්මිං පුබ්බණ්ණං රුහති. වත්ථු නාම යස්මිං අපරණ්ණං රුහති. යත්ථ වා උභයම්පි රුහති, තං ඛෙත්තං. තදත්ථාය කතභූමිභාගො වත්ථු. ඛෙත්තවත්ථුසීසෙන චෙත්ථ වාපීතළාකාදීනිපි සඞ්ගහිතානි. හිරඤ්ඤන්ති කහාපණො. සුවණ්ණන්ති ජාතරූපං. තෙසං ගහණෙන ලොහමාසකො ජතුමාසකො දාරුමාසකොති සබ්බෙපි සඞ්ගහං ගච්ඡන්ති. ගාමනිගමරාජධානියොති එකකුටිකාදි ගාමො. ආපණයුත්තො නිගමො. එකස්ස රඤ්ඤො ආණාපවත්තිට්ඨානං රාජධානී. රට්ඨන්ති ජනපදෙකදෙසං. ජනපදොති කාසිකොසලාදිජනපදො. කොසොති චතුබ්බිධො කොසො – හත්ථී අස්සො රථො පත්ති. කොට්ඨාගාරන්ති තිවිධං කොට්ඨාගාරං – ධනකොට්ඨාගාරං ධඤ්ඤකොට්ඨාගාරං වත්ථකොට්ඨාගාරං. යං කිඤ්චීති අනවසෙසපරියාදානවචනං. රජනීයන්ති රඤ්ජෙතුං යුත්තට්ඨෙන.
එම අර්ථයම විස්තර වශයෙන් දක්වන්නාහු අත්ථරණා, පාපුරණා යන ආදිය කීහු. එහි, අතුරා හොවිති’යි යන අරුතින් අත්ථරණා, ආස්තරණ නම් වෙති. ශරීරය වෙලා පොරොවනු ලැබෙති’යි පාපුරණ ප්රාවරණ නම් වෙති. (තමා සතු ගම් බිම් සීමා) ඇතුළත උපන් (පාරම්පරික) ආදී සතර වර්ගයකට අයත් දාසී දාසා දැසි දස්සෝ මෙහි ‘ඛෙත්ත වත්ථු’ ශීර්ෂයෙන් කෙත්වතු මෙන්ම වැව් තඩාගාදියද ගන්නා ලදි. හිරඤ්ඤං යනු කහවණුය. සුවණ්ණං යනු රන්ය. හිරණ්‍ය ස්වර්ණ යන දෙක ගැනීමෙන් ලොහො මුවා, ලහ මුවා, දැවමුවා ආදී සියලු මසු (කාසි) වර්ග ගැනේ. ගම නිගම රාජධානියෝ යනු, ඒකකුටික (යටත් පිරිසෙයින්) එක් නිවෙසක් හෝ (දෙකක්, තුනක් ආදි වශයෙන්) ඇත්තේ ගමයි. ආපණ (සල්පිල්) සහිත වූයේ නිගම (නියම්ගම්)යි, එක් රජකුගේ ආඥාව පවත්නා ප්‍රදේශ සීමාව රාජධානියයි. රට්ඨං (රට) යනු, ජනපදයෙක එක් කොටසකි. ‘ජනපදො’ (ජනපදය) යනු කාසි, කෝසල ආදී ජනපදයි. කොසො (ක්‍රෝධ) යනු, දුර ප්රමාණයකි. එය සතර වැදෑරුම් වේ. ඇත්, අස්, රිය, පාබල යනුවෙනි. කොට්ඨාගාරං (කෝෂ්ටාගාර) යනු, ධන කෝෂ්ටාගාර, ධාන්‍ය කෝෂ්ටාගාර, වස්ත්‍ර කෝෂ්ටාගාර යන ත්‍රිවිධ කෝෂ්ටාගාරයි. යංකිඤ්චි යනු, කිසිවක් ඉතිරි නොවන සේ, සියල්ල ඇතුළත් කොට දැක්වීමේ වචනයෙකි. රජනීයං යනු, ඇලුම් කළයුතුය යන අරුති.
ඉතො පරං තිකවසෙන දස්සෙතුං අතීතත්තිකඅජ්ඣත්තත්තිකහීනත්තිකඔකාසත්තිකසංයොගත්තිකකාමාවචරත්තිකවසෙන ඡත්තිකෙ ආහ. තත්ථ අතීතත්තිකෙ තාව අත්තනො සභාවං උප්පාදාදික්ඛණං වා පත්වා අතික්කන්තාති අතීතා. තදුභයම්පි න ආගතාති අනාගතා. තං තං කාරණං පටිච්ච උප්පන්නාති පච්චුප්පන්නා. ඉදං භවෙන පරිච්ඡන්නං. පටිසන්ධිතො හි පට්ඨාය අතීතභවෙසු නිබ්බත්තා අනන්තරභවෙ වා නිබ්බත්තා හොන්තු කප්පකොටිසතසහස්සමත්ථකෙ වා, සබ්බෙ අතීතායෙව නාම. චුතිතො පට්ඨාය අනාගතභවෙසු නිබ්බත්තනකා කාමා අනන්තරභවෙ වා නිබ්බත්තන්තු කප්පකොටිසතසහස්සමත්ථකෙ වා, සබ්බෙ අනාගතායෙව නාම. චුතිපටිසන්ධිඅන්තරෙ පවත්තා කාමා පච්චුප්පන්නා නාම.
අනතුරුව, ත්‍රික වශයෙන් (තුනක් තුනක් බැගින්) කාමය වර්ගකොට දක්වනු සඳහා, අතීත තිකය, අජ්ඣත්ත තිකය, හීන තිකය, ඕකාස තිකය, පයෝග තිකය, කාමාවචර තිකයයි ත්‍රික සයක් කීහු. එහි පළමුකොට අතීත තිකයෙහි, තමාගේ ස්වාභාවය උප්පාද (ඉපදීම) ආදී ලක්ෂණයන්ට පමුණුවා ඉක්මගියහ’යි අතීතා අතීත නම් වෙති. (ඉපදීම, ඉක්මයාම යන) දෙකම (මෙතෙක්) නෝ ආහ’යි අනාගතා අනාගත නම් වෙති. ඒ ඒ කාරණය නිසා උපන්හ’යි යන අරුතින් පච්වුප්පන්නා (වර්තමාන) නම් වෙති. මෙය භවයෙන් සීමා වූවෙකි. පිළිසිඳීමේ පටන් අතීත (ඉකුත් වූ) භවයන්හි අවසන්වරට ඉකුත් භවයෙහි හෝ උපන්නාහු වෙත්වයි, කල්ප කෝටි සියදහසක් පෙර උපන්නාහු හෝ වෙත්වයි ඒ සියලු කාමයෝ අතීත නම් ම වෙති. ච්යුතියෙහි පටන් අනාගත භවයන්හි උපදින කාමයෝ, අනතුරුව (මීළඟ) භවයෙහි උපදින කාමයෝ වෙත්වයි, කල්ප කෝටි සියදහසක් මතුයෙහි උපදින කාමයෝ වෙත්වයි, ඒ සියලු කාමයෝ අනාගත නම් ම වෙති. ච්‍යුතිය හා ප්රතිසන්ධිය යන දෙක අතර වූ කාමයෝ පච්චුප්පන්න වර්තමාන නම් වෙති.
අජ්ඣත්තත්තිකෙ “එවං පවත්තමානා මයං අත්තාති ගහණං ගමිස්සාමා”ති ඉමිනා විය අධිප්පායෙන අත්තානං අධිකාරං කත්වා පවත්තා අත්තනො සන්තානෙ පවත්තා පාටිපුග්ගලිකා කාමා අජ්ඣත්තා කාමා නාම. තතො බහිභූතා පන ඉන්ද්රියබද්ධා වා අනින්ද්රියබද්ධා වා බහිද්ධා නාම. තතියපදං තදුභයවසෙන වුත්තං.
අජ්ඣත්ත තිකයෙහි මෙසේ (අතීත, අනාගත, පච්චුප්පන්න වශයෙන්) පවත්නා වූ, ‘අපි ආත්මය’යි යන ග්‍රහණයට යන්නමෝය යන මෙවන් අභිප්‍රායයෙන් මෙන්, තමා අධිකාරී කොට තම සන්තානයෙහි පවත්නා, ඒ ඒ පුද්ගලයාට ආවේණික වූ කාමයෝ අජ්ඣත්තිකා කාමා අභ්‍යන්තර කාම නම් වෙති. එයින් පිටත පවත්නා, ඉන්ද්රියබද්ධ වූ හෝ, ඉන්ද්රියබද්ධ නොවූ හෝ කාමයෝ බහිද්ධා බාහිර වූ කාමයෝය. මෙහි තුන්වන පදය වශයෙන් මේ දෙක්හිම මිශ්‍ර බව අජ්ඣත්ත බහිද්ධා කාමා යන්නෙන් කියන ලදි.
හීනත්තිකෙ හීනාති ලාමකා. මජ්ඣිමාති හීනපණීතානං මජ්ඣෙ භවාති මජ්ඣිමා. අවසෙසා උත්තමට්ඨෙන පණීතා. අපි ච උපාදායුපාදාය හීනමජ්ඣිමපණීතතා වෙදිතබ්බා. නෙරයිකානඤ්හි කාමා කොටිප්පත්තා හීනා නාම. තෙ උපාදාය තිරච්ඡානෙසු නාගසුපණ්ණානං කාමා පණීතා නාම. සෙසතිරච්ඡානගතානං කාමා මජ්ඣිමා නාම. තෙසම්පි කාමා හීනා. තෙ උපාදාය මහෙසක්ඛපෙතානං කාමා පණීතා නාම. අවසෙසානං කාමා මජ්ඣිමා නාම. තෙසම්පි හීනා. තෙ උපාදාය ජානපදානං කාමා පණීතා නාම. පච්චන්තවාසීනං කාමා මජ්ඣිමා නාම. තෙසම්පි හීනා. තෙ උපාදාය ගාමභොජකානං කාමා පණීතා නාම. තෙසං පරිචාරිකානං කාමා මජ්ඣිමා නාම. තෙසම්පි හීනා. තෙ උපාදාය ජනපදසාමිකානං කාමා පණීතා නාම. තෙසං පරිචාරිකානං කාමා මජ්ඣිමා නාම. තෙසම්පි හීනා. තෙ උපාදාය පදෙසරාජූනං කාමා පණීතා නාම. තෙසං අමච්චානං කාමා මජ්ඣිමා නාම. තෙසම්පි හීනා. තෙ උපාදාය චක්කවත්තිරඤ්ඤො කාමා පණීතා නාම. තස්ස අමච්චානං කාමා මජ්ඣිමා නාම. තස්සපි හීනා. තෙ උපාදාය භුම්මදෙවානං කාමා පණීතා නාම. තෙසං පරිචාරිකානං දෙවානං කාමා මජ්ඣිමා නාම. තෙසම්පි හීනා. තෙ උපාදාය චාතුමහාරාජිකානං දෙවානං කාමා පණීතාතිආදිනා නයෙන යාව අකනිට්ඨදෙවානං කාමා මත්ථකප්පත්තා පණීතා නාම. එවං උපාදායුපාදාය හීනමජ්ඣිමපණීතතා වෙදිතබ්බා.
හීනත්තිකයෙහි, හීනා යනු ලාමක වූ කාමයෝය. මජ්ඣිමා යනු හීන-ප්‍රණීත යන දෙක මැද පවතිත්නු’යි මධ්‍යම නම් වෙති. සෙසු කාමයෝ උත්තමාර්ථයෙන් ප්‍රණීතා ප්‍රණීත නම් වෙති. තවද එකිනෙක සංසන්දනය කොට උසස් පහත් බව සැලකීමෙන් හීන, මධ්‍යම, ප්‍රණීත බව දතයුතුය. නිරය වැසි සතුන්ගේ කාමයෝ (පහත්ම) කෙළවරට පැමිණියාහු හීනා හීන නම් වෙති. ඔවුන් හා සමග සසඳන කල තිරිසන් යෝනියෙහි, නාග සුපර්ණාදීන්ගේ කාමයෝ පණිතා නම, ප්රණිත නම් වෙති. සෙසු තිරිසන් සතුන්ගේ කාමයෝ මජ්ඣිමා මධ්‍යම නම් වෙති. එම (නාග සුපර්‍ණයන්ගේ) කාමයෝ ද හීන නම් වෙති. ඔවුන් සමග සසඳන කල මහේශාක්‍ය ප්‍රේතයන්ගේ කාමයෝ පණීත ප්‍රණීත වෙති. සෙසු ප්‍රේතයන්ගේ කාමයෝ මජ්ඣිමා, මධ්‍යම නම් වෙති. ඔවුන්ගේ (මහේශාක්‍ය ප්‍රේතයන්ගේ) කාමයෝ ද හීන වෙති. ඔවුන් හා සමග සසඳන කල ජනපද වැසියන්ගේ කාමයෝ පණීතා, ප්‍රණීත නම් වෙති. පිටුසර වැසියන්ගේ කාමයෝ මජ්ඣිමා මධ්‍යම නම් වෙති. ඔවුන්ගේ (ජනපද වැසියන්ගේ) කාමයෝද හීන වෙති. ඔවුන් හා සසඳන කල ග්‍රාම භෝජකයන්ගේ කාමයෝ පණීත ප්‍රණීත වෙති. ඔවුන්ගේ (ග්‍රාම භෝජකයන්ගේ) සේවකයන්ගේ කාමයෝ මජ්ඣිමා මධ්‍යම නම් වෙති. ඔවුන් (ග්‍රාම භෝජකයා) ද, කාමයෝ හීනා හීන නම් වෙති. ඔවුන් හා සසඳන කල ජනපද ස්වාමීන්ගේ කාමයෝ පණීතා ප්‍රණීත නම් වෙති. ඔවුන්ගේ සේවකයන්ගේ කාමයෝ මජ්ඣිමා, මධ්‍යම නම් වෙති. ඔවුන් (ජනපද ස්වාමීන්)ගේද කාමයෝ හීනා හීන වෙති. ඔවුන් හා සසඳන කල ප්‍රදේශ රජවරුන්ගේ කාමයෝ පණීතා ප්‍රණීත නම් වෙති. ඔවුන්ගේ ඇමතිවරුන්ගේ කාමයෝ මජ්ඣිමා මධ්‍යම නම් වෙති. ඔවුන් (ප්‍රදේශ රජුන්)ගේද කාමයෝ හීනා හීන නම් වෙති. ඔවුන් හා සසඳන කල චක්‍රවර්ති රජවරුන්ගේ කාමයෝ පණීතා ප්‍රණීත නම් වෙති. ඔවුන්ගේ ඇමතිවරුන්ගේ කාමයෝ මජ්ඣිමා, මධ්‍යම නම් වෙති. ඔවුන් (වක්රවර්ති රජුන්) ද කාමයෝ හීනා හීන නම් වෙති. ඔවුන් හා සසඳන කල බුමාටු දෙවියන්ගේ කාමයෝ පණීතා, ප්රණිත නම් වෙති. ඔවුන්ගේ සේවක දෙවියන්ගේ කාමයෝ මජ්ඣිමා, මධ්‍යම නම් වෙති. ඔවුන් (බූමාටු දෙවියන්) ගේද, කාමයෝ හීනා, හීන නම් වෙති. ඔවුන් හා සසඳන කල වාතුර්මහාරාජික දෙවියන්ගේ කාමයෝ පණීතා, ප්‍රණීත නම් වෙති. යන (ආදී වශයෙන් අකනිටා වැසි දෙවියන් කාමයෝ උසස්තම බවට පත්වූවාහු ප්‍රණීත නම් වෙති. මෙසේ ඒ ඒ සත්ත්වයන්ගේ කාමයන් නැවත නැවත සංසන්දනය කිරීමෙන් හීන, මධ්‍යම, ප්‍රණීත කාමයෝ දතයුත්තාහ.
ඔකාසත්තිකෙ ආපායිකා කාමාති අවඩ්ඪිසඞ්ඛාතෙසු අපගතඅයෙසු චතූසු අපායෙසු නිබ්බත්තකාමා ආපායිකා. මනුස්සෙසු නිබ්බත්තකාමා මානුසිකා. දෙවෙසු නිබ්බත්තකාමා දිබ්බා.
ඕකාසතිකයෙහි, ආපායිකා කාමා යනු, ‘අනභිවෘද්ධිය’යි කියනු ලබන, අභ්යුදයෙන් (අභි+උද්+අය) තොර වූ, සිවු අපායෙහි (අප+අය) උපන් කාමයෝ ආපායිකා ආපායික නම් වෙති. මිනිස්ලොවෙහි උපන් කාමයෝ ‘මනුස්ස කාමා’, මනුෂ්යකාම නම් වෙති. දෙවියන් අතර උපන් කාමයෝ දිබ්බා දිව්‍ය නම් වෙති.
සංයොගත්තිකෙ පච්චුපට්ඨිතානං කාමානං පරිභුඤ්ජනතො ඨපෙත්වා නෙරයිකෙ සෙසඅපායසත්තානං මනුස්සානං චාතුමහාරාජිකෙ දෙවෙ උපාදාය යාව තුසිතකායිකානඤ්ච දෙවානං කාමා පච්චුපට්ඨිතා කාමා නාම. පකතිපටියත්තාරම්මණතො අතිරෙකෙන රමිතුකාමතාකාලෙ යථාරුචිතං ආරම්මණං නිම්මිනිත්වා නිම්මිනිත්වා රමන්තීති නිම්මානරතීනං දෙවානං කාමා නිම්මිතා කාමා නාම. අත්තනො අජ්ඣාසයං ඤත්වා පරෙහි නිම්මිතෙ ආරම්මණෙ සෙවන්තීති පරනිම්මිතවසවත්තීනං කාමා පරනිම්මිතා කාමා නාම. පරිග්ගහිතාති “මය්හං එත”න්ති ගහිතා කාමා. අපරිග්ගහිතාති තථා අපරිග්ගහිතා උත්තරකුරුකානං කාමා. මමායිතාති තණ්හාවසෙන “මම එත”න්ති ගහිතා. අමමායිතාති වුත්තපටිපක්ඛා.
පයෝගත්තිකයෙහි, එළඹ සිටි කාමයන් වළඳන හෙයින් නිරය වැසියන් හැර, සෙසු තුන් අපාය වැසි සතුන්ගේද, මනුෂ්යයින්ගේද, චාතුර්මහා රාජිකයෙහි පටන් තුසිත දෙව්ලොව දක්වා වූ දෙවියන්ගේ කාමයෝ පච්චුපට්ඨිතා කාමා, පච්චුපට්ඨිත (එළඹ සිටි) කාම නම් වෙති. ප්‍රකෘතියෙන් (ස්වාභාවික වශයෙන්) පිළියෙල වූ ආරම්මණයෙන් බැහැරව, අතිරේක වශයෙන් කෙරෙති’යි නිර්මාණරතී දෙවියන්ගේ කාමයෝ නිම්මිතා කාමා නිර්මිත කාම නම් වෙති. තමන්ගේ අදහස දැන අනුන් විසින් නිර්මිත අරමුණු සේවනය කරත්නු’යි පරනිර්මිත වසවර්ති දෙවියන්ගේ කාමයෝ පරනිම්මිතා කාමා පරනිර්මිත කාම නම් වෙති. පරිග්ගහිතා යනු, මෙය මාගේය’යි ග්‍රහණය කරගත් කාමයෝ ය. අපරිග්ගහිතා යනු, එසේ නොගන්නා ලද උතුරුකුරු වැසියන්ගේ වැනි කාමයෝය. මමායිතා යනු, තෘෂ්ණා වශයෙන් මෙය මාගේය’යි ගන්නා ලද කාමයෝය. අමමායිතා යනු, මෙකී කාමයනට ප්රතිපක්ෂ (එසේ නොගන්නා ලද කාමයෝය.)
සබ්බෙපි කාමාවචරා ධම්මාති “හෙට්ඨතො අවීචිනිරයං පරියන්තං කරිත්වා”තිආදිනා (ධ· ස· 1287) නයෙන වුත්තෙසු කාමාවචරධම්මෙසු පරියාපන්නා. තත්රායං වචනත්ථො – උද්දානතො ද්වෙ කාමා, වත්ථුකාමො ච කිලෙසකාමො චාති. තත්ථ කිලෙසකාමො අත්ථතො ඡන්දරාගො. වත්ථුකාමො තෙභූමකං වට්ටං. කිලෙසකාමො චෙත්ථ කාමෙතීති කාමො. ඉතරො කාමීයතීති. යස්මිං පන පදෙසෙ දුවිධොපෙසො කාමො පවත්තිවසෙන අවචරති, සො චතුන්නං අපායානං මනුස්සානං ඡන්නඤ්ච දෙවලොකානං වසෙන එකාදසවිධො පදෙසො කාමො එත්ථ අවචරතීති කාමාවචරො. තත්ථ පරියාපන්නධම්මෙ සන්ධාය “සබ්බෙපි කාමාවචරා ධම්මා”ති වුත්තං. අත්තනො සභාවං ධාරෙන්තීති ධම්මා. රූපාවචරා ධම්මාති “හෙට්ඨතො බ්රහ්මලොකං පරියන්තං කරිත්වා උපරිතො අකනිට්ඨෙ දෙවෙ අන්තොකරිත්වා”තිආදිනා (ධ· ස· 1289) නයෙන වුත්තානං රූපාවචරධම්මානං වසෙන සබ්බෙපි ධම්මා රූපාවචරා. අරූපාවචරා ධම්මාති “හෙට්ඨතො ආකාසානඤ්චායතනුපගෙ දෙවෙ පරියන්තං කරිත්වා උපරිතො නෙවසඤ්ඤානාසඤ්ඤායතනුපගෙ දෙවෙ අන්තොකරිත්වා”තිආදිනා (ධ· ස· 1291) නයෙන වුත්තා සබ්බෙපි අරූපාවචරා ධම්මා . තත්ථ රූපෙ අවචරන්තීති රූපාවචරා. අරූපෙ අවචරන්තීති අරූපාවචරා. තණ්හාවත්ථුකාති පතිට්ඨට්ඨෙන කාරණට්ඨෙන ච තණ්හාය වත්ථුභූතා. තණ්හාරම්මණාති තණ්හාපවත්තිවසෙන තණ්හාය ආරම්මණභූතා. කාමනීයට්ඨෙනාති පච්චාසීසිතබ්බට්ඨෙන. රජනීයට්ඨෙනාති රඤ්ජෙතුං යුත්තට්ඨෙන. මදනීයට්ඨෙනාති කුලමදාදිමදං උප්පාදනීයට්ඨෙන.
සබ්බෙපි කාමාවචර ධම්මා යනු, යටින් අවීචි නිරය කෙළවර කොටැ’යි යන මේ ආදි වශයෙන් කියන ලද කාමාවචර ධර්මයන්හි ඇතුළත් වූ කාමයෝය. මේ එහි වචනාර්ථයි. විස්තර වශයෙන් වස්තුකාමය, ක්ලේශකාමයයි දෙකකි. කිලෙසකාමො ‘ක්ලේශ කාම’ යනු, අර්ථ වශයෙන් ඡන්ද රාගයයි. වත්ථු කාමා, වස්තුකාම යනු, ත්‍රෛභූමක වූ පැවැත්මයි. මෙහි, ක්ලේශකාමය, ‘ආශා කෙරේනු’යි කාමා, කාම නම් වෙයි. අනෙක (වස්තු කාමය) ආශා කරනු ලැබෙති’යි යන අරුතින් ‘කාම’ නම් වේ. යම් පෙදෙසෙක්හි මේ ද්විවිධ වූම කාමයෝ පැවතීම් වශයෙන් හැසිරෙත්ද, එය සතර අපාය, මනුෂ්‍යලෝකය හා ෂඩ් දිව්‍යලෝක වශයෙන් එකොළොස් වැදෑරුම් ප්රදේශයයි. මෙහි කාමය හැසිරේනුයි කාමාවචරො කාමාවචර නම් වේ. එයට අයත් සියලු ධර්මයන් (ස්වභාවයන්) සඳහා ‘සබ්බෙපි කාමාවචරා ධම්මා’යි කියන ලදි. තමාගේ ස්වභාවය දරත්නු’යි ධම්මා, ධර්ම නම් වෙති. රූපාවචරා ධම්මා යනු, පහළින්ම පිහිටි බ්‍රහ්මලෝකය ඇතුළු කොටැ’යි යන ආදී නයින් කියන ලද රූපාවචර ධර්මයන්ගේ වශයෙන් සියලුම ධර්මයෝ රූපාවචර ධර්ම නම් වෙති. අරූපාවචර ධම්මා යනු, යටින් ආකාසානඤ්චායතන (අරූප) ලෝකයෙහි දෙවියන් ඇතුළු කොටැ’යි යන ආදී නයින් කියන ලද සියලුම අරූපාවචර ධර්මයෝයි. එහි රූප විෂයයෙහි හැසිරෙත්නුයි රූපාවචර නම් වෙති. අරූප විෂයයෙහි හැසිරෙත්නු’යි අරූපාවචර නම් වෙති. තණ්හා වත්ථුකා ප්‍රතිෂ්ඨා යන අර්ථයෙන් ද, ‘හේතු’ යන අර්ථයෙන්ද තණ්හාවට වස්තු වූවාහුය. තණ්හාරම්මණා යනු, ඔවුහු (වස්තු කාමයෝ) එල්බගෙනම තණ්හා-ප්රවෘත්ති වශයෙන් එයට අරමුණු වූවාහුය. කමනීයත්ථෙන යනු, ප්‍රාර්ථනා කළ යුතුය යන අර්ථයෙනි. රජනීයත්ථෙන යනු, ඇලීමට යෝග්‍ය වූ යන අර්ථයෙනි. මදනීයත්ථෙන යනු කුල මද ආදිය ඉපැදවිය හැකිය යන අර්ථයෙනි.
තත්ථ “කතමෙ වත්ථුකාමා? මනාපිකා රූපා”තිආදිං කත්වා “යං කිඤ්චි රජනීයං වත්ථූ”ති පරියොසානං සවිඤ්ඤාණකඅවිඤ්ඤාණකවසෙන වුත්තං. අවසෙසං එකචතුක්කාදිකඡත්තිකන්ති වෙදිතබ්බං.
‘තත්ථ කතමෙ වත්ථුකාමා මනාපිකා රූපා’ (එහි, වස්තු කාමයෝ කවරහුද යත්, මනාප වූ රූපයෝ) යනුවෙන් අරඹා ‘යං කිඤ්වි රජනීය වත්ථුං’ (යම්කිසි ඇලුම් කටයුතු වස්තුවක්) යනුවෙන් (සවිඤ්ඤාණික අවිඤ්ඤාණික වශයෙන් අවසානය කියන ලදි. ඉතිරිය එක් වතුෂ්කයක් හා ත්‍රිකයන් සයක් වෙති’යි දතයුතුය.
එවං වත්ථුකාමං දස්සෙත්වා කිලෙසකාමං දස්සෙතුං “කතමෙ කිලෙසකාමා”තිආදිමාහ. තත්ථ ඡන්දොති දුබ්බලරාගො. රාගොති තතො බලවතරො . උපරි තයොපි රාගා ඉමෙහි බලවතරා. කාමෙසූති පඤ්චසු කාමගුණෙසු. කාමච්ඡන්දොති කාමසඞ්ඛාතො ඡන්දො, න කත්තුකම්යතාඡන්දො, න ධම්මච්ඡන්දො. කාමනවසෙන රජ්ජනවසෙන ච කාමොයෙව රාගො කාමරාගො. කාමනවසෙන නන්දනවසෙන ච කාමොයෙව නන්දී කාමනන්දී. එවං සබ්බත්ථ කාමත්ථං විදිත්වා තණ්හායනට්ඨෙන කාමතණ්හා. සිනෙහනට්ඨෙන කාමස්නෙහො. පරිඩය්හනට්ඨෙන කාමපරිළාහො. මුච්ඡනට්ඨෙන කාමමුච්ඡා. ගිලිත්වා පරිනිට්ඨාපනට්ඨෙන කාමජ්ඣොසානං. වට්ටස්මිං ඔඝෙහි ඔසීදාපෙතීති කාමොඝො. වට්ටස්මිං යොජෙතීති කාමයොගො. දළ්හවසෙන තණ්හාදිට්ඨිග්ගහණං උපාදානං. චිත්තං නීවරති පරියොනන්ධතීති නීවරණං.
මෙසේ වස්තුකාමය දක්වා ක්ලේශකාමය දක්වනු පිණිස, ‘කතමෙ කිලෙසකාමා’ (ක්ලේශකාමයෝ කවරහුද යත්) යන ආදිය කීහු. එහි ඡන්දො (ඡන්දය) යනු දුර්වල රාගය යි. රාගො (රාග) යනු, එයට වඩා බලවත් රාගයයි. මතු පැවසෙන රාග විශේෂ තුනම මෙකී දෙකට වඩා බලවත් වේ. කාමෙසු යනු, පංචකාම ගුණයන් විෂයයෙහි ය. කාමච්ඡන්දො (කාමච්ඡන්ද) යනු ‘කාම’ යයි කියනු ලබන ඡන්දය (කැමැත්ත)යි. කත්තුකම්‍යතා ඡන්දය (කුසල් කරනු කැමැත්ත) නොවේ. ධර්මය කෙරෙහි ඇති කැමැත්ත හෝ නොවේ. කැමැති කරවීම් වශයෙන් ද ඇඳුම් කරවීම් වශයෙන්ද, කාමයම රාගය වෙති’යි කාමරාගො කාමරාග නම් වේ. කැමැති කරවීම් වශයෙන්ද, සතුටු කරවීම් වශයෙන්ද කාමයම නන්දී (සතුට) වෙති’යි, කාමනන්දි, කාමනන්දි නම් වේ. සියලු තන්හි මෙසේයි. ‘කාම’ යන්නෙහි අර්ථය මෙසේ දැන, තෘෂ්ණා ඉපදවීමේ අරුතින් කාම තණ්හා කාම තෘෂ්ණා නම්ද, සෙනෙහ දැනවීමේ අරුතින් කාම සිනෙහ (කාම ස්නේහ) නම් ද, දාහ දැනවීමේ (අරුතින් කාම පරිළාහ කාම පරිදාහ නම්ද, මුසපත් කරවීමේ අරුතින් කාම මුච්ඡා (කාම මූර්ඡා) නම්ද ගැලී අවසන් කිරීමේ අරුතින් කාමජ්ඣොසානං (කාම අධ්‍යවසාන) නම්ද, සසර වටෙහි ගැලෙති’යි, ගිලෙති’යි කාමොඝො කාමෝඝ නම්ද, සසර වටෙහි යොදවති’යි කාමයෝගා කාමයෝග නම් වෙති’යි දතයුතුය. දැඩි වශයෙන් තෘෂ්ණා දෘෂ්ටි ගැනීම උපාදානං උපාදාන නම් වේ. සිත වසා දමති’යි, හාත්පසින් වෙළා ගනිති’යි නීවරණං නීවරණ නම් වේ.
අද්දසන්ති අද්දක්ඛිං. කාමාති ආලපනං. තෙති තව. මූලන්ති පතිට්ඨං. සඞ්කප්පාති පරිකප්පෙන. න තං සඞ්කප්පයිස්සාමීති තං පරිකප්පනං න කරිස්සාමි. න හොහිසීති න භවිස්සසි.
අද්දසං යනු, දිටිමි’යි යන අර්ථයි. කාමා යනු, එම්බා කාමය යි ද ඇමතීමයි. තෙ යනු තොපගේ යන අර්ථයි. මූලං යනු, ප්රතිෂ්ටාවයි. මුලයි. සංකප්පා යනු, පරිකල්පනයෝයි. තොප ගැන සංකල්පනය නොකරමි’යි නොතකමි’යි යන අර්ථයි. න භොහිසි යනු, නො වන්නෙහිය. නො උපදනෙහි’යි යන අර්ථයි.
ඉච්ඡමානස්සාති පච්චාසීසන්තස්ස. සාදියමානස්සාති අස්සාදියමානස්ස. පත්ථයමානස්සාති පත්ථනං උප්පාදෙන්තස්ස. පිහයමානස්සාති පාපුණිතුං ඉච්ඡං උප්පාදෙන්තස්ස. අභිජප්පමානස්සාති තණ්හාවසෙන තිත්තිං උප්පාදෙන්තස්ස. අථ වා අභිවදන්තස්ස. ඛත්තියස්ස වාතිආදි චතුජ්ජාතිවසෙන වුත්තං. ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වාති ලිඞ්ගවසෙන වුත්තං. දෙවස්ස වා මනුස්සස්ස වාති උපපත්තිවසෙන වුත්තං. ඉජ්ඣතීති නිප්ඵජ්ජති. සමිජ්ඣතීති සම්මා නිප්ඵජ්ජති. ඉජ්ඣති විසෙසරූපපටිලාභවසෙන. ලභති දස්සනීයරූපපටිලාභවසෙන. පටිලභති පසාදනීයරූපපටිලාභවසෙන. අධිගච්ඡති සණ්ඨානරූපපටිලාභවසෙන. වින්දති ඡවිප්පසාදරූපපටිලාභවසෙන. අථ වා පුඤ්ඤමහත්තෙන ඉජ්ඣති. ජාතිමහත්තෙන ලභති. ඉස්සරියමහත්තෙන පටිලභති. සුඛමහත්තෙන අධිගච්ඡති. සම්පත්තිමහත්තෙන වින්දතීති.
ඉච්ඡමානස්ස යනු, අපේක්ෂා කරන්නා හටයි. සාදිය මානස්ස යනු, ආශ්වාදනය කරන්නා හටයි. පත්ථය මානස්ස යනු, ප්‍රාර්ථනය උපදවන්නා හටයි. පිය මානස්ස පැමිණෙනු පිණිස කැමැත්ත උපදවන්නා හටයි. අභිජප්ප මානස්ස යනු, තණ්හා වශයෙන් තෘප්තිය උපදවන්නා හටයි. නොහොත් අභිවදන්තස්ස ඛත්තියස්ස වා (මනාකොට පවසන ක්ෂත්රියයකුට හෝ) යන ආදිය ක්ෂත්රිය ආදී චතු ජාති වශයෙන් කියන ලදී. ‘ගහට්ඨස්සවා පබ්බජිතස්සවා’ (ගිහියකුට හෝ පැවිද්දකුට හෝ) යනු ලිංග වශයෙන් කියන ලදි. දෙවස්සවා මනුස්සස්සවා (දෙවියකුට හෝ මිනිසකුට හෝ) යනු, උත්පත්ති වශයෙන් කියන ලදි. ඉජ්ඣති (නිපැදේ) සමිජ්ඣති මනාකොට නිපැදේ. ඉජ්ඣති යනු විශේෂ රූප ප්රතිලාභ වශයෙනි. ‘ලභති’ යනු දර්ශනීය රූප ප්රතිලාභ වශයෙනි. ඵලභාති යනු ප්රාසාදනීය රූප ප්රතිලාභ වශයෙනි. අධිගච්ඡති යනු, සණ්ඨාන රූප ප්රතිලාභ වශයෙනි. වින්දති යනු, අභිප්රසාද රූප ප්රතිලාභ වශයෙනි. නොහොත්, ඉජ්ඣති යනු සෞභාග්‍ය මහත්වයෙනි. ලභති යනු, ජාති මහත්වයෙනි. පටිලභති යනු ඓශ්වර්ය මහත්වයෙනි. අධිගච්ඡති යනු, සුඛ මහත්වයෙනි. වින්දති යනු, සම්පත් මහත්වයෙනි.
එකංසවචනන්ති එකකොට්ඨාසවචනං. “එකංසං චීවරං කත්වා (පාරා· 349, 367), එකංසබ්යාකරණීයො පඤ්හො”තිආදීසු (දී· නි· 3.312; අ· නි· 4.42) විය අනෙකංසගහණපටික්ඛෙපො. නිස්සංසයවචනන්ති සංසයවිරහිතවචනං, සන්දෙහපටික්ඛෙපවචනන්ති අත්ථො. නික්කඞ්ඛාවචනන්ති “කථමිදං කථමිද”න්ති කඞ්ඛාපටික්ඛෙපවචනං. අද්වෙජ්ඣවචනන්ති ද්විධාභාවං ද්වෙජ්ඣං, තංඅභාවෙන අද්වෙජ්ඣවචනං. ද්විධාභාවවිරහිතං “අද්වෙජ්ඣවචනා බුද්ධා”තිආදීසු විය විමතිපටික්ඛෙපො. අද්වෙළ්හකවචනන්ති ද්විහදයාභාවෙන අද්වෙළ්හකං. “ඉතිහාස, ඉතිහාසා”ති ද්වෙළ්හකපටික්ඛෙපවචනං. නියොගවචනන්ති එකස්මිං අත්ථෙ ද්වෙ න යුජ්ජන්තීති නියොගවචනං ද්විධාපථපටික්ඛෙපො. අඤ්ඤත්ථ පන “නියොගා අනාගතාරම්මණා නත්ථී”ති ආගතං. අපණ්ණකවචනන්ති පලාසරහිතං සාරවචනං අවිරද්ධකාරණං “අපණ්ණකං ඨානමෙකෙ”තිආදීසු (ජා· 1.1.1) විය, අපණ්ණකමණි විය සප්පතිට්ඨවචනං. අවත්ථාපනවචනමෙතන්ති එතං වචනං ඔතරිත්වා පතිට්ඨිතං සන්තිට්ඨාපනං ඨපනං.
එකංස වචනං යනු, ඒකාංශයක් (එක් කොටසක්) ගැන පැවසෙන වචනයයි. එකංසං චීවරං කත්වා’ (සිවුර ඒකාංශකොට) එකංස ව්යාකරණීයො පඤ්හො ඒකාන්ත ලෙස විවරණය කළයුතු ප්රශ්නය යන ආදී තන්හි සෙයින් අනේක අංශයන් ගැනීම ප්‍රතික්ෂේප කිරීමයි. නිස්සංසය වචනං යනු, සැකයෙන් තොරව (ඒකාන්ත කොට) කියන වචනයි. සන්දේශය (සැකය) නිෂේධ කරන වචනයි. නික්කංඛා වචනං යනු, මෙය කෙසේද, මෙය කෙසේදැ’යි සංකා ප්‍රතික්ෂේප කිරීමේ වචනයි යන අර්ථයි. අදෙවජ්ඣ වචනං යනු ද්විවිධත්වය (දෙවැදෑරුම් බව) ‘දෙවජ්ඣ’ යනුවෙන් (තද්ධිත) වේ. එසේ (ද්විධත්වයක්) නොවන හෙයින් අද්වෙජ්ඣ වචනයි. ද්විවිධ භාව විරහිතය යන අර්ථයි. ‘අද්වෙජ්ඣ වචනා බුද්ධා’ (බුදුවරයෝ වචන දෙකක් නැත්තාහු වෙති) යන ආදී තන්හි සෙයින් විමති ප්‍රතික්ෂේප වචනයි. අද්වෙළ්හක වචනං යනු, දෙසිතක් (දෙබිඩියාවක්) නොවූ හෙයින් අද්වෙළ්හක නම් වේ. ඉතිහාස (ඉති+ඉහ+ආසි) (මෙහි මෙසේ වීලූ) යන්න වැනි පරෝක්ෂ (දෙබිඩියා) වචන ප්‍රතික්ෂේප කිරීමයි. නියොග වචනං එක් අර්ථයෙක්හි වචන දෙකක් නොයෙදෙතැ’යි නියෝග වචන’ නමි. ද්විවිධ මාර්ග (දෙබිඩි මං) ප්රතික්ෂේපයයි. අන්තැනෙක්හි වනාහි ‘නියොගා’, නියෝග යනු, අනාගත (තවමත් නොපැමිණි) අරමුණයයි (පවත්වාගෙන) ආයේය. අපණ්ණක වචනං යනු, ප්‍රලාප රහිත වූ, අවිරුද්ධ කාරණ රහිත වූ සාරවත් වචන යි. අපණ්ණකං ඨානමෙතො (‘නිරවද්‍ය කාරණය’යි ඇතැමෙක් යෙති) යන ආදී තන්හි කියයි. නිරවද්‍ය ක්‍රියාවක් කරනවිට (එය අනුමත කරනු පිණිස) දෙනු ලබන පිළිතුර වැනි වචනයෙකි. අවත්ථාපන වචනමෙතං යන මේ වචනය, ගැඹුරට මුල්බැසගෙන තිරව පිහිටි දෙයක් තවදුරටත් තහවුරුකොට නිමකිරීමයි.
යානි ඉමස්මිං මහානිද්දෙසෙ විභත්තිං ආරොපිතානි පදානි, තානි විභත්තිං ගච්ඡන්තානි තීහි කාරණෙහි විභත්තිං ගච්ඡන්ති, නානා හොන්තානි චතූහි කාරණෙහි නානා භවන්ති. අපරදීපනා පනෙත්ථ ද්වෙ ඨානානි ගච්ඡන්ති. කථං? තානි හි බ්යඤ්ජනවසෙන උපසග්ගවසෙන අත්ථවසෙන වාති ඉමෙහි තීහි කාරණෙහි විභත්තිං ගච්ඡන්ති. තත්ථ “කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං, දොසො දුස්සනා දුස්සිතත්ත”න්ති (ධ· ස· 1066) එවං බ්යඤ්ජනවසෙන විභත්තිගමනං වෙදිතබ්බං. තත්ථ හි එකොව කොධො බ්යඤ්ජනවසෙන එවං විභත්තිං ලභති. “ඉජ්ඣති සමිජ්ඣති ලභති පටිලභති ගච්ඡති අධිගච්ඡතී”ති එවං පන උපසග්ගවසෙන විභත්තිගමනං වෙදිතබ්බං. “පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභබ්යා චින්තා උපපරික්ඛා”ති (ධ· ස· 16) එවං අත්ථවසෙන විභත්තිගමනං වෙදිතබ්බං.
මේ මහා නිද්දේසයෙහි බෙදීමට නගන ලද පද බෙදීමට යන කල හේතු තුනක් අනුව බෙදීමට යෙයි. නානත්වයට පත්වන කල හේතු සතරක් අනුව නානත්වයට පත්වේ. මෙහි වනාහි පසුව කරනු ලබන අර්ථ විවරණ කරුණු දෙකක් අනුව කරනු ලැබේ. කෙසේද යත්, එසේ බෙදීමට යන පද බ්‍යඤ්ජන වශයෙන්ද, උපසර්ග වශයෙන්ද, (අර්ථ වශයෙන්දැ’යි යන කරුණු තුන අනුව බෙදීමට යෙයි. එහි, කොධො (ක්‍රෝධය), කුජ්ඣන (කිපීම), කුජ්ඣිතත්තං (කිපෙන බව), දොසො (ද්වේෂය), දුස්සනා (ද්වේශ කිරීම), දුස්සිතත්තං (ද්වේෂ කිරීමේ ස්වභාවය යනුවෙන් මෙසේ බ්‍යඤ්ජන වශයෙන් බෙදීමට යාම දතයුතුය. මෙහි වනාහි එක්ම ක්‍රෝධය ව්‍යඤ්ජන වශයෙන් බෙදීමට ගියේය. ‘ඉජ්ඣති (ඉටු වේ) සමිජ්ඣති (සමෘද්ධ වේ), ලභති (ලැබේ), පටිලභති (නතු වේ) අධිගච්ඡති (සාක්ෂාත් කැරේ) යනුවෙන් වනාහි උපසර්ග වශයෙන් මෙසේ බෙදී යාම දතයුතුය. ‘පණ්ඩිච්චං (පාණ්ඩිත්‍යය), කොසල්ලං (කෞශල්‍යය), නෙපුඤ්ඤං (නෛපුණ්‍යය) වෙභව්ය (විභූතිය) චින්තා (චින්තනය), උපපරික්ඛා (මනසිකාරය) යනුවෙන් මෙසේ අර්ථ වශයෙන් බෙදී යාම දතයුතුය.
තෙසු පීතිපදනිද්දෙසෙ තාව ඉමා තිස්සො විභත්තියො ලබ්භන්ති. පීති පාමොජ්ජන්ති හි බ්යඤ්ජනවසෙන විභත්තිගමනං හොති. ආමොදනා පමොදනා පහාසොති උපසග්ගවසෙන. විත්ති තුට්ඨි ඔදග්යං අත්තමනතාති අත්ථවසෙන. ඉමිනා නයෙන සබ්බපදනිද්දෙසෙසු විභත්තිගමනං වෙදිතබ්බං.
මෙම බෙදීම්වලදී, පළමුකොට ‘පීති’ යන පදය නිර්දේශ කිරීමේදී මෙකී ත්‍රිවිධ වූම බෙදීම් ලැබේ. ‘පීති (ප්‍රීතිය, පාමොජ්ජ (ප්‍රමෝදය, හාසො (හාස්‍යය) යනුවෙන් බ්‍යඤ්ජන වශයෙන් බෙදී යාම වේ. ‘ආමොදනා (අධික මෝදනය) පමොදනා (බලවත් මෝදනය) හාසො (හාස්‍යය) පහාකයා (අධික හාස්‍යය) යනුවෙන් උපසර්ග වශයෙන් බෙදීම වේ. ‘ඔදග්ගං (ඔකඳ බව), අත්තමනතා (සතුටු සිත් ඇති බව) යනුවෙන් අර්ථ වශයෙන් බෙදීම වේ. මේ නයින් සියලු පද නිර්දේශයන්හි බෙදීයාම දතයුතුය.
නානා හොන්තානිපි නාමනානත්තෙන ලක්ඛණනානත්තෙන කිච්චනානත්තෙන පටික්ඛෙපනානත්තෙනාති ඉමෙහි චතූහි කාරණෙහි නානා හොන්ති. තත්ථ “කතමො තස්මිං සමයෙ බ්යාපාදො හොති? යො තස්මිං සමයෙ දොසො දුස්සනා”ති එත්ථ බ්යාපාදොති වා දොසොති වා ද්වෙපි එතෙ කොධො එව, නාමෙන පන නානත්තං ගතාති එවං නාමනානත්තෙන නානත්තං වෙදිතබ්බං.
නානාවිධ වන්නාහු ද නාම නානත්තය, ලක්ඛණ නානන්තය කිච්ච නානත්තය, පටික්ඛෙප නානත්තය යන මේ සතර කාරණයෙන් නානාවිධ වෙති. ‘තත්ථ කතමො ව්යාපාදො යො තස්මිං සමයෙ දොසො දුස්සතා’ (එහි ව්‍යාපාදය යනු කවරේද යත්, එසමයෙහි යම් ද්වේෂයක් කිපීමක් වේ) යන මෙහි ව්‍යාපාද යයි ද ද්වේෂ යයි ද යන වචන දෙකින් ම අදහස් කෙරේනුයේ එකම ක්‍රෝධයයි. නමුත් නම් වශයෙන් නානත්වයට ගියේය. මෙසේ නාම නානත්වයෙන් වන විවිධත්වය දතයුතුයි.
රාසට්ඨෙන ච පඤ්චපි ඛන්ධා එකොව ඛන්ධො හොති. එත්ථ පන රූපං රුප්පනලක්ඛණං, වෙදනා වෙදයිතලක්ඛණා, සඤ්ඤා සඤ්ජානනලක්ඛණා, චෙතනා චෙතයිතලක්ඛණා, විඤ්ඤාණං විජානනලක්ඛණන්ති ඉමිනා ලක්ඛණනානත්තෙන පඤ්චක්ඛන්ධා හොන්ති. එවං ලක්ඛණනානත්තෙන නානත්තං වෙදිතබ්බං.
රාශි අර්ථයෙන් පංචස්කන්ධය එකම ස්කන්ධයක් වේ. මෙහි වනාහි ‘රූපය විනාශවීමේ ලක්ෂණයෙන් යුක්තය. වේදනාව විඳීම් ලක්ෂණයෙන් යුක්තය. සංඥාව හැඳිනීම් ලක්ෂණයෙන් ද චේතනාව සිතීම් ලක්ෂණයෙන් ද විඤ්ඤාණය දැනගැනීමේ ලක්ෂණයෙන් ද යුක්ත වේ’ යනුවෙන් පංචස්කන්ධය මේ ලක්ෂණ නානත්වයෙන් යුක්ත වන බව දතයුතුයි. මෙසේ ලක්ෂණ නානත්වයෙන් වන නානාවිධ බව දතයුතුයි.
“චත්තාරො සම්මප්පධානා – ඉධ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය…පෙ… චිත්තං පග්ගණ්හාති පදහතී”ති (විභ· 390; දී· නි· 2.402) එකමෙව වීරියං කිච්චනානත්තෙන චතූසු ඨානෙසු ආගතං. එවං කිච්චනානත්තෙන නානත්තං වෙදිතබ්බං.
චත්තාරො සම්මප්පධානා, ඉධ භික්ඛූ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චිත්තං පග්ගණ්හාති පදහති’ (සම්‍යක් ප්‍රධාන වීර්ය සතරකි. මේ ශාසනයෙහි භික්ෂු තෙමේ නූපන් පාපී වූ අකුශල ධර්මයන් නො ඉපදවීම පිණිස සිත දැඩිකර ගනී. දැඩි ලෙස උත්සාහ කරයි.) යනුවෙන් එකම වීර්යය කෘත්‍ය නානත්වයෙන් සතර තැනෙක්හි ආයේය. මෙසේ කෘත්‍ය නානත්වයෙන් නානාවිධ වන බව දතයුතුයි.
“චත්තාරො අසද්ධම්මා කොධගරුතා, න සද්ධම්මගරුතා, මක්ඛගරුතා, න සද්ධම්මගරුතා, ලාභගරුතා, න සද්ධම්මගරුතා, සක්කාරගරුතා, න සද්ධම්මගරුතා”ති එවමාදීසු (අ· නි· 4.44) පන පටික්ඛෙපනානත්තෙන නානත්තං වෙදිතබ්බං.
‘චත්තාරො අසද්ධම්මා, කෝධගරුකා න සද්ධම්ම ගරුතා මක්ඛගරුතා න සද්ධම්මගරුතා ලාභගරුතා න සද්ධම්මගරුතා සක්කාරගරුතා න සද්ධම්ම ගරුතා’ මේ ආදී තන්හි වනාහි පටික්ඛේපනානත්ත වශයෙන් නානත්වය දතයුතුය.
ඉමානි පන චත්තාරි නානත්තානි න පීතියායෙව ලබ්භන්ති, සබ්බෙසුපි යථාලාභවසෙන ලබ්භන්ති. පීතියා හි පීතීති නාමං, චිත්තස්ස චිත්තන්ති නාමං. පීති ච ඵරණලක්ඛණා, වෙදනා වෙදයිතලක්ඛණා, සඤ්ඤා සඤ්ජානනලක්ඛණා, චෙතනා චෙතයිතලක්ඛණා, විඤ්ඤාණං විජානනලක්ඛණං.
මේ සතර නානත්වය වනාහි හුදෙක් ‘පීති’ විෂයයෙහිම ලැබෙනුයේ නොවේ. යථාලාභ වශයෙන් (ලැබෙන පරිද්දෙන්) සියලු තන්හි ම ලැබේ. ප්‍රීතිය පිළිබඳ (එම) පීති යන නාමය (චිත්තස්ස චිත්තං) ‘සිතට ධනය වෙති’යි යන අරුතිනි. (මෙහි පෙළෙහි එන චිත්තසස චිත්තං යනු මුද්‍රණ දෝෂයක් විය යුතුයි.)
තථා පීති ඵරණකිච්චා, වෙදනා අනුභවනකිච්චා, සඤ්ඤා සඤ්ජානනකිච්චා, චෙතනා චෙතයිතකිච්චා, විඤ්ඤාණං විජානනකිච්චන්ති එවං කිච්චනානත්තෙන නානත්තං වෙදිතබ්බං. පටික්ඛෙපනානත්තං පීතිපදෙ නත්ථි.
ප්‍රීතිය ද පැතිරෙන ලක්ෂණයෙන් යුතුය. වේදනාව විඳින ලක්ෂණයෙන් යුතුය. සංඥාව හැඳිනීමේ ලක්ෂණයෙන් යුතුය. චේතනාව සිතීමේ (ලක්ෂණයෙන් යුතුය. විඤ්ඤාණය දැනගැනීම් ලක්ෂණයෙන් යුතුය. (මේ ලක්ෂණ නානත්වයයි.) එසේම ප්‍රීතිය පැතිරීම කෘත්‍යකොට ඇත්තේය. වේදනාව විඳීම කෘත්‍යකොට ඇත්තේය. සඤ්ඤාව හැඳිනීම කෘත්‍යකොට ඇත්තේය. චේතනාව සිතීම කෘත්‍යකොට ඇත්තේය. විඤ්ඤාණය දැනගැනීම කෘත්‍යකොට ඇත්තේය. මෙසේ කෘත්‍ය නානත්වයෙන් නානාවිධ බව දතයුතුයි. පටික්ඛෙප නානත්වය පීති පදයෙහි නොමැත.
අලොභාදිනිද්දෙසෙ පන “අලොභො අලුබ්භනා අලුබ්භිතත්ත”න්තිආදිනා (ධ· ස· 35) නයෙන ලබ්භතීති එවං පටික්ඛෙපනානත්තෙන නානත්තං වෙදිතබ්බං. එවං සබ්බපදනිද්දෙසෙසු ලබ්භමානවසෙන චතුබ්බිධම්පි නානත්තං වෙදිතබ්බං.
අලෝභාදී පද නිර්දේශයන්හි, ‘අලොභො අලුබ්භතා අලුබ්භිතත්තං’ (අලෝභය, ලෝභ නොකීරීම, ලෝභ නොකරන බව) ආදී ක්‍රමයෙන් ලැබෙන්නේ යැ’යි මෙසේ පටික්ඛේප නානත්වයෙන් නානත්වය දතයුතුයි. මෙසේ සියලුම පද නිර්දේශයන්හි ලැබෙන පරිදි චතුර්විධ වූ ම නානත්වය දතයුතුය.
අපරදීපනා පන පදත්ථුති වා හොති දළ්හීකම්මං වාති එවං ද්වෙ ඨානානි ගච්ඡති. යට්ඨිකොටියා උප්පීළෙන්තෙන විය හි සකිමෙව “පීතී”ති වුත්තෙ එතං පදං ඵුල්ලිතමණ්ඩිතවිභූසිතං නාම න හොති, පුනප්පුනං බ්යඤ්ජනවසෙන උපසග්ගවසෙන අත්ථවසෙන “පීති පාමොජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්තී”ති (ධ· ස· 9) වුත්තෙ ඵුල්ලිතමණ්ඩිතවිභූසිතං නාම හොති. යථා හි දහරකුමාරං නහාපෙත්වා මනොරමං වත්ථං පරිදහාපෙත්වා පුප්ඵානි පිළන්ධාපෙත්වා අක්ඛීනි අඤ්ජෙත්වා අථස්ස නලාටෙ එකමෙව මනොසිලාබින්දුං කරෙය්ය, න තස්ස එත්තාවතා චිත්තතිලකො නාම හොති, නානාවණ්ණෙහි පන පරිවාරෙත්වා බින්දූසු කතෙසු චිත්තතිලකො නාම හොති. එවං සම්පදමිදං වෙදිතබ්බං. අයං පදත්ථුති නාම.
අපරදීපතාව (තවදුරටත් විස්තර කිරීම) පදත්ථුති වශයෙන් හෝ දළ්හීකම්ම වශයෙන් හෝ මෙසේ ආකාර දෙකකට යයි. සැරයටි කෙළවරින් මඩින්නාක් මෙන් එක්වරක්ම ‘පීති’යි කී කල්හි, මෙසේ ඒ පදය පිපී ගිය, අලංකෘත වූ විභූෂිත වූවක් නම් නොවේ. නැවත නැවත ව්‍යඤ්ජන වශයෙන්, උපසර්ග වශයෙන් හා අර්ථ වශයෙන් ‘පීති පාමොජ්ජං ආමොදනා ‘පමොදනා හාසො පහාසො විත්ති’යි පැවසූ කල්හිම පිපී ගිය, අලංකෘත වූ විභූෂිත වූ පදයක් නම් වේ. යම්සේ ළදරුවෙකු නහවා මනරම් වස්ත්‍රයක් අන්දවා, මලින් සරසා අඳුනින් ඇස් ගල්වා, ඉන්පසු ඔහුගේ නළලේ එකම රත්සිරියල් බින්දුවක් තබන්නේ නම්, එපමණකින් එය විසිතුරු තිලකයක් නම් නොවේ. නානා වර්ණයෙන් පිරිවරා බින්දුව තැබූ විට එය විසිතුරු තිලකයක් නම් වේ. මේ කරුණ මෙසේ දතයුතුයි. මෙය පදත්ථුති (පද වර්ණනය) නම් වේ.
බ්යඤ්ජනවසෙන පන උපසග්ගවසෙන අත්ථවසෙන ච පුනප්පුනං භණනමෙව දළ්හීකම්මං නාම. යථා හි “ආවුසො”ති වා “භන්තෙ”ති වා “යක්ඛො”ති වා “සප්පො”ති වා වුත්තෙ දළ්හීකම්මං නාම න හොති, “ආවුසො ආවුසො, භන්තෙ භන්තෙ, යක්ඛො යක්ඛො, සප්පො සප්පො”ති වුත්තෙ පන දළ්හීකම්මං නාම හොති, එවමෙව සකිංදෙව යට්ඨිකොටියා උප්පීළෙන්තෙන විය “පීතී”ති වුත්තමත්තෙ දළ්හීකම්මං නාම න හොති, පුනප්පුනං බ්යඤ්ජනවසෙන උපසග්ගවසෙන අත්ථවසෙන “පීති පාමොජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්තී”ති වුත්තෙයෙව දළ්හීකම්මං නාම හොතීති එවං අපරදීපනා ද්වෙ ඨානානි ගච්ඡති. එතිස්සාපි වසෙන ලබ්භමානකපදනිද්දෙසෙසු සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො.
බ්‍යඤ්ජන වශයෙන්, උපසර්ග වශයෙන් හා අර්ථ වශයෙන් නැවත නැවත පැවසීම ම දළ්හීකම්ම (අවධාරණය) නම් වේ. යම්සේ ද, ඇවැත්නි! ස්වාමීනි!යි හෝ යක්ෂයෙක, සර්පයෙකැයි හෝ පැවසූ පමණින් එය දළ්හීකම්ම නම් නොවේ. ‘ඇවැත්නි! ඇවැත්නි’යි හෝ ‘ස්වාමීනි! ස්වාමීනි!යි හෝ යක්ෂයෙක යක්ෂයෙක’යි හෝ ‘සර්පයෙක සර්පයෙක’යි හෝ පැවසූ කල්හිම දළ්හීකම්ම නම් වේ. මෙලෙසින් එක්වරක්ම සැරයටි කෙළවරින් අවුස්සන්නාක් මෙන් ‘පීති’යි පැවසූ පමණින් දළ්හීකම්ම නම් නොවේ. නැවත නැවත බ්‍යඤ්ජන වශයෙන් ද උපසග්ග වශයෙන් ද අර්ථ වශයෙන් ද ‘පීති, පාමොජ්ජං, ආමොදනා, පමොදනා, හාසො, පහාසො, විත්තී’ යැයි පැවසූ කල්හිම දළ්හීකම්ම නම් වේ. මෙසේ අපරදීපනාව ආකාර දෙකකට යයි. (ස්වරූප දෙකකින් සිදුවේ.) මේ අපරදීපනා වශයෙන් ද ලැබෙන පද නිද්දේසයන්හි දී සෑම තැනකම අර්ථ දතයුතුයි.
තත්ථ පීනයතීති පීති. සා සම්පියායනලක්ඛණා, කායචිත්තපීණනරසා ඵරණරසා වා, ඔදග්යපච්චුපට්ඨානා. යා පඤ්චකාමගුණපටිසඤ්ඤුත්තාති යා රූපාදිපඤ්චකාමකොට්ඨාසපටිසංයුත්තා පීති, සා පීනයතීති පීති, ඉදං සභාවපදං. පමුදිතස්ස භාවො පාමොජ්ජං. ආමොදනාකාරො ආමොදනා. පමොදනාකාරො පමොදනා. යථා වා භෙසජ්ජානං වා තෙලානං වා උණ්හොදකසීතොදකානං වා එකතො කරණං “මොදනා”ති වුච්චති, එවමයම්පි පීතිධම්මානං එකතො කරණෙන මොදනා. උපසග්ගවසෙන පන මණ්ඩෙත්වා “ආමොදනා පමොදනා”ති වුත්තා.
එහි පිනා යනුයේනුයි පීති නම් වේ. ඒ ප්‍රීති මැනවින් ප්‍රිය කරවීම ලක්ෂණ කොට ඇත්තේය. කය සිත පිනවීම කෘත්‍යකොට ඇත්තේය. ඔකඳ බවේ වැටහීම් කරණ කොට ඇත්තේය. යම් ප්‍රීතියක් පංචකාම ගුණයන්ගෙන් යුක්ත වූයේ ද රූපාදී පංචකාම ගුණ කොට්ඨාසයන්ගෙන් යුක්ත වූයේ ද ඒ ප්‍රීතිය පිනා යන්නේනුයි පීති නම් වේ. මෙය ස්වභාව පදයකි. ප්‍රමුදිතභාවය පාමොජ්ජං (පාමොජ්ජ නම් වේ.) ආමෝදයට පත්වීම් ආකාරය ආමොදනා (ආමෝදනා නම් වේ.) ප්රමෝදයට පත්වීම් ආකාරය පමොදනා (පමෝදනා නම් වේ.) යම්සේ බෙහෙත් හෝ තෙල් හෝ උණුදිය, සිසිල්දිය හෝ එක්කිරීම ‘මෝදනා’ යැයි කියනු ලැබේ ද එසේම මේ ධර්මයන්ගේ එක්වීමෙන් මොදනා (මෝදනා නම් වේ.) උපසර්ග වශයෙන් සරසා ‘අමොදනා පමොදනා’ යැයි කියන ලදී.
හාසෙතීති හාසො. පහාසෙතීති පහාසො, හට්ඨපහට්ඨාකාරානමෙතං අධිවචනං. විත්තීති විත්තං, ධනස්සෙතං නාමං. අයං පන සොමනස්සපච්චයත්තා විත්තිසරික්ඛතාය විත්ති. යථා හි ධනිනො ධනං පටිච්ච සොමනස්සං උප්පජ්ජති, එවං පීතිමතොපි පීතිං පටිච්ච සොමනස්සං උප්පජ්ජති. තස්මා “විත්තී”ති වුත්තා. තුට්ඨීති සභාවසණ්ඨිතාය පීතියා එතං නාමං. පීතිමා පන පුග්ගලො කායචිත්තානං උග්ගතත්තා අබ්භුග්ගතත්තා “උදග්ගො”ති වුච්චති, උදග්ගස්ස භාවො ඔදග්යං.
සිනහ නගනුයේ නුයි හාසො නමි. ප්‍රහර්ෂය ගෙනදෙනුයේනුයි පහාසො නම් වේ. තුටුපහටු ආකාරයට මේ අධිවචන යි. වින්දනය කරත්නේනුයි විත්තං (විත්ත නම් වේ.) මේ ධනයට නමෙකි. මේ ප්‍රීතිය වනාහි සොම්නසට ප්‍රත්‍යය (හේතු) වූ බැවින් (සතුට ගෙනදෙන හෙයින්) ධනය හා සමාන වූ නිසා විත්ති නම් වේ. යම්සේ ධනවතාට ධනය නිසා සොම්නසක් උපදියි ද එසේම ප්‍රීතිමත් පුද්ගලයාට ප්‍රීතිය නිසා සොම්නසක් උපදියි. එනිසා ‘විත්ති’ යැයි කියන ලදී. තුෂ්ටි ස්වභාවයෙන් යුක්ත හෙයින් ප්‍රීතියට මේ නම යෙදේ. ප්‍රීතිමත් පුද්ගලයා කය සිත ඔදවැඩීමෙන් උද්යෝගවත් වීමෙන් උදග්ග (උදග්‍ර) යැයි කියනු ලැබේ. උදග්‍ර වූ ස්වභාවය ඔදග්ගං නම් වේ.
අත්තනො මනතා අත්තමනතා. අනභිරද්ධස්ස හි මනො දුක්ඛපදට්ඨානත්තා න අත්තනො මනො නාම හොති, අභිරද්ධස්ස සුඛපදට්ඨානත්තා අත්තනො මනො නාම හොති, ඉති අත්තනො මනතා අත්තමනතා, සකමනතා, සකමනස්ස භාවොති අත්ථො. සා පන යස්මා න අඤ්ඤස්ස කස්සචි අත්තනො මනතා, චිත්තස්සෙව පනෙසා භාවො චෙතසිකො ධම්මො, තස්මා “අත්තමනතා චිත්තස්සා”ති වුත්තා.
තමා සතු සිතක් ඇති බව (තුටු සිත් ඇති බව) අත්තමනතා නමි. සතුටින් තොර පුද්ගලයාගේ සිත දුකට පදනම් වූ හෙයින් තමා සතු සිත නම් නොවේ. සතුටින් යුතු පුද්ගලයාගේ සිත සැපයට පදනම් වූ හෙයින් තමා සතු සිත නම් වේ. (සතුටු සිත) මෙසේ තමා සතු සිත් ඇති බව අත්තමනතාව නම් වේ. ස්වකීය සිත් ඇති බව යන අර්ථයයි. ඒ අත්තමනතාව යම්හෙයකින් අන් කිසිවකුගේ ‘තමා සතු සිත් ඇති බව’ නොව, සිත පිළිබඳ වූම ශෝභන ස්වභාව ඇති චෛතසික ධර්මයක් වේද, එහෙයින් අත්තමනතා චිත්තස්ස යි කියන ලදී.
චිත්තවිචිත්තතාය චිත්තං. ආරම්මණං මිනමානං ජානාතීති මනො. මානසන්ති මනො එව, “අන්තලික්ඛචරො පාසො, ය්වායං චරති මානසො”ති (මහාව· 33; සං· නි· 1.151) හි එත්ථ පන සම්පයුත්තකධම්මො “මානසො”ති වුත්තො.
සිත චිත්‍ර විචිත්‍ර වූ බැවින් චිත්තං නම් වේ. අරමුණු මැනීම දන්නේනුයි ‘මන’ නම් වේ. ‘මානසං’ යනු මනෝ යන්නෙහිම ස්වාර්ථ පදයෙකි. ‘අන්තලික්ඛචරො පාසො ස්වායං චරති මානසො’ (අහසෙහි හැසිරෙන මලපුඩුවක් ඒ මේ සිත හැසිරෙයි) යන මෙහි සිතේ මනාව යෙදුණු (සම්ප්‍රයුක්ත වූ) ධර්මය ‘මානස’ යැයි කියන ලදී.
“කථඤ්හි භගවා තුය්හං, සාවකො සාසනෙ රතො; අප්පත්තමානසො සෙක්ඛො, කාලංකයිරා ජනෙ සුතා”ති. (සං· නි· 1.159) –
කථං හි භගවා තුය්හං සාවකො සාසනෙ රතා, අප්පත්තමානසො සෙඛො කාලං කයිරා ජනෙසුතා’තී
භාග්‍යවත් (ජනෙසුත) බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේගේ ශාසනයෙහි ඇලුණු ශ්‍රාවකයෙක් තෙමේ කෙසේනම් රහත්ඵලයට නොපැමිණි සේඛියයෙක්ව කළුරිය කරන්නේ ද?
එත්ථ අරහත්තං “මානස”න්ති වුත්තං. ඉධ පන මනො එව මානසං, බ්යඤ්ජනවසෙන හෙතං පදං වඩ්ඪිතං.
යන මෙහි රහත් බව ‘මානසං’ යැයි කියන ලදී. මෙතැන්හිදී මන නම් වූ සිතම (ස්වාර්ථ වශයෙන්) ‘මානසං’ නම් වේ. බ්‍යඤ්ජන වශයෙන් මේ පදය වර්ධනය කරන ලදී.
හදයන්ති චිත්තං. “චිත්තං වා තෙ ඛිපිස්සාමි, හදයං වා තෙ ඵාලෙස්සාමී”ති (සු· නි· ආළවකසුත්තං; සං· නි· 1.237; 246) එත්ථ උරො “හදය”න්ති වුත්තං. “හදයා හදයං මඤ්ඤෙ අඤ්ඤාය තච්ඡතී”ති (ම· නි· 1.63) එත්ථ චිත්තං. “වක්කං හදය”න්ති (ඛු· පා· 3.ද්වතිංසාකාරො; දී· නි· 2.377; ම· නි· 1.110) එත්ථ හදයවත්ථු. ඉධ පන චිත්තමෙව අබ්භන්තරට්ඨෙන “හදය”න්ති වුත්තං. තමෙව පරිසුද්ධට්ඨෙන පණ්ඩරං, භවඞ්ගං සන්ධායෙතං වුත්තං. යථාහ – “පභස්සරමිදං, භික්ඛවෙ, චිත්තං, තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨ”න්ති (අ· නි· 1.49). තතො නික්ඛන්තත්තා පන අකුසලම්පි ගඞ්ගාය නික්ඛන්තා නදී ගඞ්ගා විය ගොධාවරිතො නික්ඛන්තා ගොධාවරී විය ච “පණ්ඩර”න්ත්වෙව වුත්තං.
හදයං ‘චිත්තං වා තෙ ඛිපිස්සාමි, හදයං වා තෙ ඵලෙස්සාමි (තාගේ සිත හෝ සුණු කරන්නෙමි. ළය හෝ ඵලන්නෙමි.) යන තැන්හි උරස්ථලය (පපුව) සඳහා හදය යැයි කියන ලදී. ‘හදයා හදයං මඤ්ඤ අඤ්ඤාය තච්ඡතී’ (සිතින් සිත දැන සසිති’යි හඟිමි.) යන තැන්හි හදයං යනු සිතයි. ‘වක්කං හදයං’ යන තැන්හි හදයං යනු හදවතයි. මෙතැනදී හදයං යනු සිතමයි. ශරීරාභ්‍යන්තරයේ යන අර්ථයෙන් ‘හදය’යි කියන ලදී. එයම ඉතා පිරිසිදුය යන අරුතින් පණ්ඩරං නම් වේ. භවාංග සිත සඳහා මෙය කියන ලදී. ‘පභස්සරමිදං භික්ඛවෙ චිත්තං තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං (මහණෙනි, මේ සිත ප්‍රභාස්වරය. එය වනාහි ආගන්තුක වූ උපක්ලේශයන්ගෙන් කිලිටි වී ඇත.) යනුයි. ඒ භවංග සිතින් නික්මෙන හෙයින් කුසලය ද (පෙළෙහි අකුසලම්පි යනු මුද්‍රණ දෝෂයෙකැයි හැඟේ. එය ‘කුසලම්පි’ යනුවෙන් නිදොස් විය යුතුය.) මහා ගංගාවෙන් නික්මෙන (බෙදී යන) නදිය ගංගා නම් වන්නාක් මෙන් ද ගෝදාවරී ගඟින් නික්මෙන නදිය ගෝදාවරී නම් වන්නාක් මෙන් ද ‘පණ්ඩර’ යැයි මා කියන ලදී.
මනො මනායතනන්ති ඉධ පන මනොග්ගහණං මනස්සෙව ආයතනභාවදීපනත්ථං. තෙනෙතං දීපෙති “නයිදං දෙවායතනං විය මනස්ස ආයතනත්තා මනායතනං, අථ ඛො මනො එව ආයතනං මනායතන”න්ති. තත්ථ නිවාසට්ඨානට්ඨෙන ආකරට්ඨෙන සමොසරණට්ඨානට්ඨෙන සඤ්ජාතිදෙසට්ඨෙන කාරණට්ඨෙන ච ආයතනං වෙදිතබ්බං. තථා හි ලොකෙ “ඉස්සරායතනං, වාසුදෙවායතන”න්තිආදීසු නිවාසට්ඨානං “ආයතන”න්ති වුච්චති. “සුවණ්ණායතනං, රජතායතන”න්තිආදීසු ආකරො. සාසනෙ පන “මනොරමෙ ආයතනෙ, සෙවන්ති නං විභඞ්ගමා”තිආදීසු (අ· නි· 5.38) සමොසරණට්ඨානං. “දක්ඛිණාපථො ගුන්නං ආයතන”න්තිආදීසු සඤ්ජාතිදෙසො. “තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සතිආයතනෙ”තිආදීසු (අ· නි· 3.102; 5.23; ම· නි· 3.158) කාරණං. ඉධ පන සඤ්ජාතිදෙසට්ඨෙන සමොසරණඨානට්ඨෙන කාරණට්ඨෙනාති තිධාපි වට්ටති.
මනො මනායතනං යන මෙහි වනාහි ‘මනො’ යනුවෙන් ගැනීම මනස ම (සිතම) ආයතන වන බව දක්වනු පිණීසයි. එහෙයින් මෙය පැහැදිලි කොට දක්වයි. ‘දේවායතන’ යන පදය මෙන් මනස පිළිබඳ ආයතනයක් වූ බැවින් ‘මනායතන’ යන පදය සිද්ධ වූයේ නොවේ. එහෙත් මනසම ආයතන වූ බැවින් ‘මනො එව ආයතනං’ විග්‍රහයෙන් ‘මනායතන’ නම් විය. එහි නිවාසයං යන අරුතින් ද ආකාරය යන අරුතින් ද සමොසරණ ස්ථාන අරුතින් ද සංජාතිදෙස අරුතින් ද කාරණ අරුතින් ද ආයතනං (ආයතන) නම් වූ බව දතයුතුයි. යම්සේ ලෝකයෙහි ඉස්සරායතනය, වාසුදේවායතනය යනාදියෙහි නිවාසය, වෙසෙන තැන ආයතන යැයි කියනු ලැබේ. ‘සුවණ්ණායතනං රජතායතනං’ (ස්වර්ණායතනය රජතායතනය) යනාදියෙහි ආකරය යන අර්ථයි. සසුනෙහි වනාහි ‘මනොරමෙ ආයතනෙ සෙවන්ති නං විහංගමා’ (අහසෙහි සැරිසරන පක්ෂීන් සෙයින් ඔවුහු මනරම් ආයතනයෙක්හි සැරිසරති.) යනාදියෙහි සමෝසරණ ස්ථානාර්ථයෙනි. ‘දක්ඛිණාපථො ගුන්නං ආයතනං’ (දක්ෂිණා පථය ගවයන්ගේ ජාතභූමියයි.) යනාදියෙහි සංජාතිදේශ (උපන් දේශය යන) අර්ථයයි. ‘තත්‍රතත්‍රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ’ (හේතුවක් ඇති ඇති කල්හි දී සාක්ෂි පිණිස යෝග්යභාවයට පත් වේ.) යනාදියෙහි කාරණාර්ථයයි. (හේතු අර්ථයි.) මෙතැනදී ආයතන යන්නෙන් සංජාති දේශාර්ථය ද සමෝසරණ ස්ථානාර්ථය ද කාරණාර්ථය ද යන තුන් ආකාරයම සුදුසුය.
ඵස්සාදයො හි ධම්මා එත්ථ සඤ්ජායන්තීති සඤ්ජාතිදෙසට්ඨෙනපි එතං ආයතනං. බහිද්ධා රූපසද්දගන්ධරසඵොට්ඨබ්බා ආරම්මණභාවෙනෙත්ථ ඔසරන්තීති සමොසරණඨානට්ඨෙනපි ආයතනං. ඵස්සාදීනං පන සහජාතාදිපච්චයට්ඨෙන කාරණත්තා කාරණට්ඨෙනපි ආයතනන්ති වෙදිතබ්බං. තදෙව මනනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං, මනො එව ඉන්ද්රියං මනින්ද්රියං.
‘ස්පර්ශාදී ධර්මයෝ මෙහි හටගනිති’ යන අරුතින් සංජාති දේශාර්ථයෙන් මෙය ආයතනයකි. ‘බාහිර වූ රූප, සද්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ යන ධර්මයෝ අරමුණු වශයෙන් මෙහි සැරිසරති’යි යන අරුතින් සැරිසරන ස්ථානය ද ආයතන වේ. ස්පර්ශාදීන් පිළිබඳ සහජාත ධර්මයන් ප්රත්යයාර්ථයෙන් කාරණ වන හෙයින් කාරණය (හේතුව) ආයතන බව දතයුතුය. එම මනසම මනන (සිතීම්) ලක්ෂණයෙන් ප්‍රධාන බව, අධිපති බව කරන්නේනුයි (ඉන්දට්ඨ කරොතීති) ඉන්ද්රිය නම් වේ. මනසම ඉන්ද්රිය වූයේ මනින්ද්රියං නම් වේ.
විජානාතීති විඤ්ඤාණං. විඤ්ඤාණමෙව ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො. තස්ස රාසිආදිවසෙන අත්ථො වෙදිතබ්බො. “මහාඋදකක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡතී”ති (අ· නි· 4.51) එත්ථ හි රාසට්ඨෙන ඛන්ධො වුත්තො. “සීලක්ඛන්ධො සමාධික්ඛන්ධො”තිආදීසු (දී· නි· 3.555) ගුණට්ඨෙන. “අද්දසා ඛො භගවා මහන්තං දාරුක්ඛන්ධ”න්ති (සං· නි· 4.241-242) එත්ථ පණ්ණත්තිමත්තට්ඨෙන. ඉධ පන රුළ්හිතො ඛන්ධො වුත්තො. රාසට්ඨෙන හි විඤ්ඤාණක්ඛන්ධස්ස එකදෙසො එකං විඤ්ඤාණං. තස්මා යථා රුක්ඛස්ස එකදෙසං ඡින්දන්තො “රුක්ඛං ඡින්දතී”ති වුච්චති, එවමෙව විඤ්ඤාණක්ඛන්ධස්ස එකදෙසභූතං එකම්පි විඤ්ඤාණං රූළ්හිතො “විඤ්ඤාණක්ඛන්ධො”ති වුත්තං.
‘විජානනය කරන්නේනු’යි (විජානාතී ති) විඤ්ඤාණං (විඤ්ඤාණ නම් වේ. විඤ්ඤාණය ම ස්කන්ධය වූයේ විඤ්ඤාණක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධ නම් වේ. එහි රාශි ආදී වශයෙන් අර්ථ දතයුතුයි. ‘මහා උදකක්ඛන්ධොත්වෙව සංඛං ගච්ඡතී’ ති යනු ‘මහා දියකඳ’ මෙහි රාශිය යන අරුතින් ‘ඛන්ධො’යි කියන ලදී. ‘සීලක්ඛන්ධ, සමාධික්ඛන්‍ධ’ යන තැන්හි ගුණ අර්ථ (රූඪි) යෙන් ද ‘අද්දසා ඛො භගවා මහන්තං දාරුක්ඛන්ධං (භාග්‍යවතුන් වහන්සේ මහත් දර ගොඩක් දුටු සේක.) යන තැන්හි ප්රඥප්ති මාත්‍රයෙන් ද ‘ඛන්ධ’ යන්න යෙදී ඇත. මෙහි වනාහි රූඪි වශයෙන් ‘ඛන්ධ’ යැයි කියන ලදී. රාශි අර්ථයෙන් වනාහි විඤ්ඤාණ ස්කන්ධයෙහි ඒකදේශයකි. (කොටසකි.) එක් විඤ්ඤාණයෙකි. එහෙයින්, යම්සේ ගසෙක එක් කොටසක් සිඳින කල්හි ‘ගස් සිඳිති’ යන වහර ඇතිවන්නාක් මෙන් විඤ්ඤාණයේ ඒකදේශයක් වූ එක් විඤ්ඤාණයකුදු රූඪි වශයෙන් ‘විඤ්ඤාණක්ඛන්ධ’ යැයි කියන ලදී.
තජ්ජා මනොවිඤ්ඤාණධාතූති තෙසං ඵස්සාදීනං ධම්මානං අනුච්ඡවිකා මනොවිඤ්ඤාණධාතු. ඉමස්මිඤ්හි පදෙ එකමෙව චිත්තං මිනනට්ඨෙන මනො, විජානනට්ඨෙන විඤ්ඤාණං, සභාවට්ඨෙන නිස්සත්තට්ඨෙන වා ධාතූති තීහි නාමෙහි වුත්තං. සහගතොති අවිජහිතො. සහජාතොති සද්ධිං නිග්ගතො. සංසට්ඨොති සංසග්ගො හුත්වා ඨිතො. සම්පයුත්තොති සමං පකාරෙහි යුත්තො. කතමෙහි පකාරෙහීති? එකුප්පාදාදීහි. නත්ථි කෙචි ධම්මා කෙහිචි ධම්මෙහි සම්පයුත්තාති? ආමන්තා. ඉති හි ඉමස්ස පඤ්හස්ස පටික්ඛෙපෙ “නනු අත්ථි කෙචි ධම්මා කෙහිචි ධම්මෙහි සහගතා සහජාතා සංසට්ඨා එකුප්පාදා එකනිරොධා එකවත්ථුකා එකාරම්මණා”ති (කථා· 473) එවං එකුප්පාදතාදීනං වසෙන සම්පයොගත්ථො වුත්තො. ඉති ඉමෙහි එකුප්පාදතාදීහි සමං පකාරෙහි යුත්තො සම්පයුත්තො. එකුප්පාදොති එකතො උප්පන්නො, න විනාති අත්ථො. එකනිරොධොති එකතො නිරොධො. එකවත්ථුකොති හදයවත්ථුවසෙන එකවත්ථුකො. එකාරම්මණොති රූපාදිවසෙන එකාරම්මණො.
තජ්ජා මනො විඤ්ඤාණ ධාතු (එයින් හටගත් මනෝවිඤ්ඤාණ ධාතුව) යනු ඒ ස්පර්ශාදී ධර්මයන් නො උපදවන මනෝ විඤ්ඤාණ ධාතුවයි. මේ පදයෙහි එක ම සිත මැනීම් අර්ථයෙන් ‘මනො’ යැයි ද දැනගැනීම් (විජානන) අර්ථයෙන් විඤ්ඤාණ යයි ද ස්වභාවාර්ථයෙන් හෝ ‘සත්ත්වයකු නොවෙති යන අර්ථයෙන් ‘ධාතු’ යැයි ද යනුවෙන් ‘මනෝ නාම’ තුනෙකින් කියන ලදී. සහගතො නොහරන ලදුයේයි, සහජාතො ළංව යේයි. එකට උපන්නේයි. සංසට්ඨො මිශ්‍ර වී, එකිනෙක සම්බන්ධ වී සිටියේ යි. සම්පයුත්තො යනු සම ප්‍රකාරයෙන් එක්ව යෙදුණේයි. කවර ප්‍රකාරයෙන්ද? එකට ඉපදීම ආදී වශයෙනි. ‘අන් කිසි ධර්මයක් හා සමග එක්ව යෙදුණු කිසි ධර්මයක් නැද්දැ’යි මෙසේ අසන ලද මේ ප්රශ්නය ප්‍රතික්ෂේප කිරීමෙන්, යම්කිසි ධර්මයක් සමග සහගත වූ, සහජාත වූ, සංසට්ඨ වූ, එකට උපන්, එකට නිරුද්ධ වූ, එක් වස්තුවක් වූ, එක් අරමුණක් වූ ධර්මයක් ඇත්තේ නොවේ ද? මෙසේ එකට ඉපදීම් ආදී වශයෙන් සම්ප්‍රයෝග (එකට යෙදුණු) අර්ථය කියන ලදී. මෙසේ ඒ එකුප්පාදතාදී සම ප්‍රකාරයෙන් යුතු බැවින් සම්ප්‍රයුක්තය. එකුප්පාදො යනු ‘එකට උපන්නේ යි. වෙන් නොවූයේ යි’ යන අර්ථයි. එකනිරොධො යනු එකට ම නිරුද්ධ වන්නේ යි. එකවත්ථුකො හදවතේ පැවතීම් වශයෙන් ඒකවස්තුක වූයේ යි. එකාරම්මණො රූපාදී වශයෙන් එක් අරමුණක පවත්නේ යි.
එත්ථ සහගතසද්දො තබ්භාවෙ, වොකිණ්ණෙ, ආරම්මණෙ, නිස්සයෙ, සංසට්ඨෙති පඤ්චසු අත්ථෙසු දිස්සති ජිනවචනෙ. “යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා”ති (මහාව· 14; විභ· 203; ම· නි· 3.374; සං· නි· 5.1081; පටි· ම· 2.30) එත්ථ තබ්භාවෙ වෙදිතබ්බො, නන්දිරාගභූතාති අත්ථො. “යා, භික්ඛවෙ, වීමංසා කොසජ්ජසහගතා කොසජ්ජසම්පයුත්තා”ති (සං· නි· 5.832) එත්ථ වොකිණ්ණෙ, අන්තරන්තරා උප්පජ්ජමානෙන කොසජ්ජෙන වොකිණ්ණාති අයමෙත්ථ අත්ථො. “ලාභී හොති රූපසහගතානං වා සමාපත්තීනං අරූපසහගතානං වා සමාපත්තීන”න්ති (පු· ප· 3-6) එත්ථ ආරම්මණෙ, රූපාරම්මණානං අරූපාරම්මණානන්ති අත්ථො. “අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙතී”ති (සං· නි· 5.238) එත්ථ නිස්සයෙ, අට්ඨිකසඤ්ඤං නිස්සාය අට්ඨිකසඤ්ඤං භාවෙත්වා පටිලද්ධන්ති අත්ථො. “ඉදං සුඛං ඉමාය පීතියා සහගතං හොති සහජාතං සම්පයුත්ත”න්ති (විභ· 578) එත්ථ සංසට්ඨෙ, සංමිස්සන්ති අත්ථො. ඉමස්මිම්පි ඨානෙ සංසට්ඨෙ ආගතො.
මෙහි ‘සහගත’ ශබ්දය, තබ්භාවයෙහි, ඔකිණ්ණයෙහි, ආරම්මණයෙහි, නිස්සයයෙහි, සංසට්ඨයෙහි යන අර්ථ පසෙහි යෙදී ඇති අයුර බුද්ධවචනයෙහි දක්නට ඇත. ‘යායං තණ්හා පොනො භවිකා නන්දිරාග සහගතා’ (පුනර්භවය ඇතිකරන නන්දිරාගයෙන් යුත් යම් මේ තෘෂ්ණාවක් වේ ද) යන තැන්හි තත්භාවයෙහි (‘එයම වෙති’යි යන අර්ථයෙහි) යෙදුණු බව දතයුතුයි. ‘නන්දිරාග වූ’ යන අර්ථයි. ‘යා භික්ඛවෙ වීමංසා කොසජ්ජ සහගතා කොසජ්ජ සම්පයුත්තා’ (මහණෙනි, යම් වීමංසාවක් කුසීත බවින් යුක්ත වේද) යන මෙහි ඕකිණ්ණ අර්ථයෙහි යෙදී ඇත. අතරින් පතර උපදින්නා වූ, කුසීතකමින් ගැවසියේ යි යන අර්ථයි. ‘ලාභී හොති රූප සහගතානං වා සමාපත්තීනං අරූප සහගතානං වා සමාපත්තී නං’ (රූපාරම්මණ වූ හෝ අරූපාරම්මණ වූ සමාපත්තිලාභියෙක් වේ.) යන තැන්හි ආරම්මණාර්ථයෙහි යෙදී ඇත. රූපාරම්මණයන්ගේයි. අරූපාරම්මණයන්ගේයි යන අර්ථයි. ‘අට්ඨිකසඤ්ඤා සහගතං සති සම්බොජ්ඣංගං භාවෙති’ (අට්ඨික සඤ්ඤා සහගත වූ සති සම්බොජ්ඣංගය වඩයි) යන මෙහි නිස්සයාර්ථයෙහි (නිශ්රිතැයි යන අර්ථයෙහි) යෙදී ඇත. ‘අට්ඨි’ යන සංඥාව ඇසුරුකොට, අට්ඨික සංඥාව වඩා ලබන ලද්දේය’ යන අර්ථයි. ‘ඉදං සුඛං ඉමාය පීතියා සහගතං හොති සහජාතං සම්පයුත්තං’ (මේ සැපය, මේ ප්‍රීතියෙන් මුසුවූයේය, සහජාත වූයේය, සම්ප්‍රයුක්ත වූයේය) යන මෙහි සංසට්ඨාර්ථය ඇත. ‘සම්මිශ්ර වූයේ’යි යන අර්ථයි. මෙතැන්හිදී ‘සහගත’ යනු ‘මිශ්‍ර වූ’ යන අර්ථයෙහි යෙදී ඇත.
සහජාතසද්දො “සහජාතං පුරෙජාතං පච්ඡාජාත”න්ති (පට්ඨ· 1.1.435) එත්ථ විය සහජාතෙ. සංසට්ඨසද්දො “ගිහීහි සංසට්ඨො”ති ච, “එවං සංසට්ඨො, භන්තෙ”ති (සං· නි· 3.3) චාති එවමාදීසු සංසග්ගෙ. “කිසෙ ථූලෙ විවජ්ජෙත්වා සංසට්ඨා යොජිතා හයා”ති (ජා· 2.22.70) එත්ථ සදිසෙ.
සහජාත ශබ්දය ‘සහජාතං පුරෙජාතං පච්ඡාජාතං’ (සමග උපන්, පළමුව උපන්, පසුව උපන්) යන තැන්හි මෙන් සහජාතාර්ථයෙහි ය. සංසට්ඨ ශබ්දය ‘ගිහී සංසට්ඨොති’ ච (ගිහියන් සමග සංසර්ගයෙහි යෙදුණේ.) යන තැන්හි ද ‘එවං සංසට්ඨො භන්තෙ’ (ස්වාමීනි, මේ ආකාරයෙන් සංසර්ගයෙහි යෙදුණේ.) යන තැන්හි ද සංසර්ගාර්ථයෙහි ය. ‘කිසෙ ථූලෙ විවජ්ජෙත්වා සංසට්ඨා යොජිතා හයා’ (කෘශ වූ ද ස්ථුල වූ ද අසුන් හැර එක සමාන වූ අස්හු යොදන ලද්දාහ.) යන මෙතැන්හි සදෘශාර්ථයෙහි ය.
“පුචිමන්දපරිවාරො, අම්බො තෙ දධිවාහන; මූලං මූලෙන සංසට්ඨං, සාඛා සාඛා නිසෙවරෙ”ති. (ජා· 1.2.72) –
පුචිමන්ද පරිවාරො අම්බො තෙ දධිවාහන, මූලං මූලෙන සංසට්ඨං සාඛා සාඛා නිසෙවරෙ’තී
‘දධිවාහනය! තොපගේ අඹගස කොහොඹ ගස් පිරිවරා ඇත. මූලෙන් මුල එක්ව වෙළී ඇත. අත්තෙන් අත්ත ඇසුරු කෙරේ.’
එත්ථ උපචිතෙ. “චිත්තසංසට්ඨා ධම්මා”ති (ධ· ස· දුකමාතිකා 59) එත්ථ චිත්තසම්පයුත්තධම්මෙ . ඉධ පන යො ඵලප්පදානෙ අවියොගධම්මො විනිබ්භොගං අකත්වා එකුප්පාදාදිධම්මො හුත්වා “සම්පයුත්තො”ති වුච්චති. තංවිසයො. අථ වා “සහගතො”ති වත්වා පච්ඡතො පච්ඡතො ආගතසුත්තෙන විය සො න හොතීති දස්සෙතුං “සහජාතො”ති වුත්තං. එකතො උප්පන්නරූපාරූපං විය සොපි න හොතීති දස්සෙතුං “සංසට්ඨො”ති වුත්තං.
යන මෙහි සංසට්ඨ ශබ්දය උපචිත (රැස්වීම්) අර්ථයෙහි ය. ‘චිත්ත සංසට්ඨා ධම්මා’ යන මෙහි චිත්ත සම්ප්‍රයුක්ත ධර්ම විෂයයෙහි ය. මෙහි වනාහි ඒ (යො යනු සො යනුවෙන් නිදොස් විය යුතුයි. විඤ්ඤාණ ස්කන්ධය ඵල ප්‍රදානයෙහි (විපාක දීමෙහි) දී, වෙන් නොවන ස්වභාවයක් වන හෙයින් බෙදා වෙන් නොකොට ඒකුප්පාද (එක්ව උපදනා) ස්වභාවයට පත්වීමෙන් ‘සම්ප්‍රයුක්ත’ යැයි කියනු ලැබේ. නැතහොත් ‘සහගත’ යැයි පවසා, ‘එම විඤ්ඤාණ ස්කන්ධය පසුපසින් ලුහුබැඳ පැමිණි පුත්‍රයා මෙන් නොවෙති’යි දැක්වීමට සහජාතො යි කියන ලදී. (තවද) ‘සහජාත සමග එකට උපන් රූප අරූප ස්කන්ධ ධර්ම මෙන් නොවෙති’යි දැක්වීමට සංසට්ඨො යි කියන ලදී.
ඛීරොදකං විය ච සොපි න හොතීති දස්සෙතුං “සම්පයුත්තො”ති වුත්තං. විනිබ්භොගං කාතුං අසක්කුණෙය්යට්ඨෙන හි සහුප්පන්නා ධම්මා සම්පයුත්තාපි අත්ථි ඛීරතෙලං විය. තථා විප්පයුත්තාපි ඛීරතො අපනීතං නවනීතං විය. එවං ලක්ඛණසම්පයුත්තො එකුප්පාදාදිලක්ඛණොයෙව හොතීති දස්සෙතුං “එකුප්පාදො”තිආදි වුත්තං. එත්ථ එකුප්පාදසහජාතානං කිං නානත්තං? උප්පාදෙ අන්තරවිරහිතො එකුප්පාදො. ඛීරකාලමුත්තස්සාපි දධිනො මථනෙ මථනෙ පාකටං නවනීතං විය පුරෙභත්තපච්ඡාභත්තවසෙන එකදිවසමෙව ජාතො විය සො න හොතීති දස්සෙතුං එකක්ඛණෙ නිබ්බත්තොති සහජාතො. එකවත්ථුකොති පතිට්ඨට්ඨෙන එකපරිච්ඡෙදෙන එකවත්ථුකො, ද්වින්නං භික්ඛූනං එකවත්ථුකතා විය ඨානන්තරවිරහිතො. එකාරම්මණොති අනියතෙකාරම්මණො න චක්ඛුවිඤ්ඤාණං වියාති එවමෙකෙ වණ්ණයන්ති.
එම (විඤ්ඤාණ ස්කන්ධය) ද (වෙන්කළ හැකි) කිරි දිය මෙන් නොවෙතියි දක්වනු පිණිස සම්පයුත්තො (මැනවින් යෙදුණේය)යි කියන ලදී. වෙන් කරනු නොහැකි වන හෙයින් (එසේ වුව ද) සමග උපන්, එකට යෙදුණ (එහෙත් වෙන් කළ හැකි) කිරි තෙල් වැනි ස්වභාවයෝ ඇත්තාහු, නොවෙත් ද, කිරෙන් ඉවත් කළ වෙඬරු කොයින් එසේ වෙන්කර ලද්දාහුද වෙති. එවැනි ලක්ෂණයට පත් වූයේ, ඒකුප්පාදී (එක්ව උපන්) ලක්ෂණ ඇත්තේ ම වේ’ යැයි දක්වනු පිණිස එකුප්පාදො (එක්ව උපන්) යනාදිය කියන ලදී. මෙහි ඒකුප්පාද සහජාත ධර්මයන්ගේ නානාකාර බව (වෙනස) කුමක් ද? ඉපදීමේදී අතරක් නොමැති වීම ඒකුප්පාද යයි. එම විඤ්ඤාණ ස්කන්ධය (කිරි) දී බවට පත්ව බොහෝ කාලයක් ඉකුත්ව ගිය ද මැඩීමෙහිදී ප්‍රකටවන වෙඬරු මෙන් හෝ පෙරබත් කාලය (පෙරවරු) පසුබත් කාලය (පස්වරු) වශයෙන් එක් දිනයකම ඉපැදීම මෙන් හෝ එය නොවන බව දක්වනු පිණිස ‘එකම ක්ෂණයෙහි උපන්නේය’යි සහජාත නම් වේ. පිහිටීම් අර්ථයෙන් එකවත්ථුකො ඒකවත්ථුක නම් වේ. එක් පිරිසිඳීමෙන් (එකක් ලෙස ගැනීමෙන්) ඒකවත්ථුක නම් වේ. භික්ෂූන් දෙදෙනෙකුගේ ඒකවත්ථු කතාව මෙන් ස්ථාන අතර වෙනසක් නැත. එකාරම්මණො යනු අනියත වූ ඒකාරම්මණ (එක් අරමුණු) ඇති බවයි. චක්ඛු විඤ්ඤාණය මෙන් නොවෙති’යි මෙසේ ඇතැමෙක් අර්ථ වර්ණනා කරති.
මච්චොති මූලපදං. රූපාදීසු සත්තො ලග්ගො ලග්ගිතොති සත්තො. වුත්තඤ්හෙතං “සත්තො සත්තොති, භන්තෙ, වුච්චති, කිත්තාවතා නු ඛො, භන්තෙ, ‘සත්තො’ති වුච්චතීති? රූපෙ ඛො, රාධ, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා, තත්ර සත්තො තත්ර විසත්තො, තස්මා ‘සත්තො’ති වුච්චතී”ති (සං· නි· 3.161; මහානි· 7). සත්තයොගෙන වා සත්තො. සුගතිදුග්ගතිං නරතීති නරො. මනුනො පුත්තොති මානවො. උපකරණෙන සයං පොසයතීති පොසො. පුං වුච්චති නිරයො, තං ගලතීති පුග්ගලො. ජීවිතින්ද්රියං ධාරෙතීති ජීවො. චුතිතො ජාතිං ගච්ඡතීති ජාගු. ජියතීති ජන්තු. ඉන්ද්රියෙන ගච්ඡතීති ඉන්දගු. අථ වා ඉන්දභූතෙන කම්මුනා ගච්ඡතීති ඉන්දගු. “හින්දගූ”තිපි පාළි. හින්දන්ති මරණං, තං ගච්ඡතීති හින්දගු. මනුතො ජාතොති මනුජො. යං සාදියතීති යං රූපාදිං අස්සාදියති. සෙසං වුත්තනයමෙව. ඉතො පරං වුත්තමත්ථං නිගමෙන්තො තෙනාහ භගවා –
මච්චො යනු මුල් පදය යි. රූපාදියෙහි ඇලුණහ යි, ලැගියහයි, ලැගුණහ යි සත්තො සත්ත්ව නම් වේ. කියන ලද මැයි, ‘සත්ත්වයා සත්ත්වයා යැයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් සත්ත්ව නම් වේද?’ ‘රාධය, රූපයක් කෙරෙහි යම් කැමැත්තක්, යම් රාගයක් වේද, එහි යමෙක් ඇලුණේද, පැටලුණේ ද, එහෙයින් සත්ත්වයා යැයි කියනු ලැබේ.’ අත්බව්හි යෙදීමෙන් හෝ සත්ත්වයා යැයි කියනු ලැබේ. සුගති දුගති දෙකට ගෙන යන්නේනුයි නරො නර නම් වේ. ඔහුගේ පුත් වූයේ මාණවො මානව නම් වේ. උපකරණවලින් තමා පෝෂණය කරගත්තේනුයි පොසො පොස නම් වේ. පුං යනු නිරයයි. ඒ නිරයෙහි ගැලෙනුයි පුග්ගලො පුද්ගල නම් වේ. ජීවිතින්ද්රිය චෛතසිකය දරන්නේනුයි ජිවො ජීව නම් වේ. චුතියෙන් පසුව ජාතියට (ඉපදීමට) යන්නේනුයි ජාගු නම් වේ. ජායති, උපදින්නේනුයි ජන්තු නම් වේ. ඉන්ද්රියයන්ගෙන් අරමුණු වෙත ගෙන යන්නේනුයි ඉන්දගූ නම් වේ. නොහොත් අධිපතියකු වැනි වූ කර්මය හේතුකොට යන්නේනුයි ඉන්දගූ නම් වේ. හින්දගූ යනු ද පෙළෙහි යෙදේ. ‘හින්දං’ යනු මරණයයි. ඒ මරණයට පත්වන්නේනුයි හින්දගූ නම් වේ. ඔහුගෙන් උපන්නේය යන අරුතින් මනුජො නම් වේ. යං සාදියතී යනු යම් රූපාදියක් ආශ්වාදනය කරයි ද යන අර්ථයි. සෙසු පදයන්ගේ අර්ථ කියන ලද ක්‍රමයෙන් ම දතයුතුයි. ඉන් අනතුරුව ඉහත කී අර්ථය නිගමනය කරමින්, අවසන් කර දක්වමින්;
“කාමං කාමයමානස්ස…පෙ… ලද්ධා මච්චො යදිච්ඡතී”ති;
තෙනාහ භගවා ‘කාමං කාමයමානස්ස -පෙ- යදිච්ඡතී යැයි දක්වන ලදී.
ඉතො පරං එත්තකම්පි අවත්වා විසෙසමත්තමෙව වක්ඛාම.
මින්පසුව එන ගාථා විස්තරයන්හි මෙතෙකුදු විස්තර නොදක්වා විශේෂ මාත්‍රයක්ම (හුදෙක් විශේෂකොට කිවයුතු අර්ථයක් ම) දක්වන්නෙමි.