1. 1
1. 1.
1. 1.
“කාමං කාමයමානස්ස තස්ස චෙ තං සමිජ්ඣති, අද්ධා පීතිමනො හොති ලද්ධා මච්චො යදිච්ඡති.”
“වස්තුකාමය කැමැති වන සත්ත්වයාහට ඉදින් ඒ කාමය සමෘද්ධ වේ නම්, එකල්හි සත්ත්ව තෙමේ කැමැති වස්තුව ලැබ ඒකාන්තයෙන් සතුටු සිත් ඇත්තේ වේ.”
කාමං කාමයමානස්සාති - ‘කාමා’ති උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච. කතමෙ වත්ථුකාමා? මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා ඵොට්ඨබ්බා, අත්ථරණා පාපුරණා, දාසිදාසා අජෙළකා කුක්කුටසූකරා හත්ථිගවාස්සවළවා, ඛෙත්තං වත්ථු හිරඤ්ඤං සුවණ්ණං ගාමනිගමරාජධානියො රට්ඨං ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරං ච, යං කිඤ්චි රජනීයං වත්ථූ වත්ථුකාමා.
කාමං කාමයමානස්ස - ‘කාමා’ යනු විස්තර විසින් වස්තුකාමයෝ යැ, ක්ලේශකාමයෝ යැ යි කාමයෝ දෙදෙනෙක් වෙති. වස්තුකාමයෝ කවරහ?යත්: මන වඩන රූපයෝ යැ, මන වඩන ශබ්දයෝ යැ, මන වඩන ගන්ධයෝ යැ, මන වඩන රසයෝ යැ, මන වඩන ස්පර්ශයෝ යැ, අතුරුණු යැ, පොරෝන යැ, දැසිදස්හු යැ, එළු බැටෙළු යැ, හූරු කුකුළු යැ, ඇත් අස් ගව වෙළඹහු යැ, කෙත් යැ, වතු යැ, කහවණු යැ, රන් යැ, ගම් නියම්ගම් රජදහන්හු යැ, රට යැ, දනවු යැ, කොෂ යැ, කොටුගෙ යැ, යම් කිසි ඇලුම් කට යුතු වස්තු යැ (යන මොහු) වස්තුකාමයෝ යැ.
අපි ච, අතීතා කාමා, අනාගතා කාමා, පච්චුප්පන්නා කාමා, අජ්ඣත්තා කාමා, බහිද්ධා කාමා, අජ්ඣත්තබහිද්ධා කාමා, හීනා කාමා, මජ්ඣිමා කාමා, පණීතා කාමා, ආපායිකා කාමා, මානුසිකා කාමා, දිබ්බා කාමා, පච්චුපට්ඨිතා කාමා, නිම්මිතා කාමා, පරනිම්මිතා කාමා, අනිම්මිතා කාමා, පරිග්ගහිතා කාමා, අපරිග්ගහිතා කාමා, මමායිතා කාමා, අමමායිතා කාමා, සබ්බෙ’පි කාමාවචරා ධම්මා, සබ්බෙ’පි රූපාවචරා ධම්මා, සබ්බෙ’පි අරූපාවචරා ධම්මා, තණ්හාවත්ථුකා තණ්හාරම්මණා කමනීයට්ඨෙන රජනීයට්ඨෙන මදනීයට්ඨෙන කාමා. ඉමෙ වුච්චන්ති වත්ථුකාමා.
තව ද, අතීතකාමයෝ යැ, අනාගතකාමයෝ යැ, වර්තමානකාමයෝ යැ, ආද්ධ්යාත්මිකකාමයෝ යැ, බාහිරකාමයෝ යැ, අද්ධ්යාත්මබාහ්යකාමයෝ යැ, හීනකාමයෝ යැ, මධ්‍යමකාමයෝ යැ, ප්‍රණීතකාමයෝ යැ, සතර අපායයෙහි වූ කාමයෝ යැ, මිනිස්ලොවැ වූ කාමයෝ යැ, දෙව්ලොවැ වූ කාමයෝ යැ, එළඹ සිටි කාමයෝ යැ, (අරමුණු මවා රමණය කරන) නිර්මිතකාමයෝ යැ, පර නිර්මිත කාමයෝ යැ, අනිර්මිත (=පියෙවින් පිළියෙල වූ) කාමයෝ යැ, (මේ මාගේ යැ යි) පිළිගත් කාමයෝ යැ, (එසෙයින්) නො පිළිගත් කාමයෝ යැ, (තෘෂ්ණාවශයෙන්) මේ මාගේ යැ යි ගත් කාමයෝ යැ, (එසේ නො ගත්) අමමායිත කාමයෝ යැ, සියලු මැ කාමාවචරධර්‍මයෝ යැ, සියලු මැ රූපාවචරධර්‍මයෝ යැ, සියලු මැ අරූපාවචරධර්‍මයෝ යැ, තෘෂ්ණාවට කාරණ වූ තෘෂ්ණාවට අරමුණු වූ (ධර්මයෝ) ප්‍රාර්‍ත්‍ථනා කළ යුතු අර්ත්ථයෙන් ඇලීමට යොග්යාර්ථයෙන් (කුලමදාදි) මද ඉපදවිය යුතු අර්ත්ථයෙන් කාමයෝ යි. මොහු වස්තුකාමයෝ යැ යි කියනු ලැබෙත්.
කතමෙ කිලෙසකාමා? ඡන්දො කාමො, රාගො කාමො, ඡන්දරාගො කාමො: සඞ්කප්පො කාමො, රාගො කාමො, සඞ්කප්පරාගො කාමො, යො කාමෙසු කාමච්ඡන්දො, කාමරාගො, කාමනන්දි, කාමතණ්හා, කාමසිනෙහො, කාමපරිළාහො, කාමමුච්ඡා, කාමජ්ඣොසානං, කාමොඝො, කාමයොගො, කාමූපාදානං, කාමච්ඡන්දනීවරණං.
ක්ලේශකාමයෝ කවරහ? යත්: ඡන්දය කාම යැ, රාගය කාම යැ, ඡන්දරාගය කාම යැ, සඞ්කල්පය කාම යැ, රාගය කාම යැ, සඞ්කල්පරාගය කාම යැ, පඤ්චකාමගුණයෙහි යම් කාමසඞ්ඛ්‍යාත ඡන්දයෙක්, කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමතෘෂ්ණායෙක්, කාමස්නේහයෙක්, කාමපරිදාහයෙක්, කාමමූර්ඡායෙක්, කාමයන්හි ඇතුළු වීමෙක්, කාමසඞ්ඛ්‍යාත ඕඝයෙක්, කාමයෝගයෙක්, කාමොපාදානයෙක්, කාමච්ඡන්දනීවරණයෙක් වේ ද -
1. “අද්දසං කාම තෙ මූලං සඞ්කප්පා කාම ජායසි, න තං සඞ්කප්පයිස්සාමි එවං කාම න හෙහිසී”ති.
1. කාමය, තා ගේ මුල දිටිමි. කාමය, තෝ සඞ්කල්පය හේතු කොට ගෙන උපදනෙහි. (දැන් මම) තා නො පතමි. කාමය, මෙසෙයින් තෝ නූපදනෙහි යැ යි.
ඉමෙ වුච්චන්ති කිලෙසකාමා.
මොහු ක්ලේශකාමයෝය යි කියනු ලැබෙත්.
කාමයමානස්සාති - කාමයමානස්ස ඉච්ඡමානස්ස සාදියමානස්ස පත්ථයමානස්ස පිහයමානස්ස අභිජප්පමානස්සාති කාමං කාමයමානස්ස.
කාමයමානස්ස - කැමැති වන, ආශංසනය කරන, ආස්වාදනය කරන, ප්‍රාර්‍ත්‍ථනා කරන, ලබනු කැමති වන, තෘෂ්ණායෙන් තෘප්තිය උපදවන ඔහුට නු යි ‘කාමං කාමයමානස්ස’ යනු වේ.
තස්ස චෙ තං සමිජ්ඣතීති - ‘තස්ස චෙ’ති තස්ස ඛත්තියස්ස වා බ්රාහ්මණස්ස වා වෙස්සස්ස වා සුද්දස්ස වා ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වා දෙවස්ස වා මනුස්සස්ස වා, තන්ති වත්ථුකාමා වුච්චන්ති: මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා ඵොට්ඨබ්බා, සමිජ්ඣතීති ඉජ්ඣති සමිජ්ඣති ලභති පටිලභති අධිගච්ඡති වින්දතීති තස්ස චෙ තං සමිජ්ඣති.
තස්ස චේතං සමිජ්ඣති- ‘තස්ස චෙ’ යනු: ක්ෂත්රිය වූ හෝ බ්‍රාහ්මණ වූ හෝ වෛශ්‍ය වූ හෝ ශුද්‍ර වූ හෝ ගිහි වූ හෝ පැවිදි වූ හෝ දෙවි වූ හෝ මිනිස් වූ හෝ ඔහුට යැ. ‘තං’ යි වස්තුකාමයෝ කියනු ලැබෙති. මන වඩන රූපයෝ යැ, ශබ්දයෝ යැ, ගන්ධයෝ යැ, රසයෝ යැ, ස්පර්ශයෝ යි. සමිජ්ඣති යනු: නිපැදෙයි, මොනවට නිපැදෙයි, ලැබෙයි, පිළිලැබෙයි, පැමිණෙයි, විඳී නු යි ‘තස්ස චෙ තං සමිජ්ඣති’ යනු වේ.
අද්ධා පීතිමනො හොතීති - අද්ධා ති එකංසවචනං නිස්සංසයවචනං නික්කඞ්ඛාවචනං අද්වෙජ්ඣවචනං අද්වෙළ්හකවචනං නියොගවචනං අපණ්ණකවචනං අවත්ථාපනවචනමෙතං අද්ධා ති. පීති ති යා පඤ්චකාමගුණපටිසංයුත්තා පීති පාමොජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති තුට්ඨි ඔදග්යං අත්තමනතා අභිප්ඵරණතා චිත්තස්ස. මනොති යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණධාතු. අයං වුච්චති මනො. අයං මනො ඉමාය පීතියා සහගතො හොති සහජාතො සංසට්ඨො සම්පයුත්තො එකුප්පාදො එකනිරොධො එකවත්ථුකො එකාරම්මණො. පීතිමනො හොතීති පීතිමනො හොති තුට්ඨමනො හට්ඨමනො පහට්ඨමනො අත්තමනො උදග්ගමනො මුදිතමනො පමුදිතමනො හොතීති අද්ධා පීතිමනො හොති.
අද්ධා පීතිමනො හොති- අද්ධා යනු: ඒකාන්තවචන යැ, නිස්සංශය වචන යැ, නිසැකවචන යැ, අද්වෛධවචන යැ, නොදෙහිත් වචන යැ, නියොගවචන යැ, අවිරුද්ධවචන යැ, සනිටුහන් වචනයෙකි. මේ ‘අද්ධා’ යනු වේ. පීති යනු පඤ්චකාමගුණප්රතිසංයුක්ත වූ යම් ප්‍රීතියෙක්, ප්‍රාමෝද්‍යයෙක්, ආමොදනයෙක්, ප්‍රමෝදනයෙක්, හර්‍ෂයෙක්, ප්‍රහර්‍ෂයෙක් (=හටුපහටු ආකාරයෙක්), ප්‍රීතිධනයෙක්, සතුටෙක්, ඔද වැඩිබවෙක්, සතුටුසිත් ඇති බවෙක්, චිත්තයාගේ පැතුරුණුබවෙක් වේ ද එය යි. මනෝ යනු: යම් සිතෙක්, මනසෙක්, මානසයෙක්, හෘදයයෙක්, පණ්ඩර වූ භවාඞ්ගසිතෙක්, මනසෙක්, ‘මන’සඞ්ඛ්‍යාත ආයතනයෙක්, මනින්ද්රියයෙක්, විඥානයෙක්, විඥානස්කන්ධයෙක්, තදනුරූප වූ (හෙවත් ඒ ස්පර්ශාදිය උපදවන) මනෝවිඥානධාතුයෙක් වේ ද, මෙය ‘මන” යැ යි කියනු ලැබේ. මේ මනස මේ ප්‍රීතිය හා සහගත වූයේ, සමග උපන්නේ, සංසෘෂ්ට වූයේ, සම්ප්‍රයුක්ත වූයේ, එක් වැ උපන්නේ, එක් වැ නිරුද්ධ වනුයේ, (හදවත් විසින්) ඒකවස්තුක වූයේ, එක් අරමුණෙහි වූයේ වේ. පීතිමනො හොති - ප්‍රීති සහිත සිත් ඇතියේ වෙයි. තුටුසිත් ඇතියේ, හටුසිත් ඇතියේ, පහටුසිත් ඇතියේ, අත්තමන වූයේ, ඔද වැඩි සිත් ඇතියේ, මුදිත වූ සිත් ඇතියේ, ප්‍රමුදිත වූ සිත් ඇතියේ වේ නු යි ‘අද්ධා පීතිමනො හොති’ යනු වේ.
ලද්ධා මච්චො යදිච්ඡතීති - ලද්ධා ති ලභිත්වා අධිගන්ත්වා වින්දිත්වා පටිලභිත්වා, මච්චොති - සත්තො නරො මානවො පොසො පුග්ගලො ජීවො ජාගූ ජන්තු ඉන්දගූ මනුජො, යදිච්ඡතීති - යං ඉච්ඡති යං සාදියති, යං පත්ථෙති, යං පිහෙති, යං අභිජප්පති රූපං වා සද්දං වා ගන්ධං වා රසං වා ඵොට්ඨබ්බං වාති ‘ලද්ධා මච්චො යදිච්ඡති’. තෙනාහ භගවා:
ලද්ධා මච්චො යදිච්ඡති - ලද්ධා යනු: ලැබ, පැමිණ, විඳ, ප්රතිලාභ කොට; මච්චො යනු: සත්ත්ව තෙම, නර තෙම, මානවයා, පුරුෂයා, පුද්ගලයා, ජීවයා, (ච්‍යුතියෙන් ජාතියට යන්නේ නු යි) ජාගු තෙම, ජන්තු තෙම, (ඉන්දසඞ්ඛ්යාත කර්මයෙන් යේ නු යි) ඉන්දගු තෙම, මනුජ තෙමේ යි. යදිච්ඡති යනු: රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්ප්‍රෂ්ටව්‍යයක් හෝ යම් කිසිවක් කැමැති වේ නු යි, යමක් ආස්වාද කෙරේ නු යි, යමක් ප්‍රාර්‍ත්‍ථනා කෙරේ නු යි, යමක් (තෘෂ්ණාවශයෙන්) ලබනු කැමැති වේ නු යි, යමෙක (තෘෂ්ණාවශයෙන්) ගුණ කියා නු යි ‘ලද්ධා මච්චො යදච්ඡති’ යනුවේ. එයින් වදාළහ බුදුහු:
“කාමං කාමයමානස්ස තස්ස චෙ තං සමිජ්ඣති, අද්ධා පීතිමනො හොති ලද්ධා මච්චො යදිච්ඡතී”ති.
“කාමං කාමයමානස්ස -පෙ- ලද්ධා මච්චො යදිච්ඡති” යි.