ඡකඛත‍්තියපබ‍්බං
6833. තෙසං සුත්‍වාන නිග‍්ඝොසං භීතො වෙස‍්සන‍්තරො අහු, පබ‍්බතං අභිරූහිත්‍වා භීතො සෙනං උදික‍්ඛති.
6833. වෙසතුරු රජ ඔවුන්ගේ හඬ අසා බියපත් වී. බියපත් වූයෙ සානුපව්වකට නැඟ සෙනඟ බලයි.
6834. ඉඞ‍්ඝ මද‍්දි නිසාමෙහි නිග‍්ඝොසො යාදිසො වනෙ, ආජානීයා හසිස‍්සන‍්ති ධජග‍්ගානි ච දිස‍්සරෙ.
6834. කොලෙනි, මද්‍රී දේවිනි, වනයෙහි යම්බඳු මහහඬෙක් ඇද්ද එය (සියසෙන් ද පරසෙන් දැ යි) පිරික්සව. ආජානේය අශ්වයෝ හේසාරව කෙරෙති. රියෙහි නැඟූ දද අග පැනෙයි.
6835. ඉමෙ නූන අරඤ‍්ඤස‍්මිං මිගසඞ‍්ඝානි ලුද‍්දකා, වාගුරාහි පරික‍්ඛිප‍්ප සොබ‍්භං පාතෙත්‍වා තාවදෙ; වික‍්කොසමානා තිප‍්පාහි හන‍්ති නෙසං වරං වරං.
6835-6836. මොහු වනාහි වැද්දෝ වනයෙහි මුවසමූහයා වරදැලින් සිසාරා බැඳැ හෙබට හෙළා එ කෙණෙහි ‘මරව, තළව’ ආදීන් විවිධාකාරයෙන් නපුරු හඬ නඟමින් ඔවුනතුරෙහි උතුම් උතුම් මුවන් තියුණු සැතින් යම්සේ නසත් ද එ සෙයින් අප නසතී සිතම්. ඇපි නිදොස්මහ. රටින් නෙරන ලදුවැ වෙනෙහි සිර කරන ලදුමෝ සතුරන් අතට ගියම්හ. දුඹුලන් මරන බව බලව යි.
6836. යථා මයං අදූසකා අරඤ‍්ඤෙ අවරුද‍්ධකා, අමිත‍්තහත්‍ථත්‍ථගතා පස‍්ස දුබ‍්බලඝාතකං.
6837. අමිත‍්තා නප‍්පසහෙය්‍යුං අග‍්ගීව උදකණ‍්ණවෙ, තදෙව ත්‍වං විචින‍්තෙහි අපි සොත්‍ථි ඉතො සියා.
6837. තණහුලැ ගිනි ගැඹුරු දියමුහුදු සෙයින් සතුරෝ තොප නො මැඩිය හෙති. තෙපි (පියරජු එතියි සක්දෙව් කී බස) එය මැ සිතව. මේ බළකායෙන් සෙතක් වන්නෙ මැනැවැ යි.
6838. තතො වෙස‍්සන‍්තරො රාජා ඔරොහිත්‍වාන පබ‍්බතා, නිසීදි පණ‍්ණසාලයං දළ‍්හං කත්‍වාන මානසං.
6838. ඉක්බිති වෙසතුරු රජ පර්‍වතයෙන් බැසැ සිත දැඩි කොටගෙනැ පන්සල් දොර හුන්නේ යැ.
6839. නිවත‍්තයිත්‍වාන රථං වොත්‍ථාපෙත්‍වාන සෙනියො, එකං අරඤ‍්ඤෙ විහරන‍්තං පිතා පුත‍්තං උපාගමී.
6839. පියමහරජ රිය නවත්වා සෙනෙවියනට (කඳවුර රක්නට) නියෝග කොට එකලා වැ වෙනෙහි වාස කරන පුතු කරා එළැඹියේ යැ.
6840. හත්‍ථික‍්ඛන්‍ධතො ඔරුය‍්හ එකංසො පඤ‍්ජලීකතො, පරික‍්ඛිත‍්තො අමච‍්චෙහි පුත‍්තං සිඤ‍්චිතුමාගමි.
6840. ඇත්කඳින් බැසැ එකස් කළ උතුරුසළු ඇතියෙ ජනයා විසින් කරනලද ඇඳිලි ඇතියෙ ඇමතියන් විසින් පිරිවරන ලදුයේ පුතු අභිෂේක කරන්නට ආයේ යැ.
6841. තත්‍ථද‍්දස කුමාරං සො රම‍්මරූපං සමාහිතං, නිසින‍්නං පණ‍්ණසාලායං ඣායන‍්තං අකුතොභයං.
6841. එ සඳමහරජ ඒ අසපුයෙහි පන්සල් දොර හුන් රම්‍ය සැහැවි ඇති එකඟසිත් ඇති ධ්‍යාන කරන කිසිවකින් බිය නැති වෙසතුරු කුමරහු දිටී.
6842. තඤ‍්ච දිස‍්වාන ආයන‍්තං පිතරං පුත‍්තගිද‍්ධිනං, වෙස‍්සන‍්තරො ච මද‍්දී ච පච‍්චුග‍්ගන‍්ත්‍වා අවන්‍දිසුං.
6842. වෙසතුරු රජ ද මද්‍රී දේවි ද දරුවන් කෙරෙහි ගිජු වූ ඒ පියරජු එන්නා දැකැ පෙරමඟට ගොස් වැන්දහ.
6843. මද‍්දී ච සිරසා පාදෙ සසුරස‍්සාභිවාදයි, මද‍්දී අහං හි තෙ දෙව පාදෙ වන්‍දාමි තෙ හුසා, තෙසු තත්‍ථ පලිස‍්සජ‍්ජ පාණිනා පරිමජ‍්ජථ.
6843. දේවයිනි, මම තොප ලෙහෙලි මද්‍රීමි. පාසඟළ වඳිමි යි සුහුරණුවන්ගේ පා යුවළ හිසින් වැන්දා. එහි දී වැළැඳැගෙන අත්ලෙන් පිට පිරීමට.
6844. කච‍්චි වො කුසලං පුත‍්ත කච‍්චි පුත‍්ත අනාමයං, කච‍්චි උඤ‍්ඡෙන යාපෙථ කච‍්චි මූලඵලාබහූ.
6844. පුතණුවෙනි, කිම තොප සුවසේ ද? පුතණුවනි, කිම දුක් නැද්ද? කිම වනමුල් පලයෙන් යැපෙවු ද? කීම අල හා පලවැළ බොහෝ ඇද්ද?
6845. කච‍්චි ඩංසා ච මකසා ච අප‍්පමෙව සිරිංසපා, වනෙ වාලමිගාකිණ‍්ණෙ කච‍්චි හිංසා න විජ‍්ජති.
6845. කිම මැසිමදුරුවෝ ද සිරිංසපයෝ ද අල්ප මැ වෙත් ද? චණ්ඩමෘගයන්ගෙන් ආකීර්‍ණ වූ වනයෙහි පීඩා නැද්ද?
6846. අත්‍ථි නො ජීවිකා දෙව යා ච යාදිසි කීදිසා, කයිරා හි ජිවිකා හොම උඤ‍්ඡාචරියාය ජීවිකං.
6846. දේවයිනි, අපගේ දිවිවැටුම් ඇත. එ ද යම්තම් වනුයෙ යැ. වනමුල් පලවැළින් දිවිවැටීම වෙයි. දුකින් මැ දිවි පවත්වම්හ.
6847. අනිද‍්ධිනං මහාරාජ දමෙතස‍්සංව සාරථි, ත්‍යම‍්හා අනිද‍්ධිකා දන‍්තා අසමිද‍්ධි දමෙති නො.
6847. මහරජතුමනි, (දිළිඳු බව) දිළිඳු පුරුෂයා අස්දම්සැරි තෙම අසකුමෙන් දමනය කරයි. ඒ ඇපි දිළිඳු වූවමෝ දැමුණම්හ. දිළිඳු බව අප දමනය කරයි.
6848. අපි නො කිසානි මංසානි පිතු මාතු අදස‍්සනා, අවරුද‍්ධානං මහාරාජ අරඤ‍්ඤෙ ජීවසොකිනං.
6848. මහරජුනි, රටින් නෙරනලදු වැ අරනෙහි වසන ජීවශෝකී වූ අපගේ මවුපියන් නො දැක්මෙන් මසුදු කෘශ විය. (සැප නම් කොයින් ද?)
6849. යෙ පි තෙ සිවිසෙට‍්ඨස‍්ස දායාදප‍්පත‍්තමානසා, ජාලී කණ‍්හාජිනාචුභො බ්‍රාහ‍්මණස‍්ස වසානුගා; අච‍්චායිකස‍්ස ලුද‍්දස‍්ස යො නෙ ගාවොව සුම‍්භති.
6849. යම් ඒ දැලිසිරු කන්සිරු දෙකුමරහු සිවිරජහුගේ දායාදයෙන් නො පිරිපුන් මනදොළ ඇති වැ ඉක්මන් වූ රුදුරු බමුණක්හුගේ වසඟ බවට ගියහ. එ බමුණු ඔවුන් ගෙරි පහරිනාසේ පහරී.
6850. තෙ රාජපුත‍්තියා පුත‍්තෙ යදි ජානාථ සංසථ, පරියාපුණාථ නො ඛිප‍්පං සප‍්පදට‍්ඨංව මාණවං.
6850. ඉදින් ඒ දරුවන් තතු දනිවු නම් මෙ රජදූට කියව. සර්‍පයෙකු විසින් දෂ්ටකරනලද මාණවයක්හට විෂ හරන මතුරු මෙන් වහා අපට කියව යි.
6851. උභො කුමාරා නික‍්කීතා ජාලී කණ‍්හාජිනා චුභො, බ්‍රාහ‍්මණස‍්ස ධනං දත්‍වා පුත‍්ත මා භායි අස‍්සස.
6851. ජාලිය කෘෂ්ණජිනා දෙකුමරහු බමුණුහට ධනය දී නිසේ කොට (අගය දී) ගන්නාලදහ. පුත නො බව අස්වැසෙව යී.
6852. කච‍්චින‍්නු තාත කුසලං කච‍්චි තාත අනාමයං, කච‍්චින‍්නු තාත මෙ මාතු චක‍්ඛුං න පරිහායති.
6852. කියග පියාණෙනි, සුවසේ ද? කිම පියාණෙනි, දුක් නැද්ද? කිම පියාණෙනි, මාගේ මවගේ ඇස් (කඳුළින්) නො පිරිහේ දැ යී.
6853. කුසලං චෙව මෙ පුත‍්ත අථො පුත‍්ත අනාමයං අථොපි පුත‍්ත තෙ මාතු චක‍්ඛුං න පරිහායති.
6853. පුතණුවනි, මට රෝග නැත. තවද පුතණුවනි, මට දුක් නැත. තවද පුතණුවනි තොප මවගේ ඇස් නො පිරිහේ.
6854. කච‍්චි අරොගං යොග‍්ගං තෙ කච‍්චි වහති වාහනං, කච‍්චි ඵිතා ජනපදා කච‍්චි මුට‍්ඨි න ඡිජ‍්ජති.
6854. කිම තොපගේ ධුර වහනුවන් සුවසේ ද? කිම (ඇත් අස්) වාහන උසුලා ද? කිම දනවු සමෘද්ධ වේ ද? කිම වැසි නො සිඳේ දැ යී.
6855. අථො ආරොගං යොග‍්ගං මෙ අථො වහති වාහනං, අථො ඵිතා ජනපදා අථො වුට‍්ඨි න ඡිජ‍්ජති.
6855. මාගේ ධුර වහනුවෝ ද නීරෝග යැ වාහන ද උසුලා. දනවු ද සමෘද්ධ යැ. වැසි ද නො සිඳේ.
6856. ඉච‍්චෙවං මන‍්තයන‍්තානං මාතා නෙසං අදිස‍්සථ, රාජපුත‍්ති ගිරිද‍්වාරෙ පත‍්තිකා අනුපාහනා.
6856. මෙසේ සල්ලාප කරත් මැ මවුරදූ වහන් නැති වැ පාගමනින් එන්නී පර්‍වතදොරැ ඔවුනට පැනුණු.
6857. තඤ‍්ච දිස‍්වාන ආයන‍්තිං මාතරං පුත‍්තගිද‍්ධිනිං, වෙස‍්සන‍්තරො ච මද‍්දී ච පච‍්චුග‍්ගන‍්ත්‍වා අවන්‍දිසුං.
6857. පුතු කෙරෙහි ගිජු වූ ඒ මව ද එන්නිය දැකැ වෙසතුරුරජ ද මද්‍රීදේවී ද පෙරගමන් කොට වැන්දාහ.
6858. මද‍්දී ච සිරසා පාදෙ සස‍්සුසා අභිවාදයි, මද‍්දි අහම‍්හි තෙ අය්‍යෙ පාදෙ වන්‍දාමි තෙ හුසා.
6858. ආර්‍ය්‍යාවෙනි, මම තොප ලෙහෙලි මද්‍රීමු. තොපගේ පායුවළ වඳිමි යි මද්‍රීදේවී ද නැන්දැණියන් පාසඟළ හිසින් වැන්දා.
6859. මද‍්දිඤ‍්ච පුත‍්තකා දිස‍්වා දූරතො සොත්‍ථිමාගතා, කන්‍දින‍්තා අභිධාවිංසු වච‍්ඡා බාලාව මාතරං.
6859. දුරැ සිට සුවසේ ආ දරුවෝ මද්‍රීදේවිය දැකැ මවුදෙන කරා වසුපැටියන් මෙන් හඬමින් පෙරට දිවූහ.
6860. මද‍්දී ච පුත‍්තකෙ දිස‍්වා දූරතො සොත්‍ථිමාගතෙ, වාරුණී ව පවෙධෙන‍්ති ථනධාරාභිසිඤ‍්චථ.
6860. මද්‍රී දේවී ද දුරින් සුවසේ ආ දරුවන් දැකැ භූතාවේශ වූවකු මෙන් වෙව්ළමින් (දිවගොස් ඔවුන්) කිරිදහරින් තෙමූ.
6861. සමාතානං ඤාතීනං මහාඝොසො අජායථ, පබ‍්බතා සමනාදිංසු මහී පකම‍්පිතා අහු;
6861. රැස් වූ නෑයන්ගේ මහහඬෙක් උපන. පර්‍වතයෝ පිළිරැව් දුන්හ. පොළොව කම්පිත වූ.
6862. වුට‍්ඨිධාරං පවෙච‍්ඡන‍්තො දෙවො පාවස‍්සි තාවදෙ. අථ වෙස‍්සන‍්තරො රාජා ඤාතීහි සමගච‍්ඡථ,
6862. එ කෙණෙහි පොදදහර ඔමින් පොකුරු වැසි වට. එ සඳ වෙසතුරු රජ නෑයන් හා සමග සමග බවට ගියේ.
6863. නත‍්තාරො සුණිසා පුත‍්තො රාජා දෙවී ච එකතො. යදා සමාගතා ආසුං තදාසි ලොමහංසනං.
6863. මුනුබුරෝ ද ලෙහෙලි ද පුත් ද පියරජ ද මවුදේවී ද යම් දවසෙකැ එකට රැස්වූහු ද එ දවස් ලොමුදහගැන්මෙක් වී.
6864. පඤ‍්ජලිකා තස‍්ස යාචන‍්ති රොදන‍්තා භෙරවෙ වනෙ. වෙස‍්සන‍්තරඤ‍්ච මද‍්දිඤ‍්ච සබ‍්බෙ රට‍්ඨා සමාගතා. ත්‍වං නොසි ඉස‍්සරො රාජා රජ‍්ජං කරෙථ නො උභො.
6864. බිහිසුණු වනයෙහි එක්රැස් වූ සියලු රටවැසියෝ වෙසතුරු රජුට ද මද්‍රී දේවියට ද බදැඳිලි ඇති වැ හඬමින් ඔහු (පාමුල්හි පතිත වැ) මහරජුනි, තෙපි අපට ඉසුරු වව. දෙදෙන අපගේ රාජ්‍යය කරව යි අයදිත්.
ඡකඛත‍්තියපබ‍්බං.
ෂට්ක්‍ෂත්‍රිය කාණ්ඩය යි.
6865. ධම‍්මෙන රජ‍්ජං කාරෙන‍්තං රට‍්ඨා පබ‍්බාජයිත්‍ථ මං, ත්‍වඤ‍්ච ජානපදා චෙව නෙගමා ච සමාගතා.
6865. තෙපි ද දනවු වැස්සෝ ද නියම්ගම් වැස්සෝ ද එක් වැ ගෙන දැහැමින් රජ කරන මා රටින් නෙරැපූහ යි.
6866. දුක‍්කතඤ‍්ච හි නො පුත‍්ත භූනහච‍්චං කතං මයා, යොහං සිවීනං වචනා පබ‍්බාජෙසිං අදූසතං.
6866. පුත, අප විසින් නො කටයුත්තක් කරනලද, මා විසින් අභිවෘද්ධි නැස්මෙක් කරනලද, යම් බඳු මම සිවිරටවැසියන්ගේ බසින් නිදොස් තොප රටින් නෙරැපීමි.
6867. යෙන කෙනචි වණ‍්ණෙන පිතු දුක‍්ඛං උදබ‍්බහෙ, මාතු භගිනියා චාපි අපි පාණෙහි අත‍්තනො.
6867. යම්කිසි අයුරෙකින් තමා දිවියෙනුදු පියහට උපන් දුක් ද මවට බුහුනට උපන් දුක් ද (පුත්‍ර තෙම) හරනෙ යැ.
6868. තතො වෙස‍්සන‍්තරො රාජා රජොජල‍්ලං පවාහයි, රජොජල‍්ලං පවාහෙත්‍වා සච‍්චවණ‍්ණං අධාරයි.
6868. ඉක්බිති වෙසතුරු රජ රජස්දැලි සෝදා හළී. රජස්දැලි සෝදාපියා පියවිවෙස් ධැරී.
6869. සීසං නහාතො සුචිවත්‍ථො සබ‍්බාභරණභූසිතො, පච‍්චයං නාගමාරුයහ ඛග‍්ගං බන්‍ධි පරන‍්තපං.
6869. හිසින් ස්නාන කෙළේ පිවිතුරු වත් ඇතියෙ සව්බරණින් සැදුණේ ‘පච්චය’ නම් ඇළිඇතු පිට නැඟී පසමිතුරන් තවන කඩුව බැඳගත,
6870. තතො සට‍්ඨිසහස‍්සානි යුධිනො චාරුදස‍්සනා, සහජාතා පරිකරිංසු නන්‍දයන‍්තා රථෙසභං.
6870. ඉක්බිති තමා සමග උපන් මනා දැකුම් ඇති සැට දහසක් යෝධයෝ රජු සතුටු කරවමින් පිරිවැරූහ.
6871. තතො මද‍්දිම‍්පි නහාපෙසුං සිවිකඤ‍්ඤා සමාගතා, වෙස‍්සන‍්තරො තං පාලෙතු ජාලීකණ‍්හාජිනා චුභො; අථොපි තං මහාරාජා සඤ‍්ජයො අභිරක‍්ඛතු.
6871. ඉක්බිති සිවිකන්‍යාවෝ රැස්වැ මද්‍රී දේවිය ද නැහැවූහ. වෙසතුරු මහරජ ද ජාලිය කෘෂ්ණාජිනා දෙදෙනා ද තොප පාලනය කෙරෙත්වා! තවද සඳමහරජ තොප රකීව යි කිවු.
6872. ඉදඤ‍්ච පච‍්චයං ලද‍්ධා පුබ‍්බෙ කිලෙසමත‍්තනො, ආනන්‍දියං ආචරිංසු රමණීයෙ ගිරිබ‍්බජෙ.
6872. මේ පිහිට ලදින් පෙර තමන් වෙනෙහි විඳි දුකුදු සිහි කොට රම්‍ය වූ වඞ්කගිරි කුස්හි සැණකෙළි කළහ.
6873. ඉදඤ‍්ච පච‍්චයං ලද‍්ධා පුබ‍්බෙ කිලෙසමත‍්තනො, ආනන්‍දි චිත‍්තා සුමනා පුත‍්තෙ සඞ‍්ගම‍්ම ලක‍්ඛණා.
6873. මද්‍රී දේවී මේ පිහිට ලැබැ පෙර තමා විඳි දුකුදු සිහි කොට දරුවන් ලැබැ සොම්නස් සිතැති වැ සතුටු වූ.
6874. ඉදඤ‍්ච පච‍්චයං ලද‍්ධා පුබ‍්බෙ කිලෙසමත‍්තනො, ආනන්‍දි විත‍්තා පතීතා සහ පුත‍්තෙහි ලක‍්ඛණා.
6874. මද්‍රී දේවී මේ පිහිට ලැබැ පෙර තමා විඳි දුකුදු සිහි කොට දරුවන් හා සමග සොම්නස් සිතැති වැ ආනන්‍දයට පැමිණියා.
6875. එකභත‍්තා පුරෙ ආසිං නිච‍්චං ථණ‍්ඩිලසායිනී, ඉති මෙතං වතං ආසි තුම‍්හං කාමාහි පුත‍්තකා.
6875. දරුවෙනි, තොප පතන්නී පෙර නිරතුරු එක්වේලේ වළඳන්නී වූමු. බිම හෝනී වූමු. මෙසේ මට තෙල වත් වී.
6876. තං මෙ වතං සමිද‍්ධජ‍්ජ තුම‍්හෙ සඞ‍්ගම‍්ම පුත‍්තකා, මාතුජම‍්පි තං පාලෙතු පිතුජම‍්පි ච පුත‍්තකා, අථො පි තං මහාරාජා සඤ‍්ජයො අභිරක‍්ඛතු.
6876. දරුවෙනි, මාගේ ඒ ව්‍රත සමාදානය අද තොප හා එක් වැ සමෘද්ධ විය. දරුවෙනි, මව කෙරෙන් ද පියා කෙරෙන් ද උපන් ඒ සොම්නස පාලනය කෙරේවා. වැළිදු සඳමහරජ එය රකීවා.
6877. යං කිඤ‍්චත්‍ථි කතං පුඤ‍්ඤං මය‍්හං වෙච පිතුච‍්ච තෙ, සබ‍්බෙන තෙන කුසලෙන අජරො ත්‍වං අමරො භව.
6877. මා විසිනුදු තොප පියා විසිනුදු කරනලද යම්කිසි පිනෙක් ඇද්ද එ හැම පිනින් තෙපි අජර අමර වව.
6878. කප‍්පාසිකඤ‍්ච කොසෙය්‍යං ඛොමකොදුම‍්බරානි ච, සස‍්සු සුණ‍්හාය පාහෙසි යෙහි මද‍්දී අසොභථ.
6878. යම් වස්ත්‍රයෙකින් මද්‍රී දේවී ශෝභමාන වූ ද, එයට නිසි කපුපිළී ද තිහිරිපිළී ද කොමුපිළී ද කොදුම්බර රට නිපන් පිළී ද නැඳි ඵුසතිදේවී ලෙහෙලියට යැවූ.
6879. තතො ඛොමඤ‍්ච කායූරං අඞ‍්ගදං මණිමෙඛලං, සස‍්සු සුණ‍්හාය පාහෙසි යෙහි මද‍්දී අසොභථ.
6879. ඉක්බිති යම් අලංකාරයෙකින් මද්‍රීදේවී ශෝභමාන වූද එබඳු රන්මුවා ග්‍රීවාභරණ ද අඟුපලඳනා ද මිණිමෙවුල් ද නැන්දණී ලෙහෙලියට යැවූ.
6880. තතො ඛොමඤ‍්ච කායූරං ගීවෙය්‍යං රතනාමයං, සස‍්සු සුණ‍්හාය පාහෙසි යෙහි මද‍්දී අසොභථ.
6880. ඉක්බිති යම් අබරණෙකින් මද්‍රීදේවී ශෝභමාන වූ ද එබඳු (වන ඉඳි පල බඳු) ස්වර්‍ණමය ග්‍රීවාභරණ ද මිණිමුවා ග්‍රීවාභරණ ද නැන්දණි ලෙහෙලියට යැවූ.
6881. උණ‍්ණතං මුඛඵුල‍්ලඤ‍්ච නානාරත‍්තෙ ච මාණියෙ, සස‍්සු සුණ‍්හාය පාහෙසි යෙහි මද‍්දී අසොභථ.
6881. යම් අබරණෙකින් මද්‍රීදේවී ශෝභන වූ ද එබඳු රන් බුබුළු ද නන් පැහැ මිණියෙන් කරනලද තිලකාභරණ ද නැන්දණි ලෙහෙලියට යැවූ.
6882. උග‍්ගත්‍ථනං ගිඞ‍්ගමකං මෙඛලං පටිපාදුකං, සස‍්සු සුණ‍්හාය පාහෙසි යෙහි මද‍්දි අසොභථ.
6882. යම් පළඳනායෙකින් මද්‍රීදේවී ශෝභන වූ ද එබඳු රන් කසුකම් කළ තනපට ද රන්වොරසු ද මෙවුල්දම් ද පාදාභරණ ද නැන්දණි ලෙහෙලියට යැවූ.
6883. සුත‍්තඤ‍්ච සුත‍්තවජ‍්ජඤ‍්ච උපනිජ‍්ඣාය සෙය්‍යසි, අසොභථ රාජපුත‍්තී දෙවකඤ‍්ඤාව නන්‍දනෙ.
6883. හුයැ ඇමුණු අබරණ ද හූ රහිත අබරණ ද පිරික්සා බලා සැරැසී සිටි උතුම්රූ දැරූ රාජපුත්‍රී නඳුන් වෙනෙහි දෙවඟනක මෙන් ශෝභන වූ.
6884. සීසං නාහාතා සුචිවත්‍ථා සබ‍්බාභරණභූසිතා, අසොභථ රාජපුත‍්තී තාවතිංසාව අච‍්ඡරා.
6884. හිසින් ස්නාන කළ පිවිතුරු පිළීහන් සව්බරණින් සැදි රදූ තව්තිසා වැසි දෙවසරක මෙන් ශෝභන වූ.
6885. කදලීව වාතච‍්ඡුපිතා ජාතා චිත‍්තලතාවනෙ, දන‍්තාවරණසම‍්පන‍්නා රාජපුත‍්තී අසොභථ.
6885. බිඹුපල වන් ලවනින් සමෘද්ධ වූ රාජපුත්‍රී චිත්‍රලතා වනයෙහි හටගත් මාරුතයෙන් කම්පිත වූ කෙසෙල්ගසක් මෙන් ශෝභන වූ.
6886. සකුණී මානුසිනීව ජාතා චිත‍්තපත‍්තා පතී, නිග්‍රොධපක‍්කබිම‍්බොට‍්ඨි රාජපුත‍්තී අසොභථ.
6886. ඉදුණු නුගපල බිඹුපල වන් ලවන් ඇති එ රදූ උපන් විසිතුරු පියාපත් ඇති අහස්හි පියාසලා යන කිඳුරු ලිහිණියක මෙන් ශෝභන වූ,
6887. තස‍්සා ච නාගමානෙසුං නාතිවද‍්ධඤ‍්ච කුඤ‍්ජරං, සත‍්තික‍්ඛමං සරක‍්ඛමං ඊසාදන‍්තං උරූළ‍්හවං.
6887. ඇයට ද තරුණ වූ ගැඹුරු වූ නාද ඇති තෙප් හී පහර ඉවසනු සමත් රියහිස් වැනි දළ ඇති බර උසුලන හස්තියකු එළැවූහ.
6888. සා මද‍්දී නාගමාරුය‍්හි නාතිවද‍්ධඤ‍්ච කුඤ‍්ජරං, සත‍්තික‍්ඛමං සරක‍්ඛමං ඊසාදන‍්තං උරූළ‍්හවං.
6888. ඒ මද්‍රී දේවී තරුණ වූ ගැඹුරු වූ නාද ඇති, තෙප් හී පහර ඉවසනු සමත් රියහිස් බඳු දළ ඇති බර උසුලන ඇතු පිට නැඟුණු.
6889. සබ‍්බම‍්හි තං අරඤ‍්ඤම‍්හි යාවන‍්තෙත්‍ථ මිගා අහු, වෙස‍්සන‍්තරස‍්ස තෙජෙන නාඤ‍්ඤමඤ‍්ඤමහෙඨයුං.
6889. එ හැම වෙනෙහි යම් පමණ සැඬ සිවුපාවෝ වූහු ද ඔහු වෙසතුරු රජුගේ ගුණතෙදින් ඔවුනොවුන් නො පෙළූ.
6890. සබ‍්බම‍්හි තං අරඤ‍්ඤම‍්හි යාවන‍්තෙත්‍ථ දිජා අහු, වෙස‍්සන‍්තරස‍්ස තෙජෙන නාඤ‍්ඤමඤ‍්ඤමහෙඨයුං.
6890. එ හැම වෙනෙහි යම් පමණ ලිහිණියෝ වූහු ද ඔහු වෙසතුරු රජුගේ ගුණතෙදින් ඔවුනොවුන් නො පෙළූ.
6891. සබ‍්බම‍්හි තං අරඤ‍්ඤම‍්හි යාවන‍්තෙත්‍ථ මිගා අහු, එකජ‍්ඣං සන‍්නිපතිංසු; වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.
6891. සිවිරට වඩන වෙසතුරු රජු නික් මැ ගිය කල්හි එ හැම වෙනෙහි යම් පමණ සිවුපාවෝ වූහු ද ඔහු එක් තැනෙකැ රැස්වූහ.
6892. සබ‍්බම‍්හි තං අරඤ‍්ඤම‍්හි යාවන‍්තෙත්‍ථ දිගා අහු, එකජ‍්ඣං සන‍්නිපතිංසු; වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.
6892. සිවිරට වඩන වෙසතුරු රජු නික්මගිය කල්හි එ හැම වෙනෙහි යම් පමණ සියොත්හු වූහු ද ඔහු එක් තැනෙකැ රැස්වූහ.
6893. සබ‍්බම‍්හි තං අරඤ‍්ඤම‍්හි යාවන‍්තෙත්‍ථ මිගා අහු, නාස‍්සු මඤ‍්ජූනි කූජිංසූ; වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.
6893. සිවිරට වඩන වෙසතුරු රජු නික්මගිය කල්හි එ හැම වෙනෙහි යම් පමණ සිවුපාවෝ වූහු ද ඔහු මියුරු හඬ නො නැඟූහ.
6894. සබ‍්බම‍්හි තං අරඤ‍්ඤම‍්හි යාවන‍්තෙත්‍ථ දිගා අහු, නාස‍්සු මංජූනි කූජිංසු; වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.
6894. සිවිරට වඩන වෙසතුරු රජු නික්මගිය කල්හි එ හැම වෙනෙහි යම් පමණ සියොත්හු වූහු ද ඔහු මියුරු වැ කූජන නො කළහ.
6895. පටියත‍්තො රාජාමග‍්ගො විචිත‍්තො පුප‍්පසන්‍ථතො, වසී වෙස‍්සන‍්තරො යත්‍ථ යාවතා ච ජෙතුත‍්තරා.
6895. වෙසතුරු රජ යම් තැනෙකැ විසී ද එ තැන් පටන් ජයතුරා නුවර තෙක් ලදපස්මලින් අතුරන ලද රාජමාර්‍ගය පිළියෙළ කරනලද.
6896. තතො සට‍්ඨිසහස‍්සානි යුධිනො චාරුදස‍්සනා, සමන‍්තා පරිකරිංසු. වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.
6896. ඉක්බිති සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි මනෝඥ දර්‍ශන ඇති සැටදහසක් යෝධයෝ හාත්පසින් පිරිවරා ගත්හ.
6897. ඔරොධා ච කුමාරා ච වෙසියානා ච බ්‍රාහ‍්මණා, සමන‍්තා පරිකරිංසු; වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.
6897. සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි අන්තඃපුර ස්ත්‍රීහු ද කුමාරයෝ ද වෛශ්‍යයෝ ද බ්‍රාහ්මණයෝ ද හාත්පසින් පිරිවරාගත්හ.
6898. හත්‍ථාරූහා අනීකට‍්ඨා රථිකා පත‍්තිකාරකා, සමන‍්තා පරිකරිංසු; වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.
6898. සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි ඇතරුවෝ ද අසරුවෝ ද රියසරුවෝ ද පාබළසෙන් ද හාත්පසින් පිරිවරාගත්හ.
6899. සමාගතා ජානපදා නෙගමා ච සමාගතා, සමන‍්තා පරිකරිංසු; වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.
6899. සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි දනවු වැසියෝ ද නියම්ගම්වැසියෝ ද රැස්වූහ.
6900. කරොටියා චම‍්මධරා ඛග‍්ගහත්‍ථා සුවම‍්මිනො, පුරතො පටිපජ‍්ජිංසු; වෙස‍්සන‍්තරෙ පයාතම‍්හි සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.
6900. සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි හිස්වැසුම් ලූවෝ පළඟ ධැරුවෝ කඩුගත් අත් ඇත්තෝ සන්නාහ පෙරෙවියෝ රජුට පෙරටු වැ පිළිපන්හ.
6901. තෙ පාවිසුං පුරං රම‍්මං බහුපාකාරතොරණං, උපෙතං අන‍්නපානෙහි නච‍්චගීතෙහි චූභයං.
6901. ආහාරපානයෙන් ද නෘත්‍යගීතයෙන් ද යන දෙකින් යුක්ත වූ, බොහෝ පවුරු හා තොරණ ඇති රම්‍ය වූ ජයතුරා නුවරට ඔහු පිවිසියහ.
6902. විත‍්තා ජානපදා ආසුං නෙගමා ච සමාගතා, අනුප‍්පත‍්තෙ කුමාරම‍්භි සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.
6902. සිවිරට වඩන රජකුමරහු නුවරට පැමිණි කල්හි රැස්වූ ජනපදවැසියෝ ද නියම්ගම්වැසියෝ ද සතුටු වූහ.
6903. චෙලුක‍්ඛෙපො අවත‍්තිත්‍ථ ආගතෙ ධනදායකෙ, නන්‍දිප‍්පවෙසි නගරෙ බන්‍ධනමොක‍්ඛො අගොසථ.
6903. ධනදායක වෙසතුරු රජු (සියනුවරට) පැමිණි කල්හි පිළිහිස සීසෑරීම් පැවැතිණ. (වෙසතුරු මහරජුගේ අණ යි) සතුටු බෙර ලැවී. හැම සතුන් බන්‍ධනයෙන් මුදන්නෙ යැ යි ඝෝෂ කෙළේ.
6904. ජාතරූපමයං වස‍්සං දෙවො පාවස‍්සි තාවදෙ, වෙස‍්සන‍්තරෙ පවිට‍්ඨම‍්හි සිවීනං රට‍්ඨවඩ‍්ඪනෙ.
6904. සිවිරට වඩන වෙසතුරු රජු (නුවරට) පිවිසි කල්හි එ කෙණෙහි වලාකුළු රන්මුවා වැසි වට.
6905. තතො වෙස‍්සන‍්තරො රාජා දානං දත්‍වාන ඛත‍්තියො, කායස‍්ස භෙදා සප‍්පඤ‍්ඤො සග‍්ගං සො උපපජ‍්ජථාති.
6905. ඉක්බිති ඒ ක්‍ෂත්‍රිය වූ නුවණැති වෙසතුරු රජ (දිවි හිමියෙන්) දන් දී කාබුන් මරණින් මතු (තුසීපුර) ස්වර්‍ගයට පැමිණියේ යි.
නගරඛණ‍්ඩො
නගර කාණ්ඩ යි.
මහාවෙස‍්සන‍්තරජාතකං.
මහාවෙස්සන්තර ජාතක යි.
මහානිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.
මහානිපාත වර්‍ණනා නිමි.
ජාතකපාළි සමත‍්තා.
ජාතක පෙළ සමාප්ත යි.