මහාරාජපබ්බං නිට්ඨිතං
6767. කස්සෙතං මුඛමාභාති හෙමං වුත්තත්තමග්ගිනා, නික්ඛංව ජාතරූපස්ස උක්කාමුඛපභංසිතං.
6767. ගින්නෙන් තවන ලද රත්රන් සෙයින්, උදුනෙහි ලා පැහැ නැඟු රන්කොඬොලක් සෙයින් තෙල කවරක්හුගේ මුහුණ බබළා ද?
6768. උභො සදීසපචචඞ්ගා උභො සදිසලක්ඛණා, ජාලිස්ස සදිසො එකො එකා කණ්හාජිනා යථා.
6768. දෙදෙනා මැ සමාන අඟ පසඟ ඇතියහ, දෙදෙනා මැ සමාන ලක්ෂණ ඇතියහ, එකෙක් ජාලිය සමාන යැ, එකක් කෘෂ්ණාජිනා වැන්න.
6769. සීහා බිලාව නික්ඛන්තා උභො සම්පතිරූපකා, ජාතරූපමයා යෙව ඉමෙ දිස්සන්ති දාරකා.
6769. දෙදෙනා මැ ඔවුනොවුන්ට සමාන රූ ඇතියාහු ගුහායෙන් නික්මුණු සිහපොවුවන් වැනියහ. මේ දරුවෝ රනින් මවන ලද්දවුන් සේ පැනෙති.
6770. කුතො නු ත්වං භාරද්වාජ ඉමෙ ආනෙසි දාරකෙ, අජ්ජ රට්ඨමනුප්පත්තො කුතො ආගච්ඡසි බ්‍රාහ්මණ.
6770-6771. භවත් බමුණ, අද මෙ රටට පැමිණි ඔබ කොහි සිට එන්නෙහි ද? මේ දෙදරුවන් කොහි සිට ගෙනෙහි ද? සඳමහරජතුමනි, මේ දරුවෝ මට පහන් වූවකු විසින් දෙනලදහ, මේ දරුවෝ යම් දවසෙකැ මට දෙන ලද්දාහු ද එතැන් පටන් අද පසළොස්වන රාත්‍රිය යි.
6771. මය්හන්තෙ දාරකා දෙව දින්නා විත්තෙන සඤ්ජය, අජ්ජ පන්නරසා රත්තී යතො දින්නාමෙ දාරකා.
6772. කෙන වා වාචපෙය්යෙන සම්මාඤායෙන සද්දහෙ, කො තෙ තං දානමද්දා පුත්තකෙ දානමුත්තමං.
6772. බමුණ, තා විසින් කවර නම් ප්‍රියවචනයෙන් ලබන ලදහු ද? සත්‍ය කරුණෙන් (අප) හදහව. කවරෙක් තට තමා දරුවන් උතුම් දැන් කොට ඒ දන් දිනි ද?
6773. යො යාචතං පතිට්ඨාසි භූතානං ධරණීරිව, සො මෙ වෙස්සන්තරො රාජා පුත්තෙදාසි වනෙ වසං.
6773. යමෙක් සත්නට මහපොළොව සෙයින් යදියනට පිහිට වී ද එ වෙසතුරු මහරජ වෙනෙහි වසනුයෙ තමා දරුවන් මට දින.
6774. යො යාචතං ගතී ආසි සවන්තීනංව සාගරො, සො මෙ වෙස්සන්තරො රාජා පුත්තෙදාසි වනෙ වසං.
6774. යමෙක් නදීනට සාගරය මෙන් යදියනට පිහිට වී ද, එ වෙසතුරු මහරජ වෙනෙහි වසනුයෙ තමා දරුවන් මට දින.
6775. දුක්කං වත භො රඤ්ඤා සද්ධෙන ඝරමෙසිනා, කථං නු පුත්තකෙ දජ්ජා අරඤ්ඤෙ අවරුද්ධකො.
6775. භවත්නි, සැදැහැති ගිහිගෙයි විසියටි රජහු විසින් එකත්නෙන් අයුක්තියක් කරනලද, රටින් නෙරනලදු වැ වෙනෙහි වසනුයෙ කුමට දරුවන් දෙන්නෙ යැ?
6776. ඉමං භොන්තො නිසාමෙථ යාවන්තෙත්ථ සමාගතා, කථං මෙ වෙස්සන්තරො රාජා පුත්තෙදාසි වනෙ වසං.
6776. භවත්නි, මෙහි යම්තාක් දෙනා රැස්වූහු ද එහැමදෙනා මේ අසවු. වෙසතුරු රජ වෙනෙහි වසනුයෙ කුමට දරුවන් දිනි ද?
6777. දාසං දාසිඤ්ච සො දජ්ජා අස්සං වාස්සතරීරථං, හත්ථිඤ්ච කුඤ්ජරං දජ්ජා කථං සො දජ්ජා දාරකෙ.
6777. හෙ දාසියක ද දාසයකු ද අශ්වයකු ද අශ්වතරයන් යෙදූ රියක් ද දේවා, උතුම් ඇතකුදු දේවා, හෙ කුමට දරුවන් දෙන්නෙ යැ යි.
6778. යස්ස නත්ථි ඝරෙ දාසො අස්සො වාස්සතරීරථො, හත්ථි ච කුඤ්ජරො නාගො කිං සො දජ්ජා පිතාමහ.
6778. මුත්තණුවෙනි, යමක්හට ගෙහි දසෙක් හෝ අසෙක් හෝ උතුම් අසුන් යෙදූ රියෙක් හෝ ගැඹුරු හඬ ඇති උතුම් ඇතෙක් හෝ නැත් නම් හේ කුමක් දෙන්නෙ යැ?
6779. දානමස්ස පසංසාම න ච නින්දාම පුත්තකා, කථන්නු හදයං ආසි තුම්හෙ දත්වා වණිබ්බකෙ.
6779. දරුවනි, ඔහුගේ දන් පසසම්හ, තොප යදියාට දී ඔහු ළය කෙසේ වී දෝ හෝ?
6780. දුක්ඛස්ස හදයං ආසි අථො උණ්හම්පි පස්සසි, රොහිණීහෙව තම්බක්ඛි පිතා අස්සූනි වත්තයි,
6780. ඔහුගේ ළය (කන්සිරා කී වදනින්) දුක් වී, ඒ මතු නො වෙයි. මීයෙන් උණු උඩුහුරු නළ විහිට. රෙහෙණ නැකත් සෙයින් තඹ පැහැ ඇස් ඇති මා පියෙ කඳුළු හෙළී.
6781. යං තං කණ්හාජිනාවොච අයං මං තාත බ්රාහ්මණො, ලට්ඨියා පතිකොටෙති ඝරෙ ජාතංව දාසියං.
6781. කන්සිරා මෙසේ යම් වදනක් කිවූ ද, “පියාණෙනි, මෙ බමුණු ගෙහි උපන් දැස්සකට මෙන් මට පහර දෙයි.
6782. න චායං බ්රාහ්මණො තාත ධම්මිකා හොන්ති බ්රාහ්මණා, යක්ඛො බ්රාහ්මණවණ්ණෙන ඛාදිතුං තාත නෙති නො; නීයමානෙ පිසාචෙන කින්නු තාත උදික්ඛසි.
6782. පියාණෙනි, මෙ බමුණෙක් නො වෙයි, බමුණෝ දැහැමි වෙති. පියාණෙනි, යකෙක් බමුණු වෙසින් අප කන්නට ගෙන යයි. පියාණෙනි, යකෙකු විසින් ගෙන යනු ලබන කල්හි කුමට උපේක්‍ෂායෙන් බලා සිටිවු දැ?” යි.
6783. රාජපුත්තී ච වො මාතා රාජපුත්තො ච වො පිතා, පුබ්බෙ මෙ අඞ්කමාරුය්හ කින්නු තිට්ඨථ ආරකා.
6783. තොප මවු රාජපුත්‍රී යැ, තොප පියෙ රාජපුත්‍ර යැ පෙර මාගේ ඇකයෙහි නැඟී හිඳුව, කිම දැන් දුරැ සිටිවු ද?
6784. රාජපුත්තී ච නො මාතා රාජපුත්තො ච නො පිතා, දාසා මයං බ්රාහ්මණස්ස තස්මා තිට්ඨාම ආරකා.
6784. අපගේ මවු රාජපුත්‍රී යැ, අපගේ පියෙ රාජපුත්‍ර යැ දැන් අපි බමුණහුගේ දාසයෝ වම්හ. එහෙයින් දුරැ සිටුම්හ.
6785. මා සම්මෙචං අවචුත්ථ දය්හතෙ හදයං මම, චිතකා විය මෙ කායො ආසනෙ න සුඛං ලභෙ.
6785. සබඳ එසේ නහමක් කියව. මාගේ ළය දැවෙයි. මාගේ සිරුර අඟුරු රැසකට නැඟු කලක් වැන්න. හුනස්නෙහි සුව නො ලැබෙම්.
6786. මා සම්මෙවං අවචුත්ථ භිය්යො සොකං ජනෙථ මං, නික්කිණිස්සාමි දණ්ඩෙන න වො දාසා භවිස්සථ.
6786. සබඳ එසේ නහමක් කියව. බෙහෙවින් මට සෝ දනවවු. ධන දී විකිණිගන්මි, තෙපි දස් නො වවු.
6787. කිමග්ඝියං හි වො තාත බ්රාහ්මණස්ස පිතා අදා, යථාභූතං මෙ අක්ඛාථ පටිපාදෙන්තු බ්රාහ්මණං.
6787. දරුවෙනි, තොප පියෙ තොප කොතෙක් අගය කොට මෙ බමුණුහට දින් ද? සබවස මැ කියව, බමුණුහට ධනය ප්‍රතිපාදන කෙරෙත්වා.
6788. සහස්සග්ඝං හි මං තාත බ්රාහ්මණස්ස පිතා අදා. අච්ඡං කණ්හාජිනං කඤ්ඤං හත්ථිනා ච සතෙන ච.
6788. මුත්නාවෙනි, මා පියෙ මා දහසක් අගය කොට බමුණුහට දින. කනිටු කෘෂ්ණාජිනා කන්‍යාව ඇතුන් සියයෙන් ද අශ්වාදී හැම සියයෙන් ද අගය කෙළේ.
6789. උට්ඨෙහි කත්තෙ තරමානො බ්රාහ්මණස්ස අවාකර, දාසීසතං දාසසතං ගවං හත්ථූසභං සතං; ජාතරූපසභස්සඤ්ච පුත්තානං දෙහි නික්කයං.
6789. කාරිය කරවන ඇමැතිය, නැඟී සිටුව. යුහු වැ (මෝහට) දියැයුතු තාක් දෙව. දැස්සන් සියයකුදු දසුන් සියයකුදු ඇතුන් සියයකුදු ගොනුන් සියයකුදු දෙනුන් සියයකුදු රන්නික දහසකුදු දරුවනට නිෂ්ක්‍රිය (විකිණීගත් මිල) දෙව.
6790. තතො කත්තා තරමානො බ්රාහ්මණස්ස අවාකරි, දාසීසතං දාසසතං ගවං හත්ථූසභා සතං; ජාතරූපසභස්සඤ්ච පුත්තානං දාසි නික්කයං.
6790. ඉක්බිති කාරිය කරවන ඇමැති යුහු වැ දැසුන් සියයකුදු දසුන් සියයකුදු ඇතුන් සියයකුදු ගොනුන් සියයකුදු දෙනුන් සියයකුදු රන්නික දහසකුදු දරුවනට නිෂ්ක්‍රය දින.
6791. නික්කිණිත්වා නහාපෙත්වා භොජයිත්වාන දාරකෙ, සමලඞ්කරිත්වා භණ්ඩෙන උච්ඡඞ්ගෙ උපවෙසයුං.
6791. දරුවන් නිසේ කොට ගෙන නහවා වළඳවා අලංකාරයෙන් සදා ඇකයෙහි හිඳුවූහ.
6793. සීසං නහාතෙ සුචිවත්ථෙ සබ්බාභරණභූසිතෙ, රාජා අඞ්කෙ කරිත්වාන අය්යකො පරිපුච්ඡථ.
6793. මුන්නා මහරජ හිසින් ස්නාන කළ, පිරිසිදු වස්ත්‍ර හැඳි, සව්බරණින් සැදි දරුවන් ඇකයෙහි හිඳුවාගෙන පිළිවිසි.
6794. කුණ්ඩලෙ ඝුසිතෙ මාලෙ සබ්බාලඞ්කාරභූසිතෙ, රාජා අඞ්කෙ කරිත්වාන ඉදං වචනමබ්රවි:
6794. රජ තෙම රැව්දෙන කොඬොල් ඇති, පැළැඳි මල්දම් ඇති, සව්බරණින් සදනලද දරුවන් ඇකයෙහි හිඳුවාගෙන මෙවදන් කී:
6795. කච්චි උභො අරොගා තෙ ජාලි මාතාපිතා තව, කච්චි උඤ්ඡෙන යාපෙන්ති කච්චි මූලඵලා බහූ.
6795. කියග ජාලිය, තොපගේ මවුපිය දෙදෙන නිරෝගී ද? කිම වනමුල් පලයෙන් යැපෙත් ද? කීම අල හා පලවැළ බොහෝ ඇත් ද?
6796. කච්චි ඩංසා ච මකසා ච අප්පමෙව සිරිංසපා, වනෙ වාලමිගාකිණ්ණෙ හිංසා තෙසං න විජ්ජති.
6796. කිම මැසිමදුරුවෝ සර්පයෝ අල්ප මැ වෙත් ද? කිම ව්‍යාලමෘගයන්ගෙන් ගැවැසිගත් වනයෙහි ඔවුනට පීඩා නැත් ද?
6797. අථො උභො අරොග මෙ දෙව මාතාපිතා මම, අථො උඤ්ඡෙන යාපෙන්ති අථො මූලඵලා බහූ.
6797. එසේ යැ දේවයිනි, මාගේ මවුපිය දෙදෙන නීරෝගී වෙති. එසේ මැ වනමුල් පලවැළයෙන් යැපෙති. එසේ මැ අල හා පලවැළ බොහෝ ඇත.
6798. අතො ඩංසා ච මකසා ච අප්පමෙව සිරිංසපා, වනෙ වාලමිගාකිණ්ණෙ හිංසා තෙසං න විජ්ජති.
6798. එසේ මැ මැසිමදුරුවෝ ද සර්පජාතීහු ද අල්ප මැ වෙති. වල්මුවන්ගෙන් ගැවැසිගත් වෙනෙහි ඔවුනට පීඩා නැත.
6799. ඛණන්තාලූකලම්බානි බිළාලි තක්කලානි ච, කොලං භල්ලාටකං බෙලලං සා නො ආහච්ච පොසති.
6799. ඒ මවු තොමෝ අල ද හූරුඅල ද කටුඅල ද කොකටිය අල ද කණිමින් ඩෙබරපල ද බදුලුපල ද බෙලිපල ද ගෙනවුත් අප පෝෂණ කරයි.
6800. යඤ්චෙව සා ආහරති වනමූලඵලහාරිකා, තං නො සබ්බෙ සමාගන්ත්වා රත්තිං භුඤ්ජාම නො දිවා.
6800. වනමුල් පල ගෙන එන ඒ මවු යම් මැ දැයක් ගෙන ඒ ද අපි හැම දෙනමෝ එක් වැ එය රාත්‍රියෙහි වළඳම්හ. දහවල් නො වළඳම්හ.
6801. අම්මා ච නො කිසා පණ්ඩු ආහරන්තී දුමප්ඵලං, වාතාතපෙන සුඛුමාලී පදුමං හත්ථගතාමිව.
6801. අපගේ අම්මා ද සියුමැලි වූවා රුක්පල ගෙන එන්නී අවුසුළඟින් වැහැරැ සුදු වැ ගියා. අතින් මැඩි පියුමක් වැන්න.
6802. අම්මාය පතනූ කෙසා විචරන්ත්යා බ්රහාවනෙ, වනෙ වාලමිගාකිණ්ණෙ ඛග්ගදීපිනිසෙවිතෙ.
6802. ව්‍යාලමෘගයන්ගෙන් ආකීර්ණ වූ කගවෙහෙණුන් දිවියන් විසින් නිති සෙවුනාලද මහවනයෙහි ඇවිදුනා අම්මාගේ කෙස් ඉතා තුනී වැ ගියේ යැ.
6803. කෙසෙසු ජටං බන්ධිත්වා කච්ඡෙ ජල්ලමධාරයි, චම්මවාසී ඡමා සෙති ජාතවෙදං නමස්සති.
6803. කෙස්හි දළමඬුලු බැඳැ සිටී. දෙකිසිලි දැලි ධරයි. සම් හඳනී යැ. බිම හොවී. ගිනි පුදයි.
6804. පුත්තා පියා මනුස්සානං ලොකස්මිං උදපජ්ජිසුං, නහ නූනම්හාකං අය්යස්ස පුත්තෙ සෙනහො අජායථ.
6804. ලොව්හි මිනිසුනට දරුවෝ ප්‍රිය වැ උපදිති. අපගේ මුත්නාවන්ට දරුසනා නූපන් වනැ යි සිතම්හ යි.
6805. දුක්කතඤ්ච හි නො පුත්ත භූනහච්චා කතං මයා, යොහං සිවීනං වචනා පබ්බාජෙසිං අදූසකං.
6805. දරුව, අප විසින් නපුරක් කරනලද, මා විසින් අභිවෘද්ධිය නසන ක්‍රියාවක් කරනලද. ඒ මම සිවිරටවැසියන්ගේ බසින් නිදොස් පුතු රටින් නෙරැපීමි.
6806. යං මෙ කිඤ්චි ඉධ අත්ථි ධනං ධඤ්ඤඤ්ච විජ්ජති, එතු වෙස්සන්තරො රාජා සිවිරට්ඨෙ පසාසතු.
6806. පුත, මෙහි මා සතු යම් කිසිවක් ඇද්ද, ධනධාන්‍යයක් ඇද්ද, එ හැම දෙමි. වෙසතුරු රජ ඒවා. සිවිරට අනුශාසනා කෙරේවා.
6807. න දෙව මය්හං වචනා එහිති සිවිසුත්තමො, සයමෙව දෙවො ගන්ත්වාන සිඤ්ච භොගෙහි අත්රජං.
6807. දේවයිනි, සිවිරටවසියන් කෙරෙහි උතුම් වූ වෙසතුරු රජ මාගේ බසින් නො එයි. දේවයෝ තුමූ මැ ගොස් පුතණුවන් භෝගයෙන් අභිෂේක කරව.
6808. තතො සෙනාපතිං රාජා සඤ්ජයො අජ්ඣභාසථ, හත්ථි අස්සා රථා පත්ති සෙනා සන්නාහයන්තු නං, නෙගමා ච මං අන්වෙන්තු බ්රාහ්මණා ච පුරොහිතා.
6808. ඉක්බිති සඳමහරජ සෙනෙවිහට මෙසේ කී: ඇත් අස් රිය පාබළ සේනාවෝ සන්නද්ධ වෙත්වා. නිගමවැසියෝ ද පෙරෙවි බමුණෝ ද මා අනු වැ එත්වා.
6809. තතො සට්ඨිසහස්සානි යුධිනො චාරුදස්සනා, ඛිප්පමායන්තු සන්නද්ධා නානාවණ්ණෙහිලඞ්කතා.
6809. ඉක්බිති මනහර දසුන් ඇති සැටදහසක් යෝධයෝ සන්නද්ධ වැ නන් පැහැයෙන් සැරසුණාහු වහා එත්වා.
6810. නීලවත්ථධරානෙකෙ පීතානෙකෙ නිවාසිතා, අඤ්ඤෙ ලොහිතඋණ්හීසා සුද්ධානෙකෙ නිවාසිතා; ඛිප්පමායන්තු සන්නද්ධා නානාවත්ථෙහිලඞ්කතා.
6810. ඇතැම් කෙනෙක් නීලවස්ත්රධර වැ ඇතැම් කෙනෙක් පීතවස්ත්රධර වැ අන්‍යයෝ රක්තවර්ණ උෂ්ණීෂ (නළල්පට) ධර වැ ඇතැම් කෙනෙක් ශ්වේතවස්ත්රධර වැ මෙසේ නන් පිළියෙන් සැරසුණාහු සන්නද්ධ වැ නො ලස් වැ එත්වා.
6811. හිමාවා යථා ගන්ධධරො පබ්බතො ගන්ධමාදනො, නානාරුක්ඛෙහි සඤ්ඡන්නො මහාභූතගණාලයො.
6811. සුවඳ මල්පල ඇති එ හෙයින් මැ ‘ගඳමහන්’ නම් ඇති නොයෙක් රුකින් වැසුණු යක්ෂ රාක්‍ෂසාදි මහාභූතගණයාට නිවාස වූ හිමවත් පර්වතය යම් සේ-
6812. ඔසධෙහි ච දිබ්බෙහි දිසා භාති පවාති ච, ඛිප්පමායන්තු සන්නද්ධා දිසා භන්තු පවන්තු ච.
6812. දිවඔසුයෙන් දිසා බබළා ද සුවඳ හමා ද එ සෙයින් සන්නද්ධ වූවාහු යුහු වැ එත්වා. පළන් අබරණින් දිසා බබළත්වා තවරගත් විලවුන් සුවඳ හමත්වා.
6813. තතො නාගසහස්සානි යොජයන්තු චතුද්දස, සුවණ්ණකච්ඡා මාතඞ්ගා හෙමකප්පනවාසසා.
6813-6814. ඉක්බිති රන්පොරොදු ඇති මහත් ශරීර ඇති රන්සැනින් සදනලද, අඩයටි හා අකුසු ගත්අත් ඇති ඇතරුවන් විසින් අරා හිඳුනාලද තුදුස්දහසක් ඇතුන් යොදත්වා. දක්වනලද විභූෂණ ඇති සන්නද්ධයෝ ඇත් කඳටින් යුහු වැ එත්වා.
6814. ආරූළ්හා ගාමණීයෙහි තොමරඞ්කුසපාණිහි, ඛිප්පමායන්තු සන්නද්ධා හත්ථක්ඛන්ධෙහි දස්සිතා.
6815. තතො අස්සසහස්සානි යොජයන්තු චතුද්දස, ආජානීයාව ජාතියා සින්ධවා සීඝවාහනා.
6815-6816. ඉක්බිති දුනු හී ධරන අසරුවන් විසින් අරා හිඳුනා ලද ජාතියෙන් ආජානේය වූ සින්ධුදේශයෙහි උපන් ශීඝ්‍රවාහන වූ තුදුස්දහසක් අසුන් යොදත්වා. අලංකෘත වැ සන්නද්ධ වූවාහු අස්පිටින් යුහු වැ එත්වා.
6816. ආරූළ්හා ගාමණීයෙහි ඉල්ලියා චාපධාරිහි, ඛිප්පමායන්තු සන්නද්ධා අස්සපිට්ඨෙහිලඞ්කතා.
6817. තතො රථසහස්සානි යොජයන්තු චතුද්දස, අයො සුකතනෙමියො සුවණ්ණචිතපක්ඛරෙ.
6817. ඉක්බිති අය ලොහොයෙන් මොනවට කරනලද නිම්වළලු ඇති, රන්කම් කළ රථාවයව ඇති, තුදුස්දහසක් රිය යොදත්වා.
6818. ආරොපෙන්තු ධජෙ තත්ථ චම්මානි කවචානි ච, විප්ඵාලෙන්තු ච චාපානි දළ්හධම්මා පහාරිනො; ඛිප්පමායන්තු සන්නද්ධා රථෙසු රථජීවිනො.
6818. ඒ රියෙහි ධ්වජ නඟත්වා, ඵලකායුධ හා සන්නාහයන් ආරෝපණ කෙරෙත්වා, පහර දෙන දුනුවායෝ දුනු දිය නඟත්වා, රියැදුරෝ සන්නද්ධ වැ රියෙහි හිඳ වහා එත්වා’ යි (අණ කෙළේ).
6819. ලාජා ඔලොපියා පුප්ඵා මාලාගන්ධවිලෙපනා, අග්ඝීයානි ච තිට්ඨන්තු යෙන මග්ගෙන එහිති.
6819. ඉස්නා ලදපස්මල් ද (මඟ වියනැ එල්වන) මල්දම් හා සුවඳවිලෙවුන් ප්‍රතිපාදන කරව. (වෙසතුරා) යම් මඟෙකින් ඒ ද එමඟැ මල් ඇගෑ රුවන් ඇගෑ ද සිටීවා.
6820. ගාමෙ ගාමෙ සතං කුම්භා මෙරයස්ස සුරාය ච, මග්ගම්භි පතිතිට්ඨන්තු යෙන මග්ගෙන එහිති.
6820. යම් මඟෙකින් ඒ ද එමඟැ ගම්දොරක් පාසා රහමෙර පිරූ සියක් කළ තිබේවා.
6821. මංසා පූවා සඞ්කුලීයො කුම්මාසා මච්ඡසංයුතා, මග්ගමහි පතිතිට්ඨන්තු යෙන මග්ගෙන එහිති.
6821. යම් මඟෙකින් ඒ ද එමඟැ මස් ද පූ ද සකුලු පූ (ආස්මී) ද මසින් යුතු කොමු ද තිබේවා.
6822. සප්පි තෙලං දධිං ඛීරං කඞ්ගු වීහි බහූ සුරා, මග්ගමහි පතිතිට්ඨන්තු යෙන මග්ගෙන එහිති.
6822. යම් මඟෙකින් ඒ ද එමඟැ ගිතෙල් ද තලතෙල් ද දිහි ද කිරි ද තණපිටියෙන් හා වීපිටියෙන් කළ බොහෝ සුරා ද තිබේවා.
6823. ආළාරිකා ච සූදා ච නටනට්ටක ගායකා, පාණිස්සරා කුම්භථූනියො මණ්ඩකා සොකඣායිකා.
6823. බත් පිසන්නෝ ද මාළු පිසන්නෝ ද නටන්නෝ ද නටා ගීකියන්නෝ ද අත්තල එළනුවෝ ද කළබෙර වයනුවෝ ද මුණ්ඩකයෝ ද ශෝක දවනුවෝ ද (නසනුවෝ) ද එත්වා.
6824. ආහඤ්ඤන්තු සබ්බවීණා භෙරියො දෙණ්ඩිමානි ච, ඛරමුඛානි ධම්මන්තු වදන්තු එකපොක්ඛරා.
6824. හැම වීණා ද උඩස් බෙර ද ගැටබෙර ද වයනු ලැබේවා. දකුණුවත්සක් පිඹිත්වා. පුෂ්කරවාද්ය වයත්වා.
6825. මුතිඞ්ගා පණවා සඞ්ඛා ගොධා පරිවදෙන්තිකා, දින්දිමානි ච හඤ්ඤන්තු කුටුම්බදින්දිමානි ච.
6825. මිහිඟුබෙර ද පනාබෙර ද ජයසක් ද රොදුබෙර ද පොකුරුබෙර ද මහබෙර ද ලොහො මුවවිටි ඇති තුනැස්බෙර ද වයත්වා.
6826. සා සෙනා මහතී ආසි උය්යුත්තා සිවිවාහිනී, ජාලිනා මග්ගනායෙන වඞ්කං පායාසි පබ්බතං.
6826. ගමන්ගත්, සිවිරජහු උසුලන එ සෙනඟ මහත් වී මඟ කියන ජාලිය හා සමග වඞ්කගිරියට නික්මිණ.
6827. කුඤ්චං නදති මාතඞ්ගො කුඤ්ජරො සට්ඨිහායනො, කච්ඡාය බද්ධමානාය කුඤ්චං නදති වාරණො.
6827. මහත් සිරුරු ඇති ගැඹුරුහඬ ඇති සැට හවුරුද්දෙන් පිරිහෙන බල ඇති ඇත්රජ රන් පොරොදු බඳනා ලබන කල්හි කුඤ්චනාද කරයි.
6828. ආජානීයා හසිස්සිංසු නෙමිඝොසො අජායථ, අබ්භං රජො අච්ඡාදෙසි උය්යුත්තා සිවිවාහිනී.
6828. අජානීය අශ්වයෝ කිල නැඟූහ. (හේසාරව කළහ.) නිම්වළලු හඬ උපන. ධූලි අහස වැසී යැ සිවිසෙන් ගමන්හි යෙදුණු.
6829. සා සෙනා මහතී ආසි උය්යුත්තා හාරහාරිණී, ජාලිනා මග්ගනායෙන වඞ්කං පායාසි පබ්බතං.
6829. ගමන්හි යෙදුණු නිල්තනබිම් හරනා ඒ සේනාව මහත් වූ. එ සෙනඟ මාර්ගනායක ජාලිය කුමරු හා සමග වඞ්කගිරියට පිටත් වැ ගියෙ යැ.
6830. තෙ පාවිසුං බ්රහාරඤ්ඤං බහුසාකං බහූදකං, පුප්ඵරුක්ඛෙහි සඤ්ඡන්නං ඵලරුක්ඛෙහි චූභයං.
6830. ඔහු බොහෝ ශාක ඇති බොහෝ දිය ඇති මල් රුකින් ද පලරුකින් ද වැසුණු මහවනයට වන්හ.
6831. තත්ථ බින්දුස්සරා වග්ගු නානාවණ්ණා බහූ දිජා, කූජන්තමුපකූජන්ති උතුසමපුප්ඵිතෙ දුමෙ.
6831. ඒ වෙනෙහි වට වූ (නො විසුළ) ස්වර ඇති මියුරු හඬ ඇති නන් වන් බොහෝ සියොත්හු ඍතු සමයෙහි පිපි රුක්හි හිඳ කුල්නවුන් අනු වැ කුල්ති.
6832. තෙ ගන්ත්වා දීඝමද්ධානං අහොරත්තානමච්චයෙ, පදෙසං තං උපාගඤ්ඡුං යත්ථ වෙස්සන්තරො අහු.
6832. ඔහු (සැට යොදුන්) දික් මඟැ ගොස් දවරැය ඇවෑමෙහි යම් පෙදෙසකැ වෙසතුරු රජ වාස කෙළේ වී නම් එ පෙදෙසට එළැඹියහ.