යෙදුමෙන් කියවන්න

1. 2

1. 2.

1. 2.

“තස‍්ස චෙ කාමයානස‍්ස ඡන්‍දජාතස‍්ස ජන‍්තුනො, තෙ කාමා පරිහායන‍්ති සල‍්ලවිද‍්ධො’ව රුප‍්පති”.

“ඒ වස්තුකාමයන් කැමැති වන්නා වූ උපන් තෘෂ්ණා ඇති ඒ පුද්ගලයාගේ ඒ කාමයෝ ඉදින් පිරිහෙත් නම්, එකල්හි හෙතෙම විෂ පෙවූ ශල්‍යයෙකින් (=ඊතලයෙකින්) විදුනා ලද්දකු සෙයින් පෙළනු ලැබේ.”

තස‍්ස චෙ කාමයානස‍්සාති - ‘තස‍්ස චෙ’ති තස‍්ස ඛත‍්තියස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා වෙස‍්සස‍්ස වා සුද‍්දස‍්ස වා ගහට‍්ඨස‍්ස වා පබ‍්බජිතස‍්ස වා දෙවස‍්ස වා මනුස‍්සස‍්ස වා, කාමයානස‍්සාති - කාමෙ ඉච‍්ඡමානස‍්ස සාදියමානස‍්ස පත්‍ථයමානස‍්ස පිහයමානස‍්ස අභිජප‍්පමානස‍්ස, අථවා කාමතණ‍්හාය යායති නීයති වුය‍්හති සංහරීයති, යථා හත්‍ථියානෙන වා අස‍්සයානෙන වා ගොයානෙන වා අජයානෙන වා මෙණ‍්ඩකයානෙන වා ඔට‍්ඨයානෙන වා ඛරයානෙන වා යායති නීයති වුය‍්හති සංහරීයති. එවමෙවං කාමතණ‍්හාය යායති නීයති වුය‍්හති සංහරීයතීති තස‍්ස චෙ කාමයානස‍්ස.

තස්ස චෙ කාමයානස්ස - තස්ස චෙ යනු: ඒ ක්‍ෂත්‍රියයාගේ හෝ බ්‍රාහ්මණයාගේ හෝ වෛශ්‍යයාගේ හෝ ශුද්‍රයාගේ හෝ ගෘහස්ථයාගේ හෝ ප්‍රව්‍රජිතයාගේ හෝ දෙවියාගේ හෝ මිනිසාගේ හෝ යැ. කාමයානස්ස යනු: කාමවස්තූන් කැමැති වන්නහුගේ, ඉවසන්නහු (=ආස්වාදනය කරන්නහු)ගේ, ප්‍රාර්‍ත්‍ථනා කරන්නහුගේ, ලබනු කැමැති වන්නහුගේ, තෘෂ්ණා වශයෙන් ගුණ කියන්නහුගේ; නොහොත් කාමතෘෂ්ණාව විසින් යවනු ලැබෙයි, පමුණුවනු ලැබෙයි, වහනය කරනු ලැබෙයි, ගෙනයනු ලැබෙයි; යම් සේ ඇත්යානයෙකින් හෝ අස්යානයෙකින් හෝ ගවයානයෙකින් හෝ බැටෙළුයානයෙකින් හෝ මැඬයානයෙකින් හෝ ඔටුයානයෙකින් හෝ කොටළුයානයෙකින් හෝ යවනු ලැබේ ද, පමුණුවනු ලැබේ ද, වහනය කරනු ලැබේ ද, ගෙන යනු ලැබේ ද, එසෙයින් ම කාමතෘෂ්ණාව විසින් යවනු ලැබෙයි, පමුණුවනු ලැබෙයි, වහනය කරනු ලැබෙයි, ගෙන යනු ලැබේ නුයි ‘තස්ස චෙ කාමයානස්ස’ යනු වේ.

ඡන්‍දජාතස‍්ස ජන‍්තුනොති - ඡන්‍දො ති යො කාමෙසු කාමච‍්ඡන්‍දො කාමරාගො කාමනන්‍දි කාමතණ‍්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච‍්ඡා කාමජ‍්ඣොසානං කාමොඝො කාමයොගො කාමූපාදානං කාමච‍්ඡන්‍දනීවරණං, තස‍්ස සො කාමච‍්ඡන්‍දො ජාතො හොති සඤ‍්ජාතො නිබ‍්බත‍්තො අභිනිබ‍්බත‍්තො පාතුභූතො. ජන‍්තුනොති - සත‍්තස‍්ස නරස‍්ස මානවස‍්ස පොසස‍්ස පුග‍්ගලස‍්ස ජීවස‍්ස ජාගුස‍්ස ජන‍්තුස‍්ස ඉන්‍දගුස‍්ස මනුජස‍්සාති ‘ඡන්‍දජාතස‍්ස ජන‍්තුනො’.

ඡන්දජාතස්ස ජන්තුනො - ඡන්‍ද නම්: පස්කම්ගුණයෙහි යම් කාම සඞ්ඛ්‍යාත ඡන්‍දයෙක්, කාමතෘෂ්ණායෙක්, කාමස්නෙහයෙක්, කාමපරිදාහයෙක්, කාමමූර්ච්ඡායෙක්, කාමයන්හි බැසගැනීමෙක්, කාමසංඛ්‍යාත ඕඝයෙක්, කාමයෝගයෙක්, කාමොපාදානයෙක්, කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද, ඔහුට ඒ කාමච්ඡන්‍දය තෙමේ උපන්නේ, මොනොවට උපන්නේ, නිපන්නේ, වෙසෙසින් නිපන්නේ, පහළ වූයේ වේ. ජන්තුනො යනු: සත්ත්‍වයාගේ නරයාගේ, මානවයාගේ, පුරුෂයාගේ, පුද්ගලයාගේ, ජීවයාගේ, ච්‍යුතියෙන් ජාතියට යන්නහුගේ, ජන්තුහු ගේ, කර්‍මයෙන් යන්නහු ගේ, මිනිසාගේ, නු යි ‘ඡන්දජාතස්ස ජන්තුනො’ යනු වේ.

තෙ කාමා පරිහායන්තීති - තෙ වා කාමා පරිහායන‍්ති, සො වා කාමෙහි පරිහායති, කථං තෙ කාමා පරිහායන‍්ති? තස‍්ස තිට‍්ඨන‍්තස‍්සෙව තෙ භොගෙ රාජානො වා හරන‍්ති, චොරා වා හරන‍්ති, අග‍්ගි වා දහති, උදකං වා වහති, අප‍්පියා වා දායාදා හරන‍්ති, නිහිතං වා නාධිගච‍්ඡති, දුප‍්පයුත‍්තා වා කම‍්මන‍්තා භිජ‍්ජන‍්ති, කුලෙ වා කුලඞ‍්ගාරො උප‍්පජ‍්ජති, යො තෙ භොගෙ විකිරති විධමති විද‍්ධංසෙති, අනිච‍්චතා එව අට‍්ඨමී. එවං තෙ කාමා හායන‍්ති පරිහායන‍්ති පරිධංසන‍්ති පරිපතන‍්තී අන‍්තරධායන‍්ති විප‍්පලුජ‍්ජන‍්ති.

තෙ කාමා පරිහායන්ති - වස්තුකාමාදි ඒ කාමයෝ හෝ පිරිහෙති, ඒ පුද්ගල තෙමේ හෝ කාමයන් කෙරෙන් පිරිහේ. කිසෙයින් ඒ කාමයෝ පිරිහෙති? යත්: ඔහු ජීවත් වැ සිටිය දී මැ ඒ (කාමසඞ්ඛ්‍යාත) භෝගයන් රජදරුවෝ හෝ හැරගනිති. සොරු හෝ පැහැරැගනිති. ගින්න හෝ දවයි. (ඕඝ ආදි) උදකය හෝ මුහුදට ගෙන යයි. අමනාප වූ දායාදයෝ (=නොහිමියෝ) හෝ හැරැගනිති. නිධාන කොට තබන ලදුයේ හෝ නො ලැබෙයි. දුෂ්ප්‍රයුක්ත වූ (=වරදවා යොදන ලද කෘෂිවණිගාදි) කර්‍මාන්තයෝ හෝ බිදීයෙති. කුලයෙහි ඒ භෝගයන් විසුරුවන, නසන, විධවංසනය කරන, කුලඅඟුරෙක් (=කුලඝාතකයෙක්) හෝ උපදී. අනිත්‍යතාව මැ අටවැනි කොට ඇත. මෙසේ ඒ කාමයෝ හෙති, පිරිහෙති, හාත්පසින් වැනැසෙති, වැගිරෙති, අතුරුදහන් වෙති, සුණුවිසුණු වැ යෙත්.

කථං සො කාමෙහි පරිහායති? තිට‍්ඨන‍්තෙව තෙ භොගෙ සො චවති මරති අන‍්තරධායති විප‍්පලුජ‍්ජති. එවං සො කාමෙහි හායති පරිහායති පරිධංසති පරිපතති අන‍්තරධායති විප‍්පලුජ‍්ජති.

කිසෙයින් හෙතෙම කාමයන් කෙරෙන් පිරිහෙයි? යත්: ඒ භෝගයන් තිබියැ දී මැ හෙතෙම ච්‍යුත වෙයි, මැරෙයි, අතුරුදන් වෙයි, වැනැසේ. මෙසෙයින් හෙතෙම කාමයන් කෙරෙන් හෙයි, පිරිහෙයි, හාත්පසින් වැනැසෙයි, ගිලිහෙයි, අතුරුදහන් වෙයි, සුණුවිසුණු වේ.

1. “චොරා හරන‍්ති රාජානො අග‍්ගි දහති නස‍්සති, අථ අන‍්තෙන ජහති සරීරං සපරිග‍්ගහං.

1. “සොරු ද රජදරුවෝ ද (භෝගයන්) පැහැරගනිති. ගින්න දවයි. උදකාදියෙන් නැසෙයි. යළි (ශේෂ වූ) භෝගයන් සහිත ශරීරය මරණය සමග හැරැපියයි.

2. එතදඤ‍්ඤාය මෙධාවී භුඤ‍්ජෙථ ච දදෙථ ච, දත්‍වා ච භුත්‍වා ච යථානුභාවං, අනින්‍දිතො සග‍්ගමුපෙති ඨානං”ති.

2. පණ්ඩිතපුරුෂ තෙමේ තෙල භෝගයන්ගේ විනාශය දැන වළඳනුයේ ද දෙනුයේ ද වෙයි. සම්පත් වූ ලෙසින් දී වළඳා අනින්‍දිත වූයේ දෙව්ලොවට පැමිණේ.”

තෙ කාමා පරිහායන‍්ති සල‍්ලවිද‍්ධොව රුප‍්පතීති - යථා අයොමයෙන වා සල‍්ලෙන විද‍්ධො අට‍්ඨිමයෙන වා සල‍්ලෙන දන‍්තමයෙන වා සල‍්ලෙන විසාණමයෙන වා සල‍්ලෙන කට‍්ඨමයෙන වා සල‍්ලෙන විද‍්ධො රුප‍්පති කුප‍්පති ඝට‍්ටීයති පීළීයති ව්‍යථිතො දොමනස‍්සිතො හොති, එවමෙව වත්‍ථුකාමානං විපරිණාමඤ‍්ඤථාභාවා උප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා. සො කාමසල‍්ලෙන ච සොකසල‍්ලෙන ච විද‍්ධො රුප‍්පති කුප‍්පති ඝට‍්ටීයති පීළීයති ව්‍යථිතො දොමනස‍්සිතො හොතීති - සල‍්ලවිද‍්ධොව රුප‍්පති.

තෙ කාමා පරිහායන්තී සල්ලවිද්ධොව රුප්පති - යම් සේ ලොහොමුවා හීයෙකින් හෝ ඇටමුවා හීයෙකින් හෝ දළමුවා හීයෙකින් හෝ සිඟුමුවා හීයෙකින් හෝ දඬුමුවා හීයෙකින් හෝ විදුනා ලදුයේ විසිරේ ද (=විකාරයට පැමිණේ ද), සැලේ ද (=කිපේ ද), ගැටේ ද, පෙළේ ද, පෙළන ලදුයේ හටගත් දොම්නස් ඇතියේ වේ ද, එසෙයින් ම වස්තුකාමයන්ගේ විපරිණාමයෙන් වූ අන්‍යථාත්‍වයෙන් සෝකපරිදේව දුක්ඛදෝමනස්සුපායාසයෝ උපදිත්. හෙතෙම කාමශල්‍යයෙන් ද ශෝකශල්‍යයෙන් ද විදුනා ලදුයේ විසිරෙයි, සැලෙයි, ගැටෙයි, පෙළෙයි. පෙළන ලදුයේ හටගත් දොම්නස් ඇතියේ වේ නු යි “සල්ලවිද්ධොව රුප්පති” යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“තස‍්ස චෙ කාමයානස‍්ස ඡන්‍දජාතස‍්ස ජන‍්තුනො, තෙ කාමා පරිහායන‍්ති සල‍්ලවිද‍්ධොව රුප‍්පතී”ති.

“තස්ස චෙ කාමයානස්ස -පෙ- සල්ලවිද්ධොව රුප්පති” යි.