යෙදුමෙන් කියවන්න

1. 3

1. 3.

1. 3.

“යො කාමෙ පරිවජ‍්ජෙති සප‍්පස‍්සෙව පදා සිරො, සො’මං විසත‍්තිකං ලොකෙ සතො සමතිවත‍්තති”.

“යමෙක් වස්තුකාමක්ලේශකාමයන් (එහි ඡන්‍දරාගය විෂ්කම්භණයෙන් හෝ සමුච්ඡේදයෙන් හෝ) තමාගේ පයින් සර්‍පයකුගේ හිස මෙන් දුරු කෙරේ ද, ඒ මහණ ලොව්හි විසත්තිකා සඞ්ඛ්‍යාත වූ මේ තෘෂ්ණාව ස්මෘතිමත් වැ ඉක්මවයි.”

යො කාමෙ පරිවජ‍්ජෙතීති - යොති යො යාදිසො යථායුත‍්තො යථාවිහිතො යථාපකාරො යං ඨානං පත‍්තො යංධම‍්ම සමන‍්නාගතො ඛත‍්තියො වා බ්‍රාහ‍්මණො වා වෙස‍්සො වා සුද‍්දො වා ගහට‍්ඨො වා පබ‍්බජිතො වා දෙවො වා මනුස‍්සො වා, කාමෙ පරිවජ‍්ජෙතීති’ - කාමා’ති උද‍්දානතො ද‍්වෙ කාමා: වත්‍ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච‍්චන‍්ති වත්‍ථුකාමා -පෙ- ඉමෙ වුච‍්චන‍්ති කිලෙසකාමා.

යො කාමෙ පරිවජ්ජේති - යො - යම් කිසි, යම් බඳු වූ, යමෙකින් යුක්ත වූ, යම්සේ සිටි, යම් ප්‍රකාර වූ, යම් තනතුරකට පැමිණි, යම් ධර්‍මයෙකින් යුක්ත වූ ක්‍ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ යි. කාමෙ පරිවජ්ජේති- කාමයෝ නම්: විස්තර විසින් කාමයෝ දෙදෙනෙක් වෙති: වස්තුකාමයෝ ද, ක්ලේශකාමයෝ දැ යි... මොහු වස්තු කාමයෝ යැ යි කියනු ලැබෙත්... මොහු ක්ලේශකාමයෝ යැ යි කියනු ලැබෙත්.

කාමෙ පරිවජ‍්ජෙතීති ද‍්වීහි කාරණෙහි කාමෙ පරිවජ‍්ජෙති: වික‍්ඛම‍්භණතො වා සමුච‍්ඡෙදතො වා. කථං වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති? “අට‍්ඨිකඞ‍්කලූපමා කාමා අප‍්පස‍්සාදට‍්ඨෙනා”ති පස‍්සන‍්තො වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති. “මංසපෙසූපමා කාමා බහුසාධාරණට‍්ඨෙනා”ති පස‍්සන‍්තො වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති. “තිණුක‍්කූපමා කාමා අනුදහනට‍්ඨෙනා”ති පස‍්සන‍්තො වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති. ‘අඞ‍්ගාරකාසූපමා කාමා මහාපරිළාහට‍්ඨෙනා”ති පස‍්සන‍්තො වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති.

කාමෙ පරිවජ්ජේති - දෙකරුණෙකින් කාමයන් දුරු කෙරෙයි: විෂ්කම්භණ විසින් හෝ සමුච්ඡේද විසින් හෝ යැ. කෙසේ විෂ්කම්භණ විසින් කාමයන් පරිවර්‍ජන කෙරේ ද ? යත්: ‘අල්පාස්වාද වන බැවින් කාමයෝ ඇටසැකිල්ලක් වැන්නැ’යි නුවණැසින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි; බහුසාධාරණ වන බැවින් ‘කාමයෝ මාංසපෙශි වැන්නහ’යි නුවණැසින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි; ‘දහනකෘත්‍යසම්පාදක වන (=හස්තාදිය දවන) බැවින් කාමයෝ තෘණොල්කා (=තණහුලක්) වැන්නහ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි. ‘මහාපරිදාහකර වන බැවින් කාමයෝ අඞ්ගාරකර්ෂු (=අඟුරුවළ) වැන්නහ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි.

“සුපිනකූපමා කාමා ඉත‍්තරපච‍්චුපට‍්ඨානට‍්ඨෙනා”ති පස‍්සන‍්තො වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති. “ යාචිතකූපමා කාමා තාවකාලිකට‍්ඨෙනා” ති පස‍්සන‍්තො වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති. “රුක‍්ඛඵලූපමා කාමා සම‍්භඤ‍්ජනපරිභඤ‍්ජනට‍්ඨෙනා”ති පස‍්සන‍්තො වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති. “අසිසූනූපමා කාමා අධිකුට‍්ටනට‍්ඨෙනා”ති පස‍්සන‍්තො වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති. “සත‍්තිසූලූපමා කාමා විනිවිජ‍්ඣනට‍්ඨෙනා”ති පස‍්සන‍්තො වික‍්ඛම‍්භණතො කාමො පරිවජ‍්ජෙති. “සප‍්පසිරූපමා කාමා සප‍්පටිභයට‍්ඨෙනා”ති පස‍්සන‍්තො වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති. “අග‍්ගික‍්ඛන්‍ධූපමා කාමා මහාභිතාපකරට‍්ඨෙනා”ති පස‍්සන‍්තො වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති.

‘ඉත්‍වර වැ (=නො පැමිණ හෝ අල්ප වැ එළඹ) සිටි වන බැවින් කාමයෝ ස්වප්නයක් වැන්නහ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි. ‘තාවත්කාලික වන බැවින් කාම පිරුළුයෙන් අළ දැයක් වැන්නැ’යි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි. ‘සම්භඤ්ජනපරිභඤ්ජනකර වන බැවින් කාම වෘක්‍ෂඵල වැන්නැ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි. ‘අධිකුට්ටනාර්ථයෙන් (=සිඳුනා බැවින්) කාම අසිසූනා (කඩුව හා මස්ලොඹුව) වැන්නැ’යි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි. ‘විනිවිදුනා බැවින් කාමයෝ සැත්හුලක් වැන්නහ’යි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි. ‘සප්‍රතිභයාර්‍ත්‍ථයෙන් කාමයෝ සර්පශීර්‍ෂ වැන්නහ’යි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි. ‘මහාහිතාපකර වන බැවින් කාමයෝ වහනිස්කන්ධ වැන්නහ’යි නුවණැසින් දක්නේ කාමයන් පරිවර්‍ජන කෙරේ.

බුද‍්ධානුස‍්සතිං භාවෙන‍්තොපි වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති. ධම‍්මානුස‍්සතිං භාවෙන‍්තොපි -පෙ- සඞ‍්ඝානුස‍්සතිං භාවෙන‍්තොපි, සීලානුස‍්සතිං භාවෙන‍්තොපි, දෙවතානුස‍්සතිං භාවෙන‍්තොපි, ආනාපානසතිං භාවෙන‍්තොපි, මරණසතිං භාවෙන‍්තොපි, කායගතාසතිං භාවෙන‍්තොපි, උපසමානුස‍්සතිං භාවෙන‍්තොපි වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති, පඨමජ‍්ඣානං භාවෙන‍්තොපි වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති. දුතියජ‍්ඣානං භාවෙන‍්තොපි, තතියජ‍්ඣානං භාවෙන‍්තොපි, චතුත්‍ථජ‍්ඣානං භාවෙන‍්තොපි, ආකාසානඤ‍්චායතනසමාපත‍්තිං භාවෙන‍්තොපි, විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තිං භාවෙන‍්තොපි, ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තිං භාවෙන‍්තොපි, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තිං භාවෙන‍්තොපි වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති. එවං වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති.

බුද්ධානුස්මෘතිය වඩනුයේ ද විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි. ධර්‍මානුස්මෘතිය වඩනුයේ ද... සඞ්ඝානුස්මෘතිය වඩනුයේ ද... ශීලානුස්මෘතිය වඩනුයේ ද... ත්‍යාගානුස්මෘතිය වඩනුයේ ද... දේවතානුස්මෘතිය වඩනුයේ ද... ආනාපානස්මෘතිය වඩනුයේ ද... මරණානුස්මෘතිය වඩනුයේ ද... කායගතානුස්මෘතිය වඩනුයේ ද... උපශමානුස්මෘතිය වඩනුයේ ද විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි; ප්‍රථමධ්‍යානය වඩනුයේ ද විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි. ද්විතීයධ්‍යානය වඩනුයේ ද... තෘතීයධ්‍යානය වඩනුයේ ද... චතුර්‍ත්‍ථධ්‍යානය වඩනුයේ ද... ආකාසානඤ්චායතනසමාපත්තිය වඩනුයේ ද... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය වඩනුයේ ද... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය වඩනුයේ ද... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය වඩනුයේ ද විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි. මෙසේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්‍ජන කෙරේ.

කථං සමුච‍්ඡෙදතො කාමෙ පරිවජ‍්ජෙති? සොතාපත‍්තිමග‍්ගං භාවෙන‍්තොපි අපායගමනීයෙ කාමෙ සමුච‍්ඡෙදතො පරිවජ‍්ජෙති. සකදාගාමිමග‍්ගං භාවෙන‍්තොපි ඔළාරිකෙ කාමෙ සමුච‍්ඡෙදතො පරිවජ‍්ජෙති. අනාගාමිමග‍්ගං භාවෙන‍්තොපි අණුසහගතෙ කාමෙ සමුච‍්ඡෙදතො පරිවජ‍්ජෙති. අරහත‍්තමග‍්ගං භාවෙන‍්තොපි සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අසෙසං නිස‍්සෙසං සමුච‍්ඡෙදතො කාමෙ පරිවජ‍්ජෙති.

කෙසේ සමුච්ඡේද විසින් කාමයන් පරිවර්‍ජන කෙරෙයි ? යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගය වඩනුයේ ද අපායගමනීය වූ කාමයන් සමුච්ඡේද හෙයින් පරිවර්‍ජන කෙරෙයි: සකෘදාගාමිමාර්‍ගය වඩනුයේ ද ඖදාරික වූ කාමයන් සමුච්ඡේද හෙයින් දුරු කෙරෙයි; අනාගාමීමාර්‍ගය වඩනුයේ ද අණුසහගත වූ කාමයන් සමුච්ඡේද හෙයින් දුරු කෙරෙයි, අර්‍හත්ත්‍වමාර්‍ගය වඩනුයේ ද සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිරවශේෂ කොට සමුච්ඡේදවශයෙන් කාමයන් පරිවර්‍ජන කෙරෙයි. මෙසෙයින් සමුච්ඡේද හෙයින් කාමයන් දුරු කෙරේ.

යො කාමෙ පරිවජ‍්ජෙති සප‍්පස‍්සෙව පදා සිරොති - සප‍්පො වුච‍්චති අහි. කෙනට‍්ඨෙන සප‍්පො? සංසප‍්පන‍්තො ගච‍්ඡතීති - සප‍්පො; භුජන‍්තො ගච‍්ඡතීති භුජගො, උරෙන ගච‍්ඡතීති උරගො, පන‍්නසිරො ගච‍්ඡතීති පන‍්නගො; සිරෙන සුපතීති සිරිංසපො; බිලෙ සයතීති බිලාසයො; ගුහායං සයතීති ගුහාසයො; දාඨා තස‍්ස ආවුධොති දාඨාවුධො; විසං තස‍්ස ඝොරන‍්ති ඝොරවිසො; ජිව‍්හා තස‍්ස දුවිධාති ද‍්විජිව‍්හො; ද‍්වීහි ජිව‍්හාහි රසං සායතීති ද‍්විරසඤ‍්ඤූ; යථා පුරිසො ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක‍්ඛපටික‍්කූලො පාදෙන සප‍්පසිරං විවජ‍්ජෙය්‍ය පරිවජ‍්ජෙය්‍ය අභිනිවජ‍්ජෙය්‍ය, එවමෙව සුඛකාමො දුක‍්ඛපටික‍්කූලො කාමෙ වජ‍්ජෙය්‍ය විවජ‍්ජෙය්‍ය පරිවජ‍්ජෙය්‍ය අභිනිවජ‍්ජෙය්‍යාති - සප‍්පස‍්සෙව පදා සිරො.

යො කාමෙ පරිවජ්ජේති සප්පස්සෙව පදා සිරො - ‘සප්ප’ යී නාගයා කියනු ලැබෙයි. කවර හෙයෙකින් සර්‍ප නම් වී ද ? යත්: සංසර්‍පණ කෙරෙමින් යේ නු යි සර්‍ප යැ, වක්‍රවක්‍ර වැ යේ නු යි භුජග යැ; උරයෙන් (ළෙන්) යේ නුයි උරග යැ; නැමූ ශීර්‍ෂ ඇති වැ යේ නු යි;= පන්නග යැ; සිරසින් හොවී නු යි සිරිංසප යැ; බිලයෙහි හොවී නු යි;= බිලාශය යැ; ගුහායෙහි හොවී නු යි; ගුහාශය යැ; දංෂ්ට්‍රා ඔහුට ආයුධ නු යි දංෂ්ට්‍රායුධ යැ; විෂ ඔහුගේ ඝෝර නු යි ඝොරවිෂ යැ; ජිහ්වා ඔහුගේ ද්විවිධ නු යි ද්විජිහ්ව යැ, දෙදිවින් රස විඳීනු යි ද්විරසඥ යැ. යම් සේ ජීවත් වනු කැමැති නො මැරෙනු කැමැති සුව කැමැති දුඃඛප්‍රතිකූල වූ පුරුෂයෙක් පයින් සර්පශීර්‍ෂය හරනේ ද, වෙසෙසින් හරනේ ද, හාත්පසින් හරනේ ද, දුරින් දුරු කෙරේ ද, එසෙයින් ම සුව කැමැති වූයේ දුඃඛප්‍රතිකූල වූයේ කාමයන් හරනේ යැ, වෙසෙසින් හරනේ යැ, හාත්පසින් හරනේ යැ, දුරින් දුරු කෙරේ නු යි සප්පස්සෙව පදා සිරො යනු වේ.

සො‘මං විසත‍්තිකං ලොකෙ සතො සමතිවත‍්තතීති - “සො”ති යො කාමෙ පරිවජ‍්ජෙති; විසත‍්තිකා වුච‍්චති තණ‍්හා - යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්‍දි නන්‍දිරාගො, චිත‍්තස‍්ස සාරාගො ඉච‍්ඡා මුච‍්ඡා අජ‍්ඣොසානං, ගෙධො පළිගෙධො සඞ‍්ගො පඞ‍්කො එජා මායා ජනිකා සඤ‍්ජනනී සිබ‍්බනී ජාලිනී සරිතා විසත‍්තිකා සුත‍්තං විසතා ආයූහනී දුතියා පණිධි භවනෙත‍්තී වනං වනථො සන්‍ථවො ස‍්නෙහො අපෙක‍්ඛා පටිබන්‍ධු ආසා ආසිංසනා ආසිංසිතත‍්තං, රූපාසා සද‍්දාසා ගන්‍ධාසා රසාසා ඵොට‍්ඨබ‍්බාසා ලාභාසා ධනාසා පුත‍්තාසා ජීවිතාසා, ජප‍්පා පජප‍්පා අභිජප‍්පා ජප‍්පනා ජප‍්පිතත‍්තං, ලොලුප‍්පං ලොලුප‍්පායනා ලොලුප‍්පායිතත‍්තං, පුච‍්ඡඤ‍්චිකතා සාදුකම්‍යතා, අධම‍්මරාගො විසමලොභො නිකන‍්ති නිකාමනා පත්‍ථනා පිහනා සම‍්පත්‍ථනා, කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා, රූපතණ‍්හා අරූපතණ‍්හා නිරොධතණ‍්හා, රූපතණ‍්හා සද‍්දතණ‍්හා ගන්‍ධතණ‍්හා රසතණ‍්හා ඵොට‍්ඨබ‍්බතණ‍්හා ධම‍්මතණ‍්හා, ඔඝො යොගො ගන්‍ථො උපාදානං ආවරණං නීවරණං ඡදනං බන්‍ධනං උපක‍්කිලෙසො අනුසයො පරියුට‍්ඨානං ලතා වෙවිච‍්ඡං දුක‍්ඛමූලං දුක‍්ඛනිදානං දුක‍්ඛප‍්පභවො මාරපාසො මාරබළිසං මාරවිසො, තණ‍්හානදී තණ‍්හාජාලං තණ‍්හාගද‍්දුලං තණ‍්හාසමුද‍්දො, අභිජ‍්ඣා ලොභො අකුසලමූලං.

සො‘මං විසත්තිකං ලෝකේ සතෝ සමතිවත්තතී - ‘සො’ යනු: යමෙක් කාමයන් පරිවර්‍ජන කෙරේ නම් හේ ය. ‘විසත්තිකා’ යි තෘෂ්ණා කියැවෙයි. යම් රාගයෙක් සංරාගයෙක් (පුනපුනා පමුණුවන හෙයින්) අනුනයයෙක් අනුරෝධයෙක් නන්‍දියෙක් නන්‍දිරාගයෙක්, චිත්තයාගේ සංරාගයෙක් (අරමුණු කැමැති වන) ඊප්සායෙක් (බොල් කෙලෙස් බැවින් මුසපත් කරන) මූර්ඡායෙක් අධ්‍යවසානයෙක්, ගෙධයෙක් පරිගෙධයෙක් (අරමුණෙහි ලැගෙන හෙයින්) සඞ්ගයෙක් (ගැලෙන හෙයින්) පඞ්කයෙක් (ඒ ඒ භවයට ආකර්‍ෂණ කරන) එජාවෙක් (රවටන හෙයින්) මායාවෙක් (සසරවට උපදවන හෙයින්) ජනිකායේක් (දුක හා සංයොග කරමින් උපදවන හෙයින්) සංජනනියෙක් (=ච්‍යුති ප්‍රතිසන්‍ධි විසින් භවයෙහි) මැසීමෙක් ජාලිනියෙක් (සරිත් සදෘශ ව ආකර්‍ෂණ කරන හෙයින්) නදියෙක් වෙසෙසින් ඇලීමෙක් (බඳනා හෙයින්) හුයෙක් (විස්තෘත වන හෙයින්) විසතායෙක් ආයූහනියෙක් (සහාය වන හෙයින්) ද්විතීයායෙක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් (සමුත්ථාපන - ගහන හෙයින්) වනයෙක් (බලවද්භාවයෙන්) වනථයෙක් සන්‍ථවයෙක් ස්නේහයෙක් අපේක්‍ෂායෙක් ප්‍රතිබන්‍ධුයෙක් ආශායෙක් ආශංසායෙක් ආශංසිත බවෙක්, රූපයෙහි ආශායෙක් ශබ්දාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්පර්‍ශාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක්, (ජල්පන කරන හෙයින්) ජල්පායෙක් ප්‍රජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනයෙක් ජල්පිතබවෙක් ලෝලුප බවෙක් ලොලුපාකාරයෙක් ලෝලුපායිත බවෙක්, නඟුට සලන බවෙක් මධුර අරමුණු කැමැති වන බවෙක්, අධර්‍මරාගයෙක් විෂමලොභයෙක් නිකාන්තියෙක් නිකාමනයෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් පිහායෙක් සම්ප්‍රාර්‍ත්‍ථනායෙක්, කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක්, රූපතෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරොධතෘෂ්ණායෙක්, ශබ්දතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්පර්‍ශතෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක්, ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් (කුසල් දහම් වසන හෙයින්) ඡදනයෙක් බන්‍ධනයෙක් උපක්ලෙශයෙක් අනුශයයෙක් (උපදනා කුසලවාරය ගන්නා) පරියුට්ඨානයෙක් (පරිවෙෂ්ටන කරන හෙයින්) ලතායෙක් (විවිධ වස්තු කැමැති වන හෙයින්) විවිධ වීප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබඩිශයෙක් මාරවිෂයයෙක්, තෘෂ්ණානදියෙක් තෘෂ්ණාසඞ්ඛ්‍යාත ජාලයෙක් තෘෂ්ණා සඞ්ඛ්‍යාත ගර්දුල (=ශුනකබන්ධන) යෙක් තෘෂ්ණාසමුද්‍රයෙක්, අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ නම් එය යි.

විසත‍්තිකාති - කෙනට‍්ඨෙන විසත‍්තිකා? විසතාති විසත‍්තිකා; විසාලාති විසත‍්තිකා; විසටාති විසත‍්තිකා; විසක‍්කතීති විසත‍්තිකා; වීසං හරතීති විසත‍්තිකා; විසංවාදිකා ති විසත‍්තිකා; විසමූලාති විසත‍්තිකා; විසඵලාති විසත‍්තිකා; විසපරිභොගා විසත‍්තිකා. විසාලා වා පන සා තණ‍්හා රූපෙ සද‍්දෙ ගන්‍ධෙ රසෙ ඵොට‍්ඨබ‍්බෙ, කුලෙ ගණෙ ආවාසෙ ලාභෙ යසෙ පසංසායං සුඛෙ, චීවරෙ පිණ‍්ඩාපාතෙ සෙනාසනෙ ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙ, කාමධාතුයා රූපධාතුයා අරූපධාතුයා, කාමභවෙ රූපභවෙ අරූපභවෙ සඤ‍්ඤාභවෙ අසඤ‍්ඤාභවෙ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවෙ එකවොකාරභවෙ චතුවොකාරභවෙ පඤ‍්චවොකාරභවෙ, අතීතෙ අනාගතෙ පච‍්චුප‍්පන‍්නෙ, දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු විසතා විත්‍ථතාති විසත‍්තිකා.

විසත්තිකා - කවරහෙයෙකින් (තෘෂ්ණා තොමෝ) විසත්තිකා නම් වූ ද? යත්: විසෘත වන හෙයින් විසත්තිකා යැ; විශාල වන හෙයින් විසත්තිකා යැ; විඍෂ්ට වන හෙයින් විසත්තිකා යැ; විශේෂයෙන් සහ්‍ය (=සහනය කළ හැකි) වන හෙයින් විසත්තිකා යැ; වෙසෙසින් සිත හකුළුවන හෙයින් හෝ දුඃඛවිෂය එළවන හෙයින් විසත්තිකා යැ; (අනිත්‍යාදිය) විසංවාදන කරන හෙයින් විසත්තිකා යැ; විෂමූල හෙයින් විසත්තිකා යැ; විෂඵල හෙයින් විසත්තිකා යැ; විෂපරිභොග හෙයින් = විසත්තිකා යැ. යළි විශාල වූ ඒ තෘෂ්ණා තොමෝ රූපයෙහි ශබ්දයෙහි ගන්‍ධයෙහි රසයෙහි ස්පර්‍ශයෙහි, කුලයා කෙරෙහි, ගණයා කෙරෙහි ආවාසයෙහි ලාභයෙහි යශස්හි ප්‍රශංසායෙහි සුඛයෙහි, චීවරයෙහි පිණ්ඩපාතයෙහි ශයනාසනයෙහි ග්ලානප්‍රත්‍යයයෙහි, කාමධාතුයෙහි රූපධාතුයෙහි අරූපධාතුයෙහි, කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි සංඥාභවයෙහි අසංඥාභවයෙහි නෛවසංඥානාසංඥාභවයෙහි එකස්කන්ධභවයෙහි චතුඃස්කන්ධභවයෙහි පඤ්චස්කන්‍ධභවයෙහි, අතීතකාලයෙහි අනාගතකාලයෙහි පුත්‍යුපන්නකාලයෙහි, දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍යධර්‍මයන්හි විඍත විස්තෘත නු යි ‘විසත්තිකා’ නමු.

ලොකෙති - අපායලොකෙ මනුස‍්සලොකෙ දෙවලොකෙ ඛන්‍ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ.

ලෝකේ - අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි යැ.

සතොති - චතුහි කාරණෙහි සතො: කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො; වෙදනාසු - චිත‍්තෙ - ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො. අපරෙහිපි චතුහි කාරණෙහි සතො: අසති පරිවජ‍්ජනාය සතො, සතිකරණීයානඤ‍්ච ධම‍්මානං කතත‍්තා සතො; සතිපටිපක‍්ඛානං ධම‍්මානං හතත‍්තා සතො; සතිනිමිත‍්තානං ධම‍්මානං අසම‍්මුට‍්ඨත‍්තා සතො. *අපරෙහිපි චතූහි කාරණෙහි සතො: සතියා සමන‍්නාගතත‍්තා සතො, සතියා වසිතත‍්තා සතො, සතියා පාගුඤ‍්ඤතාය සතො, සතියා අපච‍්චොරොපනතාය සතො.* අපරෙහිපි චතුහි කාරණෙහි සතො: සත‍්තත‍්තා සතො, සන‍්තත‍්තා සතො, සමිතත‍්තා සතො, සන‍්තධම‍්මසමන‍්නාගතත‍්තා සතො. බුද‍්ධානුස‍්සතියා සතො, ධම‍්මානුස‍්සතියා සතො, සඞ‍්ඝානුස‍්සතියා සතො, සීලානුස‍්සතියා සතො, චාගානුස‍්සතියා සතො, දෙවතානුස‍්සතියා සතො, ආනාපානසතියා සතො, මරණානුස‍්සතියා සතො, කායගතාසතියා සතො, උපසමානුස‍්සතියා සතොති. යා සති අනුස‍්සති පටිස‍්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම‍්මුස‍්සනතා සති සතින්‍ද්‍රියං සතිබලං සම‍්මාසති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො එකායනමග‍්ගො, අයං වුච‍්චති සති, ඉමාය සතියා උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උපපන‍්නො සමුපපන‍්නො සමන‍්නාගතො. සො වුච‍්චති සතො.

සතෝ - සතර කරුණෙකින් ස්මෘති ඇතියේ: රූපකායයෙහි කායානුදර්‍ශනාස්මෘතිප්‍රස්ථානය (=කය අනිත්‍යාදි විසින් පුනපුනා දක්නා සීවටන්) වඩනුයේ ස්මෘති ඇතියේ යැ. වේදනායෙහි - චිත්තයෙහි - ධර්‍මයන්හි ධර්‍මානුදර්‍ශනාස්මෘතිප්‍රස්ථානය වඩනුයේ ස්මෘති ඇතියේ යි. අනෙකුදු සතර කරුණෙකින් ස්මෘති ඇතියේ: මුෂිතස්මෘතිය දුර ලීමෙන් ස්මෘති ඇතියේ, ස්මෘතියෙන් කර්‍තව්‍ය වූ ධර්‍මයන් (=සතර මාර්‍ගයන්) වඩන ලද හෙයින් ස්මෘති ඇතියේ (කාමච්ඡන්‍දාදි) ස්මෘතිප්‍රතිපක්ෂධර්‍මයන් නැසූ හෙයින් ස්මෘති ඇතියේ, ස්මෘතිනිමිත්ත වූ (කායාදි) ධර්‍මයන් නො නට හෙයින් ස්මෘතිමත් වූයේ යැ. අන්‍ය වූ ද සතර කරුණෙකින් ස්මෘති ඇතියේ: ස්මෘතියෙන් සමන්‍විත වන හෙයින් ස්මෘතිමත් වූයේ, ස්මෘතිවශීභාවයට පැමිණි හෙයින් ස්මෘතිමත් වූයේ, ස්මෘතියෙහි ප්‍රගුණ බැවින් ස්මෘතිමත් වූයේ, ස්මෘතියෙන් අපරිවර්‍තතිත වන (=නො පසුබස්නා) බැවින් ස්මෘතිමත් වූයේ. අන්‍ය වූ ද සතර කරුණෙකින් ස්මෘතිමත් වූයේ: සත්ත්‍ව (=ස්වභාවයෙන් විද්‍යමාන) වන බැවින් ස්මෘතිමත් වූයේ, ශාන්ත (=නිවුණ වන) බැවින් ස්මෘතිමත් වූයේ, කෙලෙස් සන්හිඳුවන ලද බැවින් ස්මෘතිමත් වූයේ, සත්පුරුෂධර්‍මයන්ගෙන් සමන්‍විත වන බැවින් ස්මෘතිමත් වූයේ. බුද්ධානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, ධර්‍මානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, සඞ්ඝානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, ශීලානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ ත්‍යාගානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, දෙවතානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, ආනාපානස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, මරණානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, කායගතස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ, උපශමානුස්මෘතියෙන් ස්මෘතිමත් වූයේ යි. යම් සිහියෙක් නැවත නැවත සිහි කිරීමෙක් අභිමුඛ ව මෙන් සිහි කිරීමෙක් සිහියක් සිහි කරන අයුරක් (ශ්‍රැතය) ධරන බවෙක් (අරමුණෙහි) බැසගන්නා බවෙක් (චිරකෘත භාෂිතයන්) ප්‍රමොෂ (=විස්මෘත) නොවන බවෙක් ස්මෘතියෙක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායනමාර්‍ගයෙක් වේ ද, මෝ ස්මෘති නමැයි කියනු ලැබේ. මේ ස්මෘතියෙන් උපේත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ නොවෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ වෙයි. හේ ස්මෘතිමත් වූයේ ය යි කියනු ලැබේ.

සො‘මං විසත‍්තිකං ලොකෙ සතො සමතිවත‍්තතීති - ලොකෙ වෙසා විසත‍්තිකා, ලොකෙවෙතං විසත‍්තිකං සතො තරති උත‍්තරති පතරති සමතික‍්කමති වීතිවත‍්තතීති ‘සො‘මං විසත‍්තිකං ලොකෙ සතො සමතිවත‍්තති’.

සො‘මං විසත්තිකං ලෝකේ සතෝ සමතිවත්තති - මේ විසත්තිකා තොමෝ ස්කන්‍ධලෝකයෙහි මැ වෙයි. ස්කන්‍ධලෝකයෙහි මැ පවත්නා වූ මේ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ස්මෘතිමත් වූයේ (කාමයන් දුරු කෙරෙමින්) තරණය කෙරෙයි. (ක්ලේශයන් දුරු කෙරෙමින්) උත්තරණය කෙරෙයි. (ඔවුන්ගේ ප්‍රතිෂ්ඨාහෙතුව සිඳිමින්) ප්‍රතරණය කෙරෙයි. (සසර ඉක්මවමින්) සමතික්‍රමණය කෙරෙයි, (ප්‍රතිසන්‍ධියට අභව්‍යොත්පත්තික කෙරෙමින්) ඉක්මවා නු යි “සො‘මං විසත්තිකං ලෝකේ සතෝ සමතිවත්තති” යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“යො කාමෙ පරිවජ‍්ජෙති සප‍්පස‍්සෙව පදා සිරො, සො’මං විසත‍්තිකං ලොකෙ සතො සමතිවත‍්තතී”ති.

“යො කාමෙ පරිවජ්ජේති -පෙ- සතෝ සමතිවත්තති” යී.