යෙදුමෙන් කියවන්න

1 - 3 අට‍්ඨකථා

1 - 3

1 - 3

තතියගාථායං සඞ‍්ඛෙපත්‍ථො – යො පන ඉමෙ කාමෙ තත්‍ථ ඡන්‍දරාගවික‍්ඛම‍්භනෙන වා සමුච‍්ඡෙදෙන වා අත‍්තනො පාදෙන සප‍්පස‍්ස සිරං විය පරිවජ‍්ජෙති, සො භික‍්ඛු සබ‍්බලොකං විප‍්ඵාරෙත්‍වා ඨිතත‍්තා ලොකෙ විසත‍්තිකාසඞ‍්ඛාතං තණ‍්හං සතො හුත්‍වා සමතිවත‍්තතීති.

තෙවන ගාථාවේ සංක්‍ෂිප්ත විස්තරය මෙසේ ය. ‘යමෙක් මේ වස්තුකාම, ක්ලේශකාමයන්හි ඡන්‍දරාගය, විෂ්කම්භන වශයෙන් හෝ සමුච්ඡේද වශයෙන් හෝ තමාගේ පාදයෙන් සර්ප හිසක් ඉවතලන්නාක් මෙන් ඉවත් කරයි ද ඒ භික්‍ෂු තෙමේ, මුළු ලොවම පතුරුවාගෙන සිටි බැවින්, ලෝකයේ විසත්තික නම් වූ තණ්හාව අත්හැර සිහියෙන් යුතුව වෙසෙයි.’

යොති විභජිතබ‍්බං පදං. යො යාදිසොතිආදීනි තස‍්ස විභජනපදානි. එත්‍ථ ච යස‍්මා යොති අත්‍ථපදං. තඤ‍්ච අනියමෙන පුග‍්ගලං දීපෙති. තස‍්මා තස‍්ස අත්‍ථං දස‍්සෙන‍්තො අනියමෙන පුග‍්ගලදීපකං යො-සද‍්දමෙව ආහ. තස‍්මා එත්‍ථ එවමත්‍ථො වෙදිතබ‍්බො – යොති යො කොචීති. යස‍්මා යො යො කොචි නාම, සො අවස‍්සං යථාලිඞ‍්ගයථායුත‍්තයථාවිහිතයථාප‍්පකාරයංඨානපත‍්තයංධම‍්මසමන‍්නාගතවසෙන එකෙනාකාරෙන පඤ‍්ඤායති, තස‍්මා තං තත්‍ථ ඤාපෙතුං තං භෙදං පකාසෙන‍්තො “යාදිසො”තිආදිමාහ. තත්‍ථ යාදිසොති ලිඞ‍්ගවසෙන යාදිසො වා තාදිසො වා හොතු, දීඝො වා රස‍්සො වා කාළො වා ඔදාතො වා මඞ‍්ගුරච‍්ඡවි වා කිසො වා ථූලො වාති අත්‍ථො.

සො යනු බෙදා දැක්විය යුතු පදයයි. යො යාදිසො යනාදිය එහි විභජන පදයි. මෙහිද යම්හෙයකින් යො යන අර්ථ සහිත පදයක් වේද, එය ද අනියම් වශයෙන් පුද්ගලයකු දක්වයි. එහෙයින් එහි අර්ථ දක්වමින් අනියමින් පුද්ගලයකු දැක්වෙන යො ශබ්දය ම කීහ. එනිසා මෙහි මෙසේ අර්ථ දතයුතුයි. යො යනු යම්කිසිවෙක් යැයි කියන ලදී. යම්හෙයකින් හේ යො කොචි නම් වේ ද එහෙයින් ඔහුගේ ලිංග යුක්ති යම්සේ සිටී ද, යම් ප්‍රකාර වූයේ ද, යම් න්‍යායකින් යුතු වේ ද, සද්ධර්මයෙන් යුක්තවීම් වශයෙන්, මේ ආකාරයෙන් පැහැදිලි වේ. එහෙයින් ඔහු මෙහි දී දැන්වීම දැක්වීමට (අදහස් කිරීමට) ඒ ප්‍රභේද ප්‍රකාශ කරමින් යාදිසො යනාදිය කීහ. එහි යාදිසො යනු ලිංග වශයෙන්, යම්සේ හෝ එසේ වේවා, (කෙසේ හෝ වේවා) උස් හෝ මිටි හෝ වේවා, කලු හෝ සුදු හෝ මඟුරු සම් පැහැ ඇති හෝ වේවා, කෘශ හෝ ස්ථුල වූ හෝ වේවා යන අර්ථයි.

යථායුත‍්තොති යොගවසෙන යෙන වා තෙන වා යුත‍්තො හොතු, නවකම‍්මයුත‍්තො වා උද‍්දෙසයුත‍්තො වා වාසධුරයුත‍්තො වාති අත්‍ථො. යථාවිහිතොති යථාඨපිතො නවකම‍්මාධිට‍්ඨායිකාදිවසෙන. යථාපකාරොති යථාපකාරෙන පතිට‍්ඨිතො පදීපනායකාදිවසෙන. යංඨානප‍්පත‍්තොති යං ඨානන‍්තරං පත‍්තො සෙනාපතිසෙට‍්ඨිට‍්ඨානාදිවසෙන. යංධම‍්මසමන‍්නාගතොති යෙන ධම‍්මෙන උපාගතො ධුතඞ‍්ගාදිවසෙන.

යථායුත්තො යනු යෙදීම් වශයෙන් යම්කිසි කාර්යයක යෙදුණේ හෝ වේවා. නව කර්මාන්තයක යෙදුණේ හෝ වේවා, ප්‍රාතිමෝක්‍ෂ උද්දේසයෙහි යෙදුණේ හෝ වේවා. වාසධුරයෙහි යෙදුණේ හෝ වේවා යන අර්ථයි. යථා විහිතො යනු යම්සේ යොදවන ලද්දේ ද එසේ නව කර්මාන්ත පාලනය කිරීම් ආදී වශයෙනි. යථාපකාරො පිරිස් නායක ආදී වශයෙන් යම් ආකාරයකින් පිහිටුවන ලදුයේ යි. යං ඨානං පත්තො සේනාපති, සිටු ආදී යම් ඨානාන්තරයකට පත්වූයේ යි. යං ධම්ම සමන්නාගතො ධුතංගාදී යම් දහමකින් යුක්ත වූයේ යි.

වික‍්ඛම‍්භනතො වාති උපචාරප‍්පනාසමාධීති කිලෙසානං දූරීකරණතො වා ඝටප‍්පහාරෙන සෙවාලානං විය. සමුච‍්ඡෙදතො වාති පුන අප‍්පවත‍්තිං කත්‍වා අච‍්චන‍්තතො මග‍්ගෙන කිලෙසානං උච‍්ඡින‍්නමූලතො පහානවසෙන සමුච‍්ඡෙදතො වා. අට‍්ඨිකඞ‍්කලූපමා කාමාතිආදීනි එකාදස පදානි විපස‍්සනාවසෙන වුත‍්තානි.

වික්ඛම්භනතො වා උපචාර, අර්පණා, සමාධි මගින් කෙලෙසුන් දුරු කිරීමෙන් හෝ කළයේ පහරින් දියසෙවෙල් ඉවත් කරන්නාක් මෙන් තාවකාලික වශයෙන් හෝ සමුච්ඡෙදතො වා නැවත නොපවතින සේ කොට, අත්‍යන්ත වශයෙන් (සෝතාපත්ති ආදී) මාර්ගයෙන් කෙළෙසුන් මුලිනුපුටා දමා, සමුච්ඡේද වශයෙන් මුළුමනින් ම ප්‍රහීණ කිරීමෙනි. අට්ඨිකංකලූපමා කාමා ආදි එකොළොස් පදය විදර්ශනා භාවනා වශයෙන් කියන ලදී.

බුද‍්ධානුස‍්සතිං භාවෙන‍්තොපීතිආදීනි ඡ පදානි මරණස‍්සතිං භාවෙන‍්තොපි, උපසමානුස‍්සතිං භාවෙන‍්තොපීති ඉමානි ච උපචාරජ‍්ඣානවසෙන වුත‍්තානි. ආනාපානස‍්සතිං භාවෙන‍්තොපි, කායගතාසතිං භාවෙන‍්තොපි, පඨමං ඣානං භාවෙන‍්තොපීතිආදීනි නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තිං භාවෙන‍්තොපීති පරියොසානානි අප‍්පනාජ‍්ඣානවසෙන වුත‍්තානි. තත්‍ථ අට‍්ඨිකඞ‍්කලූපමා කාමාති සුනික‍්කන‍්තං නික‍්කන‍්තං නිම‍්මංසං ලොහිතමක‍්ඛිතං අට‍්ඨිකඞ‍්කලං උපමා එතෙසං කාමානන‍්ති අට‍්ඨිකඞ‍්කලූපමා කාමා. අප‍්පස‍්සාදට‍්ඨෙනාති “අප‍්පං පරිත‍්තං සුඛස‍්සාදං ආදීනවො එත්‍ථ භිය්‍යො”ති දස‍්සනට‍්ඨෙන. පස‍්සන‍්තොති “යාවදෙව පන සො කුක‍්කුරො කිලමථස‍්ස විඝාතස‍්ස භාගී අස‍්සා”ති ඤාණචක‍්ඛුනා පස‍්සන‍්තො. පරිවජ‍්ජෙතීති දූරඞ‍්ගමෙති. වුත‍්තඤ‍්හෙතං භගවතා –

බුද්ධානුස්සතිං භාවෙන්තො ආදී වශයෙන් ද මරණානුස්සතිං භාවෙන්තාපි උපසමානුස්සතිං භාවෙන්තො පි යනාදී වශයෙන් ද උපචාර ධ්‍යාන වශයෙන් ද කියන ලදී. ආනාපාන සතිං භාවෙන්තොපි කායගතාසතිං භාවෙන්තොපි පඨමජ්ඣානං භාවෙන්තොපි ආදී වශයෙන් ඇරඹී නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිං භාවෙන්තො පි යන්නෙන් අවසන් වන භාවනා අර්පණා ධ්‍යාන වශයෙන් කියන ලදී. එහි අට්ඨිකංකලූපමා කාමා යනු මනාව ඉවත් කිරීමෙන් මස් රහිත වූ ලෙයින් වැකුණු සත්ත්ව ඇටයකි. ‘මේ කාමයන්ට උපමා වෙති’යි අට්ඨිකංකලූපමා කාමා (කාමයෝ ඇටසැකිල්ලක් බඳු වෙති.) අප්පසාදට්ඨෙන යනු අප වූ සුලු වූ ආශ්වාද ඇතැයි යන අරුතින්, ආදීනවො එත්‍ථ භිය්‍යො යනු මෙහි බොහෝ ආදීනව ඇතැයි යන දර්ශන අර්ථයෙන්, පස්සන්තො එසේ පවතිනතාක් ඒ බල්ලා ක්ලාන්තයට පීඩාවට බඳුන් වන්නේ යැ’යි නුවණැසින් බලමිනි. පරිවජ්ජෙති යනු ඉතා දුරු කරයි. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදමැයි;

“සෙය්‍යථාපි, ගහපති, කුක‍්කුරො ජිඝච‍්ඡාදුබ‍්බල්‍යපරෙතො ගොඝාතකසූනං පච‍්චුපට‍්ඨිතො අස‍්ස, තමෙනං දක‍්ඛො ගොඝාතකො වා ගොඝාතකන‍්තෙවාසී වා අට‍්ඨිකඞ‍්කලං සුනික‍්කන‍්තං නික‍්කන‍්තං නිම‍්මංසං ලොහිතමක‍්ඛිතං උපසුම‍්භෙය්‍ය. තං කිං මඤ‍්ඤසි, ගහපති, අපි නු ඛො සො කුක‍්කුරො අම‍්හං අට‍්ඨිකඞ‍්කලං සුනික‍්කන‍්තං නික‍්කන‍්තං නිම‍්මංසං ලොහිතමක‍්ඛිතං පලෙහන‍්තො ජිඝච‍්ඡාදුබ‍්බල්‍යං පටිවිනෙය්‍යා”ති? “නො හෙතං, භන‍්තෙ”. “තං කිස‍්ස හෙතු”? “අදුඤ‍්හි, භන‍්තෙ, අට‍්ඨිකඞ‍්කලං සුනික‍්කන‍්තං නික‍්කන‍්තං නිම‍්මංසං ලොහිතමක‍්ඛිතං, යාවදෙව පන සො කුක‍්කුරො කිලමථස‍්ස විඝාතස‍්ස භාගී අස‍්සා”ති. “එවමෙව ඛො, ගහපති, අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති ‘අට‍්ඨිකඞ‍්කලූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො’ති. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා යායං උපෙක‍්ඛා නානත‍්තා නානත‍්තසිතා , තං අභිනිවජ‍්ජෙත්‍වා යායං උපෙක‍්ඛා එකත‍්තා එකත‍්තසිතා, යත්‍ථ සබ‍්බසො ලොකාමිසුපාදානා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති, තමෙවූපෙක‍්ඛං භාවෙතී”ති (ම· නි· 2.42).

‘ගහපතිය, බඩසයින් දුබල වී පෙළෙන බල්ලෙක් ගවඝාතක ස්ථානයකට පැමිණියේ වේ. දක්‍ෂ වූ ගෝ ඝාතකයා හෝ ගව ඝාතක අතවැසියා හෝ මනාව මස් නහර ඉවත් කළ, මස් නැති හෙයින් වැකුණු ඇටසැකිල්ලක් ඌට දෙන්නේ ය. ගහපතිය, ඔබට කුමක් සිතේ ද? ඒ බල්ලා මේ මනාව මස් ඉවත් කළ ලේ වැකුණු ඇට කැබැල්ල ලොවින්නේ නමුත් උගේ සාගිනි දුබල බව දුරුවන්නේ ද?’ (ගහපතියා) ‘ස්වාමීනි! නැත’යි (පිළිතුරු දුන්නේ ය.) ඊට හේතු කුමක් ද?’යි (භාග්‍යවතුන් වහන්සේ විචාළ විට ඒ ගහපති තෙමේ) ‘ස්වාමීනි, මේ ඇටකැබැල්ල මනාව මස් ඉවත් කළ ලේ වැකුණු එකක් වන හෙයිනි. එය එසේ තිබෙනතාක් ඒ බල්ලා වෙහෙසට, ක්ලාන්තයට, පීඩාවට භාජන වන්නේ ය’යි පිළිතුරු දුන්නේ ය. බුදුහු එවිට මෙසේ වදාළහ.) ‘ගහපතිය, එලෙසින්ම මේ ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ සිතන්නේය. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් කාමය ඇටසැකිල්ලක් වැනියැයි, බොහෝ දුක් ඇතැයි, බොහෝ උපායාස ඇතැයි දෙසන ලදී. මෙහි ආදීනව බොහෝ යයි, තත්වාකාරයෙන් ම මනා නුවණින් දැක, යම් උපේක්‍ෂාවක් නානාප්‍රකාර වේද, නානාශ්‍රිත වේද එය ඉවත දමා, යම් උපේක්‍ෂාවක් ඒකවිධ වේද, ඒකාශ්‍රිත වේද, යම් උපේක්‍ෂාවකදී ලෞකික උපාදානයෝ සර්වප්‍රකාරයෙන් නිරවශේෂ වශයෙන් නිරුද්ධ වෙත් ද ඒ උපේක්‍ෂාවම වඩන්නේය.

ගිජ‍්ඣාදීහි සාධාරණා මංසපෙසි උපමා එතෙසන‍්ති මංසපෙසූපමා. බහූනං සාධාරණට‍්ඨෙන බහුසාධාරණා. ආදිත‍්තං තිණුක‍්කං උපමා එතෙසන‍්ති තිණුක‍්කූපමා. අනුදහනට‍්ඨෙනාති හත්‍ථාදිඣාපනට‍්ඨෙන. සාධිකපොරිසප‍්පමාණා වීතච‍්චිකානං වීතධූමානං අඞ‍්ගාරානං පූරා අඞ‍්ගාරකාසු උපමා එතෙසන‍්ති අඞ‍්ගාරකාසූපමා. මහාපරිළාහට‍්ඨෙනාති මහන‍්තපරිතාපනට‍්ඨෙන. ආරාමරාමණෙය්‍යාදිකං සුපිනං උපමා එතෙසන‍්ති සුපිනකූපමා. ඉත‍්තරපච‍්චුපට‍්ඨානට‍්ඨෙනාති අප‍්පත්‍වා, න උපගන‍්ත්‍වා තිට‍්ඨනට‍්ඨෙන. යාචිතෙන ලද‍්ධං යානාදිභණ‍්ඩං උපමා එතෙසන‍්ති යාචිතකූපමා. තාවකාලිකට‍්ඨෙනාති අනිබන්‍ධනට‍්ඨෙන. සම‍්පන‍්නඵලරුක‍්ඛො උපමා එතෙසන‍්ති රුක‍්ඛඵලූපමා. සම‍්භඤ‍්ජනපරිභඤ‍්ජනට‍්ඨෙනාති සාඛාභඤ‍්ජනට‍්ඨෙන චෙව සමන‍්තතො භඤ‍්ජිත්‍වා රුක‍්ඛපාතනට‍්ඨෙන ච. අසි ච සූනා ච උපමා එතෙසන‍්ති අසිසූනූපමා. අධිකුට‍්ටනට‍්ඨෙනාති ඡින්‍දනට‍්ඨෙන. සත‍්තිසූලං උපමා එතෙසන‍්ති සත‍්තිසූලූපමා. විනිවිජ‍්ඣනට‍්ඨෙනාති නිපතෙත්‍වා ගමනට‍්ඨෙන. භයජනනට‍්ඨෙන සප‍්පසිරං උපමා එතෙසන‍්ති සප‍්පසිරූපමා. සප‍්පටිභයට‍්ඨෙනාති සහ අභිමුඛෙ භයට‍්ඨෙන. දුක‍්ඛජනනං අග‍්ගික‍්ඛන්‍ධං උපමා එතෙසන‍්ති අග‍්ගික‍්ඛන්‍ධූපමා. මහාභිතාපනට‍්ඨෙනාති මහන‍්තඅභිතාපකායපීළාඋප‍්පාදනට‍්ඨෙනාති කාමං පරිවජ‍්ජෙතීති. වුත‍්තඤ‍්හෙතං –

‘මාංසපේශී උපමාව මොවුනට (මේ කාමයන්ට) ගිජුලිහිණි ආදීන් හා සමග සාධාරණ (පොදු) වෙති’යි මංසංපසූපමා වේ. ‘බොහෝදෙනාට සාධාරණ (පොදු) වෙති’යි යන අරුතින් බහුසාධාරණා නමි. ඇවිලගත් තණසුල මොවුනට (මේ කාමයන්ට) උපමා වෙති’යි තිණුක්කූපමා නම් වේ. අනුදහනත්‍ථෙන යනු ‘අත් ආදිය දවති’ යන අර්ථයෙනි. ‘පුරුෂයකුගේ උස ප්‍රමාණයට අධික වූ, ගිනිසිළු හා දුම් පහ වී ගිය, අඟුරුවලින් පිරුණු අඟුරුවළක් මේ කාමයන්ට උපමා වෙති’යි අංගාරකාසූපමා වේ. මහාපරිලාහත්‍ථෙන යනු ‘මහත් පරිදාහ දනවති’යි යන අර්ථයෙනි. ‘ආරාම (උයන්) ආදියෙහි රමණිය බව පිළිබඳ සිහිනය මේ කාමයනට උපමා වෙතියි සුපිනකූපමා වේ. ඉත්තර පච්චුපට්ඨානත්‍ථෙන යනු (වෙතට) නොපැමිණ, මඳක් සමීපව සිටැ’යි යන අර්ථයෙනි. යැදීමෙන් ලද යානා ආදී භාණ්ඩ මොවුනට (මේ කාමයන්ට) උපමා වෙති’ යි යාචිතකූපමා නම් වේ. තාවකාලිකත්‍ථෙන යනු (අඛණ්ඩව) බැඳී නොසිටිතැයි යන අර්ථයෙනි. ‘එල සම්පන්න වූ ඵල භරිත ගස මොවුනට උපමා වෙති’යි රුක්ඛඵලූපමා නම් වේ. සම්භජ්ජන පරිභජ්ජනත්‍ථෙන යනු ශාඛා බිඳීම් අර්ථයෙන් හා හාත්පසින් අතු කපා ගස කපා බිම හෙළීම් අර්ථයෙනි. කඩුව හා මස්වැදැල්ල ද මොවුනට (මේ කාමයන්ට) උපමා වෙති’යි අසිසුණුකූපමා නම් වේ. අධිකුට්ටනත්‍ථෙන යනු සිඳීම් අර්ථයෙනි. සැත්හුලක් මොවුනට (කාමයන්ට) උපමා වූයේනුයි සත්තිසුලූපමා නම් වේ. විනිවිජ්ඣනත්‍ථෙන ‘ඇට ඉවත් කරමින් ගමන් කරන විනිවිද යන බැවින් බිය දනවති’ යි යන අර්ථයෙනි. සර්ප හිසක් මේ කාමයන්ට උපමා වේනුයි සප්පසිරූපමා නම් වේ. සප්පටි භයත්‍ථෙන යනු අභිමුඛ වූ භය සමග යැයි යන අර්ථයෙනි. දුක් ජනනය කරන ගිනි කඳක් මේ කාමයන්ට උපමා වේනුයි අග්ගික්ඛන්‍ධූපමා නම් වේ. මහාභිතාපත්‍ථෙන යනු මහ ගින්නෙන් තැවීම්, පීඩා ඇති කරතියි යන අර්ථයෙනි. මෙසේ කාමය දුරු කෙරෙති’යි මෙසේ වදාරණ ලදී.

“සෙය්‍යථාපි, ගහපති, ගිජ‍්ඣො වා කඞ‍්කො වා කුලලො වා මංසපෙසිං ආදාය උඩ‍්ඩීයෙය්‍ය, තමෙනං ගිජ‍්ඣාපි කඞ‍්කාපි කුලලාපි අනුපතිත්‍වා අනුපතිත්‍වා විතච‍්ඡෙය්‍යුං විස‍්සජ‍්ජෙය්‍යුං. තං කිං මඤ‍්ඤසි, ගහපති, සචෙ සො ගිජ‍්ඣො වා කඞ‍්කො වා කුලලො වා තං මංසපෙසිං න ඛිප‍්පමෙව පටිනිස‍්සජ‍්ජෙය්‍ය, සො තතොනිදානං මරණං වා නිගච‍්ඡෙය්‍ය , මරණමත‍්තං වා දුක‍්ඛ”න‍්ති “එවං, භන‍්තෙ”. “එවමෙව ඛො, ගහපති, අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති ‘මංසපෙසූපමා කාමා වුත‍්තා භගවතා…පෙ… තමෙවූපෙක‍්ඛං භාවෙති. සෙය්‍යථාපි, ගහපති, පුරිසො ආදිත‍්තං තිණුක‍්කං ආදාය පටිවාතං ගච‍්ඡෙය්‍ය. තං කිං මඤ‍්ඤසි, ගහපති, සචෙ සො පුරිසො තං ආදිත‍්තං තිණුක‍්කං න ඛිප‍්පමෙව පටිනිස‍්සජ‍්ජෙය්‍ය, තස‍්ස සා ආදිත‍්තා තිණුක‍්කා හත්‍ථං වා දහෙය්‍ය, බාහුං වා දහෙය්‍ය, අඤ‍්ඤතරං වා අඤ‍්ඤතරං වා අඞ‍්ගපච‍්චඞ‍්ගං දහෙය්‍ය, සො තතොනිදානං මරණං වා නිගච‍්ඡෙය්‍ය, මරණමත‍්තං වා දුක‍්ඛ”න‍්ති? “එවං, භන‍්තෙ”. “එවමෙව ඛො, ගහපති, අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති ‘තිණුක‍්කූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහුපායාසා…පෙ… තමෙවූපෙක‍්ඛං භාවෙති. සෙය්‍යථාපි, ගහපති, අඞ‍්ගාරකාසු සාධිකපොරිසා පූරා අඞ‍්ගාරානං වීතච‍්චිකානං වීතධූමානං. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක‍්ඛප‍්පටික‍්කූලො, තමෙනං ද‍්වෙ බලවන‍්තො පුරිසා නානාබාහාසු ගහෙත්‍වා අඞ‍්ගාරකාසුං උපකඩ‍්ඪෙය්‍යුං. තං කිං මඤ‍්ඤසි ගහපති, අපි නු සො පුරිසො ඉති චිති චෙව කායං සන‍්නාමෙය්‍යා”ති? “එවං, භන‍්තෙ”. “තං කිස‍්සහෙතු”? “විදිතඤ‍්හි, භන‍්තෙ, තස‍්ස පුරිසස‍්ස ‘ඉමඤ‍්ච අහං අඞ‍්ගාරකාසුං පපතිස‍්සාමි, තතොනිදානං මරණං වා නිගච‍්ඡිස‍්සාමි මරණමත‍්තං වා දුක‍්ඛ’”න‍්ති. “එවමෙව ඛො ගහපති අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති ‘අඞ‍්ගාරකාසූපමා කාමා වුත‍්තා භගවතා…පෙ… තමෙවූපෙක‍්ඛං භාවෙති. සෙය්‍යථාපි, ගහපති, පුරිසො සුපිනකං පස‍්සෙය්‍ය ආරාමරාමණෙය්‍යකං වනරාමණෙය්‍යකං භූමිරාමණෙය්‍යකං පොක‍්ඛරණිරාමණෙය්‍යකං, සො පටිබුද‍්ධො න කිඤ‍්චි පටිපස‍්සෙය්‍ය. එවමෙව ඛො, ගහපති, අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති ‘සුපිනකූපමා කාමා වුත‍්තා භගවතා…පෙ… තමෙවූපෙක‍්ඛං භාවෙති. සෙය්‍යථාපි, ගහපති, පුරිසො යාචිතකං භොගං යාචිත්‍වා යානං වා පොරිසෙය්‍යං පවරමණිකුණ‍්ඩලං. සො තෙහි යාචිතකෙහි භොගෙහි පුරක‍්ඛතො පරිවුතො අන‍්තරාපණං පටිපජ‍්ජෙය්‍ය. තමෙනං ජනො දිස‍්වා එවං වදෙය්‍ය ‘භොගී වත භො පුරිසො, එවං කිර භො භොගිනො භොගානි භුඤ‍්ජන‍්තී’ති. තමෙනං සාමිකා යත්‍ථ යත්‍ථෙව තානි පස‍්සෙය්‍යුං, තත්‍ථ තත්‍ථෙව තානි හරෙය්‍යුං. තං කිං මඤ‍්ඤසි, ගහපති, අලං නු ඛො තස‍්ස පුරිසස‍්ස අඤ‍්ඤථත‍්තායා”ති? “එවං, භන‍්තෙ”. “තං කිස‍්සහෙතු”? “සාමිනො හි, භන‍්තෙ, තානි හරන‍්තී”ති. “එවමෙව ඛො, ගහපති, අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති ‘යාචිතකූපමා කාමා වුත‍්තා භගවතා…පෙ… තමෙවූපෙක‍්ඛං භාවෙති. සෙය්‍යථාපි, ගහපති, ගාමස‍්ස වා නිගමස‍්ස වා අවිදූරෙ තිබ‍්බො වනසණ‍්ඩො, තත්‍රස‍්ස රුක‍්ඛො සම‍්පන‍්නඵලො ච උපපන‍්නඵලො ච. න චස‍්සු කානිචි ඵලානි භූමියං පතිතානි. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ඵලත්‍ථිකො ඵලගවෙසී ඵලපරියෙසනං චරමානො. සො තං වනසණ‍්ඩං අජ‍්ඣොගාහෙත්‍වා තං රුක‍්ඛං පස‍්සෙය්‍ය සම‍්පන‍්නඵලඤ‍්ච උපපන‍්නඵලඤ‍්ච. තස‍්ස එවමස‍්ස ‘අයං ඛො රුක‍්ඛො සම‍්පන‍්නඵලො ච උපපන‍්නඵලො ච, නත්‍ථි ච කානිචි ඵලානි භූමියං පතිතානි, ජානාමි ඛො පනාහං රුක‍්ඛං ආරොපිතුං. යංනූනාහං ඉමං රුක‍්ඛං ආරොහිත්‍වා යාවදත්‍ථඤ‍්ච ඛාදෙය්‍යං, උච‍්ඡඞ‍්ගඤ‍්ච පූරෙය්‍ය’න‍්ති? සො තං රුක‍්ඛං ආරොහිත්‍වා යාවදත්‍ථඤ‍්ච ඛාදෙය්‍ය, උච‍්ඡඞ‍්ගඤ‍්ච පූරෙය්‍ය. අථ දුතියො පුරිසො ආගච‍්ඡෙය්‍ය ඵලත්‍ථිකො ඵලගවෙසී ඵලපරියෙසනං චරමානො තිණ‍්හං කුඨාරිං ආදාය. සො තං වනසණ‍්ඩං අජ‍්ඣොගාහෙත්‍වා තං රුක‍්ඛං පස‍්සෙය්‍ය සම‍්පන‍්නඵලඤ‍්ච උපපන‍්නඵලඤ‍්ච. තස‍්ස එවමස‍්ස ‘අයං ඛො රුක‍්ඛො සම‍්පන‍්නඵලො ච උපපන‍්නඵලො ච, නත්‍ථි ච කානිචි ඵලානි භූමියං පතිතානි, න ඛො පනාහං ජානාමි රුක‍්ඛං ආරොහිතුං. යංනූනාහං ඉමං රුක‍්ඛං මූලතො ඡෙත්‍වා යාවදත්‍ථඤ‍්ච ඛාදෙය්‍යං, උච‍්ඡඞ‍්ගඤ‍්ච පූරෙය්‍ය’න‍්ති. සො තං රුක‍්ඛං මූලතොව ඡින්‍දෙය්‍ය. තං කිං මඤ‍්ඤසි , ගහපති, අමුකො සො පුරිසො පඨමං රුක‍්ඛං ආරූළ‍්හො, සචෙ සො න ඛිප‍්පමෙව ඔරොහෙය්‍ය, තස‍්ස සො රුක‍්ඛො පපතන‍්තො හත්‍ථං වා භඤ‍්ජෙය්‍ය පාදං වා භඤ‍්ජෙය්‍ය අඤ‍්ඤතරං වා අඤ‍්ඤතරං වා අඞ‍්ගපච‍්චඞ‍්ගං භඤ‍්ජෙය්‍ය, සො තතොනිදානං මරණං වා නිගච‍්ඡෙය්‍ය, මරණමත‍්තං වා දුක‍්ඛ”න‍්ති? “එවං, භන‍්තෙ”. “එවමෙව ඛො, ගහපති, අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති ‘රුක‍්ඛඵලූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො’ති.

‘ගහපතිය, ගිජුලිහිණියෙක් හෝ කපුටෙක් හෝ උකුස්සෙක් හෝ ඒ මස්වැදැල්ල ගෙන ඉගිලෙන්නේ ය. ගිජුලිහිණියෝ ද කපුටෝ ද උකුස්සෝ ද පසුපස ලුහුබඳිමින්, කොටමින් එය උදුරන්නේය. ගහපතිය, ඔබ කුමක් සිතන්නෙහි ද? ඒ ගිජුලිහිණියා හෝ කපුටා හෝ උකුස්සා තමා ගත් මස්වැදැල්ල වහා නොමුදන්නේ නම් මරණයට හෝ මරණ සමාන දුකකට පත්වන්නේ ද?’ ‘එසේය, ස්වාමීනි!’, ‘ගහපතිය, එලෙසින්ම ආර්යශ්‍රාවකයා මෙසේ සිතන්නේ ය. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මස් වැදැල්ලක් උපමා කර කාමය එබඳු යැයි වදාළ සේක. -පෙ- එම (ඉහත කී) ඒකවිධ වූ ඒකාශ්‍රිත වූ උපේක්‍ෂාව වඩයි. ‘ගහපතිය, පුරුෂයෙක් ගිනි ඇවිලගත් තණසුලක් ගෙන උඩු සුළඟට යන්නේ ය. ‘ගහපතිය, ඔබ කුමක් සිතන්නේ ද? ඒ පුරුෂයා ඇවිලගත් තණසුල වහා ඉවත නොලන්නේ නම්, ඒ තණසුල ඇවිලී ඔහුගේ අත හෝ දවන්නේ ය. බාහුව හෝ දවන්නේ ය. වෙනත් ශරීරාංගයක් හෝ දවන්නේ ය. ඉන් ඔහු මරණයට හෝ මරණ සමාන දුකට පත්වන්නේ ද?’ ‘එසේය, ස්වාමීනි.’ ‘ගහපතිය, එලෙසින් ම ආර්ය ශ්‍රාවකයා මෙසේ සිතන්නේ ය. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කාම සම්පත් තණසුලකට උපමා කර ඇත. එහි බොහෝ දුක්, බොහෝ වෙහෙසවීම් ඇත. - පෙ- එම උපේක්‍ෂාවම වඩයි. ගහපතිය, පුරුෂ ප්‍රමාණයට අධික වූ, පහ වූ ගිනිසිලු හා දුම් ඇති කකියන අඟුරු පිරි වළක් ඇත. ඒ වළ සමීපයට ජීවත්වනු කැමති, නොමැරෙනු කැමති, සැප කැමති, දුක පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේය. බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඒ මිනිසා නානාබාහුක ලෙසින් (තමාගේ අත් දෙකින් ඔහුගේ එක් අතක් බැගින්) අල්වාගෙන අඟුරු වළ වෙත ඇදගෙන යන්නේය. ගහපතිය, ඔබ කුමක් සිතන්නේ ද? ඒ පුරුෂයා ‘ඉතිච ඉතිච’ (මෙසේ ද මෙසේ ද) කියමින් සිය කැමැත්තෙන්ම අඟුරු වළ වෙත සිය කය නො එළවන්නේ වේද?’ ‘ස්වාමීනි, එසේය.’ ‘ඊට හේතු කවරේ ද?’ ‘ස්වාමීනි, ඒ පුරුෂයා ‘මම මේ අඟුරු වළට ඉදින් වැටෙන්නේ නම්, ඉන් මරණයට හෝ මරණ සමාන දුකකට හෝ පත්වන්නෙමියි දන්නා හෙයිනි. ‘ගහපතිය, එලෙසින්ම ආර්ය ශ්‍රාවකයා මෙසේ සිතන්නේ ය. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් කාමය අඟුරු වළකට උපමා කළ සේක. -පෙ- එම උපේක්‍ෂාව ම වඩයි.’ ‘ගහපතිය, පුරුෂයෙක් උයනෙහි රමණීය බව, වනයෙහි රමණිය බව භූමියෙහි රමණීය බව, පොකුණුවල රමණීය බව පිළිබඳ සිහින දක්නේද, ඔහු පිබිද සිටි කල්හි ඒ කිසිවක් නොදක්නේය. ගහපතිය, එලෙසින්ම ආර්ය ශ්‍රාවකයා ද මෙසේ සිතයි. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් කාමය සිහිනයකට උපමා කරන ලද සේක. -පෙ- එම උපේක්‍ෂාවම වඩයි.’ ‘ගහපතිය, පුරුෂයෙක් වෙනත් අයගෙන් ඉල්ලාගත් භෝගයත්, යානාවන් උතුම් මණිකුණ්ඩලාභරණාදිය පරිහරණය කරන්නේය. ඔහු ඒ ඉල්ලාගත් භෝගයන්ගෙන් පිරිවරාගෙන, වටකරගෙන වෙළඳාම් පිළට (වෙළඳපොළට) යන්නේ ය. ඔහු දුටු මිනිස්සු මෙසේ කියන්නෝ ය. ‘පින්වත් මේ පුරුෂ තෙමේ මෙබඳු මහා භෝග සම්පත් වැළඳීමට සුදුස්සෙක්ව සම්පත් වළඳන්නේය. ඔහු භෝග සම්පත් ඉල්ලාගත් වස්තු හිමියෝ යම් යම් තැනෙක්හි සිට එය දක්නාහුය. ගහපතිය, ඔබ කුමක් සිතන්නෙහිද? ඒ පුරුෂයාගේ වෙනසකට, අමුත්තකට එය ප්‍රමාණවත් වේද?’ ‘ස්වාමීනි, එය එසේ නොවේ. ‘ඊට හේතු කවරේ ද?’ ‘ස්වාමීනි, වස්තු හිමියන් විසින් තම තමන්ගේ වස්තු රැගෙන යන බැවිනි. ‘ගහපතිය, මෙලෙසින් ම ආර්ය ශ්‍රාවකයා ද මෙසේ සිතයි. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඉල්ලාගත් වස්තුවට උපමා කළ සේක. -පෙ- එම උපේක්‍ෂාවම වඩන්නේ ය. ‘ගහපතිය, යම්සේ ගමක හෝ නියම්ගමක හෝ නුදුරෙහි මහත් වනලැහැබක් ඇත. එහි ඵලයෙන් යුතු හටගත් ඵල ඇති ගසක් ඇත. එහි කිසිදු ගෙඩියක් බිම වැටී නැත. ඉක්බිති ඵල අවශ්‍ය (කැමති) ඵල සොයමින් යන පුරුෂයෙක් ඒ වනලැහැබේ ඇවිදිනුයේ එම ගස දකින්නේය. ඵල භරිත වූ හටගත් ගෙඩි ඇති ගස දුටු හෙතෙම මෙසේ සිතන්නේය. ‘මේ හටගත් ගෙඩි ඇති, ඵල භරිත වූ ශක්තිමත් ගසකි. මෙහි කිසිදු ගෙඩියක් බිම වැටී නැත. මම ගසට නැගීමට දන්නෙමි. මම ගසට නැග ඇතිතාක් ඵල කා, එකුරුතුපට (ඔඩොක්කුව) ද පුරවාගන්නෙම් නම් යෙහෙකි.’ හේ මේ ගසට නැග ඇතිතාක් ඵල කන්නේය. ඔඩොක්කුව ද පුරවා ගන්නේය. ඉක්බිති දෙවැනි පුරුෂයෙක් ද එල කැමතිව, එල සොයමින්, ඵල පිණිස හැසිරෙනුයේ තියුණු පොරවක් ද ඇතිව ඒ වනලැහැබ වෙත අවුත්, හටගත් ඵල ඇති, ඵලභරිත වූ ඒ ගස දකින්නේය. ඔහු මෙසේ සිතයි. ‘මේ ගස හටගත් ඵලයෙන් භරිතව ඇත. කිසිදු ඵලයක් බිම වැටී නැත. මම මේ ගසට නැගීමටද නොදන්නෙමි. මම මේ ගස මුලින් ම සිඳ දමා, ඇති තාක් ගෙඩි කා එකුරුතුපට (ඔඩොක්කුව) ද පුරවා ගන්නෙම් නම් යෙහෙකි.’ මෙසේ සිතූ හෙතෙම ගස මුලින්ම සිඳින්නේ ය. ගහපතිය, ඔබ කුමක් සිතන්නෙහිද? ඒ පළමුව ගසට නැගි පුරුෂයා ඉදින් වහා නො බසින්නේ නම්, ඒ ගස කපා වැටෙනවිට ඔහුගේ අත හෝ පය හෝ වෙනත් අවයවයක් හෝ බිඳී යන්නේ ය. ඔහු එයින් මරණයට හෝ මරණ සමාන දුකට පත්වන්නේ ද?’ ‘එසේය, ස්වාමීනි.’ ‘ගහපතිය, එලෙසින්ම ආර්ය ශ්‍රාවකයාද මෙසේ සිතන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් බොහෝ දුක් ඇති, බොහෝ වෙහෙස ඇති, බොහෝ ආදීනව ගෙන දෙන කාමයන් ඵල දරන ගසකට උපමා කළ සේක.

එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා යායං උපෙක‍්ඛා නානත‍්තා නානත‍්තසිතා, තං අභිනිවජ‍්ජෙත්‍වා යායං උපෙක‍්ඛා එකත‍්තා එකත‍්තසිතා. යත්‍ථ සබ‍්බසො ලොකාමිසූපාදානා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. තමෙවූපෙක‍්ඛං භාවෙතී”ති (ම· නි· 2.43-48). එවං අට‍්ඨිකඞ‍්කලාදිකඅග‍්ගික‍්ඛන්‍ධූපමපරියොසානතො විපස‍්සනං දස‍්සෙත්‍වා ඉදානි උපචාරසමාධිං දස‍්සෙන‍්තො “බුද‍්ධානුස‍්සතිං භාවෙන‍්තො”තිආදිමාහ.

මෙසේ තත්ත්වාකාරයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැක, යම් ඒ උපේක්‍ෂාවක් නානාවිධව, නානාවිධත්වය ඇසුරු කළේ ද ඒ උපේක්‍ෂාව හැර දමා යම් ඒ උපේක්‍ෂාවක් ඒකවිධව, ඒකවිධත්වය ඇසුරු කළේ ද, යම් උපේක්‍ෂාවෙක්හි සර්වප්‍රකාරයෙන්ම ලෝකාමිෂ උපාදානයෙක් ඉතිරි නොවන සේ නිරුද්ධ වෙත්ද, ඒ උපේක්‍ෂාවම වඩන්නේය’යි මෙසේ ඇටසැකිල්ල පිළිබඳ උපමාවෙන් පටන්ගෙන ගිනිකඳේ උපමාවෙන් අවසන්කොට ඇති විදර්ශනාව දක්වා, දැන් උපචාර සමාධිය දක්වමින් ‘බුද්ධානුස්සතිං භාවෙන්තො’ යනාදිය කීහු.

තත්‍ථ පුනප‍්පුනං උප‍්පජ‍්ජනතො සති එව අනුස‍්සති. පවත‍්තිතබ‍්බට‍්ඨානම‍්හියෙව ච පවත‍්තත‍්තා සද‍්ධාපබ‍්බජිතස‍්ස කුලපුත‍්තස‍්ස අනුරූපා සතීතිපි අනුස‍්සති. බුද‍්ධං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති බුද‍්ධානුස‍්සති. අරහතාදිබුද‍්ධගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං, තං බුද‍්ධානුස‍්සතිං. භාවෙන‍්තොති වඩ‍්ඪෙන‍්තො බ්‍යූහෙන‍්තො. ධම‍්මං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති ධම‍්මානුස‍්සති, ස‍්වාක‍්ඛාතතාදිධම‍්මගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං. සඞ‍්ඝං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති සඞ‍්ඝානුස‍්සති, සුප‍්පටිපන‍්නතාදිසඞ‍්ඝගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං. සීලං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති සීලානුස‍්සති, අත‍්තනො අඛණ‍්ඩතාදිසීලගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං. චාගං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති චාගානුස‍්සති, අත‍්තනො මුත‍්තචාගතාදිචාගගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං. දෙවතා ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති දෙවතානුස‍්සති, දෙවතා සක‍්ඛිට‍්ඨානෙ ඨපෙත්‍වා අත‍්තනො සද‍්ධාදිගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං. ආනාපානෙ ආරබ‍්භ උප‍්පන‍්නා සති ආනාපානස‍්සති, ආනාපානනිමිත‍්තාරම‍්මණාය සතියා එතං අධිවචනං. මරණං ආරබ‍්භ උප‍්පන‍්නා සති මරණස‍්සති, එකභවපරියාපන‍්නජීවිතින්‍ද්‍රියුපච‍්ඡෙදසඞ‍්ඛාතමරණාරම‍්මණාය සතියා එතං අධිවචනං.

එහි නැවත නැවත ඉපදවීම් වශයෙන් සිහිය පැවැත්වීම ‘අනුස්සති’ නම් වේ. පැවැත්විය යුතු ස්ථානයෙහි ම පවත්වන ලද බැවින් ශ්‍රද්ධාවෙන් පැවිදි වූ කුලපුත්‍රයාට අනුරූප වූ සතිය ද අනුස්සති නමි. බුදුරදුන් අරබයා උපන්නා වූ අනුස්සතිය බුද්ධානුස්සති යයි. අර්හත්‍වාදී බුදුගුණ අරමුණු කොටගෙන පවත්නා සිහියට මෙය අධිවචනයෙකි. බුද්ධානුස්සතිං භාවෙන්තො යනු බුද්ධානුස්සතිය වඩමින්, වර්ධනය කරමින් ධර්මරත්නය අරබයා උපන් සිහිකිරීම (අනුස්සතිය) ධම්මානුස්සති යයි. ස්වාක්ඛාත ආදී දහම් ගුණ අරමුණු කරගෙන පවතින්නා වූ සතියට මෙය අධිවචනයකි. සංඝරත්නය අරබයා පවත්නා වූ අනුස්සතිය සංඝානුස්සති යයි. සුපටිපන්නාදී සඟ ගුණ අරමුණු කරගෙන පවතින සිහියට මේ අධිවචනයෙකි. සීලය අරබයා උපන් අනුස්සතිය සීලානුස්සතියයි. තමාගේ නොකැඩුණු සිල්ගුණ අරමුණු කරගෙන පවතින සිහියට මේ අධිවචනයකි. ත්‍යාගය අරමුණු කරගෙන උපන් අනුස්සතිය චාගානුස්සති යයි. තමාගේ මුත්තචාගතා (දීම පිණිස සැදී පැහැදී සිටින බව) ආදී ත්‍යාගී ගුණ අරමුණු කරගෙන පවතින සිහියට මේ අධිවචනයකි. දෙවියන් අරබයා උපන් අනුස්සතිය දෙවතානුස්සති යයි. දෙවියන් සාක්‍ෂි ස්ථානයේ තබාගෙන, තමාගේ සිත් තුළ ඇති ශ්‍රද්ධාදී ගුණ අරමුණු කරගත් සිහියට මේ අධිවචනයෙකි. ආශ්වාස ප්‍රශ්වාසයන් අරබයා උපන් අනුස්සතිය ආනාපාන සති යයි. ආනාපාන නිමිත්ත අරමුණු කරගෙන පවතින සිහියට මේ අධිවචනයෙකි. මරණය අරබයා උපන් සිහිය මරණසති යයි. එක භවයක් තුළ සිදුවන ජීවිතින්‍ද්‍රිය උපච්ඡේදක සංඛ්‍යාත මරණය අරමුණු කොට පවත්නා සිහියට මේ අධිවචනයෙකි.

කුච‍්ඡිතානං කෙසාදීනං පටික‍්කූලානං ආයත‍්තා ආකරත‍්තා කායොති සඞ‍්ඛං ගතෙ සරීරෙ ගතා පවත‍්තා සති කායගතාසති, තාදිසං වා කායං ගතා සති “කායගතසතී”ති වත‍්තබ‍්බෙ රස‍්සං අකත්‍වා “කායගතාසතී”ති වුත‍්තං. කෙසාදිකෙසු කායකොට‍්ඨාසෙසු පටික‍්කූලනිමිත‍්තාරම‍්මණාය සතියා එතං අධිවචනං. උපසමං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති. උපසමානුස‍්සති, සබ‍්බදුක‍්ඛූපසමාරම‍්මණාය සතියා එතං අධිවචනං.

පිළිකුල් සහගත වූ කෙස් ආදී දෙතිස් කුණපයනට අයත් වූ බැවින්, ඊට ආකරයක් වූ බැවින්, ‘කාය’ නම් වූ ශරීරය කෙරෙහි පැවැති, නොහොත් ශරීරය හෝ කය වෙත යොමු වූ සිහිය, (කායං ගතා සති) කායගත සතී’ යැයි කිවයුතු තැන ත කාරය හ්‍රස්ව නොකොට කායගතාසතී යැයි (තා ලෙස දීර්ඝ කර) කියන ලදී. කෙස් ආදී කායික කොටස්වල පිළිකුල් බව පිළිබඳ නිමිති (අරමුණු) කොට පවත්නා සිහියට මේ අධිවචනයෙකි. උපසමය, සන්සිඳීම අරබයා උපන් අනුස්සතිය උපසමානුස්සති යයි. සියලු දුක්වල සන්සිඳීම, හෙවත් නිවන අරමුණු කරගත් සිහියට මේ අධිවචනයෙකි.

විතක‍්කවිචාරපීතිසුඛචිත‍්තෙකග‍්ගතාසම‍්පයුත‍්තං පඨමජ‍්ඣානං භාවෙන‍්තො. පීතිසුඛචිත‍්තෙකග‍්ගතාසම‍්පයුත‍්තං දුතියජ‍්ඣානං භාවෙන‍්තො. සුඛචිත‍්තෙකග‍්ගතාසම‍්පයුත‍්තං තතියජ‍්ඣානං භාවෙන‍්තො. උපෙක‍්ඛාචිත‍්තෙකග‍්ගතාසම‍්පයුත‍්තං චතුත්‍ථජ‍්ඣානං භාවෙන‍්තො…පෙ… නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං භාවෙන‍්තොපි කාමෙ පරිවජ‍්ජෙතීති.

‘විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා සහිත වූ ප්‍රථම ධ්‍යානය වඩනුයේයි, පීති, සුඛ, ඒකග්ගතා සහිත ද්විතීය ධ්‍යානය වඩනුයේයි. සුඛ ඒකග්ගතා සහිත තෘතීය ධ්‍යානය වඩනුයේයි. උපේක්‍ෂාව හා ඒකග්ගතාව සහිත චතුර්ථ ධ්‍යානය වඩනුයේ යි. -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතනය වඩනුයේයි.

වික‍්ඛම‍්භනප‍්පහානං දස‍්සෙත්‍වා ඉදානි සමුච‍්ඡෙදෙන කාමානං පහානං දස‍්සෙතුං “සොතාපත‍්තිමග‍්ගං භාවෙන‍්තොපී”තිආදිමාහ. තත්‍ථ මග‍්ගසොතස‍්ස ආපජ‍්ජනං සොතාපත‍්ති, සොතාපත‍්තියා මග‍්ගො සොතාපත‍්තිමග‍්ගො. අපායගමනීයෙ කාමෙති යෙහි අපායං ගච‍්ඡන‍්ති, තෙ අපායගමනීයෙ කාමෙ සමුච‍්ඡෙදතො සොතාපත‍්තිමග‍්ගං භාවෙන‍්තො පරිවජ‍්ජෙති. පටිසන්‍ධිවසෙන සකිංයෙව ඉමං ලොකං ආගච‍්ඡතීති සකදාගාමී, තස‍්ස මග‍්ගො සකදාගාමිමග‍්ගො. තං මග‍්ගං භාවෙන‍්තො. ඔළාරිකෙති පරිළාහප‍්පත‍්තෙ. පටිසන්‍ධිවසෙනෙව කාමභවං නාගච‍්ඡතීති අනාගාමී, තස‍්ස මග‍්ගො අනාගාමිමග‍්ගො. තං මග‍්ගං භාවෙන‍්තො. අනුසහගතෙති සුඛුමභාවප‍්පත‍්තෙ. කිලෙසෙහි ආරකත‍්තා, කිලෙසාරීනං හතත‍්තා, සංසාරචක‍්කස‍්ස අරානං හතත‍්තා, පාපකරණෙ රහාභාවා, පච‍්චයාදීනං අරහත‍්තා ච අරහං, අරහතො භාවො අරහත‍්තං. කිං තං? අරහත‍්තඵලං. අරහත‍්තස‍්ස මග‍්ගො අරහත‍්තමග‍්ගො. තං අරහත‍්තමග‍්ගං භාවෙන‍්තො. සබ‍්බෙන සබ‍්බන‍්ති සබ‍්බෙනාකාරෙන සබ‍්බං. සබ‍්බථා සබ‍්බන‍්ති සබ‍්බප‍්පකාරෙන සබ‍්බං. අසෙසං නිස‍්සෙසන‍්ති නිරවසෙසං ගන්‍ධමත‍්තම‍්පි අට‍්ඨපෙත්‍වා. අථ වා සබ‍්බෙන සබ‍්බං මූලවසෙන. සබ‍්බථා සබ‍්බං ආකාරනිප‍්පදෙසවසෙන. අසෙසං නිස‍්සෙසං භාවනානිප‍්පදෙසවසෙන. තථා පුරිමෙන දුච‍්චරිතාභාවෙන. දුතියෙන පරියුට‍්ඨානාභාවෙන. තතියෙන අනුසයාභාවෙන එවමෙකෙ වණ‍්ණයන‍්ති.

කාමයන් දුරු කරන්නේය’ යනුවෙන් විෂ්කම්භන ප්‍රහාණය දක්වා, ඉක්බිති සමුච්ඡේද වශයෙන් කාමයන්ගේ ප්‍රහාණය දක්වනු පිණිස සොතාපත්ති මග්ගං භාවෙන්තොපි යනාදිය කීහු. එහි ආර්ය මාර්ග නම් ශ්‍රෝතසට (ප්‍රවාහයට) පැමිණිම සෝතාපත්ති නමි. සෝතාපත්තිය පිළිබඳ මාර්ගය සොතාපත්ති මග්ගො සෝතාපත්ති මාර්ගයයි. අපායගමනීයෙ කාමෙ යමෙක් අපායට ගෙනයත් ද, ඒ අපායට පමුණුවන කාමයන් (මුලිනුපුටා දැමීමෙන්) සෝතාපත්ති මාර්ගය වඩනුයේ සමුච්ඡේද වශයෙන් දුරු කරයි. ප්‍රතිසන්ධි වශයෙන් එක් ම වරක් මේ ලෝකය එත්නුයි සකදාගාමි සකෘදාගාමී නම් වේ. ඒ පිළිබඳ මාර්ගය සකදාගාමි මග්ගො සකෘදාගාමි මාර්ගයයි. ඒ මාර්ගය වඩනුයේ ඔළාරිකෙ යනු පිරිතැවීමට පරිළාහයට පත් වූ කාම යනුයි. ප්‍රතිසන්ධි වශයෙන් නැවත කාමභවයට කිසිසේත් නො පැමිණෙත්වායි යන අරුතින් අනාගාමි නම් වේ. ඒ පිළිබඳ මාර්ගය අනාගාමි මග්ගො අනාගාමී මාර්ගය නම් වේ. එය වඩනුයේ අනුසහගතෙ යනු, සියුම් බවට පත් කාම යනුයි. කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් ද කෙලෙස් සතුරන් හැර ගිය හෙයින් ද සංසාරය නමැති චක්‍රයේ අර සිඳ දැමූ හෙයින් ද පව් කිරීමේ රහසිගත බවක් නොමැති වූ හෙයින් ද ප්‍රත්‍යාදිය ලැබීමට සුදුසු වූ හෙයින් ද අරහං අරහත් නම් වේ. අරහත්භාවය ‘අරහත්ත’ නමි. එය කුමක් ද? අරහත්ව ඵලයයි. අරහත්වයට යන මාර්ගය අරහත්තමග්ගො අර්හත් මාර්ග නම් වේ. ඒ අර්හත් මාර්ගය වඩනුයේ යි. සබ්බෙන සබ්බං යනු සර්වප්‍රකාරයෙන් සියල්ල සබ්බථා සබ්බං සියලුම ආකාරයෙන් සියල්ලයි. අස්සෙනිස්සෙසං තිර වශයෙන් ම ස්කන්ධ මාත්‍රයක් හෝ නොතබා නැතහොත් සබ්බෙන සබ්බං සහමුලින් සබ්බථා සබ්බං යනු ආකාර නිප්පදේස දැක්වීම් වශයෙනි. අසේස නිස්සෙසං යනු භාවනා නිප්පදේස දැක්වීම් වශයෙන් ‘එසේම මුල් පදයෙන් දුශ්චරිතය නොමැති වීමෙනැයි ද දෙවැනි පදයෙන් පරියුට්ඨාන (පෙළඹීම්) නොමැති වීමෙනැයි ද තෙවැනි පදයෙන් අනුසය (දුබලව පැවති කාමරාගාදී කෙලෙසුන් පවා නොමැති වීමෙනැයි ද යනුවෙන් ඇතැමෙක් අර්ථ වර්ණනා කරති.)

සප‍්පො වුච‍්චති අහීති යො කොචි සරන‍්තො ගච‍්ඡති. කෙනට‍්ඨෙනාති කෙන අත්‍ථෙන. සංසප‍්පන‍්තො ගච‍්ඡතීති යස‍්මා සම‍්මා සංසරන‍්තො ගච‍්ඡතීති සප‍්පො. භුජන‍්තොති වඞ‍්කවඞ‍්කො හුත්‍වා. පන‍්නසිරොති නිපන‍්නසීසො හුත්‍වා. සිරෙන සුපතීති සීසං භොගන‍්තරෙ කත්‍වා සුපනභාවෙන සිරසා සුපතීති සරීසපො. බිලෙ සයතීති බිලාසයො. “බිලසයො”තිපි පාළි, තං සුන්‍දරං. ගුහායං සෙතීති ගුහාසයො. දාඨා තස‍්ස ආවුධොති තස‍්ස සප‍්පස‍්ස දුවෙ දාඨා පහරණසත්‍ථසඞ‍්ඛාතො ආවුධො. විසං තස‍්ස ඝොරන‍්ති තස‍්ස සප‍්පස‍්ස බ්‍යාපකසඞ‍්ඛාතං විසං දාරුණං කක‍්ඛළං. ජිව‍්හා තස‍්ස දුවිධාති තස‍්ස සප‍්පස‍්ස ද‍්වෙධා ජිව‍්හා. ද‍්වීහි ජිව‍්හාහි රසං සායතීති දුවිධාහි ජිව‍්හාහි රසං ජානාති අස‍්සාදං වින්‍දති සාදියතීති. ජීවිතුං කාමයතීති ජීවිතුකාමො. අමරිතුං කාමයතීති අමරිතුකාමො. සුඛං කාමයතීති සුඛකාමො. දුක‍්ඛප‍්පටික‍්කූලොති දුක‍්ඛං අනිච‍්ඡමානො. පාදෙනාති අත‍්තනො පාදෙන. සප‍්පසිරන‍්ති සප‍්පස‍්ස සීසං. වජ‍්ජෙය්‍යාති දූරතො වජ‍්ජෙය්‍ය. විවජ‍්ජෙය්‍යාති තස‍්ස පමාණෙන. පරිවජ‍්ජෙය්‍යාති සමන‍්තතො. අභිනිවජ‍්ජෙය්‍යාති චතුත්‍ථප‍්පමාණෙන. අථ වා පුරිමෙන සීසතො. දුතියතතියෙන ද‍්වීහි පස‍්සෙහි. චතුත්‍ථෙන පච‍්ඡතො. “කාමෙ පන අප‍්පත‍්තස‍්ස පරියෙසනමූලදුක‍්ඛවත්‍ථුභාවෙන වජ‍්ජෙය්‍ය. පත‍්තස‍්ස ආරක‍්ඛමූලදුක‍්ඛවත්‍ථුභාවෙන විවජ‍්ජෙය්‍ය. අඤ‍්ඤාණපරිළාහදුක‍්ඛවත්‍ථුභාවෙන පරිවජ‍්ජෙය්‍ය. විනාසමුඛෙ පියවිප‍්පයොගදුක‍්ඛවත්‍ථුභාවෙන අභිනිවජ‍්ජෙය්‍යා”ති එවමෙකෙ වණ‍්ණයන‍්ති.

සප්පො වුච්චති අහි යනු යම් කිසිවෙක් වැනෙමින් හැසිරෙයි. කෙනත්‍ථෙන යනු කවර අරුතකින්ද යත්, සංසප්පන්තො ගච්ඡති යනු යම්හෙයකින් දෙපසට වැනෙමින් යේනුයි සප්ප නම් වේ. භුජන්තො යනු වකුටු වෙමින් යේනුයි. පන්නසිරො යනු පහතට නැමුණු හිස ඇතිවයි. සිරෙන සුපති යනු දරණ වැළ තුල සිදුරෙක මෙන් ඔබාගත් හිසින් නිදන්නේනුයි, ‘සිරිංසප’ නම් වේ. බිලයෙහි නිදන්නේනුයි බිලාසයො බිලාසය නමි. ‘බිලසයො’ යන පාඨය ද පෙළෙහි වේ. එය සුන්දර වචනයකි. ගුහාවේ නිදන්නේනුයි ගුහාසයො ගුහාසය නමි. දාඨා තස්ස ආවුධො යනු ඒ සර්පයාගේ දළ දෙකක් පහර දෙන ආයුධ ලෙස පවතියි. විසං තස්ස ඝොරං යනු සර්පයාගේ බ්‍යාමප්ප නම් වූ (බ්‍යාමප්ප අර්ථය හෝ නිරුක්තිය පැහැදිලි නැත.) විෂ දරුණුය. කර්කශය. ජිව්හා තස්ස දුවිධා යනු ඒ සර්පයාට දිව දෙකකි. ද්වීහි ජිව්හාහි රසං සායති යනු දිව දෙකින් රස දැනගනියි. ආශ්වාද විඳියි. ඉවසයි. ජීවත්වීමට කැමැත්තේනුයි ජීවිතු කාමො ජීවිතුකාම යයි. මෙසේම අමරිතුකාමො යනු නොමැරෙනු කැමැත්තේයි, සැප කැමැත්තේනුයි සුඛකාමො. දුක්ඛපටික්කූලො යනු දුක් නොඉවසන්නේයි. පාදෙන තමාගේ පයින්. සප්පසිරං සර්පයාගේ හිස. වජ්ජෙය්‍ය පෙරටුවම වර්ජනය කරන්නේය. ඉවතලන්නේය. විවජ්ජෙය්‍ය සර්පයාට ගැසීමෙනි. පරිවජ්ජෙය්‍ය හාත්පසින්ම දුරුකරන්නේය. අභිනිවජ්ජෙය්‍ය සිවුරියනක් පමණ ඉවතටයි. නැතහොත්, ‘පළමු පදයෙන් හිසින් ද දෙවන තෙවන පදවලින් දෙපසින් හා සිවුවන පදයෙන් පසුපසින්, කාම සම්පත්වලට නොපැමිණියහුගේ ඒවා සෙවීමට මුල් වූ දුකට වස්තු වන හෙයින් වජ්ජෙය්‍ය යනු කියන ලදී. කාමසම්පත් ලබාගත්තහුගේ ඒවා ආරක්‍ෂා කරගැනීමට මුල් වූ දුකට වස්තු වන හෙයින් විවජ්ජෙය්‍ය යි කියන ලදී. ඤාණ පරිදාහ දුකට වස්තු වන හෙයින් පරිවජ්ජෙය්‍ය යි කියන ලදී. හෝග සම්පත් විනාශයට පත්වීමේ දී ප්‍රියවිප්‍රයෝග දුකට වස්තු වන හෙයින් අභිනිවජ්ජෙය්‍ය යි කියන ලදී’ යනුවෙන් ඇතැමෙක් වර්ණනා කරති.

රඤ‍්ජනවසෙන රාගො. බලවරඤ‍්ජනට‍්ඨෙන සාරාගො. විසයෙ සත‍්තානං අනු අනු නයනතො අනුනයො. අනුරුජ‍්ඣතීති අනුරොධො, කාමෙතීති අත්‍ථො. යත්‍ථ කත්‍ථචි භවෙ සත‍්තා එතාය නන්‍දන‍්තීති නන්‍දී, සයං වා නන්‍දතීති නන්‍දී. නන්‍දී ච සා රඤ‍්ජනට‍්ඨෙන රාගො චාති නන්‍දිරාගො. තත්‍ථ එකස‍්මිං ආරම‍්මණෙ සකිං උප‍්පන‍්නා තණ‍්හා නන්‍දී, පුනප‍්පුනං උප‍්පජ‍්ජමානා නන්‍දිරාගොති වුච‍්චති. චිත‍්තස‍්ස සාරාගොති යො හෙට‍්ඨා “බලවරඤ‍්ජනට‍්ඨෙන සාරාගො”ති වුත‍්තො, සො න සත‍්තස‍්ස, චිත‍්තස‍්සෙව සාරාගොති අත්‍ථො.

සිත් ඇලවීම් වශයෙන් රාගො රාග නමි. කාම සම්පත් විෂයෙහි සත්ත්වයන් තුළ පවත්නා අනුකුල බව (අනු අනු නයනතො) අනුනයො අනුනය නුයි. අනුකූල, එකඟ වන්නේ නුයි අනුරොධො අනුරෝධ යි. කැමති වෙයි යන අර්ථයි. යම්කිසි තැනෙක සොයන්නා වූ සත්ත්වයන් ‘මෙයින් සතුටට පත් වෙති’යි ‘තමාම සතුටු වෙති’යි යන අරුතින් නන්‍දි නන්‍දි නමි. නන්‍දි වනුයේ දැඩිව රංජනාර්ථයෙන් රාග නම් වනුයේ ද නන්‍දිරාගො නන්‍දිරාග නමි. එහි එක් අරමුණක වරක් උපදින තණ්හාව නන්‍දි නන්‍දි නමි. නැවත නැවත ඉපදෙන තණ්හාව නන්‍දිරාගො නන්‍දිරාග යැයි කියනු ලැබේ. චිත්තස්ස සරාගො යනු යමක් බලවත් සේ සිත් ඇලවූවකැයි යන අර්ථයෙන් ‘සරාග’ යැයි කියන ලද ද, ඒ තණ්හාව, ඒ ඒ සිතට ම සරාග වෙතියි යන අර්ථයි.

ඉච‍්ඡන‍්ති එතාය ආරම‍්මණානීති ඉච‍්ඡා. බහලකිලෙසභාවෙන මුච‍්ඡන‍්ති එතාය පාණිනොති මුච‍්ඡා. ගිලිත්‍වා පරිනිට‍්ඨපෙත්‍වා ගහණවසෙන අජ‍්ඣොසානං. ඉමිනා සත‍්තා ගිජ‍්ඣන‍්ති ගෙධං ආපජ‍්ජන‍්තීති ගෙධො. බහලට‍්ඨෙන වා ගෙධො. “ගෙධං වා පන පවනසණ‍්ඩ”න‍්ති හි බහලට‍්ඨෙනෙව වුත‍්තං . අනන‍්තරපදං උපසග‍්ගවසෙන වඩ‍්ඪිතං, සබ‍්බතොභාගෙන වා ගෙධොති පලිගෙධො. සජ‍්ජන‍්ති එතෙනාති සඞ‍්ගො. ලග‍්ගනට‍්ඨෙන වා සඞ‍්ගො. ඔසීදනට‍්ඨෙන පඞ‍්කො. ආකඩ‍්ඪනවසෙන එජා. “එජා ඉමං පුරිසං පරිකඩ‍්ඪති තස‍්ස තස‍්සෙව භවස‍්ස අභිනිබ‍්බත‍්තියා”ති හි වුත‍්තං. වඤ‍්චනට‍්ඨෙන මායා. වට‍්ටස‍්මිං සත‍්තානං ජනනට‍්ඨෙන ජනිකා. “තණ‍්හා ජනෙති පුරිසං, චිත‍්තමස‍්ස විධාවතී”ති (සං· නි· 1.55) හි වුත‍්තං. වට‍්ටස‍්මිං සත‍්තෙ දුක‍්ඛෙන සංයොජයමානා ජනෙතීති සඤ‍්ජනනී. ඝටනට‍්ඨෙන සිබ‍්බිනී. අයඤ‍්හි වට‍්ටස‍්මිං සත‍්තෙ චුතිපටිසන්‍ධිවසෙන සිබ‍්බති ඝටෙති තුන‍්නකාරො විය පිලොතිකාය පිලොතිකං, තස‍්මා “ඝටනට‍්ඨෙන සිබ‍්බිනී”ති වුත‍්තා. අනෙකප‍්පකාරං විසයජාලං තණ‍්හාවිප‍්ඵන්‍දිතනිවෙසසඞ‍්ඛාතං වා ජාලමස‍්සා අත්‍ථීති ජාලිනී.

මෙයින් අරමුණ කැමති වේනුයි ඉච්ඡා ඉච්ඡා නමි. කෙලෙස් බහුල බැවින් මේ සත්ත්වයෝ මේ රාගයෙන් මුසපත් වෙත්නුයි මුච්ඡා මුච්ඡා නමි. ගිල අවසන් කරගැනීම් වශයෙන් අජ්ඣොසානං අජ්ඣොසාන නමි. මෙයින් සත්ත්වයෝ ගිජු වෙති. ගිජු බවට පත්වෙති යන අරුතින් ගෙධො ගේධ නමි. එයම බහුල වූ අර්ථයෙන් පළිගෙධො පළිගේධ නමි. ගිජුභාවයන්ගේ එක්රැස්වීම, බහුලවීම යන අරුතින් ම කියන ලදී. දෙවන පදයට උපසර්ගයක් යෙදීමෙන් අර්ථය වර්ධනය කර ඇත. නැතහොත් ‘සර්ව ප්‍රකාරයෙන් ම ගිජුබවට පත්වූහ’යි හෝ පළිගෙධො පළිබෝධ නම් වේ. ‘අරමුණෙහි ඇලෙති’යි යන අරුතින් සංගො සංග නමි. ‘ලැගෙති’යි ‘ එල්බෙති’යි යන අර්ථයෙන් හෝ සංගො නමි. ‘බැසගති’ යන අරුතින් පංකො පංක නමි. ආකර්ශනය කරගැනීම් වශයෙන් එජා ඒජා නමි. ‘ඒජා නම් තණ්හාව මේ පුරුෂයා ඒ ඒ භවයෙහිම ඉපදීම පිණිස ඇදගනියි. යැයි කියන ලදී. වංචා කරන, රවටන අරුතින් මායා මායාව නමි. ‘සංසාරයෙහි සත්ත්වයන් ජනනය කෙරෙති’යි යන අරුතින් ජනිකා නමි. තණ්හාව මිනිසා ජනනය කරවයි. ඔහුගේ සිත ඔබනොබ (භවයන්හි) දිව යයි යනුවෙන් කියන ලදී. ‘දුක හා සමග සංයෝජනය කරමින් උපදවති’යි යන අරුතින් සඤ්ජනනී නම් වේ. ගලපති යි යන අර්ථයෙන් සිබ්බතී නමි. (‘ඝටනත්‍ථෙන’ යනු නිවැරදි පදය සේ පෙනේ.) ඇඳුම් මසන්නෙකු එක් රෙදිකඩක් තවත් රෙදිකඩක් හා සමග ගලපන්නා සේ මේ තෘෂ්ණාව චුති-ප්‍රතිසන්ධි වශයෙන් සත්ත්වයා සසර මඩෙහි ගලපයි. එහෙයින් ඝටන (ඝට්ටන නොවේ.) අර්ථයෙන් සිබ්බනී (සිබ්බතී ගලපතී) යැයි කියන ලදී. ‘අනේකප්‍රකාර කාම විෂය දැලක් ඇතැයි හෝ තණ්හාවෙන් දැඟලීමෙන් එය තුළට පිවිසෙති’යි කියනු ලබන දැලක් තෘෂ්ණාවට ඇතැයි යන අරුතින් හෝ ජාලිනී නම් වේ.

ආකඩ‍්ඪනට‍්ඨෙන සීඝසොතා සරිතා වියාති සරිතා. අල‍්ලට‍්ඨෙන වා සරිතා. වුත‍්තඤ‍්හෙතං “සරිතානි සිනෙහිතානි ච සොමනස‍්සානි භවන‍්ති ජන‍්තුනො”ති (ධ· ප· 341). අල‍්ලානි චෙව සිනිද‍්ධානි චාති අයඤ‍්හෙත්‍ථ අත්‍ථො. අනයබ්‍යසනාපාදනට‍්ඨෙන කුම‍්මානුබන්‍ධසුත‍්තකං වියාති සුත‍්තං. වුත‍්තඤ‍්හෙතං “සුත‍්තන‍්ති ඛො, භික‍්ඛවෙ, නන්‍දිරාගස‍්සෙතං අධිවචන”න‍්ති (සං· නි· 2.159). රූපාදීසු විත්‍ථතට‍්ඨෙන විසතා. තස‍්ස තස‍්ස පටිලාභත්‍ථාය සත‍්තෙ ආයූහාපෙතීති ආයූහිනී. උක‍්කණ‍්ඨිතුං අපදානතො සහායට‍්ඨෙන දුතියා. අයඤ‍්හි සත‍්තානං වට‍්ටස‍්මිං උක‍්කණ‍්ඨිතුං න දෙති, ගතගතට‍්ඨානෙ පියසහායො විය අභිරමාපෙති. තෙනෙව වුත‍්තං –

ආකර්ශනය කරගන්නා යන අරුතින් ශීඝ්‍ර දිය පහරක් වැනි යැයි සරිතා සරිතා නම් වේ. තෙතයි යනු මෙහි තෘෂ්ණාවයි. කියන ලද මැයි : ‘සරිතානි සිනෙහිතානි ච සොමනස්සානි භවන්ති ජන්තුනො’ (තෙත් වූ ද ගල්වන ලද්දා වූ ද දෙය සත්ත්වයා හට සොම්නස් උපදවන්නේ වේ.) යනුවෙනි. සරිතා යන්නෙන් තෙත් වූ ද තෙල් ගල්වන ලද්දා වූ ද යනු මෙහි පදාර්ථයි. නොයෙකුත් විපත් ඇතිකරවන අර්ථයෙන් ඉඳිබුවන් බැඳි හුයක් මෙන් යැයි සුත්තං සුත්ත නම් වේ. කියන ලදමැයි:- ‘සුත්තන්ති ඛො භික්ඛවෙ නන්‍දිරාගස්සෙතං අධිවචනං’ (මහණෙනි, සුත්තං යනු නන්‍දි රාගයට අධිවචනයකි. රූපාදියෙහි පැතිර පවතීනුයි අරුතින් විසතා විසතා නමි. ඒ ඒ භවයන්හි උපත ලැබදීමට සත්ත්වයන් රැස්කරවයි යන අරුතින් ආයූහනී ආයූහනී නමි. ‘කළකිරීමට ඉඩ නොදී සසර පැවැත්මට සහාය වෙති’යි යන අර්ථයෙන් දුතියා නමි. මේ තණ්හාව සත්ත්වයන්ට සසර පිළිබඳව කළකිරීමට ඉඩ නොදෙයි. ගිය ගිය තැන ප්‍රිය යහලුවෙකු මෙන් සිත පිනවයි. එහෙයින් කියන ලදී.

“තණ‍්හාදුතියො පුරිසො, දීඝමද‍්ධානසංසරං; ඉත්‍ථභාවඤ‍්ඤථාභාවං, සංසාරං නාතිවත‍්තතී”ති. (ඉතිවු· 15; අ· නි· 4.9; මහානි· 191; චූළනි· පායායනානුගීතිගාථානිද‍්දෙස 107);

තණ්හා දුතියො පුරිසො දීඝමද්ධාන සංසරං, ඉත්‍ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තතී’ති

තණ්හාව දෙවැන්නා (සහායකයා) කොටගත් පුරුෂ තෙමේ දිගු සසර මඟ සැරිසරනුයේ වර්තමාන ස්වභාවය අන්‍යථාභාවයට (වෙනස් බවට) පත්කරන එම සසර නො ඉක්මවයි. (අවසන් නො කරයි.)

පණිධානකවසෙන පණිධි. භවනෙත‍්තීති භවරජ‍්ජු. එතාය හි සත‍්තා රජ‍්ජුයා ගීවායං බද‍්ධා ගොණා විය ඉච‍්ඡිතිච‍්ඡිතට‍්ඨානං නිය්‍යන‍්ති. තං තං ආරම‍්මණං වනති භජති අල‍්ලීයතීති වනං, වනති යාචතීති වා වනං. වනථොති බ්‍යඤ‍්ජනෙන පදං වඩ‍්ඪිතං. අනත්‍ථදුක‍්ඛානං වා සමුට‍්ඨාපනට‍්ඨෙන ගහනට‍්ඨෙන ච වනං වියාති වනං. බලවතණ‍්හායෙතං නාමං. ගහනතරට‍්ඨෙන පන තතො බලවතරා වනථො නාම. තෙන වුත‍්තං –

ප්‍රාර්ථනා (ප්‍රතිධාන) වශයෙන් පණිධි ප්‍රණිධි නම් වේ. භවනෙත්ති යනු භව නැමති රැහැනයි. මේ තණ්හාවෙන් බැඳි සත්ත්වයෝ ගෙල බැඳ රැහැනින් ගොනුන් ගොපල්ලා කැමති තැනට ගෙනයන මෙන් මාරයා විසින් ගෙන යනු ලබයි. ඒ ඒ අරමුණ අල්ලා ගනිති යි, භජනය කරතියි ඇලී සිටිතියි වනං වන නම් වේ. වනථො යනුවෙන් ව්‍යඤ්ජනාක්‍ෂරයක් එක් කර පදය වර්ධනය කරන ලදී. අනර්ථ දුක්ඛයන් හටගන්වති යන අර්ථයෙන් ද ගහන වෙති යන අරුතින් ද වනයක් වැනි යයි වනං වන නම් වේ. බලවත් තණ්හාවට මේ නම යෙදේ. ඉතා ගහන වීමෙන් (ග්‍රහණතර අරුතින්) ඉතා බලවත් වූයේනුයි යන අර්ථයෙන් ද වනථො නාම තණ්හාව ‘වනථ’ නම් වේ. එහෙයින් කියන ලදී.

“වනං ඡින්‍දථ මා රුක‍්ඛං, වනතො ජායතෙ භයං; ඡෙත්‍වා වනඤ‍්ච වනථඤ‍්ච, නිබ‍්බනා හොථ භික‍්ඛවො”ති. (ධ· ප· 283);

වනං ඡින්‍දථ මා රුක්ඛං - වනතො ජායතෙ භයං, ඡෙත්‍වා වනඤ්ච වනථඤ්ච - නිබ්බානාහොථ භික්ඛවො’තී

ගස් නොකපා වනය සිඳින්න. වනයෙන් බිය හටගනී. වන (තෘෂ්ණාව) ද වනථය (බලවත් තෘෂ්ණාව) ද සිඳ දමා මහණෙනි ! නිර්වාණ (තෘෂ්ණාව නැති) බවට පත් වවු.

සන්‍ථවනවසෙන සන්‍ථවො, සංසග‍්ගොති අත්‍ථො. සො දුවිධො – තණ‍්හාසන්‍ථවො මිත‍්තසන්‍ථවො ච. තෙසු ඉධ තණ‍්හාසන්‍ථවො අධිප‍්පෙතො. සිනෙහවසෙන ස‍්නෙහො. ආලයකරණවසෙන කම‍්පමානා අපෙක‍්ඛතීති අපෙක‍්ඛා. වුත‍්තම‍්පි චෙතං “ඉමානි තෙ දෙව චතුරාසීති නගරසහස‍්සානි කුසාවතීරාජධානිප‍්පමුඛානි, එත්‍ථ දෙව ඡන්‍දං ජනෙහි ජීවිතෙ අපෙක‍්ඛං කරොහී”ති (දී· නි· 2.266). ආලයං කරොහීති අයඤ‍්හෙත්‍ථ අත්‍ථො. පාටියෙක‍්කෙ පාටියෙක‍්කෙ ආරම‍්මණෙ බන්‍ධතීති පටිබන්‍ධු, ඤාතකට‍්ඨෙන වා පාටියෙක‍්කො බන්‍ධූතිපි පටිබන්‍ධු. නිච‍්චසන‍්නිස‍්සිතට‍්ඨෙනපි සත‍්තානං තණ‍්හාසමො බන්‍ධු නාම නත්‍ථි. ආරම‍්මණානං අසනතො ආසා. අජ‍්ඣොත්‍ථරණතො චෙව තිත‍්තිං අනුගන‍්ත්‍වාව පරිභුඤ‍්ජනතො චාති අත්‍ථො. ආසීසනවසෙන ආසීසනා. ආසීසිතස‍්ස භාවො ආසීසිතත‍්තං.

ඇසුරු කිරීම් වශයෙන් (සන්‍ථව වශයෙන්) සන්‍ථවො සන්‍ථව නමි. සංසර්ගය යි යන අර්ථයි. සන්‍ථවය ද්විවිධ වේ. තණ්හා සන්‍ථවය හා මිත්‍ර සන්‍ථවය යනුවෙනි. ඒ දෙකින් මෙහිදී තණ්හා සන්‍ථවය අභිප්‍රේතයි. (අදහස් කරන ලදී.) ස්නේහ වශයෙන් සිනෙහො සිනේහ නමි. ආලය කිරීම් වශයෙන් අපේක්‍ෂා ඇත්තේනුයි අපෙක්ඛා අපේක්‍ෂා නමි. මෙය කියන ලද මැයි. ‘දේවයිනි, මේ කුසාවතී රාජධානිය ප්‍රමුඛ වූ සුවාසූ දහසක් නගර ඇති රාජ්‍ය සම්පත් ඔබට ඇත. මෙහි කැමැත්ත ඇතිකර ගන්න. ජීවිතාපේක්‍ෂා වර්ධනය කරගන්න’ ඇලුම් කරනු මැනවැයි යනු මෙහි අර්ථයයි. වෙන් වෙන් වූ අරමුණුවල බැඳෙති යි, හෝ ඤාති වෙති’යි යන අර්ථයෙන් හෝ ‘එක්තරා ඥාතියෙකි’යි පටිබන්‍ධු නමි. නිත්‍ය සන්නිශ්‍රිත අර්ථයෙන් ද සත්ත්වයා හට තණ්හාව හා සම වූ ඤාතියෙක් නම් නැත. අරමුණු අනුභව කරන හෙයින් ආසා ආශා නම් වේ. මැඩ වසාගෙන සිටීමෙන් හා පසුපස යමින් පරිභෝජනය කිරීමෙනියි යන අර්ථයි. ප්‍රාර්ථනා වශයෙන් ආසිංසනා ආසිංසනා නමි. ප්‍රාර්ථනා සහිත භාවය ආසිංසිතත්තං ආසිංසිතත්ත නමි.

ඉදානි තස‍්සා පවත‍්තිට‍්ඨානං දස‍්සෙතුං “රූපාසා”තිආදි වුත‍්තං. තත්‍ථ ආසීසනවසෙන ආසාති ආසාය අත්‍ථං ගහෙත්‍වා රූපෙ ආසා රූපාසා. එවං නවපි පදානි වෙදිතබ‍්බානි. එත්‍ථ ච පුරිමානි පඤ‍්ච පඤ‍්චකාමගුණවසෙන වුත‍්තානි, පරික‍්ඛාරලොභවසෙන ඡට‍්ඨං. තං විසෙසතො පබ‍්බජිතානං, තතො පරානි තීණි අතිත‍්තියවත්‍ථුවසෙන ගහට‍්ඨානං. න හි තෙසං ධනපුත‍්තජීවිතෙහි අඤ‍්ඤං පියතරං අත්‍ථි. “ඉදං මය‍්හං, ඉදං මය‍්හ”න‍්ති වා “අසුකෙන මෙ ඉදං දින‍්නං, ඉදං දින‍්න”න‍්ති වා එවං සත‍්තෙ ජප‍්පාපෙතීති ජප‍්පා. පරතො ද‍්වෙ පදානි උපසග‍්ගෙන වඩ‍්ඪිතානි, තතො පරං අඤ‍්ඤෙනාකාරෙන විභජිතුං ආරද‍්ධත‍්තා පුන “ජප‍්පා”ති වුත‍්තං. ජප‍්පනාකාරො ජප‍්පනා. ජප‍්පිතස‍්ස භාවො ජප‍්පිතත‍්තං. පුනප‍්පුනං විසයෙ ලුම‍්පති ආකඩ‍්ඪතීති ලොලුපො, ලොලුපස‍්ස භාවො ලොලුප‍්පං. ලොලුප‍්පනාකාරො ලොලුප‍්පායනා. ලොලුප‍්පසමඞ‍්ගිනො භාවො ලොලුප‍්පායිතත‍්තං.

ඉක්බිති ඒ ආශාව, අපේක්‍ෂාව පවත්නා ස්ථානය දැක්වීමට රූපාසා යනාදිය කියන ලදී. එහි ප්‍රාර්ථනා වශයෙන් ආශාවය යන අර්ථය ගෙන, රූප විෂයයෙහි පවත්නා ආශාව රූපාසා නමි. මෙසේ පද නවයෙහිම අර්ථ දතයුතුයි. මෙහි මුලින් දැක්වූ පස පස්කම් ගුණ වශයෙන් දැක්විණි. සවැන්න පිරිකර කෙරෙහි ලෝභ කිරීම් වශයෙනි. එය විශේෂයෙන් පැවිද්දන් සඳහාය. ඉන් අනතුරුව දැක්වෙන තුන ගිහියනට අකැප වූ වස්තු වශයෙනි. ඒ ගිහියනට ධනය, පුත්තුය, ජීවිතය යන මේවාට වඩා ප්‍රිය වූවක් නොමැත. ‘අසුවල් දෙය මගේය, මෙය මාගේය’, හෝ ‘අසුවලා විසින් මට මෙය දෙන ලදී හෝ නොදෙන ලදී’ යනුවෙන් ‘සත්ත්වයන් ජල්පනය (ජප) කරවති’යි හෝ ජප්පා ජජ්ජා නමි. අනෙක් පජප්පා හා අභිජප්පා යන දෙපදය උපසර්ග යොදා වැඩිකරන ලදී. ඉන් අනතුරුව වෙනත් ආකාරයකින් බෙදා දැක්වීම අරඹන ලද බැවින්, නැවත ජප්පා යැයි කියන ලදී. ජල්පනය කරන ආකාරය ජප්පනා යි. ජල්පිත ස්වභාවය ජප්පිතත්තං ජප්පිතත්ත යි. නැවත නැවත කාම සම්පත් විෂයයෙහි ලොල් කරවති’යි, ආකර්ෂණය කරතියි ලොලුපො. ලොල් කරවීමේ ස්වභාවය ලොලුප්පං ලෝලුප්ප නම් ලෝලුප්පයෙහි ආකාරය ලොලුප්පායනා නමි. ලොල්වීමෙන් යුක්ත වූ ස්වභාවය ලොලුප්පායිතත්තං ලෝලුප්පායිතත්ත නම් වේ.

පුච‍්ඡඤ‍්ජිකතාති යාය තණ‍්හාය ලාභට‍්ඨානෙසු පුච‍්ඡං චාලයමානා සුනඛා විය කම‍්පමානා විචරන‍්ති, තං තස‍්සා කම‍්පනතණ‍්හාය නාමං. සාධු මනාපමනාපෙ විසයෙ කාමෙතීති සාධුකාමො, තස‍්ස භාවො සාධුකම්‍යතා. මාතාමාතුච‍්ඡාතිආදිකෙ අයුත‍්තට‍්ඨානෙ රාගොති අධම‍්මරාගො. යුත‍්තට‍්ඨානෙපි බලවා හුත්‍වා උප‍්පන‍්නො ලොභො විසමලොභො. “රාගො විසම”න‍්තිආදිවචනතො (විභ· 924) වා යුත‍්තට‍්ඨානෙ වා අයුත‍්තට‍්ඨානෙ වා උප‍්පන‍්නො ඡන්‍දරාගො අධම‍්මට‍්ඨෙන අධම‍්මරාගො. විසමට‍්ඨෙන විසමලොභොති වෙදිතබ‍්බො. ආරම‍්මණානං නිකාමනවසෙන නිකන‍්ති. නිකාමනාකාරො නිකාමනා. පත්‍ථයනවසෙන පත්‍ථනා. පිහායනවසෙන පිහනා. සුට‍්ඨු පත්‍ථනා සම‍්පත්‍ථනා. පඤ‍්චසු කාමගුණෙසු තණ‍්හා කාමතණ‍්හා. රූපාරූපභවෙසු තණ‍්හා භවතණ‍්හා. උච‍්ඡෙදසඞ‍්ඛාතෙ විභවෙ තණ‍්හා විභවතණ‍්හා. සුද‍්ධෙ රූපභවස‍්මිංයෙව තණ‍්හා රූපතණ‍්හා. අරූපභවෙ තණ‍්හා අරූපතණ‍්හා. උච‍්ඡෙදදිට‍්ඨිසහගතො රාගො, නිරොධෙ තණ‍්හා නිරොධතණ‍්හා. රූපෙ තණ‍්හා රූපතණ‍්හා. සද‍්දෙ තණ‍්හා සද‍්දතණ‍්හා. ගන්‍ධතණ‍්හාදීසුපි එසෙව නයො. ඔඝාදයො වුත‍්තත්‍ථාව.

පුච්ඡඤ්චකතා යනු යම් තෘෂ්ණාවක් හේතුකොට ලාභයක් ලැබෙන ස්ථානයන්හි දී වලිගය සොලවන බල්ලන් මෙන් සසල වෙමින් හැසිරෙත්ද ඒ සසල වන තෘෂ්ණාවට මේ නමෙකි. යහපත් කැමැති කැමැති විෂයයෙහි කාමය උපදවන්නේ නුයි සාධුකම්මං සාධුකර්ම නම් වේ. එහි ස්වභාවය සාධුකම්‍යතා සාධුකම්‍යතා නමි. මව, මවගේ සහෝදරිය ආදීන් කෙරෙහි, නුසුදුසු තැන්හි ඇතිවන රාගය අධම්මරාග අධම්ම රාග නමි. සුදුසු තැනෙක වුවත් බලවත්ව නැගි ලෝභී සිතිවිල්ල විසමලොභො විෂමලෝභ නමි. නොහොත් ‘රාගය විෂම’යි ආදී වචන වශයෙන් සුදුසු තැන වුවද උපන් රාගය ඡන්‍දරාගො ඡන්‍දරාග නමි. අධර්ම වූ අරුතින් අධම්මරාගො යනුවෙන්ද විෂම වූ අර්ථයෙන් විසමලොභො යනුවෙන් ද දතයුතුයි. අරමුණුවලට ආශා කිරීම් වශයෙන් නිකන්ත නිකන්ති නමි. ආශා කරන ස්වභාවය නිකාමනා නිකාමනා නමි. පැතීම් වශයෙන් පත්‍ථනා ප්‍රාර්ථනා නමි. ප්‍රිය කිරීම් වශයෙන් පිහනා නමි. මනාව ප්‍රාර්ථනා කිරීම සම්ඵත්‍ථනා සම්පත්‍ථනා නමි. පංචකාම ගුණයන් කෙරෙහි පවතින තණ්හාව කාමතණ්හා වයි. රූප අරූප භවයන් කෙරෙහි පවතින තණ්හාව භව තණ්හා නමි. උච්ඡේද නම් වූ විභවය කෙරෙහි පවතින තණ්හාව විභව තණ්හා නමි. රූප භවයෙහි ම පවතින තණ්හාව රූප තණ්හා වයි. අරූප භවයෙහි පවතින තණ්හාව අරූප තණ්හා නමි. නොහොත් උච්ඡේද දෘෂ්ටියෙන් යුක්ත රාගය යි. නිරෝධයෙහි පවතින තණ්හාව නිරොධ තණ්හං නම් වේ. ශබ්දය පිළිබඳ වූ තණ්හාව සද්දතණ්හා නම් වේ. ගන්‍ධ තණ්හා දියෙහි ද මේ ක්‍රමයම දතයුතුයි. ඔඝො යොගො යනාදියේ අර්ථ මේ ක්‍රමයෙන් දතයුතුයි.

කුසලධම‍්මෙ ආවරතීති ආවරණං. ඡාදනවසෙන ඡදනං. සත‍්තෙ වට‍්ටස‍්මිං බන්‍ධතීති බන්‍ධනං. චිත‍්තං උපහන‍්ත්‍වා කිලිස‍්සති සංකිලිට‍්ඨං කරොතීති උපක‍්කිලෙසො. ථාමගතට‍්ඨෙන අනු අනු සෙතීති අනුසයො. උප‍්පජ‍්ජමානං චිත‍්තං පරියුට‍්ඨාතීති පරියුට‍්ඨානං, උප‍්පජ‍්ජිතුං අපදානෙන කුසලවාරං ගණ‍්හාතීති අත්‍ථො. “චොරා මග‍්ගෙ පරියුට‍්ඨිංසු, ධුත‍්තා මග‍්ගෙ පරියුට‍්ඨිංසූ”තිආදීසු (චූළව· 430) හි මග‍්ගං ගණ‍්හිංසූති අත්‍ථො. එවමිධාපි ගහණට‍්ඨෙන පරියුට‍්ඨානං වෙදිතබ‍්බං. පලිවෙඨනට‍්ඨෙන ලතා වියාති ලතා. “ලතා උප‍්පජ‍්ජ තිට‍්ඨතී”ති (ධ· ප· 340) ආගතට‍්ඨානෙපි අයං තණ‍්හා ලතාති වුත‍්තා. විවිධානි වත්‍ථූනි ඉච‍්ඡතීති වෙවිච‍්ඡං. වට‍්ටදුක‍්ඛස‍්ස මූලන‍්ති දුක‍්ඛමූලං. තස‍්සෙව දුක‍්ඛස‍්ස නිදානන‍්ති දුක‍්ඛනිදානං. තං දුක‍්ඛං ඉතො පභවතීති දුක‍්ඛප‍්පභවො. බන්‍ධනට‍්ඨෙන පාසො වියාති පාසො, මාරස‍්ස පාසො මාරපාසො. දුරුග‍්ගිලනට‍්ඨෙන බළිසං වියාති බළිසං, මාරස‍්ස බළිසං මාරබළිසං. තණ‍්හාභිභූතා මාරස‍්ස විසයං නාතික‍්කමන‍්ති, තෙසං උපරි මාරො වසං වත‍්තෙතීති ඉමිනා පරියායෙන මාරස‍්ස විසයොති මාරවිසයො. සන්‍දනට‍්ඨෙන තණ‍්හාව නදී තණ‍්හානදී. අජ‍්ඣොත්‍ථරණට‍්ඨෙන තණ‍්හාව ජාලං තණ‍්හාජාලං. යථා සුනඛා ගද‍්දූලබද‍්ධා යදිච‍්ඡකං නිය්‍යන‍්ති, එවං තණ‍්හාබද‍්ධා සත‍්තාති දළ‍්හබන්‍ධනට‍්ඨෙන ගද‍්දූලං වියාති ගද‍්දූලං, තණ‍්හාව ගද‍්දූලං තණ‍්හාගද‍්දූලං. දුප‍්පූරණට‍්ඨෙන තණ‍්හාව සමුද‍්දො තණ‍්හාසමුද‍්දො. අභිජ‍්ඣායනට‍්ඨෙන අභිජ‍්ඣා. ලුබ‍්භන‍්ති එතෙන, සයං වා ලුබ‍්භති, ලුබ‍්භනමත‍්තමෙව වා තන‍්ති ලොභො. සම‍්පයුත‍්තකානං අකුසලානං පතිට‍්ඨට‍්ඨෙන මූලං.

‘කුසල් දහම් අවුරති’යි (ආවරණය කරයි) නුයි ආවරණං ආවරණ නමි. වසාදැමීම් වශයෙන් ඡදනං ඡදන නමි. සත්ත්වයන් සංසාරයෙහි බැඳ තබන්නේනුයි බන්‍ධනං බන්‍ධන නමි. ‘සිත ළඟට පැමිණ කෙලෙසති’යි, (කිලිටි කරති’යි යන අරුතින් උපක්කිලෙසො උපක්කිලේශ නමි. බලවත් බවට ගිය අර්ථයෙන් අත්නොහැර පවතිති’යි අනුසයො අනුසය නමි. ‘උපදින සිත ඔසවා තබති’යි පරියුට්ඨානං පරියුට්ඨාන නමි. ඉපදීමට නොදීමෙන් ‘කුසල වාරය පැහැර ගනිති’යි යන අර්ථයි. ‘චොරා මග්ගෙ පරියුට්ඨිංසු, ධුත්තා මග්ගෙ පරියුට්ඨිංසු’ (මාර්ගයෙහි සොරු නැගී සිටියාහුය. මාර්ගයෙහි ධූර්තයෝ නැගී සිටියාහුය’ යන ආදියෙහි මාර්ගය අත්පත් කරගත්හ යන අර්ථයි.) මෙහිද අත්පත් කරගැනීම් අර්ථයෙන් පරියුට්ඨානං යන පදය යෙදුණු බව දතයුතුයි. වැලක් මෙන් වෙළාගන්නා බැවින් තණ්හාවට ලතා යන නම යෙදේ. ‘ලතා උබ්භිජ්ජ තිට්ඨති (වැලක් ලියලා සිටිනු වැනිය) යන තැන්හි ද මේ තණ්හාව නම් ලතාව අදහස් වේ. විවිධාකාර වූ වස්තු කැමැත්තේනුයි වෙවිච්ඡං වේ විච්ඡ නමි. සංසාර දුකට මුල්වන බැවින් දුක්ඛමූලං දුක්ඛමූල නමි. එම දුකටම නිදාන වන හෙයින් දුක්ඛ නිදානං දුක්ඛනිදාන නමි. ඒ දුක මෙයින් (තණ්හාවෙන්) හටගන්නේ නුයි දුක්ඛප්පභවො දුක්ඛප්පභව නමි. බැඳීම් අර්ථයෙන් මලයක් මෙන් වූයේ, මාර පාශයක් වූයේ මාරපාසො මාරපාශ නමි. තණ්හාව අමාරුවෙන් වමාරා දැමිය යුතුය යන අර්ථයෙන් බිලියක් මෙන් වූයේ, මාරයාගේ බිලියක් වූයේ මාරබලිසං මාරබලිස නමි. තණ්හාවෙන් මඬනා ලද්දාහු ඒ මරුගේ විෂයය නො ඉක්මවති’යි ඔවුන් මත්තෙහි මාරයා සිය ආධිපත්‍ය පවත්වති’යි යන මේ නියාමයෙන් ද මාරයාගේ විෂය වූයේ මාර විසයො මාර විෂය නමි. ගලාබසිති යි යන අරුතින් තණ්හාව නදියක් වැනි යයි තණ්හා නදී. තණ්හා නදී නමි. පැතිර, වසාගෙන යන අරුතින් තණ්හාව දැලක් වැනියයි තණ්හා ජාලං තණ්හාජාල නමි. යම්සේ දම්වැලින් බැඳි බල්ලෝ (ස්වාමියාට) අවශ්‍ය තැනට පමුණුවනු ලබත් ද එමෙන්ම තණ්හාවෙන් බැඳි සත්ත්වයෝ ද (මාරයාට අවශ්‍ය තැනට) පමුණුවනු ලබති. දැඩි බැඳීමෙන් දම්වැලක් මෙන් වූ බැවින් ‘ගද්දුල’ නම් වේ. තණ්හා නැමති දම්වැල තණ්හා ගද්දූලං තණ්හා ගද්දූල නමි. පිරවීම, තෘප්තියට පත්වීම අසීරු හෙයින්, ඒ අර්ථයෙන් තණ්හාව සමුද්‍රයක් වැනි යැයි තණ්හා සමුද්දො තණ්හා සමුද්ද නමි. (යලි යලිත් ලෝභී) චින්තාවන්හි යෙදීමේ අර්ථයෙන් අභිජ්ඣා නම් වේ. ‘මෙය කරණකොට ඇලෙති’යි ‘තමා ම හෝ ඇලෙති’යි, (ඇලීම මාත්‍රයක් හෝ ලොභො ලෝභ නමි. සම්ප්‍රයුක්ත වූ අකුසලයන්ට ප්‍රතිෂ්ඨා අර්ථයෙන් මුල් වේ.

විසත‍්තිකාතීති විසත‍්තිකා ඉති. කෙනට‍්ඨෙනාති කෙන සභාවෙන. විසතාති විත්‍ථටා රූපාදීසු. විසාලාති විපුලා. විසටාති තෙභූමකබ්‍යාපකවසෙන විසටා. පුරිමවචනමෙව තකාරස‍්ස ටකාරං කත්‍වා බ්‍යඤ‍්ජනවිභාගං කත්‍වා වුත‍්තං. විසක‍්කතීති පරිසප‍්පති සහති වා. රත‍්තො හි රාගවත්‍ථුනා පාදෙන තාළියමානොපි සහති. ඔසක‍්කනං විප‍්ඵන්‍දනං වා “විසක‍්කන”න‍්තිපි වදන‍්ති. “කුසලාකුසලානං පතී”ති කෙචි වණ‍්ණයන‍්ති. විසංහරතීති තථා තථා කාමෙසු ආනිසංසං පස‍්සන‍්තී විවිධෙහි ආකාරෙහි නෙක‍්ඛම‍්මාභිමුඛප‍්පවත‍්තිතො චිත‍්තං සංහරති සඞ‍්ඛිපති, විසං වා දුක‍්ඛං, තං හරති, වහතීති අත්‍ථො. විසංවාදිකාති අනිච‍්චාදිං නිච‍්චාදිතො ගණ‍්හන‍්තී විසංවාදිකා හොති. දුක‍්ඛනිබ‍්බත‍්තකස‍්ස කම‍්මස‍්ස හෙතුභාවතො විසමූලා, විසං වා දුක‍්ඛදුක‍්ඛාදිභූතා වෙදනා මූලං එතිස‍්සාති විසමූලා. දුක‍්ඛසමුදයත‍්තා විසං ඵලං එතිස‍්සාති විසඵලා. යාය තණ‍්හාය රූපාදිකස‍්ස දුක‍්ඛස‍්සෙව පරිභොගො හොති, න අමතස‍්සාති සා “විසපරිභොගා”ති වුත‍්තා. සබ‍්බත්‍ථ නිරුත‍්තිවසෙන පදසිද‍්ධි වෙදිතබ‍්බා.

විසත්තිකා යනු ඇලීම ඇතිකරන ස්වභාවය යි. කෙනත්‍ථෙන යනු කවර ස්වභාවයකින්ද? විසතා යනු පැතිරුණේය. රූපාදියෙහි විශාල වූහයි විපුලා විපුලා නමි. විසටා යනු භූමිත්‍රයෙහි පැතිරීම් වශයෙන් ‘විසෘෂ්ට වූ පැතිර ගියහ’යි විසට නමි. මුල් විසතා යන පදයේ ‘ත’ යන්නට ‘ට’ යන ආදේශ කර, ව්‍යඤ්ජන විසභාග (වෙනස්) කර කියන ලදී. විසක්කතී යනු දරා ගනියි. ඉවසා ගනියි. රාගයෙන් මඬනා ලද්දේ එම රාගයට වස්තු වූවහු විසින් එයින් තළනු ලබන නමුත් ඉවසයි. දරාගනියි. පසුබැසීම හෝ කම්පා වීම, විසක්කනං යන්නෙන් අදහස් වන බව ද කියති. ඇතැමෙක් ‘කුසලා කුසලයන් කරනු හැකි වෙති‘යි පවසති. විසංහරති යනු ඒ ඒ ආකාරයෙන් කාමයන්හි ඇති ආනිසංස දකිමින්, විවිධාකාරයෙන් නෙක්ඛම්මයට අභිමුඛව පැවති සිත හකුළුවා ගනිතියි, සංක්‍ෂේප කරතියි, නැතහොත් විෂ වූ දුකට හෝ පමුණුවතියි යන අර්ථයි. විෂ වූ දුක් එක්තැන් කර දෙයි යන අරුතයි. විසංවාදිකා යනු අනිත්‍යාදී වස්තූන් නිත්‍යාදී වශයෙන් ගනිමින් විසංවාදනය කරයි. විපරීත කොට ගනියි. දුක උපදවන කර්මයට හේතුවන බැවින් විසමූලා විෂමූල නමි. විෂ හෝ දුක මුල් කරගත් වේදනාව මෙයට (තණ්හාවට) මුල්වේනුයි විසමූල නම් වේ. දුක ඇතිවීමට හේතුවන හෙවත් විෂ වූ ඵලයක් ඇතැයි යන අරුතින් විසඵලා විෂඵල නම් වේ. තණ්හාවෙන් රූපාදිය මුල්කොට ඇති දුක්ඛයන්ට පරිභෝගය වෙති’ යි, ‘නිවන් පරිභෝගය නොවෙති’යි යන අරුතින් විසපරිභොගො විෂ පරිභෝග යැයි කියන ලදී. සියලු තන්හි නිරුත්ති වශයෙන් පද සිද්ධිය දතයුතුයි.

තස‍්සා විසයං දස‍්සෙතුකාමො “විසාලා වා පන සා තණ‍්හා රූපෙ”තිආදිමාහ. තත්‍ථ විසාලා වා පනාති මහන‍්තී එව තණ‍්හායනට‍්ඨෙන තණ‍්හා, රූපාදයො පඤ‍්ච පඤ‍්චකාමගුණිකරාගවසෙන වුත‍්තා. කුලෙ ගණෙතිආදීනි එකාදස පදානි ලොලුප‍්පාදවසෙන වුත‍්තානි. කාමධාතුත‍්තිකො කම‍්මවට‍්ටවසෙන විභත‍්තො, කාමභවත‍්තිකො විපාකවට‍්ටවසෙන විභත‍්තො, සඤ‍්ඤාභවත‍්තිකො සඤ‍්ඤාවසෙන විභත‍්තො, එකවොකාරභවත‍්තිකො ඛන්‍ධවසෙන විභත‍්තො. අතීතත‍්තිකො කාලවසෙන, දිට‍්ඨචතුක‍්කො ආරම‍්මණවසෙන, අපායත‍්තිකො ඔකාසවසෙන, ඛන්‍ධත‍්තිකො නිස‍්සත‍්තනිජ‍්ජීවවසෙන විභත‍්තොති ඤාතබ‍්බං. තත්‍රායං සඞ‍්ඛෙපෙන අත්‍ථදීපනා විභාවනා ච –

ඒ තණ්හාවේ විශේෂත්වය දක්වනු කැමතිව ‘රූපයෙහි ඒ තණ්හාව විශාල වේ’ යනාදිය කියන ලදී. එහි විසාලා වා පන යනු ඉතා මහත් වූවාමය. ආශා දනවති’යි යන අරුතින් තණ්හා නමි. රූපාදී පස්කම් සුවයෙන් ඇලීම් වශයෙන් කියන ලදී. කුලගණෙ ආදී වූ එකොළොස් පදය ලෝභ ඉපදවීම් වශයෙන් කියන ලදී. කාමධාතුත්තිකො යනු කාමධාතු ත්‍රිකය කර්ම වශයෙන් බෙදන ලදී. කාමභවත්තිකො කාම භව ත්‍රිකය විපාක වට්ට වශයෙන් බෙදන ලදී. සඤ්ඤා භවත්තිකො සඤ්ඤා භව ත්‍රිකය සංඥා වශයෙන් බෙදන ලදී. එකවොකාර භවත්තිකො ඒකවෝකාර භව ත්‍රිකය ස්කන්ධ වශයෙන් බෙදන ලදී. අතීතත්තිකො අතීත ත්‍රිකය ස්කන්ධ වශයෙන් බෙදන ලදී. අතීතත්තිකො අතීත ත්‍රිකය කාල වශයෙන් බෙදන ලදී. දිට්ඨ චතුක්කො දෘෂ්ට චතුෂ්කය අරමුණු වශයෙනි. අපායත්තිකො අපාය ත්‍රිකය අවකාශ වශයෙනි. ඛන්‍ධත්තිකො ස්කන්ධ ත්‍රිකය නිස්සත්‍ව, නිජ්ජීව වශයෙන් බෙදන ලදැයි දතයුතුයි. එහි සංක්‍ෂිප්ත වූ අර්ථ දැක්වීම හා වර්ණනය මෙසේ ය.

“තත්‍ථ කතමා කාමධාතු? හෙට‍්ඨතො අවීචිනිරයං පරියන‍්තං කරිත්‍වා උපරිතො පරනිම‍්මිතවසවත‍්තිදෙවෙ අන‍්තොකරිත්‍වා යං එතස‍්මිං අන‍්තරෙ එත්‍ථාවචරා එත්‍ථ පරියාපන‍්නා ඛන්‍ධධාතුආයතනා රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, අයං වුච‍්චති කාමධාතු” (ධ· ස· 1287).

‘එහි ‘කාමධාතු’ යනු කවරේද? යටින් අවීචි නිරය කෙළවර කොට, උඩින් පරනිම්මිත වසවත්ති දෙවියන් ඇතුලත්ව, මේ සීමා දෙක අතර ඇති, ඒ දෙකට ඇතුලත් වූ ස්කන්ධ, ධාතු, ආයතන, රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන මේවා ‘කාම ධාතු’ යැයි කියනු ලැබේ.

“තත්‍ථ කතමා රූපධාතු? හෙට‍්ඨතො බ්‍රහ‍්මලොකං පරියන‍්තං කරිත්‍වා උපරිතො අකනිට‍්ඨෙ දෙවෙ අන‍්තොකරිත්‍වා යං එතස‍්මිං අන‍්තරෙ එත්‍ථාවචරා එත්‍ථ පරියාපන‍්නා සමාපන‍්නස‍්ස වා උපපන‍්නස‍්ස වා දිට‍්ඨධම‍්මසුඛවිහාරිස‍්ස වා චිත‍්තචෙතසිකා ධම‍්මා, අයං වුච‍්චති රූපධාතු” (ධ· ස· 1289).

‘එහි ‘රූප ධාතු’ යනු කවරේද? යටින් බ්‍රහ්ම ලෝකය කෙළවර කොට උඩින් අකනිටා දෙව්ලොව ඇතුළත්ව, මේ දෙසීමාව අතරට අයත් වූ, ඇතුළත් බවට පැමිණියහුගේ හෝ උපන්නහුගේ දිට්ඨධම්ම සුඛ විහාරී වූ චිත්ත චෛතසික ධර්මයක් වේද? මේ රූපධාතු යැයි කියනු ලැබේ.’

“තත්‍ථ කතමා අරූපධාතු? හෙට‍්ඨතො ආකාසානඤ‍්චායතනුපගෙ දෙවෙ පරියන‍්තං කරිත්‍වා උපරිතො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනුපගෙ දෙවෙ අන‍්තොකරිත්‍වා යං එතස‍්මිං අන‍්තරෙ එත්‍ථාවචරා එත්‍ථ පරියාපන‍්නා සමාපන‍්නස‍්ස වා උපපන‍්නස‍්ස වා දිට‍්ඨධම‍්මසුඛවිහාරිස‍්ස වා චිත‍්තචෙතසිකා ධම‍්මා, අයං වුච‍්චති අරූපධාතූ”ති (ධ· ස· 1291). අට‍්ඨකථායං පන “කාමධාතූති කාමභවො, පඤ‍්චක‍්ඛන්‍ධා ලබ‍්භන‍්ති. රූපධාතූති රූපභවො, පඤ‍්චක‍්ඛන්‍ධා ලබ‍්භන‍්ති. අරූපධාතූති අරූපභවො, චත‍්තාරො ඛන්‍ධා ලබ‍්භන‍්තී”ති වුත‍්තං.

‘එහි ‘අරූප ධාතු’ යනු කවරේද? යටින් ආකාසානඤ්චායතනයට පැමිණි දෙවියන් කෙළවරකොට, උඩින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි දෙවියන් ඇතුලත්ව, මේ දෙසීමා අතරට අයත් වූ, ඇතුළත් බවට පැමිණියහුගේ හෝ උපන්නහුගේ දිට්ඨධම්ම සුඛවිහාරී වූ යම් චිත්ත චෛතසික ධර්මයක් වේද එය ‘අරූප ධාතු’ යැයි කියනු ලැබේ. අට්ඨකථාවෙහි (හෙළටුවාවෙහි) වනාහි කාමධාතු යන්නෙන් කාමභවයේ පංචස්කන්ධය ලැබේ. රූපධාතු යන්නෙන් රූප භවයෙහි පංචස්කන්ධය ලැබේ. අරූපධාතු යන්නෙන් අරූපභවයේ චතු ස්කන්ධය ලැබේ’යැයි කියන ලදී.

අථ වා කාමරාගසඞ‍්ඛාතෙන කාමෙන යුත‍්තා ධාතු කාමධාතු, කාමසඞ‍්ඛාතා වා ධාතු කාමධාතු. කාමං පහාය රූපෙන යුත‍්තා ධාතු රූපධාතු, රූපසඞ‍්ඛාතා වා ධාතු රූපධාතු. කාමඤ‍්ච රූපඤ‍්ච පහාය අරූපෙන යුත‍්තා ධාතු අරූපධාතු, අරූපසඞ‍්ඛාතා වා ධාතු අරූපධාතු. තා එව ධාතුයො පුන භවපරියායෙන වුත‍්තා. භවන‍්තීති හි භවාති වුච‍්චන‍්ති. සඤ‍්ඤාය යුත‍්තො භවො, සඤ‍්ඤාවතං වා භවො, සඤ‍්ඤා වා එත්‍ථ භවෙ අත්‍ථීති සඤ‍්ඤාභවො. සො කාමභවො ච අසඤ‍්ඤාභවමුත‍්තො රූපභවො ච නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවමුත‍්තො අරූපභවො ච හොති.

නැතහොත් කාමරාග නම් වූ, කාමයෙන් යුතු ධාතු ‘කාමධාතු’ නම් වේ. කාම යැයි නම් කළ ධාතු හෝ කාමධාතු නම් වේ. කාමය හැර රූපයෙන් යුතු ධාතු ‘රූපධාතු’ නම් වේ. නොහොත් රූප යැයි නම් කළ ධාතු රූපධාතු නම් වේ. කාමභවයත් රූප භවයත් හැර අරූපභවයේ යුතු ධාතු අරූපධාතු නම් වේ. නැතහොත් අරූප යැයි නම් කළ ධාතු අරූප ධාතු නම් වේ. එම ධාතූන් ම නැවත භව පර්යායයෙන් දක්වන ලදී. ‘වන්නේ’ නුයි භව යැයි කියනු ලැබේ. ‘ත්‍රිවිධ භව’ යැයි කියති. සංඥාවෙන් යුක්ත භවය හෝ සංඥා සහිත භවය හෝ මේ භවයේ සංඥාව ඇත්තේය යන අරුතින් සඤ්ඤා භවො සඤ්ඤා භව නමි. ඒ කාමභවය ද අසංඥා භවයෙන් තොර වූයේ ය. රූප හා අරූප භවයෝ නේවසඤ්ඤානාසඤ්ඤායතන භවයෙන් තොර වූහ.

න සඤ‍්ඤාභවො අසඤ‍්ඤාභවො, සො රූපභවෙකදෙසො. ඔළාරිකත‍්තාභාවතො නෙවසඤ‍්ඤා, සුඛුමත‍්තෙන සබ‍්භාවතො නාසඤ‍්ඤාති නෙවසඤ‍්ඤානාසඤ‍්ඤා, තාය යුත‍්තො භවො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවො. අථ වා ඔළාරිකාය සඤ‍්ඤාය අභාවා සුඛුමාය ච භාවා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤා අස‍්මිං භවෙති නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවො, සො අරූපභවෙකදෙසො. එකෙන රූපක‍්ඛන්‍ධෙන වොකිණ‍්ණො භවො, එකො වා වොකාරො, අස‍්ස භවස‍්සාති එකවොකාරභවො, සො අසඤ‍්ඤාභවොව. චතූහි අරූපක‍්ඛන්‍ධෙහි වොකිණ‍්ණො භවො, චත‍්තාරො වා වොකාරා අස‍්ස භවස‍්සාති චතුවොකාරභවො, සො අරූපභවො එව. පඤ‍්චහි ඛන්‍ධෙහි වොකිණ‍්ණො භවො, පඤ‍්ච වා වොකාරා අස‍්ස භවස‍්සාති පඤ‍්චවොකාරභවො, සො කාමභවො ච රූපභවෙකදෙසො ච හොති. අතීතත‍්තිකො හෙට‍්ඨා වුත‍්තනයොව. දිට‍්ඨන‍්ති චතුසමුට‍්ඨානිකං රූපාරම‍්මණං. සුතන‍්ති ද‍්විසමුට‍්ඨානිකං සද‍්දාරම‍්මණං. මුතන‍්ති ඵුසිත්‍වා ගහෙතබ‍්බානි චතුසමුට‍්ඨානිකානි ගන්‍ධරසඵොට‍්ඨබ‍්බාරම‍්මණානි. විඤ‍්ඤාතබ‍්බං නාම මනසා ජානිතබ‍්බං ධම‍්මාරම‍්මණං. තෙසු දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු. විසටා විත්‍ථතාති මහන‍්තා පත්‍ථටා.

සංඥා රහිත භවය අසඤ්ඤභවො අසඤ්ඤා භවයයි. රූපභවයේ එක් කොටසක් ඔළාරික බවින් තොර වූ හෙයින්, නේවසඤ්ඤා නමි. සූක්‍ෂම ස්වභාවයෙන් නාසඤ්ඤා නමි. ඒ අංග දෙකින් යුක්ත වූ භවය නෙවසඤ්ඤානාසඤ්ඤාභවො නේවසඤ්ඤානාසඤ්ඤා භව නම් වේ. නැතහොත් ඕළාරික වූ සංඥාවේ අභාවයෙන් ද සූක්‍ෂම වූ ස්වභාවයෙන් ද මේ භවයෙහි සංඥාව නොමැත. සංඥාව නැත්තේ ද නොවේ යන අරුතින් නෙවසඤ්ඤා නාසඤ්ඤා භවො නේවසඤ්ඤානාසඤ්ඤා භව නම් වේ. එය අරූප භවයේ එක් කොටසකි. එකක් වූ රූපස්කන්ධයෙන් පමණක් යුක්ත වූ භවය ‘එකම ස්කන්ධයකින් (වෝකාර) යුතුය යන අරුතින් එකවොකාර භවො ඒකවෝකාර භව නමි. ඒ අසංඥභවය ද සතර අරූප ස්කන්ධයන්ගෙන් යුක්තය. ‘සතරක් වූ ස්කන්ධයන්ගෙන් මේ භවය යුක්තය’ යන අරුතින් චතුවොකාර භවො චතුවෝකාර භව නමි. එය සම්පූර්ණ අරූප භවය ම වේ. පංචස්කන්ධයෙන් යුක්ත වූ භවය හෝ පංචස්කන්ධයක් සහිත භවය යන අරුතින් පංචවෝකාර භවො පංචවෝකාර භව නමි. එයට කාමභවය ද රූප භවයේ එක් කොටසක් ද අයත් වේ. අතීත ත්‍රිකය ඉහත පැවසූ පරිදිම දත යුතුය. දිට්ඨං චතුසමුට්ඨානික රූපාරම්මණයි. සුතං ද්විසමුට්ඨානික ශබ්දාරම්මණයයි. මුතං දැන, විඳගත යුතු චතු සමුට්ඨානික වූ ගන්‍ධ, රස, ස්පර්ශ යන ආරම්මණයෝ ය. විඤ්ඤාතබ්බං විඤ්ඤාතබ්බ නමි. එනම් මනසින් දතයුතු ධම්මාරම්මණයයි. ඒවා අතුරෙන් දැකිය යුතු, ඇසිය යුතු, විඳිය යුතු, දතයුතු යන ධර්මයන්හි විසතා විත්‍ථතා යනු ‘මහත් සේ පතළාහ’ යන අර්ථයයි.

අපායලොකෙති වඩ‍්ඪිසඞ‍්ඛාතස‍්ස අයස‍්ස අභාවෙන අපායො, තස‍්මිං අපායලොකෙ. ඛන්‍ධලොකෙති රාසට‍්ඨෙන රූපාදයො පඤ‍්චක‍්ඛන්‍ධා එව ලොකො. ධාතුලොකෙති සුඤ‍්ඤතට‍්ඨෙන චක‍්ඛුධාතුආදයො අට‍්ඨාරස ධාතුයො එව ලොකො. ආයතනලොකෙති ආයතනාදීහි කාරණෙහි ද‍්වාදසායතනානි එව ලොකො. සබ‍්බෙපි ලුජ‍්ජනපලුජ‍්ජනට‍්ඨෙන ලොකො, වුත‍්තප‍්පකාරෙ ලොකෙ විසටා විත්‍ථටාති විසත‍්තිකා. සතොති සරතීති සතො, පුග‍්ගලෙන සති වුත‍්තා.

අපායලොකෙ යනු වැඩීම යැයි කියන ලද අය සක් (කීර්තියක්) නොමැති හෙයින් අපාය නම් වේ. එම අපාය ලෝකයෙහි ය. ඛන්‍ධලොකෙ යනු ඇලීම් අර්ථයෙන් රූපාදී පංචස්කන්ධයෝම ලෝක නම් වෙති. ධාතු ලොකෙ යනු ශුන්‍යතා (හිස් බව) යන අර්ථයෙන් චක්‍ෂු ධාතු ආදී ධාතු දහඅටම ලෝක නමි. ආයතන ලොකෙ යනු ආයතන ආදී හේතුන් නිසා දොළොස් ආයතනයම ‘ලෝක’ නම් වේ. සියල්ල නැසෙති යි යන අර්ථයෙන් ලෝක නම් වේ. මෙසේ කියන ලද ආකාර ඇති ලෝකයෙහි ‘විසිර ගියහ’යි, ‘පැතිර ගියහ’යි විසත්තිකා විසත්තිකා නම් වේ. සතො යනු සිහිකරන්නේය. සිහි ඇති පුද්ගලයායි. සිහිය පමණක් මෙහිදී අදහස් නොකරන ලදී.

තත්‍ථ සරණලක‍්ඛණා සති. සරන‍්ති තාය, සයං වා සරති, සරණමත‍්තමෙව වා එසාති සති. සා පනෙසා අපිලාපනලක‍්ඛණා, අසම‍්මොසනරසා, ආරක‍්ඛපච‍්චුපට‍්ඨානා, විසයාභිමුඛභාවපච‍්චුපට‍්ඨානා වා, ථිරසඤ‍්ඤාපදට‍්ඨානා, කායාදිසතිපට‍්ඨානපදට‍්ඨානා වා. ආරම‍්මණෙ දළ‍්හපතිට‍්ඨිතත‍්තා පන එසිකා විය, චක‍්ඛුද‍්වාරාදීනං රක‍්ඛණතො දොවාරිකො විය ච දට‍්ඨබ‍්බා.

එහි සිහිකරන ලක්‍ෂණය සති නමි. ‘එය කරණකොට සිහිකරතියි, ‘තමාම සිහිකරති’යි හෝ සිහිකිරීම් පමණක්ම හෝ සති නම් වෙයි. (සර සිහිකිරීමේ ධාතුවෙන් නිපන් භාව කෘදන්ත පදය ‘සරණ’ නමි. සිහිකිරීම යන අර්ථයි.) ඒ සිහිය වනාහි නො ඉල්පෙන ලක්‍ෂණ ඇත්තේ ය. නොමුළාවන කෘත්‍ය ඇත්තේය. ආරක්‍ෂාවෙහි නියුතු බව (විමසිලි සහිත බව) පච්චුපට්ඨාන (වැටහීම් හේතුව) කොට ඇත්තේය. අදාළ විෂයයට අභිමුඛ (අවධාන සහිත) බව හෝ පච්චුපට්ඨාන කොට ඇත්තේය. සඤ්ඤාව (දැනීම හෙවත් දැනුවත් බව) පදට්ඨාන (පදනම්) කොට ඇත්තේ ය. කායානුපස්සනාදී සතිපට්ඨානයන් හෝ පදනම් කොට ඇත්තේය. අරමුණේ දැඩිව පිහිටි බැවින් ඉන්‍ද්‍රඛීලයක් වැනි යැයි ද චක්‍ෂුරාදී ද්වාරයන් ආරක්‍ෂා කරන බැවින් දොරටුපාලයකු වැනියයි ද දතයුතුයි.

තස‍්සා පවත‍්තිට‍්ඨානං දස‍්සෙන‍්තො “කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො”තිආදිනා නයෙන චතුබ‍්බිධං සතිපට‍්ඨානමාහ. තත්‍ථ කායෙති රූපකායෙ. රූපකායො හි ඉධ අඞ‍්ගපච‍්චඞ‍්ගානං කෙසාදීනඤ‍්ච ධම‍්මානං සමූහට‍්ඨෙන හත්‍ථිකායරථකායාදයො විය “කායො”ති අධිප‍්පෙතො. යථා ච සමූහට‍්ඨෙන, එවං කුච‍්ඡිතානං ආයට‍්ඨෙන. කුච‍්ඡිතානඤ‍්හි පරමජෙගුච‍්ඡානං සො ආයොතිපි කායො. ආයොති උප‍්පත‍්තිදෙසො. තත්‍රායං වචනත්‍ථො – ආයන‍්ති තතොති ආයො. කෙ ආයන‍්තීති? කුච‍්ඡිතා කෙසාදයො. ඉති කුච‍්ඡිතානං කෙසාදීනං ආයොති කායො.

ඒ සිහිය පවතින ස්ථානය දක්වමින්, කායෙ කායානුපස්සනං භාවෙන්තො යනාදී ක්‍රමයෙන් සතර සතිපට්ඨානයන් දැක්වූහ. එහි කායෙ යනු රූපකායයි. රූප කය වනාහි මෙහි අඟපසඟ ආදියේ ද කේශාදී ධර්මයන්ගේ ද සමූහාර්ථයෙන් හස්තිකාය, රථකාය (ඇතුන් සමූහය, රිය සමූහය) මෙන් කායො යි අභිප්‍රේතයි. යම් සේ සමූහාර්ථයෙන් වේ ද මෙසේ ම පිළිකුල් වූ දෙතිස් කුණපයනට උත්පත්ති ස්ථාන යයි යන අර්ථයෙන්, අතිශයින් පිළිකුල් වූ වස්තූනට ‘ආය වෙති’යි කාය නම් වේ. (කු+ආය) ‘ආය’ යනු උත්පත්ති ප්‍රදේශයයි. එහි මේ වචනාර්ථයයි. ‘ඉන් හටගත්තේය. උපන්නේ නුයි ආය නමි. කවරක් හටගත්තේ ද යත්, මේ පිළිකුල් වූ කේශාදියයි. මෙසේ පිළිකුල් සහගත වස්තූනට උත්පත්ති ස්ථාන යැයි යන අර්ථයෙන් ද කායො කාය නම් වේ.

කායානුපස‍්සනාති කායස‍්ස අනුපස‍්සනා, කායං වා අනුපස‍්සනා, “කායෙ”ති ච වත්‍වාපි පුන “කායානුපස‍්සනා”ති දුතියං කායග‍්ගහණං අසම‍්මිස‍්සතො වවත්‍ථානඝනවිනිබ‍්භොගාදිදස‍්සනත්‍ථං කතන‍්ති වෙදිතබ‍්බං.

කායානුපස්සනා යනු කය අනුව බැලීමයි. කායෙ යැයි කියන යලිත් කායානුපස්සනා යි දෙවනුව ද කාය ග්‍රහණය (කාය යැයි ගැනීම) කය පිළිබඳ අසම්මිශ්‍ර නොව (හෙවත් වේදනා, චිත්ත, ධම්ම යන අනුපස්සනා තුන බැහැරකොට, හුදෙක් කායානුපස්සනාවම) ව්‍යවස්ථා කිරීම (නියම කිරීම) හා ඝන විනිබ්භෝගාදිය දක්වනු පිණිස කරන ලදැයි දතයුතුයි.

තෙන න කායෙ වෙදනානුපස‍්සනා චිත‍්තධම‍්මානුපස‍්සනා වා, අථ ඛො කායානුපස‍්සනායෙවාති කායසඞ‍්ඛාතෙ වත්‍ථුස‍්මිං කායානුපස‍්සනාකාරස‍්සෙව දස‍්සනෙන අසම‍්මිස‍්සතො වවත්‍ථානං දස‍්සිතං හොති, තථා න කායෙ අඞ‍්ගපච‍්චඞ‍්ගවිනිමුත‍්තඑකධම‍්මානුපස‍්සනා, නාපි කෙසලොමාදිවිනිමුත‍්තඉත්‍ථිපුරිසානුපස‍්සනා. යොපි චෙත්‍ථ කෙසලොමාදිකො භූතුපාදායසමූහසඞ‍්ඛාතො කායො, තත්‍ථාපි න භූතුපාදායවිනිමුත‍්තඑකධම‍්මානුපස‍්සනා, අථ ඛො රථසම‍්භාරානුපස‍්සකස‍්ස විය අඞ‍්ගපච‍්චඞ‍්ගසමූහානුපස‍්සනා, නගරාවයවානුපස‍්සකස‍්ස විය කෙසලොමාදිසමූහානුපස‍්සනා, කදලික‍්ඛන්‍ධපත‍්තවට‍්ටිවිනිභුජනකස‍්ස විය රිත‍්තමුට‍්ඨිවිනිවෙඨකස‍්ස විය ච භූතුපාදායසමූහානුපස‍්සනායෙවාති සමූහවසෙනෙව කායසඞ‍්ඛාතස‍්ස වත්‍ථුනො නානප‍්පකාරතො දස‍්සෙන‍්තෙන ඝනවිනිබ‍්භොගො දස‍්සිතො හොති. න හෙත්‍ථ යථාවුත‍්තසමූහවිනිමුත‍්තො කායො වා ඉත්‍ථී වා පුරිසො වා අඤ‍්ඤො වා කොචි ධම‍්මො දිස‍්සති, යථාවුත‍්තධම‍්මසමූහමත‍්තෙයෙව පන තථා තථා සත‍්තා මිච‍්ඡාභිනිවෙසං කරොන‍්ති. තෙනාහු පොරාණා –

එයින් කය කෙරෙහි වේදනානුපස්සනාව හෝ චිත්ත ධම්මානුපස්සනාව හෝ නොවේ. හුදෙක් කායානුපස්සනායෙව ‘කායානුපස්සනාව ම වෙති’යි, කාය සංඛ්‍යාත වස්තු විෂයයෙහි කායානුපස්සනාකාරයම දැක්වීමෙන්, අසම්මිශ්‍ර වශයෙන් කාය විෂයයෙහි අංග ප්‍රත්‍යයන්ගෙන් මිදුණු එකම ස්වභාවයක් අනුව බැලීමද නොවේ. තවද මෙහි කේශලෝමාදී අශුභයන්ගෙන් මිදුණු ස්ත්‍රී පුරුෂ ශරීර අනුව බැලීම ද නොවේ. භූත රූපයන්ගේ ද උපාදාය රූපයන්ගේ ද සමූහය යැයි කියනු ලබන යම් කයක් වේ ද, එසේ වුවත් භූත උපාදාය රූපයන්ගෙන් බැහැර වූ එකම ධර්ම ස්වභාවයක් අනුව බැලීමක් නැත. ඉක්බිති රථ ඝරයක් (රිය කූඩුවක්) අනුව බලන්නකුගේ (අටුවාවෙහි රථසර යන රථඝර විය යුතුයි.) වැනි අඟපසග සමූහය පිළිබඳ අනුපස්සනාව හා නගරයක අවයව අනුව බලන්නකුගේ වැනි කෙස් ලොම් ආදී සමූහය පිළිබඳ අනුපස්සනාව ද (පිළිවෙලින්) කෙසෙල් කඳක් කොළ පතුරු ගලවා වෙන් කරන්නකුගේ වැනි භූත රූප සමූහය පිළිබඳ අනුපස්සනාව හා හිස් මිටක් දිගහැර බලන්නකුගේ වැනි උපාදාය රූප සමූහය පිළිබඳ අනුපස්සනාව ම වෙතැ’යි යනුවෙන් සමූහ වශයෙන් ම (එකක් වශයෙන් නොව) කාය සංඛ්‍යාත වස්තුව නානාප්‍රකාර වශයෙන් දක්වන්නහු විසින් ඝන විනිබ්භෝගය (එක්ව බැඳී පවත්නා වස්තු කොටස් සමූහයක් බෙදා වෙන්කොට දැක්වීම) කරන ලද්දේ වේ. මෙහිදී දැක්වූ පරිදි ස්කන්ධාදියෙන් විනිර්මුක්ත වූ ස්ත්‍රී පුරුෂ කායයන් හෝ අන්කිසි ධර්මයක් (ස්වභාවයක්) හෝ නොපෙනේ. කියන ලද පරිදි ධර්මයන්ගේ සමූහ මාත්‍රය කෙරෙහි ම ඒ ඒ ආකාරයෙන් සත්ත්වයෝ වැරදි අයුරින් සෙවීම කරති. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:

“යං පස‍්සති න තං දිට‍්ඨං, යං දිට‍්ඨං තං න පස‍්සති; අපස‍්සං බජ‍්ඣතෙ මූළ‍්හො, බජ‍්ඣමානො න මුච‍්චතී”ති. (දී· නි· අට‍්ඨ· 2.373; ම· නි· අට‍්ඨ· 1.106);

යං පස්සති න තං දිට්ඨං යං දිට්ඨං තං න පස්සති, අපස්සං බජ්ඣතෙ මූළ්හො බජ්ඣමානො නමුච්චතී ති

‘යමක් බලයි ද එය (තත්වාකාරයෙන්) නො දක්නා ලදී. යමක් දක්නා ලද්දේ ද එය (මනාව) නො දකියි. නොදකිනුයේ (යථාර්ථය) මුළා වූයේ (මරහු විසින්) බඳනා ලැබේ. බඳනා ලබනුයේ සසරින් නොමිදේ’ යනුයි.

ඝනවිනිබ‍්භොගාදිදස‍්සනත්‍ථන‍්ති වුත‍්තං. ආදිසද‍්දෙන චෙත්‍ථ අයම‍්පි අත්‍ථො වෙදිතබ‍්බො. අයඤ‍්හි එතස‍්මිං කායෙ කායානුපස‍්සනායෙව, න අඤ‍්ඤධම‍්මානුපස‍්සනා. යථා අනුදකභූතායපි මරීචියා උදකානුපස‍්සනා හොති, න එවං අනිච‍්චදුක‍්ඛානත‍්තාසුභභූතෙයෙව ඉමස‍්මිං කායෙ නිච‍්චසුඛත‍්තසුභභාවානුපස‍්සනා, අථ ඛො කායානුපස‍්සනා අනිච‍්චදුක‍්ඛානත‍්තාසුභාකාරසමූහානුපස‍්සනායෙවාති වුත‍්තං හොති.

‘ඝන විනිබ්භෝගාදිය දක්වනු පිණිසයි’ කියන ලදී. මෙහි ‘ආදි’ ශබ්දයෙන් පහත දැක්වෙන අර්ථය ද අවබෝධ කටයුතුයි. මේ වනාහි මේ කයෙහිම කායානුපස්සනා අනුව බැලීම මිස අන් කිසිදු ධර්මයක් පිළිබඳ අනුපස්සනාවක් නොවේ. කුමක් කියන ලද්දේ ද යත්, ‘යම්සේ දිය නැති වුවත් මිරිඟුව දෙස බැලීමේදී උදකානුපස්සනාව වේ ද, එමෙන්ම අනිත්‍ය දුක්ඛ-අනාත්ම-අශුභ වූ මේ කයෙහි නිත්‍ය-සුඛ-ආත්ම-ශුභ වශයෙන් අනුපස්සනාවක් නොවේ. තව ද ‘කායානුපස්සනා’ යනු අනිත්‍ය-දුක්ඛ-අනාත්ම-අශුභ යන ආකාර සමූහය පිළිබඳ අනුපස්සනාව ම යැයි කියන ලද්දේ වේ.

අථ වා ය‍්වායං මහාසතිපට‍්ඨානෙ “ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු අරඤ‍්ඤගතො වා…පෙ… සො සතොව අස‍්සසතී”තිආදිනා (දී· නි· 2.374; ම· නි· 1.107) නයෙන අස‍්සාසපස‍්සාසාදිචුණ‍්ණිකජාතඅට‍්ඨිකපරියොසානො කායො වුත‍්තො, යො ච පටිසම‍්භිදායං සතිපට‍්ඨානකථායං “ඉධෙකච‍්චො පථවීකායං අනිච‍්චතො අනුපස‍්සති. ආපොකායං. තෙජොකායං. වායොකායං. කෙසකායං. ලොමකායං. ඡවිකායං. චම‍්මකායං. මංසකායං. රුහිරකායං. න‍්හාරුකායං. අට‍්ඨිකායං. අට‍්ඨිමිඤ‍්ජකාය”න‍්ති කායො වුත‍්තො, තස‍්ස සබ‍්බස‍්ස ඉමස‍්මිංයෙව කායෙ අනුපස‍්සනතො කායෙ කායානුපස‍්සනාති එවම‍්පි අත්‍ථො දට‍්ඨබ‍්බො.

නැතහොත් මෙකරුණ මහා සතිපට්ඨාන සූත්‍රයෙහි :- ‘මහණෙනි, මේ සසුනෙහි භික්‍ෂුව අරණ්‍යයට ගියේ -පෙ- ඔහු සිහි ඇතිවම ආශ්වාස කරයි’ ආදී නයින් ආශ්වාස ප්‍රශ්වාසාදියේ සිට ඉතා සූක්‍ෂම වූ ඇට දක්වා වූ කය දක්වන ලදී. එමෙන්ම පටිසම්භිදා මග්ගයෙහි සතිපට්ඨාන කථාවෙහිදී ‘මෙහි ඇතැමෙක් පඨවි කය අනිත්‍ය වශයෙන් විමසා බලති. ආපෝ කය, තේජෝ කය, වායෝ කය, කේශ කය, ලෝම කය, ඡවි කය, මාංස කය, රුධිර කය, නහර කය, ඇට කය, ඇටමිදුලු කය යනාදී වශයෙන් කය පිළිබඳව විග්‍රහ කරන ලදී. ඒ සෑම තැනකම මේ කයෙහිම සිත පිහිටුවා ඒ අනුව විමසා බැලීමෙන් ‘කායානුපස්සනාව’ සිදුවන්නේය යන අර්ථය දතයුතුයි.

අථ වා කායෙ “අහ”න‍්ති වා “මම”න‍්ති වා එවං ගහෙතබ‍්බස‍්ස යස‍්ස කස‍්සචි අනුපස‍්සනතො තස‍්ස තස‍්සෙව පන කෙසලොමාදිකස‍්ස නානාධම‍්මසමූහස‍්ස අනුපස‍්සනතො කායෙ කෙසාදිසමූහසඞ‍්ඛාතකායානුපස‍්සනාති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. අපි ච “ඉමස‍්මිං කායෙ අනිච‍්චතො අනුපස‍්සති, නො නිච‍්චතො”තිආදිනා (පටි· ම· 3.35) අනුක‍්කමෙන පටිසම‍්භිදායං ආගතනයස‍්ස සබ‍්බස‍්සෙව අනිච‍්චලක‍්ඛණාදිනො ආකාරසමූහසඞ‍්ඛාතස‍්ස කායස‍්ස අනුපස‍්සනතොපි කායෙ කායානුපස‍්සනාති එවම‍්පි අත්‍ථො දට‍්ඨබ‍්බො. අයං පන චතුසතිපට‍්ඨානසාධාරණො අත්‍ථො.

නැතහොත් ‘කයෙහි මම ය, මාගේය යනුවෙන් ගතයුතු කිසිවක් නො දැකීමෙන්, ඒ ඒ කේශලෝමාදී නානාධර්ම සමූහය අනුව විමසා බැලීමෙන්, ‘කයෙහි කේශාදී සමූහයැ’යි කියන ලද කායානුපස්සනය’ යනුවෙන් මෙහි අර්ථ දතයුතු යි. තවද මේ කයෙහි අනිත්‍ය වශයෙන් මිස නිත්‍ය වශයෙන් නො බලයි’ ආදී අනුපිළිවෙළින් පටිසම්භිදා මග්ගයෙහි ආ ක්‍රමයට සියලුම අනිත්‍ය ලක්‍ෂණාදිය ආකාර, සමූහ සංඛ්‍යාත වූ කය අනුව විමසා බැලීම ද ‘කය කෙරෙහි වූ කායානුපස්සනා’ යැයි මෙසේ ද අර්ථ දතයුතුයි. මෙය සතර සතිපට්ඨානයන්ට ම සාධාරණ වූ අර්ථයයි.

සතිපට‍්ඨානන‍්ති තයො සතිපට‍්ඨානා සතිගොචරොපි, තිධා පටිපන‍්නෙසු සාවකෙසු සත්‍ථුනො පටිඝානුනයවීතිවත‍්තතාපි, සතිපි. “චතුන‍්නං, භික‍්ඛවෙ, සතිපට‍්ඨානානං සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච දෙසිස‍්සාමි, තං සුණාථ සාධුකං මනසි කරොථ…පෙ… කො ච, භික‍්ඛවෙ, කායස‍්ස සමුදයො? ආහාරසමුදයා කායසමුදයො”තිආදීසු (සං· නි· 5.408) හි සතිගොචරො “සතිපට‍්ඨාන”න‍්ති වුච‍්චති . තථා “කායො උපට‍්ඨානං, නො සති, සති උපට‍්ඨානඤ‍්චෙව සති චා”තිආදීසුපි (පටි· ම· 3.35). තස‍්සත්‍ථො – පතිට‍්ඨාති අස‍්මින‍්ති පට‍්ඨානං. කා පතිට‍්ඨාති? සති. සතියා පට‍්ඨානං සතිපට‍්ඨානං, පධානට‍්ඨානන‍්ති වා පට‍්ඨානං, සතියා පට‍්ඨානං සතිපට‍්ඨානං, හත්‍ථිට‍්ඨානඅස‍්සට‍්ඨානාදීනි විය.

සතිපට්ඨානං යනුවෙන් ස්මෘතියට ගෝචර වූ, තවද කරුණු තුනක් ගැනේ. එනම්: තුන් ආකාරයෙකින් පිළිපන් ශ්‍රාවකයන් කෙරෙහි, බුදුරදුන්ගේ දොම්නස හා ඇල්ම ඉක්ම වූ (ඒ දෙකින් තොර වූ) බවයි. ආකල්පයයි. ‘චතුණ්ණං භික්ඛවෙ සතිපට්ඨානානං සමුදයඤ්ච අත්‍ථගමඤ්ච දෙසිස්සාමි, තං සුණාථ සාධුකං -පෙ- කො ච භික්ඛවෙ කායස්ස සමුදයො? ආහාර සමුදයා කාය සමුදයො’ (මහණෙනි! සතර සතිපට්ඨානයන්ගේ ඇතිවීමත්, නැතිවීමත් පිළිබඳව දේශනා කරමි. එය මනාව අසවු. -පෙ- මහණෙනි! කුමකින් කය හටගනී ද? ආහාර හේතුවෙන් කය හටගනියි.) යනාදියෙහි සති ගෝචරය සතිපට්ඨාන යැයි කියයි. එසේම ‘කායො උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙව සති චාති’ (කය එළඹ සිටින්නක් මිස සිහිය නොවේ. සිහිය එළඹ සිටින්නක් මෙන් ම සිහිය ද වේ.) යනාදියෙහි ද එම අර්ථයයි. ‘මෙහි පිහිටති’යි යන අරුතින් ‘පට්ඨාන’ නම් වේ. (එනම්) කයයි. නො එළඹ සිටි සිහිය යි. සිහියෙහි පිහිටීම, ‘සතිපට්ඨානං’ නම් වේ. නැතහොත් - ප්‍රමුඛ (ප්‍රධාන) වූයේ නුයි පට්ඨාන නම් වේ. සිහියේ ප්‍රධානත්වය, පිහිටීම සතිපට්ඨානයයි. ‘හත්‍ථිට්ඨාන’, ‘අස්සථඨාන’ ආදිය මෙනි.

“තයො සතිපට‍්ඨානා යදරියො සෙවති, යදරියො සෙවමානො සත්‍ථා ගණමනුසාසිතුමරහතී”ති (ම· නි· 3.304, 311) එත්‍ථ තිධා පටිපන‍්නෙසු සාවකෙසු සත්‍ථුනො පටිඝානුනයවීතිවත‍්තතා “සතිපට‍්ඨාන”න‍්ති වුත‍්තා. තස‍්සත්‍ථො – පට‍්ඨපෙතබ‍්බතො පට‍්ඨානං, පවත‍්තයිතබ‍්බතොති අත්‍ථො. කෙන පට‍්ඨපෙතබ‍්බොති? සතියා, සතියා පට‍්ඨානං සතිපට‍්ඨානන‍්ති. “චත‍්තාරො සතිපට‍්ඨානා භාවිතා බහුලීකතා සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ පරිපූරෙන‍්තී”තිආදීසු (ම· නි· 3.147) පන සතියෙව “සතිපට‍්ඨාන”න‍්ති වුච‍්චති. තස‍්සත්‍ථො – පතිට‍්ඨාතීති පට‍්ඨානං, උපට‍්ඨාති ඔක‍්කන‍්තිත්‍වා පක‍්ඛන්‍දිත්‍වා පවත‍්තතීති අත්‍ථො. සතියෙව පට‍්ඨානන‍්ති සතිපට‍්ඨානං. අථ වා සරණට‍්ඨෙන සති, උපට‍්ඨානට‍්ඨෙන පට‍්ඨානං. ඉති සති ච සා පට‍්ඨානඤ‍්චාතිපි සතිපට‍්ඨානං. ඉදමිධ අධිප‍්පෙතං. තං සතිපට‍්ඨානං. භාවෙන‍්තොති වඩ‍්ඪෙන‍්තො. එත්‍ථ ච යං තිධා පටිපන‍්නෙසු සාවකෙසු සත්‍ථුනො පටිඝානුනයවීතිවත‍්තතා “සතිපට‍්ඨාන”න‍්ති වුත‍්තං, තං ඉමිනා සුත‍්තෙන ගහෙතබ‍්බං. වුත‍්තඤ‍්හෙතං භගවතා –

‘තයො සතිපට්ඨානා යදරියො සෙවත යදරියො සෙවමානො සත්‍ථා ගණමනුසාසිතුමරහති (යම් සතිපට්ඨානයක් ආර්යයන් වහන්සේ ඇසුරු කෙරෙත් ද, යම් සතිපට්ඨානයක් ඇසුරු කරන ශාස්තෲ වූ ආර්යයන් වහන්සේ (ශ්‍රාවක) ගණයාට අනුශාසනය කරනු යුතු වේ ද, එම සතිපට්ඨාන තුනයි.) යන මෙහි ත්‍රිවිධාකාරයෙන් පිළිපන් ශ්‍රාවකයන් කෙරෙහි ශාස්තෲන් වහන්සේගේ දොම්නස හා ඇල්ම (යන දෙකම) ඉක්මවා සිටි බව සතිපට්ඨාන යැයි කියන ලදී. එහි අර්ථ මෙසේයි. පිහිටුවිය යුතු බැවින් පට්ඨාන නම් වේ. පැවැත්විය යුතු බැවිනැයි යන අර්ථයි. කුමකින් පිහිටුවිය යුතු ද? සිහියෙනි. සිහියෙන් පිහිටුවීම සතිපට්ඨාන යයි. ‘සතර සතිපට්ඨානයෝ වඩන ලද්දාහු. පුරුදු කරන ලද්දහු සප්ත බෝධ්‍යංගයන් සම්පූර්ණ කෙරෙති.’ (චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්තබොජ්ඣංගෙ පරිපූරෙන්ති) ආදියෙහිද එම අරුත වේ. නැවත සිහිය ම ‘සතිපට්ඨානං’ යැයි කියන ලදී. එහි අර්ථ මෙසේයි. පිහිටානුයි පට්ඨාන නම් වේ. ‘එළඹ සිටිති’යි දුව-පැන (පසුව එක්තැන) පවතිති’යි යන අර්ථයි. සිහියම සතිපට්ඨාන නම් වේ. නැතහොත් හැසිරෙති යන අර්ථයෙන් සති (සිහිය) නමි. පිහිටුවීම් අර්ථයෙන් පට්ඨාන නමි. ‘සති’ වූයේ ද එම ‘පට්ඨාන’ වූයේ ද එම ‘සතිපට්ඨාන’ වේ. මෙසේ මෙහිදී මේ අර්ථය අභිප්‍රේතයි. ඒ සතිපට්ඨානය භාවෙන්තො යනු වඩමිනි. මෙහි දී ද ත්‍රිවිධාකාරයෙන් පිළිපන් ශ්‍රාවකයන් කෙරෙහි ශාස්තෲන් වහන්සේගේ දොම්නස හා ඇල්ම ඉක්මවා සිටින ස්වභාවය සතිපට්ඨාන යයි කියන ලදී. එය මේ සූත්‍රයෙන් ගතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දෙසන ලදී.

“තයො සතිපට‍්ඨානා යදරියො සෙවති, යදරියො සෙවමානො සත්‍ථා ගණමනුසාසිතුමරහතී”ති (ම· නි· 3.304, 311) ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං. ඉධ, භික‍්ඛවෙ, සත්‍ථා සාවකානං ධම‍්මං දෙසෙති අනුකම‍්පකො හිතෙසී අනුකම‍්පං උපාදාය “ඉදං වො හිතාය ඉදං වො සුඛායා”ති. තස‍්ස සාවකා න සුස‍්සූසන‍්ති, න සොතං ඔදහන‍්ති, න අඤ‍්ඤා චිත‍්තං උපට‍්ඨපෙන‍්ති, වොක‍්කම‍්ම ච සත්‍ථු සාසනා වත‍්තන‍්ති. තත්‍ර, භික‍්ඛවෙ, තථාගතො න චෙව අනත‍්තමනො හොති, න ච අනත‍්තමනතං පටිසංවෙදෙති , අනවස‍්සුතො ච විහරති සතො සම‍්පජානො. ඉදං, භික‍්ඛවෙ, පඨමං සතිපට‍්ඨානං. යදරියො…පෙ… මරහති.

‘තයො සතිපට්ඨානා යදරියො සෙවති යදරියො සෙවමානො සත්‍ථා ගණමනුසාසි තුමරහති’ (යම් සතිපට්ඨානයක් ආර්යයන් වහන්සේ ඇසුරු කෙරෙත් ද, යම් සතිපට්ඨානයක් ඇසුරු කරන ශාස්තෲ වූ ආර්යයන් වහන්සේ (ශ්‍රාවක) ගණයාට අනුශාසනය කරනු යුතු වේ ද, එම සතිපට්ඨාන තුනයි.) යනුවෙන් මෙය දක්වන ලදී. කුමක් නිසා මෙය දක්වන ලද්දේ ද යත්, ‘මහණෙනි! මේ සසුනෙහි ශාස්තෲන් වහන්සේ ශ්‍රාවකයන්ට දහම් දෙසන සේක්, අනුකම්පකව, හිතෛෂීව, අනුකම්පාව උපදවා, ‘මෙය ඔබට හිත පිණිස පවතී’ ‘මෙය ඔබට සුව පිණිස පවතී’ යනුවෙන් දෙසති. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ එය මනාව නො අසති. මනාව කන් යොමු නොකරති. දැනගැනීමේ සිත නො එළවති. ඔවුහු ශාස්තෲ ශාසනයෙන් ඉවත්ව ජීවත් වෙති. මහණෙනි, එකල්හි තථාගතයන් වහන්සේ නොසතුටු සිත් ඇති නොවෙත්මය. නොසතුටු සිත් ඇති බව නොම විඳිති. සිහි ඇතිව, මනාකොට දැන (කෙලෙසුන්ගෙන්) නොතෙත්ව (නොකිලිටිව) වැඩ වෙසෙති. මහණෙනි, මේ පළමු සතිපට්ඨානය යම් (සතිපට්ඨානයක්) ආර්යයන් වහන්සේ -පෙ- සුදුසු වේ.

“පුන චපරං, භික‍්ඛවෙ, සත්‍ථා…පෙ… ඉදං වො සුඛායාති. තස‍්ස එකච‍්චෙ සාවකා න සුස‍්සූසන‍්ති…පෙ… වත‍්තන‍්ති. එකච‍්චෙ සාවකා සුස‍්සූසන‍්ති…පෙ… න ච වොක‍්කම‍්ම සත්‍ථු සාසනා වත‍්තන‍්ති. තත්‍ර, භික‍්ඛවෙ, තථාගතො න චෙව අනත‍්තමනො හොති, න ච අනත‍්තමනතං පටිසංවෙදෙති, න ච අත‍්තමනො හොති, න ච අත‍්තමනතං පටිසංවෙදෙති. අනත‍්තමනතා ච අත‍්තමනතා ච තදුභයං අභිනිවජ‍්ජෙත්‍වා උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො. ඉදං වුච‍්චති, භික‍්ඛවෙ, දුතියං…පෙ….

‘මහණෙනි, නැවත ද ශාස්තෲන් වහන්සේ -පෙ- මෙය ඔබට සුව පිණිස පවතී’ එය ඇතැම් ශ්‍රාවක කෙනෙක් මනාව නො අසති. -පෙ- වසති. ඇතැම් ශ්‍රාවක කෙනෙක් මනාව අසති. -පෙ- මේ ශාස්තෲ ශාසනයෙන් නො ඉවත්ව වෙසෙති. මහණෙනි, එහිදී තථාගතයන් වහන්සේ සතුටු සිත් ඇති නොවෙති. සතුටු සිත් ඇති බව නොම විඳිති. අසතුටු සිත් ඇති නො වෙති. අසතුටු සිත් ඇති බව නො විඳිති. අසතුටු සිත් ඇති නො වෙති. අසතුටු සිත් ඇති බව නො විඳිති. සතුටු සිත් ඇති ඇති බව ද නොසතුටු සිත් ඇති බව ද යන දෙකම වලක්වා උපේක්‍ෂා සහගතව, සිහි ඇතිව මනාකොට දැන වැඩ වෙසෙති. මහණෙනි, මෙය දෙවැනි -පෙ-’

“පුන චපරං…පෙ… ඉදං වො සුඛායාති. තස‍්ස සාවකා සුස‍්සූසන‍්ති…පෙ… වත‍්තන‍්ති. තත්‍ර, භික‍්ඛවෙ, තථාගතො අත‍්තමනො චෙව හොති, අත‍්තමනතඤ‍්ච පටිසංවෙදෙති, අනවස‍්සුතො ච විහරති සතො සම‍්පජානො. ඉදං වුච‍්චති, භික‍්ඛවෙ, තතිය”න‍්ති (දී· නි· 3.311).

‘නැවත ද මහණෙනි, -පෙ- සුව පිණිස පවතියි. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ මනාව අසති. -පෙ- පවතිති. මහණෙනි, තථාගතයන් වහන්සේ සතුටු සිත් ඇත්තේම වෙති. සතුටු සිත් ඇති බව ද අත්විඳිති. සිහි ඇතිව මනාකොට දැන (කෙලෙසුන්ගෙන්) නොතෙත්ව (කිළිටි නොවී) වැඩ වෙසෙති. මහණෙනි, මේ තෙවැනි -පෙ-’

එවං පටිඝානුනයෙහි අනවස‍්සුතතා නිච‍්චං උපට‍්ඨිතසතිතාය තදුභයං වීතිවත‍්තතා “සතිපට‍්ඨාන”න‍්ති වුත‍්තා. බුද‍්ධානමෙව කිර නිච‍්චං උපට‍්ඨිතසතිතා හොති, න පච‍්චෙකබුද‍්ධාදීනන‍්ති.

මෙසේ දොම්නස හා ඇල්ම යන දෙකින් නො කිළිටි වූ, එළ වූ සිහි ඇති බැවින් ඒ දෙක ඉක්මවා පැවතීම, ‘සතිපට්ඨාන’ යැයි කියන ලදී. සම්මා සම්බුදුවරුන්ගේ ම නිතර එළඹ සිටි සිහි ඇති බව වේ. පසේබුදු ආදීන්ගේ එසේ නොවෙති.

වෙදනාසු වෙදනානුපස‍්සනාතිආදීසු වෙදනාදීනං පුන වචනෙ පයොජනං කායානුපස‍්සනායං වුත‍්තනයෙනෙව යථායොගං යොජෙත්‍වා වෙදිතබ‍්බං. අයම‍්පි සාධාරණත්‍ථො. සුඛාදීසු අනෙකප‍්පභෙදාසු වෙදනාසු විසුං විසුං අනිච‍්චාදිතො එකෙකවෙදනානුපස‍්සනා. සරාගාදිකෙ සොළසප‍්පභෙදෙ චිත‍්තෙ විසුං විසුං අනිච‍්චාදිතො එකෙකචිත‍්තානුපස‍්සනා. කායවෙදනාචිත‍්තානි ඨපෙත්‍වා සෙසතෙභූමකධම‍්මෙසු විසුං විසුං අනිච‍්චාදිතො එකෙකධම‍්මානුපස‍්සනා සතිපට‍්ඨානසුත‍්තන‍්තෙ වුත‍්තනයෙන නීවරණාදිධම‍්මානුපස‍්සනාති. එත්‍ථ ච කායෙති එකවචනං, සරීරස‍්ස එකත‍්තා. චිත‍්තෙති එකවචනං, චිත‍්තස‍්ස සභාවභෙදාභාවතො ජාතිග‍්ගහණෙන කතන‍්ති වෙදිතබ‍්බං. යථා ච වෙදනාදයො අනුපස‍්සිතබ‍්බා, තථානුපස‍්සන‍්තො වෙදනාසු වෙදනානුපස‍්සනා, චිත‍්තෙ චිත‍්තානුපස‍්සනා, ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනාති වෙදිතබ‍්බා. කථං වෙදනා අනුපස‍්සිතබ‍්බා? සුඛා තාව වෙදනා දුක‍්ඛතො, දුක‍්ඛා වෙදනා සල‍්ලතො, අදුක‍්ඛමසුඛා අනිච‍්චතො අනුපස‍්සිතබ‍්බා. යථාහ –

වේදනාවන් කෙරෙහි වේදනානුපස්සනා සතිපට්ඨාන ආදියෙහි ද, වේදනාවන් නැවත කීමෙහි යෙදීම කායානුපස්සනාවෙහි පැවසූ පරිදිම යෝග්‍ය සේ යොදා අර්ථ දතයුතුයි. මේ වනාහි (සතිපට්ඨාන සතරටම) පොදු වූ අර්ථයි. සුඛ (වේදනාව) ආදී අනේකප්‍රභේද ඇති වේදනාවන් අතුරෙන් එක් එක් වේදනාවක් වෙන වෙන ම ගෙන අනිත්‍යදී ත්‍රිලක්‍ෂණ වශයෙන් සිහිනුවණින් බැලීම (හෙවත් වේදනානුපස්සනාව) ද, සරාග සිත් සොළොසක් ප්‍රභේද ඇති සිත් එකක් එකක් වෙන් වෙන්ව ගෙන අනිත්‍යාදී වශයෙන් සිහි නුවණින් බැලීම (හෙවත් චිත්තානුපස්සනාව) ද කාය-වේදනා-චිත්තයන් හැර, සෙසු ත්‍රෛභූමික ධර්මයන් අතුරෙන් එකක් එකක් වෙන් වෙන්ව ගෙන සිහිනුවණින් බැලීම (හෙවත් ධම්මානුපස්සනාව) ද සතිපට්ඨාන සූත්‍රයෙහි කියන ලද නයින් නීවරණ ආදී ධර්මයන් සිහිනුවණින් බැලීම (හෙවත් නීවරණාදී) ධම්මානුපස්සනාවදැයි යනුවෙනි. මෙහි ද ‘කායෙ’ යනුවෙන් ඒකවචනය ශරීරය ඒකත්වයෙන් (එකක් වශයෙන්) ගැනීමෙන් ද ‘චිත්තෙ’ යැයි ඒකවචනය සිතේ ස්වාභාවික භේද නොමැති හෙයින් ජාති ග්‍රහණයෙන් ද කරන ලදැයි දතයුතුයි. යම්සේ වේදනාදිය විමසා බැලිය යුතු වේද, එසේ වූ වේදනාවන් විමසා බැලීම වේදනානුපස්සනා නම් වේ. සිත පිළිබඳව විමසා බැලීම චිත්තානුපස්සනාවයි. ධර්මයන් පිළිබඳව විමසා බැලීම’ ධම්මානුපස්සනාව’යි යනුවෙන් අවබෝධ කරගත යුතුයි. පළමුව වේදනාවන් කෙසේ විමසා බැලිය යුතු ද? පළමුව සැප වේදනාව පවතී ද, ඒතාක් වූ සැප වේදනාව දුක් වශයෙන් ද, දුක් වේදනාව හුලක් වශයෙන් ද අදුක්ඛමසුඛ වේදනාව අනිත්‍ය වශයෙන් ද විමසා බැලිය යුතුයි. එනිසා කියන ලදී.

“යො සුඛං දුක‍්ඛතො අද‍්ද, දුක‍්ඛමද‍්දක‍්ඛි සල‍්ලතො; අදුක‍්ඛමසුඛං සන‍්තං, අද‍්දක‍්ඛි නං අනිච‍්චතො; ස වෙ සම‍්මද‍්දසො භික‍්ඛු, පරිජානාති වෙදනා”ති. (සං· නි· 4.253);

යො සුඛං දුක්ඛතො දදක්ඛි දුක්ඛමද්දක්ඛි සල්ලතො, අදුක්ඛමසුඛං සන්තං අද්දක්ඛි නං අනිච්චතො, සවෙ සම්මද්දසො භික්ඛු පරිජානාති වෙදනා

යමෙක් සැප වේදනාව දුක් වශයෙන් ද දුක් වේදනාව හුලක් වශයෙන් ද අදුක්ඛමසුඛ වේදනාව ශාන්ත වශයෙන් ද, අනිත්‍ය වශයෙන් ද දකියි නම් ඒ භික්‍ෂු තෙමේ මනාව දකිනුයේ ම ඒකාන්තයෙන් ම වේදනාව පිරිසිඳ දැනගනියි.

සබ‍්බා එව චෙතා දුක‍්ඛතොපි අනුපස‍්සිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං “යං කිඤ‍්චි වෙදයිතං, තං දුක‍්ඛස‍්මින‍්ති වදාමී”ති (සං· නි· 4.259). සුඛදුක‍්ඛතොපි ච අනුපස‍්සිතබ‍්බා. යථාහ “සුඛා වෙදනා ඨිතිසුඛා, විපරිණාමදුක‍්ඛා. දුක‍්ඛා වෙදනා ඨිතිදුක‍්ඛා, විපරිණාමසුඛා. අදුක‍්ඛමසුඛා වෙදනා ඤාණසුඛා, අඤ‍්ඤාණදුක‍්ඛා”ති (ම· නි· 1.465). අපි ච අනිච‍්චාදිසත‍්තවිපස‍්සනාවසෙනාපි අනුපස‍්සිතබ‍්බා. චිත‍්තධම‍්මෙසුපි චිත‍්තං තාව ආරම‍්මණාධිපතිසහජාතභූමිකම‍්මවිපාකකිරියාදිනානත‍්තභෙදානං අනිච‍්චාදිසත‍්තානුපස‍්සනානං සරාගාදිසොළසභෙදානඤ‍්ච වසෙන අනුපස‍්සිතබ‍්බං. ධම‍්මා සලක‍්ඛණසාමඤ‍්ඤලක‍්ඛණානං සුඤ‍්ඤතධම‍්මස‍්ස අනිච‍්චාදිසත‍්තානුපස‍්සනානං සන‍්තාසන‍්තාදීනඤ‍්ච වසෙන අනුපස‍්සිතබ‍්බා.

ඒ සියලු වේදනාවන් දුක් වශයෙන් ද විමසා බැලිය යුතුයි. මෙය කියන ලදී. ‘යම්කිසි විඳිය යුත්තක් වේද ඒ සියල්ල දුක යැයි කියමි’යි සැප දුක් වශයෙන් ද විමසා බැලිය යුතුයි. ‘සුඛ වේදනාව පවත්නා තාක් සැප වේ. වෙනස්වීම දුක් වේ. දුක් වේදනාව පවතින තාක් දුක් වේ. වෙනස්වීම සැප වේ. අදුක්ඛමසුඛ වේදනාව දැනගැනීම සැප වේ. නොදැනීම දුක වේ.’ තවද අනිත්‍යාදී සත් අනුපස්සනා වශයෙන් ද බැලිය යුතුය. චිත්ත ධම්මයන් අතුරෙන් ද පළමුව සිත ආරම්මණාධිපති, සහජාත යන ප්‍රත්‍යය වශයෙන් ද භූමිකම්ම කිරිය ආදී නානාවිධ භේද වශයෙන් ද අනිත්‍යාදී සත්ත අනුපස්සනාවන් හා සරාග ආදී ෂෝඩෂ ප්‍රභේදයන් වශයෙන් ද විමසා බැලිය යුතුයි. ධර්මයෝ සලක්ඛණ සාමාන්‍ය ලක්‍ෂණයන් වශයෙන් ද ශුන්‍යතා ධර්මයක් වශයෙන් ද අනිත්‍යදී සත්ත අනුපස්සනාවන් වශයෙන් ද ශාන්ත ආශාන්තාදීන් වශයෙන් ද විමසා බැලිය යුතුයි.

ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා පුබ‍්බභාගෙ නානාචිත‍්තෙසු ලබ‍්භන‍්ති. අඤ‍්ඤෙනෙව හි චිත‍්තෙන කායං පරිග‍්ගණ‍්හාති, අඤ‍්ඤෙන වෙදනං, අඤ‍්ඤෙන චිත‍්තං, අඤ‍්ඤෙන ධම‍්මෙ පරිග‍්ගණ‍්හාති, ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ පන එකචිත‍්තෙයෙව ලබ‍්භන‍්තීති. ආදිතො හි කායං පරිග‍්ගණ‍්හිත්‍වා ආගතස‍්ස විපස‍්සනාසම‍්පයුත‍්තා සති කායානුපස‍්සනා නාම, තාය සතියා සමන‍්නාගතො පුග‍්ගලො කායානුපස‍්සී නාම. විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරියමග‍්ගං පත‍්තස‍්ස මග‍්ගක‍්ඛණෙ මග‍්ගසම‍්පයුත‍්තා සති කායානුපස‍්සනා නාම, තාය සතියා සමන‍්නාගතො පුග‍්ගලො කායානුපස‍්සී නාම.

මේ සතර සතිපට්ඨානයෝ පූර්වභාගයෙහි මාර්ග ක්‍ෂණයට ප්‍රථමයෙන් නානාවිධ චිත්තයන්හි ලැබෙති. ‘එක් සිතෙකින් කය පරීක්‍ෂා කරයි. අනෙක් සිතෙකින් වේදනාව ද අනෙකෙකින් සිත ද, තවද අනෙකෙකින් ධර්මයන් ද පරීක්‍ෂා කරයි. ලෝකෝත්තර මාර්ග ක්‍ෂණයෙහි වනාහි එක් සිතෙකම ලැබෙයි’ යනාදී වශයෙන් කය පිළිබඳව මුලපටන් පරීක්‍ෂා කර, පැමිණියහුගේ විදර්ශනා සම්ප්‍රයුක්ත සිහිය ‘කායානුපස්සනා නම් වේ, එම සතියෙන් සමන්විත පුද්ගල තෙමේ කායානුපස්සී නම් වේ. විදර්ශනාව උත්සාහවත් කරවා ආර්ය මාර්ගයට පැමිණියහුගේ මාර්ග ක්‍ෂණයෙහි මාර්ග සම්ප්‍රයුක්ත වූ සිහිය කායානුපස්සනා නම් වේ. එම සිහියෙන් යුක්ත වූ පුද්ගලයා ‘කායානුපස්සී’ නම් වේ.

වෙදනං පරිග‍්ගණ‍්හිත්‍වා චිත‍්තං පරිග‍්ගණ‍්හිත්‍වා ධම‍්මෙ පරිග‍්ගණ‍්හිත්‍වා ආගතස‍්ස විපස‍්සනාසම‍්පයුත‍්තා සති ධම‍්මානුපස‍්සනා නාම, තාය සතියා සමන‍්නාගතො පුග‍්ගලො ධම‍්මානුපස‍්සී නාම. විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරියමග‍්ගං පත‍්තස‍්ස මග‍්ගක‍්ඛණෙ මග‍්ගසම‍්පයුත‍්තා සති ධම‍්මානුපස‍්සනා නාම, තාය සතියා සමන‍්නාගතො පුග‍්ගලො ධම‍්මානුපස‍්සී නාම, එවං තාව දෙසනා පුග‍්ගලෙ තිට‍්ඨති, කායෙ පන “සුභ”න‍්ති විපල‍්ලාසප‍්පහානා කායපරිග‍්ගාහිකා සති මග‍්ගෙන සමිජ‍්ඣතීති කායානුපස‍්සනා නාම. වෙදනාය “සුඛ”න‍්ති විපල‍්ලාසප‍්පහානා වෙදනාපරිග‍්ගාහිකා සති මග‍්ගෙන සමිජ‍්ඣතීති වෙදනානුපස‍්සනා නාම. චිත‍්තෙ “නිච‍්ච”න‍්ති විපල‍්ලාසප‍්පහානා චිත‍්තපරිග‍්ගාහිකා සති මග‍්ගෙන සමිජ‍්ඣතීති චිත‍්තානුපස‍්සනා නාම. ධම‍්මෙසු “අත‍්තා”ති විපල‍්ලාසප‍්පහානා ධම‍්මපරිග‍්ගාහිකා සති මග‍්ගෙන සමිජ‍්ඣතීති ධම‍්මානුපස‍්සනා නාම. ඉති එකාව මග‍්ගසම‍්පයුත‍්තා සති චතුකිච‍්චසාධකට‍්ඨෙන චත‍්තාරි නාමානි ලභති. තෙන වුත‍්තං “ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ පන එකචිත‍්තෙයෙව ලබ‍්භන‍්තී”ති.

වේදනාව පරීක්‍ෂා කර, -පෙ- සිත පරීක්‍ෂා කර පෙ- ධර්මයන් පරීක්‍ෂා කර පැමිණියහුගේ විදර්ශනා සම්ප්‍රයුක්ත වූ සිහිය -පෙ- ධම්මානුපස්සනා නම් වේ. එය සිහිකිරීමෙන් යුතු පුද්ගලයා ධම්මානුපස්සී නම් වේ. විදර්ශනාව උත්සාහවත් කොට ආර්ය මාර්ගයට පැමිණි තැනැත්තාගේ මාර්ග ක්‍ෂණයෙහි මාර්ග සම්ප්‍රයුක්ත වූ සිහිය ධම්මානුපස්සනා නම් වේ. ඒ සිහියෙන් යුක්ත වූයේ ධම්මානුපස්සී නම් වේ, මෙසේ මේ දේශනාව පළමුව පුද්ගලයා වෙත සිටියි. (යොමුවෙයි.) කය විෂයයෙහි ‘ශුභ’ යැයි යන විපර්යාසය (විපරීත සිත) ප්‍රහීණ කරන කය පිළිබඳ සිහිය මාර්ගයෙන් සමෘද්ධ වෙතියි ‘කායානුපස්සනා’ නම් වේ. වේදනාව විෂයයෙහි, ‘සුවයකැ’යි යන විපර්යාස සිත ප්‍රහීණ කරන, වේදනාව පිළිබඳ සිහිය ‘මාර්ගයෙන් සමෘද්ධ වෙති’යි වේදනානුපස්සනා නම් වේ. සිත විෂයයෙහි ‘නිත්‍යයැ’යි යන විපරීතය ප්‍රහීණ කරන සිත පිළිබද සිහිය මාර්ගයෙන් සමෘද්ධ වෙති’යි චිත්තානුපස්සනා නම් වේ. ධර්මයන් කෙරෙහි ආත්ම යැයි විපර්යාසයව ඇති සිත ප්‍රහීණ කරන, ධර්මයන් පිළිබඳ සිහිය මාර්ගයෙන් සමෘද්ධ වෙති’යි ධම්මානුපස්සනා නම් වේ. මෙසේ ‘මාර්ග සම්ප්‍රයුක්ත වූ එකම සතිය කෘත්‍ය සතරක් සිදු කෙරෙති’යි යන අරුතින් නම් සතරක් ලබයි. එහෙයින් ‘ලෝකෝත්තර මාර්ග ක්‍ෂණයෙහි දී වනාහි එකම සිතෙක ලැබෙති’ යි කියන ලදී.

පුන උපකාරවසෙන ච අපරිහීනවසෙන ච ගුණවසෙන ච අපරෙ තයො චතුක‍්කා වුත‍්තා. තත්‍ථ අසතිපරිවජ‍්ජනායාති න සති අසති, සති එත්‍ථ නත්‍ථීති වා අසති, මුට‍්ඨස‍්සතියා එතං අධිවචනං. පරිවජ‍්ජනායාති සමන‍්තතො වජ‍්ජනෙන. භත‍්තනික‍්ඛිත‍්තකාකසදිසෙ හි මුට‍්ඨසතිපුග‍්ගලෙ පරිවජ‍්ජනෙන උපට‍්ඨිතසතිපුග‍්ගලසෙවනෙන ඨානනිසජ‍්ජාදීසු සතිසමුට‍්ඨාපනත්‍ථං නින‍්නපොණපබ‍්භාරචිත‍්තතාය ච සති උප‍්පජ‍්ජති. සතිකරණීයානං ධම‍්මානන‍්ති සතියා කාතබ‍්බානං ධම‍්මානං. කතත‍්තාති කතභාවෙන. චතුන‍්නං මග‍්ගානං කතත‍්තා, භාවිතත‍්තාති අත්‍ථො. සතිපරිබන්‍ධානං ධම‍්මානං හතත‍්තාති කාමච‍්ඡන්‍දාදීනං නාසිතභාවෙන. සතිනිමිත‍්තානං ධම‍්මානං අසම‍්මුට‍්ඨත‍්තාති සතියා කාරණානං කායාදිආරම‍්මණානං අනට‍්ඨභාවෙන. සතියා සමන‍්නාගතත‍්තාති සතියා සම‍්මා ආගතත‍්තා අපරිහීනත‍්තා ච. වසිතත‍්තාති වසිභාවප‍්පත‍්තෙන. පාගුඤ‍්ඤතායාති පගුණභාවෙන. අපච‍්චොරොහණතායාති අනිවත‍්තනභාවෙන අපච‍්චොසක‍්කනභාවෙන.

උපකාර වශයෙන් ද අපරිහීන (නොපිරිහීම) වශයෙන් ද ප්‍රගුණ වශයෙන් ද යලිදු අනෙක් චතුෂ්ක (සිවු ආකාර) තුන දක්වන ලදී. එහි අසති පරිවජ්ජනාය යනු සති (සිහි) නොවනුයේ ‘අසති’ නම් වේ. සිහිය මෙහි නැත්තේනුයි හෝ අසති නමි. මුළා වූ සිහියට මේ තවත් සමාන අරුත් ඇති වදනෙකි. පරිවජ්ජනාය යනු හාත්පසින්ම වර්ජනය කිරීමෙන්, බත් දැමූ කළ කවුඩන් මෙන් මුළා සිහි ඇති පුද්ගලයන් පරිවර්ජනය කිරීමෙනි. එළ වූ සිහි ඇති පුද්ගලයන් සේවනය කිරීමෙන් සිටීම්, හිඳීම් ආදියෙහි සිහිය පිහිටුවා ගැනීම පිණිස නැඹුරු වූ ප්‍රවණ වූ වෙතට නැමුණා වූ සිත් ඇති බැව්හි සිහිය උපදියි. සතිකරණීයානං ධම්මානං යනු සිහිය පවත්වාගත යුතු ධර්මයන්ගේ. කතත්තා යනු කරන ලද බැවිනි. සතර මාර්ගයන් කරන ලද බැවිනි’ යි, ‘වඩන ලද බැවිනි’යි යන අරුති. සතිපටිපක්ඛානං ධම්මානං හතත්තා යනු කාමච්ඡන්දාදී සිහියට ප්‍රතිවිරුද්ධ ධර්මයන් නසන ලද බැවිනි. සතිමිත්තානං ධම්මානං අපම්මුට්ඨත්තා යනු සිහිය පවත්වා ගැනීම පිණිස නිමිති කොටගත යුතු කායාදී අරමුණු නොනට බැවිනි. (විනාශ නොවූ බැවිනි.) ‘සිහියෙන් යුක්ත වූ බැවිනි’යි සිහිය පිළිබඳ ධර්මයන් වෙත ආ බැවින් හා පිරිහී නොගිය බැවිනි. වසිත්තා යනු වශීභාවයට පත්වූ බැවිනි. පාගුඤ්ඤතාය ප්‍රගුණ වූ බැවිනි. අපච්චොරොහතාය යනු නොපෙරලෙන බැවිනි. නොපසුබස්නා බැවිනි.

සත‍්තත‍්තාති සභාවෙන විජ‍්ජමානත‍්තා. සන‍්තත‍්තාති නිබ‍්බුතසභාවත‍්තා. සමිතත‍්තාති කිලෙසානං වූපසමිතභාවත‍්තා. සන‍්තධම‍්මසමන‍්නාගතත‍්තාති සප‍්පුරිසධම‍්මෙහි අපරිහීනත‍්තා. බුද‍්ධානුස‍්සතිආදයො හෙට‍්ඨා වුත‍්තනයා එව. සරණකවසෙන සති, ඉදං සතියා සභාවපදං. පුනප‍්පුනං සරණතො අනුස‍්සරණවසෙන අනුස‍්සති. අභිමුඛං ගන‍්ත්‍වා විය සරණතො පටිසරණවසෙන පටිස‍්සති. උපසග‍්ගවසෙන වා වඩ‍්ඪිතමත‍්තමෙව. සරණාකාරො සරණතා. යස‍්මා පන සරණතාති තිණ‍්ණං සරණානම‍්පි නාමං, තස‍්මා තං පටිසෙධෙතුං පුන සතිග‍්ගහණං කතං. සතිසඞ‍්ඛාතා සරණතාති අයඤ‍්හෙත්‍ථ අත්‍ථො. සුතපරියත‍්තස‍්ස ධාරණභාවතො ධාරණතා. අනුපවිසනසඞ‍්ඛාතෙන ඔගාහනට‍්ඨෙන අපිලාපනභාවො අපිලාපනතා. යථා හි උදකෙ ලාබුකටාහාදීනි පලවන‍්ති, න අනුපවිසන‍්ති, න තථා ආරම‍්මණෙ සති. ආරම‍්මණඤ‍්හි එසා අනුපවිසති, තස‍්මා “අපිලාපනතා”ති වුත‍්තා. චිරකතචිරභාසිතානං න සම‍්මුස‍්සනභාවතො අසම‍්මුස‍්සනතා. උපට‍්ඨානලක‍්ඛණෙ ජොතනලක‍්ඛණෙ ච ඉන්‍දට‍්ඨං කාරෙතීති ඉන්‍ද්‍රියං, සතිසඞ‍්ඛාතං ඉන්‍ද්‍රියං සතින්‍ද්‍රියං. පමාදෙ න කම‍්පතීති සතිබලං. යාථාවසති නිය්‍යානසති කුසලසතීති සම‍්මාසති. බුජ‍්ඣනකස‍්ස අඞ‍්ගොති බොජ‍්ඣඞ‍්ගො, පසට‍්ඨො සුන්‍දරො වා බොජ‍්ඣඞ‍්ගො සම‍්බොජ‍්ඣඞ‍්ගො, සතියෙව සම‍්බොජ‍්ඣඞ‍්ගො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො.

සත්තත්තා යනු ස්වභාවයෙන් විද්‍යමාන වන බැවින්, සන්තත්තා යනු නිවුණු බැවින් සමිතත්තා යනු කෙලෙසුන් සන්සිඳුණු බැවිනි. සන්තධම්ම සමන්නාගතත්තා යනු සත්පුරුෂ ධර්මයන්ගෙන් නොපිරිහුණු බැවිනි. බුද්ධානුස්සති ආදිය ඉහතින් පැවසූ පරිදි ම වේ. සිහිකිරීම් වශයෙන් සිහිය අදහස් කරන ස්වභාවික පදය සති නම් වේ. නැවත නැවත සිහිකිරිමෙන්, අනුස්මරණය කිරීම් වශයෙන් අනුස්සති නමි. ඉදිරියට ගොස් මෙන් සිහිකරන හෙයින්, යලි සැමරීම් වශයෙන්. පටිස්සති නම් වේ. නැතහොත් මෙය උපසර්ග වශයෙන් හෝ හුදෙක් අර්ථය වැඩිකිරීම් පමණකි. සිහිකරන ආකාරය සරණතා නමි. යම් හෙයකින් සරණතා යනු ත්‍රිවිධ රත්නයට ද නමක් වේ ද එහෙයින් (එසේ අර්ථ ගැනීම) වළකනු සඳහා නැවත ‘සති’ යන්න යොදන ලදී. (දෙවරක් ‘සති’ යන පදය යෙදූ හේතුව දක්වයි.) මෙහි සති සංඛ්‍යාත වූ සරණයයි. සූත්‍ර පර්යාප්තිය දරණ බව ධාරණතා නම් වේ. අනුපවිසන සංඛ්‍යාත වූ (පිවිසීම යැයි කියනු ලබන) අවගාහාර්ථයෙන් (ගිලීම) යන අර්ථයෙන් නො ඉල්පෙන බව අපිලාපනතා නමි. යම්සේ ලබුකලස් ආදිය (දියමත) ඉල්පේද, (දියෙහි) නොගිලේ ද, අරමුණෙහි යොදවන ලද සිහිය එසේ නොවේ. මේ (සිහිය) වනාහි අරමුණෙහි ප්‍රවිෂ්ට වෙයි. එහෙයින් ‘අපිලාපනතා’ (නො ඉල්පීම) යි කියන ලදී. බොහෝ කාලයක් කරන ලද, බොහෝ කාලයක් කියන ලද කරුණු (අමතක නොවී, විස්මෘත නොවී පවත්නා බව අසම්මුස්සනතා නමි. සමීපව සිටි හෝ එළඹ සිටි ලක්‍ෂණයෙහි ප්‍රධාන බව කරන්නේනුයි ඉන්‍ද්‍රිය නමි. සිහිය නම් වූ ඉන්‍ද්‍රිය සතින්‍ද්‍රියං සතින්‍ද්‍රිය නමි. ප්‍රමාදයකින් නොසැලේනුයි සති බලං නමි. විය යුතු ආකාර වූ සිහිය, නිදහස (මෝක්‍ෂය) වෙත යොමු කරවන සිහිය, කුසල් සිහිය සම්මා සති නමි. අවබෝධ කරගන්නහුගේ අගය ‘බොජ්ඣංග’ නමි. ප්‍රශස්ත වූ, සුන්දර වූ, බොජ්ඣංගය සම්බොජ්ඣංග නම් වේ. ‘සති’ යනු ම (සිහිය ම) සම්බොජ්ඣංග වූයේ නුයි සති සම්බොජ්ඣංගො සති සම්බොජ්ඣංග නම් වේ.

එකායනමග‍්ගොති එකමග‍්ගො, අයං මග‍්ගො න ද‍්වෙධාපථභූතොති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. අථ වා එකෙන අයිතබ‍්බොති එකායනො. එකෙනාති ගණසඞ‍්ගණිකං පහාය වූපකට‍්ඨෙන පවිවිත‍්තචිත‍්තෙන. අයිතබ‍්බො පටිපජ‍්ජිතබ‍්බො, අයන‍්ති වා එතෙනාති අයනො, සංසාරතො නිබ‍්බානං ගච‍්ඡතීති අත්‍ථො . එකස‍්ස අයනො එකායනො. එකස‍්සාති සෙට‍්ඨස‍්ස. සබ‍්බසත‍්තානං සෙට‍්ඨොව භගවා, තස‍්මා “භගවතො”ති වුත‍්තං හොති. කිඤ‍්චාපි හි තෙන අඤ‍්ඤෙපි අයන‍්ති, එවං සන‍්තෙපි භගවතොව සො අයනො තෙන උප‍්පාදිතත‍්තා. යථාහ “සො හි බ්‍රාහ‍්මණ භගවා අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා”තිආදි (සං· නි· 1.215; පටි· ම· 3.5; ම· නි· 3.79). අයතීති වා අයනො, ගච‍්ඡති පවත‍්තතීති අත්‍ථො. එකස‍්මිං අයනො එකායනො. ඉමස‍්මිංයෙව ධම‍්මවිනයෙ පවත‍්තති, න අඤ‍්ඤත්‍ථාති වුත‍්තං හොති. යථාහ “ඉමස‍්මිං ඛො, සුභද‍්ද, ධම‍්මවිනයෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො උපලබ‍්භතී”ති (දී· නි· 2.214). දෙසනාභෙදොයෙව හෙසො, අත්‍ථතො පන එකොව. අපි ච එකං අයතීති එකායනො. පුබ‍්බභාගෙ නානාමුඛභාවනානයෙන පවත‍්තොපි අපරභාගෙ එකං නිබ‍්බානමෙව ගච‍්ඡතීති වුත‍්තං හොති. යථාහ බ්‍රහ‍්මා සහම‍්පති –

ඒකායන මග්ගො යනු එකම මඟ වූයේ, ‘මේ මාර්ගය ද්විවිධ මාර්ගයක් (දෙමඟකින් යුතු වූවක්) නොවේ.’ යනුවෙන් අරුත් දතයුතුයි. නැතහොත් ‘තනිවම වැඩිය යුතුය’ යන අරුතින් ද ‘ඒකායන’ නම් වේ. එකෙන (එකලා වූවහු විසින්) යනු සමූහ වාසය හැරදමා විවේක ස්ථානයක ඉතා විවේකීව සිටියහු විසින් ‘අධිතබ්බො’ යනු පිළිපැදිය යුතුය. මෙයින් යෙත්නුයි හෝ ‘අයන’ නමි. ‘සංසාරයෙන් නිවනට යෙති’යි යන අර්ථයි. අසහාය වූවහුගේ අයනය (මාර්ගය) ‘ඒකායන’ නම් වේ. ‘ඒක’ යනු ශ්‍රේෂ්ඨයන් වහන්සේගේයි. භාග්‍යවතුන් වහන්සේ සියලු සත්ත්වයින්ට ශ්‍රේෂ්ඨ වෙත්මය. එහෙයින් ‘භගවතො’යි කියන ලදී. එතෙකුදු වුවත් ඒ (මාර්ගයෙන්) අන්‍යයෝ ද යෙති. එසේ ද වුවත් එම මාර්ගය භාග්‍යවතුන් වහන්සේගේම ය. උන්වහන්සේ විසින් උපදවන ලද හෙයිනි. යම්සේ කීහු ද, ‘සොහි බ්‍රාහ්මණ භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා’ (බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ නූපන්නා වූ මාර්ගය පළමුව උපදවන සේක්මයි.) යන ආදියයි. ‘යේනු’යි අයන නමි. ‘යෙති’යි පවතිති’යි යන අරුති. එකම තැනෙක්හි වූ අයනය ඒකායන නම් වේ. ‘මෙම ධර්ම විනයෙහිම ඒ නිවන් මාර්ගය පවතියි. අන් සසුනක නැතැ’යි කී නියාසය යම්සේ කීහු ද, ‘ඉමස්මිං ඛො සුභද්ද ධම්ම විනයෙ අරියො අට්ඨංගිකො මග්ගො උපලබ්භතී (සුභද්‍රය, මේ ධර්ම විනයෙහි ම ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබිය හැකිය) යනුවෙනි. මෙය දේශනා නයෙහි භේදයක් වුවත් අර්ථ වශයෙන් එකක්මය. තවද ‘එකං අයතී’ති, ‘එකක් ම කරා යෙති’යි යන අරුතින් ඒකායන නම් වේ. ‘පූර්ව භාගයේ දී (මුලදී) නානාවිධ භාවනා වැඩීම් වශයෙන් පැවතියේ වුව ද පසුභාගයෙහි එකම නිවන කරා යෙති’යි කී නියාය. යම්සේ කීහුද සහම්පතී බ්‍රහ්ම තෙමේ.

“එකායනං ජාතිඛයන‍්තදස‍්සී, මග‍්ගං පජානාති හිතානුකම‍්පී; එතෙන මග‍්ගෙන තරිංසු පුබ‍්බෙ, තරිස‍්සන‍්ති යෙ ච තරන‍්ති ඔඝ”න‍්ති. (සං· නි· 5.384, 409);

එකායනං ජාතිඛයන්තදස්සී - මග්ගං පජානාති හිතානුකම්පී, එතෙන මග්ගෙන තරිංසු පුබ්බෙ - තරිස්සන්ති යෙවාපි තරන්ති ඔඝංති

ඉපදීම හා නැතිවීම යන මේ දෙක්හි සසරෙහි කෙළවර දක්නා වූ සත්ත්වයා කෙරෙහි හිතානුකම්පී වූ තථාගතයන් වහන්සේ ඒකායන මාර්ගය දන්නා සේක. මේ මගින් සත්ත්වයා පෙර සසර නැමති හොය තරණය කළහ. දැනුදු එතෙර වෙති. මතුදු එතෙර වන්නෝ ය.

මග‍්ගොති කෙනට‍්ඨෙන මග‍්ගො? නිබ‍්බානං ගමනට‍්ඨෙන, නිබ‍්බානත්‍ථිකෙහි මග‍්ගනීයට‍්ඨෙන ච. උපෙතොති ආසන‍්නං ගතො. සමුපෙතොති තතො ආසන‍්නතරං ගතො. උභයෙනපි සතියා අපරිහීනොති අත්‍ථො. උපගතොති උපගන‍්ත්‍වා ඨිතො. සමුපගතොති සම‍්පයුත‍්තො හුත්‍වා ඨිතො. “උපාගතො සමුපාගතො”තිපි පාළි. උභයෙනාපි සතිසමීපං ආගතොති අත්‍ථො. උපපන‍්නොති අවියොගාපන‍්නො. සමුපපන‍්නොති පරිපුණ‍්ණො. සමන‍්නාගතොති අවිකලො විජ‍්ජමානො. “උපෙතො සමුපෙතොති ද‍්වීහි පදෙහි පවත‍්තං කථිතං. උපගතො සමුපගතොති ද‍්වීහි පදෙහි පටිවෙධො. උපපන‍්නො සමුපපන‍්නො සමන‍්නාගතොති තීහි පදෙහි පටිලාභො කථිතො”ති එවමෙකෙ වණ‍්ණයන‍්ති.

මග්ගො යනු කවර අර්ථයකින් මග්ග නම් වේද? නිවනට පමුණුවන අර්ථයෙනි. නිවන සොයන්නවුන් විසින් සෙවිය යුතුය යන අරුතිනි. උපෙතො යනු ආසන්නයට ගියේයි. සමුපෙතො ඊටත් වඩා ආසන්නයට ගියේයි. මේ පද දෙකින්ම ‘සිහියෙන් නො පිරිහුණේ’යි යන අරුතයි. උපගතො යනු සමීපයට පැමිණ සිටියේ යි. සමුපගතො යනු එක්වී සිටියේයි. උපාගතො යනු ද පෙළෙහි ඇත. මේ පද දෙකින් ම සිහිය එක්වීමට, සමීපයට ආයේය යන අර්ථයි. උප්පන්නො යනු වියෝ නොවූයේයි සමුප්පන්නො යනු පිරිපුන් වූයේයි. සමන්නාගතො යනු නොවිකලව විද්‍යමාන වූයේ යි. ‘උපෙතො, සමුපෙතො’ යන දෙපදයෙන් පැවැත්ම කියන ලදී. ‘උපගතො, සමුපගතො’ යන දෙපදයෙන් ප්‍රතිවේධය පැවසුණි. ‘උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො’ යන පද තුනින් ප්‍රතිලාභය කියන ලදැයි ඇතැමෙක් විස්තර කෙරෙති.

ලොකෙ වා සා විසත‍්තිකාති යා එසා අනෙකප‍්පකාරෙන වුත‍්තා විසත‍්තිකා, සා ඛන්‍ධලොකෙ එව, න අඤ‍්ඤත්‍ර ඛන්‍ධෙහි පවත‍්තතීති අත්‍ථො. ලොකෙ වා තං විසත‍්තිකන‍්ති ඛන්‍ධලොකෙ එව පවත‍්තං එතං විසත‍්තිකසඞ‍්ඛාතං තණ‍්හං. තරති කාමෙ පරිවජ‍්ජෙන‍්තො. උත‍්තරති කිලෙසෙ පජහන‍්තො. පතරති තෙසං පතිට‍්ඨාහෙතුං ඡින්‍දන‍්තො. සමතික‍්කමති සංසාරං අතික‍්කමන‍්තො. වීතිවත‍්තති පටිසන්‍ධිඅභබ‍්බුප‍්පත‍්තිකං කරොන‍්තො. අථ වා තරති උත‍්තරති කායානුපස‍්සනෙන. පතරති වෙදනානුපස‍්සනෙන. සමතික‍්කමති චිත‍්තානුපස‍්සනෙන. අථ වා තරති සීලෙන. උත‍්තරති සමාධිනා. පතරති විපස‍්සනාය. සමතික‍්කමති මග‍්ගෙන. වීතිවත‍්තති ඵලෙනාති එවමාදිනා යොජෙතබ‍්බං.

ලොකෙ වෙසා විසත්තිකා යනු මේ අනේකප්‍රකාරයෙන් පැවසූ විසත්තිකා නම් තණ්හාව ස්කන්ධ ලෝකයෙහිම මිස ස්කන්ධයන් කෙරෙහි බැහැර අන් තැනෙක්හි නොපවති’යි යන අර්ථයි. ලොකෙ වෙතං විසත්තිකං යනු ස්කන්ධ ලෝකයෙහි මෙසේ පවත්නා මේ විසත්තිකා නම් වූ තණ්හාව තරති යනු කාමයන් හැරදමනුයේ උත්තරති කෙලෙස් දුරුකරනුයේ පතරති ඒ කෙලෙසුනට ප්‍රතිෂ්ඨා වන හේතුව සිඳිනුයේ සමතික්කමති සංසාරය ඉක්මවා යනුයේ පීතිවත්තති ප්‍රතිසන්ධි වශයෙන් නැවත උත්පත්තියක් නොවිය හැකි බවට පත්කරමින් (තරණය කරයි.) නැතහොත් තරති උත්තරති යනු චිත්තානුපස්සනාවෙන් ඉක්මවීමයි. සියල්ලෙන් ම වීතිවත්ත ති යනු ධම්මානුපස්සනාවෙන් හෝ ඉක්මවීමයි. නැතහොත් තරති ‘සීලයෙන්, උත්තරති සමාධියෙන්, පතරති විදර්ශනාවෙන් තරණය කරයි. සමතික්කමති මාර්ගයෙන්, වීතිවත්තති ඵලයෙන් ඉක්මවයි යන ආදිය හා සමග යෙදිය යුතුය.