යෙදුමෙන් කියවන්න

1 - 4 අට‍්ඨකථා

1 - 4

1 - 4

චතුත්‍ථගාථාය අයං සඞ‍්ඛෙපත්‍ථො – යො එකං සාලිඛෙත‍්තාදිඛෙත‍්තං වා ඝරවත්‍ථාදිවත්‍ථුං වා කහාපණසඞ‍්ඛාතං හිරඤ‍්ඤං වා ගොඅස‍්සාදිභෙදං ගවාස‍්සං වා අන‍්තොජාතාදිදාසෙ වා භතකාදිකම‍්මකරෙ වා ඉත්‍ථිසඤ‍්ඤිතා ථියො වා ඤාතිබන්‍ධවාදිබන්‍ධූ වා අඤ‍්ඤෙ වා මනාපියරූපාදිකෙ පුථුකාමෙ අනුගිජ‍්ඣතීති. සාලික‍්ඛෙත‍්තන‍්ති යත්‍ථ සාලියො විරුහන‍්ති. වීහික‍්ඛෙත‍්තාදීසුපි එසෙව නයො. වීහීති අවසෙසවීහයො. මොදයතීති මුග‍්ගො. ඝරවත්‍ථුන‍්ති ඝරපතිට‍්ඨාපනත්‍ථං කතාකතභූමිභාගො. කොට‍්ඨකවත්‍ථාදීසුපි එසෙව නයො. කොට‍්ඨකොති ද‍්වාරකොට‍්ඨාදි. පුරෙති ඝරස‍්ස පුරතො. පච‍්ඡාති ඝරස‍්ස පච‍්ඡතො. එත්‍ථ ආරාමෙන‍්ති චිත‍්තං තොසෙන‍්තීති ආරාමො, පුප‍්ඵෙනපි ඵලෙනපි ඡායායපි දකෙනපි රමන‍්තීති අත්‍ථො.

සතරවන ගාථාවේ සංක්‍ෂිප්තාර්ථය මෙසේ ය. ‘යමෙක් මේ හැල් කෙත් ආදී කෙත් හෝ, ගෙවතු ආදී වතු හෝ, කහවණු නම් වූ අමුරන් හෝ, ගව අශ්වාදී ප්‍රභේද ඇති ගව, අශ්වයන් හෝ අන්තෝජාත (ඇතුළත උපන්) දාසාදීන් හෝ භටකාදී කුලීකරුවන් හෝ ස්ත්‍රී සංඥා ඇති ස්ත්‍රීහු හෝ ඤාතිබන්‍ධු ආදී ඤාතීන් හෝ, අනික් ප්‍රියමනාප රූපාදී බොහෝ කාමයන් හෝ ප්‍රාර්ථනා කරයි. සාලික්ඛෙත්තං යනු යම් කෙතක හැල් වැඩෙයි ද, ඒ කෙත් ය, වීහික්ඛෙත්තා දියෙහි ද එම නයයි. වීහි යනු සෙසු වී ආදී ධාන්‍ය වර්ගයි. ‘මෝදයට පත් කරති’යි මුග්ගො මුග්ග නම් වේ. ඝරවත්‍ථුං ගෙවල් සෑදීමට සකස් කළ භූමිභාගයයි. කොට්ඨකවත්‍ථු ආදියෙහි ද මෙම නයයි. කොට්ඨකො යනු දොර, කොටු ආදියයි. පුරෙ යනු ගෙයට ඉදිරියෙන් පච්ඡා යනු ගෙයට පසුපසිනි. ‘මෙහි සිත අලවති’යි, ‘සිත සතුටු කරති’යි යන අරුතින් ආරාමො ආරාම නම් වේ. මලිත්, ඵලින්, සෙවණින් හා දස්නෙන් ද සිත් අලවති යි යන අර්ථයි.

පසුකාදයොති එළකාදයො. අන‍්තොජාතකොති අන‍්තොඝරදාසියා කුච‍්ඡිම‍්හි ජාතො. ධනක‍්කීතකොති ධනෙන කීණිත්‍වා පරිවත‍්තෙත්‍වා ගහිතො. සාමං වාති සයං වා. දාසබ්‍යන‍්ති දාසස‍්ස භාවො දාසබ්‍යං, තං දාසබ්‍යං. උපෙතීති උපගච‍්ඡති. අකාමකො වාති අත‍්තනො අරුචියා වා කරමරානීතො. තෙ චත‍්තාරො පුනපි දස‍්සෙතුං “ආමාය දාසාපි භවන‍්ති හෙකෙ”ති ආහ. ආමාය දාසාති අන‍්තොජාතදාසා. “යත්‍ථ දාසො ආමජාතො ඨිතො ථුල‍්ලානි ගච‍්ඡතී”ති එත්‍ථාපි එතෙව වුත‍්තා. ධනෙන කීතාති ධනදාසා. සාමඤ‍්ච එකෙති සයං දාසා. භයාපණුන‍්නාති අකාමදාසා. භයෙන පණුන‍්නා ඛිපිතා.

පසුකාදයො යනු එළු ආදීහුය. අන්තො ජාතො යනු ගෙතුළ වසන දාසියකගේ කුසින් උපන්, ධනක්කී තො මිලදී ගෙන තමා සතු කරගත්, සාමංවා යනු තෙමේ ම (සිය කැමැත්තෙන්) හෝ දාස බවට පත් වූයේ, දාස වියං යනු දාස බව, දාසව්‍ය නමි. එයම දාස විය යි. උපෙති එළඹේ. අකාමතො වා නොකැමැත්තෙන් හෝ යුද්ධයකදී ජීවග්‍රහයෙන් අල්ලා ගෙනෙන ලදැයි යන සතර ආකාර දාසයන් නැවත දක්වනු සඳහා ආමාය දාසාපි භවන්ති හෙකෙ (ඇතැමෙක් ගෙහි තුළ උපන් දාසයෝ වෙති.) යනාදිය කීහ. ආමාය දාසා යනු ගෙයි ඇතුළත උපන් දාසයෝ හා අනුන්ගෙන් මිළදී ගත් ගෘහස්ථ දාසයෝ යි. ‘ඨිතො ඵුල්ලානි ගජ්ජතී’ යන මෙහි ද මොවුන් (දාසයන්) පිළිබඳව කියන ලදී. ධනයෙන් මිලදී ගත් ධන දාසා ධනදාසයෝ යි. සාමඤ්ච එකෙ, ඇතැමෙක් (සිය කැමැත්තෙන්) තුමූ ම දාසබවට පත්වූවාහුය. භයාපනුන්නා යනු බිය නිසා නො කැමැත්තෙන් දාස වූවාහුය. භයාපනුන්නා බියෙන් දාස බවට වැටුණාහුය.

භතකාති භතියා ජීවනකා. කසිකම‍්මාදිකම‍්මං කරොන‍්තීති කම‍්මකරා. උපජීවිනොති සම‍්මන‍්තනාදිනා උපගන‍්ත්‍වා නිස‍්සයං කත්‍වා ජීවන‍්තීති උපජීවිනො.

භතකා යනු කුළියෙන් (වැටුපෙන්) ජීවත් වන්නාහුය. ‘කෘෂිකර්මාන්තාදී කටයුතු කරති’ යි කම්මකරා කම්මකාර නම් වෙති. සම්මන්ත්‍රණාදියෙන් සමීපයට පැමිණ ගිවිසුම්කොට, ඇසුරෙහි ජීවත් වන්නාහු උපජීවිතො ‘උපජීවී’ නම් වෙති.

ඉත්‍ථීති ථියති එතිස‍්සං ගබ‍්භොති ඉත්‍ථී. පරිග‍්ගහොති සහායී සස‍්සාමිකා. මාතාපිතිබන්‍ධවාපි ඤාතිබන්‍ධු. සගොත‍්තො ගොත‍්තබන්‍ධු. එකාචරියකුලෙ වා එකජාතිමන‍්තං වා උග‍්ගහිතමන‍්තො මන‍්තබන්‍ධු. ධනුසිප‍්පාදිසද‍්ධිං උග‍්ගහිතකො සිප‍්පබන්‍ධු. “මිත‍්තබන්‍ධවාතිපි බන්‍ධූ”ති කත්‍ථචි පොත්‍ථකෙ පාඨො දිස‍්සති.

ඉත්‍ථි යනු ස්ත්‍රීහුය. ‘මැය කෙරෙහි ගැබ පිහිටානු’යි ඉත්‍ථි නම් වේ. පරිග්ගහො යනු සැමියා සහිත ස්ත්‍රීහුය. මාපිය නෑයෝ ද ඤාතිබන්‍ධු නම් වෙති. සිය ගෝත්‍රයේ වූවෝ ගොත්තබන්‍ධු නම් වෙති. එකම ආචාර්ය කුලයක හෝ එක් ජාති මන්ත්‍රයක් හෝ උගත් මන්ත්‍රාදිය ඇත්තේ මන්තබන්‍ධු නම් වේ. දුනු ශිල්පාදිය සමග එක්ව උගත්තේ සිප්පබන්‍ධු නම් වේ. තවද මිත්තබන්‍ධවාපී බන්‍ධූ යන පාඨයද කිසියම් පොතෙක දක්නා ලැබේ.

ගිජ‍්ඣතීති කිලෙසකාමෙන පත්‍ථෙති. අනුගිජ‍්ඣතීති අනු අනු ගිජ‍්ඣති පුනප‍්පුනං පත්‍ථෙති. පලිගිජ‍්ඣතීති සමන‍්තතො පත්‍ථෙති. පලිබජ‍්ඣතීති විසෙසෙන පත්‍ථෙති. “ඔළාරිකත‍්තෙන නිමිත‍්තග‍්ගාහවසෙන ගිජ‍්ඣති, අනුගිජ‍්ඣති, අනුබ්‍යඤ‍්ජනග‍්ගාහවසෙන පලිගිජ‍්ඣති, පලිබජ‍්ඣතී”ති එවමෙකෙ වණ‍්ණයන‍්ති.

ගිජ්ඣති යනු කෙලෙස් කාමයෙන් ප්‍රාර්ථනා කරයි. අනුගිජ්ඣති යනු තව තවත් ගිජු වේ. පුන පුනා ප්‍රාර්ථනය කරයි. පළිගිජ්ඣතී යනු හාත්පසින්ම ප්‍රාර්ථනා කරයි. පළිබජ්ඣති යනු සෙසු දෙයක් නොපතයි. උදාරත්වයෙන් නිමිති ගැනීම් වශයෙන් ගිජ්ඣති ගිජු වෙයි. අනුගිජ්ඣති අනුබ්‍යඤ්ජන (සුලු ලකුණු) ගැනීම් වශයෙන් පළිගිජ්ඣති හාත්පසින් ගිජු වේ. හාත්පසින්ම බැඳේ. (පළිබජ්ඣතී) යැයි ඇතැමෙක් විස්තර කෙරෙති.