1. 4
1. 4.
1. 4.
“ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා ගවාස‍්සං දාසපොරිසං, ථියො බන්‍ධු පුථූ කාමෙ යො නරො අනුගිජ‍්ඣති”.
“යම් මිනිසෙක් හැල් ආදි කෙත් හෝ ගෙවතු ආදි වතු හෝ අමුරන් හෝ ගවයන් අසුන් හෝ දසුන් කම්කරු පුරුෂයන් හෝ නෑයන් හෝ අන් බොහෝ කාමයනු දු පුනපුනා ප්‍රාර්‍ත්‍ථනා කෙරේ නම්”
ඛෙත‍්තං වත්ථුං හිරඤ්ඤං වා ති - ‘ඛෙත‍්ත’න‍්ති සාලික‍්ඛෙත‍්තං වීහික‍්ඛෙත‍්තං මුග‍්ගක‍්ඛෙත‍්තං මාසක‍්ඛෙත‍්තං යවක‍්ඛෙත‍්තං ගොධූමක‍්ඛෙත‍්තං තිලක‍්ඛෙත‍්තං;
ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා - ‘ඛෙත්ත’ නම්: හැල්කෙත යැ, වීකෙත යැ, මුංකෙත යැ, මෑකෙත යැ, යවකෙත යැ, තිරිඟුකෙත යැ, තලකෙත යි.
වත්‍ථුන‍්ති - ඝරවත්‍ථුං කොට‍්ඨකවත්‍ථුං පුරෙවත්‍ථුං පච‍්ඡාවත්‍ථුං ආරාමවත්‍ථුං විහාරවත්‍ථුං, හිරඤ‍්ඤන‍්ති - හිරඤ‍්ඤං වුච‍්චති කහාපණොති ‘ඛෙත‍්තං වත්ථුං හිරඤ්ඤං වා’
වත්‍ථු නම්: ගෙවතු යැ, කොටුවතු යැ, ගේ පෙරටුයෙහි වතු යැ, අරම්වතු යැ, වෙහෙරවතු යි. හිරඤ්ඤ නම්: කහවුණු හිරණ්‍ය යැ යි කියනු ලැබේ නු යි (මෙසේ) “ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා” යනු වේ.
ගවාස‍්සං දාසපොරිසන‍්ති - ‘ගවා’ති ගාවො වුච‍්චන‍්ති. අස‍්සාති පසුකාදයො වුච‍්චන‍්ති. දාසාති - චත‍්තාරො දාසා: අන‍්තොජාතකො දාසො, ධනක‍්කීතකො දාසො, සාමං වා දාසව්‍යං උපෙති, අකාමතො වා දාසව්‍යං උපෙති.
ගවාස්සං දාසපොරිසං - ‘ගවා’ යී ගවයෝ (=ගෙරිහු) කියනු ලැබෙත්. අස්සා යී එළු ආදි සිවුපාහු කියනු ලැබෙත්. දාසා යනු: දාසයෝ සතර දෙනෙකි: (ඇතුළුගෙයි දාසියගේ කුසෙහි උපන්) අන්තර්දාසයා යැ, ධනයෙන් විකොට ගත් දාසයා යැ, තෙමේ මැ හෝ දස්බවට පැමිණියේ යැ, කරමරානීත (=බැඳ ලා ගැනීමෙන්) නො කැමැත්තෙන් දාසබවට පැමිණියේ යි.
1. “ආමාය දාසා’පි භවන‍්ති හෙකෙ ධනෙන කීතාපි භවන‍්ති දාසා, සාමං ච එකෙ උපයන‍්ති දාස්‍යං භයා පණුන‍්නාපි භවන‍්ති දාසා”ති.
1. “ඇතැම් කෙනෙක් ඇතුළත්හි උපන් දාසයෝ වෙත් මැ ය. ධනයෙන් විකිණිගත් දාසයෝ ද වෙති. තව ද ඇතැම් කෙනෙක් තුමූ ම දාසබවට පැමිණෙති. බියෙන් මඩනා ලද්දාහු ද දාසයෝ වෙත්.”
පුරිසාති - තයො පුරිසා: භතකා කම‍්මකරා උපජීවිනොති ‘ගවාස‍්සං දාසපොරිසං.’
පුරිසා යනු: පුරුෂයෝ තිදෙනෙකි: බැළයෝ යැ, කම්කරුවෝ යැ, ඇසුරු කොට ජීවත් වන්නාහු යැ යි “ගවාස්සං දාසපොරිසං” යනු වේ.
ථියො බන්‍ධු පථූකාමෙ’ති - ‘ථියො ති ඉත්‍ථිපරිග‍්ගහො වුච‍්චති. බන්‍ධූති - චත‍්තාරො බන්‍ධූ: ඤාතිබන්‍ධවාපි බන්‍ධූ, ගොත‍්තබන්‍ධවාපි බන්‍ධූ, මන‍්තබන්‍ධවාපි බන්‍ධූ, සිප‍්පබන්‍ධවාපි බන්‍ධූ. පුථූ කාමෙති බහූ කාමෙ, එතෙ පුථූකාමා: මනාපිකා රූපා -පෙ- මනාපිකා ඵොට‍්ඨබ‍්බාති ‘ථියො බන්ධූ පුථූ කාමෙ.’
ථියො බන්ධූ පුථූ කාමෙ - ‘ථියො’ යී ස්ත්‍රීපරිග්‍රහය කියනු ලැබෙයි. බන්ධූ යනු: සතර බන්ධූ කෙනෙකි: මවුපිය දෙපස ඥාති වු බාන්ධවයෝ ද බන්‍ධූහු යැ. සමානගොත්‍ර ඇති බාන්ධවයෝ ද බන්‍ධූහු යැ. (එක් ඇදුරුකුලයෙහි උගත් මන්ත්‍ර ඇති) මන්ත්‍රබාන්ධවයෝ ද බන්‍ධූහු යැ. (එක් වැ උගත් ශිල්ප ඇති) ශිල්පබාන්ධවයෝ ද බන්‍ධූහු යි. පුථූ කාමෙ යනු: බොහෝ කාමයන්; මොහු යැ පුථුකාමයෝ: මන වඩන රූපයෝ යැ... මන වඩන ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යි යි “ථියො බන්ධූ පුථූ කාමෙ” යනු වේ.
යො නරො අනුගිජ‍්ඣතීති - ‘යො’ති යො යාදිසො යථායුත‍්තො යථා විහිතො යථාපකාරො යං ඨානං පත‍්තො යංධම‍්මසමන‍්නාගතො ඛත‍්තියො වා බ්‍රාහ‍්මණො වා වෙස‍්සො වා සුද‍්දො වා ගහට‍්ඨො වා පබ‍්බජිතො වා දෙවො වා මනුස‍්සො වා. නරොති - සත‍්තො නරො මානවො පොසො පුග‍්ගලො ජීවො ජාගූ ජන‍්තු ඉන්‍දගූ මනුජො, අනුගිජ‍්ඣතීති - කිලෙසකාමෙන වත්‍ථුකාමෙසු ගිජ‍්ඣති අනුගිජ‍්ඣති පළිගිජ‍්ඣතීති ‘යො නරො අනුගිජ‍්ඣති’,
යො නරෝ අනුගිජ්ඣති - ‘යො’ යනු: යමෙක් යම්බඳු වූයෙක්, (නවකම් ආදි) යමෙකින් යුක්ත වූයෙක්, යම්සේ සිටියෙක්, යම් ප්‍රකාර වූයෙක්, යම් තනතුරකට පැමිණියෙක්, යම් ධර්‍මයෙකින් යුක්ත වූයෙක්, ක්‍ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ යැ. නරෝ යනු: සත්ත්‍වයෙක්, නරයෙක්, මානවයෙක්, පුරුෂයෙක්, පුද්ගලයෙක්, ජීවයෙක්, ජාතියට පැමිණෙනුයෙක්, ජන්තුයෙක්, කර්‍මයෙන් යනුයෙක්, මනුජයෙක් යැ. අනුගිජ්ඣති - ක්ලේශකාමයෙන් වස්තුකාමයන්හි ගිජු වෙයි, පුනපුනා පතයි, හාත්පසින් ගිජු වේ නු යි “යො නරෝ අනුගිජ්ඣති” යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“ඛෙත‍්තං වත්ථුං හිරඤ්ඤං වා ගවාස‍්සං දාසපොරිසං, ථියො බන්‍ධු පුථූ කාමෙ යො නරො අනුගිජ‍්ඣතී”ති.
“ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා -පෙ- යො නරෝ අනුගිජ්ඣති” යි.