1. 5
1. 5.
1. 5.
“අබලා නං බලීයන්ති මද්දන්තෙ නං පරිස්සයා, තතො නං දුක්ඛමන්වෙති නාවං භින්නමිවොදකං”.
“අබල වූ කෙලෙස්හු ඒ මිනිසා මැඩ ගනිති. යළි ප්‍රකට අප්‍රකට උපද්‍රවයෝ ඒ කාමගිද්ධයා මඩිති. එහෙයින් සිදුරු වූ නැවකට ජලය වදනා සෙයින් ජාත්‍යාදි දුක ඔහු අනුව යේ”
අබලා නං බලීයන්තීති - අබලාති අබලා කිලෙසා දුබ්බලා අප්පබලා අප්පථාමා හීනා නිහීනා පරිහීනා ඔමකා ලාමකා ඡත්තකා පරිත්තා. තෙ කිලෙසා නං පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති පරියාදියන්ති මද්දන්තීති එවම්පි අබලා නං බලීයන්ති. අථවා අබලං පුග්ගලං දුබ්බලං අප්පබලං අප්පථාමකං හීනං නිහීනං පරිහීනං ඔමකං ලාමකං ඡත්තකං පරිත්තං, යස්ස නත්ථි සද්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ්ඤාබලං හිරිබලං ඔත්තප්පබලං. තෙ කිලෙසා තං පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති පරියාදියන්ති මද්දන්තීති එවම්පි අබලා නං බලීයන්ති.
අබලා නං බලියන්ති - අබලා යනු: කෙලෙස්හු, අබලයෝ යැ, දුබලයෝ යැ, අල්පබලයෝ යැ, අල්පශක්ති ඇතියෝ යැ, හීනයෝ යැ, නිහීනයෝ යැ, පරිහීනයෝ යැ, අවමත(අවඥාත)යෝ යැ, ලාමකයෝ යැ, ප්රත්යයහීනයෝ යැ, පරිත්තයෝ යි. ඒ කෙලෙස්හු ඒ පුද්ගලයා සහනය කෙරෙති (-මඩිති), හාත්පසින් මඩිති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් අල්වාගනිති, මර්දනය කෙරෙත් නුයි මෙසෙයින් ද අබලයෝ ඔහු මඩිති. නොහොත් ශ්‍රද්ධාබල වීර්‍ය්‍යබල ස්මෘතිබල සමාධිබල ප්‍රඥාබල හිරිබල ඔත්තපබල යමක් හට නැද්ද, (එහෙයින්) අබල වූ දුබල වූ අල්පබල වූ අල්පශක්ති වූ හීන වූ නිහීන වූ පරිහීන වූ අවමත වූ ලාමක වූ ප්‍රත්‍යයහීන වූ පරිත්ත වූ ඒ පුද්ගලයා ඒ ක්ලේශයෝ සහනය කෙරෙති, හාත්පසින් මඩිති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් ගනිති, මිරිකත් නුයි මෙසෙයින් ද “අබලයෝ ඔහු මඩිත්”.
මද්දන්තෙ නං පරිස්සයාති - පරිස්සයාති ද්වෙ පරිස්සයා: පාකටපරිස්සයා ච පටිච්ඡන්නපරිස්සයා ච. කතමෙ පාකටපරිස්සයා? සීහා ව්යග්ඝා දීපී අච්ඡා තරච්ඡා කොකා මහිසා හත්ථි අහී විච්ඡිකා සතපදී, චොරා වා අස්සු මාණවා වා කතකම්මා වා අකතකම්මා වා, චක්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්හාරොගො කායරොගො සීසරොගො කණ්ණරොගො මුඛරොගො දන්තරොගො කාසො සාසො පිනාසො ඩහො ජරො කුච්ඡිරොගො මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො දද්දු කණ්ඩු කච්ඡු රඛසා විතච්ඡිකා ලොහිතපිත්තං මධුමෙහො අංසා පිළකා භගන්දලා පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සා ඉති වා, ඉමෙ වුච්චන්ති පාකටපරිස්සයා.
මද්දන්තෙ නං පරිස්සයා - පරිස්සයා යනු: පරිශ්‍රය (උපද්‍රවයෝ) දෙදෙනෙකැ: ප්රකටපරිශ්රය යැ, ප්රතිච්ඡන්නපරිශ්රය යැයි. ප්‍රකට උපද්‍රවයෝ කවරහ? යත්: සිහ යැ, වග යැ, දිවි යැ, වලස් යැ, තරස් යැ, කොක්නා යැ, මියු යැ, ඇත් යැ, සප් යැ, නුහුසු යැ, පත්තෑ යැ, කළ සොරකම් ඇති හෝ කළ සොරකම් නැති හෝ සොරු හෝ සැහැසියෝ යැ; චක්ෂුරොග යැ ශ්‍රෝත්‍රරෝග යැ ඝ්‍රාණරොග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්ෂරොග යැ කර්ණරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාශ යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජ්වර යැ කුක්ෂිරොග යැ මූර්ඡා යැ රක්තාතීසාර යැ ආමශුල යැ විසූචිකා යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාසකුෂ්ට යැ ක්ෂය යැ අපස්මාර යැ දද යැ කැසි යැ කස් යැ ව්රණ යැ විතච්ඡිකා (-තලරොග) යැ රක්තපිත්ත යැ මධුමේහ යැ අර්ශස් යැ පොළ යැ භගන්දරා යැ පිතින් නැඟි ආබාධ යැ සෙමින් නැඟි ආබාධ යැ වයින් නැඟි ආබාධ යැ සාන්නිපාතික ආබාධ යැ ඍතුපරිණාමයෙන් උපන් ආබාධ යැ විෂම වූ ඊර්‍ය්‍යාපථයෙන් නැඟි ආබාධ යැ උපක්‍රමයෙන් උපන් ආබාධ යැ කර්මවිපාකයෙන් උපන් ආබාධ යැ ශීත යැ උෂ්ණ යැ ජිඝත්සා යැ පිපාසා යැ උච්චාර යැ ප්‍රස්‍රාව යැ, මැසි - මදුරු - වා - අවි - දික්දැ යන මොවුන්ගේ පහසින් උපන් පීඩා යැ යන මේ හෝ යි. මොහු ප්‍රකට උපද්‍රවයෝ යැයි කියනු ලැබෙත්.
කතමෙ පටිච්ඡන්නපරිස්සයා? කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං, කාමච්ඡන්දනීවරණං ව්යාපාදනීවරණං ථීනමිද්ධනීවරණං උද්ධච්චකුක්කුච්චනීවරණං විචිකිච්ඡානීවරණං, රාගො දොසො මොහො කොධො උපනාහො මක්ඛො පලාසො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යං ථම්භො සාරම්භො මානො අතිමානො මදො පමාදො, සබ්බෙ කිලෙසා සබ්බෙ දුච්චරිතා සබ්බෙ දරථා සබ්බෙ පරිළාහා සබ්බෙ අකුසලාභිසඞ්ඛාරා, ඉමෙ වුච්චන්ති පටිච්ඡන්නපරිස්සයා.
ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ කවරහ? යත්: කායදුශුචරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ, කාමච්ඡන්දනීවරණ යැ ව්‍යාපාදනීවරණ යැ ථීනමිද්ධ නීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යැ, රාග යැ ද්වේෂ යැ මෝහ යැ ක්‍රෝධ යැ උපනාහ යැ ම්රක්ෂ (මෙරමා ගුණ මැකීම්) යැ පලාස (යුගග්‍රාහ) යැ ඊර්ෂ්‍යා යැ මාත්සර්‍ය්‍ය යැ මායා (ස්වදෝෂ ගුහන) යැ සාඨෙය්‍ය (අසද් ගුණ ප්‍රකාශ) යැ (ඔවා නො ගන්නා) ස්තම්භ යැ සංරම්භ යැ මාන යැ අතිමාන යැ මද යැ ප්‍රමාද යැ, සියලු ක්ලේශයෝ යැ සියලු දුශ්චරිතයෝ යැ සියලු දරථයෝ යැ සියලු (ක්ලේශ) පරිදාහයෝ යැ සියලු (ක්ලේශ) සන්තාපයෝ යැ සියලු අකුශලාභිසංස්කාරයෝ යැ යන මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යැයි කියනු ලැබෙත්.
පරිස්සයාති - කෙනට්ඨෙන පරිස්සයා? පරිසහන්තීති පරිස්සයා, පරිහානාය සංවත්තන්තීති පරිස්සයා, තත්රාසයාති පරිස්සයා. කථං පරිසහන්තීති පරිස්සයා? තං පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති පරියාදියන්ති මද්දන්ති. එවං පරිසහන්තීති පරිස්සයා.
පරිස්සයා යනු කවරහෙයින් පරිස්සය වෙති? යත්: පරිසහනය කෙරෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති, පරිහානයට වැටෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති, එහි ආසය ඇත්තාහු නුයි - පරිස්සය නම් වෙත්. කෙසේ ‘පරිසහනය කෙරෙත්’ නුයි ‘පරිස්සය’ නම් වෙති ? යත්: ඒ උපද්‍රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, පරිසහනය කෙරෙති, මැඩගෙන සිටිති, හාත්පසින් අල්වාගනිති, මිරිකාගනිත්. මෙසේ පරිසහනය කෙරෙත් නුයි ‘පරිස්සය’ නම් වෙත්.
කථං පරිහානාය සංවත්තන්තීති පරිස්සයා? තෙ පරිස්සයා කුසලානං ධම්මානං අන්තරායාය පරිහානාය සංවත්තන්තීති. කතමෙසං කුසලානං ධම්මානං? සම්මාපටිපදාය අනුලොමපටිපදාය අපච්චනීකපටිපදාය අවිරුද්ධපටිපදාය අන්වත්ථපටිපදාය ධම්මානුධම්මපටිපදාය සීලෙසු පරිපූරකාරිතාය ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාය භොජනෙ මත්තඤ්ඤුතාය ජාගරියානුයොගස්ස සතිසම්පජඤ්ඤස්ස චතුන්නං සතිපට්ඨානානං භාවනානුයොගස්ස චතුන්නං සම්මප්පධානානං භාවනානුයොගස්ස චතුන්නං ඉද්ධිපාදානං භාවනානුයොගස්ස පඤ්චන්නං ඉන්ද්රියානං භාවනානුයොගස්ස පඤ්චන්නං බලානං භාවනානුයොගස්ස සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවනානුයොගස්ස අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස භාවනානුයොගස්ස, ඉමෙසං කුසලානං ධම්මානං අන්තරායාය පරිහානාය සංවත්තන්ති. එවං පරිහානාය සංවත්තන්තීති පරිස්සයා.
කෙසේ ‘පරිහානයට වැටෙත්’ නුයි ‘පරිස්සය’ නම් වෙති ? යත්: ඒ උපද්‍රවයෝ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පරිහානය (හැරීම) පිණිස පවතිත්. කවර කුශලධර්‍මයන්ගේ ද යත්: සම්‍යක්ප්‍රතිපත් යැ අනුලොමප්‍රතිපත් යැ අප්රත්යනීකප්රතිපත් යැ අවිරුද්ධප්රතිපත් යැ අන්වර්ථ (අර්‍ත්‍ථානුගත) ප්‍රතිපත් යැ ධර්මානුධර්මප්රතිපත් යැ ශීලයෙහි පරිපූරකාරිත්ව යැ ඉන්ද්රියයන්හි ගුප්තද්වාරතා යැ භෝජනයෙහි මාත්‍රඥතා යැ ජාගර්‍ය්‍යානුයෝග යැ ස්මෘතිසම්ප්රඥාන යැ චතුර්විධ ස්මෘතිප්රස්ථානයන්ගේ භාවනානුයෝග යැ චතුර්විධ ඍද්ධිපාදයන්ගේ භාවනානුයෝග යැ පඤ්චෙන්ද්රියයන්ගේ භාවනානුයෝග යැ පඤ්චබලයන්ගේ භාවනානුයෝග යැ සප්තබෝධ්යඞ්ගයන්ගේ භාවනානුයෝග යැ ආර්ය්යාෂ්ටාඞ්ගිකමාර්ගයාගේ භාවනානුයෝග යැ යන මේ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පරිහානය පිණිස වැටෙත්. මෙසේ පරිහානයට වැටෙත් නුයි ‘පරිස්සය’ නම් වෙත්.
කථං තත්රාසයාති පරිස්සයා? තත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති අත්තභාවසන්නිස්සයා යථා බිලෙ බිලාසයා පාණා සයන්ති, දකෙ දකාසයා පාණා සයන්ති, වනෙ වනාසයා පාණා සයන්ති, රුක්ඛෙ රුක්ඛාසයා පාණා සයන්ති; එවමෙව තත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති අත්තභාවසන්නිස්සයාති. එවම්පි තත්රාසයාති පරිස්සයා.
කෙසේ ‘එහි ආසය ඇත්තාහු’ නුයි ‘පරිස්සය’ නම් වෙති ? යත්: ඒ ඇත්බැව්හි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසිරි කොට උපදිත්. යම්සේ බිලය ඇසුරු කරන ප්‍රාණීහු බිලයෙහි හොවිත් ද, දිය ඇසුරු කරන ප්‍රාණීහු දියෙහි හොවිත් ද, වනය ඇසුරු කරන ප්‍රාණීහු වෙනෙහි හොවිත් ද, රුක ඇසුරු කරන ප්‍රාණීහු රුක්හි හොවිත් ද, එසෙයින් ම අත්බැව ඇසුරු කරන තෙල ලාමක අකුශලධර්‍මයෝ ඒ අත්බැව්හි උපදිත්. මෙසෙයිනුදු තත්‍රාසය (එහි ආසය) ඇත්තාහු නුයි පරිස්සය නම් වෙත්.
වුත්තං හෙතං භගවතා:
මේ වදාරන ලද මැයි බුදුන් විසින්:
“සාන්තෙවාසිකො භික්ඛවෙ, භික්ඛු සාචරියකො දුක්ඛං න ඵාසු විහරති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු විහරති? ඉධ භික්ඛවෙ, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජන්ති යෙ පාපකා අකුසලා ධම්මා සරසංකප්පා සඤ්ඤොජනියා, ත්යස්ස අන්තො වසන්ති අන්වාස්ස වසන්ති පාපකා අකුසලා ධම්මාති, තස්මා සාන්තෙවාසිකො’ති වුච්චති. තෙ නං සමුදාචරන්ති - සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති, තස්මා සාචරියකොති වුච්චති. පුන ච පරං භික්ඛවෙ, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජන්ති යෙ පාපකා අකුසලා ධම්මා සරසංකප්පා සඤ්ඤොජනියා, ත්යස්ස අන්තො වසන්ති අන්වාස්ස වසන්ති පාපකා අකුසලා ධම්මාති, තස්මා සාන්තෙවාසිකො’ති වුච්චති. තෙ නං සමුදාචරන්ති - සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති, තස්මා සාචරියකොති වුච්චති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු විහරතී”තී. එවම්පි තත්රාසයාති පරිස්සයා.
“මහණෙනි, සාන්තේවාසික වූ සාචරියක වූ මහණ දුකසේ නො සුවසේ වෙසෙයි. මහණෙනි, කෙසේ නම් සාන්තේවාසික වූ සාචරියක වූ මහණ දුකසේ නො සුවසේ වෙසෙයි ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණක් හට ඇසින් රූපයක් දැක සරසංකල්ප (-අරමුණුවල හැසිරෙන හෙයින් සංකල්පනය කටයුතු) වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුශලධර්ම කෙනෙක් උපදිත් ද, ඒ අකුශලධර්‍මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති. සන්තානයට පිවිස වෙසෙති. එහෙයින් ‘සාන්තේවාසික’ යයි කියනු ලැබේ. යම් හෙයකින් ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු හසුරුවත් ද, ඔහු කෙරෙහි පවතිත් ද, එහෙයින් ‘සාචරියක’ යයි කියනු ලැබේ. තවද මහණෙනි, මහණක් හට කනින් ශබ්දයක් අසා... නාසයෙන් ගඳක් අසා... දිවින් රසයක් විඳ... කයින් පහසක් පැහැස... සිතින් දහමක් දැන නානාලම්බනයෙහි හැසිරීම් වශයෙන් පරිකල්පිත වූ සංයෝජනීය වූ යම් ලාමක අකුශලධර්ම කෙනෙක් උපදිත් ද, ඒ ලාමක අකුශල ධර්මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති. ඔහුගේ සන්තානයට පිවිස වෙසෙති. එහෙයින් ‘සාන්තේවාසික’ යයි කියනු ලැබේ. යම් හෙයකින් ඒ ලාමක අකුශල ධර්මයෝ ඔහු හසුරුවත් ද, ඔහු කෙරෙහි පවතිත් ද, එහෙයින් ‘සාචරියක’ යයි කියනු ලැබේ. මෙසෙයින් මහණෙනි, මහණ තෙමේ සාන්තේවාසික වූයේ සාචරියක වූයේ දුකසේ වෙසෙයි, සුවසේ නො වෙසේ යයි. මෙසේත් තත්‍රාසය වෙත් නුයි උපද්‍රව නම් වෙත්.
වුත්තං හෙතං භගවතා:
මේ වදාරන ලද මැයි බුදුන් විසින්:
“තයො මෙ භික්ඛවෙ, අන්තරා මලා අන්තරා අමිත්තා අන්තරා සපත්තා අන්තරා වධකා අන්තරා පච්චත්ථිකා. කතමෙ තයො? ලොභො භික්ඛවෙ, අන්තරා මලං අන්තරා අමිත්තො අන්තරා සපත්තො අන්තරා වධකො අන්තරා පච්චත්ථිකො. දොසො භික්ඛවෙ, -පෙ- මොහො භික්ඛවෙ, අන්තරා මලං අන්තරා අමිත්තො අන්තරා සපත්තො අන්තරා වධකො අන්තරා පච්චත්ථිකො. ඉමෙ ඛො භික්ඛවෙ, තයො අන්තරා මලා අන්තරා අමිත්තා අන්තරා සපත්තා අන්තරා වධකා අන්තරා පච්චත්ථිකා”ති.
“මහණෙනි, ඇතුළත මලයෝ ඇතුළත අමිත්‍රයෝ ඇතුළත සතුරෝ ඇතුළත වධකයෝ ඇතුළත පසමිතුරෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද ? යත්: මහණෙනි, ලෝභය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි. මහණෙනි, ද්වේෂය... මහණෙනි, මෝහය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි. මහණෙනි, මොහු තිදෙන ඇතුළත මලයෝ යැ, ඇතුළත අමිත්‍රයෝ යැ, ඇතුළත සතුරෝ යැ, ඇතුළත වධකයෝ යැ, ඇතුළත පසමිතුරෝ’යි.
1. “අනත්ථජනනො ලොභො ලොභො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
1 – 2. ලෝභය අනර්‍ත්‍ථ උපදවන්නේ යැ. ලෝභය සිත චලනය කරන්නේ යැ. හේ ඇතුළත (සිත්හි මැ) උපන් භයහෙතුයෙක. ඒ භය බාල මහාජන තෙමේ නො දනී. ලෝභී වූයේ (ලෞකිකලොකොත්තර) අර්ත්ථය නො දනී. (අර්ත්ථයට හේතු වූ) ධර්මය නො දකී. යම් කලෙක්හි ලෝභය තෙම මිනිසා මැඩගනී ද එකල්හි බහල වූ අන්ධකාරය වේ.
2. ලුද්ධො අත්ථං න ජානාති ලුද්ධො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං ලොභො සහතෙ නරං.
3. අනත්ථජනනො දොසො දොසො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
3 – 4. ද්වේෂය අනර්ථජනක යැ, ද්වේෂය සිත චලනය කෙරෙයි. හේ සිත්හි උපන් භය කාරණයෙක. බාලජන තෙමේ එය අවබෝධ නො කෙරෙයි. කිපියේ අර්ත්ථය නො දනී. ධර්මය නො දකී. ක්‍රෝධය මිනිසා යටපත් කරන කල්හි බහල වූ අන්ධකාරය වේ.
4. කුද්ධො අත්ථං න ජානාති කුද්ධො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං කොධො සහතෙ නරං.
5. අනත්ථජනනො මොහො මොහො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
5 – 6. මෝහය අනර්‍ත්‍ථ උපදවයි. මෝහය සිත කලඹයි. හේ සිත තුළ උපදනා භය කාරණයෙක. බාලජන තෙමේ එය අවබෝධ නො කෙරෙයි. මුළා වූයේ අර්ත්ථය නො දනී. ධර්මය නො දකී. මෝහය මිනිසා මැඩගන්නා කල්හි බහල වූ අන්ධකාරය වේ.
6. මූළ්හො අත්ථං න ජානාති මූළ්හො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං මොහො සහතෙ නරං”ති.
එවම්පි තත්රාසයාති පරිස්සයා.
මෙසේත් ‘තත්‍රාසය වෙත්’ නුයි උපද්‍රව නම් වෙත්.
වුත්තං හෙතං භගවතා:
මේ වදාරන ලද මැයි බුදුන් විසින්:
“තයො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. කතමෙ තයො? ලොභො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. දොසො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. මොහො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. ඉමෙ ඛො මහාරාජ, තයො, පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරායාති.
“මහරජ, පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනා ධර්මයෝ තිදෙනෙක් අහිත පිණිස දුක් පිණිස අසුඛවිහරණය පිණිස උපදිති. කවර තිදෙනෙක් ද? යත්: මහරජ, ලොභධර්මය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතයට දුකට නො සුවවිහරණයට උපදී. මහරජ, ද්වේෂධර්‍මය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතයට දුකට නො සුවවිහරණයට උපදී. මහරජ, මෝහධර්‍මය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතයට දුකට නො සුවවිහරණයට උපදී. මහරජ, මේ ධර්මයෝ තිදෙන පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනාහු අහිත පිණිස දුක් පිණිස අඵාසුවිහරණය පිණිස උපදිත්.
7. ලොභො දොසො ච මොහො ච පුරිසං පාපචෙතසං, හිංසන්ති අත්තසම්භූතා තචසාරං’ච සම්ඵල”න්ති
7. ලෝභය ද්වේෂය හා මෝහය ද ස්වසන්තානයෙහි උපන්නාහු ස්වකීය ඵලය ත්වක්සාර (හුණගසක්) මෙන් පව්සිත් ඇති පුරුෂයා නසත්.
එවම්පි තත්රාසයාති පරිස්සයා.
මෙසෙයිනු දු තත්‍රාසය නුයි උපද්‍රව නම් වෙත්.
වුත්තං හෙතං භගවතා:
වදාරන ලද මැයි මේ බුදුන් විසින්:
8. “රාගො ච දොසො ච ඉතො නිදානා අරති රතී ලොමහංසො ඉතොජා, ඉතො සමුට්ඨාය මනොවිතක්කා කුමාරකා ධංකමිවොස්සජන්ති”
8. රාගය ද ද්වේෂය ද කුශලධර්මයෙහි උත්කණ්ඨාව ද පස්කම්හි ඇලීම හා ලොමහර්ෂය ද මේ ආත්මභාවය නිදාන කොට ඇත්තාහුය. මේ අත්බැවින් උපන්නාහුය. ලාමක වූ මනොවිතර්කයෝ මේ අත්බැවින් ඉපද, කුඩාදරුවන් දිග හුයකින් පය බැඳ හරන ලද කවුඩකු සෙයින් සිත (බැඳ භවයෙහි) හැර පියත්.
එවම්පි තත්රාසයාති පරිස්සයා.
මේ පරිද්දෙන් ද තත්‍රාසය නුයි - ‘පරිස්සය (-උපද්‍රව)’ නම් වෙත්.
මද්දන්තෙ නං පරිස්සයාති - තෙ පරිස්සයා තං පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති පරියාදියන්ති මද්දන්තීති මද්දන්තෙ නං පරිස්සයා.
මද්දන්තෙ නං පරිස්සයා - ඒ උපද්‍රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, පරිසහනය කෙරෙති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් අල්වාගනිති, මිරිකත් නුයි ‘මද්දන්තෙ නං පරිස්සයා’ යනු වේ.
තතො නං දුක්ඛමන්වෙතීති - තතොති තතො පරිස්සයතො තං පුග්ගලං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. ජාතිදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. ජරාදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. ව්යාධිදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. මරණදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. නෙරයිකං දුක්ඛං -පෙ- තිරච්ඡානයොනිකං දුක්ඛං -පෙ- පෙත්තිවිසයිකං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. මානුසිකං දුක්ඛං -පෙ-ගබ්භොක්කන්තිමූලකං දුක්ඛං -පෙ- ගබ්භට්ඨිති මූලකං දුක්ඛං -පෙ- ගබ්භවුට්ඨානමූලකං දුක්ඛං -පෙ- ජාතස්සුපනිබන්ධනං දුක්ඛං -පෙ- ජාතස්ස පරාධෙය්යතං දුක්ඛං -පෙ- අත්තූපක්කමං දුක්ඛං -පෙ- පරූපක්කමං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. දුක්ඛදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. සඞ්ඛාරදුක්ඛං -පෙ- විපරිණාමදුක්ඛං -පෙ- චක්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්හාරොගො කායරොගො කණ්ණරොගො මුඛරොගො දන්තරොගො කාසො සාසො පිනාසො ඩහො ජරො කුච්ඡිරොගො මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො දද්දු කණ්ඩු කච්ඡු රඛසා විතච්ඡිකා ලොහිතපිත්තං මධුමෙහො අංසා පිළකා භගන්දලා පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා, සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සදුක්ඛං -පෙ- මාතුමරණං දුක්ඛං -පෙ- පිතුමරණං දුක්ඛං -පෙ- භාතුමරණං දුක්ඛං -පෙ- භගිනීමරණං දුක්ඛං -පෙ- පුත්තමරණං දුක්ඛං -පෙ- ධීතුමරණං දුක්ඛං -පෙ- ඤාතිව්යසනං දුක්ඛං -පෙ- භොගව්යසනං දුක්ඛං -පෙ- රොගව්යසනං දුක්ඛං -පෙ- සීලව්යසනං දුක්ඛං -පෙ- දිට්ඨිව්යසනං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොතීති තතො නං දුක්ඛමන්වෙති.
තතො නං දුක්ඛමන්වෙති - තතො යනු: ඒ උපද්‍රව හේතු කොට ගෙන ඒ පුද්ගලයා කරා දුක එයි, සමීපයට යයි, පැමිණියේ වෙයි. ජාතිදුක අනුව එයි, ළඟට යයි, පැමිණියේ වෙයි. ජරාදුක... ව්‍යාධි දුක... මරණදුක... සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස දුක අනුව එයි, සමීපයට යයි, පැමිණියේ වෙයි. නිරය දුක... තිරිසන්යෝනියෙහි දුක... ප්‍රේතවිෂයෙහි දුක... මිනිස්ලොවැ (වධබන්ධනාදි) දුක... ගර්භාවක්රාන්තිමුලක දුක... ගර්භස්ථිතිමූලක දුක... ගර්භව්යුත්ථානමූලක දුක... උපන්නහු පිළිදග්නා දුක... උපන්නහු පරා අයත්බැව්හි දුක... ආත්මොපක්‍රම දුක... පරොපක්‍රම දුක අනුව එයි... දුඃඛදුඃඛය... සංස්කාර දුඃඛය... විපරිණාම දුඃඛය... චක්ෂුරොග ශ්රොතරොග ඝ්‍රාණරොග ජිහ්වාරෝග කායරොග ශීර්ෂරොග කර්ණරොග මුඛරොග දන්තරෝග කාස ශ්වාස පීනස දාහ ජ්වර කුක්ෂිරොග මූර්ජා ප්‍රස්කන්දිකා ශූල විසූචිකා කුෂ්ට ගණ්ඩ කිලාස ක්ෂය අපස්මාර දද්‍රැ කණ්ඩුති කච්ඡු රඛසා විතච්ඡිකා රක්තපිත්ත මධුමෙහ අර්ශස් පිඩකා භගන්දර පිත්තජරොග ශෙලෂ්මජරොග සාන්නිපාතිකාබාධ ඍතුපරිණාමජආබාධ විෂමපරිහාරජආබාධ ඖපක්රමිකආබාධ කර්මවිපාකජආබාධ, ශීතොෂ්ණ ජිඝත්සා පිපාසා උච්චාර ප්‍රස්‍රාව, මැසි - මදුරු - වා - අව් දිග් දෑ පහසින් වූ දුක... මාතෘමරණයෙන් වූ දුක... පිතෘමරණ දුක... භ්රාතෘමරණ දුක... භගනීමරණ දුක... පුත්රමරණ දුක... ධීතෘමරණ දුක... ඥාතිව්‍යසනයෙන් වූ දුක... භොගව්යසන දුක... රෝගව්‍යසන දුක... ශීලව්‍යසන දුක... දෘෂ්ටිව්‍යසන දුක අනුව එයි, සමීපයට යයි, පැමිණේ නුයි ‘තතො නං දුක්ඛමන්වෙති’ යනු වේ.
නාවං භින්නමිවොදකන්ති - යථා භින්නං නාවං උදකදායිතො තතො තතො උදකං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. පුරතොපි උදකං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. පච්ඡතොපි, හෙට්ඨතොපි, පස්සතොපි උදකං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. එවමෙව තතො තතො පරිස්සයතො තං පුග්ගලං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොති. ජාතිදුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොතීති. -පෙ- දිට්ඨිව්යසනං දුක්ඛං අන්වෙති අනුගච්ඡති අන්වායිකං හොතීති නාවං භින්නමිවොදකං.
නාවං භින්නමිවොදකං - යම් සේ බිඳුණු නැවට ඒ ඒ සිදුරෙන් දිය පිවිසේ ද, පිටුපසින් ද යටින් ද දෙපසින් ද ජලය පිවිසේ ද, එසෙයින් ම ඒ ඒ උපද්‍රවයෙන් ඒ පුද්ගලයා කරා දුක පිවිසෙයි, අනුව යෙයි, පැමිණේ. ජාතිදුක පිවිසෙයි... දෘෂ්ටිව්‍යසනයෙන් වූ දුක පිවිසෙයි, අනුව යෙයි, පැමිණේ නුයි ‘නාවං භින්නමිවොදකං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ, බුදුහු:
“අබලා නං බලීයන්ති මද්දන්තෙ නං පරිස්සයා, තතො නං දුක්ඛමන්වෙති නාවං භින්නමිවොදක”න්ති.
“අබලානං බලියන්ති -පෙ- නාවං භින්නමිවොදකං” යි.