යෙදුමෙන් කියවන්න

1. 6

1. 6.

1. 6.

“තස‍්මා ජන‍්තු සදා සතො කාමානි පරිවජ‍්ජයෙ, තෙ පහාය තරෙ ඔඝං නාවං සිත්‍වාව පාරගූ.”

එහෙයින් සත්ත්‍ව තෙමේ සියලු කල්හි සිහි ඇති වැ කාමයන් දුරු කරන්නේ යැ. මෙසේ ඒ කාමයන් දුරුකොට බිඳුණු නැව දිය ඉස පරතෙර යන්නකු සෙයින් චතුරෝඝය තරණය කරන්නේ යි.

තස‍්මා ජන‍්තු සදා සතොති - තස‍්මා තංකාරණා තංහෙතු තප‍්පච‍්චයා තංනිදානා එතං ආදීනවං සම‍්පස‍්සමානො කාමෙසූති තස‍්මා; ජන‍්තූති සත‍්තො නරො මානවො පොසො පුග‍්ගලො ජීවො ජාගූ ජන‍්තු ඉන්‍දගූ මනුජො; සදාති සදා සබ‍්බදා සබ‍්බකාලං නිච‍්චකාලං ධුවකාලං සතතං සමිතං අබ‍්බොකිණ‍්ණං පොඞ‍්ඛානුපොඞ‍්ඛං උදකොමිකාජාතං අවීචි සන‍්තති සහිතං ඵුස‍්සිතං පුරෙභත‍්තං පච‍්ඡාභත‍්තං පුරිමං යාමං මජ‍්ඣිමං යාමං පච‍්ඡිමං යාමං කාළෙ ජුණ‍්හෙ වස‍්සෙ හෙමන‍්තෙ ගිම‍්හෙ පුරිමෙ වයොඛන්‍ධෙ මජ‍්ඣිමෙ වයොඛන්‍ධෙ පච‍්ඡිමෙ වයොඛන්‍ධෙ; සතොති චතුහි කාරණෙහි සතො: කායො කායානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො, වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තොපි සතො. අපරෙහිපි චතුහි කාරණෙහි සතො -පෙ- සො වුච‍්චති ‘සතො’ති. තස‍්මා ජන‍්තු සදා සතො.

තස්මා ජන්තු සදා සතෝ - එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් කාමයන්හි තෙල ආදීනව දක්නේ නුයි තස්මා: ජන්තු සත්ත්‍ව - නර-මාණව-පුරුෂ-පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජ තෙම; සදා - සියලු දවස්හි, සියලු කල්හි, දවසක් පාසා, අවිච්ඡන්න ව, නිරතුරු, අව්‍යාකීර්‍ණ ව, පිළිවෙළින් එක් ව, රළවැළක් මෙන් අවිරල ව, නො සිඳැ, එක් ව, ස්පෘෂ්ට ව, පෙරබතැ, පසුබතැ, පෙරයම්හි, මැදියම්හි, පසුයම්හි, අවපසැ, පුරපසැ, වසන්හි, හිමත්හි, ගිමන්හි, පෙරවියෙහි, මැදිවියෙහි, පසුවියෙහි; සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ, කයෙහි කායානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි... චිත්තයෙහි... ධර්‍මයන්හි ධම්මානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ; අන්‍ය වූ ද සතර කාරණයකින් සිහි ඇතියේ...*හෙතෙම ස්මෘතිමත් වූයේ සිහි ඇතියේ යයි කියනු ලැබේ නුයි ‘තස්මා ජන්තු සදා සතෝ’ යනු වේ.

කාමානි පරිවජ‍්ජයෙති - කාමාති උද‍්දානතො ද‍්වෙ කාමා: වත්‍ථු කාමා ච කිලෙසකාමා ච. -පෙ-ඉමෙ වුච‍්චන‍්ති වත්‍ථුකාමා. -පෙ- ඉමෙ වුච‍්චන‍්ති කිලෙසකාමා. කාමානි පරිවජ‍්ජයෙති ද‍්වීහි කාරණෙහි කාමෙ පරිවජ‍්ජෙය්‍ය: වික‍්ඛම‍්භණතො වා සමුච‍්ඡෙදතො වා. කථං වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙය්‍ය? අට‍්ඨිකඞ‍්කලූපමා කාමා අප‍්පස‍්සාදට‍්ඨෙනාති පස‍්සන‍්තො වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙය්‍ය. මංසපෙසූපමා කාමා බහුසධාරණට‍්ඨෙනාති පස‍්සන‍්තො වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙය්‍ය. තිණුක‍්කූපමා කාමා අනුදහනට‍්ඨෙනාති පස‍්සන‍්තො වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙය්‍ය. -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තිං භාවෙන‍්තොපි වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙති. එවං වික‍්ඛම‍්භණතො කාමෙ පරිවජ‍්ජෙය්‍ය. -පෙ- එවං සමුච‍්ඡෙදතො කාමෙ පරිවජ‍්ජෙය්‍යාති කාමානි පරිවජ‍්ජෙයෙ.

කාමානි පරිවජ්ජයෙ - කාමා යනු: විස්තර හෙයින් වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි කාමයෝ දෙදෙනෙක් වෙති. (වස්තුකාමයෝ නම් මනාපිකරූපාදීහු)... මොහු වස්තුකාමයෝ යැයි කියනු ලැබෙත්. (ක්ලේශකාමයෝ නම් ඡන්දකාමාදීහු)... මොහු ක්ලේශකාමයෝ යැයි කියනු ලැබෙත්. කාමානි පරිවජ්ජයෙ - දෙ කරුණෙකින් කාමයන් දුරු කරන්නේ ය: විෂ්කම්භණ හෙයින් හෝ සමුච්ඡේද හෙයිනැ. කිසෙයින් විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කරන්නේ ද යත්: අස්ථිකඞ්කාලයක් (ඇටසැකිල්ලක්) වැන්නැ කාමයෝ අල්පාස්වාද හෙයිනැයි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කරන්නේ යැ. මාංසපේශියක් වැන්නැ කාමයෝ බහුසාධාරණ වන බැවිනැයි දක්නේ කාමයන් විෂ්කම්භණ හෙයින් දුරු කරන්නේ යැ. තෘණොල්කාවක් (තණහුලක්) වැන්නැ කාමයෝ අනුදහන (දහනකිස සපයන) බැවිනැයි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කරන්නේ යැ... නෛවසංඥානාසංඥායතන සමාපත්ති වඩනුයේ ද විෂ්කම්භණ විසින් කාමයන් දුරු කරන්නේ යැ. මෙපරිද්දෙන් විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කරන්නේ යි. (සෝවාන් මඟ වඩමින් අපායගමනීය කාමයන් සමුච්ඡේද හෙයින් දුරු කරන්නේ යැ)... මෙසෙයින් සමුච්ඡේද හෙයින් කාමයන් දුරු කරන්නේ නුයි ‘කාමානි පරිවජ්ජයෛ’ යනු වේ.

තෙ පහාය තරෙ ඔඝන‍්ති - තෙති වත්‍ථුකාමෙ පරිජානිත්‍වා කිලෙසකාමෙ පහාය පජහිත්‍වා විනොදෙත්‍වා ව්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වා කාමච‍්ඡන්‍දනීවරණං පහාය පජහිත්‍වා විනොදෙත්‍වා ව්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වා, ව්‍යාපාදනීවරණං -පෙ- ථීනමිද‍්ධනීවරණං -පෙ- උද‍්ධච‍්චකුක‍්කුච‍්චනීවරණං -පෙ- විචිකිච‍්ඡානීවරණං පහාය පජහිත්‍වා විනොදෙත්‍වා ව්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වා කාමොඝං දිට‍්ඨොඝං අවිජ‍්ජොඝං තරෙය්‍ය උත‍්තරෙය්‍ය පතරෙය්‍ය සමතික‍්කමෙය්‍ය වීතිවත‍්තෙය්‍යාති - තෙ පහාය තරෙ ඔඝං.

තෙ පහාය තරෙ ඕඝං - තෙ යනු: වස්තුකාමයන් පරිජානනය කොට ක්ලේශකාමයන් පහාය - (හැර) දුරු කොට විනෝදනය කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා, කාමච්ඡන්‍දනීවරණය හැර දුරු කොට විනෝදනය කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා, ව්‍යාපාද නීවරණය... ථීනමිද්ධනීවරණය... උද්ධච්චකුක්කුච්චනීවරණය... විචිකිච්ඡානීවරණය... අනභාවයට පමුණුවා, කාමෝඝය භවොඝය දෘෂ්ට්‍යොඝය අවිද්‍යොඝය තරණය කරන්නේය, උත්තරණය, ප්‍රතරණය, සමතික්‍රමණය කරන්නේය ඉක්මවන්නේ නුයි ‘තෙ පහාය තරෙ ඕඝං’ යනු වේ.

නාවං සිත්‍වාව පාරගූති - යථා ගරුකං නාවං භාරිකං උදකං සිඤ‍්චිත්‍වා ඔසිඤ‍්චිත්‍වා ඡඩ‍්ඩෙත්‍වා ලහුකාය නාවාය ඛිප‍්පං ලහුං අප‍්පකසිරෙනෙව පාරං ගච‍්ඡෙය්‍ය, එවමෙවං වත්‍ථුකාමෙ පරිජානිත්‍වා කිලෙසකාමෙ පහාය පජහිත්‍වා විනොදෙත්‍වා ව්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වා, කාමච‍්ඡන්‍දනීවරණං - ව්‍යාපාදනීවරණං - ථීනමිද‍්ධනීවරණං - උද‍්ධච‍්චකුක‍්කුච‍්චනීවරණං - විචිකිච‍්ඡානීවරණං පහාය පජහිත්‍වා විනොදෙත්‍වා ව්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වා ඛිප‍්පං ලහුං පාරං අප‍්පකසිරෙනෙව ගච‍්ඡෙය්‍ය. පාරං වුච‍්චති අමතං නිබ‍්බානං. යො සො සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං. ‘පාරං ගච‍්ඡෙය්‍යා’ති පාරං අධිගච‍්ඡෙය්‍ය පාරං ඵුසෙය්‍ය පාරං සච‍්ඡිකරෙය්‍ය. පාරගූති යො’පි පාරං ගන‍්තුකාමො සො’පි පාරගූ, යො’පි පාරං ගච‍්ඡති සො’පි පාරගූ, යො’පි පාරං ගතො සො’පි පාරගූ.

නාවං සිත්වාවපාරගූ - යම්සේ බර වූ බඩු පුරවන ලද නැවක් දිය ඉස, ඉවත් කොට, හැරදමා, සැහැල්ලු වූ නැවින් ශීඝ්‍ර වැ වහා නිදුකින් මැ පරතෙරට යන්නේ ද, එසෙයින් වස්තුකාමයන් තීරණප්‍රඥාවෙන් දැන ක්ලේශකාමයන් (ප්‍රහාණ පරිඥාවෙන්) පරිත්‍යාග කොට හැරදමා විනෝදනය කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා, කාමච්ඡන්‍දනීවරණය - ව්‍යාපාද නීවරණය - ථීනමිද්ධනීවරණය - උද්ධච්චකුක්කුච්චනීවරණය - විචිකිච්ඡානීවරණය පරිත්‍යාග කොට, හැරදමා, විනෝදනය කොට, විගතාන්ත කොට, අනභාවයට පමුණුවා, ශීඝ්‍ර වැ වහා නිදුකින් මැ පරතෙරට යන්නේ යැ. අමෘත වූ නිර්‍වාණය ‘පාර’ යයි කියනු ලැබේ. යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් ක්ලෙශවිරාගයෙක් දුඃඛනිරෝධයෙක් වේ ද, ඒ නිර්‍වාණයයි. ‘පාරං ගච්ඡෙය්‍ය’ යනු: (ඒ නිර්‍වාණ සඞ්ඛ්‍යාත වූ) පාරය අධිගම කරන්නේ යැ, පාරය (දුභතෝ වුට්ඨාන මාර්‍ගඥානයෙන්) ස්පර්‍ශ කරන්නේ යැ, (ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙන්) පාරය ප්‍රත්‍යක්‍ෂ කරන්නේ යි. පාරාගු යනු: යමෙක් පාරයට යනු කැමැති වූයේ නම් හෙ ද ‘පාරගූ’ නමැ, යමෙක් පාරයට යේ නම් හෙ ද ‘පාරගු’ නමැ, යමෙක් පාරයට ගියේ නම් හෙ ද ‘පාරගූ’ නමි.

වුත‍්තං හෙතං භගවතා:

මේ වදාළේ මැනු භගවත්හු විසින්:

“තිණ‍්ණො පාරගතො ථලෙ තිට‍්ඨති බ්‍රාහ‍්මණො”ති ඛො භික‍්ඛවෙ, අරහතො එතං අධිවචනං. සො අභිඤ‍්ඤාපාරගූ පරිඤ‍්ඤාපාරගූ පහාණපාරගූ භාවනාපාරගූ සච‍්ඡිකිරියාපාරගූ සමාපත‍්තිපාරගූ; අභිඤ‍්ඤාපාරගූ සබ‍්බධම‍්මානං, පරිඤ‍්ඤාපාරගූ සබ‍්බදුක‍්ඛානං, පහාණපාරගූ සබ‍්බකිලෙසානං, භාවනාපාරගූ චතුන‍්නං අරියමග‍්ගානං, සච‍්ඡිකිරියාපාරගූ නිරොධස‍්ස, සමාපත‍්තිපාරගූ සබ‍්බසමාපත‍්තීනං. සො වසිප‍්පත‍්තො පාරමිප‍්පත‍්තො අරියස‍්මිං සීලස‍්මිං, වසිප‍්පත‍්තො පාරමිප‍්පත‍්තො අරියස‍්මිං සමාධිස‍්මිං, වසිප‍්පත‍්තො පාරමිප‍්පත‍්තො අරියාය පඤ‍්ඤාය, වසිප‍්පත‍්තො පාරමිප‍්පත‍්තො අරියාය විමුත‍්තියා. සො පාරගතො පාරප‍්පත‍්තො අන‍්තගතො අන‍්තප‍්පත‍්තො කොටිගතො කොටිප‍්පත‍්තො පරියන‍්තගතො පරියන‍්තප‍්පත‍්තො වොසානගතො වොසානප‍්පත‍්තො තාණගතො තාණප‍්පත‍්තො ලෙණගතො ලෙණප‍්පත‍්තො සරණගතො සරණප‍්පත‍්තො අභයගතො අභයප‍්පත‍්තො අච‍්චුතගතො අච‍්චුතප‍්පත‍්තො අමතගතො අමතප‍්පත‍්තො නිබ‍්බාණගතො නිබ‍්බාණප‍්පත‍්තො. සො වුත්‍ථවාසො චිණ‍්ණචරණො ගතද‍්ධො ගතදිසො ගතකොටිකො පාලිතබ්‍රහ‍්මචරියො උත‍්තමදිට‍්ඨිප‍්පත‍්තො භාවිතමග‍්ගො පහීණකිලෙසො පටිවිද‍්ධාකුප‍්පො සච‍්ඡිකතනිරොධො.

“තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො” යී මහණෙනි, තෙල රහත් හට අධිවචනයෙකි (නමෙකි.) හේ ‘අභිඤ්ඤාපාරගු’ යැ, ‘පරිඤ්ඤාපාරගු’ යැ, ‘පහාණපාරගු’ යැ, ‘භාවනාපාරගු’ යැ, ‘සච්ඡිකිරියාපාරගු’ යැ, ‘සමාපත්ති පාරගු’ ද වේ. සියලු (පඤ්චස්කන්‍ධාදී) ධර්‍මයන්ගේ අභිඥා (-ඥාතපරිඥා) වෙන් නිර්‍වාණපාරයට ගියේ වෙයි, සියලු (ජාත්‍යාදි) දුඃඛයන් ගේ තීරණපරිඥාවෙන් පාරයට ගියේ වෙයි, (කායදුශ්චරිතාදි) සියලු ක්ලේශයන්ගේ ප්‍රහාණපරිඥාවෙන් පාරයට ගියේ වෙයි, (ස්‍රොතාපත්‍යාදි) සතර ආර්‍ය්‍යමාර්‍ගයන්ගේ භාවනායෙන් පාරයට ගියේ වෙයි, එල - නිර්‍වාණ- වශයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් නිර්‍වාණයාගේ පාරයට ගියේ වෙයි, (අෂ්ටවිධ රූපාරූප) සියලු සමාපත්තීන්ගේ සමාපත්තියෙන් පාරයට ගියේ වේ. හෙතෙම ආර්‍ය්‍ය (-උත්තම හෝ නිරේදොෂ) ශීලයෙහි වශීභාවයට අවසානයට (-නිෂ්ඨාවට) පැමිණියේ, ආර්‍ය්‍යසමාධියෙහි වශීභාවයට අවසානයට පැමිණියේ, ආර්‍ය්‍යප්‍රඥායෙහි වශීභාවයට අවසානයට පැමිණියේ ආර්‍ය්‍යවිමුක්තියෙහි වශීභාවයට අවසානයට පැමිණියේ; හෙතෙම (මාර්‍ගයෙන්) පාරයට ගියේ, (ඵලයෙන්) පාරයට පැමිණියේ, (මාර්‍ගයෙන් සංස්කාරලෝකයෙහි) අන්තයට ගියේ, (ඵලයෙන්) අන්තයට පැමිණියේ, (මාර්‍ගයෙන් සංස්කාරයන්ගේ) කෝටි - කෙළවරට ගියේ, ඵලයෙක් කෙළවරට පැමිණියේ, (මාර්‍ගයෙන් ආයතනාදි ලෝක) පර්‍ය්‍යන්තයට ගියේ පර්‍ය්‍යන්තයට පැමිණියේ, (මාර්‍ගයෙන් අවසානයට ගියේ, (ඵලයෙන්) අවසානයට පැමිණියේ, ත්‍රාණයට ගියේ ත්‍රාණප්‍රාප්ත වූයේ, ලෙනයට ගියේ ලෙනප්‍රාප්ත වූයේ, සරණ - ප්‍රතිෂ්ඨාවට ගියේ සරණප්‍රාප්ත වූයේ, අභයගත - අභයප්‍රාප්ත වූයේ, අච්‍යුතිගත - අච්‍යුතිප්‍රාප්ත වූයේ, අමෘතගත - අමෘතප්‍රාප්ත වූයේ, (මාර්‍ගයෙන්) නිර්‍වාණගත වූයේ (ඵලයෙන්) නිර්‍වාණප්‍රාප්ත වූයේ; හෙතෙම (දශවිධ ආර්‍ය්‍යවාසය) වැස නිමවූයේ, (ශීලය හා සමාධියෙහි) චීර්‍ණවශී වූයේ, සසර අදන්මඟ ඉක්මවූයේ, (පෙර නො ගිය විරූ) නිවන් දෙසට ගියේ, (අනුපාදිශේෂ නිර්‍වාණකොටියට පැමිණ සිටියේ, රක්‍ෂිත බ්‍රහ්මචරියවාස ඇත්තේ, උත්තම සම්‍යග්දෘෂ්ටියට පැමිණියේ, භාවිතමාර්‍ග ඇත්තේ, ප්‍රහීණ ක්ලේශ ඇත්තේ, ප්‍රතිවේධ කළ (අර්‍හත්ඵලසඞ්ඛ්‍යාත) අකෝප්‍යය ඇත්තේ, සාක්‍ෂාත්කෘත නිරෝධ ඇත්තේ වෙයි.

දුක‍්ඛං තස‍්ස පරිඤ‍්ඤාතං, සමුදයො පහීණො, මග‍්ගො භාවිතො, නිරොධො සච‍්ඡිකතො. අභිඤ‍්ඤෙය්‍යං අභිඤ‍්ඤාතං, පරිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤාතං, පහාතබ‍්බං පහීණං, භාවෙතබ‍්බං භාවිතං, සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං. සො උක‍්ඛිත‍්තපලිඝො සඞ‍්කිණ‍්ණපරිඛො අබ‍්බූළ‍්හෙසිකො නිරග‍්ගලො අරියො පණ‍්ණද‍්ධජො පණ‍්ණභාරො විසඤ‍්ඤුත‍්තො. පඤ‍්චඞ‍්ගවිප‍්පහීණො ඡළඞ‍්ගසමන‍්නාගතො එකාරක‍්ඛො චතුරපස‍්සෙනො පනුණ‍්ණපච‍්චෙකසච‍්චො සමවයසට‍්ඨෙසනො අනාවිලසඞ‍්කප‍්පො පස‍්සද‍්ධකායසංඛාරො සුවිමුත‍්තචිත‍්තො සුවිමුත‍්තපඤ‍්ඤො කෙවලී වුසිතවා උත‍්තමපුරිසො පරමපුරිසො පරමප‍්පත‍්තිපත‍්තො.

ඔහු විසින් දුක පරිඥාත යැ, සමුදය ප්‍රහීණ යැ, මාර්‍ගය භාවිත යැ, නිරෝධය සාක්‍ෂාත්කෘත යි. (ස්වලක්ෂණාවබෝධයෙන්) අභිඥාතව්‍යය - දතයුත්ත අභිඥාත යැ, (සාමාන්‍ය ලක්‍ෂණාවබොධයෙන්) පරිඥාතව්‍යය හාත්පසින් දතයුත්ත පරිඥාත යැ, ප්‍රහාතව්‍යය ප්‍රහීණ යැ, භාවිතව්‍යය භාවිත යැ, සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යි. හෙතෙම නගන ලද (උත්ක්‍ෂිප්ත) අවිද්‍යාපරිඝය ඇත්තේ යැ, සංකීර්‍ණ (විසුරුවන ලද) කර්‍මාභිසංස්කාරපරිඛා ඇත්තේ යැ, උදුරන ලද තෘෂ්ණා ඒෂිකා ඇත්තේ යැ, (ඕරම්භාගිය සංයෝජන සඞ්ඛ්‍යාත) අර්‍ගල රහිත යැ, ආර්‍ය්‍ය (නික්ලේශ) යැ, හෙළන ලද මානධ්වජ ඇත්තේ යැ, තබන ලද ස්කන්‍ධාදි භාර ඇත්තේ යැ, (චතුර්විධ යෝගයෙන්) විසංයුක්ත යැ, (කාමච්ඡන්‍දාදි) පඤ්චාඞ්ගවිප්‍රහීණ යැ, ෂඩඞ්ගොපෙක්ෂාවෙන් සමන්‍විත යැ, (ස්මෘතිසඞ්ඛ්‍යාත) එකාරක්ෂා ඇත්තේ යැ, (ප්‍රතිසෙවනාදි) චතුර්විධ අපශ්‍රයන ඇත්තේ යැ, බැහැර කළ ප්‍රත්‍යෙකසත්‍ය ඇත්තේ යැ, මොනවට හරන ලද සියලු ඒෂණා (-සෙවීම්) ඇත්තේ යැ, අනාවිලසංකල්ප ඇත්තේ ය, සන්හිඳුණු කායසංස්කාර ඇත්තේ යැ, සුවිමුක්තචිත්ත යැ, සිවිමුක්තප්‍රාඥ යැ, පරිපූර්‍ණ යැ, වුසූ බඹසරවස් ඇත්තේ යැ, උත්තමපුරුෂ යැ, පරමපුරුෂ යැ, පරමප්‍රාප්තියට පැමිණියේ යි.

සො නෙව ආචිනාති න අපචිනාති අපචිනිත්‍වා ඨිතො. නෙව පජහති න උපාදියති පජහිත්‍වා ඨිතො. නෙව සිනෙති න උස‍්සිනෙති විසිනිත්‍වා ඨිතො. නෙව විධූපෙති න සන්‍ධූපෙති විධූපෙත්‍වා ඨිතො. අසෙඛෙන සීලක‍්ඛන්‍ධෙන සමන‍්නාගතත‍්තා ඨිතො, අසෙඛෙන සමාධික‍්ඛන්‍ධෙන අසෙඛෙන පඤ‍්ඤාක‍්ඛන්‍ධෙන අසෙඛෙන විමුත‍්තික‍්ඛන්‍ධෙන අසෙඛෙන විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධෙන සමන‍්නාගතත‍්තා ඨිතො. සච‍්චං සම‍්පටිපාදියිත්‍වා ඨිතො, එජං සමතික‍්කමිත්‍වා ඨිතො, කිලෙසග‍්ගිං පරියාදියිත්‍වා ඨිතො, අපරිගමනතාය ඨිතො. කථං සමාදාය ඨිතො, මුත‍්තිපටිසෙවනතාය ඨිතො, මෙත‍්තාය පාරිසුද‍්ධියා ඨිතො, කරුණාය මුදිතාය උපෙක‍්ඛාය පාරිසුද‍්ධියා ඨිතො, අච‍්චන‍්තපාරිසුද‍්ධියා ඨිතො, අතම‍්මයතාය පාරිසුද‍්ධියා ඨිතො, විමුත‍්තත‍්තා ඨිතො, සන‍්තුසිතත‍්තා ඨිතො, ඛන්‍ධපරියන‍්තෙ ඨිතො, ධාතුපරියන‍්තෙ ඨිතො, ආයතන පරියන‍්තෙ ඨිතො, ගතිපරියන‍්තෙ ඨිතො, උපපත‍්තිපරියන‍්තෙ ඨිතො, පටිසන්‍ධිපරියන‍්තෙ ඨිතො, සංසාරපරියන‍්තෙ ඨිතො, වට‍්ටපරියන‍්තෙ ඨිතො, අන‍්තිමෙ භවෙ ඨිතො, අන‍්තිමෙ සමුස‍්සයෙ ඨිතො, අන‍්තිමදෙහධරො අරහා.

හෙතෙම (කුශලාකුශලවිපාකය) රැස් නො කෙරෙයි. (ඵලයෙහි සිටි හෙයින් විපාක) විධ්වංශනය නො කෙරෙයි. කෙලෙසුන් නසා සිටියේ වෙයි. (අවිද්‍යමාන හෙයින් කෙලෙසුන්) නො මැ දුරු කෙරෙයි. (තෘෂ්ණා - මාන දෘෂ්ටි විසින්) උපාදානය නො කෙරෙයි. (කෙලෙසුන්) දුරු කොට සිටියේ වෙයි. (තෘෂ්ණාවශයෙන්) නො මැ සීවනය (-බැඳීම) කෙරෙයි. (මානවශයෙන්) උත්කර්‍ෂණය නො කෙරෙයි. තෘෂ්ණාබන්‍ධනය දුරු කොට සිටියේ වෙයි. (අවිද්‍යමාන හෙයින් කෙලෙස්ගිනි) නො මැ නිවයි. නො ද දල්වයි. විධූපනය කොට (-නිවා) සිටියේ වේ. අශෛක්‍ෂ වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍විත බැවින් සිටියේ අශෛක්‍ෂ වූ සමාධිස්කන්‍ධයෙන්... අශෛක්‍ෂ වූ ප්‍රඥාස්කන්‍ධයෙන්... අශෛක්‍ෂ වූ විමුක්තිස්කන්‍ධයෙන්... අශෛක්‍ෂ වූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍විත බැවින් සිටියේ, චතුස්සත්‍යය ප්‍රතිවේධ කොට සිටියේ, තෘෂ්ණාව ඉක්මවා සිටියේ, කෙලෙස්ගිනි ගෙවා සිටියේ, නැවත සංසාරයෙහි ගමන් නැති බැවින් සිටියේ, නයග්‍රහණයෙන් ගෙන සිටියේ, විමුක්තිප්‍රතිසෙවනභාවයෙන් සිටියේ, මෛත්‍රීපාරිශුද්ධියෙන් සිටියේ, කරුණා - මුදිතා - උපෙක්ෂාපාරිශුද්ධියෙන් සිටියේ, අත්‍යන්තපාරිශුද්ධියෙන් සිටියේ, අතම්මයතා (-තෘෂ්ණා - දෘෂ්ටි මානාභාව) පාරිශුද්ධියෙන් සිටියේ, සර්‍වක්ලෙශවිමුක්තභාවයෙන් සිටියේ, (යථාලාභාදි) සන්තුෂ්ටභාවයෙහි සිටියේ, ස්කන්ධපර්‍ය්‍යන්තයෙහි සිටියේ, ධාතුපර්‍ය්‍යන්තයෙහි සිටියේ, ආයතනපර්‍ය්‍යන්තයෙහි සිටියේ, ගතිපර්‍ය්‍යන්තයෙහි සිටියේ, උත්පත්තිපර්‍ය්‍යන්තයෙහි සිටියේ, ප්‍රතිසන්ධිපර්‍ය්‍යන්තයෙහි සිටියේ, සංසාරපර්‍ය්‍යන්තයෙහි සිටියේ, වෘත්තපර්‍ය්‍යන්තයෙහි සිටියේ, අන්තිමභවයෙහි සිටියේ, අන්තිම ශරීරයෙහි සිටියේ, අන්තිමදෙහධර වූයේ, ආරකාදිභාවයෙන් අර්‍හත් වූයේ වේ.

1. තස‍්සායං පච‍්ඡිමකොටි චරිමොයං සමුස‍්සයො, ජාතිමරණසංසාරො නත්‍ථි තස‍්ස පුනබ‍්භවොති.

1. ඒ රහත්හුගේ මේ පශ්චිම කොටිය (කෙළවර) වෙයි. මේ අන්තිම ශරීරය වෙයි. ජාතිමරණසංසාරය, පුනර්‍භවය ඔහුට නැත්තේ යි.

නාවං සිත්‍වාව පාරගූ.

‘නාවං සිත්වාව පාරගු’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“තස‍්මා ජන‍්තු සදා සතො කාමානි පරිවජ‍්ජයෙ, තෙ පහාය තරෙ ඔඝං නාවං සිත්‍වා පාරගූ”ති.

“තස්මා ජන්තු සදා සතෝ -පෙ- නාවං සිත්වාව පාරගු” යනු.

කාමසුත‍්තනිද‍්දෙසො පඨමො සමත‍්තො.

පළමුවැනි කාමසූත්‍ර නිර්‍දෙශය සමාප්ත යි.