යෙදුමෙන් කියවන්න

2. 1

2. 1.

2. 1.

“සත‍්තො ගුහායං බහුනාභිඡන‍්නො තිට‍්ඨං නරො මොහනස‍්මිං පගාළ‍්හො, දූරෙ විවෙකා හි තථාවිධො සො කාමා හි ලොකෙ න හි සුප‍්පහායා.

යම් මිනිසෙක් ගුහා සඞ්ඛ්‍යාත ශරීරයෙහි ඇලුණේ බොහෝ රාගාදි කෙලෙසුන් විසින් වැසුණේ රාගාදි වශයෙන් සිටුනේ මෝහන සඞ්ඛ්‍යාත පස්කම් ගුණයෙහි දැඩි වැ බැසගත්තේ වේ ද, එබඳු වූ ඒ සත්ත්‍ව තෙම ත්‍රිවිධ විවේකයෙන් දුර මැ වෙයි. යම් හෙයකින් සත්ලොව්හි කාමයෝ සුවයෙන් නො හළ හැක්කාහු ද එහෙයිනි.

සත‍්තො ගුහායං බහුනාභිඡන‍්නොති - ‘සත‍්තො’ති හි ඛො වුත‍්තං. අපි ච ගුහා තාව වත‍්තබ‍්බා: ගුහා වුච‍්චති කායො. කායොති වා ගුහාති වා සන්‍දෙහොති වා නාවාති වා රථොති වා ධජොති වා වම‍්මිකොති වා නගරන‍්ති වා නීඩන‍්ති වා කුටීති වා ගණ‍්ඩොති වා කුම‍්භොති වා කායස‍්සෙතං අධිවචනං.

සත්තො ගුහායං බහුනාභිඡන්නො - ‘සත්තො’ යනු කියනලද මැය. එතෙකුදු වත් පළමු කොට ‘ගුහා’ කියැ යුතු යැ. “ගුහා”යී කය කියනු ලැබේ. ‘කාය’ යැ හෝ, (රාගාදි ව්‍යාලයන් වෙසෙන හෙයින්) ‘ගුහා’ යැ හෝ, (රාගාදීන් විසින් දවන හෙයින්) ‘දේහ’ යැ හෝ, (ප්‍රමත්ත කරන හෙයින්) ‘සන්‍දේහ’ යැ හෝ, (සසර සැරිසරන හෙයින්) ‘නාවා’ යැ හෝ, (ඊර්‍ය්‍යාපථ ඇති බව හෙයින්) ‘රථ’ යැ හෝ, (ඉතා උස් වැ නැඟි හෙයින්) ‘ධජ’ යැ හෝ, (කෘමිකුලයනට ආවාස බැවින්) ‘වම්මිකයැ’ හෝ (මනාපාමනාපයන් සංසරත්හෙයින් ) ‘නගර’ යැ හෝ, (රොගාදීන්ට නීඩකැදැලි වන බැවින්) ‘නීඩ’ යැ හෝ, (ප්‍රතිසන්‍ධියට නිවාසගෘහ වන හෙයින්) ‘කුටි’ යැ හෝ, (පූතිභාවයෙන්) ‘ගණ්ඩ’ යැ හෝ, (බිඳෙන හෙයින්) ‘කුම්භ’ යැ හෝ, කයට මේ අධිවචන යි.

“සත‍්තො ගුහාය”න‍්ති ගුහායං සත‍්තො විසත‍්තො ආසත‍්තො ලග‍්ගො ලග‍්ගිතො පළිබුද‍්ධො. යථා භිත‍්තිඛීලෙ වා නාගදන‍්තෙ වා භණ‍්ඩං සත‍්තං විසත‍්තං ආසත‍්තං ලග‍්ගං ලග‍්ගිතං පළිබුද‍්ධං, එවමෙවං ගුහායං සත‍්තො විසත‍්තො ආසත‍්තො ලග‍්ගො ලග‍්ගිතො පළිබුද‍්ධො.

සත්තො ගුහායං - කායගුහායෙහි ශක්ත යැ විශක්ත යැ ආශක්ත යැ ලග්න යැ ලගිත යැ පරිබුද්ධ (-නො හැර සිටියේ) යැ. යම් සේ භිත්තිඛීලයෙ කැ හෝ නාගදන්තයෙකැ හෝ භාණ්ඩයෙක් ශක්ත විශක්ත ආශක්ත ලග්න ලගිත පරිබුද්ධ වේ ද, එසෙයින් කායගුහායෙහි ශක්ත යැ විශක්ත යැ ආශක්ත යැ ලග්න යැ ලගිත යැ පරිබුද්ධ යි.

වුත‍්තං හෙතං භගවතා:

මේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:

“රූපෙ ඛො රාධ, යො ඡන්‍දො යො රාගො යා නන්‍දි යා තණ‍්හා යෙ උපයූපාදානා චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයා, තත්‍ර සත‍්තො තත්‍ර විසත‍්තො, තස‍්මා සත‍්තොති වුච‍්චති. [වෙදනාය ඛො රාධ -පෙ- සඤ‍්ඤාය ඛො රාධ -පෙ- සංඛාරෙසු ඛො රාධ -පෙ- විඤ‍්ඤාණෙ ඛො රාධ, යො ඡන්‍දො යො රාගො යා නන්‍දි යා තණ‍්හා යෙ උපයූපාදානා චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයා, තත්‍ර සත‍්තො තත්‍ර විසත‍්තො, තස‍්මා සත‍්තොති වුච‍්චති] සත‍්තොති ලග‍්ගනාධිවචනන‍්ති.”

“රාධ, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් යම් තෘෂ්ණා-දෘෂ්ටි උපයයන් දැඩි කොට ගන්නා අකුශලචිත්තයට අධිෂ්ඨානාභිනිවෙශ වූ අනුශය කෙනෙක් වෙද්ද, එහි ශක්ත වූයේ (ඇලුණේ) එහි වෙසෙසින් ඇලුණේ වේ ද, එහෙයින් ‘සත්ත්‍ව’ යැ යි කියනු ලැබේ. වේදනායෙහි... සංඥායෙහි... සංස්කාරයන්හි... විඥානයෙහි රාධ යැ, යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් යම් තෘෂ්ණාදෘෂ්ටි සඞ්ඛ්‍යාත උපයයන් දැඩි කොට ගන්නා අකුශලචිත්තයට අධිෂ්ඨාන-අභිනිවෙශ වූ අනුශය කෙනෙක් වෙද්ද, එහි (යම්හෙයකින්) ඇලුණේ වෙසෙසින් ඇලුණේ වේ ද, එහෙයින් ‘සත්ත්‍ව’ යැ යි කියනු ලැබෙයි. ‘සත්ත’ යනු වෙසෙසින් ඇලීම ප්‍රකාශ කිරීම යැ” යි.

සත‍්තො ගුහායං බහුනාභිඡන‍්නොති - බහුකෙහි කිලෙසෙහි ඡන‍්නො: රාගෙන ඡන‍්නො දොසෙන ඡන‍්නො මොහෙන ඡන‍්නො කොධෙන ඡන‍්නො උපනාහෙන ඡන‍්නො මක‍්ඛෙන ඡන‍්නො පළාසෙන ඡන‍්නො ඉස‍්සාය ඡන‍්නො මච‍්ඡරියෙන ඡන‍්නො මායාය ඡන‍්නො සාඨෙය්‍යෙන ඡන‍්නො ථම‍්භෙන ඡන‍්නො සාරම‍්භෙන ඡන‍්නො මානෙන ඡන‍්නො අතිමානෙන ඡන‍්නො මදෙන ඡන‍්නො පමාදෙන ඡන‍්නො, සබ‍්බකිලෙසෙහි සබ‍්බදුච‍්චරිතෙහි සබ‍්බදරථෙහි සබ‍්බපරිළාහෙහි සබ‍්බසන‍්තාපෙහි සබ‍්බාකුසලාභිසංඛාරෙහි ඡන‍්නො උච‍්ඡන‍්නො ආවුතො නිවුතො ඔවුතො පිහිතො පටිච‍්ඡන‍්නො පටිකුජ‍්ජිතොති ‘සත‍්තො ගුහායං බහුනාභිඡන‍්නො.

සත්තො ගුහායං බහුනාභිඡන්නො - බොහෝ කෙලෙසුන් විසින් ඡන්න (වැසුණේ) යැ: රාගයෙන් ඡන්න යැ, ද්වේෂයෙන් මෝහයෙන්... ක්‍රෝධයෙන්... උපනාහයෙන්... ම්‍රක්ෂයෙන්... යුගග්‍රාහයෙන්... ඊර්‍ෂ්‍යායෙන් මාත්සර්‍ය්‍යයෙන් මායායෙන්... ශාඨ්‍යයෙන්... ස්තම්භයෙන්... සංරම්භයෙන් මානයෙන්... අතිමානයෙන්... මදයෙන්... ප්‍රමාදයෙන් ඡන්න යැ, සියලු කෙලෙසුන් විසින් සියලු දුශ්චරිතයන් විසින් සියලු දරථයන් විසින් සියලු පරිදාහයන් විසින් සියලු සන්තාපයන් විසින් සියලු අකුශලාභිසංස්කාරයන් විසින් ඡන්න යැ, (පුනපුනා උපදෙනෙන්) උපර්‍ය්‍යුපරි ඡන්න යැ, ආවෘත (වළකන ලද) යැ, නිවෘත යැ, අපවෘත (යටකොට වසනලද) යැ, පිහිත යැ, ප්‍රතිච්ඡන්න යැ, යටිහුරු කොට තබන ලද නුයි ‘සත්තො ගුහායං බහුනාභිඡන්නො’ යනු වේ.

තිට‍්ඨං නරො මොහනස‍්මිං පගාළ‍්හොති - ‘තිට‍්ඨං නරො’ති තිට‍්ඨන‍්තො නරො රත‍්තො රාගවසෙන තිට‍්ඨති. දුට‍්ඨො දොසවසෙන තිට‍්ඨති. මූළ‍්හො මොහවසෙන තිට‍්ඨති විනිබද‍්ධො මානවසෙන තිට‍්ඨති. පරාමට‍්ඨො දිට‍්ඨිවසෙන තිට‍්ඨති. වික‍්ඛෙපගතො උද‍්ධච‍්චවසෙන තිට‍්ඨති. අනිට‍්ඨං ගතො විචිකිච‍්ඡාවසෙන තිට‍්ඨති. ථාමගතො අනුසයවසෙන තිට‍්ඨති. එවම‍්පි තිට‍්ඨං නරො.

තිට්ඨං නරෝ මොහනස්මිං පගාළ්හො - ‘තිට්ඨං නරෝ’ යනු: නර (සත්ත්‍ව) තෙම සිටුනේ රාගවශයෙන් රත් වූයේ සිටි ද්වෙෂවශයෙන් ද්විෂ්ට වූයේ සිටී. මොහවශයෙන් මූඪ වූයේ සිටී. මානවශයෙන් නානාලම්බනයෙහි බැඳී සිටී. දෘෂ්ටිවශයෙන් පරාමෘෂ්ට වැ සිටී. ඖද්ධත්‍යවශයෙන් වික්ෂෙපයට පැමිණැ සිටී. විචිකිත්සාවශයෙන් නිෂ්ඨාවට නො පැමිණැ සිටී. අනුශයවශයෙන් ස්ථිර බවට පැමිණියේ සිටී. මෙසෙයිනු දු ‘තිට්ඨං නරෝ’ යනු වේ.

වුත‍්තං හෙතං භගවතා:

මේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:

“සන‍්ති භික‍්ඛවෙ, චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ‍්චෙ භික‍්ඛු අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨති. සන‍්ති භික‍්ඛවෙ, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා -පෙ- මනොවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, තඤ‍්චෙ භික‍්ඛු අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨතී” ති. එවම‍්පි තිට‍්ඨං නරො.

“මහණෙනි, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වු ප්‍රියස්වරූප වූ කාමයෙන් යුක්ත වු ඇලුම් කටයුතු වූ රූපාලම්බනයෝ ඇත්තාහ. මහණතෙම ඒ අරමුණට තෘෂ්ණාවශයෙන් සතුටු වේ නම්, පසසා නම්, බැසගෙන සිටී නම්; මහණෙනි, ශ්‍රෝතවිඥානයෙන් දතයුතු වූ ... ශබ්දයෝ ඇත ඝ්‍රාණවිඥානයෙන් දතයුතු වූ ... ගන්‍ධයෝ ඇත ... ජිහ්වාවිඥානයෙන් දතයුතු වූ ... රසයෝ ඇත ... කායවිඥානයෙන් දතයුතු වූ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ඇත්තාහ ... මනෝවිඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමූපසංහිත වූ රජනීය වූ ධර්‍මාලම්බනයෝ ඇත්තාහ. මහණතෙම ඒ අරමුණට (තෘෂ්ණාවශයෙන්) සතුටු වේ නම්, පසසා නම්, බැසගෙන සිටී නම්” මෙසේත් ‘තිට්ඨං නරෝ’ යනු වේ.

වුත‍්තං හෙතං භගවතා:

මේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:

“රූපූපයං වා භික‍්ඛවෙ, විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨති රූපාරම‍්මණං රූපපතිට‍්ඨං. නන්‍දූපසෙචනං වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජති. වෙදනූපයං වා භික‍්ඛවෙ -පෙ- සඤ‍්ඤූපයං වා භික‍්ඛවෙ, -පෙ- සඞ‍්ඛාරූපයං වා භික‍්ඛවෙ, විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨති සඞ‍්ඛාරාරම‍්මණං සඞ‍්ඛාරපතිට‍්ඨං. නන්‍දූපසෙචනං වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජතී”ති. එවම‍්පි තිට‍්ඨං නරො.

“මහණෙනි, (තෘෂ්ණා-දෘෂ්ටි උපය විසින්) රූපයට පැමිණි හෝ විඥානය සිටුනේ රූපය අරමුණු කොට ඇතියේ රූපය ප්‍රතිෂ්ඨා කොට ඇතියේ සිටී. (සප්‍රීතික) තෘෂ්ණාජලයෙන් තෙමන ලදුයේ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි. මහණෙනි, (තෘෂ්ණාදෘෂ්ටිවශයෙන්) වේදනාවට පැමිණි හෝ මහණෙනි, සංඥාවට පැමිණි හෝ... මහණෙනි, සංස්කාරයන්ට පැමිණි හෝ විඥානය සිටුනේ සංස්කාරයන් අරමුණු කොට ඇතියේ සංස්කාරයන් ප්‍රතිෂ්ඨා කොට ඇතියේ සිටී. තෘෂ්ණොදකයෙන් තෙමන ලදුයේ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ” යයි මෙසේත් ‘තිට්ඨං නරෝ’ යනු වේ.

වුත‍්තං හෙතං භගවතා:

මේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:

“කබලීකාරෙ චෙ භික‍්ඛවෙ, ආහාරෙ අත්‍ථි රාගො, අත්‍ථි නන්‍දි, අත්‍ථි තණ‍්හා. පතිට‍්ඨිතං තත්‍ථ විඤ‍්ඤාණං විරූළ‍්හං. යත්‍ථ පතිට‍්ඨිතං විඤ‍්ඤාණං විරූළ‍්හං, අත්‍ථි තත්‍ථ නාමරූපස‍්සාවක‍්කන‍්ති. යත්‍ථ අත්‍ථි නාමරූපස‍්සාවක‍්කන‍්ති, අත්‍ථි තත්‍ථ සඞ‍්ඛාරානං වුද‍්ධි. යත්‍ථ අත්‍ථි සඞ‍්ඛාරානං වුද‍්ධි, අත්‍ථි තත්‍ථ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති. යත්‍ථ අත්‍ථි ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති, අත්‍ථි තත්‍ථ ආයතිං ජාති ජරා මරණං. යත්‍ථ අත්‍ථි ආයතිං ජාති ජරා මරණං, සසොකං තං භික‍්ඛවෙ, සදරං සඋපායාසන‍්ති වදාමී” ති. එවම‍්පි තිට‍්ඨං නරො.

“මහණෙනි, ඉදින් කවලීකාරාහාරයෙහි රාගය ඇත්නම්, නන්‍දිය ඇත්නම්, තෘෂ්ණාව ඇත්නම්, එහි (කර්‍මය දුවවා පිළිසඳ ගැනීමට පොහොසත් බැවින්) විඥානය පිහිටියේ වැඩුණේ වෙයි. යම් තැනෙක්හි විඥානය පිහිටියේ වැඩුණේ නම්, එහි නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇත. යම් තැනෙක්හි නාමරූපාවක්‍රාන්තිය ඇත්නම්, එහි සංස්කාරයන්ගේ වෘද්ධිය ඇත. යම් තැනෙක්හි සංස්කාරයන්ගේ වෘද්ධිය ඇත්නම්, එහි මත්තෙහි පුනර්‍භවාභිනිර්වෘත්තිය ඇත. යම් තැනෙක්හි මතු පුනර්‍භවයාගේ පහළවීම ඇත්නම්, එහි මත්තෙහි ජාති-ජරා-මරණ ඇත. යම් තැනෙක්හි මත්තෙහි ජාති-ජරා-මරණ ඇත්නම්, මහණෙනි, එය ශෝක සහිත යැ, පීඩා සහිත යැ, දැඩි ආයාස සහිත යයි කියමි” මෙසේත් ‘තිට්ඨං නරෝ’ යනු වේ.

“ඵස‍්සෙ චෙ භික‍්ඛවෙ, ආහාරෙ -පෙ- මනො සඤ‍්චෙතනාය චෙ භික‍්ඛවෙ, ආහාරෙ -පෙ-විඤ‍්ඤාණෙ චෙ භික‍්ඛවෙ, ආහාරෙ අත්‍ථි රාගො, අත්‍ථි නන්‍දි, අත්‍ථි තණ‍්හා. පතිට‍්ඨිතං තත්‍ථ විඤ‍්ඤාණං විරූළ‍්හං. යත්‍ථ පතිට‍්ඨිතං විඤ‍්ඤාණං විරූළ‍්හං, අත්‍ථි තත්‍ථ නාමරූපස‍්සාවක‍්කන‍්ති. යත්‍ථ අත්‍ථි නාමරූපස‍්සාවක‍්කන‍්ති, අත්‍ථි තත්‍ථ සඞ‍්ඛාරානං වුද‍්ධි. යත්‍ථ අත්‍ථි සඞ‍්ඛාරානං වුද‍්ධි, අත්‍ථි තත්‍ථ ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති. යත්‍ථ අත්‍ථි ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති, අත්‍ථි තත්‍ථ ආයතිං ජාති ජරා මරණං. යත්‍ථ අත්‍ථි ආයතිං ජාති ජරා මරණං, සසොකං තං භික‍්ඛවෙ, සදරං සඋපායාසන‍්ති වදාමී” ති. එවම‍්පි තිට‍්ඨං නරො.

“මහණෙනි, ස්පර්‍ශාහාරයෙහි... මහණෙනි, මනස්සඤ්චෙතනාහාරයෙහි... මහණෙනි, විඥානාහාරයෙහි ඉදින් රාගය ඇත්නම්, නන්‍දිය ඇත්නම්, තෘෂ්ණාව ඇත්නම්, එහි ප්‍රතිසන්‍ධිවිඥානය පිහිටියේ වැඩුණේ වෙයි. යම් තැනෙක්හි විඥානය පිහිටියේ වැඩුණේ වේ නම්, එහි නාමරූපාවක්‍රාන්තිය ඇත. යම් තැනෙක්හි නාමරූපාවක්‍රාන්තිය ඇත් නම්, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත. යම් තැනෙක්හි සංස්කාරවෘද්ධිය ඇත්නම්, එහි පුනර්‍භවයාගේ පහළවීම ඇත. යම් තැනෙක්හි පුනර්‍භවයාගේ පහළවීම ඇත් නම්, එහි මත්තෙහි ජාති-ජරා-මරණ ඇත. යම් තැනෙක්හි ආයති ජාති-ජරා-මරණ ඇත්නම්, මහණෙනි, එය සශොක යැ සදර යැ සඋපායාස යැයි කියමි” මෙසේත් ‘තිට්ඨං නරෝ’ යනු වේ.

මොහනස‍්මිං පගාළ‍්හොති - මොහනා වුච‍්චන‍්ති පඤ‍්ච කාමගුණා: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. කිං කාරණා මොහනා වුච‍්චන‍්ති පඤ‍්ච කාමගුණා? යෙභුය්‍යෙන දෙවමනුස‍්සා පඤ‍්චසු කාමගුණෙසු මුය‍්හන‍්ති පමුය‍්හන‍්ති සම‍්පමුය‍්හන‍්ති මූළ‍්හා පමූළ‍්හා සම‍්පමූළ‍්හා අවිජ‍්ජාය අන්‍ධීකතා ආවුතා නිවුතා ඔවුතා පිහිතා පටිච‍්ඡන‍්නා පටිකුජ‍්ජිතා. තඞ‍්කාරණා මොහනා වුච‍්චන‍්ති පඤ‍්ච කාමගුණා. මොහනස‍්මිං පගාළ‍්හොති මොහනස‍්මිං පගාළ‍්හො අජ‍්ඣොගාළ‍්හො නිමුග‍්ගොති ‘තිට‍්ඨං නරො මොහනස‍්මිං පගාළ‍්හො’.

මොහනස්මිං පගාළ්හො - ‘මෝහන’ යැ යි පඤ්චකාමගුණයෝ කියනු ලැබෙත්: චක්‍ෂුර්විඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වු ප්‍රියස්වරූප වු කාමෝපසංහිත වූ රජනීය වූ රූපයෝ යැ, ශ්‍රෝත්‍රවිඥේය වූ ... ශබ්දයෝ යැ, ඝ්‍රාණවිඥේය වු ... ගන්‍ධයෝ යැ, ජිහ්වාවිඥේය වූ ... රසයෝ යැ, කායවිඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වු ප්‍රියරූප වු කාමෝපසංහිත වූ රජනීය වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. කුමක් හෙයින් පඤ්චකාමගුණයෝ ‘මෝහන’ යි කියනු ලැබෙති යත්: යම් හෙයකින් බෙහෙවින් දෙවිමිනිස්හු පස්කම් ගුණයෙහි මුළාවෙත් ද, වෙසෙසින් මුළාවෙත් ද, සර්‍වාකාරයෙන් මුළාවෙත් ද, මූඪ වූවාහි වෙසෙසින් මූඪ වූවාහු සර්‍වාකාරයෙන් මූඪ වූවාහු අවිද්‍යායෙන් අන්‍ධ කරන ලද්දාහු ආවෘත - නිවෘත - අපවෘත - පිහිත - ප්‍රතිච්ඡන්න - ප්‍රතිකුඤ්චිත වූවාහු වෙත් ද, එකරුණෙන් පස්කම් ගුණ ‘මෝහන’ යැ යි කියනු ලැබෙත්. මොහනස්මිං පගාළ්හො - මොහනයෙහි පිවිසියේ ඇතුළු වූයේ ඇතුළත බැසගත්තේ ගැලුණේ නුයි ‘තිට්ඨං නරෝ මොහනස්මිං පගාළ්හා’ යනු වේ.

දූරෙ විවෙකා හි තථාවිධො සොති - විවෙකාති තයො විවෙකා: කායවිවෙකො, චිත‍්තවිවෙකො, උපධිවිවෙකො.

දූරෙ විවෙකා හි තථාවිධො සො - ‘විවෙක’ යනු විවෙක තුනෙකි: කායවිවේක යැ, චිත්තවිවේක යැ, උපධිවිවෙක යි.

කතමො කායවිවෙකො? ඉධ භික‍්ඛු විචිත‍්තං සෙනාසනං භජති අරඤ‍්ඤං රුක‍්ඛමූලං පබ‍්බතං කන්‍දරං ගිරිගුහං සුසානං වනපත්‍ථං අබ‍්භොකාසං පලාලපුඤ‍්ජං. කායෙන ච විවිත‍්තො විහරති: සො එකො ගච‍්ඡති එකො තිට‍්ඨති. එකො නිසීදති එකො සෙය්‍යං කප‍්පෙති. එකො ගාමං පිණ‍්ඩාය පවිසති. එකො පටික‍්කමති. එකො රහො නිසීදති. එකො චඞ‍්කමං අධිට‍්ඨාති. එකො චරති. එකො විහරති ඉරීයති වත‍්තති පාලෙති යපෙති යාපෙති. අයං කායවිවෙකො.

කායවිවේකය කවරැ යත්: මෙ සසුන්හි මහණ අරණ්‍ය වෘක්‍ෂමූල පර්‍වත කන්‍දර ගිරිගුහා ශ්මසාන වානප්‍රස්ථ අභ්‍යවකාශ පලාලපුඤ්ජ යන ජනශුන්‍ය වූ සෙනසුනක් ඇසුරු කෙරේ. කයිනු දු විවික්ත වැ හිඳී. එකලා වැ හොවී. එකලා වැ ගමට පිඬු සිඟා යෙයි. එකලා වැ පෙරළා එයි. එකලා වැ රහසැ හිඳී. එකලා වැ සක්මන්හි සිටී. එකලා වැ හැසිරෙයි. එකලා වැ වෙසෙයි. ඉරියවු පවත්වයි. ඉරියවු උපදවයි. පාලනය කෙරෙයි. යැපෙයි යපනය කරවා. මේ යැ කායවිවේක නම්.

කතමො චිත‍්තවිවෙකො? පඨමජ‍්ඣානං සමාපන‍්නස‍්ස නීවරණෙහි චිත‍්තං විවිත‍්තං හොති දුතියජ‍්ඣානං සමාපන‍්නස‍්ස විතක‍්කවිචාරෙහි චිත‍්තං විවිත‍්තං හොති. තතියජ‍්ඣානං සමාපන‍්නස‍්ස පීතියා චිත‍්තං විවිත‍්තං හොති. චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නස‍්ස සුඛදුක‍්ඛෙහි චිත‍්තං විවිත‍්තං හොති. ආකාසානඤ‍්චායතනං සමාපන‍්නස‍්ස රූපසඤ‍්ඤාය පටිඝසඤ‍්ඤාය නානත‍්තසඤ‍්ඤාය චිත‍්තං විවිත‍්තං හොති. විඤ‍්ඤාණඤ‍්චායතනං සමාපන‍්නස‍්ස ආකාසානඤ‍්චායතනසඤ‍්ඤාය චිත‍්තං විවිත‍්තං හොති. ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤාය චිත‍්තං විවිත‍්තං හොති. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤාය චිත‍්තං විවිත‍්තං හොති. සොතාපන‍්නස‍්ස සක‍්කායදිට‍්ඨියා විචිකිච‍්ඡාය සීලබ‍්බතපරාමාසා දිට‍්ඨානුසයා විචිකිච‍්ඡානුසයා තදෙකට‍්ඨෙහි ච කිලෙසෙහි චිත‍්තං විවිත‍්තං හොති. සකදාගාමිස‍්ස ඔළාරිකා කාමරාගසඤ‍්ඤොජනා පටිඝසඤ‍්ඤොජනා ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා තදෙකට‍්ඨෙහි ච කිලෙසෙහි චිත‍්තං විවිත‍්තං හොති. අනාගාමිස‍්ස අණුසහගතා කාමරාගසඤ‍්ඤොජනා පටිඝසඤ‍්ඤොජනා අණුසහගතා කාමරාගානුසයා පටිඝානුසයා තදෙකට‍්ඨෙහි ච කිලෙසෙහි චිත‍්තං විවිත‍්තං හොති. අරහතො රූපරාගා අරූපරාගා මානා උද‍්ධච‍්චා අවිජ‍්ජාය මානානුසයා අවිජ‍්ජානුසයා තදෙකට‍්ඨෙහි ච කිලෙසෙහි බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙහි චිත‍්තං විවිත‍්තං හොති. අයං චිත‍්තවිවෙකො.

චිත්තවිවෙකය කවරැ යත්: පළමුවන ධ්‍යානයට සමවන්හුගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙයි. දෙවැනි ධ්‍යානයට සමවන්හුගේ සිත විතර්‍ක - විචාරයන් ගෙන් වෙන් වෙයි. තුන්වැනි ධ්‍යානයට සමවන්හුගේ සිත ප්‍රීතියෙන් වෙන් වෙයි. සතරවැනි ධ්‍යානයට සමවන්හුගේ සිත සුවදුක් දෙකින් වෙන් වෙයි. අකාසානඤ්චායතනයට සමවන්හුගේ සිත රූපසංඥා - ප්‍රතිඝසංඥා - නානාත්වසංඥාවෙන් වෙන් වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්හුගේ සිත ආකාසානඤ්චායතනසංඥාවෙන් වෙන් වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හුගේ සිත විඤ්ඤාණඤ්චායතනසංඥාවෙන් වෙන් වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්හුගේ සිත ආකිඤ්චඤ්ඤායතනසංඥාවෙන් වෙන් වෙයි. සෝවන්හුගේ සිත සත්කායදෘෂ්ටියෙන් විචිකිත්සායෙන් ශීලව්‍රතපරාමර්‍ශයෙන් දෘෂ්ට්‍යනුශයෙන් විචිකිත්සානුශයෙන් හා ඔවුන් සමග එක්වැ සිටි කෙලෙසුන්ගෙන් ද වෙන් වෙයි. සැදැගැමිහුගේ සිත ඖදාරික කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් ඖදාරික කාමරාගානුශයයෙන් ප්‍රතිඝානුශයයෙන් හා ඔවුන් සමග එක්වැ සිටි කෙලෙසුන් ගෙන් ද වෙන් වෙයි. අනගැමිහුගේ සිත අණුසහගත (-සියුම් වූ) කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් අණුසහගත කාමරාගානුශයයෙන් ප්‍රතිඝානුශයයෙන් හා තදෙකස්ථිත ක්ලේශයන්ගෙන් ද වෙන් වෙයි රහත්හුගේ සිත රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යායෙන් මානානුශයයෙන් භවරාගානුශයයෙන් අවිද්‍යානුශයයෙන් තදෙකස්ථිතක්ලෙශයන්ගෙන් හා බාහ්‍ය වූ සර්‍වසංස්කාර නිමිත්තයන්ගෙන් ද වෙන් වූයේ වේ. මේ යැ චිත්තවිවේක නම්.

කතමො උපධිවිවෙකො? උපධී වුච‍්චන‍්ති කිලෙසා ච ඛන්‍ධා ච අභිසංඛාරා ච. උපධිවිවෙකොති වුච‍්චති අමතං නිබ‍්බානං: යො සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං. අයං උපධිවිවෙකො. කායවිවෙකො ච වවකට‍්ඨකායානං නෙක‍්ඛම‍්මාභිරතානං, චිත‍්තවිවෙකො ච පරිසුද‍්ධචිත‍්තානං පරමවොදානප‍්පත‍්තානං, උපධිවිවෙකො ච නිරුපධීනං පුග‍්ගලානං විසංඛාරගතානං.

උපධිවිවේකය කවරැ යත්: ක්ලේශයෝත් ස්කන්ධයෝත් අභිසංස්කාරයෝත් උපධියි කියනු ලැබෙත්. යම් සර්‍වසංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සර්‍වොපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේද, ඒ අමෘත නිර්‍වාණය ‘උපධිවිවෙක’යි කියනු ලැබේ. මේ යැ උපධිවිවෙක නමු. ගණසඞ්ගණිකායේන් වෙන් වූ කය ඇති ප්‍රථමධ්‍යානාදි නෛෂ්කාම්‍යයෙහි අභිරත වූවන්ට කායවිවේකය ද, පරිශුද්ධ වූ සිත් ඇති උත්තම වෝදාන(පරිශුද්ධි) යට පැමිණියවුන්ට චිත්තවිවෙකය ද, උපධිරහිත වූ විසංඛාරගත (=නිවනට පැමිණි) පුද්ගලයන්ට උපධිවිවේකය ද වේ.

දූරෙ විවෙකා හීති - යො සො එවං ගුහායං සත‍්තො එවං බහු කෙහි ච කිලෙසෙහි ඡන‍්නො එවං මොහනස‍්මිං පගාළ‍්හො, සො කායවිවෙකාපි දූරෙ චිත‍්තවිවෙකාපි දූරෙ උපධිවිවෙකාපි දූරෙ විදූරෙ සුවිදූරෙ න සන‍්තිකෙ න සාමන‍්තා අනාසන‍්නෙ වවකට‍්ඨෙ. තථාවිධොති තාදිසො තස‍්සණ‍්ඨිතො තප‍්පකාරො තප‍්පටිභාගො; යො සො මොහනස‍්මිං පගාළ‍්හොති ‘දූරෙ විවෙකා හි තථාවිධො සො’

දූරෙ විවෙකා හි - මෙසෙයින් කායගුහායෙහි ඇලුණු මෙසේ බොහෝ කෙලෙසුන් විසින් වැසුණු මෙසේ පඤ්චකාමගුණමොහනයෙහි ගැලුණු යමෙක් වේ ද, හෙතෙම කායවිවෙකයෙනුදු දුරැ වෙයි. චිත්තවිවෙකයෙනුදු දුරැ වෙයි. උපධිවිවෙකයෙනුදු දුරැ ඉතා දුරැ අතිශයින් දුරැ නො ළංහි නො හාත්පසැ අනාසන්නයෙහි බැහැර සිටියේ වේ. තථාවිධො - තාදෘශ වූයේ තදාකාර වූයේ තත්ප්‍රකාර වූයේ තත්ප්‍රතිභාග වූයේ, ඒ යමෙක් මොහනයෙහි ගැලුණේ වේ ද, එහෙයින් ‘දූරෙ විවෙකා හි තථාවිධො සො’ යනු වේ.

කාමා හි ලොකෙ න හි සුප‍්පහායාති - කාමාති උද‍්දානතො ද‍්වෙ කාමා: වත්‍ථුකාමා ච කිලෙස කාමා ච. කතමෙ වත්‍ථුකාමා? මනාපිකා රූපා මනාපිකා සද‍්දා මනාපිකා ගන්‍ධා මනාපිකා රසා මනාපිකා ඵොට‍්ඨබ‍්බා අත්‍ථරණා පාපුරණා දාසිදාසා අජෙළකා කුක‍්කුටසූකරා හත්‍ථිගවාස‍්සවළවා ඛෙත‍්තං වත්‍ථු හිරඤ‍්ඤං සුවණ‍්ණං ගාමනිගමරාජධානියො රට‍්ඨං ච ජනපදො ච කොසො ච කොට‍්ඨාගාරං ච යං කිඤ‍්චි රජනීයං වත්‍ථු වත්‍ථුකාමා.

කාමා හි ලෝකේ න හි සුප්පහායා - කාමා යනු: උද්දාන විසින් කාමයේ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැ යි. වස්තුකාමයෝ කවරහ: මනවඩන රූපයෝ මනවඩන ශබ්දයෝ මනවඩන ගන්‍ධයෝ මනවඩන රසයෝ මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයෝ ද, අතුරුණු පොරෝණා දැසිදස්හු එළුතිරෙළුහු කුකුළුහූරහු ඇත්-ගව-අස්-වෙළඹහු කෙත් වත් කහවණු රන් ගම්-නියම්ගම්-රජදහන්හු ද රට දනව් ද කෝස ද කොටුගුළු ද යම් කිසි රජනීය වස්තුවෙක් වේද, මොහු යැ වස්තුකාමයෝ.

අපිච අතීතා කාමා අනාගතා කාමා පච‍්චුප‍්පන‍්නා කාමා අජ‍්ඣත‍්තා කාමා බහිද‍්ධා කාමා අජ‍්ඣත‍්තබහිද‍්ධා කාමා හීනා කාමා මජ‍්ඣිමා කාමා පණීතා කාමා ආපායිකා කාමා මානුසිකා කාමා දිබ‍්බා කාමා පච‍්චුපට‍්ඨිතා කාමා නිම‍්මිතා කාමා පරනිම‍්මිතා කාමා අනිම‍්මිතා කාමා පරිග‍්ගහිතා කාමා අපරිග‍්ගහිතා කාමා මමායිතා කාමා අමමායිතා කාමා, සබ‍්බෙපි කාමාවචරා ධම‍්මා සබ‍්බෙපි රූපාවචරා ධම‍්මා සබ‍්බෙපි අරූපාවචරා ධම‍්මා තණ‍්හාවත්‍ථුකා තණ‍්හාරම‍්මණා කමනීයට‍්ඨෙන රජනීයට‍්ඨෙන මදනීයට‍්ඨෙන කාමා, ඉමෙ වුච‍්චන‍්ති වත්‍ථුකාමා.

තවද අතීත කාමයෝ යැ අනාගතකාමයෝ යැ ප්‍රත්‍යුත්පන්න කාමයෝ යැ අධ්‍යාත්මකාමයෝ යැ බාහ්‍යකාමයෝ යැ අධ්‍යාත්ම- බාහ්‍යකාමයෝ යැ හීනකාමයෝ යැ මධ්‍යමකාමයෝ යැ ප්‍රණීතකාමයෝ යැ අපායිකකාමයෝ යැ මානුෂිකකාමයෝ යැ දිව්‍යකාමයෝ යැ ප්‍රත්‍යුපස්ථිත (එළැඹ සිටි) කාමයෝ යැ නිර්මිත (මවනලද) කාමයෝ යැ පරනිර්මිත (පරා විසින් මවන ලද) කාමයෝ යැ අනිර්මිත කාමයෝ යැ පරිගෘහීත (තමා අයත් කළ) කාමයෝ යැ අපරිගෘහීත කාමයෝ යැ මමායිත (මාගේ යැයි ගන්නා ලද) කාමයෝ යැ අමමායිත කාමයෝ යැ, සියලු මැ කාමාවචරධර්‍මයෝ යැ සියලු මැ රූපාවචරධර්‍මයෝ යැ සියලු මැ අරූපාවචර ධර්‍මයෝ යැ යන මොහු තෘෂ්ණාවස්තු වූවාහු තෘෂ්ණාලම්බන වූවාහු කමනීය හෙයින් රජනීය හෙයින් මදනීය හෙයින් කාමයෝ යි. මොහු වස්තුකාමයෝ යැයි කියනු ලැබෙත්.

කතමෙ කිලෙස කාමා? ඡන්‍දො කාමො රාගො කාමො ඡන්‍දරාගො කාමො, සඞ‍්කප‍්පො කාමො රාගා කාමො සඞ‍්කප‍්පරාගො කාමො, යො කාමෙසු කාමඡන්‍දො කාමරාගො කාමනන්‍දි කාමතණ‍්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච‍්ඡා කාමජ‍්ඣොසානං කාමොඝො කාමයොගො කාමූපාදානං කාමච‍්ඡන්‍දනීවරණං -

ක්ලේශකාමයෝ කවරහ? ඡන්දකාම යැ රාගකාම යැ ඡන්දරාගකාම යැ, සංකල්පකාම යැ රාගකාම යැ සංකල්පරාගකාම යැ, කාමවස්තු විෂයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නෙහර්‍යෙක් කාමපරිදාහයෙක් කාමමූර්ච්ඡායෙක් කාමාධ්‍යවසානයෙක් (බැස ගැනීමෙක්) කාමෞඝයෙක් කාමයෝගයෙක් කාමොපදානයෙක් කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද -

1. “අද‍්දසං කාම තෙ මූලං සංකප‍්පා කාම ජායසි, න තං සංකප‍්පයිස‍්සාමි එවං කාම න හෙහිසී” ති.

1. “කාමය, තාගේ මුල දිටිමි. කාමය, තෝ සංකල්පයෙන් උපදනෙහි. දැන් මම තා නො පතමි. කාමය, තෝ මෙසෙයින් නූපදනෙහි” යයි.

ඉමෙ වුච‍්චන‍්ති කිලෙස කාමා.

මොහු ක්ලේශකාමයෝ යැයි කියනු ලැබෙත්.

ලොකෙති - අපායලොකෙ මනුස‍්සලොකෙ දෙවලොකෙ ඛන්‍ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ. කාමා හි ලොකෙ න හි සුප‍්පහායාති - කාමා හි ලොකෙ දුප‍්පහායා දුච‍්චජා දුප‍්පරිච‍්චජා දුන‍්නිම‍්මදයා දුන‍්නිවෙඨයා දුබ‍්බිනිවෙඨයා දුත‍්තරා දුප‍්පතරා දුස‍්සමතික‍්කමා දුබ‍්බි නිවත‍්තාති කාමා හි ලොකෙ න හි සුප‍්පහායා.

ලෝකේ - අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි ය; කාමා හි ලෝකේ න හි සුප්පහායා - යම් හෙයකින් කාමයෝ ලොව්හි දුකසේ ප්‍රහීණ කළ යුත්තාහු ද දුකසේ හළ යුත්තාහු ද දුකසේ පරිත්‍යාග කළ යුත්තාහු ද දුකසේ නිර්‍මද කළ යුත්තාහු ද දුකසේ මිදිය යුත්තාහු ද දුකසේ විනිර්වෙෂ්ටන කළ යුත්තා හු ද දුස්තර වූවාහු ද වෙසෙසින් දුස්තර වූවාහු ද දුස්සමතික්‍රම වූවාහු ද දුර්විනිවර්‍ත වූවාහු ද, එහෙයින් ‘කාමා හි ලෝකේ න හි සුප්පහායා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“සත‍්තො ගුහායං බහුනාභිඡන‍්නො තිට‍්ඨං නරො මොහනස‍්මිං පගාළ‍්හො, දූරෙ විවෙකා හි තථාවිධො සො කාමා හි ලොකෙ න හි සුප‍්පහායා”ති.

“සත්තො ගුහායං -පෙ- න හි සුප්පහායා” යි.