2. ගුහට්ඨකසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
2. ගුහට්ඨකසූත්රනිර්දේශ වර්ණනාව
2 - 1
2 - 1
දුතියෙ – සත්තොති ලග්ගො. ගුහායන්ති කායෙ. කායො හි රාගාදීනං වාළානං වසනොකාසතො “ගුහා”ති වුච්චති. බහුනාභිඡන්නොති බහුනා රාගාදිකිලෙසජාතෙන අභිච්ඡන්නො. එතෙන අජ්ඣත්තබන්ධනං වුත්තං. තිට්ඨන්ති රාගාදිවසෙන තිට්ඨන්තො. මොහනස්මිං පගාළ්හොති මොහනං වුච්චති කාමගුණො. එත්ථ හි දෙවමනුස්සා මුය්හන්ති තෙසු අජ්ඣොගාළ්හා හුත්වා; එතෙන බාහිරබන්ධනං වුත්තං. දූරෙ විවෙකා හි තථාවිධො සොති සො තථාරූපො නරො තිවිධාපි කායවිවෙකාදිවිවෙකා දූරෙ , අනාසන්නෙ. කිංකාරණා? කාමා හි ලොකෙ න හි සුප්පහායාති යස්මා ලොකෙ කාමා සුප්පහායා න හොන්ති, තස්මාති වුත්තං හොති.
දෙවන සූත්‍රයේ පළමු ගාථාවේ සත්තො යනු ඇලුණේයි. ගුහායං කයෙහි, ශරීරයෙහි, කය නම් රාගාදී ව්‍යාල මෘගයනට විසීමට අවකාශ (ඇති හෙයින් ‘ගුහා’ යැයි කියනු ලැබේ. බහුනාභිච්ඡන්නො යනු බොහෝ රාගාදී ක්ලේශ විශේෂයන්ගෙන් වැසුණේයි. මෙහි අභ්‍යන්තර බන්ධනය කියන ලදී. තිට්ඨං යනු රාගාදී වශයෙන් සිටිනුයේ, මොහනස්මිං පගාළ්හො යනු මෝහන නම් පංචකාම ගුණයෝ යි. මෙහි වනාහි දෙවියෝ ද මිනිස්සුද මුළා වෙති. එහි ගැලී සිටින හෙයිනි. මෙහිදී බාහිර බන්ධනය කියන ලදී. දූරෙ විවෙකාහි තථාවිධො සො යනු මෙබඳු වූ පුද්ගලයා ත්‍රිවිධාකාර කාය විවේකාදී විවේකයන්ගෙන් ඉතා දුරුව, නො සමීපව වෙසේ. කුමක් නිසාද? ලෝකයෙහි කාමයෝ වනාහි කිසිවකුටත් පහසුවෙන් අත්හළ නොහැකි වෙති. ලෝකයෙහි කාමයන් පහසුවෙන් අත්හළ නොහැකි හෙයිනැයි කී නියායි.
සත්තොති හි ඛො වුත්තන්ති “සත්තො, නරො, මානවො”ති එවමාදිනා නයෙන කථිතොයෙව. ගුහා තාව වත්තබ්බාති ගුහා තාව කථෙතබ්බා. කායොති වාතිආදීසු අයං තාව පදයොජනා – කායො ඉති වා ගුහා ඉති වා…පෙ… කුම්භො ඉති වාති. තත්ථ කායොති “කුච්ඡිතානං ආයොති කායො”තිආදිනා හෙට්ඨා සතිපට්ඨානකථායං වුත්තොයෙව. රාගාදිවාළානං වසනොකාසට්ඨෙන ගුහා, “පටිච්ඡාදනට්ඨෙනා”තිපි එකෙ. “දූරඞ්ගමං එකචරං, අසරීරං ගුහාසය”න්තිආදීසු (ධ· ප· 37) විය. රාගාදීහි ඣාපනට්ඨෙන දෙහො “තෙ හිත්වා මානුසං දෙහ”න්තිආදීසු (දී· නි· 2.332 ථොකං විසදිසං) විය. පමත්තකරණට්ඨෙන සන්දෙහො “භිජ්ජති පූතිසන්දෙහො, මරණන්තඤ්හි ජීවිත”න්තිආදීසු (ධ· ප· 148) විය. සංසාරෙ සඤ්චරණට්ඨෙන නාවා “සිඤ්ච භික්ඛු ඉමං නාවං, සිත්තා තෙ ලහුමෙස්සතී”තිආදීසු (ධ· ප· 369) විය. ඉරියාපථස්ස අත්ථිභාවට්ඨෙන රථො “රථො සීලපරික්ඛාරො, ඣානක්ඛො චක්කවීරියො”තිආදීසු (සං· නි· 5.4) විය. අච්චුග්ගතට්ඨෙන ධජො “ධජො රථස්ස පඤ්ඤාණ”න්තිආදීසු (ජා· 2.22.1841) විය.
සත්තො ති ඛො වුත්තං යනු සත්ත්වයා, නරයා, මානවයා මේ ආදී නයින් කියන ලද්දේම ය. ගුහායං යනු පළමුකොට ගුහාවකැයි කිවයුතු හෙයින් මුලදීම ගුහාවකැයි කියන ලදී. ‘කායොති වාති’ යනාදියෙහි පළමු කොට මේ පද යෝජනාවයි. කය හෝ ගුහාව හෝ කුම්භ (කළය) හෝ යනුවෙනි. එහි කායො යනු පිළිකුල් වූ කුණපයන්ට උත්පත්ති ස්ථාන වේනුයි (කුච්ඡිතානං ආයොති) කාය නම් වේ ආදී වශයෙන් ඉහත සතිපට්ඨාන කථාවෙහි (31 වන පිටුවෙහි) දක්වන ලද්දේමය. රාගාදී ව්‍යාල මෘගයනට වාසයට අවකාශ ඇතැයි යන අරුතින් කය ගුහා නම් වේ. ‘රාගාදී ධර්මයන් සැඟවීමේ අරුතින් ද ගුහා නම් වෙති’යි ඇතැමෙක් පවසති. ‘දූරංගමං එකචරං අසරීරං ගුහාසයං’ ආදියෙහි මෙනි. රාගාදියෙන් දවනු ලබතැයි යන අර්ථයෙන් දෙහො දේහ නම් වේ. ‘තෙ හිත්වා මානුසං දෙහං’ ආදියෙහි මෙනි. ‘ප්‍රමාද බවට පත්කරති’යි යන අර්ථයෙන් සන්දෙහො සන්දේහ නම් වේ. ‘භිජ්ජති පූතිසන්දෙහො මරණන්තං හි ජීවිතං’ (පිළිකුල් සහිත මේ දේහය බිඳේ. ජීවිතය මරණයෙන් කෙළවර වේ. ‘සිඤ්ච භික්ඛූ ඉමං නාවං සිත්තා තෙ ලහුමෙස්සතී’ යනාදියෙහි (මහණ! මේ නැව ඉසිනු. ඉසින ලද නැව සැහැල්ලු බවට එන්නේය.) මෙනි. ඉරියව් පැවතුම් ඇති හෙයින් රථො රථ නම් වේ. ‘රථො සීලපරික්ඛාරො ඣානක්ඛො චක්කවීරියො’ (ශීල නමැති පිරිකර හෙවත් අංගෝපාංග ඇති, ධ්‍යාන නැමති අක්ෂ ඇති, චක්රයන් වැනි වීර්ය ඇති මේ ශරීර නමැති රථය) ආදියෙහි මෙනි. ඉතා උස් හෙයින් ධජො ධජ - නමි. ‘ධජො රථස්ස පඤ්ඤාණො’ (ධ්වජය රථයෙහි ප්රකටව පෙනෙන සලකුණයි.) ආදියෙහි මෙනි.
කිමිකුලානං ආවාසභාවෙන වම්මිකො “වම්මිකොති ඛො, භික්ඛු, ඉමස්සෙතං චාතුමහාභූතිකස්ස කායස්ස අධිවචන”න්තිආදීසු (ම· නි· 1.251) විය. යථෙව හි බාහිරකො වම්මිකො, වමති වන්තකො වන්තුස්සයො වන්තසිනෙහසම්බද්ධොති චතූහි කාරණෙහි “වම්මිකො”ති වුච්චති. සො හි අහිනකුලඋන්දූරඝරගොළිකාදයො නානප්පකාරෙ පාණකෙ වමතීති වම්මිකො. උපචිකාහි වන්තකොති වම්මිකො. උපචිකාහි වමිත්වා මුඛතුණ්ඩකෙහි උක්ඛිත්තපංසුචුණ්ණෙන කටිප්පමාණෙනපි පොරිසප්පමාණෙනපි උස්සිතොති වම්මිකො. උපචිකාහි වන්තඛෙළසිනෙහෙන ආබද්ධතාය සත්තසත්තාහං දෙවෙ වස්සන්තෙපි න විප්පකිරීයති, නිදාඝෙපි තතො පංසුමුට්ඨිං ගහෙත්වා තස්මිං මුට්ඨිනා පීළියමානෙ සිනෙහො නික්ඛමති, එවං වන්තසිනෙහෙන සම්බද්ධොති වම්මිකො. එවමයං කායොපි “අක්ඛිම්හා අග්ගිගූථකො”තිආදිනා නයෙන නානප්පකාරං අසුචිකලිමලං වමතීති වම්මිකො. බුද්ධපච්චෙකබුද්ධඛීණාසවා ඉමස්මිං අත්තභාවෙ නිකන්තිපරියාදානෙන අත්තභාවං ඡඩ්ඩෙත්වා ගතාති අරියෙහි වන්තකොතිපි වම්මිකො. යෙහි චායං තීහි අට්ඨිසතෙහි උස්සිතො නහාරුසම්බද්ධො මංසාවලෙපනො අල්ලචම්මපරියොනද්ධො ඡවිරඤ්ජිතො සත්තෙ වඤ්චෙති, තං සබ්බං අරියෙහි වන්තමෙවාති වන්තුස්සයොතිපි වම්මිකො. “තණ්හා ජනෙති පුරිසං, චිත්තමස්ස විධාවතී”ති (සං· නි· 1.55-57) එවං තණ්හාය ජනිතත්තා අරියෙහි වන්තෙනෙව තණ්හාසිනෙහෙන සම්බද්ධො අයන්ති වන්තසිනෙහෙන සම්බද්ධොතිපි වම්මිකො. යථා ච වම්මිකස්ස අන්තො නානප්පකාරා පාණකා තත්ථෙව ජායන්ති, උච්චාරපස්සාවං කරොන්ති, ගිලානා සයන්ති, මතා නිපතන්ති. ඉති සො තෙසං සූතිඝරං වච්චකුටි ගිලානසාලා සුසානඤ්ච හොති. එවං ඛත්තියමහාසාලාදීනම්පි කායො “අයං ගොපිතරක්ඛිතො මණ්ඩිතපසාදිතො මහානුභාවානං කායො”ති අචින්තෙත්වා ඡවිනිස්සිතා පාණා චම්මනිස්සිතා පාණා මංසනිස්සිතා පාණා නහාරුනිස්සිතා පාණා අට්ඨිනිස්සිතා පාණා අට්ඨිමිඤ්ජනිස්සිතා පාණාති එවං කුලගණනාය අසීතිමත්තානි කිමිකුලසහස්සානි අන්තොකායස්මිංයෙව ජායන්ති, උච්චාරපස්සාවං කරොන්ති, ගෙලඤ්ඤෙන ආතුරිතානි සයන්ති, මතාමතා නිපතන්ති. ඉති අයම්පි තෙසං පාණානං සූතිඝරං වච්චකුටි ගිලානසාලා සුසානඤ්ච හොතීති “වම්මිකො”ති සඞ්ඛං ගතො.
කෘමි කුලයනට වාසස්ථාන වන බැවින් වම්මිකො වම්මික නමි. ‘වම්මිකොති ඛො භික්ඛු ඉමස්සෙතං චාතුම්මහා භූතිකස්ස කායස්ස අධිවචනං’ (මහණ! වම්මික යනු, සතර මහාභූතයන්ගෙන් නිපන් මේ කයට අධිවචනයි.) බාහිර වශයෙන් ‘වම්මික’ යනුවෙන් හැඳින්වෙන තුඹස වනාහි බැහැර කෙරෙති’යි, අත්හරින ලද්දෙකැයි, වමනය කිරීමෙන් ගොඩනංවන ලදහ’යි, වමනය කරන ලද කෙල දියරෙන් බැඳුණාහ’යි යන සිවු කරුණෙන් ‘වම්මික’ යැයි වහරනු ලැබේ. ඒ තුඹස වනාහි සර්ප, මුගටි, මී, සුණු ආදී නානාප්‍රකාර ප්‍රාණින් පිටතට නික්මවති’යි යන අරුතින් ‘වම්මික’ නමි. වේයන් විසින් අත්හරින ලදහ’යි ‘වම්මික’ නමි. වේයන් විසින් මුව තුඩින් තෙමමින් ඔසවා බැඳි පස් සුණුවලින් තුනටිය පමණ උසට හෝ මිනිසකු පමණ උසට හෝ ඔසවා සාදන ලදහ’යි යන අරුතින් ද තුඹස වම්මික නම් වේ. වේයන් විසින් වැමෑරු කෙළ නම් තෙත් බැවින් බැඳී ඇති හෙයින් සත් සතියක් වුව වැසි වස්නා කල්හි පවා නොවිසිරේද, (දිය වී නොයේ ද) ග්‍රීෂ්ම කාලයේ පවා එයින් පස් මිටක් ගෙන එය තදින් මිරිකනු ලබන කල්හි තෙත් බව පිටවේද, මේ ආකාරයට වැමෑරූ තෙතමනයෙන් බැඳුණාහ’යි යන අරුතින් ද ‘වම්මික’ නමි. මෙලෙසින් ශරීරය ද ‘ඇසින් කබ ආදී වශයෙන් නානාප්‍රකාර අශූචි කිලුටු මල ආදිය වගුරුවතියි යන අරුතින් වම්මික නම් වේ. ‘බුදු, පසේබුදු, මහරහත් උතුමන් මේ ආත්මභාවය කෙරෙහි ආශාව මැඩලීමෙන් ආත්මභාවය අත්හැර දමා ගියහ’යි යන අරුතින් ද ‘ආර්යයන් විසින් අත්හරින ලදහ’යි යන අරුතින් ද වම්මික’ නම් වේ. ඒ මේ කය ද තුන්සියයක් ඇටවලින් ඔසවන ලදුව, නහරින් බැඳී මසින් ආලේප කරන ලදුව, තෙත් වූ සමින් වසන ලදුව, ‘සිවියෙන් සරසන ලදුව සත්ත්වයන් රවටති’යි යන සියල්ලම ආර්යයන් විසින් අත්හරින ලද හමැයි, මෙසේ වමාරා ඔසවන ලදහයි යන අරුතින් ද ‘වම්මික’ නම් වේ. ‘තණ්හා ජනෙති පුරිසං චිත්තමස්ස විධාවතී’ (තෘෂ්ණාව පුරුෂයා උපදවයි. ඔහුගේ සිත ඒ මේ අත දුවයි.) මෙසේ තණ්හාවෙන් උපදවන ලද බැවින් ආර්යයන් විසින් වමාරන ලද්දා වූ ම තණ්හා නැමති බැඳීමෙන් මේ ශරීරය බැඳුණහ’යි මෙසේ වත්ත සිනේහ සම්බන්ධ වමාරන ලද තෘෂ්ණා ස්නේහ සම්බන්ධයන් ඇතියහයි යන අරුතින් ද ‘වම්මික’ නම් වේ. යම්සේ තුඹස තුළ නානාප්‍රකාර ප්‍රාණීහු එහිම උපදිත් ද, එහිම මලමුත්‍රා පහකරත් ද ගිලන්ව වැතිරෙත් ද මැරී වැටීමෙන් ද මේ ආකාරයෙන් එම තුඹස (එම ප්‍රාණීන්ට) සූතිකාගාරය ද වැසිකිළිය ද ආරෝග්‍යශාලාව හා සුසානභූමිය ද වන්නේය. එසේම ක්ෂත්රිය මහාසාර කුලවල උපන්නවුන්ගේ කය ද මහානුභාව ඇත්තවුන්ගේ ගෝපනය නොකළ, ආරක්ෂා නොකළ ආභරණයෙන් සරසන ලද කයදැයි විශේෂයක් නොසිතා ම, සිවිය ආශ්රිත ප්‍රාණීහු ද සම ආශ්රිත ප්‍රාණීහු ද නහර ආශ්රිත ප්‍රාණීහු ද ඇට ආශ්රිත ප්‍රාණීහු හා ඇටමිදුළු ආශ්රිත ප්‍රාණීහු දැයි මෙසේ කුල ගණනින් අසූවක් වූ දහස් ගණන් කෘමිජාතීහු මේ ශරීරය තුළම හටගනිති. මේ තුළම මලමුත්‍රා කරති. ගිලන් බවට පත්ව වැතිරෙති. මැරී වැටෙති. මෙසේ මේ ශරීරය ද ප්‍රාණීන්ගේ සූතිකාගාරය ද වැසිකිළිය ද ආරෝග්‍ය ශාලාව ද සුසානභූමිය ද වෙතියි යන අරුතින් ද ‘වම්මික’ (තුඹසකි) යන සංඛ්‍යාවට ගියේය.
මනාපාමනාපපතනට්ඨෙන නගරං “සක්කායනගර”න්තිආදීසු විය. රොගාදීනං නීළභාවෙන කුලාවකභාවෙන නීළං “රොගනීළං පභඞ්ගුර”න්තිආදීසු (ධ· ප· 148) විය. පටිසන්ධියා නිවාසගෙහට්ඨෙන කුටි “පඤ්චද්වාරායං කුටිකායං පසක්කියා”තිආදීසු (ථෙරගා· 125) විය. පූතිභාවෙන ගණ්ඩො “රොගොති භික්ඛවෙ, ගණ්ඩොති භික්ඛවෙ, සල්ලොති භික්ඛවෙ, කායස්සෙතං අධිවචන”න්තිආදීසු (අ· නි· 9.15) විය. භිජ්ජනට්ඨෙන කුම්භො “කුම්භූපමං කායමිමං විදිත්වා”තිආදීසු (ධ· ප· 40) විය. කායස්සෙතං අධිවචනන්ති එතං වුත්තප්පකාරං චතුමහාභූතමයස්ස කුච්ඡිතධම්මානං ආයස්ස අධිවචනං, කථනන්ති අත්ථො. ගුහායන්ති සරීරස්මිං. සත්තොති අල්ලීනො. විසත්තොති වණ්ණරාගාදිවසෙන විවිධො අල්ලීනො. සණ්ඨානරාගවසෙන ආසත්තො. තත්ථෙව “සුභං සුඛ”න්ති ගහණවසෙන ලග්ගො. අත්තග්ගහණවසෙන ලග්ගිතො. පලිබුද්ධොති ඵස්සරාගවසෙන අමුඤ්චිත්වා ඨිතො. භිත්තිඛිලෙති භිත්තියං ආකොටිතඛාණුකෙ. නාගදන්තෙති තථෙව හත්ථිදන්තසදිසෙ වඞ්කදණ්ඩකෙ. සත්තන්ති භිත්තිඛිලෙ ලග්ගං. විසත්තන්ති නාගදන්තෙ ලග්ගං. ආසත්තන්ති චීවරවංසෙ ලග්ගං. ලග්ගන්ති චීවරරජ්ජුයා ලග්ගං. ලග්ගිතන්ති පීඨපාදෙ ලග්ගං. පලිබුද්ධන්ති මඤ්චපාදෙ ලග්ගන්ති එවමාදිනා නයෙන යොජෙතබ්බං.
‘මනාප අමනාපයන් සැරිසරවති’යි යන අර්ථයෙන් නගරං නගර නමි. ‘සක්කාය නගරං’ (ස්වකාය නම් නගරය) ආදියෙහි මෙනි. රෝග ආදියට නිවහනක් (කුඩුවක්) වන හෙයින්, කැදැල්ලක් වන හෙයින් ද නීළං නීල හෝ නීඩං නීඩ නමි. ‘රොගනීඩං පභංගුරං’ (රෝගයනට කැදැල්ලක් වූ බිඳෙන සුලු වූ) ආදියෙහි මෙනි. ප්රතිසන්ධියට නිවාස ගෘහයක් (ලැගුම් ගෙයක්) වෙති’ යි යන අර්ථයෙන් කුටී කුටි නම් වේ. ‘පඤ්චද්වාරායං කුටිකායං පසක්කිය’ (පංචද්වාර නමැති ලැගුම් ගෙහි රැස් වී) යනාදියෙහි මෙනි. පිළිකුල් ස්වභාවය නිසා ගණ්ඩො ගඩුවකි. ‘රොගො’ති භික්ඛවෙ, ‘ගණ්ඩො’ති භික්ඛවෙ, ‘සල්ලො’ති භික්ඛවෙ කායස්සෙතං අධිවචනං (මහණෙනි, රෝගයෙකැයි, ගඩෙකැයි හුලෙකැයි කයට අධිවචනයි.) බිඳීම් අරුතින් කුම්භො කුම්භ නමි. ‘කුම්භූපමං කායමිමං විදිත්වා’ (මේ කය කළයක් වැනියැයි දැන) ආදියෙහි මෙනි. කායස්සෙතං අධිවචනං යනු මෙසේ කියන ලද ආකාර ඇති, සතර මහා භූතයන්ගෙන් නිර්මිත වූ, නින්දිත ස්වභාවයනට රැස්වීම් පොලක් වූ ශරීරයට අධිවචනයි යන අර්ථයි. ගුහායං යනු ශරීරයෙහි ය. සත්තො යනු ඇලී පවත්නේයි. විසත්තො යනු (ඡවි, වර්ණයෙහි ඇලීම්, ආදී වශයෙන් විවිධාකාරයෙන් ඇලුණේයි. ආසත්තො යනු සණ්ඨානරාග (කඩවසමෙහි, හැඩහුරුවෙහි ඇලීම්) වශයෙන් ඇලුණේයි. එහිම (කයෙහි ම) සුභයැයි, සැප යැයි ගැනීම් වශයෙන් ලග්ගො ලග්ග නමි. ආත්මරාග (ආත්මයෙහි ඇලීම්) වශයෙන් ලග්ගිතො ලග්ගිත නමි. පළිබුද්ධො යනු ස්පර්ශ රාග වශයෙන් නොමිදී සිටියේයි. භිත්තිඛීලෙ යනු බිත්තියක සවිකළ කොකුවෙක, නාගදන්තෙ එවැනිම ඇත්දත් සමාන වක් දඬුවක හෝ, සත්තං යනු බිත්ති කොකුවෙක එල්බුණු, විසත්තං යනු නාගදන්තයෙක එල්බුණු, ආසත්තං යනු සිවුරු දණ්ඩෙහි එල්බුණු ලග්ගං යනු සිවුරු රැහැනේ එල්බුණු, ලග්ගිතං යනු පුටු කකුළෙහි එල්බුණු, පළිබුද්ධං යනු ඇඳ කකුලෙහි එල්බුණු, යන ආදී නයින් අර්ථ යෙදිය යුතුයි.
ලග්ගනාධිවචනන්ති විසෙසෙන අල්ලීයනකථනං. ඡන්නොති වුත්තප්පකාරෙහි කිලෙසෙහි ඡාදිතො. පුනප්පුනං උප්පත්තිවසෙන උපරූපරි ඡන්නොති උච්ඡන්නො. ආවුතොති ආවරිතො. නිවුතොති වාරිතො. ඔඵුතොති අවත්ථරිත්වා ඡාදිතො. පිහිතොති භාජනෙන උක්ඛලිමුඛං විය පලිගුණ්ඨිතො. පටිච්ඡන්නොති ආවටො. පටිකුජ්ජිතොති අධොමුඛං ඨපිතො. තත්ථ තිණපණ්ණාදීහි ඡාදිතං විය ඡන්නො. උච්ඡන්නො නදිං ආවරණසෙතු විය. ආවුතො ජනසඤ්චරණමග්ගාවරණං විය.
ලග්ගනාධිවචනං යනු විශේෂයෙන් ඇලීම් ප්‍රකාශ කිරීමයි. ඡන්නො යනු කියන ලද ආකාරයෙන්ම කෙලෙසුන්ගෙන් වසන ලදුයේයි, නැවත නැවත ඉපදීම් වශයෙන් මතු මතුයෙහි වසන ලද්දේනුයි උච්ඡන්නො උච්ඡන්න නමි. ආවටො යනු අවුරන ලදුයේයි. නිවුතො යනු මුවහකරන ලදුයේයි. ඔඵුටො යනු යලි යලිත් වසන ලදුයේයි. පිහිතො බඳුනකින් සැළිමුවවිටක් වසන්නාක් මෙන් වසන ලද්දේයි, පටිච්ඡන්නො යනු හාත්පසින් වසන ලදුයේයි. පටිකුජ්ජිතො යනු යටිකුරු කර තබන ලදුයේයි, එහි තණපත් ආදියකින් වසන ලද්දාක් මෙන් වැසුණේයි, උච්ඡන්න යනු නදිය ආවරණය කරන හේදණ්ඩක් මෙනි. ආවට්ට යනු ජනයා හැසිරෙන මාර්ගයක් වසන්නාක් මෙන් වැසීමයි.
විනිබද්ධො මානවසෙනාති නානාවිධෙන මානාතිමානවසෙන නානාවිධෙ ආරම්මණෙ බද්ධො හුත්වා තිට්ඨති. පරාමට්ඨො දිට්ඨිවසෙනාති ද්වාසට්ඨිදිට්ඨීනං වසෙන පරාමට්ඨො ආමසිත්වා ගහිතො. වික්ඛෙපගතො උද්ධච්චවසෙනාති ආරම්මණෙ අසන්තිට්ඨනවසෙන චිත්තවික්ඛෙපං පත්තො උපගතො. අනිට්ඨඞ්ගතො විචිකිච්ඡාවසෙනාති රතනත්තයාදීසු කඞ්ඛාසඞ්ඛාතාය විචිකිච්ඡාය වසෙන සන්නිට්ඨානං අප්පත්තො. ථාමගතො අනුසයවසෙනාති දුන්නීහරණඅප්පහීනානුසයවසෙන ථිරභාවං පත්තො උපගතො හුත්වා තිට්ඨති.
විනිබන්ධො මානවසෙන යනු මාන වශයෙන් නානාවිධ වූ (ආරම්මණයන්හි බැඳී සිටියි. පරාමට්ඨො දිට්ඨිවසෙන යනු දෙසැටක් මිසදිටු වශයෙන්, සිතින් දැඩිව අල්ලාගන්නා ලදුයේයි, වික්ඛෙපගතො උද්ධච්චවසෙන යනු ආරම්මණයෙහි නොපිහිටීම් වශයෙන් චිත්ත වික්ෂේපයට පැමිණියේයි. අනිට්ඨංගතො විචිකිච්ඡාවසෙන යන රත්නත්රයාදිය කෙරෙහි සංකා සංඛ්‍යාත විචිකිච්ඡාවෙන් නිගමනයට නොපැමිණියේයි. ථාමගතො අනුසයවසෙන යනු ඉවත් කිරීමට අපහසු අප්‍රහීණ (කාමරාගාදී) අනුශය වශයෙන් ස්ථිර බවට පැමිණියේයි.
රූපූපයන්ති තණ්හාදිට්ඨූපයවසෙන රූපං උපගන්ත්වා ආරම්මණං කත්වා. විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨතීති තස්මිං ආරම්මණෙ රූපාරම්මණං විඤ්ඤාණං තිට්ඨන්තං තිට්ඨති. රූපාරම්මණං රූපපතිට්ඨන්ති රූපමෙව ආරම්මණං ආලම්බිත්වා රූපමෙව පතිට්ඨං කත්වා. නන්දූපසෙචනන්ති සප්පීතිකතණ්හොදකෙන ආසිත්තං විඤ්ඤාණං. වුද්ධින්ති වුද්ධිභාවං. විරූළ්හින්ති ජවනවසෙන උපරිතො විරූළ්හිභාවං. වෙපුල්ලන්ති තදාරම්මණවසෙන වෙපුල්ලං.
උපගතො හුත්වා තිට්ඨති රූපූපායං යනු තෘෂ්ණා දෘෂ්ටි උපාය වශයෙන් රූපයට පැමිණ, අරමුණු කරගෙන, විඤ්ඤාණං තිට්ඨමානං යනු ඒ අරමුණෙහි රූපාරම්මණ විඤ්ඤාණය සිටියි. එම රූපාරම්මණය රූපප්පතිට්ඨං යනු රූපයේ ම එල්බගෙන, රූපයම පිහිට කරගෙන, නන්දුපසෙවනං යනු ප්‍රීතිය සහිත වූ තණ්හා නැමති දියෙන් තෙමන ලද විඤ්ඤාණය, වුද්ධි යනු වෘද්ධභාවයට විරූළ්හිං යනු වැඩීම් වශයෙන් මතුයෙහි වැඩීමට වෙපුල්ලං යනු තදාරම්මණ වශයෙන් විපුලත්වයට,
අත්ථි රාගොතිආදීනි ලොභස්සෙව නාමානි. සො හි රඤ්ජනවසෙන රාගො, නන්දනවසෙන නන්දී, තණ්හායනවසෙන තණ්හාති වුච්චති. පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරූළ්හන්ති කම්මං ජවාපෙත්වා පටිසන්ධිආකඩ්ඪනසමත්ථතාය පතිට්ඨිතඤ්චෙව විරූළ්හඤ්ච. යත්ථාති තෙභූමකවට්ටෙ භුම්මං. සබ්බත්ථ වා පුරිමපදෙ එතං භුම්මං. අත්ථි තත්ථ සඞ්ඛාරානං වුද්ධීති ඉදං ඉමස්මිං විපාකවට්ටෙ ඨිතස්ස ආයතිං වට්ටහෙතුකෙ සඞ්ඛාරෙ සන්ධාය වුත්තං. යත්ථ අත්ථි ආයතිං පුනබ්භවාභිනිබ්බත්තීති යස්මිං ඨානෙ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති අත්ථි. තත්ථ පුරිමසුත්තං රූපාදිආරම්මණලග්ගනවසෙන වුත්තං, දුතියසුත්තං තදෙවාරම්මණං අභිනන්දනවසෙන වුත්තං, තතියං විඤ්ඤාණපතිට්ඨානවසෙන වුත්තං, චතුත්ථං චතුබ්බිධආහාරවසෙන, කුසලාකුසලවිඤ්ඤාණපතිට්ඨානවසෙන වුත්තන්ති ඤාතබ්බං.
අත්ථිරාගො යනු අත්ථිරාග ආදිය ලෝභයට ම නම් වේ. එය වනාහි (රඤ්ජන) ඇලීම් වශයෙන් රාගො රාග නමි. සතුටුවීම් (නන්දන) වශයෙන් නන්දි. නන්දි නමි. තණ්හා ජනනය කිරීම් වශයෙන් තණ්හා යැයි කියනු ලැබේ. පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරූළ්හං යනු කර්මය බලගන්වා ප්රතිසන්ධිය ඇදීමට සමත් වූ බැවින් පිහිටියේ ද වැඩුනේ ද වේ. යත්ථ ත්‍රෛභූමික සංසාර වට්ටයෙහි, භූමියකි. නැතහොත් සියලුම පූර්ව පදයන්හි මේ ‘භුම්ම’ යන්න ඇත. එහි සංඛාරානං වුද්ධී යනු මේ විපාක වට්ටයෙහි සිටියහුට, ආයති යනු සසරට මුල් වූ සංස්කාරයන් සඳහා කියන ලදී. යත්ථ අත්ථි ආයති පුනබ්හවාභි නිබ්බත්ති යනු යම්තැනක අනාගතයේ පුනර්භවයක්, නැවත ඉපදීමක් ඇත්ද, එතැනයි. එහි මුල් සූත්‍රය රූපාදී අරමුණු ලැබීම් වශයෙන්, කියන ලදී. දෙවන සූත්‍රය ඒ අරමුණේම සතුටුවීම් වශයෙන් කියන ලදී. තෙවන සූත්‍රය විඤ්ඤාණය පිහිටීම් වශයෙන් කියන ලදී. සිවුවන සූත්‍රය සතරවැදෑරුම් ආහාර වශයෙන් ද කුසලාකුසල විඤ්ඤාණ පිහිටීම් වශයෙන්ද කියන ලදැයි දතයුතුයි.
යෙභුය්යෙනාති පායෙන. මුය්හන්තීති මොහං ආපජ්ජන්ති. සම්මුය්හන්තීති විසෙසෙන මුය්හන්ති. සම්පමුය්හන්තීති සබ්බාකාරෙන මුය්හන්ති. අථ වා රූපාරම්මණං පටිච්ච මුය්හන්ති, සද්දාරම්මණං පටිච්ච සම්මුය්හන්ති, මුතාරම්මණං පටිච්ච සම්පමුය්හන්ති. අවිජ්ජාය අන්ධීකතාති අට්ඨසු ඨානෙසු අඤ්ඤාණාය අවිජ්ජාය අන්ධීකතා. “ගතා”ති වා පාඨො, අන්ධභාවං උපගතාති අත්ථො. පගාළ්හොති පවිට්ඨො. ඔගාළ්හොති හෙට්ඨාභාගං පවිට්ඨො. අජ්ඣොගාළ්හොති අධිඔගාහිත්වා අවත්ථරිත්වා විසෙසෙන පවිට්ඨො නිමුග්ගොති අධොමුඛං හුත්වා පවිට්ඨො. අථ වා දස්සනසංසග්ගෙන ඔගාළ්හො. සවනසංසග්ගෙන අජ්ඣොගාළ්හො. වචනසංසග්ගෙන නිමුග්ගො. සප්පුරිසසංසග්ගවිරහිතො වා ඔගාළ්හො. සද්ධම්මසෙවනවිරහිතො වා අජ්ඣොගාළ්හො. ධම්මානුධම්මපටිපත්තිවිරහිතො වා නිමුග්ගො.
යෙභුය්යෙන යනු බොහෝසෙයින්, මුය්හන්ති යනු මුළාවට පැමිණෙති. සම්මුය්හන්ති යනු විශේෂයෙන් මුළා වෙති. සම්පමුය්හන්ති යනු සියලුම ආකාරයෙන් මුළා වෙති. නැතහොත් රූපාරම්මණය නිසා මුය්හන්ති මුලා වෙති. ශබ්දාරම්මණය නිසා සම්මුය්හන්ති විශේෂයෙන් මුළා වෙති. ස්පර්ශාරම්මණය නිසා සම්පමුය්හන්ති සියලු ආකාරයෙන් මුළා වෙති. අවිජ්ජාය අන්ධිකතා යනු බුද්ධාදී අටතැන්හි නොදැනීම් හේතුවෙන්, අවිද්‍යාවෙන් අන්ධ කරන ලද, අන්ධිගතා යන පාඨය ද යෙදේ. ‘අන්ධබවට පැමිණියාහු’ යන අර්ථයයි. පගාළ්හො යනු පිවිසියේ. ඔගාළ්හො යනු යටි භාගයට (ගැඹුරට) පිවිසියේ. අජ්ඣොගාළ්හො යනු ඉතා ගැඹුරට බැසගෙන, වැතිරී ඇතුළට පිවිස, විශේෂයෙන් පිවිසියේ. නිමුග්ගො යනු ඕගාළ්හයි. ශ්‍රවණ සංසර්ගයෙන් අජ්ඣොගාළ්හො අජ්ඣොගාළ්හ යි. වචන සංසර්ගයෙන් නිමුග්ගො නිමුග්ගයි. නැතහොත් සත්පුරුෂ සංසර්ගයෙන් තොරවූ හෙයින් ඔගාළ්හො ඔගාළ්හ යි. සද්ධර්ම ශ්‍රවණයෙන් තොර වූ හෙයින් අජ්ඣොගාළ්හො අජ්ඣොගාළ්හයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් තොර වූ හෙයින් නිමුග්ගො නිමුග්ග යි.
විවෙකාති විවිත්ති, විවිච්චනං වා විවෙකො. තයොති ගණනපරිච්ඡෙදො. කායවිවෙකොති කායෙන විවිත්ති, විනා අපසක්කනං. චිත්තවිවෙකාදීසුපි එසෙව නයො. ඉධ භික්ඛූති ඉමස්මිං සාසනෙ. සංසාරෙ භයං ඉක්ඛනතො භික්ඛු. විවිත්තන්ති සුඤ්ඤං, අප්පසද්දං අප්පනිග්ඝොසන්ති අත්ථො. එතදෙව හි සන්ධාය විභඞ්ගෙ “විවිත්තන්ති සන්තිකෙ චෙපි සෙනාසනං හොති, තඤ්ච අනාකිණ්ණං ගහට්ඨෙහි පබ්බජිතෙහි, තෙන තං විවිත්ත”න්ති (විභ· 526) වුත්තං. සෙති චෙව ආසති ච එත්ථාති සෙනාසනං, මඤ්චපීඨාදීනමෙතමධිවචනං. තෙනාහ –
විවෙකො යනු විවික්තයට හෝ විවේකයට පත්වීම, විවේකයයි. තයො යනු සංඛ්‍යාව දැක්වීමයි. කාය විවෙකො යනු කයින් විවේකයයි. ඉවත්වීමක් නොමැති බවයි. චිත්ත විවේකාදියෙහි ද මෙම නයයි. ඉධ භික්ඛු යනු මේ සසුනෙහි, සසර භය දක්නා හෙයින් (එනම් වූ) භික්ෂු තෙමේ, විවිත්තං යනු ජනශූන්‍ය වූ, අල්ප ශබ්ද ඇති, අල්ප වූ ඝෝෂා ඇති යන අර්ථයි. මෙය සඳහාම විභංගයෙහි ‘විවත්තන්ති සන්තිකෙ චෙපි සෙනාසනං හොති තං ච අනාකිණ්ණං ගහට්ඨෙහි පබ්බජිතෙහි තං විවිත්තං’ (විවිත්තං යනු ඉදින් සමීපයෙහි වුවද සේනාසනයක් වේද, එය ගිහියන්ගෙන් ද පැවිද්දන්ගෙන් ද ගැවසීගත්තේ නොවේ ද? එය විවිත්ත (විවේක සහිත) යැයි කියන ලදී.
“සෙනාසනන්ති මඤ්චොපි සෙනාසනං, පීඨම්පි… භිසිපි… බිබ්බොහනම්පි… විහාරොපි… අඩ්ඪයොගොපි… පාසාදොපි… අට්ටොපි… මාළොපි… ලෙණම්පි… ගුහාපි… රුක්ඛමූලම්පි… වෙළුගුම්බොපි… යත්ථ වා පන භික්ඛූ පටික්කමන්ති, සබ්බමෙතං සෙනාසන”න්ති (විභ· 527).
මෙහි වැතිරෙතියි ද හිඳිතියි ද යන අරුතින් සෙනාසනං නම් වේ. මෙය ඇඳපුටු ආදියට අධිවචනයි. එහෙයින් ‘සේනාසන’ යැයි කීහු. ඇඳ ද සේනාසනයි. කොට්ට මෙට්ට ආදිය ද විහාරය ද අඩ්ඪයෝග (ගුරුළු පියාපත් වැනි වහල ඇති ගෙය) ද ප්‍රාසාදය ද (මහල් ගෙය) හම්මිය (සඳළු සහිත ගෙය) ද ගුහාව ද අටලු ගෙය ද එක්මහල් ගෙය ද ලෙන ද උණගොමුව ද රුක්මුල ද මණ්ඩපයද සේනාසන නමි. යම්තැනෙක සිට භික්ෂූහු පෙරළා යෙත් ද ඒ සියල්ල සේනාසනයි.
අපි ච විහාරො අඩ්ඪයොගො පාසාදො හම්මියං ගුහාති ඉදං විහාරසෙනාසනං නාම. මඤ්චො පීඨං භිසි බිබ්බොහනන්ති ඉදං මඤ්චපීඨසෙනාසනං නාම. චිමිලිකා චම්මඛණ්ඩො තිණසන්ථාරො පණ්ණසන්ථාරොති ඉදං සන්ථතසෙනාසනං නාම. යත්ථ වා පන භික්ඛූ පටික්කමන්ති, ඉදං ඔකාසසෙනාසනං නාමාති එවං චතුබ්බිධං සෙනාසනං හොති. තං සබ්බම්පි සෙනාසනග්ගහණෙන ගහිතමෙව.
තවද ‘විහාරය, අඩ්ඪයෝගය, ප්‍රාසාදය, හම්මියය, ගුහා’ යන මේවා විහාර සේනාසන නමි. ‘ඇඳ පුටු කොට්ට මෙට්ට’ ආදිය ඇඳපුටු සෙනසුන් නමි. පාපිසි, සම්කඩ (පත්කඩ), තණඇතිරි, කොළ ඇතිරි’ ආදිය සන්ථාර සේනාසන නමි. යම්තැනෙකට භික්ෂූහු පෙරළා යෙත් ද එය ඕකාස සෙනසුන් නමි. මෙසේ සෙනසුන් සතරවැදෑරුම් වේ. ඒ සියලුම සෙනසුන් මෙහි සේනාසනයයි ගන්නා ලදී.
ඉධ පනස්ස සකුණසදිසස්ස චාතුද්දිසස්ස භික්ඛුනො අනුච්ඡවිකසෙනාසනං දස්සෙන්තො “අරඤ්ඤං රුක්ඛමූල”න්තිආදිමාහ. තත්ථ අරඤ්ඤන්ති “නික්ඛමිත්වා බහි ඉන්දඛීලා සබ්බමෙතං අරඤ්ඤ”න්ති (විභ· 529) ඉදං භික්ඛුනීනං වසෙන ආගතං. “ආරඤ්ඤකං නාම සෙනාසනං පඤ්චධනුසතිකං පච්ඡිම”න්ති (පාරා· 654) ඉදං පන ඉමස්ස භික්ඛුනො අනුරූපං. තස්ස ලක්ඛණං විසුද්ධිමග්ගෙ ධුතඞ්ගනිද්දෙසෙ (විසුද්ධි· 1.31) වුත්තං. රුක්ඛමූලන්ති යංකිඤ්චි සන්තච්ඡායං විවිත්තං රුක්ඛමූලං. පබ්බතන්ති සෙලං. තත්ථ හි උදකසොණ්ඩීසු උදකකිච්චං කත්වා සීතාය රුක්ඛච්ඡායාය නිසින්නස්ස නානාදිසාසු ඛායමානාසු සීතෙන වාතෙන බීජියමානස්ස චිත්තං එකග්ගං හොති. කන්දරන්ති කං වුච්චති උදකං, තෙන දාරිතං, උදකෙන භින්නං පබ්බතපදෙසං. යං “නදීතුම්බ”න්තිපි “නදීකුඤ්ජ”න්තිපි වදන්ති. තත්ථ හි රජතපට්ටසදිසා වාලුකා හොති, මත්ථකෙ මණිවිතානං විය වනගහනං, මණිඛන්ධසදිසං උදකං සන්දති. එවරූපං කන්දරං ඔරුය්හ පානීයං පිවිත්වා ගත්තානි සීතානි කත්වා වාලුකං උස්සාපෙත්වා පංසුකූලචීවරං පඤ්ඤපෙත්වා නිසින්නස්ස සමණධම්මං කරොතො චිත්තං එකග්ගං හොති. ගිරිගුහන්ති ද්වින්නං පබ්බතානං අන්තරං, එකස්මිංයෙව වා උමඞ්ගසදිසං මහාවිවරං. සුසානලක්ඛණං විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.34) වුත්තං.
මෙහිදී වනාහි පක්ෂියකු හා සමාන වූ සිවුදිගින් පැමිණෙන භික්ෂුවට යෝග්‍ය වූ සේනාසන දක්වමින් අරඤ්ඤං රුක්ඛමූලං යනාදිය කීහ. එහි අරඤ්ඤං යනු ‘ඉන්ද්රඛීලයෙන් පිටතට නික්මුණු කල්හි ඇති සියලු ප්‍රදේශය අරණ්‍ය නම් වේ’ යැයි මෙසේ භික්ෂුණීන්ට සුදුසු යැයි, අරණ්‍ය යයි.’ ‘අරණ්‍ය නම් සෙනසුන දුනු පන්සියයකින් පිටතයයි දක්වන ලදී. මෙය වනාහි භික්ෂුවට යෝග්‍ය වූ අරණ්යයයි. එම අරණ්‍යයෙහි ලක්ෂණ විසුද්ධි මාර්ගයේ ධුතාංග නිර්දේශයේ දක්වන ලදී. රුක්ඛමූලං යනු යම්කිසි ඝන වූ සෙවණ ඇති තනි රුක්මුලෙකි. පබ්බතං යනු ගල් පර්වතයකි. එහි වනාහි ගලේ පිහිටි දියපොකුණු ආදියෙන් දියකිස නිමවා, සිසිල් රුක් සෙවණෙහි හුන්නහුගේ සිත, නානා දිශාවෙන් හමන ඉතා සිහිල් සුළගින්, පවන් සලනු ලබනවිට එකඟ වේ. කන්දරං යන්නෙහි කං යනු ජලයයි. එයින් දැදුරු වූ, ජලයෙන් බිඳුණු පර්වත ප්‍රදේශය කන්දර නමි. ඊට නිතම්බ යැයි ද නදීකුජ්ජ යැයි ද කියති. එහි රිදීපටක් හා සමාන වැලිතලා ඇත. නදිය මතුයෙහි මැණික් වියනක් බඳු වනගහණයයි. අක්කර බඳු දියකඳුරු වැගිරෙයි. මෙබඳු වූ දියකඳුරක බැස, පැන් බී, ගත සිසිල් කරගෙන වැලි ගොඩක් ගසා, ඒ මත පාංශුකූල චීවරය අසුනක් සේ පනවාගෙන වැඩහිඳ මහණදම් වඩන්නහුගේ සිත එකඟ වේ. ගිරිගුහං යනු පර්වත දෙකක් අතර, නැතහොත් එකම පර්වතයක හෝ ඇති උමගක් හා සමාන මහා විවරයකි. සුසාන ලක්ෂණ විසුද්ධි මාර්ගයෙහි කියන ලදී.
වනපත්ථන්ති ගාමන්තං අතික්කමිත්වා මනුස්සානං අනුපචාරට්ඨානං යත්ථ න කසන්ති න වපන්ති. තෙනෙවාහ “වනපත්ථන්ති දූරානමෙතං සෙනාසනානං අධිවචන”න්තිආදි (විභ· 531). අබ්භොකාසන්ති අච්ඡන්නං. ආකඞ්ඛමානො පනෙත්ථ චීවරකුටිං කත්වා වසති. පලාලපුඤ්ජන්ති පලාලරාසිං. මහාපලාලපුඤ්ජතො හි පලාලං නික්කඩ්ඪිත්වා පබ්භාරලෙණසදිසෙ ආලයෙ කරොන්ති, ගච්ඡගුම්බාදීනම්පි උපරි පලාලං පක්ඛිපිත්වා හෙට්ඨා නිසින්නා සමණධම්මං කරොන්ති. සබ්බමෙතං සන්ධාය වුත්තං “කායෙන විවිත්තො විහරතී”තිආදි. එකො චඞ්කමං අධිට්ඨාති පවත්තයතීති වුත්තං හොති. ඉරියතීති ඉරියාපථං වත්තයති. වත්තතීති ඉරියාපථවුත්තිං උප්පාදෙති. පාලෙතීති ඉරියාපථං රක්ඛති. යපෙතීති යපයති. යාපෙතීති යාපයති.
වනපත්ථං යනු ග්රාමන්තය ඉක්මවා, මිනිසුන්ගේ ගැවසීමක් හෝ සීසෑම්, වැපිරීම් ආදියක් නොමැති ස්ථානය වනපත්ථ නමි. එහෙයින් කියන ලදී. ‘වනපත්ථ යනු දුරින් පිහිටි සෙනසුන්වලට අධිවචනයි.’ ආදී වශයෙනි. අබ්භොකාසො යනු නිරාවරණ වූ තැනයි. එය අපේක්ෂා කරනුයේ සිවුරු කුටියක් සාදාගෙන වෙසෙයි. පලාලපුඤ්ජං යනු පිදුරු කුටියකි. මහත් වූ පිදුරු කුටියකින්, පිදුරු ගෙන පබ්භාර (ඉදිරියට නෙරාගිය පර්වත පාර්ශ්වවල ඇති) ලෙන් හා සමාන ආවාස සාදාගනිති. රුක්ගොමු ආදියෙහි ද මත පිදුරු දමා එහි හිඳ මහණදම් කරති. මේ සියල්ල සඳහා ‘කායෙන ච විවිත්තො විහරති’ (කයින් ද විවේකීව විහරණය කෙරෙති)යි කියන ලදී. හුදෙකලාව සක්මන් ඉටාගනියි. ‘සක්මන් පවත්වති’යි කී නියායයි. ඉරීයති යනු ඉරියවු පවත්වයි. වත්තතී යනු ඉරියවු පැවැත්ම උපදවයි. පාලෙතී යනු ඉරියවු පැවැත්ම ආරක්ෂා කරගනියි. යපෙති පෝෂණය කරයි. යාපෙතී පෝෂණය කරවයි.
පඨමං ඣානං සමාපන්නස්සාති කුසලජ්ඣානසමඞ්ගිස්ස. නීවරණෙහි චිත්තං විවිත්තන්ති උපචාරෙන නීවරණෙහි විවිත්තම්පි සමානං අන්තොඅප්පනායං සුට්ඨු විවිත්තං නාම හොතීති දස්සෙතුං “පඨමං ඣානං සමාපන්නස්ස නීවරණෙහි චිත්තං විවිත්තං හොතී”ති වුත්තං. එසෙව නයො විතක්කවිචාරපීතිසුඛදුක්ඛෙහි දුතියතතියචතුත්ථජ්ඣානානි සමාපන්නානන්ති. රූපසඤ්ඤායාති කුසලවිපාකකිරියවසෙන පඤ්චදසන්නං රූපාවචරජ්ඣානානං සඤ්ඤාය. පටිඝසඤ්ඤායාති චක්ඛුරූපාදිසඞ්ඝට්ටනෙන උප්පන්නාය කුසලාකුසලවිපාකවසෙන ද්විපඤ්චවිඤ්ඤාණසඞ්ඛාතාය පටිඝසඤ්ඤාය ච. නානත්තසඤ්ඤායාති නානාරම්මණෙ පවත්තාය චතුචත්තාලීසකාමාවචරසඤ්ඤාය ච චිත්තං විවිත්තං හොති සුඤ්ඤං හොති.
පඨමජ්ඣානං සමාපන්නස්ස යනු කුසල ධ්‍යානයෙන් යුක්ත වූවහුගේ, නීවරණෙහි චිත්තං විවිත්තං යනු උපචාර සමාධිය මගින් නීවරණයන් කෙරෙන් වියුක්ත වූ සිත අර්පණා සමාධිය තුළදී මැනවින් විවික්ත වූයේ (මිදුණේ) නම් වෙති යි දක්වනු පිණිස, ‘පඨමජ්ඣානං සමාපන්නස්ස නීවරණෙහි චිත්තං විවිත්තං හොති’ (ප්‍රථම ධ්‍යානයට සමවැදුනහුගේ සිත නීවරණයන් කෙරෙන් වියුක්ත වූයේ වේ.) යනුවෙන් කියන ලදී. ද්විතීය (දෙවන), තෘතීය (තෙවන), චතුර්ථ (සිවුවන) ධ්යානයනට සමවන්නවුන්ගේ සිත විතක්ක, විචාර, පීති, සුඛ, දුක්ඛ යන මෙයින් විවික්ත වීමද මෙම නයයි. රූප සඤ්ඤාය යනු කුසල (චිත්ත), විපාක (චිත්ත), කිරිය (චිත්ත) වශයෙන් (පංචමධ්යානයත් සමග පසක් වූ ධ්‍යානයන් තුනෙන් ගුණ කිරීමෙන් ලැබෙන) පසළොසක් වූ රූපාවචර ධ්‍යානයන් පිළිබඳ සංඥාවෙනි. පටිඝසඤ්ඤා යනු ඇස හා රූපය ආදී වශයෙන් ගැටීමෙන් උපන් කුසලාකුසල විපාක හා කිරිය වශයෙන් වූ දෙපස් විඤ්ඤාණ නම් පටිඝ සංඥාවෙන් ද නානත්ත සඤ්ඤායා යනු නානාවිධ අරමුණුවල පැවති සූසාළිසක් වූ කාමාවචර සංඥාවෙන් ද සිත විවික්ත වේ. ශුන්‍ය වේ. (මුක්ත වේ.)
ආකාසානඤ්චායතනං සමාපන්නස්සාති එත්ථ නාස්ස අන්තොති අනන්තං, ආකාසං අනන්තං ආකාසානන්තං, ආකාසානන්තමෙව ආකාසානඤ්චං, තං ආකාසානඤ්චං අධිට්ඨානට්ඨෙන ආයතනමස්ස සසම්පයුත්තධම්මස්ස ඣානස්ස දෙවානං දෙවායතනමිවාති ආකාසානඤ්චායතනං, කසිණුග්ඝාටිමාකාසාරම්මණඣානස්සෙතං අධිවචනං. තං ආකාසානඤ්චායතනං සමාපන්නස්ස කුසලකිරියඣානං සමාපන්නස්ස. රූපසඤ්ඤායාති සඤ්ඤාසීසෙන රූපාවචරජ්ඣානතො චෙව තදාරම්මණතො ච. රූපාවචරජ්ඣානම්පි හි “රූප”න්ති වුච්චති “රූපී රූපානි පස්සතී”තිආදීසු (පටි· ම· 1.209), තස්ස ආරම්මණම්පි “බහිද්ධා රූපානි පස්සති සුවණ්ණදුබ්බණ්ණානී”තිආදීසුපි (පටි· ම· 1.209). තස්මා ඉධ රූපෙ සඤ්ඤා රූපසඤ්ඤාති එවං සඤ්ඤාසීසෙන රූපාවචරජ්ඣානස්සෙතං අධිවචනං. රූපෙ සඤ්ඤා අස්සාති රූපසඤ්ඤං, රූපමස්ස නාමන්ති වුත්තං හොති. එවං පථවීකසිණාදිභෙදස්ස තදාරම්මණස්ස චෙතං අධිවචනන්ති වෙදිතබ්බං. එතාය කුසලවිපාකකිරියාවසෙන පඤ්චදසවිධාය ඣානසඞ්ඛාතාය රූපසඤ්ඤාය. එතාය ච පථවීකසිණාදිවසෙන අට්ඨවිධාය ආරම්මණසඞ්ඛාතාය රූපසඤ්ඤාය.
ආකාසානඤ්චායතනං සමාපන්නස්ස යන මෙහි, මෙයට අන්තයක් (කෙළවරක්) නැත්නුයි ‘අනන්ත’ යි, ආකාසය අනන්ත වේනුයි ‘ආකාසානත්ත’ යි, ආකාසානත්ත යනුම (ස්වාර්ථ තද්ධිත වශයෙන් ආකාසානත්ත්ය) ‘ආකාසානඤ්ච’ වේ. අධිට්ඨාන (ගැවසෙති’යි යන) අර්ථයෙන් ‘දෙවානං දෙවායතනං’ (දෙවියන් ගැවසෙන ස්ථානය දේවායතන) වන සේ, මේ සම්ප්‍රයුක්ත ධර්ම ධ්‍යානයට ආයතන වේනුයි ආකාසානඤ්චායතන නම් වේ. (පරිච්ජින්න-ආකාස) කසිණයෙන් වෙන්කොට හඳුනා ගතයුතු (අනන්ත වූ) ආකාශය අරමුණුකොට ඇති ධ්‍යානයට මේ අධිවචනයි. එම ආකාසානඤ්චායතනයට සමවන්නහුගේයි. එනම් කුශල ක්‍රියා ධ්‍යානයට සමවන්නහුගේය. රූපසඤ්ඤාය යන මෙහි සඤ්ඤා ශීර්ෂයෙන් රූපාවචර ධ්‍යාන වශයෙන් මෙන් ම තදාරම්මණ වශයෙන් ද රූපාවචර ධ්‍යානය ද ‘රූප’ යයි කියනු ලැබේ. රූපී රූපානි පස්සති යනාදියෙහි ය. (රූප ඇත්තේ රූපයන් දකියි.) එහි අරමුණ ද (‘රූප’ යයි කියන ලදී.) බහිද්ධා රූපානි පස්සති සුවණ්ණදුබ්බණ්ණානි යනාදියෙහිය. (මනා හා නොමනා පැහැ ඇති බාහිර රූපයන් දකියි.) එහෙයින් මෙහි, රූප සඤ්ඤා, ‘රූපසඤ්ඤා’ යනුවෙන් මෙසේ සඤ්ඤා ශීර්ෂයෙන් රූපාවචර ධ්‍යානයට ‘රූපසඤ්ඤා’ යන මේ අධිවචනයි. මෙයට (මේ ධ්‍යානයට) රූපයේ සංඥාව ඇත්තේනුයි ‘රූප සඤ්ඤා’ යනු මේ ධ්‍යානයට නාම යැයි කී නියායි. මෙසේ පඨවි කසිණාදී භේද ඇති තදාරම්මණයට (රූපාවචර ධ්‍යානයට අයත් අරමුණට) ද අධිවචනයයි දතයුතුයි. මේ කුසල, විපාක, ක්‍රියා වශයෙන් (ඉහත කී පරිදි) පසළොස් වැදෑරුම් වූ, ධ්‍යාන සංඛ්‍යාත සංඥාවෙන් ද, මේ පඨවි කසිණාදී වශයෙන් (ආලෝක, පරිච්ජින්නාකාස යන දෙක හැර) අටවැදෑරුම් වූ අරමුණු සංඛ්‍යාත රූප සංඥාවෙන් ද,
පටිඝසඤ්ඤායාති චක්ඛාදීනං වත්ථූනං රූපාදීනං ආරම්මණානඤ්ච පටිඝාතෙන සමුප්පන්නා සඤ්ඤා පටිඝසඤ්ඤා, රූපසඤ්ඤාදීනං එතං අධිවචනං. යථාහ – “තත්ථ කතමා පටිඝසඤ්ඤා? රූපසඤ්ඤා සද්දසඤ්ඤා ගන්ධසඤ්ඤා රසසඤ්ඤා ඵොට්ඨබ්බසඤ්ඤා, ඉමා වුච්චන්ති පටිඝසඤ්ඤායො”ති (විභ· 603). තා කුසලවිපාකා පඤ්ච අකුසලවිපාකා පඤ්චාති එතාය පටිඝසඤ්ඤාය.
පටිඝ සඤ්ඤාය යනු චක්ඛු ආදී වස්තූන්ගේ ද, රූපාදී ආරම්මණයන්ගේ ද ගැටීමෙන් උපන්නා වූ සංඥාවෙන්, රූප සංඥාදීන්ට මේ අධිවචනයි. කියන ලදමැයි. ‘එහි පටිඝ සඤ්ඤා යනු කවරේ ද? රූප සඤ්ඤා, සද්ද සඤ්ඤා, ගන්ධ සඤ්ඤා, රස සඤ්ඤා හා ඵොට්ඨබ්බ සඤ්ඤා යන මොහු පටිඝ සඤ්ඤාවෝ යැයි කියනු ලැබෙති. කුසල විපාක පසෙකැයිද අකුසල විපාක පසෙකැයි ද යන මේ පටිඝ සංඥාවෙනි.
නානත්තසඤ්ඤායාති නානත්තෙ ගොචරෙ පවත්තාය සඤ්ඤාය, නානත්තාය වා සඤ්ඤාය. යථාහ – “තත්ථ කතමා නානත්තසඤ්ඤා? අසමාපන්නස්ස මනොධාතුසමඞ්ගිස්ස වා මනොවිඤ්ඤාණධාතුසමඞ්ගිස්ස වා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං, ඉමා වුච්චන්ති නානත්තසඤ්ඤායො”ති (විභ· 604) එවං විභඞ්ගෙ විභජිත්වා වුත්තා. තා ඉධ අධිප්පෙතා. අසමාපන්නස්ස මනොධාතුමනොවිඤ්ඤාණධාතුසඞ්ගහිතා සඤ්ඤා රූපසද්දාදිභෙදෙ නානත්තෙ නානාසභාවෙ ගොචරෙ පවත්තන්ති. යස්මා චෙසා අට්ඨ කාමාවචරකුසලසඤ්ඤා, ද්වාදස අකුසලසඤ්ඤා, එකාදස කාමාවචරකුසලවිපාකසඤ්ඤා, ද්වෙ අකුසලවිපාකසඤ්ඤා, එකාදස කාමාවචරකිරියසඤ්ඤාති එවං චතුචත්තාලීසම්පි සඤ්ඤා නානත්තා නානාසභාවා අඤ්ඤමඤ්ඤං අසදිසා, තස්මා “නානත්තසඤ්ඤා”ති වුත්තා, තාය නානත්තසඤ්ඤාය.
නානත්ත සඤ්ඤාය යනු නානාවිධ වූ ගෝචරයන් (අරමුණු) කෙරෙහි පැවැත්තා වූ සංඥාවෙන් හෝ නානාප්‍රකාර වූ සංඥාවෙනි. කියන ලදමැයි. එහි නානත්ත සඤ්ඤා යනු කවරේද? (ධ්‍යානයන්ට) නො සමවන් මනෝ ධාතුවෙන් යුක්ත වූවහුගේ හෝ මනෝවිඤ්ඤාණ ධාතුවෙන් යුක්ත වූවහුගේ සඤ්ඤාව, සංජානනය, සංජාති තත්වය යන මේ නානත්ත සඤ්ඤා යැයි කියනු ලැබේ’ යනුවෙන් මෙසේ විභංගයෙහි බෙදා දක්වන ලදී. මෙහි එම සඤ්ඤාවෝ අභිප්‍රේතයහ. ධ්‍යානයන්ට නොසමවන්නහුගේ මනෝධාතු මනෝ විඤ්ඤාණ ධාතූන්ගෙන් සංග්‍රහ කරන ලද රූප, ශබ්දාදී භේද ඇති සඤ්ඤාවෝ නානත්වයෙහි, නානා ස්වභාව ඇති ගෝචරයන් (අරමුණු) කෙරෙහි පවත්නාහුය. යම්හෙයකින් මේ කාමාවචර කුසල සංඥා අට ද අකුසල සංඥා දොළොසද කාමාවචර කුසල විපාක සංඥා එකොළොසද අකුසල විපාක සංඥා දෙක ද කාමාවචර ක්‍රියා සංඥා එකොළොසදැයි යන සූසාළිස් සංඥාවෝ මෙසේ නානාවිධව, නානා ස්වභාව ඇතිව, ඔවුනොවුන්ට අසමානව පවතින්නාහු ද, එහෙයින් ‘නානත්ත සංඥා’ යැයි කියන ලදහ. ඒ නානත්ත සංඥාවෙනි.
චිත්තං විවිත්තං හොතීති ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤාපටිඝසඤ්ඤානානත්තසඤ්ඤාසඞ්ඛාතාහි සඤ්ඤාහි ඣානචිත්තං විවිත්තං හොති විනා හොති අපසක්කනං හොති. විඤ්ඤාණඤ්චායතනන්ති එතදෙව විඤ්ඤාණං අධිට්ඨානට්ඨෙන ආයතනමස්සාති විඤ්ඤාණඤ්චායතනං, ආකාසෙ පවත්තවිඤ්ඤාණාරම්මණස්ස ඣානස්සෙතං අධිවචනං. තං ඣානං සමාපන්නස්ස වුත්තප්පකාරාය ආකාසානඤ්චායතනසඤ්ඤාය චිත්තං විවිත්තං හොති.
විවිත්තං හොති යනු ආකාසානඤ්චායතනයට සමවන්නහුගේ ධ්‍යාන සිත රූපසංඥා, පටිඝ සංඥා, නානත්ත සංඥා සංඛ්‍යාත සංඥාවන්ගෙන් විවික්ත වූයේ, තොර වූයේ, බැහැර වූයේ වේ. විඤ්ඤාණඤ්චායතනං යනු මේ විඤ්ඤාණය ම ගැවසෙතැයි යන අර්ථයෙන් මෙම ධ්‍යානයට ආයතන වන්නේනුයි විඤ්ඤාණඤ්චායතන නමි. ආකාශයෙහි පැවති විඤ්ඤාණය අරමුණුකොට ඇති ධ්‍යානයට මේ අධිවචනයි. ඒ ධ්‍යානයට සමවන්නහුගේ සිත පළමු කියන ලද ආකාර ඇති ආකාසානඤ්චායතන සංඥාවෙන් විවික්ත (මිදුණේ) වෙයි.
ආකිඤ්චඤ්ඤායතනන්ති එත්ථ පන නාස්ස කිඤ්චනන්ති අකිඤ්චනං, අන්තමසො භඞ්ගමත්තම්පි අස්ස අවසිට්ඨං නත්ථීති වුත්තං හොති. අකිඤ්චනස්ස භාවො ආකිඤ්චඤ්ඤං, ආකාසානඤ්චායතනවිඤ්ඤාණාපගමස්සෙතං අධිවචනං. තං ආකිඤ්චඤ්ඤං අධිට්ඨානට්ඨෙන ආයතනමස්සාති ආකිඤ්චඤ්ඤායතනං, ආකාසෙ පවත්තිතවිඤ්ඤාණාපගමාරම්මණඣානස්සෙතං අධිවචනං. තං ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස තාය විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය චිත්තං විවිත්තං.
ආකිඤ්චඤ්ඤායතනං යන මෙහි, මේ (ධ්‍යානයට) කිසිවක් නැත්තේනුයි ‘අකිඤ්චන’ නම් වේ. යටත් පිරිසෙයින් භංග මාත්‍රයක් (බිඳීගිය කොටසක්) හෝ මෙම ධ්‍යානයට ඉතිරිව නැතැයි කී නිසායි. අකිඤ්චනයෙහි ස්වභාවය (තද්ධිත හෙයින්) ‘ආකිඤ්චඤ්ඤ’ නමි. ආකාසානඤ්චායතන විඤ්ඤාණය පහවී යාමට මේ අධිවචනයි. ඒ ආකිඤ්චඤ්ඤකය ගැවසීමේ අර්ථයෙන් මෙහි ඇත්නුයි ‘ආකිඤ්චඤ්ඤායතන’ නමි. ආකාශයෙහි පැවති විඤ්ඤාණපගමය (විඤ්ඤාණය පහවී යාම) අරමුණු කොට ඇති ධ්‍යානයට මේ අධිවචනයි. ඒ ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුගේ සිත ඒ විඤ්ඤාණඤ්චායතන සංඥාවෙන් විවික්ත වේ. (මිදේ.)
නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති එත්ථ පන යාය සඤ්ඤාය භාවතො තං “නෙවසඤ්ඤානාසඤ්ඤායතන”න්ති වුච්චති, යථාපටිපන්නස්ස සා සඤ්ඤා හොති, තං තාව දස්සෙතුං විභඞ්ගෙ (විභ· 620) “නෙවසඤ්ඤීනාසඤ්ඤී”ති උද්ධරිත්වා තඤ්ඤෙව “ආකිඤ්චඤ්ඤායතනං සන්තතො මනසි කරොති, සඞ්ඛාරාවසෙසසමාපත්තිං භාවෙති, තෙන වුච්චති නෙවසඤ්ඤීනාසඤ්ඤී”ති වුත්තං. තත්ථ සන්තතො මනසි කරොතීති “සන්තොවතායං සමාපත්ති, යත්ර හි නාම නත්ථිභාවම්පි ආරම්මණං කරිත්වා වසතී”ති එවං සන්තාරම්මණතාය නං “සන්තා”ති මනසි කරොති. තං නෙවසඤ්ඤානාසඤ්ඤායතනං අප්පෙත්වා නිසින්නස්ස තාය ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය ඣානචිත්තං සුඤ්ඤං හොති.
නෙවසඤ්ඤානාසඤ්ඤායතනං යන මෙහි වනාහි, යම් සංඥාවක් නොමැති වීමෙන් එය, ‘නේවසංඥායතන’යි කියනු ලැබේ, විධි වූ පරිදි පිළිපන්නහුට එම සංඥාව වේ. එය දක්වනු පිණිස විභංගයෙහි, පළමුකොට ‘නෙවසඤ්ඤී නාසඤ්ඤී’ යැයි මතුකොට දක්වා, ‘එම (පළමු කී) ආකිඤ්ඤචායතනය ම සත්තා (ඇති බව) වශයෙන් මෙනෙහි කරයි. සංස්කාර වශයෙන් ශේෂ වී ඇති (ආකිඤ්චඤ්ඤායතන) සමාපත්තිය වඩයි. එහෙයින් ‘නෙවසඤ්ඤී නාසඤ්ඤී’ (සංඥාවක් ඇත්තේ ද සංඥාවක් නැත්තේ ද නොවන) යැයි කියනු ලැබේ’ යනුවෙන් කියන ලදී. එහි සන්තතො මනසිකරොති යනු ඒකාන්තයෙන් මේ සමාපත්තිය ඇත්තේමය. යම් (සමාපත්තියක්) කෙරෙහි වනාහි අසත්තාව (නැති බව) ද අරමුණු වශයෙන් මෙනෙහි කොට වාසය කෙරෙති’යි, මෙසේ ඇතැයි යන (අරමුණ කෙරෙහිම (නා සත්තා ති) නැතැයි යනු ද මෙනෙහි කරයි. එම නේවසඤ්ඤානාසඤ්ඤායතනය අර්පණාවට නගා හුන්නහුගේ ධ්‍යාන විත්තය එම ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවෙන් ශූන්‍ය (හිස්) වේ.
සොතාපන්නස්සාති සොතාපත්තිඵලං පත්තස්ස. සක්කායදිට්ඨියාති වීසතිවත්ථුකාය සක්කායදිට්ඨියා. විචිකිච්ඡායාති අට්ඨසු ඨානෙසු කඞ්ඛාය. සීලබ්බතපරාමාසාති “සීලෙන සුද්ධි, වතෙන සුද්ධී”ති පරාමසිත්වා උප්පජ්ජනකදිට්ඨි. දිට්ඨානුසයාති අප්පහීනට්ඨෙන සන්තානෙ අනුසයකා දිට්ඨානුසයා. තථා විචිකිච්ඡානුසයා. තදෙකට්ඨෙහි චාති තෙහි සක්කායදිට්ඨිආදීහි එකතො ඨිතෙහි ච. උපතාපෙන්ති විබාධෙන්ති චාති කිලෙසා, තෙහි සක්කායදිට්ඨියාදිකිලෙසෙහි චිත්තං විවිත්තං සුඤ්ඤං හොති. එත්ථ “තදෙකට්ඨ”න්ති දුවිධං එකට්ඨං පහානෙකට්ඨං සහජෙකට්ඨඤ්ච. අපායගමනීයා හි කිලෙසා යාව සොතාපත්තිමග්ගෙන න පහීයන්ති, තාව දිට්ඨිවිචිකිච්ඡාහි සහ එකස්මිං පුග්ගලෙ ඨිතාති පහානෙකට්ඨා. දසසු හි කිලෙසෙසු ඉධ දිට්ඨිවිචිකිච්ඡා එව ආගතා. අනුසයෙසු දිට්ඨානුසයවිචිකිච්ඡානුසයා ආගතා. සෙසා පන අපායගමනීයො ලොභො දොසො මොහො මානො ථිනං උද්ධච්චං අහිරිකං අනොත්තප්පන්ති අට්ඨ කිලෙසා දිට්ඨිවිචිකිච්ඡාහි සහ පහානෙකට්ඨා හුත්වා ද්වීහි අනුසයෙහි සද්ධිං සොතාපත්තිමග්ගෙන පහීයන්ති. රාගදොසමොහපමුඛෙසු වා දියඩ්ඪෙසු කිලෙසසහස්සෙසු සොතාපත්තිමග්ගෙන දිට්ඨියා පහීයමානාය දිට්ඨියා සහ විචිකිච්ඡා පහීනා, දිට්ඨානුසයවිචිකිච්ඡානුසයෙහි සහ අපායගමනීයා සබ්බකිලෙසා පහානෙකට්ඨවසෙන පහීයන්ති. සහජෙකට්ඨා පන දිට්ඨියා සහ විචිකිච්ඡාය ච සහ එකෙකස්මිං චිත්තෙ ඨිතා අවසෙසකිලෙසා.
සොතාපන්නස්ස යනු සෝවාන් ඵලයට පත්වූවහුගේ යි. සක්කාය දිට්ඨියා යනු විසිවැදෑරුම් සක්කාය දෘෂ්ටියෙනි. විචිකිච්ඡාය යනු අටතැන්හි සැකයෙනි. සීලබ්බත පරාමාසා යනු (තීර්ථකයන් විසින් දක්වනු ලබන) සීලයෙන්, ව්‍රතයෙන් ශුද්ධිය වෙතැයි යන ග්රහණයෙන් උපන් දෘෂ්ටියෙනි. දිට්ඨානුසයා යනු ප්‍රහීණ නොවීම් අර්ථයෙනි. සන්තානය තුළ ඉතිරි වී, සැඟවී පවත්නා දෘෂ්ටීන්ගෙනි. තදෙකට්ඨෙහි ච යනු එකී සක්කාය දිට්ඨි ආදී වූ ක්ලේශයන් හා සමග එක්ව සිටි (අවශේෂ) ක්ලේශයන්ගෙනි. ක්ලේශයෝ ශ්‍රෝතස (සෝතාපත්තියට) වෙත පැමිණෙනතුරු තැවීම් හා බාධක ඇති කරති. එම සක්කාය දිට්ඨි ආදී ක්ලේශයන් කෙරෙන් විවික්ත වූයේ (මිදුණේ) ශුන්‍ය (හිස්) වූයේ ද වෙයි. මෙහි තදෙකට්ඨං යනු මෙහි ඒකට්ඨ (එක්ව විසීම්) පහානෙකට්ඨය, සහජෙකට්ඨය යැයි දෙයාකාර වේ. අපාය ගමනට හේතුවන ක්ලේශයෝ සෝවාන් මාර්ගයෙන් යම්තාක් ප්‍රහීණ නොවී පවතිත් ද ඒතාක් දෘෂ්ඨි විචිකිච්ඡාවන් හා සමග එකම පුද්ගලයකු තුළ සිටියාහු යැයි පහානෙකට්ඨ නම් වේ. දශවිධ ක්ලේශයන් අතුරෙන් මෙහි සක්කාය දිට්ඨි විචිකිච්ඡා යන දෙක පමණක් අදහස් කෙරිණි. අනුසයන් අතුරෙන් දිට්ඨානුසය විචිකිච්ඡානුසය යන දෙක ආයේය. සෙසු අපායගාමිනී ක්ලේශයන් වන ලෝභය, ද්වේෂය, මෝහය, මානය, ථිනය, (මැලිබව), උද්ධච්චය (විසිරුණු ස්වභාවය), පවට ලැජ්ජා නොවීම, පවට බිය නොවීම යන අට දිට්ඨි විචිකිච්ඡා දෙකත් සමගම පහානේකට්ඨ වශයෙන් අනුශය දෙකත් සමගම සෝවාන් මාර්ග ලාභයෙන් ප්‍රහීණ වෙයි. නැතහොත් රාග, ද්වේෂ, මෝහ ප්රමුඛ වූ කෙලෙස් එක්දහස් පන්සියය අතුරින් සක්කාය දිට්ඨිය සෝවාන් මාර්ගයෙන් ප්‍රහීණ කරනවිට, එම දිට්ඨියත් සමගම විචිකිච්ඡාව ද ප්‍රහීණ වේ. දිට්ඨානුසය හා විචිකිච්ඡානුසයන් සමග අපායගාමිනීව සියලු කෙලෙස්හු පහනෙකට්ඨ වශයෙන් ප්‍රහීණ වෙති. සහජෙකට්ඨ යනු සක්කාය දිට්ඨියත්, විචිකිච්ඡාවත් සමග එක් එක් සිතෙහි සිටි ඉතිරි ක්ලේශයෝ යි.
සොතාපත්තිමග්ගෙන හි චත්තාරි දිට්ඨිසහගතානි විචිකිච්ඡාසහගතඤ්චාති පඤ්ච චිත්තානි පහීයන්ති. තත්ථ ද්වීසු දිට්ඨිසම්පයුත්තඅසඞ්ඛාරිකචිත්තෙසු පහීයමානෙසු තෙහි සහජාතො ලොභො මොහො උද්ධච්චං අහිරිකං අනොත්තප්පන්ති ඉමෙ කිලෙසා සහජෙකට්ඨවසෙන පහීයන්ති, ද්වීසු දිට්ඨිසම්පයුත්තසසඞ්ඛාරිකචිත්තෙසු පහීයමානෙසු තෙහි සහජාතො ලොභො මොහො ථිනං උද්ධච්චං අහිරිකං අනොත්තප්පන්ති ඉමෙ කිලෙසා සහජෙකට්ඨවසෙන පහීයන්ති, විචිකිච්ඡාසහගතචිත්තෙ පහීයමානෙ තෙන සහජාතො මොහො උද්ධච්චං අහිරිකං අනොත්තප්පන්ති ඉමෙ කිලෙසා සහජෙකට්ඨවසෙන පහීයන්ති. තෙහි දුවිධෙකට්ඨෙහි කිලෙසෙහි චිත්තං විවිත්තං හොතීති මග්ගචිත්තං විවිච්චති, ඵලචිත්තං විවිත්තං වියුත්තං අපසක්කිතං සුඤ්ඤං හොතීති අත්ථො.
සෝවාන් මාර්ගයෙන් දිට්ඨි සම්ප්‍රයුක්ත අසංඛාරික සිත් දෙක ප්‍රහීණ වන කල්හි, ඒ දෙක සමග උපන් ලෝභය, ද්වේෂය, මෝහය, උද්ධච්චය, අහිරිකය, අනොත්තප්පය යන මේ කෙළෙස් සහජෙකට්ඨ වශයෙන් ප්‍රහීණ වේ. දිට්ඨි සම්ප්‍රයුක්ත සසංඛාරික සිත් ප්‍රහීණ වන කල්හි ඒ දෙසිත සමග උපන් ලෝභය, මෝහය, ථිනය, උද්ධච්චය, අහිරිකය හා අනොත්තප්පය යන මේ කෙලෙස් සහජෙකට්ඨ වශයෙන් ප්‍රහීණ වේ. විචිකිච්ඡා සහගත සිත ප්‍රහීණ වන කල්හි, ඒ සමග උපන් මෝහය, උද්ධච්චය, අහිරිකය, අනොත්තප්පය යන මේ කෙලෙස් සහජෙකට්ඨ වශයෙන් ප්‍රහීණ වේ. දෙවැදෑරුම් ඒකට්ඨයන්ගෙන් කිලෙසෙහි චිත්තං විචිත්තං හොති යනු කෙලෙසුන්ගෙන් මාර්ග සිත වෙන් වේ. ඵල සිත විවේකයට, වියුක්ත බවට, තිබූ තැනින් පහවීමට, ශූන්‍ය බවට පත් වේ යන අර්ථයයි.
සකදාගාමිස්ස ඔළාරිකා කාමරාගසඤ්ඤොජනාති ඔළාරිකභූතා කායද්වාරෙ වීතික්කමස්ස පච්චයභාවෙන ථූලභූතා මෙථුනරාගසඞ්ඛාතා සඤ්ඤොජනා. සො හි කාමභවෙ සඤ්ඤොජෙතීති “සඤ්ඤොජන”න්ති වුච්චති. පටිඝසඤ්ඤොජනාති බ්යාපාදසඤ්ඤොජනා. සො හි ආරම්මණෙ පටිහඤ්ඤතීති “පටිඝ”න්ති වුච්චති. තෙ එව ථාමගතට්ඨෙන සන්තානෙ අනුසෙන්තීති අනුසයා. අණුසහගතාති සුඛුමභූතා කාමරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා අණුසහගතා කාමරාගානුසයා පටිඝානුසයාති අප්පහීනට්ඨෙන සන්තානෙ අනුසයනවසෙන සුඛුමභූතා කාමරාගපටිඝානුසයා. තදෙකට්ඨෙහි චාති වුත්තත්ථෙහි දුවිධෙකට්ඨෙහි කිලෙසෙහි චිත්තං විවිත්තං සුඤ්ඤං හොති.
සකදාගාමිස්ස ඔලාරිකා කාමරාග සඤ්ඤොජනා යනු ඕලාරික (දළ) වූ, එනම් කායද්වාර-වාග් ද්වාර සීමාවන් ව්‍යතික්‍රමණය (උල්ලංඝනය) කිරීමේ හේතුවෙන් තර වූ මෛථුන රාග සංඛ්‍යාත වූ සංයෝජනයෝ. එය වනාහි ‘කාම භවයෙහි සත්ත්වයා බැඳ තබති’යි යන අර්ථයෙන් සංයෝජන යැයි කියනු ලැබේ. පටිඝ සඤ්ඤොජනා යනු ව්‍යාපාද සංයෝජනයෝ යි. එය අරමුණෙහි ගැටෙතියි යන අරුතින් පටිඝ යැයි කියනු ලැබේ. ඒවා බලවත් වීමෙන් සන්තානයෙහි වැතිර පවතිති යි අනුශය නම් වේ. අනුසහගතා යනු සූක්ෂ්ම වූ (සියුම්) කාමරාග සංයෝජනය ද පටිඝ සංයෝජනය ද අනුසහගත නම් වේ. කාමරාගානුසයා පටිඝානුසයා යනු ප්‍රහීණ නොවූහයි යන අරුතින් සන්තානයෙහි අප්‍රකට ව, සූක්ෂමව පවතින කාමරාග හා පටිඝ අනුශයෝ, තදෙකට්ඨෙහි ච යනු ඉහත කියන ලද අර්ථ ඇති දෙවැදෑරුම් ඒකට්ඨයනට ඇතුළත් කෙලෙස්වලින් සිත වෙන් වේ. මිදේ. ශුන්‍ය වේ.
අරහතොති කිලෙසාරීනං හතත්තා “අරහා”ති ලද්ධනාමස්ස. රූපරාගාති රූපභවෙ ඡන්දරාගා. අරූපරාගාති අරූපභවෙ ඡන්දරාගා. මානාති අරහත්තමග්ගවජ්ඣා මානා එව. තථා උද්ධච්චඅවිජ්ජාමානානුසයාදයො අරහත්තමග්ගවජ්ඣා. එතෙසු උණ්ණතිලක්ඛණො මානො. අවූපසමලක්ඛණං උද්ධච්චං. අන්ධභාවලක්ඛණා අවිජ්ජා. රූපරාගඅරූපරාගවසෙන පවත්තා භවරාගානුසයා. තදෙකට්ඨෙහි චාති තෙහි එකතො ඨිතෙහි ච කිලෙසෙහි. බහිද්ධා ච සබ්බනිමිත්තෙහීති අජ්ඣත්තචිත්තසන්තානෙ අකුසලක්ඛන්ධෙ උපාදාය “බහිද්ධා”ති සඞ්ඛං ගතෙහි අජ්ඣත්තං මුඤ්චිත්වා බහිද්ධා පවත්තෙහි සබ්බසඞ්ඛාරනිමිත්තෙහි මග්ගචිත්තං විවිච්චති විනා හොති අපසක්කති, ඵලචිත්තං විවිත්තං වියුත්තං අපසක්කිතං හොති.
අරහතො යනු කෙලෙස් සතුරන් නැසූ බැවින් ‘අර්හත්’ යැයි ලැබූ නම් ඇති, රූපරාගා යනු රූප භවය කෙරෙහි පවතින ඡන්දරාගය (දැඩි කැමැත්ත)යි. අරූපරාගා යනු අරූපභවය පිළිබඳව ඇතිවන ඡන්දරාගයයි. මානා යනු අර්හත් මාර්ගයෙන්ම ඇසිය යුතු මානයමයි. එසේම උද්ධච්ච, අවිජ්ජා, මාන යන අනුශයෝ ද අර්හත් මාර්ගයෙන් ම නැසිය යුත්තාහුය. මේවා අතුරින් උන්නති (ඉහළට නැමුණ) ලක්ෂණය මානයයි. නොසන්සිඳීමේ, නොසන්සුන් බවෙහි ලක්ෂණය උද්ධච්චයයි. අන්ධ බව, නොදැනීම් ලක්ෂණය අවිද්‍යාවයි. රූපරාග, අරූපරාග වශයෙන් පවත්නාහු භවරාගානුශයෝ ය. තදෙකට්ඨෙහි ච යනු ඔවුන් සමග එක්ව සිටියා වූ කෙලෙසුන්ගෙනි. බහිද්ධා ච සබ්බනිමිත්තෙහී යනු අභ්‍යන්තර චිත්ත සන්තානයෙහි වූ අකුසල ස්කන්ධය වෙන්කොට ගැනීමෙන් බාහිර යැයි (කියන ලද) සම්මත වූ, අභ්‍යන්තරය හැර පිටත පවත්නා සියලු සංස්කාර නිමිතිවලින් ද මාර්ග චිත්තය (විවික්ත) වෙන් වේ. පහ වේ. ඉවත් වේ. ඵල චිත්තය ද වෙන් වූයේ ඉවත් වූයේ වේ.
තත්ථ කිලෙසපටිපාටියා මග්ගපටිපාටියා චාති ද්විධා අනුසයානං අභාවො වෙදිතබ්බො. කිලෙසපටිපාටියා හි කාමරාගානුසයපටිඝානුසයානං තතියමග්ගෙන අභාවො හොති, මානානුසයස්ස චතුත්ථමග්ගෙන, දිට්ඨානුසයවිචිකිච්ඡානුසයානං පඨමමග්ගෙන, භවරාගානුසයාවිජ්ජානුසයානං චතුත්ථමග්ගෙනෙව. මග්ගපටිපාටියා පන පඨමමග්ගෙන දිට්ඨානුසයවිචිකිච්ඡානුසයානං අභාවො හොති, දුතියමග්ගෙන කාමරාගානුසයපටිඝානුසයානං තනුභාවො, තතියමග්ගෙන සබ්බසො අභාවො, චතුත්ථමග්ගෙන මානානුසයභවරාගානුසයාවිජ්ජානුසයානං අභාවො හොති. චිත්තවිවෙකොති මහග්ගතලොකුත්තරචිත්තානං කිලෙසෙහි සුඤ්ඤභාවො, තුච්ඡභාවොති අත්ථො.
එහිදී කෙලෙස් පිළිවෙළින් ද මාර්ග පිළිවෙළින් ද යන දෙපරිද්දෙන් ම අනුශයයන්ගේ නැතිවී යාම දතයුතුයි. කෙලෙස් පිළිවෙළින් (කිලේස පටිපාටිය) වනාහි, කාමරාගානුසය හා පටිඝානුසයන්ගේ අභාවය තුන්වන මාර්ගයෙහි සිද්ධ වේ. මාන අනුශය විනාශය සිවුවන මාර්ගයෙන් ද දිට්ඨානුසය විචිකිච්ඡානුසයන්ගේ විනාශය පළමු මාර්ගයෙන් ද භවරාගානුශය අවිජ්ජානුශයයන්ගේ විනාශය සිදුවන මාර්ගයෙන් ද සිද්ධ වේ. මාර්ග පිළිවෙළින් (මග්ග පටිපාටිය) වනාහි, පළමු මාර්ගයෙන් දිට්ඨානුසය හා විචිකිච්ඡානුසයයන්ගේ අභාවය වේ. දෙවැනි මාර්ගයෙන් කාමරාගානුසය හා පටිඝානුසයයන්ගේ තුනීවීම ද, තෙවැනි මාර්ගයෙන් ඒ දෙක සර්වප්රකාරයෙන් ම විනාශවීම ද සිවුවන මාර්ගයෙන් මානානුසය භවරාගානුසය හා අවිජ්ජානුසයයන්ගේ අභාවය වේ. චිත්ත විවෙකො යනු මහග්ගත හා ලෝකෝත්තර සිත් කෙලෙසුන්ගෙන් මිදී ශුන්‍යව හිස්ව පවත්නා බවයි යන අර්ථයයි.
උපධිවිවෙකොති කිලෙසක්ඛන්ධඅභිසඞ්ඛාරසඞ්ඛාතානං උපධීනං සුඤ්ඤභාවො. උපධිං තාව දස්සෙතුං “උපධි වුච්චන්ති කිලෙසා චා”තිආදිමාහ. රාගාදයො යස්ස උප්පජ්ජන්ති, තං උපතාපෙන්ති විබාධෙන්තීති කිලෙසා ච. උපාදානගොචරා රූපාදයො පඤ්චක්ඛන්ධා ච. උපාදානසම්භූතා පුඤ්ඤාපුඤ්ඤආනෙඤ්ජාභිසඞ්ඛාරා ච. අමතන්ති නත්ථි එතස්ස මරණසඞ්ඛාතං මතන්ති අමතං, කිලෙසවිසපටිපක්ඛත්තා අගදන්තිපි අමතං. සංසාරයොනිගතිඋපපත්තිවිඤ්ඤාණට්ඨිතිසත්තාවාසෙසු සංසිබ්බති විනතීති තණ්හා “වාන”න්ති වුච්චති, තං තත්ථ නත්ථීති නිබ්බානං. විවෙකට්ඨකායානන්ති ගණසඞ්ගණිකාය අපගතසරීරානං. නෙක්ඛම්මාභිරතානන්ති නෙක්ඛම්මෙ කාමාදිතො නික්ඛන්තෙ පඨමජ්ඣානාදිකෙ අභිරතානං තන්නින්නානං. පරමවොදානප්පත්තානන්ති උත්තමපරිසුද්ධභාවඵලං පාපුණිත්වා ඨිතානං. “උපක්කිලෙසාභාවෙන පරිසුද්ධචිත්තානං, කිලෙසෙහි මුත්තභාවෙන පරමවොදානප්පත්තානං. වික්ඛම්භනප්පහානෙන පරිසුද්ධචිත්තානං, සමුච්ඡෙදප්පහානෙන පරමවොදානප්පත්තාන”න්ති එවමෙකෙ වණ්ණයන්ති. නිරූපධීනන්ති විගතූපධීනං. විසඞ්ඛාරගතානන්ති සඞ්ඛාරාරම්මණං චජිත්වා විගතසඞ්ඛාරං නිබ්බානං ආරම්මණවසෙන උපගතානං. විසඞ්ඛාරගතං චිත්තන්ති එත්ථපි හි නිබ්බානමෙව “විසඞ්ඛාර”න්ති වුත්තං.
උපධි විවෙකො යනු කෙලෙස්, ස්කන්ධ, අභිසංස්කාර යන උපධීන්ගෙන් ශූන්‍ය වූ බවයි. පළමුව උපධීන් දක්වනු සඳහා උපධිවුච්චන්ති කිලෙසා ච යනාදිය කීහ. යමෙකුට රාගාදීහු උපදිත් ද ඔහුට තැවීම් ඇති කරත් ද බාධක ඇතිකරත්දැයි යන අරුතින් ක්ලේශයෝ ද උපාදාන වශයෙන් ගෝචර වූ රූපාදී වූ පංචස්කන්ධයෝ ද උපාදාන වශයෙන් හටගත් පුඤ්ඤ, අපුඤ්ඤ හා අනෙඤ්ජාභි සංස්කාරයෝ ද උපධි නම් වෙති. අමතං යනු මොහුට මරණ නම් වූ අමෘතභාවය නැත්තේනුයි ‘අමත’ නම් වේ. එසේම කෙලෙස් නම් විෂට ප්‍රතිවිරුද්ධ වූ බැවින් ද මරණයක් නැත්තේනුයි අමත නම් වේ. ‘සංසාර යෝනීන්හි ගති, උත්පත්ති, විඤ්ඤාණ ස්ථිති, සත්තාවාසයන්හි බඳවති යි, ‘නැඹුරු කරවති’ යි යන අරුතින් තණ්හාව ‘වාණ’ යැයි කියනු ලැබේ. එහි ඒ තණ්හාව නැතැයි ‘නිබ්බාණ’ (නි+වාණ) නම් වේ. වවකට්ඨකායානං යන ගණ සංගණිකාවෙන් (සමූහ වාසයෙන් වෙන් වූ) සිරුරු ඇත්තවුන්ගේ නෙක්ඛම්මාභිරතානං යනු නෙක්ඛම්මයෙහි කාමාදියෙන් නික්ම ප්‍රථම ධ්‍යානාදියෙහි සිත් ඇලවූවන්ගේ, නෛෂ්ක්‍රම්‍යය වෙත නැඹුරු වූවන්ගේ, පරමවොදානප්පත්තානං උතුම් පිවිතුරු බවනම් ඵලයට පැමිණ සිටියවුන්ගේයි. උපක්ලේශයන්ගෙන් තොර වූ බැවින් පිරිසිදු සිත් ඇත්තවුන්ගේයි. කෙලෙසුන්ගෙන් මිදුණු බැවින් අතිශය පිරිසිදු භාවයට පත්වූවන්ගේයි. විෂ්කම්භන ප්‍රහාණ වශයෙන් පිරිසිදු සිත් ඇත්තන්ගේයි. සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් අතිශය පාරිශුද්ධභාවයට පත්වූවන්ගේයි යනුවෙන් ද ඇතැමෙක් අර්ථ කියති. නිරූපධීනං යනු දුරු වූ උපධි ඇත්තවුන්ගේයි. විසංඛාරගතානං යනු සංස්කාර ආරම්මණය අත්හැර, සංස්කාර හෙවත් රැස්කිරීම දුරුකළවුන්ගේයි. නිවනට අරමුණු වශයෙන් පැමිණියවුන්ගේයි. විසංඛාරගතං චිත්තං යන මෙහි ද නිවනම ‘විසංඛාර’ යැයි කියන ලදී.
විදූරෙති විවිධෙ දූරෙ. සුවිදූරෙති සුට්ඨු විදූරෙ. න සන්තිකෙති න සමීපෙ. න සාමන්තාති න එකපස්සෙ. අනාසන්නෙති අනච්චන්තසමීපෙ. විවෙකට්ඨෙති අතිදූරෙ, විගතෙති අත්ථො. තාදිසොති තංසදිසො. තස්සණ්ඨිතොති තෙන ආකාරෙන ඨිතො. තප්පකාරොති තෙන පකාරෙන ඨිතො. තප්පටිභාගොති තංකොට්ඨාසිකො. අථ වා “අත්තභාවගුහාය ලග්ගභාවෙන තාදිසො. කිලෙසෙහි ඡන්නභාවෙන තස්සණ්ඨිතො. මොහනස්මිං පගාළ්හභාවෙන තප්පකාරො. තීහි විවෙකෙහි දූරභාවෙන තප්පටිභාගොති එවමෙකෙ වණ්ණයන්ති.
විදූරෙ යනු ඉතා දුරෙහිය. සුවිදූරෙ යනු අතිශයින් දුරෙහිය. නසන්තිකෙ යනු නො සමීපයෙහිය. න සාමන්තා යනු එකත්පසෙක නොවූ, අනාසනෙන යනු අතිශයින් සමීපයෙහි නොවේ. වවකට්ඨෙ යනු නුදුරෙහි, බැහැර නොව සිටියේයි, යන අර්ථයයි. තාදිසො ඒ හා සමාන වූයේයි. තස්සඨිතො යනු ඒ ආකාරයෙන් සිටියේයි. තප්පකාරො යනු ඒ ප්‍රකාරයෙන් සිටියේයි. තප්පටිභාගො ඒ කොටසෙහි වූයේ, නැතහොත් ආත්මභාව නැමති ගුහාවෙහි ලැගි හෙයින් තාදිසො ‘තාදිස’ නම් වේ. කෙලෙසුන්ගෙන් වැසුණු බැවින්, තස්සණ්ඨිතො තස්සණ්ඨිත නම් වේ. මෝහයෙහි ගිලුණු බැවින් තප්පකාරො තප්පකාර නම් වේ. ත්‍රිවිධ විවේකයන්ගෙන් දුරු වූ බැවින් තප්පටිභාගො තප්පටිභාග නම් වේ, යනුවෙන් ඇතැමෙක් අර්ථ කියති.
දුප්පහායාති සුඛෙන පහාතබ්බා න හොන්ති. දුච්චජ්ජාති සුඛෙන ජහිතුං න සක්කා. දුප්පරිච්චජ්ජාති සබ්බාකාරෙන ජහිතුං න සක්කා. දුන්නිම්මදයාති නිම්මදං අමදං කාතුං න සක්කා. දුබ්බිනිවෙඨයාති විනිවෙඨනං මොචනං කාතුං න සක්කා. දුත්තරාති උත්තරිත්වා අතික්කන්තුං න සක්කා. දුප්පතරාති විසෙසෙත්වා තරිතුං න සක්කා. දුස්සමතික්කමාති දුක්ඛෙන අතික්කමිතබ්බා. දුබ්බිනිවත්තාති නිවත්තෙතුං දුක්ඛා. අථ වා “පකතිවසෙන දුප්පරිච්චජ්ජා. ගොණපතාසං විය දුන්නිම්මදයා. නාගපාසං විය දුබ්බිනිවෙඨයා. ගිම්හසමයෙ මරුකන්තාරං විය දුත්තරා දුප්පතරා. බ්යග්ඝපරිග්ගහිතා අටවී විය දුස්සමතික්කමා. සමුද්දවීචි විය දුබ්බිනිවත්තාති එවමෙකෙ වණ්ණයන්ති.
දුප්පහායා යනු සුවසේ ප්රහාණය කළ හැකි නොවේ. දුච්චයා යනු සුවසේ අත්හැරීමට නොහැක, දුප්පරිච්චජා යනු සර්වප්රකාරයෙන් ම අත්හැරීමට නොහැක. දුන්නිම්මදයා මදයෙන් තොර කිරීමට, නිර්මද කිරීමට නොහැකිය. දුබ්බිනිවෙඨයා යනු ලිහාලීම, මුදාලීමට නොහැකිය. දුත්තරා යනු එතෙර වී, ඉක්මවාලීමට නොහැකිය. දුප්පතරා යනු විශේෂයෙන් එතෙර වීමට නොහැකිය. දුස්සමතික්කමා දුකසේ අතික්‍රමණය කළ හැකි වේ. දුබ්බනිවත්තා නැවැත්වීම දුෂ්කරය. නැතහොත් ප්‍රකෘති වශයෙන් අත්හැරීම දුෂ්කරය. විකෘති වශයෙන් නිර්මද බවට පත්කිරීම දුෂ්කරය. නාග පාශයක් මෙන් ලිහාලීමට නොහැකිය. ග්‍රීෂ්ම කාලයෙහි නිරුදක කාන්තාරයක් මෙන් දුත්තරා දුප්පතරා තරණය කළ නොහැකි ය. ව්යාඝ්රාදීන්ගෙන් ගැවසුණු වනයක් මෙන් තරණය කළ නොහැකිය. දුස්සමතික්කමා මුහුදු රළ මෙන් දුබ්බිති වත්තා නැවැත්විය නොහැකි ය’ යනුවෙන් ද ඇතැමෙක් අර්ථ කියති.
එවං පඨමගාථාය “දූරෙ විවෙකා හි තථාවිධො”ති සාධෙත්වා පුන තථාවිධානං සත්තානං ධම්මතං ආවි කරොන්තො “ඉච්ඡානිදානා”තිආදිගාථමාහ. තත්ථ ඉච්ඡානිදානාති තණ්හාහෙතුකා. භවසාතබද්ධාති සුඛවෙදනාදිම්හි භවසාතෙන බද්ධා. තෙ දුප්පමුඤ්චාති තෙ භවසාතවත්ථුභූතා ධම්මා. තෙ වා තත්ථ බද්ධා ඉච්ඡානිදානා සත්තා දුප්පමොචයා. න හි අඤ්ඤමොක්ඛාති අඤ්ඤෙ ච මොචෙතුං න සක්කොන්ති. කාරණවචනං වා එතං. තෙ සත්තා දුප්පමුඤ්චා. කස්මා? යස්මා අඤ්ඤෙන මොචෙතබ්බා න හොන්ති. යදි සත්තා මුඤ්චෙය්යුං, සකෙන ථාමෙන මුඤ්චෙය්යුන්ති අයමස්ස අත්ථො. පච්ඡා පුරෙ වාපි අපෙක්ඛමානාති අනාගතෙ අතීතෙ වා කාමෙ අපෙක්ඛමානා. ඉමෙ ව කාමෙ පුරිමෙ ව ජප්පන්ති ඉමෙ වා පච්චුප්පන්නෙ කාමෙ පුරිමෙ වා දුවිධෙපි අතීතානාගතෙ බලවතණ්හාය පත්ථයමානා. ඉමෙසඤ්ච ද්වින්නං පදානං “තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා”ති ඉමිනාව සහ සම්බන්ධො වෙදිතබ්බො. ඉතරථා අපෙක්ඛමානා ජප්පං කිං කරොන්ති, කිං වා කතාති න පඤ්ඤායෙය්යුං.
මෙසේ පළමු ගාථාවෙන් ‘එබඳු වූ පුද්ගලයන් ත්‍රිවිධ විවේකයෙන් දුරුවෙතියි නිගමනය කොට, නැවත මෙබඳු පුද්ගලයන්ගේ ස්වභාවය ප්‍රකට කරමින් ‘ඉච්ඡානිදානා’ යන දෙවන ගාථාව වදාළහ. එහි ඉච්ඡා නිදානා යනු තණ්හාව හේතුකොට ඇති, භාවසාතබද්ධා යනු සුඛවේදනාදී භව සුවයෙහි බැඳුණාහු, තෙ දුප්පමුඤ්චා යනු යම් භව සුඛයට වස්තු වූ ධර්මයෝ වෙත් ද එහි බැඳුණු තණ්හාව නිදාන කරගත් ඒ සත්ත්වයෝ දුකසේ මිදිය යුත්තෝ වෙති. නහි අඤ්ඤමොක්ඛා යනු අනිකකු මිදවීමට නොහැකි වෙති. නැතහොත් මෙය කරණවිබත් වචනයි. ‘ඒ සත්ත්වයෝ දුකසේ මිදිය යුත්තෝ වෙති. කවර හෙයින් ද? අනිකකු විසින් මිදවිය හැක්කෝ නොවන හෙයිනි. එම සත්ත්වයෝ (සසර දුකින්) මිදෙතොත්, ස්වශක්තියෙන් ම මිදිය යුත්තාහුය’ යනු මෙහි අර්ථයි. පච්ඡා පුරෙවාපි අපෙක්ඛමානා යනු අනාගතයෙහි වසන්නා වූ අතීතයෙහි වූ කාමයන් අපේක්ෂා කරමින්, ඉමෙව කාමෙ පුරිමෙව ජප්පං යනු මේ වර්තමානයෙහි ඇති කාමයන් හෝ පළමු කී අතීතානාගත කාමයන් හෝ බලවත් තණ්හාවෙන් ප්‍රාර්ථනා කරමින්, මෙකී දෙපදය තෙ දුප්පමුඤ්චා නහි අඤ්ඤමොක්ඛා යන මේ පදය සමග ම සම්බන්ධ කර අර්ථ දතයුතුයි. (එසේ පද සම්බන්ධය නොකොට) ‘අපේක්ෂා කරන්නාහු කුමක් කරත්ද?යි හෝ කුමක් කළාහුද’යි නොදක්වන්නාහු ය. (නොපැහැදිලිය යන අර්ථයි.)
භවසාතබද්ධාති භවෙ සාතං භවසාතං, තෙන භවසාතෙන සුඛස්සාදෙන බද්ධා හුත්වා ඨිතා. තං භාජෙත්වා දස්සෙතුං “එකං භවසාතං – සුඛා වෙදනා”තිආදිමාහ. යොබ්බනභාවො යොබ්බඤ්ඤං. අරොගභාවො ආරොග්යං. ජීවිතින්ද්රියස්ස පවත්තභාවො ජීවිතං. ලාභොති චතුන්නං පච්චයානං ලාභො. යසොති පරිවාරො. පසංසාති කිත්ති. සුඛන්ති කායිකචෙතසිකං සුඛං. මනාපිකා රූපාති මනවඩ්ඪනකා රූපා. සෙසෙසුපි එසෙව නයො.
භවසාතබද්ධා යනු භවයෙහි සැපය. ‘භවසාත’ නමි. ඒ භව සුඛයෙහි, සුඛාශ්වාදයෙහි බැඳී සිටියාහු වේ. එය බෙදා දැක්වීම පිණිස එකං භවසාතං, සුඛාවෙදනා යනාදිය දැක්වීය. යොවුන් බව යොබ්බඤ්ඤං යොබ්බඤ්ඤයයි. නීරෝගී බව ආරෝග්‍යං ආරෝග්‍යයයි. ජීවිතින්ද්රිය පවත්වා ගන්නා ස්වභාවය ජීවිතං ජීවිතයයි. ලාභො යනු සිවුපස ලාභයයි. යසො යනු පිරිවරයි. පසංසා යනු කීර්තියයි. සුඛං යනු කායික, චෛතසික සුඛයයි. මනාපිකා රූපා යනු මන වඩන රූපයයි. සෙසු පදයන්හි ද මෙම නයයි.
චක්ඛුසම්පදාති චක්ඛුස්ස සම්පදා. “මය්හං චක්ඛු සම්පන්නං මණිවිමානෙ උග්ඝාටිතසීහපඤ්ජරං විය ඛායතී”ති උප්පන්නං සුඛස්සාදං සන්ධාය “චක්ඛුසම්පදා”ති වුත්තං. සොතසම්පදාදීසුපි එසෙව නයො. සුඛාය වෙදනාය සාතබද්ධා…පෙ… විබද්ධාති විවිධාකාරෙන බද්ධා. ආබද්ධාති විසෙසෙන ආදිතො බද්ධා. ලග්ගාති ආරම්මණෙන සද්ධිං අප්පිතා. ලග්ගිතාති නාගදන්තෙ ඵාණිතවාරකො විය ලග්ගිතා. යමෙත්ථ ච අවුත්තං, තං සත්තො විසත්තොතිආදිම්හි වුත්තනයෙන ගහෙතබ්බං.
චක්ඛු සම්පදා යනු පැහැදිලිව පෙනෙන ඇස් ඇති බවයි. මාගේ චක්ෂු සම්පත්තිය මැණික් විමනෙක එසවූ සී මැදුරු කවුළුවක් මෙන් වැටහෙති’යි ඇසෙන් උපන් සුඛාශ්වාදය සඳහා ‘චක්ඛු සම්පදා’ යැයි කියන ලදී. සෝත සම්පදාදියෙහි ද මෙම නයයි. සුඛ වේදනාවෙන් සත්ත්වයෝ බැඳුණාහුය. විශේෂයෙන් බැඳුණාහුය යනු (-පෙ- විබද්ධා) මූලපදයයි. විබද්ධා යනු විවිධාකාරයෙන් බැඳුණාහුය. ආබද්ධා යනු විශේෂයෙන් මුල සිට බැඳුණාහුය. ලග්ගා යනු අරමුණ සමග ඇලුණාහුය. ලග්ගිතා නාග දන්තයෙක (බිත්තියේ ගැසූ කොක්කෙක) එල්බන ලද කළයක් මෙන් එල්බුණාහුය. මෙහි නොකියන ලද ‘සත්තො විසත්තො’ ආදී පදයන්හි අර්ථ මුලදී පැවසූ අයුරින්ම ගතයුතුයි.
න හි අඤ්ඤමොක්ඛාති න පරෙහි මොක්ඛා. තෙ වා භවසාතවත්ථූ දුප්පමුඤ්චාති භවෙ සුඛස්සාදවත්ථුභූතා ධම්මා තෙ මුඤ්චිතුං දුක්ඛා. සත්තා වා එත්තො දුම්මොචයාති සත්තා එව වා එතස්මා භවසාතවත්ථුතො මොචෙතුං දුක්ඛා.
නහි අඤ්ඤමොක්ඛා යනු අනුන් විසින් නො මුදවනු ලබති. තෙවා භවසාතවත්ථු දුප්පමඤ්චා යනු භවයේ සුඛාශ්වාදයට වස්තු වූ ධර්මයෙන් හෝ මිදීමට අපහසුය. සත්තා වා එත්තො දුම්මොචයා යනු නැතහොත් සත්ත්වයෝම හෝ මේ භවාශ්වාද වස්තූන්ගෙන් මිදීම පහසුවෙන් නොකළ හැක්කාහුය.
දුරුද්ධරාති උද්ධරිතුං දුක්ඛා. දුස්සමුද්ධරාති සමන්තතො ඡින්නතටෙ නරකාවාටෙ පතිතො විය උද්ධං කත්වා උද්ධරිතුං දුක්ඛා. දුබ්බුට්ඨාපයාති උට්ඨාපෙතුං දුක්ඛා. දුස්සමුට්ඨාපයාති සුඛුමඅත්තභාවං පථවියං පතිට්ඨාපනං විය උස්සාපෙතුං අතිවිය දුක්ඛා.
දුරුද්ධරා යනු ආශ්වාද වස්තූන්ගෙන් දුරුවීම අපහසුය. දුස්ස මුද්ධරා යනු හාත්පසින්ම බිඳීගිය ඉවුරු ඇති නිරා වළක වැටුණකු මෙන් උඩුකුරුව ගොඩ ඒමට නොසමත් වෙති. දුටුට්ඨාපයා යනු එසවීමට ඉතා අපහසු ය. දුස්සුමුට්ඨාපයා යනු සූක්ෂ්ම ආත්ම භාවයක් පොළවෙහි පිහිටුවීම මෙන් ඔසවා තැබීම අතිශය දුෂ්කරය.
තෙ අත්තනා පලිපපලිපන්නාති ගම්භීරකද්දමෙ යාව සීසතො නිමුග්ගා න සක්කොන්ති. පරං පලිපපලිපන්නං උද්ධරිතුන්ති අපරං තථෙව නිමුග්ගං හත්ථෙ වා සීසෙ වා ගහෙත්වා උද්ධරිත්වා ථලෙ පතිට්ඨාපෙතුං න සක්කොන්ති. සො වත චුන්දාති සොති වත්තබ්බාකාරපුග්ගලනිද්දෙසො. තස්ස “යො”ති ඉමං උද්දෙසවචනං ආහරිත්වා යො අත්තනා පලිපපලිපන්නො, සො වත , චුන්ද, පරං පලිපපලිපන්නං උද්ධරිස්සතීති. එවං සෙසපදෙසු සම්බන්ධො වෙදිතබ්බො. පලිපපලිපන්නොති ගම්භීරකද්දමෙ නිමුග්ගො වුච්චති. යථා, චුන්ද, කොචි පුරිසො යාව සීසතො ගම්භීරකද්දමෙ නිමුග්ගො, පරම්පි තථෙව නිමුග්ගං හත්ථෙ වා සීසෙ වා ගහෙත්වා උද්ධරිස්සතීති නෙතං ඨානං විජ්ජති. න හි තං කාරණමත්ථි, යෙන සො තං උද්ධරිත්වා ථලෙ පතිට්ඨාපෙය්යාති. අදන්තො අවිනීතො අපරිනිබ්බුතොති එත්ථ පන අනිබ්බිසෙවනතාය අදන්තො. අසික්ඛිතවිනයතාය අවිනීතො. අනිබ්බුතකිලෙසතාය අපරිනිබ්බුතොති වෙදිතබ්බො. සො තාදිසො පරං දමෙස්සති නිබ්බිසෙවනං කරිස්සති, විනෙස්සති තිස්සො සික්ඛා සික්ඛාපෙස්සති. පරිනිබ්බාපෙස්සති තස්ස කිලෙසෙ නිබ්බාපෙස්සති.
ඔවුහු අත්තනා පලිපපළිපන්නා යනු ගැඹුරු මඩ වගුරෙක හිස දක්වාම ගිලුණාහු න සක්කොන්ති පරං පලිපපළිපන්නං උද්ධරිතුං යනු එසේම (මඩෙහි) ගිලුණු අනිකෙකු අතින් හෝ හිසින් හෝ ගෙන ගොඩ තැබීමට නොසමත් වෙති. සො වත චුන්ද යන මෙහි සො යනු කිවයුතු ආකාර ඇති පුද්ගලයා දක්වන නිද්දේස වචනයි. එහි යො යන මේ උද්දේස වචනය ගෙන, ‘යො අත්තනා පලිපපළිපන්නොව සො වත චුන්ද පරං පලිපපළිපන්නං උද්ධරිස්සතී’ති (යමෙක් තමා මඩෙහි ගිලී සිටිමින් ම, චුන්දය හෙතෙමේ මඩෙහි ගිලුණු අනිකෙකු ගොඩ ගන්නේය) යනුවෙන් මෙසේ සෙසු පද සම්බන්ධය දතයුතුයි. පලිපපළිපන්නා යනුවෙන් ගැඹුරු මඩෙහි ගිලුණු තැනැත්තා කියනු ලැබේ. චුන්දය! යම්සේ යම්කිසි පුරුෂයෙක් තෙමේ නාසිකාග්‍රය දක්වා ගැඹුරු මඩවළෙක ගැලී සිටිනුයේ එසේම ගිලුණු අනිකෙකු අතින් හෝ හිසින් ගෙන ගොඩ කරන්නේය යන මෙකරුණ, නෙතං ඨානං විජ්ජති යනු යම් ලෙසකින් හෙතෙමේ ඔහු ඔසවා ගොඩ තබන්නේය යනු සිදුවිය හැකි කරුණක් නොවේමය. අදන්තො අවිනීතො අපරිනිබ්බුතො යන මෙහි සන්සුන් නොවූ බැවින් අදන්ත (නො දැමුණේය.) නො හික්මවන ලද විනය ඇති බැවින් අවිනීත (නො හික්මුණේ) ය. නොනිවන ලද කෙලෙස් ඇති බැවින් අපරිනිබ්බුත (නො පිරිනිවියේ) යැයි දතයුතුයි. එබඳු වූ ඒ පුද්ගලයා පරං දමෙස්සති යනු අනිකෙකු සන්සුන් කරවති යි විනෙස්සති යනු ‘ත්‍රිවිධ ශික්ෂාවන්හි හික්මවති’යි පරිනිබ්බාපෙස්සති, ‘ඔහුගේ කෙලෙස් පිරිනිවීමට පත් කරවති’යි යන්න (සිදු නොවේමය.)
නත්ථඤ්ඤො කොචීති අඤ්ඤො කොචි පුග්ගලො මොචෙතුං සමත්ථො නත්ථි. සකෙන ථාමෙනාති අත්තනො ඤාණථාමෙන. බලෙනාති ඤාණබලෙන. වීරියෙනාති ඤාණසම්පයුත්තචෙතසිකවීරියෙන. පුරිසපරක්කමෙනාති පරං පරං ඨානං අක්කමනෙන මහන්තවීරියෙන.
නත්ථඤ්ඤො කොචි යනු මිදවීමට සමත් අනික් කිසිදු පුද්ගලයෙක් නැත. සකෙන ථාමෙන යනු තමාගේ ඤාණ ශක්තියෙන් බලෙන යනු ඤාණ බලයෙන් විරියෙන යනු ඤාණ සම්ප්‍රයුක්ත චෛතසික වීර්යයෙන් පුරිස පරක්කමෙන යනු ඒ ඒ තැන් මඩින මහත් වූ වීර්යයෙන්.
නාහං සහිස්සාමීති අහං න සහිස්සාමි න සක්කොමි, න වායමිස්සාමීති වුත්තං හොති. පමොචනායාති පමොචෙතුං. කථංකථින්ති සකඞ්ඛං. ධොතකාති ආලපනං. තරෙසීති තරෙය්යාසි.
නාහං සහිස්සාමි යනු මම නොසමත් වෙමි. නොහැක්කෙමි. වෑයම් නොකරන්නෙමියි කී නියායි. පමොචනාය යනු මුදවනු පිණිස ය. කථංකථි සැක ඇතිව, ධොතකා යනු ආමන්ත්රණයයි. තරෙසි තරණය කරන්නෙහිය.
“අත්තනා හි කතං පාපං, අත්තනා සංකිලිස්සති; අත්තනා අකතං පාපං, අත්තනාව විසුජ්ඣති; සුද්ධී අසුද්ධි පච්චත්තං, නාඤ්ඤො අඤ්ඤං විසොධයෙ”ති. (ධ· ප· 165; කථා· 743) –
අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති, අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ඣතී, සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤො අඤ්ඤං විසොධයෙ’තී
එත්ථායමත්ථො – යෙන අත්තනා අකුසලං කම්මං කතං හොති, සො චතූසු අපායෙසු දුක්ඛං අනුභවන්තො අත්තනාව සංකිලිස්සති. යෙන පන අත්තනා අකතං පාපං, සො සුගතිඤ්චෙව අගතිඤ්ච ගච්ඡන්තො අත්තනාව විසුජ්ඣති. කුසලකම්මසඞ්ඛාතා සුද්ධි අකුසලකම්මසඞ්ඛාතා ච අසුද්ධි පච්චත්තං කාරකසත්තානං අත්තනියෙව විපච්චති. අඤ්ඤො පුග්ගලො අඤ්ඤං පුග්ගලං න විසොධයෙ නෙව විසොධෙති, න කිලෙසෙතීති වුත්තං හොති.
මෙහි අර්ථ මෙසේය. ‘යමෙකු විසින් තමන්ම පව්කම් කරන ලද්දේ ද, ඔහු සතර අපායෙහි දුක් විඳිමින්, තමන් ම කිලුටට පත්වන්නේය. යමෙකු විසින් පව් නොකරන ලද්දේ ද, ඔහු සුගතියට ම යන්නේ තමා ම පිරිසිදු බවට පත්වේ. කුසල කර්ම නම් වූ ශුද්ධිය ද අකුසල කර්ම නම් වූ අශුද්ධිය ද වෙන් වෙන්ව එය කරන සත්ත්වයාට ම විපාක දෙයි. කිසි පුද්ගලයෙක් අනික් පුද්ගලයෙකු පිරිසිදු නොකරයි. කිලිටි නොකරයි. පිරිසිදු ද නොකරයි, යනු කී නියායි.
තිට්ඨතෙව නිබ්බානන්ති අමතමහානිබ්බානං තිට්ඨතියෙව. නිබ්බානගාමිමග්ගොති පුබ්බභාගවිපස්සනාතො පට්ඨාය අරියමග්ගො. තිට්ඨාමහං සමාදපෙතාති අහං ගණ්හාපෙතා පතිට්ඨාපෙතා තිට්ඨාමි. එවං ඔවදියමානා එවං අනුසාසියමානාති මයා එවං ඔවදියමානා එවං අනුසාසියමානා. එත්ථ උප්පන්නෙ වත්ථුස්මිං වදන්තො ඔවදති නාම, අනුප්පන්නෙ වත්ථුස්මිං අනුසාසන්තො “අයසොපි තෙ භවිස්සතී”තිආදිවසෙන අනාගතං දස්සෙන්තො අනුසාසති නාම. සම්මුඛා වදන්තොපි ඔවදති නාම, පරම්මුඛා දූතසාසනං වා පෙසෙන්තො අනුසාසති නාම. සකිං වදන්තොපි ඔවදති නාම, පුනප්පුනං වදන්තො අනුසාසති නාම. ඔවදන්තො එව වා අනුසාසති නාම. අප්පෙකච්චෙති අපි එකච්චෙ, එකෙති අත්ථො. අච්චන්තනිට්ඨං නිබ්බානං ආරාධෙන්තීති ඛයවයසඞ්ඛාතං අන්තං අතීතන්ති අච්චන්තං, අච්චන්තඤ්ච තං සබ්බසඞ්ඛාරානං අප්පවත්තිට්ඨානත්තා නිට්ඨඤ්චාති අච්චන්තනිට්ඨං, එකන්තනිට්ඨං, සතතනිට්ඨන්ති අත්ථො. තං අච්චන්තනිබ්බානං ආරාධෙන්ති සම්පාදෙන්ති. නාරාධෙන්තීති න සම්පාදෙන්ති, න පටිලභන්තීති අත්ථො. එත්ථ ක්යාහන්ති එතෙසු කිං අහං, කිං කරොමීති අත්ථො. මග්ගක්ඛායීති පටිපදාමග්ගක්ඛායී . ආචික්ඛති කථෙති. අත්තනා පටිපජ්ජමානා මුඤ්චෙය්යුන්ති පටිපජ්ජන්තා මයං මුඤ්චෙය්යුං.
තිට්ඨතෙව නිබ්බාණං යනු අමෘත මහ නිර්වාණය පවත්නේමය. නිබ්බාණගාමි මග්ගො යනු පූර්වභාග විදර්ශනාවෙහි පටන් වූ ආර්ය මාර්ගයයි. තිට්ඨාමහං සමාදපෙතා යනු ඒ නිර්වාණගාමී මාර්ගය ගන්වන, සමාදන් කරවන මම ද පවත්නේ වෙමි. ශ්‍රාවකයන් එහි පිහිටුවමි. එවං ඔවදියමනා එවං අනුසාසිය මානා යනු මවිසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු, මෙහි කිසියම් කරුණක් මතු වූ විට කැරෙනුයේ ‘ඔවදති නාම’ ඔවදති යනුයි. (අවවාදයි.) එසේ කරුණක් නූපන් කල්හි පවා, ‘ඔබට මෙසේ අයසක්, අයහපතක් වන්නේය’ ආදී වශයෙන් අනාගතය දක්වමින් කැරෙනුයේ (අනුසාසති නාම) අනුසාසති යනුයි. (අනුශාසනායි.) අභිමුඛයෙහි සිට කීමද ඔවදති නාම, ඔවදති යනුයි. අවවාදයි. අනභිමුඛයෙහි සිටිමින් දූතයකු මගින් හසුන් යවා කැරෙනුයේ අනුශාසනාවයි. එක්වරක් පමණක් කැරෙනුයේ ‘ඔවාද’ යයි. නැවත නැවත පැවසීම ‘අනුශාසනා’ යයි. නැතහොත් අවවාද දීම ම හෝ අනුශාසනා නම් වේ. අප්පෙකච්චෙ යනු කිසිවෙක්, ඇතැමෙක් යන අර්ථයි. අච්චන්ත නිට්ඨං නිබ්බාණං ආරාධෙන්ති යනු ‘ක්ෂය, ව්‍යය නම් වූ අන්තය ඉකුත් වූහ’යි අච්චන්තයි. අච්චන්ත වූයේ ද එම, සියලු සංස්කාරයන්ගේ නොපවත්නා ස්ථාන වන බැවින්, නිෂ්ඨා වූයේ ද ‘අච්චන්ත තිට්ඨං’ අච්චන්ත තිට්ඨ නම් වේ. ඒකාන්ත නිෂ්ඨාව යන අර්ථයි. ඒ අත්‍යන්ත නිෂ්ඨාව වූ නිවන ලබා ගනිති. සම්පාදනය කරගනිති. න ආරාධෙන්ති යනු (ඇතැම් ශ්‍රාවක කෙනෙක්) සම්පාදනය කර නොගනිතියි, නොලබතියි යන අරුතයි. එත්ථක්යාහං යනු මෙහිලා, මම කුමක් කරම් ද? යන අර්ථයි. මග්ගක්ඛායී යනු පිළිවෙත් මග දේශනා කරනුයේ ආචික්ඛතී යනු කියයි. අත්තනා පටිපජ්ජ මානා මුඤ්චෙය්යුං යනු පිළිවෙත් පිළිපදිමින් සසරින් මිදෙන්නෝ ය.
අතීතං උපාදායාති අතීතං පටිච්ච. කථං පුරෙ අපෙක්ඛං කරොතීති කෙන පකාරෙන ඉක්ඛං ඔලොකනං කරොති. එවංරූපො අහොසින්ති දීඝරස්සඅණුකථූලාදිවසෙන එවංජාතිකො එවරූපො අභවිං. තත්ථ නන්දිං සමන්නානෙතීති තස්මිං රූපාරම්මණෙ තණ්හං සම්මා ආනයති උපනෙති. වෙදනාදීසුපි එසෙව නයො.
අතීතං උපාදාය යනු අතීතය නිසා, කථං අපෙක්ඛං කරොති යනු කවරාකාරයකින් අපේක්ෂාව, බැලීම කරයි ද? එවරූපො අහොසි යනු දික්, කෙටි, කුදු, මහත් ආදී වශයෙන් මෙබඳු ජාති ඇත්තේ වීමි. මෙබඳු රූප ඇත්තේ වීමි. තත්ථ නන්දිං සමන්නා නෙති යනු ඒ රූපාරම්මණයෙහි තණ්හාව ඇතිකර ගනියි. එළවයි. වේදනාදියෙහි ද මෙම නයයි.
“ඉති මෙ චක්ඛූ”තිආදයො වත්ථුආරම්මණවසෙන තණ්හුප්පත්තිං දස්සෙන්තො ආහ. ඉති රූපාතීති එවං රූපා ඉති. තත්ථ ඡන්දරාගපටිබද්ධන්ති තෙසු චක්ඛුරූපෙසු දුබ්බලසඞ්ඛාතො ඡන්දො ච බලවසඞ්ඛාතො රාගො ච, තෙන ඡන්දරාගෙන පටිබද්ධං අල්ලීනං. විඤ්ඤාණන්ති ජවනචිත්තං. ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්සාති තස්ස ජවනවිඤ්ඤාණස්ස ඡන්දරාගෙන බද්ධභාවා. තදභිනන්දතීති තං ආරම්මණං තණ්හාවසෙන අභිනන්දති.
‘ඉති මෙ චක්ඛු’ (මාගේ ඇස මෙසේය.) ආදිය වස්තු ආරම්මණ වශයෙන් තණ්හාව ඉපදීම දක්වමින් කීහු. ඉතිරූපා යනු මෙවන් රූප ඇත්තාහුය. තත්ථ ඡන්දරාග පටිබද්ධං යනු ඒ චක්ෂු රූපාදිය කෙරෙහි දුර්වල යැයි කියනු ලබන ඡන්දරාගය ද බලවත් යැයි කියනු ලබන සිතයි. ඡන්දරාග පටිබද්ධත්තා විඤ්ඤාණස්ස යනු ඒ ජවන විඤ්ඤාණය ඡන්දරාගයෙන් බැඳුණු බැවිනි. තදභිනන්දති යනු ඒ අරමුණ තණ්හා වශයෙන් අභිනන්දනය (පිළිගැනීම) කරමින්.
යානිස්ස තානීති යානි අස්ස තානි. පුබ්බෙති අතීතෙ. සද්ධින්ති එකතො. හසිතලපිතකීළිතානීති දන්තවිදංසාදිහසිතානි ච, වචීභෙදං කත්වා ලපිතානි ච, කායඛිඩ්ඩාදිකීළිතානි ච. තදස්සාදෙතීති තං අස්සාදයති අස්සාදං වින්දති සාදියති. තං නිකාමෙතීති තං නිකාමයති පච්චාසීසති. විත්තිං ආපජ්ජතීති තුට්ඨිං පාපුණාති.
යානිස්ස තානි යනු ඔහුගේ යමක් වීද ඒ සියල්ල, පුබ්බෙ යනු අතීතයෙහි, සද්ධිං යනු එක්ව, සමග හසිත ලපිත කීළිතානි යනු දත් විදහා පෑම් ආදී සිනහසීම් ද හඬනගා කියන වදන් ද කායික ක්රීඩාදියද තදස්සාදෙති යනු එය ආශ්වාදනය කරයි. එහි ආශ්වාදය විඳියි. රසවිඳියි. තං නිකාමෙති යනු එය කැමති වෙයි. එය අපේක්ෂා කරයි. විත්තං ආපජ්ජති යනු සතුටට පැමිණෙයි.
සියන්ති භවෙය්යං. අප්පටිලද්ධස්ස පටිලාභායාති අප්පත්තස්ස පාපුණනත්ථාය. චිත්තං පණිදහතීති චිත්තං ඨපෙති. චෙතසො පණිධානපච්චයාති චිත්තස්ස ඨපනකාරණා.
සියා යනු වන්නේය. අප්පටිලද්ධස්ස යනු නොලැබුණු දෙය ලබාගැනීමට, චිත්තං පණිදහති යනු සිත පිහිටුවයි. චෙතසො පණිධාන පච්චයා යනු සිත පිහිටුවීමේ හේතුවෙන්.
සීලෙන වාති පඤ්චසීලාදිසීලෙන වා. වතෙන වාති ධුතඞ්ගසමාදානෙන වා. තපෙන වාති වීරියසමාදානෙන වා. බ්රහ්මචරියෙන වාති මෙථුනවිරතියා වා. දෙවො වාති මහානුභාවො දෙවරාජා වා. දෙවඤ්ඤතරො වාති තෙසං අඤ්ඤතරො වා.
සීලෙන වා යනු පංචශීලාදී ශීලයෙන් හෝ වතෙන වා ධුතාංග සමාදානයෙන් හෝ තපෙන වා යනු වීර්ය සමාදානයෙන් හෝ, බ්රහ්මචරියෙන වා යනු මෛථුනයෙන් වැලකීමෙන් හෝ, දෙවො වා යනු මහානුභාව සම්පන්න දෙව්රජෙක් හෝ, දෙවඤ්ඤතරොවා යනු ඒ දෙවියන් අතරින් එක්තරා දෙවියෙක් හෝ.
ජප්පන්තාති ගුණවසෙන කථෙන්තා. පජප්පන්තාති පකාරෙන කථෙන්තා. අභිජප්පන්තාති විසෙසෙන කථෙන්තා, උපසග්ගවසෙන වා වඩ්ඪිතං.
ජප්පන්තා යනු ගුණ වශයෙන් කියමින්. පජප්පන්තා ප්‍රකාර වශයෙන් කියමින්, අභිජප්පන්තා විශේෂයෙන් කියමින්, නැතහොත් එකම අර්ථය උපසර්ග යොදා වර්ධනය කළ නියායි.
එවං පඨමගාථාය “දූරෙ විවෙකා හි තථාවිධො”ති සාධෙත්වා දුතියගාථාය ච තථාවිධානං ධම්මතං ආවි කත්වා ඉදානි තෙසං පාපකරණං ආවි කරොන්තො “කාමෙසු ගිද්ධා”ති ගාථමාහ.
මෙසේ පළමු ගාථාවෙන් ‘එබඳු වූ පුද්ගලයා ත්‍රිවිධ විවේකයෙන් දුරුවේ.’ යැයි පවසා, දෙවන ගාථාවෙන් එබඳු වූවන්ගේ ස්වභාවය ප්‍රකට කර, ඉක්බිති ඔවුන්ගේ පාපයට හේතුව ප්‍රකට කරනු සඳහා, කාමෙසුගද්ධා යන ගාථාව වදාළහ.
තස්සත්ථො – තෙ සත්තා කාමෙසු පරිභොගතණ්හාය ගිද්ධා, පරියෙසනාදිමනුයුත්තත්තා පසුතා, සම්මොහමාපන්නත්තා පමූළ්හා, අවගමනතාය මච්ඡරියතාය බුද්ධාදීනං වචනං අනාදියතාය ච අවදානියා, කායවිසමාදිම්හි විසමෙ නිවිට්ඨා, අන්තකාලෙ මරණදුක්ඛූපනීතා, “කිංසු භවිස්සාම ඉතො චුතාසෙ”ති පරිදෙවයන්තීති.
එහි අර්ථය: ඒ සත්ත්වයෝ කාමයන් කෙරෙහි පරිභෝග තණ්හාවෙහි ගිද්ධා යනු කාමවස්තු සෙවීම් ආදියෙහි යෙදුණු හෙයින්, පසුතා යනු මුලාවට පැමිණි බැවින් සම්මූළ්හා පහළට යන ගමන් ඇති බැවින් ද මසුරු බැවින් ද බුද්ධාදීන්ගේ වචන (අවවාද) නො පිළිගන්නා බැවින් ද අවදානියා යනු කාය විෂමාදියෙහි, විසමෙ නිවිට්ඨා යනු මරණාසන්න අවස්ථාවෙහි මරණ දුක්ඛයට පැමිණියාහු ‘මෙයින් චුත වී කවුරු වන්නමෝ ද?’යි වැළපෙති.
ගිද්ධාති කාමරාගෙන ගිද්ධා. ගධිතාති සඞ්කප්පරාගෙන පච්චාසීසමානා හුත්වා ගධිතා. මුච්ඡිතාති කාමතණ්හාය මුච්ඡාපරෙතා. අජ්ඣොසන්නාති කාමනන්දියා අධිඔසන්නා අජ්ඣොත්ථටා. ලග්ගාති කාමසිනෙහෙන අල්ලීනා. ලග්ගිතාති කාමපරිළාහෙන එකීභූතා. පලිබුද්ධාති කාමසඤ්ඤාය ආවට්ටිතා. අථ වා “දිට්ඨිදස්සනෙ ගිද්ධා. අභිණ්හදස්සනෙ ගධිතා. සංසග්ගකිරියස්මිං මුච්ඡිතා. විස්සාසකිරියස්මිං අජ්ඣොසන්නා. සිනෙහවළඤ්ජස්මිං ලග්ගා. ද්වයංද්වයසමාපත්තිම්හි ලග්ගිතා. අපරාපරං අමුඤ්චමානා හුත්වා පලිබුද්ධා”ති එවමෙකෙ වණ්ණයන්ති.
ගිද්ධා යනු කාමරාගයෙහි ගිජු වූවාහු. ගථිතා සංකල්ප රාගයෙන් අපේක්ෂා කරමින් ගෙතුණාහු මුච්ඡිතා කාමතණ්හාවෙන් අතිශයින් මුසපත්ව අජ්ඣොපන්නා යනු කාමනන්දියෙන්, කාම තෘෂ්ණාවෙන් දැඩිව ගිලුණාහු, බැසගත්තාහු ලග්ගා යනු කාම ස්නේහයෙන් එක්ව ඇලුණාහු, ලග්ගිතා යනු කාම පරිදාහයෙන් එක්වූවාහු පළිබුද්ධා කාම සංඥාවෙන් වෙළුණාහු, නැතහොත් දැකීමෙහි. ගිද්ධා නිතර දැකීමෙහි ගථිතා ගෙතුණාහු, සංසර්ග ක්‍රියාවෙහි මුච්ඡිතා මුසපත් වූවාහු, විශ්වාස ක්‍රියාවෙහි අජ්ඣොපන්නා යනු ගිලුණාහු, සෙනෙහසින් වැළඳ ගැනීමෙහි ලග්ගා ඇලුණාහු මෛථුන සේවනයෙන් ලග්ගිතා එක්ව බැඳුණාහු, ඔවුනොවුන් මුදවමින් පළිබුද්ධා වෙළුණාහු යැයි මෙසේ ඇතැමෙක් අර්ථ දක්වති.
එසන්තීති පච්චාසීසන්ති. ගවෙසන්තීති මග්ගයන්ති. පරියෙසන්තීති සබ්බාකාරෙන ඉච්ඡන්ති පත්ථෙන්ති. අථ වා දිට්ඨාරම්මණෙ සුභාසුභං අත්ථි, නත්ථීති එසන්ති. සුභාසුභාරම්මණෙ පච්චක්ඛං කත්වා වළඤ්ජනත්ථාය පියං කරොන්තා ගවෙසන්ති . චිත්තවසෙන එසන්ති. පයොගවසෙන ගවෙසන්ති. කරණවසෙන පරියෙසන්ති. තෙ දුවිධෙ කාමෙ පටිච්ච ඔතරිත්වා චරන්තීති තච්චරිතා. තෙ ච කාමෙ බහුලං යෙභුය්යෙන වඩ්ඪෙන්ති පවත්තයන්තීති තබ්බහුලා. තෙ ච කාමෙ ගරුං කත්වා රහන්තීති තග්ගරුකා. තෙසු කාමෙසු නින්නා නමිතා හුත්වා වසන්තීති තන්නින්නා. තෙසු කාමෙසු සන්නින්නා හුත්වා වසන්තීති තප්පොණා. තෙසු කාමෙසු අවලම්බිතා හුත්වා තෙසුයෙව නමිතා වසන්තීති තප්පබ්භාරා. තෙසු කාමෙසු අවත්ථරිත්වා මුච්ඡාපරෙතප්පසඞ්ගා හුත්වා වදන්තීති තදධිමුත්තා. තෙ ච කාමෙ අධිපතිං ජෙට්ඨකං කත්වා වසන්තීති තදධිපතෙය්යා. අථ වා “ආරම්මණස්ස ඉට්ඨභාවෙන තච්චරිතා. ආරම්මණස්ස කන්තභාවෙන තබ්බහුලා. ආරම්මණස්ස මනාපභාවෙන තග්ගරුකා. ආරම්මණස්ස පියභාවෙන තන්නින්නා. ආරම්මණස්ස කාමුපසංහිතභාවෙන තප්පොණා. ආරම්මණස්ස රජනීයභාවෙන තප්පබ්භාරා. ආරම්මණස්ස මුච්ඡනීයභාවෙන තදධිමුත්තා. ආරම්මණස්ස බන්ධනීයභාවෙන තදධිපතෙය්යා”ති එවමෙකෙ වණ්ණයන්ති.
එසන්ති යනු අපේක්ෂා කරති. ගවෙසන්ති යනු සොයති. පරියෙසන්ති යනු සර්ව ප්‍රකාරයෙන් කැමති වෙති. ප්‍රාර්ථනා කරති. නැතහොත් දක්නා ලද අරමුණෙහි සුභ අසුභ වශයෙන් ඇත් ද? නැත්දැ’යි එසන්ති සොයති. සූභාසුභ ආරම්මණයන් ප්රත්යක්ෂ කර සුභ වශයෙන් ගවෙසන්ති ගවේෂණය කරති. කාරණ වශයෙන් පරියෙසන්ති පර්යේෂණය කරති. ඒ දෙවැදෑරුම් කාමයන්හි ගැලී බැස හැසිරෙතියි, තච්චරිතා තච්චරිත නම් වෙති. ඒ කාමයන් බහුලව බොහෝසෙයින් වර්ධනය කරතියි, පවත්වා ගනිතියි, තම්බහුලා තම්බහුල (එය බොහෝකොට ඇත්තාහුය. ඒ කාමයන් ගරු සිත් උපදවා දැවෙති යි, තග්ගරුකා තග්ගරුක නම් වෙති. ඒ කාමයන් වෙතට නැඹුරුව, නැමී වාසය කරති’යි, තන්නින්නා තන්තින්න නම් වෙති. ඒ කාමයන් වෙතට නැඹුරුව වෙසෙති යි, තප්පොණා තප්පෝණ නම් වෙති. ඒ කාමයන්හි එල්බී, ඒ කෙරෙහිම නැමී වෙසෙති’යි, තප්පබ්භාරා තප්පබ්භාර නම් වෙති. ඒ කාමයන්හි බැසගෙන මුසපත්ව (ශෝකාදියෙන්) වෙළෙමින් ඇලී වෙසෙති යි, තදධිමුත්තා තදධිමුත්ත නම් වෙති. ඒ කාමයන් අධිපතිකොට හැසිරෙති’යි තදධිපතෙය්යා තදධිපතෙය්ය නම් වෙති. නැතහොත් අරමුණ සිතට ප්‍රියභාවයෙන් තච්චරිතා, අරමුණ කාන්ත බැවින් තබ්බහුලා තබ්බහුල නමි. අරමුණ මනාප බැවින් තග්ගරුකා තග්ගරුක නමි. අරමුණ ප්‍රියවන බැවින් තන්නින්නා තන්නිත්ත නමි. අරමුණ කාමයෙන් යුක්ත වන හෙයින් තප්පොනා තප්පෝන නමි. අරමුණේ ඇලීම් ඇතිකරන බැවින් තප්පබ්භාරා තප්පබ්භාර නමි. අරමුණෙහි මුසපත් බැවින් තදධිමුත්තා තදධිමුත්ත නමි. අරමුණ බන්ධන ස්වභාව ඇති හෙයින් තදධිපතෙය්ය තදධිපතෙය්ය නමි. යනුවෙන් ඇතැමෙක් විස්තර කරති.
රූපෙ පරියෙසන්තීතිආදීසු පරියෙසන්තීති අලද්ධස්ස ලාභාය එසනවසෙන. පටිලභන්තීති හත්ථගතවසෙන. පරිභුඤ්ජන්තීති වළඤ්ජනවසෙන වුත්තන්ති ඤාතබ්බං. කලහං විවාදං කරොතීති කලහකාරකො. තස්මිං නියුත්තොති කලහපසුතො. කම්මකාරකාදීසුපි එසෙව නයො. ගොචරෙ චරන්තොති වෙසියාදිගොචරෙ, සතිපට්ඨානාදිගොචරෙ වා චරමානො. තෙසු නියුත්තො ගොචරපසුතො. ආරම්මණූපනිජ්ඣානවසෙන ඣානං අස්ස අත්ථීති ඣායී. තස්මිං නියුත්තො ඣානපසුතො.
රූපෙ පරියෙසන්ති යනාදියෙහි පරියෙසන්ති යනු නොලැබූ වස්තු ලබා ගැනීමට සෙවීම් වශයෙන්, පටිලභන්ති අත්පත්වීම් වශයෙනි. පරිභුඤ්ජන්ති යනු වැළඳීම් වශයෙන් කියන ලදැයි දතයුතුයි. කලහ විවාද කෙරේනුයි කලහකාරකො කලහකාරක නමි. එහි නිරත වූයේනුයි කලහපසුතො කලහපසූත නමි. කම්මකාරකාදී කෙරෙහි ද මේ නයයි. ගොචරෙ චරං යනු වෛශ්යාදීන් වැනි අගෝචර ස්ථානයන්හි හෝ සතිපට්ඨානාදී ගෝචරයන්හි හැසිරෙනුයේ, එහි නිරත වූයේ ගෝචර පසුතො ගෝචරපසූත නමි. අරමුණ පිළිබඳව නැවත නැවත සිතීම් වශයෙන් ධ්‍යානය මොහුට ඇත්තේනුයි ඣායී නමි. එහි නිරත වූයේ ඣාන පසූතො ඣාන පසූත නමි.
අවගච්ඡන්තීති අපායං ගච්ඡන්ති. මච්ඡරිනොති සකසම්පත්තිං නිගුහන්තා. වචනන්ති කථනං. බ්යපථන්ති වාක්යපථං. දෙසනන්ති විස්සජ්ජනඔවාදං. අනුසිට්ඨින්ති අනුසාසනිං. නාදියන්තීති න ගණ්හන්ති න ගරුං කරොන්ති. “න පටිස්සන්තී”ති වා පාඨො, සොයෙව අත්ථො. වත්ථුතො මච්ඡරියදස්සනත්ථං “පඤ්ච මච්ඡරියානි ආවාසමච්ඡරිය”න්තිආදි වුත්තං. තත්ථ ආවාසෙ මච්ඡරියං ආවාසමච්ඡරියං. සෙසපදෙසුපි එසෙව නයො.
අවගච්ඡන්ති යනු අපායට යයි. මච්ඡරිනො යනු සිය සම්පත් සඟවනුයේ, වචනං යනු කථා කිරීමයි. ව්යප්පථං යනු වාක්‍ය මාර්ගයයි. වදන් මගයි. දෙසනං යනු විසර්ජනයයි. අවවාද - දේශනාවයි. අනුසිට්ඨිං යනු අනුශාසනාවයි. න ආදියන්ති යනු නොපිළිගනිති. ගරු නොකරති. න අල්ලීයන්ති යනු හෝ පාඨයි. එම අර්ථයමයි. අර්ථ වශයෙන් මසුරු බව, දක්වනු පිණිස පඤ්චමච්ඡරියානි ආවාසමච්ඡරියං යනාදිය දැක්විණි. එහි ආවාසය කෙරෙහි පවත්නා මසුරු බව ආවාස මච්ඡරියං ආවාස මච්ඡරියයි. සෙසු පදයන්හිද මෙම නයයි.
ආවාසො නාම සකලාරාමොපි පරිවෙණම්පි එකොවරකොපි රත්තිට්ඨානාදීනිපි. තෙසු වසන්තා සුඛං වසන්ති, පච්චයෙ ලභන්ති. එකො භික්ඛු වත්තසම්පන්නස්සෙව පෙසලස්ස භික්ඛුනො තත්ථ ආගමනං න ඉච්ඡති, ආගතොපි “ඛිප්පං ගච්ඡතූ”ති චින්තෙසි, ඉදං ආවාසමච්ඡරියං නාම. භණ්ඩනකාරකාදීනං පන තත්ථ වාසං අනිච්ඡතො ආවාසමච්ඡරියං නාම න හොති.
‘ආවාස’ යන නමින් සියලු ආරාමය ද පිරිවෙණ ද එක් ගබඩාගෙය ද රාත්‍රී ස්ථානාදිය ද ගැනේ. ඒවායෙහි වසන්නෝ සුවසේ වෙසෙති. සිවුපසයද ලබති. එහි වසන එක් භික්ෂුවක් තෙමේ වත්සම්පන්න ශික්ෂාකාමී වූ අනෙක් භික්ෂුවකගේ එහි පැමිණීම නො ඉවසයි. පැමිණියහොත් නොපමාව යතොත් මැනවැයි සිතයි. මෙය ආවාස මච්ඡරියං ආවාස මච්ඡරිය නමි. කලහකාරාදීන්ගේ එහි විසීම නො කැමති වන්නහුට ආවාස මච්ඡරියය සිදු නොවේ.
කුලන්ති උපට්ඨාකකුලම්පි ඤාතිකුලම්පි. තත්ථ අඤ්ඤස්ස උපසඞ්කමනං අනිච්ඡතො කුලමච්ඡරියං හොති. පාපපුග්ගලස්ස පන උපසඞ්කමනං අනිච්ඡතොපි මච්ඡරියං නාම න හොති. සො හි තෙසං පසාදභෙදාය පටිපජ්ජති. පසාදං රක්ඛිතුං සමත්ථස්සෙව පන භික්ඛුනො තත්ථ උපසඞ්කමනං අනිච්ඡතො මච්ඡරියං නාම හොති.
කුලං යනු උපස්ථායක කුලය හා ඤාති කුලයයි. එහි වෙනත් භික්ෂුවකගේ පැමිණීම නොකැමති වන්නහුට කුලමච්ඡරියං කුලමච්ඡරිය වේ. පාපී පුද්ගලයකුගේ පැමිණීම නොකැමති වීම කුල මච්ඡරියක් නොවේ. ඒ පාපී තෙමේ ඔවුන් කෙරෙහි ඇති ප්‍රසාදය බිඳ දැමීමට ක්‍රියා කරයි. ප්‍රසාදය, ශ්‍රද්ධාව සුරැකීමට සමර්ථ වූ ම භික්ෂුවකගේ එහි පැමිණීම නොකැමති වන්නහුට මච්ඡරිය වේ.
ලාභොති චතුපච්චයලාභොව. තං අඤ්ඤස්මිං සීලවන්තෙයෙව ලභන්තෙ “මා ලභතූ”ති චින්තෙන්තස්ස ලාභමච්ඡරියං හොති. යො පන සද්ධාදෙය්යං විනිපාතෙති, අපරිභොගදුප්පරිභොගාදිවසෙන විනාසෙති, පූතිභාවං ගච්ඡන්තම්පි අඤ්ඤස්ස න දෙති, තං දිස්වා “සචෙ ඉමං එස න ලභෙය්ය, අඤ්ඤො සීලවා ලභෙය්ය, පරිභොගං ගච්ඡෙය්යා”ති චින්තෙන්තස්ස මච්ඡරියං නාම නත්ථි.
ලාභො යනු සිවුපස ලැබීමයි. අනික් සිල්වතකු ලබන කල්හිම ‘ඔහුට නොලැබේවා’යි සිතන්නහුට ලාභ මච්ඡරියං ලාභ මච්ඡරිය වේ. හෙතෙමේ වනාහි ශ්‍රද්ධාවෙන් දෙන ලද දෙය නැති කරයි. අපරිභෝග, දුෂ්පරිභෝග ආදී වශයෙන් විනාශ කරයි. කුණු වී යන දේ අනුන්ට දෙයි. එය දැක ‘ඉදින් මෙය මොහුට නොලැබේ නම් අනික් සිල්වතෙකුට ලැබේ නම් යෙහෙකි. අනිකෙකු මෙය පරිභෝග කරන්නේ නම් මැනවි’යි සිතන්නාට මසුරුබවක් නම් නොවේ.
වණ්ණො නාම සරීරවණ්ණොපි ගුණවණ්ණොපි. තත්ථ සරීරවණ්ණෙ මච්ඡරී “පරො පාසාදිකො රූපවා”ති වුත්තෙ තං න කථෙතුකාමො හොති. ගුණවණ්ණමච්ඡරී පරස්ස සීලෙන ධුතඞ්ගෙන පටිපදාය ආචාරෙන වණ්ණං න කථෙතුකාමො හොති.
වණ්ණො නාම යනු ශරීර වර්ණය හා ගුණ වර්ණයයි. එහි ශරීර වර්ණ මච්ඡරිය ඇත්තේ වනාහි ‘අසුවලා ප්‍රසාද එළවන රූ ඇත්තෙකැ’යි කී කල්හි ඒ පිළිබඳව කථා කරනු නො කැමති වේ. ගුණ වර්ණ මසුරුකම ඇත්තා අන්‍යයන්ගේ සීලයෙන්, ධුතාංගයෙන්, ප්‍රතිපදාවෙන්, හැසිරීමෙන් ගුණ වැනුම් පැවසීම නොකැමති වේ.
ධම්මොති පරියත්තිධම්මො ච පටිවෙධධම්මො ච. තත්ථ අරියසාවකා පටිවෙධධම්මං න මච්ඡරායන්ති, අත්තනා පටිවිද්ධධම්මෙ සදෙවකස්ස ලොකස්ස පටිවෙධං ඉච්ඡන්ති. තං පන පටිවෙධං “පරෙ ජානන්තූ”ති ඉච්ඡන්ති, තන්තිධම්මෙයෙව පන ධම්මමච්ඡරියං නාම හොති. තෙන සමන්නාගතො පුග්ගලො යං ගුළ්හං ගන්ථං වා කථාමග්ගං වා ජානාති, තං අඤ්ඤෙ න ජානාපෙතුකාමො හොති. යො පන පුග්ගලං උපපරික්ඛිත්වා ධම්මානුග්ගහෙන ධම්මං වා උපපරික්ඛිත්වා පුග්ගලානුග්ගහෙන න දෙති, අයං ධම්මමච්ඡරී නාම න හොති. තත්ථ එකච්චො පුග්ගලො ලොලො හොති, කාලෙන සමණො හොති , කාලෙන බ්රාහ්මණො, කාලෙන නිගණ්ඨො. යො හි භික්ඛු “අයං පුග්ගලො පවෙණිආගතං තන්තිං සණ්හං සුඛුමං ධම්මන්තරං භින්දිත්වා ආලුළෙස්සතී”ති න දෙති, අයං පුග්ගලං උපපරික්ඛිත්වා ධම්මානුග්ගහෙන න දෙති නාම. යො පන “අයං ධම්මො සණ්හො සුඛුමො, සචායං පුග්ගලො ගණ්හිස්සති, අඤ්ඤං බ්යාකරිත්වා අත්තානං ආවි කත්වා නස්සිස්සතී”ති න දෙති, අයං ධම්මං උපපරික්ඛිත්වා පුග්ගලානුග්ගහෙන න දෙති නාම. යො පන “සචායං ඉමං ධම්මං ගණ්හිස්සති, අම්හාකං සමයං භින්දිතුං සමත්ථො භවිස්සතී”ති න දෙති, අයං ධම්මමච්ඡරී නාම හොති.
ධම්මො යනු පර්යාප්ති ධර්මය හා ප්‍රතිවේධ ධර්මයයි. එහි ආර්ය ශ්‍රාවකයෝ ප්‍රතිවේධ ධර්මයට මසුරුකම් නොකරති. තමා විසින් අවබෝධ කරගත් ධර්මය දෙවියන් සහිත ලෝකයා විසින් අවබෝධ කරගැනීම කැමති වෙති. තමා විසින් ලබාගත් ‘ඒ ප්‍රතිවේධය (තමා ප්රතිවේධලාභියකු බව) අන් කෙනෙක් දනිත්වා’යි නොකැමති වෙති. ධර්ම මච්ඡරියය වනාහි තන්ති (පර්යාප්ති) ධර්මයෙහිම ඇති වේ. එම ධම මච්ඡරියෙන් යුතු පුද්ගල තෙමේ යම් රහසිගත ග්රන්ථයක් හෝ කථා පිළිවෙලක් හෝ දනියි ද, එය අන්‍යයන් හට දන්වනු නොකැමති වේ. යමෙක් පුද්ගලයකු විමසා බලා ධර්මානුග්රහයෙන් හෝ ධර්මය විමසා බලා පුද්ගලානුග්රහ වශයෙන් හෝ නොදෙයි ද මෙය ධර්ම මච්ඡරියට අයත් නොවේ. එහි ඇතැම් පුද්ගලයෙක් ලොල් වූවෙක්ව එක් කලෙක ශ්‍රමණයෙක් වේ. තවත් කලෙක බ්‍රාහ්මණයෙක් වේ. කාලයකට නිගණ්ඨයෙක් වේ. ‘යම්කිසි භික්ෂුවක් තෙමේ මේ පුද්ගලයා පරපුරෙන් ආ මෘදු සියුම් පෙළ දහම බිඳ කළඹන්නේය’යි නොදේ ද, මෙය පුද්ගලයා විමසා බලා ධර්මානුග්රහ හේතුවෙන් නොදීම නම් වේ. යමෙක් වනාහි ‘මේ ධර්ම මෘදුය. සූක්ෂමය. ඉදින් එය මේ පුද්ගලයා ගන්නේ ද අනිකක් විවරණය කර, තමා ප්‍රකට කර දක්වන්නේය’යි නොදේද, මෙය ධර්මය විමසා බලා පුද්ගලානුග්රහයෙන් නොදීම නම් වේ. යමෙක් වනාහි ‘ඉදින් මොහු මේ දහම ඉගෙන ගන්නේ ද, අපගේ සමය ප්රතිලාභ බිඳලීමට සමර්ථ වන්නේය’යි (තම දහම) නොදෙයි ද මෙය ධර්ම මච්ඡරිය නම් වේමැයි.
ඉමෙසු පඤ්චසු මච්ඡරියෙසු ආවාසමච්ඡරියෙන තාව යක්ඛො වා පෙතො වා හුත්වා තස්සෙව ආවාසස්ස සඞ්කාරං සීසෙන උක්ඛිපිත්වා විචරති. කුලමච්ඡරියෙන තස්මිං කුලෙ අඤ්ඤෙසං දානමානනාදීනි කරොන්තෙ දිස්වා “භින්නං වතිදං කුලං මමා”ති චින්තයතො ලොහිතම්පි මුඛතො උග්ගච්ඡති, කුච්ඡිවිරෙචනම්පි හොති, අන්තානිපි ඛණ්ඩාඛණ්ඩානි හුත්වා නික්ඛමන්ති. ලාභමච්ඡරියෙන සඞ්ඝස්ස වා ගණස්ස වා සන්තකෙ ලාභෙ මච්ඡරායිත්වා පුග්ගලිකපරිභොගං විය පරිභුඤ්ජිත්වා යක්ඛො වා පෙතො වා මහාඅජගරො වා හුත්වා නිබ්බත්තති. සරීරවණ්ණගුණවණ්ණමච්ඡරෙන පන පරියත්තිධම්මමච්ඡරියෙන ච අත්තනොව වණ්ණං වණ්ණෙති, පරෙසං වණ්ණෙ “කිං වණ්ණො එසො”ති තං තං දොසං වදන්තො පරියත්තිධම්මඤ්ච කස්සචි කිඤ්චි අදෙන්තො දුබ්බණ්ණො චෙව එළමූගො ච හොති.
මේ මච්ඡරිය ධර්ම පහ අතුරින් ආවාස මච්ඡරිය හේතුවෙන් එම භික්ෂුව යක්ෂයෙක් හෝ ප්‍රේතයෙක් වී, එම ආවාසයේ ම කැළිකසල හිසින් ඔසවාගෙන හැසිරෙයි. කුලමච්ඡරිය හේතුවෙන්, ‘ඒ කුලයෙහි (නිවසේ) අන්‍ය භික්ෂූන් හට දානමානාදිය පවත්වනු දැක, ඒකාන්තයෙන්ම මේ කුලය මා කෙරෙන් බිඳුණේය’යි සිතමින් මුවින් ලේ හෝ වමනය කරයි. කුස විරේචනය වීම හෝ සිදුවෙයි. අන්ත්රයන් හෝ (බඩවැල්) කඩ කඩව නික්මෙයි. ලාභ මච්ඡරියෙන යනු සංඝයා හෝ ගණයා සන්තක වූ ලාභය කෙරෙහි මසුරු සිත් උපදවා, එය පෞද්ගලික දෙයක් මෙන් පරිභෝග කොට, යක්ෂයෙක් හෝ ප්‍රේතයෙක් හෝ මහා පිඹුරෙක් හෝ වී උපදියි. ශරීර වර්ණ, ගුණ වර්ණයන් පිළිබඳ මච්ඡරියයන් හේතුකොට ගෙනද පර්යාප්ති ධර්ම මච්ඡරිය හේතුවෙන් ද තමාගේ වර්ණනාව කරයි. අනුන්ගේ වර්ණනාවේදී ‘මොහුගේ කවර වර්ණනාවක් ද?’යි ඒ ඒ දොස් දක්වමින් පර්යාප්තිය ද කිසිවෙකුටත්, කිසිවක් නොදෙමින් දුර්වර්ණ වූවෙක් මෙන් ම කෙළතොළු වූවෙක් ම වී උපදියි.
අපි ච ආවාසමච්ඡරියෙන ලොහගෙහෙ පච්චති, කුලමච්ඡරියෙන අප්පලාභො හොති, ලාභමච්ඡරියෙන ගූථනිරයෙ නිබ්බත්තති, වණ්ණමච්ඡරියෙන භවෙ භවෙ නිබ්බත්තස්ස වණ්ණො නාම න හොති, ධම්මමච්ඡරියෙන කුක්කුළනිරයෙ නිබ්බත්තතීති.
තවද ආවාස මච්ඡරියෙන යනු ලෝභයෙන් කළ ගෙයි (යකඩින් කළ ගෙයි) පැසේ. කුල මච්ඡරියෙන යනු අල්ප වූ ලැබීම් ඇත්තේ වේ. ලාභ මච්ඡරියෙන ගූථ නම් නිරයේ උපදියි. වණ්ණ මච්ඡරියෙන යනු සසර උපන්නහුගේ ශරීර වර්ණයක් නම් ඇති නොවේ. ධම්ම මච්ඡරියෙන යනු කුක්කුල නිරයේ උපදියි.
මච්ඡරායනවසෙන මච්ඡරියං. මච්ඡරායනාකාරො මච්ඡරායනා. මච්ඡරෙන අයිතස්ස මච්ඡෙරසමඞ්ගිනො භාවො මච්ඡරායිතත්තං. “මය්හමෙව හොන්තු, මා අඤ්ඤස්සා”ති සබ්බාපි අත්තනො සම්පත්තියො බ්යාපෙතුං න ඉච්ඡතීති විවිච්ඡො, විවිච්ඡස්ස භාවො වෙවිච්ඡං, මුදුමච්ඡරියස්සෙතං නාමං. කදරියො වුච්චති අනාදරො, තස්ස භාවො කදරියං, ථද්ධමච්ඡරියස්සෙතං නාමං. තෙන හි සමන්නාගතො පුග්ගලො පරම්පි පරෙසං දදමානං නිවාරෙති. වුත්තම්පි චෙතං –
මසුරුකම් කිරීම් වශයෙන් මච්ඡෙරං මච්ඡෙර නමි. මසුරුකම් කිරීමේ ආකාරය මච්ඡරායනා මච්ඡරායන නමි. මසුරුකමින් වැඩුණහුගේ මසුරුකමින් යුක්ත වූවහුගේ ස්වභාවය මච්ඡරායිතත්තං මච්ඡරායිතත්ත නමි. ‘සියල්ල මට ම වේවා. අනිකකුට නොවේවා’යි සියල්ලම තම සම්පත් පතුරුවනු කැමති බව විචිච්ඡ නම් වෙව් විවිච්ඡයෙහි ස්වභාවය වෙවිච්ඡං නම් වේ. මෘදු වූ මසුරුකමට මේ නම යෙදේ. කදරියො යනු අනාර්යයායි. ඔහුගේ ස්වාභාවය කදරියං කදරිය නම් වේ. තද මසුරුකමට මේ නම යෙදේ. එයින් යුක්ත පුද්ගලයා අනිකකු වෙනත් අයෙකුට දෙන දේද වලක්වයි. කියන ලදමැයි.
“කදරියො පාපසඞ්කප්පො, මිච්ඡාදිට්ඨිඅනාදරො; දදමානං නිවාරෙති, යාචමානාන භොජන”න්ති. (සං· නි· 1.132);
කදරියො පාප සංකප්පො මිච්ඡාදිට්ඨි අනාදරො, දදමානං නිවාරෙති යාචමානාන භොජනං
මිසදිටු වූ අනාදර ස්වභාවයෙන් යුක්ත වූ දැඩි මසුරු බවින් යුක්ත වූ පාප සංකල්පනා ඇති පුද්ගලයා බුදිනු පිණිස යමක් ඉල්ලන්නා හට එය දෙන්නා වලක්වයි.
යාචකෙ දිස්වා කටුකභාවෙන චිත්තං අඤ්චති සඞ්කොචෙතීති කටුකඤ්චුකො, තස්ස භාවො කටුකඤ්චුකතා. අපරො නයො – කටුකඤ්චුකතා වුච්චති කටච්ඡුග්ගාහො. සමතිත්තිකපුණ්ණාය හි උක්ඛලියා භත්තං ගණ්හන්තො සබ්බතොභාගෙන සඞ්කුටිතෙන අග්ගකටච්ඡුනා ගණ්හාති පූරෙත්වා ගහෙතුං න සක්කොති, එවං මච්ඡරිපුග්ගලස්ස චිත්තං සඞ්කුචති, තස්මිං සඞ්කුචිතෙ කායොපි තථෙව සඞ්කුචති පටිකුටති පටිනිවට්ටති න සම්පසාරීයතීති මච්ඡෙරං “කටුකඤ්චුකතා”ති වුත්තං.
යාචකයකු දැක කර්කශ භාවයෙන් සිත හැකිලේනුයි පැකිලේනුයි කටු කඤ්චුක නමි. ඔහුගේ ස්වභාවය කටුකඤ්චුකතා කටුකඤ්චුකතා නමි. තවත් ක්‍රමයකට අර්ථ දක්වතොත්: කටුක යනු හැන්දෙන් ගැනීමයි. ගැට්ටට ම පිරුණු බත් සැළියකින් බත් ගන්නේ, සැම අතින්ම කොටසක් අඩුකොට හැන්ද අගින් ගනියි. හැන්ද පුරවා ගැනීමට නොහැකි වේ. මෙසේ මසුරු පුද්ගලයාගේ සිත හැකිලෙයි. එකල්හි ඔහුගේ කය ද එසේම හැකිලෙයි. වැහැරෙයි. කෘශ වෙයි. දිග නොහැරෙයි. මසුරුබවින් ඇති වූ හැකිලෙන ස්වභාවයයි කී නියායයි.
අග්ගහිතත්තං චිත්තස්සාති පරෙසං උපකාරකරණෙ දානාදිනා ආකාරෙන යථා න සම්පසාරීයති, එවං ආවරිත්වා ගහිතභාවො චිත්තස්ස. යස්මා පන මච්ඡරිපුග්ගලො අත්තනො සන්තකං පරෙසං අදාතුකාමො හොති, පරසන්තකං ගණ්හිතුකාමො. තස්මා “ඉදං අච්ඡරියං මය්හමෙව හොතු, මා අඤ්ඤස්සා”ති පවත්තිවසෙනස්ස අත්තසම්පත්තිනිගූහනලක්ඛණතා පරසම්පත්තිග්ගහණලක්ඛණතා ච වෙදිතබ්බා.
අග්ගහිතත්තං විත්තස්ස යනු අනුන්ට උපකාර කිරීමෙහිදී දන්දීම් ආදී වශයෙන් යම්සේ අත දිග හැරේද, නොහැකිලීමෙන් ගන්නා ලද චිත්ත ස්වභාවයයි. යම්හෙයකින් වනාහි මසුරු පුද්ගලයා තමා සතු සම්පත් අනුනට දෙනු නොකැමති වේද, අනුන්ගේ දෙය ගනු කැමැත්තේ වේද, එහෙයින් ‘මේ ඉසුරුමත් බව මටම වේවා. අනිකකුට නොවේවා’යි මෙසේ පැවතීම් වශයෙන් තම සම්පත් සඟවන ලක්ෂණ ඇති බව ද, අනුන්ගේ සම්පත් ගන්නා ලක්ෂණ ඇති බවද දතයුතුයි.
ඛන්ධමච්ඡරියම්පි මච්ඡරියන්ති අත්තනො පඤ්චක්ඛන්ධසඞ්ඛාතං උපපත්තිභවං අඤ්ඤෙහි අසාධාරණං “අච්ඡරියං මය්හමෙව හොතු, මා අඤ්ඤස්සා”ති පවත්තං මච්ඡරියං ඛන්ධමච්ඡරියං නාම. ධාතුආයතනමච්ඡරියෙසුපි එසෙව නයො. ගාහොති ගාහනිච්ඡයවසෙන ගහණං. අවදඤ්ඤුතායාති සබ්බඤ්ඤුබුද්ධානම්පි කථිතං අජානනභාවෙන. යාචකානං අදදමානො හි තෙහි කථිතං න ජානාති නාම. ජනා පමත්තාති සතිවිප්පවාසා ජනා. වචනන්ති සඞ්ඛෙපවචනං. බ්යප්පථන්ති විත්ථාරවචනං. දෙසනන්ති උපමං දස්සෙත්වා අත්ථසන්දස්සනවචනං. අනුසිට්ඨින්ති පුනප්පුනං සංලක්ඛාපනවචනං. අථ වා දස්සෙත්වා කථනං වචනං නාම. ගණ්හාපෙත්වා කථනං බ්යප්පථං නාම. තොසෙත්වා කථනං දෙසනං නාම. පදස්සෙත්වා කථනං අනුසිට්ඨි නාම. අථ වා පරිතාපදුක්ඛං නාසෙත්වා කථනං වචනං නාම. පරිළාහදුක්ඛං නාසෙත්වා කථනං බ්යප්පථං නාම. අපායදුක්ඛං නාසෙත්වා කථනං දෙසනං නාම. භවදුක්ඛං නාසෙත්වා කථනං අනුසිට්ඨි නාම. අථ වා දුක්ඛසච්චපරිඤ්ඤාපටිවෙධයුත්තං වචනං. සමුදයසච්චපහානපටිවෙධයුත්තං බ්යප්පථං. නිරොධසච්චසච්ඡිකිරියපටිවෙධයුත්තං දෙසනං. මග්ගසච්චභාවනාපටිවෙධයුත්තං අනුසිට්ඨීති එවමාදිනා නයෙන එකෙ වණ්ණයන්ති.
ඛන්ධමච්ඡරියම්පි මච්ඡරියං යනු තමාගේ පංචස්කන්ධ සංඛ්‍යාත උත්පත්ති භවය ‘අන්‍යයන් හා සාධාරණ නොවූ ආශ්චර්යව මා හටම වේවා, අනිකකුට නොවේවා’යි පැවති මසුරු බව ඛන්ධ මච්ඡරිය නම් වේ. ධාතු ආයතන මච්ඡරියයන්හිද මෙම නයයි. ගාහො යනු ග්‍රහණ නිශ්චය වශයෙන් ගැනීමයි. අවදඤ්ඤාතාය යනු සර්වඥ බුදුවරුන් විසින් පවා දෙසන ලද දෙය නොදන්නා බැවින්, යාචකයන් හට නොදෙනුයේ ඔවුන් විසින් කියන ලද දෙය නොදනී. ජනා පමත්තා යනු සිහියෙන් තොර වූ ජනයා වචනං යනු සංක්ෂිප්ත කොට කීමයි. ව්යප්පථං යනු විස්තර කොට කීමයි. දෙසනං යනු උපමා දක්වමිනි. අර්ථ සන්දර්ශනය කරන වචනයි. අනුසිට්ඨං යනු නැවත නැවත සැලකිල්ල යොමුකරවන වචනයි. නැතහොත් නැවත නැවත දක්වමින් කීම වචනං වචන නම වේ. කරුණු පිළිගන්වමින් කථා කිරීම ව්යප්පථං ව්යප්පථ නමි. සතුටු කරවමින් කරන කථාව දෙසනං නමි. කරුණු දක්වා කථා කිරීම අනුසිට්ඨ නමි. නැතහොත් භීරුකතා (බියසුලු බව) පිළිබඳ දුක නසමින් කරන කථාව වචනං වචන නම් වේ. පරිළාහ දුක නසමින් කරන කථාව ව්යප්පථ නම් වේ. අපා දුක් නසමින් කරන කථාව දෙසනං නම් වේ. බවදුක් නසමින් කරන කථාව අනුසිට්ඨි නම් වේ. නැතහොත් දුක්ඛ සත්‍යය පිරිසිඳ දැනීමේ අවබෝධයෙන් යුතු වූයේ වචනං වචන නම් වේ. සමුදය සත්‍ය ප්රහාණය කිරීමේ අවබෝධයෙන් යුතු වූයේ ව්යප්පථ නම් වේ. නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීමේ අවබෝධයෙන් යුතු වූයේ දෙසනං දේශනා නම් වේ. මාර්ග සත්‍ය වැඩීමේ අවබෝධයෙන් යුතු වූයේ අනුසිට්ඨි අනුසිට්ඨි නම් වේ. මේ ආදී නයින් ඇතැමෙක් අර්ථ වර්ණනා කරති.
න සුස්සුසන්තීති න සුණන්ති. න සොතං ඔදහන්තීති සවනත්ථං කණ්ණසොතං න ඨපෙන්ති. න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්තීති ජානනත්ථං චිත්තං න පතිට්ඨපෙන්ති. අනස්සවාති ඔවාදං අසුණමානා. අවචනකරාති සුණමානාපි වචනං න කරොන්තීති අවචනකරා. පටිලොමවුත්තිනොති පටාණී හුත්වා පවත්තනකා. අඤ්ඤෙනෙව මුඛං කරොන්තීති කරොන්තාපි මුඛං න දෙන්තීති අත්ථො.
න සුස්සූසන්ති යනු නො අසති. නසොතං ඔදහන්ති යනු අසනු පිණිස සවන් නොයොදති. නො පිහිටුවති. න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති යනු දැනගැනීම සඳහා සිත නොඑළවති. අනස්සවා යනු අවවාද නො අසන්නාහු, අවචනකරා යනු ඇසුවද කියන ලද දෙය නොකරතියි අවචනකර නම් වෙති. පටිලොමවත්තිනො යනු ප්‍රතිවිරුද්ධ ලෙස පවතින්නාහු, අඤ්ඤෙනෙව මුඛං කරොන්ති යනු (කී දෙය) කරමින් වුවද මුව ඉවත හරවති’ යි (අනවධානයෙන් නො සැලකිලිමත් ලෙස කරති’යි) යන අර්ථයි.
විසමෙති කායසුචරිතාදිසම්මතස්ස සමස්ස පටිපක්ඛත්තා විසමං, තස්මිං විසමෙ. නිවිට්ඨාති පවිට්ඨා දුන්නීහරා. කායකම්මෙති කායතො පවත්තෙ, කායෙන වා පවත්තෙ කායකම්මෙ. වචීකම්මාදීසුපි එසෙව නයො.
විසමෙ යනු කාය සුචරිතාදී වූ සමයට, සමථයට විරුද්ධ වූ හෙයින් විෂම වූයේයි, ඒ විෂමයෙහි, නිවිට්ඨා යනු ප්‍රවිෂ්ඨ වූවාහු, ඉවත් කළ නො හැක්කාහු, කායකම්මෙ යනු කය කෙරෙන් වන්නා වූ හෝ කයින් පවත්වන්නා වූ ක්‍රියාවෙනි. කාය කර්මයෙහි ය. වචී කර්මාදියෙහි ද මෙම නයයි.
තත්ථ කායකම්මවචීකම්මමනොකම්මානි දුච්චරිතවසෙන විභත්තානි, පාණාතිපාතාදයො දසඅකුසලකම්මපථවසෙන විභත්තාති ඤාතබ්බං. අයං තාවෙත්ථ සාධාරණපදවණ්ණනා, අසාධාරණෙසු පන පාණස්ස අතිපාතො පාණාතිපාතො, පාණවධො පාණඝාතොති වුත්තං හොති. පාණොති චෙත්ථ වොහාරතො සත්තො, පරමත්ථතො ජීවිතින්ද්රියං. තස්මිං පන පාණෙ පාණසඤ්ඤිනො ජීවිතින්ද්රියුපච්ඡෙදකඋපක්කමසමුට්ඨාපිතා කායවචීද්වාරානං අඤ්ඤතරද්වාරපවත්තා වධකචෙතනා පාණාතිපාතො. සො ගුණවිරහිතෙසු තිරච්ඡානගතාදීසු පාණෙසු ඛුද්දකෙ පාණෙ අප්පසාවජ්ජො, මහාසරීරෙ මහාසාවජ්ජො. කස්මා? පයොගමහන්තතාය, පයොගසමත්තෙපි වත්ථුමහන්තතාය. ගුණවන්තෙසු මනුස්සාදීසු අප්පගුණෙ පාණෙ අප්පසාවජ්ජො, මහාගුණෙ මහාසාවජ්ජො. සරීරගුණානං පන සමභාවෙ සති කිලෙසානං උපක්කමානඤ්ච මුදුතාය අප්පසාවජ්ජො, තිබ්බතාය මහාසාවජ්ජොති වෙදිතබ්බො.
දුශ්චරිත වශයෙන් බෙදන ලද කාය කර්ම, වාක් කම, මනඃ කර්මයෝය. දස අකුසල කර්මපථ වශයෙන් බෙදන ලද ප්‍රාණඝාතාදිය දතයුතුයි. මෙය වනාහි මෙහි සාධාරණ (සාමාන්‍ය) පද වර්ණනාවයි. අසාධාරණ (විශේෂ) වර්ණනයන්හිදී වනාහි ප්රාණයකියි සිඳලීම, පාණාතිපාත යයි. ප්රාණවධයයි. ප්‍රාණඝාතයයි. කී නියායි. ප්‍රාණ යනු මෙහි ව්‍යවහාර වශයෙන් සත්ත්වයායි. පරමාර්ථ වශයෙන් ජීවිතින්‍ද්‍රියය. නැසීම පිණිස, උපක්‍රම හටගන්වන - කාය, වාග් ද්වාරයන් මගින් පැවති වධක චේතනාව ‘පාණාතිපාත’ නමි. එය ගුණ විරහිත වූ තිරිසන්ගත ආදී ප්‍රාණීන් අතුරින්, කුඩා ප්‍රාණීන් කෙරෙහි අල්ප සාවද්‍ය වේ. මහත් ශරීර ඇති සත්ත්වයන් කෙරෙහි මහා සාවද්‍ය වේ. කවර හෙයින් ද? (කවර කරුණක් නිසාද?) ප්‍රයෝග (ස්වභාව සිද්ධ) වශයෙන් වූ මහත් බව ඇති නිසාය. ප්‍රයෝග වශයෙන් සමත්වය ඇති කල්හි, වස්තු වශයෙන් (ප්‍රමාණයෙන්) වූ මහත් බව නිසාය. ගුණවත් මනුෂ්‍යාදීන් අතුරින් අල්ප වූ ගුණ ඇති ප්‍රාණීන් කෙරෙහි අල්පසාවද්‍ය වේ. මහත් ගුණ ඇති ප්‍රාණීන් කෙරෙහි මහා සාවද්‍ය වේ. ශරීරයෙන් ද ගුණයෙන් ද සමවූ විට කෙලෙසුන්ගේ ද උපක්‍රමයන්ගේ ද මෘදුභාවයෙන් අල්ප සාවද්‍ය වේ. තීව්රභාවයෙන් (දැඩි බැවින්) මහා සාවද්‍ය වේ යැයි දත යුතුයි.
තස්ස පඤ්ච සම්භාරා හොන්ති – පාණො පාණසඤ්ඤිතා වධකචිත්තං උපක්කමො තෙන මරණන්ති. ඡප්පයොගා – සාහත්ථිකො ආණත්තිකො නිස්සග්ගියො ථාවරො විජ්ජාමයො ඉද්ධිමයොති. ඉමස්මිං පනත්ථෙ විත්ථාරියමානෙ අතිපපඤ්චො හොති, තස්මා නං න විත්ථාරයිස්සාම. අඤ්ඤඤ්ච එවරූපං , අත්ථිකෙහි පන සමන්තපාසාදිකං විනයට්ඨකථං (පාරා· අට්ඨ· 2.172) ඔලොකෙත්වා ගහෙතබ්බං.
එහි සර (සම්පූර්ණ විය යුතු කරුණු) පහකි. ප්‍රාණියකු වීම, ප්‍රාණ සංඥාව (පණ ඇති බව දැනීම), වධක සිත, උපක්‍රම යෙදීම, එයින් මරණයට පත්වීම යන කරුණු පහයි. එහි ප්‍රයෝග සයකි. සාහත්ථික (තම අතින් කරන), ආණත්තික (අණ දීමෙන් කරනු ලබන), නිස්සග්ගිය (තමාම මැරෙන්නට සැලැස්වීම) ථාවර (මරණීය දණ්ඩනය දීම) විජ්ජාමය (විද්‍යා බලයෙන් නැසීම) හා ඉද්ධිමය (ඍද්ධි බලයෙන් නැසීම) යනුවෙනි. මෙහිදී මෙම සිකපදය තවදුරටත් විස්තර කරන කල්හි, අතිශයින් ප්‍රපඤ්ච (පමා) ඇතිවේ. එහෙයින් එය සවිස්තරව නොදක්වමු. මෙබඳු වූ අනෙක් කරුණු ද දැනගනු කැමැත්තවුන් විසින් සමන්තපාසාදිකා විනයට්ඨ කතාව බලා දැනගත යුතුයි.
අදින්නස්ස ආදානං අදින්නාදානං, පරස්ස හරණං ථෙය්යං චොරිකාති වුත්තං හොති. තත්ථ අදින්නන්ති පරපරිග්ගහිතං, යත්ථ පරො යථාකාමකාරිතං ආපජ්ජන්තො අදණ්ඩාරහො අනුපවජ්ජො ච හොති, තස්මිං පන පරපරිග්ගහිතෙ පරපරිග‍්ගහිතසඤ‍්ඤිනො තදාදායකඋපක්කමසමුට්ඨාපිකා ථෙය්‍යචෙතනා අදින්නාදානං. තං හීනෙ පරසන්තකෙ වත්ථුස්මිං අප්පසාවජ්ජං, පණීතෙ මහාසාවජ්ජං. කස්මා? වත්ථුපණීතතාය, වත්ථුසමත්තෙ සති ගුණාධිකානං සන්තකෙ වත්ථුස්මිං මහාසාවජ්ජං. තං තං ගුණාධිකං උපාදාය තතො තතො හීනගුණස්ස සන්තකෙ වත්ථුස්මිං අප්පසාවජ්ජං.
නොදුන් දෙය ගැනීම අදින්නාදානං අදින්නාදානයයි. අනුන්ගේ දෙය පැහැර ගැනීම, සොරකම චාරිකා නමැයි කී නියායි. අදින්නං යනු අනුන් සන්තක වූ වස්තුවයි. යමක් (වස්තුවක්) කෙරෙහි අනෙකෙක් තමා කැමති සේ කැමැති දෙයක් කරනුයේ (අදණ්ඩාරහො) දඬුවම් ලැබීමට සුදුස්සෙක් නොවේද, චෝදනා ලැබිය යුත්තෙක් නොවේ ද, එබඳු වූ අනුන් සන්තක වස්තුව, අනුන් සන්තක බව දැන දැන තමා සතු කරගනු පිණිස උපක්‍රම හටගන්වන ථෙය්‍ය චේතනාව (සොර සිත) අදින්නාදානයයි. එය හීන වූ (සුලු අගයක් ඇති) පරසන්තක වස්තු විෂයයෙහි අල්ප සාවද්‍ය වේ. ප්‍රණීත වූ (වැඩි අගයක් ඇති) වස්තු විෂයයෙහි මහා සාවද්‍ය වේ. කවර හෙයින්ද? වස්තු මහන්තත්වය හෙයිනි. වස්තු සමතාවය ඇති කල්හි, ගුණ මහත්වය ඇතියවුන්ගේ වස්තු විෂයයෙහි මහා සාවද්‍ය වේ. ගුණාධික වූ ඒ ඒ පුද්ගලයාගෙන් පටන්ගෙන (අනුක්රමයෙන්) ගුණයෙන් හීනවන ඒ ඒ පුද්ගලයා සතු වස්තු විෂයයෙහි (අනුක්රමයෙන්) අල්ප සාවද්‍ය වේ.
තස්ස පඤ්ච සම්භාරා හොන්ති – පරපරිග්ගහිතං පරපරිග්ගහිතසඤ්ඤිතා ථෙය්යචිත්තං උපක්කමො තෙන හරණන්ති. ඡප්පයොගා සාහත්ථිකාදයොව. තෙ ච ඛො යථානුරූපං ථෙය්යාවහාරො පසය්හාවහාරො පටිච්ඡන්නාවහාරො පරිකප්පාවහාරො කුසාවහාරොති ඉමෙසං පඤ්චන්නං අවහාරානං වසෙන පවත්තන්ති. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරො පන සමන්තපාසාදිකායං වුත්තො.
එහිද සම්භාර (සම්පූර්ණ විය යුතු කරුණු) පහකි. අන් සතු වස්තුවක් වීම, අන් සතු බව දැනීම, සොර සිත, උපක්‍රමය, එයින් (උපක්‍රමයෙන් පැහැර ගැනීම) යනුවෙනි. ප්‍රයෝග ද සයකි. ස්වහත්ථික (සාහත්ථික) ආදී වශයෙනි. ඒ ප්‍රයෝග සය (6) සුදුසු පරිදි ථෙය්‍යාවහාර (සොරෙන් පැහැර ගැනීම) පසය්හාවහාර (බලාත්කාරයෙන් පැහැර ගැනීම) පටිච්ඡන්නාවහාර (රහසින් පැහැර ගැනීම) පරිකප්පාවහාර (රවටා පැහැර ගැනීම) හා කුසාවහාර (තර්ජනයෙන් පැහැර ගැනීම) යන මේ පැහැරගැනීම් වශයෙන් පැවැත්තේ යයි දතයුතුයි. මේ මෙහි සංක්ෂේපයයි. සවිස්තර වශයෙන් සමන්තපාසාදිකාවේ කියන ලදී.
කාමෙසුමිච්ඡාචාරොති එත්ථ පන කාමෙසූති මෙථුනසමාචාරෙසු. මිච්ඡාචාරොති එකන්තනින්දිතො ලාමකාචාරො. ලක්ඛණතො පන අසද්ධම්මසෙවනාධිප්පායෙන කායද්වාරප්පවත්තා අගමනීයට්ඨානවීතික්කමචෙතනා කාමෙසුමිච්ඡාචාරො.
කාමෙසු මිච්ඡාචාරො යන මෙහි වනාහි කාමෙසු යනු මෛථුන සමාචාරයෙහි ය. මිච්ඡාචාරො යනු ඒකාන්තයෙන් නින්දිත ලාමක හැසිරීමයි. ලක්ෂණ වශයෙන් වනාහි මෛථුන අභිප්‍රායයෙන් කායද්වාරයෙහි පැවති නොයා යුතු ස්ථාන ඉක්මවීමේ චේතනාව කාමෙසුමිච්ඡාචාරයයි.
තත්ථ අගමනීයට්ඨානං නාම පුරිසානං තාව මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනිරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සාරක්ඛා සපරිදණ්ඩාති මාතුරක්ඛිතාදයො දස, ධනක්කීතා ඡන්දවාසිනී භොගවාසිනී පටවාසිනී ඔදපත්තකිනී ඔභතචුම්බටකා දාසී ච භරියා කම්මකාරී ච භරියා ධජාහටා මුහුත්තිකාති එතා ධනක්කීතාදයො දසාති වීසති ඉත්ථියො. ඉත්ථීසු පන ද්වීන්නං සාරක්ඛසපරිදණ්ඩානං දසන්නඤ්ච ධනක්කීතාදීනන්ති ද්වාදසන්නං ඉත්ථීනං අඤ්ඤෙ පුරිසා, ඉදං අගමනීයට්ඨානං නාම.
එහි අගමනීයට්ඨාන (නොයා යුතු ස්ථාන) නම්, පළමුකොට පුරුෂයන් හට - මව විසින් රක්නා ලද්දිය (මාතු රක්ඛිතා), සෝයුරා විසින් රක්නා ලද්දිය (භාතු රක්ඛිතා), සෝයුරිය විසින් රක්නා ලද්දිය (භගිනී රක්ඛිතා), නෑයන් විසින් රක්නා ලද්දිය (ඥාති රක්ඛිතා), ගෝත්‍රය විසින් රක්නා ලද්දීය (ගොත්ත රක්ඛිතා), චාරිත්‍ර ධර්මය මගින් සහ ධාර්මිකයන් විසින් රක්නා ලද්දිය (ධම්ම රක්ඛිතා), ගැබේ සිටම ‘මැය මගේ’ යැයි ආරක්ෂකයින් විසින් රක්නා ලද්දිය (සාරක්ඛා), දණ්ඩන (දඩ) පැනවීමෙන් රක්නා ලදිය (සපරිදණ්ඩා) යැයි මෙසේ මාතුරක්ඛිතාදී වූ ස්ත්‍රීහු දස දෙනෙක් ද මිලදී ලබාගන්නා ලද්දිය (ධනක්කීතා), සිය කැමැත්තෙන් අවුත් ප්‍රිය පුරුෂයකු සමග වසන්නිය (ඡන්දවාසිනී), භවභෝග ලැබ (පුරුෂයකු සමග) වසන්නිය (භෝග වාසිනී), ඇඳුම් ඇඟලුම් ලැබූ පුරුෂයකු සමග වසන්නිය (පටවාසිනී), දිය බඳුනක අත් තබා ‘මේ ජලය මෙන් එක්ව වසමු’යි සපථකොට ලබාගත් භාර්යාවය (ඔදපත්තකිනී), හිසින් දරදිය ආදී බඩු උසුළාගෙන යන දාසිය (ඕ හට චුම්බටා)කගේ හිස මත වූ දරණුව ඉවත් කිරීමෙන් නිදහස්කොට ලබාගත් භාර්යාව, වහලුන් අතරින් ඉන් මුදවා භාර්යා තනතුරට ගන්නා ලද භාර්යාවය (දාසීභරියා), මෙහෙකරුවන් අතරින් ලබාගන්නා ලද භාර්යාවය (කම්මකාරී), යුදකොට දිනාගත් සතුරු දේශයෙන් ගෙනා භාර්යාවය (ධජාහටා) තාවකාලිකව මොහොතකට ගත් භාර්යාවය (මුහුත්තිකා) යැයි මෙසේ ධනක්කීතාදී වූ ස්ත්‍රීහු දස දෙනෙක්දැයි විසිදෙනෙක් වෙති. ස්ත්‍රීන් අතුරෙන් වනාහි සාරක්ඛා, සපරිදණ්ඩා යන දෙදෙනාද ධනක්කීතාදී දසදෙනාදැයි යන දොළොස් දෙනා හට (සමග වසන පුරුෂයා හැර) අන්‍ය පුරුෂයෝ අගමනීයට්ඨාන නම් වෙති.
සො පනෙස මිච්ඡාචාරො සීලාදිගුණරහිතෙ අගමනීයට්ඨානෙ අප්පසාවජ්ජො, සීලාදිගුණසම්පන්නෙ මහාසාවජ්ජො. තස්ස චත්තාරො සම්භාරා – අගමනීයවත්ථු තස්මිං සෙවනචිත්තං සෙවනපයොගො මග්ගෙන මග්ගපටිපත්තිඅධිවාසනන්ති. එකො පයොගො සාහත්ථිකො එව.
ඒ මේ මිථ්‍යාචාරය වනාහි සීලාදී ගුණ රහිත වූ නොයා යුතු ස්ත්‍රී පුරුෂයන් කෙරෙහි අල්පසාවද්‍ය වේ. සීලාදී ගුණ සම්පන්නයන් කෙරෙහි මහා සාවද්‍ය වේ. මෙහිදී සම්පූර්ණ විය යුතු කරුණු සතරෙකි. නොයා යුතු ස්ථානයක් වීමය, එහි සෙවුනා කැමැත්තය, සේවනය පිණිස උපක්‍රමයක් යෙදීමය, සංවාසය ඉවසීමය යනුවෙනි. මෙහි එක්ම ප්‍රයෝගය යෙදෙන ආකාරය) සාහත්ථික (තමා විසින්) ම වේ.
මුසාති විසංවාදනපුරෙක්ඛාරස්ස අත්ථභඤ්ජනකො වචීපයොගො කායපයොගො වා. විසංවාදනාධිප්පායෙන පනස්ස පරවිසංවාදකකායවචීපයොගසමුට්ඨාපිකා චෙතනා මුසාවාදො. අපරො නයො – මුසාති අභූතං අතච්ඡං වත්ථු. වාදොති තස්ස භූතතො තච්ඡතො විඤ්ඤාපනං. ලක්ඛණතො පන අතථං වත්ථුං තථතො පරං විඤ්ඤාපෙතුකාමස්ස තථාවිඤ්ඤත්තිසමුට්ඨාපිකා චෙතනා මුසාවාදො. සො යමත්ථං භඤ්ජති, තස්ස අප්පතාය අප්පසාවජ්ජො, මහන්තතාය මහාසාවජ්ජො. අපි ච ගහට්ඨානං අත්තනො සන්තකං අදාතුකාමතාය “නත්ථී”තිආදිනයප්පවත්තො අප්පසාවජ්ජො, සක්ඛිනා හුත්වා අත්ථභඤ්ජනත්ථං වුත්තො මහාසාවජ්ජො. පබ්බජිතානං අප්පකම්පි තෙලං වා සප්පිං වා ලභිත්වා හසාධිප්පායෙන “අජ්ජ ගාමෙ තෙලං නදී මඤ්ඤෙ සන්දතී”ති පූරණකථානයෙන පවත්තො අප්පසාවජ්ජො, අදිට්ඨංයෙව පන දිට්ඨන්තිආදිනා නයෙන වදන්තානං මහාසාවජ්ජො.
මුසා යනු අසත්‍ය කථා පෙරටු කරගත්තහුගේ තථ්යාර්ථය බිඳින වාක් ප්‍රයෝගය හෝ කාය ප්‍රයෝගයයි. ඇති තතු විපරීත කිරීමේ අභිප්‍රායයෙන් කරනු ලබන, අනුන් රවටන කාය වාග් ප්‍රයෝග දනවන චේතනාව මුසාවාදයයි. තවත් ක්‍රමයකට මෙසේ අර්ථ දැක්වේ. මුසා යනු අභූත වූ අසත්‍ය වූ වස්තුව (කරුණ)යි. ‘වාද’ යනු එය අසත්‍ය ලෙසින් තථ්‍ය ලෙසින් ඇඟවීමයි. ලක්ෂණ වශයෙන් වනාහි අතථ්‍ය වූ වස්තුවක් (කරුණ) තථා ලෙස අනුනට අඟවනු කැමැත්තහුගේ එසේ දැන්වීම කරවන චේතනාව මුසාවාදො මුසාවාද නම් වේ. නිෂේධ කරනු ලබන කරුණ සුලු වනවිට අල්ප සාවද්‍ය වේ. මහත් කරුණක් වූ විට මහා සාවද්‍ය වේ. තවද ගිහියන් විසින් තමා සතු දෙයක් නොදෙනු කැමතිව නැතැයි ආදී වශයෙන් පැවති මුසාව අල්ප සාවද්‍ය වේ. ශාක්ෂ්යකරුවෙක්ව ඇති තතු වැලකීමට කියන ලද මුසාව මහා සාවද්‍යයකි. පැවිද්දන් විසින් වනාහි අල්ප වූ තෙල්, ගිතෙල් ආදියක් ලැබ සිනහසීම් අදහසින්, ‘අද ගමෙහි තෙල් ගඟක් ගලන්නේය’යි සිතමි’ යනාදී වශයෙන් පුරාණ (ප්‍රලාප) කථා නයින් පැවතියේ අල්ප සාවද්‍ය වේ. ‘නොදුටු දෙයක් දක්නා ලදැ’යි ආදී වශයෙන් කියන්නවුනට මහා සාවද්‍ය වේ.
තස්ස චත්තාරො සම්භාරා හොන්ති – අතථං වත්ථු විසංවාදනචිත්තං තජ්ජො වායාමො පරස්ස තදත්ථවිජානනන්ති. එකො පයොගො සාහත්ථිකොව. සො ච කායෙන වා කායපටිබද්ධෙන වා වාචාය වා පරවිසංවාදකකිරියාකරණෙ දට්ඨබ්බො. තාය චෙ කිරියාය පරො තමත්ථං ජානාති, අයං කිරියසමුට්ඨාපිකා චෙතනාක්ඛණෙයෙව මුසාවාදකම්මුනා බජ්ඣති.
මේ මුසාවාදයේ සම්පූර්ණ විය යුතු කරුණු සතරෙකි. අසත්‍ය පුවතක් වීමය, රැවටීමේ චේතනාවය. එයින් උපන් උත්සාහය ය හා අන්‍යයන් එහි අර්ථ දැනගැනීමය යනුවෙනි. මෙහි එක්ම ප්‍රයෝගය සාහත්ථික (තමාම විසින්) නමි. එයින් කයින් හෝ කය හා බැඳුණු වචනයෙන් හෝ අනුන් රැවටීමේ ක්රියාවෙහිදී වෙතැයි දතයුතුයි. එම සංචේතනික ක්‍රියාවෙන් අන්‍යයා එහි අර්ථය දැනගනියි ද මෙතෙමේ (තමාගේ) ක්‍රියාවෙන් උපන් චේතනාව ඇති වූ කෙණෙහිම මුසාවාද කර්මයෙන් බැඳෙයි.
පිසුණවාචාතිආදීසු යාය වාචාය යස්ස තං වාචං භාසති, තස්ස හදයෙ අත්තනො පියභාවං පරස්ස ච සුඤ්ඤභාවං කරොති, සා පිසුණවාචා. යාය පන අත්තානම්පි පරම්පි ඵරුසං කරොති, යා වාචා සයම්පි ඵරුසා නෙව කණ්ණසුඛා න හදයඞ්ගමා, අයං ඵරුසවාචා. යෙන සම්ඵං පලපති නිරත්ථකං, සො සම්ඵප්පලාපො. තෙසං මූලභූතාපි චෙතනා පිසුණවාචාදිනාමමෙව ලභති, සා එව ඉධ අධිප්පෙතාති.
පිසුනාවාචා ආදියෙහි යම් වචනයකින්, යමෙකුට යම් වචනයක් පැවසීමෙන් ඔහුගේ හදවතේ තමා කෙරෙහි ප්‍රිය භාවයක් ද, අන්‍යයන් කෙරෙහි ශුන්‍ය භාවයක් - කළකිරීමක් ඇතිකරයි ද එය පිසුනාවාචා නමි. යම් වදනකින් තමා ද අන්‍යයා ද සැඩපරුෂ වූවකු කරයි ද, යම් වචනයක් ස්වභාවයෙන්ම ඵරුෂ වේද කණට ප්‍රිය නොවේද, හදවතට සැප ගෙන නොදේද, එබඳු වචන ඵරුසා වාචා එරුසා වාචා නමි. යමෙකින් (වදනෙකින්) නිරර්ථක වූ ප්‍රලාප දොඩවාද ඒ වචනය සම්ඵප්පලාපො සම්ඵප්‍රලාප නමි. එකී අකුසල් තුනට මුල් වූ චේතනාව පිපුණාවාචාදී නාමයම ලබයි. එම අර්ථයම මෙහි අභිප්‍රේතයි.
තත්ථ සංකිලිට්ඨචිත්තස්ස පරෙසං වා භෙදාය අත්තනො පියකම්යතාය වා කායවචීපයොගසමුට්ඨාපිකා චෙතනා පිසුණවාචා. සා යස්ස භෙදං කරොති , තස්ස අප්පගුණාය අප්පසාවජ්ජා, මහාගුණතාය මහාසාවජ්ජා.
එහි, කිලිටි සිත් ඇත්තාගේ අනුන් බිඳීමට හෝ තමා කෙරෙහි ප්‍රියභාවය කැමැත්තෙන් හෝ කායවාග් ප්‍රයෝගයෙන් උපදවනු ලබන චේතනාව පිසුණාවාචා නමි. යමෙකු භේද කරයි ද ඔහු අල්පගුණ ඇත්තකු වූ කල අල්ප සාවද්‍ය වේ. මහත් ගුණ ඇත්තකු වූ කල මහා සාවද්‍ය වේ.
තස්සා චත්තාරො සම්භාරා හොන්ති – භින්දිතබ්බො පරො “ඉති ඉමෙ නානා භවිස්සන්ති විනා භවිස්සන්තී”ති භෙදපුරෙක්ඛාරතා වා, “ඉති අහං පියො භවිස්සාමි විස්සාසිකො”ති වියකම්යතා වා, තජ්ජො වායාමො, තස්ස තදත්ථවිජානනන්ති.
එය සම්පූර්ණවීමට කරුණු සතරක් සම්පූර්ණ විය යුතුයි. බිඳවිය යුතු අන්‍ය පුද්ගලයාය. මොවුහු මෙසේ වෙනස් වන්නාහුය. වෙන් වන්නාහුයැයි බිඳුවීමේ කැමැත්ත පෙරටු කරගත් චේතනාව හෝ මෙසේ මොහුට ප්‍රියයෙක්, විශ්වාසවන්තයෙක් වන්නෙමියි. ප්‍රිය වනු කැමති බව, එම (චේතනාවෙන්) උපන් ව්‍යායාමය හා එම (බිඳවිය යුතු) පුද්ගලයා එම පිසුණු වචනය තේරුම් ගැනීම යනු ඒ කාරණා සතරයි.
පරස්ස මම්මච්ඡෙදකකායවචීපයොගසමුට්ඨාපිකා එකන්තඵරුසචෙතනා ඵරුසවාචා. මම්මච්ඡෙදකොපි පයොගො චිත්තසණ්හතාය ඵරුසවාචා න හොති. මාතාපිතරො හි කදාචි පුත්තකෙ එවම්පි වදන්ති “චොරා වො ඛණ්ඩාඛණ්ඩිකං කරොන්තූ”ති, උප්පලපත්තම්පි ච නෙසං උපරි පතන්තං න ඉච්ඡන්ති. ආචරියුපජ්ඣායා ච කදාචි නිස්සිතකෙ එවං වදන්ති “කිං ඉමෙ අහිරිකා අනොත්තප්පිනො චරන්ති, නිද්ධමථ නෙ”ති. අථ ච නෙසං ආගමාධිගමසම්පත්තිං ඉච්ඡන්ති. යථා ච චිත්තසණ්හතාය ඵරුසවාචා න හොති, එවං වචනසණ්හතාය අඵරුසවාචාපි න හොති. න හි මාරාපෙතුකාමස්ස “ඉමං සුඛං සයාපෙථා”ති වචනං අඵරුසවාචා හොති, චිත්තඵරුසතාය පනෙසා ඵරුසවාචාව, සා යං සන්ධාය පවත්තිතා. තස්ස අප්පගුණතාය අප්පසාවජ්ජා, මහාගුණතාය මහාසාවජ්ජා. තස්සා තයො සම්භාරා – අක්කොසිතබ්බො පරො කුපිතචිත්තං අක්කොසනන්ති.
අන්‍යයන්ගේ මර්මස්ථාන බිඳින්නාක් මෙන් ඇතිවන කාය වාග් ප්රයෝගයන් උපදවන ඒකාන්ත ඵරුෂ චේතනාව ඵරුසාවාචා ඵරුසාවාචා නමි. මර්මච්ඡේදක වූද (කාය-වාග්) ප්‍රයෝගය කරනු ලබනුයේ සිතේ සෙනෙහසින් නම් එය එරුෂ වචනයක් නොවේ. මවුපියෝ ද ඇතැම් විටෙක සිය දරුවනට ‘සොරු තොප කඩ කඩ කරත්වා’යි පවසති. නමුත් ඔවුහු තම දරුවන් මත මහනෙල් පතක් වැටීම පවා හදවතින් නො කැමති වෙති. ආචාර්ය උපාධ්‍යායයෝ ද විටෙක තම ඇසුරෙහි සිටින ශිෂ්යාදීනට ‘මේ හිරි ඔතප් (විලිබිය) නැතියවුන්ගෙන් ඇති ඵලය කිම? ඔවුන් පන්නා දමවු’යැයි පවසති. නමුත් ඔවුන්ගේ ආගම, අධිගම සම්පත්තිය ම කැමති වෙති. (එම වචන ඵරුෂ වචන ලෙස නොගැනේ.) යම්සේ සෙනෙහස් සිතින් කී හෙයින් ඵරුෂ වචනයක් නොවේද, එසේම වචනයේ මෘදුතාව ඇති වූ පමණින් (සිතේ ඵරුෂ බවක් වේ නම්) වචනයක් ‘අඵරුස වාචා’ වනුයේ ද නොවේ. යමෙකු මරනු කැමතිව, ‘මෙහි සුවසේ සැතපෙන්න’ යන මේ ප්‍රිය වචනය අඵරුස වචන නොවේ. මෙය සිතෙහි ඇති සැඩපරුෂ බව නිසාම ඵරුස වචනයක් වේ. ඒ පරුෂ සිත යමෙකු කෙරෙහි පවත්වන ලදුයේ, ඒ පුද්ගලයා අල්ප ගුණ ඇත්තකු වෙතොත් අල්ප සාවද්‍ය වේ. මහත් වූ ගුණ ඇත්තකු වෙතොත් මහා සාවද්‍ය වේ. පරුෂ වචනය සම්පූර්ණ වීම සඳහා කරුණු තුනක් තිබිය යුතුය. අක්‍රෝශ කළයුතු අන්‍යයකු සිටීම, ඔහු කෙරේ කිපි සිත, අක්‍රෝශ කිරීම යනුවෙනි.
අනත්ථවිඤ්ඤාපිකා කායවචීපයොගසමුට්ඨාපිකා අකුසලචෙතනා සම්ඵප්පලාපො. සො ආසෙවනමන්දතාය අප්පසාවජ්ජො, ආසෙවනමහන්තතාය මහාසාවජ්ජො. තස්ස ද්වෙ සම්භාරා හොන්ති – භාරතයුද්ධසීතාහරණාදිනිරත්ථකකථාපුරෙක්ඛාරතා තථාරූපීකථාකථනඤ්චාති.
අනර්ථය හඟවන කාය වාග් ප්රයෝගයන් උපදවන අකුසල චේතනාව සම්ඵප්ප්‍රලාප යයි එය ද සෙවුනා ලද්දහුගේ අල්පගුණ බවින් අල්පසාවද්‍ය වේ. ඇසුරු කළවුන්ගේ ගුණ මහත් බැවින් මහා සාවද්‍ය වේ. මෙහි සම්පූර්ණ විය යුතු කරුණු දෙකකි. ‘භාරත යුද්ධ සීතාහරණාදී නිරර්ථක කථාවන් පෙරටු කරගත් බව සහ ඒවා පිළිබඳ සාකච්ඡා කිරීමය’ යනුවෙනි.
අභිජ්ඣායතීති අභිජ්ඣා, පරභණ්ඩාභිමුඛී හුත්වා තන්නින්නතාය පවත්තතීති අත්ථො. සා “අහො වත ඉදං මමාස්සා”ති එවං පරභණ්ඩාභිජ්ඣායනලක්ඛණා. අදින්නාදානං විය අප්පසාවජ්ජා මහාසාවජ්ජා ච. තස්සා ද්වෙ සම්භාරා හොන්ති – පරභණ්ඩං අත්තනො පරිණාමනඤ්චාති. පරභණ්ඩවත්ථුකෙ හි ලොභෙ උප්පන්නෙපි න තාව කම්මපථභෙදො හොති, යාව “අහො වතිදං මමාස්සා”ති අත්තනො න පරිණාමෙති.
‘දැඩිසේ ලෝභ සිතිවිලි සිතති’යි අභිජ්ඣා අභිධ්‍යා නම් වේ. ‘අන් සතු බඩු බාහිරාදිය වෙත යොමුවී, ඒ වෙතට නැඹුරුව පවතිති’යි යන අර්ථයි. එය ‘අහෝ මේ සම්පත් මට ඇත්නම්’ යන මේ ආකාරයෙන් අන්සතු සම්පත් ප්‍රාර්ථනා කරන ලක්ෂණ ඇත්තේය. අදින්නාදානය මෙන්ම අල්පසාවද්‍ය ද මහා සාවද්‍ය ද වේ. මෙහිදී සම්පූර්ණ විය යුතු කරුණු දෙකකි. ‘අන්සතු සම්පතක් තිබීම හා එය තමාට පිරිනම්වා ගැනීම’ යනුවෙනි. අනුන් අයත් වස්තුවෙහි ලෝභය උපන්නත්, ‘අනේ මටම මෙය ලැබේවා’යි තමාට පිරිනම්වා ගැනීම නොවනතෙක්ම මෙම අකුසල කර්මය සිදු නොවේ.
හිතසුඛං බ්යාපාදයතීති බ්යාපාදො, සො පරවිනාසාය මනොපදොසලක්ඛණො. ඵරුසවාචා විය අප්පසාවජ්ජො මහාසාවජ්ජො ච. තස්ස ද්වෙ සම්භාරා හොන්ති – පරසත්තො ච තස්ස ච විනාසචින්තාති. පරසත්තවත්ථුකෙ හි කොධෙ උප්පන්නෙපි න තාව කම්මපථභෙදො හොති, යාව “අහො වතායං උච්ඡිජ්ජෙය්ය විනස්සෙය්යා”ති තස්ස විනාසං න චින්තෙසි.
‘හිතසුව වනසති’යි ව්යාපාදො ව්‍යාපාදයයි. එය අනුන් වැනසීම සඳහා වූ සිත දූෂ්‍ය (කිලිටි) කරවන ලක්ෂණ ඇත්තේ යි. එරුසා වාචා යන්න මෙන් මෙහි අල්ප සාවද්‍ය, මහා සාවද්‍ය බව වේ. මෙහිදී සම්පූර්ණ විය යුතු කරුණු දෙකෙකි. ‘අන්‍ය සත්ත්වයකු සිටීම හා ඔහු විනාශ කිරීමේ සිත’ යනු ඒ දෙකයි. අන් සත්ත්වයකු කෙරෙහි ක්‍රෝධයක් ඉපැදුණ මුත්, අහෝ! මොහු ඒකාන්තයෙන්ම මැරේවා. වැනසේවා යනුවෙන් ඒ සත්ත්වයාගේ විනාශය නොසිතන තාක්ම අකුසල කර්මය සිදු නොවේ.
යථාභුච්චගහණාභාවෙන මිච්ඡා පස්සතීති මිච්ඡාදිට්ඨි. සා “නත්ථි දින්න”න්තිආදිනා නයෙන විපරීතදස්සනලක්ඛණා. සම්ඵප්පලාපො විය අප්පසාවජ්ජා මහාසාවජ්ජා ච.
‘ඇති තතු ගැනීම් වශයෙන් වරදවා ගනිති’යි මිච්ඡාදිට්ඨි මිථ්‍යාදෘෂ්ටි නමි. එය ‘දුන් දෙයෙහි විපාක නැත’ ආදී වශයෙන් පවතින විපරීත දර්ශනය ලක්‍ෂණකොට ඇත්තේය. සම්ප්‍රප්ඵලාපය මෙන් අල්පසාවද්‍ය හා මහා සාවද්‍ය බව වේ.
සඤ්ඤී, අසඤ්ඤී, නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සාමාති රූපාදිවසෙන කඞ්ඛන්ති. භවිස්සාම නු ඛො මයන්තිආදිනා අත්තානං කඞ්ඛන්ති. තත්ථ භවිස්සාම නු ඛො. න නු ඛො භවිස්සාමාති තස්ස සස්සතාකාරඤ්ච උච්ඡෙදාකාරඤ්ච නිස්සාය අනාගතෙ අත්තානං විජ්ජමානතඤ්ච අවිජ්ජමානතඤ්ච කඞ්ඛන්ති. කිං නු ඛො භවිස්සාමාති ජාතිලිඞ්ගුපපත්තියො නිස්සාය “ඛත්තියා නු ඛො භවිස්සාම, බ්රාහ්මණවෙස්සසුද්දගහට්ඨපබ්බජිතදෙවමනුස්සානං අඤ්ඤතරා”ති කඞ්ඛන්ති. කථං නු ඛො භවිස්සාමාති සණ්ඨානාකාරං නිස්සාය “දීඝා නු ඛො භවිස්සාම, රස්සඔදාතකණ්හපමාණිකඅප්පමාණිකාදීනං අඤ්ඤතරා”ති කඞ්ඛන්ති. කෙචි පන “ඉස්සරනිම්මානාදීනි නිස්සාය ‘කෙන නු ඛො කාරණෙන භවිස්සාමා’ති හෙතුතො කඞ්ඛන්තී”ති වදන්ති. කිං හුත්වා කිං භවිස්සාම නු ඛො මයන්ති ජාතිආදීනි නිස්සාය “ඛත්තියා හුත්වා නු ඛො බ්රාහ්මණා භවිස්සාම…පෙ… දෙවා හුත්වා මනුස්සා”ති අත්තනො පරම්පරං කඞ්ඛන්ති. සබ්බත්ථෙව පන අද්ධානන්ති කාලාධිවචනමෙතං.
සඤ්ඤී අසඤ්ඤී නෙවසඤ්ඤී නාසඤ්ඤී භවිස්සාම (සංඥා ඇත්තෙක්, සංඥා නැත්තෙක්, නැතහොත් සංඥා ඇත්තෙක් ද නොවන ඇත්තෙක් ද නොවන කෙනෙක් වන්නමෝ දෝ හෝ යි) යනුවෙන් රූපාදී වශයෙන් සැක උපදවති. භවිස්සාම නුඛො මයං (අපි වන්නමු දෝහෝ යි) ආදී වශයෙන් තමන් පිළිබඳව සැක කරති. එහි භවිස්සාම නුඛො නනුඛො භවිස්සාම (වන්නමු දෝ නොවන්නමු දෝ හෝ යි) යනුවෙන් ශාස්වතවාදයත්, උච්ඡේදවාදයත් අනුව අනාගතයේදී තමන්ගේ විද්‍යමානත්වය හා අවිද්යමානත්වය පිළිබඳව සැක උපදවති. කිං නුඛො භවිස්සාම යනු ජාති, ලිංග උත්පත්තීන් නිසා ක්ෂත්රිය කෙනෙක් වන්නමෝද? බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, ගෘහස්ථ ප්රවෘජිත, දේව, මනුෂ්‍ය ආදීන්ගෙන් වන්නමෝදැයි සැක උපදවති. කථන්නු ඛො භවිස්සාම යනු සටහන්, කඩවසම් ආකාර අනුව දීඝ ශරීර ඇති කෙනෙක් වන්නමෝ ද? මිටි, සුදු, කලු පමණ කළ හැකි, පමණ කළ නොහැකි ආදී සිරුරු ඇත්තවුන් අතුරෙන් කෙනෙක් වන්නමෝද?යි සැක උපදවති. ඇතැමෙක් මෙහිදී ඊශ්වර නිර්මාණ ආදී හේතූන් අනුව කවර කාරණයකින් වන්නමෝදැයි, සැක උපදවතියි කියති. කිං හුත්වා කිං භවිස්සාම නු ඛො මයං යනු ජාති ආදිය අනුව ක්ෂත්රියයන් වී බ්‍රාහ්මණයෝ වන්නමෝ ද? -පෙ- දෙවියන් වී මනුෂ්‍යයෝ වන්නමෝද?’යි යනුවෙන් තමන්ගේ ගතිපරම්පරාව පිළිබඳව සැක උපදවති. සබ්බත්ථෙව පන අද්ධානං සියලුම තන්හි, ‘අද්ධානං’ යනු කාලයට අධිවචනයි.
යස්මා එතදෙව තස්මා හි සික්ඛෙථ…පෙ… ආහු ධීරාති. තත්ථ සික්ඛෙථාති තිස්සො සික්ඛා ආවජ්ජෙය්‍ය. ඉධෙවාති ඉමස්මිංයෙව සාසනෙ. තත්ථ සික්ඛිතබ්බාති සික්ඛා. තිස්සොති ගණනපරිච්ඡෙදො. අධිසීලසික්ඛාති අධිකං උත්තමං සීලන්ති අධිසීලං, අධිසීලඤ්ච තං සික්ඛිතබ්බට්ඨෙන සික්ඛා චාති අධිසීලසික්ඛා. එස නයො අධිචිත්තඅධිපඤ්ඤාසික්ඛාසු.
දැන් සිවුවන ගාථාවයි. යම්හෙයකින් මෙම ‘තස්මාහි සික්ඛෙථ ඉධෙව ජන්තු -පෙ- අප්පංහි තං ජීවිතං ආහු ධීරා’ යන (සිවුවන) ගාථාව වේද, එහි ‘සික්ඛෙථ’ යනු ත්‍රිවිධ ශික්ෂාවන් ආවර්ජනය කරන්නේය (කළ යුතුය) යනුයි. ඉධෙව යනු මෙම ශාසනයෙහිදීම, එහිද හික්මිය යුතු වෙතියි ශික්ෂායි. තිස්සො යනු සංඛ්‍යාව පිරිසිඳ දැක්වීමයි. අධිසීල සික්ඛා යනු අධික වූ උතුම් වූ ශීලය වන්නේනුයි, අධිසීල නමි. ‘අධි සීල’ වූයේ ද එම, හික්මිය යුතුය යන අර්ථයෙන්, සික්ඛා වූයේ ද ‘අධිසීල සික්ඛා’ නම් වේ. ‘අධි චිත්ත’, ‘අධි පඤ්ඤා’ ශික්ෂාවන් පිළිබඳව ද මෙම නයයි.
කතමං පනෙත්ථ සීලං, කතමං අධිසීලං, කතමං චිත්තං, කතමං අධිචිත්තං, කතමා පඤ්ඤා, කතමා අධිපඤ්ඤාති? වුච්චතෙ – පඤ්චඞ්ගදසඞ්ගසීලං තාව සීලමෙව . තඤ්හි බුද්ධෙ උප්පන්නෙපි අනුප්පන්නෙපි ලොකෙ පවත්තති . උප්පන්නෙ බුද්ධෙ තස්මිං සීලෙ බුද්ධාපි සාවකාපි මහාජනං සමාදපෙන්ති, අනුප්පන්නෙ බුද්ධෙ පච්චෙකබුද්ධා ච කම්මවාදිනො ච ධම්මිකා සමණබ්රාහ්මණා ච චක්කවත්තී ච මහාරාජානො මහාබොධිසත්තා ච සමාදපෙන්ති, සාමම්පි පණ්ඩිතා සමණබ්රාහ්මණා සමාදියන්ති. තෙ තං කුසලං ධම්මං පරිපූරෙත්වා දෙවෙසු ච මනුස්සෙසු ච සම්පත්තිං අනුභොන්ති.
මෙහි ‘සීල’ යනු කවරේ ද? ‘අධි සීල’ යනු කවරේ ද? ‘චිත්ත’ යනු කවරේද? ‘අධි චිත්ත’ යනු කවරේ ද? පඤ්ඤා’ යනු කවරේ ද? ‘අධිපඤ්ඤා’ යනු කවරේ ද? යි කියනු (විස්තර කරනු) ලැබේ. පංචාංග, දසාංග ශීලය පළමුකොටම ‘සීල’ නම් වේ. එය වනාහි බුදුන් ලොව පහළ වුණත්, නැතත් ලොව පවතියි. බුදුන් උපන් කල්හි, එම ශීලයෙහි බුදුවරු ද ශ්‍රාවකයෝ ද මහජනයා සමාදන් කරවති. බුදුවරු නූපන් කාලයෙහි දී මේ ශීලයෙහි පසේ බුදුවරු ද කර්මවාදී ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද සක්විති මහරජවරු ද මහා බෝධිසත්ත්වයෝ ද සමාදන් කරවති. නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තමන්ම මේ ශීලය සමාදන් වෙති. ඔවුහු කුසල් දහම් වඩා දෙව් මිනිස් ලෝකයන්හි සම්පත් අනුභව කරති.
පාතිමොක්ඛසංවරසීලං පන “අධිසීල”න්ති වුච්චති. තඤ්හි සූරියො විය පජ්ජොතානං සිනෙරු විය පබ්බතානං සබ්බලොකියසීලානං අධිකඤ්චෙව උත්තමඤ්ච, බුද්ධුප්පාදෙයෙව ච පවත්තති, න විනා බුද්ධුප්පාදා. න හි තං පඤ්ඤත්තිං උද්ධරිත්වා අඤ්ඤො සත්තො ඨපෙතුං සක්කොති. බුද්ධායෙව පන සබ්බසො කායවචීද්වාරඅජ්ඣාචාරසොතං ඡින්දිත්වා තස්ස තස්ස වීතික්කමස්ස අනුච්ඡවිකං තං සීලසංවරං පඤ්ඤපෙන්ති. පාතිමොක්ඛසංවරතොපි ච මග්ගඵලසම්පයුත්තමෙව සීලං අධිසීලං.
ප්රාතිමෝක්ෂ සංවර ශීලය ‘අධිශීල’ යයි කියනු ලැබේ. එය වනාහි දීප්තිමත් වස්තූන් අතුරෙන් සූර්යයා මෙන් ද, පර්වතයන් අතුරෙන් මහමෙර මෙන් ද, සියලු ලෞකික ශීලයන් අතුරෙන් අධික මෙන් ම උතුම් වූ ද සීලයයි. එය බුද්ධෝත්පාද කාලයෙහිම ලොව පවතියි. බුද්ධෝත්පාදයෙන් තොරව නොපවතියි. එම ප්රඥප්තිය උගුලුවා අනෙක් සත්ත්වයෙක් තෙමේ අනෙකක් පිහිටුවීමට නොසමත් වෙති. බුදුවරයෝම සර්ව ප්‍රකාරයෙන් කාය වාග් ද්වාරයන් පිළිබඳ සාවද්‍ය ආචාර ප්‍රවාහය සිඳ දමා, ඒ ඒ ශික්ෂාපද කඩ කිරීමට සුදුසු වන පරිදි ඒ ශීල සංවර ක්‍රමය පනවති. ප්රාතිමෝක්ෂ සංවරයටත් වඩා මාර්ගඵල සම්ප්‍රයුක්ත වූ ම ශීලය, අධිශීල නම් වේ.
කාමාවචරානි පන අට්ඨ කුසලචිත්තානි ලොකියඅට්ඨසමාපත්තිචිත්තානි ච එකජ්ඣං කත්වා චිත්තමෙවාති වෙදිතබ්බානි. බුද්ධුප්පාදානුප්පාදෙ චස්ස පවත්ති, සමාදපනං සමාදානඤ්ච සීලෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං.
කාමාවචර කුසල් සිත් අට ද ලෞකික අෂ්ට සමාපත්ති සිත් ද එක් කර, ‘චිත්ත’ නම වෙතියි දතයුතුයි. අබුද්ධෝත්පාද කාලයෙහිද එය පවතියි. සමාදන්වීම ද සීලයෙහි කියූ පරිදි දතයුතුයි.
විපස්සනාපාදකං අට්ඨසමාපත්තිචිත්තං පන “අධිචිත්ත”න්ති වුච්චති. තඤ්හි අධිසීලං විය සීලානං, සබ්බලොකියචිත්තානං අධිකඤ්චෙව උත්තමඤ්ච, බුද්ධුප්පාදෙයෙව ච හොති, න විනා බුද්ධුප්පාදා. තතොපි ච මග්ගඵලචිත්තමෙව අධිචිත්තං.
විදර්ශනාපාදක වූ අට්ඨ සමාපත්ති සිත ‘අධිචිත්ත’ යැයි කියනු ලැබේ. එය වනාහි ශීලයන් අතුරෙන් අධිශීලය මෙන් සියලු ලෞකික සිත් අතුරින් අධික වූයේ ද, උතුම් වූයේ ද වේ. අධි චිත්තය බුද්ධෝත්පාද කාලයෙහි ම මිස බුද්ධෝත්පාදයෙන් තොරව නොම පවතියි. එයිනුදු මාර්ගඵල සිත ම ‘අධිචිත්ත’ වේ.
“අත්ථි දින්නං අත්ථි යිට්ඨ”න්තිආදිනයප්පවත්තං (ම· නි· 2.94) පන කම්මස්සකතාඤාණං පඤ්ඤා. සා හි බුද්ධෙ උප්පන්නෙපි අනුප්පන්නෙපි ලොකෙ පවත්තති. උප්පන්නෙ බුද්ධෙ තස්සා පඤ්ඤාය බුද්ධාපි සාවකාපි මහාජනං සමාදපෙන්ති, අනුප්පන්නෙ බුද්ධෙ පච්චෙකබුද්ධා ච කම්මවාදිනො ච ධම්මිකා සමණබ්රාහ්මණා ච චක්කවත්තී ච මහාරාජානො මහාබොධිසත්තා ච සමාදපෙන්ති, සාමම්පි පණ්ඩිතා සත්තා සමාදියන්ති. තථා හි අඞ්කුරො දසවස්සසහස්සානි මහාදානං අදාසි. වෙලාමො වෙස්සන්තරො අඤ්ඤෙ ච බහූ පණ්ඩිතමනුස්සා මහාදානානි අදංසු. තෙ තං කුසලං ධම්මං පරිපූරෙත්වා දෙවෙසු ච මනුස්සෙසු ච සම්පත්තිං අනුභවිංසු.
‘දුන් දෙයෙහි විපාක ඇත. පරිත්‍යාගයෙහි විපාක ඇත’ ආදී වශයෙන් පැවති කර්මය ස්වායත්ත (තමාට අයත්) බව දන්නා ඤාණය ප්රඥාවයි. එය වනාහි බුදුන් උපන්නත් නූපන්නත් ලොව පවතියි. බුද්ධෝත්පාද කාලයේ දී එම ප්‍රඥාවෙන් බුදුවරු ද ශ්‍රාවකයෝ ද මහජනයා සමාදන් කරවති. අබුද්ධෝත්පාද කාලවලදී පසේ බුදුවරු ද කර්මවාදී ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද සක්විති මහ රජදරුවෝ ද මහ බෝසත්ත්වරුද මෙම ශීලයෙහි මහජනයා සමාදන් කරවති. පඬිවරු (නුවණැත්තෝ) තමන් ම මෙය සමාදන් වෙති. ඒ එසේමැයි. අංකුර තෙමේ වර්ෂ දස දහසක් මහදන් පැවැත්වීය. වේලාම තෙමේ ද වෙස්සන්තර තෙමේ ද අන්‍ය වූ බොහෝ නුවණැති මිනිස්සු ද මහදන් පැවැත්වූහ. ඔවුහු ඒ කුසල දහම් සපුරා දේව, මනුෂ්‍ය ලෝකවල සම්පත් අනුභව කළහ.
තිලක්ඛණාකාරපරිච්ඡෙදකං පන විපස්සනාඤාණං “අධිපඤ්ඤා”ති වුච්චති. සා හි අධිසීලඅධිචිත්තානි විය සීලචිත්තානං, සබ්බලොකියපඤ්ඤානං අධිකා චෙව උත්තමා ච, න ච විනා බුද්ධුප්පාදා ලොකෙ පවත්තති. තතොපි ච මග්ගඵලපඤ්ඤාව අධිපඤ්ඤා.
ත්රිලක්ෂණ ආකාරය පිරිසිඳ දන්නා වූ විදර්ශනා ඥානය ‘අධිපඤ්ඤා’ යැයි කියනු ලැබේ. එය වනාහි අධිසීල, අධිචිත්තයන් වැනි සීල, චිත්ත ආදිය අතුරෙන් ද සියලු ලෞකික ප්‍රඥාවන් අතුරින් ද අධික මෙන් ම උතුම් ද වේ. බුද්ධෝත්පාද කාලයෙහි හැර මෙය ලොව නොපවතියි. එයිනුදු මාර්ගඵල ප්‍රඥාවම ‘අධිප්‍රඥා’ නම් වේ.
ඉදානි එකෙකං දස්සෙන්තො “කතමා අධිසීලසික්ඛා – ඉධ භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරතී”තිආදිමාහ. ඉධාති වචනං පුබ්බභාගකරණීයසම්පදාය සම්පන්නස්ස සබ්බපකාරසීලපරිපූරකස්ස පුග්ගලස්ස සන්නිස්සයභූතසාසනපරිදීපනං, අඤ්ඤසාසනස්ස ච තථාභාවපටිසෙධනං. වුත්තඤ්හෙතං – “ඉධෙව, භික්ඛවෙ, සමණො…පෙ… සුඤ්ඤා පරප්පවාදා සමණෙභි අඤ්ඤෙහී”ති (ම· නි· 1.139-140). භික්ඛූති තස්ස සීලස්ස පරිපූරකස්ස පුග්ගලස්ස පරිදීපනං. පාතිමොක්ඛසංවරසංවුතොති ඉදමස්ස පාතිමොක්ඛසංවරෙ පතිට්ඨිතභාවපරිදීපනං. විහරතීති ඉදමස්ස තදනුරූපවිහාරසමඞ්ගීභාවපරිදීපනං. ආචාරගොචරසම්පන්නොති ඉදමස්ස පාතිමොක්ඛසංවරස්ස උපකාරකධම්මපරිදීපනං. අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවීති ඉදමස්ස පාතිමොක්ඛතො අචවනධම්මතාපරිදීපනං. සමාදායාති ඉදමස්ස සික්ඛාපදානං අනවසෙසතො ආදානපරිදීපනං. සික්ඛතීති ඉදමස්ස සික්ඛාය සමඞ්ගීභාවපරිදීපනං. සික්ඛාපදෙසූති ඉදමස්ස සික්ඛිතබ්බධම්මපරිදීපනං.
ඉක්බිති මේ එක එකක් වෙන් වෙන්ව දක්වමින් අධිශීල ශික්ෂාව කවරේද? මේ සසුනෙහි භික්ෂු තෙමේ සිල්වත් වේ ද ප්රාතිමෝක්ෂ සංවරයෙන් යුතුව වෙසේද?’ යනාදිය කීහු. ඉධ යනු පූර්වභාග කරණීය (පළමුකොට කළ යුතු) සම්ප්රදායයෙන් සමන්විත, ශීල පරිපූරණය කරන පුද්ගලයාගේ සන්නිශ්‍රය ස්ථාන වූ මේ ශාසන පරිදීපනය ගෙනහැර දැක්වීම හා අන්‍ය ශාසනයන්ගේ එසේවීම ප්‍රතික්ෂේප කරන වචනයි කියන ලදමැයි. ‘ඉධෙව භික්ඛවෙ සමණො -පෙ- සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ’ (මහණෙනි, ශ්‍රමණයකු වෙතොත්, මේ ශාසනයෙහි මය. -පෙ- (ප්‍රතිපදාවෙන්) ශූන්‍ය වූ පරප්‍රවාද ගත්තාහු ශ්රමණයන් කෙරෙන් අන්‍යයෝය.) යනුවෙනි. භික්ඛූ යනු ඒ ශීලය සම්පුර්ණ කරන පුද්ගලයා දැක්වීමයි. පාතිමොක්ඛ සංවර සංවුතො යන මෙය ඔහු ප්රාතිමෝක්ෂ සංවරයේ පිහිටි බව දැක්වීමයි. විහරති යන මෙය ඔහු එයට අනුරූප වූ විහරණයෙන් යුක්ත වූ බව දැක්වීමයි. ආචාරගෝචර සම්පන්නො යනු මෙය ඔහුගේ ප්රාතිමෝක්ෂ සංවරයට උපකාරක වූ ධර්ම දැක්වීමයි. අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී යන මෙය ඔහු ප්රාතිමෝක්ෂයෙන් නොමිදෙන ස්වභාව ඇත්තෙකු බව දැක්වීමයි. සමාදාය යනු මේ සිකපදයන් ඉතිරි නොකර ම සියල්ල ගැනීම දැක්වීමයි. සික්ඛති යනු ඔහු මේ ශික්ෂාවෙන් සමන්විත බව දැක්වීමයි. සික්ඛාපදෙසු යන මෙය ඔහු විසින් හික්මිය යුතු කරුණු දැක්වීමයි.
තත්ථ භික්ඛූති සංසාරෙ භයං ඉක්ඛතීති භික්ඛු. සීලමස්ස අත්ථීති සීලවාති එත්ථ සීලන්ති සීලනට්ඨෙන සීලං. කිමිදං සීලනං නාම? සමාධානං වා, කායකම්මාදීනං සුසීල්යවසෙන අවිප්පකිණ්ණතාති අත්ථො. උපධාරණං වා, කුසලානං ධම්මානං පතිට්ඨාවසෙන ආධාරභාවොති අත්ථො. එතදෙව හි එත්ථ අත්ථද්වයං සද්දලක්ඛණවිදූ අනුජානන්ති. අඤ්ඤෙ පන “අධිසෙවනට්ඨෙන ආචාරට්ඨෙන සීලනට්ඨෙන සිරට්ඨෙන සීතලට්ඨෙන සිවට්ඨෙන සීල”න්ති වණ්ණයන්ති.
එහි භික්ඛු යනු සසර බිය දක්නේනුයි භික්ඛු නම් වේ. මොහු සීලයෙන් යුතු වන්නේනුයි සීලවා යනු වේ. මෙහි සීලං යනු සීලන (පුරුදු කිරීම) අර්ථයෙන් සීල නම් වේ. මේ සීලන නම් කවරේද යත්, සමාධාන හෙවත් කායකර්‍මාදීන් සුසීලතාවයෙන් නො විසිර පවත්නා බවය යන අර්ථයි. නොහොත් උපධාරණ හෙවත් කුශල ධර්මයන් ප්‍රතිෂ්ඨා වශයෙන් දරා සිටින බවය යන අර්ථයි. මෙහි මෙකී අරුත් දෙක පමණක් ශබ්ද ලක්ෂණ හඳුනන්නෝ අනුදනිති. අන්‍යයෝ වනාහි අධිසේවන (බහුල ලෙස සේවනය කිරිම, ආචාර (හැසිරීම), සීලන (පරිශීලනය), සිර (ශීර්ෂ)ය, සීතල (ශීතල), සිව (යහපත) යන අර්ථයන්ගෙන් ද සීල නම් වෙතියි විස්තර කෙරෙති.
සීලනං ලක්ඛණං තස්ස, භින්නස්සාපි අනෙකධා; සනිදස්සනත්තං රූපස්ස, යථා භින්නස්සනෙකධා.
සීලනං ලක්ඛණං තස්ස භින්නස්සාපි අනෙකධා, සනිදස්සනත්තං රූපස්ස යථාභින්නස්ස නෙකධා
යම්සේ නොයෙක් ආකාරයෙන් බෙදී ගිය නමුදු රූපයෙහි (පොදු) ලක්ෂණය නිදර්ශන සහිත බව (දැකිය හැකි බව) වේ ද, එසේ නොයෙක් ආකාරයෙන් බෙදා දක්වන ලද ශීලයෙහි (පොදු) ලක්ෂණය ශීලනය වේ.
යථා හි නීලපීතාදිභෙදෙනනෙකධා භින්නස්සාපි රූපායතනස්ස සනිදස්සනත්තං ලක්ඛණං නීලාදිභෙදෙන භින්නස්සාපි සනිදස්සනභාවානතික්කමනතො. තථා සීලස්ස චෙතනාදිභෙදෙන අනෙකධා භින්නස්සාපි යදෙතං කායකම්මාදීනං සමාධානවසෙන, කුසලානඤ්ච ධම්මානං පතිට්ඨාවසෙන වුත්තං සීලනං, තදෙව ලක්ඛණං චෙතනාදිභෙදෙන භින්නස්සාපි සමාධානපතිට්ඨාභාවානතික්කමනතො. එවං ලක්ඛණස්ස පනස්ස –
නීලපීතාදී බෙදීම් වශයෙන් නොයෙක් ආකාරයෙන් භින්න වූ රූපායතනයෙහි නිදර්ශන සහිත බව (දැකිය හැකි බව) පොදු ලක්ෂණය වේ. නීලාදී භේද වශයෙන් භින්න වුවද, සනිදර්ශනත්වය (දැකිය හැකි බව) නො ඉක්මවන බැවිනි. එසේ, චේතනාදී භේද වශයෙන් නන් අයුරින් භින්න වූ ශීලයෙහි, යම් මේ කාය කර්මාදියෙහි නොවිසිරීම් වශයෙන් හා කුශල ධර්මයනට ප්‍රතිෂ්ඨා වශයෙන් කියන ලද එම ශීලනය (පොදු) ලක්ෂණය වේ. චේතනාදී භේද වශයෙන් භින්න වුවද සමාධාන (නො විසිර පැවැත්ම) හා පතිපට්ඨාන (ප්‍රතිෂ්ඨා බව) නො ඉක්මවන බැවිනි. මෙවන් ලක්ෂණ ඇති මේ ශීලයෙහි වනාහි;
දුස්සීල්යවිද්ධංසනතා, අනවජ්ජගුණො තථා; කිච්චසම්පත්තිඅත්ථෙන, රසො නාම පවුච්චති.
දුස්සීල්යවිද්ධං සනතා අනවජ්ජගුණා කථා, කිච්ච සම්පත්ති අත්ථෙන රසො නාම පවුච්චතී
තස්මා ඉදං සීලං නාම කිච්චට්ඨෙන රසෙන දුස්සීල්යවිද්ධංසනරසං, සම්පත්තිඅත්ථෙන රසෙන අනවජ්ජරසන්ති වෙදිතබ්බං.
දුසිල් බව විධ්වංසනය කරන බව හා එසේම නිරවද්‍ය ගුණ ඇති බව, කෘත්‍ය හා සම්පත් යන අර්ථයෙන් ‘රස’ නම් වෙතියි කියන ලදී.
එනිසා මේ ශීලය නම් කෘත්‍යය යන අරුත් ඇති රසයෙන් වනාහි දුසිල් බව විධ්වංසනය කිරීමයි. සම්පත්තිය යන අරුත් ඇති රසයෙන් අනවද්‍ය (නිරවද්‍ය) රසය යැයි දතයුතුයි.
සොචෙය්‍යපච්චුපට්ඨානං, තයිදං තස්ස විඤ්ඤුභි; ඔත්තප්පඤ්ච හිරී චෙව, පදට්ඨානන්ති වණ්ණිතං.
සොචෙය්ය පච්චුපට්ඨානං තයිදං තස්ස විඤ්ඤූහි, ඔත්තප්පඤ්ච හිරිඤ්චෙ ව පදට්ඨානන්ති වණ්ණිතං
ඒ මේ ශීලය පිරිසිදු බව පච්චුපට්ඨාන (වැටහීම් කාරණය) කොට ඇත්තේ යැයි ද හිරි ඔතප් දෙක එහි පදට්ඨාන (පදනම) වෙතැයි ද නුවණැතියන් විසින් වර්ණනා කරන ලදී.
තඤ්හිදං සීලං “කායසොචෙය්යං වචීසොචෙය්යං මනොසොචෙය්ය”න්ති එවං වුත්තසොචෙය්යපච්චුපට්ඨානං, සොචෙය්යභාවෙන පච්චුපට්ඨාති ගහණභාවං ගච්ඡති. හිරොත්තප්පඤ්ච පන තස්ස විඤ්ඤූහි පදට්ඨානන්ති වණ්ණිතං, ආසන්නකාරණන්ති අත්ථො. හිරොත්තප්පෙ හි සති සීලං උප්පජ්ජති චෙව තිට්ඨති ච, අසති නෙව උප්පජ්ජති චෙව න තිට්ඨති චාති එවංවිධෙන සීලෙන සීලවා හොති. එතං සීලං නාම පාණාතිපාතාදීහි වා විරමන්තස්ස, වත්තපටිපත්තිං වා පූරෙන්තස්ස චෙතනාදයො ධම්මා වෙදිතබ්බා. වුත්තඤ්හෙතං පටිසම්භිදායං “කිං සීලන්ති? චෙතනා සීලං, චෙතසිකං සීලං, සංවරො සීලං, අවීතික්කමො සීල”න්ති (පටි· ම· 1.39).
ඒ මේ ශීලය වනාහි කාය සොචෙය්ය (කාය දුශ්චරිතයෙන් වෙන් වූ බව) වචී සොචෙය්ය (වාග් දුශ්චරිතයෙන් වෙන් වූ බව) මනොසොචෙ (මනෝ දුශ්චරිතයෙන් වෙන් වූ බව) යැයි මෙසේ කියන ලද පිරිසිදු බව පච්චුපට්ඨාන (වැටහීම් කරණය) කොට ඇත්තේ ය. පිරිසිදු බව හේතුකොට ගෙන වැටහෙයි. එය නිරතුරු ගැවසෙන බවට පැමිණෙයි. හිරි ඔතප් දෙක ශීලයෙහි පදනම ලෙස නුවණැත්තන් විසින් වර්ණනා කරන ලදී. ආසන්න කාරණය යන අර්ථයි. හිරි ඔතප් දෙක ඇතිවිටම සීලය උපදනුයේ මෙන්ම පිහිටනුයේ ද වේ. ඒ දෙක නොමැතිවිට සීලය නූපදනුයේ මෙන්ම නොපිහිටනුයේ ද වේ. මෙබඳු වූ සීලයෙන් සිල්වතෙක් වේ. මෙහි සීලය නමින් පාණාතිපාතාදියෙන් වැළකෙන හෝ වත්පිළිවෙත් පුරන පුද්ගලයාගේ චේතනාදී ධර්මයන් දතයුතුයි. පටිසම්භිදාවෙහි මෙය කියන ලදී. ‘සීලය යනු කුමක්ද? චේතනාව සීලයයි. චෛතසිකය සීලයයි. සංවරය සීලයයි. අවිතික්කමය (නො ඉක්මවීම) සීලය යි.’
තත්ථ චෙතනා සීලං නාම පාණාතිපාතාදීහි වා විරමන්තස්ස වත්තපටිපත්තිං වා පූරෙන්තස්ස චෙතනා. චෙතසිකං සීලං නාම පාණාතිපාතාදීහි විරමන්තස්ස විරති. අපි ච චෙතනා සීලං නාම පාණාතිපාතාදීනි පජහන්තස්ස සත්තකම්මපථචෙතනා. චෙතසිකං සීලං නාම “අභිජ්ඣං පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරතී”තිආදිනා (දී· නි· 1.217) නයෙන සංයුත්තමහාවග්ගෙ වුත්තා අනභිජ්ඣාබ්යාපාදසම්මාදිට්ඨිධම්මා. සංවරො සීලන්ති එත්ථ පඤ්චවිධෙන සංවරො වෙදිතබ්බො – පාතිමොක්ඛසංවරො සතිසංවරො ඤාණසංවරො ඛන්තිසංවරො වීරියසංවරො. තස්ස නානාකරණං උපරි ආවි භවිස්සති. අවීතික්කමො සීලන්ති සමාදින්නසීලස්ස කායිකවාචසිකො අවීතික්කමො. එත්ථ ච සංවරසීලං, අවීතික්කමසීලන්ති ඉදමෙව නිප්පරියායතො සීලං. චෙතනාසීලං, චෙතසිකං සීලන්ති පරියායතො සීලන්ති වෙදිතබ්බං.
මෙහි චේතනා සීලං චේතනා සීලය නම්, ප්‍රාණඝාතාදියෙන් වැලකෙන්නහුගේ හෝ වත් පිළිවෙත් පුරන්නහුගේ චේතනාවයි. චෙතසිකං සීලං චෛතසික සීලය නම් ප්‍රාණඝාතාදියෙන් වැලකෙන්නහුගේ විරතියයි. තවද චේතනා සීලය නම්, පාණාතිපාතාදිය දුරුකරන්නහුගේ සප්ත කර්මපථ චේතනාවයි. චෛතසික සීලය නම්, අභිධ්‍යාව දුරුකරන්නහුගේ සප්ත කර්මපථ චේතනාවයි. චෛතසික සීලය නම්, අභිධ්‍යාව අත්හැර, දුරු වූ අභිධ්‍යා සහිත සිතින් වාසය කරයි ආදී නයින් සංයුත්ත මහා වග්ගයෙහි කියන ලද අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්‍යක් දෘෂ්ටිය යන මේ ධර්මයෝ යි. සංවර සීලය නම්, මෙහි, පංචවිධ වශයෙන් සංවරය දතයුතුයි. එනම්, ප්රාතිමෝක්ෂ සංවරය, සති සංවරය, ඤාණ සංවරය, ඛන්ති සංවරය, වීර්ය සංවරය යනුවෙනි. එහි නානාකරණීය (වෙන් වෙන්කොට දැක්වීම) මතු විස්තර වන්නේය. අවිතික්කම සීලය නම්, සමාදන් වූ ශීලය කායික වාචසික වශයෙන් නො ඉක්මවීමයි. මෙහි ද සංවර සීලය, අවිතික්කම සීලය යන මෙය ම නිෂ්පරියාය (සාමාන්‍ය) වශයෙන් සීල නම් වෙතියි ද දතයුතුයි.
පාතිමොක්ඛන්ති සික්ඛාපදසීලං. තඤ්හි යො නං පාති රක්ඛති, තං මොක්ඛෙති මොචෙති ආපායිකාදීහි දුක්ඛෙහි, තස්මා “පාතිමොක්ඛ”න්ති වුත්තං. පාතිමොක්ඛසංවරසංවුතොති පාතිමොක්ඛසංවරසීලෙන සමන්නාගතො. ආචාරගොචරසම්පන්නොති ආචාරෙන චෙව ගොචරෙන ච සම්පන්නො. අණුමත්තෙසූති අප්පමත්තකෙසු. වජ්ජෙසූති අකුසලධම්මෙසු. භයදස්සාවීති භයදස්සී. සමාදායාති සම්මා ආදියිත්වා. සික්ඛති සික්ඛාපදෙසූති තං තං සික්ඛාපදං සමාදියිත්වා සික්ඛති. අපි ච සමාදාය සික්ඛති සික්ඛාපදෙසූති යංකිඤ්චි සික්ඛාපදෙසු සික්ඛාකොට්ඨාසෙසු සික්ඛිතබ්බං කායිකං වා චෙතසිකං වා, තං සබ්බං සමාදාය සික්ඛති.
පාතිමොක්ඛං යනු ශික්ෂාපද ශීලයයි. එය වනාහි යමෙක් එය රකී ද ආරක්ෂා කරයි ද ඔහු අපායාදී දුකින් මුක්තියට පමුණුවයි. මුදවයි. එහෙයින් ප්රාතිමෝක්ෂ යැයි කියන ලදී. පාතිමොක්ඛ සංවර සංවුතො යනු ප්රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වූයේ යි. ආචාරගොචර සම්පන්නො යනු ආචාරයෙන් ද ගෝචරයෙන් ද (අයෝග්‍ය ස්ථානයන්හි නො හැසිරීමෙන්) සමන්විත වූයේ යි. අණුමත්තෙසු යනු අල්පමාත්‍ර වූ ද වජ්ජෙසු යනු අකුශල ධර්මයන්හි, භයදස්සවී යනු භය දක්නේ සමාදාය යනු මනාව සමාදන්ව සික්ඛති සික්ඛාපදෙසු යනු ඒ ඒ ශික්ෂාපදය සමාදන්ව එහි හික්මෙයි. තවද සමාදාය සික්ඛති සික්ඛාපදෙසු යනු යම්කිසි ශික්‍ෂාපදයෙක් හි, ශික්ෂාපද කොටසෙක්හි, හික්මිය යුතු වේද, කායික වූ හෝ චෛතසික වූ ඒ සියල්ල මනාව ගෙන හික්මෙයි.
ඛුද්දකො සීලක්ඛන්ධොති සඞ්ඝාදිසෙසාදිසාවසෙසො සීලක්ඛන්ධො. මහන්තොති පාරාජිකාදිනිරවසෙසො. යස්මා පන පාතිමොක්ඛසීලෙන භික්ඛු සාසනෙ පතිට්ඨාති නාම , තස්මා තං “පතිට්ඨා”ති වුත්තං. පතිට්ඨහති වා එත්ථ භික්ඛු, කුසලා ධම්මා එව වා එත්ථ පතිට්ඨහන්තීති පතිට්ඨා. අයමත්ථො “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො”ති (සං· නි· 1.23, 192) ච, “පතිට්ඨානලක්ඛණං, මහාරාජ, සීලං සබ්බෙසං කුසලානං ධම්මාන”න්ති (මි· ප· 2.1.9) ච , “සීලෙ පතිට්ඨිතො ඛො, මහාරාජ…පෙ… සබ්බෙ කුසලා ධම්මා න පරිහායන්තී”ති (මි· ප· 2.1.9) ච ආදිසුත්තවසෙන වෙදිතබ්බො.
ඛුද්දකො සීලක්ඛන්ධො යනු සංඝාදිසේසාදී වශයෙන් අවශේෂ වූ ශීල ස්කන්ධය, මහන්තො යනු පාරාජිකාදී නිරවශේෂ වූ (අවශ්‍යම වූ) ශීල ස්කන්ධයයි. යම්හෙයකින් වනාහි ප්රාතිමෝක්ෂ සංවර ශීලය නිසා භික්ෂු තෙමේ සසුනෙහි පිහිටියේ නම් වේද, එහෙයින් එම (ශීලය) ප්‍රතිෂ්ඨා යැයි කියන ලදී. භික්ෂු තෙමේ මෙහි පිහිටයි යන අරුතින් හෝ කුශල ධර්මයෙන්ම මෙහි පිහිටතියි යන අරුතින් ප්‍රතිෂ්ඨා නම් වේ. මේ අර්ථය ‘සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො’ යනු (නුවණැති මනුෂ්‍ය තෙමේ සීලයෙහි පිහිටා...........) ද ‘පතිට්ඨා මහාරාජ සීලං සබ්බෙසං කුසලානං ධම්මානං’ (මහරජ, සියලු කුශල ධර්මයනට ශීලය ප්‍රතිෂ්ඨා වේ.) යනු ද ‘සීලෙ පතිට්ඨිතස්ස ඛො මහාරාජ සබ්බෙ කුසලාධම්මා න පරිහායන්ති’ (මහරජ, ශීලයෙහි පිහිටියහුට වනාහි, සියලු කුශල ධර්මයෝ නො පිරිහෙති. නොපිරිහෙන ස්වභාවයට පත් වෙති.) යනු ද මේ ආදිය සූත්‍ර වශයෙන් දතයුතුයි.
තදෙතං පුබ්බුප්පත්තිඅත්ථෙන ආදි. වුත්තම්පි චෙතං “තස්මාතිහ ත්වං උත්තිය ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම්මෙසු. කො චාදි කුසලානං ධම්මානං, සීලඤ්ච සුවිසුද්ධං දිට්ඨි ච උජුකා”ති (සං· නි· 5.382). යථා හි නගරවඩ්ඪකී නගරං මාපෙතුකාමො පඨමං නගරට්ඨානං සොධෙති, තතො අපරභාගෙ වීථිචතුක්කසිඞ්ඝාටකාදිපරිච්ඡෙදෙන විභජිත්වාව නගරං මාපෙති. එවමෙව යොගාවචරො ආදිතො සීලං විසොධෙති, තතො අපරභාගෙ සමාධිවිපස්සනාමග්ගඵලනිබ්බානානි සච්ඡිකරොති. යථා වා පන රජකො පඨමං තීහි ඛාරෙහි වත්ථං ධොවිත්වා පරිසුද්ධෙ වත්ථෙ යදිච්ඡකං රඞ්ගජාතං උපනෙති, යථා වා පන ඡෙකො චිත්තකාරො රූපං ලිඛිතුකාමො ආදිතොව භිත්තිපරිකම්මං කරොති, තතො අපරභාගෙ රූපං සමුට්ඨාපෙති. එවමෙව යොගාවචරො ආදිතොව සීලං විසොධෙත්වා අපරභාගෙ සමථවිපස්සනාදයො ධම්මෙ සච්ඡිකරොති. තස්මා සීලං “ආදී”ති වුත්තං.
මේ සීලය පූර්ව උත්පත්ති (ප්‍රථමයෙන් උපදිති) යි යන අර්ථයෙන් ‘ආදි’ නම් වේ. කියන ලද මැයි. ‘තස්මාතීහ ත්වං ඛත්තිය ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම්මෙසු කො චාදි කුසලානං ධම්මානං සීලං ච සුවිසුද්ධං දිටඨි ච උජුකා’ (ක්ෂත්රියය, එහෙයින් ඔබ මෙහිදී කුශල ධර්මයන් අතුරෙන් ‘ආදිය’ (ආදී වූ ශීලය)ම පිරිසිදු කරව, කුශල ධර්මයන් අතුරෙන් ‘ආදි’ වූයේ කවරේ ද? සුවිශුද්ධ (ඉතා පිරිසිදු) වූ ශීලය ද සෘජුකොට ගන්නා ලද දෘෂ්ටිය ද යන මෙයයි.) යම්සේ වනාහි නගරයක් සාදනු කැමති නගර නිර්මාපක තෙමේ පළමුව නගරය පිහිටන ස්ථානය හෙළිපෙහෙලි කරයි. ඉන්පසු සිවුමහා වීදි, මංසන්ධි ආදිය පිරිසිඳීම් වශයෙන් බෙදා නගරය ගොඩ නගයි. මෙලෙසින් ම භාවනා වඩන යෝගාවචර තෙමේ මුලදීම ශීලය පිරිසිදු කරයි. ඉන්පසු සමාධි, විදර්ශනා, මාර්ගඵල, නිවන් යනාදිය සාක්ෂාත් කරයි. යම්සේ රජකයා පළමුව ක්ෂාරත්රයෙකින් වස්ත්‍රය සෝදා, වස්ත්‍රය පිරිසිදු වූ කල්හි තමා කැමති වර්ණයක් පොවන්නේ ද, නැතහොත් යම්සේ දක්ෂ වූ සිත්තරෙක් රූප අඳිනු කැමතිව මුලදීම බිත්තියේ හුණු පිරියම් කරන්නේ ද, ඉන්පසුව එහි රූප අඳින්නේ ද, එසේම යෝගාවචර තෙමේ මුලදීම ශීලය පිරිසිදු කොට ඉන්පසු සමථ විදර්ශනාදී ධර්මයන් සාක්ෂාත් කරයි. එහෙයින් සීලය ‘ආදි’ යැයි කියන ලදී.
තදෙතං චරණසරික්ඛතාය චරණං. චරණාති හි පාදා වුච්චන්ති. යථා හි ඡින්නචරණස්ස පුරිසස්ස දිසං ගමනාභිසඞ්ඛාරො න ජායති, පරිපුණ්ණපාදස්සෙව ජායති, එවමෙව යස්ස සීලං භින්නං හොති ඛණ්ඩං අපරිපුණ්ණං, තස්ස නිබ්බානගමනාය ඤාණගමනං න සම්පජ්ජති. යස්ස පන තං අභින්නං හොති අඛණ්ඩං පරිපුණ්ණං, තස්ස නිබ්බානගමනාය ඤාණගමනං සම්පජ්ජති. තස්මා සීලං “චරණ”න්ති වුත්තං.
ඒ මේ ශීලය චරණයනට (පාදයනට) සමාන වන බැවින් චරණ නම් වෙති. චරණානි යනුවෙන් පාදයෝ කියනු ලබති. යම්සේ වනාහි සිඳුණු පා ඇති පුරුෂයාගේ දිශාවන්හි සැරිසැරීමක් සිදුනොවේ ද, පිරිපුන් පා ඇත්තහුට ම එය ලැබේද එසේම යමෙකුගේ ශීලය බිඳී යයි ද කඩ වී අපරිපූර්ණව පවතියි ද ඔහුට නිර්වාණාධිගමනය පිණිස වූ ඤාණාධිගමය නො ලැබේ. යමෙකුගේ ශීලය නොබිඳී, කඩ නොවී පිරිපුන්ව පවතී ද ඔහුට නිර්වාණාධිගමනය පිණිස වූ ඤාණාධිගමය සැපයේ. එහෙයින් ශීලය ‘චරණ’ යැයි කියන ලදී.
තදෙතං සංයමනවසෙන සංයමො. සංවරණවසෙන සංවරොති උභයෙනාපි සීලසංයමො චෙව සීලසංවරො ච කථිතො. වචනත්ථො පනෙත්ථ සංයමෙති වීතික්කමවිප්ඵන්දනං , පුග්ගලං වා සංයමෙති වීතික්කමවසෙන තස්ස විප්ඵන්දිතුං න දෙතීති සංයමො. වීතික්කමස්ස පවෙසනද්වාරං සංවරති පිදහතීති සංවරො.
එම ශීලයම සංයම වශයෙන් සඤ්ඤමො සඤ්ඤම නමි. සංවර වශයෙන් සංවරො සංවර නමි. මේ වචන දෙකින් ම සීල සංයමයත්, සීල සංවරයත් කියන ලදී. මෙහි වචනාර්ථය වනාහි ව්යතික්රම (ඉක්මවීම්, කඩවීම්) හා ‘සසලවීම් සන්සුන් කරති’යි පුද්ගලයා හෝ හික්මවතියි, ‘ව්යතික්රම වශයෙන් සසලවීමට ඔහුට ඉඩ නොදෙති’යි ‘සංයම’ නම් වේ. ‘ව්‍යතික්‍රමයට පිවිසෙන දොර අවුරති’ යි, ‘වසති’යි සංවර නම් වේ.
මොක්ඛන්ති උත්තමං මුඛභූතං වා. යථා හි සත්තානං චතුබ්බිධො ආහාරො මුඛෙන පවිසිත්වා අඞ්ගමඞ්ගානි ඵරති, එවං යොගිනොපි චතුභූමකකුසලං සීලමුඛෙන පවිසිත්වා අත්ථසිද්ධිං සම්පාදෙති. තෙන “මොක්ඛ”න්ති. පමුඛෙ සාධූති පාමොක්ඛං, පුබ්බඞ්ගමං සෙට්ඨං පධානන්ති අත්ථො. කුසලානං ධම්මානං සමාපත්තියාති චතුභූමකකුසලානං පටිලාභත්ථාය පාමොක්ඛං පුබ්බඞ්ගමං සෙට්ඨං පධානන්ති වෙදිතබ්බං.
මොක්ඛං යනු උතුම් හෝ ප්රමුඛ වූයේ යි. යම්සේ සත්ත්වයන්ගේ සතරවැදෑරුම් වූ ආහාර මුවින් පිවිස අංග ප්‍රත්‍යංගයන් වෙත පැතිර යන්නේ ද, එසේම යෝගාවචරයාගේ ද චාතුර්භුමික කුශලය සීල නැමති මුඛයෙන් පිවිස, අර්ථ සිද්ධිය සම්පදනය කරයි. එහෙයින් සීලය මොක්ඛං යනු ප්රමුඛ වේ. සාධු යනු ප්රමුඛ, පූර්වාගම, ශ්‍රේෂ්ඨ හෝ ප්‍රධාන වෙති යි යන අර්ථයි. කුසලානං ධම්මානං සමාපත්තියා චාතුර්භූමික කුශල ධර්මයන්ගේ ප්‍රතිලාභය පිණිස මුල් වෙති’යි, මුඛ්‍ය වෙතියි, පූර්වාංගම වෙතියි, ශ්‍රේෂ්ඨ වෙතියි, ප්‍රධාන වෙතියි දතයුතුය.
විවිච්චෙව කාමෙහීති කාමෙහි විවිච්ච විනා හුත්වා අපක්කමිත්වා. යො පනායමෙත්ථ එවකාරො, සො නියමත්ථොති වෙදිතබ්බො. යස්මා ච නියමත්ථො, තස්මා තස්මිං පඨමං ඣානං උපසම්පජ්ජ විහරණසමයෙ අවිජ්ජමානානම්පි කාමානං තස්ස පඨමජ්ඣානස්ස පටිපක්ඛභාවං කාමපරිච්චාගෙනෙව චස්ස අධිගමං දීපෙති. කථං? “විවිච්චෙව කාමෙහී”ති එවඤ්හි නියමෙ කරියමානෙ ඉදං පඤ්ඤායති, නූනිමස්ස ඣානස්ස කාමා පටිපක්ඛභූතා, යෙසු සති ඉදං න පවත්තති අන්ධකාරෙ සති පදීපොභාසො විය, තෙසං පරිච්චාගෙනෙව චස්ස අධිගමො හොති ඔරිමතීරපරිච්චාගෙන පාරිමතීරස්සෙව. තස්මා නියමං කරොතීති.
විවිච්චෙව කාමෙහි යනු කාමයන් කෙරෙන් දුරුවී, වෙන්වී, ඉවත්වී, මෙහි යම් එව කාරයෙක් වේද, එය නියමාර්ථ (නිශ්චයාර්ථ) ඇත්තේයැයි දතයුතුය. යම්හෙයකින් නිශ්චයාර්ථ වේද, එහෙයින්, ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙනවිට අවිද්‍යමාන වුව ද, එම ප්‍රථමධ්‍යානයට ප්රතිපක්ෂ වූ කාමයන්ගේ පරිත්‍යාගයෙනි. (අත්හැරීමෙන් ම එහි (ධ්‍යානයෙහි) අධිගමය වෙති’යි දක්වයි.) කෙසේද යත්, විවිච්චෙව කාමෙහි යනුවෙන් මෙසේ නිශ්චය කරනු ලබනවිට, කාමයෝ ද්විතීය ධ්‍යානයට ප්රතිපක්ෂයහ. එම කාමයන් ඇති කල මෙය (ද්විතීය ධ්‍යානය) නොපවතිතැයි යන මෙය පැනවේ. (හැඟවේ.) අන්ධකාරය ඇති තැන ප්‍රදීපාලෝකය මෙන් එම (කාමයන්) අත්හැරීමෙන් ම එහි (එම ධ්‍යානයෙහි) අධිගමය සිද්ධ වේ. මෙතෙර හැරයාමෙන් එතෙරට යාම වන හෙයිනි. එහෙයින් (නියමං කරොති) ‘නියම කෙරෙති’යි කී නියායි.
තත්ථ සියා “කස්මා පනෙස පුබ්බපදෙයෙව වුත්තො න උත්තරපදෙ, කිං අකුසලෙහි ධම්මෙහි අවිවිච්චාපි ඣානං උපසම්පජ්ජ විහරෙය්යා”ති? න ඛො පනෙතං එවං දට්ඨබ්බං. තංනිස්සරණතො හි පුබ්බපදෙ එව එස වුත්තො. කාමධාතුසමතික්කමනතො හි කාමරාගපටිපක්ඛතො ච ඉදං ඣානං කාමානමෙව නිස්සරණං. යථාහ – “කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්ම”න්ති (ඉතිවු· 72). උත්තරපදෙපි පන යථා “ඉධෙව, භික්ඛවෙ, සමණො, ඉධ දුතියො සමණො”ති (ම· නි· 1.139) එත්ථ එවකාරො ආනෙත්වා වුච්චති, එවං වත්තබ්බො. න හි සක්කා ඉතො අඤ්ඤෙහිපි නීවරණසඞ්ඛාතෙහි අකුසලෙහි ධම්මෙහි අවිවිච්ච ඣානං උපසම්පජ්ජ විහරිතුං. තස්මා විවිච්චෙව කාමෙහි විවිච්චෙව අකුසලෙහි ධම්මෙහීති එවං පදද්වයෙපි එස දට්ඨබ්බො. පදද්වයෙපි ච කිඤ්චාපි විවිච්චාති ඉමිනා සාධාරණවචනෙන තදඞ්ගවිවෙකාදයො කායවිවෙකාදයො ච සබ්බෙපි විවෙකා සඞ්ගහං ගච්ඡන්ති, තථාපි පුබ්බභාගෙ කායවිවෙකචිත්තවිවෙකවික්ඛම්භනවිවෙකා දට්ඨබ්බා. ලොකුත්තරමග්ගක්ඛණෙ කායවිවෙකචිත්තවිවෙකසමුච්ඡෙදවිවෙකනිස්සරණවිවෙකා.
එහි, කවර හෙයකින් වනාහි, මෙය (එව කාරය), (විවිච්ච අකුසලෙහි ධම්මෙහි යන) පසුපදයෙහි නො කියා (විවිච්චෙව කාමෙහි යන) පෙර පදයෙහි පමණක් කියන ලද්දේ ද යත්, ‘අකුසල ධර්මයන්ගෙන් නොවෙන් වුව ද ධ්‍යානයට පැමිණ විසිය හැකියයි මෙසේ මෙය නො දතයුතුයි. එය නිස්සරණ (ඉවත්වීම්) වශයෙන් පූර්ව පදයෙහිම කියන ලදී. කාමධාතුව ඉක්මවා පැවතීමෙන් ද කාමරාගයට ප්රතිපක්ෂ වූ බැවින් ද මේ ධ්‍යානය කාමයන් කෙරෙන් ම නිස්සරණ යයි. (නික්මීමයි.) කියන ලද මැයි. ‘යම් මේ ධ්‍යානයෙක් වේ ද එය කාමයන් කෙරෙන් නික්ම යාම ය, නෛෂ්ක්‍රම්‍යය මැයි’ යනු කී හෙයින් පසු පදයෙහි ද (එව කාරය) වේ. පසුපදයෙහි ද යම්සේ ‘ඉධෙව භික්ඛවෙ සමණො ඉධ දුතියො සමණො’යි (මහණෙනි, සෝවාන් ශ්‍රමණ තෙමේ මේ සසුනෙහි ම වේ. දෙවනු කී සකෘදාගාමී ශ්‍රමණ තෙමේ ද මේ සසුනෙහිම වේ.) යන මෙහි ‘එව’ කාරය පමුණුවා කියනු ලැබේ ද මෙසේ ම මෙහිදී ද කිවයුතුය. මෙයින් බාහිර සසුනක වූවන් විසිනුදු නීවරණ සංඛ්‍යාත වූ අකුශල ධර්මයන්ගෙන් නොවෙන් ව ධ්යානයනට පැමිණ විසීමට නොහැකි ය. එහෙයින් ‘කාමයන්ගෙන් වෙන්ව ම, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව ම’යි මෙසේ දෙපදයෙහි ම ‘ම’ වෙතියි දතයුතුයි. එතෙකුදු වුවත් විවිච්ච යැයි දෙපදයෙහිම යෙදේ. මේ සාධාරණ (පොදු) වචනයෙන් තදංග, වික්ඛම්භණ, සමුච්ඡේද, පටිප්පස්සද්ධි, නිස්සරණ යන විවේකයෝ ද චිත්ත කාය උපධි විවේකයෝ ද සංග්‍රහයට යෙති. එසේම පූර්ව භාගයෙහි (මුල් අවස්ථාවෙහි) කාය, චිත්ත විවේකයන්ද විෂ්කම්භන විවේකයන් ද දතයුතුයි. ලෝකෝත්තර මාර්ග ක්ෂණයෙහි දී කාය විවේකය, චිත්ත විවේකය, සමුච්ඡේද විවේකය හා නිස්සරණ විවේකය දතයුතුයි.
කාමෙහීති ඉමිනා පන පදෙන යෙ ච ඉධ “කතමෙ වත්ථුකාමා මනාපිකා රූපා”තිආදිනා නයෙන වත්ථුකාමා වුත්තා, යෙ ච ඉධෙව විභඞ්ගෙ “ඡන්දො කාමො රාගො කාමො ඡන්දරාගො කාමො සඞ්කප්පො කාමො රාගො කාමො සඞ්කප්පරාගො කාමො”ති එවං කිලෙසකාමා වුත්තා, තෙ සබ්බෙපි සඞ්ගහිතා ඉච්චෙව දට්ඨබ්බා. එවඤ්හි සති විවිච්චෙව කාමෙහීති වත්ථුකාමෙහිපි විවිච්චෙවාති අත්ථො යුජ්ජති. තෙන කායවිවෙකො වුත්තො හොති.
කාමෙහි යන මේ පදයෙන් (කාම සූත්‍ර නිද්දේසයෙහි) ‘කතමෙ වත්ථුකාමා, මනාපිකා රූපා (වස්තු කාමයෝ කවරහුද? මනාප වූ රූපාදියයි.) ආදියෙන් ඉහතදී වස්තු කාමයෝ කියන ලද්දාහුමය. විභංගයෙහි, ‘ඡන්දය කාමයයි. රාගය කාමයයි. ඡන්දරාගය කාමයයි. සංකල්පය කාමයයි. රාගය කාමයයි. සංකල්පය කාමයයි. රාගය කාමයයි. සංකල්ප රාගය කාමයයි’ යනුවෙන් මෙසේ කෙලෙස් කාමය විස්තර කරන ලදී. ඒ සියල්ලම එක්ව ගෙන මෙහි අර්ථ දතයුතුයි. මෙසේ ඇති කල්හි විවිච්චෙව කාමෙහි යන්නෙන් වස්තු කාමයන් කෙරෙන් ද තොර වූයේම ය’ යන අර්ථය යෙදේ. එයින් කාය විවේකය අදහස් කරන ලදී.
විවිච්ච අකුසලෙහි ධම්මෙහීති කිලෙසකාමෙහි සබ්බාකුසලෙහි වා විවිච්චාති අත්ථො යුජ්ජති. තෙන චිත්තවිවෙකො වුත්තො හොති. පුරිමෙන චෙත්ථ වත්ථුකාමෙහි විවෙකවචනතො එව කාමසුඛපරිච්චාගො, දුතියෙන කිලෙසකාමෙහි විවෙකවචනතො නෙක්ඛම්මසුඛපරිග්ගහො විභාවිතො හොති . එවං වත්ථුකාමකිලෙසකාමවිවෙකවචනතොයෙව ච එතෙසං පඨමෙන සංකිලෙසවත්ථුප්පහානං, දුතියෙන සංකිලෙසප්පහානං. පඨමෙන ලොලභාවස්ස හෙතුපරිච්චාගො, දුතියෙන බාලභාවස්ස. පඨමෙන ච පයොගසුද්ධි, දුතියෙන ආසයපොසනං විභාවිතං හොතීති ඤාතබ්බං . එස තාව නයො “කාමෙහී”ති එත්ථ වුත්තකාමෙසු වත්ථුකාමපක්ඛෙ .
විවිච්ච අකුසලෙහි ධම්මෙහි යනුවෙන් ‘කෙලෙස්’ කාමයන්ගෙන්, සියලු අකුසලයන්ගෙන් හෝ වෙන්වමැ’යි යන අර්ථය යෙදේ. ඉන් චිත්ත විවේකය අදහස් වේ. මෙහිදී පූර්ව වචනයෙන් කාමයෙන් දුරුවීම කී හෙයින් කාමසුඛ පරිත්‍යාගය (අතහැරීම) ද දෙවන වචනයෙන් කෙලෙස් කාමයන්ගෙන් වෙන්වීම පැවසෙන හෙයින් නෙක්ඛම්ම සුඛ පරිගහණය ද විස්තර කරන ලද්දේ වේ. මෙසේ වස්තුකාම, කෙලෙස් කාම දෙකින් දුරුවීමෙන් ම, මේ දෙක අතුරින් පළමුවැන්නෙන් කෙලෙස් දනවන වස්තු කාමයන්ගේ ප්රහාණය හා දෙවැන්නෙන් ක්ලේශ කාමයන්ගේ ප්රහාණය ද පළමුවැන්නෙන් ලොල් බවෙහි හේතු පරිත්‍යාගය හා දෙවැන්නෙන් අඥානතා ප්රහාණය ද පළමුවැන්නෙන් ප්‍රයෝග සිද්ධිය හා දෙවැන්නෙන් ආශ්‍රය ශෝධනය ද දක්වන ලදැයි දතයුතුයි. මේ පළමු නයයි. කාමෙහි යන මෙහි වස්තුකාම පක්ෂයෙහි ‘වස්තුකාමයෙන්’යි කියන ලදී.
කිලෙසකාමපක්ඛෙ පන ඡන්දොති ච රාගොති ච එවමාදීහි අනෙකභෙදො කාමච්ඡන්දොව “කාමො”ති අධිප්පෙතො. සො ච අකුසලපරියාපන්නොපි සමානො “තත්ථ කතමො කාමච්ඡන්දො, කාමො”තිආදිනා නයෙන විභඞ්ගෙ ඣානපටිපක්ඛතො විසුං වුත්තො. කිලෙසකාමත්තා වා පුරිමපදෙ වුත්තො, අකුසලපරියාපන්නත්තා දුතියපදෙ. අනෙකභෙදතො චස්ස කාමතොති අවත්වා කාමෙහීති වුත්තං. අඤ්ඤෙසම්පි ච ධම්මානං අකුසලභාවෙ විජ්ජමානෙ “තත්ථ කතමෙ අකුසලා ධම්මා, කාමච්ඡන්දො”තිආදිනා නයෙන විභඞ්ගෙ (විභ· 564) උපරිඣානඞ්ගානං පච්චනීකපටිපක්ඛභාවදස්සනතො නීවරණානෙව වුත්තානි. නීවරණානි හි ඣානඞ්ගපච්චනීකානි තෙසං ඣානඞ්ගානෙව පටිපක්ඛානි, විද්ධංසකානි විඝාතකානීති වුත්තං හොති. තථා හි “සමාධි කාමච්ඡන්දස්ස පටිපක්ඛො, පීති බ්යාපාදස්ස, විතක්කො ථිනමිද්ධස්ස, සුඛං උද්ධච්චකුක්කුච්චස්ස, විචාරො විචිකිච්ඡායා”ති පෙටකෙ වුත්තං.
කෙලෙස් කාම පක්ෂයෙහි වනාහි ඡන්දය ද රාගය ද යන මේ ආදී වශයෙන් අනේක භේද ඇත්තේ වේ. කාමච්ඡන්දය ද කාමය යැයි අදහස් කරන ලදී. එය ද අකුසල පර්යාපන්න (ඇතුළත්) වූයේ ‘තත්ථ කතමො කාමච්ඡන්දො කාමො’ (එහි කාමච්ඡන්ද කාමය කවරේද?) ආදී නයින් විභංගයෙහි ධ්යනයනට ප්රතිපක්ෂ වශයෙන් වෙනම දක්වන ලදී. කෙලෙස් කාම වූ බැවින් හෝ මුල්පදයෙහි ද අකුසල පර්යාපන්න (ඇතුළත්) වූ බැවින් දෙවන පදයෙහි ද කියන ලදී. මෙහි (කාමයෙහි) අනේක භේද වශයෙන් කාමතො යැයි නොපවසා කාමෙහි යැයි කියන ලදී. සෙසු ධර්ම ස්වභාවයන්ගේ ද අකුසල භාවය විද්‍යමාන වන කල්හි, ‘කතමෙ අකුසලා ධම්මා කාමච්ඡන්දො’ එහි ‘අකුසල ධර්මයෝ කවරහුද? කාමච්ඡන්දය.......’ ආදි නයින් විභංගයෙහි මතු ධ්යානාංගයනට විරුද්ධ බව, ප්රතිපක්ෂ බව දැක්වීම් වශයෙන් නීවරණයෝ ම කියන ලද්දාහ. නීවරණයෝ වනාහි ධ්යානාංගයනට විරුද්ධයහ. ධ්‍යානයෙන්ම නෙසං එම නීවරණයනට (ධ්‍යානාංගයන්) ප්රතිපක්ෂයහ යි විධ්වංශකය හ’යි, විඝාතකයහ’යි කී නියායි. ඒ එසේමැයි. ‘සමාධිය කාමච්ඡන්දයට ද ප්‍රීතිය ව්‍යාපාදයට ද විතර්කය ථීනමිද්ධයට ද සුඛය උද්ධච්ච කුක්කුච්චයට ද විචාරය විචිකිච්ඡාවට ද ප්රතිපක්ෂයහ’යි පේටකෝපදේසයෙහි කියන ලදී.
එවමෙත්ථ විවිච්චෙව කාමෙහීති ඉමිනා කාමච්ඡන්දස්ස වික්ඛම්භනවිවෙකො වුත්තො හොති, විවිච්ච අකුසලෙහි ධම්මෙහීති ඉමිනා පඤ්චන්නම්පි නීවරණානං. අග්ගහිතග්ගහණෙන පන පඨමෙන කාමච්ඡන්දස්ස, දුතියෙන සෙසනීවරණානං. තථා පඨමෙන තීසු අකුසලමූලෙසු පඤ්චකාමගුණභෙදවිසයස්ස ලොභස්ස, දුතියෙන ආඝාතවත්ථුභෙදාදිවිසයානං දොසමොහානං. ඔඝාදීසු වා ධම්මෙසු පඨමෙන කාමොඝකාමයොගකාමාසවකාමුපාදානඅභිජ්ඣාකායගන්ථකාමරාගසංයොජනානං, දුතියෙන අවසෙසඔඝයොගාසවඋපාදානගන්ථසංයොජනානං. පඨමෙන ච තණ්හාය තංසම්පයුත්තකානඤ්ච, දුතියෙන අවිජ්ජාය තංසම්පයුත්තකානඤ්ච. අපි ච පඨමෙන ලොභසම්පයුත්තඅට්ඨචිත්තුප්පාදානං, දුතියෙන සෙසානං චතුන්නං අකුසලචිත්තුප්පාදානං වික්ඛම්භනවිවෙකො වුත්තො හොතීති වෙදිතබ්බො.
මෙසේ මෙහිදී විවිච්චෙව කාමෙහි යන මෙයින් කාමච්ඡන්දයේ විෂ්කම්භන විවේකය දක්වන ලදී. විවිච්ච අකුසලෙහි ධම්මෙහි යන මෙයින් නීවරණ පංචකය ම නොගැනීමෙන්, පළමු පදයෙන් කාමච්ඡන්දයෙහි හා දෙවැන්නෙන් සෙසු නීවරණයන්ගේ ද, එසේම පළමුවැන්නෙන් ත්‍රිවිධ අකුශල මූලයන්හි පංචකාම ගුණභේද විෂය වූ ලෝභයෙහි හා දෙවැන්නෙන් ආඝාත වස්තු (වෛරයට හේතු) ආදිය විෂයකොට ඇති ද්වේෂ මෝහයන්ගේද, පළමුවැන්නෙන් ඕඝාදී ධර්ම අතුරින් කාමෝඝ, කාමයෝග, කාමාශ්‍රව, කාමූපාදාන, අභිධ්‍යා, කාය ග්රන්ථ, කාමරාග සංයෝජනයන්ගේ හා දෙවැන්නෙන් සෙසු ඕඝ යෝග - ආශ්‍රව - උපාදාන - ග්රන්ථ සංයෝජනයන්ගේ ද, පළමුවැන්නෙන් තණ්හාවෙන් සහ ඒ හා සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ හා දෙවැන්නෙන් අවිද්‍යාවෙන් සහ ඒ හා සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ ද පළමුවැන්නෙන් ලෝභ සම්ප්‍රයුක්ත අෂ්ට අකුසල චිත්තුප්පාදයන්ගේ හා දෙවැන්නෙන් සෙසු දෝස - මෝහ චතුෂ් කුසල චිත්තුප්පාදයන්ගේ ද විෂ්කම්භන විවේකය කියන ලදැයි දතයුතුයි.
එත්තාවතා ච පඨමස්ස ඣානස්ස පහානඞ්ගං දස්සෙත්වා ඉදානි සම්පයොගඞ්ගං දස්සෙතුං “සවිතක්කං සවිචාර”න්තිආදි වුත්තං. තත්ථ ආරම්මණෙ චිත්තස්ස අභිනිරොපනලක්ඛණො විතක්කො, ආරම්මණානුමජ්ජනලක්ඛණො විචාරො. සන්තෙපි ච නෙසං කත්ථචි අවියොගෙ ඔළාරිකට්ඨෙන පුබ්බඞ්ගමට්ඨෙන ච ඝණ්ඩාභිඝාතො විය චෙතසො පඨමාභිනිපාතො විතක්කො, සුඛුමට්ඨෙන අනුමජ්ජනසභාවෙන ච ඝණ්ඩානුරවො විය අනුපබන්ධො විචාරො. විප්ඵාරවා චෙත්ථ විතක්කො පඨමුප්පත්තිකාලෙ පරිප්ඵන්දනභූතො චිත්තස්ස, ආකාසෙ උප්පතිතුකාමස්ස පක්ඛිනො පක්ඛවික්ඛෙපො විය, පදුමාභිමුඛපාතො විය ච ගන්ධානුබන්ධචෙතසො භමරස්ස. සන්තවුත්ති විචාරො නාතිපරිප්ඵන්දනභාවො චිත්තස්ස, ආකාසෙ උප්පතිතස්ස පක්ඛිනො පක්ඛප්පසාරණං විය, පරිබ්භමනං විය ච පදුමාභිමුඛපතිතස්ස භමරස්ස පදුමස්ස උපරිභාගෙ.
මෙපමණෙකින් ප්‍රථම ධ්‍යානයෙන් ප්‍රහීණ කළයුතු අංගයන් දක්වා ඉක්බිති සම්ප්රයෝගාංගයන් (ධ්‍යානය සමග සම්ප්‍රයුක්ත අංගයන්) දැක්වීමට ‘සවිතක්කං සවිචාරං’ යනාදිය කියන ලදී. එහි අරමුණෙහි සිත නංවන, පිහිටුවන ලක්ෂණය විතක්කො විතක්ක යි. අරමුණු පිරිමදින සිත හසුරුවන ස්වභාවය විචාරො විචාරයි. මේ දෙකෙහි අවියෝගත්වය (වෙන් නොවීම) කිසි තැනෙක්හි ඇතත් ඕලාරික (මහත්ය යන) අර්ථයෙන් ද පූර්වාංගම (පෙරටුව යතැයි යන) අර්ථයෙන් ද, ඝණ්ටා ප්‍රහාරයක් වැනි සිතෙහි පළමු (අරමුණේ) හැපීම විතර්කයයි. සියුම්ය යන අර්ථයෙන් ද පිරිමදින ස්වභාවයෙන් ද ඝණ්ටානුරාවය මෙන් (ඝණ්ඨාව ගැසීම) අනුව නො නැවතී පවතිනුයේ විචාරයයි. මෙහි විතර්කය පළමුව උපදින අවස්ථාවේ සිතෙහි ස්පන්දනය (සසල වීම) වැනි වූ පැතිරයාමයි. එය අහසට නගිනු කැමති පක්ෂියකුගේ පියාපත් චංචලවීම මෙන් ද සුවඳ අනුව පැමිණි බඹරෙකු පියුමක් මතට බැසීම මෙන් ද වේ. විචාරය සිතෙහි සසලවීම අධික නොවූ සන්සුන් පැවැත්මයි. එය අහසට නැගි පක්ෂියා පියාපත් දිගහැර අහසේ පියාසර කිරීම මෙන් ද පියුමට වැසූ බඹරා පියුම මත හැසිරීම මෙන් ද වේ.
දුකනිපාතට්ඨකථායං පන “ආකාසෙ ගච්ඡතො මහාසකුණස්ස උභොහි පක්ඛෙහි වාතං ගහෙත්වා පක්ඛෙ සන්නිසීදාපෙත්වා ගමනං විය ආරම්මණෙ චෙතසො අභිනිරොපනභාවෙන පවත්තො විතක්කො, වාතග්ගහණත්ථං පක්ඛෙ ඵන්දාපයමානස්ස ගමනං විය අනුමජ්ජනභාවෙන පවත්තො විචාරො”ති වුත්තං. තං අනුප්පබන්ධෙන පවත්තියං යුජ්ජති. සො පන නෙසං විසෙසො පඨමදුතියජ්ඣානෙසු පාකටො හොති. අපි ච මලග්ගහිතං කංසභාජනං එකෙන හත්ථෙන දළ්හං ගහෙත්වා ඉතරෙන හත්ථෙන චුණ්ණතෙලවාලණ්ඩුපකෙන පරිමජ්ජන්තස්ස දළ්හග්ගහණහත්ථො විය විතක්කො. පරිමජ්ජනහත්ථො විය විචාරො. තථා කුම්භකාරස්ස දණ්ඩප්පහාරෙන චක්කං භමයිත්වා භාජනං කරොන්තස්ස උප්පීළනහත්ථො විය විතක්කො. ඉතො චිතො ච සඤ්චරණහත්ථො විය විචාරො. තථා මණ්ඩලං කරොන්තස්ස මජ්ඣෙ සන්නිරුම්භිත්වා ඨිතකණ්ටකො විය අභිනිරොපනො විතක්කො. බහි පරිබ්භමනකණ්ටකො විය අනුමජ්ජමානො විචාරො. ඉති ඉමිනා ච විතක්කෙන ඉමිනා ච විචාරෙන සහ වත්තති රුක්ඛො විය පුප්ඵෙන ච ඵලෙන චාති ඉදං ඣානං “සවිතක්කං සවිචාර”න්ති වුච්චති.
දුක නිපාත අටුවාවෙහි මෙසේ විස්තර වේ. ‘අහසින් පියඹා යන මහා පක්ෂියාගේ පියාපත් දෙකින් වාතය (රුකුල්) ගෙන පියාපත් සන්සිඳුවා (නිසලව තබාගෙන) යාම මෙන් අරමුණෙහි සිත නැංවූ ස්වභාවයෙන් පවතිනුයේ විතර්කයයි. වාතය (රුකුල්) ගැනීමට පියාපත් ගසමින් ගමන් කිරීම මෙන් පිරිමැදීම් භාවයෙන් පවතිනුයේ විචාරයයි.’ මෙම ක්‍රියාවලිය නොනවත්වා පැවැත්වීම වේ. මේ විතක්ක විචාර දෙකෙහි විශේෂය (වෙනස්කම) ප්‍රථම, ද්විතීය ධ්‍යානයන්හි ප්රකටව වේ. තවද මල බැඳුණු යකඩ භාජනයක් එක් අතකින් දැඩිව ගෙන, අනික් අතින් සුණු තෙල් සහිත සුඹුලුවෙකින් පිරිමදිනවිට, එම භාජනය දැඩිව ගත් අත විතර්කය වැනිය. පිරිමදින අත විචාරය වැනි ය. එසේම කුම්භකාරකයකු දණ්ඩෙන් ගසා සක කරකවා භාජනයක් සෑදීමේදී තදින් අල්ලාගත් අත විතර්කය වැනිය. ඔබමොබ සැරිසරන අත විචාරය වැනිය. එසේම, අරමුණෙහි පිහිටන විතර්කය, වෘත්තයක් (වටයක්) අදින්නහුගේ මධ්‍යයෙහි සිටුවාගත් හුල වැනිය. පිරිමදින ස්වභාව ඇති විචාරය, පිටතින් (වටකොට) බමන (රැහැන් අග බැඳි) හුල වැනිය. මෙසේ (විස්තර කළ) ‘මේ විතක්කයෙන් ද විචාරයෙන් ද යුක්තව පවතින ඵලින් හා මලින් යුතු ගසක් මෙන් මේ ‘ධ්‍යානය සවිතක්කය. සවිචාර යැයි කියනු ලැබේ.
විවෙකජන්ති එත්ථ විවිත්ති විවෙකො, නීවරණවිගමොති අත්ථො. විවිත්තොති වා විවෙකො, නීවරණවිවිත්තො ඣානසම්පයුත්තධම්මරාසීති අත්ථො. තස්මා විවෙකා, තස්මිං වා විවෙකෙ ජාතන්ති විවෙකජං. පීතිසුඛන්ති එත්ථ පිණයතීති පීති, සා සම්පියායනලක්ඛණා. සා පනෙසා ඛුද්දිකාපීති , ඛණිකාපීති, ඔක්කන්තිකාපීති, උබ්බෙගාපීති, ඵරණාපීතීති පඤ්චවිධා හොති.
විවෙකජං යනු ‘මෙහි විවික්ත බව විවේකයයි. නීවරණයන්ගෙන් වෙන්වීමය’ යන අර්ථයි. ‘වෙන් වූයේ හෝ විවේකයි. නීවරණයන්ගෙන් තොර වූ ධ්‍යාන සම්ප්‍රයුක්ත ධර්ම රාශියයි යන අර්ථයි. එම විවේකයෙන් හෝ එම විවේකයෙහි උපන්හ’යි යන අර්ථයෙන් ‘විවේකජ’ නම් වේ. පීතිසුඛං යනු මෙහි පිනවානුයි පීති නමි. එය ප්රියකරවන ලක්ෂණ ඇත්තේ ය. එම ප්‍රීතිය :- බුද්දක ප්‍රීතිය, ඛණික ප්‍රීතිය, ඔක්කන්තික ප්‍රීතිය, උබ්බේග ප්‍රීතිය හා ඵරණ ප්‍රීතිය යනුවෙන් පංචවිධ වේ.
තත්ථ ඛුද්දිකාපීති සරීරෙ ලොමහංසමත්තමෙව කාතුං සක්කොති. ඛණිකාපීති ඛණෙ ඛණෙ විජ්ජුප්පාදසදිසා හොති. ඔක්කන්තිකාපීති සමුද්දතීරං වීචි විය, කායං ඔක්කමිත්වා ඔක්කමිත්වා භිජ්ජති. උබ්බෙගාපීති බලවතී හොති, කායං උද්ධග්ගං කත්වා ආකාසෙ ලඞ්ඝාපනප්පමාණපත්තා.
එහි, බුද්දක ප්‍රීතිය ශරීරයේ ලොමුඩැහැගැනීම පමණක්ම ජනිත කිරීමට සමත් වේ. ඛණික ප්‍රීතිය ක්ෂණයක් ක්ෂණයක් පාසා උපදින විදුලිය හා සමාන වේ. ඔක්කන්තික ප්‍රීතිය මුහුදු තීරයේ රළ පෙළ මෙන් කය තුළ නැගි නැගී බිඳී යයි. උබ්බේග ප්‍රීතිය බලවත් වේ. කය ඔසවා අහසට නංවන්නට තරම් බලවත් වේ.
ඵරණාපීති අතිබලවතී හොති. තාය හි උප්පන්නාය සකලසරීරං ධමිත්වා පූරිතවත්ථි විය මහතා උදකොඝෙන පක්ඛන්දපබ්බතකුච්ඡි විය ච අනුපරිප්ඵුටං හොති. සා පනෙසා පඤ්චවිධා පීති ගබ්භං ගණ්හන්තී පරිපාකං ගච්ඡන්තී දුවිධං පස්සද්ධිං පරිපූරෙති කායපස්සද්ධිඤ්ච චිත්තපස්සද්ධිඤ්ච, පස්සද්ධි ගබ්භං ගණ්හන්තී පරිපාකං ගච්ඡන්තී දුවිධම්පි සුඛං පරිපූරෙති කායිකං චෙතසිකඤ්ච, සුඛං ගබ්භං ගණ්හන්තං පරිපාකං ගච්ඡන්තං තිවිධං සමාධිං පරිපූරෙති ඛණිකසමාධිං උපචාරසමාධිං අප්පනාසමාධිඤ්චාති. තාසු යා අප්පනාසමාධිස්ස මූලං හුත්වා වඩ්ඪමානා සමාධිසම්පයොගඞ්ගතා ඵරණාපීති, අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා පීතීති.
ඵරණ ප්‍රීතිය ඉතා බලවත් වේ. ඒ ප්‍රීතිය උපන් කල්හි මුලු සිරුරම පිඹ පුරවා දැමූ වස්තියක් මෙන් ද මහත් ජල ප්‍රවාහයක් ඇතුලට වැදී ගිය පර්වත ගුහාවක් මෙන් ද හාත්පසින් පැතිරගත්තේ වේ. මේ පංචවිධ ප්‍රීතිය ගැබ්ගෙන (ඇතුළත හටගෙන) මුහුකුරා යනුයේ කාය පස්සද්ධිය හා චිත්ත පස්සද්ධිය යන දෙවැදෑරුම් පස්සද්ධි සම්පූර්ණ කරයි. පස්සද්ධිය ගැබ්ගෙන මුහුකුරා යනුයේ කායික චෛතසික සුඛය සම්පුර්ණ කරයි. සුඛය ගැබ්ගෙන මුහුකුරා යනුයේ බණික සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය යන ත්‍රිවිධ සමාධිය සම්පූර්ණ කරයි.
ඉතරං පන සුඛයතීති සුඛං, යස්ස උප්පජ්ජති, තං සුඛිතං කරොතීති අත්ථො. සුඛනං වා සුඛං, සුට්ඨු වා ඛාදති ඛණති ච කායචිත්තාබාධන්ති සුඛං, සොමනස්සවෙදනායෙතං නාමං. තං සාතලක්ඛණං. සන්තෙපි ච නෙසං කත්ථචි අවිප්පයොගෙ ඉට්ඨාරම්මණපටිලාභතුට්ඨි පීති, පටිලද්ධරසානුභවනං සුඛං. යත්ථ පීති, තත්ථ සුඛං, යත්ථ සුඛං, තත්ථ න නියමතො පීති. සඞ්ඛාරක්ඛන්ධසඞ්ගහිතා පීති, වෙදනාක්ඛන්ධසඞ්ගහිතං සුඛං. කන්තාරඛින්නස්ස වනන්තොදකදස්සනසවනෙසු විය පීති, වනච්ඡායප්පවෙසනඋදකපරිභොගෙසු විය සුඛං. තස්මිං තස්මිං සමයෙ පාකටභාවතො චෙතං වුත්තන්ති වෙදිතබ්බං. ඉති අයඤ්ච පීති ඉදඤ්ච සුඛං අස්ස ඣානස්ස, අස්මිං වා ඣානෙ අත්ථීති ඉදං ඣානං “පීතිසුඛ”න්ති වුච්චති.
එම (පංචවිධ ප්‍රීතින්) අතුරෙන් අර්පණා සමාධියට මූලාධාර වී වැඩෙන සමාධිය හා සමග සම්ප්‍රයෝගයට ගිය යම් ඵරණ ප්‍රීතියක් වේද, එය මේ අර්ථයෙහි දී පීති යන්නෙන් අභිප්‍රේත වූ ප්‍රීතියයි. අනික් වදන වනාහි සැපයට පත් කරන්නේනුයි සුඛං සුඛ නම් වේ. යමෙකුට එය ඉපදීමෙන් ඔහු සැපයට පත්කරයි යන අර්ථයයි. නැතහොත්, සුඛිත වීම ‘සුබ’ නම් වේ. ‘කායචිත්ත ආබාධයන් මනාකොට කා දමති’යි, සාරා දමති’යි හෝ සුඛ නම් වේ. සෝමනස්ස වේදනාවට මේ නමෙකි. එය සමනය කිරීම ලක්ෂණ කොට ඇත්තේ ය. කිසිතැනෙක්හි, එම කාය චිත්ත ආබාධයන්ගේ අවියෝගය ඇති කල්හි (එම ආබාධයන් සුව නොවී තිබියදී) පවා ඉෂ්ටාලම්භන ප්‍රතිලාභයෙන් (සිතූ පැතූ ඉටු අරමුණු ලැබීමෙන්) ඇතිවන සතුට පීති නම් වේ. ප්‍රතිලබ්ධ ආලම්බන රසානුභවය (ලද අරමුණු රස විඳීම) ‘සුඛ’ නම් වේ. යම්තැනෙක ප්‍රීතිය වේද එතැන සුඛය ඇත. යම්තැනෙක සුඛය වේද එතැන නියත වශයෙන් ප්‍රීතිය ඇත්තේ නොවේ. ප්‍රීතිය සංඛාර ස්කන්ධයෙහි සංගෘහිත වේ. සුඛය වේදනා ස්කන්ධයෙහි සංගෘහිත වේ. ප්‍රීතිය කාන්තාරයෙහි විඩාවට, වෙහෙසට පත්වූවහුට වනරොදක්, සිසිල් දිය පහරක් දැකීම බඳුය. සුඛය වනරොදට පිවිසීම, ජල පරිභෝගය බඳුය. ඒ ඒ අවස්ථා අනුව, ප්‍රකට වන ස්වභාවය අනුව මේ දෙපදය පවසන ලදැයි දතයුතුයි. මෙසේ ප්‍රීතියත්, සුඛයත් මෙම ධ්යනයෙහි හෝ මෙම ධ්‍යානයට ඇත්තේනුයි මෙම ධ්‍යානය ‘පීති -සුඛය’යි කියනු ලැබේ.
අථ වා පීති ච සුඛඤ්ච පීතිසුඛං ධම්මවිනයාදයො විය. විවෙකජං පීතිසුඛං අස්ස ඣානස්ස, අස්මිං වා ඣානෙ අත්ථීති එවම්පි විවෙකජංපීතිසුඛං. යථෙව හි ඣානං, එවං පීතිසුඛම්පෙත්ථ විවෙකජමෙව හොති, තඤ්චස්ස අත්ථි, තස්මා අලොපසමාසං කත්වා එකපදෙනෙව “විවෙකජංපීතිසුඛ”න්තිපි වත්තුං යුජ්ජති.
නැතහොත් ප්‍රීතිය ද සුඛය ද පීතිසුඛ’ යි, ධර්මවිනය ආදිය මෙනි. විවේකයෙන් හටගත් පීති සුඛය මේ ධ්‍යානයට හෝ මේ ධ්‍යානයෙහි ඇත්තේනුයි විවෙකජං පීතිසුඛං විවේකජ පීතිසුඛ නම් වේ. ධ්‍යානය යම්සේ ද පීති සුඛය ද එසේම මෙහි විවේකජ වේ. එයද (විවේකජය ද) මෙයට (පීති සුබයට) ඇත්තේනුයි, අලුප්ත සමාස කොට එක් පදයක් වශයෙන් ම කිවයුතුය.
පඨමන්ති ගණනානුපුබ්බතා පඨමං, ඉදං පඨමං උප්පන්නන්තිපි පඨමං. ඣානන්ති දුවිධං ඣානං ආරම්මණූපනිජ්ඣානං ලක්ඛණූපනිජ්ඣානඤ්චාති. තත්ථ අට්ඨ සමාපත්තියො පථවීකසිණාදිආරම්මණං උපනිජ්ඣායන්තීති ආරම්මණූපනිජ්ඣානන්ති සඞ්ඛ්‍යං ගතා. විපස්සනාමග්ගඵලානි පන ලක්ඛණූපනිජ්ඣානං නාම. තත්ථ විපස්සනා අනිච්චාදිලක්ඛණස්ස උපනිජ්ඣානතො ලක්ඛණූපනිජ්ඣානං. විපස්සනාය කතකිච්චස්ස මග්ගෙන ඉජ්ඣනතො මග්ගො ලක්ඛණූපනිජ්ඣානං, ඵලං පන නිරොධසච්චං තථලක්ඛණං උපනිජ්ඣායතීති ලක්ඛණූපනිජ්ඣානං. තෙසු ඉධ පුබ්බභාගෙ ආරම්මණූපනිජ්ඣානං, ලොකුත්තරමග්ගක්ඛණෙ ලක්ඛණූපනිජ්ඣානං අධිප්පෙතං. තස්මා ආරම්මණූපනිජ්ඣානතො ච ලක්ඛණූපනිජ්ඣානතො ච පච්චනීකඣාපනතො ච ඣානන්ති වෙදිතබ්බං.
පඨමං යනු අනුපිළිවෙලින් ගණනය කිරීම් වශයෙන් ‘පඨම’ යි, ‘පළමුව උපන්හ’යි ද පඨම වේ. ඣානං ඣාන යනු ධ්‍යානයයි. එය ආරම්මණ පනිජ්ඣාන හා ලක්ඛණුපනිජ්ඣාන වශයෙන් දෙවැදෑරුම් වේ. එහි අෂ්ට සමාපත්ති පඨවි කසිණාදී අරමුණු නැවත නැවත සිහිපත් කරන්නේනුයි ආරම්මණ පනිජ්ඣාන නම් වේ. විදර්ශනා මාර්ගඵල (මෙනෙහි කිරීම) වනාහි ලක්ඛණූපනිජ්ඣාන නම් වේ. එහි විදර්ශනා, අනිත්‍යාදී ලක්ෂණයන් පුන පුනා සිහිකිරීම් වශයෙන් ලක්ඛණූපනිජ්ඣාන නම් වේ. විදර්ශනාවෙන් කෘත්‍ය කෘත්‍ය (නිම කළ කටයුතු) ඇත්තහුගේ මාර්ග ඥානයෙන් සමෘද්ධ වීම් වශයෙන් ආර්ය මාර්ගය ලක්ඛණූපනිජ්ඣාන නම් වේ. ඵලය වනාහි නිරෝධ සත්‍යය තථ ලක්ෂණය පුන පුනා මෙනෙහි කරන්නේ නු යි, ලක්ඛණූපනිජ්ඣාන නම් ධ්‍යාන දෙකින් පූර්වභාගයෙහි (මුල් අවස්ථාවෙහි) ආරම්මණූපනිජ්ඣානය ද, ලෝකෝත්තර මාර්ග ක්ෂණයෙහි ලක්ඛණුපනිජ්ඣානයද අදහස් කරන ලදී. එහෙයින් ආරම්මණූපනිජ්ඣාන වශයෙන් ද, ලක්ඛණූපනිජ්ඣානය වශයෙන් ද විරුද්ධ වූ නීවරණාදී සතුරන් දවන බැවින් (ධ්‍යාන) ඣාන නම් වේ යැයි දතයුතුයි.
උපසම්පජ්ජාති උපගන්ත්වා, පාපුණිත්වාති වුත්තං හොති. උපසම්පාදයිත්වා වා, නිප්ඵාදෙත්වාති වුත්තං හොති. විහරතීති තදනුරූපෙන ඉරියාපථවිහාරෙන ඉරියති, වුත්තප්පකාරඣානසමඞ්ගී හුත්වා අත්තභාවස්ස ඉරියනං වුත්තිං අභිනිප්ඵාදෙති.
උපසම්පජ්ජ යනු ලගට පැමිණ, සමීපයට විත් යයි කී නියායි. සමීපයට පමුණුවා හෝ නිෂ්පාදනය කොට යයි කී නියායි. විහරති යනු එයට අනුරූප වූ ඉරියවු ඇතිව පවතියි යැයි කියන ලද ආකාර ඇති ධ්‍යානයෙන් යුක්තව, ජීවිතය හැසිරවීම, පැවැත්වීම සලස්වා ගනියි.
තං පනෙතං පඨමජ්ඣානං පඤ්චඞ්ගවිප්පහීනං පඤ්චඞ්ගසමන්නාගතං තිවිධකල්යාණං, දසලක්ඛණසම්පන්නං. තත්ථ කාමච්ඡන්දො බ්යාපාදො ථිනමිද්ධං උද්ධච්චකුක්කුච්චං විචිකිච්ඡාති ඉමෙසං පඤ්චන්නං නීවරණානං පහානවසෙන පඤ්චඞ්ගවිප්පහීනතා වෙදිතබ්බා. න හි එතෙසු අප්පහීනෙසු ඣානං උප්පජ්ජති. තෙනස්සෙතානි පහානඞ්ගානීති වුච්චන්ති. කිඤ්චාපි හි ඣානක්ඛණෙ අඤ්ඤෙපි අකුසලා ධම්මා පහීයන්ති, තථාපි එතානෙව විසෙසෙන ඣානන්තරායකරානි. කාමච්ඡන්දෙන හි නානාවිසයප්පලොභිතං චිත්තං න එකත්තාරම්මණෙ සමාධියති, කාමච්ඡන්දාභිභූතං වා, තං න කාමධාතුප්පහානාය පටිපදං පටිපජ්ජති. බ්යාපාදෙන වා ආරම්මණෙ පටිහඤ්ඤමානං න නිරන්තරං පවත්තති. ථිනමිද්ධාභිභූතං අකම්මඤ්ඤං හොති. උද්ධච්චකුක්කුච්චපරෙතං අවූපසන්තමෙව හුත්වා පරිබ්භමති. විචිකිච්ඡාය උපහතං ඣානාධිගමසාධිකං පටිපදං නාරොහති. ඉති විසෙසෙන ඣානන්තරායකරත්තා එතානෙව පහානඞ්ගානීති වුත්තානි.
ඒ මේ ප්‍රථම ධ්‍යානය වනාහි අංග පසෙකින් හීන වූයේ, අංග පසෙකින් සමන්විත වූයේ ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දස ලක්ෂණයෙන් යුක්ත වූයේ ද වේ. එහි කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන මේ පංච නීවරණ ධර්මයන්ගේ ප්‍රහාණ වශයෙන් අංග පසෙකින් ප්‍රහීණවීම දතයුතුයි. මේ පස ප්‍රහීණ නොවූ කල්හි කිසිසේත්ම ධ්‍යනය නූපදී. එහෙයින් එහි (ධ්‍යානයෙහි) ප්රහාණාංග යැයි කියනු ලැබේ. තවද ධ්‍යාන ක්ෂණයෙහි අන්‍ය වූ ද අකුශල ධර්මයන් ප්‍රහීණ වෙතත්, මොහුම (පංච නීවරණයෙහි ම) විශේෂයෙන් ධ්‍යානයට අන්තරාය කර වෙති. කාමච්ඡන්දය හේතුකොට වනාහි නොයෙක් නොයෙක් විෂයයන්හි පොළඹවන ලද සිත එක් අරමුණෙක්හි සමාධිගත නොවේ. කාමච්ඡන්දය විසින් මඬනා ලද ඒ (සිත) කාම ධාතු ප්රහාණය පිණිස වූ පිළිවෙතට නො පිවිසෙයි. ව්‍යාපාදය හේතුකොට ගෙන ද අරමුණෙහි හැපෙමින් නිරතුරුව නො පවතියි. ථීනමිද්ධයෙන් මඬනා ලද සිත අකර්මණ්‍ය වේ. උද්ධච්ච කුක්කුච්ච දෙකින් පීඩිත වූ සිත නොසන්සිඳුණේ ම ඒ අත බමයි. විචිකිච්ඡාවෙන් මැඩුණු සිත ධ්‍යානාධිගමය සාධනය කරන පිළිවෙතට නො නඟියි. මෙසේ ධ්‍යානයට වෙසෙසින් අන්තරායකර බැවින් මොහුම ප්රහාණංගයෝ යැයි කියන ලදහ.
යස්මා පන විතක්කො ආරම්මණෙ චිත්තං අභිනිරොපෙති, විචාරො අනුපබන්ධති, තෙහි අවික්ඛෙපාය සම්පාදිතපයොගස්ස චෙතසො පයොගසම්පත්තිසම්භවා පීති පීණනං සුඛඤ්ච උපබ්රූහනං කරොති. අථස්ස සෙසසම්පයුත්තධම්මා එතෙහි අභිනිරොපනානුබන්ධනපීණනුපබ්රූහනෙහි අනුග්ගහිතා එකග්ගතා එකත්තාරම්මණෙ සමං සම්මා ච ආධියති. තස්මා විතක්කො විචාරො පීති සුඛං චිත්තෙකග්ගතාති ඉමෙසං පඤ්චන්නං උප්පත්තිවසෙන පඤ්චඞ්ගසමන්නාගතතා වෙදිතබ්බා. උප්පන්නෙසු හි එතෙසු පඤ්චසු ඣානං උප්පන්නං නාම හොති. තෙනස්ස එතානි පඤ්චඞ්ගසමන්නාගතානීති වුච්චන්ති. තස්මා න එතෙහි සමන්නාගතං අඤ්ඤදෙව ඣානං නාම අත්ථීති ගහෙතබ්බං. යථා පන අඞ්ගමත්තවසෙනෙව චතුරඞ්ගිනී සෙනා, පඤ්චඞ්ගිකං තූරියං, අට්ඨඞ්ගිකො ච මග්ගොති වුච්චති, එවමිදම්පි අඞ්ගමත්තවසෙනෙව පඤ්චඞ්ගිකන්ති වා පඤ්චඞ්ගසමන්නාගතන්ති වා වුච්චතීති වෙදිතබ්බං.
විතර්කය අරමුණට සිත නංවයි. විචාරය අරමුණෙහි සිත හසුරුවයි. ඒ දෙකේ එකතුවෙන් සැපයුණ ප්‍රයෝග (යෙදීම්) සහිත සිත පිළිබඳ එම ප්‍රයෝග සම්පත්ති රාශිය පිනවීම (පීතිය)ද විවිධ සුඛයන් ද වර්ධනය කරයි. ඉක්බිති, සිත පිළිබඳ සෙසු සම්ප්‍රයුක්ත (සිත හා බැඳුණු) ධර්මයන් සහිත වූ ද, අභිනිරෝපණ (අරමුණට නැවීම), අනුබන්ධන (හැසිරවීම), පීනන (පිනවීම), උපබ්රෑහන (වර්ධනය) යන මේ විතක්කාදී සිවු අංගයන් විසින් අනුග්‍රහ කරන ලද්දා වූ ද, (පස්වන අංගය වූ) ඒකග්ගතාව එක්ම අරමුණෙක සිත සමසේ, මනාකොට පිහිටුවයි. එහෙයින්, විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, චිත්තෙකාග්රතාය යන මේ පසෙහි උත්පත්ති වශයෙන් පංචාංගයෙන් සමන්විත වූ බව දතයුතුය. මේ අංග පස උපන් කල්හි ධ්‍යානය උපන්නා නම් වේ. එහෙයින් පළමු ධ්‍යානය මේ ධ්‍යානයෙහි පංච සමන්නාගතාංග (සමන්විත අංග පස) යැයි කියනු ලැබේ. එහෙයින් මේ අංගයන්ගෙන් යුතු අනික් ධ්‍යානයක් නම් ඇතැයි නොගත යුතුයි. යම්සේ වනාහි අංග මාත්‍ර වශයෙන් ම ගෙන චතුරංග සේනාය, පංචාංගික තූර්යය, අෂ්ඨාංගික මාර්ගයයි කියනු ලැබේ ද, එසේම මෙය (මේ ධ්‍යානය) ද අංගමාත්ර වශයෙන් ම ‘පංචංගිකය’, ‘පංචංග සමන්නාගත’ යයි කියනු ලැබෙති’යි දතයුතුයි.
එතානි ච පඤ්චඞ්ගානි කිඤ්චාපි උපචාරක්ඛණෙපි අත්ථි, අථ ඛො උපචාරෙ පකතිචිත්තතො බලවතරානි. ඉධ පන උපචාරතොපි බලවතරානි රූපාවචරලක්ඛණප්පත්තානි නිප්ඵන්නානි. එත්ථ හි විතක්කො සුවිසදෙන ආකාරෙන ආරම්මණෙ චිත්තං අභිනිරොපයමානො උප්පජ්ජති. විචාරො අතිවිය ආරම්මණං අනුමජ්ජමානො. පීතිසුඛං සබ්බාවන්තම්පි කායං ඵරමානං. තෙනෙවාහ – “නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොතී”ති (දී· නි· 1.226). චිත්තෙකග්ගතාපි හෙට්ඨිමම්හි සමුග්ගපටලෙ උපරිමං සමුග්ගපටලං විය ආරම්මණෙසු ඵුසිතා හුත්වා උප්පජ්ජති, අයමෙතෙසං ඉතරෙහි විසෙසො. තත්ථ චිත්තෙකග්ගතා කිඤ්චාපි “සවිතක්කං සවිචාර”න්ති ඉමස්මිං පාඨෙ න නිද්දිට්ඨා, තථාපි විභඞ්ගෙ (විභ· 565) “ඣානන්ති විතක්කො විචාරො පීති සුඛං චිත්තෙකග්ගතා”ති එවං වුත්තත්තා අඞ්ගමෙව. යෙන හි අධිප්පායෙන භගවතා උද්දෙසො කතො, සොයෙව තෙන විභඞ්ගෙ පකාසිතොති.
මෙම අංග පස ද ඇතැම් විටෙක උපචාර ක්ෂණයෙහි ද ඇත. එවිට උපචාරයෙහි ප්‍රකෘතිය බලවත් වේ. මෙහිදී වනාහි, උපචාරයට ද වඩා බලවත්ව, රූපාවචර ක්ෂණයට පැමිණ නිපන්නාහ. මෙහිදී වනාහි, විතක්කය ඉතා පැහැදිලි ආකාරයෙන් අරමුණෙහි සිත නංවමින් උපදියි. විචාරය අතිශයින් ම අරමුණ පිරිමදිනුයේ පීති සුඛ යන දෙක මුළු සිරුර පුරා පැතිර පවතියි. එහෙයින් කීහ. ‘මේ මුළු සිරුරෙහි ම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් නො පතළ කිසිදු තැනක් නොවේ.’ චිත්ත ඒකාග්‍රතාව ද යටින් ඇති කරඬු පියන මත, උඩින් වූ කරඬු පියන මෙන් අරමුණ මනාසේ ස්පර්ශ කරමින් උපදියි. මේ ධ්යානාංගයන්ගේ එකිනෙක අතර වෙනස, එහි චිත්තේකාග්‍රතාව ‘සවිතක්කං සවිචාරං’ යැයි මේ පාඨයේ නො දක්වන ලදුයේ නමුදු විභංගයෙහි, ‘ධ්‍යානය යනු විතක්ක, විචාර, පීති, සුඛ, චිත්තේකග්ගතා යයි’ කියන ලද බැවින් එය අංගයක්ම වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් යම් අභිප්රායයෙකින් උද්දේස කරන ලද ද ඒ අභිප්‍රායෙන් ම විභංගයෙහි ප්‍රකාශ කරන ලද්දේ වේ.
තිවිධකල්යාණං
තිවිධකල්යාණං දසලක්ඛණසම්පන්නන්ති එත්ථ පන ආදිමජ්ඣපරියොසානවසෙනතිවිධකල්යාණතා. තෙසංයෙව ච ආදිමජ්ඣපරියොසානානං ලක්ඛණවසෙන දසලක්ඛණසම්පන්නතා වෙදිතබ්බා. තත්රායං පාළි –
තිවිධ කල්‍යාණං දසලක්ඛණ සම්පන්නං යන මෙහි වනාහි ආදි, මධ්‍ය, පරියෝසාන වශයෙන් ත්‍රිවිධ කල්යාණතාව වේ. එම ආදි, මධ්‍යම පර්යාවසානයන්ගේ ලක්ෂණ වශයෙන් දස ලක්ෂණයෙන් සමන්විත බව දතයුතුය. මේ එහි පෙළයි.
“පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, සම්පහංසනා පරියොසානං, පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි. ආදිස්ස කති ලක්ඛණානි? ආදිස්ස තීණි ලක්ඛණානි – යො තස්ස පරිපන්ථො, තතො චිත්තං විසුජ්ඣති, විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති, පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති. යඤ්ච පරිපන්ථතො චිත්තං විසුජ්ඣති, යඤ්ච විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති, යඤ්ච පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති. පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, ආදිස්ස ඉමානි තීණි ලක්ඛණානි. තෙන වුච්චති – ‘පඨමං ඣානං ආදිකල්යාණඤ්චෙව හොති තිලක්ඛණසම්පන්නඤ්චා’ති.
‘පඨමස්ස ඣානස්ස පටිපදා විසුද්ධි ආදි උපෙඛානුබ්රෑහනා මජ්ඣං සම්පහංසනා පරියොසානං..........’ (මෙසේ පෙළෙන් උපුටා දක්වන පාඨයේ අර්ථය පහත දැක්වේ.) ‘පළමු ධ්‍යානයෙහි ප්‍රතිපදා විශුද්ධිය ආදිය යි. උපේක්ෂාවෙහි වැඩීම මධ්‍යයයි. සම්පහංසනය (සතුටුවීම) පරියෝසානයයි. පළමු ධ්‍යානයෙහි ප්‍රතිපදා විශුද්ධිය ආදියේ ලක්ෂණ කීපයක් වේ ද? ආදියේ ලක්ෂණ තුනෙකි. එම ධ්‍යානයට යම් උවදුරක් වේද, එයින් සිත පිරිසිදු වේ. පිරිසිදු වූ හෙයින් සිත මධ්‍යම සමථ නිමිත්තට පිළිපන්නේ වෙයි. (පිවිසියේයි.) පිළිපන් බැවින් එහි සිත ඇතුළට වදියි. යම්සේ සිත උවදුරුවලින් මිදී පිරිසිදු වේද, යම්සේ පිරිසිදු වූ සිත මධ්‍යම වූ සමථ නිමිත්තයට පිළිපන්නේ වේද, යම්සේ පිළිපන් හෙයින් සිත එයට පිවිසියේද, මෙසේ ප්‍රථම ධ්‍යානයට පටිපදා විසුද්ධිය ආදියයි. (ආරම්භයයි.) ආදියෙහි මෙකී ලක්ෂණ තුන ඇත්තේ ය. එහෙයින් කියනු ලැබේ. ‘ප්‍රථම ධ්‍යානය ආදි කල්‍යාණ නම් ද ත්රිලක්ඛණ සම්පන්න නම් ද (යහපත් ආරම්භයක් ඇත්තේ ද ලක්ෂණත්රයයෙකින් යුක්ත වූයේ ද) වේ.’ යනුයි.
“පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ. මජ්ඣස්ස කති ලක්ඛණානි? මජ්ඣස්ස තීණි ලක්ඛණානි – විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති, එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති. යඤ්ච විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, යඤ්ච සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති, යඤ්ච එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති. පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, මජ්ඣස්ස ඉමානි තීණි ලක්ඛණානි. තෙන වුච්චති – ‘පඨමං ඣානං මජ්ඣෙකල්යාණඤ්චෙව හොති තිලක්ඛණසම්පන්නඤ්චා’ති.
ප්‍රථමධ්‍යානයෙහි මධ්යාවස්ථාවෙහිදී උපේක්ෂාව වැඩීම (මෙනෙහි කිරීම) වේ. මධ්යාවස්ථාවෙහි ලක්ෂණ කොතෙක් ද? මධ්යාවස්ථාවෙහි ලක්ෂණ තුනෙකි. විශුද්ධ වූ සිත කෙරෙහි අධ්යුපේක්ෂිත (උත්සාහ රහිත) වෙයි. සමථ ප්‍රතිපදාව කෙරෙහි අධ්යුපේක්ෂිත වෙයි. ඒකාග්‍රතාවෙහි එළඹීම් පිළිබඳව අධ්යුපේක්ෂිත වෙයි. යම් සේ විශුද්ධ වූ සිත කෙරෙහි අධ්යුපේක්ෂිත වේද, යම් සේ සමථ ප්‍රතිපදාව කෙරෙහි අධ්යුපේක්ෂිත වේද, යම්සේ ඒකාග්‍රතාවෙහි එළඹීම පිළිබඳව අධ්යුපේක්ෂිත වේ ද, මෙසේ ප්‍රථමධ්‍යානයෙහි මධ්යාවස්ථාවෙහි දී උපේක්ෂා වැඩීම වේ. මධ්යාවස්ථාවෙහි වූ ධ්‍යානයෙහි මෙකී ලක්ෂණත්රයය වේ. එහෙයින් කියනු ලැබේ. ‘ප්‍රථම ධ්‍යානය ‘මජ්ඣෙ කල්‍යාණ’ නම් ද, ‘තිලක්ඛණ සම්පන්න’ නම් ද වේ’ යනුවෙනි.
“පඨමස්ස ඣානස්ස සම්පහංසනා පරියොසානං. පරියොසානස්ස කති ලක්ඛණානි? පරියොසානස්ස චත්තාරි ලක්ඛණානි – තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන සම්පහංසනා, ඉන්ද්රියානං එකරාසට්ඨෙන සම්පහංසනා, තදුපගවීරියවාහනට්ඨෙන සම්පහංසනා, ආසෙවනට්ඨෙන සම්පහංසනා. පඨමස්ස ඣානස්ස සම්පහංසනා පරියොසානං, පරියොසානස්ස ඉමානි චත්තාරි ලක්ඛණානි. තෙන වුච්චති ‘පඨමං ඣානං පරියොසානකල්යාණඤ්චෙව හොති චතුලක්ඛණසම්පන්නඤ්චා’”ති (පටි· ම· 1.158).
‘සම්පහංසනා’ (සම්ප්රහර්ෂණය හෙවත් ප්‍රීතිය) ප්‍රථම ධ්‍යානයෙහි පරියෝසානය (අවසන් අවස්ථාව)යි. පරියෝසානයෙහි ලක්ෂණ කෙතෙක්ද? පරියෝසානයෙහි ලක්ෂණ සතරෙකි. එහි උපන්නා වූ සමාධි පඤ්ඤා යන (යුගල) ධර්මයන් එකිනෙක නො ඉක්මවා පවතිතැයි යන අරුතින් ‘සම්පහංසන’ නම් වේ. (ශ්‍රද්ධාදී) ‘ඉන්ද්රියයන් ඒකරස (එක්ම කෘත්‍යයක් ඇති)යහ’යි යන අරුතින් සම්පහංසන’ නම් වේ. ‘ධ්‍යානය වෙත එළඹෙන වීර්යය ගෙන එති’යි යන අරුතින් ‘සම්පහංසනා’ නම් වේ. ආසේවන (සේවනය) යන අරුතින් ‘සම්පහංසනා’ නම් වේ. (මෙසේ) සම්පහංසනාව ප්‍රථම ධ්‍යානයෙහි පරියෝසානයයි. පරියෝසානයෙහි මෙකී ලක්ෂණ සතර ඇත. එහෙයින් කියනු ලැබේ. ‘ප්‍රථමධ්‍යානය ‘පරියෝසාන කල්‍යාණ’ නම් ද, ‘ලක්ඛණ සම්පන්න’ නම් ද වේ’ යනුයි.
“තත්ර පටිපදාවිසුද්ධි නාම සසම්භාරිකො උපචාරො. උපෙක්ඛානුබ්රූහනා නාම අප්පනා. සම්පහංසනා නාම පච්චවෙක්ඛණා”ති එවමෙකෙ වණ්ණයන්ති. යස්මා පන “එකත්තගතං චිත්තං පටිපදාවිසුද්ධිපක්ඛන්දඤ්චෙව හොති උපෙක්ඛානුබ්රූහිතඤ්ච ඤාණෙන ච සම්පහංසිත”න්ති පාළියං වුත්තං, තස්මා අන්තොඅප්පනායමෙව ආගමනවසෙන පටිපදාවිසුද්ධි, තත්රමජ්ඣත්තුපෙක්ඛාය කිච්චවසෙන උපෙක්ඛානුබ්රූහනා, ධම්මානං අනතිවත්තනාදිභාවසාධනෙන පරියොදාපකස්ස ඤාණස්ස කිච්චනිප්ඵත්තිවසෙන සම්පහංසනා ච වෙදිතබ්බා.
එහි ඇතැමෙක් මෙසේ අර්ථ දක්වති. ප්‍රතිපදා විශුද්ධිය නම් පිරිවර සහිත වූ උපචාර සමාධියයි. උපේක්ෂා වර්ධනය’ නම් අර්පණා සමාධියයි. සම්පහංසනා නම් ප්රත්යවේක්ෂණයයි. ඇතැමෙක් මෙසේ අර්ථ දක්වති. ‘එහි පටිපදා විසුද්ධි නම් සසම්භාරික (සහජාත ධර්මයන් සහිත) උපචාර සමාධියයි. උපෙක්ඛානු බ්රෑහනා (උපේක්ෂා වර්ධනය) නම් අර්පණා සමාධියයි. සම්පහංසනා (සම්ප්රහර්ෂණය හෙවත් ප්‍රීතිය) නම්, ප්රත්යවේක්ෂණය මෙනෙහි කිරීමයි.’ යනුවෙනි. ‘ඒකාග්‍රතාවට පත් සිත ප්‍රතිපදා විශුද්ධි ලක්ෂණ ඇත්තේ යැයිද, උපේක්ෂාවට අනුගතව වඩන ලද්දේ යැයි ද, ඥානයෙන් සම්ප්රහර්ෂිත (ප්‍රීතියට පත්) වූයේ යයි ද ‘පෙළෙහි කියන ලදී. එහෙයින් අර්පණාව තුළදීම පැමිණීම් වශයෙන් පටිපදා විසුද්ධිය ද, ‘තත්‍රමජ්ඣත්තුපෙක්ඛා’ (හෙවත් පූර්ණ මධ්යස්ථාවෙහි කෘත්‍ය වශයෙන් උපේක්ෂා වර්ධනය ද, (සමාධි-පඤ්ඤා යන) ධර්මයන් එකිනෙක නො ඉක්මවන බව ආදිය සිද්ධවීමෙන් පරියෝදපක (පිරිසිදු කරන) ඥානයෙහි කෘත්‍ය නිෂ්පත්ති (කාර්යයන් ඉටුවීම්) වශයෙන් සම්පහංසනාව (ප්‍රීතිය) දතයුතුය.
කථං? යස්මිඤ්හි වාරෙ අප්පනා උප්පජ්ජති, තස්මිං යො නීවරණසඞ්ඛාතො කිලෙසගණො තස්ස ඣානස්ස පරිපන්ථො, තතො චිත්තං විසුජ්ඣති. විසුද්ධත්තා ආවරණවිරහිතං හුත්වා මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති. මජ්ඣිමසමථනිමිත්තං නාම සමප්පවත්තො අප්පනාසමාධියෙව. තදනන්තරං පන පුරිමචිත්තං එකසන්තතිපරිණාමනයෙන තථත්තං උපගච්ඡමානං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති නාම, එවං පටිපන්නත්තා තථත්තුපගමනෙන තත්ථ පක්ඛන්දති නාම. එවං තාව පුරිමචිත්තෙ විජ්ජමානාකාරනිප්ඵාදිකා පඨමස්ස ඣානස්ස උප්පාදක්ඛණෙයෙව ආගමනවසෙන පටිපදාවිසුද්ධි වෙදිතබ්බා.
කෙසේද යත්, යම්කලෙක අර්පණාව උපදියි ද, ඒ තුල යම් නීවරණ සංඛ්‍යාත වූ කෙලෙස් සමූහයක් ඒ ධ්‍යානයට උවදුරක් වේද, එයින් සිත පිරිසිදු වේ. පිරිසිදු වූ බැවින් ආවරණයන්ගෙන් තොරව සිත මධ්‍යයෙහි වූ සමථ නිමිත්තට පිවිසෙයි. මධ්‍යයෙහි වූ සමථ නිමිත්ත නම්, මැනවින් පවත්නා වූ අර්පණා සමාධිය මැයි. ‘ඉන් අනතුරුව, පළමු සිත ඒක සන්තති පරිණාමයෙන් පසක් බවට යනුයේ මධ්‍යම වූ සමථ නිමිත්තට පිවිසෙනුයේ නම් වේ. මෙසේ පිළිපන් බැවින් පසක් බවට පැමිණීමෙන් එහි වදිනුයේ නම් වේ. මෙසේ පළමුකොට ප්‍රථම චිත්තයෙහි විද්‍යමාන වූ ආකාරය නිපදවන පටිපදා විසුද්ධිය ප්‍රථම ධ්‍යානය උපන් කෙනෙහිම පැමිණීම් වශයෙන් දතයුතුයි.
එවං විසුද්ධස්ස පන තස්ස පුන විසොධෙතබ්බාභාවතො විසොධනෙ බ්යාපාරං අකරොන්තො විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති නාම. සමථභාවූපගමනෙන සමථපටිපන්නස්ස පුන සමාධානෙ බ්යාපාරං අකරොන්තො සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති නාම. සමථපටිපන්නභාවතො එව චස්ස කිලෙසසංසග්ගං පහාය එකත්තෙන උපට්ඨිතස්ස පුන එකත්තුපට්ඨානෙ බ්යාපාරං අකරොන්තො එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති නාම. එවං තත්රමජ්ඣත්තුපෙක්ඛාය කිච්චවසෙන උපෙක්ඛානුබ්රූහනා වෙදිතබ්බා.
මෙසේ පිරිසිදු වූ සිත නැවත පිරිසිදු කිරීමක් අනවශ්‍ය බැවින් පිරිසිදු කිරීමෙහි උත්සාහයක් නොකරනුයේ, ‘විශුද්ධ වූ චිත්තය අධ්‍යුපේක්‍ෂා කරනුයේ නම් වේ. සමථ භාවයට පැමිණිමෙන්, සමථ භාවයට පිළිපන් සිත නැවත සන්සුන් කිරීමෙහි උත්සාහ නොකරනුයේ, සමථයට පිළිපන් සිත අධ්‍යුපේක්‍ෂා කරනුයේ නම් වේ. සමථයට පිළිපන් බැවින් මෙසේ ක්ලේශ සංසර්ගය අත්හැර, ඒකාග්‍රතාවෙන් සිටි මේ චිත්තය නැවත ඒකාග්‍රතාවෙහි තැබීමට උත්සාහයක් නොකරනුයේ ඒකාග්රතාවයෙහි සිටුවීම පිළිබඳව අධ්‍යුපේක්‍ෂා කරනුයේ නම් වේ. මෙසේ තත්රමජ්ඣත්ත - උපේක්ෂාවෙහි කෘත්‍ය වශයෙන් උපේක්ෂා වර්ධනය (භාවනය) දතයුතුයි.
යෙ පනෙතෙ එවං උපෙක්ඛානුබ්රූහිතෙ තත්ථ ජාතා සමාධිපඤ්ඤාසඞ්ඛාතා යුගනද්ධධම්මා අඤ්ඤමඤ්ඤං අනතිවත්තමානා හුත්වා පවත්තා, යානි ච සද්ධාදීනි ඉන්ද්රියානි නානාකිලෙසෙහි විමුත්තත්තා විමුත්තිරසෙන එකරසානි හුත්වා පවත්තානි, යඤ්චෙස තදුපගං තෙසං අනතිවත්තනඑකරසභාවානං අනුච්ඡවිකං වීරියං වාහයති, යා චස්ස තස්මිං ඛණෙ පවත්තා ආසෙවනා, සබ්බෙපි තෙ ආකාරා යස්මා ඤාණෙන සංකිලෙසවොදානෙසු තං තං ආදීනවඤ්ච ආනිසංසඤ්ච දිස්වා තථා තථා සම්පහංසිතත්තා විසොධිතත්තා පරියොදාපිතත්තා නිප්ඵන්නාව, තස්මා “ධම්මානං අනතිවත්තනාදිභාවසාධනෙන පරියොදාපකස්ස ඤාණස්ස කිච්චනිප්ඵත්තිවසෙන සම්පහංසනා වෙදිතබ්බා”ති වුත්තං.
මෙසේ උපේක්ෂාව වැඩීමෙන් එහි උපන් යම් ඒ සමාධි-පඤ්ඤා සංඛ්‍යාත වූ යුගනද්ධ (එක්ව බැඳුණු) ධර්ම යුගලයක් එකිනෙක නොඉක්මවා පැවතියේ ද, ශ්‍රද්ධාදී වූ යම් ඉන්ද්රිය සමූහයක් අනේකාකාර ක්ලේශයන්ගෙන් මිදුණ හෙයින් විමුක්ති රසයෙන් එක සමානව පැවතියේ ද, එකී (සමාධි, පඤ්ඤා යන) ධර්මයන් එකිනෙක නො ඉක්මවන ස්වභාවයට ගිය, තවද ඒක කෘත්යභාවයට (සමාන කිසක් ඇති බවට) පත් එම ධර්මයනට යෝග්‍ය වූ යම් වීර්යයක් පවත්නේ ද, ‘එකෙණෙහි එම වීර්යයෙහි පැවති යම් අසේවනයක් වේදැ’යි යනුවෙන් මෙසේ ඒ සියලු ආකාරයෝ ඥානයෙන් සංක්ලේශයන් පිරිසිදු කිරීමෙහි දී, ඒ ඒ ආදීනවයන් හා ආනිසංසයන් දැක, ඒ ඒ ආකාරයෙන් සම්ප්රහර්ෂිත (ප්‍රීති) වූ හෙයින්, පිරිසිදු කරන ලද හෙයින්, පවිත්‍ර කරන ලද හෙයින් හටගත්තාහුය. එහෙයින් (එකී සමාධි-පඤ්ඤා ආදී) ධර්මයන් එකිනෙක නො ඉක්මවීම් ආදිය සිදුවීමෙන් පරියෝදපක ඥානයෙහි කෘත්‍ය නිෂ්පත්ති වශයෙන් සම්පහංසනා (සම්ප්රහර්ෂණය) දතයුතුය.
විතක්කවිචාරානං වූපසමාති විතක්කස්ස ච විචාරස්ස චාති ඉමෙසං ද්වින්නං වූපසමා සමතික්කමා, දුතියජ්ඣානක්ඛණෙ අපාතුභාවාති වුත්තං හොති. තත්ථ කිඤ්චාපි දුතියජ්ඣානෙ සබ්බෙපි පඨමජ්ඣානධම්මා න සන්ති, අඤ්ඤෙයෙව හි පඨමජ්ඣානෙ ඵස්සාදයො, අඤ්ඤෙ ඉධ. ඔළාරිකස්ස පන ඔළාරිකස්ස අඞ්ගස්ස සමතික්කමා පඨමජ්ඣානතො පරෙසං දුතියජ්ඣානාදීනං අධිගමො හොතීති දස්සනත්ථං “විතක්කවිචාරානං වූපසමා”ති එවං වුත්තන්ති වෙදිතබ්බං. අජ්ඣත්තන්ති ඉධ නියකජ්ඣත්තං අධිප්පෙතං, විභඞ්ගෙ පන “අජ්ඣත්තං පච්චත්ත”න්ති (විභ· 573) එත්තකමෙව වුත්තං. යස්මා නියකජ්ඣත්තං අධිප්පෙතං, තස්මා අත්තනි ජාතං, අත්තනො සන්තානෙ නිබ්බත්තන්ති අයමෙත්ථ අත්ථො.
විතක්ක විචාරානං වූපසමා යනු විතර්ක විචාර යන මේ දෙක සන්සිඳීමෙන්, දුතිය ධ්‍යාන ක්ෂණයෙහි ඒ දෙක පහළ නොවන බැවිනැයි කී නියායි. එහි ද්විතීය ධ්‍යානයෙහි, ප්‍රථම ධ්‍යානයෙහි ඇතැයි පැවසූ සියලුම ධර්මයන් නොපවතිතත්, ප්‍රථම ධ්‍යානයෙහි ඵස්සාදිය එකකි. මෙහි (ද්විතීය ධ්‍යානයෙහි) අනෙකකි. ඕලාරික වූ ඕලාරික අංගය ඉක්මවීමෙන් ප්‍රථම ධ්‍යානයෙන් අන්‍ය වූ ද්විතීය ධ්‍යානාදීන්ගේ අධිගමය වෙති’යි දක්වනු සඳහා ‘විතක්ක විචාරානං වූපසමා’ යනුවෙන් මෙසේ කියන ලදැයි දතයුතුයි. අජ්ඣත්තං යනු මෙහිදී කීය චිත්ත සන්තානය අභිප්‍රේතයි. ‘තමා තුල උපන්’, ‘තමාගේ සන්තානයෙහි උපන්’ යන අර්ථයි.
සම්පසාදනන්ති සම්පසාදනං වුච්චති සද්ධා. සම්පසාදනයොගතො ඣානම්පි සම්පසාදනං, නීලවණ්ණයොගතො නීලවත්ථං විය. යස්මා වා තං ඣානං සම්පසාදනසමන්නාගතත්තා විතක්කවිචාරක්ඛොභවූපසමනෙන ච චෙතො සම්පසාදයති, තස්මාපි “සම්පසාදන”න්ති වුත්තං. ඉමස්මිඤ්ච අත්ථවිකප්පෙ සම්පසාදනං චෙතසොති එවං පදසම්බන්ධො වෙදිතබ්බො. පුරිමස්මිං පන අත්ථවිකප්පෙ චෙතසොති එතං එකොදිභාවෙන සද්ධිං යොජෙතබ්බං.
සම්පසාදනං යනු ශ්‍රද්ධාව සම්පසාදන යැයි කියනු ලැබේ. සම්ප්‍රසාදනය හා සමග යෙදීමෙන් ධ්‍යානය ද සම්ප්‍රසාදන වේ. නීල වර්ණය යෙදීමෙන් වස්ත්‍රය නිල් වස්ත්‍ර නම් වන සෙයිනි. යම්හෙයකින් තෘතීය ධ්‍යානය සම්ප්රසාදනයෙන් යුක්ත වූ බැවින් විතක්ක, විචාරයන්ගේ කැළඹීම් සංසිඳවීමෙන් චේතනාව පැහැදීමට පත් වේද, එහෙයින් සම්ප්‍රසාදන යයි කියන ලදී. මෙම අර්ථ විකල්පයෙහි ‘සම්පසාදනං වෙතසො’ (සිත පැහැදීම) යනුවෙන් පද සම්බන්ධය දතයුතුයි. පෙර පැවසූ (ද්විතීය ධ්‍යානයෙහි) අර්ථ විකල්පයෙහි දී ‘චෙතසො’ යන මෙය ‘එකොදි භාව’ යන්න හා සමග යෙදිය යුතුය.
තත්රායං අත්ථයොජනා – එකො උදෙතීති එකොදි, විතක්කවිචාරෙහි අනජ්ඣාරූළ්හත්තා අග්ගො සෙට්ඨො හුත්වා උදෙතීති අත්ථො. සෙට්ඨොපි හි ලොකෙ එකොති වුච්චති. විතක්කවිචාරවිරහිතො වා එකො අසහායො හුත්වාතිපි වත්තුං වට්ටති. අථ වා සම්පයුත්තධම්මෙ උදායතීති උදි, උට්ඨාපෙතීති අත්ථො. සෙට්ඨට්ඨෙන එකො ච සො උදි චාති එකොදි, සමාධිස්සෙතං අධිවචනං. ඉති ඉමං එකොදිං භාවෙති වඩ්ඪෙතීති ඉදං දුතියජ්ඣානං එකොදිභාවං. සො පනායං එකොදි යස්මා චෙතසො, න සත්තස්ස, න ජීවස්ස. තස්මා එතං “චෙතසො එකොදිභාව”න්ති වුත්තං.
මේ එහි අර්ථ යෝජනාවයි. ‘එකො උදෙතී’ති එකොදි’ ශ්‍රේෂ්ඨව උපදිනුයි යන අරුතින් ‘එකෝදි නම් වේ. විතක්ක, විචාරයන් උස්ව නො නැගුණු බැවින් අග්‍ර වී, ශ්‍රේෂ්ඨ වී උදාවෙයි යන අර්ථයයි. ලෝකයෙහි සෙට්ඨො පි (ශ්‍රේෂ්ඨයා ද) එකො (ඒක) යැයි කියනු ලැබේ. විතක්ක විචාර විරහිත වූයේ හෝ එකො (අග්‍ර වූයේ) අසහායො (අසහාය වූයේ) පවතියි. නැතහොත්, සම්ප්‍රයුක්ත ධර්මයන් (උද්දායති) වඩවති’යි යන අරුතින් ‘උදියි, නංවති’යි යන අර්ථයි. ‘ශ්‍රේෂ්ඨ’ ය යන අරුතින් ‘එක’ වූයේ ද එම ‘උදි’ වූයේ ද, ‘එකෝදි’ යි වේ. මේ සමාධියට අධිවචනයි. මෙසේ මේ එකෝදිය (සමාධිය) ‘භාවනය කෙරෙති’යි, ‘වඩවති’යි යන අරුතින් ද්විතීය ධ්‍යානය ‘එකෝදිභාව’ නම් වේ. ඒ මේ එකෝදිය (සමාධිය) යම්හෙයකින් සත්ත්වයකුගේ, ජීවියකුගේ නොව සිත පිළිබඳව ම වේද, එහෙයින් මෙය චෙතසො එකොදිභාවං සිතෙහි ඒකාග්‍රතාවයයි කියන ලදී.
නනු චායං සද්ධා පඨමජ්ඣානෙපි අත්ථි, අයඤ්ච එකොදිනාමකො සමාධි, අථ කස්මා ඉදමෙව “සම්පසාදනං චෙතසො එකොදිභාව”න්ති වුත්තන්ති? වුච්චතෙ – අදුඤ්හි පඨමජ්ඣානං විතක්කවිචාරක්ඛොභෙන වීචිතරඞ්ගසමාකුලමිව ජලං න සුප්පසන්නං හොති, තස්මා සතියාපි සද්ධාය සම්පසාදනන්ති න වුත්තං. න සුප්පසන්නත්තායෙව චෙත්ථ සමාධිපි න සුට්ඨු පාකටො, තස්මා එකොදිභාවන්තිපි න වුත්තං. ඉමස්මිං පන ඣානෙ විතක්කවිචාරපලිබොධාභාවෙන ලද්ධොකාසා බලවතී සද්ධා, බලවසද්ධාසහායපටිලාභෙනෙව ච සමාධිපි පාකටො. තස්මා ඉදමෙව එවං වුත්තන්ති වෙදිතබ්බං.
මේ ශ්‍රද්ධාව සහ ඒකෝදිභාව නම් සමාධිය ප්‍රථම ධ්‍යානයෙහි ද ඇත්තේ නොවේ ද? එසේනම් කවර හෙයින් මෙය (ද්විතීය ධ්‍යානය)ම ‘සම්පසාදනං චෙතසො එකොදිභාවං’ (සම්ප්‍රසාදන සහිත සමාධියේ ඒකෝදිභාවය’ යැයි කියන ලද්දේ ද? (එම චෝදනාවට මෙසේ පරිහාර) කියනු ලැබේ. මේ ප්‍රථම ධ්‍යානය විතක්ක, විචාර දෙකින් කැළඹීම හේතුකොට, රළපතරින් කැළඹී ගිය ජලාශයක් මෙන්, මනාව ප්‍රසන්න වූයේ නොවෙයි. එහෙයින් ශ්‍රද්ධාවෙන් යුක්ත වුව ද ‘සම්ප්‍රසාදනය’යි නොකියන ලදී. සුප්‍රසන්න නොවූ බැවින් පමණක් නොවේ. මෙහි සමාධිය ද මනාව ප්‍රකට වූයේ නොවේ. එහෙයින් ‘එකොදිභාවං’ යැයි ද නොකියන ලදී. මේ (දෙවන) ධ්‍යානයෙහි විතක්ක-විචාර පළිබෝධයන් නොමැති බැවින් ලද අවකාශ ඇති ශ්‍රද්ධාව ඉතා බලවත් වේ. බලවත් ශ්‍රද්ධාවෙහි සහායය ලැබීමෙන් ම සමාධිය ද ප්‍රකට වේ. එහෙයින් මෙය (ද්විතීය ධ්‍යානය)ම මෙසේ (වෙතසො එකොදිභාව) යැයි කියන ලදැයි දතයුතුය.
අවිතක්කං අවිචාරන්ති භාවනාය පහීනත්තා එතස්මිං, එතස්ස වා විතක්කො නත්ථීති අවිතක්කං. ඉමිනාව නයෙන අවිචාරං. එත්ථාහ “නනු ච ‘විතක්කවිචාරානං වූපසමා’ති ඉමිනාපි අයමත්ථො සිද්ධො. අථ කස්මා පුන වුත්තං ‘අවිතක්කං අවිචාර’”න්ති? වුච්චතෙ – එවමෙතං, සිද්ධොවායමත්ථො. න පනෙතං තදත්ථදීපකං, නනු අවොචුම්හ “ඔළාරිකස්ස පන ඔළාරිකස්ස අඞ්ගස්ස සමතික්කමා පඨමජ්ඣානතො පරෙසං දුතියජ්ඣානාදීනං සමධිගමො හොතීති දස්සනත්ථං ‘විතක්කවිචාරානං වූපසමා’ති එවං වුත්ත”න්ති.
අවිතක්කං අවිචාරං යනු භාවනාවෙන් ප්‍රහීණ වූ බැවින්, ‘එම ධ්‍යානයෙහි හෝ ධ්‍යානයේ විතර්කය නැතැ’යි යන අරුතින් ‘අවිතක්ක’ නම් වේ. මේ නයින් ම ‘අවිචාර’ නම් ද වේ. මෙහිලා කීහු- ‘විතක්ක විචාරානං වූපසමා’ (විතක්ක විචාරයන්ගේ සන්සිඳීමෙන්) යන මෙයින් ද මේ අර්ථය සිද්ධ වූයේ නොවේ ද? එසේනම් නැවත අවිතක්කං අවිචාරං යනු කියන ලදුයේ කවර හෙයින් ද? (මෙම චෝදනාවට පරිහාර) කියනු ලැබේ. එය එසේය. මේ අර්ථය සිද්ධ වූයේමය. මෙය වනාහි එම අර්ථයම දීපනය කරනුයේ නොවේ. ‘ඕළාරික වූ ධ්‍යානයෙහි ඕළාරික අංගයන් මනාකොට ඉක්මවීමෙන් ප්‍රථම ධ්‍යානයෙන් පසු ද්විතීය ධ්‍යානාදීන්ගේ සමධිගමය වෙති’යි කීවමෝ නොවේ ද? එම අරුත දැක්වීම සඳහා විතක්ක විචාරානං වූපසමා’ යැයි මෙසේ කියන ලදී.
අපි ච විතක්කවිචාරානං වූපසමා ඉදං සම්පසාදනං, න කිලෙසකාලුස්සියස්ස. විතක්කවිචාරානඤ්ච වූපසමා එකොදිභාවං, න උපචාරජ්ඣානමිව නීවරණප්පහානා, න පඨමජ්ඣානමිව ච අඞ්ගපාතුභාවාති එවං සම්පසාදනඑකොදිභාවානං හෙතුපරිදීපකමිදං වචනං. තථා විතක්කවිචාරානං වූපසමා ඉදං අවිතක්කං අවිචාරං, න තතියචතුත්ථජ්ඣානානි විය චක්ඛුවිඤ්ඤාණාදීනි විය ච අභාවාති, එවං අවිතක්කඅවිචාරභාවස්ස හෙතුපරිදීපකඤ්ච, න විතක්කවිචාරාභාවමත්තපරිදීපකං. විතක්කවිචාරාභාවමත්තපරිදීපකමෙව පන “අවිතක්කං අවිචාර”න්ති ඉදං වචනං. තස්මා පුරිමං වත්වාපි පුන වත්තබ්බමෙවාති.
තවද, මේ සම්පසාදනය (ශ්‍රද්ධාව) ඇතිවනුයේ විතක්ක විචාරයන් සන්සිඳුවීමෙන් මිස කෙලෙස් කිලුටු නැති කිරීමෙන් නොවේ. ඒකෝදිභාවය ඇතිවනුයේ ද විතක්ක - විචාරයන් සන්සිඳුවීමෙන් විනා උපචාර ධ්‍යානය මෙන් නීවරණ ප්‍රහාණයෙන් හෝ ප්‍රථම ධ්‍යානය මෙන් ධ්‍යානාංගයන් පහළවීමෙන් හෝ නොවේ. මෙසේ මෙය සම්පසාදන ඒකෝභාවයනට හේතු දක්වනුයේ වේ. එසේම මේ අවිතක්ක - අවිචාරයන් ඇතිවනුයේ විතක්ක - විචාරයන් සංසිඳුවීමෙන් විනා, තෘතීය-චතුර්ථ ධ්‍යානයන් මෙන් ද, චක්ඛු විඤ්ඤාණාදිය මෙන් ද (එම විතක්ක- විචාරයන්ගේ) අභාවයෙන් නොවේ. මෙසේ අවිතක්ක අවිචාරයනට හේතු දක්වනුයේ ද වේ. ඉදින්, හුදෙක් විතක්ක-විචාරයන්ගේ අභාවමාත්‍රය දක්වනුයේ නම්, අවිතක්ක - අවිචාර යන මේ (සමාස කරන ලද) වචනයම යෝග්‍ය වේ. එහෙයින්, (‘විතක්ක විචාරානං වූපසමා’ යන) පළමුවැන්න කියා වුව ද, (අවිතක්කං අවිචාරං’ යනු) වේ මය.
සමාධිජන්ති පඨමජ්ඣානසමාධිතො සම්පයුත්තසමාධිතො වා ජාතන්ති අත්ථො. තත්ථ කිඤ්චාපි පඨමම්පි සම්පයුත්තසමාධිතො ජාතං, අථ ඛො අයමෙව සමාධි “සමාධී”ති වත්තබ්බතං අරහති, විතක්කවිචාරක්ඛොභවිරහෙන අතිවිය අචලත්තා සුප්පසන්නත්තා ච. තස්මා ඉමස්ස වණ්ණභණනත්ථං ඉදමෙව “සමාධිජ”න්ති වුත්තං. පීතිසුඛන්ති ඉදං වුත්තනයමෙව.
සමාධිජං පඨම ධ්‍යාන සමාධියෙන් හෝ සම්ප්‍රයුක්ත ද්විතීය ධ්‍යාන සමාධියෙන් හෝ උපන්නේයි යන අර්ථයි. එහි පඨම ධ්‍යානය ද සම්ප්‍රයුක්ත සමාධියෙන් උපන්නේ නමුදු මේ ද්විතීය ධ්‍යානය ම ‘සමාධියෙන් උපන්හ’යි කීමට සුදුසු වේ. විතර්ක විචාර කැළඹීම් විරහිත බැවින්, අතිශයින්ම නිශ්චල වූ හෙයින් හා ඉතා ප්‍රසන්න ද ශාන්ත ද වූ හෙයිනි. එහෙයින් එහි ගුණ වර්ණනා කරනු සඳහා මේ දෙවන ධ්‍යානයට ම සමාධිජං සමාධිජ යැයි කියන ලදී. පීතිසුඛං යන මෙය ඉහත කී නයින්ම වේ.
දුතියන්ති ගණනානුපුබ්බතා දුතියං. ඉදං දුතියං උප්පන්නන්තිපි දුතියං.
දුතියං යනු අනුපිළිවෙලින් ගණනය කිරීමයි. මෙම ධ්‍යානය දෙවැනිව උපන්හයි ද දුතිය නම් වේ.
පීතියා ච විරාගාති විරාගො නාම වුත්තප්පකාරාය පීතියා ජිගුච්ඡනං වා සමතික්කමො වා . උභින්නං පන අන්තරා ච-සද්දො සම්පිණ්ඩනත්ථො, සො වූපසමං වා සම්පිණ්ඩෙති විතක්කවිචාරවූපසමං වා. තත්ථ යදා වූපසමමෙව සම්පිණ්ඩෙති, තදා පීතියා විරාගා ච, කිඤ්ච භිය්යො වූපසමා චාති එවං යොජනා වෙදිතබ්බා. ඉමිස්සා ච යොජනාය විරාගො ජිගුච්ඡනත්ථො හොති, තස්මා පීතියා ජිගුච්ඡනා ච සමතික්කමා චාති අයමත්ථො දට්ඨබ්බො. යදා පන විතක්කවිචාරවූපසමං සම්පිණ්ඩෙති, තදා පීතියා ච විරාගා, කිඤ්ච භිය්යො විතක්කවිචාරානඤ්ච වූපසමාති එවං යොජනා වෙදිතබ්බා. ඉමිස්සා ච යොජනාය විරාගො සමතික්කමනත්ථො හොති, තස්මා පීතියා ච සමතික්කමා විතක්කවිචාරානඤ්ච වූපසමාති අයමත්ථො දට්ඨබ්බො.
පීතියා ච විරාගා යනු මෙහි විරාග නම් කියන ලද ආකාර ඇති ප්‍රීතිය පිළිබඳව කලකිරීමයි. නොහොත්, එය ඉක්මවීමයි. ‘පීතියා’, ‘විරාගා’ යන මේ පද දෙක අතර ඇති ‘ච’ කාරය සම්පිණ්ඩනාර්ථ ඇත්තේ වේ. එය ‘වූපසමා’ යනු හෝ ‘විතක්ක විචාරානං වූපසමා’ යනු සම්පිණ්ඩනය කරයි. එහි, ‘වූපසමා’ යනු පමණක් සම්පිණ්ඩනය කෙරේ නම්, එකල ‘පීතියා විරාගා ච’ යන්නට අමතරව ‘වූපසමා ච’ යනුවෙන් ද පද යෙදිය යුතුය. මෙම යෙදීමෙහි ‘විරාග’ යනු ජුගුප්සා (කලකිරීම්) අර්ථ ඇත්තේ වේ. එහෙයින් ‘පීතිය පිළිබඳව කළකිරීමෙනැයි’ ‘එය ඉක්මවීමෙනැ’යි යන මේ අර්ථය දතයුතුය. යම්කලෙක වනාහි විතක්ක විචාරානං වූපසමා’ යනු සම්පිණ්ඩනය කෙරේ නම්, එකල ‘පීතියා ච විරාගා’ යන්නට අමතරව විතක්ක විචාරානං වූපසමා’ යැයි මෙසේ පද යෝජනා දතයුතුය. මේ යෙදීමෙහි ද ‘විරාගො’ යනු, ඉක්මවීම් අර්ථය ඇත්තේ වේ. එහෙයින් පීතිය ඉක්මවීමෙන් ද විතක්ක විචාරයන් සන්සිඳුවීමෙන්දැයි යන මේ අර්ථය දතයුතුය.
කාමඤ්චෙතෙ විතක්කවිචාරා දුතියජ්ඣානෙයෙව වූපසන්තා, ඉමස්ස පන ඣානස්ස මග්ගපරිදීපනත්ථං වණ්ණභණනත්ථඤ්චෙතං වුත්තං. “විතක්කවිචාරානං වූපසමා”ති හි වුත්තෙ ඉදං පඤ්ඤායති “නූන විතක්කවිචාරවූපසමො මග්ගො ඉමස්ස ඣානස්සා”ති. යථා ච තතියෙ අරියමග්ගෙ අප්පහීනානම්පි සක්කායදිට්ඨාදීනං “පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානා”ති (ම· නි· 2.132-133) එවං පහානං වුච්චමානං වණ්ණභණනං හොති, තදධිගමාය උස්සුක්කානං උස්සාහජනකං, එවමෙව ඉධ අවූපසන්තානම්පි විතක්කවිචාරානං වූපසමො වුච්චමානො වණ්ණභණනං හොති, තෙනායමත්ථො වුත්තො “පීතියා ච සමතික්කමා විතක්කවිචාරානඤ්ච වූපසමා”ති.
ඒකාන්තයෙන් එම විතක්ක විචාර යන දෙක ද්විතීය ධ්යානයෙහිදීම සන්සිඳුවන ලදී. මෙය වනාහි මෙම (තෘතීය) ධ්‍යානයට මග පෙන්වීම පිණිස එහි ගුණ පැවසීමෙකියි කියන ලදී. ‘විතක්ක විචාරානං වූපසමා’ යැයි කී කල්හි, විතක්ක විචාරයන් සන්සිඳවීම මේ ධ්‍යානයට මාර්ගය නොවේදැයි යන මේ චෝදනාව (ප්රශ්නය) ප්‍රකාශ වේ. (පරිහාරය): යම්සේ වනාහි තෘතීය ආර්ය මාර්ගයෙහි (අනාගාමි වීමේ) දී ප්‍රහීණ නොකරන ලද (එහෙත් පළමුවන, දෙවන-සෝවාන්, සකෘදාගාමී මාර්ගවල දී ප්‍රවීණ කරන ලද) ‘සක්කායදිට්ඨි ආදී පංච ඕරම්භාගිය සංයෝජනයෙන් ප්‍රහීණ කිරීමෙනැ’යි මෙසේ ප්රහාණයන් ගැන කී කල්හි, එය ගුණ වර්ණනයක් වේද, එම (අනාගාමී ඵලය) අවබෝධ කිරීමට උත්සුක වූවන්ගේ උත්සාහ ජනනය පිණිස වේද, මෙසේම, මෙහිදී (ද්විතීය ධ්‍යානයෙහි දී මිස) මෙහි (තෘතීය ධ්‍යානයෙහි) දී සන්සිඳුවනු නො ලද්දා වූ ද විතක්ක විචාරයන්ගේ සන්සිඳුවීම ගැන කියනු ලබන කල එය ගුණ වර්ණනයෙක් වේ. එහෙයින් ‘පීතිය ඉක්මවීමෙන් ද, විතක්ක විචාරයන් සන්සිඳුවීමෙන්දැ’යි යන අර්ථය කියන ලදී.
උපෙක්ඛකො ච විහරතීති එත්ථ උපපත්තිතො ඉක්ඛතීති උපෙක්ඛා, සමං පස්සති, අපක්ඛපතිතා හුත්වා පස්සතීති අත්ථො. තාය විසදාය විපුලාය ථාමගතාය සමන්නාගතත්තා තතියජ්ඣානසමඞ්ගී “උපෙක්ඛකො”ති වුච්චති.
උපෙක්ඛකො ච විහරති යන මෙහි ‘සුදුසු පරිදි බලති’යි උපෙක්ඛා නම් වේ. ‘සමසේ දකිති’යි, ‘අපක්ෂපාතීව බලති’ යි යන අර්ථයි. ඒ පැහැදිලි වූ විපුල වූ බලවත් වූ එම (උපේක්ෂාවෙන්) යුතු වූ බැවින් තෙවන ධ්‍යානයෙන් යුක්ත වූයේ උපේක්ෂා ඇත්තේ යැයි කියනු ලැබේ.
උපෙක්ඛා පන දසවිධා හොති – ඡළඞ්ගුපෙක්ඛා බ්රහ්මවිහාරුපෙක්ඛා බොජ්ඣඞ්ගුපෙක්ඛා වීරියුපෙක්ඛා සඞ්ඛාරුපෙක්ඛා වෙදනුපෙක්ඛා විපස්සනුපෙක්ඛා තත්‍රමජ්ඣත්තුපෙක්ඛා ඣානුපෙක්ඛා පාරිසුද්ධුපෙක්ඛාති.
උපේක්ෂාව වනාහි දසවැදෑරුම් වේ. ඡළංගූපෙක්ඛා, බ්රහ්මවිහාරුපෙක්ඛා, බොජ්ඣංගුපෙක්ඛා, වීරියුපෙක්ඛා, සංඛාරුපෙක්ඛා, වේදනානුපෙක්ඛා, විපස්සනානූපෙක්ඛා, තත්‍රමජ්ඣත්තුපෙක්ඛා, ඣානුපෙක්ඛා, පාරිසුද්ධි උපෙක්ඛා යනුවෙනි.
තත්ථ යා “ඉධ, භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො”ති (ම· නි· 6.1) එවමාගතා ඛීණාසවස්ස ඡසු ද්වාරෙසු ඉට්ඨානිට්ඨඡළාරම්මණාපාථෙ පරිසුද්ධපකතිභාවාවිජහනාකාරභූතා උපෙක්ඛා, අයං ඡළඞ්ගුපෙක්ඛා නාම.
එහි, ‘මේ ශාසනයෙහි, ක්ෂීණාශ්රව භික්ෂු තෙමේ, ඇසින් රූප දැක සොම්නස් නොවෙයි. දොම්නස් ද නොවෙයි. සිහි ඇතිව, මනා නුවණින් යුතුව, උපේක්ෂා ඇතිව විහරණය කෙරේ’ යනුවෙන් යම් උපේක්ෂාවක් මෙසේ දක්වන ලද්දේ ද, ක්ෂීණාශ්රවයාගේ ෂඩ්ද්වාරයෙහි ඉෂ්ටානිෂ්ට ෂඩාලම්බනයන් සම්මුඛ වීමෙහිදී, පිරිසිදු පියවි බව නොහරනා ආකාරයෙන් එය මේ උපේක්ෂාව ‘ඡළංගුපෙක්ඛා’ නම් වේ.
යා පන “උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරතී”ති (දී· නි· 1.556; ම· නි· 1.77) එවමාගතා සත්තෙසු මජ්ඣත්තාකාරභූතා උපෙක්ඛා, අයං බ්රහ්මවිහාරුපෙක්ඛා නාම.
යම් ඒ උපේක්ෂාවක්, ‘උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා විහරණය කරයි’ යනුවෙන් මෙසේ දක්වන ලද්දේ ද, සත්ත්වයන් කෙරෙහි මධ්‍යස්ථාකාර වූ මේ උපේක්ෂාව බ්‍රහ්මවිහාර උපෙක්ෂාව නම් වේ.
යා පන “උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිත”න්ති (ම· නි· 2.247) එවමාගතා සහජාතානං ධම්මානං මජ්ඣත්තාකාරභූතා උපෙක්ඛා, අයං බොජ්ඣඞ්ගුපෙක්ඛා නාම.
යම් උපේක්ෂාවක් ‘විවේක නිශ්රිත වූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි’ යනුවෙන් මෙසේ දක්වන ලද්දේ ද, සහජාත (එක්ව උපන්) ධර්මයන් අතර මධ්යස්ථාකාරව පවත්නා මේ උපේක්ෂාව ‘බොජ්ඣංගුපෙක්ඛා’ නම් වේ.
යා පන “කාලෙන කාලං උපෙක්ඛානිමිත්තං මනසි කරොතී”ති (අ· නි· 3.103) එවමාගතා අනච්චාරද්ධනාතිසිථිලවීරියසඞ්ඛාතා උපෙක්ඛා, අයං වීරියුපෙක්ඛා නාම.
යම් උපේක්ෂාවක් ‘කලින් කල උපෙක්ඛා නිමිත්ත සිහිකරයි’ යනුවෙන් මෙසේ දක්වන ලද්දේ ද, ඉතා දැඩි ලෙසින් නො ඇරඹි, ඉතා ලිහිල් ද නොවූ වීර්යයි කියනු ලබන මේ උපේක්ෂාව වීරියුපෙක්ඛා නම් වේ.
යා පන “කති සඞ්ඛාරුපෙක්ඛා සමථවසෙන උප්පජ්ජන්ති, කති සඞ්ඛාරුපෙක්ඛා විපස්සනාවසෙන උප්පජ්ජන්ති? අට්ඨ සඞ්ඛාරුපෙක්ඛා සමථවසෙන උප්පජ්ජන්ති, දස සඞ්ඛාරුපෙක්ඛා විපස්සනාවසෙන උප්පජ්ජන්තී”ති (පටි· ම· 1.57) එවමාගතා නීවරණාදිපටිසඞ්ඛාසන්තිට්ඨනාගහණෙ මජ්ඣත්තභූතා උපෙක්ඛා, අයං සඞ්ඛාරුපෙක්ඛා නාම.
‘සමාධි වශයෙන් සංඛාර උපේක්ෂා කීයක් උපදී ද? විපස්සනා වශයෙන් සංඛාර උපේක්ෂා කීයක් උපදී ද? සමාධි වශයෙන් සංඛාර උපේක්ෂා අටක් උපදියි. සංඛාර උපේක්ෂා දහයක් විපස්සනා වශයෙන් උපදියි’ යනුවෙන් යම් උපේක්ෂාවක් මෙසේ දක්වන ලද්දේ ද, නීවරණාදිය නුවණින් විමසා බලා, නිශ්චය කර ගැනීමෙහි දී මධ්‍යස්ථ වූ යම් (උපේක්ෂාවක් වේද, එය සංඛාරුපෙක්ඛා නම් වේ.
යා පන “යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගත”න්ති (ධ· ස· 150) එවමාගතා අදුක්ඛමසුඛසඞ්ඛාතා උපෙක්ඛා, අයං වෙදනුපෙක්ඛා නාම.
යම් උපේක්ෂාවක් ‘යම් කලෙක උපේක්ෂා සහගත කාමාවචර කුසල් සිතක් උපදින්නේ වේදැ’යි විස්තර වේ ද, අදුක්ඛමසුඛ සංඥා සහිත වූ මේ උපේක්ෂාව ‘වේදනා උපෙක්ඛා’ නම් වේ.
යා පන “යදත්ථි යං භූතං, තං පජහති, උපෙක්ඛං පටිලභතී”ති (ම· නි· 3.71-72; අ· නි· 7.55) එවමාගතා විචිනනෙ මජ්ඣත්තභූතා උපෙක්ඛා, අයං විපස්සනුපෙක්ඛා නාම.
යම් උපේක්ෂාවක් ‘යමක් (ස්කන්ධ පංචකයක්) ඇත්තේ වේද, යමක් පැවතියේ වේද, එය අත්හරිනුයේ උපේක්ෂාව ලබයි’ යනුවෙන්, මෙසේ දක්වන ලද්දේ ද, (කර්මයන්) රැස් කිරීමෙහිලා ඒ උපේක්ෂාව විපස්සනූපෙක්ඛා’ නම් වේ.
යා පන ඡන්දාදීසු යෙවාපනකෙසු ආගතා සහජාතානං සමවාහිතභූතා උපෙක්ඛා, අයං තත්‍රමජ්ඣත්තුපෙක්ඛා නාම.
යම් උපෙක්ෂාවක් ඡන්දාදී වූ ‘යේවාපනක’ (යම් බඳු තවත්) ධර්මයන්) යේවාපනක යනු අභිධර්මයෙහි එන පාරිභාෂික වචනයෙකි. යම්බඳු, තවත්, අනික් යන අර්ථයි.) අතර දක්වන ලද්දේ ද, සහජාත ධර්මයන් සමග සමව ගෙනෙන ලද්දේ ද, එය තත්රමජ්ඣත්ත උපෙක්ඛා නම් වේ.
යා පන “උපෙක්ඛකො ච විහරතී”ති එවමාගතා අග්ගසුඛෙපි තස්මිං අපක්ඛපාතජනනී උපෙක්ඛා, අයං ඣානුපෙක්ඛා නාම.
යම් උපේක්ෂාවක් ‘උපේක්ෂා සහගතව වෙසේ’ යනුවෙන් මෙසේ දක්වන ලද්දේ ද, අග්‍ර වූ ධ්‍යාන සුඛයෙහි පවා අපක්ෂපාතී බව ජනනය කරන ඒ උපේක්ෂාව, ඣානුපෙක්ඛා නම් වේ.
යා පන “උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣාන”න්ති (ධ· ස· 165; දී· නි· 1.232) එවමාගතා සබ්බපච්චනීකපරිසුද්ධා පච්චනීකවූපසමනෙපි අබ්යාපාරභූතා උපෙක්ඛා, අයං පාරිසුද්ධුපෙක්ඛා නාම.
යම් උපේක්ෂාවක් ‘උපෙක්ඛා සති පාරිසුද්ධි සහිත චතුර්ථ ධ්‍යානය’ යනුවෙන් දක්වන ලද්දේ ද, සියලු (නීවරණ) ප්‍රතිපක්ෂයෙන් කෙරෙන් පිරිසිදු වූ, එම (නීවරණ) සතුරන් ව්යුපසමනයේ දී පවා ව්‍යාපාර රහිත වූයේ ද එය පාරිසුද්ධි උපෙක්ඛා නම් වේ.
තත්ථ ඡළඞ්ගුපෙක්ඛා ච බ්රහ්මවිහාරුපෙක්ඛා ච බොජ්ඣඞ්ගුපෙක්ඛා ච තත්‍රමජ්ඣත්තුපෙක්ඛා ච ඣානුපෙක්ඛා ච පාරිසුද්ධුපෙක්ඛා ච අත්ථතො එකා, තත්‍රමජ්ඣත්තුපෙක්ඛාව හොති. තෙන තෙන අවත්ථාභෙදෙන පනස්සා අයං භෙදො . එකස්සාපි සතො සත්තස්ස කුමාරයුවථෙරසෙනාපතිරාජාදිවසෙන භෙදො විය, තස්මා තාසු යත්ථ ඡළඞ්ගුපෙක්ඛා, න තත්ථ බොජ්ඣඞ්ගුපෙක්ඛාදයො. යත්ථ වා පන බොජ්ඣඞ්ගුපෙක්ඛා, න තත්ථ ඡළඞ්ගුපෙක්ඛාදයො හොන්තීති වෙදිතබ්බා.
මෙසේ දැක්වූ උපේක්ෂාවන් අතුරෙන් ඡළංගූපෙක්ඛාව ද බ්‍රහ්ම විහාරුපෙක්ඛාව ද බොජ්ඣංගූපෙක්ඛාව ද ඣානුපෙක්ඛාව ද පාරිසුද්ධි උපෙක්ඛාව ද අර්ථ වශයෙන් එකම තත්රමජ්ඣත්ත උපෙක්ඛාව ම වේ. ඒ ඒ අවස්ථාවට අනුව උපේක්ෂාව පිළිබඳ මේ ප්‍රභේදය වේ. එක්ම වූ පුද්ගලයකු පිළිබඳව වුවද කුමාර, යුවරාජ, සේනාපති, රාජ ආදී වශයෙන් ඇති භේදය මෙනි. එහෙයින් ඒ උපේක්ෂාවන් අතුරින් යම්තැනෙක ඡළංගුපෙක්ඛාව වේනම් එහි බොජ්ඣංගුපෙක්ඛා ආදිය නොවේ. යම්තැනෙක බොජ්ඣංග උපෙක්ඛාව වේනම්, එහි ඡළංගුපෙක්ඛා ආදිය නො වෙතියි දතයුතුය.
යථා චෙතාසං අත්ථතො එකීභාවො, එවං සඞ්ඛාරුපෙක්ඛාවිපස්සනුපෙක්ඛානම්පි. පඤ්ඤා එව හි එසා, කිච්චවසෙන ද්විධා භින්නා, යථා හි පුරිසස්ස සායං ගෙහං පවිට්ඨං සප්පං අජපදදණ්ඩං ගහෙත්වා පරියෙසමානස්ස තං ථුසකොට්ඨකෙ නිපන්නං දිස්වා “සප්පො නු ඛො නො”ති අවලොකෙන්තස්ස සොවත්ථිකත්තයං දිස්වා නිබ්බෙමතිකස්ස “සප්පො න සප්පො”ති විචිනනෙ මජ්ඣත්තතා උප්පජ්ජති, එවමෙව යා ආරද්ධවිපස්සකස්ස විපස්සනාඤාණෙන ලක්ඛණත්තයෙ දිට්ඨෙ සඞ්ඛාරානං අනිච්චභාවාදිවිචිනනෙ මජ්ඣත්තතා උප්පජ්ජති, අයං විපස්සනුපෙක්ඛා. යථා පන තස්ස පුරිසස්ස අජපදදණ්ඩකෙන ගාළ්හං සප්පං ගහෙත්වා “කින්තාහං ඉමං සප්පං අවිහෙඨෙන්තො අත්තානඤ්ච ඉමිනා අඩංසාපෙන්තො මුඤ්චෙය්ය”න්ති මුඤ්චනාකාරමෙව පරියෙසතො ගහණෙ මජ්ඣත්තතා හොති, එවමෙව යා ලක්ඛණත්තයස්ස දිට්ඨත්තා ආදිත්තෙ විය තයො භවෙ පස්සතො සඞ්ඛාරග්ගහණෙ මජ්ඣත්තතා, අයං සඞ්ඛාරුපෙක්ඛා. ඉති විපස්සනුපෙක්ඛාය සිද්ධාය සඞ්ඛාරුපෙක්ඛාපි සිද්ධාව හොති. ඉමිනා පනෙසා විචිනනග්ගහණෙසු මජ්ඣත්තතාසඞ්ඛාතෙන කිච්චෙන ද්විධා භින්නාති. වීරියුපෙක්ඛා පන වෙදනුපෙක්ඛා ච අඤ්ඤමඤ්ඤඤ්ච අවසෙසාහි ච අත්ථතො භින්නායෙවාති. ආහ චෙත්ථ –
යම්සේ අර්ථ වශයෙන් මෙකී උපේක්ෂාවන්ගේ සමාන බවක් ඇත්තේ ද එසේම සංඛාරුපෙක්ඛා, විපස්සනූපෙක්ඛා යන දෙකෙහි ද අර්ථ වශයෙන් සමාන බවෙක් ඇත. ප්‍රඥාව ම කෘත්‍ය වශයෙන් දෙ ආකාරයකට බෙදුණේ වේ. යම්සේ වනාහි ගෙට පිවිසි සර්පයකු අජපද (එළු කකුලක් මෙන් නැමුණු) දණ්ඩක් ගෙන සොයන පුරුෂයකු, කොටුවෙහි හුන් සර්පයා දැක, සර්පයෙක් දෝ, නැද්දෝ හෝ යි බලනවිට ස්වස්තික ලකුණු තුන දැක විමති රහිතව, ‘සර්පයෙක්ද? නොවේද?’යි සෙවීමෙහි මධ්‍යස්ථතාව උපදියි ද එනයින් ම අරඹන ලද විදර්ශනා ඇත්තහුගේ විදර්ශනා ඥානයෙන් ලක්ෂණත්රයය දුටුකල්හි සංස්කාරයන්ගේ අනිත්‍යාදී ස්වභාවය විමසීමෙහි මධ්‍යස්ථතාව උපදියි. මේ විපස්සනා උපෙක්ඛාවයි. යම්සේ වනාහි ඒ පුරුෂයා එළුපද දණ්ඩෙන් ඒ සර්පයා දැඩිව ගෙන, ‘මම කෙසේනම් මේ සර්පයා පීඩාවට පත්නොකර, තමන් ද දෂ්ට කරවා නොගෙන මුදාහරින්නෙම්දෝ’ යි බැහැර කරන ආකාරයක් සොයනවිට ඔහුට ග්රහණයෙහි මධ්‍යස්ථතාව ඇති වේද, එසේම ලක්ෂණත්රයය (තිලකුණු) දක්නා ලද හෙයින් භවත්රයය ඇවිලගියාක් මෙන් දක්නා ඔහුට සංස්කාර ග්රහණයෙහි මධ්යස්ථතාවක් වන්නේ ද එය සංඛාරුපෙක්ඛා නම් වේ. මෙසේ විදර්ශනා උපේක්ෂාව සිද්ධ වූ කල්හි සංස්කාරුපෙක්ඛාව ද සිද්ධ වූයේ වේ. මෙකී ප්‍රඥාව වනාහි විමසීම් ගැනීම් යන දෙක්හි මධ්‍යස්ථතා සංඛ්‍යාත වූ කෘත්‍යයෙන් දෙවැදෑරුම්ව බෙදුණේ වේ. වීර්ය උපෙක්ඛාව හා වේදනා උපෙක්ඛාව ද ඔවුනොවුන්ගෙන් හා සෙසු උපෙක්ඛාවන්ගෙන් ද බෙදුනේම වේ.
“මජ්ඣත්තබ්රහ්මබොජ්ඣඞ්ගඡළඞ්ගඣානසුද්ධියො; විපස්සනා ච සඞ්ඛාරවෙදනාවීරියං ඉති.
මජ්ඣත්ත බ්‍රහ්ම බොජ්ඣංග ඡළංගඣානසුද්ධියො, විපස්සනා ච සංඛාර වෙදනා විරියං ඉති
“විත්ථාරතො දසොපෙක්ඛා-ඡමජ්ඣත්තාදිතො තතො; දුවෙ පඤ්ඤා තතො ද්වීහි, චතස්සොව භවන්තිමා”ති.
විත්ථාරතො දසුපෙක්ඛා ඡ මජ්ඣත්තාදිතො තතො, දුවෙ පඤ්ඤා තතො ද්වීහි චතස්සොව භවන්තිමා’ති
තත්රමජ්ඣත්තය, බ්‍රහ්ම විහාරය, බොජ්ඣංගය, ඡළංගය, ඣානය, පරිසුද්ධිය, විපස්සනාය, සංඛාරය, වේදනා, විරිය යැයි විස්තර වශයෙන් උපේක්ෂා දසයෙකි. එයින් තත්රමජ්ඣත්තය ආදිකොට ඇති (ඒකාර්ථවත්) උපේක්ෂා සයක් වේ. ඉක්බිතිව ප්‍රඥා ප්‍රභේද වූ (විපස්සනා, සංඛාර යන) දෙක ද ඉතිරි වූ (වේදනා, විරිය යන) දෙක ද සමගින් මේ උපේක්ෂා සතරක් වේ.
ඉති ඉමාසු උපෙක්ඛාසු ඣානුපෙක්ඛා ඉධ අධිප්පෙතා. සා මජ්ඣත්තලක්ඛණා, අනාභොගරසා , අබ්යාපාරපච්චුපට්ඨානා, පීතිවිරාගපදට්ඨානාති. එත්ථාහ – “නනු චායං අත්ථතො තත්‍රමජ්ඣත්තුපෙක්ඛාව හොති, සා ච පඨමදුතියජ්ඣානෙසුපි අත්ථි. තස්මා තත්රාපි ‘උපෙක්ඛකො ච විහරතී’ති එවමයං වත්තබ්බා සියා, සා කස්මා න වුත්තා”ති? අපරිබ්යත්තකිච්චතො. අපරිබ්යත්තඤ්හි තස්සා තත්ථ කිච්චං, විතක්කාදීහි අභිභූතත්තා. ඉධ පනායං විතක්කවිචාරපීතීහි අනභිභූතත්තා උක්ඛිත්තසිරා විය හුත්වා පරිබ්යත්තකිච්චා ජාතා, තස්මා වුත්තාති.
මෙසේ දැක්වූ උපේක්ෂාවන් අතුරින් මෙහිදී ධ්‍යාන උපේක්ෂාව අදහස් කරන ලදී. එය මධ්‍යස්ථ ලක්ෂණයෙන් යුතුය. මෙහිලා (චෝදනාවක්) කීහු. ‘මේ ඣාන උපේක්ෂාව අර්ථ වශයෙන් තත්‍රමජ්ඣත්තතා උපේක්ෂාව ම වේ.’ එය ප්‍රථම ද්විතීය ධ්‍යානයන්හි ද ඇත. එහෙයින් එහිදී ද උපෙක්ඛකො ච විහරති යනුවෙන් කිවයුතු වේ. එසේ නොකියන ලද්දේ කවර හෙයින් ද? අපරිව්යක්ත (ප්‍රකට නොවූ) කෘත්‍ය ඇති හෙයිනි. (යනු එහි වනාහි එම ඣානුපෙක්ඛාවෙහි කෘත්‍යය ප්‍රකට නොවේ. විතක්කාදියෙන් යටපත් වූ හෙයිනි. මෙහි (තෙවන ධ්‍යානයෙහි) විතක්ක, විචාර, පීති යන මෙයින් නොමඩනා ලද බැවින්, හිස ඔසවා ගත්තෙකු සෙයින්, පරිව්‍යක්ත (ප්‍රකට වූ) කෘත්‍ය ඇත්තේ වේ. එහෙයින් ‘උපෙක්ඛකො ච විහරති’ යැයි කියන ලදී.
සතො ච සම්පජානොති එත්ථ සරතීති සතො. සම්පජානාතීති සම්පජානො. ඉති පුග්ගලෙන සති ච සම්පජඤ්ඤඤ්ච වුත්තං. තත්ථ සරණලක්ඛණා සති, අසම්මුස්සනරසා ආරක්ඛපච්චුපට්ඨානා. අසම්මොහලක්ඛණං සම්පජඤ්ඤං, තීරණරසං, පවිචයපච්චුපට්ඨානං.
සතො ච සම්පජානො යන මෙහි ‘සිහි කරති’යි සත නමි. මනාව දැන ගනිතියි සම්පජාන නමි. මෙහි පුද්ගලයකු මිස සිහියද සම්පජඤ්ඤයද නොපැවසිණි. එහි සිහිකරන ලක්ෂණය ‘සති’ සිහියයි. මුලා නොවන ලක්ෂණය සම්පජඤ්ඤයයි.
තත්ථ කිඤ්චාපි ඉදං සතිසම්පජඤ්ඤං පුරිමජ්ඣානෙසුපි අත්ථි, මුට්ඨස්සතිස්ස හි අසම්පජානස්ස උපචාරමත්තම්පි න සම්පජ්ජති, පගෙව අප්පනා. ඔළාරිකත්තා පන තෙසං ඣානානං භූමියං විය පුරිසස්ස චිත්තස්ස ගති සුඛා හොති, අබ්යත්තං තත්ථ සතිසම්පජඤ්ඤකිච්චං. ඔළාරිකඞ්ගප්පහානෙන පන සුඛුමත්තා ඉමස්ස ඣානස්ස පුරිසස්ස ඛුරධාරායං විය සතිසම්පජඤ්ඤකිච්චපරිග්ගහිතා එව චිත්තස්ස ගති ඉච්ඡිතබ්බාති ඉධෙව වුත්තං. කිඤ්ච භිය්යො – යථා ධෙනුපගො වච්ඡො ධෙනුතො අපනීතො අරක්ඛියමානො පුනදෙව ධෙනුං උපගච්ඡති, එවමිදං තතියජ්ඣානසුඛං පීතිතො අපනීතම්පි සතිසම්පජඤ්ඤාරක්ඛෙන අරක්ඛියමානං පුනදෙව පීතිං උපගච්ඡෙය්ය, පීතිසම්පයුත්තමෙව සියා, සුඛෙ වාපි සත්තා සාරජ්ජන්ති. ඉදඤ්ච අතිමධුරසුඛං, තතො පරං සුඛාභාවා. සතිසම්පජඤ්ඤානුභාවෙන පනෙත්ථ සුඛෙ අසාරජ්ජනා හොති, නො අඤ්ඤථාති ඉමම්පි අත්ථවිසෙසං දස්සෙතුං ඉදමිධෙව වුත්තන්ති වෙදිතබ්බං.
එතෙකුදු වුවත්, මේ සතිසම්පජඤ්ඤය (ප්‍රථම ද්විතීය යන) ධ්‍යානයන්හි ද ඇත. සිහිමුළා වූවහුට, මැනවින් නොදත්තහුට උපචාර මාත්‍රයක්වත් නොලැබේ. අර්පණා ධ්‍යානයක් කැල ම සිද්ධ නොවේ. එම පූර්ව ධ්‍යානයන් ඕලාරික වන හෙයින්, භූමියෙහි පුරුෂයෙකුගේ ගමන මෙන්, සිතෙහි ගමන පහසු වේ. එම ධ්‍යානයන් මේ සති සම්පජඤ්ඤයන්ගේ කෘත්‍යය ප්‍රකට නොවේ. (විතක්ක, විචාර, පීති යන) ඕළාරිකංග ප්‍රහාණයෙන් සියුම් වූ බැවින් මේ තෙවන ධ්‍යානයේ දී, පුරුෂයකුගේ කරකැති (දැලිපිහි) මුවහතෙහි ගමන මෙන්, සති සම්පජඤ්ඤ කෘත්‍යයෙන් ව්‍යක්ත වූ ම සිතෙහි ගමන් කැමති විය යුතුයැයි මෙහිදි කියන ලදී. යලි බොහෝ කොට පවසනු කිම? යම්සේ දෙනගෙන් කිරිබොන වස්සෙක් මව්දෙනගෙන් ඉවත ගෙනයන ලද්දේ, නොරක්නා ලදහොත් නැවත දෙන වෙතම පැමිණෙන්නාක් මෙන් මේ තෘතීය ධ්‍යාන සුඛය ද ප්‍රීතියෙන් වෙන්කරන ලදුයේ සති සම්පජඤ්ඤයෙන් නොරක්නා ලදහොත්, නැවත ප්‍රීතිය වෙත පැමිණෙන්නේය. ප්‍රීතිය හා සමග සම්ප්‍රයුක්ත වූ ද්විතීය ධ්‍යානයම හෝ වන්නේය. සුඛයෙහි ද ඒ සත්ත්වයෝ ඇලෙති. මෙය (තෘතීය ධ්‍යාන සුඛය) ද ඉතා මිහිරි සුවයකි. එයට වඩා සුවයක් නොමැති හෙයිනි. සති සම්පජඤ්ඤ බලයෙන් ම මෙහි ඇති සුඛයෙහි නො ඇලී සිටීම සිදුවේ. අන් අයුරකින් නොවේ. මේ අර්ථ විශේෂය ද දැක්වීමට මේ දෙපදය මෙහි (තෘතීය ධ්‍යානයෙහි) ම කියන ලදැයි දතයුතුය.
ඉදානි සුඛඤ්ච කායෙන පටිසංවෙදෙතීති එත්ථ කිඤ්චාපි තතියජ්ඣානසමඞ්ගිනො සුඛපටිසංවෙදනාභොගො නත්ථි, එවං සන්තෙපි යස්මා තස්ස නාමකායෙන සම්පයුත්තං සුඛං. යං වා තං නාමකායසම්පයුත්තං සුඛං, තංසමුට්ඨානෙනස්ස යස්මා අතිපණීතෙන රූපෙන රූපකායො ඵුටො, යස්ස ඵුටත්තා ඣානා වුට්ඨිතොපි සුඛං පටිසංවෙදෙය්ය, තස්මා එතමත්ථං දස්සෙන්තො “සුඛඤ්ච කායෙන පටිසංවෙදෙතී”ති ආහ.
ඉක්බිති සුඛං ච කායෙන පටිසංවෙදෙති යනු, මෙහි තෘතීය ධ්‍යානයෙන් යුක්ත වූවහු විසින් සුබය විඳීමක් නැති වුව ද, එසේ වූ කල්හි පවා, යම් හෙයකින් ඔහුගේ නාමකායයෙන් යුක්ත වූ සුඛයක් වේද, නොහොත් නාම කායය හා සමග යෙදුණ යම් සුඛයක් වේ ද, යම් හෙයකින්, එයින් හටගත් ඉතා ප්‍රණීත වූ රූපයෙකින් ඔහු (ධ්‍යානලාභියා) ගේ රූපකායය ස්පර්ශ කරන ලද්දේ වේ ද, (එම රූපයෙන්) ස්පර්ශ කරන ලද හෙයින්, ධ්‍යානයෙන් නැගී සිටි කල්හි ද කායික සුඛය විඳින්නේ ය. එහෙයින් මෙම අර්ථය දක්වමින් සුඛං ච කායෙන පටිසංවෙදෙති යි කීහ.
ඉදානි යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති එත්ථ යංඣානහෙතු යංඣානකාරණා තං තතියජ්ඣානසමඞ්ගීපුග්ගලං බුද්ධාදයො අරියා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති පකාසෙන්ති, පසංසන්තීති අධිප්පායො. කින්ති? උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති. තං තතියජ්ඣානං උපසම්පජ්ජ විහරතීති එවමෙත්ථ යොජනා වෙදිතබ්බා.
ඉක්බිති යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරී යනු ධ්‍යානය හේතුකොට, ධ්‍යානය කරණකොට, බුද්ධාදී ආර්යයෝ යම් තෘතීය ධ්‍යානයකින් සමන්විත වූ පුද්ගලයකු ප්‍රකාශ කෙරෙත් ද, දෙසත් ද, පණවත් ද, පිහිටුවත් ද, විවරණ කෙරෙත් ද, විග්රහ කෙරෙත් ද, වර්ණනය කෙරෙත් ද, ප්‍රකට කෙරෙත් ද, ප්‍රශංසා කෙරෙත්දැයි යන අදහසයි. කිමෙකැයි ප්‍රකාශ කරත් ද? ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ (උපේක්ෂා සහගත වූයේ සිහි ඇති වූයේ සුඛ විහරණයෙන් යුක්ත වූයේ) යනුවෙනි. ඒ තෙවන ධ්‍යානයට පැමිණ විහරණය කරති’යි මෙසේ මෙහි අර්ථ යෝජනාව දතයුතුයි.
කස්මා පන තං තෙ එවං පසංසන්තීති? පසංසාරහතො. අයඤ්හි යස්මා අතිමධුරසුඛෙ සුඛපාරමිප්පත්තෙපි තතියජ්ඣානෙ උපෙක්ඛකො, න තත්ථ සුඛාභිසඞ්ගෙන ආකඩ්ඪීයති. යථා ච පීති න උප්පජ්ජති, එවං උපට්ඨිතසතිතාය සතිමා. යස්මා ච අරියකන්තං අරියජනසෙවිතමෙව ච අසංකිලිට්ඨං සුඛං නාමකායෙන පටිසංවෙදෙති, තස්මා පසංසාරහො. ඉති පසංසාරහතො නං අරියා තෙ එවං පසංසාහෙතුභූතෙ ගුණෙ පකාසෙන්තො “උපෙක්ඛකො සතිමා සුඛවිහාරී”ති එවං පසංසන්තීති වෙදිතබ්බං. තතියන්ති ගණනානුපුබ්බතා තතියං, ඉදං තතියං උප්පන්නන්තිපි තතියං.
කවර හෙයින් ඔහු (ආර්යයෝ) ඒ ධ්‍යානලාභියා මෙසේ පසසත් ද? ප්‍රශංසාවට සුදුසු හෙයිනි. යම්හෙයකින් මේ ධ්‍යානලාභී තෙමේ ඉතා මිහිරි සුව ඇති සුඛයෙහි කෙළ පැමිණි තෘතිය ධ්‍යානයෙහි පවා උපේක්ෂා සහගතව, එහි ඇති සුවයෙහි ඇලීමෙන් ආකර්ෂණය කරනු නොලැබේ, යම්සේ ප්‍රීතිය නූපදී ද, මෙසේ ම, එළඹ සිටි සිහියෙන් සතිමත් වූයේ ද තවද යම්හෙයකින් ආර්යකාන්ත (ආර්යයනට ප්‍රිය) වූ ආර්යජනයා විසින් සෙවුනා ලද්දාම වූ අසංකිලිට්ඨ වූ (නොකිලිටි වූ) සුවය නාම කායයෙන් විඳින්නේ ද, එහෙයින් හෙතෙම (ආර්යයන්ගේ) ප්‍රශංසාවට සුදුසු වේ. මෙසේ ප්‍රශංසාවට සුදුසු හෙයින්, ආර්යයෝ ප්‍රශංසාවට හේතු වූ ගුණ ප්‍රකාශ කරමින් ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’යි (උපේක්ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සිහියෙන් යුතු විහරණ ඇත්තේ) පවසතියි දතයුතුයි. තතියං යනු අනුපිළිවෙල ගණනයෙන් තෙවැන්නයි. ‘තෙවැනිව උපන්හ’යි ද ‘තතිය’ නම් වේ.
සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානාති කායිකසුඛස්ස ච කායිකදුක්ඛස්ස ච පහානා. පුබ්බෙවාති තඤ්ච ඛො පුබ්බෙව, න චතුත්ථජ්ඣානක්ඛණෙ. සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමාති චෙතසිකසුඛස්ස ච චෙතසිකදුක්ඛස්ස චාති ඉමෙසම්පි ද්වින්නං පුබ්බෙව අත්ථඞ්ගමා, පහානා ඉච්චෙව වුත්තං හොති.
සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා යනු කායික සුවය ද කායික දුක ද ප්‍රහීණ කිරීමෙනි. පුබ්බෙව යනු චතුර්ථ ධ්‍යාන ක්ෂණයෙහි නොව ඊට පෙරාතුව ම, සොමනස්ස දොමනස්සානං අත්ථංගමා යනු චෛතසික සුඛයේ ද චෛතසික දුක්ඛයේ ද යන මේ දෙක පූර්වයෙන් ම අස්තයට, ප්‍රහාණයට ගිය බවම කී නියායි.
කදා පන නෙසං පහානං හොති? චතුන්නං ඣානානං උපචාරක්ඛණෙ. සොමනස්සඤ්හි චතුත්ථජ්ඣානස්ස උපචාරක්ඛණෙයෙව පහීයති, දුක්ඛදොමනස්සසුඛානි පඨමදුතියතතියජ්ඣානානං උපචාරක්ඛණෙසු. එවමෙතෙසං පහානක්කමෙන අවුත්තානං, ඉන්ද්රියවිභඞ්ගෙ පන ඉන්ද්රියානං උද්දෙසක්කමෙනෙව ඉධාපි වුත්තානං සුඛදුක්ඛසොමනස්සදොමනස්සානං පහානං වෙදිතබ්බං.
මේ ප්රහාණය කවර මොහොතක වේද? චතුර් ධ්‍යානයන්ගේ උපචාර ක්ෂණයෙහිදීය, සෝමනස්සය වනාහි චතුර්ත්ථ ධ්‍යානයෙහි උපචාර ක්ෂණයෙහි ම, ප්‍රහීණ වේ. දුක්ඛ, දෝමනස්ස, සුඛ යන මොහු පළමු, දෙවන, තෙවන ධ්‍යානයන්ගේ උපචාර ක්ෂණයෙහි ප්‍රහීණ වේ. මෙසේ මේ වේදනාවන්ගේ ප්රහාණය වන ක්රමයෙහි නොපැවසූ කරුණු, ඉන්ද්රිය විභංගයේ ඉන්ද්රියයන්ගේ උද්දේස ක්‍රමයෙන් ම මෙහිද කියන ලද සුඛ, දුක්ඛ, දෝමනස්ස, දෝමනස්සයන්ගේ ප්රහාණය දතයුතුයි.
යදි පනෙතානි තස්ස තස්ස ඣානස්ස උපචාරක්ඛණෙයෙව පහීයන්ති, අථ කස්මා “කත්ථ චුප්පන්නං දුක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති? ඉධ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, එත්ථ චුප්පන්නං දුක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති. කත්ථ චුප්පන්නං දොමනස්සින්ද්රියං… සුඛින්ද්රියං… සොමනස්සින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති? ඉධ, භික්ඛවෙ, භික්ඛු, සුඛස්ස ච පහානා…පෙ… චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එත්ථ චුප්පන්නං සොමනස්සින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣතී”ති (සං· නි· 5.510) එවං ඣානෙස්වෙව නිරොධො වුත්තොති. අතිසයනිරොධත්තා. අතිසයනිරොධො හි නෙසං පඨමජ්ඣානාදීසු, න නිරොධොයෙව. නිරොධොයෙව පන උපචාරක්ඛණෙ නාතිසයනිරොධො.
ඉදින් සුබදුක්ඛාදී ඒ ඒ ධ්‍යානයෙහි උපචාර ක්ෂණයෙහිම ප්‍රහීණ වේ නම් (චෝදනායි.) කොතැන උපන් දුක්ඛින්‍ද්‍රියය ශේෂ නොවී නිරුද්ධ වේද? මහණෙනි, මේ සසුනෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්වීම -පෙ- පළමු ධ්‍යානයට පැමිණ විහරණය කරයි. මෙහි උපන් දුක්ඛින්‍ද්‍රියය ශේෂ නොවීම නිරුද්ධ වේ. කොතැන්හි උපන් දෝමනස්සින්‍ද්‍රියය, සුඛින්ද්රියය, සෝමනස්සින්‍ද්‍රියය අශේෂ වශයෙන් නිරුද්ධ වේද? මහණෙනි, මේ සසුනෙහි භික්ෂුව සුඛය ද ප්‍රහීණවීමෙන් -පෙ- චතුර්ථ ධ්‍යානයට පැමිණ විහරණය කරයි. මෙහි උපන් සෝමනස්සින්‍ද්‍රිය අශේෂ වශයෙන්ම නිරුද්ධ වේ.’ යනුවෙන් මෙසේ ධ්යානයන්හිදීම නිරෝධය කියන ලදහ’යි අතිසය නිරෝධ වන බැවිනි. අතිසය නිරෝධය වනාහි මේ ප්‍රථම ධ්‍යානාදියෙහි නොමැත. උපචාර ක්ෂණයෙහි දී හුදු නිරෝධයම මිස අතිසය නිරෝධය නොවේ.
තථා හි නානාවජ්ජනෙ පඨමජ්ඣානූපචාරෙ නිරුද්ධස්සාපි දුක්ඛින්ද්රියස්ස ඩංසමකසාදිසම්ඵස්සෙන වා විසමාසනුපතාපෙන වා සියා උප්පත්ති, න ත්වෙව අන්තොඅප්පනායං. උපචාරෙ වා නිරුද්ධම්පෙතං න සුට්ඨු නිරුද්ධං හොති, පටිපක්ඛෙන අවිහතත්තා. අන්තොඅප්පනායං පන පීතිඵරණෙන සබ්බො කායො සුඛොක්කන්තො හොති, සුඛොක්කන්තකායස්ස ච සුට්ඨු නිරුද්ධං හොති දුක්ඛින්ද්රියං, පටිපක්ඛෙන විහතත්තා. නානාවජ්ජනෙයෙව ච දුතියජ්ඣානූපචාරෙ පහීනස්සාපි දොමනස්සින්ද්රියස්ස යස්මා එතං විතක්කවිචාරපච්චයෙපි කායකිලමථෙ චිත්තුපඝාතෙ ච සති උප්පජ්ජති, විතක්කවිචාරාභාවෙ නෙව උප්පජ්ජති. යත්ථ පන උප්පජ්ජති, තත්ථ විතක්කවිචාරභාවෙ. අප්පහීනායෙව ච දුතියජ්ඣානූපචාරෙ විතක්කවිචාරාති තත්ථස්ස සියා උප්පත්ති, න ත්වෙව දුතියජ්ඣානෙ, පහීනප්පච්චයත්තා. තථා තතියජ්ඣානූපචාරෙ පහීනස්සාපි සුඛින්ද්රියස්ස පීතිසමුට්ඨානපණීතරූපඵුටකායස්ස සියා උප්පත්ති, න ත්වෙව තතියජ්ඣානෙ. තතියජ්ඣානෙ හි සුඛස්ස පච්චයභූතා පීති සබ්බසො නිරුද්ධාති. තථා චතුත්ථජ්ඣානූපචාරෙ පහීනස්සාපි සොමනස්සින්ද්රියස්ස ආසන්නත්තා, අප්පනාපත්තාය උපෙක්ඛාය අභාවෙන සම්මා අනතික්කන්තත්තා ච සියා උප්පත්ති, න ත්වෙව චතුත්ථජ්ඣානෙ. තස්මා එව ච “එත්ථුප්පන්නං දුක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣතී”ති තත්ථ තත්ථ අපරිසෙසග්ගහණං කතන්ති.
ඒ එසේමැයි, නානා ආවර්ජන සහිත ප්‍රථම ධ්‍යාන උපචාරයෙහිදී දුක්ඛින්ද්රිය නිරුද්ධව සිටි කල පවා ඩැහැ ලේ බොන මැසි මදුරු ආදීන්ගේ ස්පර්ශයෙන් හෝ විෂම වූ ආසන (සූර්ය) තාප ආදියෙන් දුක ඉපදීම වේ. අර්පණා ධ්‍යානය තුළදී දුක්ඛය නැත්තේමය. මෙහි දී උපචාරයෙහිදී නිරුද්ධ වුවත් මනාව නිරුද්ධ වූයේ නොවේ. ප්රතිපක්ෂ ධර්මයෙන් නොනස්නා ලද හෙයිනි. අර්පණාව ඇතුළතදී වනාහි පීති (අංග)ය පැතිරීමෙන් මුළු කය පුරා සුඛය වැදගත්තේ වේ. සුඛය වැදගන්නා ලද කය ඇත්තහුගේ දුක්ඛින්‍ද්‍රියය, මනාකොට නිරුද්ධ වූයේ වේ. ප්රතිපක්ෂ ධර්මය නස්නා ලද හෙයිනි. නානා ආවර්ජන සහිත ද්විතීය ධ්යානෝපචාරයෙහිදී, ප්‍රහීණ වූ ද දෝමනස්සින්‍ද්‍රියය විතක්ක විචාරයන් හේතුකොට හටගත් කාය පීඩා චිත්ත පීඩා ඇතිකල්හි යම්හෙයකින් උපදනේ නමුදු, විතක්ක විචාරයන්ගේ අභාවයෙහිදී නොම උපදනේය. යම්තැනෙක උපදනේද, ඒ විතක්ක විචාරයන් ඇති තන්හිය. ද්විතීය ධ්‍යානෝපචාරයෙහි විතක්ක විචාරයෝ අප්රහීණයෝ ම වෙති. එහි (දෝමනස්සින්ද්රියයෙහි) මේ උපත සිදුවන්නේය. ප්‍රහීණ නොවූ ප්‍රත්‍යය (හේතු) ඇති හෙයිනි. එහෙත් ද්විතීය ධ්‍යානයෙහි දී සිදුනොවන්නේමය. ප්‍රහීණ වූ ප්‍රත්‍යය ඇති හෙයිනි. එසේම තෘතීය ධ්‍යානෝපචාරයෙහි දී පීතියෙන් උපන් ප්‍රණීත රූපයෙන් ස්පර්ශ කරන ලද කය ඇත්තහුගේ, ප්‍රහීණ වූ ද සුඛින්ද්රියයෙහි උපත සිදුවන්නේය. තෘතීය ධ්‍යානයෙහි දී සිදු නොවන්නේමය. තෘතීය ධ්‍යානයෙහි දී වනාහි ‘සුඛයට ප්‍රත්‍යය වූ ප්‍රීතිය සර්වප්‍රකාරයෙන්ම නිරුද්ධයහ’යි දතයුතුය. චතුර්ථ ධ්‍යානෝපචාරයෙහි දී ප්‍රහීණ වූ ද සෝමනස්සින්‍ද්‍රියය ආසන්නව සිටි හෙයින් ද, අර්පණාවට පත් උපේක්ෂාවක් නැති හෙයින් ද (එම සෝමනස්සින්‍ද්‍රියය) මනාකොට නො ඉක්මවන ලද හෙයින් ද එහි උපත සිදුවන්නේ, එහෙත් චතුර්ථ ධ්‍යානය තුළ දී එය සිදු නොවන්නේම ය. එහෙයින්ම මෙහි (ප්‍රථම ධ්‍යානයෙහි) උපන් දුක්ඛින්ද්රිය ‘නිරවශේෂ වශයෙන් නිරුද්ධ වේ’යැයි ඒ ඒ ධ්‍යානයෙහි අශේෂ ග්‍රහණය කරන ලදී.
එත්ථාහ – “අථෙවං තස්ස තස්ස ඣානස්සුපචාරෙ පහීනාපි එතා වෙදනා ඉධ කස්මා සමාහටා”ති? සුඛග්ගහණත්ථං. යා හි අයං අදුක්ඛමසුඛන්ති එත්ථ අදුක්ඛමසුඛා වෙදනා වුත්තා, සා සුඛුමා දුබ්බිඤ්ඤෙය්යා, න සක්කා සුඛෙන ගහෙතුං, තස්මා යථා නාම දුට්ඨස්ස යථා වා තථා වා උපසඞ්කමිත්වා ගහෙතුං අසක්කුණෙය්යස්ස ගොණස්ස සුඛගහණත්ථං ගොපො එකස්මිං වජෙ සබ්බා ගාවො සමාහරති, අථෙකෙකං නීහරන්තො පටිපාටියා ආගතං “අයං සො ගණ්හථ න”න්ති තම්පි ගාහාපෙති, එවමෙව භගවා සුඛග්ගහණත්ථං සබ්බා එතා සමාහරීති. එවඤ්හි සමාහටා එතා දස්සෙත්වා “යං නෙව සුඛං, න දුක්ඛං, න සොමනස්සං, න දොමනස්සං, අයං අදුක්ඛමසුඛා වෙදනා”ති සක්කා හොති එසා ගාහයිතුං.
මෙහිලා කීහු. (චෝදනායි) එසේ නම්, ඒ ඒ ධ්‍යානයෙහි උපචාරාවස්ථාවෙහි දී ප්‍රහීණ වූ ද මේ දුක්ඛාදී වේදනාවන් කවර හෙයින් මෙහි ගෙනහැර දක්වන ලද්දේ ද? සුවසේ අවබෝධ කරවීම පිණිසයි. (පරිහාර) යම්සේ මෙහි ‘අදුක්ඛමසුඛං’ යැයි අදුක්ඛමසුඛ වේදනාවක් කියන ලදී ද, එය ඉතා සූක්ෂම ය. දුකසේ දතයුතුය. පහසුවෙන් අවබෝධ කරගත නොහැකිය. එහෙයින් යම්සේ සමීපයට පැමිණ අල්ලා ගැනීමට අපහසු චණ්ඩ ගොනෙකු අල්ලා ගැනීම පිණිස ගොපල්ලෙක් සියලු ගවයන් එක් ගාලක රැස්කොට ගාලෙන් එක එක ගවයා බැගින් පිටතට යෑමට සලස්වා, පිළිවෙලින් පැමිණි චණ්ඩ ගොනා ‘මේ ඒ ගොනාය, අල්වවු’ යැයි අල්ලා ගන්නේ ද, එසේම සුඛාවබෝධය පිණිස මේ සියල්ල ගෙනහැර දක්වන ලදී. මෙසේ ගෙනහැර දැක්වූ විට සුඛ ද නොවූ, දුක්ඛද නොවූ, සෝමනස්ස ද නොවූ, දෝමනස්ස ද නොවූ මෙය ‘අදුක්ඛමසුඛ වේදනාවය’යි ඉතා පහසුවෙන් අවබෝධ කරවිය හැකි වේ.
අපි ච අදුක්ඛමසුඛාය චෙතොවිමුත්තියා පච්චයදස්සනත්ථඤ්චාපි එතා වුත්තාති වෙදිතබ්බා. දුක්ඛප්පහානාදයො හි තස්සා පච්චයා. යථාහ – “චත්තාරො ඛො, ආවුසො, පච්චයා අදුක්ඛමසුඛාය චෙතොවිමුත්තියා සමාපත්තියා. ඉධාවුසො, භික්ඛු සුඛස්ස ච පහානා …පෙ… චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉමෙ ඛො, ආවුසො, චත්තාරො පච්චයා අදුක්ඛමසුඛාය චෙතොවිමුත්තියා සමාපත්තියා”ති (ම· නි· 1.458). යථා වා අඤ්ඤත්ථ පහීනාපි සක්කායදිට්ඨිආදයො තතියමග්ගස්ස වණ්ණභණනත්ථං “තත්ථ පහීනා”ති වුත්තා, එවං වණ්ණභණනත්ථම්පෙතස්ස ඣානස්සෙතා ඉධ වුත්තාතිපි වෙදිතබ්බා. පච්චයඝාතෙන වා එත්ථ රාගදොසානං අතිදූරභාවං දස්සෙතුම්පෙතා වුත්තාති වෙදිතබ්බා. එතාසු හි සුඛං සොමනස්සස්ස පච්චයො, සොමනස්සං රාගස්ස, දුක්ඛං දොමනස්සස්ස, දොමනස්සං දොසස්ස. සුඛාදිඝාතෙන ච තෙ සප්පච්චයා රාගදොසා හතාති අතිදූරෙ හොන්තීති.
තවද අදුක්ඛමසුඛ වූ (උපේක්ෂා සහගත) වේතෝ විමුක්තියට ප්‍රත්‍ය වූ ධර්මයන් දක්වනු පිණිස ද මෙය කියන ලදැයි දතයුතුයි. සුඛ දුක්ඛ ප්රහාණාදිය එම (චේතෝ විමුක්තියෙන් ම) ප්‍රත්‍ය වේ. යම්සේ කීහුද, ‘ඇවැත්නි, අදුක්ඛමසුඛ වූ චේතෝ විමුක්ති සමාපත්තියේ ප්‍රත්‍යය සතරෙකි. ඇවැත්නි, මේ සසුනෙහි භික්ෂු තෙමේ සුඛය ද ප්රහාණය කර -පෙ- චතුර්ථ ධ්‍යානයට පැමිණ විහරණය කරයි. ඇවැත්නි, මේ සතර අදුක්ඛමසුඛ වූ චේතෝ විමුක්ති සමාපත්තියට ප්‍රත්‍යය වේ’ යනුයි. නොහොත් යම්සේ අන්තැනෙකදී ප්‍රහීණ වූ ද සක්කායදිට්ඨි ආදිය තෙවැනි මාර්ගයේ ආනිසංස පැවසීමේ දී, එහිදී ප්‍රහීණ වීයැයි පවසන ලද ද, මෙසේ මේ සිවුවන ධ්‍යානයේ අනුසස් පැවසීම පිණිස මෙය මෙහිදී පවසන ලදැයි දතයුතුය. නොහොත් ප්‍රත්‍යය නැසීමෙන් හෝ මෙහි රාග ද්වේෂයන්ගේ අතිදූරභාවය දැක්වීම පිණිස ද මෙය කියන ලදැයි දතයුතුයි. මේ දුක්ඛාදී ඉන්ද්රියයන් අතුරින් සුඛය සෝමනස්සයට ද, සෝමනස්සය රාගයට ද, දුක්ඛය දෝමනස්සයට ද, දෝමනස්සය ද්වේෂයට ද ප්‍රත්‍යය (හේතු) වේ. තවද ‘සුඛ ආදිය නැසීමෙන් ප්‍රත්‍යය සහිත වූ රාග දෝෂයන් නසන ලදහ’යි, ‘ඉතා දුරෙහි වෙති’යි
අදුක්ඛමසුඛන්ති දුක්ඛාභාවෙන අදුක්ඛං, සුඛාභාවෙන අසුඛං. එතෙනෙත්ථ සුඛදුක්ඛපටිපක්ඛභූතං තතියවෙදනං දීපෙති, න දුක්ඛසුඛාභාවමත්තං. තතියවෙදනා නාම අදුක්ඛමසුඛා, උපෙක්ඛාතිපි වුච්චති. සා ඉට්ඨානිට්ඨවිපරීතානුභවනලක්ඛණා, මජ්ඣත්තරසා, අවිභූතපච්චුපට්ඨානා, සුඛනිරොධපදට්ඨානාති වෙදිතබ්බා.
අදුක්ඛමසුඛං යනු, දුක නැති හෙයින් අදුක්ඛ නම් වේ. සුඛය නැති හෙයින් අසුඛ නම් වේ. මෙයින් (අදුක්ඛමසුඛ යන්නෙන්) මෙහි දුක් සැප දෙකට විරුද්ධ වූ තෙවන වේදනාව ප්‍රකට කෙරේ. හුදෙක් දුක්ඛ සුඛ අභාවමාත්රයම නොවේ. තෙවැනි වේදනාවට නම් අදුක්ඛ-අසුඛ වේදනාවයිද උපේක්ෂා යයි ද කියනු ලැබේ. ඒ (උපේක්ෂාව) ඉෂ්ට-අනිෂ්ට විපරීතය (රුචි-අරුචි යන දෙකම හැඟීමක්) විඳීම ලක්ෂණ කොට ඇත්තේය. මධ්‍යස්ථතාව රස හෙවත් කෘත්‍යය කොට ඇත්තේය. අප්‍රකට ස්වභාවය වැටහීම් කාරණකොට ඇත්තේය. සුඛ-දුක්ඛ යන දෙකම නිරුද්ධවීම පදනම්කොට ඇත්තේය’යි දතයුතුය.
උපෙක්ඛාසතිපාරිසුද්ධින්ති උපෙක්ඛාය ජනිතසතිපාරිසුද්ධිං. ඉමස්මිඤ්හි ඣානෙ සුපරිසුද්ධා සති, යා ච තස්සා සතියා පාරිසුද්ධි, සා උපෙක්ඛාය කතා, න අඤ්ඤෙන. තස්මා එතං “උපෙක්ඛාසතිපාරිසුද්ධි”න්ති වුච්චති. යාය ච උපෙක්ඛාය එත්ථ සති පාරිසුද්ධි හොති, සා අත්ථතො තත්රමජ්ඣත්තතාති වෙදිතබ්බා. න කෙවලඤ්චෙත්ථ තාය සතියෙව පරිසුද්ධා, අපි ච ඛො සබ්බෙපි සම්පයුත්තධම්මා, සතිසීසෙන පන දෙසනා වුත්තා.
උපෙක්ඛා සති පාරිසුද්ධි යනු උපේක්ෂාවෙන් ජනිත වූ ඉතා පිරිසිදු සිහියයි. මේ ධ්‍යානයෙහි, ඉතා පිරිසිදු සිහියක් වේ ද, ඒ සිහියේ යම් පිරිසිදු බවක් වේද, එය උපේක්ෂාව විසින් කරන ලදී. අනෙකක් විසින් නොවේ. එහෙයින් මෙය ‘උපෙක්ඛාසති පාරිසුද්ධි’ යැයි කියනු ලැබේ. තවද මෙහි යම් උපේක්ෂාවකින් සති පාරිශුද්ධිය වේද එය අර්ථ වශයෙන් ‘තත්රමජ්ඣත්තාව’ යැයි දතයුතුයි. හුදෙක් මෙහිදී එම තත්රමජ්ඣත්තතාවෙන් පිරිසිදු වනුයේ හුදෙක් සිහිය මතු නොවේ. ඒ හා සමග (යෙදෙන) සියලු සම්ප්‍රයුක්ත ධර්මයන් සති ශීර්ෂයෙන් දේශනා කරන ලද්දාහුය. මේ උපේක්ෂාව කිසියම් ප්‍රමාණයෙකින් පහළ ධ්‍යාන තුනෙහි ද විද්‍යමාන වේ.
තත්ථ කිඤ්චාපි අයං උපෙක්ඛා හෙට්ඨාපි තීසු ඣානෙසු විජ්ජති, යථා පන දිවා සූරියප්පභාභිභවා සොම්මභාවෙන ච අත්තනො උපකාරකත්තෙන වා සභාගාය රත්තියා අලාභා දිවා විජ්ජමානාපි චන්දලෙඛා අපරිසුද්ධා හොති අපරියොදාතා, එවමයම්පි තත්රමජ්ඣත්තුපෙක්ඛාචන්දලෙඛා විතක්කාදිපච්චනීකධම්මතෙජාභිභවා සභාගාය ච උපෙක්ඛාවෙදනාරත්තියා අපටිලාභා විජ්ජමානාපි පඨමජ්ඣානාදිභෙදෙසු අපරිසුද්ධා හොති. තස්සා ච අපරිසුද්ධාය දිවා අපරිසුද්ධචන්දලෙඛාය පභා විය සහජාතාපි සතිආදයො අපරිසුද්ධාව හොන්ති. තස්මා තෙසු එකම්පි “උපෙක්ඛාසතිපාරිසුද්ධි”න්ති න වුත්තං. ඉධ පන විතක්කාදිපච්චනීකධම්මතෙජාභිභවාභාවා සභාගාය ච උපෙක්ඛාවෙදනාරත්තියා පටිලාභා අයං තත්රමජ්ඣත්තුපෙක්ඛාචන්දලෙඛා අතිවිය පරිසුද්ධා, තස්සා පරිසුද්ධත්තා පරිසුද්ධචන්දලෙඛාය පභා විය සහජාතාපි සතිආදයො පරිසුද්ධා හොන්ති පරියොදාතා. තස්මා ඉදමෙව “උපෙක්ඛාසතිපාරිසුද්ධි”න්ති වුත්තන්ති වෙදිතබ්බං.
යම්සේ වනාහි දහවල හිරු රැසින් මඬනා ලද සෙයින් සෞම්‍ය භාවයෙන් හෝ, උපකාරක වශයෙන් යෙදෙන රාත්‍රී කාලය නොලැබීමෙන් හෝ, දිවාකාලයෙහි විද්‍යමාන වූ ද, චන්ද්රලේඛාව පිරිසිදු වූයේ නොවේද, පැහැදිලි නොවූයේ වේද, එසේම මේ තතමජ්ඣත්තූපෙක්ඛා නැමති චන්ද්රලේඛාව ද විතක්ක ආදී ප්රතිපක්ෂ ධර්මයන්ගේ තේජසින් මඬනා ලද හෙයින් ද එක්ව යෙදෙන උපේක්ෂා වේදනා නැමති රාත්‍රිය නො ලැබීමෙන් ප්‍රථම ධ්‍යානාදියෙහි ද විද්‍යමාන වන නමුදු, එය පිරිසිදු නොවූයේම වේ. එම තත්ර මජ්ඣත්තුපෙක්ඛාව පිරිසිදු නොවූ හෙයින් දහවල නොපැහැදිලි චන්ද්රලේඛාවෙහි ප්‍රභාව මෙන් සති ආදී වූ සහජාත ධර්මයෙන් ද නො පිරිසිදු වෙති. එහෙයින්, එම ධ්‍යාන තුන අතුරෙන් එකකදීවත් ‘උපෙක්ඛාසති පාරිසුද්ධි’ යැයි නොපැවසුණි. මෙම චතුර්ථ ධ්‍යානයේදී විතර්කාදී සතුරු ධර්ම බලයෙන් නොමඬනා ලද බැවින් සභාග වූ (පාලි අටුවාවෙහි ‘විතක්කාදි.........තෙජාභිභවා’ යනු සදොස් සේ පෙනේ. එය ‘තෙජාභිභවාභාවා’ යනුවෙන් නිදොස් වූ විට අර්ථය පැහැදිලි වේ. අධීක්ෂක) උපෙක්ඛා වේදනා නැමති රාත්‍රිය ලැබීමෙන් මේ තත්‍රමජ්ඣත්තුපෙක්ඛා නැමති චන්ද්රලේඛාව ඉතාමත් පිරිසිදුය. එය පිරිසිදු වන බැවින් පිරිසිදු චන්ද්රලේඛාවේ ප්‍රභාවය මෙන් එක්ව උපන්නා වූ සති ආදී ධර්මයෝද පිරිසිදු වෙති. බැබළෙති. එහෙයින් මෙයම ‘උපෙක්ඛාවෙහි පාරිසුද්ධිය’යි කියන ලද බව දතයුතුයි.
චතුත්ථන්ති ගණනානුපුබ්බතා චතුත්ථං. ඉදං චතුත්ථං උප්පන්නන්තිපි චතුත්ථං.
චතුත්ථං යනු ගිනීමේ අනුපිළිවෙළින් සිවුවැන්නයි. සිවුවැනිව උපන්හයි ද චතුත්ථ නම් වේ.
පඤ්ඤවා හොතීති පඤ්ඤා අස්ස අත්ථීති පඤ්ඤවා. උදයත්ථගාමිනියාති උදයගාමිනියා චෙව අත්ථගාමිනියා ච. සමන්නාගතොති පරිපුණ්ණො. අරියායාති නිද්දොසාය. නිබ්බෙධිකායාති නිබ්බෙධපක්ඛිකාය. දුක්ඛක්ඛයගාමිනියාති නිබ්බානගාමිනියා. සො ඉදං දුක්ඛන්ති එවමාදීසු “එත්තකං දුක්ඛං න ඉතො භිය්යො”ති සබ්බම්පි දුක්ඛසච්චං සරසලක්ඛණපටිවෙධෙන යථාභූතං පජානාති පටිවිජ්ඣති. තස්ස ච දුක්ඛස්ස නිබ්බත්තිකං තණ්හං “අයං දුක්ඛසමුදයො”ති. තදුභයම්පි යං ඨානං පත්වා නිරුජ්ඣති, තං තෙසං අප්පවත්තිං නිබ්බානං “අයං දුක්ඛනිරොධො”ති. තස්ස ච සම්පාපකං අරියමග්ගං “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති සරසලක්ඛණපටිවෙධෙන යථාභූතං පජානාති පටිවිජ්ඣතීති එවමත්ථො වෙදිතබ්බො.
පඤ්ඤවා හොති යනු ප්‍රඥාව මොහුට ඇත්තේනුයි පඤ්ඤවා නම් වේ. උදයත්ථගාමිනියා යනු අභ්‍යුදය කරා යන, අභිවෘද්ධිය කරා යන, සමන්නාගතො යනු පිරිපුන් වූයේයි. අරියාය යනු නිදොස් වූ නිබ්බෙධිකාය යනු නිර්වේද (කලකිරීම්) පක්ෂයෙහි වූ දුක්ඛක්ඛය ගාමිනියා යනු නිවනට පමුණුවන සො ඉදං දුක්ඛන්ති යන ආදියෙහි දී ‘මෙතෙක් දුක්ය, මෙයට වඩා දුකක් නැතැ’යි සර්වප්රකාර දුක්ඛ සත්‍යය ‘රස, ලක්ෂණ, ප්‍රතිවේධ සහිතව තත්ත්වාකාරයෙන් ම දැනගනියි. අවබෝධ කරගනියි. ඒ දුක නිපදවන්නා වූ තණ්හාව මේ දුක්ඛ සමුදය (දුකට හේතුව) යැයි දැනගනියි. ඒ (දුක හා තණ්හාව යන) දෙක යම්තැනකට පැමිණ නිරුද්ධ වේනම්, ඒ දෙකෙහි නොපැවැත්ම වූ නිවන මේ ‘දුක්ඛ නිරෝධ’ යැයි දැනගනියි. එය (නිවන) කරා පමුණුවන (ආර්ය මාර්ගය ‘මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාව’ යැයි ද, රස, ලක්ෂණ, ප්‍රතිවේධ සහිත තත්වාකාරයෙන් දැනගනිති’යි, ‘අවබෝධ කරති’යි මෙසේ අර්ථ දතයුතුය.
එවං සරූපතො සච්චානි දස්සෙත්වා ඉදානි කිලෙසවසෙන පරියායතො දස්සෙන්තො “ඉමෙ ආසවා”තිආදිමාහ. තෙ වුත්තනයෙනෙව වෙදිතබ්බා. එවං තිස්සො සික්ඛායො දස්සෙත්වා ඉදානි තාසං පාරිපූරික්කමං දස්සෙතුං “ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛෙය්යා”තිආදිමාහ. තස්සත්ථො – පච්චෙකං පරිපූරෙතුං ආවජ්ජන්තොපි සික්ඛෙය්ය, ආවජ්ජිත්වාපි “අයං නාම සික්ඛා”ති ජානන්තොපි සික්ඛෙය්ය, ජානිත්වා පුනප්පුනං පස්සන්තොපි සික්ඛෙය්ය, පස්සිත්වා යථාදිට්ඨං පච්චවෙක්ඛන්තොපි සික්ඛෙය්ය, පච්චවෙක්ඛිත්වා තත්ථෙව චිත්තං අචලං කත්වා පතිට්ඨපෙන්තොපි සික්ඛෙය්ය, තංතංසික්ඛාසම්පයුත්තසද්ධාවීරියසතිසමාධිපඤ්ඤාහි සකසකකිච්චං කරොන්තොපි සික්ඛෙය්ය, අභිඤ්ඤෙය්යාභිජානනකාලෙපි තං තං කිච්චං කරොන්තොපි තිස්සො සික්ඛායො සික්ඛෙය්ය, අධිසීලං ආචරෙය්ය, අධිචිත්තං සම්මා චරෙය්ය, අධිපඤ්ඤං සමාදාය වත්තෙය්ය.
මෙසේ ස්වරූප වශයෙන් සත්‍යයන් දක්වා ඉක්බිති කෙලෙස් වශයෙන් විස්තර ආකාර දක්වමින්, ඉමෙ ආසවා යනාදිය කී, එම විස්තරාර්ථයක, පැවසූ පරිදිම දතයුතුය. මෙසේ ත්‍රිවිධ ශික්ෂාවන් දක්වා, ඉක්බිති එම ශික්ෂාවන් පිරිපුන් බවට පත්වන ආකාරය දක්වනු පිණිස ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛෙය්ය (මේ ත්රිශික්ෂාවන් ආවර්ජනය කෙරෙමින් පුහුණු වන්නේය) යනාදිය කීහු. එහි අර්ථය ඒ ශික්ෂාවන් එකක් එකක් පුරනු පිණිස ආවර්ජනය කරමින් ද හික්මෙන්නේ ය. (ආවර්ජනය කොට මෙනම් ශික්ෂාව යැයි දැනගනිමින් ද නික්මෙන්නේ ය. දැනගෙන ද නැවත නැවත දකිමින් ද හික්මෙන්නේ ය. (එසේ) දැක ද දුටුසේ ප්රත්යවේක්ෂා කරමින් ද හික්මෙන්නේ ය. ප්රත්යවේක්ෂා කොට ද එහිම සිත නො සැලෙන සේ පිහිටුවමින් ද හික්මෙන්නේ ය. ඒ ඒ ශික්ෂාව හා සම්ප්‍රයුක්ත වූ සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤාවන්ගෙන් එකිනෙකට අයත් කාර්යයන් කරමින් ද ත්රිශික්ෂාවන්හි හික්මෙන්නේය. මනාකොට දතයුතු දෙය නොකොට දනිමින් හික්මෙන්නේය. අධි සීලයෙහි හැසිරෙන්නේය. අධි චිත්තයෙහි මනාව හැසිරෙන්නේ ය. අධි පඤ්ඤාවෙහි මනාව ගෙන පවතින්නේ ය.
ඉධාති මූලපදං. ඉමිස්සා දිට්ඨියාතිආදීහි දසහි පදෙහි සික්ඛත්තයසඞ්ඛාතං සබ්බඤ්ඤුබුද්ධසාසනමෙව කථිතං. තඤ්හි බුද්ධෙන භගවතා දිට්ඨත්තා දිට්ඨීති වුච්චති. තස්සෙව ඛමනවසෙන ඛන්ති, රුච්චනවසෙන රුචි, ගහණවසෙන ආදායො, සභාවට්ඨෙන ධම්මො, සික්ඛිතබ්බට්ඨෙන විනයො, තදුභයෙනපි ධම්මවිනයො, පවුත්තවසෙන පාවචනං, සෙට්ඨචරියට්ඨෙන බ්රහ්මචරියං, අනුසිට්ඨිදානවසෙන සත්ථුසාසනන්ති වුච්චති. තස්මා “ඉමිස්සා දිට්ඨියා”තිආදීසු ඉමිස්සා බුද්ධදිට්ඨියා ඉමිස්සා බුද්ධඛන්තියා ඉමිස්සා බුද්ධරුචියා ඉමස්මිං බුද්ධආදායෙ ඉමස්මිං බුද්ධධම්මෙ ඉමස්මිං බුද්ධවිනයෙ.
ඉධ යනු (පෙළෙහි) මූලපදයයි. ‘ඉමිස්සා දිට්ඨියා’ (මේ දැක්මෙන්) ඉධ ඉමිස්සා දිට්ඨියා, ඉමිස්සා ඛත්තියා, ඉමිස්සා රුචියා යනාදී වශයෙන් දක්වන ලද දස පදයෙහි, ශික්ෂාත්රය සංඛ්‍යාත සර්වඥ බුද්ධ ශාසනයම අදහස් කරන ලදී. එය වනාහි බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද බැවින් දිට්ඨි යැයි කියනු ලැබේ. එයම ඉවසීම් වශයෙන් ඛන්ති යැයි ද රුචිකිරීම් වශයෙන් රුචි යැයි ද ගැනීම් වශයෙන් ආදාය යැයි ද ස්වභාවාර්ථයෙන් ධම්ම යැයි ද හික්මිය යුතුය යන අරුතින් විනය යැයිද ඒ දෙකින්ම යුක්තවීමෙන් ධම්මවිනය යැයි ද මනාව දෙසන ලදැයි යන අර්ථයෙන් පාවචන යයි ද ශ්‍රේෂ්ඨ චර්යාවය යන අරුතින් බ්‍රහ්මචරිය යයි ද අවවාද දීම් වශයෙන් සත්ථු සාසන යයි ද කියනු ලැබේ. යම් හෙයකින් ‘ඉමිස්සා දිට්ඨියා’ යනාදියෙහි මේ බුදුරදුන් විසින් දක්නා ලද්දෙහි, මේ බුද්ධ ඛත්තියෙහි, මේ බුද්ධ රුචියෙහි, මේ බුද්ධ ආදායෙහි (පිළිගන්නා ලද්දෙහි), මේ බුද්ධ ධර්මයෙහි, මේ බුද්ධ විනයෙහි:
“යෙ ඛො ත්වං, ගොතමි, ධම්මෙ ජානෙය්යාසි ‘ඉමෙ ධම්මා සරාගාය සංවත්තන්ති, නො විරාගාය, සඤ්ඤොගාය සංවත්තන්ති, නො විසඤ්ඤොගාය, ආචයාය සංවත්තන්ති, නො අපචයාය, මහිච්ඡතාය සංවත්තන්ති, නො අප්පිච්ඡතාය, අසන්තුට්ඨියා සංවත්තන්ති, නො සන්තුට්ඨියා, සඞ්ගණිකාය සංවත්තන්ති , නො පවිවෙකාය, කොසජ්ජාය සංවත්තන්ති, නො වීරියාරම්භාය, දුබ්භරතාය සංවත්තන්ති, නො සුභරතායා’ති. එකංසෙන, ගොතමි, ධාරෙය්යාසි ‘නෙසො ධම්මො, නෙසො විනයො, නෙතං සත්ථුසාසන’න්ති.
‘ගෝතමිය, ඔබ යම් ධර්මයක් පිළිබඳව, ‘මේ ධර්මය විරාගය පිණිස නොව සරාගය පිණිස පවතියි. විසංයෝගය පිණිස නොව සංයෝගය පිණිස පවතියි. අපචය (විසුරුවීම) පිණිස නොව ආචය (රැස්කිරීම) පිණිස පවතියි. පටිනිස්සග්ගය (අත්හැරීම) පිණිස නොව උපාදානය (දැඩිව ගැනීම) පිණිස පවතියි. අල්පේච්ඡතාව පිණිස නොව මහේච්ඡතාව පිණිස පවතියි. සන්තුෂ්ටිය පිණිස නොව අසන්තුෂ්ටිය පිණිස පවතියි. පවිවේකය (හුදෙකලා විහරණය) පිණිස නොව ගණ සංගණිකාව (පිරිස් හා සමග විසීම) පිණිස පවතියි. වීර්යාරම්භය පිණිස නොව කුසීත බව පිණිස පවතියි. සුභරතාවය (පහසුවෙන් පෝෂණය කළ හැකි බව) පිණිස නොව දුභරතාව (එසේ නොවන බව) පිණිස පවතියි’ යනුවෙන් දනිතොත්,
“යෙ ච ඛො ත්වං, ගොතමි, ධම්මෙ ජානෙය්යාසි ‘ඉමෙ ධම්මා විරාගාය සංවත්තන්ති, නො සරාගාය…පෙ… සුභරතාය සංවත්තන්ති, නො දුබ්භරතායා’ති. එකංසෙන, ගොතමි, ධාරෙය්යාසි ‘එසො ධම්මො, එසො විනයො, එතං සත්ථුසාසන’”න්ති (අ· නි· 8.53; චූළව· 406) –
ගෝතමිය, ‘ඒකාන්තයෙන් මේ ධර්මය නොවෙයි, මේ විනය නොවෙයි, මේ ශාස්තෲ ශාසනය නොවෙයි’ යනු සිතට ගනුය, ගෝතමිය ඔබ යම් ධර්මයක් පිළිබඳව, ‘මේ ධර්මය විරාගය පිණිස මිස සරාගය පිණිස නොපවතියි, -පෙ- සුභරතාව පිණිස මිස දුභරතාව පිණිස නොපවතියි’ යනුවෙන් දනිතොත්, ගෝතමිය, ඒකාන්තයෙන් ‘මේ ධර්මයයි, මේ විනයයි, මේ ශාස්තෲ ශාසනයයි’ යනු සිතට ගතයුතුය’
එවං වුත්තෙ ඉමස්මිං බුද්ධධම්මවිනයෙ ඉමස්මිං බුද්ධපාවචනෙ ඉමස්මිං බුද්ධබ්රහ්මචරියෙ ඉමස්මිං බුද්ධසාසනෙති එවමත්ථො වෙදිතබ්බො.
යනුවෙන් කියන ලද මේ බුදු දහම විනයෙහි ය. මේ බුද්ධ ප්රවචනයෙහිය. මේ බුද්ධ බ්රහ්මචරියෙහිය. මේ බුද්ධ ශාස්තෲ ශාසනයෙහිය යන මේ අර්ථ දතයුතුයි.
අපි චෙතං සික්ඛත්තයසඞ්ඛාතං සකලං සාසනං භගවතා දිට්ඨත්තා සම්මාදිට්ඨිපච්චයත්තා සම්මාදිට්ඨිපුබ්බඞ්ගමත්තා ච දිට්ඨි. භගවතො ඛමනවසෙන ඛන්ති. රුච්චනවසෙන රුචි. ගහණවසෙන ආදායො. අත්තනො කාරකං අපායෙසු අපතමානං කත්වා ධාරෙතීති ධම්මො. සොව සංකිලෙසපක්ඛං විනෙතීති විනයො. ධම්මො ච සො විනයො චාති ධම්මවිනයො. කුසලධම්මෙහි වා අකුසලධම්මානං එස විනයොති ධම්මවිනයො. තෙනෙව වුත්තං –
තවද ශික්ෂාත්රය සංඛ්‍යාත මේ මුලු සසුනම භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද බැවින්, සම්‍යක් දෘෂ්ටිය ප්‍රත්‍යය කරගත් බැවින්, සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වූ බැවින් ද මේ බුදුදහම දිට්ඨි නම් වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් ඉවසන ලද බැවින් ඛන්ති නම් වේ. උන්වහන්සේ රුචිකිරීම් වශයෙන් රුචි නම් වේ. උන්වහන්සේ විසින් ග්‍රහණය කරගත් බැවින් ආදාය නම් වේ. තමා අනුගමනය කරන්නහු අපායෙහි නොවැටෙන සේ දරනුයේ නුයි ධම්මො ධම්ම නම් වේ. ඔහුගේ ම ක්ලේශ පක්ෂය දුරුකරන්නේනුයි විනයො විනය නම් වේ. ධම්ම වූයේ ද එම විනය වූයේ ද එම ධම්මවිනයො ධම්මවිනය නම් වේ. මේ කුසල ධර්මයන්ගෙන් අකුසල ධර්මයන් වැලැක්වීමයි. ධර්මය පිළිබඳ විනය හෝ ධර්මවිනය නම් වේ. එහෙයින් කියන ලදමැයි.
“යෙ ච ඛො ත්වං, ගොතමි, ධම්මෙ ජානෙය්යාසි ‘ඉමෙ ධම්මා විරාගාය සංවත්තන්ති, නො සරාගාය…පෙ… එකංසෙන ගොතමි ධාරෙය්යාසි ‘එසො ධම්මො, එසො විනයො, එතං සත්ථුසාසන’”න්ති (අ· නි· 8.53; චූළව· 406).
‘ගෝතමිය, ඔබ යම් මේ ධර්මයක් විරාගය පිණිස පවතින්නේය. -පෙ- ඒකාන්තයෙන් ගෝතමිය ‘මේ විනයයි’, ‘මේ ශාස්තෲ ශාසනයයි’ යනුවෙන් සිතට ගතයුතුය.
ධම්මෙන වා විනයො, න දණ්ඩාදීහීති ධම්මවිනයො. වුත්තම්පි චෙතං –
නොහොත් දඬු ආදියෙන් (දඬුවමින්) නොව ධර්මයෙන් හික්මවීමයි යන අරුතින් ද ධම්මවිනය නම් වේ. කියන ලද මැයි;
“දණ්ඩෙනෙකෙ දමයන්ති, අඞ්කුසෙහි කසාහි ච; අදණ්ඩෙන අසත්ථෙන, නාගො දන්තො මහෙසිනා”ති. (චූළව· 342; ම· නි· 2.352);
දණ්ඩෙනෙකෙ දමයන්ති අංකුසෙහි කසාහි ච, අදණ්ඩෙන අසත්ථෙන නාගො දන්තො මහෙසිනා
ඇතැමෙක් දණ්ඩෙන් ද අංකුසයෙන් ද (හෙණ්ඩුවෙන්) කශයෙන් ද දමනය කරති. මහර්ෂී බුදුරජාණන් වහන්සේ විසින් දඬු නොමැතිව, ආයුධ නොමැතිව ඒ හස්තියා දමනය කරන ලදී.’
තථා –
එසේම;
“ධම්මෙන නීයමානානං, කා උසූයා විජානත”න්ති. (මහාව· 63);
‘ධම්මෙන නයමානානං කා උසුය්යා විජානතං’ (ධර්මය විසින් මෙහෙයවනු ලබන බහුශ්රැතයනට කවර ඊර්ෂ්‍යාවක් ද?)
ධම්මාය වා විනයො ධම්මවිනයො. අනවජ්ජධම්මත්ථඤ්හෙස විනයො, න භවභොගාමිසත්ථං. තෙනාහ භගවා “නයිදං, භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති ජනකුහනත්ථ”න්ති (අ· නි· 4.25) විත්ථාරො. පුණ්ණත්ථෙරොපි ආහ “අනුපාදාපරිනිබ්බානත්ථං ඛො, ආවුසො, භගවති බ්රහ්මචරියං වුස්සතී”ති (ම· නි· 1.259). විසිට්ඨං වා නයතීති විනයො. ධම්මතො විනයො ධම්මවිනයො. සංසාරධම්මතො හි සොකාදිධම්මතො වා එස විසිට්ඨං නිබ්බානං නයති. ධම්මස්ස වා විනයො, න තිත්ථකරානන්ති ධම්මවිනයො. ධම්මභූතො හි භගවා, තස්සෙව විනයො.
යන තැන්හි මෙන් ධර්මයෙන් හික්මවීම හෝ ධම්මවිනය නම් වේ. මෙහි ‘විනය’ යනු නිරවද්‍ය ධර්මය යන අර්ථයි. වංචාව යන අරුත නොවේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ දෙසූහ. ‘මහණෙනි, මේ බ්‍රහ්මචර්යාව ජනයා රැවටීම පිණිස නො වසනු ලැබේ’ යන විස්තරයයි. පුණ්ණ තෙරහුද කීහු. ‘ඇවැත්නි, නිරුපදිශේෂ නිවාරණය පිණිසම භාග්‍යවතුන් වහන්සේ, වෙත බඹසර වෙසෙනු ලැබේ. ‘විශිෂ්ටත්වයට ගෙන යනුයේනුයි හෝ විනය නම් වේ. ධර්ම වශයෙන් විනය වූයේ හෝ ධර්ම විනයයි. සංසාර ධර්ම වශයෙන්, ශෝකාදී ධර්ම වශයෙන් හෝ මෙය විශිෂ්ට වූ නිවනට ගෙන යයි. ධර්මය පිළිබඳ හික්මීම මිස අන්‍ය තීර්ථකයන්ගේ දහමක් නොවෙති යි යන අරුතින් හෝ ධම්මවිනය නම් වේ. ධර්මභූත (මූර්තිමත් ධර්මයම) වූ භාග්‍යවතුන් වහන්සේ විශේෂ වූ විනයක් ද වෙති.
යස්මා වා ධම්මා එව අභිඤ්ඤෙය්යා පරිඤ්ඤෙය්යා පහාතබ්බා භාවෙතබ්බා සච්ඡිකාතබ්බා ච, තස්මා එස ධම්මෙසු විනයො, න සත්තෙසු න ජීවෙසු චාති ධම්මවිනයො. සාත්ථසබ්යඤ්ජනතාදීහි අඤ්ඤෙසං වචනතො පධානං වචනන්ති පවචනං, පවචනමෙව පාවචනං. සබ්බචරියාහි විසිට්ඨචරියභාවෙන බ්රහ්මචරියං. දෙවමනුස්සානං සත්ථුභූතස්ස භගවතො සාසනන්ති සත්ථුසාසනං. සත්ථුභූතං වා සාසනන්තිපි සත්ථුසාසනං. “සො වො මමච්චයෙන සත්ථාති (දී· නි· 2.216) හි ධම්මවිනයොව සත්ථා”ති වුත්තොති එවමෙතෙසං පදානං අත්ථො වෙදිතබ්බො.
නොහොත්, යම් ධර්මයෙකින් ම (දතයුතු දෙය) මනාකොට දතහැකි වේද, පරිසමාප්ත ලෙසින් දතහැකි වේද, (පහ කළ යුතු දෙය) පහ කළ හැකි වේද, (වැඩිය යුතු දෙය) වැඩිය හැකි වේද, (සාක්ෂාත් කළ යුතු දෙය) සාක්ෂාත් කළ හැකි වේද, එම (මූර්තිමත්) ධර්මයෙනි. සත්ත්වයකු ජීවියකු වෙත නොව ධර්මය වෙත වූ විනයැයි හෝ ‘ධම්මවිනය’ නම් වේ. අර්ථ සහිත බව, ව්‍යඤ්ජන සහිත බව ආදියෙන් අන්‍යයන්ගේ වචනයට වඩා ප්රමුඛ වූ වචනය ‘පවචන’ නම් වේ. පවචන වූයේම පාවචනං (ස්වාර්ථ වශයෙන් පාවචන වේ.) සියලුම චර්යාවන් අතුරෙන් විශිෂ්ට වූ චර්යාව (හැසිරීම) වූ හෙයින් බ්‍රහ්මචරිය නම් වේ. දෙව් මිනිසුනට ශාස්තෲ වූ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනතාවය යන අරුතින් සත්ථුසාසනං සත්ථුසාසන නම් වේ. ‘ශාස්තෲ වූ ශාසනය’ යන අරුතින් ද සත්ථුසාසන නම් වේ. ‘එය මාගේ ඇවෑමෙන් පසුව ඔබලාගේ ශාස්තෲ වන්නේය’යි ධර්ම විනය ද ශාස්තෲ යැයි කියන ලදැ’යි මෙසේ මේ පදයන්ගේ අර්ථය දතයුතුයි.
යස්මා පන ඉමස්මිංයෙව සාසනෙ සබ්බප්පකාරජ්ඣානනිබ්බත්තකො භික්ඛු දිස්සති, න අඤ්ඤත්ර, තස්මා තත්ථ තත්ථ “ඉමිස්සා”ති ච “ඉමස්මි”න්ති ච අයං නියමො කතොති වෙදිතබ්බො.
යම්හෙයකින්, මේ සම්බුද්ධ ශාසනයෙහි ම සර්වප්රකාරයෙන් ශික්ෂාත්රය සම්පූර්ණ කරන භික්ෂුව දක්නට ලැබේ ද, වෙනත් සසුනක දක්නට නොලැබේ ද, එහෙයින් ඒ ඒ තන්හි (මෙහිම යන අරුත ඇති) ‘ඉමස්මිං’ ‘ඉමිස්සා’ යන නියමයන් කරන ලදැයි දතයුතුයි.
ජීවන්ති තෙන තංසම්පයුත්තකා ධම්මාති ජීවිතං. අනුපාලනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං. ජීවිතමෙව ඉන්ද්රියං ජීවිතින්ද්රියං. තං පවත්තසන්තතාධිපතෙය්යං හොති. ලක්‍ඛණාදීහි පන අත්තනා අවිනිභුත්තානං ධම්මානං අනුපාලනලක්ඛණං ජීවිතින්ද්රියං, තෙසං පවත්තනරසං, තෙසංයෙව ඨපනපච්චුපට්ඨානං, යාපයිතබ්බධම්මපදට්ඨානං. සන්තෙපි ච අනුපාලනලක්ඛණාදිම්හි විධානෙ අත්ථික්ඛණෙයෙව තං තෙ ධම්මෙ අනුපාලෙති, උදකං විය උප්පලාදීනි. යථාසකං පච්චයෙහි උප්පන්නෙපි ච ධම්මෙ පාලෙති, ධාති විය කුමාරං, සයංපවත්තිතධම්මසම්බන්ධෙනෙව ච පවත්තති, නියාමකො විය නාවං. න භඞ්ගතො උද්ධං පවත්තයති, අත්තනො ච පවත්තයිතබ්බානඤ්ච අභාවා. න භඞ්ගක්ඛණෙ ඨපෙති, සයං භිජ්ජමානත්තා, ඛීයමානො විය වට්ටිසිනෙහො පදීපසිඛං, න ච අනුපාලනපවත්තනට්ඨපනානුභාවවිරහිතං , යථාවුත්තක්ඛණෙ තස්ස තස්ස සාධනතොති දට්ඨබ්බං. ඨිතිපරිත්තතාය වාති ඨිතික්ඛණස්ස මන්දතාය ථොකතාය. අප්පකන්ති මන්දං ලාමකං. සරසපරිත්තතාය වාති අත්තනො පච්චයභූතානං කිච්චානං සම්පත්තීනං වා අප්පතාය දුබ්බලතාය.
තත් සම්ප්‍රයුක්ත (එය හා එකට යෙදුණු) ධර්මයන් එය හා සමග ජීවත් වෙතියි ජීවිතං ජීවිත නම් වේ. රැකීම්, පාලනය කිරීම් ලක්ෂණයෙහි ප්‍රධානත්වය ඉටු කෙරෙතියි ඉන්ද්රිය නම් වේ. ජීවිතය ම ඉන්ද්රිය වූයේ ජීවිතින්ද්රියං ජීවිතින්ද්රිය නම් වේ. එය පවත්නා කල්හි චිත්ත සන්තතියට අධිපති බව වන්නේය. ලක්ඛණ (රස) ආදියෙන් වනාහි, තමාගෙන් වෙනස් නොවූ ධර්මයන් පාලනය කිරීම ලක්‍ෂණකොට ඇති ජීවිතේන්ද්‍රියයි. (එම ජීවිතේන්ද්රියය) එම ධර්මයන් පැවැත්වීම රස (හෙවත් කෘත්‍ය) කොට ඇත්තේය. එම ධර්මයන්ම පිහිටුවීම වැටහීම් කාරණාකොට ඇත්තේය. යැපිය යුතු ධර්මයන් පදට්ඨාන (පදනම්) කොට ඇත්තේය. අනුපාලන ලක්ෂණාදිය පිළිබඳ මේ විධානය මෙසේ පැවතියදී වුව ද, (මේ ජීවිතින්‍ද්‍රියය) ඒ (සම්ප්‍රයුක්ත) ධර්මයන්, (අත්ථික්ඛණෙ) ඇති විටෙක ම පාලනය කරයි. ජලය උත්පලාදිය (ඇති විටෙකම) පාලනය කරන්නා සේය. ඨිතිපරිත්තතාය වා යනු ස්ථිතික්ෂණයේ මද බැවිනි. සුලු බැවිනි. අප්පකං යනු මඳ වූයේ යි, ළාමක වූයේ යි. සරස පරිත්තතාය වා යනු තමා හට ප්‍රත්‍ය වූ කෘත්‍යයන් හෝ සම්පත්තීන් අල්ප බැවිනි. දුබල බැවිනි.
තෙසං ද්වින්නං කාරණං විභාගතො දස්සෙතුං “කථං ඨිතිපරිත්තතායා”තිආදිමාහ. තත්ථ “අතීතෙ චිත්තක්ඛණෙ ජීවිත්ථාති එවමාදි පඤ්චවොකාරභවෙ පවත්තියං චිත්තස්ස නිරුජ්ඣනකාලෙ සබ්බස්මිං රූපාරූපධම්මෙ අනිරුජ්ඣන්තෙපි රූපතො අරූපස්ස පට්ඨානභාවෙන අරූපජීවිතං සන්ධාය, චුතිචිත්තෙන වා සද්ධිං සබ්බෙසං රූපාරූපානං නිරුජ්ඣනභාවෙන පඤ්චවොකාරභවෙ චුතිචිත්තං සන්ධාය, චතුවොකාරභවෙ රූපස්ස අභාවෙන චතුවොකාරභවං සන්ධාය කථිත”න්ති වෙදිතබ්බං. අතීතෙ චිත්තක්ඛණෙති අතීතචිත්තස්ස භඞ්ගක්ඛණසමඞ්ගීකාලෙ තංසමඞ්ගීපුග්ගලො “ජීවිත්ථ” ඉති වත්තුං ලබ්භති. න ජීවතීති “ජීවතී”තිපි වත්තුං න ලබ්භති. න ජීවිස්සතීති “ජීවිස්සතී”තිපි වත්තුං න ලබ්භති. අනාගතෙ චිත්තක්ඛණෙ ජීවිස්සතීති අනාගතචිත්තස්ස අනුප්පජ්ජනක්ඛණසමඞ්ගීකාලෙ “ජීවිස්සතී”ති වත්තුං ලබ්භති. න ජීවතීති “ජීවතී”ති වත්තුං න ලබ්භති. න ජීවිත්ථාති “ජීවිත්ථ”ඉතිපි වත්තුං න ලබ්භති. පච්චුප්පන්නෙ චිත්තක්ඛණෙති පච්චුප්පන්නචිත්තක්ඛණසමඞ්ගීකාලෙ. ජීවතීති “ඉදානි ජීවතී”ති වත්තුං ලබ්භති. න ජීවිත්ථාති “ජීවිත්ථ”ඉති වත්තුං න ලබ්භති. න ජීවිස්සතීති “ජීවිස්සතී”තිපි වත්තුං න ලබ්භති.
ඒ දෙකට හේතුව විභාග වශයෙන් දක්වනු පිණීස කථං ඨිතිපරිත්තතාය යනාදිය කීහු. එහි ‘අතීත චිත්තක්ෂණයෙහි ජීවිතයක් වීය’ යන මේ ආදී වූ පංචවෝකාර භවයෙහි පැවැත්මෙහිදී සිත නිරුද්ධ වන කල්හි සියලුම රූපාරූප ධර්මයන් නිරුද්ධ නොවන කල්හිදු රූපයට වඩා අරූපය ප්‍රධාන වන බැවින් හෝ අරූප ජීවිතය සඳහා වූ චුති චිත්තය හා සමග සියලු රූපාරූප ධර්මයන් නිරුද්ධ වන බැවින් හෝ පංචවෝකාර භවයෙහි වූ චුති චිත්තය නැතහොත් චතුවෝකාර භවයෙහි රූපස්කන්ධය නැති හෙයින් එම චතුවෝකාර භවය සඳහා කියන ලදැයි දතයුතුය. අතීතෙ චිත්තක්ඛණෙ යනු අතීත චිත්තයේ භංග ක්ෂණයෙන් යුක්ත කාලයෙහි ඒ සිතින් යුක්ත පුද්ගලයා ‘ජීවත්විය’ (ජිවිත්ථ) යි කියනු ලැබේ. ‘ඉදානි න ජීවති’ යනු ‘දැන් ජීවත් වේ’ යැයි කියනු නොලැබේ. ‘න ජීවිස්සති’ යනු මතු ජීවත් වන්නේ යයි ද කියනු නොලැබේ. අනාගතෙ චිත්තක්ඛණෙ ජීවිස්සති යනු අනාගත චිත්තය උත්පත්ති ලක්ෂණයෙන් යුක්ත නොවූ කාලයෙහි ‘ජීවිස්සතී’ යැයි කියනු ලැබේ. ජන ‘න ජීවති’ යනු ‘ජීවත් වේ’ යැයි කියනු නොලැබේ. ‘න ජීවිත්ථ’ යනු ජීවත් වී යයි ද කියනු නොලැබේ. පච්චුප්පන්නෙ චිත්තක්ඛණෙ වර්තමාන චිත්තක්ෂණයෙන් යුක්ත කාලයෙහි ජීවති යනු දැන් ජීවත් වේ යැයි කියනු ලැබේ. න ජීවිත්ථ ‘ජීවත්විය’යි කියනු නොලැබේ. න ජීවිස්සතු මතු ජීවත්වන්නේ යැයි ද කියනු ලැබේ.
ජීවිතං අත්තභාවො ච සුඛදුක්ඛා චාති අයං ගාථා පඤ්චවොකාරභවං අමුඤ්චිත්වා ලබ්භමානාය දුක්ඛාය වෙදනාය ගහිතත්තා පඤ්චවොකාරභවමෙව සන්ධාය වුත්තාති වෙදිතබ්බා. කථං? ජීවිතන්ති ජීවිතසීසෙන සඞ්ඛාරක්ඛන්ධො. අත්තභාවොති රූපක්ඛන්ධො. “උපෙක්ඛා පන සන්තත්තා, සුඛමිච්චෙව භාසිතා”ති (විභ· අට්ඨ· 232) වුත්තත්තා උපෙක්ඛාවෙදනා අන්තොකරිත්වා සුඛදුක්ඛා චාති වෙදනාක්ඛන්ධො, චිත්තං ඉති විඤ්ඤාණක්ඛන්ධො වුත්තො. ඉමෙසං චතුන්නං ඛන්ධානං කථිතත්තායෙව ඛන්ධලක්ඛණෙන එකලක්ඛණභාවෙන ලක්ඛණාකාරවසෙන සඤ්ඤාක්ඛන්ධොපි කථිතොති වෙදිතබ්බො. එවං වුත්තෙසු පඤ්චසු ඛන්ධෙසු අරූපධම්මං මුඤ්චිත්වා කම්මසමුට්ඨානාදිරූපස්ස අප්පවත්තනභාවෙන එකචිත්තසමායුත්තාති අරූපපධානභාවො කථිතො හොති. කථං? අසඤ්ඤසත්තෙ රූපම්පි ඉධුපචිතකම්මබලං අමුඤ්චිත්වාව පවත්තති, නිරොධසමාපන්නානං රූපම්පි පඨමසමාපන්නසමාපත්තිබලං අමුඤ්චිත්වාව පවත්තති. එවං අත්තනො අප්පවත්තිට්ඨානෙපි රූපපවත්තිං අත්තනො සන්තකමෙව කත්වා පවත්තනසභාවස්ස අරූපධම්මස්ස අත්තනො පවත්තිට්ඨානෙ රූපපවත්තියා පධානකාරණභාවෙන එකචිත්තසමායුත්තාති චිත්තපධානභාවො කථිතොති වෙදිතබ්බො.
ජීවිතං අත්තභාවො ච යන ආදී මේ ගාථාව පංචවෝකාර භවය අත් නොහැර (පංච වෝකාර භවයෙහිම) ලැබෙන දුක්ඛ වේදනාව ගන්නා ලද බැවින්, පංචවෝකාර භවය සඳහා ම කියන ලදී. කෙසේද? ජීවිතං යනු ජීවිත ශීර්ෂයෙන් සංස්කාර ස්කන්ධය ගන්නා ලදී. අත්තභාවො යනුවෙන් රූපස්කන්ධය ගන්නා ලදී. උපේක්ෂාව ශාන්ත වන හෙයින් සුඛ වේදනාව ම පවසන ලදැයි කියන ලදී. උපේක්ෂාව වේදනාවද ඇතුළත් කර, සුඛ දුක්ඛා ච යන්නෙන් (පූර්ණ) වේදනා ස්කන්ධය අදහස් කරන ලදී. චිත්තං යැයි විඤ්ඤාණස්කන්ධය කියන ලදී. මේ චතුස්කන්ධයන් කියන ලද හෙයින් ම ස්කන්ධ ලක්ෂණයන් සමාන ලක්ෂණ ඇති බැවින් ලක්ෂණ, ආකාර වශයෙන් සංඥා ස්කන්ධය ද මෙහිදී කියන ලදැයි දතයුතුයි. මෙසේ දක්වන ලද පංචස්කන්ධයන්ගෙන් අරූප (රුප නොවන) ධර්මය අත්හැර කර්මයන්ගෙන් හටගත් රූපයක් නොපවත්නා බැවින් එක චිත්ත සමායුත්තා යි අරූප ස්කන්ධයන්ගේ ප්‍රධාන බව කියන ලද්දේ වේ. කෙසේද? අසංඥ සත්ත්‍වයෙහි එනම් බඹලොවෙහි රූපය ද මෙහි පංචවොකාර භවයෙහි සචිත්තක වූ කර්මබලය අත්නොහැර ම පවතිනුයේ කෙසේද? නිරෝධ සමාපත්තියට සම වන්නවුන්ගේ රූපය පවා ප්‍රථම සමාපන්න සමාපත්ති බලය අත්නොහැර ම පවතියි. මෙසේ තමා නොපවත්නා ස්ථානයන්හි පවා රූපයේ පැවැත්ම තමා සන්තකයක්ම කොටගෙන, පැවැත්වීම් ස්වභාව ඇති අරූප ධර්මයන් තමා පවතින ස්ථානයෙහි රූපය පැවැත්වීමේ ප්‍රධානත්වය ඇති බැවින් එකචිත්ත සමායුත්තා යි සිතේ ප්‍රධාන බව කියන ලදැයි දතයුතුයි.
එවං පඤ්චවොකාරභවෙ පවත්තියං රූපපවත්තියා පධානභූතචිත්තනිරොධෙන රූපෙ ධරමානෙයෙව පවත්තානං නිරොධො නාම හොතීති අරූපධම්මවසෙන එව “ලහුසො වත්තතෙ ඛණො”ති වුත්තං. අථ වා පඤ්චවොකාරභවෙ චුතිචිත්තං සන්ධාය කථිතාති වෙදිතබ්බා. එවං කථියමානෙ සුඛදුක්ඛා චාති කායිකචෙතසිකසුඛවෙදනා ච කායිකචෙතසිකදුක්ඛවෙදනා ච චුතිචිත්තක්ඛණෙ අහොන්තීපි එකසන්තතිවසෙන චුතිචිත්තෙන සද්ධිං නිරුජ්ඣතීති කථිතා. චතුවොකාරභවං වා සන්ධාය කථිතාතිපි වෙදිතබ්බා. කථං ? අඤ්ඤස්මිං ඨානෙ අත්තභාවොති සඤ්ඤාක්ඛන්ධස්ස වුත්තභාවෙන අත්තභාවොති සඤ්ඤාක්ඛන්ධොව ගහිතො. බ්රහ්මලොකෙ කායිකසුඛදුක්ඛදොමනස්සං අහොන්තම්පි සුඛදුක්ඛා චාති වෙදනාසාමඤ්ඤතො ලබ්භමානො වෙදනාක්ඛන්ධො ගහිතොති වෙදිතබ්බං. සෙසං වුත්තසදිසමෙව. ඉමෙසු ච තීසු විකප්පෙසු කෙවලාති ධුවසුඛසුභඅත්තා නත්ථි, කෙවලං තෙහි අවොමිස්සා. ලහුසො වත්තති ඛණොති වුත්තනයෙන එකචිත්තක්ඛණිකතාය ලහුකො අතිපරිත්තො ජීවිතාදීනං ඛණො වත්තති.
මෙසේ පංචවෝකාර භවයෙහි පවතින රූප ප්‍රවෘත්තියේ ප්‍රධාන වූ සිත නිරුද්ධ වීමෙන් රූපය ඇති කල්හිම සත්ත්වයන්ගේ නිරෝධය (නිරුද්ධ වීම) වන්නේ යැයි අරූප ධර්මයන්ගේ වශයෙන් ම ‘ලහුසො චිත්තක්ඛණො’ (චිත්ත ක්ෂණය ඉතා ලුහු (සුලු)යයි කියන ලදී. නැතහොත් පංචවෝකාර භවයෙහි චුති චිත්තය සඳහා මෙය කියන ලදැයි දතයුතුයි. මෙසේ කියනු ලබන කල්හි, සුඛදුක්ඛා ච යනුවෙන් කායික, චෛතසික සුඛ වේදනාව ද කායික චෛතසික දුක්ඛ වේදනාවද වුති චිත්තක්ෂණයෙහි නොවෙතත් එක සන්තතියක පැවතීම් වශයෙන් චුති සිතත් සමගම නිරුද්ධ වේ යැයි කියන ලදී. මෙය චතුවෝකාර භවය සඳහා හෝ කියන ලදැයි ද දතයුතුයි. ඒ කෙසේද? මෙතැන්හිදී අත්තභාවො යනු මේ පදයෙන් සංඥා ස්කන්ධය ගන්නා ලදී. බඹලොව කායික සුවදුක්, සෝමනස්ස - දෝමනස්සයන් නොවන්නේ නමුදු සුබ දුක්ඛා ච යනුවෙන් වේදනාව හා සමාන වශයෙන් ගනු ලබන වේදනා ස්කන්ධය ගන්නා ලදැයි දතයුතුයි. සෙසු පදයන්හි අර්ථය ඉහත පැවසූ පරිදිම වේ. මේ ත්‍රිවිධ විකල්පයන්හි කෙවලා යනු ස්ථිර, සුඛ, ශුභාත්මතාවක් නැත. කේවල පදාර්ථය ඒවායෙන් මිශ්‍ර වූයේ නොවේ. ‘ලහුසො වත්තති ඛණො’යි කියන ලද පරිදි එක් චිත්තක්ෂණයක් වන බැවින් ඉතා ලුහුව, ඉතා කෙටිව ජීවිතාදිය පිළිබඳ ක්ෂණයක් පවතියි.
එකතො ද්වින්නං චිත්තානං අප්පවත්තිං දස්සෙන්තො “චුල්ලාසීතිසහස්සානී”ති ගාථමාහ. චුල්ලාසීතිසහස්සානි, කප්පා තිට්ඨන්ති යෙ මරූති යෙ දෙවගණා චතුරාසීති කප්පසහස්සානි ආයුං ගහෙත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ තිට්ඨන්ති. “යෙ නරා”තිපි පාළි. න ත්වෙව තෙපි ජීවන්ති, ද්වීහි චිත්තසමොහිතාති තෙපි දෙවා ද්වීහි චිත්තෙහි සමොහිතා එකතො හුත්වා යුගනද්ධෙන චිත්තෙන න තු එව ජීවන්ති, එකෙනෙකෙන චිත්තෙන ජීවන්තීති අත්ථො.
දෙසිතක් එක්ව නොපවත්නා බව දක්වමින් චූලාසීති සහස්සාති යන ගාථාව කීහු. චූලාසීති සහස්සානි කප්පා තිට්ඨන්ති යෙ මරූ යනු යම් දේව සමූහයක් සුවාසූ දහසක් කප් කල් ආයු ඇතිව නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිටිත් ද, ‘යෙ නරා’ යන යෙදුම ද පෙළපොත්හි එයි. නත්ථෙව තෙපි ජීවන්ති ද්වීහි චිත්ත සමොහිතා ඒ දෙවියෝ ද දෙසිතකින් එකතුව, යුගල වශයෙන් බැඳුණු සිතින් නොම ජීවත්වේමැයි, ‘එක් එක් සිතක් ඇතිවම ජීවත්වෙති’යි යන අර්ථයි. ඉක්බිති, මරණාවස්ථාව දක්වමින් යෙ නිරුද්ධා යන ගාථාව කීහු.
ඉදානි මරණකාලං දස්සෙන්තො “යෙ නිරුද්ධා”ති ගාථමාහ. තත්ථ යෙ නිරුද්ධාති යෙ ඛන්ධා නිරුද්ධා අත්ථඞ්ගතා. මරන්තස්සාති මතස්ස. තිට්ඨමානස්ස වාති ධරමානස්ස වා. සබ්බෙපි සදිසා ඛන්ධාති චුතිතො උද්ධං නිරුද්ධක්ඛන්ධා වා පවත්තෙ නිරුද්ධක්ඛන්ධා වා පුන ඝටෙතුං අසක්කුණෙය්යට්ඨෙන සබ්බෙපි ඛන්ධා සදිසා. ගතා අප්පටිසන්ධිකාති නිරුද්ධක්ඛන්ධානං පුන ආගන්ත්වා පටිසන්ධානාභාවෙන ගතා අප්පටිසන්ධිකාති වුච්චන්ති.
එහි යෙ නිරුදධා යනු යම් ස්කන්ධයක් නිරුද්ධ වූයේ ද අස්තංගත වූයේ ද මරන්තසස මළහුගේයි. තිට්ඨමානස්ස නොහොත් ජීවත් වන්නහුගේයි, ජීවත් වන්නාගේ සබ්බෙපි සදිසා ඛන්ධා යනු චුතියෙන් පෙර නිරුද්ධ වූ ස්කන්ධයක් හෝ වේවා, පැවැත්මෙහිදී නිරුද්ධ වූ ස්කන්ධයක් හෝ වේවා නොගැටෙනු හැකිය යන අර්ථයෙන් සියලුම ස්කන්ධයෝ සමාන වෙති. ගතා අප්පටි සන්ධිකා යනු නිරුද්ධ වූ, ස්කන්ධයන් පෙරළා අවුත් පිළිසිඳ ගැනීමක් නොවන හෙයින් ‘ගතා අප්පටි සන්ධිකා’ (පිළිසිඳීමක් නැතිවම ගියාහුය) යැයි කියනු ලැබෙති.
ඉදානි තීසු කාලෙසු නිරුද්ධක්ඛන්ධානං නානත්තං නත්ථීති දස්සෙතුං “අනන්තරා”ති ගාථමාහ. තත්ථ අනන්තරා ච යෙ භග්ගා, යෙ ච භග්ගා අනාගතාති යෙ ඛන්ධා අනන්තරාතීතා හුත්වා භින්නා නිරුද්ධා, යෙ ච අනාගතා ඛන්ධා භිජ්ජිස්සන්ති. තදන්තරෙති තෙසං අන්තරෙ නිරුද්ධානං පච්චුප්පන්නඛන්ධානං. වෙසමං නත්ථි ලක්ඛණෙති විසමස්ස භාවො වෙසමං, තං වෙසමං නත්ථි, තෙහි නානත්තං නත්ථීති අත්ථො. ලක්ඛීයතීති ලක්ඛණං, තස්මිං ලක්ඛණෙ.
ඉක්බිති කාලත්‍රයෙහි නිරුද්ධ වූ ස්කන්ධයන්ගේ නානත්වයක් නැතැයි දැක්වීමට අනන්තරා යන ගාථාව කීහු. එහි අනන්තරා ච යෙ භංගා යෙ ච භංගා අනාගතා යනු ස්කන්ධයක් අනන්තරව, අතීතව සිට බිඳී ගියේ ද, යම් අනාගත ස්කන්ධයක් බිඳී යන්නේ ද තදන්තරෙ මේ අතීත-අනාගත ස්කන්ධයන් අතරෙහි නිරුද්ධ වූ ප්‍රත්‍යුත්පන්න ස්කන්ධයන්ගේ වෙසම්මං නත්ථි ලක්ඛණෙ යන්නෙහි වේසම්ම නම් විෂම භාවයයි. ඒ වෛෂම්ය නැති, නානත්වය, විෂම බව නැත යන අර්ථයි. ලකුණු කරනු ලැබේනුයි ලක්ඛණයි. එකෙණෙහි පවත්නා ලක්ෂණයයි.
ඉදානි අනාගතක්ඛන්ධානං වත්තමානක්ඛන්ධෙහි අසම්මිස්සභාවං කථෙන්තො “අනිබ්බත්තෙන න ජාතො”ති ගාථමාහ. අනිබ්බත්තෙන න ජාතොති අජාතෙන අපාතුභූතෙන අනාගතක්ඛන්ධෙන න ජාතො න නිබ්බත්තො. එතෙන අනාගතක්ඛන්ධස්ස වත්තමානක්ඛන්ධෙන අසම්මිස්සභාවං කථෙසි. පච්චුප්පන්නෙන ජීවතීති ඛණපච්චුප්පන්නෙන වත්තමානක්ඛන්ධෙන ජීවති. එතෙන එකක්ඛණෙ ද්වීහි චිත්තෙහි න ජීවතීති කථිතං. චිත්තභග්ගා මතොති ද්වීහි චිත්තෙහි එකක්ඛණෙ අජීවනභාවෙන චිත්තභඞ්ගෙන මතො. “උපරිතො චිත්තභඞ්ගා”තිපි පාළි, තං උජුකමෙව. පඤ්ඤත්ති පරමත්ථියාති “රූපං ජීරති මච්චානං, නාමගොත්තං න ජීරතී”ති (සං· නි· 1.76) වචනක්කමෙන පණ්ණත්තිමත්තං න ජීරණසභාවෙන පරමා ඨිති එතිස්සාති පරමත්ථියා, සභාවට්ඨිතිකාති අත්ථො. “දත්තො මතො, මිත්තො මතො”ති පණ්ණත්තිමත්තමෙව හි තිට්ඨති. අථ වා පරමත්ථියාති පරමත්ථිකා. පරමො අත්ථො එතිස්සාති පරමත්ථිකා. අජටාකාසොති පඤ්ඤත්තියා නත්ථිධම්මං පටිච්ච කථනං විය මතොති පඤ්ඤත්ති නත්ථිධම්මං පටිච්ච න කථියති, ජීවිතින්ද්රියභඞ්ගසඞ්ඛාතං ධම්මං පටිච්ච කථියති.
ඉක්බිති අනාගත ස්කන්ධයන් හා වර්තමාන ස්කන්ධයන්ගෙන් අමිශ්‍ර බව දක්වමින් අනිබ්බත්තෙන න ජාතො යන ගාථාව කීහු. අනිබ්බත්තෙන න ජාතො යනු නූපන්නා වූ නො පහළ වූ අනාගත ස්කන්ධයෙන් ජනිත නොවූයේ යි, මෙයින් අනාගත ස්කන්ධය වර්තමාන ස්කන්ධයෙන් අමිශ්‍ර බව කීහු. පච්වුප්පන්නෙ න ජීවතී යනු ප්‍රත්‍යුත්පන්න ක්ෂණයෙහි, වර්තමාන ස්කන්ධයෙහි, ජීවත් නොවේ. මෙයින් එක්කෙනෙක්හි දෙසිතෙකින් ජීවත් නොවේ යැයි කියන ලදී. චිත්ත භංගාමතො යනු දෙසිත වේ. උපරිතො චිත්තභංගා චිත්ත භංගයෙන් පසුව ද යනු ද පෙළෙහි එයි. එම සරල අර්ථයමය. (සිත බිඳීමෙන් පසුව) පඤ්ඤත්ති පරමට්ඨිති යනු, ‘මනුෂ්‍යයන්ගේ රූපය දිරා යයි. නාම ගෝත්‍රය නොදිරයි’ යන වචනය අනුව, ප්රඥප්ති මාත්‍රය නොදිරන බැවින්, ‘පරම වූ පැවැත්ම මෙයට ඇත්තේනුයි ‘පරමට්ඨිති’ නම් වේ. ‘ස්වභාවයෙන් සිටිති’යි යන අරුතයි. ‘දත්ත නැමැත්තේ මළේය. ‘චිත්ත නැමැත්තේ මළේය’ යනුවෙන් හුදෙක් ප්රඥප්ති මාත්‍රය ම ව්‍යවහාරයෙහි සිටියි. නැතහොත් පරමත්ථියා පරමාර්ථ වශයෙන් පරම වූ අර්ථය මෙහි වූයේ නුයි පරමත්ථියා නම් වේ. අජටාකාශ විෂයයෙහි ‘ආකාස’ යන ප්රඥප්තිය (එහි) ස්වභාවය නිසා (ඒ අනුව) කීමක් නොවන්නා සේ ම, ‘මළා’ (මළේය) යන ප්රඥප්තිය ද (එහි) ස්වභාවය නිසා නොකියනු ලැබේ. ජීවිතින්ද්රිය සංඛ්‍යාත වූ ස්වභාවය නිසා නොකියනු ලැබේ.
අනිධානගතා භග්ගාති යෙ ඛන්ධා භින්නා, තෙ නිධානං නිහිතං නිචයං න ගච්ඡන්තීති අනිධානගතා. පුඤ්ජො නත්ථි අනාගතෙති අනාගතෙපි නෙසං පුඤ්ජභාවො රාසිභාවො නත්ථි. නිබ්බත්තායෙව තිට්ඨන්තීති පච්චුප්පන්නවසෙන උප්පන්නා ඨිතික්ඛණෙ වයධම්මාව හුත්වා තිට්ඨන්ති. කිමිව? ආරග්ගෙ සාසපූපමාති සූචිමුඛෙ සාසපො විය.
අනිධානගතා භංගා යනු යම් ස්කන්ධයක් බිඳුණාහු ද ඒවා නිධානයට, රැස්වීමට, එකතුවීමට නොයෙති යි ‘අනිධාගතා’ නම් වේ. පුඤ්ජො නත්ථි අනාගතෙ යනු අනාගතයෙහි ද ඒවායේ කැටි ගැසීමක්, ඒකරාශි වීමක් නැත. නිබ්බත්තා යෙ ච තිට්ඨන්ති යනු ප්‍රත්‍යුත්පන්න වශයෙන් උපන්නාහු (ජිවිතින්ද්රියයාගේ) ස්ථිති කාරණයෙහි විනාශය ස්වභාවකොට ඇතිව සිටිති. කෙසේද? ආරග්ගෙ සාසසූපමො යනු ඉඳිකටු අග වූ අබැටක් මෙනි.
ඉදානි ඛන්ධානං දස්සනභාවං දස්සෙන්තො “නිබ්බත්තාන”න්ති ගාථමාහ. තත්ථ නිබ්බත්තානං ධම්මානන්ති පච්චුප්පන්නානං ඛන්ධානං. භඞ්ගො නෙසං පුරක්ඛතොති එතෙසං භෙදො පුරතො කත්වා ඨපිතො. පලොකධම්මාති නස්සනසභාවා. පුරාණෙහි අධිස්සිතාති පුරෙ උප්පන්නෙහි ඛන්ධෙහි න මිස්සිතා න සංසග්ගා.
ඉක්බිති, ස්කන්ධයන්ගේ නැසෙනසුලු බව දක්වන්නාහු. නිබ්බත්තානං යන ආදි ගාථාව කීහු. එහි තිබ්බත්තානං ධම්මානං යනු ප්‍රත්‍යුත්පන්න ස්කන්ධයන්ගේයි. භංගො තෙසං පුරක්ඛතො යනු මේ ධර්මයන්ගේ බිඳීම පෙරටුකොට තබන ලදී. පලොකධම්මා යනු නැසෙනසුලු ස්වභාවයයි. පුරාණෙහි අමිස්සිතා යනු පෙර උපන් ස්කන්ධයන් සමග අමිශ්‍ර වූවාහුයි, එකතු නොවූවාහු යි.
ඉදානි ඛන්ධානං අදස්සනභාවං දස්සෙන්තො “අදස්සනතො ආයන්තී”ති ගාථමාහ. තත්ථ අදස්සනතො ආයන්තීති අදිස්සමානායෙව ආගච්ඡන්ති උප්පජ්ජන්ති. භඞ්ගා ගච්ඡන්තිදස්සනන්ති භෙදා භඞ්ගතො උද්ධං අදස්සනභාවං ගච්ඡන්ති. විජ්ජුප්පාදොව ආකාසෙති විවටාකාසෙ විජ්ජුලතානිච්ඡරණං විය. උප්පජ්ජන්ති වයන්ති චාති පුබ්බන්තතො උද්ධං උප්පජ්ජන්ති ච භිජ්ජන්ති ච, නස්සන්තීති අත්ථො. “උදෙති ආපූරති වෙති චන්දො”ති (ජා· 1.5.3) එවමාදීසු විය.
ඉක්බිති ස්කන්ධයන්ගේ නොදිස්නා බව දක්වන්නාහු, අදස්සනොතො ආයන්ති යන ආදී ගාථාව කීහ. එහි අදස්සනතො ආයන්ති යනු නො දිස්නාහු ම එති. උපදිති. භංගා ගච්ඡන්ති අදස්සනං යනු බිඳීමෙන්, බෙදී යාමෙන් පසුව නො දිස්නා බවට යති. විජ්ජුප්පාදොව ආකාසෙ යනු විවෘත ආකාශයෙහි විදුලි එළිය පැතිරෙන ලෙසිනි. උච්ඡිජ්ජන්ති වයන්ති ච යනු පූර්‍වාන්තයෙන් විනාශ වී යති. බිඳී යති. වැනසී යතියි යන අර්ථයි. ‘චන්ද්‍රයා උදාවෙයි. පූර්ණත්වයට යෙයි’ යනාදියෙහි මෙනි.
එවං ඨිතිපරිත්තතං දස්සෙත්වා ඉදානි සරසපරිත්තතං දස්සෙන්තො “කථං සරසපරිත්තතායා”තිආදිමාහ. තත්ථ අස්සාසූපනිබන්ධං ජීවිතන්ති අබ්භන්තරපවිසනනාසිකවාතපටිබද්ධං ජීවිතින්ද්රියං. පස්සාසොති බහිනික්ඛමනනාසිකවාතො. අස්සාසපස්සාසොති තදුභයං. මහාභූතූපනිබන්ධන්ති චතුසමුට්ඨානිකානං පථවීආපතෙජවායානං මහාභූතානං පටිබද්ධං ජීවිතං. කබළීකාරාහාරූපනිබන්ධන්ති අසිතපීතාදිකබළීකාරආහාරෙන උපනිබන්ධං. උස්මූපනිබන්ධන්ති කම්මජතෙජොධාතූපනිබන්ධං. විඤ්ඤාණූපනිබන්ධන්ති භවඞ්ගවිඤ්ඤාණූපනිබන්ධං. යං සන්ධාය වුත්තං “ආයු උස්මා ච විඤ්ඤාණං, යදා කායං ජහන්තිම”න්ති (සං· නි· 3.95).
මෙසේ ඨිති පරිත්තකාදි (ස්ථිතියෙහි, පැවැත්මෙහි අල්ප බව) දක්වා ඉක්බිති සරස පරිත්තතාව දක්වන්නාහු කථං සරසපරිත්තතාය යනාදිය කීහු. එහි අස්සාසූපනිබද්ධං ජීවිතං යනු අභ්‍යන්තරයට නාසයෙන් පිවිසෙන වාතය (ආශ්වාසය) හා බැඳුණු ජීවිතින්ද්රිය යයි. පස්සාසො යනු නාසයෙන් පිටතට නික්මෙන වාතයයි. (ප්‍රශ්වාසය) අස්සාස පස්සාසො යනු ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙකයි. මහාභූතූප නිබද්ධං යනු චතු සමුට්ඨානික වූ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහාභූතයන් හා බැඳුණු ජීවිතයයි. කබලිංකාරාහාරූප නිබද්ධං යනු කැම්, පීම් ආදි කබලිංකාර ආහාරය හා බැඳුණු උස්මූපනිබද්ධං යනු කර්මජ තේජෝ ධාතුව හා බැඳුණු, විඤ්ඤාණූපනිබද්ධං යනු භවංග විඤ්ඤාණය හා බැඳුණු, යමක් සඳහා (ආයු උස්මාච විඤ්ඤාණං - යදා කායං ජහන්තිමං’ (යම්කලෙක ආයුෂ, උණුසුම හා විඤ්ඤාණය මේ ශරීරය අත්හරියි ද) යනුවෙන් කියන ලද්දේ ද එය මෙහිදී අදහස් වේ.
ඉදානි නෙසං දුබ්බලකාරණං දස්සෙන්තො “මූලම්පි ඉමෙසං දුබ්බල”න්තිආදිමාහ. තත්ථ මූලම්පීති පතිට්ඨට්ඨෙන මූලභූතම්පි. අස්සාසපස්සාසානඤ්හි කරජකායො මූලං. මහාභූතාදීනං අවිජ්ජාකම්මතණ්හාහාරා. ඉමෙසන්ති වුත්තප්පකාරානං අස්සාසාදීනං ජීවිතින්ද්රියපවත්තිකාරණවසෙන වුත්තානං. එතෙසු හි එකෙකස්මිං අසති ජීවිතින්ද්රියං න තිට්ඨති. දුබ්බලන්ති අප්පථාමං. පුබ්බහෙතූපීති අතීතජාතියං ඉමස්ස විපාකවට්ටස්ස හෙතුභූතා කාරණසඞ්ඛාතා අවිජ්ජාසඞ්ඛාරතණ්හුපාදානභවාපි. ඉමෙසං දුබ්බලා යෙ පච්චයා තෙපි දුබ්බලාති යෙ ආරම්මණාදිසාධාරණපච්චයා. පභාවිකාති පධානං හුත්වා උප්පාදිකා භවතණ්හා. සහභූමීති සහභවිකාපි රූපාරූපධම්මා. සම්පයොගාපීති එකතො යුත්තාපි අරූපධම්මා. සහජාපීති සද්ධිං එකචිත්තෙ උප්පන්නාපි. යාපි පයොජිකාති චුතිපටිසන්ධිවසෙන යොජෙතුං නියුත්තාති පයොජිකා, වට්ටමූලකා තණ්හා. වුත්තඤ්හෙතං “තණ්හාදුතියො පුරිසො”ති (ඉතිවු· 15, 105). නිච්චදුබ්බලාති නිරන්තරෙන දුබ්බලා. අනවට්ඨිතාති න අවට්ඨිතා, ඔතරිත්වා න ඨිතා. පරිපාතයන්ති ඉමෙති ඉමෙ අඤ්ඤමඤ්ඤං පාතයන්ති ඛෙපයන්ති. අඤ්ඤමඤ්ඤස්සාති අඤ්ඤො අඤ්ඤස්ස, එකො එකස්සාති අත්ථො. හි-ඉති කාරණත්ථෙ නිපාතො. නත්ථි තායිතාති තායනො රක්ඛකො නත්ථි. න චාපි ඨපෙන්ති අඤ්ඤමඤ්ඤන්ති අඤ්ඤෙ අඤ්ඤං ඨපෙතුං න සක්කොන්ති. යොපි නිබ්බත්තකො සො න විජ්ජතීති යොපි ඉමෙසං උප්පාදකො ධම්මො, සො ඉදානි නත්ථි.
ඉක්බිති මේවායේ දුර්වල හේතු දක්වන්නාහු මූලම්පි ඉමෙසං දුබ්බලං යනාදිය කීහු. එහි මූලම්පි යනු පිහිටීම් අර්ථයෙන් මුල් වූ ආශ්වාස ප්රශ්වාසයනට කරජ (කර්මයෙන් උපන්) කය මුල් වේ. මහාභූතයනට අවිද්‍යා, කර්ම, තණ්හා ආහාර යන මොහු මුල් වෙති. ඉමෙසං කියන ලද ආකාර ඇති ආශ්වාසාදී වූ ජීවිතින්ද්රියට ප්රතිකාරණා වශයෙන් කියන ලද, මේවායින් එක එකක් නොපවත්නා කල්හි ජීවිතින්ද්රිය නොසිටියි. දුබ්බලං යනු අල්ප ශක්ති ඇත්තේය. පුබ්බහෙතු පි යනු අතීත ජාතියෙහි මේ විපාක වට්ටයට හේතුභූත කාරණ සංඛ්‍යාත වූ අවිද්‍යා සංඛාර, තණ්හා, උපාදාන, භව යන මොහුද, දුර්වල වූ මොවුනට යමක් ප්‍රත්‍ය වී නම් ඔහු ද දුර්වලයහ යි යම් ආරම්මණාදී වූ පොදු ප්‍රත්‍යයෙන් ය. පභවිකා යනු ප්‍රධාන වී උපන් තණ්හාවයි. සභභූමි යනු එක්ව උපන් රූපාරූප ධර්මයෝයි. සම්පයොගාපි යනු එක්ව යෙදුණු අරූප ධර්මයෝ යි. සහජාපි එක්ම සිතෙහි එක්ව උපන්නාහු ද යාපි පයොජිකා යනු ච්‍යුති ප්රතිසන්ධි වශයෙන් යොදන පිණිස නියුක්ත වූහයි, පයෝජික් නම් වූ වට්ටමූලක තණ්හාවයි කියන ලදමැයි, තණ්හාව දෙවැනි කොට ඇති පුරුෂයායි. නිච්ච දුබ්බලා යනු නිරන්තරයෙන් දුර්වල වූයේයි, අනවට්ඨිතා යනු මැනවින් නොපිහිටියේයි, මුල්බැස නොගත්තේයි, පරිපාතයන්තී ඉමෙ යනු මොහු ඔවුනොවුන් පිරිහෙලති. වනසා ගනිති. අඤ්ඤමඤ්ඤස්ස යනු එකෙක් අනිකෙකුට, එකිනෙකාටයි යන අර්ථයි. හි යනු කාරණාර්ථයෙහි නිපාතයි. නත්ථිතායිකො යනු රකින්නෙක්, ආරක්ෂා කරන්නෙක් නැත. න ඨපෙන්ති අඤ්ඤමඤ්ඤං යනු එකෙක් අනිකකු පිහිටවනු සමත් නොවෙති. යොපි නිබ්බත්තකො සො න විජ්ජති යනු මොවුන්ගේ උත්පාදක වූ යම් ධර්මයක් වේද, එයද දැන් නැත.
න ච කෙනචි කොචි හායතීති කොචි එකොපි කස්සචි වසෙන න පරිහායති. ගන්ධබ්බා ච ඉමෙ හි සබ්බසොති සබ්බෙ හි ඉමෙ ඛන්ධා සබ්බාකාරෙන භඞ්ගං පාපුණිතුං යුත්තා. පුරිමෙහි පභාවිතා ඉමෙති පුබ්බහෙතුපච්චයෙහි ඉමෙ වත්තමානකා උප්පාදිකා. යෙපි පභාවිකාති යෙපි ඉමෙ වත්තමානකා උප්පාදකා පුබ්බහෙතුපච්චයා. තෙ පුරෙ මතාති තෙ වුත්තප්පකාරපච්චයා වත්තමානං අපාපුණිත්වා පඨමමෙව මරණං පත්තා. පුරිමාපි ච පච්ඡිමාපි චාති පුරිමා පුබ්බහෙතුපච්චයාපි ච පච්ඡිමා වත්තමානෙ පච්චයසමුප්පන්නා ච. අඤ්ඤමඤ්ඤං න කදාචි මද්දසංසූති අඤ්ඤමඤ්ඤං කිස්මිඤ්චි කාලෙ න දිට්ඨපුබ්බා. ම-කාරො පදසන්ධිවසෙන වුත්තො.
න ච කෙනචි කොචි හායති යනු කිසිවෙක් එකෙක් හෝ වශයෙන් කිසිවෙකුට නොපිරිහෙවයි, (හානි නොකරවයි). ගන්ධබබා ච ඉමෙහි සබ්බසො යනු මේ සියලු ම ස්කන්ධයෝ සර්වප්රකාරයෙන් ම බිඳීමට පත්විය යුත්තාහුය. පුරිමෙහි පභාවිතා යනු මේ වර්තමාන ස්කන්ධයෝ පූර්වහේතු ප්‍රත්‍යයෙන් උපදවන ලද්දාහුය. යෙපි පභවකා යනු පූර්වහේතු ප්‍රත්‍යයෙන් උපදවන ලද යම් මේ වර්තමානයට නොපැමිණ පළමුව මරණයට පත්වූවාහුය. පුරිමාජි ච පච්ඡිමාපි ච යනු පෙර වූ පූර්වහේතු ප්‍රත්‍යයෝ ද පසුව වූ වර්තමාන ප්‍රත්‍යයෙන් උපන්නා වූ ස්කන්ධයෝ ද අඤ්ඤමඤ්ඤං න කදාචි මද්දසුං යනු ඔවුනොවුන් කිසි කලෙක නොදුටුවිරූය. මෙහි ‘ම’ කාරය සන්ධි වශයෙන් (ආගම කොට) කියන ලදී.
චාතුමහාරාජිකානං දෙවානන්ති ධතරට්ඨවිරූළ්හකවිරූපක්ඛකුවෙරසඞ්ඛාතා චතුමහාරාජා ඉස්සරා එතෙසන්ති චාතුමහාරාජිකා. රූපාදීහි දිබ්බන්ති කීළන්තීති දෙවා. තෙ සිනෙරුපබ්බතස්ස වෙමජ්ඣෙ හොන්ති. තෙසු අත්ථි පබ්බතට්ඨකාපි, අත්ථි ආකාසට්ඨකාපි. තෙසං පරම්පරා චක්කවාළපබ්බතං පත්තා. ඛිඩ්ඩාපදොසිකා මනොපදොසිකා සීතවලාහකා උණ්හවලාහකා චන්දිමා දෙවපුත්තො සූරියො දෙවපුත්තොති එතෙ සබ්බෙපි චාතුමහාරාජිකදෙවලොකට්ඨා එව තෙසං චාතුමහාරාජිකානං ජීවිතං. උපාදායාති පටිච්ච. පරිත්තකන්ති වුද්ධිපටිසෙධො. ථොකන්ති මන්දකාලං, දීඝදිවසපටිසෙධො. ඛණිකන්ති මන්දකාලං, කාලන්තරපටිසෙධො. ලහුකන්ති සල්ලහුකං, අලසපටිසෙධො. ඉතරන්ති සීඝබලවපටිසෙධො . අනද්ධනීයන්ති කාලවසෙන න අද්ධානක්ඛමං. නචිරට්ඨිතිකන්ති දිවසෙන චිරං න තිට්ඨතීති නචිරට්ඨිතිකං, දිවසපටිසෙධො.
චාතුම්මහාරාජිකානං දෙවානං යනු ධ්‍රැතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ හා කුවේර නම් වූ සිවු වරම් මහරජ දරුවෝ මේ (දෙවියන්ට) අධිපති වූවාහුයි චාතුම්මහාරාජික නම් වෙති. රූපාදියෙන් බබළත්නුයි දේව නම් වෙති. ඔවුහු මහාමේරු පර්වත මධ්‍යයෙහි වෙසෙති. ඔවුන් අතර පර්වතවාසීහු ද ආකාශස්ත වූවාහුද සිටිති. ඔවුන්ගේ පරපුර චක්‍රවාට පර්වතය දක්වා පතළේය. ඛිඩ්ඩාපදෝසික, මනෝපදෝසික, සීත වලාහක හා උෂ්ණ වලාහක දෙවියෝ ද චන්දිම හා සුරිය දේවපුත්‍රයෝ ද චාතුම්මහාරාජික දේව ලෝකයෙහි ම වෙසෙති. ඒ චාතුම්මහාරාජිකයන්ගේ ජීවිතයයි. උපාදාය යනු නිසා (අනුව සසඳන විට) පරිත්තකං යනු වැඩි බව වැලැක්වීමයි. අල්ප වූ, (දෙව්ලොව ආයුෂ හා සසඳන කල මිනිස්ලොව ආයු ප්‍රමාණය ඉතා අඩු බව හා කෙටි බව කී සේයි.) ථොකං යනු මඳ වේ. දීර්ඝ බව වැළැක්වීමයි. ඛණිකං යනු ක්ෂණික වේ. කාලාන්තරය වැලැක්වීමයි. ලහුකං යනු ලුහු වේ. ලැසි බව වැලැක්වීමයි. ඉත්තරං ශීඝ්‍ර බව, බලවත් බව වැලැක්වීමයි. අනද්ධනිකං යනු කාල වශයෙන් දිගුකලක් නොපැවති හැකි වේ. න චිරට්ඨිතිකං දවසක් දවසක් පාසා බොහෝ කලක් නොපවත්නුයි, චිරස්ථිතික නොවේ. දවස් ගණන වැලැක්වීමයි.
තාවතිංසානන්ති තෙත්තිංසජනා තත්ථ උපපන්නාති තාවතිංසා. අපි ච තාවතිංසාති තෙසං දෙවානං නාමමෙවාතිපි වුත්තං. තෙපි අත්ථි පබ්බතට්ඨකා, අත්ථි ආකාසට්ඨකා, තෙසං පරම්පරා චක්කවාළපබ්බතං පත්තා. තථා යාමාදීනං. එකදෙවලොකෙපි හි දෙවානං පරම්පරා චක්කවාළපබ්බතං අප්පත්තා නාම නත්ථි. දිබ්බසුඛං යාතා පයාතා සම්පත්තාති යාමා. තුට්ඨා පහට්ඨාති තුසිතා. පකතිපටියත්තාරම්මණතො අතිරෙකෙන නිම්මිතුකාමකාලෙ යථාරුචිතෙ භොගෙ නිම්මිනිත්වා රමන්තීති නිම්මානරතී. චිත්තාචාරං ඤත්වා පරෙහි නිම්මිතෙසු භොගෙසු වසං වත්තෙන්තීති පරනිම්මිතවසවත්තී. බ්රහ්මකායෙ බ්රහ්මඝටාය නියුත්තාති බ්රහ්මකායිකා. සබ්බෙපි පඤ්චවොකාරබ්රහ්මානො ගහිතා.
තාවතිංසානං යනු තෙතිස් ජනයා එහි උපන්හයි, ‘තාවතිංස’ නම් විය. තවද තාවතිංස යනු ඒ දෙවියන්ගේ නාමය ම වන බව ද කියන ලදී. ඔහු ද පර්වතවාසීහු ද ආකාශස්ථයෝ ද වෙති. ඔවුන්ගේ පරපුර ද සක්වල ගල දක්වා පතළේය. එසේම යාම ආදී අන්කිසි දෙව්ලොවෙක දෙවියන්ගේ පරපුර සක්වල ගල දක්වා නොපතළේ නම් නැත. දිව්‍ය සුඛයට ගියාහුය. පැමිණියාහුයි, සපැමිණියාහුයි යන අරුතින් යාමා නම් වෙති. තුටු පහටු වූවාහුයි යන අරුතින් තුසිතා නම් වෙති. ප්‍රකෘතියෙන් පිළියෙල වූ අරමුණට වඩා වැඩියෙන් රමණය කරනු කැමති විටෙක, කැමති පරිදි ඒ සම්පත් මවාගෙන රමණය කෙරෙති යි නිම්මාණරතී නම් වෙති. සිතැඟි දැන අනුන් විසින් නිමවූ සම්පත් ඒ වශයෙහි පවත්වතියි නුයි පරනිම්මිත වසවත්ති නම් වෙති. බ්‍රහ්ම සමූහයා අතර, බ්‍රහ්ම සමාගමයෙහි නියුක්ත වූහ යි බ්රහ්මකායිකා නම් වෙති. මෙයින් සියලුම පංචවෝකාර (ස්කන්ධ පංචකය ඇති) බ්‍රහ්මයෝ ගන්නා ලදහ.
ගමනියොති ගන්ධබ්බො. සම්පරායොති පරලොකො. යො භික්ඛවෙ චිරං ජීවති, සො වස්සසතන්ති යො චිරං තිට්ඨමානො, සො වස්සසතමත්තං තිට්ඨති. අප්පං වා භිය්යොති වස්සසතතො උපරි තිට්ඨමානො ද්වෙ වස්සසතානි තිට්ඨමානො නාම නත්ථි. හීළෙය්ය නන්ති නං ජීවිතං අවඤ්ඤාතං කරෙය්ය, ලාමකතො චින්තෙය්ය. “හීළෙය්යාන”න්ති ච පඨන්ති. අච්චයන්තීති අතික්කමන්ති. අහොරත්තාති රත්තින්දිවපරිච්ඡෙදා. උපරුජ්ඣතීති ජීවිතින්ද්රියං නිරුජ්ඣති, අභාවං උපගච්ඡති. ආයු ඛිය්යති මච්චානන්ති සත්තානං ආයුසඞ්ඛාරො ඛයං යාති. කුන්නදීනංව ඔදකන්ති යථා උදකච්ඡින්නාය කුන්නදියා උදකං, එවං මච්චානං ආයු ඛිය්යති. පරමත්ථතො හි අතිපරිත්තො සත්තානං ජීවිතක්ඛණො එකචිත්තක්ඛණිකමත්තොයෙව. යථා නාම රථචක්කං පවත්තමානම්පි එකෙනෙව නෙමිපදෙසෙන පවත්තති, තිට්ඨමානම්පි එකෙනෙව තිට්ඨති, එවමෙව එකචිත්තක්ඛණිකං සත්තානං ජීවිතං තස්මිං චිත්තෙ නිරුද්ධමත්තෙ සත්තො නිරුද්ධොති වුච්චති.
ගමනීය්යො යනු යායුතු වේ. සම්පරායො පරලොවයි. යො භික්ඛවෙ චිරං ජීවති සො වස්සසතං යනු යමෙක් බොහෝකල් ජීවත් වෙතොත්, හේ සියවසක් පමණ ජීවත් වේ. අප්පං වා භිය්යො යනු සියවසකට වඩා ජීවත් වෙතත් සියවස් දෙකක් ජීවත්වන්නෙක් නම් නැත. හීලෙය්‍ය නං යනු මනුෂ්‍ය ජීවිතය අවඥා කරන්නේය. ලාමක කොට සිතන්නේය. නැතහොත් ‘හීලෙය්‍ය නං’ එය සුලුකොට තැකිය යුතුයැයි පුන පුනා කියන්නේ ය. අච්චයන්ති යනු ඉක්මවති. අහොරත්තා යනු රෑ දාවල් පිරිසිඳ දැක්වීමෙනි. උපරුජ්ඣතී යනු ජීවිතින්‍ද්‍රියය නිරුද්ධ වේ. අභාවයට යයි. ආයුඛීයති මච්චානං යනු සත්ත්වයන්ගේ ආයු සංස්කාරය ක්ෂයවීමට යෙයි. කුන්නදීනං ව ඔදකං යනු ජලය සිඳුණු කුඩා නදීන්ගේ ජලය මෙන් මිනිසුන්ගේ ආයුෂ ගෙවී යයි. පරමාර්ථ වශයෙන් සත්ත්වයන්ගේ ජීවිතක්ෂණය ඉතාම අල්ප වේ. එක් චිත්ත ක්ෂණයක් පමණ ම වේ. යම්සේ රිය සකක් පෙරළෙනුයේ එකම නිම්වළලු පෙදෙසකින් පෙරළේ ද නවතිනුයේ ද එකම නිම් වළල්ලකින් ම නවතී ද, එසේම සත්ත්වයන්ගේ ජීවිතය එක් චිත්තක්ෂණයක් පමණ වේ. ඒ සිත නිරුද්ධ වූ පමණින් සත්ත්වයා නිරුද්ධ වූයේ යැයි කියනු ලැබේ.
ධීරාති ධීරා ඉති. පුන ධීරාති පණ්ඩිතා. ධිතිමාති ධිති අස්ස අත්ථීති ධිතිමා. ධිතිසම්පන්නාති පණ්ඩිච්චෙන සමන්නාගතා. ධීකතපාපාති ගරහිතපාපා. තංයෙව පරියායං දස්සෙතුං “ධී වුච්චති පඤ්ඤා”තිආදිමාහ. තත්ථ පජානාතීති පඤ්ඤා. කිං පජානාති? “ඉදං දුක්ඛ”න්තිආදිනා නයෙන අරියසච්චානි. අට්ඨකථායං පන “පඤ්ඤාපනවසෙන පඤ්ඤා”ති වුත්තා. කින්ති පඤ්ඤාපෙති? “අනිච්චං දුක්ඛං අනත්තා”ති පඤ්ඤාපෙති. සාව අවිජ්ජාය අභිභවනතො අධිපතියට්ඨෙන ඉන්ද්රියං, දස්සනලක්ඛණෙ වා ඉන්දට්ඨං කාරෙතීතිපි ඉන්ද්රියං, පඤ්ඤාව ඉන්ද්රියං පඤ්ඤින්ද්රියං. සා පනෙසා ඔභාසනලක්ඛණා, පජානනලක්ඛණා ච; යථා හි චතුභිත්තිකෙ ගෙහෙ රත්තිභාගෙ දීපෙ ජලිතෙ අන්ධකාරං නිරුජ්ඣති, ආලොකො පාතුභවති, එවමෙව ඔභාසනලක්ඛණා පඤ්ඤා. පඤ්ඤොභාසසමො ඔභාසො නාම නත්ථි. පඤ්ඤවතො හි එකපල්ලඞ්කෙන නිසින්නස්ස දසසහස්සිලොකධාතු එකාලොකා හොති. තෙනාහ ථෙරො –
ධීරා යනු නුවණැත්තෝ යි. නැවත ධීරා යනු පණ්ඩිතයෝයි. ධිතිමා යනු ධෛර්යය මොහුට ඇත්තේනුයි ධිතිමා නම් වේ. ධිති සමපන්නා යනු පාණ්ඩිත්‍යයෙන් යුතු වූවෝයි, ටික්කිත පාපා යනු ගැරහූ (පිළිකුලෙන් ඉවත දැමූ) පවු ඇත්තෝ යි, එම පර්යාය ම දැක්වීමට, ‘ධී’ යනු ප්රඥාවයි යනාදිය කීහු. එහි විශේෂයෙන් දැනගනීනුයි පඤ්ඤා නම් වේ. කුමක් විශේෂයෙන් දැනගනියි ද, ‘මේ දුකය’ ආදී වශයෙන් ආර්ය සත්‍ය විශේෂයෙන් දැනගනියි. අටුවාවෙහි (හෙළටුවායෙහි) වනාහි පැණවීම් වශයෙන් ‘පඤ්ඤා’ නම් වෙති යි කියන ලදී. කිමෙකැයි පණවා ද? අනිත්‍යය, දුක්ඛය, අනාත්මයැයි පණවයි. ඒ ප්‍රඥාව අවිද්‍යාව අභිභවනය කරන හෙයින් අධිපති අර්ථයෙන් ඉන්ද්රියං ඉන්ද්රිය නම් වේ. දර්ශන ලක්ෂණයෙහි ප්‍රධාන බව ඇති කරන්නේ නුයි ද ඉන්ද්රිය නමි. ප්‍රඥාවම ඉන්ද්රිය වූයේ පඤ්ඤින්ද්රියං පඤ්ඤින්ද්රිය නමි. ඒ මේ ප්‍රඥාව ආලෝක කිරිම හා විශේෂයෙන් දැනගැනීම ලක්‍ෂණකොට ඇත්තේ ය. යම්සේ සිවු බිත්තියක් ඇති ගෙයි රාත්‍රියේ පහනක් දැල්වූ විට අන්ධකාරය දුරුවේද, ආලෝකය පහළ වේද, මෙසේම ප්‍රඥාව ආලෝක කිරීම ලක්‍ෂණකොට ඇත්තේය. ප්රඥාලෝකය හා සමාන ආලෝකයක් නම් නැත. එක පළඟකින් හුන් ප්‍රඥාවන්තයා හට වනාහි දස දහසක් ලෝකධාතුව ඒකාලෝක වේ. එහෙයින් තෙරුන්වහන්සේ මෙසේ වදාළහ;
“යථා, මහාරාජ, පුරිසො අන්ධකාරෙ ගෙහෙ තෙලප්පදීපං පවෙසෙය්ය, පවිට්ඨො පදීපො අන්ධකාරං විද්ධංසෙති, ඔභාසං ජනෙති, ආලොකං විදංසෙති, පාකටානි ච රූපානි කරොති; එවමෙව ඛො, මහාරාජ, පඤ්ඤා උප්පජ්ජමානා අවිජ්ජන්ධකාරං විද්ධංසෙති, විජ්ජොභාසං ජනෙති, ඤාණාලොකං විදංසෙති, පාකටානි අරියසච්චානි කරොති. එවං ඛො, මහාරාජ, ඔභාසනලක්ඛණා පඤ්ඤා”ති (මි· ප· 2.1.15).
‘මහරජ, යම්සේ පුරුෂයෙක් අන්ධකාර ගෙයකට තෙල් පහනක් ගෙනයන්නේ ද, ගෙනගිය පහන අඳුර වහා දුරුකරයි ද, ආලෝකය දනවයි ද ප්‍රභාව පතුරුවයි ද රූපාදිය පෙනෙන්නට සලස්වයි ද එසේම මහරජ, ප්‍රඥාව උපදිනුයේ ම අවිද්‍යා අන්ධකාරය නසයි. විද්යාවභාසය ඇතිකරයි. ඤාණාලෝකය පතුරුවයි. ආර්ය සත්‍යයන් ප්‍රකට කරයි. මහරජ, මෙලෙසින් ප්‍රඥාව ඕභාසන ලක්ෂණයෙන් යුක්තය.
යථා පන ඡෙකො භිසක්කො ආතුරානං සප්පායාසප්පායානි භොජනාදීනි ජානාති, එවං පඤ්ඤා උප්පජ්ජමානා කුසලාකුසලෙ සෙවිතබ්බාසෙවිතබ්බෙ හීනප්පණීතකණ්හසුක්කසප්පටිභාගඅප්පටිභාගෙ ධම්මෙ පජානාති. වුත්තම්පි චෙතං ධම්මසෙනාපතිනා “පජානාති පජානාතීති ඛො, ආවුසො, තස්මා පඤ්ඤවාති වුච්චති. කිඤ්ච පජානාති? ඉදං දුක්ඛන්ති පජානාතී”ති (ම· නි· 1.449) විත්ථාරෙතබ්බං. එවමස්සා පජානනලක්ඛණතා වෙදිතබ්බා.
යම්සේ වනාහි දක්ෂ වෛද්‍යවරයෙක් රෝගීන්ගේ පථ්යාහාරාදිය දනියි ද, එසේම ප්‍රඥාව උපදින විට ම කුසලාකුසලයන්, සේවනය කළයුතු, සේවනය නොකළ යුතු, හීණ-ප්‍රණීත ධර්ම, කළු හා සුදු වැනි (පව් පින්) ධර්මයන් විශේෂයෙන් දැනගනියි. දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් විසින් කියන ලදමැයි, ‘ඇවැත්නි, එහෙයින් විශේෂයෙන් දැනගනුයේය යන අරුතින් ‘ප්‍රඥා’ යැයි කියනු ලැබේ. කුමක් දැනගනියි ද? මේ දුකයැයි දැනගනියි. යනුවෙන් විස්තර කළ යුතුයි. මෙසේ ප්‍රඥාවේ ඇති පජානන ලක්ෂණය දතයුතුයි.
අපරො නයො – යථාසභාවපටිවෙධලක්ඛණා පඤ්ඤා, අක්ඛලිතපටිවෙධලක්ඛණා වා, කුසලිස්සාසඛිත්තඋසුපටිවෙධො විය. විසයොභාසරසා, පදීපො විය. අසම්මොහපච්චුපට්ඨානා, අරඤ්ඤගතසුදෙසකො විය.
තවද ක්රමයකි. ප්‍රඥාව යථා ස්වභාවය අවබෝධ කිරීම ලක්ෂණ කොට ඇත්තේ වේ. නොපැකිල අවබෝධ කිරීම ලක්‍ෂණකොට ඇත්තේ හෝ වේ. දක්ෂ දුනුවායෙකුගේ දුන්නෙන් විදි ඊයක් නියමිත ඉලක්කය ලබාගන්නා සේය. විෂය වස්තූන් හෙළිකරන පහනක් සේය. නොමුළා බව වැටහීම් කාරණකොට ඇත්තේය. ආරණ්‍යගත දක්ෂ මගපෙන්වන්නකු සේය.
ඛන්ධධීරාති පඤ්චසු ඛන්ධෙසුඤාණං පවත්තෙන්තීති ඛන්ධධීරා. අට්ඨාරසසු ධාතූසු ඤාණං පවත්තෙන්තීති ධාතුධීරා. සෙසෙසුපි ඉමිනා නයෙන අත්ථො නෙතබ්බො. තෙ ධීරා එවමාහංසූති එතෙ පණ්ඩිතා එවං කථයිංසු. කථෙන්තීති “අප්පකං පරිත්තක”න්ති කථයන්ති. භණන්තීති “ථොකං ඛණික”න්ති භාසන්ති. දීපයන්තීති “ලහුකං ඉත්තර”න්ති පතිට්ඨපෙන්ති. වොහරන්තීති “අනද්ධනිකං නචිරට්ඨිතික”න්ති නානාවිධෙන බ්යවහරන්ති.
ඛන්ධ ධීරා යනු පංචස්කන්ධ විෂයයෙහි ඤාණය පවත්වතියි ධාතුධීරා ධාතුධීර නම් වෙති. සෙසු පදයන්හි ද මේ ක්‍රමයෙන් අර්ථ ගතයුතුයි. තෙ ධීරා එවමාහංසු යනු ඒ පණ්ඩිතයෝ මෙසේ කීහ. කථෙන්ති යනු අල්පයි සුලු යැයි කියති. භණන්ති යනු ඉතා මද යැයි, ක්ෂණික යැයි කියති. දීපයන්ති ලඝු යැයි, ස්වල්ප යැයි දක්වති. වොහරන්ති යනු දිගුකල් නොපවතියි. චිරස්ථිතික නොවේ යැයි නානා ප්‍රකාරයෙන් ව්‍යවහාර කරති.
ඉදානි යෙ තථා න කරොන්ති, තෙසං බ්යසනුප්පත්තිං දස්සෙන්තො “පස්සාමී”ති ගාථමාහ. තත්ථ පස්සාමීති මංසචක්ඛුආදීහි පෙක්ඛාමි. ලොකෙති අපායාදිම්හි. පරිඵන්දමානන්ති ඉතො චිතො ච ඵන්දමානං. පජං ඉමන්ති ඉමං සත්තකායං. තණ්හාගතන්ති තණ්හාය ගතං අභිභූතං නිපාතිතන්ති අධිප්පායො. භවෙසූති කාමභවාදීසු. හීනා නරාති හීනකම්මන්තා නරා. මච්චුමුඛෙ ලපන්තීති අන්තකාලෙ සම්පත්තෙ මරණමුඛෙ පරිදෙවන්ති. අවීතතණ්හාසෙති අවිගතතණ්හා. භවාති කාමභවාදිකා. භවෙසූති කාමභවාදිකෙසු. අථ වා භවාභවෙසූති භවභවෙසු, පුනප්පුනභවෙසූති වුත්තං හොති.
ඉක්බිති යමෙක් මෙසේ නොකරත් ද ඔවුනට සිදුවන ව්‍යසනාදිය දක්වනු සඳහා පස්සාමි යන ගාථාව කීහ. එහි පස්සාමි යනු මසැස් ආදියෙන් බලමි. ලොකෙ යනු අපායාදියෙහි යි. පරිඵන්දමානං යනු ඔබමොබ පනින. මේ සත්ත්ව කායයි. ප්රජාවයි. තණ්හාගතං යනු තණ්හාවෙන් ගිය ‘මඬින ලද’, ‘එහි වැටුණු’ යන අදහසයි. භවෙසු යනු කාමභවාදියෙහි ය. හීනා නරා හීන කාය කර්මාදිය ඇති ජනයායි. මච්චුමුඛෙ ලපන්ති යනු මරණකාලය පැමිණිවිට, මරණ මුඛයෙහි සිට වැළපෙති. අවීත තණ්හාසෙ යනු දුරුනොවූ තණ්හා ඇත්තාහුයි, භවා කාමාදී භවයන්ය. භවෙසු කාම භවාදියෙහි ය. නැතහොත් භවාභවෙසු යනු භවයෙන් භවයෙහි, නැවත නැවත ඉපැදීමෙහි යි කී නියායි.
පස්සාමීති මංසචක්ඛුනාපි පස්සාමීති දුවිධං මංසචක්ඛු – සසම්භාරචක්ඛු පසාදචක්ඛූති. තත්ථ යොයං අක්ඛිකූපකෙ පතිට්ඨිතො හෙට්ඨා අක්ඛිකූපකට්ඨිකෙන උපරි භමුකට්ඨිකෙන උභතො අක්ඛිකූටෙහි බහිද්ධා අක්ඛිලොමෙහි පරිච්ඡින්නො අක්ඛිකූපකමජ්ඣා නික්ඛන්තෙන න්හාරුසුත්තකෙන මත්ථලුඞ්ගෙ ආබද්ධො සෙතකණ්හමණ්ඩලවිචිත්තො මංසපිණ්ඩො, ඉදං සසම්භාරචක්ඛු නාම. යො පන එත්ථ සිතො එත්ථ පටිබද්ධො චතුන්නං මහාභූතානං උපාදාය පසාදො, ඉදං පසාදචක්ඛු නාම. ඉදමධිප්පෙතං. තදෙතං තස්ස සසම්භාරචක්ඛුනො සෙතමණ්ඩලපරික්ඛිත්තස්ස කණ්හමණ්ඩලස්ස මජ්ඣෙ අභිමුඛෙ ඨිතානං සරීරසණ්ඨානුප්පත්තිපදෙසෙ දිට්ඨමණ්ඩලෙ සත්තසු පිචුපටලෙසු ආසිත්තතෙලං පිචුපටලානි විය සත්තක්ඛිපටලානි බ්යාපෙත්වා පමාණතො ඌකාසිරමත්තං චක්ඛුවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානං තිට්ඨති.
පස්සාමි යනු මසැසින් ද දකිමි. මසැස දෙවැදෑරුම්ය. සසම්භාර චක්ඛු හා පසාද චක්ඛු වශයෙනි. යටින් ඇස්වළෙහි ඇටයෙන් ද උඩින් බැම ඇටයෙන් ද දෙපසින් ඇස් කොන්වලින් ද පිටතින් ඇස්වළෙන් ද පිරිසුන් (සීමා වූ) ඇස්වළෙහි මැද පිහිටි නහරවැලින් හිස්මොළ හා සමග බැඳුණු, ‘සේත-කණ්හ’ යනුවෙන් වහරෙහි එන, කෘෂ්ණ මණ්ඩලයෙන් (කළු ඉංගිරියාවෙන්) විචිත්‍ර වූ යම් මේ මස් පිඬුවක් වේද, මෙය ‘සසම්භාර චක්ඛු’ නම් වේ. මෙය ඇසුරු කරමින්, මෙය හා සමග බැඳී සතරමහා භූතයන් ග්‍රහණය කිරීමෙන් යම් පසාදයක් (ප්‍රතිචාර දනවන තැනක්) වේද, මෙය ‘පසාද චක්ඛු’ නම් වේ. (මෙහි) මෙය අභිප්‍රේතයි. ඒ මේ පසාද චක්ඛුව එම සසම්භර චක්ඛුවෙහි ශ්වේත මණ්ඩලයෙන් (සුදු ඉංගිරියාවෙන්) පරික්ෂිප්ත (වට) වූ කෘෂ්ණ මණ්ඩලය (කළු ඉංගිරියාව) මැද, ඉදිරියෙහි සිටියවුන්ගේ ශරීරච්ඡායාව (බබා) පිළිබිඹු වන තන්හි ඇති දෘෂ්ටි මණ්ඩලයෙහි, පුලුන් පටල සතක් තුළ තෙලින් බොඳකළ පුලුන් පටල වැනි අක්ෂි පටල (ඇස් සිවි) සතෙක ව්‍යාප්තව, ප්‍රමාණයෙන් උකුණු හිසක් තරම් ව, චක්ඛු විඤ්ඤාණාදියට සුදුසු පරිදි වස්තු ද්වාරභාවය සලසමින් සිටියි.
තං චක්ඛතීති චක්ඛු, තෙන මංසචක්ඛුනා පස්සාමි. දිබ්බචක්ඛුනාති “අද්දසං ඛො අහං, භික්ඛවෙ, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙනා”ති (ම· නි· 1.284) එවංවිධෙන දිබ්බචක්ඛුනා. පඤ්ඤාචක්ඛුනාති “විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදී”ති (ම· නි· 2.395; මහාව· 16) එවං ආගතෙන පඤ්ඤාචක්ඛුනා. බුද්ධචක්ඛුනාති “අද්දසං ඛො අහං, භික්ඛවෙ, බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො”ති (ම· නි· 1.283) එවමාගතෙන බුද්ධචක්ඛුනා. සමන්තචක්ඛුනාති “සමන්තචක්ඛු වුච්චති සබ්බඤ්ඤුතඤ්ඤාණ”න්ති (චූළනි· ධොතකමාණවපුච්ඡාඉද්දෙස 32; මොඝරාජමාණවපුච්ඡානිද්දෙස 85) එවමාගතෙන සමන්තචක්ඛුනා. පස්සාමීති මංසචක්ඛුනා හත්ථතලෙ ඨපිතාමලකං විය රූපගතං මංසචක්ඛුනා. දක්ඛාමීති සඤ්ජානාමි දිබ්බෙන චක්ඛුනා චුතූපපාතං. ඔලොකෙමීති අවලොකෙමි පඤ්ඤාචක්ඛුනා චතුසච්චං. නිජ්ඣායාමීති චින්තෙමි බුද්ධචක්ඛුනා සද්ධාපඤ්චමකානි ඉන්ද්රියානි. උපපරික්ඛාමීති සමන්තතො ඉක්ඛාමි පරියෙසාමි සමන්තචක්ඛුනා පඤ්ච නෙය්යපථෙ.
එය දක්නේනුයි, ‘චක්ඛු’ නම් වේ. ඒ මසැසින් දකිමි. දිබ්බෙන චක්ඛුතා යනු ‘මහණෙනි, මම පිරිසිදු වූ දිවැසින් දුටුවෙමි’ යන මේ ආකාර වූ දිවැසින්. පඤ්ඤා චක්ඛුනා යනු දුරු වූ කෙලෙස් දූවිලි ඇති මල ඇති, දහම් ඇස පහළ විය යනුවෙන් මෙසේ පවසන ලද ප්‍රඥා චක්ෂුයෙන්, බුද්ධ චක්ඛුනා යනු ‘මහණෙනි, මම බුදු ඇසින් ලොව බලනුයෙම් දුටුවෙමි’ යනුවෙන් දක්වන ලද බුදු ඇසින්, සමන්ත චක්ඛුනා යනු ‘සමන්ත චක්ඛු නම් සර්වඥතා ගුණයයි’ යනුවෙන් දක්වන ලද සමතැසිනි. පස්සාමි මසැසින් අත්ලෙහි තැබූ නෙල්ලිගෙඩියක් මෙන් මසැසින් රූපය දකිමි. අක්ඛාමි යනු දිවැසින් (සත්ත්වයන්ගේ) චුති උත්පත්තීන් දැනගනිමි. ඔලොකෙමි යනු ප්‍රඥා චක්ෂුයෙන් චතුරාර්ය සත්‍යය බලමි. නිජ්ඣායාමි යනු ශ්‍රද්ධාදී පංචඉන්ද්‍රියන් පිළිබඳව බුදුඇසින් සිතමි. උපපරික්ඛාමි යනු හාත්පසින් සමන්තචක්ෂුයෙන් පස්වැදෑරුම් ඤෙය්‍ය පථයන් විමසා බලමි.
තණ්හාඵන්දනාය ඵන්දමානන්ති තණ්හාචලනාය චලමානං. ඉතො පරං දිට්ඨිඵන්දනාදිදිට්ඨිබ්යසනෙන දුක්ඛෙන ඵන්දමානපරියොසානං වුත්තනයත්තා උත්තානමෙව. සම්ඵන්දමානන්ති පුනප්පුනං ඵන්දමානං. විප්ඵන්දමානන්ති නානාවිධෙන චලමානං. වෙධමානන්ති කම්පමානං. පවෙධමානන්ති පධානෙන කම්පමානං. සම්පවෙධමානන්ති පුනප්පුනං කම්පමානං. උපසග්ගෙන වා පදං වඩ්ඪිතං.
තණ්හාඵන්දනාය ඵන්දමානං යනු තණ්හා චලනයෙන් සසල වෙමින්, මින් අනතුරුව දිට්ඨි ඵන්දනයෙහි (දෘෂ්ටියෙන් සසල වීමෙහි) පටන් දෘෂ්ව්යසන දුකින් ඵන්දමාණය (සසල වීම) තෙක් වූ පාඨය, කියන ලද නයම වන හෙයින් අර්ථය ප්‍රකට වේ. සප්ඵන්දමානං යනු නැවත නැවත ස්පන්දනය වනුයේ විප්ඵන්දමානං යනු නන් අයුරින් සසල වනුයේ, වෙධමානං යනු කම්පා වනුයේ පවෙධමානං යනු ප්‍රධාන වශයෙන් කම්පාවන සම්පවෙධමානං යනු නැවත නැවත කම්පා වනුයේ, උපසර්ග යෙදීමෙන් පදයන්ගේ අර්ථ වැඩිකරන ලදී.
තණ්හානුගතන්ති තණ්හාය අනුපවිට්ඨං. තණ්හායානුසටන්ති තණ්හාය අනුපත්ථටං. තණ්හායාසන්නන්ති තණ්හාය නිමුග්ගං. තණ්හාය පාතිතන්ති තණ්හාය ඛිත්තං. “පරිපාතිත”න්ති වා පාඨො. අභිභූතන්ති තණ්හාය මද්දිතං අජ්ඣොත්ථටං. පරියාදින්නචිත්තන්ති ඛෙපෙත්වා ගහිතචිත්තං. අථ වා ඔඝෙන ගතං විය තණ්හාගතං. උපාදිණ්ණකරූපපච්චයෙහි පතිත්වා ගතං විය තණ්හානුගතං. උදකපිට්ඨිං ඡාදෙත්වා පත්ථටනීලිකා උදකපිට්ඨි විය තණ්හානුසටං. වච්චකූපෙ නිමුග්ගං විය තණ්හායාසන්නං. රුක්ඛග්ගතො පතිත්වා නරකෙ පතිතං විය තණ්හාපාතිතං. උපාදිණ්ණකරූපං සංයොගං විය තණ්හාය අභිභූතං. උපාදිණ්ණකරූපපරිග්ගාහකස්ස උප්පන්නවිපස්සනං විය තණ්හාය පරියාදින්නචිත්තං. අථ වා කාමච්ඡන්දෙන තණ්හාගතං. කාමපිපාසාය තණ්හානුගතං. කාමාසවෙන තණ්හානුසටං. කාමපරිළාහෙන තණ්හායාසන්නං. කාමජ්ඣොසානෙන තණ්හාය පාතිතං. කාමොඝෙන තණ්හාය අභිභූතං. කාමුපාදානෙන තණ්හාය පරියාදින්නචිත්තන්ති එවමෙකෙ වණ්ණයන්ති. කාමභවෙති කාමාවචරෙ. රූපභවෙති රූපාවචරෙ. අරූපභවෙති අරූපාවචරෙ. තෙසං නානත්තං හෙට්ඨා පකාසිතංයෙව.
තණ්හානුගතං යනු තණ්හාවට අනුව ප්‍රවිෂ්ඨ වූයේ, තණ්හානුසටං යනු තණ්හාවෙන් විසිරුවන ලදුයේ, තණ්හාධිපන්නං යනු තණ්හාවෙහි ගිලුණේ. තණ්හාය පාතිතං යනු තණ්හාවෙහි හෙලන ලදුයේ, ‘පරිපාතිතං’ යනු හෝ පාඨයි. අභිභූතං යනු තණ්හාවෙන් මැඩුණේ, වසාදමන ලදුයේ පරියාදිණ්ණ චිත්තං යනු ක්ෂයකොට ගන්නා ලද සිතයි. නොහොත්, තණ්හා ගතං යනු, ජල ප්රවාහයෙකින් ගසාගෙන ගියා වැනි, තණ්හානුගතං යනු දැඩිව ගන්නා ලද රූප ප්‍රත්‍යයෙහි වැටී ගියා වැනිය. තණ්හානුසටං යනු ජලය මතුපිට වසා පැතිරුණ සෙවෙල් සහිත ජල තලයක් වැනිය. තණ්හාධිපන්නං යනු වැසිකිළි වළෙක ගිලී ගියා වැනිය. පාතිතං යනු රුක් මුදුනෙකින් වැටී නැවත නිරයෙහි වැටුණා වැනිය. තණ්හාය අභිභූතං යනු දැඩිව අල්ලාගත් රූපයෙහි සිත යෙදීම වැනිය. තණ්හාය පරියාදින්න චිත්තං යනු දැඩිව අල්ලාගත් රූපය පරිග්‍රහණය කරන්නහුට උපන් දර්ශනය වැනිය. නොහොත්, තණ්හාගතං යනු කාමච්ඡන්ද වශයෙනි. තණ්හානුගතං යනු කාම පිපාසා වශයෙනි. තණ්හානුසටං යනු කාමාශ්‍රව වශයෙනි. තණ්හාධිපන්නං යනු, කාම පරිදාහ වශයෙනි. තණ්හාය පාතිතං යනු, කාමයෙහි එල්බීම් වශයෙනි. තණ්හාය අභිභූතං යනු කාම ඕඝ වශයෙනි. තණ්හාය පරියාදින්න චිත්තං යනු කාම උපාදාන වශයෙනියි යනුවෙන් ඇතැමෙක් විස්තර කෙරෙති. කාමභවෙ යනු කාමාවචරයෙහි ය. රූපභවෙ යනු රූපාවචරයෙහිය. (අරූපභවෙ යනු අරූපාවචරයෙහි ය. ඒවායෙහි නානත්වය ඉහත ප්‍රකාශ කරන ලද්දේමය.
භවාභවෙසූති භවාභවෙති භවොති කාමධාතු. අභවොති රූපාරූපධාතු. අථ වා භවොති කාමධාතු රූපධාතු. අභවොති අරූපධාතු. තෙසු භවාභවෙසු. කම්මභවෙති කම්මවට්ටෙ. පුනබ්භවෙති පොනොභවිකෙ විපාකවට්ටෙ. කාමභවෙති කාමධාතුයා. කම්මභවෙති කම්මවට්ටෙ. තත්ථ කම්මභවො භාවයතීති භවො. කාමභවෙ පුනබ්භවෙති කාමධාතුයා උපපත්තිභවෙ විපාකවට්ටෙ. විපාකභවො භවතීති භවො. රූපභවාදීසුපි එසෙව නයො. එත්ථ ච “කාමභවෙ රූපභවෙ අරූපභවෙ”ති ඔකාසභවං සන්ධාය වුත්තං. තීසුපි “කම්මභවෙ”ති කම්මභවං , තථා “පුනබ්භවෙ”ති උපපත්තිභවං සන්ධාය වුත්තං. පුනප්පුනබ්භවෙති අපරාපරං උප්පත්තියං. ගතියාති පඤ්චගතියා අඤ්ඤතරාය. අත්තභාවාභිනිබ්බත්තියාති අත්තභාවානං අභිනිබ්බත්තියා. අවීතතණ්හාති මූලපදං. අවිගතතණ්හාති ඛණිකසමාධි විය ඛණිකප්පහානාභාවෙන න විගතා තණ්හා එතෙසන්ති අවිගතතණ්හා. අචත්තතණ්හාති තදඞ්ගප්පහානාභාවෙන අපරිච්චත්තතණ්හා. අවන්තතණ්හාති වික්ඛම්භනප්පහානාභාවෙන න වන්තතණ්හාති අවන්තතණ්හා. අමුත්තතණ්හාති අච්චන්තසමුච්ඡෙදප්පහානාභාවෙන න මුත්තතණ්හා. අප්පහීනතණ්හාති පටිප්පස්සද්ධිප්පහානාභාවෙන න පහීනතණ්හා. අප්පටිනිස්සට්ඨතණ්හාති නිස්සරණප්පහානාභාවෙන භවෙ පතිට්ඨිතං අනුසයකිලෙසං අප්පටිනිස්සජ්ජිත්වා ඨිතත්තා අප්පටිනිස්සට්ඨතණ්හා.
භවා භවෙසු යනු භවයන්හි හා අභවයන්හි, ‘භව’ නම් කාම ධාතුවයි. ‘අභව’ නම් රූපාරූප ධාතුය. නැතහොත්, ‘භව’ යනු කාම හා රූප ධාතුය. ‘අභව’ යනු, අරූප ධාතුවයි. ඒ භව-අභවයන්හිය. කම්ම භවෙ යනු කම්වටෙහිය. පුනබ්භවෙ යනු පුනර්භව සංඛ්‍යාත විපාක වට්ටයෙහිය. කාම භවෙ යනු කාම ධාතුවෙහිය. කම්මභවෙ යනු කම්ම වට්ටයෙහිය. එහි කම්ම භවො යනු වඩන්නේනුයි භවො භව නමි. කාමභවෙ පුනබ්භවෙ යනු කාමධාතුවෙහි, උප්පත්ති භවයෙහි, විපාක වට්ටයෙහියි, ‘විපාක භවො’ යනු වන්නේ නුයි භවො භව නම් වේ. රූප භවාදියෙහි ද මේ ක්‍රමයමයි. මෙහිදී කාමභවය, රූප භවය, අරූප භවය යනුවෙන් ඕකාස භවය අදහස් කරන ලදී. ඒ තුනෙහිම කම්ම භවෙ යනු කර්ම හවයයි. එසේම පුනබ්භවෙ යනු, උත්පත්ති භවය සඳහා කියන ලදී. පුනප්පුනං භවෙ යනු නැවත නැවත ඉපැදීමෙහිය. ගතියා යනු පංච ගතීන් අතුරෙන් එක්තරා ගතියෙක්හි අත්තභවාභිනිබ්බතියා යනු ආත්ම භාවයන්ගේ නැවත නැවත ඉපදීමෙනි. අවීත තණ්හා යනු මේ මුල් පදයයි. (දුරු නොවූ තණ්හා ඇත්තාහුයි), අවිගත තණ්හා යනු ක්ෂණික සමාධිය මෙන් ක්ෂණිකව ප්රහාණය නොවන හෙයින් විගත නොවූ තණ්හාව මොවුනට වෙති’යි අවිගත තණ්හා ඇත්තාහුයි. අච්චන්ත තණ්හා යනු තදංග ප්රහාණයක් නොවන හෙයින් අත් නොහළ තණ්හා ඇත්තාහුයි. අවන්ත තණ්හා යනු විෂ්කම්භන ප්රහාණයක් නොමැති හෙයින් වමාරා නොදමන ලද තණ්හා ඇත්තාහුයි, අමුත්ත තණ්හා යනු අත්යක්ත වශයෙන් සමුච්ඡේද ප්රහාණයක් නැති හෙයින්, නොමිදුණු තණ්හා ඇත්තාහුයි, අප්පහීන තණ්හා යනු පටිප්පස්සද්ධි ප්රහාණයක් නොමැති හෙයින්, අප්‍රහීණ වූ තණ්හා ඇත්තාහුයි, අප්පටිනිස්සට්ඨ තණ්හා යනු නිස්සරණ (නික්ම යෑම) ප්රහාණයක් නොමැති හෙයින් භවයෙහි පිහිටි, අරූප කෙලෙස් අත්නොහැර සිටි හෙයින් අප්පටිනිස්සට්ඨ (ඉවත නොදැමූ) තණ්හා ඇත්තාහුයි.
ඉදානි යස්මා අවිගතතණ්හා එවං ඵන්දන්ති ච ලපන්ති ච, තස්මා තණ්හාවිනයෙ සමාදපෙන්තො “මමායිතෙ”ති ගාථමාහ. තත්ථ මමායිතෙති තණ්හාදිට්ඨිමමත්තෙහි “මම”න්ති පරිග්ගහිතෙ වත්ථුස්මිං. පස්සථාති සොතාරෙ ආලපන්තො ආහ. එතම්පීති එතම්පි ආදීනවං. සෙසං පාකටමෙව.
ඉක්බිති යම්හෙයකින් අවීත තණ්හා ඇත්තාහුම සසල වෙත්ද, සැලෙත් ද එහෙයින් ඒ තණ්හාව හික්මවීමෙහි සමාදන් කරවමින් ‘මමායිතෙ’ යන ආදී ගාථාව වදාළහ. එහි, මමායිතෙ යනු තණ්හා දෘෂ්ටි මමත්වයෙන් මාගේ යැයි දැඩිව ගත් වස්තු විෂයයෙහි පස්සථ යනු ශෝකයෙන් පීඩිත වූවන් අමතමින් මෙසේ කීහ. එතම්පි මේද ආදීනවයි. සෙසු පදයන්ගේ අර්ථය ප්‍රකට වේ මය.
ද්වෙ මමත්තාති ද්වෙ ආලයා. යාවතාති පරිච්ඡෙදනියමත්ථෙ නිපාතො. තණ්හාසඞ්ඛාතෙනාති තණ්හාකොට්ඨාසෙන, සඞ්ඛා සඞ්ඛාතන්ති අත්ථතො එකං “සඤ්ඤානිදානා හි පපඤ්චසඞ්ඛා”තිආදීසු (සු· නි· 880) විය. සීමකතන්ති අපරිච්ඡෙදදොසවිරහිතං මරියාදකතං “තියොජනපරමං සීමං සම්මන්නිතු”න්ති ආදීසු (මහාව· 140) විය. ඔධිකතන්ති වචනපරිච්ඡෙදදොසවිරහිතං පරිච්ඡෙදකතං සීමන්තරිකරුක්ඛො විය. පරියන්තකතන්ති පරිච්ඡෙදකතං. සීමන්තරිකරුක්ඛො පන ද්වින්නං සාධාරණං, අයං පන එකාබද්ධතාලපන්ති විය කතන්ති පරියන්තකතං. පරිග්ගහිතන්ති කාලන්තරෙපි පරායත්තං මුඤ්චිත්වා සබ්බාකාරෙන ගහිතං. මමායිතන්ති ආලයකතං වස්සූපගතං සෙනාසනං විය. ඉදං මමන්ති සමීපෙ ඨිතං. එතං මමන්ති දූරෙ ඨිතං. එත්තකන්ති පරික්ඛාරනියමනං “එත්තකම්පි නප්පටිභාසෙය්යා”ති විය. එත්තාවතාති පරිච්ඡෙදත්ථෙපි නිපාතනියමනං “එත්තාවතා ඛො මහානාමා”ති විය. කෙවලම්පි මහාපථවින්ති සකලම්පි මහාපථවිං.
ද්වෙ මමත්තා යනු ආලය දෙ ආකාර වේ. යාවතා යනු පරිච්ඡේද (පිරිසිඳීම් අර්ථයෙහි) නිපාතයි. තණ්හා සංඛාතෙන යනු තණ්හා පක්ෂයෙහි සංඛා සංඛාතං යනු සංඛා සංඛාත යන දෙකම අර්ථ වශයෙන් එකකි. තණහා නිදානාහි පපංච සංඛා - තණ්හාව නිදානකොට ඇත්තාහු පපඤ්ච හෙවත් ප්‍රමාද සංඛ්‍යාවට වැටෙති. ආදියෙහි මෙනි. සීමාකතං යනු පිරිසිඳ නොදැක්වීමේ දොසින් තොර වූයේ යි. මරියාඅකතං යනු සීමා කරන ලද, ‘යොජනපරමං සීමං සම්මන්නෙය්ය’ (යොදුනකට නොවැඩි සීමාවක් පනවන්නේ ය.) යනාදියෙහි මෙනි. ඔධිකතං යනු කට වචනයෙන් කළ පිරිසිඳීමෙන් ඇතිවිය හැකි දොසින් තොර වූයේ, පිරිසිඳීම් කළ සීමාන්තරික (සීමා දෙකක් අතර සිටුවන ලද රුකක් සේය.) පරියන්ත කතං යනු පිරිසිඳීම් කරන ලදුයේ, සීමා අතර පිහිටි ගස දෙපසට ම පොදුය. මෙය එකට බැඳි තල්ගස් පෙළක් මෙන් කරන ලද්දේ නුයි, පරියන්තකත නම් වේ. පරිග්ගහිතං යනු කලාතුරකින් හෝ පිරිසිඳීම් (සීමා නියමයන් නොහැර සියලු ආකාරයෙන්) පිළිගන්නා ලදුයේ යි, මමායිතං යනු ඇලුම් කරන ලදුයේ යි, වස් එළඹි සෙනසුනක් මෙනි. ඉදං මම යනු (මෙය මාගේය) සමීපයෙහි සිටියෙකි. එතං මම යනු දුර සිටියෙකි. එත්තකං යනු පරික්ඛාර නියම කිරීමයි. ‘මෙපමණක්ම මගේයැ’යි පැවසීම, එත්තකම්පි නප්පටිභාසෙය්ය (මෙපමණකුදු නොපවත්නේය.) ආදියෙහි මෙනි. එත්තාවතා පිරිසිඳීම් (සීමා කිරීම්) අර්ථයෙහි ද නිපාත නිශ්චය කිරීමයි. ‘එත්තාවතා ඛො මහානාම’ ආදියෙහි මෙනි. කෙවලම්පි මහාපඨවිං යනු සියලුම මහා පෘථිවියයි.
අට්ඨසතං තණ්හාවිචරිතන්ති අට්ඨුත්තරසතං තණ්හාගමනවිත්ථාරං. අට්ඨුත්තරසතං කථං හොතීති චෙ? රූපතණ්හා…පෙ… ධම්මතණ්හාති එවං චක්ඛුද්වාරාදීසු ජවනවීථියා පවත්තා තණ්හා “සෙට්ඨිපුත්තො, බ්රාහ්මණපුත්තො”ති එවමාදීසු පිතිතො ලද්ධනාමා විය පිතුසදිසාරම්මණෙ භූතා. එත්ථ ච රූපාරම්මණා රූපෙ තණ්හාති රූපතණ්හා. සා කාමරාගභාවෙන රූපං අස්සාදෙන්තී පවත්තමානා කාමතණ්හා. සස්සතදිට්ඨිසහගතරාගභාවෙන “රූපං නිච්චං ධුවං සස්සත”න්ති එවං අස්සාදෙන්තී පවත්තමානා භවතණ්හා. උච්ඡෙදදිට්ඨිසහගතරාගභාවෙන “රූපං උච්ඡිජ්ජති විනස්සති පච්ඡෙදං භවිස්සතී”ති එවං අස්සාදෙන්තී පවත්තමානා විභවතණ්හාති එවං තිවිධා හොති. යථා ච රූපතණ්හා, තථා සද්දතණ්හාදයොපීති එතානි අට්ඨාරස තණ්හාවිචරිතානි හොන්ති. තානි අජ්ඣත්තරූපාදීසු අට්ඨාරස, බහිද්ධාරූපාදීසු අට්ඨාරසාති ඡත්තිංස, ඉති අතීතානි ඡත්තිංස, අනාගතානි ඡත්තිංස, පච්චුප්පන්නානි ඡත්තිංසාති අට්ඨසතං. අජ්ඣත්තිකස්ස උපාදාය “අස්මී”ති හොති, “ඉත්ථස්මී”ති හොතීති වා එවමාදීනි අජ්ඣත්තිකරූපාදිනිස්සිතානි අට්ඨාරස, බාහිරස්සුපාදාය ඉමිනා “අස්මී”ති හොති, ඉමිනා “ඉත්ථස්මී”ති හොතීති බාහිරරූපාදිනිස්සිතානි අට්ඨාරසාති ඡත්තිංස. ඉති අතීතානි ඡත්තිංස, අනාගතානි ඡත්තිංස, පච්චුප්පන්නානි ඡත්තිංසාති එවම්පි අට්ඨසතතණ්හාවිචරිතානි හොන්ති.
අට්ඨසතං තණ්හා විචරිතං යනු එකසිය අටක් තණ්හා ප්‍රභේද විස්තර කර දැක්වීමයි. කෙසේනම් තණ්හාව එකසිය අටක් වේද? රූප තණ්හා -පෙ- ධම්ම තණ්හා යනුවෙන් මෙසේ චක්ෂුරාදියෙහි ජවන වීථියේ පවතින තණ්හාවයි. සිටු පුතා’, ‘බමුණු පුතා’ යන ආදියෙහි පියාගෙන් ලද නම මෙන් පියා සමාන අරමුණු සහිත වූ තෘෂ්ණාවයි. මෙහිද රූපාරම්මණ තණ්හාව, රූපය පිළිබඳව ඇතිවන තණ්හාව රූප තණ්හාවයි. එය කාමරාග වශයෙන් රූපය ආශ්වාදනය කරමින් පවතිනුයේ කාම තණ්හාවයි. ‘ශාස්වත දෘෂ්ටි සහගත රාග වශයෙන් රූපය නිත්‍යය, ස්ථිරය, ශාස්වතය’ යනුවෙන් මෙසේ ආශ්වාදනය කරමින් පවතිනුයේ භව තණ්හාවයි. උච්ඡේද දෘෂ්ටි සහිත වූ රාග ස්වභාවයෙන් රූපය බිඳෙයි. නැසෙයි. ‘මතුවට ද නොවන්නේය’ යනුවෙන් ආශ්වාදනය කරමින් පවතිනුයේ විභව තණ්හාවයි. මෙසේ රූප තණ්හාව (කාම, භව, විභව යැයි) තුන්වැදෑරුම් වේ. රූප තණ්හාව මෙන්ම සද්ද තණ්හාදී පසද තුන්වැදෑරුම් වීමෙන් (6x3) තණ්හාව දහඅට වැදෑරුම් වේ. එම දහඅට ද අභ්‍යන්තර රූපාදියෙහි අටළොසක් හා බාහිර රූපාදියෙහි අටළොසකැයි බෙදීයාමෙන් තණ්හාව සතිස් වැදෑරුම් වේ. මෙසේ අතීත තණ්හා සතිසෙක, අනාගත සතිසෙක, වර්තමාන සතිසෙකැයි තණ්හාව එකසිය අටක් වේ. අභ්‍යන්තර රූපය දැඩිව ගැනීමෙන් ‘වෙමි’යි හෝ ‘මෙසේ වෙමි’යි යන සිහිය වේ නුයි මේ ආදී වූ අභ්‍යන්තර රූපාදිය ඇසුරුකොට ඇතිවන තෘෂ්ණා ප්‍රභේද අටළොසෙක, බාහිර රූපය දැඩිව ගැනීමෙන් ‘මෙය හේතුකොටගෙන වෙමි’යි හෝ ‘මෙය හේතු කොටගෙන මෙසේ වෙමි’ යි යන සිහිය වේනුයි ‘බාහිර රූපාදිය ඇසුරුකොට ඇතිවන අටළොසෙකැ’යි මෙසේ සතිසෙක් වේ. මේ ආකාරයෙන් අතීත සතිසෙක, අනාගත සතිසෙක, වර්තමාන සතිසෙකැයි තෘෂ්ණා ප්‍රභේද එකසිය අටෙක් වේ.
වීසතිවත්ථුකා සක්කායදිට්ඨීති රූපාදීනං පඤ්චන්නං ඛන්ධානං එකෙකම්පි “රූපං අත්තතො සමනුපස්සතී”තිආදිනා (පටි· ම· 1.130-131) නයෙන චතුධා ගාහවසෙන පවත්තානි වත්ථූනි කත්වා උප්පන්නා විජ්ජමානට්ඨෙන සති ඛන්ධපඤ්චකසඞ්ඛාතෙ කායෙ දිට්ඨීති සක්කායදිට්ඨි. දසවත්ථුකා මිච්ඡාදිට්ඨීති “නත්ථි දින්නං, නත්ථි යිට්ඨ”න්තිආදිනයප්පවත්තා මිච්ඡාදිට්ඨි, අයාථාවදිට්ඨි විරජ්ඣිත්වා ගහණතො වා විතථා දිට්ඨි මිච්ඡාදිට්ඨි, අනත්ථාවහත්තා පණ්ඩිතෙහි කුච්ඡිතා දිට්ඨීතිපි මිච්ඡාදිට්ඨි. සා අයොනිසො අභිනිවෙසලක්ඛණා, පරාමාසරසා, මිච්ඡාභිනිවෙසපච්චුපට්ඨානා, අරියානමදස්සනකාමතාදිපදට්ඨානා, පරමවජ්ජාති දට්ඨබ්බා. දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨීති සස්සතො ලොකො, අසස්සතො ලොකො, අන්තවා ලොකො”ති ආදිනයප්පවත්තා එකෙකං කොට්ඨාසං පතිට්ඨං කත්වා ගහණවසෙන එවං පවත්තා දිට්ඨි දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි. යා එවරූපා දිට්ඨීති යා එවංජාතිකා දිට්ඨි. දිට්ඨිගතන්ති දිට්ඨීසු ගතං. ඉදං දස්සනං ද්වාසට්ඨිදිට්ඨිඅන්තොගධත්තාති දිට්ඨිගතං, දිට්ඨියෙව දුරතික්කමනට්ඨෙන ගහනං දිට්ඨිගහනං තිණගහනවනගහනපබ්බතගහනානි විය. සාසඞ්කසප්පටිභයට්ඨෙන දිට්ඨිකන්තාරං චොරකන්තාරවාළකන්තාරනිරුදකකන්තාරදුබ්භික්ඛකන්තාරා විය. සම්මාදිට්ඨියා විනිවිජ්ඣනට්ඨෙන විලොමනට්ඨෙන ච දිට්ඨිවිසූකායිකං. මිච්ඡාදස්සනඤ්හි උප්පජ්ජමානං සම්මාදස්සනං විනිවිජ්ඣති චෙව විලොමෙති ච. කදාචි සස්සතස්ස, කදාචි උච්ඡෙදස්ස ගහණතො දිට්ඨියා විරූපං ඵන්දිතන්ති දිට්ඨිවිප්ඵන්දිතං. දිට්ඨිගතිකො හි එකස්මිං පතිට්ඨාතුං න සක්කොති. කදාචි සස්සතං අනුස්සරති, කදාචි උච්ඡෙදං. දිට්ඨියෙව බන්ධනට්ඨෙන සංයොජනන්ති දිට්ඨිසංයොජනං.
වීසතිවත්ථුකා සක්කාය දිට්ඨි යනු රූපාදී පංචස්කන්ධයන් අතුරෙන් එකක් එකක් කෙරෙහි රූපය ආත්ම වශයෙන් දකියි යන ආදී නයින් සිවු ආකාරව ගැනීම් වශයෙන් පවතින වස්තු නිමිති කරගෙන උපන්, විද්‍යමාන අර්ථයෙන් වූ සිහිය ස්කන්ධ පංචක සංඛ්‍යාත කය කෙරෙහි වූ දෘෂ්ටියයි. සක්කාය දිට්ඨි නම් වේ. දසවත්ථුකා මිච්ඡාදිට්ඨි යනු ‘දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත’ ආදී වශයෙන් පවතින මිථ්‍යාදෘෂ්ටි යයි. අතථ්‍ය වූ අවදෘෂ්ටිය, වරදවා ගැනීමෙන් විකෘත වූ දෘෂ්ටිය මිච්ඡා දිට්ඨි නම් වේ. අනර්ථය ගෙනදෙන බැවින් පඬිවරුන් විසින් පිළිකුල් කරන ලද දෘෂ්ටිය යන අරුතින් ද මිච්ඡාදිට්ඨි නම් වේ. එය නුනුවණින් පිවිසීම ලක්ෂණ කර ඇත්තේය. (සීලබ්බත) පරාමාසය කෘත්‍යකොට ඇත්තේය. මිථ්‍යා ප්‍රවේශය වැටහීම් කාරණා කොට ඇත්තේය. ආර්යයන් නොදකිනු කැමතිවීම පදනම්කොට ඇත්තේය. අතිමහත්ම වරදෙකැයි දතයුතුයි. දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි යනු ලෝකය ශාස්වතය. ලෝකය අශාස්වතය, ලෝකය අන්ත සහිතය, යන ආදී වශයෙන් පැවති, එක් එක් කොට්ඨාසය පිහිටාධාර කොටගෙන ග්‍රහණ (ගැනීම්) වශයෙන් මෙසේ පවත්නා දෘෂ්ටිය දශවස්තුක අන්තග්‍රාහික දෘෂ්ටියයි. යා එවරූපා දිට්ඨි යනු මෙබඳු වූ යම් දෘෂ්ටියක් වේද එයයි. දිට්ඨිගතං යනු දෘෂ්ටීන් වෙත නැඹුරු වූයේ යි, මේ දෘෂ්ටිය දෙසැටක් මිසදිටුවලට ඇතුළත් වූ බැවින් දිට්ඨිගත නම් වේ. දෘෂ්ටිය ම ඉක්මවීම අපහසු වෙතැයි යන අර්ථයෙන් ග්‍රහණ නම් වූයේ දිට්ඨි ගහනං දෘෂ්ඨි ගහන නම් වේ. තෘණ ගහණ, වන ගහණ, පර්වත ගහණ ආදිය මෙනි. සැක සහිතය. බිය සහිතය යන අර්ථයෙන් දිට්ඨි කන්තාරං දිට්ඨි කන්තාර නම් වේ. චෝර කාන්තාර, ව්‍යාල (වල් මෘගයන් ගැවසෙන) කාන්තාර, නිරුදක කාන්තාර, දුර්භික්ෂ කාන්තාරාදිය මෙනි. සම්මා දිට්ඨිය විනිවිදලීමේ අර්ථයෙන් ද විලෝමන (වැලැක්වීමේ) අර්ථයෙන් ද දිට්ඨි විසූකායිකං දිට්ඨි විසූකායික නම් වේ. මිථ්‍යා දර්ශන වනාහි උපදිනුයේ සම්‍යග් දර්ශනය විනිවිදලන්නේද විලෝම කරන්නේ ද වේ. කිසිකලෙක ශාකය ද කිසිකලෙක උච්ඡේදය ද ගැනීමෙන් දෘෂ්ටියෙන් විරූපව (විකෘත වූ) සසල වෙති’යි දිට්ඨි විප්ඵන්දිතං දිට්ඨි විප්පන්දිත නම් වේ. දෘෂ්ටිගතිකයා වනාහි එක් මතයක පිහිටීමට නොහැක්කේ වේ. කිසිවිටෙක ශාස්වතය ද තවත් විටෙක උච්ඡේදය ද අනුව පවතියි. දෘෂ්ඨියෙන් ම බැඳීමේ අර්ථයෙන් සංයෝජන වූයේ දිට්ඨි සංයොජනං දිට්ඨි සංයෝජන නම් වේ.
සුසුමාරාදයො විය පුරිසං ආරම්මණං දළ්හං ගණ්හාතීති ගාහො. පතිට්ඨහනතො පතිට්ඨාහො. අයඤ්හි බලවපවත්තිභාවෙන පතිට්ඨහිත්වා ගණ්හාති. නිච්චාදිවසෙන අභිනිවිසතීති අභිනිවෙසො. ධම්මසභාවං අතික්කමිත්වා නිච්චාදිවසෙන පරතො ආමසතීති පරාමාසො. අනත්ථාවහත්තා කුච්ඡිතො මග්ගො, කුච්ඡිතානං වා අපායානං මග්ගොති කුම්මග්ගො. අයාථාවපථතො මිච්ඡාපථො. යථා හි දිසාමූළ්හෙන “අයං අසුකගාමස්ස නාම පථො”ති ගහිතොපි තං ගාමං න සම්පාපෙති, එවං දිට්ඨිගතිකෙන “සුගතිපථො”ති ගහිතාපි දිට්ඨි සුගතිං න පාපෙතීති අයාථාවපථතො මිච්ඡාපථො. මිච්ඡාසභාවතො මිච්ඡත්තං. තත්ථෙව පරිබ්භමනතො තරන්ති එත්ථ බාලාති තිත්ථං, තිත්ථඤ්ච තං අනත්ථානඤ්ච ආයතනන්ති තිත්ථායතනං, තිත්ථියානං වා සඤ්ජාතිදෙසට්ඨෙන නිවාසට්ඨානට්ඨෙන ච ආයතනන්තිපි තිත්ථායතනං. විපරියෙසභූතො ගාහො, විපරියෙසතො වා ගාහොති විපරියෙසග්ගාහො. අසභාවගාහොති විපරීතග්ගාහො. “අනිච්චෙ නිච්ච”න්ති ආදිනයප්පවත්තවසෙන පරිවත්තෙත්වා ගාහො විපල්ලාසග්ගාහො. අනුපායගාහො මිච්ඡාගාහො. අයාථාවකස්මිං වත්ථුස්මිං න සභාවස්මිං වත්ථුස්මිං තථං යාථාවකං සභාවන්ති ගාහො “අයාථාවකස්මිං යාථාවක”න්ති ගාහො. යාවතාති යත්තකා. ද්වාසට්ඨිදිට්ඨිගතානීති බ්රහ්මජාලෙ (දී· නි· 1.29 ආදයො) ආගතානි ද්වාසට්ඨිදිට්ඨිගතානි.
කිඹුල් ආදීන් පුරුෂයකු ඩැහැගන්නා සේ අරමුණු දැඩිව ගනිතියි යන අරුතින් ගාහො ‘ගාහ’ නම් වේ. පිහිටුවීමේ අරුතින් පතිට්ඨාහො පතිට්ඨා නම් වේ. මේ මිථ්‍යා දෘෂ්ටිය බලවත්ව පැවැත්වීමෙන් පිහිටුවා ගනියි. නිත්‍ය ආදී වශයෙන් ඇදහීමට පිවිසෙති. අභිනිවෙසො අභිනිවේස නමි. ධර්ම ස්වභාවය ඉක්මවා නිත්‍ය ආදී වශයෙන් දැඩිව ගනිති’යි (ස්පර්ශ කරති’යි) පරාමාසො පරාමාස නම් වේ. අර්ථය ගෙන දෙන නින්දිත මාර්ග යැයි නැතහොත් නින්දිත වූ අපායට යන මගයැයි කුම්මග්ගො කුම්මග්ග නම් වේ. යෝග්‍ය නොවන අවපථ (වැරදි මාර්ගය) වූ හෙයින් මිච්ඡාපථ නම් වේනුයි මිච්ඡාපථො, යම්සේ දිසාමූඪයකු (මංමුළා වූවකු) විසින් ‘මෙය අසුවල් ගමට යන මාර්ගය’යැයි ගන්නා ලද මුත්, එම ගමට නොපැමිණේ ද එසේම දෘෂ්ටිගතිකයා විසින් සුගතිගාමී මග යැයි ගන්නා ලද දෘෂ්ටිය ඔහු සුගතියට නොපමුණුවන්නේනුයි, අයථා අවපථයක් වන හෙයින් එය මිථ්‍යා පථයකි. ස්වභාව සහිත වූ හෙයින් මිච්ඡත්තං මිච්ඡන්ත නම් වේ. එහිම පරිභ්‍රමණය වන හෙයින් බාලයෝ මෙහි තරණය කරති’ යි තිත්ථං තීර්ථ නම් වේ. තීර්ථ වූයේ ද එම අනර්ථයට ආයතන වූයේ ද තිත්ථායතනං තීර්ථායතන නමි. තීර්ථකයන්ගේ නිජබිමැයි යන අරුතින් ද ‘නිවාස’ යැයි යන අරුතින් ද ‘නිවාස වූ’ අර්ථයෙන් ද ආයතන නම් වූයේයි තීර්ථායතන නම් වේ. විපරීත ඒෂණ (සෙවීම්) වූ ගැනීම හෝ විපරීත සෙවීම් වශයෙන් ගැනීම විපරියෙසගාහො විපරියෙසගාහ නම් වේ. අසභාවගාහො යනු විපරීත වූ ග්‍රහණයයි. අනිත්‍යයෙහි නිත්‍යයැයි ආදී නයින් පැවතීම් වශයෙන් පටලවා ගැනීම විපල්ලාසො ගාහො ‘විපල්ලාස ගාහ’ නම් වේ. උපාය රහිත ග්‍රහණය මිථ්‍යා ග්‍රහණයයි. ස්වභාව නොවූ අතථ්‍ය විෂයෙහි තථ්‍ය ස්වභාවය යැයි ගැනීම ද තථ්‍ය විෂයයෙහි අතථ්‍ය යැයි ගැනීම ද මිථ්යාග්රාහ වේ. යාවතා යනු යම්තාක්, ද්වාසට්ඨි දිට්ඨිගතානි යනු බ්‍රහ්මජාල සූත්‍රයෙහි දැක්වුණු ද්වාෂෂ්ටි දෘෂ්ටීහු ය.
අච්ඡෙදසංකිනොපි ඵන්දන්තීති අච්ඡින්දිත්වා පසය්හ බලක්කාරෙන ගණ්හිස්සන්තීති උප්පන්නසංකිනොපි චලන්ති. අච්ඡින්දන්තෙපීති වුත්තනයෙන අච්ඡිජ්ජන්තෙපි. අච්ඡින්නෙපීති වුත්තනයෙන අච්ඡින්දිත්වා ගහිතෙපි. විපරිණාමසංකිනොපීති පරිවත්තෙත්වා අඤ්ඤථාභාවෙන ආසංකිනොපි . විපරිණාමන්තෙපීති විපරිවත්තනකාලෙපි. විපරිණතෙපීති විපරිවත්තිතෙපි. ඵන්දන්තීති චලන්ති. සම්ඵන්දන්තීති සබ්බාකාරෙන චලන්ති. විප්ඵන්දන්තීති විවිධාකාරෙන ඵන්දන්ති. වෙධන්තීති භයං දිස්වා කම්පන්ති. පවෙධන්තීති ඡම්භිතත්තා භයෙන විසෙසෙන කම්පන්ති. සම්පවෙධන්තීති ලොමහංසනභයෙන සබ්බාකාරෙන කම්පන්ති. ඵන්දමානෙති උපයොගබහුවචනං. අප්පොදකෙති මන්දොදකෙ. පරිත්තොදකෙති ලුළිතොදකෙ. උදකපරියාදානෙති ඛීණොදකෙ. බලාකාහි වාති වුත්තාවසෙසාහි පක්ඛිජාතීහි. පරිපාතියමානාති විහිංසියමානා ඝට්ටියමානා. උක්ඛිපියමානාති කද්දමන්තරතො නීහරියමානා ගිලියමානා වා. ඛජ්ජමානාති ඛාදියමානා. ඵන්දන්ති කාකෙහි. සම්ඵන්දන්ති කුලලෙහි. විප්ඵන්දන්ති බලාකාහි. වෙධන්ති තුණ්ඩෙන ගහිතකාලෙ මරණවසෙන. පවෙධන්ති විජ්ඣනකාලෙ. සම්පවෙධන්ති මරණසමීපෙ.
අච්ඡෙද සංකිනොපි ඵන්දන්ති යනු පැහැර, මැඬලා බලාත්කාරයෙන් ගනිතියි උපන් සැකයෙන් ද සසල වෙති. අච්ඡින්දන්තෙපි යනු මෙහි කී පරිදි පැහැරගන්නා කල්හි ද විපරිණාම සංකිනොපි යනු විපර්යාස වශයෙන් අන්‍ය ස්වභාවයට යෙති’යි සැක කරමින් ද සැළෙනුයේ විපරිණාමන්තෙපි යනු විපරිණාමයට පැමිණෙන කල්හි ද විපරිණතෙ පි යනු විපරිණාමයට පත් වූ කල්හි ද එන්දන්ති යනු සසල වෙති. සංඵන්දන්ති යනු සර්වප්රකාරයෙන් ම සසල වෙති. විප්ඵන්දන්ති විවිධාකාරව සසල වෙති. වෙධන්ති යනු බිය දැක කම්පා වෙති. පවෙධන්ති තැති ගැනීම් බියෙන් විශේෂයෙන් කම්පා වෙති. සම්පවෙධෙන්ති යනු ලොමුඩැහැ ගැනීම් බියෙන් සර්වප්රකාරයෙන් ම කම්පා වෙති. ඵන්දමානෙ යනු දුතියා විභක්ති බහුවචනයි. අප්පොදකෙ යනු මද දියෙහි පරිත්තොදකෙ යනු කැළඹුණු දියෙහි උදක පරියාදානෙ යනු ක්ෂීණ වූ, ක්ෂය වූ දියෙහි බලාකාහි වා යනු කියන ලද අවශේෂ පක්ෂි ජාතීන් විසින් හෝ පරිපාතියමානා යනු වෙහෙසනු ලබන්නාහු, පෙළනු ලබන්නාහු උක්ඛිපියමානා යනු මඩ අතරින් අදිනු ලබන්නාහු, ගිලිනු ලබන්නාහු, ඛජ්ජමානා යනු කනු ලබන්නාහු, කවුඩන් විසින් (ගනු ලබන කල්හි) ඵන්දන්ති වෙවුලති. උකුසන් විසින් (ගනු ලබන කල්හි) සම්ඵන්දන්ති බෙහෙවින් සැලෙති. කොකුන් විසින් (ගනු ලබන කල්හි) විප්ඵන්දන්ති විශේෂයෙන් සසල වෙති. තුඩුවලින් ගන්නා ලද කල්හි මරණ බියෙන් වෙධන්ති වෙවුලති. තුඩුවලින් විඳිනු ලබන කල්හි පවෙධන්ති බෙහෙවින් වෙවුලති. මැරෙන කල අතිශයින්ම සැලෙති. -පෙ-
පස්සිත්වාති අගුණං පස්සිත්වා. තුලයිත්වාති ගුණාගුණං තුලයිත්වා. තීරයිත්වාති ගුණාගුණං විත්ථාරෙත්වා. විභාවයිත්වාති වත්ථුහානභාගිං මුඤ්චිත්වා වජ්ජෙත්වා. විභූතං කත්වාති නිප්ඵත්තිං පාපෙත්වා ආවෙණිකං කත්වා. අථ වා සංකිණ්ණදොසං මොචෙත්වා වත්ථුවිභාගකරණෙන පස්සිත්වා. අපරිච්ඡෙදදොසං මොචෙත්වා පමාණකරණවසෙන තුලයිත්වා. වත්ථුදොසං මොචෙත්වා විභාගකරණවසෙන තීරයිත්වා. සම්මොහදොසං මොචයිත්වා අග්ගවිභාගකරණවසෙන විභාවයිත්වා. ඝනදොසං මොචෙත්වා පකතිවිභාගකරණෙන විභූතං කත්වා. පහායාති පජහිත්වා. පටිනිස්සජ්ජිත්වාති නිස්සජ්ජිත්වා. අමමායන්තොති තණ්හාදිට්ඨීහි ආලයං අකරොන්තො. අගණ්හන්තොති දිට්ඨියා පුබ්බභාගෙ පඤ්ඤාය තං න ගණ්හන්තො. අපරාමසන්තොති විතක්කෙන ඌහනං අකරොන්තො. අනභිනිවෙසන්තොති නියාමොක්කන්තිදිට්ඨිවසෙන නප්පවිසන්තො.
පස්සිත්වා යනු අගුණ, ආදීනව දැක, තුලයිත්වා ආනිසංස හා ආදීනව තුලනය කර, තීරයිත්වා යනු ආනිසංස හා ආදීනව විස්තර විමසා විභාවයිත්වා යනු වස්තු හීනතා දෝෂයෙන් මුදවා, ඉවත්කොට, විභූතං කත්වා යනු පැහැදිලිව නිගමනයකොට, සම්මතියක් බවට පත්කොට, නැතහොත් සංකීර්ණ (නො පැහැදිලි) දෝෂයෙන් මුදවා, වස්තු විභාග කිරීම් වශයෙන් දැක, නොපිරිසිඳීම් දොසින් මුදවා ප්‍රමාණ කිරීම් වශයෙන් තුලනය කර, වස්තු දෝෂයෙන් මුදවා විග්රහ කිරීම් වශයෙන් තීරණය කර, මුලාවීම් දෝෂයන් හරවා අග්‍ර දෙය අගය විභාග කිරීම් වශයෙන් විභාවනය කර (සලකා බලා) ගැටලු දොස් හරවා, ස්වභාවය විග්රහ කිරීම් වශයෙන් ප්‍රකට කර, පහාය යනු අත්හැර පටිනිස්සජ්ජිත්වා යනු දුරුකර, අම්මායන්තො යනු තෘෂ්ණා දෘෂ්ටීන් හේතුකොට ඇලුම් නොකරනුයේ, අගණ්හන්තො යනු දෘෂ්ටියෙන් පූර්වභාගයෙහි ප්‍රඥාවෙන් නොගනුයේ, අපරාමසන්තො යනු විතර්කයෙන් කල්පනා නොකරනුයේ අනභිනි විසන්තො යනු නියාමයෙන් බැසගත් දෘෂ්ටි වශයෙන් නො පිවිසෙනුයේ.
අකුබ්බමානොති පරිග්ගාහතණ්හාවසෙන අකරොන්තො. අජනයමානොති පොනොභවිකතණ්හාවසෙන අජනයමානො. අසඤ්ජනයමානොති විසෙසෙන අසඤ්ජනයමානො. අනිබ්බත්තයමානොති පත්ථනාතණ්හාවසෙන න නිබ්බත්තයමානො. අනභිනිබ්බත්තයමානොති සබ්බාකාරෙන න අභිනිබ්බත්තයමානො. උපසග්ගවසෙන වා එතානි පදානි වඩ්ඪිතානි. එවමෙත්ථ පඨමගාථාය අස්සාදං.
අකුබ්බන්තො යනු පරිග්රාහ තණ්හා වශයෙන් ඇලුම් නොකරනුයේ, අජනයමානො යනු පුනර්භව තණ්හා වශයෙන් නූපදවනුයේ අසඤ්ජයමානො යනු වෙසෙසින් ම නූපදවනුයේ අනිබ්බත්තයමානො යනු වස්තූන් පිළිබඳ තණ්හා වශයෙන් නූපදවනුයේ, අනුඅභිනිබ්බත්තයමානො යනු සර්වප්රකාරයෙන් ම නූපදවනුයේ, මේ වචනවල උපසර්ග යෙදීමෙන් අර්ථය වැඩිකරන ලදී. මෙසේ මෙහි පළමු ගාථාවෙන් ආශ්වාදය ද,
තතො පරාහි චතූහි ගාථාහි ආදීනවඤ්ච දස්සෙත්වා ඉදානි සඋපායං නිස්සරණං නිස්සරණානිසංසඤ්ච දස්සෙතුං, සබ්බාහි වා එතාහි කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසඤ්ච දස්සෙත්වා ඉදානි නෙක්ඛම්මෙ ආනිසංසං දස්සෙතුං “උභොසු අන්තෙසූ”ති ගාථාද්වයමාහ. තත්ථ උභොසු අන්තෙසූති ඵස්සඵස්සසමුදයාදීසු ද්වීසු, ද්වීසු පරිච්ඡෙදෙසු. විනෙය්ය ඡන්දන්ති ඡන්දරාගං විනෙත්වා. ඵස්සං පරිඤ්ඤායාති චක්ඛුසම්ඵස්සාදිඵස්සං, ඵස්සානුසාරෙන වා තංසම්පයුත්තෙ සබ්බෙපි අරූපධම්මෙ, තෙසං වත්ථුද්වාරාරම්මණවසෙන රූපධම්මෙ චාති සකලම්පි නාමරූපං තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා. අනානුගිද්ධොති රූපාදීසු සබ්බධම්මෙසු අගිද්ධො. යදත්තගරහී තදකුබ්බමානොති යං අත්තනා ගරහති, තං අකුරුමානො. න ලිම්පතී දිට්ඨසුතෙසු ධීරොති සො එවරූපො ධිතිසම්පන්නො ධීරො දිට්ඨෙසු ච සුතෙසු ච ධම්මෙසු ද්වින්නං ලෙපානං එකෙනාපි ලෙපෙන න ලිම්පති, ආකාසමිව නිරුපලිත්තො අච්චන්තවොදානප්පත්තො හොති.
ඉන් අනතුරුව දැක්වූ ගාථා සතරින් ආදීනවයද දක්වා, ඉක්බිති උපාය සහිත නිස්සරණය ද (නික්මීම) නිස්සරණයෙන් මතු නිස්සරණානිසංසය ද දක්වනු පිණිස, නැතහොත් මේ ගාථා සියල්ලෙන්ම කාමයන්ගේ ආදීනවය ද ළාමක බව හා කිලිටි බව ද දක්වා, ඉක්බිති නෙක්ඛම්මයෙහි ආනිසංසය දක්වනු පිණිස උභොසු අන්තෙසු යන ආදී ගාථාද්වයය කීහු. එහි උභොසු අන්තෙසු යනු ඵස්ස - ඵස්ස සමුදයාදිය දෙකක් දෙකක් බැගින් වෙන් කිරීමෙහි විනය්ය ඡන්දං යනු ඡන්දරාගය දුරුකර, ඵස්සං පරිඤ්ඤාය යනු චක්ෂු සම්ඵස්සාදී ස්පර්ශය, නොහොත් ස්පර්ශානුසාරයෙන් එය හා සම්ප්‍රයුක්ත (යෙදුණු) වූ සියලු අරූප ධර්මයන් ද, එහි වස්තු ආරම්මණ වශයෙන් රූප ධර්මයන් ද යන සියලු ම නාමරූප ධර්මයන් ත්‍රිවිධ පරිඥාවන්ගෙන් මනාව දැන, අනනුගිද්ධො යනු රූපාදී සියලු ධර්මයන්හි ගිජු නොවූයේ යදත්තගරහි තද කුප්පමානො යනු යම් ක්‍රියාවක් තමාට ම ගර්හාවක් වේද (ආත්ම ගෞරවයට හානිකර වේද) එබඳු දෙයක් නොකරනුයේ, නලිප්පති දිට්ඨිසු තෙසු ධීරො මෙබඳු ස්වරූප ඇති ධෛර්ය සම්පන්න ධීරයා දුටු, ඇසූ ධර්මයන් කෙරෙහි (තණ්හාලේප, දිට්ඨිලේප යන) දෙකින් එක් ලේපයකින් (කිලුටෙකින්) හෝ නො වැකුණේ වේ. අහස මෙන් නොවැකුණේ පිරිසිදු බවට පැමිණියේ වේ.
ඵස්සො එකො අන්තොති ඵස්සො එකපරිච්ඡෙදො. ඵුසතීති ඵස්සො. ස්වායං ඵුසනලක්ඛණො, සඞ්ඝට්ටනරසො, සන්නිපාතපච්චුපට්ඨානො, ආපාථගතවිසයපදට්ඨානො. අයඤ්හි අරූපධම්මොපි සමානො ආරම්මණෙ ඵුසනාකාරෙනෙව පවත්තතීති ඵුසනලක්ඛණො. එකදෙසෙනෙව අනල්ලීයමානොපි රූපං විය චක්ඛුං, සද්දො විය ච සොතං චිත්තං ආරම්මණඤ්ච සඞ්ඝට්ටෙතීති සඞ්ඝට්ටනරසො, වත්ථාරම්මණසඞ්ඝට්ටනතො වා උප්පන්නත්තා සම්පත්තිඅත්ථෙනපි රසෙන “සඞ්ඝට්ටනරසො”ති වෙදිතබ්බො. වුත්තඤ්හෙතං අට්ඨකථායං –
ඵස්සො එකො අන්තො යනු ස්පර්ශය එක් සීමාවෙකි. ස්පර්ශ කරනු ලැබේනුයි ඵස්ස නමි. ඒ මේ ස්පර්ශය, ස්පර්ශ කිරීම ලක්‍ෂණකොට ඇත්තේය. ගැටීම කෘත්‍ය කර ඇත. සන්නිපාතය (එක්වීම) වැටහීම් කොට ඇත්තේය. යොමු වූ විෂයය පදනම් කොට ඇත්තේය. මෙය අරූප ධර්මයක් වූයේ අරමුණු ස්පර්ශ කිරීම් ආකාරයෙන්ම පවතින්නේ නුයි ස්පර්ශය ලක්ෂණ කොට ඇත්තේය. තැනෙකින් හෝ නො ඇලෙනුයේ නමුදු ඇස රූපය මෙන් ද කණ ශබ්දය මෙන් ද ‘වස්තුව හා අරමුණු ගැටෙති’යි ගැටීම කෘත්‍යකොට ඇත්තේය. වස්තු අරමුණු යන දෙකෙහි ගැටීමෙන් උපන් බැවින් හෝ සම්ප්රාප්ති අර්ථ සහිත රස (කෘත්‍ය) වශයෙන් ගැටීම රසය (කෘත්‍ය) කොට ඇත්තේ යයි දතයුතුයි. අටුවායෙහි මෙය කියන ලදමැයි;
“චතුභූමකඵස්සො නො ඵුසනලක්ඛණො නාම නත්ථි, සඞ්ඝට්ටනරසො පන පඤ්චද්වාරිකොව හොති. පඤ්චද්වාරිකස්ස හි ඵුසනලක්ඛණොතිපි සඞ්ඝට්ටනරසොතිපි නාමං. මනොද්වාරිකස්ස ඵුසනලක්ඛණොත්වෙව නාමං, න සඞ්ඝට්ටනරසො”ති (ධ· ස· අට්ඨ· 1, කාමාවචරකුසල, ධම්මුද්දෙසකථා).
‘කාම, රූප, අරූප, ලෝකෝත්තර යන චතුර්භූමික ස්පර්ශය ස්පර්ශන ලක්ෂණ නැත්තේ නම් නොවේ. සංඝට්ටන රසය (කෘත්‍ය) වනාහි පංචද්වාරික ම වේ. පංචද්වාරික ගැටීමට වනාහි ඵුසන ලක්ඛණය, සංඝට්ටන රසය යන නම් වේ. මනෝද්වාරික ගැටීමට ‘ඵුසන ලක්ඛණ’ය යන නම යෙදේ. ‘සංඝට්ටන රස’ යන නම නොයෙදේ.’
ඉදඤ්ච වත්වා ඉදං සුත්තං (මි· ප· 2.3.8) ආභතං –
යනුවෙන් මෙසේ ද කියා මෙම සූත්‍රය ද කීහ –
“යථා, මහාරාජ, ද්වෙ මෙණ්ඩා යුජ්ඣෙය්යුං, යථා එකො මෙණ්ඩො, එවං චක්ඛු දට්ඨබ්බං. යථා දුතියො මෙණ්ඩො, එවං රූපං දට්ඨබ්බං. යථා තෙසං සන්නිපාතො, එවං ඵස්සො දට්ඨබ්බො. එවං ඵුසනලක්ඛණො ච ඵස්සො සඞ්ඝට්ටනරසො ච. යථා, මහාරාජ, ද්වෙ සම්මා වජ්ජෙය්යුං, ද්වෙ පාණී වජ්ජෙය්යුං. යථා එකො පාණි, එවං චක්ඛු දට්ඨබ්බං. යථා දුතියො පාණි, එවං රූපං දට්ඨබ්බං. යථා තෙසං සන්නිපාතො, එවං ඵස්සො දට්ඨබ්බො. එවං ඵුසනලක්ඛණො ච ඵස්සො සඞ්ඝට්ටනරසො චා”ති විත්ථාරො.
‘යම්සේ මහරජ, බැටළුවන් දෙදෙනෙක් පොර වදින්නාහු ද, එක් බැටළුවෙක් ඇස මෙනැයි දැකිය යුත්තේ ය. අනෙකා රූපය මෙනැ’යි දැකිය යුත්තේය. ඔවුන්ගේ එක්වීම ස්පර්ශය මෙනැ’යි දැකිය යුත්තේය. මෙසේ ස්පර්ශය, ස්පර්ශන ලක්ෂණ ඇත්තේ ද, සංඝට්ටන (ගැටීම්) කෘත්‍ය ඇත්තේ ද වේ. තවද, මහරජ, යම්සේ කයිතාලම් දෙකක් වාදනය කරනු ලබන්නේ ද, එසේම අතුල් දෙකක් ද වාදනය කරනු ලබන්නේ ද (තාලය ගැනීමට අත්ලෙන් අත්ල ගසනු ලබන්නේ ද) එවිට, එක් අත්ලක් ඇස මෙනැ’යි දැකිය යුත්තේ ය. අනෙක රූපය මෙනැ’යි දැකිය යුත්තේය. අතුල් දෙක එක්වීම ස්පර්ශය මෙනැ’යි ද දැකිය යුත්තේ ය. මෙසේ ස්පර්ශය ස්පර්ශන ලක්ෂණ ඇත්තේ ද, සංඝට්ටන කෘත්‍ය ඇත්තේ ද වේ.’ යනුවෙන් විස්තර වේ.
යථා වා “චක්ඛුනා රූපං දිස්වා”තිආදීසු (ධ· ස· 1352, 1354) චක්ඛුවිඤ්ඤාණාදීනි චක්ඛුආදිනාමෙන වුත්තානි, එවමිධාපි තානි චක්ඛුආදිනාමෙනෙව වුත්තානීති වෙදිතබ්බානි. තස්මා “එවං චක්ඛු දට්ඨබ්බ”න්තිආදීසු එවං චක්ඛුවිඤ්ඤාණං දට්ඨබ්බන්ති ඉමිනා නයෙන අත්ථො වෙදිතබ්බො. එවං සන්තෙ චිත්තාරම්මණසඞ්ඝට්ටනතො ඉමස්මිම්පි සුත්තෙ කිච්චට්ඨෙනෙව රසෙන “සඞ්ඝට්ටනරසො”ති සිද්ධො හොති. තිණ්ණං සන්නිපාතසඞ්ඛාතස්ස පන අත්තනො කාරණස්ස වසෙන පවෙදිතත්තා සන්නිපාතපච්චුපට්ඨානො. අයඤ්හි තත්ථ තත්ථ “තිණ්ණං සඞ්ගති ඵස්සො”ති එවං කාරණස්සෙව වසෙන පවෙදිතොති. ඉමස්ස ච සුත්තපදස්ස තිණ්ණං සඞ්ගතියා ඵස්සොති අයමත්ථො, න සඞ්ගතිමත්තමෙව ඵස්සො.
යම්සේ ‘චක්ඛුනා රූපං දිස්වා’ ආදියෙහි චක්ඛු විඤ්ඤාණාදිය චක්ඛු ආදී නාමයෙන් ම කියන ලද ද, මෙසේ මෙහි ද ඒ චක්ඛු විඤ්ඤාණාදිය චක්ඛු නාමයෙන් කියන ලදැ’යි දතයුතුයි. එහෙයින් එවං චක්ඛු දට්ඨබ්බං යන ආදියෙහි එවං චක්ඛු විඤ්ඤාණං දට්ඨබ්බං (මෙසේ චක්ඛු විඤ්ඤාණය දතයුතුයි.) යන මේ නයින් අර්ථය දතයුතුයි. මෙසේ ඇතිකල්හි, චිත්ත හා ආරම්මණ යන දෙකෙහි ගැටීමෙන් මේ සූත්‍රයෙහිද කෘත්යාර්ථවත් වූම රස ශබ්දයෙන් ‘සඝට්ටන රසො’ යනු සිද්ධ වේ. (වත්ථු, ආරම්මණ, විඤ්ඤාණ යන) ත්‍රිකයෙහි එක්වීමෙන් වූ සමූහය තමාගේ පැවැත්මට හේතුකාරණා වීම් වශයෙන් දක්වන ලද බැවින්, මෙම සන්නිපාතය (ස්පර්ශයෙහි) වැටහීම (ඵලය) වන්නේය. මෙය වනාහි, සූත්‍රයෙහි ‘තිණ්ණං සංගති ඵස්සො’ යනුවෙන් කාරණා යෝග වශයෙන් දක්වන ලද බැවින්, එම ආකාරයෙන්ම එළඹ සිටින්නේ ද වෙති’යි ‘සන්නිපාත පච්චුපට්ඨානං’ති (සන්නිපාතය වැටහීම් කාරණයකොට ඇත්තේ යැයි) කියන ලදී.
එවං පවෙදිතත්තා පන තෙනෙවාකාරෙන පච්චුපට්ඨාතීති “සන්නිපාතපච්චුපට්ඨානො”ති වුත්තො. ඵලට්ඨෙන පන පච්චුපට්ඨානෙනෙස වෙදනාපච්චුපට්ඨානො නාම හොති. වෙදනං හෙස පච්චුපට්ඨාපෙති, උප්පාදෙතීති අත්ථො. උප්පාදයමානො ච යථා බහිද්ධා උණ්හපච්චයාපි සමානා ලාඛාසඞ්ඛාතධාතුනිස්සිතා උස්මා අත්තනො නිස්සයෙ මුදුභාවකාරී හොති, න අත්තනො පච්චයභූතෙපි බහිද්ධා වීතච්චිතඞ්ගාරසඞ්ඛාතෙ උණ්හභාවෙ. එවං වත්ථාරම්මණසඞ්ඛාතඅඤ්ඤපච්චයොපි සමානො චිත්තනිස්සිතත්තා අත්තනො නිස්සයභූතෙ චිත්තෙ එව එස වෙදනුප්පාදකො හොති, න අත්තනො පච්චයභූතෙපි වත්ථුම්හි ආරම්මණෙවාති වෙදිතබ්බො. තජ්ජෙන සමන්නාහාරෙන පන ඉන්ද්රියෙන ච පරික්ඛතෙ විසයෙ අනන්තරායෙන උප්පජ්ජනතො එස “ආපාථගතවිසයපදට්ඨානො”ති වුච්චති.
ඵලාර්ථයෙහි වූ ‘පච්චුපට්ඨාන’ ශබ්දයෙන් ද ‘වේදනා පච්චුපට්ඨාන (වේදනාව එළඹ සිටි ඵලය කොට ඇත්තේ) නම් වේ. එම (ත්‍රිකයෙහි) ඵලය වූ වේදනාව එළවති යි, දනවතියි යන අර්ථයි. උපදවනුයේ ද යම්සේ බාහිර වූ උණුසුම ප්‍රත්‍යයකොට ඇත්තා වූම ලාක්ෂා (ලහ) යැයි කියනු ලබන ධාතු විශේෂය ඇසුරු කළ උණුසුම, තමා ඇසුරෙහි වූ (ලහ කඩෙහි) මොළොක් බව ඇති කරන්නේ වේ. (එහෙත්) තමාට ප්‍රත්‍යය වූයේ නමුදු, ගිනිසිළු හා අඟුරු පහවී (නිවී) උණුසුම නැති වූ කල එසේ නොවේ. මෙලෙසින් ම වස්තු - ආරම්මණ සංඛ්‍යාත වූ අනෙකක් ප්‍රත්‍යය කොට ඇත්තා වූම (වේදනාව), සිත ඇසුරෙහි ම වූ හෙයින්, තමාට නිශ්‍රය වූ සිත ම මේ වේදනා - උප්පාදක (වේදනාව උපදවන්නා) වේ. (එහෙත්) තමාට ප්‍රත්‍යය වූ නමුදු (හුදෙක්) හා ආරම්මණ කෙරෙහි (උපදිනුයේ) නොවේයැ’යි දතයුතුය. එයට (අදාළ විෂයයට) අනුරූප වූ පරිදි යොමුකරන ලද ඉන්ද්රියය විසින් පිළියෙළ කරන ලද විෂයයෙහි බාධා රහිතව උපදවන ලද හෙයින් මේ (ස්පර්ශය) ‘ආපාථගත විසය පදට්ඨාන’ (යොමුවට පැමිණි විෂයය පදට්ඨාන පදනම්කොට ඇත්තේය)යි කියනු ලැබේ.
ඵස්සො යතො සමුදෙති උප්පජ්ජති, සො “ඵස්සසමුදයො”ති වුච්චති. වුත්තඤ්හෙතං – “සළායතනපච්චයා ඵස්සො”ති (මහාව· 1; විභ· 225). අතීතදුකො කාලවසෙන වුත්තො. වෙදනාදුකො “උපෙක්ඛා පන සන්තත්තා, සුඛමිච්චෙව භාසිතා”ති (විභ· අට්ඨ· 232) වුත්තත්තා උපෙක්ඛාවෙදනං සුඛමෙව කත්වා සුඛදුක්ඛවසෙන, නාමරූපදුකො රූපාරූපවසෙන, ආයතනදුකො සංසාරපවත්තිවසෙන, සක්කායදුකො පඤ්චක්ඛන්ධවසෙන වුත්තොති වෙදිතබ්බො. තත්ථ සුඛයතීති සුඛා. වෙදයතීති වෙදනා. දුක්ඛයතීති දුක්ඛා. නමනලක්ඛණං නාමං. රුප්පනලක්ඛණං රූපං. චක්ඛායතනාදීනි ඡ අජ්ඣත්තිකානි. රූපායතනාදීනි ඡ බාහිරානි. රූපක්ඛන්ධාදයො පඤ්චක්ඛන්ධා විජ්ජමානට්ඨෙන සක්කායො. අවිජ්ජාකම්මතණ්හාආහාරඵස්සනාමරූපා සක්කායසමුදයො.
ස්පර්ශය යමෙකින් හටගනියි ද, උපදියි ද, එය ‘ඵස්ස සමුදය’ යි කියනු ලැබේ. කියන ලදැමයි. ‘සළායතන පච්චයා ඵස්සො’ (ෂඩායතනයෙන් ප්‍රත්‍යය කොටගෙන ස්පර්ශය උපදියි.) යනුවෙනි. අතිගරුක වූ (සුඛ-දුක්ඛ) වේදනා දුකය (ද්විකය) කාල වශයෙන් කියන ලදී. උපේක්ෂාව වනාහි ශාන්ත වූ හෙයින් සුබම වෙතැ’යි කියන ලද හෙයින් උපේක්ෂා වේදනාව සුඛ වශයෙන් ගෙන සුඛ-දුඃඛ වශයෙන් ද, නාම-රූප දුක (ද්වික) ය, රූප අරූප වශයෙන් ද, ආයතන දුකය. සසර පැවැත්ම වශයෙන් ද, සක්කාය දුකය පංචස්කන්ධ වශයෙන් ද කියන ලදැයි දතයුතුයි. එහි සැප ගෙන දෙතියි සුඛා සුඛ (වේදනාවයි, ‘විඳිනු ලැබෙති’යි වෙදනා වේදනායි. දුක්ඛා දුක් ගෙන දෙතියි දුඃඛ (වේදනා) යි, නැමීම් ලක්ෂණ ඇත්තේනුයි නාමං නමි. විනාශවීම් ලක්‍ෂණකොට ඇත්තේ රූපං රූපයයි. චක්ෂු ආයතනාදී අභ්‍යන්තර ආයතන සයයි. රූපායතනාදිය බාහිරායතන හයයි. රූපස්කන්ධාදී පංච ස්කන්ධයයි. විද්‍යාමානාර්ථයෙන් සක්කායො සක්කායයි. අවිද්‍යා කර්ම, තණ්හාව, ආහාර, ඵස්ස, නාමරූප යන මොවුහු සක්කාය සමුදයො සක්කාය සමුදයයි.
චක්ඛුසම්ඵස්සොති චක්ඛතීති චක්ඛු, රූපං අස්සාදෙති විභාවෙති චාති අත්ථො. චක්ඛුතො පවත්තො සම්ඵස්සො චක්ඛුසම්ඵස්සො. සො පන අත්තනා සම්පයුත්තාය වෙදනාය සහජාතඅඤ්ඤමඤ්ඤනිස්සයවිපාකආහාරසම්පයුත්තඅත්ථිඅවිගතවසෙන අට්ඨධා පච්චයො හොති. සුණාතීති සොතං. තං සසම්භාරසොතබිලස්ස අන්තො තනුතම්බලොමාචිතෙ අඞ්ගුලිවෙඨකසණ්ඨානෙ පදෙසෙ සොතවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානං තිට්ඨති. සොතතො පවත්තො සම්ඵස්සො සොතසම්ඵස්සො. ඝානසම්ඵස්සාදීසුපි එසෙව නයො. ඝායතීති ඝානං . තං සසම්භාරබිලස්ස අන්තො අජපදසණ්ඨානෙ පදෙසෙ ඝානවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානං තිට්ඨති. ජීවිතමව්හායතීති ජිව්හා, සායනට්ඨෙන වා ජිව්හා. සා සසම්භාරජිව්හාය අතිඅග්ගමූලපස්සානි වජ්ජෙත්වා උපරිමතලමජ්ඣෙ භින්නඋප්පලදලග්ගසණ්ඨානෙ පදෙසෙ ජිව්හාවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානා තිට්ඨති. කුච්ඡිතානං සාසවධම්මානං ආයොති කායො. ආයොති උප්පත්තිදෙසො. යාවතා ඉමස්මිං කායෙ උපාදිණ්ණපවත්ති නාම අත්ථි, තත්ථ යෙභුය්යෙන කායප්පසාදො කායවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානො තිට්ඨති. මුනාතීති මනො, විජානාතීති අත්ථො. මනොති සහාවජ්ජනභවඞ්ගං; මනතො පවත්තො සම්ඵස්සො මනොසම්ඵස්සො.
චක්ඛු සම්ඵස්සො යන්නෙහි ‘චක්ඛතීත චක්ඛු’ (දක්නේනුයි චක්ඛු නමි.) රූපය ආශ්වාදනය කරති’යි, විභාවනය කරති’යි, යන අර්ථයි. චක්ෂුයෙන් පවත්නා ස්පර්ශය ‘චක්ඛු සම්ඵස්ස’ නම් වේ. එය වනාහි තමා හා එක්ව යෙදුණු වේදනාව සමග (සූවිසි ආකාර ප්‍රත්‍යයන් අතුරෙන්) සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ආහාර, සම්ප්‍රයුක්ත, අත්ථි, අවිගත වශයෙන් අට ආකාරයකින් ප්‍රත්‍යය වේ. අසනුයේ නු’යි සොතං සෝත නමි. එය සම්භාර (උපකරණ) සහිත කන්සිදුර ඇතුළත තුනී තඹවන් ලොම් එක්වීමෙන් සෑදුන මුද්දක ආකාර ඇති පෙදෙසෙහි ශ්‍රෝත විඤ්ඤාණාදියට සුදුසු පරිදි වස්තු ද්වාර භාවය සපයමින් සිටියි. ශ්‍රෝතයෙන් පැවති ස්පර්ශය සොත සමඵස්ස නමි. ඝාණ සම්ඵස්ස ආදියෙහි ද මේ නයයි. ආඝ්රාණ කරනුයේ නු යි ඝාණං ඝාණ නමි. එය සම්භාර සහිත නාස් බිලයෙහි ඇතුළත, එළු පියසටහන් ඇති ප්‍රදේශයෙහි ඝාණ විඤ්ඤාණාදියට සුදුසු පරිදි වස්තු ද්වාරභාවය සපයමින් සිටියි. ජීවිතය කැඳවානු’යි ජිව්හා ජිව්හා නමි. රස විඳීමේ අරුතින් හෝ ජිව්හා නමි. එය සම්භාර (උපරකණ) සහිත දිවෙහි අග, මුල හා පැති හැර උපරිම තල මධ්‍යයෙහි බිඳුණු උපුල් පෙත්තක ආකාර ඇති පෙදෙසෙහි ජිව්හා විඤ්ඤාණාදියෙහි යෝග්‍ය පරිදි වස්තු ද්වාර භාවය සපයමින් සිටියි. පිළිකුල් සහගත වූ ආශ්‍රව සහිත ධර්මයනට නිවාස වූයේනු’යි කායො කාය නමි. ‘ආය’ යනු උත්පත්ති ස්ථානයයි. මේ කයෙහි යම්තාක් තමාගේ යැයි දැඩි ලෙස ගනු ලබන පැවැත්මක් වේද, එහි බොහෝසෙයින් ඒ කාය ප්‍රසාදය කාය විඤ්ඤාණාදීනට සුදුසු පරිදි වස්තු ද්වාරභාවය සපයමින් සිටියි. දන්නේ නුයි ‘මන’ නම් වේ. මනො මන නම් වේ. අවබෝධ කරතියි යන අර්ථයි. ‘මනො’ යනු, ආවර්ජන සහිත භවාංගයයි. මනසින් පැවති ස්පර්ශය මනො සමඵස්සො මනෝ සම්ඵස්ස නම් වේ.
ඡබ්බිධම්පි ඵස්සං දුවිධමෙව හොතීති දස්සෙතුං “අධිවචනසම්ඵස්සො පටිඝසම්ඵස්සො”ති ආහ. මනොද්වාරිකො අධිවචනසම්ඵස්සො. පඤ්චද්වාරිකො වත්ථාරම්මණාදිපටිඝෙන උප්පජ්ජනතො පටිඝසම්ඵස්සො.
ස්පර්ශය සවැදෑරුම් වුවත් දෙවැදෑරුම් ව ම සංග්‍රහ වන බව දැක්වීමට අධිවචන සම්ඵස්සො පටිඝ සමඵස්සො අධිවචන සම්ඵස්සය පටිඝ සම්ඵස්ස යැයි කියන ලදී. මනෝද්වාරිකව සිදුවන ස්පර්ශය අධිවචන සම්ඵස්ස නමි. පංචද්වාරික වූ වස්තු ආරම්මණාදීන්ගේ ගැටීමෙන් උපදින බැවින් පටිඝ සම්ඵස්ස නම් වේ.
සුඛවෙදනාය ආරම්මණෙ සුඛවෙදනීයො. දුක්ඛවෙදනාය ආරම්මණෙ දුක්ඛවෙදනීයො. අදුක්ඛමසුඛවෙදනාය ආරම්මණෙ අදුක්ඛමසුඛවෙදනීයො. තත්ථ සුඛයතීති සුඛං, යස්සුප්පජ්ජති, තං සුඛිතං කරොතීති අත්ථො. සුට්ඨු වා ඛනති, ඛාදති ච කායචිත්තාබාධන්ති සුඛං. දුක්ඛයතීති දුක්ඛං, යස්සුප්පජ්ජති, තං දුක්ඛිතං කරොතීති අත්ථො. න දුක්ඛං න සුඛන්ති අදුක්ඛමසුඛං, ම-කාරො පදසන්ධිවසෙන වුත්තො.
සුඛ වේදනා සහිත අරමුණ කෙරෙහි ඇතිවනුයේ සුඛවේදනීය ස්පර්ශයයි. දුක්ඛ වේදනා සහිත අරමුණෙහි ඇතිවනුයේ දුක්ඛ වේදනීය ස්පර්ශයයි. අදුක්ඛම සුඛ වේදනා සහිත අරමුණෙහි ඇතිවනුයේ අදුක්ඛමසුඛවේදනීය ස්පර්ශයයි. එහි සැප ගෙනදෙනුයේ සුඛං සුඛයයි. එය යමකු කෙරෙහි ඇතිවේ ද, ඔහු සුවපත් කරති’යි යන අර්ථයි. සුඛ නම් වේ. කාය චිත්ත ආබාධයන් කා දමති’යි, මනාසේ සාරා දමති’යි හෝ යන අරුතින් ද සුඛ නම් වේ. දුකට පමුණුවනු’යි දුක්ඛං දුක්ඛයි. එය යමකු තුල උපදී ද, ඔහු දුකට පත්කරති’යි යන අර්ථයි. දුක් ද නොව සැප ද නොවූයේ අදුක්ඛමසුඛං නම් වේ. ‘ම’ යන්න පද සන්ධි පිණිස කියන ලදී.
කුසලොතිආදයො ජාතිවසෙන වුත්තා. තත්ථ කුසලොති එකවීසතිකුසලචිත්තසම්පයුත්තො. අකුසලොති ද්වාදසාකුසලචිත්තසම්පයුත්තො. අබ්යාකතොති අවසෙසවිපාකකිරියාබ්යාකතචිත්තසම්පයුත්තො.
එහි කුසලො යනු එක් විසි කුසල් සිත්වලින් යුක්ත වූයේයි, අකුසලො යනු දොළොස් අකුසල් සිත්වලින් යුක්ත වූයේ අව්යාකතො යනු ඉතිරි විපාක, කිරිය යන අව්‍යාකත චිත්තයන්ගෙන් යුක්ත වූයේ,
පුන භවප්පභෙදවසෙන නිද්දිසන්තො “කාමාවචරො”තිආදිමාහ. චතුපඤ්ඤාසකාමාවචරචිත්තසම්පයුත්තො කාමාවචරො. කාමං පහාය රූපෙ අවචරතීති රූපාවචරො, කුසලාබ්යාකතවසෙන පඤ්චදසරූපාවචරචිත්තසම්පයුත්තො. කාමඤ්ච රූපඤ්ච පහාය අරූපෙ අවචරතීති අරූපාවචරො, කුසලාබ්යාකතවසෙන ද්වාදසාරූපාවචරචිත්තසම්පයුත්තො.
පුනර්භව ප්‍රභේද වශයෙන් දක්වනුයේ කාමාවචරො යන ආදිය කීහු. පනස් හතරක් (54) වූ කාමාවචර සිත්වලින් යුක්ත වූයේ, කාමාවචරො කාමාවචර නමි. කාමය හැරදමා රූපයෙහි හැසිරෙනුයේනු’යි රූපාවචරො රූපාවචර නමි. කුසල අව්‍යාකත වශයෙන් පසළොස් රූපාවචර සිත්වලින් යුක්ත වූයේයි, කාමය ද රූපය ද අත්හැර අරූපයෙහි හැසිරෙනුයේ නු’යි අරූපාවචරො අරූපාවචර නමි. කුසල, අව්‍යාකත වශයෙන් දොළොස් අරූපාවචර සිත්වලින් යුක්ත වූයේනු’යි අරූපාවචර නමි.
ඉදානි අභිනිවෙසවසෙන දස්සෙන්තො “සුඤ්ඤතො”තිආදිමාහ. තත්ථ සුඤ්ඤතොති රාගදොසමොහෙහි සුඤ්ඤත්තා සුඤ්ඤතො. රාගදොසමොහනිමිත්තෙහි අනිමිත්තත්තා අනිමිත්තො. රාගදොසමොහපණිධීනං අභාවතො අප්පණිහිතොති වුච්චති.
ඉක්බිති නැඹුරුවීම් වශයෙන් දක්වමින් සුඤ්ඤතො යන ආදිය කීහු. එහි සුඤ්ඤතො යනු රාග දෝස මෝහයන්ගෙන් ශූන්‍ය වූ බැවින් ශූන්‍යතා නම් වේ. රාග, ද්වේෂ, මෝහ යන නිමිතිවලින් මිදුණු බැවින්, ඒ නිමිති රහිත බැවින් අනිමිත්තො නම් වේ. රාග, ද්වේෂ, මෝහ යන ප්රණිධීන්ගේ (පැතුම්වල) අභාවයෙන්, අප්පණිහිතො අප්පනිහිත යැයි කියනු ලැබේ.
ඉදානි වට්ටපරියාපන්නඅපරියාපන්නවසෙන දස්සෙන්තො “ලොකියො”තිආදිමාහ. ලොකො වුච්චති ලුජ්ජනපලුජ්ජනට්ඨෙන වට්ටං, තස්මිං පරියාපන්නභාවෙන ලොකෙ නියුත්තොති ලොකියො. උත්තිණ්ණොති උත්තරො, ලොකෙ අපරියාපන්නභාවෙන ලොකතො උත්තරොති ලොකුත්තරො. ඵුසනාති ඵුසනාකාරො. සම්ඵුසනා සම්ඵුසිතත්තන්ති උපසග්ගෙන පදං වඩ්ඪිතං.
ඉක්බිති සසර වටට ඇතුළත් වීම හා ඇතුළත් නොවීම් වශයෙන් දක්වනු සඳහා ‘ලොකියො’ යනාදිය කීහු. කැඩීම් බිඳීම් අරුතින් සංසාර වර්තය ‘ලෝක’ යැයි කියනු ලැබේ. එහි ඇතුලත් වූ බැවින්, ලෝකයෙහි නියුක්ත වූයේයි යන අර්ථයෙන් ලොකියො ලෝකිය නම් වේ. උත්තීර්ණ වූයේනුයි උත්තර නම් වේ. ලෝකයට ඇතුලත් නොවූ බැවින් ලෝකයෙන් එතරවූයේ යන අර්ථයෙන් ලොකුත්තරො ලෝකුත්තර නම් වේ. ඵුස්සනා යනු ස්පර්ශ කිරීම් ආකාරයයි. සම්ඵුස්සනා සම්ඵුසිතත්තං යි යනුවෙන් උපසර්ග යොදා එහි අර්ථය දියුණු කරන ලදී.
එවං ඤාතං කත්වාති එවං පාකටං කත්වා ජානන්තො තීරෙති තීරයති, උපරි වත්තබ්බාකාරෙන චින්තෙති. අනිච්චන්තිකතාය ආදිඅන්තවන්තතාය ච අනිච්චතො තීරෙති. උප්පාදවයපටිපීළනතාය දුක්ඛවත්ථුතාය ච දුක්ඛතො. පච්චයයාපනීයතාය රොගමූලතාය ච රොගතො. දුක්ඛතාසූලයොගිතාය කිලෙසාසුචිපග්ඝරතාය උප්පාදජරාභඞ්ගෙහි උද්ධුමාතපරිපක්කපභින්නතාය ච ගණ්ඩතො. පීළාජනකතාය අන්තොතුදනතාය දුන්නීහරණීයතාය ච සල්ලතො. විගරහණීයතාය අවඩ්ඪිආවහනතාය අඝවත්ථුතාය ච අඝතො. අසෙරිභාවජනකතාය ආබාධපදට්ඨානතාය ච ආබාධතො. අවසතාය අවිධෙය්යතාය ච පරතො. බ්යාධිජරාමරණෙහි ලුජ්ජනපලුජ්ජනතාය පලොකතො. අනෙකබ්යසනාවහනතාය ඊතිතො. අවිදිතානංයෙව විපුලානං අනත්ථානං ආවහනතො සබ්බූපද්දවවත්ථුතාය ච උපද්දවතො. සබ්බභයානං ආකරතාය ච දුක්ඛවූපසමසඞ්ඛාතස්ස පරමස්සාසස්ස පටිපක්ඛභූතතාය ච භයතො. අනෙකෙහි අනත්ථෙහි අනුබද්ධතාය දොසූපසට්ඨතාය, උපසග්ගො විය අනධිවාසනාරහතාය ච උපසග්ගතො. බ්යාධිජරාමරණෙහි චෙව ලාභාදීහි ච ලොකධම්මෙහි පචලිතතාය චලතො. උපක්කමෙන චෙව සරසෙන ච පභඞ්ගුපගමනසීලතාය පභඞ්ගුතො. සබ්බාවත්ථාවිනිපාතිතාය, ථිරභාවස්ස ච අභාවතාය අධුවතො. අතායනතාය චෙව අලබ්භනෙය්යඛෙමතාය ච අතාණතො. අල්ලීයිතුං අනරහතාය, අල්ලීනානම්පි ච ලෙණකිච්චාකාරිතාය අලෙණතො. නිස්සිතානං භයසාරකත්තාභාවෙන අසරණතො. යථාපරිකප්පිතෙහි ධුවසුභසුඛත්තභාවෙහි රිත්තතාය රිත්තතො. රිත්තතායෙව තුච්ඡතො, අප්පකත්තා වා. අප්පකම්පි හි ලොකෙ “තුච්ඡ”න්ති වුච්චති. සාමිනිවාසිවෙදක කාරකාධිට්ඨායකවිරහිතතාය සුඤ්ඤතො.
එව ඤාතං කත්වා යනු මෙසේ ප්‍රකට බවට පත්කොට, ජානන්තො තීරෙති යනු ඉදින් මතු කිවයුතු ආකාරයෙන් සිතතොත්, අනිත්‍ය ආකාර වූ අවසානයක් ඇති හෙයින් ද ආරම්භයක් හා අවසානයක් ඇති හෙයින් ද අනිච්චතො අනිත්‍ය වශයෙන් තීරණය කරයි. ඉපදීමේ හේතුවෙන් නැවත නැවත පෙළනු ලබන හෙයින් ද දුකට වස්තුවන හෙයින් බැවින් දුක්ඛතො දුක් වශයෙන් තීරණය කරයි. ප්‍රත්‍යයන් (ගිලාන ප්‍රත්‍යය)ගෙන් යැපිය යුතු වන හෙයින් ද, රෝගයන්ට මුල්වන හෙයින් ද රොගතො රෝග වශයෙන් (තීරණය කරයි) සූලයනට (රුජාවනට) යෝග්‍ය වූ හෙයින් දුක් වශයෙන් ද, කෙලෙස් අසූචි (සැරව) වගුරුවන හෙයින් හා උත්පාද (ඉපදීම) ජරා, භංග (මරණ) යන්ගෙන් ඉදිමී, පැසවා, බිඳී යන හෙයින් ගණ්ඩතො ගඩක් (ගෙඩියක්) වශයෙන් ද (තීරණය කරයි) පීඩාජනක වන බැවින් ද ඇතුළත පාරවන බැවින් හා ඉවත් කිරීමට අපහසු බැවින් සල්ලතො හුලක් වශයෙන් ද (තීරණය කරයි.) විෂ පතුරුවන බැවින් ද පරිහානිය ලඟා කරන බැවින් ද දුකට වස්තුවන බැවින් ද අඝතො විපතක් වශයෙන් ද පරාධීන බව ඇතිකරන හෙයින් ද ආබාධයනට පදනම වන බැවින් ද ආබාධතො ආබාධ වශයෙන් ද වසඟ කළ නොහැකි බැවින් ද වෙනස්වන ස්වරූප ඇති බැවින් ද පරතො තමා සතු නොවීම් වශයෙන් ද (තීරණය කරයි.) ව්‍යාධි ජරා මරණයන්ගෙන් සිඳී බිඳී යන බැවින් පලොකතො නැසෙනසුලු වූවක් වශයෙන් ද නොයෙක් ව්‍යසන එළවන ගෙනදෙන හෙයින් ඊතිතො උපද්‍රවයක් වශයෙන් ද (තීරණය කරයි.) අවිපරීත නොවරදිනසුලු වූ, මහත් වූ අනර්ථයන් එළවන හෙයින්ද සියලු උවදුරුවලට වස්තුවන හෙයින් ද උපද්දවතො උපද්‍රව වශයෙන්ද සියලු භයට ආකරයක් වූ බැවින් ද ‘දුක්ඛවූපසම’ යැයි කියනු ලබන පරම (උතුම් ම) අස්වැසිල්ලට ප්‍රතිවිරුද්ධ වූ බැවින් ද භයතො භය වශයෙන් ද නොයෙක් අනර්ථයන් විසින් ලුහුබඳනා ලද බැවින් ද, දොස් නැමති හුල් ඇවිණී ඇති බැවින් ද උපසර්ගයක් (උපද්‍රවයක්) මෙන් ඉවසිය හැකිවන හෙයින් ද උපසග්ගතො උපද්‍රවයක් වශයෙන් ද ව්‍යාධි ජරා මරණයන්ගෙන් මෙන් ම ලාභාදී අෂ්ටලෝක ධර්මයන්ගෙන් ද සැලෙන හෙයින් චලතො. චල වශයෙන් ද කෘත්‍ය සහිත උපක්‍රමයෙන් බිඳීමට පමුණුවනසුලු බැවින් පභංගුතො පභංගු (බිඳෙනසුලු) වශයෙන් ද (තීරණය කරයි.) සියලු අවස්ථාවන්හිදී ම විනාශ වන බැවින් ද කල් පැව තීම තිර නොවන හෙයින් ද අද්ධුවතො අස්ථිර වශයෙන් ද රැකවරණ සහිත හෙයින් ද ක්ෂේම ස්වභාවයක් ආරක්ෂාවක් නොලැබිය හැකි හෙයින් ද අතානතො අනාරක්ෂිත වශයෙන් ද (ආරක්ෂා සඳහා) සැඟවීමට නොසුදුසු වන රැකවරණ සැලසීමක් නොකළ හැකි බැවින් ද, අලෙනතො සැඟවුණාවුන්ට ද රක්ෂස්ථාන නොවීම් වශයෙන් ද ආශ්‍රිතයන්ට භයට සරණ (පිහිට) වන බවක් නැති හෙයින්, අසරණතො අසරණ (සරණ නොවීම්) වශයෙන් ද පරිකල්පනය කළ පරිදි ස්ථිර, සුභ, සුබ ස්වභාවයෙන් හිස් වූ හෙයින් රිත්තතො රික්තයක් වශයෙන් රික්ත වූ බැවින් ම තුච්ඡතො තුච්ඡ වශයෙන් ද අල්ප (මද) බව හෝ අල්ප වූ දෙයක් ලෝකයෙහි තුච්ඡයැයි කියනු ලැබේ. ස්වාමියකු, නේවාසිකයකු, වේදකයකු (දන්වන්නකු) කාරකයකු (කළමනා කරන්නකු) අධිෂ්ඨායකයකු (කාර්ය විධායකයකු) නොමැති හෙයින් සුඤ්ඤතො ශූන්‍ය වශයෙන් ද (තීරණය කරයි.)
සයඤ්ච අසාමිකභාවාදිතාය අනත්තතො. පවත්තිදුක්ඛතාය, දුක්ඛස්ස ච ආදීනවතාය ආදීනවතො. අථ වා ආදීනං වාති ගච්ඡති පවත්තතීති ආදීනවො, කපණමනුස්සස්සෙතං අධිවචනං. ඛන්ධාපි ච කපණායෙවාති ආදීනවසදිසතාය ආදීනවතො. ජරාය චෙව මරණෙන චාති ද්වෙධා පරිණාමපකතිතාය විපරිණාමධම්මතො. දුබ්බලතාය, ඵෙග්ගු විය සුඛභඤ්ජනීයතාය ච අසාරකතො. අඝහෙතුතාය අඝමූලතො. මිත්තමුඛසපත්තො විය විස්සාසඝාතිතාය වධකතො. විගතභවතාය විභවසම්භූතතාය ච විභවතො. ආසවපදට්ඨානතාය සාසවතො. හෙතුපච්චයෙහි අභිසඞ්ඛතතාය සඞ්ඛතතො. මච්චුමාරකිලෙසමාරානං ආමිසභූතතාය මාරාමිසතො. ජාතිජරාබ්යාධිමරණපකතිතාය ජාතිජරාබ්යාධිමරණධම්මතො. සොකපරිදෙවඋපායාසහෙතුතාය සොකපරිදෙවඋපායාසධම්මතො. තණ්හාදිට්ඨිදුච්චරිතසංකිලෙසානං විසයධම්මතාය සංකිලෙසධම්මතො. අවිජ්ජාකම්මතණ්හාසළායතනවසෙන උප්පත්තිතො සමුදයතො. තෙසං අභාවෙන අත්ථඞ්ගමතො. ඵස්සෙ ඡන්දරාගවසෙන මධුරස්සාදෙන අස්සාදතො. ඵස්සස්ස විපරිණාමෙන ආදීනවතො. උභින්නං නිස්සරණෙන නිස්සරණතො තීරෙතීති සබ්බෙසු ච ඉමෙසු “තීරෙතී”ති පාඨසෙසො දට්ඨබ්බො.
තමා ද (තමාට ම) මේ අස්වාමික වීම් ආදියෙන්) අනත්තතො අනාත්ම වශයෙන් තීරණය කරයි.) පැවැත්ම දුකක් වන හෙයින් ද, දුක ද ආදීනවයක් වන හෙයින් ද ආදීනවතො ආදීනව වශයෙන් (තීරණය කරයි.) නැතහොත් දිළිඳු බව පැමිණෙති’ යි පවතිති’යි යන අරුතින් ආදීනවො ආදීනව නමි. දිළිඳු මිනිසාට මේ අභිධානයෙකි. ස්කන්ධයන් ද දිළින්දන් මෙන් ආදීනව හා සමානවන බැවින් ආදීනවතො, ආදීනව වශයෙන් තීරණය කරයි.) ජරාවෙන් ද මරණයෙන් ද යන දෙපරිද්දෙන්ම වෙනස්වන ස්වභාව ඇති හෙයින් විපරිණාම ධම්මතො විපරිණාම ධර්ම වශයෙන් (තීරණය කරයි.) දුබල බැවින් බොරුහර (එළය) මෙන් සුඛ නැමති හරය නොදැනවිය හැකි හෙයින් ද අසාරකතො අසාර වශයෙන් (තීරණය කරයි.) දුකට හේතුවන බැවින් අසමූලතො අසමූල වශයෙන් චිත්තමුඛ (මිහිරි වදන් ඇති) සතුරකු මෙන් විශ්වාසය නසන හෙයින්, වධකතො වධකයකු වශයෙන් දිවි තොර කරන හෙයින් ද අභාවය ඇතිකරන බැවින් ද විභවතො විභව වශයෙන් ද ආශ්රවයනට පදනම වන බැවින් සාසවතො සාශ්‍රව වශයෙන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්වන ලද බැවින් සංඛතතො සංඛත වශයෙන් මෘත්‍යුමාර කෙලෙස් මාරයනට ගොදුරුවන බැවින් මාරාමිසතො මාරාමිස වශයෙන් ද (තීරණය කරයි.) ජාති, ජරා, ව්‍යාධි, මරණ ස්වභාව කොට ඇති බැවින් ජාති ජරා ව්‍යාධි මරණධම්මතො ජාති ජරා ව්‍යාධි මරණ ස්වභාව වශයෙන්, ශෝක පරිදේව උපායාසයන්ට හේතුවන බැවින් සොක පරිදෙව උපායාස ධම්මතො ශෝක පරිදේව උපායාස ස්වභාව වශයෙන් තණ්හා, දෘෂ්ටි, දුශ්චරිත සංකිලේසයනට විෂය ස්වභාව ඇති බැවින්, සංකිලෙසික ධම්මතො සංක්ලේශ ස්වභාව (වශයෙන්) ද අවිද්‍යා, කර්ම, තණ්හා, සළායතන වශයෙන් උපදින හෙයින් සමුදයතො සමුදය වශයෙන් ද ඔවුන්ගේ අභාවයෙන් අත්ථංගමතො අත්ථංගම වශයෙන් ද ස්පර්ශයෙහි ඡන්දරාග වශයෙන් මිහිරි වූ ආශ්වාදයෙන් අස්සාදකො ආශ්වාද වශයෙන් ද, ස්පර්ශයේ විපරිණාම (වෙනස්වීමේ) ස්වභාවයෙන් ආදීනවතො ආදීනව වශයෙන් ද ආශ්වාද ආදීනව දෙකින්ම නික්මීම් වශයෙන් නිස්සරණතො යනු නිස්සරණ වශයෙන් ද තීරෙති යනු තීරණය කරයි යනුවෙන්, මේ සියලුම තන්හි ඉතිරි (සම්පූර්ණ කළ යුතු) පාඨයයි.
පජහතීති සකසන්තානතො නීහරති. විනොදෙතීති තුදති. බ්යන්තිං කරොතීති විගතන්තං කරොති. අනභාවං ගමෙතීති අනු අනු අභාවං ගමෙති. අරියමග්ගසත්ථෙන උච්ඡින්නං තණ්හාඅවිජ්ජාමයං මූලමෙතෙසන්ති උච්ඡින්නමූලා. තාලවත්ථු විය නෙසං වත්ථු කතන්ති තාලාවත්ථුකතා. යථා හි තාලරුක්ඛං සමූලං උද්ධරිත්වා තස්ස වත්ථුමත්තෙ තස්මිං පදෙසෙ කතෙ න පුන තස්ස තාලස්ස උප්පත්ති පඤ්ඤායති, එවං අරියමග්ගසත්ථෙන සමූලෙ රූපාදිරසෙ උද්ධරිත්වා තෙසං පුබ්බෙ උප්පන්නපුබ්බභාවෙන වත්ථුමත්තෙ චිත්තසන්තානෙ කතෙ සබ්බෙපි තෙ “තාලාවත්ථුකතා”ති වුච්චන්ති. යස්සෙසොති යස්ස පුග්ගලස්ස එසො ගෙධො. සමුච්ඡින්නොති උච්ඡින්නො. වූපසන්තොති ඵලෙන වූපසන්තො. පටිපස්සද්ධොති පටිපස්සද්ධිප්පහානෙන පටිපස්සම්භිතො. උපසග්ගෙන වා පදං වඩ්ඪිතං. අභබ්බුප්පත්තිකොති පුන උප්පජ්ජිතුං අභබ්බො. ඤාණග්ගිනා දඩ්ඪොති මග්ගඤාණග්ගිනා ඣාපිතො. අථ වා විසනික්ඛිත්තං භාජනෙන සහ ඡඩ්ඩිතං විය වත්ථුනා සහ පහීනො. මූලච්ඡින්නවිසවල්ලි විය සමූලච්ඡින්නොති සමුච්ඡින්නො. උද්ධනෙ උදකං සිඤ්චිත්වා නිබ්බාපිතඅඞ්ගාරං විය වූපසන්තො. නිබ්බාපිතඅඞ්ගාරෙ පතිතඋදකඵුසිතං විය පටිපස්සද්ධො. අඞ්කුරුප්පත්තියා හෙතුච්ඡින්නබීජං විය අභබ්බුප්පත්තිකො. අසනිපාතවිසරුක්ඛො විය ඤාණග්ගිනා දඩ්ඪොති එවමෙකෙ වණ්ණයන්ති.
පජහති යනු ඒ සන්තානයෙන් බැහැර කරයි. විනොදෙති යනු දැදුරු කරයි. (පහ කරයි.) බ්යන්තීකරොති අවසන් කරයි. අනභාවංගමෙති යනු ක්‍රමයෙන් අභාවයට පමුණුවයි. යම්සේ වනාහි තල්ගසෙක් මුල උදුරා, එය පිහිටා තිබූ එම බිම් පෙදෙස පමණක් ඉතිරි කළ කල්හි, නැවත එම තල්ගසෙහි හටගැනීමක් සිදු නොවේද, මෙසේ ආර්ය මාර්ග නැමති ක්ෂත්‍රයෙන් (සැතින්) රූපාදී (ස්කන්ධ) කෘත්‍යයන් උදුරා එම රූපාදීන් පෙර උපන් විරූ බැවින් වස්තු මාත්‍රයක් බවට පත්කරන ලද කල්හි, ඒ සියල්ල තාලවත්ථුකතා (තාල වස්තු බවට පත්කරන ලදැ’යි) කියනු ලැබේ. යස්සසො යනු යම් පුද්ගලයෙකුගේ මේ ගිජු බව, සමුච්ජින්නො යනු මනාව සිඳිනා ලද්දේ ද, වූපසන්තො යනු ආර්ය ඵලයෙන් සන්සිඳුවන ලද්දේ ද පටිප්පස්සද්ධො යනු පටිප්පස්සද්ධි ප්‍රහාණයෙන් බහාතබන (මුදාහරින) ලද්දේ ද, උපසර්ග යෙදීමෙන් පදයන්ගේ අර්ථය දියුණු කරන ලදී. අභබ්බුප්පත්තිකො යනු නැවත ඉපැදිය නොහැකි බවට පත්කරන ලද්දේ ද, ඤාණග්ගිනා දඩ්ඪො යනු මාර්ග ඥාන නැමති ගින්නෙන් දවන ලද්දේ ද, නොහොත්, බහා තැබූ බඳුනත් සමග ම ඉවත දමන ලද විසක් මෙන් පිහිටා තුබූ තැනත් සමගම ප්‍රහීණ කරන ලදැයි ද, මුලින් සිඳින ලද විස වැලක් මෙන් මුලත් සමග සිඳලන ලදැයි ද, ‘සමුච්ඡින්න’ නම් වේ. උඳුනෙක්හි දිය ඉස නිවා දැමූ අඟුරු මෙනැයි ‘වූපසන්ත’ නම් වේ. නිවා දමන ලද අඟුරු මත වැටුණු ජලය මෙනැයි ‘පටිප්පස්සද්ධ’ නම් වේ. අංකුර හටගැනීමේ හේතු සිඳලන බීජයන් මෙනැ’යි ‘අභබ්බුප්පත්තික නම් වේ. හෙණ ගැසූ විස රුකක් මෙනැ’යි ‘ඤාණග්ගිනා දඩ්ඪ’ නම් වේ, යනුවෙන් ඇතැමෙක් විස්තර කෙරෙති.
වීතගෙධොති ඉදං සකභාවපරිච්චජනවසෙන වුත්තං. විගතගෙධොති ඉදං ආරම්මණෙ සාලයභාවපරිච්චජනවසෙන. චත්තගෙධොති ඉදං පුන අනාදියනභාවදස්සනවසෙන. මුත්තගෙධොති ඉදං සන්තතිතො විනිමොචනවසෙන. පහීනගෙධොති ඉදං මුත්තස්සාපි ක්වචි අනවට්ඨානදස්සනවසෙන. පටිනිස්සට්ඨගෙධොති ඉදං ආදින්නපුබ්බස්ස නිස්සග්ගදස්සනවසෙන වුත්තං. වීතරාගො විගතරාගො චත්තරාගොති වුත්තනයෙන යොජෙතබ්බං. තත්ථ ගිජ්ඣනවසෙන ගෙධො. රඤ්ජනවසෙන රාගො. නිච්ඡාතොති නිත්තණ්හො. “නිච්ඡදො”තිපි පාඨො, තණ්හාඡදනවිරහිතොති අත්ථො. නිබ්බුතොති නිබ්බුතසභාවො. සීතිභූතොති සීතසභාවො. සුඛපටිසංවෙදීති කායිකචෙතසිකසුඛං අනුභවනසභාවො. බ්රහ්මභූතෙනාති උත්තමසභාවෙන. අත්තනාති චිත්තෙන.
චත්තගෙධො යන මෙය ස්වකීය භාවය අත්හැරීම් වශයෙන් කියන ලදී. විගතගෙධො යන මෙය අරමුණෙහි ආලය සහිත බව අත්හැරීම් වශයෙනි. වන්තගෙධො මෙය නැවත නොගන්නා බව දැක්වීම් වශයෙනි. මුත්තගෙධො යන මෙය මිදුනහුගේ ද කිසිතැනෙක නැවැත්මක් (ඇනහිටීමක්) නැති බව දැක්වීම් වශයෙනි. පටිනිස්සට්ඨගෙධො යනු මෙය ගත් විරූ දෙය අත්හැරීම දැක්වීම් වශයෙන් කියන ලදී. වීතරාගො යනු දුරු වූ රාග ඇත්තේ, චත්තරාගො යනු ඉහත කියූ පරිදි යෙදිය යුතුයි. එහි ගිජුවීම් වශයෙන් ගෙධො ගේධ යැයි කියන ලදී. රඤ්ජනය (ඇලීම්) වශයෙන් රාගො රාග යැයි කියන ලදී. නිච්ඡාතො යනු තණ්හා නැත්තේයි, ‘නිච්ඡදො’ යන පාඨය ද යෙදේ. තණ්හා නැමති වහලින් තොර වූයේයි. නිබ්බුතො යනු නිවුණු ස්වභාව ඇත්තේයි. සීතිභූතො සීත ස්වභාව ඇත්තේ යි, සුඛපටිසංවෙදී යනු කායික චෛතසික සුවය අනුභව කිරීම් ස්වභාව ඇත්තේය. බ්රහ්මභූතෙන උතුම් ස්වභාව ඇති, අත්තනා යනු සිතින්,
කතත්තා චාති පාපකම්මානං කතභාවෙන ච. අකතත්තා චාති කුසලානං අකතභාවෙන ච. කතං මෙ කායදුච්චරිතං, අකතං මෙ කායසුචරිතන්තිආදයො ද්වාරවසෙන අවිරතිවිරතිවසෙන කම්මපථවසෙන ච වුත්තා. සීලෙසුම්හි න පරිපූරකාරීතිආදයො චතුපාරිසුද්ධිසීලවසෙන. ජාගරියමනනුයුත්තොති පඤ්චජාගරණවසෙන. සතිසම්පජඤ්ඤෙනාති සාත්ථකාදිසම්පජඤ්ඤවසෙන . චත්තාරො සතිපට්ඨානාතිආදයො බොධිපක්ඛියධම්මා ලොකියලොකුත්තරවසෙන. දුක්ඛං මෙ අපරිඤ්ඤාතන්තිආදයො චත්තාරො අරියසච්චවසෙන වුත්තාති වෙදිතබ්බං. තෙ අත්ථතො තත්ථ තත්ථ වුත්තනයත්තා පාකටායෙව.
කතත්තා ච පව්කම් කළ බැවින්, අකත්තතා ච කුසල් නොකළ බැවින්, කතං මෙ කායදුච්චරිතං අකතම්මෙ කාය සුචරිතං යන ආදිය ද්වාර වශයෙන් ද අවිරති විරති වශයෙන් ද කර්මපථ වශයෙන් ද කියන ලදී. සීලෙසු න පරිපූරකාරී යන ආදිය වතු පාරිශුද්ධි ශීල වශයෙන් කියන ලදී. ජාගරියමන යුත්තො යනු පංච ජාගරණ (නිදිවැරීම්) වශයෙන් සති සම්පජඤ්ඤෙන යනු අර්ථ සහිත සිහිකිරීම් වශයෙන්, චත්තාරො සතිපට්ඨානා යන ආදිය (බෝධිපාක්ෂික ධර්ම) ලෞකික ලෝකෝත්තර වශයෙන් බෝධිපාක්ෂික ධර්මයෝ යි. දුක්ඛං මෙ අපරිඤ්ඤාතං ආදී වූ පද සතර, ආර්ය සත්‍ය වශයෙන් කියන ලදැයි දතයුතුයි. එය අර්ථ වශයෙන් ඒ ඒ තැන කියන ලද බැවින් ප්‍රකට වූයේය.
ධීරො පණ්ඩිතොති සත්ත පදා වුත්තත්ථායෙව. අපි ච දුක්ඛෙ අකම්පියට්ඨෙන ධීරො. සුඛෙ අනුප්පිලවට්ඨෙන පණ්ඩිතො. දිට්ඨධම්මිකසම්පරායිකත්ථෙ කතපරිචයට්ඨෙන පඤ්ඤවා. අත්තත්ථපරත්ථෙ නිච්චලට්ඨෙන බුද්ධිමා. ගම්භීරඋත්තානත්ථෙ අපච්චොසක්කනට්ඨෙන ඤාණී. ගුළ්හපටිච්ඡන්නත්ථෙ ඔභාසනට්ඨෙන විභාවී. නික්කිලෙසබ්යවදානට්ඨෙන තුලාසදිසොති මෙධාවී. න ලිම්පතීති සජාතියා න ලිම්පති ආකාසෙ ලෙඛා විය. න පලිම්පතීති විසෙසෙන න ලිම්පති. න උපලිම්පතීති සඤ්ඤොගො හුත්වාපි න ලිම්පති හත්ථතලෙ ලෙඛා විය. අලිත්තොති සඤ්ඤොගො හුත්වාපි න කිලිස්සති කාසිකවත්ථෙ ඨපිතමණිරතනං විය. අපලිත්තොති විසෙසෙන න කිලිස්සති මණිරතනෙ පලිවෙඨිතකාසිකවත්ථං විය. අනුපලිත්තොති උපගන්ත්වාපි න අල්ලීයති පොක්ඛරපත්තෙ උදකබින්දු විය. නික්ඛන්තොති බහි නික්ඛන්තො බන්ධනාගාරතො පලාතො විය. නිස්සටොති පාපපහීනො අමිත්තස්ස පටිච්ඡාපිතකිලිට්ඨවත්ථු විය. විප්පමුත්තොති සුට්ඨු මුත්තො ගය්හූපගෙ වත්ථුම්හි රතිං නාසෙත්වා පුන නාගමනං විය. විසඤ්ඤුත්තොති කිලෙසෙහි එකතො න යුත්තො බ්යාධිනා මුත්තගිලානො විය. විමරියාදිකතෙන චෙතසාති විගතමරියාදකතෙන චිත්තෙන, සබ්බභවෙන සබ්බාරම්මණෙන සබ්බකිලෙසෙහි මුත්තචිත්තෙනාති අත්ථො.
ධීරො පණ්ඩිතො යන මේ පද සතෙහි අර්ථ ඉහත කියන ලද්දේමය. තවද දුකෙහි කම්පා නොවීම් අර්ථයෙන් ධීරො ධීර නම් වේ. සුවයෙහි නො ඉල්පීම් අර්ථයෙන් පණ්ඩිතො පණ්ඩිත නම් වේ. දිට්ඨ ධම්මික මෙලෝ පරලෝ යහපතෙහි කළ පරිචය (පුරුදු) ඇත්තේ පඤ්ඤවා පඤ්ඤාවන්ත නම් වේ. ආත්මාර්ථ පරාර්ථ දෙක්හි නිසල වූයේ යන අරුතින් බුද්ධිමා බුද්ධිමා නමි. ගැඹුරු මෙන්ම ප්රකටය යන අර්ථයෙන් ද නොපසුබස්නා යන අර්ථයෙන් ද ඤාණී ඤාණී නම් වේ. සැඟවුණු වැසුණු යන අර්ථයෙන් ද අවකාශ සැලැස්වීමේ අර්ථයෙන් ද විභාවී විභාවී නම් වේ. කෙලෙස් රහිත, විශිෂ්ට චරිතයකැ’යි යන අර්ථයෙන් තුලාවක් සමාන වූයේයි. මෙධාවී මේධාවී නම් වේ. නලිප්පති යනු ඉපැදීම කෙරෙහි අහසෙහි ඇඳි ඉරක් මෙනි. න සංලිප්පති යනු විශේෂයෙන් නො ඇලෙයි. න උපලිප්පති සංයෝග වී (එක්ව) සිටිය ද නොඇලේ. අල්ලෙහි ඇති රේඛාවක් මෙනි. අලිත්තො යනු සංයෝග වී සිටියත්, කිළිටි නොවූයේ යි. කසී වස්ත්‍රයක (කසී සලුවෙක) තැබූ මැණිකක් මෙනි. අසංලිත්තො යනු විශේෂයෙන් කිළිටි නොවූයේයි. මිණිරුවනෙක වෙළන ලද කසී වස්ත්‍රයක් මෙනි. අනුපලිත්තො යනු සමීපයට පැමිණියද නො ඇලේ. නෙලුම් කොළයෙහි දිය බිඳුවක් මෙනි. නික්ඛන්තො යනු පිටතට නික්මෙනුයේ බන්ධනාගාරයෙන් පලා යන්නකු මෙන් නිස්සතො යනු විශේෂයෙන් ප්‍රහීණ වූයේයි. සතුරකු හැඳ තුබූ කිළිටි වතක් මෙනි. විප්පමුත්තො මනාව මිදුණේයි. ගතයුතු බවට පත් වස්තුවෙහි ආශාව හැරදමා, නැවත නො එන සේ කොට, විසං යුත්තො යනු කෙලෙසුන් සමග එක්ව නොයෙදුණු, ආබාධයෙකින් මිදුණු ගිලනකු මෙනි. විමරියාදිකතෙන චෙතසා දුරුකළ සීමා කිරීම් ඇති සිතින්, සියලු භවයෙන්, සියලු අරමුණුවලින්, සියලු කෙලෙසුන්ගෙන්, වියුක්ත වූ, මිදුණු සිතිනියි යන අර්ථයි.
සඤ්ඤං පරිඤ්ඤාති ගාථාය පන අයං සඞ්ඛෙපත්ථො – න කෙවලඤ්ච ඵස්සමෙව, අපි ච ඛො පන කාමසඤ්ඤාදිභෙදං සඤ්ඤං, සඤ්ඤානුසාරෙන වා පුබ්බෙ වුත්තනයෙනෙව නාමරූපං තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා ඉමාය පටිපදාය චතුබ්බිධම්පි විතරෙය්ය ඔඝං, තතො සො තිණ්ණොඝො තණ්හාදිට්ඨිපරිග්ගහෙසු තණ්හාදිට්ඨිකිලෙසප්පහානෙන අනුපලිත්තො ඛීණාසවමුනි රාගාදිසල්ලානං අබ්බූළ්හත්තා අබ්බූළ්හසල්ලො, සතිවෙපුල්ලප්පත්තියා අප්පමත්තො චරං, පුබ්බභාගෙ වා අප්පමත්තො චරන්තො තෙන අප්පමාදචාරෙන අබ්බූළ්හසල්ලො හුත්වා සකපරත්තභාවාදිභෙදං නාසීසති ලොකමිමං පරඤ්ච, අඤ්ඤදත්ථු චරිමචිත්තනිරොධා නිරුපාදානොව ජාතවෙදො පරිනිබ්බාතීති අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි, ධම්මනෙත්තිඨපනමෙව කරොන්තො; න තු ඉමාය දෙසනාය මග්ගං වා ඵලං වා උප්පාදෙසි, ඛීණාසවස්ස දෙසිතත්තාති.
සඤ්ඤං පරිඤ්ඤා යන ආදී ගාථාවෙහි, මේ සංක්ෂිප්තාර්ථයයි. හුදෙක් ස්පර්ශය මතු නොවේ. තවද කාම සංඥාදී භේද සහිත සංඥාව හෝ සංඥානුසාරයෙන් ඉහත කී නයින්ම නාමරූපයන් ත්‍රිවිධ පරිඥාවන්ගෙන් මනාව දැන මේ ප්‍රතිපදාවෙන් සිවු වැදෑරුම් වූ ම ඕඝය තරණය කරන්නේය. ඉක්බිති ඕඝයන් තරණය කළ හේ තෙමේ තෘෂ්ණා දෘෂ්ටි පරිග්රහණයන්හි, තෘෂ්ණා දෘෂ්ටි කෙලෙස් ප්රහාණය කිරීමෙන් ඇලීමෙන් තොර වූ ක්ෂිණාශ්රව මුනි වූයේ රාගාදී හුල් උදුරා දැමූ බැවින්, ‘අබ්බූළ්හසළ්හ’ නම් වේ. ස්මෘති විපුලත්වය (සිහි මහත් බව) ඇතිවීමෙන් අප්‍රමාදීව හැසිරෙනුයේ නොහොත් මුලපටන්ම, අප්‍රමාදීව හැසිරෙමින්, අප්රමාදී වූ හැසිරීමෙන් උගුලා දැමූ හුල් ඇතිව, තමන්ගේ හා අනුන්ගේ වශයෙන් වූ භේද ද මෙලොව හා පරලොව ද නොපතයි. ඒකාන්තයෙන් ම අවසන් චිත්ත නිරෝධයත් සමග, උපාදාන රහිතවම ගින්නක් මෙන් නිවී යති’යි අර්හත්වයෙන් දේශනාව කුළුගන්වමින් නිමා කළ සේක. හුදෙක් ධර්මෝපදේශයක් තැබීම පමණක් කරමිනි. රහත් කෙනෙකු හට දෙසන ලද හෙයින් මේ සූත්‍ර දේශනාවෙන් මාර්ගයක් හෝ ඵලයක් නො ඉපැදවිණි.
නීලාදිභෙදං ආරම්මණං සඤ්ජානාතීති සඤ්ඤා. සා සඤ්ජානනලක්ඛණා පච්චාභිඤ්ඤාණරසා. චතුභූමිකසඤ්ඤා හි නොසඤ්ජානනලක්ඛණා නාම නත්ථි, සබ්බා සඤ්ජානනලක්ඛණාව. යා පනෙත්ථ අභිඤ්ඤාණෙන සඤ්ජානාති, සා පච්චාභිඤ්ඤාණරසා නාම හොති. තස්සා වඩ්ඪකිස්ස දාරුම්හි අභිඤ්ඤාණං කත්වා පුන තෙන අභිඤ්ඤාණෙන තං පච්චාභිජානනකාලෙ, පුරිසස්ස කාළතිලකාදිඅභිඤ්ඤාණං සල්ලක්ඛෙත්වා පුන තෙන අභිඤ්ඤාණෙන “අසුකො නාම එසො”ති තස්ස පච්චාභිජානනකාලෙ, රඤ්ඤො පිළන්ධනගොපකභණ්ඩාගාරිකස්ස තස්මිං තස්මිං පිළන්ධනෙ නාමපණ්ණකං බන්ධිත්වා “අසුකං පිළන්ධනං නාම ආහරා”ති වුත්තෙ දීපං ජාලෙත්වා සාරගබ්භං පවිසිත්වා පණ්ණං වාචෙත්වා තස්ස තස්සෙව පිළන්ධනස්ස ආහරණකාලෙ ච පවත්ති වෙදිතබ්බා.
නිල් ආදී භේද ඇති අරමුණ හැඳින ගත්තේනුයි සඤ්ඤා සඤ්ඤා නමි. එය සංජානන (හැඳින ගැනීම) ලක්‍ෂණකොට ඇත්තේය. ප්‍රත්‍යභිඥානය (මනා අවබෝධය) කෘත්‍යය කොට ඇත්තේය. චතුර්භූමික සංඥාවෝ වනාහි සංජානන ලක්ෂණ නැත්තාහු නම් නොවෙති. ඒ සියලුම සංඥාවෝ සංජානන ලක්ෂණය ඇත්තාහුම වෙති. යම් සංඥාවක් වනාහි, මෙහි අවබෝධ කිරීමේ ලකුණක් (සලකුණක්) නොමැතිව හඳුනා ගැනීම පමණක් කෙරේද, එය ප්‍රත්‍යභිඥානය (සලකුණකින් අවබෝධ කිරීම) රස (කෘත්‍ය) කොට ඇත්තේ නම් වේ. එය වඩුවකු ලී වල සලකුණු තබා පසුව ඒ සලකුණු අනුව ලී හැඳිනගන්නා විට ද පුරුෂයකුගේ කළු පැහැති ලප ආදිය සලකා, පසුව ඒ සලකුණුවලින් ‘මේ අසුවලා’ යැයි හැඳිනගන්නා විටද රජකුගේ ආභරණ ආරක්ෂා කරන භාණ්ඩාගාරිකයා ඒ ඒ ආභරණයෙහි නම් ලියූ කොළ බැඳ තබා (පසුව) ‘අසුවල් ආභරණය ගෙන එව’යි කී කල පහනක් දල්වා භාණ්ඩාගාරයට පිවිස, නම් ලියූ කොළ කියවා, ඒ ඒ ආභරණයම රැගෙන එනවිට ද (ඒ අනුව) ඒ සඤ්ඤාවෙහි පැවතීම් ස්වභාවය දතයුතුය. (මේ දිග වාක්‍යයෙහි අන්තර් වාක්‍ය තුනෙකි. පළමුවැනි හා දෙවැනි කොටස් ‘පච්චභිජානන කාලෙ’ යනුවෙන් ද තුන්වැනි කොටස ‘ආභරණ කාලෙ ච’ යනුවෙන් ද අවසන් වේ. වාක්‍යයෙහි මුලින්ම ඇති ‘තස්සා’ යන වචනය ‘අවසානයෙහි ‘පවත්ති වෙදිතබ්බා’ යන වචන දෙකක් සමග සම්බන්ධ කොට අර්ථය ගතයුතුය. (ඒ සංඥාවෙහි පැවතීම් ස්වභාවය මේ අනුව දතයුතුය) යනුවෙනි.
අපරො නයො – සබ්බසඞ්ගාහිකවසෙන හි සඤ්ජානනලක්ඛණා සඤ්ඤා, පුනසඤ්ජානනපච්චයනිමිත්තකරණරසා දාරුආදීසු තච්ඡකාදයො විය, යථාගහිතනිමිත්තවසෙන අභිනිවෙසකරණපච්චුපට්ඨානා හත්ථිදස්සකඅන්ධො විය, ආරම්මණෙ අනොගාළ්හවුත්තිතාය අචිරට්ඨානපච්චුපට්ඨානා වා විජ්ජු විය, යථාඋපට්ඨිතවිසයපදට්ඨානා තිණපුරිසකෙසු මිගපොතකානං පුරිසාති උප්පන්නසඤ්ඤා විය. යා පනෙත්ථ ඤාණසම්පයුත්තා හොති, සා ඤාණමෙව අනුවත්තති, සසම්භාරපථවීආදීසු සෙසධම්මා පථවීආදීනි වියාති වෙදිතබ්බා.
මේ අර්ථ දැක්වීමේ තවද ක්රමයකි. සියල්ල පොදු වශයෙන් හඳුනා ගැනීම ලක්‍ෂණකොට ඇත්තේ සඤ්ඤා වයි. නැවත හඳුනාගැනීමට හේතු නිමිති ඇති කිරීම එහි රස හෙවත් කෘත්‍යයයි. දැව ආදියෙහි (යට කී) වඩු ආදීන් මෙනි. ගන්නා ලද නිමිති වශයෙන් අභිනිවෙසකරණය (ලබ්ධීන් හෝ මතයන් හටගැන්වීම) වැටහීම් කොට ඇත්තේය. ඇතා ගැන හඳුන්වන අන්ධයකු මෙනි. අරමුණෙහි (ගැඹුරු ලෙස) නො බැසගත් ස්වභාව ඇති හෙයින් වැඩිකල් නොතිබීම වැටහීම් කොට ඇත්තේ හෝ වේ. විදුලිය මෙනි. වටහාගන්නා ලද ආකාර ඇති විෂය පදනම්කොට ඇත්තේ ය. පඹයන් කෙරෙහි මුව පොව්වන්ගේ ‘මිනිසෙකි’යි යන සංඥාව මෙනි. යම් සංඥාවක් මෙහි ඤාණ සම්ප්‍රයුක්ත වේද, ඒ සංඥාව ඤාණයම අනුව පවතියි. පිරිවර සහිත පඨවි ආදී විෂයයෙහි සෙසු ධර්මයන් ද පඨවි ආදිය මෙනැයි දතයුතුයි.
කාමපටිසඤ්ඤුත්තා සඤ්ඤා කාමසඤ්ඤා. බ්යාපාදපටිසඤ්ඤුත්තා සඤ්ඤා බ්යාපාදසඤ්ඤා. විහිංසාපටිසඤ්ඤුත්තා සඤ්ඤා විහිංසාසඤ්ඤා. තෙසු ද්වෙ සත්තෙසුපි සඞ්ඛාරෙසුපි උප්පජ්ජන්ති. කාමසඤ්ඤා හි පියෙ මනාපෙ සත්තෙ වා සඞ්ඛාරෙ වා විතක්කෙන්තස්ස උප්පජ්ජති. බ්යාපාදසඤ්ඤා අප්පියෙ අමනාපෙ සත්තෙ වා සඞ්ඛාරෙ වා කුජ්ඣිත්වා ඔලොකනකාලතො පට්ඨාය යාව විනාසනා උප්පජ්ජති. විහිංසාසඤ්ඤා සඞ්ඛාරෙසු න උප්පජ්ජති. සඞ්ඛාරො හි දුක්ඛාපෙතබ්බො නාම නත්ථි. “ඉමෙ සත්තා හඤ්ඤන්තු වා, උච්ඡිජ්ජන්තු වා, විනස්සන්තු වා, මා වා අහෙසු”න්ති චින්තනකාලෙ පන සත්තෙසු උප්පජ්ජති. නෙක්ඛම්මපටිසඤ්ඤුත්තා සඤ්ඤා නෙක්ඛම්මසඤ්ඤා, සා අසුභපුබ්බභාගෙ කාමාවචරා හොති, අසුභඣානෙ රූපාවචරා, තං ඣානං පාදකං කත්වා උප්පන්නමග්ගඵලකාලෙ ලොකුත්තරා. අබ්යාපාදපටිසඤ්ඤුත්තා සඤ්ඤා අබ්යාපාදසඤ්ඤා, සා මෙත්තාපුබ්බභාගෙ කාමාවචරා හොති, මෙත්තාඣානෙ රූපාවචරා, තං ඣානං පාදකං කත්වා උප්පන්නමග්ගඵලකාලෙ ලොකුත්තරා. අවිහිංසාපටිසඤ්ඤුත්තා සඤ්ඤා අවිහිංසාසඤ්ඤා, සා කරුණාපුබ්බභාගෙ කාමාවචරා, කරුණාඣානෙ රූපාවචරා, තං ඣානං පාදකං කත්වා උප්පන්නමග්ගඵලකාලෙ ලොකුත්තරා. යදා අලොභො සීසං හොති, තදා ඉතරෙ ද්වෙ තදන්වායිකා භවන්ති. යදා මෙත්තා සීසං හොති, තදා ඉතරෙ ද්වෙ තදන්වායිකා භවන්ති. යදා කරුණා සීසං හොති, තදා ඉතරෙ ද්වෙ තදන්වායිකා භවන්ති. රූපාරම්මණං ආරබ්භ උප්පන්නා සඤ්ඤා රූපසඤ්ඤා. සද්දසඤ්ඤාදීසුපි එසෙව නයො. ඉදං තස්සායෙව ආරම්මණතො නාමං. ආරම්මණානං වුත්තත්තා චක්ඛුසම්ඵස්සජාදිවත්ථූනිපි වුත්තානෙව හොන්ති.
කාම ප්‍රතිසංයුක්ත සංඥාව කාම සඤ්ඤා වයි. ව්‍යාපාද තරහ ප්‍රතිසංයුක්ත සංඥාව බ්යාපාද සඤ්ඤා වයි. විහිංසාව හා ප්‍රතිසංයුක්ත සංඥාව විහිංසා සඤ්ඤා වයි. ඒ ත්‍රිවිධ සංඥාවන් අතුරෙන් දෙකක් සත්ත්වයන් කෙරෙහිද දෙකක් සංඥාවන් කෙරෙහි ද උපදියි. කාම සංඥාව වනාහී ප්‍රියමනාප සත්ත්වයකු හෝ සංස්කාරයක් කෙරෙහි විතර්කනය කරන්නාට උපදියි. ව්‍යාපාද සංඥාව අප්‍රිය අමනාප සත්ත්වයකු හෝ සංස්කාරයක් කෙරෙහි කිපී බලන කල පටන් එය නැසීම දක්වාම උපදියි. විහිංසා සංඥාව සංස්කාරයන් කෙරෙහි නො උපදියි. දුකට පත්කරවිය යුතු සංස්කාරයෙක් නම් නැත. මේ සත්ත්වයෝ නසනු ලැබෙත්වා’යි හෝ සමූලඝාතනය කැරෙත්වායි හෝ නැසෙත්වායි සිතන කල්හි සත්ත්වයන් කෙරෙහි එම විහිංසා සංඥාව උපදියි. නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිසංයුක්ත වූ සංඥාව නෙක්ඛම්ම සඤ්ඤා නෙක්ඛම්ම සංඥා නමි. එය අසුභ භාවනා පූර්ව භාගයේදී කාමාවචර වේ. අසුභ ධ්‍යානයේ දී රූපාවචර වේ. එම ධ්‍යානය පාදක කරගෙන උපන් මගඵල ඇති කල්හි ලෝකෝත්තර වේ. අව්‍යාපාද ප්‍රතිසංයුක්ත වූ සංඥාව අව්‍යාපාද සඤ්ඤා වයි. එය මෛත්‍රී භාවනා පූර්වභාගයේ දී කාමාවචර වේ. මෛත්‍රී ධ්‍යානයෙහි දී රූපාවචර වේ. ඒ ධ්‍යානය පාදක කරගෙන උපන් මාර්ගඵල ඇති කල්හි ලෝකෝත්තර වේ. අවිහිංසා ප්‍රතිසංයුක්ත වූ සංඥාව අවිහිංසා සඤ්ඤා වයි. එය කරුණා භාවනා පූර්වභාගයෙහි දී කාමාවචර වේ. කරුණා ධ්‍යානයේ දී රූපාවචර වේ. ඒ ධ්‍යානය පාදක කරගෙන උපන් මාර්ගඵල ඇති කල්හි ලෝකෝත්තර වේ. යම්කලෙක අලෝභය ප්‍රධාන වේද, එකල්හි අනික් (අව්‍යාපාද සංඥා අවිහිංසා සංඥා යන) දෙක ඒ අනුව යන්නේ වේ. යම්කලෙක මෛත්‍රිය ප්‍රධාන වේද, එකල්හි සෙසු (නෛෂ්ක්‍රම්‍ය සංඥා, අවිහිංසා සංඥා යන) දෙක එය අනුව යන්නේ වේ. යම්කලෙක කරුණාව ප්‍රධාන වේද, එකල්හි, සෙසු (අව්‍යාපාද සංඥා, නෛෂ්ක්‍රම්‍ය සංඥා යන) දෙක එය අනුව යන්නේ වේ. රූපාරම්මණය අරබයා උපන් සංඥාව රූප සඤ්ඤා නමි. ශබ්ද සංඥාදියෙහි ද මෙම නයයි. එම සංඥාවෙහි ම අරමුණෙන් අරමුණුවල නිසා නම කියන ලද හෙයිනි. චක්ඛු සම්ඵස්සජාදී වස්තූහු ද කියන ලද්දාහු වෙති.
යා එවරූපා සඤ්ඤාති අඤ්ඤාපි “පටිඝසම්ඵස්සජා සඤ්ඤා අධිවචනසම්ඵස්සජා සඤ්ඤා”ති එවමාදිකා වෙදිතබ්බා. තත්ථ අධිවචනසම්ඵස්සජා සඤ්ඤාතිපි පරියායෙන ඡද්වාරිකායෙව . තයො හි අරූපිනො ඛන්ධා සයං පිට්ඨිවට්ටකා හුත්වා අත්තනා සහජාතසඤ්ඤාය “අධිවචනසම්ඵස්සජා සඤ්ඤා”ති නාමං කරොන්ති, නිප්පරියායෙන පන පටිඝසම්ඵස්සජා සඤ්ඤා නාම පඤ්චද්වාරිකා සඤ්ඤා, අධිවචනසම්ඵස්සජා සඤ්ඤා නාම මනොද්වාරිකා සඤ්ඤා. එතා අතිරෙකසඤ්ඤා පරිග්ගහිතාති වෙදිතබ්බා.
යා එවරූපා සඤ්ඤා යනු අන්‍ය වූද ‘පටිඝ සම්ඵස්සජ සඤ්ඤා ‘අධිවචන සම්ඵපස්සජ සඤ්ඤා’ යන මේ ආදිය ද එසේ දතයුතුයි. එහි අධිවචන සම්ඵස්සජ සංඥාව ද පර්යාය වශයෙන් තතු ලෙසින් ඡද්වාරික ම වේ. (වේදනා, සංඛාර, විඤ්ඤාණ යන) අරූපී ස්කන්ධ ත්‍රයය තමාම පිටවැටියක්ව සිට, (ආධාරයක් ලෙසින්) තමා හා සහජාත වූ සඤ්ඤාවට ‘අධිවචන සම්ඵස්සජා සඤ්ඤා’ යැයි නම් කරයි. නිෂ්පර්යාය (සාමාන්‍ය) වශයේ වනාහි පටිඝ ‘සම්ඵස්සජා සඤ්ඤාව’ නම්, පංචද්වාරික සංඥාවයි. ‘අධිවචන සම්පස්සජා සඤ්ඤාව’ නම් මනෝද්වාරික සංඥාවයි. මෙයින් අතිරේක සංඥාවන් ගන්නා ලදැයි (ඇතුලත් කළ බව) දතයුතුයි.
සඤ්ඤාති සභාවනාමං. සඤ්ජානනාති සඤ්ජානනාකාරො. සඤ්ජානිතත්තන්ති සඤ්ජානිතභාවො.
‘සඤ්ඤා’ යනු ස්වභාව නාමයයි. සඤ්ජානනා යනු සංජානන (හඳුනාගැනීම්) ආකාරයයි. සඤ්ජානිතත්තං යනු සංජානිත භාවය (හඳුනාගත් බවයි.
අවිජ්ජොඝන්ති පූරෙතුං අයුත්තට්ඨෙන කායදුච්චරිතාදි අවින්දියං නාම, අලද්ධබ්බන්ති අත්ථො. තං අවින්දියං වින්දතීති අවිජ්ජා. තබ්බිපරීතතො කායසුචරිතාදි වින්දියං නාම, තං වින්දියං න වින්දතීති අවිජ්ජා. ඛන්ධානං රාසට්ඨං, ආයතනානං ආයතනට්ඨං, ධාතූනං සුඤ්ඤට්ඨං, ඉන්ද්රියානං අධිපතියට්ඨං, සච්චානං තථට්ඨං අවිදිතං කරොතීතිපි අවිජ්ජා. දුක්ඛාදීනං පීළනාදිවසෙන වුත්තං චතුබ්බිධං අත්ථං අවිදිතං කරොතීතිපි අවිජ්ජා. අන්තවිරහිතෙ සංසාරෙ යොනිගතිභවවිඤ්ඤාණට්ඨිතිසත්තාවාසෙසු සත්තෙ ජවාපෙතීති අවිජ්ජා. පරමත්ථතො අවිජ්ජමානෙසු ඉත්ථිපුරිසාදීසු ජවති, විජ්ජමානෙසු ඛන්ධාදීසු න ජවතීති අවිජ්ජා. අපි ච චක්ඛුවිඤ්ඤාණාදීනං වත්ථාරම්මණානං පටිච්චසමුප්පාදපටිච්චසමුප්පන්නානඤ්ච ධම්මානං ඡාදනතොපි අවිජ්ජා, තං අවිජ්ජොඝං. කාමොඝවසෙන උත්තරෙය්ය. භවොඝවසෙන පතරෙය්ය. දිට්ඨොඝවසෙන සමතික්කමෙය්ය. අවිජ්ජොඝවසෙන වීතිවත්තෙය්ය. අථ වා සොතාපත්තිමග්ගෙන පහානවසෙන උත්තරෙය්ය. සකදාගාමිමග්ගෙන පහානවසෙන පතරෙය්ය. අනාගාමිමග්ගෙන පහානවසෙන සමතික්කමෙය්ය. අරහත්තමග්ගෙන පහානවසෙන වීතිවත්තෙය්ය. අථ වා “තරෙය්යාදිපඤ්චපදං තදඞ්ගාදිපඤ්චපහානෙන යොජෙතබ්බ”න්ති කෙචි වදන්ති.
අවිජ්ජොඝං යනු නොපිරිය යුතුය යන අර්ථයෙන් කාය දුශ්චරිතාදිය ‘අවින්දිය’ නම් වේ. (නොවිඳිය යුතු) ‘නොලැබිය යුතු වේ’ යන අර්ථයි. ඒ අවින්දිය ය (නොවිඳිය යුතු දෙය) ‘විඳිති’ යි අවිද්‍යා නම් වේ. එයට විපරීත වශයෙන් කාය සුචරිතාදිය වින්දිය නම් වේ. ඒ වින්දියය (විඳිය යුතු දෙය) නොවිඳිතියි ද අවිද්‍යා නම් වේ. ස්කන්ධයන්ගේ වාස (වෙසෙති’යි යන අර්ථය, ආයතනයන්ගේ ආයතනාර්ථය ද ධාතූන්ගේ ශූන්‍යාර්ථය ද ඉන්ද්රියයන්ගේ අධිපතියි යන අර්ථය ද (මතු) සත්‍යයන්ගේ තථ්යාර්ථය ද නොදනිති’යි අවිද්‍යා නමි. දුක්ඛ (දුක්) ආදියෙහි පෙළීම් ආදී වශයෙන් කියන ලද, සතරවැදෑරුම් අර්ථය නොදනිති’යි ද අවිද්‍යා නම් වේ. අන්තයක් නැති සංසාරයෙහි යෝනි, ගති, භව, විඤ්ඤාණට්ඨිති සත්තාවාසයන්හි සත්ත්වයන් දුවවති’යි අවිද්‍යා නම් වේ. පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන වූ ස්ත්‍රීපුරුෂාදීන් කෙරෙහි දුවති’යි විද්‍යමාන වූ ස්කන්ධාදියෙහි නොදුවති’යි අවිද්‍යා නම් වේ. තවද චක්ඛු විඤ්ඤාණාදියේ වස්තු ආරම්මණයන් නිසා උපන් ධර්මයන් වසන ස්වභාවයෙන් ද අවිද්‍යා නම් වේ. එය අවිජ්ජෝඝය, කාමෝඝ වශයෙන් උත්තරෙය්ය එතෙර කරවිය යුතුය. භවෝඝ වශයෙන් පතරෙය්ය වෙසෙසින් එතෙරවිය යුතුය. දිට්ඨ ඕඝ වශයෙන් මැනවින් ඉක්මවිය යුතුය. සමතික්කමෙය්ය මැනවින් එතෙර විය යුතුය. අවිද්‍යා ඕඝ වශයෙන් වීතිවත්තෙය්ය පසුකළ යුතුය. නැතහොත්, සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණ වශයෙන් තරණය කළ යුතුය අරුතින් උත්තරෙය්ය නමි. සකෘදාගාමි මාර්ගයෙන් ප්‍රහාණ වශයෙන් වෙසෙසින් තරණය කළයුතුය අරුතින් පතරෙය්ය අනාගාමි මාර්ගයෙන් ප්‍රහාණ වශයෙන් සමතික්කමෙය්ය මැනවින් ඉක්මවිය යුතුය. අර්හත් මාර්ගයෙන් ප්‍රහාණ වශයෙන් වීතිවත්තෙය්ය පසුකොට යා යුතුය. නැතහොත්, ‘තරෙය්ය’ ආදී පද පස තදංගාදී පංච ප්රහාණයන් සමග යෙදිය යුතුයැයි ඇතැමෙක් කියති.
“මොනං වුච්චති ඤාණ”න්ති වත්වා තං පභෙදතො දස්සෙතුං “යා පඤ්ඤා පජානනා”තිආදිමාහ. තං වුත්තනයමෙව ඨපෙත්වා “අමොහො ධම්මවිචයො”ති පදං. අමොහො කුසලෙසු ධම්මෙසු අභාවනාය පටිපක්ඛො භාවනාහෙතු. අමොහෙන අවිපරීතං ගණ්හාති මූළ්හස්ස විපරීතග්ගහණතො. අමොහෙන යාථාවං යාථාවතො ධාරෙන්තො යථාසභාවෙ පවත්තති. මූළ්හො හි “තච්ඡං අතච්ඡං, අතච්ඡඤ්ච තච්ඡ”න්ති ගණ්හාති; තථා ඉච්ඡිතාලාභදුක්ඛං න හොති. අමූළ්හස්ස “තං කුතෙත්ථ ලබ්භා”ති එවමාදිපච්චවෙක්ඛණසම්භවතො මරණදුක්ඛං න හොති. සම්මොහමරණඤ්හි දුක්ඛං, න ච තං අමූළ්හස්ස හොති. පබ්බජිතානං සුඛසංවාසො හොති, තිරච්ඡානයොනියං නිබ්බත්ති න හොති. මොහෙන හි නිච්චසම්මූළ්හා තිරච්ඡානයොනිං උපපජ්ජන්ති . මොහපටිපක්ඛො ච අමොහො මොහවසෙන අමජ්ඣත්තභාවස්ස අභාවකරො. අමොහෙන අවිහිංසාසඤ්ඤා ධාතුසඤ්ඤා මජ්ඣිමාය පටිපත්තියා පටිපජ්ජනං, පච්ඡිමගන්ථද්වයස්ස පභෙදනඤ්ච හොති. පච්ඡිමානි ද්වෙ සතිපට්ඨානානි තස්සෙව ආනුභාවෙන ඉජ්ඣන්ති. අමොහො දීඝායුකතාය පච්චයො හොති. අමූළ්හො හි හිතාහිතං ඤත්වා අහිතං පරිවජ්ජෙන්තො හිතඤ්ච පටිසෙවමානො දීඝායුකො හොති, අත්තසම්පත්තියා අපරිහීනො හොති. අමූළ්හො හි අත්තනො හිතමෙව කරොන්තො අත්තානං සම්පාදෙති. අරියවිහාරස්ස පච්චයො හොති, උදාසිනපක්ඛෙසු නිබ්බුතො හොති අමූළ්හස්ස සබ්බාභිසඞ්ගතාය අභාවතො. අමොහෙන අනත්තදස්සනං හොති. අසම්මූළ්හො හි යාථාවගහණකුසලො අපරිණායකං ඛන්ධපඤ්චකං අපරිණායකතො බුජ්ඣති. යථා ච එතෙන අනත්තදස්සනං, එවං අත්තදස්සනං මොහෙන. කො හි නාම අත්තසුඤ්ඤතං බුජ්ඣිත්වා පුන සම්මොහං ආපජ්ජෙය්යාති.
මොනං වුච්චති ඤාණං (‘මොන’ යනු ඥානයයි) කියා එහි ප්‍රභේද වශයෙන් දක්වනු පිණිස, යා පඤ්ඤා පජානනා යනාදිය දක්වන ලදී. එය ඉහත කී පරිදි ම යයි තබා, අමොහො ධම්ම විචයො (අමෝහ යනු ධම්මවිචයයි.) යන පදය (ගනිමු.) අමෝහය කුසල කර්මයන් නොවැඩීමට ප්‍රතිවිරුද්ධ වූ වැඩීමේ හේතුවයි. අමෝහය හේතුකොට මුළා වූවහුගේ විපරීත ග්‍රහණය හැරදමා අවිපරීතය (තත්වාකාරය) ගනියි. අමෝහය හේතුකොට යථා තත්ත්වය දරනුයේ යථා ස්වභාවයෙහි පවතියි. මුළා වූයේ වනාහි, තථ්‍යය (සැබෑ තතු) අතථ්‍යය (නො සැබෑ තතු)යි ගනියි. ඒ ආකාරයෙන් ඉච්ඡිතාලාභ දුක්ඛය (කැමති දෙය නොලැබීමේ දුක) වේ. මුළා නොවූවහුට ‘මෙහි කොතැනකින් එය ලැබිය හැකිද? (නොහැකිය)’යි මේ ආදී වශයෙන් ප්රත්යවේක්ෂණය පහළවීමෙන් මරණ දුක ඇති නොවේ. මුළා වී මරණයට පත්වීම දුකකි. එය නොමුළා වූවහුට සිදු නොවේ. පැවිද්දන් හට සුඛසංවාස (සුවසේ විසීම) වේ. තිරිසන් යෝනියෙහි ඉපදීමක් නොවේ. මෝහයෙන් වනාහි නිත්‍ය වශයෙන් මුළා වූවාහු තිරිසන් යෝනියෙහි පදිති. මෝහයට ප්‍රතිවිරුද්ධ වූයේ අමෝහයයි. මෝහ වශයෙන් අමධ්යස්ථභාවය නැති කරයි. අමෝහයෙන් අවිහිංසා සංඥාව ධාතු සංඥාව මධ්‍යම ප්‍රතිපදාව පිළිපැදීම හා (සීලබ්බත පරාමාස, ඉදං සච්චාභිනිවේස) සිදුවේ. (චිත්තානුපස්සනා ධම්මානුපස්සනා යන) අවසන් සතිපට්ඨාන දෙක ද යන පශ්චිම කායග්‍රන්‍ථ ද්වයයෙහි බිඳීම සමෘද්ධ වේ. අමෝහය දීර්ඝායුෂ්කතාවට හේතු වේ. නොමුළා වූයේ වනාහි හිත අහිත දෙක මනාව දැන, අහිත වූ දෙය දුරුකරමින්, හිත වූ දෙය පරිහරණය කරනුයේ දීර්ඝායුෂ ඇත්තේ වේ. අග්‍ර වූ මෝක්ෂ සම්පත්තියෙන් නො පිරිහුණේ වේ. නොමුළා වූයේ වනාහි තමාට හිතවූ දෙයම කරනුයේ තමාගේ යහපත සලස්වා ගනියි. ආර්ය විහරණයට ප්‍රත්‍යය වේ. උදාසීන පක්ෂයෙහි නිවුණේ වේ. නොමුළා වූවහුට සියල්ල සැක කරන ස්වභාවයක් නොමැති හෙයින් අමෝහය හේතුකොට මාර්ග දර්ශනය ඇති වේ. නොමුළා වූයේ වනාහි තත්ත්වාකාරයෙහි දක්ෂයෙක් වූයේ, පාලනය කළ නොහැකි ස්කන්ධ පංචකය පාලනය කළ නොහැක්කක් ලෙස අවබෝධ කරගනියි. යම්සේ මෙයින් (අමෝහයෙන්) අනාත්ම දර්ශනය වේද එසේම මෝහයෙන් ආත්ම දර්ශනය වේ. කවරෙක් නම් ආත්ම ශුන්‍යතාව අවබෝධ කරගෙන, නැවත මුළාවට පැමිණෙන්නේ ද?
තෙන ඤාණෙන සමන්නාගතොති එතෙන වුත්තප්පකාරෙන ඤාණෙන සමඞ්ගීභූතො සෙක්ඛාදයො මුනි. මොනප්පත්තොති පටිලද්ධඤාණො මුනිභාවං පත්තො. තීණීති ගණනපරිච්ඡෙදො. මොනෙය්යානීති මුනිභාවකරා මොනෙය්යකරා පටිපදා ධම්මා. කායමොනෙය්යන්තිආදීසු විඤ්ඤත්තිකායරූපකායවසෙන පඤ්ඤාපෙතබ්බං කායමොනෙය්යං. විඤ්ඤත්තිවාචාසද්දවාචාවසෙන පඤ්ඤාපෙතබ්බං වචීමොනෙය්යං. මනොද්වාරිකචිත්තාදිවසෙන පඤ්ඤාපෙතබ්බං මනොමොනෙය්යං. තිවිධකායදුච්චරිතානං පහානන්ති පාණාතිපාතාදිවිධානං කායතො පවත්තානං දුට්ඨු චරිතානං පජහනං. කායසුචරිතන්ති කායතො පවත්තං සුට්ඨු චරිතං. කායාරම්මණෙ ඤාණන්ති කායං ආරම්මණං කත්වා අනිච්චාදිවසෙන පවත්තං කායාරම්මණෙ ඤාණං. කායපරිඤ්ඤාති කායං ඤාතතීරණප්පහානපරිඤ්ඤාහි ජානනවසෙන පවත්තං ඤාණං. පරිඤ්ඤාසහගතො මග්ගොති අජ්ඣත්තිකං කායං සම්මසිත්වා උප්පාදිතමග්ගො පරිඤ්ඤාසහගතො. කායෙ ඡන්දරාගස්ස පහානන්ති කායෙ තණ්හාඡන්දරාගස්ස පජහනං. කායසඞ්ඛාරනිරොධොති අස්සාසපස්සාසානං නිරොධො ආවරණො, චතුත්ථජ්ඣානසමාපත්තිසමාපජ්ජනං. වචීසඞ්ඛාරනිරොධොති විතක්කවිචාරානං නිරොධො ආවරණො, දුතියජ්ඣානසමාපත්තිසමාපජ්ජනං. චිත්තසඞ්ඛාරනිරොධොති සඤ්ඤාවෙදනානං නිරොධො ආවරණො, සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තිසමාපජ්ජනං.
තෙන ඤාණෙන සමන්නාගතො යනු මේ කියන ලද ආකාරයෙන් යුතු ඤාණයෙන් යුක්ත වූයේ ශෛක්ෂ ආදී වූ මුනිවරයෙක් වේ. මොනප්පත්තො යනු ලබන ලද ඤාණයෙන් මුනි බවට පත්වූයේ, තීණි යනු සංඛ්‍යා වශයෙන් පිරිසිඳ දැක්වීමයි. මොනෙය්යානි යනු මුනිබව, මෝනෙය්‍ය බව ඇතිකරන ප්‍රතිපදා ධර්මයෝයි. කාය මොනෙය්‍යං යනාදියෙහි විඥප්ති කාය, රූපකාය වශයෙන් පැනවිය යුතු වූයේ, කාය මොනෙය්‍යං කය පිළිබඳ මුනි බවයි. විඥප්ති වාචා, ශබ්ද වාචා වශයෙන් පැණවිය යුතු වූයේ වචීමොනෙය්යං වචනය පිළිබඳ මුනි බවයි. මනෝද්වාරික චින්තාදි වශයෙන් පැණවිය යුතු වූයේ මනො මොනෙය්‍යං මනො මොනෙය්‍ය (සිත පිළිබඳ) මුනි බවයි. ත්‍රිවිධ කායදුච්චරිතානං පහානං යනු ප්‍රාණඝාතාදී ත්‍රිවිධ වූ කයින් කැරෙන දුශ්චරිතයන් අත්හැරිමයි. කාය සුචරිතං යනු කයින් පැවති මනා හැසිරීමයි. කායාරම්මණ ඤාණං යනු කය අරමුණු කර අනිත්‍යාදී වශයෙන් පැවැත්වෙන කායාරම්මණ ඤාණයයි. කාය පරිඤ්ඤා යනු කය ඤාත, තීරණ, ප්‍රහාණ යන ත්‍රිවිධ පරිඥාවන්ගෙන් දැනගැනීම් වශයෙන් පැවති ඤාණයයි. පරිඤ්ඤා සහගතො මග්ගො යනු අභ්‍යන්තරික කය පිළිබඳව විමර්ශනය කොට උපදවන ලද පරිඥා සහගත මාර්ගයයි. කායෙ ඡන්දරාගස්ස පහානං යනු කාය තණ්හාව සහිත ඡන්දරාගය දුරුකිරීමයි. කායසංඛාර නිරොධො යනු ආශ්වාස ප්‍රශ්වාසයන් නැවැත්වීමයි. වැලැක්වීමයි. චතුධ්යාන සමාපත්තීනට සමවැදීමයි. වචී සංඛාර නිරොධො යනු විතක්ක විචාරයන් නැවැත්වීමයි. දෙවන ධ්‍යාන සමාපත්තියට සමවැදීමයි. චිත්ත සංඛාර නිරොධො යනු සංඥා වේදනාවන් නැවැත්වීමයි. වැලැක්වීමයි. සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තියට සමවැදීමයි.
පඨමගාථාය කායමුනින්තිආදීසු කායදුච්චරිතප්පහානවසෙන කායමුනි. වචීදුච්චරිතප්පහානවසෙන වාචාමුනි. මනොදුච්චරිතප්පහානවසෙන මනොමුනි. සබ්බාකුසලප්පහානවසෙන අනාසවමුනි. මොනෙය්යසම්පන්නන්ති ජානිතබ්බං ජානිත්වා ඵලෙ ඨිතත්තා මොනෙය්යසම්පන්නං. ආහු සබ්බප්පහායිනන්ති සබ්බකිලෙසෙ පජහිත්වා ඨිතත්තා සබ්බප්පහායිනං කථයන්ති.
පළමු ගාථාවෙහි කාය මුනිං යනාදියෙහි කාය දුශ්චරිතයන් ප්රහාණය කිරීම් වශයෙන් කාය මුනි නම් වේ. වාග් දුශ්චරිත ප්රහාණය කිරීම් වශයෙන් වාචා මුනි නම් වේ. මනෝ දුශ්චරිත ප්රහාණය කිරීම් වශයෙන් මනෝ මුනි නම් වේ. සියලු අකුසල් ප්රහාණය කිරීම් වශයෙන් අනාසව මුනි නම් වේ. මුනිභාවයෙන් යුක්ත යැයි දැන, ඵලයෙහි සිටි හෙයින් ‘මොනෙය්‍ය සම්පන්න’ නම් වේ. ආහු සබ්බප්පහායිනං යනු සියලු කෙලෙස් දුරුකර, සිටි බැවින් සබ්බප්පහායී (සියල්ල ප්රහාණය කරන ලද) යි කිවයුතුයි.
දුතියගාථාය නින්හාතපාපකන්ති යො අජ්ඣත්තබහිද්ධසඞ්ඛාතෙ සබ්බස්මිම්පි ආයතනෙ අජ්ඣත්තබහිද්ධාරම්මණවසෙන උප්පත්තිරහානි සබ්බපාපකානි මග්ගඤාණෙන නින්හාය ධොවිත්වා ඨිතත්තා නින්හාතපාපකං ආහූති එවමත්ථො දට්ඨබ්බො. අගාරමජ්ඣෙ වසන්තා අගාරමුනිනො. පබ්බජ්ජුපගතා අනගාරමුනිනො. තත්ථ සෙක්ඛා සෙක්ඛමුනිනො. අරහන්තො අසෙක්ඛමුනිනො. පච්චෙකබුද්ධා පච්චෙකමුනිනො. සම්මාසම්බුද්ධා මුනිමුනිනො.
දෙවන ගාථාවෙහි නින්හාත පාපකං යමෙක් අභ්‍යන්තර බාහිර සංඛ්‍යාත සියලුම ආයතනයන්හි, අභ්‍යන්තර බාහිර අරමුණු වශයෙන් ඉපදිය හැකි සියලු පව් මාර්ග ඤාණයෙන් මුලුමනින්ම නහා සෝදා සිටි බැවින් ඔහු ‘නින්හාත පාපක’ යැයි කීහ’යි මෙසේ අර්ථය දතයුතුයි. ගිහිගෙයි වසන්නෝ අගාස මුතිනො අගාරමුනි නම් වෙති. පැවිද්දට එළඹියෝ අනගාර මුනිනො අනගාර මුනි නම් වෙති. සප්ත සේඛයෝ සෙක්ඛ මුනිනො සේඛ මුනි නම් වෙති. රහත්හු අසෙක්ඛ මුනිනො අසේඛ මුනි නම් වෙති. පසේ බුදුවරු පච්චෙක මුනිනො පච්චේක මුනි නම් වෙති. සම්මා සම්බුදුවරු මුනි මුනිනො මුනි මුනි නම් වෙති.
පුන කථෙතුකම්යතාපුච්ඡාවසෙන “කතමෙ අගාරමුනිනො”ති ආහ. අගාරිකාති කසිගොරක්ඛාදිඅගාරිකකම්මෙ නියුත්තා. දිට්ඨපදාති දිට්ඨනිබ්බානා . විඤ්ඤාතසාසනාති විඤ්ඤාතං සික්ඛත්තයසාසනං එතෙසන්ති විඤ්ඤාතසාසනා. අනගාරාති කසිගොරක්ඛාදිඅගාරියකම්මං එතෙසං නත්ථීති පබ්බජිතා “අනගාරා”ති වුච්චන්ති. සත්ත සෙක්ඛාති සොතාපන්නාදයො සත්ත. තීසු සික්ඛාසු සික්ඛන්තීති සෙක්ඛා. අරහන්තො න සික්ඛන්තීති අසෙක්ඛා. තං තං කාරණං පටිච්ච එකකාව අනාචරියකාව චතුසච්චං බුජ්ඣිතවන්තොති පච්චෙකබුද්ධා පච්චෙකමුනිනො.
යලිදු කියනු කැමතිව ප්‍රශ්න කිරීම් (කථෙතු කම්‍යතා පුච්ඡා) වශයෙන් ‘අගාරමුනිහු නම් කවරේ ද?’ යනාදිය කීහු. අගාරිකා යනු කෘෂි කර්මාන්ත, ගවපාලන ආදී ගෘහස්ථ කර්මාන්තයන්හි නියුතු වූවාහුය. දිට්ඨපදා යනු නිවන් දුටුවාහුයි. විඤ්ඤාත සාසනා යනු මොවුන් විසින් ශික්ෂාත්රය ශාසනය දන්නා ලදැයි ‘විඤ්ඤාත සාසන’ නම් වෙති. අනගාර යනු කෘෂිකර්ම, ගවපාලන ආදී ගෘහස්ථ කර්මාන්තාදිය මොවුනට නැතැයි පැවිදි වූවෝ අනගාරික නම් වෙති. සත්ත සෙක්ඛා යනු සෝතාපන්න ආදී වූ සත්දෙනයි. ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මෙන්නෝයි, සේඛ නම් වෙති. රහත්හු (හික්මීම් අවසන් බැවිනි.) නො හික්මෙන්නෝ යැයි අසෙක්ඛා නම් වෙති. ඒ ඒ කාරණය නිසා ගුරූපදේශ රහිතව හුදකලාව චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්හ’යි පසේ බුදුවරු පච්චේක මුනිනො ‘පච්චේක මුනි’ නම් වෙති.
මුනිමුනිනො වුච්චන්ති තථාගතාති එත්ථ අට්ඨහි කාරණෙහි භගවා තථාගතො – තථා ආගතොති තථාගතො, තථා ගතොති තථාගතො, තථලක්ඛණං ආගතොති තථාගතො, තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො, තථදස්සිතාය තථාගතො, තථවාදිතාය තථාගතො, තථාකාරිතාය තථාගතො, අභිභවනට්ඨෙන තථාගතොති.
මුනි මුනිනො යනු තථාගත සම්මා සම්බුදුවරු මුනි මුනි යැයි වහරනු ලබති. මෙහි අට කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ තථාගතො තථාගත නම් වෙති. ‘එසේ ආවේනු’යි තථාගතො තථාගත නම් වෙති. එසේ ගියේනු’යි තථාගතො තථාගත නම් වෙති. තථ (සැබෑ) ලක්ෂණයට ආවේනු’යි තථාගතො තථාගත නම් වෙති. තථ ධර්මයන් යථාර්ථයෙන් ම අවබෝධ කළහ’යි තථාගතො තථාගත නම් වෙති. ඇති තතු දක්වන හෙයින් තථාගතො තථාගත නම් වෙති. තථාවාදී බැවින් තථාගතො තථාගත නම් වෙති. තථාකාරී වන බැවින් තථාගතො තථාගත නම් වෙති. අභිභවන අර්ථයෙන් ද තථාගතො තථාගත නම් වෙති.
කථං භගවා තථා ආගතොති තථාගතො? යථා සබ්බලොකහිතාය උස්සුක්කමාපන්නා පුරිමකා සම්මාසම්බුද්ධා ආගතා. කිං වුත්තං හොති? යෙනාභිනීහාරෙන පුරිමකා භගවන්තො ආගතා, තෙනෙව අම්හාකම්පි භගවා ආගතො. අථ වා යථා පුරිමකා භගවන්තො දානසීලනෙක්ඛම්මපඤ්ඤාවීරියඛන්තිසච්චාධිට්ඨානමෙත්තුපෙක්ඛාසඞ්ඛාතා දස පාරමියො දස උපපාරමියො දස පරමත්ථපාරමියොති සමතිංසපාරමියො පූරෙත්වා අඞ්ගපරිච්චාගං නයනධනරජ්ජපුත්තදාරපරිච්චාගන්ති ඉමෙ පඤ්ච මහාපරිච්චාගෙ පරිච්චජිත්වා පුබ්බයොගපුබ්බචරියධම්මක්ඛානඤාතත්ථචරියාදයො පූරෙත්වා බුද්ධිචරියාය කොටිං පත්වා ආගතා, තථා අම්හාකම්පි භගවා ආගතො. යථා ච පුරිමකා භගවන්තො චත්තාරො සතිපට්ඨානෙ, චත්තාරො සම්මප්පධානෙ, චත්තාරො ඉද්ධිපාදෙ, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣඞ්ගෙ, අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙත්වා පූරෙත්වා ආගතා, තථා අම්හාකම්පි භගවා ආගතො. එවං තථා ආගතොති තථාගතො.
කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ ‘එසේ ආවාහුනු’යි ‘තථාගත’ වනසේක්ද, මුළු ලොවට ම හිත පිණිස, උත්සාහවත් බවට පැමිණ, පෙර සම්මා සම්බුදුවරු පැමිණියාහුද, එසේ පැමිණියහ. කුමක් කියන ලද්දේ ද යත්, යම් අභිනීහාරයෙකින් පෙර බුදුවරු ආවාහු ද, ද අභිනීහාරයෙන් ම අපගේ භාග්‍යවතුන් වහන්සේ ද ආ සේක. නොහොත්, යම්සේ පෙර බුදුවරු දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය, ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපෙක්ඛා යන දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ථ පාරමිතා යන සමත්‍රිංශත් පාරමීන් පුරා, අංග පරිත්‍යාග, ඇස්, ධන, රාජ්‍ය අඹුදරු පරිත්‍යාග යන පංචමහා පරිත්‍යාගයන් සම්පූර්ණ කර, පූර්වයෝග (පෙර යෙදුණු) පූර්ව චර්යා (පෙර පුරුදු කළ) ධර්මස්කන්ධයන්ගේ දන්නා ලද අර්ථචර්යාදිය පුරා, බුද්ධි චර්යාවෙහි කෙළ පැමිණ ආ සේක්ද, සේම අපගේ භාග්‍යවතුන් වහන්සේ ද ආ සේක. යම්සේ පෙර භාග්‍යවතුන් වහන්සේ සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්ධිපාද, පංච ඉන්ද්රිය, පංච බල, සත්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ග යන ධර්මයන් වඩමින්, පුරමින් ආවාහුද, එසේම අපගේ භාග්‍යවතුන් වහන්සේ ද ආහ. ‘එසේ ආවාහු’ යි තථාගත නම් වෙති.
“යථා ච දීපඞ්කරබුද්ධආදයො, සබ්බඤ්ඤුභාවං මුනයො ඉධාගතා; තථා අයං සක්යමුනීපි ආගතො, තථාගතො වුච්චති තෙන චක්ඛුමා”ති.
යථා ච දීපංකර බුද්ධ ආදයො, සබ්බඤ්ඤුභාවං මුනයො ඉධාගතා තථා අයං සක්ය මුනීපි ආගතො, තථාගතො වුච්චති තෙන චක්ඛුමා’තී
යම්සේ මේ ලෝකයෙහි දීපංකර ආදී බුද්ධ මුනිවරයන් වහන්සේ සර්වඥතාවට පැමිණි සේක් ද, එසේම මේ අපගේ ශාක්‍ය මුනීන් වහන්සේද ආ සේක. එහෙයින් පසැස් ඇති උන්වහන්සේ ‘තථාගත’ යැයි කියනු ලබන සේක.
කථං තථා ගතොති තථාගතො? යථා සම්පතිජාතා පුරිමකා භගවන්තො ගතා. කථඤ්ච තෙ ගතා? තෙ හි සම්පතිජාතා සමෙහි පාදෙහි පථවියං පතිට්ඨාය උත්තරාභිමුඛා සත්තපදවීතිහාරෙන ගතා. යථාහ –
කෙසේ නම් ‘එසේ ගියාහුනු’යි තථාගත නම් වන සේක්ද? යම්සේ උපන් ඇසිල්ලෙහි පෙර බුදුවරු ගියාහු ද එසේය. ඔවුහු කෙසේ ගියාහුද? ඔවුහු උපන් ඇසිල්ලෙහි පාද සමකොට පොළොවෙහි පිහිටා, උත්තරාභිමුඛව සත් පියවරක් ගියාහුය. යම්සේ කීහුද,
“සම්පතිජාතො, ආනන්ද, බොධිසත්තො සමෙහි පාදෙහි පථවියං පතිට්ඨහිත්වා උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙන ගච්ඡති, සෙතම්හි ඡත්තෙ අනුධාරියමානෙ සබ්බා ච දිසා අනුවිලොකෙති, ආසභිඤ්ච වාචං භාසති –
‘ආනන්දය, උපන් ඇසිල්ලෙහි බෝධිසත්ත්ව තෙමේ සමපාදයන්ගෙන් පිහිටා උතුරු දෙසට අභිමුඛව සත්පියවරක් තබමින් යයි. පසුපසින් සේසතක් දරනු ලබන කල්හි සියලු දිසා අවලෝකනය කරයි. ශ්‍රේෂ්ඨ වචනය කථා කරයි –
‘අග්ගොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, සෙට්ඨොහමස්මි ලොකස්ස, අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්භවො’”ති (දී· නි· 2.31; ම· නි· 3.207).
‘අග්ගො හමස්මි ලෝකස්ස, ජෙට්ඨො හමස්මි ලොකස්ස, සෙට්ඨො හමස්මි ලොකස්ස, අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවො’ති.
මම ලොවට අග්‍ර වෙමි. මෙලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අවසාන ආත්මභාවයයි. දැන් මාගේ පුනර්භවයක් නැත.
තඤ්චස්ස ගමනං තථං අහොසි අවිතථං අනෙකෙසං විසෙසාධිගමානං පුබ්බනිමිත්තභාවෙන. යඤ්හි සො සම්පතිජාතො සමෙහි පාදෙහි පතිට්ඨාති, ඉදමස්ස චතුරිද්ධිපාදපටිලාභස්ස පුබ්බනිමිත්තං. උත්තරමුඛභාවො පනස්ස සබ්බලොකුත්තරභාවස්ස පුබ්බනිමිත්තං. සත්තපදවීතිහාරො සත්තබොජ්ඣඞ්ගරතනපටිලාභස්ස. “සුවණ්ණදණ්ඩා වීතිපතන්ති චාමරා”ති (සු· නි· 693) එත්ථ වුත්තචාමරුක්ඛෙපො පන සබ්බතිත්ථියනිම්මදනස්ස. සෙතච්ඡත්තධාරණං අරහත්තවිමුත්තිවරවිමලසෙතච්ඡත්තපටිලාභස්ස. සබ්බදිසානුවිලොකනං සබ්බඤ්ඤුතානාවරණඤාණපටිලාභස්ස. ආසභිවාචාභාසනං පන අප්පටිවත්තියවරධම්මචක්කපවත්තනස්ස පුබ්බනිමිත්තං. තථා අයං භගවාපි ගතො. තඤ්චස්ස ගමනං තථං අහොසි අවිතථං තෙසංයෙව විසෙසාධිගමානං පුබ්බනිමිත්තභාවෙන. තෙනාහු පොරාණා –
ඒ බෝසතාණන්ගේ ගමන ද තථ (සැබෑ) වූවක්ම විය. අවිතථ (තථ නොවූවක්) නොවීය. අනේකවිධ විශේෂාධිගමයනට පෙරනිමිති වශයෙන් මෙසේ යති. උපන් ඇසිල්ලෙහි සමපාදයන්ගෙන් පිහිටා සිටිති. මේ ඔවුන්ගේ චතුර් ඍද්ධිපාද ප්‍රතිලාභයට පෙරනිමිත්තකි. උතුරුදෙසට අභිමුඛව යෑම මුළු ලෝකයාට ම (උත්තර) අග්‍ර වන බවට පූර්ව නිමිත්තකි. සත් පියවරක් ඉදිරියට යෑම සප්ත බොජ්ඣංග රත්න ප්‍රතිලාභයට ද ‘සුවණ්ණ දණ්ඩාවීති පතන්ති චාමරා’ (රන්මිට සහිත චාමරයෝ සැලෙති) යැයි මෙහි කියන ලද (දෙවියන් විසිනි.) සෙමෙර සැලීම, සියලු තීර්ථකයන් මැඩලීමට ද (දෙවියන් විසින් ම) සේසත් දැරීම, අර්හත් විමුක්ති නැමැති උතුම් නිර්මල ශ්වේතච්ඡත්‍ර ප්‍රතිලාභයට ද සියලු දිශාවන් අවලෝකනය කිරීම සර්වඥතා අනාවරණ ඥාන ප්‍රතිලාභයට ද ශ්‍රේෂ්ඨ වචනය කථා කිරීම (අන් කිසිවකු විසින්) නොපැවැත්විය හැකි, උතුම් දම්සක් පැවතුමට ද පෙරනිමිති වේ. එසේ මේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ද ඒ මගම ගියහ. මොවුන් වහන්සේගේ ඒ ගමන ද එම විශේෂාධිගමයනට පෙරනිමිති වශයෙන්, එසේම තථ (සැබෑ) මෙන් ම අවිතථ (නො සැබෑ නොවන) ද විය. එහෙයින් කීහු. පුරාණාචාර්යවරයෝ,
“මුහුත්තජාතොව ගවම්පතී යථා, සමෙහි පාදෙහි ඵුසී වසුන්ධරං; සො වික්කමී සත්ත පදානි ගොතමො, සෙතඤ්ච ඡත්තං අනුධාරයුං මරූ.
මුහුත්තජාතොව ගවම්පති යථා - සමෙහි පාදෙහි ඵුසී වසුන්ධරං, සො වික්කමී සත්තපදානි ගොතමො - සෙතඤ්ව ඡත්තං අනුධාරයුං මරූ
“ගන්ත්වාන සො සත්ත පදානි ගොතමො, දිසා විලොකෙසි සමා සමන්තතො; අට්ඨඞ්ගුපෙතං ගිරමබ්භුදීරයි, සීහො යථා පබ්බතමුද්ධනිට්ඨිතො”ති. (පටි· ම· අට්ඨ· 1.1.37; ඉතිවු· අට්ඨ· 38);
ගන්ත්වාන සො සත්තපදානි ගොතමො - දිසා විලොකෙසි සමා සමන්තතො, අට්ඨංගපෙතං ගිරමබ්භුදීරයි - සීහො යථා පබ්බත මුද්ධ නිට්ඨිතො
එකෙණෙහි උපන් ගවරජෙකු මෙන් සමවූ පාදයන්ගෙන් පොළව ස්පර්ශ කළ ගෞතම බෝසතාණන් වහන්සේ සත්පියවරක් ගියහ. දෙවියෝ ඔවුන් හට සේසතක් දැරූහ.
ඒ ගෞතම බෝසතාණන් වහන්සේ සත් පියවරක් ගොස් හාත්පස දිසාවන් අවලෝකනය කළහ. පවු මුදුනෙක සිට සිංහනාද කරන සිංහ රාජයකු සේ අංග අටකින් සමන්විත වූ ශ්‍රේෂ්ඨ වචනය උච්චාරණය කළහ.
එවං තථා ගතොති තථාගතො.
මෙසේ ‘එසේ ගියේනු’යි තථාගත නම් වේ.
අථ වා යථා පුරිමකා භගවන්තො, අයම්පි භගවා තථෙව නෙක්ඛම්මෙන කාමච්ඡන්දං…පෙ… පඨමජ්ඣානෙන නීවරණෙ…පෙ… අනිච්චානුපස්සනාය නිච්චසඤ්ඤං…පෙ… අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ පහාය ගතො, එවම්පි තථා ගතොති තථාගතො.
නොහොත්, පෙර බුදුවරු මෙන් ම මේ බුදුරජාණන් වහන්සේ ද එසේම අභිනික්මනින්, කාමච්ඡන්දය ද ප්‍රථම ධ්‍යානයෙන් නීවරණයන් ද අනිච්චානුපස්සනාවෙන් නිත්‍ය සංඥාව ද -පෙ- අර්හත් මාර්ගයෙන් සියලු කෙලෙස් ද දුරුකර, ගිය සේක්, එහෙයින් ද ‘එසේ ගියේනු’යි තථාගත නම් වෙති.
කථං තථලක්ඛණං ආගතොති තථාගතො? පථවීධාතුයා කක්ඛළත්තලක්ඛණං තථං අවිතථං, ආපොධාතුයා පග්ඝරණලක්ඛණං, තෙජොධාතුයා උණ්හත්තලක්ඛණං, වායොධාතුයා විත්ථම්භනලක්ඛණං, ආකාසධාතුයා අසම්ඵුට්ඨලක්ඛණං, විඤ්ඤාණධාතුයා විජානනලක්ඛණං.
තථ ලක්ෂණයට පැමිණියේනු’යි තථාගත වන්නේ කෙසේද? පඨවි ධාතුවෙහි කර්කශ දැඩි ලක්ෂණය අවිතථ නොව තථ ම වේ. ආපෝ ධාතුවෙහි වැගිරෙන ලක්ෂණය ද තේජෝ ධාතුවෙහි උෂ්ණත්ව ලක්ෂණයද වායෝ ධාතුවෙහි පිම්බෙන ලක්ෂණය ද ආකාස ධාතුවෙහි ස්පර්ශ නොවන ලක්ෂණය ද විඤ්ඤාණ ධාතුවෙහි විජානන ලක්ෂණය ද,
රූපස්ස රුප්පනලක්ඛණං, වෙදනාය වෙදයිතලක්ඛණං, සඤ්ඤාය සඤ්ජානනලක්ඛණං, සඞ්ඛාරානං අභිසඞ්ඛරණලක්ඛණං, විඤ්ඤාණස්ස විජානනලක්ඛණං.
රූපයෙහි රුප්පන (විකාරයට පත්වන) ලක්ෂණය ද වේදනාවෙහි වින්දන ලක්ෂණය ද සංඥාවේ සංජානන (හැඳිනීමේ) ලක්ෂණය ද සංස්කාරයන්ගේ රැස්කරන ලක්ෂණයද විඤ්ඤාණයෙහි විජානන ලක්ෂණය ද,
විතක්කස්ස අභිනිරොපනලක්ඛණං, විචාරස්ස අනුමජ්ජනලක්ඛණං, පීතියා ඵරණලක්ඛණං, සුඛස්ස සාතලක්ඛණං, චිත්තෙකග්ගතාය අවික්ඛෙපලක්ඛණං, ඵස්සස්ස ඵුසනලක්ඛණං.
විතර්කයෙහි අරමුණට නැග්වෙන ලක්ෂණය ද සුඛයෙහි සායන ලක්ෂණය ද චිත්තේකග්ගතාවෙහි වික්ෂිප්ත නොවන ලක්ෂණයද ඵස්සයේ ඇති ස්පර්ශ වන ලක්ෂණය ද,
සද්ධින්ද්රියස්ස අධිමොක්ඛලක්ඛණං, වීරියින්ද්රියස්ස පග්ගහලක්ඛණං, සතින්ද්රියස්ස උපට්ඨානලක්ඛණං, සමාධින්ද්රියස්ස අවික්ඛෙපලක්ඛණං, පඤ්ඤින්ද්රියස්ස පජානනලක්ඛණං.
සද්ධින්ද්රියයෙහි අධිමොක්ඛ (පැහැදීම්) ලක්ෂණය ද විරියින්ද්රියෙහි උත්සාහ සහිත ලක්ෂණයද සතින්ද්රියෙහි එළඹ සිටීමේ ලක්ෂණය ද සමාධිත්රියයෙහි අවික්‍ෂේප ලක්ෂණයද පඤ්ඤින්ද්රියයෙහි පජානන (වෙසෙසින් දැනගැනීමේ) ලක්ෂණය ද,
සද්ධාබලස්ස අස්සද්ධියෙ අකම්පියලක්ඛණං, වීරියබලස්ස කොසජ්ජෙ, සතිබලස්ස මුට්ඨස්සච්චෙ, සමාධිබලස්ස උද්ධච්චෙ, පඤ්ඤාබලස්ස අවිජ්ජාය අකම්පියලක්ඛණං.
ශ්‍රද්ධා බලයෙහි, ශ්‍රද්ධා විරහිත භාවයෙහි අකම්පිය (කම්පා නොවන) ලක්ෂණය ද විරිය බලයෙහි කුසීත බැව්හිදී ද සති බලයෙහි සිහිමුළා බැව්හිදී ද, සමාධි බලයෙහි උද්ධච්ච විෂයයෙහිදී ද පඤ්ඤා බලයෙහි අවිද්‍යා විෂයයෙහිදී ද අකම්පිය (කම්පා නොවීමේ) ලක්ෂණය ද,
සතිසම්බොජ්ඣඞ්ගස්ස උපට්ඨානලක්ඛණං, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස පවිචයලක්ඛණං, වීරියසම්බොජ්ඣඞ්ගස්ස පග්ගහලක්ඛණං, පීතිසම්බොජ්ඣඞ්ගස්ස ඵරණලක්ඛණං, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උපසමලක්ඛණං, සමාධිසම්බොජ්ඣඞ්ගස්ස අවික්ඛෙපලක්ඛණං, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස පටිසඞ්ඛානලක්ඛණං.
[missing trans]
සම්මාදිට්ඨියා දස්සනලක්ඛණං, සම්මාසඞ්කප්පස්ස අභිනිරොපනලක්ඛණං, සම්මාවාචාය පරිග්ගහලක්ඛණං, සම්මාකම්මන්තස්ස සමුට්ඨානලක්ඛණං, සම්මාආජීවස්ස වොදානලක්ඛණං, සම්මාවායාමස්ස පග්ගහලක්ඛණං, සම්මාසතියා උපට්ඨානලක්ඛණං, සම්මාසමාධිස්ස අවික්ඛෙපලක්ඛණං.
සම්මා දිට්ඨියෙහි දර්ශන ලක්ෂණයද සම්මා සංකප්පයේ අරමුණට සිත යොමුකරන ලක්ෂණයද සම්මා වාචාවෙහි පරිග්‍රහණ ලක්ෂණයද, සම්මා කම්මන්තයෙහි සමුට්ඨාන ලක්ෂණය ද සම්මා ආජීවයෙහි පිරිසිදු කරන ලක්ෂණය ද සම්මා වායාමයෙහි උත්සාහ කිරීමේ ලක්ෂණය ද සම්මා සතියෙහි උපට්ඨාන (එළඹ සිටීමේ) ලක්ෂණය ද සම්මා සමාධියෙහි අවික්‍ෂේප ලක්ෂණය ද
අවිජ්ජාය අඤ්ඤාණලක්ඛණං, සඞ්ඛාරානං චෙතනාලක්ඛණං, විඤ්ඤාණස්ස විජානනලක්ඛණං, නාමස්ස නමනලක්ඛණං, රූපස්ස රුප්පනලක්ඛණං, සළායතනස්ස ආයතනලක්ඛණං, ඵස්සස්ස ඵුසනලක්ඛණං, වෙදනාය වෙදයිතලක්ඛණං, තණ්හාය හෙතුලක්ඛණං, උපාදානස්ස ගහණලක්ඛණං, භවස්ස ආයූහනලක්ඛණං, ජාතියා නිබ්බත්තිලක්ඛණං, ජරාය ජීරණලක්ඛණං, මරණස්ස චුතිලක්ඛණං.
අවිද්‍යාවේ ඇති අඥාන (නොදන්නා) ලක්ෂණයද සංස්කාරයන්ගේ චේතනා ලක්ෂණය ද විඤ්ඤාණයේ විජානන (දැනගන්නා) ලක්ෂණය ද නාමයේ ඇති නැමෙන සුලු ලක්ෂණය ද රූපයේ ඇති විකාරයට පත්වන ලක්ෂණය ද සළායතනයෙහි ආයතන ලක්ෂණය ද ඵස්සයේ ස්පර්ශ ලක්ෂණය ද වේදනාවෙහි විඳිය යුතු ලක්ෂණය ද තණ්හාවේ හේතු ලක්ෂණය ද උපාදානයේ ග්‍රහණය කරගන්නා ලක්ෂණය ද භවයේ රැස්කිරීමේ ලක්ෂණය ද ජාතියෙහි ඉපදීමේ ලක්ෂණය ද ජරාවේ දිරීමේ ලක්ෂණය ද මරණයෙහි චුති ලක්ෂණය ද,
ධාතූනං සුඤ්ඤතලක්ඛණං, ආයතනානං ආයතනලක්ඛණං, සතිපට්ඨානානං උපට්ඨානලක්ඛණං, සම්මප්පධානානං පදහනලක්ඛණං, ඉද්ධිපාදානං ඉජ්ඣනලක්ඛණං, ඉන්ද්රියානං අධිපතිලක්ඛණං, බලානං අකම්පියලක්ඛණං, බොජ්ඣඞ්ගානං නිය්යානලක්ඛණං, මග්ගස්ස හෙතුලක්ඛණං.
ධාතූන්ගේ ශූන්‍යතා ලක්ෂණය ද ආයතනයන්ගේ ආයතන ලක්ෂණය ද සතිපට්ඨානයන්ගේ එළඹීමේ (උපට්ඨාන) ලක්ෂණය ද සම්‍යක් ප්රධානයන්ගේ අධිපති ලක්ෂණය ද බලයන්ගේ අකම්පිත (කම්පා නොවන සුලු) ලක්ෂණය ද බොජ්ඣංගයන්ගේ නෛර්යාණික ලක්ෂණය ද මාර්ගයෙහි හේතු ලක්ෂණය ද,
සච්චානං තථලක්ඛණං, සමථස්ස අවික්ඛෙපලක්ඛණං, විපස්සනාය අනුපස්සනාලක්ඛණං, සමථවිපස්සනානං එකරසලක්ඛණං, යුගනද්ධානං අනතිවත්තනලක්ඛණං.
සත්‍යයන්ගේ තථ (සැබෑ) ලක්ෂණය ද සමථයෙහි අවික්‍ෂේප ලක්ෂණය ද [missing trans]
සීලවිසුද්ධියා සංවරණලක්ඛණං, චිත්තවිසුද්ධියා අවික්ඛෙපලක්ඛණං, දිට්ඨිවිසුද්ධියා දස්සනලක්ඛණං, ඛයෙ ඤාණස්ස සමුච්ඡෙදලක්ඛණං, අනුප්පාදෙ ඤාණස්ස පස්සද්ධිලක්ඛණං, ඡන්දස්ස මූලලක්ඛණං.
දිට්ඨි විසුද්ධියෙහි දර්ශන ලක්ෂණය ද ක්ෂයවීම පිළිබඳ ඤාණයෙහි සමුච්ඡේද (සිඳලීමේ) ලක්ෂණය ද අනුප්පාද (නො ඉපදීම පිළිබඳ) ඤාණයෙහි පස්සද්ධි (බහාලීම්) ලක්ෂණය ද ඡන්දයේ මූල (මුල්වීමේ) ලක්ෂණය ද
මනසිකාරස්ස සමුට්ඨානලක්ඛණං, ඵස්සස්ස සමොධානලක්ඛණං, වෙදනාය සමොසරණලක්ඛණං, සමාධිස්ස පමුඛලක්ඛණං, සතියා ආධිපතෙය්යලක්ඛණං, පඤ්ඤාය තතුත්තරියලක්ඛණං, විමුත්තියා සාරලක්ඛණං, අමතොගධස්ස නිබ්බානස්ස පරියොසානලක්ඛණං තථං අවිතථං, එතං තථලක්ඛණං ඤාණගතියා ආගතො අවිරජ්ඣිත්වා පත්තො අනුප්පත්තොති තථාගතො. එවං තථලක්ඛණං ආගතොති තථාගතො.
මනසිකාරයෙහි සමුට්ඨාන (එළඹ සිටීමේ) ලක්ෂණය ද ඵස්සයේ සමෝධාන (එක් කිරීමේ) ලක්ෂණය ද වේදනාවෙහි (එක්රැස්වීමේ) සමෝසරණ ලක්ෂණය ද සමාධියෙහි ප්රමුඛ ලක්ෂණය ද සිහියෙහි ආධිපතෙය්‍ය (ආධිපත්‍ය) ලක්ෂණය ද ප්‍රඥාවේ තතුත්තරිය (වඩා ශ්‍රේෂ්ඨ) ලක්ෂණය ද විමුක්තියෙහි සාර ලක්ෂණය ද අමා ඔසුවක් වන නිවනෙහි පර්යවසාන (සමාප්ති) ලක්ෂණය ද ඇති තථය (සැබෑ තතු) යි, අවිතථය (නො සැබෑ තතු) යි. ඤාණ ගතියෙන් ආ සේක්, මේ තථ ලක්ෂණයට නොවරදවා පැමිණි සේකැයි අනුපිළිවෙළින් පැමිණිසේකැයි යන අරුතින් තථාගත නම් වේ. මෙසේ තථා ලක්ෂණයට පැමිණිසේකැයි තථාගත නම් වේ.
කථං තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො? තථධම්මා නාම චත්තාරි අරියසච්චානි. යථාහ –
‘තථ ධර්මය තත්වාකාරයෙන්ම අවබෝධ කරගත් සේකැයි යන අරුතින් තථාගත වන්නේ කෙසේද? තථ ධර්මය නම් චතුරාර්ය සත්‍යයයි කියන ලදමැයි;
“චත්තාරිමානි, භික්ඛවෙ, තථානි අවිතථානි අනඤ්ඤථානි. කතමානි චත්තාරි? ‘ඉදං දුක්ඛ’න්ති, භික්ඛවෙ, තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙත”න්ති විත්ථාරො (සං· නි· 5.1090).
‘මහණෙනි, මේ ධර්ම සතර තථය, අවිතථය, අනන්‍යථ (අන්‍ය බවකට නොයයි) ය, කවරනම් ධර්ම සතරක්ද, මේ දුකය යන මේ කරුණ මහණෙනි, තථය, අවිතථය, අනන්යථය’ යන ආදී විස්තරයයි.
තානි ච භගවා අභිසම්බුද්ධොති තථානං අභිසම්බුද්ධත්තා තථාගතොති වුච්චති. අභිසම්බුද්ධත්ථො හි එත්ථ ගතසද්දො.
ඒ සත්‍යයන් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළසේකැයි තථයන් අවබෝධ කරගත් බැවින් ‘තථාගත’ නමැයි කියනු ලැබෙති. මෙහි ගත’ ශබ්දය අවබෝධ කිරීමේ අර්ථයෙහි වේ.
අපි ච ජරාමරණස්ස ජාතිපච්චයසම්භූතසමුදාගතට්ඨො තථො අවිතථො අනඤ්ඤථො…පෙ… සඞ්ඛාරානං අවිජ්ජාපච්චයසම්භූතසමුදාගතට්ඨො තථො අවිතථො අනඤ්ඤථො. තථා අවිජ්ජාය සඞ්ඛාරානං පච්චයට්ඨො…පෙ… ජාතියා ජරාමරණස්ස පච්චයට්ඨො තථො අවිතථො අනඤ්ඤථො. තං සබ්බං භගවා අභිසම්බුද්ධො, තස්සාපි තථානං අභිසම්බුද්ධත්තා තථාගතො. එවං තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො.
තවද ජරා මරණයන් ජාති ප්‍රත්‍යයෙන් හටගත්හයි, සමුදාගත (පහළ වුණාහ)යි යන අර්ථයෙන් තථය, අවිතථය, අනඤ්ඤථය, සංස්කාරයන්ගේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්හ’යි පහළ වුණහ’ යි, යන අර්ථයෙන් තථය, අවිතථය, අනඤ්ඤථය, අවිද්‍යාව සංස්කාරයනට ප්‍රත්‍යය වෙතැ’යි යන අර්ථය -පෙ- ජාතිය (ඉපදීම) ජරා මරණයනට ප්‍රත්‍යය වෙතැ’ යි යන අර්ථයෙන් තථය, අවිතථය, අනඤ්ඤථය, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත් සේක. එහෙයින්, අවිතථයන් අවබෝධ කළ හෙයින් තථාගත වූ සේක. මෙසේ තථ ධර්මයන් යථා ස්වභාවයෙන් අවබෝධ කළ සේකැයි තථාගත නම් වෙති.
කථං තථදස්සිතාය තථාගතො? භගවා යං සදෙවකෙ ලොකෙ…පෙ… සදෙවමනුස්සාය පජාය අපරිමාණාසු ලොකධාතූසු අපරිමාණානං සත්තානං චක්ඛුද්වාරෙ ආපාථං ආගච්ඡන්තං රූපාරම්මණං නාම අත්ථි, තං සබ්බාකාරෙන ජානාති පස්සති. එවං ජානතා පස්සතා ච තෙන තං ඉට්ඨානිට්ඨාදිවසෙන වා දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු ලබ්භමානකපදවසෙන වා “කතමං තං රූපං රූපායතනං? යං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං නීලං පීතක”න්තිආදිනා (ධ· ස· 616) නයෙන අනෙකෙහි නාමෙහි තෙරසහි වාරෙහි ද්විපඤ්ඤාසාය නයෙහි විභජ්ජමානං තථමෙව හොති, විතථං නත්ථි. එස නයො සොතද්වාරාදීසුපි ආපාථමාගච්ඡන්තෙසු සද්දාදීසු. වුත්තම්පි චෙතං භගවතා –
තථදර්ශී ඇති දක්වන බැවින් තථාගත වන්නේ කෙසේද? භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- දෙව්මිනිසුන් සහිත අප්‍රමාණ වූ ලෝකධාතූන්හි අප්‍රමාණ සත්ත්වයන්ගේ චක්ෂු ද්වාරයෙහි පහළ වන්නා වූ යම් රූපාරම්මණයක් ඇත් ද, එය සර්ව ප්‍රකාරයෙන් ම දනිති. දකිති. මෙසේ දන්නා වූ දක්නා වූ ද, එය ඉටු අනිටු ආදී වශයෙන් හෝ දිට්ඨ, සුත, මුත, විඤ්ඤත යන තන්හි ලැබෙන පදයක් හෝ, ‘රූපායතන වූ ඒ රූපය කවරක් ද? යම් රූපයක් සතරමහා භූතයන් නිසා වර්ණ ආලෝක පෙනෙන පටිඝ සහගත නීල පීත යයි ආදී ක්‍රමයෙන් නොයෙක් නම්වලින් දහතුන් වැදෑරුම්ව හෝ, පනස් දෙවැදෑරුම්ව හෝ බෙදනු ලබනුයේ තථම වේද (සත්‍ය ම) අසත්‍ය නොවේ ද, සෝතද්වාර ආදීන්හි ද පහළවන්නා වූ ශබ්ද ආදීන්හි ද මේ ක්‍රමයයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ කියන ලදී,
“යං, භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස…පෙ… සදෙවමනුස්සාය පජාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමි…පෙ… තමහං අබ්භඤ්ඤාසිං. තං තථාගතස්ස විදිතං, තං තථාගතො න උපට්ඨාසී”ති (අ· නි· 4.24).
‘මහණෙනි, දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- දෙව්මිනිසුන් සහිත ලෝකධාතූන්හි දිට්ඨ, සුත, මුත, විඤත, පත්ත, පරියේසිත, අනුවිචරිත යම් දෙයක් ඇත් ද එය මම මනසින් ද දනිමි. මම එය මැනවින් අවබෝධ කළෙමි. එය තථාගතයන් වහන්සේ දන්නා ලදී.
එවං තථදස්සිතාය තථාගතො. තත්ථ තථදස්සීඅත්ථෙ තථාගතොති පදසම්භවො වෙදිතබ්බො.
එය තථාගතයන් වහන්සේ වැටහුණි. ‘මෙසේ තථදර්ශී (ඇති තතු දක්වන) බැවින් තථාගත නම් වෙති. මෙහි තථදර්ශී අර්ථයෙහි තථාගත යන පදය සිද්ධ වූ බව දතයුතුයි.
කථං තථවාදිතාය තථාගතො? යං රත්තිං භගවා බොධිමණ්ඩෙ අපරාජිතපල්ලඞ්කෙ නිසින්නො චතුන්නං මාරානං මත්ථකං මද්දිත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො, යඤ්ච රත්තිං යමකසාලානමන්තරෙ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායි, එත්ථන්තරෙ පඤ්චචත්තාලීසවස්සපරිමාණෙ කාලෙ පඨමබොධියම්පි මජ්ඣිමබොධියම්පි පච්ඡිමබොධියම්පි යං භගවතා භාසිතං සුත්තං ගෙය්යං…පෙ… වෙදල්ලං. සබ්බං තං අත්ථතො බ්යඤ්ජනතො ච අනුපවජ්ජං අනූනමනධිකං සබ්බාකාරපරිපුණ්ණං රාගමදනිම්මදනං දොසමොහමදනිම්මදනං, නත්ථි තත්ථ වාලග්ගමත්තම්පි පක්ඛලිතං, සබ්බං තං එකමුද්දිකාය ලඤ්ඡිතං විය, එකනාළියා මිතං විය, එකතුලාය තුලිතං විය ච තථමෙව හොති අවිතථං අනඤ්ඤථං. යථාහ –
තථාවාදී බැවින් තථාගත වන්නේ කෙසේද? යම් රැයක භාග්‍යවතුන් වහන්සේ බෝමැඩ අපරාජික පර්යංකයෙහි හුන් සේක් සිවු මාරයන්ගේ මස්තයන් සිඳ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත් සේක් ද, යම් රැයක සල්ගස් දෙකක් අතර වැඩහිඳ අනුපදිස්ස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑ සේක් ද, යන මේ කාරණා දෙක අතර වූ සතලිස් පස්වසර තුළ ප්‍රථම බෝධියෙහි ද මධ්‍යම බෝධියෙහි ද පශ්චිම බෝධියෙහි ද වූ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර, ගෙය්ය, -පෙ- වේදල්ල යන යම් ධර්මයක් වේද ඒ සියල්ල අර්ථ වශයෙන් ව්‍යඤ්ජන වශයෙන් උපවාද නොකළ යුතු, අඩු වැඩි නොවූ සර්වප්රකාරයෙන් ම පරිපූර්ණ වූ රාග මද නැති කරන දෝස, මෝහාදී මද වළඟ මාත්‍රයක්වත් නොතබා දුරුකරයි ද ඒ සියල්ල එක් මුද්‍රාවකින් ලස් තැබුවාක් මෙන්, එක් නැළියකින් මැන්නාක් මෙන්, එක් තුලාවකින් තුලනය කළාක් මෙන් සත්‍ය ම (තථ) වේ. වෙනස් ආකාරයකින් (අවිතථ) නොවේ. එහෙයින් කියන ලදී;
“යඤ්ච, චුන්ද, රත්තිං තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථෙව හොති නො අඤ්ඤථා, තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (දී· නි· 3.188).
‘චුන්ද, යම් රැයක තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරගත් සේක් ද, යම් රැයක අනුපදිසේස නිර්මාණ ධාතුවෙන් පිරිනිවන් පාන්නේ ද මෙදාතුර යමක් උන්වහන්සේ කථාකරන සේක් ද කියන සේක් ද, දක්වන සේක් ද ඒ සියල්ල එසේම (තථ) වේ. අන් ලෙසකින් නොවේ. එහෙයින් තථාගත යැයි කියනු ලැබේ.
ගදඅත්ථො හි එත්ථ ගතසද්දො. එවං තථවාදිතාය තථාගතො.
මෙහි ‘ගද’ ශබ්දය ම ‘ගත’ වෙයි. මෙසේ තථාවාදී බැවින් තථාගත වේ.
අපි ච ආගදනං ආගදො, වචනන්ති අත්ථො. තථො අවිපරීතො ආගදො අස්සාති දකාරස්ස තකාරං කත්වා තථාගතොති එවමෙතස්මිං අත්ථෙ පදසිද්ධි වෙදිතබ්බා.
තවද ආගදනය ආගදො වචනය යන අර්ථයි. (ගද ධාතුව කීම් අර්ථයේ යෙදේ.) තථා වූ විපරීත නොවූ ප්රකාශනයක් (ආගදො) ඔහුට ඇත්තේනුයි දකාරයට තකාරය කොට තථාගත නම් වේ. මෙසේ ද මෙම අර්ථයෙහි පදසිද්ධිය දතයුතුයි.
කථං තථාකාරිතාය තථාගතො? භගවතො හි වාචාය කායො අනුලොමෙති, කායස්සාපි වාචා. තස්මා යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී ච හොති. එවංභූතස්ස චස්ස යථා වාචා , කායොපි තථා ගතො පවත්තොති අත්ථො. යථා ච කායො, වාචාපි තථා ගතා පවත්තාති තථාගතො. තෙනෙවාහ – “යථාවාදී, භික්ඛවෙ, තථාගතො තථාකාරී, යථාකාරී තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී. ‘තස්මා තථාගතො’ති වුච්චතී”ති (අ· නි· 4.23). එවං තථාකාරිතාය තථාගතො.
තථාකාරී බැවින් තථාගත වන්නේ කෙසේ ද? භාග්‍යවතුන් වහන්සේගේ වචනයට අනුව කය පවතී ද කය ද වචනයට අනුකූල කෙරේ ද එහෙයින් යථාවාදී තථාකාරී ද යථාකාරී තථාවාදී ද වන සේක. මෙසේ වූ උන්වහන්සේගේ වචනය යම් සේද කය ද එසේ ය. එසේ පැවතියේ ය යන අර්ථයි. කය යම්සේ ද වචනය ද එසේ ගියේනුයි තථාගත නමි. එහෙයින් කීහ. ‘මහණෙනි, තථාගත තෙමේ යථාවාදී ද තථාකාරී වේ. යථාකාරී ද තථාවාදී වේ. එනිසා තථාගත යැයි කියනු ලැබේ. ‘මෙසේ තථාකාරී බැවින් තථාගත නම් වේ.
කථං අභිභවනට්ඨෙන තථාගතො? උපරි භවග්ගං හෙට්ඨා අවීචිං පරියන්තං කත්වා තිරියං අපරිමාණාසු ලොකධාතූසු සබ්බසත්තෙ අභිභවති සීලෙන සමාධිනා පඤ්ඤාය විමුත්තියා විමුත්තිඤාණදස්සනෙන, න තස්ස තුලා වා පමාණං වා අත්ථි, අථ ඛො අතුලො අප්පමෙය්යො අනුත්තරො රාජාතිරාජා දෙවානං අතිදෙවො සක්කානං අතිසක්කො බ්රහ්මානං අතිබ්රහ්මා. තෙනාහ –
අභිභවන අර්ථයෙන් තථාගත වන්නේ කෙසේද? උඩින් භවාග්‍රය ද යටින් අවීචිය ද කෙළවර කොට ඇති සරසට අප්‍රමාණ වූ ලෝකධාතුවල සියලු සත්ත්වයන් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්තිඤාණ දර්ශනයෙන් අභිභවනය කරන සේක් ද, උන්වහන්සේට තුල්යයකු පමණ කළ හැක්කකු නොමැති ද එනිසා ම උන්වහන්සේ අතුල්‍ය, අප්‍රමෙය්‍ය, අනුත්තර, රාජාතිරාජ, දේවාතිදේව, ශක්‍රාතිශක්‍ර, බ්රහ්මාතිබ්රහ්ම නම් වන සේක. එනිසා කියන ලදී,
“සදෙවකෙ , භික්ඛවෙ, ලොකෙ…පෙ… සදෙවමනුස්සාය පජාය තථාගතො අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී, තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (අ· නි· 4.23).
‘මහණෙනි, දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- දෙවි මිනිසුන් සහිත ලෝකයෙහි තථාගත තෙමේ අභිභවන කළ නොහැකිය, අනභිභවනීය වේ. සියල්ල දක්නේය, සියල්ල තම විෂයෙහි පවත්නේ වේ, එනිසා තථාගත යැයි කියනු ලැබේ.
තත්ථෙවං පදසිද්ධි වෙදිතබ්බා – අගදො විය අගදො. කො පනෙස? දෙසනාවිලාසො චෙව පුඤ්ඤුස්සයො ච. තෙන හෙස මහානුභාවො භිසක්කො දිබ්බාගදෙන සප්පෙ විය සබ්බපරප්පවාදිනො සදෙවකඤ්ච ලොකං අභිභවති. ඉති සබ්බලොකාභිභවනෙ තථො අවිපරීතො දෙසනාවිලාසමයො චෙව පුඤ්ඤමයො ච අගදො අස්සාති දකාරස්ස තකාරං කත්වා තථාගතොති වෙදිතබ්බො. එවං අභිභවනට්ඨෙන තථාගතො.
එහි මෙසේ පද සිද්ධිය දතයුතුයි. අද වැනි වූයේ අගදො නමි. ඒ කවරෙක් ද? දේශනා විලාශයෙන් ද පිනට උත්සාහවත් කිරිමෙහි ද උන්වහන්සේ, මහානුභාව සම්පන්න වෛද්‍යවරයෙකු දිව්‍ය ඖෂධයෙන් සර්පයකු මැඬපවත්වන්නාක් මෙන් දෙවියන් සහිත සියලු පරප්රවාදී ලෝකයා අභිභවනය කරන සේක. මෙසේ සියලු ලෝකය අභිභවනයෙහි තථ ලක්ෂණය ඇත්තේනුයි, සත්‍ය වූ විපරීත නොවූ දේශනා විලාශමය වූ ද පුණ්‍යමය වූ ද අගදය (බෙහෙත) මොහුට ඇත්තේනුයි ද කාරයට ත කාරය කොටැ, තථාගත (පද සිද්ධිය වූ බව) දතයුතුයි. මෙසේ අභිභවන අර්ථයෙන් තථාගත නම් වන සේක.
අපි ච තථාය ගතොතිපි තථාගතො, තථං ගතොතිපි තථාගතො. ගතොති අවගතො, අතීතො පත්තො පටිපන්නොති අත්ථො. තත්ථ සකලං ලොකං තීරණපරිඤ්ඤාය තථාය ගතො අවගතොති තථාගතො, ලොකසමුදයං පහානපරිඤ්ඤාය තථාය ගතො අතීතොති තථාගතො, ලොකනිරොධං සච්ඡිකිරියාය තථාය ගතො පත්තොති තථාගතො, ලොකනිරොධගාමිනිං පටිපදං තථං ගතො පටිපන්නොති තථාගතො. තෙන යං වුත්තං භගවතා –
තව ද තථා+ආගතො යන්නෙන් ද තථාගත වේ. තථං+ගතො යන්නෙන් ද තථාගත වේ. මෙහි ගතො යනු අවගත, අතීත, පත්ත, පටිපන්න යන අර්ථයන්හි වේ. එහි මුළු ලොවම තීරණ පරිඥාවෙන් තත් වූ පරිදිම අවබෝධ කළේනුයි (අවගතො) තථාගත නමි. ලෝක සමුදය ප්‍රහාණ පරිඥාවෙන් ඉක්මවන ලද්දේනුයි (අතීතො) තථාගත නමි. ලෝක නිරෝධය සාක්ෂාත් කරගැනීමෙන් තත් වූ පරිදිම පැමිණියේ නුයි (පත්තො) තථාගත නමි, ලෝකනිරෝධගාමිනී ප්‍රතිපදාවට තත්වාකාරයෙන් ම පිළිපන්නේනුයි (පටිපන්නො) තථාගත නමි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක,
“ලොකො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකස්මා තථාගතො විසංයුත්තො. ලොකසමුදයො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකසමුදයො තථාගතස්ස පහීනො. ලොකනිරොධො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකනිරොධො තථාගතස්ස සච්ඡිකතො. ලොකනිරොධගාමිනී පටිපදා, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධා, ලොකනිරොධගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා. යං, භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස…පෙ… අනුවිචරිතං මනසා, සබ්බං තං තථාගතෙන අභිසම්බුද්ධං. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (අ· නි· 4.23).
‘මහණෙනි, තථාගතයන් විසින් ලෝකය අවබෝධ කරන ලදී. ලෝකයෙන් තථාගතයන් වහන්සේ වෙන්වූයේ වෙති. මහණෙනි, ලෝක සමුදය තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. ලෝක සමුදය තථාගතයන්ට ප්‍රහීණ වූයේ වේ. මහණෙනි, ලෝක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. තථාගතයන් වහන්සේ ලෝක නිරෝධය සාක්ෂාත් කරගත් සේක. මහණෙනි, ලෝකනිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. තථාගතයන් වහන්සේ ලෝකනිරෝධය සාක්ෂාත් කරගත් සේක. මහණෙනි, ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. තථාගතයන් වහන්සේ ලෝකනිරෝධගාමිනී ප්‍රතිපදාව වඩන ලදී. මහණෙනි, දෙවියන් සහිත ලෝකයේ -පෙ- යමක් වේද ඒ තථාගතයන් වහන්සේ විසින් මනසින් පුරුදු පුහුණු කරන ලද සියල්ල මැනවින් උන්වහන්සේ අවබෝධ කරගත් සේක. එනිසා තථාගත නම් වෙති.’
තස්ස එවම්පි අත්ථො වෙදිතබ්බො. ඉදම්පි ච තථාගතස්ස තථාගතභාවදීපෙන මුඛමත්තමෙව. සබ්බාකාරෙන පන තථාගතොව තථාගතස්ස තථාගතභාවං වණ්ණෙය්‍ය. යස්මා පන සබ්බබුද්ධා තථාගතගුණෙනාපි සමසමා, තස්මා සබ්බෙසං වසෙන “තථාගතා”ති ආහ.
තථාගත පදයෙහි මෙසේ ද අර්ථ දතයුතුයි. මෙය ද තථාගත බව දැක්වීමෙහි මුඛමාත්‍රයක් පමණි. සර්වප්රකාරයෙන් ම තථාගතයන් වහන්සේගේ තථාගත බව තථාගතයන් වහන්සේ කෙනෙකුම වර්ණනා කරන්නේ ය. සියලු බුදුවරු තථාගත ගුණයෙන් ද සම සමවන හෙයින් සියලු බුදුවරුන්ට සාධාරණ වශයෙන් ‘තථාගතො’ යැයි කියන ලදී.
අරහන්තොති කිලෙසෙහි ආරකත්තා, අරීනං අරානඤ්ච හතත්තා, පච්චයාදීනං අරහත්තා, පාපකරණෙ රහාභාවා තථාගතො අරහං. ආරකා හි සො සබ්බකිලෙසෙහි සුවිදූරවිදූරෙ ඨිතො මග්ගෙන සවාසනානං කිලෙසානං විද්ධංසිතත්තාති ආරකත්තා අරහං.
අරහන්තො කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින්, කෙලෙස් සතුරන් ද සංසාර චක්‍රයෙහි අරයන් ද නැසූ හෙයින් ප්රත්යාදිය ලැබීමට සුදුසුවන හෙයින් රහසින්වත් පව් නොකරන හෙයින් තථාගතයන් වහන්සේ අරහං නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ සේක. දුරින් ම දුරු වූ සේක. ආර්ය මාර්ගයෙන් වාසනා ගුණ සහිත ක්ලේශයන් නැසූ හෙයින්, කෙලෙසුන්ගෙන් දුරු වූ හෙයින් අරහං නම් වන සේක.
“සො තතො ආරකා නාම, යස්ස යෙනාසමඞ්ගිතා; අසමඞ්ගී ච දොසෙහි, නාථො තෙනාරහං මතො”.
සො තතො ආරකා නාම යස්ස යෙනා සමංගිතා, අසමංගී ච දොසෙහි නාථො තෙනාරහං මතො
යම් කෙනෙකුන්ගේ කිසිම වස්තුවක් හා සමග නොබැඳුණු බවෙක් වේ ද, ඒ නාථයන් වහන්සේ එම හේතුවෙන් ‘ආරකා’ (දුරින් සිටියේ) නම් වන සේක. දෝෂයන්ගෙන් ද විනිර්මුක්ත වූ (ලෝක) නාථයන් වහන්සේ එහෙයින් අර්හත් යයි දන්නා ලද සේක.
තෙ චානෙන කිලෙසාරයො මග්ගෙන හතාති අරීනං හතත්තාපි අරහං.
කෙලෙස් නමැති සතුරෝ ද මොවුන් විසින් මාර්ග ඥානයෙන් නසන ලද්දාහු යි, සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක.
“යස්මා රාගාදිසඞ්ඛාතා, සබ්බෙපි අරයො හතා; පඤ්ඤාසත්ථෙන නාථෙන, තස්මාපි අරහං මතො”.
යස්මා රාගාදි සංඛාතා සබ්බෙපි අරයො හතා, පඤ්ඤාසත්ථෙන නාථෙන තස්මාපි අරහං මතො
යම්හෙයකින් රාගාදී සංඛ්‍යාත වූ සියලු ම කෙලෙස් සතුරෝ ඒ නාථයන් වහන්සේ විසින් ප්‍රඥා නමැති සිතින් නසන ලද්දාහුද එහෙයින් ද අර්හත් නම් වන සේක.
යඤ්චෙතං අවිජ්ජාභවතණ්හාමයනාභිං පුඤ්ඤාදිඅභිසඞ්ඛාරානං ජරාමරණනෙමිං ආසවසමුදයමයෙන අක්ඛෙන විජ්ඣිත්වා තිභවරථෙ සමායොජිතං අනාදිකාලප්පවත්තං සංසාරචක්කං, තස්සානෙන බොධිමණ්ඩෙ වීරියපාදෙහි සීලපථවියං පතිට්ඨාය සද්ධාහත්ථෙන කම්මක්ඛයකරං ඤාණඵරසුං ගහෙත්වා සබ්බෙ අරා හතාති අරහං.
අවිද්‍යා, භව තෘෂ්ණා යන මෙයින් නිර්මිත වූ නාහියක් ඇති, පුණ්යාදී අභිසංස්කාර නමැති අර සහිත ජරාමරණ නමැති නිම්වළලු ඇති ආසව සමුදයෙන් සැදි අක්ෂයෙන් විද ත්‍රිභව නැමති රථයෙහි යොදන ලද අනාදිමත් කාලයක් පවත්නා යම් මේ සංසාර නැමති චක්‍රයක් වේද ඒ චක්‍රයෙහි සියලු අරයෝ මොවුන් විසින් බෝධිමූලයෙහි දී ශීල නම් පොළොවෙහි වීර්ය නම් වූ පාවලින් සිට, ශ්‍රද්ධා නම් අතින් කර්ම ක්ෂය කරන සුලු නුවණ නැමති පොරවෙන් ගසා සියලු අරයන් සිඳලූ බැවින් ද අර්හත් නම් වන සේක.
“අරා සංසාරචක්කස්ස, හතා ඤාණාසිනා යතො; ලොකනාථෙන තෙනෙස, ‘අරහ’න්ති පවුච්චති”.
අරා සංසාර චක්කස්ස හතා ඤාණාසිනා යතො, ලොකනාථෙන තෙනෙව අරහන්ති පවුච්චතී
යම්හෙයකින් ලෝකනාථයන් වහන්සේ විසින් ඥාන නැමති කඩුවෙන් සංසාර නැමති චක්‍රයෙහි අරයෝ සිඳින ලද්දාහු ද, එහෙයින් උන්වහන්සේට අර්හත් යැයි කියනු ලැබේ.
අග්ගදක්ඛිණෙය්‍යත්තා ච චීවරාදිපච්චයෙ අරහති පූජාවිසෙසඤ්ච, තෙනෙව ච උප්පන්නෙ තථාගතෙ යෙ කෙචි මහෙසක්ඛා දෙවමනුස්සා, න තෙ අඤ්ඤත්ථ පූජං කරොන්ති. තථා හි බ්රහ්මා සහම්පති සිනෙරුමත්තෙන රතනදාමෙන තථාගතං පූජෙසි, යථාබලඤ්ච අඤ්ඤෙ දෙවා ච මනුස්සා ච බිම්බිසාරකොසලරාජාදයො. පරිනිබ්බුතම්පි ච භගවන්තං උද්දිස්ස ඡන්නවුතිකොටිධනං විස්සජ්ජෙත්වා අසොකමහාරාජා සකලජම්බුදීපෙ චතුරාසීතිවිහාරසහස්සානි පතිට්ඨාපෙසි. කො පන වාදො අඤ්ඤෙසං පූජාවිසෙසානන්ති පච්චයාදීනං අරහත්තාපි අරහං.
අග්‍ර දක්ෂිණාර්හ වන හෙයින් චීවරාදී සිවුපසය ද පූජා විශේෂයන් ද ලැබීමට සුදුසු වෙති. එහෙයින් ම තථාගතයන් උපන් කල්හි යම්කිසි මහේශාඛ්‍ය දේ මනුෂ්‍ය කෙනෙක් වෙත් ද ඔවුහු අන්‍ය තීර්ථකයන් වෙත පූජාවන් නො කෙරෙති. ඒ එසේමැයි, සහම්පති නම් බ්‍රහ්ම තෙමේ මේරූ පර්වතය පමණ වූ රුවන් දාමයකින් තථාගතයන් වහන්සේ පිදීය. අන් දෙවියෝ ද බිම්බිසාර-කෝසලාදී රජවරු ප්‍රධාන මනුෂ්‍යයෝ ද ශක්ති පමණින් උන්වහන්සේට පිදූහ. අශෝක මහරජ තෙමේ පිරිනිවියා වූ ද භාග්‍යවතුන් වහන්සේ උදෙසා සයානූකෙළක් ධනය වැයකොට මුළු දඹදිව් තලයෙහි අසූහාර දහසක් විහාරයන් කරවීය. අන්‍ය වූ පූජා විශේෂයන් ගැන කවර කතාවක් ද?යි ප්රත්යයන්ට සුදුසුවන හෙයින් අර්හත් නම් වන සේක.
“පූජාවිසෙසං සහ පච්චයෙහි, යස්මා අයං අරහති ලොකනාථො; අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ, තස්මා ජිනො අරහති නාමමෙතං”.
පූජා විසෙසං සහපච්චයෙහි යස්මා අයං අරහති ලොකනාථො, අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ තස්මා ජිනො අරහති නාමමෙතං
යම්හෙයකින් මේ ලෝකනාථයන් වහන්සේ ප්‍රත්‍යයන් සහිත වූ පූජා විශේෂයන්ට සුදුසු වෙත් ද එහෙයින් ඒ ජිනේන්ද්රයන් වහන්සේ මේ ලෝකයෙහි අන්වර්ථවත් වූ අරහං යන මේ නාමයට සුදුසු වෙති.
යථා ච ලොකෙ යෙ කෙචි පණ්ඩිතමානිනො බාලා අසිලොකභයෙන රහො පාපං කරොන්ති, එවමෙස න කදාචි පාපං කරොතීති පාපකරණෙ රහාභාවතොපි අරහං.
තවද ලෝකයෙහි යම්කිසි පණ්ඩිතමානී වූ අඥාන කෙනෙක් අපකීර්තියට බියෙන් රහසිගතව පව් කෙරෙත් ද එනමුත් මේ භාග්‍යවතුන් වහන්සේ කවර කලෙකවත් එසේ නොකරති. පව් කිරීමෙහි රහස් නැති හෙයින් ද අර්හත් නම් වන සේක.
“යස්මා නත්ථි රහො නාම, පාපකම්මෙසු තාදිනො; රහාභාවෙන තෙනෙස, අරහං ඉති විස්සුතො”.
යස්මා නත්ථි රහො නාම පාපකම්මෙසු තාදිනො, රහාභාවෙන තෙනෙස අරහං ඉති විස්සුතො
එවන් (තාදී ගුණ ඇති) භාග්‍යවතුන් වහන්සේ යම්හෙයකින් පව්කම්හි රහස් නැත්තේ ද, එසේ රහස් නැති බැවින් ද උන්වහන්සේ අරහං (අර්හත්) නමින් ප්‍රකට වූ සේක.
එවං සබ්බථාපි –
මෙසේ සර්වප්රකාරයෙන් ම,
“ආරකත්තා හතත්තා ච, කිලෙසාරීන සො මුනි; හතසංසාරචක්කාරො, පච්චයාදීන චාරහො; න රහො කරොති පාපානි, අරහං තෙන වුච්චතී”ති.
ආරකත්තා හතත්තා ච කිලෙසාරීන සො මුනී, හතසංසාර චක්කාරො පච්චයාදීනචාරහො, න රහො කරොති පාපානි අරහං තෙන පවුච්චතී
ඒ මුනිවරයන් වහන්සේ කෙලෙස් සතුරන්ගෙන් දුරු වූ හෙයින් ද එම කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද සංසාර චක්‍රයෙහි අරයන් සිඳ දමා ප්රත්යයාදීනට සුදුසු වූවාහු ද රහසින්වත් පව් නොකරන්නාහු ද වෙති. එනිසා උන්වහන්සේ අරහං නම් වන සේක.
යස්මා පන සබ්බෙ බුද්ධා අරහත්තගුණෙනාපි සමසමා, තස්මා සබ්බෙසම්පි වසෙන “අරහන්තො”ති ආහ. සම්මාසම්බුද්ධාති සම්මා සාමඤ්ච සබ්බධම්මානං බුද්ධත්තා සම්මාසම්බුද්ධො. තථා හෙස සබ්බධම්මෙ සම්මාසම්බුද්ධො, අභිඤ්ඤෙය්‍යෙ ධම්මෙ අභිඤ්ඤෙය්‍යතො, පරිඤ්ඤෙය්‍යෙ ධම්මෙ පරිඤ්ඤෙය්‍යතො, පහාතබ්බෙ ධම්මෙ පහාතබ්බතො, සච්ඡිකාතබ්බෙ ධම්මෙ සච්ඡිකාතබ්බතො, භාවෙතබ්බෙ ධම්මෙ භාවෙතබ්බතො. තෙනෙවාහ –
සියලු බුදුවරු අරහත් ගුණයෙන් ද සම සම වන බැවින් සියලු බුදුවරුන්ට සාධාරණ වශයෙන් ‘අරහන්තො’ යැයි කියන ලදී. සම්මා සම්බුද්ධා යනු සියලු ධර්මයන් තමන් වහන්සේ මනාකොට අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක. ඒ එසේමැයි, තථාගතයන් වහන්සේ සියලු ධර්මයන් අවබෝධ කළ සේක් සම්මා සම්බුද්ධයහ, මැනවින් දතයුතු ධර්මයන් තමන්වහන්සේම මැනවින් අවබෝධ කළහ. පිරිසිඳ දතයුතු ධර්මයන් පිරිසිඳ දතයුතුයයි දත්හ. පහකළ යුතු ධර්මයන් පහකළ යුතු යයි දත්හ. සාක්ෂාත් කටයුතු ධර්මයන් සාක්ෂාත් කටයුතුයැයි දත්හ. වැඩිය යුතු ධර්මයන් මැනවින් වැඩිය යුතුයැයි දත්හ. එනිසා කීහු:
“අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං, භාවෙතබ්බඤ්ච භාවිතං; පහාතබ්බං පහීනං මෙ, තස්මා බුද්ධොස්මි බ්රාහ්මණා”ති. (සු· නි· 563; ම· නි· 2.399);
අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං භාවෙතබ්බඤ්ච භාවිතං, පහානතබ්බං පහීනම්මෙ තස්මා බුද්ධොස්මි බ්රාහ්මණාතී
‘බ්‍රාහ්මණය, මවිසින් මනාව දතයුතු ධර්ම මනාව දන්නා ලද්දේය. වැඩිය යුතු ධර්ම මනාව වඩනා ලද්දේය. පහකළයුතු ධර්ම මැනවින් පහකරන ලද්දේය. එහෙයින් මම බුද්ධ නම් වෙමි.’
අථ වා චක්ඛු දුක්ඛසච්චං, තස්ස මූලකාරණභාවෙන සමුට්ඨාපිකා පුරිමතණ්හා සමුදයසච්චං, උභින්නං අප්පවත්ති නිරොධසච්චං, නිරොධපජානනා පටිපදා මග්ගසච්චන්ති එවං එකෙකපදුද්ධාරෙනාපි සබ්බධම්මෙ සම්මා සාමඤ්ච බුද්ධො. එස නයො සොතඝානජිව්හාකායමනෙසු. එතෙනෙව ච නයෙන රූපාදීනි ඡ ආයතනානි, චක්ඛුවිඤ්ඤාණාදයො ඡ විඤ්ඤාණකායා, චක්ඛුසම්ඵස්සාදයො ඡ ඵස්සා, චක්ඛුසම්ඵස්සජා වෙදනාදයො ඡ වෙදනා, රූපසඤ්ඤාදයො ඡ සඤ්ඤා, රූපසඤ්චෙතනාදයො ඡ චෙතනා, රූපතණ්හාදයො ඡ තණ්හාකායා, රූපවිතක්කාදයො ඡ විතක්කා, රූපවිචාරාදයො ඡ විචාරා, රූපක්ඛන්ධාදයො පඤ්චක්ඛන්ධා, දස කසිණානි, දස අනුස්සතියො, උද්ධුමාතකසඤ්ඤාදිවසෙන දස සඤ්ඤා, කෙසාදයො ද්වත්තිංසාකාරා, ද්වාදසායතනානි, අට්ඨාරස ධාතුයො, කාමභවාදයො නව භවා, පඨමාදීනි චත්තාරි ඣානානි, මෙත්තාභාවනාදයො චතස්සො අප්පමඤ්ඤායො, චතස්සො අරූපසමාපත්තියො, පටිලොමතො ජරාමරණාදීනි, අනුලොමතො අවිජ්ජාදීනි පටිච්චසමුප්පාදඞ්ගානි ච යොජෙතබ්බානි.
නැතහොත් ‘චක්ෂුරායතනය දුකකැ’යි යන දුඃඛ සත්‍යය ද එම චක්ෂුරායතනයට මුල් වූ හේතු වශයෙන් උත්පාදක පූර්ව තෘෂ්ණා වන සමුදය සත්‍යය ද ඒ දෙකෙහි ම නොපැවැත්ම වන නිරෝධ සත්‍යය ද එම නිරෝධය ප්‍රතිවේධ කිරීමේ ප්‍රතිපත්ති මාර්ගය වන මාර්ග සත්‍යයදැයි මෙසේ එක් එක් පදයෙන් නිර්ධාරණය වන (වෙන්කොට දැක්වෙන) සියලු ධර්මයන් මනාකොට තමන් ම අවබෝධ කළහ. සෝත - ඝාන - ජීව්හා - කාය - මනෝ යන ආයතනයන් කෙරෙහි ද මෙම නය වේ. මෙනයින් ම රූපාදී වූ ෂඩායතනයන් ද චක්ඛු විඤ්ඤාණාදී ෂඩ් විඤ්ඤාණයන් ද චක්ඛු සම්ඵස්සාදී ෂට් ස්පර්ශයන් ද චක්ඛු සම්ඵස්සාදියෙන් හටගත් ෂඩ් වේදනාවන් ද රූපතෘෂ්ණාදී ෂට් තෘෂ්ණාවන් ද රූප විතක්කාදී ෂඩ් විතර්කයන් ද රූපවිචාරාදී ෂඩ් විචාරයන් ද රූපස්කන්ධාදී පංච ස්කන්ධයන් ද දස කසිණයන් ද දස අනුස්සතීන් ද උද්ධුමාතක සංඥාදී වශයෙන් එන දස අසුභ සංඥාවන් ද කේශාදී වූ දෙතිස් කුණප කොට්ඨාස පිළිබඳ වූ ද්වත්තිංසාකාරය ද ද්වාදශායතනයන් ද අටළොස් ධාතූන් ද කාමභවාදී නව භවයන් ද ප්‍රථම ධ්‍යානාදී වූ චතුර් ධ්‍යානයන් ද මෛත්‍රී භාවනාදී වූ අප්පමඤ්ඤා සතර ද අරූප සමාපත්ති සතර ද ප්‍රතිලෝම වශයෙන් ජරාමරණාදිය හා අනුලෝම වශයෙන් අවිද්‍යාදිය දැයි යන පටිච්ච සමුප්පාදංගයන් ද යෙදිය යුතුයි.
තත්රායං එකපදයොජනා – ජරාමරණං දුක්ඛසච්චං, ජාති සමුදයසච්චං, උභින්නං නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා පටිපදා මග්ගසච්චන්ති එවං එකෙකපදුද්ධාරෙන සබ්බධම්මෙ සම්මා සාමඤ්ච බුද්ධො අනුබුද්ධො පටිවිද්ධො. යං වා පන කිඤ්චි අත්ථි නෙය්‍යං නාම, සබ්බස්ස සම්මා සම්බුද්ධත්තා විමොක්ඛන්තිකඤාණවසෙන සම්මාසම්බුද්ධො. තෙසං පන විභාගො උපරි ආවි භවිස්සති. යස්මා පන සබ්බබුද්ධා සම්මාසම්බුද්ධගුණෙනාපි සමසමා, තස්මා සබ්බෙසම්පි වසෙන “සම්මාසම්බුද්ධා”ති ආහ.
එහි එක් පදයක යෝජනා ක්‍රමය මෙසේ ය. ජරාමරණ දෙක දුඃඛ සත්‍යයයි. ඉපදීම සමුදය සත්‍යයයි. මේ දෙකෙහි ම නැවැත්ම නිරෝධ සත්‍යයයි. නිරෝධය දැනගැනීමට හේතුවන ප්‍රතිපදාව මාර්ගය සත්‍යයයි’ යනුවෙන් මෙසේ එක් එක් පදය ගෙන බැලීමෙන් සියලු ධර්මයන් තමන් ම මනාකොට අවබෝධ කළහ. තත්වාකාරයෙන් දත්හ. විනිවිද දත්හ. එහෙයින් මනාකොට (සම්මා) තමන්ම (සාමඤ්ච) සියලු ධර්මයන් අවබෝධ කළ හෙයින්, දැනගත් හෙයින්, තත්වාකාරයෙන් දත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක. යම්කිසි අවබෝධ කළයුතු (නෙය්‍ය) දෙයක් වේ නම් ඒ සියල්ල මැනවින් අවබෝධ කරගත් හෙයින් ද සම්මා සම්බුද්ධ නම් වෙති. මෙම පදයන්ගේ විභාගය මතුයෙහි විස්තර වන්නේය. සියලු බුදුවරු සම්මා සම්බුද්ධ ගුණයෙන් ද සම සම වන බැවින් සියලු බුදුවරුන්ට සාධාරණ වශයෙන් ‘සම්මා සමබුද්ධා’ යැයි කියන ලදී.
මොනෙනාති කාමඤ්හි මොනෙය්යපටිපදාසඞ්ඛාතෙන මග්ගඤාණමොනෙන මුනි නාම හොති, ඉධ පන තුණ්හීභාවං සන්ධාය “න මොනෙනා”ති වුත්තං. මූළ්හරූපොති තුච්ඡරූපො. අවිද්දසූති අවිඤ්ඤූ. එවරූපො හි තුණ්හීභූතොපි මුනි නාම න හොති. අථ වා මොනෙය්යමුනි නාම න හොති, තුච්ඡභාවො ච පන අඤ්ඤාණී ච හොතීති අත්ථො. යො ච තුලංව පග්ගය්හාති යථා හි තුලං ගහෙත්වා ඨිතො අතිරෙකං චෙ හොති, හරති, ඌනං චෙ හොති, පක්ඛිපති; එවමෙව සො අතිරෙකං හරන්තො විය පාපං හරති පරිවජ්ජෙති, ඌනකෙ පක්ඛිපන්තො විය කුසලං පරිපූරෙති. එවඤ්ච පන කරොන්තො සීලසමාධිපඤ්ඤාවිමුත්තිවිමුත්තිඤාණදස්සනසඞ්ඛාතං වරං උත්තමමෙව ආදාය පාපානි අකුසලකම්මානි පරිවජ්ජෙති ස මුනි නාමාති අත්ථො. තෙන සො මුනීති කස්මා පන සො මුනීති චෙ? යං හෙට්ඨා වුත්තකාරණං, තෙන සො මුනීති අත්ථො. යො මුනාති උභො ලොකෙති යො පුග්ගලො ඉමස්මිං ඛන්ධාදිලොකෙ තුලං ආරොපෙත්වා මිනන්තො විය “ඉමෙ අජ්ඣත්තිකා ඛන්ධා, ඉමෙ බාහිරා”තිආදිනා නයෙන ඉමෙ උභො අත්ථෙ මුනාති. මුනි තෙන පවුච්චතීති තෙන පන කාරණෙන “මුනී”ති වුච්චතියෙවාති අත්ථො.
මොනෙය්යෙන යනු ඒකාන්තයෙන් මොනෙය්‍ය ප්‍රතිපදාව නම් වූ මාර්ග ඤාණ මොනෙය්‍ය භාවයෙන් මුනි නම් වේ. මෙහිදී වනාහි තුෂ්ණිම්භවය (නිශ්ශබ්දව සිටීම) සඳහා මොනෙය්යෙන යනුවෙන් කියන ලදී. මූළ්හරූපො යනු හිස් වූ ස්වරුප ඇති. අවිද්දසූ යනු නුවණ නැති. මෙබඳු වූ නිශ්ශබ්ද වූවහු මුනි නම් නොවෙති. නැතහොත් මොනෙය්යමුනි නම් වෙති. හිස්බව වනාහි නොදන්නා අඥානකම ම වේ යන අර්ථයි. යො ච තුලංව පග්ගය්හ යනු යම්සේ තරාදියක් ගෙන සිටි තැනැත්තෙක් අතිරික්ත දෙයක් වේ නම් එය ඉවත්කරයි. අඩුවක් වේ නම් එය දමා පුරවයි ද, එසේ ම යමෙක් අතිරික්ත (වැඩි වූ) දෙයක් ඉවත් කරන්නාක් මෙන් පාපයන් ඉවතලයි. දුරු කරයි. අඩු වූවක් පුරවන්නාක් මෙන් කුසලයන් සම්පූර්ණ කරයි. මෙසේ ද වනාහි කරන්නා වූ ඒ මුනිතෙම සීල සමාධි ප්‍රඥා විමුත්ති විමුත්තිඤාණ දර්ශන සංඛ්‍යාත වූ උතුම් උතුම් කුසල ධර්මයන් ම ගෙන, පාපී වූ අකුසල ධර්මයන් දුරු කරයි ද එනිසා හෙතෙම මුනි නම් වේ යන අර්ථයි. තෙන සො මුනි හෙතෙම කවර හෙයින් මුනි නම් වේද? ‘ඉහත දැක්වූ කාරණයෙන් හෙතෙම මුනි නම් වේ’ යන අර්ථයි. යො මුනාති උභො ලොකෙ යනු යම් පුද්ගලයෙක් මේ ස්කන්ධාදී ලෝකයන් තරාදියකට නංවා මනින්නාක් මෙන්, ‘මේ අධ්‍යාත්මික ස්කන්ධය, මේ බාහිර ස්කන්ධයන්ය’ ආදී වශයෙන් මේ අර්ථ දෙකින් මනියි. මුනි තෙන පවුච්චතී ඒ කාරණයෙන් වනාහි මුනියැයි කියයි යන අර්ථයයි.
අසතඤ්චාති ගාථාය අයං සඞ්ඛෙපත්ථො – ය්වායං අකුසලකුසලප්පභෙදො, අසතඤ්ච සතඤ්ච ධම්මො, තං “අජ්ඣත්තං බහිද්ධා”ති ඉමස්මිං සබ්බලොකෙ පවිචයඤාණෙන අසතඤ්ච සතඤ්ච ඤත්වා ධම්මං. තස්ස ඤාතත්තා එව, රාගාදිභෙදතො සත්තවිධං සඞ්ගං තණ්හාදිට්ඨිභෙදතො දුවිධං ජාලඤ්ච අතිච්ච අතික්කමිත්වා ඨිතො, සො තෙන මොනසඞ්ඛාතෙන පවිචයඤාණෙන සමන්නාගතත්තා මුනි. දෙවමනුස්සෙහි පූජිතොති ඉදං පනස්ස ථුතිවචනං. සො හි ඛීණාසවමුනිත්තා දෙවමනුස්සානං පූජාරහො හොති, තස්මා එවං වුත්තොති.
අසතඤ්ච යනාදී ගාථාවේ මේ සංක්ෂිප්තාර්ථයයි. යමෙක් මේ කුසලාකුසල ප්‍රභේද ඇති, අසත්පුරුෂ ධර්මය ද සත්පුරුෂ ධර්මය ද අධ්‍යත්මික බාහිර සියලු ධර්මයන් ද මේ මුළු ලෝකයෙහි ප්‍රවිචය ඤාණයෙන් සත්පුරුෂ හා අසත්පුරුෂ වශයෙන් මැනවින් දැන, ඔහු ධර්මය මැනවින් දත් බැවින් ම රාගාදී ප්‍රභේද ඇති සත්විධ සංගතතණ්හා දිට්ඨි භේදයෙන් දෙවැදෑරුම් වූ දැල ද ඉක්මවා සිටියේ වේද, හෙතෙම ඒ මොන (මුනි) සංඛ්‍යාත ප්‍රවිචය ඤාණයෙන් යුක්ත වූ බැවින් මුනි නම් වේ. දෙවමනුස්සෙහි පූජිතො යන මෙය ඒ මුනිවරයාට කෙරෙන ස්තුති වචනයකි. හෙතෙම ආශ්‍රවයන් ක්ෂය කළ මුනිවරයකු වන බැවින් දෙව්මිනිසුන්ගේ පූජාවන්ට සුදුසු වේ. එනිසා මෙසේ කියන ලදී.
සල්ලන්ති මූලපදං. සත්ත සල්ලානීති ගණනපරිච්ඡෙදො. රාගසල්ලන්ති රඤ්ජනට්ඨෙන රාගො ච පීළාජනකතාය අන්තොතුදනතාය දුන්නීහරණතාය සල්ලඤ්චාති රාගසල්ලං. දොසසල්ලාදීසුපි එසෙව නයො. අබ්බූළ්හසල්ලොති මූලපදං. අබ්බහිතසල්ලොති නීහටසල්ලො. උද්ධතසල්ලොති උද්ධං හටසල්ලො උද්ධරිතසල්ලො. සමුද්ධතසල්ලොති උපසග්ගවසෙන වුත්තො. උප්පාටිතසල්ලොති ලුඤ්චිතසල්ලො. සමුප්පාටිතසල්ලොති උපසග්ගවසෙනෙව.
සල්ලං යනු මූල පදයයි. සත්තසල්ලානි යනු ගණන වෙන්කර දැක්වීමයි. රාග සල්ලං යනු රඤ්ජන (අලවයි) අර්ථයෙන් ම රාගය, පීඩා ඇති කරන බැවින්, ඇතුලත විදින බැවින්, ඉවත්කිරීම අසීරු හෙයින් හුලක් වූයේනුයි රාගසල්ල නමි. දොස සල්ලාදියෙහි ද මෙම නය ම වේ. සල්ලො යනු මූලපදයයි. අබ්බූළ්හ සල්ලො යනු ඉවත්කළ හුල් ඇති, උද්ධත සල්ලො උඩට ගෙන නැසූ හුලයි. සමුද්ධරිත සල්ලො උපසර්ග වශයෙන් කියන ලදී. උප්පාටිත සල්ලො ඉගිල්ලු හුලයි. සමුප්පාටිත සල්ලො උපසර්ග වශයෙන් වූ වෙනසකි. (අර්ථ එකම ය).
සක්කච්චකාරීති දානාදීනං කුසලධම්මානං භාවනාය පුග්ගලස්ස වා දෙය්යධම්මස්ස වා සක්කච්චකරණවසෙන සක්කච්චකාරී. සතතභාවකරණෙන සාතච්චකාරී. අට්ඨිතකරණෙන අට්ඨිතකාරී. යථා නාම කකණ්ටකො ථොකං ගන්ත්වා ථොකං තිට්ඨති, න නිරන්තරං ගච්ඡති; එවමෙව යො පුග්ගලො එකදිවසං දානං දත්වා පූජං වා කත්වා ධම්මං වා සුත්වා සමණධම්මං වා කත්වා පුන චිරස්සං කරොති, තං න නිරන්තරං පවත්තෙති. සො “අසාතච්චකාරී, අනට්ඨිතකාරී”ති වුච්චති. අයං එවං න කරොතීති අට්ඨිතකාරී. අනොලීනවුත්තිකොති නිරන්තරකරණසඞ්ඛාතස්ස විප්ඵාරස්ස භාවෙන න ලීනවුත්තිකොති අනොලීනවුත්තිකො. අනික්ඛිත්තච්ඡන්දොති කුසලකරණෙ වීරියච්ඡන්දස්ස අනික්ඛිත්තභාවෙන අනික්ඛිත්තච්ඡන්දො. අනික්ඛිත්තධුරොති වීරියධුරස්ස අනොරොපනෙන අනික්ඛිත්තධුරො, අනොසක්කිතමානසොති අත්ථො. යො තත්ථ ඡන්දො ච වායාමො චාති යො තෙසු කුසලධම්මෙසු කත්තුකම්යතාධම්මච්ඡන්දො ච පයත්තසඞ්ඛාතො වායාමො ච. උස්සහනවසෙන උස්සාහො ච. අධිමත්තුස්සහනවසෙන උස්සොළ්හී ච. වායාමො චෙසො පාරං ගමනට්ඨෙන. උස්සාහො චෙසො පුබ්බඞ්ගමනට්ඨෙන. උස්සොළ්හී චෙසො අධිමත්තට්ඨෙන. අප්පටිවානි චාති අනිවත්තනා ච. සති ච සම්පජඤ්ඤන්ති සරතීති සති. සම්පජානාතීති සම්පජඤ්ඤං, සමන්තතො පකාරෙහි ජානාතීති අත්ථො. සාත්ථකසම්පජඤ්ඤං සප්පායසම්පජඤ්ඤං ගොචරසම්පජඤ්ඤං අසම්මොහසම්පජඤ්ඤන්ති ඉමස්ස සම්පජානස්ස වසෙන භෙදො වෙදිතබ්බො. ආතප්පන්ති කිලෙසතාපනවීරියං. පධානන්ති උත්තමවීරියං. අධිට්ඨානන්ති කුසලකරණෙ පතිට්ඨාභාවො. අනුයොගොති අනුයුඤ්ජනං. අප්පමාදොති නප්පමජ්ජනං, සතියා අවිප්පවාසො.
සක්කච්චකාරී දානාදී කුසල ධර්ම වර්ධනය කිරීමෙන් පුද්ගලයාගේ හෝ දෙය්ය ධර්මයේ හෝ සකසා කිරීම් වශයෙන් මනාසේ සැලකිලි ඇතිව කරන්නා වූ යන අර්ථයයි. නිරන්තරයෙන් කරන බැවින් සාතච්චකාරී නමි, නොසිට-නොනැවතී කරන බැවින් අට්ඨිතකාරී නමි, යම්සේ කුකණ්ටකයා (නපුරු කටුව) මදක් ගොස් මදක් නැවතී සිටියි ද නිරන්තරව නොයයි ද එසේම යම් පුද්ගලයෙක් එක් දිනක් දන් දී පූජාවක් හෝ කර, එසේත් නැතිනම් ධර්මදේශනාවක් අසා හෝ මහණදම් පුරා හෝ කර, එසේත් නැතිනම් ධර්මදේශනාවක් අසා හෝ මහණදම් පුරා හෝ නැවත බොහෝ කාලයකින් එය නැවත කරයි ද නිරන්තරව නොකරයි ද හෙතෙම අසාතච්චකාරී ද අනට්ඨිතකාරී ද නම් වේ. මෙතෙම එසේ නොකරයි යන අරුතින් අට්ඨිතකාරී නමි. අනොලීන වුත්තිකො නිරන්තරව කිරීම් සංඛ්‍යාත වූ පැතිරීම් භාවයෙන් දුරුවූ ලීනවුත්තික (අප්‍රකට පැවැතුම් ඇති) නොවූයේනුයි අනොලීන වුත්තික නමි. අනික්ඛිත්ත ඡන්දො කුසල් කිරීමෛහි වීර්ය කැමැත්ත බහා නොතැබූ බැවින් අනික්ඛිත්ත ඡන්ද නමි. අනික්ඛිත්ත ධුරො යනු වීර්ය ධුරයට ආරෝපනය නොවීමෙන් අනික්බිතධුර නමි. නොපසුබස්නා සිත් ඇති යන අර්ථයි. යො තත්ථ ඡන්දොවායාමො ච යනු යමෙක් ඒ කුසල් දහම්හි කරනු කැමති වූ ධර්මය නම් ඡන්දය ද ඡන්දො ප්රයත්න (වෑයම) සංඛ්‍යාත වායාමො ද උත්සාහ කිරීම් වශයෙන් උස්සාහො ද අධික වූ උත්සාහ කිරිම් වශයෙන් උස්සොළ්හී ද, ව්‍යායාමය වනාහි පරතෙරට යෑම් අර්ථයෙනි. උත්සාහය වනාහි පූර්වාංගම වූ අර්ථයෙනි, උස්සෝළ්හී යනු අධිකමාත්‍ර වූ අර්ථයෙනි. අප්පටිවානීච පසුනොබැසීමයි. නො නැවතීමයි. සති ච සම්පජඤ්ඤං ච සිහිකරන්නේනුයි සති නමි. මනාව දන්නේනුයි සම්පජඤ්ඤ නමි. හාත්පසින් ම, සර්වප්රකාරයෙන් ම දනියි යන අර්ථයයි. සාත්ථක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය හා අසම්මෝහ සම්පජඤ්ඤය යනුවෙන් මේ සම්පජානයේ ප්‍රභේද දතයුතුයි. ආතප්පං යනු කෙලෙස් තවන වීර්යයයි. පධානං යනු උතුම් වීර්යයයි. අධිට්ඨානං යනු කුසල් කිරීමෙහි ප්‍රතිෂ්ඨ භාවයයි. අනුයොගො යනු අනුව යෙදීමයි. අප්පමාදො යනු නොපමාවීමයි. සිහියෙන් නොවෙන්ව වාසය කිරීමයි.
ඉමං ලොකං නාසීසතීති මූලපදං. සකත්තභාවන්ති අත්තනො අත්තභාවං. පරත්තභාවන්ති පරලොකෙ අත්තභාවං. සකරූපවෙදනාදයො අත්තනො පඤ්චක්ඛන්ධෙ, පරරූපවෙදනාදයො ච පරලොකෙ පඤ්චක්ඛන්ධෙ. කාමධාතුන්ති කාමභවං. රූපධාතුන්ති රූපභවං. අරූපධාතුන්ති අරූපභවං. පුන රූපාරූපවසෙන දුකං දස්සෙතුං කාමධාතුං රූපධාතුං එකං කත්වා, අරූපධාතුං එකං කත්වා වුත්තං. ගතිං වාති පතිට්ඨානවසෙන පඤ්චගති වුත්තා. උපපත්තිං වාති නිබ්බත්තිවසෙන චතුයොනි වුත්තා. පටිසන්ධිං වාති තිණ්ණං භවානං ඝටනවසෙන පටිසන්ධි වුත්තා. භවං වාති කම්මභවවසෙන. සංසාරං වාති ඛන්ධාදීනං අබ්බොච්ඡින්නවසෙන. වට්ටං වාති තෙභූමකවට්ටං නාසීසතීති.
ඉමං ලොකං නාසිංසතී යනු මූල පදයයි. සකත්තභාවං තමාගේ ආත්මභාවයයි. පරත්ත භාවං යන පරලෝකයේ ආත්මභාවයයි. ස්වකීය රූප වේදනාදිය තමාගේ පංචස්කන්ධයෙහි වේ. අනුන්ගේ රූප වේදනාදිය ද පරලොව පංචස්කන්ධයෙහි වේ. කාමධාතුං යනු කාම භවයයි. රූපධාතුං යනු රූප භවයයි. අරූපධාතුං යනු අරූප භවයයි. නැවත ද රූපාරූප වශයෙන් දුක දැක්වීමට කාමධාතු රූපධාතු දෙක එකක් කර, අරූප ධාතුව එකක් කර කියන ලදී. ගතිවා පිහිටීම් වශයෙන් පංචගතියක් කියන ලදී. උප්පත්තිවා ඉපදීම් වශයෙන් සිවු යෝනිය (උත්පත්ති ක්‍රම හතර) කියන ලදී. පටිසන්ධි වා තුන් භවයෙහි ගැටීම් වශයෙන් ප්රතිසන්ධි යැයි කියන ලදී. භවං වා කර්ම භව වශයෙනි. සංසාරං වා යනු ස්කන්ධාදීන්ගේ නොනැවතී පැවැත්ම වශයෙනි. වට්ටං වා ත්‍රෛභූමික වට්ටය නො නසයි යන අර්ථයි.
සද්ධම්මප්පජ්ජොතිකාය මහානිද්දෙසට්ඨකථාය
දෙවැනි සද්ධම්මපජ්ජොතිකා නම් වූ මහානිද්දේසට්ඨකථාවේ
ගුහට්ඨකසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
ගුහට්ඨක සූත්‍ර නිර්දේශ වර්ණනාව නිමියේ ය.