3 - 1 අට්ඨකථා
3 - 1
3 - 1
දුට්ඨට්ඨකෙ පඨමගාථායං තාව තත්ථ වදන්තීති භගවන්තං භික්ඛුසඞ්ඝඤ්ච උපවදන්ති. දුට්ඨමනාපි එකෙ, අථොපි වෙ සච්චමනාති එකච්චෙ දුට්ඨචිත්තා, එකච්චෙ තථසඤ්ඤිනොපි හුත්වා තිත්ථියා තුට්ඨචිත්තා, යෙ තෙසං සුත්වා සද්දහිංසු, තෙ සච්චමනාති අධිප්පායො. වාදඤ්ච ජාතන්ති එතං අක්කොසවාදං උප්පන්නං. මුනි නො උපෙතීති අකාරකතාය ච අකුප්පනතාය ච බුද්ධමුනි න උපෙති. තස්මා මුනී නත්ථි ඛිලො කුහිඤ්චීති තෙන කාරණෙන අයං මුනි, රාගාදිඛිලෙහි නත්ථි ඛිලො කුහිඤ්චීති වෙදිතබ්බො.
දුට්ඨට්ඨක සූත්‍රයේ පළමු ගාථාවේ අර්ථ පළමුව කියනු ලැබේ. වදන්ති යනු භාග්‍යවතුන් වහන්සේට ද භික්ෂු සංඝයාට ද උපවාද කරති. දුට්ඨමනාපි එකෙ අථොපි චෙ සච්චමනා එකෙ යනු ඇතැම් දුෂ්ඨ සිත් ඇත්තෝ, ඇතැම් එසේ සංඥා ඇත්තෝ වී, දුෂ්ඨ සිතැති තීර්ථකයන්ගේ බස් අසා ඒවා අදහන්නෝ, එම දුෂ්ඨයන්ගේ ප්‍රකාශ සත්‍යයැයි සිතන්නෝ යන අර්ථයි. වාදං ච ජාතං මේ ආක්රෝශවාදය උපන්නේය. මුනි නො උපෙති කාරකයකු නැති බැවින් ද නොකිපෙන බැවින් ද බුද්ධ මුනි වෙත නො පැමිණෙයි. තස්මා මුනී නත්ථි ඛීලො කුහිඤ්චි මේ කාරණයෙන් බුද්ධ මුනිවරයාට රාගාදී ඛීලයන් නැත. ඛීලයන් කොයින් ද?යි දතයුතුයි.
දුට්ඨමනාති උප්පන්නෙහි දොසෙහි දූසිතචිත්තා. විරුද්ධමනාති තෙහි කිලෙසෙහි කුසලස්ස ද්වාරං අදත්වා ආවරිතචිත්තා. පටිවිරුද්ධමනාති උපසග්ගවසෙන පදං වඩ්ඪිතං. ආහතමනාති පටිඝෙන ආහතං චිත්තං එතෙසන්ති ආහතමනා. පච්චාහතමනාති උපසග්ගවසෙනෙව. ආඝාතිතමනාති විහිංසාවසෙන ආඝාතිතං මනං එතෙසන්ති ආඝාතිතමනා. පච්චාඝාතිතමනාති උපසග්ගවසෙනෙව. අථ වා “කොධවසෙන දුට්ඨමනා, උපනාහවසෙන පදුට්ඨමනා, මක්ඛවසෙන විරුද්ධමනා, පළාසවසෙන පටිවිරුද්ධමනා, දොසවසෙන ආහතපච්චාහතමනා, බ්යාපාදවසෙන ආඝාතිතපච්චාඝාතිතමනා. පච්චයානං අලාභෙන දුට්ඨමනා පදුට්ඨමනා, අයසෙන විරුද්ධමනා පටිවිරුද්ධමනා, ගරහෙන ආහතපච්චාහතමනා, දුක්ඛවෙදනාසමඞ්ගීභාවෙන ආඝාතිතපච්චාඝාතිතමනා”ති එවමාදිනා නයෙන එකෙ වණ්ණයන්ති. උපවදන්තීති ගරහං උප්පාදෙන්ති. අභූතෙනාති අසංවිජ්ජමානෙන.
දුට්ඨමනා යනු උපන්නා වූ දෝෂයන්ගෙන් දූෂිත වූ සිත් ඇති බැවින්. විරුද්ධමනා ඒ කෙලෙසුන් මගින් කුසල් දොර වසා කුසලින් සිත් වැලැක්වූ බැවින් පටිවිරුද්ධමනා උපසර්ග යොදා පදය වැඩිකරන ලදී. ආහතමනා පටිඝයෙන් එළවන ලද සිත මොවුන්ට ඇත්තේනුයි ආහතමනා නමි, පච්වාහතමනා උපසර්ග යෙදීමක් පමණි. ආඝාතිතමනා විහිංසා (හිංසා) කිරීම් වශයෙන් ආඝාත (තරහ) සිතක් මොවුන්ට ඇත්තේනුයි ආඝාතිත මනා නමි. පච්චා ඝාතිතමනා යනු උපසර්ග යොදා පදය වැඩිකිරීමකි. නැතහොත් ක්‍රෝධ වශයෙන් දුට්ඨමනා. වෛර කිරීම් වශයෙන් පදුට්ඨමනා. මකුවීම් වශයෙන් විරුද්ධමනා. අනුන්ගේ දොස් කීම් වශයෙන් පටිවිරුද්ධමනා. ද්වේෂ වශයෙන් ආහතපච්චාහතමනා. ව්‍යාපාද වශයෙන් ආඝාතිත පච්චාඝාතිතමනා. ප්රත්යයන්ගෙන් නොලැබීමෙන් දුට්ඨමනා පදුට්ඨමනා. අයස වශයෙන් විරුද්ධමනා පටිවිරුද්ධමනා ගැරහීම් වශයෙන් ආහතපච්වාහතමනා. දුක් වේදනාවෙන් යුක්ත වූ බැවින් ආඝාතිත පච්චාඝාතිත මනාති මෙසේ ද ඇතැමෙක් අර්ථ කියති. උපවදන්ති යනු ගර්හා (නින්දා) උපදවති. අභූතෙන යනු විද්‍යමාන නොවීමෙන්, අභූත වූ.
සද්දහන්තාති පසාදවසෙන සද්ධං උප්පාදෙන්තා. ඔකප්පෙන්තාති ගුණවසෙන ඔතරිත්වා අවකප්පයන්තා. අධිමුච්චන්තාති සම්පසාදනවසෙන සන්නිට්ඨානං කත්වා තෙසං කථං අධිවාසෙන්තා. සච්චමනාති තච්ඡමනා. සච්චසඤ්ඤිනොති තච්ඡසඤ්ඤිනො. තථමනාති අවිපරීතමනා. භූතමනාති භූතත්ථමනා. යාථාවමනාති නිච්චලමනා. අවිපරීතමනාති නිච්ඡයමනා. තත්ථ “සච්චමනා සච්චසඤ්ඤිනො”ති සච්චවාදිගුණං, “තථමනා තථසඤ්ඤිනො”ති සච්චසද්ධාගුණං, “භූතමනා භූතසඤ්ඤිනො”ති ඨිතගුණං, “යාථාවමනා යාථාවසඤ්ඤිනො”ති පච්චයිකගුණං, “අවිපරීතමනා අවිපරීතසඤ්ඤිනො”ති අවිසංවාදගුණං කථිතන්ති ඤාතබ්බං.
සද්දහන්තා යනු ප්‍රසාද වශයෙන් ශ්‍රද්ධාව උපදවමින්, ඔකප්පෙන්තා යනු සම්ප්‍රසාදන වශයෙන් සනිටුහන් කොට ඔවුන්ගේ කථාව ඉවසමින් සච්චමනා යනු සත්‍යයැයි සිතමින් සච්ච සඤ්ඤිනො යනු සත්‍යය යන සංඥා ඇතිව. තථමනා විපරීත නොවූවක්ය යන සිතින්, භූතමනා සිදුවූවක්ය යන සිතින්. යථාවමනා යනු නිශ්චල සිතින්. අවිපරීතමනා යනු නිශ්චය කරගනිමින්. එහි සච්චමනා සච්චසඤ්ඤිනො යනු සත්‍යවාදී ගුණයයි. තථමනා තථසඤ්ඤිනො යනු සත්යසඤ්ඤී ගුණයයි. භූතමනා භූතසඤ්ඤිනො යනු චෙතොභූත ගුණයයි. යථාවමනායථාවසඤ්ඤිනො යන්නෙන් සච්චායික ගුණය ද අවිපරීතමනා අවිපරීතසඤ්ඤිනො යන්නෙන් අවිසංවාද ගුණය ද කියන ලදැයි දතයුතුයි.
පරතොඝොසොති අඤ්ඤෙසං සන්තිකා උප්පන්නසද්දො. අක්කොසොති ජාතිආදීසු දසසු අක්කොසෙසු අඤ්ඤතරො. යො වාදං උපෙතීති යො පුග්ගලො උපවාදං උපගච්ඡති. කාරකො වාති කතදොසො වා. කාරකතායාති දොසස්ස කතභාවෙන වුච්චමානොති කථියමානො. උපවදියමානොති දොසං උපවජ්ජමානො. කුප්පතීති කොපං කරොති.
පරතො ඝොසො අන්‍යයන්ගේ සමීපයේදී උපන් ශබ්දයයි. අක්කොසො යනු ජාති ආදී දශ අක්‍රෝශ වස්තුවෙන් එකකින් ආක්‍රෝශ කිරීමයි. යො වාදං උපෙති යම් පුද්ගලයෙක් උපවාදයට පැමිණෙයි ද කාරකොවා කරන ලද දොස් ඇත්තෙක් හෝ. කතකොධතාය තරහින් කරන ලද බැවින් වුච්චමානො කියනු ලබනුයේ උපවදීයමානො දෝෂ උපදවනු ලබන්නේ, කුප්පති කෝප කරයි.
ඛීලජාතතාපි නත්ථීති චිත්තබන්ධභාවචිත්තකචවරභාවසඞ්ඛාතං පටිඝඛිලං ජාතං අස්සාති ඛිලජාතො, තස්ස භාවො ඛිලජාතතා, තාපි නත්ථි න සන්ති. පඤ්චපි චෙතොඛිලාති කාමෙ අවීතරාගො, කායෙ අවීතරාගො, රූපෙ අවීතරාගො, යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරති, අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති “ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි, දෙවඤ්ඤතරො වා”ති (ම· නි· 1.186) එවරූපා පඤ්චපි චිත්තස්ස බන්ධභාවකචවරභාවසඞ්ඛාතා චෙතොඛිලා නත්ථි.
ඛිලජාතතාපි නත්ථි සිතේ තද බව නැමති සිතේ කිළිටි නම් වූ පටිඝහුල මෙහි උපන්නේනුයි ඛිලජාතො නමි, එය ඇති බව ඛිල ජාතතා නමි, එය ද නැත. නසන්ති පඤ්චපි චෙතො ඛීලා කාමලෝකයන්හි අවීතරාගීව, රූපලෝකයන්හි අවීතරාගීව ඇතිතාක් බඩපිරෙනතාක් අනුභව කොට සෙය්‍යසුඛයෙහි, ඵස්ස සුඛයෙහි හා මිද්ධ සුඛයෙහි ඇලී ගැලී වසයි ද, එක්තරා දේව නිකායක් පතාගෙන බඹසර සුරකියි ද, ‘මම මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ වන්නෙමි, අන්‍යතර දෙවියෙක් හෝ වන්නෙමි’යි මෙබඳු වූ සිතුවිලි පහ ද සිතේ තද බව - කිළිටි බව නම් චෙතො ඛීලයන් ද නැත.
ඉමඤ්ච ගාථං වත්වා භගවා ආනන්දත්ථෙරං පුච්ඡි – “එවං ඛුංසෙත්වා වම්භෙත්වා වුච්චමානා භික්ඛූ, ආනන්ද, කිං වදන්තී”ති, “න කිඤ්චි භගවා”ති. “න, ආනන්ද, ‘අහං සීලවා’ති සබ්බත්ථ තුණ්හී භවිතබ්බං. ලොකෙ හි නාභාසමානං ජානන්ති, මිස්සං බාලෙහි පණ්ඩිත”න්ති (සං· නි· 2.241) වත්වා “භික්ඛූ, ආනන්ද, තෙ මනුස්සෙ එවං පටිචොදෙන්තූ”ති ධම්මදෙසනත්ථාය “අභූතවාදී නිරයං උපෙතී”ති (ධ· ප· 306; උදා· 38; ඉතිවු· 48; සු· නි· 666) ඉමං ගාථං අභාසි. ථෙරො තං උග්ගහෙත්වා භික්ඛූ ආහ – “මනුස්සා තුම්හෙහි ඉමාය ගාථාය පටිචොදෙතබ්බා”ති. භික්ඛූ තථා අකංසු. පණ්ඩිතමනුස්සා තුණ්හී අහෙසුං. රාජාපි රාජපුරිසෙ සබ්බත්ථ පෙසෙත්වා යෙසං ධුත්තානං ලඤ්ජං දත්වා තිත්ථියා තං මාරාපෙසුං, තෙ ගහෙත්වා නිග්ගය්හ තං පවත්තිං ඤත්වා තිත්ථියෙ පරිභාසි. මනුස්සාපි තිත්ථියෙ දිස්වා ලෙඩ්ඩුනා හනන්ති, පංසුනා ඔකිරන්ති “භගවතො අයසං උප්පාදෙසු”න්ති. ආනන්දත්ථෙරො තං දිස්වා භගවතො ආරොචෙසි, භගවා ථෙරස්ස ඉමං ගාථමභාසි “සකඤ්හි දිට්ඨිං…පෙ… වදෙය්යා”ති.
මේ ගාථාව දෙසූ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන්ගෙන් මෙසේ විචාළ සේක. ‘ආනන්දය! මෙසේ භික්ෂූන්ට පීඩා කරමින්, දොස් දක්වමින් නින්දා කරන කල්හි ඒ භික්ෂූහු කුමක් කියත් ද?’ යනුවෙනි. එවිට ආනන්ද තෙරහු ‘භාග්‍යවතුන් වහන්ස! භික්ෂූහු කිසිවක් නොකියති’යි වදාළහ. ‘ආනන්දය, මම සිල්වතෙක්මි’යි සැමතැනම නිශ්ශබ්දව නොසිටිය යුතුයි. ලෝකයෙහි කියන්නවුන්ගේ වචනයේ ඇති වැරදි නිවැරදි බව පණ්ඩිතයෝ දැනගනිති. අනුවණයෝ නොදනිතියි දෙසූ බුදුහු ‘ආනන්දය, ඒ මිනිස්සු චෝදනා කරන කල්හි ධර්මදේශනා වශයෙන් ‘අභූතවාදී නිරයං උපෙතී’ යන ගාථාව කිවයුතුයි’ වදාළහ. ආනන්ද තෙරණුවෝ එම ගාථාව ඉගෙන භික්ෂූන්ට ඇවැත්නි! නුඹලාට මිනිසුන් චෝදනා කරන කල්හි මේ ගාථාවෙන් ප්රතිචෝදනා කරවු’යි පවසා ගාථාව භික්ෂූන්ට ඉගැන්වූහ. භික්ෂූහු එසේ කළහ. නුවණැති මිනිස්සු නිශ්ශබ්ද වූහ. රජතුමා ද රාජපුරුෂයන් සැමතැනම යවා යම් ධූර්ත පිරිසක් තීර්ථකයන්ගෙන් අල්ලස් ගෙන ඇය මරන ලද්දේ ද ඒ සියලු ධූර්තයන් අල්වා නිග්‍රහ කරන ලදී. ඒ පුවත දැනගත් රජු තීර්ථකයන්ට දෝෂාරෝපණය කළේය. ජනයා ද තීර්ථකයන් දැක ‘මොවුහු භාග්‍යවතුන් වහන්සේට අපකීර්තියක් ඇතිකළහ’යි ගල්මුල්වලින් ගසති, පස්වලින් ගසති. ආනන්ද තෙරණුවෝ එය දැක බුදුරදුන්ට මෙය දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන්ට මේ ගාථාව වදාළ සේක. ‘සකං හි දිට්ඨිං -පෙ- වදෙය්ය’ යන ගාථාවේ අර්ථය.
3 - 2
3 - 2
තස්ස අත්ථො – යායං දිට්ඨි තිත්ථියජනස්ස “සුන්දරිං මාරෙත්වා සමණානං සක්යපුත්තියානං අවණ්ණං පකාසෙත්වා එතෙනුපායෙන ලද්ධං සක්කාරං සාදියිස්සාමා”ති සො තං දිට්ඨිං කථං අතික්කමෙය්ය? අථ ඛො සො අයසො තමෙව තිත්ථියජනං පච්චාගතො තං දිට්ඨිං අච්චෙතුං අසක්කොන්තං. යො වා සස්සතාදිවාදී, සොපි සකං දිට්ඨිං කථමච්චයෙය්ය, තෙන දිට්ඨිඡන්දෙන අනුනීතො තාය ච දිට්ඨිරුචියා නිවිට්ඨො, අපි ච ඛො පන සයං සමත්තානි පකුබ්බමානො අත්තනාව පරිපුණ්ණානි තානි දිට්ඨිගතානි කරොන්තො යථා ජානෙය්ය, තථෙව වදෙය්යාති.
යම් ඒ අන්‍ය තීර්ථකයන්ගේ දෘෂ්ටියක් ‘සුන්දරිය මරා ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ගේ නුගුණ ප්‍රකාශ කරවා, මේ උපායෙන් ඔවුන්ට ලැබෙන සත්කාර ඉවත් කරවන්නෙමු’යි යනුවෙන් පැවතියේ ද ඒ දෘෂ්ටිය ඔහු කෙසේනම් ඉක්මවන්නේ ද? ඉක්බිති ඒ අයස (අපකීර්තිය) එය නිපදවූ තීර්ථක ජනයා පසුපසම ගියේය. ඒ වැරදි දෘෂ්ටිය ඉක්මවීමට නොහැක. යමෙක් ශාස්වතවාදී වේ ද හෙතෙමේ ද සක්කාය දිට්ඨිය කෙසේනම් ඉක්මවන්නේ ද? ඒ දිට්ඨිච්ඡන්දයෙන් පැමිණවූ ඒ දිට්ඨි රුචිකත්වයෙන් ඇලුණු ඔවුහු තමන්ම සමර්ථයන් යැයි සිතමින් තමන්ම පරිපූර්ණ වූවෝ යැයි සිතමින් ඒ දෘෂ්ටිගතිකයන් නිර්මාණය කරනුයේ යම්සේ දැනගන්නේ ද එසේම එය කියන්නේ ය.
අවණ්ණං පකාසයිත්වාති අගුණං පාකටං කත්වා. සක්කාරන්ති චතුන්නං පච්චයානං සක්කච්චකරණං. සම්මානන්ති චිත්තෙන බහුමානනං. පච්චාහරිස්සාමාති එතං ලාභාදිං නිබ්බත්තෙස්සාම. එවංදිට්ඨිකාති එවංලද්ධිකා. යථා තං “ලාභාදිං නිබ්බත්තෙස්සාමා”ති එවං අයං ලද්ධි තෙසං අත්ථි, තථා “අත්ථි මෙ වුත්තප්පකාරො ධම්මො”ති එතෙසං ඛමති චෙව රුච්චති ච, එවංසභාවමෙව වා තෙසං චිත්තං “අත්ථි මෙ චිත්ත”න්ති. තදා තෙසං දිට්ඨි වා, දිට්ඨියා සහ ඛන්ති වා, දිට්ඨිඛන්තීහි සද්ධිං රුචි වා, දිට්ඨිඛන්තිරුචීහි සද්ධිං ලද්ධි වා, දිට්ඨිඛන්තිරුචිලද්ධීහි සද්ධිං අජ්ඣාසයො වා, දිට්ඨිඛන්තිරුචිලද්ධිඅජ්ඣාසයෙහි සද්ධිං අධිප්පායො වා හොතීති දස්සෙන්තො “එවංදිට්ඨිකා…පෙ… එවංඅධිප්පායා”ති ආහ. සකං දිට්ඨින්ති අත්තනො දස්සනං. සකං ඛන්තින්ති අත්තනො සහනං. සකං රුචින්ති අත්තනො රුචිං. සකං ලද්ධින්ති අත්තනො ලද්ධිං. සකං අජ්ඣාසයන්ති අත්තනො අජ්ඣාසයං. සකං අධිප්පායන්ති අත්තනො භාවං. අතික්කමිතුන්ති සමතික්කමිතුං. අථ ඛො ස්වෙව අයසොති සො එව අයසො එකංසෙන. තෙ පච්චාගතොති තෙසං පතිආගතො. තෙති සාමිඅත්ථෙ උපයොගවචනං.
අවණ්ණං පකාසයිත්වා අගුණ ප්‍රකට කර. සක්කාරං සිවුපසය සකසා දීම සම්මානනං සිතින් බුහුමන් කිරීම. පච්චා හරිස්සාම යනු මෙසේ ලාභාදිය උපදවන්නෙමු යි. එවං දිට්ඨිකා යනු මෙවැනි ලබ්ධි ඇති, ‘යම්හෙයකින් ඔවුන්ට ලාභාදී සත්කාර උපදවන්නෙමු’යි යන මේ අදහස ඔවුන්ට ඇත. එසේ ම මවිසින් කියු ආකාර ඇති ධර්මය ද ඇත. මොවුන්ට එය රුචි වේ. එමෙන්ම එය ඉවසයි. මෙසේ ඔවුන්ගේ සිත ස්වභාවයෙන් ම ඇත. මගේ සිත ද එකල්හි ඒ දෘෂ්ඨිය වේ. දිට්ඨියත් සමග කැමැත්ත හෝ දිට්ඨිඛන්ති සමග රුචිය හෝ දිට්ඨිඛන්තිරුචි යන ධර්ම සමග ලබ්ධිය හෝ දිට්ඨිඛන්තිරුචි ලබ්ධි යන ධර්ම සමග අජ්ඣාසය හෝ දිට්ඨිඛත්තිරුචිලබ්ධි අජ්ඣාසය යන ධර්ම සමග අධිප්පාය හෝ වේයැයි දක්වනුයේ ‘එවං දිට්ඨිකා -පෙ- එවං අධිප්පායො’ යනාදිය කියන ලදී. සකං දිට්ඨිං යනු තමාගේ දැක්මයි. දර්ශනයයි. සකං ඛන්තිං යනු තමාගේ දැරීමයි. සකං රුචිං යනු තමාගේ රුචියයි. සකං ලද්ධිං යනු තමාගේ ලබ්ධියයි. සකං අජ්ඣාසයං යනු තමාගේ අදහසයි. සකං අධිප්පායං යනු තමාගේ භාවයයි. අතික්කමිතුං මනාව ඉක්මවීමට. අථඛො සොයෙව අයසො ඒකාන්තයෙන් ම ඒ අයස තෙ පච්චාගතො ඔවුන්ගේ පසුපස ආවේය. තෙ යනු ඡට්ඨි විභක්ති අර්ථයේ දුතියා විභක්ති වචනයකි.
අථ වාති අත්ථන්තරදස්සනං. සස්සතොති නිච්චො ධුවො. ලොකොති අත්තභාවො. ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති ඉදං එව තච්ඡං තථං, අඤ්ඤං තුච්ඡං. සමත්තාති සම්පුණ්ණා. සමාදින්නාති සම්මා ආදින්නා. ගහිතාති උපගන්ත්වා ගහිතා.
අථවා අර්ථයන්ගේ අතරක් දැක්වීමයි. (විකල්පාර්ථ දැක්වීමයි) සස්සතො නිත්‍ය ධුව ස්ථිර වූ. ලොකො ආත්මභාවය ඉදමෙව සච්චං මොඝමඤ්ඤං යනු මෙයම සත්‍ය වේ. අන් මත තුච්ඡ (හිස්) වේ. සමත්තා යනු සම්පූර්ණය. සමාදින්නා යනු මනාව ගන්නා ලද ගහිතා ලඟට පැමිණ ගන්නා ලද.
පරාමට්ඨාති සබ්බාකාරෙන පරාමසිත්වා ගහිතා. අභිනිවිට්ඨාති විසෙසෙන ලද්ධප්පතිට්ඨා. අසස්සතොති වුත්තවිපරියායෙන වෙදිතබ්බො.
පරාමට්ඨා සර්වප්‍රකාරයෙන්ම පරාමර්ශනය කොට ගන්නා ලද. අභිනිවිට්ඨා විශේෂයෙන් ලබන ලද පිහිට ඇති. අසස්සතො කියන ලද්දෙහි විපර්යාසයෙන් දතයුතුයි.
අන්තවාති සඅන්තො. අනන්තවාති වුද්ධිඅනන්තවා. තං ජීවන්ති සො ජීවො, ලිඞ්ගවිපල්ලාසො කතො. ජීවොති ච අත්තායෙව. තථාගතොති සත්තො, “අරහ”න්ති එකෙ. පරං මරණාති මරණතො උද්ධං, පරලොකෙති අත්ථො. න හොති තථාගතො පරං මරණාති මරණතො උද්ධං න හොති. හොති ච න ච හොති තථාගතො පරං මරණාති මරණතො උද්ධං හොති ච න හොති ච. නෙව හොති න න හොති තථාගතො පරං මරණාති උච්ඡෙදවසෙන නෙව හොති, තක්කිකවසෙන න න හොති.
අන්තවා යනු අන්තයක් සහිත වූ. අනන්තවා යනු අනන්තවත්ව වැඩෙන තං ජීවං යනු ඒ ජීවය ලිංග විපර්යාස කොට කියන ලද්දකි. ජීවය යනු ආත්මය මය. තථාගතො යනු සත්ත්වයා. ඇතැමෙක් රහතන් වහන්සේ යැයි කියති. පරං මරණා මරණයෙන් පසුව, පරලොවදී යන අර්ථයයි. න හොති තථාගතො පරම්මරණා යනු මරණයෙන් පසුව නොවේ. හොති ච න ච හොති තථාගතො පරම්මරණා මරණයෙන් පසුව වන්නේ ද නොවන්නේ ද වේ. නෙව හොති න නහොති තථාගතො පරම්මරණා යනු උච්ඡේද වශයෙන් නොවේ. තාර්කික වශයෙන් නොවන්නේ ද නොවේ.
සකාය දිට්ඨියාතිආදයො කරණවචනං. අල්ලීනොති එකීභූතො.
සක්කායදිට්ඨියා ආදිය කරණ විභක්ති වචනයි. අල්ලීනො යනු ඒකීභූත වූ.
සයං සමත්තං කරොතීති අත්තනා ඌනභාවං මොචෙත්වා සම්මා අත්තං සමත්තං කරොති. පරිපුණ්ණන්ති අතිරෙකදොසං මොචෙත්වා සම්පුණ්ණං. අනොමන්ති හීනදොසං මොචෙත්වා අලාමකං. අග්ගන්ති ආදිං. සෙට්ඨන්ති පධානං නිද්දොසං. විසෙසන්ති ජෙට්ඨකං . පාමොක්ඛන්ති අධිකං. උත්තමන්ති විසෙසං න හෙට්ඨිමං. පවරං කරොතීති අතිරෙකෙන උත්තමං කරොති. අථ වා “ආසයදොසමොචනෙන අග්ගං, සංකිලෙසදොසමොචනෙන සෙට්ඨං, උපක්කිලෙසදොසමොචනෙන විසෙසං, පමත්තදොසමොචනෙන පාමොක්ඛං, මජ්ඣිමදොසමොචනෙන උත්තමං, උත්තමමජ්ඣිමදොසමොචනෙන පවරං කරොතී”ති එවමෙකෙ වණ්ණයන්ති. අයං සත්ථා සබ්බඤ්ඤූති අයං අම්හාකං සත්ථා සබ්බජානනවසෙන සබ්බඤ්ඤූ. අයං ධම්මො ස්වාක්ඛාතොති අයං අම්හාකං ධම්මො සුට්ඨු අක්ඛාතො. අයං ගණො සුප්පටිපන්නොති අයං අම්හාකං ගණො සුට්ඨු පටිපන්නො. අයං දිට්ඨි භද්දිකාති අයං අම්හාකං ලද්ධි සුන්දරා. අයං පටිපදා සුපඤ්ඤත්තාති අයං අම්හාකං පුබ්බභාගා අත්තන්ත පාදිපටිපදා සුට්ඨු පඤ්ඤත්තා. අයං මග්ගො නිය්යානිකොති අයං අම්හාකං නිය්යාමොක්කන්තිකො මග්ගො නිය්යානිකොති සයං සමත්තං කරොති.
සයං සමත්තං කරොති යනු තමාගේ ඌණ (අඩු) භාවයෙන් මුදවා තමා මැනවින් දක්ෂයකු, සමර්ථයකු කරයි. පරිපුණ්ණං යනු අතිරේක දෝෂයන්ගෙන් මුදවා සම්පූර්ණ කරයි. අනෝමං යනු හීන වූ දෝෂයන්ගෙන් මුදවා ළාමක නොවූවකු කරයි. අග්ගං යනාදිය ද එසේමය. සෙට්ඨං යනු ප්‍රධාන වූ නිර්දෝෂී වූ. විසෙට්ඨං යනු ජ්‍යෙෂ්ඨ වූ. පාමොක්ඛං යනු අධික වූ, උත්තමං විශේෂයෙන් ශ්‍රේෂ්ඨ වූ. පවරං කරොතී යනු අතිරේක වශයෙන් උත්තමයෙක් කරයි. නැතහොත් ආසය දෝෂයන්ගෙන් මිදීමෙන් අග්ගං අග්‍ර වේ. සංකිලේස දෝෂයන්ගෙන් මිදීමෙන් සෙට්ඨං ශ්‍රේෂ්ඨ වේ. උපක්ලේශ දෝෂයන්ගෙන් මිදීමෙන් විසෙට්ඨං විසෙට්ඨ වේ. සත්වැදෑරුම් දෝෂයන්ගෙන් මිදීමෙන් පාමොක්ඛං පාමොක්ඛ නම් වේ. මධ්‍යම දෝෂයන්ගෙන් මිදීමෙන් උත්තමං උත්තම වේ. උත්තම, මධ්‍යම දෝෂයන්ගෙන් මිදීමෙන්. පවරං පවරයකු කරන්නේ නුයි ඇතැමෙක් වර්ණනා කරති. අයං සත්ථා සබ්බඤ්ඤූ යනු මේ අපගේ ශාස්තෲන් වහන්සේ සියල්ල දන්නා නිසා සර්වඥ නම් වන සේක. අයං ධම්මො ස්වාක්ඛාතො මේ අපගේ ශ්‍රී සද්ධර්මය මැනවින් දෙසන ලදී. අයං ගණො සුපටිපන්නො මේ අපගේ සංඝරත්නය මැනවින් පිළිපන්නේය. අයං දිට්ඨි භද්දිකා අපගේ ලබ්ධිය සුන්දරය. අයං පටිපදා සුපඤ්ඤත්තා මේ අපගේ පූර්වභාග වූ අත්තන්තප ආදී ප්රතිපදාවන් මැනවින් පනවන ලදී. අයං මග්ගො නීයාණිකො යනු මේ අපගේ නිවනට, මෝක්ෂයට යොමු වූ මාර්ගය නෛර්යාණිකය. මෙසේ තමන් සමර්ථයකු කරයි.
කථෙය්ය “සස්සතො ලොකො”ති. භණෙය්ය “ඉදමෙව සච්චං මොඝමඤ්ඤ”න්ති. දීපෙය්ය “අන්තවා ලොකො”ති. වොහරෙය්ය නානාවිධෙන ගණ්හාපෙය්ය “හොති ච න ච හොතී”ති.
කථෙය්ය යනු ලෝකය ශාස්වතය ආදී වශයෙන් කියන්නේ ය, මෙය ම ඇත්තයි සෙස්ස බොරුයැයි දක්වන්නේ ය. ලෝකය අන්තවත් යැයි ව්‍යවහාර කරන්නේය. වන්නේ ද නොවෙන්නේ ද වේ යනාදී ලෙස නානාවිධව ගන්වන්නේය.
අථ රාජා සත්තාහච්චයෙන තං කුණපං ඡඩ්ඩාපෙත්වා සායන්හසමයං විහාරං ගන්ත්වා භගවන්තං අභිවාදෙත්වා ආහ – “නනු, භන්තෙ, ඊදිසෙ අයසෙ උප්පන්නෙ මය්හම්පි ආරොචෙතබ්බං සියා”ති? එවං වුත්තෙ භගවා “න, මහාරාජ, ‘අහං සීලවා ගුණසම්පන්නො’ති පරෙසං ආරොචෙතුං අරියානං පටිරූප”න්ති වත්වා තස්සා අට්ඨුප්පත්තියා “යො අත්තනො සීලවතානීති අවසෙසගාථායො අභාසි.
ඉක්බිති රජතුමා සත්දිනකට පසු (බුදුරදුන්ට හා සංඝයාට එල්ල වූ) ඒ කුණපය (චෝදනාව) ඉවත්කරවා සවස් කාලයෙහි විහාරයට ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ මෙසේ කීවේය. ‘ස්වාමීනි! මෙවැනි අපකීර්තියක් ඇති වූ කල්හි මාහට දැන්විය යුතු නොවේ ද?’ යනුවෙනි. රජතුමා මෙසේ පැවසූවිට භාග්‍යවතුන් වහන්සේ “මහරජතුමනි! ‘මම සිල්වතෙක්මි. සීල සම්පන්නයෙක්මි’යි අනුන්ට දැන්වීම ආර්යයන්ට සුදුසු නොවන්නකි’යි වදාළහ. ඒ අර්ථෝත්පත්ති කොටගෙන “යො අත්තනො සීලවතානී”යි යනාදී අවශේෂ ගාථා වදාළ සේක.