යෙදුමෙන් කියවන්න

3. 2

3. 2.

3. 2.

සකං හි දිට‍්ඨිං කථමච‍්චයෙය්‍ය ඡන්‍දානුනීතො රුචියා නිවිට‍්ඨො, සයං සමත‍්තානි පකුබ‍්බමානො යථා හි ජානෙය්‍ය තථා වදෙය්‍ය.

දෘෂ්ටිච්ඡන්දයෙන් මෙහෙයන ලද දෘෂ්ටිරුචියෙහි බැසගත් තීර්‍ත්‍ථක ජන තෙමේ ස්වකීය දෘෂ්ටිය කිසෙයින් හරනේ ද, යළි තමා විසින් රැස් කරන ලද ඒ දෘෂ්ටිගතයන් කරනුයේ යම්සේ දනී නම් එසේ මැ කියන්නේ යි.

සකං හි දිට‍්ඨිං කථමච‍්චයෙය්‍යාති - යෙ තෙ තිත්‍ථියා සුන්‍දරිං පරිබ‍්බාජිකං හන‍්ත්‍වා සමණානං සක්‍යපුත‍්තියානං අවණ‍්ණං පකාසයිත්‍වා එවං එතං ලාභං යසං සක‍්කාරං සම‍්මානං පච‍්චාහරිස‍්සාමා’ති තෙ එවංදිට‍්ඨිකා එවංඛන‍්තිකා එවංරුචිකා එවංලද‍්ධිකා එවංඅජ‍්ඣාසයා එවමධිප‍්පායා, තෙ නාසක‍්ඛිංසු සකං දිට‍්ඨිං සකං ඛන‍්තිං සකං රුචිං සකං ලද‍්ධිං සකං අජ‍්ඣාසයං සකං අධිප‍්පායං අතික‍්කමිතුං. අථ ඛො ස‍්වෙව අයසො තෙ පච‍්චාගතොති. එවම‍්පි සකං දිට‍්ඨිං කථමච‍්චයෙය්‍ය. අථවා ‘සස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති යො සො එවංවාදො සො සකං දිට‍්ඨිං සකං ඛන‍්තිං සකං රුචිං සකං ලද‍්ධිං සකං අජ‍්ඣාසයං සකං අධිප‍්පායං කථං අච‍්චයෙය්‍ය අතික‍්කමෙය්‍ය සමතික‍්කමෙය්‍ය වීතිවත‍්තෙය්‍ය? තං කිස‍්ස හෙතු? තස‍්ස සා දිට‍්ඨි තථා සමත‍්තා සමාදින‍්නා ගහිතා පරාමට‍්ඨා අභිනිවිට‍්ඨා අජ‍්ඣොසිතා අධිමුත‍්තාති. එවම‍්පි ‘සකඤ‍්හි දිට‍්ඨිං කථමච‍්චයෙය්‍ය.’ අථවා ‘අසස‍්සතො ලොකො, අන‍්තවා ලොකො, අනන‍්තවා ලොකො, තං ජීවං තං සරීරං, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං, හොති තථාගතො පරම‍්මරණා, න හොති තථාගතො පරම‍්මරණා, හොති ච න හොති ච තථාගතො පරම‍්මරණා, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති යො සො එවංවාදො, සො සකං දිට‍්ඨි සකං ඛන‍්තිං සකං රුචිං සකං ලද‍්ධිං සකං අජ‍්ඣාසයං සකං අධිප‍්පායං කථං අච‍්චයෙය්‍ය අතික‍්කමෙය්‍ය සමතික‍්කමෙය්‍ය වීතිවත‍්තෙය්‍ය; තං කිස‍්ස හෙතු? තස‍්ස සා දිට‍්ඨි තථා සමත‍්තා සමාදින‍්නා ගහිතා පරාමට‍්ඨා අභිනිවිට‍්ඨා අජ‍්ඣොසිතා අධිමුත‍්තාති. එවම‍්පි ‘සකං හි දිට‍්ඨිං කථමච‍්චයෙය්‍ය.’

සකං හි දිට්ඨිං කථමච්චයෙය්‍ය - ඒ තීර්‍ත්‍ථකයෝ සුන්‍දරී පිරිවැජිය නසා ශ්‍රමණශාක්‍යපුත්‍රයන්ගේ අගුණ ප්‍රකට කොට ‘මෙසේ මේ ලාභ යශස් සත්කාර සම්මාන උපදවම්හ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු මෙබඳු කැමැත්ත - මෙබඳු රුචිය - මෙබඳු ලබ්ධිය - මෙබඳු අදහස - මෙබඳු අධිප්‍රාය ඇත්තාහු, ඔහු ස්වකීය දෘෂ්ටිය කැමැත්ත රුචිය ලබ්ධිය අධ්‍යාශය ස්වකීය අධිප්‍රාය ඉක්මවන්නට නො හැකි වූහ. වැලි එ මැ අයස ඔවුන් කරා පෙරළා පැමිණියේ නුයි මෙසේත් ‘සකං හි දිට්ඨිං කථමච්චයෙය්‍ය’ යනු වේ. නොහොත් ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සැබැවැ, අන්‍යය සිස් යැ’ යන මෙබඳු වාදය ස්වකීය දෘට්ඨිය සිය කැමැත්ත සිය රුචිය සිය ලබ්ධිය සිය අදහස සිය සිතැඟිය කෙසේ නම් ඉක්මවන්නේ ද, අතික්‍රමණය සමතික්‍රමණය කරන්නේ ද, බැහැර කරන්නේ ද, (නො කරන්නේ මැයැ.) ඊට කරුණු කිම යත්: ඔහුගේ ඒ දෘෂ්ටි තොමෝ එපරිද්දෙන් සම්පූර්‍ණ වූවා යැ මොනොවට ගන්නා ලද්දී යැ ඇසුරු කොට ගන්නා ලද්දී යැ පරාමර්‍ශනය කරන ලද්දී යැ අභිනිවේශය කරන ලද්දී යැ ඇතුළත් වූවා යැ බැසගන්නා ලද්දී යැ (එහෙයිනි). මෙසේත් ‘සකං හි දිට්ඨිං කථමච්චයෙය්‍ය’ යනු වේ. නොහොත් ආත්මභාවසඞ්ඛ්‍යාත ලෝකය අශාශ්වත යැ, ලෝකය (ආත්මභාවය) අන්තවත් යැ, ලෝකය අනන්තවත් යැ, ජීවයත් ශරීරයත් හේ මැයැ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ, සත්ත්‍ව තෙමේ මරණින් මතු (පරලොවැ) වෙයි. සත්ත්‍ව තෙමේ පරලොව නො මැ වෙයි. සත්ත්‍ව තෙමේ පරලොවැ උපදනේත් නූපදනේත් වෙයි. පරලොවැ නො මැ වෙයි. නොවන්නේ නො වෙයි. මේ මැ සැබැවැ අන්‍යය සිස් යැ යන මෙබඳු වාද සඞ්ඛ්‍යාත වූ ස්වකීය දෘෂ්ටිය... ස්වකීය හැඟීම කෙසේ නම් ඉක්මවන්නේ ද; ඊට හේතු කිම ? යත්: ඔහු විසින් ඒ දෘෂ්ටි තොමෝ නො ඉක්මැවියැ හැකි පරිද්දෙන් පුරන ලද, සමාදන් වන ලද ගන්නා ලද, පරාමර්‍ශ කරන ලද, අභිනිවේශ කරන ලද, ඇතුළත් වන ලද, බැසගන්නා ලද හෙයිනි. මෙසේත් ‘සකං හි දිට්ඨිං කථමච්චයෙය්‍ය’ යනු වේ.

ඡන්‍දානුනීතො රුචියා නිවිට‍්ඨොති - ‘ඡන්‍දානුනීතො’ති සකාය දිට‍්ඨියා සකාය ඛන‍්තියා සකාය රුචියා සකාය ලද‍්ධියා යායති නීයති වුය‍්හති සංහරීයති, යථා හත්‍ථියානෙන වා අස‍්සයානෙන වා ගොයානෙන වා මෙණ‍්ඩකයානෙන වා ඔට‍්ඨයානෙන වා යායති නිය්‍යති වුය‍්හති සංහරීයති, එවමෙවං සකාය දිට‍්ඨියා සකාය ඛන‍්තියා සකාය රුචියා සකාය ලද‍්ධියා යායති නිය්‍යති වුය‍්හති සංහරීයතීති ඡන්‍දානුනීතො; රුචියා නිවිට‍්ඨොති සකාය දිට‍්ඨියා සකාය ඛන‍්තියා සකාය රුචියා සකාය ලද‍්ධියා නිවිට‍්ඨො පතිට‍්ඨිතො අල‍්ලීනො උපාගතො අජ‍්ඣොසිතො අධිමුත‍්තොති ‘ඡන්‍දානුනීතො රුචියා නිවිට‍්ඨො’.

ඡන්දානුනීතො රුචියා නිවිට්ඨො - ‘ඡන්දානුනීතො’ යනු: ස්වකීය දෘෂ්ටියෙන් - කැමැත්තෙන් - රුචියෙන් - ලබ්ධිදියෙන් යවනු ලබයි, පමුණුවනු ලබයි, උසුලනු ලබයි, මොනවට හරිනු ලබා. ඇත්යානකින් හෝ අස්යානකින් හෝ රියකින් හෝ ගවයානකින් හෝ එළුයානකින් හෝ බැටළුයානකින් හෝ ඔටුයානකින් හෝ කොටළුයානකින් හෝ පමුණුවනු ලබන්නාක් මෙන් තමාගේ දෘෂ්ටියෙන් - කැමැත්තෙන් - රුචියෙන් - ලබ්ධිදියෙන් යවනු පමුණුවනු උසුලනු සංහරණය කරනු ලබා නුයි ‘ඡන්දානුනීතො’ යනු වේ. ‘රුචියා නිවිට්ඨො’ යනු: තමාගේ දෘෂ්ටියෙහි කැමැත්තෙහි රුචියෙහි ලබ්ධියෙහි පිවිසියේ පිහිටියේ ඇලුණේ උපගත වූයේ ඇතුළත් වූයේ බැසගන්නා ලද්දේ නුයි ‘ඡන්දානුනීතො රුචියා නිවිට්ඨො’ යනු වේ.

සයං සමත‍්තානි පකුබ‍්බමානොති - සයං සමත‍්තං කරොති, පරිපුණ‍්ණං කරොති, අනොමං කරොති, අග‍්ගං සෙට‍්ඨං විසෙට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරං කරොති; ‘අයං සත්‍ථා සබ‍්බඤ‍්ඤූ’ති සයං සමත‍්තං කරොති, පරිපුණ‍්ණං කරොති, අනොමං කරොති; අග‍්ගං සෙට‍්ඨං විසෙට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරං කරොති; ‘අයං ධම‍්මො ස‍්වාක‍්ඛාතො, අයං ගණො සුපටිපන‍්නො, අයං දිට‍්ඨි භද‍්දිකා, අයං පටිපදා සුපඤ‍්ඤත‍්තා, අයං මග‍්ගා නිය්‍යාණිකො’ති සයං සමත‍්තං කරොති, පරිපුණ‍්ණං කරොති, අනොමං කරොති, අග‍්ගං සෙට‍්ඨං විසෙට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරං කරොති ජනෙති සඤ‍්ජනෙති නිබ‍්බත‍්තෙති අභිනිබ‍්බත‍්තෙතීති ‘සයං සමත‍්තානි පකුබ‍්බමානො. ‘

සයං සමත්තානි පකුබ්බමානො - තෙමේ සම්පූර්‍ණ කෙරෙයි, පරිපූර්‍ණ කෙරෙයි, අලාමක කෙරෙයි, අග්‍ර ශ්‍රේෂ්ඨ ජ්‍යේෂ්ඨ ප්‍රමුඛ උත්තම ප්‍රවර කෙරෙයි. ‘මේ ශාස්තෘ සර්‍වඥ යැයි තෙමේ සම්පූර්‍ණ කෙරෙයි... ප්‍රවර කෙරෙයි. මේ ධර්‍මය ස්වාඛ්‍යාත යැ, මේ ගණ තෙමේ සුප්‍රතිපන්න යැ, මෙ දෘෂ්ටි තොමෝ සොඳුරු යැයි, මෙ ප්‍රතිපදා මැනැවින් පනවන ලදැයි, මේ මාර්‍ගය නෛර්‍ය්‍යාණික’ යැයි තෙමේ සම්පූර්‍ණ කෙරෙයි පරිපූර්‍ණ ...ප්‍රවර කෙරෙයි, උපදවයි, මොනොවට උපදවයි, නිපදවයි, වෙසෙසින් නිපදවා නුයි ‘සයං සමත්තානි පකුබ්බමානො’ යනු වේ.

යථා හි ජානෙය්‍ය තථා වදෙය්‍යාති - යථා ජානෙය්‍ය තථා වදෙය්‍ය කථෙය්‍ය භණෙය්‍ය දීපෙය්‍ය වොහරෙය්‍ය. ‘සස‍්සතො ලොකො, ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ’න‍්ති යථා ජානෙය්‍ය, තථා වදෙය්‍ය කථෙය්‍ය භණෙය්‍ය දීපෙය්‍ය වොහරෙය්‍ය. ‘අසස‍්සතො ලොකො -පෙ- නෙව හොති න ත හොති තථාගතො පරම‍්මරණා ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති යථා ජානෙය්‍ය, තථා වදෙය්‍ය කථෙය්‍ය භණෙය්‍ය දීපෙය්‍ය වොහරෙය්‍යාති යථා හි ජානෙය්‍ය තථා වදෙය්‍ය.

යථා හි ජානෙය්‍ය තථා වදෙය්‍ය - යම් සේ දන්නේ නම් එපරිද්දෙන් කියන්නේය, දක්වන්නේය, ව්‍යවහාර කරන්නේයැ; ‘ආත්මභාවලොකය ශාශ්වත යැ, මේ මැ සැබැව, අන්‍යය සිස් යැ’යි යම් සේ දනී නම් එසෙයින් කියන්නේ යැ, දක්වන්නේ යැ, වහරන්නේ යැ; ලෝකය අශාශ්වත යැ... සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි නො මැ වන්නේ යැ, නො වන්නේත් නො වෙයි, මෙය මැ සැබැව, අන්‍යය සිස් යැයි යම්සේ දනී නම් එසෙයින් කියන්නේය, පවසන්නේය, දක්වන්නේය වහරන්නේ නුයි ‘යථා හි ජානෙය්‍ය තථා වදෙය්‍ය‘ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“සකං හි දිට‍්ඨිං කථමච‍්චයෙය්‍ය ඡන්‍දානුනීතො රුචියා නිවිට‍්ඨො, සයං සමත‍්තානි පකුබ‍්බමානො යථා හි ජානෙය්‍ය තථා වදෙය්‍යා”ති.

“සකං හි දිට්ඨිං - පෙ - තථා වදෙය්‍ය” යි.