යෙදුමෙන් කියවන්න

3. 3

3. 3.

3. 3.

යො අත‍්තනො සීලවතානි ජන‍්තු අනානුපුට‍්ඨොව පරෙසං පාවා අනරියධම‍්මං කුසලා තමාහු යො ආතුමානං සයමෙව පාවා.

යම් පුද්ගලයෙක් නො පුළුවුස්නා ලදුයේ මැ තමාගේ ප්‍රාතිමොක්ෂාදි ශීලයෙන් හා ධුතඞ්ගාදිව්‍රතයන් අනුනට කියා ද, යමෙක් මෙසේ තමා (ගුණවතැයි) තෙමේ කියා ද, ඔහුගේ ඒ කීම අන්‍යර්‍ය්‍යධර්‍මයෙකැයි ස්කන්‍ධාදියෙහි කුශල වූ ආර්‍ය්‍යයෝ කියත්.

යො අත‍්තනො සීලවතානි ජන‍්තූති - ‘යො’ති යො යාදිසො යථායුත‍්තො යථාවිහිතො යථාප‍්පකාරො යං ඨානං පත‍්තො යංධම‍්මසමන‍්නාගතො ඛත‍්තියො වා බ්‍රාහ‍්මණො වා වෙස‍්සො වා සුද‍්දො වා ගහට‍්ඨො වා පබ‍්බජිතො වා දෙවො වා මනුස‍්සො වා; සීලබ‍්බතානීති අත්‍ථි සීලං චෙව වතං ච, අත්‍ථි වතං න සීලං. කතමං සීලං චෙව වතං ච? ඉධ භික‍්ඛු සීලවා හොති පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු, යො තත්‍ථ සඤ‍්ඤමො සංවරො අනතික‍්කමො, ඉදං සීලං. යං සමාදානං, තං වතං. සංවරට‍්ඨෙන සීලං, සමාදානට‍්ඨෙන වතං. ඉදං වුච‍්චති සීලං චෙව වතං ච. කතමං වතං න සීලං? අට‍්ඨ ධුතඞ‍්ගානි: ආරඤ‍්ඤිකඞ‍්ගං පිණ‍්ඩපාතිකඞ‍්ගං පංසුකූලිකඞ‍්ගං තෙචීවරිකඞ‍්ගං සපදානචාරිකඞ‍්ගං ඛලුපච‍්ඡාභත‍්තිකඞ‍්ගං නෙසජ‍්ජිකඞ‍්ගං යථාසන්‍ථතිකඞ‍්ගං, ඉදං වුච‍්චති වතං න සීලං. විරියසමාදානම‍්පි වුච‍්චති වතං න සීලං. “කාමං තචො ච නහාරු ච අට‍්ඨි ච අවසිස‍්සතු සරීරෙ උපසුස‍්සතු මංසලොහිතං, යං තං පුරිසථාමෙන පුරිසබලෙන පුරිසවිරියෙන පුරිසපරක‍්කමෙන පත‍්තබ‍්බං, න තං අපාපුණිත්‍වා විරියස‍්ස සන්‍ථානං භවිස‍්සතී”ති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. එවරූපං විරියසමාදානං වුච‍්චති වතං න සීලං.

යො අත්තනෝ සීලවතානි ජන්තු - ‘යො’ යනු: යම්බඳු වූ... (1-3 නිද්දෙසය) ‘සීලබ්බතානි’ යනු: ශීල ද වු ව්‍රත ද වූයෙක් ඇත, ශීල නො වූ ව්‍රතයෙක් ඇති. සීලනාර්ත්ථයෙන් ශීල වූයේත් සමාදානාර්ත්ථයෙන් ව්‍රත වූයේත් කවරැ? යත්: මේ ශාසනයෙහි මහණ සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර දෙකින් යුක්ත වැ වෙසෙයි, අණුමාත්‍ර දෝෂයෙහි භය දක්නාසුලු වූයේ සමාදන් වැ ශික්‍ෂා කොටස්හි හික්මෙයි. එහි යම් සංයමයෙක් සංවරයෙක් අනතික්‍රමයෙක් වී නම් මේ ශීල යැ. යම් සමාදානයෙක් වී නම් ඒ ව්‍රත යි. සංවරාර්ත්ථයෙන් ශීල යැ, සමාදානාර්ත්ථයෙන් ව්‍රත යි. මේ ශීලයත් ව්‍රතයත් වේ යැයි කියනු ලැබේ. ශීල නො වූ ව්‍රතය කවරැ? යත් ‘ආරඤ්ඤිකඞ්ග යැ පිණ්ඩපාතිකඞ්ග යැ පංසුකුලිකඞ්ග යැ තෙචීවරිකඞ්ග යැ සපදානචාරිකඞ්ග යැ ඛලුපච්ඡාභත්තිකඞ්ග යැ නෙසජ්ජිකඞ්ගය යථාසන්ථතිකඞ්ග යැ’ යන මේ ධුතාඞ්ග අට ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. වීර්‍ය්‍යසමාදානයත් ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබෙයි: ‘ඒකාන්තයෙන් ශරීරයෙහි සමත් නහරත් ඇටත් ඉතිරි වේවා, මස් ලේ වියැළේවා, පුරුෂශක්තියෙන් පුරුෂබලයෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් පැමිණියැ යුතු ඒ උත්තමාර්ත්ථයට නො පැමිණ වීර්‍ය්‍යයාගේ ශිථිලබවෙක් නො වන්නේ යැ’යි සිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙ බඳු වූ වීර්‍ය්‍යසමාදානය ශීල නො වූ ව්‍රත යැයි කියනුලැබේ.

1. “නාසිස‍්සං න පිවිස‍්සාමි විහාරතො න නික‍්ඛමෙ, නපි පස‍්සං නිපාතෙස‍්සං තණ‍්හාසල‍්ලෙ අනූහතෙ”ති

1. “තෘෂ්ණා නමැති හුල උපුටා නො ලූ කල්හි (මම් ඛාද්‍යාදිය) නො කමි, (යාගු ආදිය) නො බොමි, වෙහෙරින් බැහැර නො යමි, (ඇඳපුටු ආදියෙහි) ඇළය නො තබමි.”

චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති, එවරූපම‍්පි විරියසමාදානං වුච‍්චති වතං න සීලං. “න තාවාහං ඉමං පල‍්ලඞ‍්කං භින්‍දිස‍්සාමි, යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චිස‍්සතී”ති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. එවරූපං විරියසමාදානං වුච‍්චති වතං න සීලං. ‘න තාවාහං ඉමම‍්හා ආසනා වුට‍්ඨහිස‍්සාමි, චඞ‍්කමා ඔරොහිස‍්සාමි, විහාරා නික‍්ඛමිස‍්සාමි, අඩ‍්ඪයොගා නික‍්ඛමිස‍්සාමි, පාසාදා නික‍්ඛමිස‍්සාමි, හම‍්මියා නික‍්ඛමිස‍්සාමි, ගුහාය නික‍්ඛමිස‍්සාමි, ලෙණා නික‍්ඛමිස‍්සාමි, කුටියා නික‍්ඛමිස‍්සාමි, කූටාගාරා නික‍්ඛමිස‍්සාමි, අට‍්ටා නික‍්ඛමිස‍්සාමි, මාළා නික‍්ඛමිස‍්සාමි, උද‍්දණ‍්ඩා නික‍්ඛමිස‍්සාමි, උපට‍්ඨානසාලාය නික‍්ඛමිස‍්සාමි, මණ‍්ඩපා නික‍්ඛමිස‍්සාමි, රුක‍්ඛමූලා නික‍්ඛමිස‍්සාමි යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චිස‍්සතී’ති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. එවරූපං විරියසමාදානං වුච‍්චති වතං න සීලං. ‘ඉමස‍්මිං යෙව පුබ‍්බණ‍්හසමයං අරියධම‍්මං ආහරිස‍්සාමි සමාහරිස‍්සාමි අධිගච‍්ඡිස‍්සාමි ඵස‍්සයිස‍්සාමි සච‍්ඡිකරිස‍්සාමී’ති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. එවරූපං විරියසමාදානං වුච‍්චති වතං න සීලං, ‘ඉමස‍්මිංයෙව මජ‍්ඣන‍්තිකසමයං -පෙ- සායන‍්හසමයං - පුරෙභත‍්තං පච‍්ඡාභත‍්තං - පුරිමං යාමං - මජ‍්ඣිමං යාමං - පච‍්ඡිමං යාමං - කාලෙ - ජුණ‍්හෙ වස‍්සෙ - හෙමන‍්තෙ - ගිම‍්හෙ - පුරිමෙ වයොඛන්‍ධෙ - මජ‍්ඣිමෙ වයොඛන්‍ධෙ - පච‍්ඡිමෙ වයොඛන්‍ධෙ අරියධම‍්මං ආහරිස‍්සාමි සමාහරිස‍්සාමි අධිගච‍්ඡිස‍්සාමි ඵස‍්සයිස‍්සාමි සච‍්ඡිකරිස‍්සාමී’ති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. එවරූපම‍්පි විරියං සමාදානං වුච‍්චති වතං න සීලං. ජන‍්තූති සත‍්තො නරො මානවො පොසො පුග‍්ගලො ජීවො ජාගු ජන‍්තු ඉන්‍දගු හින්‍දගු මනුජොති ‘යො අත‍්තනො සීලවතානි ජන‍්තු.’

සිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙබඳු වූ වීර්‍ය්‍යසමාදානයත් ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. ‘මාගේ සිත උපාදානග්‍රහණය නො කොට (කාමාදි) ආස්‍රවයන්ගෙන් සමුච්ඡෙදවිමුක්තියෙන් නො මිදෙන තාක් මේ පලඟ නො බිඳිමී’ සිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍යසමාදානය ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. ‘මාගේ සිත උපාදානග්‍රහණය නො කොට ආස්‍රවයන්ගෙන් නොමිදෙන තාක් මේ ආසනයෙන් නො නැඟීසිටිමි, සක්මනින් නො බස්මි, ගුරුළුවක් ගෙයින් ප්‍රාසාදයෙන් හමර්යයෙන් ගුහායෙන් ලෙනින් කිළියෙන් කුළුගෙයින් අටල්ලෙන් වටගෙයින් උද්දණ්ඩයෙන් උවටැන්හලින් මඬුයෙන් රුක්මුලින් නො නික්මෙමී’ සිතට වැර ගන්වයි, පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍යසමාදානය ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. ‘මෙ දවස් මැ ආර්‍ය්‍යධර්‍මය (මාගේ සිතට) එළවමි, මොනොවට එළවමි, අධිගමය කරමි, ස්පර්‍ශ කරමි, ප්‍රත්‍යක්‍ෂ කරමී, සිත දැඩි කොට ගන්වයි, පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍යසමාදානය ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. මේ මැදි දහවල්හි මැ. . . පස්වරුයෙහි පෙරබත්හි පසුබත්හි - පෙරයමැ මැදියමැ අලුයමැ අවපසැ පුරපසැ වැසිකලැ හිමත් කලැ ගිම්කලැ ප්‍රථමවයස්හි මධ්‍යමවයස්හි පශ්චිමවයස්හි අරීදහම් එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්‍ශ කෙරෙමි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙමී’ සිත දැඩි කොට ගන්වයි, පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍යසමාදානයත් ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. ජන්තු යනු: (1-1 නිද්දෙසය.) ‘යො අත්තනෝ සීලවතානි ජන්තු’ යනු වේ.

අනානුපුට‍්ඨො ව පරෙසං පාවාති - ‘පරෙස’න‍්ති පරෙසං ඛත‍්තියානං බ්‍රාහ‍්මණානං වෙස‍්සානං සුද‍්දානං ගහට‍්ඨානං පබ‍්බජිතානං දෙවානං මනුස‍්සානං; අනානුපුට‍්ඨොති අපුට‍්ඨො අපුච‍්ඡිතො අයාචිතො අනජ‍්ඣෙසිතො අපසාදිතො; පාවාති අත‍්තනො සීලං වා වතං වා සීලබ‍්බතං වා පාවදති: අහමස‍්මි සීලසම‍්පන‍්නොති වා වතසම‍්පන‍්නොති වා සීලබ‍්බතසම‍්පන‍්නොති වා, ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනා, උච‍්චාකුලා පබ‍්බජිතොති වා මහාකුලා පබ‍්බජිතොති වා මහාභොගකුලා පබ‍්බජිතොති වා උළාරභොගකුලා පබ‍්බජිතොති වා, ඤාතො යසස‍්සී සගහට‍්ඨපබ‍්බජිතානන‍්ති වා, ලාභිම‍්හි චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානප‍්පච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානන‍්ති වා, විනයධරොති වා ධම‍්මකථිකොති වා ආරඤ‍්ඤිකොති වා රුක‍්ඛමූලිකොති වා පිණ‍්ඩපාතිකොති වා පංසුකූලිකොති වා තෙචීවරිකොති වා සපදානචාරිකොති වා ඛලුපච‍්ඡාභත‍්තිකොති වා නෙසජ‍්ජිකොති වා යථාසන්‍ථතිකොති වා, පඨමස‍්ස ඣානස‍්ස ලාභීති වා දුතියස‍්ස ඣානස‍්ස ලාභීති වා තතියස‍්ස ඣානස‍්ස ලාභීති වා චතුත්‍ථස‍්ස ඣානස‍්ස ලාභීති වා ආකාසානඤ‍්චායතනසමාපත‍්තියා ලාභීති වා විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තියා ලාභීති වා ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තියා ලාභීති වා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියා ලාභීති වා පාවදති කථෙති භණති දීපයති වොහරතීති ‘අනානුපුට‍්ඨොව පරෙසං පාවා’.

අනානුපුට්ඨොව පරෙසං පාවා - ‘පරෙසං’ යනු: අන්‍ය වූ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර ගෘහස්ථ ප්‍රව්‍රජිත දෙව මනුෂ්‍යයනට; අනානුපුට්ඨො - අපෘෂ්ට වූයේ නො පුළුවුස්නා ලදුයේ නො අයදනා ලදුයේ නො ඇණවන ලදුයේ නො පහදවන ලදුයේ; පාවා - තමා ගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය හෝ කියයි: ‘මම් සිල්වත්මී හෝ, ව්‍රතවත්මී හෝ, ශීලව්‍රතවත්මී හෝ, ජාතියෙන් ගෝත්‍රයෙන් කුලපුත්‍රභාවයෙන් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් ධනයෙක් අධ්‍යයනයෙන් කර්‍මාන්තයෙන් ශිල්පයෙන් විද්‍යාවෙන් ශ්‍රැතයෙන් ප්‍රතිභාණයෙන් හෝ එක්තරයෙකින් යුක්ත වෙමී හෝ, උසස් කුලයෙන් නික්මැ පැවිදි වීමි මහාසාරකුලයෙන් පැවිදි වීමි මහද්භෝග ඇති කුලයෙන් පැවිදි වීමි උළාරභොග කුලයෙන් පැවිදි වීමි හෝ, ගැහැවිපැවිද්දන් අතුරෙහි ප්‍රකටයෙමි පිරිවර ඇත්තෙමි හෝ, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පසබෙහෙත්පිරිකර ලැබෙමී හෝ, සෞත්‍රාන්තිකයෙමි විනයධරයෙමි ධර්‍මකථිකයෙමී හෝ, ආරණ්‍යකයෙමි වෘක්ෂමූලිකයෙමි පිණ්ඩපාතිකයෙමි පාංශුකුලිකයෙමි ත්‍රෛචීවරිකයෙමි සපදානචාරිකයෙමි ඛලුපච්ඡාභත්තිකයෙමි නෙසජ්ජිකයෙමි යථාසන්ථතිකයෙමී හෝ, ප්‍රථමධ්‍යානලාභී වෙමි ද්විතීය - තෘතීය - චතුර්ත්ථධ්‍යානලාභී වෙමි ආකාසානඤ්චායතන - විඤ්ඤාණඤ්චායතන - ආකිඤ්චඤ්ඤායතන - නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී වෙමී හෝ පවසයි කියයි බෙණෙයි දක්වයි ව්‍යවහාර කෙරේ නුයි ‘අනානුපුට්ඨොව පරෙසං පවා’ යනු වේ.

අනරියධම‍්මං කුසලා තමාහූති - ‘කුසලා’ති යෙ තෙ ඛන්‍ධකුසලා ධාතුකුසලා ආයතනකුසලා පටිච‍්චසමුප‍්පාදකුසලා සතිපට‍්ඨානකුසලා සම‍්මප‍්පධානකුසලා ඉද‍්ධිපාදකුසලා ඉන්‍ද්‍රියකුසලා බලකුසලා බොජ‍්ඣඞ‍්ගකුසලා මග‍්ගකුසලා ඵලකුසලා නිබ‍්බානකුසලා; තෙ කුසලා එවමාහංසු: අනරියානං එසො ධම‍්මො, නෙසො ධම‍්මො අරියානං, බාලානං එසො ධම‍්මො, නෙසො ධම‍්මො පණ‍්ඩිතානං, අසප‍්පුරිසානං එසො ධම‍්මො, නෙසො ධම‍්මො සප‍්පුරිසානන‍්ති එවමාහංසු එවං කථෙන‍්ති එවං භණන‍්ති එවං දීපයන‍්ති එවං වොහරන‍්තීති - අනරියධම‍්මං කුසලා තමාහු.

අනරියධම්මං කුසලා තමාහු - ‘කුසලා’ යනු: ස්කන්‍ධ - ධාතු - ආයතන - ප්‍රතීත්‍යාසමුත්පාද - ස්මෘතිප්‍රස්ථාන - සම්‍යක්ප්‍රධාන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නිර්‍වාණයෙහි නිපුණ වූවාහු මෙසේ කියති: ‘තෙල ධර්‍මය අනාර්‍ය්‍යන්ගේ යැ, ආර්‍ය්‍යයන්ගේ ධර්‍මයෙක් නො වෙයි. බාලයන්ගේ දහමෙක, පණ්ඩිතයන්ගේ දහමෙක් නො වෙයි. අසත්පුරුෂයන්ගේ දහමෙක, සත්පුරුෂයන්ගේ දහමෙක් නො වේ යයි මෙසේ පවසති කියති බෙණෙති දක්වති. මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘අනරියධම්මං කුසලා තමාහු’ යනු වේ.

යො ආතුමානං සයමෙව පාවාති - ‘ආතුමා’ වුච‍්චති අත‍්තා. සයමෙව පාවාති සයමෙව අත‍්තානං පාවදති: අහමස‍්මි සීලසම‍්පන‍්නොති වා වතසම‍්පන‍්නොති වා සීලබ‍්බතසම‍්පන‍්නොති වා, ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනා, උච‍්චාකුලා පබ‍්බජිතොති වා මහාකුලා පබ‍්බජිතොති වා මහාභොගකුලා පබ‍්බජිතොති වා උළාරභොගකුලා පබ‍්බජිතොති වා, ඤාතො යසස‍්සී සගහට‍්ඨපබ‍්බජිතානන‍්ති වා, ලාභීම‍්හි චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානප‍්පච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානන‍්ති වා, සුත‍්තන‍්තිකොති වා විනයධරොති වා ධම‍්මකථිකොති වා ආරඤ‍්ඤිකොති වා පිණ‍්ඩපාතිකොති වා පංසුකූලිකොති වා තෙචීවරිකොති වා සපදානචාරිකොති වා ඛලුපච‍්ඡාභත‍්තිකොති වා නෙසජ‍්ජිකොති වා යථාසන්‍ථතිකොති වා පඨමස‍්ස ඣානස‍්ස ලාභීති වා දුතියස‍්ස ඣානස‍්ස ලාභීති වා තතියස‍්ස ඣානස‍්ස ලාභීති වා චතුත්‍ථස‍්ස ඣානස‍්ස ලාභීති වා ආකාසානඤ‍්චායතනසමාපත‍්තියා ලාභීති වා විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තියා ලාභීති වා ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තියා ලාභීති වා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියා ලාභීති වා පාවදති කථෙති භණති දීපයති වොහරතීති යො ආතුමානං සයමෙව පාවාති.

යො ආතුමානං සයමෙව පාවා - ‘අතුමා’ යී ආත්මය කියනු ලැබේ. සයමෙව පවා - තෙමේ මැ තමා පවසයි: ‘මම් සීලසම්පන්නයෙමී’ හෝ (‘අනානුපුට්ඨො පරෙසං පාවා’ යන්නෙහි නිද්දෙසය බලනු.)... නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී වෙමී හෝ පවසයි, කියයි බෙණෙයි දක්වයි වහරා නුයි ‘යො ආතුමානං සයමෙව පාවා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“යො අත‍්තනො සීලවතානි ජන‍්තු අනානුපුට‍්ඨොව පරෙසං පාවා, අනරියධම‍්මං කුසලා තමාහු යො ආතුමානං සයමෙව පාවා”ති.

“යො අත්තනෝ සීලවතානි -පෙ- ආතුමානං සයමෙව පාවා” යනු.