3. 4
3. 4.
3. 4.
සන්තො ච භික්ඛු අභිනිබ්බුතත්තො ඉතිහන්ති සීලෙසු අකත්ථමානො, තමරියධම්මං කුසලා වදන්ති යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙ.
තවද යම් ක්ෂීණාස්රව මහණෙක් රාගාදි කෙලෙස් සන්හිඳීමෙන් ශාන්ත වූයේ රාගාදි ගිනි නිවීමෙන් නිවුණු සිත් ඇත්තේ ‘මම් මෙසේ වෙමී’ සිල් නිමිති කොට තමා එළවා කියන තෙපුල් නො කියන්නේ වේ ද, යමක්හුගේ ස්කන්ධාදිලොකයෙහි කිසි තැනෙක්හි රාගාදිඋත්සදයෝ නැද්ද, ඔහුගේ ඒ සිය ගුණ නො පාළකිරීම අරීදහමෙකැයි ස්කන්ධාදියෙහි නිපුණ වූ බුද්ධාදීහු කියත්.
සන්තො ච භික්ඛු අභිනිබ්බුතත්තොති - ‘සන්තො’ති රාගස්ස සමිතත්තා සන්තො, දොසස්ස සමිතත්තා සන්තො, මොහස්ස සමිතත්තා සන්තො, කොධස්ස, උපනාහස්ස, මක්ඛස්ස, පලාසස්ස, ඉස්සාය, මච්ඡරියස්ස, මායාය, සාඨෙය්යස්ස, ථම්භස්ස, සාරම්භස්ස, මානස්ස, අතිමානස්ස, මදස්ස, පමාදස්ස, සබ්බකිලෙසානං, සබ්බදුච්චරිතානං, සබ්බසන්තාපානං, සබ්බාකුසලාභිසංඛාරානං සන්තත්තා සමිතත්තා වූපසමිතත්තා විජ්ඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා පටිප්පස්සද්ධත්තා සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිප්පස්සද්ධොති - සන්තො; භික්ඛූති සත්තන්නං ධම්මානං භින්නත්තා භික්ඛු: සක්කායදිට්ඨි භින්නා හොති, විචිකිච්ඡා භින්නා හොති, සීලබ්බතරාමාසො භින්නො හොති, රාගො භින්නො හොති, දොසො භින්නො හොති, මොහො භින්නො හොති, මානො භින්නො හොති, භින්නාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා.
සන්තෝ ච භික්ඛු අභිනිබ්බුතත්තො - ‘සන්තෝ’ යනු: රාගය සමිත (සන්හිඳුවන ලද) වන බැවින් ශාන්ත යැ, ද්වේෂය සමිත වන බැවින් ශාන්ත යැ, මෝහය සමිත වන බැවින් ශාන්ත යැ, ක්‍රෝධය උපනාහය මකුබව පලාස (යුගග්‍රාහ)ය ඊර්ෂ්‍යාව මාත්සර්‍ය්‍යය මායාව ශඨබව තදබව කරණුත්තරියකරණය මානය අතිමානය මදය ප්‍රමාදය සියලු කෙලෙසුන් සියලු දුශ්චරිතයන් සියලු දරථයන් සියලු පරිදාහයන් සියලු සන්තාපයන් සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත වන බැවින් සමිත වන බැවින් වෙසෙසින් සමිත වන බැවින් දවන ලද වන බැවින් (සියලු සන්තාපයන්) නිවන ලද වන බැවින් දුරු කළ බැවින් ඉපැදීමට නුසුදුසු කළ බැවින් ශාන්ත වූයේ උපශාන්ත වූයේ නිවුණේ සන්හිඳුණේ නුයි ‘සන්ත’ නම. භික්ඛු - (මතු කියන) සප්තධර්මයන් භින්න වන බැවින් ‘භික්ඛු’ නම. සත්කායදෘෂ්ටිය බිඳුණේ වෙයි, විචිකිත්සාව - ශීලව්රතපරාමර්ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය බිඳුණේ වෙයි. ඔහු විසින් ක්ලෙශප්‍රත්‍යය වූ පුනර්භවය දෙන්නා වූ ක්ලේශදරථ සහිත වූ දුඃඛවිපාක වූ අනාගතයෙහි ජාතිජරාමරණයන්ට කාරණ වූ ලාමක වූ අකුශලධර්‍මයෝ බිඳුණා ලද්දාහු වෙත්.
1. “පජ්ජෙන කතෙන අත්තනා (සභියාති භගවා) පරිනිබ්බානගතො විතිණ්ණකඞ්ඛො විභවං භවං ච විප්පහාය වුසිතවා ඛීණපුනබ්භවො ස භික්ඛූ”ති-
1. යමෙක් තෙමෙ තමා විසින් වැඩූ මාර්ගයෙන් ක්ලේශපරිනිර්‍වාණයට ගියේ ද, එහෙයින් ම තරණය කළ සැක ඇත්තේ ද, විපත්ති සම්පත්ති ආදි භේද ඇති විභවයත් භවයත් දුරු කොට මාර්ගවාස වැස නිම වූ ක්ෂය කළ පුනර්භව ඇති හෙතෙම භික්ෂු නම් වේ නුයි-
සන්තො ච භික්ඛු.
‘සන්තෝ ච භික්ඛු’ යනු වේ.
අභිනිබ්බුතත්තොති - රාගස්ස නිබ්බාපිතත්තා අභිනිබ්බුතත්තො; දොසස්ස නිබ්බාපිතත්තා අභිනිබ්බුතත්තො; මොහස්ස නිබ්බාපිතත්තා අභිනිබ්බුතත්තො; කොධස්ස, උපනාහස්ස, මක්ඛස්ස, පලාසස්ස, ඉස්සාය, මච්ඡරියස්ස, මායාය, සාඨෙය්යස්ස, ථම්භස්ස, සාරම්භස්ස, මානස්ස, අතිමානස්ස, මදස්ස, පමාදස්ස, සබ්බකිලෙසානං, සබ්බදුච්චරිතානං, සබ්බදරථානං, සබ්බපරිළාහානං, සබ්බසන්තාපානං, සබ්බාකුසලාභිසඞ්ඛාරානං නිබ්බාපිතත්තා අභිනිබ්බුතත්තොති ‘සන්තො ච භික්ඛු අභිනිබ්බුතත්තො.’
අභිනිබ්බුතත්තො - රාගය නිවන ලද වන බැවින් නිවුණු සිත් ඇතියේ, ද්වේෂය නිවන ලද වන බැවින් නිවුණු සිත් ඇතියේ, මෝහය නිවන ලද වන බැවින් නිවුණු සිත් ඇතියේ, ක්‍රෝධය උපනාහය මකුබව පලාස (යුගග්‍රාහ)ය ඊර්ෂ්‍යාව මසුරුබව මායාව ශඨබව තදබව කරණුත්තරියකරණය මානය අතිමානය මදය ප්‍රමාදය සියලු කෙලෙසුන් සියලු දුශ්චරිතයන් සියලු දරථයන් සියලු පරිදාහයන් සියලු සන්තාපයන් සර්‍වාකුශලාභිසංස්කාරයන් නිවන ලද වන බැවින් වෙසෙසින් නිවුණු සිත් ඇත්තේ නුයි ‘සන්තෝ ච භික්ඛු අභිනිබ්බුතත්තො’ යනු වේ.
ඉතිහන්ති සීලෙසු අකත්ථමානොති - ‘ඉතිහ’න්ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි. අක්ඛරසමවායො ව්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාපෙතං ඉතිහන්ති. සීලෙසු අකත්ථමානොති ඉධෙකච්චො කත්ථි හොති විකත්ථි; සො කත්ථති ‘අහමස්මි සීලසම්පන්නො’ති වා ‘වතසම්පන්නො’ති වා ‘සීලබ්බතසම්පන්නො’ති වා, ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා කත්ථති විකත්ථති, එවං න කත්ථති න විකත්ථති, කත්ථනා ආරතො විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘ඉතිහන්ති සීලෙසු අකත්ථමානො’
ඉතිහන්ති සීලෙසු අකත්ථමානො - ‘ඉතිහං’ යනු: පදසන්ධි යැ, පදයන්ගේ සංසර්ග යැ, පදයන්ගේ එකතු වීම යැ, බ්‍යඤ්ජනයන්ගේ සිලුටුබව යැ, තෙල ‘ඉතිහං’ යනු පදයන්ගේ පරිපාටිය ද වේ. සීලෙසු අකත්ථමානො - මෙ ලොවැ කිසිවෙක් ආත්මවර්ණනාව කරනුයේ විවිධ කොට ආත්මවර්ණනාව කරනුයේ වෙයි: හෙතෙම ‘මම් සිල්වත්මී’ හෝ කියයි, ව්රතසම්පන්නයෙමී හෝ, ශීලව්රතසම්පන්නයෙමී හෝ, ජාතියෙන්, ගෝත්‍රයෙන්, කුලපුත්‍රභාවයෙන්, වර්ණසෞන්දර්ය්යයෙන් හෝ… නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී වෙමී හෝ කියයි වෙසෙසින් කියයි. මෙසේ නො කියයි, විවිධ කොට නො කියයි. ආත්මවර්ණනායෙන් දුරින් දුරු වූයේ නො ඇලුණේ සියලු ලෙසින් වෙන් වූයේ නික්මුණේ වෙන් වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්තවූයේ විගතමර්‍ය්‍යාදා කළ(එක් ව නො යෙදුණු) සිතින් යුක්ත ව වෙසේ නුයි ‘ඉතිහන්ති සීලෙසු අකත්ථමානො’ යනු වේ.
තමරියධම්මං කුසලා වදන්තීති - ‘කුසලා’ති යෙ තෙ ඛන්ධකුසලා ධාතුකුසලා ආයතනකුසලා පටිච්චසමුප්පාදකුසලා සතිපට්ඨානකුසලා සම්මප්පධානකුසලා ඉද්ධිපාදකුසලා ඉන්ද්රියකුසලා බලකුසලා බොජ්ඣඞ්ගකුසලා මග්ගකුසලා ඵලකුසලා නිබ්බානකුසලා, තෙ කුසලා එවං වදන්ති: ‘අරියානං එසො ධම්මො; නෙසො ධම්මො අනරියානං. පණ්ඩිතානං එසො ධම්මො; නෙසො ධම්මො බාලානං. සප්පුරිසානං එසො ධම්මො; නෙසො ධම්මො අසප්පුරිසානන්ති එවං වදන්ති, එවං කථෙන්ති, එවං භණන්ති, එවං දීපයන්ති, එවං වොහරන්තීති ‘තමරියධම්මං කුසලා වදන්ති.’
තමරියධම්මං කුසලා වදන්ති - ‘කුසලා’ යනු: ස්කන්ධයන්හි නිපුණ වූවාහු ධාතු - ආයතන - ප්‍රතීත්‍යසමුත්පාද - ස්මෘතිප්‍රස්ථාන - සම්‍යක්ප්‍රධාන - ඍද්ධිපාද - ඉන්ද්රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්ග - ඵල - නිර්වාණයෙහි නිපුණ වූවාහු මෙසේ කියති: ‘තෙල ආර්‍ය්‍යයන්ගේ දහමෙකි; අනාර්‍ය්‍යයන්ගේ දහමෙක් නො වෙයි. පණ්ඩිතයන්ගේ දහමෙකි; බාලයන්ගේ දහමෙක් නො වෙයි. තෙල සත්පුරුෂයන්ගේ දහමෙකි; අසත්පුරුෂයන්ගේ දහමෙක් නො වේ ය’යි මෙසේ පවසති, කියති, බෙණෙති, දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තමරියධම්මං කුසලා වදන්ති’ යනු වේ.
යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙති - ‘යස්සා’ති අරහතො ඛීණාසවස්ස; උස්සදාති සත්තුස්සදා: රාගුස්සදො දොසුස්සදො මොහුස්සදො මානුස්සදො දිට්ඨුස්සදො කිලෙසුස්සදො කම්මුස්සදො. තස්සිමෙ උස්සදා නත්ථි න සංවිජ්ජන්ති නූපලබ්භන්ති පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා; කුහිඤ්චීති - කුහිඤ්චි කිම්හිචි කත්ථචි අජ්ඣත්තං වා බහිද්ධා වා අජ්ඣත්තබහිද්ධා වා; ලොකෙති - අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙති ‘යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙ’ති.
යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලෝකේ - ‘යස්ස’ යනු: අර්හත් වූ ක්ෂීණාස්රවයක්හුගේ; උස්සදා - උත්සදයෝ සතෙකි: රගොත්සදය ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - කර්මොත්සදය ය යි. ඔහුට මේ උත්සදයෝ නැත, විද්‍යාමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරු වූවාහු අභව්‍යොත්පත්තික වූවාහු නුවණ නමැති ගින්නෙන් දවනා ලද්දාහු වෙත්. කුහිඤ්චි - අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ කිසි තැනෙක්හි; ලෝකේ - අපායලෝකයෙහි මනුෂ්‍ය - දෙව - ස්කන්ධ - ධාතු - ආයතනලෝකයෙහි නුයි ‘යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලෝකේ’ යනු වේ.
තෙනාහ භගවා:
එයිනි වදාළහ බුදුහු:
“සන්තො ච භික්ඛු අභිනිබ්බුතත්තො ඉතිහන්ති සීලෙසු අකත්ථමානො, තමරියධම්මං කුසලා වදන්ති යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙ”ති.
“සන්තෝ ච භික්ඛු-පෙ-කුහිඤ්චි ලෝකේ” යී.