යෙදුමෙන් කියවන්න

3 - 4 අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3 - 4

3 - 4

සන‍්තොති මූලපදං. රාගස‍්ස සමිතත‍්තාති රඤ‍්ජනලක‍්ඛණස‍්ස රාගස‍්ස සමිතභාවෙන. දොසාදීසුපි එසෙව නයො. විජ‍්ඣාතත‍්තාති සබ‍්බපරිළාහානං ඣාපිතත‍්තා. නිබ‍්බුතත‍්තාති සබ‍්බසන‍්තාපානං නිබ‍්බාපිතභාවෙන. විගතත‍්තාති සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරානං විගතභාවෙන දූරභාවෙන. පටිපස‍්සද‍්ධත‍්තාති සබ‍්බාකාරෙන අභබ‍්බුප‍්පත‍්තිකභාවෙන. සත‍්තන‍්නං ධම‍්මානං භින‍්නත‍්තා භික‍්ඛූති උපරි වත‍්තබ‍්බානං සත‍්තධම‍්මානං භින්‍දිත්‍වා ඨිතභාවෙන භික‍්ඛු. සක‍්කායදිට‍්ඨිවිචිකිච‍්ඡාසීලබ‍්බතපරාමාසොති ඉමෙ තයො කිලෙසා සොතාපත‍්තිමග‍්ගෙන භින‍්නා, රාගො දොසොති ඉමෙ ද‍්වෙ කිලෙසා ඔළාරිකා සකදාගාමිමග‍්ගෙන භින‍්නා, තෙ එව අණුසහගතා අනාගාමිමග‍්ගෙන භින‍්නා, මොහො මානොති ඉමෙ ද‍්වෙ කිලෙසා අරහත‍්තමග‍්ගෙන භින‍්නා. අවසෙසෙ කිලෙසෙ දස‍්සෙතුං “භින‍්නාස‍්ස හොන‍්ති පාපකා අකුසලා ධම‍්මා”ති ආහ. සංකිලෙසිකාති කිලෙසපච‍්චයා. පොනොභවිකාති පුනබ‍්භවදායිකා. සදරාති කිලෙසදරථා එත්‍ථ සන‍්තීති සදරා. “සද‍්දරා”තිපි පාඨො, සහදරථාති අත්‍ථො. දුක‍්ඛවිපාකාති ඵලකාලෙ දුක‍්ඛදායිකා. ආයතිං ජාතිජරාමරණියාති අනාගතෙ ජාතිජරාමරණස‍්ස පච‍්චයා.

සන්තො යනු මූලපදයයි. රාගස්ස සමිත්තතා ඇලීම් (රඤ්ජනය කිරීම්) ලක්‍ෂණ වූ රාගයේ සමිතභාවයෙන්. ද්වේෂාදියෙහි ද මේ නය ම වේ. විජ්ඣාතත්තා සියලු පරිළාහයන්ගේ දැවීමෙන්, නිබ්බුතත්තා සියලු සන්තාප නිවා දැමූ බැවින් විගතත්තා සියලු කුසලාභිසංඛාරයන් දුරුකළ බැවින්, ඉන් ඉතා දුර වූ බැවින්. පටිප්පසද්ධත්තා සර්වප්‍රකාරයෙන් ම නැවත ඉපදීම අභව්‍ය බැවින්. සත්තන්නං ධම්මානං භින්නත්තා භික්ඛූ මතුයෙහි කියනු ලබන සප්ත ධර්මයන් බිඳ දමා සිටි බැවින් භික්ඛු නම් වෙති. ඒවා නම්, සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය යන මේ කෙලෙස් ධර්ම තුන සෝවාන් මාර්ගයෙන් බිඳින ලදී. ඕළාරික වූ කාමය, තරහව යන මේ කෙලෙස් ධර්ම දෙක සකෘදාගාමී මාර්ගයෙන් බිඳින ලදී. ඒ ධර්මයන්ම අංශුවක්වත් ඉතිරි නොකර අනාගාමී මාර්ගයෙන් බිඳින ලදී. මෝහය, මානය යන මේ කෙලෙස් ධර්ම දෙක අර්හත් මාර්ගයෙන් බිඳින ලදී. අවශේෂ කෙලෙස් දැක්වීමට භින්නාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා යි කියන ලදී. සංකිලෙසිකා යනු කෙලෙස් ප්‍රත්‍යයෙන් (හේතුවෙන්) පොනොභවිකා පුනර්භවය ගෙන දෙන සද්දරා කෙලෙස් දැවීම් (දරථයන්) මොවුන්ට ඇත්තේනුයි සද්දරා නමි. සදරා යන පාඨය ද යෙදේ. ‘සහදරථ’ යන අර්ථමයි. දුක්ඛවිපාකං විපාක දෙන අවස්ථාවෙහි දුක් ගෙන දෙන ආයතිං ජාති ජරාමරණීයා යනු අනාගතයේ ජාතිජරා මරණයන්ට ප්‍රත්‍යවීමෙන්.

පජ‍්ජෙන කතෙන අත‍්තනාති ගාථාය අයං පිණ‍්ඩත්‍ථො – යො අත‍්තනා භාවිතෙන මග‍්ගෙන පරිනිබ‍්බානං ගතො, කිලෙසපරිනිබ‍්බානං පත‍්තො, පරිනිබ‍්බානගතත‍්තා එව ච විතිණ‍්ණකඞ‍්ඛො, විපත‍්තිසම‍්පත‍්තිහානිවුද‍්ධිඋච‍්ඡෙදසස‍්සතඅපුඤ‍්ඤපුඤ‍්ඤප‍්පභෙදං භවඤ‍්ච විභවඤ‍්ච විප‍්පහාය මග‍්ගවාසං වුසිතවා ඛීණපුනබ‍්භවොති එතෙසං ථුතිවචනානං අරහො සො භික‍්ඛූති.

‘පජ්ජෙන කතෙන අත්තනා’ යන ගාථාවේ මේ පිණ්ඩාර්ථයයි. (සංක්‍ෂිප්තාර්ථයයි.) යමෙක් තමා විසින් වඩන ලද මාර්ගයෙන් පිරිනිවනට ගියේ ද, කෙලෙස් පිරිනිවීමට ගිය බැවින් ම දුරුවූ සැක ඇත්තේ, විපත්ති-සම්පත්ති-හානි-වුද්ධි-උච්ඡේද-ශාස්වත-අපුඤ්ඤ-පුඤ්ඤ ප්‍රභේද ඇති විභවය ද භවය ද අත්හැර මාර්ග වාසයෙහි විසූ බැවින් ක්‍ෂය කළ පුනර්භව ඇත්තේ යැයි ඔවුන්ට මේ ස්තුති වචනය වේ. අරහා සො භික්ඛූති.

ඉතිහන‍්ති, ඉදහන‍්තීති දුවිධො පාඨො. ඉතීති පදසන්‍ධිආදයො සන්‍ධාය “ඉදහ”න‍්ති පාඨං න රොචෙන‍්ති. තත්‍ථ ඉතීති යං වුත‍්තං. පදසන්‍ධීති පදානං සන්‍ධි පදසන්‍ධි, පදඝටනන‍්ති අත්‍ථො. පදසංසග‍්ගොති පදානං එකීභාවො. පදපාරිපූරීති පදානං පරිපූරණං ද‍්වින‍්නං පදානං එකීභාවො. අක‍්ඛරසමවායොති එකීභූතොපි අපරිපුණ‍්ණොපි හොති, අයං න එවං. අක‍්ඛරානං සමවායො සන‍්නිපාතො හොතීති දස‍්සනත්‍ථං “අක‍්ඛරසමවායො”ති ආහ. බ්‍යඤ‍්ජනසිලිට‍්ඨතාති බ්‍යඤ‍්ජනසමුච‍්චයො පදමීති වුත‍්තානං බ්‍යඤ‍්ජනානං අත්‍ථබ්‍යඤ‍්ජනානං අත්‍ථබ්‍යත‍්තිකාරණානං වා මධුරභාවත‍්තා පාඨස‍්ස මුදුභාවො. පදානුපුබ‍්බතා මෙතන‍්ති පදානං අනුපුබ‍්බභාවො පදානුපුබ‍්බතා, පදපටිපාටිභාවොති අත්‍ථො. මෙතන‍්ති එතං. කතමන‍්ති චෙ? ඉතීති ඉදං. මෙතන‍්ති එත්‍ථ ම-කාරො පදසන්‍ධිවසෙන වුත‍්තො. කත්‍ථී හොතීති “අහමස‍්මි සීලසම‍්පන‍්නො”ති අත‍්තානං උක‍්කංසෙත්‍වා කථනසීලො හොති. කත්‍ථතීති වුත‍්තනයෙන කථයති. විකත්‍ථතීති විවිධා කථයති. කත්‍ථනාති කථනා. ආරතොති දූරතො රතො. විරතොති ඨානසඞ‍්කන‍්තිවසෙන විගතභාවෙන රතො. පටිවිරතොති තතො නිවත‍්තිත්‍වා සබ‍්බාකාරෙන වියුත‍්තො හුත්‍වා රතො. තත්‍ථ පිසාචං විය දිස‍්වා පලාතො ආරතො. හත්‍ථිම‍්හි මද‍්දන‍්තෙ විය පරිධාවිත්‍වා ගතො විරතො. යොධසම‍්පහාරං විය පොථෙත්‍වා මද‍්දෙත්‍වා ගතො පටිවිරතො.

ඉතිහං යනුයි. ඉදහං යනු ද මේ පාඨය දෙවැදෑරුම්ය. ඉති යනු පද සන්ධි ආදිය සඳහා කියන ලදී. ‘ඉදහං’ යන පාඨය රුචි නොවේ. එහි ‘ඉති’ යැයි යම් පදයක් කියන ලද්දේ ද පදසන්‍ධීති පදය සන්‍ධිය පදසන්‍ධියයි. පදගටනාවයි යන අර්ථයි. පද සංසග්ගො පදයන්ගේ ඒකීභාවයයි. (එකතු කිරීමයි.) පදපාරිපූරි පදයන්ගේ පරිපූරණය, දෙපදයන්ගේ එකීභාවය, අක්ඛර සමවායො එකීභූත වුවත්, අපරිපූර්ණ නොවූයේද වේ. මෙය මෙසේ අක්‍ෂරයන්ගේ සමවාය, සන්නිපාතය (එකතුවීම) නොවේ යැයි දැක්වීමට අක්ඛර සමවායො යැයි කියන ලදී. බ්‍යඤ්ජන සිලිට්ඨතා යනු ව්‍යඤ්ජනාක්‍ෂර එකතුවීමේ දී අර්ථ සම්පූර්ණ වීමයි. කියන ලද ව්‍යඤ්ජනයන්ගේ, අර්ථ ව්‍යඤ්ජනයන්ගේ අර්ථ ව්‍යක්තිය ඇතිකරන මිහිරි භාවයයි. ගාථාර්ථයේ මෘදු භාවයයි. විෂම බව නොවේ. පදානු පුබ්බතාපෙතං යනු පදයන්ගේ අනුපූර්වතාව පදානුපුබ්බතාවයි. පදයන්ගේ පිළිවෙළ යන අර්ථයි. චෙතං යනු මේ. කතමං යනු ඒ කෙසේද? මෙතං යන මෙහි ම කාරය පද සන්ධි කිරිමට කියන ලද්දකි. කථංහොති යනු මම සිල්වතෙක් වෙමි’යි තමා උසස් කර (හුවා දක්වා) කථා කරන ස්වභාවය වේ. කත්‍ථති යනු ඉහත කියූ ක්‍රමයෙන් කියයි. විකත්‍ථති යනු විවිධාකාරයෙන් කියයි. කත්‍ථනා යනු කීමයි. ආරතො යනු ඉතා දුරින් විරතො ළං වූ සමීප වූ ස්ථාන වශයෙන් දුරු වූ හෙයින් නො ඇලුණේ, පටිවිරතො යනු ඉන් නැවතී සර්වප්‍රකාරයෙන්ම වියුක්ත වූවෙක්ව නො ඇලුණේ. එහි පිසාචයෙක් මෙන් දැක පලායන්නේ ආරතො වේ. ඇතෙකු මඩින කල්හි මෙන් ඔබනොබ දුවගියේ විරතො වේ. යෝධයන්ගේ යුද්ධයක් සන්සිඳුවා, මර්ධනය කර ගියාක් මෙන් පටිවිරතො.

ඛීණාසවස‍්සාති ඛීණකිලෙසාසවස‍්ස. කම‍්මුස‍්සදොති පුඤ‍්ඤාභිසඞ‍්ඛාරඅපුඤ‍්ඤාභිසඞ‍්ඛාරආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරසඞ‍්ඛාතානං කම‍්මානං උස‍්සදො උස‍්සන‍්නතා. යස‍්සිමෙති යස‍්ස ඛීණාසවස‍්ස ඉමෙ උස‍්සදා.

ඛීණාසවස්ස යනු ක්‍ෂය වූ කෙලෙස් ඇති රහතන් වහන්සේට. කම්මුස්සදො යනු පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභි සංඛාර හා ආනෙඤ්ජාභි සංඛාර සංඛ්‍යාත වූ කර්මය පිරුණු බවක් උත්සන්නතාවක් තස්සිමෙ යනු ඒ ක්‍ෂීණාස්‍රවයාගේ මේ උත්සදයෝ (නැත)

3 - 5

3 - 5

එවං ඛීණාසවපටිපත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි දිට‍්ඨිගතිකානං තිත්‍ථියානං පටිපත‍්තිඤ‍්ච දස‍්සෙන‍්තො ආහ “පකප‍්පිතා සඞ‍්ඛතා”ති. තත්‍ථ පකප‍්පිතාති පරිකප‍්පිතා. සඞ‍්ඛතාති පච‍්චයාභිසඞ‍්ඛතා. යස‍්සාති යස‍්ස කස‍්සචි දිට‍්ඨිගතිකස‍්ස. ධම‍්මාති දිට‍්ඨියො. පුරක‍්ඛතාති පුරතො කතා. සන‍්තීති සංවිජ‍්ජන‍්ති. අවීවදාතාති අවොදාතා. යදත‍්තනි පස‍්සති ආනිසංසං, තං නිස‍්සිතො කුප‍්පපටිච‍්චසන‍්තින‍්ති යස‍්සෙතෙ දිට‍්ඨිධම‍්මා ‘පුරක‍්ඛතා අවොදාතා සන‍්ති, සො එවංවිධො යස‍්මා අත‍්තනි තස‍්සා දිට‍්ඨියා දිට‍්ඨධම‍්මිකඤ‍්ච සක‍්කාරාදිං, සම‍්පරායිකඤ‍්ච ගතිවිසෙසාදිං ආනිසංසං සම‍්පස‍්සති, තස‍්මා තඤ‍්ච ආනිසංසං, තඤ‍්ච කුප‍්පතාය ච පටිච‍්චසමුප‍්පන‍්නතාය ච සම‍්මුතිසන‍්තිතාය ච කුප‍්පපටිච‍්චසන‍්තිසඞ‍්ඛාතං දිට‍්ඨිං නිස‍්සිතො ච හොති. සො තං නිස‍්සිතත‍්තා අත‍්තානං වා උක‍්කංසෙය්‍ය, පරෙ වා වම‍්භෙය්‍ය අභූතෙහිපි ගුණදොසෙහි.

මෙසේ රහතන් වහන්සේගේ පිළිවෙත දක්වා දැන් දෘෂ්ටිගතික වූ තීර්ථකයන්ගේ පිළිවෙතද දක්වමින් (පස්වන ගාථාව) වදාළහ. ‘පකප්පිතා සංඛතා’ යනාදී ගාථාවෙහි පකප්පිතා යනු පරිකල්පනය කළ සංඛතා ප්‍රත්‍යයෙන් සකස් කරන ලද. යසස යම්කිසි දෘෂ්ටිගතිකයකුගේ. ධම්මා දෘෂ්ටීහු. පුරක්ඛතා පෙරටුව කරන ලද. සන්ති විද්‍යමාන වෙත්. අවෙවදාතා අපිරිසිදු වූ යදත්තනි පස්සති ආනිසංසං තං නිස්සිතො කුප්ප පටිච්චසත්තිං යනු යමෙකුගේ ඒ දෘෂ්ටි ධර්මයෝ පෙරටු කරගෙන අපිරිසිදුව සිටිත්ද ඔහු මෙපරිද්දෙන්, තමා කෙරෙහි ඒ දෘෂ්ටියේ ප්‍රත්‍ය සංස්කාරාදිය මේ ලෝක වශයෙන් ද ගති විශේෂාදීය පරලෝක වශයෙන් ද යම් ආනිසංසයක් දක්නේද, එහෙයින් ඒ ආනිසංසය ද ඒ කිපීමද ප්‍රතීත්‍ය සමුත්පන්න බව නිසා ද සම්මුති ශාන්ත බව නිසා ද කෝපී බව දැක්වීම සංඛ්‍යාත දෘෂ්ටිය ද ආශ්‍රය කරගත්තේ වේ. ඔහු ඒ දෘෂ්ටියෙන් වෙලීගත් බැවින් තමා හෝ උසස්කර දක්වන්නේය. අනුන් හෝ පහත්කර දක්වන්නේය. ගුණ දෝෂයන්ගෙන් මැඬලන්නේය.

සඞ‍්ඛතාති මූලපදං. සඞ‍්ඛතාති පච‍්චයෙහි සමාගන‍්ත්‍වා කතා. උපසග‍්ගවසෙන පදං වඩ‍්ඪිතං. අභිසඞ‍්ඛතාති පච‍්චයෙහි අභිකතා. සණ‍්ඨපිතාති පච‍්චයවසෙනෙව සම‍්මා ඨපිතා. අනිච‍්චාති හුත්‍වා අභාවෙන. පටිච‍්චසමුප‍්පන‍්නාති වත්‍ථාරම‍්මණං පටිච‍්ච උප‍්පන‍්නා. ඛයධම‍්මාති කමෙන ඛයසභාවා. වයධම‍්මාති පවත‍්තිවසෙන පරිහායනසභාවා. විරාගධම‍්මාති අනිවත‍්තී හුත්‍වා විගච‍්ඡනසභාවා. නිරොධධම‍්මාති නිරුජ‍්ඣනසභාවා, අනුප‍්පත‍්තිධම‍්මා හුත්‍වා නිරුජ‍්ඣනසභාවාති අත්‍ථො. දිට‍්ඨිගතිකස‍්සාති ද‍්වාසට‍්ඨිදිට‍්ඨියො ගහෙත්‍වා ඨිතපුග‍්ගලස‍්ස.

සංඛාතා යනු මූලපදයයි. සංඛතා යනු ප්‍රත්‍යයන් එකතු වී කරන ලද. උපසර්ග යෙදීම් වශයෙන් පදය වැඩිකරන ලදී. අභිසංඛතා ප්‍රත්‍යයන්ගෙන් විශේෂයෙන් සකසන ලද. සණ්ඨාපිතා ප්‍රත්‍ය වශයෙන් ම මනාව තැබූ. අනිච්වා යනු ඇතිව නැතිවන බැවින් පටිච්ච සමුප්පන්නා යනු වස්තු අරමුණක් නිසා උපන් ඛය ධම්මා ක්‍රමයෙන් ක්‍ෂය ස්වභාවයට යන. වයධම්මා පැවතුම් වශයෙන් පිරිහී යන ස්වභාවය. විරාග ධම්මා නොනැවතීම ගමන්කරන ස්වභාවය. නිරෝධ ධම්මා නිරෝධවන (නැතිවන) ස්වභාවය. නූපදින ධර්මයක්ව නිරෝධ වන ස්වභාවය යන අර්ථයයි. දිට්ඨිගතිකස්ස දෙසැටක් මිසදිටු ගෙන සිටි පුද්ගලයාට.

පුරෙක‍්ඛාරාති පුරෙ කතා. තණ‍්හාධජොති උස‍්සාපිතට‍්ඨෙන තණ‍්හාධජො, තණ‍්හාපටාකා අස‍්ස අත්‍ථීති තණ‍්හාධජො. පුරෙචාරිකට‍්ඨෙන තණ‍්හා එව කෙතු අස‍්සාති තණ‍්හාකෙතු. තණ‍්හාධිපතෙය්‍යොති ඡන්‍දාධිපතිවසෙන, තණ‍්හා අධිපතිතො ආගතාති වා තණ‍්හාධිපතෙය්‍යො, තණ‍්හාධිපති වා එතස‍්ස අත්‍ථීති තණ‍්හාධිපතෙය්‍යො. දිට‍්ඨිධජාදීසුපි එසෙව නයො. අවොදාතාති අපරිසුද‍්ධා. සංකිලිට‍්ඨාති සයං කිලිට‍්ඨා. සංකිලෙසිකාති තපනීයා.

පුරෙක්ඛා මුලින් කළ, තණ්හා ධජො ඔසවා තබන බැවින් තණ්හාව ධජයකි. තණ්හාව නම් කොඩියක් මොහුට ඇත්තේනුයි තණ්හා ධජ වූ, පෙරටු කරගෙන හැසිරෙන බැවින් තණ්හාවම මොහු කේතුවක් කරගත්තේනුයි තණ්හා කෙතු, තණ්හාධිපතෙය්‍ය යනු ඡන්‍දාධිපති වශයෙන්. තණ්හා අධිපතිභාවයට පැමිණියේනුයි තණ්හාධිපතෙය්‍ය නම් වේ. නැතහොත් තණ්හාධිපති බව මොහුට ඇත්තේනුයි තණ්හාධිපතෙය්‍ය වේ. දිට්ඨිධජා ආදියෙහි ද ක්‍රමයෙන් අර්ථ ගතයුතුයි. අවොදාතා අපිරිසිදු වූ. සංකිලිට්ඨා තමාම කිලිටි වූ. සංකිලෙසකා පසුතැවිලි වන,

ද‍්වෙ ආනිසංසෙ පස‍්සතීති ද‍්වෙ ගුණෙ දක‍්ඛති. දිට‍්ඨධම‍්මිකඤ‍්ච ආනිසංසන‍්ති ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ පච‍්චක‍්ඛධම‍්මානිසංසඤ‍්ච. සම‍්පරායිකන‍්ති පරලොකෙ පත‍්තබ‍්බං ආනිසංසඤ‍්ච. යංදිට‍්ඨිකො සත්‍ථා හොතීති සත්‍ථා යථාලද‍්ධිකො භවති. තංදිට‍්ඨිකා සාවකා හොන‍්තීති තස‍්ස වචනං සුණන‍්තා සාවකාපි තථාලද‍්ධිකා හොන‍්ති. සක‍්කරොන‍්තීති සක‍්කාරප‍්පත‍්තං කරොන‍්ති. ගරුං කරොන‍්තීති ගරුකාරප‍්පත‍්තං කරොන‍්ති. මානෙන‍්තීති මනසා පියායන‍්ති. පූජෙන‍්තීති චතුපච‍්චයාභිහාරපූජාය පූජෙන‍්ති. අපචිතිං කරොන‍්තීති අපචිතිප‍්පත‍්තං කරොන‍්ති. තත්‍ථ යස‍්ස චත‍්තාරො පච‍්චයෙ සක‍්කරිත්‍වා සුඅභිසඞ‍්ඛතෙ පණීතෙ කත්‍වා දෙන‍්ති, සො සක‍්කතො. යස‍්මිං ගරුභාවං පට‍්ඨපෙත්‍වා දෙන‍්ති, සො ගරුකතො. යං මනසා පියායන‍්ති, සො මානිතො. යස‍්ස සබ‍්බම‍්පෙතං කරොන‍්ති, සො පූජිතො. යස‍්ස අභිවාදනපච‍්චුපට‍්ඨානඅඤ‍්ජලිකම‍්මාදිවසෙන පරමනිපච‍්චකාරං කරොන‍්ති, සො අපචිතො. කෙචි “සක‍්කරොන‍්ති කායෙන, ගරුං කරොන‍්ති වාචාය, මානෙන‍්ති චිත‍්තෙන, පූජෙන‍්ති ලාභෙනා”ති වණ‍්ණයන‍්ති. අලං නාගත‍්තාය වාති නාගභාවාය නාගරාජභාවාය වා අලං පරියත‍්තං. සුපණ‍්ණත‍්තාය වාති සුපණ‍්ණරාජභාවාය. යක‍්ඛත‍්තාය වාති යක‍්ඛසෙනාපතිභාවාය. අසුරත‍්තාය වාති අසුරභාවාය. ගන්‍ධබ‍්බත‍්තාය වාති ගන්‍ධබ‍්බදෙවඝටෙ නිබ‍්බත‍්තභාවාය. මහාරාජත‍්තාය වාති චතුන‍්නං මහාරාජානං අඤ‍්ඤතරභාවාය. ඉන්‍දත‍්තාය වාති සක‍්කභාවාය. බ්‍රහ‍්මත‍්තාය වාති බ්‍රහ‍්මකායිකාදීනං අඤ‍්ඤතරභාවාය. දෙවත‍්තාය වාති සම‍්මුතිදෙවාදීනං අඤ‍්ඤතරභාවාය. සුද‍්ධියාති පරිසුද‍්ධභාවාය අලං පරියත‍්තං. විසුද‍්ධියාති සබ‍්බමලරහිතඅච‍්චන‍්තපරිසුද‍්ධභාවාය. පරිසුද‍්ධියාති සබ‍්බාකාරෙන පරිසුද‍්ධභාවාය.

ද්වෙ ආනිසංසෙ පස්සති ගුණ දෙකක් දකියි. දිට්ඨධම්මිකං ච ආනිසංසං මේ ආත්මභාවයේදීම ප්‍රත්‍යක්‍ෂ කරගත් ධර්මය ඇති බව. සම්පරායිකං පරලොවදී පැමිණිය යුතු ආනිසංසද යංදිට්ඨිකො සත්‍ථා හොති ශාස්තෲන් වහන්සේ යම් පිළිගැනීමක් ඇත්තෙක් වේද, තං දිට්ඨිකා සාවකා හොන්ති උන්වහන්සේගේ වචන අසන ශ්‍රාවකයෝ ද ඒ පිළිගැනීම ම ඇතිව සිටිති. සක්කරොන්ති ඒ පිළිගැනීමට සත්කාර කරති. ගරුකරොන්ති ගරු වූ ස්වභාවයට පත් කරති. (ගරු කරති.) මානෙන්ති මනසින් (සිතින්) ප්‍රිය කරති. පූජෙන්ති සිවුපසයෙන් පුද පූජා කරති. අපචිතිං කරොන්ති අපචායනය (පිදීම) කරති. එහි යමෙකුට සිවුපසය සත්කාර කර, මනාව පිළියෙළ කරවා, ප්‍රණීතව ප්‍රණීතව දෙයි ද ඔහු සක්කතො වේ. යමෙකු කෙරේ ගරුභාවය පිහිටුවා දෙයි ද ඔහු ගරුකතො වේ. යමෙකුට මනුෂ්‍යයෝ ප්‍රිය කරත්ද ඔහු මානිතො වේ. යමෙකුට සියල්ල පූජා කරයි ද ඔහු පූජිතො වේ. යමෙකුට අභිවාදනය, සමීපයට එළඹීම්, ඇඳිලි බැඳීම් ආදියෙන් අතිශයින් යටහත් පැවතුම් දක්වයිද ඔහු අපචිතො වේ. ඇතැමෙක් කයින් සත්කාර කරති. වදනින් ගරු කරති. සිතින් බුහුමන් කරති. ලාභයෙන් පූජා කරතියි අර්ථ කියති. අලං නාගත්තාය වා යනු මේ දෘෂ්ටිය නාග බවට හෝ නාරජ බවට පත්වීමට ප්‍රමාණවත්ය. සුපණ්ණතාය වා ගුරුළු රජ බවට යක්ඛත්තාය වා යක්‍ෂ සේනාපති බවට අසුරත්තාය වා අසුර බවට ගන්‍ධබ්බත්තාය වා ගාන්ධර්ව දිව්‍ය සමූහයා අතර ඉපදීමට මහාරාජත්තාය වා සතරවරම් දෙව් රජවරුන්ගේ කෙනෙකු වීමට ඉන්‍දත්තාය වා ශක්‍ර බවට පත්වීමට බ්‍රහ්මත්තාය වා බ්‍රහ්මකායිකාදීන් අතර කෙනෙකු වීමට දෙවත්තායවා සම්මුති දෙවියන් අතරින් කෙනෙකු වීමට සුද්ධියා පිරිසිදු වීමට දෙවත්තායවා සම්මුති දෙවියන් අතරින් කෙනෙකු වීමට සුද්ධියා පිරිසිදු වීමට ප්‍රමාණවත්ය. සුදුසුය. පරිසුද්ධියා සර්ව ප්‍රකාරයෙන්ම පිරිසිදු වීම පිණිස.

තත්‍ථ තිරච‍්ඡානයොනියං අධිපච‍්චත‍්තං සුද‍්ධියා. දෙවලොකෙ අධිපච‍්චත‍්තං විසුද‍්ධියා. බ්‍රහ‍්මලොකෙ අධිපච‍්චත‍්තං පරිසුද‍්ධියා. චතුරාසීතිකප‍්පසහස‍්සානි අතික‍්කමිත්‍වා මුච‍්චනත්‍ථං මුත‍්තියා. අන‍්තරායාභාවෙන මුච‍්චනත්‍ථං විමුත‍්තියා. සබ‍්බාකාරෙන මුත‍්තියා පරිමුත‍්තියා. සුජ‍්ඣන‍්තීති තස‍්මිං සමයෙ පබ‍්බජිතභාවෙන සුද‍්ධිං පාපුණන‍්ති. විසුජ‍්ඣන‍්තීති පබ‍්බජ‍්ජං ගහෙත්‍වා පටිපත‍්තියා යුත‍්තභාවෙන විවිධෙන සුජ‍්ඣන‍්ති. පරිසුජ‍්ඣන‍්තීති නිප‍්ඵත‍්තිං පාපෙත්‍වා සබ‍්බාකාරෙන සුජ‍්ඣන‍්ති. මුච‍්චන‍්ති තෙසං සමයන‍්තරධම‍්මෙන. විමුච‍්චන‍්ති එතස‍්ස සත්‍ථුනො ඔවාදෙන. පරිමුච‍්චන‍්ති එතස‍්ස සත්‍ථුනො අනුසාසනෙන. සුජ‍්ඣිස‍්සාමීතිආදයො අනාගතවසෙන වුත‍්තා. ආයතිං ඵලපාටිකඞ‍්ඛීති අනාගතෙ විපාකඵලමාකඞ‍්ඛමානො. ඉදං දිට‍්ඨිගතිකානං ඉච‍්ඡාමත‍්තං. දිට‍්ඨිගතඤ‍්හි ඉජ‍්ඣමානං නිරයං වා තිරච‍්ඡානයොනිං වා නිප‍්ඵාදෙති.

එහි තිරිසන් යෝනියේ අධිපති බව ලැබීම ශුද්ධියෙන් මේ දෙලොව අධිපති බව ලැබීම විශුද්ධියේ වේ. බ්‍රහ්ම ලෝකයේ අධිපති බව ලැබීම පාරිශුද්ධියෙන් වේ. කල්ප අසූහාර දාහක් ඉක්මවා මිදීමට පත්වීම මුත්තියා අනතුරුවලින් මිදීම - නිරුපද්‍රිත වීම විමුත්තියා සර්ව ප්‍රකාරයෙන්ම මිදීම පරිමුත්තියා නම් වේ. සුජ්ඣන්ති ඒ සමයාන්තරයෙහි (ශාසනයේ) පැවිදි බව ලැබීමෙන් පිරිසිදු බවට පත්වෙති. විසුජ්ඣන්ති පැවිදි බව ලැබ පිළිවෙත් සම්පූර්ණ කිරීම් ආදියෙන් විශේෂයෙන් පිරිසිදු බව වෙති. පරිසුජ්ඣන්ති නිවනට හෝ මෝක්‍ෂයට) පැමිණ සර්වප්‍රකාරයෙන්ම පිරිසිදු වෙති. ඔවුන්ගේ සමයාන්තර ධර්මයෙන් මිදෙති. ඒ ශාස්තෲවරයාගේ අවවාදයෙන් මැනවින් මිදෙති. ඒ ශාස්තෲවරයාගේ අනුශාසනාවෙන් හාත්පසින් මිදෙති. ‘සුජ්ඣිස්සාමි’ යනාදිය අනාගත වශයෙන් කියන ලදී. ආයතිං ඵලපටිකංඛී යනු අනාගතයේ ඵලවිපාක කැමති වෙමින්, මේ දෘෂ්ටිගතිකයන්ගේ මනාව පුරුදු කළ දෘෂ්ටිය, පිළිගැනීම කමැත්තවුන්ට නිරය හෝ තිරිසන්යෝනිය හෝ උපදවයි.

අච‍්චන‍්තසන‍්තීති අතිඅන‍්තනිස‍්සරණසන‍්ති. තදඞ‍්ගසන‍්තීති පඨමජ‍්ඣානාදිගුණඞ‍්ගෙන නීවරණාදිඅගුණඞ‍්ගං සමෙතීති ඣානං තදඞ‍්ගසන‍්ති. සම‍්මුතිසන‍්තීති සමාහාරවසෙන දිට‍්ඨිසන‍්ති. තා විභාගතො දස‍්සෙතුං “කතමා අච‍්චන‍්තසන‍්තී”තිආදිමාහ. අමතං නිබ‍්බානන‍්ති එවමාදයො හෙට‍්ඨා වුත‍්තත්‍ථායෙව. පඨමං ඣානං සමාපන‍්නස‍්ස නීවරණා සන‍්තා හොන‍්තීති එවමාදයො අන‍්තො අප‍්පනායං අතිසයවසෙන වුත‍්තා. අපි ච සම‍්මුතිසන‍්ති ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා, සන‍්තීති ඉතරෙ ද‍්වෙ සන‍්තියො පටික‍්ඛිපිත්‍වා සම‍්මුතිසන‍්තිමෙව දීපෙති. කුප‍්පසන‍්තින‍්ති විපාකජනකවසෙන පරිවත‍්තනවසෙන චලසන‍්තිං . පකුප‍්පසන‍්තින‍්ති විසෙසෙන චලසන‍්තිං. එරිතසන‍්තින‍්ති කම‍්පනසන‍්තිං. සමෙරිතසන‍්තින‍්ති විසෙසෙන කම‍්පිතසන‍්තිං. චලිතසන‍්තින‍්ති තස‍්සෙව වෙවචනං. ඝට‍්ටිතසන‍්තින‍්ති පීළිතසන‍්තිං. සන‍්තිං නිස‍්සිතොති දිට‍්ඨිසඞ‍්ඛාතං සන‍්තිං නිස‍්සිතො. අස‍්සිතොති ආසිතො විසෙසෙන නිස‍්සිතො. අල‍්ලීනොති එකීභූතො.

අච්චන්ත සන්තී යනු අත්‍යන්ත ශාන්තියයි. නිර්වාණ ශාන්තියයි. තදංගසන්ති ප්‍රථම ධ්‍යානාංගයන්ගෙන් නීවරණරාදී අයහපත් ධර්ම සමනය කරන බැවින් ධ්‍යාන තදංග ශාන්ති නම් වේ. සම්මුති සන්ති යනු සමාහාර වශයෙන් දෙසැටක් මිසදිටුවලින් මිදීමෙන් ලැබෙන ශාන්තියයි. මේ ශාන්ති වර්ග තුන විස්තර වශයෙන් දැක්වීමට කතමා අච්චන්ත සන්තී යනාදිය කියන ලදී. ‘අමතං නිබ්බාණං’ යනාදී පදයන්ගේ අර්ථ ඉහත කියූ පරිදි දතයුතුයි. පළමු ධ්‍යානයට සමවැදුණු රෝගියාගේ නීවරණ සන්සිඳේ යැයි යනාදිය අර්පණා විස්තරයේදී ඉතා දීර්ඝ වශයෙන් දක්වන ලදී. තවද මේ ශාන්ති අතරින් සම්මුති ඝාන්තිය ම ගාථාවේ සන්ති යන්නෙන් අදහස් කරන ලදී. ඉතිරි ශාන්ති දෙක ඉවත ලා සම්මුති ශාන්තියම මෙහිදී ගතයුතුයි. කුප්පසන්ති යනු විපාක ජනක වශයෙන් ද පරිවර්තන වශයෙන් ද ශාන්තියයි. පකුප්පසන්ති විශේෂයෙන් වූ කෝප්‍ය ශාන්තියයි. පරිතසන්ති පතිකම්පිතසන්ති සමෙරිතසන්ති අර්ථ වැඩිකරන ලදී. විශේෂයෙන් කම්පිත වන ශාන්තිය චලිතසන්ති නමි. එයටම සමාන වදනකි. ඝටිතසන්ති යනු පීඩිත වූ ශාන්තියයි. නිස්සිතො යනු දෘෂ්ටි සංඛ්‍යාත ශාන්තිය ඇසුරු කළේ. අස්සිතො යනු විශේෂයෙන් ආශ්‍රිත වූ, ඇසුරු කළ. අල්ලීනො යනු එකට වැළඳ ගත්තේ. ඒකීභූත වූයේ.

3 - 6

3 - 6

එවං නිස‍්සිතෙ තාව “දිට‍්ඨීනිවෙසා…පෙ… ආදියතී ච ධම‍්ම”න‍්ති තත්‍ථ දිට‍්ඨීනිවෙසාති ඉදංසච‍්චාභිනිවෙසසඞ‍්ඛාතානි දිට‍්ඨිනිවෙසනානි. න හි ස‍්වාතිවත‍්තාති සුඛෙන අතිවත‍්තිතබ‍්බා න හොන‍්ති. ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතන‍්ති ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතෙසු තං තං සමුග‍්ගහිතං අභිනිවිට‍්ඨධම‍්මං නිච‍්ඡිනිත්‍වා පවත‍්තා දිට‍්ඨිනිවෙසා න හි ස‍්වාතිවත‍්තාති වුත‍්තං හොති. තස‍්මා නරො තෙසු නිවෙසනෙසු, නිරස‍්සතී ආදියතී ච ධම‍්මන‍්ති යස‍්මා න හි ස‍්වාතිවත‍්තා, තස‍්මා නරො තෙසුයෙව දිට‍්ඨිනිවෙසනෙසු අජසීලගොසීලකුක‍්කුරසීලපඤ‍්චාතපමරුප‍්පපාතඋක‍්කුටිකප‍්පධානකණ‍්ටකාපස‍්සයාදිභෙදං සත්‍ථාරං ධම‍්මක‍්ඛානං ගණාදිභෙදඤ‍්ච තං තං ධම‍්මං නිරස‍්සති ච ආදියති ච ජහති ච ගණ‍්හාති ච වනමක‍්කටො විය තං තං සාඛන‍්ති වුත‍්තං හොති.

මෙසේ ආශ්‍රිත වූයේම ය. දිට්ඨි නිවෙසා -පෙ- ආදියති ච ධම්මං යනාදී ගාථාවෙහි මේ ලෝකය ශාස්වතය. මෙයම සත්‍යය’ ආදී වශයෙන් පැවති දෘෂ්ටි පිළිගැනීම දිට්ඨි නිවෙසා නමි. නහි ස්වාති වත්තා යනු සුවසේ ඉක්මවිය හැක්කෝ නොවෙති. ධම්මෙසු නිගච්ඡෙය්‍ය සමුග්ගහිතං දෙසැටක් මිසදිටු දහම්හි මනාව බැසගෙන, ඒ ඒ ධර්මය මනාව පිළිගෙන, තදින් අල්ලාගෙන පවතිත් ද එහෙයින් මේ දෘෂ්ටි වෙලීම් ඉවත් කිරීම අසීරුය යන අදහසයි. තස්මා තරො තෙසු නිවෙසනෙසු නිරස්සති ආදියතිච්ච ධම්මං යනු ඒ දෘෂ්ටීන් ඉවත් කිරීම අපහසු හෙයින් මිනිසා ඒ දෘෂ්ඨින්හිම වෙලීගැලී තමා අජ ශීල, ගෝ ශීල, කුක්කුර ශීල, පංචතාපන, මරුප්පපාත, උක්කුටික ප්‍රධාන, කණ්ටක, අපස්සයාදී ප්‍රභේදයන් ද ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාවන්හි ගණාදී ප්‍රභේදයන් ද යන ඒ ඒ ධර්මය (පිළිගැනීම්) අත්හරියි. පිළිගනියි. ඉවත දමයි. නැවත ගනියි. වඳුරෙක් ඒ ඒ අතු අල්ලාගෙන අත හරින්නාක් මෙනැයි කියන ලදී.

එවං නිරස‍්සන‍්තො ච ආදියන‍්තො ච අනවට‍්ඨිතචිත‍්තත‍්තා අසන‍්තෙහිපි ගුණදොසෙහි අත‍්තනො වා පරස‍්ස වා යසායසං උප‍්පාදෙය්‍ය. දුරතිවත‍්තාති අතික‍්කමිතුං දුක‍්ඛා. දුත‍්තරාති දුඋත‍්තරා. දුප‍්පතරා දුස‍්සමතික‍්කමා දුබ‍්බිනිවත‍්තාති උපසග‍්ගෙන වඩ‍්ඪිතා.

මෙසේ අත්හරින්නේ ද පිළිගන්නේ ද නොනවත්වා ම වංචල වූ සිත් ඇති බැවින්, නොමැත්තා වූ ගුණ දෝෂයන් කරණ කොටගෙන තමාට හෝ අනුන්ට යස අයස උපදවන්නේ ය. දුරතිවත්තා යනු ඉක්මවීමට අපහසුය. දුත්තරා යනු දුක සේ ඉක්මවිය යුතු දු උත්තරා දුප්පතරා (එතෙර වීමට අපහසු) දුස්සමතික්කමා, දුබ්බීතිවත්තා (ඉක්මවීමට අපහසු) යනුවෙන් උපසර්ග යොදා අර්ථය වැඩිකරන ලදී.

නිච‍්ඡිනිත්‍වාති සස‍්සතවසෙන නිච‍්ඡයං කත්‍වා. විනිච‍්ඡිනිත්‍වාති අත‍්තවසෙන නානාවිධෙන විනිච‍්ඡයං කත්‍වා. විචිනිත්‍වාති පරියෙසිත්‍වා. පවිචිනිත්‍වාති අත‍්තනියවසෙන සබ‍්බාකාරෙන පරියෙසිත්‍වා. “නිචිනිත්‍වා විච‍්චිනිත්‍වා”තිපි පාඨො. ඔධිග‍්ගාහොති අවධියිත්‍වා ගාහො. බිලග‍්ගාහොති කොට‍්ඨාසවසෙන ගාහො “බිලසො විභජිත්‍වා”තිආදීසු (දී· නි· 2.378; ම· නි· 1.111) විය. වරග‍්ගාහොති උත‍්තමගාහො. කොට‍්ඨාසග‍්ගාහොති අවයවවසෙන ගාහො. උච‍්චයග‍්ගාහොති රාසිවසෙන ගාහො. සමුච‍්චයග‍්ගාහොති කොට‍්ඨාසවසෙන රාසිවසෙන ච ගාහො. ඉදං සච‍්චන‍්ති ඉදමෙව සභාවං. තච‍්ඡන‍්ති තථභාවං අවිපරීතසභාවං. තථන‍්ති විපරිණාමරහිතං. භූතන‍්ති විජ‍්ජමානං. යාථාවන‍්ති යථාසභාවං. අවිපරීතන‍්ති න විපරීතං.

නිච්ඡිනිත්‍වා ශාස්වත වශයෙන් නිශ්චය කර, විනිච්ඡිනිත්‍වා ආත්ම වශයෙන් නානාවිධව විනිශ්චය කර, විචිනිත්‍වා පර්යේෂණය කර, පවිචිනිත්‍වා ආත්මවාදයෙහි සර්වප්‍රකාරයෙන්ම විමසා බලා, නිචිනිත්‍වා විච්ඡිනිත්‍වා යන පාඨ ද යෙදේ. ඔධිග්ගා හො අවධි කොට ගැනීමය. නසා ගැනීමය. බිලග්ගාහො කොටස් වශයෙන් ගැනීමයි. ‘බිලසො පටිචිභජිත්‍වා’ ආදියෙහි මෙනි. වරගාහො උතුම් ගැනීමයි. කොට්ඨාසගාහො අවයව වශයෙන් ගැනීමයි. උච්චය ගාහො රාශි වශයෙන් ගැනීමයි. සමුච්චය ගාහො විශේෂ රාශි වශයෙන් ගැනීමයි. ඉදං සච්චං මෙය ම ස්වභාවයයි. තච්ඡං තථ සත්‍ය බව, නොවෙනස් බව. තථං පරිණාමයට පත්නොවන භූතං විද්‍යමාන වන, යථාවං යථා ස්වභාවය. අවිපරීතං විපරීත නොවන.

නිරස‍්සතීති නිඅස‍්සති වික‍්ඛිපති. පරවිච‍්ඡින්‍දනාය වාති පරෙහි විස‍්සජ‍්ජාපනෙන. අනභිසම‍්භුණන‍්තො වාති අසම‍්පාපුණන‍්තො වා අසක‍්කොන‍්තො වා විස‍්සජ‍්ජෙති. පරො විච‍්ඡින්‍දෙතීති අඤ‍්ඤො වියොගං කරොති. නත්‍ථෙත්‍ථාති නත්‍ථි එත්‍ථ. සීලං අනභිසම‍්භුණන‍්තොති සීලං අසම‍්පාදෙන‍්තො. සීලං නිරස‍්සතීති සීලං විස‍්සජ‍්ජෙති. ඉතො පරෙසුපි එසෙව නයො.

නිරස්සති ඉවතලයි. දුරුකරයි. පරවිච්ඡින්‍දතාය වා අනුන් විසින් වෙන්කරනු ලැබීමෙන්, අනභිසම්භුනන්තොවා නොපැමිණිනුයේ හෝ නොහැකි වනුයේ දුරුකරයි. අත්හරියි. පරො විච්ඡින්‍දෙති අනිකෙක් වියෝග කරයි. මෙහි නැත්තේනුයි නත්‍ථෙත්‍ථො යනුමෙහි නැත. සීලං අනභිසම්භුනන්තො සීලය සම්පාදනය නොකරන්නේ සීලං නිරස්සති සීලය අත්හරියි. අනෙක් පදයන්හි අර්ථ ද මෙසේ ම ගතයුතුයි.