යෙදුමෙන් කියවන්න

3 - 7 අට‍්ඨකථා

3 - 7

3 - 7

යො පනායං සබ‍්බදිට‍්ඨිගතාදිදොසධුනනාය පඤ‍්ඤාය සමන‍්නාගතත‍්තා ධොනො, තස‍්ස ධොනස‍්ස හි…පෙ… අනූපයො සො. කිං වුත‍්තං හොති? ධොනධම‍්මසමන‍්නාගමා ධොනස‍්ස ධුතසබ‍්බපාපස‍්ස අරහතො කත්‍ථචි ලොකෙ තෙසු තෙසු භවෙසු සංකප‍්පනා දිට‍්ඨි නත්‍ථි. සො තස‍්සා දිට‍්ඨියා අභාවා, යාය ච අත‍්තනා කතං පාපකම‍්මං පටිච‍්ඡාදෙන‍්තා තිත්‍ථියා මායාය වා මානෙන වා එවං අගතිං ගච‍්ඡන‍්ති, තම‍්පි මායඤ‍්ච මානඤ‍්ච පහාය ධොනො රාගාදීනං දොසානං කෙන ගච‍්ඡෙය්‍ය, දිට‍්ඨධම‍්මෙ සම‍්පරායෙ වා නිරයාදීසු ගතිවිසෙසෙසු කෙන සඞ‍්ඛං ගච‍්ඡෙය්‍ය, අනූපයො සො, සො හි තණ‍්හාදිට‍්ඨිඋපයානං ද‍්වින‍්නං අභාවෙන අනූපයොති.

යම් කෙනෙක් සියලු මිසදිටු පිළිගැනීම් ආදී දෝෂයන් සෝදාහැර ප්‍රඥාවෙන් යුක්ත වූ බැවින් ධොනො වේ. ‘තස්ස ධොනස්ස හි -පෙ- අනූපයො සො’ යන ගාථාවෙන් කුමක් කියන ලද ද? ධොන නම් ප්‍රඥා ධර්මයන්ගෙන් යුක්ත වූ බැවින් ධොනයාට, කම්පා කරන ලද සියලු පාපධර්ම ඇති රහතන් වහන්සේට ලොව කිසිතැනෙක්හි ඒ ඒ භවයන්හි සංකල්පනාදී දෘෂ්ටීන් නැත. උන්වහන්සේ ඒ දෘෂ්ටීන්ගේ අභාවයෙන් යුක්ත බැවිනි. යම් ඒ තමා විසින් කළ පව්කම් වසමින් අන්‍ය තීර්ථකයෝ මායාවෙන් හා මානයෙන් මෙසේ අගතියට (නරකයට) යත් ද එම මායාවත් මානයත් දුරුකළ බැවින් රහතන් වහන්සේ, රාගාදී දෝෂයන්ගෙන් කුමකින් යුත් ද? මෙලොව හෝ පරලොව, නිරයාදී ගති විශේෂයකට කුමකින් යන්නේ ද? අනුපායො සො යනු තණ්හා දිට්ඨි උපායන් දෙක නැති බැවින් අනුපාය නම් වේ.

කිං කාරණාති කෙන කාරණෙන. ධොනා වුච‍්චති පඤ‍්ඤාති ධොනා ඉති කිංකාරණා පඤ‍්ඤා කථීයති. තාය පඤ‍්ඤාය කායදුච‍්චරිතන‍්ති තාය වුත‍්තප‍්පකාරාය පඤ‍්ඤාය කායතො පවත‍්තං දුට‍්ඨු කිලෙසපූතිකත‍්තා වා චරිතන‍්ති කායදුච‍්චරිතං. ධූතඤ‍්ච ධොතඤ‍්චාති කම‍්පිතඤ‍්ච ධොවිතඤ‍්ච. සන්‍ධොතඤ‍්චාති සම‍්මා ධොවිතඤ‍්ච. නිද‍්ධොතඤ‍්චාති විසෙසෙන සුට‍්ඨු නිද‍්ධොතඤ‍්ච. රාගො ධුතො චාතිආදයො චතුන‍්නං මග‍්ගානං වසෙන යොජෙතබ‍්බා.

කිං කාරණා කවර කරුණකින්, ධොනා වුච්චති පඤ්ඤා ධොනා යනු කාරණා කාරණා දන්නා ප්‍රඥාව යැයි කියයි. තාය පඤ්ඤාය කාය දුච්චරිතං ඒ ඉහතින් කියූ ප්‍රඥාවෙන්. කයින් පැවති දුසිරිත, කුණු කෙලෙස් ඇතිකරන හැසිරීම හෝ දුච්චරිත නම් වේ. ධුතඤ්ච ධොතඤ්ච කම්පිත කළ බැවින් ද ධෝවනය කළ බැවින් ද සන්‍ධොතඤ්ච මනාව ධෝවනය කරන ලද බැවින්, නිද්ධොතඤ්ච විශේෂයෙන් මනාව සෝදන ලද. රාගො ධුතො වා යනාදිය සතර මාර්ග වශයෙන් යෙදිය යුතුයි.

සම‍්මාදිට‍්ඨියා මිච‍්ඡාදිට‍්ඨි ධුතා චාති මග‍්ගසම‍්පයුත‍්තාය සම‍්මාදිට‍්ඨියා මිච‍්ඡාදිට‍්ඨි කම‍්පිතා චලිතා ධොවිතා. සම‍්මාසඞ‍්කප‍්පාදීසුපි එසෙව නයො. වුත‍්තඤ‍්හෙතං “සම‍්මාදිට‍්ඨිකස‍්ස, භික‍්ඛවෙ, මිච‍්ඡාදිට‍්ඨි නිජ‍්ජිණ‍්ණා හොතී”ති සුත‍්තං (අ· නි· 10.106; දී· නි· 3.360) විත්‍ථාරෙතබ‍්බං. සම‍්මාඤාණෙනාති මග‍්ගසම‍්පයුත‍්තඤාණෙන, පච‍්චවෙක‍්ඛණඤාණෙන වා. මිච‍්ඡාඤාණන‍්ති විපරීතඤාණං අයාථාවඤාණං, පාපකිරියාසු උපචින‍්තාවසෙන පාපං කත්‍වා “සුකතං මයා”ති පච‍්චවෙක‍්ඛණාකාරෙන ච උප‍්පන‍්නො මොහො. සම‍්මාවිමුත‍්තියා මිච‍්ඡාවිමුත‍්තීති සමුච‍්ඡෙදවිමුත‍්තියා විපරීතා අයාථාවවිමුත‍්තියෙව චෙතොවිමුත‍්තිසඤ‍්ඤිතා.

සම්මා දිට්ඨියා මිච්ඡාදිට්ඨි ධුතා වා මාර්ග සම්ප්‍රයුක්ත වූ සම්මා දිට්ඨියෙන්, මිත්‍යා දෘෂ්ටිය කම්පිත කරන ලදී. සොළවන ලදී. ධෝවනය කරන ලදී. සම්මා සංකප්ප ආදියෙහි ද මේ ක්‍රමයම යෙදිය යුතුයි. මෙය කියන ලදී. ‘මහණෙනි, සම්මා දෘෂ්ටියෙන් මිත්‍යා දෘෂ්ටිය විනාශ කරනු ලබයි’ යන සූත්‍ර පාඨය විස්තර කළ යුතුයි. සම්මා ඤාණෙන යනු මාර්ග සම්ප්‍රයුක්ත ඤාණයෙන් හෝ ප්‍රත්‍යවේක්‍ෂණ ඤාණයෙන්. මිච්ඡා ඤාණං විපරීත වූ ඤාණය, අයථා ඤාණය, පාප ක්‍රියාවන්හි ඇලීම් වශයෙන් පාප ක්‍රියාවක් කොට ‘මවිසින් හොඳ දෙයක් කරන ලදී’යි සිහි කිරීම් වශයෙන් උපදින මෝහයයි. සම්මා විමුත්තියා මිච්ඡා විමුත්ති සමුච්ඡේද විමුක්තියෙන් විපරීත බවට, අයථා බවට, මිදීමට ගිය සිහි ඇතිව, විමුත්ති සංඥාවෙන් යුතු,

අරහා ඉමෙහි ධොනෙය්‍යෙහි ධම‍්මෙහීති රාගාදීහි කිලෙසෙහි දූරෙ ඨිතො අරහා ඉමෙහි වුත‍්තප‍්පකාරෙහි කිලෙසධොවනෙහි ධම‍්මෙහි උපෙතො හොති. ධොනොති ධොනො පුග‍්ගලො, තෙනෙව “සො ධුතරාගො”තිආදයො ආහ.

අරහා ඉමෙහි ධොනියෙහි ධම්මෙහි රාගාදී කෙලෙසුන්ගෙන් දුර සිටි බැවින්, රහතන් වහන්සේ, ඉහත කියූ පරිදි කෙලෙස් පිරිසිදු කරන ධර්මයන්ගෙන් යුක්ත වන සේක. ධොනො ප්‍රඥාවන්ත පුද්ගලයා. එහෙයින් ම ‘සො ධුතරාගො’ යනාදිය කියන ලදී.

මායා වුච‍්චති වඤ‍්චනිකාචරියාති වඤ‍්චනකිරියං වඤ‍්චනකරණං අස‍්සා අත්‍ථීති වඤ‍්චනිකාචරියා. තස‍්ස පටිච‍්ඡාදනහෙතූති තෙසං දුච‍්චරිතානං අප‍්පකාසනකාරණා. පාපිකං ඉච‍්ඡං පණිදහතීති ලාමකං පත්‍ථනං පතිට‍්ඨාපෙති. “මා මං ජඤ‍්ඤා”ති ඉච‍්ඡතීති “මය‍්හං කතං පාපං පරෙ මා ජානිංසූ”ති පච‍්චාසීසති. සඞ‍්කප‍්පෙතීති විතක‍්කං උප‍්පාදෙති. වාචං භාසතීති ජානංයෙව පණ‍්ණත‍්තිං වීතික‍්කමන‍්තො භික‍්ඛු භාරියං කරොති. “අම‍්හාකං වීතික‍්කමට‍්ඨානං නාම නත්‍ථී”ති උපසන‍්තො විය භාසති. කායෙන පරක‍්කමතීති “මයා කතං ඉදං පාපකම‍්මං මා කෙචි ජානිංසූ”ති කායෙන වත‍්තං කරොති. විජ‍්ජමානදොසපටිච‍්ඡාදනතො චක‍්ඛුමොහනමායා අස‍්සාති මායාවී, මායාවිනො භාවො මායාවිතා. කත්‍වා පාපං පුන පටිච‍්ඡාදනතො අතිච‍්ච අස‍්සරති එතාය සත‍්තොති අච‍්චසරා. කායවාචාකිරියාහි අඤ‍්ඤථා දස‍්සනතො වඤ‍්චෙතීති වඤ‍්චනා . එතාය සත‍්තා නිකරොන‍්තීති නිකති, මිච‍්ඡා කරොන‍්තීති අත්‍ථො. “නාහං එවං කරොමී”ති පාපානං වික‍්ඛිපනතො නිකිරණා. “නාහං එවං කරොමී”ති පරිවජ‍්ජනතො පරිහරණා. කායාදීහි සංහරණතො ගූහනා. සමභාගෙන ගූහනා පරිගූහනා. තිණපණ‍්ණෙහි විය ගූථං කායවචීකම‍්මෙහි පාපං ඡාදෙතීති ඡාදනා. සබ‍්බතො භාගෙන ඡාදනා පරිච‍්ඡාදනා. න උත‍්තානිං කත්‍වා දස‍්සෙතීති අනුත‍්තානිකම‍්මං. න පාකටං කත්‍වා දස‍්සෙතීති අනාවිකම‍්මං. සුට‍්ඨු ඡාදනා වොච‍්ඡාදනා. කතපටිච‍්ඡාදනවසෙන පුනපි පාපස‍්ස කරණතො පාපකිරියා. අයං වුච‍්චතීති අයං කතපටිච‍්ඡාදනලක‍්ඛණා මායා නාම වුච‍්චති, යාය සමන‍්නාගතො පුග‍්ගලො භස‍්මපටිච‍්ඡන‍්නො විය අඞ‍්ගාරො, උදකපටිච‍්ඡන‍්නො විය ඛාණු, පිලොතිකපලිවෙඨිතං විය ච සත්‍ථං හොති.

මායා වුච්චති වංචනිකා චරියා යනු වංචන ක්‍රියාවන්, වංචා කිරීම් මොහුට ඇත්තේනුයි වංචනික චරියා නම් වේ. තප්පටිච්ඡාදන හෙතු දුශ්චරිතයන්ගේ අප්‍රකාශන හේතුව. වසාදමන කාරණය. පාපිකං ඉච්ඡං පණිදහති පවිටු ප්‍රාර්ථනාවක් පිහිටුවයි. මා මං ජඤ්ඤාති ඉච්ඡතී මවිසින් කළ පවු අන්‍යයෝ නොදැනගනිත්වායි ප්‍රාර්ථනා කරයි. සංකප්පෙති විතර්ක උපදවයි. වාචං භාසති දැනගෙනම ප්‍රඥප්තිය ඉක්මවන, කඩ කරන භික්‍ෂුව බැරෑරුම් වූවක් කරයි. අපගේ නම් ශික්‍ෂාපද ඉක්මවීමක් නැතැ’යි උපශාන්ත වූවෙක් මෙන් කියයි. කායෙන පරක්කමති මවිසින් කළ මේ පවුකම, කිසිවෙක් දැන නොගනිත්වා’යි විද්‍යමාන දෝෂ වසා දමමින් කයින් ඊට පිළියම් යොදයි. ඇස් වහන, මුවහ කරන මායාව මොහුට ඇත්තේනුයි මායාවී වේ. මායාවී පුද්ගලයාගේ ස්වභාවය මායාවිතා වේ. පවක් කර නැවත එය වසා දමමින්, ඇත්ත ඉක්මවා යන ස්වභාවය අච්චයා. කාය වාග් ක්‍රියාවන්ගෙන් එකක් දක්වා රවටන්නේ නුයි වංචනා. මෙයින් සත්ත්වයන් රවන්නේ නුයි නිකති වේ. මිථ්‍යා ක්‍රියා කරත් යන අර්ථයයි. නාහං එවං කරොමි මම මෙසේ නොකරමි යි යනුවෙන් පාපයන්ගේ අවුල් කිරීම නිකිරණා වේ. මම මෙසේ නොකරමි යි බැහැර කිරීම, ප්‍රතික්‍ෂේප කිරීම පරිහරණා වේ. කායාදීන්හි සංවර භාවයෙන් පව් වැසීම ගූහනා වේ. හාත්පසින් ම වැසීම පරිගූහනා නම් වේ. අශුචියක් තණකොළවලින් වසන්නාක් මෙන් කාය වාග් ක්‍රියාවන්ගෙන් පාපය වසන්නේ නුයි ඡාදනා වේ. සර්වප්‍රකාරයෙන් ම වැසීම පරිච්ඡාදනා. ප්‍රකට නොකිරීම අනුත්තානිකම්මං. පව්කම් කර නොදක්වන්නේ නුයි අනාවිකම්මං. මනාව වසා දැමීම වොච්ඡාදනා. කරන ලද වසා දැමීම් නිසා නැවත නැවත පව් කිරීම පාප කිරියා. මෙසේ කරනු ලබන, වසා දමන, අනුන් රවටන ලක්‍ෂණය මායා නම් වේ. අයං වුච්චති මායා. මේ මායාව නම් සිතුවිල්ලෙන් යුතු පුද්ගලයා අළුවලින් වැසී ගිය ගිනි අඟුරක් මෙන් ද, ජලයෙන් වැසීගිය හුලක් මෙන් ද, වස්ත්‍රවලින් වසා දැමූ ආයුධයක් මෙන් ද දතයුතුයි.

එකවිධෙන මානොති එකපරිච‍්ඡෙදෙන එකකොට‍්ඨාසෙන මානො. යා චිත‍්තස‍්ස උන‍්නතීති යා චිත‍්තස‍්ස අබ‍්භුස‍්සාපනා, අයං මානොති අත්‍ථො. එත්‍ථ පුග‍්ගලං අනාමසිත්‍වා නිබ‍්බත‍්තිතමානොව වුත‍්තො.

එකවිධෙන මානො යනු වෙන් කිරීමකින්, එක් කොටසකින් එක් අයුරකින් ‘මාන’ නම් වේ. යා චිත්තස්ස උනන්තී යනු යම් සිතේ පවත්නා අතිශයින් හුවා දැක්වීම, උස් කර දැක්වීම මානය වේ යන අදහසයි. මෙහිදී පුද්ගලයා ස්පර්ශ නොකර උපදින මානයම කියන ලදී.

අත‍්තුක‍්කංසනමානොති අත‍්තානං උපරි ඨපනමානො. පරවම‍්භනමානොති පරෙ ලාමකකරණමානො. ඉමෙ ද‍්වෙ මානා යෙභුය්‍යෙන තථා පවත‍්තාකාරවසෙන වුත‍්තා.

අත්තුක්කංසන මානො යනු තමා උසස් කර දක්වන මානයයි. පරවම්භනමානො යනු අනුන් හෙළා දකින, ලඝුකර සිතන මානයයි. මේ මාන දෙක බොහෝ වශයෙන් ම එසේ පවත්නා ආකාරයෙන්ම කියන ලදී.

“සෙය්‍යොහමස‍්මී”ති මානොති ජාතිආදීනි නිස‍්සාය “අහමස‍්මි සෙය්‍යො”ති උප‍්පන‍්නො මානො. සදිසමානාදීසුපි එසෙව නයො. එවමිමෙපි තයො මානා පුග‍්ගලවිසෙසං අනිස‍්සාය තථා පවත‍්තාකාරවසෙන වුත‍්තා. තෙසු එකෙකො තිණ‍්ණම‍්පි සෙය්‍යසදිසහීනානං උප‍්පජ‍්ජති. තත්‍ථ “සෙය්‍යොහමස‍්මී”ති මානො සෙය්‍යස‍්සෙව යාථාවමානො, සෙසානං අයාථාවමානො. “සදිසොහමස‍්මී”ති මානො සදිසස‍්සෙව යාථාවමානො, සෙසානං අයාථාවමානො. “හීනොහමස‍්මී”ති මානො හීනස‍්සෙව යාථාවමානො, සෙසානං අයාථාවමානො.

සෙය්‍යො හමස්මීති මානො යනු ජාති ආදියක් පෙරටු කරගෙන ‘මම උතුම් වෙමි’ යි උපන් මානයයි. අසදිස මාන, සදිස මානාදියෙහි ද මේ අර්ථ ක්‍රමයම දත යුතුයි. මෙසේ මේ ත්‍රිවිධ මානය පුද්ගල විශේෂ නිමිති කර නොගෙන එසේ පවත්නා ආකාර වශයෙන් කියන ලදී. ඒ මාන තුනින් සෙය්‍ය, සදිස, හීනයන්ගේ සිත්හි එක් මානයක්ම උපදියි. එහි සෙය්‍යො හමස්මීතිමානො ‘මම ශ්‍රේෂ්ඨ වෙමි’ යන මානය ශ්‍රේෂ්ඨයාටම, යථාවමාන (අනුකූල මාන) වේ. සෙසු අයට අයථාවමාන වේ. සදිසො හමස්මීතිමානො ‘මම සමාන වෙමි’ යන මානය සදිසයාටම යථාවමාන වේ. සෙසු අයට අයථාවමාන වේ. හීනො හමස්මීති මානො ‘මම කුලහීන වෙමි’ යන මානය කුලහීනයාට ම යථාවමාන වේ. සෙසු අයට අයථාවමාන වේ.

චතුබ‍්බිධෙන මානො ලොකධම‍්මවසෙන වුත‍්තො. පඤ‍්චවිධෙන මානො පඤ‍්චකාමගුණවසෙන වුත‍්තො. ඡබ‍්බිධෙන මානො චක‍්ඛාදිසම‍්පත‍්තිවසෙන වුත‍්තො. තත්‍ථ මානං ජනෙතීති මානං උප‍්පාදෙති.

සතරවැදෑරුම් මානය ලෝක ධර්මතා වශයෙන් කියන ලදී. පස්වැදෑරුම් මානය පස්කම් සුව වශයෙන් කියන ලදී. සවැදෑරුම් මානය චක්‍ෂු ආදී සම්පත් වශයෙන් කියන ලදී. එහි මානං ජනෙති යනු මානය උපදවයි.

සත‍්තවිධෙන මානනිද‍්දෙසෙ මානොති උන‍්නමො. අතිමානොති “ජාතිආදීහි මයා සදිසො නත්‍ථී”ති අතික‍්කමිත්‍වා මඤ‍්ඤනවසෙන උප‍්පන‍්නො මානො. මානාතිමානොති “අයං පුබ‍්බෙ මයා සදිසො, ඉදානි අහං සෙට‍්ඨො, අයං හීනතරො”ති උප‍්පන‍්නො මානො. අයං භාරාතිභාරො විය පුරිමං සදිසමානං උපාදාය මානාතිමානො නාමාති දස‍්සෙතුං “මානාතිමානො”ති ආහ. ඔමානොති හීනමානො. යො “හීනොහමස‍්මී”ති මානො නාම වුත‍්තො, අයං ඔමානො නාම. අපි චෙත්‍ථ “ත්‍වං ජාතිමා, කාකජාති විය තෙ ජාති. ත්‍වං ගොත‍්තවා, චණ‍්ඩාලගොත‍්තං විය තෙ ගොත‍්තං. තුය‍්හං සරො අත්‍ථි, කාකසරො විය තෙ සරො”ති එවං අත‍්තානං හෙට‍්ඨා කත්‍වා පවත‍්තනවසෙන අයං “ඔමානො”ති වෙදිතබ‍්බො.

සත්වැදෑරුම් මාන දැක්වීමෙහි මානො යනු උස්ව නැගි මානයයි. අතිමානො යනු ජාති ආදියෙන් මා හා සමානයෙක් නැතැයි අනුන් ඉක්මවා සිතීමෙන් උපන් මානයයි. මානාතිමානො යනු ‘මොහු පෙර මා හා සමාන විය. දැන් මම ශ්‍රේෂ්ඨ වෙමි. මොහු හීනතමයෙකි’යි උපන් මානයයි. මෙය ඉතා වැඩි බරක් මෙනි. පෙර සදිස (සමාන) වූ මානය හේතුකරගෙන ඇතිවන මානාතිමානය දැක්වීමට මෙය කියන ලදී. ඔමානො යනු හීනමානයයි. යමෙක් ‘මම හීනයෙක් වෙමි’ යි මනියි ද එය ඕමාන නම් වේ. තවද මෙහි ‘නුඹ කපුටු ජාතිය මෙන් වූ ජාති ඇත්තෙකි. නුඹ ගෝත්‍ර ඇත්තෙකි. නුඹේ ගෝත්‍රය චණ්ඩාල ගෝත්‍රය මෙනි. නුඹට ස්වරයක් ඇත. එය කපුටු ස්වරය මෙනි. ආදී වශයෙන් තමා හෙළා දැක සිතීම් වශයෙන් ඇතිවනුයේ මේ හීන මානය බව දතයුතුයි.

අධිමානොති චත‍්තාරි සච‍්චානි අප‍්පත්‍වා පත‍්තසඤ‍්ඤිස‍්ස, චතූහි මග‍්ගෙහි කත‍්තබ‍්බෙ කිච‍්චෙ අකතෙයෙව කතසඤ‍්ඤිස‍්ස, චතුසච‍්චධම‍්මෙ අනධිගතෙ අධිගතසඤ‍්ඤිස‍්ස , අරහත‍්තෙ අසච‍්ඡිකතෙ සච‍්ඡිකතසඤ‍්ඤිස‍්ස උප‍්පන‍්නො අධිගතමානො අධිමානො නාම. අයං පන කස‍්ස උප‍්පජ‍්ජති, කස‍්ස න උප‍්පජ‍්ජතීති? අරියසාවකස‍්ස තාව න උප‍්පජ‍්ජති. සො හි මග‍්ගඵලනිබ‍්බානපහීනකිලෙසාවසිට‍්ඨකිලෙසපච‍්චවෙක‍්ඛණෙන සඤ‍්ජාතසොමනස‍්සො අරියගුණපටිවෙධෙ නික‍්කඞ‍්ඛො, තස‍්මා සොතාපන‍්නාදීනං “අහං සකදාගාමී”තිආදිවසෙන මානො න උප‍්පජ‍්ජති, දුස‍්සීලස‍්ස ච න උප‍්පජ‍්ජති. සො හි අරියගුණාධිගමෙ නිරාසොව. සීලවතොපි පරිච‍්චත‍්තකම‍්මට‍්ඨානස‍්ස නිද‍්දාරාමතාදිමනුයුත‍්තස‍්ස න උප‍්පජ‍්ජති , පරිසුද‍්ධසීලස‍්ස පන කම‍්මට‍්ඨානෙ අප‍්පමත‍්තස‍්ස නාමරූපං වවත්‍ථපෙත්‍වා පච‍්චයපරිග‍්ගහෙන විතිණ‍්ණකඞ‍්ඛස‍්ස තිලක‍්ඛණං ආරොපෙත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තස‍්ස ආරද‍්ධවිපස‍්සකස‍්ස උප‍්පජ‍්ජති, උප‍්පන‍්නෙ ච සුද‍්ධසමථලාභී සුද‍්ධවිපස‍්සනාලාභී වා අන‍්තරා ඨපෙති. සො හි දසපි වස‍්සානි වීසම‍්පි වස‍්සානි තිංසම‍්පි වස‍්සානි අසීතිපි වස‍්සානි කිලෙසසමුදාචාරං අපස‍්සන‍්තො “අහං සොතාපන‍්නො”ති වා “සකදාගාමී”ති වා “අනාගාමී”ති වා මඤ‍්ඤති, සමථවිපස‍්සනාලාභී පන අරහත‍්තෙයෙව ඨපෙති. තස‍්ස හි සමාධිබලෙන කිලෙසා වික‍්ඛම‍්භිතා, විපස‍්සනාබලෙන සඞ‍්ඛාරා සුපරිග‍්ගහිතා, තස‍්මා සට‍්ඨිපි වස‍්සානි අසීතිපි වස‍්සානි වස‍්සසතම‍්පි කිලෙසා න සමුදාචරන‍්ති, ඛීණාසවස‍්සෙව චිත‍්තාචාරො හොති. සො එවං දීඝරත‍්තං කිලෙසසමුදාචාරං අපස‍්සන‍්තො අන‍්තරා අට‍්ඨත්‍වාව “අරහා අහ”න‍්ති මඤ‍්ඤති.

අධිමානො චතුරාර්ය සත්‍යයට නොපැමිණ, පැමිණියේ යැයි සිතන්නාට, සතර මගෙහි කළයුතු කටයුතු නොකළ කල්හි, මවිසින් කරන ලදැයි සිතන්නාට, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවී අවබෝධ වූයේයයි සිතන්නාට, අර්හත් බව සාක්‍ෂාත් නොකළත් රහත්වූවෙකු මෙන් සිතන්නාට උපදින අධිගත මානය අධිමානයයි. මේ අධිමානය කාහට උපදීද? කාහට නූපදීද? අධිමානය රහතන් වහන්සේට නූපදීමය. ඒ අධිමානය මාර්ගඵල, නිවන්, ප්‍රහීණ වූ කෙළෙස්, අප්‍රහීණ වූ කෙළෙස් පිළිබඳ සිහිකිරීමෙන් හටගත් සතුටින් යුතු ආර්ය ගුණ ප්‍රතිවේධයෙහි සැක නැති බැවින් සෝවාන් ආදී මගඵල ලාභීන්ට මම සකෘදාගාමී වෙමි’යි ආදී වශයෙන් නූපදියි. ආර්ය ගුණ අවබෝධ කරගැනීමෙහි ආශා නැති දුස්සීලයාට ද අධිමානය නූපදියි. සිල්වතෙකු වුවත් කමටහන් අත්හැර දමා, නිද්දාරාමාදියෙහි නිරත වූයේ නම් ඔහුට ද අධිමානය නූපදියි. ඉතා පිරිසිදු සිල් ඇති, අප්‍රමාදීව කමටහන් වඩන්නාට, නාම රූපව්‍යවස්ථාපනය කර ප්‍රත්‍ය පරිග්‍රහණයෙහි දුරු වූ සැක ඇත්තාට, තිලකුණු මෙනෙහි කර සංස්කාරයන්හි සංසිඳුණු සිත් ඇත්තාට ඇරඹූ විදර්ශනාව ඇත්තහුට මේ අධිමානය උපදියි. උපන් කල්හි ද ශුද්ධ සමථලාභී හෝ ශුද්ධ විදර්ශනාලාභී හෝ යන දෙදෙනාගේ අතර සිටියි. ඔහු වනාහි වසර දහයක්, විස්සක් තිහක් වුවත් තම සන්තානයේ කෙලෙස් පහළවීමක් නොදක්නේ, ‘මම සෝවාන් වෙමි, ‘මම සකෘදාගාමී’ හෝ අනාගාමී වෙමි’යි සිතයි. සමථ විදර්ශනා ලාභියා මම අර්හත් වෙමි’යි සිතයි. ඒ සමථ විදර්ශනා ලාභියාට සමාධි බලයෙන් කෙලෙස් විෂ්කම්භනය විය. විදර්ශනා බලයෙන් සංස්කාරයෝ මනාව විමසා බලන ලදහ. එනිසා ඔහුට වසර සැටක්, අසූවක් සීයක් ගියත් කෙලෙස් පහළවීමක් සිදු නොවේ. රහතුන්ට මෙන් සිත් හැසිරීම සිදු වේ. හෙතෙම මෙසේ බොහෝ කාලයක් කෙලෙස් හැසිරීමක් නොදක්නේ අතරෙහි නොසිටම ‘මම රහත් වූයෙමි’යි සිතයි.

අස‍්මිමානොති රූපෙ අස‍්මීතිආදිනා නයෙන පඤ‍්චසු ඛන්‍ධෙසු “අහං රූපාදයො”ති උප‍්පන‍්නො මානො. මිච‍්ඡාමානොති පාපකෙහි කම‍්මායතනසිප‍්පායතනවිජ‍්ජාට‍්ඨානසුතපටිභානසීලබ‍්බතෙහි, පාපිකාය ච දිට‍්ඨියා උප‍්පන‍්නො මානො. තත්‍ථ පාපකං කම‍්මායතනං නාම කෙවට‍්ටමච‍්ඡබන්‍ධනෙසාදානං කම‍්මං. පාපකං සිප‍්පායතනං නාම මච‍්ඡජාලඛිපකුමීනකරණෙසු චෙව පාසඔඩ‍්ඩනසූලාරොපනාදීසු ච ඡෙකතා. පාපකං විජ‍්ජාට‍්ඨානං නාම යා කාචි පරූපඝාතවිජ‍්ජා. පාපකං සුතං නාම භාරතයුද‍්ධසීතාහරණාදිපටිසංයුත‍්තං. පාපකං පටිභානං නාම දුබ‍්භාසිතයුත‍්තං කප‍්පනාටකවිලප‍්පනාදිපටිභානං . පාපකං සීලං නාම අජසීලං ගොසීලං. වතම‍්පි අජවතගොවතමෙව. පාපිකා දිට‍්ඨි පන ද‍්වාසට‍්ඨියා දිට‍්ඨිගතෙසු යාකාචි දිට‍්ඨි. අට‍්ඨවිධමානො උත‍්තානත්‍ථොයෙව.

අස්මිමානො යනු ‘රූපයේ මම වෙමි’ ආදී වශයෙන් පංචස්කන්ධය පිළිබඳව, මම රූපාදී අරමුණු වෙමි’යි උපන් මානයයි. මිච්ඡාමානො යනු පාපීන් විසින් කරනු ලබන කර්මාන්ත, ශිල්පායතන, විද්‍යාස්ථාන ආදියේ ඇසීම්, ප්‍රතිභානයන් (වැටහීම්), සීල ව්‍රත ආදී පාපී දෘෂ්ටීන්ගෙන් උපන් මානයයි. එහි පවිටු කර්මාන්ත නම් මස් පිණිස සතුන්, මාලු මැරීම්, බන්ධන කිරීම්, වැදි ආදීන්ගේ ක්‍රියාවන්ය. පාපකං සිප්පායතනං පවිටු ශිල්පායතන නම් මත්ස්‍යයන්ට දැල් දැමීම්, කෙමන ඇටවීම් ආදියෙහි මෙන්ම උගුල් ඇටවීම්, හුල් තැබීම් ආදියෙහි ද පවත්නා දක්‍ෂතාවයයි. පාපකං විජ්ජාට්ඨානං පවිටු විද්‍යාස්ථාන නම් යම්කිසි අනුන් නසන, පෙළන විද්‍යාවකි. පාපකං සුතං යනු පවිටු ඇසීම නම් භාරත යුද්ධ, සීතා හරණාදියෙන් ප්‍රතිසංයුක්ත දේ ඇසීමයි. පාපකං පටිභානං පවිටු ප්‍රතිභානය නම් දුර්භාෂිතයන්ගෙන් පිරි කාව්‍ය නාටක, විලම්බීත නාටකාදිය වැටහීමයි. ඒ පිළිබඳ ප්‍රතිභානයයි. පාපකං සීලං පවිටු ශීලය නම් අජ සීල, ගෝ සීල, ව්‍රත ආදිය ද අජ ව්‍රත, ගෝ ව්‍රත ආදියද වේ. පාපකා දිට්ඨි දෙසැටක් දෘෂ්ටිගතයන් අතරින් කිසියම් දෘෂ්ටියක්. අට්ඨවිධ මානො අර්ථ ඉතා ප්‍රකටමය.

නවවිධෙන මානනිද‍්දෙසෙ සෙය්‍යස‍්ස “සෙය්‍යොහමස‍්මී”තිආදයො නව මානා පුග‍්ගලං නිස‍්සාය වුත‍්තා. එත්‍ථ පන සෙය්‍යස‍්ස “සෙය්‍යොහමස‍්මී”ති මානො රාජානඤ‍්චෙව පබ‍්බජිතානඤ‍්ච උප‍්පජ‍්ජති. රාජා හි “රට‍්ඨෙන වා ධනවාහනෙහි වා කො මයා සදිසො අත්‍ථී”ති එතං මානං කරොති. පබ‍්බජිතොපි “සීලධුතඞ‍්ගාදීහි කො මයා සදිසො අත්‍ථී”ති එතං මානං කරොති.

මානය නව වැදැරුම් කර දැක්වීමෙහි දී සෙය්‍යස්ස සෙය්‍යො හමස්මි යනාදී වශයෙන් නව මානී පුද්ගලයන් සඳහා කියන ලදී. මෙහිදී වනාහි සෙය්‍යස්ස සෙය්‍යො හමස්මීති මානො ශ්‍රේෂ්ඨයාට ‘මම ශ්‍රේෂ්ඨ වෙමි’යි ඇතිවන මානය රජුන්ට මෙන්ම පැවිද්දන්ට කවරෙක් මා හා සම වේද?’යි සෙය්‍ය මානය ඇතිකර ගනියි. පැවිද්ද ද සීල ධුතංගාදියෙන් කවරෙක් මා හා සමවේද?යි මානය උපදවා ගනියි.

සෙය්‍යස‍්ස “සදිසොහමස‍්මී”ති මානොපි එතෙසංයෙව උප‍්පජ‍්ජති. රාජා හි “රට‍්ඨෙන වා ධනවාහනෙහි වා අඤ‍්ඤරාජූහි සද‍්ධිං මය‍්හං කිං නානාකරණ”න‍්ති එතං මානං කරොති. පබ‍්බජිතොපි “සීලධුතඞ‍්ගාදීහි අඤ‍්ඤෙන භික‍්ඛුනා මය‍්හං කිං නානාකරණ”න‍්ති එතං මානං කරොති.

සෙය්‍යස්ස සදිසො හමස්මීති මානො ශ්‍රේෂ්ඨයාට ‘මම සමාන වෙමි’ යි ඇතිවන මානයද මේ දෙදෙනාටම උපදියි. රජුට ප්‍රදේශ හෝ ධනය බලවාහන හෝ නිමිති කරගෙන අන් රජුන් සමග මාගේ කවර වෙනසක්ද? (අන් රජුන් හා මම සම වෙමි) යි මෙසේ මානය ඇතිකර ගනියි. පැවිද්දාට ද අන් භික්‍ෂූන් සමග සීල ධුතාංගාදියෙන් මාගේ කවර වෙනසක්ද?යි මේ මානය ඇතිවේ. අල්ප වූ ලාභ සත්කාර නිසා,

සෙය්‍යස‍්ස “හීනොහමස‍්මී”ති මානොපි එතෙසංයෙව උප‍්පජ‍්ජති. යස‍්ස හි රඤ‍්ඤො රට‍්ඨං වා ධනවාහනාදීනි වා නාතිසම‍්පන‍්නානි හොන‍්ති, සො “මය‍්හං රාජාති වොහාරසුඛමත‍්තකමෙව, කිං රාජා නාම අහ”න‍්ති එතං මානං කරොති. පබ‍්බජිතොපි අප‍්පලාභසක‍්කාරො “අහං ධම‍්මකථිකො, බහුස‍්සුතො, මහාථෙරොති කථාමත‍්තමෙව, කිං ධම‍්මකථිකො නාමාහං, කිං බහුස‍්සුතො නාමාහං, කිං මහාථෙරො නාමාහං, යස‍්ස මෙ ලාභසක‍්කාරො නත්‍ථී”ති එතං මානං කරොති.

සෙය්‍යස්ස හීනොහමස්මි සෙය්‍යයාට හීන මානය ඇතිවේ. එයත් ඉහත කී දෙදෙනාටමය. යම් රජෙකුට ‘ප්‍රදේශ හෝ ධන බල වාහනාදියක් සම්පූර්ණ නොවේ ද? මට රජුය’යි කීම වචන මාත්‍රයක් පමණි. කෙසේනම් මම රජවෙම් ද?’යි මේ හීනමානය ඇති වේ. පැවිද්දාට ද අල්ප වූ ලාභ සත්කාර ඇති වූ විට ‘මම ධර්ම කථිකයෙකි. බහුශ්‍රැතයෙකි. මහා ස්ථවිරයෙකි යනාදිය කථා මාත්‍රයක් පමණි. කෙසේ නම් මම ධර්මකථිකයෙක්, බහුශ්‍රැතයෙක්, මහා ස්ථවිර කෙනෙක් වෙම් ද? ඒ මට කිසිදු ලාභ සත්කාර ආදියෙක් නොමැත’ මෙසේ හීන වූ මානය ඇති වේ.

සදිසස‍්ස “සෙය්‍යොහමස‍්මී”ති මානාදයො අමච‍්චාදීනං උප‍්පජ‍්ජන‍්ති. අමච‍්චො වා හි රට‍්ඨියො වා “භොගයානවාහනාදීහි කො මයා සදිසො අඤ‍්ඤො රාජපුරිසො අත්‍ථී”ති වා, “මය‍්හං අඤ‍්ඤෙහි සද‍්ධිං කිං නානාකරණ”න‍්ති වා, “අමච‍්චොති නාමමෙව මය‍්හං, ඝාසච‍්ඡාදනමත‍්තම‍්පි මෙ නත්‍ථි, කිං අමච‍්චො නාමාහ”න‍්ති වා එතෙ මානෙ කරොති.

සදිසස්ස සෙය්‍යො හමස්මි යනාදී මානයෙන් අමාත්‍ය ආදීන්ට උපදිති. අමාත්‍යයා වනාහි ප්‍රදේශ, භව භෝග සම්පත්, යාන වාහන නිමිති කරගෙන ‘කවර නම් රාජ පුරුෂයෙක් මා හා සම වේදැ’යි සෙය්‍යමානය ද, ‘අනෙක් රාජපුරුෂයන් හාමා අතර කවර වෙනසක් ද?’යි සදිස මානය ද, ‘මා හට අමාත්‍ය නාමය පමණකි, මා හට කෑම් ඇඳීම් සඳහාවත් සම්පතක් නැත’යි හීන මානය ද ඇතිකර ගනී.

හීනස‍්ස “සෙය්‍යොහමස‍්මී”ති මානාදයො දාසාදීනං උප‍්පජ‍්ජන‍්ති. දාසො හි “මාතිතො වා පිතිතො වා කො මයා සදිසො අඤ‍්ඤො දාසො නාම අත්‍ථි, අඤ‍්ඤෙ ජීවිතුං අසක‍්කොන‍්තා කුච‍්ඡිහෙතු දාසා නාම ජාතා, අහං පන පවෙණීආගතත‍්තා සෙය්‍යො”ති වා, “පවෙණීආගතභාවෙන උභතොසුද‍්ධිකදාසත‍්තෙන අසුකදාසෙන නාම සද‍්ධිං කි මය‍්හං නානාකරණ”න‍්ති වා, “කුච‍්ඡිවසෙනාහං දාසබ්‍යං උපගතො, මාතාපිතුකොටියා පන මෙ දාසට‍්ඨානං නත්‍ථි , කිං දාසො නාම අහ”න‍්ති වා එතෙ මානෙ කරොති. යථා ච දාසො, එවං පුක‍්කුසචණ‍්ඩාලාදයොපි එතෙ මානෙ කරොන‍්තියෙව.

හීනස්ස සෙය්‍යො හමස්මි යනාදී මාන තුන දාස කම්කරුවන්ට උපදියි. දාසයා වනාහි මව්පසින් හෝ පියපසින් සලකා ‘කවරෙක් නම් මා හා සමාන දාසයෙක් වේද? අන්‍යයෝ ජීවත්වීමට බැරිව කුස හේතුවෙන්ම දාස බවට ගිය නමුත් මම වනාහි ප්‍රවේණියෙන් ම, පරම්පරාවෙන් ම දාස බව ලැබුවෙමි. මා පිය දෙපසින් ම ශුද්ධ දාසයෙක් මි. එනිසා මම දාසයන් අතර ශ්‍රේෂ්ඨ වෙමි’යි සෙය්‍යමානය ඇතිකර ගනියි. ‘අසුවල් දාසයන් හා මා අතර කවර වෙනසක් ද? අපි සැම දෙන සමය’යි සදිස මානය ඇතිකර ගනියි. ‘මම කුස පිණිස ම (බඩ වඩා ගැනීමට ම) දාස බවට පැමිණියෙමි. මාගේ මාපිය දෙපාර්ශ්වයේම සිටි දාසයෙක් නම් නැත. කෙසේ නම් මම දාසයෙක් වෙම් ද?යි හීන මානය ඇතිකර ගනියි. මෙසේ දාසයන්ට ඇතිවන සෙය්‍ය, සදිස, හීන මානයන් පුක්කුස (කශල ශෝධක) චණ්ඩාල (සැඩොල්) කුලිකයන්ට ද ඇතිවේම ය.

එත්‍ථ ච සෙය්‍යස‍්ස “සෙය්‍යොහමස‍්මී”ති උප‍්පන‍්නමානොව යාථාවමානො, ඉතරෙ ද‍්වෙ අයාථාවමානා. තථා සදිසස‍්ස “සදිසොහමස‍්මී”ති, හීනස‍්ස “හීනොහමස‍්මී”ති උප‍්පන‍්නමානොව යාථාවමානො, ඉතරෙ ද‍්වෙ අයාථාවමානා. තත්‍ථ යාථාවමානා අරහත‍්තමග‍්ගවජ‍්ඣා, අයාථාවමානා සොතාපත‍්තිමග‍්ගවජ‍්ඣා.

මෙහිදී උතුම් කුලවතුන්ට ‘මම උතුම් අයෙකි’ යි ඇතිවන සෙය්‍ය මානය ම යථාවමාන නම් වේ. සෙය්‍යයාට ඇතිවන සෙසු මාන දෙක අයථාවමානා නම් වේ. එසේම සදිසයාට ‘මම සමාන වෙමි’යි කියාත්, හීනයාට ‘මම හීනයෙක් වෙමි’යි කියාත් උපදින මානය යථාවමාන නම් වේ. සෙසු මාන දෙකම ඔවුන්ට අයථාවමාන නම් වේ. මෙහි යථාවමානය අර්හත් මාර්ගයෙන් ම දුරු වේ. අයථාවමානය සෝවාන් මාර්ගයේ දී නැති වේ.

එත්‍ථ ච සෙය්‍යස‍්ස “සෙය්‍යොහමස‍්මී”ති මානො උත‍්තමස‍්ස උත‍්තමට‍්ඨෙන “අහං සෙය්‍යො”ති එවං උප‍්පන‍්නමානො, සෙය්‍යස‍්ස “සදිසොහමස‍්මී”ති මානො උත‍්තමස‍්ස සමට‍්ඨෙන “අහං සදිසො”ති එවං උප‍්පන‍්නමානො. සෙය්‍යස‍්ස “හීනොහමස‍්මී”ති මානො උත‍්තමස‍්ස ලාමකට‍්ඨෙන “අහං හීනො”ති එවං උප‍්පන‍්නමානො. එවං සෙය්‍යමානො සදිසමානො හීනමානොති ඉමෙ තයො මානා සෙය්‍යස‍්ස උප‍්පජ‍්ජන‍්ති. සදිසස‍්සාපි අහං සෙය්‍යො, සදිසො, හීනොති තයො මානා උප‍්පජ‍්ජන‍්ති. හීනස‍්සාපි අහං හීනො, සදිසො, සෙය්‍යොති තයො මානා උප‍්පජ‍්ජන‍්ති.

මෙහි සෙය්‍යයාට ඇතිවන ‘මම උතුම් අයෙක් වෙමි’ යි යන මානය, උතුමාට උතුම් අර්ථයෙන් ‘මම ශ්‍රේෂ්ඨ වෙමි’යි මෙසේ උපදින මානයකි. සෙය්‍යයාට ‘මම අන්‍යයන් හා සමාන වෙමි’යි ඇතිවන මානය උතුම් පුද්ගලයාට සම අර්ථයෙන් ‘මම සමාන වෙමි’යි මෙසේ උපදින මැනීමයි. සෙය්‍යයාගේ හීන මානය නම් උතුම් පුද්ගලයාට ළාමක අර්ථයෙන් ‘මම පහත් වෙමි’යි සිතන මානයයි. මේ අනුව සෙය්‍ය මාන, සදිස මාන හා හීන මාන යන තුනම සෙය්‍යයාට උපදියි. සදීසයාට ද මම ‘උතුම් අයෙකි’. ‘සමානයෙකි’. ‘හීනයෙකි’යි මේ මාන තුනම උපදියි. හීනයාට ද ‘මම හීනයෙක් මි, සමානයෙක් මි, උතුමෙකි’යි මේ ත්‍රිවිධ මානය ම උපදියි.

දසවිධමානනිද‍්දෙසෙ ඉධෙකච‍්චො මානං ජනෙතීති එකච‍්චො පුග‍්ගලො මානං ජනයති. ජාතියා වාති ඛත‍්තියභාවාදිජාතිසම‍්පත‍්තියා වා. ගොත‍්තෙන වාති ගොතමගොත‍්තාදිනා උක‍්කට‍්ඨගොත‍්තෙන වා. කොලපුත‍්තියෙන වාති මහාකුලභාවෙන වා. වණ‍්ණපොක‍්ඛරතාය වාති වණ‍්ණසම‍්පන‍්නසරීරතාය වා. සරීරඤ‍්හි “පොක‍්ඛර”න‍්ති වුච‍්චති, තස‍්ස වණ‍්ණසම‍්පත‍්තියා අභිරූපභාවෙනාති අත්‍ථො. ධනෙන වාති ධනසම‍්පන‍්නභාවෙන වා, මය‍්හං නිධානගතස‍්ස ධනස‍්ස පමාණං නත්‍ථීති අත්‍ථො. අජ‍්ඣෙනෙන වාති අජ‍්ඣායනවසෙන වා. කම‍්මායතනෙන වාති “අවසෙසා සත‍්තා ඡින‍්නපක‍්ඛකාකසදිසා, අහං පන මහිද‍්ධිකො මහානුභාවො”ති වා, “අහං යං යං කම‍්මං කරොමි, තං තං සමිජ‍්ඣතී”ති වා එවමාදිනයප‍්පවත‍්තෙන කම‍්මායතනෙන වා. සිප‍්පායතනෙන වාති “අවසෙසා සත‍්තා නිසිප‍්පා, අහං සිප‍්පවා”ති එවමාදිනයප‍්පවත‍්තෙන සිප‍්පායතනෙන වා. විජ‍්ජාට‍්ඨානෙන වාති ඉදං හෙට‍්ඨා වුත‍්තනයමෙව. සුතෙන වාති “අවසෙසා සත‍්තා අප‍්පස‍්සුතා, අහං පන බහුස‍්සුතො”ති එවමාදිසුතෙන වා. පටිභානෙන වාති “අවසෙසා සත‍්තා අප‍්පටිභානා, මය‍්හං පන පටිභානප‍්පමාණං නත්‍ථී”ති එවමාදිපටිභානෙන වා. අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනාති අවුත‍්තෙන අඤ‍්ඤෙන වත්‍ථුනා වා. යො එවරූපො මානොති මානකරණවසෙන මානො. මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තන‍්ති ආකාරභාවනිද‍්දෙසො. උස‍්සිතට‍්ඨෙන උන‍්නති. යස‍්සුප‍්පජ‍්ජති, තං පුග‍්ගලං උන‍්නාමෙති උක‍්ඛිපිත්‍වා ඨපෙතීති උන‍්නාමො. සමුස‍්සිතට‍්ඨෙන ධජො. උක‍්ඛිපනට‍්ඨෙන චිත‍්තං සම‍්පග‍්ගණ‍්හාතීති සම‍්පග‍්ගාහො. කෙතු වුච‍්චති බහූසු ධජෙසු අච‍්චුග‍්ගතධජො . මානොපි පුනප‍්පුනං උප‍්පජ‍්ජමානො අපරාපරෙ උපාදාය අච‍්චුග‍්ගතට‍්ඨෙන කෙතු වියාති කෙතු, තං කෙතුං ඉච‍්ඡතීති කෙතුකම්‍යං, තස‍්ස භාවො කෙතුකම්‍යතා. සා පන චිත‍්තස‍්ස, න අත‍්තනො. තෙන වුත‍්තං “කෙතුකම්‍යතා චිත‍්තස‍්සා”ති. මානසම‍්පයුත‍්තඤ‍්හි චිත‍්තං කෙතුං ඉච‍්ඡති, තස‍්ස භාවො, කෙතුසඞ‍්ඛාතො මානොති. ධොනො මායඤ‍්ච මානඤ‍්ච පහාය පජහිත්‍වා යො සො ධොනො අරහා හෙට‍්ඨා වුත‍්තනයෙන විනොදනබ්‍යන‍්තිකරණාදිවසෙන කිලෙසෙ පජහිත්‍වා ඨිතො, සො තෙන රාගාදිනා කිලෙසෙන ගච‍්ඡෙය්‍ය.

දශවිධ මත නිර්දේශයේ ඉධෙ කච්චො මානං ජනෙති යනු ඇතැම් පුද්ගලයෙක් මානය උපදවයි. ජාතියා වා යනු ක්‍ෂත්‍රියාදී ජාති සම්පත්තියකින් හෝ ගොත්තෙන වා ගෞතම ගෝත්‍ර ආදී උත්කෘෂ්ට ගෝත්‍රයකින් හෝ. කොල පුත්තයෙන වා මහත් වූ කුලවත් භාවයෙන් හෝ. වණ්ණ පොක්ඛරතායවා වර්ණ සම්පන්න ශරීර ඇති බැවින් හෝ. ශරීරය වනාහි ‘පොක්ඛරං’ නෙළුමකැයි කියනු ලැබේ. එහි ඇති වර්ණවත් භාවය හා ඉතා රූපවත් භාවය නිසයි. ධනෙන වා ධන සම්පතින් යුක්ත භාවයෙන් හෝ. ‘මගේ නිධන් කරන ලද හෝ තැන්පත් කළ ධනයේ ප්‍රමාණයක් නැත’ යන අර්ථයයි. අජ්ඣයනෙන වා අධ්‍යයන (ඉගෙනීම්) වශයෙන් හෝ. කම්මායතනෙන වා ‘අවශේෂ සත්ත්වයෝ සිඳින ලද පියාපත් ඇති කපුටන් හා සමානය. මම වනාහි මහිද්ධිකය. මහානුභාවයෙක්මියි කියා හෝ මම යම් යම් ක්‍රියාවක් කරන්නෙම් ද එය සමෘද්ධ වේ කියා හෝ මේ ආදී ක්‍රමයෙන් පවත්නා කර්මාන්තයෙන් හෝ සිප්පායතනෙන වා ‘අවශේෂ සත්ත්වයන්ට කිසිදු ශිල්පයක් නැත. මම ශිල්පයන්හි කෙළ පැමිණියෙක්මි’යි ශිල්පායතන නිමිති කරගෙන හෝ. විජ්ජාට්ඨානෙන වා මෙහි අර්ථ ඉහත කියූ පරිදිමය. සුතෙන වා අනෙක් සත්ත්වයෝ අල්ප ශ්‍රැතයෝය. මම බහුශ්‍රැත වෙමි.’ ආදී වශයෙන් පැවති ශ්‍රැතියෙන් හෝ. පටිභාණෙන වා අනෙක් සත්ත්වයෝ අප්‍රතිභානිකයෝ ය. මගේ ප්‍රතිභානයේ ප්‍රමාණයක් නම් නැත’යි මේ ප්‍රතිභානයෙන් හෝ. අඤ්ඤතරඤ්ඤතරෙන වත්‍ථුනා නොකී වෙනත් කිසි කරුණකින් හෝ යො එවරූපො මානො මැනීම් කිරීම් වශයෙන් මානයයි. මඤ්ඤනා මඤ්ඤතත්තං ආකාරය දක්වන නිර්දේශයයි. උස් කර දක්වන අරුතින් උන්නති වේ. යමෙකුට උපදියි නම් ඒ පුද්ගලයා නොනැමේ. උස් කර තබයි යන අරුතින් උත්තමො වේ. ඔසවා තැබූ, ඔසවන ලද අරුතින් ධජො වේ. ඔසවා තබන අරුතින් සිත් මනාව පිළිගත්තේනුයි සම්පග්ගාහො වේ. කෙතු යනු බොහෝ කොඩි, ධජ අතර ඉතා උසට දැමූ ධජයකි. මානය ද නැවත නැවත උපදිනු ලබන්නේ පෙර, පසු මානයන් අල්ලාගෙන, ඉතා උස්ව කේතුවක් මෙන් නැගුනේ යයි කේතු නම් වේ. ඒ කේතුවක් සේ සිටීමට කැමති බව, කේතුකම්‍ය නමි. කේතුකම්‍ය වූ ස්වභාවය කෙතුකම්‍යතා වයි. එය සිතේ ඇතිවන්නකි. තමා කෙරෙහි නොවේ. එනිසා කියන ලදී. ‘කෙතුකම්‍යතා චිත්තස්සාති, මාන සම්පයුත්තං හි චිත්තං කතං ඉච්ඡති, තස්ස භාවො කෙතු සංඛාතො මානො’ කේතුකම්‍යතාව සිතේ යෙදේ. මානයෙන් යුක්ත සිත කේතුවක් මෙන් සිටිනු කැමති වේ. එහි ස්වභාවය කේතු නම් වූ මානයයි. රහතන් වහන්සේ මායාව ද මානය ද ඉවතලා, බැහැර කර, ඉහත පැවසූ පරිද්දෙන් විනෝදන (දුරු කිරීම) බැහැර කිරීම් වශයෙන් කෙලෙසුන්ගෙන් වෙන්ව සිටි සේක්ද, උන්වහන්සේ කවර රාගාදී ක්ලේශයකින් යන්නේද?

නෙරයිකොති වාති නිරයෙ නිබ‍්බත‍්තකසත‍්තොති වා. තිරච‍්ඡානයොනිකාදීසුපි එසෙව නයො. සො හෙතු නත්‍ථීති යෙන ජනකහෙතුනා ගතියාදීසු නිබ‍්බත‍්තෙය්‍ය, සො හෙතු නත්‍ථි. පච‍්චයොති තස‍්සෙව වෙවචනං. කාරණන‍්ති ඨානං. කාරණඤ‍්හි තදායත‍්තවුත‍්තිතාය අත‍්තනො ඵලස‍්ස ඨානන‍්ති වුච‍්චති. තස‍්මා යෙන හෙතුනා යෙන පච‍්චයෙන ගතියාදීසු නිබ‍්බත‍්තෙය්‍ය, තං කාරණං නත්‍ථි.

නෙරයිකොති වා නිරයේ උපදින සත්ත්වයෙක් හෝ තිරච්ඡානයොනියාදීසුපි මේ ක්‍රමයමයි. සො හෙතුනත්‍ථිති යම් ජනක හේතුවකින් ගති ආදියෙහි උපදවන්නේ ද එබඳු හේතුවක් නැත. පච්චයො යනු ඊටම සමාන වදනකි. කාරණං යනු කාරණයක් නැත. එය අයත් පැවතුම් ඇති බැවින්, තමාගේ ඵලයට ‘ඨානං’ යයි කියනු ලැබේ. එහෙයින් යම් කරුණකින්, ප්‍රත්‍යයකින්, හේතුවකින් ගති ආදියක උපත ගෙන දෙන්නේ ද එබඳු කරුණක් නැත.