3. 7
3. 7.
3. 7.
ධොනස්ස හි නත්‍ථි කුහිඤ‍්චි ලොකෙ පකප‍්පිතා දිට්ඨි භවාභවෙසු, මායඤ‍්ච මානඤ‍්ච පහාය ධොනො ස කෙන ගච්ඡෙය්ය අනූපයො සො.
යම් හෙයකින් ධුතපාප ඇති ක්‍ෂීණාස්‍රව මහණහු හට කාමාදිභවයන්හි ආත්මභාවලොකයෙහි කිසි තැනෙක්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රකල්පිත (=සලකන ලද) දෘෂ්ටියක් නැද්ද, එහෙයින් ඒ ක්‍ෂීණාස්‍රව තෙම මායාව ද මානය ද දුර ලා සිටියේ රාගාදි කුමකින් නිරයාදිගතිවිශෙෂයකට යන්නේ ද, හෙතෙම තෘෂ්ණාදෘෂ්ටිඋපය (=දෝෂ) රහිත වූයේ මැයි.
ධොනස‍්ස හි නත්‍ථි කුහිඤ‍්චි ලොකෙ පකප‍්පිතා දිට‍්ඨි භවාභවෙසූති ‘ධොනො’ති ධොනා වුච‍්චති පඤ‍්ඤා, යා පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයො සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභව්‍යා චින‍්තා උපපරික‍්ඛා භූරී මෙධා පරිණායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි. කිං කාරණා ධොනා වුච‍්චති පඤ‍්ඤා?
ධොනස්ස හි නත්‍ථි කුහිඤ්චි ලෝකේ පකප්පිතා දිට්ඨි භවාභවෙසු - ‘ධොනො’ යනු: ‘ධොනා’ යී ප්‍රඥාව කියනු ලබයි. අනිත්‍යාදිප්‍රකාරයෙන් ධර්‍මයන් දැනගන්නා වූ අනිත්‍යාදිය විමසන්නා වූ ප්‍රකර්‍ෂයෙන් විමසන්නා වූ සිවුසස්දහම් විමසන්නා වූ අනිත්‍යාදිය සලකන උපලක්‍ෂණ - ප්‍රත්‍යුපලක්‍ෂණ වූ පණ්ඩිතබව කුසලබව නිපුණබව යයි කියන ලද අනිත්‍යාදිය විභාවනය කරන අනිත්‍යාදිය සිතන පරීක්‍ෂා කරන පොළොව මෙන් පතළ හෙයින් භූරි නම් වූ කෙලෙසුන් නසන හෙයින් මේධා යයි කියන ලද යාථාවලක්ෂණප්‍රතිවෙධයෙහි පමුණුවන හෙයින් පරිණායිකා නම් වූ අනිත්‍යාදි විසින් ධර්‍මයන් දක්නා හෙයින් විදර්‍ශනා නම් වූ අනිත්‍යාදිය දැනගන්නා හෙයින් සම්ප්‍රඥාන නම් වූ නොමග යන සිත විදසුන්මඟට නඟන හෙයින් ප්‍රතෝදයක් (=කෙවිටක්) වැනි වූ ප්‍රඥෙන්ද්‍රිය ප්‍රඥාබලය (කෙලෙස් සිඳින හෙයින්) ප්‍රඥශස්ත්‍රය (අත්‍යුද්ගත හෙයින්) ප්‍රඥාප්‍රාසාදය ප්‍රඥාලෝකය ප්‍රඥාවභාසය ප්‍රඥාප්‍රද්‍යොතය ප්‍රඥාරත්නය යි කියන ලද අරමුණෙහි නො මුළා වන හෙයින් අමොහ නම් වූ ධර්‍මවිචය සඞ්ඛ්‍යාත වූ සම්‍යග්දෘෂ්ටි යයි කියන ලද ප්‍රඥාව යි. කවර කරුණෙකින් ප්‍රඥාව ‘ධොනා’ නම් වූ යැ යත්:
තාය පඤ‍්ඤාය කායදුච‍්චරිතං ධුතඤ‍්ච ධොතඤ‍්ච සන්‍ධොතඤ‍්ච නිද‍්ධොතඤ‍්ච, වචීදුච‍්චරිතං -පෙ- මනොදුච‍්චරිතං ධුතඤ‍්ච ධොතඤ‍්ච සන්‍ධොතඤ‍්ච නිද‍්ධොතඤ‍්ච, රාගො ධුතො ච ධොතො ච සන්‍ධොතො ච නිද‍්ධොතො ච, දොසො - මොහො - කොධො - උපනාහො - මක‍්ඛො - පලාසො ධුතො ච ධොතො ච සන්‍ධොතො ච නිද‍්ධොතො ච, ඉස‍්සා ධුතා ච ධොතා ච සන්‍ධොතා ච නිද‍්ධොතා ච, සාඨෙය්‍යං ධුතඤ‍්ච ධොතඤ‍්ච සන්‍ධොතඤ‍්ච නිද‍්ධොතඤ‍්ච, ථම‍්භො ධුතො ච ධොතො ච සන්‍ධොතො ච නිද‍්ධොතො ච, සාරම‍්භො - මානො - අතිමානො - මදො - පමාදො ධුතො ච ධොතො ච සන්‍ධොතො ච නිද‍්ධොතො ච, සබ‍්බෙ කිලෙසා - සබ‍්බෙ දුච‍්චරිතා - සබ‍්බෙ දරථා - සබ‍්බෙ පරිළාහා - සබ‍්බෙ සන‍්තාපා - සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරා ධුතා ච ධොතා ච සන්‍ධොතා ච නිද‍්ධොතා ච. තංකාරණා ධොනා වුච‍්චති පඤ‍්ඤා. අථ වා සම‍්මාදිට‍්ඨියා මිච‍්ඡාදිට‍්ඨි ධුතා ච ධොතා ච සන්‍ධොතා ච නිද‍්ධොතා ච, සම‍්මාසඞ‍්කප‍්පෙන මිච‍්ඡාසඞ‍්කප‍්පො ධුතො ච ධොතො ච සන්‍ධොතො ච නිද‍්ධොතො ච, සම‍්මාවාචාය මිච‍්ඡාවාචා ධුතා ච ධොතා ච සන්‍ධොතා ච නිද‍්ධොතා ච, සම‍්මාසඞ‍්කප‍්පෙන මිච‍්ඡාසඞ‍්කප‍්පො ධුතො ච ධොතො ච සන්‍ධොතො ච නිද‍්ධොතො ච, සම‍්මාවාචාය මිච‍්ඡාවාචා ධුතා ච -පෙ- සම‍්මාකම‍්මන‍්තෙන මිච‍්ඡාකම‍්මන‍්තො ධුතො ච - සම‍්මාආජීවෙන මිච‍්ඡාආජීවො ධුතො ච සම‍්මාවායාමෙන මිච‍්ඡාවායාමො ධුතො ච සම‍්මාසතියා මිච‍්ඡාසති ධුතා ච - සම‍්මාසමාධිනා මිච‍්ඡාසමාධි ධුතො ච ධොතො ච සන්‍ධොතො ච නිද‍්ධොතො ච සම‍්මාඤාණෙන මිච‍්ඡාඤාණං ධුතඤ‍්ච - සම‍්මාවිමුත‍්තියා මිච‍්ඡාවිමුත‍්ති ධුතා ච ධොතා ච සන්‍ධොතා ච නිද‍්ධොතා ච. අථ වා අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන සබ‍්බෙ කිලෙසා සබ‍්බෙ දුච‍්චරිතා සබ‍්බෙ දරථා සබ‍්බෙ පරිළාහා සබ‍්බෙ සන‍්තාපා සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරා ධුතා ච ධොතා ච සන්‍ධොතා ච නිද‍්ධොතා ච. අරහා ඉමෙහි ධොනියෙහි ධම‍්මෙහි උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන‍්නො සමුපපන‍්නො සමන‍්නාගතො, තස‍්මා අරහා ධොනො. සො ධුතරාගො ධුතපාපො ධුතකිලෙසො ධුතපරිළාහොති ‘ධොනො.’
ඒ ප්‍රඥාවෙන් කායදුශ්චරිතය කම්පිත වූයේත් ධොවිත = දෝනා ලදුයේත් සන්ධොවිත නිද්ධොවිත වූයේත් වේ ද, වාග්දුශ්චරිතය - මනෝදුශ්චරිතය - රාගය - ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මකුබව - පලාස - (=යුගග්‍රාහ) ය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශඨබව - තදබව - සාරම්භ (=කරණුත්තරියකරණ) ය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය ධුත ධෞත සන්ධෞත නිර්ධෞත (=කම්පා කරන ලද සෝදන ලද මැනවින් සෝදන ලද වෙසෙසින් සෝදන ලද) වේ ද, සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු අකුශලාභිසංස්කාරයෝ ධුත ධෞත සන්ධෞත නිර්ධෞත වූවාහු වෙත් ද, එ කරුණෙන් ප්‍රඥාව ‘ධොනා’ නම් වූ යැ. නොහොත් සම්‍යග්දෘෂ්ටිය විසින් මිත්‍ථ්‍යාදෘෂ්ටිය කම්පිත ධොවිත සන්ධොවිත නිද්ධොවිත වූ යැ, සම්‍යක්සඞ්කල්පය විසින් මිත්ථ්‍යාසඞ්කල්පය... සම්‍යග්වචනයෙන් මිත්ථ්‍යාවචනය... සම්‍යක්කර්‍මාන්තයෙන් මිත්ථ්‍යාකර්‍මාන්තය ...සම්‍යගාජීවයෙන් මිත්ථ්‍යාජීවය ... සම්‍යග්ව්‍යායාමයෙන් මිත්ථ්‍යාව්‍යායාමය ... සම්‍යක්ස්මෘතියෙන් මිත්ථ්‍යාස්මෘතිය ... සම්‍යක්සමාධියෙන් මිත්ථ්‍යාසමාධිය ... සම්‍යග්ඥානයෙන් මිත්ථ්‍යාඥානය ... සම්‍යග්විමුක්තියෙන් මිත්ථ්‍යාවිමුක්තිය ධුත ධෞත සන්ධෞත නිර්ධෞත වූවාත් වෙයි. නොහොත් ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සියලු ක්ලෙශයෝ - දුශ්චරිතයෝ - දරථයෝ - පරිදාහයෝ - සියලු අකුශලාභිසංස්කාරයෝ ධුත ධෞත සන්ධෞත නිර්ධෞත වූවාහු ද වෙත්. ක්‍ෂීණාස්‍රව තෙමේ මේ ධොනිය ධර්‍මයන්ගෙන් යම් හෙයකින් උපේත - සමුපේත - උපගත - සමුපගත - උපපන්න - සමුපපන්න - සමන්‍විත වූයේ වේ ද, එහෙයින් ක්‍ෂීණාස්‍රව ‘ධොන’ නම් වෙයි. හෙතෙම ධුතරාග ධුතපාප ධුතක්ලෙශ ධුතපරිදාහ ඇති වන බැවින් ‘ධොන’ නම් වේ.
කුහිඤ‍්චීති - කුහිඤ‍්චි කිම‍්හිචි කත්‍ථචි අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා අජ‍්ඣත‍්තබහිද‍්ධා වා; ලොකෙති - අපායලොකෙ -පෙ- ආයතනලොකෙ. පකප‍්පිතාති - ද‍්වෙ පකප‍්පනා: තණ‍්හාපකප‍්පනා ච දිට‍්ඨිපකප‍්පනා ච -පෙ- අයං දිට‍්ඨිපකප‍්පනා. භවාභවෙසූති - භවාභවෙ කම‍්මභවෙ පුනබ‍්භවෙ, කාමභවෙ කම‍්මභවෙ කාමභවෙ පුනබ‍්භවෙ, රූපභවෙ කම‍්මභවෙ රූපභවෙ පුනබ‍්භවෙ, අරූපභවෙ කම‍්මභවෙ අරූපභවෙ පුනබ‍්භවෙ පුනප‍්පුනභවෙ පුනප‍්පුනගතියා පුනප‍්පුනඋප‍්පත‍්තියා පුනප‍්පුනපටිසන්‍ධියා පුනප‍්පුනඅත‍්තභාවාභිනිබ‍්බත‍්තියා; “ධොනස‍්ස හි නත්‍ථි කුහිඤ‍්චි ලොකෙ පකප‍්පිතා දිට‍්ඨි භවාභවෙසූ”ති - ධොනස‍්ස කුහිඤ‍්චි ලොකෙ භවාභවෙසු ච කප‍්පිතා අභිසංඛතා සණ‍්ඨපිතා දිට‍්ඨි නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජන‍්ති නූපලබ‍්භන‍්ති පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪාති ‘ධොනස‍්ස හි නත්‍ථි කුහිඤ‍්චි ලොකෙ පකප‍්පිතා දිට්ඨි භවාභවෙසු.
කුහිඤ්චි - කිසිතැනෙක්හි කිසිවෙක්හි අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ ලෝකේ - අපායලෝකයෙහි ... ආයතනලෝකයෙහි. පකප්පිතා - තෘෂ්ණාප්‍රකල්පනා යැ දෘෂ්ටිප්‍රකල්පනා යැයි ප්‍රකල්පනා දෙකෙකි ... භවාභවෙසු - භව-අභව (=කාමභව - රූපාරූප-භවයන්හි (2-5. ගාථානිද්දෙසය.) ... පුනපුනා ආත්මභාවයාගේ පහළ වීමෙහි; ධොනස්ස හි නත්‍ථි කුහිඤ්චි ලෝකේ පකප්පිතා දිට්ඨි භවාභවෙසු - රහත්හු හට අපායාදිලොකයෙහි ද කාමාදිභවයන්හි ද කල්පිත (=සිතින් ගන්නා ලද) පරිකල්පිත වූ ප්‍රත්‍යයෙන් සකස් කළ ප්‍රත්‍යයවශයෙන් ම මොනොවට තබන ලද දෘෂ්ටීහු නැත, නො වෙති, විද්‍යාමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණ වූවාහු සිඳින ලද්දාහු සන්සිඳණාහු දුර ලන ලද්දාහු උපතට අභව්‍ය වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘ධොනස්ස හි නත්‍ථි කුහිඤ්චි ලෝකේ පකප්පිතා දිට්ඨි භවාභවෙසු’ යනු වේ.
මායඤ‍්ච මානඤ‍්ච පහාය ධොනොති - මායා වුච‍්චති වඤ‍්චනිකා චරියා; ඉධෙකච‍්චො කායෙන දුච‍්චරිතං චරිත්‍වා වාචාය දුච‍්චරිතං චරිත්‍වා මනසා දුච‍්චරිතං චරිත්‍වා තස‍්ස පටිච‍්ඡාදනහෙතු පාපිකං ඉච‍්ඡං පණිදහති: මා මං ජඤ‍්ඤාති ඉච‍්ඡති. මා මං ජඤ‍්ඤාති සංකප‍්පෙති. ම මං ජඤ‍්ඤාති වාචං භාසති. මා මං ජඤ‍්ඤාති කායෙන පරක‍්කමති. යා එවරූපා මායා මායාවිතා අච‍්චයා වඤ‍්චනා නිකති නිකිරණා පරිහරණා ගූහනා පරිගූහනා ඡාදනා පරිච‍්ඡාදනා අනුත‍්තානීකම‍්මං අනාවීකම‍්මං වොච‍්ඡාදනා පාපකිරියා, අයං වුච‍්චති මායා. මානොති එකවිධෙන මානො: යා චිත‍්තස‍්ස උන‍්නති; දුවිධෙන මානො: අත‍්තුක‍්කංසනමානො පරවම‍්භනමානො; තිවිධෙන මානො: සෙය්‍යොහමස‍්මීති මානො සදිසොහමස‍්මීති මානො හීනොහමස‍්මීති මානො; චතුබ‍්බිධෙන මානො: ලාභෙන මානං ජනෙති, යසෙන මානං ජනෙති, පසංසාය මානං ජනෙති, සුඛෙන මානං ජනෙති; පඤ‍්චවිධෙන මානො: ලාභී’ම‍්හි මනාපිකානං රූපානන‍්ති මානං ජනෙති, ලාභී’ම‍්හි මනාපිකානං සද‍්දානං - ගන්‍ධානං - රසානං ඵොට‍්ඨබ‍්බානන‍්ති මානං ජනෙති; ඡබ‍්බිධෙන මානො: චක‍්ඛුසම‍්පදාය මානං ජනෙති, සොතසම‍්පදාය - ඝානසම‍්පදාය - ජිව‍්හාසම‍්පදාය - කායසම‍්පදාය - මනොසම‍්පදාය මානං ජනෙති; සත‍්තවිධෙන මානො: මානො අතිමානො මානාතිමානො ඔමානො අධිමානො අස‍්මිමානො මිච‍්ඡාමානො; අට‍්ඨවිධෙන මානො: ලාභෙන මානං ජනෙති, අලාභෙන ඔමානං ජනෙති, යසෙන මානං ජනෙති, අයසෙන ඔමානං ජනෙති, පසංසාය මානං ජනෙති, නින්‍දාය ඔමානං ජනෙති, සුඛෙන මානං ජනෙති, දුක‍්ඛෙන ඔමානං ජනෙති; නවවිධෙන මානො: සෙය්‍යස‍්ස සෙය්‍යොහමස‍්මීති මානො, සෙය්‍යස‍්ස සදිසොහමස‍්මීති මානො, සෙය්‍යස‍්ස හීනොහමස‍්මීති මානො, සදිසස‍්ස සෙය්‍යොහමස‍්මීති මානො, සදිසස‍්ස සදිසොහමස‍්මීති මානො, සදිසස‍්ස හීනොහමස‍්මීති මානො, හීනස‍්ස සෙය්‍යොහමස‍්මීති මානො, හීනස‍්ස සදිසොහමස‍්මීති මානො, හීනස‍්ස හීනොහමස‍්මීති මානො, දසවිධෙන මානො: ඉධෙකච‍්චො මානං ජනෙති ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනා. යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං උන‍්නති උන‍්නාමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති මානො. “මායඤ‍්ච මානඤ‍්ච පහාය ධොනො”ති - ධොනො මායඤ‍්ච මානඤ‍්ච පහාය පජහිත්‍වා විනොදෙත්‍වා ව්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වාති ‘මායඤ‍්ච මානඤ‍්ච පහාය ධොනො.’
මායං ච මානං ච පහාය ධොනො- වඤ්චක ක්‍රියාව (=වඤ්චා කිරීම) ‘මායා’ නමු. මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට එය ප්‍රකාශ නො වනු නිසා ලාමක වූ ප්‍රාර්‍ත්‍ථනාව තබයි: ‘මා කළ පව මෙරමා නහමක් දනිත්ව’ යි කැමැති වෙයි, - සලකයි, - වචන කියයි, ‘මා කළ පව නහමක් දනිත්ව’යි කයින් වෑයම් කෙරෙයි; මෙබඳු වූ මායාව මායා ඇති බව අත්‍යය (=ඉක්මැ යෑම) වඤ්චනාව නිකෘතිය (=මිත්ථ්‍යාක්‍රියාව) ‘මම් මෙසේ නො කෙරෙමී’ පාපවික්ෂෙපය පාපපරිහරණය පව් සැඟවීම හාත්පසින් සැඟවීම පව් වැසීම හාත්පසින් වැසීම ප්‍රකට නො කිරීම පව් කොට නො පැවසීම මොනොවට වැසීම පෙරළාත් පව් කිරීම ‘මායා’ නැමැයි කියනු ලැබේ. මාන නම්: එක් ප්‍රකාරයකින් මානය වෙයි: චිත්තයාගේ උන්නතිය යි; ආත්මොත්කර්‍ෂණමාන යැ පරවම්භනමාන යැයි ද්විප්‍රකාරයෙන් මානය වෙයි. ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ මාන යැ, සදෘශ වෙමී මාන යැ හීන වෙමී මාන යැයි, ත්‍රිප්‍රකාරයෙන් මානය වෙයි. ලාභයෙන් මානය උපදවයි, යශසින් මානය උපදවයි, ප්‍රශංසායෙන් මානය උපදවයි, සුවය කරණ කොට මානය උපදවා යයි සිවුපරිද්දෙකින් මානය වෙයි. ‘මනාප වූ රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් ලබනුයෙම් වෙමී’ පඤ්චප්‍රකාරයෙන් මානය වෙයි. චක්ෂුඃසම්පත්තියෙන් මානය උපදවයි, ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනස්සම්පත්තියෙන් මානය උපදවා යැයි සපරිද්දෙකින් මානය වෙයි. මාන යැ අතිමාන යැ මානාතිමාන යැ අවමාන (=හීනමාන) යැ අධිමාන යැ අස්මිමාන යැ මිත්ථ්‍යාමාන යැයි සත් පරිද්දෙකින් මානය වෙයි. ලාභයෙන් මානය උපදවයි, අලාභයෙන් අවමානය උපදවයි, යශසින් මානය - අයශසින් අවමානය - ප්‍රශංසායෙන් මානය - නින්‍දායෙන් අවමානය - සුවයෙන් මානය - දුකින් අවමානය උපදවා යැයි අෂ්ටප්‍රකාරයෙකින් මානය වෙයි. ශ්‍රෙෂ්ඨයා හට ශ්‍රේෂ්ඨ වෙමී මාන යැ, ශ්‍රෙෂ්ඨයා හට සදෘශ වෙමී මාන යැ, ශ්‍රෙෂ්ඨයා හට හීන වෙමී මානයැ; සදෘශයා හට ශ්‍රේෂ්ඨ වෙමී මාන යැ, සදෘශයාහට සදෘශ වෙමී මාන යැ සදෘශයා හට හීන වෙමී මාන යැ; හීනයාට ශ්‍රේෂ්ඨ වෙමී මාන යැ, හීනයාට සදෘශ වෙමී මාන යැ, හීනයාට හීන වෙමී මාන යැයි නවප්‍රකාරයකින් මානය වේ. මෙලොවැ කිසිවෙක් ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයකින් හෝ ශිල්පායතනයකින් හෝ විද්‍යාවකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ එක්තරා වස්තුවකින් හෝ මානය උපදවා යැයි දශප්‍රකාරයකින් මානය වේ. මෙබඳු වූ යම් මානයෙක් මඤ්ඤනාවෙක් මාන ඇතිබවෙක් උන්නතියෙක් ඔසවා තැබීමෙක් මානධ්වජයෙක් සිත ඔසවාගැනීමෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ නම්’ මේ ‘මාන’ නමැයි කියනු ලැබේ. මායං ච මානං ච පාහය ධොනො යනු: ධොන - ක්‍ෂීණාස්‍රව තෙමේ මායාවත් මානයත් හැර දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනු-අභාවයට (=සමුච්ඡෙදප්‍රහාණයට) පමුණුවා නුයි ‘මායං ච මානං ච පහාය ධොනො’ යනු වේ.
ස කෙන ගච‍්ඡෙය්‍ය අනුපයො සොති - ‘උපයා’ති ද‍්වෙ උපයා: තණ‍්හාඋපයො ච දිට‍්ඨිඋපයො ච -පෙ- අයං තණ‍්හූපයො. -පෙ- අයං දිට‍්ඨූපයො. තස‍්ස තණ‍්හූපයො පහීනො, දිට‍්ඨූපයො පටිනිස‍්සට‍්ඨො. තණ‍්හූපයස‍්ස පහීනත‍්තා දිට‍්ඨූපයස‍්ස පටිනිස‍්සට‍්ඨත‍්තා අනුපයො පුග‍්ගලො කෙන රාගෙන ගච‍්ඡෙය්‍ය? කෙන දොසෙන ගච‍්ඡෙය්‍ය? කෙන මොහෙන ගච‍්ඡෙය්‍ය? කෙන මානෙන ගච‍්ඡෙය්‍ය? කාය දිට‍්ඨියා ගච‍්ඡෙය්‍ය? කෙන උද‍්ධච‍්චෙන ගච‍්ඡෙය්‍ය? කාය විචිකිච‍්ඡාය ගච‍්ඡෙය්‍ය? කෙහි අනුසයෙහි ගච‍්ඡෙය්‍ය? රත‍්තොති වා දුට‍්ඨොති වා මූළ‍්හොති වා විනිබද‍්ධොති වා පරාමට‍්ඨොති වා වික‍්ඛෙපගතොති වා ථාමගතොති වා? තෙ අභිසඞ‍්ඛාරා පහීනා. අභිසඞ‍්ඛාරානං පහීණත‍්තා ගතියා කෙන ගච‍්ඡෙය්‍ය නෙරයිකොති වා තිරච‍්ඡානයොනිකොති වා පෙත‍්තිවිසයිකොති වා මනුස‍්සොති වා දෙවොති වා රූපීති වා අරූපීති වා සඤ‍්ඤීති වා අසඤ‍්ඤීති වා නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීති වා, සො හෙතු නත්‍ථි, පච‍්චයො නත්‍ථි, කාරණං නත්‍ථි, යෙන ගච‍්ඡෙය්‍යාති ‘ස කෙන ගච්ඡෙය්ය අනූපයො සො. ‘
ස කෙන ගච්ඡෙය්ය අනූපයො සො - ‘උපය’ යනු: තෘෂ්ණා උපය දෘෂ්ටි උපය යැයි ‘උපය’ දෙකෙක් වෙයි. ඔහු විසින් තෘෂ්ණාඋපය ප්‍රහීණ යැ. දෘෂ්ටිඋපය දුර ලන ලද්දේ යැ තෘෂ්ණාඋපය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිඋපය දුර ලන ලද වන බැවින් උපය රහිත වූ පුද්ගල තෙමේ කවර රාගයකින් - කවර ද්වේෂයකින් - කවර මොහයකින් - කවර මානයකින් - කවර දෘෂ්ටියකින් - කවර ඖද්ධත්‍යයෙකින් - කවර විචිකිත්සායෙකින් - කවර අනුශයධර්‍මයන්ගෙන් - රක්ත වූයෙකැයි හෝ ද්විෂ්ට වූයෙකැයි හෝ මූඪ වූයෙකැයි හෝ විනිබද්ධයෙකැයි හෝ පරාමෘෂ්ටයෙකැයි හෝ වික්ෂෙපයට පැමිණියෙකැයි හෝ නිෂ්ඨාවට නො ගියේ යැයි හෝ ස්ථාම (=තද) බවට ගියේ යැයි හෝ (යමෙකින් නිරයාදි ගතිවිශෙෂයෙහි) සඞ්ඛ්‍යාවට යන්නේ ද: ඒ අභිසංස්කාරයෝ ප්‍රහීණයෝ යැ. අභිසංස්කාරයන් ප්‍රහීණ කළ වන බැවින් නිරයෙහි උපදනා සත්ත්වයෙකැයි හෝ තිරිසන්යොන්හි උපදනෙකැයි හෝ ප්‍රෙතවිෂයයෙහි උපදනෙකැයි හෝ මිනිසෙකැයි හෝ දෙවියෙකැයි හෝ රූපීබ්‍රහ්ම යැයි හෝ සංඥී යැයි හෝ අසංඥී යැයි හෝ නෛවසංඥීනාසංඥී යැයි හෝ කවර අභිසංස්කාරයෙකින් කවර ගතියක් හා සඞ්ඛ්‍යාවට යන්නේ ද; යම් හෙයකින් යේ නම්, ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණය නැත් නුයි ‘ස කෙන ගච්ඡෙය්ය අනූපයො සො’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“ධොනස‍්ස හි නත්‍ථි කුහිඤ‍්චි ලොකෙ පකප‍්පිතා දිට්ඨි භවාභවෙසු, මායඤ‍්ච මානඤ‍්ච පහාය ධොනො ස කෙන ගච්ඡෙය්ය අනූපයො සො”ති.
“ධොනස්ස හි නත්‍ථි -පෙ- අනූපයො සො” යනු.