3. 8
3. 8.
3. 8.
උපයො හි ධම‍්මෙසු උපෙති වාදං අනූපයං කෙන කථං වදෙය්‍ය අත‍්තං නිරත්තං න හි තස්ස අත්‍ථි අධොසි සො දිට්ඨිමිධෙව සබ‍්බං.
තෘෂ්ණාදි උපය (=නිඃශ්‍රය) ඇති සත්ත්‍ව තෙමේ රාගරක්ත යැ යනාදි ඒ ඒ දහම්හි ලා වාදයට (=කියැ යුතු බවට) පැමිණෙයි. තෘෂ්ණාදෘෂ්ටි පුහුන් බැවින් උපය රහිත වූ ක්‍ෂීණාස්‍රවයා රාගාදි කවර දහමකින් කිසෙයින් කියන්නේ ද, යම්හෙයකින් ඒ ක්ෂීණාස්‍රවයාහට ආත්මදෘෂ්ටිය හෝ උච්ඡේදදෘෂ්ටිය නැත්තේ ද, යම් හෙයකින් හෙතෙම මේ අත්බැව්හි මැ නුවණ නැමැති දියෙන් සියලු දෘෂ්ටිගතය දෙවී ද, දුරු කෙළේ ද, එහෙයිනි.
උපයො හි ධම‍්මෙසු උපෙති වාදන‍්ති - ‘උපයො’ති ද‍්වෙ උපයා: තණ‍්හූපයො ච දිට‍්ඨූපයො ච -පෙ- අයං තණ‍්හූපයො -පෙ- අයං දිට‍්ඨූපයො. තස‍්ස තණ‍්හූපයො අප‍්පහීනො, දිට‍්ඨූපයො අප‍්පටිනිස‍්සට‍්ඨො. තණ‍්හූපයස‍්ස අප‍්පහීනත‍්තා දිට‍්ඨූපයස‍්ස අප‍්පටිනිස‍්සට‍්ඨත‍්තා ධම‍්මෙසු වාදං උපෙති: රත‍්තොති වා දුට‍්ඨොති වා මූළ‍්හොති වා විනිබද‍්ධොති වා පරාමට‍්ඨොති වා වික‍්ඛෙපගතොති වා අනිට‍්ඨං ගතොති වා ථාමගතොති වා. තෙ අභිසඞ‍්ඛාරා අප‍්පහීනා. අභිසඞ‍්ඛාරානං අප‍්පහීනත‍්තා ගතියා වාදං උපෙති: නෙරයිකොති වා තිරච‍්ඡානයොනිකොති වා පෙත‍්තිවිසයිකොති වා මනුස‍්සොති වා දෙවොති වා රූපීති වා අරූපීති වා සඤ‍්ඤීති වා අසඤ‍්ඤීති වා නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීති වා වාදං උපෙති උපගච‍්ඡති ගණ‍්හාති පරාමසති අභිනිවිසතීති ‘උපයො හි ධම‍්මෙසු උපෙති වාදං.’
උපයො හි ධම්මේසු උපේති වාදං - ‘උපය’ යනු: තෘෂ්ණාඋපය ද දෘෂ්ටිඋපය දැයි උපය දෙකෙක් වෙයි. ...ඔහු විසින් තෘෂ්ණාඋපය අප්‍රහීණ යැ, දෘෂ්ටිඋපය නො හරන ලද්දේ යැ; තණ්හූපය නො පුහුන් වන බැවින් දිට්ඨූපය නො හළ වන බැවින් රක්ත යැයි හෝ ද්විෂ්ට යැ - මූඪ යැ - විනිබද්ධ යැ - පරාමෘෂ්ට යැ - වික්ෂෙපගත යැ - අනිෂ්ඨාගත යැ - ස්ථාමගත යැයි හෝ වාදයට (=කියැයුත් බවට) පැමිණෙයි. ඒ පුණ්‍යාපුණ්‍යනඤ්ජාභිසංස්කාරයෝ අප්‍රහීණ වූවාහු ය. කර්‍මාභිසංස්කාරයන් අප්‍රහීණ වන බැවින් එක්තරා ගතියකින් කීමට පැමිණෙයි, නිරයෙහි උපදිනුයෙකැයි හෝ තිරශ්චීනයෝනි ඇතියෙකැයි හෝ ප්‍රේතවිෂයයෙහි උපදිනුයෙකැයි හෝ මිනිසෙකැයි හෝ දෙවියෙකැයි හෝ රූපී යැයි හෝ අරූපී යැයි හෝ සංඥී යැයි හෝ අසංඥී යැයි හෝ නෛවසංඥීනාසංඥී යැයි හෝ (එක්තරා ගතියකින්) කථනයට පැමිණෙයි, එළැඹෙයි, ග්‍රහණය කෙරෙයි, පරාමර්‍ශ කෙරෙයි, පිවිසේ නුයි ‘උපයො හි ධම්මේසු උපේති වාදං’ යනු වේ.
අනූපයං කෙන කථං වදෙය්‍යාති - ‘උපයාති’ ද‍්වෙ උපයා: තණ‍්හූපයො ච දිට‍්ඨූපයො ච -පෙ- අයං තණ‍්හූපයො -පෙ- අයං දිට‍්ඨූපයො. තස‍්ස තණ‍්හූපයො පහීනො දිට‍්ඨූපයො පටිනිස‍්සට‍්ඨො. තණ‍්හූපයස‍්ස පහීනත‍්තා දිට‍්ඨූපයස‍්ස පටිනිස‍්සට‍්ඨත‍්තා අනූපයං පුග‍්ගලං කෙන රාගෙන වදෙය්‍ය? කෙන දොසෙන වදෙය්‍ය? කෙන මොහෙන වදෙය්‍ය? කෙන මානෙන වදෙය්‍ය? කාය දිට‍්ඨියා වදෙය්‍ය? කෙන උද‍්ධච‍්චෙන වදෙය්‍ය? කාය විචිකිච‍්ඡාය වදෙය්‍ය? කෙහි අනුසයෙහි වදෙය්‍ය රත‍්තොති වා දුට‍්ඨොති වා මූළ‍්හොති වා විනිබද‍්ධොති වා පරාමට‍්ඨොති වා වික‍්ඛෙපගතොති වා අනිට‍්ඨං ගතොති වා ථාමගතොති වා? තෙ අභිසඞ‍්ඛාරා පහීනා. අභිසඞ‍්ඛාරානං පහීනත‍්තා ගතියා කෙන වදෙය්‍ය නෙරයිකොති වා -පෙ- නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීති වා? සො හෙතු නත්‍ථි, පච‍්චයො නත්‍ථි, කාරණං නත්‍ථි, යෙන වදෙය්‍ය කථෙය්‍ය භණෙය්‍ය දීපයෙය්‍ය වොහරෙය්‍යා ති ‘අනූපයං කෙන කථං වදෙය්‍ය.’
අනූපයං කෙන කථං වදෙය්‍ය - ‘උපය’ යනු: තණ්හූපය ද දිට්ඨූපය දැයි ‘උපය’ දෙකෙකි. ...ඔහු විසින් තණ්හූපය ප්‍රහීණ යැ. දිට්ඨූපය දුර ලන ලද්දේ යැ. තණ්හූපය ප්‍රහීණ වන බැවින් දිට්ඨූපය දුර ලන ලද වන බැවින් උපය රහිත වූ පුද්ගලයා කවර රාගයක් හේතු කොට ගෙන කියන්නේ ද? කවර ද්වේෂයකින් - මොහයකින් - මානයකින් - දෘෂ්ටියෙකින් - ඖද්ධත්‍යයෙකින් - විචිකිත්සාවකින් - කවර අනුශයධර්‍මයකින් රක්ත යැ යි හෝ දුෂ්ට යැ - මූඪ යැ - විනිබද්ධ යැ - පරාමෘෂ්ට යැ - වික්ෂෙපගත යැ - අනිෂ්ඨාගත යැ - ස්ථාමගත යැ යි හෝ කියන්නේ ද? ඒ කර්‍මාභිසංස්කාරයෝ ප්‍රහීණයෝ යැ පුණ්‍යාදි අභිසංස්කාරයන් ප්‍රහීණ වන බැවින් කවර රාගාදික්ලෙශයක් හේතු කොට ගෙන නෙරිසත් වන්නේ යැ යි හෝ... නෛවසංඥීනාසංඥී යැයි හෝ එක්තරා ගතියෙකින් කියන්නේ ද; යම් හෙයකින් කියන්නේ නම් බණන්නේ නම් දක්වන්නේ නම් වහරන්නේ නම්, ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණය නැත් නු යි ‘අනූපයං කෙන කථං වදෙය්‍ය’ යනු වේ.
අත‍්තං නිරත්තං න හි තස‍්ස අත්‍ථිති - ‘අත‍්තා’ති සස‍්සතදිට‍්ඨි නත්‍ථි; නිරත‍්තාති - මුඤ‍්චිතබ‍්බං නත්‍ථි. යස‍්සත්‍ථි ගහිතං, තස‍්සත්‍ථි මුඤ‍්චිතබ‍්බං; යස‍්සත්‍ථි මුඤ‍්චිතබ‍්බං, තස‍්සත්‍ථි ගහිතං; ගහණමුඤ‍්චනා සමතික‍්කන‍්තො අරහා වුද‍්ධිපරිහානිවීතිවත‍්තො. සො වුත්‍ථවාසො චිණ‍්ණචරණො ගතද‍්ධො ගතදිසො. ජාතිමරණසංසාරො නත්‍ථි තස‍්ස පුනබ‍්භවොති ‘අත‍්තං නිරත්තං න හි තස්ස අත්‍ථි. ‘
අත්තං නිරත්තං න හි තස්ස අත්‍ථි - ‘අත්තා’ යී ශාශ්වතදෘෂ්ටිය නැත, ‘නිරත්තා’ යී උච්ඡේදදෘෂ්ටිය නැති. ආත්ම යැයි ගන්නා ලදුයෙක් නැත, නිරාත්ම යැයි හළ යුත්තෙක් නැති. යමක් හට ‘මම යැ මා ගේ යැයි ගන්නා ලදුයෙක් ඇත් නම්, ඔහුට හළ යුත්තෙක් ඇති; යමක් හට හළ යුත්තෙක් ඇත් නම්, ඔහුට ගන්නා ලදුයෙක් ඇති. ග්‍රහණමුඤ්චන ඉක්මවා සිටි රහත්හු වෘද්ධිපරිහාණි ඉක්මැවූහ. ඒ රහත්හු දශවිධ ආර්‍ය්‍යවාසයෙහි වැසැ නිමවූහ. ශීලය සමග අටසමවත්හි චීර්ණවශීහ. සසරඅදන්මඟ ඉක්මැවූහ. සිහිනෙහි පවා නොගියවිරූ නිවන්දසාවට ගියහ. ජාතිමරණසංසාර සඞ්ඛ්‍යාත පුනර්‍භවය ඔවුනට නැත් නු යි ‘අත්තං නිරත්තං න හි තස්ස අත්‍ථි’ යනු වේ.
අධොසි සො දිට‍්ඨිමිධෙව සබ‍්බන‍්ති - තස‍්ස ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි පහීනානි සමුච‍්ඡින‍්නානි වුපසන‍්තානි පටිප‍්පස‍්සද‍්ධානි අභබ‍්බුප‍්පත‍්තිකානි ඤාණග‍්ගිනා දඩ‍්ඪානි. සො සබ‍්බං දිට‍්ඨිගතං ඉධෙව අධොසි ධුනි සන්‍ධුනි නිද‍්ධුනි පජහි විනොදෙසි ව්‍යන‍්තිං අකාසි අනභාවං ගමෙසීති ‘අධොසි සො දිට‍්ඨිමිධෙව සබ‍්බ’න‍්ති.
අධොසි සො දිට්ඨිමිධෙව සබ්බං - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්‍රහාණ කරන ලදහ, මුල් සිඳින ලදහ, සන්හිඳුවන ලදහ, අභව්‍යොත්පත්ති කරන ලදහ, නුවණගින්නෙන් දවන ලදහ. ඒ රහතුන් වහන්සේ සියලු දෘෂ්ටිගතය මේ අත්බැව්හි මැ හළහ... විගතාන්ත කළහ, අන්වභාවයට පැමිණැවූහු නු යි ‘අධොසි සො දිට්ඨිමිධෙව සබ්බං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“උපයො හි ධම‍්මෙසු උපෙති වාදං අනූපයං කෙන කථං වදෙය්‍ය, අත‍්තං නිරත්තං න හි තස්ස අත්‍ථි අධොසි සො දිට‍්ඨිමිධෙව සබ‍්බ”න‍්ති.
“උපයෝ හි ධම්මේසු -පෙ- දිට්ඨිමිධෙව සබ්බං” යනු.
දුට‍්ඨට‍්ඨකසුත‍්තනිද‍්දෙසො තතියො.
තුන්වැනි දුට්ඨට්ඨක සූත්‍රනිර්දේශය යි.