යෙදුමෙන් කියවන්න

4. 1

4. 1.

4. 1.

පස‍්සාමි සුද‍්ධං පරමං අරොගං දිට‍්ඨෙන සංද‍්ධිසු නරස‍්ස හොති, එවාභිජානං පරමන‍්ති ඤත්‍වා සුද‍්ධානුපස‍්සී පච‍්චෙති ඤාණං.

දෘෂ්ටිගතික බාල තෙමේ කෙලෙස්කිලුටින් අශුද්ධ වූ කෙලෙස් රොවින් සරෝග වූවකු දැක ශුද්ධ වූ උත්තම නිර්ව්‍යාධියට පැමිණ සිටියක්හු දකිමි යැයි ද, ඒ දෘෂ්ටිසඞ්ඛ්‍යාත දර්‍ශනයෙන් මිනිසාගේ සංශුද්ධිය වේ යයි ද, මෙසේ වෙසෙසින් දන්නේ ඒ දර්‍ශනය පරම යයි සලකා ඒ දර්‍ශනයෙහි ශුද්ධිය දක්නාසුලු වූයේ ඒ දර්‍ශනය මාර්‍ගඥාන යයි හදහයි. (එතෙකුදු වුවත් එය මාර්‍ගඥානය නොවේ.)

පස‍්සාමි සුද‍්ධං පරමං ආරොගන‍්ති - ‘පස‍්සාමි සුද‍්ධ’න‍්ති පස‍්සාමි සුද‍්ධං, දක‍්ඛාමි සුද‍්ධං, ඔලොකෙමි සුද‍්ධං, නිජ‍්ඣායාමි සුද‍්ධං, උපපරික‍්ඛාමි සුද‍්ධං; පරමං අරොගන‍්ති - පරමං ආරොග්‍යප‍්පත‍්තං ඛෙමප‍්පත‍්තං තාණප‍්පත‍්තං ලෙනප‍්පත‍්තං සරණප‍්පත‍්තං අභයප‍්පත‍්තං අච‍්චුතප‍්පත‍්තං නිබ‍්බානප‍්පත‍්තන‍්ති ‘පස‍්සාමි සුද‍්ධං පරමං අරොගං.’

පස්සාමි සුද්ධං පරමං අරොගං - ‘පස්සාමි සුද්ධං’ යනු: ශුද්ධ වූවකු බලමි, ශුද්ධ වූවකු දක්මි, අවලෝකන කෙරෙමි, සිතමි, ශුද්ධ වූවකු විමසමි. පරමං අරොගං - උත්තම වූ ආරොග්‍යයට පැමිණියක්හු ක්‍ෂේමයට පැමිණියක්හු ත්‍රාණ(පාලන) යට පැමිණියක්හු ආරක්ෂාවට - පිහිටට - නිභීයට - අචලබවට - අමෘතයට - නිර්‍වාණයට පැමිණියක්හු නුයි ‘පස්සාමි සුද්ධං’ පරමං අරොගං යනු වේ.

දිට‍්ඨෙන සංසුද‍්ධි නරස‍්ස හොතීති - චක‍්ඛුවිඤ‍්ඤාණෙන රූපදස‍්සනෙන නරස‍්ස සුද‍්ධි විසුද‍්ධි පරිසුද‍්ධි මුත‍්ති විමුත‍්ති පරිමුත‍්ති හොති; නරො සුජ‍්ඣති විසුජ‍්ඣති පරිසුජ‍්ඣති මුච‍්චති විමුච‍්චති පරිමුච‍්චතීති ‘දිට‍්ඨෙන සංසුද‍්ධි නරස‍්ස හොති. ‘

දිට්ඨෙන සංසුද්ධි නරස්ස හොති - චක්ෂූර්විඥානයෙන් රූපදර්ශණxxය හේතු කොට ගෙන සත්‍වයාගේ ශුද්ධිය xx පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වෙයි, සත්‍ව තෙමෙ ශුද්ධ විශුද්ධ පරිශුද්ධ මුක්ත විමුක්ත පරිමුක්ත වේ යයි ‘දිට්ඨෙන සංසුද්ධි නරස්ස හොති’ යනු වේ.

එවාභිජානං පරමන‍්ති ඤත්‍වාති - එවං අභිජානන‍්තො ආජානන‍්තො විජානන‍්තො පටිවිජානන‍්තො පටිවිජ‍්ඣන‍්තො ඉදං පරමං අග‍්ගං සෙට‍්ඨං විසෙට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරන‍්ති ඤත්‍වා ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වාති ‘එවාභිජානං පරමන‍්ති ඤත්‍වා. ‘

එවාභිජානං පරමන්ති ඤත්‍වා - මෙසේ වෙසෙසින් දන්නේ ඒකාන්තයෙන් දන්නේ විවිධාකාරයෙන් දන්නේ ඒ ඒ කරැණෙන් විවිධාකාරයෙන් දන්නේ ප්‍රතිවේධ කරන්නේ මෙය පරම යැ සෙට යැ දෙටු යැ පාමොක් යැ උතුම් යැ පවර යැයි සලකා දැන තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට නුයි ‘එවාභිජානං පරමන්ති ඤත්‍වා’ යනු වේ.

සුද‍්ධානුපස‍්සී පච‍්චෙති ඤාණන‍්ති - යො සුද‍්ධං පස‍්සති, සො සුද‍්ධානුපස‍්සී; පච‍්චෙති ඤාණන‍්ති - චක‍්ඛුවිඤ‍්ඤාණං රූපදස‍්සනෙ න ඤාණන‍්ති පච‍්චෙති, මග‍්ගොති පච‍්චෙති, පථො’ති පච‍්චෙති, නිය්‍යානන‍්ති පච‍්චෙතීති ‘සුද‍්ධානුපස‍්සී පච‍්චෙති ඤාණ’න‍්ති.

සුද්ධානුපස්සී පච්චේති ඤාණං - යමෙක් ශුද්ධ යයි දකී නම්, හේ ශුද්ධානුදර්ශී යැ; පච්චේති ඤාණං - රූපදර්‍ශනය හේතු කොට ගෙන චක්‍ෂුර්විඥානය ඥානය යි හදහයි, මාර්‍ගය යි හදහයි, පථය යි හදහයි, නිර්‍ය්‍යාණය යි හදහා නුයි - ‘සුද්ධානුපස්සී පච්චෙති ඤාණං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“පස‍්සාමි සුද‍්ධං පරමං අරොගං දිට‍්ඨෙන සංසුද‍්ධි නරස‍්ස හොති, එවාභිජානං පරමන‍්ති ඤත්‍වා සුද‍්ධානුපස‍්සී පච‍්චෙති ඤාණ”න‍්ති.

“පස්සාමි සුද්ධං -පෙ- පච්චේති ඤාණං” යී.