4. 2
4. 2.
4. 2.
දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති ඤාණෙන වා සො පජහාති දුක්ඛං, අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො දිට්ඨි හි නං පාව තථා වදානං.
ඒ රූපදර්ශන සඞ්ඛ්‍යාත වූ දර්ශනය හේතු කොට ගෙන ඉදින් සත්වයාගේ ශුද්ධිය වේ නම්, නොහොත් ඒ චක්ෂුර්විඥානය සඞ්ඛ්‍යාත ඥානයෙන් හෙතෙම ජාත්‍යාදි දුක දුරු කෙර් නම්, එකල්හි ආර්ය්යමාර්ගයෙන් අන්‍ය වු අශුද්ධිමාර්‍ගයෙකින් කාමාදි උපධි සහිත වූයේ මැ හෙතෙම ශුද්ධ වේ යයි කිය යුතු බවට පැමිණෙයි; යම් හෙයකින් දෘෂ්ටි තොමෝ එසේ කියන්නා වූ ඔහු ‘මේ තෙමේ මිසදිටුවෙකැ’ යි පවසා ද, එහෙයිනි.
දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොතීති - චක්ඛුවිඤ්ඤාණෙන රූපදස්සනෙන චෙ නරස්ස සුද්ධි විසුද්ධි පරිසුද්ධි මුත්ති විමුත්ති පරිමුත්ති හොති, නරො සුජ්ඣති විසුජ්ඣති පරිසුජ්ඣති, මුච්චති විමුච්චති පරිමුච්චතීති ‘දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති.’
දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති - චක්ෂුර්විඥානයෙන් රූප දැකීමෙන් ඉදින් සත්වයාගේ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වේ නම්, සත්ව තෙමේ ශුද්ධ විශුද්ධ පරිශුද්ධ මුක්ත විමුක්ත පරිමුක්ත වේ නම් යී ‘දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති’ යනු වේ.
ඤාණෙන වා සො පජහාති දුක්ඛන්ති - චක්ඛුවිඤ්ඤාණෙන රූපදස්සනෙන චෙ නරෙ ජාතිදුක්ඛං පජහාති, ජරාදුක්ඛං පජහාති, ව්යාධිදුක්ඛං පජහාති, මරණදුක්ඛං පජහාති, සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසදුක්ඛං පජහාතීති ‘ඤාණෙන ව සො පජහාති දුක්ඛං.’
ඤාණෙන වා සො පජහාති දුක්ඛං - චක්ෂුර්විඥානයෙන් රූප දැකීමෙන් ඉදින් සත්ව තෙමේ ජාතිදුක දුරු කෙරේ නම්, ජරාදුක - ව්‍යාධිදුක - මරණදුක - සොකපරිදෙවදුක්ඛදොමනසුපායාස දුක දුරු කෙරේ නම් යී ‘ඤාණෙන වා සො පජහාති දුක්ඛං’ යනු වේ.
අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකොති - අඤ්ඤෙන අසුද්ධි මග්ගෙන මිච්ඡාපටිපදාය අනිය්යාණිකපථෙන අඤ්ඤත්ර සතිපට්ඨානෙහි අඤ්ඤත්ර සම්මප්පධානෙහි අඤ්ඤත්ර ඉද්ධිපාදෙහි අඤ්ඤත්ර ඉන්ද්රියෙහි අඤ්ඤත්ර බලෙහි අඤ්ඤත්ර බොජ්ඣඞ්ගෙහි අඤ්ඤත්ර අරියා අට්ඨඞ්ගිකමග්ගා නරො සුජ්ඣති විසුජ්ඣති පරිසුජ්ඣති මුච්චති විච්චතිමු පරිමුච්චති; සොපධීකොති සරාගො සදොසො සමොහො සමානො සතණ්හො සදිට්ඨි සකිලෙසො සඋපාදානොති ‘අඤ්ඤෙන සොසුජ්ඣති සොපධීකො’.
අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො - අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් මිත්ථ්යාප්රතිපදායෙන් අනෛර්ය්යාණිකමාර්ගයෙන් සතිපඨානයන්ගෙන් වෙන් වැ සම්යක්ප්රදහනයන්ගෙන් වෙන් වැ සෘද්ධිපාදයන්ගෙන් වෙන් වැ ඉන්ද්‍රියන්ගෙන් වෙන් වැ බලයන්ගෙන් වෙන් වැ බොධ්යඞ්ගයන්ගෙන් වෙන් වැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් වෙන් වැ ශුද්ධ විශුද්ධ පරිශුද්ධ වූයේ වෙයි, මුක්ත විමුක්ත පරිමුක්ත වූයේ වේ. සොපධීකො - සරාග වූයේ සද්වේෂ වූයේ සමෝහ වූයේ තෘෂ්ණා සහිත වූයේ දෘෂ්ටි සහිත වූයේ ක්ලේශ සහිත වූයේ උපාදාන සහිත වූයේ නුයි ‘අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො’ යනු වේ.
දිට්ඨි හි නං පාව තථා වදානන්ති - සා ච දිට්ඨි නං පුග්ගලං පාවදති: ‘ඉති ච යං පුග්ගලො මිච්ඡාදිට්ඨිකො විපරීතදස්සනො’ති; තථා වදානන්ති - තථා වදන්තං කථෙන්තං භණන්තං දීපයන්තං වොහරන්තං, ‘සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති තථා වදන්තං කථෙන්තං භණන්තං දීපයන්තං වොහරන්තං, ‘අසස්සතො ලොකො, අන්තවා ලොකො, අනන්තවා ලොකො, තං ජීවං තං සරීරං, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, හොති තථාගතො පරම්මරණා, න හොති තථාගතො පරම්මරණා, හොති ච න ච හොති තථාගතො පරම්මරණා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති තථා වදන්තං කථෙන්තං භණන්තං දීපයන්තං වොහරන්තන්ති ‘දිට්ඨි හි නං පාව තථාවදානං’.
දිට්ඨී හි නං පාව තථා වදානං - තවද ඒ දෘෂ්ටි තොමෝ ඒ පුගුලා ‘මෙසේත් මේ පුද්ගල තෙමේ මිථ්‍යාදෘෂ්ටි ඇත්තෙක, විපරීත දර්ශන ඇත්තෙකැ’ යි ප්‍රකාශ කෙරෙයි. තථා වදානං - එසේ පවසන කියන බණන දක්වන බැවහර කරනුවහු, ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සැබව, අන්යදෘෂ්ඨිය සිස් යැ’ යි එසේ පවසන්නහු... බැවහර කරනුවහු, ලෝකය අශාශ්වත යැ, ලෝකය අන්තවත් යැ, ලෝකය අනන්තවත් යැ, යමක් ජීවය ද එය ම ශරීර යැ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ, සත්ව තෙමේ මරණින් මතු උපදනේ වෙයි, සත්ත්ව තෙමේ මරණින් මතු නූපදනේ වෙයි. සත්ත්ව තෙමේ මරණින් මතු උපදනේත් නො ද උපදනේත් වෙයි, සත්ත්ව තෙමේ මරණින් මතු නො මැ උපදනේ වෙයි. නූපදනේත් නොවෙයි, මේ මැ සැබව අන්‍යය තුච්ඡ යැ’යි එසේ පවසනුවහු කියනුවහු බණන්නහු දක්වනුවහු බැවහර කරනුවහු යී ‘දිට්ඨී හි නං පාව තථාවදානං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති ඤාණෙන වා සො පජහාති දුක්ඛං, අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො දිට්ඨී හි නං පාව තථා වදාන”න්ති.
“දිට්ඨෙන චෙ සුද්ධි -පෙ- තථා වදානං” යී.