4. 3
4. 3.
4. 3.
න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා, පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තො අත්තඤ්ජහො නයිධ පකුබ්බමානො.
ක්ෂීණාස්රව බ්‍රාහ්මණ තෙමේ ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් අන්‍ය වූ අභිමඞ්ගල සම්මතරූපසඞ්ඛ්‍යාත රූපායතනයෙහි ද, එබඳු මැ වු ශබ්දායතනයෙහි ද, අව්‍යාතික්‍රමසඞ්ඛ්‍යාත ශීලය හා (හස්තිව්‍රතාදි ) වූ ව්‍රතයෙහි ද, ගන්ධ රස ස්ප්‍රර්ෂව්‍යායතනයෙහි ද උපන් මිත්ථ්‍යාඥානයෙන් ශුද්ධිය වේ යයි නො කියයි. යම් හෙයකින් හෙතෙම ත්‍රෛධාතුක පුණ්‍යයෙහිත් සියලු පාපයෙහිත් නො ඇලුණේ වේ ද, එහෙයින් ආත්මදෘෂ්ටිය ප්‍රහීණ කෙළේ මේ ත්‍රෛධාතුක ලෝකයෙහි පුණ්‍යාභිසංස්කාරාදිය නො කරනුයේ වේ.
න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වාති - නා’ති පටික්ඛෙපො; බ්රාහ්මණොති සත්තන්නං ධම්මානං බාහිතත්තා බ්රාහ්මණො: සක්කායදිට්ඨි බාහිතා හොති, විචිකිච්ඡා බාහිතා හොති, සීලබ්බතපරාමාසො බාහිතො හොති, රාගො බාහිතො හොති, දොසො බාහිතො හොති, මොහො බාහිතො හොති, මානො බාහිතො හොති, බාහිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.
න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා - ‘න’ යනු: ප්‍රතික්ෂේප යැ; බ්රාහ්මණො - සප්තධර්ම කෙනෙකුන් දුරු කළ වන බැවින් බ්‍රාහ්මණ යැ; සත්කායදෘෂ්ටිය (ප්‍රහීණ ) කරන ලද්දී වෙයි, විචිකිත්සාව - ශීලව්රතපරාමර්ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය - ප්‍රහීණ කරන ලදුයේ වෙයි, ඔහු විසින් සංක්ලෙශික වු පුනර්භවය ඇති කරන්නාවූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මතුයෙහි ජාතිජරාමරණයට හේතු වූ ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ කරන ලද්දාහු වෙත්.
1. “බාහෙත්වා සබ්බපාපකානි (සභියාති භගවා) විමලො සාධු සමාහිතො ඨිතත්තො, සංසාරමතිච්ච කෙවලී සො අසිතො තාදී පවුච්චතෙ ස බ්රහ්මා”.
1. (‘සභිය’ යි අමතා භාග්‍යවත්හු මෙසේ වදාළහ:) සියලු පාපධර්මයන් ප්‍රහීණ කොට එහෙයින් ම විගතමල වූ (-ශ්‍රේෂ්ඨ වූ) මාර්‍ගඵලසමාධියෙන් මොනොවට සමාහිත වූ ලොකධර්‍මයන්ගෙන් කම්පිත නො වන හෙයින් ස්ථිතාත්ම වූ සංසාර හේතු ඉක්මා සිටි නිමවන ලද කෘත්‍ය ඇති හෙයින් කේවලී වූ ඒ ක්ෂීණාස්රව තෙම තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රය නැති හෙයින් ‘අසිත’ යයි ද, ලොකධර්මයෙන් නිර්විකාර හෙයින් ‘තාදි’ යයි ද කියනු ලැබේ. හෙතෙම බ්රාග්මණ නම් වේ.
න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහාති - බ්රාහ්මණො අඤ්ඤෙන අසුද්ධිමග්ගෙන මිච්ඡාපටිපදාය අනිය්යාණිකපථෙන අඤ්ඤත්ර සතිපට්ඨානෙහි අඤ්ඤත්ර සම්මප්පධානෙහි අඤ්ඤත්ර ඉද්ධිපාදෙහි අඤ්ඤත්ර ඉන්ද්රියෙහි අඤ්ඤත්ර බලෙහි අඤ්ඤත්ර බොජ්ඣඞ්ගෙහි අඤ්ඤත්ර අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං නාහ න කථෙති න භණති න දීපයති න වොහරතීති ‘න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ.’
න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ - ක්ෂීණාස්රව බ්‍රාහ්මණ තෙමේ අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් මිත්‍යාප්‍රතිපදායෙන් අනෛය්‍යාණිකපථයෙන් සතිපට්ඨාන - සම්මප්පධාන - ඉද්ධිපාද - ඉන්ද්රිය - බල - බොජ්ඣ්ඞ්ග - ආර්යාෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් වෙන් වැ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නො කියයි නො බෙණෙයි නො දක්වයි නො බැවහර කෙරේ නුයි ‘න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ’ යනු වේ.
දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වාති - සන්තෙකෙ සමණබ්රාහ්මණා දිට්ඨසුද්ධිකා තෙ එකච්චානං රූපානං දස්සනං මඞ්ගලං පච්චෙන්ති. එකච්චානං රූපානං දස්සනං අමඞ්ගලං පච්චෙන්ති.
දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා - දෘෂ්ට (- මඞ්ගලසම්මත රූපායතන )යෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණ බමුණු කෙනෙක් වෙති. ඔහු ඇතැම් රූපයන් දැකීම මඞ්ගල යයි ද ඇතැම් රූපයන් දැකීම අමඞ්ගල යයි ද හදහති.
කතමෙසං රූපානං දස්සනං මඞ්ගලං පච්චෙන්ති? තෙ කාලතො වුට්ඨහිත්වා අභිමඞ්ගලගතානි රූපානි පස්සන්ති: චටකසකුණං පස්සන්ති. ඵුස්සබෙලුවලට්ඨිං පස්සන්ති. ගබ්භිනිත්ථිං පස්සන්ති කුමාරකං ඛන්ධෙ ආරොපෙත්වා ගච්ඡන්තං පස්සන්ති. පුණ්ණඝටං පස්සන්ති. රොහිතමච්ඡං පස්සන්ති. ආජඤ්ඤං පස්සන්ති. ආජඤ්ඤරථං පස්සන්ති. උසභං පස්සන්ති. ගොකපිලං පස්සන්ති. එවරූපානං රූපානං දස්සනං මඞ්ගලං පච්චෙන්ති.
කවර රූපයන්ගේ දැකීම ‘මඞ්ගල’ යයි හදහති? යත්: ඒ දෘෂ්ටමාංගලිකයෝ උදෑසන ම නැගීසිට අභිමඞ්ගල බවට (වෘද්ධිකාරණයට ) ගිය ගේකුරුල්ලකු බලති, පුසනකතින් හිදුවන ලද තරැණ බෙලිගසක් බලති, ගැබිනිඅඟනක බලති, දරැවකු ඇකයේ හිඳුවා යනුවක්හු බලති, පුන්කළස බලති, රේමසකු බලති, ආජානීයා අසකු බලති, අජානීය අසුන් යෙදූ රියක් බලති, සෘෂභයකු බලති, කබරදෙනක බලත්. මෙබඳු රූපයන් දැකීම ම්ංගල යයි හදහත්.
කතමෙසං රූපානං දස්සනං අමඞ්ගලං පච්චෙන්ති? පලාලපුඤ්ජං පස්සන්ති තක්කඝටං පස්සන්ති. රිත්තඝටං පස්සන්ති. නටං පස්සන්ති. නග්ගසමණං පස්සන්ති. ඛරං පස්සන්ති. ඛරයානං පස්සන්ති. එකයුත්තයානං පස්සන්ති. කාණං පස්සන්ති. කුණිං පස්සන්ති. ඛඤ්ජං පස්සන්ති. පක්ඛහතං පස්සන්ති. ජිණ්ණකං පස්සන්ති. බ්යාධිතං පස්සන්ති. මතං පස්සන්ති. එවරූපානං රූපානං දස්සනං අමඞ්ගලං පච්චෙන්ති.
කවර රූපයන්ගේ දැකීම ‘අමඞ්ගල’ යයි හදහති ? යත්: පිදුරුමිටියක් දකිත් නම්, මෝරුකළයක් - සිස්කළයක් - නළුවකු - නග්නශ්‍රමණයකු - කොටළුවකු - කොටළුරියක් - එක ගවයකු යෙදූ රියක්, කණකු - කොරකු - කුදකු - පිළකු - මහල්ලකු - ලෙඩ වූවකු - මළ එකක් හු, දකිත් නම්, මෙබඳු රූපයන්ගේ දැකීම “අමඞ්ගල’ යයි හදහත්.
ඉමෙ තෙ සමණබ්රාහ්මණා දිට්ඨසුද්ධිකා. තෙ දිට්ඨෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
ඒ මෙකී මහණබමුණෝ දෘෂ්ඨශුද්ධිකයෝ යැ; ඔහු අභිමඞ්ගලසම්මත රූපයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
සන්තෙකෙ සමණබ්රාහ්මණා සුතසුද්ධිකා. තෙ එකච්චානං සද්දානං සවණං මඞ්ගලං පච්චෙන්ති. එකච්චානං සද්දානං සවණං අමඞ්ගලං පච්චෙන්ති.
මඞ්ගලසම්මත ශබ්දයෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔහු ඇතැම් ශබ්දයන් ඇසීම ‘මඞ්ගල’ යයිද, ඇතැම් ශබ්දයන් ඇසීම ‘අමඞ්ගල’ යයිද හදහත්.
කතමෙසානං සද්දානං සවණං මඞ්ගලං පච්චෙන්ති? තෙ කාලතො වුට්ඨහිත්වා අභිමඞ්ගලගතානි සද්දානි සුණන්ති: වඩ්ඪාති වා, වඩ්ඪමානාති වා, පුණ්ණාති වා, ඵුස්සාති වා, අසොකාති වා, සුමනාති වා, සුනක්ඛත්තාති වා, සුමඞ්ගලාති වා, සිරීති වා, සිරිවඩ්ඪාති වා එවරූපානං සද්දානං සවණං මඞ්ගලං පච්චෙන්ති.
කවර ශබ්දයන්ගේ ශ්‍රවණය ‘මඞ්ගල’ යයි හදහති? යත්: ඔවුහු උදෑසන මැ නැගීසිට ‘අභිමඞ්ගල’ යැයි සම්මත වැ ගිය ශබ්ද අසති: වැඩෙව (=දිනේවා) යැ - වඩ්ඪමාන යැ - පූර්ණ යැ - පුෂ්‍ය යැ - අශෝක යැ - සුමන යැ - සුනක්ඛත්ත යැ - සුමඞ්ගල යැ - ශ්‍රී යැ - ශ්‍රීවර්ධන (-සිරිවඩු) යැ හෝ මෙබඳු වූ ශබ්දයන්ගේ ඇසීම ‘මඞ්ගල’ යයි කැමැති වෙත්.
කතමෙසං සද්දානං සවණං අමඞ්ගලං පච්චෙන්ති? කාණොති වා, කුණීති වා, ඛඤ්ජාති වා, පක්ඛහතොති වා, ජිණ්ණකොති වා, බ්යාධිතොති වා, මතොති වා ඡින්නන්ති වා, භින්නන්ති වා, දඩ්ඪන්ති වා, නට්ඨන්ති වා, නත්ථීති වා, එවරූපානං සද්දානං සවණං අමඞ්ගලං පච්චෙන්ති.
කවර ශබ්දයන්ගේ ඇසීම ‘අමඞ්ගල’ යයි හදහති ? යත්: ‘කණා යැ හෝ කොර යැ -කුදු යැ - පිළු යැ - මහලු යැ - ලෙඩ ඇත්තේ යැ - මළේ යැ - දිරුයෙ යැ - බිදුණෙ යැ - දැවුණෙ යැ -නටුයෙ යැ - ‘නැත’යි හෝ මෙබඳු ශබ්දයන්ගේ ශ්‍රවණය ‘අමඞ්ගල’ යයි හදහති.
ඉමෙ තෙ සමණබ්රාහ්මණා සුතසුද්ධිකා. තෙ සුතෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
ඒ මෙකී මහණබමුණෝ ශ්‍රැතශුද්ධිකයෝ යැ. ඔහු ශ්‍රැත (=අභිමඞ්ගල - සම්මත ශබ්ද) යෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
සන්තෙකෙ සමණබ්රාහ්මණා සීලසුද්ධිකා. තෙ සීලමත්තෙන සංයමමත්තෙන සංවරමත්තෙන අවීතික්කමමත්තෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
ශීලයෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔහු ශීලමාත්‍රයෙන් සංයමමාත්‍රයෙන් (=ඉඳුරන් දැමීම් පමණෙකින්) තුන්දොරා වැසීම් පමණෙකින් ව්යතික්රම නො කිරීම් පමණෙකින් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
සමණො මණ්ඩිකා පුත්තො එවමාහ: “චතුහි ඛො අහං ථපති ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිප්පත්තං සමණං අයොජ්ඣං. කතමෙහි චතුහි? ඉධ ථපති න කායෙන පාපකං කම්මං කරොති. න පාපිකං වාචං භාසති. න පාපකං සංකප්පං සංකප්පෙති. න පාපකං ආජීවං ආජීවති. ඉමෙහි ඛො අහං ථපති චතුහි ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිප්පත්තං සමණං අයොජ්ඣං” එවමෙව සන්තෙකෙ සමණබ්රාහ්මණා සීලසුද්ධිකා. තෙ සීලමත්තෙන සංයමමත්තෙන සංවරමත්තෙන අවීතික්කමමත්තෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
මණ්ඩිකාපුත්‍ර වූ ශ්‍රමණ තෙමේ මෙසේ කියයි: “ස්ථපතිය, (=වඩුව,) මම සතර ධර්මයකින් සමන්විත වූ පුරැෂයක් හු පරිපූර්ණ වූ කුසල් ඇතියකු පරමකුසල් ඇත්තකු උත්තම් වූ අභීත්වයට (=පැමිණිය යුත්තට) පැමිණියකු නො පරදවාලියැ හැකි මහණකු කොට පනවමි. කවර සතරකි නැ? යත්: ථපතිය, මෙලොවැ යමෙක් කයින් පව්කම් නො කෙරේද, ලාමක බස් නො බෙණේ ද, පවිටු කල්පනා (-සංකල්ප) නො සිතා ද, ලාමක ආජීවයෙන් ජීවත් නො වේද, ස්ථපතිය, මම් මේ සතර දහමින් යුත් පුගුලක් හු පරිපූර්ණ වූ සිල් ඇතියක් හු… නො පරදවාලියැ හැකි මහණෙකු කොට පනවමි”. එසෙයින් මැ ශීලයෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔහු සිල්මතුයෙකින් (සිල් පමණෙකින්) සංයමමතුයෙකින් සංවරමතුයෙකින් අව්‍යතික්‍රමමතුයෙකින් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
සන්තෙකෙ සමණබ්රාහ්මණා වතසුද්ධිකා. තෙ හත්ථිවතිකා වා හොන්ති. අස්සවතිකා වා හොන්ති. ගොවතිකා වා හොන්ති. කුක්කුරවතිකා වා හොන්ති. කාකවතිකා වා හොන්ති. වාසුදෙවවතිකා වා හොන්ති. බලදෙවවතිකා වා හොන්ති. පුණ්ණභද්දවතිකා වා හොන්ති. මණිභද්දවතිකා වා හොන්ති. අග්ගිවතිකා වා හොන්ති. නාගවතිකා වා හොන්ති. සුපණ්ණවතිකා වා හොන්ති. යක්ඛවතිකා වා හොන්ති. අසුරවතිකා වා හොන්ති. ගන්ධබ්බවතිකා වා හොන්ති. මහාරාජවතිකා වා හොන්ති. චන්දවතිකා වා හොන්ති. සුරියවතිකා වා හොන්ති. ඉන්දවතිකා වා හොන්ති. බ්රහ්මවතිකා වා හොන්ති. දෙවවතිකා වා හොන්ති. දිසාවතිකා වා හොන්ති. ඉමෙ තෙ සමණබ්රාහ්මණා වතසුද්ධිකා. තෙ වතෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
ව්‍රතසමාදානයෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔහු හස්තිව්‍රත ඇත්තාහු හෝ වෙති, අශ්වව්‍රත ඇත්තාහු - ගෝව්‍රත ඇත්තාහු - කුක්කුර (=බලු) ව්‍රත ඇත්තාහු - කාකව්‍රත ඇත්තාහු - වාසුදෙවව්‍රත - බලදෙවව්‍රත - පූර්ණභද්‍රව්‍රත - මණිභද්‍රව්‍රත - අග්නිව්‍රත - නාගව්‍රත - ගරුඩව්‍රත - යක්ෂව්‍රත - අසුරව්‍රත - ගාන්ධර්වව්‍රත - මහාරාජව්‍රත - චන්ද්‍රව්‍රත - සූර්යව්‍රත - ඉන්ද්‍රව්‍රත - බ්‍රහ්මව්‍රත - දෙවව්‍රත ඇත්තාහු හෝ පෙරදිග්ආදියට නමස්කාර කරන දිශාව්‍රත ඇත්තාහු හෝ වෙත්. ඒ මේ මහණබමුණෝ ව්‍රතයෙන් ශුද්ධිය කැමැති වන්නාහු වෙත්. ඔහු ව්‍රතයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
සන්තෙකෙ සමණබ්රාහ්මණා මුතසුද්ධිකා. තෙ කාලතො වුට්ඨහිත්වා පඨවිං ආමසන්ති. හරිතං ආමසන්ති. ගොමයං ආමසන්ති. කච්ඡපං ආමසන්ති. ඵාලං අක්කමන්ති. තිලවාහං ආමසන්ති. ඵුස්සතිලං ඛාදන්ති. ඵුස්සතෙලං මක්ඛෙන්ති. ඵුස්සදන්තකට්ඨං ඛාදන්ති. ඵුස්සමත්තිකාය නහායන්ති. ඵුස්සසාටකං නිවාසෙන්ති. ඵුස්සවෙඨං වෙඨෙන්ති. ඉමෙ තෙ සමණබ්රාහ්මණා මුතසුද්ධිකා. තෙ මුතෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
මුත(=ගන්ධ රස ස්ප්‍රෂ්ටව්‍ය) යෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති: ඔහු උදෑසන මැ නැගීසිට මහපොළොව කයින් ස්පර්ශ කෙරෙති, තෙත් නිල්තණ ස්පර්ශ කෙරෙති, අමුගොම ස්පර්ශ කෙරෙති, කසුබුවකු ස්පර්ශ කෙරෙති, සීවැල් ඇක්මෙති, තලරැසක් ස්පර්ශ කෙරෙති, මඞ්ගල සඳහා සකස් කළ (-පුෂ්‍ය) තල අනුභව කෙරෙති, මඟුල්තෙල් ඇග ගල්වති, මඟුල්දැහැටි කති, මඟුල්මැටියෙන් ස්නානය කෙරෙති, මඟුල්සළු හදිති, මඟුල් හිස්වෙළුම් වෙළත්. මොහු ඒ මුතයෙන් ශුද්ධිය පතන මහණබමුණෝ යැ. ඔහු මුතයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වාති බ්රාහ්මණො දිට්ඨසුද්දියාපි සුද්ධිං නාහ; සුතසුද්ධියාපි සුද්ධිං නාහ; සීලසුද්ධියාපි සුද්ධිං නාහ; වතසුද්ධියාපි සුද්ධිං නාහ; මුතසුද්ධියාපි සුද්ධිං නාහ, න කථෙති, න භණති, න දීපයති, න වොහරතීති ‘න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා.’
න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා - බාහිතපාපී බ්‍රාහ්මණ තෙමේ දෘෂ්ටශුද්ධියෙනුදු ශුද්ධිය නො කියයි, ශ්රැතශුද්ධියෙනුදු ශුද්ධිය නො කියයි, ශීලශුද්ධියෙනු දු ශුද්ධිය නො කියයි, ව්රතශුද්ධියෙනුදු ශුද්ධිය නො කියයි, මුතශුද්ධියෙනුදු ශුද්ධිය නො කියයි නො බෙණෙයි, නො දක්වයි, ව්‍යවහාර නො කෙරේ නුයි ‘න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා’ යනු වේ.
පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තොති - පුඤ්ඤං වුච්චති යං කිඤ්චි තෙධාතුකං කුසලාභිසඞ්ඛාරං; අපුඤ්ඤං වුච්චති සබ්බං අකුසලං. යතො පුඤ්ඤාභිසඞ්ඛාරො ච අපුඤ්ඤාභිසඞ්ඛාරො ච ආනෙඤ්ජාභිසඞ්ඛාරො ච පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවඞ්ගතා ආයතිං අනුප්පාදධම්මා, එත්තාවතා පුඤ්ඤෙ ච පාපෙ ච න ලිම්පති න සංලිම්පති, න උපලිම්පති, අලිත්තො අසංලිත්තො අනුපලිත්තො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තො.’
පුඤ්ඤෙ ච පාපෙ ච අනුපලිත්තො - යම් කිසි ත්‍රෛධාතුක කුශලාභිසංස්කාරයෙක් ‘පුණ්‍ය’ යී කියනු ලැබෙයි, සියලු අකුශලය ‘අපුණ්‍ය’ යී කියනු ලැබේ. යම් තැනක පටන් පුණ්‍යාභිසංස්කාරයත් අපුණ්‍යාභිසංස්කාරයත් ආනෙඤ්ජාභිසංස්කාරයත් ප්‍රහීණ වූවාහු උපුටා හළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අන්වභාවයට ගියාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකින් පුණ්‍යයෙහි ද පාපයෙහි ද නො ඇලෙයි, වෙසෙසින් නො ඇලෙයි, නො තැවැරෙයි, අලිප්ත වූයේ (=නො ඇලුණේ) අසංලිප්ත - අනුපලිප්ත වූයේ නික්මැ ගියේ නිසෘෂ්ට වූයේ විප්රමුක්ක වූයේ විසංයුxක්ක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘පුඤ්ඤෙ ච පාපෙ ච අනුපලිත්තො’ යනු වේ.
අත්තඤ්ජහො නයිධ පකුබ්බමානොති - ‘අත්තඤ්ජහො’ති අත්තදිට්ඨිජහො, අත්තං ජහොති ගාහජහො, අත්තං ජහොති තණ්හාවසෙන දිට්ඨිවසෙන ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තං, සබ්බං තං චත්තං හොති වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨං; නයිධ පකුබ්බමානොති - පුඤ්ඤාභිසඞ්ඛාරං වා අපුඤ්ඤාභිසඞ්ඛාරං වා ආනෙඤ්ජාභිසඞ්ඛාරං වා අකුබ්බමානො අජනයමානො අසඤ්ජනයමානො අනිබ්බත්තයමානො අනභිනිබ්බත්තයමානොති ‘අත්තං ජහො නයිධ පකුබ්බමානො. ‘
අත්තඤ්ජහො නයිධ පකුබ්බමානො - ‘අත්තඤ්ජහො’ යනු: ආත්මදෘෂ්ටිය හළුයේ, ‘අත්තං ජහො’ - ග්‍රාහය හළුයේ, ‘අත්තං ජහො’ - තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගන්නා ලද පරාමර්ශ කරන ලද අභිනිවේශ කළ ඇතුළත් ව සිටි බැස ගෙන සිටි ඒ සියල්ල ත්‍යක්ත වෙයි, වාන්ත මුක්ත ප්‍රහීණ ප්රතිනිසෘෂ්ට වෙයි. නයිධ පකුබ්බමානො - පුණ්‍යාභිසංස්කාරය හෝ අපුණ්‍යාභිසංස්කාරය හො ආනෙඤ්ජාභිසංස්කාරය හෝ නො කරනුයේ යී නො දනවනුයේ වෙසෙසින් නො දනවනුයේ නුපදවනුයේ වෙසෙසින් නුපදවනුයේ නුයි ‘අත්තඤ්ජහො නයිධ පකුබ්බමානො’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා, පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තො අත්තංජහො නයිධ පකුබ්බමානො”ති.
“න බ්රාහ්මණො -පෙ- නයිධ පකුබ්බමානො” යි.