යෙදුමෙන් කියවන්න

4. 4

4. 4.

4. 4.

පුරිමං පහාය අපරං සිතා සෙ එජානුගා තෙ න තරන‍්ති සඞ‍්ගං, තෙ උග‍්ගහායන‍්ති නිරස‍්සජන‍්ති කපීව සාඛං පමුඛඞ‍්ගහාය.

පූර්ව ශාස්තෘආදීන් හැරපියා අපර ශාස්තෘ ආදීන් ඇසුරු කරන එජාසංඛ්‍යාත තෘෂ්ණායෙන් මඩනා ලද්දාහු රාගාදි සඞ්ගය තරණය නොකෙරෙති. යළි ඔහු පූර්‍වශාඛාව හැරපියා අපරශාඛාවක් ගන්නා වූ වඳුරකු සෙයින් ඒ ඒ ධර්‍මයන් ගන්නා හු ද වෙත්.

පුරිමං පහාය අපරං සිතා සෙති - පුරිමං සත්‍ථාරං පහාය අපරං සත්‍ථාරං නිස‍්සිතා, පුරිමං ධම‍්මක‍්ඛානං පහාය අපරං ධම‍්මක‍්ඛානං නිස‍්සිතා, පුරිමං ගණං පහාය අපරං ගණං නිස‍්සිතා, පුරිමං දිට‍්ඨිං පහාය අපරං දිට‍්ඨිං නිස‍්සිතා, පුරිමං පටිපදං පහාය අපරං පටිපදං නිස‍්සිතා, පුරිමං මග‍්ගං පහාය අපරං මග‍්ගං නිස‍්සිතා සන‍්නිස‍්සිතා අල‍්ලීනා උපගතා අජ‍්ඣොසිතා අධිමුත‍්තාති ‘පුරිමං පහාය අපරං සිතා සෙ.’

පුරිමං පහාය අපරං සීතා සෙ - පූර්වශාස්තෘවරයකු හැරපියා අපර ශාස්තෘවරයක්හු ඇසුරැ කළාහු පළමු ගත් ධර්‍මය හැරපියා අන්‍ය ධර්‍මයක් ඇසුරැ කළාහු පළමු ගත් ගණයා හැරපිය අන් ගණයක් ඇසුරු කළාහු පළමු ගත් දෘෂ්ටිය හැර අන්‍යදෘෂ්ඨියක් ඇසුරු කළාහු පූර්වප්‍රතිපදාව හැර අපරප්‍රතිපදාවක් ඇසුරැ කළාහු පූර්වමාර්‍ගය හැර අපරමාර්‍ගයක් ඇසුරැ කළාහු වෙසෙසින් ඇසුරු කළාහු ඇලුණාහු එළැඹියාහු පිවිසියාහු බැසගත්තාහු නුයි ‘පුරිමං පහාය අපරං සීතා සෙ’ යනු වේ.

එජානුගා තෙ න තරන‍්ති සඞ‍්ගන‍්ති - එජා වුච‍්චති තණ‍්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං; එජානුගාති එජානුගා එජානුගතා එජානුසටා එජායාපන‍්නා පතිතා අභිභූතා පරියාදින‍්නචිත‍්තා; තෙ න තරන‍්ති සඞ‍්ගන‍්ති - රාගසඞ‍්ගං දොසසඞ‍්ගං මොහසඞ‍්ගං මානසඞ‍්ගං දිට‍්ඨිසඞ‍්ගං කිලෙසසඞ‍්ගං දුච‍්චරිතසඞ‍්ගං න තරන‍්ති, න උත‍්තරන‍්ති, න සමතික‍්කමන‍්ති, න වීතිවත‍්තන‍්තීති ‘එජානුගා තෙ න තරන‍්ති සඞ‍්ගං’.

එජානුගාතෙ න තරන්ති සඞ්ගං - ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවෙක් ලොභඅකුශලමූලයෙක් වේද (එයයි). එජානුගා - තෘෂ්ණාව අනුව ගියාහු තෘෂ්ණාවට අනුගත වූවාහු තෘෂ්ණාවට පිවිසියාහු තෘෂ්ණාවට පැමිණියාහු වැටුණාහු මඩනැ ලද්දාහු හාත්පසින් අල්ලාගත් සිත් ඇත්තාහු. තෙ න තරනති සඞ්ගං - රාගසංගය ද්වේශසංගය මෝහසංගය මානසංගය දෘෂ්ටිසංගය කෙලශසංගය දුශ්චරිතසංගය තරණය නො කෙරෙති උත්තරණය නො කෙරෙති ප්‍රතරණය නො කෙරෙති නො ඉක්මෙති ව්‍යතික්‍රමණය නො කෙරෙත් නුයි ‘එජානුගාතෙ න තරන්ති සඞ්ගං’ යනු වේ.

තෙ උග‍්ගහායන‍්ති නිරස‍්සජන‍්තීති - සත්‍ථාරං ගණ‍්හන‍්ති, තං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤං සත්‍ථාරං ගණ‍්හන‍්ති, ධම‍්මක‍්ඛානං ගණ‍්හන‍්ති, තං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤං ධම‍්මක‍්ඛානං ගණ‍්හන‍්ති; ගණං ගණ‍්හන‍්ති, තං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤං ගණං ගණ‍්හන‍්ති; දිට‍්ඨිං ගණ‍්හන‍්ති, තං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤං දිට‍්ඨිං ගණ‍්හන‍්ති; පටිපදං ගණ‍්හන‍්ති, තං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤං පටිපදං ගණ‍්හන‍්ති; මග‍්ගං ගණ‍්හන‍්ති, තං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤං මග‍්ගං ගණ‍්හන‍්ති; ගණ‍්හන‍්ති ච මුඤ‍්චන‍්ති ච ආදියන‍්ති ච නිරස‍්සජන‍්ති චාති ‘තෙ උග‍්ගහායන‍්ති නිරස‍්සජන‍්ති’.

තෙ උග්ගහායන්ති නිර්ස්සජන්ති - ශාෂ්තෘවරයකු ගනිති, ඔහු හැරපිය අන් ශාෂ්තෘවරයකු ගනිත්; ධර්‍මාඛ්‍යානයක් ගනිති, එය හැරපියා අන් ධර්‍මාඛ්‍යානයක් ගනිත්, ගණයක් ගනිති, එය හැරපියා අන් ගණයක් ගනිති, දෘෂ්ටියක් ගනිති; එය හැර අන්‍යදෘෂ්ටියක් ගනිත්; ප්‍රතිපදාවක් ගනිති, එය හැරපියා අන් පිළිවෙතක් ගනිත්; මාර්‍ගයක් ගනිති, එය හැරපියා අන් මගක් ගනිත්; ගන්නාහු ද හරණාහු ද ආදානය කරන්නාහු ද බැහැර කරන්නහු ද වෙත් නුයි ‘තෙ උග්ගහායන්ති නිxxර්ස්සජන්ති’ යනු වේ.

කපී’ව සාඛං පමුඛඞ‍්ගහායාති - යථා මක‍්කටො අරඤ‍්ඤෙ පවනෙ චරමානො සාඛං ගණ‍්හාති, තං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤං සාඛං ගණ‍්හාති, තං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤං සාඛං ගණ‍්හාති. එවමෙව පුථුසමණබ්‍රාහ‍්මණා පුථුදිට‍්ඨිගතානි ගණ‍්හන‍්ති ච මුඤ‍්චන‍්ති ච ආදියන‍්ති ච නිරස‍්සජන‍්ති චාති ‘කපී ව සාඛං පමුඛඞ‍්ගහාය.’

කපීව සාඛං පමුඛංගහාය - යම් සේ අරණ්‍යසංඛ්‍යාත මහවෙනෙහි හැසිරෙන වඳුරෙක් එක් ශාඛාවක් ගෙන එය හැරපියා අනෙකක් ගනී ද, එය ද හැරපියා අන් ශාඛාවක් ගනී ද, එසෙයින් මැ බොහෝ මහණබමුණෝ බොහෝ දෘෂ්ටිගතයන් ගන්නාවු ද හරනාහු ද දුරු ලන්නාහු ද වෙත් නුයි ‘කපීව සාඛං පමුඛංගහාය’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“පුරිමං පහාය අපරං සිතා සෙ එජානුගා තෙ න තරන‍්ති සඞ‍්ගං, තෙ උග‍්ගහායන‍්ති නිරස‍්සජන‍්ති කපීව සාඛං පමුඛඞ‍්ගහායා”ති.

“පුරිමං පහාය -පෙ- පමුඛංගහාය” යි.