4. 5
4. 5.
4. 5.
සයං සමාදාය වතානි ජන්තු උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො, විද්වා ච වෙදෙහි සමෙච්ච ධම්මං න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො.
කාමාදි සංඥායෙහි ඇලුණා වූ සත්ව තෙමේ හස්තිව්‍රතාදි ව්‍රතයන් තෙමේ මැ සමාදන් වැ එකකින් එකකට යෙයි. පරමාර්ත්වයෙන් විද්වත් වූ මහාප්‍රඥා ඇති රහත් මහණ සතර මාර්‍ගඥානවේදයෙන් දහම් අවබෝධ කොට සිටියේ උච්චාවච බවට නො පැමිණේ.
සයං සමාදාය වතානි ජන්තූති - ‘සයං සමාදායාති සාමං සමාදාය; වතානීති - හත්ථිවතං වා අස්සවතං වා ගොවතං වා කුක්කුරවතං වා කාකවතං වා වාසුදෙවවතං වා බලදෙවවතං වා පුණ්ණභද්දවතං වා මණිභද්දවතං වා අග්ගිවතං වා නාගවතං වා සුපණ්ණවතං වා යක්ඛවතං වා අසුරවතං වා -පෙ- දිසාවතං වා, ආදාය සමාදාය ආදියිත්වා සමාදියිත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා; ජන්තූති - සත්තො නරො -පෙ- මනුජොති ‘සයං සමාදාය වතානි ජන්තු.’
සයං සමාදාය වතානි ජන්තු - ‘සයං සමාදාය’ - තෙමේ මැ සමාදන් වැ; වතානි - හස්තිව්‍රතය හො අශ්ව - ගො - කුක්කුර - කාක - වාසුදෙව - බලදෙව - පූර්ණභද්‍ර - මණිභද්‍ර - අග්නි - නාග - සුපර්ණ - යක්ෂ - අසුර - ව්‍රතය හෝ... දිශාව්‍රතය හෝ ගෙන මොනොවට ගෙන ආදානය කොට සමාදානය කොට ග්‍රහණය කොට පරාමර්ශී කොට අභිනිවේශ කොට; ජන්තු - සත්ව - නර ...මනුජ තෙමේ නුයි ‘සයං සමාදාය වතානි ජන්තු’ යනු වේ.
උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තොති - සත්ථාරතො සත්ථාරං ගච්ඡති, ධම්මක්ඛානතො ධම්මක්ඛානං ගච්ඡති, ගණතො ගණං ගච්ඡති, දිට්ඨියා දිට්ඨිං ගච්ඡති, පටිපදාතො පටිපදං ගච්ඡති, මග්ගතො මග්ගං ගච්ඡති; සඤ්ඤසත්තොති - කාමසඤ්ඤාය ව්යාපාදසඤ්ඤාය විහිංසාසඤ්ඤාය දිට්ඨිසඤ්ඤාය සත්තො විසත්තො ආසත්තො ලග්ගො ලග්ගිතො පළිබුද්ධො, යථා භිත්තිඛීලෙ වා නාගදන්තෙ වා භණ්ඩං සත්තං විසත්තං ආසත්තං ලග්ගං ලග්ගිතං පළිබුද්ධං; එවමෙව කාමසඤ්ඤාය ව්යාපාදසඤ්ඤාය විහිංසාසඤ්ඤාය දිට්ඨිසඤ්ඤාය සත්තො විසත්තො ආසත්තො ලග්ගො ලග්ගිතො පළිබුද්ධොති ‘උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො.’
උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො - ශාස්තෘවරයකු කෙරෙන් ශාස්තෘවරයකු කරා යෙයි, ධර්‍මාඛ්‍යානයකින් ධර්‍මාඛ්‍යානයකට - ගණයක් කෙරෙන් ගණයක්හු කරා - දෘෂ්ටියකින් දෘෂ්ටියකට - ප්‍රතිපදාවකින් ප්‍රතිපදාවකට - මාර්ගයකින් මාර්ගයකට යෙයි; සඤ්ඤසත්තො - කාමසංඥායෙහි ව්‍යාපාදසංඥායෙහි විහිංසාසංඥායෙහි දෘෂ්ටිසංඥායෙහි ඇලුණේ වෙසෙසින් ඇලුණේ හාත්පසින් ඇලුණේ ලැගුණේ ලග්න වූයේ පලිබුද්ධ වූයේ, යම් සේ භිත්තිඛීලය (=බිත්තියෙහි සවි කළ හුල)ක හේ නාගදන්තයක හෝ භාණ්ඩයක් සක්ත විෂක්ත ආසක්ත ලග්න ලග්නකළ පරිබුද්ධ වූයේ ද, එසෙයින් ම කාම - ව්‍යාපාද - විහිංසා - දෘෂ්ටිසංඥායෙහි සක්ත...පරිබුද්ධ වූයේ නුයි ‘උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො’ යනු වේ.
විද්වා ච වෙදෙහි සමෙච්ච ධම්මන්ති - ‘විද්වා’ති විද්වා විජ්ජාගතො ඤාණී විභාවී මෙධාවී; වෙදෙහීති - වෙදා වුච්චන්ති චතුසු මග්ගෙසු ඤාණං, පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො වීමංසා විපස්සනා සම්මාදිට්ඨි, තෙහි වෙදෙහි ජාතිජරාමරණස්ස අන්තගතො අන්තප්පත්තො කොටිගතො කොටිප්පත්තො පරියන්තගතො පරියන්තප්පත්තො වොසානගතො වොසානප්පත්තො තාණගතො තාණප්පත්තො ලෙනගතො ලෙනප්පත්තො සරණගතො සරණප්පත්තො අභයගතො අභයප්පත්තො අච්චුතගතො අච්චුතප්පත්තො අමතගතො අමතප්පත්තො නිබ්බානගතො නිබ්බානප්පත්තො; වෙදානං වා අන්තගතොති වෙදගූ, වෙදෙහි වා අන්තං ගතොති වෙදගූ, සත්තන්නං වා ධම්මානං විදිතත්තා වෙදගූ: සක්කායදිට්ඨි විදිතා හොති, විචිකිච්ඡා විදිතා හොති, සීලබ්බතපරාමාසො විදිතො හොති, රාගො විදිතො හොති, දොසො විදිතො හොති, මොහො විදිතො හොති, මානො විදිතො හොති, විදිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.
විද්වා ච වේදේහි සමෙච්ච ධම්මං - ‘විද්වා’ යනු: විද්වද් වූයේ විද්‍යාවට පැමිණියේ නුවණැතියේ නුවණින් විමසනුයේ මේධා (=අනිත්‍යාදි විසින් තුලනය කළ ඥාන) ඇතියේ; වේදේහි - සතර මාර්ගයන්හි ඥානය ‘වෙද’ යී කියනු ලැබේ; ප්‍රඥාව ප්රඥෙන්ද්රියය ප්‍රඥාබලය ධම්මවිචයසම්බොධ්‍යඞ්ගය වීමංසාව විදර්ශනාව සම්‍යක්දෘෂ්ටිය යි; ඒ මාර්‍ගඥානවෙදයන්ගෙන් ජාතිජරාමරණයන්ගේ අන්තයට ගියේ අන්තයට පැමිණියේ (මාර්ගයෙන්) කෙළවරට ගියේ (ඵලයෙන්) කෙළවරට පැමිණියේ පර්‍ය්‍යන්තයට ගියේ පර්‍ය්‍යන්තයට පැමිණියේ අවසානයට ගියේ අවසානයට පැමිණියේ (මාර්ගයෙන්) ත්‍රාණයට ගියේ (ඵලයෙන්) ත්‍රාණයට පැමිණියේ නිලීයනයට (මාර්ගයෙන්) ගියේ (ඵලයෙන්) පැමිණියේ ප්‍රතිෂ්ඨාවට (මාර්ගයෙන්) ගියේ (ඵලයෙන්) පැමිණියේ නිභීයට ගියේ නිභීයප්‍රාප්ත වූයේ අච්‍යුතිය (-නිවන)ට ගියේ අච්‍යුතප්‍රාප්ත වූයේ අමෘතයට ගියේ අමෘතයට පැමිණියේ මාර්ගයෙන් නිවනට ගියේ ඵලයෙන් නිවනට පැමිණියේ; නොහොත් වෙද(=දතයුතු ධර්ම) යන්ගේ අන්තයට ගියේ නුයි ‘වේදගූ’ යැ, සතරමාර්‍ගඥානවෙදයෙන් වෘත්තදුඃඛයාගේ අන්තයට ගියේ නුයි හෝ ‘වේදගු’ යැ; නොහොත් සප්තධර්මයන් විදිත වන බැවින් ‘වේදගූ’ යැ: සත්කායදෘෂ්ටිය විදිත වෙයි, විචිකිත්සාව - ශීලව්රතපරාමර්ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය විදිත වෙයි, ඔහු විසින් කෙලෙසුන්ට ප්‍රත්‍යය වූ පුනර්භවය උපදවන ක්ලෙශ්දරථ සහිත වූ දුඃඛ් විපාක දෙන අනාගතයෙහි ජාතිජරාමරණයන්ට ප්‍රත්‍යය වූ ලාමක අකුශලධර්‍මයෝ විදිත වූවාහු වෙත්.
1. “වෙදානි විචෙය්ය කෙවලානි (සභියාති භගවා) සමණානං යානිපත්ථි බ්රාහ්මණානං, සබ්බවෙදනාසු වීතරාගො සබ්බං වෙදමතිච්ච වෙදගූ සො”ති.
1. (බුදුහු ‘සභිය’ යි අමතා මෙසේ වදාළහ:) යෙමෙක් ශ්‍රමණබ්‍රාහ්මණයන්ගේ ශාස්ත්‍ර යයි කියන ලද යම් වෙද කෙනෙක් වෙත් ද, ඒ සියලු වේදයන් මාර්‍ගභාවනායෙන් කෘත්‍ය හෙයින් අනිත්‍යාදිවශයෙන් විමසා එහි ඡන්‍දරාගප්‍රහාණයෙන් ඒ සියලු වේදයන් ඉක්මවා යළි වෙදප්‍රත්‍යයෙන් හෝ අන් පරිද්දෙකින් උපදනා සියලු වේදනාවන්හි වීතරාග වූයේ ද හෙතෙම පරමාර්ත්ථවශයෙන් ‘වේදගු’ නම් වේ යයි.
විද්වා ච වෙදෙහි සමෙච්ච ධම්මන්ති - සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘සබ්බෙ ධම්මා අනත්තා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘අවිජ්ජා පච්චයා සඞ්ඛාරා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘සඞ්ඛාරපච්චයා විඤ්ඤාණ’න්ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘විඤ්ඤාණපච්චයා නාමරූපන්ති - නාමරූපපච්චයා සළායතනන්ති - සළායතනපච්චයා ඵස්සොති - ඵස්සපච්චයා වෙදනාති - වෙදනාපච්චයා තණ්හාති - තණ්හාපච්චයා උපාදානන්ති උපාදානපච්චයා භවොති - භවපච්චයා ජාතීති - ජාතිපච්චයා ජරාමරණ’න්ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො’ති - නාමරූපනිරොධා සළායතනනිරොධොති - සළායතනනිරොධා ඵස්සනිරොධොති - ඵස්සනිරොධා වෙදනා නිරොධොති - වෙදනා නිරොධා තණ්හා නිරොධොති තණ්හානිරොධා උපාදානනිරොධොති උපාදානනිරොධා භවනිරොධොති - භවනිරොධා ජාතිනිරොධොති ජාතිනිරොධා ජරාමරණ නිරොධො’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘ඉදං දුක්ඛ’න්ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘අයං දුක්ඛසමුදයො’ති - අයං දුක්ඛනිරොධොති - අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘ඉමෙ ආසවා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘අයං ආසවසමුදයො’ති - අයං ආසවනිරොධොති - අයං ආසවනිරොධගාමිනීපටිපදාති සමෙච්ච අභිසමෙච්ච ධම්මං, ‘ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං, ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්යාති - ඉමෙ ධම්මා පහාතබ්බාති - ඉමෙ ධම්මා භාවෙතබ්බාති - ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච සමෙච්ච අභිසමෙච්ච ධම්මං; පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච සමෙච්ච අභිසමෙච්ච ධම්මං; චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති සමෙච්ච අභිසමෙච්ච ධම්මන්ති ‘විද්වා ච වෙදෙහි සමෙච්ච ධම්මං’.
විද්වා ච වේදේහි සමෙච්ච ධම්මං - සිවුසස් දහමට නුවණින් පැමිණ, සිවුසස් දහම් නුවණින් පිළිවිද; ‘සියලු සංස්කාරයෝ ඇති වැ නැති වනබැවින් අනිත්‍යයහ’ යි සිවුසස් දහම් නුවණින් පැමිණ අභිසමය කොට, ‘සියලු සංස්කාරයෝ පීඩා උපදවන බැවින් දුඃඛයහ’ යි දහම් දැන අභිසමය කොට, ‘සියලු ධර්මයෝ වසයෙහි නො පවත්නා බැවින් අනාත්මයහ’යි සිවුසස් දහම් නුවණින් දැන අභිසමය කොට; ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් (-අවිද්‍යාව නිසා) තුන් බිමට අයත් කුශලාදි සංස්කාරයෝ පහළ වෙති’ සිවුසස් දහම් නුවණින් දැන ප්‍රතිවේධ කොට, සංස්කාරප්‍රත්‍යයෙන් චක්ෂුර්විඥානාදි දෙතිස් ලෞකිකවිපාකවිඥානය පහළ වේ යයි...එකුන්විසි ප්‍රතිසන්‍ධිවිඥානප්‍රත්‍යයෙන් වේදනා සංඥා සංස්කාරස්කන්‍ධ සඞ්ඛ්‍යාත නාමය හා රූපය වේ යයි.. නාමරූපප්‍රත්‍යයෙන් චක්ෂුරායතනාදි ෂඩායතනය වේ යයි...ෂඩායතනප්‍රත්‍යයෙන් චක්ෂුඃසංස්පර්ශාදි ස්පර්ශය වේ යයි...ස්පර්ශප්රත්යයෙන් චක්ෂුඃසංස්පර්ශජාදි වේදනා වේ යයි...වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ යයි තෘෂ්ණාප්‍රත්‍යයෙන් කාමාදි උපාදානය වේ යයි...උපාදානප්‍රත්‍යයෙන් භවය වේ යයි… කර්මභවප්රත්යයෙන් ප්රතිසන්ධිස්කන්ධ සඞ්ඛ්‍යාත ජාතිය වේ යයි...ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යයි නුවණින් දැන සිවුසස් දහම් ප්‍රතිවේධ කොට, ‘අවිද්‍යාව ගේ අනුත්පාදනිරෝධයෙන් සංස්කාරයන් ගේ අනුප්පාදනිරොධය වේ යයි නුවණින් දැන සිවුසස් දහම් අවබෝධ කොට; සංස්කාරයන් ගේ අනුත්පාදනිරෝධයෙන් විඥානනිරෝධය වේ යයි - ප්රතිසන්ධිවිඥානයා ගේ අනුත්පාදනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ යයි - නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ යයි - ෂඩායතනනිරොධයෙන් ස්පර්ෂනිරොධය වේ යයි - ස්පර්ෂනිරොධයෙන් වේදනානිරෝධය වේ යයි - වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ යයි - තෘෂ්ණානිරොදයෙන් උපාදානනිරෝධය වේ යයි - උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ යයි - භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ යයි - ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේයයි නුවණින් දැන සිවුසස් අවබෝධ කොට; ‘මේ දුකැ’යි දැන ...මේ දුක් සමුදය යි ...මේ දුක් නැසීම යැයි... මේ දුක් නිරෝධයට පමුණුවන පිළිවෙතැයි නුවණින් දැන සිවුසස් ප්‍රතිවේධ කොට; ‘මොහු ආස්‍රවයෝය’යි… මේ ආස්‍රවසමුදය යි...මෙ ආස්‍රවනිරෝධය යි...‘මෝ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදා ය’යි දැන සිවුසස්දහම් අභිසමය කොට, ‘මේ ධර්මයේ ස්වභාවලක්ෂණාවබොධවශයෙන් දතයුත්තාහ’යි දැන - මේ (ත්‍රෛභූමක)ධර්මයෝ සාමාන්යලක්ෂණවබොධවශයෙන් හාත්පසින් දතයුත්තාහ’යි දැන ‘මේ සමුදයපක්ෂයෙහි වූ ධර්මයෝ ඒ ඒ ගුණාඞ්ගයෙන් හළ යුත්තාහ’යි - මේ දහම්හු වැඩිය යුත්තාහ’යි - ‘මේ දහම්හු ප්රත්යක්ෂ කටයුත්තාහ’යි නුවණින් දැන සිවුසස් දහම් අවබෝධ කොට, චක්ෂුරාදි ෂට්ස්පර්ශායතනයන් ගේ සමුදය (-ඉපදීම)ද නිරෝධය ද ආශ්වාදය ද ආදීනවය ද නිශ්ශරණය ද දැන දහම් පසක් කොට, පඤ්චොපදානස්කන්ධයන්ගේ සමුදය ද... නිශ්ශරණය ද දැන - සතරමහාභූතයන්ගේ සමුදය ද...නිශ්ශරණය ද දැන - ‘සමුදයපක්ෂයෙහි වූ සියලු ධර්‍මජාතය නිරෝධස්වභාව ඇතැ’යි නුවණින් දැන සිවුසස් දහම් විශිෂ්ටඥානයෙන් දැන නුයි ‘විද්වා ච වේදේහි සමෙච්ච ධම්මං’ යනු වේ.
න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤොති - න සත්ථාරතො සත්ථාරං ගච්ඡති, න ධම්මක්ඛානතො ධම්මක්ඛානං ගච්ඡති, න දිට්ඨියා දිට්ඨිං ගච්ඡති, න පටිපදාය පටිපදං ගච්ඡති, න මග්ගතො මග්ගං ගච්ඡති. භූරිපඤ්ඤොති භූරිපඤ්ඤො මහාපඤ්ඤො පුථුපඤ්ඤො හාසුපඤ්ඤො ජවනපඤ්ඤො තික්ඛපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො; භූරි වුච්චති පඨවී, තාය පඨවීසමාය පඤ්ඤාය විපුලාය විත්ථතාය සමන්නාගතොති ‘න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො.’
න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො - ශාස්තෘවරයකු කෙරෙන් ශාස්තෘවරයකු කරා නො යෙයි, ධර්‍මාඛ්‍යානයකින් ධර්‍මාඛ්‍යානයකට - දෘෂ්ටියකින් දෘෂ්ටියකට - පිළිවෙතකින් පිළිවෙතකට - මගෙකින් මගකට නො යන්නේයි. භූරිපඤ්ඤො - පෘථිවිය බදු විපුලප්‍රඥා ඇතියේ මහාප්‍රඥා ඇතියේ පැතුරැණු ප්‍රඥා ඇතියේ තුෂ්ටි බහුල වූ ප්‍රඥා ඇතියේ පැතුරුණු ප්‍රඥා ඇතියේ ලොභාදිය විනිවිදින ප්‍රඥා ඇතියේ යැ; පෘථිවිය ‘භූරි’ යැයි කියනු ලබයි, ඒ පෘථිවියම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්විත නුයි ‘න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සයං සමාදාය වතානි ජන්තු උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො, විද්වා ච වෙදෙහි සමෙච්ච ධම්මං න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො”ති.
“සයං සමාදාය -පෙ- ගච්ඡති භූරිපඤ්ඤො” යි.