යෙදුමෙන් කියවන්න

3 - 8 අට‍්ඨකථා

3 - 8

3 - 8

යො පන නෙසං ද‍්වින‍්නං උපයානං භාවෙන උපයො හොති, සො උපයො හි…පෙ… දිට‍්ඨිමිධෙව සබ‍්බන‍්ති. තත්‍ථ උපයොති තණ‍්හාදිට‍්ඨිනිස‍්සිතො. ධම‍්මෙසු උපෙති වාදන‍්ති “රත‍්තො”ති වා “දුට‍්ඨො”ති වා එවං තෙසු තෙසු ධම‍්මෙසු උපෙති වාදං. අනූපයං කෙන කථං වදෙය්‍යාති තණ‍්හාදිට‍්ඨිප‍්පහානෙන පන අනූපයං ඛීණාසවං කෙන රාගෙන වා දොසෙන වා කථං “රත‍්තො”ති වා “දුට‍්ඨො”ති වා වදෙය්‍ය. එවං අනුපවජ‍්ජො ච සො කිං තිත්‍ථියා විය කතපටිච‍්ඡාදකො භවිස‍්සතීති අධිප‍්පායො. අත‍්තා නිරත‍්තා න හි තස‍්ස අත්‍ථීති තස‍්ස හි අත‍්තදිට‍්ඨි වා උච‍්ඡෙදදිට‍්ඨි වා නත්‍ථි, ගහණමුඤ‍්චනං වාපි අත‍්තනිරත‍්තසඤ‍්ඤිතං නත්‍ථි. කිං කාරණා නත්‍ථීති චෙ? අධොසි සො දිට‍්ඨිමිධෙව සබ‍්බන‍්ති. යස‍්මා සො ඉධෙව අත‍්තභාවෙ ඤාණම‍්බුනා සබ‍්බදිට‍්ඨිගතං අධොසි පජහි විනොදෙසීති අරහත‍්තනිකූටෙන දෙසනං නිට‍්ඨාපෙසි. තං සුත්‍වා රාජා අත‍්තමනො භගවන‍්තං අභිවාදෙත්‍වා පක‍්කාමීති.

යමෙක් වනාහි ඒ දෙයාකාර උපායයන්ගේ විද්‍යමානත්වයෙන් ‘උපය’ නම් වේ ද ඔහු සඳහා, උපයොහි -පෙ- දිට්ඨිමිධෙව සබ්බා යන බවයි. ධම්මෙසු උපෙති වාදං ඇලුණේය. ගැටුණේය යනුවෙන් ඒ ඒ ධර්මයන්හි වාදයට පැමිණේ. අනූපයං කෙන කථං වදෙය්‍ය තෘෂ්ණා දෘෂ්ටි දෙක ප්‍රහාණය කිරීමෙන් උපය රහිත බවට ගිය රහතන් වහන්සේ, රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ කෙසේ නම් ඇලුණෙක් වේද? ගැටුණු අයෙක් වේදැයි කිවයුතු වන්නේ ද? මෙසේ අනුපවද්‍ය වූ, නිරවද්‍ය වූ උන්වහන්සේ තීර්ථකයන් මෙන් කළ දෙය වසන්නෙක් නොවන්නේ ය’ යන අදහසයි. අත්තං නිරත්තං නහි තස්ස අත්‍ථි එහි වනාහි ආත්ම දෘෂ්ටියෙන් හෝ උච්ඡේද දෘෂ්ඨියෙන් ග්‍රහණයක් හෝ මිදීමක් (අත්හැරීමක්) නැත. ඇලීම්, ගැටීම් පිළිබඳ සිතුවිල්ලකුදු නැත. කුමන කරුණකින් එය නැත්තේ ද? අධොසි සො දිට්ඨිමිධෙව සබ්බා උන්වහන්සේ මෙලොවදීම, මේ ආත්මභාවයේදී ම ඤාණ නම් දියෙන් සියලු දෘෂ්ඨින්, දෘෂ්ඨිගතිකයන් දුරු කළේය. අත්හළේය. පහ කළේය. මෙසේ අර්හත් නිකූටයෙන් (අර්හත්වය දක්වා දේශනාව ගෙන යෑමෙන්) දේශනාව නිමා කළ සේක. එය ඇසූ රජතුමා සතුටු සිත් ඇතිව භාග්‍යවතුන් වහන්සේ වැඳ පිටත්ව ගියේය.

රත‍්තොති වාති රාගෙන රත‍්තොති වා. දුට‍්ඨොති වාතිආදීසුපි එසෙව නයො. තෙ අභිසඞ‍්ඛාරා අප‍්පහීනාති යෙ පුඤ‍්ඤාපුඤ‍්ඤආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරා, තෙ අප‍්පහීනා. අභිසඞ‍්ඛාරානං අප‍්පහීනත‍්තාති තෙසං වුත‍්තප‍්පකාරානං කම‍්මාභිසඞ‍්ඛාරානං න පහීනභාවෙන. ගතියා වාදං උපෙතීති පඤ‍්චන‍්නං ගතීනං අඤ‍්ඤතරාය කථනං උපගච‍්ඡති. තෙනෙවාහ – “නෙරයිකොති වා…පෙ… වාදං උපෙති උපගච‍්ඡතී”ති. වදෙය්‍යාති කථෙය්‍ය. ගහිතං නත්‍ථීති ගහෙතබ‍්බං නත්‍ථි. මුඤ‍්චිතබ‍්බං නත්‍ථීති මුඤ‍්චිත්‍වා ඨිතත‍්තා මොචෙතබ‍්බං නත්‍ථි.

රත්තොනි වා රාගයෙන් ඇලී හෝ දුට්ඨොති වා යනාදියෙහි ද මේ ක්‍රමයමයි. තෙ අභිසංඛාරා අප්පහීනා යම් පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, අනෙඤ්ජාභිසංඛාරයක් වේ නම් ඒවා අප්‍රහීනය. අභිසංඛාරානං අප්පහීනත්තා ඉහතින් කියූ පරිදි කර්මාභි සංස්කාර අප්‍රහීණ භාවයෙන් ප්‍රහීණ නොකළ බැවින්, ගතියා වාදං උපෙති ඔහු යන ගතීන්ගෙන් එකක් පිළිබඳව ප්‍රකාශ වේ. ඒ නිමිත්තෙන් නෙරයිකොති වාදං උපෙති උපගච්ඡති යැයි කියන ලදී. වදෙය්‍ය කියන්නේය. ගහිතං නත්‍ථි ගතයුත්තක් නැත. මුඤ්චි තබ්බං නත්‍ථි මුදාහැර සිටි බැවින් මුදවිය යුත්තක් මිදීමක් නැත.

යස‍්සත්‍ථි ගහිතන‍්ති යස‍්ස පුග‍්ගලස‍්ස “අහං මමා”ති ගහිතං අත්‍ථි. තස‍්සත්‍ථි මුඤ‍්චිතබ‍්බන‍්ති තස‍්ස පුග‍්ගලස‍්ස මොචෙතබ‍්බං අත්‍ථි. උපරි පදානි පරිවත‍්තෙත්‍වා යොජෙතබ‍්බානි. ගහණං මුඤ‍්චනා සමතික‍්කන‍්තොති ගහණමොචනා අරහා අතික‍්කන‍්තො. බුද‍්ධිපරිහානිවීතිවත‍්තොති වඩ‍්ඪිඤ‍්ච පරිහානිඤ‍්ච අතික‍්කමිත්‍වා පවත‍්තො. සො වුට‍්ඨවාසොතිආදිං කත්‍වා ඤාණග‍්ගිනා දඩ‍්ඪානීති පරියොසානං හෙට‍්ඨා වුත‍්තනයමෙව. අධොසීති කන‍්තෙසි. ධුනි සන්‍ධුනි නිද‍්ධුනීති උපසග‍්ගෙන පදං වඩ‍්ඪිතං.

යස්සත්‍ථි ගහිතං යම් පුද්ගලයෙකුට ‘මම ය, මගේ ය’යි ගැනීමක් ඇත් ද තස්සත්‍ථිමුඤ්චිතබ්බං ඒ පුද්ගලයාට මුදාහළ යුත්තක් වේද, මතු කී පදයන්හි අර්ථ පෙරලා (විරුද්ධාර්ථය) යෙදිය යුතුයි. ගාහමුඤ්චනා සමතික්කන්තො ග්‍රහණයෙන් මිදී ඉක්මවා සිටි රහතන් වහන්සේ වුද්ධි පරිහානි වීතිවත්තො අභිවෘද්ධිය ද පරිහානිය ද ඉක්මවා සිටි සේක. සොවුත්‍ථවාසො ආදියේ සිට ඤාණග්ගිනා දඩ්ඪානි යන්න දක්වා අර්ථ ඉහත කී පරිදිම දතයුතුයි. අධොසි කම්පා කළේය. ධුනි සන්‍ධුනි නිද්ධුනි යනාදියෙහි උපසර්ග යොදා අර්ථ වැඩිකරන ලදී.

සද‍්ධම‍්මප‍්පජ‍්ජොතිකාය මහානිද‍්දෙසට‍්ඨකථාය

සද්ධම්මපජ්ජොතිකා නම් මහා නිද්දේසට්ඨකථාවේ

දුට‍්ඨට‍්ඨකසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

තෙවන දුට්ඨට්ඨක සූත්‍ර වර්ණනාව නිමියේ ය.