4. සුද්ධට්ඨකසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
4. සුද්ධට්ඨකසුත්තනිද්දෙසවණ්ණනා
4. සුද්ධට්ඨකසූත්රනිර්දේශ වර්ණනාව
චතුත්ථෙ සුද්ධට්ඨකෙ පඨමගාථාය තාවත්ථො – න, භික්ඛවෙ, එවරූපෙන දස්සනෙන සුද්ධි හොති, අපි ච ඛො කිලෙසමලීනත්තා අසුද්ධං, කිලෙසරොගානං අධිගමා සරොගමෙව චන්දාභං බ්රාහ්මණං, අඤ්ඤං වා එවරූපං දිස්වා දිට්ඨිගතිකො බාලො අභිජානාති “පස්සාමි සුද්ධං පරමං අරොගං, තෙන ච දිට්ඨිසඞ්ඛාතෙන දස්සනෙන සංසුද්ධි නරස්ස හොතී”ති, සො එවං අභිජානන්තො තං දස්සනං “පරම”න්ති ඤත්වා තස්මිං දස්සනෙ සුද්ධානුපස්සී සමානො තං දස්සනං “මග්ගඤාණ”න්ති පච්චෙති. තං පන මග්ගඤාණං න හොති.
සිවුවන සුද්ධට්ඨක සූත්‍රයේ පළමු ගාථාවෙහි අර්ථය පළමුව දැක්වේ. ‘මහණෙනි, මෙබඳු වූ දර්ශනයකින් පිරිසිදු බව ඇති නොවේ. තවද කෙලෙස් කිලුටින් අපිරිසිදු වූ, කෙලෙස් රෝගයන්ගෙන් පිරුණු, අධිගමය (අවබෝධය) රෝගයක්මය. මැවූ ඉන්ද්‍රජාලමය සඳක් වැනි මෙවැනි පුද්ගලයෙකු දකින දෘෂ්ටිගතික බාලයා, ‘මම ශුද්ධ වූ උතුම් වූ ආරෝග්‍ය වූවෙකු දුටුවෙමි’ යි සිතයි. ඒ දෘෂ්ටි සංඛ්‍යාත දර්ශනයෙන් මිනිසාගේ ශුද්ධිය ඇතිවේ යයි ඔහු මෙසේ සළකනේ, සිතන්නේ ඒ දර්ශනය ඉතා උතුම් ය’යි දැන ඒ දර්ශනයෙහි ශුද්ධිය දක්නා සුලු වූයේ, ඒ දර්ශන මාත්‍රයම ඤාණයයි අදහයි. එය වනාහී ආර්ය මාර්ග ඤාණය නොවේ.
පරමං ආරොග්යප්පත්තන්ති උත්තමං නිබ්යාධිං පාපුණිත්වා ඨිතං. තාණප්පත්තන්ති තථා පාලනප්පත්තං. ලෙණප්පත්තන්ති නිලීයනප්පත්තං.සරණප්පත්තන්ති පතිට්ඨාපත්තං, දුක්ඛනාසනං වා පත්තං. අභයප්පත්තන්ති නිබ්භයභාවප්පත්තං. අච්චුතප්පත්තන්ති නිච්චලභාවං පත්තං. අමතප්පත්තන්ති අමතං මහානිබ්බානං පත්තං. නිබ්බානප්පත්තන්ති වානවිරහිතං පත්තං.
පරමං ආරොග්‍ය පත්තං උතුම් නීරෝගීත්වයට (නිවනට) පැමිණ සිටි තාණ පත්තං ත්‍රාණයට (පාලනයට) පැමිණි ලෙණප්පතතං සැඟවීමට පැමිණි සරණප්පත්තං පිහිටට පැමිණි හෝ දුක් නැසීමට පැමිණි අභයප්පත්තං අමෘතමහා නිවනට පැමිණි. නිබ්බාණප්පත්තං වාණ නම් තණ්හා විරහිත බවට පැමිණි,
අභිජානන්තොති විසෙසෙන ජානන්තො. ආජානන්තොති ආජානමානො. විජානන්තොති අනෙකවිධෙන ජානමානො. පටිවිජානන්තොති තං තං පටිච්ච විජානමානො. පටිවිජ්ඣන්තොති හදයෙ කුරුමානො.
අභිජානන්තො විශේෂයෙන් දන්නා වූ. (අජානන්තො ඒකාන්තයෙන් දන්නේ, විජානන්තො නානාවිධව දන්නාවූ. පටිවිජානන්තො ඒ ඒ කරුණ නිමිති කරගෙන දන්නා වූ. පටිවිජ්ඣන්තො හදවතේ තබා ප්‍රතිවේධ කරන්නේ,
චක්ඛුවිඤ්ඤාණං රූපදස්සනෙනාති චක්ඛුවිඤ්ඤාණෙන රූපදස්සනං. ඤාණන්ති පච්චෙතීති පඤ්ඤා ඉති සද්දහති. මග්ගොති පච්චෙතීති “උපායො”ති සද්දහති. පථොති සඤ්චාරො. නීයානන්ති ගහෙත්වා යාතීති නීයානං. “නිය්‍යාන”න්ති වා පාඨො.
චක්ඛු විඤ්ඤාණං රූපදස්සනෙ චක්ෂු විඤ්ඤාණයෙන් රූප දැකීම ඤාණය යැයි සිතයි. පනවයි. අදහයි. මග්ගොති පච්චෙති උපාය යැයි සලකයි. පථො මාර්ගය, සංචාරය නීයාණං රැගෙන යානුයි නීයාණ නමි. නිය්‍යාණං යන පාඨය ද යෙදේ.
“දිට්ඨෙන චෙ සුද්ධී”ති දුතියගාථා. තස්සත්ථො – තෙන රූපදස්සනසඞ්ඛාතෙන දිට්ඨෙන යදි කිලෙසසුද්ධි නරස්ස හොති, තෙන වා ඤාණෙන සො යදි ජාතිආදිදුක්ඛං පජහාති, එවං සන්තෙ අරියමග්ගතො අඤ්ඤෙන අසුද්ධිමග්ගෙනෙව සො සුජ්ඣති, රාගාදීහි උපධීහි සඋපධිකො එව සමානො සුජ්ඣතීති වත්තබ්බතං ආපන්නො හොති, න ච එවංවිධො සුජ්ඣති. තස්මා දිට්ඨී හි නං පාව තථා වදානං, සා නං දිට්ඨියෙව “මිච්ඡාදිට්ඨිකො අය”න්ති කථෙති, දිට්ඨිඅනුරූපං “සස්සතො ලොකො”තිආදිනා නයෙන තථා තථා වදතීති.
දිට්ඨෙන චෙ සුද්ධි යනු දෙවන ගාථාවයි. එහි අර්ථ මෙසේය. ඒ රූප දශන සංඛ්‍යාත දෘෂ්ටියෙන්, ඉදින් මිනිසාගේ කෙලෙස් ශුද්ධියක් වේද, ඒ ඥානයෙන් හෝ ඔහු ඉදින් ජාති ආදී දුක්ඛයන් ඉවත් කරයි ද මෙසේ ඇති කල්හි, ආර්ය මාර්ගයෙන් අනික් අශුද්ධි මාර්ගයකින් ඉදින් ශුද්ධියක් වේ නම්, රාගාදී උපධීන්ගෙන් උපධි සහිත වූයේ ම පිරිසිදු වේ යැයි කිවයුතු බවට පැමිණේ. මෙබඳු ශුද්ධියක් නැත. යම් හෙයකින් දිට්ඨිහි නං පාව තථා වදානං දෘෂ්ටිය ම ‘මොහු මිසදිටුවෙකි’යි කියයි. දෘෂ්ටියට අනුරූප බව සස්සතො ලොකො ආදියෙන් වනාහි එසේ එසේයයි කියයි.
රාගෙන සහ වත්තතීති සරාගො, රාගවාති අත්ථො. සදොසොතිආදීසුපි එසෙව නයො.
රාගයත් සමග පවතී. සරාග වූයේ සරාගො. රාගික යන අර්ථයයි. සදොසො ආදියෙහි ද මේ ක්‍රමයමයි.
න බ්රාහ්මණොති තතියගාථා. තස්සත්ථො – යො පන බාහිතපාපත්තා බ්රාහ්මණො හොති, සො මග්ගෙන අධිගතාසවක්ඛයො ඛීණාසවබ්රාහ්මණො අරියමග්ගඤාණතො අඤ්ඤෙන අභිමඞ්ගලසම්මතරූපසඞ්ඛාතෙ දිට්ඨෙ, තථාවිධසද්දසඞ්ඛාතෙ සුතෙ, අවීතික්කමසඞ්ඛාතෙ සීලෙ, හත්ථිවතාදිභෙදෙ වතෙ, පථවිආදිභෙදෙ මුතෙ ච උප්පන්නෙන මිච්ඡාඤාණෙන සුද්ධිං න ආහාති. සෙසමස්ස බ්රාහ්මණස්ස වණ්ණභණනාය වුත්තං. සො හි තෙධාතුකපුඤ්ඤෙ සබ්බස්මිඤ්ච පාපෙ අනූපලිත්තො, කස්මා? තස්ස පහීනත්තා තස්ස අත්තදිට්ඨියා, යස්ස කස්සචි වා ගහණස්ස පහීනත්තා අත්තඤ්ජහො, පුඤ්ඤාභිසඞ්ඛාරාදීනං අකරණතො “නයිධ පකුබ්බමානො”ති වුච්චති. තස්මා නං එවං පසංසන්තො ආහ. සබ්බස්සෙව චස්ස පුරිමපාදෙන සම්බන්ධො වෙදිතබ්බො – පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තො අත්තඤ්ජහො නයිධ පකුබ්බමානො න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහාති. නාති පටික්ඛෙපොති න ඉති පටිසෙධො.
න බ්රාහ්මණො යනු තෙවන ගාථාවයි. එහි අර්ථ - යමෙක් පව් බැහැරලූ බැවින් බ්‍රාහ්මණ නම් වේ ද, ඔහු ආර්ය මාර්ගයෙන් අවබෝධ කරගත් ආශ්රවක්ෂය ඇත්තේ ක්ෂීණාශ්රව බ්‍රාහ්මණ වූයේ, ආර්යමාර්ග ඤාණයෙන් අන්‍ය වූ අභිමංගල සම්මත රූප සංඛ්‍යාත දැකීමෙහි ද එබඳුම වූ ශබ්ද සංඛ්‍යාත ඇසීමෙහි ද අවිතීක්කම සංඛ්‍යාත සීලයෙහි ද හස්ති ව්‍රතාදී භේද ඇති ව්‍රතයෙහි ද පඨවි (තද ගතිය) ආදී භේද ඇති ස්පර්ශ (මුත) යෙහි ද උපන්නා වූ මිථ්‍යා ඥානයෙන් ශුද්ධිය වේයැයි නොකියයි යනුවෙන් රහතන් වහන්සේගේ වර්ණනාව දක්වනු සඳහා කියන ලදී. උන්වහන්සේ ත්‍රෛධාතුක පුණ්‍යයෙහිත් සියලුම පාපයන්හිත් අනුපලිත්තො, නොඇලුණු හෙයින් තම ආත්ම දෘෂ්ටියෙන් මිදී යම්කිසිවකු ගැනීම ප්‍රහීණ කළ හෙයින් අත්තඤ්ජහො. පුණ්ණාභි සංස්කාරාදිය නොකිරීමෙන් න ඉධ පකබ්බමනො යි කියයි. එනිසා උන්වහන්සේට මෙසේ පසසමින් කියන ලදී. සියලුම කරුණුවලට මුල්පදයෙන් සම්බන්ධ වීම ගතයුතුයි. ‘පිනෙහිත් පාපයෙහිත් නො ඇලී, ආත්මය අත්හැර, මේ ත්‍රෛධාතුක ලෝකයෙහි ඇලීම නොකරනුයේ, ක්ෂීණාස්රව බ්‍රාහ්මණයා අන්‍ය වූ ශුද්ධියක් නොකියනු ලැබේ. නාතිපටික්ඛෙපො න යනු ප්‍රතිශේධාර්ථයේ නිපාතයකි.
බාහිත්වා සබ්බපාපකානීති ගාථායත්ථො – යො චතුත්ථමග්ගෙන බාහිත්වා සබ්බපාපකානි ඨිතත්තො ඨිතොඉච්චෙව වුත්තං හොති. බාහිතපාපත්තා එව ච විමලො විමලභාවං බ්රහ්මභාවං සෙට්ඨභාවං පත්තො, පටිනිස්සට්ඨසමාධිවික්ඛෙපකරකිලෙසමලෙන අග්ගමග්ගඵලසමාධිනා සාධුසමාහිතො, සංසාරහෙතුසමතික්කමෙන සංසාරමතිච්ච පරිනිට්ඨිතකිච්චතාය කෙවලීති ච, තණ්හාදිට්ඨීහි අනිස්සිතත්තා අනිස්සිතොති ච, ලොකධම්මෙහි නිබ්බිකාරත්තා තාදීති ච පවුච්චති. එවං ථුතිරහො ස බ්රහ්මා සො බ්රාහ්මණොති.
බාහෙත්වා සබ්බපාපකානි යන ගාථාවේ අර්ථ - යමෙක් සතර මාර්ගයෙන් සියලු පව් බැහැර ලා ආත්ම දෘෂ්ටියෙන් බැහැරව සිටි බැවින් මෙසේ කියන ලදී. බැහැරලූ පව් ඇති බැවින් විමලො වේ. විමල බවට නිර්මල බවට, බ්‍රහ්ම බවට, ශ්‍රේෂ්ඨත්වයට පත්වූයේ, දුරුකළ සමාධිය, වික්ෂේපාකාර කෙලෙස් මලයෙන් හා මාර්ගඵල සමාධියෙන් සාධු සමාහිතො වේ. සංසාර හේතුව ඉක්මවා සිටීමෙන් සසර නිම වූ, ඉක්ම වූ නිෂ්ඨාවට පත් කෘත්‍ය ඇති බැවින් කෙවලී යැයි ද තණ්හා දෘෂ්ටියෙන් අමිශ්‍ර වූ, තොර වූ හෙයින් අසිතො යි ද ලෝකධර්මයන්හි කම්පා නොවන හෙයින් තාදී යැයි ද කියනු ලැබේ. මෙසේ ස්තුතියට සුදුසු වූ හෙයින් සබ්රහ්මා ඔහු බ්‍රාහ්මණයෙකැයි කියනු ලැබේ.
අඤ්ඤත්ර සතිපට්ඨානෙහීති චත්තාරො සතිපට්ඨානෙ මුඤ්චිත්වා. සම්මප්පධානාදීසුපි එසෙව නයො.
අඤ්ඤත්ර සතිපට්ඨානෙහී සතර සතිපට්ඨාන අත්හැර, ඉන් වෙන්ව සම්‍යක් ප්රධානාදියෙහි ද මේ ක්‍රමයමයි.
සන්තෙකෙ සමණබ්රාහ්මණාති එකච්චෙ ලොකසඞ්කෙතෙන “සමණබ්රාහ්මණා”ති ලද්ධවොහාරා සංවිජ්ජන්ති. දිට්ඨසුද්ධිකාති දිට්ඨෙන සුද්ධිං ඉච්ඡමානා. තෙ එකච්චානං රූපානං දස්සනන්ති එතෙ දිට්ඨසුද්ධිකා එතෙසං රූපාරම්මණානං ඔලොකනං. මඞ්ගලං පච්චෙන්තීති ඉද්ධිකාරණං බුද්ධිකාරණං සබ්බසම්පත්තිකාරණං පතිට්ඨාපෙන්ති. අමඞ්ගලං පච්චෙන්තීති අනිද්ධිකාරණං න බුද්ධිකාරණං න සම්පත්තිකාරණං පතිට්ඨාපෙන්ති. තෙ කාලතො වුට්ඨහිත්වාති එතෙ දිට්ඨාදිමඞ්ගලිකා පුරෙතරමෙව උට්ඨහිත්වා. අභිමඞ්ගලගතානීති විසෙසෙන වුඩ්ඪිකාරණගතානි. රූපානි පස්සන්තීති නානාවිධානි රූපාරම්මණානි දක්ඛන්ති. චාටකසකුණන්ති එවංනාමකං. ඵුස්සවෙළුවලට්ඨින්ති ඵුස්සනක්ඛත්තෙන උප්පන්නං තරුණබෙළුවලට්ඨිං. ගබ්භිනිත්ථින්ති සගබ්භං ඉත්ථිං. කුමාරකං ඛන්ධෙ ආරොපෙත්වා ගච්ඡන්තන්ති තරුණදාරකං අංසෙ උස්සාපෙත්වා ගච්ඡමානං. පුණ්ණඝටන්ති උදකපුණ්ණඝටං. රොහිතමච්ඡන්ති රත්තරොහිතමච්ඡං. ආජඤ්ඤරථන්ති සින්ධවයුත්තරථං. උසභන්ති මඞ්ගලඋසභං. ගොකපිලන්ති කපිලගාවිං.
සන්තෙකෙ සමණබ්රාහ්මණා ඇතැම් ලෝක සම්මතයෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ යැයි ලැබූ නම් ඇති උතුමෝ විද්‍යමාන වෙති. දිට්ඨි සුද්ධිකා දෘෂ්ටියෙන් ශුද්ධ බව කැමතිව. තෙ එකච්චානං රූපානං දස්සනං මේ දෘෂ්ටි ශුද්ධිකයෝ, ඇතැම් රූපාරම්මණයන් දැකීම මංගලං පච්චෙන්ති ‘ඉෂ්ට කාරණයකි. සියලු සම්පත්තීන්ට හේතූවකි’යි කියති. අදහති. අමංගලං පච්චෙන්ති අනිෂ්ට කාරණයකි. සියලු සම්පත්තීන්ට කරුණකැයි නො අදහති. තෙ කාලතො උට්ඨහිත්වා ඒ දැකීම මංගල යැයි කියන්නෝ උදේම නැගිට, අභිමංගල ගතානි විශේෂයෙන් අභිවෘද්ධියට ගියහ. රූපානි පස්සන්ති නානාවිධ රූපාරම්මණ දකිති. චටක සකුණං ගේ කුරුල්ලන්. ඵුස්ස බෙලුවලට්ඨි ඵුස්ස (ඵුස) නැකතින් උපන් (හිඳ වූ) තරුණ බෙලිගසක් ගබ්භිනිත්ථි ගැබ සහිත ස්ත්‍රියක් කුමාරකං ඛන්ධෙ ආරොපෙත්වා ගච්ඡන්තං ළදරුවෙකු අතින් වඩාගෙන යන්නියක. පුණ්ණසටං දිය පිරුණු කළය. රොහිත මච්ඡං රතු රෝහිත නම් මත්ස්‍යයකු. ආජඤ්ඤරථං ආජානීය අශ්වයන් යෙදූ රිය. උසභං මඟුල් වෘෂභයෙකු ගොකපිලං කබර දෙනක්.
පලාලපුඤ්ජන්ති ථුසරාසිං. තක්කඝටන්ති ගොතක්කාදිපූරිතචාටිං. රිත්තඝටන්ති තුච්ඡඝටං. නටන්ති නටකාදිං. “ධුත්තකිරිය”න්ති එකෙ. නග්ගසමණකන්ති නිච්චොළසමණං . ඛරන්ති ගද්රභං. ඛරයානන්ති ගද්රභයුත්තං වය්හාදිකං. එකයුත්තයානන්ති එකෙන වාහනෙන සංයුත්තං යානං. කාණන්ති එකක්ඛිඋභයක්ඛිකාණං. කුණින්ති හත්ථකුණිං. ඛඤ්ජන්ති ඛඤ්ජපාදං තිරියගතපාදං. පක්ඛහතන්ති පීඨසප්පිං. ජිණ්ණකන්ති ජරාජිණ්ණං. බ්යාධිකන්ති බ්යාධිපීළිතං. මතන්ති කාලඞ්කතං.
පලාල පුඤ්ජං පිදුරු මිටියක්. තක්කසටං ගව මෝරු ආදියෙන් පිරූ කළයක්. නටං නළු නාටකාදීන්, ඇතැමෙක් ධූර්ත ක්‍රියා කරන්නන් යැයි පවසති. නග්ගසමණකං නිර්වස්ත්‍ර මහණුන්, ඛරං කොටළුවෙකු ඛරයානං කොටළුවකු යෙදූ රථාදියක්, එකයත්තයානං එක් ගවයකු යෙදූ රියක්, කාණං එකැසක් හෝ ඇස් දෙකම කණ වූවන්, කුණී අත් කොර වූවන්, ඛඤ්ජ කොර වූ පා ඇති, හරහට ගිය පා ඇති. පක්ඛහතං පිළකු, අත් පා දෙකම කොර වූවකු, ජිණ්ණකං මහලු වූවන්. බ්යාධිතං ලෙඩින් පීඩිත වූවන්, මතං කළුරිය කළ ශරීර.
සුතසුද්ධිකාති සොතවිඤ්ඤාණෙන සුතෙන සුද්ධිං ඉච්ඡමානා. සද්දානං සවනන්ති සද්දාරම්මණානං සවනං. වඩ්ඪාති වාතිආදයො ලොකෙ පවත්තසද්දමත්තානි ගහෙත්වා වුත්තා. අමඞ්ගලං පන “කාණො”තිආදිනා තෙන තෙන නාමෙන වුත්තසද්දායෙව. “ඡින්ද”න්ති වාති හත්ථපාදාදිච්ඡින්නන්ති වා. “භින්ද”න්ති වාති සීසාදිභින්නන්ති වා. “දඩ්ඪ”න්ති වාති අග්ගිනා ඣාපිතන්ති වා. “නට්ඨ”න්ති වාති චොරාදීහි විනාසිතන්ති වා. “නත්ථී”ති වාති න විජ්ජතීති වා.
සුතසුද්ධිකා සෝත විඤ්ඤාණයෙන් ඇසීමෙන් පිරිසිදු බව කැමති අය. සද්දානං සවණං ශබ්ද අරමුණු ඇසීමට වඩ්ඪාති වා ආදිය ලෝකයේ පවතින ශබ්දයන් පමණක් ගෙන යන ලදී. අවමංගලය වනාහි ‘කණ වූවෙකි’ ආදී වශයෙන් ඒ ඒ නමින්ම කරන ශබ්දය පමණක්මය. ඡින්නන්ති වා අත් පා සිඳේවායි කියා භන්නන්ති වා විද්‍යමාන නොවේයැයි කියා හෝ. [missing trans]
සීලසුද්ධිකාති සීලෙන විසුද්ධිං ඉච්ඡනකා. සීලමත්තෙනාති සංවරණමත්තෙන. සංයමමත්තෙනාති උපරමමත්තෙන. සංවරමත්තෙනාති ද්වාරථකනමත්තෙන. අවීතික්කමමත්තෙනාති න අතික්කමිතමත්තෙන. සමණො මුණ්ඩිකාපුත්තොති මාතිතො ලද්ධනාමං. සම්පන්නකුසලන්ති පරිපුණ්ණකුසලං. පරමකුසලන්ති උත්තමකුසලං. උත්තමපත්තිප්පත්තන්ති උත්තමං අරහත්තං පාපුණිතබ්බතං පත්වා ඨිතං. අයොජ්ජන්ති පරාජෙතුං අසක්කුණෙය්යං සමණං.
සීලසුද්ධිකා ශීලයෙන් විශුද්ධිය කැමතිව. සීලමත්තෙන වා සංවර වීම් පමණකින් සඤ්ඤම මත්තෙන ඉඳුරන් දැමීම් පමණකින්. සංවරමත්තෙන තුන්දොර වැසීම් පමණකින් අවීතික්කම මත්තෙන ඉක්මවීම් පමණකින් සමණො මණ්ඩිකා පුත්තො මව්පසින් ලද නම. සම්පන්න කුසලං කුශලත්වයෙන් පිරිපුන්ව. පරමකුසලං උතුම් කුශලයෙක්ව, උත්තම පත්තිපත්තං උතුම් අර්හත්වයට පැමිණිය යුතු බවට පැමිණ සිටි. අයොජ්ඣං පරාද කිරීමට අසමර්ථ වූ ශ්‍රමණයකු.
වතසුද්ධිකාති සමාදානෙන වතෙන සුද්ධිං ඉච්ඡනකා. හත්ථිවතිකා වාති සමාදින්නං හත්ථිවතං එතෙසං අත්ථීති හත්ථිවතිකා, සබ්බහත්ථිකිරියං කරොන්තීති අත්ථො. කථං? “අජ්ජ පට්ඨාය හත්ථීහි කාතබ්බං කරිස්සාමී”ති එවං උප්පන්නචිත්තා හත්ථීනං ගමනාකාරං තිට්ඨනාකාරං නිසීදනාකාරං සයනාකාරං උච්චාරපස්සාවකරණාකාරං, අඤ්ඤෙ හත්ථී දිස්වා සොණ්ඩං උස්සාපෙත්වා ගමනාකාරඤ්ච සබ්බං කරොන්තීති හත්ථිවතිකා. අස්සවතිකාදීසුපි ලබ්භමානවසෙන යථායොගං යොජෙතබ්බං. තෙසු අවසානෙ දිසාවතිකා වාති පුරත්ථිමාදිදිසානං නමස්සනවසෙන සමාදින්නදිසාවතිකා, එතෙසං වුත්තප්පකාරානං සමණබ්රාහ්මණානං වතසමාදානං සම්පජ්ජමානං හත්ථිආදීනං සහබ්යතං උපනෙති. සචෙ ඛො පනස්ස මිච්ඡාදිට්ඨි හොති “ඉමිනාහං සීලවතසමාදානබ්රහ්මචරියෙන දෙවො වා දෙවඤ්ඤතරො වා හොමී”ති චින්තයන්තස්ස නිරයතිරච්ඡානයොනීනං අඤ්ඤතරො හොතීති ඤාතබ්බං. වුත්තඤ්හෙතං භගවතා (ම· නි· 2.79) –
වතසුද්ධිකා සමාදන් වූ ව්‍රතයෙන් ශුද්ධිය කැමතිව. හත්ථිවතිකා වා සමාදන් වූ හස්ති ව්‍රතය මොවුන්ට ඇත්තේනුයි හත්ථිවතිකා නමි. සියලු හස්ති ක්‍රියා කරන්නෝය යන අර්ථයයි. කෙසේද? ‘අද පටන් ඇතුන් විසින් කළයුතු දේ කරන්නෙමි’යි මෙසේ උපන් සිත් ඇතිව, ඇතුන්ගේ ගමන, සිටින, හිඳින, නිදන ආකාරයෙන් ද මලමුත්‍රා කරන ආකාරය ද අනිකුත් ඇතුන් දැක සොඬ ඔසවා ගමන් කිරීම ද යන සියල්ලම කරන්නෝ හත්ථිවතිකයෝ ය. අස්සවතිකා දියෙහි ද මේ ක්‍රමයෙන් ම අර්ථ දැනගත යුතුයි. ඒ ව්‍රත සියල්ල අවසානයේ දැක්වෙන දිසාවතිකා වා යනු පෙරදිග ආදී දිශාවන්ට වැඳීම් වශයෙන් සමාදන් වූ ශීලය ඇත්තෝ ය. මෙසේ කියන ලද ආකාර ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ව්‍රත සමාදාන සම්පූර්ණ කිරීම හත්ථි ආදීන්ගේ සහව්‍යතාවට පමුණුවයි. ඉදින් මොහුට ම මේ ශීලයෙන්, ව්‍රතයෙන්, තපසින්, බඹසරින් දෙවියෙක් හෝ දෙවියන් අතරින් එක්තරා අයෙකු හෝ වෙමි’යි යන මිසදිටු සිත වේද, නමුත් ඔහුට නිරය තිරිසන් යෝනිය යන දෙකෙන් එකක් වේ යයි දත යුතුය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේ එහෙයිනි,
“ඉධ, පුණ්ණ, එකච්චො කුක්කුරවතං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරසීලං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරචිත්තං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරාකප්පං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං. සො කුක්කුරවතං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරසීලං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරචිත්තං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරාකප්පං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං කායස්ස භෙදා පරං මරණා කුක්කුරානං සහබ්යතං උපපජ්ජති. සචෙ ඛො පනස්ස එවංදිට්ඨි හොති ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා’ති, සාස්ස හොති මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිස්ස ඛො අහං, පුණ්ණ, ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි නිරයං වා තිරච්ඡානයොනිං වා. ඉති ඛො, පුණ්ණ, සම්පජ්ජමානං කුක්කුරවතං කුක්කුරානං සහබ්යතං උපනෙති, විපජ්ජමානං නිරය”න්ති.
‘පුණ්ණය, මෙලොව ඇතැමෙක් කුක්කුර ව්‍රතය වඩයි. පිරිපුන් මෙන්ම අමිශ්‍ර වූ කුක්කුර ශීලය වඩයි. පිරිපුන් මෙන් ම අමිශ්‍ර වූ කුක්කුර සිත ම වඩයි. පිරිපුන්ව අමිශ්‍රව කුක්කුර ආකල්ප වඩයි. පිරිපුන් අමිශ්‍ර වූ බලු ව්‍රතය, බලු සීලය, බලු සිත, බලු ආකල්ප වර්ධනය කරන හෙතෙම මරණින් පසු බල්ලන් සමග එක්වීමට පැමිණෙයි. ඉදින් ඔහුට මෙවැනි සිතක්, දෘෂ්ටියක් වේ නම්, ‘මම මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. ඉන් අන්‍යතරයෙක් (වෙනත් කෙනෙක්) හෝ වෙමි’යි ඒ සිත මිසදිටුවක් වේ. මිසදිටුවාට පුණ්ණය! මම ගති දෙකක් පනවමි. ඒ දෙකනම් - නිරය හෝ තිරිසන් යෝනියයි. ඉදින් පුණ්ණය, මෙසේ කුක්කුර ව්රතයට පිළිපන්නහු බල්ලන්ගේ සහව්‍යතාවයට (බල්ලන් සමග එක්වීමට) පැමිණෙති. නැතිනම් නිරයේ උපදිති.
ගන්ධබ්බවතිකාදයො ගන්ධබ්බාදීනං සහබ්යතං උපගච්ඡන්තීති අත්ථො න ගහෙතබ්බො, මිච්ඡාදිට්ඨියා ගහිතත්තා නිරයතිරච්ඡානයොනිමෙව උපගච්ඡන්තීති ගහෙතබ්බො.
‘ගන්ධබ්බ ව්‍රත ඇත්තෝ ගන්ධබ්බාදීන්ගේ සහව්‍යතාවයට යන්නෝය’යි අර්ථ නො ගත යුතුයි. ‘මිසදිටු අදහස් පිළිගත්තෝ ම නිරයට, තිරිසන් යෝනියට යති’යි ගත යුතුය.
මුතසුද්ධිකාති ඵුසිතෙන සුද්ධිකා. පථවිං ආමසන්තීති සසම්භාරිකං මහාපථවිං කායෙන ඵුසන්ති. හරිතන්ති අල්ලනීලසද්දලං. ගොමයන්ති ගවාදිගොමයං. කච්ඡපන්ති අට්ඨිකච්ඡපාදිඅනෙකවිධං. ඵාලං අක්කමන්තීති අයඵාලං මද්දන්ති. තිලවාහන්ති තිලසකටං තිලරාසිං වා. ඵුස්සතිලං ඛාදන්තීති මඞ්ගලපටිසංයුත්තං තිලං ඛාදන්ති. ඵුස්සතෙලං මක්ඛෙන්තීති තථාරූපං තිලතෙලං සරීරබ්භඤ්ජනං කරොන්ති. දන්තකට්ඨන්ති දන්තපොණං. මත්තිකාය න්හායන්තීති කුඞ්කුට්ඨාදිකාය සණ්හමත්තිකාය සරීරං උබ්බට්ටෙත්වා න්හායන්ති. සාටකං නිවාසෙන්තීති මඞ්ගලපටිසංයුත්තං වත්ථං පරිදහන්ති. වෙඨනං වෙඨෙන්තීති සීසවෙඨනං පත්තුණ්ණාදිපටං සීසෙ ඨපෙන්ති පටිමුච්චන්ති.
මුත සුද්ධිකා යනු ස්පර්ශයෙන් පිරිසිදු බව කැමැත්තෝ. පඨවිං ආමසන්ති ශාරීරික අඟ පසඟින් මහ පොළව ස්පර්ශ කරති. හරිතං යනු තෙත් නිල් තණ පත්, ගොමයං ගවාදීන්ගේ අමු ගොම, කච්ඡපං ඇට කැස්බෑ ආදී නොයෙක් කැස්බෑවන්. ඵාලං අකක්මන්ති හීවැල අල්ලති. තිලවාහං තල කරත්ත හෝ තල ගොඩවල් ස්පර්ශ කරති. ඵුස්ස තිලං ඛාදන්ති මගුල් සඳහා සූදානම් කළ තලකති. ඵුස්ස තෙලං මක්ඛන්ති එබඳු වූ තලතෙල් ඇඟෙහි තවරා ගනිති. දන්ත කට්ඨං දැහැටි දඬු. මත්ති කාය නහායන්ති කොකුම් ආදී සියළු මැටි වර්ගය ශරීරයේ උලා නැති. සාටකං නිවාසෙන්ති මංගලය පිණිස සූදානම් කළ වස්ත්‍ර අඳිති. වෙඨනං වෙඨෙන්ති හිස්වෙළුම් ලෙස පත්තුණ්ණ වස්ත්රයන්ගෙන් හිස තබති. පැළඳ ගනිති.
තෙධාතුකං කුසලාභිසඞ්ඛාරන්ති කාමධාතුරූපධාතුඅරූපධාතූසු පටිසන්ධිදායකං කොසල්ලසම්භූතං පච්චයාභිසඞ්ඛාරං. සබ්බං අකුසලන්ති ද්වාදසවිධං අකොසල්ලසම්භූතං අකුසලං. යතොති යදා. තෙ දසවිධො පුඤ්ඤාභිසඞ්ඛාරො ච, ද්වාදසවිධො අපුඤ්ඤාභිසඞ්ඛාරො ච, චතුබ්බිධො ආනෙඤ්ජාභිසඞ්ඛාරො ච යථානුරූපං සමුච්ඡෙදප්පහානෙන පහීනා හොන්ති. අත්තදිට්ඨිජහොති “එසො මෙ අත්තා”ති ගහිතදිට්ඨිං ජහො. ගාහං ජහොති “එසොහමස්මී”ති මානසම්පයුත්තගහණං ජහො. පුන අත්තඤ්ජහොති “එතං මමා”ති තණ්හාගහණවසෙන ච දිට්ඨිගහණවසෙන ච පරාමසිත්වා ගහිතං, පරතො ආමට්ඨඤ්ච, තස්මිං අභිනිවිට්ඨඤ්ච, බලවතණ්හාවසෙන ගිලිත්වා අජ්ඣොසිතඤ්ච, බලවමුච්ඡිතඤ්ච. සබ්බං තං චත්තං හොතීතිආදයො වුත්තනයායෙව.
තෙධාතුකං කුසලාභිසංඛාරං යනු කාමධාතු, රූපධාතු, අරූප ධාතු ආදියේ ප්රතිසන්ධිය ගෙන දෙන, කුශලත්වයෙන් හටගත් ප්රත්යාභිසංඛාරයි. සබ්බං අකුසලං දොළොස් වැදෑරුම් අදක්ෂතාවයන්ගෙන් හටගත් අකුසලය. යතො යම්කලෙක. දහතුන් වැදෑරුම් පුණ්‍යාභිසංස්කාරය ද දොළොස් වැදෑරුම් අපුණ්‍යාභි සංස්කාරය ද සතරවැදෑරුම් අනෙඤ්ජාභි සංස්කාරයද සුදුසු පරිදි සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්රහාණය කරන ලද්දාහු වෙති. අත්තදිට්ඨිං ඒ හො, ‘මේ මගේ ආත්මයයි’ යනුවෙන් ගත් දෘෂ්ටිය අත්හරි. ගාහං ජහො ‘මේ මම වෙමි’ යි මාන සම්ප්රයුක්තව ගැනීම අත්හරී. නැවත අත්තං ජහො ‘මෙය මගේය’යි තණ්හාවෙන් ගැනීම් වශයෙන් ද දෘෂ්ටි ග්‍රහණ වශයෙන් ද ස්පර්ශ කර දැඩිව ගත්, අනුන්ගේ වශයෙන් ස්පර්ශ කළ, එහි ඇලී ගැටී සිටින බලවත් තණ්හා වශයෙන් ඩැහැගෙන සිටින සිත බලවත්වම මුදවන ලදී. සබ්බස්ස තං චත්තං හොති යනාදියේ අර්ථ පැවසූ පරිදිම දතයුතුයි.
එවං “න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහා”ති වත්වා ඉදානි යෙ දිට්ඨිගතිකා අඤ්ඤතො සුද්ධිං බ්රුවන්ති, තෙසං තස්සා දිට්ඨියා අනිබ්බාහකභාවං දස්සෙන්තො “පුරිමං පහායා”ති ගාථමාහ. තස්සත්ථො – තෙහි අඤ්ඤතො සුද්ධිවාදා සමානාපි යස්සා දිට්ඨියා අප්පහීනත්තා ගහණමුඤ්චනං හොති, තාය පුරිමං සත්ථාරාදිං පහාය අපරං නිස්සිතා, එජාසඞ්ඛාතාය තණ්හාය අනුගතා අභිභූතා රාගාදිභෙදං න තරන්ති සඞ්ගං, තඤ්ච අතරන්තා තං තං ධම්මං උග්ගණ්හන්ති ච නිරස්සජන්ති ච මක්කටොව සාඛන්ති.
මෙසේ න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ යනුවෙන් පවසා දැන් යම් දෘෂ්ටිගතිකයෝ අන් අයුරකින් ශුද්ධි දක්වත් ද, ඔවුන්ගේ ඒ දෘෂ්ටියේ නිවනට නො පමුණුවන ස්වභාවය දක්වමින්, පුරිමං පහාය යන සිවුවන ගාථාව කියන ලදී. එහි අර්ථ මෙසේය. ඔවුන් විසින් අන්‍ය වූ ශුද්ධිවාදයන්ට සමාන වූ ද ඒ දෘෂ්ටියේ අප්රහීණභාවයෙන් ග්‍රහණය, මිදීම ආදියෙන් මැඩලූ බැවින් පූර්ව ශාස්තෲ ආදීන් අත්හැර, වෙනත් ශාස්තෲවරුන් ඇසුරු කරන එජා නම් වූ තණ්හාවෙන් අනුව ගිය මඬනා ලද රාගාදී භේද ඇති සංගය තරණය නො කරති. සංඝයන් තරණය නොකරමින් ඒ ඒ ධර්ම ඉගෙන ගනිති. බැහැරද කරව. ඒ ඒ අතු අල්ලමින් අතහරින වඳුරෙකු මෙනි.
පුරිමං සත්ථාරං පහායාති පුරිමගහිතං සත්ථුපටිඤ්ඤං වජ්ජෙත්වා. පරං සත්ථාරං නිස්සිතාති අඤ්ඤං සත්ථුපටිඤ්ඤං නිස්සිතා අල්ලීනා. පුරිමං ධම්මක්ඛානං පහායාතිආදීසුපි එසෙව නයො.
පුරිමං සත්ථාරං පහාය පූර්වයෙන් පිළිගත් ශාස්තෲ ප්‍රතිඥාව ඉවත දමා, අත්හැර අපරං සත්ථාරං නිස්සිතා වෙනත් ශාස්තෲ කෙනෙකු වෙත ඇලී බැඳී පුරිමං ධම්මක්ඛානං පහාය ආදියෙහි ද මේ ක්‍රමයෙන්ම අර්ථ ගතයුතුයි.
එජානුගාති තණ්හාය අනුගා. එජානුගතාති තණ්හාය අනුගතා. එජානුසටාති තණ්හාය අනුසටා පක්ඛන්දා වා. එජාය පන්නා පතිතාති තණ්හාය නිමුග්ගා ච නික්ඛිපිතා ච.
එජානුගා තණ්හාව අනුව ගිය. එජානුගතා තණ්හාවෙන් අනුව ගිය. එජානුසටා තණ්හාවට පිවිසි, බැසගත් එජායාපන්නා පතිතා තණ්හාවෙහි නිමග්න වූ ද වැටුණා වූ ද,
මක්කටොති වානරො. අරඤ්ඤෙති විපිනෙ. පවනෙති මහාවනෙ. චරමානොති ගච්ඡමානො. එවමෙවාති ඔපම්මසංසන්දනං. පුථූති නානා. පුථුදිට්ඨිගතානීති නානාවිධානි දිට්ඨිගතානි. ගණ්හන්ති ච මුඤ්චන්ති චාති ගහණවසෙන ගණ්හන්ති ච චජනවසෙන මුඤ්චන්ති ච. ආදියන්ති ච නිරස්සජන්ති චාති පලිබොධං කරොන්ති ච විස්සජ්ජෙන්ති ච ඛිපන්ති ච.
මක්කටො වඳුරා අරඤ්ඤෙ වනයෙහි පවනෙ මහා වනයෙහි. චරමානො හැසිරෙමින්. එවමෙව උපමා සන්සන්දනයයි. පුථූ නානාවිධ. පුථුදිට්ඨිගතානි නානාවිධ වූ දෘෂ්ටි ගති. ගණ්හන්තිච පමුඤ්චන්ති ච දැඩිව ගැනීම් වශයෙන් ගනිති. අත්හැරීම් වශයෙන් මිදෙති. ආදියන්ති ච නිරස්සජන්ති ච පළිබෝධ කරති. අත්හරිති. ඉවත දමති.
පඤ්චමගාථාය ච සම්බන්ධො – යො ච සො “දිට්ඨී හි නං පාව තථා වදාන”න්ති වුත්තො, සො සයං සමාදායාති. තත්ථ සයන්ති සාමං . සමාදායාති ගහෙත්වා. වතානීති හත්ථිවතාදීනි. උච්චාවචන්ති අපරාපරං, හීනපණීතං වා සත්ථාරතො සත්ථාරාදිං. සඤ්ඤසත්තොති කාමසඤ්ඤාදීසු ලග්ගො. විද්වා ච වෙදෙහි සමෙච්ච ධම්මන්ති පරමත්ථවිද්වා ච අරහා චතූහි මග්ගඤාණවෙදෙහි චතුසච්චධම්මං අභිසමෙච්චාති. සෙසං පාකටමෙව.
පස්වන ගාථාවේ සම්බන්ධය - ‘ඒ මිසදිටුව’ මෙසේත් මේ පුද්ගලයා මිසදිටු අදහස් ඇත්තෙකි’යි කියූ බැවින්, ඔහු තමාම එහි සමාදන් කරවයි එහි සයං යනු තමා ම. සමාදාය ගෙන, රැගෙන. වතානි හස්ති ව්‍රත ආදිය උච්චාවචං එකින් එකට හෝ හීන ප්‍රණීත බවට. ශාස්තෲවරයාගෙන් ශාස්තෲවරයාට. සඤ්ඤසත්තො කාම සංඥාදීන්හි ඇලුණු. විද්වාච වෙදෙහි සමෙච්ච ධම්මං පරමාර්ථයන්හි විද්වත් වූ අර්හත් වූ සිවුමග නුවණින් අවබෝධ කරගත්, චතුරාර්ය සත්‍ය ධර්මය දැනගෙන. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය.
සාමං සමාදායාති සයමෙව ගහෙත්වා. ආදායාති ආදියිත්වා ගණ්හිත්වා. සමාදායාති සම්මා ආදාය. ආදියිත්වාති පලිබොධං කත්වා. සමාදියිත්වාති සම්මා පලිබොධං කත්වා. ගණ්හිත්වාති අවිස්සජ්ජෙත්වා. පරාමසිත්වාති දස්සිත්වා. අභිනිවිසිත්වාති පතිට්ඨහිත්වා. කාමසඤ්ඤාදයො වුත්තනයා එව.
සාමං සමාදාය තමන් ම සමාදන්ව. ආදාය රැගෙන, ගෙන. සමාදාය මනාව ගෙන. ආදියිත්වා පළිබෝධ කර. සමාදියිත්වා මනාව පළිබෝධ කර, ගණ්හිත්වා අත් නො හැර. පරාමසිත්වා ඩැහැගෙන, අභිනිවිසිත්වා පිහිටුවා, කාමසංඥා ආදියේ පැවසූ පරිදිම අථ ගතයුතුයි.
විද්වාති මෙධාවී. විජ්ජාගතොති විජානනභාවං ගතො. ඤාණීති පඤ්ඤාසම්පන්නො. විභාවීති ඤාණෙන වීමංසකො. මෙධාවීති අනිච්චාදීහි තුලිතඤාණො. පඤ්ඤාතිආදයො හෙට්ඨා වුත්තනයායෙව. චතුසච්චධම්මං විචිනාතීති ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො. බොජ්ඣඞ්ගත්ථො හෙට්ඨා වුත්තොව. වීමංසාති චතුසච්චධම්මවිචිනනා පඤ්ඤාව. “වීමංසා ධම්මචින්තනා”ති හි වුත්තා. විපස්සනාති මග්ගසම්පයුත්තා විවිධාකාරෙන පස්සනා පඤ්ඤාව. සම්මාදිට්ඨීති සොභනා පසට්ඨා සුන්දරා මග්ගසම්පයුත්තා සම්මාදිට්ඨි. තෙහි වෙදෙහීති එතෙහෙව චතූහි මග්ගඤාණෙහි. අන්තගතොති ජාතිජරාමරණස්ස පරියොසානං ගතො. කොටිගතොතිආදයො හෙට්ඨා වුත්තනයාව. වෙදානං වා අන්තගතොති ජානිතබ්බානං අවසානප්පත්තො. වෙදෙහි වා අන්තගතොති චතූහි මග්ගඤාණවෙදෙහි වට්ටදුක්ඛස්ස පරියන්තභාවෙන අන්තසඞ්ඛාතං නිබ්බානං ගතො. විදිතත්තාති විදිතභාවෙන ජානිතභාවෙන.
විද්වා නුවණැති. විජ්ජාගතො විජානන (දැනගන්නා) බවට ගිය. ඤාණී ප්‍රඥාවෙන් යුක්තය. විභාවී නුවණින් විමසන. මෙධාවී අනිත්‍යාදී වශයෙන් තුලනය කළ ඤාණය. පඤ්ඤා යනාදිය ඉහත පැවසූ ක්‍රමයෙන් ම දතයුතුයි. චතුරාර්ය සත්‍ය ධර්මය දන්නේනුයි ධම්මවිචය සම්බොජ්ඣංගො නම් වේ. බොජ්ඣංගයන්ගේ අර්ථ ඉහත පවසා ඇත. වීමංසා චතුරාර්ය සත්‍ය ධර්මය විමසන ප්‍රඥාවම යි. වීමංසාව ධර්ම විමසීම යැයි කියන ලදී. විපස්සනා මාර්ග සම්ප්රයුක්තව විවිධාකාරයෙන් දැකීමේ ප්රඥාවයි. සම්මා දිට්ඨිං ශෝභන වූ, ප්‍රශස්ථ වූ, සුන්දර වූ මාර්ග සම්ප්‍රයුක්ත සම්මා දිට්ඨිය. තෙහි වෙදෙහි ඒ සිවුමඟ නුවණින් ම. අත්තගතො ජාති ජරා මරණයන්ගේ කෙළවරට ගිය. කොටිගතො ආදියේ අර්ථ ඉහත කියූ පරිදිම ය. වෙදනං වා අන්තගතො දැනගත යුතු වූ, අවසානයට පත් වූ, දතයුතු ධර්මයන්හි අවසානයට ගියේ, සිවුමඟ නුවණින් දතයුතු සංසාර දුකේ පර්යන්තයට, අන්තයට එනම් නිවනට ගියේ. විදිතත්තා දැනගත් බැවින්, අවබෝධ කරගත් බැවින්.
වෙදානි විචෙය්ය කෙවලානීති ගාථාය අයමත්ථො – යො චතූහි මග්ගඤාණවෙදෙහි කිලෙසක්ඛයං කරොන්තො ගතො, සො පරමත්ථතො වෙදගූ නාම හොති. සොව සබ්බසමණබ්රාහ්මණානං සත්ථසඤ්ඤිතානි වෙදානි තායෙව මග්ගභාවනාය කිච්චතො අනිච්චාදිවසෙන විචෙය්ය. තත්ථ ඡන්දරාගප්පහානෙන තමෙව සබ්බං වෙදමතිච්ච යාපි වෙදපච්චයා, අඤ්ඤථා වා උප්පජ්ජන්ති වෙදනා, තාසු සබ්බවෙදනාසු වීතරාගො හොති. තස්මා තමත්ථං දස්සෙන්තො “කිං පත්තිනමාහු වෙදගු”න්ති (සු· නි· 533) පුට්ඨො “ඉදං පත්තින”න්ති අවත්වා “වෙදානි විචෙය්ය…පෙ… වෙදගූ සො”ති ආහ. යස්මා වා යො පවිචයපඤ්ඤාය වෙදානි විචෙය්ය, තත්ථ ඡන්දරාගප්පහානෙන සබ්බං වෙදමතිච්ච වත්තති. සො සත්ථසඤ්ඤිතානි වෙදානි ගතො ඤාතො අතික්කන්තොව හොති. යො වෙදනාසු වීතරාගො, සොපි වෙදනාසඤ්ඤිතානි වෙදානි ගතො අතික්කන්තො , අතිවෙදනං ගතොතිපි වෙදගූ. තස්මා තම්පි අත්ථං දස්සෙන්තො “ඉදං පත්තින”න්ති අවත්වා “වෙදානි විචෙය්ය…පෙ… වෙදගූ සො”ති ආහ.
වෙදානි විචෙය්ය කෙවලානී යනාදී ගාථාවේ අර්ථය - යමෙක් සිවුමඟ නුවණින් කෙලෙසුන් ක්ෂය කරමින් නිවනට ගියේ වේද, ඔහු පරමාර්ථ වශයෙන් ‘වෙදගූ’ නම් වේ. යමෙක් සියලු මහණ බමුණන්ගේ ශාස්ත්‍ර යැයි හඳුන්වන ලද වේදයන්, දතයුතු කරුණු ඒ මාර්ග භාවනාවෙන්ම කෘත්‍ය හෙයින් අනිත්‍යාදී වශයෙන් විමසා බලන්නේය. එහි ඡන්දරාගය ප්රහාණය කිරීමෙන්, ඒ ඡන්ද ප්රහාණයෙන්ම සියලු වේදයන් ඉක්මවා, යම් වේද ප්රත්යයකින් වෙනත් ආකාරයකින් හෝ වේදනාවෝ උපදිති. ඒ සියලු වේදනාවන්හි වීතරාගී වේ. එහෙයින් ඒ අර්ථය දක්වමින් ‘කුමක් වේදගූ යැයි පතන ලදදැ’යි විචාරා, මෙහි ප්‍රාර්ථනා කරන ලදැයි නො පවසා ‘වේදයන් සොයන්නේ නම් -පෙ- ඔහු වේදගූ වේ’ යැයි කියන ලදී. යමෙක් පවිචය ප්‍රඥාවෙන් දතයුතු දේ විමසා දැනගන්නේය. එහි ඡන්දරාග ප්‍රහාණයෙන් සියලු වේද ඉක්මවා සිටියි. ඔහු ශාස්ත්‍ර යැයි කියනු ලබන වේදයන් අවබෝධ කර, දැනගෙන, ඉක්මවා සිටියි. යමෙක් වේදනාවන්හි වීතරාගී වේද, ඔහු ද වේදනාව යැයි දන්නා ලද වේදයන්ගෙන් පහ වූයේ, ඉක්මවා සිටියේ අති වේදනාවට ගියේනුයි වේදගූ නම් වේ. එහෙයින් එහිද අර්ථ දක්වමින් මෙය ප්‍රාර්ථනා කරන ලදැයි නොපවසා, වෙදානි විචෙය්ය -පෙ- වෙදගූසො යි කියන ලදී.
සමෙච්චාති ඤාණෙන සමාගන්ත්වා. අභිසමෙච්චාති ඤාණෙන පටිවිජ්ඣිත්වා. ධම්මන්ති චතුසච්චධම්මං. සබ්බෙ සඞ්ඛාරාති සබ්බෙ සප්පච්චයා ධම්මා. තෙ හි සඞ්ඛතසඞ්ඛාරා නාම. පච්චයෙහි සඞ්ගම්ම කරීයන්තීති සඞ්ඛාරා, තෙ එවං පච්චයෙහි සඞ්ගම්ම කතත්තා “සඞ්ඛතා”ති විසෙසෙත්වා වුත්තා. “කම්මනිබ්බත්තා තෙභූමකරූපාරූපධම්මා අභිසඞ්ඛතසඞ්ඛාරා”ති (විසුද්ධි· 2.587) අට්ඨකථාසු වුත්තා. තෙපි “අනිච්චා වත සඞ්ඛාරා”තිආදීසු (දී· නි· 2.221, 272; සං· නි· 1.186) සඞ්ඛතසඞ්ඛාරෙසු සඞ්ගහං ගච්ඡන්ති. “අවිජ්ජාගතොයං, භික්ඛවෙ, පුරිසපුග්ගලො පුඤ්ඤඤ්චෙ සඞ්ඛාරං අභිසඞ්ඛරොතී”තිආදීසු (සං· නි· 2.51) අවිජ්ජාපච්චයා සඞ්ඛාරාව ආගතා. තෙභූමිකකුසලාකුසලචෙතනා අභිසඞ්ඛරණකසඞ්ඛාරා නාම. “යාවතිකා අභිසඞ්ඛාරස්ස ගති, තාවතිකං ගන්ත්වා අක්ඛාහතං මඤ්ඤෙ අට්ඨාසී”තිආදීසු (අ· නි· 3.15) ආගතං කායිකචෙතසිකවීරියං පයොගාභිසඞ්ඛාරො නාම. “සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස ඛො, ආවුසො විසාඛ, භික්ඛුනො පඨමං නිරුජ්ඣති වචීසඞ්ඛාරො, තතො කායසඞ්ඛාරො, තතො චිත්තසඞ්ඛාරො”තිආදීසු (ම· නි· 1.464) ආගතා විතක්කවිචාරා වාචං සඞ්ඛරොන්තීති වචීසඞ්ඛාරා, අස්සාසපස්සාසා කායෙන සඞ්ඛරීයන්තීති කායසඞ්ඛාරා, සඤ්ඤා ච වෙදනා ච චිත්තෙන සඞ්ඛරීයන්තීති චිත්තසඞ්ඛාරා. ඉධ පන සඞ්ඛතසඞ්ඛාරා අධිප්පෙතා. අනිච්චා හුත්වා අභාවට්ඨෙන. දුක්ඛා පටිපීළනට්ඨෙන. සබ්බෙ ධම්මාති නිබ්බානම්පි අන්තොකත්වා වුත්තා. අනත්තා අවසවත්තනට්ඨෙන. අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති එත්ථ යං පටිච්ච ඵලමෙති, සො පච්චයො. පටිච්චාති න විනා, අපච්චක්ඛිත්වාති අත්ථො. එතීති උප්පජ්ජති චෙව පවත්තති චාති අත්ථො. අපිච උපකාරකට්ඨො පච්චයට්ඨො. අවිජ්ජා ච සා පච්චයො චාති අවිජ්ජාපච්චයො, තස්මා අවිජ්ජාපච්චයා. සඞ්ඛාරා සම්භවන්තීති නිබ්බත්තන්ති, එවං සම්භවන්තිසද්දස්ස සෙසපදෙහිපි යොජනා කාතබ්බා.
සමෙච්ච ඤාණයෙන් පැමිණ. අභිසමෙච්ච ඤාණයෙන් පිරිසිඳ දැන. ධම්මං යනු චතුරාර්ය සත්‍ය ධර්මය. සබ්බෙ සංඛාරා සියලු ප්‍රත්‍ය සහිත ධර්ම. ඒවා අතරින් සංඛත සංස්කාරයෝ නම් ප්‍රත්‍යයන්හි එක්වීම කරන්නේනුයි සංස්කාර නම් වේ. ඒවා මෙසේ ප්‍රත්‍යයන්හි එකතුවීම කරන ලද බැවින් සංඛත යැයි විශේෂ කර කියන ලදී. ත්‍රෛභූමක රූපාදී ධර්ම අභිසංඛත සංස්කාරයෝ යැයි අටුවාවන්හි කියන ලදී. ඒවායෙහි ද ‘අනිච්චා වත සංඛාරා’ ආදියෙහි සංස්කරණය කළ සංස්කාරයන්හි සංග්‍රහ කිරීමට යයි. ‘මහණෙනි, මේ අවිද්‍යාගත පුරුෂයා පුණ්‍ය සංස්කාරයන් අභිසංස්කරණය කරයි’ යනාදියෙහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ ම පැමිණියහ. ත්රෙභූමක කුශල චේතනාව අභිසංස්කරණ සංඛාර නම් වේ. ‘යාවතිකා අභිසංඛාරස්ස ගති තාවතිකං ගන්ත්වා අක්ඛාහතං මඤ්ඤෙ අට්ඨාසි’ ආදියෙහි ආවා වූ කායික චෛතසික වීර්යය පයෝගාභිසංඛාර නම් වේ. ‘සඤ්ඤා වේදයිත නිරෝධං සමාපන්නස්ස ඛො ආවුසො විසාඛ භික්ඛුනො පඨමං නිරුජ්ඣති වචී සංඛාරො තතො කාය සංඛාරො තතො චිත්ත සංඛාරො’ යනාදියෙහි පැමිණි විතක්ක විචාරයෝ වචනය සංස්කරණය කරන්නේනුයි වචී සංඛාර නම් වේ. ආශ්වාස ප්‍රාශ්වාසයෝ කයින් සංස්කරණය කරන්නේනුයි කාය සංඛාර නම් වේ. සංඥාවත් වේදනාවත් සිතින් සංස්කරණය කරන්නේනුයි චිත්ත සංඛාර නම් වේ. මෙහිදී වනාහි සංඛත සංස්කාරයෝ ම අදහස් කරන ලදී. අනිච්චා යනු වී අභාවයට පත්වන අරුතින් අනිත්‍යය. දුක්ඛා නැවත නැවත පෙළන අරුතින්. සබ්බෙ ධම්මා නිවන ද ඇතුලත් කර කියන ලදී. අනත්තා තමාට අවසඟව පවත්නා බැවින්. අවිජ්ජා පච්චයා සංඛාරා මෙහි යමක් නිසා ඵලයක් වේ ද එය ප්‍රත්‍යයයි. පටිච්ච යනු අත් නොහැර. බැහැර නොකර යන අර්ථයි. එති පැමිණේ. පවතියි යන අර්ථයයි. තවද උපකාරක අර්ථය ප්රත්යාර්ථය වේ. අවිද්‍යාව වූයේත් එම ප්‍රත්‍යය වූයේත් එම අවිද්යාප්රත්ය නම් වේ. එනිසා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ සම්භවන්ති හටගනිති. මෙසේ සම්භවන්ති යන පදය සෙසු පදයන් සමග ද සුදුසු පරිදි යෙදිය යුතුයි.
තත්ථ කතමා අවිජ්ජා? දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තෙ අඤ්ඤාණං, අපරන්තෙ අඤ්ඤාණං, පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං. කතමෙ සඞ්ඛාරා? පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො ආනෙඤ්ජාභිසඞ්ඛාරො, කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො චිත්තසඞ්ඛාරො, අට්ඨ කාමාවචරකුසලචෙතනා, පඤ්ච රූපාවචරකුසලචෙතනා පුඤ්ඤාභිසඞ්ඛාරො, ද්වාදස අකුසලචෙතනා අපුඤ්ඤාභිසඞ්ඛාරො, චතස්සො අරූපාවචරකුසලචෙතනා ආනෙඤ්ජාභිසඞ්ඛාරො, කායසඤ්චෙතනා කායසඞ්ඛාරො, වචීසඤ්චෙතනා වචීසඞ්ඛාරො, මනොසඤ්චෙතනා චිත්තසඞ්ඛාරො.
‘එහි අවිද්‍යාව යනු කුමක් ද? දුක නොදැනීම, දුකෙහි ඇතිවීම නොදැනීම, දුකෙහි නිරෝධය නොදැනීම, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදැනීම, පූර්වාන්තය නොදැනීම, අපරාන්තය නොදැනීම, පූර්වාන්ත අපරාන්ත දෙකම නොදැනීම, හේතුප්‍රත්‍ය සමවායෙන් හටගන්නා ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයන් පිළිබඳව නොදැනීමයි. සංස්කාර යනු කුමක්ද? පුණ්‍යාභිසංස්කාර, අපුණ්‍යාභිසංස්කාර, අනෙඤ්ජාභිසංස්කාර, කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර යනාදියයි. එහි පුණ්‍යාභිසංස්කාර යනු කාමාවචර මහා කුසල් සිත් අට, රූපාවචර කුසල් සිත් පහ යන දහතුනයි. දොළොස් අකුසල් සිත් අපුණ්‍යාභි සංස්කාර නම් වේ. අරූපාවචර කුසල් සිත් සතර ආනෙඤ්ජාභි සංස්කාර නම් වේ. කය පිළිබඳ සිතුවිලි කාය සංස්කාරයන්ය. වචනය පිළිබඳ සිතුවිලි වාග් සංස්කාරයන්ය. මනස පිළිබඳ සිතුවිලි චිත්ත සංස්කාරයන්ය.
තත්ථ සියා – කථං පනෙතං ජානිතබ්බං “ඉමෙ සඞ්ඛාරා අවිජ්ජාපච්චයා හොන්තී”ති? අවිජ්ජාභාවෙ භාවතො. යස්ස හි දුක්ඛාදීසු අවිජ්ජාසඞ්ඛාතං අඤ්ඤාණං අප්පහීනං හොති, සො දුක්ඛෙ තාව පුබ්බන්තාදීසු ච අඤ්ඤාණෙන සංසාරදුක්ඛං සුඛසඤ්ඤාය ගහෙත්වා තස්සෙව හෙතුභූතෙ තිවිධෙපි සඞ්ඛාරෙ ආරභති. සමුදයෙ අඤ්ඤාණෙන දුක්ඛහෙතුභූතෙපි තණ්හාපරික්ඛාරෙ සඞ්ඛාරෙ සුඛහෙතුතො මඤ්ඤමානො ආරභති. නිරොධෙ පන මග්ගෙ ච අඤ්ඤාණෙන දුක්ඛස්ස අනිරොධභූතෙපි ගතිවිසෙසෙ දුක්ඛනිරොධසඤ්ඤී හුත්වා නිරොධස්ස ච අමග්ගභූතෙසුපි යඤ්ඤාමරතපාදීසු නිරොධමග්ගසඤ්ඤී හුත්වා දුක්ඛනිරොධං පත්ථයමානො යඤ්ඤාමරතපාදිමුඛෙන තිවිධෙපි සඞ්ඛාරෙ ආරභති.
මෙහිදී මේ සංස්කාර ප්‍රත්‍ය සඳහා අවිද්‍යාව හේතුවන බව කෙසේනම් දත හැකිද? අවිද්‍යාවේ වැඩීමෙන්, යමකු තුල දුක් ආදිය පිළිබඳව නොදැනීම් නම් වූ අවිද්‍යාව අප්‍රහීණව පැවතියේ ද ඔහු දුක ද පූර්වාන්තාදිය ද නොදන්නා බැවින් සංසාරික දුක් සමූහය ‘සුබයකි, සැපයකි’යි ගෙන, ඒ හේතුවෙන් ම ත්‍රිවිධ වූ සංස්කාර (රැස් කිරීම) අරඹයි. දුකෙහි ඇතිවීමට හේතුවන සමුදය සත්‍යය නොදන්නා බැවින් තණ්හාව හා බැඳි පාප සිතුවිලි සුඛ හේතුවෙන් ගෙන රැස්කිරීම (සංඛාර) අරඹයි. දුකෙහි නිරෝධයත් ඊට මගත් නොදන්නා බැවින්, දුක නැති නොකරන ගති විශේෂයන්හි දුක්ඛ නිරෝධ සංඥාවෙන් යුතුවත්, ආර්ය මාර්ගය නොවූ යාගහෝම-පංචතාපනාදියෙහි නිවනට මගය යන සංඥාවෙන් යුතුවත් දුකින් මිදීම පතමින් යාග හෝම - පංචතාපනාදිය ප්‍රධාන කරගෙන සංස්කාර රැස්කරයි.
අපි ච සො තාය චතූසු සච්චෙසු අප්පහීනාවිජ්ජතාය විසෙසතො ජාතිජරාරොගමරණාදිඅනෙකාදීනවවොකිණ්ණම්පි පුඤ්ඤඵලසඞ්ඛාතං දුක්ඛං දුක්ඛතො අජානන්තො තස්ස අධිගමාය කායවචීචිත්තසඞ්ඛාරභෙදං පුඤ්ඤාභිසඞ්ඛාරං ආරභති දෙවච්ඡරකාමකො විය මරුප්පපාතං. සුඛසම්මතස්සාපි ච තස්ස පුඤ්ඤඵලස්ස අන්තෙ මහාපරිළාහජනිකං විපරිණාමදුක්ඛතං අප්පස්සාදතඤ්ච අපස්සන්තොපි තප්පච්චයං වුත්තප්පකාරමෙව පුඤ්ඤාභිසඞ්ඛාරං ආරභති සලභො විය දීපසිඛාභිනිපාතං, මධුබින්දුගිද්ධො විය ච මධුලිත්තසත්ථධාරාලෙහනං.
තව ද ඔහු උක්ත චතුරාර්ය සත්‍යයන් දැන අවිද්‍යාව ප්‍රහීණ නොකළ බැවින්, විශේෂයෙන්ම ජාති ජරා මරණ ආදී නොයෙක් ආදීනවයන්ගෙන් ගැවසුණේ නමුදු, පුණ්‍යඵල නම් වූ දුක, දුක වශයෙන් නොදන්නේ දුක අවබෝධ කරගනු සඳහා කාය-වාග්-චිත්ත යන ප්‍රභේද සහිත පුණ්‍යාභිසංස්කාර රැස්කරයි. එය දිව්‍ය අප්සරාවන් කැමැත්තෙක් මරු ප්‍රපාතයට පනින්නාක් මෙනි. සැපයැයි සම්මත වූ ඒ පුණ්යඵලයේ කෙළවර මහත් වූ පිරිතැවීම්, දැවීම් උපදවයි. විපරිනාමී දුක්ඛයේ ඇති අල්ප වූ ආශ්වාද ඇති බව නොදක්නේ, ඊට ප්‍රත්‍යවන හේතුවන ඉහත කී ලෙසින් පුණ්‍යාභිසංස්කාර රැස්කරයි. පහන් සිලුවට අවුත් වැටී නැසෙන පළගැටියකු මෙනි. මීබිඳුවලට කෑදරකමින් මීබිඳු තැවරුණු දෙපැත්ත කැපෙන පිහිතලයක් ලෙවකන්නෙකු මෙනි.
කාමුපසෙවනාදීසු ච සවිපාකෙසු ආදීනවං අපස්සන්තො සුඛසඤ්ඤාය චෙව කිලෙසාභිභූතතාය ච ද්වාරත්තයප්පවත්තම්පි අපුඤ්ඤාභිසඞ්ඛාරං ආරභති බාලො විය ගූථකීළනං, මරිතුකාමො විය ච විසඛාදනං. ආරුප්පවිපාකෙසු චාපි සඞ්ඛාරවිපරිණාමදුක්ඛතං අනවබුජ්ඣමානො සස්සතාදිවිපල්ලාසෙන චිත්තසඞ්ඛාරභූතං ආනෙඤ්ජාභිසඞ්ඛාරං ආරභති දිසාමූළ්හො විය පිසාචනගරාභිමුඛමග්ගගමනං. එවං යස්මා අවිජ්ජාභාවතොව සඞ්ඛාරභාවො, න අභාවතො. තස්මා ජානිතබ්බමෙතං “ඉමෙ සඞ්ඛාරා අවිජ්ජාපච්චයා හොන්තී”ති.
කාම සේවනාදියෙහි විපාක සහිත ධර්මයන්හිද ආදීනව නොදකිමින්, සැපයකි යන සිතින් ද කෙලෙස්වලින් මැඩුනු බැවින් ද ද්වාරත්රයෙහි පවත්නා වූ ද අපුණ්‍යාභි සංස්කාරයන් රැස් කරනුයේ මළපහ සමග සෙල්ලම් කරන ළදරුවෙකු මෙනි. විස කන මැරෙනු කැමැත්තෙකු මෙනි. සතරාරූප්ය විපාකයන්හි ද සංස්කාරයන්ගේ ඇති විපරිණාමී ස්වභාවය අනවබෝධයෙන් ශාස්වත ආදී විපර්යාස වශයෙන් චිත්තසංඛාර නම් වූ අනෙඤ්ජාභි සංස්කාර රැස්කරයි. පිසාච නගරයට දිවෙන මගෙහි යන මංමුළා වූවෙකු මෙනි. මෙසේ අවිද්‍යාව හේතුවෙන් ම සංස්කාර ඇති වේ. අවිද්‍යාව නැතිකල්හි සංස්කාර නොවේ. එනිසා ‘මේ සංස්කාරයෝ අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙති’යි යන මේ කරුණ දතයුතුයි.
එත්ථාහ – ගණ්හාම තාව එතං “අවිජ්ජා සඞ්ඛාරානං පච්චයො”ති, කිං පනායමෙකාව අවිජ්ජා සඞ්ඛාරානං පච්චයො, උදාහු අඤ්ඤෙපි පච්චයා සන්තීති? කිං පනෙත්ථ යදි තාව එකාව, එකකාරණවාදො ආපජ්ජති. අථ අඤ්ඤෙපි සන්ති, “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා”ති එකකාරණනිද්දෙසො නුපපජ්ජතීති? න නුපපජ්ජති. කස්මා? යස්මා –
මෙය කියන ලදී. පළමුව අපි මේ අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වේය යන්න (අදහස) ගනිමු. කිම හුදකලා වූ ම මේ අවිද්‍යාව පමණක් සංස්කාරයන්ට ප්‍රත්‍ය වේද? නැතිනම් අන්‍ය ධර්මයෝ ද ඊට ප්‍රත්‍යය වෙත්ද? මෙහිදී ඉදින් අවිද්‍යාව යන එකම හේතුවක් සංස්කාරයන්ට ප්‍රත්‍ය වේනම් එවිට ඒකකාරණවාදයට පැමිණේ. එමෙන්ම වෙනත් ධර්මයෝද සංස්කාරයන්ට හේතුප්‍රත්‍ය වෙත්නම් එවිට ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ යයි එකම කාරණයක් නිර්දේශ කිරීම නූපදීද? නොම නූපදී. කුමක් හෙයින් ද?
“එකං න එකතො ඉධ, නානෙකමනෙකතොපි නො එකං; ඵලමත්ථි අත්ථි පන එක-හෙතුඵලදීපනෙ අත්ථො”. (විභ· අට්ඨ· 226, සඞ්ඛාරපදනිද්දෙස; පටි· ම· අට්ඨ· 1.1.105; විසුද්ධි· 2.617);
එකං න එකතො ඉධ - නා නෙකං අනෙකතොපි නො එකං, එලමත්ථි අත්‍ථිපන එක - හෙතුඵලදීපෙන අත්ථො
මේ භවයෙහි හෝ මේ ප්‍රත්‍යය වීමෙහි එක් හේතුවකින් එකම ඵලයක් ඇති නොවේ. එකම හේතුවකින් බොහෝ ඵල ද ඇති නොවේ. බොහෝ වූ හේතූන්ගෙන් එකම ඵලයක් ඇතිවීම ද නොසිදුවේ. ‘අවිද්‍යාව හේතුවෙන් සංස්කාර වේ’ යනාදී වශයෙන් එක් එක් හේතු එක් එක් ඵලයන් දැක්වීමෙහි ප්‍රයෝජනයක් ඇත.
භගවා හි කත්ථචි පධානත්තා, කත්ථචි පාකටත්තා, කත්ථචි අසාධාරණත්තා දෙසනාවිලාසස්ස ච වෙනෙය්යානඤ්ච අනුරූපතො එකමෙව හෙතුං වා ඵලං වා දීපෙති. තස්මා අයමිධ අවිජ්ජා විජ්ජමානෙසුපි අඤ්ඤෙසු වත්ථාරම්මණසහජාතධම්මාදීසු සඞ්ඛාරකාරණෙසු “අස්සාදානුපස්සිනො තණ්හා පවඩ්ඪතී”ති (සං· නි· 2.52) ච, “අවිජ්ජාසමුදයා ආසවසමුදයො”ති (ම· නි· 1.104) ච වචනතො අඤ්ඤෙසම්පි තණ්හාදීනං සඞ්ඛාරහෙතූනං හෙතූති පධානත්තා, “අවිද්වා, භික්ඛවෙ, අවිජ්ජාගතො පුඤ්ඤාභිසඞ්ඛාරම්පි අභිසඞ්ඛරොතී”ති පාකටත්තා, අසාධාරණත්තා ච සඞ්ඛාරානං හෙතුභාවෙන දීපිතාති වෙදිතබ්බා. එතෙනෙව ච එකෙකහෙතුඵලදීපනපරිහාරවචනෙන සබ්බත්ථ එකෙකහෙතුඵලදීපනෙ පයොජනං වෙදිතබ්බන්ති.
භාග්‍යවතුන් වහන්සේ ඇතැම් තැනක ප්‍රධාන හේතුව හෝ ඵලය ද ඇතැම් තැනක ප්‍රකට හේතුව හෝ ඵලය ද ඇතැම් තැනෙක අසාධාරණ හේතුව හෝ ඵලය ද ඇතැම් තැනෙක දේශනා ක්‍රමයට අනුරූප වශයෙන් හේතුව හෝ ඵලය ද ඇතැම් තැනෙක දේශනා ක්‍රමයට අනුරූප වශයෙන් හේතුව හෝ ඵලය ද දේශනා කරන සේක. එහෙයින් මෙහි මේ අවිද්‍යාව විද්‍යමාන කල්හිද සෙසු වස්තු ආලම්බන සහජාත ධර්මාදී වූ සංස්කාර කාරණයන් විද්‍යමාන කල්හිද ‘අස්සාදානුපස්සිනො තණ්හා පවඩ්ඪති’ (ආශ්වාදය අනුව දකින්නා හට තෘෂ්ණාව වැඩේ යයි ද අවිජ්ජා සමුදයා ආසව සමුදයො (අවිද්‍යාවේ හටගැනීමෙන් ආශ්‍රවයන්ගේ හටගැනීම වේ) යයිද වදාළ හෙයින් සෙසු තෘෂ්ණා ආදී වූ සංස්කාර හේතූන්ටද අවිද්‍යාව හේතු වේනුයි ප්‍රධාන කාරණ බැවින්ද ‘අවිද්වා භික්ඛවෙ අවිජ්ජාගතො පුඤ්ඤාභිසංඛාරම්පි අභිසංඛරොති’ (මහණෙනි, ඥාන තෙමේ අවිද්‍යාවට පැමිණියේ පුණ්යාභිසංස්කාරම්පි අභිසංඛරොති’ (මහණෙනි, අඥාන තෙමේ අවිද්‍යාවට පැමිණියේ පුණ්යාභිසංස්කාරයන්ද රැස් කෙරේ) යයි ප්‍රකට බැවින් ද (පුණ්යාභිසංස්කරාදීන්ට) අසාධාරණ බැවින්ද සංස්කාරයන්ට හේතූන් වශයෙන් දක්වන ලදැයි දතයුතුයි. මෙයින්ම එකී එකී හේතුඵලයන් හැඟවීම යන මේ පරිහාර වචනයෙන් හැමතන්හි එකී එකී හේතුඵල දීපනයෙහි ප්‍රයෝජනය දතයුතුයි. මෙහි කීය,
එත්ථාහ – එවං සන්තෙපි එකන්තානිට්ඨඵලාය සාවජ්ජාය අවිජ්ජාය කථං පුඤ්ඤානෙඤ්ජාභිසඞ්ඛාරපච්චයත්තං යුජ්ජති? න හි නිම්බබීජතො උච්ඡු උප්පජ්ජතීති. කථං න යුජ්ජිස්සති? ලොකස්මිඤ්හි –
මෙසේ ඇති කල්හිද ඒකාන්තයෙන්ම අනිෂ්ට ඵල ඇති සාවද්‍ය වූ අවිද්‍යාවගේ පුණ්‍යාභිසංස්කාර, ආනෙඤ්ජාභිසංස්කාරයන්ට ප්‍රත්‍යය බව කෙසේ යෙදෙන්නේද? කොසඹ බීජයකින් කිසි කලෙකත් උක්ගසක් හට නොගන්නේය. එසේම අවිද්‍යාවෙන් අකුශලයක්ම මුත් කුසල් හටගන්නේ යයි කීම යුක්ති සහගත නොවන්නේ නොවේ ද?
“විරුද්ධො චා විරුද්ධො ච, සදිසාසදිසො තථා; ධම්මානං පච්චයො සිද්ධො, විපාකා එව තෙ ච න”.
විරුද්ධො චාවිරුද්ධො ච - සදිසො’සදිසො තථා, ධම්මාන පච්චයො සිද්ධො - විපාකා එව තෙ ච න
යම්හෙයකින් මේ ලෝකයෙහි යම් ස්වභාව ධර්මයකට විරුද්ධ වූ ද අවිරුද්ධ වූ ද එසේම සමාන වූ ද අසමාන වූ ද ප්‍රත්‍ය සංඛ්‍යාත වූ උපකාර කරන්නා වූ ධර්ම ප්‍රකට වේ. හෙවත් සිද්ධ වේ. ඒ ධර්මයෝද විපාකයෝ ම නොවෙත්.
ඉති අයං අවිජ්ජා විපාකවසෙන එකන්තානිට්ඨඵලා, සභාවවසෙන ච සාවජ්ජාපි සමානා සබ්බෙසම්පි එතෙසං පුඤ්ඤාභිසඞ්ඛාරාදීනං යථානුරූපං ඨානකිච්චසභාවවිරුද්ධාවිරුද්ධපච්චයවසෙන, සදිසාසදිසපච්චයවසෙන ච පච්චයො හොතීති වෙදිතබ්බා. අපි ච අයං අඤ්ඤොපි පරියායො –
මෙසේ මේ අවිද්‍යාව විපාක වශයෙන් ඒකාන්ත අනිෂ්ට ඵල ඇත්තකි. ස්වභාව වශයෙන් ද සාවද්‍ය බව ඇත්තකි. සියලුම පුණ්‍යාභිසංස්කාර, අපුණ්‍යාභිසංස්කාර, ආනෙඤ්ජාභිසංස්කාරයන්ට සුදුසු පරිදි ස්ථාන කෘත්‍ය ස්වභාව විරුද්ධ අවිරුද්ධ ප්‍රත්‍ය වශයෙන් ද සමාන අසමාන ප්‍රත්‍ය වශයෙන් ද ප්‍රත්‍ය වේයයි දතයුතුයි. තවද අනික් ක්‍රමයක් ද ඇත.
“චුතූපපාතෙ සංසාරෙ, සඞ්ඛාරානඤ්ච ලක්ඛණෙ; යො පටිච්චසමුප්පන්න-ධම්මෙසු ච විමුය්හති.
යම් පුද්ගලයෙක් ච්‍යුති ප්රතිසන්ධියෙහිත්, ස්කන්ධායතන ධාතූන්ගේ පිළිවෙල නොසිඳ පැවැත්ම යයි කියන ලද සංසාර වෘත්තයෙහිත්, සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණයෙහිත් ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මයෙහිත් විශේෂයෙන් ම මුළා වේද,
“අභිසඞ්ඛරොති සො එතෙ, සඞ්ඛාරෙ තිවිධෙ යතො; අවිජ්ජා පච්චයො තෙසං, තිවිධානම්පයං තතො.
ඒ පුද්ගලයා ත්‍රිවිධ වූ මේ සංස්කාරයන් නැවත නැවත සකස් කරන හෙයින් මේ අවිද්‍යාව ත්‍රිවිධ වූ ඒ සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ.
“යථාපි නාම ජච්චන්ධො, නරො අපරිණායකො; එකදා යාති මග්ගෙන, උම්මග්ගෙනාපි එකදා.
යම්සේ ජාත්යන්ධයා කණවැල අල්ලාගෙන යන්නෙකු නැතිව, හුදකලාව මගට පිළිපන්නේ සමහර කාලයක නියම මාර්ගයෙන් ද, සමහර කාලයක නොමගින් ද යන්නේ ද,
“සංසාරෙ සංසරං බාලො, තථා අපරිණායකො; කරොති එකදා පුඤ්ඤං, අපුඤ්ඤමපි එකදා.
එපරිද්දෙන් ම සැරිසරන්නා වූ අඥානයා විෂම මාර්ගය හැර රහත්මගට පමුණුවන කල්‍යාණ මිත්‍රයකු නැතිවීමෙන් ඇතැම් කාලවල පින් කරයි. සමහර කාලවල පව් කරයි.
“යදා ච ඤත්වා සො ධම්මං, සච්චානි අභිසමෙස්සති; තදා අවිජ්ජූපසමා, උපසන්තො චරිස්සතී”ති.
යම්කලෙක හෙතෙම කලණ මිතුරන්ගේ ඇසුරින් චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගෙන අවිද්‍යාව සන්සිඳුවා, මුලුමනින්ම අවිද්‍යාව නසා ශාන්තව හැසිරෙන්නේය.
සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති ඡවිඤ්ඤාණකායා චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොවිඤ්ඤාණං. තත්ථ චක්ඛුවිඤ්ඤාණං කුසලවිපාකං අකුසලවිපාකන්ති දුවිධං. තථා සොතඝානජිව්හාකායවිඤ්ඤාණානි. මනොවිඤ්ඤාණං පන ද්වෙ විපාකමනොධාතුයො, තිස්සො අහෙතුකවිපාකමනොවිඤ්ඤාණධාතුයො, අට්ඨ සහෙතුකවිපාකචිත්තානි, පඤ්ච රූපාවචරවිපාකචිත්තානි, චත්තාරි අරූපාවචරවිපාකචිත්තානීති බාවීසතිවිධං. ඉති සබ්බානි බාත්තිංසලොකියවිපාකවිඤ්ඤාණානි.
සංඛාරපච්චයා විඤ්ඤාණං යනු විඤ්ඤාණ කාය සයකි. චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය හා මනෝ විද්ඤාණය යනු ඒ හයයි. එහි චක්ඛු විඤ්ඤාණය කුසල විපාක හා අකුසල විපාක යනුවෙන් දෙවැදෑරුම් වේ. මෙලෙසින්ම සෙසු සෝත, ඝාණ, ජීව්හා, කාය හා මනෝ විඤ්ඤාණයන් ද කුසල හා අකුසල විපාක වශයෙන් දෙවදෑරුම් වේ. මනෝ විඤ්ඤාණය වනාහි කුසලා කුසල විපාක මනෝධාතුක දෙකය. අහේතුක විපාක මනෝ විඤ්ඤාණ ධාතු තුනය. සහේතුක කාමාවචර විපාක සිත් අටය. රූපාවචර විපාක සිත් පහය, අරූපාවචර විපාක සිත් සතර යනුවෙන් දෙවිසිවැදෑරුම් වේ. මෙසේ ලෞකික විපාක විඤ්ඤාණ සියල්ලම තිස්දෙකකි.
තත්ථ සියා – කථං පනෙතං ජානිතබ්බං “ඉදං වුත්තප්පකාරං විඤ්ඤාණං සඞ්ඛාරපච්චයා හොතී”ති? උපචිතකම්මාභාවෙ විපාකාභාවතො. විපාකඤ්හෙතං, විපාකඤ්ච න උපචිතකම්මාභාවෙ උප්පජ්ජති, යදි උප්පජ්ජෙය්ය, සබ්බෙසං සබ්බවිපාකානි උප්පජ්ජෙය්යුං, න ච උප්පජ්ජන්තීති ජානිතබ්බමෙතං “සඞ්ඛාරපච්චයා ඉදං විඤ්ඤාණං හොතී”ති. සබ්බමෙව හි ඉදං පවත්තිපටිසන්ධිවසෙන ද්වෙධා පවත්තති . තත්ථ ද්වෙ පඤ්චවිඤ්ඤාණානි, ද්වෙ මනොධාතුයො, සොමනස්සසහගතා අහෙතුකමනොවිඤ්ඤාණධාතූති ඉමානි තෙරස පඤ්චවොකාරභවෙ පවත්තියංයෙව පවත්තන්ති. සෙසානි එකූනවීසති තීසු භවෙසු යථානුරූපං පවත්තියම්පි පටිසන්ධියම්පි පවත්තන්ති.
එහි මෙ කියන ලද ආකාර ඇති විඤ්ඤාණය සංස්කාර ප්‍රත්‍යයෙන් වේ යැයි කෙසේ නම් දැනගන්නේ ද? කර්ම රැස් කිරීමක් නැතිව විපාක නොවන හෙයිනි. ඒ මෙසේයි. මේ දෙවිසි විඤ්ඤාණයම විපාකමයි. රැස්කිරීමක් නැතිව විපාක උපදින්නේ නම් සියල්ලන්ට සියලු විපාක ඉපදිය යුතුය. එසේ සියල්ලන්ට සියලු විපාක නූපදනා හෙයින් සංස්කාර ප්‍රත්‍යයෙන් මේ විඤ්ඤාණය වේ යයි දතයුතුයි. මේ සියලු විඤ්ඤාණයන් ප්රවෘත්ති ප්රතිසන්ධි වශයෙන් දෙපරිද්දකින් වේ. මොවුනතුරෙන් විඤ්ඤාණ සිත් දහය, මනෝධාතු සිත් දෙක, සෝමනස්ස සහගත අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව යන දහතුන පංචස්කන්ධය ඇති භවයෙහි සුදුසු සේ ප්‍රවෘත්තියෙහි ම පවතී. ඉතිරි දහනවය තුන් භවයෙහි සුදුසු පරිදි ප්‍රවෘත්තියෙහි ද ප්රතිසන්ධියෙහි ද පවතියි.
“ලද්ධප්පච්චයමිති ධම්ම-මත්තමෙතං භවන්තරමුපෙති; නාස්ස තතො සඞ්කන්ති, න තතො හෙතුං විනා හොති”.
ලද්ධ පච්චයමිති ධම්ම - මත්තමෙතං භවන්තරමුපෙති, නාස්ස තතො සංකන්ති - න තතො හෙතුං විනා හොති
මෙසේ ලද ප්‍රත්‍ය ඇති මේ රූපාරූප ධර්ම මාත්‍රය භවාන්තරගත වේ. ප්රතිසන්ධි විඤ්ඤාණය ඒ පූර්ව භවයෙන් භවාන්තර සංක්‍රමණය නොවේ. ඒ අතීත භවයෙන් හේතුවක් නැතිවැ පහළ වන්නේද නොවේ.
ඉති හෙතං ලද්ධප්පච්චයං රූපාරූපධම්මමත්තං උප්පජ්ජමානං “භවන්තරමුපෙතී”ති වුච්චති, න සත්තො න ජීවො. තස්ස ච නාපි අතීතභවතො ඉධ සඞ්කන්ති අත්ථි, නාපි තතො හෙතුං විනා ඉධ පාතුභාවො. එත්ථ ච පුරිමං චවනතො චුති, පච්ඡිමං භවන්තරාදිපටිසන්ධානතො පටිසන්ධීති වුච්චති.
මෙසේ කියන ලද පරිදි ලබන ලද අවිද්‍යාදී ප්‍රත්‍යය ඇති මේ ප්රතිසන්ධි විඥානය රූප අරූප ධර්ම මාත්‍රය ඉපදීම් වශයෙන් භවාන්තරගත වේයයි කියනු ලැබේ. බාහිර පරිකල්පිත සත්ත්වයෙක් හෝ ජීවයෙක් හෝ භවාන්තරගත නොවේ. ඒ විඤ්ඤාණයේ ද අතීත භවයෙන් භවයට සංක්‍රමණය වීමක් නැත. අතීත භවයෙහි හේතුවක් නැතිව භවයෙහි පහළවීමක් ද නැත. මෙහි ද පූර්ව චිත්තය මේ භවයෙන් ගිළිහෙන හෙයින් චුති යැයි ද පශ්චිම චිත්තය අන්‍ය භවයක් හා ගළපන හෙයින් ප්රතිසන්ධි යැයි ද කියනු ලැබේ.
එත්ථාහ – නනු එවං අසඞ්කන්තිපාතුභාවෙ සති යෙ ඉමස්මිං මනුස්සත්තභාවෙ ඛන්ධා, තෙසං නිරුද්ධත්තා, ඵලපච්චයස්ස ච කම්මස්ස තත්ථ අගමනතො, අඤ්ඤස්ස අඤ්ඤතො ච තං ඵලං සියා, උපභුඤ්ජකෙ ච අසති කස්ස තං ඵලං සියා, තස්මා න සුන්දරමිදං විධානන්ති? තත්රිදං වුච්චති –
මෙය කියන ලදී. මෙසේ සංක්‍රාන්තියක් නොවීම ඉපදීම ඇති කල්හි, මිනිසත් භවයෙහි පැවති ස්කන්ධ නිරුද්ධ වූ බැවින් ඵලයට ප්‍රත්‍යය වූ කර්මය ද ඒ ඵලය උපදනා තැනට නොයන හෙයින් ද, කර්මය කළ තැනැත්තාට නොව වෙනත් අයෙකුට ඒ ඵලය වන්නේ නොවේද? ඵලය අනුභව කරන්නකු නැතිවිට ඒ ඵලය කවරකු හට වේද? (ලැබේද?) එනිසා මේ විධානය (නියමය) අසුන්දර එකක් වන්නේ නොවේද? එහි පිළිතුර මෙසේය.
“සන්තානෙ යං ඵලං එතං, නාඤ්ඤස්ස න ච අඤ්ඤතො; බීජානං අභිසඞ්ඛාරො, එතස්සත්ථස්ස සාධකො.
සන්තානෙ යං ඵලං එතං නාඤ්ඤස්ස නච අඤ්ඤතො, බීජානං අභිසංඛාරො එතස්සත්ථස්ස සාධකො
“ඵලස්සුප්පත්තියා එව, සිද්ධා භුඤ්ජකසම්මුති; ඵලුප්පාදෙන රුක්ඛස්ස, යථා ඵලති සම්මුතී”ති.
ඵලස්සුප්පත්තියා එව සිද්ධා භුඤ්ජක සම්මති, එලුප්පාදෙන රුක්ඛස්ස යථා ඵලති සම්මති
එක් සන්තතියක කර්මය නිපන් පෙළෙහිම උපදනා ඵලය ඒ එකම සන්තතියෙහි නියමයෙන් ම ඒකත්වය ද නානත්වය ද වැලැක්වූ හෙයින් කර්මය සකස් කළ පුද්ගලයාගෙන් පරිබාහිර වෙනත් පුද්ගලයෙකුට විපාකය වේයැයි හෝ ඒ කර්මයෙන් අන්‍ය වූ හේතුවකින් ඒ විපාකය වේයැයි හෝ කිවයුතු නොවේ. මේ අදහසට අඹ බීජ ආදිය චතුමධුරාදියෙහි බහා කරන ලද සකස් කිරීම සාධක වේ.
ඵලයේ උත්පත්තියෙන්ම හටගැනීමෙන් ම රුක ඵල හටගත්තේය යන සම්මුතිය ඇතිවේ. එමෙන් සුවදුක් ආදී විපාකයේ හටගැනීමෙන් ම සත්ත්වයා සුවදුක් විඳින්නේය යන සම්මතය ඇතිවේ.
යොපි වදෙය්ය “එවං සන්තෙපි එතෙ සඞ්ඛාරා විජ්ජමානා වා ඵලස්ස පච්චයා සියුං, අවිජ්ජමානා වා. යදි ච විජ්ජමානා, පවත්තික්ඛණෙයෙව නෙසං විපාකෙන භවිතබ්බං. අථ අවිජ්ජමානා, පවත්තිතො පුබ්බෙ පච්ඡා ච නිච්චං ඵලාවහා සියු”න්ති. සො එවං වත්තබ්බො –
‘මෙසේ සිදුවන මේ සංස්කාරයෝ විද්‍යමාන වූවෝම ඵලයට ප්‍රත්‍ය වෙත් ද? අවිද්‍යමාන වූවෝ ම ඵලයට පත් වෙත් ද?’යි යමෙකු ඇසුවහොත්, (මෙසේ පිළිතුරු දිය යුතුයි.) ඉදින් විද්‍යමාන වූවෝ ඵලයට ප්‍රත්‍ය වෙත්නම් ඒ සංස්කාරයන්ගේ වර්තමාන ක්ෂණයෙහිම විපාකය විය යුතුයි. අවිද්‍යමාන වූවෝම ඵලයට පැමිණ ප්‍රත්‍ය වෙත්නම් කර්මය කිරිමට පෙර ද විපාකය දිය යුතුය. පසුව ද විපාක දිය යුතුයි. නිතරමද විපාක දිය යුතුයි’ යනුවෙනි. ඔහුට මෙසේ පිළිතුරු දිය යුතුයි.
“කතත්තා පච්චයා එතෙ, න ච නිච්චං ඵලාවහා; පාටිභොගාදිකං තත්ථ, වෙදිතබ්බං නිදස්සන”න්ති.
කතත්තා පච්චයා එතෙ - නච නිච්චං ඵලාවහා, පාටිභොගාදිකං තත්ථ - වෙදිතබ්බං නිදස්සනං
‘මේ සංස්කාර කරන ලද හෙයින් තම, තමාගේ ඵලයට ප්‍රත්‍යය වනු විනා නිතර ඵල දීම සිදු නොවේ. ඇප වී ණය ගැනීම මෙහි උදාහරණ වශයෙන් දතයුතුයි’ යනුවෙනි.
විඤ්ඤාණපච්චයා නාමරූපන්ති ඉධ වෙදනාසඤ්ඤාසඞ්ඛාරක්ඛන්ධා නාමං, චත්තාරි මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපං රූපං. අභාවකගබ්භසෙය්යකානං අණ්ඩජානඤ්ච පටිසන්ධික්ඛණෙ වත්ථුදසකං කායදසකන්ති වීසති රූපරූපානි, තයො ච අරූපිනො ඛන්ධාති එතෙ තෙවීසති ධම්මා “විඤ්ඤාණපච්චයා නාමරූප”න්ති වෙදිතබ්බා. සභාවකානං භාවදසකං පක්ඛිපිත්වා තෙත්තිංස, ඔපපාතිකසත්තෙසු බ්රහ්මකායිකාදීනං පටිසන්ධික්ඛණෙ චක්ඛුසොතවත්ථුදසකානි ජීවිතින්ද්රියනවකඤ්චාති එකූනචත්තාලීස රූපරූපානි, තයො ච අරූපිනො ඛන්ධාති එතෙ බාචත්තාලීස ධම්මා “විඤ්ඤාණපච්චයා නාමරූප”න්ති වෙදිතබ්බා. කාමභවෙ පන සෙසඔපපාතිකානං, සංසෙදජානං වා සභාවකපරිපුණ්ණායතනානං පටිසන්ධික්ඛණෙ චක්ඛුසොතඝානජිව්හාකායවත්ථුභාවදසකානීති සත්තති රූපරූපානි, තයො ච අරූපිනො ඛන්ධාති එතෙ තෙසත්තති ධම්මා “විඤ්ඤාණපච්චයා නාමරූප”න්ති වෙදිතබ්බා. එස උක්කංසො, අවකංසෙන පන තංතංදසකවිකලානං තස්ස තස්ස වසෙන හාපෙත්වා හාපෙත්වා පටිසන්ධියං විඤ්ඤාණපච්චයා නාමරූපසඞ්ඛා වෙදිතබ්බා. අරූපීනං පන තයොව අරූපිනො ඛන්ධා. අසඤ්ඤීනං රූපතො ජීවිතින්ද්රියනවකමෙවාති. එස තාව පටිසන්ධියං නයො.
විඤ්ඤාණ පච්චයා නාමරූපං යන මෙහි නාම යනු වේදනා, සංඥා, සංස්කාර යන ස්කන්ධයෝය. සතරමහා භූතද ඒ සතරමහා භූත නිසා පවත්නා විසි හතරක් වූ උපාදා රූප ද රූප නම් වේ. අභාවක ගර්භ සෙය්යකයන්ට ද අණ්ඩජයන්ට ද ප්රතිසන්ධික්ෂණයෙහි වස්තු කාය දශක වශයෙන් රූපයන්ගෙන් කලාප සන්තති දෙකක් හා අරූප ස්කන්ධ තුනක් ද පහළ වේ. මෙසේ රූප ධර්ම විස්සක් හා අරූප ධර්ම තුනක් යනුවෙන් විසිතුනක් ධර්ම විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන ‘නාම-රූප’ ලෙස දතයුතුයි. සභාවකයන්ට භාව දසකයද ඇතුලත්කොට තිස්තුනක් වේ. ඕපපාතිකයන් අතුරෙන් බ්රහ්මකායිකයන්ගේ ප්රතිසන්ධි ක්ෂණයෙහි චක්ඛු-සෝත-වස්තු දහය ද ජීවිතින්ද්රිය නවකය ද වශයෙන් තිස්නමයක් රූප රූප’ වේ. අරූප ස්කන්ධ තුනක්දැයි මේ සතලිස් දෙකක් ධර්ම විඥාන ප්‍රත්‍යයෙන් වන නාමරූප වශයෙන් දතයුතුයි. කාමභවයෙහි වනාහි භාව සහිතව පරිපූර්ණ ආයතන ඇතිව උපදනා සෙසු ඕපපාතිකයන්ට හෝ සංසේදජයන්ට හෝ ප්රතිසන්ධි ක්ෂණයෙහි රූප කලාප සන්තති වශයෙන් චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, වත්ථු, භාව දශක සතක් වශයෙන් සැත්තෑවක් ද අරූප ස්කන්ධ තුනත් සමග මේ සැත්තෑ තුනක් වන නාමරූප ධර්ම විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන බව දතයුතුයි. මේ උත්කර්ෂ වශයෙනි. (ඉහළම ප්‍රමාණ දැක්වීම්) අවම ප්‍රමාණ දැක්වීම් (අපකර්ෂ) වශයෙන් ඒ ඒ රූප කලාප දශය විකල වූවන්ට ඒවායේ වශයෙන් පිරිහීගොස් ඇතිවන ප්රතිසන්ධියෙහි විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප සංඛ්‍යා දතයුතුයි. අරූපීන්ට වනාහි අරූප ස්කන්ධ තුනම ද අසංඥ සත්ත්වයන්ට රූපයෙන් ජීවිතින්ද්රිය නවකය පමණක්ද වේ. මේ ප්රතිසන්ධියෙහි ක්‍රමයයි.
පවත්තෙ පන සබ්බත්ථ රූපපවත්තිදෙසෙ පටිසන්ධිචිත්තස්ස ඨිතික්ඛණෙ පටිසන්ධිචිත්තෙන සහ පවත්තඋතුතො උතුසමුට්ඨානං සුද්ධට්ඨකං පාතුභවති. පඨමභවඞ්ගතො පභුති චිත්තසමුට්ඨානං සුද්ධට්ඨකං, සද්දපාතුභාවකාලෙ උතුතො චෙව චිත්තතො ච සද්දනවකං, කබළීකාරාහාරූපජීවීනං ආහාරසමුට්ඨානං සුද්ධට්ඨකන්ති එවං ආහාරසමුට්ඨානස්ස, සුද්ධට්ඨකස්ස, උතුචිත්තසමුට්ඨානානඤ්ච ද්වින්නං නවකානං වසෙන ඡබ්බීසතිවිධං, එකෙකචිත්තෙ තික්ඛත්තුං උප්පජ්ජමානං වුත්තකම්මසමුට්ඨානඤ්ච සත්තතිවිධන්ති ඡන්නවුතිවිධං රූපං, තයො ච අරූපිනො ඛන්ධාති නවනවුතිධම්මා යථාසම්භවං “විඤ්ඤාණපච්චයා නාමරූප”න්ති වෙදිතබ්බා.
ප්‍රවෘත්තියෙහි (ප්‍රතිසන්ධියේ පටන් චුතිය අතර වූ කාලයෙහි) රූප පවත්නා සියලු තැන්හි ප්රතිසන්ධි සිතේ ස්ථිති ක්ෂණයෙහි ප්රතිසන්ධි සිත හා පැවති තේජෝ ධාතුවෙන් (ඍතුවෙන්) උතුසමුට්ඨාන ශුද්ධාෂ්ටකය පහළ වේ. ප්රතිසන්ධි සිතෙන් මත්තෙහි ප්‍රථම භවාංගයේ පටන් ඒ චිත්ත සමුට්ඨාන ශුද්ධාෂ්ටකය ද ශබ්ද උපදනා කල්හි ප්රතිසන්ධියෙන් මත්තෙහි පැවති ඍතුවෙන් ද චිත්තයෙන් ද ශබ්ද නවකය ද උපදී. කබලිංකාර ආහාරය නිසා ජීවත්වන සත්ත්වයන්ගේ මේ ආහාර සමුට්ඨාන ශුද්ධාෂ්ටකය යැයි මෙසේ ආහාර සමුට්ඨාන ශුද්ධාෂ්ටකයේ උතු චිත්ත සමුට්ඨාන ශබ්ද නවක දෙක යැයි රූප විසිහය වැදෑරුම්ව දැක්වේ. පෙර කර්ම සමුට්ඨාන රූප කලාප දෙකෙහි සිට කලාප සත දක්වා එක් එක් චිත්තයේ තුන් තුන් ක්ෂණයෙහි උපදින්නේ යැයි කියන ලද සැත්තෑ කොටස හා මෙහි කියන ලද චිත්ත සමුට්ඨාන, උතු සමුට්ඨාන දෙ කොටසෙහි වූ සවිසි (26) කොටසද යන මේ අනූහය වැදෑරුම් වූද එහි වූ අරූප ස්කන්ධ තුනත් සමග සංක්ෂිප්ත වශයෙන් නව අනූ වැදෑරුම් වූ ද ධර්මයන් ද ශබ්දය අනියත හෙයින් ඒ දෙකොටස හැර අනූසතක් වූ ධර්ම ද යෙදෙන යෙදෙන පරිදි විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන නාමරූප යැයි දතයුතුයි.
තත්ථ සියා – කථං පනෙතං ජානිතබ්බං “පටිසන්ධිනාමරූපං විඤ්ඤාණපච්චයා හොතී”ති? සුත්තතො යුත්තිතො ච. සුත්තෙ හි “චිත්තානුපරිවත්තිනො ධම්මා”තිආදිනා (ධ· ස· දුකමාතිකා 62) නයෙන බහුධා වෙදනාදීනං විඤ්ඤාණපච්චයතා සිද්ධා. යුත්තිතො පන –
එහි ප්රතිසන්ධියෙහි වන නාම-රූප විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන්නේ යයි කෙසේ දැනගන්නේ ද? එය සූත්‍ර නය වශයෙන් යුක්ත වශයෙන් ද දතයුතුයි. සූත්‍ර නය වශයෙන් ‘චිත්තය අනුව පවතින ධර්මය’ යනාදී බහු ප්‍රකාරයෙන් වේදනාදීන්ට විඤ්ඤාණය ප්‍රත්‍යය වේයයි සිද්ධය. යුක්ති වශයෙන් වනාහි,
“චිත්තජෙන හි රූපෙන, ඉධ දිට්ඨෙන සිජ්ඣති; අදිට්ඨස්සාපි රූපස්ස, විඤ්ඤාණං පච්චයො ඉතී”ති.
මෙහි දක්නා ලද චිත්තජ රූපයෙන් නොදක්නා ලද ප්රතිසන්ධි කර්මජ රූපයට විඤ්ඤාණය ප්‍රත්‍යය වන්නේය යන කරුණ සිද්ධය. දක්නා ලද දෙයින් නොදක්නා ලද ප්රතිසන්ධි රූපයට විඥානය ප්‍රත්‍යය වේ.
නාමරූපපච්චයා සළායතනන්ති නාමං වුත්තමෙව. ඉධ පන රූපං නියමතො චත්තාරි මහාභූතානි, ඡ වත්ථූනි, ජීවිතින්ද්රියන්ති එකාදසවිධං. සළායතනං පන චක්ඛායතනං සොතඝානජිව්හාකායමනායතනං.
නාමරූප පච්චයා සළායතනං යනුවෙන් නාමය කියන ලද්දේමය. මෙහි රූපය නියම වශයෙන් සතර මහාභූත, වතු සය, ජීවිතින්ද්රිය යනුවෙන් එකොළොස්වැදෑරුම් වේ. සළායතන වනාහි චක්ෂු ආයතන, සෝතායතන ඝාණායතන, ජිව්හායතන, කායායතන, මනායතන නම් වේ.
තත්ථ සියා – කථං පනෙතං ජානිතබ්බං “නාමරූපං සළායතනස්ස පච්චයො”ති? නාමරූපභාවෙ භාවතො. තස්ස තස්ස හි නාමස්ස රූපස්ස ච භාවෙ තං තං ආයතනං හොති, න අඤ්ඤථාති.
නාමරූපය මේ සළායතනයන්ට ප්‍රත්‍යය වන්නේයයි කෙසේනම් දැනගන්නේ ද? නාමරූප ඇති කල්හිම සළායතනය ඇතිවන හෙයිනි. ඒ එසේමැයි. ‘ඒ ඒ නාමය ද රූප ද ඇතිකල ඒ ඒ ආයතනය වේ. වෙනත් අයුරකින් නොවේ.
සළායතනපච්චයා ඵස්සොති –
සළායතන පච්චයා ඵස්සො –
“ඡළෙව ඵස්සා සඞ්ඛෙපා, චක්ඛුසම්ඵස්සආදයො; විඤ්ඤාණමිව බාත්තිංස, විත්ථාරෙන භවන්ති තෙ”.
ඡළෙව ඵස්සා සංඛෙපා චක්ඛු සම්ඵස්ස ආදයො, විඤ්ඤාණමිව ඛත්තිංස විත්ථාරෙන භවන්ති තෙ
සැකෙවින් චක්ඛු සම්ඵස්ස ආදී ඵස්සයෝ සදෙනෙක්ම වෙති. විස්තර වශයෙන් ඒවා (ඉහත කී) විඥානය මෙන් දෙතිසක් වේ.
ඵස්සපච්චයා වෙදනාති –
ඵස්ස පච්චයා වේදනා –
“ද්වාරතො වෙදනා වුත්තා, චක්ඛුසම්ඵස්සජාදිකා; ඡළෙව තා පභෙදෙන, ඉධ බාත්තිංස වෙදනා”.
ද්වාරතො වෙදනා වුත්තා චක්ඛු සම්ඵස්ස ජාදිකා, ඡළෙව තා පභෙදෙන ඉධ ද්වත්තිංස වෙදනා
ද්වාර වශයෙන් චක්ඛු සම්ඵස්සජාදී වේදනා සයක්ම කියන ලදී. ප්‍රභේද වශයෙන් වේදනාව මෙහි දෙතිස්වැදෑරුම් ව දක්වනු ලැබේ.
වෙදනාපච්චයා තණ්හාති –
වෙදනා පච්චයා තණ්හා –
“රූපතණ්හාදිභෙදෙන, ඡ තණ්හා ඉධ දීපිතා; එකෙකා තිවිධා තත්ථ, පවත්තාකාරතො මතා.
රූප තණ්හාදි භෙදෙන ඡ තණ්හා ඉධ දීපිතා, එකෙකා තිවිධා තත්ථ පවත්තාකාරතො මතා
රූප තණ්හාදී වශයෙන් මෙහිදී තණ්හාවේ ප්‍රභේද සයක් දක්වන ලදී. ඒ තණ්හාව නැවත එක එකක් පැවති ආකාරයෙන් කාමාශ්වාද වශයෙන් (කාම, භව හා දිට්ඨි යනුවෙන්) තුන්වැදෑරුම් වේ.
“දුක්ඛී සුඛං පත්ථයති, සුඛී භිය්යොපි ඉච්ඡති; උපෙක්ඛා පන සන්තත්තා, සුඛමිච්චෙව භාසිතා.
දුක්ඛී සුඛං පත්ථයති සුඛී භීය්යොපි ඉච්ඡති, උපෙක්ඛා පන සන්තත්තා සුඛමිච්චෙව භාසිතා
දුක ඇන්තා සුවය පතයි. සුවය ඇත්තා තව තවත් සුවයන් පතයි. උපේක්ෂාව ශාන්ත හෙයින් සැපය යැයි කියන ලදී.
“තණ්හාය පච්චයා තස්මා, හොන්ති තිස්සොපි වෙදනා; වෙදනාපච්චයා තණ්හා, ඉති වුත්තා මහෙසිනා”ති.
තණ්හාය පච්චයා තස්මා හොන්ති තිස්සොපි වෙදනා, වෙදනා පච්චයා තණ්හා ඉති වුත්තා මහෙසිනා
එහෙයින් මේ සුබ-දුක්ඛ-උපේක්ෂා යන ත්‍රිවිධ වේදනාවම තෘෂ්ණාවට ප්‍රත්‍යය වන හෙයින් වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව ඇතිවේ යැයි මහර්ෂී බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී.
තණ්හාපච්චයා උපාදානන්ති චත්තාරි උපාදානානි කාමුපාදානං දිට්ඨුපාදානං සීලබ්බතුපාදානං අත්තවාදුපාදානං. උපාදානපච්චයා භවොති ඉධ කම්මභවො අධිප්පෙතො, උපපත්තිභවො පන පදුද්ධාරවසෙන වුත්තො. භවපච්චයා ජාතීති කම්මභවපච්චයා ජාති පටිසන්ධිඛන්ධානං පාතුභවො.
තණ්හා පච්චයා උපාදානං යන්නෙහි උපාදාන සතරකි. කාමූපාදානය, දිට්ඨුපාදානය, සීලම්බතූපාදානය හා තත්වාදූපාදානය යනුවෙනි. උපාදාන පච්චයා භවො මෙහිදී කර්ම භවය අදහස් කරන ලදී. උත්පත්ති භවය වනාහි පදුද්ධාර වශයෙන් කියන ලදී. භව පච්චයා ජාති කර්ම භවය ප්රත්යවීමෙන් ජාතියේ ප්රතිසන්ධි ස්කන්ධයන්ගේ පහළවීම සිදුවේ.
තත්ථ සියා – කථං පනෙතං ජානිතබ්බං “භවො ජාතියා පච්චයො”ති චෙ? බාහිරපච්චයසමත්තෙපි හීනපණීතතාදිවිසෙසදස්සනතො. බාහිරානඤ්හි ජනකජනනිසුක්කසොණිතාහාරාදීනං පච්චයානං සමත්තෙපි සත්තානං යමකානම්පි සතං හීනපණීතතාදිවිසෙසො දිස්සති. සො ච න අහෙතුකො සබ්බදා ච සබ්බෙසඤ්ච අභාවතො, න කම්මභවතො අඤ්ඤහෙතුකො තදභිනිබ්බත්තකසත්තානං අජ්ඣත්තසන්තානෙ අඤ්ඤස්ස කාරණස්ස අභාවතොති කම්මභවහෙතුකොව. කම්මඤ්හි සත්තානං හීනපණීතතාදිවිසෙසස්ස හෙතු. තෙනාහ භගවා – “කම්මං සත්තෙ විභජති යදිදං හීනපණීතතායා”ති (ම· නි· 3.289). තස්මා ජානිතබ්බමෙතං “භවො ජාතියා පච්චයො”ති.
භවය ජාතියට ප්‍රත්‍ය වන්නේයැයි කෙසේනම් දත හැකිද? බාහිර ප්‍රත්‍යයන්ගේ සමත්ත්වය ඇති කල්හි ද හීන-ප්‍රණීතතාදී භේදය දක්නා ලැබෙන හෙයිනි. බාහිර වූ මව්පියාදීන්ගේ ශුක්‍ර-ශ්‍රෝණිත ආහාරාදී ප්‍රත්‍යයන්ගේ සමත්වය ඇති කල්හිද නිඹුල් දරුවන්ගේ ද හීණ-ප්‍රණීතතාදී විශේෂයෙන් ප්‍රකට වේ. එයද හැමකල්හිම හැම සත්ත්වයන්ගේම එකසේ නොවන හෙයින් එය ද අහේතුක නොවේ. තවද ඒ හීන, ප්‍රණීතතා විශේෂය උපදවන්නා වූ සත්ත්වයන්ගේ අධ්‍යාත්ම සන්තානයෙහි අනෙක් කාරණයක් නැති හෙයින් කර්ම භවයම හේතු කරගෙන ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ එහෙයින් වදාළහ. ‘කර්මයම සත්ත්වයන් හීණ-ප්‍රණීත වශයෙන් බෙදා දක්වයි. ‘එනිසා භවය ජාතියට ප්‍රත්‍යය වේයැයි දතයුතුයි.
ජාතිපච්චයා ජරාමරණන්තිආදීසු යස්මා අසති ජාතියා ජරාමරණඤ්චෙව සොකාදයො ච ධම්මා න හොන්ති, ජාතියා පන සති ජරාමරණඤ්චෙව ජරාමරණසඞ්ඛාතදුක්ඛධම්මඵුට්ඨස්ස බාලස්ස ජරාමරණාදිසම්බන්ධා වා තෙන තෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස අනභිසම්බන්ධා වා සොකාදයො ච ධම්මා හොන්ති. තස්මා ජාතිපච්චයා ජරාමරණන්ති. සමෙච්ච අභිසමෙච්ච ධම්මන්ති ඤාණෙන සමාගන්ත්වා චතුසච්චධම්මං පටිවිජ්ඣිත්වා.
ජාති පච්චයා ජරා මරණං ආදියෙහි ඉපදීම නැතිවිට ජරාමරණ මෙන්ම ශෝකාදී දුක් ද නොමැත. ජාතිය (ඉපදීම) ඇතිකල්හි ජරාමරණ මෙන් ම ජරාමරණ සංඛ්‍යාත දුක්ඛ ධර්මයන් ස්පර්ශ කරන ලද බාලයාට, ජරාමරණයන්හි සම්බන්ධයෙන් හෝ ඒ ඒ දුක්ඛ ධර්මයෙන් ස්පර්ශ කරන ලද්දේ, ඒ හා සම්බන්ධ නොවූවද ශෝකාදී ධර්ම ඇතිවේ. එනිසා ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යැයි කියන ලදී. සමෙච්ච අභිසමෙච්ච ධම්මං යනු ඤාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම මනාව අවබෝධ කරගෙන,
එවං ද්වාදසපදිකං පච්චයාකාරප්පවත්තිං දස්සෙත්වා ඉදානි විවට්ටවසෙන අවිජ්ජාදීනං නිරොධදස්සනත්ථං “අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධොති සමෙච්ච අභිසමෙච්ච ධම්ම”න්තිආදිමාහ. තත්ථ අවිජ්ජානිරොධාති අවිජ්ජාය අනුප්පාදනිරොධා පුන අප්පවත්තිනිරොධෙන. සඞ්ඛාරනිරොධොති සඞ්ඛාරානං අනුප්පාදනිරොධො හොති. එවං සෙසපදෙසුපි. ඉදං දුක්ඛන්තිආදයො පුබ්බෙ වුත්තනයා එව. ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යාති ඉමෙ තෙභූමකා ධම්මා සභාවලක්ඛණාවබොධවසෙන සොභනාකාරෙන, අධිකෙන ඤාණෙන වා සභාවතො ජානිතබ්බා. පරිඤ්ඤෙය්යාති සාමඤ්ඤලක්ඛණාවබොධවසෙන, කිච්චසමාපනවසෙන ච බ්යාපිත්වා ජානිතබ්බා. ඉමෙ ධම්මා පහාතබ්බාති ඉමෙ සමුදයපක්ඛිකා ධම්මා තෙන තෙන ගුණඞ්ගෙන පහාතබ්බා. භාවෙතබ්බාති වඩ්ඪෙතබ්බා. සච්ඡිකාතබ්බාති පච්චක්ඛං කාතබ්බා. දුවිධා සච්ඡිකිරියා පටිලාභසච්ඡිකිරියා ච ආරම්මණසච්ඡිකිරියා ච. ඡන්නං ඵස්සායතනානන්ති චක්ඛාදීනං ඡන්නං ආයතනානං. සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්චාති උප්පාදඤ්ච නිරොධඤ්ච.
මෙසේ දොළොස් පදයක් සහිත ප්රත්යකාරයන්ගේ ප්‍රවෘත්තිය දක්වා, දැන් විවට්ට වශයෙන් අවිද්‍යාදීන්ගේ නිරෝධය දැක්වීමට අවිජ්ජා නිරෝධා සංඛාර නිරොධොති සමෙච්ච අභිසමෙච්ච ධම්මං යනාදිය කියන ලදී. මෙහි අවිජ්ජා නිරොධා අවිද්‍යාව නැවත නූපදනා පරිදි නිරෝධ කිරීමෙන්, නැවත ඇති නොවන සේ නැති කිරීමෙන්. සංඛාර නිරොධො සංස්කාරයන්ගේ නැවත නූපදනා නිරෝධය වේ. සෙසු පදයන්හි ද මේ ක්‍රමයෙන් අර්ථ ගතයුතුයි. ඉදං දුක්ඛං යනාදිය පෙර කියූ පරිදිම දතයුතුයි. ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යා මේ ත්‍රෛභූමික ධර්මයෝ ස්වභාව ලක්ෂණ අවබෝධ කරගැනීම් වශයෙන්, ශෝභන වූ ආකාරයෙන් හෝ අධික ඥානයෙන් හෝ ස්වභාව වශයෙන් දතයුතුයි. පරිඤ්ඤෙය්යා සමාන ලක්ෂණ අවබෝධ කරගැනීම් වශයෙන් ද කෘත්‍ය සමාපන වශයෙන් ද හාත්පසින් පිරිසිඳ දතයුතුයි. ඉමෙ ධම්මා පහාතබ්බා මේ සමුදය පක්ෂයෙහි වූ ධර්ම ඒ ඒ ගුණාංගයෙන් ප්‍රහීණ කළ යුතුයි. භාවෙතබ්බා වැඩිය යුතුයි. සච්ඡිකාතබ්බා ප්රත්යක්ෂ කරගත යුතුයි. සාක්ෂත් කරගැනීම් දෙකකි. එනම් ප්රතිලාභ සාක්ෂාත් කරණය හා ආරම්මණ සාක්ෂාත්කරණය යනුවෙනි. ඡන්නං ඵස්සායතනානං චක්ඛු ආදී ආයතන සයෙන්. සමුදයඤ්ච අත්ථගමඤ්ච ඉපදීමත් නිරෝධයත්.
භූරිපඤ්ඤොති භූරි වියාති භූරි, තාය භූරිපඤ්ඤාය සමන්නාගතො භූරිපඤ්ඤො. මහාපඤ්ඤොතිආදීසු මහාපඤ්ඤාදීහි සමන්නාගතොති අත්ථො.
භූරිපඤ්ඤො භූරී (පොළව) මෙන් වූයේනුයි භූරි නම් වේ. ඒ භූරි (මහත්) ප්‍රඥාවෙන් යුක්ත වූයේ භූරිපඤ්ඤ නම් වේ. මහාපඤ්ඤො ආදියෙහි ‘මහා ප්‍රඥා ආදියෙන් යුක්තය’ යන අර්ථයයි. ඒ මේ මහා ප්රඥාදියේ නානාර්ථවත් භාවයයි.
තත්රිදං මහාපඤ්ඤාදීනං නානත්තං – කතමා මහාපඤ්ඤා? මහන්තෙ අත්ථෙ පරිග්ගණ්හාතීති මහාපඤ්ඤා. මහන්තෙ ධම්මෙ…පෙ… මහන්තා නිරුත්තියො… මහන්තානි පටිභානානි පරිග්ගණ්හාතීති මහාපඤ්ඤා. මහන්තෙ සීලක්ඛන්ධෙ පරිග්ගණ්හාතීති මහාපඤ්ඤා. මහන්තෙ සමාධික්ඛන්ධෙ…පෙ… පඤ්ඤාක්ඛන්ධෙ… විමුත්තික්ඛන්ධෙ… විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙ පරිග්ගණ්හාතීති මහාපඤ්ඤා. මහන්තානි ඨානාඨානානි…පෙ… මහාවිහාරසමාපත්තියො… මහන්තානි අරියසච්චානි… මහන්තෙ සතිපට්ඨානෙ… සම්මප්පධානෙ… ඉද්ධිපාදෙ… මහන්තානි ඉන්ද්රියානි … බලානි… බොජ්ඣඞ්ගානි… මහන්තෙ අරියමග්ගෙ… මහන්තානි සාමඤ්ඤඵලානි… මහාඅභිඤ්ඤායො… මහන්තං පරමත්ථං නිබ්බානං පරිග්ගණ්හාතීති මහාපඤ්ඤා.
මහා ප්‍රඥාව නම් කවරේද? මහත් වූ අර්ථයන් හාත්පසින්ම ගන්නේනුයි මහා ප්‍රඥා නම් වේ. මහත් වූ ධර්මයන්, මහත් වූ නිරුක්ති, මහත් වූ ප්‍රතිභානයන් හාත්පසින්ම ගන්නේනුයි මහා ප්‍රඥා නම් වේ. මහත් වූ ශීලස්කන්‍ධයන් හාත්පසින් ගන්නේනුයි මහාප්‍රඥා නම් වේ. මහත් වූ සමාධි ස්කන්ධයන්, ප්‍රඥා ස්කන්ධයන්, විමුක්ති ස්කන්ධයන්, විමුක්ති ඤාණ ස්කන්ධයන් හාත්පසින් ගන්නේනුයි මහාප්‍රඥා නම් වේ. මහත් වූ ස්ථාන අස්ථාන, මහාවිහාර සමාපත්ති මහත් වූ ආර්ය සත්‍ය, මහත් වූ සතිපට්ඨාන, සම්‍යක් ප්‍රධාන, සෘද්ධිපාද, මහත් වූ ඉන්ද්රියයන්, බලයන්, බොජ්ඣංගයන්, මහත් වූ ආර්ය මාර්ගයන්, මහත් වූ ශ්‍රමණ ඵලයන්, මහත් වූ අභිඥාවන්, මහත් වූ පරමාර්ථ නිර්වාණය හාත්පසින්ම ගන්නේනුයි මහා ප්‍රඥා නම් වේ.
කතමා පුථුපඤ්ඤා? පුථුනානාඛන්ධෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා. පුථුනානාධාතූසු…පෙ… පුථුනානාආයතනෙසු… පුථුනානාපටිච්චසමුප්පාදෙසු… පුථුනානාසුඤ්ඤතමනුපලබ්භෙසු… පුථුනානාඅත්ථෙසු… ධම්මෙසු… නිරුත්තීසු… පටිභානෙසු… පුථුනානාසීලක්ඛන්ධෙසු… පුථුනානාසමාධිපඤ්ඤාවිමුත්තිවිමුත්තිඤාණදස්සනක්ඛන්ධෙසු… පුථුනානාඨානාඨානෙසු… පුථුනානාවිහාරසමාපත්තීසු… පුථුනානාඅරියසච්චෙසු… පුථුනානාසතිපට්ඨානෙසු… සම්මප්පධානෙසු… ඉද්ධිපාදෙසු… ඉන්ද්රියෙසු… බලෙසු… බොජ්ඣඞ්ගෙසු… පුථුනානාඅරියමග්ගෙසු… සාමඤ්ඤඵලෙසු… අභිඤ්ඤාසු… පුථුනානාජනසාධාරණෙ ධම්මෙ සමතික්කම්ම පරමත්ථෙ නිබ්බානෙ ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා.
පුථු ප්‍රඥාව නම් කවරේද වෙන් වෙන්ව, නානා ස්කන්ධයන්හි ඤාණය පවත්වන්නේ නුයි පුථ ප්‍රඥා නම් වේ. වෙන් වූ නානාධාතූන්හි, වෙන් වූ නානා ආයතනයන්හි, වෙන් වූ නානා ප්‍රතීත්‍ය සමුත්පාදයන්හි, වෙන් වූ නානා ශූන්‍ය මනුපලබ්දයන්හි, වෙන් වූ නානා අර්ථවත් ධර්මයන්හි, නිරුක්තීන්හි, ප්‍රතිභානයන්හි, වෙන් වූ නානාවිධ ශීලස්කන්ධයන්හි, වෙන් වූ නානා සමාධි ප්‍රඥා විමුත්ති විමුත්ති ඤාණ දර්ශන ස්කන්ධයන්හි, වෙන් වූ නානා ආර්ය සත්‍යයන්හි, වෙන් වූ නානා සතිපට්ඨානයන්හි, සම්‍යක් ප්‍රධානයන්හි, සෘද්ධිපාදයන්හි, ඉන්ද්රියයන්හි, බලයන්හි, බොජ්ඣංගයන්හි, වෙන් වූ නානා ආර්ය මාර්ගයන්හි, ශ්‍රමණ ඵලයන්හි, අභිඥාවන්හි, වෙන් වූ නානාවිහාර සමාපත්ති ජන සාධාරණ ධර්මයන් ඉක්මවා පරමාර්ථ නිවනෙහි ඤාණය පවත්වන්නේනුයි ‘පුථු ප්‍රඥා’ නම් වේ.
කතමා හාසපඤ්ඤා? ඉධෙකච්චො හාසබහුලො වෙදබහුලො තුට්ඨිබහුලො පාමොජ්ජබහුලො සීලං පරිපූරෙති. ඉන්ද්රියසංවරං පරිපූරෙති. භොජනෙ මත්තඤ්ඤුතං…පෙ… ජාගරියානුයොගං… සීලක්ඛන්ධං… සමාධික්ඛන්ධං… පඤ්ඤාක්ඛන්ධං… විමුත්තික්ඛන්ධං… විමුත්තිඤාණදස්සනක්ඛන්ධං පරිපූරෙතීති හාසපඤ්ඤා. හාසබහුලො…පෙ… පාමොජ්ජබහුලො ඨානාඨානං පටිවිජ්ඣතීති හාසපඤ්ඤා. හාසබහුලො විහාරසමාපත්තියො පරිපූරෙතීති හාසපඤ්ඤා. හාසබහුලො අරියසච්චානි පටිවිජ්ඣතීති හාසපඤ්ඤා. සතිපට්ඨානෙ භාවෙති සම්මප්පධානෙ… ඉද්ධිපාදෙ… ඉන්ද්රියානි… බලානි… බොජ්ඣඞ්ගෙ… අරියමග්ගං භාවෙතීති හාසපඤ්ඤා, හාසබහුලො සාමඤ්ඤඵලානි සච්ඡිකරොතීති හාසපඤ්ඤා, අභිඤ්ඤායො පටිවිජ්ඣතීති හාසපඤ්ඤා, හාසබහුලො පරමත්ථං නිබ්බානං සච්ඡිකරොතීති හාසපඤ්ඤා.
හාසු ප්‍රඥාව කවරේ ද යත්, මෙලොව ඇතැම් හාස්‍ය බහුල, වේද බහුල, තුෂ්ටි බහුල, ප්‍රමෝදය බහුල අයෙකු සිල් සම්පූර්ණ කරයි. ඉන්ද්රිය සංවරය සණ කරයි. භෝජනයෙහි ප්‍රමාණය දන්නේ වේ. නිදිවැරීමෙහි යෙදුණේ වේ. සීල, සමාධි, ප්‍රඥා, විමුත්ති, විමුත්ති ඤාණ දර්ශන ස්කන්ධයන් සම්පූර්ණ කරන්නයි හාසු ප්‍රඥා නමි. හාස්‍ය බහුල වූයේ ප්‍රමෝදය බහුලවූයේ ස්ථාන අස්ථාන මනාව දන්නේනුයි හාසු ප්‍රඥා නම් වේ. හාස්‍ය බහුල වූයේ විහාර සමාපත්ති සම්පූර්ණ කෙරේනුයි හාසු ප්‍රඥා වේ. හාස්‍ය බහුලව ආර්ය සත්‍යයන් පිරිසිඳ දන්නේ නුයි ද සතිපට්ඨානයන් වඩන්නේනුයි ද සම්‍යක් ප්‍රධානයන්, සෘද්ධිපාදයන්, ඉන්ද්රියයන්, බලයන්, බොජ්ඣංගයන්, ආර්ය මාර්ගය වඩන්නේනුයි, හාසු ප්‍රඥා නම් වේ. හාසු බහුලයා සාමඤ්ඤඵලයන් සාක්ෂාත් කරයි. අභිඥාවන් අවබෝධ කරගනීනුයි හසු ප්‍රඥා නම් වේ. හාසු බහුලයා පරමාර්ථ නිවන සාක්ෂාත් කරන්නේනුයි හාසු ප්‍රඥා නම් වේ.
කතමා ජවනපඤ්ඤා? යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං අනිච්චතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා. දුක්ඛතො, අනත්තතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා. යා කාචි වෙදනා…පෙ… යා කාචි සඤ්ඤා… යෙ කෙචි සඞ්ඛාරා… යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං…පෙ… යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං අනිච්චතො… දුක්ඛතො… අනත්තතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා. චක්ඛුං…පෙ… ජරාමරණං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චතො… දුක්ඛතො… අනත්තතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා.
ජවන ප්‍රඥාව කවරේ ද? අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න වූ හෝ අධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඕලාරික වූ හෝ සූක්ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ දුර වූ හෝ සමීපයේ වූ හෝ යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූප අනිත්‍ය වශයෙන් වහා දිව යන්නේනුයි ජවන ප්‍රඥා නම් වේ. යම්කිසි වේදනාවක්, යම්කිසි සංඥාවක්, යම්කිසි සංස්කාරයක්, යම්කිසි විඤ්ඤාණයක් වේද අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වූ හෝ -පෙ- දුර හෝ සමීපයේ ඇති ඒ සියලු විඤ්ඤාණයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් වහා දිව යන්නේනුයි ජවන ප්‍රඥා නම් වේ. ඇස -පෙ- ජරා මරණ, අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න වූයේ ඒ සියල්ල අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් වහා දිවයන්නේනුයි ජවන ප්‍රඥා නම් වේ.
රූපං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙනාති තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා රූපනිරොධෙ නිබ්බානෙ ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා. වෙදනා… සඤ්ඤා… සඞ්ඛාරා… විඤ්ඤාණං… චක්ඛුං…පෙ… ජරාමරණං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙනාති තුලයිත්වා…පෙ… විභූතං කත්වා ජරාමරණනිරොධෙ නිබ්බානෙ ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා.
අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න වූ රූපය ක්ෂය වන, වැනසෙන හෙයින් අනිත්‍යය වේ. භය ගෙනදෙන හෙයින් දුකකි. අසාර බැවින් අනාත්ම වේ යැයි සමාන කර, තීරණය කර, විස්තර කර, ප්‍රකට කර, රූපය නිරෝධ කිරීමෙහි, නිවනෙහි වහා දිවයන්නේනුයි ජවන ප්‍රඥා නම් වේ. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, ඇස -පෙ- ජරාමරණ, අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න වූ ධර්මයන් ක්ෂය වන බැවින් අනිත්‍යය. බිය ගෙන දෙන බැවින් දුකකි. අසාර වූ අර්ථයෙන් අනාත්මය. මෙසේ සමාන කර, තුලනය කර -පෙ- ප්‍රකට කර, ජරාමරණ නිරෝධය නම් නිවනෙහි වහා දිවයන්නේනුයි ජවන ප්‍රඥා නම් වේ.
රූපං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මන්ති තුලයිත්වා…පෙ… විභූතං කත්වා රූපනිරොධෙ නිබ්බානෙ ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා. වෙදනා…පෙ… සඤ්ඤා… සඞ්ඛාරා… විඤ්ඤාණං… චක්ඛුං…පෙ… ජරාමරණං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං…පෙ… නිරොධධම්මන්ති තුලයිත්වා…පෙ… විභූතං කත්වා ජරාමරණනිරොධෙ නිබ්බානෙ ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා.
‘අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න රූපය අනිත්‍යය, සංඛතය, ප්‍රතීත්‍ය සමුත්පන්නය, ක්ෂය ධර්මයකි, ව්‍යය ධර්මයකි, විරාග ධර්මයකි, නිරෝධ ධර්මයකි’යි තුලනය කර -පෙ- ප්‍රකට කර ජරාමරණ රූප නිරෝධ නම් නිවනෙහි වහා දිව යන්නේනුයි ජවන ප්‍රඥා නම් වේ. වේදනා සංඥා, සංස්කාර විඤ්ඤාණ ඇස -පෙ- ජරාමරණ අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න අනිත්‍යය -පෙ- නිරෝධ ධර්මයකැයි තුලනය කර -පෙ- ප්‍රකට කර ජරා මරණ නිරෝධ නම් නිවනෙහි වහා දිවයන්නේ නුයි ජවන ප්‍රඥා නම් වේ.
කතමා තික්ඛපඤ්ඤා? ඛිප්පං කිලෙසෙ ඡින්දතීති තික්ඛපඤ්ඤා. උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති. උප්පන්නං බ්යාපාදවිතක්කං… උප්පන්නං විහිංසාවිතක්කං… උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ… උප්පන්නං රාගං… උප්පන්නං දොසං… මොහං… කොධං… උපනාහං… මක්ඛං… පළාසං… ඉස්සං… මච්ඡරියං… මායං… සාඨෙය්යං… ථම්භං… සාරම්භං… මානං… අතිමානං… මදං… පමාදං… සබ්බෙ කිලෙසෙ… සබ්බෙ දුච්චරිතෙ… සබ්බෙ අභිසඞ්ඛාරෙ… සබ්බෙ භවගාමිකම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙතීති තික්ඛපඤ්ඤා. එකම්හි ආසනෙ චත්තාරො අරියමග්ගා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, චතස්සො ච පටිසම්භිදායො, ඡ අභිඤ්ඤායො අධිගතා හොන්ති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤායාති තික්ඛපඤ්ඤා.
තික්ඛ ප්‍රඥාව කවරේද යත්, වහා කෙලෙස් සිඳ දමනුයේ නුයි තික්ඛ ප්‍රඥා නම් වේ. උපන් කාම විතර්කය නො ඉවසයි. උපන් ව්‍යාපාද විතර්කය, උපන් විහිංසා විතර්කය, උපනුපන් පවිටු අකුසල ධර්මයන්හි රාගය උපන්නේය. දෝස, මෝහ, ක්‍රෝධ, උපනාහ, මක්ඛ, පලාස, ඊර්ෂ්‍යා, මච්ඡරිය, මායා, සාඨෙය්‍ය, ථම්භ, සාරම්භ, මාන, අතිමාන, මද, පමාද යන සියලු කෙලෙස්, සියලු දුශ්චරිත, සියලු අභිසංස්කාර, සියලු භවගාමී කර්ම නොඉවසයි. දුරු කරයි. ඉවත්කරයි. මැඩපවත්වයි. නැවත නූපදනා තත්ත්වයට පත්කරයි. මේ අරුතින් තික්ඛ ප්‍රඥා නම් වේ. එකම ආසනයෙහි සිවු ආර්ය මාර්ග, සතර ශ්‍රමණ ඵල, චතුපටිසම්භිදාවන්, ෂඩ් අභිඥා අවබෝධ කරගත්තේ වේ. සාක්ෂාත් කරගත්තේ වේ. ප්‍රඥාවෙන් ස්පර්ශ කරන ලද්දේ වේ යන අරුතින් ද තික්ඛ ප්‍රඥා නම් වේ.
කතමා නිබ්බෙධිකපඤ්ඤා? ඉධෙකච්චො සබ්බසඞ්ඛාරෙසු උබ්බෙගබහුලො හොති උත්තාසබහුලො උක්කණ්ඨනබහුලො අරතිබහුලො අනභිරතිබහුලො බහිමුඛො න රමති සබ්බසඞ්ඛාරෙසු, අනිබ්බිද්ධපුබ්බං අපදාලිතපුබ්බං ලොභක්ඛන්ධං නිබ්බිජ්ඣති පදාලෙතීති නිබ්බෙධිකපඤ්ඤා. අනිබ්බිද්ධපුබ්බං අපදාලිතපුබ්බං දොසක්ඛන්ධං…පෙ… මොහක්ඛන්ධං… කොධං… උපනාහං…පෙ… සබ්බෙ භවගාමිකම්මෙ නිබ්බිජ්ඣති පදාලෙතීති නිබ්බෙධිකපඤ්ඤා.
නිබ්බේධික ප්‍රඥාව කවරේද? මෙහි ඇතැමෙක් සියලු සංස්කාරයන් පිළිබඳව තැතිගැනුම් බහුලව, උත්‍රාස බහුලව, කළකිරීම් බහුලව, අරති බහුලව, අනභිරති බහුලව, පිටත මුව ඇතිව නොඇලේ. සියලු සංස්කාරයන්හි විනිවිද නොගිය විරූ, පදාළිත නොවූ විරූ ලෝහ ස්කන්ධාදිය විනිවිද යන, පදාළනය කරන ප්‍රඥාව නිබ්බේධික ප්රඥාවයි. ‘විනිවිද නොගිය විරූ දෙකඩ කිරීම් විරහිත දොසක්ඛන්ධය, මෝහ ස්කන්ධය, ක්‍රෝධය, උපනාහය -පෙ- සියලු භවගාමී කරම් විනිවිද යයි. දෙකඩ කරන ලදී’නුයි නිබ්බේධික ප්‍රඥාව නම් වේ.
ස සබ්බධම්මෙසු විසෙනිභූතො, යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වාති සො භූරිපඤ්ඤො ඛීණාසවො යං කිඤ්චි දිට්ඨං වා සුතං වා මුතං වා තෙසු සබ්බධම්මෙසු මාරසෙනං විනාසෙත්වා ඨිතභාවෙන විසෙනිභූතො. තමෙව දස්සින්ති තං එව විසුද්ධදස්සිං. විවටං චරන්තන්ති තණ්හාඡදනාදිවිගමෙන විවටං හුත්වා චරන්තං. කෙනීධ ලොකස්මි විකප්පයෙය්යාති කෙන ඉධ ලොකෙ තණ්හාකප්පෙන වා දිට්ඨිකප්පෙන වා කොචි විකප්පෙය්ය, තෙසං වා පහීනත්තා රාගාදිනා පුබ්බෙ වුත්තෙනාති.
ස සබ්බධම්මෙසු විසෙනිභූතො යංකිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා ඒ භූරිප්‍රාඥ රහතන් වහන්සේ කිසියම් රූපාලම්බනයක් හෝ ශබ්දාලම්බනයක් හෝ ගන්ධ, රස, ස්පර්ශාලම්බනයක් හෝ වේද ඒ සියලු ධර්මයන්හි අකුශලාභි සංස්කාර නම් මරසෙනඟ වනසා සිටි බැවින් ‘විසෙනී’ නම් වූ සේක. යමක් දකින්නේ නම් හෝ තමෙව දස්සි එයම විශුද්ධව දකියි. යථාර්ථවත්ව දකියි. විවටං චරන්තං තෘෂ්ණාව වසාගැනීම් ආදියෙන් දුරුව, විවෘතව හැසිරෙන, කෙනීධ ලොකස්මිං විකප්පයෙය්ය යනු ඒ රහතුන්ගේ පෙර කියන ලද රාගාදිය ප්‍රහීණ බැවින් මේ ලෝකයෙහි කවර තෘෂ්ණා කල්පයකින් හෝ දෘෂ්ටි කල්පයකින් හෝ කවරෙක් විකල්පනය කරන්නේද යනුයි.
කාමා තෙ පඨමා සෙනාතිආදීසු චතූසු ගාථාසු අයමත්ථො – යස්මා ආදිතොව අගාරියභූතෙ සත්තෙ වත්ථුකාමෙසු කිලෙසකාමා මොහයන්ති, තෙ අභිභුය්ය අනගාරියභාවං උපගතානං පන්තෙසු වා සෙනාසනෙසු, අඤ්ඤතරඤ්ඤතරෙසු වා අධිකුසලෙසු ධම්මෙසු අරති උප්පජ්ජති. වුත්තඤ්චෙතං – “පබ්බජිතෙන ඛො, ආවුසො, අභිරති දුක්කරා”ති (සං· නි· 4.331). තතො තෙ පරපටිබද්ධජීවිකත්තා ඛුප්පිපාසා බාධෙති, තාය බාධිතානං පරියෙසනතණ්හා චිත්තං කිලමයති, අථ නෙසං කිලන්තචිත්තානං ථිනමිද්ධං ඔක්කමති තතො විසෙසමනධිගච්ඡන්තානං දුරභිසම්භවෙසු අරඤ්ඤවනපත්ථෙසු සෙනාසනෙසු විහරතං උත්රාසසඤ්ඤිතා භීරු ජායති, තෙසං උස්සඞ්කිතපරිසඞ්කිතානං දීඝරත්තං විවෙකරසමනස්සාදයමානානං විහරතං “න සියා නු ඛො එස මග්ගො”ති පටිපත්තියං විචිකිච්ඡා උප්පජ්ජති, තං විනොදෙත්වා විහරතං අප්පමත්තකෙන විසෙසාධිගමෙන මානමක්ඛථම්භා ජායන්ති, තෙපි විනොදෙත්වා විහරතං තතො අධිකතරං විසෙසාධිගමං නිස්සාය ලාභසක්කාරසිලොකා උප්පජ්ජන්ති, ලාභාදිමුච්ඡිතා ධම්මපටිරූපකානි පකාසෙන්තා මිච්ඡායසං අධිගන්ත්වා තත්ථ ඨිතා ජාතිආදීහි අත්තානං උක්කංසෙන්ති, පරං වම්භෙන්ති. තස්මා කාමාදීනං පඨමසෙනාදිභාවො වෙදිතබ්බො.
කාමා තෙ පඨමා සෙනා යනාදී ගාථා සතරෙහි අර්ථ මෙසේය. යම්හෙයකින් මුලින්ම සත්ත්වයන් අගාරිය වූ කල්හි ක්ලේශකාමයෝ වස්තුකාමයන්හි මුලාකරවති. ඒ කාමාදිය මැඬලා අනගාරික බවට පැමිණියවුන්ට, මාර්ගයන්හි හෝ සෙනසුන්හි හෝ වෙනත් කිසියම් තැනකදී අධිකුසල දහම් පිළිබඳව අරතියක් (නොකැමැත්තක්) උපදියි ද එය කියන ලද්දේමය. ‘ඇවැත්නි, පැවිදි වූවන්ට ඒ පැවිද්දෙහි කැමැත්ත තබාගැනීම ඉතා දුෂ්කරය’ යනුවෙන් ඉක්බිති ඔවුන් අනුන් හා බැඳී පවතින, ජීවිකා ඇති බැවින් සාපිපාසා දෙක බාධා කරයි. එයින් බාධා වූ පර්යේෂණ තෘෂ්ණාව සිත වෙහෙසයි. ඉක්බිති ක්ලාන්ත වූ වෙහෙසට පත් වූ සිත් ඇති ඔවුන් තුලට ථීනමිද්ධය බැසගනියි. ඉක්බිත්තෙන් ගුණ විශේෂයකට පත් නොවන්නා වූ ඉතා අපහසුවෙන් ලැබුණු ආරණ්‍ය වන ප්‍රාන්ත, සෙනසුන්හි වසන ඔවුන්ට තැතිගත් සිත් ඇති බැවින් බිය හටගනී. තැතිගත් සැක සහිත බොහෝ කාලයක් විවේක රසය ආශ්වාදනය නොකරමින් වාසය කරන ඔවුන්ට මේ මාර්ගය වේදැයි පර්යාප්තියෙහි සැක උපදියි. එම සැකය දුරුකොට වසන තැනැත්තන්ට අප්‍රමාදීව විශේෂ අධිගමයන් කරණ කොටගෙන මානය, ගුණමකු බව, තද බව යන සිත් හටගනියි. ඒ පාපී සිත් ද මැඩපවත්වා ගෙන වාසය කරන්නා වූ ඔවුන්ට ඊටත් වඩා ගුණ විශේෂ හේතුවෙන් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා උපදී. ලාභාදියෙන් මුසපත්ව ධර්ම ප්රතිරූපකයන් ප්‍රකාශ කරමින් වැරදි අයුරින් කිත් පැසසුම් ලැබ, එහි ඇලී ගැලී ජාති ආදියෙන් තමා උස්කර දක්වති. අනුන් හෙළා දකිති. එනිසා කාමාදීන්ගේ (මාරයාගේ) පළමු සේනා බව දතයුතුය.
එවමෙතං දසවිධං සෙනං උද්දිසිත්වා යස්මා සා කණ්හධම්මසමන්නාගතත්තා කණ්හස්ස නමුචිනො උපකාරාය සංවත්තති, තස්මා නං “තව සෙනා”ති නිද්දිසන්තො ආහ – “එසා නමුචි තෙ සෙනා, කණ්හස්සාභිප්පහාරිනී”ති. තත්ථ අභිප්පහාරිනීති සමණබ්රාහ්මණානං ඝාතිනී නිප්පොථිනී, අන්තරායකරීති අත්ථො. න නං අසූරො ජිනාති, ජෙත්වාව ලභතෙ සුඛන්ති එවං තව සෙනං අසූරො කායෙ ච ජීවිතෙ ච සාපෙක්ඛො පුරිසො න ජිනාති, සූරො පන ජිනාති, ජෙත්වාව මග්ගසුඛං ඵලසුඛඤ්ච අධිගච්ඡති.
මෙසේ මේ දශවිධ සේනාවන් දක්වා යම් සේ ඒ සේනාව පාප ධර්මවලින් යුක්ත බැවින් පාපධර්ම මාරයාට උපකාර පිණිස පවතින්නේද, එනිසා ඒ නුඹගේ සේනාව යැයි දක්වනුයේ එසා නමුචි තෙ සෙනා කණ්හස්සාභිප්පහාරිනි යැයි කියන ලදී. එහි අභිප්පහාරිනී යනු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඝාතනය කරන්නීය. උපුටා දමන්නීය. අන්තරාය කරන්නීය යන අර්ථයයි. න තං අසුරො ජිනාති ජෙත්වා ච ලභතෙ සුඛං යනුවෙන් මෙසේ නුඹගේ සේනාව ශූර නොවූ, ශරීරයේත් ජීවිතයේත් අපේක්ෂා සහිත පුද්ගලයා ජය නොගනියි. දක්ෂ වූ ශූරයා ම මරසෙනඟ ජය ගෙන මාර්ගඵල සුවයෙන් සැනසේ.
යතො චතූහි අරියමග්ගෙහීති යදා චතූහි නිද්දොසනිබ්බානමග්ගනසඞ්ඛාතෙහි මග්ගෙහි. මාරසෙනාති මාරස්ස සෙනා වචනකරා කිලෙසා. පටිසෙනිකරාති පටිපක්ඛකරා. ජිතා චාති පරාජයමානා හනිතා ච. පරාජිතා චාති නිග්ගහිතා ච. භග්ගාති භින්නා. විප්පලුග්ගාති චුණ්ණවිචුණ්ණා. පරම්මුඛාති විමුඛභාවං පාපිතා. විසෙනිභූතොති නික්කිලෙසො හුත්වා ඨිතො.
යතො චතූහි අරියමග්ගෙහි යම්කලෙක සතරක් වූ නිර්දෝෂ නිවනට පමුණුවන ආර්ය මාර්ගයෙන් මාරසෙන යනු මාරයාගේ සේනාව වූ වචනය ක්‍රියාත්මක කරන ක්ලේශයෝය. පටිසෙනි කරා විරුද්ධ බව ඇතිකරන ජිතා ච පරාජය කර නසන ලද. පරාජිතා ච නිග්‍රහ කර පරදන ලද භග්ගා බිඳින ලද. විප්පලුග්ගා සුණු විසුණු කරන ලද. පරංමුඛා යටිකුරු වූ මුහුණ ඇති බවට පමුණුවන ලද. විසෙනිභූතො නිකෙලෙස්ව සිටි.
වොදාතදස්සින්ති බ්යවදාතදස්සිං. තානි ඡදනානීති එතානි තණ්හාදිකිලෙසඡදනානි. විවටානීති පාකටීකතානි. විද්ධංසිතානීති ඨිතට්ඨානතො අපහතානි. උග්ඝාටිතානීති උප්පාටිතානි. සමුග්ඝාටිතානීති විසෙසෙන උප්පාටිතානි.
වොදානදස්සී පිරිසිදු බව දක්නේ. තානිච්ඡදනානි මේ තණ්හාදී කෙලෙස් වැස්ම විවටානී ප්‍රකට කරන ලද. විද්ධංසිතානි සිටින තැනින් පහකරන ලද. උග්ඝටිතානි උපුටා දමන ලද. සමුග්ඝාටිතානි විශේෂයෙන්ම උපුටා දමන ලද.
න කප්පයන්තීති ගාථාය සම්බන්ධො අත්ථො ච – කිඤ්ච භිය්යො? තෙ හි තාදිසා සන්තො ද්වින්නං කප්පානං පුරෙක්ඛාරානඤ්ච කෙනචි න කප්පයන්ති, න පුරෙක්ඛරොන්ති. පරමත්ථං අච්චන්තසුද්ධිං අධිගතත්තා අනච්චන්තසුද්ධිංයෙව අකිරියසස්සතදිට්ඨිං “අච්චන්තසුද්ධී”ති න තෙ වදන්ති. ආදානගන්ථං ගතිතං විසජ්ජාති චතුබ්බිධම්පි රූපාදීනං ආදායකත්තා ආදානගන්ථං අත්තනො චිත්තසන්තානෙ ගථිතං බද්ධං අරියමග්ගසත්ථෙන විස්සජ්ජ ඡින්දිත්වා. සෙසං පාකටමෙව.
න කප්පයන්ති යන ගාථාවේ සම්බන්ධ අර්ථය - බොහෝ කොට දක්නුයේ කුමකටද? ඉහතින් පැවසූ ආකාර ඇති ඒ ශාන්ත වූ රහතන් වහන්සේලා දෙවැදෑරුම් වූ කල්පනයන්, පුරස්කාරයන් අතුරෙන් කිසිවකින් කල්පනය නොකරති. තණ්හාදියට ගරු නොකරති. පරමාර්ථ වූ අත්‍යන්ත ශුද්ධිය අවබෝධ කරගත් බැවින්, අත්‍යන්තයෙන් ම පිරිසිදු වූවාහු උන්වහන්සේලා, අක්‍රිය ශාස්වත දෘෂ්ටිවාදයන් අත්‍යන්ත ශුද්ධීන් යැයි නො පවසති. අදානගත්ථං ගථිතං විසජ්ජා සතර වැදෑරුම් වූ රූපාදීන්ගේ දැඩිව ගැනීම් ආදී කාය ග්රන්ථ, තම චිත්ත සන්තානයෙහි මුල් බැසගත් කෙලෙස්, ආර්ය මාර්ගය නම් සිතින් ඉවත්කර, සිඳ දමා, සෙසු පදයන්ගේ අර්ථ ප්‍රකටමය.
අච්චන්තසුද්ධින්ති අච්චන්තං පරමත්ථං සුද්ධිං. සංසාරසුද්ධින්ති සංසාරතො සුද්ධිං. අකිරියදිට්ඨින්ති කරොතො න කරීයති පාපන්ති අකිරියදිට්ඨිං. සස්සතවාදන්ති “නිච්චො ධුවො සස්සතො”ති වචනං. න වදන්ති න කථෙන්ති.
අච්චන්ත සුද්ධිං අත්‍යන්ත පරම ශුද්ධිය. සංසාර සුද්ධිං සංසාරයෙන් මිදීමේ ශුද්ධිය. අකිරිය දිට්ඨිං කරන්නා නො කරයි. ඔහු වෙත නොපැමිණේ යනුවෙන් ක්‍රියාව ඵල නැතැයි කියන අක්‍රිය දෘෂ්ටියයි. අසස්සතවාදං නිත්‍ය, ධුව, ශාස්වත යන වචන නො කියති. නො පවසති.
ගන්ථාති නාමකායං ගන්ථෙන්ති, චුතිපටිසන්ධිවසෙන වට්ටස්මිං ඝටෙන්තීති ගන්ථා. අභිජ්ඣා ච සා නාමකායඝටනවසෙන ගන්ථො චාති අභිජ්ඣාකායගන්ථො. හිතසුඛං බ්යාපාදයතීති බ්යාපාදො. බ්යාපාදො ච සො වුත්තනයෙන ගන්ථො චාති බ්යාපාදො කායගන්ථො. සීලබ්බතපරාමාසොති “ඉතො බහිද්ධා සමණබ්රාහ්මණානං සීලෙන සුද්ධි වතෙන සුද්ධී”ති (ධ· ස· 1143, 1222) පරතො ආමාසො. ඉදංසච්චාභිනිවෙසොති සබ්බඤ්ඤුභාසිතම්පි පටික්ඛිපිත්වා “සස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ”න්ති (ධ· ස· 1144) ඉමිනා ආකාරෙන අභිනිවෙසො ඉදංසච්චාභිනිවෙසො. අත්තනො දිට්ඨියා රාගොති අත්තනා අභිනිවිසිත්වා ගහිතාය දිට්ඨියා ඡන්දරාගො. පරවාදෙසු ආඝාතොති පරස්ස වචනෙසු කොපො. අප්පච්චයොති අතුට්ඨාකාරො. අත්තනො සීලං වාති අත්තනා සමාදින්නං ගොසීලාදිසීලං වා. අත්තනො දිට්ඨීති අත්තනා ගහිතා පරාමට්ඨා දිට්ඨි. තෙහි ගන්ථෙහීති එතෙහි වුත්තෙහි නාමකායඝටනෙහි. රූපං ආදියන්තීති චතුසමුට්ඨානිකං රූපාරම්මණං ආදියන්ති ගණ්හන්ති. උපාදියන්තීති උපගන්ත්වා ගණ්හන්ති තණ්හාගහණෙන. පරාමසන්ති දිට්ඨිගහණෙන. අභිනිවිසන්ති මානගහණෙන. වට්ටන්ති තෙභූමකවට්ටං. ගන්ථෙති බන්ධනෙ.
ගන්ථා නාමකාය බැඳගනිති. චුති ප්රතිසන්ධි වශයෙන් සංසාරයේ ගැටෙති. බැඳී පවතිතියි ගන්ථා නම් වේ. නාම කාය බැඳ තබන අරුතින් අභිධ්යාවද ග්රන්ථයක්නුයි අභිජ්ඣා කායගන්ථො හිත සුවයට බාධා කරන්නේනුයි ව්යාපාදො. ව්‍යාපාදය ද පෙර කී ලෙසම සත්ත්වයා සසර බැඳතබන ග්රන්ථයකැයි ව්‍යාපාදය කාය ග්රන්ථයකි. සීලබ්බත පරාමාසො මේ සසුනින් පිටත ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ශීලයෙන් ශුද්ධිය වේ. ව්‍රතයෙන් ශුද්ධිය වේ යයි පිළිගන්නේය. පරාමර්ශනය කරන්නේය. ඉදං සච්චාභිනිවෙසො සර්වඥ භාෂිතය ද ප්‍රතික්ෂේප කර, ‘ලෝකය ශාස්වතය - මෙයම සත්‍යය, සෙස්ස බොරු යැ’යි යන මේ ආකාරයෙන් ආශා කිරීම වේ. මෙය සත්යාභිනිවේෂණයයි. අත්තනො දිට්ඨියා රාගො තමා විසින් ආශා කිරීමෙන් ගන්නා ලද දෘෂ්ටි ඇති ඡන්දරාගය. පරවාදෙසු ආඝා තො අනුන්ගේ වචනයන්හි කෝපවන. අප්පච්චයො අසතුටුවන ආකාර ඇති. අත්තනො සීලං වා තමා විසින් සමාදන් වූ හෝ සීලාදී ශීලයකින් හෝ අත්තනො දිට්ඨිං තමා විසින් ගන්නා ලද, පිළිගත් දෘෂ්ටියකින්. තෙහි ගන්ථෙහි මෙසේ කියන ලද නාමකාය ග්රන්ථයන්ගෙන්. රූපං ආදියන්ති චතුසමුට්ඨානික රූපාරම්මණය අල්ලා ගනිති. කැමති වෙති. උපාදියන්ති ළඟට පැමිණ දැඩිව ගනිති. ගණ්හන්ති තණ්හා ග්රහණයෙන් ගනිති. පරාමසන්ති දෘෂ්ටි ග්රහණයෙන් පරාමර්ශනය කෙරෙති. අභිනිවිසන්ති මාන ග්රහණයෙන් අභිනිවේශය කරති. වට්ටං ත්‍රෛභූමික සංසාර වර්තය ගන්ථෙ බන්ධනයෙහි,
වොසජ්ජිත්වා වාති සම්මා විස්සජ්ජිත්වා වා. ගථිතෙති බන්ධනෙ. ගන්ථිතෙති ගන්ථනෙන ගන්ථිතෙ. විබන්ධෙති විසෙසෙන බන්ධෙ. ආබන්ධෙති අනෙකවිධෙන බන්ධෙ. පලිබුද්ධෙති අමුඤ්චිතෙ. බන්ධනෙ පොටයිත්වාති තණ්හාමානදිට්ඨිබන්ධනානි පප්පොටයිත්වා. විසජ්ජාති චජිත්වා.
වොස්සජිත්වා මනාව අත්හැර. ගථිතෙ බන්ධනයෙහි. ගන්ථිතෙ බන්ධනයෙන් ගැට ගැටගැසූ විබන්ධෙ විශේෂයෙන් බැඳි ආබන්ධෙ නොයෙක් විදියෙන් බඳිනා ලද. පළිබුද්ධෙ බන්ධනයෙන් නොමිදුණු කල්හි. පොඨයිත්වා තණ්හා මාන දිට්ඨි බන්ධනයන්ගෙන් පොළ දුරුකර. විස්සජ්ජ අත්හැර,
ඉමෙ පන චත්තාරො ගන්ථෙ කිලෙසපටිපාටියාපි ආහරිතුං වට්ටති, මග්ගපටිපාටියාපි – කිලෙසපටිපාටියා අභිජ්ඣාකායගන්ථො අරහත්තමග්ගෙන පහීයති, බ්යාපාදො කායගන්ථො අනාගාමිමග්ගෙන, සීලබ්බතපරාමාසො කායගන්ථො ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො සොතාපත්තිමග්ගෙන. මග්ගපටිපාටියා සීලබ්බතපරාමාසො කායගන්ථො ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො සොතාපත්තිමග්ගෙන, බ්යාපාදො කායගන්ථො අනාගාමිමග්ගෙන, අභිජ්ඣාකායගන්ථො අරහත්තමග්ගෙනාති. එතෙ චත්තාරො ගන්ථා යස්ස සංවිජ්ජන්ති, තං චුතිපටිසන්ධිවසෙන වට්ටස්මිං ගන්ථෙන්ති ඝටෙන්තීති ගන්ථා. තෙ චතුප්පභෙදා අභිජ්ඣායන්ති එතාය, සයං වා අභිජ්ඣායති, අභිජ්ඣායනමත්තමෙව වා එසාති අභිජ්ඣා. ලොභොයෙව නාමකායං ගන්ථෙති චුතිපටිසන්ධිවසෙන වට්ටස්මිං ඝටෙතීති කායගන්ථො. බ්යාපජ්ජති තෙන චිත්තං පූතිභාවං ගච්ඡති, බ්යාපාදයති වා විනයාචාරරූපසම්පත්තිහිතසුඛාදීනීති බ්යාපාදො. “ඉතො බහිද්ධා සමණබ්රාහ්මණානං සීලෙන සුද්ධි වතෙන සුද්ධී”ති පරාමසනං සීලබ්බතපරාමාසො, සබ්බඤ්ඤුභාසිතම්පි පටික්ඛිපිත්වා “සස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ”න්තිආදිනා ආකාරෙන අභිනිවිසතීති ඉදංසච්චාභිනිවෙසො. යථා වය්හං වාතිආදිං වය්හාදිවිසඞ්ඛරණං ගන්ථානං වියොගකරණෙ උපමං දස්සෙන්තො ආහ.
මේ සතර ග්රන්ථයන් කෙලෙස් පටිපාටියෙන් හා මාර්ග පටිපාටියෙන් ගෙනහැර දැක්වීම සුදුසුය. කෙළෙස් පටිපාටියෙන් අභිජ්ඣා කාය ග්‍රන්ථය අර්හත් මාර්ගයෙන් ප්‍රහීණ වේ. ව්‍යාපාද කායග්රන්ථය අනාගාමී මාර්ගයෙන් ද සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය හා ඉදං සත්යාභිනිවේෂණ (මෙයම සත්‍යයැයි ගත්) කාය ග්‍රන්ථය සෝවාන් මාර්ගයෙන් ප්‍රහීණ වේ. මාර්ග පටිපාටියෙන් ද සීලබ්බත පරාමාස හා ඉදං සත්යාභිනිවේෂණ කාය ග්රන්ථ දෙක සෝවාන් මාර්ගයෙන් ද ව්‍යාපාද කාය ග්‍රන්ථය අනාගාමී මාර්ගයෙන් ද අභිජ්ඣා කාය ග්‍රන්ථය අර්හත් ආර්ය මාර්ගයෙන් ද දුරු වේ. මේ සතර ග්රන්ථ යමකු තුල පවතීනම් ‘ඔහු චුති ප්රතිසන්ධි වශයෙන් සසරෙහි බැඳී සිටියි. ගැටී සිටියි’නුයි ග්රන්ථ නම් වේ. එම ග්‍රන්ථයන්ගේ භේද සතරකි. මෙයින් දැඩිව ආශා කරයි. තමා හෝ දැඩිව ආශා කරයි. මේ දැඩිව ආශා කිරීම් මාත්‍රයම ‘අභිජ්ඣා’ නම් වේ. දැඩි ලෝභයමයි. නාමකාය බැඳ තබයි. චුති ප්රතිසන්ධි වශයෙන් සසරෙහි ගැටෙයිනුයි කායගන්ථ නම් වේ. කෝපයට පත් වේ. ඉන් සිත කිලුටු බවට පත්වේ. විපතට පමුණුවයි. හෝ හික්මීම, රූප සම්පත්තිය, හිතසුව යනාදිය විනාශ කරන්නේනුයි ව්‍යපාද නම් වේ. මේ බුදුසසුනින් බැහැර වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ශීලයෙන් ශුද්ධිය වේ. ව්‍රතයෙන් ශුද්ධිය වේ ආදී ලෙස අල්ලා ගනියි. (පරාමර්ශනය කරයි) නුයි සීලබ්බත පරාමාස නම් වේ. සර්වඥයන් වහන්සේගේ දේශනාව ද ප්‍රතික්ෂේප කර ‘ලෝකය ශාස්වතය, මෙයම සත්‍යය, සෙස්ස බොරුය’ යනාදී ආකාරයෙන් ආශාවෙන් පිළිගැනීම ඉදං සත්යාභිනිවේෂණ නම් වේ. යථාවය්හංවා යනාදිය යම්සේ වාහනයක් හෝ රථයක් හෝ යනුවෙන් ග්‍රන්ථයන්ගේ විනාශ කිරීම, වෙන්කිරීම සඳහා උපමාවක් දක්වමින් කියන ලදී.
න ජනෙන්තීති න උප්පාදෙන්ති. න සඤ්ජනෙන්තීති න නිබ්බත්තෙන්ති. නාභිනිබ්බත්තෙන්තීති උපසග්ගවසෙන පදං වඩ්ඪිතං. න සඤ්ජනෙන්තීති උප්පාදක්ඛණං. න නිබ්බත්තෙන්ති නාභිනිබ්බත්තෙන්තීති පවත්තික්ඛණං සන්ධාය වුත්තං.
න ජනෙන්ති නූපදවති. න සඤ්ජනෙන්ති නො පහළ කරවති. නාභිනිබ්බත්තෙන්ති උපසර්ග යොදා පදයන්ගේ අර්ථ වැඩිකරන ලදී. න සඤ්ජනෙන්ති උත්පාද ලක්ෂණය නූපදවති. නාභිනිබ්බත්තෙන්ති ප්රවෘත්ති ලක්ෂණය සඳහා කියන ලදී. කෙලෙස් සීමාවන් ඉක්මවූ බැවින්,
සීමාතිගොති ගාථා එකපුග්ගලාධිට්ඨානාය දෙසනාය වුත්තා. පුබ්බසදිසො එව පනස්සා සම්බන්ධො, සො එවං අත්ථවණ්ණනාය සද්ධිං වෙදිතබ්බො – කිඤ්ච භිය්යො? සො ඊදිසො භූරිපඤ්ඤො චතුන්නං කිලෙසසීමානං අතීතත්තා සීමාතිගො, බාහිතපාපත්තා ච බ්රාහ්මණො, ඉත්ථම්භූතස්ස ච තස්ස නත්ථි, පරචිත්තපුබ්බෙනිවාසඤාණෙහි ඤත්වා වා මංසදිබ්බචක්ඛූහි දිස්වා වා කිඤ්චි සමුග්ගහීතං, අභිනිවිට්ඨන්ති වුත්තං හොති. සො ච කාමරාගාභාවතො න රාගරාගී රූපාරූපරාගාභාවතො න විරාගරත්තො, යතො එවංවිධස්ස තස්ස “ඉදං පරම”න්ති කිඤ්චි ඉධ උග්ගහීතං නත්ථීති අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි.
සීමාතිගො, බැහැර කළ පාපධර්ම ඇති බැවින් බ්රාහ්මණො. ‘මෙසේ වීයැ’යි පරිචිත්ත විජානනයෙන්, පූර්වේ නිවාසානුස්මෘතියෙන් දැන හෝ මසැසින් හෝ දිවැසින් දැක හෝ මනාව පිළිගත්, බැසගත් කිසිවක් නැතැයි කියන ලදී. තවද උන්වහන්සේ කාමරාග නොමැති හෙයින් න රාග රාගී (රාගයෙහි ඇලුණේ නොවේ.) රූප, අරූප රාගයන් ද නොමැති හෙයින් න විරාග රත්තො (විරාගයෙහි ඇලුණේ නොවේ.) මෙසේ වූ රහතන් වහන්සේට ‘මෙලොව උතුම්’යැයි දැඩිව ගන්නා ලද කිසිවක් නැතැයි අර්හත්වය දක්වා දේශනාව යොමු කිරීමෙන් සූත්‍රය නිමාකළ සේක.
චතස්සො සීමායොති චත්තාරො පරිච්ඡෙදා. දිට්ඨානුසයොති දිට්ඨි ච සා අප්පහීනට්ඨෙන අනුසයො චාති දිට්ඨානුසයො. විචිකිච්ඡානුසයාදීසුපි එසෙව නයො. කෙනට්ඨෙන අනුසයා? අනුසයනට්ඨෙන. කො එස අනුසයට්ඨො නාමාති? අප්පහීනට්ඨො. එතෙ හි අප්පහීනට්ඨෙන තස්ස තස්ස සන්තානෙ අනුසෙන්ති නාම, තස්මා “අනුසයා”ති වුච්චන්ති. අනුසෙන්තීති අනුරූපං කාරණං ලභිත්වා උප්පජ්ජන්තීති අත්ථො. අථාපි සියා – අනුසයට්ඨො නාම අප්පහීනාකාරො, අප්පහීනාකාරො ච “උප්පජ්ජතී”ති වත්තුං න යුජ්ජති, තස්මා න අනුසයා උප්පජ්ජන්තීති. තත්රිදං පටිවචනං – අප්පහීනාකාරො අනුසයො, අනුසයොති පන අප්පහීනට්ඨෙන ථාමගතා කිලෙසා වුච්චන්ති. සො චිත්තසම්පයුත්තො සාරම්මණො සප්පච්චයට්ඨෙන සහෙතුකො එකන්තාකුසලො අතීතොපි හොති අනාගතොපි පච්චුප්පන්නොපි, තස්මා “උප්පජ්ජතී”ති වත්තුං යුජ්ජති.
චතස්සො සීමායො සීමා සතරකි. ‘දිට්ඨි අනුසය ද දෘෂ්ටිය ද එය ප්‍රහීණ නොවූ බැවින් අනුසයකි’ යි දිට්ඨානුසයො, විචිකිච්ඡානුසයාදියෙහි ද ක්‍රමයෙන් ම අර්ථ ගතයුතුයි. කවර අර්ථයකින් අනුසය නම් වේද? අනුසයනාර්ථයෙනි. කවරෙක් මෙහි අනුසයනත්ථ නම් වේද? අප්‍රහීණ, ප්‍රහීණ නොවූ අර්ථයෙනි. මේවා වනාහි අප්‍රහීනාර්ථයෙන් ඒ ඒ සත්ත්ව සන්තානයන්හි අප්රකටව අත්නොහැර සැඟවී පවතින හෙයින් අනුසය යයි කියනු ලැබෙත්. අනුසෙන්ති යනු ‘අනුරූප කරණයක් ලැබ උපදිති’ යන අර්ථයයි. එසේ වුවත් අනුසයනත්ථ නම් අප්රහීණාකාරයයි. ‘අප්රහීනකාරයෙන්ම උපදියි’ යනුවෙන් කීම නුසුදුසුය. ඒ අනුසයන් නූපදින බැවිනි. එහි මේ පිළිතුරයි. ‘අනුසය අප්රහීනාකාර නොවේ. අනුසය වනාහි ප්‍රහීණ නොවන අරුතින් වීර්යයෙන්ම දුරුකළ යුතු (ථාමගත) කෙළෙස් අදහස් වේ. යම් චිත්ත සම්ප්‍රයුක්ත අරමුණු සහිත ප්‍රත්‍ය සහිත අර්ථයෙන්, සහේතුක වූයේ ඒකාන්තයෙන් ම අකුශල සහගත වූයේ අතීත වූයේ ද වෙයි. අනාගත වූයේ ද වෙයි. වර්තමාන වූයේ ද වෙයි. එහෙයින් උපදියි’ යැයි කීමට සුදුසුය.
තත්රිදං පමාණං – පටිසම්භිදායං තාව අභිසමයකථායං (පටි· ම· 3.21) “පච්චුප්පන්නෙ කිලෙසෙ පජහතී”ති පුච්ඡිත්වා අනුසයානං පච්චුප්පන්නභාවස්ස අත්ථිතාය “ථාමගතො අනුසයං පජහතී”ති වුත්තං. ධම්මසඞ්ගණියං මොහස්ස පදභාජනෙ (ධ· ස· 390) “අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං, අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, අයං තස්මිං සමයෙ මොහො හොතී”ති අකුසලචිත්තෙන සද්ධිං අවිජ්ජානුසයස්ස උප්පන්නභාවො වුත්තො. කථාවත්ථුස්මිං “අනුසයා අබ්යාකතා අනුසයා අහෙතුකා අනුසයා චිත්තවිප්පයුත්තා”ති (කථා· 605) සබ්බෙ වාදා පටිසෙධිතා. අනුසයයමකෙ සත්තන්නං මහාවාරානං අඤ්ඤතරස්මිං උප්පජ්ජනවාරෙ “යස්ස කාමරාගානුසයො උප්පජ්ජති තස්ස පටිඝානුසයො උප්පජ්ජතී”තිආදි වුත්තං. තස්මා “අනුසෙන්තීති අනුරූපං කාරණං ලභිත්වා උප්පජ්ජන්තී”ති යං වුත්තං, තං ඉමිනා තන්තිප්පමාණෙන සුවුත්තන්ති වෙදිතබ්බං. යම්පි “චිත්තසම්පයුත්තො සාරම්මණො”තිආදි වුත්තං, තම්පි සුවුත්තමෙව. අනුසයො හි නාමෙස පරිනිප්ඵන්නො චිත්තසම්පයුත්තො අකුසලධම්මොති නිට්ඨමෙත්ථ ගන්තබ්බං.
එහි මේ ප්‍රමාණයයි. පළමු පටිසම්භිදා මාර්ගයේ අභිසමය කථාවේදී ‘වර්තමාන කෙලෙස් කෙසේ දුරුකරන්නේද?’යි ප්‍රශ්න කර, වර්තමාන අනුසයන්ගේ පැවැත්මක් ඇති බැවින්, ‘ථාමගත අනුසයන් දුරුකරයි’ යනුවෙන් කියන ලදී. ධර්මසංගණියෙහි ‘මෝහය’ පිළිබඳ පද භාජනයේදී අවිද්‍යානුසය, අවිද්‍යාවේ නැගීසිටීම (අවිද්‍යා පරියුට්ඨානය), අවිද්‍යා අගුල වූ මෝහය අකුසල මූලයක් වූ මෙය ඒ අවස්ථාවෙහි මෝහය නම් වේ. මෙසේ අකුසල සිතත් සමග ම මෝහයේ ඉපදීම දක්වන ලදී. කථාවත්ථුප්පකරණයේ ‘අනුසය අව්යාකතය, අනුසය අහේතුකය, අනුසය චිත්ත විප්රයුක්තයැයි’ සියලු වාද ප්‍රතික්ෂේප කරන ලදී. අනුසය යමකයෙහි සත්වැදෑරුම් මහා වාරයන් අතරින් එකක් උපදින වාරයෙහි යමෙකුට කාමරාගානුසය උපදියි ද ඔහුට පටිඝානුසය උපදියි යනාදිය කියන ලදී. ‘එනිසා අනුසෙන්ති යනු අනුරූප කරුණක් ලැබ, උපදිති’ යමක් කියන ලද ද, එය මේ බුද්ධ වචනවලින් මනාව දේශිත බව දතයුතුයි. යමක් ‘චිත්ත සම්ප්‍රයුක්ත සාරම්මණ’ යැයි කියන ලද ද එකරුණද මනාව දේශිතය. අනුසය නම් මෙය පරිනිෂ්පන්න වූ චිත්ත සම්ප්‍රයුක්ත වූ අකුසල ධර්මයෙකැයි නිශ්චයට යා යුතුයි.
තත්ථ දිට්ඨානුසයො චතූසු දිට්ඨිසම්පයුත්තෙසු, විචිකිච්ඡානුසයො විචිකිච්ඡාසහගතෙ, අවිජ්ජානුසයො ද්වාදසසු අකුසලචිත්තෙසු සහජාතවසෙන ආරම්මණවසෙන ච; තයොපි අවසෙසතෙභූමකධම්මෙසු ආරම්මණවසෙන දිට්ඨිවිචිකිච්ඡාමොහා. කාමරාගානුසයො චෙත්ථ ලොභසහගතචිත්තෙසු සහජාතවසෙන ආරම්මණවසෙන ච, මනාපෙසු අවසෙසකාමාවචරධම්මෙසු ආරම්මණවසෙන උප්පජ්ජමානො ලොභො. පටිඝානුසයො දොමනස්සසහගතචිත්තෙසු සහජාතවසෙන ආරම්මණවසෙන ච, අමනාපෙසු අවසෙසකාමාවචරධම්මෙසු ආරම්මණවසෙනෙව උප්පජ්ජමානො දොසො. මානානුසයො දිට්ඨිවිප්පයුත්තලොභසහගතචිත්තෙසු සහජාතවසෙන ආරම්මණවසෙන ච, දුක්ඛවෙදනාවජ්ජෙසු අවසෙසකාමාවචරධම්මෙසු රූපාරූපාවචරධම්මෙසු ච ආරම්මණවසෙනෙව උප්පජ්ජමානො මානො. භවරාගානුසයො චතූසු දිට්ඨිවිප්පයුත්තෙසු උප්පජ්ජමානොපි සහජාතවසෙන වුත්තො. ආරම්මණවසෙනෙව පන රූපාරූපාවචරධම්මෙසු උප්පජ්ජමානො ලොභො වුත්තො.
එහි දිට්ඨානුසය සිව් දිට්ඨි සම්ප්‍රයුක්ත සිත්හි ද විචිකිච්ඡානුසය විචිකිච්ඡා සහගත සිතේ ද අවිද්‍යානුසය දොළොස් අකුසල සිත්හි සහජාත වශයෙන් ද ආරම්මණ වශයෙන් ද යෙදේ. ත්‍රිවිධ වූ දිට්ඨි, විචිකිච්ඡා, මෝහ අනුසයන් විශේෂයක් නැතිව ත්‍රෛභූමික ධර්මයන්හි ආරම්මණ වශයෙන් යෙදේ. මෙහි ලෝභ සහගත සිත්හි කාමරාගානුසය සහජාත වශයෙන් හා ආරම්මණ වශයෙන් යෙදේ. මනාප වූ අවශේෂ කාමාවචර සිත්හි (ධර්මයන්හි) ආරම්මණ වශයෙන්ම ලෝභය උපදින්නේ ය. පටිඝානුසය දොම්නස් සහගත සිත්හි සහජාත වශයෙන් ද ආරම්මණ වශයෙන් ද යෙදේ. අමනාප වූ ඉතිරි කාමාවචර සිත්හි ආරම්මණ වශයෙන් ම ද්වේෂය උපදියි. මානානුසය දිට්ඨි විප්පයුක්ත ලෝභ සහගත සිත්හි සහජාත වශයෙන් ද ආරම්මණ වශයෙන් යෙදේ. දුක් වේදනාවෙන් තොර වූ අවශේෂ කාමාවචර සිත්හිත්, රූපාවචර හා අරූපාවචර සිත්හිත් ආරම්මණ වශයෙන්ම උපදිනුයේ මානයයි. භවරාගානුසය සතර දිට්ඨි විප්‍රයුක්ත සිත්හි උපදිනුයේ සහජාත වශයෙන් කියන ලදී. ආරම්මණ වශයෙන් ද රූපාරූපාවචර සිහි උපදිනු ලබන ලෝභය කියන ලදී.
තත්ථ දිට්ඨානුසයොති ද්වාසට්ඨිවිධා දිට්ඨි. විචිකිච්ඡානුසයොති අට්ඨවත්‍ථුකා විචිකිච්ඡා. තදෙකට්ඨා ච කිලෙසාති සහජෙකට්ඨවසෙන දිට්ඨියා විචිකිච්ඡාය, සහජෙකට්ඨවසෙන එකතො ඨිතා. මානානුසයොති නවවිධමානො. පරමත්ථඤාණෙන වා ඤත්වාති පරෙසං චිත්තාචාරජානනපඤ්ඤාය ජානිත්වා, චෙතොපරියඤාණෙන ජානිත්වාති වුත්තං හොති. පුබ්බෙනිවාසානුස්සතිඤාණෙන වාති අතීතෙ නිවුට්ඨක්ඛන්ධානුස්සරණඤාණෙන ජානිත්වා. මංසචක්ඛුනා වාති පකතිචක්ඛුනා. දිබ්බචක්ඛුනා වාති දිබ්බසදිසෙන දිබ්බවිහාරසන්නිස්සිතෙන වා දිබ්බචක්ඛුනා පස්සිත්වා. රාගරත්තාති රාගෙන රඤ්ජිතා. යෙ පඤ්චසු කාමගුණෙසූති යෙ පඤ්චසු රූපාදිවත්ථුකාමකොට්ඨාසෙසු. විරාගරත්තාති විරාගසඞ්ඛාතාසු රූපාරූපසමාපත්තීසු අතිරත්තා අල්ලීනා. යතො කාමරාගො චාති යදා කාමභවෙ රාගො ච. රූපාරූපරාගෙසුපි එසෙව නයො.
එහි දිට්ඨානුසයො දෙසැට වැදෑරුම් දෘෂ්ටි. විචිකිච්ඡානුසයො අටතැන්හි පවත්නා සැකය. තදෙකට්ඨො ච කිලෙසා දෘෂ්ටියෙන් සහජෙකාර්ථ වශයෙන් ද විචිකිච්ඡාවෙන් සහජේකාර්ථ වශයෙන් ද එක්ව සිටි. මානානුසයො නවවිධ මානයන්. පරචිත්ත ඤාණෙන වා ඤත්වා අනුන්ගේ සිත් හැසිරීම් දැනගන්නා ප්‍රඥාවෙන් දැන, චෙතෝපරිය ඤාණයෙන් දැනගෙන යැයි කියන ලදී. පුබ්බෙ නිවාසානුස්සති ඤාණෙන වා අතීතයේ විසූ (පෙර) කඳපිළිවෙල සිහිකරන ඤාණයෙන් ඒ පිළිබඳව දැන මංස චක්ඛුනා ප්‍රකෘති ඇසින්, මසැසින්. දිබ්බ චක්ඛුනා දිව්‍ය සමාන හෝ දිව්‍ය විහාර ඇසුරු කරගත් දිවැසින් දැක. රාග රත්තා රාගයෙන් රත්ව යෙ පඤ්චසු කාම ගුණෙසු යම් පංචවිධ වූ රූපාදී වස්තුකාම කොට්ඨාසයන්හි. විරාගරත්තා විරාග සංඛ්‍යාත රූපාරූප සමාපත්තීන්හි දැඩිව ඇලී ගැලී වෙසෙන. යතො කාමරාගො ච යම්කලෙක කාමරාගය ද, රූපාරූප භවයන්හි ද මේ ක්‍රමයමයි.
සද්ධම්මප්පජ්ජොතිකාය මහානිද්දෙසට්ඨකථාය
සද්ධම්මපජ්ජොතිකා නම් මහා නිද්දේසට්ඨකථාවේ
සුද්ධට්ඨකසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
සතරවන සුද්ධට්ඨක සූත්‍ර නිර්දේශ වර්ණනාව නිමියේ ය.