5. පරමට්ඨකසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
5. පරමට්ඨකසුත්තනිද්දෙසවණ්ණනා
5. පරමට්ඨකසූත්රනිර්දේශ වර්ණනාව
පඤ්චමෙ පරමට්ඨකසුත්තෙ පරමන්ති දිට්ඨීසු පරිබ්බසානොති ඉදං පරමන්ති ගහෙත්වා සකාය සකාය දිට්ඨියා වසමානො. යදුත්තරිං කුරුතෙති යං අත්තනො සත්ථාරාදිං සෙට්ඨං කරොති. හීනාති අඤ්ඤෙ තතො සබ්බමාහාති තං අත්තනො සත්ථාරාදිං ඨපෙත්වා තතො අඤ්ඤෙ සබ්බෙ “හීනා ඉමෙ”ති ආහ. තස්මා විවාදානි අවීතිවත්තොති තෙන කාරණෙන සො දිට්ඨිකලහෙ අවීතිවත්තොව හොති.
පස්වන පරමට්ඨක සූත්‍රයේ පරමන්ති දිට්ඨිසු පරිබ්බසානො, ‘මෙය උතුම්’යැයි ගෙන තම තම දෘෂ්ටියෙහි ඇතුලත්ව වසනුයේ. යදුත්තරිං කුරුතෙ යම්බඳු තම ශාස්තෲa ආදිය උතුම් යැයි කියයි. හීනාති අඤ්ඤෙ තතො සබ්බමාහාති ඒ තම ශාස්තෲවරයා හැර, ‘ඉන් අන්‍ය වූ සියලු දෙන හීනයෝයැ’යි කියයි. තස්මා විවාදානි අවීතිවත්තො ඒ කාරණයෙන්, ඒ හේතුවෙන් හෙතෙම දෘෂ්ටි කලහයන් නො ඉක්මවා සිටියි.
වසන්තීති පඨමුප්පන්නදිට්ඨිවසෙන වසන්ති. පවසන්තීති පවිසිත්වා වසන්ති. ආවසන්තීති විසෙසෙන වසන්ති. පරිවසන්තීති සබ්බභාගෙන වසන්ති. තං උපමාය සාධෙන්තො “යථා ආගාරිකා වා”තිආදිමාහ. ආගාරිකා වාති ඝරසාමිකා. ඝරෙසු වසන්තීති අත්තනො ඝරෙසු ආසඞ්කවිරහිතා හුත්වා නිවසන්ති. සාපත්තිකා වාති ආපත්තිබහුලා. සකිලෙසා වාති රාගාදිකිලෙසබහුලා. උත්තරිං කරොතීති අතිරෙකං කරොති. අයං සත්ථා සබ්බඤ්ඤූති ‘අයං අම්හාකං සත්ථා සබ්බං ජානාති’.
වසන්ති පළමුවෙන් උපන් දෘෂ්ටි වශයෙන් ගෙන වාසය කරති. සංවසන්ති ඊට පිවිස වෙසෙති. ආවසන්ති විශේෂයෙන් වෙසෙති. පරිවසන්ති සියලු ආකාරයෙන් වෙසෙති. එය උපමාවකින් පෙන්වාදෙනුයේ යථා අගාරිකා වා යනාදිය කියන ලදී. අගාරිකා වා ගිහිගේ වසන්නෝ ඝරෙසු වසන්ති තමාගේ ගෙවල්වල සැක රහිතව වෙසෙත් ද සාපත්තිකා වා ආපත්ති බහුල වූ. සකිලෙසා රාගාදී කෙළෙස් බහුල වූ. උත්තරිං කරොති අතිරේක වූවක් කරයි. අයං සත්ථා සබ්බඤ්ඤු මේ අපගේ ශාස්තෲන් වහන්සේ සියල්ල දනියි.
සබ්බෙ පරප්පවාදෙ ඛිපතීති සබ්බා පරලද්ධියො ඡඩ්ඩෙති. උක්ඛිපතීති නීහරති. පරික්ඛිපතීති පරම්මුඛෙ කරොති. දිට්ඨිමෙධගානීති දිට්ඨිවිහෙසකානි.
සබ්බෙ පරවාදෙ වික්ඛිපති සියලු අන්‍ය ලබ්ධීන් අත්හැරදමයි. උක්ඛිපති බැහැර කරයි. පරික්ඛිපති ඉවතට හරවා ගත් මුහුණු ඇතිවේ. දිට්ඨි මෙධගානී දෘෂ්ටි වෙහෙසීම්ය.
දුතියගාථායත්ථො – එවං අවීතිවත්තො ච යං දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙති එතෙසු චතූසු වත්ථූසු උප්පන්නදිට්ඨිසඞ්ඛාතෙ අත්තනි පුබ්බෙ වුත්තප්පකාරං ආනිසංසං පස්සති, තදෙව සො තත්ථ සකාය දිට්ඨියා ආනිසංසං “ඉදං සෙට්ඨ”න්ති අභිනිවිසිත්වා අඤ්ඤං සබ්බං පරසත්ථාරාදිකං නිහීනතො පස්සති.
දෙවන ගාථාවේ අර්ථ මෙසේය. මෙසේ දෘෂ්ටි කලහාදිය නො ඉක්මවූ තැනැත්තා රූපාලම්බනයේ ද ශබ්දාලම්බනයේ ද ශීලව්‍රත දෙක්හි ද ගන්ධ රස ස්පර්‍ශාලම්බනයෙහි ද යන මේ සිවු වස්තූන්හි උපන් දෘෂ්ටි සංඛ්‍යාත තමා කෙරෙහි පෙර කියූ ආකාරයෙන් අනුසස් දකියි. එසේම ඔහු එහි සක්කාය දෘෂ්ටියේ ආනිසංස ශ්‍රේෂ්ඨයැයි තදින් පිළිගෙන, සියලු අන්‍ය ශාස්තෲවරුන් නිහීන යැයි දකියි.
ද්වෙ ආනිසංසෙ පස්සතීති ද්වෙ ගුණෙ ඔලොකෙති. දිට්ඨධම්මිකඤ්චාති දිට්ඨෙ පච්චක්ඛෙ අත්තභාවෙ විපච්චනකරණං. සම්පරායිකඤ්චාති පරලොකෙ පටිලභිතබ්බගුණඤ්ච. යංදිට්ඨිකො සත්ථාති යංලද්ධිකො තිත්ථායතනසාමිකො. අලං නාගත්තාය වාති නාගරාජභාවාය වා පරියත්තං. සුපණ්ණත්තාදීසුපි එසෙව නයො. දෙවත්තාය වාති සම්මුතිදෙවාදිභාවාය. ආයතිං ඵලපාටිකඞ්ඛී හොතීති අනාගතෙ විපාකඵලං පත්ථයානො හොති. දිට්ඨසුද්ධියාපි ද්වෙ ආනිසංසෙ පස්සතීති චක්ඛුවිඤ්ඤාණෙන දිට්ඨරූපායතනස්ස වසෙන සුද්ධියා හෙතුත්තාපි අත්තනො ගහිතගහණෙන ද්වෙ ගුණෙ ඔලොකෙති. සුතසුද්ධියාදීසුපි එසෙව නයො.
ද්වෙ ආනිසංසෙ පස්සති ගුණ දෙකක් බලයි. දිට්ඨධම්මිකං ච ඇස්පනාපිට, ප්රත්යක්ෂයෙන් ආත්මභාවයෙහි විපාක දෙන ගුණය ද සම්පරායිකං ච පරලොව දී ලැබිය යුතු ගුණය ද යං දිට්ඨිකො සත්ථා යම් ලබ්ධික ශාස්තෲවරයෙක්, තීර්ථායතන ප්‍රධානියෙක් අලං නාගත්තාය වා ඇස්පනාපිට, ප්රත්යක්ෂ ආත්මභාවයෙහි විපාක දෙන නාග බවට හෝ ඊට කුඩා බවට පත්කරන. සුපණ්ණත්තා ආදියෙහි ද මේ ක්‍රමයෙන් අර්ථ ගතයුතුයි. දෙවත්තාය වා සම්මුති දේවාදි බවට. ආයතිඵල පාටිකංබී හොති අනාගතයේ විපාක ඵල ප්‍රාර්ථනා කරයි. දිට්ඨ සුද්ධියාපි ද්වෙ ආනිසංසෙ පස්සති චක්ඛු විඤ්ඤාණයෙන් දුටු රූපායතනයේ වශයෙන් ශුද්ධියට හේතු වූ ද තමා ග්‍රහණය කරගත් දෘෂ්ටිය නිසා ආනිසංස දෙකක් ලැබේ. සුතසුද්ධියා දියෙහි ද මේ ක්‍රමයමයි.
තතියගාථායත්ථො – එවං පස්සතො ච යං අත්තනො සත්ථාරාදිං නිස්සිතො අඤ්ඤං පරසත්ථාරාදිං හීනං පස්සති, තං පන දස්සනං ගන්ථමෙව කුසලා වදන්ති, බන්ධනන්ති වුත්තං හොති. යස්මා එතදෙව, තස්මා හි දිට්ඨං ව සුතං මුතං වා, සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්‍ය, නාභිනිවෙසෙය්යාති වුත්තං හොති.
තෙවැනි ගාථාවේ අර්ථය මෙසේය. ‘මෙසේ දකින්නා තමාගේ යම් ශාස්තෲවරයෙකු ඇසුරු කරන ලද්දේ, එයින් අන්‍ය වූ වෙනත් ශාස්තෲවරුන් පහත්කර සිතයිද එසේ දැකීම (සිතීම) ද ග්රන්ථයක් (බැඳීමක්) ලෙසම දක්ෂ වූවෝ කියති. බන්ධනයකැයි ද කියන ලද්දේ වෙයි. එහෙයින්ම භික්ෂුව රූපාලම්බනය හෝ ශබ්දාලම්බනය හෝ ගන්ධ, රස, ස්පර්ශාලම්බනය හෝ ශීලව්‍රත නම් ධර්මාලම්බනයක් හෝ ඇසුරු නොකරන්නේය. සිත තුලට නොගන්නේ යැ’යි කියන ලදී.
කුසලාති ඛන්ධාදිජානනෙ ඡෙකා. ඛන්ධකුසලාති රූපාදීසු පඤ්චසු ඛන්ධෙසු කුසලා. ධාතුආයතනපටිච්චසමුප්පාදසතිපට්ඨානසම්මප්පධානඉද්ධිපාදඉන්ද්රියබලබොජ්ඣඞ්ගමග්ගඵලනිබ්බානෙසුපි එසෙව නයො. තත්ථ මග්ගකුසලාති චතූසු මග්ගෙසු. ඵලකුසලාති චතූසු ඵලෙසු. නිබ්බානකුසලාති දුවිධෙ නිබ්බානෙ ඡෙකා. තෙ කුසලාති තෙ එතෙසු වුත්තප්පකාරෙසු ඡෙකා. එවං වදන්තීති එවං කථෙන්ති. ගන්ථො එසොති පස්සතො ච අත්තනො සත්ථාරාදිනිස්සිතඤ්ච අඤ්ඤං පරසත්ථාරාදිං හීනතො දස්සනඤ්ච ගන්ථො බන්ධනො එසොති වදන්ති. ලග්ගනං එතන්ති එතං වුත්තප්පකාරං නාගදන්තෙ ලග්ගිතං විය අධොලම්බනං. බන්ධනං එතන්ති නිච්ඡින්දිතුං දුක්ඛට්ඨෙන සඞ්ඛලිකාදිබන්ධනං විය එතං බන්ධනං. පලිබොධො එසොති සංසාරතො නික්ඛමිතුං අප්පදානට්ඨෙන එසො පලිබොධො.
කුසලා ස්කන්ධාදිය දැනගැනීමෙහි දක්ෂයෝ. ඛන්ධ කුසලා රූපාදී පංචස්කන්ධයෙහි දක්ෂයෝ. ධාතු, ආයතන, ප්‍රතීත්‍ය සමුත්පාද සතිපට්ඨාන, සම්‍යක් ප්‍රධාන, ඉද්ධිපාද, ඉන්ද්රිය, බල, බොජ්ඣංග, මාර්ගඵල, නිවනෙහි ද මේ ක්‍රමයෙන්ම අර්ථ ගතයුතුයි. එහි මග්ගකුසලා සතර මාර්ගයෙහි ඵල කුසලා සතර ඵලයෙහි නිබ්බාණ කුසලා දෙවැදෑරුම් නිවනෙහි දක්ෂයෝ. තෙ කුසලා මේ කියන ලද කරුණුවල දක්ෂයෝ. එවං වදන්ති මෙසේ කියති. ගන්ථො එසො දකින්නේ ද තමාගේ ශාස්තෲවර ආදිය දැඩිව ඇසුරුකොට ගනිමින් ද අන්‍ය ශාස්තෲවරුන් හීනවද පහත්කර ද දකින්නේ’ යන මෙය ග්රන්ථයකැයි ද බන්ධනයකැයි ද කියති. ලග්ගනං එතං මෙසේ කියන ලද පරිදිම, ඇත්දළෙහි එල්බුණු අයෙක් මෙන් යටිකුරුව එල්ලී. බන්ධනං එතං කැඩීමට දුෂ්කර අර්ථයෙන්, මාංචු බැඳීමක් වැනි බන්ධනය පළිබොධො එසො සංසාරයෙන් නික්මීමට නො දෙන්නේය යන අරුතින් මෙය පළිබෝධයකි.
චතුත්ථගාථායත්ථො – න කෙවලං දිට්ඨසුතාදීසු න නිස්සයෙය්‍ය, අපිච ඛො පන අසඤ්ජාතං උපරූපරි දිට්ඨිම්පි ලොකස්මිං න කප්පයෙය්‍ය, න ජනෙය්යාති වුත්තං හොති. කීදිසං? ඤාණෙන වා සීලවතෙන වාපි, සමාපත්තිඤාණාදිඤාණෙන වා සීලවතෙන වා යා කප්පියති, එතං දිට්ඨිං න කප්පෙය්ය. න කෙවලඤ්ච දිට්ඨිං න කප්පයෙය්‍ය, අපිච ඛො පන මානෙනපි ජාතිආදීහි වත්ථූහි සමොති අත්තානමනූපනෙය්‍ය, හීනො න මඤ්ඤෙථ විසෙසි වාපීති.
සතරවන ගාථාවේ අර්ථය - හුදෙක් ඒ පැවිද්දා දෘෂ්ටි ශ්‍රැතාදිය ඇසුරු නොකරන්නේය. තවද නූපන් මතුමතුයෙහි වන දෘෂ්ටිය ද ලෝකයෙහි කල්පනය නොකරන්නේය. නූපදවන්නේ යයි කියන ලදී. කවරාකාරයෙන් ද? ඤාණෙන වා සීලබ්බතෙන වා සමාපත්ති ඤාණාදී ඤාණයකින් හෝ සීල ව්රතාදියකින් හෝ නූපදවන්නේය. මේ දෘෂ්ටිය නූපදවන්නේය. හුදෙක් මේ දෘෂ්ඨියම නූපදවන්නේ නොවේ. තවද මානයෙන් ද ජාති ආදි වස්තූන්ගෙන් ද සමයැයි තමා පිළිබඳව නොසිතන්නේය. වෙසෙසින් ම තමා හීනයෙකැයි නොසිතන්නේය.
අට්ඨසමාපත්තිඤාණෙන වාති පඨමජ්ඣානාදීනං අට්ඨන්නං සමාපත්තීනං සම්පයුත්තපඤ්ඤාය වා. පඤ්චාභිඤ්ඤාඤාණෙන වාති ලොකියානං පඤ්චන්නං අභිඤ්ඤානං සම්පයුත්තපඤ්ඤාය වා. මිච්ඡාඤාණෙන වාති විපරීතසභාවෙන පවත්තාය පඤ්ඤාය අමුත්තෙ මුත්තං පස්සාති එවං උප්පන්නෙන මිච්ඡාඤාණෙන වා.
අට්ඨ සමාපත්ති ඤාණෙ වා ප්‍රථම ධ්‍යානාදී අෂ්ට සමාපත්තීන්ගේ සම්ප්‍රයුක්ත ප්‍රඥාවෙන් හෝ පංචභිඤ්ඤා ඤාණෙන වා ලෞකික වූ පංචාභිඥාවෙන් සමන්විත ප්‍රඥාවෙන් හෝ, මිච්ඡා ඤාණෙන වා විපරිත වූ ස්වභාවයෙන් පැවති ප්‍රඥාවෙන්, ස්පර්ශ නොකළ දෙය ස්පර්ශ කරන ලදැයි මෙසේ උපන් වැරදි ඤාණයෙන් හෝ.
පඤ්චමගාථායත්ථො – එවඤ්හි දිට්ඨිං අකප්පෙන්තො අමඤ්ඤමානො ච අත්තං පහාය අනුපාදියානො යං පුබ්බෙ ගහිතං, තං පහාය පරං අග්ගණ්හන්තො තස්මිම්පි වුත්තප්පකාරෙ ඤාණෙ දුවිධං නිස්සයං නො කරොති, අකරොන්තො ච ස වෙ වියත්තෙසු නානාදිට්ඨිවසෙන භින්නෙසු සත්තෙසු න වග්ගසාරී ඡන්දාදිවසෙන අගච්ඡනධම්මො හුත්වා ද්වාසට්ඨියා දිට්ඨීසු කිඤ්චි දිට්ඨිං න පච්චෙති, න පච්චාගච්ඡතීති වුත්තං හොති.
පස්වන ගාථාවේ අර්ථය - ‘මෙසේ දෘෂ්ටි ආදිය කල්පනය නොකරන, නොසිතන, ඒ රහතන් වහන්සේ ආත්මවාදය හැරදමා, පූර්වයෙන් පිළිගත් සියලු දෘෂ්ටි උපාදාන කර නොගෙන බැහැර ලා, අනිකක් ද අල්ලා නොගෙන, ඉහත කියන ලද ඤාණයෙහි පවා තෘෂ්ණා-දෘෂ්ටි යන දෙයාකාරයෙන් නිඃශ්‍රය නොකරයි. එසේ නොකරන උන්වහන්සේ භින්න වූ නානාවිධ දෘෂ්ටි වශයෙන් බිඳීගිය ඒ සෙසු සත්ත්වයන් අතරෙහි ඡන්දාදී වශයෙන් පක්ෂපාතී නොවී යෑමෙන් දෙසැට මිසදිටුවලින් කිසිදු දෘෂ්ටියක් නොපිළිගනියි. නොපැමිණෙයි යැයි කියන ලද්දේ වෙයි.
චතූහි උපාදානෙහීති කාමුපාදානාදීහි චතූහි භුසං ගහණෙහි ස වෙ වියත්තෙසූති සො පුග්ගලො නිච්ඡිතෙසු. භින්නෙසූති ද්විධා භින්නෙසු.
චතූහි උපාදානෙහි කාමූපාදානාදී සිවුවැදෑරුම් උපාදානයන් දැඩිව ගත්. සවෙ වියත්තෙසු ඒ පුද්ගලයා බිඳී ගියවුන් අතරෙහි, භින්නෙසු දෙකඩව බිඳුනවුන් අතර.
ඉදානි යො සො ඉමාය ගාථාය වුත්තො ඛීණාසවො, තස්ස වණ්ණභණනත්ථං “යස්සූභයන්තෙ”තිආදිකා තිස්සො ගාථායො ආහ. තත්ථ පඨමගාථාය යස්සූභයන්තෙති පුබ්බෙ වුත්තෙ ඵස්සාදිභෙදෙ. පණිධීති තණ්හා. භවාභවායාති පුනප්පුනභවාය . ඉධ වා හුරං වාති සකත්තභාවාදිභෙදෙ ඉධ වා පරත්තභාවාදිභෙදෙ පරත්ථ වා.
දැන් යමෙක් පිළිබඳව මේ ගාථාවෙන් කියන ලද්දේ ද ඒ ක්ෂීණාශ්රවයන් වහන්සේගේ ගුණ පැවසීම සඳහා යස්සූභයන්තෙ යනාදී ගාථා තුන වදාළහ. ඒ ගාථා තුනින් පළමු ගාථාවේ යස්සූ භයන්තෙ පෙර කියන ලද ඵස්ස සමුදයාදී භේද ඇති පණිධී තණ්හාව භවාභවායා නැවත නැවත වන භවය සඳහා. ඉධං වා හුරං වා ස්වාත්මභාවාදී භේද වශයෙන් හෝ පරාත්මභාවාදී භේද වශයෙන් හෝ. ඵස්සො එකො අන්තො චක්ඛු සම්ඵස්සාදී එක් කොට්ඨාසයකි.
ඵස්සො එකො අන්තොති චක්ඛුසම්ඵස්සාදිකො එකො කොට්ඨාසො. ඵස්සසමුදයොති වත්ථාරම්මණො. යතො සමුදෙති උප්පජ්ජති, සො සමුදයො. දුතියො අන්තොති දුතියො කොට්ඨාසො. අතීතන්ති අති ඉතං අතීතං, අතික්කන්තන්ති වුත්තං හොති. අනාගතන්ති න ආගතං, අනුප්පන්නන්ති වුත්තං හොති. සුඛා වෙදනාදයො විසභාගවසෙන. නාමරූපදුකං නමනරුප්පනවසෙන. අජ්ඣත්තිකාදයො අජ්ඣත්තබාහිරවසෙන. සක්කායාදයො ඛන්ධපඤ්චකානං පවත්තිසමුදයවසෙන වුත්තාති වෙදිතබ්බා.
ඵස්ස සමුදයො වස්තු ආරම්මණය යමකින් හටගනීද උපදියිද ඒ සමුදය. දුතියො අන්තො දෙවැනි කොට්ඨාසය. අතීතං ඉක්මවන ලදී. ඉක්ම ගියේයැයි කියන ලදී. අනාගතං නොපැමිණියේ අනාගතයයි. නූපන්නේ යැයි කියන ලදී. සුඛ වේදනාදිය විෂභාග වශයෙන්ද නාමරූප ද්විකය නැමීම් වෙනස් වීම් වශයෙන් ද අධ්‍යාත්මික ආදිය අධ්‍යාත්මික හා බාහිර වශයෙන් ද සත්කායදිය ස්කන්ධ පංචකයේ අසම්පත්ති සමුදය වශයෙන් ද කියන ලදැයි දතයුතුය.
සකත්තභාවොති අත්තනො අත්තභාවො. පරත්තභාවොති පරස්ස අත්තභාවො.
සකත්තභාවො තමාගේ ආත්මභාවය. පරත්ත භාවො අනුන්ගේ ආත්මභාවය.
දුතියගාථාය දිට්ඨෙ වාති දිට්ඨසුද්ධියා වා. එස නයො සුතාදීසු. සඤ්ඤාති සඤ්ඤාසමුට්ඨාපිකා දිට්ඨි.
දෙවැනි ගාථාවේ දිට්ඨෙ වා දෘෂ්ටි ශුද්ධියෙන් හෝ. සුතා දියෙහිද මේ ක්‍රමයමයි. සඤ්ඤා සංඥාවෙන් ඔසවා තැබූ දෘෂ්ටිය.
අපරාමසන්තන්ති තණ්හාමානදිට්ඨීහි න පරාමසන්තං. අනභිනිවෙසන්තන්ති තෙහෙව අනභිනිවිසන්තං.
අපරාමසන්තං තෘෂ්ණා, මාන දෘෂ්ටීන්ගෙන් පරාමර්ශනය නොකරන, අනභිනිවිසන්තං ඒ දෘෂ්ටීන් නොපිළිගෙන,
“විනිබද්ධො”ති වාති මානෙන විනිබද්ධොති වා. “පරාමට්ඨො”ති වාති පරතො නිච්චසුඛසුභාදීහි පරාමට්ඨොති වා. වික්ඛෙපගතොති උද්ධච්චවසෙන. අනිට්ඨඞ්ගතොති විචිකිච්ඡාවසෙන. ථාමගතොති අනුසයවසෙන. ගතියාති ගන්තබ්බවසෙන.
විනිබද්ධොති වා මානයෙන් එකට බැඳී. පරාමට්ඨොති වා අතිශයින් නිත්‍ය, සුඛ, සුභ වශයෙන් දැඩිසේ සිතින් අල්ලා ගත්. වික්ඛෙපගතො උද්ධච්ච වශයෙන්. අනිට්ඨං ගතො විචිකිච්ඡා වශයෙන්. ථාමගතො අනුසය වශයෙන්. ගතියා යායුතු වශයෙන්.
තතියගාථාය ධම්මාපි තෙසං න පටිච්ඡිතාසෙති ද්වාසට්ඨිදිට්ඨිගතධම්මාපි තෙසං “ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ”න්ති (උදා· 54) එවං න පටිච්ඡිතා. පාරඞ්ගතො න පච්චෙති තාදීති නිබ්බානපාරං ගතො තෙන තෙන මග්ගෙන පහීනෙ කිලෙසෙ පුන නාගච්ඡති පඤ්චහි ච ආකාරෙහි තාදී හොතීති. සෙසං පාකටමෙව.
තෙවන ගාථාවෙහි, ධම්මාපි තෙසං න පටිච්ඡිතාසෙ දෙසැටක් දෘෂ්ටිගත ධර්මයෝ ද ඔවුන්ගේ ‘මෙයම සත්‍යය. සෙස්ස බොරුය’යි මෙසේ පිළි නොගත්තේය. පාරගතො න පච්චෙති තාදී නිවන් පරතෙරට ගිය, ඒ ඒ මාර්ගයෙන් ප්‍රහීණ වූ ක්ලේශයන්ට නැවත නොපැමිණෙයි. පස් ආකාරයකින් තාදිය වේ. සෙසු වදන්හි අර්ථ ප්‍රකටමය.
වීසතිවත්ථුකා සක්කායදිට්ඨීති “රූපං අත්තතො සමනුපස්සතී”තිආදිනා (පටි· ම· 1.132) නයෙන එකෙකස්මිං ඛන්ධෙ චතූහි චතූහි ආකාරෙහි පඤ්චක්ඛන්ධෙ පතිට්ඨං කත්වා පවත්තා විජ්ජමානෙ කායෙ දිට්ඨි. දසවත්ථුකා මිච්ඡාදිට්ඨීති “නත්ථි දින්න”න්තිආදිනයප්පවත්තා (ධ· ස· 1221) දිට්ඨි. අන්තග්ගාහිකාදිට්ඨීති “සස්සතො ලොකො ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ”න්තිආදිනයප්පවත්තා (ම· නි· 3.27) එකෙකං අන්තං අත්ථීති ගහෙත්වා පවත්තා දිට්ඨි. යා එවරූපා දිට්ඨීති ඉදානි වුච්චමානානං එකූනවීසපදානං සාධාරණං මූලපදං. යා දිට්ඨි, තදෙව දිට්ඨිගතං; යා දිට්ඨි, තදෙව දිට්ඨිගහනන්ති සබ්බෙසං සම්බන්ධො කාතබ්බො. යා අයාථාවදස්සනට්ඨෙන දිට්ඨි, තදෙව දිට්ඨීසු ගතං දස්සනං ද්වාසට්ඨිදිට්ඨියා අන්තොගතත්තාති දිට්ඨිගතං. හෙට්ඨාපිස්ස අත්ථො වුත්තොයෙව.
වීසති වත්ථුකා සක්කාය දිට්ඨි ‘රූපය ආත්ම වශයෙන් දකියි’ යනාදී වශයෙන් එක් එක් ස්කන්ධයෙහි සතර සතර ආකාරයන්ගෙන් පංචස්කන්ධයෙහි පිහිටා පවතින විද්‍යමාන වූ කයෙහි පවතින දෘෂ්ටිය. දසවත්ථුකා මිච්ඡාදිට්ඨි ‘දුන් දෙයෙහි විපාක නැත’ ආදී වශයෙන් පවතින දෘෂ්ටිය. අන්තග්ගාහිතා දිට්ඨි ‘ලෝකය ශාස්වතය’ ‘මෙයම සත්‍යය. සෙස බොරුය’ ආදී වශයෙන් පවතින එක් එක් අන්තයක් ඇතැයි රැගෙන පැවති දෘෂ්ටිය. යා එවරූපා දිට්ඨි දැන් මතු කියනු ලබන දහනවයක් වූ පදයන්ට සාධාරණ වූ මූලපදය, යම් දෘෂ්ටියක් වේද ඒ දෘෂ්ඨිගතයම, යම් දෘෂ්ටියක් වේද එම දෘෂ්ටි ග්රහණයම, මෙසේ සියල්ල සම්බන්ධ කරගත යුතුයි. යමක් අයථාකාරයෙන් දැකීම් වශයෙන් දෘෂ්ටියක් වේද, ඒ දෘෂ්ටිගතයම, දැකීම දර්ශනය, දෙසැටක් මිසදිටු අන්තර්ගත වූයේනුයි දිට්ඨිගත නම් වේ. යට පදයන්හි අර්ථ කියන ලද්දේමය.
ද්වින්නං අන්තානං එකන්තගතත්තාතිපි දිට්ඨිගතං. තත්ථ සස්සතොති නිච්චො. ලොකොති අත්තා. “ඉධ සරීරංයෙව නස්සති, අත්තා පන ඉධ පරත්ථ ච සොයෙවා”ති මඤ්ඤන්ති. සො හි සාමඤ්ඤෙව ආලොකෙතීති කත්වා ලොකොති මඤ්ඤති. අසස්සතොති අනිච්චො. අත්තා සරීරෙනෙව සහ නස්සතීති මඤ්ඤන්ති. අන්තවාති පරිත්තෙ කසිණෙ ඣානං උප්පාදෙත්වා තං පරිත්තකසිණාරම්මණං චෙතනං “සපරියන්තො අත්තා”ති මඤ්ඤන්ති. අනන්ත වාති න අන්තවා අප්පමාණෙ කසිණෙ ඣානං උප්පාදෙත්වා තං අප්පමාණකසිණාරම්මණං චෙතනං “අපරියන්තො අත්තා”ති මඤ්ඤන්ති. තං ජීවං තං සරීරන්ති ජීවො ච සරීරඤ්ච තංයෙව. ජීවොති අත්තා, ලිඞ්ගවිපල්ලාසෙන නපුංසකවචනං කතං. සරීරන්ති රාසට්ඨෙන ඛන්ධපඤ්චකං. අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති අඤ්ඤො ජීවො අඤ්ඤං ඛන්ධපඤ්චකං . හොති තථාගතො පරං මරණාති ඛන්ධා ඉධෙව විනස්සන්ති, සත්තො මරණතො පරං හොති විජ්ජති න නස්සති, තථාගතොති චෙතං සත්තාධිවචනන්ති. කෙචි පන “තථාගතොති අරහා”ති වදන්ති. ඉමෙ න හොතීති පක්ඛෙ දොසං දිස්වා එවං ගණ්හන්ති. න හොති තථාගතො පරං මරණාති ඛන්ධාපි ඉධෙව නස්සන්ති , තථාගතො ච මරණතො පරං න හොති උච්ඡිජ්ජති. ඉමෙ හොතීති පක්ඛෙ දොසං දිස්වා එවං ගණ්හන්ති. හොති ච න ච හොතීති ඉමෙ එකෙකපක්ඛපරිග්ගහෙ දොසං දිස්වා උභයපක්ඛං ගණ්හන්ති. නෙව හොති න න හොතීති ඉමෙ උභයපක්ඛපරිග්ගහෙ උභයදොසාපත්තිං දිස්වා “හොති ච න හොතී”ති ච “නෙව හොති න න හොතී”ති ච අමරාවික්ඛෙපපක්ඛං ගණ්හන්ති.
අන්ත දෙකෙන් එක් අන්තයකට ගිය හෙයින් ද දිට්ඨිගත නම් වේ. එහි සස්සතො නිත්‍ය වූ. ලොකො ආත්මය, මෙහිදී ශරීරයම නැසේ. ආත්මය වනාහි මෙලොව සිට පරලොවට යන්නේයැයි සිතති. එය වනාහි තමන්ම බලන්නේ නුයි ලෝක නම් වේ. අසස්සතො අනිත්‍යය. ආත්මය ශරීරයත් සමගම නැසේ යයි සිතති. අන්තවා කුඩා වූ (පරිත්ත) කසිණයක් පාදක කරගෙන ධ්‍යාන උපදවා ඒ පරිත්ත කසිණාරම්මණ චේතනාව කෙළවරක් ඇති ආත්මයකැයි සිතති. අනන්තවා අන්තයක් නැත. අප්‍රමාණ වූ කසිණය පාදක කරගෙන ධ්‍යාන උපදවා, ඒ අප්‍රමාණ කසිණාරම්මණ චේතනාව කෙළවරක් රහිත ආත්මයකැයි සිතති. තං ජීවං තං සරීරං ජීවයත් ශරීරයත් එයම ය. ‘ජීවො’ යනු ආත්මයයි. ලිංග විපර්යාස වශයෙන් නපුංසක වචනයෙන් තබන ලදී. සරීරං යනු රාශි අර්ථයෙන් ස්කන්ධ පංචකයයි. අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ජීවය අනිකකි. ස්කන්ධ පංචකය අනිකකි. හොති තථාගතො පරම්මරණා ස්කන්ධයෝ මෙහිදීම විනාශ වෙති. සත්ත්වයා මරණින් පසුව සිටී. විද්‍යමාන වේ. නොනැසේ. තථාගතො යනුවෙන් සත්ත්වයාම අදහස් වේ. ඇතැමෙක් තථාගත යනු රහතන් වහන්සේ යැයි කියති. මොවුහු (මරණින් මතු) නොවෙති’යි යන පක්ෂයේ දෝෂය දැක මෙසේ ගනිති. න හොති තථාගතො පරම්මරණා ස්කන්ධයෝ ද මෙහිදීම නැසෙති. සත්ත්වයා ද මරණින් පසුව නොවේ. වැනසේ. මොවුහු (මරණින් මතු) වෙති යන පක්ෂයෙහි දොස් දැක මෙසේ ගනිති. හොති ච නච හොති මොවුහු එක් එක් පක්ෂය දැඩිව ගැනීමේ දොස් දැක පක්ෂ දෙකම ගනිති. නෙව හොති න නහොති මොවුහු පක්ෂ දෙකෙහිම ගැනීම්වල දෝෂාපත්ති දෙක දැක ‘වන්නේද වේ. නොවන්නේද වේ’ යනුවෙන් අමරා වික්ඛෙපවාදය පිළිගනිති.
අයං පනෙත්ථ අට්ඨකථානයො (පටි· ම· අට්ඨ· 2.1.113) – “සස්සතො ලොකො”ති වාතිආදීහි දසහාකාරෙහි දිට්ඨිපභෙදොව වුත්තො. තත්ථ සස්සතො ලොකොති ච ඛන්ධපඤ්චකං ලොකොති ගහෙත්වා “අයං ලොකො නිච්චො ධුවො සබ්බකාලිකො”ති ගණ්හන්තස්ස සස්සතන්ති ගහණාකාරප්පවත්තා දිට්ඨි. අසස්සතොති තමෙව ලොකං “උච්ඡිජ්ජති විනස්සතී”ති ගණ්හන්තස්ස උච්ඡෙදග්ගහණාකාරප්පවත්තා දිට්ඨි. අන්තවාති පරිත්තකසිණලාභිනො සුප්පමත්තෙ වා සරාවමත්තෙ වා කසිණෙ සමාපන්නස්ස අන්තොසමාපත්තියං පවත්තිතරූපාරූපධම්මෙ “ලොකො”ති ච කසිණපරිච්ඡෙදන්තෙන “අන්තවා”ති ච ගණ්හන්තස්ස “අන්තවා ලොකො”ති ගහණාකාරප්පවත්තා දිට්ඨි. සා සස්සතදිට්ඨිපි හොති උච්ඡෙදදිට්ඨිපි. විපුලකසිණලාභිනො පන තස්මිං කසිණෙ සමාපන්නස්ස අන්තොසමාපත්තියං පවත්තිතරූපාරූපධම්මෙ “ලොකො”ති ච කසිණපරිච්ඡෙදන්තෙන ච “අනන්තො”ති ගණ්හන්තස්ස “අනන්තවා ලොකො”ති ගහණාකාරප්පවත්තා දිට්ඨි. සා සස්සතදිට්ඨි හොති, උච්ඡෙදදිට්ඨිපි. තං ජීවං තං සරීරන්ති භෙදනධම්මස්ස සරීරස්සෙව “ජීව”න්ති ගහිතත්තා “සරීරෙ උච්ඡිජ්ජමානෙ ජීවම්පි උච්ඡිජ්ජතී”ති උච්ඡෙදග්ගහණාකාරප්පවත්තා දිට්ඨි. දුතියපදෙන සරීරතො අඤ්ඤස්ස ජීවස්ස ගහිතත්තා “සරීරෙ ච උච්ඡිජ්ජමානෙපි ජීවං න උච්ඡිජ්ජතී”ති සස්සතගහණාකාරප්පවත්තා දිට්ඨි. හොති තථාගතොතිආදීසු “සත්තො තථාගතො නාම, සො පරං මරණා හොතී”ති ගණ්හතො පඨමා සස්සතදිට්ඨි. “න හොතී”ති ගණ්හතො දුතියා උච්ඡෙදදිට්ඨි. “හොති ච න ච හොතී”ති ගණ්හතො තතියා එකච්චසස්සතදිට්ඨි. “නෙව හොති න න හොතී”ති ගණ්හතො චතුත්ථා අමරාවික්ඛෙපදිට්ඨීති වුත්තප්පකාරා දසවිධා දිට්ඨි. යථායොගං භවදිට්ඨි ච විභවදිට්ඨි චාති ද්විධා හොති. තාසු එකාපි තෙසං ඛීණාසවානං න පටිච්ඡිතාති අත්ථො.
මේ දැක්වූයේ අට්ඨකථා න්‍යායයි. ‘ලෝකය ශාස්වතය’ යනාදී ලෙස දස ආකාරයකින් දෘෂ්ටියේ ප්‍රභේදයම කියන ලදී. එහි සස්සතො ලොකො යනු ස්කන්ධ පංචකය ලෝකය යැයි ගෙන මේ ලෝකය, නිත්‍යය, ස්ථිරය, සර්වකාලිකයැයි ගන්නා හට සදාකාලික යැයි ග්රහණාගාරයෙන් පවතින දෘෂ්ටියයි. අසස්සතො යනු ඒ ලෝකයම සිඳ දමනු ලැබේ. විනාශ වේ යැයි ගන්නා හට උච්ඡේදය ග්‍රහණය කරන අයුරින් පවතින දෘෂ්ටියයි. අන්ත වා පරිත්ත කසිණලාභියාගේ කුල්ලක් පමණ හෝ නෑඹිලියක් පමණ වූ හෝ කසිණයෙහි ධ්‍යාන වඩා සමවැදුනහුගේ, සමාපත්තියේ පවතින රූපාරූප ධර්මය පිළිබඳව ලෝකය යැයි ද කසිණය පිරිසිඳීමෙන් අන්තවත් යැයි ද ගන්නා හට ලෝකය අන්තවත් යැයි පිළිගන්නා ආකාරයෙන් පවතින දෘෂ්ටියයි. එය ශාස්වත දෘෂ්ටියක් ද උච්ඡේද දෘෂ්ටියක් ද වේ. මහත් වූ කසිණයක් ගෙන ඒ කසිණයෙහි ධ්‍යාන භාවනා වඩා සමවැදුනහුට කසිණ පරිච්ඡේදය අනන්තවත් බැවින් අනන්තයැයි පිළිගන්නා හට ලෝකය අනන්තවත් යැයි ග්‍රහණය කරගන්නා අයුරින් පවතින දෘෂ්ටියයි. එයද ශාස්වත දෘෂ්ටියක්ද උච්ඡේද දෘෂ්ටියක් ද වේ. තං ජීවං තං සරීරං බිදීම ස්වභාවකොට ඇති ශරීරයෙහිම පවතියි’යැයි පිළිගත් බැවින් ශරීරය වැනසී යන කල්හි ජීවයද වැනසේ යැයි උච්ඡේද ගහණාකාරයෙන් පවත්නා දෘෂ්ටියයි. පිළිගැනීමයි. දෙවැනි පදයෙන් ශරීරයෙන් අන්‍ය වූවක් ලෙස ජීවිතය ගත් බැවින් ශරීරය වැනසුනත් ජීවය නොනැසේයැයි ශාස්වත යැයි පිළිගත් දෘෂ්ටිය අදහස් වේ. හොති තථාගතො ආදියෙහි සත්ත්වයා තථාගත නම් වේ. සත්ත්වයා මරණින් පසු සිටියි යනුවෙන් පිළිගන්නා තැනැත්තාට පළමු ශාස්වත දෘෂ්ටිය වේ. නොපවතියි යැයි පිළිගන්නා තැනැත්තාට දෙවන උච්ඡේද දෘෂ්ටිය වේ. පවතියි ද නොපවතියි ද ගැනීම් වශයෙන් පවතිනුයේ තෙවැනි එකච්ච ශාස්වත දෘෂ්ටියයි. නොමවෙයි, නොපවත්නේ නොවේ යැයි ගන්නා තැනැත්තාට සිවුවන අමරාවික්ඛේප දෘෂ්ටිය වේ යයි කියන ලද ආකාරයේ දසවිධ දෘෂ්ටීන් සුදුසු පරිදි භවදිට්ඨි හා විභව දිට්ඨි යනුවෙන් දෙකොටසකට බෙදේ. ඒ දෘෂ්ටීන්ගෙන් එකක්වත් ඒ රහතන් වහන්සේ පිළි නොගනිති යන අර්ථයයි.
යෙ කිලෙසාති යෙ කිලෙසා සොතාපත්තිමග්ගෙන පහීනා, තෙ කිලෙසෙ . න පුනෙතීති න පුන එති . න පච්චෙතීති පුන නිබ්බත්තෙත්වා න පටිඑති, න පච්චාගච්ඡතීති පච්චභවෙ නාගච්ඡති. පඤ්චහාකාරෙහි තාදීති පඤ්චහි කාරණෙහි කොට්ඨාසෙහි වා සදිසො. ඉට්ඨානිට්ඨෙ තාදීති ඉට්ඨාරම්මණෙ ච අනිට්ඨාරම්මණෙ ච අනුනයපටිඝං මුඤ්චිත්වා ඨිතත්තා ද්වීසු සදිසො. චත්තාවීති කිලෙසෙ චජිතවා. තිණ්ණාවීති සංසාරං අතික්කමිතවා. මුත්තාවීති රාගාදිතො මුත්තවා. තංනිද්දෙසා තාදීති තෙන තෙන සීලසද්ධාදිනා නිද්දිසිත්වා නිද්දිසිත්වා කථෙතබ්බතො සදිසො.
යෙ කිලෙසා යම් ක්ලේශයක් සෝවාන් ආර්ය මාර්ගයෙන් ප්‍රහීණ වූයේ ද ඒ කෙලෙස් නැවත ඇති නොවේ. නැවත හටගෙන ප්රතිසන්ධියට නො පැමිණේ. න පච්ඡාගච්ඡති පසුපස නොයයි. පඤ්චහාකාරෙහි තාදි කරුණු පසකින්, කොටස් පහකින් හෝ සමාන වූ. ඉට්ඨානිට්ඨෙතාදි ඉෂ්ටාරම්මණයෙහි ද අනිෂ්ටාරම්මණයෙහිද අනුකූල වූ ප්‍රතිඝය අත්හැර සිටි බැවින් දෙකෙක්හි සමාන වූ, චත්තාවී කෙලෙස් අත්හැරි. දුරුකළ. තිණ්ණාවී සංසාරය ඉක්මවූ. මුත්තාවී රාගාදියෙන් මිදුණු, තංනිද්දෙසාතාදී ඒ ඒ සීල ශ්‍රද්ධාදියෙන් විස්තර කරමින් කිවයුතු බැවින් ඊට සමාන වූ.
තං පඤ්චවිධං විත්ථාරෙත්වා කථෙතුකාමො “කථං අරහා ඉට්ඨානිට්ඨෙ තාදී”තිආදිමාහ. තත්ථ ලාභෙපීති චතුන්නං පච්චයානං ලාභෙපි. අලාභෙපීති තෙසං අලාභෙපි. යසෙපීති පරිවාරෙපි. අයසෙපීති පරිවාරවිපත්තියාපි. පසංසායපීති වණ්ණභණනායපි. නින්දායපීති ගරහායපි. සුඛෙපීති කායිකසුඛෙපි. දුක්ඛෙපීති කායිකදුක්ඛෙපි. එකඤ්චෙ බාහං ගන්ධෙන ලිම්පෙය්යුන්ති සචෙ එකං බාහං චතුජාතියගන්ධෙන ලෙපං උපරූපරි දදෙය්යුං. වාසියා තච්ඡෙය්යුන්ති යදි එකං බාහං වඩ්ඪකී වාසියා තච්ඡෙත්වා තච්ඡෙත්වා තනුං කරෙය්යුං. අමුස්මිං නත්ථි රාගොති අමුස්මිං ගන්ධලෙපනෙ සිනෙහො නත්ථි න සංවිජ්ජති. අමුස්මිං නත්ථි පටිඝන්ති අමුස්මිං වාසියා තච්ඡනෙ පටිහනනසඞ්ඛාතං පටිඝං කොපං නත්ථි න සංවිජ්ජති. අනුනයපටිඝවිප්පහීනොති සිනෙහඤ්ච කොපඤ්ච පජහිත්වා ඨිතො. උග්ඝාතිනිඝාතිවීතිවත්තොති අනුනයවසෙන අනුග්ගහඤ්ච පටිඝවසෙන නිග්ගහඤ්ච අතික්කමිත්වා ඨිතො. අනුරොධවිරොධසමතික්කන්තොති අනුනයඤ්ච පටිඝඤ්ච සම්මා අතික්කන්තො.
මේ පංචවිධ කාරණා විස්තර කර දක්වනු කැමැතිව කථං අරහා ඉට්ඨානිට්ඨෙ තාදී යනාදිය කියන ලදී. තත්ථ ලාභෙපි සිවුපසය ලැබීමෙහි දී අලාභෙපි ඒවා නොලැබීමෙහි දී යසෙපි පිරිවර ඇතිවිට අයසෙපි පිරිවර නැතිවිට පසංසා යපි ප්‍රශංසා කරනවිට නින්දායපි ගරහනවිට සුඛෙපි කායික සුඛයෙහි දී දුක්ඛෙපි කායික දුකෙහි දී. එකං චෙ බාහං ගන්ධෙන ලිම්පෙය්යුං, ඉදින් එක් අතක් සිවු වැදෑරුම් සුගන්ධාලේපයෙන් නැවත නැවත අලංකාර කරන්නේ නම් වාසියා තච්ඡෙය්යුං අනික් අත වඩුවාගේ වෑයෙන් සැස තුනී කරන්නේ නම් අමුස්මිං නත්ථිරාගො මේ සුගන්ධාලේපයෙහි සෙනෙහසක්, ඇලීමක් නැත. අමුස්මිං නත්ථි පටිඝං මේ වෑයෙන් සැස නැසීම පිළිබඳ ප්‍රතිඝයක්, කෝපයක්ද නැත. අනුනය පටිඝ විප්පහීනො සෙනෙහස ද කෝපය ද ඉවතලා සිටී. උග්ඝාති නිඝාති වීතිවත්තො ඇලීම් වශයෙන් අනුග්‍රහය ද ප්‍රතිඝ වශයෙන් නිග්‍රහය ද ඉක්මවා සිටී. අනුරොධ විරොධං සමතික්කන්තො අනුකූලභාවයත් ප්‍රතිඝයත් මනාව ඉක්මවා සිටියේ.
සීලෙ සතීති සීලෙ සංවිජ්ජමානෙ. සීලවාති සීලසම්පන්නො. තෙන නිද්දෙසං කථනං ලභතීති තාදී. සද්ධාය සති සද්ධොති එවමාදීසුපි එසෙව නයො.
සීලෙසතී සීලය විද්‍යමාන වන කල්හි සීලවා සීලසම්පන්නයෙකැයි යනාදී ලෙස ප්‍රශංසා ලබයිනුයි තාදි නම් වේ. සද්ධාය සති සද්ධො යනාදියෙහි ද මේ ක්‍රමයයි.
සද්ධම්මප්පජ්ජොතිකාය මහානිද්දෙසට්ඨකථාය
සද්ධම්මපජ්ජොතිකා නම් මහා නිද්දේසට්ඨකථාවේ
පරමට්ඨකසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
පස්වන පරමට්ඨක සූත්‍ර නිර්දේශ වර්ණනාව නිමියේ ය.