6. ජරාසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
6. ජරාසුත්තනිද්දෙසවණ්ණනා
6. ජරාසූත්රනිර්දේශ වර්ණනාව
ඡට්ඨෙ ජරාසුත්තෙ අප්පං වත ජීවිතං ඉදන්ති ඉදං වත මනුස්සානං ජීවිතං අප්පකං පරිත්තං ඨිතිපරිත්තතාය සරසපරිත්තතායාති ගුහට්ඨකසුත්තෙපි වුත්තනයමෙතං. ඔරං වස්සසතාපි මිය්යතීති වස්සසතා ඔරං කලලාදිකාලෙපි මිය්‍යති. අතිච්චාති වස්සසතං අතික්කමිත්වා. ජරසාපි මිය්යතීති ජරාය මිය්‍යති. ඉතො පරං ගුහට්ඨකසුත්තවණ්ණනාය වුත්තනයෙනෙව ගහෙතබ්බං.
සයවන ජරා සූත්‍රයේ අප්ප වතං ජීවිතං ඉදං මේ මිනිස් දිවිය ඒකාන්තයෙන් ම අල්පය. කුඩාය. ස්ථිතික්ෂණ වශයෙන් ද සම්පත්ති ලක්ෂණ වශයෙන් ද ජීවිතය අල්ප වේ යයි ගුහට්ඨක සූත්‍රයේ පැවසූ පරිදි දතයුතුයි. ඔරං වස්සසතාපි මීය්යති වර්ෂ සීයට පෙර කලල ආදී අවස්ථාවන්හි ද මිය යයි. අතිච්චා වර්ෂ සීයක් ඉක්මවා ද මිය යයි. ජරසාපි මීය්යතී ජරාවෙන් ද මිය යයි. මින් අනතුරුව එන විස්තරය ගුහක සූත්‍ර වර්ණනාවේ පැමිණි පරිදිම ගතයුතුයි.
අප්පන්ති මන්දං. ගමනීයො සම්පරායොති පරලොකො ගන්තබ්බො. කලලකාලෙපීති එත්ථ කලලකාලං නාම පටිසන්ධික්ඛණෙ තීහි ජාතිඋණ්ණංසූහි කතසුත්තග්ගෙ ඨිතතෙලබින්දුප්පමාණං අච්ඡං විප්පසන්නකලලං හොති. යං සන්ධාය වුත්තං –
අප්පං මදය. ගමනීයො සම්පරායො පරලොව යායුතුයි. කලල කාලෙපි මෙහි කලලය නම් ප්රතිසන්ධි ක්ෂණයෙහි ජාති තුනක සිහින් රෝමකූපවලින් කරන ලද නූල අග තැබූ තෙල් බින්දුවක් පමණ වන අතිශයින් ප්‍රසන්න වූ ආකාරයෙන් පවතින්නකි. ඒ සඳහා කියන ලදී.
“තිලතෙලස්ස යථා බින්දු, සප්පිමණ්ඩො අනාවිලො; එවං වණ්ණප්පටිභාගං, කලලං සම්පවුච්චතී”ති. (සං· නි· අට්ඨ· 1.1.235; විභ· අට්ඨ· 26 පකිණ්ණකකථා);
තෙල තෙලස්ස යථා බින්දු සප්පිමණ්ඩො අනාවිලො, එවං වණ්ණ පටිභාගං කල්ලන්ති පවුච්චතී
ඉතා පිරිසිදු ගිතෙල් මත අමිශ්‍රව තලතෙල් බින්දුවක් පවතින්නාක් මෙන් වර්ණවන්ත භාවයෙන් යුක්ත වූ දෙය කලලයැයි කියනු ලැබේ.
තස්මිං කලලකාලෙපි. චවතීති ජීවිතං ගළති. මරතීති ජීවිතවියොගං ආපජ්ජති. අන්තරධායතීති අදස්සනං පාපුණාති. විප්පලුජ්ජතීති ඡිජ්ජති. “අණ්ඩජයොනියා චවති. ජලාබුජයොනියා මරති. සංසෙදජයොනියා අන්තරධායති. ඔපපාතිකයොනියා විප්පලුජ්ජතී”ති එවමෙකෙ වණ්ණයන්ති. අබ්බුදකාලෙපීති අබ්බුදං නාම කලලතො සත්තාහච්චයෙන මංසධොවනඋදකවණ්ණං හොති, කලලන්ති නාමං අන්තරධායති. වුත්තම්පි චෙතං –
ඒ කලල අවස්ථාවෙහි සත්ත්වයා මිය යයි. වචතී ජීවිතය ගිලිහේ. චුත වේ. මරතී ජීවිතය වියෝගවීමට පැමිණේ. අන්තරධායති නොපෙනෙන බවට පත්වේ. විප්පලුජ්ජති සිඳේ. අණ්ඩජ යෝනියෙන් චවති (චුත වේ) ජලාබුජ යෝනියෙන් මරති (මැරේ) යනුවෙන් ද ඇතැමෙක් වර්ණනා කරති. අබ්බුද කාලෙපි අර්බුදය යනු කලලයට දින සතක් ගතවූ පසුව ඇතිවන මස් සේදූ වතුර මෙන් පැහැය ඇති අවස්ථාවයි. කලලය එවිට අතුරුදහන් වේ. එය කියන ලදී.
“සත්තාහං කලලං හොති, පරිපක්කං සමූහතං; විවට්ටමානං තබ්භාවං, අබ්බුදං නාම ජායතී”ති. (සං· නි· අට්ඨ· 1.1.235);
සත්තාහං කලලං හොති - පරිපක්කං සමූහතං, විවට්ටමානං තං භාවං - අබ්බුදං නාම ජායතී
මුහුකුරා ගිය උදුරා දැමූ සත්දිනක් වූ කලලයට පෙරළෙමින්, පරිවර්තනය වෙමින් පැමිණි අවස්ථාවට අබ්බුද යන නම යෙදේ. ඒ අබ්බුද කාලයේද මිය යයි.
තස්මිං අබ්බුදකාලෙපි. පෙසිකාලෙපීති තස්මාපි අබ්බුදා සත්තාහච්චයෙන විලීනතිපුසදිසා පෙසි නාම සඤ්ජායති. සා මරිචඵාණිතෙන දීපෙතබ්බා. ගාමදාරිකා හි සුපක්කානි මරිචානි ගහෙත්වා සාටකන්තෙ භණ්ඩිකං කත්වා පීළෙත්වා මණ්ඩං ආදාය කපාලෙ පක්ඛිපිත්වා ආතපෙ ඨපෙන්ති, තං සුක්ඛමානං සබ්බභාගෙහි මුච්චති. එවරූපා පෙසි හොති, අබ්බුදන්ති නාමං අන්තරධායති. වුත්තම්පි චෙතං –
පෙසි කාලෙපි ඒ අබ්බුදයට ද සත්දිනක් ගත වූ පසුව උණු කිරීමෙන් දිය කළ ඊයම් මෙන් වූ අවස්ථාව පේසි නම් වේ. එය මිරිස් මුලක් මෙන් දතයුතුයි. ගම්දරුවෝ ඉතා රතු වූ (පැසුණු) මිරිස් ගෙන සළු කෙළවර පොදියක් සේ තළා බැඳ මණ්ඩයක් ගෙන කබලක බහා ඒ පොදිය අව්වේ තබති. වියලී යන ඒ මිරිස් පොදිය සෑම පැත්තෙන්ම එළියට එයි. පේසිය මෙවැනි ස්වරූප ඇත්තේ වේ. අබ්බුද යන නම අතුරුදහන් වේ. එය කියන ලද්දේමය.
“සත්තාහං අබ්බුදං හොති, පරිපක්කං සමූහතං; විවට්ටමානං තබ්භාවං, පෙසි නාම පජායතී”ති. (සං· නි· අට්ඨ· 1.1.235);
සත්තාහං අබ්බුදං හොති පරිපක්කං සමූහතං, විවට්ටමානං තං භාවං පෙසි නාම පජායති
තස්මිං පෙසිකාලෙපි. ඝනකාලෙපීති තතොපි පෙසිතො සත්තාහච්චයෙන කුක්කුටණ්ඩසණ්ඨානො ඝනො නාම මංසපිණ්ඩො නිබ්බත්තති, පෙසීති නාමං අන්තරධායති. වුත්තම්පි චෙතං –
මුහුකුරා ගිය, උදුරා දැමූ සත්දිනක් ගත වූ අබ්බුදය පරිවර්තනය වීමෙන් පේසි නම් වූ තත්ත්වයට පත් වේ. ඒ පේසි අවස්ථාවේදීත් සත්ත්වයා මැරේ. යනකාලෙපී ඉක්බිති ඒ පේශියට ද දින සතක් ගත වූ කල්හි, කිකිළි බිත්තරයක් මෙන් පිහිටි ආකාර ඇති ‘ඝන’ නම් මස්පිඬ උපදියි. පේසි නාමය අතුරුදහන් වේ. එය කියන ලද්දේම ය.
“සත්තාහං පෙසි භවති, පරිපක්කං සමූහතං; විවට්ටමානං තබ්භාවං, ඝනොති නාම ජායති.
සත්තාහං පෙසී භවති පරිපක්කං සමූහතං, විවට්ටමානං තං භාවං ඝනො නාම පජායතී
මුහුකුරා ගිය උදුරා දැමුණු පේසියට පෙරළෙමින් සත් දිනක් ගතවූ පසුව ඇතිවන තත්ත්වය ඝන නම යෙදේ.
“යථා කුක්කුටියා අණ්ඩං, සමන්තා පරිමණ්ඩලං; එවං ඝනස්ස සණ්ඨානං, නිබ්බත්තං කම්මපච්චයා”ති. (සං· නි· අට්ඨ· 1.1.235);
කිකිළි බිත්තරය හාත්පස පිරිමඬුලු බැඳ සිටීද එසේ ඝනයේ රූ සටහන් කර්ම ප්‍රත්‍යයෙන් ඇතිවේ.
තස්මිං ඝනකාලෙපි. පසාඛකාලෙපීති පඤ්චමෙ සත්තාහෙ ද්වින්නං ද්වින්නං හත්ථපාදානං සීසස්ස චත්ථාය පඤ්ච පීළකා ජායන්ති, යං සන්ධාය වුත්තං – “පඤ්චමෙ, භික්ඛවෙ, සත්තාහෙ පඤ්ච පීළකා සණ්ඨහන්ති කම්මතො”ති. තස්මිං පසාඛකාලෙපි. තතො පරං ඡට්ඨසත්තමාදීනි සත්තාහානි අතික්කම්ම දෙසනං සඞ්ඛිපිත්වා ද්වාචත්තාලීසසත්තාහෙ පරිණතකාලෙ කෙසලොමනඛාදීනං උප්පත්තිකාලඤ්ච. තස්ස ච නාභිතො උට්ඨිතො නාළො මාතු උදරපටලෙන එකාබද්ධො හොති, සො උප්පලදණ්ඩකො විය ඡිද්දො, තෙන ආහාරරසො සංසරිත්වා ආහාරසමුට්ඨානරූපං සමුට්ඨාපෙති. එවං සො දසමාසෙ යාපෙති, තං සබ්බං අවත්වා “සූතිඝරෙ”ති ආහ. යං සන්ධාය වුත්තං –
ඒ ඝන අවස්ථාවේ සත්ත්වයා මැරේ. පසාඛකාලෙපි පස්වන සතිය තුලදී දෙක දෙක බැගින් වූ අත් පා ද හිස ද සඳහා ගඩු පහක් වර්ධනය වෙති. ඒ සඳහා කියන ලදී. මහණෙනි, කර්මයෙන් පස්වන සතිය තුලදී ගඩුපහක් වර්ධනය වේ’ යනුයි. ඒ ප්රසාඛ කාලයෙහි ද සත්ත්වයෝ මිය යති. ඉන් අනතුරුව එන සවන, සත්වන සති ඉක්මවා දේශනාව හකුළුවා සතලිස්වන සතියේ දී, පරිණතියට පත්වූ කල කෙස් ලොම් නිය ආදිය උපන් කාලයේ ද ඒ ජීවියාගේ නාභියෙන් නැගුණු නාලය මවගේ උදර පටලය සමග ඒකාබද්ධ වේ. ඒ නාලයේ නෙළුම් දණ්ඩ මෙන් වූ සිදුරක් ඇත. ඉන් ආහාර රසය රැගෙන ගොස් ජීවියා තුල ආහාර සමුට්ඨාන (ආහාරයෙන් හටගන්නා) රූප උපදවයි. මෙසේ එම ජීවියා කුස තුල දසමසක් යැපේ. ඒ සියල්ල ම නො පවසා (කෙටි කර) සූතිඝරෙ යැයි කියන ලදී.
“කෙසා ලොමා නඛානි ච”;
‘කෙසා ලොමා නඛාපිච’ යන්න ඒ සඳහා කියන ලදී.
“යඤ්චස්ස භුඤ්ජතී මාතා, අන්නං පානඤ්ච භොජනං; තෙන සො තත්ථ යාපෙති, මාතුකුච්ඡිගතො නරො”ති. (සං· නි· 1.235; කථා· 692);
යඤ්චස්ස භුඤ්ජතී මාතා අන්නං පානඤ්ච භොජනං, තෙන සො තත්ථ යාපෙති මාතුකුච්ඡිගතො නරො
ඒ මවුකුසේ සිටින සත්ත්වයා තම මව යම් ආහාර පානාදියෙන් අනුභව කරන්නේ ද ඉන්, ඒ ආහාරයෙන් ම යැපේ.
තත්ථ සූතිඝරෙති සූතිකඝරෙ, විජායනඝරෙති අත්ථො. “සූතිකාඝරෙ”ති වා පාඨො, සූතිකායාති පදච්ඡෙදො. අද්ධමාසිකොපීති ජාතදිවසතො පට්ඨාය අද්ධමාසො එතස්ස අත්ථීති අද්ධමාසිකො. ද්වෙමාසිකාදීසුපි එසෙව නයො. ජාතදිවසතො පට්ඨාය එකං සංවච්ඡරං එතස්ස අත්ථීති සංවච්ඡරිකො. උපරි ද්වෙවස්සිකාදීසුපි එසෙව නයො.
එහි සූතිඝරෙ යනු ප්‍රසූතිකාගාරයේ දී තිඹිරිගෙයිදී යන අර්ථයි. සූතිකාඝරෙ යන පදය ද යෙදේ. සූතිකාය යැයි පදය සිඳීම වේ. අද්ධමාසිකෙපී උපන් දවසේ පටන් අඩමසක් මොහුට ගතවීනුයි අර්ධමාසික නම් වේ. ද්වෙමාසිකා ගත වූයේනුයි සංවච්ඡරිකො නම් වේ. ඉන් ඉහළට යන දුවස්සිකා දියෙහිද මේ ක්රමයම වේ.
යදා ජිණ්ණො හොතීති යස්මිං කාලෙ ජරාජිණ්ණො භවති ජජ්ජරීභූතො. වුද්ධොති වයොවුද්ධො. මහල්ලකොති ජාතිමහල්ලකො. අද්ධගතොති තයො අද්ධෙ අතික්කන්තො. වයොඅනුප්පත්තොති තතියං වයං අනුප්පත්තො. ඛණ්ඩදන්තොති අන්තරන්තරා පතිතා දන්තා ඵාලිතා ච ජරානුභාවෙන ඛණ්ඩා දන්තා ජාතා අස්සාති ඛණ්ඩදන්තො. පලිතකෙසොති පණ්ඩරකෙසො. විලූනන්ති ලුඤ්චිත්වා ගහිතකෙසා විය ඛල්ලාටසීසො . ඛලිතසිරොති මහාඛල්ලාටසීසො. වලිනන්ති සඤ්ජාතවලි. තිලකාහතගත්තොති සෙතතිලකකාළතිලකෙහි විකිණ්ණසරීරො. භොග්ගොති භග්ගො, ඉමිනාපිස්ස වඞ්කභාවං දීපෙති. දණ්ඩපරායණොති දණ්ඩපටිස්සරණො දණ්ඩදුතියො. සො ජරායපීති සො පුග්ගලො ජරායපි අභිභූතො මරති. නත්ථි මරණම්හා මොක්ඛොති මරණතො මුඤ්චනුපායො නත්ථි නුපලබ්භති.
යදා ජිණ්ණො හොති යම්කලෙක ජරාජීර්ණ වේද ජරාවෙන් අඳුරු වී ගියේ ද වුද්ධො වයෝවෘද්ධ වූයේ ද මහල්ලකො ජාතියෙන් මහලු වූයේ ද අද්ධගතො තුන් අඩක් ඉක්මවූයේ වයො අනුප්පත්තො තුන්වන වයසට පැමිණියේ. ඛණ්ඩදන්තො තැනින් තැන වැටුණු දත් හා පැලුණු දත් ඇත්තේ දිරීම හේතුවෙන් කැඩුණු දත් මොහුට ඇත්තේනුයි ඛණ්ඩදත්ත නම් වේ. ඵලිත කෙසො සුදු වූ කෙස් විලූනං ලියා දැමූ කෙස් මෙන්, සිඳුණු කෙස් ඇති. ඛලිතං සිරො හිසකෙස් නැති (තට්ටය පෑදුණු) හිසක් ඇති වලිතං හටගත් රැළි ඇති, තිලකාහත ගත්තො සුදු තිලක, කලු තිලක ආදී කැළැල්වලින් ගහණ සිරුරු ඇත්තේ, භොග්ගො බිඳුණේ, මේ වචනයෙන් ද වක් වූ කුදු වූ සිරුර අදහස් කරයි. දණ්ඩපරායනො සැරමිටිය පිහිටකර ඇති, සැරමිටිය සහායකයා කරගත්. සා ජරායපි ඒ පුද්ගලයා ජරාවෙන් ද මැඩී මරණයට පත් වේ. නත්ථි මරණතො මොක්ඛො මරණයෙන් මිදෙන උපායක් නොලබයි. එබඳු උපක්‍රමයක් නැත.
ඵලානමිව පක්කානං, පාතො පතනතො භයන්ති පරිපාකගතානං සිථිලවණ්ටානං පනසඵලාදිපක්කානං පච්චූසකාලෙ අවස්සං පතිස්සන්තීති ඵලසාමිකානං භායමානානං විය. එවං ජාතාන මච්චානං, නිච්චං මරණතො භයන්ති එවමෙව උප්පන්නානං සත්තානං මච්චුසඞ්ඛාතමරණතො සතතං කාලං භයං.
ඵලානමිව පක්කානං පාතො පතනතො භයං මුහුකුරා ගිය, ඉදී පැසී නටුව ද වේලී ගිය කොස්ගෙඩි ආදිය ඉතා උදෑසන වැටෙන්නේ යැයි බියවන ඵල හිමියන්ට මෙන් එවං ජාතානං මච්චානං නිච්චං මරණතො භයං මෙලෙසින්ම උපන්නා වූ සත්ත්වයන්ට මෘත්යුනම් වූ මරණයෙන් නිරන්තරව බිය උපදියි.
යථාපි කුම්භකාරස්සාති යථා නාම මත්තිකාභාජනං කරොන්තස්ස. කතං මත්තිකභාජනන්ති (සු· නි· 582) තෙන නිට්ඨාපිතභාජනං. සබ්බං භෙදනපරියන්තන්ති පක්කාපක්කං සබ්බං භෙදනං භිජ්ජපරියන්තං අවසානං අස්සාති භෙදනපරියන්තං. එවං මච්චාන ජීවිතන්ති එවමෙව සත්තානං ආයුසඞ්ඛාරං.
යථාපි කුම්භකාරස්ස මැටිබඳුන් සාදන කුඹලාට මෙන්, කතං මත්තිකභාජනං ඔහු විසින් සෑදූ නිමවූ මැටි බඳුන්. සබ්බං භෙදන පරියන්තං සියල්ල බිඳී යාම, කුඩු වී විනාශ වී යෑම අවසන්කර ඇත්තේනුයි භෙදන පරියන්ත වේ. එවං මච්චානජීවිතං සත්ත්වයන්ගේ ආයු සංස්කාරය ද එසේමය. මරණයෙන් කෙළවර වේ.
දහරා ච මහන්තා චාති තරුණා ච මහල්ලකා ච. යෙ බාලා යෙ ච පණ්ඩිතාති යෙ ච අස්සාසපස්සාසායත්තා ජීවිතා බාලා යෙ ච පණ්ඩිච්චෙන සමන්නාගතා බුද්ධාදයො. සබ්බෙ මච්චුවසං යන්තීති එතෙ වුත්තප්පකාරා දහරාදයො සබ්බෙ මච්චුනො ඉස්සරියං උපගච්ඡන්ති.
දහරා ච මහන්තා ච ළාබාල දරුවෝද මහල්ලෝද යෙ බාලායෙච පණ්ඩිතා යම් ආශ්වාස ප්රශ්වාසයෙන් ජීවත්වන අඳබාලයෝ ද පාණ්ඩිත්‍යයෙන් හෙබි බුද්ධාදී මහා සත්ත්වයෝ ද සබ්බෙ මච්චුවසං යන්ති මෙසේ දැක්වූ සියලුම සත්ත්වයෝ මාරයාගේ වසඟයට යති.
තෙසං මච්චුපරෙතානන්ති එතෙසං මච්චුනා පරිවාරිතානං. ගච්ඡතං පරලොකතොති ඉතො මනුස්සලොකතො පරලොකං ගච්ඡන්තානං. න පිතා තායතෙ පුත්තන්ති පිතා පුත්තං න රක්ඛති. ඤාතී වා පන ඤාතකෙති මාතාපිතිපක්ඛිකා ඤාතී වා තෙයෙව ඤාතකෙ රක්ඛිතුං න සක්කොන්ති.
තෙසං මච්චුපරෙතානං මේ මරණයෙන් පීඩිත වූ, මරණය පිරිවරා ගත් සත්ත්වයන්ගේ ගච්ඡතං පරලොකතො මේ මිනිස්ලොවින් චුතව පරලොවට යන න පිතා තායතෙ පුත්තං පියා පුතු නො රකියි. ඤාති වා පන ඤාතකෙ මාපියාදී දෙපාර්ශ්ව ඥාතීහු පවා තම ඥාතීන් රැකගැනීමට අසමත් වෙති.
පෙක්ඛතඤ්ඤෙව ඤාතීනන්ති වුත්තවිධානංයෙව ඤාතීනං පෙක්ඛන්තානංයෙව ඔලොකෙන්තානංයෙව. පස්ස ලාලප්පතං පුථූති පස්සාති ආලපනං. ලාලපන්තානං විලපන්තානං පුථූනං නානප්පකාරානං. එකමෙකොව මච්චානං, ගොවජ්ඣො විය නිය්යතීති සත්තානං එකමෙකො වධාය නිය්යමානගොණො විය මරණාය නිය්යති පාපුණීයති. එවමබ්භාහතො ලොකොති එවමෙව සත්තලොකො භුසං ආහතො. මච්චුනා ච ජරාය චාති මරණෙන ච ජරාය ච අභිභූතො.
පෙක්ඛ තං යෙව ඤාතීනං කියන ලද ආකාරයෙන්ම ඤාතීන් බලාසිටියදීම බල බලා සිටියදීම. පස්ස ලාලපතං පුථූ ‘බලවු’ යැයි අමතන දොඩවන නන් අයුරින් වැලපෙන බොහෝ නෑයන් බලව. එකමෙකොව මච්චානං ගොවජ්ඣො විය නීය්යතී සත්ත්වයන් අතුරින් එක එකාම වධයට ගෙන යන ගවයකු මෙන් මරණයට ගෙනයයි. පමුණුවයි. එවමබ්භාහතො ලොකො මෙසේම සත්ත්ව ලෝකයා මරණයට බොහෝසෙයින් ගෙනයයි. මච්චුනා ච ජරාය ච මරණයෙන් ද ජරාවෙන් ද මඬනා ලද.
මමායිතෙති මමායිතවත්ථුකාරණා. විනාභාවං සන්තමෙවිදන්ති සන්තං විජ්ජමානං විනාභාවමෙව ඉදං, න සක්කා අවිනාභාවෙන භවිතුන්ති වුත්තං හොති.
මමායිතෙ මගේ යැයි ගන්නා ලද වස්තු විෂයෙහි විනාභාවං සන්තමෙවිදං විද්‍යමාන වූ විනාභාවයම මෙය අවිනාභාවයෙන් විය නොහැක’යි කියන ලද්දේ වේ.
සොචන්තීති චිත්තෙන සොචනං කරොන්ති. කිලමන්තීති කායෙන කිලමථං පාපුණන්ති. පරිදෙවන්තීති නානාවිධං වාචාවිලාපං භණන්ති. උරත්තාළිං කන්දන්තීති උරං තාළෙත්වා තාළෙත්වා කන්දන්ති. සම්මොහං ආපජ්ජන්තීති සම්මොහභාවං පාපුණන්ති.
සොචන්ති සිතින් ශෝක කරති. කිලමන්ති කයින් වෙහෙසට පැමිණෙති. පරිදෙවන්ති නානාවිධ වාග් විලාප කියති. උරත්තාලිං කණැන්ති පපුවට ගසා ගනිමින් වැළපෙති. සම්මොහං ආපජ්ජන්ති මුළාවට පැමිණෙති.
අනිච්චොති හුත්වා අභාවට්ඨෙන. සඞ්ඛතොති පච්චයෙහි සඞ්ගම්ම කතො. පටිච්චසමුප්පන්නොති පච්චයසාමග්ගිං පටිච්ච න පච්චක්ඛාය සහ සම්මා ච උප්පන්නො. ඛයධම්මොති ඛයං ගමනසභාවො. වයධම්මොති වයං ගමනසභාවො, භඞ්ගවසෙන භඞ්ගගමනසභාවොති අත්ථො. විරාගධම්මොති විරජ්ජනසභාවො. නිරොධධම්මොති නිරුජ්ඣනසභාවො. ය්වායං පරිග්ගහොති යො අයං පරිග්ගහො. “යාය පරිග්ගහො”තිපි පාඨො, අයමෙව පදච්ඡෙදො. නිච්චොති සතතකාලිකො. ධුවොති ථිරො. සස්සතොති අචවනො. අවිපරිණාමධම්මොති පකතිඅජහනසභාවො. සස්සති සමං තථෙව ඨස්සතීති චන්දසූරියසිනෙරුමහාසමුද්දපථවීපබ්බතාදයො විය තිට්ඨෙය්ය.
අනිච්චො පැවතී නැතිවන බැවින්. සංඛතො ප්‍රත්‍යයන් එකතු වී කරන ලද. පටිච්ච සමුප්පන්නො ප්‍රත්‍යයන්ගේ එකතුව නිසා, ප්රත්යයන්ගෙන් තොර නොවී මනාව උපන්. ඛයධම්මො ක්ෂය වීමට යන ස්වභාවය යන අර්ථයයි. විරාගධම්මො නොඇලෙන ස්වභාවය. නිරෝධ ධම්මො නිරෝධ වන ස්වභාවය. යාස්ස පරිග්ගහො ‘යො අස්ස පරිග්ගහො’ ‘යවාස්ස පරිග්ගහො’ යන පාඨය ද යෙදේ. එකම පද වෙන්කිරීමයි. නිච්චො සර්වකාලීනව ධුවො ස්ථිර සස්සතො නොමැරී නොවැනසී පවතින අවිපරිණාමධම්මො ප්‍රකෘතියෙන් ම අත්නොහරින ස්වභාවය. සස්සතිසමං තථෙව ඨස්සතී සඳ හිරු මහාමේරුව මහා සමුද්‍රය මහාපොළව පර්වත මෙන් සිටින්නේය.
නානාභාවොති ජාතියා නානාභාවො. විනාභාවොති මරණෙන වියොගභාවො. අඤ්ඤථාභාවොති සබ්භාවතො අඤ්ඤථාභාවො. පුරිමානං පුරිමානං ඛන්ධානන්ති අනන්තරෙ පුරෙ උප්පන්නානං ඛන්ධානං. විපරිණාමඤ්ඤථාභාවාති පකතිභාවං ජහිත්වා අඤ්ඤථාභාවෙන. පච්ඡිමා පච්ඡිමා ඛන්ධාදයො පවත්තන්ති උප්පජ්ජන්තීති සම්බන්ධො.
නානාභාවො ජාතියෙන් වන නානාභාවය. විනාභාවො මරණයෙන් වන වෙන්වන භාවය. අඤ්ඤථාභාවො භවයෙන් අන් ආකාරයකට පත්වන භාවය. පුරිමානං පුරිමානං ඛන්ධානං අතරක් නැතිව පළමු පළමු උපන් ස්කන්ධයන්ගේ විපරිණාමඤ්ඤථා භාවා ප්‍රකෘති ස්වභාවය අත්හැර අන් ආකාරයකින් පසුව පසුව පවතින ස්කන්ධාදිය පවතියිද උපදියි යැයි සම්බන්ධ කරගත යුතුයි.
සබ්බං ඝරාවාසපලිබොධන්ති සකලං ගිහිභාවජටං. ඤාතිමිත්තාමච්චපලිබොධන්ති මාතාපිතුපක්ඛිකා ඤාතී, මිත්තා සහායා, අමච්චා භච්චා. සන්නිධිපලිබොධන්ති නිධානජටං ඡින්දිත්වා. කෙසමස්සුං ඔහාරෙත්වාති කෙසෙ ච මස්සූනි ච ඔරොපයිත්වා. කාසායානි වත්ථානීති කසායරසපීතානි වත්ථානි.
සබ්බං ඝරාවාස පළිබොධං සියලු ගිහිබවින් ඇතිවන ගැටළු ඤාතිමිත්තාමච්ච පළිබොධං මව්පිය දෙපාර්ශ්වයේ ඥාතීන්, මිත්‍ර සහායකයන්, අමාත්‍යයන්, ඇමති සමූහයා. සන්නිධි පළිබොධං නිධන් කළ ධන සම්පත් අත්හැර කෙසමස්සුං ඔහාරෙත්වා කෙස් ද රවුල් ද (ඉවත්කර) බහා කාසායානි වත්ථානි කසට පෙවූ, කහපාට වස්ත්‍ර හැඳ පොරවාගෙන.
මාමකොති මම උපාසකො භික්ඛු වාති සඞ්ඛං ගතො, බුද්ධාදීනි වා වත්ථූනි මමායමානො.
මාමකො මගේ උපාසකයෙකි. මගේ භික්ෂුව යන සංඛ්‍යාවට ගිය නැතහොත් බුද්ධාදී වස්තූන් මමායනය කරනුයේ.
තෙසං තෙසං සත්තානන්ති අනෙකෙසං සත්තානං සාධාරණනිද්දෙසො. “යඤ්ඤදත්තස්ස මරණං, සොමදත්තස්ස මරණ”න්ති එවඤ්හි දිවසම්පි කථියමානෙ නෙව සත්තා පරියාදානං ගච්ඡන්ති, න සබ්බං අපරත්තදීපනං සිජ්ඣති. ඉමෙහි පන ද්වීහි පදෙහි න කොචි සත්තො අපරියාදින්නො හොති, න කිඤ්චි අපරත්තාදීපනං න සිජ්ඣති. තම්හා තම්හාති අයං ගතිවසෙන අනෙකෙසං නිකායානං සාධාරණනිද්දෙසො. සත්තනිකායාති සත්තානං නිකායා, සත්තඝටා සත්තසමූහාති අත්ථො. චුතීති චවනවසෙන වුත්තං. එකචතුපඤ්චක්ඛන්ධාය චුතියා සාමඤ්ඤවචනමෙතං. චවනතාති භාවවචනෙන ලක්ඛණනිදස්සනං. භෙදොති චුතිඛන්ධානං භඞ්ගුප්පත්තිපරිදීපනං. අන්තරධානන්ති ඝටස්ස විය භින්නස්ස භින්නානං ඛන්ධානං යෙන කෙනචි පරියායෙන ඨානාභාවපරිදීපනං. මච්චුමරණන්ති මච්චුසඞ්ඛාතං මරණං, න ඛණිකමරණං. කාලො නාම අන්තකො, තස්ස කිරියාති කාලංකිරියා. එත්තාවතා සම්මුතිමරණං දීපිතං. ඉදානි පරමත්ථෙන දීපෙතුං “ඛන්ධානං භෙදො”තිආදිමාහ. පරමත්ථෙන හි ඛන්ධායෙව භිජ්ජන්ති, න සත්තො නාම කොචි මරති. ඛන්ධෙසු පන භිජ්ජමානෙසු සත්තො මරති, භින්නෙසු “මතො”ති වොහාරො හොති.
තෙසං තෙසං සත්තානං අනේක වූ සත්ත්වයන්ගේ, සාධාරණ නිර්දේශයයි. යඤ්ඤදත්තගේ මරණය, සෝමදත්තගේ මරණය යනාදී ලෙස දවසක්ම කියූවත් සත්ත්වයෝ අවසන් වීමට නොයන්නේමය. සියලු අපරාර්ථ දීපනය සිදු නොවේ. මේ දෙපදයෙන් කිසිදු සත්ත්වයෙක් ඇතුලත් නොවන්නේ නොවේ. සියලු සතුන්ම ඇතුලත් කරගනී යන අර්ථයයි. තම්හා තම්හා මේ ගති වශයෙන් අනේකප්‍රකාර සත්ත්ව නිකායන්ගේ සාධාරණ නිර්දේශයයි. සත්තනිකායා සත්ත්වයන්ගේ නිකාය, සත්ත්ව රැළ, සත්ත්ව සමූහය යන අර්ථයයි. චුතී චුතුවීම් වශයෙන් කියන ලදී. ඒක ස්කන්ධ, චතු ස්කන්ධ, පංචස්කන්ධ චුතියට යොදන සාමාන්‍ය වචනයයි. චවන්තා භාවාර්ථයෙන් ලක්ෂණය දැක්වීමයි. භෙදො චුත වූ ස්කන්ධයන්ගේ භංග, උත්පත්ති දැක්වීමයි. අන්තරධානං බිඳුණු කළයක් මෙන්, බිඳුණු ස්කන්ධයන්ගේ කිසියම් පර්යායකින් ගැටෙන ස්වභාවය දැක්වීමයි. මච්චුමරණං මෘත්ය නම් වූ මරණයයි. ක්ෂණික මරණය නොවේ. කාල යනු මාරයායි. ඔහුගේ ක්‍රියාව කාලකිරියා නම් වේ. මෙපමණකින් සම්මුති මරණය දක්වන ලදී. දැන් පරමාර්ථ වශයෙන් මරණය දක්වනු සඳහා ‘ඛන්ධානං භෙදො’ යනාදිය කියන ලදී. පරමාර්ථ වශයෙන් ස්කන්ධයන්ම බිඳේ. සත්ත්වනම් වූ කිසිවකු නොමැරෙයි. ස්කන්ධයන් බිඳෙනවිටදී ‘සත්ත්වයා මැරෙයි’ කියාද බිඳුණු කල්හි ‘මැරුණි’ කියාද ව්‍යවහාරය ඇතිවේ.
එත්ථ ච චතුවොකාරපඤ්චවොකාරවසෙන ඛන්ධානං භෙදො, එකවොකාරවසෙන කළෙවරස්ස නික්ඛෙපො. චතුවොකාරවසෙන වා ඛන්ධානං භෙදො, සෙසද්වයවසෙන කළෙවරස්ස නික්ඛෙපො වෙදිතබ්බො. කස්මා? කාමරූපභවද්වයෙපි රූපකායසඞ්ඛාතස්ස කළෙවරස්ස සබ්භාවතො. යස්මා වා චාතුමහාරාජිකාදීසු ඛන්ධා භිජ්ජන්තෙව, න කිඤ්චි නික්ඛිපන්ති, තස්මා තෙසං වසෙන ඛන්ධානං භෙදො, මනුස්සාදීසු කළෙවරස්ස නික්ඛෙපො. එත්ථ ච කළෙවරස්ස නික්ඛෙපකරණතො මරණං “කළෙවරස්ස නික්ඛෙපො”ති වුත්තං. ජීවිතින්ද්රියස්සුපච්ඡෙදොති ඉමිනා ඉන්ද්රියබද්ධස්සෙව මරණං නාම හොති, අනින්ද්රියබද්ධස්ස මරණං නාම නත්ථීති දස්සෙති. “සස්සං මතං, රුක්ඛො මතො”ති ඉදං පන වොහාරමත්තමෙව. අත්ථතො පන එවරූපානි වචනානි සස්සාදීනං ඛයවයභාවමෙව දීපෙන්ති. රූපගතන්ති රූපමෙව රූපගතං. වෙදනාගතන්තිආදීසුපි එසෙව නයො.
මෙහිදී ද චතුවෝකාර, පංචවෝකාර භවයන්ගේ වශයෙන් ස්කන්ධ භේදය දැක්විණි. ඒකවෝකාර වශයෙන් ශරීරයේ නික්ෂේපය (ශරීරයේ බහා තැබීම) කියන ලදී. නැතහොත් චතුවෝකාර වශයෙන් ස්කන්ධයන්ගේ බිඳීයෑම කියන ලදී. සෙසු එකවෝකාර පංචවෝකාර දෙක වශයෙන් ශරීරයේ බහා තැබීම දතයුතුයි. කාමරූප යන භව දෙකෙහි රූපකාය සංඛ්‍යාත ශරීරයේ හටගැනීම ඇති හෙයිනි. නැතහොත් යම්හෙයකින් චාතුර්මහාරාජිකාදියෙහි ස්කන්ධ බිඳීයත්දීම කිසිවක් ඉතිරි නොවේ ද ඒ චුතවීම සඳහා ස්කන්ධයන්ගේ බිඳී යෑම යැයි කියන ලදී. මනුෂ්‍යාදීන් කෙරෙහි කලේබර (ශරීරයේ) බහාතැබීම වේ. මෙහිදී ද ශරීරයේ බහා තැබීමට හේතුවන බැවින් මරණය කලේබරයාගේ නික්ෂේපයැයි කියන ලදී. ජීවිතින්ද්රියස්සු පච්ඡෙදො මේ ඉන්ද්රියයන්ගෙන් බැඳුණහුට ම මරණය වේයැයි දැක්විණි. ඉන්ද්රියබද්ධ නොවූවහුට මරණයක් නම් නැතැයි දක්වයි. ගොයම මැරුණි. ගස මැරුණේය යනු ව්‍යවහාර මාත්‍රයකි. අර්ථ වශයෙන් මෙබඳු වචනවලින් ගොයම් ආදියේ ක්ෂයවීම, ව්යායවීම පමණක්ම දක්වයි. රූපගතං රූපයම ‘රූපගත’ වේ. වෙදනාගතං යනාදියෙහි ද ක්‍රමයමයි.
තත්ථ පුබ්බෙව මච්චන්ති මච්චං වා භොගා පුබ්බෙව පඨමතරඤ්ඤෙව විජහන්ති. මච්චො වා තෙ භොගෙ පුබ්බතරං ජහති. කාමකාමීති චොරරාජානං ආලපති. අම්භො කාමෙ කාමයමාන කාමකාමි භොගිනො නාම ලොකෙ අසස්සතා, භොගෙසු වා නට්ඨෙසු ජීවමානා ච අභොගිනො හොන්ති. භොගෙ වා පහාය සයං නස්සන්ති, තස්මා අහං මහාජනස්ස සොකකාලෙපි න සොචාමීති අත්ථො.
එහි පුබ්බෙව මච්චං යනු භෝගයෝ කලින්ම පළමුවන මිනිසා අත්හරිති. නැතහොත් මිනිසාද කලින්ම ඒ භෝගයන් අත්හරියි. කාමකාමී සොර රජවරුන්ට අමතයි. පින්වතුනි, කාමයන්හි කැමතිවන, ආශාවන කාමභෝගීහු නම් ලොව අශාස්වතය. අස්ථිරය. භෝගයන් නැසුණුවිට ජීවත්ව සිටිමින්ම භෝග නැති අයෙක් වීමට සිදුවේ. භෝගයන් අත්හැර තමා නැසෙති. එනිසා මම මහජනයාගේ ශෝක කාලයෙහිද ශෝක නොකර සිටිමි.
විදිතා මයා සත්තුක ලොකධම්මාති චොරරාජානං ආලපන්තො ආහ. අම්භො සත්තුක මයා ලාභො අලාභො යසො අයසොතිආදයො ලොකධම්මා විදිතා. යථෙව හි චන්දො උදෙති ච පූරති ච පුන ච ඛීයති, යථා ච සූරියො අන්ධකාරං විධමෙන්තො මහන්තං ලොකප්පදෙසං තපිත්වාන පුන සායං අත්ථං පලෙති අත්ථං ගච්ඡති න දිස්සති, එවමෙව භොගා උප්පජ්ජන්ති ච විනස්සන්ති ච, තත්ථ කිං සොකෙන, තස්මා න සොචාමීති අත්ථො.
විදිතා මයා සත්තුක ලොකධම්මා චෝරා රජුට අමතන්නේ එම්බා සත්තුකය, මා විසින් ලාභ, අලාභ, යස, අයස ආදී ලෝකධර්මයෝ දැනගන්නා ලදහ. යම්සේ සඳ උදාවෙයිද පිරෙයිද නැවත ගෙවීයයිද යම්සේ සූර්යයා අඳුර දුරුකරමින් මහත් වූ ලෝක ප්‍රදේශයක් බබුළුවා, නැවත සවස අස්තයට යයිද නොපෙනීමට යයි ද (අඳුර රජකරයි) මෙලෙසින්ම භවභෝග සම්පත් උපදියි. නැතිවෙයි. එහිලා ශෝක කරනුයේ කුමට ද? ‘එනිසා මම ශෝක නොකරමි’ යන අර්ථයයි.
තණ්හාමඤ්ඤනාය මඤ්ඤතීති තණ්හාය ජනිතමානමඤ්ඤනාය මඤ්ඤති. මානං කරොති දිට්ඨිමඤ්ඤනායාති දිට්ඨිං උපනිස්සයං කත්වා උප්පන්නාය මඤ්ඤනාය. මානමඤ්ඤනායාති සහජාතමානමඤ්ඤනාය. කිලෙසමඤ්ඤනායාති වුත්තප්පකාරාය උපතාපනට්ඨෙන කිලෙසමඤ්ඤනාය මඤ්ඤති.
තණ්හා මඤ්ඤනාය මඤ්ඤතී තණ්හාවෙන් ජනිත වූ මානයෙන් සිතයි. මැනීම කරයි. දිට්ඨි මඤ්ඤනාය දෘෂ්ටිය උපනිශ්‍රය කරගෙන උපන්නා වූ. මාන මඤ්ඤනාය සහජාත මාන සිතින්. කිලෙස මඤ්ඤනාය කියන ලද ආකාර ඇති තැවීම් අර්ථයෙන් කෙලෙස් මඤ්ඤතාවෙන් මාන කරයි.
කුහාති විම්හාපකා. ථද්ධාති ඛාණු විය ථද්ධා. ලපාති පච්චයනිමිත්තෙන ලපනකා.
කුහා විස්මය ගෙන දෙන ථද්ධා කණුවක් මෙන් තද ලපා සිවුපස හේතුවෙන් කථාකරන,
සඞ්ගතන්ති සමාගතං, දිට්ඨං ඵුට්ඨං වා. පියායිතන්ති පියකතං.
සංඛතං එක් වූ හෝ දුටුවිරූ හෝ. පියායිතං ප්‍රිය කළ.
සඞ්ගතන්ති සම්මුඛීභූතං. සමාගතන්ති සමීපං ආගතං. සමාහිතන්ති එකීභූතං. සන්නිපතිතන්ති පිණ්ඩිතං. සුපිනගතොති සුපිනං පවිට්ඨො. සෙනාබ්යූහං පස්සතීති සෙනාසන්නිවෙසං දක්ඛති. ආරාමරාමණෙය්යකන්ති පුප්ඵාරාමාදීනං රමණීයභාවං. වනරාමණෙය්යකාදීසුපි එසෙව නයො. පෙතන්ති ඉතො පරලොකං ගතං. කාලඞ්කතන්ති මතං.
සංගතං සම්මුඛ වූ. සමාගතං සමීපයට පැමිණි. සමාහිතං ඒකීභූත වූ. සන්නිපතිතං සන්නිපාත (රැස්) වූ. සුපිනගතො සිහින දැකීමට පිවිසි. සෙනාවියූහං පස්සති සේනා සමූහයා දකියි. ආරාමරාමණෙය්යකං පුෂ්පාරාමාදීන්ගේ රමණීය බව. වනරාමණෙය්යකාදියෙහි ද මේ ක්‍රමයමයි. පෙතං මෙයින් චුතව පරළොවට ගිය කාලකතං මළ.
නාමංයෙවාවසිස්සති , අක්ඛෙය්යන්ති සබ්බං රූපාදිධම්මජාතං පහීයති, නාමමත්තමෙව තු අවසිස්සති “බුද්ධරක්ඛිතො ධම්මරක්ඛිතො”ති එවං අක්ඛාතුං කථෙතුං.
නාමමෙව සිස්සති අක්ඛෙය්ය සියලු රූපාදි ධර්මයන්ගෙන් හටගත් දේ ප්‍රහීණ වේ. නාම මාත්‍රයම ඉතිරි වේ. බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත යනාදී වශයෙන් පැවසීමට පමණක් පැමිණේ.
යෙ චක්ඛුවිඤ්ඤාණාභිසම්භූතාති යෙ සයං චක්ඛුවිඤ්ඤාණෙන අභිසම්භූතා රාසිකතා දිට්ඨා චතුසමුට්ඨානිකා රූපා. සොතවිඤ්ඤාණාභිසම්භූතාති පරතොඝොසෙන සොතවිඤ්ඤාණෙන රාසිකතා සුතා ද්විසමුට්ඨානිකා සද්දා.
යෙ චක්ඛු විඤ්ඤාණාභිසමයභුතා යම් චක්ඛු විඤ්ඤාණයෙන් දක්වා ලද, රැස්කළ, දුටු චතුසමුට්ඨානික රූප. සොතවිඤ්ඤාණභිසම්භූතා අනුන්ගේ උපදෙස් අසන ශ්‍රෝත විඤ්ඤාණයෙන් රැස්කළ, ඇසූ ද්විසමුට්ඨානික ශබ්ද.
මුනයොති ඛීණාසවමුනයො. ඛෙමදස්සිනොති නිබ්බානදස්සිනො.
මුනයො රහතන් වහන්සේලා, ක්ෂීණාශ්රව මුනීහු. ඛෙම දස්සිනො නිවන් දකින්නා වූ.
සොකොති සොකනිද්දෙසෙ – බ්යසතීති බ්යසනං, හිතසුඛං ඛිපති විද්ධංසෙතීති අත්ථො. ඤාතීනං බ්යසනං ඤාතිබ්යසනං, චොරරොගභයාදීහි ඤාතික්ඛයො ඤාතිවිනාසොති අත්ථො. තෙන ඤාතිබ්යසනෙන. ඵුට්ඨස්සාති අජ්ඣොත්ථටස්ස, අභිභූතස්ස සමන්නාගතස්සාති අත්ථො. සෙසෙසුපි එසෙව නයො. අයං පන විසෙසො – භොගානං බ්යසනං භොගබ්යසනං, රාජචොරාදිවසෙන භොගක්ඛයො භොගවිනාසොති අත්ථො. රොගොයෙව බ්යසනං රොගබ්යසනං. රොගො හි ආරොග්යං බ්යසති විනාසෙතීති බ්යසනං. සීලස්ස බ්යසනං සීලබ්යසනං, දුස්සිල්යස්සෙතං නාමං. සම්මාදිට්ඨිං විනාසයමානා උප්පන්නා දිට්ඨියෙව බ්යසනං දිට්ඨිබ්යසනං. එත්ථ ච පුරිමානි ද්වෙ අනිප්ඵන්නානි, පච්ඡිමානි තීණි නිප්ඵන්නානි තිලක්ඛණබ්භාහතානි. පුරිමානි ච තීණි නෙව කුසලානි නාකුසලානි, සීලදිට්ඨිබ්යසනද්වයං අකුසලං.
සොකො ශෝක නිර්දේශයේ වැනසේනුයි ‘ව්‍යසන’ නමි. හිතසුව දුරුවේ. විද්වංසනය කරයි යන අර්ථයයි. ඤාතීන්ගේ විනාශය ඤාතිව්යසනං සොර බිය, රෝග බිය ආදියෙන් ඤාතීන් ක්ෂය වෙයි. විනාශ වෙයි යන අර්ථයයි. ඒ ඤාති ව්‍යසනයෙන් ඵුට්ඨස්ස මැඬුනහුගේ, ස්පර්ශ කරන, යුක්ත වූ තැනැත්තාගේ යන අර්ථයයි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි. මේ වනාහි විශේෂයයි. භෝගයන්ගේ විනාශය භොග ව්යසනං රජ සොර ආදී වශයෙන් භවභෝග ක්ෂයවීම භෝග විනාශය යන අර්ථයයි. රෝගයම විපත වූයේ රොගව්යසනං යයි. රෝගය වනාහි නීරෝගි බව නසනුයි විනාශ කරනුයි ව්‍යසන වේ. සීලයේ විනාශය සීලව්යසනං නම් වේ. දුසිල් බවට මේ තව නමෙකි. සම්‍යක් දෘෂ්ටිය විනාශ කරමින් උපදින දෘෂ්ටියම ව්‍යසනයක් වූයේ දිට්ඨි ව්යසනං නම් වේ. මෙහිදී මුලින් දැක්වූ දෙක අනිෂ්පන්නයෝ ය. පසුව දැක්වූ තුන නිෂ්පන්නයෝ ය. ත්රිලක්ෂණයෙන් නසන ලද මුල් තුන් ව්‍යසන කුසල් නොවේ. අකුසල්ද නොවේ. සීල දිට්ඨි, ව්‍යසන දෙකම අකුසල්ය.
අඤ්ඤතරඤ්ඤතරෙනාති ගහිතෙසු වා යෙන කෙනචි අග්ගහිතෙසු වා මිත්තාමච්චබ්යසනාදීසු යෙන කෙනචි. සමන්නාගතස්සාති සමනුබන්ධස්ස අපරිමුච්චමානස්ස. අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙනාති යෙන කෙනචි සොකදුක්ඛස්ස උප්පත්තිහෙතුනා. සොකොති සොචනකවසෙන සොකො. ඉදං තෙහි කාරණෙහි උප්පජ්ජනකසොකස්ස සභාවපච්චත්තං. සොචනාති සොචනාකාරො. සොචිතත්තන්ති සොචිතභාවො. අන්තොසොකොති අබ්භන්තරසොකො. දුතියපදං උපසග්ගෙන වඩ්ඪිතං. සො හි අබ්භන්තරං සුක්ඛාපෙන්තො විය පරිසුක්ඛාපෙන්තො විය උප්පජ්ජතීති “අන්තොසොකො අන්තොපරිසොකො”ති වුච්චති. අන්තොදාහොති අබ්භන්තරදාහො. දුතියපදං උපසග්ගෙන වඩ්ඪිතං. චෙතසො පරිජ්ඣායනාති චිත්තස්ස ඣානනාකාරො. සොකො හි උප්පජ්ජමානො අග්ගි විය චිත්තං ඣාපෙති දහති, “චිත්තං මෙ ඣාමං, න මෙ කිඤ්චි පටිභාතී”ති වදාපෙති. දුක්ඛිතො මනො දුම්මනො, තස්ස භාවො දොමනස්සං. අනුපවිට්ඨට්ඨෙන සොකොව සල්ලන්ති සොකසල්ලං.
අඤ්ඤතරඤ්ඤතරෙන ගන්නා ලද හෝ කිසියම් අල්ලා නොගන්නා ලද හෝ කිසියම් මිත්‍ර අමාත්යව්යසනාදිය අතුරෙන් යම්කිසිවක සමන්නාගතස්ස යනු බැඳී පවතින, අත්නොහැර පවතින (යුක්ත වූ) අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන කිසියම් ශෝක දුකට උත්පත්ති හේතුවෙන්. සොකො ශෝක කිරීම් වශයෙන් වන ශෝකය. මෙය ඉහත කී කරුණු නිසා උපදින ශෝකයේ ස්වභාවය දැක්වීමයි. සෝචනා ශෝක කරන ආකාරයක්. සොචිතත්තං ශෝකී බව. අන්තො සොකො අභ්‍යන්තර ශෝකය, දෙවැනි පදය උපසර්ගයක් යොදා වර්ධනය කරන ලදී. යමක් අභ්‍යන්තරය වියලවමින් විශේෂයෙන් වියලවමින් උපදියි ද එය සො අන්තො පරිසොකො යි කියනු ලැබේ. අන්තො ඩාහො අභ්‍යන්තර දාහය. දෙවැනි පදය උපසර්ගයක් යොදා අර්ථය වැඩිකරන ලදී. චෙතසො පරිජ්ඣායනා සිතේ දැවෙනාකාරයයි. ශෝකය උපදිනවිට ගින්නක් මෙන් සිත දවයි. හුණු කරයි ‘මගේ සිත දැවෙන්නේ මට කිසිවක් නොවැටහේ’ යැයි කියයි. දුක්ඛිත වූ සිත දුම්මන නමි. ඒ දුම්මන ස්වභාවය දොමනස්සං නම් වේ. ඇතුලට පිවිසි අරුතින් ශෝකයම හුලක් වන්නේනුයි සොකසල්ලං වේ.
පරිදෙවනිද්දෙසෙ – “මය්හං ධීතා, මය්හං පුත්තො”ති එවං ආදිස්ස ආදිස්ස දෙවන්ති රොදන්ති එතෙනාති ආදෙවො. තං තං වණ්ණං පරිකිත්තෙත්වා පරිකිත්තෙත්වා දෙවන්ති එතෙනාති පරිදෙවො. තතො පරානි ද්වෙ ද්වෙ පදානි පුරිමද්වයස්සෙව ආකාරභාවනිද්දෙසවසෙන වුත්තානි. වාචාති වචනං. පලාපොති තුච්ඡං නිරත්ථකවචනං . උප්පඩ්ඪභණිතඅඤ්ඤභණිතාදිවසෙන විරූපො පලාපො විප්පලාපො. ලාලප්පොති පුනප්පුනං ලපනං. ලාලප්පනාකාරො ලාලප්පනා. ලාලප්පිතස්ස භාවො ලාලප්පිතත්තං. මච්ඡරියාදීනි වුත්තත්ථානෙව.
පරිදේව නිර්දේශයේ ‘මගේ දුව, මගේ පුතා’යි මෙය කරණ කොටගෙන මෙසේ පුන පුනා වැලපෙති හඬතියි ආදෙවො වේ. ඒ ඒ ඥාතියාගේ ගුණකථනය කරමින් මෙය කරණකොට වැලපේනුයි පරිදෙවො වේ. ඉන් අනතුරුව දෙපදය, දෙපදය වශයෙන් දැක්වූ පද සතර මුල් පද දෙකේම ආකාරය, ස්වභාවය දැක්වීම් වශයෙන් කියන ලදී. වාචා වචන පලාපො තුච්ඡා වූ හිස් වූ නිරර්ථක වචන. වැරදි මඟ දැක්වීම්, අනිකක් කීම් ආදී වශයෙන් විරූප (විපරීත) වූ ප්‍රලාපය විප්පලාපො ලාලප්පො යනු නැවත නැවත කීමයි. පුනපුනා කියන ආකාරය ලාලප්පනා වේ. ලාලපිතයාගේ ස්වභාවය. ලාලප්පිතත්තං මච්ඡරිය යනාදිය මුලින් කියන ලද අර්ථ ඇත්තේමය.
සත්තමගාථා එවං මරණබ්භාහතෙ ලොකෙ අනුරූපපටිපත්තිදස්සනත්ථං වුත්තා. තත්ථ පතිලීනචරස්සාති තතො තතො පතිලීනං චිත්තං කත්වා චරන්තස්ස. භික්ඛුනොති කල්යාණපුථුජ්ජනස්ස වා සෙක්ඛස්ස වා. සාමග්ගියමාහු තස්ස තං, යො අත්තානං භවනෙ න දස්සයෙති තස්සෙතං පතිරූපමාහු, යො එවංපටිපන්නො නිරයාදිභෙදෙ භවනෙ අත්තානං න දස්සයෙ. එවඤ්හි සො ඉමම්හා මරණා මුච්චෙය්යාති අධිප්පායො.
සත්වන ගාථාව මෙසේ මරණයෙන් පීඩිත ලෝකයේ පවතින අනුරූප ප්‍රතිපත්තිය දැක්වීම සඳහා කියන ලදී. එහි පතිලීනචරස්ස යනු ඒ ඒ තැන වැලැක්වූ, අත්හළ සිත් ඇතිව හැසිරෙන භික්ඛුනො යනු කල්‍යාණ පුථුජ්ජනයාට හෝ ශේඛයාට හෝ. සාමග්ගියමාහු තස්සෙතං යො අත්තානං භවතෙ න දස්සයෙ මෙය ඔහුට සුදුසු යැයි කියන ලදී. යමෙක් මෙසේ පිළිපදින්නේ නිරායාදී ප්‍රභේද ඇති භවයෙහි නැවත උපදිමින් තමා නො දක්වන්නේය. මෙසේ ඔහු මේ මරණයෙන් මිදෙන්නේය යන අදහසයි.
පතිලීනචරා වුච්චන්තීති තතො තතො ලීනචිත්තාචාරා කථීයන්ති. සත්ත සෙක්ඛාති අධිසීලාදීසු තීසු සික්ඛාසු සික්ඛන්තීති සොතාපත්තිමග්ගට්ඨං ආදිං කත්වා යාව අරහත්තමග්ගට්ඨා සත්ත සෙක්ඛා. අරහාති ඵලට්ඨො. සො නිට්ඨිතචිත්තත්තා පතිලීනො. සෙක්ඛානං පතිලීනචරණභාවෙ කාරණං දස්සෙන්තො “කිං කාරණා”තිආදිමාහ. තෙ තතො තතොති තෙ සත්ත සෙක්ඛා තෙහි තෙහි ආරම්මණෙහි චිත්තං පතිලීනෙන්තාති අත්තනො චිත්තං නිලීනෙන්තා. පතිකුටෙන්තාති සඞ්කොචෙන්තා. පතිවට්ටෙන්තාති කටසාරකං විය ආභුජෙන්තා. සන්නිරුද්ධන්තාති සන්නිරුජ්ඣන්තා. සන්නිගණ්හන්තාති නිග්ගහං කුරුමානා. සන්නිවාරෙන්තාති වාරයමානා. රක්ඛන්තාති රක්ඛං කුරුමානා. ගොපෙන්තාති චිත්තමඤ්ජූසාය ගොපයමානා.
පතලීනචරා වුච්චන්ති ඒ ඒ අරමුණෙහි සැඟවී පවතින, අප්‍රකට සිත් හැසිරීම කියනු ලැබේ. සත්ත සෙක්ඛා යනු අධිශීලාදී ශික්ෂාවන්හි හික්මෙති යන අර්ථයෙන් සෝවාන් මාර්ග පුද්ගලයා ගේ සිට අර්හත් මාර්ගස්ථ පුද්ගලයා දක්වා සේඛයෝ සත්දෙනා. අරහා යනු අර්හත් ඵලස්ථයා. උන්වහන්සේ කළයුතු දේ කර නිමවූ බැවින් පතිලීන නම් වෙති. ශේඛයන්ගේ ප්‍රකට වූ හැසිරීම් ඇති ස්වභාවයට හේතුව දක්වමින් කිංකාරණා යනාදිය කියන ලදී. තතො තතො ඒ සත් සේඛයෝ ඒ ඒ අරමුණුවලින්. චිත්තං පතිලීනන්තො තමාගේ සිත සඟවමින් පතිකූටන්තො හකුළුවමින් පතිවට්ටෙනතා පැදුරක් මෙන් හකුළන්නාහු. සන්නිරුමභන්තා පෙරළමින් සන්නිග්ගණ්හන්නා නිග්‍රහ කරමින් සන්නවාරෙන්තා වළක්වමින් රක්ඛන්තා ආරක්ෂා කරමින් පොපෙන්තා සිත නම් මංජුසාවෙහි තබා ගෝපනය කරමින්.
ඉදානි ද්වාරවසෙන දස්සෙන්තො “චක්ඛුද්වාරෙ”තිආදිමාහ. තත්ථ චක්ඛුද්වාරෙති චක්ඛුවිඤ්ඤාණද්වාරෙ. සොතද්වාරාදීසුපි එසෙව නයො. භික්ඛුනොති පුථුජ්ජනකල්යාණකස්ස වා භික්ඛුනො, සෙක්ඛස්ස වා භික්ඛුනොති භික්ඛුසද්දස්ස වචනත්ථං අවත්වා ඉධාධිප්පෙතභික්ඛුයෙව දස්සිතො. තත්ථ පුථුජ්ජනො ච සො කිලෙසානං අසමුච්ඡින්නත්තා, කල්යාණො ච සීලාදිපටිපත්තියුත්තත්තාති පුථුජ්ජනකල්යාණොව පුථුජ්ජනකල්යාණකො, තස්ස පුථුජ්ජනකල්යාණකස්ස. අධිසීලාදීනි සික්ඛතීති සෙක්ඛො, තස්ස සෙක්ඛස්ස වා සොතාපන්නස්ස වා සකදාගාමිනො වා අනාගාමිනො වා.
දැන් ද්වාර වශයෙන් දක්වමින් ‘චක්ඛුද්වාරෙ’ යනාදිය වදාළහ. එහි චක්ඛුද්වාරෙ යනු චක්ඛු විඤ්ඤාණද්වාරයෙහි, සොතද්වාරා දියෙහි ද මේ ක්‍රමයමයි. භික්ඛුනො පුථුජ්ජන කල්‍යාණ භික්ෂුවට හෝ සේඛ භික්ෂුවට හෝ. භික්ඛු ශබ්දයේ වචනාර්ථ නොපවසා මෙහිදී අදහස් කරන ලද භික්ෂුව ම දක්වන ලදී. එහි පුහුදුන් වූ හෙතෙම කෙලෙස් මුලිනුපුටා නොදැමූ හෙයින්ද කල්‍යාණ (යහපත්) ශීලාදී ප්රතිපත්තීන්ගෙන් යුක්ත වූ හෙයින්ද කල්‍යාණ පුථුජ්ජන භික්ෂුව නම් වේ. පුථුජ්ජන කල්යාණයාම පුථුජ්ජන කල්යාණකො ඒ පුථුජ්ජන කල්‍යාණයාට. අධිශීලාදියෙහි හික්මෙන්නේනුයි සෙක්ඛො ශෛක්‍ෂයාට හෝ ඒ සෝවාන් හෝ සකෘදාගාමී හෝ අනාගාමී වූ පුද්ගලයාට.
ආසන්ති නිසීදන්ති එත්ථාති ආසනං. යත්ථාති යෙසු මඤ්චපීඨාදීසු. මඤ්චොතිආදීනි ආසනස්ස පභෙදවචනානි. මඤ්චොපි හි නිසජ්ජායපි ඔකාසත්තා ඉධ ආසනෙසු වුත්තො, සො පන මසාරකබුන්දිකාබද්ධකුළීරපාදකආහච්චපාදකානං අඤ්ඤතරො. පීඨම්පි තෙසං අඤ්ඤතරමෙව. භිසීති උණ්ණභිසි චොළභිසි වාකභිසි තිණභිසි පණ්ණභිසීනං අඤ්ඤතරා. තට්ටිකාති තාලපණ්ණාදීහි විනිත්වා කතා. චම්මඛණ්ඩොති නිසජ්ජාරහො යො කොචි චම්මඛණ්ඩො. තිණසන්ථාරාදයො තිණාදීනි ගුම්බෙත්වා කතා. අසප්පායරූපදස්සනෙනාති අසප්පායානං ඉට්ඨරූපානං ඔලොකනෙන. රිත්තන්ති අබ්භන්තරතො තුච්ඡං. විවිත්තන්ති බහිද්ධාපවෙසනෙන සුඤ්ඤං. පවිවිත්තන්ති කොචි ගහට්ඨො තත්ථ නත්ථීති අතිරෙකෙන සුඤ්ඤං. අසප්පායසද්දස්සවනෙපි එසෙව නයො. පඤ්චහි කාමගුණෙහීති ඉත්ථිරූපසද්දගන්ධරසඵොට්ඨබ්බෙහි පඤ්චහි කාමකොට්ඨාසෙහි. වුත්තම්පි චෙතං –
මෙහි හිඳගනියි, වාඩිවෙයිනුයි ආසනං නම් වේ. යත්ථ යම් ඇඳපුටු ආදියෙක. මඤ්චො ආදිය ආසනයන්ගේ ප්‍රභේද දක්වන වචනයන්ය. ඇඳ ද හිඳගැනීමට අවකාශ ඇති බැවින් මෙහි දී ආසන නාමයෙන් ගන්නා ලදී. එය වනාහි උඩුවියන් ඇති, සත්ත්ව රූප සහිත කකුල්, විට්ටම හාරා වැද්දූ කකුල් ඇති ඇඳන්වලින් එකකි. පීඨං පුටුවද ඒ ආසනයන්ගෙන් එකකි. භිසි යනු බැටලු ලොමින් කළ කොට්ට, රෙදි කොට්ට, වැහැරි (පට්ටා) වලින් කළ කොට්ට, තණවලින් කළ කොට්ට, වියලි කොළවලින් කළ කොට්ට ආදී එක්තරා කොට්ටයක්. තට්ටිකා තල් කොළවලින් වියා සෑදු පත්කඩ, චම්මඛණ්ඩො හිඳීමට සුදුසු කිසියම් සම්කඩක්. තිණ සන්ථාරාදයො තණ ආදිය එකට ඔතා කරන ලද. අසප්පාය රූප දස්සනෙන නුසුදුසු ඉෂ්ට රූපාදිය බැලීමෙන්. රිත්තං අභ්‍යන්තර වශයෙන් හිස් වූ. විවිත්තං යනු පිටතට පිවිසීමෙන් ශුන්‍ය වූ. පවිවිත්තං කිසියම් ගෘහස්ථයෙක් එහි නැති හෙයින් අනෙකෙකුගෙන් ශුන්‍ය වූ. අසත්පාය ශබ්ද ඇසීමෙහි ද මේ ක්රමයම දතයුතුයි. පඤ්චහි කාමගුණෙහි ස්ත්‍රීරූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාදී පංචකාම ගුණයන්ගෙන්. මෙය කියන ලද්දේමය,
“රූපා සද්දා රසා ගන්ධා, ඵොට්ඨබ්බා ච මනොරමා; පඤ්ච කාමගුණා ලොකෙ, ඉත්ථිරූපස්මිං දිස්සරෙ”ති. (අ· නි· 5.55);
රූප සද්දා රසා ගන්ධා ඵොට්ඨබ්බා ච මනොරමා, පඤ්චකාම ගුණාලොකෙ ඉත්ථිරූපස්මිං දිස්සරෙ
භජතොති චිත්තෙන සෙවනං කරොන්තස්ස. සම්භජතොති සම්මා සෙවන්තස්ස. සෙවතොති උපසඞ්කමන්තස්ස. නිසෙවතොති නිස්සයං කත්වා සෙවන්තස්ස. සංසෙවතොති සුට්ඨු සෙවන්තස්ස. පටිසෙවතොති පුනප්පුනං උපසඞ්කමන්තස්ස.
භජතො සිතින් ඇසුරු කරන්නාට. සම්භජතො මනාව ඇසුරු කරන්නාට. සෙවතො සමීපයට එන්නාට. නිසෙවතො නිශ්චය කර ඇසුරු කරන්නාට. සංසේවතො මනාව සේවය කරන්නාට. පතිසෙවතො නැවත නැවත සමීපයට එන්නාට.
ගණසාමග්ගීති සමණානං එකීභාවො සමග්ගභාවො. ධම්මසාමග්ගීති සත්තතිංසබොධිපක්ඛියධම්මානං සමූහභාවො. අනභිනිබ්බත්තිසාමග්ගීති අනිබ්බත්තමානානං අනුප්පජ්ජමානානං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතානං අරහන්තානං සමූහො. සමග්ගාති කායෙන අවියොගා. සම්මොදමානාති චිත්තෙන සුට්ඨු මොදමානා තුස්සමානා. අවිවදමානාති වාචාය විවාදං අකුරුමානා. ඛීරොදකීභූතාති ඛීරෙන සංසට්ඨඋදකසදිසා.
ගණ සාමග්ගි ශ්‍රමණයන්ගේ එකීභාවය වූ සමගි බව. ධම්මසාමග්ගී සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ සමූහභාවය. අනභි නිබ්බති සාමග්ගී නූපදින්නා වූ නැවත නූපදවන්නා වූ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි රහතන් වහන්සේලාගේ සමූහය. සමග්ගා කයින් නොවෙන්ව. සම්මොද මානා සිතින් මනාව සතුටු වෙමින්, ප්‍රීතිවෙමින්. අවිවදමානා වචනයෙන් වාදවිවාද නොකරමින්. ඛීරොදකීභූතා කිරි සමග මිශ්‍ර වූ ජලය මෙන්.
තෙ එකතො පක්ඛන්දන්තීති තෙ බොධිපක්ඛියධම්මා එකං ආරම්මණං පවිසන්ති. පසීදන්තීති තස්මිංයෙව ආරම්මණෙ පසාදමාපජ්ජන්ති. අනුපාදිසෙසායාති උපාදිවිරහිතාය.
තෙ එකතො පක්ඛන්ධන්ති ඒ බෝධිපාක්ෂික ධර්ම එක් අරමුණකට පිවිසෙයි. එහි බැස ගනියි. ඒ අරමුණෙහිම ප්‍රසාදයට පැමිණෙයි. අනුපාදිසෙසාය උපදි විරහිත වූ,
නිබ්බානධාතුයාති අමතමහානිබ්බානධාතුයා. ඌනත්තං වාති එත්ථ උනභාවො ඌනත්තං, අපරිපුණ්ණභාවොති අත්ථො. පුණ්ණත්තං වාති පරිපුණ්ණභාවො පුණ්ණත්තං, පුණ්ණභාවො වා න පඤ්ඤායති නත්ථීති අත්ථො.
නිබ්බාණ ධාතුයා අමෘත මහා නිර්වාණ ධාතුවෙන්. ඌත්තං වා මෙහි ඌනභාවය ඌනත්ත වේ. අපරිපූර්ණ භාවය යන අර්ථයයි. පුණ්ණත්තං වා පරිපූර්ණභාවය, පූර්ණ භාවය, පූර්ණත්වයයි. පූර්ණභාවය හෝ නොපෙනේ. පූර්ණ බවක් නොමැත යන අර්ථයයි.
නෙරයිකානන්ති නිරයෙ නිබ්බත්තනකකම්මානං අත්ථිභාවෙන. නිරයං අරහන්තීති නෙරයිකා, තෙසං නෙරයිකානං. නිරයො භවනන්ති නිරයො එව තෙසං වසනට්ඨානං ඝරං. තිරච්ඡානයොනිකානන්තිආදීසුපි එසෙව නයො. තස්සෙසා සාමග්ගීති තස්ස ඛීණාසවස්ස එසා නිබ්බානසාමග්ගී. එතං ඡන්නන්ති එතං අනුච්ඡවිකං. පතිරූපන්ති සදිසං පටිභාගං, අසදිසං අප්පටිභාගං න හොති. අනුච්ඡවිකන්ති එතං සමණබ්රාහ්මණානං වා ධම්මානං, මග්ගඵලනිබ්බානසාසනධම්මානං වා අනුච්ඡවිකං. තෙසං ඡවිං ඡායං සුන්දරභාවං අන්වෙති අනුගච්ඡති, අථ ඛො සන්තිකාව තෙහි ධම්මෙහි අනුච්ඡවිකත්තා එව ච අනුලොමං. තෙසඤ්ච අනුලොමෙති, අථ ඛො න විලොමං න පච්චනීකභාවෙ ඨිතං.
නෙරයිකානං නිරයේ උපදවන කර්මයන් ඇති බැවින් නිරයට සුදුසු වූයේනුයි නෙරයික නම් වේ. ඒ නෙරයිකානං (නේරයිකයන්ගේ) නිරයො භවනං යනු නිරය, සත්ත්වයන්ගේ වසන ස්ථානය වූ නිවාසය. තිරච්ඡානයොනිකානං යනාදියෙහි ද මේ ක්‍රමයමයි. තස්සෙසා සාමග්ගී ක්ෂීණාශ්රවයාගේ මේ නිර්වාණ සාමග්‍රිය වේ. එතං ඡන්නං මෙය සුදුසුය. පතිරූපං සමානය. ප්‍රතිරූපය අසමාන අප්‍රතිභාග නොවේ. අනුච්ඡවිකං යනු මෙය ශ්‍රමණ කරණ ධර්මයන්ට හෝ මාර්ගඵල නිවන් ගෙනදෙන ශාසන ධර්මයට හෝ සුදුසුය. මේ ධර්මයන්ගේ සුදුසු භාවයෙන් ඉතා දුරට යයි. (නිරයාදී උප්පත්තිවලින්) නැතහොත් ඒ ධර්මයන්ගේ ඉතා සමීපයට යයි. සුදුසුභාවයම අනුලෝම ද වේ. ඒ ධර්මයන්ගේ අනුලෝමභාවයෙන්, විලෝම නොවූ විරුද්ධ නොවූ ස්වභාවයයි.
ඉදානි “යො අත්තානං භවනෙ න දස්සයෙ”ති එවං ඛීණාසවො විභාවිතො, තස්ස වණ්ණභණනත්ථං ඉතො පරා තිස්සො ගාථායො ආහ. තත්ථ පඨමගාථාය සබ්බත්ථාති ද්වාදසසු ආයතනෙසු. න පියං කුබ්බති නොපි අප්පියන්ති නිද්දෙසෙ පියාති චිත්තෙ පීතිකරා. තෙ විභාගතො දස්සෙන්තො “කතමෙ සත්තා පියා, ඉධ යස්ස තෙ හොන්තී”ති ආහ. තත්ථ යස්ස තෙති යෙ අස්ස තෙ. හොන්තීති භවන්ති. අත්ථකාමාති වඩ්ඪිකාමා. හිතකාමාති සුඛකාමා. ඵාසුකාමාති සුඛවිහාරකාමා. යොගක්ඛෙමකාමාති චතූහි යොගෙහි ඛෙමං නිබ්භයං කාමා. මමායතීති මාතා. පියායතීති පිතා. භජතීති භාතා. භගිනීති එත්ථාපි එසෙව නයො. පුං තායති රක්ඛතීති පුත්තො. කුලවංසං ධාරෙතීති ධීතා. මිත්තා සහායා. අමච්චා භච්චා. ඤාතී පිතුපක්ඛිකා. සාලොහිතා මාතිපක්ඛිකා. ඉමෙ සත්තා පියාති ඉමෙ සත්තා පීතිජනකා. වුත්තවිපරියායෙන අප්පියා වෙදිතබ්බා.
දැන් යමෙක් තමා නරකාදී භවයන්හි නොදක්වන්නේද මෙසේ වූ රහතන් වහන්සේ පිළිබඳව මේ ගාථාවෙන් දැක්විණි. ඒ රහතන් වහන්සේගේ ගුණ පවසනු සඳහා මින් අනතුරු ගාථා තුන වදාළහ. ඉන් පළමු ගාථාව සබ්බත්ථ ද්වාදස (දොළොස්) ආයතනයන්හි. න පියං කුබ්බති නොපි අප්පියං යන නිර්දේශයේ පියා සිත ප්‍රීතියට පත්කරන, ඒවා විභාග වශයෙන් දක්වමින් ‘කතමෙ සත්තා පියා? ඉධ යස්සතෙ හොන්ති’ (කවර සත්ත්වයෝ ප්‍රියයෝ වෙත්ද, මෙලොව යම් කෙනෙක් හිතවැඩ කැමති වේනම්)’ යනාදිය කියන ලදී. එහි යස්සතෙ යනු යමෙක් වේද ඔවුහු. හොන්ති වෙති. අත්ථ කාමා අභිවෘද්ධිය කැමති. හිතකාමා සැප කැමති. ඵාසුකාමා සුඛ විහරණය කැමති. යොගක්ඛෙ කාමා යනු සිවු යෝගයෙන් ක්ෂේම වූ නිර්භය භාවය කැමති, මමත්වය කරන්නේනුයි මාතා යි. ප්‍රියත්වය කරන්නේනුයි පිතායි. භජනය කරන්නේනුයි භාතායි. භගිනී යනාදියෙහි ද මේ ක්‍රමයමයි. පරපුර සුරකියි, ආරක්ෂා කරයිනුයි පුත්තො යි. කුලවංසය දරනුයේ නුයි ධීතා යි. මිත්තා සහායකයෝ, ඇමතියෝ, ඇමති සමූහයා, ඤාති පියපස ඥාතීහු සාලොහිතා මව්පස නෑයෝ. ඉමෙ සත්තා පියා යනු මේ සත්ත්වයෝ ප්‍රීති උපදවන්නෝ ය. කියූ පදයන්ගේ විපර්යාසයෙන් අප්‍රියයෝ දතයුතුයි.
යදිදං දිට්ඨසුතමුතෙසු වාති එත්ථ පන යදිදං දිට්ඨසුතං, එත්ථ වා මුතෙසු වා ධම්මෙසු; එවං මුනි න උපලිම්පතීති එවං සම්බන්ධො වෙදිතබ්බො.
යදිදං දිට්ඨසුත මුතෙසු වා යනු මෙහි ඉදින් දක්නා ලද, ඇසූ දහම් හෝ වින්දනය කළ දහම් හෝ ඇසූ දහහි. එවං මුනි න උපලිමති යයි මෙසේ සම්බන්ධ කර අර්ථ ගතයුතුයි.
උදකථෙවොති උදකස්ස ථෙවො. “උදකත්ථෙවකො”තිපි පාඨො. පදුමපත්තෙති පදුමිනිපත්තෙ.
උදකථෙවො දිය බිඳ, ‘උදකත්ථෙවකො’ යන පාඨය ද යෙදේ. පදුම පත්තෙ පියුම්පතෙහි.
ධොනො න හි තෙන මඤ්ඤති, යදිදං දිට්ඨසුතමුතෙසු වාති අත්රාපි යදිදං දිට්ඨසුතං, තෙන වත්ථුනා න මඤ්ඤති, මුතෙසු වා ධම්මෙසු න මඤ්ඤතීති එවමෙව සම්බන්ධො වෙදිතබ්බො. න හි සො රජ්ජති, නො විරජ්ජතීති බාලපුථුජ්ජනො විය න රජ්ජති, කල්යාණපුථුජ්ජනසෙක්ඛා විය න විරජ්ජති, රාගස්ස ඛීණත්තා “විරත්තො”ත්වෙව සඞ්ඛං ගච්ඡති. සෙසං පාකටමෙවාති.
ධොතො නහි තෙන මඤ්ඤතී යදිදං දට්ඨසුතෙ මුතෙසු වා දුටු ඇසූ රූප ශබ්දාලම්බනයක් වේද ඒ වස්තුවෙන් මඤ්ඤතා නොකරයි. නොසිතයි. දැනගත් හෝ විඳගත් ධර්මාලම්භනයක් කෙරෙහි හෝ නොසිතයි. මේ අයුරින් පද සම්බන්ධය දතයුතුයි. නහි සො රජ්ජති නො වීරජ්ජති බාල පුහුදුන් අයෙකු මෙන් නො ඇලෙයි. කල්‍යාණ පුථුජ්ජන සේඛයකු මෙන් නො ඇලෙයි. රාගය ක්ෂය කළ බැවින් විරක්තයෙකි යන සංඛ්‍යාවට ගැනේ. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්‍රකටමය.
තාය පඤ්ඤාය කායදුච්චරිතන්ති සම්පයුත්තාය පුබ්බභාගායෙව වා පඤ්ඤාය පරිග්ගහෙතබ්බෙ පරිග්ගණ්හන්තො යොගී තිවිධං කායදුච්චරිතං සමුච්ඡෙදවසෙන ධුනාති. අයඤ්ච පුග්ගලො විපන්නධම්මං දෙසනාධම්මෙසු ධුනන්තෙසු තංධම්මසමඞ්ගීපුග්ගලොපි ධුනාති නාම. තෙ ච ධම්මෙ පඤ්ඤාය අත්තනො පවත්තික්ඛණෙ ධුනිතුමාරද්ධො ධුතාති වුච්චති, යථා භුඤ්ජිතුමාරද්ධො භුත්තොති වුච්චති. ලක්ඛණං පනෙත්ථ සද්දසත්ථතො වෙදිතබ්බං. ධුතන්ති කත්තුසාධනං. ධුතං පඨමමග්ගෙන. ධොතං දුතියමග්ගෙන. සන්ධොතං තතියමග්ගෙන. නිද්ධොතං චතුත්ථමග්ගෙන.
තාය පඤ්ඤාය කාය දුච්චරිතං යනු එය සම්ප්‍රයුක්ත වූ බැවින් පූර්වභාගයේදීම හෝ ප්‍රඥාවෙන් පරිග්‍රහණය කළ යුත්තෙහි පරිග්‍රහණය කරගනිමින් ත්‍රිවිධ කාය දුශ්චරිත සමුච්ඡේද වශයෙන් කම්පා කරයි. මේ පුද්ගලයා ධර්ම දේශනාවෙන් විපතට පත් අයෙකු නොවේ. ධර්මයන් කම්පා කරන කල්හි ඒ ධර්මයන්ගෙන් යුක්ත පුද්ගලයාද කම්පා කරයි නම් වේ. ඒ ධර්මයන්ද ප්‍රඥාවෙන් යුක්තව, එය පවතින ක්ෂණයෙහිම කම්පා කිරීමට පටන්ගත් කල්හිම කම්පා කරන ලදැයි කියති. අනුභව කිරීමට ඇරඹූ කල්හි ‘අනුභව කළා’ යැයි කියන්නාක් මෙනි. මෙහි ලක්ෂණ ශබ්ද ශාස්ත්‍රයෙන් දතයුතුයි. ධුතං යනු කර්තෘ සාධනයයි. ධුතං ප්‍රථම ආර්ය මාර්ගයෙන් ධොතං දෙවන ආර්ය මාර්ගයෙන්. සන්ධොතං තෙවැනි ආර්ය මාර්ගයෙන්. නිද්ධොනං සිවුවන ආර්ය මාර්ගයෙන්.
ධොනො දිට්ඨං න මඤ්ඤතීති අරහා මංසචක්ඛුනා දිට්ඨං දිබ්බචක්ඛුනා දිට්ඨං රූපායතනං න මඤ්ඤති තීහි මඤ්ඤනාහි, කථං? රූපායතනං සුභසඤ්ඤාය සුඛසඤ්ඤාය ච පස්සන්තො න තත්ථ ඡන්දරාගං ජනෙති න තං අස්සාදෙති නාභිනන්දති, එවං දිට්ඨං තණ්හාමඤ්ඤනාය න මඤ්ඤති. “ඉති මෙ රූපං සියා අනාගතමද්ධාන”න්ති වා පනෙත්ථ නන්දිං න සමන්නානෙති. රූපසම්පදං වා ආකඞ්ඛමානො දානං න දෙති, සීලං න සමාදියති, උපොසථකම්මං න කරොති. එවම්පි දිට්ඨං තණ්හාමඤ්ඤනාය න මඤ්ඤති, අත්තනො පන පරස්ස ච රූපසම්පත්තිවිපත්තිං නිස්සාය මානං න ජනෙති. “ඉමිනාහං සෙය්යොස්මීති වා, සදිසොස්මීති වා, හීනොස්මීති වා”ති එවං දිට්ඨං මානමඤ්ඤනාය න මඤ්ඤති. රූපායතනං පන “නිච්චං ධුවං සස්සත”න්ති න මඤ්ඤති. අත්තානං “අත්තනිය”න්ති න මඤ්ඤති. මඞ්ගලං “අමඞ්ගල”න්ති න මඤ්ඤති. එවං දිට්ඨං දිට්ඨිමඤ්ඤනාය න මඤ්ඤති. දිට්ඨස්මිං න මඤ්ඤතීති රූපස්මිං අත්තානං සමනුපස්සනනයෙන අමඤ්ඤන්තො දිට්ඨස්මිං න මඤ්ඤති. යථා වා ථනෙ ථඤ්ඤං, එවං රූපස්මිං රාගාදයොති අමඤ්ඤන්තොපි දිට්ඨස්මිං න මඤ්ඤති. තස්මිංයෙව පනස්ස දිට්ඨිමඤ්ඤනාය අමඤ්ඤිතෙ වත්ථුස්මිං සිනෙහං මානඤ්ච න උප්පාදයතො තණ්හාමානමඤ්ඤනාපි නත්ථීති වෙදිතබ්බා. එවං දිට්ඨස්මිං න මඤ්ඤති. දිට්ඨතො න මඤ්ඤතීති එත්ථ පන දිට්ඨතොති නිස්සක්කවචනං. තස්මා සඋපකාරණස්ස අත්තනො වා පරස්ස වා යථාවුත්තප්පභෙදතො දිට්ඨතො උපපත්ති වා නිග්ගමනං වා දිට්ඨතො වා අඤ්ඤො අත්තාති අමඤ්ඤමානො දිට්ඨතො න මඤ්ඤතීති වෙදිතබ්බො. අයමස්ස න දිට්ඨිමඤ්ඤනා. තස්මිංයෙව පනස්ස දිට්ඨිමඤ්ඤනාය අමඤ්ඤිතෙ වත්ථුස්මිං සිනෙහං මානඤ්ච න උප්පාදයතො න තණ්හාමානමඤ්ඤනාපි වෙදිතබ්බා.
ධොතො දිට්ඨං න මඤ්ඤති රහතන් වහන්සේ මසැසින් හෝ දිවැසින් දුටු රූපායතනය පිළිබඳව ත්‍රිවිධ මඤ්ඤනාවන්ගෙන් නොසිතයි. කෙසේ ද? රූපායතනය සුභ වශයෙනුත්, සුඛ වශයෙනුත් නොදකිමින්, එහි ඡන්දරාග නූපදවයි. එය ආශ්වාදනය නොකරයි. සතුටු නොවේ. මෙසේ දක්නා ලද්දේ තණ්හා මඤ්ඤතාවෙන් නො සිතයි. ‘මෙසේ මගේ රූපය අනාගතයේ ද වේ’ යැයි මෙහි ආත්ම වශයෙන් පැවැත්ම අපේක්ෂා නොකරයි. රූප සම්පත්තිය කැමැත්තෙන් දැන් හෝ නොදෙයි. සිල් හෝ නොරකියි. පොහොය කර්ම හෝ නොකරයි. මෙසේ දුටු දෙය පිළිබඳව තණ්හා මඤ්ඤතාවෙන් නොසිතයි. තමාගේ ද අනුන්ගේ ද රූප සම්පත්ති, විපත්ති නිසා මානය නූපදවයි. ‘මම මොහුට වඩා උතුම් වෙමි. සමාන වෙමි. හීන වෙමි යනාදී දුටු දෙය පිළිබඳ මාන මඤ්ඤනා නූපදවයි. රූපායතනය ද නිත්‍යය. ස්ථිරය. ශාස්වත යැයි නොසිතයි. තමා ආත්මීය ලෙස නොසිතයි. අවමංගලයක් මංගල ලෙස නොසිතයි. මෙසේ දුටු දෙය දෘෂ්ටි මඤ්ඤතාවෙන් නො සිතයි. දිට්ඨස්මිං න මඤ්ඤති යනු රූපයෙහි ආත්මය දැකීම් න්‍යායයෙන් නොසිතන්නේ දුටු දෙයෙහි නොසිතයි. තනයේ ඇති තනකිරි යම්සේ ද එසේම රූපයෙහි රාගාදිය ඇතැයි නොසිතනුයේ දුටු දෙය පිළිබඳව නොසිතයි. ඒ දෘෂ්ටි මඤ්ඤනාවෙහිම ආත්ම වශයෙන් නොසිතන කල්හි, වස්තුවෙහි සෙනෙහසත් මානයත් නූපදීමෙන් තණ්හා මාන මඤ්ඤනාවන් ද නැතැයි දතයුතුයි. මෙසේ රූපායතනයෙහි ආත්මය ඇතැයි නොසිතයි. දිට්ඨතො න මඤ්ඤති මෙහි දිට්ඨතො යනු පංචමී විභක්ති වචනයකි. එහෙයින් උපකරණ සහිත දෘෂ්ටි මඤ්ඤනාවෙන් තමාගේ හෝ අනුන්ගේ, ඉහත කියූ ප්‍රභේද ඇති, රූපායතනයෙන් ඉපදීම හෝ නික්මයාම හෝ රූපායතනයෙන් අන්‍ය වූ ආත්මයක් ඇතැයි නොසිතනුයේ ‘රූපායතනයෙන් නොසිතයි’ යැයි දතයුතුයි. මෙය රහතන් වහන්සේගේ දෘෂ්ටි මඤ්ඤනාවයි. ඒ දෘෂ්ටි මඤ්ඤණාවෙහි නොසිතන කල්හි වස්තුවෙහි සෙනෙහස ද මානය ද නූපදවීමෙන්, තණ්හා මාන මඤ්ඤනාවත් ඇති නොවේ යැයි දතයුතුයි.
දිට්ඨා මෙති න මඤ්ඤතීති එත්ථ පන “එතං මමා”ති තණ්හාවසෙන අමමායමානො දිට්ඨං තණ්හාමඤ්ඤනාය න මඤ්ඤති. සුතන්ති මංසසොතෙනපි සුතං, දිබ්බසොතෙනපි සුතං, සද්දායතනස්සෙතං අධිවචනං. මුතන්ති මුත්වා මුනිත්වා ච ගහිතං ආහච්ච උපගන්ත්වාති අත්ථො. ඉන්ද්රියානං ආරම්මණානඤ්ච අඤ්ඤමඤ්ඤං සංකිලෙසෙ විඤ්ඤාතන්ති වුත්තං හොති. ගන්ධරසඵොට්ඨබ්බායතනානං එතං අධිවචනං. විඤ්ඤාතන්ති මනසා විඤ්ඤාතං, සෙසානං සත්තානං ආයතනානමෙතං අධිවචනං, ධම්මාරම්මණස්ස වා, ඉධ පන සක්කායපරියාපන්නමෙව ලබ්භති. විත්ථාරො පනෙත්ථ දිට්ඨවාරෙ වුත්තනයෙන වෙදිතබ්බො.
දිට්ඨං මෙති න මඤ්ඤති මෙහිදී වනාහි මෙය මගේ යැයි තණ්හා වශයෙන් මමායනය නොකරනුයේ රූපායතනය තණ්හා මඤ්ඤනාවෙන් නො සිතයි. සුතං යනු සාමාන්‍ය කණින් (මිනිස්) ඇසූ, දිවකණින් ඇසූයේ ශබ්දායතනයට තවත් නමකි. මුතං ස්පර්ශ කරගන්නා ලද, ගැටී, පැමිණ ගත් යන අර්ථයයි. ඉන්ද්‍රියන්ගේ ද ආරම්මණයන්ගේ ද අන්‍යෝන්‍ය වූ මිශ්රත්වයෙන් උපන්නේ යැයි කියන ලදී. ගන්ධ, රස, ස්පර්ශ යන ආයතනයන්ට මේ තවත් නමකි. විඤ්ඤාතං මනසින් දැනගත්. සෙසු ආයතන හතට මේ තවත් නමකි. ධර්මාරම්මණය ද සත්කාය පරියාපන්නවම ලැබේ. විස්තර වශයෙන් රූපායතන වාරයෙහි කියූ පරිදිම දතයුතුයි.
ඉදානි භගවතා වුත්තසුත්තවසෙන දස්සෙන්තො “අස්මීති භික්ඛවෙ”තිආදිමාහ. තත්ථ අස්මීති භවාමි, නිච්චස්සෙතං අධිවචනං. මඤ්ඤිතමෙතන්ති දිට්ඨිකප්පනං එතං. අයමහමස්මීති අයං අහං අස්මි භවාමි.
දැන් භාග්‍යවතුන් වහන්සේ වදාළ සූත්‍ර වශයෙන් දක්වමින් ‘අස්මීති භික්ඛවෙ’ යනාදිය කියන ලදී. එහි අස්මී යනු වෙමි. නිත්‍ය බවට මේ තවත් වචනයකි. මඤ්ඤිතමෙතං මේ දෘෂ්ටි කල්පනයයි. අය මහමස්මි මේ මම වෙමි.
අඤ්ඤත්ර සතිපට්ඨානෙහීති ඨපෙත්වා චතුසතිපට්ඨානෙ.
අඤ්ඤත්ර සතිපට්ඨානෙහි සතර සතිපට්ඨානයන් හැර.
සබ්බෙ බාලපුථුජ්ජනා රජ්ජන්තීති සකලා අන්ධබාලා නානාජනා ලග්ගන්ති. සත්ත සෙක්ඛා විරජ්ජන්තීති සොතාපන්නාදයො සත්ත අරියජනා විරාගං ආපජ්ජන්ති . අරහා නෙව රජ්ජති නො විරජ්ජතීති කිලෙසානං පරිනිබ්බාපිතත්තා උභයම්පි න කරොති. ඛයා රාගස්සාතිආදයො තිවිධාපි නිබ්බානමෙව.
සබ්බෙ බාල පුථුජ්ජනා රජ්ජන්ති සියලු අන්ධබාල නානා ජනයා ඇලෙති. සත්තසෙක්ඛා විරජ්ජන්ති සෝවාන් ආදී ආර්ය ජනයෝ සත්දෙන විරාගයට පැමිණෙති. අරහා නො රජ්ජති නො විරජ්ජති කෙළෙසුන්ගේ පිරිනිවීමෙන් ඇලීමත් විරාගයත් යන දෙකම නොකරයි. ඛයා රාගස්ස ආදී ත්‍රිවිධ පදයන්ගෙන් නිවනම අදහස් වේ.
සද්ධම්මප්පජ්ජොතිකාය මහානිද්දෙසට්ඨකථාය
සද්ධම්මපජ්ජොතිකා නම් මහා නිද්දේසට්ඨකථාවේ
ජරාසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
සයවන ජරා සූත්‍ර නිර්දේශ වර්ණනාව නිමියේ ය.