7. තිස්සමෙත්තෙය්යසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
7. තිස්සමෙත්තෙය්යසුත්තනිද්දෙසවණ්ණනා
7. තිස්සමෙත්තෙය්යසූත්රනිර්දේශ වර්ණනාව
සත්තමෙ තිස්සමෙත්තෙය්යසුත්තෙ මෙථුනමනුයුත්තස්සාති මෙථුනධම්මං සමායුත්තස්ස. ඉතීති එවමාහ. ආයස්මාති පියවචනමෙතං. තිස්සොති නාමං තස්ස ථෙරස්ස. සොපි හි තිස්සොති නාමෙන. මෙත්තෙය්යොති ගොත්තං, ගොත්තවසෙනෙව එස පාකටො අහොසි. තස්මා අට්ඨුප්පත්තියං (සු· නි· අට්ඨ· 2.821) වුත්තං – “තිස්සමෙත්තෙය්යා නාම ද්වෙ සහායා”ති. විඝාතන්ති උපඝාතං. බ්රූහීති ආචික්ඛ. මාරිසාති පියවචනමෙතං, නිද්දුක්ඛාති වුත්තං හොති. සුත්වාන තව සාසනන්ති තව වචනං සුත්වා. විවෙකෙ සික්ඛිස්සාමසෙති සහායං ආරබ්භ ධම්මදෙසනං යාචන්තො භණති, සො පන සික්ඛිතසික්ඛොයෙව.
සත්වන තිස්ස මෙත්තෙය්‍ය සූත්‍රයේ මෙථුන මනුයුත්තස්ස යනු මෛථුන ධර්ම ක්‍රියාවෙහි නිරත වූවහුට ඉති මෙසේ කීය. ආයස්මා යනු ප්‍රිය වචනයකි. තිස්සො යනු ඒ තෙරුන්ගේ නාමයයි. තිස්ස යනු මාපියන් තැබූ නමයි. මෙත්තෙය්‍ය යනු ගෝත්‍රයයි. ගෝත්‍ර නාමයෙන්ම මොහු ප්‍රකට විය. එනිසා අර්ථොත්පත්තියෙහි (අට්ඨකථාවෙහි) ‘තිස්සමෙත්තෙය්‍ය නම් යහලුවෝ දෙදෙනෙකි යි කියන ලදී. විඝාතං යනු නැසීමයි. බ්‍රෑහි කියන්න. මාරිස ප්රියවචනයකි. මෙය, නිදුකාණෙනි’යි කියන ලද්දේ වෙයි. සුත්වාන තව සාසනං නුඹගේ වචනය අසා විවෙකෙ සික්ඛිස්සාමසෙ සහායකයා අරබයා ධර්ම දේශනාවට ආයාචනා කරමින් කියයි. ඔහු වනාහි හික්මුණු ශික්ෂා ඇත්තෙක්මය.
මෙථුනධම්මො නාමාති ඉදං නිද්දිසිතබ්බස්ස මෙථුනධම්මස්ස උපදෙසපදං. අසද්ධම්මොති අසතං නීචජනානං ධම්මො. ගාමධම්මොති ගාමවාසීනං සෙවනධම්මො. වසලධම්මොති වසලානං ධම්මො, කිලෙසවස්සනතො වා සයමෙව වසලො ධම්මොති වසලධම්මො. දුට්ඨුල්ලොති දුට්ඨො ච කිලෙසෙහි දුට්ඨත්තා, ථූලො ච අනිපුණභාවතොති දුට්ඨුල්ලො. යස්මා ච තස්ස ධම්මස්ස පරිවාරභූතං දස්සනම්පි ගහණම්පි ආමසනම්පි ඵුසනම්පි ඝට්ටනම්පි දුට්ඨුල්ලං, තස්මාපි දුට්ඨුල්ලො සො මෙථුනධම්මො. ඔදකන්තිකොති උදකං අස්ස අන්තෙ සුද්ධත්ථං ආදියතීති උදකන්තො, උදකන්තොයෙව ඔදකන්තිකො. රහො පටිච්ඡන්නෙ ඔකාසෙ කත්තබ්බතාය රහස්සො. විනයෙ පන “දුට්ඨුල්ලං ඔදකන්තිකං රහස්ස”න්ති (පාරා· 39) පාඨො. තත්ථ තීසු පදෙසු යො සොති පදං පරිවත්තෙත්වා යං තන්ති කත්වා යොජෙතබ්බං “යං තං දුට්ඨුල්ලං, සො මෙථුනධම්මො, යං තං ඔදකන්තිකං සො මෙථුනධම්මො, යං තං රහස්සං , සො මෙථුනධම්මො”ති. ඉධ පන “යො සො අසද්ධම්මො, සො මෙථුනධම්මො…පෙ… යො සො රහස්සො, සො මෙථුනධම්මො”ති එවං යොජනා වෙදිතබ්බා. ද්වයෙන ද්වයෙන සමාපජ්ජිතබ්බතො ද්වයංද්වයසමාපත්ති. තත්ථ යොජනා – යා සා ද්වයංද්වයසමාපත්ති, සො මෙථුනධම්මො නාමාති. කිංකාරණා වුච්චති මෙථුනධම්මොති කෙන කාරණෙන කෙන පරියායෙන මෙථුනධම්මොති කථීයති. තං කාරණං දස්සෙන්තො “උභින්නං රත්තාන”න්තිආදිමාහ. තත්ථ උභින්නං රත්තානන්ති ද්වින්නං ඉත්ථිපුරිසානං රාගෙන රඤ්ජිතානං. සාරත්තානන්ති විසෙසෙන සුට්ඨු රඤ්ජිතානං. අවස්සුතානන්ති කිලෙසෙන තින්තානං. පරියුට්ඨිතානන්ති කුසලාචාරං පරියාදියිත්වා මද්දිත්වා ඨිතානං “මග්ගෙ චොරා පරියුට්ඨිතා”තිආදීසු විය. පරියාදින්නචිත්තානන්ති කුසලචිත්තං පරියාදියිත්වා ඛෙපෙත්වා ඨිතචිත්තානං. උභින්නං සදිසානන්ති ද්වින්නං කිලෙසෙන සදිසානං. ධම්මොති සභාවො. තං කාරණාති තෙන කාරණෙන. තං උපමාය සාධෙන්තො “උභො කලහකාරකා”තිආදිමාහ. තත්ථ උභො කලහකාරකාති පුබ්බභාගෙ කලහකාරකා ද්වෙ. මෙථුනකාති වුච්චන්තීති සදිසාති වුච්චන්ති. භණ්ඩනකාරකාති තත්ථ තත්ථ ගන්ත්වා භණ්ඩනං කරොන්තා. භස්සකාරකාති වාචාකලහං කරොන්තා. විවාදකාරකාති නානාවචනං කරොන්තා. අධිකරණකාරකාති විනිච්ඡයපාපුණනවිසෙසකාරණං කරොන්තා. වාදිනොති වාදපටිවාදිනො. සල්ලාපකාති වාචං කථෙන්තා එවමෙවන්ති උපමාසංසන්දනං.
මෙථුන ධම්මොනාම මෙය විස්තර කළ යුතු ‘මෙථුන ධම්ම’ය පිළිබඳ උදෙසීමයි. (මාතෘකාවයි.) අසද්ධම්මො යනු අසත්පුරුෂ නීච ජනයාගේ ධර්මයයි. ගාම ධම්මො යනු ගම්වැසියන් ඇසුරුකරන ධර්මයයි. වසල ධම්මො යනු වසලයන්ගේ ධර්මයයි. කෙලෙස් වැසි වස්වන බැවින් හෝ වර්ෂාවම වසල ධර්මයක් වූයේනුයි වසල ධර්මය වේ. දුට්ඨුල්ලො කෙලෙසුන්ගෙන් දුෂ්ට වූ බැවින් දුට්ඨො වේ. අදක්ෂ භාවයෙන් ථුල්ල වූයේනුයි දුට්ඨුල්ලො වේ. යම්හෙයකින් ඒ මෛථුන ධර්මයෙන් පිරිවැරූ තැනැත්තා දැකීම, ග්‍රහණය, පිරිමැදීම, ස්පර්ශය, ගැටීම, දුට්ඨුල්ල හෙවත් කෙලෙසුන්ගෙන් දුෂ්ට වූයේ වේද, ඒ නිසාද ඒ මෛථුන ධර්මය දුට්ඨුල්ල නම් වේ. ඔදකන්තිකො යනු ඒ මෛථුන ධර්මය අවසානයේ ජලයෙන් පිරිසිදුවීම අවශ්‍ය වේනුයි උදකන්ත හෙවත් දියකිය අවසන්කොට ඇත්තේ වෙයි. එයම ඔදකන්තික නම් වේ. රහසින් සැඟවුණු තැනක සිට කළයුතු බැවින් රහස්සො වේ. විනයෙහි වනාහි ‘දුට්ඨුල්ලං ඔදකන්තිකං රහස්සං’ යන පාඨය යෙදේ. ඒ තුන් පදයෙහි දී ‘යො සො’ යන පදය පෙරළා ‘යං තං’ යනුවෙන් යෙදිය යුතුයි. ‘යං තං දුට්ඨුල්ලං සො මෙථුන ධම්මො, යන්තං ඔදකන්තිකං සො මෙථුනධම්මො’ යන්තං රහස්සං සො මෙථුනධම්මො’ යනුවෙනි. මෙහිදී වනාහි ‘යො සො අසද්ධම්මො -පෙ- යො සො රහස්සො මෙථුනධම්මො’ මෙසේ පද යෙදීම දතයුතුයි. දෙදෙනා දෙදෙනා විසින් යෙදිය යුතු බැවින් ද්වයං ද්වය සමාපත්තිය වේ. එහි පද යෙදුම මෙසේය. යමක් ද්වයං සමාපත්තිය යැයි කියයි ද එය මෙථුන ධර්මය නම් වේ. කිං කාරණා වුච්චති මෛථුන ධම්මො යනු කවර කරුණකින්, කවර පර්යායකින් මෛථුන ධර්මයැයි කියනු ලැබේ? ඒ කාරණය දක්වමින් ‘උභින්නං රත්තානං’ යනාදිය වදාළහ. එහි උභින්නං රත්තානං රාගයෙන් ඇලුණු ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ, සාරත්තානං විශේෂයෙන් මනාව ඇලුණා වූ අවස්සුතානං කෙලෙසුන්ගෙන් තෙත් වූ. පරියුට්ඨිතානං කුසල චාරය මැඩගෙන සිටි සිත් හැසිරීම, ‘සොරු මාර්ගයේ මැඩගෙන සිටිති’ ආදියෙහි මෙනි. පරියාදින්න චිත්තානං කුසල් සිත හාත්පසින්ම යටකරගෙන, ක්ෂය කර සිටි සිත්වලින් උභින්නං සදිසානං සමාන කෙලෙස් ඇති දෙදෙනාගේ, ධම්මො ස්වභාවය. තං කාරණා ඒ හේතුවෙන්, මෙකරුණ උපමාවකින් දැක්වීමට ‘උභො කලහකාරකා’ යනාදිය වදාළහ. එහි උභො කලහකාරකා මුලදී කලහ කරන දෙදෙනා මෙථුනකාති වුච්චන්ති සමාන යැයි කියති. භණ්ඩන කාරකා ඒ ඒ තැනට ගොස් ඩබර කරන භස්සකාරකා වදනින් කලහ කරමින් විවාද කාරකා විවිධ වචනවලින් විවාද කරන. අධිකරණ කාරකා විනිශ්චයට පැමිණෙන විශේෂ කරුණු ඇතිකරන වාදිනො වාද පථයන්ට පැමිණි සල්ලාපකා කථාකරන එවමෙව උපමා සන්සන්දනයයි.
යුත්තස්සාති සඤ්ඤුත්තස්ස. පයුත්තස්සාති ආදරෙන යුත්තස්ස. ආයුත්තස්සාති විසෙසෙන යුත්තස්ස. සමායුත්තස්සාති එකතො යුත්තස්ස. තච්චරිතස්සාති තංචරිතං කරොන්තස්ස. තබ්බහුලස්සාති තංබහුලං කරොන්තස්ස. තග්ගරුකස්සාති තංගරුං කරොන්තස්ස. තන්නින්නස්සාති තස්මිං නතචිත්තස්ස. තප්පොණස්සාති තස්මිං නතකායස්ස. තප්පබ්භාරස්සාති තස්මිං අභිමුඛකායස්ස. තදධිමුත්තස්සාති තස්මිං අධිහරිතස්ස. තදධිපතෙය්යස්සාති තං අධිපතිං ජෙට්ඨකං කත්වා පවත්තස්ස.
යුත්තස්ස යුක්ත වූවහුට පයුත්තස්ස ආදරයෙන් යෙදුණහුට ආයුත්තස්ස විශේෂයෙන් යෙදුණහුට සමායුත්තස්ස එකට යෙදුණහුට තංචරිතස්ස එය කරන්නහුට තබ්බහුලස්ස එය බොහෝ කොට කරන්නාට තග්ගරුකස්ස එය ගරුකරන්නහුට තන්නින්නස්ස එහි නැමුණු සිත් ඇත්තාට තප්පොණස්ස එහි නැමුණු කය ඇත්තාට තප්පබ්භාරස්ස එහි අභිමුඛ වූ කය ඇත්තාට තදධිමුත්තස්ස එහි ඇලුණහුට තදධිපතෙය්යස්ස එය අධිපති කර, ජ්‍යෙෂ්ඨ කර පවතින්නාට
විඝාතන්ති නිද්දෙසස්ස උද්දෙසවචනං. විඝාතන්ති පීළනං. උපඝාතන්ති සමීපං කත්වා පීළනං. පීළනන්ති ඝට්ටනං. ඝට්ටනන්ති පීළනං. සබ්බං අඤ්ඤමඤ්ඤවෙවචනං. උපද්දවන්ති හිංසනං. උපසග්ගන්ති තත්ථ තත්ථ උපගන්ත්වා පීළනාකාරං. බ්රූහීති කථෙහි. ආචික්ඛාති විස්සජ්ජෙහි. දෙසෙහීති දස්සෙහි. පඤ්ඤපෙහීති ඤාපෙහි. පට්ඨපෙහීති ඨපෙහි. විවරාති පාකටං කරොහි. විභජාති භාජෙහි. උත්තානීකරොහීති තීරං පාපෙහි. පකාසෙහීති පාකටං කරොහි.
විඝාතං යනු නිර්දේශයේ උද්දේස වචනයයි. විඝාතං පෙළීම උපඝාතං සමීප කර හිංසා කිරීම. පීළනං ගැටීම, පෙළීම ඝට්ටනං ගැටීම, පෙලීම මේ සියලු පද ඔවුනොවුන්ට සමාන වේ. උපද්දවං උපද්‍රවය, හිංසාව උපසග්ගං ඒ ඒ තැනට පැමිණ සඟවන ස්වභාවය. බ්‍රෑහි කියන්න. ආචික්ඛ කියව. දෙසෙහි දෙසව, දක්වන්න. පඤ්ඤාපෙහි පනවන්න. පට්ඨපෙහි පිහිටුවන්න. විවර ප්‍රකට කරන්න. විභජාහි බෙදන්න. උත්තානී කරොහි පමුණුවන්න. පකාසෙහි ප්‍රකාශ කරන්න.
තුය්හං වචනන්ති තව වාචං. බ්යප්පථන්ති වචනං. දෙසනන්ති ආචික්ඛනං. අනුසාසනන්ති ඔවාදං. අනුසිට්ඨන්ති අනුසාසනං. සුත්වාති සොතෙන සුත්වා. සුණිත්වාති තස්සෙව වෙවචනං. උග්ගහෙත්වාති සම්මා ගහෙත්වා. උපධාරයිත්වාති අනාසෙත්වා. උපලක්ඛයිත්වාති සල්ලක්ඛෙත්වා.
තුය්හං වචනං නුඹගේ වචන. ව්යප්පථං වදන් පෙළ දෙසනං දෙසුම අනුසාසනං අවවාද අනුසත්ථිං අනුශාසනාව සුත්වා කණින් අසා සුණිත්වා ඊට ම සමාන වචනයකි. උග්ගහෙත්වා මනාව ඉගෙන උපධාරයිත්වා විමසා බලා. උපලක්ඛයිත්වා සළකා බලා.
මුස්සතෙ වාපි සාසනන්ති පරියත්තිපටිපත්තිතො දුවිධම්පි සාසනං නස්සති. වාපීති පදපූරණමත්තං. එතං තස්මිං අනරියන්ති තස්මිං පුග්ගලෙ එතං අනරියං, යදිදං මිච්ඡාපටිපදා. ගාරවාධිවචනන්ති ගුණවිසිට්ඨසබ්බසත්තුත්තමගරුගාරවාධිවචනං. තෙනාහු පොරාණා –
මුස්සතෙ වාති සාසනං පරියාප්ති, ප්‍රතිපත්ති යන දෙවැදෑරුම් ශාසනය ම නැසේ. ‘වා’ යනු පද පූරණ නිපාතයක් පමණි. තස්මිං අනරියං ඒ පුද්ගලයා කෙරෙහි මේ අනාර්ය වූ මිත්‍යා ප්‍රතිපදාව ගාරවාධි වචනං ගුණ විශිෂ්ඨ වූ, සත්ත්වයන් අතර උතුම් වූ ගෞරවණිය වූ ගරු බව ඇතිකරන වචනයකි. පොරාණයෝ එහෙයින් මෙසේ කීහ.
“භගවාති වචනං සෙට්ඨං, භගවාති වචනමුත්තමං; ගරු ගාරවයුත්තො සො, භගවා තෙන වුච්චතී”ති. (විසුද්ධි· 1.142);
භගවාති වචනං සෙට්ඨං - භගවාති වචන මුත්තමං, ගරුගාරව යුත්තො සො - භගවා තෙන වුච්චති
භගවා යන වචනය ශ්‍රේෂ්ඨය. භගවා යන වචනය උතුම්ය. ඒ උතුම් තථාගතයන් වහන්සේ ගරුකටයුතු, ගෞරව කටයුතු හෙයින් භගවා යැයි කියනු ලැබේ.
චතුබ්බිධං වා නාමං ආවත්ථිකං, ලිඞ්ගිකං, නෙමිත්තිකං, අධිච්චසමුප්පන්නන්ති. අධිච්චසමුප්පන්නං නාම ලොකියවොහාරෙන “යදිච්ඡක”න්ති වුත්තං හොති. තත්ථ වච්ඡො, දම්මො, බලීබද්ධොති එවමාදි ආවත්ථිකං, දණ්ඩී, ඡත්තී, සිඛී, කරීති එවමාදි ලිඞ්ගිකං, තෙවිජ්ජො, ඡළභිඤ්ඤොති එවමාදි නෙමිත්තිකං, සිරිවඩ්ඪකො, ධනවඩ්ඪකොති එවමාදි වචනත්ථං අනපෙක්ඛිත්වා පවත්තං අධිච්චසමුප්පන්නං. ඉදං පන භගවාති නාමං නෙමිත්තිකං, න මහාමායාය, න සුද්ධොදනමහාරාජෙන, න අසීතියා ඤාතිසහස්සෙහි කතං, න සක්කසන්තුසිතාදීහි දෙවතාවිසෙසෙහි කතං. වක්ඛති ච “භගවාති නෙතං නාමං මාතරා කතං…පෙ… පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං භගවා”ති (මහානි· 84).
නාමය සතරවැදෑරුම්ය. ආවත්ථිකය. ලිංගිකය. නේමිත්තිකය. අධිච්ච සමුප්පන වශයෙනි. අධිච්ච සමුප්පන්න යනු ලෞකික ව්‍යවහාරයෙන් යාදිච්ඡකය යැයි ද කියන ලද්දේ වෙයි. එහි ‘වච්ඡො ධම්මො බලිවද්දො’ යනාදිය ආවත්ථිකය. ‘දණ්ඩී, ඡත්තී, සිඛී, කරී’ යනාදිය ලිංගිකය. ‘තෙවිජ්ජො, ජළභිඤ්ඤො’ යනාදිය නේමිත්තිකය. ‘සිරිවඩ්ඪකො, ධනවඩ්ඪකො’ යනාදී වචනාර්ථ නොබලා පැවති නාම අධිච්ච සමුත්පන්නය. මෙහි භගවා යන නම නේමිත්තිකයකි. එය මහාමායාව විසින් හෝ සුදොවුන් මහරජු විසින් හෝ අසූදාහක් නෑයන් විසින් හෝ නොතබන ලද්දකි. ශක්‍ර සන්තුසිතාදී දේවතා විශේෂයන් විසිනුදු නොතබන ලද්දකි. එය දේශනා පාළියෙහි මෙසේ දැක්වේ. ‘භගවාති නෙතං නාම මාතර කතං -පෙ- පටිලාභා සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවා’ යනුවෙනි.
“භාග්‍යවා භග්ගවා යුත්තො, භගෙහි ච විභත්තවා; භත්තවා වන්තගමනො, භවෙසු භගවා තතො”ති. (විසුද්ධි· 1.144);
භාග්‍යවා භග්ගවා යුත්තො භගෙහි ච විභත්ත වා, භත්තවා වන්ත ගමනො භවෙසු භගවා තතො
භාග්‍යවා, භග්ගවා, භගෙහි, යුත්තො, විභත්තවා, භත්තවා, භවෙසු වන්ත ගමනො යනු හෙයින් උන්වහන්සේ භගවා නම් වන සේක. භාග්‍ය ඇත්තේනුයි භගවා නම් වේ. බින්දේනුයි භගවා නම් වේ. භග ධර්ම ඇත්තේනුයි භගවා නම් වේ. බෙදු සේක් නුයි භගවා නම් වේ. භජනය කළේනුයි භගවා නම් වේ. භවත්‍රයෙහි තණ්හාව වමාරා ඇති බැවින් භගවා නම් වේ.
තත්ථ –
එහි –
“වණ්ණාගමො වණ්ණවිපරියායො, ද්වෙ චාපරෙ වණ්ණවිකාරනාසා; ධාතූනමත්ථාතිසයෙන යොගො, තදුච්චතෙ පඤ්චවිධං නිරුත්ති”න්ති. –
වණ්ණගමො වණ්ණ විපරියයොච, ද්වෙචාපරෙ වණ්ණවිකාර නාසා, ධාතූනමත්ථාතිසයෙන යොගො, තදදුච්චතෙ පඤ්ච විධං නිරුත්තං
වර්ණාගමය, වර්ණ විපර්යාසය, ද්විත්වය, වර්ණ විකාර බව හෙවත් වර්ණ නැසීම, ධාතූන් ගේ අර්ථය විශේෂයෙන් යෙදීම යන පස්විදිය නිරුක්ති ක්‍රමයැයි දැක්විණි.
එවං වුත්තනිරුත්තිලක්ඛණං ගහෙත්වා පදසිද්ධි වෙදිතබ්බා. තත්ථ “නක්ඛත්තරාජාරිව තාරකාන”න්ති එත්ථ රකාරාගමො විය අවිජ්ජමානස්ස අක්ඛරස්ස ආගමො වණ්ණාගමො නාම. “හිංසනා, හිංසො”ති වත්තබ්බෙ “සීහො”ති විය විජ්ජමානක්ඛරානං හෙට්ඨුපරියවසෙන පරිවත්තනං වණ්ණවිපරියායො නාම. “නවෙ ඡන්නකෙ දානං දිය්යතී”ති එත්ථ අකාරස්ස එකාරාපජ්ජනතා විය අඤ්ඤක්ඛරස්ස අඤ්ඤක්ඛරාපජ්ජනතා වණ්ණවිකාරො නාම. “ජීවනස්ස මූතො ජීවනමූතො”ති වත්තබ්බෙ “ජීමූතො”ති වකාරනකාරානං විනාසො විය විජ්ජමානක්ඛරවිනාසො වණ්ණවිනාසො නාම. “ඵරුසාහි වාචාහි පක්රුබ්බමානො ආසජ්ජ මං ත්වං වදසි කුමාරා”ති එත්ථ පක්රුබ්බමානොති පදස්ස අභිභවමානොති අත්ථපටිපාදනං විය තත්ථ තත්ථ යථායොගං විසෙසත්ථයොගො ධාතූනං අත්ථාතිසයෙන යොගො නාම.
මෙසේ පැවසූ නිරුක්ති ලක්ෂණ ගෙන පද සිද්ධිය දතයුතුයි. එහි ‘නක්ඛත්තරාජාරිව තාරකානං’ යන මෙහි ර කාරාගමය මෙන් නැති අක්ෂරයක පැමිණීම වර්ණාගමය නම් වේ. ‘හිංසනා හිංසො’ යැයි කිවයුත්තෙහි ‘සීහො’යි මෙන් විද්‍යමාන අක්ෂරයන්ගේ උඩ යට මාරු කිරීම් වශයෙන් පෙරළීම (වණ පෙරළිය) වර්ණ විපර්යාස යැයි ‘නවච්ඡෙදකෙ දානෙ දීයති’ යන මෙහි අකාරයට එකාරය පැමිණීම මෙන් (ආදේශය) අකුරකට තවත් අකුරක් පැමිණීම වර්ණවිකාර නම් වේ. ‘ජීවනස්ස මුතො ජීවනමුතො’ යයි කිවයුතු තැන්හි ‘ජීමුතො’ යයි වකාර නකාරයන්ගේ හැසිරීමෙන් විද්‍යමාන අක්ෂරයන්ගේ විනාශය වර්ණ විනාශය නම් වේ. ‘එරුසාහි වාචාහි පකුබ්බමානො ආසජ්ජ මං ත්වං වදසි කුමාරා’ යන මෙහි පකුබ්බමානො යන පදයට අනභිභවමාන යැයි අර්ථ ප්රතිපාදනය කරන්නාක් මෙන්, ඒ ඒ තැන සුදුසු පරිදි විශේෂාර්ථ යෝගය ‘ධාතූන්ගේ විශේෂාර්ථ යෝගය’ නම් වේ.
එවං නිරුත්තිලක්ඛණං ගහෙත්වා සද්දනයෙන වා පිසොදරාදිනිස්සිතො පතිට්ඨානීති පිසොදරාදිපක්ඛෙපලක්ඛණං ගහෙත්වා යස්මා ලොකියලොකුත්තරසුඛාභිනිබ්බත්තකං දානසීලාදිපාරප්පත්තං භාග්යමස්ස අත්ථි, තස්මා “භාග්‍යවා”ති වත්තබ්බෙ “භගවා”ති වුච්චතීති ඤාතබ්බං.
මෙසේ නිරුක්ති ලක්ෂණය ගෙන හෝ ශබ්ද ශාස්ත්‍ර නයින් හෝ ‘පෘෂොදරාදීනි යථොපදිෂ්ටම්’ යන පාණිනී සූත්‍රයෙන් කියූ පරිදි, පෘෂත්+උදර දෙක ව්‍යාකරණ නයින් පෘෂොදර වන්නාක් මෙන් යම්හෙයකින් ලෞකික ලෝකෝත්තර සැප නිපදවන දාන ශීලාදී පාරමිතා බවට පත් කුසල් නම් භාග්‍ය මොහුට ඇත්තේනුයි එනිසා භාග්‍යවා යයි කිවයුතු තන්හි නිරුක්ති ශබ්ද ශාස්ත්‍ර න්‍යායෙන් භගවා යැයි කියනු ලැබේයයි දතයුතුය.
යස්මා පන ලොභදොසමොහවිපරීතමනසිකාරඅහිරිකානොත්තප්පකොධූපනාහමක්ඛපළාසඉස්සා- මච්ඡරියමායාසාඨෙය්යථම්භසාරම්භමානාතිමානමදපමාදතණ්හාඅවිජ්ජාතිවිධාකුසලමූලදුච්චරිත- සංකිලෙසමලවිසමසඤ්ඤාවිතක්කපපඤ්චචතුබ්බිධවිපරියෙසආසවගන්ථඔඝයොගඅගති- තණ්හුප්පාදුපාදානපඤ්චචෙතොඛීලවිනිබන්ධනීවරණාභිනන්දනඡවිවාදමූලතණ්හාකායසත්තානුසය- අට්ඨමිච්ඡත්තනවතණ්හාමූලකදසාකුසලකම්මපථද්වාසට්ඨිදිට්ඨිගතඅට්ඨසතතණ්හාවිචරිතප්පභෙසබ්බදරථ- පරිළාහකිලෙසසතසහස්සානි, සඞ්ඛෙපතො වා පඤ්ච කිලෙසඛන්ධඅභිසඞ්ඛාරදෙවපුත්තමච්චුමාරෙ අභඤ්ජි, තස්මා භග්ගත්තා එතෙසං පරිස්සයානං “භග්ගවා”ති වත්තබ්බෙ “භගවා”ති වුච්චති. ආහ චෙත්ථ –
ලෝභ, දෝස, මෝහ, විපරීත මනසිකාර, අහිරික, අනොත්තප්ප, ක්‍රෝධ, උපනාහ, මක්ඛ, පලාව, ඊර්ෂ්‍යා, මච්ඡරිය, මායා, සඨ, ථම්භ, සාරම්භ, මාන, අතිමාන, මද, පමාද, තණ්හා, අවිද්‍යා, ත්‍රිවිධ අකුශල මූල, දුශ්චරිත, කෙලෙස් මල, විසම සංඥා විතර්ක, ප්‍රපංච, චතුර්විධ විපර්යාස, ආශ්‍රව, ග්රන්ථ, ඔඝ, යෝග, අගති, තණ්හූපාදාන, පංචචෙතො ඛිල, විනිබද්ධ, නීවරණ, අභිනන්දන, ඡවිවාද, මූල, තණ්හා කාය, සප්ත අනුසය, අට වැදැරුම් මිත්‍යා දෘෂ්ටි, නව තණ්හා මූල, දස අකුශල කර්මපථ, දෙසැටක් දෘෂ්ටිගතයන්, අටසීයක් තෘෂ්ණා විචරිත ප්‍රභේද ඇති, සියලු දරථ, පරිඩාහ, කෙළෙස් දස දහසක්, සංක්ෂිප්තව හෝ පංච ක්ලේශ ස්කන්ධයන් අභිසංඛාර මෘත්‍යු දේවපුත්ත මාරයන් බිඳ දැම්මේය. එනිසා මේ පරිශ්‍රයන්, කෙළෙසුන් බිඳ දැමූ බැවින් භග්ගවා යැයි කිවයුත්තෙහි භගවා යැයි කියනු ලැබේ. මෙය කියනු ලැබේ – භරාගො භදෙසො
“භග්ගරාගො භග්ගදොසො, භග්ගමොහො අනාසවො; භග්ගාස්ස පාපකා ධම්මා, භගවා තෙන වුච්චතී”ති. (පාරා· අට්ඨ· 1.96; විසුද්ධි· 1.144);
භග්ගරාගො භග්ගදොසො - භග්ගමොහො අනාසවො, භග්ගාස්ස පාපකා ධම්මා - භගවා තෙන පවුච්චතී
ඒ ශාස්තෲන් වහන්සේ රාගය බිඳින ලදී. ද්වේෂය බිඳින ලදී. මෝහය බිඳින ලදී. ආශ්‍රව රහිතයහ. සියලු පාප ධර්මයන්ද බිඳ දමන ලදී. එහෙයින් භගවා යැයි කියනු ලැබේ.
භාග්යවන්තතාය චස්ස සතපුඤ්ඤජලක්ඛණවරස්ස රූපකායසම්පත්ති දීපිතා හොති. භග්ගදොසතාය ධම්මකායසම්පත්ති. තථා ලොකියසරික්ඛකානං බහුමතභාවො , ගහට්ඨපබ්බජිතෙහි අභිගමනීයතා, අභිගතානඤ්ච නෙසං කායචිත්තදුක්ඛාපනයනෙ පටිබලභාවො, ආමිසදානධම්මදානෙහි උපකාරිතා, ලොකියලොකුත්තරසුඛෙහි ච සඤ්ඤොජනසමත්ථතා දීපිතා හොති.
භාග්‍ය ඇති බැවින් භගවා යන්නෙන් ශතපුණ්යශ්රී ලක්ෂණධර වූ උන්වහන්සේගේ රූපකාය සම්පත්තිය දක්වන ලදී. භග්න ක්ලේශ ඇත්තේ භගවා යන්නෙන් ධර්මකාය සම්පත්තිය ද දක්වන ලදී. එසේම භාග්‍ය ඇත්තේ භගවා යන්නෙන් සාමාන්‍ය ලෞකික මහජනයා විසින් බුහුමන් කරනු ලබන බව ද ගිහි පැවිදි දෙපිරිසගේ අභිගමනීයතාවය ද (එළඹිය යුතු බව) එළඹි ගිහි පැවිදි දෙපිරිසගේ කාය චින්ත දුක් පීඩා දුරුකිරීමෙහි පොහොසත් බව ද ආමිෂ දාන ධර්ම දානාදියෙහි උපකාරී බව ද දක්වන ලදී. ලෞකික ලෝකෝත්තර සැප දීමෙහි සමර්ථ බව ද දක්වන ලදී.
යස්මා ච ලොකෙ ඉස්සරියධම්මයසසිරිකාමපයත්තෙසු ඡසු ධම්මෙසු භගසද්දො පවත්තති, පරමඤ්චස්ස සකචිත්තෙ ඉස්සරියං, අණිමාලඞ්ඝිමාදිකං වා ලොකියසම්මතං සබ්බාකාරපරිපූරං අත්ථි, තථා ලොකුත්තරො ධම්මො, ලොකත්තයබ්යාපකො යථාභුච්චගුණාධිගතො අතිවිය පරිසුද්ධො යසො, රූපකායදස්සනබ්යාවටජනනයනප්පසාදජනනසමත්ථා සබ්බාකාරපරිපූරා සබ්බඞ්ගපච්චඞ්ගසිරී, යං යං එතෙන ඉච්ඡිතං පත්ථිතං අත්තහිතං පරහිතං වා, තස්ස තස්ස තථෙව අභිනිප්ඵන්නත්තා ඉච්ඡිතිච්ඡිතත්ථනිප්ඵත්තිසඤ්ඤිතො කාමො, සබ්බලොකගරුභාවප්පත්තිහෙතුභූතො සම්මාවායාමසඞ්ඛාතො පයත්තො ච අත්ථි, තස්මා ඉමෙහි භගෙහි යුත්තත්තාපි භගා අස්ස සන්තීති ඉමිනා අත්ථෙන “භගවා”ති වුච්චති.
ලෝකයෙහි ඓශ්වර්ය, ධර්ම, යස, ශ්‍රී, කාම, ප්රයත්න යන ෂට් ධර්මයන්හි ‘භග’ ශබ්දය පවතියි. උන්වහන්සේට තම සිතෙහි පරම ඊශ්වරත්වය, ලෞකික සම්මත අණිම ලඝිම ආදී ඓශ්වර්ය හෝ සර්වාකාරයෙන් පිරිපුන්ව ඇත. එසේම ලෝකෝත්තර ධර්මය ලෝකත්‍රයෙහි පැතිර ඇත. යශස් නම් විද්‍යමාන වූ ම ගුණය කරණ කොටගෙන ලැබුණු තුන් ලෝ පතළ ඉතා පිරිසිදු කීර්තියයි. ශ්‍රී නම් රූපකාය දර්ශනයෙහි ව්‍යාපෘත වූවන්ගේ මනනුවන් පිනවීමෙහි සමර්ථ වූ සර්වාකාර පරිපූර්ණ සියලු අංග ප්‍රත්‍යංග ගත් ශෝභාවයි. කාම නම් සිතූ පැතූ ආත්ම හිත හෝ පරහිත හෝ සියල්ල සිදුවන බැවින් එසේ අනිෂ්ට සිද්ධි සංඛ්‍යාත කාමයයි. ප්‍රසන්න නම් සියලු ලෝකයාගේ ගෞරවය ලැබීමට හේතු වූ සම්‍යක් ව්‍යායාම නම් වූ උත්සාහයයි. මෙකී භග ධර්මයන්ගෙන් යුක්ත බැවින් භග දහම් ඇත්තේනුයි තථාගතයන් වහන්සේ භගවා යයි කියනු ලැබේ.
යස්මා පන කුසලාදීහි භෙදෙහි සබ්බධම්මෙ, ඛන්ධායතනධාතුසච්චඉන්ද්රියපටිච්චසමුප්පාදාදීහි වා කුසලාදිධම්මෙ, පීළනසඞ්ඛතසන්තාපවිපරිණාමට්ඨෙන වා දුක්ඛමරියසච්චං, ආයූහනනිදානසංයොගපලිබොධට්ඨෙන සමුදයං, නිස්සරණවිවෙකාසඞ්ඛතඅමතට්ඨෙන නිරොධං, නිය්යානිකහෙතුදස්සනාධිපතෙය්යට්ඨෙන මග්ගං විභත්තවා, විභජිත්වා විවරිත්වා දෙසිතවාති වුත්තං හොති, තස්මා “විභත්තවා”ති වත්තබ්බෙ “භගවා”ති වුච්චති.
සියලු ධර්මයන් කුශලාදී භේද සහිතව, ස්කන්ධ ආයතන, ධාතු - සත්‍ය - ඉන්ද්රිය - පටිච්ච සමුප්පාදාදී භේද වශයෙන් හෝ කුශලාදී ධර්ම පීඩන - සංඛත - සන්තාප - විපරිණාම අර්ථයෙන් දුක්ඛාර්ය සත්‍යය හෝ, සමුදයාර්ථ සත්‍යය ආයූහන - නිදාන - සංයෝග - පළිබෝධ අර්ථ වශයෙන් ද නිරෝධාර්ය සත්‍යය නිස්සරණ - විවේක - අසංඛත - අමත යන අර්ථ වශයෙන් ද මාර්ග සත්‍යය නීය්‍යාණික - විවේක - අසංඛත - අමත යන අර්ථ වශයෙන් ද මාර්ග සත්‍යය නීය්‍යාණික - හේතු - දස්සන - අධිපතෙය්ය යන අර්ථ වශයෙන් ද බෙදූ සේක්නුයි බෙදා, විවෘත කර, විවරණය කර, දෙසන ලදැයි කියන ලද හෙයින් විභත්තවා යැයි කිව යුත්තෙහි භගවා යැයි කියනු ලැබේ.
යස්මා ච එස දිබ්බබ්රහ්මඅරියවිහාරෙ කායචිත්තඋපධිවිවෙකෙ සුඤ්ඤතප්පණිහිතානිමිත්තවිමොක්ඛෙ අඤ්ඤෙ ච ලොකියලොකුත්තරෙ උත්තරිමනුස්සධම්මෙ භජි සෙවි බහුලමකාසි, තස්මා “භත්තවා”ති වත්තබ්බෙ “භගවා”ති වුච්චති.
දිව්‍ය විහරණ, බ්‍රහ්ම විහරණ, ආර්ය විහරණ යන විහරණයන්ද කාය - චිත්ත - උපධි විවේකයන් ද සුඤ්ඤත - අප්පණිහිත - අනිමිත්ත යන ත්‍රිවිධ විමෝක්ෂයන් ද අන්‍ය වූ ලෞකික-ලෝකෝත්තර උත්තර මනුෂ්‍ය ධර්මයන් ද භජනය කළ, සේවනය කළ, බහුල කළ සේක්නුයි භත්තවායි කිවයුතු තැන භගවා යැයි කියනු ලැබේ.
යස්මා පන තීසු භවෙසු තණ්හාසඞ්ඛාතං ගමනං අනෙන වන්තං, තස්මා “භවෙසු වන්තගමනො”ති වත්තබ්බෙ භවසද්දතො භකාරං ගමනසද්දතො ගකාරං වන්තසද්දතො වකාරඤ්ච දීඝං කත්වා ආදාය “භගවා”ති වුච්චති, යථා ලොකෙ “මෙහනස්ස ඛස්ස මාලා”ති වත්තබ්බෙ “මෙඛලා”ති වුච්චති.
භවත්‍රයෙහි වමාළ තෘෂ්ණා ගමන් ඇත්තේ නුයි ‘භවෙසු වන්තගමනො’යි කිවයුතු තැන ‘භව’ ශබ්දයෙන් භ යන්නත් ‘ගමන’ ශබ්දයෙන් ‘ග’ යන්නත් ‘වන්ත’ ශබ්දයෙන් ‘ව’ යන්නත් දීර්ඝ කර රැගෙන භගවා යි කියනු ලැබේ. ලෝකයේ ‘මොහනස්ස ඛස්ස මාලා’යි කිවයුතු තැන ‘මෙඛලා’ වූ සේ භගවා යන්න සෑදී ඇත.
පුන අපරම්පි පරියායං නිද්දිසන්තො “අපි ච භග්ගරාගොති භගවා”තිආදිමාහ. තත්ථ භග්ගො රාගො අස්සාති භග්ගරාගො. භග්ගදොසාදීසුපි එසෙව නයො. කණ්ඩකොති විනිවිජ්ඣනට්ඨෙන කිලෙසා එව. භජීති උද්දෙසවසෙන විභාගං කත්වා භාජෙසි. විභජීති නිද්දෙසවසෙන විවිධා භාජෙසි. පවිභජීති පටිනිද්දෙසවසෙන පකාරෙන විභජි. උග්ඝටිතඤ්ඤූනං වසෙන භජි. විපඤ්චිතඤ්ඤූනං වසෙන විභජි. නෙය්යානං වසෙන පවිභජි.
නැවත වෙනත් පර්යායක් දක්වමින් අපිච භග්ගරාගොති භගවා යනාදිය කියන ලදී. එහි භග්න කළ රාග ඇත්තේනුයි භග්ගරාගො. මෙසේ භග්ගදොසා දියෙහි ද අර්ථ දතයුතුයි. කණ්ටකො යනු විනිවිද යන අරුතින් කෙලෙසුන්ම ය. භජී උද්දේස වශයෙන් විභාග කර භජනය කරන ලදී. විභජි පටිනිර්දේශ වශයෙන් විවිධාකාරව භජනය කරන ලදී. පටිභජි පටිනිර්දේශ වශයෙන් විවිධ ප්‍රකාරයෙන් බෙදන ලදී. උග්ඝටිතඤ්ඤූ පුද්ගලයන්ගේ වශයෙන් භජි, විපචිතඤඤූ පුද්ගලයන්ගේ වශයෙන් විභජී නෙය්‍ය පුද්ගලයන්ගේ වශයෙන් පටිභජී.
ධම්මරතනන්ති –
ධම්මරතනං යනු –
“චිත්තීකතං මහග්ඝඤ්ච, අතුලං දුල්ලභදස්සනං; අනොමසත්තපරිභොගං, රතනං තෙන වුච්චතී”ති. (ඛු· පා· අට්ඨ· 6.3; දී· නි· අට්ඨ· 2.33) –
චිත්තීකතං මහග්ඝඤ්ච අතුලං දුල්ලභදස්සනං, අනොම සත්ත පරිභොගං රතනන්තෙන පවුච්චතී
ගෞරව කළ බුහුමන් කළ) මහාර්ඝ වූ අසම වූ දුර්ලභ දැකීම් ඇති (අවබෝධයට දුෂ්කර) උසස් සත්ත්වයන් විසින් පරිභෝග කළ බැවින් රත්නයකැයි කියනු ලැබේ.
එවං වණ්ණිතං ධම්මරතනං තිවිධෙන භාජෙසි. භවානං අන්තකරොති කාමභවාදීනං නවන්නං භවානං පරිච්ඡෙදං පරියන්තං පරිවටුමං කාරකො. භාවිතකායොති වඩ්ඪිතකායො. තථා ඉතරෙසුපි. භජීති සෙවි. අරඤ්ඤවනපත්ථානීති ගාමස්ස වා නගරස්ස වා ඉන්දඛීලතො බහි අරඤ්ඤං. වනපත්ථානි මනුස්සූපචාරාතික්කන්තානි වනසණ්ඩානි. පන්තානීති යත්ථ මනුස්සා න කසන්ති න වපන්ති දූරානි සෙනාසනානි. කෙචි පන “වනපත්තානීති යස්මා යත්ථ බ්යග්ඝාදයො අත්ථි, තං වනං තෙ පාලයන්ති රක්ඛන්ති, තස්මා තෙහි රක්ඛිතත්තා වනපත්තානී”ති වදන්ති. සෙනාසනානීති සෙති චෙව ආසති ච එත්ථාති සෙනාසනානි. අප්පසද්දානීති වචනසද්දෙන අප්පසද්දානි. අප්පනිග්ඝොසානීති ගාමනගරනිග්ඝොසසද්දෙන අප්පනිග්ඝොසානි. විජනවාතානීති අන්තොසඤ්චරණජනස්ස සරීරවාතෙන විරහිතානි. “විජනවාදානී”තිපි පාඨො, “අන්තොජනවාදෙන විරහිතානී”ති අත්ථො. “විජනපාතානී”තිපි පාඨො, “ජනසඤ්චාරවිරහිතානී”ති අත්ථො. මනුස්සරාහස්සෙය්යකානීති මනුස්සානං රහස්සකරණට්ඨානානි. පටිසල්ලානසාරුප්පානීති විවෙකානුරූපානි. භාගී වාති “භාගො චීවරාදිකොට්ඨාසො අස්ස අත්ථී”ති භාගී. “පටිලාභවසෙන අත්ථරසාදිභාගො අස්ස අත්ථී”ති භාගී. අත්ථරසස්සාති හෙතුඵලසම්පත්තිසඞ්ඛාතස්ස අත්ථරසස්ස. ධම්මරසස්සාති හෙතුසම්පත්තිසඞ්ඛාතස්ස ධම්මරසස්ස. වුත්තඤ්හෙතං “හෙතුඵලෙ ඤාණං අත්ථපටිසම්භිදා, හෙතුම්හි ඤාණං ධම්මපටිසම්භිදා”ති (විභ· 720). විමුත්තිරසස්සාති ඵලසම්පත්තිසඞ්ඛාතස්ස විමුත්තිරසස්ස. වුත්තම්පි චෙතං “කිච්චසම්පත්තිඅත්ථෙන, රසො නාම පවුච්චතී”ති (පටි· ම· අට්ඨ· 1.1.2 මාතිකාවණ්ණනා; විසුද්ධි· 1.8).
මෙසේ වර්ණනා කරන ලද ධර්ම රත්නය ත්‍රිවිධාකාරයෙන් බෙදන ලදී. භවානං අන්තකරො කාමභවාදී නව භවයන්ගේ පරිච්ඡේදය (වෙන් කිරීම, සීමාව, කෙළවර කරන්නා, භාවිතකායො වඩන ලද කය, භාවිත කය ඇති. ඉතිරි පද තුනෙහිද එසේය. භජී සේවනය කළේය. අරඤ්ඤෙ වනපත්ථානි ගමේ හෝ නගරයේ හෝ ඉන්ද්රඛීලයෙන් හෝ පිටත අරණ්යයයි. මනුෂ්‍ය වාසයෙන් තොර වූ වන පෙදෙස. පන්තානි මිනිස්සු නොසීසාන, නො වපුරන ඉතා දුර වූ වන සෙනසුන්, ඇතැම්හු ‘වන පන්තානි’ යයි කියති. (අභයගිරිකාදීහු) ව්‍යාඝ්‍රාදී දරුණු සත්තු යම් වනයක ඇත්ද ඒ වනය ඔවුහු පාලනය කරති. රකිති. එසේ ඔවුන් විසින් ආරක්ෂා කළ හෙයින් වනපන්තානි නම් වී යැයි කියති. සෙනාසන මෙහි සයන කරයි. හිඳගනියි. අරුතින් සෙනසුන් නම් වේ. අල්ප වූ වචන ශබ්ද ඇති බැවින් අප්පසද්දානි වේ. ගම් නගරාදියේ පවතින ඝෝෂාවෙන් මිදුණු හෙයින් අප්පනිග්ඝොසාති වේ. ඇතුලත හැසිරෙන ජනයාගේ ශරීර පිසගෙන එන වාතය රහිත වූ බැවින් විජනවාතානි වේද ඇතුලත වෙසෙන ජනයාගේ වාදවලින් තොරවූ යන අර්ථයෙන් ‘විජනවාදානි’ පාඨයද යෙදේ. ඇතුලත ජන සංචරණයෙන් තොර වූ අර්ථයෙන් ‘වීජනවානානි’ පාඨයද යෙදේ. මිනිසුන්ගේ රහසිගත කටයුතුවලට සුදුසු හෙයින් මනුස්ස රාහසෙය්යකාති වේ. විවේකයට සුදුසු වූ බැවින් පටිසල්ලාන සාරුප්පන්ති වේ. භාගී වා බුදුහු චීවරාදී සිවුපසයට හිමිකාරයා වූහ. ප්රතිලාභ වශයෙන් අර්ථ රසාදි භාගයන්ට ද ස්වාමි වන බැවින් භාගී නම් වන සේක. අත්ථරසස්ස හේතුඵල සම්පත්ති සංඛ්‍යාත අර්ථ රසයට. ධම්ම රසස්ස හේතු සම්පත්ති සංඛ්‍යාත ධර්ම රසයට මෙය කියන ලදී. ‘හේතුඵල ධර්මයෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. හේතුවෙහි ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි. විමුත්තිරසස්සා ඵල සම්පත්ති සංඛ්‍යාත විමුක්ති රසයට, මෙය කියන ලදී. ‘කෘත්‍ය සම්පත්ති අර්ථයෙන් ‘රස’ නම් වේ.
චතුන්නං ඣානානන්ති පඨමජ්ඣානාදීනං චතුන්නං ඣානානං. චතුන්නං අප්පමඤ්ඤානන්ති මෙත්තාදීනං ඵරණප්පමාණවිරහිතානං චතුන්නං බ්රහ්මවිහාරානං. චතුන්නං අරූපසමාපත්තීනන්ති ආකාසානඤ්චායතනාදීනං චතුන්නං අරූපජ්ඣානානං. අට්ඨන්නං විමොක්ඛානන්ති “රූපී රූපානි පස්සතී”තිආදිනා (ධ· ස· 248) නයෙන වුත්තානං ආරම්මණවිමුත්තානං අට්ඨන්නං විමොක්ඛානං. අභිභායතනානන්ති එත්ථ අභිභූතානි ආයතනානි එතෙසං ඣානානන්ති අභිභායතනානි, ඣානානි. ආයතනානීති අධිට්ඨානට්ඨෙන ආයතනසඞ්ඛාතානි කසිණාරම්මණානි. ඤාණුත්තරිකො හි පුග්ගලො විසදඤාණොති කිං එත්ථ ආරම්මණෙ සමාපජ්ජිතබ්බං, න මයි චිත්තෙකග්ගතාකරණෙ භාරො අත්ථීති තානි ආරම්මණානි අභිභවිත්වා සමාපජ්ජති. සහ නිමිත්තුප්පාදෙනෙවෙත්ථ අප්පනං නිබ්බත්තෙතීති අත්ථො. එවං උප්පාදිතානි ඣානානි අභිභායතනානීති වුච්චන්ති, තෙසං අට්ඨන්නං අභිභායතනානං. නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනන්ති පුබ්බං පුබ්බං අනු අනුපුබ්බං, අනුපුබ්බං විහරිතබ්බතො සමාපජ්ජිතබ්බතො අනුපුබ්බවිහාරසමාපත්ති, අනුපටිපාටියා සමාපජ්ජිතබ්බාති අත්ථො, තාසං නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනං. දසන්නං සඤ්ඤාභාවනානන්ති ගිරිමානන්දසුත්තෙ (අ· නි· 10.60) ආගතානං අනිච්චසඤ්ඤාදීනං දසන්නං සඤ්ඤාභාවනානං. දසන්නං කසිණසමාපත්තීනන්ති සකලට්ඨෙන කසිණසඞ්ඛාතානං පථවීකසිණජ්ඣානාදීනං දසන්නං ඣානානං. ආනාපානස්සතිසමාධිස්සාති ආනාපානස්සතිසම්පයුත්තසමාධිස්ස . අසුභසමාපත්තියාති අසුභජ්ඣානසමාපත්තියා. දසන්නං තථාගතබලානන්ති දසබලබලානං දසන්නං. චතුන්නං වෙසාරජ්ජානන්ති විසාරදභාවානං චතුන්නං වෙසාරජ්ජානං. චතුන්නං පටිසම්භිදානන්ති පටිසම්භිදාඤාණානං චතුන්නං. ඡන්නං අභිඤ්ඤාණානන්ති ඉද්ධිවිධාදීනං ඡන්නං අභිඤ්ඤාණානං. ඡන්නං බුද්ධධම්මානන්ති “සබ්බං කායකම්මං ඤාණානුපරිවත්තී”තිආදිනා (චූළනි· මොඝරාජමාණවපුච්ඡානිද්දෙස 85; නෙත්ති· 15) නයෙන උපරි ආගතානං ඡන්නං බුද්ධධම්මානං.
චතුන්නං ඣානානං ප්‍රථම ධ්‍යානාදී සිවු ධ්‍යානයන්ගේ. චතුන්නං අප්පමඤ්ඤානං මෛත්‍රී ආදී අප්‍රමාණව පතුරන, සිවු බඹ විහරණයන්ගේ චතුන්නං අරූප සමාපත්තීනං ආකාසානඤ්චායතනාදී සතර අරූප ධ්‍යානයන්ගේ අට්ඨන්නං විමොක්ඛානං ‘රූපී රූපානි පස්සති’ ආදී නයින් කියන ලද, ආරමණයන්ගෙන් මිදුණු අට විමෝක්‍ෂයන්ගේ. අභිභායතනානං මෙහි අභිභවිත ආයතන මොවුන්ට ධ්‍යාන වන්නේනුයි අභිභායතන ඣාන නම් වේ. ආයතනානි යනු නොසිටින අර්ථයෙන් ආයතන සංඛ්‍යාත කසිණාරම්මණ, ඤාණුත්තරික පුද්ගලයා විෂද ඤාණ ඇතිව, ‘කිම මේ අරමුණෙහි සමවැදිය යුත්තක් ඇද්ද, මා කෙරෙහි සිත එකඟ කරගැනීමෙහි අපහසුවක් නැතැයි ඒ කසිණාදී අරමුණු වැඩ සමවතට සමවදියි. එහිදී නිමිත්ත ඉපදීමත් සමගම අර්පණා උපදී යන අර්ථයයි. මෙසේ උපදවන ලද ධ්‍යානයන් ‘අභිභායතන’ යැයි කියනු ලැබෙත්. ඒ අටවැදෑරුම් අභිභායතනයන්හි නවන්නං අනුපුබ්බ විහාර සමාපත්තීනං මුලින් මුලින් අනුපිළිවෙළින් සමවැදිය යුතු හෙයින් අනුපූර්ව විහාර සමාපත්තීන්ට, අනුපිළිවෙළින් සමවැදිය යුතු යන අර්ථයයි. ඒ නව වැදෑරුම් අනුපූර්ව විහාර සමාපත්තීන්ට. දසන්තං සඤ්ඤාභාවනානං ගිරිමානන්ද සූත්‍රයේ විස්තර වූ අනිත්‍ය සංඥාදී දස වැදෑරුම් සංඥා භාවනාවන්ගේ. දසන්නං කසිණ සමාපත්තීනං සකලාර්ථයෙන් කසිණ සංඛ්‍යාත පඨවි කසිණ ධ්‍යානාදී දසවැදෑරුම් ධ්‍යානයන්ගේ. ආනාපානසති සමාපත්තියා ආනාපාන සතියෙන් යුක්ත සමාධියට අසුභසමාපත්තියා අසුභ ධ්‍යාන සමාපත්තියෙන්, දසන්නං තථාගත බලානං තථාගතයන්ගේ දසබලයට චතුන්නං වෙසාරජ්ජානං විශාරද භාවයන්ට, චතුර් වෛශාරද්යයන්ට චතුන්නං පටිසම්භිදානං සිවුපිළිසිඹියාපත් ඤාණයන්ට ඡන්නං අභිඤ්ඤාණානං ඍද්ධිවිධාදී ෂට් අභිඥාවන්ට ඡන්නං බුද්ධධම්මානං සියලු කාය කර්ම ඤාරණය අනුව පරිවර්තනය වේ ආදී නයින් මුලින් පැමිණි ෂට් බුද්ධ ධර්මයන්ට.
තත්ථ චීවරාදයො භාග්යසම්පත්තිවසෙන වුත්තා. අත්ථරසතිකො පටිවෙධවසෙන වුත්තො. අධිසීලතිකො පටිපත්තිවසෙන. ඣානත්තිකො රූපාරූපජ්ඣානවසෙන. විමොක්ඛත්තිකො සමාපත්තිවසෙන. සඤ්ඤාචතුක්කො උපචාරප්පනාවසෙන. සතිපට්ඨානාදයො සත්තතිංසබොධිපක්ඛියධම්මවසෙන. තථාගතබලානන්තිආදයො ආවෙණිකධම්මවසෙන වුත්තාති වෙදිතබ්බා.
එහි චීවරාදී ප්‍රත්‍ය භාග්‍ය සම්පත් වශයෙන් කියන ලදී. අර්ථරස ත්‍රිකය ප්‍රතිවේධ වශයෙන් කියන ලදී. අධිසීල ත්‍රිකය ප්‍රතිපත්ති වශයෙන් ද ධ්‍යාන ත්‍රිකය රූපාරූප ධ්‍යාන වශයෙන් ද විමෝක්ෂ ත්‍රිකය සමාපත්ති වශයෙන් ද ප්‍රඥා චතුෂ්කය උපචාර අර්පණා වශයෙන් ද සතිපට්ඨානාදිය සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් ද තථාගත බලාදිය ආවේණික ධර්ම වශයෙන් ද කියන ලදැයි දතයුතුයි.
ඉතො පරං භගවාති නෙතං නාමන්තිආදි “අත්ථමනුගතා අයං පඤ්ඤත්තී”ති ඤාපනත්ථං වුත්තං. තත්ථ සමණා පබ්බජ්ජුපගතා. බ්රාහ්මණා භොවාදිනො සමිතපාපබාහිතපාපා වා. දෙවතා සක්කාදයො බ්රහ්මානො ච. විමොක්ඛන්තිකන්ති විමොක්ඛො අරහත්තමග්ගො, විමොක්ඛස්ස අන්තො අරහත්තඵලං, තස්මිං විමොක්ඛන්තෙ භවං විමොක්ඛන්තිකං නාමං. සබ්බඤ්ඤුභාවො හි අරහත්තමග්ගෙන සිජ්ඣති, අරහත්තඵලාධිගමෙන සිද්ධො හොති. තස්මා සබ්බඤ්ඤුභාවො විමොක්ඛන්තෙ භවො හොති. තං නෙමිත්තිකම්පි නාමං විමොක්ඛන්තෙ භවං නාම හොති. තෙන වුත්තං – “විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තාන”න්ති. බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස පටිලාභාති මහාබොධිරුක්ඛමූලෙ යථාවුත්තක්ඛණෙ සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස පටිලාභෙන සහ. සච්ඡිකා පඤ්ඤත්තීති අරහත්තඵලසච්ඡිකිරියාය සබ්බධම්මසච්ඡිකිරියාය වා ජාතා පඤ්ඤත්ති. යදිදං භගවාති යා අයං භගවාති පඤ්ඤත්ති.
ඉන් අනතුරුව ‘භගවාති නෙතං නාමං’ ආදිය අර්ථයට අනුව ගිය මෙය ප්රඥප්තිය යැයි දැන්වීමට කියන ලදී. එහි සමණා යනු පැවිදි බවට පත්වූවෝ. බ්රාහ්මණා බ්‍රාහ්මණයෝ සංසිඳ වූ පවු ඇත්තෝ හෝ බහා තැබූ පවු ඇත්තෝ. දෙවතා ශක්‍රාදී දෙවියෝ හෝ බ්‍රහ්මයෝ විමොක්ඛං යනු විමෝක්ෂ නම් අර්හත් මාර්ග යයි. විමොක්ෂ අන්තයේ වූ අර්හත් ඵලය වේ. ඒ විමෝක්ෂාන්තයේ වීම ‘විමොක්ඛන්තික’ නම් වේ. සර්වඥත්වය වනාහි අර්හත් මාර්ගයෙන් සිද්ධ වේ. අර්හත් ඵලාධිගමයේදී සිද්ධ වේ. එනිසා සර්වඥත්වය විමෝක්ෂාන්තයේ වීම වේ. ඒ නිමිති කරගැනීමද විමෝක්ෂාන්තයේ වීම නම් වේ. එනිසා ‘භාග්‍යවත් බුදුවරුන්ට මෙය විමෝක්ෂාන්තික යයි’යැයි කියන ලදී. බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුත ඤාණසස පටිලාභා මහාබෝධි වෘක්ෂ මූලයෙහි පෙර කී ක්ෂණයෙහි සර්වඥ ඤාණ ප්‍රතිලාභයත් සමග සච්ඡිකා පඤ්ඤත්ති අර්හත්ඵල සාක්ෂාත් කරණයෙන් හෝ සියලු ධර්ම සාක්ෂාත් කරණයෙන් උපන් ප්රඥප්තිය යදිදං භගවා ‘යම් මේ භගවත්’ යන ප්රඥප්තියක් වී නම්.
ද්වීහි කාරණෙහීති ද්වීහි කොට්ඨාසෙහි. පරියත්තිසාසනන්ති තෙපිටකං බුද්ධවචනං. පටිපත්තීති පටිපජ්ජති එතායාති පටිපත්ති. යං තස්ස පරියාපුටන්ති තෙන පුග්ගලෙන යං පරියාපුටං සජ්ඣායිතං කරණත්ථෙ සාමිවචනං. “පරියාපුට්ට”න්තිපි පාඨො. සුත්තන්ති උභතොවිභඞ්ගනිද්දෙසඛන්ධකපරිවාරා, සුත්තනිපාතෙ මඞ්ගලසුත්ත- (ඛු· පා· 5.1 ආදයො; සු· නි· 261 ආදයො) රතනසුත්ත- (ඛු· පා· 6.1 ආදයො) තුවටකසුත්තානි (සු· නි· 921 ආදයො), අඤ්ඤම්පි ච සුත්තනාමකං තථාගතවචනං සුත්තන්ති වෙදිතබ්බං. ගෙය්යන්ති සබ්බම්පි සගාථකං සුත්තං ගෙය්යන්ති වෙදිතබ්බං, විසෙසෙන සංයුත්තකෙ සකලොපි සගාථාවග්ගො. වෙය්යාකරණන්ති සකලං අභිධම්මපිටකං නිග්ගාථකං සුත්තං, යඤ්ච අඤ්ඤම්පි අට්ඨහි අඞ්ගෙහි අසඞ්ගහිතං බුද්ධවචනං , තං “වෙය්‍යාකරණ”න්ති වෙදිතබ්බං. ගාථාති ධම්මපදං, ථෙරගාථා, ථෙරීගාථා, සුත්තනිපාතෙ නොසුත්තනාමිකා සුද්ධිකගාථා ච “ගාථා”ති වෙදිතබ්බා. උදානන්ති සොමනස්සඤාණමයිකගාථාපටිසංයුත්තා ද්වෙඅසීති සුත්තන්තා “උදාන”න්ති වෙදිතබ්බං. ඉතිවුත්තකන්ති “වුත්තඤ්හෙතං භගවතා”තිආදිනයප්පවත්තා (ඉතිවු· 1 ආදයො) දසුත්තරසතසුත්තන්තා “ඉතිවුත්තක”න්ති වෙදිතබ්බං. ජාතකන්ති අපණ්ණකජාතකාදීනි (ජා· 1.1.1) පණ්ණාසාධිකානි පඤ්චජාතකසතානි “ජාතක”න්ති වෙදිතබ්බං. අබ්භුතධම්මන්ති “චත්තාරොමෙ , භික්ඛවෙ, අච්ඡරියා අබ්භුතධම්මා ආනන්දෙ”තිආදිනයප්පවත්තා (දී· නි· 2.209; අ· නි· 4.129) සබ්බෙපි අච්ඡරියඅබ්භුතධම්මපටිසංයුත්තා සුත්තන්තා “අබ්භුතධම්ම”න්ති වෙදිතබ්බං. වෙදල්ලන්ති චූළවෙදල්ල- (ම· නි· 1.460 ආදයො) මහාවෙදල්ල- (ම· නි· 1.449 ආදයො) සම්මාදිට්ඨි- (ම· නි· 1.89 ආදයො) සක්කපඤ්හ- (දී· නි· 2.344 ආදයො) සඞ්ඛාරභාජනියමහාපුණ්ණමසුත්තාදයො (ම· නි· 3.85 ආදයො) සබ්බෙපි වෙදඤ්ච තුට්ඨිඤ්ච ලද්ධා ලද්ධා පුච්ඡිතසුත්තන්තා “වෙදල්ල”න්ති වෙදිතබ්බං. ඉදං පරියත්තිසාසනන්ති ඉදං වුත්තප්පකාරං තෙපිටකං බුද්ධවචනං පරියාපුණිතබ්බට්ඨෙන පරියත්ති, අනුසාසනට්ඨෙන සාසනන්ති කත්වා පරියත්තිසාසනං. තම්පි මුස්සතීති තම්පි පරියත්තිසාසනං නස්සති. සම්මුස්සතීති ආදිතො නස්සති. පරිබාහිරො හොතීති පරම්මුඛො හොති.
ද්වීහි කාරණෙහී දෙ කරුණෙකින්, පරියත්ති සාසනං ත්‍රිපිටක බුද්ධවචනය. පටිපත්ති මෙය පිළිපදියිනුයි පටිපත්ති නම් වේ. යං තස්ස පරියා පුතං ඒ පුද්ගලයා විසින් යමක් පුහුණු කරන ලද ද සජ්ඣායනා කරන ලද ද, කරණාර්ථයෙහි ඡට්ඨි විභක්ති වචනයකි. පරියාපුත්තං යන පාඨය ද යෙදේ. සුත්තං යනු උභතෝ විභංග, නිද්දේස, ඛන්ධක, පරිවාර, සුත්තනිපාතයෙහි මංගල සූත්‍ර, රතන සූත්‍ර, තුවටක සූත්‍රද අන්‍ය සූත්‍ර නම ඇති තථාගත දේශනාවන් ද ‘සූත්‍රයැ’යි දතයුතුයි. ගෙය්යං යනු සියලු ම ගාථා සහිත සූත්‍ර ගෙය්ය යැයි දතයුතුයි. විශේෂයෙන් සංයුක්ත නිකායේ සියලු සගාථක වර්ගයම මීට අයත් ය. වෙය්යාකරණං යනු සම්පූර්ණ අභිධර්ම පිටකය ද ගාථා රහිත සූත්‍රද අනික් අංග අටට අයත් නොවූ යම් බුද්ධ වචනයක් වේ නම් එයද වෙය්‍යාකරණ යැයි දතයුතුයි. ගාථා යනු ධම්මපද, ථෙර ගාථා, ථෙරිගාථා සූත්‍ර නිපාතයේ සූත්‍ර නාමය නැති ශුද්ධික ගාථා ද ගාථායයි දතයුතුය. උදානං යනු සොම්නස් සහිත ඤාණයෙන් දේශිත ගාථාවලින් යුතු අසූදෙකක් වූ සූත්‍ර උදාන යැයි දතයුතුයි. ඉතිවුත්තකං යනු ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දේශනා කරන ලදී’ යයි ආදී වශයෙන් පැවති එකසිය දහයක් සූත්‍රාන්ත ඉතිවුත්තක යැයි දතයුතුයි. ජාතකං යනු අපණ්ණක ජාතක ආදී පන්සිය පනහක් ජාතක කථා ‘ජාතක’ යැයි දතයුතුයි. අබ්භූත ධම්මං යනු මහණෙනි, ආනන්ද හිමියන් පිළිබඳ මේ ආශ්චර්යාද්භූත ධර්ම සතරකි’ ආදී වශයෙන් සියලු අසිරිමත් අද්භූත ධර්ම ඇතුලත් සූත්‍රාන්ත අබ්භූත ධර්මයැයි දතයුතුයි. වෙදල්ලං යනු චූල වේදල්ල, මහා වේදල්ල, සම්මා දිට්ඨි, සක්ක පඤ්හ, සංඛාරභාජනීය, මහා පුණ්ණම සූත්‍රාදී සියලුම ඥානයද සතුටද ලද පරිදි විචාළ සූත්‍රාන්ත වේදල්ල යැයි දතයුතුයි. ඉදං පරියත්ති සාසනං මෙසේ කියන ලද ආකාර ඇති ත්‍රිපිටක බුද්ධ වචනය පුහුණු කළ යුතුය යන අරුතින් ‘පරියත්ති’ නමින් ද අනුශාසනා කළ යුතුය යන අරුතින් ‘සාසන’ නමින් ද දක්වා පරියත්ති සාසන වේ. තම්පි මුස්සතී ඒ පර්යාප්ති ශාසනයද නැසෙයි. පමුස්සති මුලදී ම නැසේ. පරිබාහිරො හොති ඉවත හැරවූ මුහුණ ඇත්තෙක් වේ.
කතමං පටිපත්තිසාසනන්ති ලොකුත්තරධම්මතො පුබ්බභාගො තදත්ථං පටිපජ්ජීයතීති පටිපත්ති. සාසීයන්ති එත්ථ වෙනෙය්යාති සාසනං. සම්මාපටිපදාතිආදයො වුත්තනයා එව.
කතමං පටිපත්තිසාසනං ලෝකෝත්තර ධර්මයෙන් පූර්වභාගය ඒ අර්ථය සඳහා පිළිපදිනු ලබන්නේනුයි ප්‍රතිපත්ති නම් වේ. මෙය ජනයාට අනුශාසනා කරයි. පාලනය කරයිනුයි ‘සාසන’ නම් වේ. සම්මා පටිපදා මුලින් පැවසූ ක්‍රමයෙන්ම ය.
පාණම්පි හනතීති ජීවිතින්ද්රියම්පි ඝාතෙති. අදින්නම්පි ආදියතීති පරපරිග්ගහිතම්පි වත්ථුං ගණ්හාති. සන්ධිම්පි ඡින්දතීති ඝරසන්ධිම්පි ඡින්දති. නිල්ලොපම්පි හරතීති ගාමෙ පහරිත්වා මහාවිලොපම්පි කරොති. එකාගාරිකම්පි කරොතීති පණ්ණාසමත්තෙහිපි සට්ඨිමත්තෙහිපි පරිවාරෙත්වා ජීවග්ගාහං ගහෙත්වාපි ධනං ආහරාපෙති. පරිපන්ථෙපි තිට්ඨතීති පන්ථදූහනකම්මං කරොති. පරදාරම්පි ගච්ඡතීති පරදාරෙසු චාරිත්තං ආපජ්ජති. මුසාපි භණතීති අත්ථභඤ්ජනකං මුසාපි වදති. අනරියධම්මොති අනරියසභාවො.
පාණම්පි හන්ති ජීවිතින්ද්රිය ද නසයි. අදින්නම්පි ආදියති අනුන් අයත් වස්තුව ද ගනියි. සන්ධිම්පි ඡින්දති ගෘහසන්ධි ද (ගෙවල්) බිඳියි. තිල්ලො පම්පි පාරති ගම් පැහැරගෙන, මහත් හානි පමුණුවයි. එකාගාරිකම්පි කරොති පනහක් පමණද හැටක් පමණද වටකොට ජීවග්රහයෙන් ගෙන ධනය ගෙන්වා ගනියි. පරිපන්ථෙපි තිට්ඨති මංපැහැරීම ද කරයි. පරදාරම්පි ගච්ඡති අන් අඹුවන් කෙරෙහි ලිංගික හැසිරීමට පැමිණේ. මුසාපි භන්ති අර්ථය නසන බොරු කියයි. අනරිය ධම්මො අනාර්ය බව.
එකො පුබ්බෙ චරිත්වානාති පබ්බජ්ජාසඞ්ඛාතෙන වා ගණාවවස්සග්ගට්ඨෙන වා පුබ්බෙ ලොකෙ විහරිත්වා. යානං භන්තංව තං ලොකෙ, හීනමාහු පුථුජ්ජනන්ති තං විබ්භන්තකං පුග්ගලං යථා හත්ථියානාදියානං අදන්තං විසමම්පි ආරොහති, ආරොහනකම්පි භඤ්ජති, පපාතෙපි පපතති, එවං කායදුච්චරිතාදිවිසමාරොහනෙන නිරයාදීසු, අත්ථභඤ්ජනෙන ජාතිපපාතාදීසු පපතනෙන ච යානං භන්තංව හීනං පුථුජ්ජනඤ්ච ආහූති.
එකො පුබ්බෙ චරිත්වාන පැවිදි සංඛ්යාතව හෝ ගණයාගෙන් වෙන්ව හුදකලාව වසන අර්ථයෙන් හෝ පෙර ලොව වැස යානං භන්තං ව තං ලොකෙ හීනමාහු පුථුජ්ජනං ඒ නොහික්මුණු පුද්ගලයා, විෂම වූ පාරක යන ඇත්, අස්, ආදී යානයක්, එහි නැති පුද්ගලයා ද නසා යානය ද නැසෙන්නාක් මෙන්. පපාතෙපි පපතී මෙසේ කාය දුශ්චරිතාදී විෂමයන්ට නැගීමෙන් නිරයාදියෙහි වැටේ. දෑ ගොත් කුල ද නසා තම යහපත ද බිඳ වැටේ. යානය බිඳී යන්නාක් මෙන් හීන බාල පුහුදුන් පුද්ගලයා ද නැසේ.
පබ්බජ්ජාසඞ්ඛාතෙන වාති පබ්බජ්ජාකොට්ඨාසෙන වා “පබ්බජිතො සමණො”ති ගණනාරොපනෙන වා. ගණාවවස්සග්ගට්ඨෙන වාති ගණසඞ්ගණිකාරාමතං විස්සජ්ජෙත්වා වස්සග්ගට්ඨෙන වා.
පබ්බජ්ජා සංඛාතෙන වා පැවිදි කොට්ඨාසයෙන් හෝ. පබ්බජිතො සමණො නො ගණයාට ආරෝපනය කිරීමෙන් හෝ. ගණවවස්සග්ගත්ථෙන වා ගණයා (සමූහයා) සමග එක්වීම හැරදමා හැසිරෙන අර්ථයෙන් හෝ.
එකො පටික්කමතීති එකකොව ගාමතො නිවත්තති. යො නිසෙවතීති නිද්දෙසස්ස උද්දෙසපදං. අපරෙන සමයෙනාති අඤ්ඤස්මිං කාලෙ අපරභාගෙ. බුද්ධන්ති සබ්බඤ්ඤුබුද්ධං. ධම්මන්ති ස්වාක්ඛාතතාදිගුණයුත්තං ධම්මං. සඞ්ඝන්ති සුප්පටිපන්නතාදිගුණයුත්තං සඞ්ඝං. සික්ඛන්ති අධිසීලාදිසික්ඛිතබ්බං සික්ඛං. පච්චක්ඛායාති බුද්ධාදිං පටික්ඛිපිත්වා. හීනායාති හීනත්ථාය ගිහිභාවාය. ආවත්තිත්වාති නිවත්තිත්වා. සෙවති එකවාරං සෙවති. නිසෙවති අනෙකවිධෙන සෙවති. සංසෙවති අල්ලීයිත්වා සෙවති. පටිසෙවති පුනප්පුනං සෙවති.
එකො පතික්කමති හුදකලාව ගමෙන් පිටත්ව යයි. යො නිසෙවතී නිර්දේසයේ උදෙසන පදයයි. අපරෙන සමයෙන ඊට පසු මැත කාලයේ දී බුද්ධං සර්වඥ බුදුරදුන්. ධම්මං ස්වක්ඛාතාදී ගුණ පිරි ධර්මය. සංඝං සුපටිපන්නාදී ගුණ යුතු සංඝරත්නය. සික්ඛං අධිසීලාදී හික්මිය යුතු ශික්ෂා. පච්චක්ඛාය බුද්ධාදී තෙරුවන් ප්‍රතික්ෂේප කර. හීනාය හීන බවට, ගිහි බවට. ආවත්තිත්වා නැවතී, පෙරැළී. සෙවතී එකවරක් සේවනය කරයි. නිසෙවතී අනේකප්‍රකාරයෙන් සේවනය කරයි. සංසෙවති ඇලීගෙන සේවනය කරයි. පටිසෙවති නැවත නැවත සේවනය කරයි.
භන්තන්ති විබ්භන්තං. අදන්තන්ති දන්තභාවං අනුපනීතං. අකාරිතන්ති සුසික්ඛිතකිරියං අසික්ඛාපිතං. අවිනීතන්ති න විනීතං ආචාරසම්පත්තියා අසික්ඛිතං. උප්පථං ගණ්හාතීති වුත්තප්පකාරං යානං අදන්තාතියුත්තං භන්තං විසමමග්ගං උපෙති. විසමං ඛාණුම්පි පාසාණම්පි අභිරුහතීති විසමං හුත්වා ඨිතං ඛරඛාණුම්පි තථා පබ්බතපාසාණම්පි ආරොහති. යානම්පි ආරොහනකම්පි භඤ්ජතීති වය්හාදියානං ආරොහන්තස්ස පාජෙන්තස්ස හත්ථපාදාදිම්පි භින්දති. පපාතෙපි පපතතීති එකතොච්ඡින්නපබ්භාරපපාතෙපි පාතෙති. සො විබ්භන්තකොති සො පටික්කන්තකො. භන්තයානපටිභාගොති අනවට්ඨිතයානසදිසො. උප්පථං ගණ්හාතීති කුසලකම්මපථතො පටික්කමිත්වා අපායපථභූතං උප්පථං මිච්ඡාමග්ගං උපෙති. විසමං කායකම්මං අභිරුහතීති සමස්ස පටිපක්ඛං කායදුච්චරිතසඞ්ඛාතං විසමං කායකම්මං ආරොහති. සෙසෙසුපි එසෙව නයො. නිරයෙ අත්තානං භඤ්ජතීති නිරස්සාදසඞ්ඛාතෙ නිරයෙ අත්තභාවං චුණ්ණවිචුණ්ණං කරොති. මනුස්සලොකෙ අත්තානං භඤ්ජතීති විවිධකම්මකාරණවසෙන භඤ්ජති. දෙවලොකෙ අත්තානං භඤ්ජතීති පියවිප්පයොගාදිදුක්ඛවසෙන. ජාතිපපාතම්පි පපතතීති ජාතිපපාතෙපි පාතෙති. ජරාපපාතාදීසුපි එසෙව නයො. මනුස්සලොකෙති ඉධ අධිප්පෙතලොකමෙව දස්සෙති.
භන්තං නො දැමුණු. අදන්තං දමනයට, හික්මීමට නො පැමිණි අකාරිනං මනාව හික්මුණු ක්‍රියා නොකරන. අවිනීතං අවිනීත වූ, ආචාර සම්පත්තියෙන් අශික්ෂිත. උප්පථං ගණ්හතී කියූ ආකාර ඇති, අදාන්තයන් යෙදූ පාලනය කළ නොහැකි රථයක් විෂම මාර්ගයට පැමිණෙයි. විසමං ඛානුම්පි පාසානම්පි අභිරූහති විෂමව සිටි, කිහිරි කණු ආදියට ද එසේම පර්වත පාෂාණාදියට ද නැගේ. යානම්පි ආරොහණකම්පි භඤ්ජතී රියදුරා ආදී රථයේ නැගුණු පුද්ගලයන්ගේ ද අත් පා බිඳෙයි. කැඩෙයි. පපාතෙපි පපතී හුදකලාව සිඳින ලද බෑවුම් ප්‍රපාතයෙහි හෝ වැටෙයි. සො විබ්භන්තකො ඒ සිවුර හළ පුද්ගලයා භන්තයාන පටිභාගො නො දැමුණු රථයක් වැනි වූයේ උප්පථං ගණ්හතී කුශල කර්ම මාර්ගයෙන් වැලකී අපාගාමී මගෙහි, වැරදි මගට එළඹේ. විසමං කායකම්මං අභිරූහතී සම බවින් තොර වූ කාය දුශ්චරිතාදී, විෂම කාය කර්මයන්ට පැමිණේ. සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි. නිරයෙ අත්තානං භඤ්ජතී නිරාශ්වාද (සතුටක් නැති) සංඛ්‍යාත නිරයෙහි ඉපිද තම ශරීරය සුණු විසුණු වූවක් බවට පත්කරයි. මනුස්සලොකෙ අත්තානං භඤ්ජතී විවිධාකාර ක්‍රියා කිරීම් වශයෙන් බිඳී යයි. දෙව ලොකෙ අත්තානං භඤ්ජතී ප්‍රිය විප්රයෝගාදී දුක් වශයෙන්. ජාතිපපාතම්පි පපතී ජාති ප්‍රපාතයෙහි ද වැටෙයි. ජරා ප්රපාතාදියෙහි ද මේ ක්‍රමයමයි. මනුස්සලොකෙ මෙහි අදහස් කරන ලද ලෝකයම දක්වයි.
පුථුජ්ජනාති නිද්දෙසස්ස උද්දෙසපදං. තත්ථ පුථුජ්ජනාති –
පුථුජ්ජනා නිද්දේසයේ උදෙසන පදයයි. එහි පුථුජ්ජනා යනු –
පුථූනං ජනනාදීහි, කාරණෙහි පුථුජ්ජනො; පුථුජ්ජනන්තොගධත්තා, පුථුවායං ජනො ඉති.
පුථූනං ජනනාදීහි කාරණෙහි පුථුජ්ජතො, පුථුජ්ජනන්තො ගධත්තා පුථුවායං ජනො
බොහෝ වූ කෙලෙස් ඉපිදවීමාදී කාරණයෙන් පෘථජ්ජන නම් වේ. බොහෝ වූ අනාර්ය ජනයන් කෙරෙහි ඇතුලත් බැවින් ද යථෝක්ත මේ ජන තෙමේ ආර්යයන් කෙරෙන් වෙන්වූයේනුයි ද පෘථජ්ජන නම් වේ.
සො හි පුථූනං නානප්පකාරානං කිලෙසාදීනං ජනනාදීහිපි කාරණෙහි පුථුජ්ජනො. තං විභාගතො දස්සෙතුං “පුථු කිලෙසෙ ජනෙන්තී”තිආදිමාහ. තත්ථ බහූනං නානප්පකාරානං සක්කායදිට්ඨීනං අවිහතත්තා වා තා ජනෙන්ති, තාහි ජනිතාති වා පුථුජ්ජනා. අවිහතමෙවත්ථං ජනසද්දො වදති. පුථු සත්ථාරානං මුඛුල්ලොකිකාති එත්ථ පුථූ නානාජනා සත්ථුපටිඤ්ඤා එතෙසන්ති පුථුජ්ජනාති වචනත්ථො. පුථු සබ්බගතීහි අවුට්ඨිතාති එත්ථ ජනෙතබ්බා ජනයන්ති එත්ථාති ජනා, ගතියො. පුථූ ජනා එතෙසන්ති පුථුජ්ජනා. ඉතො පරෙ ජායන්ති එතෙහීති ජනා, අභිසඞ්ඛාරාදයො. තෙ එතෙසං විජ්ජන්තීති පුථුජ්ජනා. අභිසඞ්ඛරණාදිඅත්ථො එව වා ජනසද්දො දට්ඨබ්බො. නානාසන්තාපෙහි සන්තපන්තීති රාගග්ගිආදයො සන්තාපා. තෙ එව වා සබ්බෙපි වා කිලෙසා පරිළාහා. පුථු පඤ්චසු කාමගුණෙසූති එත්ථ ජායතීති ජනො, රාගො ගෙධොති එවමාදිකො, පුථු ජනො එතෙසන්ති පුථුජ්ජනා. පුථු ජාතා රත්තාති එවං රාගාදිඅත්ථො එව වා ජනසද්දො දට්ඨබ්බො. පලිබුද්ධාති සම්බද්ධා. ආවුතාති ආවරිතා. නිවුතාති වාරිතා. ඔවුතාති උපරිතො පිහිතා. පිහිතාති හෙට්ඨාභාගෙන පිහිතා. පටිච්ඡන්නාති අපාකටා. පටිකුජ්ජිතාති අධොමුඛගතා.
ඒ පුහුදුන් පුද්ගලයා බොහෝ වූ නානාප්‍රකාර කෙලෙස් උපදවන හේතුවෙන් පුථුජ්ජන නම් වේ. එය විභාග වශයෙන් දක්වනු සඳහා පුථූ කිලෙසෙ ජනෙන්ති යනාදිය කියන ලදී. එහි බොහෝ වූ නානාප්‍රකාර සත්කාය දෘෂ්ටි ආදී කෙලෙස් නොනැසූ බැවින් ඒවා උපදවති. නැතහොත් ඒවා කරණ කොටගෙන උපදින ලදීනුයි පුථුජ්ජන නම් වේ. නොනැසූ බවම ‘ජන’ ශබ්දයෙන් අදහස් වේ. බොහෝ ශාස්තෲන්ගේ මුහුණ බලන්නෝයි මෙහි බොහෝ නානාවිධ ශාස්තෲ ප්‍රතිඥා මොවුන්ට ඇත්තේනුයි පුථුජ්ජනා වේ යනු වචනාර්ථයයි. බොහෝ වූ සියලු ගතීන්ගෙන් නොවැසුණු බව හෙවත් නොයෙක් භවයන්හි ඉපදිය යුතු හෝ ජනයා මෙහි උපදිත්නුයි පුථුජ්ජන නම් වේ. ගතීහුය. මොවුන්ගේ බොහෝ ජනයෝ වෙත්නුයි පුථුජ්ජන වේ. මේවා කරණ කොටගෙන මෙයින් පසුව උපදිත්නුයි ‘ජනා’ වේ. අභිසංස්කාරාදියයි. ඒවා මොවුන්ට ඇත්තේනුයි පුථුජ්ජන නම් වේ. අභිසංස්කරණාදී (රැස්කරන) අර්ථයෙහිලා මෙහිදී ‘ජන’ ශබ්ද දතයුතුයි. නානා සන්තාපෙහි සන්තප්පන්තී රාගග්ගි ආදී සන්තාපයෝ වෙත්ද ඒවා හෝ ඒ සියලු කෙළෙස් පරිදාහයෝ පුථු පඤ්චසු කාමගුණෙසු මේ ලෝකයෙහි ජනනය වන්නේනුයේ ‘ජන’ නම් වේ. රාගය, ගිජුබව යන මේ ආදී පුහුදුන් පුද්ගලයෝ මෙහි වෙත්නුයි ‘පුථුජ්ජනා’ නම් වේ. බොහෝ පංචකාමයන්හි ඇලුණා වූ යනුවෙන් රාගාදී අර්ථයෙහි ද ‘ජන’ ශබ්දය දතයුතුයි. පළිබුද්ධා පිළිපන්නෝ. ආවුතා එතුණාහු. නිවුතා නැවැත්තාහු, වැළකුණාහු ඔවුතාකුජ්ජිතා යටිකුරු කරන ලද්දාහු.
අථ වා පුථූනං වා ගණනපථමතීතානං අරියධම්මපරම්මුඛානං නීචධම්මසමාචාරානං ජනානං අන්තොගධත්තාපි පුථුජ්ජනා. පුථු වා අයං විසුංයෙව සඞ්ඛං ගතො, විසංසට්ඨො සීලසුතාදිගුණයුත්තෙහි අරියෙහි ජනොතිපි පුථුජ්ජනො.
නැතහොත් බොහෝ වූ සංඛ්‍යාත්මකව ප්‍රකාශ කිරීමට අපහසු වූ, ආර්ය ධර්මයට විරුද්ධ වූ, නීච ධර්මය අනුව හැසිරෙන ජනයාගෙන් යුක්ත ආර්ය ජනයාගෙන් බැහැර වූ හෙයින් ‘පුථුජ්ජන’ නම් වූ.
එවං යෙ තෙ –
ඒ මේ පුහුදුන් පුද්ගලයෝ –
“දුවෙ පුථුජ්ජනා වුත්තා, බුද්ධෙනාදිච්චබන්ධුනා; අන්ධො පුථුජ්ජනො එකො, කල්‍යාණෙකො පුථුජ්ජනො”ති. –
දුවෙ පුථුජ්ජනා වුත්තා - බුද්ධෙනාදිච්චබන්ධුනා, අන්ධො පුථුජ්ජනො එකො - කල්‍යාණෙකො පුථුජ්ජනො
සූර්ය බන්දු වූ බුදුරදුන් විසින් පුහුදුන් පුද්ගලයෝ දෙදෙනෙක් පෙන්වා දෙන ලදහ. එක් අයෙක් අන්ධ පුථුජ්ජන නම් වේ. දෙවැන්නා කල්‍යාණ පුථුජ්ජන නම් වේ.
ද්වෙව පුථුජ්ජනා වුත්තා, තෙසු අන්ධපුථුජ්ජනො වුත්තො හොතීති වෙදිතබ්බො.
මෙහිදී අන්ධ පුථුජ්ජන පුද්ගලයාම අදහස් වූ බව දතයුතුයි.
යසො කිත්ති චාති ලාභසක්කාරො පසංසා ච. පුබ්බෙති පබ්බජිතභාවෙ. හායතෙ වාපි තස්ස සාති තස්ස විබ්භන්තකස්ස සතො සො ච යසො සා ච කිත්ති හායති. එතම්පි දිස්වාති එතම්පි පුබ්බෙ යසකිත්තීනං ලාභං පච්ඡා ච හානිං දිස්වා. සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙති තිස්සො සික්ඛායො සික්ඛෙථ. කිං කාරණා? මෙථුනං විප්පහාතවෙ, මෙථුනප්පහානත්ථායාති වුත්තං හොති.
යසො කිත්ති ච ලාභසත්කාර ප්රශංසාදියයි. පුබ්බෙ පෙර පැවිදිව සිටියදී හායතෙවාපි තස්ස සා ඒ සිවුරු හළ පුද්ගලයා සිටියදීම පෙර පැවති යසස කීර්තිය පිරිහී යයි. එතම්පි දිස්වා මෙසේ පෙර කිත් යසස් ලැබීමද පසුව එය පිරිහීමද දැක. සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙ යම් ශික්ෂාවක් නික්මෙන්නේද, කවර කරුණක් සඳහාද මෛථුනය දුරුකිරීම සඳහා, මෛථුනය ප්රහාණය සඳහා යයි කියන ලද්දේ වෙයි.
කිත්තිවණ්ණගතොති භගවා කිත්තිවණ්ණො, කිත්තිසද්දඤ්චෙව ගුණඤ්ච උක්ඛිපිත්වා වදන්තො හොතීති අත්ථො. චිත්තං නානානයෙන කථනං අස්ස අත්ථීති චිත්තකථී. කල්යාණපටිභානොති සුන්දරපඤ්ඤො.
කිත්තිවණ්ණභතො දැරූ කීර්ති ශබ්දය හා ගුණ ඇතිව, කීර්ති ශබ්දය මෙන්ම ගුණ සම්පත්තිය ද දරමින් හැසිරෙනුයේ යන අර්ථයයි. විචිත්‍ර වූ නානා ක්‍රමයෙන් පවසන කථනයක් මොහුට ඇත්තේනුයි චිත්තකථි කල්‍යාණ පටිභානො සුන්දර ප්‍රඥා ඇති,
හායතීති නිද්දෙසස්ස උද්දෙසපදං. පරිහායතීති සමන්තතො හායති. පරිධංසතීති අධොපථවිං පතති. පරිපතතීති සමන්තතො අපගච්ඡති. අන්තරධායතීති අදස්සනං යාති. විප්පලුජ්ජතීති උච්ඡිජ්ජති.
හායති නිද්දේසයේ උදෙසන පදය. පරිහායති හාත්පසින් පිරිහේ. පරිධංසති ගිලිහෙයි. පරිපටති හාත්පසින් පහ වේ. අන්තරධායති නොපෙනීමට යයි. විප්පලුජ්ජතී වැනසේ.
ඛුද්දකො සීලක්ඛන්ධොති ථුල්ලච්චයාදි. මහන්තො සීලක්ඛන්ධොති පාරාජිකසංඞ්ඝාදිසෙසො.
ඛුද්දකො සීලක්ඛන්ධො ථුල්ලච්චයාදී කුඩා සිකපද. මහන්තො සීලක්ඛන්ධො පාරාජිකා සංඝාදිසේසාදිය.
මෙථුනධම්මස්ස පහානායාති තදඞ්ගාදිපහානෙන පජහනත්ථාය. වූපසමායාති මලානං වූපසමනත්ථාය. පටිනිස්සග්ගායාති පක්ඛන්දනපරිච්චාගපටිනිස්සග්ගත්ථාය. පටිපස්සද්ධියාති පටිපස්සද්ධිසඞ්ඛාතස්ස ඵලස්ස අත්ථාය.
මෙථුන ධම්මස්ස පහාණාය තදංගාදී ප්‍රහාණයෙන් දුරුකරනු සඳහා. වූපසමාය කෙළෙස් මලයන්ගේ සන්සිඳීමට. පටිනිස්සග්ගාය ඇතුලට වැඳීම, මෙවුන්දම දුරලීම සඳහා. පටිප්පස්සද්ධියා පටිප්පස්සද්ධි නම් ඵලය සඳහා.
යො හි මෙථුනං න විප්පජහති සඞ්කප්පෙහි…පෙ… තථාවිධො. තත්ථ පරෙතොති සමන්නාගතො. පරෙසං නිග්ඝොසන්ති උපජ්ඣායාදීනං නින්දාවචනං. මඞ්කු හොතීති දුම්මනො හොති.
යමෙක් මෛථුන ධර්මය අත්නොහරියි ද ඔහුගේ ගති ස්වභාව දැක්වීමට සංකප්පෙහි -පෙ- තථාවිධො යි කියන ලදී. එහි පරෙතො යුක්ත වූ. පරෙසං නිග්ඝොසං උපාධ්යායාදීන්ට නින්දා වචන කියයි. මංකු හොති දොම්නස් ඇතිවේ.
කාමසඞ්කප්පෙනාති කාමපටිසංයුත්තෙන විතක්කෙන. උපරිට්ඨෙපි එසෙව නයො. ඵුට්ඨොති විතක්කෙහි ඵුසිතො. පරෙතොති අපරිහීනො. සමොහිතොති සම්මා ඔහිතො අන්තො පවිට්ඨො. කපණො වියාති දුග්ගතමනුස්සො විය. මන්දො වියාති අඤ්ඤාණී විය. මොමූහො වියාති සම්මොහභූතො විය. ඣායතීති චින්තෙති. පජ්ඣායතීති භුසං චින්තෙති. නිජ්ඣායතීති අනෙකවිධෙන චින්තෙති. අපජ්ඣායතීති තතො අපගන්ත්වා චින්තෙති. උලූකොති උලූකසකුණො. රුක්ඛසාඛායන්ති රුක්ඛෙ උට්ඨිතසාඛාය, විටපෙ වා. මූසිකං මගයමානොති මූසිකං ගවෙසමානො, “මග්ගයමානො”තිපි පඨන්ති. කොත්ථූති සිඞ්ගාලො. බිළාරොති බබ්බු. සන්ධිසමලසඞ්කටිරෙති ද්වින්නං ඝරානං අන්තරෙ ච උදකනිද්ධමනචික්ඛල්ලකචවරනික්ඛිපනට්ඨානෙ ච ථණ්ඩිලෙ ච. වහච්ඡින්නොති පිට්ඨිගීවමංසච්ඡින්නො. ඉතො පරා ගාථා පාකටසම්බන්ධා එව.
කාම සංකප්පෙන කාම ප්‍රතිසංයුක්ත විතර්කයෙන්, මතු පදයන්හි ද මේ ක්‍රමයමයි. ඵුට්ඨො විතර්කයන් විසින් ස්පර්ශ කරන ලද පරෙතො නොපිරිහුණු සමොහිතො මනාව බැසගත්, ඇතුලට පිවිසි. කපණො විය දුප්පත් දිළිඳු පුද්ගලයකු මෙන් මන්දො විය. අඥානයෙක් මෙන් මොමූහො විය මුලා වූවෙක් මෙන් ඣායතී සිතයි. පජ්ඣායති බොහෝකොට සිතයි. නිජ්ඣායතී අනේක ප්‍රකාරයෙන් සිතයි. අපජ්ඣායති ඉන් පහවී සිතයි. උලූකො බකමූණා රුක්ඛසාඛාය ගස මතුයෙහි වූ අත්තක හෝ බෙණයක. මූසිකං මගයමානො මීයෙකු සොයන්නා වූ, ‘මගයමානො’ යනුවෙන් ද ශබ්ද කරති. කොත්ථූ සිවලා විලාරො බළලා. සන්ධිසමල සංකටීරෙ ගෙවල් දෙකක් අතර ද දිය දමන තැන, මඩ වගුරුවල, කසළ දමන තැන ද පොළව උස් තැන ද. වහච්ඡින්නො කොඳුඇට සිඳුණු. ඉන්පසුව එන ගාථාවන් ප්‍රකට වූ සම්බන්ධය ඇත්තේමය.
තාසු සත්ථානීති කායදුච්චරිතාදීනි. තානි හි අත්තනො පරෙසඤ්ච ඡෙදනට්ඨෙන “සත්ථානී”ති වුච්චන්ති. තෙසු වායං විසෙසෙන තාව ආදිතො මුසාවචනසත්ථානෙව කරොති, “ඉමිනා කාරණෙනාහං විබ්භන්තො”ති භණන්තො. තෙනෙවාහ – “එස ඛ්වස්ස මහාගෙධො , මොසවජ්ජං පගාහතී”ති. තත්ථ එස ඛ්වස්සාති එස ඛො අස්ස. මහාගෙධොති මහාබන්ධනං. කතමොති චෙ? යදිදං මොසවජ්ජං පගාහති, ස්වායං මුසාවාදජ්ඣොගාහො “මහාගෙධො”ති වෙදිතබ්බො.
එහි සත්ථානි යනු කාය දුශ්චරිතාදිය, ඒවා වනාහි තමාද අනුන්ද සිඳින, වනසන අර්ථයෙන් ආයුධයයි කියති. ඒ දුශ්චරිතාදියෙහි ද මේ මුසා කීම මුලසිටම සැතක් මෙන් හානි කරයි. (බොරුවෙන් වැසී පව් කරයි.) ඉමිනා කාරණෙ නාහං විබ්භන්තො යන කරුණු දක්වන්නේ, එනිසා කියන ලදී. එසඛ්වාස්ස මහාගෙධො මොසවජ්ජං පගාහතී එහි එසඛ්වාස්ස ඒ ඔහුගේ මහාගෙධො මහා බන්ධනය. කෙසේනම් එය මොසවච්ඡං පගාහතී ඒ ඔහුගේ මුසාවාදයට බැස ගැනීම මහා බන්ධනයකැයි දතයුතුයි.
තීණි සත්ථානීති තයො ඡෙදකා. කායදුච්චරිතං කායසත්ථං. වචීසත්ථාදීසුපි එසෙව නයො. තං විභාගතො දස්සෙතුං “තිවිධං කායදුච්චරිතං කායසත්ථ”න්ති ආහ. සම්පජානමුසා භාසතීති ජානන්තො තුච්ඡං වාචං භාසති. අභිරතො අහං භන්තෙ අහොසිං පබ්බජ්ජායාති සාසනෙ පබ්බජ්ජාය අනභිරතිවිරහිතො අහං ආසිං. මාතා මෙ පොසෙතබ්බාති මාතා මයා පොසෙතබ්බා. තෙනම්හි විබ්භන්තොති භණතීති තෙන කාරණෙන පටික්කන්තො අස්මීතිපි කථෙති. පිතා මෙ පොසෙතබ්බොතිආදීසුපි එසෙව නයො.
තීණි සත්ථානී ශස්ත්‍ර තුන, කාය දුශ්චරිතය කාය ශස්ත්‍රයයි. වචී සත්ථා දියෙහි ද ඒ ක්‍රමයමැයි. එය විභාග වශයෙන් දැක්වීමට තිවිධං කාය දුච්චරිතං කායසත්ථං යි කියන ලදී. සම්පජාන මුසාභාසතී යනු දැන දැනම හිස්, බොරු වදන් කියයි. අනභිරතො අහං භන්තෙ අහොසිං පබ්බජ්ජාය ‘මම සසුන්පැවිද්දෙහි ඇලීම, ආශාව දුරු වූවෙක් වීමි’යි කියයි. මාතා මෙ පොසෙතබ්බා මවිසින් මව පෝෂණය කළ යුතුයි. තෙනම්හි විබ්භන්තො ති භණති එනිසා මම සිවුරු හැර, සසුන ප්‍රතික්ෂේප කර ආවෙමියි කියයි. පිතා මයා පොසෙතබ්බො යනාදියෙහි ද මේ ක්‍රමයමයි.
එසො තස්ස මහාගෙධොති තස්ස පුග්ගලස්ස එසො මහාබන්ධො. මහාවනන්ති මහන්තං දුට්ඨවනං. ගහනන්ති දුරතික්කමං. කන්තාරොති චොරකන්තාරාදිසදිසො. විසමොති කණ්ටකවිසමො. කුටිලොති වඞ්කකටකසදිසො. පඞ්කොති පල්ලලසදිසො. පලිපොති කද්දමසදිසො. පලිබොධොති මහාදුක්ඛො. මහාබන්ධනන්ති මහන්තං දුමොචයබන්ධනං. යදිදං සම්පජානමුසාවාදොති යො අයං සම්පජානමුසාවාදො.
එසො තස්ස මහාගෙධො ඒ පුද්ගලයාට මෙය මහා බන්ධනයකි. මහාවනං යනු මහා වනය. ගහනං ඉක්මවීම අපහසු වනලැහැබකි. කනතාරො චෝර කාන්තාරයක් හා සමානය. විසමො කටුකොහොල් ආදියෙන් විෂමය. කුටිලො බිලීකටුවක් වැනිය. පංකො මඩ වලක් සමානය. පලිපො මඩ වගුරක් සමානය. පළිබොධො මහා දුර්ගයකි. මහාබන්ධනං මුදාගැනීම අපහසු විශාල බන්ධනයකි. යදිදං සම්පජාන මුසාවාදො ඒ මේ දැන දැන බොරු කීම,
සභග්ගතො වාති සභායං ඨිතො වා. පරිසග්ගතො වාති ගාමපරිසායං ඨිතො වා. ඤාතිමජ්ඣගතො වාති දායාදානං මජ්ඣෙ ඨිතො වා. පූගමජ්ඣගතො වාති සෙනීනං මජ්ඣෙ ඨිතො වා. රාජකුලමජ්ඣගතො වාති රාජකුලස්ස මජ්ඣෙ මහාවිනිච්ඡයෙ ඨිතො වා. අභිනීතොති පුච්ඡනත්ථාය නීතො. සක්ඛිපුට්ඨොති සක්ඛිං කත්වා පුච්ඡිතො. එහම්භො පුරිසාති ආලපනමෙතං. අත්තහෙතු වා පරහෙතු වාති අත්තනො වා පරස්ස වා හත්ථපාදාදිහෙතු වා ධනහෙතු වා. ආමිසකිඤ්චික්ඛහෙතු වාති එත්ථ ආමිසන්ති ලාභො අධිප්පෙතො. කිඤ්චික්ඛන්ති යං වා තං වා අප්පමත්තකං, අන්තමසො තිත්තිරවට්ටකසප්පිපිණ්ඩනවනීතපිණ්ඩාදිමත්තකස්සපි ලාභස්ස හෙතූති අත්ථො. සම්පජානමුසා භාසතීති ජානන්තොයෙව මුසාවාදං කරොති.
සභග්ගතො වා සභාවෙහි සිටියේ හෝ. පරිසග්ග තො වා ගම් පිරිසෙහි සිටියේ හෝ ඤාතීමජ්ඣ ගතො වා නෑයන් මැද සිටියේ හෝ පූගමජ්ඣගතොවා සේනාව මැද සිටියේ හෝ රාජකුල මජ්ඣගතො වා රජපවුලේ මැද මහා විනිශ්චයෙහි සිටියේ හෝ අභිනීතො ප්‍රශ්න කිරීමට ගෙනෙන ලදුයේ සක්ඛිපුට්ඨො සාක්ෂිකර විචාරන ලදුයේ එහම්හො පුරිස මෙය ආමන්ත්රණයයි. අත්තහෙතු වා පරහෙතුවා තමාගේ හෝ අනුන්ගේ හෝ අත්පා නැසීම් නිසා හෝ ධනලාභ නිසා හෝ ආමිසකිඤ්චික්ඛහෙතු වා යන මෙහි ආමිසං යනු ලාභය, ලැබීම් අදහස් කරන ලදී. කිඤ්චික්ඛං යම්කිසි අල්ප මාත්‍ර වූවක්. යටත් පිරිසෙන් තිත්වටුවකු, ගිතෙල් පිඬක්, වෙඬරු පිඬක් යනාදී අල්පමාත්‍ර ලාභයක් නිසාවෙන් සම්පජාන මුසා භාසතී දැන දැනම බොරු කියයි.
පුන අඤ්ඤං පරියායං දස්සෙන්තො “අපි ච තීහාකාරෙහි මුසාවාදො හොති, පුබ්බෙවස්ස හොතී”තිආදිමාහ. තත්ථ තීහාකාරෙහීති සම්පජානමුසාවාදස්ස අඞ්ගභූතෙහි තීහි කාරණෙහි. පුබ්බෙවස්ස හොතීති පුබ්බභාගෙයෙව අස්ස පුග්ගලස්ස එවං හොති “මුසා භණිස්ස”න්ති. භණන්තස්ස හොතීති භණමානස්ස හොති. භණිතස්ස හොතීති භණිතෙ අස්ස හොති. යං වත්තබ්බං තස්මිං වුත්තෙ හොතීති අත්ථො. අථ වා භණිතස්සාති වුත්තවතො නිට්ඨිතවචනස්ස හොතීති. යො එවං පුබ්බභාගෙපි ජානාති, භණන්තොපි ජානාති, පච්ඡාපි ජානාති “මුසා මයා භණිත”න්ති, සො එවං වදන්තො මුසාවාදකම්මුනා බජ්ඣතීති අයමෙත්ථ අත්ථො දස්සිතො. කිඤ්චාපි දස්සිතො, අථ ඛො අයමෙත්ථ විසෙසො – පුච්ඡා තාව හොති, “මුසා භණිස්ස”න්ති පුබ්බභාගො අත්ථි, “මුසා මයා භණිත”න්ති පච්ඡාභාගො නත්ථි. වුත්තමත්තමෙව හි කොචි පමුස්සති කිං තස්ස මුසාවාදො හොති, න හොතීති? සා එවං අට්ඨකථාසු විස්සජ්ජිතා – පුබ්බභාගෙ “මුසා භණිස්ස”න්ති ච, භණන්තස්ස “මුසා භණාමී”ති ච ජානතො පච්ඡාභාගෙ “මුසා මයා භණිත”න්ති න සක්කා න භවිතුං, සචෙපි න හොති, මුසාවාදොයෙව. පුරිමමෙව හි අඞ්ගද්වයං පමාණං. යස්සාපි පුබ්බභාගෙ “මුසා භණිස්ස”න්ති ආභොගො නත්ථි, භණන්තො පන “මුසා භණාමී”ති ජානාති. භණිතෙපි “මුසා මයා භණිත”න්ති ජානාති. සො මුසාවාදෙන න කාරෙතබ්බො. පුබ්බභාගො හි පමාණතරො. තස්මිං අසති දවා භණිතං වා, රවා භණිතං වා හොතීති.
නැවත වෙනත් පර්යායක් දක්වනු සඳහා අපිච තීහාකාරෙහි මුසාවාදො හොති පුබ්බෙවස්ස හොතී ති යනාදි කියන ලදී. එහි නීහාකාරෙහි යනු සම්පජාන මුසාවාදයට අංග වූ තුන් කාරණයෙන් පුබ්බෙවස්ස හොතී ඉතා මුලදීම ඔහුට මේ සිත ඇතිවේ. මුසා භණිස්සං ‘බොරුවක් කියන්නෙමි’ යනුයි. භණන්තස්ස හොති දැන දැන බොරු කියන්නාට මේ සිත වේ. භණිතස්ස හොති දැන දැන බොරු කීවහුට මේ සිත වේ. යමක් කිවයුතුද එය කියන ලද කල්හි මේ සිත වේ යන අර්ථයයි. නැතහොත් භණිතස්ස කියා නිමවූ වචන ඇත්තාට මේ සිත වේ. මෙසේ ඔහු බොරුව කීමට පෙරද දනියි. බොරුව කියන විටද දනියි. පසුවද දනියි. ‘මවිසින් බොරු කියන ලදී’ යනුයි. ඔහු මෙසේ කියනුයේ මුසාවාද කර්මයෙන් බැඳෙයි යැයි මෙහිදී මේ අර්ථය දක්වන ලදී. මෙසේ අර්ථය දැක්වූවත් මෙහි ඇති විශේෂය නම්, විමසන ලදුයේ මම බොරු කියන්නෙමි යන පූර්වභාගය ඇත. මවිසින් බොරු කියන ලදැයි එන පසුභාගය නැත. කියූ පමණින් ම කිසිවකුට සිහි නැතිවේ. මතක නැති වේ නම් කිම ඔහුට මුසාවාදය වේද? නොවේද? එය මෙසේ අට්ඨකථාවන්හි විසඳන ලදී. පූර්වභාගයෙහි බොරු කියන්නෙමියි’ද බොරු කියමින් දැන් බොරු කියමි’යි ද දැන සිටි තැනැත්තාට පසු භාගයෙහි මවිසින් බොරුවක් කියන ලදැ’යි දැන නොගැනීමට නොහැකිය. එසේ දැන නොගනීද එහෙත් මුසාවාදය වේමය. මුලින් දැක්වූ අංග දෙක ප්‍රමාණික වේ. යමෙකුට මුලදී ‘බොරු කියන්නෙමි’ යන සිතුවිල්ලක් නැත්ද කියමින් දැන් මම මේ බොරු කියමි’යි දනියි ද කීකල්හිද මවිසින් බොරු කියන ලදැ’යි දනීද ඔහුට ද මුසාවාදය ඉදිරිපත් නොකළ යුතුයි. (චෝදනා නොකළ යුතුයි) පූර්වභාගයම ප්‍රමාණික වන හෙයිනි. එය මුසාවාදයක් නොවන කල්හි එම ප්‍රකාශය ක්‍රීඩාවට කියූවක් හෝ ශබ්ද ප්‍රවාහයක් පමණක් වේ.
එත්ථ ච තංඤාණතා ච ඤාණසමොධානඤ්ච පරිච්චජිතබ්බං. තංඤාණතා පරිච්චජිතබ්බාති යෙන චිත්තෙන “මුසා භණිස්ස”න්ති ජානාති, තෙනෙව “මුසා භණාමී”ති ච, “මුසා මයා භණිත”න්ති ච ජානාතීති එවං එකචිත්තෙනෙව තීසු ඛණෙසු ජානාතීති අයං තංඤාණතා පරිච්චජිතබ්බා. න හි සක්කා තෙනෙව චිත්තෙන තං චිත්තං ජානිතුං, යථා න සක්කා තෙනෙව අසිනා සො අසි ඡින්දිතුන්ති. පුරිමං පුරිමං පන චිත්තං පච්ඡිමස්ස පච්ඡිමස්ස චිත්තස්ස තථා උප්පත්තියා පච්චයො හුත්වා නිරුජ්ඣති. තෙනෙතං වුච්චති –
මෙහිදී ද තඤ්ඤාණතාවය ද ඤාණසමෝධානයද වෙන්කර දතයුතුයි. ‘තඤ්ඤාණතාව වෙන්කර දතයුතුය’ යනු යම් සිතකින් බොරු කියන්නෙමි’යි දන්නේ ද ඒ සිතින් ම ‘බොරු කියමි’යි ද මවිසින් බොරු කීවෙමි’යි දනියිද, මෙසේ එක සිතකින්ම තුන් ක්ෂණයෙහි දනියිද මෙය තඤ්ඤාණතාව වෙන්කර දැනීමයි. ඒ සිතින් ම, ඒ සිත පිළිබඳව දැනගත නොහැක. කඩුවකින් එම කඩුවම සිඳීමට නොහැක්කක් මෙනි. මුලින් මුලින් ඇති වූ සිත් පසුව පසුව ඇතිවන සිත් සඳහා උත්පත්ති ප්‍රත්‍යය වී නිරුද්ධ වේ. එනිසා මෙය කියන ලදී.
“පමාණං පුබ්බභාගොව, තස්මිං සති න හෙස්සති; සෙසද්වයන්ති නත්ථෙත, මිති වාචා තිවඞ්ගිකා”ති. (පාරා· අට්ඨ· 2.200);
පමාණං පුබ්බභාගොව තස්මිං සති න හෙස්සතී, සෙසද්වයන්ති තත්ථෙ තමිති වාචා තිවංගිකා
පූර්වභාගී සිතම ප්‍රාමාණික වේ. එය නොපවත්නා කල්හි මුසාවාදය සම්පූර්ණ නොවේ. සෙසු දෙක ද නැති කල්හි මුසාවාදය සම්පූර්ණ නොවේ. එනිසා මුසාවාදයේ අංග තුනම සම්පූර්ණ විය යුතුයැයි කියන ලදී.
ඤාණසමොධානං පරිච්චජිතබ්බන්ති එතානි තීණි චිත්තානි එකක්ඛණෙ උප්පජ්ජන්තීති න ගහෙතබ්බානි. ඉදඤ්හි චිත්තං නාම –
එහි ‘ඤාණ සමෝධානය හැරදැමිය යුතුය’ යනු මේ සිත් තුන ක්ෂණයෙහි උපදින ලදැයි පිළිනොගැනීමයි. මෙහි සිතනම්
“අනිරුද්ධම්හි පඨමෙ, න උප්පජ්ජති පච්ඡිමං; නිරන්තරුප්පජ්ජනතො, එකං විය පකාසතී”ති. (පාරා· අට්ඨ· 2.200);
අනිරුද්ධම්හි පඨමෙ න උප්පජ්ජති පච්ඡිමං, නිරන්තරුප්පජ්ජනතො එකං විය පකාසති
මුල් සිත නිරුද්ධ නොවූ කල්හි පසු සිත (දෙවැනි සිත) නූපදියි. නිරන්තර ඉපදීම, නිරුද්ධ වීම සිදුවන බැවින් එක් සිතක් මෙන් ප්‍රකට වේ.
ඉතො පරං පන ය්වායං අජානංයෙව “ජානාමී”තිආදිනා නයෙන සම්පජානමුසා භණති, යස්මා සො “ඉදං අභූත”න්ති එවංදිට්ඨිකො හොති, තස්ස හි අත්ථෙව අයං ලද්ධි. තථා “ඉදං අභූත”න්ති එවමස්ස ඛමති චෙව රුච්චති ච. එවමස්ස සඤ්ඤා, එවංසභාවමෙව චස්ස චිත්තං “ඉදං අභූත”න්ති. යදා පන මුසා වත්තුකාමො හොති, තදා තං දිට්ඨිං වා දිට්ඨියා සහ ඛන්තිං වා දිට්ඨිඛන්තීහි සද්ධිං රුචිං වා දිට්ඨිඛන්තිරුචීහි සද්ධිං සඤ්ඤං වා දිට්ඨිඛන්තිරුචිසඤ්ඤාහි සද්ධිං භාවං වා විනිධාය නික්ඛිපිත්වා පටිච්ඡාදෙත්වා අභූතං කත්වා භණති. තස්මා තෙසම්පිවසෙන අඞ්ගභෙදං දස්සෙතුං “අපි ච චතූහාකාරෙහී”තිආදි වුත්තං.
මින් අනතුරුව ඒ පුද්ගලයා ‘නොදන්නා ම දෙයක් දනිමියි’ ආදී ක්‍රමයෙන් දැන දැන බොරු කීම කරයි. එනිසා ඔහු මෙය අභූත වූවකැයි යන දෘෂ්ටි ඇත්තේ වේ. ඒ අර්ථයෙහි ම මේ ලබ්ධිය වේ. එසේම මෙය අභූතයැයි මෙසේ ඒ සිතට කැමති වේ. රුචි ද කරයි. මෙසේ මේ සිත අභූතය යන්න ස්වභාවයකි. යම්කලෙක බොරු කියනු කැමති වේද, එකල්හි ඒ දෘෂ්ටිය හෝ දෘෂ්ටිය සමග ඉවසීම හෝ දෘෂ්ටි ක්ෂාන්තිය සමග රුචිය හෝ දෘෂ්ටි ඛන්ති රුචිය සමග සංඥාව හෝ දෘෂ්ටි ඛන්ති රුචි සංඥාව සමග භාවය හෝ සඟවා තබා, වසා තබා, වහන් කර, අසත්‍ය වූවක් ඇත්ත ලෙස කියයි. එනිසා මේ ක්රමෝපායන්හි අංග වශයෙන් විවරණ කර දැක්වීම සඳහා අපිච චතුහාකාරෙහි යනාදිය කියන ලදී.
එත්ථ ච විනිධාය දිට්ඨින්ති බලවධම්මවිනිධානවසෙනෙතං වුත්තං. විනිධාය ඛන්තින්තිආදීනි තතො දුබ්බලදුබ්බලානං විනිධානවසෙන. විනිධාය සඤ්ඤන්ති ඉදං පනෙත්ථ සබ්බදුබ්බලධම්මවිනිධානවසෙන. සඤ්ඤාමත්තම්පි නාම අවිනිධාය සම්පජානමුසා භාසිස්සතීති නෙතං ඨානං විජ්ජති.
මෙහි විනිධාය දිට්ඨිං බලවත් ධර්ම සැගවීම් වශයෙන් කියන ලදී. විනිධාය සඤ්ඤා මෙහි දී වනාහි සියලු දුර්වල ධර්ම සඟවා තැබීම් වශයෙන්, සංඥා මාත්‍රයක්වත් නොසඟවා තැබේනම් ‘සම්පජාන මුසාවාදය’ සිදු නොවේ.
මන්දොව පරිකිස්සතීති පාණවධාදීනි කරොන්තො තතොනිදානඤ්ච දුක්ඛමනුභොන්තො භොගපරියෙසනාරක්ඛණානි ච කරොන්තො මොමූහො විය පරිකිලිස්සති.
මන්දොව පරිකිස්සතී ප්‍රාණවධාදිය කරමින් ඉන් තද බල දුක් අනුභව කරමින්, භෝග සෙවීම්, ආරක්ෂා කිරීම් ආදියද කරමින් මුළා වූ මූඪයකු මෙන් වෙහෙසට පත්වේ.
තමෙනං රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තීති න රාජානො කරොන්ති, රාජාධීනපුරිසා නානාවිධානි කම්මකාරණානි කරොන්ති. කසාහිපි තාළෙන්තීති කසාදණ්ඩකෙහිපි විතජ්ජෙන්ති. වෙත්තෙහීති වෙත්තලතාහි. අද්ධදණ්ඩකෙහීති මුග්ගරෙහි, පහාරසාධනත්ථං වා චතුහත්ථදණ්ඩං ද්වෙධා ඡෙත්වා ගහිතදණ්ඩකෙහි. බිලඞ්ගථාලිකන්ති කඤ්ජියඋක්ඛලිකකම්මකාරණං. තං කරොන්තා සීසකපාලං උප්පාටෙත්වා තත්තං අයොගුළං සණ්ඩාසෙන ගහෙත්වා තත්ථ පක්ඛිපන්ති, තෙන මත්ථලුඞ්ගං පක්කුට්ඨිත්වා උපරි උත්තරති. සඞ්ඛමුණ්ඩිකන්ති සඞ්ඛමුණ්ඩකම්මකාරණං. තං කරොන්තා උත්තරොට්ඨඋභතොකණ්ණචූළිකගලවාටකපරිච්ඡෙදෙන චම්මං ඡින්දිත්වා සබ්බකෙසෙ එකතො ගණ්ඨිං කත්වා දණ්ඩකෙන වෙඨෙත්වා උප්පාටෙන්ති, සහ කෙසෙහි චම්මං උට්ඨහති. තතො සීසකටාහං ථූලසක්ඛරාහි ඝංසිත්වා ධොවන්තා සඞ්ඛවණ්ණං කරොන්ති. රාහුමුඛන්ති රාහුමුඛකම්මකාරණං. තං කරොන්තා සඞ්කුනා මුඛං විවරිත්වා අන්තොමුඛෙ දීපං ජාලෙන්ති, කණ්ණචූළිකාහි වා පට්ඨාය මුඛං නිඛාදනෙන ඛනන්ති, ලොහිතං පග්ඝරිත්වා මුඛං පූරෙති.
තමෙනං රාජානො ගහෙත්වා විවිධා කම්ම කාරණා කාරෙන්ති රජවරු නොකරති. රජුගේ විධාන ලද රාජපුරුෂයෝ නානාප්‍රකාර වධබන්ධන පමුණුවති. කසාහිපි තාළෙන්ති කශයෙන්, දණ්ඩෙන් තර්ජනය කරති. වෙත්තෙහි වේවැලෙන් අද්ධදණ්ඩකෙහි මුගුරු ප්‍රහාරයෙන්, පහර දීමට රියන් හතරක දණ්ඩක දෙකට කඩා ගත් දඬුවලින් බිලංගථාලිකං කැඳහැලියේ බහා දෙන දඬුවම, එය කරන්නාහු ශීර්ෂ කපාලය ගලවා, රත්වූ යකඩ ගුලියක් අඬුවකින් ගෙන ඒ තුලට දමති. එය කරන්නාහු උඩුතොල, දෙකන්සිළු, බෙල්ලේ වල යන ස්ථානවලින් සම කා, සියලු කෙස්රොදක් සේ එක් කර ගැටයක් ගසා, දණ්ඩක ඔතා අදිති. එවිට කෙස් සමග සම ගැලවී එයි. ඉන්පසු හිස්කබල තද ගල්වලින් ගටා සෝදමින් හක්ගෙඩි පාට ඇත්තක් කරයි. රාහුමුඛං රාහු මුඛ නම් වධයයි. එය කරන්නාහු අඬුවෙන් මුව විවර කර, මුව තුල පහනක් දල්වති. කන්සිළුවෙහි සිට හෝ මුඛය නියනකින් සාරති. ලේ වැගිරී මුව පිරී යයි.
ජොතිමාලිකන්ති සකලසරීරං තෙලපිලොතිකාය වෙඨෙත්වා ආලිම්පෙන්ති. හත්ථපජ්ජොතිකන්ති හත්ථෙ තෙලපිලොතිකාය වෙඨෙත්වා දීපං විය පජ්ජාලෙන්ති. එරකවත්තිකන්ති එරකවත්තකම්මකාරණං. තං කරොන්තා හෙට්ඨාගීවතො පට්ඨාය චම්මවට්ටෙ කන්තිත්වා ගොප්ඵකෙ පාතෙන්ති. අථ නං යොත්තෙහි බන්ධිත්වා කඩ්ඪන්ති. සො අත්තනො චම්මවට්ටෙ අක්කමිත්වා අක්කමිත්වා පතති. චිරකවාසිකන්ති චිරකවාසිකකම්මකාරණං. තං කරොන්තා තථෙව චම්මවට්ටෙ කන්තිත්වා කටියං ඨපෙන්ති, කටිතො පට්ඨාය කන්තිත්වා ගොප්ඵකෙසු ඨපෙන්ති, උපරිමෙහි හෙට්ඨිමසරීරං චිරකනිවාසනනිවත්ථං විය හොති. එණෙය්යකන්ති එණෙය්යකකම්මකාරණං. තං කරොන්තා උභොසු කප්පරෙසු ච උභොසු ජණ්ණුකෙසු ච අයවලයානි දත්වා අයසූලානි කොට්ටෙන්ති, සො චතූහි අයසූලෙහි භූමියං පතිට්ඨහති. අථ නං පරිවාරෙත්වා අග්ගිං කරොන්ති. “එණෙය්යකො ජොතිපරිග්ගහො යථා”ති ආගතට්ඨානෙපි ඉදමෙව වුත්තං. තං සන්ධිතො සන්ධිතො සූලානි අපනෙත්වා චතූහි අට්ඨිකොටීහියෙව ඨපෙන්ති. එවරූපා කම්මකාරණා නාම නත්ථි.
ජොතිමාලිකං යනු සියලු සිරුර තෙල් පෙඟූ කඩමාලුවලින් වෙළා ගිනි අවුලුවන දඬුවමයි. හත්ථපජ්ජොතිකං අතෙහි තෙල් පෙඟූ කඩමාලුවලින් වෙළා පහනක් මෙන් දල්වති. එරකවත්තිකං යනු ඒරකවත්ති නම් දඬුවමයි. එය කරන්නහු බෙල්ලෙන් යට සිට සම වටේට හාරා කපමින් ගොප්ඇටයෙහි හෙළති. ඉක්බිති දඬුවම ලත් පුරුෂයාව යොන්වලින් බැඳ අදිති. ඔහු තමන්ගේ සම වටා පැකිලි පැකිලී ඇදවැටෙයි. චීරකවාසිකං යනු චීරකවාසික නම් දඬුවමයි. එය කරන්නහු ඉහතින් කී ලෙසම සම වටේට සාරා කපමින් ඉඟටියේ තබති. ඉඟෙහි පටන් සාරාකපමින් ගොප් ඇටවල තබති. යටි සිරුර මත්තෙහි හණ වැහැරි ඇඳුමක් අදින ලද්දාක් මෙන් පෙනේ. එණෙය්යකං යනු එණෙය්‍යක නම් වධයයි. එය සිදු කරන්නහු දෙවැලමිටෙහි ද දෙදණෙහි ද යකඩින් සිදුරු කර, යකඩ හුල්වලින් අනිති. ඒ දඬුවම් ලැබූ පුරුෂයා එවිට යකඩ හුල් සතරකින් බිම පිහිටා සිටියි. ඉක්බිති යකඩ හුල්වලින් සිටගෙන සිටින්නා වටා ගිනි දල්වති. ‘එණෙය්යකො ජොති පරිග්ගහො යථා’යි පැමිණි තැන ද මෙයම අදහස් කරන ලදී. ඒ පුරුෂයා වරින් වර යකඩහුල් ඉවත් කර, ඇට කෙළවර සතරින්ම බිම තබති. මෙබඳු වූ දරුණු වධයක් නම් නැත.
බළිසමංසිකන්ති උභතොමුඛෙහි බළිසෙහි පහරිත්වා චම්මමංසන්හාරූනි උප්පාටෙන්ති. කහාපණිකන්ති සකලසරීරං තිණ්හාහි වාසීහි කොටිතො පට්ඨාය කහාපණමත්තං කහාපණමත්තං පාතෙන්තා කොට්ටෙන්ති. ඛාරාපතච්ඡිකන්ති සරීරං තත්ථ තත්ථ ආවුධෙහි පහරිත්වා කොච්ඡෙහි ඛාරං ඝංසෙන්ති, චම්මමංසන්හාරූනි පග්ඝරිත්වා පසවන්ති, අට්ඨිකසඞ්ඛලිකාව තිට්ඨති. පලිඝපරිවත්තිකන්ති එකෙන පස්සෙන නිපජ්ජාපෙත්වා කණ්ණච්ඡිද්දෙන අයසූලං කොට්ටෙත්වා පථවියා එකාබද්ධං කරොන්ති. අථ නං පාදෙ ගහෙත්වා ආවිඤ්ඡන්ති. පලාලපීඨකන්ති ඡෙකා කාරණිකා ඡවිචම්මං අච්ඡින්දිත්වා නිසදපොතකාහි අට්ඨීනි ඡින්දිත්වා කෙසෙසු ගහෙත්වා උක්ඛිපන්ති, මංසරාසියෙව හොති. අථ නං කෙසෙහෙව පරියොනන්ධිත්වා ගණ්හන්ති, පලාලපීඨං විය කත්වා පලිවෙඨෙන්ති. සුනඛෙහිපීති කතිපයානි දිවසානි ආහාරං අදත්වා ඡාතසුනඛෙහි ඛාදාපෙන්ති. තෙ මුහුත්තෙන අට්ඨිසඞ්ඛලිකමෙව කරොන්ති. එවම්පි කිස්සතීති එවම්පි විඝාතං පාපුණාති. පරිකිස්සතීති සබ්බභාගෙන විඝාතං පාපුණාති. පරිකිලිස්සතීති උපතාපං පාපුණාති.
බලිසමංසිකං යනු බලිසමංසික දඬුවමයි. එහිදී මුවතුඩු දෙකක් ඇති බිලී කොකුවලින් ශරීරයට පහර දී සම් මස් නහර උගුලුවා දමති. කහාපණකං යනු මුළු සිරුර ම තියුණු වෑවලින් (දැලිපිහිය වැනි කුඩා පිහිවලින්) කෙළවරෙහි පටන් කහවණුවක ප්‍රමාණයට ලියා දමමින් කොටති. ඛාරාපතච්ඡිකං යනු ශරීරයේ ඒ ඒ තැනට ආයුධවලින් පහර දී කොපුවලින් ක්ෂාර හෙවත් ලුණු ගති. එවිට සම්මස් නහර වැගිරී දිගට ගලා යයි. ශරීරය ඇටසැකිල්ලක් මෙන් තිබෙයි. පලිඝ පරිවත්තිකං එක් පසකින් වැදහොවා, කන් සිදුරෙහි යකඩ හුලක් ඇණ පොළවට ඒකාබද්ධ කරති. ඉක්බිති වධයට ලක් වූ පුරුෂයාගේ පයින් අල්ලාගෙන අදිති. පලාලපීඨකං යනු දක්ෂ වධකයෝ සිවි මස ඇද, ඇඹරුම් ගල්වලින් ඇට බිඳ, කෙස්වලින් ගෙන ඔසවති. වධයට පත් පුරුෂයා මස් ගොඩක්ම වෙයි. ඉක්බිති ඔහුව කෙස්වලින්ම වෙළා අල්ලා ගනිති. පිදුරු මිටියක් මෙන් කර යළි වෙළති. සුනඛෙ හිපි, දින කිහිපයක් කෑම නොදී බඩගින්නෙන් පෙළෙන බල්ලන් ලවා කවති. ඔවුහු මොහොතකින් ම වධයට පත් පුරුෂයාව ඇටසැකිල්ලක් කරති. එවම්පි කිස්සති මෙවැනි වධයන්ට පැමිණෙයි. පරිකිස්සති සියලු ආකාරයෙන් ම විනාශයට පැමිණෙයි. පරිකිලිස්සති තැවීමට, වෙහෙසට පැමිණෙයි.
පුන අඤ්ඤං කාරණං දස්සෙන්තො “අථ වා කාමතණ්හාය අභිභූතො”තිආදිමාහ. තත්ථ කාමතණ්හායාති පඤ්චකාමගුණිකලොභෙන. අභිභූතොති තෙන මද්දිතො. පරියාදින්නචිත්තොති කුසලාචාරං ඛෙපෙත්වා ගහිතචිත්තො. භොගෙ පරියෙසන්තොති ධනං ගවෙසමානො. නාවාය මහාසමුද්දං පක්ඛන්දතීති තරණීසඞ්ඛාතාය නාවාය මහන්තං ලොණසාගරං පවිසති. සීතස්ස පුරක්ඛතොති සීතං පුරතො කත්වා. උණ්හස්ස පුරක්ඛතොති උණ්හං පුරතො කත්වා. ඩංසාති පිඞ්ගලමක්ඛිකා. මකසාති මකසා එව. පීළියමානොති ඩංසාදිසම්ඵස්සෙහි විහෙසියමානො. ඛුප්පිපාසාය මිය්යමානොති ඛුද්දාපිපාසාය මරමානො. තිගුම්බං ගච්ඡතීතිආදීනි මූලපදං ගච්ඡතීතිපරියොසානානි චතුවීසති පදානි රට්ඨනාමෙන වුත්තානි. මරුකන්තාරං ගච්ඡතීති වාලුකකන්තාරං තාරකසඤ්ඤාය ගච්ඡති . ජණ්ණුපථන්ති ජාණූහි ගන්තබ්බමග්ගං. අජපථන්ති අජෙහි ගන්තබ්බමග්ගං. මෙණ්ඩපථෙපි එසෙව නයො.
නැවත අනික් කාරණයක් දක්වමින් අථ වා කාමතණ්හාය අභිභූතො යනාදිය කියන ලදී. එහි කාමතණ්හාය යනු පස්කම් සුවයෙහි ලොල් බවින්, අභිභූතො මඬනා ලද පරියාදින්න චිත්තො කුසල සිත් ක්ෂය කර, ඉවතලා ගන්නා ලද සිත භොගෙ පරියෙසන්තො ධනය සොයමින් නාවාය මහා සමුද්දං පක්ඛන්දති තරණී නම් වූ බැවින් මහත් ලුණු සයුරට පිවිසේ. සීතස්ස පුරක්ඛතො ශීතල පෙරටු කරගෙන උණ්හස්ස පුරක්ඛතො උණුසුම පෙරටු කරගෙන ඩංසා ඇටමැස්සෝ, ලබන්නේ. ඛුප්පිපාසාහි මීයමානො සාපිපාසා දෙකින් මැරෙනු ලබන්නේ. ගුම්බ ගච්ඡති යන්නේ සිට මූලපදං ගච්ඡති දක්වා වූ විසිහතරක් වූ පදයන් ඒ ඒ රටවල නම් වශයෙන් කියන ලදී. මරුකන්තාරං ගච්ඡති වැලි කතරට තරු සංඥාවෙන් යයි. ජණ්ණුපථං යනු දණවලින් යා යුතු පාරයි. අජපථං යනු එළුවන් විසින් යායුතු මගයි. මෙණ්ඩපථං යනාදියෙහි ද මේ ක්‍රමයමැයි.
සඞ්කුපථන්ති ඛාණුකෙ කොට්ටෙත්වා තෙහි උග්ගමිතබ්බං ඛාණුමග්ගං, තං ගච්ඡන්තො පබ්බතපාදෙ ඨත්වා අයසිඞ්ඝාටකං යොත්තෙන බන්ධිත්වා උද්ධං ඛිපිත්වා පබ්බතෙ ලග්ගාපෙත්වා යොත්තෙනාරුය්හ වජිරග්ගෙන ලොහදණ්ඩෙන පබ්බතං විජ්ඣිත්වා ඛාණුකං කොට්ටෙත්වා තත්ථ ඨත්වා සිඞ්ඝාටකං ආකඩ්ඪිත්වා පුන උපරි ලග්ගාපෙත්වා තත්ථ ඨිතො චම්මයොත්තං ඔලම්බෙත්වා තං ආදාය ඔතරිත්වා හෙට්ඨිමඛාණුකෙ බන්ධිත්වා වාමහත්ථෙන යොත්තං ගහෙත්වා දක්ඛිණහත්ථෙන මුග්ගරං ආදාය යොත්තං පහරිත්වා ඛාණුකං නීහරිත්වා පුන අභිරුහති. එතෙනුපායෙන පබ්බතමත්ථකං අභිරුය්හ පරතො ඔතරන්තො පුරිමනයෙනෙව පඨමං පබ්බතමත්ථකෙ ඛාණුකං කොට්ටෙත්වා චම්මපසිබ්බකෙ යොත්තං බන්ධිත්වා ඛාණුකෙ වෙඨෙත්වා සයං අන්තොපසිබ්බකෙ නිසීදිත්වා මක්කටකානං සුත්තවිස්සජ්ජනාකාරෙන යොත්තං විනිවෙඨෙත්වා ඔතරති. තෙන වුත්තං – “ඛාණුකෙ කොට්ටෙත්වා තෙහි උග්ගමිතබ්බං ඛාණුමග්ග”න්ති. ඡත්තපථන්ති චම්මඡත්තෙන වාතං ගාහාපෙත්වා සකුණෙහි විය ඔතරිතබ්බං මග්ගං. වංසපථන්ති වෙණුගුම්බඡෙදනසත්ථෙන ඡින්දිත්වා රුක්ඛං ඵරසුනා කොට්ටෙත්වා මග්ගං කරොන්තො වෙළුවනෙ නිස්සෙණිං කත්වා වෙළුගුම්බෙ ආරුය්හ වෙළුං ඡින්දිත්වා අපරස්ස වෙළුගුම්බස්ස උපරි පාතෙත්වා වෙළුගුම්බමත්ථකෙනෙව ගන්තබ්බං මග්ගං සන්ධාය “වංසපථං ගච්ඡතී”ති වුත්තන්ති වෙදිතබ්බං.
සංකුපථං යනු කණුවක ලණුවක් බැඳ යායුතු දුෂ්කර මාර්ගය, එහි යන්නෝ පර්වත පාදයේ සිට යකඩ කුරුසියක් වැනි දෙයක් යොතින් බැඳ උඩට විසිකර එය පර්වතයේ රඳවා, යොතින් ඊට නැග, දියමන්තියෙන් කළ අග ඇති ලෝහ දණ්ඩකින් පර්වතය විද කණුවක් සාදා ඒ ඒ තැනින් යකඩ කුරුසිය ඇද නැවත උඩට දමා රඳවා, එහි සිට සම් යොතක් එල්ලන එය රැගෙන බැස යටම කණුවේ බැඳ, වම් අතින් යොත තදින් ගෙන, දකුණු අතින් මුගුරක් ගෙන යොතට ගසා කුඩා කණුව (උල) ගලවා නැවත උඩට නගියි. උපක්‍රමයෙන් පර්වතය මුදුනට ම නැග ඉන් බසින විට ද මුලදී මෙන් පළමුව පර්වතය මත කුඩා කණුවක් සිටුවා හම් පසුම්බියක හම් යොත බැඳ කණුවෙහි ඒ යොත වෙළා බැඳ, තමා ඒ පසුම්බියේ හිඳ මකුළුවන්ගේ නූල් විසිකිරීමෙහි දී මෙන් යොත විහිදුවමින් පර්වතයෙන් බසියි. එනිසා ‘කණු සිටුවා ඒ මගින් යා යුතු මාර්ගයැ’යි කියන ලදී. ඡත්තපථං යනු සම් කුඩයකින් වායුව ගෙන කුරුල්ලකු මෙන් බැසිය යුතු මාර්ගය. වංසපථං උණපඳුරක් සිඳින සැතින් සිඳ, එහි උණගස් පොරවෙන් කපා පාරක් සාදමින්, හුණුගසින් හිනිමගක් බැඳ, උණපඳුරට නැගී උණගස් සිඳ, වෙනත් උණ පහුරක් මතට හෙළා මේ ක්‍රමයෙන් හුනු පඳුරු මතින්ම යායුතු මාර්ගය සඳහා ‘වංස පථය’ යැයි කියන ලදැයි දතයුතුයි.
ගවෙසන්තො න වින්දති, අලාභමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙතීති අවින්දනමූලකම්පි කායිකචෙතසිකං දුක්ඛං පටිලභති.
ගවෙසන්තො න වින්දති අලාභමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති නොලැබීම මූලික කරගත් කායික චෛතසික දුක විඳියි.
ලද්ධාති ලභිත්වා. ආරක්ඛමූලකන්ති රක්ඛණමූලකම්පි. කින්ති මෙ භොගෙති කෙන උපායෙන මම භොගෙ. නෙව රාජානො හරෙය්යුං…පෙ… න අප්පියා දායාදා හරෙය්යුන්ති. ගොපයතොති මඤ්ජූසාදීහි ගොපයන්තස්ස. විප්පලුජ්ජන්තීති විනස්සන්ති.
ලද්ධා ලැබ. ආරක්ඛමූලයං රැකීම මූලික කරගත් කින්ති මෙ භොගෙ කවර උපායකින් මගේ භෝග සම්පත් රජු පැහැර නොගනියි ද -පෙ- අප්‍රිය උරුමක්කාරයෝ නොගෙන යත්ද ගොපයතො මංජුසාදියෙහි තබා රකින්නාට විප්පලුජ්ජන්ති නැසෙති.
එතමාදීනවං ඤත්වා, මුනි පුබ්බාපරෙ ඉධාති එතං “යසො කිත්ති ච යා පුබ්බෙ, හායතෙ වාපි තස්ස සා”ති ඉතො පභුති වුත්තෙ පුබ්බාපරෙ ඉධ ඉමස්මිං සාසනෙ පුබ්බතො අපරෙ සමණභාවතො විබ්භන්තකභාවෙ ආදීනවං මුනි ඤත්වා.
එතමාදීනවඤ්ඤත්වා මුනි පුබ්බාපරෙ ඉධ මේ සසුනෙහි පැවිදි තෙම, පෙර මහණකමේ යශස් කීර්ති සම්පත්ති ගිහි වූ විට නැසෙන බව දැන. තස්සයො මෙතැන් පටන් කියන ලද පූර්ව හා අපර ඉධ මේ සසුනෙහි මුනිතෙම පූර්ව පැවිදි බවේ ආනිසංස හා පසු ගිහිවීමේ ආදීනව දැන,
දළ්හං කරෙය්යාති නිද්දෙසපදස්ස උද්දෙසපදං. ථිරං කරෙය්යාති අසිථිලං කරෙය්ය. දළ්හං සමාදානො අස්සාති ථිරපටිඤ්ඤො භවෙය්ය. අවට්ඨිතසමාදානොති සන්නිට්ඨානපටිඤ්ඤො.
දළ්හංකරෙය්ය නිර්දේශ පදයේ උදෙසීමයි. දැඩි කරන්නේය. ථීරං කරෙය්ය ලිහිල් නො කරන්නේ ය. දළ්හ සමාදානො අස්ස දැඩි ප්‍රතිඥා, පිහිටීම් ඇත්තේ වන්නේය. අවට්ඨිත සමාදානො සනිටුහන් කළ සමාදාන ඇත්තේය.
එතං අරියානමුත්තමන්ති යදිදං විවෙකචරියා, එතං බුද්ධාදීනං අරියානං උත්තමං. තස්මා විවෙකංයෙව සික්ඛෙථාති අධිප්පායො. න තෙන සෙට්ඨො මඤ්ඤෙථාති තෙන ච විවෙකෙන අත්තානං “සෙට්ඨො අහ”න්ති න මඤ්ඤෙය්ය, තෙන මානථද්ධො න භවෙය්‍යාති වුත්තං හොති.
එතමරියානමුත්තමං බුද්ධාදී ආර්යයන්ගේ මේ උතුම් වූ විවේක වාසයෙහිම හික්මෙන්නේ යන අර්ථයයි. න තෙන සෙට්ඨො මඤ්ඤෙථ ඒ විවේකය හේතුකරගෙන තමා ‘මම ශ්‍රේෂ්ඨ වෙමි’යි නොසිතන්නේය. එයින් මානයෙන් තද වූවෙක් නොවන්නේ ය යන අර්ථයයි.
උන්නතින්ති උස්සාපනං. උන්නමන්ති උග්ගන්ත්වා පට්ඨපනං. මානන්ති අහංකාරං. ථාමන්ති බලක්කාරං. ථම්භන්ති ථද්ධකරණං. ථද්ධොති අමද්දවො. පත්ථද්ධොති විසෙසෙන අමද්දවො. පග්ගහිතසිරොති උට්ඨිතසීසො. සාමන්තාති න ආරකා. ආසන්නෙති න දූරෙ. අවිදූරෙති සමීපෙ. උපකට්ඨෙති සන්තිකෙ.
උන්නතී උසස් කර දැක්වීම, උන්නාමං උඩට නැංවීම මානං අහංකාරය, ථාමං බලහත්කාරය, ථම්භං දැඩි කිරීම, ථද්ධො තද කිරීම පත්ථද්ධො විශේෂයෙන් දැඩි කිරීම. පග්ගහිතසිරො ඔසවාගත් හිස ඇති සමන්තා ඈත නොවූ ආසන්නෙ ඉතා දුර නොවූ අවිදූරෙ සමීපයේ උපකට්ඨෙ අසළ.
රිත්තස්සාති විවිත්තස්ස, කායදුච්චරිතාදීහි විරහිතස්ස. ඔඝතිණ්ණස්ස පිහයන්ති, කාමෙසු ගධිතා පජාති වත්ථුකාමෙසු ලග්ගා සත්තා තස්ස චතුරොඝතිණ්ණස්ස පිහයන්ති ඉණායිකා විය ආණණ්යස්සාති අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි.
රිත්තස්ස (කෙලෙසුන්ගෙන්) හිස් වූ, කාය දුශ්චරිතාදියෙන් වැළකුණු ඔඝතිණ්ණස්ස පිහයන්ති කාමෙසු ගථිතා පජා වතුකාමයන්හි ඇලුණු සත්ත්වයෝ, ඒ කාමයන්හි අපේක්ෂා රහිත සිවු ඕඝය තරණය කළ රහතන් වහන්සේ ප්‍රිය කරති. ණයගැතියෝ ණය නැති බව පතන්නාක් මෙනි. මෙසේ අර්හත්වයෙන් සූත්‍ර දේශනාව නිමාකළ සේක.
රිත්තස්සාති සබ්බකිලෙසෙහි තුච්ඡස්ස. විවිත්තස්සාති සුඤ්ඤස්ස. පවිවිත්තස්සාති එකකස්ස. ඉදානි යෙහි රිත්තො හොති, තෙ දස්සෙන්තො “කායදුච්චරිතෙන රිත්තස්සා”තිආදිමාහ. තත්ථ කිලෙසපටිපාටියා මග්ගපටිපාටියාති ද්විධා රිත්තතා වෙදිතබ්බා. කිලෙසපටිපාටියා තාව රාගො මොහො ථම්භො සාරම්භො මානො මදොති, ඉමෙහි ඡහි කිලෙසෙහි අරහත්තමග්ගෙන රිත්තො හොති; දොසො කොධො උපනාහො පමාදොති, ඉමෙහි චතූහි කිලෙසෙහි අනාගාමිමග්ගෙන රිත්තො හොති; අතිමානො මක්ඛො පළාසො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යන්ති, ඉමෙහි සත්තහි සොතාපත්තිමග්ගෙන රිත්තො හොති.
රිත්තස්ස සියලු කෙලෙසුන්ගෙන් සිස් වූවහුට විවිත්තස්ස ශුන්‍ය වූවහුට පවිවිත්තස්ස හුදෙකලා වූවහුට, දැන් සිස් වූයේ, ශූන්‍ය වූයේ කුමකින්දැයි දක්වනු සඳහා කාය දුච්චරිතෙන රිත්තස්ස යනාදිය කියන ලදී. එහි සිස්වීම කෙලෙස් පටිපාටියෙන් හා මාර්ග පටිපාටියෙන් යන දෙපරිද්දෙන් දතයුතුයි. කෙලෙස් පටිපාටියෙන් වනාහි පළමුකොට රාගය, මෝහය, ථම්භය, සාරම්භය, මානය, මදය යන මේ කෙලෙස් ධර්ම සය අර්හත් මාර්ගයෙන් සිස් කරනු ලැබේ. ද්වේෂය, ක්‍රෝධය, උපනාහය, ප්‍රමාදය යන සිවු කෙලෙස් ධර්ම අනාගාමී මාර්ගයෙන් සිස් කරනු ලැබේ. අතිමානය, මක්ඛය, පලාසය, ඊර්ෂ්‍යාව, මච්ඡරිය, මායාව, කපටිකම යන කෙලෙස් ධර්ම සත සෝවාන් මාර්ගයෙන් සිස් කරනු ලැබේ.
මග්ගපටිපාටියා පන සොතාපත්තිමග්ගෙන අතිමානො මක්ඛො පළාසො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යන්ති; ඉමෙහි සත්තහි රිත්තො හොති, අනාගාමිමග්ගෙන දොසො කොධො උපනාහො පමාදොති, ඉමෙහි චතූහි රිත්තො හොති; අරහත්තමග්ගෙන රාගො මොහො ථම්භො සාරම්භො මානො මදොති, ඉමෙහි ඡහි රිත්තො හොති. තීණි දුච්චරිතානි සබ්බකිලෙසෙහීතිආදිනා නයෙන අවසෙසාපි යථායොගං යොජෙතබ්බා.
මාර්ග පටිපාටියෙන් වනාහී සෝවාන් මාර්ගයෙන් අතිමානය, මක්ඛය, පලාසය, ඊර්ෂ්‍යාව, මසුරුකම, මායාව හා කපටිකම යන කෙලෙස් ධර්ම හත ශුන්‍ය වේ. අනාගාමී මාර්ගයෙන් ද්වේෂය, ක්‍රෝධය, උපනාහය, ප්‍රමාදය යන සිවු කෙලෙස් ධර්මයන් ද අර්හත් මාර්ගයෙන් රාගය, මෝහය, ථම්භය, සාරම්භය, මානය හා මදය යන කෙලෙස් ධර්ම හය ද ශුන්‍ය වේ. තීණි දුච්චරිතානි සබ්බකිලෙසෙහි ආදී ක්‍රමයෙන් අවශේෂ වූ ද දුශ්චරිත සුදුසු පරිදි යෙදිය යුතුයි.
වත්ථුකාමෙ පරිජානිත්වාති තෙභූමකෙ වත්ථුකාමෙ ඤාතතීරණපරිඤ්ඤාහි සමාපනවසෙන ජානිත්වා. කිලෙසකාමෙ පහායාති ඡන්දාදයො කිලෙසකාමෙ පහානපරිඤ්ඤාය ජහිත්වා. බ්යන්තිං කරිත්වාති විගතන්තං විගතකොටිං කරිත්වා.
වත්ථුකාමෙ පරිජානිත්වා ත්‍රෛභූමික වූ වස්තුකාමයෙහි ඤාණ, තීරණ පරිඤ්ඤාවන්ගෙන් යුක්ත වීම් වශයෙන් මනාව දැන. කිලෙසකාමෙ පහාය ඡන්දාදී කෙලෙස් කාමයන් ප්‍රහාණ පරිඥාවෙන් අත්හැර. බ්යන්තීකරිත්වා දුරුවූවක්, දුරු වූ කෙළවර ඇත්තක් කර,
කාමොඝං තිණ්ණස්සාති අනාගාමිමග්ගෙන අවසානසඞ්ඛාතං කාමොඝං තරිත්වා ඨිතස්ස. භවොඝන්ති අරහත්තමග්ගෙන. දිට්ඨොඝන්ති සොතාපත්තිමග්ගෙන. අවිජ්ජොඝන්ති අරහත්තමග්ගෙන. සබ්බං සංසාරපථන්ති සබ්බඛන්ධධාතුආයතනපටිපාටිසඞ්ඛාතං පථං අරහත්තමග්ගෙනෙව තරිත්වා ඨිතස්ස. සොතාපත්තිමග්ගෙන උත්තිණ්ණස්ස. සකදාගාමිමග්ගෙන නිත්තිණ්ණස්ස. අනාගාමිමග්ගෙන කාමධාතුං අතික්කන්තස්ස. අරහත්තමග්ගෙන සබ්බභවං සමතික්කන්තස්ස. ඵලසමාපත්තිවසෙන වීතිවත්තස්ස. පාරංගතස්සාතිආදීනි නිබ්බානවසෙන වුත්තානි. යථා ඉණායිකා ආණණ්යන්ති පවඩ්ඪකඉණං ආදාය විචරන්තා ආණණ්යං. පත්ථෙන්තීති පත්ථනං උප්පාදෙන්ති. ආබාධිකා ආරොග්යන්ති පිත්තාදිරොගාතුරො භෙසජ්ජකිරියාය තංරොගවූපසමනත්ථං ආරොග්යං. යථා බන්ධනබද්ධාති නක්ඛත්තදිවසෙ බන්ධනාගාරෙ බද්ධපුරිසා. යථා දාසා භුජිස්සන්ති යස්මා භුජිස්සා පුරිසා යං ඉච්ඡන්ති, තං කරොන්ති, න නං කොචි බලක්කාරෙන තතො නිවත්තෙති, තස්මා දාසා භුජිස්සභාවං පත්ථෙන්ති. යථා කන්තාරද්ධානපක්ඛන්දාති යස්මා බලවන්තො පුරිසා හත්ථභාරං ගහෙත්වා සජ්ජාවුධා සපරිවාරා කන්තාරං පටිපජ්ජන්ති, තෙ චොරා දූරතොව දිස්වා පලායන්ති. තෙ සොත්ථිනා කන්තාරං නිත්ථරිත්වා ඛෙමන්තං පත්වා හට්ඨතුට්ඨා හොන්ති. තස්මා කන්තාරපක්ඛන්දා ඛෙමන්තභූමිං පත්ථෙන්ති. දෙසනාපරියොසානෙ තිස්සො සොතාපත්තිඵලං පත්වා පච්ඡා පබ්බජිත්වා අරහත්තං සච්ඡාකාසි.
කාමොඝතිණ්ණස්ස අනාගාමී මාර්ගයෙන් ආවර්තනය වන (පෙරැළෙන) කාමෝඝය තරණය කර සිටියහුට, භවොඝං අර්හත් මාර්ගයෙන්, දිට්ඨොසං සෝවාන් මාර්ගයෙන්, අවිජ්ජොඝං අර්හත් මාර්ගයෙන්, සබ්බසංඛාර පථං සියලු ස්කන්ධ, ධාතු, ආයතන, පිළිවෙල සංඛ්‍යාත සංසාර පථය අර්හත් මාර්ගයෙන්ම තරණය කර සිටියහුට, සෝවාන් මාර්ගයෙන් එතෙර වූවහුට, සකෘදාගාමී මාර්ගයෙන් නිස්සරණය කළහුට අනාගාමී මාර්ගයෙන් කාමධාතුව ඉක්මවූවහුට, අර්හත් මාර්ගයෙන් සියලු භව උපත ඉක්මවූවහුට, ඵලසමවත් වශයෙන් ව්‍යතික්‍රමණය කළහුට පාර ගතස්ස යනාදිය නිර්වාණය ලැබීම් වශයෙන් කියන ලදී. යථා ඉණායිකා ආනණ්යා වැඩෙන ලද ණය නොදී හැසිරෙන්නාහු නයින් මිදීම පත්ථෙන්ති ප්‍රාර්ථනා කරති. ආබාධිකා ආරොග්යං පිත කිපීම ආදී රෝගයන්ගෙන් ආතුර වූවෝ බෙහෙත් කිරීමෙන්, ඒ රෝග දුරුකර නීරෝගී වන්නාක් මෙන්. යථා බන්ධනබද්ධා නැකැත් දිනයෙහි බන්ධනාගාරයේ බැඳුණු පුරුෂයෝ යථා දාසා භුජිස්ස දාසබවින් මිදුණු පුරුෂයෝ තමා කැමති පරිදි හැසිරෙති. කිසිවෙකු එම ක්‍රියා බලාත්කාරයෙන් නොනවත්වන හෙයින් දාසයෝ දාසභාවයෙන් මිදීම පතති. යථා කන්තාරද්ධාන පක්ඛන්තා බලවත් පුරුෂයෝ මාර්ගෝපකරණ රැගෙන ආයුධ සන්නද්ධව සපිරිවරින් කාන්තාර මගට පැමිණෙති. සොරු ඔවුන් ඉතා දුරදීම දැක පලා යති. ඒ වීර්යවන්තයෝ සුවසේ කාන්තාර මාර්ගය ඉක්මවා ක්ෂේම ස්ථානයට පැමිණ සතුටු වෙති. එනිසා කාන්තාර මගට පැමිණියෝ ක්ෂේම භූමියට පැමිණීම අපේක්ෂා කරති. මේ සූත්‍ර දේශනාව අවසානයේ දී තිස්ස සෝවාන් ඵලයෙහි පිහිටා පැවිදි වී රහත් බව සාක්ෂාත් කරගත්තේය.
සද්ධම්මපජ්ජොතිකාය මහානිද්දෙසට්ඨකථාය
සද්ධම්මපජ්ජොතිකා නම් මහා නිද්දේසට්ඨකථාවේ
තිස්සමෙත්තෙය්යසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
සත්වන තිස්ස මෙත්තෙය්‍ය සූත්‍ර වර්ණනාව නිමියේ ය.