8. පසූරසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
8. පසූරසුත්තනිද්දෙසවණ්ණනා
8. පසූරසූත්රනිර්දේශ වර්ණනාව
අට්ඨමෙ පසූරසුත්තනිද්දෙසෙ පඨමගාථාය තාව සඞ්ඛෙපො – ඉමෙ දිට්ඨිගතිකා අත්තනො දිට්ඨිං සන්ධාය “ඉධෙව සුද්ධී”ති වදන්ති. අඤ්ඤෙසු පන ධම්මෙසු විසුද්ධිං නාහු, එවං යං අත්තනො සත්ථාරාදිං නිස්සිතා, තත්ථෙව “එස වාදො සුභො”ති එවං සුභවාදා හුත්වා පුථූ සමණබ්රාහ්මණා “සස්සතො ලොකො”තිආදීසු පච්චෙකසච්චෙසු නිවිට්ඨා.
අටවන පසූර සූත්‍ර නිර්දේශයේ පළමු ගාථාවේ සංක්ෂිප්ත අර්ථය මේ දෘෂ්ටිගතිකයෝ තමා පිළිගත් දෘෂ්ටිය නිසා ‘මෙහිම ශුද්ධිය වේ’ යැයි කියති. ‘අන්‍ය ධර්මයන්හි විශුද්ධියක් නැතැ’යි කියති. යමෙක් මෙසේ තම ශාස්තෲන් ඇසුරු කරමින්, ඒ සසුනෙහිම මේ ‘සුභවාදියෙකි’යි, තම දෘෂ්ටියෙහි සුභවාදී වෙති. මෙසේ ලෝකයේ බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ‘ලෝකය ශාස්වතය’ ආදී එක් එක් සත්‍යයන්හි වෙන වෙනම බැසගත්හ.
සබ්බෙ පරවාදෙ ඛිපන්තීති සබ්බා පරලද්ධියො ඡඩ්ඩෙන්ති. උක්ඛිපන්තීති දූරතො ඛිපන්ති. පරික්ඛිපන්තීති සමන්තතො ඛිපන්ති. සුභවාදාති නිද්දෙසස්ස උද්දෙසපදං. සොභනවාදාති “එතං සුන්දර”න්ති කථෙන්තා. පණ්ඩිතවාදාති “පණ්ඩිතා මය”න්ති එවං කථෙන්තා. ථිරවාදාති “නිද්දොසවාදං වදාමා”ති කථෙන්තා. ඤායවාදාති “යුත්තවාදං වදාමා”ති කථෙන්තා. හෙතුවාදාති “කාරණසහිතං වදාමා”ති කථෙන්තා. ලක්ඛණවාදාති “සල්ලක්ඛෙතබ්බං වදාමා”ති වදන්තා. කාරණවාදාති “උදාහරණයුත්තවාදං වදාමා”ති කථෙන්තා. ඨානවාදාති “පක්කමිතුං අසක්කුණෙය්යවාදං වදාමා”ති වදන්තා.
සබ්බෙ පරවාදෙ ඛිපන්ති සියලු අන්‍ය ලබ්ධි අත්හරිති. උක්ඛිපන්ති දුරින්ම දුරු කරති. පරික්ඛිපන්ති හාත්පසින්ම බැහැර කරති. සුභවාදා යනු නිද්දේසයේ උදෙසන පදයයි. සොභනවාදා යනු මෙසේ සුන්දර යැයි කියමින්. පණ්ඩිතවාදා ‘අපි පඩිවරු වෙමු’ මෙසේ කියමින් ථීරවාදා, ‘නිදොස් වාදයක් දරමු’යි කියමින්. ඤායවාදා ‘යුතු වූ න්‍යාය වාදයක් දරමු’යි කියමින්. හේතුවාදා කරුණු සහිත වූවක් කියමු යි පවසමින් ලක්ඛණවාදා ‘සැලකිය යුත්තක් කියමු’යි පවසමින්. කාරණවාදා උදාහරණයෙන් යුතු වාදයක් කියමු’යි පවසමින්. ඨානවාදා ඉවත්ව යෑමට අසමත් වාදයක් කියමු’යි පවසමින්.
නිවිට්ඨාති අන්තොපවිට්ඨා. පතිට්ඨිතාති තත්ථෙව ඨිතා.
නිවිට්ඨා ඇතුලට පිවිස. පතිට්ඨිතා එහිම සිට මෙසේ නැවතී.
එවං නිවිට්ඨා ච “තෙ වාදකාමා”ති දුතියගාථා. තත්ථ බාලං දහන්තී මිථු අඤ්ඤමඤ්ඤන්ති “අයං බාලො, අයං බාලො”ති එවං ද්වෙපි ජනා අඤ්ඤමඤ්ඤං බාලං දහන්ති, බාලතො පස්සන්ති. වදන්ති තෙ අඤ්ඤසිතා කථොජ්ජන්ති තෙ අඤ්ඤමඤ්ඤසත්ථාරාදිනිස්සිතා කලහං වදන්ති. පසංසකාමා කුසලාවදානාති පසංසත්ථිකා උභොපි “මයං කුසලාවදානා පණ්ඩිතවාදා”ති එවං සඤ්ඤිනො හුත්වා.
තෙ වාද කාමා යනු දෙවන ගාථාවයි. එහි බාලං දහන්ති මිථු අඤ්ඤමඤ්ඤං ‘මොහු බාලයෙකි’, ‘මොහු බාලයෙකි’යි මෙසේ වාදාභිමුඛ දෙදෙනාම ඔවුනොවුන් මෝඩයන් සේ දකිති. කියති. තෙ අඤ්ඤසිතා කථොජ්ජං ඔවුහු ඔවුනොවුන් ඇසුරු කළ ශාස්තෲවරුන්ගේ වචන ගෙන කලහ කරති. පසංසකාමා කුසලාවදානා පැසසීම කැමතිවන ඒ දෙදෙනාම ‘අපි වාදයට දක්ෂයෙමු’යි ‘අපි පඬිවරු වෙමු’යි යන සිතුවිල්ලෙන් යුතුව.
වාදත්ථිකාති වාදෙන අත්ථිකා. වාදාධිප්පායාති වාදජ්ඣාසයා. වාදපුරෙක්ඛාරාති වාදමෙව පුරතො කත්වා චරමානා . වාදපරියෙසනං චරන්තාති වාදමෙව ගවෙසනං චරමානා. විගය්හාති පවිසිත්වා. ඔගය්හාති ඔතරිත්වා. අජ්ඣොගාහෙත්වාති නිමුජ්ජිත්වා. පවිසිත්වාති අන්තොකත්වා.
වාදත්ථිකා වාදයෙන් ප්‍රයෝජන ඇතිව. වාදාධිප්පායා වාද අදහස් ඇතිව, වාද පූරෙක්ඛාරා වාදය ම පෙරටු කරගෙන හැසිරෙමින් වාද පරියෙසනං චරන්තා වාදයම සොයමින් හැසිරෙනුයේ. විගය්හ පිවිසි ඔගය්හ බැස අජ්ඣො ගහෙත්වා කිමිදී පවිසිත්වා ඇතුලට පිවිස.
අනොජවන්තීති නිහීනඔජවතී, තෙජවිරහිතාති අත්ථො. සා කථාති එසා වාචා. කථොජ්ජං වදන්තීති නිත්තෙජං භණන්ති. එවං වදානෙසු ච තෙසු එකො නියමතො එව.
අනොජවං ඕජ නැති, තේජස් නැති යන අර්ථයයි. සා කථා ඒ වචනය. කථොජ්ජං වදන්ති තේජස් නැතිව කියති. මෙසේ වාදයෙහි, ප්රතිවාදයෙහි එකම නියමයක් වේ.
යුත්තො කථායන්ති ගාථා. තත්ථ යුත්තො කථායන්ති වාදකථාය උස්සුක්කො. පසංසමිච්ඡං විනිඝාති හොතීති අත්තනො පසංසං ඉච්ඡන්තො “කථං නු ඛො නිග්ගහෙස්සාමී”තිආදිනා නයෙන පුබ්බෙව වාදා කථංකථී විනිඝාතී හොති. අපාහතස්මින්ති පඤ්හවීමංසකෙහි “අත්ථාපගතං තෙ භණිතං, බ්යඤ්ජනාපගතං තෙ භණිත”න්තිආදිනා නයෙන අපහරිතෙ වාදෙ. නින්දාය සො කුප්පතීති එවං අපාහතස්මිඤ්ච වාදෙ උප්පන්නාය නින්දාය සො කුප්පති. රන්ධමෙසීති යස්ස රන්ධමෙව ගවෙසන්තො.
යුත්තො කථායං යන ගාථාවෙහි යුත්තො කථායං යනු වාද කථාවේ උත්සාහවත් වූ. පසංසමිච්ඡං විනිඝාති හොති තමාට ප්‍රශංසාව කැමතිව, ‘කෙසේ නම් නිග්‍රහ කරන්නෙම්ද?’යි ආදී ක්‍රමයෙන් වාදයට මුලදීම සැක සංකා ඇතිව ගැටෙයි. අපාහතස්මිං ප්‍රශ්න විමසන්නන් විසින් අර්ථයට පරිබාහිරව කියන ලද්දේය. බ්යඤ්ජනයට පරිබාහිරව කියන ලද්දේය ආදී ක්‍රමයෙන් බැහැර කරන ලද වාදයෙහි. නින්දාය සො කුප්පතී මෙසේ තම වාදය බැහැරලූ විට උපන් නින්දාවෙන් ඔහු කිපෙයි. රන්‍ධමෙසි යමකුගේ සිදුරුම සොයමින්.
ථොමනන්ති වණ්ණභණනං. කිත්තින්ති පාකටකරණං. වණ්ණහාරියන්ති ගුණවඩ්ඪනං. පුබ්බෙව සල්ලාපාති සල්ලාපතො පුරෙතරමෙව. “කථමිදං කථමිද”න්ති කථංකථා අස්ස අත්ථීති කථංකථී. ජයො නු ඛො මෙති මම ජයො. කථං නිග්ගහන්ති කෙන පකාරෙන නිග්ගණ්හනං. පටිකම්මං කරිස්සාමීති මම ලද්ධිං පරිසුද්ධිං කරිස්සාමි. විසෙසන්ති අතිරෙකං. පටිවිසෙසන්ති පුනප්පුනං විසෙසං. ආවෙඨියං කරිස්සාමීති පරිවෙඨනං කරිස්සාමි. නිබ්බෙඨියන්ති මම නිබ්බෙඨනං මොචනං නික්ඛමනං. ඡෙදන්ති වාදඡින්දනං. මණ්ඩලන්ති වාදසඞ්ඝාතං. පාරිසජ්ජාති පරිචාරිකා. පාසාරිකාති කාරණිතා. අපහරන්තීති පටිබාහන්ති.
ථොමනං කීර්තිය, ප්‍රශංසාව. කිත්තිං හොඳ නම ප්‍රකට කිරීම. වණ්ණහාරියං ගුණ වැඩීම. පුබ්බෙව සල්ලාපා වාදයට මුලදීම, පෙරාතුවම. ‘මෙය කෙසේද?’ ‘මෙය කෙසේදැ’යි සැක සංකා මොහුට ඇත්තේනුයි කථංකථි වේ. ජයො නුඛො මෙ, මට ජය වේද? කථං නිග්ගහං කවරාකාරයකින් නිග්‍රහ කරන්නේද? පටිකම්මං කරිස්සාමි මගේ පිළිගැනීම, ලබ්ධිය පිරිසිදු කරගන්නෙමි. විසෙසං විශේෂයෙන් පටිවිසෙසං නැවත නැවත විශේෂයෙන් ආවෙඨියං කරිස්සාමී වෙළීම කරන්නෙමි. නිබ්බෙධියං කෙසේ මගේ වෙළුම් හරින්නෙම්ද? ඡෙදනං වාද සිඳීම. මණ්ඩලං වාද මණ්ඩල කිරීම පාරිසජ්ජා පිරිවර වූවෝ පාසාදනියා කාරුණික වූවෝ. අපසාදන්ති වළක්වති. බැහැර කරති.
අත්ථාපගතන්ති අත්ථතො අපගතං , අත්ථො නත්ථීති. අත්ථතො අපහරන්තීති අත්ථම්හා පටිබාහන්ති. අත්ථො තෙ දුන්නිතොති තව අත්ථො න සම්මා උපනීතො. බ්යඤ්ජනං තෙ දුරොපිතන්ති තව බ්යඤ්ජනං දුප්පතිට්ඨාපිතං. නිග්ගහො තෙ අකතොති තයා නිග්ගහො න කතො. පටිකම්මං තෙ දුක්කටන්ති තයා අත්තනො ලද්ධිපතිට්ඨාපනං දුට්ඨු කතං. විසමකථං දුක්කථිතන්ති න සම්මා කථිතං. දුබ්භණිතන්ති භණන්තෙනපි දුට්ඨු භණිතං. දුල්ලපිතන්ති න සම්මා විස්සජ්ජිතං. දුරුත්තන්ති අඤ්ඤථා භණිතං. දුබ්භාසිතන්ති විරූපං භාසිතං.
අත්ථාපගතතං අර්ථයෙන් ඉවත් වූවත් ‘අථයක් නැත’යිද ‘අර්ථයෙන් බැහැර කරති. අර්ථයෙන් වළක්වත්. අත්ථො තෙ දුන්නීතො නුඹලා අර්ථය මනාව නොඑළවන ලදී. බ්යඤ්ජනන්තෙ දූරොපිතං නුඹලා බ්‍යඤ්ජනය වරදවා තබන ලදී. නිග්ගහො තෙ අකතො නුඹ විසින් නිග්‍රහ නොකරන ලදී. පටිකම්මන්තෙ දුක්කතං නුඹ විසින් තමාගේ ලබ්ධිය පිහිටුවීම මනාව නොකරන ලදී. විසමං කථිතං සමානව නොකියන ලදී. දුබ්භණිතං කියන්නේ ද වරදවා කියන ලදී. දුල්ලපිතං මනාව විසඳීම නොකරන ලදී. දුරුත්තං අන් අයුරකින් කියන ලදී. දුබ්භාසිතං විරූපව කියන ලදී.
නින්දායාති ගරහණෙන. ගරහායාති දොසකථනෙන. අකිත්තියාති අගුණකථනෙන. අවණ්ණහාරිකායාති අගුණවඩ්ඪනෙන.
නින්දාය ගැරහීමෙන් ගරහාය දොස් කීමෙන් අතින්තියා අගුණ, නුගුණ කීමෙන් අවණ්ණහාරිකාය අගුණ වැඩීමෙන්.
කුප්පතීති පකතිභාවං ජහෙත්වා චලති. බ්යාපජ්ජතීති දොසවසෙන පූතිභාවං ආපජ්ජති. පතිට්ඨීයතීති කොධවසෙන ගණභාවං ගච්ඡති. කොපඤ්චාති කුපිතභාවං. දොසඤ්චාති දූසනං. අපච්චයඤ්චාති අතුට්ඨාකාරඤ්ච. පාතුකරොතීති පාකටං කරොති. රන්ධමෙසීති අන්තරගවෙසී. විරන්ධමෙසීති ඡිද්දගවෙසී. අපරද්ධමෙසීති ගුණං අපනෙත්වා දොසමෙව ගවෙසී. ඛලිතමෙසීති පක්ඛලනගවෙසී. ගළිතමෙසීති පතනගවෙසී. “ඝට්ටිතමෙසී”තිපි පාඨො, තස්ස පීළනගවෙසීති අත්ථො. විවරමෙසීති දොසගවෙසී.
කුප්පති ප්‍රකෘති ස්වභාවය හැරදමා හැසිරේ. ව්යාපජ්ජති දෝස වශයෙන් කුණුවීමට යයි. පතිත්ථියතී ක්‍රෝධ වශයෙන් තද බවට යයි. කොපඤ්ච කුපිත බව. දොසඤ්ව තරහව අප්පච්චයඤ්ච අසතුටු ආකාරය පාතුකරොති ප්‍රකට කරයි. රන්‍ධමෙසි අතුරු සොයයි. විරන්ධමෙසි සිදුරු සොයයි. අපරද්ධමෙසි ගුණ ඉවතලා දෝෂයම සොයයි. ඛලිතමෙසි පැකිලීම සොයයි. ගලිත මෙසී ගිලිහීම, වැටීම සොයයි. ‘ඝට්ටිතමෙසි’ යන පාඨය ද යෙදේ. ‘ඔහුගේ පෙළීම සොයයි’ යන අරුතයි. වීවරමෙසි දෝෂ විවර සොයයි.
න කෙවලඤ්ච සො කුප්පති, අපිච ඛො පන “යමස්ස වාද”න්ති ගාථා. තත්ථ පරිහීනමාහු, අපාහතන්ති අත්ථබ්යඤ්ජනාදිතො අපාහතං පරිහීනං වදන්ති. පරිදෙවතීති තතොනිමිත්තං සො “අඤ්ඤං මයා ආවජ්ජිත”න්තිආදීහි විප්පලපති. සොචතීති “තස්ස ජයො”තිආදීනි ආරබ්භ සොචති. “උපච්චගා ම”න්ති අනුත්ථුනාතීති “සො මං වාදෙන වාදං අතික්කන්තො”තිආදිනා නයෙන සුට්ඨුතරං විප්පලපති.
හුදෙක් කිපීම පමණක් නොව ශෝකාදිය කරන බව යමස්ස වාදං යන ගාථාවෙන් කියන ලදී. එහි පරිහීනමාහු අපාහතං අර්ථ බ්යඤ්ජනාදියෙන් පහ වූයේ පිරිහුන්නේ යැයි කියති. පරිදෙවති ඒ නිමිති කරගෙන ඔහු ‘අනික් දෙයක් මවිසින් සිහිකරන ලද’යි ආදී වශයෙන් වැලපෙයි. සොචති ඔහුට ජය වීය ආදී ලෙස ශෝක කරයි. උපච්චගාමන්ති අනත්ථුනාති ඔහු මා වාදයෙන් වාදය ඉක්මවා පරදවන ලදැයි ආදී වශයෙන් දැඩිසේ වැලපේ.
පරිහාපිතන්ති න වඩ්ඪිතං. අඤ්ඤං මයා ආවජ්ජිතන්ති අඤ්ඤං කාරණං මයා අවනමිතං. චින්තිතන්ති වීමංසිතං. මහාපක්ඛොති මහන්තො ඤාතිපක්ඛො එතස්සාති මහාපක්ඛො. මහාපරිසොති මහාපරිචාරිකපරිසො. මහාපරිවාරොති මහාදාසදාසිපරිවාරො. පරිසා චායං වග්ගාති අයඤ්ච පරිසා වග්ගා, න එකා. පුන භඤ්ජිස්සාමීති පුන භින්දිස්සාමි.
පරිහාපිතං නොවැඩෙන ලදී. අඤ්ඤං මයා ආවජ්ජිතං අන් කරුණක් මවිසින් සිතන ලදී’ චින්නිතං විමසන ලදී. මහා පක්ඛො මහත් වූ ඤාති පිරිස් මොහුට ඇත්තේනුයි මහා පක්ෂ ඇති. මහා පරිසො මහත් වූ පිරිස් මොහුට ඇත. සමහා පරිවාරො දැසි දස් ආදී මහත් පිරිවර ඇත. පරිසාචයං වග්ගා මෙ පිරිසද බෙදී ඇත. එකතුවී නැත. පුන භුඤ්ජිස්සාමි නැවත බිඳින්නෙමි.
එතෙ විවාදා සමණෙසූති එත්ථ පන සමණා වුච්චන්ති බාහිරපරිබ්බාජකා. එතෙසු උග්ඝාතිනිඝාති හොතීති එතෙසු වාදෙසු ජයපරාජයාදිවසෙන චිත්තඋග්ඝාතනිඝාතං වා පාපුණන්තො උග්ඝාති ච නිඝාති ච හොති. විරමෙ කථොජ්ජන්ති පජහෙය්ය කලහං. න හඤ්ඤදත්ථත්ථි පසංසලාභාති න හි එත්ථ පසංසලාභතො අඤ්ඤො අත්ථො අත්ථි. උත්තානො වාති න ගම්භීරොති අත්ථො “පඤ්චිමෙ කාමගුණා”තිආදීසු (අ· නි· 6.63) විය.
එතෙ විවාදා සමණෙසු මෙහි ශ්‍රමණයෝ නම් අන් සසුන්හි පිරිවැජියෝ ය. එතෙසු උග්ඝාති නිග්ඝාති හොති ඒ වාදයන්හි ජය පැරදුම ආදී වශයෙන් සිත අනුග්‍රහයට නිග්‍රහයට පැමිණෙයි. අනුග්‍රහය ද නිග්‍රහය ද කරයි. විරමෙ කථොජ්ජං කලහය දුරු කරන්නේය. න හඤ්ඤදත්ථත්ථි පසංසලාභා ප්‍රශංසා ලාභයෙන් අන්‍ය වූ අර්ථයක් මෙහි නැත. උත්තානො වා ගැඹුරු නොවේ යන අර්ථයයි. පස්කම් සැපත ආදියෙහි මෙනි.
ගම්භීරො වාති දුප්පවෙසො අප්පතිට්ඨො පටිච්චසමුප්පාදො විය. ගූළ්හො වාති පටිච්ඡන්නො හුත්වා ඨිතො “අභිරම නන්ද අහං තෙ පාටිභොගො”තිආදීසු (උදා· 22) විය. පටිච්ඡන්නො වාති අපාකටො “මාතරං පිතරං හන්ත්වා”තිආදීසු (ධ· ප· 294; නෙත්ති· 113) විය. නෙය්යො වාති නීහරිත්වා කථෙතබ්බො “අසද්ධො අකතඤ්ඤූ චා”තිආදීසු (ධ· ප· 97) විය. නීතො වාති පාළියා ඨිතනියාමෙන කථෙතබ්බො “චත්තාරොමෙ, භික්ඛවෙ, අරියවංසා”තිආදීසු (අ· නි· 4.28) විය. අනවජ්ජො වාති නිද්දොසත්ථො “කුසලා ධම්මා”තිආදීසු (ධ· ස· තිකමාතිකා 1) විය. නික්කිලෙසො වාති කිලෙසවිරහිතො විපස්සනා විය. වොදානො වාති පරිසුද්ධො ලොකුත්තරං විය. පරමත්ථො වාති උත්තමත්ථො උත්තමත්ථභූතො අත්ථො ඛන්ධධාතුආයතනනිබ්බානානි විය.
ගම්භීරො පිවිසීම අපහසු, නොපිහිටිය හැකි වේ. ප්‍රතීත්‍ය සමුත්පාදය මෙනි. ගූළ්හො සැගවී සිටියේ. ‘අභිරමනන්ද අහං තෙ පාටිභොගො’ ආදියෙහි මෙනි. පටිච්ඡන්නො අප්රකටව, ‘මාතරං පිතරං හනත්වා’ ආදී ප්‍රහේලිකා මෙන්. නෙය්යො වා බැහැරින් ගෙන කිවයුතුයි. ‘අස්සද්ධො අකතඤ්ඤාච’ යනාදියෙහි මෙනි. නීතොවා පෙළෙහි සිටි නියාමයෙන් කිවයුතු. ‘චත්තාරො මේ භික්ඛවෙ අරියවංසා’ යනාදියෙහි මෙනි. අවජ්ජො වා නිර්දෝෂ අර්ථ ඇති. ‘කුසලා ධම්මා’ යනාදියෙහි මෙනි. නික්කිලෙසො වා කෙලෙස් විරහිතව, විදර්ශනාව මෙනි. වොදානො වා පාරිශුද්ධත්වය, ලෝකෝත්තර බව මෙනි. පරමත්ථො වා උත්තමාර්ථය, උතුම් වූ අර්ථය, ස්කන්ධ - ධාතු - ආයතන - නිර්වාණය මෙනි.
ඡට්ඨගාථායත්ථො – යස්මා ච න හඤ්ඤදත්ථත්ථි පසංසලාභා, තස්මා පරමං ලාභං ලභන්තොපි “සුන්දරො අය”න්ති තත්ථ දිට්ඨියා පසංසිතො වා පන හොතීති තං වාදං පරිසාය මජ්ඣෙ දීපෙත්වා තතො සො තෙන ජයත්ථෙන තුට්ඨිං වා දන්තවිදංසකං වා ආපජ්ජන්තො හස්සති, මානෙන ච උන්නමති. කිං කාරණං? යස්මා තං ජයත්ථං පප්පුය්ය යථාමනො ජාතො.
සයවන ගාථාවේ අර්ථය - යම්හෙයකින් ‘මේ වාදයෙහි ප්‍රශංසා ලැබීම හැර අන් ලාභයක් නැති බැවින් ‘පරම වූ ලාභය හෙවත් වාදයෙන් දිනුම ලබා ‘මෙය යහපත්ය’යි ඒ තම ලබ්ධියට ප්‍රශංසා කරයි. ඒ වාදය පිරිස් මැද දී ප්‍රකාශ කොට ජය ලබා, ඒ ජයගැනීමේ සතුටින් දත් විදහා සිනහසෙයි. මානය ද (අහංකාරය) උපදවයි. ඔහු ජයගත් බැවින් උපන් සතුටින් අනුන් හෙළා දැක මාන උපදවන හෙයිනි.
ථම්භයිත්වාති පූරෙත්වා. බ්රූහයිත්වාති වඩ්ඪෙත්වා. ඉමිස්සා ගාථාය නිද්දෙසො උත්තානත්ථො.
ථම්භයිත්වා පුරවා. බ්රෑහයිත්වා වඩා. මේ ගාථාවේ නිද්දේසයේ අර්ථ ඉතා ප්රකටය.
එවං උන්නමතො ච “යා උන්නතී”ති ගාථා. තත්ථ මානාතිමානං වදතෙ පනෙසොති එසො පන තං උන්නතිං “විඝාතභූමී”ති අබුජ්ඣමානො මානඤ්ච අතිමානඤ්ච වදති. එවං ඉමිස්සාපි ගාථාය නිද්දෙසො උත්තානත්ථො.
මෙසේ උඩඟු වූයේ ද යා උන්නති ගාථාවෙන් එය විස්තර වේ. මානාතිමානං වදතෙ පනෙසො ඒ මේ උඩඟු බවක් වේද එය ඔහුට උපද්‍රව භූමි වෙයි. නොකිපෙමින් මානයද අතිමානය ද ඇතිකර ගනියි. මෙසේ මෙම ගාථාවේ නිද්දේසය ද අර්ථ ප්‍රකට වේ. මෙසේ වාදයෙහි දොස් දක්වා
එවං වාදෙ දොසං දස්සෙත්වා ඉදානි තස්ස වාදං අසම්පටිච්ඡන්තො “සූරො”ති ගාථමාහ. තත්ථ රාජඛාදායාති රාජඛාදනීයෙන, භත්තවෙතනෙනාති වුත්තං හොති. අභිගජ්ජමෙති පටිසූරමිච්ඡන්ති යථා සො පටිසූරං ඉච්ඡන්තො අභිගජ්ජන්තො එති, එවං දිට්ඨිගතිකො දිට්ඨිගතිකන්ති දස්සෙති. යෙනෙව සො තෙන පලෙහීති යෙන සො තුය්හං පටිසූරො, තෙන ගච්ඡ. පුබ්බෙව නත්ථි යදිදං යුධායාති යං පන කිලෙසජාතං යුද්ධාය සියා, තං ඉධ පුබ්බෙව නත්ථි, බොධිමූලෙයෙවස්ස පහීනන්ති දස්සෙති.
දැන් ඔහුගේ වාදය නොපිළිගන්නේ සූරො යන ගාථාව කියන ලදී. එහි රාජඛාදාය රාජ භෝජනයට සුදුසු ඉතා රසවත්, පෝෂ්‍යජනක ආහාරාදියෙන් යයි කියන ලද්දේ වෙමි. අභිගජ්ජමෙති පටිසූරමිච්ඡං යම්සේ ශුරයා ප්‍රතිමල්ලවයකු කැමැතිව ගර්ජනා කරන්නේ ද එමෙන් දෘෂ්ටි ගතිකයාද දෘෂ්ටිගතිකයා වෙත වාදාභිලාෂයෙන් එයි. යෙනෙව සො තෙන පලෙහි ශුරය, ඒ නුඹගේ ප්‍රතිමල්ලවයා සිටින තැනට යව. පුබ්බෙව නත්ථි යදිදං යුද්ධාය යුද්ධය, වාදය නිසා යම්කිසි වෙහෙසක් ඇතිවේද එබඳු වෙහෙසක් පළමුවෙන් ද මා හට නොවීය. බෝමැඩ මුලදී එය ප්‍රහීණ කළ බව දක්වයි.
සූරොති නිද්දෙසස්ස උද්දෙසපදං. සුට්ඨු උරො සූරො, විස්සට්ඨඋරො නින්නඋරොති අත්ථො. වීරොති පරක්කමවන්තො. වික්කන්තොති සඞ්ගාමං පවිසන්තො. අභීරූතිආදයො වුත්තනයා එව. පුට්ඨොති නිද්දෙසස්ස උද්දෙසපදං. පොසිතොති ථූලකතො. ආපාදිතොති උපඩ්ඪබලිතො පටිපාදිතො. වඩ්ඪිතොති තතො තතො භාවිතො.
සූරො යනු නිද්දේසයේ උදෙසන පදයයි. ‘සුට්ඨු උරො සූරො’, දක්ෂ, විශිෂ්ට, දෙන ලද උර ඇත්තේනුයි ‘සුර’ නම් වේ. වීරො පරාක්‍රම වූයේ වික්කන්තො සංග්‍රාමයට පිවිසෙමින්, අභිරූ ආදියේ අර්ථ ද පැවසූ පරිදි දතයුතුයි. පුට්ඨො නිද්දේසයේ උදෙසන පදය. පොසිතො පෝෂණය කරන ලදී. ආපාදිතො සමීපයට පැමිණ පාලනය කළ වඩ්ඪිතො ඒ ඒ ආහාර පානාදියෙන් වඩන ලදී.
ගජ්ජන්තොති අබ්යත්තසරෙන ගජ්ජන්තො. උග්ගජ්ජන්තොති උක්කුට්ඨිං කරොන්තො. අභිගජ්ජන්තොති සීහනාදං කරොන්තො. එතීති ආගච්ඡති. උපෙතීති තතො සමීපං ගච්ඡති. උපගච්ඡතීති තතො සමීපං ගන්ත්වා න නිවත්තති. පටිසූරන්ති නිබ්භයං. පටිපුරිසන්ති සත්තුපුරිසං. පටිසත්තුන්ති සත්තු හුත්වා අභිමුඛෙ ඨිතං. පටිමල්ලන්ති පටිසෙධං හුත්වා යුජ්ඣන්තං. ඉච්ඡන්තොති ආකඞ්ඛමානො.
ගජ්ජන්තො අව්‍යක්ත, අශීල වදනින් ගර්ජනා කරමින්, උග්ගජ්ජන්තො දැඩිව ගර්ජනා කරමින් අභිගජ්ජන්තො සිංහනාද කරමින් එති එයි. උපෙති ඉන් සමීපයට යයි. උග්ගච්ඡති ඉන් සමීපයට ගොස් නවතියි. පටිසූරං භය නැතිව, පටිපුරිසං සතුරු පුරුෂයා පටිසඤ්ඤී සතුරකුව අභිමුවෙහි සිටි. පටිමල්ලං ප්රතිමල්ලවයකුව යුද කරනුයේ ඉච්ඡන්තො කැමැත්තෙන්.
පලෙහීති ගච්ඡ. වජාති මා තිට්ඨ. ගච්ඡාති සමීපං උපසඞ්කම. අභික්කමාති පරක්කමං කරොහි.
පලෙහී යව! වජ නොසිටුව (මෙහි), ගච්ඡ සමීපයට එළඹෙව. අභික්කම එහි ගොස් උත්සාහ කරව.
බොධියා මූලෙති මහාබොධිරුක්ඛස්ස සමීපෙ. යෙ පටිසෙනිකරා කිලෙසාති යෙ කිලෙසා පටිපක්ඛකරා. පටිලොමකරාති පටාණීකරා. පටිකණ්ටකකරාති විනිවිජ්ඣනකරා. පටිපක්ඛකරාති සත්තුකරා.
බොධියාමූලෙ මහාබෝධි වෘක්ෂ මූලයේ දී පටිසෙනිකරා යෙ කිලෙසා ප්රතිපක්ෂ වූ විරුද්ධ වූ යම් කෙලෙස් ධර්මයක් වේ නම්. පටිලොමකරා හානිකර වූ පටිකණ්ටකරා විනිවිද යන සුලු වූ. පටිපක්ඛකරා සතුරෙකු වූ.
ඉතො පරං සෙසගාථා පාකටසම්බන්ධා එව. තත්ථ විවාදයන්තීති විවදන්ති. පටිසෙනිකත්තාති පටිලොමකාරකා. “න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසී”තිආදිනා නයෙන විරුද්ධවචනං විවාදො.
මින්පසුව එන ගාථා ප්රකටව ම මේ කරුණ හා සම්බන්ධ වේ. එහි විවාදයන්ති විවාද කරති. පටිසෙනිකත්තා ප්‍රතිලෝම, විරුද්ධ බව ඇති කරන්නා වූ. ‘නුඹ මේ දහම් විනය නොදන්නෙහියැ’යි ආදී ක්‍රමයෙන් විරුද්ධ වචනවලින් විවාද කරන.
සහිතං මෙති මම වචනං අත්ථසංහිතං. අසහිතං තෙති තව වචනං අනත්ථසංහිතං. අධිචිණ්ණං තෙ විපරාවත්තන්ති යං තං අධිචිණ්ණං චිරකාලසෙවනවසෙන පගුණං, තං මම වාදං ආගම්ම නිවත්තං. ආරොපිතො තෙ වාදොති තුය්හං උපරි මයා දොසො ආරොපිතො. චර වාදප්පමොක්ඛායාති භත්තපුටං ආදාය තං තං උපසඞ්කමිත්වා වාදා පමොක්ඛත්ථාය උත්තරං පරියෙසමානො විචර. නිබ්බෙඨෙහි වාති අථ වා මයා ආරොපිතදොසතො අත්තානං මොචෙහි. සචෙ පහොසීති සචෙ සක්කොසි.
සහිතම්මෙ මගේ වචන අර්ථ සහිතය. අසහිතං තෙ නුඹේ වචන අනර්ථකරය. ආචිණ්ණං තෙ විපරාවත්තං නුඹ යමක් ඉතා දිගුකලක් ප්‍රගුණ කළේ ද එය මාගේ වාදයට පැමිණීමෙන් නැවතුණි. වැනසුණි. ආරොපිතො තෙ වාදා නුඹ මත්තෙහි මගේ දොස් ආරෝපණය කරන ලදී. චර වාදප්පමොක්ඛාය බත් මුලක් ගෙන, ඒ ඒ තැනට ගොස් වාදයෙන් මිදෙනු සඳහා උත්තර සොයමින් හැසිරෙව. වෙහෙසව. නැතහොත් මවිසින් නගන ලද දෝෂයන්ගෙන් තමා මුදවා ගනුව. පහොසි ඉදින් හැක්කේ නම් (සමත් වේනම්).
ආවෙඨියාය ආවෙඨියන්ති ආවෙඨෙත්වා නිවත්තනෙන නිවත්තනං. නිබ්බෙඨියාය නිබ්බෙඨියන්ති දොසතො මොචනෙන මොචනං. ඡෙදෙන ඡෙදන්ති එවමාදි හෙට්ඨා වුත්තනයත්තා යථායොගං යොජෙතබ්බං.
ආවෙඨියාය ආවෙඨිතං වෙළා වැලැක්වීම. නිබ්බෙඨියාය නිබ්බෙඨිතං දොසින් මිදීමෙන් නිදහස් වීම. ඡෙදනෙන ඡෙදනං මේ ආදී වචනයන්ගේ අර්ථ ඉහත කී ක්‍රමයෙන් ගෙන සුදුසු පරිදි යෙදිය යුතුයි.
විසෙනිකත්වාති කිලෙසසෙනං විනාසෙත්වා. කිං ලභෙථාති පටිමල්ලං කිං ලභිස්සසි. පසූරාති තං පරිබ්බාජකං ආලපති. යෙසීධ නත්ථීති යෙසං ඉධ නත්ථි. ඉමායපි ගාථාය නිද්දෙසො උත්තානත්ථොයෙව.
විසෙනි කත්වා කෙලෙස් වශයෙන් විනාශ කර, කිං ලභෙථ ප්‍රතිමල්ලවයා කුමක් ලබන්නේද? පසූර යනුවෙන් ඒ පරිබ්‍රාජකයාට අමතයි. යෙසීධ නත්ථි මේ ගාථාවෙහි නිද්දේසයේ අර්ථ ඉතා ප්‍රකටමය.
පවිතක්කන්ති “ජයො නු ඛො මෙ භවිස්සතී”තිආදීනි විතක්කෙන්තො. ධොනෙන යුගං සමාගමාති ධුතකිලෙසෙන බුද්ධෙන සද්ධිං යුගග්ගාහං සමාපන්නො. න හි ත්වං සක්ඛසි සම්පයාතවෙති කොත්ථුආදයො විය සීහාදීහි ධොනෙන සහ යුගං ගහෙත්වා එකපදම්පි සම්පයාතුං යුගග්ගාහමෙව වා සම්පාදෙතුං න සක්ඛිස්සසීති.
පවිතක්කං ‘මට ජය ඇතිවන්නේ ද?’ ආදී වශයෙන් විතර්ක කරනුයේ ධොනෙන යුගං සමාගමා නැතිකළ කෙලෙස් ඇති බුදුරදුන් සමග යුද්ධයට වාදයට පැමිණියෙහිය. නහිත්වං සක්ඛසි සම්පයාතවෙ සිංහයන් සමග යුද්ධයට ආ සිවලෙකු මෙන් නුඹ වාදාරෝපණය කිරීමට තබා මාගේ සමීපයටවත් ඒමට නොහැකි වන්නෙහිය.
මනොති නිද්දෙසස්ස උද්දෙසපදං. චිත්තන්ති චිත්තතාය චිත්තං. “ආරම්මණං මිනමානං ජානාතී”ති මනො. මානසන්ති මනො එව. “අන්තලික්ඛචරො පාසො, ය්වායං චරති මානසො”ති (මහාව· 33; සං· නි· 1.151) හි එත්ථ පන සම්පයුත්තකධම්මො මානසොති වුත්තො.
මනො යනු නිද්දේස පදයේ උදෙසීමයි. යං චිත්තං චිත්‍ර විචිත්‍ර බැවින් ‘චිත්ත’ නම් වේ. අරමුණ මනිනු ලබන්නේ, අරමුණ දන්නේනුයි ‘මාන’ නම් වේ. මානසං මනසමය. ‘අන්තළික්ඛ චරොපාසො ය්වායං චරති මානසො’ යන මෙහි මන සම්ප්‍රයුක්ත ධර්මය ‘මනස’ නම් වේ.
“කථඤ්හි භගවා තුය්හං, සාවකො සාසනෙ රතො; අප්පත්තමානසො සෙක්ඛො, කාලංකයිරා ජනෙසුතා”ති. (සං· නි· 1.159) –
කථංහි භගවා තුය්හං සාවකො සාසනෙ රතො, අප්පත්තමානසො සෙක්ඛො කාලං කයිරා ජනෙසුතා
එත්ථ අරහත්තං මානසන්ති වුත්තං. ඉධ පන මනොව මානසං, බ්යඤ්ජනවසෙන හෙතං පදං වඩ්ඪිතං.
යන මෙහි ‘මානස’ යනුවෙන් අර්හත්වය අදහස් කරන ලදී. මෙම සූත්‍රයේ ‘මන’ යන්නම ‘ස’ ව්‍යඤ්ජනය යොදා වැඩිකිරීම් වශයෙන් ‘මානසං’ යනුවෙන් යොදන ලදී.
හදයන්ති චිත්තං. “චිත්තං වා තෙ ඛිපිස්සාමි, හදයං වා තෙ ඵාලෙස්සාමී”ති (සු· නි· ආළවකසුත්ත; සං· නි· 1.237) එත්ථ උරො හදයන්ති වුත්තං. “හදයා හදයං මඤ්ඤෙ අඤ්ඤාය තච්ඡතී”ති (ම· නි· 1.63) එත්ථ චිත්තං. “වක්කං හදය”න්ති (දී· නි· 2.377; ම· නි· 1.110; ඛු· පා· 3.ද්වත්තිංසාකාර) එත්ථ හදයවත්ථු. ඉධ පන චිත්තමෙව අබ්භන්තරට්ඨෙන “හදය”න්ති වුත්තං. තමෙව පරිසුද්ධට්ඨෙන පණ්ඩරං, භවඞ්ගං සන්ධායෙතං වුත්තං. යථාහ “පභස්සරමිදං, භික්ඛවෙ, චිත්තං, තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨ”න්ති (අ· නි· 1.49). තතො නික්ඛන්තත්තා පන අකුසලම්පි ගඞ්ගාය නික්ඛන්තා නදී ගඞ්ගා විය ගොධාවරිතො නික්ඛන්තා ගොධාවරි විය ච “පණ්ඩර”න්ත්වෙව වුත්තං.
හදයං යනු සිතයි. ‘චිත්තං වා තෙ ඛිපිස්සාමි හදයං වා තෙ ඵාලෙස්සාමි’ යන මෙහි පපුව ‘හදයං’ යන්නෙන් අදහස් විය. ‘හදයා හදයං මඤ්ඤෙ අඤ්ඤාය තච්ඡතී’ යන මෙහි හදයං යනු සිතයි. ‘වක්කං හදයං’ යන මෙහි හෘදය වස්තුව අදහස් වේ. මෙහිදී සිතම අභ්‍යන්තර අර්ථයෙන් හදයං යැයි කී යන ලදී. එයම පාරිශුද්ධාර්ථයෙන් පණ්ඩරං වේ. භවංග සිත සඳහා මෙය කියන ලදී. එනිසා කියන ලදී. ‘මහණෙනි, මේ සිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරය. එය ආගන්තුක කෙළෙසුන්ගෙන් කිළිටි වේ’ යනුයි. ඒ අකුසලයන්ගෙන් නික්මුණු බැවින් ගංගා නම් ගඟෙන් නික්මෙන අතු නදී ‘ගංගා’ නම් වන මෙන් ද ගෝධාවරී ගඟින් නික්මෙන ගංගා ‘ගෝධාවරී’ නම් වන මෙන්ද ‘පණ්ඩර’ යැයි කියන ලදී.
මනො මනායතනන්ති ඉධ පන මනොගහණං මනස්සෙව ආයතනභාවදීපනත්ථං. තෙනෙතං දීපෙති “නයිදං දෙවායතනං විය මනස්ස ආයතනත්තා මනායතනං, අථ ඛො මනො එව ආයතනං මනායතන”න්ති. තත්ථ නිවාසට්ඨානට්ඨෙන ආකරට්ඨෙන සමොසරණට්ඨානට්ඨෙන සඤ්ජාතිදෙසට්ඨෙන කාරණට්ඨෙන ච ආයතනං වෙදිතබ්බං. තථා හි ලොකෙ “ඉස්සරායතනං වාසුදෙවායතන”න්තිආදීසු නිවාසට්ඨානං ආයතනන්ති වුච්චති . “සුවණ්ණායතනං රජතායතන”න්තිආදීසු ආකරො. සාසනෙ පන “මනොරමෙ ආයතනෙ, සෙවන්ති නං විහඞ්ගමා”තිආදීසු (අ· නි· 5.38) සමොසරණට්ඨානං. “දක්ඛිණාපථො ගුන්නං ආයතන”න්තිආදීසු සඤ්ජාතිදෙසො. “තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සතිආයතනෙ”තිආදීසු (අ· නි· 3.102; ම· නි· 3.158) කාරණං. ඉධ පන සඤ්ජාතිදෙසට්ඨෙන සමොසරණට්ඨානට්ඨෙන කාරණට්ඨෙනාති තිධාපි වට්ටති.
මනො මනායතනං මෙහි දී මනෝ ග්‍රහණය මනස් ආයතනය බව දක්වයි. එහෙයින් මෙය දක්වයි. මෙහිදී දේවායතනය මෙන් මනසේ ආයතනය මනායතන වූයේ යැයි නොගත යුතුයි. එහෙයින් මනසම ආයතන වූයේනුයි මනායතන නම් වේ. මෙහි දී නිවාසනර්ථයෙන්, ආකාරාර්ථයෙන්, සමෝසරණාර්ථයෙන්, සංජාතිදේශාර්ථයෙන් හා කාරණාර්ථයෙන් මනස ආයතනයකැයි දතයුතුයි. ඒ එසේමැයි. ලෝකයේ ‘ඉස්සරායතන වාසු දේවායතන’ ආදියෙහි නිවාස අර්ථයෙන් ආයතන යැයි කියනු ලැබේ. ‘සුවණ්ණායතනං රතනායතනං’ ආදියෙහි ආකාරාර්ථයෙන් යෙදී ඇත. සාසනයෙහි වනාහි ‘මනොරමෙ ආයතනෙ සෙවන්ති නං විභංගමා’ ආදියෙහි සමොසරණාර්ථයෙන් ද ‘දක්ඛිණාපථො ගුන්නං ආයතනං’ යනාදියෙහි සඤ්ජාති දේශාර්ථයෙන් ද ‘තත්ර තත්රෙව ගුන්නං ආයතනං’ යනාදියෙහි සඤ්ජාති දේශාර්ථයෙන් ද කරණාර්ථයෙන් ද ආයතන යන්න යෙදී ඇත. මේ සූත්‍රයේ දී සඤ්ජාති දේශාර්ථයෙන් ද සමෝසරණාර්ථයෙන් ද කාරණාර්ථයෙන් ද යන අර්ථ තුනෙහි ‘ආයතන’ යන්න යෙදීම සුදුසුය.
ඵස්සාදයො හි ධම්මා එත්ථ සඤ්ජායන්තීති සඤ්ජාතිදෙසට්ඨෙනපි එතං ආයතනං. බහිද්ධා රූපසද්දගන්ධරසඵොට්ඨබ්බා ආරම්මණභාවෙනෙත්ථ ඔසරන්තීති සමොසරණට්ඨානට්ඨෙනපි ආයතනං . ඵස්සාදීනං පන සහජාතාදිපච්චයට්ඨෙන කාරණත්තා කාරණට්ඨෙනාපි ආයතනන්ති වෙදිතබ්බං. මනින්ද්රියං වුත්තත්ථමෙව.
ස්පර්ශාදී ධර්මයෝ මෙහි හටගනිත්නුයි සඤ්ජාති දේශාර්ථයෙන් මෙය ආයතන නම් වේ. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාදී අරමුණු ස්වභාවයෙන් ම මෙහි බැසගනුයේය යන අරුතින් සමෝසරණාර්ථයෙන් ද ආයතනයක් වේ. ස්පර්ශාදීන්ගේ සහජාත ආදී ප්රත්යාර්ථයෙන් ඊට කාරණ වූ බැවින් කාරණාර්ථයේද ආයතනයකැයි දතයුතුයි. මනින්ද්රියං යන්නෙහි අර්ථය ඉහත කී පරිදිමය.
විජානාතීති විඤ්ඤාණං. විඤ්ඤාණමෙව ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො. තස්ස රාසිආදිවසෙන අත්ථො වෙදිතබ්බො. “මහාඋදකක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡතී”ති (අ· නි· 4.51) එත්ථ හි රාසට්ඨෙන ඛන්ධො වුත්තො. “සීලක්ඛන්ධො සමාධික්ඛන්ධො”තිආදීසු (දී· නි· 3.355) ගුණට්ඨෙන. “අද්දස ඛො භගවා මහන්තං දාරුක්ඛන්ධ”න්ති (සං· නි· 4.241) එත්ථ පණ්ණත්තිමත්තට්ඨෙන. ඉධ පන රූළ්හිතො ඛන්ධො වුත්තො. රාසට්ඨෙන හි විඤ්ඤාණක්ඛන්ධස්ස එකදෙසො එකං විඤ්ඤාණං. තස්මා යථා රුක්ඛස්ස එකදෙසං ඡින්දන්තො රුක්ඛං ඡින්දතීති වුච්චති, එවමෙව විඤ්ඤාණක්ඛන්ධස්ස එකදෙසභූතං එකම්පි විඤ්ඤාණං රූළ්හිතො විඤ්ඤාණක්ඛන්ධොති වුත්තං.
දැනගන්නේනුයි විඤ්ඤාණ නම් වේ. විඤ්ඤාණයම ස්කන්ධ වූයේනුයි විඤ්ඤාණක්ඛන්ධො වේ. එහි රාශි ආදී වශයෙන් අර්ථය දතයුතුයි. ‘මහා උදකක්ඛන්ධොත්ථෙව සංඛං ගච්ඡති’ මෙහි දී රාශි අර්ථයෙන් ඛන්ධ යැයි කියන ලදී. ‘සීලක්ඛන්ධ සමාධික්ඛන්‍ධ’ ආදියෙහි ගුණ අර්ථයෙන් ද ‘අද්දසා ඛො භගවා මහන්තං දාරුක්ඛන්ධ’ යන මෙහි ප්රඥප්ති මාත්‍ර අර්ථයෙන් ද ඛන්ධ යන්න යෙදී ඇත. මෙහිදී වනාහි රදළ්හාර්ථයෙන් ඛන්ධ යැයි කියන ලදී. රාශි අර්ථයෙන් විඤ්ඤාණ ස්කන්ධයේ විඤ්ඤාණය එක් කොටසකි. යම්සේ රුකෙහි එක් කොටසක් සිඳින විටද ‘ගස කපයි’ යනුවෙන් වහරන්නාක් මෙන් විඤ්ඤාණ ස්කන්ධයේ එක් කොටසක් වූ එකම විඤ්ඤාණය ආරෝපිත අර්ථයෙන් විඤ්ඤාණ ස්කන්ධය යැයි කියන ලදී.
තජ්ජා මනොවිඤ්ඤාණධාතූති තෙසං ඵස්සාදීනං ධම්මානං අනුච්ඡවිකා මනොවිඤ්ඤාණධාතු. ඉමස්මිඤ්හි පදෙ එකමෙව චිත්තං මිනනට්ඨෙන මනො, විජානනට්ඨෙන විඤ්ඤාණං, සභාවට්ඨෙන නිස්සත්තට්ඨෙන වා ධාතූති තීහි නාමෙහි වුත්තං.
තජ්ජා මනො විඤ්ඤාණ ධාතු ඒ ඵස්සාදී ධර්මයන්ට යෝග්‍ය වූ මනෝ විඤ්ඤාණ ධාතුවයි. මේ පදයේ දී එකම සිත මැනීම් අර්ථයෙන් ‘මන’ යනුවෙන් ද විජානන අර්ථයෙන් ‘විඤ්ඤාණ’ යනුවෙන් ද ස්වභාවාර්ථයෙන් හෝ නිස්සත්ත අර්ථයෙන් ‘ධාතූ’ යැයි නම් තුනකින් කියන ලදී.
සද්ධිං යුගං සමාගමන්ති එකප්පහාරෙන සද්ධිං. සම්මාගන්ත්වාති පාපුණිත්වා. යුගග්ගාහං ගණ්හිත්වාති යුගපටිභාගං ගහෙත්වා. සාකච්ඡෙතුන්ති සද්ධිං කථෙතුං. සල්ලපිතුන්ති අල්ලාපසල්ලාපං කාතුං. සාකච්ඡං සමාපජ්ජිතුන්ති සද්ධිං කථනං පටිපජ්ජිතුං. න පටිබලභාවෙ කාරණං දස්සෙතුං “තං කිස්සහෙතු, පසූරො පරිබ්බාජකො හීනො”තිආදිමාහ. සො හි භගවා අග්ගො චාති අසදිසදානඅග්ගත්තා අසමානපඤ්ඤත්තා අග්ගො ච. සෙට්ඨො චාති සබ්බගුණෙහි අප්පටිසමට්ඨෙන සෙට්ඨො ච. මොක්ඛො චාති සවාසනෙහි කිලෙසෙහි මුත්තත්තා මොක්ඛො ච. උත්තමො චාති අත්තනො උත්තරිතරවිරහිතත්තා උත්තමො ච. පවරො චාති සබ්බලොකෙන අභිපත්ථනීයත්තා පවරො ච. මත්තෙන මාතඞ්ගෙනාති පභින්නමදෙන හත්ථිනා.
යුගසමාගමං එක් ප්‍රහාරයෙන් ම සමාගනත්වා පැමිණ යුගග්ගාහං ගණ්හිත්වා තරගයට ඒම, වාදයට ඒම ගෙන. සාකච්ඡං සමාපජ්ජිතුං එක්ව, සමග කථාවට අදක්ෂ බවට හේතු කාරණා දැක්වීම සඳහා තං කිස්ස හෙතු පසූරො පරිබ්බාජකො හීනො යනාදිය කියන ලදී. සොහි භගවා අග්ගොච අසමසයන්ට අග්‍ර වූ බැවින්, අසමාන ප්‍රඥා ඇති බැවින් අග්‍ර වෙති. සෙට්ඨො ච සියලු ගුණයන්හි සමානයකු නැති අර්ථයෙන් ශ්‍රේෂ්ඨ වෙති. මොක්ඛො ච සවාසනා සකල ක්ලේශයන්ගෙන් මිදුණු බැවින් මෝක්ෂයටද පත්වූහ. උත්තමො ච තමාට උතුම් වූවකු නැති හෙයින් උතුම් වෙති. පවරො ච සියලු ලෝකයා විසින් ප්‍රාර්ථනා කළයුතු බැවින් ප්‍රවර වෙති. මත්තෙන මාතංගෙන ත්‍රිමදගලිත හස්තියකු විසින්.
කොත්ථුකොති ජිරණසිඞ්ගාලො. සීහෙන මිගරඤ්ඤා සද්ධින්ති කෙසරසීහෙන මිගරාජෙන සහ. තරුණකොති ඡාපකො. ධෙනුපකොති ඛීරපකො. උසභෙනාති මඞ්ගලසම්මතෙන උසභෙන. චලකකුනා සද්ධින්ති චලමානකකුනා සද්ධිං. ධඞ්කොති කාකො. ගරුළෙන වෙනතෙය්යෙන සද්ධින්ති එත්ථ ගරුළෙනාති ජාතිවසෙන නාමං. වෙනතෙය්යෙනාති ගොත්තවසෙන. චණ්ඩාලොති ඡවචණ්ඩාලො. රඤ්ඤා චක්කවත්තිනාති චාතුද්දීපිකචක්කවත්තිනා. පංසුපිසාචකොති කචවරඡඩ්ඩනට්ඨානෙ නිබ්බත්තකො යක්ඛො. ඉන්දෙන දෙවරඤ්ඤා සද්ධින්ති සක්කෙන දෙවරාජෙන සහ. සො හි භගවා මහාපඤ්ඤොතිආදීනි ඡප්පදානි හෙට්ඨා විත්ථාරිතානි. තත්ථ පඤ්ඤාපභෙදකුසලොති අත්තනො අනන්තවිකප්පෙ පඤ්ඤාභෙදෙ ඡෙකො. පභින්නඤාණොති අනන්තප්පභෙදපත්තඤාණො. එතෙන පඤ්ඤාපභෙදකුසලත්තෙපි සති තාසං පඤ්ඤානං අනන්තභෙදත්තං දස්සෙති. අධිගතපටිසම්භිදොති පටිලද්ධඅග්ගචතුපටිසම්භිදඤාණො. චතුවෙසාරජ්ජප්පත්තොති චත්තාරි විසාරදභාවසඞ්ඛාතානි ඤාණානි පත්තො. යථාහ –
කොත්ථුකො කණ සිවලා සීහෙන මිගරඤ්ඤා සද්ධිං කේශර සිංහ මෘගරාජයකු සමග තරුණකො පැටවෙක් ධෙනුපකො කිරිබොන උසභෙන මංගල සම්මත (මොල්ලිය ඇති) වෘෂභයෙකු සමග. චලක්කුනා සද්ධිං සෙලවෙන මොල්ලිය සමග ධංකො කපුටා. ගරුළෙන වෙනතෙය්යෙන සද්ධිං මෙහි ගුරුළු නම් ජාති නාමයයි. වෙනතෙය්‍ය නම් ගෝත්‍ර නාමයයි. චණ්ඩාලො යනු අධම සැඩොලා. චක්කවත්තිනා සිවු දිවයිනටම අධිපති සක්විති රජු සමග පංසු පිසාචකො කැලිකසළ ගොඩවල උපන් යක්ෂයා ඉන්දෙන දෙවරඤ්ඤා සද්ධිං ශක්‍ර දිව්‍ය රාජයා සමග. සො හි භගවා මහා පඤ්ඤො ආදී පද හය ද ඉහත විස්තර කරන ලදී. එහි පඤ්ඤා පභෙදකුසලො තමාගේ අනන්ත විකල්ප ඇති ප්‍රඥා ප්‍රභේදයෙහි දක්ෂ වූ. පභින්න ඤාණො අනන්ත ප්‍රභේදයට පත් ඤාණය. මේ ප්‍රඥා ප්‍රභේදයෙහි දක්ෂභාවය ඇති කල්හි, ඒ ප්‍රඥාවන්ගේ අනන්ත වූ ප්‍රභේද දැක්වීය. අධිගත පටිසම්භිදො ලබන ලද අග්‍ර වූ පිළිසිඹියාපත් ඤාණ ඇති වතුවෙසාරජ්ජපත්තො සතර විශාරද ස්වභාව සංඛ්‍යාත ඤාණයන්ට පැමිණි. එය මෙසේ කියන ලදී,
“සම්මාසම්බුද්ධස්ස තෙ පටිජානතො ‘ඉමෙ ධම්මා අනභිසම්බුද්ධා’ති, තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං, භික්ඛවෙ, න සමනුපස්සාමි, එතමහං, භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
‘සම්මා සම්බුද්ධ යැයි ප්‍රතිඥා කරන්නා වූ නුඹ විසින් මෙනම් ධර්ම අවබෝධ නොකරන ලද්දෙහි යැයි මෙහිලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිතව මා හට ප්රතිචෝදනා නගන්නේය යන මේ කාරණය, මහණෙනි, මම නො දකිමි. මහණෙනි, මම මේ කාරණය නොදක්නෙම්,
“ඛීණාසවස්ස තෙ පටිජානතො ‘ඉමෙ ආසවා අපරික්ඛීණා’ති…පෙ… ‘යෙ ඛො පන තෙ අන්තරායිකා ධම්මා වුත්තා, තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති…පෙ… යස්ස ඛො පන තෙ අත්ථාය ධම්මො දෙසිතො, සො න නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති, තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං, භික්ඛවෙ, න සමනුපස්සාමි, එතමහං, භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමී”ති (අ· නි· 4.8; ම· නි· 1.150).
ක්ෂේමයට පැමිණියෙම්, නිර්භය බවට පැමිණියෙම්, විශාරද බවට පැමිණියෙම් වාසය කරමි. ක්ෂීණාශ්රව වූයේ යැයි ප්‍රතිඥා කරන නුඹ විසින් මේ ආශ්‍රව ක්ෂය නොකරන ලද්දෙහි යැයි -පෙ- මාර්ගඵලයට අන්තරායකර යම් ධර්මයක් නුඹ විසින් දෙසන ලද ද, ඒ ධර්ම සේවනය කරන්නාට අන්තරායක් නොවන්නේය -පෙ- තොප විසින් යම් අර්ථයක් පිණිස ධර්මය දේශනා කරන ලද්දේනම් ඒ ධර්මය, ඊට අනුව පිළිපදින්නාගේ මනාව දුක් කෙළවර කිරීම පිණිස හේතු නොවන්නේ ය යන මෙකරුණෙහිලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි වෙනත් කිසිවෙක හෝ කරුණු සහිතව මා හට ප්රතිචෝදනා නගන්නේය යන මේ කාරණය මහණෙනි, මම නොදනිමි. මහණෙනි, මම මේ කාරණය නොදක්නෙම්, ක්ෂේමයට පැමිණියෙම්, නිර්භය බවට පැමිණියෙම්, විශාරද බවට පැමිණියෙම් වාසය කරමි.’
දසබලබලධාරීති දස බලානි එතෙසන්ති දසබලා, දසබලානං බලානි දසබලබලානි, තානි දසබලබලානි ධාරයතීති දසබලබලධාරී, දසබලඤාණබලධාරීති අත්ථො. එතෙහි තීහි වචනෙහි අනන්තප්පභෙදානං නෙය්යානං පභෙදමුඛමත්තං දස්සිතං. සොයෙව පඤ්ඤාපයොගවසෙන අභිමඞ්ගලසම්මතට්ඨෙන පුරිසාසභො. අසන්තාසට්ඨෙන පුරිසසීහො. මහන්තට්ඨෙන පුරිසනාගො. පජානනට්ඨෙන පුරිසාජඤ්ඤො. ලොකකිච්චධුරවහනට්ඨෙන පුරිසධොරය්හො.
දසබලධාරී දසබලයක් ඇත්තේනුයි තථාගතයෝ දසබල නම් වෙති. දසබලයන්ගේ බලය ‘දසබල බල’ නම් වේ. ඒ දසබල බලයන් දරන්නේනුයි දශබලධාරී’, ‘දශබල ඤාණ බලධාරී’ නම් වේ යන අරුතයි. මේ වචනත්රයේ අනන්ත ප්‍රභේද ඇති ඤාණයන්ගේ ප්‍රභේද මුඛ මාත්‍රය ම දක්වන ලදී. එයම ප්‍රඥා යෝග වශයෙන් අභිමංගල සම්මත අර්ථයෙන් පුරිසාසභො වේ. සන්ත්‍රාස නොවන අරුතින් පුරිසසීහො වේ. මහත් වූ අර්ථයෙන් පුරිසනාගො වේ. දැනගන්නා වූ අර්ථයෙන් පුරිසාජඤ්ඤො වේ. ලෝකයේ කටයුතු නම් ගැල උසුලන අර්ථයෙන් පුරිසධොරය්හො වේ.
අථ තෙජාදිකං අනන්තඤාණතො ලද්ධං ගුණවිසෙසං දස්සෙතුකාමො තෙසං තෙජාදීනං අනන්තඤාණමූලභාවං දස්සෙන්තො “අනන්තඤාණො”ති වත්වා “අනන්තතෙජො”තිආදිමාහ. තත්ථ අනන්තඤාණොති ගණනවසෙන ච පභාවවසෙන ච අන්තවිරහිතඤාණො. අනන්තතෙජොති වෙනෙය්යසන්තානෙ මොහතමවිධමනෙන අනන්තඤාණතෙජො. අනන්තයසොති පඤ්ඤාගුණෙහෙව ලොකත්තයවිත්ථතානන්තකිත්තිඝොසො. අඩ්ඪොති පඤ්ඤාධනසමිද්ධියා සමිද්ධො. මහද්ධනොති පඤ්ඤාධනවඩ්ඪත්තෙපි පභාවමහත්තෙන මහන්තං පවත්තපඤ්ඤාධනමස්සාති මහද්ධනො. “මහාධනො”ති වා පාඨො. ධනවාති පසංසිතබ්බපඤ්ඤාධනවත්තා නිච්චයුත්තපඤ්ඤාධනවත්තා අතිසයභාවෙන පඤ්ඤාධනවත්තා ධනවා. එතෙසුපි හි තීසු අත්ථෙසු ඉදං වචනං සද්දවිදූ ඉච්ඡන්ති.
ඉන් අනතුරුව තේජාදී අනන්ත ඤාණයෙන් ලැබූ ගුණ විශේෂ දක්වනු කැමතිව, ඒ තේජාදී ධර්ම අතරින් අනන්ත වූ ඤාණයේ මූලික බව දක්වමින් අනන්ත ඤාණ ඇත්තේ යැයි පවසා ‘අනන්ත තේජො’ යනාදිය කියන ලදී. එහි අනන්ත ඤාණො ගුණ වශයෙන් ද ප්‍රභා වශයෙන්ද කෙළවරක් නැති ඤාණය. අනන්ත තෙජො හික්මවිය යුතු ජන සන්තානයේ මොහඳුර දුරු කිරීමෙන් අනන්ත ඤාණ තේජස් ඇති. අනන්ත යසො ප්‍රඥා ගුණයෙන් ම ලෝකත්‍රයෙහි පතළ අනන්ත වූ කීර්ති ඝෝෂාව. අඩ්ඪො ප්‍රඥා ධන සමෘද්ධියෙන් සමෘද්ධිමත් වූ. මහද්ධනො ප්‍රඥා ධනවන්තයා විසිනුදු මහත් වූ ප්‍රභාවෙන් මහත්ව පැවතියා වූ ප්‍රඥා ධනය මොහුට ඇත්තේනුයි මහද්ධනො ‘මහාධනො’ යන පාඨයද යෙදේ. ධනවා පැසසිය යුතු ප්‍රඥා ධන ඇති හෙයින්, නිත්‍ය යුක්ත ප්‍රඥා ධන ඇති හෙයින්, අතිශය ස්වභාවයෙන් ප්‍රඥා ධන ඇති හෙයින් ධනවත්හ. මේ ත්‍රිවිධ අර්ථයෙහි මේ වචනය ශබ්ද විද්‍යාව දන්නෝ කැමති වෙති.
එවං පඤ්ඤාගුණෙන භගවතො අත්තසම්පත්තිසිද්ධිං දස්සෙත්වා පුන පඤ්ඤාගුණෙනෙව ලොකහිතසම්පත්තිසිද්ධිං දස්සෙන්තො “නෙතා”තිආදිමාහ. තත්ථ වෙනෙය්යෙ සංසාරසඞ්ඛාතභයට්ඨානතො නිබ්බානසඞ්ඛාතං ඛෙමට්ඨානං නෙතා . තත්ථ නයනකාලෙ එව සංවරවිනයපහානවිනයවසෙන වෙනෙය්යෙ විනෙතා. ධම්මදෙසනාකාලෙ එව සංසයච්ඡෙදනෙන අනුනෙතා. සංසයං ඡින්දිත්වා සඤ්ඤාපෙතබ්බං අත්ථං පඤ්ඤාපෙතා. තථා පඤ්ඤාපිතානං නිච්ඡයකරණෙන නිජ්ඣාපෙතා. තථා නිජ්ඣාපිතස්ස අත්ථස්ස පටිපත්තිපයොජනවසෙන පෙක්ඛෙතා. තථාපටිපන්නෙ පටිපත්තිබලෙන පසාදෙතා. සො හි භගවාති එත්ථ හි-කාරො අනන්තරං වුත්තස්ස අත්ථස්ස කාරණොපදෙසෙ නිපාතො.
මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ආත්මාර්ථ සාධනය ප්‍රඥා ගුණයෙන් දක්වා නැවත ඒ ප්‍රඥා ගුණයෙන්ම ලෝකාර්ථ සුභසිද්ධිය දක්වනුයේ, නෙතා යනාදිය කියන ලදී. එහි හික්මවීමෙන් සසර නම් වූ භයංකර ස්ථානයෙන් ජනයා මුදවා නිවන නම් ක්ෂේම ස්ථානයට පමුණුවන හෙයින් නෙතා වේ. එහි දර්ශන කාලයෙහි ම සංවර විනය, ප්‍රහාණ විනය වශයෙන් හික්මවිය යුත්තන් විනෙතා (හික්මවන්නේය) ධර්මදේශනා කරන කාලයෙහි මෙසේ සැකසංකා සිඳින බැවින් අනුනෙතා වේ. සැක සංකා සිඳ දමා පැණවිය යුතු අර්ථ පණවන හෙයින් පඤ්ඤාපෙතා වේ. එසේ පැනවූ අර්ථ නිශ්චය කරන හෙයින් නිජ්ඣාපෙතා වේ. එසේ නැවත නැවත සිතා බැලූ අර්ථයේ පිළිවෙත් යෙදීම් වශයෙන් පෙක්ඛතා එසේම පිළිපන් ප්‍රතිපත්ති ඵලයෙන් පසාදෙතා වේ. සො හි භගවා යන මෙහි හි කාරය අනතුරුව කියනු ලබන අර්ථයේ හේතු - කාරණා දක්වන නිපාතයකි.
අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතාති සකසන්තානෙ නඋප්පන්නපුබ්බස්ස ඡඅසාධාරණඤාණහෙතුභූතස්ස අරියමග්ගස්ස බොධිමූලෙ ලොකහිතත්ථං සකසන්තානෙ උප්පාදෙතා. අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතාති වෙනෙය්යසන්තානෙ අසඤ්ජාතපුබ්බස්ස සාවකපාරමීඤාණහෙතුභූතස්ස අරියමග්ගස්ස ධම්මචක්කප්පවත්තනතො පභුති යාවජ්ජකාලා වෙනෙය්යසන්තානෙ සඤ්ජනෙතා. සාවකවෙනෙය්යානම්පි හි සන්තානෙ භගවතා වුත්තවචනෙනෙව අරියමග්ගස්ස සඤ්ජනනතො භගවා සඤ්ජනෙතා නාම හොති. අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතාති අට්ඨධම්මසමන්නාගතානං බුද්ධභාවාය කථාභිනීහාරානං බොධිසත්තානං බුද්ධභාවාය බ්‍යාකරණං දත්වා අනක්ඛාතපුබ්බස්ස පාරමිතාමග්ගස්ස “බුද්ධො භවිස්සතී”ති බ්යාකරණමත්තෙනෙව බොධිමූලෙ උප්පජ්ජිතබ්බස්ස අරියමග්ගස්ස අක්ඛාතා. අයං නයො පච්චෙකබොධිසත්තබ්යාකරණෙපි ලබ්භතියෙව. මග්ගඤ්ඤූති පච්චවෙක්ඛණාවසෙන අත්තනො උප්පාදිතස්ස අරියමග්ගස්ස ඤාතා. මග්ගවිදූති වෙනෙය්යසන්තානෙ ජනෙතබ්බස්ස අරියමග්ගස්ස කුසලො. මග්ගකොවිදොති බොධිසත්තානං අක්ඛාතබ්බමග්ගෙ විචක්ඛණො. අථ වා අභිසම්බොධිපටිපත්ති මග්ගඤ්ඤූ, පච්චෙකබොධිපටිපත්ති මග්ගවිදූ, සාවකබොධිපටිපත්ති මග්ගකොවිදො. අථ වා –
අනුප්පන්නස්ස මග්ගසස උප්පාදෙතා ස්ව සන්තානයේ පෙර නූපන් විරූ අසාධාරණ හේතු වූ, ආර්යමාර්ගය බෝමැඩ මුලදී ලෝක හිතවැඩ සඳහා සිය සන්තානයේ උපදවන ලදහ. අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජන්තො විනේය ජන සන්තානයේ පෙර නොහටගත් ශ්‍රාවක පාරමී ඤාණයට හේතු වූ අග්‍ර මාර්ගය දම්සක් පැවතුම් දෙසුමේ සිට අද දින දක්වාම විනේයජන සන්තානයේ උපදවන ලදහ. ශ්‍රාවක වෙනේය ජනයාගේ සන්තානයේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ වචනයෙන්ම ආර්ය මාර්ගය ඉපදවීම නිසාත් භාග්‍යවතුන් වහන්සේ සඤ්ජන්තො නම් වන සේක. අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා අෂ්ට ධර්ම සමන්නාගත වූවන්ගේ අවබෝධය සඳහා, විවරණ දී පෙර නොකී විරූ පාරමිතා මාර්ගයේ ‘බුද්ධ වන්නේය’යි යන විවරණ දීම් පමණකින්ම හෝ බෝධි මූලයේ ඉපිදවිය යුතු වූ ආර්ය මාර්ගය දක්වන ලදහ. මේ න්‍යාය තනි තනිව නිවන් දකිනු රිසි බෝසත්වරුන්ගේ විවරණ දීමෙහි ද ලැබෙන්නේමය. මග්ගඤ්ඤූ ප්රත්යවේක්ෂණා වශයෙන් තමා විසින් උපදවන ලද ආර්ය මාර්ගය දන්නා වූ. මග්ගවිදූ විනේය ජන සන්තානයේ ඉපිදවිය යුතු ආර්ය මාර්ගයේ දක්ෂ වූ. මග්ග කොවිදො බෝසත්වරුන්ට කිවයුතු මාර්ගයේ විචක්‍ෂණයහ. නැතහොත් අභිසම්බෝධි ප්‍රතිපත්තියේ නිරත හෙයින් මග්ගඤ්ඤූ වේ. පසේ බුදු ප්‍රතිපත්තිය මග්ගවිදූ වේ. ශ්‍රාවක බෝධි ප්‍රතිපත්තිය මග්ගකොවිදො වේ. නැතහොත්,
“එතෙන මග්ගෙන තරිංසු පුබ්බෙ, තරිස්සන්ති යෙ ච තරන්ති ඔඝ”න්ති. (සං· නි· 5.409) –
‘මේ ආර්යමාර්ගය කරණ කොටගෙන (සතර) ඕඝ පෙර තරණය කළහ. (අනාගතයෙහි) තරණය කරන්නාහ. (වර්තමානයෙහි) තරණය කරති’
වචනතො යථායොගං අතීතානාගතපච්චුප්පන්නබුද්ධපච්චෙකබුද්ධසාවකානං මග්ගවසෙන ච සුඤ්ඤතානිමිත්තඅප්පණිහිතමග්ගවසෙන ච උග්ඝටිතඤ්ඤූවිපඤ්චිතඤ්ඤූනෙය්යපුග්ගලානං මග්ගවසෙන ච යථාක්කමෙනෙත්ථ යොජනං කරොන්ති . මග්ගානුගා ච පනස්සාති භගවතො ගතමග්ගානුගාමිනො හුත්වා. එත්ථ ච-සද්දො හෙතුඅත්ථෙ නිපාතො, එතෙන ච භගවතා මග්ගුප්පාදනාදිගුණාධිගමාය හෙතු වුත්තො හොති. පන-සද්දො කතත්ථෙ නිපාතො, තෙන භගවතා කතමග්ගකරණං වුත්තං හොති. පච්ඡා සමන්නාගතාති පඨමං ගතස්ස භගවතො පච්ඡා සීලාදිගුණෙන සමන්නාගතා. ඉති ථෙරො “අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා”තිආදීහි යස්මා සබ්බෙපි භගවතො සීලාදයො ගුණා අරහත්තමග්ගමෙව නිස්සාය ආගතා, තස්මා අරහත්තමග්ගමෙව නිස්සාය ගුණං කථෙසි.
යන වචනය අනුව යෝග්‍ය පරිදි, අතීත-අනාගත-වර්තමාන බුදු, පසේබුදු, මහරහත් උතුමන්ට මාර්ග වශයෙන් ද ශූන්‍යතා නිමිත්ත අප්‍රණිහිත මාර්ග වශයෙන් ද, උග්ඝටිතඤ්ඤූ විපචිතඤ්ඤූ නෙය්‍ය පුද්ගලයන්ට මාර්ග වශයෙන් ද යථා ක්‍රමයෙන් මෙහි අර්ථ යෝජනාව කරති. මග්ගානුච පනස්ස භාග්‍යවතුන් වහන්සේ ගිය මගම යමින් මෙහි ච ශබ්දය හේතු අර්ථයේ නිපාතයකි. මෙයින් භාග්‍යවතුන් වහන්සේගේ මාර්ග උපදවන ගුණයන්ගේ අවබෝධයට හේතුව කියන ලද්දේ වෙයි. පන ශබ්දය කරන ලද අර්ථයේ නිපාතයකි. එයින් භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද ආර්ය මාර්ග කාරණය කියන ලදී. පච්ඡා සමන්නාගතා පළමුව ශීලාදී ගුණයන් අනුව ගිය භාග්‍යවතුන් වහන්සේගේ පසුපස ශීලාදි ගුණයෙන් යුක්ත වූ මෙසේ (සැරියුත් මහ) තෙරුන් වහන්සේ නූපන් ආර්ය මාර්ගය උපදවන්නේය’ යනාදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සියලු ශීලාදී ගුණ අර්හත් මාර්ගය නිසාම පැමිණි බැවින් අර්හත් මාර්ගයම ඇසුරු කරගෙන ගුණ කථනය කරන ලදී.
ජානං ජානාතීති ජානිතබ්බං ජානාති, සබ්බඤ්ඤුතාය යංකිඤ්චි පඤ්ඤාය ජානිතබ්බං නාම අත්ථි, තං සබ්බං පඤ්චනෙය්යපථභූතං පඤ්ඤාය ජානාතීති අත්ථො. පස්සං පස්සතීති පස්සිතබ්බං පස්සති, සබ්බදස්සාවිතාය තංයෙව නෙය්යපථං චක්ඛුනා දිට්ඨං විය කරොන්තො පඤ්ඤාචක්ඛුනා පස්සතීති අත්ථො. යථා වා එකච්චො විපරීතං ගණ්හන්තො ජානන්තොපි න ජානාති, පස්සන්තොපි න පස්සති, න එවං භගවා. භගවා පන යථාසභාවං ගණ්හන්තො ජානන්තො ජානාතියෙව, පස්සන්තො පස්සතියෙව. ස්වායං නයන පරිණායකට්ඨෙන චක්ඛුභූතො. විදිතතාදිඅත්ථෙන ඤාණභූතො. අවිපරීතසභාවට්ඨෙන වා පරියත්තිධම්මපවත්තනතො හදයෙන චින්තෙත්වා වාචාය නිච්ඡාරිතධම්මමයොති වා ධම්මභූතො. සෙට්ඨට්ඨෙන බ්රහ්මභූතො. අථ වා චක්ඛු විය භූතොති චක්ඛුභූතො. ඤාණං විය භූතොති ඤාණභූතො. අවිපරීතධම්මො විය භූතොති ධම්මභූතො. බ්රහ්මා විය භූතොති බ්රහ්මභූතො. ය්වායං ධම්මස්ස වචනතො වත්තනතො වා වත්තා. නානප්පකාරෙහි වචනතො වත්තනතො වා පවත්තා. අත්ථං නීහරිත්වා දස්සනතො අත්ථස්ස නින්නෙතා. අමතාධිගමාය පටිපත්තිදෙසනතො, අමතප්පකාසනාය වා ධම්මදෙසනාය අමතස්ස අධිගමාපනතො අමතස්ස දාතා. ලොකුත්තරස්ස ධම්මස්ස උප්පාදිතත්තා වෙනෙය්යානුරූපෙන යථාසුඛං ලොකුත්තරධම්මස්ස දානෙන ච ධම්මෙසු ඉස්සරොති ධම්මස්සාමී. තථාගතපදං හෙට්ඨා වුත්තත්ථං.
ජානං ජානාති දැනගත යුත්ත දැනගනියි. පඤ්චනෙය්ය පථයන්හි යමක් සර්වඥතා ඥානයෙන් දතයුතුද එය ප්‍රඥාවෙන් දැනගනී යන අර්ථයයි. පස්සං පස්සති සියල්ල දක්නා හෙයින් දැකිය යුත්ත දකියි. ඒ ඤාණපථයම ඇසින් දුටුවාක් මෙන් ප්‍රඥා ඇසින් දකියි යන අරුතයි. නැතහොත් ඇතැමෙක් විපරීත වූ දෙයක් ගනුයේ ඒ පිළිබඳව නොදනියි. දකිනුයේ ද එය යථාර්ථවත්ව නොදකියි. භාග්‍යවතුන් වහන්සේට මෙසේ නොවේ. භාග්‍යවතුන් වහන්සේ වනාහි යථා ස්වභාවය අවබෝධ කරගනුයේ දැනගත යුතු දහම් දැනගන්නේමය. දැකිය යුතු දහම් දකින්නේමය. උන්වහන්සේ දර්ශනයට පරිණායකයකු වූ බැවින් චක්ඛුභූතො ය. දැනගන්නා ලදී අරුතින් ඤාණභූතො ය. විපරීත නොවූ ස්වභාවාර්ථයෙන් පර්යාප්ති ධර්මය පවත්වන හෙයින් හදවතින් සිතා වදනින් නික්මුණු ධර්මය වූ හෙයින් ධම්මභූතො ය. ශ්‍රේෂ්ඨාර්ථයෙන් බ්රහ්මභූතො ය. නැතහොත් ඇසක් මෙන් වූයේනුයි ධම්මභූතො ය. බ්‍රහ්මයකු මෙන් වූයේනුයි බ්රහ්මභූතො ය. ඒ තථාගතයෝ ධර්මය දෙසූ හෙයින් හෝ පැවැත්වූ බැවින් (ධර්මයේ නිර්මාපකයා) වත්තා වේ. නානාප්‍රකාරයෙන් දෙසූ හෙයින් ද වූ බැවින් ද පවත්තා වේ. අර්ථය ගෙනහැර දක්වන හෙයින් නින්නෙතා වේ. අමාමහ නිවන අවබෝධ කරවනු සඳහා ප්‍රතිපත්ති දේශනා කරන හෙයින් හෝ නිවන ප්රකාශවන ධර්ම දේශනාවෙන් අමාමහ නිවනට සත්ත්වයන් පමුණුවන හෙයින් අමතස්සදාතා වේ. ලෝකෝත්තර ධමය උපදවන ලද බැවින්, හික්මවිය යුත්තන්ට ගැලපෙන අයුරින් සුවසේ ලෝක්කෝත්තර දහම් දීමෙන් ද ධර්මයෙහි ඉසුරු බව, ප්‍රධානත්වය පවත්වන්නේ නුයි ධම්මස්සාමි වේ. තථාගත පදය ඉහතින් විස්තර කර ඇත.
ඉදානි “ජානං ජානාතී”තිආදීහි වුත්තගුණං සබ්බඤ්ඤුතාය විසෙසෙත්වා දස්සෙතුකාමො සබ්බඤ්ඤුතං සාධෙන්තො “නත්ථී”තිආදිමාහ. එවංභූතස්ස හි තස්ස භගවතො පාරමිතාපුඤ්ඤඵලප්පභාවනිප්ඵන්නෙන අරහත්තමග්ගඤාණෙන සබ්බධම්මෙසු සවාසනස්ස සම්මොහස්ස විහතත්තා අසම්මොහතො සබ්බධම්මානං ඤාතත්තා අඤ්ඤාතං නාම නත්ථි. තථෙව ච සබ්බධම්මානං චක්ඛුනා විය ඤාණචක්ඛුනා දිට්ඨත්තා අදිට්ඨං නාම නත්ථි. ඤාණෙන පත්තත්තා අවිදිතං නාම නත්ථි. අසම්මොහසච්ඡිකිරියාය සච්ඡිකතත්තා අසච්ඡිකතං නාම නත්ථි. අසම්මොහපඤ්ඤාය ඵුට්ඨත්තා පඤ්ඤාය අඵස්සිතං නාම නත්ථි.
දැන් ජානං ජානාති ආදී වශයෙන් කියන ලද ගුණ, සර්වඥතා ඥානයෙන් විශේෂ කර දක්වනු කැමතිව සර්වඥත්වය ප්‍රකට කරවමින් නත්ථි යනාදිය කියන ලදී. මෙසේ වූ ඒ භාග්‍යවතුන් වහන්සේට, පාරමිතාවගේ පින් ඵල බලමහිමයෙන් නිපන් අර්හත් මාර්ග ඤාණයෙන් සියලු ධර්මයන්හි වාසනා ගුණ සහිත මෝහය නැසූ බැවින් මුලා නොවී සියලු දහම් දැනගත් බැවින් අඤ්ඤාතං නොදන්නා දෙයක් නම් නැත. එසේම සියලු දහම් මසැසින් මෙන් නැණ ඇසින් (නුවණැසින්) දක්නා ලද බැවින් අදිට්ඨං නොදුටුවක් නම් නැත. ඤාණයෙන් සම්බුද්ධත්වයට පැමිණි හෙයින් අවිදිතං නොදත් දෙයක් නම් නැත. නොමුළාව සාක්ෂාත් කරගැනීමෙන් සාක්ෂාත් කරගත් බැවින් අසච්ජිකතං (සාක්ෂාත් කරනොගත් දෙයක්) නම් නැත. නොමුළා ප්‍රඥාවෙන් ස්පර්ශ කරන ලද බැවින් ප්‍රඥාවෙන් අඵස්සිතං නම් නැත. (ස්පර්ශ නොකළ දෙයක්) නම් නැත. ප්‍රත්‍යුත්පන්න (වර්තමාන) කාලය හෝ ධර්මය හෝ,
පච්චුප්පන්නන්ති පච්චුප්පන්නං කාලං වා ධම්මං වා. උපාදායාති ආදාය, අන්තොකත්වාති අත්ථො. උපාදායවචනෙනෙව කාලවිනිමුත්තං නිබ්බානම්පි ගහිතමෙව හොති. “අතීතා”දිවචනානි ච “නත්ථී”තිආදිවචනෙනෙව ඝටියන්ති, “සබ්බෙ”තිආදිවචනෙන වා. සබ්බෙ ධම්මාති සබ්බසඞ්ඛතාසඞ්ඛතධම්මපරියාදානං. සබ්බාකාරෙනාති සබ්බධම්මෙසු එකෙකස්සෙව ධම්මස්ස අනිච්චාකාරාදිසබ්බාකාරපරියාදානං. ඤාණමුඛෙති ඤාණාභිමුඛෙ. ආපාථං ආගච්ඡන්තීති ඔසරණං උපෙන්ති. ජානිතබ්බන්ති පදං නෙය්යන්ති පදස්ස අත්ථවිවරණත්ථං වුත්තං.
පච්චුපන්නං යනු වේ. උපාදාය රැගෙන, ඇතුළත් කර යන අරුතයි. උපාදාය වචනයෙන් ම කාල විනිර්මුක්ත නිවණ ද ගන්නා ලද්දේමය. අතීතාදී වචන ද නත්ථි ආදී වචනයෙන් හෝ ‘සබ්බෙ’ යනාදී වචනවලින් හෝ ගටා අර්ථ ගතයුතුයි. සබ්බෙ ධම්මා සියලු සංඛත අසංඛත ධර්ම එකතුව. සබ්බාකාරෙන සියලු ධර්මයන් අතර එක් එක් ධර්මයෙක්හි අනිත්‍යාකාරය සියලු ආකාරයක් එක්කර ගැනීම යි. ඤාණමුඛෙ ඤාණයට අභිමුඛයේ (ඉදිරියේ). ආපාථං ආගච්ඡන්ති රැස්වීමට පැමිණෙති. ‘ජානිතබ්බ’ යන පදය ‘ඤෙය්‍ය’ යන පදයේ අර්ථ විවරණය සඳහා කියන ලදී.
අත්තත්ථො වාතිආදීසු වා-සද්දො සමුච්චයත්ථො. අත්තත්ථොති අත්තනො අත්ථො. පරත්ථොති පරෙසං තිණ්ණං ලොකානං අත්ථො. උභයත්ථොති අත්තනො ච පරෙසඤ්චාති සකිංයෙව උභින්නං අත්ථො. දිට්ඨධම්මිකොති දිට්ඨධම්මෙ නියුත්තො, දිට්ඨධම්මප්පයොජනො වා අත්ථො. සම්පරායෙ නියුත්තො, සම්පරායප්පයොජනො වා සම්පරායිකො. උත්තානොතිආදීසු වොහාරවසෙන වත්තබ්බො සුඛපතිට්ඨත්තා උත්තානො . වොහාරං අතික්කමිත්වා වත්තබ්බො සුඤ්ඤතාපටිසංයුත්තො දුක්ඛපතිට්ඨත්තා ගම්භීරො. ලොකුත්තරො අච්චන්තතිරොක්ඛත්තා ගූළ්හො. අනිච්චතාදිකො ඝනාදීහි පටිච්ඡන්නත්තා පටිච්ඡන්නො. අපචුරවොහාරෙන වත්තබ්බො යථාරුතං අග්ගහෙත්වා අධිප්පායස්ස නෙතබ්බතො නෙය්යො. පචුරවොහාරෙන වත්තබ්බො වචනමත්තෙනෙව අධිප්පායස්ස නීතත්තා නීතො. සුපරිසුද්ධසීලසමාධිවිපස්සනත්ථො තදඞ්ගවික්ඛම්භනවසෙන වජ්ජවිරහිතත්තා අනවජ්ජො. කිලෙසසමුච්ඡෙදනතො අරියමග්ගත්ථො නක්කිලෙසො. කිලෙසපටිප්පස්සද්ධත්තා අරියඵලත්ථො වොදානො. සඞ්ඛතාසඞ්ඛතෙසු අග්ගධම්මත්තා නිබ්බානං පරමත්ථො. පරිවත්තතීති බුද්ධඤාණස්ස විසයභාවතො අබහිභූතත්තා අන්තොබුද්ධඤාණෙ බ්යාපිත්වා වා සමන්තා වා අලඞ්කරිත්වා වා විසෙසෙන වා වත්තති.
අත්තත්ථො වා යනාදියෙහි ‘වා’ ශබ්දය සමුච්චයාර්ථයේ යෙදේ. අත්තත්ථො යනු ආත්මාර්ථයයි. තමාගේ යහපතයි. පරත්ථො යනු සෙසු තුන් ලෝකයාගේම යහපත. උභයත්ථො තමාගේ ද අනුන්ගේ ද යනුවෙන් එක්වරම මේ දෙපිරිසේම යහපත සැලසීම. දිට්ඨධම්මිකො දුටු දහමෙහි නියුක්ත, මෙලොව ප්‍රයෝජන දෙන අර්ථය. පරලොව නියුක්ත, පරලොව ප්‍රයෝජන ඇති සම්පරායිකො වේ. උත්තාතො යනාදියෙහි ව්‍යවහාර වශයෙන් කිවයුතුය. සුවසේ වැටහෙන හෙයින් උත්තානො වේ. ව්‍යවහාරය ඉක්මවා පැවතිය යුතු, ශූන්‍යතා ප්‍රතිසංයුක්ත දුකසේ අවබෝධ කරගත යුතු හෙයින් ගම්භීරො ලොකුත්තරො වේ. අතිශයින් ආර්ය මාර්ගයේම පවතින හෙයින් ගූළ්හො වේ. අනිත්‍යාදී මෝහ ඝනාන්ධකාරයෙන් වැසුණු හෙයින් පටිච්ඡන්නො වේ. අල්ප වූ ව්‍යවහාරයෙන් කැමති පරිදි නොගෙන අදහසට පැමිණවිය යුතු හෙයින් නෙය්යාර්ථයෙන් නෙය්යො වේ. බහුල ව්‍යවහාරයෙන් කිවයුතු වචන මාත්‍රයෙන්ම අදහසට පැමිණ වූ හෙයින් නීත වේ. ඉතා පිරිසිදු සීල සමාධි විදර්ශනා අර්ථ ඇති, තදංග විෂ්කම්භන අර්ථයෙන් වරදින් මිදුණු හෙයින් අනවජ්ජො වේ. කෙලෙස් සහමුලින් සිඳ දැමීමෙන් ආර්ය මාර්ගාර්ථයෙන් නික්කලෙසො වේ. කෙලෙසුන්ගෙන් පිරිසිදු කරන බැවින් ආර්ය ඵල අර්ථයෙන් වොදානො වේ. සංඛත, අසංඛත ධර්මයන්හි අග්‍ර ධර්ම වන බැවින් නිර්වාණය පරමාර්ථයයි. පරිවත්තති යනු බුද්ධ ඤාණයට විෂය වන හෙයින් බාහිර නොවූ හෙයින්, බුද්ධ ඤාණය තුල පැතිරී හෝ හාත්පස හෝ අලංකාර කර හෝ විශේෂයෙන් පවතීනුයි පරිවත්තතියි.
“සබ්බං කායකම්ම”න්තිආදීහි භගවතො ඤාණවිසයතං දස්සෙති. ඤාණානුපරිවත්තීති ඤාණං අනුපරිවත්ති, ඤාණවිරහිතං න හොතීති අත්ථො. අප්පටිහතන්ති නිරාවරණතං දස්සෙති. පුන සබ්බඤ්ඤුතං උපමාය සාධෙතුකාමො “යාවතක”න්තිආදිමාහ. තත්ථ ජානිතබ්බන්ති නෙය්‍යං. නෙය්යපරියන්තො නෙය්යාවසානමස්ස අත්ථීති නෙය්යපරියන්තිකං. අසබ්බඤ්ඤූනං පන නෙය්යාවසානමෙව නත්ථි. ඤාණපරියන්තිකෙපි එසෙව නයො. පුරිමයමකෙ වුත්තත්ථමෙව ඉමිනා යමකෙන විසෙසෙත්වා දස්සෙති , තතියයමකෙන පටිසෙධවසෙන නියමෙත්වා දස්සෙති. එත්ථ ච නෙය්‍යං ඤාණස්ස පථත්තා නෙය්‍යපථො. අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනොති නෙය්‍යඤ්ච ඤාණඤ්ච ඛෙපෙත්වා ඨානතො අඤ්ඤමඤ්ඤස්ස පරියන්තෙ ඨානසීලා.
සබ්බං කාය කම්මං ආදියෙන් භාග්‍යවතුන් වහන්සේගේ ඤාණ විෂයතාව දක්වයි. ඤාණානු පරිවත්තති ඤාණය අනුව පවතියි. ඤාණ විරහිතව නොපවතියි යන අර්ථයයි. අප්පතිහතං නිරාවරණතාව දක්වයි. නැවත සර්වඥත්වය උපමාවකින් දක්වනු කැමතිව යාවතකං යනාදිය කියන ලදී. එහි දතයුතුයැයි ඤෙය්යං, දතයුතු දෙය අවසානයට ම, කෙළවරටම දත් බැවින් ඤෙය්‍ය පරිවන්තිකං. අසර්වඥයන්ට වනාහි ඤෙය්යාවසානයක් නම් නැත. ඤාණ පරියන්තිකං යනාදියෙහි ද මේ ක්‍රමයමයි. පළමු යුගලයෙහි පැවසූ අර්ථයම මේ යුගලයෙන් විශේෂ කර දැක්විණි. තෙවැනි යුගලයෙන් ප්රතිශේෂ වශයෙන් වලක්වා දැක්වීය. මෙහි ද ඤෙය්‍ය ඤාණයට පථ වන බැවින් ඤෙය්‍ය පථො. අඤ්ඤමඤ්ඤ පරියන්තට්ඨායිනො ඤෙය්‍ය ද ඤාණය ද ඔවුනොවුන් මැඩපවත්වා සිටීමෙන්, ඔවුනොවුන්ගේ කෙළවරෙහි සිටින ස්වභාවයෙන්.
ආවජ්ජනපටිබද්ධාති මනොද්වාරාවජ්ජනායත්තා, ආවජ්ජිතානන්තරමෙව ජානාතීති අත්ථො. ආකඞ්ඛපටිබද්ධාති රුචිආයත්තා , ආවජ්ජනානන්තරං ජවනඤාණෙන ජානාතීති අත්ථො. ඉතරානි ද්වෙ පදානි ඉමෙසං ද්වින්නං පදානං යථාක්කමෙන අත්ථප්පකාසනත්ථං වුත්තානි. ආසයං ජානාතීති එත්ථ ආසයන්ති නිස්සයන්ති එත්ථාති ආසයො, මිච්ඡාදිට්ඨියා සම්මාදිට්ඨියා කාමාදීහි නෙක්ඛම්මාදීහි වා පරිභාවිතස්ස සන්තානස්සෙතං අධිවචනං. සත්තසන්තානං අනුසෙන්ති අනුපවත්තෙන්තීති අනුසයා, ථාමගතානං කාමරාගාදීනංව එතං අධිවචනං. අනුසයං ජානාතීති අනුසයකථා හෙට්ඨා වුත්තායෙව.
ආවජ්ජන පටිබද්ධා. මනෝද්වාරාවර්ජනයට අයත් සිත ආවර්ජිතයට අනතුරුව ම (වහාම) දැනගනියි යන අර්ථයයි. ආකංඛන පටිබද්ධා රුචියට අයත්ය. ආවර්ජනයට අනතුරුව ජවන ඤාණයෙන් දැනගනියි යන අර්ථයයි. සෙසු නිද්දේස පද මේ දෙපදයේ සුදුසු පරිදි අර්ථ ප්රකාශනයට කියන ලදී. ආසයං ජානාති මෙහි ආසය යනු සිතේ පවත්නා ආකාරයයි. කාමාදියෙන් හෝ නෙක්ඛම්මාදියෙන් හෝ වඩන ලද මිච්ඡාදිට්ඨි හෝ සම්මාදිට්ඨි සන්තානයට මේ තවත් වචනයකි. ඒ සන්තානයේ රහසිගතව, අප්රකටව පවතීනුයි අනුසයා බලවත් වූ කාමරාගාදියට මේ තවත් නමකි. අනුසයං ජානාති අනුසය කථාව ඉහත කියන ලද පරිදිමය.
චරිතන්ති පුබ්බෙ කතකුසලාකුසලකම්මං. අධිමුත්තින්ති සම්පති කුසලෙ අකුසලෙ වා චිත්තවොසග්ගො. අප්පරජක්ඛෙති පඤ්ඤාමයෙ අක්ඛිම්හි අප්පං රාගාදිරජො එතෙසන්ති අප්පරජක්ඛා. අප්පං රාගාදිරජො එතෙසන්ති වා අප්පරජක්ඛා, තෙ අප්පරජක්ඛෙ. මහාරජක්ඛෙති ඤාණමයෙ අක්ඛිම්හි මහන්තං රාගාදිරජො එතෙසන්ති මහාරජක්ඛා. මහන්තං රාගාදිරජො එතෙසන්ති වා මහාරජක්ඛා, තෙ මහාරජක්ඛෙ. තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙති තික්ඛානි සද්ධාදීනි ඉන්ද්රියානි එතෙසන්ති තික්ඛින්ද්රියා. මුදූනි සද්ධාදීනි ඉන්ද්රියානි එතෙසන්ති මුදින්ද්රියා. ස්වාකාරෙ ද්වාකාරෙති සුන්දරා සද්ධාදයො ආකාරා කොට්ඨාසා එතෙසන්ති ස්වාකාරා. කුච්ඡිතා ගරහිතා අසද්ධාදයො ආකාරා කොට්ඨාසා එතෙසන්ති ද්වාකාරා. සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙති යෙ කථිතං කාරණං සල්ලක්ඛෙන්ති සුඛෙන සක්කා හොන්ති විඤ්ඤාපෙතුං, තෙ සුවිඤ්ඤාපයා. තබ්බිපරීතා දුවිඤ්ඤාපයා. භබ්බාභබ්බෙති භබ්බෙ ච අභබ්බෙ ච. අරියාය ජාතියා භවන්ති ජායන්තීති භබ්බා. වත්තමානසමීපෙ වත්තමානවචනං. භවිස්සන්ති ජායිස්සන්ති වාති භබ්බා, භාජනභූතාති අත්ථො. යෙ අරියමග්ගපටිවෙධස්ස අනුච්ඡවිකා උපනිස්සයසම්පන්නා, තෙ භබ්බා. වුත්තපටිපක්ඛා අභබ්බා.
චරිතං යනු පෙර කරන ලද කුසලයන්ගේ කුසල කර්ම. අධිමුත්තිං කුසලයේ හෝ අකුසලයේ හෝ පවතින සිත අත්හැරීම. අප්පරජක්ඛෙ යනු ප්‍රඥාමය වූ ඇසෙහි අල්ප වූ රාගාදී රජස් මොවුන්ට ඇත්තේනුයි අප්පරජක්ඛ නම් වේ. නැතහොත් අල්ප වූ රාගාදී රජස් මොවුන්ට ඇත්තේනුයි අපරජක්ඛ නම් වේ. මහාරජක්ඛෙ යනු ඤාණමය ඇසෙහි මහත් වූ රාගාදී රජස් ඇත්තේනුයි මහාරජක්ඛ නම් වේ. නැතහොත් මහත් වූ රාගාදී රජස් මොවුන්ට ඇත්තේනුයි හෝ මහා රජක්ඛ නම් වේ. තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ තියණු වූ ශ්‍රද්ධාදී ඉන්ද්රිය මොවුන්ට ඇත්තේනුයි තික්ඛින්ද්රිය නම් වේ. මෘදු වූ ශ්‍රද්ධාදී ඉන්ද්රිය මොවුන්ට ඇත්තේනුයි මුදින්ද්රිය නම් වේ. ස්වාකාරෙ ද්වාකාරෙ සුන්දර වූ ශ්‍රද්ධාදී ආකාර කොට්ඨාස මොවුන්ට ඇත්තේනුයි ‘ස්වාකාර’ නම් වේ. නින්දිත, ගරහිත, අශ්රද්ධාදී ආකාර කොට්ඨාසයෝ මොවුන්ට ඇත්තේනුයි ‘ද්වාකාර’ නම් වේ. සුවිඤ්ඤා පයෙ දුවිඤ්ඤාපයෙ යමෙක් කියූ කාරණය සළකා බලත් ද සුවසේ අවබෝධ කරගැනීමට හැකිවෙත් ද ඔවුහු ‘සුවිඤ්ඤාපය’ නම් වේ. ඊට විරුද්ධ වූයේ ‘දුවිඤ්ඤාපය’ නම් වේ. භබ්බාභබ්බෙ භබ්බයන්ද අභබ්බයන්ද, ආර්ය ජාතියේ වෙති. උපදිත්නුයි ‘භබ්බ’ නම් වේ. සමීපයේ පවතින හෙයින් වර්තමාන වචනයකි. වන්නෝය. උපදින්නෝය යන අරුතින් ද භබ්බ නම් වේ. ‘බඳුන් වූ’ යන අරුතයි. යමෙක් ආර්ය මාර්ගාවබෝධය ලැබීමට යෝග්‍ය වූ උපනිශ්‍රය සම්පත්තියෙන් යුක්ත ද ඔවුහු ‘භබ්බ’ නම් වෙති. මෙකී ක්‍රමයට විරුද්ධ වූවෝ ‘අභබ්බ’ නම් වෙති.
සත්තෙ පජානාතීති රූපාදිකෙ ආරම්මණෙ ලග්ගෙ ලග්ගිතෙ සත්තෙ පජානාති. සදෙවකො ලොකොති සහ දෙවෙහි සදෙවකො. සහ මාරෙන සමාරකො. සහ බ්රහ්මුනා සබ්රහ්මකො. සහ සමණබ්රාහ්මණෙහි සස්සමණබ්රාහ්මණී. පජාතත්තා පජා. සහ දෙවමනුස්සෙහි සදෙවමනුස්සා. “පජා”ති සත්තලොකස්ස පරියායවචනමෙතං. තත්ථ සදෙවකවචනෙන පඤ්චකාමාවචරදෙවග්ගහණං, සමාරකවචනෙන ඡට්ඨකාමාවචරදෙවග්ගහණං. සබ්රහ්මකවචනෙන බ්රහ්මකායිකාදිබ්රහ්මග්ගහණං. සස්සමණබ්රාහ්මණීවචනෙන සාසනස්ස පච්චත්ථිකපච්චාමිත්තසමණබ්රාහ්මණග්ගහණං සමිතපාපබාහිතපාපසමණබ්රාහ්මණග්ගහණඤ්ච. පජාවචනෙන සත්තලොකග්ගහණං. සදෙවමනුස්සවචනෙන සම්මුතිදෙවඅවසෙසමනුස්සග්ගහණං. එවමෙත්ථ තීහි පදෙහි ඔකාසලොකො. ද්වීහි පජාවසෙන සත්තලොකො ගහිතොති වෙදිතබ්බො.
සත්තෙ පජානාති යනු රූපාදී අරමුණු එළඹි කල්හි ලග්න වූ (ඇලුණු) සත්ත්වයන් දැනගනියි. සදෙවකො ලොකො, දෙවියන් සහිත වූයේ සදේවක නමි. මාරයා සමග සමාරකො, බ්‍රහ්මයන් සමග සබ්රහ්මකො ශ්‍රමණ බ්‍රාහ්මණයන් සමග සස්සමණ බ්රාහ්මණී ප්‍රජාව වූ බැවින් පජා දෙව් මිනිසුන් සමග සදෙවමනුස්සා ‘පජා’ යනු සත්ත්ව ලෝකයාට යෙදුණු තවත් නමකි. මෙහි සදේවක වචනයෙන් කාමාවචර දිව්‍ය ලෝක (මුල්) පහේ දේව සමූහයා අදහස් විය. සමාරක වචනයෙන් සයවන කාමාවචර දිව්‍ය ලෝකයේ දේව සමූහයා අදහස් විය. සබ්‍රහ්ම යන වචනයෙන් බ්‍රහ්ම කායිකාදී ක්‍රම සමූහයා අදහස් විය. සස්සමණ බ්‍රාහ්මණ වචනයෙන් සසුනට සතුරු වූ පසමිතුරු වූ ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයා ද සන්සිඳ වූ පවු ඇති, බහා තැබූ පාප ධර්ම ඇති ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයාද අදහස් විය. පජා වචනයෙන් සත්ත්ව ලෝකයාම අදහස් විය. සදෙවමනුස්ස වචනයෙන් සම්මුති දෙවියන් ද අවශේෂ මනුෂ්‍ය සමූහයා ද අදහස් විය. මෙසේ මෙතැනදී යෙදු මුල් පද තුනින් අවකාශ ලෝකයා ද ප්‍රජා වශයෙන් පද දෙකකින් සත්ත්ව ලෝකයාද ගන්නා ලදැයි දතයුතුයි.
අපරො නයො – සදෙවකග්ගහණෙන අරූපාවචරලොකො ගහිතො, සමාරකග්ගහණෙන ඡකාමාවචරලොකො, සබ්රහ්මකග්ගහණෙන රූපාවචරබ්රහ්මලොකො, සස්සමණබ්රාහ්මණාදිග්ගහණෙන චතුපරිසවසෙන සම්මුතිදෙවෙහි වා සහ මනුස්සලොකො, අවසෙසසබ්බසත්තලොකො වා. අපි චෙත්ථ සදෙවකවචනෙන උක්කට්ඨපරිච්ඡෙදතො සබ්බස්සපි ලොකස්ස අන්තොබුද්ධඤාණෙ පරිවත්තනභාවං සාධෙති. තතො යෙසං සියා “මාරො මහානුභාවො ඡකාමාවචරිස්සරො වසවත්තී, කිං සොපි අන්තොබුද්ධඤාණෙ පරිවත්තතී”ති. තෙසං විමතිං විධමෙන්තො “සමාරකො”ති ආහ. යෙසං පන සියා “බ්රහ්මා මහානුභාවො, එකඞ්ගුලියා එකස්මිං චක්කවාළසහස්සෙ ආලොකං ඵරති. ද්වීහි…පෙ… දසහි අඞ්ගුලීහි දසසු චක්කවාළසහස්සෙසු ආලොකං ඵරති, අනුත්තරඤ්ච ඣානසමාපත්තිසුඛං පටිසංවෙදෙති, කිං සොපි අන්තොබුද්ධඤාණෙ පරිවත්තතී”ති. තෙසං විමතිං විධමෙන්තො “සබ්රහ්මකො”ති ආහ. තතො යෙසං සියා “පුථූ සමණබ්රාහ්මණා සාසනපච්චත්ථිකා, කිං තෙපි අන්තොබුද්ධඤාණෙ පරිවත්තන්තී”ති. තෙසං විමතිං විධමෙන්තො “සස්සමණබ්රාහ්මණී පජා”ති ආහ.
මේ තවත් ක්රමයකි. ‘සදේවක’ වචනයෙන් අරූපාවචර ලෝක අදහස් වේ. ‘සමාර’ වචනයෙන් කාමාවචර දිව්‍යලෝක අදහස් වේ. ‘සබ්‍රහ්ම’ වචනයෙන් රූපාවචර බ්‍රහ්මලෝක අදහස් වේ. සස්සමණ බ්‍රාහ්මණ ග්රහණයෙන් සිවුපිරිස වශයෙන් සම්මුති දෙවියන් සහිතව මනුෂ්‍ය ලෝකයා හෝ අවශේෂ සත්ත්ව ලෝකයා හෝ අදහස් වේ. තවද මෙහිදී සදේවක’ වචනයෙන් උත්කෘෂ්ට පරිච්ඡේදයෙන් සියලුම ලෝකය බුද්ධ ඤාණයෙහි ඇතුලත්ව පරිවර්තනය වන බව දක්වයි. ඉක්බිති මේ වසවත් මාරයා මහානුභාව සම්පන්නය. සදෙව් ලොවෙහි ම ඉසුරුමත් බව (ප්‍රධානත්වය) දරයි. ඔහුත් මේ බුද්ධ ඤාණයෙහි ඇතුලත් වේද, යන විමතිය දුරුකරනු සඳහා ‘සමාරකො’ යැයි කියන ලදී. මේ මහා බ්‍රහ්මයාද මහානුභාව සම්පන්නය. ඔහු එක ඇඟිල්ලෙන් සක්වළ එක් දහසක් ආලෝකමත් කිරීමට සමර්ථ වේ. ඇඟිලි දෙකකින් සක්වළ දෙදහසක් -පෙ- දසැඟිල්ලෙන් සක්වල දස දහසක් ආලෝකය පතුරුවයි. අනුත්තර වූ ධ්‍යාන සමවත් සුවයද විඳියි. කිම මේ මහා බ්‍රහ්මයාත් බුද්ධ ඤාණයට ඇතුලත් වන්නේද? යන විමතිය දුරුකරනු සඳහා ‘සබ්රහ්මකො’ යන වදන කියන ලදී. ඉක්බිති මේ බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, බුදුසසුනට විරුද්ධ වූවෝ වෙත් ද ඔවුහු ද බුද්ධඤාණයේ ඇතුලත් වේද, යන විමතිය දුරුකරනු සඳහා ‘සස්සමණ බ්රාහ්මණී පජා’ යැයි කියන ලදී.
එවං උක්කට්ඨානං අන්තොබුද්ධඤාණෙ පරිවත්තනභාවං පකාසෙත්වා අථ සම්මුතිදෙවෙ අවසෙසමනුස්සෙ ච උපාදාය උක්කට්ඨපරිච්ඡෙදවසෙන සෙසසත්තලොකස්ස අන්තොබුද්ධඤාණෙ පරිවත්තනභාවං පකාසෙන්තො “සදෙවමනුස්සා”ති ආහ. අයමෙත්ථ අනුසන්ධික්කමො. පොරාණා පනාහු “සදෙවකොති දෙවතාහි සද්ධිං අවසෙසලොකො. සමාරකොති මාරෙන සද්ධිං අවසෙසලොකො. සබ්රහ්මකොති බ්රහ්මෙහි සද්ධිං අවසෙසලොකො. එවං සබ්බෙපි තිභවූපගෙ සත්තෙ තීහාකාරෙහි තීසු පදෙසු පක්ඛිපිත්වා පුන ද්වීහාකාරෙහි පරියාදාතුං ‘සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා’ති වුත්තං. එවං පඤ්චහි පදෙහි තෙන තෙන ආකාරෙන තෙධාතුකමෙව පරියාදින්නං හොතී”ති.
මෙසේ උත්කෘෂ්ටයන්ගේ බුද්ධඤාණයෙහි ඇතුලත් වන බව පවසා, අනතුරුව සම්මුති දෙවියන්ද අවශේෂ මනුෂ්‍යයන් ද ගෙන, ඉතා උසස් (උත්කෘෂ්ට) වෙන්කිරීම් වශයෙන් සෙසු සත්ත්ව ලෝකයා ද බුද්ධඤාණයෙහි ඇතුලත්ව පෙරළෙන බව ප්‍රකාශ කරමින් සදේවමනුස්සා යන්න කියන ලදී. මේ දැක්වූයේ මෙහි අනුසන්ධි ක්‍රමයයි. පොරාණාචාර්යවරු මෙසේ කියති. සදෙවකො යනු දෙවියන් සමග අවශේෂ ලෝකයායි. සමාරකො යනු මාරයා සහිත අවශේෂ ලෝකයායි. සබ්රහ්මකො බ්‍රහ්මයන් සමග අවශේෂ ලෝකයායි. මෙසේ සියලුම ත්‍රිවිධ ලෝකයට අයත් සත්ත්වයන් තුන් ආකාරයකින්, ත්‍රිවිධ පදයන්හි බහා නැවත දෙපරිද්දෙකින් සංග්‍රහ කරමින් සස්සමණබ්රාහ්මණී පජා සදෙව මනුස්සා යි කියන ලදී. මෙසේ මේ පද පහෙන් ඒ ඒ ආකාරයෙන් ත්‍රෛධාතුක බවම හාත්පසින් ගන්නා ලද්දේ වේ.
අන්තමසොති උපරිමන්තෙන. තිමිතිමිඞ්ගලන්ති එත්ථ තිමි නාම එකා මච්ඡජාති, තිමිං ගිලිතුං සමත්ථා තතො මහන්තසරීරා තිමිඞ්ගලා නාම එකා මච්ඡජාති, තිමිඞ්ගලම්පි ගිලිතුං සමත්ථා පඤ්චයොජනසතිකසරීරා තිමිතිමිඞ්ගලා නාම එකා මච්ඡජාති. ඉධ ජාතිග්ගහණෙන එකවචනං කතන්ති වෙදිතබ්බං. ගරුළං වෙනතෙය්යන්ති එත්ථ ගරුළොති ජාතිවසෙන නාමං. වෙනතෙය්යොති ගොත්තවසෙන. පදෙසෙති එකදෙසෙ. සාරිපුත්තසමාති සබ්බබුද්ධානං ධම්මසෙනාපතිත්ථෙරෙ ගහෙත්වා වුත්තන්ති වෙදිතබ්බං. සෙසසාවකා හි පඤ්ඤාය ධම්මසෙනාපතිත්ථෙරෙන සමා නාම නත්ථි. යථාහ – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං මහාපඤ්ඤානං යදිදං සාරිපුත්තො”ති (අ· නි· 1.188-189). අට්ඨකථායඤ්ච (විසුද්ධි· 1.171; පටි· ම· අට්ඨ· 2.3.5) වුත්තං –
අන්තමසො උපරිම භාවයෙන් තිමිතිමිංගල යන මෙහි තිමි යනු එක්තරා මත්ස්‍ය වර්ගයකි. තිමියකු ගිලීමට සමර්ථ වූ ඉතා මහත් ශරීර ඇති තිමිංගල නම් මත්ස්‍ය වර්ගයක් ද ඇත. මේ තිමිංගලයකු ද ගිලීමට සමර්ථ වූ යොදුන් පන්සීයක් පමණ වූ ශරීරයක් ඇති නිමිතිමිංගල නම් මත්ස්‍ය වර්ගයක් ද ඇත. මෙහි ජාති ග්‍රහණය නිසා ඒකවචනයෙන් තැබූ බව දතයුතුයි. ගරුළං වෙනතෙය්යං යන මෙහි ‘ගරුළො’ යනු ජාති වශයෙන් තැබූ නමයි. ‘වෙනතෙය්‍ය’ යනු ගෝත්‍ර නාමයයි. වෛනතේය ගුරුළු රජහු. පදෙසෙ එක් පෙදෙසක. සාරිපුත්ත සමා සියලු බුදුවරුන්ගේ ධර්ම සේනාපති තෙරුන් වහන්සේ අදහස් කරමින් මෙය කී බව දතයුතුයි. සෙසු ශ්‍රාවකයන් අතර දම් සෙනෙවි තෙරුන්ට සමානයෙක් නම් නැත. එනිසා කියන ලදී. ‘මහණෙනි, මගේ මහා ප්‍රඥා සම්පන්න භික්ෂු ශ්‍රාවකයන් අතරින් සාරිපුත්ත අග්‍ර වේ’ යනුයි. අට්ඨකථාවෙහි ද කියන ලදී.
“ලොකනාථං ඨපෙත්වාන, යෙ චඤ්ඤෙ සන්ති පාණිනො; පඤ්ඤාය සාරිපුත්තස්ස, කලං නාග්ඝන්ති සොළසි”න්ති.
ලොකනාථො ඨපෙත්වාන යෙ චඤ්ඤෙ සන්ති පාණිනො, පඤ්ඤාය සාරිපුත්තස්ස කලං නාග්ඝන්ති සොලසිං
ලෝකනාථයන් වහන්සේ හැර සෙසු තුන්ලොවෙහිම වසන සත්ත්වයෝ සාරිපුත්ත තෙරුන්ගේ ප්‍රඥාවෙන් සොළොස් කලාවෙන් එකකටවත් (දාසයෙන් එකකටවත්) සම නොවෙති.
ඵරිත්වාති බුද්ධඤාණං සබ්බදෙවමනුස්සානම්පි පඤ්ඤං පාපුණිත්වා ඨානතො තෙසං පඤ්ඤං ඵරිත්වා බ්යාපිත්වා තිට්ඨති. අභිභවිත්වාති සබ්බදෙවමනුස්සානම්පි පඤ්ඤං අතික්කමිත්වා, තෙසං අවිසයභූතම්පි සබ්බං නෙය්‍යං අභිභවිත්වා තිට්ඨතීති අත්ථො.
ඵරිත්වා යනු බුද්ධ ඤාණය සියලු දෙව් මිනිසුන්ගේ ප්‍රඥාවට පැමිණ සිටීම් වශයෙන් ඔවුන් කෙරෙහි ප්‍රඥාව පතුරුවා සිටියි. අභිභවිත්වා සියලු දෙව් මිනිසුන්ගේ ද ප්‍රඥාව ඉක්මවා ඒවාට විෂය වූ සියල්ල අභිභවනය කර සිටියි යන අර්ථයයි.
පටිසම්භිදායං (පටි· ම· 3.5) පන “අතිඝංසිත්වා”ති පාඨො, ඝංසිත්වා තුදිත්වාති අත්ථො. යෙපි තෙතිආදීහි එවං ඵරිත්වා අභිභවිත්වා ඨානස්ස පච්චක්ඛකාරණං දස්සෙති. තත්ථ පණ්ඩිතාති පණ්ඩිච්චෙන සමන්නාගතා . නිපුණාති සණ්හසුඛුමබුද්ධිනො සුඛුමෙ අත්ථන්තරෙ පටිවිජ්ඣනසමත්ථා. කතපරප්පවාදාති විඤ්ඤාතපරප්පවාදා චෙව පරෙහි සද්ධිං කතවාදපරිචයා ච. වාලවෙධිරූපාති වාලවෙධිධනුග්ගහසදිසා. වො භින්දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානීති වාලවෙධී විය වාලං සුඛුමානිපි පරෙසං දිට්ඨිගමනානි අත්තනො පඤ්ඤාගමනෙන භින්දන්තා විය චරන්තීති අත්ථො. අථ වා “ගූථගතං මුත්තගත”න්තිආදීසු (අ· නි· 9.11) විය පඤ්ඤා එව පඤ්ඤාගතං. දිට්ඨියො එව දිට්ඨිගතානි. පඤ්හෙ අභිසඞ්ඛරිත්වා අභිසඞ්ඛරිත්වාති ද්විපදම්පි තිපදම්පි චතුපදම්පි පුච්ඡං රචයිත්වා තෙසං පඤ්හානං අතිබහුකත්තා සබ්බසඞ්ගහත්ථං ද්වික්ඛත්තුං වුත්තං. ගූළ්හානි ච පටිච්ඡන්නානි ච අත්ථජාතානීති පාඨසෙසො. තෙසං තථා විනයං දිස්වා අත්තනා අභිසඞ්ඛතං පඤ්හං පුච්ඡන්තීති එවං භගවතා අධිප්පෙතත්තා පඤ්හං පුච්ඡන්ති. අඤ්ඤෙසං පන පුච්ඡාය ඔකාසමෙව අදත්වා භගවා උපසඞ්කමන්තානං ධම්මං දෙසෙති. යථාහ –
පටිසම්භිදාප්පකරණයෙහි ‘අතිඝංසිත්වා’ යි පාඨයක් එයි. හප්පවා, පතුරුවා යන අර්ථයයි. යෙපිතෙ යනාදියෙන් මෙසේ බුද්ධඤාණය පතුරුවා අභිබවා සිටීමට ප්රත්යක්ෂ කාරණා දක්වයි. එහි පණ්ඩිතා යනු පාණ්ඩිත්‍යයෙන් යුක්ත වූ. නිපුණ සියුම්, තියුණු බුද්ධියකින්, සියුම් අර්ථාන්තරයන්හි විනිවිද යෑමට සමත් වූ. කත පරප්පවාදා අනුන්ගේ වාදයන් දැනීම මෙන්ම අනුන් සමග කරන ලද වාදයන්හි පළපුරුදු බව ඇති. වාලවෙධිරූපා වල්විදුනා දුනුවායන් සමවූ. වොහින්දන්තා මඤ්ඤෙචරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි ‘ඉතා සියුම් කෙස් රොදට විදින්නාක් මෙන් අනුන්ගේ දෘෂ්ටි ගමනයත් තමාගේ ප්‍රඥා ගමනයෙන් බිඳින්නාක් මෙන් හැසිරෙති’ යන අර්ථයයි. නැතහොත් ‘ගූථගතං මුත්තගතං’ යනාදියෙහි මෙන් ප්‍රඥාව වූයේ ම පඤ්ඤාගතං වේ. දෘෂ්ඨිය වූයේ දිට්ඨගතානි. පඤ්හෙ අභිසංඛරිත්වා අභිසංඛරිත්වා ප්‍රශ්න දෙපදයක්, තුන්පදයක්, සිවුපදයක් ලෙස සකසාගෙන, ඒ ප්රශ්නයන්ගේ ඉතා බහුල භාවයෙන් සියල්ල සංග්‍රහ කරනු සඳහා දෙවරක් කියන ලදී. ගූළ්හානි ච පටිච්ඡන්නානි ච අත්ථජාතානි ච යනු සෙසු පාඨයයි. ඔවුන්ගේ හික්මීම දැක, ‘තමා විසින් සකසාගෙන ආ පන විචාරත්වා’යි බුදුහු අවසර දෙන සේක. ඒ අවසරයෙන් ඔවුහු ප්‍රශ්න විමසති. සෙස්සන්ට තම ප්‍රශ්න ඇසීමට අවසරයක්වත් නොදී, බුදුහු ඔවුන් පැමිණිවිටම ධර්මය දේශනා කරන සේක. එනිසා කියන ලදී –
“තෙ පඤ්හං අභිසඞ්ඛරොන්ති ‘ඉමං මයං පඤ්හං සමණං ගොතමං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාම, සචෙ නො සමණො ගොතමො එවං පුට්ඨො එවං බ්යාකරිස්සති, එවමස්ස මයං වාදං ආරොපෙස්සාම, එවං චෙපි නො පුට්ඨො එවං බ්යාකරිස්සති, එවම්පිස්ස මයං වාදං ආරොපෙස්සාමා’ති. තෙ සුණන්ති ‘සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසටො’ති. තෙ යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමන්ති. තෙ සමණො ගොතමො ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ සමණෙන ගොතමෙන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා න චෙව සමණං ගොතමං පඤ්හං පුච්ඡන්ති, කුතොස්ස වාදං ආරොපෙස්සන්ති, අඤ්ඤදත්ථු සමණස්සෙව ගොතමස්ස සාවකා සම්පජ්ජන්තී”ති (ම· නි· 1.289).
‘අපි ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත ගොස් මේ ප්රශ්නය විමසන්නෙමු. එසේ ඇසුවා වූ අපගේ ප්රශ්නය ශ්‍රමණ භවත් ගෞතමයෝ මෙසේ විසඳති. එවිට අපි ඔහුට මෙසේ වාද ආරෝපණය කරන්නෙමු. ඉදින් මෙසේ පිළිතුරු දුනහොත් ඔහුට විරුද්ධව මේ ආකාරයෙන් අපි වාදාරෝපණය කරන්නෙමු’ යනුවෙන් අන්‍යාගමිකයෝ මුලදීම ප්‍රශ්න හා පිළිතුරු සකස් කරගනිති. මෙසේ සකසාගත් ප්‍රශ්න රැගෙන ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත යන ඔවුන් පිළිගන්නා බුදුපියාණෝ, දැහැමි කථාවෙන් ඔවුන්ට කරුණු දක්වති. සමාදන් කරවති. උත්තේජනයක් ඇතිකරති. සතුටට පත්කරති. මෙසේ ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, උත්තේජනයට පත්කරන ලද, සතුටට පත්කරන ලද ඔවුහු සකසාගෙන ආ එකදු ප්‍රශ්නයක්වත් ගෞතමයන්ගෙන් නො අසති. එහෙයින් වාදාරෝපණය කිරීමක් කෙසේ සිදුවේද? ඔවුහු ඒකාන්තයෙන්ම ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණෙති.’ එනිසා ඇතැම්හු ප්‍රශ්න නො අසති.
කස්මා පඤ්හෙ න පුච්ඡන්තීති චෙ? භගවා කිර පරිසමජ්ඣෙ ධම්මං දෙසෙන්තො පරිසාය අජ්ඣාසයං ඔලොකෙති, තතො පස්සති “ඉමෙ පණ්ඩිතා ගූළ්හං රහස්සං පඤ්හං ඔවට්ටිකසාරං කත්වා ආගතා”ති. සො තෙහි අපුට්ඨොයෙව “පඤ්හපුච්ඡාය එත්තකා දොසා, විස්සජ්ජනෙ එත්තකා, අත්ථෙ, පදෙ, අක්ඛරෙ එත්තකාති; ඉමං පඤ්හං පුච්ඡන්තො එවං පුච්ඡෙය්ය, විස්සජ්ජෙන්තො එවං විස්සජ්ජෙය්යා”ති; ඉති ඔවට්ටිකසාරං කත්වා ආනීතෙ පඤ්හෙ ධම්මකථාය අන්තරෙ පක්ඛිපිත්වා දස්සෙති. තෙ පණ්ඩිතා “සෙය්යා වත නො, යෙ මයං ඉමෙ පඤ්හෙ න පුච්ඡිම්හා. සචෙපි මයං පුච්ඡෙය්යාම, අප්පතිට්ඨිතෙ නො කත්වා සමණො ගොතමො ඛිපෙය්යා”ති අත්තමනා භවන්ති.
භාග්‍යවතුන් වහන්සේ පිරිස් මැද සිට ධර්මදේශනා කරන සේක්, එම පිරිසේ අදහස් බලන සේක. ඉදින් එවිට ‘මේ පඬිවරු සැඟවුණු රහසිගත ප්‍රශ්නයක් ඔඩොක්කුවේ තබාගෙන පැමිණියහ’යි දකින්නේ නම්, ඔවුන් මුවින් නොවිචාරණ ලද්දේම, ප්‍රශ්න විචාරීමේ දෝෂ මෙපමණකි. විසඳීමේ මෙපමණකි. අර්ථපද අක්ෂර මෙපමණකි. මේ ප්රශ්නය විචාරමින් මෙසේ විමසන්නේ නම් යෙහෙකි. විසඳනුයේ මෙසේ විසඳන්නේය යනුවෙන් ඔඩොක්කුවේ වූවක් මෙන් සකස්කර පැමිණි ප්රශ්නය දැහැමි දහම් කථාව අතුරටම බහා ඒ ප්‍රශ්නයට බුදුහු පිළිතුරු දෙති. ඒ පඬිවරු දෙසුම අවසානයේදී ‘අපි සකසාගෙන පැමිණි ප්‍රශ්න නොවිමසී ඉතා උතුම්ය. ඉදින් අපි ඒ ප්‍රශ්න විමසුවේ නම් ශ්‍රමණ භවත් ගෞතමයෝ අපව කිසිදු පිහිටක් නැති අසරණයන් කර දමති’යි සතුටට පත් වෙති.
අපි ච බුද්ධා නාම ධම්මං දෙසෙන්තා පරිසං මෙත්තාය ඵරන්ති. මෙත්තාඵරණෙන දසබලෙසු මහාජනස්ස චිත්තං පසීදති. බුද්ධා නාම රූපග්ගප්පත්තා හොන්ති දස්සනසම්පන්නා මධුරස්සරා මුදුජිව්හා සුඵුසිතදන්තාවරණා, අමතෙන හදයං සිඤ්චන්තා විය ධම්මං කථෙන්ති. තත්ර නෙසං මෙත්තාඵරණෙන පසන්නචිත්තානං එවං හොති – “එවරූපං අද්වෙජ්ඣකථං අමොඝකථං නිය්යානිකකථං කථෙන්තෙන භගවතා සද්ධිං න සක්ඛිස්සාම පච්චනීකග්ගාහං ගණ්හිතු”න්ති අත්තනො පසන්නභාවෙනෙව පඤ්හෙ න පුච්ඡන්තීති.
තවද බුදුවරු ධර්මදේශනා කරනවිට පිරිසට මෙත් සිත පතුරුවති. මෙත් සිත පතුරුවා සිටින දසබලයන් වහන්සේ කෙරෙහි මහජනයාගේ සිත පහදියි. බුදුවරු නම් රූපශ්‍රීයෙන් අගතැන්පත් වූවෝ වෙති. දර්ශන සම්පන්නයහ. මධුර ස්වර ඇත. මෘදු වූ දිවක් ඇත. මැනවින් ස්පර්ශ වූ දන්තාවරණ ඇත. අමෘතයෙන් හදවත තෙමන්නාක් මෙන් දහම් දෙසති. මෙසේ මෙත්සිත් පැතිරවීමෙන් ප්‍රසන්න වූ සිත් ඇති ඔවුන්ට මෙසේ සිත් වෙයි. මෙබඳු වූ දෙයාකාරයක් නැති, හිස් නොවූ, නිවනටම යොමු වූ කථා භාග්‍යවතුන් වහන්සේ සමග එරෙහි වීමට, ඊට විරුද්ධ කථාවක් කීමට හෝ අසමත් වේ’ යනුයි උන්වහන්සේ පිළිබඳ ඇති වූ ප්‍රසන්න භාවයෙන්ම තමා සකසාගෙන ආ ප්‍රශ්න නො අසති.
කථිතා විස්සජ්ජිතා වාති “එවං තුම්හෙ පුච්ඡථා”ති අපුච්ඡිතපඤ්හානං උච්චාරණෙන තෙ පඤ්හා භගවතා කථිතා එව හොන්ති. යථා ච තෙ විස්සජ්ජෙතබ්බා, තථා විස්සජ්ජිතා එව හොන්ති. නිද්දිට්ඨකාරණාති ඉමිනා කාරණෙන ඉමිනා හෙතුනා එවං හොන්තීති එවං සහෙතුකං කත්වා විස්සජ්ජනෙන භගවතා නිද්දිට්ඨකාරණා එව හොන්ති තෙ පඤ්හා. උපක්ඛිත්තකා ච තෙ භගවතො සම්පජ්ජන්තීති ඛත්තියපණ්ඩිතාදයො භගවතො පඤ්හවිස්සජ්ජනෙනෙව භගවතො සමීපෙ ඛිත්තකා පක්ඛිත්තකා සම්පජ්ජන්ති; සාවකා වා සම්පජ්ජන්ති, උපාසකා වාති අත්ථො; සාවකසම්පත්තිං වා පාපුණන්ති, උපාසකසම්පත්තිං වාති වුත්තං හොති. අථාති අනන්තරත්ථෙ, තෙසං උපක්ඛිත්තකසම්පත්තිසමනන්තරමෙවාති අත්ථො. තත්ථාති තස්මිං ඨානෙ, තස්මිං අධිකාරෙ වා. අතිරොචතීති අතිවිය ජොතති පකාසති. යදිදං පඤ්ඤායාති යායං භගවතො පඤ්ඤා, තාය පඤ්ඤාය භගවාව අතිරොචතීති අත්ථො. ඉති-සද්දො කාරණත්ථො, ඉමිනා කාරණෙනාති අත්ථො. සෙසං සබ්බත්ථ පාකටමෙවාති.
කථිතා විස්සජ්ජිතා වා ‘මෙසේ නුඹලා විචාරවු’යි නොවිමසූ ප්රශ්නයන්ගේ උච්චාරණයෙන්ම ඒ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේට කියන ලද්දේම වේ. එය විසඳිය යුතු පරිදිම විසඳු හෙයින් විසඳන ලද්දේම වේ. නිද්දිට්ඨකාරණා මේ කාරණයෙන්, මේ හේතුවෙන් මෙසේ වෙතියි මෙසේ සහේතුකව විසඳීමෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ ප්‍රශ්න නිර්දිෂ්ඨ කරන ලද්දේම වේ. උපක්ඛිත්තකාව තෙ භගවතො සමපජ්ජන්ති ත්රික්ෂය පඬිවරු ආදීහු ඒ ප්‍රශ්න බුදුරදුන් විසින් විසඳූ පමණින් ම, උන්වහන්සේගේ සමීපයෙහි තම මත ඉවත දමා බහා තබා බුද්ධශ්රාවක බවට හෝ පැමිණෙති. උපාසක භාවයට හෝ පැමිණෙති යන අර්ථයයි. ශ්‍රාවක සම්පත්තියට හෝ උපාසක සම්පත්තියට පැමිණෙතියි කියන ලදී. අථ අනතුරුව යන අර්ථයයි. ඔවුන්ගේ බුදුදහම පිළිගැනීමෙන් ශ්‍රාවක බවට පත්වීමෙන් අනතුරුව යන අර්ථයි. තත්ථ ඒ ස්ථානයෙහි, මෙකරුණෙහි ලා. අතිරොචති අතිශයින් බබළන සේක. ප්‍රකාශයට පත්වන සේක. යදිදං පඤ්ඤාය යම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රඥාවක් වේද එය. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රඥාවම, භාග්‍යවතුන් වහන්සේම අතිශයින් බබළයි යන අරුතයි. ඉති ශබ්දය කාරණාර්ථයේ නිපාතයකි. මෙකරුණෙන් යන අර්ථයයි. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය.
සද්ධම්මප්පජ්ජොතිකාය මහානිද්දෙසට්ඨකථාය
සද්ධම්මපජ්ජොතිකා නම් මහා නිද්දේසට්ඨකථාවේ
පසූරසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
අටවන පසුර සූත්‍ර නිද්දේස වර්ණනාව නිමියේ ය.