යෙදුමෙන් කියවන්න

9. මාගණ‍්ඩියසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

9. මාගණ‍්ඩියසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා

9. මාගණ්ඩියසූත්‍රනිර්දේශ වර්ණනාව

නවමෙ මාගණ‍්ඩියසුත‍්තනිද‍්දෙසෙ පඨමගාථාය තාව අජපාලනිග්‍රොධමූලෙ නානාරූපානි නිම‍්මිනිත්‍වා අභිකාමං ආගතං මාරධීතරං දිස‍්වාන තණ‍්හං අරතිං රගඤ‍්ච ඡන්‍දමත‍්තම‍්පි මෙථුනස‍්මිං නාහොසි, කිමෙවිදං ඉමිස‍්සා දාරිකාය මුත‍්තකරීසපුණ‍්ණං රූපං දිස‍්වා භවිස‍්සති, සබ‍්බථා පාදාපි නං සම‍්ඵුසිතුං න ඉච‍්ඡෙ, කුතොනෙන සංවසිතුන‍්ති.

නවවන මාගන්දිය සූත්‍ර නිද්දේසයේ පළමු ගාථාවේ අර්ථ පළමුව දැක්වේ. අජපාල නුගරුක මුලදී නානාවිධ රූප මවාගෙන දැඩි කාමුකව පැමිණි මාර දූවරු වන තණ්හා, අරති, රඟා දැකීමෙන් මෙවුන්දම් සෙවීමෙහි ස්වල්ප වූද කැමැත්තක් වත් ඇති නොවිණි. කිම දැරියගේ මේ මලමුත්‍රාවලින් පිරි සිරුර දැක කවර කරුණකින් රාගයක් ඇතිවේද? මැය සර්වප්‍රකාරයෙන්ම පයිනුදු කරන්නට නොකැමැත්තෙමි. කෙසේනම් ඇය සමග සංවාස කෙරෙම්දැයි වදාළහ.

මුත‍්තපුණ‍්ණන‍්ති ආහාරඋතුවසෙන වත්‍ථිපුටන‍්තරං පූරෙත්‍වා ඨිතමුත‍්තෙන පූරිතං. කරීසපුණ‍්ණන‍්ති පක‍්කාසයසඞ‍්ඛාතෙ හෙට‍්ඨානාභිපිට‍්ඨිකණ‍්ටකමූලානං අන‍්තරෙ උබ‍්බෙධෙන අට‍්ඨඞ‍්ගුලමත‍්තෙ අන‍්තාවසානෙ ඨිතවච‍්චෙන පුණ‍්ණං. සෙම‍්හපුණ‍්ණන‍්ති උදරපටලෙ ඨිතඑකපත‍්තප‍්පමාණෙන සෙම‍්හෙන පූරිතං. රුහිරපුණ‍්ණන‍්ති යකනස‍්ස හෙට‍්ඨාභාගං පූරෙත්‍වා හදයවක‍්කපප‍්ඵාසානං උපරි ථොකං ථොකං පග‍්ඝරන‍්තෙන වක‍්කහදයයකනපප‍්ඵාසෙ තෙමයමානෙන ඨිතෙන එකපත‍්තස‍්ස පූරණමත‍්තෙන සන‍්නිචිතලොහිතසඞ‍්ඛාතෙන ච කෙසලොමනඛදන‍්තානං මංසවිනිමුත‍්තට‍්ඨානඤ‍්චෙව ථද‍්ධසුක‍්ඛචම‍්මඤ‍්ච ඨපෙත්‍වා ධමනීජාලානුසාරෙන සබ‍්බං උපාදිණ‍්ණකසරීරං ඵරිත්‍වා ඨිතසංසරණලොහිතසඞ‍්ඛාතෙන ච දුවිධෙන රුහිරෙන පුණ‍්ණං.

මුත්තපුණ්ණං ඍතුවීම් වශයෙන් මුත්‍රාසය පිරී සිටි මුත්‍රවලින් යුක්ත වූ. කරීස පුණ්ණං පක්වාශය නම් වූ යටින් නාභියේ සිට පිට කටු මුල අතර වූ අතුණු කෙළවර පිහිටි උසින් අඟල් අටක් පමණ වූ (හුණ බටයක් බඳු වූ) චර්මසින් පිරුණු සෙම්හ පුණ්ණං උදර පටලයේ පිහිටි එක් පාත්‍රයක් පිරෙන තරමේ සෙමින් පිරුණු. රුහිර පුණ්ණං යකනය (අක්මාව) පිහිටි තැන යට කොටස පුරා පාත්‍රයක් පිරෙන තරම්ව, හදවත පපුව යන මේවා මතුයෙහි ටික ටික වැසෙමින් වකුගඩු - හදවත - අක්මා - පපුමස තෙමමින් පවතින සන්නිචිත ලෝධාතුව සහ කෙස්-ලොම්-නිය-දත්හි මස් නැති තැන් හා තද වියලුණු සම හැර සෙසු ධමනිජාල අනුසාරයෙන් සියලු උපාදින්නක ශරීරය පතුරුවා සිටි, සංසරණ ලේ ධාතුව යනුවෙන් දෙවැදෑරුම් ලේ ධාතුවෙන් පිරුණු.

අට‍්ඨිසඞ‍්ඝාතන‍්ති සකලසරීරෙ හෙට‍්ඨා අට‍්ඨීනං උපරිට‍්ඨිතානි සාධිකානි තීණි අට‍්ඨිසතානි, තෙහි අට‍්ඨීහි ඝටිතං. න‍්හාරුසම‍්බන්‍ධන‍්ති සකලසරීරෙ අට‍්ඨීනි ආබන්‍ධිත්‍වා ඨිතානි නව න‍්හාරුසතානි, තෙහි න‍්හාරූහි සම‍්බන්‍ධං ආබන්‍ධං. රුධිරමංසාවලෙපනන‍්ති සංසරණලොහිතෙන ච සාධිකානි තීණි අට‍්ඨිසතානි අනුලිම‍්පෙත්‍වා ඨිතෙන නවමංසපෙසිසතෙන ච අනුලිත‍්තං සරීරං. චම‍්මවිනද‍්ධන‍්ති සකලසරීරං පරියොනන්‍ධිත්‍වා පාකටකිලොමකස‍්ස උපරි ඡවියා හෙට‍්ඨා ඨිතං චම‍්මං, තෙන චම‍්මෙන විනද‍්ධං පරියොනද‍්ධං. “චම‍්මාවනද‍්ධ”න‍්තිපි පාළි. ඡවියා පටිච‍්ඡන‍්නන‍්ති අතිසුඛුමඡවියා පටිච‍්ඡන‍්නං ඡාදෙත්‍වා ඨිතං. ඡිද‍්දාවඡිද‍්දන‍්ති අනෙකඡිද‍්දං. උග‍්ඝරන‍්තන‍්ති අක‍්ඛිමුඛාදීහි උග‍්ඝරන‍්තං. පග‍්ඝරන‍්තන‍්ති අධොභාගෙන පග‍්ඝරන‍්තං. කිමිසඞ‍්ඝනිසෙවිතන‍්ති සූචිමුඛාදීහි නානාපාණකුලසමූහෙහි ආසෙවිතං. නානාකලිමලපරිපූරන‍්ති අනෙකවිධෙහි අසුචිකොට‍්ඨාසෙහි පූරිතං.

අට්ඨිසංඝාටං මුලු සිරුරෙහි ම යට පසැඟිලි ඇටයේ සිට හිස්කබල දක්වා තුන්සියයකට වැඩි වශයෙන් ඇති ඇටවලින් යුක්ත. නහාරු සම්බන්‍ධං සිරුරේම ඇට සම්බන්ධ කරමින් සිටි නවසීයක් පමණ නහරවැලින් යුතු. ඒ නහරවලින් සම්බන්ධ වූ වෙළාගත්. රුහිර මංසාලෙපනං සංසරණ ලේ ධාතුවෙන් ද තුන්සීයකට වැඩි ඇට වසාගෙන පිහිටි මාංශපේශි නවසීයකින් යුක්ත වූ ශරීරය. චම්මවිනද්ධං මුලු සිරුරම වෙළාගෙන, පණුවෙකුගේ මෙන් ප්‍රකට වූ, මතුපිට සිවියෙන් යට පිහිටි සම. ඒ සමින් වෙළාගත්, එතුණු ‘චම්මාවනද්ධං’ යන පාඨයද යෙදේ. ඡවියා පටිච්ඡන්නං ඉතා සියුම් සිවියෙන් වැසුණු, වසාගෙන සිටි. ජීද්දාවඡිද්දං නානාප්‍රකාර සිදුරු. උග්ඝරං ඇස් මුව ආදියෙන් ඉතිරෙන පග්ඝරං යටභාගයෙන් වැගිරෙන. කිමිසංඝ නිසෙවිතං සුචිමුබාදී නානාප්‍රකාර පණු සමූහයාගෙන් යුක්ත වූ. නානාකලිමල පරිපූරං අනේකවිධ අශුචි කොටස්වලින් පිරුණු.

තතො මාගණ‍්ඩියො “පබ‍්බජිතා නාම මානුසකෙ කාමෙ පහාය දිබ‍්බකාමත්‍ථාය පබ‍්බජන‍්ති, අයඤ‍්ච දිබ‍්බෙපි කාමෙ න ඉච‍්ඡති, ඉදම‍්පි ඉත්‍ථිරතනං, කා නු අස‍්ස දිට‍්ඨී”ති පුච‍්ඡිතුං දුතියං ගාථමාහ. තත්‍ථ එතාදිසං චෙ රතනන‍්ති දිබ‍්බිත්‍ථිරතනං සන්‍ධාය භණති. නාරින‍්ති අත‍්තනො ධීතරං සන්‍ධාය. දිට‍්ඨිගතං සීලවතං නු ජීවිතන‍්ති දිට‍්ඨිඤ‍්ච සීලඤ‍්ච වතඤ‍්ච ජීවිතඤ‍්ච. භවූපපත‍්තිඤ‍්ච වදෙසි කීදිසන‍්ති අත‍්තනො භවූපපත‍්තිං වා තුවං කීදිසං වදෙසි.

ඉක්බිති මාගන්දිය බමුණා ‘පැවිද්දේ නම් මානුෂීය කාමයන් හැරදමා දිව්‍යමය කාමයන් ප්‍රාර්ථනා කරමින් පැවිදි වෙති. මෙතෙම ස්ත්‍රීරත්නය වැනි දිව්‍යමය කාමයන් ද කැමති නොවේ. මොහුගේ දෘෂ්ටිය කෙසේද?’යි අසනු කැමතිව දෙවන ගාථාව කියන ලදී. එහි එතාදිසං චෙ රතනං යනුවෙන් දිව්‍ය ස්ත්‍රී රත්නය සඳහා කියයි. නාරී තම දුවණිය සඳහා. දිට්ඨිගතං සීලබ්බතානුජීවිතං දෘෂ්ටිය ද සීලව්‍රතය ද ජීවිතය ද භවෝත්පත්තිය ද කියන්න. කීදිසං කෙබඳුද? තමාගේ භවෝත්පත්තිය හෝ කෙබඳුදැ’යි කියන්න.

ඉතො පරා ද‍්වෙ ගාථා විස‍්සජ‍්ජනපුච‍්ඡානයෙන පවත‍්තත‍්තා පාකටසම‍්බන්‍ධායෙව. තාසු පඨමගාථාය සඞ‍්ඛෙපත්‍ථො – තස‍්ස මය‍්හං මාගණ‍්ඩිය ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතධම‍්මෙසු නිච‍්ඡිනිත්‍වා “ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ”න‍්ති (ම· නි· 3.27, 301) එවං ඉදං වදාමීති සමුග‍්ගහීතං න හොති නත්‍ථි න විජ‍්ජති, කිං කාරණා? අහඤ‍්හි පස‍්සන‍්තො දිට‍්ඨීසු ආදීනවං කඤ‍්චි දිට‍්ඨිං අග‍්ගහෙත්‍වා සච‍්චානි පවිචිනන‍්තො අජ‍්ඣත‍්තං රාගාදීනං සන‍්තිභාවෙන අජ‍්ඣත‍්තසන‍්තිසඞ‍්ඛාතං නිබ‍්බානමෙව අද‍්දසන‍්ති.

ඉන් අනතුරුව එන ගාථා දෙක පැණ විසඳුම් න්‍යායෙන් (නයින්) පවත්වන ලද බැවින් ප්‍රකට සම්බන්ධය ඇත්තේමය. ඒ ගාථා දෙකින් පළමු ගාථාවේ සංක්‍ෂිප්තාර්ථය මෙසේය. මාගන්දිය බමුණ, දෙසැට මිසදිටු දහම් මනාව විමසා බැලූ ඒ මට ‘මෙයම සත්‍යය. සෙස්ස බොරුය’යි පැවසීමට සුදුසු. දැඩිව ගතයුතු එකදු දෘෂ්ටියක් නැත. විද්‍යමාන නොවේ. කවර හෙයින්ද? මම වනාහි දෘෂ්ඨින්හි ආදීනව දක්නෙම්, කිසිදු දෘෂ්ටියක් දැඩිව නොගෙන චතුරාර්ය සත්‍යය සොයනුයෙම්, අධ්‍යාත්මයේ වූ රාගාදී කෙලෙස් සන්සිඳුවන හෙයින් ‘අජ්ඣත්ත සන්ති’ නම් වූ නිවන ම දුටුවෙමි.

ආදීනවන‍්ති උපද‍්දවං. සදුක‍්ඛන‍්ති කායිකදුක‍්ඛෙන සදුක‍්ඛං. සවිඝාතන‍්ති චෙතසිකදුක‍්ඛෙන සහිතං. සඋපායාසන‍්ති උපායාසසහිතං. සපරිළාහන‍්ති සදරථං. න නිබ‍්බිදායාති න වට‍්ටෙ නිබ‍්බින්‍දනත්‍ථාය. න විරාගායාති න වට‍්ටෙ විරාගත්‍ථාය. න නිරොධායාති න වට‍්ටස‍්ස නිරොධත්‍ථාය. න උපසමායාති න වට‍්ටස‍්ස උපසමත්‍ථාය. න අභිඤ‍්ඤායාති න වට‍්ටස‍්ස අභිජානනත්‍ථාය. න සම‍්බොධායාති න කිලෙසනිද‍්දාවිගමෙන වට‍්ටතො සම‍්බුජ‍්ඣනත්‍ථාය . න නිබ‍්බානායාති න අමතනිබ‍්බානත්‍ථාය. එත්‍ථ පන “නිබ‍්බිදායා”ති විපස‍්සනා. “විරාගායා”ති මග‍්ගො. “නිරොධාය උපසමායා”ති නිබ‍්බානං. “අභිඤ‍්ඤාය සම‍්බොධායා”ති මග‍්ගො. “නිබ‍්බානායා”ති නිබ‍්බානමෙව. එවං එකස‍්මිං ඨානෙ විපස‍්සනා, තීසු මග‍්ගො, තීසු නිබ‍්බානං වුත‍්තන‍්ති එවං වවත්‍ථානකථා වෙදිතබ‍්බා. පරියායෙන පන සබ‍්බානිපෙතානි මග‍්ගවෙවචනානිපි නිබ‍්බානවෙවචනානිපි හොන‍්තියෙව.

ආදීනවං යනු උපද්‍රව. සබ්බදුක්ඛං කායික දුකින් ඇතිවන සියලු දුක්. සවිඝාතං චෛතසික දුකින්. සඋපායාසං දැඩි ආයාස සහිත සපරිලාහං පරිදාහ සහිත ය. න නිබ්බිදාය සංසාර නම් වර්තයෙහි නොපැවැත්ම, නිර්වේදය පිණිස නොවේ. න විරාගාය සංසාර වර්තයෙහි විරාගය පිණිස නොවේ. න නිරොධාය සංසාර වර්තයෙහි නිරෝධය පිණිස නොවේ. න උපසමාය සසර වර්තයේ ඇතිවන කෙලෙස් සන්සිඳවීම සඳහා නොවේ. න අභිඤ්ඤාය සංසාර වර්තයේ නැවැත්ම අභිජානනය සඳහා නොවෙයි. න සම්බොධාය කෙලෙස් නිද්‍රාවට පත්වීමෙන් සංසාර වර්තයෙන් (මිදීමට) මනා අවබෝධය පිණිස නොවේ. න නිබ්බාණාය අමෘත මහා නිර්වාණය පිණිස නොවේ. මෙහිදී ‘න නිබ්බිදාය’ යනු විදර්ශනාවයි. විරාගාය මාර්ගයයි. නිරොධාය උපසමාය යනු නිවනයි. ‘අභිඤ්ඤාය සම්බොධාය’ යනු මාර්ගයයි. නිබ්බාණාය’ යනු නිවනමය. මෙසේ එකම තැනකදී (වදනකින්) විදර්ශනාව, ත්‍රිවිධ මාර්ගය, ත්‍රිවිධ නිර්වාණය කියන ලදී යයි මෙසේ ව්‍යවස්ථා කථාව දතයුතුයි. පර්යාය වශයෙන් මේ සියලුම වදන් මාර්ගයට ද නිවනට ද යෙදු සමාන වචන වේ.

අජ‍්ඣත‍්තං රාගස‍්ස සන‍්තින‍්ති අජ‍්ඣත‍්තරාගස‍්ස සන‍්තභාවෙන නිබ‍්බුතභාවෙන අජ‍්ඣත‍්තසන‍්තිසඞ‍්ඛාතං නිබ‍්බානං ඔලොකෙසිං. දොසස‍්ස සන‍්තින‍්තිආදීසුපි එසෙව නයො. පචිනන‍්ති නිද‍්දෙසස‍්ස උද‍්දෙසපදං. විචිනන‍්තොති සච‍්චානි වඩ‍්ඪෙන‍්තො විභාවෙන‍්තො. පවිචිනන‍්තොති තානෙව පච‍්චෙකං විභාවෙන‍්තො . කෙචි “ගවෙසන‍්තො”ති වණ‍්ණයන‍්ති. අදස‍්සන‍්ති ඔලොකෙසිං. අදක‍්ඛින‍්ති විනිවිජ‍්ඣිං. අඵස‍්සින‍්ති පඤ‍්ඤාය ඵුසිං. පටිවිජ‍්ඣින‍්ති ඤාණෙන පච‍්චක‍්ඛං අකාසිං.

අජ්ඣත්තං රාගස්ස සන්තිං අධ්‍යාත්මයේ රාගය ශාන්ත වූ නිවුණු බැවින් ‘අජ්ඣත්ත සන්ති’ නම් වූ නිවනම බැලීය. දොසස්ස සන්ති යනාදියෙහි ද මේ ක්‍රමයෙන්ම අර්ථ දතයුතුයි. පවිචිනන්තො නිද්දේසයේ උදෙසන පදයයි. වීචිනන්තො සත්‍යයන් සොයමින් විභා වෙන්තො පවිචිනන්තො ඒ සත්‍යයන් වෙන වෙනම දක්වමින් ඇතැමෙක් ගවේෂණය කරමින් යැයි වර්ණනා කරති. අද්දසං බැලුවෙමි. අද්දක්ඛිං විනිවිද දුටුවෙමි. අඵස්සිං ප්‍රඥාවෙන් දුටුවෙමි. පටිවිජ්ඣිං ඤාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කළෙමි.

දුතියගාථාය සඞ‍්ඛෙපත්‍ථො – යානිමානි දිට‍්ඨිගතානි තෙහි තෙහි සත‍්තෙහි විනිච‍්ඡිනිත්‍වා ගහිතත‍්තා “විනිච‍්ඡයා”ති ච අත‍්තනො පච‍්චයෙහි අභිසඞ‍්ඛතභාවාදිනා නයෙන “පකප‍්පිතානී”ති ච වුච‍්චන‍්ති, තෙ වෙ මුනී දිට‍්ඨිගතධම‍්මෙ අග‍්ගහෙත්‍වා අජ‍්ඣත‍්තසන‍්තීති යමෙතමත්‍ථං බ්‍රූසි, ආචික‍්ඛ මෙ, කථං නු ධීරෙහි පවෙදිතං තං කථං පකාසිතං ධීරෙහීති වදති.

දෙවන ගාථාවේ සංක්ෂිප්තාර්ථය - ඒ මේ දෙසැටක් මිසදිටු ඒ සූත්‍රයෙහි දී මනාව විනිශ්චය කරගන්නා ලද බැවින් ‘විනිශ්චයානි’ යැයිද තමාගේ සන්තානයේ සකස් කිරීම් ආදියෙන් ප්‍රකල්පිත අභිසංස්කෘත බැවින් ‘පකප්පිතානි’ යැයි ද කියති. ඒකාන්තයෙන් සර්වඥ මුනි නම් වූ නුඹවහන්සේ මේ දෙසැට දෘෂ්ටි ධර්ම පිළිනොගෙන ‘අජ්ඣත්තසත්ති’ යැයි යම් අර්ථයක් කීවෙහිද, ඒ පරමාර්ථය ධීරයන් විසින් මෙසේ ප්‍රකාශ කරයිද? කෙසේ දක්වයිද, යන මේ කාරණය මා හට පවසන්න.

ඉමිස‍්සා ගාථාය නිද‍්දෙසො උත‍්තානත්‍ථො ඨපෙත්‍වා පරමත්‍ථපදං. තත්‍ථ යං පරමත්‍ථන‍්ති යං උත‍්තමං නිබ‍්බානං.

මේ ගාථාවේ නිද්දේසයේ පරමත්‍ථ පදය හැර අර්ථ ඉතා ප්‍රකට වේ. එහි යං පරමත්‍ථං යම් උතුම් නිවණක්.

අථස‍්ස භගවා යථා යෙන උපායෙන තං පදං ධීරෙහි පකාසිතං, තං උපායං සපටිපක‍්ඛං දස‍්සෙන‍්තො “න දිට‍්ඨියා”ති ගාථමාහ. තත්‍ථ න දිට‍්ඨියාතිආදීහි දිට‍්ඨිසුතිඅට‍්ඨසමාපත‍්තිඤාණබාහිරසීලබ‍්බතානි පටික‍්ඛිපති. “සුද‍්ධිමාහා”ති එත්‍ථ වුත‍්තං ආහ-සද‍්දං සබ‍්බත්‍ථ නකාරෙන සද‍්ධිං යොජෙත්‍වා පුරිමපදත‍්තයං නෙත්‍වා “දිට‍්ඨියා සුද‍්ධිං නාහ න කථෙමී”ති එවමත්‍ථො වෙදිතබ‍්බො. යථා චෙත්‍ථ, එවං උත‍්තරපදෙසුපි. තත්‍ථ ච අදිට‍්ඨියා නාහාති දසවත්‍ථුකං සම‍්මාදිට‍්ඨිං විනා න කථෙමි. තථා අස‍්සුතියාති නවඞ‍්ගං සවනං විනා. අඤාණාති කම‍්මස‍්සකතසච‍්චානුලොමිකඤාණං විනා. අසීලතාති පාතිමොක‍්ඛසංවරං විනා. අබ‍්බතාති ධුතඞ‍්ගවතං විනා. නොපි තෙනාති තෙසු එකමෙකෙන දිට‍්ඨිආදිමත‍්තෙනාපි න කථෙමීති එවමත්‍ථො වෙදිතබ‍්බො. එතෙ ච නිස‍්සජ‍්ජ අනුග‍්ගහායාති එතෙ ච පුරිමදිට‍්ඨිආදිභෙදෙ කණ‍්හපක‍්ඛිකෙ ධම‍්මෙ සමුග‍්ඝාතකරණෙන නිස‍්සජ‍්ජ, පච‍්ඡිමෙ අදිට‍්ඨිආදිභෙදෙ සුක‍්කපක‍්ඛිකෙපි අතම‍්මයතාපජ‍්ජනෙන අනුග‍්ගහාය. සන‍්තො අනිස‍්සාය භවං න ජප‍්පෙති ඉමාය පටිපත‍්තියා රාගාදිවූපසමෙන සන‍්තො චක‍්ඛාදීසු කඤ‍්චි ධම‍්මං අනිස‍්සාය එකම‍්පි භවං න ජප‍්පෙ, අපිහෙතුං අපත්‍ථෙතුං සමත්‍ථො සියා, අයමස‍්ස අජ‍්ඣත‍්තසන‍්තීති අධිප‍්පායො.

ඉක්බිති ඒ බමුණාට, යම් උපායකින් ධීරයන් විසින් නිවන පිළිබඳව ප්‍රකාශ කරන ලද්දේ ද ඒ උපායට ප්‍රතිපක්‍ෂ වූවක් සහිතව දක්වන භාග්‍යවතුන් වහන්සේ, න දිට්ඨියා යන ගාථාව වදාළහ. එහි න දිට්ඨියා යනාදියෙන් සමාපත්ති ඤාණයෙන් බාහිර වූ සීල ව්‍රතාදිය බැහැර කරන ලදී. සුද්ධිමාහ, මෙහි කියන ලද ‘ආහ’ ශබ්දය ඇමතන්හි ‘න’ කාරය සමග යොදා මුල්පද තුනට පමුණුවා ‘දිට්ඨියා සුද්ධිංති නාහ’ යනුවෙන් දෘෂ්ටියෙන් ශුද්ධිය වේයැයි නොපවසමි යනුවෙන් අර්ථ දතයුතුයි. මේ ක්‍රමයම ඊට පසුව එන පදයන්හිද යෙදිය යුතුය. එහිද අදිට්ඨියා දසවස්තුක සම්මා දෘෂ්ටියෙන් තොරව කථා නොකරමි. එසේම අසුතියා ශ්‍රවණයෙන් තොරව. අඤ්ඤාණ කර්මයෙන් කරන ලද සත්‍යයට අනුලොම් වූ ඤාණයෙන් තොරව. අසීලතා ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් තොරව. අබ්බතා ධුතංග ව්‍රතයෙන් තොරව. නොපි තෙන ඒවා අතුරෙහි එක් එක් වූම දෘෂ්ටි ආදී නිමිතිවලින් නොකියමි යනාදී ලෙස අර්ථ දතයුතුයි. එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය එහි ද මුලින් දැක්වූ දෘෂ්ටි ආදී භේද ඇති කෘෂ්ණපාක්‍ෂික (කළුපාට) ධර්මයන් දුරු කිරීමෙන්, පසුව කී අදෘෂ්ටි ආදී භේද ඇති සුක්ක පාක්‍ෂික (සුදුපාට) ධර්මයන් අතංමය තාපජ්ජනයෙන් (තෘෂ්ණා රහිත බවට පැමිණීමෙන්) අනුග්‍රහයෙන් ශාන්ත වූ, අනිශ්‍රිත බැවින් ශාන්ත වූ භවය ප්‍රාර්ථනා නොකරයි යනුවෙන් මේ ප්‍රතිපත්තියෙන් රාගාදී කෙලෙස් සන්සිඳුවීමෙන් ශාන්ත වූයේ ඇස ආදිය අතුරෙන් කිසි දහමක් නිශ්‍රය නොකර, එකම භවයක්වත් නොපතන්නේය. නොපැතීමට සමර්ථයෙක් ද වන්නේය. මෙසේ සිටීම මොහුගේ ආධ්‍යාත්මික ශාන්තිය සත්ති වේ යන අදහසයි.

සවනම‍්පි ඉච‍්ඡිතබ‍්බන‍්ති සුත‍්තාදිවසෙන සුණනම‍්පි ආකඞ‍්ඛිතබ‍්බං. සම‍්භාරා ඉමෙ ධම‍්මාති සම‍්මාදිට‍්ඨිආදිකා ඉමෙ ධම‍්මා උපකාරට‍්ඨෙන සම‍්භාරා හොන‍්ති . කණ‍්හපක‍්ඛිකානන‍්ති අකුසලපක‍්ඛෙ භවානං. සමුග‍්ඝාතතො පහානං ඉච‍්ඡිතබ‍්බන‍්ති සම‍්මා හනනතො සමුච‍්ඡෙදතො පහානං ආකඞ‍්ඛිතබ‍්බං. තෙධාතුකෙසු කුසලෙසු ධම‍්මෙසූති කාමරූපාරූපසඞ‍්ඛාතෙසු තෙභූමකෙසු කොසල‍්ලසම‍්භූතෙසු. අතම‍්මයතාති නිත‍්තණ‍්හභාවො.

සවණංපි ඉච්ඡිතබ්බං සූත්‍රාදි වශයෙන් ශ්‍රවණයද කැමති විය යුතුයි. සම්භාරා ඉමෙ ධම්මා සම්‍යක් දෘෂ්ටි ආදී මේ ධර්මයෝ උපකාරාර්ථයෙන් ‘සම්භාර’ (උපකරණ) නම් වෙති. කණ්හ පක්ඛිකානං අකුසල පක්‍ෂයට ගිය මුලිනුපුටා දමා ප්‍රහාණය කිරීම ඉච්ඡිතබ්බං මනාව නැසීමෙන් මුලිනුපුටා දැමීමෙන් ප්‍රහාණය කිරීම කැමති විය යුතුයි. තෙධාතුකෙසු කුසලෙසු ධම්මෙසු කාම, රූප, අරූප සංඛ්‍යාත තෛභූමික වූ කුශල දහම්හි. අත්තමයතා තණ්හා රහිත බව වේ.

එවං වුත‍්තෙ වචනත්‍ථං අසල‍්ලක‍්ඛෙන‍්තො මාගණ‍්ඩියො “නො චෙ කිරා”ති ගාථමාහ. තත්‍ථ දිට‍්ඨාදීනි වුත‍්තනයානෙව. කණ‍්හපක‍්ඛිකානියෙව පන සන්‍ධාය උභයත්‍රාපි ආහ. ආහ-සද‍්දං පන “නො චෙ”ති සද‍්දෙන යොජෙත්‍වා නො චෙ කිර ආහ නො චෙ කිර කථෙසීති එවං අත්‍ථො දට‍්ඨබ‍්බො. මොමූහන‍්ති අතිමූළ‍්හං, මොහනං වා. පච‍්චෙන‍්තීති ජානන‍්ති. ඉමිස‍්සාපි ගාථාය නිද‍්දෙසො උත‍්තානො.

මෙසේ පැවසූ කල්හි එහි වචනාර්ථ නොසලකා මාගන්දිය බමුණා විසින්. නොචෙ කිර යනාදී ගාථාව කියන ලදී. දිට්ඨියා යනාදියෙහි අර්ථ ඉහත කී පරිදිමය. කණ්හ පක්ඛිකා යමක් සඳහා මේ දෙතැනදීම කියන ලද ද ඒ පාප දහම්. ‘ආහ’ ශබ්දය ‘නො චෙ’ යන්න හා එකතු කර යොදා ‘නො චෙ කිර’ (ඉදින් නො කියන්නේ නම්) යයි අර්ථ ගතයුතුයි. මොමූළ්හං ඉතා මෝඩ වූ. මුළා වූ. පච්චෙන්ති දැනගනිති. මේ ගාථාවේ නිද්දේසය ප්‍රකට වූ අර්ථ ඇත්තේය.

අථස‍්ස භගවා තං දිට‍්ඨිං නිස‍්සාය පුච‍්ඡං පටික‍්ඛිපන‍්තො “දිට‍්ඨිඤ‍්ච නිස‍්සායා”ති ගාථමාහ. තස‍්සත්‍ථො – ත්‍වං මාගණ‍්ඩිය දිට‍්ඨිං නිස‍්සාය පුනප‍්පුනං පුච‍්ඡමානො යානි තෙ දිට‍්ඨිගතානි සමුග‍්ගහිතානි, තෙස‍්වෙව සමුග‍්ගහීතෙසු පමොහං ආගතො ත්‍වං ඉතො ච මයා වුත‍්තඅජ‍්ඣත‍්තසන‍්තිතො පටිපත‍්තිතො ධම‍්මදෙසනතො වා අණුම‍්පි යුත‍්තසඤ‍්ඤං න පස‍්සසි, තෙන කාරණෙන ත්‍වං ඉමං ධම‍්මං මොමූහතො පස‍්සසීති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මාගන්දිය බමුණාට ඒ දෘෂ්ටිය නිසා විමසන ලද්ද ප්‍රතික්‍ෂේප කරන සේක්. දිට්ඨිංච නිස්සාය යන ගාථාව වදාළහ. එහි අර්ථ - ‘මාගන්දිය! නුඹ මිසදිටුව නිසා නැවත නැවත විචාරනුයේ, ඒ නුඹ විසින් දැඩිව ගත් දෘෂ්ටිගතයෝ වෙත්ද ඒවා දැඩිව අල්ලාගත් කල්හි දැඩිසේ මෝඩ බවට පත්වූවේ නුඹ මවිසින් වදාළ ආධ්‍යාත්මික ශාන්තියෙන් ප්‍රතිපත්තියෙන් හෝ ධර්මදේශනාවෙන් ඉතා කුඩා වූ (අණුවක්) සංඥාවක්වත්, නොදන්නෙහිය. එකරුණෙන් නුඹ මේ ධර්මය අතිශයින් මුළා වූවක් වශයෙන් දකින්නෙහිය.

ලග‍්ගනං නිස‍්සාය ලග‍්ගනන‍්ති දිට‍්ඨිලග‍්ගනං අල‍්ලීයිත්‍වා දිට‍්ඨිලග‍්ගනං. බන්‍ධනන‍්ති දිට‍්ඨිබන්‍ධනං. පලිබොධන‍්ති දිට‍්ඨිපලිබොධං.

ලග්ගනං නිස්සාය ලග්ගනං දෘෂ්ටියෙහි ලග්නව, එල්බගෙන, දැඩිව ගෙන, බන්‍ධනං දෘෂ්ටි බන්ධනය. පළිබොධං දෘෂ්ටි පළිබෝධය.

අන්‍ධකාරං පක‍්ඛන්‍දොසීති බහලන්‍ධකාරං පවිට‍්ඨොසි. යුත‍්තසඤ‍්ඤන‍්ති සමණධම‍්මෙ යුත‍්තසඤ‍්ඤං. පත‍්තසඤ‍්ඤන‍්ති සමණධම‍්මෙ පටිලද‍්ධසඤ‍්ඤං. ලග‍්ගනසඤ‍්ඤන‍්ති සඤ‍්ජානිතසඤ‍්ඤං. කාරණසඤ‍්ඤන‍්ති හෙතුසඤ‍්ඤං. ඨානසඤ‍්ඤන‍්ති කාරණසඤ‍්ඤං. න පටිලභසීති න වින්‍දසි. කුතො ඤාණන‍්ති මග‍්ගඤාණං පන කෙන කාරණෙන ලභිස‍්සසි. අනිච‍්චං වාති හුත්‍වා අභාවට‍්ඨෙන පඤ‍්චක‍්ඛන්‍ධා අනිච‍්චං. අනිච‍්චසඤ‍්ඤානුලොමං වාති “පඤ‍්චක‍්ඛන්‍ධා අනිච‍්චා”ති උප‍්පන‍්නා සඤ‍්ඤා අනිච‍්චසඤ‍්ඤා, තාය සඤ‍්ඤාය අනුලොමං අප‍්පටික‍්කූලං අනිච‍්චසඤ‍්ඤානුලොමං. කිං තං? විපස‍්සනාඤාණං. ද‍්වින‍්නං විපස‍්සනාඤාණානං දුක‍්ඛානත‍්තසඤ‍්ඤානුලොමානම‍්පි එසෙව නයො.

අන්‍ධකාර පක්කන්තොසි බහුල වූ අඳුරට (දැඩි අඳුරට) පිවිසියෙහි. යුත්තසඤ්ඤං ශ්‍රමණ ධර්මයෙහි යුක්ත සංඥාව. පත්තසඤ්ඤං ශ්‍රමණ ධර්මයේ ලබන ලද සංඥාව ලක්ඛණ සඤ්ඤං හඳුනාගන්නා සංඥාව. කාරණ සඤ්ඤං හේතු සංඥාව. ඨාන සඤ්ඤං කාරණ සංඥාව. න පටිලභසි නොලබන්නෙහිය. කුතො ඤාණං මාර්ග ඤාණය කවර කරුණකින් ලබන්නෙහි ද? අනිච්චං වා ඇතිවන නැතිවන අර්ථයෙන් පංචස්කන්ධය අනිත්‍යය. අනිච්ච සංඥානු ලොමං වා පංචස්කන්ධය අනිත්‍යයැයි උපන් සංඥාව අනිත්‍ය සංඥාවයි. ඒ සංඥාවෙන් අනුලෝම වූයේ අප්‍රතිකූල වූයේ ‘අනිච්චසඤ්ඤානුලොම’ වේ. විදර්ශනා ඤාණ දෙකෙහි හා දුක්ඛානත්ත සංඥානුලෝමයන්ගේද මේ ක්‍රමයමයි.

එවං සමුග‍්ගහිතෙසු පමොහෙන මාගණ‍්ඩියස‍්ස විවාදාපත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි තෙසු අඤ‍්ඤෙසු ච ධම‍්මෙසු විගතප‍්පමොහස‍්ස අත‍්තනො නිබ‍්බිවාදතං දස‍්සෙන‍්තො “සමො විසෙසී”ති ගාථමාහ. තස‍්සත්‍ථො – යො එවං තිධා මානෙන වා දිට‍්ඨියා වා පුග‍්ගලෙන වා මඤ‍්ඤති, සො තෙන මානෙන තාය වා දිට‍්ඨියා තෙන වා පුග‍්ගලෙන විවදෙය්‍ය. යො පන අම‍්හාදිසො ඉමාසු තීසු විධාසු අවිකම‍්පමානො, සමො විසෙසීති න තස‍්ස හොති, න ච හීනොති පාඨසෙසො. ඉමිස‍්සාපි ගාථාය නිද‍්දෙසො උත‍්තානොව.

මෙසේ දැඩිව ගත් කල්හි මුළාව නිසා මාගන්දිය බමුණාගේ විවාදාපත්තිය දක්වා, දැන් ඉන් අන්‍ය වූ ධර්මයන්හිද දුරුවූ මෝහ ඇති තමාගේ වාද රහිත බව දක්වමින් සමො විසෙසි යන ගාථාව කියන ලදී. එහි අර්ථ - යමෙක් මෙසේ ත්‍රිවිධ මානයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පුද්ගලයා කරණ කොටගෙන හෝ සිතයිද ඔහු ඒ මානයෙන් හෝ ඒ දෘෂ්ටියෙන් හෝ ඒ පුද්ගලයා සමග හෝ විවාද කරන්නේය. යමෙක් වනාහි අප වැනිව මේ ත්‍රිවිධ මානයන්හි කම්පා නොවන්නේ වේනම් ඔහු මා හට සම වේ. විශිෂ්ට වේ. හීන වේ යනු ගාථා ශේෂයයි. මේ ගාථාවේද නිද්දේසයේ අර්ථ ඉතා ප්‍රකට හෙයින් වැඩි විස්තර කුමට දක්වම්ද?

කිඤ‍්ච භිය්‍යො – “සච‍්චන‍්ති සො”ති ගාථා. තස‍්සත්‍ථො – සො එවරූපො පහීනමානදිට‍්ඨිකො “මාදිසො ‘බාහිතපාපත‍්තා’දිනා නයෙන බ්‍රාහ‍්මණො, ඉදමෙව සච‍්ච”න‍්ති කිං වදෙය්‍ය කිං වත්‍ථුං භණෙය්‍ය, කෙන වා කාරණෙන භණෙය්‍ය, “මය‍්හං සච‍්චං, තුය‍්හං මුසා”ති වා කෙන මානෙන දිට‍්ඨියා පුග‍්ගලෙන වා විවදෙය්‍ය. යස‍්මිං මාදිසෙ ඛීණාසවෙ “සදිසොහමස‍්මී”ති පවත‍්තියා සමං වා, ඉතරද‍්වයභාවෙන පවත‍්තියා විසමං වා මඤ‍්ඤිතං නත්‍ථි, සමානාදීසු කෙන වාදං පටිසංයුජෙය්‍ය පටිප‍්ඵරෙය්‍යාති. ඉමිස‍්සාපි ගාථාය නිද‍්දෙසො උත‍්තානො.

සච්චන්ති සො යන ගාථාවේ අර්ථ මෙසේය. ඒ රහතන් වහන්සේ මෙසේ ප්‍රහීණ වූ මාන හා දෘෂ්ටි ඇතිව, ගෙවා දැමූ පව් ඇති ආදී වශයෙන් බ්‍රාහ්මණ නම් වූයේ මා වැන්නකු ‘මෙයම සත්‍යය’යි කුමට කියම්ද? ‘කවර වස්තුවක් අරමුණු කරගෙන වාද කරම්ද?’ ‘කවර කරුණකින් කියන්නේද?’ ‘මම ඇත්ත කියමි. නුඹ බොරු කියන්නෙහිය’යි කවරනම් මානයකින්, දෘෂ්ටියකින් පුද්ගලයකු සමග හෝ විවාද කරන්නේ ද? යම් මා වැනි ක්‍ෂීණාස්‍රවයකු කෙරෙහි ‘මම සමාන වෙමි’ යි පවත්නා සමභාවයෙන් හෝ අනික් දෙපරිද්දෙන් (මම හීන වෙමි, උසස් වෙමි) පවත්නා විෂමභාවයෙන් හෝ සිතුවිල්ලක් හෝ ඇති නොවේ. එවැනි මානාදියක් නැති හෙයින් කුමකින් වාද කරන්නෙම් ද? මේ ගාථාවේ නිද්දේසයද ප්‍රකට වූ අර්ථ ඇත්තකි.

නනු එකංසෙනෙව එවරූපො පුග‍්ගලො? “ඔකං පහායා”ති ගාථා. තත්‍ථ ඔකං පහායාති රූපධාත්‍වාදිවිඤ‍්ඤාණස‍්සොකාසං තත්‍ර ඡන්‍දරාගප‍්පහානෙන ඡඩ‍්ඩෙත්‍වා. අනිකෙතසාරීති රූපනිමිත‍්තනිකෙතාදීනි තණ‍්හාවසෙන අසරන‍්තො. ගාමෙ අකුබ‍්බං මුනි සන්‍ථවානීති ගාමෙ ගිහිසන්‍ථවානි අකරොන‍්තො. කාමෙහි රිත‍්තොති කාමෙසු ඡන්‍දරාගාභාවෙන සබ‍්බකාමෙහි පුථුභූතො. අපුරක‍්ඛරානොති ආයතිං අත‍්තභාවං අනභිනිබ‍්බත‍්තෙන‍්තො. කථං න විග‍්ගය‍්හ ජනෙන කයිරාති ජනෙන සද‍්ධිං විග‍්ගාහිකකථං න කථෙය්‍ය.

මෙබඳු රූප ඇති පුද්ගලයා ඒකාන්තයෙන්ම මෙසේ වන්නේයැයි ‘ඔකම්පහාය’ යන ගාථාවෙන් දැක්වේ. එහි ඔකම්පහාය යනු රූපධාතු ආදී විඤ්ඤාණය ඔකසාරි නම් වේ. එහි ඡන්‍දරාග ප්‍රහාණයෙන් හැරදමා. අනිකෙතසාරි රූපනිමිත්තාදී නිකේතයෙහි තණ්හා වශයෙන් නො පවසන්නේය. ගාමෙ අකුබ්බං මුනි සත්‍ථවාති ගමෙහි ගිහි සන්‍ථවයන් නොකරනුයේ. කාමෙහි රිත්තො කාමයන්හි ඡන්ද රාගය නොමැති හෙයින් සියළු කාමයන්ගෙන් වෙන්වූයේ. අපුරෙක්ඛරාතො අනාගත ආත්මභාව ප්‍රාර්ථනා නොකරනුයේ. කථන්නුවිගගය්හ ජනෙන කයිරා ජනයා සමග කලහ කථා කරන්නේ ය.

හාලිද‍්දකානීති එවංනාමකො ගහපති. යෙනායස‍්මා මහාකච‍්චානො තෙනුපසඞ‍්කමීති යෙනාති භුම‍්මත්‍ථෙ කරණවචනං. තස‍්මා යත්‍ථ මහාකච‍්චානො, තත්‍ථ උපසඞ‍්කමීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. යෙන වා කාරණෙන මහාකච‍්චානො දෙවමනුස‍්සෙහි උපසඞ‍්කමිතබ‍්බො, තෙන කාරණෙන උපසඞ‍්කමීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. කෙන ච කාරණෙන මහාකච‍්චානො උපසඞ‍්කමිතබ‍්බො? නානප‍්පකාරගුණවිසෙසාධිගමාධිප‍්පායෙන, සාදුඵලූපභොගාධිප‍්පායෙන දිජගණෙහි නිච‍්චඵලිතමහාරුක‍්ඛො විය. උපසඞ‍්කමීති ච ගතොති වුත‍්තං හොති. උපසඞ‍්කමිත්‍වාති උපසඞ‍්කමනපරියොසානදීපනං. අථ වා එවං ගතො තතො ආසන‍්නතරං ඨානං මහාකච‍්චානස‍්ස සමීපසඞ‍්ඛාතං ගන‍්ත්‍වාතිපි වුත‍්තං හොති.

හලිද්දකානි එනම් ගහපතියා. යෙන ආයස්මා මහා කච්චානො තෙනුපසංකමි යන්නෙහි ‘යෙන’ යනු සත්තමී අර්ථයේ කරණ විභක්ති වචනයකි. එහෙයින් මහා කච්චායන තෙරුන් යම්තැනකද එතනට පැමිණියේ යැයි මෙසේ අර්ථ දතයුතුයි. යම් කරුණකින් මහාකච්චාන තෙරහු දෙව් මිනිසුන් විසින් සමීපයට පැමිණියේ යැ’යි මෙසේද එහි අර්ථ දතයුතුයි. කවර කරුණකින් මහාකච්චාන තෙරුන් වෙත යා යුතුද? නානාප්‍රකාර ගුණ විශේෂයන් අවබෝධ කරගැනීමේ අභිප්‍රායෙනි. රසවත් ඵලවැල කැමති පක්‍ෂි සමූහයා විසින් පැමිණිය යුතු නිතර ඵලදරණ මහරුකක් මෙනි. උපසංකමි යනු ගියේය යන අර්ථයයි. උපසංකමිත්‍වා එළඹීම, සමීපයට යෑමේ අවසානය දක්වයි. නැතහොත් මෙසේ ගියේ මහාකච්චාන තෙරුන්වහන්සේගේ සමීප සංඛ්‍යාත ආසන්නතම ස්ථානයට ගොස් යයිද කියන ලද්දේ වෙයි.

අභිවාදෙත්‍වාති පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා. ඉදානි යෙනත්‍ථෙන මහාකච‍්චානස‍්ස උපට‍්ඨානං ආගතො, තං පුච‍්ඡිතුකාමො දසනඛසමොධානසමුජ‍්ජලං අඤ‍්ජලිං සිරසි පතිට‍්ඨාපෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තන‍්ති භාවනපුංසකනිද‍්දෙසො “විසමං චන්‍දිමසූරියා පරිවත‍්තන‍්තී”තිආදීසු (අ· නි· 4.7) විය. තස‍්මා යථා නිසින‍්නො එකමන‍්තං නිසින‍්නො හොති, එවං නිසීදීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. භුම‍්මත්‍ථෙ වා එතං උපයොගවචනං. නිසීදීති නිසජ‍්ජං කප‍්පෙසි. පණ‍්ඩිතා හි දෙවමනුස‍්සා ගරුට‍්ඨානියං උපසඞ‍්කමිත්‍වා ආසනකුසලතාය එකමන‍්තං නිසීදන‍්ති. අයඤ‍්ච ගහපති තෙසං අඤ‍්ඤතරො, තස‍්මා එකමන‍්තං නිසීදි.

අභිවාදෙත්‍වා පසඟ පිහිටුවා වැඳ දැන් යම් අර්ථයකින් මහාකච්චායන තෙරුන්වහන්සේගේ සමීපයට පැමිණියේ ද, එකරුණ විමසනු කැමතිව දසැඟිලි එකතුකර දොහොත්මුදුනේ තබා ඇඳිලිබැඳ වැඳගෙන එකත්පසෙක හුන්නේය. එකමන්තං භාවනපුංසක වචනයකි. ‘විසමං චන්‍දිමසුරියා පරිවත්තන්ති’ ආදියෙහි මෙනි. එහෙයින් යම්සේ හුන්නේ, එකත්පසෙක හුන්නේ වේද මෙසේ හුන්නේයැයි මෙහි අර්ථ මෙසේ දතයුතුයි. නැතහොත් මෙය සත්තමී අර්ථයේ යෙදුණු දුතියා විභක්ති වචනයකි. නිසීදි හිඳගත්තේය. නුවණැති දෙව් මිනිස්සු ගරුකළ යුත්තන් වෙත පැමිණ, ආසන කුසලතාවයෙන් එකත්පසෙක හිඳිති. මේ ගෘහපතියා ද එබඳු අයෙකි. එනිසා ඔහු එකත්පසෙක හුන්නේය.

කථං නිසින‍්නො ච පන එකමන‍්තං නිසින‍්නො හොතීති? ඡ නිසජ‍්ජදොසෙ වජ‍්ජෙත්‍වා. සෙය්‍යථිදං? අතිදූරං අච‍්චාසන‍්නං උපරිවාතං උන‍්නතප‍්පදෙසං අතිසම‍්මුඛං අතිපච‍්ඡාති. අතිදූරෙ නිසින‍්නො හි සචෙ කථෙතුකාමො හොති, උච‍්චාසද‍්දෙන කථෙතබ‍්බං හොති. අච‍්චාසන‍්නෙ නිසින‍්නො සඞ‍්ඝට‍්ටනං කරොති. උපරිවාතෙ නිසින‍්නො සරීරගන්‍ධෙන බාධති. උන‍්නතප‍්පදෙසෙ නිසින‍්නො අගාරවං පකාසෙති. අතිසම‍්මුඛා නිසින‍්නො සචෙ දට‍්ඨුකාමො හොති, චක‍්ඛුනා චක‍්ඛුං ආහච‍්ච දට‍්ඨබ‍්බං හොති. අතිපච‍්ඡා නිසින‍්නො සචෙ දට‍්ඨුකාමො හොති, ගීවං පසාරෙත්‍වා දට‍්ඨබ‍්බං හොති. තස‍්මා අයම‍්පි එතෙ ඡ නිසජ‍්ජදොසෙ වජ‍්ජෙත්‍වා නිසීදි. තෙන වුත‍්තං – “එකමන‍්තං නිසීදී”ති.

කෙසේ සිටියහු එකත්පසෙක හුන්නාහු නම් වෙත්ද? හිඳීමෙන් වන දොස් සයකින් වැලකී හිඳීමයි. ඒ කෙසේද? අතිදූර, අති ආසන්න, උපරි වාත, උන්නත පදෙස, අති සම්මුඛ හා අතිපච්ඡා යනු ඒ සයයි. ඉතා දුරින් හුන් තැනැත්තා වනාහි ඉදින් යමක් කියනු කැමති නම් උස්හඬින් කිවයුතු වේ. ඉතා ආසනයේ හුන් තැනැත්තේ ගැටීම කරයි. උඩු සුළඟෙහි හුන්නේ ශරීර ගන්ධයෙන් බාධා ඇතිකරයි. උන්නත (උස්) පෙදෙසක සිටි තැනැත්තා අගෞරව බව ප්‍රකාශ කරයි. අතිසම්මුඛයේ (ඉදිරියෙන්ම) සිටියහොත් ඉදන් දකිනු කැමැත්තේ ඇසින් ඇස ගටා දැකිය යුතු වේ. අතිපච්ඡා (ඉතා පිටුපසින්) සිටියවිටදීත් ඉදින් දකිනු කැමති වීනම් බෙල්ල හරවා බැලිය යුතු වේ. එනිසා මොහුද මේ හිඳීමේ දොස් හයෙන් වැලකී හුන්නේය. එනිසා එකමන්තං නිසිදි යි කියන ලදී.

එතදවොචාති එතං අවොච. වුත‍්තමිදං භන‍්තෙ කච‍්චාන භගවතා අට‍්ඨකවග‍්ගියෙ මාගණ‍්ඩියපඤ‍්හෙති අට‍්ඨකවග‍්ගියම‍්හි මාගණ‍්ඩියපඤ‍්හො නාම අත්‍ථි, තස‍්මිං පඤ‍්හෙ.

එතදවොච එතං - මෙය, අවොච - කීවේය. වුත්තමිදං භන්තෙ කච්චාන භගවතා අට්ඨක වග්ගියෙ මාගන්‍දිය පඤ්හෙ අට්ඨක වග්ගයේ මාගන්‍දිය පඤ්හ නම් සූත්‍රයක් ඇත. ඒ ප්‍රශ්නයේ දී රූපධාතුවෙන් රූපස්කන්ධය අදහස් කරන ලදී.

රූපධාතූති රූපක‍්ඛන්‍ධො අධිප‍්පෙතො. රූපධාතුරාගවිනිබන්‍ධන‍්ති රූපධාතුම‍්හි රාගෙන විනිබද‍්ධං. විඤ‍්ඤාණන‍්ති කම‍්මවිඤ‍්ඤාණං. ඔකසාරීති ගෙහසාරී ආලයසාරී. කස‍්මා පනෙත්‍ථ “විඤ‍්ඤාණධාතු ඛො ගහපතී”ති න වුත‍්තන‍්ති? සම‍්මොහවිඝාතත්‍ථං. “ඔකො”ති හි අත්‍ථතො පච‍්චයො වුච‍්චති, පුරෙජාතඤ‍්ච කම‍්මවිඤ‍්ඤාණං පච‍්ඡාජාතස‍්ස කම‍්මවිඤ‍්ඤාණස‍්සපි විපාකවිඤ‍්ඤාණස‍්සපි, විපාකවිඤ‍්ඤාණඤ‍්ච විපාකවිඤ‍්ඤාණස‍්සපි කම‍්මවිඤ‍්ඤාණස‍්සපි පච‍්චයො හොති, තස‍්මා “කතරං නු ඛො ඉධ විඤ‍්ඤාණ”න‍්ති සම‍්මොහො භවෙය්‍ය. තස‍්ස විඝාතත්‍ථං තං අග‍්ගහෙත්‍වා අසම‍්භින‍්නාව දෙසනා කතාති. අපිච විපාකආරම‍්මණවසෙන චතස‍්සො අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණට‍්ඨිතියොති වුත‍්තාති තා දස‍්සෙතුම‍්පි ඉධ විඤ‍්ඤාණං න ගහිතං.

රූපධාතුරාග විනිබන්‍ධං රූපධාතුවෙහි රාගයෙන් බැඳුණු. විඤ්ඤාණං කර්ම විඤ්ඤාණය. ඔකසාරී ගේහසාරී, ආලයෙහි හැසිරෙන කවර හෙයින් මෙහිදී ‘විඤ්ඤාණ ධාතු ඛො ගහපති’ යනුවෙන් නො කීවේද? මුළාව නැසීම පිණිසයි. ‘ඔක’ යනු අර්ථ වශයෙන් ‘ප්‍රත්‍යය’ කියනු ලැබේ. මුලින් උපන් කර්ම විඤ්ඤාණ පසුව උපන් කර්ම විඤ්ඤාණයට හා විපාක විඤ්ඤාණයටද පසුව උපන් විපාක විඤ්ඤාණය විපාක විඤ්ඤාණයටද කර්ම විඤ්ඤාණයටද ප්‍රත්‍ය වේ. එහෙයින් මෙහි විඤ්ඤාණය යනු කවරක්දැයි මුළාවක් ඇතිවන්නේ ය. එය නැතිකිරීම සඳහා එය නොගෙන අමිශ්‍රවම දේශනාව කරන ලදී. තවද විපාක ආරම්මණ වශයෙන් සිවු වැදෑරුම් අභිසංඛාර විඤ්ඤාණයේ පැවැත්ම කියන ලදී. එය දක්වනු සඳහා ද මෙහි විඤ්ඤාණය නොගන්නා ලදී.

උපයුපාදානාති තණ‍්හූපයදිට‍්ඨූපයවසෙන ද‍්වෙ උපයා, කාමුපාදානාදීනි චත‍්තාරි උපාදානානි ච. චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයාති අකුසලචිත‍්තස‍්ස අධිට‍්ඨානභූතා චෙව අභිනිවෙසභූතා ච අනුසයභූතා ච. තථාගතස‍්සාති සම‍්මාසම‍්බුද‍්ධස‍්ස. සබ‍්බෙසම‍්පි හි ඛීණාසවානං එතෙ පහීනාව, සත්‍ථු පන ඛීණාසවභාවො ලොකෙ අතිපාකටොති උපරිමකොටියා එවං වුත‍්තං. විඤ‍්ඤාණධාතුයාති ඉධ විඤ‍්ඤාණං කස‍්මා ගහිතං? කිලෙසප‍්පහානදස‍්සනත්‍ථං. කිලෙසා හි න කෙවලං චතූසුයෙව ඛන්‍ධෙසු පහීනා පහීයන‍්ති, පඤ‍්චසුපි පහීයන‍්තියෙවාති කිලෙසප‍්පහානදස‍්සනත්‍ථං ගහිතං. එවං ඛො ගහපති අනොකසාරී හොතීති එවං කම‍්මවිඤ‍්ඤාණෙන ඔකං අසරන‍්තෙන අනොකසාරී නාම හොති.

උපායුපාදානා තණ්හා උපාය, දිට්ඨි උපාය යනුවෙන් උපාය දෙකකි. කාමූපදාන ආදියේද උපාදාන සතරකි. චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා අකුසල් සිතේ අධිෂ්ඨාන වූ ද අභිනිවේශ වූද අනුශය වූ ද, තථාගතස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සියලුම ක්‍ෂීණාශ්‍රවයන්ගේ මේ ක්ලේශ ප්‍රහීණ වූයේය. ශාස්තෲන් වහන්සේගේ ක්‍ෂීණාශ්‍රව බව ලෝකයේ ඉතා ප්‍රකට බැවින් උපරිම කෙළවරින් මෙසේ කියන ලදී. විඤ්ඤාණ ධාතුයා මෙහි විඤ්ඤාණය කුමක් හෙයින් ගන්නා ලද්දේ ද? කෙලෙස් ප්‍රහාණ වූ බව දක්වනු සඳහායි. කෙලෙස් වනාහි හුදෙක් ස්කන්ධ හතරක පමණක් දුරු නොවේ. පංචස්කන්ධයේම කෙලෙස් ප්‍රහාණ වන බව දක්වනු සඳහා ගන්නා ලදී. එවං ඛො ගහපති අනෙකසාරී හොති මෙසේ කර්ම විඤ්ඤාණයෙන් ඔකය සිහි නොකිරීම ‘අනේකසාරී’ නම් වේ.

රූපනිමිත‍්තනිකෙතවිසාරවිනිබන්‍ධාති රූපමෙව කිලෙසානං පච‍්චයට‍්ඨෙන නිමිත‍්තං, ආරම‍්මණකිරියසඞ‍්ඛාතෙන නිවාසට‍්ඨෙන නිකෙතන‍්ති රූපනිමිත‍්තනිකෙතං. විසාරො ච විනිබන්‍ධො ච විසාරවිනිබන්‍ධා. උභයෙනපි හි කිලෙසානං පත්‍ථටභාවො ච විනිබන්‍ධනභාවො ච වුත‍්තො, රූපනිමිත‍්තනිකෙතෙ විසාරවිනිබන්‍ධාති රූපනිමිත‍්තනිකෙතවිසාරවිනිබන්‍ධා, තස‍්මා රූපනිමිත‍්තනිකෙතම‍්හි උප‍්පන‍්නෙන කිලෙසවිසාරෙන චෙව කිලෙසවිනිබන්‍ධනෙන චාති අත්‍ථො. නිකෙතසාරීති වුච‍්චතීති ආරම‍්මණකරණවසෙන නිවාසට‍්ඨානට‍්ඨෙන නිකෙතසාරීති වුච‍්චති. පහීනාති තෙ රූපනිමිත‍්තනිකෙතෙ කිලෙසවිසාරවිනිබන්‍ධා පහීනා.

රූප නිමිත්ත නිකෙත විසාර විනිබන්‍ධා රූපයම කෙලෙසුන්ගේ ප්‍රත්‍යය වන අර්ථයෙන් නිමිත්ත වේ. අරමුණු ගැනීම් ක්‍රියාවට නිවාස වූ අර්ථයෙන් නිකේත වේනුයි රූප නිමිත්ත නිකෙත වේ. පැතිරීම බැඳීමද විසාර විනිබන්‍ධ නම් වේ. මේ අර්ථ දෙකින්ම කෙලෙසුන්ගේ පැතිරුණු බවද බැඳුණු බව ද කියන ලදී. රූප නිමිත්ත නිකේතයෙහි පැතිරීම හා බැඳිම රූප නිමිත්ත නිකේත විසාර විනිබද්ධ වේ. රූපය නමැති නිවාසයේ පැතිරීම, බැඳීම හේතුවෙන් රූපය නම් නිවාසයෙහි උපන් කෙලෙස් පැතිරීමෙන් ද කෙලෙස් බන්ධනයෙන් ද යන අර්ථයයි. නිකෙතසාරී වුච්චති ආරම්මණ වශයෙන් නිවාස වූ අර්ථයෙන් ‘නිකේතසාරී’ යැයි කියනු ලැබේ. පහීනා රූප නම් නිවාසයේ කෙලෙස් පැතිර, බැඳී සිටීම ප්‍රහීණ කරන ලදී.

කස‍්මා පනෙත්‍ථ පඤ‍්චක‍්ඛන්‍ධා ච “ඔකා”ති වුත‍්තා, ඡ ආරම‍්මණානි “නිකෙත”න‍්ති? ඡන්‍දරාගස‍්ස බලවදුබ‍්බලතාය. සමානෙපි හි එතෙසං ආලයට‍්ඨෙන විසයභාවෙ ඔකොති නිප‍්පරියායෙන සුද‍්ධං ගෙහමෙව වුච‍්චති, නිකෙතන‍්ති “අජ‍්ජ අසුකට‍්ඨානෙ කීළිස‍්සාමා”ති කතසඞ‍්කෙතානං නිවාසනට‍්ඨානං උය්‍යානාදි. තත්‍ථ යථා පුත‍්තදාරධනධඤ‍්ඤපුණ‍්ණගෙහෙ ඡන්‍දරාගො බලවා හොති, එවං අජ‍්ඣත‍්තිකෙසු ඛන්‍ධෙසු. යථා පන උය්‍යානට‍්ඨානාදීසු තතො දුබ‍්බලතරො හොති, එවං බාහිරෙසු ඡසු ආරම‍්මණෙසූති ඡන්‍දරාගස‍්ස බලවදුබ‍්බලතාය එවං දෙසනා කතාති වෙදිතබ‍්බා.

මෙහිදී කවර හෙයින් පංචස්කන්ධය ‘ඕක’ යැයි ද ෂට් ආරම්මණ ‘නිකේතය’ යැයි ද කියන ලද්දේ ද? ඡන්‍ද රාගයේ ඉතා බලවත් දුර්වලතාවයෙනි. සමාත්තයෙහි ද මේවායේ ආලය අර්ථයෙන් ද විශේෂ භාවයෙහි ‘ඔක’ යැයි නිෂ්පර්යායයෙන් ශුද්ධ ගේහයම කියයි. නිකෙතං ‘අද අසුවල් තැන ක්‍රීඩා කරමු’යි කරන ලද සංකේත ඇති වසන උයනයි. එහි පුතදාරා, ධනධාන්‍ය සහිත ගෙදර පිළිබඳව ඡන්‍දරාගය ඉතා බලවත් වන්නාක් මෙන් ආධ්‍යත්මික ස්කන්ධයන්හි ඇල්ම බලවත්ය. උයන්කෙළි ආදියේ දී මෙන් බාහිර වූ ෂට් අරමුණු පිළිබඳව ඡන්‍දරාගය ඉතා දුර්වල වේ. මෙසේ ඡන්‍දරාගයේ බලවත් හා දුර්වලභාවයෙන් මෙසේ දේශනාව කරන ලදැයි දතයුතුයි.

සුඛිතෙසු සුඛිතොති උපට‍්ඨාකෙසු ධනධඤ‍්ඤලාභාදිවසෙන සුඛිතෙසු “ඉදානාහං මනාපං චීවරං මනාපං භොජනං ලභිස‍්සාමී”ති ගෙහස‍්සිතසුඛෙන සුඛිතො හොති, තෙහි පත‍්තසම‍්පත‍්තිං අත‍්තනා අනුභවමානො විය චරති. දුක‍්ඛිතෙසු දුක‍්ඛිතොති තෙසං කෙනචිදෙව කාරණෙන දුක‍්ඛෙ උප‍්පන‍්නෙ සයං ද‍්විගුණෙන දුක‍්ඛෙන දුක‍්ඛිතො හොති. කිච‍්චකරණීයෙසූති කිච‍්චසඞ‍්ඛාතෙසු කරණීයෙසු. වොයොගං ආපජ‍්ජතීති උපයොගං සයං තෙසං කිච‍්චානං කත‍්තබ‍්බතං ආපජ‍්ජති.

සුඛිතෙසු සුඛිතො උපස්ථායකයන් ධනධාන්‍යදී ලාභාදියකින් සුඛිත වූ කල්හි, ‘දැන්මම ප්‍රියමනාප වූ සිවුරක්, මනාප ආහාරයක් ලබන්නෙමි’යි ගේහසිත පිළිබඳ සුඛයෙන් සුවපත් වෙයි. ඔවුන් සමග සම්පත් තමා අනුභව කරන්නාක් මෙන් හැසිරෙයි. දුක්ඛිතෙසු දුක්ඛිතා ඔවුන්ට කිසියම් කරුණකින් දුකක් ඇති වූ විට තමා දෙගුණව ඒ පිළිබඳව දුක් වේ. කිච්ච කරණියෙසු කටයුතු සංඛ්‍යාත කළ යුතු කටයුතු. වොයොගං ආපජ්ජති තම කටයුතු කළ යුතු බවට පැමිණ ඔවුන්ගේ කටයුතු කර දෙයි.

කාමෙසූති වත්‍ථුකාමෙසු. එවං ඛො ගහපති කාමෙහි අරිත‍්තො හොතීති එවං කිලෙසකාමෙහි අරිත‍්තො හොති.

කාමෙසූ වස්තු කාමයෙහි. එවං ඛො ගහපති කාමෙහි අරිත්තො හොති මෙසේ කෙලෙස් කාමයෙහි නොසිස් වූයේ වේ.

අන‍්තො කාමානං භාවෙන අතුච‍්ඡො. සුක‍්කපක‍්ඛො තෙසං අභාවෙන රිත‍්තො තුච‍්ඡොති වෙදිතබ‍්බො.

එවිට අභ්‍යන්තර කාමයන් පිළිබඳව ස්වභාවයෙන් ම තුච්ඡ නො (අතුච්ඡා) වේ. ශුක්ල (යහපත්) පක්‍ෂයේ වූ මේ ගුණාංග නොමැතිවීමෙන් සිස් වූ, තුච්ඡ වූ යැයි අර්ථ දතයුතුයි.

පුරක‍්ඛරානොති වට‍්ටං පුරතො කුරුමානො. එවංරූපො සියන‍්තිආදීසු දීඝරස‍්සකාළොදාතාදීසු රූපෙසු එවංරූපො නාම භවෙය්‍යන‍්ති පත්‍ථෙති. සුඛාදීසු වෙදනාසු එවංවෙදනො නාම. නීලසඤ‍්ඤාදීසු සඤ‍්ඤාසු එවංසඤ‍්ඤො නාම. පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදීසු සඞ‍්ඛාරෙසු එවංසඞ‍්ඛාරො නාම. චක‍්ඛුවිඤ‍්ඤාණාදීසු විඤ‍්ඤාණෙසු එවංවිඤ‍්ඤාණො නාම භවෙය්‍යන‍්ති පත්‍ථෙති.

පුරෙක්ඛාරනො සංසාර වර්තය පෙරටු කරගත්කේ වේ. එවරූපො සියං යනාදියෙහි අනාගතයේදී දික් - කෙටි - කළු - සුදු ආදී රූපයන් අතුරින් මෙබඳු රූ ඇතිවෙම්වා’යි සංඥාවන්ගෙන් මෙබඳු සංඥාවක් ඇතිවෙම්වායි ද පුණ්‍යාභි සංස්කාරාදියෙහි මෙසේ සංස්කාරයන් ද චක්‍ෂු විඤ්ඤාණාදි විඤ්ඤාණාදියෙහි මෙසේ විඤ්ඤාණ ඇතිවෙම්වා යි ද ප්‍රාර්ථනා කරයි.

අපුරක‍්ඛරානොති වට‍්ටං පුරතො අකුරුමානො. සහිතං මෙ, අසහිතං තෙති තුය‍්හං වචනං අසහිතං අසිලිට‍්ඨං, මය‍්හං සහිතං සිලිට‍්ඨං මධුරං මධුරපානසදිසං. අධිචිණ‍්ණං තෙ විපරාවත‍්තන‍්ති යං තුය‍්හං දීඝෙන කාලෙන පරිචිතං සුප‍්පගුණං, තං මම වාදං ආගම‍්ම සබ‍්බං ඛණෙන විපරාවත‍්තං නිවත‍්තං. ආරොපිතො තෙ වාදොති තුය‍්හං දොසො මයා ආරොපිතො. චර වාදප‍්පමොක‍්ඛායාති තං තං ආචරියං උපසඞ‍්කමිත්‍වා උත‍්තරං පරියෙසන‍්තො ඉමස‍්ස වාදස‍්ස මොක‍්ඛාය චර ආහිණ‍්ඩ. නිබ‍්බෙඨෙහි වා සචෙ පහොසීති අථ සයමෙව පහොසි, ඉධෙව නිබ‍්බෙඨෙහීති.

අපුරෙක්ඛාරානො සංසාර වර්තය පෙරටු කරනොගෙන. සහිතම්මෙ අසහිතං තෙ නුඹේ වචන අධර්මානුකූලය. මට සිලිටි නොවේ. මගේ වචන සිලිටිය. ධර්මානුකූලය. මිහිරිය. මිහිරි පානයක් බඳුය. ආචිණ්ණං තෙ විපරාවත්තං නුඹ විසින් ඉතා දිගු කාලයක් පුරුදු කරන ලද, ප්‍රගුණ කරන ලද යම් වාදයක් වූයේ ද එය මාගේ වාදයට පැමිණ, සියලුම ආකාරයෙන් විපරීත විය. නැවතිණි. ආරොපිතො තෙ වාදො. නුඹට මවිසින් දොස් නගන ලදී. චර වාදප්පමොක්ඛාය ඒ ඒ ආචාර්යවරයා වෙත ගොස් පිළිතුරු සොයමින් මේ වාදයෙන් මිදීමට උත්සාහ ගනුව. වෙහෙසව. නිබ්බෙඨෙහි වා සචෙ පහොසි ඉදින් තමන්ම සමර්ථ වේනම් මෙහිම නවතුව. තමා දොසින් මිදෙව.

සො එවරූපො “යෙහි විවිත‍්තො”ති ගාථා. තත්‍ථ යෙහීති යෙහි දිට‍්ඨිගතාදීහි. විවිත‍්තො විචරෙය්‍යාති රිත‍්තො චරෙය්‍ය. න තානි උග‍්ගය‍්හ වදෙය්‍ය නාගොති “ආගුං න කරොතී”තිආදිනා (චූළනි· භද්‍රාවුධමාණවපුච‍්ඡානිද‍්දෙස 70; පාරායනානුගීතිනිද‍්දෙස 102) නයෙන නාගො තානි දිට‍්ඨිගතානි උග‍්ගහෙත්‍වා න චරෙය්‍ය. එලම‍්බුජන‍්ති එලසඤ‍්ඤිතෙ අම‍්බුම‍්හි ජාතං කණ‍්ටකනාළං වාරිජං, පදුමන‍්ති වුත‍්තං හොති. යථා ජලෙන පඞ‍්කෙන චනූපලිත‍්තන‍්ති තං පදුමං යථා ජලෙන ච පඞ‍්කෙන ච අනුපලිත‍්තං හොති. එවං මුනි සන‍්තිවාදො අගිද‍්ධොති එවං අජ‍්ඣත‍්තසන‍්තිවාදො මුනි ගෙධාභාවෙන අගිද‍්ධො. කාමෙ ච ලොකෙ ච අනූපලිත‍්තොති දුවිධෙපි කාමෙ අපායාදිකෙ ච ලොකෙ ද‍්වීහි සිලෙසෙහි අනුපලිත‍්තො හොති.

යෙහි විවිත්තො යන ගාථාවෙහි - යෙහි දෘෂ්ටිගතාදියෙකින්. විවිත්තො විචරෙය්‍ය හිස්ව හැසිරෙන්නේ ය. න තානි උග්ගය්හ වදෙය්‍ය නාගො අපරාධ නොකරනුයේනුයි ආදී වශයෙන් ‘නාග’ නම් වේ. ඒ දෘෂ්ටිගතයන් දැඩිව ගෙන නොකියන්නේ ය. ඵලම්බුජං ඵල නම් වූ දියෙහි උපන්. කටු සහිත නටුවක දියේ පිපුණු පියුමකැයි කියන ලදී. යථා ජලෙන පංකෙන ච නූපලිත්තං ඒ පියුම ජලයේ ද මඩේ ද නොගෑවී සිටින්නාක් මෙන්. එවං මුනි සන්තිවාදො අගිද්ධො මෙසේ අධ්‍යාත්ම ශාන්තිවාද ඇති මුනිතෙම, ගිජුභාවයක් නොමැති හෙයින් ලොවෙහි ආශාවෙන් නො ඇලුණේය. [missing trans]

ආගුං න කරොතීති අකුසලාදිදොසං න කරොති. න ගච‍්ඡතීති අගතිවසෙන න ගච‍්ඡති. නාගච‍්ඡතීති පහීනකිලෙසෙ න උපෙති. පාපකාති ලාමකා. අකුසලාති අකොසල‍්ලසම‍්භූතා. තෙ කිලෙසෙ න පුනෙතීති යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ පුන න එති. න පච‍්චෙතීති පටි න උපෙති. න පච‍්චාගච‍්ඡතීති පුන න නිවත‍්තති.

[missing trans] න ගච්ඡති අගතියට යෑම් වශයෙන් නොයයි. නාගච්ඡති කෙලෙස් ප්‍රහීණ බැවින් උත්පත්තියට නො පැමිණේ. පාපකා මෙනම් ඇත්තෝ. අකුසලා අදක්‍ෂභාවයෙන් යුතු තෙ කිලෙසෙ න පුනෙති යම් ක්ලේශයක් ප්‍රහීණ වූයේ ද ඒ කෙලෙස් නැවත නො පැමිණේ. නො පැසේ. න පච්චෙති නැවත නො පැමිණේ. න පච්චාගච්ඡති නැවත නො නවතියි.

ඛරදණ‍්ඩොති ඛරපත‍්තදණ‍්ඩො ඵරුසදණ‍්ඩො. චත‍්තගෙධොති විස‍්සට‍්ඨගෙධො. වන‍්තගෙධොති වමිතගෙධො. මුත‍්තගෙධොති ඡින‍්නබන්‍ධනගෙධො. පහීනගෙධොති පජහිතගෙධො. පටිනිස‍්සට‍්ඨගෙධොති යථා න පුන චිත‍්තං ආරුහති, එවං පටිවිස‍්සජ‍්ජිතගෙධො. උපරි වීතරාගාදීසුපි එසෙව නයො. සබ‍්බානෙව තානි ගහිතග‍්ගහණස‍්ස විස‍්සට‍්ඨභාවවෙවචනානි.

ඛර දණ්ඩො ඛර පත්‍ර දණ්ඩ, කර්කශ රළු දණ්ඩ චත්තගෙධො හරන ලද තණ්හාව ඇති, වන්තගෙධො වමනය කළ ගිජුබව ඇති, මුත්තගෙධො සිඳී බන්ධන ගේධය ඇති, පහීනගෙධො දුරුකළ ගිජු බව ඇති. පටිනිස්සට්ඨ ගෙධො නැවත සිතට නොනැගෙන සේ දුරින්ම දුරුකළ ගිජු බව ඇති, ඉන්මතුව එන වීතරාගා දියෙහි ද මේ ක්‍රමයමයි. ඒ සියලු පදයෝ ගන්නා ලද තණ්හාවගේ දුරුකළ බවට සමානාර්ථවත් පදයෝ වෙති. වැඩිපුර වර්ණනා කුමටද?

කිඤ‍්ච භිය්‍යො – “න වෙදගූ”ති ගාථා. තත්‍ථ න වෙදගූ දිට‍්ඨියායකොති චතුමග‍්ගවෙදගූ මාදිසො දිට‍්ඨියායකො න හොති, දිට‍්ඨියා ගච‍්ඡන‍්තො වා, තං සාරතො පච‍්චෙන‍්තො වා න හොති. තත්‍ථ වචනත්‍ථො – යායතීති යායකො. කරණවචනෙන දිට‍්ඨියා යායතීති දිට‍්ඨියායකො. උපයොගත්‍ථෙ සාමිවචනෙනපි දිට‍්ඨියා යාතීතිපි දිට‍්ඨියායකො. න මුතියා ස මානමෙතීති මුතරූපාදිභෙදාය මුතියාපි සො මානං න එති. න හි තම‍්මයො සොති තණ‍්හාදිට‍්ඨිවසෙන තම‍්මයො හොති තප‍්පරායණො, අයං පන න තාදිසො. න කම‍්මුනා නොපි සුතෙන නෙය්‍යොති පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදිනා කම‍්මුනා වා, සුතසුද‍්ධිආදිනා සුතෙන වා සො නෙතබ‍්බො න හොති. අනූපනීතො ස නිවෙසනෙසූති සො ද‍්වින‍්නම‍්පි උපයානං පහීනත‍්තා සබ‍්බෙසු තණ‍්හාදිට‍්ඨිනිවෙසනෙසු අනුපනීතො.

න වෙදගූ යන ගාථාවෙහි න වෙදගූ දිට්ඨියා සිවුමග නුවණට පැමිණි එවැන්නෙක් දෘෂ්ටියට යන්නෙක් නොවේ. දෘෂ්ටිය යන්නේ හෝ එය සාර වශයෙන් ගැනීමක් සිදු නොවේ. එහි වචනාර්ථ මෙසේය. දෘෂ්ටියෙන් යන්නේනුයි දිට්ඨියා නම් වේ. තතියා විභක්ති අර්ථයෙනි. දෘෂ්ටියට යානුයි දිට්ඨියා නම් වේ. දුතියා විභක්ති අර්ථයෙනි. ඡට්ඨි විභක්ති අර්ථයෙන් ද දෘෂ්ටියේ සෑම දිට්ඨිය නම් වේ. න මුතියා සමාන මෙති මුත රූපාදී භේද ඇති මුතියෙන් ද ඔහු මානයට නො පැමිණේ. නහි තම්මයො සො තණ්හා දෘෂ්ටි වශයෙන් තම්මය වේ. සංකල්ප රාග වශයෙන් නොවේ. මොහු වනාහි එවැන්නෙක් නොවේ. න කම්මනා නොපි සුතෙන නෙය්‍යො පුඤ්ඤාභිසංස්කාරාදී කර්මයෙන් හෝ ශ්‍රැත ශුද්ධ ආදී ග්‍රැතයෙන් හෝ ඔහු ඊට පැමිණවිය යුත්තෙක් නොවේ. අනුපනීතො සො නිවෙසනෙසූ ඔහු උපාය දෙකින්ම දුරු වූ බැවින්, ප්‍රහීණ කළ බැවින් සියලුම තෘෂ්ණා දෘෂ්ටි නිවාසයන්හි නොඑළඹෙන්නේ වේ.

මුතරූපෙන වාති එත්‍ථ මුතරූපං නාම ගන්‍ධරසඵොට‍්ඨබ‍්බානි. මානං නෙතීති අස‍්මිමානං න එති. න උපෙතීති සමීපං න එති. න උපගච‍්ඡතීති උපගන‍්ත්‍වා න තිට‍්ඨති. තම‍්මයොති තප‍්පකතො.

මුතරූපෙන වා මෙහි මුත රූපය නම් ගන්‍ධ-රස-ස්පර්ශ යන රූප තුනයි. මානං නෙති අස්මිමානයට නො පැමිණේ. න උපෙති සමීපයට නො එයි. න උපගච්ඡති සමීපයට ගොස් නො සිටියි. තම්මයො එය ප්‍රකෘති කොට ඇති මේ ආකාරයෙන් යුක්ත ක්‍ෂීණාස්‍රවයාට.

තස‍්ස ච එවංවිධස‍්ස “සඤ‍්ඤාවිරත‍්තස‍්සා”ති ගාථා. තත්‍ථ සඤ‍්ඤාවිරත‍්තස‍්සාති නෙක‍්ඛම‍්මසඤ‍්ඤාපුබ‍්බඞ‍්ගමාය භාවනාය පහීනකාමාදිසඤ‍්ඤස‍්ස. ඉමිනා පදෙන උභතොභාගවිමුත‍්තො සමථයානිකො අධිප‍්පෙතො. පඤ‍්ඤාවිමුත‍්තස‍්සාති විපස‍්සනාපුබ‍්බඞ‍්ගමාය භාවනාය සබ‍්බකිලෙසෙහි විමුත‍්තස‍්ස. ඉමිනා සුක‍්ඛවිපස‍්සකො අධිප‍්පෙතො. සඤ‍්ඤඤ‍්ච දිට‍්ඨිඤ‍්ච යෙ අග‍්ගහෙසුං, තෙ ඝට‍්ටමානා විචරන‍්ති ලොකෙති යෙ පන කාමසඤ‍්ඤාදිකං සඤ‍්ඤං අග‍්ගහෙසුං, තෙ විසෙසතො ගහට‍්ඨා කාමාධිකරණං, යෙ ච දිට‍්ඨිං අග‍්ගහෙසුං, තෙ විසෙසතො පබ‍්බජිතා ධම‍්මාධිකරණං අඤ‍්ඤමඤ‍්ඤං ඝට‍්ටෙන‍්තා විචරන‍්තීති.

සඤ්ඤා විරත්තස්ස යනාදී ගාථාවෙහි සඤ්ඤා විරත්තස්ස යනු නෙක්ඛම්ම සංඥා පූර්වාංගම වූ භාවනාවෙන් ප්‍රහීණ වූ කාමාදී සංඥා ඇත්තහුට. මේ පදයෙන් උභතෝභාගයෙන් විමුක්ත වූ සමථයානිකයා අදහස් කරන ලදී. පඤ්ඤා විමුත්තස්ස විදර්ශනාව පූර්වාංගම වූ භාවනාවෙන් සියලු කෙලෙසුන්ගෙන් මිදුණු තැනැත්තාට, මේ වදනෙන් ශුෂ්ක විදර්ශකයා අදහස් විය. සඤ්ඤඤ්ච දිට්ඨිඤ්ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටමානා විවදන්ති ලොකෙ යමෙක් කාම සංඥාදී සංඥාවක් ගන්නා ලද්දාහු ද ඔවුහු විශේෂයෙන් ගිහියෝ කාමය හේතුකොටගෙනද යමෙක් දෘෂ්ටිය ගන්නා ලද්දාහු ද ඔවුහු විශේෂයෙන් පැවිද්දෝ ධර්මය හේතුකොට ගෙනද ඔවුනොවුන් හා ගැටෙමින් විවාද කරති.

යො සමථපුබ‍්බඞ‍්ගමං අරියමග‍්ගං භාවෙතීති යො පුග‍්ගලො සමථපුබ‍්බඞ‍්ගමං පුරෙචාරිකං කත්‍වා සහවිපස‍්සනං අරියමග‍්ගං භාවෙති, පඨමං සමාධිං උප‍්පාදෙත්‍වා පච‍්ඡා සහවිපස‍්සනං අරියමග‍්ගං උප‍්පාදෙතීති අත්‍ථො. තස‍්ස ආදිතොති තස‍්ස පුග‍්ගලස‍්ස පඨමජ‍්ඣානාදිතො. උපාදායාති පටිච‍්ච ආගම‍්ම. ගන්‍ථා වික‍්ඛම‍්භීතා හොන‍්තීති ගන්‍ථා දූරීකතා භවන‍්ති. අරහත‍්තෙ පත‍්තෙති අරහත‍්තඵලං පත‍්තෙ. අරහතොති අරහත‍්තඵලෙ ඨිතස‍්ස. ගන්‍ථා ච මොහා චාතිආදයො සබ‍්බෙ කිලෙසා පහීනා හොන‍්ති.

සො සමථපුබ්බංගමං අරියමග්ගං භාවෙති යම් පුද්ගලයෙක් සමථය පූර්වාංගම කරගෙන, විදර්ශනාව සමග ආර්ය මාර්ගය වඩයිද පළමුව සමාධිය උපදවා, පසුව විදර්ශනාව සමග ආර්ය මාර්ගය උපදවයි යන අර්ථයයි. තස්ස ආදිතො ඒ පුද්ගලයාගේ පඨම ධ්‍යානයේ පටන් උපාදාය හේතුවෙන් පැමිණ ගන්‍ථා වික්ඛම්භිතා හොන්ති ග්‍රන්ථයෝ දුරින්ම දුරු වූවෝ වෙති. අරහත්ත පත්තෙ අර්හත් ඵලයට පත්වූ කල්හි. අරහතො අර්හත්ඵලයෙහි සිටියහුගේ ගන්‍ථො ච මොහා ච ආදි සියලු කෙලෙස් ප්‍රහීණ වේ.

යො විපස‍්සනාපුබ‍්බඞ‍්ගමං අරියමග‍්ගං භාවෙතීති යො පුග‍්ගලො විපස‍්සනං පුබ‍්බඞ‍්ගමං පුරෙචාරිකං කත්‍වා අරියමග‍්ගං භාවෙති, පඨමං විපස‍්සනං උප‍්පාදෙත්‍වා පච‍්ඡා අරියමග‍්ගසම‍්පයුත‍්තං සමාධිං භාවෙතීති අත්‍ථො. තස‍්ස ආදිතො උපාදායාති තස‍්ස පුග‍්ගලස‍්ස විපස‍්සනතො පට‍්ඨාය විපස‍්සනං පටිච‍්ච. මොහා වික‍්ඛම‍්භිතා හොන‍්තීති එත්‍ථ වික‍්ඛම‍්භිතාති දූරං පාපිතා සඤ‍්ඤාවසෙන. ඝට‍්ටෙන‍්තීති යෙ කාමසඤ‍්ඤාදිං ගණ‍්හන‍්ති, තෙ සඤ‍්ඤාවසෙන පීළෙන‍්ති. සඞ‍්ඝට‍්ටෙන‍්තීති තතො තතො පීළෙන‍්ති . ඉදානි ඝට‍්ටෙන‍්තෙ දස‍්සෙතුං “රාජානොපි රාජූහි විවදන‍්තී”තිආදිනා නයෙන විත්‍ථාරො වුත‍්තො. අඤ‍්ඤමඤ‍්ඤං පාණීහිපි උපක‍්කමන‍්තීති එත්‍ථ අඤ‍්ඤමඤ‍්ඤං හත්‍ථෙහි පහරන‍්ති. ලෙඩ‍්ඩූහීති කපාලඛණ‍්ඩෙහි. දණ‍්ඩෙහීති අඩ‍්ඪදණ‍්ඩකෙහි. සත්‍ථෙහීති උභතොධාරෙහි සත්‍ථෙහි.

යො විපස්සනා පුබ්බංගමං අරියමග්ගං භාවෙති යම් පුද්ගලයෙක් විදර්ශනා පූර්වාංගම කර, මුලින් එහි හැසිරී ආර්ය මාර්ගය වඩයි ද පළමුව විදර්ශනාව උපදවා පසුව ආර්යමාර්ග සම්ප්‍රයුක්ත සමාධිය වඩන්නේය යන අර්ථයයි. තස්ස ආදිතො උපාදාය ඒ පුද්ගලයාගේ විදර්ශනා වැඩීමේ පටන්, විදර්ශනාව නිසා මොහා වික්ඛමහිතා හොන්තී මෙහි විෂ්කම්භනය කරන ලද යනු ඉතා දුරට පමුණුවන ලද යන්නයි. පඤ්ඤාවසෙන ඝට්ටෙන්ති යමෙක් කාම සංඥාදිය ගනිත් ද ඔවුහු සංඥා වශයෙන් පෙළෙති. සංඝට්ටෙන්ති දැඩිව පෙළෙති. දැන් ගැටෙන්නන් දැක්වීමට රජවරු ද රජුන් සමග වාද කරති ආදී වශයෙන් විස්තරය කියන ලදී. අඤ්ඤමඤ්ඤං පාණිහිපි උපක්කමන්ති මෙහි ඔවුනොවුන් අතින් පහරදී ගනිති. ලෙඩ්ඩූහි කැටකැබලිතිවලින් දණ්ඩෙහි අඬදඬු ආදියකින් සත්‍ථෙහි දෙපැත්ත කැපෙන ආයුධවලින්.

අභිසඞ‍්ඛාරානං අප‍්පහීනත‍්තාති පුඤ‍්ඤාදිඅභිසඞ‍්ඛාරානං අප‍්පහීනභාවෙන. ගතියා ඝට‍්ටෙන‍්තීති ගන‍්තබ‍්බාය පතිට‍්ඨාභූතාය ගතියා පීළෙන‍්ති ඝට‍්ටනං ආපජ‍්ජන‍්ති. නිරයාදීසුපි එසෙව නයො. සෙසමෙත්‍ථ වුත‍්තනයත‍්තා උත‍්තානමෙව.

අභිසංඛාරානං අප්පහීනත්තා පුඤ්ඤාභිසංඛාරාදී අභිසංස්කාරයන් ප්‍රහීණ නොකළ බැවින්, ගතියා ඝට්ටෙන්ති යායුතු බැවින්, පිහිටාධාර වූ ගතියෙන් පෙළෙති. ගැටීමට පැමිණෙති. නිරයාදියෙහි ද මේ ක්‍රමයමයි. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්‍රකටමය.

සද‍්ධම‍්මප‍්පජ‍්ජොතිකාය මහානිද‍්දෙසට‍්ඨකථාය

සද්ධම්මපජ්ජොතිකා නම් මහා නිද්දේසට්ඨකථාවේ

මාගණ‍්ඩියසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

නවවන මාගන්‍දිය සූත්‍ර නිද්දෙස වර්ණනාව නිමියේ ය.