යෙදුමෙන් කියවන්න

10. පුරාභෙදසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

10. පුරාභෙදසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා

10. පුරාභෙදසූත්‍රනිර්දේශ වර්ණනාව

දසමෙ පුරාභෙදසුත‍්තනිද‍්දෙසෙ කථංදස‍්සීති ඉමස‍්ස සුත‍්තස‍්ස ඉතො පරෙසඤ‍්ච පඤ‍්චන‍්නං කලහවිවාදචූළබ්‍යූහමහාබ්‍යූහතුවටකඅත‍්තදණ‍්ඩසුත‍්තානං සම‍්මාපරිබ‍්බාජනීයසුත‍්තවණ‍්ණනායං (සු· නි· අට‍්ඨ· 2.362 ආදයො) වුත‍්තනයෙනෙව සාමඤ‍්ඤතො උප‍්පත‍්ති වෙදිතබ‍්බා. විසෙසතො පන යථෙව තස‍්මිං මහාසමයෙ රාගචරිතදෙවතානං සප‍්පායවසෙන ධම‍්මං දෙසෙතුං නිම‍්මිතබුද‍්ධෙන අත‍්තානං පුච‍්ඡාපෙත්‍වා සම‍්මාපරිබ‍්බාජනීයසුත‍්තන‍්ත- (සු· නි· 361 ආදයො) මභාසි, එවං තස‍්මිංයෙව මහාසමයෙ “කිං නු ඛො පුරා සරීරභෙදා කත‍්තබ‍්බ”න‍්ති උප‍්පන‍්නචිත‍්තානං දෙවතානං චිත‍්තං ඤත්‍වා තාසං අනුග‍්ගහත්‍ථං අඩ‍්ඪතෙළසභික‍්ඛුසතපරිවාරං නිම‍්මිතබුද‍්ධං ආකාසෙන ආනෙත්‍වා තෙන අත‍්තානං පුච‍්ඡාපෙත්‍වා ඉමං සුත‍්තමභාසි.

දසවන පුරාභේද සූත්‍ර නිද්දේසයේ ‘කථංදස්සී’ යන ගාථාවයි. මේ සූත්‍රයේත් ඉන්පසුව එන කලහවිවාද, චූලවියූහ, මහා වියූහ, තුවටක, අත්තදණ්ඩ සූත්‍රයන්ගේ සම්මා පරිබ්බාජනීය සූත්‍ර වර්ණනාවේ කියූ ක්‍රමයෙන්ම සාමාන්‍යයෙන් උත්පත්තිය දතයුතුයි. විශේෂයෙන් වනාහි යම්සේ ඒ මහා සමාගමයේදී රාග චරිතවත් දෙවියන්ගේ සත්පාය වශයෙන් (දෙවියන්ට ගැලපෙන පරිදි) ධර්මය දෙසීමට නිර්මිත බුදුරදුන් විසින් තමාගෙන් ප්‍රශ්න කරවා, සම්මා පරිබ්බාජනීය සූත්‍රය දේශනා කළ සේක්ද මෙසේ මේ මහා සමාගමයේදී ‘පූර්ව ශරීරය බිඳීයෑමෙන් කුමක් කළයුතුද?’ යැයි උපන් දෙවියන්ගේ සිත දැන, ඔවුන්ට අනුග්‍රහ පිණිස එක්දහස් දෙසිය පනසක් වූ භික්‍ෂු සමූහයා පිරිවරාගත් නිර්මිත බුදුවරයෙකු අහසින් වඩමවා ගෙනවුත්, උන්වහන්සේ ලවා තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරවා මේ සූත්‍රය දේශනා කළ සේක.

කථං? බුද‍්ධා නාම මහන‍්තා එතෙ සත‍්තවිසෙසා, යං සදෙවකස‍්ස ලොකස‍්ස දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා න කිඤ‍්චි කත්‍ථචි නීලාදිවසෙන විභත‍්තරූපාරම‍්මණෙසු විභත‍්තරූපාරම‍්මණං වා, භෙරිසද‍්දාදිවසෙන විභත‍්තසද‍්දාරම‍්මණාදීසු සද‍්දාදිආරම‍්මණං වා අත්‍ථි, යං එතෙසං ඤාණමුඛෙ ආපාථං නාගච‍්ඡති. යථාහ – “යං, භික‍්ඛවෙ, සදෙවකස‍්ස ලොකස‍්ස…පෙ… සදෙවමනුස‍්සාය දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමි තමහං අබ‍්භඤ‍්ඤාසි”න‍්ති (අ· නි· 4.24). එවං සබ‍්බත්‍ථ අප‍්පටිහතඤාණො භගවා සබ‍්බාපි තා දෙවතා භබ‍්බාභබ‍්බවසෙන ද‍්වෙ කොට‍්ඨාසෙ අකාසි. “කම‍්මාවරණෙන වා සමන‍්නාගතා”තිආදිනා (පු· ප· 12) හි නයෙන වුත‍්තා සත‍්තා අභබ‍්බා නාම. තෙ එකවිහාරෙ වසන‍්තෙපි බුද‍්ධා න ඔලොකෙන‍්ති. විපරීතා පන භබ‍්බා නාම. තෙ දූරෙ වසන‍්තෙපි ගන‍්ත්‍වා සඞ‍්ගණ‍්හන‍්ති. තස‍්මිං දෙවතාසන‍්නිපාතෙ යෙ අභබ‍්බා, තෙ පහාය භබ‍්බෙ පරිග‍්ගහෙසි. පරිග‍්ගහෙත්‍වා “එත‍්තකා එත්‍ථ රාගචරිතා, එත‍්තකා දොසාදිචරිතා”ති චරියවසෙන ඡ කොට‍්ඨාසෙ අකාසි. අථ නෙසං සප‍්පායධම‍්මදෙසනං උපධාරෙන‍්තො “රාගචරිතානං දෙවානං සම‍්මාපරිබ‍්බාජනීයසුත‍්තං (සු· නි· 361 ආදයො) කථෙස‍්සාමි, දොසචරිතානං කලහවිවාදසුත‍්තං (සු· නි· 868 ආදයො), මොහචරිතානං මහාබ්‍යූහසුත‍්තං (සු· නි· 901 ආදයො), විතක‍්කචරිතානං චූළබ්‍යූහසුත‍්තං (සු· නි· 884 ආදයො), සද‍්ධාචරිතානං තුවටකසුත‍්තං (සු· නි· 921 ආදයො), බුද‍්ධිචරිතානං පුරාභෙදසුත‍්තං (සු· නි· 854 ආදයො) කථෙස‍්සාමී”ති දෙසනං වවත්‍ථාපෙත්‍වා පුන තං පරිසං මනසාකාසි “අත‍්තජ‍්ඣාසයෙන නු ඛො ජානෙය්‍ය, පරජ‍්ඣාසයෙන, අට‍්ඨුප‍්පත‍්තිකෙන, පුච‍්ඡාවසෙනා”ති. තතො “පුච‍්ඡාවසෙන ජානෙය්‍යා”ති ඤත්‍වා “අත්‍ථි නු ඛො කොචි දෙවතානං අජ‍්ඣාසයං ගහෙත්‍වා චරියවසෙන පඤ‍්හං පුච‍්ඡිතුං සමත්‍ථො”ති “තෙසු පඤ‍්චසතෙසු භික‍්ඛූසු එකොපි න සක‍්කොතී”ති අද‍්දස. තතො අසීතිමහාසාවකෙ, ද‍්වෙ අග‍්ගසාවකෙ ච සමන‍්නාහරිත්‍වා “තෙපි න සක‍්කොන‍්තී”ති දිස‍්වා චින‍්තෙසි – “සචෙ පච‍්චෙකබුද‍්ධො භවෙය්‍ය, සක‍්කුණෙය්‍ය නු ඛො”ති. “සොපි න සක‍්කුණෙය්‍යො”ති ඤත්‍වා “සක‍්කසුයාමාදීසු කොචි සක‍්කුණෙය්‍යා”ති සමන‍්නාහරි. සචෙ හි තෙසු කොචි සක‍්කුණෙය්‍ය, තං පුච‍්ඡාපෙත්‍වා අත‍්තනා විස‍්සජ‍්ජෙය්‍ය. න පන තෙසුපි කොචි සක‍්කොති. අථස‍්ස එතදහොසි – “මාදිසො බුද‍්ධොයෙව සක‍්කුණෙය්‍ය, අත්‍ථි පන කත්‍ථචි අඤ‍්ඤො බුද‍්ධො”ති අනන‍්තාසු ලොකධාතූසු අනන‍්තඤාණං පත්‍ථරිත්‍වා ලොකං ඔලොකෙන‍්තො න අඤ‍්ඤං බුද‍්ධං අද‍්දස. අනච‍්ඡරියඤ‍්චෙතං, ඉදානි අත‍්තනා සමං න පස‍්සෙය්‍ය, යො ජාතදිවසෙපි බ්‍රහ‍්මජාලවණ‍්ණනායං (දී· නි· අට‍්ඨ· 1.7) වුත‍්තනයෙන අත‍්තනා සමං අපස‍්සන‍්තො “අග‍්ගොහමස‍්මි ලොකස‍්සා”ති (දී· නි· 2.31) අප‍්පටිවත‍්තියං සීහනාදං නදි. එවං අඤ‍්ඤං අත‍්තනා සමං අපස‍්සිත්‍වා චින‍්තෙසි “සචෙ අහං පුච‍්ඡිත්‍වා අහමෙව විස‍්සජ‍්ජෙය්‍යං, එවං තා දෙවතා න සක‍්ඛිස‍්සන‍්ති පටිවිජ‍්ඣිතුං. අඤ‍්ඤස‍්මිං පන බුද‍්ධෙයෙව පුච‍්ඡන‍්තෙ මයි ච විස‍්සජ‍්ජන‍්තෙ අච‍්ඡෙරකං භවිස‍්සති, සක‍්ඛිස‍්සන‍්ති ච දෙවතා පටිවිජ‍්ඣිතුං, තස‍්මා නිම‍්මිතබුද‍්ධං මාපෙස‍්සාමී”ති අභිඤ‍්ඤාපාදකං ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය “පත‍්තචීවරග‍්ගහණං ආලොකිතං විලොකිතං සමිඤ‍්ජිතං පසාරිතඤ‍්ච මම සදිසංයෙව හොතූ”ති කාමාවචරචිත‍්තෙහි පරිකම‍්මං කත්‍වා “පාචීනයුගන්‍ධරපරික‍්ඛෙපතො උල‍්ලඞ‍්ඝයමානං චන්‍දමණ‍්ඩලං භින්‍දිත්‍වා නික‍්ඛමන‍්තො විය ආගච‍්ඡතූ”ති රූපාවචරචිත‍්තෙන අධිට‍්ඨාසි. දෙවසඞ‍්ඝො තං දිස‍්වා “අඤ‍්ඤොපි නු ඛො භො, චන්‍දො උග‍්ගතො”ති ආහ. අථ චන්‍දං ඔහාය ආසන‍්නතරෙ ජාතෙ “න චන්‍දො, සූරියො උග‍්ගතො”ති. පුන ආසන‍්නතරෙ ජාතෙ “න සූරියො, දෙවවිමානං එත”න‍්ති. පුන ආසන‍්නතරෙ ජාතෙ “න දෙවවිමානං, දෙවපුත‍්තො එසො”ති. පුන ආසන‍්නතරෙ ජාතෙ “න දෙවපුත‍්තො, මහාබ්‍රහ‍්මා එසො”ති. පුන ආසන‍්නතරෙ ජාතෙ “න මහාබ්‍රහ‍්මා, අපරොපි භො බුද‍්ධො ආගතො”ති ආහ.

කෙසේද? බුදුවරු නම් මේ සත්ත්වයන්ට වඩා මහත් වූ සත්ත්ව විශේෂයකි. තමන්වහන්සේම දෙවියන් සහිත ලෝකයේ දුටු, ඇසූ, විඳි, දැනගත්, පැමිණි, පර්යේෂිත අනුව හැසිරුණු මනසින් කිසියම් නීලාදී වශයෙන් බෙදූ රූපාරම්මණයන්හි එන රූපාරම්මණයක් හෝ බෙර ශබ්ද ආදී වශයෙන් බෙදු ශබ්දාරම්මණාදීන්හි ශබ්දාරම්මණයක් හෝ යන මේවා අතරින් උන්වහන්සේලාගේ ඤාණයට නොවැටහී සිටින්නක් නම් නැත. එනිසා කියන ලදී. ‘මහණෙනි, දෙවියන් සහිත ලෝකයේ දෙව්මිනිස් ප්‍රජාවගේ දුටු, ඇසූ, විඳි, දැනගත්, පැමිණි, පර්යේෂිත (සෙවූ), අනුව හැසිරුණු යමක් වීද මනසින් ඒ සියල්ල මම දැනගතිමි. මම ඒ සියල්ල අවබෝධ කළෙමි’ යනුයි. මෙසේ සැමතැන්හිම අප්‍රතිහත ඤාණයෙන් භාග්‍යවතුන් වහන්සේ සියලුම ඒ දේව සමූහයා භබ්බ හා අභබ්බ වශයෙන් දෙකොටසකට බෙදූහ. කර්මාවරණයෙන් හෝ යුක්ත වූයේයැයි ආදී ක්‍රමයෙන් දක්වන ලද සත්ත්වයෝ අභබ්බ නම් වෙති. ඔවුහු එකම විහාරයේ විසූවත් බුදුවරු නොදකිති. ඊට විපරීත වූ වෙනස් වූවෝ භබ්බ නම් වෙති. ඔවුහු ඉතා දුර විසූවත් බුදුන් වෙත පැමිණ දැකගනිති. ඒ දේව සන්නිපාතයේ යම් අභබ්බ දිව්‍ය සමූහයක් වීද, ඔවුන් හැරදමා, භබ්බයන් පමණක් ගෙන ඔවුන්ගෙන් මෙපමණ රාග චරිතයෝ ය. මෙපමණක් ද්වේෂ චරිතයෝ යැයි චරිත වශයෙන් සය කොටසකට බෙදූහ. ඉන්පසුව බුදුහු ඔවුන්ට ගැලපෙන ධර්ම දේශනාවක් විමසා බලන සේක්, රාග චරිත දෙවියන්ට සම්මා පරිබ්බාජනීය සූත්‍රය දේශනා කරන්නෙමි. ද්වේෂ චරිතයන්ට කලහවිවාද සූත්‍රය ද මෝහ චරිතයට මහාවියූහ සූත්‍රය ද විතර්ක චරිතයන්ට චුල්ලවියූහ සූත්‍රයද සද්ධා චරිතයන්ට තුවටක ප්‍රතිපදාවද බුද්ධ චරිතයන්ට පුරාභේද සූත්‍රය ද කියන්නෙමියි දේශනාව ව්‍යවස්ථාපනය කර, නැවත ඒ පිරිස් සිහිපත් කළ සේක. ඒ දෙවිවරු කෙසේ නම් දේශනාව දැන ගන්නෝද? අත්තජ්ඣාසය වශයෙන් ද? පරජ්ඣාසය වශයෙන්ද? අත්‍ථුප්පත්තික වශයෙන් ද? පුච්ඡාවසික වශයෙන්ද? මෙසේ විමසා බැලූ විට පුච්ඡාවසිත වශයෙන් දෙවිවරුන් දහම් අවබෝධ කරගන්නා බව දැන, ‘මේ භික්‍ෂු පිරිස අතර දෙවියන්ගේ අදහස ගෙන චරිත වශයෙන් ප්‍රශ්න විසඳීමට සමත් කිසි භික්‍ෂුවක් වේද?යි විමසා පන්සීයක් භික්‍ෂූන් අතුරින් එබඳු සමත් වූ එකදු භික්‍ෂුවක්වත් නුදුටුවහ. ඉන්පසු අසූමහා ශ්‍රාවකයන් ද දෑගසවුවන් ද විමසා බලා, ඔවුන් ද අසමත් බව දැක මෙසේ සිතූහ. ‘ඉදින් පසේ බුදුවරයෙක් වීනම් උන්වහන්සේට හැකියාවක් වේදැ’යි විමසා බැලූ සේක්, උන්වහන්සේ ද අසමත් වන බව දැන ශක්‍ර සුයාම ආදීන් අතුරින් කවරෙකු සමත් වන්නේදැයි විමසනුයේ, ඔවුන්ගෙන් කිසිවෙක් සමත් වන්නේ නම් ඉදීන් ඔහු ලවා ප්‍රශ්න කරවා තමන් වහන්සේ විසඳන්නේ යැයි විමසා බැලූවත් ඔවුන්ටද නොහැකි බව වටහාගත් සේක. ඉක්බිති උන්වහන්සේට මෙබඳු සිතක් පහළ විය. ‘මා වැනි බුදුවරයෙක්ම ඊට සමත් වන්නේය. වෙනත් කිසියම් බුදුවරයෙක් ඇත්ද?’යි අනන්තාපරිමාණ ලෝකධාතූන්හි අනන්ත වූ ඤාණය පතුරුවා ලෝකය දෙස බලන සේක් එවැනි අන් බුදු කෙනෙකු නොදුටු සේක. දැන් තමා හා සම කෙනෙක් නොදැකීම යන මෙය අසිරිමත් දෙයක් නොවේ. සිදුහත් කුමරු උපන් දවසෙහි ද බ්‍රහ්මජාල වර්ණනාවේ පැවසූ පරිදිම තමා හා සමවූවෙකු නොදක්නේ ‘අග්ගෝ හමස්මි ලෝකස්ස’ යනුවෙන් නොපෙරලිය හැකි සිංහනාද පැවැත්වූයේ නොවේද? මෙසේ තමන්වහන්සේට සමාන අන් කිසිවකු නොදැක, ‘ඉදින් මම ම ප්‍රශ්න අසා මම ම විසඳන්නෙම් නම්, එවිට ඒ දෙවිවරු අර්ථාවබෝධයට අසමත් වෙති’ ‘මා වැනි අනික් බුදු කෙනෙකුන්ම ප්‍රශ්න අසන කල්හි මවිසින් විසඳන විට ඉන් ආශ්චර්යයක්ද වන්නේය. දෙවිවරු පහසුවෙන් ධර්මාවබෝධය ලබන්නට හැකිවන්නෝය. එනිසා නිර්මිත බුදුරුවක් මවන්නෙමි’යි අභිඥාපාදක ධ්‍යානයට සමවැදී ඉන් නැගී සිට, ‘පාසිවුරු ගැනීම, ඉදිරි බැලීම්, පසුපස බැලීම්, අත්පා හැකිලීම, දිගහැරීම සමානවම සිදුකරන බුදුවරයෙක් වේවායි කාමාවචර සිත්වලින් පරිකර්මකොට, පෙරදිග යුගන්ධර පරික්‍ෂේපයෙන් මතුවන සඳමඬල පලාගෙන නික්මෙන්නා මෙන් ඒවායි රූපාවචර සිතින් අධිෂ්ඨාන කළ සේක. දේව සමූහයා ඒ දැක අනික් සඳක් උදාවූයේදැයි කීහ. ඉන්පසු සඳින් නැගි මඳක් ළංවූ විට ‘සඳක් නොවේ. සූර්යයෙක් උදාවූයේය’යිද තවත් ආසන්න වූ කල්හි ‘දෙව් පුත්‍රයෙක් නොවේ. එක් මහා බ්‍රහ්මයෙක් යැ’යි ද තවත් ආසන්න වූ කල්හි ‘මහා බ්‍රහ්මයකු නොවේ. වෙනත් බුදුවරයෙක් පැමිණේ’ යැයි පැවසූහ.

තත්‍ථ පුථුජ‍්ජනදෙවතා චින‍්තයිංසු – “එකබුද‍්ධස‍්ස තාව අයං දෙවතාසන‍්නිපාතො. ද‍්වින‍්නං කීවමහන‍්තො භවිස‍්සතී”ති. අරියදෙවතා චින‍්තයිංසු – “එකිස‍්සා ලොකධාතුයා ද‍්වෙ බුද‍්ධා නාම නත්‍ථි, අද‍්ධා භගවා අත‍්තනා සදිසං අඤ‍්ඤං එකං බුද‍්ධං නිම‍්මිනී”ති. අථස‍්ස දෙවසඞ‍්ඝස‍්ස පස‍්සන‍්තස‍්සෙව නිම‍්මිතබුද‍්ධො ආගන‍්ත්‍වා දසබලං අවන්‍දිත්‍වාව සම‍්මුඛට‍්ඨානෙ සමසමං කත්‍වා මාපිතෙ ආසනෙ නිසීදි. භගවතො බාත‍්තිංසමහාපුරිසලක‍්ඛණානි, නිම‍්මිතස‍්සාපි, භගවතො සරීරා ඡබ‍්බණ‍්ණරස‍්මියො නික‍්ඛමන‍්ති, නිම‍්මිතස‍්සාපි, භගවතො සරීරරස‍්මියො නිම‍්මිතසරීරෙ පටිහඤ‍්ඤන‍්ති, නිම‍්මිතස‍්ස රස‍්මියො භගවතො කායෙ පටිහඤ‍්ඤන‍්ති. තා ද‍්වින‍්නම‍්පි බුද‍්ධානං සරීරතො උග‍්ගම‍්ම භවග‍්ගං ආහච‍්ච තතො තතො පටිනිවත‍්තිත්‍වා දෙවතානං මත්‍ථකමත්‍ථකපරියන‍්තෙන ඔතරිත්‍වා චක‍්කවාළමුඛවට‍්ටියං පතිට‍්ඨහිංසු. සකලචක‍්කවාළගබ‍්භං සුවණ‍්ණමයවඞ‍්කගොපානසිවිනද‍්ධමිව චෙතියඝරං විරොචිත්‍ථ. දසසහස‍්සචක‍්කවාළදෙවතා එකචක‍්කවාළෙ රාසිභූතා ද‍්වින‍්නං බුද‍්ධානං රස‍්මිඅබ‍්භන‍්තරං පවිසිත්‍වා අට‍්ඨංසු. නිම‍්මිතො නිසීදන‍්තොයෙව “කථංදස‍්සී කථංසීලො, උපසන‍්තොති වුච‍්චතී”තිආදිනා නයෙන අධිපඤ‍්ඤාදිකං පුච‍්ඡන‍්තො ගාථමාහ.

එහි සිටි පුහුදුන් දෙවිවරු මෙසේ සිතූහ. ‘එක් බුදුවරයෙකු සඳහා මෙපමණ දේව සන්නිපාතයක් විය. බුදුවරු දෙදෙනෙක් වූ විට කෙතරම් මහත් දේව සන්නිපාතයක් වේද?’ ආර්ය දෙවිවරු මෙසේ සිතූහ. ‘එක ලෝකධාතුවක බුදුවරු දෙනමක් නම් නැත. ඒකාන්තයෙන් බුදුහු තමන්වහන්සේ හා සමාන බුදුරුවක් මවන ලදී’ යනුයි. නැතහොත් නිර්මිත බුදුරුවේ සිරුරින් නික්මුණු ෂඩ්වර්ණ රැස් දහරා නිර්මාපක භාග්‍යවතුන් වහන්සේගේ සිරුරේ ගැටේ. නිර්මාපක භාග්‍යවතුන් වහන්සේගෙන් නික්මෙන රැස්දහරා නිර්මිත බුදුරුවේ සිරුරේ ගැටේ. ඒ දෙ බුදුවරුන්ගේ ශරීරයන්ගෙන් නික්මුණු රාශි ජාලා උඩට නැගී භවාග්‍රයේ ගැටී, ඉන් නැවත හැරී අවුත් දෙවියන්ගේ මස්තක පර්යන්තයෙන් බැස සක්වල මුවවිටෙහි පිහිටියේය. මුලු මහත් සක්වල ගැබම රන්මය වක් වූ ගොනැසි සහිත චේතිය ඝරයක් මෙන් බැබලුණේය. දස දහසක් සක්වල දෙවියෝ එක් සක්වලකට රැස් වූවාහු බුදුවරුන් දෙදෙනා වහන්සේගේ රශ්මි ජාලා ගර්භයට පිවිස සිටියහ. නිර්මිත බුදුරුව හිඳගනිමින්ම කථං දස්සී කථං සීලො උපසන්තොති වුච්චති යනාදී ක්‍රමයෙන් අධිප්‍රඥාදී ප්‍රශ්නය ගාථාවකින් විමසන ලදී.

තත්‍ථ පුච‍්ඡාය තාව සො නිම‍්මිතො කථංදස‍්සීති අධිපඤ‍්ඤං, කථංසීලොති අධිසීලං, උපසන‍්තොති අධිචිත‍්තං පුච‍්ඡති. සෙසං පාකටමෙව.

ඒ ප්‍රශ්නයේ ඒ නිර්මිත බුදුරදුන්ගේ කථං දස්සී අධිප්‍රඥා ආදියයි. කථං සීලො අධිශීලයයි උපසන්තො අධි චිත්තයයි. සෙසු පදයන්හි අර්ථ ප්‍රකටය.

නිම‍්මිතබුද‍්ධාදිවිභාවනත්‍ථං පෙටකෙ –

නිර්මිත බුදුරදුන් ප්‍රකට කර දක්වනු සඳහා පෙටකොපදේශයේ මෙසේ දක්වා ඇත.

“උපෙති ධම‍්මං පරිපුච‍්ඡමානො, කුසලං අත්‍ථුපසඤ‍්හිතං; න ජීවති න නිබ‍්බුතො න මතො, තං පුග‍්ගලං කතමං වදන‍්ති බුද‍්ධා. (පරි· 479);

උපෙති ධම්මං පරිපුච්ඡමානො කුසලං අත්‍ථ සංහිතං, නච්වති න උප්පජ්ජති තං පුග්ගලං කතමං වදන්ති බුද්ධා

‘කුසල වූ අර්ථ සහිත වූ ධර්මානුකූල ප්‍රඥාවන්ත ප්‍රශ්න විමසීමට පැමිණෙන, චුත නොවන, (නොමැරෙන) නූපදින ඒ උතුම් පුද්ගලයා කවුදැයි බුදුවරු පවසති.’

“සංසාරඛීණො න ච වන‍්තරාගො, න චාපි සෙක‍්ඛො න ච දිට‍්ඨධම‍්මො; අඛීණාසවො අන‍්තිමදෙහධාරී, තං පුග‍්ගලං කතමං වදන‍්ති බුද‍්ධා.

සංසාරො ඛීණො න ච වන්තරාගො, න චාපි සෙඛො නච දිට්ඨධම්මො, ඛීණාසවො නාන්තිමදෙහධාරී, තං පුග්ගලං කතමං වදන්ති බුද්ධා

සංසාරය ක්‍ෂය කරන ලදී. රාගය වමාරා දැමූයේ නොවේ. සේඛයෙක් ද නොවේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තෙකු ද නොවේ. නමුත් ඔහු ක්‍ෂීණාස්‍රවයෙක් හා අන්තිම දේහය දරන්නෙක් වේ. ඒ පුද්ගලයා කවරකුදැයි බුදුවරු පවසති.

“න දුක‍්ඛසච‍්චෙන සමඞ‍්ගිභූතො, න මග‍්ගසච‍්චෙන කුතො නිරොධො; සමුදයසච‍්චතො සුවිදූරවිදූරො, තං පුග‍්ගලං කතමං වදන‍්ති බුද‍්ධා.

න දුක්ඛසච්චෙන සමංගිභූතො, න මග්ග සච්චෙ කුතො නිරොධො, සමුදය සච්චතො සවිදූරෙ දූරෙ, තං පුග්ගලං කතමං වදන්ති බුද්ධා

දුක්ඛ සත්‍යයෙන් යුක්ත නොවේ. මාර්ග සත්‍යය ද නැත. නිරෝධයක් ඔහුට කොයින්ද? හෙතෙම සමුදය සත්‍යයෙන් ද ඉතා දුරටම දුරුවූයේය. මේ පුද්ගලයා කවුදැයි බුදුවරු පවසති.

“අහෙතුකො නොපි ච රූපනිස‍්සිතො, අපච‍්චයො නොපි ච සො අසඞ‍්ඛතො; අසඞ‍්ඛතාරම‍්මණො නොපි ච රූපී, තං පුග‍්ගලං කතමං වදන‍්ති බුද‍්ධා”ති. – වුත‍්තං.

සහෙතුකො තො පි ච රූප නිස්සිතො, සප්පච්චයො නොපි ච සො අසංඛතො, අසංඛතාරම්මණො නොච රූපී, තං පුග්ගලං කතමං වදන්ති බුද්ධා

සහේතුකයෙක් ද රූප නිශ්‍රිතයෙක් ද නොවේ. ප්‍රත්‍ය සහිත වූවෙක්ද අසංඛත වූවෙක් ද නොවේ. අසංඛතාරම්මණයක් මෙන්ම රූපාරම්මණයක්ද ඔහුට නැත. මේ පුද්ගලයා කවුදැයි බුදුවරු පවසති.

තත්‍ථ පඨමගාථා නිම‍්මිතබුද‍්ධං සන්‍ධාය, දුතියගාථා පච‍්ඡිමභවිකබොධිසත‍්තං සන්‍ධාය, තතියගාථා අරහත‍්තඵලට‍්ඨං සන්‍ධාය, චතුත්‍ථගාථා අරූපෙ නිබ‍්බානපච‍්චවෙක‍්ඛණමනොද‍්වාරපුරෙචාරිකචිත‍්තසමඞ‍්ගිං සන්‍ධාය වුත‍්තාති ඤාතබ‍්බා. කීදිසෙන දස‍්සනෙනාති කීදිසවසෙන දස‍්සනෙන. කිංසණ‍්ඨිතෙනාති කිංසරික‍්ඛෙන. කිංපකාරෙනාති කිංවිධෙන. කිංපටිභාගෙනාති කිංආකාරෙන.

මෙහි පළමු ගාථාව නියමිත බුදුවරු සඳහා කියන ලදී. දෙවන ගාථාව පශ්චිම භවික බෝධිසත්ත්වයන් සඳහාය. තෙවන ගාථාව අර්හත් ඵලස්ථ පුද්ගලයා සඳහා කියන ලදී. සිවුවන ගාථාව අරූපාවචර නිර්වාණය ප්‍රත්‍යවේක්‍ෂා කරන පුරේචාරිකාර්ථයෙන් චිත්තයෙන් යුක්ත වූවහු සඳහා කියන ලදැයි දතයුතුයි. කීදිසෙන දස්සනෙන කවරාකාර දර්ශනයකින් කිං සණ්ඨිතෙන කවර ගැලපීමකින් කිං පකාරෙන කවර විධියකින් කිං පටිභාගෙන කවර ආකාරයකින්.

යං පුච‍්ඡාමීති යං පුග‍්ගලං පුච‍්ඡාමි, තං මය‍්හං වියාකරොහි. යාචාමීති ආයාචාමි. අජ‍්ඣෙසාමීති ආණාපෙමි. පසාදෙමීති තව සන‍්තානෙ සොමනස‍්සං උප‍්පාදෙමි. බ්‍රූහීති නිද‍්දෙසස‍්ස උද‍්දෙසපදං. ආචික‍්ඛාති දෙසෙතබ‍්බානං “ඉමානි නාමානී”ති නාමවසෙන කථෙහි. දෙසෙහීති දස‍්සෙහි . පඤ‍්ඤපෙහීති ජානාපෙහි. ඤාණමුඛවසෙන හි අප‍්පනං ඨපෙන‍්තො “පඤ‍්ඤපෙහී”ති වුච‍්චති. පට‍්ඨපෙහීති පඤ‍්ඤාපෙහි, පවත‍්තාපෙහීති අත්‍ථො. ඤාණමුඛෙ ඨපෙහීති වා. විවරාති විවටං කරොහි, විවරිත්‍වා දස‍්සෙහීති අත්‍ථො. විභජාති විභාගකිරියාය විභාවෙන‍්තො දස‍්සෙහීති අත්‍ථො. උත‍්තානීකරොහීති පාකටභාවං කරොහි.

යං පුච්ඡාමි යම් පුද්ගලයකුගෙන් විචාරම් ද ඒ පුද්ගලයා මා හට විසඳා දෙන්න. යාචාමි ආරාධනා කරමි. අජ්ඣොසාමි අණ කරමි. පසාදෙමි නුඹගේ සන්තානයේ සොම්නසක් උපදවමි. බ්‍රෑහි යනු නිද්දේසයේ උදෙසන පදයයි. ආචික්ඛ දෙසිය යුත්තන්ගේ නම් වශයෙන් කියන්න. දෙසෙහි දක්වන්න. පඤ්ඤාපෙහි දන්වන්න. ඤාණමුඛ වශයෙන් අර්පණාව දක්වමින් පඤ්ඤාපෙහී යනුවෙන් කියන ලදී. පට්ඨපෙහි පණවන්න. පවත්වන්න යන අර්ථයයි. ඤාණමුඛයෙහි හෝ තබන්න. විවර විවෘත කරන්න. විවෘත කර දක්වන්න. විභජ විභාග කර, විභාවනය කරමින් දක්වන්න යන අර්ථයයි. උත්තානී කරොහි ප්‍රකට භාවයට පත්කරන්න.

අථ වා ආචික‍්ඛාති දෙසනාදීනං ඡන‍්නං පදානං මූලපදං. දෙසනාදීනි ඡ පදානි එතස‍්ස අත්‍ථස‍්ස විවරණත්‍ථං වුත‍්තානි. තත්‍ථ දෙසෙහීති උග‍්ඝටිතඤ‍්ඤූනං වසෙන සඞ‍්ඛෙපතො පඨමං උද‍්දෙසවසෙන දෙසෙහි. උග‍්ඝටිතඤ‍්ඤූ හි සඞ‍්ඛෙපෙන වුත‍්තං පඨමං වුත‍්තඤ‍්ච පටිවිජ‍්ඣන‍්ති. පඤ‍්ඤපෙහීති විපඤ‍්චිතඤ‍්ඤූනං වසෙන තෙසං චිත‍්තතොසනෙන බුද‍්ධිනිසානෙන ච පඨමං සංඛිත‍්තස‍්ස විත්‍ථාරතො නිද‍්දෙසවසෙනෙව පඤ‍්ඤපෙහි. පට‍්ඨපෙහීති තෙසංයෙව නිද‍්දිට‍්ඨස‍්ස නිද‍්දෙසස‍්ස පටිනිද‍්දෙසවසෙන විත්‍ථාරිතවසෙන ඨපෙති පට‍්ඨපෙහි. විවරාති නිද‍්දිට‍්ඨස‍්සපි පුනප‍්පුනං වචනෙන විවරාහි. විභජාති පුනප‍්පුනං වුත‍්තස‍්සාපි විභාගකරණෙන විභජාහි. උත‍්තානීකරොහීති විවටස‍්ස විත්‍ථාරතරවචනෙන විභත‍්තස‍්ස ච නිදස‍්සනවචනෙන උත‍්තානිං කරොහි. අයං දෙසනා නෙය්‍යානම‍්පි පටිවෙධාය හොතීති.

නැතහොත් ආචික්ඛ යනු දේශනාදී පද සයට මූල වූ පදයයි. දේශනාදිය මේ අර්ථය විවරණය කිරීම සඳහා කියන ලදී. එහි දෙසෙහි යනු උග්ඝටිතඤ්ඤූ පුද්ගලයන්ගේ වශයෙන් සංක්‍ෂිප්තව පළමුව උද්දේස වශයෙන් දෙසන්න. උඝටිතඤ්ඤූ පුද්ගලයෝ වනාහි සංක්‍ෂිප්තව කියන ලද පළමුව දේශනා කළ අයුරින් අවබෝධ කරගනිති. පඤ්ඤපෙහි විපචිතඤ්ඤූ පුද්ගලයන්ගේ වශයෙන් ඔවුන්ගේ සිත් පිනවීමෙන් බුද්ධිය නම් කරගලින් අවබෝධ කරගැනීමට පළමුව සංක්‍ෂිප්තව දෙසූ කරුණු නිද්දේස වශයෙන් සවිස්තරව පනවන්න. පට්ඨපෙහි ඒ නිර්දිෂ්ඨ නිද්දේසය පටිනිද්දේස වශයෙන් විස්තර කර තබන්න. පිහිටුවන්න. විවර නිර්දිෂ්ට වූ දෙය ද නැවත නැවතත් වචනවලින් විවරණය කරන්න. විභජ පුන පුනා කියූ දෙය විභාග කිරීම් වශයෙන් බෙදා දක්වන්න. උත්තානී කරොහි විවෘත කළ, විස්තර වචනයෙන් බෙදා දැක්වූ දෙය නිදර්ශන වචනයන්ගෙන් අර්ථ ප්‍රකට කර දක්වන්න. මෙසේ කරන දේශනාව නෙය්‍ය පුද්ගලයන්ගේ පවා ධර්මාවබෝධය පිණිස වේ.

විස‍්සජ‍්ජනෙ පන භගවා සරූපෙන අධිපඤ‍්ඤාදීනි අවිස‍්සජ‍්ජෙත්‍වාව අධිපඤ‍්ඤාදිප‍්පභාවෙන යෙසං කිලෙසානං උපසමා “උපසන‍්තො”ති වුච‍්චති, නානාදෙවතානං ආසයානුලොමෙන තෙසං උපසමමෙව දීපෙන‍්තො “වීතතණ‍්හො”තිආදිකා ගාථායො අභාසි. තත්‍ථ ආදිතො අට‍්ඨන‍්නං ගාථානං “තං බ්‍රූමි උපසන‍්තො”ති ඉමාය ගාථාය සම‍්බන්‍ධො වෙදිතබ‍්බො, තතො පරාසං “ස වෙ සන‍්තොති වුච‍්චතී”ති ඉමිනා සබ‍්බපච‍්ඡිමෙන පදෙන.

මේ ප්‍රශ්නය විසඳන භාග්‍යවතුන් වහන්සේ, සරූප වශයෙන් අධි ප්‍රඥාදිය අත්නොහැර ම අධිප්‍රඥාදී ස්වභාවයෙන්, යම් කෙලෙස් ධර්මයක සන්සිඳීමෙන් ශාන්ත වූයේ යැයි කියනු ලැබේද, නානා දෙවිවරුන්ගේ ආශ්‍රවයන්ට අනුලෝම වශයෙන් ඔවුන්ගේ ශාන්තභාවයම (උපසමනය) දක්වන සේක් වීතතණ්හො යන ගාථා වදාළ සේක. එහි මුලින් එන ගාථා අට අතුරින් ‘තං බ්‍රූමි උපසන්තො’ යන මේ ගාථාවේ සම්බන්ධය දතයුතුයි. ඉන් අනතුරුව සවෙ සන්තාති වුච්චති මේ සියල්ලට පසුව එන පදයෙන් අනුපද වර්ණනා න්‍යාය දතයුතුයි.

අනුපදවණ‍්ණනානයො – වීතතණ‍්හො පුරාභෙදාති යො සරීරභෙදා පුබ‍්බමෙව පහීනතණ‍්හො. පුබ‍්බමන‍්තමනිස‍්සිතොති අතීතද‍්ධාදිභෙදං පුබ‍්බඅන‍්තං අනිස‍්සිතො. වෙමජ‍්ඣෙ නුපසඞ‍්ඛෙය්‍යොති පච‍්චුප‍්පන‍්නෙපි අද‍්ධනි “රත‍්තො”තිආදිනා නයෙන න උපසඞ‍්ඛාතබ‍්බො . තස‍්ස නත්‍ථි පුරක‍්ඛතන‍්ති තස‍්ස අරහතො ද‍්වින‍්නං පුරෙක‍්ඛාරානං අභාවා අනාගතෙ අද‍්ධනි පුරක‍්ඛතමපි නත්‍ථි, තං බ්‍රූමි උපසන‍්තොති එවමෙත්‍ථ යොජනා වෙදිතබ‍්බා. එස නයො සබ‍්බත්‍ථ.

වීතතණ්හො පුරා භෙදා යමෙක් ශරීර භේදයකට පූර්වයෙන්ම තණ්හාව ප්‍රහීණ කළේද පුබ්බමන්තමනිස්සිතෙ අන්ත ද්වයට බෙදීමෙන් පූර්වාන්තය ඇසුරු නොකළේ. වෙමජ්ඣෙනුපසංඛෙය්‍යො වර්තමාන කාලයෙහිද රාගයෙන් ඇලුනේය’ ආදී වශයෙන් නොසැලකිය යුතු වූ තස්ස නත්‍ථි පුරෙක්ඛතං ඒ රහතන් වහන්සේට තෘෂ්ණා දෘෂ්ටි දෙක නොමැති බැවින් අනාගත භවෝත්පත්තියද නැත. ඔහු උපශාන්තයෙකුයි මම කියමි යි මෙසේ අර්ථ යෝජනාව දතයුතුයි. මේ න්‍යාය සෑමතන්හි දතයුතුයි.

පුරා කායස‍්ස භෙදාති කරජකායස‍්ස භෙදතො පුබ‍්බෙයෙව. අත‍්තභාවස‍්සාති සකලත‍්තභාවස‍්ස. කළෙවරස‍්ස නික‍්ඛෙපාති කළෙවරස‍්ස නික‍්ඛෙපතො සරීරස‍්ස ඨපනතො. ජීවිතින්‍ද්‍රියස‍්ස උපච‍්ඡෙදාති දුවිධස‍්ස ජීවිතින්‍ද්‍රියස‍්ස උපච‍්ඡෙදතො පුබ‍්බමෙව.

පුරා කායස්ස භෙදා කරජ කයෙහි භේදයට (බිඳීයාමට) පෙරදීම. අතතභාවස්ස කර්මන්‍ය ආත්මභාවයාගේ කලෙබරස්ස නික්ඛෙපා කලේබරයේ බහා තැබීමෙන්, ශරීරය තැබීමෙන්. ජීවිතින්‍ද්‍රියස්ස උපච්ඡෙදා ජීවිතින්‍ද්‍රිය දෙකෙහි සිඳී යෑමට පෙරදීම.

පුබ‍්බන‍්තො වුච‍්චති අතීතො අද‍්ධාති පුබ‍්බසඞ‍්ඛාතො අන‍්තො කොට‍්ඨාසො “අතීතො අද‍්ධාති, අතික‍්කන‍්තො කාලො”ති කථීයති. අතීතං අද‍්ධානං ආරබ‍්භාති අතීතකාලං පටිච‍්ච තණ‍්හා පහීනා.

පුබ්බන්තො වුච්චති අතීතො අද්ධා පූර්වාන්ත සංඛ්‍යාත අන්තය කොට්ඨාශය, කාලය ඉක්මවන ලදී. ඉක්මවන ලද කාලය යයි කියනු ලැබේ. අතීතං අද්ධානං ආරබ්භ ඉක්මවන ලද කාලය නිසා තණ්හාව ප්‍රහීණය.

අපරම‍්පි භද‍්දෙකරත‍්තපරියායං (ම· නි· 3.272 ආදයො) දස‍්සෙන‍්තො “අථ වා”තිආදිමාහ. තත්‍ථ එවංරූපො අහොසින‍්ති කාළොපි සමානො ඉන්‍දනීලමණිවණ‍්ණො අහොසින‍්ති එවං මනුඤ‍්ඤරූපවසෙනෙව එවංරූපො අහොසිං. කුසලසුඛසොමනස‍්සවෙදනාවසෙනෙව එවංවෙදනො. තං සම‍්පයුත‍්තානංයෙව සඤ‍්ඤාදීනං වසෙන එවංසඤ‍්ඤො. එවංසඞ‍්ඛාරො. එවංවිඤ‍්ඤාණො අහොසිං අතීතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං න සමන‍්නානෙතීති තෙසු රූපාදීසු තණ‍්හං වා තණ‍්හාසම‍්පයුත‍්තදිට‍්ඨිං වා නානුපවත‍්තයති. අපරෙන පරියායෙන මහාකච‍්චානභද‍්දෙකරත‍්තපරියායං දස‍්සෙන‍්තො “අථ වා ඉති මෙ චක‍්ඛු අහොසී”තිආදිමාහ. තත්‍ථ චක‍්ඛූති චක‍්ඛුපසාදො. රූපාති චතුසමුට‍්ඨානිකරූපා. ඉමිනා නයෙන සෙසායතනානිපි වෙදිතබ‍්බානි. විඤ‍්ඤාණන‍්ති නිස‍්සයවිඤ‍්ඤාණං. න තදභිනන්‍දතීති තං චක‍්ඛුඤ‍්චෙව රූපඤ‍්ච තණ‍්හාදිට‍්ඨිවසෙන නාභිනන්‍දති. ඉති මෙ මනො අහොසි ඉති ධම‍්මාති එත්‍ථ පන මනොති භවඞ‍්ගචිත‍්තං. ධම‍්මාති තෙභූමකධම‍්මාරම‍්මණං. හසිතලපිතකීළිතානීති දන‍්තවිදංසකහසිතඤ‍්ච වාචාලපිතඤ‍්ච කායකීළාදිකීළිතඤ‍්චාති හසිතලපිතකීළිතානි. න තදස‍්සාදෙතීති තානි හසිතාදීනි නාභිනන්‍දති. න තං නිකාමෙතීති කන‍්තං න කරොති. න ච තෙන විත‍්තිං ආපජ‍්ජතීති තෙන ච තුට‍්ඨිං න පාපුණාති.

තවත් යහපත් පර්යායක් (භද්දේක පර්යායක්) දක්වමින් අථවා යනාදිය කියන ලදී. එහි එවංරූපො අහොසි කාලය හා සමාන වූයේ ඉන්‍ද්‍රනීල මාණික්‍යමය වර්ණ ඇත්තේ වීමියි මෙසේ මනෝඥ වූ රූප සම්පත් වශයෙන් මෙවැනි රූ ඇති වීමි. කුසල සුඛ, සොම්නස් වේදනා වශයෙන් ම එවං වෙදනො යි. එය සම්ප්‍රයුක්ත වූ ම සංඥාදී වශයෙන් එවං සඤ්ඤො එවං සංඛාරො එවං විඤ්ඤාණො (මෙබඳු සංඥා ඇතියෙක්, මෙබඳු සංස්කාර ඇතියෙක්, මෙබඳු විඥාන ඇතියෙක්) අතීත ආත්ම භාව වලදී වීමි. එහි නන්‍දි නං සමන්නානෙති ඒ රූපාදියෙහි තණ්හාව හෝ තණ්හා සම්ප්‍රයුක්ත දෘෂ්ටිය හෝ අනුව නො යොදයි. නො එළඹෙයි. තවත් පර්යායකින් මහා කච්චාන භද්දේකරත්ත පර්යාය දක්වමින්, “නැතහොත් මෙසේ මගේ ඇස විය” ආදී වශයෙන් කියන ලදී. එහි චක්ඛුං යනු චක්‍ෂු ප්‍රාසාදයයි. රූපා චතුසමුට්ඨානික රූපයෝ ය. මේ න්‍යායෙන් සෙසු ආයතන ද දතයුතුයි. විඤ්ඤාණං නිශ්‍රිත විඤ්ඤාණය. න තදභිනන්‍දති ඒ චක්‍ෂුව ද රූපය ද තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සතුටු නොවෙති. ඉති මෙ මනො අහොසි ඉති ධම්මා මෙහි වනාහි මනො යනු භවංග සිත. ධම්මා ත්‍රෛභූමික ධර්මාරම්මණය. හසිතලපිත කිළිතානි දත් පෙන්නා සිනාසීම, ප්‍රියවදන් තෙපලීම, කායික ක්‍රීඩාදී කෙළිකවටකම් ද හසිත ලපිත ක්‍රීඩාවන්ද න තදස්සාදෙති ඒ සිනාසීම් ආදියෙන් තුටු නොවේ. න නං නිකාමෙති. කැමැත්ත නොකරයි. න තෙන ච විත්තිං ආපජ්ජති එයින් සතුටට නොපැමිණෙයි.

තං තං පච‍්චයං පටිච‍්ච උප‍්පන‍්නොති පච‍්චුප‍්පන‍්නො. රත‍්තොති නුපසඞ‍්ඛෙය්‍යොති රාගෙන රත‍්තොති ගණනං න උපනෙතබ‍්බො. උපරිපි එසෙව නයො. එවරූපො සියන‍්තිආදීසු පණීතමනුඤ‍්ඤරූපාදිවසෙනෙව තණ‍්හාදිට‍්ඨිපවත‍්තනසඞ‍්ඛාතා නන්‍දී සමන‍්නානයනා වෙදිතබ‍්බා. න පණිදහතීති පත්‍ථනාවසෙන න ඨපෙති. අප‍්පණිධානපච‍්චයාති න පත්‍ථනාඨපනකාරණෙන.

ඒ ඒ ප්‍රත්‍යය නිසා උපන්නේනුයි පච්චුප්පන්න නම් වේ. රත්තොති නූපසංඛෙය්‍යො රාගයෙන් ඇලුණේ යැයි නොගිණිය යුතුය. සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි. එවං රූපො සියං ආදියෙහි ද ප්‍රණීත මනෝඥ රූපාදී වශයෙන් ම තෘෂ්ණා දෘෂ්ටි පැවැතීම් සංඛ්‍යාත තෘෂ්ණාව නො එළවඹීම දතයුතුයි. ණ පණිදහති ප්‍රාර්ථනා වශයෙන් නො තබයි. අපණිධාන පච්චයා ප්‍රාර්ථනා නොතැබීම හේතු කොටගෙන.

අසන‍්තාසීති තෙන තෙන අලාභතො අසන‍්තසන‍්තො. අවිකත්‍ථීති සීලාදීහි අවිකත්‍ථනසීලො. අකුක‍්කුචොති හත්‍ථකුක‍්කුච‍්චාදිවිරහිතො. මන‍්තභාණීති මන‍්තාය පරිග‍්ගහෙත්‍වා වාචං භාසිතා. අනුද‍්ධතොති උද‍්ධච‍්චවිරහිතො. ස වෙ වාචායතොති සො වාචාය යතො සංයතො චතුදොසවිරහිතං වාචං භාසිතා හොති.

අසන්තාසි ඒ ඒ අලාභ වීම්වලින් තැතිනොගෙන ශාන්තව. අවිකත්‍ථි ශීලාදියෙන් තමා හුවා නොදක්වනුයේ අකුක්කුච්චො අතින් කෙරෙන වැරදි ක්‍රියා ආදියෙන් තොර වූයේ. මන්තභාණී මන්ත්‍ර පිරිවහා වචන කියන්නේ. අනුද්ධතො උද්ධච්ච බවින් තොර වූයේ සවෙ වාචා යතො හෙතෙම වචනයෙන් සංයම වූයේ සිවු දෝෂයන්ගෙන් තොර වූ වචන කථා කරන්නේ වේ.

අක‍්කොධනොති යඤ‍්හි ඛො වුත‍්තන‍්ති “න කොධනො අකොධනො කොධවිරහිතො”ති යං කථිතං, තං පඨමං තාව කොධං කථෙතුකාමො “අපිච කොධො තාව වත‍්තබ‍්බො”ති ආහ. කොධො තාව වත‍්තබ‍්බොති පඨමං කොධො කථෙතබ‍්බො. දසහාකාරෙහි කොධො ජායතීති දසහි කාරණෙහි කොධො උප‍්පජ‍්ජති. අනත්‍ථං මෙ අචරීති අවඩ‍්ඪිං මෙ අකාසි, ඉමිනා උපායෙන සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො. අට‍්ඨානෙ වා පන කොධො ජායතීති අකාරණෙ කොධො උප‍්පජ‍්ජති. එකච‍්චො හි “දෙවො අතිවස‍්සතී”ති කුප‍්පති, “න වස‍්සතී”ති කුප‍්පති, “සූරියො තප‍්පතී”ති කුප‍්පති, “න තප‍්පතී”ති කුප‍්පති, වාතෙ වායන‍්තෙපි කුප‍්පති, අවායන‍්තෙපි කුප‍්පති, සම‍්මජ‍්ජිතුං අසක‍්කොන‍්තො බොධිපණ‍්ණානං කුප‍්පති, චීවරං පාරුපිතුං අසක‍්කොන‍්තො වාතස‍්ස කුප‍්පති, උපක‍්ඛලිත්‍වා ඛාණුකස‍්ස කුප‍්පති. ඉදං සන්‍ධාය වුත‍්තං – “අට‍්ඨානෙ වා පන කොධො ජායතී”ති. තත්‍ථ හෙට‍්ඨා නවසු ඨානෙසු සත‍්තෙ ආරබ‍්භ උප‍්පන‍්නත‍්තා කම‍්මපථභෙදො හොති.

අක්කොධනොති යං හි ඛො වුත්තං ක්‍රෝධ විරහිතයැයි යමක් මුලින් කියන ලද ද පළමුව ඒ ක්‍රෝධය පිළිබඳව විස්තර කරනු කැමතිව “අපිච කොධො තාව වත්තබ්බො” යි කියන ලදී. කොධො තාව වත්තබ්බො පළමුව ක්‍රෝධය කිවයුතුයි. දසාහාකාරෙහි කොධො ජායති කරුණු දහයක් නිසා ක්‍රෝධය උපදියි. අනත්‍ථං මෙ අචරිං අනර්ථයක් මවිසින් කළේය. මේ ක්‍රමයෙන් සියලු පදයන්හි අර්ථ දතයුතුයි. අට්ඨානෙ වා පන කොධො ජායති නොකරුණෙහි ක්‍රෝධය උපදියි. ඇතැමෙක් දැඩිව වසින්නේ යැයි කිපෙයි. නොවසීයැයි කිපෙයි. සූර්ය රශ්මිය දැඩියැයි තැවෙයි. සූර්ය රශ්මිය නැතැයි තැවේ. සුළඟ හමනවිට කිපෙයි. නොහමන විට ද කිපෙයි. ඇමදීමට නොහැක්කේ බෝකොළවලට කිපෙයි. සිවුර පොරවාගත නොහැකිව සුළඟට කිපෙයි. පය පැකිලී කුඩා උල් ආදියට කිපෙයි. ඒ සඳහා කියන ලදී. “අට්ඨානෙ වා පන ආඝාතො ජායති” (අස්ථානයෙහි හෝ ක්‍රෝධය උපදී) යනුයි. එහි යටකී නව තැන්හි සත්ත්වයන් අරබයා උපන් බැවින් කර්මපථභේදය වේ.

අට‍්ඨානඝාතො පන සඞ‍්ඛාරෙසු උප‍්පන‍්නො කම‍්මපථභෙදං න කරොති. චිත‍්තං ආඝාතෙන‍්තො උප‍්පන‍්නොති චිත‍්තස‍්ස ආඝාතො. තතො බලවතරො පටිඝාතො. පටිහඤ‍්ඤනවසෙන පටිඝං. පටිවිරුජ‍්ඣතීති පටිවිරොධො. කුප‍්පනවසෙන කොපො. පකොපො සම‍්පකොපොති උපසග‍්ගවසෙන පදං වඩ‍්ඪිතං. දුස‍්සනවසෙන දොසො. පදොසො සම‍්පදොසොති උපසග‍්ගවසෙන පදං වඩ‍්ඪිතං. චිත‍්තස‍්ස බ්‍යාපත‍්තීති චිත‍්තස‍්ස විපන‍්නතා විපරිවත‍්තනාකාරො. මනං පදූසයමානො උප‍්පජ‍්ජතීති මනොපදොසො. කුජ‍්ඣනවසෙන කොධො. කුජ‍්ඣනාකාරො කුජ‍්ඣනා. කුජ‍්ඣිතස‍්ස භාවො කුජ‍්ඣිතත‍්තං. දුස‍්සතීති දොසො. දුස‍්සනාති දුස‍්සනාකාරො. දුස‍්සිතත‍්තන‍්ති දුස‍්සිතභාවො. පකතිභාවවිජහනට‍්ඨෙන බ්‍යාපජ‍්ජනං බ්‍යාපත‍්ති. බ්‍යාපජ‍්ජනාති බ්‍යාපජ‍්ජනාකාරො. විරුජ‍්ඣතීති විරොධො. පුනප‍්පුනං විරුජ‍්ඣතීති පටිවිරොධො. විරුද‍්ධාකාරපටිවිරුද‍්ධාකාරවසෙන වා ඉදං වුත‍්තං. චණ‍්ඩිකො වුච‍්චති චණ‍්ඩො, ථද‍්ධපුග‍්ගලො, තස‍්ස භාවො චණ‍්ඩික‍්කං. න එතෙන සුරොපිතං වචනං හොති, දුරුත‍්තං අපරිපුණ‍්ණමෙව හොතීති අසුරොපො. කුද‍්ධකාලෙ හි පරිපුණ‍්ණවචනං නාම නත්‍ථි, සචෙපි කස‍්සචි හොති, තං අප‍්පමාණං. අපරෙ පන “අස‍්සුජනනට‍්ඨෙන අස‍්සුරොපනතො අස‍්සුරොපො”ති වදන‍්ති, තං අකාරණං සොමනස‍්සස‍්සාපි අස‍්සුජනනතො. හෙට‍්ඨාවුත‍්තඅත‍්තමනතාපටිපක‍්ඛතො න අත‍්තමනතාති අනත‍්තමනතා. සා පන යස‍්මා චිත‍්තස‍්සෙව, න සත‍්තස‍්ස, තස‍්මා “චිත‍්තස‍්සා”ති වුත‍්තං.

අස්ථාන ආඝාතය වනාහි සංස්කාරයන්හි උපන්නේ කර්මපථ භේදය නොකරයි. චිත්තං ආඝාතෙන්තො උප්පන්නො සිතේ ආඝාතො ඉතා දැඩි, බලවත් පටිඝාතො. නැසීම්, වැනසීම් වශයෙන් පටිඝං, ප්‍රතිවිරුද්ධ වන්නේනුයි පටිවිරොධො කිපීම් වශයෙන් කොපො. පකාපො සම්පකොපො යි උපසර්ග යොදා පදය වර්ධනය කරන ලදී. ද්වේෂයට පත්වීම් වශයෙන් දොසො, පදොසො සම්පදොසො යි උපසර්ග වශයෙන් පදය වර්ධනය කරන ලදී. චිත්තස්ස ව්‍යාපත්ත සිතේ විපන්නතාව, විපන්නාකාරය, විපරිවර්තන වන ආකාරය ව්‍යාප්තියයි. සිත කිළිටිවෙමින් උපදින්නේනුයි මනො පදොසො. කිපීම් වශයෙන් කොධො. කිපෙන ආකාරය කුජ්ඣනා කිපෙන්නහුගේ ස්වභාවය කුජ්ඣිතත්තං. දූෂණය වේනුයි දොසො. දුස්සනා දූෂණය වන ආකාරය. දුස්සිතත්තං දූෂිත බව. ප්‍රකෘති ස්වභාවය දුරුකරන අර්ථයෙන් වන විපතට පත්වීම ව්‍යාපත්ති. ව්‍යාපජ්ජනා විපතට පත්වන ආකාරය. විරුද්ධ වන්නේනුයි විරොධො නැවත නැවත විරුද්ධ වේනුයි පටිවිරොධො. විරුද්ධ, ප්‍රතිවිරුද්ධ ආකාර වශයෙන් හෝ මෙය කියන ලදී. චණ්ඩික යනු චණ්ඩ තද පුද්ගලයා යි. ඔහුගේ ස්වභාවය චණ්ඩික්කං. “මෙය මනාව නොකියන ලදී. නපුරු ලෙස කියන ලදී. පුරිපූර්ණ නොවේ” යැයි අසුරොපො. කිපුණු විට පිරිපුන් වචනයක් නම් නො පැවසේ. ඉදින් කිසිවකුට හෝ වේනම් එය අප්‍රමාණය. ඇතැමෙක් කඳුළු වගුරුවන අර්ථයෙන් අස්සුරොපනයෙන් “අස්සුරොපො”යි මේ පදයට අර්ථ දෙති. එය කරුණු රහිත ප්‍රකාශයකි. සතුටුවන්නාගේ ද කඳුලු වැගිරෙන බැවිනි. ඉහතින් පැවසූ පරිදි සතුටු සිත් ඇතිබවට විරුද්ධ, සතුටු සිත් නොමැති බව අනත්තමනතා. ඒ චිත්තයේම විපරීත බව මිස සත්ත්වයාගේ ස්වභාවයක් නොවන හෙයින් චිත්තස්ස යැයි කියන ලදී.

අධිමත‍්තපරිත‍්තතා වෙදිතබ‍්බාති අධිමත‍්තභාවො පරිත‍්තභාවො ච, බලවභාවො මන්‍දභාවොති අත්‍ථො. කඤ‍්චි කාලෙති එකදා. “කඤ‍්චි කාල”න‍්තිපි පාඨො. චිත‍්තාවිලකරණමත‍්තො හොතීති චිත‍්තස‍්ස ආවිලකරණප‍්පමාණො, චිත‍්තකිලිට‍්ඨකරණප‍්පමාණොති අත්‍ථො. “චිත‍්තාලසකරණමත‍්තො”තිපි පාඨො, තං න සුන්‍දරං. තස‍්ස චිත‍්තකිලමථකරණමත‍්තොති අත්‍ථො. න ච තාව මුඛකුලානවිකුලානො හොතීති මුඛස‍්ස සඞ‍්කොචනවිසඞ‍්කොචනො න ච තාව හොති. න ච තාව හනුසඤ‍්චොපනො හොතීති ද‍්වින‍්නං හනූනං අපරාපරං චලනො න ච තාව හොති. න ච තාව ඵරුසවාචං නිච‍්ඡාරණො හොතීති පරෙසං මම‍්මච‍්ඡෙදකං ඵරුසවාචං මුඛතො නීහරණෙන බහි නික‍්ඛමනො න ච තාව හොති. න ච තාව දිසාවිදිසානුවිලොකනො හොතීති පරස‍්ස අබ‍්භුක‍්කිරණත්‍ථං දණ‍්ඩාදිඅත්‍ථාය දිසඤ‍්ච අනුදිසඤ‍්ච පුනප‍්පුනං විලොකනො න ච තාව හොති.

අධිමත්ත පරිත්තතා වෙදිතබ්බා අධිමාත්‍ර භාවය ද ඉතා අඩු බවද බලවත් බව හා මඳ බව (අඩු වැඩි බව) යන අර්ථයයි. කිඤ්චිකාලං එක් දිනක්. “කඤ්චිකාලං” යන පාඨය ද යෙදේ. චිත්තාවිලකරණමත්තො හොති සිත් කළඹන ප්‍රමාණ. සිත කිළිටි කරන ප්‍රමාණය යන අර්ථයයි. ‘චිත්තල පකරණමත්තො’ යන පාඨය ද යෙදේ. එය එතරම් යහපත් පාඨයක් නොවේ. එහි සිත ක්ලාන්ත කරන මාත්‍රයක් යන අරුත ඇත. නච තාව මුඛකුලාන විකුලානො හොති. මුඛයේ හැකිලීම් දිගහැරීම් සිදු නොවේ. න ච තාව හනුසඤ්චාපනො හොති. දෙහනුයේ ඔවුනොවුන්ගේ සෙලවීමවත් සිදු නොවේ. නච තාව ඵරුස වාචං නිච්ඡාරණො හොති අනුන්ගේ මර්මස්ථාන සිඳින ඵරුෂ වදන් මුවින් පිටකිරීම, පරොස් බස් මුවින් නික්මීමවත් සිදු නොවේ. නච තාව දිසා විදිසානුවිලොකනො හොති අනුන්ගේ සිත් විසිරවීමට ද දඬු ආදිය ගැනීමට ද දිශාද අනුදිශාවන් නැවත නැවත බැලීමවත් සිදු නොවේ.

න ච තාව දණ‍්ඩසත්‍ථපරාමසනො හොතීති ආඝාතනත්‍ථං දණ‍්ඩඤ‍්ච එකතොධාරාදිසත්‍ථඤ‍්ච ආදියනො න ච තාව හොති. න ච තාව දණ‍්ඩසත්‍ථඅබ‍්භුක‍්කිරණො හොතීති වුත‍්තප‍්පකාරං දණ‍්ඩසත්‍ථං උක‍්ඛිපිත්‍වා පහරණො න ච තාව හොති. න ච තාව දණ‍්ඩසත්‍ථඅභිනිපාතනො හොතීති එතං දුවිධං පරස‍්ස පහරණත්‍ථං න ච තාව ඛිපනො හොති. න ච තාව ඡින‍්නවිච‍්ඡින‍්නකරණො හොතීති දණ‍්ඩසත්‍ථාදිඛිපනෙන පරසරීරං ද‍්විධාකරණො ච විවිධාකාරෙන වණකරණො ච න තාව හොති. “ඡිද‍්දවිච‍්ඡිද‍්දකරණො”තිපි පාඨො. න ච තාව සම‍්භඤ‍්ජනපලිභඤ‍්ජනො හොතීති සරීරං භඤ‍්ජිත්‍වා චුණ‍්ණවිචුණ‍්ණකරණො න ච තාව හොති. න ච තාව අඞ‍්ගමඞ‍්ගඅපකඩ‍්ඪනො හොතීති අඞ‍්ගපච‍්චඞ‍්ගං සම‍්පග‍්ගහෙත්‍වා අපනෙත්‍වා කඩ‍්ඪනො න ච තාව හොති. න ච තාව ජීවිතා වොරොපනො හොතීති ජීවිතින්‍ද්‍රියතො වොරොපනො න ච තාව හොති. න ච තාව සබ‍්බචාගපරිච‍්චාගාය සණ‍්ඨිතො හොතීති සබ‍්බං පරස‍්ස ජීවිතං නාසෙත්‍වා අත‍්තනො ජීවිතනාසනත්‍ථාය සණ‍්ඨිතො න ච තාව හොති. ඉදං වුත‍්තං හොති – යදා අඤ‍්ඤං ජීවිතා වොරොපෙත්‍වා අත‍්තානං ජීවිතා වොරොපනත්‍ථාය ඨිතො, තදා සබ‍්බචාගපරිච‍්චාගා නාම හොති. වුත‍්තඤ‍්හෙතං භගවතා –

නච තාව දණ්ඩසත්‍ථපරාමසනො හොති නැසීම සඳහා දඬුද එක් පැත්තක මුවහත ඇති ආයුධ ආදිය ද නොද ගන්නේ වෙයි. න ච තාව දණ්ඩ සත්‍ථං අබ්භුක්කිරණො හොති කියූ ආකාරයෙන් ම දඬුසැත් ආයුධ ආදී කිසිවක් ඔසවා පහරදීමවත් සිදු නොවේ. නච තාව දණ්ඩසත්‍ථං අභිනි පාතනො හොති මෙසේ දෙපරිද්දෙන් ම අනුන්ට දඬුවම් කිරීමට, පහර දීමට ආයුධ ගසාවත් නොදමයි. න ච තාව ඡිද්දවිඡිද්දකරණො හොති දඬු සැත් ආදිය දමාගැසීමෙන්, අනුන්ගේ ශරීරය දෙකඩ කිරීම ද දෙපරිද්දෙන් වණ කිරීම ද සිදු නොවේ. ‘ඡින්න විච්ඡින්නකරණො’ යන පාඨය ද යෙදේ. නචතාව සම්භඤ්ජාන පළිභඤ්ජනො හොති ශරීරය බිඳී, සුණු විසුණු කිරීමද නොම සිදුවේ. නච තාව අංගමංග අපකඩ්ඪනො හොති අංග ප්‍රත්‍යග ගෙන, අල්ලා කැඩීම-බිඳීම ආදියක්වත් නොකරයි. න ච තාව ජීවිතා වොරොපනො හොති ජීවිතින්‍ද්‍රිය නැසීම ද සිදුනොවේ. නච තාව සබ්බපරිච්චාගාය සණ්ඨිතො හොති සියලු අනුන්ගේ ජීවිත ද වනසා සියදිවි නසාගැනීම සඳහා සිටියේ නොම වෙයි. මෙය කියන ලදී:- යම්කලෙක අනුන්ගේ ජීවිත වනසා, තම දිවි නසා ගැනීමට සිටියේ ද එම අවස්ථාව “සබ්බචාග පරිච්චාගී” නම් වේ. භාග්‍යවතුන් වහන්සේ එය වදාළේ මැයි.

“කොධං ඡෙත්‍වා සුඛං සෙති, කොධං ඡෙත්‍වා න සොචති; කොධස‍්ස විසමූලස‍්ස, මධුරග‍්ගස‍්ස බ්‍රාහ‍්මණ; වධං අරියා පසංසන‍්ති, තඤ‍්හි ඡෙත්‍වා න සොචතී”ති. (සං· නි· 1.187, 267);

“කොධං ඣත්‍වා සුඛං සෙති - කොධං ඣත්‍වා න සොචති, කොධස්ස විසමූලස්ස මධුරග්ගස්ස බ්‍රාහ්මණ, වධං අරියා පසංසන්ති තංහි ඣත්‍වා න සොචතී”

ක්‍රෝධය නසා සුවසේ නිදයි. ක්‍රෝධය නසා ශෝක නොකර සිටියි. බ්‍රාහ්මණය! විෂ වූ මුලක් ඇති මිහිරි අඟක් ඇති ක්‍රෝධයේ නැසීම ආර්යයෝ පසසති. එය නසා ශෝක නොකර, සුවසේ වසන්න.

යතොති යදා. පරපුග‍්ගලං ඝාටෙත්‍වාති පරපුග‍්ගලං නාසෙත්‍වා. අත‍්තානං ඝාටෙතීති අත‍්තානං මාරෙති. පරමුස‍්සදගතොති අතිබලවභාවං ගතො. පරමවෙපුල‍්ලප‍්පත‍්තොති අතිවිපුලභාවං පත‍්තො. කොධස‍්ස පහීනත‍්තාති අනාගාමිමග‍්ගෙන වුත‍්තප‍්පකාරස‍්ස කොධස‍්ස පහීනභාවෙන. කොධවත්‍ථුස‍්ස පරිඤ‍්ඤාතත‍්තාති කොධස‍්ස පතිට‍්ඨාභූතස‍්ස කාරණභූතස‍්ස පියාපියඅට‍්ඨානසඞ‍්ඛාතස‍්ස වත්‍ථුස‍්ස ඤාතතීරණපරිඤ‍්ඤාහි බ්‍යාපෙත්‍වා ඤාතභාවෙන. කොධහෙතුස‍්ස උපච‍්ඡින‍්නත‍්තාති කොධස‍්ස ජනකහෙතුනො දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදස‍්ස උච‍්ඡින‍්නභාවෙන.

යතො යම්කලෙක පරපුග්ගලං සාතෙත්‍වා සතුරු පුද්ගලයා නසා අත්තානං සාතෙති තමා මරයි. සිය දිවි නසා ගනියි. පරමුස්සද ගතො ඉතා බලවත් භාවයට ගියේ. පරම වෙපුල්ලප්පත්තො අති විපුල භාවයට ගියේ. කොධස්ස පහීනත්තා අනාගාමී මාර්ගයෙන් පැවසූ ස්වරූප ඇති ක්‍රෝධය ප්‍රහීණ කළ බැවින්. කොධ වත්‍ථුස්ස පරිඤ්ඤාතත්තා ක්‍රෝධයට පිහිටාධාර වූ හේතුභූත වූ ප්‍රිය, අප්‍රිය අස්ථාන සංඛ්‍යාත වූ වස්තුවේ ඤාත තීරණ පරිඥාවන්ගෙන් ව්‍යවස්ථාපනය කර දත් බැවින්. කොධහෙතුස්ස උපච්ඡින්නත්තා ක්‍රෝධයෙහි ජනක හේතුව වූ දෝමනස්ස සහගත සිතේ පහළවීම නැසූ බැවින් තාසිං බියවෙන ස්වරූප ඇත්තේ වේ. උත්තාසිං ඉතා බියවන ස්වභාව ඇත්තේ වෙයි. පරිතාසිං හාත්පසින්ම බියවන ස්වභාව ඇත්තේ වෙයි.

තාසීති භායනසීලො හොති. උත‍්තාසීති අතිභායනසීලො. පරිත‍්තාසීති සමන‍්තතො භායනසීලො. භායතීති භයං උප‍්පජ‍්ජති. සන‍්තාසං ආපජ‍්ජතීති විරූපභාවං පාපුණාති. කත්‍ථී හොතීති අත‍්තනො වණ‍්ණභණනසීලො හොති. විකත්‍ථීති විවිධා නානප‍්පකාරතො වණ‍්ණභණනසීලො. ජාතියා වාති ඛත‍්තියභාවාදිජාතිසම‍්පත‍්තියා වා. ගොත‍්තෙන වාති ගොතමගොත‍්තාදිනා උක‍්කට‍්ඨගොත‍්තෙන වා. කොලපුත‍්තියෙන වාති මහාකුලභාවෙන වා. වණ‍්ණපොක‍්ඛරතාය වාති වණ‍්ණසම‍්පන‍්නසරීරතාය වා. සරීරඤ‍්හි “පොක‍්ඛර”න‍්ති වුච‍්චති, තස‍්ස වණ‍්ණසම‍්පත‍්තියා අභිරූපභාවෙනාති අත්‍ථො. ධනෙන වාතිආදීනි උත‍්තානත්‍ථානෙව.

භායති බියට පැමිණේ. සන්තාසං ආපජ්ජති විරූප භාවයට පැමිණේ. කත්‍ථි හොති තමාගේ වර්ණනාව පවසන ස්වභාව ඇත්තේ වෙයි. විකත්‍ථි විවිධව නානාප්‍රකාරව ගුණ වර්ණනා කරන ස්වභාව ඇත්තේ. ජාතියා වා ක්‍ෂත්‍රිය බව ආදී ජාති සම්පත්තියෙන් හෝ. ගොත්තෙන වා ගෞතම ගෝත්‍රාදී උත්කෘෂ්ඨ ගෝත්‍රයකින් හෝ. කොල පුත්තියෙන වා මහත් වූ කුලවත් භාවයෙන් හෝ. වණ්ණපොක්ඛරතාය වා වර්ණ සම්පන්න ශරීර ඇති බැවින්, ශරීරය ද පොක්ඛර යැයි කියයි. ඒ වර්ණ සම්පත්තියෙන් යුතු ඉතා රූප සම්පන්න භාවයෙන් යන අරුතයි. ධනෙන වා ආදියේ අර්ථ ඉතා ප්‍රකටය.

කුක‍්කුච‍්චන‍්ති නිද‍්දෙසස‍්ස උද‍්දෙසපදං. තත්‍ථ කුක‍්කුච‍්චන‍්ති කුච‍්ඡිතං කතං කුකතං, තස‍්ස භාවො කුක‍්කුච‍්චං. තං පච‍්ඡානුතාපලක‍්ඛණං, කතාකතානුසොචනරසං, විප‍්පටිසාරපච‍්චුපට‍්ඨානං, කතාකතපදට‍්ඨානං, දාසබ්‍යං විය දට‍්ඨබ‍්බං. හත්‍ථකුක‍්කුච‍්චම‍්පීති හත්‍ථෙහි කුච‍්ඡිතං කතං කුකතං, තස‍්ස භාවො හත්‍ථකුක‍්කුච‍්චං. පාදකුක‍්කුච‍්චාදීසුපි එසෙව නයො.

කුක්කුච්චං යනු නිද්දේසයේ උද්දේස පදයයි. එහි නපුරු ලෙස කල දෙය කුකතු නමි. ඒ ස්වභාවය කුක්කුච්ච නමි. එය පසුතැවෙන ලක්‍ෂණයයි. කළ නොකළ දේ ගැන ශෝක කිරීම රසයයි. විපිළිසර වීම පච්චුපට්ඨානයයි. කළ නොකල බව අත්තිවාරමයි. දාස බව මෙන් දතයුතුයි. හත්‍ථ කුක්කුච්චං පි අතින් කළ නපුරු ක්‍රියාව කුකත නම් වේ. එහි ස්වභාවය හත්‍ථ කුක්කුච්ච නම් වේ. පාද කුක්කුච්ච ආදියෙහි ද මේ ක්‍රමයමයි.

අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤිතාති අච‍්ඡමංසං සූකරමංසන‍්ති ඛාදති, දීපිමංසං මිගමංසන‍්ති ඛාදති, අකප‍්පියභොජනං කප‍්පියභොජනන‍්ති භුඤ‍්ජති, විකාලෙ කාලසඤ‍්ඤිතාය භුඤ‍්ජති, අකප‍්පියපානකං කප‍්පියපානකන‍්ති පිවති. අයං අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤිතා. කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤිතාති සූකරමංසං අච‍්ඡමංසන‍්ති ඛාදති, මිගමංසං දීපිමංසන‍්ති ඛාදති, කප‍්පියභොජනං අකප‍්පියභොජනන‍්ති භුඤ‍්ජති, කාලෙ විකාලසඤ‍්ඤිතාය භුඤ‍්ජති, කප‍්පියපානකං අකප‍්පියපානකන‍්ති පිවති. අයං කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤිතා. අවජ‍්ජෙ වජ‍්ජසඤ‍්ඤිතාති නිද‍්දොසෙ දොසසඤ‍්ඤිතා. වජ‍්ජෙ අවජ‍්ජසඤ‍්ඤිතාති සදොසෙ නිද‍්දොසසඤ‍්ඤිතා. කුක‍්කුච‍්චායනාති කුක‍්කුච‍්චායනාකාරො. කුක‍්කුච‍්චායිතත‍්තන‍්ති කුක‍්කුච‍්චායිතභාවො. චෙතසො විප‍්පටිසාරොති චිත‍්තස‍්ස විරූපො පටිසරණභාවො. මනොවිලෙඛොති චිත‍්තස‍්ස විලෙඛො.

අකප්පියෙ කප්පිය සඤ්ඤිතා වලස් මස්, ඌරු මස් යැයි කියා කයි. අකැප භෝජන කැප භෝජන යැයි වළඳයි. විකාලයෙහි කාල සංඥාවෙන් අනුභව කරයි. අකැප පාන වර්ග කැප පානවර්ග සේ ගෙන බොයි. මෙය අකැප වූවෙහි කැප වූ සංඥාව නම් වේ. කප්පියෙ අකප්පිය සඤ්ඤිතා ඌරුමස් ද, වලස් මස් යැයි කියා කයි. මුව මස් දිවි මස් යැයි ගෙන යයි. කැප වූ භෝජන අකැප භෝජනයැයි කියමින් වළඳයි. කාලයෙහි විකාල සංඥාවෙන් අනුභව කරයි. කැප වූ පාන වර්ග අකැප පාන සේ සලකා බොයි. මෙය “කැපවූවෙහි අකප්පිය සංඥාව” නම් වේ. අවජ්ජෙවජ්ජ සංඤිතා නිදොස් වූවෙහි දෝෂ සංඥාව. කුක්කුච්චායනා කුකුස් කරන ආකාරය. කුක්කුච්චායිතත්තං කුකුස් කරන බව. චෙතසො විප්පටිසාරො සිතේ විරූප බව, නැසූ බව. මනො වීලෙඛො සිතේ විපිළිසර බව.

කතත‍්තා ච අකතත‍්තා චාති කායදුච‍්චරිතාදීනං කතභාවෙන ච කායසුචරිතාදීනං අකතභාවෙන ච. කතං මෙ කායදුච‍්චරිතන‍්ති මයා කායෙන කිලෙසපූතිකත‍්තා දුට‍්ඨු චරිතං කායෙන කතං. අකතං මෙ කායසුචරිතන‍්ති මයා කායෙන සුට‍්ඨු චරිතං න කතං. වචීදුච‍්චරිතවචීසුචරිතාදීසුපි එසෙව නයො නිරොධපරියොසානෙසු.

කතත්තා ච අකතත්තා ච කාය දුශ්චරිත කළ බැවින් ද කාය සුචරිත නොකළ බැවින් ද කතං මෙ කාය දුච්චරිතං මවිසින් කයින්, කෙලෙසුන්ගෙන් පිරි කුණු බවට ගෙනයන දුශ්චරිත කරන ලදී. අකතම්මෙ කායසුචරිතං මවිසින් කයින් මනාව හැසිරීම නො කරන ලදී. වචී දුච්චරිතවවී සුචරිතාදියෙහිද මේ ක්‍රමයමයි නිරොධපරියොසානෙසු

චිත‍්තස‍්සාති න සත‍්තස‍්ස න පොසස‍්ස. උද‍්ධච‍්චන‍්ති උද‍්ධතාකාරො. අවූපසමොති න වූපසමො. චෙතො වික‍්ඛිපතීති චෙතසො වික‍්ඛෙපො, භන‍්තත‍්තං චිත‍්තස‍්සාති චිත‍්තස‍්ස භන‍්තභාවො භන‍්තයානභන‍්තගොණාදීනං විය. ඉමිනා එකාරම‍්මණස‍්මිංයෙව විප‍්ඵන්‍දනං කථිතං. උද‍්ධච‍්චඤ‍්හි එකාරම‍්මණෙ විප‍්ඵන්‍දති, විචිකිච‍්ඡා නානාරම‍්මණෙති. ඉදං වුච‍්චති උද‍්ධච‍්චන‍්ති අයං උද‍්ධතභාවො කථීයති.

චිත්තස්ස සත්ත්වයකුගේ, පුරුෂයකුගේ නොවේ. උද්ධච්චං උඩඟු වන, කලබල වන ආකාරය අවූපසමො නොසන්සිඳෙන බව. සිත වික්‍ෂේප වේනුයි චෙතසො වික්ඛෙපො. භනතත්තං චිත්තස්ස යනු සිතේ තැතිගත් ස්වභාවයයි. භ්‍රාන්තයාන, භ්‍රාන්තගොන් ආදින්ගේ මෙනි. මෙයින් ඒකාරම්මණයෙහිම කම්පාවීම කියන ලදී. උද්ධච්චය වනාහි ඒකාරම්මණයේම කම්පා වේ. විචිකිච්ඡාව නානාරම්මණයන්හි (සැලේ.) කම්පා වේ. ඉදං වුච්චති උද්ධච්චං යනෙන් මෙයින් උද්ධත (සැලෙන) බව කියයි.

මුසාවාදං පහායාති එත්‍ථ මුසාති විසංවාදනපුරෙක‍්ඛාරස‍්ස අත්‍ථභඤ‍්ජකො වචීපයොගො කායපයොගො වා. විසංවාදනාධිප‍්පායෙන පනස‍්ස පරවිසංවාදකකායවචීපයොගසමුට‍්ඨාපිකා චෙතනා මුසාවාදො.

මුසාවාදං පහාය මෙහි මුසා යනු රැවටීම පෙරටු කරගත් අර්ථය බිඳින වාග් ප්‍රයෝගයයි. නැතහොත් කාය ප්‍රයෝගයයි. රවටන, මුළාකරන අදහසින් අනුන් රැවටීම පිණිස, වාග් ප්‍රයෝගයෙන් ඔසවා තැබූ චේතනාව මුසාවාදයයි.

අපරො නයො – මුසාති අභූතං අතච‍්ඡං වත්‍ථු. වාදොති තස‍්ස භූතතො තච‍්ඡතො විඤ‍්ඤාපනං. ලක‍්ඛණතො පන අතථං වත්‍ථුං තථතො පරං විඤ‍්ඤාපෙතුකාමස‍්ස තථාවිඤ‍්ඤත‍්තිසමුට‍්ඨාපිකා චෙතනා මුසාවාදො, තං මුසාවාදං. පහායාති ඉමං මුසාවාදචෙතනාසඞ‍්ඛාතං දුස‍්සීල්‍යං පජහිත්‍වා . පටිවිරතොති පහීනකාලතො පට‍්ඨාය තතො දුස‍්සීල්‍යතො ඔරතො විරතොව. නත්‍ථි තස‍්ස වීතික‍්කමිස‍්සාමීති චක‍්ඛුසොතවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා, පගෙව කායවිඤ‍්ඤෙය්‍යාති ඉමිනා නයෙන අඤ‍්ඤෙසුපි එවරූපෙසු පදෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

මේ වෙනත් ක්‍රමයකි. මුසා යනු අභූත වූ සත්‍ය නොවූ වස්තුවයි. වාදො එය සත්‍ය, තත්‍ය අයුරින් දැනුම්දමයි. ලක්‍ෂණ වශයෙන් වනාහි අසත්‍ය වූවක්, සත්‍ය වූවක් ලෙස දක්වනු කැමැත්තා හට ඊට උත්සාහවත් වූ චේතනාව මුසාවාදයයි. තං මුසාවාදං පහාය මේ මුසාවාද චේතනා සංඛ්‍යාත දුසිල් බව අත්හැර. පටිවිරතො ප්‍රහීන වූ කාලයේ සිටම ඒ දුසිල් බවින් වෙන් වූ, දුරු වූ බැවින්, ඔහුට චක්ඛුසෝත විඤ්ඤෙය්‍ය ධර්ම මිශ්‍රවීමක් නැත. මෙසේ සෙසු පදයන්හි ද අර්ථ දතයුතුයි.

සච‍්චං වදතීති සච‍්චවාදී. සච‍්චෙන සච‍්චං සන්‍දහති ඝටෙතීති සච‍්චසන්‍ධො, න අන‍්තරන‍්තරා මුසා වදතීති අත්‍ථො. යො හි පුරිසො කදාචි මුසා වදති, කදාචි සච‍්චං, තස‍්ස මුසාවාදෙන අන‍්තරිතත‍්තා සච‍්චං සච‍්චෙන න ඝටියති, තස‍්මා සො න සච‍්චසන්‍ධො, අයං පන න තාදිසො, ජීවිතහෙතුපි මුසා අවත්‍වා සච‍්චෙන සච‍්චං සන්‍දහතියෙවාති සච‍්චසන්‍ධො.

සත්‍ය කියයි නුයි සච්චවාදී. සත්‍යයෙන් සත්‍ය සසඳයි. ගටයිනුයි සච්චසන්‍ධො. අතරින් පතරවත් බොරු නො කියයි යන අර්ථයයි. යම් පුරුෂයෙක් විටෙක බොරු කියයි. තවත් විටෙක ඇත්ත කියයි. ඔහු මුසාවාදයෙන් නො වැළකුණු හෙයින් සත්‍යයෙන් සත්‍ය නොගටයි. එනිසා ඔහු සච්චසන්‍ධ නොවේ. මොහු එවැන්නෙක් නොවේ. සිය ජීවිතය හේතුවෙනුදු බොරු නොකියා, සත්‍යයෙන් සත්‍ය ගලපන්නේනුයි සච්චසන්‍ධ නමි.

ථෙතොති ථිරො, ථිරකථොති අත්‍ථො. එකො හි පුග‍්ගලො හලිද‍්දිරාගො විය, ථුසරාසිම‍්හි නිඛාතඛාණු විය, අස‍්සපිට‍්ඨෙ ඨපිතකුම‍්භණ‍්ඩමිව ච න ථිරකථො හොති, එකො පාසාණලෙඛා විය, ඉන්‍දඛීලා විය ච ථිරකථො හොති, අසිනා සීසං ඡින්‍දන‍්තෙපි ද‍්වෙ කථා න කථෙති, අයං වුච‍්චති ථෙතො.

ථෙතො තිර වූයේ, ස්ථිර කථා ඇති යන අර්ථයයි. ඇතැම් පුද්ගලයෙක් කහදියර සායමක් මෙන් ද දහයියා ගොඩක සිටවූ කණුවක් මෙන් ද අසුපිට තැබූ කොමඩු ගෙඩියක් මෙන් ද අස්ථිර වූ කථා ඇත්තේ වේ. ඇතැම් පුද්ගලයෙක් ගල කෙටූ අකුරක් මෙන් ද ඉන්ද්‍රඛීලයක් මෙන් ද වූ ස්ථිර කථා ඇත්තේ වෙයි. කඩුවෙන් හිස සිඳින්නේ නමුදු වචන දෙකක් නම් නොකියයි. මෙතෙම “ථෙතො” (තිර) යයි කියනු ලැබේ.

පච‍්චයිකොති පත‍්තියායිතබ‍්බකො, සද‍්ධායිතබ‍්බකොති අත්‍ථො. එකච‍්චො හි පුග‍්ගලො න පච‍්චයිකො හොති, “ඉදං කෙන වුත‍්තං, අසුකෙනා”ති වුත‍්තෙ “මා තස‍්ස වචනං සද‍්දහථා”ති වත‍්තබ‍්බතං ආපජ‍්ජති. එකො පච‍්චයිකො හොති, “ඉදං කෙන වුත‍්තං, අසුකෙනා”ති වුත‍්තෙ “යදි තෙන වුත‍්තං, ඉදමෙව පමාණං, ඉදානි උපපරික‍්ඛිතබ‍්බං නත්‍ථි, එවමෙව ඉද”න‍්ති වත‍්තබ‍්බතං ආපජ‍්ජති, අයං වුච‍්චති පච‍්චයිකො.

පච්චයිකො යනු ඇදහිය යුතු, පිළිගත යුතු කථා ඇති යන අර්ථයයි. ඇතැම් පුද්ගලයෙක් ඇදහිය යුතු කථා ඇත්තෙක් නොවේ. “මෙය කවරකු විසින් කියන ලද්දේ ද?”යි ඇසූවිට “අසුවලා විසින්” යැයි කී කල්හි “ඔහුගේ වචන විශ්වාස කරන්න එපා”යි කිවයුතු බවට පැමිණේ. එකෙක් ඇදහිය යුතු කථා ඇත්තෙක් වේ. “මෙය කවරකු විසින් කියන ලද්දේ ද?”යි අසා “අසුවලා විසින්”යැයි කී විට “ඉදින් ඔහු කීවේ නම් එයම සෑහේ” යැයි කියා “මෙහි පරීක්‍ෂා කළයුත්තක් නැත. සැකයක් නැත. මෙය මෙසේමයැ”යි කිවයුතු වන්නේද ඔහු පච්චයික නම් වූ ඇදහිය යුතු කථා ඇත්තෙකි.

අවිසංවාදකො ලොකස‍්සාති තාය සච‍්චවාදිතාය ලොකං න විසංවාදෙතීති අත්‍ථො.

අවිසංවාදකො ලොකස්ස “ඒ සත්‍යවාදී බව නිසා ලෝකයා නොරවටනුයේ වේ’ යන අරුතයි.

පිසුණං වාචං පහායාතිආදීසු යාය වාචාය යස‍්ස තං වාචං භාසති, තස‍්ස හදයෙ අත‍්තනො පියභාවං පරස‍්ස ච සුඤ‍්ඤභාවං කරොති, සා පිසුණා වාචා. යාය පන අත‍්තානම‍්පි පරම‍්පි ඵරුසං කරොති, යා වාචා සයම‍්පි ඵරුසා, නෙව කණ‍්ණසුඛා න හදයඞ‍්ගමා, අයං ඵරුසා වාචා. යෙන සම‍්ඵං පලපති නිරත්‍ථකං, සො සම‍්ඵප‍්පලාපො. යා තෙසං මූලභූතා චෙතනාපි පිසුණවාචාදිනාමමෙව ලභති, සා එව ච ඉධ අධිප‍්පෙතා.

පිසුනාවාචං පහාය ආදියෙහි යම් වචනයකින් යමෙකුට කථා කරයි ද එය ඇසීමෙන් ඔහුගේ හදවතේ එය කියන්නා කෙරෙහි ප්‍රියබවක් ද කියවෙන්නා පිළිබඳව කළකිරුණු ශුන්‍ය බවක් ද ඇතිකරනුයේ පිසුණාවාචාවයි. කේලමයි. යම් වචනයක් කියනවිට තමාත්, අනුනුත් සැඩපරුෂ වේ නම්, යම් වචනයක් ස්වභාවයෙන්ම රළු පරුෂ නම්, කණට ප්‍රිය නොවේනම් - හදවතට ප්‍රිය බවක් නොමැති නම් එය “ඵරුසාවාචා” නම් වේ. යමෙකු විසින් හිස්, නිරර්ථක කථා කරනු ලබයිද ඔහු සම්ඵප්පලාපො නම් වේ. මේ පාපධර්මයන්ට, වාග් කෝෂයන්ට මූල භූත වූ චේතනාවත් “පිසුනාවාචා” යනාදී නාමයන්ම ගෙන සිටින්නේය. එයම මෙහිදී අදහස් කරන ලදී.

ඉමෙසං භෙදායාති යෙසං ඉතො වුත‍්තානං සන‍්තිකෙ සුතං, තෙසං භෙදාය. භින‍්නානං වා සන්‍ධාතාති ද‍්වින‍්නං මිත‍්තානං වා සමානුපජ‍්ඣායකාදීනං වා කෙනචිදෙව කාරණෙන භින‍්නානං එකමෙකං උපසඞ‍්කමිත්‍වා “තුම‍්හාකං ඊදිසෙ කුලෙ ජාතානං එවං බහුස‍්සුතානං ඉදං න යුත‍්ත”න‍්තිආදීනි වත්‍වා සන්‍ධානං කත‍්තා අනුකත‍්තා.

ඉමෙසං භෙදාය කියන ලද යමකුන්ගේ සමීපයේ අසන ලද ද ඔවුන්ගේ භේදය සඳහා. භන්නානං වා සන්‍ධාතා මිතුරන් දෙදෙනෙකු හෝ සමාන උපාධ්‍යායවරු ආදීන් හෝ කිසියම් කරුණකින් බිඳුනාහු ද ඔවුන් වෙත වෙන වෙනම ගොස්, මෙබඳු කුලයක උපන්නා වූ, මෙසේ බහුශ්‍රැත වූ යුෂ්මතුන්ට මෙය සුදුසු නොවේ යනාදිය කියා ඔවුනොවුන් සමගි කරන ලදුයේ.

අනුප‍්පදාතාති සන්‍ධානානුප‍්පදාතා. ද‍්වෙ ජනෙ සමග‍්ගෙ දිස‍්වා “තුම‍්හාකං එවරූපෙ කුලෙ ජාතානං එවරූපෙහි ගුණෙහි සමන‍්නාගතානං අනුච‍්ඡවිකමෙත”න‍්තිආදීනි වත්‍වා දළ‍්හීකම‍්මං කත‍්තාති අත්‍ථො. සමග‍්ගො ආරාමො අස‍්සාති සමග‍්ගාරාමො, යත්‍ථ සමග‍්ගා නත්‍ථි, තත්‍ථ වසිතුම‍්පි න ඉච‍්ඡතීති අත්‍ථො. “සමග‍්ගරාමො”තිපි පාළි, අයමෙවෙත්‍ථ අත්‍ථො. සමග‍්ගරතොති සමග‍්ගෙසු රතො, තෙ පහාය අඤ‍්ඤත්‍ර ගන‍්තුම‍්පි න ඉච‍්ඡතීති අත්‍ථො. සමග‍්ගෙ දිස‍්වාපි සුත්‍වාපි නන්‍දතීති සමග‍්ගනන්‍දී. සමග‍්ගකරණිං වාචං භාසිතාති යා වාචා සත‍්තෙ සමග‍්ගෙයෙව කරොති, තං සාමග‍්ගිගුණපරිදීපිකමෙව වාචං භාසති, න ඉතරන‍්ති.

අනුප්පදාතා සමගි බවෙහි දැඩි කිරීමයි. සමගිව වෙසෙන දෙදෙනෙකු දැක, මෙබඳු කුලයක උපන් නුඹලාට, මෙබඳු වූ ගුණ සම්පත්තීන්ගෙන් යුතු නුඹලාට මේ සමඟිව විසීම ඉතාම සුදුසුයැයි ආදිය කියා සමගි බව දැඩිකරන ලදී යන අර්ථයයි. සමගි වූ විසීමක් ඇත්තේනුයි ඇලුම් ඇති සමග්ගාරාමො වේ. යම්තැනක සමගියක් නොමැති ද එහි විසීමද නො කැමති වේ යන අර්ථයයි. “සමග්ග රාමො” යන පාඨය ද වේ. මේ අර්ථයම වේ. සමග්ගරතො සමඟි වූවන් කෙරෙහි ඇලුණු, ඔවුන් අත්හැර වෙනත් තැනක යෑමටද කැමති නොවේ යන අර්ථයයි. සමඟි වූවන් දැකත්, ඔවුන් ගැන අසාත් අතිශයින් සතුටු වේනුයි සමග්ගනන්‍දි. සමග්ගකරණි වාචං භාසිතා යම් වචනයක් සත්ත්වයන් සමගි කිරීමට ම යෙදේ ද, ඒ සමගි බවේ ගුණ පළකරන වචනම කියයි. වෙනෙකක් නොකියයි.

පරස‍්ස මම‍්මච‍්ඡෙදකකායවචීපයොගසමුට‍්ඨාපිකා එකන‍්තඵරුසචෙතනා ඵරුසා වාචා, නෙලාති එලං වුච‍්චති දොසො, නස‍්සා එලන‍්ති නෙලා, නිද‍්දොසාති අත්‍ථො “නෙලඞ‍්ගො සෙතපච‍්ඡාදො”ති එත්‍ථ (උදා· 65; පෙටකො· 25) වුත‍්තනෙලං විය. කණ‍්ණසුඛාති බ්‍යඤ‍්ජනමධුරතාය කණ‍්ණානං සුඛා, සූචිවිජ‍්ඣනං විය කණ‍්ණසූලං න ජනෙති. අත්‍ථමධුරතාය සකලසරීරෙ කොපං අජනෙත්‍වා පෙමං ජනෙතීති පෙමනීයා. හදයං ගච‍්ඡති අපටිහඤ‍්ඤමානා සුඛෙන චිත‍්තං පවිසතීති හදයඞ‍්ගමා. ගුණපරිපුණ‍්ණතාය පුරෙ භවාති පොරී, පුරෙ සංවඩ‍්ඪනාරී විය සුකුමාරාතිපි පොරී, පුරස‍්ස එසාතිපි පොරී, නගරවාසීනං කථාති අත්‍ථො. නගරවාසිනො හි යුත‍්තකථා හොන‍්ති, පිතිමත‍්තං පිතාති භාතිමත‍්තං භාතාති වදන‍්ති. එවරූපී කථා බහුනො ජනස‍්ස කන‍්තා හොතීති බහුජනකන‍්තා. කන‍්තභාවෙනෙව බහුනො ජනස‍්ස මනාපා චිත‍්තවුඩ‍්ඪිකරාති බහුජනමනාපා.

අනුන්ගේ මර්මස්ථාන සිඳින කාය-වාග් ප්‍රයෝගයෙන් යුතු ඒකාන්ත පරුෂ චේතනාව ඵරුසාවාචා නම් වේ. නෙලා යන්නෙහි එලා යනු දෝෂ සහිත අර්ථයයි. “මොහුට එල නැතැ” (න+අස්සෙ+එලා)යි නෙලා වේ. නිදොස් වූ යන අරුතයි. ‘නෙලංහොසෙත පච්ඡාද’ යන මෙහි කියූ ශීලය මෙනි. කණ්ණසුඛා බ්‍යඤ්ජන මධුරභාවයෙන් කණට මිහිරි වූ ඉදිකටුවෙන් විදින්නාක් මෙන් කණට දුක් නූපදවයි. මිහිරි අර්ථ ඇති බැවින් මුලු සිරුරෙහි ම කෝපය නූපදවා ප්‍රේමය උපදවානුයි පෙමනීයා. නොනසමින් හදවතට යයි. සුවසේ සිතට පිවිසේනුයි හදයංගමා. ගුණයන්ගෙන් පිරිපුන් බැවින් පුරෙහි වූ පොරී. පුරයේ හැදී වැඩුණු ස්ත්‍රිය මෙන් සියුමැලි වූ අර්ථයෙන් ද “පොරී” නම් වේ. මොවුහු පුරයේ වූයේ නුයි පොරී නම් වේ. නගරවාසීන්ගේ ශිෂ්ට කථාව යන අර්ථයයි. නුවරවැසියෝ වනාහි යෝග්‍ය වූ කථාවෙන් ම යුක්ත වෙති. පියා වැන්නන්ට පියාණෙනි!යිද සෝයුරන් වැන්නන්ට “සහෝදරය” යැයි ද අමතති. මෙවැනි ප්‍රිය කථාව බොහෝ ජනයාට කැමති වේනුයි බහුජන කතා. කැමති වූ හෙයින් ම බොහෝ ජනයාගේ සිතේ මනාප වූ චිත්ත වෘද්ධියක් ඇතිකරන්නේනුයි බහුජන මනාපා.

අනත්‍ථවිඤ‍්ඤාපිකා කායවචීපයොගසමුට‍්ඨාපිකා අකුසලචෙතනා සම‍්ඵප‍්පලාපො. කාලෙන වදතීති කාලවාදී, වත‍්තබ‍්බයුත‍්තකාලං සල‍්ලක‍්ඛෙත්‍වා වදතීති අත්‍ථො. භූතං තථං තච‍්ඡං සභාවමෙව වදතීති භූතවාදී . දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකත්‍ථසන‍්නිස‍්සිතමෙව කත්‍වා වදතීති අත්‍ථවාදී. නවලොකුත‍්තරධම‍්මසන‍්නිස‍්සිතං කත්‍වා වදතීති ධම‍්මවාදී. සංවරවිනයපහානවිනයසන‍්නිස‍්සිතං කත්‍වා වදතීති විනයවාදී.

අනර්ථය දන්වන, කාය වාග් ප්‍රයෝගයෙන් ඔසවා තැබූ අකුසල චේතනාව සම්ඵප්පලාපො. සුදුසු කාලයෙහි කියන්නේනුයි කාලවාදී. “කිවයුතු කාලය, අවස්ථාව සලකා කියයි” යන අර්ථයයි. සිදු වූ සත්‍ය වූ ස්වභාවයක්ම කියන්නේනුයි භූතවාදී. මෙලෝ පරලෝ යහපත ගෙන දෙන අර්ථ සහිත වූ දෙයක්ම කියන්නේනුයි අත්‍ථවාදී. නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය ආශ්‍රය කරගෙන කථා කරන්නේනුයි ධම්මවාදී. සංවර විනය, ප්‍රහාන විනය ආශ්‍රය කරගෙන කියානුයි විනයවාදී.

නිධානං වුච‍්චති ඨපනොකාසො, නිධානමස‍්ස අත්‍ථීති නිධානවතී, හදයෙ නිධාතබ‍්බයුත‍්තකං වාචං භාසිතාති අත්‍ථො. කාලෙනාති එවරූපිං භාසමානොපි ච “අහං නිධානවතිං වාචං භාසිස‍්සාමී”ති න අකාලෙන භාසති, යුත‍්තකාලං පන අපෙක‍්ඛිත්‍වාව භාසතීති අත්‍ථො. සාපදෙසන‍්ති සඋපමං, සකාරණන‍්ති අත්‍ථො. පරියන‍්තවතින‍්ති පරිච‍්ඡෙදං දස‍්සෙත්‍වා යථාස‍්සා පරිච‍්ඡෙදො පඤ‍්ඤායති, එවං භාසතීති අත්‍ථො. අත්‍ථසංහිතන‍්ති අනෙකෙහිපි නයෙහි විභජන‍්තෙන පරියාදාතුං අසක‍්කුණෙය්‍යතාය අත්‍ථසම‍්පන‍්නං භාසති. යං වා සො අත්‍ථවාදී අත්‍ථං වදති, තෙන අත්‍ථෙන සහිතත‍්තා අත්‍ථසංහිතං වාචං භාසති, න අඤ‍්ඤං නික‍්ඛිපිත්‍වා අඤ‍්ඤං භාසතීති වුත‍්තං හොති. චතුද‍්දොසාපගතං වාචං භාසතීති මුසාවාදාදීහි චතූහි දොසෙහි අපගතං වාචං භාසති. ද‍්වත‍්තිංසාය තිරච‍්ඡානකථායාති ද‍්වත‍්තිංසාය සග‍්ගමොක‍්ඛානං තිරච‍්ඡානභූතාය කථාය.

නිධාන යනු ලැබීමට සුදුසු අවකාශයයි. එබඳු නිදානයක් මෙයට ඇත්තේනුයි නිධානවති නම් වේ. හදවතේ තබාගත යුතු වචන කියන්නේය යන අර්ථයයි. කාලෙන මෙබඳු කථා කරමින් ද “මම නිධානවත් වචන කථා කරමි”යි අකාලයේ, නුසුදුසු අවස්ථාවේ කථා නොකරයි. සුදුසු - යෝග්‍යතම අවස්ථාවේ කථා කරන්නේ වෙයි. සාපදෙසං උපමා උදාහරණාදිය සහිතව, කරුණු සහිතව. පරියන්තිවතිං පිරිසිඳීම් දක්වා, ඔහුගේ කථාවේ වෙන් වෙන් කිරීම් ඇතිව කථාකරන යන අර්ථයයි. අත්‍ථ සංහිතං නානාප්‍රකාරව හික්මීමෙන් යුක්තව බෙදා දක්වන නිසා, සම්පූර්ණයෙන්ම ගැනීමට හැකිවන්නේය, අර්ථ සම්පන්නය. යම් යහපත් වැඩදායක කරුණක් වේද ඔහු එය කථා කරයි. ඒ අර්ථයෙන් යුක්ත හෙයින් අර්ථ සංහිත වචන කියයි. අනිකක් දක්වා අනිකක් නොකියයි යන අර්ථයයි. චතුදොසා පගතං වාචං භාසති මුසාවාදාදී සිවු දෝෂයන්ගෙන් දුරු වූ, ඉවත් වූ වචන කථා කරයි. ද්වත්තිංසාය තිරච්ඡානකථාය දෙතිස් තිරිසන් කථාවෙන්, සගමොක් සුව වලකන කථාවෙන් යුක්ත වූයේ යන අදහසයි.

දස කථාවත්‍ථූනීති අප‍්පිච‍්ඡතාදීනි දස විවට‍්ටනිස‍්සිතාය කථාය වත්‍ථුභූතානි කාරණානි. අප‍්පිච‍්ඡකථන‍්ති එත්‍ථ අප‍්පිච‍්ඡොති ඉච‍්ඡාවිරහිතො අනිච‍්ඡො නිත‍්තණ‍්හො. එත්‍ථ හි බ්‍යඤ‍්ජනං සාවසෙසං විය, අත්‍ථො පන නිරවසෙසො. න හි ඛීණාසවස‍්ස අණුමත‍්තාපි ඉච‍්ඡා නාම අත්‍ථි.

දසකථා වත්‍ථූනි අල්පේච්ඡාදී දස විවට්ට නිශ්‍රිත කථාවට වස්තු වූ කාරණ අප්පිච්ඡකථං මෙහි අප්පිච්ඡ යනු අධික ආශාවෙන්, ඉච්ඡාවෙන් දුරු වූ, ආශා රහිත, තෘෂ්ණා රහිත කථාවයි. මෙහි බ්‍යඤ්ජනය ඉතිරි වූවක් (සාවශේෂය) මෙනි. අර්ථය වනාහි ඉතිරි නොවූවක් (නිරවශේෂය) මෙනි. රහතන් වහන්සේලාට අණුවක් පමණ වූ ද තණ්හාවක් (ඉච්ඡා-ආශාවක්) නම් නැත.

අපිචෙත්‍ථ අත්‍රිච‍්ඡතා පාපිච‍්ඡතා මහිච‍්ඡතා අප‍්පිච‍්ඡතාති අයං භෙදො වෙදිතබ‍්බො – තත්‍ථ සකලාභෙ අතිත‍්තස‍්ස පරලාභපත්‍ථනා අත්‍රිච‍්ඡතා නාම, තාය සමන‍්නාගතස‍්ස එකභාජනෙ පක‍්කපූවෙපි අත‍්තනො පත‍්තෙ පතිතෙ න සුපක‍්කො විය ඛුද‍්දකො විය ච ඛායති, ස‍්වෙව පන පරස‍්ස පත‍්තෙ පක‍්ඛිත‍්තො සුපක‍්කො විය මහන‍්තො විය ච ඛායති. අසන‍්තගුණසම‍්භාවනතා පන පටිග‍්ගහණෙ ච අමත‍්තඤ‍්ඤුතා පාපිච‍්ඡතා නාම, සා “ඉධෙකච‍්චො අසද‍්ධො සමානො සද‍්ධොති මං ජනො ජානාතූ”තිආදිනා (විභ· 851) නයෙන අත්‍රෙව ආගතායෙව. තාය ච සමන‍්නාගතො පුග‍්ගලො කොහඤ‍්ඤෙ පතිට‍්ඨාති. සන‍්තගුණසම‍්භාවනතා පන පටිග‍්ගහණෙ ච අමත‍්තඤ‍්ඤුතා මහිච‍්ඡතා නාම, සාපි “ඉධෙකච‍්චො සද‍්ධො සමානො සද‍්ධොති මං ජනො ජානාතූති ඉච‍්ඡති, සීලවා සමානො සීලවාති මං ජනො ජානාතූ”ති (විභ· 851) ඉමිනා නයෙන ආගතායෙව. තාය සමන‍්නාගතො පුග‍්ගලො දුස‍්සන‍්තප‍්පයො හොති, විජාතමාතාපිස‍්ස චිත‍්තං ගහෙතුං න සක‍්කොති. තෙනෙතං වුච‍්චති –

තවද මෙහිදී අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අප්පිච්ඡතා යන භේදයන් පිළිබඳව දතයුතුයි. මෙහි තමාට ලැබුණු දෙයෙහි අතෘප්තියත් අනුන්ගේ ලැබීමෙහි දුක්වෙමින් එයද තමාට වේවායි පතන අධික ආශාව අත්‍රිච්ඡතා නම් වේ. මේ අත්‍රිච්ඡතාවයෙන් යුතු පැවිද්දාට එක බඳුනෙහි පිසූ කැවුම්වලින් වුවත් තමාගේ පාත්‍රයට බෙදු කැවුම මනාව නොපිසූ, ඉතා කුඩා කැවුමක් මෙන් වැටහේ. ඒ භාජනයෙන්ම අන්‍යයන්ට බෙදූ කැවුම් මනාව පිසූ, ඉතා විශාල කැවුම් මෙන් වැටහේ. නැති ගුණයට කෙරෙන සම්භාවනා පිළිගැනීමෙහි පමණ නොදන්නා බව ද පාපිච්ඡතා නම් වේ. මේ සසුනෙහි ඇතැමෙක් අශ්‍රද්ධාවන්තව සිටිමින්, ‘ජනයා මා ශ්‍රද්ධාවන්තයෙකි’යි දනීවායි ආදී වශයෙන් ආවේමය. මෙයින් යුතු ඒ පුද්ගලයෝ කුහක බවෙහි පිහිටියෝ වෙති. ඇති ගුණ සම්භාවනා පිළිගැනීමෙහි පමණ නොදන්නා බව මහිච්ඡතා නම් වේ. මෙ සසුනෙහි ඇතැමෙක් ශ්‍රද්ධාවන්තව සිටිමින් ‘ජනයා මා ශ්‍රද්ධාවන්තයකු ලෙස දනීවා’යි කැමති වේ. සිල්වතෙකුව සිටිමින්, ‘ජනයා මා ශ්‍රද්ධාවන්තයෙකි’යි දනීවායි ආදී වශයෙන් ආවේමය. මෙයින් යුතු ඒ පුද්ගලයෝ කුහක බවෙහි පිහිටියෝ වෙති. ඇති ගුණ සම්භාවනා පිළිගැනීමෙහි පමණ නොදන්නා බව මහිච්ඡතා නම් වේ. මේ සසුනෙහි ඇතැමෙක් ශ්‍රද්ධාවන්තව සිටිමින් ජනයා මා ශ්‍රද්ධාවන්තයකු ලෙස දනීවා’යි කැමති වේ. සිල්වතෙකුව සිටිමින්, ‘ජනයා මා සිල්වතෙකු ලෙස දනීවා’යි මේ ක්‍රමයෙන් ආවේමය. මේ මානසිකත්වයෙන් යුතු පුද්ගලයා සතුටු කිරීම ඉතා අපහසුය. වැදූ මවට පවා ඔහුගේ සිත සැනසීමට නොහැකිවන්නීය. එහෙයින් මෙය කියන ලද්දේමැයි,

“අග‍්ගික‍්ඛන්‍ධො සමුද‍්දො ච, මහිච‍්ඡො චාපි පුග‍්ගලො; සකටෙන පච‍්චයෙ දෙතු, තයොපෙතෙ අතප‍්පයා”ති. (ම· නි· අට‍්ඨ· 1.252; අ· නි· අට‍්ඨ· 1.1.63; උදා· අට‍්ඨ· 31);

අග්ගික්ඛන්‍ධ සමුද්දො චම්හිච්ඡො චාපි පුග්ගලො, සකටෙන පච්චයෙ දෙන්තු තයොපෙතෙ අතප්පියාති

ගිනිකඳ, මුහුද හා මහිච්ඡ පුද්ගලයා යන තුන්දෙන කරත්ත ගණනින් ප්‍රත්‍ය ලබාදුන්නත් කිසිදාක දැන් ඇත’යි සෑහීමකට පත් නොවේ.

සන‍්තගුණනිගූහනතා පන පටිග‍්ගහණෙ ච මත‍්තඤ‍්ඤුතා අප‍්පිච‍්ඡතා නාම, තාය සමන‍්නාගතො පුග‍්ගලො අත‍්තනි විජ‍්ජමානම‍්පි ගුණං පටිච‍්ඡාදෙතුකාමතාය සද‍්ධො සමානො “සද‍්ධොති මං ජනො ජානාතූ”ති න ඉච‍්ඡති. සීලවා… පවිවිත‍්තො… බහුස‍්සුතො… ආරද‍්ධවීරියො… සමාධිසම‍්පන‍්නො… පඤ‍්ඤවා… ඛීණාසවො සමානො “ඛීණාසවොති මං ජනො ජානාතූ”ති න ඉච‍්ඡති සෙය්‍යථාපි මජ‍්ඣන‍්තිකත්‍ථෙරො. එවං අප‍්පිච‍්ඡො ච පන භික‍්ඛු අනුප‍්පන‍්නං ලාභං උප‍්පාදෙති, උප‍්පන‍්නං ථාවරං කරොති, දායකානං චිත‍්තං ආරාධෙති, යථා යථා හි සො අත‍්තනො අප‍්පිච‍්ඡතාය අප‍්පං ගණ‍්හාති, තථා තථා තස‍්ස වත‍්තෙ පසන‍්නා මනුස‍්සා බහූ දෙන‍්ති.

ඇති ගුණ ප්‍රකට නොකිරීම ද ආහාරාදියේ පමණ දන්නා බව ද අප්පිච්ඡතා නම් වේ. ඉන් යුක්ත පුද්ගලයා තමා කෙරෙහි විද්‍යමාන වූද ගුණ සඟවනු කැමතිව ශ්‍රද්ධාවන්තයෙක්ව සිටිමින්, ජනයා මා සැදැහැවතෙකු ලෙස දනීවා’යි කැමති නොවේ. සිල්වතෙක්ව, ප්‍රකර්ශ විවේකයෙහි නිරත වූවෙක්ව, බහුශ්‍රැතයෙක්ව, ඇරඹූ වීර්ය ඇත්තෙක්ව, සමාධි සම්පන්නව, ප්‍රඥාවන්තයෙක්ව, ක්‍ෂීණාශ්‍රවයෙක්ව සිටිමින් ‘ජනයා මා ක්‍ෂීණාශ්‍රවයෙකැ’ යි දනීවායි කැමති නොවේ. මජ්ඣන්තික තෙරුන් මෙනි. මෙසේ අල්පේච්ඡ භික්‍ෂුව නූපන් ලාභ උපදවයි. උපන් ලාභ ස්ථාවර කරයි. දායකයන්ගේ සිත සතුටු කරවයි. තමාගේ අල්පේච්ඡ බව නිසා එම භික්‍ෂුව යම් යම් සේ අල්පව ගන්නේ ද ඒ ඒ ආකාරයෙන්ම ඒ පිළිවෙතෙහි පැහැදුණු මිනිස්සු බොහෝ ප්‍රත්‍ය දෙති.

අපරොපි චතුබ‍්බිධො අප‍්පිච‍්ඡො පච‍්චයඅප‍්පිච‍්ඡො ධුතඞ‍්ගඅප‍්පිච‍්ඡො පරියත‍්තිඅප‍්පිච‍්ඡො අධිගමඅප‍්පිච‍්ඡොති . තත්‍ථ චතූසු පච‍්චයෙසු අප‍්පිච‍්ඡො පච‍්චයඅප‍්පිච‍්ඡො. සො දායකස‍්ස වසං ජානාති, දෙය්‍යධම‍්මස‍්ස වසං ජානාති, අත‍්තනො ථාමං ජානාති. යදි හි දෙය්‍යධම‍්මො බහු හොති, දායකො අප‍්පං දාතුකාමො, දායකස‍්ස වසෙන අප‍්පං ගණ‍්හාති. දෙය්‍යධම‍්මො අප‍්පො, දායකො බහුං දාතුකාමො, දෙය්‍යධම‍්මස‍්ස වසෙන අප‍්පං ගණ‍්හාති. දෙය්‍යධම‍්මොපි බහු, දායකොපි බහුං දාතුකාමො, අත‍්තනො ථාමං ඤත්‍වා පමාණෙනෙව ගණ‍්හාති.

තවත් ක්‍රමයකට අනුව අල්පේච්ඡ පුද්ගලයෝ සතර දෙනෙක් වෙති. පච්චයප්පිච්ඡ, ධුතංගප්පිච්ඡ පරියත්ති අප්පිච්ඡ හා අධිගම අප්පිච්ඡ යනු ඒ සතරදෙනායි. එහි සිව්පසයෙහි අල්පේච්ඡ වූයේ පච්චයපිච්ච වේ. යමෙක් දායකයාගේ බලය (සිතැඟි) ද දනියි. දෙය්‍යධර්ම සම්පත්තිය ද දනියි. තමාගේ බලය ද දනියි. ඉදින් දෙය්‍ය ධර්මය (දාන වස්තුව) බොහෝ වේද දායකයා අල්පයක් දෙනු කැමති වේද එනිසා දායක සිත බලා අල්පයක් ගනියි. දාන වස්තුව අල්ප වුවත් දායකයා බොහෝ දෙනු කැමති වේද එවිට දාන වස්තුව අනුව සලකා අල්පයක් ගනියි. දාන වස්තුවද බොහෝ වේද දායකයාද බොහෝ කොට දෙනු කැමතිවේද එවිට තමාගේ බලය, ප්‍රමාණය වටහාගෙන තම ප්‍රමාණයට පමණක් පිළිගනියි. (මෙසේ පච්චයප්පිච්ඡ පුද්ගලයා දතයුතුයි.)

ධුතඞ‍්ගසමාදානස‍්ස අත‍්තනි අත්‍ථිභාවං න ජානාපෙතුකාමො ධුතඞ‍්ගඅප‍්පිච‍්ඡො නාම. යො පන බහුස‍්සුතභාවං න ජානාපෙතුකාමො, අයං පරියත‍්තිඅප‍්පිච‍්ඡො නාම. යො පන සොතාපන‍්නාදීසු අඤ‍්ඤතරො හුත්‍වා සොතාපන‍්නාදිභාවං ජානාපෙතුං න ඉච‍්ඡති, අයං අධිගමඅප‍්පිච‍්ඡො නාම. ඛීණාසවො පන අත්‍රිච‍්ඡතං පාපිච‍්ඡතං මහිච‍්ඡතං පහාය සබ‍්බසො ඉච‍්ඡාපටිපක‍්ඛභූතාය අලොභසඞ‍්ඛාතාය පරිසුද‍්ධාය අප‍්පිච‍්ඡතාය සමන‍්නාගතත‍්තා අප‍්පිච‍්ඡො නාම. “ආවුසො, අත්‍රිච‍්ඡතා පාපිච‍්ඡතා මහිච‍්ඡතාති, ඉමෙ ධම‍්මා පහාතබ‍්බාති, තෙසු ආදීනවං දස‍්සෙත්‍වා එවරූපං අප‍්පිච‍්ඡතං සමාදාය වත‍්තිතබ‍්බ”න‍්ති වදන‍්තො අප‍්පිච‍්ඡකථං කථෙති නාම.

ධුතංග සමාදන් වූ පුද්ගලයාගේ තමා සතු ගුණාංග අනුන් දැන නොගනීවා යන කැමැත්ත ඇති බව ධුතංගප්පිච්ච නම් වේ. යමෙක් තම බහුශ්‍රැත බව දන්වනු නො කැමැත්තේ ද එය පරියත්ති අප්පිච්ඡතාවයයි. යමෙක් සෝවාන් ආදී මගඵල ලැබ, ඒ බව දන්වනු නො කැමති වේද, මෙය අධිගම අප්පිච්ඡතාවයයි. ක්‍ෂීණාස්‍රවයා වනාහි අත්‍රිච්ඡතාවද පාපිච්ඡතාවද අත්හැර සර්වප්‍රකාරයෙන්ම ආශාවන්ට විරුද්ධ වූ, අලෝභ නම් වූ පිරිසිදු අල්පේච්ඡතාවයෙන් යුක්ත බැවින්, අප්පිච්ඡ නම් වේ. ඇවැත්නි, අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා යන මේ ධර්ම අත්හළ යුතුයැයි ඒවායෙහි ආදීනව දක්වා, මෙබඳු වූ අල්පේච්ඡතාවයේ නියුක්තව හැසිරිය යුතුයැයි කියමින් අල්පේච්ඡ කථාව කරයි නම් වේ.

සන‍්තුට‍්ඨීකථන‍්තිආදීසු විසෙසත්‍ථමෙව දීපයිස‍්සාම, යොජනා පන වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. සන‍්තුට‍්ඨීකථන‍්ති ඉතරීතරපච‍්චයසන‍්තොසං නිස‍්සිතං කථං. සො පනෙස සන‍්තොසො ද‍්වාදසවිධො හොති. සෙය්‍යථිදං – චීවරෙ යථාලාභසන‍්තොසො, යථාබලසන‍්තොසො, යථාසාරුප‍්පසන‍්තොසොති තිවිධො. එවං පිණ‍්ඩපාතාදීසුපි.

සන්තුට්ඨිකථං ආදියෙහි විශේෂාර්ථ පමණක්ම දක්වන්නෙමු. සෙසු පදයන්හි අර්ථ යෝජනාව ඉහත පැවසූ පරිදිම දතයුතුයි. සන්තුට්ඨිකථං ඒ ඒ ප්‍රත්‍ය සන්තෝෂයෙන් යුක්ත කථාවයි. ඒ මේ සන්තෝෂය දොළොස් වැදෑරුම් වේ. ඒවානම්, චීවරයෙහි යථාලාභ සන්තෝෂය, යථාබල සන්තෝෂය, යථා සාරුප්‍ය සන්තෝෂය යනුවෙන් තුන්වැදෑරුම් වේ. පිණ්ඩපාතයෙහි ද මේ ක්‍රමයමයි.

තස‍්සායං පභෙදවණ‍්ණනා – ඉධ භික‍්ඛු චීවරං ලභති සුන්‍දරං වා අසුන්‍දරං වා. සො තෙනෙව යාපෙති, අඤ‍්ඤං න පත්‍ථෙති, ලභන‍්තොපි න ගණ‍්හාති. අයමස‍්ස චීවරෙ යථාලාභසන‍්තොසො. අථ පන යො පකතිදුබ‍්බලො වා හොති, ආබාධජරාභිභූතො වා, ගරුචීවරං පාරුපන‍්තො කිලමති. සො සභාගෙන භික‍්ඛුනා සද‍්ධිං තං පරිවත‍්තෙත්‍වා ලහුකෙන යාපෙන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස චීවරෙ යථාබලසන‍්තොසො. අපරො පණීතපච‍්චයලාභී හොති. සො පත‍්තුණ‍්ණචීවරාදීනං අඤ‍්ඤතරං මහග‍්ඝචීවරං, බහූනි වා පන චීවරානි ලභිත්‍වා “ඉදං ථෙරානං චිරපබ‍්බජිතානං, ඉදං බහුස‍්සුතානං අනුරූපං, ඉදං ගිලානානං, ඉදං අප‍්පලාභීනං හොතූ”ති දත්‍වා තෙසං පුරාණචීවරං වා සඞ‍්කාරකූටාදිතො වා නන‍්තකානි උච‍්චිනිත්‍වා තෙහි සඞ‍්ඝාටිං කත්‍වා ධාරෙන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස චීවරෙ යථාසාරුප‍්පසන‍්තොසො.

මේ එහි ප්‍රභේද වර්ණනාවයි. මේ සසුනෙහි භික්‍ෂුවක් සුන්‍දර හෝ අසුන්‍දර සිවුරක් ලබයි. උන්වහන්සේ ඉන් ම සතුටට පත්වෙති. අනිකක් නො පතති. ලැබුනත් වෙනත් සිවුරක් නොගනී. මෙය මොහුගේ සිවුරෙහි යථාලාභ සන්තෝෂය නම් වේ. එසේ යමෙක් ප්‍රකෘති (ස්වභාව) යෙන්ම දුර්වල, ආබාධ සහිත ජරා ජීර්ණ වූවෙක් වේද, ඔහු බර ගොරෝසු සිවුරක් දැරීමට අසමත් වේද, තමාට ලැබුණු ගරු සිවුර සබ්‍රහ්මචාරී භික්‍ෂුවක සමග හුවමාරු කරගෙන සැහැල්ලු සිවුරක් ලැබ ඉන් සතුටට පත්වේ. මෙය උන්වහන්සේගේ චීවරයේ යථාබල සතෝෂයයි. තවත් භික්‍ෂුවකට ප්‍රණීත වූ උතුම් ප්‍රත්‍ය ලැබේ ද උන්වහන්සේ ඉතා උතුම් වස්ත්‍රයෙන් කළ සිවුරු ආදියෙන් එක්තරා වටිනා සිවුරක් හෝ බොහෝ සිවුරු හෝ ලැබ, මෙය පැවිදිව බොහෝ කල් ඉක්මවූ තෙරවරුන්ට ‘මෙය බහුශ්‍රැත භික්‍ෂූන්ට සුදුසුය’යි මෙය ගිලන් භික්‍ෂූන්ට ‘මෙය අල්පලාභී භික්‍ෂූන්ට වේවායි යනාදී ලෙස යෝග්‍ය පරිදි පරිත්‍යාගකොට උන්වහන්සේලාගෙන් ලැබෙන පැරණි සිවුරකින් හෝ කැලිකසල ගොඩවල් ආදියෙන් හෝ අහුලාගත් රෙදි සෝදා මසාගත් සඟල සිවුරක් දරන්නේ නමුදු සතුටට පත්වේ. ඒ ප්‍රණීත ප්‍රත්‍යලාභී භික්‍ෂුවගේ සන්තෝෂය, චීවරයේ යථා සාරුප්‍ය සන්තෝෂය නම් වේ.

ඉධ පන භික‍්ඛු පිණ‍්ඩපාතං ලභති ලූඛං වා පණීතං වා, සො තෙනෙව යාපෙති, අඤ‍්ඤං න පත්‍ථෙති, ලභන‍්තොපි න ගණ‍්හාති. අයමස‍්ස පිණ‍්ඩපාතෙ යථාලාභසන‍්තොසො. යො පන අත‍්තනො පකතිවිරුද‍්ධං වා බ්‍යාධිවිරුද‍්ධං වා පිණ‍්ඩපාතං ලභති, යෙනස‍්ස පරිභුත‍්තෙන අඵාසු හොති, සො තං සභාගස‍්ස භික‍්ඛුනො දත්‍වා තස‍්ස හත්‍ථතො සප‍්පායභොජනං භුඤ‍්ජිත්‍වා සමණධම‍්මං කරොන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස පිණ‍්ඩපාතෙ යථාබලසන‍්තොසො. අපරො බහුං පණීතං පිණ‍්ඩපාතං ලභති, සො තං චීවරං විය ථෙරචිරපබ‍්බජිතබහුස‍්සුතඅප‍්පලාභීගිලානානං දත්‍වා තෙසං වා සෙසකං පිණ‍්ඩාය වා චරිත්‍වා මිස‍්සකාහාරං භුඤ‍්ජන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස පිණ‍්ඩපාතෙ යථාසාරුප‍්පසන‍්තොසො.

මේ සසුනෙහි භික්‍ෂුව රළු වූ හෝ ප්‍රණීත වූ හෝ පිණ්ඩපාතයක් ලැබ ඉන් යැපේනම් වෙනත් ආහාරයක් නොපතයි නම්, ලැබුනත් පිළිනොගනියි නම් මෙය උන්වහන්සේගේ පිණ්ඩපාතයේ යථාලාභ සන්තෝෂයයි. යම් භික්‍ෂුවකට තමාගේ ස්වාභාවයට විරුද්ධ වූ හෝ අපත්‍ය වූ හෝ පිණ්ඩපාතයක් ලැබේද එය වැළඳීමෙන් උන්වහන්සේගේ රෝග වැඩේ ද අපහසුවක් ඇති වේද උන්වහන්සේ ඒ ආහාරය සබ්‍රහ්මචාරී භික්‍ෂූන්ට දී උන්වහන්සේලාගෙන් ලැබෙන පථ්‍ය වූ යෝග්‍ය වූ පිණ්ඩපාතයක් වළඳා මහණදම් පුරමින් සතුටට පත් වෙති. මෙය උන්වහන්සේගේ පිණ්ඩපාතයෙහි යථාබල සන්තෝෂය නම් වේ. තවත් භික්‍ෂුවක් බොහෝ ප්‍රණීත පිණ්ඩපාතාහාරයක් ලබා, උන්වහන්සේ එය සිවුරු දුන්නාක් මෙන් චිරපබ්බජිත භික්‍ෂූන්ට ද බහුශ්‍රැත අල්ප ප්‍රත්‍යලාභීන්ට ද ගිලන් භික්‍ෂූන්ට ද දී, උන්වහන්සේලාගෙන් ලැබෙන හෝ ඉතිරි වූ හෝ ආහාරයකින් යැපේ. නැතිනම් පිණ්ඩපාතයේ හැසිර ලැබෙන මිශ්‍ර වූ අහරකින් යැපේ. මෙසේ සතුටට පත්වීම ඒ භික්‍ෂුවගේ පිණ්ඩපාතයේ යථාසාරුප්‍ය සන්තෝෂය නම් වේ.

ඉධ පන භික‍්ඛු සෙනාසනං ලභති මනාපං වා අමනාපං වා, සො තෙන නෙව සොමනස‍්සං න දොමනස‍්සං උප‍්පාදෙති, අන‍්තමසො තිණසන්‍ථාරකෙනාපි යථාලද‍්ධෙනෙව තුස‍්සති. අයමස‍්ස සෙනාසනෙ යථාලාභසන‍්තොසො. යො පන අත‍්තනො පකතිවිරුද‍්ධං වා බ්‍යාධිවිරුද‍්ධං වා සෙනාසනං ලභති, යත්‍ථස‍්ස වසතො අඵාසු හොති, සො තං සභාගස‍්ස භික‍්ඛුනො දත්‍වා තස‍්ස සන‍්තකෙ සප‍්පායසෙනාසනෙ වසන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස සෙනාසනෙ යථාබලසන‍්තොසො.

මේ සස්නෙහි භික්‍ෂුවක් තමාට ලැබුණු මනාප වූ හෝ අප්‍රියජනක වූ හෝ සෙනසුනින් ම සතුටට පත්වේ. ඊට එරෙහි වූ ද්වේෂ සිතුවිල්ලකුදු නූපදවයි. යටත්පිරිසෙන් තණ ඇතිරියකින් පවා ලද පරිදි සතුටුවේ. මෙය උන්වහන්සේගේ සෙනසුනෙහි යථාලාභ සන්තෝෂයයි. යම් භික්‍ෂුවකට තම ස්වභාවයට විරුද්ධ වූ හෝ රෝගාබාධයන්ට විරුද්ධ වූ හෝ සෙනසුනක් ලැබේ. එහි විසීමෙන් උන්වහන්සේට අපහසුවක් වේ. එය වෙනත් සබ්‍රහ්මචාරී හිමිනමකට දී, හුවමාරු වශයෙන් ලැබෙන සප්පාය සෙනසුනින් සතුටු වේ. මෙය උන්වහන්සේගේ සෙනසුනෙහි යථාබල සන්තෝෂයයි.

අපරො මහාපුඤ‍්ඤො ලෙණමණ‍්ඩපකූටාගාරාදීනි බහූනි පණීතසෙනාසනානි ලභති, සො තං චීවරං විය ථෙරචිරපබ‍්බජිතබහුස‍්සුතඅප‍්පලාභීගිලානානං දත්‍වා යත්‍ථ කත්‍ථචි වසන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස සෙනාසනෙ යථාසාරුප‍්පසන‍්තොසො. යොපි “උත‍්තමසෙනාසනං නාම පමාදට‍්ඨානං, තත්‍ථ නිසින‍්නස‍්ස ථිනමිද‍්ධං ඔක‍්කමති, නිද‍්දාභිභූතස‍්ස පුන පටිබුජ‍්ඣතො පාපවිතක‍්කා පාතුභවන‍්තී”ති පටිසඤ‍්චික‍්ඛිත්‍වා තාදිසං සෙනාසනං පත‍්තම‍්පි න සම‍්පටිච‍්ඡති, සො තං පටික‍්ඛිපිත්‍වා අබ‍්භොකාසරුක‍්ඛමූලාදීසු වසන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස සෙනාසනෙ යථාසාරුප‍්පසන‍්තොසො.

අනික් භික්‍ෂුවක් සසර මහ පින් කළ බැවින් ලෙන්, මණ්ඩප, කූටාගාරාදී බොහෝ උසස් සෙනසුන් ලබයි. උන්වහන්සේ එම සෙනසුන්ද ඉහත සිවුරු බෙදා දුන්නාක් මෙන් චිර පබ්බජිත භික්‍ෂූන්ට ද බහුශ්‍රැත භික්‍ෂූන්ට ද අල්පලාභී හා ගිලන් භික්‍ෂූන්ට ද දී, ලද තැනක වෙසෙමින් සතුටට පත් වෙති. මෙය උන්වහන්සේගේ සේනාසනයේ යථාසාරුප්‍ය සන්තෝෂයයි. යමෙක් ‘සැප පහසු ඇති උතුම් සෙනසුන් නම් ප්‍රමාදයට ස්ථානය. එහි හුන්නහුගේ සිත කය ථිනමිද්ධ නීවරණයෙන් වෙලාගනියි. නිදිමත වී, නිදාගත්තහුට නැවත නැගිටීමේදී පාප විතර්ක පහළ වේ’ යැයි සලකා බලා එබඳු සුවපහසු සෙනසුනක් ලැබුණේ නමුදු නොපිළිගනියි. එබඳු සෙනසුන් හැරදමා අභ්‍යාවකාශ, එළිමහන්හි රුක් මුල් ආදියෙහි වසමින් සතුටු වේ. මෙය එම භික්‍ෂුවගේ යථා සාරුප්‍ය සන්තෝෂයයි.

ඉධ පන භික‍්ඛු භෙසජ‍්ජං ලභති ලූඛං වා පණීතං වා, සො යං ලභති, තෙනෙව තුස‍්සති, අඤ‍්ඤං න පත්‍ථෙති, ලභන‍්තොපි න ගණ‍්හාති. අයමස‍්ස ගිලානපච‍්චයෙ යථාලාභසන‍්තොසො. යො පන තෙලෙන අත්‍ථිකො ඵාණිතං ලභති, සො තං සභාගස‍්ස භික‍්ඛුනො දත්‍වා තස‍්ස හත්‍ථතො තෙලං ගහෙත්‍වා අඤ‍්ඤදෙව වා පරියෙසිත්‍වා භෙසජ‍්ජං කරොන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස ගිලානපච‍්චයෙ යථාබලසන‍්තොසො.

මේ සසුනෙහි ඇතැම් භික්‍ෂුවක් රළු වූ හෝ උතුම්-ප්‍රණීත වූ හෝ බෙහෙත් ආදියක් ලබා, ඉන් සතුටට පත් වේ. අනිකක් නොපතයි. ලැබුන ද වෙනත් බෙහෙතක් නොගනියි. මෙය ඒ භික්‍ෂුවගේ ගිලානපච්චය පිළිබඳ යථාලාභ සතෝෂය නම් වේ. තෙලින් ප්‍රයෝජන ඇති යම් භික්‍ෂුවකට පැණි ලැබේද උන්වහන්සේ එය සබ්‍රහ්මචාරී භික්‍ෂූන්ට දී, උන්වහන්සේලාගෙන් ලද හෝ වෙනත් ක්‍රමයකින් හෝ ලද තෙලක් යොදා බෙහෙත් සාදාගෙන ඉන් සතුටට පත්වෙති. මෙය උන්වහන්සේගේ ගිලානප්‍රත්‍යයෙහි යථාබල සන්තෝෂයයි.

අපරො මහාපුඤ‍්ඤො බහුං තෙලමධුඵාණිතාදිපණීතභෙසජ‍්ජං ලභති, සො තං චීවරං විය ථෙරචිරපබ‍්බජිතබහුස‍්සුතඅප‍්පලාභීගිලානානං දත්‍වා තෙසං ආභතෙන යෙන කෙනචි යාපෙන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. යො පන එකස‍්මිං භාජනෙ චතුමධුරං ඨපෙත්‍වා එකස‍්මිං මුත‍්තහරීතකං “ගණ‍්හ, භන‍්තෙ, යදිච‍්ඡසී”ති වුච‍්චමානො “සචස‍්ස තෙසු අඤ‍්ඤතරෙනපි රොගො වූපසම‍්මති, අථ මුත‍්තහරීතකං නාම බුද‍්ධාදීහි වණ‍්ණිත”න‍්ති චතුමධුරං පටික‍්ඛිපිත්‍වා මුත‍්තහරීතකෙන භෙසජ‍්ජං කරොන‍්තො පරමසන‍්තුට‍්ඨොව හොති. අයමස‍්ස ගිලානපච‍්චයෙ යථාසාරුප‍්පසන‍්තොසො. ඉමෙසං පන පච‍්චෙකපච‍්චයෙසු තිණ‍්ණං තිණ‍්ණං සන‍්තොසානං යථාසාරුප‍්පසන‍්තොසොව අග‍්ගො. අරහා එකෙකස‍්මිං පච‍්චයෙ ඉමෙහි තීහිපි සන‍්තුට‍්ඨොව.

වෙනත් මහ පිනැති භික්‍ෂුවකට බොහෝ තෙල්, මීපැණි ආදී ප්‍රණීත බෙහෙත් ආදිය ලැබේ. උන්වහන්සේ ඒවා සිවුරු මෙන් චිර පබ්බජිත, බහුශ්‍රැත, අල්පලාභී, ගිලන් භික්‍ෂූන්ට දී අනික් බෙහෙතක් සොයාගෙන හෝ අනික් භික්‍ෂූන්ගෙන් ලද දෙයකින් හෝ යැපෙමින් සතුටට පත්වෙති. යම් භික්‍ෂුවකට එක බඳුනක චතුමධුරද තවත් බඳුනක ගව මුත්‍රවල දැමූ අරළුද තබා ‘ස්වාමීනි, කැමති බෙහෙතක් ගනුව’යි පැවසූ කල්හි ‘උන්වහන්සේගේ ඒ රෝගය ඒ දෙකෙන් ඕනම එකකින් සන්සිඳේ නම් මුත්‍ර හරීටකය නම් බුද්ධාදී මහෝත්තමයන් විසින් වර්ණනා කරන ලදී’ යැයි චතුමධුර ප්‍රතික්‍ෂේප කර මුත්‍ර පාරීටකයෙන් බෙහෙත් කරන්නේ අතිශයින් සතුටට පත්වූවෙක්ම වේ. මෙය උන්වහන්සේගේ ගිලානප්‍රත්‍යයෙහි යථාසාරුප්‍ය සන්තෝෂයයි. මේ දැක්වූ සිවුපසයන්ගේ ත්‍රිවිධාකාර සන්තෝෂයන් අතුරින් යථා සාරුප්‍ය සන්තෝෂයම අග්‍ර වේ. රහතන් වහන්සේ එක් එක් ප්‍රත්‍යයෙහි මේ ත්‍රිවිධ සන්තෝෂයෙන් ම සතුටු වෙති.

පවිවෙකකථන‍්ති පවිවෙකනිස‍්සිතං කථං. තයො හි විවෙකා කායවිවෙකො චිත‍්තවිවෙකො උපධිවිවෙකොති. තත්‍ථ එකො ගච‍්ඡති, එකො තිට‍්ඨති, එකො නිසීදති, එකො සෙය්‍යං කප‍්පෙති, එකො ගාමං පිණ‍්ඩාය පවිසති, එකො පටික‍්කමති, එකො අභික‍්කමති, එකො චඞ‍්කමං අධිට‍්ඨාති, එකො චරති, එකො විහරතීති අයං කායවිවෙකො නාම. අට‍්ඨ සමාපත‍්තියො පන චිත‍්තවිවෙකො නාම. නිබ‍්බානං උපධිවිවෙකො නාම.

පවිවෙකං කථං යනු විවේකයෙන් යුතු කථාව දක්වයි. ප්‍රකර්ශ (උතුම්) විවේක තුනකි. කාය පවිවේකය, චිත්ත පවිවේකය හා උපධි පවිවේකය යනුවෙනි. මෙහි ඇතැම් භික්‍ෂුවක් තනිවම, හුදකලාව යයි. සිටියි. හිඳියි. නිදාගනියි. ගමට පිඬු පිණිස යයි. ඉන් නික්මෙයි. සක්මන් කරයි. තනිව හැසිරෙයි. තනිව වාසය කරයි. මෙසේ සියලු කටයුතු තනිව කිරීම ‘කාය පවිවේක’ නම් වේ.

වුත‍්තම‍්පි හෙතං – “කායවිවෙකො ච විවෙකට‍්ඨකායානං නෙක‍්ඛම‍්මාභිරතානං. චිත‍්තවිවෙකො ච පරිසුද‍්ධචිත‍්තානං පරමවොදානප‍්පත‍්තානං. උපධිවිවෙකො ච නිරුපධීනං පුග‍්ගලානං විසඞ‍්ඛාරගතාන”න‍්ති (මහානි· 57).

එය කියන ලදී. ‘කෙලෙස් රහිත වූ කයින් හුදකලා බවෙහි ඇලී වෙසෙන්නවුන්ගේ කාය විවේකය ද ආ පිරිසිදු භාවයට පත්, නීවරණ රහිත වූවන්ගේ පවිත්‍ර වූ චිත්ත විවේකය ද විසංඛාරගත වූ උපධි රහිත පුද්ගලයන්ගේ උපධි විවේකය ද යන විවේකයන්ගෙන් යුක්තව වෙසේ’ යනුයි.

අසංසග‍්ගකථන‍්ති එත්‍ථ පන සවනසංසග‍්ගො දස‍්සනසංසග‍්ගො සමුල‍්ලපනසංසග‍්ගො සම‍්භොගසංසග‍්ගො කායසංසග‍්ගොති පඤ‍්චවිධො සංසග‍්ගො. තෙසු ඉධ භික‍්ඛු සුණාති “අමුකස‍්මිං ගාමෙ වා නිගමෙ වා ඉත්‍ථී වා කුමාරී වා අභිරූපා දස‍්සනීයා පාසාදිකා පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතා”ති, සො තං සුත්‍වා සංසීදති විසීදති, න සක‍්කොති බ්‍රහ‍්මචරියං සන්‍ධාරෙතුං, සික‍්ඛාදුබ‍්බල්‍යං අනාවිකත්‍වා හීනායාවත‍්තති. එවං පරෙහි කථියමානරූපාදිසම‍්පත‍්තිං අත‍්තනා වා හසිතලපිතගීතසද‍්දං සුණන‍්තස‍්ස සොතවිඤ‍්ඤාණවීථිවසෙන උප‍්පන‍්නො රාගො සවනසංසග‍්ගො නාම.

අසංසග්ගකථං අසංසර්ග කථාවයි. මෙහි සවණ සංසර්ගය, දස්සන සංසර්ගය, සමුල්ලාප සංසර්ගය, සම්භෝග සංසර්ගය හා කාය සංසර්ගය යනුවෙන් සංසර්ගය පස්වැදෑරුම් වේ. ඒ අතුරින් ‘මේ සසුනෙහි භික්‍ෂුවක් ‘අසුවල් ගමේ හෝ අසුවල් නියම්ගමේ හෝ වෙසෙන අසුවල් ස්ත්‍රිය හෝ අසුවල් කුමරිය ඉතා ලස්සනය. දර්ශනීය වන්නේය. ප්‍රසාද එලවන්නීය. උතුම් ශරීර වර්ණයෙන් යුක්ත වන්නීයැ’යි අසයි. මේ වර්ණනාව අසන එම භික්‍ෂුව ශෝකයෙන් ගිලාබසියි. උකටලී වෙයි. බඹසර වාසය පවත්වාගත නොහැකි වෙයි. ශික්‍ෂා රැකීම දුබල බව ප්‍රකාශ නොකර ගිහි බවට පත්වේ.’ මෙසේ අනුන් විසින් කියනු ලබන රූප වර්ණනාව හෝ තමා සමග දැක්වූ සිනාසීම්, කෙළිකවටකම්, ගීත ශබ්ද ඇසීමෙන් ශ්‍රෝත විඤ්ඤාණ වීථි වශයෙන් උපදින රාගය, සවණ සංසර්ග නම්වේ.

“ඉධ භික‍්ඛු න හෙව ඛො සුණාති, අපි ච ඛො සාමං පස‍්සති ඉත්‍ථිං වා කුමාරිං වා අභිරූපං දස‍්සනීයං පාසාදිකං පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතං, සො තං දිස‍්වා සංසීදති විසීදති, න සක‍්කොති බ්‍රහ‍්මචරියං සන්‍ධාරෙතුං, සික‍්ඛාදුබ‍්බල්‍යං අනාවිකත්‍වා හීනායාවත‍්තති. එවං විසභාගරූපං ඔලොකෙන‍්තස‍්ස පන චක‍්ඛුවිඤ‍්ඤාණවීථිවසෙන උප‍්පන‍්නරාගො දස‍්සනසංසග‍්ගො නාම.

‘මේ සසුනෙහි ඇතැම් භික්‍ෂුවක් ඉහත කීලෙස නො අසයි. නමුත් තමන් ම ඉතා ලස්සන, දැකුම්කළු, ප්‍රසාද එළවන, විශිෂ්ට රූසපුවකින් යුතු ස්ත්‍රියක් හෝ කුමරියක් දකියි. ඇය දැකීමෙන් ශෝකයෙන් හැකිලෙයි. උකටලී වෙයි. බඹසර වාසය රැකගැනීමට අසමත් වෙයි. ශික්‍ෂා රැකීම අපහසු බව නොපවසා ගිහිබවට පත්වේ. මෙසේ විෂභාග රූපයක් බලන භික්‍ෂුවට චක්‍ෂු විඤ්ඤාණ චිත්ත වීථි වශයෙන් උපදින රාගය දස්සන සංසග්ග නම් වේ.

අඤ‍්ඤමඤ‍්ඤං අල‍්ලාපසල‍්ලාපවසෙන උප‍්පන‍්නරාගො පන සමුල‍්ලපනසංසග‍්ගො නාම. භික‍්ඛුනො භික‍්ඛුනියා සන‍්තකං භික‍්ඛුනියා වා භික‍්ඛුස‍්ස සන‍්තකං ගහෙත්‍වා පරිභොගකරණවසෙන උප‍්පන‍්නරාගො සම‍්භොගසංසග‍්ගො නාම. හත්‍ථග‍්ගාහාදිවසෙන උප‍්පන‍්නරාගො පන කායසංසග‍්ගො නාම. අරහා ඉමෙහි පඤ‍්චහි සංසග‍්ගෙහි චතූහිපි පරිසාහි සද‍්ධිං අසංසට‍්ඨො, ගාහමුත‍්තකො චෙව සංසග‍්ගමුත‍්තකො ච. අසංසග‍්ගස‍්ස වණ‍්ණං භණන‍්තො අසංසග‍්ගකථං කථෙති නාම.

ඔවුනොවුන් අල්ලාප සල්ලාපයේ යෙදීම් වශයෙන් උපදින රාගය සමුල්ලාප සංසර්ගය නම් වේ. භික්‍ෂුවක් භික්‍ෂුණියකට අයත් හෝ භික්‍ෂුණියක් භික්‍ෂුවකට අයත් හෝ යමක් ගෙන පරිභෝග කිරීම් වශයෙන් උපන් රාගය සම්භෝග සංසර්ග නම් වේ. අත් අල්ලා ගැනීම් වශයෙන් උපදින රාගය කායසංසග්ග නම් වේ. රහතන් වහන්සේ මේ පස්වැදෑරුම් සංසර්ගයන් සිවුවනක් පිරිස සමග නොපැවැත්වීමෙන් ග්‍රහණයෙන් මිදුනෙක් මෙන්ම සංසර්ගයෙන් මිදුනෙක් ද වූවාහු අසංසර්ග වීමේ ආනිසංස කියන්නාහු ‘අසංසග්ග කථා’ කියති නම් වේ.

වීරියාරම‍්භකථන‍්ති එත්‍ථ යො පග‍්ගහිතවීරියො පරිපුණ‍්ණකායිකචෙතසිකවීරියො හොති, ගමනෙ උප‍්පන‍්නං කිලෙසං ඨානං පාපුණිතුං න දෙති, ඨානෙ උප‍්පන‍්නං කිලෙසං නිසජ‍්ජං, නිසජ‍්ජාය උප‍්පන‍්නං කිලෙසං සයනං පාපුණිතුං න දෙති, දණ‍්ඩෙන කණ‍්හසප‍්පං උප‍්පීළෙත්‍වා ගණ‍්හන‍්තො විය අමිත‍්තං ගීවාය අක‍්කමන‍්තො විය ච විචරති, තාදිසස‍්ස ආරද‍්ධවීරියස‍්ස වණ‍්ණං භණන‍්තො වීරියාරම‍්භකථං කථෙති නාම.

විරියාරම්භකථං මෙහි යමෙක් එළඹි වීර්ය ඇතිව, පිරිපුන් කායික හා චෛතසික වීර්යයෙන් යුක්ත වෙත් ද ඔහු ගමන් කිරීමෙහි දී උපදින කෙලෙස් සිතුවිලි සිටීමේදී පැමිණීමට නොදෙයි ද සිටීමේදී උපන් කෙලෙස් සිත් හිඳීමේදී පැමිණීමට නොදෙයි ද හිඳීමේදී උපන් කෙලෙස් සිතුවිලි සයනය කිරීමේදී පැමිණිමට නොදෙයිද මන්ත්‍රවලින් කළු සර්පයකු මැඩ අල්ලාගන්නාක් මෙන් ද සතුරකු බෙල්ලෙන් අල්ලා ඉවතලන්නාක් මෙන් ද කෙලෙස් මැඩ හැසිරෙයි ද මෙබඳු ඇරඹු වීර්ය ඇත්තහුගේ වර්ණනාව සිදුකිරීම ‘විරියාරම්භ කථාව කියයි’ නම් වේ.

සීලකථන‍්තිආදීසු සීලන‍්ති චතුපාරිසුද‍්ධිසීලං. සමාධීති විපස‍්සනාපාදකා අට‍්ඨ සමාපත‍්තියො. පඤ‍්ඤාති ලොකියලොකුත‍්තරඤාණං. විමුත‍්තීති අරහත‍්තඵලවිමුත‍්ති. විමුත‍්තිඤාණදස‍්සනන‍්ති එකූනවීසතිවිධං පච‍්චවෙක‍්ඛණඤාණං. සීලාදීනං ගුණං පකාසෙන‍්තො සීලාදිකථං කථෙති නාම.

සීලකථං යනාදියෙහි සීලං යනු චතුපාරිශුද්ධි ශීලයයි. සමාධිං යනු විදර්ශනා පාදක අෂ්ට සමාපත්තියයි. පඤ්ඤා ලෞකික ලෝකෝත්තර ඤාණයයි. විමුත්ති ආර්යඵල විමුක්තිය. විමුත්ති ඤාණදස්සනං දහනව වැදෑරුම් වූ ප්‍රත්‍යවේක්‍ෂණ ඤාණය, ශීලාදියේ ගුණය ප්‍රකාශ කරමින් කරන කථාව සීලාදිකථං නම් වේ.

සතිපට‍්ඨානකථන‍්තිආදීනි සඞ‍්ගජාලමතිච‍්ච සො මුනීතිපරියොසානානි පුබ‍්බෙ වුත‍්තානුසාරෙන වෙදිතබ‍්බානි.

සතිපට්ඨාන කථං ආදියේ සිට සංගජාල මතිච්ච සො මුනී යන්නෙන් අවසන් වන සියලු පදයන්ගේ අර්ථ පෙරකී ක්‍රමයෙන් දතයුතුයි.

නිරාසත‍්තීති නිත‍්තණ‍්හො. විවෙකදස‍්සී ඵස‍්සෙසූති පච‍්චුප‍්පන‍්නෙසු චක‍්ඛුසම‍්ඵස‍්සාදීසු අත‍්තාදිභාවවිවෙකං පස‍්සති. දිට‍්ඨීසු ච න නීයතීති ද‍්වාසට‍්ඨියා දිට‍්ඨීසු කායචි දිට‍්ඨියා න නීයති.

නිරාසත්ති තණ්හා රහිත. විවෙකදස්සි ඵස්සෙසු ප්‍රත්‍යුත්පන්න වූ චක්‍ෂු සම්ඵස්සාදියෙහි අත්තාදිභාව විවේකය දකියි. දිට්ඨිසු ච න නීයති දෙසැට මිසදිටු අතරින් කිසි දෘෂ්ටියකින් නොපමුණුවයි.

විපරිණතං වා වත්‍ථුං න සොචතීති පකතිභාවං ජහිත්‍වා නට‍්ඨෙ කිස‍්මිඤ‍්චි වත්‍ථුස‍්මිං න සොකං ආපජ‍්ජති. විපරිණතස‍්මිං වාති විනස‍්සමානෙ වත්‍ථුම‍්හි.

වස්තු ආදියේ විපරීත භාවයෙන් ශෝක නොකරයි. ප්‍රකෘත බව අත්හැර නැසුණු කිසිදු වස්තුවක් පිළිබඳව ශෝක නොකරයි. ප්‍රකෘත බව අත්හර නැසුණු කිසිදු වස්තුවක් පිළිබඳව ශෝක කිරීමට නොපැමිණෙයි. විපරිණස්මිං වා වස්තුව නැසෙන කල්හි.

චක‍්ඛුසම‍්ඵස‍්සොති චක‍්ඛුං වත්‍ථුං කත්‍වා චක‍්ඛුවිඤ‍්ඤාණසහජාතො ඵස‍්සො චක‍්ඛුසම‍්ඵස‍්සො. සෙසෙසුපි එසෙව නයො. එත්‍ථ ච පුරිමා චක‍්ඛුපසාදාදිවත්‍ථුකාව, මනොසම‍්ඵස‍්සො හදයවත්‍ථුකොපි අවත්‍ථුකොපි සබ‍්බො චතුභූමකො ඵස‍්සො. අධිවචනසම‍්ඵස‍්සොති පරියායෙන එතස‍්ස නාමං හොතියෙව . තයො හි අරූපිනො ඛන්‍ධා සයං පිට‍්ඨිවට‍්ටකා හුත්‍වා අත‍්තනො සහජාතසම‍්ඵස‍්සස‍්ස අධිවචනසම‍්ඵස‍්සොති නාමං කරොන‍්ති. පටිඝසම‍්ඵස‍්සොති නිප‍්පරියායෙන පන පටිඝසම‍්ඵස‍්සො නාම පඤ‍්චද‍්වාරිකඵස‍්සො. අධිවචනසම‍්ඵස‍්සො නාම මනොද‍්වාරිකඵස‍්සො. සුඛවෙදනීයො ඵස‍්සොති සුඛවෙදනාය හිතො උප‍්පාදකො ඵස‍්සො. ඉතරද‍්වයෙපි එසෙව නයො. කුසලො ඵස‍්සොති එකවීසතිකුසලචිත‍්තසහජාතො ඵස‍්සො. අකුසලොති ද‍්වාදසඅකුසලසහජාතො ඵස‍්සො. අබ්‍යාකතොති ඡප‍්පඤ‍්ඤාසඅබ්‍යාකතසහජාතො ඵස‍්සො. කාමාවචරොති චතුපඤ‍්ඤාසකාමාවචරසහජාතො ඵස‍්සො. රූපාවචරොති කුසලාදිපඤ‍්චදසරූපාවචරසම‍්පයුත‍්තො. අරූපාවචරොති කුසලාබ්‍යාකතවසෙන ද‍්වාදසඅරූපාවචරසම‍්පයුත‍්තො.

චක්ඛු සම්ඵස්සො චක්‍ෂුව (ඇස) වස්තු කරගෙන, චක්ඛු විඤ්ඤාණයත් සමග එකට උපන් ස්පර්ශය චක්ඛු සම්ඵස්ස නම් වේ. සෙසු පදයන්හි ද අර්ථ මෙසේ දතයුතුයි. මෙහිද චක්‍ෂු ප්‍රසාදාදී වස්තූන්ම පෙරටු වේ. මනෝ සම්ඵස්සයට හදය වස්තුව වස්තු වේ. සියලු චතුර්භූමික පර්ගය අවස්තුකය. අධිවචන සම්ඵස්සො පර්යාය වශයෙන් මේ නම ඇති වන්නේම ය. තෙවැදෑරුම් අරූපී ස්කන්ධ, තමන්ම පිටිපස හැරී තමා හා සහජාත ස්පර්ශයම ‘අධිවචන සම්ඵස්ස’ යන නාමය තබයි. පටිඝ සම්ඵස්සො නිෂ්පර්යාය වශයෙන් ප්‍රතිඝ සම්ඵස්සය නම් පඤ්චද්වාරික ස්පර්ශයයි. අධිවචන සම්ඵස්සය නම් මනෝද්වාරික ස්පර්ශයයි. සුඛවෙදනියො ඵස්සො සුඛ වේදනාවෙන් හිත වූ උපදවන්නා වූ ස්පර්ශයයි. සෙසු දෙපදයෙහි මේ ක්‍රමයමයි. කුසලො ඵස්සො විසිඑකක් කුසල් සිත්සමග එකට උපන් (සහජාත) ස්පර්ශය. අකුසලො දොලොස් අකුසල් සිත් සමග උපන් ස්පර්ශය. අව්‍යාකතො පනස්හයක් වූ අව්‍යාකත සිත් සමග එකට උපන් ස්පර්ශය. කාමාවචරො සිවුපනස් කාමාවචර සිත් හා සහජාත වූ ස්පර්ශය. රූපාවචරො කුසලාදී පසළොසක් වූ රූපාවචර සිත් හා සම්ප්‍රයුක්ත ස්පර්ශය. අරූපාවචරො කුසල ව්‍යාකත වශයෙන් දොළොසක් වූ අරූපාවචර සිත් හා සම්ප්‍රයුක්ත ස්පර්ශය.

සුඤ‍්ඤතොති අනත‍්තානුපස‍්සනාවසෙන විපස‍්සන‍්තස‍්ස උප‍්පන‍්නො මග‍්ගො සුඤ‍්ඤතො, තෙන සහජාතො ඵස‍්සො සුඤ‍්ඤතො ඵස‍්සො. ඉතරද‍්වයෙපි එසෙව නයො. අනිමිත‍්තොති එත්‍ථ අනිච‍්චානුපස‍්සනාවසෙන විපස‍්සන‍්තස‍්ස උප‍්පන‍්නො මග‍්ගො අනිමිත‍්තො. අප‍්පණිහිතොති දුක‍්ඛානුපස‍්සනාවසෙන විපස‍්සන‍්තස‍්ස උප‍්පන‍්නො මග‍්ගො අප‍්පණිහිතො. ලොකියොති ලොකො වුච‍්චති ලුජ‍්ජනපලුජ‍්ජනට‍්ඨෙන වට‍්ටො, තස‍්මිං පරියාපන‍්නභාවෙන ලොකෙ නියුත‍්තොති ලොකියො, තෙභූමකො ධම‍්මො. ලොකුත‍්තරොති ලොකතො උත‍්තරො උත‍්තිණ‍්ණොති ලොකුත‍්තරො, ලොකෙ අපරියාපන‍්නභාවෙනපි ලොකුත‍්තරො. අත‍්තෙන වාති අත‍්තභාවෙන වා. අත‍්තනියෙන වාති අත‍්තායත‍්තෙන වා.

සුඤ්ඤතො අනන්තානුපස්සනා වශයෙන් විදර්ශනා වඩන්නහුට උපන් මාර්ගය ශුන්‍ය වශයෙන්. එය හා සහජාත වූ ස්පර්ශය ශුන්‍ය ස්පර්ශය නම් වේ. සෙසු දෙපදයෙහි ද මේ ක්‍රමයෙන් අර්ථ ගතයුතුයි. අනිමිත්තො මෙහි දී අනිච්චානුපස්සනා වශයෙන් බලන්නහුට උපන් අනිමිත්ත මාර්ගයයි. අප්පනිහිතො දුක්ඛානුපස්සනා වශයෙන් බලන්නහුට උපන් අනිමිත්ත මාර්ගයයි. අප්පනිහිතො දුක්ඛානුපස්සනා වශයෙන් බලන්නහුට උපන් අනිමිත්ත මාර්ගයයි. ලොකියො ලෝක යනු කැඩෙන බිඳෙන අර්ථයෙන් වර්තයයි. සංසාරයයි. එහි පර්යාපන්න භාවයෙන් ලෝකයේ නියුක්ත වූයේනුයි ලෝකිය නම් වේ. ත්‍රෛභූමික ධර්මයයි. ලොකුත්තරො ලෝකයෙන් එතෙර වූ, උත්තීර්ණ වූ අරුතින් ලෝකුත්තර නම් වේ. ලෝකයෙහි අපර්යාපන්න භාවයෙන් ද ලෝකුත්තර නම් වේ. අත්තෙන වා ආත්මභාවයෙන් (ශරීරයෙන්) හෝ. අත්තනියෙන වා තමාට අයත් වූ හෝ. (ආත්මනීය වූ).

පතිලීනොති රාගාදීනං පහීනත‍්තා තතො අපගතො. අකුහකොති අවිම‍්හාපකො තීහි කුහනවත්‍ථූහි. අපිහාලූති අපිහනසීලො, පත්‍ථනාතණ‍්හාය රහිතොති වුත‍්තං හොති. අමච‍්ඡරීති පඤ‍්චමච‍්ඡෙරවිරහිතො. අප‍්පගබ‍්භොති කායපාගබ‍්භියාදිවිරහිතො. අජෙගුච‍්ඡොති සම‍්පන‍්නසීලාදිතාය අජෙගුච‍්ඡනීයො අසෙචනකො මනාපො. පෙසුණෙය්‍යෙ ච නො යුතොති ද‍්වීහි ආකාරෙහි උපසංහරිතබ‍්බෙ පිසුණකම‍්මෙ අයුත‍්තො.

පතිලීනො රාගාදිය ප්‍රහීණ කළ බැවින්, රාගාදියෙන් පහ වූ. අකුහකො ත්‍රිවිධ කුහක වස්තූන්ගෙන් දුරු වූ අපිහාලූ අපේක්‍ෂා කරන, ප්‍රාර්ථනා කරන ස්වභාව ඇති තණ්හාව රහිත වූ යන අර්ථයයි. අමච්ඡරී පස්වැදෑරුම් මසුරු බවින් දුරු වූ. අප්පගබ්භො කාය පුදගල්භාදියෙන් දුරු වූ. අජෙගුච්ඡො යුක්ත වූ ශීලාදී ගුණයන් ඇති බැවින් ජුගුප්සා නොකටයුතු, ඉවත නොදැමිය යුතු, ප්‍රිය මනාප වූ. පෙසුණෙය්‍යෙ ච නො යුතො දෙයාකාරයකින් ගෙනහැර දැක්විය යුතු කේලාම් කීමෙහි නො යෙදුණු.

රාගස‍්ස පහීනත‍්තාති අරහත‍්තමග‍්ගෙන රාගකිලෙසස‍්ස පහීනභාවෙන. අස‍්මිමානො පහීනො හොතීති අස‍්මීති උන‍්නතිමානො සමුච‍්ඡෙදවසෙන පහීනො හොති.

රාගස්ස පහීනත්තා අර්හත් මාර්ගයෙන් රාගාදී කෙලෙස් ප්‍රහීණ කළ බැවින් අස්මිමානො පහීනො හොති ‘මේ මම වෙමි’යි උපන් උස්කර දක්වන මානය මුලිනුපුටා දැමීමෙන් ප්‍රහීණ කරන ලදී.

තීණි කුහනවත්‍ථූනීති තීණි විම‍්හාපනකාරණානි. පච‍්චයපටිසෙවනසඞ‍්ඛාතං කුහනවත්‍ථූතිආදීසු චීවරාදීහි නිමන‍්තිතස‍්ස තදත්‍ථිකස‍්සෙව සතො පාපිච‍්ඡතං නිස‍්සාය පටික‍්ඛිපනෙන තෙ ච ගහපතිකෙ අත‍්තනි සුප‍්පතිට‍්ඨිතපසාදෙ ඤත්‍වා පුන තෙසං “අහො අය්‍යො අප‍්පිච‍්ඡො, න කිඤ‍්චි පටිග‍්ගණ‍්හිතුං ඉච‍්ඡති, සුලද‍්ධං වත නො අස‍්ස, සචෙ අප‍්පමත‍්තකම‍්පි කිඤ‍්චි පටිග‍්ගණ‍්හෙය්‍යා”ති නානාවිධෙහි උපායෙහි පණීතානි චීවරාදීනි උපනෙන‍්තානං තදනුග‍්ගහකාමතංයෙව අවිකත්‍වා පටිග‍්ගහණෙන ච තතො පභුති අපි සකටභාරෙහි උපනාමනහෙතුභූතං විම‍්හාපනං පච‍්චයපටිසෙවනසඞ‍්ඛාතං කුහනවත්‍ථූති වෙදිතබ‍්බං. පාපිච‍්ඡස‍්සෙව පන සතො සම‍්භාවනාධිප‍්පායෙන කතෙන ඉරියාපථෙන විම‍්හාපනං ඉරියාපථසඞ‍්ඛාතං කුහනවත්‍ථූති වෙදිතබ‍්බං. පාපිච‍්ඡස‍්සෙව පන සතො උත‍්තරිමනුස‍්සධම‍්මාධිගමපරිදීපනවාචාය තථා තථා විම‍්හාපනං සාමන‍්තජප‍්පනසඞ‍්ඛාතං කුහනවත්‍ථූති වෙදිතබ‍්බං.

තීණි කුහන වත්‍ථූනි කුහක වස්තු තුනෙන් දුරු විය. ප්‍රත්‍ය ප්‍රතිශේධන සංඛ්‍යාත කුහන වස්තුව යනු සිවුරු ආදිය පිණිස ආරාධනා කරන ලදුව, ඒ ප්‍රත්‍යයෙන් ප්‍රයෝජන ඇතියකුව සිටි නමුත් ඇතැම් භික්‍ෂුවක් පාපී ආශාව නිසා ඒවා ප්‍රතික්‍ෂේප කරයි. එවිට ගෘහපතිවරු එම භික්‍ෂුව කෙරෙහි අතිශයින් පැහැදී මෙසේ කියති. ‘අහෝ අපගේ ආර්යයන් වහන්සේ ඉතා අල්පේච්ඡයහ. කිසිවක් පිළිගැනීමට කැමති නැත. උන්වහන්සේ අපට මහත් ලාභයකි. ඉදින් අපගෙන් අල්පමාත්‍ර වූ දෙයක්වත් පිළිගන්නේ නම් ‘මැනවි’යි නානාප්‍රකාර උපායවලින් ඉතා උසස් සිවුරු ආදී සිවුපසය එළවූ කල්හි ඔවුන්ට අනුග්‍රහ පිණිස බව දක්වමින්, අකමැත්තෙන් මෙන් ඒවා පිළිගනියි. එතැන් පටන් කරත්ත පුරවා සිවුපසය ලැබීම සිදුවේ. මෙසේ උසස් සිවුරු බොහෝකොට ලැබීමේ ආශාවෙන් අල්පේච්ඡ බව පෙන්වීම් වශයෙන් දායකයන් පුදුම කරවන, ප්‍රත්‍ය ප්‍රතික්‍ෂේප කිරීම නම් ප්‍රත්‍ය ප්‍රතිශෝධන සංඛ්‍යාත කුහන වස්තුව යැයි දතයුතුයි. පාපී ආශාවෙන් මැඩී එමෙන්ම ගරු සම්භාවනා පමුණුවාගැනීමේ අදහසින් කරන ලද ඉරියවු පැවැත්මෙන් දායකයන් පුදුම කරවීම, ඉරියාපථ සන්නිශ්‍රිත කුහන වස්තුව යැයි දතයුතුයි. පාපී ආශා සහිත සිතින් උතුරු මිනිස්දම් අවබෝධ කරගත් බව ප්‍රකට කරවන වචනවලින් ඒ ඒ ආකාරයෙන් ජනයා පුදුමයට පත්කිරීම සාමාන්ත ජල්පන සංඛ්‍යාත කුහන වස්තුව යැයි දතයුතුයි.

කතමං පච‍්චයපටිසෙවනසඞ‍්ඛාතන‍්ති එත්‍ථ පච‍්චයපටිසෙවනන‍්ති එවං සඞ‍්ඛාතං පච‍්චයපටිසෙවනසඞ‍්ඛාතං. නිමන‍්තෙන‍්තීති ඉධ ගහපතිකා “භික‍්ඛං ගණ‍්හථා”ති භික‍්ඛූ නිමන‍්තෙන‍්ති. අයමෙව වා පාඨො. “නිමන‍්තෙතී”ති වා “වදන‍්තී”ති වා කෙචි පඨන‍්ති. තාදිසෙ නිමන‍්තාපෙන‍්ති. නිමන‍්තෙන‍්තීති පාඨස‍්ස සම‍්භවො දට‍්ඨබ‍්බො. චීවරං පච‍්චක‍්ඛාතීති චීවරං පටික‍්ඛිපති. එතං සාරුප‍්පං, යං සමණොති යං චීවරධාරණං සමණො කරොති, එතං සාරුප‍්පං අනුච‍්ඡවිකං. පාපණිකා වා නන‍්තකානීති ආපණද‍්වාරෙ පතිකානි අන‍්තවිරහිතානි පිලොතිකානි. උච‍්චිනිත්‍වාති සංකඩ‍්ඪිත්‍වා. උඤ‍්ඡාචරියායාති භික‍්ඛාචරණෙන. පිණ‍්ඩියාලොපෙනාති පිණ‍්ඩං කත්‍වා ලද‍්ධආලොපෙන. පූතිමුත‍්තෙන වාති ගොමුත‍්තෙන වා. ඔසධං කරෙය්‍යාති භෙසජ‍්ජකිච‍්චං කරෙය්‍ය. තදුපාදායාති තතො පට‍්ඨාය. ධුතවාදොති ධුතගුණවාදී. භිය්‍යො භිය්‍යො නිමන‍්තෙන‍්තීති උපරූපරි නිමන‍්තෙන‍්ති. සම‍්මුඛීභාවාති සම‍්මුඛීභාවෙන, විජ‍්ජමානතායාති අත්‍ථො. පසවතීති පටිලභති. සද‍්ධාය සම‍්මුඛීභාවෙන සක‍්කා කාතුන‍්ති “සද‍්ධාය සම‍්මුඛීභාවා”තිආදිමාහ. දෙය්‍යධම‍්මා සුලභා දක‍්ඛිණෙය්‍යා ච, සද‍්ධා පන දුල‍්ලභා. පුථුජ‍්ජනස‍්ස හි සද‍්ධා අථාවරා, පදවාරෙ පදවාරෙ නානා හොති. තෙනෙවස‍්ස මහාමොග‍්ගල‍්ලානසදිසොපි අග‍්ගසාවකො පාටිභොගො භවිතුං අසක‍්කොන‍්තො ආහ “ද‍්වින‍්නං ඛො නෙසං ආවුසො ධම‍්මානං පාටිභොගො භොගානඤ‍්ච ජීවිතස‍්ස ච, සද‍්ධාය පන ත්‍වං පාටිභොගො”ති.

කතමං පච්චය පටිසෙධන සංඛාතං යන මෙහි ප්‍රත්‍ය ප්‍රතිශේධනය යනු මෙබඳු වූ ප්‍රත්‍ය ප්‍රතික්‍ෂේප කිරීම් සංඛ්‍යාත, ඉධ ගහපතිකා භික්ඛං ගණ්හථාති භික්ඛුං නිමන්තෙන්ති යන මෙයම පාඨයයි. ඇතැමෙක් ‘නිමන්තෙන්ති වා’ යයි ද වදන්ති වා යයි ද කියති. එබඳු වූ ‘නිමන්තාපෙන්ති’ ‘නිමන්තෙන්ති’ යන පාඨයේ සම්භවයද දතයුතුයි. චීවරං පච්චක්ඛාති සිවුර ප්‍රතික්ෂේප කරයි. එතං සාරුප්පං යං සමණො යම් සිවුරු පෙරවීමක් ශ්‍රමණයා කරයි ද ඊට සාරුප්‍ය වූ අනුරූප වූ. පාපණිකා වා නන්තකානි කඩවල ඉදිරිපිට දමන ලද රෙදිකැබලි. උච්චිනිත්‍වා එක්රැස් කොට. උඤ්ඡාචරියාය භික්‍ෂාවේ හැසිරීමෙන්. පිණ්ඩියා ලොපෙන පිඬුකර ලබාගත් බත්හුලුවලින් පූතිමුත්තෙන වා ගවමුත්‍රයෙන් හෝ ඔසධං කරෙය්‍ය බෙහෙත් කිස කරන්නේ ය. තදුපාදාය එතැන් පටන්. ධූතවාදො ධුත ගුණ කියන. භිය්‍යො භිය්‍යො නිමන්තෙන්ති නැවත නැවත ආරාධනා කරති. සම්මුඛීභාවා ඉදිරියේ වූ බැවින්, විද්‍යමාන වන බැවින් යන අර්ථයයි. පසවති ලබාගනියි. රැස්කරයි. සද්ධාය සම්මුඛීභාවෙන සක්කාකාතුං යනුවෙන් ශ්‍රද්ධාව පෙරටු කරගත් බැවින් ආදිය කීය. දාන වස්තු, ප්‍රතිග්‍රාහකයෝ සුලභය. නමුත් ශ්‍රද්ධා සිත දුර්ලභය. පුහුදුන් පුද්ගලයන්ගේ ශ්‍රද්ධාව ස්ථාවර නැත. මොහොතින් මොහොත වෙනස් වෙයි. එහෙයින් මහමුගලන් තෙරුන් වැනි අගසවු වූ ඍද්ධි මහිම ඇති තෙරවරු පවා ශ්‍රද්ධාවට ඇපවීමෙහි අසමත්ව මෙසේ වදාළහ. ‘ඇවැත්නි, මම නුඹගේ දාන වස්තුව හා ජීවිතය යන කරුණු දෙක ගැන පමණක් ඇප වන්නෙමි. ශ්‍රද්ධා සිත පිළිබඳව නුඹම ඇපවන්නෙහි ය’

එවං තුම‍්හෙ පුඤ‍්ඤෙන පරිබාහිරා භවිස‍්සථාති එත්‍ථ පුඤ‍්ඤෙනාති නිස‍්සක‍්කත්‍ථෙ කරණවචනං. පුඤ‍්ඤතො පරිහීනා පරම‍්මුඛා භවිස‍්සථ. භාකුටිකාති මුඛානං පධානපුරිමට‍්ඨිතභාවදස‍්සනෙන භාකුටිකරණං, මුඛසඞ‍්කොචොති වුත‍්තං හොති. භාකුටිකරණං සීලමස‍්සාති භාකුටිකො, භාකුටිකස‍්ස භාවො භාකුටියං. කුහනාති විම‍්හාපනා. කුහස‍්ස ආයනා කුහායනා. කුහිතස‍්ස භාවො කුහිතත‍්තං.

මෙසේ නුඹලා පිනෙන් පිරිහෙන්නාහු යැයි යන මෙහි පුඤ්ඤෙන පංචමී විභක්ති අර්ථයේ තතියා විභක්ති වචනයකි. පිනෙන් පිරිහීමෙන් මුහුණු හරවා ගත්තෝ වන්නෙහු. භාකුටිකා ප්‍රධාන පිරිමැදීම් බව දැක්වීමෙන් භාකුටීකරණය මුව හැකිළීම යැයි කියන ලදී. මුහුණ හැකිළීම් ස්වභාවය මොහුට ඇත්තේනුයි භාකුටික නම් වේ. භාකුටික බව භාකුටියං නම් වේ. කුහනා වියපත් වීමයි. කුහ (නැති ගුණ පෙන්වීම) කුහස්ස + ආයතා කුහායනා වේ. කුහකයාගේ බව කුහිතත්ත නම් වේ.

පාපිච‍්ඡොති අසන‍්තගුණදීපනකාමො. ඉච‍්ඡාපකතොති ඉච‍්ඡාය අපකතො, උපද‍්දුතොති අත්‍ථො. සම‍්භාවනාධිප‍්පායොති බහුමානජ‍්ඣාසයො. ගමනං සණ‍්ඨපෙතීති අභික‍්කමාදිගමනං අභිසඞ‍්ඛරොති, පාසාදිකභාවං කරොතීති වුත‍්තං හොති. ඉතරෙසුපි එසෙව නයො. පණිධාය ගච‍්ඡතීති පත්‍ථනං ඨපෙත්‍වා ගච‍්ඡති. සෙසෙසුපි එසෙව නයො. සමාහිතො විය ගච‍්ඡතීති උපචාරප‍්පත‍්තො විය ගච‍්ඡති. සෙසෙසුපි එසෙව නයො.

පාපිච්ඡො තමා තුල නැති ගුණ දක්වනු කැමති බව. ඉච්ඡාපකතො ආශාවෙන් (ඉච්ඡාය) මඬන ලද (ආපකතො) උපද්‍රව කරන ලද ලද යන අර්ථයයි. සම්භාවනාධිප්පායො බහුමන්කරන අදහසයි. ගමනං ඝණ්ටාපෙති පිටත්ව යෑම් ආදී ගමන් සකස් කරයි. ප්‍රසාද එළවන පරිදි සිදුකරයි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි. පනිධාය ගච්ඡති. ප්‍රාර්ථනා තබාගෙන යයි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයයි. සමාහිතො විය ගච්ඡති උපචාර, අර්පණාදියට පත්වූවෙකු මෙන් යයි. සෙසු පදයන්හි ද මෙසේ අර්ථ දතයුතුයි.

ආපාථකජ‍්ඣායීව හොතීති සම‍්මුඛා ආගතානං මනුස‍්සානං ඣානං සමාපජ‍්ජන‍්තො විය සන‍්තභාවං දස‍්සෙති. ඉරියාපථස‍්සාති චතුඉරියාපථස‍්ස. ආඨපනාති ආදිට‍්ඨපනා, ආදරෙන වා ඨපනා. ඨපනාති ඨපනාකාරො. සණ‍්ඨපනාති අභිසඞ‍්ඛරණං, පාසාදිකභාවකරණන‍්ති වුත‍්තං හොති. අරියධම‍්මසන‍්නිස‍්සිතන‍්ති ලොකුත‍්තරධම‍්මපටිබද‍්ධං. කුඤ‍්චිකන‍්ති අවාපුරණං. මිත‍්තාති සිනෙහවන‍්තො. සන්‍දිට‍්ඨාති දිට‍්ඨමත‍්තා. සම‍්භත‍්තාති දළ‍්හමිත‍්තා. උද‍්දණ‍්ඩෙති එකො පතිස‍්සයවිසෙසො.

ආපාථකජ්ඣායී ච හොති තමාගේ ඉදිරියට එන මිනිසුන්ට තමා ධ්‍යානයට සමවැදුනකුගේ මෙන් ශාන්තභාවය දක්වයි. ඉරියාපථස්ස සතර ඉරියව්වෙන්. අට්ඨපනා මුලදී හෝ තබයි. ආදරයෙන් හෝ තබයි. ඨපනා තබන ආකාරයයි. සණ්ඨපනා අභිසංස්කරණ, ප්‍රසාද බව ඇතිකරන යැයි කියන ලදී. අරියධම්ම සන්නිස්සිතං ලෝකෝත්තර ධර්මය හා ප්‍රතිබද්ධ වූ. කුඤ්චිකං කෙස්සක් (යතුරක්) මිත්තා සෙනෙහස දක්වන්නෝ සන්‍දිට්ඨා දුටු මිතුරෝ. සම්භත්තා දැඩි මිතුරෝ. උද්දණ්ඩො එක් ශ්‍රමණ වාසයට උචිත ශාලාවකි. දිග්හලෙක.

කොරජිකකොරජිකොති සඞ‍්කොචසඞ‍්කොචකො, අතිසඞ‍්කොචකොති වුත‍්තං හොති. “කොරචකකොරචකො”ති වා පාඨො. භාකුටිකභාකුටිකොති අතිවිය මුඛසඞ‍්කොචනසීලො. කුහකකුහකොති අතිවිය විම‍්හාපකො. ලපකලපකොති අතිවිය සල‍්ලාපකො. මුඛසම‍්භාවිකොති අත‍්තනො මුඛවසෙන අඤ‍්ඤෙහි සහ සම‍්භාවිකො, අප‍්පිතචිත‍්තොති එකෙ. සන‍්තානන‍්ති කිලෙසසන‍්තතාය සන‍්තානං. සමාපත‍්තීනන‍්ති සමාපජ‍්ජිතබ‍්බානං. ගම‍්භීරන‍්ති නින‍්නපතිට‍්ඨානං. ගූළ‍්හන‍්ති දස‍්සෙතුං දුක‍්ඛං. නිපුණන‍්ති සුඛුමං. පටිච‍්ඡන‍්නන‍්ති පදත්‍ථෙන දුප‍්පටිවිජ‍්ඣාධිප‍්පායං. ලොකුත‍්තරන‍්ති ධම‍්මදීපකං. සුඤ‍්ඤතාපටිසඤ‍්ඤුත‍්තන‍්ති නිබ‍්බානපටිසඤ‍්ඤුත‍්තං. අථ වා ලොකුත‍්තරසුඤ‍්ඤතාපටිසඤ‍්ඤුත‍්තන‍්ති ලොකුත‍්තරධම‍්මභූතනිබ‍්බානපටිසඤ‍්ඤුත‍්තං.

කොරඤ්ජිකකොරඤ්ජිකො හකුලනුයේ වඩාත් හකුලනුයේ, දැඩිව හකුලනුයේ යි කියන ලදී. ‘කොරඤ්ජකකො’ යන පාඨය ද යෙදේ. භාකුටික භාකුටිකො ඉතා දැඩිව මුහුණ හකුලුවන ස්වභාව ඇති. කුහක කුහකො ඉතා දැඩිව විෂ්මයට පත් කරවන ලපක ලපකො ඉතා දැඩිව සල්ලාපයේ යෙදෙන. මුඛ සම්භාවිකො එය මුවින්ම අන්‍යයන් විසින් සම්භාවනා කරන ලද්දේ ඇතැම්හු ‘ළඟට පැමිණි සිත’ යැයි අර්ථ කියති. සන්තානං කෙලෙස් සන්සිඳවීමෙන් ශාන්ත වූ. සමාපත්තීනං සමවැදිය යුත්තන්ගේ. ගම්භීරං ගැඹුරු නිම්නයෙහි පිහිටුවන. ගළ්හං දැක්වීමට අපහසු. නිපුණං සියුම් වූ. පටිච්ඡන්නං පදාර්ථ වශයෙන් අවබෝධ කරගැනීම ඉතා අපහසු. ලොකුත්තරං ලෝකෝත්තර ධර්ම උද්දීපනය කරන සුඤ්ඤතා පටිසඤ්ඤුත්තං නිර්වාණ ප්‍රතිසංයුක්ත. නැතහොත් ලොකුත්තර සුඤ්ඤතා පටිසංයුත්තං ලෝකෝත්තර ධර්ම වූ නිර්වාණ ප්‍රතිසංයුක්ත.

කායිකං පාගබ‍්භියන‍්ති කායෙ භවං කායිකං. වාචසිකචෙතසිකෙසුපි එසෙව නයො. අචිත‍්තීකාරකතොති බහුමානකිරියරහිතො. අනුපාහනානං චඞ‍්කමන‍්තානන‍්ති උපාහනවිරහිතානං චඞ‍්කමන‍්තානං සමීපෙ, අනාදරෙ වා සාමිවචනං. සඋපාහනොති උපාහනාරූළ‍්හො හුත්‍වා චඞ‍්කමති. නීචෙ චඞ‍්කමෙ චඞ‍්කමන‍්තානන‍්ති අකතපරිච‍්ඡෙදාය භූමියා චඞ‍්කමන‍්තෙ පරිච‍්ඡෙදං කත්‍වා වාලුකං ආකිරිත්‍වා ආලම‍්බනං යොජෙත්‍වා කතචඞ‍්කමෙ නීචෙපි චඞ‍්කමෙ චඞ‍්කමන‍්තෙ. උච‍්චෙ චඞ‍්කමෙ චඞ‍්කමතීති ඉට‍්ඨකචයනසම‍්පන‍්නෙ වෙදිකාපරික‍්ඛිත‍්තෙ උච‍්චෙ චඞ‍්කමෙ චඞ‍්කමති. සචෙ පාකාරපරික‍්ඛිත‍්තො හොති ද‍්වාරකොට‍්ඨකයුත‍්තො, පබ‍්බතන‍්තරවනන‍්තරභූමන‍්තරස‍්ස වා සුප‍්පටිච‍්ඡන‍්නො, තාදිසෙ චඞ‍්කමෙ චඞ‍්කමිතුං වට‍්ටති, අප‍්පටිච‍්ඡන‍්නෙපි උපචාරං මුඤ‍්චිත්‍වා වට‍්ටති. ඝට‍්ටයන‍්තොපි තිට‍්ඨතීති අතිසමීපෙ තිට‍්ඨති. පුරතොපි තිට‍්ඨතීති පුරත්‍ථිමතොපි තිට‍්ඨති. ඨිතකොපි භණතීති ඛාණුකො විය අනොනමිත්‍වා භණති. බාහාවික‍්ඛෙපකොති බාහුං ඛිපිත්‍වා ඛිපිත්‍වා භණති.

කායිකං පගබ්භියං කයෙහි වූ, (ඊට අයත්) කායික, වාචසික, චෛතසික යන පදයන්හි ද එසේ අර්ථ දතයුතුයි. අචිත්තිකාර කතො බුහුමන් කිරිම් රහිත වූ. අනුපාහනානං චංකමන්තානං පාවහන් රහිතව සක්මන් කරන්නවුන්ගේ සමීපයෙහි අනාදරයෙහි ඡට්ඨි විභක්ති වචනයකි. ස උපාහනො පාවහන් මත නැගී සක්මන් කරයි. නීචෙ චංකමෙ චංකමන්තානං වෙන් නොකළ බිමෙහි සක්මන් කරන, සීමා වෙන් කර වැලි අතුරා එල්ලෙන කණු යොදා කරන ලද සක්මන්මලුවෙහි, නීච සක්මනෙහි සක්මන් කරන. උච්චෙ චංකමෙ චංකමති මනෝඥ ගඩොල්වලින් යුතු වේදිකාවලින් වටකරන ලද, උස් සක්මනෙහි සක්මන් කරයි. ඉදින් පවුරෙන් වට කරන ලද, ද්වාර කොටුවලින් යුතු, පර්වත අතර, වන අතර, ගොමු අතර මනාව වසා සෙවිලි කළ උතුම් සක්මන්හි සක්මන් කිරීම සුදුසුය. නොවැසුණු සක්මන් උපචාරය මුදා සක්මන් කිරීම සුදුසුය. ඝට්ට යන්තොපි තිට්ඨති ඉතා සමීපයේ සිටියි. පුරතොපි තිට්ඨති ඉදිරියෙන් ද සිටියි. ධීතකොපි භණති කණුවක් මෙන් නොනැමී කථා කරයි. බාහා වික්ඛෙපකො අත් දමා ගසා, අත සල සලා කථා කරයි.

අනුපඛජ‍්ජාති සබ‍්බෙසං නිසින‍්නට‍්ඨානං පවිසිත්‍වා. නවෙපි භික‍්ඛූ ආසනෙන පටිබාහතීති අත‍්තනො පත‍්තාසනෙ අනිසීදිත්‍වා පුරෙ වා පච‍්ඡා වා පවිසන‍්තො ආසනෙන පටිබාහති නාම.

අනුපභජ්ජ සියලු මහ ස්ථවිරවරු වැඩහුන් තැනට පිවිස නවෙපි භික්ඛූ ආසනෙන පටිබාහති තමාට පැමිණි අසුනෙහි නොහිඳ මුලින් හෝ පසුව හෝ පිවිසෙන්නේ අසුනින් වැලැක්වීම නම් වේ.

අනාපුච‍්ඡම‍්පි කට‍්ඨං පක‍්ඛිපතීති අනාපුච‍්ඡිත්‍වා අනපලොකෙත්‍වා අග‍්ගිම‍්හි දාරුං ඛිපති. ද‍්වාරං පිදහතීති ජන‍්තාඝරෙ පිදහති.

අනාපුච්ඡාපි කට්ඨං පක්ඛිපති නොවිමසා, වටපිට නොබලා ගින්නට දර දමයි. ද්වාරං පිදහති ගිනිහල්ගෙයි දොර වසයි.

ඔතරතීති උදකතිත්‍ථං පවිසති. න‍්හායතීති සරීරං සිනෙහෙති. උත‍්තරතීති උදකතිත්‍ථතො තීරං උග‍්ගච‍්ඡති.

ඔතරති දිය තොටට පිවිසෙයි. නහායති සිරුර තමයි. උත්තරති දියතොටින් උඩට නගියි. (ගොඩ වෙයි.)

වොක‍්කම‍්මාපීති අතික‍්කමිත්‍වාපි. ඔවරකානීති ගබ‍්භෙ පතිට‍්ඨිතසයනඝරානි.

වොක්කම්මාපි ඉක්මවාද ඔවරකානි ඇතුලුගැබෙහි පිහිටි ඇඳ සහිත කුටියෙහි.

ගූළ‍්හානීති පටිච‍්ඡන‍්නානි. පටිච‍්ඡන‍්නානීති අඤ‍්ඤෙහි පටිච‍්ඡාදිතානි.

ගූළ්හානි වැසුණු. පටිච්ඡන්නානි අන්‍යයන් විසින් වසන ලද.

අනජ‍්ඣිට‍්ඨො වාති ථෙරෙහි “ධම‍්මං භණාහී”ති අනාණත‍්තො අනායාචිතො ච.

අනජ්ඣිට්ඨො වා තෙරුන් විසින් ‘බණ කියව’යි අණ නොකරන ලදුයේ, නො ඉල්ලන ලද්දේ.

පාපධම‍්මොති ලාමකධම‍්මො. අසුචිසඞ‍්කසරසමාචාරොති අඤ‍්ඤෙහි “අයං දුස‍්සීලො”ති සඞ‍්කාය සරිතබ‍්බො ආචාරො සංයොගො එතස‍්සාති අසුචිසඞ‍්කසරසමාචාරො. සඞ‍්කස‍්සරසමාචාරොති සකාරං සංයොගං කත්‍වාපි පඨන‍්ති. පටිච‍්ඡන‍්නකම‍්මන‍්තොති පටිච‍්ඡාදිතකායවචීකම‍්මන‍්තො. අස‍්සමණොති න සමණො. සමණපටිඤ‍්ඤොති “අහං සමණො”ති පටිජානන‍්තො. අබ්‍රහ‍්මචාරීති සෙට‍්ඨචරියා විරහිතො. බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤොති වුත‍්තපටිපක‍්ඛො. අන‍්තොපූතීති අබ‍්භන‍්තරෙ කුසලධම‍්මවිරහිතත‍්තා අන‍්තොපූතිභාවමාපන‍්නො. අවස‍්සුතොති රාගෙන තින‍්තො. කසම‍්බුජාතොති සඞ‍්කාරසභාවො. ආචාරගොචරසම‍්පන‍්නොති එත්‍ථ භික‍්ඛු සගාරවො සප‍්පතිස‍්සො හිරොත‍්තප‍්පසම‍්පන‍්නො සුනිවත්‍ථො සුපාරුතො පාසාදිකෙන අභික‍්කන‍්තෙන පටික‍්කන‍්තෙන ආලොකිතෙන විලොකිතෙන සමිඤ‍්ජිතෙන පසාරිතෙන ඔක‍්ඛිත‍්තචක‍්ඛු ඉරියාපථසම‍්පන‍්නො ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො භොජනෙ මත‍්තඤ‍්ඤූ ජාගරියමනුයුත‍්තො සතිසම‍්පජඤ‍්ඤෙන සමන‍්නාගතො අප‍්පිච‍්ඡො සන‍්තුට‍්ඨො ආරද‍්ධවීරියො ආභිසමාචාරිකෙසු සක‍්කච‍්චකාරී ගරුචිත‍්තීකාරබහුලො විහරති, අයං වුච‍්චති ආචාරො. එවං තාව ආචාරො වෙදිතබ‍්බො.

පාපධම්මො ළාමක, පවිටු දහම් ඇති අසූචි සංකස්සරසමාචාරො අන්‍යයන් විසින් ‘මොහු දුස්සීලයෙකි’යි සැකයෙන් සිහි කළ යුතු ආචාර, සංයෝග මොහුට ඇත්තේනුයි ‘අසුචිං සංකස්සරසමාචාරො’ වේ. සංකස්ස සමාචාරො යනු කිළිටි සහිත සයෝග පථය ‘සංයොගපථ’ නමින් ද කියති. පටිච්ඡන්න කම්මන්තො වැසූ, සැඟවූ කාය වාග් ක්‍රියා ඇති. අස්සමණො ශ්‍රමණයකු නොවූ. සමණ පටිඤ්ඤො ‘මම ශ්‍රමණයෙක්මි’යි දක්වනුයේ අබ්‍රහ්මචාරී ශ්‍රේෂ්ඨ බඹසරින් දුරු වූයේ. බ්‍රහ්මචාරී පටිඤ්ඤො බඹසරින් යුක්ත බව පෙන්වමින් අන්තො පූති අභ්‍යන්තරයෙහි කුසල්දහම් නැති බැවින් ඇතුලත කුණු වූ. අවස්සුතො රාගයෙන් වැසුණු. කසම්බුජතො කිළිටි, කසල සහිත ස්වභාවයෙන්. ආචාර ගොචර සම්පන්නො මෙහි ‘මේ සසුනෙහි භික්‍ෂුව ගෞරව සහිතව, ප්‍රතිෂ්ඨා සහිතව ලැජ්ජා බිය ඇතිව, මනාව හැඳ පොරවා, ප්‍රසාද එළවන ඉදිරියට යෑම, ආපසු ඒම, ඉදිරිය බැලීම, පසුපස බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම සහිත වූයේ, බිම හෙලූ ඇස් ඇත්තේ සන්සුන් ඉරියව්වෙන් යුක්ත වූයේ, ඉන්‍ද්‍රියන්හි වැසූ දොරටු ඇත්තේ, ආහාරයේ පමණ දන්නේ, නිදිවැරීමෙහි නිරත වූයේ, සතිසම්පජඤ්ඤයෙන් යුක්ත වූයේ, අල්පේච්ඡ වූයේ, ලද දෙයින් සතුටු වූයේ, ඇරඹු වීර්ය ඇත්තේ, අභිසමාචරිය ශික්‍ෂාවන්හි සකසා ගරු කරන්නේ, ගරු සිත් පෙරටු කරගෙන වාසය කරයි. මෙය ‘ආචාරය’ ‘හැසිරීම’ යැයි කියනු ලැබේ.’ යනුවෙන් ආවාරය දතයුතුයි.

ගොචරො පන තිවිධො උපනිස‍්සයගොචරො ආරක‍්ඛගොචරො උපනිබන්‍ධගොචරොති. තත්‍ථ කතමො උපනිස‍්සයගොචරො? දසකථාවත්‍ථුගුණසමන‍්නාගතො කල්‍යාණමිත‍්තො, යං නිස‍්සාය අස‍්සුතං සුණාති, සුතං පරියොදාපෙති, කඞ‍්ඛං විතරති, දිට‍්ඨිං උජුං කරොති, චිත‍්තං පසාදෙති; යස‍්ස වා පන අනුසික‍්ඛමානො සද‍්ධාය වඩ‍්ඪති, සීලෙන, සුතෙන, චාගෙන, පඤ‍්ඤාය වඩ‍්ඪති. අයං වුච‍්චති උපනිස‍්සයගොචරො.

ගෝචරය වනාහි තුන්වැදෑරුම් වේ. උපනිස්සය ගෝචරය, ආරක්ඛ ගෝචරය හා උපනිබන්‍ධගෝචරය යනුවෙනි. එහි උපනිස්සය ගෝචරය කවරේද? දස කථාවස්තු ගුණයෙන් යුක්ත කල්‍යාණ මිත්‍රයා යමක් ඇසුරින්, නොඇසූ දෙය අසයි ද ඇසූ දෙය මනාව සිතේ සනිටුහන් කරගනියි ද සැක සංකා දුරුකර ගනියි ද දෘෂ්ටිය සෘජු කර ගනියි ද සිත පහදවා ගනියි ද ප්‍රතිපදාවක් අනුව හික්මීමෙන් (අනුගමනයෙන්) ශ්‍රද්ධාව වැඩේද සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් වැඩෙයි ද මෙය උපනිස්සය ගෝචරය නම් වේ.

කතමො ආරක‍්ඛගොචරො? ඉධ භික‍්ඛු අන‍්තරඝරං පවිට‍්ඨො වීථිං පටිපන‍්නො ඔක‍්ඛිත‍්තචක‍්ඛු යුගමත‍්තදස‍්සාවී සුසංවුතො ගච‍්ඡති, න හත්‍ථිං ඔලොකෙන‍්තො, න අස‍්සං, න රථං, න පත‍්තිං, න ඉත්‍ථිං, න පුරිසං ඔලොකෙන‍්තො, න උද‍්ධං උල‍්ලොකෙන‍්තො, න අධො ඔලොකෙන‍්තො, න දිසාවිදිසං පෙක‍්ඛමානො ගච‍්ඡති. අයං වුච‍්චති ආරක‍්ඛගොචරො.

ආරක්ඛ ගෝචරය කවරේද? මේ සසුනෙහි භික්‍ෂුව ඇතුලුගෙට පිවිසියේ වීථියට පිවිසියේ බිම හෙලූ ඇස් ඇතිව වියදඬු පමණ දුර බලමින් ඉතා සංවරව යයි ද ඇත්, අස්, රිය, පාබල සෙනග දෙස හෝ ස්ත්‍රී පුරුෂාදීන් දෙස හෝ නොබලමින් ද උඩ, යට, දිසා, අනුදිසා නොබලමින්ද ඉදිරිය බලාගෙන ම යයි ද මෙය ආරක්ඛ ගෝචරය නම් වේ.

කතමො උපනිබන්‍ධගොචරො? චත‍්තාරො සතිපට‍්ඨානා යත්‍ථ චිත‍්තං උපනිබන්‍ධති. වුත‍්තඤ‍්හෙතං භගවතා – “කො ච, භික‍්ඛවෙ, භික‍්ඛුනො ගොචරො සකො පෙත‍්තිකො විසයො? යදිදං චත‍්තාරො සතිපට‍්ඨානා”ති (සං· නි· 5.372), අයං වුච‍්චති උපනිබන්‍ධගොචරොති. ඉති ඉමිනා ච ආචාරෙන ඉමිනා ච ගොචරෙන උපෙතො…පෙ… සමන‍්නාගතො. තෙනපි වුච‍්චති ආචාරගොචරසම‍්පන‍්නොති.

උපනිබන්‍ධ ගෝචරය නම් කවරේද? යම්තැනක සිත ළංකර බැඳ තැබිය යුතු ද ඒ සතර සතිපට්ඨානයේ සිත හැසිරවීමයි. බුදුහු මෙසේ වදාළහ. ‘මහණෙනි, භික්‍ෂුවගේ ගෝචරය වූ ස්වකීය පියාගේ දායාදය කුමක්ද? මේ සතර සතිපට්ඨානයයි.’ මෙය උපනිබන්‍ධ ගෝචරය නම් වේ. මෙසේ ඉහත දැක්වූ ආචාරයෙන් ද ඉහත දැක්වූ ගෝචරයෙන් ද යුක්ත වේ. සමන්විත වේ. පිරිපුන් වේ. එබඳු භික්‍ෂුව ‘ආචාර ගෝචර සම්පන්න’ යැයි කියනු ලැබේ.

අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවීති අණුප‍්පමාණෙසු අසඤ‍්චිච‍්ච ආපන‍්නසෙඛියඅකුසලචිත‍්තුප‍්පාදාදිභෙදෙසු වජ‍්ජෙසු භයදස‍්සනසීලො. සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසූති යංකිඤ‍්චි සික‍්ඛාපදෙසු සික‍්ඛිතබ‍්බං, තං සබ‍්බං සම‍්මා ආදාය සික‍්ඛති. එත්‍ථ ච “පාතිමොක‍්ඛසංවරසංවුතො”ති එත‍්තාවතා ච පුග‍්ගලාධිට‍්ඨානාය දෙසනාය පාතිමොක‍්ඛසංවරසීලං දස‍්සිතං. “ආචාරගොචරසම‍්පන‍්නො”තිආදි පන සබ‍්බං යථාපටිපන‍්නස‍්ස තං සීලං සම‍්පජ‍්ජති, තං පටිපත‍්තිං දස‍්සෙතුං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

අණුමත්තෙසු වජ්ජෙසු භය දස්සාවී යනු කිපීම් ඇති නො කරන, සිහිකල්පනා රහිතව පැමිණි සේඛියා, අකුසල් සිත් ඉපිදවීම් ආදී භේද ඇති ඉතා කුඩා වරදෙහි ද භය දක්නා සුලු වූයේ. සමාදාය සික්ඛති සික්ඛා පදෙසූ කිසියම් ශික්‍ෂාපදයෙක්හි හික්මිය යුතු ද එහි සමාදන්ව හික්මෙයි. මෙහිදී ද ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවර වූයේ යැයි යන මෙපමණකින් පුද්ගල අධිෂ්ඨාන දේශනාවෙන් ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය දක්වන ලදී. ආචාර ගෝචර සම්පන්න යැයි යනාදි සියල්ල එසේ පිළිපන්නහුගේ ඒ ශීලය සම්පූර්ණ වීමට අවශ්‍ය ඒ ප්‍රතිපත්තිය දැක්වීමට කියන ලද්දේ යැයි දතයුතුයි.

සාතියෙසු අනස‍්සාවීති සාතවත්‍ථූසු කාමගුණෙසු තණ‍්හාසන්‍ථවවිරහිතො. සණ‍්හොති සණ‍්හෙහි කායකම‍්මාදීහි සමන‍්නාගතො. පටිභානවාති පරියත‍්තිපරිපුච‍්ඡාධිගමපටිභානෙහි සමන‍්නාගතො. න සද‍්ධොති සාමං අධිගතධම‍්මං න කස‍්සචි සද‍්දහති. න විරජ‍්ජතීති ඛයා රාගස‍්ස විරත‍්තත‍්තා ඉදානි න විරජ‍්ජති.

සාතඅයෙසු අනස්සාවී අසාත වස්තු වූ පංචකාම ගුණයන්හි තණ්හා වශයෙන් ඇලීම දුරුකරගත්, සණ්හො සිනිදු වූ කාය කර්මාදියෙන් යුක්ත වූයේ. පටිභානවා පර්යාප්ති, පරිපුච්ඡා, අධිගම, ප්‍රතිභානාදියෙන් යුක්ත වූ. න සද්ධො තමන්ම අවබෝධ කරගත් ධර්මය ඇති බැවින් වෙනත් කිසිවකු නො අදහයි. න විරජ්ජති රාගය ක්‍ෂය කළ, වීතරාගී වූ බැවින් දැන් කිසිතැනෙක නොඇලෙයි. න විරජ්ජති රාගය ක්‍ෂය කළ, වීතරාගී වූ බැවින් දැන් කිසිතැනෙක නො ඇලෙයි.

යෙසං එසාති යෙසං පුග‍්ගලානං සාතවත්‍ථූසු කාමගුණෙසු ඉච‍්ඡා තණ‍්හා. අප‍්පහීනාති සන්‍ථවසම‍්පයුත‍්තා තණ‍්හා අරහත‍්තමග‍්ගෙන අප‍්පහීනා. තෙසං චක‍්ඛුතො රූපතණ‍්හා සවතීති එතෙසං චක‍්ඛුද‍්වාරතො පවත‍්තජවනවීථිසම‍්පයුත‍්තා රූපාරම‍්මණා තණ‍්හා උප‍්පජ‍්ජති. ආසවතීති ඔකාසතො යාව භවග‍්ගා ධම‍්මතො යාව ගොත්‍රභූ සවති. සන්‍දතීති නදීසොතං විය අධොමුඛං සන්‍දති. පවත‍්තතීති පුනප‍්පුනං උප‍්පත‍්තිවසෙන පවත‍්තති. සෙසද‍්වාරෙසුපි එසෙව නයො. සුක‍්කපක‍්ඛෙ වුත‍්තවිපරියායෙන තණ‍්හා අරහත‍්තමග‍්ගෙන සුප‍්පහීනා. තෙසං චක‍්ඛුතො රූපතණ‍්හා න සවති.

යෙසං එසා යම් පුද්ගලයන්ගේ පංචකාම ගුණයන්හි, ඇලුම් ඇතිකරන වස්තූන්හි ආශාවක්. තණ්හා අප්පහීනා සංවාසයෙන් යුක්ත තණ්හාව අර්හත් මාර්ගයෙන් ප්‍රහීණ නොකළ, තෙසං චක්ඛුතො රූප තණ්හා සවති මොවුන්ගේ චක්‍ෂුද්වාරයෙන් පවතින ජවන වීථියෙන් යුක්ත රූපාරම්මණ තණ්හාව උපදියි. අස්සවතී අවකාශ වශයෙන් භවග්‍රය දක්වාත් ධර්ම වශයෙන් ගෝත්‍රභූ සිත දක්වාත් ගලා යයි. සන්‍දති ගං දියපහරක් මෙන් පහත් බිම දෙසට ගලයි. පවත්තති නැවත නැවත චුති උත්පත්ති වශයෙන් පවතියි. සෙසු ද්වාරයන්හි ද මේ ක්‍රමයෙන්ම අර්ථ දතයුතුයි. ශුක්ල පක්‍ෂයෙහි (යහපත් පැත්තෙහි) කියූ විපර්යාස වශයෙන් තණ්හාව අර්හත් මාර්ගයෙන් මනාව ප්‍රහීණ කරන ලදී. ඒ ක්‍ෂීණාශ්‍රවයන්ගේ ඇසින් රූප තණ්හාව නො ගලයි.

සණ‍්හෙන කායකම‍්මෙන සමන‍්නාගතොති අඵරුසෙන මුදුනා කායකම‍්මෙන සමඞ‍්ගීභූතො එකීභූතො. වචීකම‍්මාදීසුපි එසෙව නයො. සණ‍්හෙහි සතිපට‍්ඨානෙහීතිආදීසු සතිපට‍්ඨානාදයො ලොකියලොකුත‍්තරමිස‍්සකා. පරියාපුණනඅත්‍ථාදිපරිපුච‍්ඡාලොකියලොකුත‍්තරධම‍්මාධිගමවසෙන සල‍්ලක‍්ඛණවිභාවනවවත්‍ථානකරණසමත්‍ථා තිස‍්සො පටිභානප‍්පභෙදසඞ‍්ඛාතා පඤ‍්ඤා යස‍්ස අත්‍ථි, සො පටිභානවා. තස‍්ස පරියත‍්තිං නිස‍්සාය පටිභායතීති තස‍්ස පුග‍්ගලස‍්ස පරියාපුණනං අල‍්ලීයිත්‍වා ඤාණං ජායති ඤාණං අභිමුඛං හොති. චත‍්තාරො සතිපට‍්ඨානාති සත‍්තතිංස බොධිපක‍්ඛියධම‍්මා ලොකියලොකුත‍්තරමිස‍්සකවසෙන වුත‍්තා. මග‍්ගඵලානි නිබ‍්බත‍්තිතලොකුත‍්තරවසෙන. චතස‍්සො පටිසම‍්භිදායො ඡ ච අභිඤ‍්ඤායො විමොක‍්ඛන‍්තිකවසෙන වුත‍්තාති ඤාතබ‍්බා.

සණ්හෙන කාය කම්මෙන සමන්නාගතො පරුෂ නොවූ මෘදු වූ කාය කර්මයෙන් යුක්ත වූ, ඒකීභූත වූ, වාග් කර්මාදියෙහි ද මේ ක්‍රමයමයි. සණ්හෙහි සතිපට්ඨානෙහි යනාදියෙහි සතිපට්ඨානාදී ධර්ම ලෞකික - ලෝකෝත්තර මිශ්‍ර වශයෙන් සැලකිය යුතුයි. පුහුණු කරන අර්ථාදී ප්‍රශ්න කිරීම් ලෞකික, ලෝකෝත්තර, අධිගම ධර්ම වශයෙන් සැලකීම්, විභාවනය කිරීම්, ව්‍යවස්ථා කිරීම් ආදියෙහි සමර්ථ වූ ත්‍රිවිධ ප්‍රතිභාන ප්‍රභේද සංඛ්‍යාත ඒ ප්‍රඥාව යමෙකුට වේනම් ඔහු ‘ප්‍රතිභානයෙකි’ තස්ස පරියත්තිං නිස්සාය පටිභායති ඒ පුද්ගලයාගේ පුහුණුවීම අලලා ඤාණය පවතියි. ඤාණය අභිමුඛ වේ. චත්තාරො සතිපට්ඨානා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ලෞකික ලෝකෝත්තර මිශ්‍රකිරීම් වශයෙන් කියන ලදී. මාර්ගඵල උපදවන ලෝකෝත්තරධර්ම වශයෙන් සතර පටිසම්භිදාවෝත්, ෂට් අභිඥාවෝත් විමෝක්‍ෂාන්තික වශයෙන් කියන ලදැයි දතයුතුයි.

තත්‍ථ චතස‍්සො පටිසම‍්භිදායොති චත‍්තාරො ඤාණප‍්පභෙදාති අත්‍ථො. ඉද‍්ධිවිධාදිආසවක‍්ඛයපරියොසානානි අධිකානි ඡ ඤාණානි. තස‍්සාති පරස‍්ස, අත්‍ථො පටිභායතීති සම‍්බන්‍ධො. අත්‍ථොති සඞ‍්ඛෙපතො හෙතුඵලං. තඤ‍්හි යස‍්මා හෙතුඅනුසාරෙන අරීයති අධිගමීයති පාපුණීයති, තස‍්මා අත්‍ථොති වුච‍්චති. පභෙදතො පන යංකිඤ‍්චි පච‍්චයුප‍්පන‍්නං නිබ‍්බානං භාසිතත්‍ථො විපාකො කිරියාති ඉමෙ පඤ‍්ච ධම‍්මා අත්‍ථොති වෙදිතබ‍්බා, තං අත්‍ථං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස සො අත්‍ථො පභෙදතො ඤාතො පාකටො හොති. ධම‍්මොති සඞ‍්ඛෙපතො පච‍්චයො. සො හි යස‍්මා තං තං විදහති පවත‍්තෙති චෙව පාපෙති ච, තස‍්මා ධම‍්මොති වුච‍්චති. පභෙදතො පන යො කොචි ඵලනිබ‍්බත‍්තකො හෙතු අරියමග‍්ගො භාසිතං කුසලං අකුසලන‍්ති ඉමෙ පඤ‍්ච ධම‍්මා ධම‍්මොති වෙදිතබ‍්බා, තං ධම‍්මං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස සො ධම‍්මො පභෙදතො ඤාතො පාකටො හොති, තස‍්මිං අත්‍ථෙ ච ධම‍්මෙ ච යා සභාවනිරුත‍්ති අබ්‍යභිචාරී වොහාරො, තස‍්ස අභිලාපෙ භාසනෙ උදීරණෙ තං ලපිතං භාසිතං උදීරිතං සභාවනිරුත‍්තිසද‍්දං ආරම‍්මණං කත්‍වා පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස සා නිරුත‍්ති ඤාතා පාකටා හොති.

එහි චතස්සො පටිසම්භිදායො යනු සතර ඥානප්‍රභේද යන අර්ථයයි. ඉද්ධිවිධ ඥානයේ සිට ආශ්‍රවක්‍ෂය ඥානයෙන් අවසන් වන ෂට් අභිඥා ඥානයන්, තස්ස යනුවෙන් පදයේ අර්ථ වටහාගනියි යැයි සම්බන්ධය වේ. ඔහු වනාහි යම්හෙයකින් අත්‍ථො අර්ථය යනු සංක්‍ෂේප වශයෙන් හේතුඵල ධර්මයයි. එය වනාහි යම්හෙයකින් හේතු අනුසාරයෙන් අවබෝධ කරගනියි. වටහාගනියි. පැමිණෙයි. එනිසා අර්ථය යැයි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් යම්කිසි ප්‍රත්‍යුත්පන්නය. නිර්වාණය, කියූ අර්ථය, විපාකය, ක්‍රියාව යන මේ ධර්ම පහ පිළිබඳ දැනීම අර්ථය යැයි දතයුතුයි. ඒ අර්ථය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට ඒ ඒ පදයන්ගේ අර්ථය ප්‍රභේද වශයෙන්, ප්‍රකට වේ. මනාව වැටහේ. ධම්මො සංක්‍ෂේප වශයෙන් ප්‍රත්‍යයි. එය යම්හෙයකින් බුදුවදන දක්වයි ද පවත්වා ගනියි ද ඊට පමුණුවයි ද එහෙයින් ධර්මය යැයි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් යම්කිසි ඵල නිෂ්පත්තියද හේතුව ද ආර්ය මාර්ගය ද කියන ලද කුසලය හා අකුසලයද යන මේ කරුණු පහ ධර්මය යැයි දතයුතුයි. ඒ ධර්ම ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට ඒ ධර්ම ප්‍රභේද වශයෙන් ප්‍රකට ව මනාව වැටහේ. ඒ අර්ථයෙහි ද ධර්මයෙහි ද යම් ස්වභාව නිරුක්තියක්, අව්‍යභිචාරී ව්‍යවහාරයක් වේද ඔහුගේ අභිලාපයෙහි, භාෂණයෙහි, ප්‍රකාශනයෙහි ඒ කියූ, දැක්වූ, ප්‍රකාශ කළ ස්වභාව නිරුක්ති ශබ්දය අරමුණු කර, ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට ඒ නිරුක්තිය ප්‍රකට වේ. මනාව වැටහේ.

එත්‍ථ අත්‍ථෙ ඤාතෙ අත්‍ථො පටිභායතීති ඉදානි තස‍්ස සද‍්දං ආහරිත්‍වා වුත‍්තප‍්පභෙදෙ අත්‍ථෙ පාකටීභූතෙ වුත‍්තප‍්පභෙදො අත්‍ථො තස‍්ස පුග‍්ගලස‍්ස පටිභායති ඤාණාභිමුඛො හොති. ධම‍්මෙ ඤාතෙ ධම‍්මො පටිභායතීති වුත‍්තප‍්පභෙදෙ ධම‍්මෙ පාකටීභූතෙ වුත‍්තප‍්පභෙදො ධම‍්මො පටිභායති. නිරුත‍්තියා ඤාතාය නිරුත‍්ති පටිභායතීති වුත‍්තප‍්පභෙදාය නිරුත‍්තියා පාකටාය වුත‍්තප‍්පභෙදා නිරුත‍්ති පටිභායති. ඉමෙසු තීසු ඤාණෙසු ඤාණන‍්ති අත්‍ථධම‍්මනිරුත‍්තීසු ඉමෙසු තීසු සබ‍්බත්‍ථකඤාණමාරම‍්මණං කත්‍වා පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස තෙසු තීසු ඤාණෙසු පභෙදගතං ඤාණං, යථාවුත‍්තෙසු වා තෙසු තීසු ඤාණෙසු ගොචරකිච‍්චාදිවසෙන විත්‍ථාරගතං ඤාණං පටිභානපටිසම‍්භිදා. ඉමාය පටිභානපටිසම‍්භිදායාති ඉමාය වුත‍්තප‍්පකාරාය යථාවුත‍්තවිත්‍ථාරපඤ‍්ඤාය උපෙතො හොති. සො වුච‍්චති පටිභානවාති නිගමෙන‍්තො ආහ. යස‍්ස පරියත‍්ති නත්‍ථීති පරියත‍්ති නාම බුද‍්ධවචනං. තඤ‍්හි උග‍්ගණ‍්හන‍්තස‍්ස පටිසම‍්භිදා විසදා හොන‍්ති. යස‍්ස පුග‍්ගලස‍්ස එවරූපා පරියත‍්ති නත්‍ථි. පරිපුච‍්ඡා නත්‍ථීති පරිපුච‍්ඡා නාම පාළිඅට‍්ඨකථාදීසු ගණ‍්ඨිපදඅත්‍ථපදවිනිච‍්ඡයකථා. උග‍්ගහිතපාළිආදීසු හි අත්‍ථං කථෙන‍්තස‍්ස පටිසම‍්භිදා විසදා හොන‍්ති. අධිගමො නත්‍ථීති අධිගමො නාම අරහත‍්තප‍්පත‍්ති. අරහත‍්තඤ‍්හි පත‍්තස‍්ස පටිසම‍්භිදා විසදා හොන‍්ති. යස‍්ස වුත‍්තප‍්පකාරා තිවිධා සම‍්පත‍්ති නත්‍ථි. කිං තස‍්ස පටිභායිස‍්සතීති කෙන කාරණෙන තස‍්ස පුග‍්ගලස‍්ස පභෙදගතං ඤාණං උපට‍්ඨහිස‍්සති.

මෙහි අත්‍ථෙ ඤාතෙ අත්‍ථො පටිභායති දැන් ඒ ශබ්දය ගෙනහැර දක්වා කියූ ප්‍රභේද ඇති අර්ථය ප්‍රකට වූ කල්හි කියූ ප්‍රභේද ඇති අර්ථය, ඒ පුද්ගලයාට වැටහේ. නිරුත්තියා ඤාතාය නිරුත්ති පටිභායති කියන ලද භේද ඇති නිරුක්තියෙන් ප්‍රකට වූ කල්හි, ඉහත දැක්වූ භේද ඇති නිරුක්තිය නුවනට වැටහේ. ඉමෙසු තීසු ඤාණෙසු ඤාණං අර්ථ, ධර්ම, නිරුක්ති යන මේ ත්‍රිවිධ ධර්මයන්හි සෑමතැන්හි ඤාණය අරමුණු කර, ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට, ඒ ත්‍රිවිධ ඤාණයෙහි ප්‍රභේදගත වූ ඤාණය, කියන ලද පරිදි හෝ ඒ ඒ ඤාණයෙහි ගෝචර කෘත්‍යාදි වශයෙන් විස්තීර්ණ වන ඤාණය ප්‍රතිභාන පටිසම්භිදාවයි. ඉමාය පටිභාණ පටිසම්හිදාය මෙ කියන ලද පරිදි විස්තීර්ණ ප්‍රඥාවෙන් උපේත වේ. යුක්ත වේ. සො වුච්චති පටිභාණවා යනුවෙන් නිගමනය කරමින් ‘පටිභාණවා’ යන පදයේ අර්ථ දක්වන ලදී. යස්ස පරියත්ති නත්‍ථි පර්යාප්තිය නම් බුද්ධ වචනයයි. එය උගන්නවුන්ට පටිසම්භිදාව පිරිසිදු වේ. යම් පුද්ගලයෙකුට මෙබඳු පර්යාප්ති හැදැරීමක් නොවේ නම් පරිපුච්ඡා නත්‍ථි පරිපුච්ඡාව නම් පාලි අටුවාදියෙහි ගැටමුසු පද, අර්ථ පද විනිශ්චය කරන කථාවයි. උගත් පෙළ දහමෙහි අර්ථ කියන්නාට පටිසම්භිදාව පිරිසිදු වේ. අධිගමො නත්‍ථි අධිගමය නම් අර්හත්වයට පත්වීමයි. රහත් වූවහුට පටිසම්භිදාව පිරිසිදු වේ. මෙකියන ලද ත්‍රිවිධ සම්පත් යමෙකුට නැතිනම් ඔහුට සද්ධර්මය කෙසේ වැටහේද? ඒ පුද්ගලයාට ප්‍රභේදගත ඤාණය නොවැටහේ. අවබෝධ නොවේ.

සාමන‍්ති සයමෙව. සයං අභිඤ‍්ඤාතන‍්ති සයමෙව තෙන ඤාණෙන අවගමිතං. අත‍්තපච‍්චක‍්ඛං ධම‍්මන‍්ති අත‍්තනා පටිවිජ‍්ඣිතං පච‍්චවෙක‍්ඛිතං ධම‍්මං. න කස‍්සචි සද‍්දහතීති අත‍්තපච‍්චක‍්ඛතාය පරෙසං න සද‍්දහති, සද‍්ධාය න ගච‍්ඡති. අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාතිආදිකං ද‍්වාදසපදිකපච‍්චයාකාරදස‍්සනවසෙන වුත‍්තං. අවිජ‍්ජානිරොධාතිආදයො සංසාරනිවත‍්තිං සන්‍ධාය වුත‍්තා. ඉදං දුක‍්ඛන‍්තිආදි සච‍්චදස‍්සනවසෙන. ඉමෙ ආසවාතිආදයො අපරෙන පරියායෙන කිලෙසවසෙන පච‍්චයදස‍්සනවසෙන. ඉමෙ ධම‍්මා අභිඤ‍්ඤෙය්‍යාතිආදයො අභිඤ‍්ඤෙය්‍යපරිඤ‍්ඤෙය්‍යපහාතබ‍්බභාවෙතබ‍්බසච‍්ඡිකාතබ‍්බධම‍්මානං දස‍්සනවසෙන. ඡන‍්නං ඵස‍්සායතනානන‍්තිආදයො ඵස‍්සායතනානං උප‍්පත‍්තිඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච උපද‍්දවඤ‍්ච නිස‍්සරණඤ‍්ච දස‍්සනවසෙන. පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං පඤ‍්චවීසතිවිධෙන උදයඤ‍්ච වයඤ‍්ච, තෙසු ඡන්‍දරාගවසෙන අස‍්සාදඤ‍්ච, තෙසං විපරිණාමං ආදීනවඤ‍්ච, නිස‍්සරණසඞ‍්ඛාතං නිබ‍්බානඤ‍්ච. චතුන‍්නං මහාභූතානං අවිජ‍්ජාදිසමුදයඤ‍්ච, අවිජ‍්ජාදිනිරොධෙ අත්‍ථඞ‍්ගමඤ‍්ච එවමාදිදස‍්සනවසෙන වුත‍්තා. එතෙ ධම‍්මා තත්‍ථ තත්‍ථ වුත‍්තනයෙන වෙදිතබ‍්බා.

සාමං තමන්ම සයමභිඤ්ඤාතං තමන්ම ඒ ඤාණයෙන් අවබෝධ කරගත්. අන්තපච්චක්ඛං ධම්මං තමා විසින් නැවත විමසා බැලූ, ප්‍රත්‍යවේක්‍ෂා කළ ධර්මය. න කස්සචි සද්දහති තුමා විසින් සද්ධර්මය අවබෝධ කරගත් බැවින් අන්‍ය දහමක් නො අදහයි. ඇදහීමට නොයයි. අවිජ්ජා පච්චයා සංඛාරා යනාදී දොළොස් පදය ප්‍රත්‍යකාරය දැක්වීම් වශයෙන් කියන ලදී. අවිජ්ජා නිරොධො ආදිය සසර ගමන නැවැත්ම සඳහා කියන ලදී. ඉදං දුක්ඛං ආදිය චතුරාර්ය සත්‍ය දැක්වීම් වශයෙනි. ඉමෙ ආසවා ආදිය තවත් ක්‍රමයකින් කෙලෙස් වශයෙන් සත්‍ය දැක්වීමයි. ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්‍යා ආදිය අභිඤ්ඤෙය්‍ය පරිඤ්ඤෙය්‍ය, පහාතබ්බ, භාවේතබ්බ, සච්ජිකාතබ්බ (අවබෝධ කරගත යුතු, පිරිසිඳ දතයුතු, ප්‍රහීණ කළයුතු, වැඩිය යුතු හා සාක්‍ෂාත් කළ යුතු) ධර්ම වශයෙන් දක්වන ලදී. ඡන්නං ඵස්සායතනානං ආදිය ස්පර්ශයතනයන්ගේ උපත ද නැතිවීම ද ආශ්වාදය ද ආදීනවය ද නිස්සරණය ද දැක්වීම් වශයෙන් කියන ලදී. උපාදානස්කන්ධ පංචකයේ ඇතිවීම විසිපස් ආකාරයකින් ද නැතිවීම විසිපස් ආකාරයකින් ද, ඒවායෙහි ඡන්‍දරාග වශයෙන් ආශ්වාද කිරීම ද ඒවායේ පරිණාමයට පත්වීමෙන් ඇතිවන ආදීනව ද නිස්සරණ නම් වූ නිවන ද සතරමහා භූතයන්ගේ අවිද්‍යාදියේ ඇතිවීමත් අවිද්‍යා නිරෝධයේදී නැතිවීමත් මේ ආදී වශයෙන් දක්වමින් කියන ලදී. මෙකියන ලද ධර්ම ඒ ඒ තැන කියූ ආකාරයෙන්ම දතයුතුයි.

අමතොගධන‍්ති නත්‍ථි එතස‍්ස මරණසඞ‍්ඛාතං මතන‍්ති අමතං. කිලෙසවිසපටිපක‍්ඛත‍්තා අගදන‍්තිපි අමතං. තස‍්මිං නින‍්නතාය අමතොගධං. අමතපරායනන‍්ති වුත‍්තප‍්පකාරං අමතං පරං අයනං ගති පතිට‍්ඨා අස‍්සාති අමතපරායනං. අමතපරියොසානන‍්ති තං අමතං සංසාරස‍්ස නිට‍්ඨාභූතත‍්තා පරියොසානමස‍්සාති අමතපරියොසානං.

අමතොගධං යනු මරණ සංඛ්‍යාත ‘මතං’ මෙහි නැත්තේනුයි ‘අමතං’ නම් වේ. කෙලෙසුන්ට ප්‍රතිපක්‍ෂ බැවින් - විරුද්ධ බැවින් අගද යනුද ‘අමතං’ නම් වේ. එහි නැඹුරු වූ, බැසගත් බැවින් ‘අමතොගධ’ නම් වේ. අමතපරායණං කියූ ආකාර ඇති උතුම් නිවනට යන ගමන, මාර්ගය මෙහි පිහිටකර ඇත්තේනුයි අමත පරායණ නමි. අමතපරියොසානං ඒ නිවන සසුනේ ප්‍රතිෂ්ඨාව, නිෂ්ඨාව වූ බැවින් මෙ අවසානය වූයේ නුයි ‘අමත පරියෝසාන’ නම් වේ.

ලාභකම්‍යා න සික‍්ඛතීති ලාභපත්‍ථනාය සුත‍්තන‍්තාදීනි න සික‍්ඛති. අවිරුද‍්ධො ච තණ‍්හාය, රසෙසු නානුගිජ‍්ඣතීති විරොධාභාවෙන ච අවිරුද‍්ධො හුත්‍වා තණ‍්හාය මූලරසාදීසු ගෙධං නාපජ‍්ජති.

ලාහකම්‍යා න සික්ඛති ලාභ ප්‍රාර්ථනාවෙන් සූත්‍රාන්දියේ නො හික්මෙයි. අවිරුද්ධො ච තණ්හාය රසෙ ච නානුගිජඣති විරෝධ නැති හෙයින් ද අවිරුද්ධ වී තණ්හාදී මූල රසාදියෙහි ගිජු බවට නොපැමිණෙයි.

කෙන නු ඛොති ලාභපත්‍ථනාය කාරණචින‍්තෙන පිහස‍්ස පරියෙසනෙ නිපාතො. ලාභාභිනිබ‍්බත‍්තියාති චතුන‍්නං පච‍්චයානං විසෙසෙන උප‍්පත‍්තියා. ලාභං පරිපාචෙන‍්තොති පච‍්චයෙ පරිපාචයන‍්තො.

කෙන නුඛො ලාභ ප්‍රාර්ථනාවෙන්, ඒවා ලැබෙන්නේ කෙසේදැයි හේතු සොයන්නා වූ, පර්යේෂණාර්ථයේ නිපාතයකි. ලාභානිනිබ්බත්තියා සිවුපසය විශේෂයෙන් ලැබීමෙන්. ලාභං පරිපාචෙන්තො ප්‍රත්‍ය මුහුකුරා යමින්.

අත‍්තදමත්‍ථායාති විපස‍්සනාසම‍්පයුත‍්තාය පඤ‍්ඤාය අත‍්තනො දමනත්‍ථාය. අත‍්තසමත්‍ථායාති සමාධිසම‍්පයුත‍්තාය පඤ‍්ඤාය අත‍්තනො සමාධානත්‍ථාය. අත‍්තපරිනිබ‍්බාපනත්‍ථායාති දුවිධෙනාපි ඤාණෙන අත‍්තනො අනුපාදාපරිනිබ‍්බානත්‍ථාය. වුත‍්තඤ‍්හෙතං “අනුපාදාපරිනිබ‍්බානත්‍ථං ඛො ආවුසො භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති (ම· නි· 1.259). අප‍්පිච‍්ඡඤ‍්ඤෙව නිස‍්සායාති එත්‍ථ පච‍්චයඅප‍්පිච‍්ඡො අධිගමඅප‍්පිච‍්ඡො පරියත‍්තිඅප‍්පිච‍්ඡො ධුතඞ‍්ගඅප‍්පිච‍්ඡොති චත‍්තාරො අප‍්පිච‍්ඡා, තෙසං නානත්‍ථං හෙට‍්ඨා විත්‍ථාරිතං එව, තං අප‍්පිච‍්ඡං අල‍්ලීයිත්‍වා. සන‍්තුට‍්ඨිඤ‍්ඤෙවාති චතූසු පච‍්චයෙසු ච තිවිධං සන‍්තොසං අල‍්ලීයිත්‍වා, එතෙසං විභාගො හෙට‍්ඨා විත්‍ථාරිතොයෙව. සල‍්ලෙඛඤ‍්ඤෙවාති කිලෙසලෙඛනං. ඉදමත්‍ථිතඤ‍්ඤෙවාති ඉමෙහි කුසලධම‍්මෙහි අත්‍ථි ඉදමත්‍ථි, තස‍්ස භාවො ඉදමත්‍ථිතා, තං ඉදමත්‍ථිතංයෙව නිස‍්සාය අල‍්ලීයිත්‍වා.

අත්තදමථාය විදර්ශනා සම්ප්‍රයුක්ත ප්‍රඥාවෙන් සමාදානය පිණිස. අත්ත සමථාය සමාධි සම්ප්‍රයුක්ත ප්‍රඥාවෙන් තමාගේ පරිනිර්වාණය සඳහා කියන ලද්දේ මැයි. ‘අනුපාදිසේස්ස නිර්වාණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර හැසිරෙයි’ යනුයි. අප්පිච්ඡංයෙව නිස්සාය මෙහි පච්චයපිච්ඡ, අධිගමප්පිච්ඡ, පරියත්ති අප්පිච්ඡ හා ධුතංගප්පිච්ඡ යැයි ද අප්පිච්ඡතා සතරකි. ඒවායෙහි වෙනස්කම් පිළිබඳව ඉහතින් කියන ලද්දේමය. ඒ අල්පේච්ඡ බවෙහි ඇලී. සන්තට්ඨි මෙව සිවුපසයෙහි ද ත්‍රිවිධ සන්තෝෂයෙන් ම ඇලී, ඒවායේ විභාග ඉහතින් දක්වන ලදී. සල්ලෙඛං යනු කෙලෙස් ලියා දැමීමයි. ඉදමත්‍ථිතං මේ කුසල දහම් මෙහි ඇත්තේනුයි ‘ඉදමත්‍ථි’ නම් වේ. එහි ස්වභාවය ඉදමත්‍ථිතා නමි. ඒ කුසල දහම්හි ප්‍රයෝජන ඇති බවෙහි ම ඇලී.

රසොති නිද‍්දෙසස‍්ස උද‍්දෙසපදං. මූලරසොති යංකිඤ‍්චි මූලං පටිච‍්ච නිබ‍්බත‍්තරසො. ඛන්‍ධරසාදීසුපි එසෙව නයො. අම‍්බිලන‍්ති තක‍්කම‍්බිලාදි. මධුරන‍්ති එකන‍්තතො ගොසප‍්පිආදි. මධු පන කසාවයුත‍්තං චිරනික‍්ඛිත‍්තං කසාවං හොති, ඵාණිතං ඛාරියුත‍්තං චිරනික‍්ඛිත‍්තං ඛාරියං හොති. සප‍්පි පන චිරනික‍්ඛිත‍්තං වණ‍්ණගන්‍ධෙ ජහන‍්තම‍්පි රසං න ජහතීති තදෙව එකන‍්තමධුරං. තිත‍්තකන‍්ති නිම‍්බපණ‍්ණාදි. කටුකන‍්ති සිඞ‍්ගිවෙරමරිචාදි. ලොණිකන‍්ති සාමුද‍්දිකලොණාදි. ඛාරිකන‍්ති වාතිඞ‍්ගණකළීරාදි. ලම‍්බිකන‍්ති බදරාමලකකපිට‍්ඨසාලවාදි. කසාවන‍්ති හරීතකාදි. ඉමෙ සබ‍්බෙපි රසා වත්‍ථුවසෙන වුත‍්තා. තංතංවත්‍ථුකො පනෙත්‍ථ රසො ච අම‍්බිලාදීනි නාමෙහි වුත‍්තොති වෙදිතබ‍්බො. සාදූති ඉට‍්ඨරසො. අසාදූති අනිට‍්ඨරසො. ඉමිනා පදද‍්වයෙන සබ‍්බොපි රසො පරියාදින‍්නො. සීතන‍්ති සීතරසො. උණ‍්හන‍්ති උණ‍්හරසො. එවමයං මූලරසාදිනා භෙදෙන භින‍්නොපි රසො ලක‍්ඛණාදීහි අභින‍්නොයෙව. සබ‍්බොපි හෙස ජිව‍්හාපටිහනනලක‍්ඛණො, ජිව‍්හාවිඤ‍්ඤාණස‍්ස විසයභාවරසො, තස‍්සෙව ගොචරපච‍්චුපට‍්ඨානො. තෙ ජිව‍්හග‍්ගෙන රසග‍්ගානීති එතෙ සමණබ්‍රාහ‍්මණා පසාදජිව‍්හග‍්ගෙන උත‍්තමරසානි. පරියෙසන‍්තාති ගවෙසමානා. ආහිණ‍්ඩන‍්තීති තත්‍ථ තත්‍ථ විචරන‍්ති. තෙ අම‍්බිලං ලභිත්‍වා අනම‍්බිලං පරියෙසන‍්තීති තක‍්කාදිඅම‍්බිලං ලද‍්ධා අනම‍්බිලං ගවෙසන‍්ති. එවං සබ‍්බං පරිවත‍්තෙත්‍වා පරිවත‍්තෙත්‍වා යොජිතං.

රසො යන නිද්දේසයේ උදෙසන පදය. මූලරසො යම්කිසි මූලයක් නිසා උපන් රසය, ඛන්‍ධරසො යනාදියේ ද මේ ක්‍රමයමයි. අම්බිලං මෝරු ආදී ඇඹුල්. මධුරං ගව ගිතෙල් මෙන් ඒකාන්තයෙන් මිහිරි. මධු යනු කසමින් යුතු. බොහෝ කලක් පැසවූ, කසටින් යුතු. පාණීතං පැණි රසැති. බොහෝකලක් තැබූ පැණි රස ඇති. සප්පි බොහෝ කලක් තැබූ වර්ණ, ගන්‍ධාදියෙන් තොර වූවත් රසය අත්නොහළ, ඒකාන්තයෙන් මිහිරි. තිත්තකං කොසඹ මෙන් තිත්ත. කටුකං ඉඟුරු, මිරිස් ආදිය මෙන් කටුක. ලොණිකං මුහුදු ලුණු ආදිය ඛාරිකං වම්බටු ආදී කර රස. ලපිලං තල්, දිවුල්, සල් ආදී නොකසට රස. කසාවං අරළු ආදිය. මේ සියලුම රසයන් වස්තු වශයෙන් කියන ලදී. ඒ ඒ වස්තුක වූම රසය අම්බිලාදී නාමයන්ගෙන් කියන ලදැයි දතයුතුයි. සාදු ඉෂ්ට රස අසාදු අනිෂ්ට රස. මේ දෙපදයෙන් ද සියලුම රස අයත් කරන ලදී. සීතං සීත රසය. උණ්හං උෂ්ණ රසය. මෙසේ මේ මූලාදී භේදයෙන් රසය බිඳී ගියත්, ලක්‍ෂණාදියෙන් නොබිඳුණේමය. මේ සියලු රසවල දිවේ වැදෙන-හැපෙන ලක්‍ෂණය ඇත. ජිව්හා විඤ්ඤාණයේ විෂය භාව රසය ඇත. එයම ගෝචර පච්චුපට්ඨානයයි. තෙ ජීව්හග්ගෙන රසග්ගනී ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ප්‍රසාද ජිව්හාග්‍රයෙන්, උතුම් රසාදිය. පරියෙසන්තා සොයමින්. ආහිණ්ඩන්ති ඒ ඒ තැන හැසිරෙති. තෙ අම්බිලං ලභිත්‍වා අනම්බිලං පරියෙසන්ති මෝරු ආදී ඇඹුල් ලැබ, ඇඹුල් නොවූ රස සොයති. මෙසේ ඉහත කී සියලු රස පෙරලා විරුද්ධ පද සමග යොදන ලදී.

පටිසඞ‍්ඛා යොනිසො ආහාරං ආහාරෙතීති පටිසඞ‍්ඛානපඤ‍්ඤාය ජානිත්‍වා උපායෙන ආහාරං ආහාරෙති. ඉදානි උපායං දස‍්සෙතුං “නෙව දවායා”තිආදි වුත‍්තං.

පටිසංඛායොනිසො ආහාරං ආහාරෙති නුවණින් විමසා බලන, ප්‍රඥාවෙන් දැන උපායෙන් අනුභව කරයි. දැන් උපාය දැක්වීමට ‘නෙව ද්වාය’ ආදිය කියන ලදී.

තත්‍ථ නෙව දවායාති දවත්‍ථාය න ආහාරෙති. තත්‍ථ නටලඞ‍්ඝකාදයො දවත්‍ථාය ආහාරෙන‍්ති නාම. යඤ‍්හි භොජනං භුත‍්තස‍්ස නච‍්චගීතකබ‍්බසිලොකසඞ‍්ඛාතො දවො අතිරෙකතරෙන පටිභාති, තං භොජනං අධම‍්මෙන විසමෙන පරියෙසිත්‍වා තෙ ආහාරෙන‍්ති. අයං පන භික‍්ඛු න එවමාහාරෙති.

එහි නෙව ද්වාය යනු සෙල්ලම් පිණිස අනුභව නොකරයි. එහි නටන්නේ පිනුම් ගසන්නෝ ක්‍රීඩා පිණිස ආහාර අනුභව කරති. යම් භෝජනයක් අනුභව කළ අයෙක් නෘත්‍ය ගීත, කාව්‍ය ලෝක සංඛ්‍යාත ක්‍රීඩාවන්හි විශේෂයෙන්, ඉතා වැඩියෙන් යෙදේ ද, ඒ භෝජනය අධර්මයෙන් විෂමව සොයා ඔවුහු අනුභව කරති. මේ භික්‍ෂුව එසේ ආහාර අනුභව නොකරයි. ක්‍රීඩා පිණිස භික්‍ෂුව ආහාර අනුභව නොකරයි.

න මදායාති මානමදපුරිසමදානං වඩ‍්ඪනත්‍ථාය න ආහාරෙති. තත්‍ථ රාජරාජමහාමත‍්තා මදත්‍ථාය ආහාරෙන‍්ති නාම. තෙ හි අත‍්තනො මානමදපුරිසමදානං වඩ‍්ඪනත්‍ථාය පිණ‍්ඩරසභොජනාදීනි පණීතභොජනානි භුඤ‍්ජන‍්ති. අයං පන භික‍්ඛු එවං නාහාරෙති.

න මදාය මාන මද, පුරුෂ මදයන්ගේ වැඩීම සඳහා ආහාර නොගනියි. එහි රාජරාජ මහාමාත්‍යවරු මදය සඳහා ආහාර ගනිති. ඔවුහු තමන්ගේ මාන මද, පුරුෂ මදයන්ගේ වර්ධනය සඳහා පිඬුරස බොජුන් ද ප්‍රණීත ආහාරපාන ද අනුභව කරති. මේ භික්‍ෂුව වනාහී එසේ ආහාර නොගනිති.

න මණ‍්ඩනායාති සරීරමණ‍්ඩනත්‍ථාය න ආහාරෙති. තත්‍ථ රූපූපජීවිනියො මාතුගාමා අන‍්තෙපුරිකාදයො ච සප‍්පිඵාණිතාදීනි පිවන‍්ති, සිනිද‍්ධමුදුමද‍්දවභොජනං ආහාරෙන‍්ති. එවං නො අඞ‍්ගලට‍්ඨි සුසණ‍්ඨිතා භවිස‍්සති, සරීරෙ ඡවිවණ‍්ණො පසන‍්නො භවිස‍්සතීති. අයං පන භික‍්ඛු එවං න ආහාරෙති.

න මණ්ඩනාය අලංකාරය පිණිස ආහාර නොගනියි. එහි රූපය නිසා ජීවත්වන ස්ත්‍රීහු ද අන්තඃපුර ස්ත්‍රීහු ද ගිතෙල් මීපැණි ආදිය පානය කරති. සිනිදු මෘදු භෝජනම ආහාරයට ගනිති. මෙනිසා අපගේ ශරීර අංග මනාව පිහිටියේ වන්නේය. ශරීරයේ ඡවි වර්ණය ප්‍රසන්න වන්නේය යන අදහසිනි. මේ භික්‍ෂුව එසේ ශරීර අලංකාරය පිණිස ආහාර නොගනියි.

න විභූසනායාති සරීරෙ මංසවිභූසනත්‍ථාය න ආහාරෙති. තත්‍ථ නිබ‍්බුද‍්ධමල‍්ලමුට‍්ඨිකමල‍්ලචෙටකාදයො සුසිනිද‍්ධෙහි මච‍්ඡමංසාදීහි සරීරං පීණෙන‍්ති “එවං නො මංසං උස‍්සදං භවිස‍්සති පහාරසහනත්‍ථායා”ති. අයං පන භික‍්ඛු එවං සරීරෙ මංසවිභූසනත්‍ථාය න ආහාරෙති.

න විභූසනාය ශරීරයේ මාංස විභූෂණය සඳහා ආහාර නොගනිති. [missing trans]

යාවදෙවාති ආහාරාහරණපයොජනස‍්ස පරිච‍්ඡෙදනියමදස‍්සනං. ඉමස‍්ස කායස‍්ස ඨිතියාති ඉමස‍්ස චතුමහාභූතිකස‍්ස කරජකායස‍්ස ඨපනත්‍ථාය ආහාරෙති, ඉදමස‍්ස ආහාරාහරණෙ පයොජනන‍්ති අත්‍ථො. යාපනායාති ජීවිතින්‍ද්‍රියයාපනත්‍ථාය ආහාරෙති. විහිංසූපරතියාති විහිංසා නාම අභුත‍්තපච‍්චයා උප‍්පජ‍්ජනකඛුද‍්දා, තස‍්සා උපරතියා වූපසමනත්‍ථාය ආහාරෙති. බ්‍රහ‍්මචරියානුග‍්ගහායාති බ්‍රහ‍්මචරියං නාම තිස‍්සො සික‍්ඛා සකලසාසනං, තස‍්ස අනුග‍්ගණ‍්හත්‍ථාය ආහාරෙති.

යාවදෙව මින්පසු ආහාර ගැනීමේ ප්‍රයෝජන දැක්වීමට, මේ වෙන්කර දැක්වීම් නියමය දක්වන ලදී. ඉමස්ස කායස්ස ඨිතියා මේ සිවුමහා භූතමය ශරීරයේ පැවැත්ම පිණිස ආහාර ගනියි. මෙය භික්‍ෂුවගේ ආහාර ගැනීමේ ඇති ප්‍රයෝජනයයි යන අර්ථයයි. යාපනාය ජීවිතින්‍ද්‍රියේ පැවැත්ම පිණිස ආහාර ගනියි. විහිංසූපරතියා විහිංසා නම් නොකා සිටීමෙන් ඇතිවන කුසගින්නයි. ඒ ක්‍ෂුදාව වැනසීමට, සන්සිඳවීමට ආහාර ගනියි යන අර්ථයයි. බ්‍රහ්මචරියානුග්ගහාය බඹසර නම් ත්‍රිවිධ ශික්‍ෂා පිරීමයි. ඒ සියලු ශාසනික පැවැත්මට අනුග්‍රහ පිණිස ආහාර ගනියි.

ඉතීති උපායනිදස‍්සනං, ඉමිනා උපායෙනාති අත්‍ථො. පුරාණඤ‍්ච වෙදනං පටිහඞ‍්ඛාමීති පුරාණවෙදනං නාම අභුත‍්තපච‍්චයා උප‍්පජ‍්ජනකවෙදනා, තං පටිහනිස‍්සාමීති ආහාරෙති. නවඤ‍්ච වෙදනං න උප‍්පාදෙස‍්සාමීති නවවෙදනා නාම අතිභුත‍්තපච‍්චයෙන උප‍්පජ‍්ජනකවෙදනා, න තං උප‍්පාදෙස‍්සාමීති ආහාරෙති. අථ වා නවවෙදනා නාම භුත‍්තපච‍්චයා න උප‍්පජ‍්ජනකවෙදනා, තස‍්සා අනුප‍්පන‍්නාය අනුප‍්පජ‍්ජනත්‍ථමෙව ආහාරෙති.

ඉති යන ආකාරය දැක්වීමයි. මේ ආකාරයෙන් යන අර්ථයයි. පුරාණං ච වෙදනං පටිහංඛාමි යන්නෙහි පුරාණ වේදනාව නම් නො වළඳා සිටීමෙන් උපදින වේදනාවයි. ඒ බඩගින්න නසමියි ආහාර ගනියි. නවං ච වෙදනං න උප්පාදෙස්සාමි නව වේදනාව නම් වැඩිපුර ආහාර ගැනීමෙන් පසුව බඩ පුරවා දැමීම් ආදී වේදනාවන් ය. එම අලුත් වේදනාවන් ද නූපදවන්නෙමියි ආහාර ගනියි. නැතහොත් නව වෙදනා නම් වැළඳු ආහාරයෙන් ඇතිවන වේදනාවයි. ඒ වේදනාව නූපන් බැවින්, නූපදවීම සඳහා ම ආහාර ගනියි.

යාත්‍රා ච මෙ භවිස‍්සතීති යාපනා ච මෙ භවිස‍්සති. අනවජ‍්ජතා චාති එත්‍ථ අත්‍ථි සාවජ‍්ජං, අත්‍ථි අනවජ‍්ජං. තත්‍ථ අධම‍්මිකපරියෙසනා අධම‍්මිකපටිග‍්ගහණං අධම‍්මෙන පරිභොගොති ඉදං සාවජ‍්ජං නාම. ධම‍්මෙන පන පරියෙසිත්‍වා ධම‍්මෙන පටිග‍්ගහෙත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා පරිභුඤ‍්ජනං අනවජ‍්ජං නාම. එකච‍්චො අනවජ‍්ජෙයෙව සාවජ‍්ජං කරොති, “ලද‍්ධං මෙ”ති කත්‍වා පමාණාතික‍්කන‍්තං භුඤ‍්ජති, තං ජීරාපෙතුං අසක‍්කොන‍්තො උද‍්ධංවිරෙචනඅධොවිරෙචනාදීහි කිලමති, සකලවිහාරෙ භික‍්ඛූ තස‍්ස සරීරපටිජග‍්ගනභෙසජ‍්ජපරියෙසනාදීසු උස‍්සුක‍්කං ආපජ‍්ජන‍්ති, “කිං ඉද”න‍්ති වුත‍්තෙ “අසුකස‍්ස නාම උදරං උද‍්ධුමාත”න‍්තිආදිං වදන‍්ති. “එස නිච‍්චකාලම‍්පි එවං පකතිකොයෙව, අත‍්තනො කුච‍්ඡිප‍්පමාණං නාම න ජානාතී”ති නින්‍දන‍්ති ගරහන‍්ති. අයං අනවජ‍්ජෙයෙව සාවජ‍්ජං කරොති නාම. එවං අකත්‍වා “අනවජ‍්ජතා ච මෙ භවිස‍්සතී”ති ආහාරෙති.

යාත්‍රාච මෙ භවිස්සති මගේ ශරීර යාපනය පැවැත්ම ද සිදුවන්නේ ය. අනවජ්ජතා මේ ආහාර අනුභවයෙහි සාවද්‍ය වූ පරිභෝජනයක් ද නිරවද්‍ය වූ පරිභෝජනයක් ද ඇත. මෙහි අධාර්මිකව සපයා ගත් (ලබාගත්) අධාර්මිකව පිළිගත් අධාර්මිකව පරිභෝග කරන ආහාරය සාවද්‍ය පරිභෝජනයකි. ධර්මයෙන් සොයා, සපයාගත් ධර්මයෙන් පිළිගත් ප්‍රත්‍යවේක්‍ෂා කර පරිභෝජනය කිරීම නිරවද්‍ය පරිභෝජනය නම් වේ. ඇතැම් භික්‍ෂුවක් නිරවද්‍යව ලැබූ ආහාරය ද සාවද්‍යව පරිභෝජනය කරයි. ‘මේ ආහාරය ‘මා හටම ලැබුණේයැ’යි පමණ ඉක්මවා අනුභව කරයි. ඒ ආහාරය දිරවීමට අපහසු වී, වමනය යෑමෙන් - බඩ යෑමෙන්, වෙහෙසට පත්වෙයි. මුලු විහාරයේ ම වසන භික්‍ෂූහු, ඒ රෝගී භික්‍ෂුවගේ සිරුර පිළිදැගුම් කිරීම්, බෙහෙත් සෙවීම් ආදියෙහි උත්සාහවත් බවට පැමිණෙති. ‘මේ කිම් ද?’යි අනෙක් භික්‍ෂූන් ඇසූවිට ‘අසුවල් භික්‍ෂුවගේ කුස ඉදිමී ඇත’යි පවසති. ‘මොහු හැමවිට ම මේ ස්වභාවය ඇත්තේමය. තම කුසේ ප්‍රමාණය නොදනියි’ මෙසේ නින්දා කරති. ගරහති. මෙය අනවද්‍ය වූ භෝජනයෙහි සාවද්‍ය පරිභෝජනය කිරීම නම් වේ. මෙසේ නො කර අනවද්‍යව ම ආහාර ගන්නේය යන අර්ථයයි.

ඵාසුවිහාරො චාති එත්‍ථාපි අත්‍ථි ඵාසුවිහාරො, අත්‍ථි න ඵාසුවිහාරො. තත්‍ථ ආහරහත්‍ථකො අලංසාටකො තත්‍රවට‍්ටකො කාකමාසකො භුත‍්තවමිතකොති ඉමෙසං පඤ‍්චන‍්නං බ්‍රාහ‍්මණානං භොජනං න ඵාසුවිහාරො නාම. එතෙසු හි ආහරහත්‍ථකො නාම බහුං භුඤ‍්ජිත්‍වා අත‍්තනො ධම‍්මතාය උට‍්ඨාතුං අසක‍්කොන‍්තො “ආහර හත්‍ථ”න‍්ති වදති. අලංසාටකො නාම අච‍්චුද‍්ධුමාතකුච‍්ඡිතාය උට‍්ඨිතොපි සාටකං නිවාසෙතුං න සක‍්කොති. තත්‍රවට‍්ටකො නාම උට‍්ඨාතුං අසක‍්කොන‍්තො තත්‍රෙව පරිවට‍්ටති. කාකමාසකො නාම යථා කාකෙහි ආමසිතුං සක‍්කොති, එවං යාව මුඛද‍්වාරා ආහාරෙති. භුත‍්තවමිතකො නාම මුඛෙන සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තො තත්‍ථෙව වමති. එවං අකත්‍වා “ඵාසුවිහාරො ච මෙ භවිස‍්සතී”ති ආහාරෙති. ඵාසුවිහාරො නාම චතූහි පඤ‍්චහි ආලොපෙති ඌනූදරතා. එත‍්තකඤ‍්හි භුඤ‍්ජිත්‍වා පානීයං පිවතො චත‍්තාරො ඉරියාපථා සුඛෙන පවත‍්තන‍්ති. තස‍්මා ධම‍්මසෙනාපති එවමාහ –

ඵාසු විහාරො ච මෙහි ද අපහසු විහරණයක් හා පහසු විහරණයක් දැයි විහරණ දෙකක් ඇත. එහි ආහාරහත්‍ථක (අත දෙන්නයි ඉල්ලා නැගී සිටින) අලංසාටක (වස්ත්‍රය ඇඳ පොරවා ගැනීමට අසමත්) තත්‍රවට්ටක (ආහාර ගත් තැනම පෙරලී දපන) කාකමාසක (කවුඩන් විසින් කෑ හැකි සේ උගුරට ආහාර ගත්) භුත්තවමිත (අනුභව කළ දේ වමාරන) යන බ්‍රාහ්මණයන් පස්දෙනාගේ භෝජනය අඵාසුවිහාර නමි. මොවුන් අතරින් ද ආහරහත්‍ථකයා නම් බොහෝ අනුභව කර, තම ශක්තියෙන් නැගීසිටීමට අපහසුව, අත දෙන්න’යි කියා අනුන්ගේ අත අල්ලාගෙන නැගී සිටින්නාය. අලංසාටක නම් කුස ඉතා ඉදිමුණු බැවින් නැගී සිටියත් සලුව ඇඳ පොරවා ගැනීමට අසමත් වන්නාය. තත්‍රවට්ටකයා නම් කෑම වැඩිවීම නිසා නැගී සිටීමට අසමත්ව, එහිම පෙරලෙන්නාය. කාකමාසකයා නම් කපුටන් විසින් ගන්නා තරමට උගර දක්වා ම ආහාරගත් පුද්ගලයායි. භුත්තවමිතකයා නම් ගත් ආහාර මුවින් වළක්වාගත නොහැකිව එතැන ම වමනය කරන්නා යි. මේ පස් ආකාරයෙන් බැහැරව ‘මට පහසු විහරණය වන්නේ යයි ආහාර ගන්නේ ද එය පහසු විහරණය නමි. තවත් බත් පිඬු සතරක් පහක් කෑමට හැකිව තිබිය දී, එපමණ කුස ඉඩ තිබිය දී ආහාර ගැනීම නවත්වා ජලය පානය කරන්නාට සිවු ඉරියවු සුවසේ පැවැත්විය හැකිය. එබැවින් ධර්ම සේනාපති සැරියුත් මාහිමියෝ මෙසේ පෙන්වා දුන්හ.

“චත‍්තාරො පඤ‍්ච ආලොපෙ, අභුත්‍වා උදකං පිවෙ; අලං ඵාසුවිහාරාය, පහිතත‍්තස‍්ස භික‍්ඛුනො”ති. (ථෙරගා· 983; මි· ප· 6.5.10);

චත්තාරො පඤ්ච ආලොපෙ අභුත්‍වා උදකං පිවෙ, අලං ඵාසු විහරාය පහිතත්තස්ස භික්ඛුනො

බත් පිඬු සතරක් පහක් කුස ඉඩ තිබියදී දියකිස කරන්නේ ය. කෙලෙස් තැවීමෙහි නිරත භික්‍ෂුවට එය පහසු විහරණය සඳහා හේතු වන්නේ ය.

ඉමස‍්මිං පන ඨානෙ අඞ‍්ගානි සමොධානෙතබ‍්බානි. නෙව දවායාති හි එකං අඞ‍්ගං, න මදායාති එකං, න මණ‍්ඩනායාති එකං, න විභූසනායාති එකං, යාවදෙව ඉමස‍්ස කායස‍්ස ඨිතියා යාපනායාති එකං, විහිංසූපරතියා බ්‍රහ‍්මචරියානුග‍්ගහායාති එකං, ඉති පුරාණඤ‍්ච වෙදනං පටිහඞ‍්ඛාමි නවඤ‍්ච වෙදනං න උප‍්පාදෙස‍්සාමීති එකං, යාත්‍රා ච මෙ භවිස‍්සතීති එකං අඞ‍්ගං, අනවජ‍්ජතා ච ඵාසුවිහාරො චාති අයමෙත්‍ථ භොජනානිසංසො.

මෙතැන්හිදී මෙම පාඨයේ පැමිණි කරුණු හෙවත් අංග ගැලපිය යුතුයි. නෙව දවාය යනු එක් අංගයකි. න මදාය යනු තවත් අංගයකි. ඉති පුරාණං ච වෙදනං පටිහංඛාමි නවං ච වෙදනං න උප්පාදෙස්සාමි යනු තවත් අංගයකි. යාත්‍රා ච මෙ භවිස්සති යනු තවත් අංගයකි. අනවජ්ජතාච ඵසුවිහාරො චාති යනු මෙහි භෝජනානිසංසයයි.

මහාසිවත්‍ථෙරො පනාහ – “හෙට‍්ඨා චත‍්තාරි අඞ‍්ගානි පටික‍්ඛෙපො නාම, උපරි පන අට‍්ඨඞ‍්ගානි සමොධානෙතබ‍්බානී”ති. තත්‍ථ යාවදෙව ඉමස‍්ස කායස‍්ස ඨිතියාති එකං අඞ‍්ගං, යාපනායාති එකං, විහිංසූපරතියාති එකං, බ්‍රහ‍්මචරියානුග‍්ගහායාති එකං, ඉති පුරාණඤ‍්ච වෙදනං පටිහඞ‍්ඛාමීති එකං, නවඤ‍්ච වෙදනං න උප‍්පාදෙස‍්සාමීති එකං, යාත්‍රා ච මෙ භවිස‍්සතීති එකං, අනවජ‍්ජතා චාති එකං, ඵාසුවිහාරො පන භොජනානිසංසොති. එවං අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං ආහාරං ආහාරෙති.

මහාසීව තෙරුන්වහන්සේ වනාහි ඉහත කී සතර අංගයන් ප්‍රතික්‍ෂේප කරති. මතු දැවෙන අංග අට උන්වහන්සේ අනුමත කරති. එහි යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යනු එක් අංගයකි. දෙවන අංගය යාපනාය යන්නයි. විහිංසූපරතියා යනු තෙවන අංගයයි. බ්‍රහ්මචරියානුග්ගහාය යනු සිවුවන අංගයයි. ඉති පුරාණංච වෙදනං පටිහංඛාමි යනු පස්වන අංගයයි. නවංච වෙදනං න උප්පාදෙස්සාමි යනු සයවන අංගයයි. යාත්‍රාච මෙ භවිස්සති යනු සත්වන අංගයයි. අනවජ්ජතා ච යනු අටවන අංගයයි. ඵාසුවිහාරො යන්න භෝජනානිසංසයයි. මෙසේ අංග අටකින් යුක්ත ආහාරය අනුභව කරයි යන අර්ථයයි.

උපෙක‍්ඛකොති ඡළඞ‍්ගුපෙක‍්ඛාය සමන‍්නාගතො. සතොති කායානුපස‍්සනාදිසතියුත‍්තො.

උපෙක්ඛකො යනු අංග සයකින් යුතු උපේක්‍ෂාවෙන් යුක්තව. සතො කායානුපස්සනා ආදී සිහියෙන් යුක්තව.

උපෙක‍්ඛකොති ඡළඞ‍්ගුපෙක‍්ඛාය සමන‍්නාගතොති එත්‍ථ ඡළඞ‍්ගුපෙක‍්ඛාධම‍්මො නාම කොති? ඤාණාදයො. “ඤාණ”න‍්ති වුත‍්තෙ කිරියතො චත‍්තාරි ඤාණසම‍්පයුත‍්තානි ලබ‍්භන‍්ති, “සතතවිහාරො”ති වුත‍්තෙ අට‍්ඨ මහාචිත‍්තානි ලබ‍්භන‍්ති, “රජ‍්ජනදුස‍්සනං නත්‍ථී”ති වුත‍්තෙ දස චිත‍්තානි ලබ‍්භන‍්ති. සොමනස‍්සං ආසෙවනවසෙන ලබ‍්භති. චක‍්ඛුනා රූපං දිස‍්වාති කාරණවසෙන චක‍්ඛූති ලද‍්ධවොහාරෙන රූපදස‍්සනසමත්‍ථෙන චක‍්ඛුවිඤ‍්ඤාණෙන රූපං දිස‍්වා. පොරාණා පනාහු – චක‍්ඛු රූපං න පස‍්සති අචිත‍්තකත‍්තා, චිත‍්තම‍්පි න පස‍්සති අචක‍්ඛුකත‍්තා. ද‍්වාරාරම‍්මණසඞ‍්ඝට‍්ටනෙන පන පසාදවත්‍ථුකෙන චිත‍්තෙන පස‍්සති. ඊදිසෙසු පන ඨානෙසු “ධනුනා විජ‍්ඣතී”තිආදීසු විය සසම‍්භාරකථා නාම හොති. තස‍්මා චක‍්ඛුවිඤ‍්ඤාණෙන රූපං දිස‍්වාති අයමෙවෙත්‍ථ අත්‍ථො.

උපෙක්ඛකොති ඡළංගු පෙක්ඛාය සමන්නාගතො යන මෙහි අංග සයක් ඇති උපේක්‍ෂා ධර්මය නම් කවරේද? ඤාණාදියයි. ‘ඤාණ’යැයි කී කල්හි අටමහ කුසල් සිත් ලැබේ. ‘රජ්ජන දුස්සන’ (ඇලීම්-ගැටීම්) නැතැයි කී කල්හි දස සිත් අදහස් වේ. ආසේවන වශයෙන් සෝමනස්සය ලැබේ. චක්ඛුනා රූපං දිස්වා යන කාරණ වශයෙන් ‘චක්ඛු’ යැයි ලද ව්‍යවහාරයෙන්, රූප දැකීමට සමත් වූ චක්ඛු විඤ්ඤාණයෙන් රූප දැක. පොරාණ චාර්යවරයෝ මෙසේ කීහ. ‘ඇස සිතක් නොවන බැවින් රූප නොදකියි. මේ චක්ඛු ද්වාරය හා රූපාරම්මණය ගැටීමෙන්, ප්‍රසාදවස්තුක වූ සිතින් රූප දකියි. මෙබඳු තැන්හිදී ‘දුන්නෙන් විදී’ යනාදියෙහි මෙන්, උපකරණ පිළිබඳ කථාව (සම්භාර කථා) වේ. එහෙයින් චක්ඛු විඤ්ඤාණයෙන් රූප දැක යැයි මෙසේ අර්ථ ගතයුතුයි.

නෙව සුමනො හොතීති ලොභුප‍්පත‍්තිවසෙන ඡන්‍දරාගුප‍්පත‍්තිවසෙන සොමනස‍්සො න හොති. න දුම‍්මනොති පටිඝුප‍්පත‍්තිවසෙන දුට‍්ඨචිත‍්තො න හොති. උපෙක‍්ඛකොති උපපත‍්තිතො ඉක‍්ඛකො හොති, අපක‍්ඛපතිතො හුත්‍වා ඉරියාපථං පවත‍්තෙති. සතො සම‍්පජානොති සතිමා ඤාණසම‍්පන‍්නො. මනාපං නාභිගිජ‍්ඣතීති මනවඩ‍්ඪනකං ඉට‍්ඨාරම‍්මණං නාභිගිජ‍්ඣති න පත්‍ථෙති. නාභිහංසතීති න තුස‍්සති. න රාගං ජනෙතීති තත්‍ථ තත්‍ථ රඤ‍්ජනං න උප‍්පාදෙති. තස‍්ස ඨිතොව කායො හොතීති තස‍්ස ඛීණාසවස‍්ස චක‍්ඛාදිකායො කම‍්පාරහිතත‍්තා ඨිතො නිච‍්චලො හොති. අමනාපන‍්ති අනිට‍්ඨාරම‍්මණං . න මඞ‍්කු හොතීති දොමනස‍්සිතො න හොති. අප‍්පතිට‍්ඨිතචිත‍්තොති කොධවසෙන ඨිතමනො න හොති. අලීනමනසොති අලීනචිත‍්තො. අබ්‍යාපන‍්නචෙතසොති බ්‍යාපාදරහිතචිත‍්තො.

නෙව සුමනො ලෝභය ඉපදීම් වශයෙන් නොසතුටු වෙයි. දුම්මනො තරහ ඉපදීම් වශයෙන් දුෂ්ට සිත් ඇතිවේ. උපෙක්ඛකො හොති ඉපදීමෛන්, පැමිණෙන ආකාරයෙන් බලා සිටියි. අපක්‍ෂපාතීව ඉරියවු පවත්වයි. සතො සම්පජානො සිහිය ඇතිව ඤාණයෙන් යුක්තව. මනාපං නාභිගිජ්ඣතී මනවඩන ඉෂ්ටාරම්මණයන්හි ගිජු නොවෙයි. නො පතයි. නාභිහසති සතුටු නොවෙයි. න රාගං ජනෙති ඒ ඒ තැන ඇලීම නූපදවයි. තස්සට්ඨිතොව කායො හොති ඒ ක්‍ෂීණාස්‍රවයාගේ චක්‍ෂු ආදී කය කර්මයෙන් තොර වූ බැවින්, සිටියේ නිශ්චල වූයේ වේ. අමනාපං අනිෂ්ටාරම්මණය න මංකු හොති දෝමනස්ස බවට පත් නොවේ. අප්පතිට්ඨිත චිත්තො ක්‍රෝධ වශයෙන් සිටි සිත් ඇත්තේ නොවේ. අලීනමනසො නොහැකිලුණු සිත. අව්‍යාපන්න චෙතසො ව්‍යාපාද රහිත සිත.

රජනීයෙ න රජ‍්ජතීති රජනීයස‍්මිං වත්‍ථුස‍්මිං න රාගං උප‍්පාදෙති. දුස‍්සනීයෙ න දුස‍්සතීති දොසුප‍්පාදෙ වත්‍ථුස‍්මිං න දොසං උප‍්පාදෙති. මොහනීයෙ න මුය‍්හතීති මොහනීයස‍්මිං වත්‍ථුස‍්මිං න මොහං උප‍්පාදෙති. කොපනීයෙ න කුප‍්පතීති කොධනීයස‍්මිං වත්‍ථුස‍්මිං න චලති. මදනීයෙ න මජ‍්ජතීති මදනීයස‍්මිං වත්‍ථුස‍්මිං න සංසීදති. කිලෙසනීයෙ න කිලිස‍්සතීති උපතපනීයස‍්මිං වත්‍ථුස‍්මිං න උපතප‍්පති. දිට‍්ඨෙ දිට‍්ඨමත‍්තොති රූපාරම‍්මණෙ චක‍්ඛුවිඤ‍්ඤාණෙන දිට‍්ඨෙ දිට‍්ඨමත‍්තො. සුතෙ සුතමත‍්තොති සද‍්දායතනෙ සොතවිඤ‍්ඤාණෙන සුතෙ සුතමත‍්තො. මුතෙ මුතමත‍්තොති ඝානජිව‍්හාකායවිඤ‍්ඤාණෙන පාපුණිත්‍වා ගහිතෙ ගහිතමත‍්තො. විඤ‍්ඤාතෙ විඤ‍්ඤාතමත‍්තොති මනොවිඤ‍්ඤාණෙන ඤාතෙ ඤාතමත‍්තො. දිට‍්ඨෙ න ලිම‍්පතීති චක‍්ඛුවිඤ‍්ඤාණෙන දිට‍්ඨෙ රූපාරම‍්මණෙ තණ‍්හාදිට‍්ඨිලෙපෙන න ලිම‍්පති. දිට‍්ඨෙ අනූපයොති රූපාරම‍්මණෙ නිත‍්තණ‍්හො හොති. අනපායොති අපදුට‍්ඨචිත‍්තො.

රජනීයෙ න රජ්ජති ඇලිය යුතු වස්තුවෙහි රාග නූපදවයි. දොසනීයෙ න දුස්සති දෝෂ (ද්වේෂ) ඉපදවිය යුතු වස්තුවෙහි ද්වේෂ නූපදවයි. මොහනීයෙ න මුය්හති මුළාවන වස්තුවෙහි මෝහය නූපදවයි. කොපනීයෙ න කුප්පති ක්‍රෝධ ඉපිදවිය යුතු වස්තුවෙහි නොසැලී සිටියි. මදනීයෙ නමද්දති මදයෙන් යුක්ත විය යුතු වස්තුවෙහි නොගිලා බැස සිටියි. කිලෙසනීයෙ න කිලිස්සති තැවීම්, කෙළෙසීම් සිදුවිය යුතු වස්තුවෙහි නොතැවේ. නො කෙළෙස්. දිට්ඨෙ දිට්ඨමත්තො රූපාරම්මණයෙහි චක්ඛු විඤ්ඤාණයෙන් දක්නා ලද්ද පමණි. සුතෙ සුතමත්තො ශබ්දයතනයෙහි ශ්‍රෝත විඤ්ඤාණයෙන් ඇසුවා පමණි. මුතෙ මුතමත්තො ඝාණ, ජිව්හා, කාය විඤ්ඤාණයන්ගෙන් අරමුණු පැමිණ ස්පර්ශ කිරීම සිදුවූවා පමණි. විඤ්ඤාතෙ විඤඤාතමත්තො මනෝ විඤ්ඤාණයෙන් ධර්ම කරුණු දැනගත්තා පමණි. දිට්ඨෙ න ලිප්පති චක්ඛු විඤ්ඤාණයෙන් දක්නා ලද රූපාරම්මණයෙහි තෘෂ්ණා නැතිවූයේ ම වේ. අනපායො අල්ප වූ හෝ දුෂ්ට සිතක් නැතිව.

සංවිජ‍්ජතීති ලබ‍්භති. පස‍්සතීති ඔලොකෙති. ඡන්‍දරාගොති සිනෙහො. රූපාරාමන‍්ති රූපං ආරාමං අස‍්සාති රූපාරාමං. රූපෙ රතන‍්ති රූපරතං. රූපෙ සන‍්තුට‍්ඨීති රූපසම‍්මුදිතං.

සංවිජ්ජති විද්‍යමාන වේ. ලැබේ. පස්සති බලයි. ඡන්‍දරාගො ස්නේහය, සෙනෙහස. රූපාරමං රූපයේ සිත පිනවීම ඇත්තේනුයි රූපාරාම නම් වේ. රූපයෙහි ඇලුණේය යන අරුතින් රූපරතං. රූපයෙන් සතුටු වූ යන අරුතින් රූප සම්මුද්දිතං.

දන‍්තං නයන‍්ති සමිතින‍්ති උය්‍යානකීළාමණ‍්ඩලාදීසු මහාජනමජ‍්ඣං ගච‍්ඡන‍්තා දන‍්තමෙව ගොණජාතිං වා අස‍්සජාතිං වා යානෙ යොජෙත්‍වා නයන‍්ති. රාජාති තථාරූපානෙව ඨානානි ගච‍්ඡන‍්තො රාජාපි දන‍්තමෙව අභිරුහති. මනුස‍්සෙසූති මනුස‍්සෙසුපි චතූහි අරියමග‍්ගෙහි දන‍්තො නිබ‍්බිසෙවනොව සෙට‍්ඨො. යොතිවාක්‍යන‍්ති යො එවරූපං අතික‍්කමවචනං පුනප‍්පුනං වුච‍්චමානම‍්පි තිතික‍්ඛති න පටිප‍්ඵන්‍දති න විහඤ‍්ඤති, එවරූපො දන‍්තො සෙට‍්ඨොති අත්‍ථො.

දන්තං නයන්ති සමිතිං උයකෙළි මණ්ඩලාදියෙහි දී රැස් වූ මහා ජනකාය මැදට යන්නෝ දමනය වූ, හොඳටම හීලෑ වූ ගොනෙකු හෝ අශ්වයෙකු යෙදූ යානයකින්ම යති. රාජා ඉහත කී මහාජන රැස්වීම් ආදියට යන රජු ද හික්මුණු සත්ත්වයකු පිට ම නගියි. මනුස්සෙසු මනුෂ්‍යයන් අතරෙන් ද සතර ආර්ය මාර්ගයන්ගෙන් ම දමනය වූ නිර්විෂ පුද්ගලයාම ශ්‍රේෂ්ඨ වේ. යොති වාක්‍යං මෙක් මෙබඳු වූ ඉතා දරුණු, ඉවසිය නොහැකි වදන් නැවත නැවත කියන කල්හිදු ඉවසත් ද ප්‍රතිචාර නොදක්වයි ද නොවෙහෙසේ ද මෙබඳු දැමුණු පුද්ගලයා ශ්‍රේෂ්ඨය යන අරුතයි.

අස‍්සතරාති වළවාය ගද්‍රභෙන ජාතා. ආජානීයාති යං අස‍්සදම‍්මසාරථි කාරණං කාරෙති, තස‍්ස ඛිප‍්පං ජානනසමත්‍ථා. සින්‍ධවාති සින්‍ධවරට‍්ඨෙ ජාතා අස‍්සා. මහානාගාති කුඤ‍්ජරසඞ‍්ඛාතා මහාහත්‍ථිනො. අත‍්තදන‍්තොති එතෙ අස‍්සතරා වා ආජානීයා වා සින්‍ධවා වා කුඤ‍්ජරා වා වරා දන‍්තා, න අදන‍්තා. යො පන චතුමග‍්ගසඞ‍්ඛාතෙන අත‍්තදන‍්තෙන දන‍්තතාය අත‍්තදන‍්තො නිබ‍්බිසෙවනො, අයං තතොපි වරං, සබ‍්බෙහිපි එතෙහි උත‍්තරිතරොති අත්‍ථො.

අස්සතරා අශ්ව දෙනකට (වෙළඹකට) කොටලුවකු නිසා උපන්. ආජානියා අශ්වයන් දමනය කරන්නෙක් යම් දෙයක් කරයි ද එය වහා දැනගත හැකි අශ්වයෝ සින්‍ධවා සින්‍ධු රටේ උපන් අශ්වයෝ. මහානාගා කුඤ්ජර නම් වූ මහා ඇත්තු අත්ත දන්තො මේ අශ්වතරීය හෝ සෛන්‍ධව අශ්වයෝ හෝ කුඤ්ජර ඇත්තු හෝ උතුම් දමනයෙන් දැමුණාහුය. යමෙක් වනාහි සිවු මාර්ග සංඛ්‍යාත ආත්ම දමනයෙන් දැමුණාහු ද උතුම් නිවන සෙවුනා වූ ඒ ක්‍ෂීණාස්‍රවයන් වහන්සේ මෙකී දැමුණු සියලු ම සත්ත්වයන්ට වඩා ඉතා උතුම් වෙති යන අර්ථයයි.

න හි එතෙහි යානෙහීති යානි එතානි හත්‍ථියානාදියානානි, න හි එතෙහි යානෙහි කොචි පුග‍්ගලො සුපිනන‍්තෙනපි අගතපුබ‍්බත‍්තා “අගත”න‍්ති සඞ‍්ඛාතං නිබ‍්බානදිසං, තං ඨානං ගච‍්ඡෙය්‍ය. යථා පුබ‍්බභාගෙ ඉන්‍ද්‍රියදමෙන දන‍්තෙන අපරභාගෙ අරියමග‍්ගභාවනාය සුදන‍්තෙන දන‍්තො නිබ‍්බිසෙවනො සප‍්පඤ‍්ඤො පුග‍්ගලො තං අගතපුබ‍්බං දිසං ගච‍්ඡති, දන‍්තභූමිං පාපුණාති. තස‍්මා අත‍්තදමනමෙව වරන‍්ති අත්‍ථො.

නහි එතෙහි යානෙහි මේ ඉහත දැක්වූ ඇත්, අස් ආදී යානයන්ගෙන් කිසිදු පුද්ගලයෙකුට සිහිනෙන්වත් යා නොහැකි විරූ හෙයින් ‘අගත’ නම් වූ නිර්වාණයට එම බාහිර යානාවලින් යා නොහැක. පූර්ව භාගයේදී ඉන්‍ද්‍රිය දමනයෙන් දැමුණා වූ ද අපරභාගයෙහි ආර්ය මාර්ග භාවනාවෙන් මනාව දැමුණා වූ ද තමන්ම දැමුණාව වූ, නිවන සෙවුනා වූ ප්‍රඥාවන්ත පුද්ගලයා ඒ නොගියවිරූ දිශාවට යයි. දාන්ත භූමියට පැමිණෙයි. එනිසා ආත්ම දමනයම උතුම්ය යන අර්ථයයි.

විධාසු න විකම‍්පන‍්තීති සෙය්‍යස‍්ස සෙය්‍යොහමස‍්මීතිආදීසු මානවිධාසු න චලන‍්ති නප‍්පවෙධන‍්ති. විප‍්පමුත‍්තා පුනබ‍්භවාති පුනබ‍්භවපටිසන්‍ධියා පුනප‍්පුනං උප‍්පත‍්තිතො සුට‍්ඨු මුත‍්තා මුඤ‍්චිත්‍වා ඨිතා. දන‍්තභූමිමනුප‍්පත‍්තාති එකන‍්තදමනං අරහත‍්තඵලභූමිං පාපුණිත්‍වා ඨිතා. තෙ ලොකෙ විජිතාවිනොති තෙ අරහන‍්තො සත‍්තලොකෙ විජිතවිජයා විජිතවන‍්තො නාම හොන‍්ති.

විධාසු නවිකම්පන්ති ‘මම ශ්‍රේෂ්ඨයාට වඩා ශ්‍රේෂ්ඨ වෙමි’යි ආදී වශයෙන් පවත්වන මාන විධීන්හි නොසැලෙති. ඉන් පීඩා නොවෙති. විපපමුත්තා පුනබ්භවා පුනර්භවය, ප්‍රතිසන්ධි වශයෙන් නැවත නැවත ඉපදීම නැතිකර ඉන් මනාව මිදුනෝය. මිදී සිටිති. දන්තභූමිං අනුප්පත්තා ඒකාන්ත දමනයට අර්හත්ඵල භූමියට පැමිණ සිටිති. තෙ ලොකෙ විජිතාවිනො ඒ රහතන් වහන්සේලා සත්ත්ව ලෝකයෙහි දිනුවන් අතරින් ද දිනූ බැවින් ‘විජිතවන්ත’ නම් වෙති.

යස‍්මා ච භාවිතින්‍ද්‍රියො නිබ‍්භයො නිබ‍්බිකාරො දන‍්තො හොති, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො “යස‍්සින්‍ද්‍රියානී”ති ගාථමාහ. තස‍්සත්‍ථො – යස‍්ස චක‍්ඛාදීනි ඡළින්‍ද්‍රියානි ගොචරභාවනාය අනිච‍්චාදිතිලක‍්ඛණං ආරොපෙත්‍වා වාසනාභාවනාය සතිසම‍්පජඤ‍්ඤගන්‍ධං ගාහාපෙත්‍වා භාවිතානි, තානි ච ඛො අජ‍්ඣත‍්තගොචරභාවනාය, එවං පන බහිද‍්ධා ච සබ‍්බලොකෙති යත්‍ථ යත්‍ථ ඉන්‍ද්‍රියානං වෙකල‍්ලතා වෙකල‍්ලතො වා සම‍්භවො, තත්‍ථ නාභිජ‍්ඣාදිවසෙන භාවිතානීති එවං නිබ‍්බිජ‍්ඣ ඤත්‍වා පටිවිජ‍්ඣිත්‍වා ඉමං පරඤ‍්ච ලොකං සකසන‍්තතිඛන්‍ධලොකං පරසන‍්තතිඛන්‍ධලොකඤ‍්ච දන‍්තමරණං මරිතුකාමො කාලං කඞ‍්ඛති, ජීවිතක‍්ඛයකාලං ආගමෙති පතිමානෙති, න භායති මරණස‍්ස. යථාහ –

යම් හෙයකින් වැඩු ඉන්‍ද්‍රිය ඇති නිර්භය නිර්විකාර තැනැත්තේ දැමුණේ වේද එහෙයින් එම අර්ථය දක්වමින් යස්සින්‍ද්‍රියානි යන ගාථාව කියන ලදී. එහි අර්ථ මෙසේය. යමෙකුගේ චක්ඛු ආදී යස ඉඳුරන් ගෝචර භාවනාවෙන් අනිත්‍යාදී ත්‍රිලක්‍ෂණ ආරෝපනය කර, වාසනා භාවනාවෙන් සතියෙන් යුක්ත බව නැමති සුගන්ධාලේපය ද තවරා වඩන ලද්දේ ද, ඒ ඉන්‍ද්‍රිය සංවරය අධ්‍යාත්මික ගෝචර භාවනාවෙන් මෙන්ම බාහිරවද වඩන ලද්දේනුයි සබ්බලොකෙ නම් වේ. යම් යම් තැනෙක ඉන්‍ද්‍රියයන්ගේ විකලාතවක් හෝ විකල බවක් පහළ වේනම් එහි ගිජු නොවීම් වශයෙන් ඉඳුරන් වඩන ලදී. මෙසේ නිබ්බිජ්ඣං බව දැන, මනාව දැන මෙලොව, පරලොව ද තමන්ගේ හා අනුන්ගේ සන්තතිය, ස්කන්ධ ලෝකයාගේ සැරීම මරණය අපේක්‍ෂාවෙන් කාලය ගතකරයි. ජීවිතින්‍ද්‍රියේ ක්‍ෂය වීම, මරණය අපේක්‍ෂා කරයි. බලාපොරොත්තු වේ. මරණයට භය නොවේ. එය කියන ලදී.

“මරණෙ මෙ භයං නත්‍ථි, නිකන‍්ති නත්‍ථී ජීවිතෙ”. (ථෙරගා· 20);

‘මරණෙ මෙ භයං නත්‍ථි - නිකන්ති නත්‍ථි ජීවිතෙ’

“නාභිකඞ‍්ඛාමි මරණං, නාභිකඞ‍්ඛාමි ජීවිතං; කාලඤ‍්ච පතිමානෙමි, නිබ‍්බිසං භතකො යථා”ති. (ථෙරගා· 606, 654, 1002; මි· ප· 2.2.4 ථොකං විසදිසං);

‘නාභිකංඛාමි මරණං - නාභිකංඛාමි ජීවිතං, කාලං ච පතිමානෙමි - නිබ්බිසං භතකො යථා’

මට මරණය පිළිබඳ භයක් නැත. ජීවිතය පිළිබඳ බලවත් ආශාවක් ද මා හට නැත. මම මරණය ද ජීවත්වීම ද නොපතමි. කුලිය අපේක්‍ෂාවෙන් සිටින කුලීකරුවකු මෙන් මම මරණය පිළිබඳ කාලය අපේක්‍ෂාවෙන් සිටිමි.

භාවිතො ස දන‍්තොති එවං භාවිතින්‍ද්‍රියො සො දන‍්තො.

භාවිතො සදන්තො මෙසේ වඩනා ලද ඉඳුරන් ඇති ඒ දැමුණු පුද්ගලයා.

නිස‍්සයතාති තණ‍්හාදිට‍්ඨිනිස‍්සයා. ඤත්‍වා ධම‍්මන‍්ති අනිච‍්චාදීහි ආකාරෙහි ධම‍්මං ජානිත්‍වා. අනිස‍්සිතොති එවං තෙහි නිස‍්සයෙහි අනිස‍්සිතො. තෙන අඤ‍්ඤත්‍ර ධම‍්මඤාණා නත්‍ථි නිස‍්සයානං අභාවොති දීපෙති. භවාය විභවාය වාති සස‍්සතාය උච‍්ඡෙදාය වා. ඉමිස‍්සා ගාථාය නිද‍්දෙසො උත‍්තානො.

නිස්සයතා තණ්හා දෘෂ්ටි නිශ්‍රය බව ඤත්‍වා ධම්මං අනිත්‍යාදී වශයෙන් ධර්මය දැන. අනිස්සිතො මෙසේ ඒ නිශ්‍රයයන්ගෙන් මිදී, අනිශ්‍රිතව නිශ්‍රයයන්ගේ අභාවයෙන් හැර, අන්තැනක ධර්ම ඤාණය නොමැති බව මෙහිදී දීපනය කරයි. භවාය විභාවාය වා ශාස්වතව හෝ උච්ඡේදව හෝ මේ ගාථාවේ නිද්දේසයේ අර්ථ ඉතා ප්‍රකටය.

තං බ්‍රූමි උපසන‍්තොති තං එවරූපං එකෙකගාථාය වුත‍්තං උපසන‍්තොති කථෙමි. අතරී සො විසත‍්තිකන‍්ති සො ඉමං විසතාදිභාවෙන විසත‍්තිකාසඞ‍්ඛාතං මහාතණ‍්හං අතරි.

තං බ්‍රෑමි උපසන්තො මෙබඳු එක් එක් ගාථාවෙන් කියන ලද ඒ රහතන් වහන්සේ උපශාන්ත වූවෙකැයි කියමි. අතරි සො විසත්තිකං උන්වහන්සේ මේ පැතිරීගිය බැවින් ඇලුම් ඇතිකරන විසත්තික නම් මහා තණ්හාව තරණය කළ සේක.

අත‍්තනො දිට‍්ඨියා රාගො අභිජ‍්ඣාකායගන්‍ථොති සයං ගහිතදිට‍්ඨියා රඤ‍්ජනසඞ‍්ඛාතො රාගො අභිජ‍්ඣාකායගන්‍ථො. පරවාදෙසු ආඝාතො අප‍්පච‍්චයොති පරෙසං වාදපටිවාදෙසු කොපො ච අතුට‍්ඨාකාරො ච බ්‍යාපාදො කායගන්‍ථො. අත‍්තනො සීලං වා වතං වාති සයං ගහිතමෙථුනවිරතිසඞ‍්ඛාතං සීලං වා ගොවතාදිවතං වා. සීලබ‍්බතං වාති තදුභයං වා. පරාමාසොති ඉමිනා සුද‍්ධීතිආදිවසෙන පරතො ආමසති. අත‍්තනො දිට‍්ඨි ඉදංසච‍්චාභිනිවෙසො කායගන්‍ථොති සයං ගහිතදිට‍්ඨිං “ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ”න‍්ති (උදා· 54; ම· නි· 3.27, 301) අයොනිසො අභිනිවෙසො ඉදංසච‍්චාභිනිවෙසො කායගන්‍ථො. ගන්‍ථා තස‍්ස න විජ‍්ජන‍්තීති තස‍්ස ඛීණාසවස‍්ස ද‍්වෙ දිට‍්ඨිගන්‍ථා සොතාපත‍්තිමග‍්ගෙන න සන‍්ති. බ්‍යාපාදො කායගන්‍ථො අනාගාමිමග‍්ගෙන. අභිජ‍්ඣාකායගන්‍ථො අරහත‍්තමග‍්ගෙන.

අත්තනො දිට්ඨියා රාගො අභිජ්ඣාතාය ගන්‍ථො තමන් ගන්නා ලද දෘෂ්ටියේ ඇලීම්, රැඳීම් සංඛ්‍යාත රාගය අභිජ්ඣා (දැඩි ලෝභ සහගත) කාය ග්‍රන්ථයයි. පරවාදෙසු ආඝාතො අප්පච්චයො අනුන්ගේ වාදයන්හි හා ප්‍රතිවාදයන්හි කෝපය ද සතුටු නොවීම ද යන ව්‍යාපාදය කාය ග්‍රන්ථයයි. අත්තනො සීලංවා වතං වා තමන් විසින් ගන්නා ලද මෛථුන ධර්මයෙන් වැලකීම නම් වූ සීලය හෝ ගෝව්‍රතාදී ව්‍රතයක් හෝ සීලබ්බතං වා ඒ දෙකම හෝ පරාමසති මෙයින් පාරිශුද්ධිය වේයයි ආදී වශයෙන් දැඩිව අල්ලා ගනියි. අත්තනො දිට්ඨි ඉදං සච්චාභිනිවෙසො කාය ගන්‍ථො තමන් විසින් ගත් දෘෂ්ටියෙන්. ඉදමෙව සච්චං මොඝමඤ්ඤං ‘මෙයම සත්‍යය, සෙසු දහම් බොරු යැ’යි නුනුවණින් අල්ලා ගත් දෘෂ්ටිය ඉදං සත්‍යාභිනිවේෂණ කාය ග්‍රන්ථයයි. ගන්‍ථා තස්ස න විජ්ජන්ති ඒ ක්‍ෂීණාස්‍රවයාට දෘෂ්ටි ග්‍රන්ථ දෙක සෝවාන් මාර්ගයෙන් දුරු වේ. අනාගාමී මාර්ගයෙන් ව්‍යාපාද කායග්‍රන්ථය දුරුවේ. අර්මත් මාර්ගයෙන් අභිධ්‍යා කාය ග්‍රන්ථය දුරු වේ.

ඉදානි තමෙව උපසන‍්තං පසංසන‍්තො ආහ “න තස‍්ස පුත‍්තා”ති එවමාදි. තත්‍ථ පුත‍්තා අත්‍රජාදයො චත‍්තාරො. එත්‍ථ ච පුත‍්තපරිග‍්ගහාදයො පුත‍්තාදිනාමෙන වුත‍්තාති වෙදිතබ‍්බා. තෙ හිස‍්ස න විජ‍්ජන‍්ති, තෙසං වා අභාවෙන පුත‍්තාදයො න විජ‍්ජන‍්තීති. අත‍්තාති “අත‍්තා අත්‍ථී”ති ගහිතා සස‍්සතදිට‍්ඨිං නත්‍ථි. නිරත‍්තාති “උච‍්ඡිජ‍්ජතී”ති ගහිතා උච‍්ඡෙදදිට‍්ඨි.

දැන් ඒ උපශාන්ත වූ පුද්ගලයාම පසසමින්. න තස්ස පුත්තා යනාදිය කියන ලදී. එහි අත්‍රජ ආදී වශයෙන් පුත්තු සිවු දෙනෙකි. මෙහිදී ද පුතාට අයත් වස්තුව ද පුත්‍රාදී නාමයෙන්ම කියන ලදැයි දතයුතුයි. තෙහිස්ස න විජ්ජං ඔවුන්ගේ අභාවයෙන් පුත්‍රාදීහු යමෙකුට නොවෙත් ද අත්තා ආත්මය ඇතැයි යැයි ගන්නා ලද ශාස්වත දෘෂ්ටිය නැත. නිරත්තා ආත්මය විනාශ වේ යැයි ගන්නා ලද උච්ඡේද දෘෂ්ටිය නැත.

නත්‍ථීති ගහෙතබ‍්බං නත්‍ථි. මුඤ‍්චිතබ‍්බං නත්‍ථීති මොචෙතබ‍්බං නත්‍ථි. යස‍්ස නත්‍ථි ගහිතන‍්ති යස‍්ස පුග‍්ගලස‍්ස තණ‍්හාදිට‍්ඨිවසෙන ගහිතං න විජ‍්ජති. තස‍්ස නත්‍ථි මුඤ‍්චිතබ‍්බන‍්ති තස‍්ස පුග‍්ගලස‍්ස මුඤ‍්චිතබ‍්බං න විජ‍්ජති. ගාහමුඤ‍්චනසමතික‍්කන‍්තොති ගහණඤ‍්ච මොචනඤ‍්ච වීතිවත‍්තො. වුද‍්ධිපරිහානිවීතිවත‍්තොති වුඩ‍්ඪිඤ‍්ච හානිඤ‍්ච අතික‍්කන‍්තො.

ගහිතං නත්‍ථි ගතයුත්තක් නැත. මුඤ්චිතබ්බං නත්‍ථි අත්හළ යුත්තක් නැත. යස්ස නත්‍ථි ගහිතං යම් පුද්ගලයකුට තණ්හාදී වශයෙන් ගතයුත්තක් නැත. තස්ස නත්‍ථි මුඤ්චිතබ්බං ඒ පුද්ගලයාට අත්හළ යුත්තක් නැත. ගාහමුඤ්චනා සමතික්කන්තො ගැනීම ද මිදීම ද ඉක්මවූයේ. වුද්ධිපරිහානි වීතිවත්තො වැඩීම ද හානිය ද ඉක්මවා සිටියේ.

යෙන නං වජ‍්ජුං පුථුජ‍්ජනා, අථො සමණබ්‍රාහ‍්මණාති යෙන තං රාගාදිනා වජ‍්ජෙන පුථුජ‍්ජනා සබ‍්බෙපි දෙවමනුස‍්සා ඉතොව බහිද‍්ධා සමණබ්‍රාහ‍්මණා ච රත‍්තොති වා දුට‍්ඨොති වා වදෙය්‍යුං. තං තස‍්ස අපුරක‍්ඛතන‍්ති තං රාගාදිවජ‍්ජං තස‍්ස අරහතො අපුරක‍්ඛතං. තස‍්මා වාදෙසු නෙජතීති තංකාරණා නින්‍දාවචනෙසු න කම‍්පති.

යෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණ බ්‍රාහ්මණා යම් රාගාදී වරදකින් දෙව් මිනිස් ආදී සියලු පුහුදුන් පුද්ගලයෝ ද ශාසනයෙන් බාහිර වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද ඒ රහතන් වහන්සේට ‘ඇලුණෙකි’යි ‘ගැටුනෙකි’යි කියන්නේ නම් තං තස්ස අපුරක්ඛෙතං ඒ රාගාදී වැරදි ඒ රහතන් වහන්සේ විසින් පෙරටු නොකරන ලද්දේ ය. තස්මා වාදෙසු නෙජති එකරුණෙන් නින්දා වචනයන්හි කම්පා නොවේ. නෙජතී යනු නිද්දේසයේ උදෙසන පදයයි.

නෙජතීති නිද‍්දෙසස‍්ස උද‍්දෙසපදං. න ඉඤ‍්ජතීති චලනං න කරොති. න චලතීති න තත්‍ථ නමති. න වෙධතීති කම‍්පෙතුං අසක‍්කුණෙය්‍යතාය න ඵන්‍දති. නප‍්පවෙධතීති න කම‍්පති. න සම‍්පවෙධතීති න පරිවත‍්තති.

න ඉඤ්ජති නොසැලේ. න චලති එහි කම්පා නොවේ. න වෙධති කම්පා වීමට අසමත් බැවින් නොසැලේ. තප්පවෙධති කම්පා නොවේ. න සම්පවෙධති නො පෙරැළේ.

න උස‍්සෙසු වදතෙති විසිට‍්ඨෙසු අත‍්තානං අන‍්තොකත්‍වා “අහං විසිට‍්ඨො”ති අතිමානවසෙන න වදති. එස නයො ඉතරෙසු ද‍්වීසු. කප‍්පං නෙති අකප‍්පියොති සො එවරූපො දුවිධම‍්පි කප‍්පං න එති. කස‍්මා? යස‍්මා අකප‍්පියො, පහීනකප‍්පොති වුත‍්තං හොති. ඉමිස‍්සාපි ගාථාය නිද‍්දෙසො උත‍්තානොව.

න උස්සෙසු වදතෙ විශිෂ්ටයන් අතුරෙහි තමා ද ඇතුලත් කර, ‘මම විශිෂ්ටයෙක්මි’යි අතිමාන වශයෙන් නො පවසයි. ඉතිරි දෙපදයෙහි ද මේ න්‍යායෙන් අර්ථ දතයුතුයි. කප්පං නෙති අකප්පියො ඒ ක්ෂීණාශ්‍රවයා මෙබඳු දෙවැදෑරුම් වූ කල්පයට නොපැමිණේ. කුමක් නිසා ද? නොකැප වූවෙකි ප්‍රහීණ වූ කල්පන ඇත්තෙකැයි කියන ලද බැවිනි. මේ ගාථාවේ නිද්දේසයේ ද අර්ථ ඉතා ප්‍රකටය.

සකන‍්ති මය‍්හන‍්ති පරිග‍්ගහිතං. අසතා ච න සොචතීති අවිජ‍්ජමානාදිනා අසතා ච න සොචති. ධම‍්මෙසු ච න ගච‍්ඡතීති සබ‍්බධම‍්මෙසු ඡන්‍දාදිවසෙන න ගච‍්ඡති. ස වෙ සන‍්තොති වුච‍්චතීති සො එවරූපො නරුත‍්තමො “සන‍්තො”ති වුච‍්චති. ඉමිස‍්සාපි ගාථාය නිද‍්දෙසො උත‍්තානොව. අරහත‍්තනිකූටෙන දෙසනං නිට‍්ඨාපෙසි. දෙසනාපරියොසානෙ කොටිසතසහස‍්සදෙවතානං අරහත‍්තප‍්පත‍්ති අහොසි, සොතාපන‍්නාදීනං ගණනා නත්‍ථීති.

සකං මගේ යැයි ගන්නා ලද. අසතා ච න සොචති අවිද්‍යා මානවන බැවින්, නොමැති බැවින් ශෝක නො කරයි. ධම්මෙසු ච න ගච්ඡති සියලු ධර්මයන්හි ඡන්‍දාදී වශයෙන් ඇලීමට නොයයි. ස වෙ සන්තොති වුච්චති ඒ මෙබඳු වූ නරෝත්තමයා ශාන්ත වූවෙකි යි කියනු ලැබේ. මේ ගාථාවේද නිද්දේසය ප්‍රකට වූ අර්ථ ඇත්තකි. මෙසේ අර්හත්භාවය දක්වා දේශනාව ගෙනවුත් නිමා කරන ලදී. මෙම සූත්‍ර දේශනාවසානයේ දී කෙළ ලක්‍ෂ ගණනක් දෙවියෝ අර්හත්ඵලයෙහි පිහිටියහ. සෝවාන් ආදී මගඵල ලැබූවන්ගේ සංඛ්‍යාවක් නම් නැත.

සද‍්ධම‍්මප‍්පජ‍්ජොතිකාය මහානිද‍්දෙසට‍්ඨකථාය

සද්ධම්මපජ්ජොතිකා නම් මහා නිද්දේසට්ඨකථාවේ

පුරාභෙදසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

දසවන පුරාභේද සූත්‍ර වර්ණනාව නිමියේ ය.