යෙදුමෙන් කියවන්න

11. කලහවිවාදසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

11. කලහවිවාදසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා

11. කලහවිවාදසූත්‍රනිර්දේශ වර්ණනාව

එකාදසමෙ කලහවිවාදසුත‍්තනිද‍්දෙසෙ කුතොපහූතා කලහා විවාදාති කලහො ච තස‍්ස පුබ‍්බභාගො විවාදො චාති ඉමෙ කුතො ජාතා. පරිදෙවසොකා සහමච‍්ඡරා චාති පරිදෙවසොකා ච සහමච‍්ඡරා ච කුතො පහූතා. මානාතිමානා සහපෙසුණා චාති මානා ච අතිමානා ච පෙසුණා ච කුතො පහූතා. තෙති තෙ සබ‍්බෙපි අට‍්ඨ කිලෙසධම‍්මා. තදිඞ‍්ඝ බ්‍යූහීති තං මයා පුච‍්ඡිතමත්‍ථං බ්‍රූහි, යාචාමි තං අහන‍්ති. යාචනත්‍ථො හි ඉඞ‍්ඝාති නිපාතො.

එකොළොස්වන කලහ විවාද සූත්‍ර නිර්දේශයේ කුතො පහූතා කලහ විවාදා කලහය ද එහි පූර්වභාගය වූ විවාදය ද යන මේවා කොතැනින් උපන්නේ ද? පරිදෙවසෝකා සහමච්ඡරා වා පරිදේව ශෝකයෝ ද මාත්සර්යයෝ ද කොතැනින් උපන්නාහු ද? මානාතිමානා සහ පෙසුනා ච මානයෝ ද අතිමානයෝ ද පිසුනාවාචයෝ ද (කේලාම්) කොතැනින් උපන්නාහු ද? තෙ ඒ සියලු අටවැදෑරුම් කෙලෙස් ධර්ම. තදිංස බ්‍රෑහි ඒ මවිසින් විමසූ ප්‍රශ්නයට පිළිතුරු වදාළ මැනවි. මම ඒ ඉල්ලීම කරමි. යාචනාර්ථයේ ‘ඉංස’ යන නිපාතය යෙදේ.

එකෙන ආකාරෙනාති එකෙන කාරණෙන. අපරෙන ආකාරෙනාති අපරෙන කාරණෙන. ආගාරිකා දණ‍්ඩපසුතාති ගහපතිනො විහෙසමානා. පබ‍්බජිතා ආපත‍්තිං ආපජ‍්ජන‍්තාති අනගාරිකා සත‍්තසු ආපත‍්තික‍්ඛන්‍ධෙසු අඤ‍්ඤතරං ආපජ‍්ජමානා.

එකෙනාකාරෙන එක් අයුරකින්, අපරෙන ආකාරෙන අනික් කාරණයකින් අගාරිකා දණ්ඩපසූතා ගෘහපතියෝ ද ගෘහපතීන් විහෙසවති. පබ්බජිතා ආපත්තිං ආපජ්ජන්තා අනගාරිකයෝ, සත් ආපත්තිවලින් එකකට පැමිණෙන්නෝ.

කුතොපහූතාති කුතොභූතා. කුතොජාතාති කුතො පටිලද‍්ධභාවා. කුතොසඤ‍්ජාතාති උපසග‍්ගෙන පදං වඩ‍්ඪිතං. කුතොනිබ‍්බත‍්තාති කුතො නිබ‍්බත‍්තලක‍්ඛණං පත‍්තා. උපසග‍්ගෙන පදං වඩ‍්ඪෙත්‍වා “කුතොඅභිනිබ‍්බත‍්තා”ති වුත‍්තං. කුතොපාතුභූතාති කුතොපාකටීභූතා. කිං නිදානාතිආදීසු අත‍්තනො ඵලං නිදෙතීති නිදානං. එතස‍්මා ඵලං සමුදෙතීති සමුදයො. එතස‍්මා ඵලං ජායතීති ජාති. එතස‍්මා ඵලං පභවතීති පභවො. මූලං පුච‍්ඡතීති කලහස‍්ස කාරණං පුච‍්ඡති. කාරණඤ‍්හි පතිට‍්ඨට‍්ඨෙන මූලං. අත‍්තනො ඵලනිප‍්ඵාදනත්‍ථං හිනොති පවත‍්තතීති හෙතු. “හන්‍ද නං ගණ‍්හථා”ති දස‍්සෙන‍්තං විය අත‍්තනො ඵලං නිදෙතීති නිදානං. එතස‍්මා ඵලං සම‍්භවතීති සම‍්භවො. පභවති ඵලං එතස‍්මාති පභවො. සමුට‍්ඨාති එත්‍ථ ඵලං, එතෙන වා සමුට‍්ඨාතීති සමුට‍්ඨානං. අත‍්තනො ඵලං ආහරතීති ආහාරො. අපටික‍්ඛිපිතබ‍්බට‍්ඨෙන අත‍්තනො ඵලං ආරමෙතීති ආරම‍්මණං. එතං පටිච‍්ච අපටික‍්ඛිපිත්‍වා ඵලං එති පවත‍්තතීති පච‍්චයො. එතස‍්මා ඵලං සමුදෙතීති සමුදයොති එවමෙතෙසං පදානං වචනත්‍ථො වෙදිතබ‍්බො. තං සන්‍ධාය “කලහස‍්ස ච විවාදස‍්ස ච මූලං පුච‍්ඡතී”තිආදිනා නයෙන දෙසනා වුත‍්තා.

කුතො පහූතා කොතැනින් වූවාහු ද? කුතො ජාතා කොතැනින් උපන්නාහු ද? කුතො සංජාතා කොතැනින් හටගත්තාහු ද? උපසර්ගයොදා පද වඩන ලදී. කුතො නිබ්බත්තා කොතැනින් නිපන් ලක්‍ෂණයට පැමිණියාහු ද? උපසර්ග යොදා පදය වැඩිකරන ලදුව කුතො අභිනිබ්බත්තා යි කියන ලදී. කුතො පාතුභූතා කොතැනින් ප්‍රකට වූවාහුද? කිං නිදානා ආදියෙහි තමාගේ ඵලය නිදන් කෙරේනුයි නිදානං. මෙයින් ඵලය හටගත්තේනුයි සමුදයො. මෙයින් ඵලය හටගනියි ජාති. මෙයින් ඵලය ප්‍රභවය වේනුයි පභවො. මූල පුච්ඡති යනු කලහයට හේතුව විමසයි. කාරණය, හේතුව වනාහි පිහිටීම් වශයෙන් ‘මූල’ නම් වේ. තමාගේ ඵල නිෂ්පාදනය සඳහා පිහිට වේ. පවත්තේනුයි හෙතු. ‘එසේනම් මෙය ගනිවු’ යයි දක්වන්නාක් මෙන් තමාගේ ඵලය තැන්පත් කරයිනුයි නිදානං. මෙයින් ඵලය හට ගනීනුයි සම්භවො. මෙයින් ඵලය ප්‍රභවය වේනුයි පභවො. මෙහි ඵලය හටගනියි හෝ මෙයින් ඵලය හටගනියි නුයි සමුට්ඨානං. තමාගේ ඵලය ගෙනඒනුයි ආහාරො. ප්‍රතික්‍ෂේප නොකළ යුතු යන අර්ථයෙන් තමාගේ ඵලය ඇලුම් කෙරේනුයි ආරම්මණං. මෙය නිසා, මේ හේතුවෙන් අත්නොහැර මේ ඵලය පැමිණේ පවතියිනුයි පච්චයො. මෙයින් ඵලය හටගනියිනුයි සමුදයො. මේ ආකාරයෙන් මෙම පදයන්ගේ වචනාථ දතයුතුයි. ඒ සඳහා ‘කලහයේ ද විවාදයේ ද මූලය, හේතුව විචාරයි’ ආදී වශයෙන් දේශනාව පවත්වන ලදී.

පියප‍්පහූතාති පියවත්‍ථුතො ජාතා. මච‍්ඡෙරයුත‍්තා කලහා විවාදාති ඉමිනා කලහවිවාදාදීනං න කෙවලං පියවත්‍ථුමෙව, මච‍්ඡරියම‍්පි පච‍්චයං දස‍්සෙති. කලහවිවාදසීසෙන චෙත්‍ථ සබ‍්බෙපි තෙ ධම‍්මා වුත‍්තාති වෙදිතබ‍්බා. යථා ච එතෙසං මච‍්ඡරියං, තථා පෙසුණානඤ‍්ච විවාදං. තෙනාහ “විවාදජාතෙසු ච පෙසුණානී”ති. ඉමිස‍්සා ගාථාය නිද‍්දෙසො උත‍්තානත්‍ථොයෙව.

පියප්පහූතා ප්‍රිය වස්තුවෙන් හටගන්නා ලදී. මච්ඡරියයුත්තා කලහා විවාදා මේ කලහ විවාදාදිය ප්‍රියවස්තු හේතුවෙන් ම පමණක් නොව මසුරුකම නිසාත් ඇතිවේ යැයි දක්වයි. කලහ විවාද යන ශීර්ෂයෙන් ම සියලුම ඒ ක්ලේශ ධර්ම ඇතිවේයැයි මෙහිදී කියන ලද බව දතයුතුයි. මසුරුකම නිසා කලහවිවාද ඇතිවන්නාක් මෙන් විවාද ඇති වූ කල්හි කේක්ලාම් බස ද ඇති වේ. එනිසා විවාද ජාතෙසු ච පෙසුනානී යි කියන ලදී. මේ ගාථාවේ නිද්දේසය ඉතා ප්‍රකට වූ අර්ථ ඇත්තක් ම වේ.

පියා සු ලොකස‍්මිං කුතොනිදානා, යෙ චාපි ලොභා විචරන‍්ති ලොකෙති “පියප‍්පහූතා කලහා”ති යෙ එත්‍ථ වුත‍්තා, තෙ පියා ලොකස‍්මිං කුතොනිදානා, න කෙවලඤ‍්ච පියා, යෙ චාපි ඛත‍්තියාදයො ලොකෙ විචරන‍්ති ලොභහෙතු ලොභෙනාභිභූතා විචරන‍්ති, තෙසං සො ලොභො ච කුතොනිදානොති ද‍්වෙ අත්‍ථෙ එකාය පුච‍්ඡාය පුච‍්ඡති. කුතොනිදානාති චෙත්‍ථ කිංනිදානා කිංහෙතුකාති පච‍්චත‍්තවචනස‍්ස තොආදෙසො වෙදිතබ‍්බො, සමාසෙ චස‍්ස ලොපාභාවො. අථ වා නිදානාති ජාතා, උප‍්පන‍්නාති අත්‍ථො. තස‍්මා කුතො ජාතා කුතො උප‍්පන‍්නාති වුත‍්තං හොති. ආසා ච නිට‍්ඨා චාති ආසා ච තස‍්සා ආසාය සමිද‍්ධි ච. යෙ සම‍්පරායාය නරස‍්ස හොන‍්තීති යෙ නරස‍්ස සම‍්පරායාය හොන‍්ති, පරායනා හොන‍්තීති වුත‍්තං හොති. එකා එවායම‍්පි පුච‍්ඡා.

පියාසු ලොකස්මිං කුතො නිදානා යෙ චාපි ලොභා විචරන්ති ලොකෙ ප්‍රියවස්තු නිසා කලහ ඇතිවේ යැයි මෙහිදී කියන ලදී. ලෝකයේ ඒ ප්‍රියවස්තූන්ට කුමක් නිදාන වේද? කුමකින් උපන්නේ ද? හුදෙක් ප්‍රිය වස්තු පමණක් නොවේ. යම් ඒ ක්‍ෂත්‍රියාදී රජවරු ලෝභයෙන් හැසිරෙත්ද ලෝභ හේතුවෙන්, ලෝභයෙන් මැඩී හැසිරෙත්ද ඔවුන්ගේ ඒ ලෝභය ද කොතැනින් උපන්නේ ද? යන අර්ථ දෙක ම මේ එකම ප්‍රශ්නයෙන් විමසයි. කුතො නිදානා යන මෙහි කුමක් නිදාන වේද? කුමක් හේතු වේද? යන අරුතින් කිං නිදානා, කිං හේතුකා යි ප්‍රථමා විභක්ති වචනයට ‘කුතො’ යන ආදේශ වූ බව දතයුතුයි. මෙහි සමාසයක් වන බැවින් ලෝපය සිදු නොවේ. නැතහොත් ‘නිදාන’ යනු උපන්, හටගත් යන අර්ථ දෙන්නකි. එහෙයින් කුතො නිදානා යන්නෙන් කොතැනින් උපන්නේ ද? කොතැනින් හටගත්තේ ද’යි කියන ලදී. ආසා ච නිට්ඨා ච ආශාව ද ඒ ආශාවේ සමෘද්ධිය ද. යෙ සම්පරායාය නරස්ස හොන්ති යම් මිනිසකුට පිහිටක් වේද, පරලොව සඳහා පිහිට වේනුයි කියන ලදී. මේ ප්‍රශ්නය එකක්මය.

දීපා හොන‍්තීති පතිට‍්ඨා භවන‍්ති. සරණා හොන‍්තීති දුක‍්ඛනාසනා හොන‍්ති. නිට‍්ඨාපරායනා හොන‍්තීති සමිද‍්ධිපරායනා හොන‍්ති.

දීපා හොන්ති පිහිටක් වෙයි. සරණා හොන්ති දුක් නැසීමට උපකාරී වේ. නිට්ඨා පරායනො හොතී සමෘද්ධිය පිහිට කර සිටියි.

ඡන්‍දානිදානානීති කාමච‍්ඡන්‍දාදිඡන්‍දනිදානානි. යෙ චාපි ලොභා විචරන‍්තීති යෙ චාපි ඛත‍්තියාදයො ලොභා විචරන‍්ති, තෙසං ලොභොපි ඡන්‍දනිදානොති ද‍්වෙපි අත්‍ථෙ එකතො විස‍්සජ‍්ජෙති. ඉතොනිදානාති ඡන්‍දනිදානා එවාති වුත‍්තං හොති. “ඉතොනිදානා”ති හි ඡන්‍දං සන්‍ධායාහ. ඡන්‍දනිදානා හි ලොභාදයො. “ඉතොනිදානා”ති සද‍්දසිද‍්ධි චෙත්‍ථ “කුතොනිදානා”ති එත්‍ථ වුත‍්තනයෙන වෙදිතබ‍්බා. ආසාය සමිද‍්ධි වුච‍්චති නිට‍්ඨාති අජ‍්ඣාසයනිබ‍්බත‍්තිපටිලාභො කථීයති.

ඡන්‍ද නිදානානි කාමච්ඡන්‍දය නිදාන කර ඇත. යෙචාපි ලෝභා විවරන්ති යම් ඒ ක්‍ෂත්‍රියාදීහු ලෝභයෙන් හැසිරෙත් ද ඔවුන්ගේ ඒ ලෝභ සිත ද කාමච්ඡන්‍ද නිදාන කරන උපදියි යැයි යන අර්ථ දෙකම එකම පිළිතුරෙන් විසඳයි. ඉතො නිදානා කාමච්ඡන්‍දය නිදාන කරගත්තේමයැයි කියන ලදී. මේ කාමච්ඡන්‍දයෙන් යන්න පර්යේෂණ කැමැත්ත ආදී ඡන්‍දය සඳහා කියන ලදී. ලෝභාදිය ඡන්‍දය නිදාන කරගෙන ඇතිවේ. ‘ඉතො නිදානා’ යන වචනයේ පදසිද්ධිය ‘කුතො නිදානා’ යන්නට පැවසූ පරිදි දතයුතුයි. ආශාවේ සමෘද්ධිය නිට්ඨා යි කියන ලදී. අදහස් නිෂ්පත්තිය යයි ලෝකයෙහි කියනු ලැබේ.

විනිච‍්ඡයාති තණ‍්හාදිට‍්ඨිවිනිච‍්ඡයා. යෙ චාපි ධම‍්මා සමණෙන වුත‍්තාති යෙ ච අඤ‍්ඤෙපි කොධාදීහි සම‍්පයුත‍්තා, තථාරූපා වා අකුසලා ධම‍්මා බුද‍්ධසමණෙන වුත‍්තා, තෙ කුතොපහූතාති.

විනිච්ඡයා තෘෂ්ණා දෘෂ්ටි විනිශ්චය. යෙචාපි ධම්මා සමණෙන වුත්තා යම් අන්‍ය වූ ද ක්‍රෝධාදිය සමග සම්ප්‍රයුක්තව වූ හෝ ඊට සමාන වූ අකුසල ධර්ම පිළිබඳව බුද්ධ ශ්‍රමණයන් විසින් දේශනා කරන ලද්දේ ද ඒ කෙලෙස් දහම් කුමකින් උපදින්නේ ද?

අඤ‍්ඤජාතිකාති අඤ‍්ඤසභාවා. අඤ‍්ඤවිහිතකාති අඤ‍්ඤෙනාකාරෙන ඨිතා. සමිතපාපෙනාති නිබ‍්බාපිතපාපෙන. බාහිතපාපධම‍්මෙනාති පහීනලාමකධම‍්මෙන. භින‍්නකිලෙසමූලෙනාති කිලෙසමූලානි භින්‍දිත්‍වා ඨිතෙන. සබ‍්බාකුසලමූලබන්‍ධනා පමුත‍්තෙනාති ද‍්වාදසඅකුසලබන්‍ධනං මොචෙත්‍වා ඨිතෙන. වුත‍්තාති කථිතා. පවුත‍්තාති පකාරෙන කථිතා.

අඤ්ඤජාතිකා අන්‍ය ස්වභාව ඇති. අඤ්ඤ විහිතකා අනෙකෙකු විසින් කියන ලද කරුණාවෙන් සිටී. සමිත පාපෙන නිවා දැමූ පව් ඇති තැනැත්තා විසින් බාහිත පාපධම්මෙන ප්‍රහීණ කරනලද ලාමක ධර්ම ඇත්තහු විසින් භින්නකිලෙස මූලෙන කෙලෙස් මුල් බිඳ දමා සිටියහු විසින් සබ්බාකුසල බන්‍ධනා පමුත්තෙන දොළොස් අකුසල් බන්‍ධන මුදා සිටියහු විසින්. වුත්තා කියන ලදී. පවුත්තා ප්‍රකාශයට පත්කරන ලදි.

තමූපනිස‍්සාය පහොති ඡන්‍දොති තං සුඛදුක‍්ඛවෙදනං තදුභයවත්‍ථුසඞ‍්ඛාතං සාතාසාතං උපනිස‍්සාය සංයොගවියොගපත්‍ථනාවසෙන ඡන්‍දො පහොති. එත‍්තාවතා “ඡන්‍දො නු ලොකස‍්මිං කුතොනිදානො”ති අයං පඤ‍්හො විස‍්සජ‍්ජිතො හොති. රූපෙසු දිස‍්වා විභවං භවඤ‍්චාති රූපෙසු වයඤ‍්ච උප‍්පාදඤ‍්ච දිස‍්වා. විනිච‍්ඡයං කුබ‍්බති ජන‍්තු ලොකෙති අපායාදිකෙ ලොකෙ අයං ජන‍්තු භොගාධිගමත්‍ථං තණ‍්හාවිනිච‍්ඡයං “අත‍්තා මෙ උප‍්පන‍්නො”තිආදිනා නයෙන දිට‍්ඨිවිනිච‍්ඡයඤ‍්ච කුරුතෙ. එත‍්තාවතා “විනිච‍්ඡයා චාපි කුතොපභූතා”ති අයං පඤ‍්හො විස‍්සජ‍්ජිතො හොති.

තමුපනිස්සාය පහොති ඡන්‍දො ඒ සුඛ දුක්ඛ වේදනාව, ඒ දෙකින්ම යුතු සාතාසාත වේදනාව නිසා සංයෝග, වියෝග ප්‍රාර්ථනා වශයෙන් ඡන්‍දය උපදී. මෙපමණෙකින් ලෝකයෙහි ප්‍රියවස්තු කෙරෙහි කාමච්ඡන්‍දය කුමකින් ඇතිවේද’යි යන මේ ප්‍රශ්නය විසඳන ලදී. රූපෙසු දිස්වා විභවං භවඤ්ච රූපයන්හි විනාශයත් ඉපදීමත් දැක. විනිච්ඡයං කුරුතෙ ජන්තු ලොකෙ අපායාදී ලෝකයේ මේ සත්ත්වයා භෝගාධිගමය සඳහා තණ්හා දෘෂ්ටි විනිශ්චය අත්තා මෙ උප්පන්නො යනාදී නයින් දෘෂ්ටි විනිශ්චය කරන්නේය. මෙපමණෙකින් ‘තෘෂ්ණා දෘෂ්ටි විනිශ්චයෝ කොතැනින් උපන්නාහු ද?’ යන මේ ප්‍රශ්නය විසඳන ලදී.

සාතාසාතං නිස‍්සායාති මධුරඤ‍්ච අමධුරඤ‍්ච උපනිස‍්සයං කත්‍වා. ඉට‍්ඨානිට‍්ඨන‍්ති ඉට‍්ඨාරම‍්මණඤ‍්ච අනිට‍්ඨාරම‍්මණඤ‍්ච.

සාතා සාතං නිස්සාය මිහිරි වූ ද, නොමිහිරි වූ ද දෙය උපනිශ්‍රය කර. ඉට්ඨානිට්ඨඤ්ච ඉෂ්ටාරම්මණය ද අනිෂ්ටාරම්මණය ද.

සුරාමෙරයමජ‍්ජප‍්පමාදට‍්ඨානානුයොගන‍්ති එත්‍ථ සුරාති පිට‍්ඨසුරා පූවසුරා ඔදනසුරා කිණ‍්ණපක‍්ඛිත‍්තා සම‍්භාරසංයුත‍්තාති පඤ‍්ච සුරා. මෙරයන‍්ති පුප‍්ඵාසවො ඵලාසවො මධ‍්වාසවො ගුළාසවො සම‍්භාරසංයුත‍්තොති පඤ‍්ච ආසවා. තං සබ‍්බම‍්පි මදකරණවසෙන මජ‍්ජං. පමාදට‍්ඨානන‍්ති පමාදකාරණං, යාය චෙතනාය තං මජ‍්ජං පිවති, තස‍්සෙතං අධිවචනං. අනුයොගන‍්ති තං සුරාමෙරයමජ‍්ජප‍්පමාදට‍්ඨානානුයොගං අනුආයොගං පුනප‍්පුනං කරණං. යස‍්මා ච පන තං අනුයුත‍්තස‍්ස මෙ උප‍්පන‍්නා චෙව භොගා පරිහායන‍්ති, අනුප‍්පන‍්නා ච නුප‍්පජ‍්ජන‍්ති, තස‍්මා “මෙ භොගා පරික‍්ඛයං ඛීණභාවං ගච‍්ඡන‍්තී”ති ජානාති. එවං සබ‍්බත්‍ථ. විකාලවිසිඛාචරියානුයොගන‍්ති අවෙලාය විසිඛාසු චරියානුයුත‍්තං. සමජ‍්ජාභිචරණන‍්ති නච‍්චාදිදස‍්සනවසෙන සමජ‍්ජාභිගමනං. ආලස්‍යානුයොගන‍්ති කායාලසියතාය යුත‍්තප‍්පයුත‍්තතං. අපායමුඛානි න සෙවතීති භොගානං විනාසද‍්වාරානි න සෙවති.

සුරාමෙරය මජ්ජපමා දට්ඨානානුයොගං යන මෙහි සුරා යන පූවසුරා, පිටිසුරා, බත්සුරා, කිණ්ණ පක්ඛිත්ත (රා මණ්ඩි දැමූ) සහ සම්භාර සංයුත්ත යනාදී පංච සුරාවයි. මෙරයං පුප්ඵාසව, ඵලාසව, මධ්වාසව, ගුලාසව, සම්භාර සංයුත්ත යැයි මද්‍යසාර පහකි. ඒ සියල්ල මත්භාවය ඇතිකරන බැවින් ‘මජ්ජ’ නම් වේ. පමාදට්ඨානං ප්‍රමාදයට හේතුවන, යම් සිතකින් ඒ මද්‍යපාන බොන්නේ ද ඒ ක්‍රියාවට මේ තවත් වචනයකි. අනුයොගං ඒ සුරාමේරයන් මද්‍යසාරයන්, මදයට හා ප්‍රමාදයට හේතුවන පරිදි ගැනීම නැවත නැවත කිරීමයි.’ මේ මද්‍යසාර ගැනීමෙන් මගේ උපන් භවභෝග පිරිහී යයි. නූපන් භව භෝග සම්පත් නූපදියි. ඒ නිසා මගේ භව භෝග සම්පත් පිරිහීමට ක්‍ෂය වීමට යන්නේ යැයි දනියි’ සෑමතැන්හිම මෙසේ අර්ථ ගත යුතුයි. විකාල විසිඛා චරියානුයොගං නොකල්හි. වීථි සංචාරයන්හි යෙදීම. සමජ්ජාභිචරණං නෘත්‍යාදිය බලමින් පිරිස් මැද හැසීරීම. ආලස්සානුයෝගං කායික අලස භාවයෙන් යුතුව. අපාය මුඛනි වා න සෙවති භෝගයන් විනාශ වන මාර්ගාදිය හෝ සේවනය නොකරයි.

කසියා වාති කසිකම‍්මෙන වා. වණිජ‍්ජාය වාති ධම‍්මිකවණිජ‍්ජකම‍්මෙන වා. ගොරක‍්ඛෙන වාති ගොපාලකම‍්මෙන වා. ඉස‍්සත්‍ථෙන වාති ධනුසිප‍්පෙන වා. රාජපොරිසෙන වාති රාජසෙවකකම‍්මෙන වා. සිප‍්පඤ‍්ඤතරෙන වාති කුම‍්භකාරාදිසිප‍්පානං අඤ‍්ඤතරෙන වා. පටිපජ‍්ජතීති පයොගං කරොති. චක‍්ඛුස‍්මිං උප‍්පන‍්නෙ ජානාතීති සසම‍්භාරචක‍්ඛුස‍්මිං උප‍්පන‍්නෙ ජානාති. “අත‍්තා මෙ උප‍්පන‍්නො”ති දිට‍්ඨිං ගණ‍්හාති. චක‍්ඛුස‍්මිං අන‍්තරහිතෙති තස‍්මිං විනට‍්ඨෙ. අත‍්තා මෙ අන‍්තරහිතොති “මම අත‍්තා විනට‍්ඨො”ති දිට‍්ඨිං ගණ‍්හාති. විගතො මෙ අත‍්තාති වීතික‍්කන‍්තො මම අත‍්තා. සොතස‍්මින‍්තිආදීසුපි එසෙව නයො.

කසියා වා කෘෂිකර්මාන්තයෙන් හෝ වානිජ්ජාය වා ධාර්මික වෙළඳාමෙන් හෝ ගොරක්ඛෙන ගවපාලනයෙන් හෝ. ඉස්සත්‍ථෙන වා දුනු ශිල්පාදියකින් හෝ රාජාපොරි සෙන වා රාජ්‍ය සේවයෙන් හෝ සිප්පඤ්ඤතරෙන වා කුඹල් කර්මාන්තය ආදී අනෙකුත් ශිල්පයකින් හෝ පටිපජ්ජති ප්‍රයෝග කරයි. චක්ඛුස්මිං උප්පන්නො ජානාති සසම්භාර චක්‍ෂුව උපන් කල්හි දැනගනියි. අත්තා මෙ උප්පන්නො දෘෂ්ටිය ගනියි. චක්ඛුස්මිං අන්තරහිතෙ ඒ ඇස් නැසුණු කල්හි. අත්තා මෙ අන්තරහිතො මගේ ආත්මය නැසුණේයැයි යන දෘෂ්ටිය ගනියි. විගතො මෙ අත්තා මගේ ආත්මය ඉක්මගියේය. නැසුණේය. සොත සමිං යනාදියෙහි ද මේ ක්‍රමයෙන් අර්ථ ගත යුතුයි.

එතෙපි ධම‍්මා ද‍්වයමෙව සන‍්තෙති එතෙ කොධාදයො ධම‍්මා සාතාසාතද‍්වයෙ සන‍්තෙ එව හොන‍්ති උප‍්පජ‍්ජන‍්ති. එත‍්තාවතා තතියපඤ‍්හොපි විස‍්සජ‍්ජිතො හොති. ඉදානි යො එවං විස‍්සජ‍්ජිතෙසු එතෙසු පඤ‍්හෙසු කථංකථී භවෙය්‍ය, තස‍්ස කථංකථාපහානූපායං දස‍්සෙන‍්තො ආහ “කථංකථී ඤාණපථාය සික‍්ඛෙ”ති, ඤාණදස‍්සනඤාණාධිගමනත්‍ථං තිස‍්සො සික‍්ඛා සික‍්ඛෙය්‍යාති වුත‍්තං හොති. කිංකාරණා? ඤත්‍වා පවුත‍්තා සමණෙන ධම‍්මා. බුද‍්ධසමණෙන හි ඤත්‍වා ධම‍්මා වුත‍්තා, නත්‍ථි තස‍්ස ධම‍්මෙසු අඤ‍්ඤාණං, අත‍්තනො පන ඤාණානුභාවෙන තෙ අජානන‍්තො න ජානෙය්‍ය, න දෙසනාදොසෙන. තස‍්මා කථංකථී ඤාණපථාය සික‍්ඛෙ, ඤත්‍වා පවුත‍්තා සමණෙන ධම‍්මාති.

එතෙපි ධම්මා ද්වයමෙව සන්තෙ මේ ක්‍රෝධාදී ධර්මයෝ සාත අසාත යන ධර්ම දෙක ඇති කල්හිම ඇති වෙති උපදිති. මෙපමණකින් තුන්වන ප්‍රශ්ණයද විසදන ලදී. දැන් යමෙක් මෙසේ විසඳන ලද මේ ප්‍රශ්නවල, සැකසංකා සහිත බවට පත්වන්නේ නම්, ඒ ඔහුගේ සැක සංකා ප්‍රහානය කිරිමට උපායක් දක්වමින් ‘කථංකථි ඤාණපථය සික්ඛෙ’ යන්න වදාළහ. ඤාණ දර්ශන ඤාණාධිගමනය සඳහා ත්‍රිවිධ ශික්‍ෂාවේ හික්මෙන්නේ යැයි කියන ලදී. කුමක් හෙයින් ද? ඤත්‍වා පවුත්තා සමණෙන ධම්මා බුද්ධ ශ්‍රමණය විසින් දැනගෙනම ධර්මය වදාළ හෙයිනි. උන්වහන්සේට ධර්මය පිළිබඳ අවබෝධයක් නම් නැත. තමාට ඥාණය නොමැති හෙයින් ම ඔවුහු ඒ ධර්ම කරුණු අවබෝධ කර නොගන්නේ ඒ ධර්මය නොමදන්නෝය. එය දේශනාවේ දෝෂයක් නොවේ. එනිසා තථාගතයන් හික්මීම දේශනා කරන ලදී.

පක‍්ඛෙපබන්‍ධනෙන වා බද‍්ධොති නාගරිකබන්‍ධෙන බද‍්ධො. පරික‍්ඛෙපබන්‍ධනෙන වාති වතිපරික‍්ඛෙපබන්‍ධනෙන වා. ගාමබන්‍ධනෙනාතිආදීසු තස‍්මා තස‍්මා ඨානතො නික‍්ඛමිතුං අලභන‍්තො ගාමබන්‍ධනාදීහි බද‍්ධො නාම හොති. තස‍්ස බන්‍ධනස‍්ස මොක‍්ඛත්‍ථායාති එතස‍්ස වුත‍්තප‍්පකාරස‍්ස බන්‍ධනස‍්ස මොචනත්‍ථං.

පරික්ඛෙප බන්‍ධනෙන වා බද්ධො බන්ධනාගාරගත කරන බන්‍ධනයෙන් බඳනා ලදී. පරික්ඛ බන්‍ධනෙන වා වැටකින් වටකර හෝ බඳින ලද්දේ නම් වේ. තස්ස බන්‍ධනස්ස මුත්තත්‍ථාය ඒ කියන ලද ආකාර ඇති බන්‍ධනයන්ගෙන් මිදීමට.

ඤාණම‍්පි ඤාණපථොති පුරෙ උප‍්පන‍්නං ඤාණං අපරාපරුප‍්පන‍්නස‍්ස ඤාණම‍්පි ඤාණස‍්ස සඤ‍්චරණමග‍්ගොති ඤාණම‍්පි ඤාණපථො. ඤාණස‍්ස ආරම‍්මණම‍්පි ඤාණපථොති ඤාණස‍්ස පච‍්චයොපි තං ආලම‍්බිත්‍වා උප‍්පජ‍්ජනතො ඤාණපථො. ඤාණසහභුනොපි ධම‍්මා ඤාණපථොති ඤාණෙන සහුප‍්පන‍්නා අවසෙසා චිත‍්තචෙතසිකා ධම‍්මාපි ඤාණපථො. ඉදානි උපමාය සාධෙන‍්තො “යථා අරියමග‍්ගො අරියපථො”තිආදිමාහ.

ඤාණම්පි ඤාණපථො මුලින් උපන් ඤාණය ඉන් අනතුරුව උපන් ඤාණයම හැසිරෙන මාර්ගයක් වේනුයි ඤාණය ද ඤාණපථයක් වේ. ඤාණස්ස ආරම්මණම්පි ඤාණපථො ඤාණයට ප්‍රත්‍යය වී එහි එල්බී ඉපදෙන හෙයින් ඤාණපථයයි. ඤානසහභූනොපි ධම්මා ඤාණපථො ඤාණය සමග එකට උපන් අවශේෂ චිත්ත චෛතසික ධර්ම ඤාණපථ යි. දැන් උපමාවකින් කරුණු දක්වමින් “ආර්යමාර්ගය, ආර්යපථය, මෙනි” යනාදිය කියන ලදී.

කථංකථී පුග‍්ගලොති විචිකිච‍්ඡාවන‍්තො පුග‍්ගලො. සකඞ‍්ඛොති සද‍්වෙළ‍්හකො. සවිලෙඛොති චිත‍්තරාජිවන‍්තො. සද‍්වෙළ‍්හකොති කඞ‍්ඛාවන‍්තො. සවිචිකිච‍්ඡොති සන්‍දෙහවන‍්තො. ඤාණාධිගමායාති ඤාණපටිලාභත්‍ථාය. ඤාණඵුසනායාති ඤාණපටිවිජ‍්ඣනත්‍ථාය. අථ වා ඤාණවින්‍දනත්‍ථාය. ඤාණසච‍්ඡිකිරියායාති ඤාණස‍්ස පච‍්චක‍්ඛකරණත්‍ථාය. සනිදානාහන‍්ති අහං සනිදානං සපච‍්චයං කත්‍වා ධම‍්මදෙසනං කරොමි. සප‍්පාටිහාරියන‍්ති නිය්‍යානිකං කත්‍වා. නො අප‍්පාටිහාරියන‍්ති අනිය්‍යානිකං අකත්‍වා ධම‍්මදෙසනං කරොමි.

කථං කථි පුග්ගලො විචිකිච්ඡාව ඇති පුද්ගලයා. සකඞ්ඛො සැක සංකා සහිත. සවිලෙඛො සිතේ හිරි ඇතිව. සදෙවළහකො සැක සහිතව සච්චිකච්ඡො සැකයෙන් යුක්තව ඤාණාධිගාමය ඤාණ ප්‍රතිලාභය සදහා. ඤාණසච්ඡිකිරියා ය ඤාණයේ ප්‍රත්‍යක්‍ෂකරණය සඳහා සනිදානං මම නිදාන සහිතව, ප්‍රත්‍යය සහිතව ධර්මදේශනා කරමි. සප්පටිහාරියං නෛර්යානික වූ දෙය නෛර්යාණික කර නො අප්පටිහාරියං අනෛර්යාණික වූවක් නොකර නෛර්යාණික වූවක් කර දහම් දෙසමි.

සාතං අසාතඤ‍්ච කුතොනිදානාති එත්‍ථ සාතාසාතන‍්ති සුඛදුක‍්ඛවෙදනා එව අධිප‍්පෙතා . න භවන‍්ති හෙතෙති න භවන‍්ති එතෙ. විභවං භවඤ‍්චාපි යමෙතමත්‍ථං, එතං මෙ පබ්‍රූහි යතොනිදානන‍්ති සාතාසාතානං විභවං භවඤ‍්ච එතම‍්පි යං අත්‍ථං. ලිඞ‍්ගබ්‍යත‍්තයො එත්‍ථ කතො. ඉදං පන වුත‍්තං හොති – සාතාසාතානං විභවො භවො චාති යො එස අත්‍ථො, එතං මෙ පබ්‍රූහි යතොනිදානන‍්ති. එත්‍ථ ච සාතාසාතානං විභවභවවත්‍ථුකා විභවභවදිට‍්ඨියො එව විභවභවාති අත්‍ථතො වෙදිතබ‍්බා. තථා හි ඉමස‍්ස පඤ‍්හස‍්ස විස‍්සජ‍්ජනපක‍්ඛෙ “භවදිට‍්ඨිපි ඵස‍්සනිදානා, විභවදිට‍්ඨිපි ඵස‍්සනිදානා”ති උපරි නිද‍්දෙසෙ (මහානි· 105) වක‍්ඛති. ඉමාය ගාථාය නිද‍්දෙසෙ වත‍්තබ‍්බං නත්‍ථි.

සාතං අසාතඤ්ච කුතො නිදානා යන මෙහි සාතසාතං යන මෙහි සුව දුක් වේදනාව ම අදහස් කරන ලදී. න භවන්ති හෙතෙ මේ ධර්මය නොවෙත් ද? විභවං භවඤ්චාපි යමෙතමත්‍ථං එතං මෙ පබුදහි යතො නිදානං සාතසාතයන්ගේ විනාශය ද පහළවීම ද යන මේ යම් අර්ථයක් ලිංගව්‍යාක්තියෙන් මෙහි තබන ලදී. මෙය කියන ලද්දේය. “සාතාසාතයන්ගේ විනාශය ද පහළවීම ද” යන මේ ප්‍රකාශයේ අර්ථ මා හට කියන්න. ඊට නිදාන කුමක් ද? මෙහි ද සාතසාතයන්ගේ නැතිවීම, ඇතිවීම වස්තු කරගත් විභව, භව දෘෂ්ටීහුම නැතිවීම (විභව) ඇතිවීම (භව) වශයෙන් අර්ථ දතයුතුයි. ඒ එසේමැයි ගාථාවෙහි දී මේ ප්‍රශ්නය විසඳමින් භව දෘෂ්ටියටත් විභව දෘෂ්ටියටත් ස්පර්ශය නිදාන වේ යැයි කියවේ. මෙම ගාථාවෙහි නිද්දේසයේ අමුතුවෙන් අර්ථ කිවයුත්තක් නැත.

ඉතොනිදානන‍්ති ඵස‍්සනිදානං. ඉමායපි වත‍්තබ‍්බං නත්‍ථි.

ඉතො නිදානං ස්පර්ශය (ඵස්සය) නිදාන කරගෙන. මේ ගාථාවේ හා නිද්දේසයේ ද කිවයුත්තක් නැත.

කිස‍්මිං විභූතෙ න ඵුසන‍්ති ඵස‍්සාති කිස‍්මිං වීතිවත‍්තෙ චක‍්ඛුසම‍්ඵස‍්සාදයො පඤ‍්ච ඵස‍්සා න ඵුසන‍්ති. ඉමායපි වත‍්තබ‍්බං නත්‍ථි.

[missing trans]

නාමඤ‍්ච රූපඤ‍්ච පටිච‍්චාති සම‍්පයුත‍්තකනාමඤ‍්ච වත්‍ථාරම‍්මණරූපඤ‍්ච පටිච‍්ච. රූපෙ විභූතෙ න ඵුසන‍්ති ඵස‍්සාති රූපෙ වීතිවත‍්තෙ පඤ‍්ච ඵස‍්සා න ඵුසන‍්ති.

නාමඤ්ච රූපඤ්ච පටිච්ච සම්ප්‍රයුක්ත නාමය ද වස්තු ආලම්භන රූපය ද නිසා රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා රූපය ඉක්මවූ කල්හි පංච ස්පර්ශයෝ ස්පර්ශ නොකෙරති.

තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සොති චක‍්ඛුරූපවිඤ‍්ඤාණානං තිණ‍්ණන‍්නං සඞ‍්ගතියා ඵස‍්සො ජායති. චක‍්ඛු ච රූපා ච රූපස‍්මින‍්ති පසාදචක‍්ඛුඤ‍්ච රූපාරම‍්මණානි ච රූපභාගෙ රූපකොට‍්ඨාසෙ කත්‍වා. චක‍්ඛුසම‍්ඵස‍්සං ඨපෙත්‍වාති තිණ‍්ණං සඞ‍්ගතියා උප‍්පන‍්නඵස‍්සං මුඤ‍්චිත්‍වා. සම‍්පයුත‍්තකා ධම‍්මා නාමස‍්මින‍්ති අවසෙසා වෙදනාදයො ඵස‍්සෙන සහජාතා ධම‍්මා නාමභාගෙ. සොතඤ‍්ච පටිච‍්චාතිආදීසුපි එසෙව නයො.

තිණ්ණං සංගති ඵස්සො ඇස, රූපය, විඤ්ඤාණය යන තුනේ එකතුවීමෙන් ස්පර්ශය හටගනියි. චක්ඛු ච රූපා ච රූපස්මිං ප්‍රසාද චක්‍ෂුවද රූපාලම්බනයෝද රූප කොටසෙහි රූප භාගයේ කොටැ, චක්ඛු සම්ඵස්සං ඨපෙත්‍වා ඉහත කී ධර්ම තුනේ එකතු වීමෙන් උපන් ස්පර්ශය හැර සම්පයුත්තකා ධම්මා නාමස්මිං අවශේෂ වූ වේදනා දී ස්පර්ශයක් සමග එකට උපන් ධර්ම නාම කොටසෙහි වැටේ. සොතඤ්ච පටිච්ච යනාදියෙහි ද මේ ක්‍රමයමයි.

චතූහාකාරෙහි රූපං විභූතං හොතීති චතූහි කාරණෙහි රූපං වීතිවත‍්තං හොති. ඤාතවිභූතෙනාති පාකටං කත්‍වා වීතිවත‍්තෙන. තීරණවිභූතෙනාති අනිච‍්චාදිතො තීරයිත්‍වා වීතිවත‍්තෙන. පහානවිභූතෙනාති ඡන්‍දරාගපහානතො වීතිවත‍්තෙන. සමතික‍්කමවිභූතෙනාති චතුන‍්නං අරූපසමාපත‍්තීනං පටිලාභවසෙන වීතිවත‍්තෙන.

චතුහාකාරයෙහි රූපං විභූතං හොති සතර අයුරකින් රූපය ඉක්මවන ලදී. ඤාත වීතිවත්තෙන ප්‍රකට කර ඉක්මවීමෙන් තීරණ විභූතෙන අනිත්‍යදී වශයෙන් තීරණය කර. ඉක්මවීමෙන් පහාන විභූතෙන ජන්‍දරාග ප්‍රහාණ වශයෙන් ඉක්මවීමෙන්. සමතික්කම්ම විභූතෙන සතරවැදෑරුම් අරූප සමාපත්තීන්ගේ ප්‍රතිලාභ වශයෙන් ඉක්මවීමෙන්.

කථං සමෙතස‍්සාති කථං පටිපන‍්නස‍්ස. විභොති රූපන‍්ති රූපං විභවති, න භවෙය්‍ය වා. සුඛං දුඛඤ‍්චාති ඉට‍්ඨානිට‍්ඨරූපමෙව පුච‍්ඡති.

කථං සමෙතස්ස කෙසේ පිළිපන්නහුට. විභොති රූපං රූපය පහළ නොවේද? න විභවෙය්‍ය වා සුඛං දුක්ඛං වා ඉෂ්ටානිෂ්ට රූප පිළිබඳවම විචාරයි.

ජානෙය්‍යාමාති ජානිස‍්සාම. ආජානෙය්‍යාමාති විසෙසෙන ජානිස‍්සාම. විජානෙය්‍යාමාති අනෙකවිධෙන ජානිස‍්සාම. පටිවිජානෙය්‍යාමාති සම‍්මා ජානිස‍්සාම. පටිවිජ‍්ඣෙය්‍යාමාති චිත‍්තෙන බුජ‍්ඣිස‍්සාම.

ජානෙය්‍යාම දැන ගන්නෙමු. අජානෙය්‍යාම විශේෂයෙන් දැනගන්නෙමු. පජානෙය්‍යාම ප්‍රකර්ශ වශයෙන් දැනගන්නෙමු. පටිවිජානෙය්‍යාම මනාව දැනගන්නෙමු. පටිවිජ්ඣෙය්‍යාම සිතින් අවබෝධ කරගන්නෙමු.

න සඤ‍්ඤසඤ‍්ඤීති යථා සමෙතස‍්ස විභොති රූපං, සො පකතිසඤ‍්ඤාය සඤ‍්ඤීපි න හොති. න විසඤ‍්ඤසඤ‍්ඤීති විසඤ‍්ඤායපි විරූපාය සඤ‍්ඤාය විසඤ‍්ඤී න හොති උම‍්මත‍්තකො වා ඛිත‍්තචිත‍්තො වා. නොපි අසඤ‍්ඤීති සඤ‍්ඤාවිරහිතොපි න හොති නිරොධසමාපන‍්නො වා අසඤ‍්ඤසත‍්තො වා. න විභූතසඤ‍්ඤීති “සබ‍්බසො රූපසඤ‍්ඤාන”න‍්තිආදිනා (විභ· 508) නයෙන සමතික‍්කන‍්තසඤ‍්ඤීපි න හොති අරූපජ‍්ඣානලාභී. එවං සමෙතස‍්ස විභොති රූපන‍්ති එතස‍්මිං සඤ‍්ඤසඤ‍්ඤිතාදිභාවෙ අට‍්ඨත්‍වා යදෙතං වුත‍්තං “සො එවං සමාහිතෙ චිත‍්තෙ…පෙ… ආකාසානඤ‍්චායතනසමාපත‍්තිපටිලාභත්‍ථාය චිත‍්තං අභිනීහරතී”ති, එවං සමෙතස‍්ස අරූපමග‍්ගසමඞ‍්ගිනො විභොති රූපං. සඤ‍්ඤානිදානා හි පපඤ‍්චසඞ‍්ඛාති එවං පටිපන‍්නස‍්සාපි ච යා සඤ‍්ඤා, තංනිදානා තණ‍්හාදිට‍්ඨිපපඤ‍්චාස‍්ස අප‍්පහීනාව හොන‍්තීති දස‍්සෙති.

න සඤ්ඤ සඤ්ඤී යම්සේ රූපය නොවන සේ පිළිපන් හෙතෙම ප්‍රකෘති සංඥාවෙන් සංඥා ඇත්තේ නොවෙයි. න විසඤ්ඤ සඤ්ඤී විකෘති සංඥාවෙන් විසංඥ වුයේ නොවෙයි. උම්මත්තකයෙක් හෝ පිස්සු වැටුනෙක් නොවෙයි. නො පි අසඤ්ඤී සංඥාවෙන් තොර වූවෙක් ද නොවෙයි. නිරෝධ සමාපත්තියට සමවැදුනෙක් හෝ අසංඥතලයේ උපන් සත්ත්වයෙක් හෝ නොවේ. න විභූතස්සඤ්ඤී සර්වප්‍රකාරයෙන් ම රූප සංඥාවන්ගේ යැයි කියූ න්‍යායෙන් මනාව ඉක්ම වූ සංඥා ඇත්තේ ද නොවේ. අරූප ධ්‍යානලාභියෙක් ද නොවෙයි. එවං සමෙතස්ස විභොති රූපං මෙසේ සංඥා සංඥතාදිභාවයෙහි නොසිටි කියන ලද අයුරින් “හෙතෙම මෙසේ සතරවන ධ්‍යානයෙන් සිත එකඟ වූ කල්හි -පෙ- ආකාසානඤචායතන සමාපත්ති. ප්‍රතිලාභය පිණිස සිත එළවයි. මෙසේ පිළිපන්නහුට අරූප චිත්තයෙන් යුක්ත බැවින් රූපය නොවෙයි. සඤ්ඤා නිදානා හි පපඤ්චසංඛා මෙසේ පිළිපන් පුද්ගලයාට යම් සංඥාවක් තණ්හාදී ප්‍රපංචයෙන් නිදාන කර ඇත්තේ ද ඒ සංඥාව අප්‍රහීණව පවතී යැයි දක්වයි.

අසඤ‍්ඤිනො වුච‍්චන‍්ති නිරොධසමාපන‍්නාති සඤ‍්ඤාවෙදනා නිරොධෙත්‍වා නිරොධසමාපන‍්නා සඤ‍්ඤාභාවෙන අසඤ‍්ඤිනොති කථීයන‍්ති. අසඤ‍්ඤසත‍්තාති සබ‍්බෙන සබ‍්බං සඤ‍්ඤාභාවෙන අසඤ‍්ඤභවෙ නිබ‍්බත‍්තා.

අසඤ්ඤිනො වුච්චන්ති නිරොධ සමාපන්නා සංඥාව, වේදනාව දුරුකර නිරෝධ සමාපත්තියට සමවැදුණු පුද්ගලයෝ සංඥාව නැති හෙයින් “අසඤ්ඤී” යැයි කියති. අසඤ්ඤ සත්තා සර්වප්‍රකාරයෙන් ම සියලු සංඥා දුරුවූ හෙයින් අසංඥා භාවයෙහි උපන්.

සො එවං සමාහිතෙ චිත‍්තෙති තත්‍ථ සොති සො භික‍්ඛු. එවන‍්ති චතුත්‍ථජ‍්ඣානක‍්කමනිදස‍්සනමෙතං, ඉමිනා කමෙන චතුත්‍ථජ‍්ඣානං පටිලභිත්‍වාති වුත‍්තං හොති. සමාහිතෙති ඉමිනා චතුත්‍ථජ‍්ඣානසමාධිනා සමාහිතෙ. පරිසුද‍්ධෙතිආදීසු පන උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිභාවෙන පරිසුද‍්ධෙ. පරිසුද‍්ධත‍්තායෙව පරියොදාතෙ, පභස‍්සරෙති වුත‍්තං හොති. සුඛාදීනං පච‍්චයානං ඝාතෙන විහතරාගාදිඅඞ‍්ගණත‍්තා අනඞ‍්ගණෙ. අනඞ‍්ගණත‍්තා එව ච විගතූපක‍්කිලෙසෙ. අඞ‍්ගණෙන හි චිත‍්තං උපක‍්කිලිස‍්සති. සුභාවිතත‍්තා මුදුභූතෙ, වසීභාවප‍්පත‍්තෙති වුත‍්තං හොති. වසෙ වත‍්තමානඤ‍්හි චිත‍්තං මුදූති වුච‍්චති. මුදුත‍්තායෙව ච කම‍්මනියෙ, කම‍්මක‍්ඛමෙ කම‍්මයොග‍්ගෙති වුත‍්තං හොති. මුදු හි චිත‍්තං කම‍්මනියං හොති සුද‍්ධන‍්තමිව සුවණ‍්ණං. තදුභයම‍්පි ච සුභාවිතත‍්තායෙව. යථාහ “නාහං, භික‍්ඛවෙ, අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, යං එවං භාවිතං කම‍්මනියං හොති යථයිදං, භික‍්ඛවෙ, චිත‍්ත”න‍්ති (අ· නි· 1.22).

“සො එවං සමාහිතෙ චිත්තෙ” එහි සෝ යනු ඒ භික්‍ෂුව එවං යනු සිව්වන ධ්‍යානයට සමවැදීම දක්වන්නකි. මේ ක්‍රමයෙන් සතරවන ධ්‍යානයට සමවැදී යැයි කියන ලදී. සමාහිතෙ මේ සතරවන ධ්‍යාන සමාධියෙන් සිත එකඟ වූ කල්හි, පරිසුද්ධෙ ආදියෙහි ද උපේක්‍ෂා සති පාරිශුද්ධියෙන් පිරිසිදු වු. ඉතා පිරිසිදු වූ හෙයින් ම පරියොදාතෙ ප්‍රභාස්වර වූ යැයි කියන ලදී. සුඛාදී ප්‍රත්‍යයන්ගේ නැසීමෙන්, දුරුකළ රාගාදී අංගන ඇති බැවින් අනංගනෙ අනංගන වූ හෙයින් ම විගතුපක්කි ලෙසෙ, අංගනයන්ගෙන් සිත කිළිටි වන්නේය. මනාව වඩන ලද හෙයින් මුදූභූතෙ. වශීභාවයට පැමිණි කල්හි කියන ලද්දේ වෙයි. වසඟයට පමුණුවා ගත් සිත මුදු වූවකැයි කියයි. මෘදු වූ බැවින්ම කම්මණීයෙ කර්මක්‍ෂම වූ කර්ම යෝග්‍ය වූයේයැයි කියන ලදී. මෘදු වූ සිත කර්මණ්‍ය වේ. මනාව පිරිසිදු කළ ස්වර්ණයක් මෙනි. මේ දෙකම ඇති වූයේ මනාව වැඩු හෙයිනි. එය කියන ලදී. – “මහණෙනි මම වෙනත් එකදු ධර්මයක්වත් නොදකින්නෙමි. මෙසේ මනාව වඩන ලද්දේ බහුල වශයෙන් වඩන ලද්දේ මෘදු බවට ද කර්මණ්‍ය බවටද පැමිණෙන සිත වැනි (අන් එකදු ධර්මයක් නොදකිමි.)

එතෙසු හි පරිසුද‍්ධභාවාදීසු ඨිතත‍්තා ඨිතෙ. ඨිතත‍්තායෙව ආනෙඤ‍්ජප‍්පත‍්තෙ අචලෙ නිරිඤ‍්ජනෙති වුත‍්තං හොති. මුදුකම‍්මඤ‍්ඤභාවෙන වා අත‍්තනො වසෙ ඨිතත‍්තා ඨිතෙ. සද‍්ධාදීහි පරිග‍්ගහිතත‍්තා ආනෙඤ‍්ජප‍්පත‍්තෙ. සද‍්ධාපරිග‍්ගහිතඤ‍්හි චිත‍්තං අස‍්සද‍්ධියෙන න ඉඤ‍්ජති, වීරියපරිග‍්ගහිතං කොසජ‍්ජෙන න ඉඤ‍්ජති, සතිපරිග‍්ගහිතං පමාදෙන න ඉඤ‍්ජති, සමාධිපරිග‍්ගහිතං උද‍්ධච‍්චෙන න ඉඤ‍්ජති, පඤ‍්ඤාපරිග‍්ගහිතං අවිජ‍්ජාය න ඉඤ‍්ජති, ඔභාසගතං කිලෙසන්‍ධකාරෙන න ඉඤ‍්ජති. ඉමෙහි ඡහි ධම‍්මෙහි පරිග‍්ගහිතුං ආනෙඤ‍්ජප‍්පත‍්තං හොති. එවං අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං චිත‍්තං අභිනීහාරක‍්ඛමං හොති ආකාසානඤ‍්චායතනසමාපත‍්තිපටිලාභත්‍ථාය.

මෙ කියන ලද පිරිසිදු භාවයන්හි සිටි බැවින් ඨිතෙථ, සිටි බැවින්ම ආනෙජ්ජප්පතෙත අචල වූ, අම්පිත වූයේ යැයි කියන ලදී. මෘදු කර්මණ්‍ය භාවයෙන් හෝ තම වසඟයේ පවත්වා ගත යුතු බැවින් ඨිතෙ. ශ්‍රද්ධාදියෙන් මනාව පිළිගත් බැවින් ආනෙජ්ජප්පතෙත. ශ්‍රද්ධාවෙන් අල්ලාගත් සිත, අශ්‍රද්ධාවන්හි කම්පා නොවේ. වීර්යයෙන් අල්ලාගත් සිත, කුසීත භාවෙහි කම්පා නොවේ. සිහියෙන් අල්වාගත් සිත ප්‍රමාදයෙහි කම්පා නොවේ. සමාධියෙන් අල්වාගත් සිත විසිරීයෑමෙහි කම්පා නොවේ. ප්‍රඥාවෙන් අල්ලාගත් සිත අවිද්‍යාවෙන් කම්පා නොවේ. ආලෝකයෙන් යුක්ත වූ සිත කෙළෙස් අඳුරෙන් කම්පා නොවේ. මෙසේ මේ සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා හා ඕභාස යන ධර්ම සයෙන් මනාව අල්වාගත් (පරිගෘහිත) සිත නිශ්චල බවට පත් වේ. මෙසේ උක්ත මෘදු බව, කර්මණ්‍ය බව හා සද්ධාදී ධර්මතා සය යන අංග අටෙන් යුක්ත සිත ඉදිරියට ගෙන යෑමට සුදුසු වේ. එය ඉදිරි ආකාසානඤ්චායතනාදී ධ්‍යාන සමාපත්ති ලැබීමට සුදුසු වේ.

අපරො නයො – චතුත්‍ථජ‍්ඣානසමාධිනා සමාහිතෙ. නීවරණදූරීභාවෙන පරිසුද‍්ධෙ. විතක‍්කාදිසමතික‍්කමෙන පරියොදාතෙ. ඣානපටිලාභපච‍්චනිකානං පාපකානං ඉච‍්ඡාවචරානඤ‍්ච අභාවෙන අනඞ‍්ගණෙ. ඉච‍්ඡාවචරානන‍්ති ඉච‍්ඡාය අවචරානං, ඉච‍්ඡාවසෙන ඔතිණ‍්ණානං පවත‍්තානං නානප‍්පකාරානං කොපඅප‍්පච‍්චයානන‍්ති අත්‍ථො. අභිජ‍්ඣාදීනං චිත‍්තූපක‍්කිලෙසානං විගමෙන විගතූපක‍්කිලෙසෙ. උභයම‍්පි චෙතං අඞ‍්ගණසුත‍්තවත්‍ථසුත‍්තානුසාරෙනෙව (ම· නි· 1.57 ආදයො, 70 ආදයො) වෙදිතබ‍්බං. වසිප‍්පත‍්තියා මුදුභූතෙ. ඉද‍්ධිපාදභාවූපගමනෙන කම‍්මනියෙ. භාවනාපාරිපූරියා පණීතභාවූපගමෙන ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ, යථා ආනෙඤ‍්ජභාවං ආනෙඤ‍්ජප‍්පත‍්තං හොති, එවං ඨිතෙති අත්‍ථො. එවම‍්පි අට‍්ඨඞ‍්ගසමන‍්නාගමෙන චිත‍්තං අභිනීහාරක‍්ඛමං හොති ආකාසානඤ‍්චායතනසමාපත‍්තිපටිලාභත්‍ථාය පාදකං පදට‍්ඨානභූතං.

මේ තවත් ක්‍රමයකි. චතුර්ථ ධ්‍යාන සමාධියෙන් සන්සිදුණු කල්හි, නීවරණයන් දුරුකළ බැවින් පිරිසිදු වූ, විතර්කාදිය මනාව ඉක්මවීමෙන් ඉතා පිරිසිදු වූ, ධ්‍යාන ප්‍රතිලාභයට විරුද්ධ වූ පවිටු වූ ආශාවලින් පිරුණු ස්වභාවයෙන් දුරු වූ හෙයින් අනංගන නම් වේ. “ඉච්ඡාවචර” යනු කැමැත්තෙන් ආශාවෙන් හැසිරෙන, ආශාවෙන් බැස පවතින නානාප්‍රකාර කෝප, තරහාදී කෙලෙස් යන අර්ථයයි. අභිධ්‍යාදී උපක්ලේෂයන්ගෙන් දුරු වූ හෙයින් විගතූපක්කිලේස නම් වේ. මේ දෙපදය මෙහි අනංගනනවත්‍ථ සූත්‍රානුසාරයෙන් දත යුතුයි. වශී භාවයට පත් වූ හෙයින් කර්මණ්‍ය වූ භාවනාවන් සම්පූර්ණ කර, ප්‍රණීත භාවයට පැමිණි සිටි කල්හි අනෙජ්ජප්‍රාප්ත වූ. යම් සේ ආශාවන්ට වහල්ව හැසිරෙන ස්වභාවයෙන් වැලකී අනෙජ්ජ ප්‍රාප්ත වේද මෙසේ සිටී යන අර්ථයයි. මෙසේ කියන ලද අට්ඨාංගයන්ගෙන් සමන්විත වූ සිත ආකාසානඤ්චායතන සමාපත්ති ප්‍රතිලාභයට, ඉදිරියට ගමන් කිරීමට පාදක වූ අඩිතාලමක් වේ.

ආරුප‍්පමග‍්ගසමඞ‍්ගීති අරූපසමාපත‍්තියා ගමනමග‍්ගෙන අපරිහීනො. පපඤ‍්චායෙව පපඤ‍්චසඞ‍්ඛාති තණ‍්හාදිපපඤ‍්චායෙව පපඤ‍්චසඞ‍්ඛා.

ආරුප්පමග්ග සමංගි අරූප සමාපත්තියෙන් අපරිහීනව ගමන් කරයි. යුක්ත වේ. පපඤ්චායෙව පපඤ්චසංඛා තණ්හාදී ප්‍රපංචයෝම ප්‍රපංච නම් වෙති.

එත‍්තාවතග‍්ගං නු වදන‍්ති හෙකෙ, යක‍්ඛස‍්ස සුද‍්ධිං ඉධ පණ‍්ඩිතාසෙ. උදාහු අඤ‍්ඤම‍්පි වදන‍්ති එත‍්තොති එත‍්තාවතා නු ඉධ පණ‍්ඩිතා සමණබ්‍රාහ‍්මණා අග‍්ගං සුද‍්ධිං සත‍්තස‍්ස වදන‍්ති, උදාහු අඤ‍්ඤම‍්පි එත‍්තො අරූපසමාපත‍්තිතො අධිකඤ‍්ච වදන‍්තීති පුච‍්ඡති.

“එත්තාවතග්ගං නො වදන්ති සත්තස්ස සුද්ධිං ඉධ පණ්ඩිතසෙ උදාහු අඤ්ඤම්පි වදන්ති එත්තො” මෙපමණකින් මෙලොව නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්ත්වයාගේ අග්‍ර වූ ශුද්ධිය කියත් ද? නැතහොත් මේ අරූප සමාපත්තියෙන් අන්‍ය වූ ශුද්ධියක්, ඊට අධික වූවක් පෙන්වත්ද? යනුවෙන් විචාරයි.

එත‍්තො අරූපසමාපත‍්තිතොති එතස‍්මා අරූපසමාපත‍්තිතො.

එත්තො අරූපසමාපත්තිතො මේ අරූප සමාපත්තියෙන්.

එත‍්තාවතග‍්ගම‍්පි වදන‍්ති හෙකෙති එකෙ සස‍්සතවාදා සමණබ්‍රාහ‍්මණා පණ‍්ඩිතමානිනො එත‍්තාවතාපි අග‍්ගං සුද‍්ධිං වදන‍්ති. තෙසං පනෙකෙ සමයං වදන‍්තීති තෙසඤ‍්ඤෙව එකෙ උච‍්ඡෙදවාදා සමයං උච‍්ඡෙදං වදන‍්ති. අනුපාදිසෙසෙ කුසලාවදානාති අනුපාදිසෙසෙ කුසලවාදා සමානා.

එත්තාවතග්ගම්පි වදන්ති හෙකෙ යනු ඇතැම් ශාශ්වතාදී ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් පණ්ඩිතමානීව මෙපමණකින්ම සත්ත්වයාගේ අග්‍ර වූ ශුද්ධි දක්වති. යලි ඔවුන් අතුරෙන් උච්ඡේදවාදී ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් උච්ඡේද වශයෙන් ශුද්ධිය පණවති. අනුපාදිසෙසෙ කුසලාවදාන අනුපාදි ශේෂයෙහි දක්‍ෂ වූ වාද ඇත්තන් සේ.

භවතජ‍්ජිතාති භවතො භීතා. විභවං අභිනන්‍දන‍්තීති උච‍්ඡෙදං පටිච‍්ච තුස‍්සන‍්ති. තෙ සත‍්තස‍්ස සමන‍්ති තෙ උච‍්ඡෙදවාදිනො පුග‍්ගලස‍්ස සමං අනුප‍්පත‍්තිං වදන‍්ති. උපසමන‍්ති අතීව සමං. වූපසමන‍්ති සන‍්තං. නිරොධන‍්ති අනුප‍්පාදං. පටිපස‍්සද‍්ධින‍්ති අපුනුප‍්පත‍්තිං.

භාවතජ්ජිතා යනු භවයෙන් තැති ගනී. විභවං අභිනන්‍දති උච්ඡේදය නිසා තුටුවෙයි. තෙ සත්තසස සමං ඔවුන් උච්ඡේදය පුද්ගලයාගේ ව්‍යපසමනය, නොපැවැත්ම පෙන්වති. උපසමං අතිවූපසමනය. වූපසමං ශාන්තිය. නිරෝධං නූපදීම. පටිප්පස්සද්ධිං නැවත නූපදීම.

එතෙ ච ඤත්‍වා උපනිස‍්සිතාති එතෙ ච දිට‍්ඨිගතිකෙ සස‍්සතුච‍්ඡෙදදිට‍්ඨියො නිස‍්සිතාති ඤත්‍වා. ඤත්‍වා මුනී නිස‍්සයෙ සො වීමංසීති නිස‍්සයෙ ච ඤත්‍වා සො වීමංසී පණ‍්ඩිතො බුද‍්ධමුනි. ඤත්‍වා විමුත‍්තොති දුක‍්ඛානිච‍්චාදිතො ධම‍්මෙ ඤත්‍වා විමුත‍්තො. භවාභවාය න සමෙතීති පුනප‍්පුනං උපපත‍්තියා න සමාගච‍්ඡති. අපරාමසන‍්ති අපරාමසන‍්තො. පරාමාසං නාපජ‍්ජන‍්තොති අත්‍ථො.

එතෙ ච ඤත්‍වා උපනිස්සතා මේ දෘෂ්ටිගතිකයන් ශාශ්වත උච්ඡේද දෘෂ්ටි ඇසුරු කළා යැයි දැන. මුනී නිස්සයෙ සො වීමංසී තෘෂ්ණා දෘෂ්ටි නිශ්‍රයන් ඇන, ඒ විමසුම්ශීලී පණ්ඩිත වූ බුද්ධමුනීන්‍ද්‍රයන් වහන්සේ, ඤත්‍වා විමුත්තො දුක්, අනිත්‍යාදී දහම් දැන කෙලෙසුන්ගෙන් මිදී. භාවාභවාය නසමෙත නැවත නැවත ඉපදීමට නොපැමිණේ. අපරාමසං පරාමර්ශනය නොකර, ස්පර්ශ කිරීමට නොපැමිණ යන අර්ථයයි.

සද‍්ධම‍්මප‍්පජ‍්ජොතිකාය මහානිද‍්දෙසට‍්ඨකථාය

සද්ධම්මපජ්ජොතිකා නම් මහා නිද්දේසට්ඨකථාවේ

කලහවිවාදසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

එකොළොස්වන කලහ විවාද සූත්‍ර නිද්දේස වර්ණනාව නිමියේ ය.