12. චූළබ්‍යූහසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා
12. චූළබ්‍යූහසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා
12. චූළවියූහසූත්‍රනිර්දේශ වර්ණනාව
ද‍්වාදසමෙ චූළබ්‍යූහසුත‍්තනිද‍්දෙසෙ සකංසකංදිට‍්ඨිපරිබ‍්බසානාති ඉදම‍්පි තස‍්මිංයෙව මහාසමයෙ “සබ‍්බෙපිමෙ දිට‍්ඨිගතිකා ‘සාධුරූපාම‍්හා’ති භණන‍්ති, කිං නු ඛො සාධුරූපාව ඉමෙ අත‍්තනො එව දිට‍්ඨියා පතිට‍්ඨහන‍්ති, උදාහු අඤ‍්ඤම‍්පි දිට‍්ඨිං ගණ‍්හන‍්තී”ති උප‍්පන‍්නචිත‍්තානං එකච‍්චානං දෙවතානං තමත්‍ථං පකාසෙතුං පුරිමනයෙනෙව නිම‍්මිතබුද‍්ධෙන අත‍්තානං පුච‍්ඡාපෙත්‍වා වුත‍්තං.
දොළොස්වන චූල වියූහ සූත්‍ර නිද්දේසයේ සකං සකං දිට්ඨි පරිබ්බසානා යන මෙයද, ඒ මහා සමාගමයේදීම සියලු මේ දෘෂ්ටිගතිකයෝ “අපි එහි දක්‍ෂයෝ වෙමු”යි ගනිති. “කිම මේ යහපත් ස්වභාව ඇත්තේ විෂමව තමන්ගේ දෘෂ්ටියේම පිහිටත් ද? නැතහොත් වෙනත් දෘෂ්ටියක් ගනිත්ද? ‘යනුවෙන් උපන් සැක සහිත සිත් ඇති ඇතැම් දෙවිවරුන්ට එහි අර්ථ ප්‍රකාශකිරීමට පෙර පැවසූ පරිදි නිර්මිත බුදුවරු ලවා තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරවා ඊට පිළිතුරු දුන් සේක.
තත්‍ථ ආදිතො ද‍්වෙපි ගාථා පුච‍්ඡාගාථායෙව. තාසු සකං සකං දිට‍්ඨිපරිබ‍්බසානාති අත‍්තනො අත‍්තනො දිට‍්ඨියා වසමානා. විග‍්ගය‍්හ නානා කුසලා වදන‍්තීති තං දිට‍්ඨිං බලවග‍්ගාහං ගහෙත්‍වා “තත්‍ථ කුසලාම‍්හා”ති පටිජානමානා පුථු පුථු වදන‍්ති, එකං න වදන‍්ති. යො එවං ජානාති ස වෙදි ධම‍්මං, ඉදං පටික‍්කොසමකෙවලී සොති තඤ‍්ච දිට‍්ඨිං සන්‍ධාය යො එවං ජානාති, සො ධම‍්මං වෙදියි. ඉදං පන පටික‍්කොසන‍්තො හීනො හොතීති ච වදන‍්ති.
මේ සූත්‍රයේ මුලින්ම එන ගාථා දෙකම ප්‍රශ්න කරන ගාථාවන් ය. ඒ දෙකින් සකං සකං දිට්ඨි පරිබ්බසානා තම තම දෘෂ්ටියේ වෙසෙමින් විග්ගය්හ නානා කුසලා වදන්ති ඒ දෘෂ්ටිය බලවත්ව ගෙන, ‘එහි දක්‍ෂයෝ වෙමු’යි ප්‍රතිඥා කරමින් වෙන වෙනම කියති. එකක් නොම දක්වති. යමක් මෙසේ දනී නම් ඔහු ධර්මය අවබෝධ කරගත්තේය. මෙය ගරහන්නා වූ යමෙක් වේ නම් හෙතෙම ළාමක වන්නේය. ඒ දෘෂ්ටිය නිසා යමෙක් මෙසේ දනියි නම් ඔහු දහම දනියි. මෙය ප්‍රතික්‍ෂේප කරන්නා, ගරහන්නා හීනයෙකි, ළාමකයෙකි කියති. බාලො යනු හීන වූ. අකුසලො විද්වත් නොවූ.
නානා වදන‍්තීති නානාකාරණං භණන‍්ති. විවිධං වදන‍්තීති නානාවිධං භණන‍්ති. අඤ‍්ඤොඤ‍්ඤං වදන‍්තීති එකං අවත්‍වා අඤ‍්ඤං අඤ‍්ඤං ගහෙත්‍වා වදන‍්ති. අකෙවලී සොති යො අකුසලො අයං. අසමත‍්තොති න පරිපූරො. අපරිපුණ‍්ණොති න සම‍්පුණ‍්ණො.
නානාවදන්ති නානා හේතු කියති. විවිධං වදන්ති නානාවිධ කරුණු දක්වති. අඤ්ඤො කුකුං වදන්ති එකක් නොකියා අනික් අනික් කරුණක් ගෙන කියති. අකෙවලී සො ඒ අදක්‍ෂයා. අසමත්තො පරිපූර්ණ නොවී. අපූණ්ණො සම්පූර්ණ නොවූ.
බාලොති හීනො. අක‍්කුසලොති අවිද‍්වා.
[missing trans]
ඉදානි තිස‍්සො විස‍්සජ‍්ජනගාථා හොන‍්තීති. තා පුරිමඩ‍්ඪෙන වුත‍්තමත්‍ථං පච‍්ඡිමඩ‍්ඪෙන පටිබ්‍යූහිත්‍වා ඨිතා. තෙන බ්‍යූහෙන උත‍්තරසුත‍්තතො ච අප‍්පකත‍්තා ඉදං සුත‍්තං “චූළබ්‍යූහ”න‍්ති නාමං ලභි. තත්‍ථ පඨමගාථායං තාව පරස‍්ස චෙ ධම‍්මන‍්ති පරස‍්ස දිට‍්ඨිං. සබ‍්බෙවිමෙ බාලාති එවං සන‍්තෙ සබ‍්බෙව ඉමෙ බාලා හොන‍්තීති අධිප‍්පායො. කිංකාරණා? සබ‍්බෙවිමෙ දිට‍්ඨිපරිබ‍්බසානාති.
ඉන් අනතරුව දැක්වෙන ගාථා තුන ඒ ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා දේශිතය. එහි මුල් දෙපදයෙන් කියන ලද කරුණු පදනම් කරගෙන, අවසන් දෙපදයෙන් එකරුණ තර්කානුකූලව බැහැර කර සිටියි. එසේ කරන විසුරුවා දැමීමෙන් මතු කියවෙන සූත්‍රයට වඩා අල්ප වූ බැවින් මේ සූත්‍රය චූලවියූහ නම් වේ. එහි පළමු ගාථාවෙහි පළමු පදය පරස්ස ච ධම්මං ඉදින් අනුන්ගේ දෘෂ්ටි සබ්බෙපි මෙ බාලා “මෙසේ ඇති කල්හි මේ සියලු වාදීහු මෝඩයෝ වෙති’ යන අදහසයි. කුමක් නිසාද? සියලු මහණ බමුණෝ තම තම දෘෂ්ටි පිළිගෙන වසන බැවිනි.
සන්‍දිට‍්ඨියා චෙව න වීවදාතා, සංසුද‍්ධපඤ‍්ඤා කුසලා මුතීමාති සකාය දිට‍්ඨියා අනවීවදාතා අවොදාතා සංකිලිට‍්ඨාව සමානා සංසුද‍්ධපඤ‍්ඤා ච කුසලා ච මුතිමන‍්තො ච තෙ හොන‍්ති චෙ. අථ වා “සන්‍දිට‍්ඨියා චෙ වදාතා”ති පාඨො, තස‍්සත්‍ථො – සකාය පන දිට‍්ඨියා වොදාතා සංසුද‍්ධපඤ‍්ඤා කුසලා මුතිමන‍්තො හොන‍්ති චෙ, න තෙසං කොචීති එවං සන‍්තෙ තෙසං එකොපි නිහීනපඤ‍්ඤො න හොති, කිංකාරණා? දිට‍්ඨී හි තෙසම‍්පි තථා සමත‍්තා, යථා ඉතරෙසන‍්ති.
සන්‍දිට්ඨියා චෙව න විවදාතා සංසුද්ධ පඤ්ඤා කුසලා මූතීමා යනු ස්වකීය දෘෂ්ටියෙන් ම පිරිසිදු නොවූවාහු, පවිත්‍ර නොවූවාහු, කිළිටි වූවාහුම සංශුද්ධ ප්‍රඥා ඇත්තාහු දක්‍ෂ වූවාහු බුද්ධිමත් වූවාහු වෙත් නම්, නැතහොත් සන්‍දිට්ඨියා වෙවදානා යන පාඨයද යෙදේ. එහි අර්ථය ඉදින් ස්වකීය දෘෂ්ටියෙන් පිරිසිදු ව, සංශුද්ධ ප්‍රඥාවෙන් යුතුව, දක්‍ෂව, බුද්ධිමත්ව සිටිත් නම්, න තෙසං කොචි මෙසේ ඇති කල්හි ඒ මහණ බමුණන්ගෙන් කිසිවකු විසින් නිහීන ප්‍රඥා ඇති. මෝඩයෝ නොවෙති. කුමක් නිසාද? ඒ දෘෂ්ටියෙහි ඔවුන් සමාදන්ව සිටින බැවිනි. “අන්‍යයන් යම් සේද තමන්ද එසේමය.” යන්න ගාථාවේ සංක්‍ෂිප්තාර්ථයයි.
න වාහමෙතන‍්ති ගාථාය සඞ‍්ඛෙපත්‍ථො – යං තෙ මිථු ද‍්වෙ ද‍්වෙ ජනා අඤ‍්ඤමඤ‍්ඤං “බාලො”ති ආහු, අහං එතං තථියන‍්ති තච‍්ඡන‍්ති නෙව බ්‍රූමි. කිංකාරණා? යස‍්මා සබ‍්බෙව තෙ සකං සකං දිට‍්ඨිං “ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ”න‍්ති අකංසු, තෙන ච කාරණෙන පරං “බාලො”ති දහන‍්ති. එත්‍ථ ච තථියං, තථෙවන‍්ති (සු· නි· අට‍්ඨ· 2.889) ද‍්වෙපි පාඨා.
“නචාහමෙතං” යන ගාථාවේ සංක්‍ෂිප්තාර්ථය : යම්හෙයකින් කළහ කරුවෝ දෙදෙනෙක් ඔවුනොවුන්ට “බාලයෝ” යැයි කියත් ද එහෙයින් මම මේ දෘෂ්ටිය ගත යුත්තෙකි” යි නොකියමි. කුමක් නිසා ද? මේ දෘෂ්ටිවාදී සියල්ලෝම “මෙයම සත්‍යය. සෙස්ස බොරුය” යි ගෙන තම තම දෘෂ්ටියම සත්‍යයයි පවසති. එකරුණෙන් ම අනෙකා මෝඩයෙකැයි ගරහති. මෙපමණකින් පිළිතුරු ගාථා තුන නිම වේ. ඉන් පසු ගාථා දෙක ප්‍රශ්න කිරීමක් හා එහි විසඳයි.
තච‍්ඡන‍්ති අතුච‍්ඡං. තථන‍්ති අවිපරීතං, භූතන‍්ති සන‍්තං. යාථාවන‍්ති සංවිජ‍්ජමානං. අවිපරිතන‍්ති න විසඞ‍්කෙතං.
තච්ඡං තුච්ච නොවූ, හිස් නොවූ. තථං විපරිත නොවූ. භූතං විද්‍යමාන වූ යථාවතං සංවිද්‍යමාන වූ අවිපරීතං අවිසංකේත වූ. සැක රහිත වූ.
යමාහූති පුච‍්ඡාගාථාය “යං දිට‍්ඨිසච‍්චං තථිය”න‍්ති එකෙ ආහු.
යමාහු ප්‍රශ්න කරන ගාථා වේ. යම් දෘෂ්ටි සත්‍යයක් එය එසේමයැයි ඇතමෙක් කීහ.
එකඤ‍්හි සච‍්චන‍්ති විස‍්සජ‍්ජනගාථාය එකං සච‍්චං නිරොධො මග‍්ගො වා. යස‍්මිං පජා නො විවදෙ පජානන‍්ති යම‍්හි සච‍්චෙ පජානන‍්තො පජා නො විවදෙය්‍යුං. සයං ථුනන‍්තීති අත‍්තනා වදන‍්ති.
එකංහි සච්චං යන විසඳන ගාථාවේ සත්‍ය එකක්මය. නිරෝධ සත්‍ය හෝ මාර්ග සත්‍යයයි. මස්මිං ජ්ජා නො විවාදෙ පජානං යම් සත්‍යයක් දක්නා වූ පුද්ගලයා විවාද නොකරන්නේ නම් සයං ථුනන්ති තමාම කියති.
කස‍්මා නූති පුච‍්ඡාගාථාය පවාදියාසෙති වාදිනො. උදාහු තෙ තක‍්කමනුස‍්සරන‍්තීති තෙ වාදිනො උදාහු අත‍්තනො තක‍්කමත‍්තං අනුගච‍්ඡන‍්ති.
කවර හෙයින්ද? යි ඇසූ ප්‍රශ්න ගාථාවට අනුව පිළිතුර තබන ලදී. පවාදියාසෙ කියන්නෝ තෙ තක්කමනුස්සරන්ති ඒ වාදීහු නැතිනම් තමාගේ තර්ක මාත්‍රය අනුව යති.
තක‍්කපරියාහතන‍්ති විතක‍්කෙන සමන‍්තතො ආහතං. වීමංසානුචරිතන‍්ති අත‍්තනො උපට‍්ඨිතපඤ‍්ඤාය විචරිතං. සයංපටිභානන‍්ති අත‍්තනො පටිභානං.
තක්ක පරියාහතං විතර්කයෙන් හාත්පසින්ම ගෙනෙන ලදී. විමංසානුචරිතං තමාගෙන් හැඟීමෙන් විමසන ලද සයං පටිභානං, තමාගේ ප්‍රතිභානය.
න හෙවාති විස‍්සජ‍්ජනගාථාය අඤ‍්ඤත්‍ර සඤ‍්ඤාය නිච‍්චානීති ඨපෙත්‍වා සඤ‍්ඤාමත‍්තෙන නිච‍්චන‍්ති ගහිතග‍්ගහණානි. තක‍්කඤ‍්ච දිට‍්ඨීසු පකප‍්පයිත්‍වාති අත‍්තනො නිච‍්චසඞ‍්කප‍්පමත‍්තං දිට‍්ඨීසු ජනෙත්‍වා.
න හෙව යන විසඳුම ඉදිරිපත් කරන ගාථාවේ අඤ්ඤත සඤ්ඤය නිච්චානි සංඥා මාත්‍රයෙන් ලෝකය නිත්‍ය යැයි ගන්නා ලද ග්‍රහණයන්, තක්කඤ්ව දිට්ඨිසු පකප්පයිත්‍වා දෘෂ්ටි විෂයෙහි තමාගේ මිථ්‍යා සංකල්ප උපදවා,
යස‍්මා පන දිට‍්ඨීසු විතක‍්කං ජනෙන‍්තා දිට‍්ඨියො සඤ‍්ජනෙන‍්ති, තස‍්මා වුත‍්තං “දිට‍්ඨිගතානි ජනෙන‍්ති සඤ‍්ජනෙන‍්තී”තිආදි. ජනෙන‍්තීති උපරූපරි දිට‍්ඨිං උප‍්පාදෙන‍්තා ජනෙන‍්ති. සඤ‍්ජනෙන‍්තීතිආදීනි උපසග‍්ගවසෙන පදං වඩ‍්ඪෙත්‍වා වුත‍්තානි. මය‍්හං සච‍්චන‍්ති මම වචනං තච‍්ඡං.
යම් හෙයකින් දෘෂ්ටිය මනා වූ තර්ක ඇත්තක් කරන්නේ දෘෂ්ටියද ජනනය කරන්නේ ද එහෙයින් කියන ලද දෘෂ්ටිගතයන් ජනනය කරති, උපදවති ආදියයි. ජනෙන්ති මතු මතුයෙහි දෘෂ්ටි උපදවමින් ජනනය කරති. සඤ්ජානෙන්ති ආදියේ උපසර්ග යොදා පදය වැඩිකර කියන ලදී. මය්හං සච්චං යනු මගේ වචන සත්‍ය වේ.
ඉදානි එවං නානාසච‍්චෙසු අසන‍්තෙසු තක‍්කමත‍්තං අනුස‍්සරන‍්තානං දිට‍්ඨිගතිකානං විප‍්පටිපත‍්තිං දස‍්සෙතුං “දිට‍්ඨෙ සුතෙ”තිආදිකා ගාථායො අභාසි. තත්‍ථ දිට‍්ඨෙති දිට‍්ඨං, දිට‍්ඨසුද‍්ධින‍්ති අධිප‍්පායො. එස නයො සුතාදීසු. එතෙ ච නිස‍්සාය විමානදස‍්සීති එතෙ දිට‍්ඨිධම‍්මෙ නිස‍්සයිත්‍වා සුද‍්ධිභාවසඞ‍්ඛාතං විමානං අසම‍්මානං පස‍්සන‍්තොපි. විනිච‍්ඡයෙ ඨත්‍වා පහස්සමානො, බාලො පරො අක‍්කුසලොති චාහාති එවං විමානදස‍්සීපි තස‍්මිං දිට‍්ඨිවිනිච‍්ඡයෙ ඨත්‍වා තුට‍්ඨිජාතො හාසජාතො හුත්‍වා පරො “හීනො ච අවිද‍්වා චා”ති එවං වදතියෙව.
දැන් මෙසේ නානාවිධ සත්‍යයන් නො පවත්නා කල්හි තර්ක මාත්‍රය සිහිකරන්නා වූ දෘෂ්ටිගතිකයන්ගේ වැරදි පිළිවෙත දැක්වීමට දිට්ඨෙ සුතෙ යන ගාථාව වදාලහ. එහි දිට්ඨෙ, දෘෂ්ටිය, රූපාලම්බනය, දෘෂ්ටි ශුද්ධිය යන අදහසයි. මේ ක්‍රමය සුතෙ ආදියෙහිද දතයුතුයි. එතෙච නිස්සය විමාන දස්සි මේ දෘෂ්ටි ධර්මයන් ආශ්‍රය කර, ඉතා පිරිසිදු දෘෂ්ටි ස්වභාව යැයි සම්මාන නොකරනුයේ. විනිච්ජයො ඨත්‍වා පහස්සමානො බාලො පරො අකුසලොති චාහ. මෙසේ දොස් උපදවනුයේ නමුත් ඒ දෘෂ්ටි විනිශ්චයෙහිම පිහිටා තුටු සිතැති ප්‍රීතිමත් අයෙකු වී “අනෙකා හීනයකි. මෝඩයෙකි” යයි මෙසේ කියන්නේමය.
න සම‍්මානෙතීතිපි විමානදස‍්සීති න බහුමානං කරොතීති එවම‍්පි විමානදස‍්සී න බහුමානදස‍්සී. දොමනස‍්සං ජනෙතීති පඨමං දිට‍්ඨිනිස‍්සයං අල‍්ලීයිත්‍වා දොමනස‍්සං පත්‍වා පච‍්ඡා දිට‍්ඨිවිනිච‍්ඡයෙ ඨිතකාලෙ සොමනස‍්සං උප‍්පාදෙතීති අත්‍ථො.
නසම්මා නෙතීපි විමානදස්සී යනු සම්මාන නොකෙරේ. බුහුමන් නො උපදවයි. මෙසේ ද සම්මාන නොකෙරෙන, බුහුමන් නොකර සිටි. දොමනස්සං ජත්තෙ යැයි පළමුව දෘෂ්ටි නිශ්‍රයන් අල්ලාගෙන දොම්නසට පැමිණ, පස්වන දෘෂ්ටි විනිශ්චයෙහි සිටි කාලයේ සොම්නස් උපදවයි යන අර්ථයයි.
විනිච‍්ඡයදිට‍්ඨියා ඨත්‍වාති සන‍්නිට‍්ඨානං කත්‍වා ගහිතදිට‍්ඨියා ඨත්‍වා.
විනිච්ඡය දිට්ඨියා ඨත්‍වා දෘෂ්ටි විනිශ්චයෙහි සනිටුහන් කරගත් දෘෂ්ටියේ පිහිටා.
එවං සන‍්තෙ යෙනෙවාති ගාථා. තත්‍ථ සයමත‍්තනාති සයමෙව අත‍්තානං. විමානෙතීති ගරහති. තදෙව පාවාති තදෙව වචනං දිට‍්ඨිං වදති, තං වා පුග‍්ගලං.
යෙනෙව යනාදී ගාථාවෙහි සයමත්තනා යනු තමන්ම තමාට විමානෙති ගරහයි. තදෙව පාවා හැම වචනයම, ඒ දෘෂ්ටියට හෝ ඒ පුද්ගලයාම.
අතිසාරදිට‍්ඨියාති ගාථායත්‍ථො – සො එවං තාය ලක‍්ඛණාතිසාරිනියා අතිසාරදිට‍්ඨියා සමත‍්තො පරිපුණ‍්ණො උද‍්ධුමාතො, තෙන ච දිට‍්ඨිමානෙන මත‍්තො “පරිපුණ‍්ණො අහං කෙවලී”ති එවං පරිපුණ‍්ණමානී. සයමෙව අත‍්තානං මනසා “අහං පණ‍්ඩිතො”ති අභිසිඤ‍්චති. කිංකාරණා? දිට‍්ඨී හි සා තස‍්ස තථා සමත‍්තාති.
අතිසාර දිට්ඨියා යන ගාථාවේ අර්ථය මෙසේය. මෙසේ කියන ලද ලක්‍ෂණයන්ගෙන් යුතු දෘෂ්ටියෙන්, ඉක්මවා ගිය, ඉදිමීගිය, සමර්ථ වූ, පිරිපුන් වූ පිපී ගිය හෙතෙම; ඒ දෘෂ්ටි මානයෙන්ම සමර්ථ වූයේ පිරිපුන් වූයේ “මම දක්‍ෂයෙක්මි” “මම පිරිපුන් වූවෙක්මි” යි තමන්ම තම සිතින් “මම පණ්ඩිතයෙක්මි” යි අභිෂේක කරගනියි. කුමක් නිසාද? ඔහු විසින් ඒ දෘෂ්ටිය ඒ ආකාරයෙන්ම ගෙන එහි පරිපූර්ණ වූ හෙයිනි.
සබ‍්බා තා දිට‍්ඨියො ලක‍්ඛණාතික‍්කන‍්තාති තා සබ‍්බා ද‍්වාසට‍්ඨිදිට‍්ඨියො ලක‍්ඛණං අතීතා අතිසරන‍්තීති අතික‍්කන‍්තා. අනොමොති අනූනො.
සබ්බා තා දිට්ඨියා ලක්ඛණාතික්කන්තා ඒ සියලු දෙසට මිසදිටු ලක්‍ෂණ ඉක්මවා යන ලදී. අතියන්ති ඉක්මවා යති. අනොමා අනූනව.
පරස‍්ස චෙති ගාථාය සම‍්බන්‍ධො අත්‍ථො ච – කිඤ‍්ච භිය්‍යො? යො සො විනිච‍්ඡයෙ ඨත්‍වා පහස්සමානො “බාලො පරො අක‍්කුසලො”ති චාහ, තස‍්ස පරස‍්ස චෙ හි වචසා සො තෙන වුච‍්චමානො නිහීනො හොති, තුමො සහා හොති නිහීනපඤ‍්ඤො, සොපි තෙනෙව සහ නිහීනපඤ‍්ඤො හොති. සොපි හි තං “බාලො”ති වදති. අථ තස‍්ස වචනං අප‍්පමාණං, සො පන සයමෙව වෙදගූ ච ධීරො ච හොති. එවං සන‍්තෙ න කොචි බාලො සමණෙසු අත්‍ථි. සබ‍්බෙපි හි තෙ අත‍්තනො ඉච‍්ඡාය පණ‍්ඩිතා.
පරස්ස චෙ යනාදී ගාථාවේ සම්බන්ධයද අර්ථයද බොහෝ සෙයින් කියනුයේ කුමකට ද? ඔහු තම විනිශ්චයේ සිට බලනුයේ අන්‍යයන් බාලයන්, අකුසලයන් (අදක්‍ෂයන්) ලෙස දකී. අන්‍යයන්ගේ දැක්ම අනුව ඔහු නින්දා වචනයන්ට ලක්ව නිහීනයෙක් වේ. තුමො සහ හොති නිහීනපඤ්ඤො ඔහුත් අන්‍යයා සමගම නිහීන ප්‍රඥා ඇත්තෙක් වේ. ඔහු ද අනිකා බාලයෙක් යැයි කියයි. ඉක්බිති ඔහුගේ වචනය අපමණ වේ. ඔහු තමන්ම වේදයේ අන්තයට ගිය පුද්ගලයෙක් වේ. මෙසේ ඇති කල්හි න කොචි බාලො සමණෙසු අත්‍ථි ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ සියල්ලෝම පඬිවරු සේ දැකීමට ඔවුහු කැමති වෙති.
වාචායාති කථනෙන. වචනෙනාති භාසිතෙන. නින්‍දිතකාරණාති ගරහහෙතුනා. ගරහිතකාරණාති අවඤ‍්ඤාතහෙතුනා. උපවදිතකාරණාති උපවාදහෙතුනා.
වාචාය කථා කිරීමෙන් වචනෙන භාෂණයෙන්. නින්‍දිත කාරණා අවමාන හේතුවෙන්. උපවාදිත කාරණා උපවාද හේතුවෙන්.
අඤ‍්ඤං ඉතොති ගාථාය සම‍්බන්‍ධො අත්‍ථො ච – “අථ චෙ සයං වෙදගූ හොති ධීරො. න කොචි බාලො සමණෙසු අත්‍ථී”ති එවඤ‍්හි වුත‍්තෙපි සියා කස‍්සචි “කස‍්මා”ති. තත්‍ථ වුච‍්චතෙ – යස‍්මා අඤ‍්ඤං ඉතො යාභිවදන‍්ති ධම‍්මං, අපරද‍්ධා සුද‍්ධිමකෙවලී තෙ. එවම‍්පි තිත්‍ථ්‍යා පුථුසො වදන‍්ති, යෙ ඉතො අඤ‍්ඤං දිට‍්ඨිං අභිවදන‍්ති, තෙ අපරද‍්ධා විරද‍්ධා සුද‍්ධිමග‍්ගං, අකෙවලිනො ච තෙති එවං පුථුතිත්‍ථියා යස‍්මා වදන‍්තීති වුත‍්තං හොති. කස‍්මා පනෙවං වදන‍්තීති චෙ? සන්‍දිට‍්ඨිරාගෙන හි තෙභිරත‍්තා, යස‍්මා සකෙන දිට‍්ඨිරාගෙන තෙ අභිරත‍්තාති වුත‍්තං හොති.
අඤ්ඤං ඉතො යන ගාථාවේ අර්ථය ද මේ හා සම්බන්ධය. නැතහොත් තමාම වේදාන්තයට පත්, ධීර වූ නුවණැති වූයේ, එහෙයින්ම ශ්‍රමණයන් අතර කිසිදු මෝඩයෙක් නැතැයි මෙසේ කියූවත් කිසිවකු එය නොපිළිගනියි. කුමක් නිසාද? ඒ සදහා කියනු ලැබේ. අඤ්ඤං ඉතො යාභිවාදන්ති ධම්මං අපරාද්ධා සුද්ධිං කෙවලීනො එවං තිත්‍ථියා පුථුසො වදන්ති යම් කෙනෙක් මෙයින් අන්‍ය වූ දහමක් කියත් නම් අපරිපූර්ඛ වූ ඔවුහු ශුද්ධි මාර්ගය වරදවා දක්වන්නාහුය. මෙසේ බොහෝ තීර්ථකයෝ යම් හෙයකින් කියත් ද කුමක් හෙයින් මෙසේ කියත් ද? සන්‍දිට්ඨිරාගෙක හි තේභිරත්තා යම් හෙයකින් ස්වකීය දෘෂ්ටිරාගයෙන් ඇලී සිටියාහුද එහෙයිණි.
තෙ සුද‍්ධිමග‍්ගන‍්ති තෙ අඤ‍්ඤතිත්‍ථියා අකිලිට‍්ඨමග‍්ගං. විසුද‍්ධිමග‍්ගන‍්ති නිද‍්දොසමග‍්ගං. පරිසුද‍්ධිමග‍්ගන‍්ති සුක‍්කමග‍්ගං. වොදාතමග‍්ගන‍්ති පණ‍්ඩරමග‍්ගං. පරියොදාතමග‍්ගන‍්ති පභාවන‍්තමග‍්ගං. විරද‍්ධාති වුත‍්තවිධිනා මග‍්ගෙන විරජ‍්ඣිත්‍වා ඨිතා. අපරද‍්ධාති අපරජ‍්ඣිත්‍වා ඨිතා. ඛලිතාති පරිහීනා. ගලිතාති තතො භට‍්ඨා. අඤ‍්ඤායාති අඤ‍්ඤාණෙන. අපරද‍්ධාති පරාජයමාපන‍්නා. අථ වා “ඤායාපරද‍්ධා”තිපි පාඨො. ඤායෙන මග‍්ගෙන විරද‍්ධාති අත්‍ථො.
තෙ සුද්ධිමග්ගං ඒ අන්‍ය තීර්ත්‍ථකයෝ නොකිලිටි මාර්ගය විසුද්ධිමග්ගං නිර්දෝෂ (නිදොස් මාවත) මාර්ගය. පර්සුද්ධග්ගං ශූක්ල (සුදු) මාර්ගය වේදාතමග්ගං සුදුවන් මාවත. පරියෝදාතමග්ගං ප්‍රභාවත් මාවත. විරද්ධා ඉහත කියූ මාර්ගයෙන් වෙන්ව වරදවා සිටි. අපරද්ධා වරදවා, වැලකී සිටී. ඛාලිත පිරිහුණු. ගලිතා එතැනින් ගිලිහුණු. අඤ්ඤායා නොදැනීමෙන් අපරද්ධා පරාජයට පැමිණියාහුය. නැතහොත් ඤායාපරද්ධා යන පදයද යෙදේ. දන්නා වූ මාර්ගයෙන් වැලකී ගිය යන අර්ථයයි. මෙසේ දැඩියේ ඇලුණු.
එවං අභිරත‍්තා ච – ඉධෙව සුද‍්ධින‍්ති ගාථා. තත්‍ථ සකායනෙති සකමග‍්ගෙ. දළ‍්හං වදානාති දළ‍්හවාදා.
ඉධෙව සුද්ධිං යන ගාථාවෙහි සකායනෙ යනු ස්වකීය මාර්ගයේ දළ්හං වදානා දැඩි වාද ඇති.
ථිරවාදාති සන‍්නිට‍්ඨානවාදා. බලිකවාදාති බලවන‍්තවාදා. අවට‍්ඨිතවාදාති පතිට‍්ඨහිත්‍වා කථිතවාදා.
ථීරවාද අධිෂ්ඨාන (ස්ථිර) වාද ඇති. බලිකවාදා බලවත් වාද ඇති. අවත්‍ථිතවාදා පිහිටා කියන ලද වාද ඇති.
යෙ එවඤ‍්ච දළ‍්හවාදා, තෙසු යො කොචි තිත්‍ථියො සකායනෙ වාපි දළ‍්හං වදානො කමෙත්‍ථ බාලොති පරං දහෙය්‍ය, සඞ‍්ඛෙපතො තත්‍ථ සස‍්සතුච‍්ඡෙදසඞ‍්ඛාතෙ විත්‍ථාරතො නත්‍ථිකඉස‍්සරකාරකනියතිආදිභෙදෙ සකෙ අයනෙ “ඉදමෙව සච‍්ච”න‍්ති දළ‍්හං වදානො කං පරං එත්‍ථ දිට‍්ඨිගතෙ “බාලො”ති සහ ධම‍්මෙන පස‍්සෙය්‍ය, නනු සබ‍්බොපි තස‍්ස මතෙන පණ‍්ඩිතො එව සුප‍්පටිපන‍්නො එව ච. එවං සන‍්තෙ සයමෙව සො මෙධගමාවහෙය්‍ය, පරං වදං බාලමසුද‍්ධිධම‍්මං. සොපි පරං “බාලො ච අසුද‍්ධිධම‍්මො ච අය”න‍්ති වදන‍්තො අත‍්තනාව කලහං ආවහෙය්‍ය. කස‍්මා? යස‍්මා සබ‍්බොපි තස‍්ස මතෙන පණ‍්ඩිතොයෙව සුප‍්පටිපන‍්නොයෙව ච.
යමෙක් මෙසේ දැඩි වූ වාද ඇත්තෝ වේද ඔවුන් අතුරින් යම්කිසි තීර්ථකයෙක් “තම දෘෂ්ටිවාදයේ දැඩිව පිහිටා කියන්නා වූ තම වාදයෙන් අන්‍ය වූ කවරෙක් නම් බාලයෙකියි දක්වන්නේ ද? යන මෙකරුණ සංක්‍ෂේප වශයෙන් ශාශ්වත හා උච්ඡේද වාද සදහා කියන ලදී. විස්තර වශයෙන් නාස්තිකවාද, ඉස්සර නිම්මාණවාද, නියතිවාද ආදී භේද ඇති ස්වකීය මාර්ගයේ “මෙය ම සත්‍යයයැ’යි දැඩිව කියමින් සිටියි. මෙබදු කාහටනම් එබදුම අන්‍ය දෘෂ්ටි ගති නැතියකුට “මෝඩයෙකි” යි කරුණු සහිතව (සහේතුකව) කිවහැකි වන්නේ ද? සියල්ලෝම තම තමන්ගේ මතය, පිළිගැනීම අනුව පණ්ඩිතයෝ ම නොවෙත් ද? මෙසේ ඇති කල්හි “සයමෙව සො මෙධගං ආවහෙය්‍ය පරං වදං බාලමසුද්ධි ධම්මං” හෙතෙම අනිකා බාලයෙක්, අශුද්ධි ධම්මං ඇත්තෙක් ලෙස කියා නම් ඔහුම තමා පළමුව කලහයට කැඳවන්නේය. කුමක් නිසා ද? සියල්ලෝම තම පිළිගැනීම අනුව පණ්ඩිතයෝ ද මනාව පිළිපන්නෝ ද වන හෙයිනි.
එවං සබ‍්බථාපි විනිච‍්ඡයෙ ඨත්‍වා සයං පමාය, උද‍්ධං ස ලොකස‍්මිං විවාදමෙතීති දිට‍්ඨියා ඨත්‍වා සයඤ‍්ච සත්‍ථාරාදිං මිනිත්‍වා සො භිය්‍යො විවාදමෙතීති. එවං පන විනිච‍්ඡයෙසු ආදීනවං ඤත්‍වා අරියමග‍්ගෙන හිත්‍වාන සබ‍්බානි විනිච‍්ඡයානි, න මෙධගං කුබ‍්බති ජන‍්තු ලොකෙති අරහත‍්තනිකූටෙන දෙසනං නිට‍්ඨාපෙසි.
මෙසේ සර්වප්‍රකාරයෙන් ම “විනිච්ඡයෙ ඨත්‍වා සයංපමය උද්ධං ලෝකස්මි” දෘෂ්ටියේ සිට තමන්ම ශාස්තෲ ආදීන් ප්‍රමාණ කරගෙන බෝ සෙයින් ලෝකයෙහි විවාදයට පැමිණෙයි. මෙසේ සියලුම ආකාරයෙන් දෘෂ්ටිවාද පිළිගැනීමෙහි ආදීනව දුටු නුවණැත්තා ආර්යමාර්ගයෙන් සියලු දෘෂ්ටි විනිශ්චයන් බැහැර කර. ලෝකයේ කලහ කරන්නේ යැයි අර්හත්වය මාතෘකා කරගෙන සූත්‍ර දේශනාව නිමා කළ සේක.
සයං පමායාති අත‍්තනා මිනිත්‍වා. පමිනිත්‍වාති පමාණං කත්‍වා. “පවිනෙත්‍වා”තිපි පාඨො, තං න සුන්‍දරං. උද‍්ධං වාදෙන සද‍්ධින‍්ති අත‍්තනො උපරි කථෙන‍්තෙන සහ. දෙසනාපරියොසානෙ පුරාභෙදසුත‍්තෙ (මහානි· 83) වුත‍්තසදිසො එව අභිසමයො අහොසීති.
සයං පමාය තමා විසින් මැන, පමිනිත්‍වා ප්‍රමාණ කර, සමිනිත්‍වා යන පාඨයද යෙදේ. එය එතරම් සුන්දර නොවේ. උද්ධං වාදෙන සද්ධිං තමාගේ මතුයෙහිලා කථා කරන්නෙකු සමඟ. මේ චූලවියූහ සූත්‍ර දේශනාව අවසානයේ දී ද පුරාභේද සූත්‍රයේ කියූ ප්‍රමාණ ඇති ප්‍රාණීන්ට ධර්මාභිසමය විය.
සද‍්ධම‍්මප‍්පජ‍්ජොතිකාය මහානිද‍්දෙසට‍්ඨකථාය
සද්ධම්මපජ්ජොතිකා නම් මහා නිද්දේසට්ඨකථාවේ
චූළබ්‍යූහසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.
දෙළොස්වන චූල වියුහ සූත්‍ර නිද්දේස වර්ණනාව නිමියේ ය.