යෙදුමෙන් කියවන්න

13. මහාබ්‍යූහසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

13. මහාබ්‍යූහසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා

13. මහාවියූහසූත්‍රනිර්දේශ වර්ණනාව

තෙරසමෙ මහාබ්‍යූහසුත‍්තනිද‍්දෙසෙ යෙ කෙචිමෙ දිට‍්ඨිපරිබ‍්බසානාති ඉදම‍්පි “කිං නු ඛො ඉමෙ දිට‍්ඨිපරිබ‍්බසානා විඤ‍්ඤූනං සන‍්තිකා නින්‍දමෙව ලභන‍්ති, උදාහු පසංසම‍්පී”ති උප‍්පන‍්නචිත‍්තානං එකච‍්චානං දෙවතානං තමත්‍ථං ආවිකාතුං පුරිමනයෙනෙව නිම‍්මිතබුද‍්ධෙන අත‍්තානං පුච‍්ඡාපෙත්‍වා වුත‍්තං. තත්‍ථ අන්‍වානයන‍්තීති අනු ආනයන‍්ති පුනප‍්පුනං ආහරන‍්ති.

දහතුන්වන මහා වියූහ සූත්‍ර නිද්දේසයේ යෙ කෙචිමෙ දිට්ඨි පරිබ්බඝනා යන මෙහි “කිම මේ දෘෂ්ඨිවාදයෙහි දැඩිව ගෙන සිටීමෙන් නුවණැත්තන් සමීපයේ දී නින්දා ලබත් ද? නැතහොත් ප්‍රසංශා ලබත්දැයි”යි උපන් සිත් ඇති ඇතැම් දෙවිවරුන්ට ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම සදහා මුලින් කියූ පරිදි නිර්මිත බුදුරුව ලවා තමන්වහන්සේගෙන් විචාරවා ඊට පිළිතුරු දෙන ලදී. එහි අන්‍වෙන්ති නැවත නැවත ගෙනෙති. පුන පුනා එළවති.

නින්‍දමෙව අන්‍වෙන‍්තීති ගරහමෙව උපගච‍්ඡන‍්ති.

නින්‍දමෙව අන්‍වෙන්ති ගැරහීමට පත්වෙති.

ඉදානි යස‍්මා තෙ “ඉදමෙව සච‍්ච”න‍්ති වදන‍්තාපි දිට‍්ඨිගතිකවාදිනො කදාචි කත්‍ථචි පසංසම‍්පි ලභන‍්ති, යං එතං පසංසාසඞ‍්ඛාතං වාදඵලං, තං අප‍්පං, රාගාදීනං සමාය සමත්‍ථං න හොති, කො පන වාදො දුතියෙ නින්‍දාඵලෙ, තස‍්මා එතමත්‍ථං දස‍්සෙන‍්තො ඉමං තාව විස‍්සජ‍්ජනගාථං ආහ “අප‍්පඤ‍්හි එතං න අලං සමාය, දුවෙ විවාදස‍්ස ඵලානි බ්‍රූමී”ති. තත්‍ථ දුවෙ විවාදස‍්ස ඵලානීති නින්‍දා ච පසංසා ච ජයපරාජයාදීනි වා තංසභාගානි. එතම‍්පි දිස‍්වාති “නින්‍දා අනිට‍්ඨා එව, පසංසා නාලං සමායා”ති එතම‍්පි විවාදඵලෙ ආදීනවං දිස‍්වා. ඛෙමාභිපස‍්සං අවිවාදභූමින‍්ති අවිවාදභූමිං නිබ‍්බානං ඛෙමන‍්ති පස‍්සමානො.

දැන් “මෙයම සත්‍යය” යි කියන දෘෂ්ටිගතිකයෝ ඇතැම් විටෙක නුවණැත්තන්ගේ පැසසුම් ලබති. මෙම වාද සදහා ලැබෙන යම් මේ ප්‍රශංසා සංඛ්‍යාත වාද ඵලය ඉතා අල්පය. රාගාදී ක්ලේශ ධර්ම සන්සිඳවීමට එම දෘෂ්ටිවාද සමත් නොවේ. දෙවන ඵලය වූ නින්දාවන් ලැබීමෙහි කරුණු කියනු කුමට ද? එනිසා මෙම අර්ථය දක්වමින් පළමුකොට ප්‍රශ්ණයට පිළිතුරු ගාථාව ලෙස. අප්පං හි එතං නාලං සමාය දුවෙ විවාදස්ස ඵලානි බ්‍රෑමි ආදිය වදාළහ. එහි දුවෙ විවාදස්ස ඵලානි නින්දා ප්‍රශංසාවත් ජය පරාජය ආදියත් වාදය හා සම්බන්ධය. එතම්පි දිස්වා නින්දා ප්‍රශංසා දෙකම නිෂ්ඵල සේ දැක. නාලං සමායා මෙකී විවාදයෙන් ඇතිවන ඵලයන්හි ආදීනව දැක. ඛෙමාභිපස්සං අවිවාදභූමිං අවිවාද භූමිය වූ නිවන ක්‍ෂේම භූමියකින් දකිමින්.

අප‍්පකන‍්ති මන්‍දං. පරිත‍්තකන‍්ති ථොකං. ඔමකන‍්ති හෙට‍්ඨිමකං. ලාමකන‍්ති පාපකං. සමායාති රාගාදීනං සමනත්‍ථාය. උපසමායාති උපරූපරි සමනත්‍ථාය. වූපසමායාති සන‍්නිසීදාපනත්‍ථාය. නිබ‍්බානායාති අමතමහානිබ‍්බානත්‍ථාය. පටිනිස‍්සග‍්ගායාති මග‍්ගෙන කිලෙසානං නිස‍්සජ‍්ජනත්‍ථාය. පටිපස‍්සද‍්ධියාති ඵලෙන පටිපස‍්සද‍්ධානං අනුප‍්පජ‍්ජනත්‍ථාය නාලං.

අප්පකං මදය. අල්පය. පරිත්තකං ටිකකි. ඔමකං පහත්ය. ලාමකං පවිටු සහගතය. සමාය රාගාධි ක්ලේශ ධර්ම සන්සිඳවීමට. උපසමාය මතුමතුයෙහි සන්සිඳවීමට වූපසමාන සන්සිඳවීම පිණිස නිබ්බාපනාය අමෘත මහා නිවන අවබෝධ කර ගැනීම පිණිස. පටිනිස්සග්ගාය ආර්ය මාර්ගයෙන් කෙළෙසුන්ගේ ඉවත් කිරිම පිණිස. පටිප්පස්සද්ධියා ඵලයන් හරින ලද කෙලෙස් බර නූපදවීම පිණිස සමත් නොවේ. මෙසේ විවාද නො කරමින්.

එවඤ‍්හි අවිවාදමානො – යා කාචිමාති ගාථා. තත්‍ථ සම‍්මුතියොති දිට‍්ඨියො. පුථුජ‍්ජාති පුථුජ‍්ජනසම‍්භවා. සො උපයං කිමෙය්‍යාති සො උපගන‍්තබ‍්බට‍්ඨෙන උපයං රූපාදීසු එකම‍්පි ධම‍්මං කිං උපෙය්‍ය, කෙන වා කාරණෙන උපෙය්‍ය. දිට‍්ඨෙ සුතෙ ඛන‍්තිමකුබ‍්බමානොති දිට‍්ඨසුතසුද‍්ධීසු පෙමං අකරොන‍්තො.

යා කාචිමා යන ගාථාවේ සම්මුතියො දෘෂ්ටීහු පුථුජ්ජා පුහුදුන් අය කෙරෙහි පහළ වූ සො උපයං කිමෙය්‍ය ඔහු එළඹිය යුතු අර්ථයෙන් උපය නම් වූ රූපාදී ධර්මයන්ගෙන් කවරකට පැමිණෙන්නේ ද? කවර කරුණකින් පැමිණෙන්නේ ද? දිට්ඨෙ සුතෙ ඛන්ති මකුබ්බමානො ඇසූ දුටු වීද (දිට්ඨ, සුත, මුත) විශුද්ධින්හි ප්‍රේම (ආශා) නොකරනුයේ.

පුථුජ‍්ජනෙහි ජනිතාති පුථුජ‍්ජනෙහි උප‍්පාදිතා. සම‍්මුතියොති දිට‍්ඨියො. පුථු නානාජනෙහි ජනිතා වාති අනෙකවිධෙහි දිට‍්ඨිගතිකෙහි උප‍්පාදිතා වා. නෙතීති න එති. න උපෙතීති සමීපං න එති. න උපගච‍්ඡතීති නිවත‍්තති. නාභිනිවිසතීති පවිසිත්‍වා නප‍්පතිට‍්ඨති.

පුථුජ්ජනෙහි ජනිතා වා පුථුජ්ජනයන් අතර ඉපදුණු හෝ ත සම්මුතියො ඒ දෘෂ්ඨීහු. පුථුජ්ජා පුථුජ්ජනයන් අතර ජනිත වූ හෝ අනේකප්‍රකාරය දෘෂ්ටිගතිකයන් විසින් උපදවන ලද හෝ නෙති, න එයි, නොපැමිණේ. න උපගද්ජති නවතියි. නිභිනිවිසති පිවිස නො පිහිටයි.

ඉතො බාහිරා පන – සීලුත‍්තමාති ගාථා තස‍්සත්‍ථො – සීලංයෙව “උත‍්තම”න‍්ති මඤ‍්ඤමානා සීලුත‍්තමාති එකෙ භොන‍්තො සංයමමත‍්තෙන සුද‍්ධිං වදන‍්ති, හත්‍ථිවතාදිඤ‍්ච වතං සමාදාය උපට‍්ඨිතාසෙ. ඉධෙව දිට‍්ඨියං අස‍්ස සත්‍ථුනො සුද‍්ධිං භවූපනීතා භවජ‍්ඣොසිතා සමානා වදන‍්ති, අපි ච තෙ කුසලාවදානා “කුසලා මය”න‍්ති එවංවාදා.

ශිලයම උතුමැයි සිතන්නො මෙයින් බාහිරය යන සීලුත්තමා ගාථාවේ අර්ථය සීලයම උතුම් යැයි සිතන්නෝ සීලුත්තමා වේ. ඇතැම් මහණ බමුණෝ සීලය ප්‍රධාන කරගෙන සංයම මාත්‍රයෙන් ශුද්ධිය කියති. හස්තිව්‍රතා දී ව්‍රත සමාදන්ව එළඹසිටියා වූ මේ දෘෂ්ටියෙහි ම හික්මීමෙන් සත්ත්වයාගේ ශුද්ධිය වේයැයි පවසති. නමුත් ඔවුහු භවයට පැමිණ, භාවයේ බැසගෙන සිටිමින් මෙසේ කියත. එනමුත් ඔවුන් කුශලවාද ඇත්තාහු “අපි දක්‍ෂයෝය”යනාදී (කියුම්) විද ඇත්තෝ වෙති.

එවං සීලුත‍්තමෙසු ච තෙසු තථා පටිපන‍්නො යො කොචි – සචෙ චුතොති ගාථා. තස‍්සත්‍ථො – සචෙ තතො සීලවතතො පරවිච‍්ඡින්‍දනෙන වා අනභිසම‍්භුණන‍්තො වා චුතො හොති, සො තං සීලබ‍්බතකම‍්මං පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදිකම‍්මං වා විරාධයිත්‍වා වෙධතී. න කෙවලඤ‍්ච වෙධති , අපි ච ඛො තං සීලබ‍්බතසුද‍්ධිං පජප‍්පතී ච විප‍්පලපති ච පත්‍ථයතී ච. කිමිව? සත්‍ථාව හීනො පවසං ඝරම‍්හා, ඝරම‍්හා පවසන‍්තො සත්‍ථතො හීනො යථා තං ඝරං වා සත්‍ථං වා පත්‍ථයතීති.

මෙසේ සීලය උතුම් කරගෙන ඒවායේ ක්‍රියාකාරීත්වයට පිළිපන් ඔවුන් අතරින් ඒ සීලව්‍රත අනුගමනය කරන යම්කිසිවෙක් වේනම් ඔවුහු සචෙදුතො යන ගාථාවේ අර්ථය ඉදින් යමෙක් ඒ ශීලව්‍රතාදීයෙන් අනුන් විසින් වෙන් කිරීමෙන් හෝ නොහැකි වීමෙන් හෝ ගිලිහුණේ වේද ඔහු ඒ සීලව්‍රතය හෝ පුණ්‍යාභි සංස්කාරාදී කර්ම හෝ වරදවාගෙන කම්පා වේ. හුදෙක් කම්පා වීම පමණක් නොව ඒ ශීලවෘත ශුද්ධිය පිළිබද ගුණ කියයි. වැලපෙයි. එයම ප්‍රාර්ථනා කරයි. කවරෙකු මෙන් ද? සත්‍වාව හීනො පවසං ඝරමහා දුරු රට වෙසෙන්නෙක් අනුන් විසින් වෙන් කිරීමෙන් හෝ අනුන් විසින් ගෙනයනු ලබන්නේ හෝ සමූහයෙන් පිරිහුණේ තම ගෙදර හෝ සමූහය හෝ පතන්නාක් මෙනි.

පරවිච‍්ඡින්‍දනාය වාති පරෙන වාරියමානො වා. අනභිසම‍්භුණන‍්තො වාති තං පටිපත‍්තිං අසම‍්පාදෙන‍්තො වා.

[missing trans] “අනභිසමභූනනෙතා වා” යනු ඒ ප්‍රතිපත්තිය සම්පූර්ණ නොකරන්නේ හෝ යනුයි.

අඤ‍්ඤාය අපරද‍්ධොති නිබ‍්බානෙන පරිහීනො මග‍්ගතො වා. තං වා සත්‍ථං අනුබන්‍ධතීති තං වා සත්‍ථං සබ‍්බත්‍ථ පච‍්ඡතො ගච‍්ඡති.

ඤායපරද්ධො නිවනින් හෝ මාර්ගයෙන් පිරිහුණේ ඤායපරද්ධො නිවනින් හෝ මාර්ගයෙන් පිරිහුණේ තං වා සත්‍ථං අනුබන්‍ධති ඒ සමූහයා හෝ සියලු තැන පසුපසින් යයි. සීලය උතුම් යැයි ගත්තවූවන්ගේ කම්පාවීමේ හේතුව මෙසේ දක්වන ලදී.

එවං පන සීලුත‍්තමානං පවෙධනකාරණං අරියසාවකො සීලබ‍්බතං වාපි පහාය සබ‍්බන‍්ති ගාථා. තත්‍ථ සාවජ‍්ජානවජ‍්ජන‍්ති සබ‍්බාකුසලං ලොකියකුසලඤ‍්ච. එතං සුද‍්ධිං අසුද‍්ධින‍්ති අපත්‍ථයානොති පඤ‍්චකාමගුණාදිභෙදං සුද‍්ධිං අකුසලාදිභෙදං අසුද‍්ධිඤ‍්ච අපත්‍ථයමානො. විරතො චරෙති සුද‍්ධියා අසුද‍්ධියා ච විරතො චරෙය්‍ය. සන‍්ති මනුග‍්ගහායාති දිට‍්ඨිං අග‍්ගහෙත්‍වා.

ආර්ය ශ්‍රාවකයා වනාහි සීලබ්බතං වාපි පාහාය සබ්බං යන ගාථාවෙන් දැක්වේ. අවේ. එහි සාවජ්ජානවජ්ජං සියලු අකුශල හා ලෞකික කුශලයන්. එතං සුද්ධිං අසුද්ධින්ති අපත්‍ථයානො පංචකාම ගුණ ආදී භේද ඇති මේ ශුද්ධිය ද අකුශලාදී භේද ඇති අශුද්ධියෙන් ද ප්‍රාර්ථනා නොකරනුයේ. විරංතා චරෙ ශුද්ධියෙන් ද අශුද්ධියෙන් ද වෙන්ව හැසිරෙන්නේය. සන්ති මනුග්හාය දෘෂ්ටියක් නොගෙන.

කණ‍්හං කණ‍්හවිපාකන‍්ති අකුසලකම‍්මං අකුසලවිපාකදායකං. සුක‍්කං සුක‍්කවිපාකන‍්ති ලොකියකුසලං අත‍්තනා සදිසං සුක‍්කවිපාකදායකං.

[missing trans] සුක්කං සුක්ක විපාකං ලෞකික කුසං කර්ම, අකුසල විපාක ගෙන දෙන.

නියාමාවක‍්කන‍්තින‍්ති මග‍්ගපවිසනං. සෙක‍්ඛාති සත‍්ත සෙක‍්ඛා. අග‍්ගධම‍්මන‍්ති උත‍්තමධම‍්මං, අරහත‍්තඵලං.

නියාම වත්තනං මාර්ගයට පිවිසෙන. සෙක්ඛා සත් වැදෑරුම් සේඛයෝ. අග්ගං ධම්මං උතුම් ධර්මය, අර්හත් ඵලය.

එවං ඉතො බාහිරකෙ සීලුත‍්තමෙ සංයමෙන විසුද‍්ධිවාදෙ තෙසඤ‍්ච විපාකං සීලබ‍්බතපහායිනො අරහතො ච පටිපත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි අඤ‍්ඤථාපි සුද‍්ධිවාදෙ බාහිරකෙ දස‍්සෙන‍්තො “තමූපනිස‍්සායා”ති ගාථමාහ. තස‍්සත්‍ථො – සන‍්තඤ‍්ඤෙපි සමණබ්‍රාහ‍්මණා, තෙ ජිගුච‍්ඡිතං අමරන‍්තපං වා දිට‍්ඨසුද‍්ධිආදීසු වා අඤ‍්ඤතරඤ‍්ඤතරං උපනිස‍්සායඅකිරියදිට‍්ඨියා වා උද‍්ධංසරා හුත්‍වා භවාභවෙසු අවීතතණ‍්හා සුද‍්ධි’මනුත්‍ථුනන‍්ති වදන‍්ති කථෙන‍්තීති.

මෙසේ මේ බුදුසසුනින් බැහැර සීල ව්‍රතාදීය ප්‍රධාන කරගත් සංයම වූ විශුද්ධිවාදයන් බැහැරලා, සීලවෘත දුරු කිරීමෙන් ලබන අර්හත්වය ද ප්‍රතිපත්තිය ද දක්වා, දැන් අන්‍යවු ද බාහිර ශුද්ධිවාදීන් දක්වනු සදහා තමුපනිස්සාය යන ගාථාව වදාරණ ලදී. එහි අර්ථය මෙසේය. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසක් ආර්යයන් විසින් ජුගුස්සිත වූ අමරතපස් හෝ දිට්ඨ ශුද්ධි ආදියෙහි හෝ එක්තරා අක්‍රිය දෘෂ්ටියක් ඇසුරු කර හෝ සංස්කාරයන්ගේ ශුද්ධිය වේ යැයි පවසන (අකිරිය දුම්රියෙන් හෝ) උද්ධංසරවාද ඇතිව පිළිබඳව ශෝකාලාප කියති. පෙන්වති. දක්වති.

තපොජිගුච‍්ඡවාදාති කායපීළනාදිතපෙන පාපහිරීයනවාදා. තපොජිගුච‍්ඡසාරාති තෙනෙව තපෙන හිරීයනසාරවන‍්තො. උද‍්ධංසරාවාදාති සංසාරෙන සුද‍්ධිං කථයන‍්තා.

තපො ජිගුච්ඡවාදා ගත පීඩාවට පත්කරන තපසින් පව් ගෙවේයැයි පැවසීම. පාපා ජිගුච්ඡමානා ඒ තපසින්ම ලැජ්ජාවෙන් අත් නොහරින. උද්ධංසරවාදා සංසාරයෙන් ශුද්ධිය වේ යයි කියමින්,

එවං තෙසං අවීතතණ‍්හානං සුද‍්ධිං අනුත්‍ථුනන‍්තානං යොපි සුද‍්ධිප‍්පත‍්තමෙව අත‍්තානං මඤ‍්ඤෙය්‍ය, තස‍්සාපි අවීතතණ‍්හත‍්තා භවාභවෙසු තං තං වත්‍ථුං පත්‍ථයමානස‍්ස හි ජප‍්පිතානි පුනප‍්පුනං හොන‍්තියෙවාති අධිප‍්පායො. තණ‍්හා හි ආසෙවිතා තණ‍්හං වඩ‍්ඪයතෙව, න කෙවලඤ‍්ච ජප‍්පිතානි, පවෙධිතං වාපි පකප‍්පිතෙසු, තණ‍්හාදිට‍්ඨීහි චස‍්ස පකප‍්පිතෙසු වත්‍ථූසු පවෙධිතම‍්පි හොතීති වුත‍්තං හොති. භවාභවෙසු පන වීතතණ‍්හත‍්තා ආයතිං චුතූපපාතො ඉධ යස‍්ස නත්‍ථි, ස කෙන වෙධෙය්‍ය කුහිං ව ජප‍්පෙති අයමෙතිස‍්සා ගාථාය සම‍්බන්‍ධො.

මෙසේ ඒ පහනොවූ තණ්හාව ඇති ශුද්ධිය ශෝකාන්විතව ප්‍රකාශ කරන්නා වූ යමෙක් වේ නම්, ඔහු තමා ශුද්ධියට පත්වූවකු සේ සිතන්නේ නමුදු ඒ තණ්හාව ක්‍ෂය නොකළ හෙයින් නැවත නැවත භවෝත්පත්තියේ ඒ ඒ වස්තූන් ප්‍රාර්ථනා කරමින්, ජල්පානය කිරීම පුනපුනාවේ යන අදහසයි. තණ්හාව වනාහි සේවය කරන ලදුයේ තණ්හාව වැඩෙන්නේම. හුදෙක් මෙසේ ප්‍රාර්ථනා කරන්නාට තෘෂ්ණා ජල්පන පමණක් නොව පවෙධිතං වාපි පකප්පිතෙසු තණ්හා දෘෂ්ටීන්, ප්‍රකල්පිත වස්තූන් කෙරෙහි අතිශයින් සැලීම ද වේ යැයි දැක්විණි. පුන පුනා භවයෙහි ඉපදීමට ඇති තණ්හාව දුරුකළ හෙයින් අනාගතයෙහි චුති උප්පත්ති දෙක මේ ලෝකයේ යමෙකුට නැතිනම්, ඔහුට කුමකින් සැලෙන්නේ ද? කුමකින් ජල්පනය කරන්නේ ද? මෙය මේ ගාථාවන්ගේ සම්බන්ධයයි.

ආගමනන‍්ති පුන ආගමනං. ගමනන‍්ති ඉතො අඤ‍්ඤත්‍ථ ගමනං . ගමනාගමනන‍්ති ඉතො ගන‍්ත්‍වා පුන නිවත‍්තනං. කාලන‍්ති මරණං. ගතීති ගමනවසෙන ගතියා ගන‍්තබ‍්බං.

ආගමනං නැවත පැමිණීම. ගමනං මෙයින් අන් තැනකට යෑම. ගමනා ගමනං මෙතැනින් ගොස් නැවත නැවතීම. කාලං මරණය ගතී ගමන් කිරීම් වශයෙන් ගතිය, ගතියෙන් යායුතු.

යමාහු ධම‍්මන‍්ති පුච‍්ඡාගාථා.

යාමාහු ධම්මං යනු ප්‍රශ්න කරන ගාථාවයි.

ඉදානි යස‍්මා එකොපි එත්‍ථ වාදො සච‍්චො නත්‍ථි, කෙවලං දිට‍්ඨිමත‍්තකෙන හි තෙ වදන‍්ති, තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො “සකං හී”ති ඉමං තාව විස‍්සජ‍්ජනගාථමාහ. තත්‍ථ සම‍්මුතින‍්ති දිට‍්ඨිං. අනොමන‍්ති අනූනං.

දැන් “මේ එකම වාදයකවත් සත්‍යයක් නැත්ද හුදෙක් දෘෂ්ටි මාත්‍රයෙන්ම මෙසේ කියත් ද එමනිසා ඒ අර්ථය දක්වමින් සකං හි යන මේ විසඳන ගාථාව කියන ලදී. එහි සම්මුතිං දෘෂ්ටිය. අනොමං අනූනව.

එවමෙතෙසු සකං ධම‍්මං පරිපුණ‍්ණං බ්‍රූවන‍්තෙසු අඤ‍්ඤස‍්ස ධම‍්මං පන හීනන‍්ති වදන‍්තෙසු යස‍්ස කස‍්සචි – පරස‍්ස චෙ වම‍්භයිතෙන හීනොති ගාථා. තස‍්සත්‍ථො – යදි පරස‍්ස නින්‍දිතකාරණා හීනො භවෙය්‍ය, න කොචි ධම‍්මෙසු විසෙසි අග‍්ගො භවෙය්‍ය. කිංකාරණා? පුථූ හි අඤ‍්ඤස‍්ස වදන‍්ති ධම‍්මං නිහීනතො සබ‍්බෙව තෙ සම‍්හි දළ‍්හං වදානාසකධම‍්මෙ දළ‍්හවාදා එව. වම‍්භයිතකාරණාති ධංසිතකාරණා. ගරහිතකාරණාති ලාමකකතකාරණා. උපවදිතකාරණාති අක‍්කොසිතකාරණා. සකායනන‍්ති සකමග‍්ගං.

මෙසේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතරෙහි ස්වකීය ධර්මය පිරිපුන් යැයි පවසන, අන්‍යයන්ගේ ධර්මය හීන යැයි පවසන්නන් අතර යම් කිසිවෙක්. පරස්ස චෙ වම්හයිතෙන හීනො යන ගාථාවේ එන පරිදි. ඉදින් අනුන් විසින් අවමන් කළ කරුණෙන් හීනවූයෙක් වන්නේ නම්, ධර්මයන් අතර කිසිවෙක් විශිෂ්ට වූවෙක් නොවන්නේය. කුමක් නිසා ද? බොහෝ මහණ බමුණන් අන්‍යයන්ගේ දහම නිහින යැයි ද ස්වකීය දහම දැඩිව ගෙන කියද එහෙයිනි. තම දෘෂ්ටියේ දැඩිව එබ, මෙසේ සෙසු දහම් හීන කිරීම, විධ්වංසනය කිරිම, හේතුවෙනි. ගරහිතකාරණ ළාමක කර කරුණෙන් උපවදිත කාරණා අක්‍රෝශ පරිභව කළ කරුණෙන්. සකායනං තමා පිළිගත් මාර්ගය.

කිඤ‍්ච භිය්‍යො – සද‍්ධම‍්මපූජාති ගාථා. තස‍්සත්‍ථො – තෙ ච තිත්‍ථියා යථා පසංසන‍්ති සකායනානි, සද‍්ධම‍්මපූජාපි නෙසං තථෙව වත‍්තති. තෙ හි අතිවිය සත්‍ථාරාදීනි සත‍්තරොන‍්ති. තත්‍ථ යදි තෙ පමාණා සියුං, එවං සන‍්තෙ සබ‍්බෙව වාදා තථියා භවෙය්‍යුං. කිංකාරණා ? සුද‍්ධී හි නෙසං පච‍්චත‍්තමෙව. න සා අඤ‍්ඤත්‍ථ සිජ‍්ඣති, නාපි පරමත්‍ථතො. අත‍්තනි දිට‍්ඨිගාහමත‍්තමෙව හි තං තෙසං පරපච‍්චයනෙය්‍යබුද‍්ධීනං. පච‍්චත‍්තමෙවාති පාටෙක‍්කමෙව.

බොහෝ සෙයින් කියනුයේ කුමටද? ඡම්මෙසු පූජා යන ගාථාවේ අර්ථය මෙසේය. ඒ අන්‍ය තීර්ථකයෝ ලබ්ධි මාර්ගයන්ට යම් සේ පසසත් ද තම සද්ධර්මයට පූජා පැවැත්වීමත් එසේම පවතී. ඔවුහු වනාහි ශාස්තෲ ආදීන්ට දැඩි සත්කාර කරති. ඉදින් ඔවුහු ඒ පිළිබඳ ප්‍රාමාණිකයෝ වෙත් නම් එවිට සියලුම වාදයෝ සත්‍යම වෙති. කුමක් නිසාද? සුද්ධීහි තෙසං පච්චත්ත මෙව ඒ මහණ බමුණන්ගේ ශුද්ධිය අන්‍යයන් කෙරෙහි නොවේ. පරමාර්ථ වශයෙන්ද නොවේ. තමන් තමන් ම කෙරෙහි දෘෂ්ටි දැඩිව පිළිගත් මාත්‍රයෙන්ම, එය ඔවුන්ගේ අනුන් අයත් ඤාණ බුද්ධියක් වේ. පච්චත්තමෙවා වෙන වෙන වේ.

යො පන විපරීතතො බාහිතපාපත‍්තා බ්‍රාහ‍්මණො, තස‍්ස න බ්‍රාහ‍්මණස‍්ස පරනෙය්‍යමත්‍ථීති ගාථා. තස‍්සත්‍ථො – බ්‍රාහ‍්මණස‍්ස හි “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා”තිආදිනා නයෙන සුදිට‍්ඨත‍්තා පරෙන නෙතබ‍්බං ඤාණං නත්‍ථි. දිට‍්ඨිධම‍්මෙසු “ඉදමෙව සච‍්ච”න‍්ති නිච‍්ඡිනිත්‍වා සුමග‍්ගහීතම‍්පි නත්‍ථි. තංකාරණා සො දිට‍්ඨිකලහානි අතික‍්කන‍්තො, න හි සො සෙට‍්ඨතො පස‍්සති ධම‍්මමඤ‍්ඤං අඤ‍්ඤත්‍ර සතිපට‍්ඨානාදීහි.

යමෙක් වනාහි පරමාර්ථ වශයෙන් බහා තැබූ පාප ධර්ම ඇති බ්‍රාහ්මණයෙක් වෙත් නම් ඔහුගේ; න බ්‍රාහ්මණස්ස ජරනෙය්‍යමත්‍ථි යන ගාථාවේ අර්ථය. ඒ බාහිත පාපි වූ බ්‍රහ්මණයාට “සියලු සංස්කාර ධර්ම අනිත්‍ය වේ.”යනාදී ක්‍රමයෙන් මනාව දුටු බැවින් අනුන් විසින් පැමිණවිය යුතු ඤාණයක් නම් නැත. දෙසැට මිසදුටු දහම්හි “මෙයම සත්‍ය” යැයි නිශ්චය කර, දැඩිව ගන්නා ලද්දක් ද නැත. එකරුණෙන් ඔහු දෘෂ්ටි කළහාදිය ඉක්ම වූයේය. අන් තැනක අන්‍ය වූ සතිපට්ඨාන දී ශ්‍රේෂ්ඨ දහමක් නො දක්නේමය.

න පරනෙය්‍යොති පරෙන නෙතබ‍්බො ජානාපෙතබ‍්බො න හොති. න පරපත‍්තියො න පරපච‍්චයොති පරෙසං පච‍්චෙතබ‍්බො න හොති. න පරපටිබද‍්ධගූති පරෙසං පටිබද‍්ධගමනො න හොති.

න පරනෙය්‍යො අනුන් විසින් පැමිණවිය යුතු, දැන්විය යුතු නොවේ. අනුන්ගේ බසින් ඇදහිය යුතු නොවේ. පර ප්‍රත්‍ය වූයේ නොවෙයි. අනුන් විසින් පැමිණවිය යුතු අයෙක් ද නොවේ. න පරපටිබද්ධගූ අනුන් සමග බැදුණු ගමන් ඇත්තේ නොවේ.

ජානාමීති ගාථාය සම‍්බන්‍ධො අත්‍ථො ච – එවං තාව පරමත්‍ථබ්‍රාහ‍්මණො න හි සෙට‍්ඨතො පස‍්සති ධම‍්මමඤ‍්ඤං, අඤ‍්ඤෙ පන තිත්‍ථියා පරචිත‍්තඤාණාදීහි ජානන‍්තාපි පස‍්සන‍්තාපි “ජානාමි පස‍්සාමි තථෙව එත”න‍්ති එවං වදන‍්තාපි ච දිට‍්ඨියා සුද‍්ධිං පච‍්චෙන‍්ති. කස‍්මා? යස‍්මා තෙසු එකොපි අදක‍්ඛි චෙ අද‍්දස චෙපි තෙන පරචිත‍්තඤාණාදිනා යථාභූතමත්‍ථං, කිඤ‍්හි තුමස‍්ස තෙන තස‍්ස තෙන දස‍්සනෙන කිං කතං, කිං දුක‍්ඛපරිඤ‍්ඤා සාධිතා, උදාහු සමුදයප‍්පහානාදීනං අඤ‍්ඤතරං, යතො සබ‍්බථාපි අතික‍්කමිත්‍වා අරියමග‍්ගං තෙ තිත්‍ථියා අඤ‍්ඤෙනෙව වදන‍්ති සුද‍්ධිං, අතික‍්කමිත්‍වා වා තෙ තිත්‍ථියෙ බුද‍්ධාදයො අඤ‍්ඤෙනෙව වදන‍්ති සුද‍්ධින‍්ති.

ජානාමි යන ගාථාවේ අර්ථයද මේ හා සම්බන්ධය. මෙසේ පළමුව ක්‍ෂීණාශ්‍රව බ්‍රාහ්මණයා පරමාර්ථ වශයෙන් අන්‍ය ශ්‍රේෂ්ඨ ධර්මයක් නොදකියි. අනය තීර්ථකයෝ වනාහි අනුන්ගේ සිත් දන්නා නුවණින් දනිමින්, දකිමින් “දනිමි, බලමි,” මෙය මෙසේ “යැයි මෙසේ කියූවත්; දෘෂ්ටියෙන් ශුද්ධිය අදහති. කුමක් නිසාද? ඔවුන් අතුරින් එක් අයකු ද දුටුයේ නමුත් තමාගේ ඒ දර්ශනයෙන්, අනුන්ගේ සිත් දන්නා ඤාණ ආදියෙන් තත් වූ පරිදි යථාර්ථය දැක. කිං හි තුමස්ස තෙන ඔහුගේ ඒ දැකීමෙන් කුමක් කරන ලද ද? තම දුක්ඛ පරිඥාවක් ඇද්ද? නැතහොත් සමුදය ප්‍රහාණාදියෙන් එක්තරා එකක් වේද? නැත ඉදින් මෙසේ ආර්ය මාර්ගය සර්වප්‍රකාරයෙන් ම ඉක්මවා (බැහැර වී ගිය) ඒ අන්‍ය තීර්ථකයෝ අනවබෝධයෙන් ම ශුද්ධිය පෙන්වති. නැතහොත් බුද්ධාදීහු ඒ තීර්ථකයන් ඉක්මවා දැනගෙනම ශුද්ධිය දේශනා කරති.

පස‍්සං නරොති ගාථාය සම‍්බන්‍ධො අත්‍ථො ච – කිඤ‍්ච භිය්‍යො? ය‍්වායං පරචිත‍්තඤාණාදීහි අද‍්දක‍්ඛි, සො පස‍්සං නරො දක‍්ඛති නාමරූපං, න තතො පරං, දිස‍්වාන වා ඤස‍්සති තානිමෙව නාමරූපානි නිච‍්චතො සුඛතො වා, න අඤ‍්ඤථා; සො එවං පස‍්සන‍්තො කාමං බහුං පස‍්සතු අප‍්පකං වා නාමරූපං නිච‍්චතො සුඛතො ච අථස‍්ස එවරූපෙන දස‍්සනෙන න හි තෙන සුද‍්ධිං කුසලා වදන‍්ති.

පස්සං නරො යන ගාථාවේ අර්ථයද මීට සම්බන්ධය. බොහෝ සෙයින් කියනුයේ කුමට ද? යම් අයෙක් පරචිත්ත විජානණාදියෙන් බලනුයේ, හෙතෙම නාමරූප ධර්ම නිත්‍යාදී වශයෙන් දකියි. ඉන් අනතුරුව දැක ඒ නාම රූපයෙන් ම නිත්‍යාදී වශයෙන් හෝ සුඛ වශයෙන් දකියි. අන් අයුරකින් නොදකියි. ඔහු මෙසේ දක්නේ කැමති අයුරකින් බොහෝ කොට හෝ මද වශයෙන් හෝ කාම රූප නිත්‍ය වශයෙන් හෝ සුඛ වශයෙන් දකින්නේය. ඉක්බිති ඔහුගේ මෙබදු දර්ශනයෙන් දක්‍ෂයෝ සංසාර ශුද්ධිය නොම කියති.

නිවිස‍්සවාදීති ගාථාය සම‍්බන්‍ධො අත්‍ථො ච – තෙන ච දස‍්සනෙන සුද‍්ධියා අසතියාපි යො “ජානාමි පස‍්සාමි තථෙව එත”න‍්ති එවං නිවිස‍්සවාදී, එතං වා දස‍්සනං පටිච‍්ච දිට‍්ඨියා සුද‍්ධිං පච‍්චෙන‍්තො “ඉදමෙව සච‍්ච”න‍්ති එවං නිවිස‍්සවාදී, සො සුබ‍්බිනයො න හොති තං තථා පකප‍්පිතං අභිසඞ‍්ඛතං දිට‍්ඨිං පුරක‍්ඛරානො. සො හි යං සත්‍ථාරාදිං නිස‍්සිතො, තත්‍ථෙව සුභං වදානො සුද‍්ධිං වදො, “පරිසුද‍්ධිවාදො පරිසුද‍්ධිදස‍්සනො වා අහ”න‍්ති අත‍්තානං මඤ‍්ඤමානො තත්‍ථ තථද‍්දසා සො, තත්‍ථ සකාය දිට‍්ඨියා අවිපරීතමෙව සො අද‍්දස. යථා සා දිට‍්ඨි පවත‍්තති, තථෙව තං අද‍්දස, න අඤ‍්ඤථා පස‍්සිතුං ඉච‍්ඡතීති අධිප‍්පායො.

නි විස්සවාදී ගාථාවේ සම්බන්ධය හා අර්ථය මෙසේය. යමෙක් ඒ දර්ශනයෙන් ද ශුද්ධියක් නොමැති වූවත් “දනිමි, දකිමි, එය එසේමය”යි. මෙසේ පිහිටා කියන්නේ වේද; මේ දර්ශනය නිසා හෝ දෘෂ්ටියෙන් ශුද්ධිය දක්වමින් “මෙයම සත්‍යය” යැයි මෙසේ පිහිටා කියයි ද, ඔහු සුවසේ හික්මිය හැකි නොවෙයි. ඔහු ඒ ඒ ආකාරයෙන් පිළියෙළ කරගත්. අභිසංස්කරණය කරගත් දෘෂ්ටිය පෙරටු කරගත්තේ ඔහු යමු ශාස්තෲ කෙනෙක් ඇසුරු කරන්නේ වේද මම එහිම ශුභවාද ඇති, ශුද්ධිවාද ඇති ඉතා පිරිසිදු වාද ඇති, පිරිසිදු දර්ශන ඇති, අයෙක් වෙමි”යි තමා පිළිබඳ සිතයා. එහි ඔහු එසේ දුටුවේය. එහි සක්කාය දෘෂ්ටියෙන් විපරිත නොවූයේ ම ඔහු දුටුවේය. යම් සේ ඒ දෘෂ්ටිය පවතියි ද එසේම එය දුටුවේය. අන් අයුරකින් දැකීමට කැමති නොවේ යන අදහසයි.

නිවිස‍්සවාදීති පතිට‍්ඨහිත්‍වා කථෙන‍්තො. දුබ‍්බිනයොති විනෙතුං දුක‍්ඛො. දුප‍්පඤ‍්ඤාපයොති ඤාපෙතුං චිත‍්තෙන ලබ‍්භාපෙතුං දුක‍්ඛො. දුන‍්නිජ‍්ඣාපයොති චිත‍්තෙන වීමංසිත්‍වා ගහණත්‍ථං පුනප‍්පුනං නිජ‍්ඣාපයිතුං දුක‍්ඛො. දුප‍්පෙක‍්ඛාපයොති ඉක‍්ඛාපයිතුං දුක‍්ඛො. දුප‍්පසාදයොති චිත‍්තෙ පසාදං උප‍්පාදෙතුං දුක‍්ඛො.

නි විස්සවාදී පිහිටා කියමින් දුබ්බීනයො ඉක්මවීම ඉතා දුෂ්කරය. දුප්පඤ්ඤපියො දැන්වීමට, හැඟවීමට, සිතින් එල්බ ගැනීමට දුෂ්කරය. දුන්නිජ්ඣාපියො සිතින් විමසා ගැනීමට, නැවත නැවත විමසීමට දුෂ්කරය. දුප්පෙක්ඛියෝ දැක්වීමට දුෂ්කරය. දුප්පසාදියො සිතෙහි පැහැදීම ඉපදවීමට දුෂ්කරය.

අප‍්පස‍්සීති ඤාණෙන පටිවෙධං පාපුණි. පටිවිජ‍්ඣීති චිත‍්තෙන අවබොධං පාපුණි.

අපස්සී ඤාණයෙන් ප්‍රතිවේදයට පැමිණියේය. පටිවිජ්ඣි සිතින් අවබෝධ කරගැනීමට පැමිණියේ ය.

එවං පකප‍්පිතං දිට‍්ඨිං පුරක‍්ඛරානෙසු තිත්‍ථියෙසු – න බ්‍රාහ‍්මණො කප‍්පමුපෙති සඞ‍්ඛාති ගාථා. තත්‍ථ සඞ‍්ඛාති සඞ‍්ඛාය, ජානිත්‍වාති අත්‍ථො. නපි ඤාණබන්‍ධූති සමාපත‍්තිඤාණාදිනා අකතතණ‍්හාදිට‍්ඨිබන්‍ධු. තත්‍ථ විග‍්ගහො – නාපි අස‍්ස ඤාණෙන කතො බන්‍ධු අත්‍ථීති නපි ඤාණබන්‍ධු. සම‍්මුතියොති දිට‍්ඨිසම‍්මුතියො. පුථුජ‍්ජාති පුථුජ‍්ජනසම‍්භවා. උග‍්ගහණන‍්ති මඤ‍්ඤෙති උග‍්ගහණන‍්ති අඤ‍්ඤෙ, අඤ‍්ඤෙ තා සම‍්මුතියො උග‍්ගණ‍්හන‍්තීති වුත‍්තං හොති.

මෙසේ ප්‍රකල්පනය කරගත් දෘෂ්ටි පෙරටුකොටගත් අන්‍ය තීර්ථකයන් අතුරෙන් න බ්‍රාහ්මණො කප්පමුපෙති සංඛං යන ගාථාවෙන් “ක්‍ෂීණාශ්‍රවයෝ තණ්හා දෘෂ්ටි කල්පනයට නො පැමිණෙයි “යැයි කියන ලදී. එහි සංඛං යනු නුවණින් දැන යන අර්ථයයි. නපි ඤාණ ඛන්‍ධ සමාපත්ති ඤාණාදියෙන් නොකළ තණ්හාව දෘෂ්ටි බන්‍ධන ඇති, විග්‍රහ යම්සේය. ඔහුගේ ඤාණයෙන් කළ බන්‍ධනයක් නැත්තේනුයි නපි ඤාණ නම්වේ. සම්මුතායො දෘෂ්ටි සම්මතයෙන්. පුථුජ්ජා පෘථජ්ජනයන්ගෙන් උපන්. උග්ගණ්හගන්ති මඤ්ඤො අන්‍යයෝ දැඩිව ගනිති. “අන්‍ය තීර්ථකයෝ ඒ දෙසට මිසදිටු සම්මතයන් දැඩිව ගනිති” යි කියන ලදී.

උපෙක‍්ඛතීති උපපත‍්තිතො අපක‍්ඛපතිතො හුත්‍වා පස‍්සති.

උපෙක්ඛතී උප්පත්තියෙන් අපක්‍ෂපාතීව දකියි.

කිඤ‍්ච භිය්‍යො – විස‍්සජ‍්ජ ගන්‍ථානීති ගාථා. තත්‍ථ අනුග‍්ගහොති උග‍්ගහණවිරහිතො, සොපි නාස‍්ස උග‍්ගහොති අනුග‍්ගහො. න වා උග‍්ගණ‍්හාතීති අනුග‍්ගහො.

වැඩි විස්තර කුමටද? විස්සජ්ජ ගන්‍ධානි යන ගාථාවේ අනුග්ගහො දැඩිව ගැනීමෙන් දුරු වූයේ. ඔහුට දැඩිව ගැනීම නැත්තේනුයි අනුග්ගහ නම් වේ. නැතහොත් නූගැන්විය යුතු වූයේනුයි අනුග්ගහ නම් වේ.

ගන්‍ථෙ වොස‍්සජ‍්ජිත්‍වාති අභිජ‍්ඣාදිකෙ ගන්‍ථෙ චජිත්‍වා. විස‍්සජ‍්ජාති පුන අනාදියනවසෙන ජහිත්‍වා. ගධිතෙති ඝටිතෙ. ගන්‍ථිතෙති සුත‍්තෙන සඞ‍්ගහිතෙ විය ගන්‍ථිතෙ. බන්‍ධෙති සුට‍්ඨු බන්‍ධෙ. විබන්‍ධෙති විවිධා බන්‍ධෙ. පලිබුද‍්ධෙති සමන‍්තතො බන්‍ධනෙන බන්‍ධෙ. බන්‍ධනෙති කිලෙසබන්‍ධනෙ. ඵොටයිත්‍වාති පප‍්ඵොටෙත්‍වා. සච‍්චං විස‍්සජ‍්ජං කරොන‍්තීති විසඞ‍්ඛරිත්‍වා අපරිභොගං කරොන‍්ති. විකොපෙන‍්තීති චුණ‍්ණවිචුණ‍්ණං කරොන‍්ති.

ගන්‍ථො වොස්සජිත්‍වා වා අභිධ්‍යාදී ග්‍රන්ථයන් අතර. නැතහොත් විස්සජ්ජ යනු නැවත නොගැනීම් වශයෙන් අත් හැර. ගථිතෙ ගැටුණු ගණඨිතෙ නූලකින් බැන්දාක් මෙන් ගැට ගැසූ බාද්ධෙ මනාව බදින ලදී. විබද්ධෙ විවිධාකාරයෙන් බඳිනා ලද. පළිබද්ධෙ හාත්පසින්ම බන්‍ධනයෙන් බැඳී. බන්‍ධනෙ කෙලෙස් බන්ධනයෙන් ථෙටයිත්‍වා පොළා පියා සජ්ජං විස්සජ්ජං කරොන්ති සුණු විසුණු කර, නැවත පරිභෝග නොකළ හැක්කක් කරත් ද විකොපෙන්ති සුණු කරති. වැඩි විස්තර කුමට කියම්ද?

කිඤ‍්ච භිය්‍යො – සො එවරූපො – පුබ‍්බාසවෙති ගාථා. තත්‍ථ පුබ‍්බාසවෙති අතීතරූපාදීනි ආරබ‍්භ උප‍්පජ‍්ජනධම‍්මකිලෙසෙ . නවෙති පච‍්චුප‍්පන‍්නරූපාදීනි ආරබ‍්භ උප‍්පජ‍්ජනධම‍්මෙ. න ඡන්‍දගූති ඡන්‍දාදිවසෙන න ගච‍්ඡති. අනත‍්තගරහීති කතාකතවසෙන අත‍්තානං අගරහන‍්තො.

මෙබදු ස්වරූප ඇති ක්‍ෂීණාශ්‍රවයා පුබ්බාසවෙ යන ගාථාවෙන් වර්ණනාවේ. එහි පුබ්බාසවෙ යනු අතීත රූප දිය - අරබයා උපදින කෙලෙස් ධර්ම. න ජන්‍දගූ ඡන්දාදී වශයෙන් අගතියට නොයයි. අගතියට නොයයි. අනත්ත ගරාහී කළ, නොකළ දෑ වශයෙන් තමාට නො ගරහන්නේ ම අනතගරහී නම් වේ.

එවං අනත‍්තගරහී ච – ස සබ‍්බධම‍්මෙසූති ගාථා. තත්‍ථ සබ‍්බධම‍්මෙසූති ද‍්වාසට‍්ඨිදිට‍්ඨිධම‍්මෙසු “යං කිඤ‍්චි දිට‍්ඨං වා”ති එවංපභෙදෙසු. පන‍්නභාරොති පතිතභාරො. න කප‍්පෙතීති න කප‍්පියො, දුවිධම‍්පි කප‍්පං න කරොතීති අත්‍ථො. නූපරතොති පුථුජ‍්ජනකල්‍යාණකසෙක‍්ඛා විය උපරතිසමඞ‍්ගීපි නො හොති. න පත්‍ථියොති නිත‍්තණ‍්හො. තණ‍්හා හි පත්‍ථයතීති පත්‍ථියා, නාස‍්ස පත්‍ථියාති න පත්‍ථියො. ඉතො පරඤ‍්ච හෙට‍්ඨා ච තත්‍ථ තත්‍ථ වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙව. එවං අරහත‍්තනිකූටෙනෙව දෙසනං නිට‍්ඨාපෙසි, දෙසනාපරියොසානෙ පුරාභෙදසුත‍්තෙ (මහානි· 83) වුත‍්තසදිසො එව අභිසමයො අහොසීති.

ස සබ්බ ධම්මෙසු යන ගාථාව ද මීට සම්බන්ධය. එහි සබ්බධම්මේසු දෙසැට මිසදිටු ධර්ම අතුරින් කිසියම් රූප, ශබ්දදාදී අරමුණක් වේද ආදී මෙබදු ප්‍රභේදයන්හි පන්නභාරො බහා තැබූ බර ඇති. න කප්පති දෙවැදෑරුම් වූ කල්පනයන් නොකරයි. යන අර්ථයයි. නුපරතො කල්‍යාණ පුථුජ්ජන හා සේඛයන් මෙන් උපරති (ආශා වැලැක්වීම) යෙන් යුක්ත වූයේද නොවේ. න පක්‍ථියො, තණ්හාව නැති. තණ්හාව වනාහි පතයි, ප්‍රාර්ථනා කරයිනුයි. “පත්‍ථිය” නම් වේ. මොහුට පරමාර්ථයක්, ප්‍රාර්ථනාවක් නැත්තේ නූයි. “නපත්‍ථියො” නම් වේ. මින් අනතුරුව එන පදයන්ගේ අර්ථ ඉහත කියා ඇති හෙයින් අර්ථ වහා ප්‍රකට කරවන්නේමය. මෙසේ අර්හත්වය මාතෘකා කරගෙන දේශනාව නිමා කළ සේක. දේශනාවසානයේ දී පුරාභේද සූත්‍රයේ දැක්වූ ප්‍රමාණ ඇති ප්‍රාණීන්ට ධර්මාවබෝධ විය.

සද‍්ධම‍්මප‍්පජ‍්ජොතිකාය මහානිද‍්දෙසට‍්ඨකථාය

සද්ධම්මපජ්ජොතිකා නම් මහා නිද්දේසට්ඨකථාවේ

මහාබ්‍යූහසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

දහතුන්වන මහා වියූහ සූත්‍ර නිර්දේශ වර්ණනාව නිමියේ ය.