14. තුවටකසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
14. තුවටකසුත්තනිද්දෙසවණ්ණනා
14. තුවටකසූත්රනිර්දේශ වර්ණනාව
චුද්දසමෙ තුවටකසුත්තනිද්දෙසෙ පුච්ඡාමි තන්ති ඉදම්පි තස්මිංයෙව මහාසමයෙ “කා නු ඛො අරහත්තප්පත්තියා පටිපත්තී”ති උප්පන්නචිත්තානං එකච්චානං දෙවතානං තමත්ථං පකාසෙතුං පුරිමනයෙනෙව නිම්මිතබුද්ධෙන අත්තානං පුච්ඡාපෙත්වා වුත්තං.
දාහතර වන තුවටක සූත්‍ර නිර්දේශයේ පුච්ඡාමිතං යන මේ ප්‍රශ්නයද ඉහතින් පැවසූ මහා සමාගමයේ දී අර්හත්වය ලැබීමේ පිළිවෙත (මාර්ගය) කවරේද?”යි උපන් සිත් ඇති ඇතැම් දෙවිවරුන්ට එම ප්‍රශ්නයට පිළිතුරු දීම සදහා පෙර පැවසූ පරිදිම නියමිත බුදුවරු ලවා තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරවමින් මේ සූත්‍ර දේශීතය.
තත්ථ ආදිපුච්ඡාගාථාය තාව පුච්ඡාමීති එත්ථ අදිට්ඨජොතනාදිවසෙන පුච්ඡා විභජිතා. ආදිච්චබන්ධූති ආදිච්චස්ස ගොත්තබන්ධු. විවෙකං සන්තිපදඤ්චාති විවෙකඤ්ච සන්තිපදඤ්ච. කථං දිස්වාති කෙන කාරණෙන දිස්වා, කථං පවත්තදස්සනො හුත්වාති වුත්තං හොති.
එහි මුල්ම ප්‍රශ්න කරන ගාථාවේ පළමුව පුච්ඡාමි යනු ප්‍රශ්න කරමි. එහි අදිට්ඨජොතනා ආදී වශයෙන් ප්‍රශ්න කරන ආකාර තුනක් බෙදා දක්වන ලදී. ආදිච්ව බන්ධූ සූර්යයාට ගෝත්‍රයෙන් ඥාති වූ විවෙකං සන්ති පදඤ්ච විවේකයද ශාන්ති පදය ද, කථං දිස්වා කුමන කරුණකින් දැක, කෙසේ පවතින දර්ශනයකින් සිදුවන්නේද? යි අසන ලදී.
තිස්සො පුච්ඡාති ගණනපරිච්ඡෙදො. අදිට්ඨජොතනාති යං න දිට්ඨං න පටිවිද්ධං, තස්ස පාකටකරණත්ථාය පුච්ඡා. දිට්ඨසංසන්දනාති යං ඤාණචක්ඛුනා දිට්ඨං, තස්ස ඝටනත්ථාය. විමතිච්ඡෙදනාති යා කඞ්ඛා, තස්සාච්ඡෙදනත්ථං. පකතියා ලක්ඛණං අඤ්ඤාතන්ති ධම්මානං තථලක්ඛණං පකතියා න ඤාතං. අදිට්ඨන්ති න දිට්ඨං. “න නිට්ඨ”න්තිපි පාඨො. අතුලිතන්ති තුලාය තුලිතං විය න තුලිතං. අතීරිතන්ති තීරණාය න තීරිතං. අවිභූතන්ති න පාකටං. අවිභාවිතන්ති පඤ්ඤාය න වඩ්ඪිතං. තස්ස ඤාණායාති තස්ස ධම්මස්ස ලක්ඛණජානනත්ථාය. දස්සනායාති දස්සනත්ථාය. තුලනායාති තුලනත්ථාය. තීරණායාති තීරණත්ථාය. විභාවනායාති විභාගකරණත්ථාය. අඤ්ඤෙහි පණ්ඩිතෙහීති අඤ්ඤෙහි බුද්ධිසම්පන්නෙහි. සංසයපක්ඛන්දොති සන්දෙහං පවිට්ඨො.
තිස්සො පුච්ඡා සංඛ්‍යාව දැක්වීමයි. අදිට්ඨ ජොතනා යමක් පියවි ඇසින් නොදකින ලද්දේද එය ප්‍රකට කරුණු සදහා අසන ප්රශ්නයයි. දිට්ඨ සංසන්දතා යමක් ඤාණ චක්ෂුවෙන් (නුවණැසින්) දක්නා ලද්දේ ද එකරුණ සැසඳීම සඳහා කරන ප්‍රශ්න කිරිමයි. විමති ච්ඡෙදනා යම් සැකයක් වේද ඒ සැක දුරුකර ගැනීම සදහා ප්‍රශ්න කිරීමයි. පකතියා ලක්ඛණං අඤ්ඤාතං ධර්මයන්ගේ තථ ලක්ෂණය ස්වභාවයෙන්ම නොදන්නා වූ. අදිට්ඨං නොදුටු. න දිට්ඨං පාඨයද යෙදේ. අතුලිතං තරාදියෙන් තුලනය කළාක් මෙන් තුලින නොවූ (සමාන නොවූ) අතිරිතං තීරණයෙන්, තිරණය නොකළ, අවිභූතං ප්‍රකට නොවූ අවිභාවිතං ප්‍රඥාවෙන් නොවැඩුණු. තස්ස ඤාණාය ඒ ධර්මයේ ලක්ෂණ දැනගැනීම සඳහා. දස්සනාය දැකීම සදහා. තුලතාය තුලනය කිරීම සදහා. තීරණය තීරණය කිරීම සදහා. විභාවනාය විභාග කිරීම සඳහා. අඤ්ඤෙහි පණ්ඩිතෙහි අනෙක් බුද්ධාදී පඬිවරුන් සමඟ. සංසය පක්ඛන්තො සැකයට පත් වුයේ.
මනුස්සපුච්ඡාති මනුස්සානං පුච්ඡා. අමනුස්සපුච්ඡාති නාගසුපණ්ණාදීනං පුච්ඡා. ගහට්ඨාති අවසෙසගහට්ඨා. පබ්බජිතාති ලිඞ්ගවසෙන වුත්තා. නාගාති සුඵස්සාදයො නාගා. සුපණ්ණාති සුපණ්ණසංයුත්තවසෙන (සං· නි· 3.392 ආදයො). යක්ඛාති යක්ඛසංයුත්තවසෙන (සං· නි· 10.235 ආදයො) ච වෙදිතබ්බා . අසුරාති පහාරාදාදයො. ගන්ධබ්බාති පඤ්චසිඛගන්ධබ්බපුත්තාදයො . මහාරාජානොති චත්තාරො මහාරාජානො. අහීනින්ද්රියන්ති සණ්ඨානවසෙන අවිකලින්ද්රියං. සො නිම්මිතොති සො භගවතා නිම්මිතො බුද්ධො.
මනුස්ස පුච්ඡා මනුෂ්‍යයන්ගේ ප්‍රශ්න කිරීම. අමනුස්ස පුච්ඡා නාග සුපර්ණාදීන්ගේ ප්‍රශ්න කිරීම. ගහට්ඨා සෙසු ගිහියෝ. පබ්බ ජිතා ලිංග වශයෙන් කියන ලදී. නාගා සුඵස්ස ආදී නාගයෝ. සුපණ්ණා සුපර්ණයන්ගෙන් සමන්විත වශයෙන්. යක්ඛා යක්ෂයන්ගෙන් යුක්ත වශයෙන් දතයුතුයි. අසුරා පහාරාදී අසුරයෝ. ගන්ධබ්බා පංචසිඛ වැනි ගන්ධබ්බ පුත්‍රයෝ. මහාරාජානෝ සිවුවරම් රජ දරුවෝ. අභිනින්ද්රීයං පිහිටීම් වශයෙන් විකල නොවූ ඉන්ද්‍රීය ඇති. සොනිම්මිතො භාග්‍යවතුන් වහන්සේ විසින් නියමිත ඒ බුදුරුව.
වොදානත්ථපුච්ඡාති විසෙසධම්මපුච්ඡා. අතීතපුච්ඡාති අතීතෙ ධම්මෙ ආරබ්භ පුච්ඡා. අනාගතාදීසුපි එසෙව නයො. කුසලපුච්ඡාති අනවජ්ජධම්මපුච්ඡා. අකුසලපුච්ඡාති සාවජ්ජධම්මපුච්ඡා. අබ්යාකතපුච්ඡාති තදුභයවිපරීතධම්මපුච්ඡා.
වොදානක පුච්ඡා විශේෂ ධර්ම පිළිබඳ ප්‍රශ්න කිරීම. අතීත පුච්ඡා ඉක්මගිය ධර්ම අරබයා ප්‍රශ්න කිරිම. අනාගතා දියෙහිද මේ ක්‍රමයෙන් අථ දත යුතුයි. කුසල පුච්ඡා නිවැරදි ධර්ම පිළිබඳ ප්‍රශ්න කිරිම අකුසල පුච්ඡා වැරදි දහම් පිළිබඳව කරන ප්‍රශ්න කිරීම, අව්‍යාකත පුච්ඡා ඒ දෙකින්ම යුතු විපරීත ධර්ම පිළිබඳ ප්‍රශ්න කිරීම.
අජ්ඣෙසාමි තන්ති තං ආණාපෙමි. කථයස්සු මෙති මය්හං කථෙහි. ගොත්තඤාතකොති ගොත්තෙන ඤාතකො. ගොත්තබන්ධූති ගොත්තජ්ඣත්තිකො. එකෙනාකාරෙනාති එකෙන කොට්ඨාසෙන.
අජ්ඣෙසාමි තං නුඹට ආරාධනය කරමි. කථස්සු මෙ මාහට කියන්න. ගොත්ත ඤාතකො ගෝත්‍රයෙන් ඥාති වූ ගොත්තබන්ධු ගෝත්‍රයේ උපන්. එකෙනාකාරෙන එක් කොට්ඨාශයකින්.
සන්තිපදන්ති සන්තිසඞ්ඛාතං නිබ්බානපදං. යෙ ධම්මා සන්තාධිගමායාති යෙ සතිපට්ඨානාදයො ධම්මා නිබ්බානපටිලාභත්ථාය. සන්තිඵුසනායාති ඤාණඵස්සෙන නිබ්බානඵුසනත්ථාය. සච්ඡිකිරියායාති පච්චක්ඛකරණත්ථාය. මහන්තං සීලක්ඛන්ධන්ති මහන්තං සීලරාසිං. සමාධික්ඛන්ධාදීසුපි එසෙව නයො. සීලක්ඛන්ධාදයො ලොකියලොකුත්තරා, විමුත්තිඤාණදස්සනං ලොකියමෙව.
සන්ති පදං ශාන්ති සංඛ්‍යාත නිර්වාණ පදය. යෙ ධම්මා සන්තාධිගමාය යම් සතිපට්ඨානාදී ධර්මයක් නිවන ලැබීම පිණිස පවතියිද. සන්ති ඵස්සනාය ඤාණ ස්පර්ශයෙන් නිවන ස්පර්ශ කිරිම සඳහා. සච්ඡිකිරියාය ප්රත්යක්ෂ කරනු පිණිස. මහන්තං සීලක්ඛන්ධං මහත් වු ශීල රාශිය. සමාධික්ඛන්ධා දියෙහිද මේ ක්‍රමයමයි. සීලස්කන්ධාදිය ලෞකික ලෝකෝත්තර වශයෙන් වේ. විමුක්ති ඤාණ දර්ශනය ලෞකිකමය.
තමොකායස්ස පදාලනන්ති අවිජ්ජාරාසිස්ස විද්ධංසනං. විපල්ලාසස්ස භෙදනන්ති චතුබ්බිධවිපල්ලාසස්ස භෙදනං. තණ්හාසල්ලස්ස අබ්බුහනන්ති තණ්හාකණ්ටකස්ස ලුඤ්චනං. අභිසඞ්ඛාරස්ස වූපසමන්ති පුඤ්ඤාදිඅභිසඞ්ඛාරස්ස නිබ්බාපනං. භාරස්ස නික්ඛෙපනන්ති පඤ්චක්ඛන්ධභාරස්ස ඨපනං. සංසාරවට්ටස්ස උපච්ඡෙදනන්ති සංසාරපවත්තස්ස ඡෙදනං. සන්තාපස්ස නිබ්බාපනන්ති කිලෙසසන්තාපස්ස නිබ්බුති. පරිළාහස්ස පටිපස්සද්ධින්ති කිලෙසදරථස්ස සන්නිසීදනං. දෙවදෙවොති දෙවානං අතිදෙවො.
තමෝ කායස්ස පදාලනං අවිද්‍යා රාශිය විධ්වංසනය කිරිමෙහි. විපල්ලාසස්ස භේදනං සිවු වැදෑරුම් විපල්ලාසයන්ගේ බිදීම, තණ්හාසල්ලස්ස අබ්බුළ්හං තණ්හා නම් හුල ලිහා දැමීම, ඉදිරිම. අභිසංඛාරස්ස වූපසමං පුණ්යාදී අභිසංස්කාරයන් නිවා දැමීම පිණිස. භාරස්ස නික්ඛෙපනං පංචස්කන්ධ භාරය බහා තැබීම. සංසාරවට්ටස්ස උපචේඡදනං සංසාර පැවැත්ම සිඳ දැමීම. සන්තාපස්ස නිබ්බාපනං කෙලෙස් සන්තාපයේ නිවා දැමීම. පරිලාභස්ස පටිප්පස්සද්ධි කෙලෙස් දැවීමෙහි සන්සිඳීමට පත්වීම, දෙවදෙවො දෙවියන්ට දෙවි වූ.
අථ භගවා යස්මා යථා පස්සන්තො කිලෙසෙ උපරුන්ධති, තථා දිස්වා තථා පවත්තදස්සනො හුත්වා පරිනිබ්බාති, තස්මා තමත්ථං ආවිකරොන්තො නානප්පකාරෙන තං දෙවපරිසං කිලෙසප්පහානෙ නියොජෙන්තො “මූලං පපඤ්චසඞ්ඛායා”ති ආරභිත්වා පඤ්ච ගාථා අභාසි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් යම් සේ දකිමින් කෙලෙස් උදුරා දමයිද එසේ දැක, එසේ පැවති දර්ශන ඇත්තෙක්ව පිරිනිවන්පායිද සේක. එහෙයින් ඒ අර්ථය ප්‍රකට කරවමින්, නානාප්‍රකාරව ඒ දෙව් පිරිස කෙලෙස් ප්‍රහාණයේ යොදවමින් “මූලං පපඤ්ච සංඛාය”යැයි ආරම්භ කර, ගාථා පහක් දේශනා කළහ.
තත්ථ ආදිගාථාය තාව සඞ්ඛෙපත්ථො – පපඤ්චසඞ්ඛාති පපඤ්චාති සඞ්ඛාතත්තා පපඤ්චා එව පපඤ්චසඞ්ඛා. තස්සා අවිජ්ජාදයො කිලෙසා මූලං, තං පපඤ්චසඞ්ඛාය මූලං අස්මීති පවත්තමානඤ්ච සබ්බං මන්තාය උපරුන්ධෙ. යා කාචි අජ්ඣත්තං තණ්හා උප්පජ්ජෙය්යුං. තාසං විනයාය පහානාය සදා සතො සික්ඛෙ උපට්ඨිතස්සති හුත්වා සික්ඛෙය්යාති.
එහි මුල්ම ගාථාවේ සංක්ෂිප්තාර්ථය පපඤ්ච සංඛ්‍යා පපංච සංඛ්‍යාත, තෘෂ්ණා ප්රපංචයෝම “පපංච සංඛ්‍යා” නම් වේ. එයට අවිද්‍යාදි කෙලෙස් මුල් වේ. ප්‍රපංච නම් තෘෂ්ණා දෘෂ්ටීන්ගේ මූලය මම වෙමි”යි පැවති මානය ද සියලු මානය ද නුවණින්, ප්‍රඥාවෙන් සිඳදමන ලදී. කිසියම් අධ්‍යාත්මික තණ්හාවක් උපදින්නේ නම්, ඒවා දුරු කිරීමට ප්‍රහාණයට සැමදා සිහි නැතිව හික්මෙන්නේය. එළඹි සිහි ඇතිව හික්මෙන්නේය.
අජ්ඣත්තසමුට්ඨානා වාති චිත්තෙ උප්පන්නා වා. පුරෙභත්තන්ති දිවාභත්තතො පුරෙකාලං. අච්චන්තසංයොගත්ථෙ උපයොගවචනං, අත්ථතො පන භුම්මමෙව පුරෙභත්තෙති, එස නයො පච්ඡාභත්තාදීසු. පච්ඡාභත්තන්ති දිවාභත්තතො පච්ඡාකාලං. පුරිමං යාමන්ති රත්තියා පඨමකොට්ඨාසං. මජ්ඣිමං යාමන්ති රත්තියා දුතියකොට්ඨාසං. පච්ඡිමං යාමන්ති රත්තියා තතියකොට්ඨාසං. කාළෙති කාළපක්ඛෙ. ජුණ්හෙති සුක්කපක්ඛෙ. වස්සෙති චත්තාරො වස්සානමාසෙ. හෙමන්තෙති චත්තාරො හෙමන්තමාසෙ. ගිම්හෙති චත්තාරො ගිම්හානමාසෙ. පුරිමෙ වයොඛන්ධෙති පඨමෙ වයොකොට්ඨාසෙ, පඨමවයෙති අත්ථො. තීසු ච වයෙසු වස්සසතායුකස්ස පුරිසස්ස එකෙකස්මිං වයෙ චතුමාසාධිකානි තෙත්තිංස වස්සානි හොන්ති.
අජ්ඣත්ත සමුට්ඨානා වා සිතේ උපන් හෝ. පුරෙ භත්තං දවල් බතට පෙර කාලය. අත්‍යන්ත සංයෝගයේ දුතියා විභක්ති වචනයකි. එහි අර්ථ වශයෙන් උදේ වරුවේ යනුවෙන් සත්තමී අර්ථයම වේ. පච්චාභත්ත ආදියෙහි ද මේ ක්‍රමයමයි. පච්ඡාභත්තං දවල් බතට පද කාලයයි. පුරිමයාමං රාත්‍රියේ ප්‍රථම යාමය, මජ්ඣිම යාමං රාත්‍රියේ දෙවන කොටස පච්ජිම යාමං යනු රාත්‍රියේ තුන්වන කොටසයි. කාලෙ අවපක්ෂයේ පුණ්හෙ පුර පක්ෂයේ වස්සෙ වැසි වසිනා සාර මාසයේ හේමන්තෙ හේමන්ත සාර මාසයේ ගිම්හෙ ගැන සාර මාසයේ පුරිමෙ වයොඛන්ධෙ පළමු වයස් කාණ්ඩයේ, පළමු වයසේ යන අර්ථයයි. වර්ෂ සීයක් ජීවත්වන පුරුෂයාගේ අවුරුදු තිස්තුනක් හා මාස හතරක් බැගින් වයස් කාණ්ඩ තුනකි. ඒ අතුරින් පළමු අවුරුදු තිස්තුනයි මාස හතරක කාලය පඨම වයසයි.
එවං පඨමගාථාය තාව තීහි සික්ඛාහි යුත්තං දෙසනං අරහත්තනිකූටෙන දෙසෙත්වා පුන මානප්පහානවසෙන දෙසෙතුං “යං කිඤ්චී”ති ගාථමාහ. තත්ථ යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා අජ්ඣත්තන්ති යං කිඤ්චි උච්චාකුලීනතාදිකං අත්තනො ගුණං ජානෙය්ය. අථ වාපි බහිද්ධාති අථ වා බහිද්ධාපි ආචරියුපජ්ඣායානං වා ගුණං ජානෙය්ය. න තෙන ථාමං කුබ්බෙථාති තෙන ගුණෙන මානං න කරෙය්ය.
මෙසේ පළමු ගාථාවෙන් ත්‍රිවිධ ශික්ෂාවෙන් යුතු දේශනා අර්හත්වය දක්වා ගෙනගොස් නැවත මාන ප්‍රහාණ වශයෙන් දේශනා කිරීමට යං කිඤ්චි යන ගාථාව වදාළහ. එහි යංකිඤ්චි ධම්මභිජඤ්ඤා අජ්ඣත්තං යම්කිසි උසස් කුලීනත්ව ආදී වශයෙන් තමාගේ ගුණ දන්නේනම්. අථවාපි බහිද්ධා නැතහොත් බාහිර ආචාර්ය උපාධ්‍යාය වරුන්ගේ ගුණ දන්නේනම් න තෙන ථාමං කුබ්බෙථ ඒ ගුණයෙන් මාන නූපදවන්නේය. මහන්තානං මහත්වූ ගුණවතුන්ගේ.
සතානන්ති සන්තගුණවන්තානං. සන්තානන්ති නිබ්බුතසන්තානං. න වුත්තාති න කථිතා. නප්පවුත්තාති න විස්සජ්ජිතා.
සන්තානං නිවුණු සන්තාන ඇත්තන්ගේ. න වුත්තා නොකියන ලදී. තප්පවුත්තා නොවිසඳන ලදී.
ඉදානිස්ස අකරණවිධිං දස්සෙන්තො “සෙය්යො න තෙනා”ති ගාථමාහ. තස්සත්ථො – තෙන ච මානෙන “සෙය්යොහ”න්ති වා “නීචොහ”න්ති වා “සරික්ඛොහ”න්ති වාපි න මඤ්ඤෙය්ය. තෙහි ච උච්චාකුලීනතාදීහි ගුණෙහි ඵුට්ඨො අනෙකරූපෙහි “අහං උච්චා කුලා පබ්බජිතො”තිආදිනා නයෙන අත්තානං විකප්පෙන්තො න තිට්ඨෙය්යාති.
දැන් ඔහුගේ නොකරන විධි දක්වමින් “සෙය්යො න තෙන” යන ගාථාව වදාළහ. එහි අර්ථ-ඒ මානයෙන්ම “මම උතුම් වෙමි” යි හෝ “මම නීච වෙමි” කියා හෝ “මම සමාන වෙමි” කියා හෝ නොසිතන්නේය. ඒ උසස් කුලවත් බව ආදී ගුණයන්ගෙන් විමසන ලද්දේ නොයෙක් ආකාරයෙන් “මම උසස් කුලයකින් පැවිදි වීමි”යි ආදී ක්‍රමයෙන් තමා හුවා දක්වමින් නොසිටින්නේය.
එවං මානප්පහානවසෙනපි දෙසෙත්වා ඉදානි සබ්බකිලෙසූපසමවසෙන දෙසෙතුං “අජ්ඣත්තමෙවා”ති ගාථමාහ. තත්ථ අජ්ඣත්තමෙවුපසමෙති අත්තනි එව රාගාදිසබ්බකිලෙසෙ උපසමෙය්ය. න අඤ්ඤතො භික්ඛු සන්තිමෙසෙය්යාති ඨපෙත්වා ච සතිපට්ඨානාදීනි අඤ්ඤෙන උපායෙන සන්තිං න පරියෙසෙය්ය. කුතො නිරත්තා වාති නිරත්තා කුතොයෙව.
මෙසේ මානය ප්‍රහාන කිරීම් වශයෙන් දේශනා කර, දැන් සියලු කෙලෙස් සන්සිඳවීම් වශයෙන් දේශනා කිරිමට අජ්ඣත්තමෙව යන ගාථාව වදාළහ. එහි අජ්ඣත්තමෙව උපසමෙ තමන් කෙරෙහිම. රාගාදි සියලු කෙලෙස් සන්සිඳ වන්නේය. න අඤ්ඤතො භික්ඛු සන්තිමෙසෙය්ය සතිපට්ඨානාදී ධර්ම හැර අනික් ක්‍රමයකින් ශාන්තිය නොසොයන්නේය. කුතො නිරත්තං වා නො ඇලීමක් කොයින්ද?
න එසෙය්යාති සීලබ්බතාදීහි න මග්ගෙය්ය. න ගවෙසෙය්යාති න ඔලොකෙය්ය. න පරියෙසෙය්යාති පුනප්පුනං න ඉක්ඛෙය්ය.
න ඵසෙය්ය සීල වෘත ආදීයෙන් නො සෙවුනේය. න ගවෙසෙය්ය නොබලන්නේය. න පරියෙසෙය්ය පුන පුනා නො කැමති වන්නේය.
ඉදානි අජ්ඣත්තං උපසන්තස්ස ඛීණාසවස්ස තාදිභාවං දස්සෙන්තො “මජ්ඣෙ යථා”ති ගාථමාහ. තස්සත්ථො – යථා මහාසමුද්දස්ස උපරිහෙට්ඨිමභාගානං වෙමජ්ඣසඞ්ඛාතෙ චතුයොජනසහස්සප්පමාණෙ මජ්ඣෙ පබ්බතන්තරෙ ඨිතස්ස වා මජ්ඣෙ සමුද්දස්ස ඌමි නො ජායති, ඨිතොව සො හොති අවිකම්පමානො, එවං අනෙජො ඛීණාසවො ලාභාදීසු ඨිතො අස්ස අවිකම්පමානො, සො තාදිසො රාගාදිඋස්සදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චීති.
දැන් අධ්‍යාත්මිකව උපශාන්ත වූ ක්ෂීණාස්රවයාගේ තාදි බව දක්වමින් මජ්ඣෙ යථා යන ගාථාව වදාළහ. එහි අර්ථ - යම් සේ මහා සමුද්‍රයේ මතු භාගයටද යට භාගයටද මැද වූ යොදුන් හාර දහසක් පමණ වූ මධ්‍ය භාගයෙහි මධ්‍ය පර්වත අතර පිහිටි හෝ මධ්‍ය සමුද්‍රයේ රළ පහර හට නොගන්නේද නොකම්පා වී සිටි අයුරින්ම ජලස්කන්ධය සිටින්නේද එලෙසින්ම තෘෂ්ණා රහිත වු ක්ෂීණාස්රවයන් වහන්සේ ලාභාදියේ කම්පා නෙවෙමින් සිටියාහු වෙති. එ බඳු වූ ඒ භික්ෂුව කිසිවෙක්හි රාගාදී උස්සදයක් නොකරන්නේ ය.
උබ්බෙධෙනාති හෙට්ඨාභාගෙන. ගම්භීරොති උදකපිට්ඨිතො පට්ඨාය චතුරාසීතියොජනසහස්සානි ගම්භීරො. “උබ්බෙධො”තිපි පාඨො, තං න සුන්දරං. හෙට්ඨාති අන්තොඋදකං. උපරීති උද්ධංඋදකං. මජ්ඣෙති වෙමජ්ඣෙ. න කම්පතීති ඨිතට්ඨානතො න චලති. න විකම්පතීති ඉතො චිතො ච න චලති. න චලතීති නිච්චලං හොති. න වෙධතීති න ඵන්දති. නප්පවෙධතීති න පරිවත්තති. න සම්පවෙධතීති න පරිබ්භමති. අනෙරිතොති න එරිතො. අඝට්ටිතොති අක්ඛොභො. අචලිතොති න කම්පිතො. අලුළිතොති න කලලීභූතො. තත්ර ඌමි නො ජායතීති තස්මිං ඨානෙ වීචි න උප්පජ්ජති.
උබ්බෙධෙන යටිභාගයෙන් ගම්භීරො දිය පිට සිට අසූ හාරදාහක් යොදුන් ගැඹුරුය. උබ්බෙධො යන පාඨය ද යෙදේ. එය එතරම් යහපත් නොවේ. හෙට්ඨා දිය යට උපරී දිය මතුපිට මජ්ඣෙ දිය මැද න කම්පති සිටි තැනින් නො සෙලවේ. න විකම්පති ඔබිනොබ නො සැලේ. න චලති නිශ්චල වේ. න වෙධතී නොසැලේ. න උප්පවෙධති නොපෙරළේ. න සම්පවෙධති පරිභ්‍රමණය නොවේ. අනෙරිතො අකම්පිත වූයේ. අසට්ටිතො නො කැළඹුණේ. අචලිතො කම්පා නොවූයේ. අනාලුලීතො නො කැරකුණේ වේ. තත්ර ඌමි නො ජායති ඒ ස්ථානයේහි රළ නූපදියි.
සත්තන්නං පබ්බතානං අන්තරිකාසූති යුගන්ධරාදීනං සත්තන්නං පබ්බතානං අන්තරන්තරා. සීදන්තරාති අන්තමසො සිම්බලීතූලම්පි තෙසු පතිතපතිතං සීදතීති සීදා, පබ්බතන්තරෙ ජාතත්තා අන්තරා. “අන්තරසීදා”තිපි පාඨො.
සත්තන්නං පබ්බතානං අන්තරිතාසු යුගන්ධරාදී සත්කුළුපව් අතරතුර. සීදන්තරා යටත් පිරිසෙන් පුලුන් පොදක් පවා මතුපිට වැටුනොත් ගිලී යානුයි “සීදා” නම් වේ. පර්වත අතර හටගත් බැවින් සීදන්තර නම් වේ. සීදන්තර යන පාඨයද යෙදේ.
ඉදානි එවං අරහත්තනිකූටෙන දෙසිතං ධම්මදෙසනං අබ්භානුමොදෙන්තො තස්ස ච අරහත්තස්ස ආදිපටිපදං පුච්ඡන්තො නිම්මිතබුද්ධො “අකිත්තයී”ති ගාථමාහ. තත්ථ අකිත්තයීති ආචික්ඛි. විවටචක්ඛූති විවටෙහි අනාවරණෙහි පඤ්චහි චක්ඛූහි සමන්නාගතො. සක්ඛිධම්මන්ති සකායත්තං සයං අභිඤ්ඤාතං අත්තපච්චක්ඛධම්මං. පරිස්සයවිනයන්ති පරිස්සයවිනයනං. පටිපදං වදෙහීති ඉදානි පටිපත්තිං වදෙහි. භද්දන්තෙති භද්දං තව අත්ථූති භගවන්තං ආලපන්තො ආහ. අථ වා භද්දං සුන්දරං තව පටිපදං වදෙහීතිපි වුත්තං හොති. පාතිමොක්ඛං අථ වාපි සමාධින්ති තමෙව පටිපදං භින්දිත්වා පුච්ඡති. පටිපදන්ති එතෙන වා මග්ගං පුච්ඡති. ඉතරෙහි සීලං සමාධිඤ්ච පුච්ඡති.
දැන් මෙසේ අර්හත්වය කෙළවර කොට දෙසූ ධර්ම දේශනාව අනුව විශේෂයෙන් සතුටුවෙමින්, ඒ ක්ෂීණාස්රවයාගේ අර්හත්වයේ මුල් පිළිවෙත් විමසන නිර්මිත බුදුරජාණෝ අකිත්තයී යන ගාථාව වදාළහ. එහි අකිත්තයී යනු කීවේය. විවටචක්ඛු විවෘත වූ අනාවරණය වූ පස් ඇස් වලින් යුක්ත වූ. සක්ඛිධම්මං තමාට අයත් වූ තමා විසින් මනාව දැනගත් ආත්ම ප්රත්යක්ෂ ධර්මය. පරිස්සය විනයං උවදුරු දුරු කරන පටිපදං වදෙහි දැන් ප්‍රතිපත්තිය කියන්න. භද්දන්තෙ භද්‍ර වූවක් නුඹ වහන්සේට ඇත්තේනුයි භාග්‍යවතුන් වහන්සේට අමතමින් මෙසේ කියයි. නැතහොත් භද්‍ර වූ සුන්දර වූ නුඹවහන්සේගේ ප්‍රතිපදාව වදාරන්න යැයි කියන ලදී. පාතිමොක්ඛං අථවා පි සමාධිං ඒ ප්රතිපත්තියම බිඳ විචාරයි. පටිපදං යන මෙයින් මාර්ගය විචාරයි. ඉතිරි පදයන්ගෙන් සීලය ද සමාධිය ද විචාරයි.
මංසචක්ඛුනාපීති සසම්භාරිකමංසචක්ඛුනාපි. දිබ්බචක්ඛුනාපීති දිබ්බසදිසත්තා දිබ්බං. දෙවානඤ්හි සුචරිතකම්මනිබ්බත්තං පිත්තසෙම්හරුහිරාදීහි අපලිබුද්ධං උපක්කිලෙසවිනිමුත්තතාය දූරෙපි ආරම්මණසම්පටිච්ඡනසමත්ථං දිබ්බං පසාදචක්ඛු හොති. ඉදඤ්චාපි වීරියභාවනාබලනිබ්බත්තං ඤාණචක්ඛු තාදිසමෙවාති දිබ්බසදිසත්තා දිබ්බං. දිබ්බවිහාරවසෙන පටිලද්ධත්තා, අත්තනා ච දිබ්බවිහාරසන්නිස්සිතත්තාපි දිබ්බං. ආලොකපරිග්ගහෙන මහාජුතිකත්තාපි දිබ්බං. තිරොකුට්ටාදිගතරූපදස්සනෙන මහාගතිකත්තාපි දිබ්බං. තං සබ්බං සද්දසත්ථානුසාරෙන වෙදිතබ්බං. දස්සනට්ඨෙන චක්ඛු, චක්ඛුකිච්චකරණෙන චක්ඛුමිවාතිපි චක්ඛු, දිබ්බඤ්ච තං චක්ඛු චාති දිබ්බචක්ඛු. තෙන දිබ්බචක්ඛුනාපි විවටචක්ඛු. ඉදානි පඤ්චවිධං චක්ඛුං විත්ථාරෙන කථෙතුං “කථං භගවා මංසචක්ඛුනාපි විවටචක්ඛූ”තිආදිමාහ. මංසචක්ඛුම්හි භගවතො පඤ්චවණ්ණා සංවිජ්ජන්තීති එත්ථ සසම්භාරාදිකචක්ඛුම්හි බුද්ධස්ස භගවතො පඤ්ච කොට්ඨාසා පච්චෙකං පච්චෙකං උපලබ්භන්ති.
මංස චක්ඛුනාපි සසම්භාරික වූ මසැසින් ද දිබ්බචක්ඛු නාපි දෙවියන්ට සමාන වූ බැවින් දිව්‍යමය, දෙවියන්ට වනාහි යහපත් ක්‍රියාවලින් උපන් පිත් සෙම් ලේ ආදියෙන් පළිබෝධයට, පීඩාවට නොපත්, උපක්ලේශයන්ගෙන් මිදුණු බැවින් ඉතා දුර වූද අරමුණ පිළිගැනීමට සමත් වු ද දිව්‍යමය ප්‍රසාද චක්ෂුව වේ. වීර්ය භාවනා බලයෙන් උපන් මේ ඤාණ චක්ෂුවද (නුවණැස) එබඳුමය. දිවැසට සමාන බැවින් “දිව්බ” නම් වේ. දිව්‍ය විහාර වශයෙන් ලබන ලද බැවින් ද තමාද දිව්‍යමය විහරණයන් ඇසුරු කළ බැවින්ද “දිබ්බ” නම් වේ. ආලෝකය පරිග්‍රහණය කර ගැනීමෙන් මහත් වු දිළිසීමක් ඇති බැවින් “දිබ්බ” නම් වේ. බිත්තියෙන් පිටත රූප පවා දැකීමට සමත් වු මහා ගතික වු බැවින් ද “දිබ්බ”නම් වේ. ඒ සියලු අර්ථ ශබ්ද ශාස්ත්රානුසාරයෙන් දත යුතුයි. දර්ශනය වේ. යන අර්ථයෙන් චක්ඛු නම් වේ. බැලීම් කෘත්‍ය කරන හෙයින් චක්ෂුවක් වුයේ නුයි චක්ඛු නම් වේ. දිබ්බ වූ ඒ චක්ඛුව-දිබ්බචක්ඛු වේ. ඒ දිවැසින්ද “විවට චක්ඛු” වූහ. මේ පස් වැදෑරුම් ඇස් පිළිබඳව සවිස්තරව කරුණු දැක්වීමට කථං භගවා මංස චක්ඛු නාපි විවට චක්ඛු (බුදුහු මසැසිනිදු විවට චක්ඛු වූහ.) යනාදිය කීය. මංස චක්ඛුම්හි භගවතො පංචවණ්ණානි සංවිජ්ජන්ති යන මෙහි බුදුරන්ගේ සසම්භාරික වූ මසැසෙහි කොටස් පහක් වෙන වෙනම දක්නට ලැබේ.
නීලො ච වණ්ණොති උමාපුප්ඵවණ්ණො. පීතකො ච වණ්ණොති කණිකාරපුප්ඵවණ්ණො. ලොහිතකො ච වණ්ණොති ඉන්දගොපකවණ්ණො. කණ්හො ච වණ්ණොති අඤ්ජනවණ්ණො. ඔදාතො ච වණ්ණොති ඔසධිතාරකවණ්ණො. යත්ථ ච අක්ඛිලොමානි පතිට්ඨිතානීති යස්මිං ඨානෙ අක්ඛිලොමානි පතිට්ඨහිත්වා උට්ඨිතානි. තං නීලං හොති සුනීලන්ති එත්ථ නීලන්ති සබ්බසඞ්ගාහකවසෙන වුත්තං. සුනීලන්ති අන්තරවිරහිතං සුට්ඨු නීලං. පාසාදිකන්ති පසාදජනකං. දස්සනෙය්යන්ති දස්සනීයං. උමාපුප්ඵසමානන්ති දකසීතලපුප්ඵසදිසං. තස්ස පරතොති තස්ස සමන්තා බාහිරපස්සෙ. පීතකන්ති සබ්බසඞ්ගාහකං. සුපීතකන්ති අන්තරවිරහිතං සුට්ඨු පීතකං. උභයතො ච අක්ඛිකූටානීති ද්වෙ ච අක්ඛිකොටියො. ලොහිතකානීති සබ්බසඞ්ගාහකවසෙන වුත්තං. සුලොහිතකානීති අපඤ්ඤායමානවිවරානි සුට්ඨු ලොහිතකානි. මජ්ඣෙ කණ්හන්ති අක්ඛීනං මජ්ඣිමට්ඨානං අඤ්ජනසදිසං කණ්හං. සුකණ්හන්ති අන්තරවිරහිතං සුට්ඨු කණ්හං. අලූඛන්ති පාසාදිකං. සිනිද්ධන්ති පණීතං. භද්දාරිට්ඨකසමානන්ති අපනීතතචභද්දාරිට්ඨකඵලසදිසං. “අද්දාරිට්ඨකසමාන”න්තිපි පාළි, තස්සා තින්තකාකසදිසන්ති අත්ථො. ඔදාතන්ති සබ්බසඞ්ගාහකවසෙන වුත්තං. සුඔදාතන්ති අන්තරවිරහිතං රජතමණ්ඩලසදිසං සුට්ඨු ඔදාතං. සෙතං පණ්ඩරන්ති ද්වීහිපි අතිඔදාතතං දස්සෙති. පාකතිකෙන මංසචක්ඛුනාති පකතිමංසචක්ඛුනා. අත්තභාවපරියාපන්නෙනාති අත්තභාවසන්නිස්සිතෙන. පුරිමසුචරිතකම්මාභිනිබ්බත්තෙනාති පුරිමෙසු තත්ථ තත්ථුප්පන්නෙසු අත්තභාවෙසු කායසුචරිතාදිකම්මුනා උප්පාදිතෙන. සමන්තා යොජනං පස්සතීති සමන්තතො චතුගාවුතප්පමාණෙ යොජනෙ තිරොකුට්ටාදිගතං රූපං ආවරණවිරහිතං පකතිමංසචක්ඛුනා දක්ඛති.
නීලො ච වණ්ණො දියබෙරලිය මල් නිල්පාට ඇත. පීතකො ච වණ්ණො කිණිහරි මල් මෙන් කහපාට ඇත. ලෝහිත කො ච වණ්ණො ඉඳිගොවුවන් මෙන් රතු පාට ඇත. කණ්හො ච වණ්ණො අඳුන් මෙන් කළු පාට ඇත. ඔදාතොච වණ්ණො ඕසධී තාරකාව මෙන් සුදු පාට ඇත. යත්ථ අක්ඛිලෝමානි පතිට්ඨිතානි යම් තැනක ඇස් රෝම පිහිටා නැගීසිටියේද ඒ රෝම නිල්පාටින්ද ඉතා තද නිල් පාටින්ද යුතුය. මෙහි නීලං සියල්ල සංග්‍රහ කිරීම් වශයෙන් කියන ලදී. සුනීලං අතරක් නැතැකි අතිශයින්ම පිරිසිදු නිල් වූ. පාසාදිකං ප්‍රසාද එළවන. දස්සනෙය්යං දර්ශනීය. උම්මාපුප්ඵ සමානං දියබෙරලිය මල් සමාන වූ තස්ස පරතො එය ඇතුලත පිට පැත්තේ පීතකං සියල්ල කහ පාටය. සුපීතං අතර නැවතී මනාව කහ පාටය. උභයතො ච අක්ඛි කුටානී දෙ ඇස් කෙළෙවර. ලොහිතකානි සියල්ල සංග්‍රහ කිරීම් වශයෙන් කියන ලදී. සුලොහිතකානි විවරක් නොපෙනෙන සේ සියල්ල රතු පාටය. මජ්ඣෙ කණ්හං ඇසේ මධ්‍යස්ථානය අඳුන් මෙන් කලු පාටය. සුකණ්හං අතරක් නැතිව මනාව කළු පාටය. භද්දකං භද්‍රය, සශ්‍රීකය. සිනිද්ධං ප්‍රණීතය. භද්දාරිට්ඨක සමානං සිවිය ඉවත් කළ රුක් පෙනෙල ඇට සමාන. අද්දාරිට්ඨක සමානං යන පදය ද යෙදේ. තිත්ත කලු පාටින් යුතු යන අරුතයි. ඔදාතං සියල්ලම සුදුපාටින් යුතුය යන අරුතයි. සුවොදාතං අතරක් නැතිව රිදී මණ්ඩලයක් සමානව මැනවින් සුදුසු වූ සෙත පණ්ඩරං මේ වචන දෙකෙන්ම ඉතා සුදු බව දක්වයි. පාකතිකෙන මංසචක්ඛුනා ස්වභාවික වූ මසැසින්. අත්තභාව පරියාපන්නෙන ආත්ම භාවයෙන් යුක්ත පුරිම සුචරිත තම්මාභිනිබ්බත්තෙන පෙර කාලයේ ඒ ඒ තැන, ආත්මභාවයෙහි ඉපිද කරන ලද කාය සුචරිතාදී කර්මයන්ගෙන් උපන්. සමන්තා යෝජනං පස්සති හාත්පසින් සතර ගව්වක්, යොදුනක් පමණ වූ බිත්ති පිටත ඇති රූප ආවරණ විරහිතව ප්‍රකෘති (පියවි) මසැසින් දකියි.
දිවා චෙව රත්තිඤ්චාති දිවසභාගෙ ච රත්තිභාගෙ ච. චතුරඞ්ගසමන්නාගතොති චතූහි අඞ්ගෙහි සමන්නාගතො පරිපුණ්ණඅන්ධකාරො ආලොකවිරහිතො. සූරියො වා අත්ථඞ්ගතොති සූරභාවං ජනයන්තො උට්ඨිතො සූරියො විගතො. කාළපක්ඛො ච උපොසථොති කාළපක්ඛෙ චාතුද්දසීඋපොසථදිවසො ච. තිබ්බො ච වනසණ්ඩොති ගහනො ච රුක්ඛරාසි. මහා ච කාළමෙඝො අබ්භුට්ඨිතොති මහන්තො කාළමෙඝො අබ්භපටලො ච උට්ඨිතො හොති. කුට්ටො වාති ඉට්ඨකාචයො වා. කවාටං වාති ද්වාරවාතපානාදිකවාටං වා. පාකාරො වාති මත්තිකාදිපාකාරො වා. පබ්බතො වාති පංසුපබ්බතාදිපබ්බතො වා. ගච්ඡං වාති තරුණගච්ඡාදිගච්ඡං වා . ලතා වාති කරවින්දාදි ලතා වා. ආවරණං රූපානං දස්සනායාති රූපාරම්මණානං දස්සනත්ථාය පටිසෙධං නත්ථි. එකඤ්චෙ තිලඵලං නිමිත්තං කත්වාති සචෙ එකං තිලබීජං සඤ්ඤාණං කත්වා. තිලවාහෙ පක්ඛිපෙය්යාති ද්වෙ සකටෙ තිලරාසිම්හි ඛිපෙය්ය. කෙචි පන “වාහො නාම කුම්භාතිරෙකද්වෙසකට”න්ති වදන්ති. තඤ්ඤෙව තිලඵලං උද්ධරෙය්යාති තංනිමිත්තකතං තිලබීජංයෙව උද්ධරිත්වා ගණ්හෙය්ය.
දිවා චෙව රත්තිංච දවල් කාලයේද රාත්‍රි භාගයේ ද චතුරංග සමන්නාගතො සතර අංගයන්ගෙන් යුක්ත වූ. පිරිපුන් අඳුර, ආලෝකය කිසිවක්ම නැති අඳුර සුරියො ච අත්ථමිතො ශූරභාවය උපදවමින් උදා වූ සුර්යයා ද පහවූ කල්හි, කාලපක්ඛො ච උපොසථො අවපක්ෂයේ චාතුද්දසී උපොසථ දිනයද තිබ්බො වනසණ්ඩො ච ගහණ වු වෘක්ෂ සමූහය. රුක්වණ ගහන. මහාච කාළමෙඝො අබ්භුට්ඨිතො මහත් වූ කලු වලා ගැබක් උදා වූයේ වේ. කුඩ්ඩොව ගඩොල් බිත්ති හෝ කවාටං වා දොර කවුළු ආදියක් හෝ පාකාරොවා මැටි ආදී පවුරක් හෝ පබ්බතො වා පාංශු පර්වතාදී පර්වතයක් හෝ ගච්ඡංවා තරුණ ගසක් හෝ ලතාවා කරවිඤ්ජාදී වැලක් හෝ ආවරණං රූපානං දස්සනාය රූපාරම්මණ දැකීම සඳහා ආවරණයක්, වැළැක්වීමෙන් නොවේ. එකතිලඵලං නිමිත්තං කත්වා ඉදින් එක් තල ඇටයක් ලකුණු කර තිලවාහෙ පක්ඛිපෙය්ය කරත්තයේ තල ගොඩ මතුයෙහි දමන්නේය. ඇතැමෙක් “වාහො” නම් එකට එක්කර බැඳි කරත්ත දෙකකියි කියති. තඤ්ඤෙව තිලඵලං උද්ධරෙය්යෙ ඒ ලකුණු කළ තල ඇටයම ගෙන දක්වන්නේය.
දිබ්බෙන චක්ඛුනාති ඉදං වුත්තත්ථමෙව. විසුද්ධෙනාති චුතූපපාතදස්සනෙන දිට්ඨිවිසුද්ධිහෙතුත්තා විසුද්ධෙන. යො හි චුතිමත්තමෙව පස්සති න උපපාතං, සො උච්ඡෙදදිට්ඨිං ගණ්හාති. යො උපපාතමෙව පස්සති න චුතිං, සො නවසත්තපාතුභාවසස්සතදිට්ඨිං ගණ්හාති. යො පන තදුභයං පස්සති, සො යස්මා දුවිධම්පි තං දිට්ඨිගතං අතිවත්තති, තස්මාස්ස තං දස්සනං දිට්ඨිවිසුද්ධිහෙතු හොති, උභයඤ්චෙතං බුද්ධපුත්තා පස්සන්ති. තෙන වුත්තං – “චුතූපපාතදස්සනෙන දිට්ඨිවිසුද්ධිහෙතුත්තා විසුද්ධ”න්ති. මනුස්සූපචාරං අතික්කමිත්වා රූපදස්සනෙන අතික්කන්තමානුසකං, මානුසකං වා මංසචක්ඛුං අතික්කන්තත්තා අතික්කන්තමානුසකන්ති වෙදිතබ්බං.
දිබ්බ චක්ඛුනා මෙහි අරුත කියන ලදී. විසුද්ධෙන චුතූපපාත ඥානයෙන් දැකීමෙන්, දිට්ඨි විශුද්ධි හේතුවෙන් පිරිසිදු වූ. යමෙක් චුතවීම් මාත්‍රයම දකියිද, නැවත උපදීම නොදකින ඔහු උච්ඡේද දෘෂ්ඨිය ගනියි. යමෙක් ඉපදීම පමණක් දකියිද චුතවීම නොදකින්නේද ඔහු නව සත්ත්වයකු පහළ වූයේ යැයි ශාස්වත දෘෂ්ටිය ගනියි. මේ චුති උප්පත්ති දෙකම යමෙක් දකීනම්, ඔහු එම දෘෂ්ටීන් දෙකම ඉක්මවා සිටියි. එහෙයින් ඔහුගේ දර්ශනය දෘෂ්ටි විශුද්ධි හේතුවෙන් වේ. මේ චුති උප්පත්ති දෙකම බුදුපුත් වූ ආර්ය ශ්‍රාවකයෝ දකිති. එනිසා කියන ලදී. “දෘෂ්ටි විශුද්ධිය ඇති වන හෙයින් චුතූපපාත ඥාන දර්ශනයෙන් පිරිසිදු වූ” මනුෂ්‍ය භාවය ඉමක් වූ රූප දැකීමෙන් “අතික්කන්ත මානුසකං” වේ. නැතහොත් මානුෂික මසැසද ඉක්මවා සිටි බැවින් “අතික්කන්ත මානුසකං” යයි දතයුතුයි.
තෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සතීති මනුස්සමංසචක්ඛුනා විය සත්තෙ ඔලොකෙති. චවමානෙ උපපජ්ජමානෙති එත්ථ චුතික්ඛණෙ උපපත්තික්ඛණෙ වා දිබ්බචක්ඛුනා දට්ඨුං න සක්කා. යෙ පන ආසන්නචුතිකා ඉදානි චවිස්සන්ති, තෙ චවමානා. යෙ ච ගහිතපටිසන්ධිකා සම්පතිනිබ්බත්තාව, තෙ උපපජ්ජමානාති අධිප්පෙතා. තෙ එවරූපෙ චවමානෙ උපපජ්ජමානෙ ච පස්සතීති දස්සෙති. හීනෙති මොහනිස්සන්දයුත්තත්තා හීනෙ. තබ්බිපරීතෙ පණීතෙ. සුවණ්ණෙති අදොසනිස්සන්දයුත්තත්තා ඉට්ඨකන්තමනාපවණ්ණයුත්තෙ. තබ්බිපරීතෙ දුබ්බණ්ණෙ, අභිරූපෙ විරූපෙති අත්ථො. සුගතෙති සුගතිගතෙ, අලොභනිස්සන්දයුත්තත්තා වා අඩ්ඪෙ මහද්ධනෙ. දුග්ගතෙති දුග්ගතිගතෙ, ලොභනිස්සන්දයුත්තත්තා වා දලිද්දෙ අප්පන්නපානෙ. යථාකම්මූපගෙති යං යං කම්මං උපචිතං, තෙන තෙන උපගතෙ . තත්ථ පුරිමෙහි “චවමානෙ”තිආදීහි දිබ්බචක්ඛුකිච්චං වුත්තං . ඉමිනා පන පදෙන යථාකම්මූපගඤාණකිච්චං.
තෙන දිබ්බෙන චක්ඛුනා අතික්කන්ත මනුසකෙන සත්තෙ පස්සති. මිනිස්සු මසැසින් මෙන් සත්ත්වයන් දකියි. චවමානෙ උප්පජ්ජමානෙ මෙහි චුතික්ෂණයේ හෝ උත්පත්තික්ෂණයේ දිවැසින් දැකීමට හැකි නොවේ. යමෙක් වනාහි ආසන්න වූ චුතිය ඇත්තේ දැන් චුතවන්නෝ ද ඔවුහු “චවමාන” නම් වෙති. යමෙක් ගන්නා ලද ප්රතිසන්ධි ඇත්තාහු ද මොහොතේ උපන්නා හුද ඔවුහු “උප්පජ්ජමානි” නම් වෙති. “චුතුපපාත ඤාණය ලැබුවෝ මේ චවමාන, උප්පජ්ජමාන සත්ත්වයන් දකිති” යැයි දක්වයි. හීනෙ මෝහාන්ධකාරයෙන් යුතු බැවින් හීන නම් වූවන්, ඊට ප්‍රති විරුද්ධ වුවන් පණිතෙ සුවණ්ණෙ යනු අදාස විපාකයෙන් යුක්තව ඉෂ්ට, කාන්ත, මනාප වර්ණයන්ගෙන් යුතු. ඊට විරුද්ධ වූවන් දුබ්බණ්ණෙ. ඉතා දැඩි විරුප බවින් යුතු සුගතෙ සුගතියට ගියවුන් නැතහොත් අලෝභ සිතේ විපාක වශයෙන් ආඪ්‍ය වූ මහත් ධන ඇති දුග්ගතෙ දුගතියට ගියවුන් නැතහොත් ලෝභයේ විපාක වශයෙන් දිළිඳු වූ, අල්ප වූ ආහාර පාන ඇති. යථා කමමුපගෙ යම් යම් කර්මයක් රැස් කරන ලද ද, ප්රතිසන්ධිය ගෙන දීමට බලවත් වේද ඒ සමර්ථ වේද කර්මයන්ගෙන් එළඹියාවුන්. එහි මුලින් යෙදු චවමානෙ ආදියෙන් දිබ්බචක්ඛු කෘත්‍ය කියන ලදී. මේ පදයෙන් වනාහි යථා කම්මූපග ඤාණ කෘත්‍ය දක්වන ලදී.
තස්ස ච ඤාණස්ස අයමුප්පත්තික්කමො – ඉධ භික්ඛු හෙට්ඨානිරයාභිමුඛං ආලොකං වඩ්ඪෙත්වා නෙරයිකෙ සත්තෙ පස්සති මහාදුක්ඛං අනුභවමානෙ, තං දස්සනං දිබ්බචක්ඛුකිච්චමෙව. සො එවං මනසි කරොති “කිං නු ඛො කම්මං කත්වා ඉමෙ සත්තා එතං දුක්ඛං අනුභවන්තී”ති, අථස්ස “ඉදං නාම කත්වා”ති තං කම්මාරම්මණං ඤාණං උප්පජ්ජති. තථා උපරිදෙවලොකාභිමුඛං ආලොකං වඩ්ඪෙත්වා නන්දනවන මිස්සකවන ඵාරුසකවනාදීසු සත්තෙ පස්සති මහාසම්පත්තිං අනුභවමානෙ. තම්පි දස්සනං දිබ්බචක්ඛුකිච්චමෙව. සො එවං මනසි කරොති “කිං නු ඛො කම්මං කත්වා ඉමෙ සත්තා එතං සම්පත්තිං අනුභවන්තී”ති. අථස්ස “ඉදං නාම කත්වා”ති තං කම්මාරම්මණං ඤාණමුප්පජ්ජති. ඉදං යථාකම්මූපගඤාණං නාම. ඉමස්ස විසුං පරිකම්මං නාම නත්ථි. යථා ච ඉමස්ස, එවං අනාගතංසඤාණස්සාපි. දිබ්බචක්ඛුපාදකානෙව හි ඉමානි දිබ්බචක්ඛුනා සහෙව ඉජ්ඣන්ති.
ඒ ඤාණයේ මේ උප්පත්ති ක්‍රමයයි. මේ සසුනේ භික්ෂුව යට නිරයට අභිමුඛව ආලෝක සංඥාව වඩා නිරයේ මහා දුක් අනුභව කරන සත්ත්වයන් දකියි. එසේ දැකීම දිබ්බචක්ඛු කෘත්‍යයක්ම ය. ඒ භික්ෂුව මෙසේ සිහි කරයි.” මේ සත්ත්වයෝ කවර නම් ක්‍රියාවක් සිදුකර මෙවැනි දුක් අනුභව කරත් ද?” ඉක්බිති උන්වහන්සේට “මෙනම් ක්‍රියාවක් කර” යැයි ඒ කර්මය අරමුණු කරගත් ඤාණය උපදියි. මෙය යථා කම්මුපග ඤාණය නම් වේ. මෙයට වෙනම වූ පරිකර්මයක් නම් නැත. අනාගතංස ඤාණය පිළිබඳව ද මෙසේමය. දිබ්බචක්ඛු ඤාණය ම පාදක කරගත් මේ ඤාණයන් දිබ්බචක්ඛුවත් සමඟම සමෘද්ධ වේ.
ඉමෙ වත භොන්තොතිආදීසු ඉමෙති දිබ්බචක්ඛුනා දිට්ඨානං නිදස්සනවචනං. වතාති අනුසොචනත්ථෙ නිපාතො. භොන්තොති භවන්තො. දුට්ඨු චරිතං, දුට්ඨුං වා චරිතං කිලෙසපූතිකත්තාති දුච්චරිතං; කායෙන දුච්චරිතං, කායතො වා උප්පන්නං දුච්චරිතන්ති කායදුච්චරිතං. ඉතරෙසුපි එසෙව නයො. සමන්නාගතාති සමඞ්ගීභූතා.
ඉමෙ වත භොන්තො යනාදියෙහි ඉමෙ යන දිවැසින් දුටුවන් දැක්වෙන වචනයයි. වත යනු අනුශෝචනාර්ථයේ නිපාතයකි. භොන්තො පින්වතුනි! දුෂ්ඨ චරිතය දූෂිත චරිතය හෝ කෙලෙසුන්ගෙන් කුණු වූ චරිතය දුච්චරිතං, කය කරණකොටගෙන කළ හෝ කයින් උපන් දුශ්චරිතය කායදුච්චරිතං සෙසු පදයන්හි මේ ක්‍රමයමයි. සමන්නාගත යුක්ත වූ.
අරියානං උපවාදකාති බුද්ධපච්චෙකබුද්ධබුද්ධසාවකානං අරියානං අන්තමසො ගිහිසොතාපන්නානම්පි අනත්ථකාමා හුත්වා අන්තිමවත්ථුනා වා ගුණපරිධංසනෙන වා උපවාදකා, අක්කොසකා ගරහකාති වුත්තං හොති. තත්ථ “නත්ථි ඉමෙසං සමණධම්මො, අස්සමණා එතෙ”ති වදන්තො අන්තිමවත්ථුනා උපවදති. “නත්ථි ඉමෙසං ඣානං වා විමොක්ඛො වා මග්ගො වා ඵලං වා”තිආදීනි වදන්තො ගුණපරිධංසනෙන උපවදතීති වෙදිතබ්බො. සො ච ඣානං වා උපවදෙය්ය අඣානං වා, උභයථාපි අරියූපවාදොව හොති; අතිභාරියං කම්මං, අනන්තරියකම්මසදිසං, සග්ගාවරණං මග්ගාවරණඤ්ච, සතෙකිච්ඡං පන හොති. තස්මා යො අරියං උපවදති, තෙන ගන්ත්වා සචෙ අත්තනා වුඩ්ඪතරො හොති , උක්කුටිකං නිසීදිත්වා “අහං ආයස්මන්තං ඉදඤ්චිදඤ්ච අවචං, තං මෙ ඛමාහී”ති ඛමාපෙතබ්බො. සචෙ පන නවකතරො හොති, වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා “අහං, භන්තෙ, තුම්හෙ ඉදඤ්චිදඤ්ච අවචං, තං මෙ ඛමථා”ති ඛමාපෙතබ්බො. සචෙ සො නක්ඛමති, දිසාපක්කන්තො වා හොති, සයං වා ගන්ත්වා සද්ධිවිහාරිකෙ වා පෙසෙත්වා ඛමාපෙතබ්බො. සචෙ නාපි ගන්තුං න පෙසෙතුං සක්කා හොති, යෙ තස්මිං විහාරෙ භික්ඛූ වසන්ති, තෙසං සන්තිකං ගන්ත්වා සචෙ නවකතරා හොන්ති, උක්කුටිකං නිසීදිත්වා සචෙ වුඩ්ඪතරා, වුඩ්ඪෙ වුත්තනයෙනෙව පටිපජ්ජිත්වා “අහං, භන්තෙ, අසුකං නාම ආයස්මන්තං ඉදඤ්චිදඤ්ච අවචං, තං ඛමතු මෙ සො ආයස්මා”ති වත්වා ඛමාපෙතබ්බො. සම්මුඛා අඛමන්තෙපි එතදෙව කාතබ්බං. සචෙ එකචාරිකභික්ඛු හොති, නෙව තස්ස වසනට්ඨානං න ගතට්ඨානං පඤ්ඤායති, එකස්ස පණ්ඩිතස්ස භික්ඛුනො සන්තිකං ගන්ත්වා “අහං, භන්තෙ, අසුකං නාම ආයස්මන්තං ඉදඤ්චිදඤ්ච අවචං, තං මෙ අනුස්සරතො අනුස්සරතො විප්පටිසාරො හොති, කිං කරොමී”ති වත්තබ්බං. සො වක්ඛති “තුම්හෙ මා චින්තයිත්ථ, ථෙරො තුම්හාකං ඛමති, චිත්තං වූපසමෙථා”ති. තෙනපි අරියස්ස ගතදිසාභිමුඛෙන අඤ්ජලිං පග්ගහෙත්වා “ඛමථා”ති වත්තබ්බං. යදි සො පරිනිබ්බුතො හොති, පරිනිබ්බුතමඤ්චට්ඨානං ගන්ත්වා යාව සිවථිකං ගන්ත්වාපි ඛමාපෙතබ්බො. එවං කතෙ නෙව සග්ගාවරණං න මග්ගාවරණං හොති, පාකතිකමෙව හොතීති.
අරියානං උපවාදකා බුදු, පසේ බුදු, බුද්ධ ශ්‍රාවකාදී ආර්යයන්ගේ, යටත් පිරිසෙන් ගිහි වු සෝවාන් වූවන්ගේ ද අනර්ථකාමීව අන්තිම වස්තුවෙන් හෝ ගුණ විනාශ කිරීමෙන් හෝ දොස් නගන්නෝ, ආක්‍රෝශ කරන්නෝ, ගරහන්නෝ යන අර්ථයයි.” මේ ඤාණ මොවුන්ට නැත” ශ්‍රමණ ධර්ම නැති මොවුහු අශ්රමණයෝය” මෙසේ කියමින් අන්තිම වස්තුවෙන් උපවාද කරයි. “මොවුන්ට ධ්‍යානයක් හෝ විමෝක්ෂයක් හෝ මාර්ගයක් (මෝක්ෂ) හෝ ඵලයක් හෝ නැතැයි” ආදී වශයෙන් කියන්නේ ගුණ විනාශ කිරීමෙන් දොස් කියයි යැයි දතයුතුයි. දැන දැන හෝ නොදැන යන දෙපරිද්දෙන්ම කරන උපවාදයන් “අරියුපවාදය”නම් වේ. ඒ පාප කර්මය ආර්ය මාර්ගාවබෝධය ද ස්වර්ගගාමිත්වය ද වලකන ආනන්තරීය කර්මයක් හා සමාන බලවත් එකකි. පිළියම් කළ හැක්කේ වෙයි. එහෙයින් යමෙක් ආර්යයන් වහන්සේට උපවාද කළේනම් උන්වහන්සේ වෙත ගොස් ඉදින් තමන් ඔහුට වඩා වැඩිමහල් නම් උක්කුටිකයෙන් හිද ආයුෂ්මතුන් වහන්සේට මෙසේ ද මෙසේ ද දෝෂාරෝපණ කළෙමි. මට ඒ සඳහා ක්ෂමාවන්න “යි ක්ෂමා කරගත යුතුයි. ඉදින් යෑමට ද යැවීමටද නොහැකි වන්නේනම්, ඒ විහාරයේ යම් භික්ෂුහු වෙත්ද ඔවුන් සමීපයට ගොස් උක්කුටිකයෙන් හිඳ “මම අසවල් ආයුෂ්මතුන්ට මෙසේද මෙසේද කීවෙමි. ආයුෂ්මතුන් වහන්සේ මට එයට සමාවන සේක්වා”යි කියා ක්ෂමා කරගත යුතුය. ඉදින් නවකයෙක් වේ නම්, තමාට වැඩිමහල් වූ ආර්යයන් වහන්සේට වැඳ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැදගෙන “ස්වාමීනි! මම නුඹවහන්සේට මෙසේ මෙසේ දොස් කිවෙමි. මා හට සමාවනු මැනවි”යි ක්ෂමා කරගත යුතුය. ඉදින් වෙනත් ඈත දිශාවකට ආර්යයන් වහන්සේ වැඩියේ නම් තමා ම ගොස් හෝ තම ශිෂ්‍යයකු යවා හෝ ක්ෂමා කරවා ගතයුතුයි. ඉදින් යෑමට ද යැවීමටද නොහැකි වේ නම්, එම විහාරයේ යම් භික්ෂු පිරිසක් වෙසෙත් නම්, උන්වහන්සේලා හමුවට ගොස්, ඉදින් තමාට වඩා බාලවේ නම් උක්කුටිකයෙන් හිඳ හෝ ඉදින් තමාට වඩා වැඩිමහලු වේ නම් ඉහත කී පරිදි පිළිපැද; “ස්වාමීනි මම අසුවල් ආයුෂ්මතුන්ට මෙසේ මෙසේ දෝෂාරෝපණය කළෙමි. උන්වහන්සේ මාහට කමත්වා” යි කියා ක්ෂමා කරගත යුතුයි. ඉදින් යාමට ද යැවීමටද නොහැකි වේ නම්, ඉදින් තමාට වඩා බාල වේ නම් උක්කුටිකයෙන් හිඳ හෝ ඉදින් තමාට වඩා වැඩිමහලු වේ නම් ඉහත කී පරිදි පිළිපැද; “ස්වාමීනි, මම අසුවල් ආයුෂ්මතුන්ට මෙසේ මෙසේ දෝෂාරෝපණය කළෙමි. උන්වහන්සේ මාහට කමත්වා”යි කියා ක්ෂමා කරවාගත යුතුයි. ඉදිරියේදී ක්ෂමා නොකරන්නේ නම් ඊට මෙසේ පිළියම් කටයුතුයි. ඉදීන් හුදකලාව වසන භික්ෂුවක් නම් උන්වහන්සේ වසන තැන, ගිය තැන් සොයා ගත නොහැකි නම් ද මෙසේ කළ යුතුයි. එක් නුවණැති භික්ෂුවක් සමීපයට ගොස් , “ස්වාමීනි, මම අසවල් ආයුෂ්මතුන් වහන්සේට මෙසේ මෙසේ දොස් කීවෙමි. ඒ පිළිබඳව සිහිකරන වාරයක් වාරයක් පාසා මාහට විපිළිසර බව ඇති වේ. මෙම කුමක් කළ යුතුද? යි කියනු මැනවි.” එවිට නුවණැති භික්ෂුව මෙසේ කියයි. “නුඹ ඒ පිළිබඳව නොසිතන්න. ආර්යයන් වහන්සේ නුඹට ක්ෂමා කරන සේක. නුඹ සිත සන්සුන් කරගන්න”යි වරද කළ භික්ෂුව විසින්ද ක්ෂීණාශ්රවයන් වහන්සේ ගිය දිශාවට අභිමුඛව ඇඳිලි බැඳ වැඳ “ක්ෂමා වන්න”යි කිවයුතු වේ. ඉදින් ආර්යයන් වහන්සේ පිරිනිවියේ නම්, ඒ පිරිනිවි තැනට ගොස්, අමුසොහොනට හෝ ගොස් ක්ෂමාකරවා ගතයුතුයි. එසේ කළ කල්හි උපදවා කළ භික්ෂුවට ස්වර්ගගාමී වීමට හෝ ආර්ය මාර්ගාවබෝධයට හෝ බාධාවක් නොම වේ. ප්‍රකෘති ස්වභාවයෙන්ම සිටියි.
මිච්ඡාදිට්ඨිකාති විපරීතදස්සනා. මිච්ඡාදිට්ඨිකම්මසමාදානාති මිච්ඡාදිට්ඨිවසෙන සමාදින්නනානාවිධකම්මා, යෙ ච මිච්ඡාදිට්ඨිමූලකෙසු කායකම්මාදීසු අඤ්ඤෙපි සමාදපෙන්ති. එත්ථ ච වචීදුච්චරිතග්ගහණෙනෙව අරියූපවාදෙ, මනොදුච්චරිතග්ගහණෙන ච මිච්ඡාදිට්ඨියා සඞ්ගහිතායපි ඉමෙසං ද්වින්නං පුනවචනං මහාසාවජ්ජභාවදස්සනත්ථන්ති වෙදිතබ්බං. මහාසාවජ්ජො හි අරියූපවාදො ආනන්තරියසදිසො. වුත්තම්පි චෙතං –
මිච්ඡාදිට්ඨිකා විපරිත දර්ශන ඇති මිච්ඡා දිට්ඨි කම්ම සමාදානා මිසදුටු වශයෙන් සමාදන් වූ නානාවිධ කර්ම ඇති. යමෙක් මිසදිටු මුල් ඇති කාය කර්මාදියෙහි අන්‍යයන් ද සමාදන් කරවත් ද. මෙහිදි වාග් දුශ්චරිත ග්රහණයෙන් ම ආර්යෝපවාදය ද මනෝ දුශ්චරිත ග්රහණයෙන් මිසදිටු ගත් බව ද සංග්‍රහ කරන ලද්දේ නමුදු මේ දෙක නැවත කිරිම එහි මහා සාවද්‍ය බව දැක්වීම සඳහායයි දත යුතුයි. මහා සාවද්‍ය වූ ආයෝපවාදය වනාහි ආනන්තරීය කර්මයක් හා සමානයහයි කියන ලද්දේය.
“සෙය්යථාපි, සාරිපුත්ත, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, එවංසම්පදමිදං, සාරිපුත්ත, වදාමි. තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ”ති (ම· නි· 1.149).
“සාරිපුත්‍රය යම් සේ භික්ෂුව සීලසම්පන්නව, සමාධි සම්පන්නව, ප්‍රඥා සම්පන්නව සිටියේ. මෙලොවදීම රහත්බව ලබාගන්නේ ද, උන්වහන්සේට නින්දා කළ වචනය අත්නොහැර, සිත අත්නොහැර, දෘෂ්ටිය අත් නොහැර සිටි පාපියා බහා තැබුවක් මෙන් නිරයේ උපදියි”
මිච්ඡාදිට්ඨිතො ච මහාසාවජ්ජතරං නාම අඤ්ඤං නත්ථි. යථාහ –
මිසදිටු බවට වඩා මහා සාවද්‍ය වූ අනෙක් තැන් කියන ලදී,
“නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවංමහාසාවජ්ජං යථයිදං, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිපරමානි භික්ඛවෙ, මහාසාවජ්ජානී”ති (අ· නි· 1.310).
“මහණෙනි, මම මේ මිසදිටුබව තරම් මහා සාවද්‍ය වූ වෙනත් එකදු ධර්මයක් හෝ නොදකිමි, මහණෙනි, මේ මිසදුටු බව අතිශය දරුණු පාපයකි.”
කායස්ස භෙදාති උපාදින්නක්ඛන්ධපරිච්චාගා. පරං මරණාති තදනන්තරාභිනිබ්බත්තක්ඛන්ධග්ගහණෙ . අථ වා කායස්ස භෙදාති ජීවිතින්ද්රියස්සුපච්ඡෙදා. පරං මරණාති චුතිචිත්තතො උද්ධං. අපායන්ති එවමාදි සබ්බං නිරයවෙවචනමෙව. නිරයො හි සග්ගමොක්ඛහෙතුභූතා පුඤ්ඤසම්මතා අයා අපෙතත්තා, සුඛානං වා ආයස්ස අභාවා අපායො. දුක්ඛස්ස ගති පටිසරණන්ති දුග්ගති, දොසබහුලතාය වා දුට්ඨෙන කම්මුනා නිබ්බත්තා ගතීති දුග්ගති. විවසා නිපතන්ති තත්ථ දුක්කටකාරිනොති විනිපාතො, විනස්සන්තා වා එත්ථ නිපතන්ති සම්භිජ්ජමානඞ්ගපච්චඞ්ගාතිපි විනිපාතො. නත්ථි එත්ථ අස්සාදසඤ්ඤිතො අයොති නිරයො.
කායස්ස භෙදා උපාදානස්කන්ධ පංචකය අත්හැරීමෙන්. පරම්මරණ ඊළඟ භවයට නියමිත ස්කන්ධ පංචක අල්වා ගැනීමෙන් අනතුරුව (මරණින් පසු) නැතහොත් කායස්ස භෙදා යනු ජීවිතීන්ද්රියේ නැසීමෙන්. පරම්මරණා චුති සිතට පසුව. අපායං මේ ආදි සියලු පද යෙදු සමාන යෙදුම්ය. නිරය වනාහි ස්වර්ග මෝක්ෂ සුවයට හේතු භූත වූ “පින” යැයි සම්මත අයෙක් තොර වූ (දුර වූ) බැවින් සැප නම් අයෙන් දුරු වූ බැවින් ද අපාය නම් වේ. දුකට ගතිය වූ පිළිසරණ වූ හෙයින් දුග්ගති. දෝශ බහුලතාවයෙන් හෝ දුෂ්ට කර්මයෙන් උපන් ගති ඇති බැවින් දුග්ගති. පව්කම් කරන්නෝ එහි විමසව් (නපුරුව) වැටෙනුයි විනිපාත නම් වේ. විනාශ වෙමින් මෙහි වැටෙති. බිඳී කැඩී යන අංග ප්රත්යග ඇත්තේනූයි ද විනිපාත නම් වේ. මෙහි ආශ්වාද සංඥාවෙන් උපන් “අය” නැත්තේනුයි “නිරය” නම් වේ.
අථ වා අපායග්ගහණෙන තිරච්ඡානයොනිං දීපෙති, තිරච්ඡානයොනි හි අපායො සුගතිතො අපෙතත්තා. න දුග්ගති, මහෙසක්ඛානං නාගරාජාදීනං සම්භවතො. දුග්ගතිග්ගහණෙන පෙත්තිවිසයං දීපෙති, සො හි අපායො චෙව දුග්ගති ච සුඛතො අපෙතත්තා දුක්ඛස්ස ච ගතිභූතත්තා, න තු විනිපාතො, අසුරකායසදිසං අවිනිපතිතත්තා. විනිපාතග්ගහණෙන අසුරකායං දීපෙති. සො හි යථාවුත්තෙන අත්ථෙන අපායො චෙව දුග්ගති ච සබ්බසමුස්සයෙහි ච විනිපතිතත්තා විනිපාතොති වුච්චති. නිරයග්ගහණෙන අවීචිආදිඅනෙකප්පකාරං නිරයමෙව දීපෙතීති. උපපන්නාති උපගතා, තත්ථ අභිනිබ්බත්තාති අධිප්පායො. වුත්තවිපරියායෙන සුක්කපක්ඛො වෙදිතබ්බො. අයං පන විසෙසො – තත්ථ සුගතිග්ගහණෙන මනුස්සගතිපි සඞ්ගය්හති. සග්ගග්ගහණෙන දෙවගතියෙව. තත්ථ සුන්දරා ගතීති සුගති. රූපාදීහි විසයෙහි සුට්ඨු අග්ගොති සග්ගො. සො සබ්බොපි ලුජ්ජනපලුජ්ජනට්ඨෙන ලොකොති අයං වචනත්ථො. ඉති දිබ්බෙන චක්ඛුනාතිආදි සබ්බං නිගමනවචනං.
නැතහොත් අපාය යන්නෙන් තිරිසන් යෝනිය දක්වයි. සැපෙන් දුරු වූ බැවින් තිරිසන් යෝනිය අපායකි. මහේශාක්‍ය නාගරාජාදීන් උපදින බැවින් තිරිසන් යෝනිය දුගතියක් නොවේ. දුග්ගති යනු ප්‍රේත විෂයයයි. සැපෙන් පහ වූ බැවින් ද දුකට ගති වූ බැවින් ද ප්‍රේත විෂය අපායක් මෙන්ම දුගතියක් ද වේ. අසුරයන් හා සමානව නොවැටෙන බැවින් ප්‍රේත විෂය විනිපාතයක් නොවේ. විනිපාත යනු අසුර කායයි. එය ද ඉහත කී අර්ථය අනුව අපායක් ද වේ. දුගතියක් ද වේ. සියලු ශරීරයෙන් වැටෙන බැවින් විනිපාත යැයි කියයි. නිරය යනුවෙන් අවීචිය ආදී අනෙක ප්‍රකාර නිරයන් ම අදහස් කරන ලදී. උප්පන්නා එහි උපගත වූ, එහි උපන් යන අර්ථයයි. කියූ ආකාරයට විරුද්ධව ශුක්ල පක්ෂය දත යුතුයි. මෙහි ඇති විශේෂය නම්, එහි සුගති යන්නෙන් මනුෂ්‍ය ගතියද සංග්‍රහ කරයි. සග්ග යන්නෙන් දේවගති පමණක් ම අදහස් වේ. එහි සුන්දර වූ ගතිය වන්නේනුයි සුගතිං නම් වේ. රූපාදි විෂය සම්පත් වලින් මනාව අග්රවූයේනුයි සග්ගං නම් වේ. මේ සියල්ලම කැඩෙන බිඳෙන අරුතින් ලොකො යැයි කියනු ලැබේ. මෙසේ දිබ්බෙන චක්ඛුනා යනාදී සියල්ල නිගමන වචනයන් ය. මෙසේ දිවැසින් දකියිනුයි මේ මෙහි සංක්ෂිප්තාර්ථයයි.
එවං දිබ්බෙන චක්ඛුනා පස්සතීති අයමෙත්ථ සඞ්ඛෙපත්ථො – දිබ්බචක්ඛුඤාණං පරිත්තපච්චුප්පන්නඅජ්ඣත්තබහිද්ධාරම්මණවසෙන චතූසු ආරම්මණෙසු පවත්තති . යථාකම්මූපගඤාණං පරිත්තමහග්ගතාතීතඅජ්ඣත්තබහිද්ධාරම්මණවසෙන පඤ්චසු ආරම්මණෙසු පවත්තති. අනාගතංසඤාණං පරිත්තමහග්ගතඅප්පමාණමග්ගඅනාගතඅජ්ඣත්තබහිද්ධානවත්තබ්බාරම්මණවසෙන අට්ඨසු ආරම්මණෙසු පවත්තතීති.
දිබ්බචක්ඛු ඥාණය පරිත්තාරම්මණ, ප්රත්යුත්පන්නාරම්මණ, බහිද්ධාරම්මණ අජ්ඣත්තිකාරම්මණ වශයෙන් සතර ආරම්මණයන්හි පවතියි. යථාකම්මුපගඤාණයපරිත්තාරම්මණ, මහග්ගතාරම්මණ, අතීතාරම්මණ, අජ්ඣත්තිරම්මණ, බහිද්ධාරම්මණ යන පංචාරම්මණයන්හි පවති. අනාගතංසඤාණය, පරිත්තාරම්මණ, මහග්ගතාරම්මණ, අප්පමාණාරම්මණ, මග්ගාරම්මණ, අනාගතාරම්මණ, අජ්ඣත්තාරම්මණ, බහිද්ධා රම්මණ, නවතබ්බාරම්මණ යන අට වැදෑරුම් ආරම්මණයන්හි පවතියි.
ආකඞ්ඛමානො ච භගවාති භගවා ඉච්ඡමානො. එකම්පි ලොකධාතුං පස්සෙය්යාති එකං චක්කවාළං ඔලොකෙය්ය. සහස්සිම්පි චූළනිකන්ති එත්ථ යාවතා චන්දිමසූරියා පරිහරන්ති, දිසා භාන්ති විරොචමානා, තාව සහස්සධා ලොකො, එසා සහස්සිචූළනිකා නාම. චූළනිකන්ති ඛුද්දකං. ද්විසහස්සිම්පි මජ්ඣිමිකං ලොකධාතුන්ති එත්ථ සහස්සචක්කවාළානං සහස්සභාගෙන ගණෙත්වා දසසතසහස්සචක්කවාළපරිමාණා ද්විසහස්සී මජ්ඣිමිකා ලොකධාතු නාම. එත්තකෙන බුද්ධානං ජාතික්ඛෙත්තං නාම දස්සිතං. බොධිසත්තානඤ්හි පච්ඡිමභවෙ දෙවලොකතො චවිත්වා මාතුකුච්ඡියං පටිසන්ධිග්ගහණදිවසෙ ච මාතුකුච්ඡිතො නික්ඛමනදිවසෙ ච මහාභිනික්ඛමනදිවසෙ ච සම්බොධිධම්මචක්කපවත්තනආයුසඞ්ඛාරොස්සජ්ජනපරිනිබ්බානදිවසෙසු ච එත්තකං ඨානං කම්පති.
ආකංඛමානොති ච භගවා භාග්‍යවතුන් වහන්සේ කැමැත්තෙන් එකමපි ලෝකධාතුං පස්සෙය්ය එක් සක්වලක් බලන්නේය. සහස්සම්පි චූලනිකං මෙහි යම්තාක් සඳහිරු දෙදෙන හැසිරෙයිද දිශාවන් බබුළුවයි ද ඒ තාක් සහ ශ්‍රී ලෝක ධාතුව වේ. එය සහ ශ්‍රී චූලනිකා ලෝක ධාතුව නම් වේ. චූලනිකං යනු කුඩා වූ. දවිසහස්සිම්පි මජ්ඣිමිකං ලෝකධාතුං මෙහි දහසක් සක්වල දහස් ගණනින් වැඩිකර දස ලක්ෂයක් සක්වල ප්‍රමාණය ද්විසහශ්‍රී මධ්‍යමික ලෝක ධාතුව නම් වේ. මෙපණකින් බුදුවරුන්ගේ ජාතික්ෂේත්රය දක්වන ලදී. මහබෝසත්ත්වරු අවසන් අත්භවයෙහි දී දෙව්ලොවින් චුත වී, මවුකුස පිළිසිඳ ගන්නා දිනයේ ද මහාබිනික්මන් කරන දිනයේ ද බුදුවන, දම්සක් පැවතුම් පවත්වන, ආයුසංස්කරණය අත්හරින හා පිරිනිවෙන දිනයන්හි දී ද මේ දස ලක්ෂයක් සක්වල පමණ වූ තැන් දක්වා කම්පා වේ.
තිසහස්සිම්පි. මහාසහස්සිම්පි ලොකධාතුන්ති සහස්සිතො පට්ඨාය තතියාති තිසහස්සී, පඨමසහස්සිං සහස්සධා කත්වා ගණිතං මජ්ඣිමිකං සහස්සධා කත්වා ගණිතත්තා මහන්තෙහි සහස්සෙහි ගණිතාති මහාසහස්සී. එත්තාවතා කොටිසතසහස්සචක්කවාළපරිමාණො ලොකො දස්සිතො හොති. ගණකපුත්තතිස්සත්ථෙරො පන එවමාහ – “න හි තිසහස්සිමහාසහස්සිලොකධාතුයා එතං පරිමාණං . ඉදඤ්හි ආචරියානං සජ්ඣායමූලකං වාචාය පරිහීනට්ඨානං, දසකොටිසතසහස්සචක්කවාළපරිමාණං පන ඨානං තිසහස්සිමහාසහස්සිලොකධාතු නාමා”ති. එත්තාවතා හි භගවතො ආණාක්ඛෙත්තං නාම දස්සිතං. එතස්මිඤ්හි අන්තරෙ ආටානාටියපරිත්ත- (දී· නි· 3.275 ආදයො) ඉසිගිලිපරිත්ත- (ම· නි· 3.133 ආදයො) ධජග්ගපරිත්ත- (සං· නි· 1.249) බොජ්ඣඞ්ගපරිත්තඛන්ධපරිත්ත- (අ· නි· 4.67) මොරපරිත්ත- (ජා· 1.2.17-18) මෙත්තපරිත්ත- (ඛු· පා· 9.1 ආදයො; සු· නි· 143 ආදයො) රතනපරිත්තානං (ඛු· පා· 6.1 ආදයො; සු· නි· 224 ආදයො) ආණා ඵරති.
තිසහස්සී මහා සහස්සිමපි ලෝකධාතු සහශ්‍රී ලෝකධාතුවේ සිට දෙවන සහශ්‍රී, පළමු සහශ්‍රී, සහශ්‍ර ලෝකධාතුවක් දක්වා, ගණනය කරන ලද මජ්ඣිම ලෝකධාතුව දහසකින් ගුණ කර ගණනය කර බැවින් මහත් වූ සහශ්‍රයෙන් ගිනූ බැවින් මහා සහස්සී නම් වේ. මෙපණකින් කෙළ සීයක් සක්වල පරිමාණ වූ ලෝකය දක්වන ලදී. ගණක පුත්ත තිස්ස තෙරණුවෝ මෙසේ වදාලහ. “තිසහශ්‍රී මහා සහශ්‍රී ලෝකධාතුව මෙපමණ ප්රමාණයකි. මෙය වනාහි ආචාර්යවරුන්ගේ හැදෑරීමෙන් මුළාවූ වචනවලින් පිරිහුණු තැනකි. කෙළ ලක්ෂයක් සක්වල පරිමාණ වූ තැන තිසහශ්‍රී මහා සහශ්‍රී ලෝකධාතුව නම් වේ.” යනුයි. මෙපමණ ප්‍රදේශය භාග්‍යවතුන් වහන්සේගේ ආඥා ක්ෂේත්රය නම් වේ. මේ ප්‍රදේශය අතර ආටානාටිය පිරිත, ඉසිගිලි පිරිත, ධජග්ග පිරිත, බොජ්ඣංග පිරිත, කඳ පිරිත, මෝර පිරිත, මෙත්ත පිරිත, රතන සූත්‍රය යන සූත්‍රයන්ගේ ආඥාව පැතිර සිටියි.
යාවතකං වා පන ආකඞ්ඛෙය්යාති යත්තකං වා ඉච්ඡෙය්ය. ඉමිනා විසයක්ඛෙත්තං දස්සිතං. බුද්ධානඤ්හි විසයක්ඛෙත්තස්ස පමාණපරිච්ඡෙදො නාම නත්ථි , නත්ථිකභාවෙ චස්ස ඉමං උපමං ආහරන්ති – කොටිසතසහස්සචක්කවාළම්හි යාව බ්රහ්මලොකා සාසපෙහි පූරෙත්වා සචෙ කොචි පුරත්ථිමාය දිසාය එකචක්කවාළෙ එකං සාසපං පක්ඛිපන්තො ආගච්ඡෙය්ය, සබ්බෙපි තෙ සාසපා පරික්ඛයං ගච්ඡෙය්යුං. න ත්වෙව පුරත්ථිමාය දිසාය චක්කවාළානි. දක්ඛිණාදීසුපි එසෙව නයො. තත්ථ බුද්ධානං අවිසයො නාම නත්ථි. තාවතකං පස්සෙය්යාති තත්තකං ඔලොකෙය්ය. එවං පරිසුද්ධං භගවතො දිබ්බචක්ඛූති දිබ්බචක්ඛුකථං නිට්ඨාපෙසි.
යාවතාවා පන ආකංඛෙය්‍ය යම්තාක් කැමති වන්නේ නම්, මෙයින් විෂය ක්ෂේත්රය දක්වන ලදී. බුදුවරුන්ගේ විෂය ක්ෂේත්රයේ ප්‍රමාණය පිරිසිද දැක්වීමක් නම් නැත. ඒ නැති බව දක්වීමට මේ උපමාව ගෙනහැර දක්වති. කෙළ ලක්ෂයක් සක්වල බඹලොව දක්වාම අබ ඇටවලින් පුරවා, ඉදින් කිසිවෙක් නැගෙනහිර දිසාවට එක් සක්වලක එක් අබඇටයක් දමමින් යන්නේ නම්, ඒ සියලු අබ ඇට නිමවූවත් පෙරදිග වූ සක්වලෙහි නිමාවක් නම් නැත. දකුණු දිශාදී සෙසු දිශාවල ද මෙය මෙසේ දත යුතුය. එහි බුදුවරුන්ට අවිෂය වූවක් නම් නැත. තාවතකං පස්සෙය්ය ඒ තාක් බලන්නේය.” මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිසිදු දිබ්බචක්ඛුව වේ” යැයි දිවැස් කථාව නිමවන ලදී.
කථං භගවා පඤ්ඤාචක්ඛුනාපි විවටචක්ඛූති කෙනප්පකාරෙන පඤ්ඤාචක්ඛුනා අපිහිතචක්ඛු? මහාපඤ්ඤො පුථුපඤ්ඤොතිආදිකං තත්ථ අතිරොචති යදිදං පඤ්ඤායාති පරියොසානං හෙට්ඨා වුත්තත්ථමෙව.
කථං භගවා පඤ්ඤා චක්ඛුනා විවට චක්ඛු කවර ආකාරයකින් ප්‍රඥා චක්ඛුවෙන් (පැණැසින්) නොවැසූ ඇස් ඇතිවේද? මහත් ප්‍රඥා ඇති, පතල මහා ප්‍රඥා ආදී වශයෙනි. එහි මේ ප්‍රඥාවෙන් ඉමහත් සේ බබලයි ප්‍රකාශ වේ. එහි අවසානය දක්වා ම ඉහත පැවසූ පරිදි අර්ථ දත යුතුයි.
බුද්ධචක්ඛුනාති ඉන්ද්රියපරොපරියත්තඤාණෙන ච ආසයානුසයඤාණෙන ච. ඉමෙසං ද්වින්නං ඤාණානං බුද්ධචක්ඛූති නාමං, සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස සමන්තචක්ඛූති, තිණ්ණං මග්ගඤාණානං ධම්මචක්ඛූති . ලොකං වොලොකෙන්තො අද්දස සත්තෙති සත්තෙ අද්දක්ඛි. අප්පරජක්ඛෙතිආදීසු යෙසං වුත්තනයෙනෙව පඤ්ඤාචක්ඛුම්හි රාගාදිරජං අප්පං, තෙ අප්පරජක්ඛා. යෙසං තං මහන්තං, තෙ මහාරජක්ඛා. යෙසං සද්ධාදීනි ඉන්ද්රියානි තික්ඛානි, තෙ තික්ඛින්ද්රියා. යෙසං තානි මුදූනි, තෙ මුදින්ද්රියා. යෙසං තෙයෙව සද්ධාදයො ආකාරා සුන්දරා, තෙ ස්වාකාරා. යෙ කථිතකාරණං සල්ලක්ඛෙන්ති, සුඛෙන සක්කා හොන්ති විඤ්ඤාපෙතුං තෙ සුවිඤ්ඤාපයා. යෙ පරලොකඤ්චෙව වජ්ජඤ්ච භයතො පස්සන්ති, තෙ පරලොකවජ්ජභයදස්සාවිනො නාම.
බුද්ධ චක්ඛුනා ඉන්ද්‍රීය පරෝපරියත්ති ඤාණයෙන් ආසයානුසය ඤාණයෙන් ද යන මේ ඤාණ දෙකින් යුතු බව බුද්ධචක්ඛු නම් වේ. සර්වඥ ඤාණයට සමන්තචක්ඛු යැයි කියයි. ත්‍රිවිධ මාර්ග ඤාණයන්ට ධම්මචක්ඛු නම් වේ. ලොකං ඔලොකෙන්තො අද්දස සත්තෙ සත්ත්වයන් දුටුවේය. අප්ප රජක්ඛෙ ආදියෙහි යම් පිරිසකට ඉහත කී පරිදි ප්‍රඥා ඇසෙහි රාගාදී රජස් අල්ප වේ ද ඔවුහු අප්පරජක්ඛා. යම් පිරිසකගේ මහත්ව පවතීද ඔවුහු මහාරජක්ඛ නම් වේ. යම් පිරිසකගේ ශ්‍රද්ධා දී ඉන්ද්රියයන් තියුණු වේද ඔවුහු තික්ඛින්ද්රීයා, එම ඉන්ද්‍රියන් යම් පිරිසකගේ මෘදුව පවතීද ඔහු මුදින්ද්රීයා. යම් පිරිසකගේ එම ශ්රද්ධාදීන්හි ආකාරය සුන්දර වේද ඔවුහු ස්වකාර යමෙක් කිවූ කාරණය වහා වටහා ගනිත්ද සුවසේ කරුණු අවබෝධ කරවීමට පහසුද ඔවුහු සුවිඤ්ඤාපියා යමෙක් පරලොවකය මෙන්ම වැරදි ද භය වශයෙන් දකිත් නම් ඔවුහු පරලොවක වජ්ජ භයදස්සාවිනො නම් වේ.
උප්පලිනියන්ති උප්පලවනෙ. ඉතරෙසුපි එසෙව නයො. අන්තොනිමුග්ගපොසීනීති යානි අන්තොනිමුග්ගානෙව පොසියන්ති. උදකං අච්චුග්ගම්ම තිට්ඨන්තීති උදකං අතික්කමිත්වා තිට්ඨන්ති. තත්ථ යානි යානි අච්චුග්ගම්ම ඨිතානි, තානි තානි සූරියරස්මිසම්ඵස්සං ආගමයමානානි ඨිතානි අජ්ජ පුප්ඵනකානි. යානි සමොදකං ඨිතානි, තානි ස්වෙ පුප්ඵනකානි. යානි උදකා අනුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, තානි තතියදිවසෙව පුප්ඵනකානි. උදකා පන අනුග්ගතානි අඤ්ඤානිපි සරොගඋප්පලානි නාම අත්ථි, යානි නෙව පුප්ඵිස්සන්ති, මච්ඡකච්ඡපභක්ඛානෙව භවිස්සන්ති, තානි පාළිං නාරූළ්හානි, ආහරිත්වා පන දීපෙතබ්බානීති දීපිතානි.
උප්පලිනියං උපුල් වනයේ සෙසු පදයන්හි ද මේ ක්‍රමයෙන් අර්ථගත යුතුය. අන්තො නිමුග්ග පොසිනි යමක් දිය තුළම ගැලී පෝෂණය ලබත් ද ඒවා උදකං අච්වුග්ගම්ම තිට්ඨන්ති දිය ඉක්මවා සිටිති. එහි යම් මලක් ඉතා උඩට විත් සිට සූර්ය රශ්මියේ ස්පර්ශය විඳින කැමැතිව සිටීද ඒවා “අද පිපි මල්” නම් වේ. යම් මලක් දිය හා සමව පිහිටියේද ඒවා “හෙට පිපෙන මල්” නම් වේ. යම් මලක් දියෙන් පිටතට නොපැමිණ, ඇතුලත පවතිමින් පෝෂණය වේ ද ඒවා “තෙවනි දින පිපෙන මල්” නම් වේ. දියෙන් පිටතට නො ආ අනෙක් රෝගාබාධ සහිත උපුල් ද ඇත. යම් මලක් නොපිපෙන්නේද ඒවා මත්ස්‍ය, කැසිබු ආදීන්ට ආහාරම වන්නේය. එම මල් පෙළෙහි නොදැක්විණි. ගෙනහැර දැක්විය යුතු මල් පිළිබඳ පමණක් දැක්විණි.
යථෙව හි තානි චතුබ්බිධපුප්ඵානි, එවමෙව උග්ඝටිතඤ්ඤූ විපඤ්චිතඤ්ඤූ නෙය්යො පදපරමොති චත්තාරො පුග්ගලා. යස්ස පුග්ගලස්ස උදාහටවෙලාය ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො උග්ඝටිතඤ්ඤූ. යස්ස පුග්ගලස්ස සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථෙ විභජීයමානෙ ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො විපඤ්චිතඤ්ඤූ. යස්ස පුග්ගලස්ස උද්දෙසතො පරිපුච්ඡතො යොනිසො මනසිකරොතො කල්යාණමිත්තෙ සෙවතො භජතො පයිරුපාසතො ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො නෙය්යො. යස්ස පුග්ගලස්ස බහුම්පි සුණතො බහුම්පි භණතො බහුම්පි ධාරයතො බහුම්පි වාචතො න තාය ජාතියා ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො පදපරමො. තත්ථ භගවා උප්පලවනාදිසදිසං දසසහස්සිලොකධාතුං ඔලොකෙන්තො අජ්ජ පුප්ඵනකානි උග්ඝටිතඤ්ඤූ, ස්වෙ පුප්ඵනකානි විපඤ්චිතඤ්ඤූති එවං සබ්බාකාරතො ච අද්දස. තත්ථ තිණ්ණං පුග්ගලානං ඉමස්මිංයෙව අත්තභාවෙ භගවතො ධම්මදෙසනා අත්ථං සාධෙති, පදපරමානං අනාගතත්ථාය වාසනා හොති.
ඉහත දැක්වූ සතර වැදෑරුම් මල් මෙන් මේ ලෝකයේද උග්ඝටිතඤ්ඤ, විපචිතඤ්ඤා, පදපරම යනුවෙන් පුද්ගලයෝ සතර දෙනකි. යම් පුද්ගලයකුට මාතෘකාව දැක්වූ අවස්ථාවෙහිම ධර්මාවබෝධය වේ නම් ඒ පුද්ගලයා උග්ඝටිතඤ්ඤා නම් වේ. යම් පුද්ගලයකුට සංක්ෂිප්ත දෙසු ධර්මය විස්තර විභජන කරමින් දේශනා කරණ කල්හි ධර්මාවබෝධය වේ ද ඒ පුද්ගලයා විපචිතඤ්ඤ නම් වේ. යම් පුද්ගලයකුට අදෙසීමෙන්, විමසිමෙන්, යෝනිසෝ මනසිකාරය ඉපදවීමෙන්, කළණ මිතුරන් ඇසුරු කිරීමෙන්, සේවනය කිරීමෙන් හා පයිරුපාසානය කිරිමෙන් ධර්මාවබෝධය ලැබේද ඔහු නෙය්‍ය නම් වේ. යම් පුද්ගලයකුට ඉතා බොහෝ කොට ධර්මය ඇසුවත්, දෙසුවොත්, ධාරණය කරගත්තත්, කටපාඩම් කළත් ධර්මාවබෝධයක් මේ අත් බවේදී සිදු නොවේ නම් ඒ පදපරම පුද්ගලයායි. එහි භාග්‍යවතුන් වහන්සේ උපුල් වනය සමාන දසසහශ්‍රී ලෝකධාතුව දෙස බලන සේක්, අද පිපෙන මල් බදු උග්ඝටිතඤ්ඤ පුද්ගලයන් ද හෙට පිපෙන මල් බදු විපචිතඤ්ඤ පුද්ගලයන් ද යනාදී ක්‍රමයෙන් සියලු ආකාරයෙන්ම දුටු සේක. එහි මුලින් දැක්වූ පුද්ගලයෝ තිදෙනා මේ අත්බවේදී භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව අවබෝධ කර ගනිති. පදපරමයාට අනාගත භවයක ධර්මාවබෝධය සදහා එය හේතු වාසනා වේ.
රාගචරිතොතිආදීසු රජ්ජනවසෙන ආරම්මණෙ චරණං එතස්ස අත්ථීති රාගචරිතො. දුස්සනවසෙන ආරම්මණෙ චරණං එතස්ස අත්ථීති දොසචරිතො. මුය්හනවසෙන ආරම්මණෙ චරණං එතස්ස අත්ථීති මොහචරිතො. විතක්කනවසෙන ඌහනවසෙන ආරම්මණෙ චරණං එතස්ස අත්ථීති විතක්කචරිතො . ඔකප්පනසද්ධාවසෙන ආරම්මණෙ චරණං එතස්ස අත්ථීති සද්ධාචරිතො. ඤාණමෙව චරණං, ඤාණෙන වා චරණං, ඤාණස්ස වා චරණං, ඤාණතො වා චරණං එතස්ස අත්ථීති ඤාණචරිතො. රාගචරිතස්සාති රාගුස්සදස්ස රාගබහුලස්ස. පරතොපි එසෙව නයො.
රාගචරිතො ආදියෙහි අර්ථ මෙසේය. මේ ලෝකයේ ඇලීම් වශයෙන් අරමුණේ හැසිරීම මොහුට ඇත්තේනුයි. රාගචරිතො. ගැටීම් වශයෙන් අරමුණු හැසිරීම් මොහුට ඇත්තේනුයි දෝසචරිතො. මුලාවීම් වශයෙන් අරමුණේ හැසිරීම මොහුට ඇත්තේනුයි මොහචරිතො විතර්ක කරන, කල්පනා කරන ස්වභාවයෙන් අරමුණේ හැසිරෙන්නේ නුයි විතක්ක චරිතො. ඔකප්පන ශ්‍රද්ධාදී වශයෙන් අරමුණේ හැසිරීම මොහුට ඇත්තේනුයි සද්ධා චරිතො. ඤාණයම ගෙන හැසිරීම හෝ ඤාණාන්විතව හැසිරීම හෝ ඥාණයෙන් හැසිරීම හෝ ඤාණය සදහා හැසිරීම මොහුට ඇත්තේනුයි ඤාණචරිතො. රාග සිත්, රාග දැවීම් බහුලයාට රාගචරිතස්ස නම් වේ. සෙසු පද වලද මෙසේ අර්ථ ගත යුතුයි.
අසුභකථං කථෙතීති උද්ධුමාතකාදිදසවිධං අසුභපටිසංයුත්තකථං ආචික්ඛති. වුත්තඤ්හෙතං – “අසුභා භාවෙතබ්බා රාගස්ස පහානායා”ති (අ· නි· 9.1). මෙත්තාභාවනං ආචික්ඛතීති මෙත්තාභාවනං චිත්තසිනෙහනං කථෙති. වුත්තඤ්හෙතං – “මෙත්තා භාවෙතබ්බා බ්යාපාදස්ස පහානායා”ති. උද්දෙසෙති සජ්ඣායනෙ. පරිපුච්ඡායාති අට්ඨකථාය. කාලෙන ධම්මස්සවනෙති යුත්තප්පත්තකාලෙ උත්තරි පරියත්තිධම්මස්සවනෙ. ධම්මසාකච්ඡායාති අඤ්ඤෙහි සද්ධිං සාකච්ඡාය. ගරුසංවාසෙති ගරූනං පයිරුපාසනෙ. නිවෙසෙතීති ආචරියානං සන්තිකෙ පතිට්ඨාපෙති. ආනාපානස්සතිං ආචික්ඛතීති ආනාපානස්සතිසම්පයුත්තකම්මට්ඨානං කථෙති. වුත්තඤ්හෙතං – “ආනාපානස්සති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදායා”ති (අ· නි· 9.1). පසාදනීයං නිමිත්තං ආචික්ඛතීති චූළවෙදල්ල- (ම· නි· 1.460 ආදයො) මහාවෙදල්ලා- (ම· නි· 1.449 ආදයො) දිපසාදජනකං සුත්තං කථෙති. බුද්ධසුබොධින්ති බුද්ධස්ස භගවතො බුද්ධත්තපටිවෙධං. ධම්මසුධම්මතන්ති නවවිධලොකුත්තරධම්මස්ස ස්වාක්ඛාතතං. සඞ්ඝසුප්පටිපත්තින්ති අට්ඨවිධඅරියසඞ්ඝස්ස සුප්පටිපන්නතාදිසුට්ඨුපටිපත්තිං. සීලානි ච අත්තනොති අත්තනො සන්තකසීලානි ච. ආචික්ඛති විපස්සනානිමිත්තන්ති උදයබ්බයාදිපටිසංයුත්තං කථෙති. අනිච්චාකාරන්ති හුත්වා අභාවාකාරං. දුක්ඛාකාරන්ති උදයබ්බයපටිපීළනාකාරං. අනත්තාකාරන්ති අවසවත්තනාකාරං.
අසුභ කථං කථෙති උද්ධුමාතකාදි දශවිධ අසුභ ප්‍රතිසංයුක්ත කථා ගෙනහැර දක්වයි. කියන ලදී. “රාගය ප්රහාණය සදහා අසුභයෝ වැඩිය යුත්තාහ” යනුයි. මෙත්තා භාවනං ආචික්ඛති. මෙත්‍රී භාවනාව, සිතේ සෙනෙහස පවසයි. කියන ලදී. “තරහා-ව්‍යාපාදය නැසීම පිණිස මෛත්‍රී සිත වැඩිය යුතුය” යනුයි උද්දෙසෙ සජ්ඣායනා කිරීමෙහි පරිපුච්ඡාය අටුවාවෙන් කාලෙන ධම්මසවණො සුදුසු යෝග්‍ය පැමිණි කාලයෙහි උතුම් පර්යාප්ති ධර්මය ශ්‍රවණය කිරීමෙහි ධම්ම සාකච්ඡා අන්‍යයන් සමග ධර්මය සාකච්ඡා කිරීමෙහි ගරුසංවාසෙ ගුරුවරු ඇසුරු කිරීමෙහි නිවෙසෙති ආචාර්ය උපාධ්‍යායවරුන් සමීපයේ වාසය කරවයි. ආනාපාන සතිං කථෙති ආනාපාන සති සම්ප්‍රයුක්ත වූ කමටහන පවසයි. කියන ලදී. “විතර්කය නැසීම පිණිස ආනාපාන සතිය වැඩිය යුතුයි.” යනුයි. පසාදනියං නිමිත්තං ආචික්ඛති චුල්ලවේදල්ල, මහා වේදල්ල ආදි ප්‍රසාද ජනනය කරන සූත්‍ර දේශනා කරයි. බුද්ධ සුබෝධිං භාග්‍යවත් බුදුරදුන්ගේ බුද්ධත්ව ප්‍රතිවේධය ද ධම්ම සුධම්මතං නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම මනාව දෙසු බවද සංඝ සුප්පටිපත්ති අෂ්ටවිධ ආර්ය සංඝයාගේ සුපටිපන්නාදී ඍජු පිළිවෙත් ඇති බවද සීලානි ච අත්තනො තමාගේ සන්තකයේ ඇති සීලාදිය ද කියයි. විපස්සනා නිමිත්තං උදය ව්‍යය ආදී ප්‍රතිසංයුක්ත ධර්මයක් කියයි. අනිච්චකාරං ඇතිව නැතිවන ආකාරය. දුක්ඛාකාරං උදයව්‍යය වශයෙන් පිඩාවට පත්වන ආකාරය. අනත්තාකාරං සිය වසඟයට පත්ව නොසිටින ආකාරය.
සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතොති සෙලමයෙ එකග්ඝනෙ පබ්බතමුද්ධනි ඨිතොව, න හි තත්ථ ඨිතස්ස දස්සනත්ථං අභිමුඛෙ ගීවුක්ඛිපනපසාරණාදිකිච්චං අත්ථි. තථූපමන්ති තප්පටිභාගං සෙලපබ්බතූපමං. අයං පනෙත්ථ සඞ්ඛෙපත්ථො – යථා සෙලපබ්බතමුද්ධන්ති ඨිතොව චක්ඛුනා පුරිසො සමන්තතො ජනතං පස්සෙය්ය. සුමෙධ සුන්දරපඤ්ඤ සබ්බඤ්ඤුතඤ්ඤාණෙන සමන්තචක්ඛු භගවා ධම්මමයං පඤ්ඤාමයං පාසාදමාරුය්හ සයං අපෙතසොකො සොකාවතිණ්ණං ජාතිජරාභිභූතඤ්ච ජනතං අවෙක්ඛස්සු උපධාරයතු උපපරික්ඛතු.
සෙලෙ යථා පබ්බතමුද්ධනි ඨිතො ශෛලමය ඒකඝන වු පර්වත මුදුනක සිටියේම, එහි සිටි පුද්ගලයාට අවට බැලිමේදී ගෙල එසවීම් දිගු කිරිම් අවශ්‍ය නොවේ. තථූපමං ඊට සමාන, ගල් පර්වතයට බඳු උපමා ඇති. මේ දැක්වූ සංක්ෂිප්ත අර්ථයයි. ශෛලමය පර්වතය මුදුනේ සිටි ඇස් ඇති පුරුෂයා හාත්පස වු ජනයා යම් සේ දකින්නේද මනා නුවණැති, සුන්දර ප්‍රඥා ඇති සමන්තචක්ඛු නම් වූ භාග්‍යවතුන් වහන්ස, එසේම ඔබද ධර්මමය වු ප්‍රඥාමය වූ ප්‍රාසාදයට නැගි තමන් ශෝකය දුරු වූවෙක්ව, ශෝකයෙන් ආකීර්ණ වූ, ජාති ජරාවන්ගෙන් වැඩුණු ජනයා දෙස සර්වඥතා ඥානයෙන් බලනු මැනව, සලකනු මැනව, යනුයි.
අයං පනෙත්ථ අධිප්පායො – යථා හි පබ්බතපාදසාමන්තා මහන්තං ඛෙත්තං කත්වා තත්ථ කෙදාරපාළීසු කුටියො කත්වා රත්තිං අග්ගිං ජාලෙය්ය, චතුරඞ්ගසමන්නාගතඤ්ච අන්ධකාරං අස්ස, අථ තස්ස පබ්බතස්ස මත්ථකෙ ඨත්වා චක්ඛුමතො පුරිසස්ස භූමිං ඔලොකයතො නෙව ඛෙත්තං න කෙදාරපාළියො න කුටියො න තත්ථ සයිතමනුස්සා පඤ්ඤායෙය්යුං, කුටිකාසු පන අග්ගිජාලමත්තමෙව පඤ්ඤායෙය්ය. එවං ධම්මපාසාදං ආරුය්හ සත්තකායං ඔලොකයතො තථාගතස්ස යෙ තෙ අකතකල්යාණා සත්තා, තෙ එකවිහාරෙ දක්ඛිණජාණුපස්සෙ නිසින්නාපි බුද්ධචක්ඛුස්ස ආපාථං නාගච්ඡන්ති, රත්තිං ඛිත්තසරා විය හොන්ති. යෙ පන කතකල්යාණා වෙනෙය්යපුග්ගලා, තෙ එවස්ස දූරෙපි ඨිතා ආපාථං ගච්ඡන්ති, තෙ එව අග්ගි විය හිමවන්තපබ්බතො විය ච. වුත්තම්පි චෙතං –
මෙහි අදහසයි : පර්වත පාමුල හාත්පස මහත් වු කෙතක් කර, නියරවල කුටි සාදා යම්සේ රාත්‍රියේ ගිනි දල්වන්නේද සිවු අංගයන්ගෙන් යුතු අන්ධකාරයක් වේද ඉක්බිති ඒ පර්වත මස්තකයේ සිට බිම බලන ඇස් ඇති පුරුෂයාට, කෙත හෝ නියරවල් හෝ කුටි හෝ එහි නිදාගත් මිනිසුන් හෝ නොපෙනෙන්නේද කුටිවල දැල් වූ ගිනිජාලාවන් පෙනෙන්නේද. මෙසේ ධර්ම නම් මහා ප්‍රාසාදයට නැගී සත්ත්වකායන් බලන්නාවූ තථාගතයන් වහන්සේට යම් ඒ පුරුදු නොකළ කල්‍යාණ සිත් ඇති සත්ත්වයෝ, ඉදින් ඔවුහු එකම විහාරයේ දකුණු දණමඬල ළඟ හුන්නත් බුදු ඇසට නම් ආපාථගත නොවෙත්මය. රාත්‍රියේ විදි හී මෙනි. යම් කෙනෙක් කරන ලද කල්‍යාණ පුරුදු ඇති, හික්මවිය හැකි පුද්ගලයෝ වෙත් ද ඔවුහු ඉතා දුර සිටියත් බුදු ඇසට ආපාථගත වෙත්මය. ගින්න මෙන්ද හිමවත් පව්ව මෙන්ද ඔවුහු වහා පෙනෙති. මෙය කියන ලද්දේමය.
“දූරෙ සන්තො පකාසෙන්ති, හිමවන්තොව පබ්බතො; අසන්තෙත්ථ න දිස්සන්ති, රත්තිං ඛිත්තා යථා සරා”ති. (ධ· ප· 304; නෙත්ති· 11);
දුරෙ සන්තො පකාසෙන්ති හිමවන්තොව පබ්බතො, අසන්තො ත්ථ න දිස්සන්ති රත්ති චිත්තා යථා සරා
හිමවත් පවුව මෙන් හේතු වාසනා සහිත සත්ත්වයෝ ඉතා දුර වූවත් බුදු ඇසට පෙනෙති. ඉතා සමීපයේ සිටි පාපී, අනුවණ සත්ත්වයෝ රාත්‍රියේ විදි හී මෙන් බුදු ඇසට නොපෙනෙති.
සබ්බඤ්ඤුතඤ්ඤාණන්ති එත්ථ පඤ්චනෙය්යපථප්පභෙදං සබ්බං අඤ්ඤාසීති සබ්බඤ්ඤූ. සඞ්ඛතාසඞ්ඛතාදිභෙදා සබ්බධම්මා හි සඞ්ඛාරො විකාරො ලක්ඛණං නිබ්බානං පඤ්ඤත්තීති පඤ්චෙව නෙය්යපථා හොන්ති. සබ්බඤ්ඤුස්ස භාවො සබ්බඤ්ඤුතා, සබ්බඤ්ඤුතා එව ඤාණං “සබ්බඤ්ඤුතාඤාණ”න්ති වත්තබ්බෙ “සබ්බඤ්ඤුතඤ්ඤාණ”න්ති වුත්තං. සබ්බඤ්ඤූති ච කමසබ්බඤ්ඤූ සකිංසබ්බඤ්ඤූ සතතසබ්බඤ්ඤූ සත්තිසබ්බඤ්ඤූ ඤාතසබ්බඤ්ඤූති පඤ්චවිධා සබ්බඤ්ඤුනො සියුං. තෙසු කමෙන සබ්බජානනකාලාසම්භවතො කමසබ්බඤ්ඤුතා න හොති, සකිං සබ්බාරම්මණග්ගහණාභාවතො සකිංසබ්බඤ්ඤුතා න හොති, චක්ඛුවිඤ්ඤාණාදීනං යථාරම්මණචිත්තසම්භවතො භවඞ්ගචිත්තවිරොධතො යුත්තිඅභාවතො ච සතතසබ්බඤ්ඤුතා න හොති, පරිසෙසතො සබ්බජානනසමත්ථතාය සත්තිසබ්බඤ්ඤුතා වා සියා, විදිතසබ්බධම්මත්තා ඤාතසබ්බඤ්ඤුතා වා, සත්තිසබ්බඤ්ඤුනො සබ්බජානනත්තං නත්ථීති තම්පි න යුජ්ජති, “න තස්ස අදිට්ඨමිධත්ථි කිඤ්චි…පෙ… සමන්තචක්ඛූ”ති වුත්තත්තා ඤාතසබ්බඤ්ඤුතා එව යුජ්ජති. එවඤ්හි සති කිච්චතො අසම්මොහතො කාරණසිද්ධිතො ආවජ්ජනපටිබද්ධතො සබ්බඤ්ඤුතමෙව හොතීති. තෙන ඤාණෙනාති තෙන සබ්බජානනඤාණෙන.
සබ්බඤ්ඤුත ඤාණං මෙහි පස්වදෑරුම් නෙය්යපථ ප්‍රභේද ඇති සියල්ල දැනගත්තේනුයි සබ්බඤ්ඤු නම් වේ. සංඛත අසංඛතාදී භේද ඇති, සියලු ධර්ම අභිසංස්කාර, විකාර, ලක්ෂණ නිර්වාණ හා ප්රඥප්ති යන පසම නෙය්යපථ වේ. සියල්ල දන්න බව ම සබ්බඤ්ඤුතා නම් වේ. සබ්බඤ්ඤුත වූ ම ඤාණය “සබ්බඤ්ඤුතාඤාණය” යැයි කිව යුතු තැන. “සබ්බඤ්ඤුතඤාණං” යැයි කියන ලදී. සර්වඥ බව වනාහී ක්‍රම සබ්බඤ්ඤු, සකිං සබ්බඤ්ඤු, සත්තසබ්බඤ්ඤු, සත්තිසබ්බඤ්ඤු, ඤාණ සබ්බඤ්ඤු යැයි පස්වැදෑරුම් වේ. ඒ අතුරින් ක්‍රමයෙන් සියල්ල දැනගන්නා කාලය, නොලැබීමෙන්ද කාම සබ්බඤ්ඤුතාව සිදු නොවේ. වරක් සියලු අරමුණු ගැනීම නොමැති වීමෙන් සකිං සබ්බඤ්ඤුතාව ද නැත. චක්ඛු විඤ්ඤාණයේ අරමුණට ගැලපෙන සේ සිත හට ගැනීමට ද භවංග චිත්ත විරෝධයෙන් ද යුක්ති අභාවයෙන්ද සත්තසම්බබඤ්ඤුතාව නොවේ. ඉතිරි නොවන සේ සියල්ල දැන ගැනීමේ සමර්ථකමින් සත්ති සබ්බඤ්ඤුතාව හෝ දැනගත් සියලු ධර්ම ඇති බැවින් ඤාත සබ්බඤ්ඤුතාව හෝ වන්නේය. සත්ති සබ්බඤ්ඤුන්ගේ සියල්ල දැන ගැනීමක් නැතැයි එයද නොයෙදේ. “න තස්ස අදිට්ඨමිධත්ථි කිඤචි -පෙ- සමන්ත චක්ඛු”යි කියු බැවින් ඥාත සබ්බඤ්ඤුතාව ම යෙදේ. මෙසේ ඇති කල්හි කෘත්‍ය වශයෙන් ද නොමුලා වශයෙන් ද කාරණ සිද්ධි වශයෙන්ද ආවර්ජන ප්‍රතිබද්ධ වශයෙන්ද සර්වඥම ස්වේ. තෙන ඤාණෙන ඒ සියල්ල දන්නා ඤාණයෙන්.
පුන අපරෙන පරියායෙන සබ්බඤ්ඤුභාවසාධනත්ථං “න තස්සා”ති ගාථමාහ. තත්ථ න තස්ස අද්දිට්ඨමිධත්ථි කිඤ්චීති තස්ස තථාගතස්ස ඉධ ඉමස්මිං තෙධාතුකෙ ලොකෙ ඉමස්මිං පච්චුප්පන්නකාලෙ වා පඤ්ඤාචක්ඛුනා අදිට්ඨං නාම කිඤ්චි අප්පමත්තකම්පි න අත්ථි න සංවිජ්ජති. අත්ථීති ඉදං වත්තමානකාලිකං ආඛ්යාතපදං, ඉමිනා පච්චුප්පන්නකාලිකස්ස සබ්බධම්මස්ස ඤාතභාවං දස්සෙති. ගාථාබන්ධසුඛත්ථං පනෙත්ථ ද-කාරො පයුත්තො. අථො අවිඤ්ඤාතන්ති එත්ථ අථොති වචනොපාදානෙ නිපාතො. අවිඤ්ඤාතන්ති අතීතකාලිකං අවිඤ්ඤාතං නාම කිඤ්චි ධම්මජාතං නාහොසීති පාඨසෙසො. අබ්යයභූතස්ස අත්ථි-සද්දස්ස ගහණෙ පාඨසෙසං විනාපි යුජ්ජතියෙව. ඉමිනා අතීතකාලිකස්ස සබ්බධම්මස්ස ඤාතභාවං දස්සෙති. අජානිතබ්බන්ති අනාගතකාලිකං අජානිතබ්බං නාම ධම්මජාතං න භවිස්සති නත්ථීති. ඉමිනා අනාගතකාලිකස්ස සබ්බධම්මස්ස ඤාතභාවං දස්සෙති. ජානනකිරියාවිසෙසමත්තමෙව වා එත්ථ අ-කාරො. සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්යන්ති එත්ථ යං තෙකාලිකං වා කාලවිනිමුත්තං වා නෙය්‍යං ජානිතබ්බං කිඤ්චි ධම්මජාතං අත්ථි, තං සබ්බං තථාගතො අභිඤ්ඤාසි අධිකෙන සබ්බඤ්ඤුතඤ්ඤාණෙන ජානි පටිවිජ්ඣි, එත්ථ අත්ථි-සද්දෙන තෙකාලිකස්ස කාලවිමුත්තස්ස ච ගහණා අත්ථි-සද්දො අබ්යයභූතොයෙව දට්ඨබ්බො. තථාගතො තෙන සමන්තචක්ඛූති කාලවසෙන ඔකාසවසෙන ච නිප්පදෙසත්තා සමන්තා සබ්බතො පවත්තං ඤාණචක්ඛු අස්සාති සමන්තචක්ඛු, තෙන යථාවුත්තෙන කාරණෙන තථාගතො සමන්තචක්ඛු සබ්බඤ්ඤූති වුත්තං හොති . ඉමිස්සා ගාථාය පුග්ගලාධිට්ඨානාය දෙසනාය සබ්බඤ්ඤුතඤ්ඤාණං සාධිතං.
නැවත තවත් ක්‍රමයකින් සර්වඥභාවය සාධනය කිරිමට න තස්සා යන ගාථාව කියන ලදී. එහි න තස්ස අදිට්ඨමිධත්ථි කිඤ්චි ඒ තථාගතයන් වහන්සේට මෙම ත්‍රෛධාතුක ලෝකයෙහි මේ වර්තමාන කාලයේ හෝ ප්‍රඥා වක්ෂුවෙන් නොදුටු අල්ප මාත්‍ර වුවක් වත් නම් නැත. විද්‍යමාන නොවේ. අත්ථි යනු වර්තමාන කාලින ආඛ්‍යාත පදයයි. මෙයින් වර්තමානකාලික වූ සියලු ධර්මයන්ගේ දන්නා බව දක්වයි. ගාථා බන්ධනයේ පහසුවට මෙහි “ධ” කාරය යොදන ලදී. අථෙ අවිඤ්ඤාතං යන මෙහි “අථෙ” යනු වචනෝපාදානයේ නිපාතයකි. අවිඤ්ඤාතං අතීතකාලීන වූ ද නොදත් කිසිදු ධර්ම ජාතියක් නොවීයැයි පාඨ ශේෂය යොදා අර්ථ ගත යුතුයි. අව්‍යයක් වූ (නිපාතයක්) අත්ථ ශබ්දය ඇති හෙයින් උක්ත පාඨ ශේෂය නැතිවූවක් එය යෙදෙන්නේමය. මෙයින් අතීත වූ ඉක්ම ගිය සියලු ධර්ම පිළිබදව දන්නා බව කියවේ. අජානිතබ්බං අනාගත කාලික වූ නො දැනෙන කිසිදු ධර්මයක් මතු ඇති නොවන්නේ ය. නැතහොත් නැත මෙයින් අනාගතකාලික වූ සියලු ධර්මයන්ගේ දන්නා බව දක්වයි. නැතහොත් මෙහි ආකාර ජානන ක්රියාවේ (දන්නා බව) විශේෂණ මාත්‍රයක්ම සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්‍යං මෙහි යම් ත්රෛකාලීක වු හෝ කාල විනිර්මුක්ත වූ දතයුතු යම් ධර්මයක් වේනම් ඒ සියල්ල තථාගතයන් වහන්සේ අවබෝධ කරගත් සේක. අධික වූ සර්වඥතා ඤාණයෙන් සියල්ල දැනගත් සේක. අවබෝධ කරගත් සේක. මෙහි අර්ථ ශබ්දයෙන් ත්රෛකාලීක වූද කාලයෙන් විනිර්මුක්ත වූ ද අර්ථයෙන් අර්ථ ශබ්දය අව්‍යක්ත වූ බව ම දතයුතුයි. තථාගතො තෙන සමන්ත චක්ඛු කාල වශයෙන්, අවකාශ වශයෙන් නොදැක්වූ බැවින් හාත්පසින් සර්වප්රකාරයෙන් ම පැවති ඤාණ ඇස ඇත්තේනුයි සමන්ත චක්ඛු නම්. ඒ ඉහත පැවසූ කාරණයෙන් තථාගතයන් වහන්සේ සමන්ත චක්ඛු බවද සර්වඥ බවද කියන ලද්දේ වේ. මේ ගාථාවෙන් පුද්ගල අධිෂ්ඨාන දේශනා වශයෙන් සර්වඥතා ඤාණය දක්වන ලදී.
න ඉතිහිතිහන්ති “එවං කිර ආසි, එවං කිර ආසී”ති න හොති. න ඉතිකිරායාති “එවං කිර එත”න්ති න හොති. න පරම්පරායාති පරම්පරකථායාපි න හොති. න පිටකසම්පදායාති අම්හාකං පිටකතන්තියා සද්ධිං සමෙතීති න හොති. න තක්කහෙතූති තක්කග්ගාහෙනපි න හොති. න ආකාරපරිවිතක්කෙනාති “සුන්දරමිදං කාරණ”න්ති එවං කාරණපරිවිතක්කෙනපි න හොති. න දිට්ඨිනිජ්ඣානක්ඛන්තියාති අම්හාකං නිජ්ඣායිත්වා ඛමිත්වා ගහිතදිට්ඨියා සද්ධිං සමෙතීතිපි න හොති.
න ඉතිහිතිහං “මෙසේ මෙයවිය”, මෙසේ වනාහි මෙය වේ යැයි නොවේ. න ඉති කිරාය “මෙසේ මෙය වේ” න පරම්පරාය පරම්පරා කථාවෙන් ද නෙවේ. න පිටක සම්පදාය අපගේ පිටක සම්ප්රදාය සමඟ සම වේ යැයි නොවේ. න තක්කහෙතු තර්ක ග්රහනයෙන් ද නොවේ. න ආකාර පරිවිතක්කෙන මේ කාරණය සුන්දරය යනුවෙන් මෙසේ කාරණ පරිවිතර්කයෙන්ද නොවේ. න දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අපගේ රුචි වූ කැමති වූ දෘෂ්ටියට සමවේ යැයි නොම වේ.
අථ වාපි සමාධින්ති එත්ථ සමාධින්ති කුසලචිත්තෙකග්ගතා සමාධි. කෙනට්ඨෙන සමාධීති? සමාධානට්ඨෙන. කිමිදං සමාධානං නාම? එකාරම්මණෙ චිත්තචෙතසිකානං සමං සම්මා ච ආධානං, ඨපනන්ති වුත්තං හොති. තස්මා යස්ස ධම්මස්ස ආනුභාවෙන එකාරම්මණෙ චිත්තචෙතසිකා සමං සම්මා ච අවික්ඛිප්පමානා අවිප්පකිණ්ණා ච හුත්වා තිට්ඨන්ති, ඉදං සමාධානන්ති වෙදිතබ්බං. තස්ස ඛො පන සමාධිස්ස –
අථවා පි සමාධි මෙහි “සමාධි” යනු කුසල චිත්ත ඒකග්ගතා සමාධියයි. කවර අර්ථයෙන් සමාධි නම් වේ ද? සමාධාන අර්ථයෙන් සමාධි නම් වේ. මේ සමාධානය නම් කුමක්ද? එක අරමුණුක චිත්ත චෛතසික එකවිට සමානව දැඩිව පවත්වා ගැනීමයි. එනිසා යම් ධර්මයක ආනුභාවයෙන් එක අරමුණක චිත්ත චෛතසිකයෝ එකවිට මනාව, වික්ෂිප්ත නොවිසිරී පවතිත්ද මෙය “සමාධානය” යැයි දතයුතුයි. ඒ සමාධියේ ලක්ෂණය කුමක්ද?
“ලක්ඛණං තු අවික්ඛෙපො, වික්ඛෙපද්ධංසනං රසො; අකම්පනමුපට්ඨානං, පදට්ඨානං සුඛං පන”. (පටි· ම· අට්ඨ· 1.1.3);
අවික්ෂිප්ත බවයි. සමාධිය වික්ෂිප්ත බව නැසීම රසය කොට ඇත්තේය කමිපා නොවීම පච්චුපට්ඨාන කොට ඇත්තේය. සුඛය පදට්ඨානය කොට ඇත්තේය.
සමාධි අනාවිලඅචලභාවෙන ආරම්මණෙ තිට්ඨතීති ඨිති. පරතො පදද්වයං උපසග්ගවසෙන වඩ්ඪිතං. අපි ච සම්පයුත්තධම්මෙ ආරම්මණම්හි සම්පිණ්ඩෙත්වා තිට්ඨතීති සණ්ඨිති. ආරම්මණං ඔගාහෙත්වා අනුපවිසිත්වා තිට්ඨතීති අවට්ඨිති. කුසලපක්ඛස්මිඤ්හි චත්තාරොව ධම්මා ආරම්මණං ඔගාහන්ති සද්ධා සති සමාධි පඤ්ඤාති. තෙනෙව සද්ධා “ඔකප්පනා”ති වුත්තා, සති “අපිලාපනතා”ති, සමාධි “අවට්ඨිතී”ති, පඤ්ඤා “පරියොගාහනා”ති. අකුසලපක්ඛෙ පන තයො ධම්මා ආරම්මණං ඔගාහන්ති තණ්හා දිට්ඨි අවිජ්ජාති. තෙනෙවෙතෙ “ඔඝා”ති වුත්තා. චිත්තෙකග්ගතා පනෙත්ථ න බලවතී හොති. යථා හි රජුට්ඨානට්ඨානෙ උදකෙන සිඤ්චිත්වා සම්මට්ඨෙ ථොකමෙව කාලං රජො සන්නිසීදති, සුක්ඛන්තෙ සුක්ඛන්තෙ පුන පකතිභාවෙනෙව වුට්ඨාති, එවමෙව අකුසලපක්ඛෙ චිත්තෙකග්ගතා න බලවතී හොති.
නොකැළඹෙන අචල ස්වභාවයෙන් සිත අරමුණේ සිටියිනුයි ඨිති නම් වේ. ඊළග පද දෙක උපසර්ග යොදා වඩන ලදී. තවද සම්ප්‍රයුක්ත ධර්ම අරමුණේ සම්පිණ්ඩනය වී සිටිනුයි සණ්ඨිති. අරමුණේ බැසගෙන අනුව පිවිස සිටියි නුයි අවට්ඨිත. කුසල පක්ෂයෙහි සතර ධර්මයෝ ම අරමුණේ බැසගනිති. ඒවා නම් ශ්‍රද්ධාව, සතිය, සමාධි හා ප්රඥාවයි. එම නිසා ශ්‍රද්ධාව “ඔකප්පන” යැයි කියන ලදි. සිහිය අපිලාපනය යැයි ද සමාධිය අවට්ඨිති යැයි ප්‍රඥාව “පරියෝගතා” යැයි ද කියනු ලැබේ. අකුශල පක්ෂයේ වනාහි තණ්හා, දිට්ඨි හා අවිජ්ජා යන ධර්ම තුනම අරමුණේ බැසගනිති. ඒ නිසා ඒවා ඕඝ යැයි කියන ලදී. චිත්තේකාග්‍රතාව මෙහිදි බලවත්ව නොපවතියි. යම් සේ දූවිලි නැගෙන තැනක ඉස ඇමදී කල්හි මද වේලාවක් දූවිලි තැන්පත්ව සිටියද නැවත වියලෙන වියලෙන කල්හි දූවිලි ප්‍රකෘති ස්වභාවයෙන් පැතිර යයිද එලෙසින්ම අකුශල පක්ෂයේ චිත්තේකාග්‍රතාවය බලවත් නොවේ.
උද්ධච්චවිචිකිච්ඡාවසෙන පවත්තස්ස විසාහාරස්ස පටිපක්ඛතො අවිසාහාරො. උද්ධච්චවිචිකිච්ඡාවසෙනෙව ගච්ඡන්තං චිත්තං වික්ඛිපති නාම. අයං පන තථාවිධො වික්ඛෙපො න හොතීති අවික්ඛෙපො. උද්ධච්චවිචිකිච්ඡාවසෙනෙව චිත්තං විසාහටං නාම හොති, ඉතො චිතො ච හරීයති, අයං පන එවං අවිසාහටමානසස්ස භාවොති අවිසාහටමානසතා. සමථොති තිවිධො සමථො චිත්තසමථො අධිකරණසමථො සබ්බසඞ්ඛාරසමථොති. තත්ථ අට්ඨසු සමාපත්තීසු චිත්තෙකග්ගතා චිත්තසමථො නාම. තඤ්හි ආගම්ම චිත්තචලනං චිත්තවිප්ඵන්දිතං සම්මති වූපසම්මති, තස්මා සො “චිත්තසමථො”ති වුච්චති. සම්මුඛාවිනයාදිසත්තවිධො සමථො අධිකරණසමථො නාම. තඤ්හි ආගම්ම තානි තානි අධිකරණානි සම්මන්ති වූපසම්මන්ති, තස්මා සො “අධිකරණසමථො”ති වුච්චති. යස්මා පන සබ්බෙ සඞ්ඛාරා නිබ්බානං ආගම්ම සම්මන්ති වූපසම්මන්ති වූපසම්මන්ති, තස්මා තං “සබ්බසඞ්ඛාරසමථො”ති වුච්චති. ඉමස්මිං අත්ථෙ චිත්තසමථො අධිප්පෙතො. සමාධිලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති සමාධින්ද්රියං. උද්ධච්චෙ න කම්පතීති සමාධිබලං. සම්මාසමාධීති යාථාවසමාධි නිය්යානිකසමාධි.
උද්ධච විචිකිච්ඡා වශයෙන් පැවති විසිරීයාමට විරුද්ධව පැවති බව අවිසාහාරො. උද්ධච්ච විචිකිච්ඡා වශයෙන්ම යන සිත (පැතිරීම) “වික්ඛෙප” නම් වේ. මෙහි මෙබඳු වික්ෂේපයක් නොවේනුයි අවික්ඛෙපො. උද්ධච්ච විචිකිච්ඡා වශයෙන් ම සිත විසාහත නම් වේ. එහේ මෙහේ ගෙනයනු ලැබේ. මෙය එබදු විසිරීමක් නොමැති අවිසාහට මාන වූ බැවින් අවිසාහට මාන සතා වේ. සමථො යනු සමථය තුන් වැදෑරුම් ය. චිත්ත සමථය අධිකරණ සමථය, හා සබ්බ සංඛාර සමථ යනුවෙනි. එහි අෂ්ට සමාපත්තිහි චිත්තේකාග්‍රතාවය චිත්ත සමථ නම් වේ. ඊට පැමිණි සිත චලනය වීම, සිත විප්ඵන්දනය වීම සන්සිඳි සන්සුන් වේ. එනිසා එය චිත්ත සමථ යැයි කියයි. සම්මුඛා විනයාදී විනය ක්‍රම සත අධිකරණ සමථ නම් වේ. ඊට පැමිණි ඒ ඒ අධිකරණයෝ සන්සිඳෙති. සන්සුන්වෙති එහෙයින් එය අධිකරණ සමථ නම් වේ. යම් හෙයකින් සියලු සංස්කාරයෝ නිවනට පැමිණ සන්සිඳෙත් ද සන්සුන් වෙත් ද එනිසා එය සබ්බසංඛාර සමථ නම් වේ. මෙතනදී චිත්ත සමථය අදහස් කරන ලදී. සමාධි ලක්ෂණයෙහි ප්‍රධාන බව පවත්වන්නේ නුයි සමාධින්ද්රියං නම් වේ. උද්ධච්චයෙහි සිත කම්පා නොවේනුයි සමාධිබලං නම් වේ. සම්මා සමාධි යනු සත්‍ය වූ සමාධියයි. නෛර්යාණික සමාධියයි.
අථස්ස භගවා යස්මා ඉන්ද්රියසංවරො සීලස්ස රක්ඛා, යස්මා වා ඉමිනානුක්කමෙන දෙසියමානා අයං දෙසනා තාසං දෙවතානං සප්පායා, තස්මා ඉන්ද්රියසංවරතො පභුති පටිපදං දස්සෙන්තො “චක්ඛූහී”තිආදි ආරද්ධො. තත්ථ චක්ඛූහි නෙව ලොලස්සාති අදිට්ඨදක්ඛිතබ්බාදිවසෙන චක්ඛූහි ලොලො නෙව අස්ස. ගාමකථාය ආවරයෙ සොතන්ති තිරච්ඡානකථාය සොතං ආවරෙය්ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රීය සංවරය ශීලයේ ආරක්ෂාව වන බැවින් ද අනුක්රමයෙන් දේශනා කෙරෙන මේ සූත්‍ර දේශනාව ඒ දෙවියන්ගේ ධර්මාවබෝධයට යෝග්‍ය වන බැවින්ද ඉන්ද්රිය සංවරයේ සිට නිර්වාණගාමී ප්‍රතිපදාව දක්වමින් චක්ඛුහි යන ගාථාව ඇරඹූ සේක. එහි චක්ඛුහි නෙව ලොලස්ස නොදුටු, දැකිය යුතු වශයෙන් ඇසින් රූප දැකිමට ලොල් නොවූ. ගාම කථාය ආවරයේ සොතං තිරිසන් කථාවෙන් කණ වළකන්නේය.
චක්ඛුලොලියෙනාති චක්ඛුද්වාරෙ උප්පන්නලොලවසෙන චක්ඛුලොලියෙන. අදිට්ඨං දක්ඛිතබ්බන්ති අදිට්ඨපුබ්බං රූපාරම්මණං පස්සිතුං යුත්තං. දිට්ඨං සමතික්කමිතබ්බන්ති දිට්ඨපුබ්බරූපාරම්මණං අතික්කමිතුං යුත්තං. ආරාමෙන ආරාමන්ති පුප්ඵාරාමාදිආරාමෙන ඵලාරාමාදිං වා පුප්ඵාරාමාදිං වා. දීඝචාරිකන්ති දීඝචරණං. අනවට්ඨිතචාරිකන්ති අසන්නිට්ඨානචරණං. අනුයුත්තො හොති රූපදස්සනායාති රූපාරම්මණදස්සනත්ථාය පුනප්පුනං යුත්තො හොති.
චක්ඛු ලොලියෙන චක්ෂුද්වාරයේ උපන් ලෝභ වශයෙන් චක්ඛු ලෝලයෙන් යුතු වූ අදිට්ඨං දක්ඛිතබ්බං නුදුටු විරූ රූපාරම්මණ දැකීමට සුදුසුය. දිට්ඨං සමතික්කමිතබ්බං දුටු විරූ රූපාරම්මණ ඉක්මවීමට සුදුසුය. ආරාමෙන ආරාමං පුෂ්පාරාමාදියෙන් ඵලාරාමාදියට හෝ පුෂ්පාරාමාදියට හෝ දීඝචාරිකං දිගු සංචාරයන්ට. අනවත්ථිත චාරිකං නොනැවතුණු හැසිරීමෙන් අනුයුත්තො විහරති රූප දස්සනාය රූප අරමුණු දැකීමට පුන පුනා යෙදුණේ වේ.
අන්තරඝරං පවිට්ඨොති උම්මාරබ්භන්තරං පවිට්ඨො. වීථිං පටිපන්නොති අන්තරවීථිං ඔතිණ්ණො. ඝරමුඛානි ඔලොකෙන්තොති ඝරද්වාරානි අවලොකෙන්තො. උද්ධං උල්ලොකෙන්තොති උපරිදිසං උද්ධංමුඛො හුත්වා විලොකෙන්තො.
අන්තරඝරං පවිට්ඨෙ එළිපත්තෙන් ඇතුලට පිවිසෙයි. වීථිපටිපන්නො ඇතුලු වීථියට බැසගත්තේ. සරමුඛානි ඔලොකෙන්තො. නිවෙස්වල දොරවල් දෙස බලමින් උද්ධං ඔලොකෙන්තො උඩදිශාව, උඩුකුරු මුහුණින් බලමින් යයි.
චක්ඛුනා රූපං දිස්වාති කාරණවසෙන චක්ඛූති ලද්ධවොහාරෙන රූපදස්සනසමත්ථෙන චක්ඛුවිඤ්ඤාණෙන රූපං දිස්වා. පොරාණා පනාහු – “චක්ඛු රූපං න පස්සති අචිත්තකත්තා, චිත්තං න පස්සති අචක්ඛුකත්තා. ද්වාරාරම්මණසඞ්ඝට්ටෙ පන පසාදවත්ථුකෙන චිත්තෙන පස්සති. ඊදිසී පනෙසා ‘ධනුනා විජ්ඣතී’තිආදීසු විය සසම්භාරකථා නාම හොති. තස්මා චක්ඛුවිඤ්ඤාණෙන රූපං දිස්වාති අයමෙත්ථ අත්ථො”ති. නිමිත්තග්ගාහීති ඉත්ථිපුරිසනිමිත්තං වා සුභනිමිත්තාදිකං වා කිලෙසවත්ථුභූතං නිමිත්තං ඡන්දරාගවසෙන ගණ්හාති, දිට්ඨමත්තෙයෙව න සණ්ඨාති. අනුබ්යඤ්ජනග්ගාහීති කිලෙසානං අනුඅනුබ්යඤ්ජනතො පාකටභාවකරණතො අනුබ්යඤ්ජනන්ති ලද්ධවොහාරං හත්ථපාදසිතහසිතකථිතආලොකිතවිලොකිතාදිභෙදං ආකාරං ගණ්හාති. යත්වාධිකරණමෙනන්තිආදිම්හි යංකාරණා යස්ස චක්ඛුන්ද්රියාසංවරස්ස හෙතු එතං පුග්ගලං සතිකවාටෙන චක්ඛුන්ද්රියං අසංවුතං අපිහිතචක්ඛුද්වාරං හුත්වා විහරන්තං එතෙ අභිජ්ඣාදයො ධම්මා අන්වාස්සවෙය්යුං අනුප්පබන්ධෙය්යුං අජ්ඣොත්ථරෙය්යුං. තස්ස සංවරාය න පටිපජ්ජතීති තස්ස චක්ඛුන්ද්රියස්ස සතිකවාටෙන පිදහනත්ථාය න පටිපජ්ජති. එවංභූතොයෙව ච න රක්ඛති චක්ඛුන්ද්රියං. න චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජතීතිපි වුච්චති. තත්ථ කිඤ්චාපි චක්ඛුන්ද්රියෙ සංවරො වා අසංවරො වා නත්ථි. න හි චක්ඛුපසාදං නිස්සාය සති වා මුට්ඨස්සච්චං වා උප්පජ්ජති. අපිච යදා රූපාරම්මණං චක්ඛුස්ස ආපාථං ආගච්ඡති, තදා භවඞ්ගෙ ද්වික්ඛත්තුං උප්පජ්ජිත්වා නිරුද්ධෙ කිරියාමනොධාතු ආවජ්ජනකිච්චං සාධයමානා උප්පජ්ජිත්වා නිරුජ්ඣති, තතො චක්ඛුවිඤ්ඤාණං දස්සනකිච්චං, තතො මනොධාතු සම්පටිච්ඡනකිච්චං, තතො විපාකාහෙතුකමනොවිඤ්ඤාණධාතු සන්තීරණකිච්චං, තතො කිරියාහෙතුකමනොවිඤ්ඤාණධාතු වොට්ඨබ්බනකිච්චං සාධයමානා උප්පජ්ජිත්වා නිරුජ්ඣති, තදනන්තරං ජවනං ජවති.
චක්ඛුනා රුපං දිස්වා කාරණ වශයෙන් චක්ඛු යැයි ව්‍යවහාර කරන රූප දැකීමට සමත් වූ චක්ඛු විඤ්ඤාණයෙන් රූප දැක පොරණාචාර්යවරු මෙසේ කීහ. ඇස රූප නොදකියි. සිතක් නොවන හෙයිනි. සිත රූප නොදකියි. ඇසක් නොවන හෙයින් ද්වාරය හා අරමුණ ගැටීමෙන්, ප්‍රසාද වස්තුවෙන් යුතු සිතින් රූප දකියි. මෙබදු මෙය වනාහි “දුන්නෙන් විදියි” යනාදී ප්රකාශයන්හි මෙන් සසම්භාර කථා නම් වේ. එහෙයින් චක්ඛු විඤ්ඤාණයෙන් රූප දැකීයැයි මෙහිදී අර්ථ දතයුතුය. නිමිත්තග්ගාහී ස්ත්‍රී පුරුෂ නිමිත්තක් හෝ සුභ නිමිත්තාදියක් හෝ කෙලෙසුන්ට වස්තු වූ නිමිත්තක් හෝ ඡන්දරාග වශයෙන් ගනියි. දුටු මතින් ම නො පිහිටයි. අනුබ්යඤ්ජනග්ගාහී කෙලෙසුන්ගේ අනුබ්‍යඤ්ජන වශයෙන් ප්‍රකට කරන හෙයින් අනුබ්‍යඤ්ජන යැයි ලැබූ ව්‍යවහාර ඇති අත් පා, ගායන, කථන, බැලුම් ආදී භේද ඇති ආකාරය ගනියි. යත්වාධිකරණ මෙනං ආදියෙහි යම් කරුණෙකින් යමෙකුගේ චක්ෂුන්ද්රිය අසංවර වූයේ ද ඒ හේතුවෙන් ඒ පුද්ගලයා සිහිය නම් දොරපලුවෙන් චක්ෂුන්ද්රියන් අසංවෘත වූයේ ද නොවැසූ චක්ෂුද්වාර ඇතිව වසන මොහුගේ අභිධ්‍යාදී ධර්ම ලුහුබැඳ අනුව පවතින්නේය. තස්ස සංවරාය න පටිපජ්ජති ඒ චක්ෂුන්ද්රිය සිහිය නම් දොර පලුවෙන් වසා දැමීමට උත්සාහවත් නොවේ.” මෙසේ ඇත්තා වූ ම හැකිවූයේ ම චක්ෂුන්ද්රිය නොරකියි. චක්ෂුද්රිය සංවර කරගැනීමට නොපැමිණෙයි.” යැයි කියන ලදී. තවද ඒ චක්ෂුන්ද්රියේ සංවරයක් හෝ නැත්ද චක්ෂු ප්‍රසාදය නිසා සිහිය හෝ මුළා සිහිය හෝ නූපදියිද තවද යම්විටක රූප ආරම්මණයක් ඇසට ගොදුරු වේද, එවිට භවාංගය දෙවරක් ඉපදී නිරුද්ධ වූ කල්හි කියා මනෝ ධාතුව ආවර්ජන කෘත්‍ය සිදුකරමින් ඉපද නිරුද්ධ වේ. එවිට චක්ඛු විඤ්ඤාණය දර්ශන කෘත්‍ය සිදුකරයි. එවිට විපාක මනෝධාතුව සම්පටිච්ඡාන කෘත්‍යය ද විපාක අහේතුක මනෝ විඤ්ඤාණ ධාතුව සන්තීරණ කෘත්‍යයද ක්‍රියා අහේතුක මනෝ විඤ්ඤාණ ධාතුව වොත්ථපන කෘත්‍යයද සිදුකරමින් ඉපද ඉපද නිරුද්ධ වේ. ඉන් අනතුරුව ජවනය දුවයි.
තත්රාපි නෙව භවඞ්ගසමයෙ න ආවජ්ජනාදීනං අඤ්ඤතරසමයෙ සංවරො වා අසංවරො වා අත්ථි. ජවනක්ඛණෙ පන සචෙ දුස්සීල්යං වා මුට්ඨස්සච්චං වා අඤ්ඤාණං වා අක්ඛන්ති වා කොසජ්ජං වා උප්පජ්ජති, අසංවරො හොති. එවං හොන්තො පන සො “චක්ඛුන්ද්රියෙ අසංවරො”ති වුච්චති. කස්මා? යස්මා තස්මිං අසංවරෙ සති ද්වාරම්පි අගුත්තං හොති, භවඞ්ගම්පි ආවජ්ජනාදීනිපි වීථිචිත්තානි. යථා කිං? යථා නගරෙ චතූසු ද්වාරෙසු අසංවුතෙසු කිඤ්චාපි අන්තොඝරද්වාරකොට්ඨකගබ්භාදයො සංවුතා, තථාපි අන්තොනගරෙ සබ්බං භණ්ඩං අරක්ඛිතං අගොපිතමෙව හොති. නගරද්වාරෙන හි පවිසිත්වා චොරා යදිච්ඡන්ති තං කරෙය්යුං, එවමෙව ජවනෙ දුස්සීල්යාදීසු උප්පන්නෙසු තස්මිං අසංවරෙ සති ද්වාරම්පි අගුත්තං හොති භවඞ්ගම්පි ආවජ්ජනාදීනිපි වීථිචිත්තානි.
එහිද භවංග සමයෙහි ආවර්ජනාදින්ගේ එක්තරා සමයක අසංවරයක් හෝ සංවරයක් නොම ඇත්තේමය. ජවන ක්ෂණයේ ඉදින් දුසිල් බව හෝ මුළා සිහි ඇති බව හෝ නොදැනිම හෝ නො ඉවසීම හෝ කුසීත බව හෝ උපදයි ද එය අසංවර ය වේ. මෙසේ වන කල්හි “ඔහු චක්ෂුන්ද්රියෙහි අසංවර වූවෙකි”යි කියනු ලැබේ. කුමක් නිසාද? එසේ ඇති කල්හි චක්ඛුද්වාරය නොරකින ලදේ වෙයි. භවංගය ද ආවර්ජනාදී වීථි සිත් ද නො රකින ලද්දේමය. එහෙයිනි කුමක් මෙන්ද? නගරයේ ප්‍රධාන සතර වාසල් දොරටු නොවසන ලද කල්හි, ඇතුලු නුවර ඝරද්වාර, කොටු ගර්භාදිය මනාව වැසුවත්, ඇතුලු නුවර සියලු බඩු භාණ්ඩ අනාරක්ෂිත, අගෝපිත ම වේ. නුවර දොරින් පිවිසි සොරු තමාට රිසි බඩු ගෙන යන්නාහුය. මේ අයුරින්ම ජවන් සිත්හි දුශීලාදී ධර්ම උපන් කල්හි, එහි සංවරය නොමැති කල්හි ද්වාරයද භවාගය ද ආවර්ජනාදී වීථි සිත් ද නොරක්නා ලද්දේ ම වේ.
සද්ධාදෙය්යානීති කම්මඤ්ච ඵලඤ්ච ඉධලොකඤ්ච පරලොකඤ්ච සද්දහිත්වා දින්නානි. “අයං මෙ ඤාතීති වා, මිත්තොති වා, ඉදං වා පටිකරිස්සති, ඉදං වානෙන කතපුබ්බ”න්ති වා එවං න දින්නානීති අත්ථො. එවං දින්නානි හි න සද්ධාදෙය්යානි නාම හොන්ති. භොජනානීති ච දෙසනාසීසමත්තමෙතං, අත්ථතො පන සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා චීවරානි පාරුපිත්වා සෙනාසනානි සෙවමානා ගිලානපච්චයභෙසජ්ජං පරිභුඤ්ජමානාති සබ්බමෙතං වුත්තමෙව හොති.
සද්ධ දෙය්යානි කර්මය ද ඵලය ද මෙලොව ද පරලොව ද අදහා දෙන ලද, මොහු මාගේ නෑයෙකි. මිත්රයෙකි කියා හෝ, මොහු මතු උපකාර කරන්නේය කියා හෝ මොහු පෙර උපකාර කරන ලදී කියා හෝ නොදෙන ලදී යන අර්ථයයි. මෙසේ දෙන ලද කල්හි “ශ්‍රද්ධාවෙන් දෙන ලද” නම් නොවේ. භෝජනානි මේ දේශනා ශීර්ෂ මාත්‍රයක් ම ය. අර්ථ වශයෙන් වනාහි - ශ්‍රද්ධාවෙන් දුන් භෝජන වළදා, ඒ සිවුරු පොරවා සෙනසුන් ඇසුරු කරමින්, ගිලන් පස බෙහෙත් ආදිය වළඳමින් යන සියලු පදයන්ගේ අර්ථ කියන ලද්දේමය.
සෙය්යථිදන්ති නිපාතො. තස්සත්ථො, කතමො හොති. නච්චං නාම යංකිඤ්චි නච්චං, තං මග්ගං ගච්ඡන්තෙනාපි ගීවං පසාරෙත්වා දට්ඨුං න වට්ටති. ගීතන්ති යංකිඤ්චි ගීතං. වාදිතන්ති යංකිඤ්චි වාදිතං. පෙක්ඛන්ති නටසමජ්ජං. අක්ඛානන්ති භාරතරාමායනාදිකං. යස්මිං ඨානෙ කථීයති, තත්ථ ගන්තුම්පි න වට්ටති. පාණිස්සරන්ති කංසතාළං, “පාණිතාළ”න්තිපි වදන්ති. වෙතාළන්ති ඝනතාළං, “මන්තෙන මතසරීරුට්ඨාපන”න්තිපි එකෙ. කුම්භථූණන්ති චතුරස්සඅම්බණකතාළං , “කුම්භසද්ද”න්තිපි එකෙ. සොභනකන්ති නටානං අබ්භොක්කිරණං; සොභනකරං වා, පටිභානචිත්තන්ති වුත්තං හොති. චණ්ඩාලන්ති අයොගුළකීළා, “චණ්ඩාලානං සාණධොවනකීළා”තිපි වදන්ති. වංසන්ති වෙණුං උස්සාපෙත්වා කීළනං.
සෙය්යථිදං යනු නිපාතයකි. එහි අර්ථ - ඒ කෙසේද? නච්චං යනු යම්කිසි නැටුමකි. ගමට යන්නා විසින් ද බෙල්ල දිගු කර දැකීමට වත් නොවටියි. ගීතං යනු කිසියම් ගීතයක් වාදිතං යම්කිසි වාදනයක්. පෙක්ඛං නාටක මුළුවක්. අක්ඛානං භාරත රාමායනාදී පුවතක් යම් තැනක කියනු ලැබේද එහි යාමට නුසුදුසුය. පාණිස්සරං යනු කස්තල (අත්පුඩි ගැසීම) ය. පාණිතාලං යැයි ද කියති. වෙතළාං යනු ඝන තාල (කුප්කාලම්) ය. මන්ත්‍රයෙන් මෘත ශරීර ඔසවා තැබීම යැයි ඇතමෙක් කියති. කුමභ ථූනං සතර අරමුණක පැතිර යන තාලය. කළ පිඹීම කුම්භ සද්දං යැයි ඇතැමෙක් කියති. සෝභනගරං යනු නළුවන්ගේ විසිරවීමයි. සෝභනගරකයක් හෝ ප්‍රතිභාන චිත්රයකැයි කියන ලදී. චණ්ඩාලං යගුලිය දැමීම, සැඩොලුන්ගේ ඝණ දෙවන කෙළියකි යි ද කියති. වංසං උණගස් ඔසවා කරණ ක්‍රීඩාවකි.
ධොවනන්ති අට්ඨිධොවනං, එකච්චෙසු කිර ජනපදෙසු කාලඞ්කතෙ ඤාතකෙ න ඣාපෙන්ති, නිඛණිත්වා ඨපෙන්ති. අථ තෙසං පූතිභූතං කායං ඤත්වා නීහරිත්වා අට්ඨීනි ධොවිත්වා ගන්ධෙහි මක්ඛෙත්වා ඨපෙන්ති. තෙ නක්ඛත්තකාලෙ එකස්මිං ඨානෙ අට්ඨීනි ඨපෙත්වා එකස්මිං ඨානෙ සුරාදීනි ඨපෙත්වා රොදන්තා පරිදෙවන්තා සුරං පිවන්ති. වුත්තම්පි චෙතං “අත්ථි භික්ඛවෙ දක්ඛිණෙසු ජනපදෙසු ධොවනං නාම, තත්ථ හොති අන්නම්පි පානම්පි ඛජ්ජම්පි භොජ්ජම්පි ලෙය්යම්පි පෙය්යම්පි නච්චම්පි ගීතම්පි වාදිතම්පි. අත්ථෙකං භික්ඛවෙ ධොවනං, නෙතං නත්ථීති වදාමී”ති (අ· නි· 10.107). එකච්චෙ පන “ඉන්දජාලෙන අට්ඨිධොවනං ධොවන”න්ති වදන්ති. හත්ථියුද්ධාදීසු භික්ඛුනො නෙව හත්ථිආදීහි සද්ධිං යුජ්ඣිතුං, න තෙ යුජ්ඣාපෙතුං, න යුජ්ඣන්තෙ දට්ඨුං වට්ටති. නිබ්බුද්ධන්ති මල්ලයුද්ධං. උය්යොධිකන්ති යත්ථ සම්පහාරො දිය්යති. බලග්ගන්ති බලගණනට්ඨානං. සෙනාබ්යූහන්ති සෙනානිවෙසො, සකටබ්යූහාදිවසෙන සෙනාය නිවෙසනං. අනීකදස්සනන්ති “තයො හත්ථී පච්ඡිමං හත්ථානීක”න්තිආදිනා (පාචි· 324) නයෙන වුත්තස්ස අනීකස්ස දස්සනං.
ධොවනං යනු ඇට දෙවීමයි. ඇතැම් පිටිසර ජනපදයන්හි කළුරිය කළ ඤාතීන්ගේ ශරීර නොදවා වළ දමා තබති. ඉක්බිති ශරීරය කුණුවී ගිය කාලය දැන පස් ඉවත් කර, ඇට සැකිල්ල ගෙන සෝදා සුවඳ ද්‍රව්‍ය ගල්වා තබති. ඔවුහු නැකැත් උත්සව සමයේ දී එක් තැනක ඇට තබා, තවත් තැනක සුරාදී රහමෙර තබාගෙන හඬමින් දුක්වෙමින් සුරාව බොති. මෙය කියන ලදී. “මහණෙනි, දකුණු දෙස ජනපදයන්හි ධෝවන නම් ක්‍රීඩාවක් ඇත. එහි බොහෝ ආහාරපාන, කෑ යුතු බුදිය යුතු ලෙවිය යුතු දේ රැස්කර විනෝද වේ. මහණෙනි ඒ ධෝවන ක්‍රීඩාවේ අර්ථයක් නම් නැත. “ඇතැමෙක් වනාහි ඉන්ද්‍රජාලිකව ඇට දෙවීම මෙනමින් හැඳින්වූ බව කියති. හත්ථි යුද්ධා දියෙහි භික්ෂුවට ඇත් ආදීන් සමඟ යුද්ධ කිරීමටද ඔවුන් යුධ කරවීමටද එම යුද්ධය දැකීමටත් නොවටියි. නුසුදුසුය. නිබ්බුද්ධං මල්ලව පොර උය්යොධිකං යම් තැනෙක පහරදීම් සිදුවේද ඒ යුධ පෙරමුණ. බලග්ගං බලසෙන් සමූහයා ගණින තැන. සෙනාබ්යුහං කඳවුරු, සේනාවන් වසන තැන, රිය පාබල පෙළපාලි ආදිය පවත්වන තැන අනීක දස්සනං තුන්පත් රැළ, පශ්චිම හත්ථානික ආදී වශයෙන් දැක්වූ බල ඇති දැකීම් ආදිය.
න නිමිත්තග්ගාහී හොතීති ඡන්දරාගවසෙන වුත්තප්පකාරං නිමිත්තං න ගණ්හාති. එවං සෙසපදානිපි වුත්තපටිපක්ඛනයෙන වෙදිතබ්බානි. යථා ච හෙට්ඨා ජවනෙ දුස්සීල්යාදීසු උප්පන්නෙසු තස්මිං අසංවරෙ සති ද්වාරම්පි අගුත්තං හොති, භවඞ්ගම්පි ආවජ්ජනාදීනිපි වීථිචිත්තානීති වුත්තං, එවමිධ තස්මිං සීලාදීසු උප්පන්නෙසු ද්වාරම්පි ගුත්තං හොති, භවඞ්ගම්පි ආවජ්ජනාදීනිපි වීථිචිත්තානි. යථා කිං? යථා නගරද්වාරෙසු සංවුතෙසු කිඤ්චාපි අන්තොඝරාදයො අසංවුතා හොන්ති, තථාපි අන්තොනගරෙ සබ්බං භණ්ඩං සුරක්ඛිතං සුගොපිතමෙව හොති, නගරද්වාරෙසු පිහිතෙසු චොරානං පවෙසො නත්ථි. එවමෙව ජවනෙ සීලාදීසු උප්පන්නෙසු ද්වාරම්පි ගුත්තං හොති, භවඞ්ගම්පි ආවජ්ජනාදීනිපි වීථිචිත්තානි. තස්මා ජවනක්ඛණෙ උප්පජ්ජමානොපි “චක්ඛුන්ද්රියෙ සංවරො”ති වුත්තො. ඉතො පරං හෙට්ඨා ච උපරි ච වුත්තපරියායෙන අත්ථො වෙදිතබ්බො.
න නිමිත්තග්ගාහී හොති ඡන්දරාග වශයෙන් ඉහත දැක්වූ පරිදි නිමිති නොගනියි. මෙසේ සෙසු පදයන්හි ද කියු දෙයට විරුද්ධ ක්‍රමයෙන් අර්ථ දත යුතුයි. ඉහත පරිදි ජවන සිත් දුසිල් සහගතව උපන් කල්හි එය අසංවර වූ කල්හි ද්වාරයද භවාංගයද ආවර්ජනාදී වීථි සත්ද නොකරන්නා ලදී යැයි කියන ලදී. මෙසේ ඒ ශීලාදි ධර්මයන්හි යෙදුණු විට ද්වාරය ද භවංගය ද ආවර්ජනාදී වීථි චිත්තයන් ද ආරක්ෂිත වේ. රක්නා ලද්දේය. කුමක් වේ ද යත්? නගරත් ද්වාර සතර මනාව වසා දැමූ කල්හි ඇතුලු නුවර සියලු ම බඩු බාහිරාදිය මනාව ආරක්ෂා වේ. මනාව ගෝපනය වූයේ වේ. නගරද්වාර වසා ඇති කල්හි සොරුන් නොපිවිසෙන බැවිනි. මේ අයුරින්ම ජවනයෙහි ශීලාදී ධර්ම උපන් කල්හි ද්වාරය ද භවාංගයද ආවර්ජනාදී වීථි සිත්ද සංවර වූයේ වෙයි. ඒ නිසා ජවනක්ෂණයේ උපදින චක්ඛුන්ද්‍රියේ සංවරය යැයි කියන ලදී. මින් අනතුරුව ඉහතින්ද පසුවද කියූ කියැවෙන කරුණුවල විපර්යාසයෙන් අර්ථ දතයුතුයි.
විසූකදස්සනාති පටාණීදස්සනතො. ගාමකථාති ගාමවාසීනං කථා. බාත්තිංසාති ද්වත්තිංස. අනිය්යානිකත්තා සග්ගමොක්ඛමග්ගානං තිරච්ඡානභූතා කථාති තිරච්ඡානකථා. තත්ථ රාජානං ආරබ්භ “මහාසම්මතො මන්ධාතා ධම්මාසොකො එවං මහානුභාවො”තිආදිනා නයෙන පවත්තා කථා රාජකථා. එස නයො චොරකථාදීසු. තෙසු “අසුකො රාජා අභිරූපො දස්සනීයො”තිආදිනා නයෙන ගෙහස්සිතකථාව තිරච්ඡානකථා හොති. “සොපි නාම එවං මහානුභාවො ඛයං ගතො”ති එවං පවත්තා පන කම්මට්ඨානභාවෙ තිට්ඨති. චොරෙසුපි “මූලදෙවො එවං මහානුභාවො, මෙඝමාලො එවං මහානුභාවො”ති තෙසං කම්මං පටිච්ච “අහො සූරා”ති ගෙහස්සිතකථාව තිරච්ඡානකථා. යුද්ධෙපි භාරතයුද්ධාදීසු “අසුකෙන අසුකො එවං මාරිතො එවං විද්ධො”ති කාමස්සාදවසෙනෙව කථා තිරච්ඡානකථා. “තෙපි නාම ඛයං ගතා”ති එවං පවත්තා පන සබ්බත්ථ කම්මට්ඨානමෙව හොති.
විසූක දස්සනා විසුළු දසුන්. ගාමකථා ගම් වැසියන්ගේ කථා ද්වත්තිංසා දෙතිස් කථාව. නිවන නො එළවෙන, සගමොක් සුව වලකන තිරිසන් වූ කථා වූයේනුයි තිරච්ඡාන කථා නම් වේ. එහි රජවරුන් අරබයා ; මහා සම්මත, මහා මන්ධාතු, ධර්මාශෝක ආදීහු මහානුභාව සම්පන්නය ආදී වශයෙන් පවත්වන කථාව රාජකථා නම් වේ. චෝරකථාදියෙහිද මේ ක්‍රමයෙන් අර්ථ ගතයුතුයි. ඒ කථා අතුරින් “අසුවල් රජු ඉතා දැකුම්කළුය. දර්ශනීය විය.” ආදී වශයෙන් ගේහසිත වඩන කාමුක කථාව තිරිසන් කථා නම් වේ. ඔවුන් පිළිබඳව ද “මෙසේ මහානුභාව වූවත් ඔවුහු මිය ගියහ. විනාශ වූහ” යි පැවති කථාව කමටහනකි. එළවන සොරුන් අතුරින්ද මුලදේව මෙසේ මහානුභාව සොරෙකි. මෙසමාල මෙසේ මහානුභාව සොරෙකි” යනුවෙන් ඔවුන්ගේ ක්‍රියා පිළිබඳව පැවති, “අහෝ සුරයෙකි”යි ගේහසිත් වඩන කථාව තිරිසන් කථාවකි. යුධ පිළිබඳව ද “භාරත යුද්ධයේදී අසුවලා විසින් අසුවලා මරන ලදී, මෙසේ විද්දේය, මෙසේ මැරුවේය” ආදී වශයෙන් කාමාස්වාද වශයෙන් පැවති කථාව තිරිසන් කථාවකි. “ඔවුහු ද ක්ෂයවීමට, විනාශයට ගියෝය” ආදී වශයෙන් සෑම දෙයක්, කෙනෙක් පිළිබඳව කරන කථාව කමටහනක් ම වේ.
අපි ච අන්නාදීසු “එවං වණ්ණවන්තං ගන්ධවන්තං රසවන්තං ඵස්සසම්පන්නං ඛාදිම්හ භුඤ්ජිම්හ පිවිම්හ පරිභුඤ්ජිම්හා”ති කාමස්සාදවසෙන කථෙතුං න වට්ටති, සාත්ථකං පන කත්වා “පුබ්බෙ එවං වණ්ණාදිසම්පන්නං අන්නං පානං වත්ථං සයනං මාලං ගන්ධං සීලවන්තානං අදම්හ, චෙතියපූජං අකරිම්හා”ති කථෙතුං වට්ටති. ඤාතිකථාදීසු පන “අම්හාකං ඤාතකා සූරා සමත්ථා”ති වා, “පුබ්බෙ මයං එවං විචිත්රෙහි යානෙහි විචරිම්හා”ති වා අස්සාදවසෙන වත්තුං න වට්ටති, සාත්ථකං පන කත්වා “තෙපි නො ඤාතකා ඛයං ගතා”ති වා, “පුබ්බෙ මයං එවරූපා උපාහනා සඞ්ඝස්ස අදම්හා”ති වා කථෙතුං වට්ටති. ගාමකථාපි සුනිවිට්ඨදුන්නිවිට්ඨසුභික්ඛදුබ්භික්ඛාදිවසෙන “අසුකගාමවාසිනො සූරා සමත්ථා”ති වා එවං අස්සාදවසෙන වත්තුං න වට්ටති, සාත්ථකං පන කත්වා “සද්ධා පසන්නා”ති වා, “ඛයවයං ගතා”ති වා වත්තුං වට්ටති.
තවද ආහාරාදිය වර්ණවත්ය, සුවඳවය, රසවත්ය, ස්පර්ශවත්ය කෑවෙමු, වැළඳුවෙමු, බීවෙමු, පරිභෝග කළෙමු යනාදී ලෙස කාමාශ්වාද වශයෙන් කීම නුසුදුසු ය. අථවත්ව ගෙන “පෙර අපි මෙවැනි වර්ණයෙන් යුත් ආහාරපාන, වස්ත්‍ර, ඇඳ පුටු, මල් මාලා, ගද සුවඳ සිල්වතුන්ට දුන්නෙමු චෛත්‍ය පූජා කළෙමු” ආදී වශයෙන් කථා කිරිම සුදුසුය. ඤාති කථාදියෙහි ද “අපගේ ඥාතීහු ශුරයෝ ය. සමර්ථයෝය” යනුවෙන් ද “අපි පෙර මෙබඳු විසිතුරු යානාවලින් හැසිරුණෙමු” ආදී වශයෙන්ද ආශ්වාද වශයෙන් ද කරන කථාව නුසුදුසුය. එය අර්ථ සහිතව ගෙන “අපේ ඤාතීහු විනාශ වූහ. නැසී ගියහ. පෙර අපි මෙවැනි වටිනා පාවහන් ආදිය සංඝයාට දුනිමු.” ආදී වශයෙන් කථා කිරීම සුදුසුය. ග්‍රාම කථාවන්ද ජනාකීර්ණ ජනශූන්‍ය, දුර්භික්ෂ, සුභික්ෂ ආදී වශයෙන් “අසුවල් ගම්වැසියෝ ශුරයෝය. සමර්ථයෝය.” යනුවෙන් ආශ්වාද වශයෙන් කරණ කථාව නුසුදුසුය. අර්ථ සහිතව ගෙන “අසුවල් ගම්වැසියෝ ශ්රද්ධාවන්තයෝය. ප්රසන්නයෝය. ක්ෂය වීමට ව්යයවීමට ගියහ”යි ආදී වශයෙන් කථා කිරීම සුදුසුය.
නිගමනගරජනපදකථාසුපි එසෙව නයො. ඉත්ථිකථාපි වණ්ණසණ්ඨානාදීනි පටිච්ච අස්සාදවසෙන න වට්ටති, “සද්ධා පසන්නා, ඛයවයං ගතා”ති එවමෙව වට්ටති. සූරකථාපි “නන්දිමිත්තො නාම යොධො සූරො අහොසී”ති අස්සාදවසෙන න වට්ටති. “සද්ධො අහොසි, ඛයවයං ගතො”ති එවමෙව වට්ටති. විසිඛාකථාපි “අසුකා විසිඛා සුනිවිට්ඨා දුන්නිවිට්ඨා සූරා සමත්ථා”ති අස්සාදවසෙන න වට්ටති. “සද්ධා පසන්නා, ඛයවයං ගතා”ඉච්චෙව වට්ටති.
නිගම, නගර, ජනපද කථාදියෙහිද මේ ක්‍රමයමයි. ඉත්ථි කථාවන් ද වර්ණ, ශරීරාවයව ආදිය පිළිබඳව ආශ්වාද වශයෙන් කරණ කථාව නුසුදුසු ය.”සැදැහැවත්ය. තුනුරුවන්හි ප්‍රසන්නය, ක්ෂයවීමට මරණයට පත් වූවාහ” යනුවෙන් ස්ත්‍රීන් පිළිබඳව කථා කිරීම සුදුසුය. සූර කථාවන්හි ද “නන්දිමිත්ර නම් යෝධයා ශූරයෙකි”යි ආශ්වාද වශයෙන් කරණ කථාව නුසුදුසුය. “ඔහු ශ්‍රද්ධාවන්තය. විනාශයට ගියේයැයි” කථා කිරීම සුදුසුය. වීථි පිළිබඳ කථාවන්හි ද “අසුවල් වීථිය ජනාකීර්ණය, ජනශුන්‍යය” “අසුවල් වීථියේ වසන්නෝ ශුරයෝය. සමර්ථයෝය” ආදී වශයෙන් ආශ්වාද විඳිමින් කථාකිරීම නුසුදුසු ය. “ශ්රද්ධාවන්තයහ. ප්‍රසන්නයහ. විනාශයට ගියෝය” ආදී ලෙස කථා කිරීම සුදුසුය.
කුම්භට්ඨානකථාති උදකට්ඨානකථා, “උදකතිත්ථකථා”තිපි වුච්චති, කුම්භදාසිකථා වා. සාපි “පාසාදිකා, නච්චිතුං ගායිතුං ඡෙකා”ති අස්සාදවසෙන න වට්ටති, “සද්ධා පසන්නා”තිආදිනා නයෙන වට්ටති. පුබ්බපෙතකථාති අතීතඤාතිකථා. තත්ථ වත්තමානඤාතිකථාසදිසොව විනිච්ඡයො.
කුමභට්ඨාන කථා කල තබන තැන දිය කොට හෝ කල දාසීන් පිළිබද කරන කථාය. ඇයද ප්‍රසාද එලවයි. නැටීමට, ගැයීමට දක්ෂය” ආදී වශයෙන් ආශ්වාදමය කථාව නුසුදුසු ය. “ශ්‍රද්ධාවන්තය. පැහැදුනු අයයි” ආදී වශයෙන් කථා කිරීම සුදුසු ය. පූබ්බපෙත කථා මිය ගිය ඤාතීන් පිළිබඳ කථාවයි. එය වර්තමාන ඤාතීන් පිළිබඳව ඉහත දැක්වූ ඤාති කථා විනිශ්චයටම සමානය.
නානත්තකථාති පුරිමපච්ඡිමකථාහි විමුත්තා අවසෙසා නානාසභාවා නිරත්ථකකථා. ලොකක්ඛායිකාති “අයං ලොකො කෙන නිම්මිතො? අසුකෙන නාම නිම්මිතො. කාකො සෙතො අට්ඨීනං සෙතත්තා, බලාකා රත්තා ලොහිතස්ස රත්තත්තා”ති එවමාදිකා ලොකායතවිතණ්ඩසල්ලාපකථා.
නානත්ත කථා පෙර පසු කථාවලින් මිදුණු ඉතිරි නානා ස්වභාව ඇති නිරර්ථක කථාවයි. ලොකක්ඛායිකා “මේ ලෝකය මැවූවේ කවුද? අසුවලා විසින් මවන ලදී. ඇට සුදු බැවින් කපුටා සුදු පාටය. ලේ රතු බැවින් කොකා රතුපාටය. මේ ආදී ලෝකායත විතණ්ඩ සල්ලාප කථාවයි.
සමුද්දක්ඛායිකා නාම කස්මා සමුද්දො සාගරො? සාගරදෙවෙන ඛතත්තා සාගරො, “ඛතො මෙ”ති හත්ථමුද්දාය සයං නිවෙදිතත්තා සමුද්දොති එවමාදිකා නිරත්ථකා සමුද්දක්ඛානකථා. භවොති වුද්ධි. අභවොති හානි. ඉති භවො ඉති අභවොති යං වා තං වා නිරත්ථකකාරණං වත්වා පවත්තිතකථා ඉතිභවාභවකථා.
සමුද්දක්ඛායිකා නම්, කුමක් නිසා සමුද්‍රයට “සාගර”යන නම වී ද? සාගර දෙවියා විසින් කණින ලද බැවින් සාගර නම් වේ. මා විසින් කණින ලදී යයි හස්ත මුද්‍රාවෙන් තමා දැන්වූ හෙයින් සමුද්‍ර නම් විය. මෙසේ සාගරය පිළිබඳව පවත්වන නිරර්ථක කථාවයි. භාවො යනු වෘද්ධියයි. අභවො යනු හානියයි. මෙසේ වෘද්ධිය වේ, හානිය වේ, යනුවෙන් ඒ ඒ දේ පිළිබඳව පැවැත්වූ නිරර්ථක කරුණු පිළිබඳ කථාව ඉතිභවාභව නම් වේ.
ආවරෙය්යාති ආවරණං කරෙය්ය. නිවාරෙය්යාති ආරම්මණතො වාරෙය්ය. සංවරෙය්යාති සම්මා නිස්සෙසං කත්වා වාරෙය්ය. රක්ඛෙය්යාති රක්ඛං කරෙය්ය. ගොපෙය්යාති සංගොපෙය්ය. පිදහෙය්යාති පිදහනං කරෙය්ය. පච්ඡින්දෙය්යාති සොතං ඡින්දෙය්ය.
ආවරෙය්ය ආවරණය කරන්නේය. නිවාරෙය්ය අරමුණින් වලකන්නේය. සංවරෙය්ය මනාව, ඉතිරි නොකර වළකන්නේය. රක්ඛෙය්ය රක්ෂා කරන්නේ ය. ගොපෙය්ය මනාව ලෝපනය කරන්නේ ය. පිදහෙය්ය වසන්නේ ය. පච්ඡින්දෙය්ය ශ්‍රෝතස සිඳින්නේය.
තෙන තෙන න තුස්සන්තීති තෙන තෙන අම්බිලාදිනා රසෙන න සන්තොසං ආපජ්ජන්ති. අපරාපරං පරියෙසන්තීති උපරූපරි ගවෙසන්ති.
තෙන තෙන න තුස්සන්ති, ඒ ඒ ඇඹුල් ආදී රසවලින් සන්තෝෂයට නො පැමිණෙති. අපරාපරං පරියෙසන්ති තව තවත් සොයමින් ඇවිදිති.
ඵස්සෙනාති රොගඵස්සෙන. භවඤ්ච නාභිජප්පෙය්යාති තස්ස ඵස්සස්ස විනොදනත්ථාය කාමභවාදිභවඤ්ච න පත්ථෙය්ය. භෙරවෙසු ච න සම්පවෙධෙය්යාති තස්ස ඵස්සස්ස පච්චයභූතෙසු සීහබ්යග්ඝාදීසු භෙරවෙසු ච න සම්පවෙධෙය්ය, අවසෙසෙසු වා ඝානින්ද්රියමනින්ද්රියවිසයෙසු න සම්පවෙධෙය්ය. එවං පරිපූරො ඉන්ද්රියසංවරො ච වුත්තො හොති. පුරිමෙහි වා ඉන්ද්රියසංවරං දස්සෙත්වා ඉමිනා “අරඤ්ඤෙ වසතා භෙරවං දිස්වා වා සුත්වා වා නප්පවෙධිතබ්බ”න්ති දස්සෙති.
ඵස්සෙන රෝග ස්පර්ශයෙන්. භාවඤ්ච නාභිජප්පෙය්ය ඒ ස්පර්ශයේ දුරු කිරිම පිණිස කාමභවාදී භවයන්ද නොපතන්නේය. භෙරවෙසු ච න සම්පවෙධෙය්ය ඒ ස්පර්ශයට ප්‍රත්‍ය වූ සීහව්යාඝ්රා දී බියජනක සත්ත්වයන් පිළිබඳව කම්පා නොවන්නේ ය. සෙසු ඝාණෙන්ද්රිය, මනින්‍ද්‍රිය පිළිබඳ විෂයන්හි ද කම්පා නොවන්නේය. මෙසේ පරිපූර්ණව ඉන්ද්රිය සංවරය පිළිබඳව කියන ලදී. මුල් ගාථාවෙන් ඉන්ද්රිය සංවරය දක්වා මේ ගාථාවෙන් අරණ්‍යයෙහි වසන්නට බියජනක දේ දැක හෝ අසා හෝ කම්පා නොවිය යුතු බව දක්වයි.
එකෙනාකාරෙනාති එකෙන කාරණෙන. භයම්පි භෙරවම්පි තඤ්ඤෙවාති භයන්ති ච භෙරවන්ති ච ඛුද්දකම්පි මහන්තම්පි උත්තාසනිමිත්තමෙව. තමෙවත්ථං දස්සෙතුං “වුත්තං හෙත”න්තිආදිමාහ. භයන්ති තප්පච්චයා උප්පන්නභයං. භයානකන්ති ආකාරනිද්දෙසො. ඡම්භිතත්තන්ති භයවසෙන ගත්තචලනං. ලොමහංසොති ලොමානං හංසනං උද්ධග්ගභාවො. ඉමිනා පදද්වයෙන කිච්චතො භයං දස්සෙත්වා පුන “චෙතසො උබ්බෙගො උත්රාසො”ති සභාවතො දස්සෙති. උබ්බෙග්ගොති භීරුකො, උත්රාසොති චිත්තක්ඛොභො. ජාතිභයන්ති ජාතිං පටිච්ච උප්පන්නභයං. සෙසෙසුපි එසෙව නයො. රාජතො උප්පන්නභයං රාජභයං. සෙසෙසුපි එසෙව නයො. අත්තානුවාදභයන්ති පාපකම්මිනො අත්තානං අනුවදන්තස්ස උප්පජ්ජනකභයං. පරානුවාදභයන්ති පරස්ස අනුවාදතො උප්පජ්ජනකභයං.
එකෙනා කාරෙන එක් අයුරකින් භයංපි භෙරවාංපි තඤ්ඤෙ ව භයත් භෛරවයත් යන දෙක කුඩා වූවත් ඉතා මහත් වූ උත්‍රාස නිමිත්තමය. එම අර්ථය දැක්වීමට ම “වුත්තං හෙතං” යි කියන ලදී. භයං බියජනක ප්‍රත්‍යයෙන් උපන් බිය. භයානාකං ආකාරය දැක්වීම යි. ජම්භිතත්තං භයවීම වශයෙන් ගත (ශරීරය) සෙලවී යාමයි. ලොමහංසො ලොමුඩැහැ ගැනීම, රෝම කෙළින් වීමයි. මේ පද දෙකින් කෘත්‍ය වශයෙන් භය දක්වා, නැවත සිතේ උද්වේගය, උත්‍රාසය යැයි ස්වභාවය දක්වයි. උබ්බෙගො යනු වහා උද්වේගයට පත්වීමයි. ජාති භයං යනු ජාති නිසා උපදින භයයි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයයි. රජුගෙන් උපදින භය රාජභයං නම් වේ. සෙසු පදයන් හි ද මෙසේ අර්ථ ගතයුතුයි. අත්තානුවාදභයං පව්කම් කරන්නාට තමාට තමාම බණින්නේ යැයි උපදින බිය පරානුවාද භයං අනුන්ගේ උපවාදයෙන් උපදින බිය.
දණ්ඩභයන්ති ආගාරිකස්ස රඤ්ඤා පවත්තිතදණ්ඩං, අනාගාරිකස්ස විනයදණ්ඩං පටිච්ච උප්පජ්ජනකභයං. දුග්ගතිභයන්ති චත්තාරො අපායෙ පටිච්ච උප්පජ්ජනකභයං. ඌමිභයන්ති මහාසමුද්දෙ උදකං ඔරොහන්තස්ස පවත්තභයං. මහාසමුද්දෙ කිර මහින්දවීචි නාම සට්ඨි යොජනානි උග්ගච්ඡති, තරඞ්ගවීචි නාම පණ්ණාස යොජනානි, රොහණවීචි නාම චත්තාලීස යොජනානි උග්ගච්ඡති. එවරූපා ඌමියො පටිච්ච පවත්තං ඌමිභයං . කුම්භීලතො පවත්තං භයං කුම්භීලභයං. උදකාවට්ටතො භයං ආවට්ටභයං. සුසුකා වුච්චති චණ්ඩමච්ඡො, තතො භයං සුසුකාභයං. ආජීවිකභයන්ති ජීවිතවුත්තිතො භයං ආජීවිකභයං. අසිලොකභයන්ති ගරහතො භයං.
දණ්ඩභයං ගිහිගේ වූවන්ට රජයෙන් පවත්වන දඬුවම් ද පැවිදි වූවන්ට විනය නීති අනුව පවත්වන දඬුවම් ද නිසා උපන් බිය. දුග්ගති භයං සතර අපාය නිසා උපදින බිය. ඌමිභයං මහ මුහුදේ දියට බසින්නාට වන බිය. මහ මුහුදේ වනාහි “මහින්ද වීචිය” නම් සැට යොදුනක් උඩට නගින්නකි. පනස් යොදුනක් උඩට නගිනුයේ. “ගංගා වීචි” යයි. රොහණවීචි නම් රළ සතලිස් යොදුනක් උඩට නඟයි. මෙවැනි මහා රළ පිළිබඳව බිය ඌමිභය නම් වේ. මත්ස්‍ය සමූහයාගෙන් වන බිය කුම්හීල භයං නම් වේ. දියසුළි ආදියෙන් පවතින බිය ආවට්ට භයං නම් වේ. සුසුකා යනු චණ්ඩ මත්ස්‍යයන්ය. ඔවුන්ගෙන් ඇතිවන බිය සුසුකාභයං ආජීවිකභයං යනු ජීවිත පැවතුම් හේතුවෙන් උපදින භයයි. අසිලොකභයං යනු ගර්හාවෙන් උපදින බියයි.
ලද්ධා න සන්නිධිං කයිරාති එතෙසං අන්නාදීනං යංකිඤ්චි ධම්මෙන ලභිත්වා “අරඤ්ඤෙ ච සෙනාසනෙ වසතා දුල්ලභ”න්ති චින්තෙත්වා සන්නිධිං න කරෙය්ය.
ලද්ධා න සන්නිධිං කයිරා මේ ආහාරපානාදියෙන් යම්කිසිවෙක් දැහැමිව ලැබ ආරණ්‍යයෙහි ද සෙනසුනෙහි ද වසන්නට දුර්ලභ යැයි සිතා රැස් කිරීම නො කරන්නේය.
ඔදනොති සාලි වීහි යවො ගොධුමො කඞ්ගු වරකො කුද්රූසකොති සත්තන්නං ධඤ්ඤානං ධඤ්ඤානුලොමානඤ්ච තණ්ඩුලෙහි නිබ්බත්තො. කුම්මාසොති යවෙහි නිබ්බත්තො. සත්තූති සාලිආදීහි කතසත්තු. මච්ඡො දකසම්භවො. මංසං පාකටමෙව. අම්බපානන්ති ආමෙහි වා පක්කෙහි වා අම්බෙහි කතපානං. තත්ථ ආමෙහි කරොන්තෙන අම්බතරුණානි භින්දිත්වා උදකෙ පක්ඛිපිත්වා ආතපෙ ආදිච්චපාකෙන පචිත්වා පරිස්සාවෙත්වා තදහු පටිග්ගහිතෙහි මධුසක්කරකප්පූරාදීහි යොජෙත්වා කාතබ්බං. ජම්බුපානන්ති ජම්බුඵලෙහි කතපානං. චොචපානන්ති අට්ඨිකෙහි කදලිඵලෙහි කතපානං. මොචපානන්ති අනට්ඨිකෙහි කදලිඵලෙහි කතපානං. මධුකපානන්ති මධුකානං ජාතිරසෙන කතපානං. තං පන උදකසම්භින්නං වට්ටති, සුද්ධං න වට්ටති. මුද්දිකපානන්ති මුද්දිකා උදකෙ මද්දිත්වා අම්බපානං විය කතපානං. සාලූකපානන්ති රත්තුප්පලනීලුප්පලාදීනං සාලූකෙ මද්දිත්වා කතපානං. ඵාරුසකපානන්ති ඵාරුසකෙහි අම්බපානං විය කතපානං. කොසම්බපානන්ති කොසම්බඵලෙහි කතපානං. කොලපානන්ති කොලඵලෙහි කතපානං. බදරපානන්ති මහාකොලඵලෙහි අම්බපානං විය කතපානං. ඉමානි එකාදස පානානි, තානිපි ආදිච්චපාකානි වට්ටන්ති.
ඔදනො හැල්, වී, යව, තිරිගු, තණහාල්, වරක, කුද්‍රෑසක යන ධාන්‍ය වර්ග හතද ධාන්‍ය සඳහා සුදුසු වෙනත් දෙයෙහි සහලින් උපන් බත කුම්මාසො යව ධාන්‍යයෙන් උපන් යව කොමු. සත්තු සහල් ආදියෙන් කළ අත්සුණු. මච්ඡො දියේ හටගත්, මාළු මංසං අර්ථ ප්‍රකටමය. අම්බපානං අමු හෝ ඉදුණු අඹවලින් සෑදු පානය ජම්බුපානං දඹ ඵලයෙන් සෑදු පානය චොචපානං ඇට කෙසෙල් ගෙඩියෙන් සෑදු පානය. මොචපානය ඇට නැති මස්, කෙසෙල් ගෙඩි වලින් සැදු පානය මධුපානං මිදි රසයෙන් කළ පානය. මිදිරසය ජලය හා මිශ්‍ර කළේ සුදුසුය. පිරිසිදු මිදි රසය පමණක් නුසුදුසුය. මුද්දිකං පානං යනු මිදි දියෙන් කවලම් කර මිරිකා අඹ පානයක් මෙන් සාදාගත් බීමයි. සාලුක පානං රතු උපුල්, නිල් උපුල් ආදියේ ඇට ගෙන මිරිකා සෑදු පානය. එරුසක පානං බොරලු දමන හෝ උගුරැස්ස ගෙඩි මිරිකා අඹ පානය සෑදු පානය. කොසම්බ පානං කෝසම්බ ඵලයෙන් සෑදු පානය. කෙල පානං කෝල (ඩෙබර) ඵලවලින් සෑදු පානය. බදර පානං මහා දෙබර ගෙඩි වලින් අඹ පානය මෙන් සෑදු පානය. මේ එකොළොස් පානයන් සීතල කර හෝ අව්වේ පැසවා හෝ පානය කිරීම සුදුසුයි.
ඝතපානන්ති සප්පිපානං. තෙලපානන්ති තිලතෙලාදීනං පානං. පයොපානන්ති ඛීරපානං. යාගුපානන්ති සීතලාදියාගුපානං. රසපානන්ති සාකාදිරසපානං. පිට්ඨඛජ්ජකන්ති සත්තන්නං තාව ධඤ්ඤානං ධඤ්ඤානුලොමානං අපරණ්ණානඤ්ච පිට්ඨං පනසපිට්ඨං ලබුජපිට්ඨං අම්බාටකපිට්ඨං සාලපිට්ඨං ඛීරවල්ලිපිට්ඨඤ්චාති එවමාදීනං පිට්ඨෙහි කතං පිට්ඨඛජ්ජකං. පූවඛජ්ජකම්පි එතෙහියෙව කතං. මූලඛජ්ජකන්ති මූලකමූලං ඛාරකමූලං චුච්චුමූලන්ති එවමාදි. තචඛජ්ජකන්ති උච්ඡුතචාදයො. පත්තඛජ්ජකන්ති නිම්බපණ්ණකුටජපණ්ණපටොලපණ්ණසුලසපණ්ණාදයො. පුප්ඵඛජ්ජකන්ති මූලකපුප්ඵඛාරකපුප්ඵසෙතවරණසිග්ගුඋප්පලපදුමකාදයො. ඵලඛජ්ජකන්ති පනසලබුජතාලනාළිකෙරඅම්බාටකතින්තිණිකමාතුලුඞ්ගකපිට්ඨඵලඅලාබුකුම්භණ්ඩඵුස්ස- ඵලතිම්බරූසකතිලවාතිඞ්ගණචොචමොචමධුකාදීනං ඵලානං ඛජ්ජකං.
ඝත පානං ගිතෙල් පානය තෙල පානං තල තෙල් ආදී පාන පයොපානං කිරි පානය යාගු පානං සීතලාදී කැඳ පානය. රස පානං ශාකාදි රස පානය. පීඨඛජ්ජකං ඉහත දැක්වූ ධාන්‍ය වර්ග ධාන්‍ය හා සමවූ අපරන්ත හෙවත් උඳු මුං ආදියෙන් කළ පිටි වලින්, පනස (කොස්) පිටි, ලබුජ(දෙල්) පිටි, අම්බාටක (ඇඹරල්ලා) පිටි, චීරවල්ලිය (කිරිවැල්) පිටි, මේ ආදී පිටිවලින් සෑදු පිටි කැවිලි. පුවඛජ්ජකම්පි ඉහත කී පිටි වලින් ම තැනු පුව ඛාදය. මූලඛජ්ජකං මුලක මුල් ඛාරක මුල්, චුච්චු (මුල් පලා) මුල්, ආදී මුල්වලින් කළ ආහාර තච ඛජ්ජකං උක් ආදී පොතුවලින් කළ. පත්තඛජ්ජකං නාබ්බ කොළ, කුටජ (කෙලිද) කොළ, පටොල (පතෝල) කොළ, සුලස කොළ, ආදියෙන් සෑදු ආහාරය. පුප්ඵ ඛජ්ජකං මුලක මල්, ඛරක මල්, සුදු වර්ණ, සිග්ගු, උපුල්, පියුම්, ආදී මලින් කළ ආහාර. ඵලඛජ්ජකං යනු පනස(කොස්), ලබුජ(දෙල්), නාලිකේර(පොල්), අම්බටක(ඇඹරුල්ල), තින්තිනික(සියඹලා), මාතුලුංග(නාරං), කපිට්ඨ, එල(දිවුල්), අලාබු (දියලබු), කුම්භණ්ඩ පුස්ස(කොමඩු) ඵල, තිම්බරූසක (තිඹිරි), තිල(තල්), ඵතිංගලන, ඛෙච(ඇටි කෙසෙල්), මොච(කෙසෙල්), මධුකා(මී) දී ගෙඩිවලින් සෑදු ආහාරය.
න කුහනායාති න විම්හාපනාය. න ලපනායාති පච්චයත්ථං න ලපනාය. විහාරං ආගතෙ මනුස්සෙ දිස්වා “කිමත්ථාය භොන්තො ආගතා”ති භික්ඛූ නිමන්තෙතුන්ති. “යදි එවං ගච්ඡථ, අහං පච්ඡතො ගහෙත්වා ආගච්ඡාමී”ති එවං න ලපනාය. අථ වා අත්තානං උපනෙත්වා “අහං තිස්සො, මයි රාජා පසන්නො, මයි අසුකො රාජා අසුකො ච රාජමහාමත්තො පසන්නො”ති එවං න ලපනාය. න නෙමිත්තිකතායාති යෙන කෙනචි පරෙසං පච්චයදානසඤ්ඤාජනකෙන කායවචීකම්මෙන න නෙමිත්තිකතාය. න නිප්පෙසිකතායාති යා පරෙසං අක්කොසනාදිකිරියා යස්මා වෙළුපෙසිකා විය අබ්භඞ්ගං පරස්ස ගුණං නිප්පෙසෙති නිපුඤ්ඡති, යස්මා වා ගන්ධජාතං නිපිසිත්වා ගන්ධමග්ගනා විය පරගුණෙ නිපිසිත්වා විචුණ්ණෙත්වා එසා ලාභමග්ගනා හොති, තස්මා “නිප්පෙසිකතා”ති වුච්චති. න එවරූපාය නිප්පෙසිකතාය. න ලාභෙන ලාභං නිජිගීසනතායාති එත්ථ නිජිගීසනතාති මග්ගනා, අඤ්ඤතො ලද්ධඤ්හි අඤ්ඤත්ථ හරණවසෙන ලාභෙන ලාභමග්ගනා නාම හොති. න එවරූපාය ලාභෙන ලාභමග්ගනාය.
න කුහනාය විශ්මයට පත් කරවීමෙන් නොව. න ලපනාය සිවුපස ලාභය සදහා චාටු බස් නොකීමෙන් විහාරයට පිවිසි මිනිසුන් දැක “පින්වතුනි, කුමක් පිණිස පැමිණියේද? කිම භික්ෂූන්ට ආරාධනාවකට ද? ඉදින් එසේ නම් දැන් යන්න. මම පසුව එමි” ආදී වශයෙන් චාටු බස් නොකීමෙන්. නැතහොත් තමා දක්වමින් “මම තිස්සය. මා කෙරෙහි රජු පැහැදුණේ ය මා කෙරෙහි අසුවල් අසුවල් රාජමහාමාත්‍යවරු ප්‍රසන්නයහ.” මෙසේ චාටු බස් නොකීමෙන් න නෙමින්ති කතාය යම්කිසිවෙකුට අනුන්ට ප්‍රත්‍ය දාන සංඥා උපදවන යම්කිසි කාය වාග් කර්මයෙන් නිමිති කථා නොකර. න නිප්පෙසිකතාය යම් ඒ අනුන්ගේ අක්‍රෝශ පරිභව ආදී ක්‍රියාවකින්, උණ පෙතිවලින් එළිමහන වසන මෙන් අනුන්ගේ ගුණ වැසීම, වැලැක්වීම නොකරයි. සුවඳ ද්‍රව්‍ය සුණුකර සුවඳ සොයන්නාක් මෙන්, අනුන්ගේ ගුණ කුඩුකර, සුණුකර එමගින් ලාභ සෙවීම කරයි. එය නිප්පෙසිකා නම් වේ. මෙබදු නිප්පේසිකතාවයෙන් යුතු නොවේ. න ලාභෙන ලාභං නිජිගිංසනතාය මෙහි නජිගිංසනා යනු සෙවීමයි. අනිකකුට ලැබුණු දෙය අන් තැනකට ගෙන යෑම් වශයෙන් ලාභයෙන් ලාභ සෙවීම නම් වේ. මෙබඳු ලාභයෙන් ලාභ සෙවීමෙන් දුරුව.
න දාරුදානෙනාති න පච්චයහෙතුකෙන දාරුදානෙන විහාරෙ උට්ඨිතඤ්හි අරඤ්ඤතො වා ආහරිත්වා රක්ඛිතගොපිතදාරුං “එවං මෙ පච්චයං දස්සන්තී”ති උපට්ඨාකානං දාතුං න වට්ටති. එවඤ්හි ජීවිකං කප්පෙන්තො අනෙසනාය මිච්ඡාජීවෙන ජීවති, සො දිට්ඨෙව ධම්මෙ ගරහං පාපුණාති, සම්පරායෙ ච අපායපරිපූරකො හොති. අත්තනො පුග්ගලිකං දාරුං කුසලඞ්ගහත්ථාය දදන්තො කුලදූසකදුක්කටං ආපජ්ජති, පරපුග්ගලිකං ථෙය්යචිත්තෙන දදන්තො භණ්ඩග්ඝෙන කාරෙතබ්බො. සඞ්ඝිකෙපි එසෙව නයො. සචෙ පන තං ඉස්සරතාය දෙති, ගරුභණ්ඩවිස්සජ්ජනං ආපජ්ජති. කතරං පන දාරු ගරුභණ්ඩං හොති, කතරං න හොතීති? යං තාව අරොපිමං සයංජාතං, තං සඞ්ඝෙන පරිච්ඡින්නට්ඨානෙයෙව ගරුභණ්ඩං, තතො පරං න ගරුභණ්ඩං. රොපිමට්ඨානෙ ච සබ්බෙන සබ්බං ගරුභණ්ඩං, පමාණතො සූචිදණ්ඩකප්පමාණං ගරුභණ්ඩං.
න දාරදානෙ න සිවුපස ලැබීම පිණිස දැව ආදිය නොදීමෙන් විහාරයේ වැටුණු හෝ අනුන් විසින් ගෙනවුත් රක්ෂා කළ, ගෝපනය කළ, දැව ආදිය “මෙසේ මට ප්‍රත්‍ය දෙන්නේය”යි උපස්ථායකයන්ට දීමට නො සුදුසුය. මෙසේ ජීවිකාව ගෙන යෑම සාවද්‍ය වූ මිථ්‍යාජීවයෙන් ජීවත් වීම නම් වේ. මෙබඳු කටයුතු කරණ පැවිද්දා මෙලොවදී ගැරහුමට පැමිණෙයි. පරලොවදී ද අපාය පුරවන්නේ වේ. තමාගේ පුද්ගලික දැව කුල සංග්‍රහ පිණිස දෙන්නේ නම් කුලදුසක දුක්කටාපත්තියට පැමිණේ. අනුන් අයත් දර ආදියක් සොර සිතින් දෙන්නේ නම් භාණ්ඩයේ අගය අනුව පාරාජිකාවෙන් චෝදනා කළ යුතුයි. සාංඝික දෙයෙහි ද මේ ක්‍රමයමයි. ඉදින් එය ප්‍රධාන බව පිණිස දේ නම් ගරු භාණ්ඩ විස්සර්ජනාපත්තියට පැමිණෙයි. කවර දැවයක් ගරුභාණ්ඩ වේ ද? කවර දැවයක් ගරු භාණ්ඩයක් නොවේද? සංඝයා විසින් සීමා වෙන්කර තැබූ අරමෙහි යමක් රෝපණය නොකර ස්වභාවයෙන් ම හටගනියි නම් ඒ ගරුභාණ්ඩ නම් වේ. ඉන් බැහැර වු දෙය ගරු භාණ්ඩ නොවේ. රෝපණය කළ යුතු තැන සියලු දෙය ගරු භාණ්ඩ වේ. ප්‍රමාණ වශයෙන් ඉඳිකටු දඬුවක ප්‍රමාණය ද ගරු භාණ්ඩයකි.
න වෙළුදානෙනාතිආදීසුපි න වෙළුදානෙනාති න පච්චයහෙතුකෙන වෙළුදානෙනාතිආදි සබ්බං න දාරුදානෙනාති එත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බං. වෙළු පන පමාණතො තෙලනාළිප්පමාණො ගරුභණ්ඩං, න තතො හෙට්ඨා. මනුස්සා විහාරං ගන්ත්වා වෙළුං යාචන්ති, භික්ඛූ “සඞ්ඝිකො”ති දාතුං න විසහන්ති, මනුස්සා පුනප්පුනං යාචන්ති වා තජ්ජෙන්ති වා, තදා භික්ඛූහි “දණ්ඩකම්මං කත්වා ගණ්හථා”ති වත්තුං වට්ටති, වෙළුදානං නාම න හොති. සචෙ තෙ දණ්ඩකම්මත්ථාය වාසිඵරසුආදීනි වා ඛාදනීයං වා භොජනීයං වා දෙන්ති, ගහෙතුං න වට්ටති.
න වෙළුදානෙන ආදියෙහි ද න වෙළු දානෙන යනු ප්‍රත්‍ය ලැබීමට උණගස් දීම නොකර. ඉහත දැව පිළිබඳව පැවසූ ක්‍රමයෙන් මේ සියලු පදයන්හි අර්ථ දතයුතුය. උණගස්වල වනාහි තෙල් නැලියක් ප්‍රමාණය ගරු භාණ්ඩයකි. ඊට වඩා කුඩා දෙය ගරු භාණ්ඩ නොවේ. මිනිසුන් විහාරයට ගොස් උණගස් ඉල්ලති. භික්ෂූහු සාංඝික දේ දීමට කැමති නොවෙති. මිනිසුන් නැවත නැවත ඉල්ලති. තර්ජනය කරති. එවිට භික්ෂුන් විසින් දඩ ගැසීමක් කර, “ගනිවු”යැයි කිව යුතුය. “වේළුදාන” වරදට එවිට හසුනොවේ. ඉදින් ඒ ගැසූ දඩයට වෑ පොරෝ ආදියක් හෝ ඛාද්‍ය භෝද්යාදියක් දෙන්නේ නම් ඒවා ගැනීම නුසුදුසුයි.
විනයට්ඨකථායං පන “දඩ්ඪගෙහා මනුස්සා ගණ්හිත්වා ගච්ඡන්තා න වාරෙතබ්බා”ති වුත්තං. සචෙ සඞ්ඝස්ස වෙළුගුම්බෙ වෙළුදූසිකා උප්පජ්ජති, තං අකොට්ටාපෙන්තානං වෙළු නස්සති. “කිං කාතබ්බ”න්ති භික්ඛාචාරෙ මනුස්සානං ආචික්ඛිතබ්බං. සචෙ කොට්ටෙතුං න ඉච්ඡන්ති, “සමං භාගං ලභිස්සථා”ති වත්තබ්බා. න ඉච්ඡන්තියෙව, “ද්වෙ කොට්ඨාසෙ ලභිස්සථා”ති වත්තබ්බා. එවම්පි අනිච්ඡන්තෙසු නට්ඨෙන අත්ථො නත්ථි, “තුම්හාකං ඛණෙ සති දණ්ඩකම්මං කරිස්සථ, කොට්ටෙත්වා ගණ්හථා”ති වත්තබ්බා, වෙළුදානං නාම න හොති. වෙළුගුම්බෙ අග්ගිම්හි උට්ඨිතෙපි උදකෙන වුය්හමානවෙළූසුපි එසෙව නයො.
විනයට්ඨ කථාවේ වනාහි “දාගිය උණ ආදිය මිනිස්සු ගෙන යානම් නො වැළැක්විය යුතුය” යි කියන ලදී. ඉදින් සංඝයාට අයත් උණ ලැහැබක එය විනාශ කරණ රෝගයක් ඇති වේ. එවිට ගොදුරුගමෙහි මිනිසුන්ට “උණ ලැහැබට රෝගයක් වැළදුණි” එය ඉවත් නොකළොත් උණපඳුර වැනසේ. කුමක් කළ යුතුද?” කිවයුතුයි. ඉදින් කොටා දැමීමට අකමැති නම් සම භාගය ලැබේ යැයි කිවයුතුයි. එසේත් නො කැමති නම් තුනින් දෙකොටසක් ලැබේ යැයි කිවයුතුයි. එසේත් අකමැතිනම් “නැසුණු උණපඳුරින් කාටවත් වැඩක් නැත. ඉදින් නුඹලා කැමති නම් කිසිවක් දී මුළු උණපඳුරම ගන්න” යි කිවයුතුයි. මෙය වේළුදාන නම් නොවේ. ඉදින් උණ ලැහැබෙහි ගිනි ඇවිලුනොත් දිය ඉස ගැනීමේ දී ද මේ ක්‍රමය යෙදිය යුතුයි.
පත්තදානෙ ගරුභණ්ඩතාය අයං විනිච්ඡයො – පත්තම්පි හි යත්ථ වික්කායති, ගන්ධකාරාදයො ගන්ධපලිවෙඨනාදීනං අත්ථාය ගණ්හන්ති, තාදිසෙ දුල්ලභට්ඨානෙයෙව ගරුභණ්ඩං හොති. එස තාව කිංසුකපත්තකණ්ණපිළන්ධනතාලපත්තාදීසු විනිච්ඡයො. තාලපණ්ණම්පි ඉමස්මිංයෙව ඨානෙ කථෙතබ්බං – තාලපණ්ණම්පි හි සයංජාතෙ තාලවනෙ සඞ්ඝෙන පරිච්ඡින්නට්ඨානෙයෙව ගරුභණ්ඩං, න තතො පරං, රොපිමතාලෙසු සබ්බම්පි ගරුභණ්ඩං, තස්ස පමාණං හෙට්ඨිමකොටියා අට්ඨඞ්ගුලප්පමාණොපි රිත්තපොත්ථකො. තිණම්පි එත්ථෙව පක්ඛිපිත්වා කථෙතබ්බං. යත්ථ පන තිණං නත්ථි, තත්ථ තාලනාළිකෙරපණ්ණාදීහිපි ඡාදෙන්ති. තස්මා තානිපි තිණෙනෙව සඞ්ගහිතානි. ඉති මුඤ්ජපලාලාදීසු යංකිඤ්චි මුට්ඨිප්පමාණං තිණං. නාළිකෙරපණ්ණාදීසු ච එකපණ්ණම්පි සඞ්ඝස්ස දින්නං වා තත්ථ ජාතං වා බහිආරාමෙ සඞ්ඝස්ස තිණවත්ථුම්හි ජාතතිණං වා රක්ඛිතගොපිතං වා ගරුභණ්ඩං හොති. තං පන සඞ්ඝකම්මෙ ච චෙතියකම්මෙ ච කතෙ අතිරෙකං පුග්ගලිකකම්මෙ දාතුං වට්ටති. හෙට්ඨා වුත්තදාරුවෙළූසුපි එසෙව නයො.
පත්තදානෙන පාත්‍රය ගරුභාණ්ඩයක් බැවින් මේ එහි විනිශ්චයයි. විකුණන පාත්‍රය ද සුවඳ ද්‍රව්‍ය වෙළෙන්දෝ සුවඳ ද්‍රව්‍ය දැමීම පිණිස මිළට ගනිති. එබඳු දුර්ලභ අවස්ථාවක දීම පාත්‍රය ගරුභාණ්ඩයක් වේ. මේ දැක්වූයේ කිංසුක පාත්‍ර, පිලන්‍ධන තාල ප්රාදියෙහි විනිශ්චයයි. තල් කොළ පිළිබඳව ද මේ අවස්ථාවෙහි ම කිවයුතුයි. තල් කොළ ද හටගත් කල්හි තල් වනය සංඝයාට වෙන් කර පූජා කළ ස්ථානයේ සිට ම ගරු භාණ්ඩයකි. ඉන් එහා තල් කොළ ගරු භාණ්ඩ නොවේ. සාංඝික ඉඩමක වගාකළ (රෝපිත) තල්ගස්වල සියල්ලම ගරු භාණ්ඩ වේ. එහි ප්‍රමාණයට ම කෙළවරේ සිට අඟල් අටක් ප්‍රමාණ වූ ද හිස් පොත්තේ සිට ගතයුතුයි. තණ ද මේ විස්තරයෙහිම බහා කිවයුතුය. යම් තැනක තණ නැති එහි දී තලනාලි (තලකොළ), කේර කොළ (පොල් කොළ) ආදියෙන් ද වසති. එනිසා එම කොළ ද තණ වලටම ඇතුලත් කරන ලදී. මෙසේ මුඤ්ජ පළාලාදියෙහි ද මිටියක් පමණ තණ ද පොල් අතු ආදියෙහි එක් අත්තක් වූවද සංඝයාට දෙන ලදුව හෝ සඟ සතු ඉඩමක උපන්නේ හෝ ආරාමයෙන් පිටත සංඝයාගේ තෘණ වස්තුවෙහි උපන් තණ හෝ රක්ෂා කළ, ගෝපනය කළ, තණ හෝ ගරු භාණ්ඩ නම් වේ. ඒවා වනාහි සංඝ කර්මයෙහි දී ද චෛත්‍ය කර්මාන්තාදියෙහිද ප්‍රයෝජනයට ගෙන ඉතිරිය පුද්ගලික කර්මයන්හි ද දීම සුදුසුයි. ඉහතින් දැක්වූ දැව, උණ ආදියෙහිද මේ ක්‍රමයමය.
පුප්ඵදානෙ “එත්තකෙසු රුක්ඛෙසු පුප්ඵානි විස්සජ්ජිත්වා යාගුභත්තත්ථාය උපනෙන්තු, එත්තකෙසු සෙනාසනපටිසඞ්ඛරණෙ උපනෙන්තූ”ති එවං නියමිතට්ඨානෙයෙව පුප්ඵානි ගරුභණ්ඩානි හොන්ති. යදි සාමණෙරා පුප්ඵානි ඔචිනිත්‍වා රාසිං කරොන්ති, පඤ්චඞ්ගසමන්නාගතො පුප්ඵභාජකො භික්ඛු භික්ඛුසඞ්ඝං ගණෙත්වා කොට්ඨාසෙ කරොති. සො සම්පත්තපරිසාය සඞ්ඝං අනාපුච්ඡිත්වාව දාතුං ලභති. අසම්මතෙන පන ආපුච්ඡිත්වා දාතබ්බං. භික්ඛුනො පන කස්ස පුප්ඵානි දාතුං ලබ්භති, කස්ස න ලබ්භතීති? මාතාපිතූනං ගෙහං හරිත්වාපි ගෙහතො පක්කොසාපෙත්වාපි “වත්ථුපූජං කරොථා”ති දාතුං ලබ්භති, පිළන්ධනත්ථාය න ලබ්භති. සෙසඤාතීනං පන හරිත්වා න දාතබ්බං, පක්කොසාපෙත්වා පූජනත්ථාය දාතබ්බං. සෙසජනස්ස පූජනට්ඨානං සම්පත්තස්ස අපච්චාසීසන්තෙන දාතබ්බං, පුප්ඵදානං නාම න හොති.
පුප්ඵ දානෙන පුෂ්ප දානයේ දී “මෙපමණ ගස්වල මල් විකුණා කැඳ බත් පිණිස දිය යුතුය. මෙපමණ ගස්වල මල් විකුණා සෙනසුන් පිළිසකර කිරීම් සදහා දිය යුතු.” මෙසේ නියම කළ ස්ථානවල ම මල් ගරු භාණ්ඩ වේ. ඉදින් සාමණේරවරු මල් කඩා රැස් කරත්ද අංග පසකින් යුක්ත වූ මල්ද බෙදා දෙන සංඝසම්මත භික්ෂුව සංඝයා ගණන් කර මල් කොටස් කරයි. උන්වහන්සේ තමා වෙත පැමිණි පිරිසට සංඝයා නොවිමසා ම මල් දීම සුදුසු වෙති. සංඝ සම්මතය නොලැබූ භික්ෂුවක් නම් සංඝයාගෙන් විමසාම දිය යුතුවේ. භික්ෂූන්ට වනාහි කාහට මල් දීමට සුදුසු වේ ද? කාහට නම් නොදිය යුතු වේ ද? මාපියාදීන්ට ගෙදරට ගෙනගොස් හෝ ගෙදරින් කැඳවා හෝ වස්තු පූජා කරවයි. දීමට සුදුසුය. සැරසීම් පිණිස දීම නුසුදුසුය. සෙසු ඤාතීන්ට වනාහි ගෙන ගොස් නොදිය යුතුයි. කැඳවා පූජා කිරිම පිණිස දිය යුතුයි. සෙසු ජනයාට පූජා ස්ථානයට පැමිණි කල්හි, අපේක්ෂාවකින් තොරව දිය යුතුය. එය පුෂ්පදාන සංඛ්‍යාවට නොගැනේ.
විහාරෙ බහූනි පුප්ඵානි පුප්ඵන්ති, භික්ඛුනා පිණ්ඩාය චරන්තෙන මනුස්සෙ දිස්වා “විහාරෙ බහූනි පුප්ඵානි පූජෙථා”ති වත්තබ්බං, වචනමත්තෙ දොසො නත්ථි, “මනුස්සා ඛාදනීයභොජනීයං ආදාය ආගමිස්සන්තී”ති චිත්තෙන පන න වත්තබ්බං. සචෙ වදති, ඛාදනීයභොජනීයං න පරිභුඤ්ජිතබ්බං. මනුස්සා අත්තනො ධම්මතාය “විහාරෙ පුප්ඵානි අත්ථී”ති පුච්ඡිත්වා “අසුකදිවසෙ විහාරං ආගමිස්සාම, සාමණෙරානං පුප්ඵානි ඔචිනිතුං මා දෙථා”ති වදන්ති. භික්ඛු සාමණෙරානං කථෙතුං පමුට්ඨො, සාමණෙරෙහි පුප්ඵානි ඔචිතානි, මනුස්සා භික්ඛුං උපසඞ්කමිත්වා මයං තුම්හාකං අසුකදිවසෙ එවං ආරොචයිම්හ “සාමණෙරානං පුප්ඵානි ඔචිනිතුං මා දෙථා”ති, කස්මා න වාරයිත්ථාති? “සති මෙ පමුට්ඨා, පුප්ඵානි ඔචිනිතමත්තානෙව, න තාව පූජා කතා”ති වත්තබ්බං, “ගණ්හථ පූජෙථා”ති න වත්තබ්බං. සචෙ වදති, ආමිසං න පරිභුඤ්ජිතබ්බං. අපරො භික්ඛු සාමණෙරානං ආචික්ඛති “අසුකගාමවාසිනො ‘පුප්ඵානි මා ඔචිනිත්ථා’ති ආහංසූ”ති මනුස්සාපි ආමිසං ආහරිත්වා දානං දත්වා වදන්ති “අම්හාකං මනුස්සා න බහුකා, සාමණෙරෙ අම්හෙහි සහ පුප්ඵානි ඔචිනිතුං ආණාපෙථා”ති. “සාමණෙරෙහි භික්ඛා ලද්ධා. යෙ භික්ඛාචාරං න ගච්ඡන්ති, තෙ සයමෙව ජානිස්සන්ති උපාසකා”ති වත්තබ්බං. එත්තකං නයං ලභිත්වා සාමණෙරෙ පුත්තෙ වා භාතිකෙ වා කත්වා පුප්ඵානි ඔචිනාපෙතුං දොසො නත්ථි, පුප්ඵදානං නාම න හොති.
විහාරයේ බොහෝ මල් පිපෙත්ද භික්ෂූන් විසින් පිඬු පිණිස හැසිරෙන කල්හි මිනිසුන් දැක “විහාරයේ බොහෝ මල් ඇත. ඒවා ගෙන පූජා කරවු” කියයුතුය. වචන මාත්‍රයෙහි දෝෂයක් නැත “මිනිසුන් කැම බීම රැගෙන පැමිණෙත්වා”යි සිතින් නොකිව යුතුය. ඉදින් එසේ සිතා කීවේ නම් ගෙනෙන ලද කෑමබීම නොවැළඳිය යුතුය. මිනිසුන් තමන් සිතාම “විහාරයේ මල් ඇත්ද?” යි අසා “ඇතැයි” කී කල්හි, “අසුවල් දින විහාරයට එන්නෙමු. සාමණේරවරුන්ට මල් කැඩීමට නොපසන්න” යි කියති. භික්ෂුන්ට මේ බව සාමණේරවරුන්ට දැනුම් දීමට අමතක වේ. සාමණේරවරු මල් කඩා තබති. මිනිස්සු භික්ෂූන් වෙත අවුත්, අපි නුඹවහන්සේට “අසුවල් දින පන්සලේ සාමණේරවරුන්ට මල් කැඩීමට අවසර නොදෙන්න”යි කීවෙමු. කුමක් නිසා මල් කැඩීම නොවැළැක්වූවෙහිද? එවිට භික්ෂුව මෙසේ කිව යුතුය. “මගේ සිහිය මුළා විය. තවම මල් කැඩුවා පමණි. තවම පූජා කළේ නැත”යි කිව යුතුයි. “මේ කැදූ මල් ගෙන පූජා කරවු”යි නොකිව යුතුයි. ඉදින් එසේ කීවේ නම් මිනිස්සු ගෙන ආමිෂ පූජා පරිභෝග නොකළ යුතුයි. තවත් භික්ෂුවක් සාමණේරවරුන්ට කියයි. “අසුවල් ගම්වැසියෝ මල් නොකඩන්න යැයි පැවසූහ.” ගම්වැසියෝ ද ආමිෂ ද්‍රව්‍ය ගෙනවුත් දන් දී “අපගේ මිනිස්සු බහුල නොවෙති. අපත් සමඟ මල් නෙලීමට එන්න යැයි සාමණේරවරුන්ට අණ කරන්න”යි කියති. එවිට භික්ෂුව “උපාසකවරුනි, සාමණේරවරු පිඬු පිණිස යති. යමෙක් පිඬු පිණිස නොයන්නේ නම් ඔවුහු කළයුතු දේ තමන්ම දනිති”යි කිවයුතුයි. මෙපණකින් අවස්ථාව ලැබ සාමණේරයන් පුතුන් හෝ සොයුරන් මෙන් සිතා මල් කඩවා ගැනීමෙහි දෝෂයක් නැත. එසේ මල් කඩා දීම “පූෂ්පදානයක්” ද නොවේ.
ඵලදානෙ ඵලම්පි පුප්ඵං විය නියමිතමෙව ගරුභණ්ඩං හොති. විහාරෙ බහුකස්මිං ඵලාඵලෙ සති අඵාසුකමනුස්සා ආගන්ත්වා යාචන්ති, භික්ඛූ “සඞ්ඝික”න්ති දාතුං න උස්සහන්ති, මනුස්සා විප්පටිසාරිනො අක්කොසන්ති පරිභාසන්ති, තත්ථ කිං කාතබ්බන්ති? ඵලෙහි වා රුක්ඛෙහි වා පරිච්ඡින්දිත්වා කථිකා කාතබ්බා “අසුකෙ ච රුක්ඛෙ අසුකෙ ච රුක්ඛෙ එත්තකානි ඵලානි ගණ්හන්තා, එත්තකෙසු වා රුක්ඛෙසු ඵලානි ගණ්හන්තා න වාරෙතබ්බා”ති. චොරා වා ඉස්සරා වා බලක්කාරෙන ගණ්හන්තා න වාරෙතබ්බා. කුද්ධා හි තෙ සකලවිහාරම්පි නාසෙය්යුං, ආදීනවො පන කථෙතබ්බොති.
ඵල දානයේදී මල් මෙන් ම ඵලයද නියම කළේ නම් ගරුභාණ්ඩයක් වේ. විහාරයේ බොහෝ ඵලාඵල ඇති කල්හි දිළිඳු මිනිස්සු පැමිණ ඒවා ඉල්ලති. භික්ෂුහු මේවා සාංඝික” යැයි දීමට මැලිවෙති. මිනිස්සු විපිළිසරව අක්‍රෝශ කරති, පරිහාස කරති. එවිට කුමක් කළයුතුද? “ගෙඩිවලින් හෝ ගස්වලින් වෙන්කර කතිකාවතක් කළයුතුයි. අසුවල් අසුවල් ගස්වලින් මෙපමණ ගෙඩි ගන්නෝ හෝ මෙපමණ ගස්වලින් ගෙඩි කඩාගන්නෝ හෝ මෙපමණ ගස්වලින් ගෙඩි කඩාගන්නෝ නොවැළැක්විය යුත්තාහ යනුවෙනි. සොරු හෝ ප්‍රධානියෝ හෝ බලහත්කාරයෙන් එම ගෙඩි කඩාගැනීම නොවැළැක්විය යුතුය. කිපුණු ඔවුහු සියලු විහාරයම නසන්නාහ.” ආදීනව කිවයුතුය.
සිනානදානෙ සිනානචුණ්ණානි කොට්ටිතානි න ගරුභණ්ඩානි, අකොට්ටිතො රුක්ඛෙ ඨිතොව රුක්ඛතචො ගරුභණ්ඩං, චුණ්ණං පන අගිලානස්ස රජනනිපක්කං වට්ටති. ගිලානස්ස යංකිඤ්චි චුණ්ණං දාතුං වට්ටතියෙව.
නහනු දීමේදී කොටන ලද නහනු කුඩු ගරුභාණ්ඩයක් නොවේ. නොසුනු කර ගසේ තිබියදී ගස් පොතු ගරුභාණ්ඩ වේ. සුණු මැටි වනාහි ගිලන් නොවූවන්ගේ ඇඟ ගැල්වීමට සුදුසුය. ගිලන් වූවන්ට යම්කිසි චුර්ණයක්ම සුදුසුම ය.
න චුණ්ණදානෙනාති වුත්තනයෙන සිරීසචුණ්ණාදීනං දානෙන. මත්තිකාදානෙමත්තිකා හි යත්ථ දුල්ලභා හොති, තත්ථෙව ගරුභණ්ඩං. සාපි හෙට්ඨිමකොටියා තිංසපලගුළපිණ්ඩප්පමාණාව, තතො හෙට්ඨා න ගරුභණ්ඩන්ති.
න චුණ්ණදානෙන ඉහත කී පරිදිම මහරි ගස් චුර්ණාදිය දීමෙන් මැටි දානයේදී මැටි ආදිය දුර්ලභ ප්රදේශයකදීම ඒවා ගරුභාණ්ඩ වේ. එය ද යටත් පිරිසෙන් පලන් තිහක ගුලි පිඬු ප්රමාණයකි. ඊට වඩා කුඩා ගුලියක් ගරු භාණ්ඩයක් නො වේ.
දන්තකට්ඨදානෙ දන්තකට්ඨං අච්ඡින්නකමෙව ගරුභණ්ඩං. යෙසං සාමණෙරානං සඞ්ඝතො දන්තකට්ඨවාරො පාපුණාති, තෙ අත්තනො ආචරියුපජ්ඣායානං පාටියෙක්කං දාතුං න ලභන්ති. යෙහි පන “එත්තකානි දන්තකට්ඨානි ආහරිතබ්බානී”ති පරිච්ඡින්දිත්වා වාරා ගහිතා, තෙ අතිරෙකානි ආචරියුපජ්ඣායානං දාතුං ලභන්ති. එකෙන භික්ඛුනා දන්තකට්ඨමාළකතො බහූනි දන්තකට්ඨානි න ගහෙතබ්බානි, දෙවසිකං එකෙකමෙව ගහෙතබ්බං. පාටියෙක්කං වසන්තෙනාපි භික්ඛුසඞ්ඝං ගණයිත්වා යත්තකානි අත්තනො පාපුණන්ති, තත්තකානෙව ගහෙත්වා ගන්තබ්බං. අන්තරා ආගන්තුකෙසු වා ආගතෙසු දිසං වා පක්කමන්තෙසු ආහරිත්වා ගහිතට්ඨානෙයෙව ඨපෙතබ්බානි. න මුඛොදකදානෙනාති න මුඛධොවනඋදකදානෙන.
දැහැටිදඬු දීමෙහි දැහැටි දඩු නොකැපූවේ ම ගරුභාණ්ඩයකි. යම් සාමණේරවරුන්ට සංඝයාගෙන් දැහැටිදඬු වාරය පැමිණේ ද ඔවුහු තම ආචාර්ය උපාධ්‍යායවරුන්ට වෙන වෙන ම දීමට නො ලබති. යම් කෙනෙකුන් විසින් මෙපමණ දැහැටිදඬු එළවිය යුතුයයි වෙන්කර වාරය ගන්නා ලද්දේ ද, ඔවුන්ගේ ඉතිරිය ආචාර්ය උපධ්යායවරුන්ට යැයි පවසමින් එක් භික්ෂුවක විසින් දැහැටිදඬු මාලකයෙන් බොහෝ දැහැටිද නොගත යුතුයි. දිනපතා එක එකක්ම ගතයුතුයි. වෙන වෙනම වසන්නා විසින්ද භික්ෂු සංඝයාට දී, යම් පමණ තමාට ඉතිරිවේද එපමණ ගෙන එළවිය යුතුයි. ආගන්තුකයන් අතරෙහි හෝ දිසාවලින් පැමිණියවුන් අතරින් පිටත්ව යන්නන් විසින් ගෙනවුත් ගත් තැනම තැබිය යුතුයි. න මුඛොදක දානෙන මුව සෝදන දිය නොදීමෙන්.
න චාටුකම්යතායාතිආදීසු චාටුකම්‍යතා වුච්චති අත්තානං දාසං විය නීචට්ඨානෙ ඨපෙත්වා පරස්ස ඛලිතවචනම්පි සණ්ඨපෙත්වා පියකාමතාය පග්ගය්හවචනං. න මුග්ගසූප්යතායාති න මුග්ගසූපසමානතාය. මුග්ගසූපසමානතාති සච්චාලිකෙන ජීවිකං කප්පනතාය එතං අධිවචනං. යථා හි මුග්ගසූපෙ පච්චන්තෙ බහූ මුග්ගා පාකං ගච්ඡන්ති ථොකා න ගච්ඡන්ති, එවමෙව සච්චාලිකෙන ජීවිකකප්පකෙ පුග්ගලෙ බහු අලිකං හොති, අප්පකං සච්චං. යථා වා මුග්ගසූපස්ස අපවිසනට්ඨානං නාම නත්ථි, එවමෙව සච්චාලිකවුත්තිනො පුග්ගලස්ස අප්පතිට්ඨානං නාම නත්ථි. සිඞ්ඝාටකං විය ඉච්ඡිතිච්ඡිතට්ඨානස්ස පතිට්ඨාති. තෙනස්ස සා මුසාවාදිතා “මුග්ගසූප්යතා”ති වුත්තා. න පාරිභට්යතායාති න පරිභටකම්මභාවෙන. පරිභටස්ස හි කම්මං පාරිභට්යං, තස්ස භාවො පාරිභට්යතා, අලඞ්කාරකරණාදීහි දාරකකීළාපනස්සෙතං අධිවචනං. න පීඨමද්දිකතායාති න සහසා ඝරං පවිසිත්වා පීඨකෙ නිසීදනකතාය.
න චාටුකම්යතාය යනාදියෙහි චාටුකම්‍යතා යනු තමා දාසයකු මෙන් පහත් තැන් තබා, අනුන්ගේ දෝෂ වචනය ද පිළිගෙන ප්‍රිය කැමතිව චාටු බස් කීමයි. මුග්ග සුප්යතාය මුංඇට හොද්දට සමාන බැවින්. මුග්ගසුප්යතා යනු ඇත්ත, බොරු, දෙකින්ම යුතු දිවිපැවැත්ම පිණිස කරණ කථාවෙන් යුතු බවයි. යම් සේ මුංඇට ව්‍යඤ්ජනය පැසෙන කල්හි බොහෝ මුංඇට මනාව පැසෙයිද ස්වල්පයක් නොපැසෙයිද එමෙන් බොරු මිශ්‍ර සත්‍ය කථාවෙන් ජීවිතය ගෙන යන්නා බොහෝ බොරු කියයි. අප සත්‍ය කියයි. නැතහොත් මුංඇට හොද්දට නොපිවිසෙන තැනක් නැත්තේ යම් සේ ද එමෙන්ම සත්‍ය අසත්‍ය මිශ්‍ර කථා කරන්නාට නොපිහිටීමක් නම් නැත. කතිරයකින් මෙන් කැමති කැමති ධාරාවේ හෝ සිවුමංසන්ධියක මෙන් කැමති කැමති පාරේ පිහිටයි. එහෙයින් ඔහුගේ ඒ මුසාවාද ඇති බැව් මුග්ගසුප්යතා යයි කියන ලදී. න පාරිභට්ටතාය පරිහට කර්මයෙන් තොරව පරිභට්ටයාගේ ක්‍රියාව පරිභට්ට යැයි. ඔහුගේ ස්වභාවය පරිභට්ටතා නම් වේ. අලංකාර කිරිම ආදියෙන් දරුවන් නැලවීමට මේ තවත් වචනයකි. න පිට්ඨිමංසිකතාය වහා ගෙවල් තුළට පිවිස පුටුවල හිඳගන්නා ස්වභාවයෙන් දුරු වූ.
න වත්ථුවිජ්ජායාතිආදීසු වත්ථුවිජ්ජා නාම ගාමනිගමනගරාදීනං සුනිවිට්ඨදුන්නිවිට්ඨජානනසත්ථං. තිරච්ඡානවිජ්ජා නාම අනිය්යානිකත්තා සග්ගමොක්ඛමග්ගානං තිරච්ඡානභූතා අඞ්ගසත්ථනිමිත්තාදිකා අවසෙසවිජ්ජා. අඞ්ගවිජ්ජා නාම ඉත්ථිපුරිසානං සුභගදුබ්භගලක්ඛණජානනං. නක්ඛත්තවිජ්ජා නාම නක්ඛත්තානං යොගජානනසත්ථං.
න වත්ථුවිජ්ජාය ආදියෙහි වාස්තු විද්‍යාව නම් ගම්, නියම්ගම්, නගර ආදියේ ජනාකීර්ණ හා ජනශුන්‍ය බව දැනගන්නා ශාස්ත්රයකි. තිරච්ඡාන විජ්ජා නම් නෛර්යානික නොවූ සඟමොක් මග වළකන හෙයින් තිරිසන් වූ අංග ශාස්ත්‍ර නිමිති ආදී වශයෙන් විද්‍යාවයි. අංගවිජ්ජා නම් ස්ත්‍රී පුරුෂයන්ගේ සුභග, දුභග ලක්ෂණ දැනගන්නා ශාස්ත්‍රයයි. නක්ඛත්ත විජ්ජා නම් නැකැත්වල යෝග දැනගන්නා ශාස්ත්‍රයයි.
න දූතගමනෙනාති න දූතෙය්යං කත්වා ගමනෙන. න පහිණගමනෙනාති න ගිහීනං සාසනං ගහෙත්වා ඝරා ඝරං පහිතස්ස ගමනෙන. න ජඞ්ඝපෙසනියෙනාති ගාමන්තරදෙසන්තරාදීසු තෙසං තෙසං ගිහීනං සාසනපටිසාසනං හරණෙන. ඉදඤ්හි ජඞ්ඝපෙසනියං නාම අත්තනො මාතාපිතූනං, යෙ චාස්ස මාතාපිතරො උපට්ඨහන්ති, තෙසං සාසනං ගහෙත්වා කත්ථචි ගමනවසෙන වට්ටති. චෙතියස්ස වා සඞ්ඝස්ස වා අත්තනො වා කම්මං කරොන්තානං වඩ්ඪකීනම්පි සාසනං හරිතුං වට්ටති. මනුස්සා “දානං දස්සාම, පූජං කරිස්සාම, භික්ඛුසඞ්ඝස්ස ආචික්ඛථා”ති ච වදන්ති; “අසුකත්ථෙරස්ස නාම දෙථා”ති පිණ්ඩපාතං වා භෙසජ්ජං වා චීවරං වා දෙන්ති, “විහාරෙ පූජං කරොථා”ති මාලාගන්ධවිලෙපනාදීනි වා ධජපටාකාදීනි වා නිය්යාතෙන්ති. සබ්බං හරිතුං වට්ටති, ජඞ්ඝපෙසනියං නාම න හොති. සෙසසාසනං ගහෙත්වා ගච්ඡන්තස්ස පදවාරෙ පදවාරෙ දොසො.
න දූතගමනෙන දූතයකු මෙන් ගමන් කිරීමෙන්. පහිණගමනෙන ගිහියන්ගේ හසුන් ගෙන, ගෙන් ගෙට යෑමෙන්. න ජංඝපෙසනියෙන ග්‍රාමාන්ත, දේශාන්තරාදියෙහි ඒ ඒ ගිහියන්ගේ හසුන්, පිළිතුරු හසුන් ගෙන යෑමෙන් මෙහිදී ජංඝපෙසනික වූවත් තමන්ගේ මාපියන්ගේ, යමෙකු තම මාපියන්ට උපස්ථාන කරත්ද ඔවුන්ගේ පණිවිඩාදියකට එසේ යෑමෙන් සුදුසුය. චෛත්‍ය කර්මාන්තාදියක දී හෝ සංඝයාගේ හෝ තමාගේ අවශ්‍යතාවයේදී වඩු ආදීන්ට හසුන්පත් ගෙනයෑම්, ගෙන ඒම් සුදුසුය. මිනිසුන්ද “දන් දෙන්නෙමු. පූජා කරන්නෙමු. ඒ බව භික්ෂු සංඝයාට කියන්න” යි කියති. “අසවල් තෙරුන්ට මේ සිවුරු හෝ පිණ්ඩපාතය හෝ බෙහෙත් දෙන්න” යි කියා දෙති. “විහාරයට පූජා කරන්න.” යි මල් ගඳ විලවුන් හෝ ඔප්පතාක හෝ පවරා දෙති. ඒවා පිළිගෙන ගෙනයෑම සුදුසුය. එය ජංඝපෙසනිය නම් නොවේ. සෙසු පණිවිඩ පමණක් ගෙනයන්නාට පියවරක් පියවරක් පාසා දොස් ඇතිවේ.
න වෙජ්ජකම්මෙනාති න වෙජ්ජෙන හුත්වා කායතිකිච්ඡනාදිභෙසජ්ජකරණෙන. භෙසජ්ජං පන පඤ්චන්නං සහධම්මිකානං කාතබ්බං භික්ඛුස්ස භික්ඛුනියා සික්ඛමානාය සාමණෙරස්ස සාමණෙරියා. සමසීලසද්ධාපඤ්ඤානඤ්හි එතෙසං තීසු සික්ඛාසු යුත්තානං භෙසජ්ජං අකාතුං න ලබ්භති. මාතාපිතූනං තදුපට්ඨාකානං අත්තනො වෙය්යාවච්චකරස්ස පණ්ඩුපලාසස්සාති එතෙසං පඤ්චන්නම්පි කාතුං වට්ටති. ජෙට්ඨභාතු, කනිට්ඨභාතු, ජෙට්ඨභගිනියා, කනිට්ඨභගිනියා, චූළමාතුයා, මහාමාතුයා, චූළපිතුනො, මහාපිතුනො, පිතුච්ඡාය, මාතුච්ඡායාති එතෙසං පන දසන්නම්පි කරොන්තෙන තෙසංයෙව සන්තකං භෙසජ්ජං ගහෙත්වා කෙවලං යොජෙත්වා දාතබ්බං. සචෙ නප්පහොති, අත්තනො සන්තකං තාවකාලිකං දාතබ්බං. එතෙසං පුත්තපරම්පරා යාව සත්තමා කුලපරිවට්ටා, තාව චත්තාරො පච්චයෙ ආහරාපෙන්තස්ස අකතවිඤ්ඤත්ති වා, භෙසජ්ජං කරොන්තස්ස වෙජ්ජකම්මං වා, කුලදූසකාපත්ති වා න හොති.
න වෙජ්ජ කම්මෙන වෙදෙකු වී කායික පිළියම් ආදියෙන් බෙහෙත් කිරීමෙන් බෙහෙත් කිරීම වනාහි පස්වැදෑරුම් සහ ධාර්මිකයන්ට කළ යුතුයි. භික්ෂුවට, භික්ෂුණියට, ශික්ෂාමානාවට, සාමණේරයාට හා සාමණේරියට යන පස්දෙනාටයි. සම වූ ශීල, ශ්‍රද්ධා, ප්‍රඥාවන්තයන්ට, මේ ත්‍රිවිධ ශික්ෂාවන්හි යෙදුනවුන්ට බෙහෙත් නොකිරීමට නො ලැබේ. දෙමාපියන්ට, ඔවුන්ට උපස්ථාන කරන්නට, තමාගේ වතාවත් කරන්නාට, පණ්ඩු පලාසයාට යන පස්දෙනාට ද බෙහෙත් කිරිම සුදුසුය. අයියා, මල්ලී, අක්කා, නංගි, පුංචි අම්මා, ලොකු අම්මා, බාප්පා, ලොකු තාත්තා, මාමා, නැන්දා මේ දස දෙනාට බෙහෙත් කරන්නා විසින් ඔවුන්ට අයත් දෙයින් බෙහෙත් ගෙන ගොස් කවලම් කර දියයුතුයි. ඉදින් නොපොහොනේ නම් තමා අයත් දෙයින් තාවකාලිකව බෙහෙත් දිය යුතුය. මොවුන්ගේ දරු පරපුරේ සත්ත්වන කුල පරපුර දක්වාම සිවුපසය එළවන්නාට, නොකළ විඤ්ඤත්ති (හැඟවීම්) ඇත්තහුට හෝ බෙහෙත් කරන්නාට වෛද්‍ය කර්මය හෝ කුලදුසකාපත්තියට හෝ නොවේ.
න පිණ්ඩපටිපිණ්ඩකෙනාති එත්ථ පිණ්ඩපාතො කස්ස දාතබ්බො, කස්ස න දාතබ්බො? මාතාපිතූනං තදුපට්ඨාකානං වෙය්යාවච්චකරස්ස පණ්ඩුපලාසස්ස සම්පත්තස්ස දාමරිකචොරස්ස ඉස්සරස්සාපි දාතබ්බො. එතෙසං දත්වා පච්ඡා ලද්ධම්පි පිණ්ඩපටිපිණ්ඩං නාම න හොති. න දානානුප්පදානෙනාති අත්තනො දින්නකානං න පුන දානෙන. ධම්මෙනාති ධම්මෙන උප්පන්නං. සමෙනාති කායසුචරිතාදිනා. ලද්ධාති කායෙන ලද්ධා. ලභිත්වාති චිත්තෙන පාපුණිත්වා. අධිගන්ත්වාති සම්පාපුණිත්වා. වින්දිත්වාති ඤාණෙන වින්දිත්වා. පටිලභිත්වාති පුනප්පුනං ලභිත්වා.
න පිණ්ඩපටිපිණ්ඩ කෙන මෙහි පිණ්ඩපාතය කාහට නම් දිය යුතු ද? කවරෙකුට නොදිය යුතු ද? මාපිය දෙදෙනාට, ඔවුන්ට උපස්ථාන කරන්නට, වතාවක් කරන්නාට, පණ්ඩු පලාසයාට, සපැමිණි දාමරිකයාට, ප්රසිද්ධියාට ද දිය යුතුයි. මොවුන් දීමෙන් පසුව ලැබෙන පිණ්ඩපාතය “පිණ්ඩ පිටිපිණ්ඩ” නම් නොවේ. න දානානුප්පදිනෙන තමාට දුන්නවුන්ට නැවත කිසිවක් නොදීමෙන්. ධම්මෙන දැහැමි උපන් සමෙන කාය සුචරිතාදියෙන් ලද්ධා කයින් ලැබූ. ලභිත්වා සිතින් පැමිණ. අධිගනත්‍වා සපැමිණි, අවබෝධ කර වින්දිත්වා ඤාණයෙන් වින්දනය කර පටිලභිත්වා නැවත නැවත ලැබ, ප්රතිලාභ කර.
අන්නසන්නිධින්ති එත්ථ දුවිධා අන්නකථා විනයවසෙන ච සල්ලෙඛවසෙන ච. විනයවසෙන තාව යංකිඤ්චි අන්නං අජ්ජ පටිග්ගහිතං අපරජ්ජු සන්නිධිකාරකං හොති, තස්ස පරිභොගෙ පාචිත්තියං. අත්තනා ලද්ධං පන සාමණෙරානං දත්වා තෙහි ලද්ධං ඨපාපෙත්වා දුතියදිවසෙ භුඤ්ජිතුං වට්ටති, සල්ලෙඛො පන න හොති.
අන්නසන්නධිං මෙහි ආහාර කථාව දෙවැදෑරුම් ය. විනය වශයෙන් හා සල්ලේඛ වශයෙනි. විනය වශයෙන් නම්, යම්කිසි ආහාරයක් අද පිළිගත්තේ ද එය පසුදින (හෙට) සන්නිධිකාරයක් වේ. එය පරිභෝග කිරීම පචිති ඇවතකි. තමාට ලැබුණු ආහාර සාමණේරවරුන්ට දී, ඔවුන් ලවා අරන් තියවා දෙවන දින වැළදීම සුදුසුය. සල්ලේඛ නම් නොවේ.
පානසන්නිධිම්හිපි එසෙව නයො. එත්ථ පානං නාම අම්බපානාදීනි අට්ඨ පානානි, යානි චෙ තෙසං අනුලොමානි.
පාන සන්නිධියෙහි ද මේ ක්‍රමයමයි. මෙහි පාන යනු අඹ පානාදී අෂ්ටපාන වර්ගයන් හා ඊට අනුලෝම වූ පාන වර්ගයි.
වත්ථසන්නිධින්තිආදිම්හි අනධිට්ඨිතාවිකප්පිතං සන්නිධි ච හොති සල්ලෙඛඤ්ච කොපෙති. අයං පරියාය කථාව, නිප්පරියායතො පන තිචීවරසන්තුට්ඨෙන භවිතබ්බං, චතුත්ථං ලභිත්වා අඤ්ඤස්ස දාතබ්බං. සචෙ යස්ස කස්සචි දාතුං න සක්කොති, යස්ස පන දාතුකාමො හොති, සො උද්දෙසත්ථාය වා පරිපුච්ඡත්ථාය වා ගතො, ආගතමත්තෙ දාතබ්බං, අදාතුං න වට්ටති. චීවරෙ පන අප්පහොන්තෙ සතියා පච්චාසාය අනුඤ්ඤාතකාලං ඨපෙතුං වට්ටති. සූචිසුත්තචීවරකාරකානං අලාභෙන තතො පරම්පි විනයකම්මං කත්වා ඨපෙතුං වට්ටති. “ඉමස්මිං ජිණ්ණෙ පුන ඊදිසං කුතො ලභිස්සාමී”ති පන ඨපෙතුං න වට්ටති, සන්නිධි ච හොති, සල්ලෙඛඤ්ච විකොපෙති.
වත්ථ සන්නිධිං ආදියෙහි අධිෂ්ඨාන නොකළ විලප්පනය නොකළ වස්ත්‍රය සන්නිධියක් වේ. සල්ලේඛය විනාශ කරයි. මේ නිෂ්පර්යාය කථාවයි. පර්යාය වශයෙන් වනාහි තුන් සිවුරින් සතුටුවිය යුතුයි. සිවුවන සිවුරක් ලැබුණේ නම් අනිකකුට දිය යුතුය. ඉදින් කිසිවකුට දීමට නොහැකි වේ නම්, යම් අයකුට දෙනු කැමති ද ඔහු උදෙසීම සදහා හෝ විමසනු සදහා පැමිණියේ, පැමිණි වේලෙහි ම දියයුතුයි. නොදී සිටීම නොවටියි. තුන් සිවුරු වනාහි ප්‍රමාණවත් නොවන කල්හි, පසුව ගැනීමට අනුමත කළ කාලයක් තබාගත හැකිය. ඉදිකටු, නූල්, සිවුරු මසන්නන් නොලැබෙන කල්හි ඊට වඩා කාලයක් වූවද විනය කර්ම කර තැබීමට සුදුසුවේ. මේ දිරූ කල්හි නැවත කොතැනින් ලබන්නේ නම් ද? අරන් තැබීම නුසුදුසුය. එය සන්නිධියක් ද වේ. සල්ලේඛයක් ද විනාශ කරයි.
යානසන්නිධිම්හි යානං නාම වය්හං රථො සකටං සන්දමානිකා සිවිකා පාටඞ්කීති නෙතං පබ්බජිතස්ස යානං. උපාහනා පන පබ්බජිතස්ස යානංයෙව. එකභික්ඛුස්ස හි එකො අරඤ්ඤත්ථාය, එකා ධොතපාදකත්ථායාති උක්කංසතො ද්වෙ උපාහනසඞ්ඝාටා වට්ටන්ති, තතියං ලභිත්වා අඤ්ඤස්ස දාතබ්බො, “ඉමස්මිං ජිණ්ණෙ අඤ්ඤං කුතො ලභිස්සාමී”ති හි ඨපෙතුං න වට්ටති, සන්නිධි ච හොති, සල්ලෙඛඤ්ච විකොපෙති.
යානසන්නිධිම්හි යාන යනු ගෙනයන රථයයි. කරත්තයයි. රැගෙන යන දෝනාවයි. පාටංගියයි. මේවා පැවිද්දන්ගේ යානා නොවේ. පාවහන් පැවිද්දන්ගේ යානාවයි. එක් භික්ෂුවට කැළයේ ඇවිදීමට එකක් හා පා සෝදා ගැනීමට එකක් වශයෙන් උපරිමව පාවහන් යුගල දෙකක් සුදුසු වේ. තෙවැනි පාවහන් යුවලක් ලැබුණු කල්හි අනිකකුට දිය යුතුයි. “මෙය දිරූ කල්හි අනිකක් කොතනින් ලැබේද? මෙය අරන් තබමි”යි තැබීම නුසුදුසුය. එය සන්නිධිකාරකයක් වේ. සල්ලේඛයද විනාශ කරයි.
සයනසන්නිධිම්හි සයනන්ති මඤ්චො. එකස්ස භික්ඛුනො එකො ගබ්භෙ එකො දිවාට්ඨානෙති උක්කංසතො ද්වෙ මඤ්චා වට්ටන්ති, තතො උත්තරි ලභිත්වා අඤ්ඤස්ස භික්ඛුනො වා ගණස්ස වා දාතබ්බො, අදාතුං න වට්ටති, සන්නිධි චෙව හොති, සල්ලෙඛඤ්ච කොපෙති.
සයන සන්නිධි යන මෙහි සයන යනු ඇඳයි. එක් භික්ෂුවකට ගැබෙහි එක් ඇඳක් හා දවල් වසන තැන එක් ඇඳක් වශයෙන් උපරිමව ඇඳ දෙකක්ම සුදුසුය. ඊට වඩා ඇඳක් ලැබුණහොත් එය අනු භික්ෂුවකට හෝ සමූහයාට දිය යුතුයි. නොදී සිටීම නොවටියි. එය සන්නිධියක්ද වේ. සල්ලේඛයද විනාශ වේ.
ගන්ධසන්නිධිම්හි භික්ඛුනො කණ්ඩුකච්ඡුඡවිදොසාදිආබාධෙ සති ගන්ධො වට්ටති. තෙන ගන්ධෙන තස්මිං රොගෙ වූපසන්තෙ අඤ්ඤෙසං වා ආබාධිකානං දාතබ්බො. ද්වාරෙ පඤ්චඞ්ගුලඝරධූපනාදීසු වා උපනෙතබ්බො. “පුන රොගෙ සති භවිස්සතී”ති ඨපෙතුං න වට්ටති, ගන්ධසන්නිධි ච හොති, සල්ලෙඛඤ්ච කොපෙති.
ගන්ධ සන්නිධියෙහි භික්ෂුවගේ කණ්ඩු, කච්ඡු, ඡවි දෝෂාදී ආබාධයකදී ගන්ධය සුදුසුය. ඒ ගන්ධයෙන් අදාළ රෝගය සුව වූ කල්හි, වෙනත් එම රෝගය ඇති අයකුට ගන්ධය දියයුතුයි. ද්වාරයේ පසැඟිලි දීමට, ඝරධූපනාදියට හෝ දිය යුතුයි. නැවත රෝගය ඇති වූ විට ගැනීම සදහා තැබීම නුසුදුසුය. එවිට ගන්ධ සන්නිධියද වේ. සල්ලේඛයද විනාශ වේ.
ආමිසන්ති අන්නාදිවුත්තාවසෙසංව දට්ඨබ්බං. සෙය්යථිදං – ඉධෙකච්චො භික්ඛු “තථාරූපෙ කාලෙ උපකාරාය භවිස්සන්තී”ති තිලතණ්ඩුලමුග්ගමාසනාළිකෙරලොණමච්ඡමංසවල්ලූරසප්පිතෙලගුළ- භාජනාදීනි ආහරාපෙත්වා ඨපෙති. සො වස්සකාලෙ කාලස්සෙව සාමණෙරෙහි යාගුං පචාපෙත්වා භුඤ්ජිත්වා “සාමණෙර උදකකද්දමෙ දුක්ඛං ගාමං පවිසිතුං, ගච්ඡ අසුකකුලං ගන්ත්වා මය්හං විහාරෙ නිසින්නභාවං ආරොචෙහි, අසුකකුලතො දධිආදීනි ආහරා”ති පෙසෙති. භික්ඛූහි “කිං, භන්තෙ, ගාමං පවිසථා”ති වුත්තෙපි “දුප්පවෙසො ආවුසො ඉදානි ගාමො”ති වදති. තෙ “හොතු, භන්තෙ, අච්ඡථ තුම්හෙ, මයං භික්ඛං පරියෙසිත්වා ආහරිස්සාමා”ති ගච්ඡන්ති. අථ සාමණෙරොපි දධිආදීනි ආහරිත්වා භත්තඤ්ච බ්යඤ්ජනඤ්ච සම්පාදෙත්වා උපනෙති, තං භුඤ්ජන්තස්සෙව උපට්ඨාකා භත්තං පහිණන්ති, තතොපි මනාපං මනාපං භුඤ්ජති. අථ භික්ඛූ පිණ්ඩපාතං ගහෙත්වා ආගච්ඡන්ති, තතොපි මනාපං මනාපං ගීවායාමකං භුඤ්ජතියෙව. එවං චතුමාසම්පි වීතිනාමෙති. අයං වුච්චති භික්ඛු “මුණ්ඩකුටුම්බිකජීවිකං ජීවති, න සමණජීවික”න්ති. එවරූපො ආමිසසන්නිධි නාම හොති.
ආමිසං ආදියෙහි කියා ඉතිරි අර්ථ දතයුතුයි. ඒ කෙසේද? මේ සසුනෙහි ඇතැම් භික්ෂුවක්, “ආහාර අඩු වූ කාලයෙහි ගනිමි”යි තල, සහල්, මු, කව්පි, නාලිකෙර, ලුණුමාළු, වියලි මස්, ගිතෙල්, තෙල් ආදිය වළං ආදී බඳුන් පුරවා ගෙනවුත් තබයි. ඒ භික්ෂුව වැසි කාලයේ දී වේලාසනින්ම නැගිට සාමණේරවරුන් ලවා කැඳ පිසවා, එය වළදා “සාමණේරය, මේ දිය සහිත මඩෙහි ගමට පිවිසීම දුෂ්කරය. එනිසා අසුවල් පවුල වෙත ගොස් මා විහාරයේ සිටින බව දන්වන්න. අසුවල් පවුලෙන් මිදුණු කිරි ආදී ආහාර රැගෙන එන්න”යි සාමණේර නමක් යවයි. වෙහෙර වසන භික්ෂූන්ද පැමිණ “ස්වාමීනි, කිම ගමට පිඬු පිණිස නොවඩින්නේද?” යි ඇසූ කල්හි “ඇවැත්නි, දැන් ගමට පිවිසීම මා හට ඉතා දුෂ්කරය”යි පවසයි. ඒ භික්ෂුහු එවිට “එසේ වේවා, ස්වාමීනි, නුඹවහන්සේ මෙහිම සිටින්න. අපි පිණ්ඩපාතය කරගෙන ඔබවහන්සේටත් සමඟ ආහාර ගෙනෙන්නෙමු”යි පවසා ගමට වඩිති. ඉන්පසු යැවූ සාමණේරයන් වහන්සේ මිදුණු කිරි ගෙනවුත් බත් ද ව්‍යඤ්ජන ද සම්පාදනය කර ඉහත කී තෙරුන් වහන්සේට දෙයි. එය වළඳනවිට පණිවිඩ යැවූ උපස්ථායක පවුලෙන්ද බත් ආදිය ගෙන එයි. ඉන්ද කැමති ප්‍රියමනාප ආහාර වළඳයි. ඉන්පසු පිණ්ඩපාතයේ ගිය භික්ෂුහුද පිණ්ඩපාත හැරගෙන පැමිණෙති. එයින්ද ප්‍රියමනාප ආහාර බෙල්ල දක්වාම වළඳන්නේමය. මෙසේ වස් සාරමස ම ගතකරයි. මෙය “මුණ්ඩ කුටුම්බික ජීවිකාව” නම් වේ. එය ශ්‍රමණ ජීවිතයක් නොවේ. මෙසේ ආමිෂය සඳහාම ජීවත්වීම ආමිස සන්නිධි නම් වේ.
භික්ඛුනො පන වසනට්ඨානෙ එකා තණ්ඩුලනාළි එකො ගුළපිණ්ඩො චතුභාගමත්තං සප්පීති එත්තකං නිධෙතුං වට්ටති අකාලෙ සම්පත්තචොරානං අත්ථාය. තෙ හි එත්තකම්පි ආමිසපටිසන්ථාරං අලභන්තා ජීවිතාපි වොරොපෙය්යුං, තස්මා සචෙපි එත්තකං නත්ථි, ආහරාපෙත්වාපි ඨපෙතුං වට්ටති. අඵාසුකකාලෙ ච යදෙත්ථ කප්පියං, තං අත්තනාපි පරිභුඤ්ජිතුං වට්ටති. කප්පියකුටියං පන බහුං ඨපෙන්තස්සාපි සන්නිධි නාම නත්ථි.
භික්ෂුවට වනාහි තමා වසන තැන එක් සහල් නැළියක්ද එක් උක් සකුරු පිඬක්ද ගිතෙල් කළයක් ද යන මේ ද්‍රව්‍ය පමණක් ආරක්ෂිතව ගබඩා කර තැබීම සුදුසුය. ඒ නොකල්හි එන සොරුන් සඳහාය. ඔවුහු මෙපමණ වූ හෝ ආමිෂයෙන් සංග්‍රහ කිරීමක්වත් නොමැති කල්හි භික්ෂූන් මරා දමන්නාහ. එනිසා මෙපමණක්වත් විහාරයේ නැතිනම් ගෙනවුත් තැබීමට තරම් සුදුසුය. අපහසු කාලයේදී යමක් කැපනම් ඒවා තමන්ම ගෙන වැළඳීම සුදුසුය. කප්පිය කුටියේ බොහෝ ආහාර ද්‍රව්‍ය තබාගෙන සිටියත් එය සන්නිධියක් නම් නොවේ.
ඣායී න පාදලොලස්සාති ඣානාභිරතො ච න ච පාදලොලො අස්ස. විරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්යාති හත්ථකුක්කුච්චාදිකුක්කුච්චං විනොදෙය්ය, සක්කච්චකාරිතාය චෙත්ථ නප්පමජ්ජෙය්ය.
ඣායී න පාදලොලස්ස ධ්‍යාන වැඩීමේ ආශාවෙන් ධ්‍යාන වඩයි. ඔහුට පාද ලෝලීත්වයක් නැත. විරමෙ කුක්කුච්චං නප්පමජ්ජෙය්ය අත් කුකුස් ආදී කුකුස් ආදී දුරුකරන්නේය. සකසා කටයුතු කිරීම් ආදියෙන් නොපමා වන්නේය.
එකත්තමනුයුත්තොති එකීභාවං අනුයුත්තො. පරමත්ථගරුකොති උත්තමත්ථගරුකො. “සකත්ථගරුකො”ති වා පාඨො.
එකත්තමනුයුත්තො ඒකීභාවයෙහි යෙදුණේ. සදත්ථගරුකෙ උත්තමාර්ථයේ ගරුක වූයේ. සකත්ථගරුක පාඨයද සුදුසුය.
පටිසල්ලානාරාමොති ආරමණං ආරාමො, තතො තතො ආරම්මණතො පටිසංහරිත්වා එකීභාවෙ පටිසල්ලානෙ ආරාමො යස්ස සො පටිසල්ලානාරාමො. අස්සාති භවෙය්ය. තස්මිං රතොති පටිසල්ලානරතො. එතෙහි සීලෙසු පරිපූරකාරිතං දස්සෙති. තං කිස්ස හෙතු? සීලවිපන්නස්ස එකග්ගතාපි න සම්පජ්ජති. අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තොති අත්තනො චිත්තසමථෙ යුත්තො. එත්ථ හි අජ්ඣත්තන්ති වා අත්තනොති වා එතං එකත්ථං, බ්යඤ්ජනමෙව නානං. භුම්මත්ථෙ පනෙතං උපයොගවචනං. අනූති ඉමිනා උපසග්ගෙන යොගෙ සිද්ධං.
පටිසල්ලානාරාමො සිත ඇලවීම ආරාමයයි. ඒ ඒ ආරම්මණයෙන් සිත බැහැර කරවා ඒකීයභාවයේ, තනිව විවේකීව විසීමේ කැමැත්ත යමෙකුට වේ නම් ඔහු පටිසල්ලානාරම නම් වේ. අස්ස වන්නේ නමි. තස්මිං රතො විවේක වාසයෙහි ඇලී. මේ ප්‍රකාශයෙන් සීලයෙහි පිරිපුන් බව දක්වයි. ඊට හේතු කවරේද? සීල විපත්තියට පත් වූ ඔහුගේ සිත එකඟ බවට නොපැමිණෙන හෙයිනි. අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො තමාගේ අභ්‍යන්තරික චිත්ත සමාධියේ නියලුණේ. මෙහි අජ්ඣත්ත හෝ අත්තනො යන්නෙහි එකම අර්ථයක් වේ. ව්‍යඤ්ජන වශයෙන් ම දෙකක් වේ. මෙය සත්තමී අර්ථයේ දුතියා විභක්තියෙන් යෙදූ වචනයකි. අනු යනු උපසර්ගය යොදා පදසිද්ධිය කරන ලදී.
අනිරාකතජ්ඣානොති බහි අනිහතජ්ඣානො අවිනාසිතජ්ඣානො වා. නීහරණවිනාසත්ථඤ්හි ඉදං නිරාකරණං නාම. “ථම්භං නිරංකත්වා නිවාතවුත්තී”තිආදීසු (සු· නි· 328) චස්ස පයොගො දට්ඨබ්බො. විපස්සනාය සමන්නාගතොති සත්තවිධාය අනුපස්සනාය යුත්තො. සත්තවිධා අනුපස්සනා නාම අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනත්තානුපස්සනා නිබ්බිදානුපස්සනා විරාගානුපස්සනා නිරොධානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනාති. තා විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 2.741 ආදයො, 849 ආදයො) විත්ථාරිතා . බ්යූහෙතා සුඤ්ඤාගාරානන්ති වඩ්ඪෙතා සුඤ්ඤාගාරානං. එත්ථ ච සමථවිපස්සනාවසෙන කම්මට්ඨානං ගහෙත්වා රත්තින්දිවං සුඤ්ඤාගාරං පවිසිත්වා නිසීදමානො භික්ඛු “බ්රූහෙතා සුඤ්ඤාගාරාන”න්ති වෙදිතබ්බො. එකභූමකාදිභෙදෙ පාසාදෙ කුරුමානොපි සුඤ්ඤාගාරානං බ්රූහෙතාති දට්ඨබ්බො.
අනිරාකතජ්ඣානො නො ඇසූ ධ්‍යාන ඇති, විනාශ නොකළ ධ්‍යාන ඇති, පිටපත් ගෙනයෑම විනාශ කිරීම මෙහිදී නිරාකරණ නම් වේ. “එම්භං නිරාකත්වා නිවාතවුත්තී” ආදීයෙහිද මේ ප්‍රයෝගය දතයුතුයි. විපස්සනාය සමන්නාගතො සත්වැදෑරුම් අනුපස්සනාවෙන් යුතු වූයේ. අනුපස්සනා සතකි - අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානු පස්සනා, නිබ්බානපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා යනුයි. එම සත විශුද්ධි මාර්ගයේ විස්තර කරණ ලදී. බ්‍රෑහෙතා සුඤ්ඤාගාරනං ශුන්යාගාරයන්හි සිත වඩන ලදී. මෙහිද සමථ විදර්ශනා වශයෙන් කමටහන් ගෙන රෑ දවල් ශුන්යගාරයකට පිවිස හිඳින සිත් වඩන භික්ෂුව බ්‍රෑහෙතා සුඤ්ඤාගාර නම් වන බව දතයුතුයි. එක් මහල් ආදී ප්‍රභේද ප්‍රසාදයෙහි භාවනා කරන්නා ශූන්‍යාගාරයෙහි ධ්‍යාන වඩන්නෙක් නොවේ.
සක්කච්චකාරීතිආදීසු දානාදීනං කුසලධම්මානං භාවනාය පුග්ගලස්ස වා දෙය්යධම්මස්ස වා සක්කච්චකාරිතාවසෙන සක්කච්චකාරී. අස්සාති භවෙය්ය. සතතභාවො සාතච්චං, සාතච්චකාරිතාවසෙන සාතච්චකාරී. නිරන්තරකාරිතාය අට්ඨිතකාරී. යථා නාම කකණ්ටකො ථොකං ගන්ත්වා ථොකං තිට්ඨති, න නිරන්තරං ගච්ඡති, එවමෙව යො පුග්ගලො එකදිවසං දානං දත්වා පූජං වා කත්වා ධම්මං වා සුත්වා සමණධම්මං වා කත්වා පුන චිරස්සං කරොති, තං න නිරන්තරං පවත්තෙති. සො “අසාතච්චකාරී, ඨිතකාරී”ති වුච්චති. යො පන එවං න හොති, සො අට්ඨිතකාරී. අනොලීනවුත්තිකොති නිරන්තරකරණසඞ්ඛාතස්ස විප්ඵාරස්ස අත්ථිතාය න ඔලීනවුත්තිකො. අනික්ඛිත්තච්ඡන්දොති කුසලකිරියාය වීරියච්ඡන්දස්ස අනික්ඛිත්තභාවෙන අනික්ඛිත්තච්ඡන්දො. අනික්ඛිත්තධුරොති වීරියධුරස්ස අනොරොපකො, අනොසක්කිතමානසොති අත්ථො.
සක්කච්චකාරී ආදියෙහි දානාදී දහම් වැඩීමෙන් පුද්ගලයාට හෝ දෙය්ය ධර්මයට හෝ කළයුතු දේ කළ බැවින් සක්කච්චකාරී නම් වේ. අස්ස වන්නේ නම්, සත්ත බව සාතච්ච නම් වේ. නිරන්තරව කරන ලද බැවින් අට්ඨිතකාරී යම්සේ කටුස්සා මඳ දුරක් ගොස් මඳ වේලාවක් නැවතී සිටියි ද නිරතුරුවම නොයයි ද එලෙසින්ම යම් පුද්ගලයෙක් එක්දිනක් දන් දී හෝ පූජාවක් කර හෝ ධර්මයක් හෝ අසා නැතිනම් සුළු කාලයක් ශ්‍රමණ ධර්මයක් හෝ පුරා බොහෝ කාලයක් නොකරයිද නිරතුරුව නොපවත්වයිද ඔහු ඨිතකාරී නම් වේ. යමෙක් මෙසේ නොවී නිරතුරුව කුසල් වඩයිද ඔහු අට්ඨිතකාරී නම් වේ. අනොලීනචුත්තිකො නිරතුරුව පැතිරවීම් සංඛ්‍යාත නොහැකුළුණු පැවතුම් ඇති බැවින් ඔලීන ව්රත්තික නොවූයේ අනික්ඛිත්තජන්දො කුසල ක්රියාවේ වීර්ය ඡන්දයෙන් යුතු බහා නොතැබූ වීර්ය ඇති බව. අනික්ඛිත්තධූරො වීර්ය ධූරය රෝපණය කළේ. වීර්යයෙහි ඔසවා තැබූ සිත් ඇති යන අර්ථයයි.
අප්පටිවානීති අනිවත්තනං. අධිට්ඨානන්ති කුසලකරණෙ පතිට්ඨාභාවො. අනුයොගොති අනුයුඤ්ජනං. අප්පමාදොති සතියා අවිප්පවාසො.
අප්පටිවානී නොනැවතීම. අධිට්ඨානං කුසල් කිරිමෙහි පිහිටි බව. අනුයොගො අනුව යෙදීම. අප්පමාදො නොනැවතීම. සිහියෙන් නොවෙන්ව විසීම.
තන්දිං මායං හස්සං ඛිඩ්ඩන්ති ආලසියඤ්ච මායඤ්ච හස්සඤ්ච කායිකං වාචසිකං ඛිඩ්ඩඤ්ච. සවිභූසන්ති සද්ධිං විභූසාය.
තන්දිං මායං හස්සං ඛිඩ්ඩං අලසබව ද හාස්‍යය ද කායික වාචික ක්‍රීඩාවන් ද සවිභුසං සැරසීම් සහිත වූ,
රත්තින්දිවං ඡකොට්ඨාසං කරිත්වාති පුරිමයාමමජ්ඣිමයාමපච්ඡිමයාමවසෙන රත්තිං තයො තථා දිවාති ඡබ්බිධං කොට්ඨාසං කත්වා. පඤ්චකොට්ඨාසං පටිජග්ගෙය්යාති රත්තිං මජ්ඣිමයාමං විස්සජ්ජෙත්වා අවසෙසපඤ්චකොට්ඨාසෙසු න නිද්දං ඔක්කමෙය්ය. එකකොට්ඨාසං නිපජ්ජෙය්යාති එකං මජ්ඣිමයාමකොට්ඨාසං සතො සම්පජානො නිපජ්ජිත්වා නිද්දං ඔක්කමෙය්ය.
රත්තින්දිවං ඡ කොට්ඨාසං කරිත්වා පෙරයාමය, මධ්‍යම යාමය, පශ්චිම යාමය, වශයෙන් රාත්‍රිය තෙ කොටසකට ද දවාලත් එසේ තුන් කොටසකට දැයි රෑ දවාල කොටස් හයකට බෙදා. පඤ්ච කොට්ඨාසං ජහෙය්ය රාත්‍රී මධ්‍යම යාමය හැර සෙසු කොටස් පහෙහි නො නිදාගන්නේය. එකං කොට්ඨාසං නිපජ්ජෙය්ය එකම මධ්‍යම යාම කොටසේදී සිහි ඇතිව, සිහි කල්පනාවෙන් නින්දට බැසගත්තේ ය.
ඉධ භික්ඛු දිවසම්පි පුබ්බණ්හෙ මජ්ඣන්හෙ සායන්හෙති තයොපි දිවසකොට්ඨාසා ගහිතා. චඞ්කමෙන නිසජ්ජායාති සකලං දිවසං ඉමිනා ඉරියාපථද්වයෙනෙව විහරන්තො චිත්තස්ස ආවරණතො ආවරණීයෙහි ධම්මෙහි පඤ්චහි නීවරණෙහි සබ්බාකුසලධම්මෙහි වා. චිත්තං පරිසොධෙය්යාති තෙහි ධම්මෙහි චිත්තං විසොධෙය්ය. ඨානං පනෙත්ථ කිඤ්චාපි න ගහිතං, චඞ්කමනිසජ්ජාසන්නිස්සිතං පන කත්වා ගහෙතබ්බමෙව. පඨමං යාමන්ති සකලස්මිම්පි පඨමයාමෙ.
ඉධ භික්ඛු දිවාසං පෙරවරු, මැදියම, සවස යන දවාල කොටස් තුන ගන්නා ලදී. චංකමෙන නිසජ්ජාය මුලු දවල් කාලයම මේ ඉරියව් දෙකෙන් වාසය කරමින් සිතේ කෙලෙස් දුරුකිරීමෙන්. ආවරණියෙහි ධම්මෙහි පංච නීවරණ වූ සියලු අකුසල ධර්මයන් ගෙන්. චිත්තං පරිසොධෙය්ය ඒ අකුසල ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්නේය. විශේෂයෙන් දුරු කරන්නේය. මෙහි ස්ථානාදියක් නොගන්නා ලදී. සක්මන, හිඳීම, ආශ්‍රය කරගෙනම අර්ථ ගතයුතුය. පඨමං යාමං සියලු ප්‍රථම යාමයෙහි.
සෙය්යන්ති එත්ථ කාමභොගීසෙය්යා පෙතසෙය්‍යා සීහසෙය්‍යා තථාගතසෙය්යාති චතස්සො සෙය්යා. තත්ථ “යෙභුය්යෙන, භික්ඛවෙ, කාමභොගී වාමෙන පස්සෙන සෙන්තී”ති (අ· නි· 1.4246) අයං කාමභොගීසෙය්යා. තෙසු හි යෙභුය්යෙන දක්ඛිණපස්සෙන සයානො නාම නත්ථි. “යෙභුය්යෙන, භික්ඛවෙ, පෙතා උත්තානා සෙන්තී”ති (අ· නි· 4.246) අයං පෙතසෙය්‍යා. අප්පමංසලොහිතත්තා හි අට්ඨිසඞ්ඝාටඝට්ටිතා එකෙන පස්සෙන සයිතුං න සක්කොන්ති, උත්තානාව සෙන්ති. “සීහො, භික්ඛවෙ, මිගරාජා දක්ඛිණෙන පස්සෙන සෙය්යං කප්පෙති…පෙ… අත්තමනො හොතී”ති (අ· නි· 4.246) අයං සීහසෙය්‍යා. තෙජුස්සදත්තා හි සීහො මිගරාජා ද්වෙ පුරිමපාදෙ එකස්මිං පච්ඡිමපාදෙ එකස්මිං ඨානෙ ඨපෙත්වා නඞ්ගුට්ඨං අන්තරසත්ථිම්හි පක්ඛිපිත්වා පුරිමපාදපච්ඡිමපාදනඞ්ගුට්ඨානං ඨිතොකාසං සල්ලක්ඛෙත්වා ද්වින්නං පුරිමපාදානං මත්ථකෙ සීසං ඨපෙත්වා සයති. දිවසම්පි සයිත්‍වා පබුජ්ඣමානො න උත්රස්තො පබුජ්ඣති, සීසං පන උක්ඛිපිත්වා පුරිමපාදාදීනං ඨිතොකාසං සල්ලක්ඛෙති. සචෙ කිඤ්චි ඨානං විජහිත්වා ඨිතං හොති, “නයිදං තුය්හං ජාතියා, න සූරභාවස්ස අනුරූප”න්ති අනත්තමනො හුත්වා තත්ථෙව සයති, න ගොචරාය පක්කමති. අවිජහිත්වා ඨිතෙ පන “තුය්හං ජාතියා ච සූරභාවස්ස ච අනුරූපමිද”න්ති හට්ඨතුට්ඨො උට්ඨාය සීහවිජම්භිතං විජම්භිත්වා කෙසරභාරං විධුනිත්වා තික්ඛත්තුං සීහනාදං නදිත්වා ගොචරාය පක්කමති. චතුත්ථජ්ඣානසෙය්යා පන තථාගතසෙය්යාති වුච්චති. තාසු ඉධ සීහසෙය්‍යා ආගතා. අයඤ්හි තෙජුස්සදඉරියාපථත්තා උත්තමසෙය්යා නාම.
සෙය්යං මෙහි කාමභෝගි සෙය්යාව, ප්‍රේත සෙය්යාව, සීහ සෙය්යාව හා තථාගත සෙය්යාව යැයි සෙය්‍ය සතරකි. එහි “මහණෙනි, බොහෝමයක් කාමභෝගීහු වම් ඇලයෙන් නිදති”යි වදාළේ කාමභෝගී සෙය්‍යාවයි. බොහෝ වශයෙන් ම ඔවුන්ගේ නම් දකුණු ඇලයෙන් නිදීමක් නම් නැත. “මහණෙනි, බොහෝ සෙයින් ම ප්‍රේතයෝ උඩුකුරුව සයනය කරති” මේ ප්‍රේත සෙය්‍යාවයි. අල්ප මස් ලේ ඇති බැවින්, ඇට සැකිල්ල බැවින්, ඇට සැකිල්ල ගැටෙන නිසා එක් ඇලයකින් නිදීමට අසමත් ප්‍රේතයෝ උඩුකුරුව නිදති. “මහණෙනි මංගරාජ වූ සිංහයා දකුණු ඇලයෙන් නිදයි. -පෙ- සතුටු සිත් ඇතිවේ”යි වදාළේ සීහ සෙය්‍යාවයි. තේජස් බහුල වූ බැවින් මෘගරාජ වූ සිංහයා පෙර පා දෙක අතර තබා, පෙර පසු සිවුපාද වලිගය පිහිටි තැන් සලකා, පෙර පා දෙක මත හිස තබාගෙන නිදයි. දවසක් ඌ නිදා පිබිදෙනුයේ බිය නොවී අවදි වෙයි. හිස ඔසවා පෙර පා, වලිගාදිය පිහිටි තැන සළකා බලයි. ඉදින් ශරීරාවය එකක් හෝ සිටින තැනින් බැහැර වී සිටියේ නම් “මෙය නුඹගේ ජාතියෙන් ශූර භාවයට සුදුසු නොවේ”යි නොසතුටු සිතැතිව නැවත එහි ම නිදයි. ගොදුරු පිණිස නොයයි. අවයව බැහැර නොවී සිටියේ නම් එය නුඹගේ ජාතියටත් ශූරභාවයටත් මෙය ඉතාම සුදුසු යැයි තුටු පහටුව නැගිට, සීහ කිළිපෙලීමෙන් කිළිපොලා, කෙසරු බර විදහා තෙවරක් සිංහනාද කර ගොදුරු පිණිස යයි. චතුර්ථ ධ්‍යානයෙන් නිදීම තථාගත සෙය්යාව නම් වේ. එම සෙය්යා අතරින් මෙහි සීහ සෙය්යාවේ පැමිණි අයුරින් ම දත යුතුයි. එය වනාහී තේජස් බහුල ඉරියවු ඇති බැවින් උතුම් සෙය්යාව නම් වේ.
පාදෙ පාදන්ති දක්ඛිණපාදෙ වාමපාදං. අච්චාධායාති අතිආධාය ඊසකං අතික්කම්ම ඨපෙත්වා. ගොප්ඵකෙන හි ගොප්ඵකෙ, ජාණුනා වා ජාණුම්හි සඞ්ඝට්ටියමානෙ අභිණ්හං වෙදනා උප්පජ්ජති, චිත්තං එකග්ගං න හොති, සෙය්යා අඵාසු හොති. යථා පන න සඞ්ඝට්ටෙති, එවං අතික්කම්ම ඨපිතෙ වෙදනා නුප්පජ්ජති, චිත්තං එකග්ගං හොති, සෙය්යා ඵාසු හොති. තෙන වුත්තං – “පාදෙ පාදං අච්චාධායා”ති. සතො සම්පජානොති සතියා චෙව සම්පජානපඤ්ඤාය ච සමන්නාගතො හුත්වා. ඉමිනා සුපරිග්ගාහකං සතිසම්පජඤ්ඤං කථිතං. උට්ඨානසඤ්ඤං මනසිකරිත්වාති “අසුකවෙලාය නාම උට්ඨහිස්සාමී”ති එවං උට්ඨානවෙලාපරිච්ඡෙදකං උට්ඨානසඤ්ඤං චිත්තෙ ඨපෙත්වා. එවං කත්වා නිපන්නො හි යථාපරිච්ඡින්නකාලෙයෙව උට්ඨාති.
පාදෙ පාදං පයෙහි වම් පස. අච්චාධාය “අති ආධාය -අච්චාධාය” මදක් ඉක්මවා තබා ගොපමසින් ගොපමස හා දණමඩලින් දණමඬල ගැටෙන විට නිතර වේදනා උපදියි. සිත එකඟ නොවේ. සයනය කිරීම අපහසු වේ. නොගැටෙන සේ මෙසේ මදක් ඉක්මවා තබාගත් කල්හි මෙවැනි වේදනා ඇති නොවේ. සිත එකඟ වේ. සයනය කිරීම පහසු වේ. එනිසා “දකුණු පයෙහි වම් පය මදක් ඈත් කර තබා”යි කියන ලදී. සතො සම්පජානො සිහියෙන් ද සම්පජඤ්ඤ ප්‍රඥාවෙන්ද යුක්ත ව, මෙයින් මනාව පරිග්රහිත සම්පජඤ්ඤය කියන ලදී. උට්ඨාන සඤ්ඤං මනසිකරිත්වා “අසුවල් වේලාවෙහි මම නැගිටින්නෙමි” යි මෙසේ නැගිටින වේලාව පිරිසිඳ උට්ඨාන සංඥාව සිතේ තබා, මෙසේ කර හොත්තා වූ උන්වහන්සේ නියම කළ කාලයෙහි ම නැගී සිටිති.
වීරියින්ද්රියනිද්දෙසෙ චෙතසිකොති ඉදං වීරියස්ස නියමතො චෙතසිකභාවදීපනත්ථං වුත්තං, ඉදඤ්හි වීරියං “යදපි, භික්ඛවෙ, කායිකං වීරියං, තදපි වීරියසම්බොජ්ඣඞ්ගො, යදපි චෙතසිකං වීරියං, තදපි වීරියසම්බොජ්ඣඞ්ගොති. ඉතිහිදං උද්දෙසං ගච්ඡතී”ති එවමාදීසු සුත්තෙසු (සං· නි· 5.233) චඞ්කමාදීනි කරොන්තස්ස උප්පජ්ජනතාය කායිකන්ති වුච්චමානම්පි කායවිඤ්ඤාණං විය කායිකං නාම නත්ථි, චෙතසිකමෙව පනෙතන්ති දීපෙතුං “චෙතසිකො”ති වුත්තං. වීරියාරම්භොති වීරියසඞ්ඛාතො ආරම්භො. අයඤ්හි ආරම්භසද්දො කම්මෙ ආපත්තියං කිරියායං වීරියෙ හිංසායං විකොපනෙති අනෙකෙසු අත්ථෙසු ආගතො.
විරියින්ද්රිය නිද්දේසයේ - චෙතසිකො මෙය වීර්යයේ නියම වශයෙන් චෛතසික බව දීපනය කිරිම සදහා කියන ලදී. මේ වීර්ය යනු “මහණෙනි, යම් ඒ කායික වීර්යයක් වේද එයම විරිය සම්බොජ්ඣංගයයි. යම් චෛතසික වීර්යයක් වේද එය ද විරිය සම්බොජ්ඣංගයයි. මෙසේ උද්දේසයට පැමිණේ.” මේ ආදී සූත්‍රයන්හි සක්මන් ආදිය කරන්නට උපදින්නාට කායික යැයි කිවයුතු වූ ද කාය විඤ්ඤාණය මෙන් කායික වූවක් නම් නැත. චෛතසිකය ම මෙහිදී දැක්වීමට “චෛතසික” යැයි කියන ලදී. විරියාරම්භෙ යනු වීර්ය සංඛ්‍යාත ආරම්භයයි. මේ ආරම්භ ශබ්දය කම්ම, ආපත්ති, කිරිය, විරිය, හිංසාය, විකෝපන යනාදී අනේකවිධ අර්ථයන් හි යෙදේ.
“යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ආරම්භපච්චයා; ආරම්භානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො”ති. (සු· නි· 749) –
යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං ආරබ්හ පච්චයා, ආරම්භනං නිරොධෙන නත්ථි දුක්ඛස්ස සම්භාවො
එත්ථ හි කම්මං ආරම්භොති ආගතං. “ආරම්භති ච විප්පටිසාරී ච හොතී”ති (අ· නි· 5.142; පු· ප· 191) එත්ථ ආපත්ති. “මහායඤ්ඤා මහාරම්භා, න තෙ හොන්ති මහප්ඵලා”ති (අ· නි· 4.39; සං· නි· 1.120) එත්ථ යූපුස්සාපනාදිකිරියා. “ආරම්භථ නික්කමථ, යුඤ්ජථ බුද්ධසාසනෙ”ති (සං· නි· 1.185; කථා· 333; නෙත්ති· 29; පෙටකො· 38; මි· ප· 5.1.4) එත්ථ වීරියං. “සමණං ගොතමං උද්දිස්ස පාණං ආරම්භන්තී”ති (ම· නි· 2.51) එත්ථ හිංසා. “බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොතී”ති (දී· නි· 1.10; ම· නි· 1.293) එත්ථ ඡෙදනභඤ්ජනාදිකං විකොපනං. ඉධ පන වීරියමෙව අධිප්පෙතං. තෙනාහ “වීරියාරම්භොති වීරියසඞ්ඛාතො ආරම්භො”ති. වීරියඤ්හි ආරම්භනවසෙන ආරම්භොති වුච්චති. ඉදමස්ස සභාවපදං. කොසජ්ජතො නික්ඛමනවසෙන නික්කමො. පරං පරං ඨානං අක්කමනවසෙන පරක්කමො. උග්ගන්ත්වා යමනවසෙන උය්යාමො. වායමනවසෙන වායාමො. උස්සහනවසෙන උස්සාහො. අධිමත්තුස්සහනවසෙන උස්සොළ්හී. ථිරභාවට්ඨෙන ථාමො. චිත්තචෙතසිකානං ධාරණවසෙන අවිච්ඡෙදතො වා පවත්තනවසෙන කුසලසන්තානං ධාරෙතීති ධිති.
කිසියම් දුකක් වේ නම් ඒ සියලු දුක් ආරම්භ ප්‍රත්‍යයෙන් හටගනියි. ආරම්භයන්ගේ නිරෝධයෙන් දුකෙහි හටගැනීමක් නැත. මෙහිදී කර්මය ආරම්භ යැයි දැක්විනි. “ආරම්භති විප්පටිසාරී ච හොති” මෙහි ආරම්භ යනු ආපත්තියයි. “මහායඤ්ඤා මහරම්භ නතෙ හොන්ති මහප්ඵලා” මෙහි ආරම්භ යන්න යූප එසවීම් ආදී ක්‍රියා (කිරිය) අර්ථයේ යෙදී ඇත. “ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනෙ” මෙහි විරියාර්ථයේ යෙදී ඇත. “සමණං ගොත්තං උද්දිස්ස පාණං ආරභන්ති” යන මෙහි හිංසාර්ථයේ යෙදී ඇත. “බීජගාම භූතගාමසමාරම්භ පටිවිරතො හොති”යන මෙහි ජේදන භඤ්ජනාදී විකෝපනාර්ථයේ යෙදී ඇත. මෙම සූත්‍රයේ දී ආරම්භ පදයෙන් වීර්යම අදහස් කරන ලදී. එනිසා කියන ලදී. “විරියාරම්භ යනු වීර්ය සංඛ්‍යාත ආරම්භයයි. වීර්ය වනාහි ආරම්භක වශයෙන් ආරම්භ යැයි කියයි. මෙය මෙහි භාව පදයයි. කුසීතකමින් බැහැරවීම - නික්මයෑම නික්ඛමො. උතුම් උතුම් ස්ථානයට පත් වීමට උත්සාහ කිරීම පරක්කමො. නැගී උද්යෝගීව ගමන් කිරිම් වශයෙන් උය්යාමො. වෑයම් කිරීම් වශයෙන් වායාමො. උත්සාහය කිරීම් වශයෙන් උස්සාහො. අධික මාත්‍රව ඉවසීම් වශයෙන් උස්සොළ්හී, ස්ථිරභාවයෙන් ථාමො. චිත්ත චෛතසිකයන්ගේ දැරීම් වශයෙන් නොසැදී පැවතීම් වශයෙන් හෝ කුසල සන්තානය ධරන්නේනුයි ධිති.
අපරො නයො – නික්කමො චෙසො කාමානං පනුදනාය. පරක්කමො චෙසො බන්ධනච්ඡෙදාය. උය්යාමො චෙසො ඔඝස්ස නිත්ථරණාය. වායාමො චෙසො පාරං ගමනට්ඨෙන. උස්සාහො චෙසො පුබ්බඞ්ගමට්ඨෙන. උස්සොළ්හී චෙසො අධිමත්තට්ඨෙන. ථාමො චෙසො පලිඝුග්ඝාටනතාය. ධිති චෙසො අට්ඨිතකාරිතායාති.
මේ තවත් අර්ථ දක්වන ක්රමයකි. මෙතෙම කාමයන්ගේ දුරුකිරීම පිණිස නික්මෙයි. බන්ධන සිඳීම පිණිස මෙතෙම පරාක්‍රම කරයි. චතුරෝඝ තරණයට මෙතෙම උද්යෝගී වේ. පරතෙරට යෑම පිණිස මෙතෙම වෑයම් කරයි. පූර්වාගමාර්ථයෙන් මෙතෙම උත්සහ වඩයි. අධිමාත්රාර්ථයෙන් මෙතෙම උත්සාහවත් වේ. මෙතෙම පලිඝයන් උපුටා දැමීම පිණිස ස්ථිරව යොමුවේ. නොසිටි බව ඇතිකිරීම පිණිස ධෛර්ය ඇති වේ.
“කාමං තචො ච න්හාරු ච, අට්ඨි ච අවසිස්සතූ”ති (අ· නි· 2.5) එවං පවත්තිකාලෙ අසිථිලපරක්කමවසෙන අසිථිලපරක්කමතා, ථිරපරක්කමො දළ්හපරක්කමොති අත්ථො. යස්මා පනෙතං වීරියං කුසලකම්මකරණට්ඨානෙ ඡන්දං න නික්ඛිපති, ධුරං න නික්ඛිපති, න ඔතාරෙති න විස්සජ්ජෙති, අනොසක්කිතමානසතං ආවහති, තස්මා “අනික්ඛිත්තච්ඡන්දතා අනික්ඛිත්තධුරතා”ති වුත්තං. යථා පන තජ්ජාතිකෙ උදකසම්භින්නට්ඨානෙ ධුරවාහගොණං “ගණ්හථා”ති වදන්ති, සො ජාණුනා භූමිං උප්පීළෙත්වාපි ධුරං වහති, භූමියං පතිතුං න දෙති, එවමෙව වීරියං කුසලකම්මකරණට්ඨානෙ ධුරං න නික්ඛිපති පග්ගණ්හාති, තස්මා “ධුරසම්පග්ගාහො”ති වුත්තං. පග්ගහලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති වීරියින්ද්‍රියං. කොසජ්ජෙ න කම්පතීති වීරියබලං. යාථාවනිය්යානිකකුසලවායාමතාය සම්මාවායාමො.
“ඒකාන්තයෙන් සම ද නහර ද ඇට ද ඉතිරිවේවා” යි මෙසේ පැවති කාලයේ නොලිහිල් පරාක්‍රම වශයෙන් අසිථිල පරක්කමතා, ස්ථිර පරාක්‍රම ඇති, දැඩි පරාක්‍රම ඇති යන අර්ථයයි. යම්හෙයකින් මේ වීර්යය කුසල කර්ම කිරීමට ඡන්දය බහා නොතබයිද ධුරය බහා නොතබයිද නොබැස ගනියිද අත්හරියිද නොපසුබස්නා බව එළවයිද එහෙයින් අනික්ඛත්ත ජන්දතා, අනික්ඛිත්ත ධුරතා යි කියන ලදී. යම්සේ නදී ආදී ජල පහර ඇති තැනකදී බර උසුලන ගොනා “ගනිවු” යැයි කියත්ද ඒ ගොනා දණින් බිම මැඬගෙන වූවත් බර උසුලයි. උසුලන බර බිම වැටීමට ඉඩ නොදෙයි. මෙලෙසින්ම වීර්යය කුසල කර්ම කිරීමේ දී ධුරය බහා නොතබයි. දැඩි කොට ගනියි. එනිසා ධුර සම්පග්ගාහො යි කියන ලදී. ගැනීම් ලක්ෂණයේ ප්‍රධාන බව කරන්නේනුයි විරියින්ද්රියං. කුසීත බවෙහි අකම්පිත වේනුයි විරිය බලං. සත්‍ය වූ නෛර්යාණික වූ කුසලය සඳහා වෑයම් කරන හෙයින් සම්මා වායාමො.
තන්දීති ජාතිආලසියං. තන්දියනාති තන්දියනාකාරො. තන්දිමනකතාති තන්දියා අභිභූතචිත්තතා. අලසස්ස භාවො ආලස්යං, ආලස්යායනාකාරො ආලස්යායනා. ආලස්යායිතස්ස භාවො ආලස්යායිතත්තං. ඉති සබ්බෙහි ඉමෙහි පදෙහි කිලෙසවසෙන කායාලසියං කථිතං.
අලස බව තන්දි. තන්දියනා අලස ආකාරය. තන්දිමනකතා අලසභාවයෙන් මැඩලූ සිත් ඇති බව. අලස බව ආලසීයං. අලස, මැලිවන ආකාරය ආලසයනා. අලස බවින් මැඬුණු බව ආලස්සායිතත්තං. මෙසේ සියලුම මේ පදයන්ගෙන් කෙලෙස් වශයෙන් කායික අලස බව කියන ලදී.
වඤ්චනිකා චරියාති වඤ්චනිකා කිරියා. මා මං ජඤ්ඤාති වාචං භාසතීති ජානංයෙව පණ්ණත්තිං වීතික්කමන්තො භික්ඛු භාරියං කරොති, අම්හාකං පන වීතික්කමට්ඨානං නාම නත්ථීති උපසන්තො විය භාසති. කායෙන පරක්කමතීති “මයා කතං ඉදං පාපකම්මං මා කෙචි ජානිංසූ”ති කායෙන වත්තං කරොති. විජ්ජමානදොසපටිච්ඡාදනතො චක්ඛුමොහනමායා වියාති මායා, මායාවිනො භාවො මායාවිතා. කත්වා පාපං පුන පටිච්ඡාදනතො අති අස්සරති එතාය සත්තොති අච්චසරා. කායවාචාකිරියාහි අඤ්ඤථා දස්සනතො වඤ්චෙතීති වඤ්චනා. එතාය සත්තා නිකරොන්තීති නිකති, මිච්ඡා කරොන්තීති අත්ථො. “නාහං එවං කරොමී”ති පාපානං නික්ඛිපනතො නිකිරණා. “නාහං එවං කරොමී”ති පරිවජ්ජනතො පරිහරණා. කායාදීහි සංවරණතො ගූහනා. සබ්බතො භාගෙන ගූහනා පරිගූහනා. තිණපණ්ණෙහි විය ගූථං කායවචීකම්මෙහි පාපං ඡාදියතීති ඡාදනා. සබ්බතො භාගෙන ඡාදනා පරිච්ඡාදනා. න උත්තානං කත්වා දස්සෙතීති අනුත්තානීකම්මං. න පාකටං කත්වා දස්සෙතීති අනාවිකම්මං. සුට්ඨු ඡාදනා වොච්ඡාදනා. කතපාපපටිච්ඡාදනවසෙන පුනපි පාපස්ස කරණතො පාපකිරියා. අයං වුච්චතීති අයං කතපටිච්ඡාදනලක්ඛණා මායා නාම වුච්චති. යාය සමන්නාගතො පුග්ගලො භස්මාපටිච්ඡන්නො විය අඞ්ගාරො, උදකපටිච්ඡන්නො විය ඛාණු, පිලොතිකාය පලිවෙඨිතං විය ච සත්ථං හොති. අතිවෙලං දන්තවිදංසකං හසතීති පමාණාතික්කන්තං දන්තං විවරිත්වා පරෙසං දස්සෙත්වා හාසං සොමනස්සං උප්පාදෙත්වා හසති.
වඤ්චනකචාරියා වංචනික ක්‍රියාව. මා මං ජඤ්ඤාති වාචං භාසති. දන්නේ ම ප්රඥප්තිය ඉක්මවා ගියේ, “භික්ෂුව බැරෑරුම් වූවක් කරයි. අපගේ වනාහි ඉක්මවා ගිය ස්ථානයක් නම් නැත”යි උපශාන්ත වූවන් මෙන් කියයි. කායෙන පරක්කමති මවිසින් කරණ ලද මේ පාප කර්මය කිසිවකු දැන නොගනිත්වායි කායික වැරදි සඟවා විද්‍යමාන දෝෂයන් වැසීමෙන් ඇස මුළාකරන මායාවක් මෙන් වූයේ මායා. මායා වියාගේ ස්වභාවය මායාවිතා. පවු කර නැවත වසා දැමීමෙන් ඉතා වැඩියෙන් ඉක්මවා යයි, එයින් යුක්ත වූයේ අච්චසරා. වාචික ක්‍රියාවලින් අන් අයුරකින් දැකීමෙන් රවටනුයි වංචනා. මෙයින් සත්ත්වයෝ රැවටෙත්නුයි නිකති, වැරදි කරති යන අර්ථයයි. “මම මෙසේ නො කරමි”යි පාපයන්ගේ බහා තැබීමෙන් නිකිරණා. මම මෙසේ නො කරමි යි වර්ජනය කිරීමෙන් පරිහරණා. කායාදියෙන් වැසීමෙන් ගුහනා. සියලු ආකාරයෙන් ම වැසීම පරිච්ඡාදනා. උඩුකුරු කර, මතුකර නොදක්වයි. අනුත්තානීකම්මං ප්‍රකට කර නොදක්වන්නේනුයි අනාවිකම්මං මනාව වැසීම වොච්ඡාදනා කරන ලද පවු වසා දැමීම් වශයෙන් නැවතත් පවු කිරීමෙන් පාපකිරියා අයං වුචවතී මේ කළ දේ වසාදමන ලක්ෂණය මායා නම් වන බව කියනු ලැබේ. මේ මායාවෙන් යුක්ත වු පුද්ගලයා මනාව හාත්පසින් වැසුණු ගිනිඅඟුරක් මෙන් ද දියෙන් වැසී ගිය හුලක් මෙන්ද රෙදි කඩ වලින් ඔතා තැබූ ආයුධයක් මෙන්ද අතිශය භයානක වේ. අතිවෙලං දන්තවිදං සකං හසති. පමණ ඉක්මවා දත් විවෘත කරමින් අනුන්ට දක්වා සිනාසීම, සොම්නස් උපදවා සිනාසෙයි.
කායිකා ච ඛිඩ්ඩාති කායෙන පවත්තා කීළා. එසෙව නයො වාචසිකායපි. හත්ථීහිපි කීළන්තීති හත්ථීහි කීළිතත්ථාය පුරතො ධාවනආධාවනපිට්ඨනිසීදනාදිකීට්ඨාය කීළන්ති. එසෙව නයො අස්සරථෙසුපි. අට්ඨපදෙපි කීළන්තීති එකෙකාය පන්තියා අට්ඨ අට්ඨ පදානි අස්සාති අට්ඨපදං, තස්මිං අට්ඨපදෙ. දසපදෙපි එසෙව නයො. ආකාසෙපීති අට්ඨපදදසපදෙසු විය ආකාසෙයෙව කීළන්ති. පරිහාරපථෙපීති භූමියං නානාපථමණ්ඩලං කත්වා තත්ථ පරිහරිතබ්බපථං පරිහරන්තා කීළන්ති. සන්තිකායපි කීළන්තීති සන්තිකකීළාය කීළන්ති, එකජ්ඣං ඨපිතා සාරියො වා පාසාණසක්ඛරායො වා අචාලෙන්තා නඛෙනෙව අපනෙන්ති ච උපනෙන්ති ච. සචෙ තත්ථ කාචි චලති, පරාජයො හොතීති.
කායිකාච ඛිඩ්ඩා කයින් කරන ක්රීඩාදියයි. වාචසිකා දියෙහි ද නයින් අර්ථ ගත යුතුයි. හත්ථිහිපි කීළන්ති ඇතුන් සමග කරන සෙල්ලම්, ඉදිරියෙන් දිවීම්, පසුපස දිවීම් හා ඇතුපිට යෑම් ආදී ක්‍රීඩාවන් සිදුකරති. අසුන්, රිය ආදියෙහි ද මෙම නයින් අර්ථ ගතයුතුයි. අට්ඨපදෙපි කීළන්ති එක් එක් පේළියට කැට අට බැගින් ගෙන ක්‍රීඩා කරනුයේ අට්ඨපදයයි. ඒ කට්ටිය අටක් ඇති දාන් ලෑල්ලෙන් සෙල්ලම් කරති. දසපදයෙහි ද ඒ අනුසාරයෙන් අරුත් දතයුතු ආකාසෙ යනු අටපද, දසපද ආදියෙහි මෙන් අහසෙහිම ක්‍රීඩා කරති. පරිහාර පථෙපි භූමියෙහි නානා මාර්ග ඇති මණ්ඩලයක් කර, එහි රැකගතයුතු දේ රැකගනිමින් ක්‍රීඩා කරති. සත්තිකායපි කීළන්ති සත්තික ක්‍රීඩාවෙන් කෙළිති. (පෙළෙහි “සන්තික” යැයි යෙදේ.) එක් තැනක සිටි හැල් වී හෝ ගල් කැට නොසොලා නියපිටින් ම ගෙනයෑම ද ගෙන ඒමද කරයි. ඉදින් කිසිවකු නියෙන් එය ගිලිහේද ඔහුට පරාජය වේ.
ඛලිකායාති ජූතඵලකෙ පාසකකීළාය කීළන්ති. ඝටිකායාති ඝටිකා වුච්චති දීඝදණ්ඩකෙන රස්සදණ්ඩකං පහරණකීළා, තාය කීළන්ති. සලාකහත්ථෙනාති ලාඛාය වා මඤ්ජට්ඨියා වා පිට්ඨොදකෙන වා සලාකහත්ථං තෙමෙත්වා “කිං හොතූ”ති භූමියං වා භිත්තියං වා තං පහරිත්වා හත්ථිඅස්සාදිරූපානි දස්සෙන්තා කීළන්ති. අක්ඛෙනාති ගුළෙන. පඞ්කචීරෙනාති පඞ්කචීරං වුච්චති පණ්ණනාළිකා, තං ධමන්තා කීළන්ති. වඞ්කකෙනාති ගාමදාරකානං කීළනකෙන ඛුද්දකනඞ්ගලෙන. මොක්ඛචිකායාති සම්පරිවත්තකකීළාය, ආකාසෙ වා දණ්ඩං ගහෙත්වා භූමියං වා සීසං ඨපෙත්වා හෙට්ඨුපරියභාවෙන පරිවත්තන්තා කීළන්තීති වුත්තං හොති. චිඞ්ගුලකෙනාති චිඞ්ගුලකං වුච්චති තාලපණ්ණාදීහි කතං වාතප්පහාරෙන පරිබ්භමනචක්කං, තෙන කීළන්ති. පත්තාළ්හකෙනාති පත්තාළ්හකං වුච්චති පණ්ණනාළි, තාය වාලිකාදීනි මිනන්තා කීළන්ති. රථකෙනාති ඛුද්දකරථෙන. ධනුකෙනාති ඛුද්දකධනුනා. අක්ඛරිකායාති අක්ඛරිකා වුච්චති ආකාසෙ වා පිට්ඨියං වා අක්ඛරජානනකීළා, තාය කීළන්ති. මනෙසිකායාති මනෙසිකා වුච්චති මනසා චින්තිතජානනකීළා, තාය කීළන්ති. යථාවජ්ජෙනාති යථාවජ්ජං වුච්චති කාණකුණිඛුජ්ජාදීනං යං යං වජ්ජං, තං තං පයොජෙත්වා දස්සනකීළා, තාය කීළන්ති. මුඛභෙරිකන්ති මුඛසද්දෙන භෙරී විය වාදනං. මුඛාලම්බරන්ති මුඛානුලිත්තභෙරිසද්දකරණං. මුඛඩිණ්ඩිමකන්ති මුඛෙන පහතභෙරිසද්දකරණං. මුඛවලිමකන්ති ඔට්ඨමංසං ජිම්හං කත්වා සද්දකරණං. “මුඛතලික”න්තිපි පාඨො, මුඛං පරිවත්තෙත්වා ධමනං . මුඛභෙරුළකන්ති මුඛෙන භෙරිවාදනං. නාටකන්ති අභිනයං දස්සෙත්වා උග්ගණ්හාපනං. “නට්ටක”න්තිපි පාඨො. ලාපන්ති උක්කුට්ඨිතකරණං. ගීතන්ති ගායනං. දවකම්මන්ති හස්සකීළාකරණං. අයං වාචසිකා ඛිඩ්ඩාති අයං කීළා වාචාය ජාතා වචීද්වාරෙ උප්පන්නා.
කලිකාය සුදු ඵලකයෙහි පස ඇටින් ක්‍රීඩා කරති. ඝටිකාය ඝටිකා යනු දිග දණ්ඩකින් කෙටි දණ්ඩකට ගසන (කල්ලි ගැසීම) ක්‍රීඩාවයි. එයින් ක්‍රීඩා කරති. සලාකහත්ථෙන ලාකඩවල හෝ මදටිය දියේ හෝ පිටි වතුරක හෝ සලාක අත (උණ ලී ඇති) බහා තෙමාගෙන, “කුමක් වේ ද?” යි අසමින් බිම හෝ බිත්තියකට හෝ ඉන් ගසා ඇත් - අස් ආදී රූප දක්වමින් කරන ක්‍රීඩාවකි. අක්ඛෙන පන්දු කෙලියෙන් පංගචීරයෙන් පංගවීර යනු පන්නළයයි. එය පිඹිමින් ක්‍රීඩා කරති. වංකෙන ගැමි දරුවන්ගේ ක්‍රීඩා කිරීම් සඳහා වූ කුඩා නගුලෙන් මොක්ඛ චිකාය මනාව පරිවර්ත ක්‍රීඩාවෙන්, අහසෙහි දණ්ඩක් ගෙන හෝ බිම හිස තබා හෝ උඩට යටට ආදී වශයෙන් පෙරළෙමින් ක්‍රීඩා කරත් යැයි කියන ලදී. චිංගුලකෙන නම් තල් කොළ ආදියෙන් සැදු සුළං පහරින් කැරකෙන සක. රෝදයකි. ඉන් ක්‍රීඩා කරති. පත්තාළ්හනෙක පත්තාළ්හක නම් පන් නැළියයි. ඉන් වැල ආදී ද්‍රව්‍ය මනිමින් ක්‍රීඩා කරති. රථකෙන කුඩා රථ වලින් ධනුකෙන කුඩා දුණු වලින්. අක්ඛරිකාය අක්ඛරික යනු අහසෙහි හෝ පිටෙහි හෝ අකුරු අදින ක්‍රීඩාවයි. ඉන් ක්‍රීඩා කරති. මනෙසිකාය මනේසිකා නම් සිතින් සිතූ දෙය දැන ගන්නා (එය පවසන) ක්‍රීඩාවයි. ඉන් ක්‍රීඩා කරති. යථාවඡ්ඡෙන යථාවජ්ජ නම් කණ අත් කොර, පාකොර ආදීන්ගේ යම් යම් අඩුපාඩු වේද ඒවා ප්‍රදර්ශනය කරමින් කරන ක්‍රීඩාවකි. එම ක්‍රීඩාව කරති. මුඛභෙරියං මුවින් බෙරයක් මෙන් ශබ්ද පවත්වන ක්‍රීඩාව මුඛාලම්බරං යනු මුවින් පනාබෙරයේ හඬ පැවැත්වීම. මුඛදෙණ්ඩිමකං මුවින් පටහ බෙර හඬ අනුකරණය කිරීමයි. මුඛචලිමකං තොල් මසෙහි දිව තබා ශබ්ද කිරීමයි. මුඛචලිමකං යන පාඨයද යෙදේ. මුඛය පෙරලා පිඹීම හෙවත් සීරුසන් (සිවුරුහන්) බෑමයි. මුඛභෙරිලං (මුඛභෙරුලකං) අභිනය දක්වමින් අදහස් පැවසීමයි. නාටකං යන පාඨයද යෙදේ. ලාසං ඔල්වර හඬ, මහත් ඝෝෂා කිරීමයි. ගීතං ගායනය. දව කම්මං සිනා කෙළිය කිරීම. අයං වාචසිකා ඛිඩ්ඩා මේ ක්‍රීඩාව වචනවලින්, වාග් ද්වාරයෙන් කරන, මුවින් කරන ක්‍රීඩා වේ.
කෙසා ච මස්සු චාතිආදීසු කෙසානං කත්තරිකාය ඨානාතිරිත්තානි අකත්වා කත්තරිකාය ඡෙදනං මස්සූනං දාඨිකං ඨපෙත්වා කප්පාසනඤ්ච එකතොවණ්ඩිකාදිමාලා ච මූලගන්ධාදිගන්ධා ච ඡවිකරණවිලෙපනා ච. ගීවාදීසු පිළන්ධනආභරණා ච සීසෙ පටිමුඤ්චනපසාධනපිළන්ධනා ච සරීරනිවාසනවිචිත්රවත්ථා ච සංවෙල්ලියබන්ධනපසාධනඤ්ච. “පරාසන”න්තිපි පාඨො. සීසවෙඨනපටසඞ්ඛාතවෙඨනඤ්ච.
කෙසා ච මස්සුච ආදියෙහි ඉතිරි නොකර කතුරින් කෙස් කැපීමද දළි තබා රැවුළ බෑම ද එකතු කළ නැටි මාල ද මුල් සුවඳ ආදී සුවඳ ද්‍රව්‍යද සමේ ගල්වන ආලේපනාදිය ද බෙල්ලෙහි පළඳන ආභරණ ද හිසේ වේළන බඳ පටි, හිස් වෙළුම් ආදිය ද ශරීරය වසන විසිතුරු වස්ත්‍ර ද මනාව වෙලා බඳින වටිනා වස්ත්‍ර ද රසනං යන පාඨය ද යෙදේ. හිස් වෙළුම් පට සංඛ්‍යාත රසන්දම් ද.
උච්ඡාදනාදීසු මාතුකුච්ඡිතො නික්ඛන්තදාරකානං සරීරගන්ධො ද්වාදසමත්තවස්සකාලෙ නස්සති, තෙසං සරීරගන්ධහරණත්ථාය ගන්ධචුණ්ණාදීහි උච්ඡාදෙන්ති, එවරූපං උච්ඡාදනං න වට්ටති. පුඤ්ඤවන්තෙ පන දාරකෙ ඌරූසු නිපජ්ජාපෙත්වා තෙලෙන මක්ඛෙත්වා හත්ථපාදඌරුනාභිආදීනං සණ්ඨානසම්පාදනත්ථං පරිමද්දන්ති, එවරූපං පරිමද්දනං න වට්ටති.
උච්ඡාදනා දියෙහි - මවු කුසින් බිහි වූ දරුවන්ගේ ශරීරයේ ඇති ගඳ වයස අවුරුදු දොළහක් වන විට නැසේ. ඔවුන්ගේ ශරීරයේ ගඳ නැසීමට සුවඳ සුනු ආදිය අතුල්ලති. මෙබදු ඇඟ ඉලීම් නැහැවීම් නුසුදුසුය. පින්වත් දරුවන් කලවයස්හි හොවා, තෙලින් සම්බාහනය කරමින් අත් පා, කලවා නැබ ආදී ශරීරාවයව මනාව සිටින සේ පිරිමැඳීම් ආදිය කිරීම පිරිමද්දන නම් වේ. මෙබඳු පිරිමැදීම් නොහොබියි.
න්හාපනන්ති තෙසංයෙව දාරකානං ගන්ධාදීහි න්හාපනං. සම්බාහනන්ති මහාමල්ලානං විය හත්ථපාදෙ මුග්ගරාදීහි පහරිත්වා බාහුවඩ්ඪනං. ආදාසන්ති යංකිඤ්චි ආදාසං පරිහරිතුං න වට්ටති. අඤ්ජනං අලඞ්කාරඤ්ජනමෙව. මාලාති බද්ධමාලා වා අබද්ධමාලා වා. විලෙපනන්ති යංකිඤ්චි ඡවිරාගකරණං. මුඛචුණ්ණකං මුඛලෙපනන්ති මුඛෙ කාළපීළකාදීනං හරණත්ථාය මත්තිකාකක්කං දෙන්ති. තෙන ලොහිතෙ චලිතෙ සාසපකක්කං දෙන්ති, තෙන දොසෙ ඛාදිතෙ තිලකක්කං දෙන්ති, තෙන ලොහිතෙ සන්නිසින්නෙ හලිද්දිකක්කං දෙන්ති, තෙන ඡවිවණ්ණෙ ආරූළ්හෙ මුඛචුණ්ණකෙන මුඛං චුණ්ණෙන්ති, තං සබ්බං න වට්ටති.
නහාපනං ඒ දරුවන්ගේම සුවඳ ද්‍රව්‍යාදියෙන් නෑවීමයි. සම්බාහනං මහා මල්ලවපොර කරුවන්ගේ මෙන් අත් පාවලට මුගුරු ආදියෙන් පහර දී බාහු වර්ධනය කිරීම. ආදාසං කිසියම් ආකාරයක හෝ කැටපත් ආදියක් පරිහරණය කිරීම නුසුදුසුයි. අඤ්ජනං යනු අඳුන් ආදියෙන් අලංකාරය ඇති කිරීමයි. මාලා යනු ගෙතූ මල්මාලා හෝ නොගෙතූ මල් මාලා විලෙපනං කිසියම් සමේ ආලේපාදිය කිරීමක්. මුඛචණ්ණකං මුඛාලෙපං මුවෙහි කළු පිළිකාදිය ඉවත් කිරීමට මැටි කල්ක ආදිය තවරති. ඉන් ලේ සැලුණු විට අබ කල්කය දෙති. ඉන් දෝෂය නැසුණු කල්හි තල කල්කය දෙති. එයින් ලේ සංසිඳුණු කල්හි අමුකහ අල කල්කය දෙති. එයින් ඡවිවර්ණය වැඩුණු විට ගත් මුඛ චූර්ණයකින් මුව ආලේප කරති.
හත්ථබන්ධාදීසු හත්ථෙ විචිත්රසඞ්ඛකපාලාදීනි බන්ධිත්වා විචරන්ති, තං වා අඤ්ඤං වා සබ්බම්පි හත්ථාභරණං න වට්ටති. අපරෙ සිඛං බන්ධිත්වා විචරන්ති, සුවණ්ණචීරකමුත්තාවළිආදීහි ච තං පරික්ඛිපන්ති, තං සබ්බං න වට්ටති. අපරෙ චතුහත්ථදණ්ඩං වා අඤ්ඤං වා පන අලඞ්කතදණ්ඩකං ගහෙත්වා විචරන්ති , තථා ඉත්ථිපුරිසරූපාදිවිචිත්තං භෙසජ්ජනාළිකං සුපරික්ඛිත්තං වාමපස්සෙ ඔලග්ගෙන්ති, අපරෙ අනෙකචිත්රකොසං අතිතිඛිණං අසිං, පඤ්චවණ්ණසුත්තසිබ්බිතං මකරදන්තකාදිවිචිත්තං ඡත්තං, සුවණ්ණරජතාදිවිචිත්රා මොරපිඤ්ඡාදිපරික්ඛිත්තා උපාහනා, කෙචි රතනමත්තායාමං චතුරඞ්ගුලවිත්ථතං කෙසන්තපරිච්ඡෙදං දස්සෙත්වා මෙඝමුඛෙ විජ්ජුලතං විය නලාටෙ උණ්හීසපට්ටං බන්ධිත්වා චූළාමණිං ධාරෙන්ති, චාමරවාලබීජනිං ධාරෙන්ති, තං සබ්බං න වට්ටති.
හත්ථබන්ධනා දියෙහි - අතෙහි විසිතුරු හක්ගෙඩි, කටු වර්ග ආදිය බැඳගෙන ඇවිදිති. මේවා හෝ වෙනත් හෝ සියළුම ආකාරයේ හස්ථාභරණ නුසුදුසුය. ඇතමෙක් සිළු බැඳ හැසිරෙති. එය රන්වන් පොතුවලින් කළ නූල්, මුතුවැල් ආදියෙන් වෙළති. මේ සියලු සැරසීම් නුසුදුසුය. ඇතැමෙක් රියන් සතරක් දිග දණ්ඩක් හෝ වෙනත් අලංකාර කළ බෙහෙත් නළයක්, මනාව සරසාගෙන වම් පසින් එල්ලා ගනිති. ඇතැමෙක් නානාවිධ විසිතුරු කර්මාන්ත ඇති කොපුවක් සහිත ඉතා තියුණු කඩුවක් පළඳිති. පස් වර්ණයන්ගෙන් යුතු නූල් වලින් මැසූ මෝර දත් කැටයමින් අලංකාර කළ කුඩ ගෙනයති. ඇතමෙක් රන් රිදී ආදියෙන් අලංකාර කළ, මොණර පිල්වලින් වටකර සෑදු පාවහන් පළඳිති. ඇතැමෙක් රියනක් පමණ දික් වූ, අඟල් සතරක් පමණ පළල් වූ, කේශ කළාපයේ කෙළවර දක්වමින් වැසි වළාවේ විදුලියක් මෙන් නළලෙහි නළල් පට බැඳ, සිළුමිණක් දරති. සෙමෙර වල්විදුනා ද දරති. මේ සියලු සැරසීම් නුසුදුසුය.
ඉමස්ස වා පූතිකායස්සාති ඉමස්ස චාතුමහාභූතමයස්ස කුණපසරීරස්ස. කෙළනාති කීළාපනා. පරිකෙළනාති සබ්බතො භාගෙන කීළාපනා. ගෙධිතතාති අභිකඞ්ඛිතතා. ගෙධිතත්තන්ති ගිද්ධභාවො අභිකඞ්ඛිතභාවො. චපලතාති අලඞ්කාරකරණං. චාපල්යන්ති චපලභාවං.
ඉමස්ස පූතිකායස්ස මේ සිවු මහාභූතයන්ගෙන් සැදුණු කුණු ශරීරයේ, කෙළායනා (කෙළනා) ක්‍රීඩා කරවීම, පරිකෙළායනා (පරිකෙළන) සර්ව ප්‍රකාරයෙන්ම ක්‍රීඩා කරවීම, ගධිත්තා ඉතා කැමති බව ගධිතත්තං ගිජුබව, ඉතා ආශා සහිත බව (පෙළෙහි “ගෙධිත්තා,” “ගෙධිතත්තං”) චපලතා අලංකාර කිරීම, චාපල්යං චපල බව.
සවිභූසන්තිආදීසු විභූසාය සහ සවිභූසං. ඡවිරාගකරණසඞ්ඛාතෙන පරිවාරෙන සහ සපරිවාරං. පරිභණ්ඩෙන සහ සපරිභණ්ඩං. පරික්ඛාරෙන සහ සපරික්ඛාරං.
සවිභූසං ආදියෙහි “අලංකාර බව (සැරසීම්) සහිත” අර්ථය සවිභූත නම් වේ. සම අලංකාර කිරීම නම් වූ පිරිවර සහිත සපරිවාරං පිරිබඩ සහිත සපරිභණ්ඩං පිරිකර සහිත සපරික්ඛාරං.
ආථබ්බණන්ති ආථබ්බණිකමන්තප්පයොගං. සුපිනන්ති සුපිනසත්ථං. ලක්ඛණන්ති මණිලක්ඛණාදිං. නො විදහෙති නප්පයොජෙය්ය. විරුතඤ්චාති මිගාදීනං වට්ටෙත්වා වස්සිතං.
ආථබ්බණං අනුන් නසන අර්ථ වන මන්ත්‍ර ප්‍රයෝග සුපිනං සිහින ශාස්ත්‍රය. ලක්ඛණං මණි ලක්‍ෂණාදී ලක්ෂණ ශාස්ත්‍රය. නො විදහෙ නොකරන්නේය. විරුතඤ්ච මුව ආදීන්ගේ හඬ අනුව දක්වන ශාස්ත්‍රය.
ආථබ්බණිකාති පරූපඝාතමන්තජානනකා. ආථබ්බණං පයොජෙන්තීති ආථබ්බණිකා කිර සත්තාහං අලොණකං භුඤ්ජිත්වා දබ්බෙ අත්ථරිත්වා පථවියං සයමානා තපං චරිත්වා සත්තමෙ දිවසෙ සුසානභූමිං සජ්ජෙත්වා සත්තමෙ පදෙ ඨත්වා හත්ථං වට්ටෙත්වා වට්ටෙත්වා මුඛෙන විජ්ජං පරිජප්පන්ති, අථ තෙසං කම්මං සමිජ්ඣති. එවරූපං සන්ධාය “ආථබ්බණං පයොජෙන්තී”ති ආහ. තත්ථ පයොජෙන්තීති යුත්තප්පයුත්තා හොන්ති. නගරෙ වා රුද්ධෙති නගරෙ සමන්තතො රුන්ධිත්වා ආවරිත්වා ගහිතෙ. සඞ්ගාමෙ වා පච්චුපට්ඨිතෙති රණෙ උපගන්ත්වා ඨිතෙ. පච්චත්ථිකෙසු පච්චාමිත්තෙසූති පටාණීභූතෙසු වෙරීසු. ඊතිං උප්පාදෙන්තීති සරීරචලනං කම්පනං, තස්ස උප්පාදනං කරොන්ති. උපද්දවන්ති කායපීළනං කරොන්ති. රොගන්ති බ්යාධිං. පජ්ජරකන්ති ජරං. සූලන්ති උද්ධුමාතකං. විසූචිකන්ති විජ්ඣනං. පක්ඛන්දිකන්ති ලොහිතපක්ඛන්දිකං. කරොන්තීති උප්පාදෙන්ති.
ආථබ්බනිකා අනුන් නසන මන්ත්‍ර සාදන්නෝ ආතබ්බණං පයොජෙන්ති ආථබ්බණිකයෝ (සූනියම් කරන්නෝ) සත්දිනක් ලුණු රහිත ආහාර වළදා, කුසතණ අතුරා පොළවෙහි නිදමින් තපස් රැක, සත්ත්වන දින සුසාන භූමිය සරසවා, සත්වන පදයෙහි (පිරිවරෙහි) සිට අත කරකවමින් මුවින් මන්ත්‍ර පිරුවහති. ඔවුන්ගේ අභිලාෂ සමෘද්ධිමත් වේ. මෙබඳු ස්වරූපයෙන් කරණ සූනියම් ආදියට “ආථබ්බණ කරති” යි කියන ලදී. එහි පයොජෙන්ත යනු කරති. සිදුකරති. නගරෙවා රුන්ධෙ නගරය හාත්පසින් අවුරා ආරක්ෂාව සලසා ගත් කල්හි සංගාමෙ වා පච්වුපට්ඨිතෙ යුද්ධයක් හෝ පැමිණ සිටි කල්හි පච්චත්ථිකෙසු පච්චමිත්තෙසු සතුරු සේනාවෙහි සතුරන් කෙරෙහි ඊතිං උප්පාදෙනෙති ශරීරබල චලනය, කම්පනය, උවදුරු උපදවති. උපද්දවං කය පෙළීම කරති. රොගං ව්‍යාධිය, රෝගය. පජ්ජරකං ජ්වරය (උණ) සූළං උද්ධුමාතකය (ඉදිමුම්). විසූචිකං විදීම (පාචන) පක්ඛන්දිකං ලෝහිත පක්ඛන්දිකාව කරොන්ති උපදවති.
සුපිනපාඨකාති සුපිනබ්යාකරණකා. ආදිසන්තීති බ්යාකරොන්ති. යො පුබ්බණ්හසමයං සුපිනං පස්සතීතිආදීසු අච්චන්තසංයොගෙ උපයොගවචනං, පුබ්බණ්හසමයෙති අත්ථො. එවං විපාකො හොතීති ඉට්ඨානිට්ඨවසෙන එවරූපො විපාකො හොති. අවකුජ්ජ නිපන්නොති අධොමුඛො හුත්වා නිපන්නො පස්සති. එවං සුපිනපාඨකා සුපිනං ආදිසන්ති.
සුපිනපාඨකා සිහින අර්ථ පවසන්නෝ ආදිසන්ති සිහින අර්ථ විවරණය කරති. යො පුබ්බඛණ්හ සමයං සූපිනං පස්සති ආදියෙහි අත්‍යන්ත වූ සංයෝගයේ දූතියා විභක්ති වචනයකි. පෙරවරු සමයෙහි යන අරුතයි. ඒවං විපාකො හොති ඉටු’නිටු වශයෙන් මෙබඳු විපාක ඇති වේ. අවකුජ්ජ නිපන්නො යටිකුරු වී හොන්තහු දකියි. මෙසේ සුපින පාඨකයෝ ද ඔහු දකිති. දකිමින් ද අර්ථ පවසති.
තඤ්ච පන සුපිනං පස්සන්තො චතූහි කාරණෙහි පස්සති ධාතුක්ඛොභතො වා අනුභූතපුබ්බතො වා දෙවතොපසංහාරතො වා පුබ්බනිමිත්තතො වාති. තත්ථ පිත්තාදීනං ඛොභකරණපච්චයයොගෙන ඛුභිතධාතුකො ධාතුක්ඛොභතො සුපිනං පස්සති, පස්සන්තො ච නානාවිධං සුපිනං පස්සති. අනුභූතපුබ්බතො පස්සන්තො පුබ්බෙ අනුභූතපුබ්බං ආරම්මණං පස්සති. දෙවතොපසංහාරතො පස්සන්තො දෙවතානං ආනුභාවෙන ආරම්මණානි පස්සති. පුබ්බනිමිත්තතො පස්සන්තො පුඤ්ඤාපුඤ්ඤවසෙන උප්පජ්ජිතුකාමස්ස අත්ථස්ස වා අනත්ථස්ස වා පුබ්බනිමිත්තභූතං සුපිනං පස්සති . තත්ථ යං ධාතුක්ඛොභතො අනුභූතපුබ්බතො ච සුපිනං පස්සති, න තං සච්චං හොති. යං දෙවතොපසංහාරතො පස්සති, තං සච්චං වා හොති අලිකං වා. කුද්ධා හි දෙවතා උපායෙන විනාසෙතුකාමා විපරීතම්පි කත්වා දස්සෙන්ති. යං පන පුබ්බනිමිත්තතො පස්සති, තං එකන්තසච්චමෙව හොති. එතෙසං චතුන්නං මූලකාරණානං සංසග්ගභෙදතොපි සුපිනභෙදො හොතියෙව. තඤ්ච පනෙතං චතුබ්බිධං සුපිනං සෙක්ඛපුථුජ්ජනාව පස්සන්ති අප්පහීනවිපල්ලාසත්තා. අසෙක්ඛා න පස්සන්ති පහීනවිපල්ලාසත්තා.
ඒ සිහින දකින්නා සතර කරුණකින් සිහින දකියි. ධාතු කැපීමෙන් (ධාතුක්ෂෝභයෙන්) හෝ අනුභූත පූර්වයෙන් පෙර විදි දේ වශයෙන් හෝ දෙවියන්ගේ ගෙනහැර දැක්වීමෙන් හෝ පූර්ව නිදිති වශයෙන් හෝ යන සිවු අයුරින් සිහින කැදවයි. එහි පිත් සෙම් ආදී ධාතු කිපීම, (තුන් දොස්) කැළඹීම හේතුවෙන් කැළඹුණු ධාතු ඇති තැනැත්තා ධාතු ක්ෂෝභනයෙන් සිහින දකියි. දකින්නේ ද නානාප්‍රකාර විවිධ රූප - සිහින දකියි. පෙර, අත්දුටු, ඇසු දුටු දෙයක් හේතුවෙන් සිහින දකින්නා පෙර ඇසු දුටු අරමුණක් දකී. දෙවියන්ගේ ගෙනහැර දැක්වීමෙන් සිහින දකින්නා, දෙවියන්ගේ ආනුභාවයෙන් අරමුණු දකියි. පූර්ව නිමිති වශයෙන් දකින්නා පින් පවු වශයෙන් උපදින කැමැති අර්ථයට හෝ අනර්ථයට පූර්ව නිමිති වූ සිහින දකී. මේ සිවු සිහින අතුරින් ධාතු කිපීමෙන් ද අනුභූත පූර්වයෙන් යම් සිහිනයකින් දකියි ද එය සත්‍ය සිහිනයක් නොවේ. දෙවියන් ගෙනහැර දක්වන සිහින විටෙක සත්‍ය වේ. විටෙක බොරු වේ. කිපුණු දෙවිවරු උපායෙන් පුද්ගලයා විනාශ කිරීමට විපරිත වූ සිහින දක්වති. යම් සිහිනයක් පූර්ව නිමිති වශයෙන් දකී ද එය ඒකාන්තයෙන් සත්‍ය වූම සිහිනය වේ. ඉහත දැක්වූ සතර මූලකාරණයන්ගේ සංසර්ග භේද වශයෙන් ද සිහින භේද වන්නේමය. එහිදී මේ සිවු වැදෑරුම් සිහින සේඛ, පුහුදුන් පුද්ගලයෝ දකිති. ඒ ප්‍රහීන නොකළ විපර්යාස ඇති බැවින් සිහින නොදකිති.
කිං පනෙතං පස්සන්තො සුත්තො පස්සති, උදාහු පටිබුද්ධො, උදාහු නෙව සුත්තො න පටිබුද්ධොති? කිඤ්චෙත්ථ – යදි තාව සුත්තො පස්සති, අභිධම්මවිරොධො ආපජ්ජති. භවඞ්ගචිත්තෙන හි සුපති, තං රූපනිමිත්තාදිආරම්මණං රාගාදිසම්පයුත්තං වා න හොති, සුපිනං පස්සන්තස්ස ච ඊදිසානි චිත්තානි උප්පජ්ජන්ති. අථ පටිබුද්ධො පස්සති, විනයවිරොධො ආපජ්ජති. යඤ්හි පටිබුද්ධො පස්සති, තං සබ්බොහාරිකචිත්තෙන පස්සති, සබ්බොහාරිකචිත්තෙන ච කතෙ වීතික්කමෙ අනාපත්ති නාම නත්ථි, සුපිනං පස්සන්තෙන පන කතෙ වීතික්කමෙ එකන්තං අනාපත්ති එව. අථ නෙව සුත්තො න පටිබුද්ධො පස්සති, කො නාම පස්සති. එවඤ්ච සති සුපිනස්ස අභාවොව ආපජ්ජති, න අභාවො. කස්මා? යස්මා කපිනිද්දාපරෙතො පස්සති. වුත්තඤ්හෙතං – “මජ්ඣූපගතො, මහාරාජ, කපිනිද්දාපරෙතො සුපිනං පස්සතී”ති (මි· ප· 5.3.5).
මෙය සිහින දැකීමේ කිම නිදාසිටිය දී දකී ද? නැතිනම් අවදි වී සිටිය දී දකී ද? නැතහොත් නිදිගත් තැනැත්තා නොදකීද? පිබිදි තැනැත්තා නොදකීද? මෙහිදී ඉදින් නිදා සිටියදී සිහින දකී නම් එය අභිධර්මයට අනුව විරුද්ධ කියමනකි. භවංග සිතින් නිදා සිටිය දී රූපාදී නිමිති අරමුණු වශයෙන් නොගනියි. රාග සම්ප්‍රයුක්ත වීම හෝ නොවේ. සිහින දකින්නාට රපාදී අරමුණු ද රාගාදී සිත් ද ඇතිවේ. ඉදින් අවදිව සිටියදී සිහින දකී නම් එය විනය විරෝධී වූවකි. ඉදින් අවදිව සිටියදී සිහින දකී නම් එය සම්බෝහාරික සිතින් දකියි. සබ්බෝහාරික සිතින් කළ කල්හි ශික්ෂාපද කැඩීමේ දී අනාපත්තියක් නම් නැත. සිහින දකින්නා විසින් ශික්ෂාපද කැඩීම කළ කල්හි ඒකාන්තයෙන් ආනාපත්තියක් ම වේ. එසේ නම් නිදා නොගත් අවදියෙන් ද නොසිටින්නා සිහින දකියි ද? කිසිවෙක් නම් නොදකියි. මෙසේ ඇති කල්හි සිහිනයේ අභාවයක්ම පැමිණේ. අභාවයක් නැත. කුමක් නිසා ද? වඳුරු නින්ද වැනි අවස්ථාවේ සිහින දකියි. එය කියන ලද්දේමය. “කපිමිද්ධ පරෙතො ඛො මහාරාජ සුපීනං පස්සත” (මහරජ, වඳුරු නින්දෙන් යුත් තැනැත්තා සිහින දකී) යනුයි.
කපිනිද්දාපරෙතොති මක්කටනිද්දාය යුත්තො. යථා හි මක්කටස්ස නිද්දා ලහුපරිවත්තා හොති, එවං යා නිද්දා පුනප්පුනං කුසලාදිචිත්තවොකිණ්ණත්තා ලහුවිපරිවත්තා. යස්සා පවත්තියං පුනප්පුනං භවඞ්ගතො උත්තරණං හොති, තාය යුත්තො සුපිනං පස්සති. තෙනායං සුපිනො කුසලොපි හොති අකුසලොපි අබ්යාකතොපි. තත්ථ සුපිනන්තෙ චෙතියවන්දනධම්මස්සවනධම්මදෙසනාදීනි කරොන්තස්ස කුසලො, පාණාතිපාතාදීනි කරොන්තස්ස අකුසලො, ද්වීහි අන්තෙහි මුත්තො ආවජ්ජනතදාරම්මණක්ඛණෙ අබ්යාකතොති වෙදිතබ්බො. ස්වායං දුබ්බලවත්ථුකත්තා චෙතනාය පටිසන්ධිං ආකඩ්ඪිතුං අසමත්ථො, පවත්තෙ පන අඤ්ඤෙහි කුසලාකුසලෙහි උපත්ථම්භිතො විපාකං දෙති.
කපිමිද්ධ පරතො යනු වඳුරු නින්දෙන් යුක්ත වීමයි. යම්සේ වඳුරාගේ නින්ද ඉක්මණින් වෙනස් වේද එමෙන්ම යම් නින්දකදී නැවත නැවත කුසලාදී සිත් පැතිරුණු බැවින් වහ වහා පෙරළේ ද යම් පැවැත්මක නැවත නැවත භවංගයෙන් නැගී සිටීමක් වේද මෙබඳු අවස්ථාවෙන් යුතු නින්දේදී සිහින දකියි. එනිසා මේ සිහින කුසල ද අකුසල ද අව්‍යක්ත ද වේ. එහිදී සිහිනෙන් සෑ වැඳුම්, බණ ඇසීම්, දහම් දෙසීම් කරයි ද එය කුසල වේ. ප්‍රාණඝාතාදිය සිහිනෙන් කිරීම අකුසලයකි. මේ අංග දෙකින් මිදී ආවර්ජන තදාරම්මණ ක්ෂණයේ දී අව්‍යක්ත වේ යැයි දතයුතුයි. ඒ සිත ඉතා දුර්වල වූවක් බැවින් ප්රතිසන්ධිය ඇදගැනීමට අසමත්ය. පවතින කල්හි අන්‍ය කුසලාකුසලයන්ගෙන් උපස්ථම්භන ලැබ විපාක දෙයි.
මණිලක්ඛණාදීසු එවරූපො මණි පසත්ථො, එවරූපො අපසත්ථො, සාමිනො ආරොග්යඉස්සරියාදීනං හෙතු හොති, න හොතීති එවං වණ්ණසණ්ඨානාදිවසෙන මණිආදීනං ලක්ඛණං ආදිසන්තීති අත්ථො. තත්ථ ආවුධලක්ඛණන්ති ඨපෙත්වා අසිආදීනි අවසෙසං ආවුධං . ඉත්ථිලක්ඛණාදීනිපි යම්හි කුලෙ ඉත්ථිපුරිසාදයො වසන්ති, තස්ස වුද්ධිහානිවසෙනෙව වෙදිතබ්බානි. අජලක්ඛණාදීසු පන “එවරූපානං අජාදීනං මංසං ඛාදිතබ්බං, එවරූපානං න ඛාදිතබ්බ”න්ති අයම්පි විසෙසො වෙදිතබ්බො.
මණිඅක්ඛණ ආදියෙහි මෙබඳු වූ මැණික ප්‍රශස්තය. මෙබඳු මැණික මිල අඩුය. හිමියාගේ ආරෝග්‍ය, ඓශ්චර්ය ආදී ලාභයන්ට හේතු වේ. එබඳු ලාභයන්ට හේතු නොවේ. මෙසේ වර්ණ, පිහිටීම් ආදී වශයෙන් මැණික් ආදියේ ලක්ෂණ දක්වන්නේය යන අර්ථයයි. එහි ආවුධ ලක්ඛණං අපි (කඩු) ආදීහු ආයුධ හැර අනෙකුත් සියලු ආයුධ වර්ග ඉත්ථි ලක්ඛණං ආදියෙහි යම් කුලයක පුරුෂ ආදීහු වෙසෙත් ද ඒ කුලවල වෘද්ධි, හානි මෙසේ වේ යැයි පැවසීමයි. අජලක්ඛණං ආදියෙහි මෙබඳු වූ එළුවන්ගේ මස් කෑ යුතුයි. මෙවැනි එළුවන්ගේ මස් නොකෑ යුතුයි යනුවෙන් විශේෂ අර්ථ දතයුතුයි.
අපි චෙත්ථ ගොධාය ලක්ඛණෙ චිත්තකම්මපිළන්ධනාදීසුපි “එවරූපාය ගොධාය සති ඉදං නාම හොතී”ති අයම්පි විසෙසො වෙදිතබ්බො. කණ්ණිකාලක්ඛණං පිළන්ධනකණ්ණිකායපි ගෙහකණ්ණිකායපි වසෙන වෙදිතබ්බං. කච්ඡපලක්ඛණම්පි ගොධලක්ඛණසදිසමෙව. මිගලක්ඛණං සබ්බසඞ්ගාහිකං සබ්බචතුප්පදානං ලක්ඛණවසෙන වුත්තං. එවං ලක්ඛණපාඨකා ලක්ඛණං ආදිසන්තීති එවං ලක්ඛණසත්ථවාචකා ලක්ඛණං ආදිසන්ති කථෙන්ති.
තවද මෙහි දී ගොධා ලක්ඛණං යන්නෙහි විසිතුරු කර්ම, පළඳනාවල මෙවැනි ගොයකු වේ නම් ඔහුට මේ දේ වේයැයි විශේෂ අර්ථ දතයුතුයි. කණ්ණිකා ලක්ඛණං පිලන්‍ධන (ආභරණ, පළදනා) කඩුක්කන් ද ගෘහ කර්ණිකාව හෙවත් ගෙයක මුදුන් කොත ද වශයෙන් අර්ථ දතයුතුයි. කච්ඡප ලක්ඛණං යන්න ගොයාගේ ලක්ෂණ මෙන් දතයුතුයි. මිග ලක්ඛණං යන්නෙහි මෘග යන්නට සියලු සිවුපා සතුන් සංග්‍රහ කර දක්වන ලදී. එවං ලක්ඛණ පාඨකා ලක්ඛණං ආදී සන්ති මෙසේ ලක්ෂණ ශාස්ත්‍ර පවසන්නෝ ඒ ඒ ලක්ෂණ පවසති. දක්වති.
නක්ඛත්තානීති කත්තිකාදීනි අට්ඨවීසති නක්ඛත්තානි. ඉමිනා නක්ඛත්තෙන ඝරප්පවෙසො කාතබ්බොති ගෙහප්පවෙසමඞ්ගලං කාතබ්බං. මකුටං බන්ධිතබ්බන්ති පසාධනමඞ්ගලං කාතබ්බං. වාරෙය්යන්ති “ඉමස්ස දාරකස්ස අසුකකුලතො අසුකනක්ඛත්තෙන දාරිකං ආනෙථා”ති ආවාහකරණඤ්ච “ඉමං දාරිකං අසුකස්ස නාම දාරකස්ස අසුකනක්ඛත්තෙන දෙථ, එවං එතෙසං වුඩ්ඪි භවිස්සතී”ති විවාහකරණඤ්ච වත්වා වාරෙය්යසඞ්ඛාතං ආවාහවිවාහමඞ්ගලං කාතබ්බන්ති ආදිසන්ති. බීජනීහාරොති බීජානං වප්පත්ථාය බහි නීහරණං. “නිහරො”තිපි පාළි. මිගවාක්කන්ති ඉදං සබ්බසඞ්ගාහිකනාමං, සබ්බසකුණචතුප්පදානං රුතඤාණවසෙනෙව වුත්තං. මිගවාක්කපාඨකාති සකුන්තචතුප්පදානං සද්දබ්යාකරණකා. මිගවාක්කං ආදිසන්තීති තෙසං සද්දං සුත්වා බ්යාකරොන්ති. රුතන්ති සද්දං. “රුද”න්ති වා පාළි. වස්සිතන්ති වාචං. ගබ්භකරණීයාති විනස්සමානස්ස ගබ්භස්ස පුන අවිනාසාය ඔසධදානෙන ගබ්භසණ්ඨානකාරකා. ගබ්භො හි වාතෙන පාණකෙහි කම්මුනා චාති තීහි කාරණෙහි විනස්සති. තත්ථ වාතෙන විනස්සන්තෙ වාතවිනාසනං සීතලං භෙසජ්ජං දෙති. පාණකෙහි විනස්සන්තෙ පාණකානං පටිකම්මං කරොති. කම්මුනා විනස්සන්තෙ පන බුද්ධාපි පටිබාහිතුං න සක්කොන්ති. තස්මා න තං ඉධ ගහිතං. සාලාකියන්ති සලාකවෙජ්ජකම්මං. සල්ලකත්තියන්ති සල්ලකත්තවෙජ්ජකම්මං. කායතිකිච්ඡන්ති මූලභෙසජ්ජාදීනි යොජෙත්වා කායතිකිච්ඡවෙජ්ජකම්මං. භූතියන්ති භූතවෙජ්ජකම්මං. කොමාරභච්චන්ති කොමාරකවෙජ්ජකම්මං. කුහාති විම්හාපකා. ථද්ධාති දාරුක්ඛන්ධං විය ථද්ධසරීරා. ලපාති පච්චයපටිබද්ධවචනකා. සිඞ්ගිති මණ්ඩනපකතිකා. උන්නළාති උග්ගතමානනළා. අසමාහිතාති උපචාරප්පනාසමාධිවිරහිතා.
නක්ඛත්තානි කැති ආදී නැකත් විසි අටයි. මේ නැකතෙන් ඝරපවෙසොකාතබ්බො යනු ගෘහප්රවේශය මංගල්‍යය කළ යුතුයි. මකුටං බන්ධිතබ්බං යනු ආභරණ පළදින (මුහුළු බඳින) මංගල්‍යය කළ යුතුයි. වාරෙය්ය, මේ දරුවාට අසුවල් කුලයෙන් අසුවල් නැකතින් දැරියක ගෙනෙවු” යි කියා ආවාහ කිරීමද,” මේ දැරිය අසුවල් දරුවාට අසුවල් නැකතේ දී පවරා දෙමු. මෙසේ ඔවුන්ට අභිවෘද්ධියක් ම වේවා” යි විවාහ කිරීමද යනුවෙන් වාරෙය්ය සංඛ්‍යාත ආවාහ විවාහ මංගල්‍යයක් කළ යුතු යැයි පවසති. බීජනීහාරො බිජු වැපිරීමට පිටතට ගැනීම, “නීහාරෝ” යැයි ද පෙළෙහි යෙදේ. මිගපක්ඛං මෙයද සියල්ල සංග්‍රහ කළ වදනකි. සියලු පක්ෂීන් හා සිවුපාවුන්ගේ නාද කිරීම් දැනගැනීම් වශයෙන්ම කියන ලදී. මිගපක්ඛපාඨකා සිවුපා, පක්ෂීන් ආදීන්ගේ ශබ්ද පිළිබඳ පවසන්නෝ මිගපක්ඛං ආදී සන්ති ඔවුන්ගේ ශබ්ද අසා විවරණය කරති. රුතං යනු ශබ්දයයි. “රුදං යන පාඨයද යෙදේ. වස්සිතං නාදය, හඬ ගබ්භ කරණීයා විනාශ වන ගැබ, නැවත විනාශ නොවීමට ඖෂධ තැවරීම් ආදියෙන් ගැබ පිහිටුවීම් කිරීමයි. ගැබ වාතයෙන් හෝ පණුවන් විසින් කෑමෙන් හෝ කර්මයෙන් යන කරුණු තුනින් විනාශ වේ. එහි වාතයෙන් නැසෙන කල්හි වාතය නැසීමට සීතල බෙහෙතක් දෙයි. පණුවන් විසින් ගැබ නසන කල්හි පණුවන්ට පිළියමක් කරයි. කර්මයෙන් ගැබ නැසේනම් බුදුවරුන්ටද එය වැලකිය නොහැක. එහෙයින් මෙහිදී එය නොගන්නා ලදී. සාලාකියං සලාකයෙන් කරන වෙදකමයි. සල්ලකත්තියං සැත්කම් කරන වෙදකම කායතිකිච්ඡා මුල් බෙහෙත් ආදිය යොදා කරණ කාය චිකිත්සා වෙදකමයි. භූතියං භූතයන් පිළිබඳ වෙදකමයි. කොමාරකභච්චං කෝමාරක (ළදරු පෝෂණය පිළිබඳ) වෙදකමයි. කුහා කුහක වූ ථද්ධා දරකඬක් මෙන් තද වූ සිරුර ඇති, ලපා ප්‍රත්‍ය පිළිබඳ කථාවෙන් යුතු සිංගී ස්වභාවයෙන් ම සරසන උන්නළා නැගුණු මාන නළ ඇති අසමාහිතා උපචාර, අර්පණා සමාධි රහිත වූ.
න ගණ්හෙය්යාතිආදීසු උද්දෙසග්ගහණවසෙන න ගණ්හෙය්ය. සජ්ඣායවසෙන න උග්ගණ්හෙය්ය. චිත්තෙ ඨපනවසෙන න ධාරෙය්ය. සමීපං කත්වා ඨපනවසෙන න උපධාරෙය්ය. උපපරික්ඛාවසෙන න උපලක්ඛෙය්ය. අඤ්ඤෙසං වාචනවසෙන නප්පයොජෙය්ය.
න ගණ්හෙය්ය ආදියෙහි උද්දේස ග්‍රහණ වශයෙන් නොගන්නේය. සජ්ඣායනා කිරීම් වශයෙන් න උග්ගණ්හෙය්ය සිතෙහි තබාගැනීම් වශයෙන් න ධාරෙය්ය. සමීපයට කර තබා ගැනීම් වශයෙන් න උපධාරෙය්ය. පරීක්ෂා කර, විමසා බැලීම් වශයෙන් න උපලක්ඛෙය්ය අන්‍යයන්ගේ කීම් වශයෙන් නප්පයොජෙය්ය. (නොයොදන්නේය).
පෙසුණියන්ති පෙසුඤ්ඤං. සෙසනිද්දෙසො ච වුත්තත්ථොයෙව.
පෙසුනෙය්යං පිසුණු බස්කීම කේලාම් කීමයි. සෙසු නිද්දේස පදයන්ගේ අර්ථ සුගමය.
කයවික්කයෙති පඤ්චහි සහධම්මිකෙහි සද්ධිං වඤ්චනවසෙන වා උදයපත්ථනාවසෙන වා න තිට්ඨෙය්ය. උපවාදං භික්ඛු න කරෙය්යාති උපවාදකරෙ කිලෙසෙ අනිබ්බත්තෙන්තො අත්තනි පරෙහි සමණබ්රාහ්මණෙහි උපවාදං න ජනෙය්ය. ගාමෙ ච නාභිසජ්ජෙය්යාති ගාමෙ ච ගිහිසංසග්ගාදීහි නාභිසජ්ජෙය්ය. ලාභකම්යා ජනං න ලපයෙය්යාති ලාභකාමතාය ජනං න ලපයෙය්ය.
කය වික්කයෙ පස් සහ ධාර්මිකයන් සමග වංචා කිරීම් වශයෙන් හෝ වැඩියක් පතමින් හෝ නොසිටින්නේය. උපවාදං භික්ඛු න කරෙය්ය උපවාද කරන, කෙලෙස් නූපදවමින් තමා කෙරෙහි හෝ අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන් උපවාද නො කරන්නේය. ගාමෙවා නාභිසජ්ඡෙය්ය ගමෙහිද ගිහි සංසාර්ගාදියෙන් නො ඇළෙන්නේය. ලාභකම්ම්යා ජනං න ලපෙය්ය ලාභ කැමති බැවින් ජනයාට කථා නොකරන්නේය.
යෙ කයවික්කයා විනයෙ පටික්ඛිත්තාති යෙ දානපටිග්ගහණවසෙන කයවික්කයසික්ඛාපදෙ (පාරා· 593 ආදයො) න වට්ටතීති පටික්ඛිත්තා, ඉධාධිප්පෙතං කයවික්කයං දස්සෙතුං “පඤ්චන්නං සද්ධිං පත්තං වා චීවරං වා”තිආදිමාහ. තත්ථ පඤ්චන්නං සද්ධින්ති පඤ්චහි සහධම්මිකෙහි සහ. පඤ්ච සහධම්මිකා නාම භික්ඛුභික්ඛුනීසික්ඛමානසාමණෙරසාමණෙරියො. වඤ්චනියං වාති පටිරූපකං දස්සෙත්වා වඤ්චනියං වා. උදයං වා පත්ථයන්තොති වුඩ්ඪිං පත්ථෙන්තො වා. පරිවත්තෙතීති පරිවත්තනං කරොති.
යෙ කයවික්කයා විනයෙ පටික්ඛිත්තා යම් දීම් පිළිගැනීම් වශයෙන් ගණුදෙනු කිරීම නුසුදුසු යැයි කය වික්කය ශික්ෂා පදයෙහි ප්‍රතික්ෂේප කරන ලදී. මෙහිදී අදහස් කළ ගණුදෙනු කිරීම දැක්වීමට “පඤ්චන්නං සද්ධිං පත්තංවා චීවරං වා” යනාදිය කියන ලදී. එහි පඤ්චන්නං සද්ධිං යනු පස් සහ දැහැමියන් සමග. පස් සහ දැහැමියෝ නම් භික්ෂුව, භික්ෂුණිය, ශික්ෂාමානාව, සාමණේර, සාමණේරිය යන පස්දෙනයි. වඤ්චනියං වා ප්රතිරූප දෙයක් දක්වා වංචා කිරිමයි. උද්දයං වා පත්ථයන්තො අභිවෘද්ධියක් පතමින් හෝ. පරිවර්තනය කරයිනූයි. පරිවත්තෙති.
ඉද්ධිමන්තොති ඉජ්ඣනපභාවවන්තො. දිබ්බචක්ඛුකාති දිබ්බසදිසඤාණචක්ඛුකා. අථ වා දිබ්බවිහාරසන්නිස්සයෙන ලද්ධඤාණචක්ඛුකා. පරචිත්තවිදුනොති අත්තනො චිත්තෙන පරෙසං චිත්තජානනකා. තෙ දූරතොපි පස්සන්තීති එකයොජනතොපි යොජනසතතොපි යොජනසහස්සතොපි යොජනසතසහස්සතොපි චක්කවාළතොපි ද්වෙතීණිචත්තාරිපඤ්චදසවීසතිචත්තාලීසසහස්සතොපි තතො අතිරෙකතොපි චක්කවාළතො පස්සන්ති දක්ඛන්ති. ආසන්නාපි න දිස්සන්තීති සමීපෙ ඨිතාපි නිසින්නාපි න පඤ්ඤායන්ති. චෙතසාපි චිත්තං පජානන්තීති අත්තනො චිත්තෙනාපි පරෙසං චිත්තං පජානන්ති. දෙවතාපි ඛො සන්ති ඉද්ධිමන්තිනියොති දෙවතාපි එවං සංවිජ්ජන්ති ඉජ්ඣනපභාවවන්තිනියො. පරචිත්තවිදුනියොති පරෙසං චිත්තං ජානන්තියො. ඔළාරිකෙහි වා කිලෙසෙහීති කායදුච්චරිතාදිකෙහි වා උපතාපෙහි. මජ්ඣිමෙහි වාති කාමවිතක්කාදිකෙහි වා. සුඛුමෙහි වාති ඤාතිවිතක්කාදිකෙහි වා. කායදුච්චරිතාදයො කම්මපථවසෙන, කාමවිතක්කාදයො වට්ටමූලකකිලෙසවසෙන වෙදිතබ්බා.
ඉද්ධිමන්තො යනු ඍද්ධිය ප්‍රභාවය ඇති දිබ්බ චක්ඛුකා දෙවියන්ට බඳු ඤාණ ඇස් ඇති. නැතහොත් දිව්‍ය විහාර ආශ්රයෙන් උපදවාගත් නුවණැසින් (දිවැස් ඇති). පරචිත්ත විදුනො තමාගේ සිතින් අනුන්ගේ සිත් දැනගන්නෝ. තෙ දුරතොපි පස්සනත්ති, එක් යොදුනක් දුරින් ද යොදුන් සියයකින් ද සක්වල දෙක, තුන, සතර, පහ, දස, විසි, සතලිස, දහසකිනුත් එහා අනන්තාපරිමාණ සක්වලින් ද එහා සිටින්නන් දකිති. බලති. අසන්තාපි න දිස්සන්ති සමීපයේ සිටියනුත්, හුන් අයත් නොපෙනෙති. චෙතසාපි චිත්තං පජානන්ති තම සිතිනුත් අනුන්ගේ සිත් දැනගනිති. දෙවතාපි ඛො සන්ති ඉද්ධිමන්තිනියො දෙවියෝ ද මෙසේ සෘද්ධිමත් ප්‍රභාව මහිම ඇතිව සිටිති. පරචිත්තවිදුනියො අනුන්ගේ සිත් දැනගන්නා දෙවියෝ ද සිටිති. ඔලාරිකෙහි වා කිලෙසෙහි කාය දුශ්චරිතාදී තැවීම් වලින්. මජ්ඣිමකෙහි වා කාම විතර්කාදියෙන් හෝ. සුඛූමකෙහි වා ඤාති විතර්කාදීයෙන් හෝ. කාය දුශ්චරිතාදිය කර්මපථ වශයෙන් ද කාම විතර්කාදිය සසරට මුල වූ කෙලෙස් වශයෙන් ද දතයුතුය.
ඤාතිවිතක්කාදීසු “මය්හං ඤාතයො සුඛජීවිනො සම්පත්තියුත්තා”ති එවං පඤ්චකාමගුණසන්නිස්සිතෙන ගෙහසන්නිස්සිතපෙමෙන ඤාතකෙ ආරබ්භ උප්පන්නවිතක්කො ඤාතිවිතක්කො. “මය්හං ඤාතයො ඛයං ගතා වයං ගතා සද්ධා පසන්නා”ති එවං පවත්තො පන ඤාතිවිතක්කො නාම න හොති.
ඤාති විතර්කාදියෙහි මගේ නෑයෝ සුවසේ ජීවත් වෙති. සම්පත් විඳිති. මෙසේ පංචකාම සම්පත් නෑයන්ට ඇතැයි ඤාතීන් අරභයා උපන් විතර්කය ඤාති විතක්කො නම් වේ. “මගේ නෑයෝ මැරුණි. වැනසුණි. ශ්‍රද්ධාවන්තයෝ ය. ප්රසන්නයෝය.” මෙසේ සිතීම ඤාති විතර්කයක් නොවේ.
“අම්හාකං ජනපදො සුභික්ඛො සම්පන්නසස්සො”ති තුට්ඨමානසස්ස ගෙහස්සිතපෙමවසෙන උප්පන්නවිතක්කො ජනපදවිතක්කො. “අම්හාකං ජනපදෙ මනුස්සා සද්ධා පසන්නා ඛයං ගතා වයං ගතා”ති එවං පවත්තො පන ජනපදවිතක්කො නාම න හොති.
අපගේ ජනපදය සුභික්ෂය. ධනධාන්‍යයෙන් යුක්තයයි සතුටු සිත් ඇති තැනැත්තාට ගෙහසිත වශයෙන් උපන් විතර්කය ජනපද විතර්ක නම් වේ. අපගේ ජනපදයේ මිනිස්සු සැදැහැවය, ප්‍රසන්නය, ක්ෂයවීමට ගියහ. වැයවීමට ගියහ (මැරුණහ) ආදී වශයෙන් මෙසේ පැවති විතර්ක ජනපද විතර්ක නම් නොවේ.
අමරත්තාය විතක්කො, අමරො වා විතක්කොති අමරවිතක්කො. තත්ථ උක්කුටිකප්පධානාදීහි දුක්ඛෙ නිජිණ්ණෙ සම්පරායෙ අත්තා සුඛී හොති. අමරොති දුක්කරකාරිකං කරොන්තස්ස තාය දුක්කරකාරිකාය පටිසංයුත්තො විතක්කො අමරත්තාය විතක්කො නාම. දිට්ඨිගතිකො පන “සස්සතං වදෙසී”තිආදීනි පුට්ඨො “එවන්තිපි මෙ නො, තථාතිපි මෙ නො, අඤ්ඤථාතිපි මෙ නො, නොතිපි මෙ නො, නො නොතිපි මෙ නො”ති වික්ඛෙපං ආපජ්ජති, තස්ස සො දිට්ඨිගතපටිසංයුත්තො විතක්කො, යථා අමරො නාම මච්ඡො උදකෙ ගහෙත්වා මාරෙතුං න සක්කා, ඉතො චිතො ච ධාවති ගාහං න ගච්ඡති, එවමෙව එකස්මිං පක්ඛෙ අසණ්ඨහනතො න මරතීති අමරො නාම හොති, තං දුවිධම්පි එකතො කත්වා “අමරවිතක්කො”ති වුත්තං.
නොමැරී සිටීම සඳහා වූ විතර්කය හෝ ආඳකුබඳ විතර්කය අමරවිතක්කො නම් වේ. එහි උක්කුටිකයෙන් සිටීම ආදී දුක් සහිත, ජීර්ණ වූ; “පරලොව සුවපත් ආත්මභාවය වේ. අමරවේවා යි දුෂ්කර ක්‍රියා කරන්නාගේ ඒ දුෂ්කර ක්‍රියාව හා ප්‍රතිසංයුක්ත විතර්කය අමර බව (නොමැරී සිටීම) සඳහා වූ විතර්කයයි. දෘෂ්ටිගතියෙක් “ශාශ්වත යැයි කියන්නෙහි ද?”යි ඇසූවිට “මෙසේ යැයි මගේ අදහසක් නැත. එසේ යැයි මගේ අදහසක් නැත. අන් අයුරකින් යැයි ද මගේ අදහසක් නැත. නැතැයි ද මගේ අදහසක් නැත. නැත්තේ නැතැයි ද මගේ අදහසක් නැත” යනුවෙන් වික්ෂේපයට පැමිණේ. ඔහුට ඒ දෘෂ්ටියෙන් යුක්ත විතර්කය වේ. යම් සේ ආඳා නම් මත්ස්‍යයා දියෙහි දී අල්ලාගෙන මැරීම අසීරු වේ ද ඔබනොබ පනිනුයේ අල්ලා ගැනීමට අසමත් වේ ද එලෙසින් ම ස්ථිරව එක් පක්ෂයක, එක් එක් පිළිතුරක සිටීමට අසමත් වූයේනුයි ද “නමරති” නොමැරේනුයි අමර නම් වේ. ඒ දෙවිදියම එක්කොට “අමර විතර්කය” යැයි කියන ලදී.
පරානුද්දයතාපටිසඤ්ඤුත්තොති අනුද්දයතාපටිරූපකෙන ගෙහස්සිතපෙමෙන පටිසංයුත්තො. උපට්ඨාකෙසු නන්දකෙසු සොචන්තෙසු ච තෙහි සද්ධිං දිගුණං නන්දති දිගුණං සොචති, තෙසු සුඛිතෙසු දිගුණං සුඛිතො හොති, දුක්ඛිතෙසු දිගුණං දුක්ඛිතො හොති. උප්පන්නෙසු කිච්චකරණීයෙසු අත්තනා වොයොගං ආපජ්ජති. තානි තානි කිච්චානි සාධෙන්තො පඤ්ඤත්තිං වීතික්කමති, සල්ලෙඛං කොපෙති. යො තස්මිං සංසට්ඨවිහාරෙ තස්මිං වා වොයොගාපජ්ජනෙ ගෙහස්සිතො විතක්කො, අයං පරානුද්දයතාපටිසඤ්ඤුත්තො විතක්කො නාම.
පරානුද්දයතා පටිසංයුත්තො කරුණාවට ප්‍රතිරූපක වූ ගෙහාශ්රිතව ප්‍රේමයෙන් යුක්ත වූ. උපස්ථායකයන් අඬන කල්හි, වැළපෙන කල්හි ඔවුන් සමඟ දෙගුණව ශෝක කරයි. ඔවුන් සුඛිතව සුවපත් වූ විට තමාද සතුටු වේ. දුකක් ඔවුන්ට පැමිණි විට දෙගුණයක් ව දුක් වේ. කළයුතු කිසි කටයුත්තක් එළඹි කල්හි තමා උත්සාහවත් බවට පැමිණේ. ඒ ඒ ගිහියන්ගේ කටයුතු කර දෙමින් ශික්ෂා ප්රඥප්ති ඉක්මවයි. කෙළෙස් ලිහා දැමීම කඩකරයි. කෝපකරයි. යමෙක් ඒ තමා සම්බන්ධ වූ විහාරයෙහි හෝ වියෝගාදී කටයුත්තකදී හෝ ගේහසිතින් ඇඳී බැඳී කටයුතු කරයි ද මෙය පරානුද්දයතා ප්‍රතිසංයුක්ත විතර්කය නම් වේ.
ලාභසක්කාරසිලොකපටිසඤ්ඤුත්තොති චීවරාදිලාභෙන චෙව සක්කාරෙන ච කිත්තිසද්දෙන ච සද්ධිං ආරම්මණකරණවසෙන පටිසඤ්ඤුත්තො. අනවඤ්ඤත්තිපටිසඤ්ඤුත්තොති “අහො වත මං පරෙ න අවජානෙය්යුං, න සොධෙත්වා විසොධෙත්වා කථෙය්යු”න්ති එවං අනවඤ්ඤාතභාවපත්ථනාය සද්ධිං උප්පජ්ජනකවිතක්කො . සො තස්මිං “මා මං පරෙ අවජානිංසූ”ති උප්පන්නෙ විතක්කෙ පඤ්චකාමගුණසඞ්ඛාතගෙහනිස්සිතො හුත්වා උප්පන්නවිතක්කො අනවඤ්ඤත්තිපටිසඤ්ඤුත්තො විතක්කො.
ලාභ සක්කාර සිලොක පටිසංයුත්තො සිවුරු ආදී ලාභයකින් මෙන් ම සත්කාරයකින් ද කීර්ති ශබ්දයකින් ද යුතු එබඳු දෙයක් අරමුණු කරගෙන පවත්නා විතර්කයයි. අනවඤ්ඤත්ති පටිසංයුත්තො යනු “අහෝ මට ඒකාන්තයෙන්ම අන්‍යයෝ අවමන් නොකරන්නෝ නම් මැනවි. අන්‍යයෝ මා හට හෙළා පෙළා කථා නොකරන්නේ නම් මැනවි” මෙසේ අවඥා නොකරත්වා යි පතමින් උපදින විතර්කයයි. යමෙක් ඒ අන්‍යයෝ මා හට අවමන් නොකෙරෙත්වා”යි උපන් විතර්කයෙහි, පංචකාම ගුණ සංඛ්‍යාත ගේහ නිශ්රිතව උපන් විතර්කය අනවඤ්ඤත්ති ප්‍රතිසංයුක්ත විතර්කය නම් වේ.
තත්ර තත්ර සජ්ජතීති තෙසු තෙසු ආරම්මණෙසු ලග්ගති. තත්ර තත්ර ගණ්හාතීති වුත්තප්පකාරං ආරම්මණං පවිසති. බජ්ඣතීති තෙහි තෙහි ආරම්මණෙහි සද්ධිං බජ්ඣති එකීභවති. අනයබ්යසනන්ති තත්ථ තත්ථ අවඩ්ඪිං විනාසං. ආපජ්ජතීති පාපුණාති.
තත්ථ තත්ථ සජ්ජති ඒ ඒ අරමුණෙහි ඇලෙයි. තත්ථ තත්ථ ගණ්හාති කියූ ආකාර ඇති අරමුණට පිවිසෙයි. අල්ලා ගනියි. බජ්ඣති ඒ ඒ අරමුණු සමග බැඳේ. ඒකීය වේ. අනයව්යසනං නොවැඩීමට - විනාශයට යයි. ආපජ්ජති පැමිණෙයි.
ආමිසචක්ඛුකස්සාති චීවරාදිආමිසලොලස්ස. ලොකධම්මගරුකස්සාති ලොකුත්තරධම්මං මුඤ්චිත්වා රූපාදිලොකධම්මමෙව ගරුං කත්වා චරන්තස්ස. ආලපනාති විහාරං ආගතමනුස්සෙ දිස්වා “කිමත්ථාය භොන්තො ආගතා, කිං භික්ඛූ නිමන්තෙතුං, යදි එවං ගච්ඡථ, අහං පච්ඡතො භික්ඛූ ගහෙත්වා ආගච්ඡාමී”ති එවං ආදිතොව ලපනා. අථ වා අත්තානං උපනෙත්වා “අහං තිස්සො, මයි රාජා පසන්නො, මයි අසුකො ච අසුකො ච රාජමහාමත්තො පසන්නො”ති එවං අත්තුපනායිකා ලපනාති ආලපනා. ලපනාති පුට්ඨස්ස සතො වුත්තප්පකාරමෙව ලපනං.
ආමිස චක්ඛුකස්ස චීවරාදී ආමිෂයන්ට ලොල් වූවහුට. ලොකධම්ම ගරුකස්ස ලෝකෝත්තර ධර්මය අතහැර රූපාදී ලෞකික ධර්මයන් ගුරුතන්හි තබාගෙන හැසිරෙන්නාට ආලපනා විහාරයට පැමිණි මිනිසුන් දැක; “පින්වත්හු, කුමක් පිණිස පැමිණියාහුද? කිම භික්ෂූන්ට ආරාධනා කිරීමකටද? එසේ නම් ඉදින් මෙසේ යවු. මම පසුව ගෙන එන්නෙමි” යි මෙසේ මුලදීම කථා කිරීමයි. නැතහොත් තමා දායකයන් ඉදිරියට ගොස් “මම තිස්ස වෙමි. රජු මා කෙරෙහි ප්‍රසන්නය. අසුවල් අසුවල් ඇමතිවරු ද, මන්ත්‍රීවරු ද මා කෙරෙහි පැහැදුණෝය.” මෙසේ තමා හුවා දක්වා කථා කිරීම “ආලපනා” නම් වේ. ලපනා යනු පන්සලට පැමිණි දායකයන් විමසූ කල්හි ඉහත සදහන් අයුරින් පැවසීමයි.
සල්ලපනාති ගහපතිකානං උක්කණ්ඨනෙ භීතස්ස ඔකාසං දත්වා සුට්ඨු ලපනා. උල්ලපනාති “මහාකුටුම්බිකො මහානාවිකො මහාදානපතී”ති එවං උද්ධං කත්වා ලපනා. සමුල්ලපනාති සබ්බතො භාගෙන උද්ධං කත්වා ලපනා. උන්නහනාති “උපාසකා පුබ්බෙ ඊදිසෙ කාලෙ නවදානං දෙථ, ඉදානි කිං න දෙථා”ති එවං යාව “දස්සාම භන්තෙ, ඔකාසං න ලභාමා”තිආදීනි වදන්ති, තාව උද්ධං උද්ධං නහනා, වෙඨනාති වුත්තං හොති. අථ වා උච්ඡුහත්ථං දිස්වා “කුතො ආභතං උපාසකා”ති පුච්ඡති. උච්ඡුඛෙත්තතො භන්තෙති. කිං තත්ථ උච්ඡු මධුරන්ති. ඛාදිත්වා භන්තෙ ජානිතබ්බන්ති. න උපාසකා “භික්ඛුස්ස උච්ඡුං දෙථා”ති වත්තුං වට්ටතීති යා එවරූපා නිබ්බෙඨෙන්තස්සපි නිවෙඨනකකථා, සා උන්නහනා. සබ්බතො භාගෙන පුනප්පුනං උන්නහනා සමුන්නහනා. උක්කාචනාති “එතං කුලං මංයෙව ජානාති, සචෙ එත්ථ දෙය්යධම්මො උප්පජ්ජති, මය්හංයෙව දෙතී”ති එවං උක්ඛිපිත්වා කාචනා උක්කාචනා, උද්දීපනාති වුත්තං හොති. සබ්බතො භාගෙන පන පුනප්පුනං උක්කාචනා සමුක්කාචනා. අනුප්පියභාණිතාති පච්චයවසෙන පුනප්පුනං පියවචනභණනා. සණ්හවාචතාති මුදුවචනතා. සඛිලවාචතාති මන්දපමාණයුත්තවචනතා සිථිලවචනතා වා. සිථිලවාචතාති අල්ලීයවචනතා. අඵරුසවාචතාති මධුරවචනතා.
සල්ලපනා යනු ගහපතියන්ගේ කළ කිරීමේ දී බිය වී, ඔහුට අවසර දෙමින් මඳින් මඳ මනාව කථා කිරීමය. උල්ලපනා යනු මහා කෙළඹිය! මහා නැවිය! මහා දානපතිය. මෙසේ දායකයා හුවා දක්වමින් කථා කිරීමයි. සමුල්ලපනා යනු සර්වප්‍රකාරයෙන්ම හුවා දක්වමින් කථා කිරීමයි. උන්නහතා උපාසකවරුණි, පෙර මෙබඳු කාලයෙහි දන් දුන්නෙහුය. කිම දැන් දන් නොදෙන්නහුද? යි විමසූවිට; “ස්වාමීනි දැනුත් දන් දෙනු කැමැත්තෙමු. නමුත් ඊට ඉඩක් නොලබමු.” යි දායකයෝ කියති. මෙසේ දිගින් දිගට ආගිය තොරතුරු කථා කිරීමයි. නැතිනම් උක්ගස් අතෙහි ඇති බව දැක “මේ උක් කොතනින් ගෙන ඒ ද?”යි උපාසකවරුන්ගෙන් විමසයි. “ස්වාමීනි, උක් කෙතෙනි”යි කී විට “කිම උපාසකවරුනි එහි උක් රසද?”යි අසයි. එවිට උපාසකවරු “ස්වාමීනි, වළදාම එය දැනගනු මැනවි”යි කියති. එසේ පැවසූ විට “උපාසකවරුනි, භික්ෂුවට උක් දෙවු”යි කීමට නුසුදුසුය. ආදී වශයෙන් නිරවුල් කරත්දීත් අවුල් සහගතව කරන කථාව උන්නහනා නම් වේ. සර්ව ප්‍රකාරයෙන්ම ගෙන, නැවත නැවත කථා කිරීම සමුන්නහනා. උක්කාචනා “මේ පවුල මා ගැන පමණක්ම දනියි, ඉදින් මේ පවුල වෙත දිය යුතු වස්තුවක් උපදී නම් එය මා හටම දෙයිය”යි. මෙසේ හුවා දක්වමින් කරන කථාව උක්කාචනාවයි. උද්දීපනය යැයි කියන ලදී. සර්ව ප්‍රකාරයෙන්ම නැවත නැවත කරන බොරු උසස් කර දක්වන කථාව සමුක්කාචනා නම් වේ. අනුප්පියභානිතා ප්‍රත්‍ය පිණිස නැවත නැවත ප්‍රිය වචන කථා කිරීම. සණ්හවාචතා මෘදු වදන් ඇති බව, සඛිල වාචතා මද පමණින් යුතු කථාව හෝ සිනිඳු වචන ඇති බව. ලිත්තවචනතා ඇලෙන වචන ඇති බව. අඵරුස වචනතා මිහිරි වචන ඇති බව.
පුරාණං මාතාපෙත්තිකන්ති පුරෙ උප්පන්නං මාතාපිතූනං සන්තකං. අන්තරහිතන්ති පටිච්ඡන්නං තිරොභූතං . ඤායාමීති පාකටො හොමි. අසුකස්ස කුලූපකොති අසුකස්ස අමච්චස්ස කුලපයිරුපාසකො. අසුකායාති අසුකාය උපාසිකාය. මං උජ්ඣිත්වාති මං විස්සජ්ජිත්වා.
පොරානං මතා පෙත්තිකං පෙර උපන් මාපියන් සතු අන්තර හිතං වැසුණු නොපෙනී ගිය. ඤායාමි යනු ප්‍රකට වෙමි. අසුකස්ස කුලුපගො අහුවල් ඇමතියාගේ පවුල ඇසුරු කරන්නා අසුකාය අසුවල් උපාසිකාවගේ. මං උජ්ඣිත්වා මා අත්හැර.
පයුත්තන්ති චීවරාදීහි සම්පයුත්තං, තදත්ථං වා පයොජිතං. ඉමිස්සා ගාථාය නිද්දෙසො සබ්බො හෙට්ඨා වුත්තනයොව.
සංයුත්තං චීවරාදියෙන් යුක්ත වූ. නැතහොත් ඒ සදහා යොදන ලද මේ ගාථාවේ සියලු නිද්දේසට ඉහත කී පරිදිමය.
මොසවජ්ජෙ න නිය්යෙථාති මුසාවාදෙ න නිය්යෙථ. ජීවිතෙනාති ජීවිකාය.
මොසවජ්ජෙ න නිය්යෙථ බොරු කීමෙහි නෙයෙදෙවු. ජීවිතෙන ජීවත් වීම සදහා,
සඨොති අසන්තගුණදීපනතො න සම්මා භාසිතා. සබ්බතො භාගෙන සඨො පරිසඨො. යං තත්ථාති යං තස්මිං පුග්ගලෙ. සඨන්ති අසන්තගුණදීපනං කෙරාටියං. සඨතාති සඨාකාරො. සාඨෙය්යන්ති සඨභාවො. කක්කරතාති පදුමනාළස්ස විය අපරාමසනක්ඛමො ඵරුසභාවො. කක්කරියන්තිපි තස්සෙව වෙවචනං. පරික්ඛත්තතා පාරික්ඛත්තියන්ති පදද්වයෙන නිඛණිත්වා ඨපිතං විය දළ්හකෙරාටියං වුත්තං. කෙචි පන “කක්කරතාති සම්භාවයිත්වා වචනං. කක්කරියන්ති සම්භාවයිත්වා වචනභාවො. පරික්ඛත්තතාති අලඞ්කරණාකාරො. පාරික්ඛත්තියන්ති අලඞ්කරණභාවො”ති අත්ථං වණ්ණයන්ති. ඉදං වුච්චතීති ඉදං අත්තනො අවිජ්ජමානගුණප්පකාසනලක්ඛණං සාඨෙය්යං නාම වුච්චති. යෙන සමන්නාගතස්ස පුග්ගලස්ස කුච්ඡිං වා පිට්ඨිං වා ජානිතුං න සක්කා.
සඨො තමා තුළ නැති ගුණ දැක්වීම් වශයෙන් මනාව නොකියන ලදී. සර්ව ප්‍රකාරයෙන්ම ඇති කපටිකම පරිසඨො. යං තත්ව ඒ පුද්ගලයා කෙරෙහි යම් සඨං නැති ගුණ දක්වන කපටිකම. සඨතා කපටි ආකාරය. සඨෙය්යං කපටි බව කක්ඛරතා නෙළුම් දණ්ඩ මෙන් ස්පර්ශ කිරීමට අපහසු, ඵරුෂ බව. කක්ඛරියං යනු ඒ කර්කශ බවටම යෙදුණු සමාන වචනයකි. පරික්ඛත්තා පරික්ඛත්තියං යන දෙපදයෙන් ම සාරා තැබුවාක් වැනි දැඩි කෛරාටික බව අදහස් කරණ ලදී ඇතැමෙක් (අභයගිරිකාදී) “කක්කරිතා යනු සමභාවනය කොට කීමයි. කක්කරියං සම්භාවනය කර කියන බවයි. පරික්ඛත්තා අලංකාර කරන ආකාරයයි. පරික්ඛත්තියං අලංකාර කරන බව” යැයි අර්ථ වර්ණනා කරති. ඉදංවුච්චති යනු මේ අයුරින් තමා තුළ නැති ගුණ ප්‍රකාශ කිරීමේ ලක්ෂණය කපටිකම යයි කියනු ලැබේ. ඒ සාඨෙය්‍ය නම් කපටිකමින් යුතු පුද්ගලයා කුසින් හෝ පිටින් දැන ගැනීමට නොහැක.
“වාමෙන සූකරො හොති, දක්ඛිණෙන අජාමිගො; සරෙන නෙලකො හොති, විසාණෙන ජරග්ගවො”ති. (දී· නි· අට්ඨ· 2.296; විභ· අට්ඨ· 894) –
වාමෙන සුකරො හොති දක්ඛිණෙන අජාමිගො, සරෙන ඵලකොහොති විසාණෙන ජරග්ගවො’ති
ඔහු වම්පසින් ඌරෙක් මෙන් වේ. (පෙනේ) දකුණු පසින් එළුවෙක් මුවෙක් මෙන් පෙනේ. ස්වරයෙන් එළුවෙක් වේ. අංවලින් මහලු ගවයෙක් වේ.
එවං වුත්තයක්ඛසූකරසදිසො හොති. අතිමඤ්ඤතීති අතික්කමිත්වා මඤ්ඤති.
මෙසේ කියන ලද ලක්ෂණ ඇති යක්ෂ ඌරෙක් හා සමාන වේ. අතිමඤ්ඤති අනුන් ඉක්මවා සිතයි.
කිං පනායං බහුලාජීවොති අයං පන පුග්ගලො කො නාම බහුලාජීවකො. සබ්බං සංභක්ඛෙතීති ලද්ධං සබ්බං ඛාදති. අප්පපුඤ්ඤොති මන්දපුඤ්ඤො. අප්පෙසක්ඛොති පරිවාරවිරහිතො. පඤ්ඤාසම්පන්නොති සම්පන්නපඤ්ඤො පරිපුණ්ණපඤ්ඤො. පඤ්හං විස්සජ්ජෙතීති පඤ්හං කථෙති බ්යාකරොති.
කිංපතායං බහුලාජිවො මේ බහුලාජීවක පුද්ගලයා නම් කවරේ ද? සබ්බං සංභක්ඛෙති ලද ලද සියල්ල කයි. අප්ප පුඤ්ඤො මඳ පිං ඇති අප්පෙසක්කො පරිවාර සම්පත්තිය රහිතව පඤ්ඤා සම්පන්නො ප්‍රඥාවෙන් යුක්ත පිරිපුන් ප්‍රඥා ඇති. පඤ්හං විස්සජ්ජෙති, ප්‍රශ්න විසඳති. විවරණය කරති.
සුත්වා රුසිතො බහුං වාචං, සමණානං වා පුථුජනානන්ති රුසිතො ඝට්ටිතො පරෙහි තෙසං සමණානං වා ඛත්තියාදිභෙදානං වා අඤ්ඤෙසං පුථුජනානං බහුම්පි අනිට්ඨං වාචං සුත්වා. න පටිවජ්ජාති න පටිවදෙය්ය. කිං කාරණා? න හි සන්තො පටිසෙනිං කරොන්ති.
සුත්වා දූසිතො බහුං වාචං සමණානං වා පුථූවචනානං යනු අන්‍ය වූ බාහිර ශ්‍රමණයන්ගේ ක්ෂත්රියාදීන්ගේ හෝ අනෙකුත් බොහෝ පුහුදුන් පුද්ගලයන්ගේ අනිෂ්ට වචන අසා, දූෂිත වූයේ, ගටන ලදුයේ. න පතිවජ්ජා පෙරළා පිළිවදන් නොකියන්නේය. කුමක් නිසාද? නහී සන්තො පටිසෙනිං කරොන්ති. රාගාදී කෙලෙස් දහම් සංසිදුණු පුද්ගලයාගේ විරුද්ධ බවක් (කිපීමක්) නොමැති හෙයිනි.
කක්ඛළෙනාති දාරුණෙන. සන්තොති නිබ්බුතකිලෙසා. පටිසෙනින්ති පටිසත්තුං. පටිමල්ලන්ති පටියොධං. පටිකණ්ටකන්ති පටිවෙරිං. පටිපක්ඛන්ති කිලෙසපටිපක්ඛං, කිලෙසවසෙන සඞ්ගං න කරොන්තීති අත්ථො.
කක්ඛලෙන දරුණු වූ සන්තො ශාන්ත වූ, නිවුණු කෙලෙස් ඇති බව පටිසෙනිං යනු ප්‍රතිවිරුද්ධ බව පටිමල්ලං පතිමල්ලව බව. පටිකණ්ටං ප්‍රති වෛර ඇති බව (මහා නිද්දේස පාලි- බු.ජ.ත්‍රි.”පටිභණ්ඩනං” යන වදන ඇත.) පටිපක්ඛං කෙලෙසුන්ගේ ප්රතිපක්ෂ බව. කෙලෙස් වශයෙන් එක්වීමක් නොකරති යන අර්ථයයි.
එතඤ්ච ධම්මමඤ්ඤායාති සබ්බමෙතං යථාවුත්තං ධම්මං ඤත්වා. විචිනන්ති විචිනන්තො. සන්තීති නිබ්බුතිං ඤත්වාති නිබ්බුතිං රාගාදීනං සන්තීති ඤත්වා.
එතඤ්ච ධම්ම මඤ්ඤාය මේ සියලු ධර්ම කරුණු ඉහත කියූ පරිදි දැන. විචිනං විමසමින් සන්තිං නිවේ. ඤත්වා රාගාදී කෙලෙස් සංසිදීම නිවන යැයි දැන.
සමඤ්චාති කායසුචරිතාදිං. විසමඤ්චාති කායදුච්චරිතාදිං. පථඤ්චාති දසකුසලකම්මපථං. විපථඤ්චාති දසඅකුසලකම්මපථං. සාවජ්ජඤ්චාති අකුසලඤ්ච. අනවජ්ජඤ්චාති කුසලඤ්ච. හීනපණීතකණ්හසුක්කවිඤ්ඤූගරහිතවිඤ්ඤූපසත්ථන්ති ඉදම්පි කුසලාකුසලමෙව. තත්ථ කායසුචරිතාදි සමකරණතො සමං. කායදුච්චරිතාදි විසමකරණතො විසමං. දසකුසලකම්මපථා සුගතිගමනපථත්තා පථං. දසඅකුසලකම්මපථා සුගතිගමනපටිපක්ඛත්තා අපායගමනපථත්තා විපථං. අකුසලං සදොසත්තා සාවජ්ජං. කුසලං නිද්දොසත්තා අනවජ්ජං. තථා මොහෙන වා දොසමොහෙන වා ලොභමොහෙන වා සම්පයුත්තත්තා හීනං . අලොභඅදොසඅමොහසම්පයුත්තත්තා පණීතං. කණ්හවිපාකත්තා කණ්හං. සුක්කවිපාකත්තා සුක්කං. බුද්ධාදීහි විඤ්ඤූහි ගරහිතත්තා විඤ්ඤූගරහිතං. තෙහි එව ථොමිතත්තා විඤ්ඤූපසත්ථන්ති ඤාතබ්බං.
සමංච කාය සුචරිතාදිය විසමංච කාය දුශ්චරිතාදිය පථඤ්ච දශ කුසල කර්මපථය. විපථඤ්ච දශ අකුසල කර්මපථය. සාවජ්ජඤ්ච අකුසලයද අනවජ්ජඤ්ච කුසලයද හීන පණීත කණ්හ සුක්ක විඤ්ඤුගරහිත පසත්ථං මෙහි දී කුසලා කුසල කර්මයන්ම අදහස් කරන ලදි. එහි කාය සුචරිතාදියෙන් කෙලෙස් සන්සිඳවීම සමං. කාය දුශ්චරිතාදීයෙන් කෙලෙස් විෂම කිරීම විසමං. කුසල කර්මපථය, සුගති තමන් පථය වන බැවින් සුපථං නම් වේ. අකුශල කර්මපථය සුගති ගමනට විරුද්ධ බැවින් අපායට යන මාර්ගයක් බැවින් විපථං. අකුසලය දොස් සහිත බැවින් සාවජ්ජං කුසලය නිර්දෝෂ වන බැවින් අනවජ්ජං. එසේම මෝහයෙන් හෝ ද්වේෂ මෝහයෙන් හෝ ලෝභ මෝහයෙන් හෝ යුක්ත බව හීනං නම් වේ. අලෝභ අදෝස හා අමෝහයන්ගෙන් යුක්ත බව පණීතං නම් වේ. කලු, විනාශ දායක විපාක ගෙනදෙන බැවින් කණ්හං නම් වේ. සුදු, සුභදායී විපාක ගෙන දෙන බැවින් සුක්කං නම් වේ. බුද්ධාදී නුවණැත්තන් විසින් ගරහන ලද බැවින් විඤ්ඤූගරහිතං. ඔවුන් විසින්ම ස්තුති කළ ගුණ කියන බැවින් විඤ්ඤූප්පසත්ථං යැයි දතයුතුයි.
කිං කාරණා නප්පමජ්ජෙය්ය ඉති චෙ – අභිභූ හි සොති ගාථා. තත්ථ අභිභූති රූපාදීනං අභිභවිතා. අනභිභූතොති තෙහි අනභිභූතො. සක්ඛිධම්මමනීතිහමද්දසීති පච්චක්ඛමෙව අනීතිහං ධම්මං අද්දක්ඛි. සදා නමස්ස’මනුසික්ඛෙති සදා නමස්සන්තො තිස්සො සික්ඛායො සික්ඛෙය්ය.
කුමක් නිසාද? ඉදින් නොපමා වන්නේ කෙසේදැයි දැක්වීමට “අභිභූසො” යන ගාථාව දැක්විනි. එහි අභිභූ යනු රූපාදී අරමුණු අභිභවනය කළා වූ අනභිභූතො ඒ කෙලෙසුන්ගෙන් නොමැඩුණේ සක්ඛිධම්මං අනීතිගමදස්සි ප්රත්යක්ෂයෙන්ම අනීතිකව (තමන්ට ප්රත්යක්ෂ කරගෙන) ධර්මය දුටු සේක. සදානමස්සමනුසික්ඛෙ සැමදා ඒ බුදුරදුන්ට නමස්කාර කරමින් ත්‍රිවිධ ශික්ෂාවන්හි හික්මෙන්නේය.
කෙහිචි කිලෙසෙහීති කෙහිචි රාගාදිඋපතාපකරෙහි කිලෙසෙහි. අභිභොසි නෙති තෙ කිලෙසෙ අභිභවි. සෙසං සබ්බත්ථ පාකටමෙව.
කෙහිචි කිලෙසෙහි කිසි රාගාදී තැවීම් ඇති කරන කෙලෙස්වලින් අධිභොසි නෙ ඒ කෙලෙසුන් අභිභවනය කළ සේක.
කෙවලං පන එත්ථ “චක්ඛූහි නෙව ලොලො”තිආදීහි ඉන්ද්රියසංවරො, “අන්නානමථො පානාන”න්තිආදීහි සන්නිධිපටික්ඛෙපමුඛෙන පච්චයපටිසෙවනසීලං, මෙථුනමොසවජ්ජපෙසුණියාදීහි පාතිමොක්ඛසංවරසීලං , “ආථබ්බණං සුපිනං ලක්ඛණ”න්තිආදීහි ආජීවපාරිසුද්ධිසීලං, “ඣායී න පාදලොලස්සා”ති ඉමිනා සමාධි, “විචිනං භික්ඛූ”ති ඉමිනා පඤ්ඤා, “සදා සතො සික්ඛෙ”ති ඉමිනා පුන සඞ්ඛෙපතො තිස්සොපි සික්ඛා, “අථ ආසනෙසු සයනෙසු, අප්පසද්දෙසු භික්ඛු විහරෙය්ය, නිද්දං න බහුලීකරෙය්යා”තිආදීහි සීලසමාධිපඤ්ඤානං උපකාරානුපකාරසඞ්ගණ්හනවිනොදනානි වුත්තානීති. එවං භගවා නිම්මිතස්ස පරිපුණ්ණපටිපදං වත්වා අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි, දෙසනාපරියොසානෙ පුරාභෙදසුත්තෙ (මහානි· 83 ආදයො) වුත්තසදිසොයෙවාභිසමයො අහොසීති.
සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය. හුදෙක් මෙහිදී චක්ඛුහි නෙව ලොලො යනාදියෙහි ඉන්ද්රිය සංවරය අදහස් විය. අන්නානමථො පනානං යනාදියෙහි රැස්කිරීම් ප්‍රතික්ෂේප කිරීම් සහිත තේමාවෙන් ප්‍රත්‍යය ප්රතිසේවන ශීලය (අදහස් වේ). මෞනධර්ම, මුසාවාද, කේලාම් කීම ආදියෙන් ප්රාතිමෝක්ෂ සංවර ශීලය අදහස් වේ. ආථබ්බනං පිසුණං ලක්ඛණං ආදියෙන් ආජීව පාරිශුද්ධ ශීලයයි. ඣායී න පාදලොලස්ස යන්නෙන් සමාධිය අදහස් විය. විචිනං භික්ඛු යන මෙයින් ප්‍රඥාව අදහස් විය. සදා සතො සික්ඛෙ යන මෙයින් සංක්ෂිප්ත වශයෙන් ත්‍රිවිධ ශික්ෂාවන් අදහස් විය. අථාසනෙසූ සයනෙසු අප්පසද්දෙසු භික්ඛු විහරෙය්ය නිද්දං න බහුලී කරෙය්ය යනාදියෙහි සීල සමාධි ප්රඥාදීන්ගේ උපකාර, සංගණ්හනය හා විනොදනය කියන ලදී යයි මෙසේ භාග්‍යවතුන් වහන්සේ, නිර්මිත බුදුරුවට පිරිපුන් ප්‍රතිපදාව දේශනා කොට අර්හත්වය කුළුගන්වමින් දේශනාව නිමා කළ සේක. සූත්‍ර දේශනාවසානයේදී පුරාභේද සූත්‍රයේ දැක් වූ ආකාරයෙන්ම සත්ත්වයන්ට ධර්මාවබෝධය විය.
සද්ධම්මප්පජ්ජොතිකාය මහානිද්දෙසට්ඨකථාය
සද්ධම්මපජ්ජොතිකා නම් මහා නිද්දේසට්ඨකථාවේ
තුවටකසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
දාහතරවන තුවටක සුත්‍ර නිද්දේස වර්ණනාව නිමියේ ය.