15. අත්තදණ්ඩසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
15. අත්තදණ්ඩසුත්තනිද්දෙසවණ්ණනා
15. අත්තදණ්ඩසූත්රනිර්දේශ වර්ණනාව
පන්නරසමෙ අත්තදණ්ඩසුත්තනිද්දෙසෙ අත්තදණ්ඩා භයං ජාතන්ති පඨමගාථාය අත්ථො – යං ලොකස්ස දිට්ඨධම්මිකං වා සම්පරායිකං වා භයං ජාතං, තං සබ්බං අත්තදණ්ඩා භයං ජාතං අත්තනො දුච්චරිතකාරණා ජාතං, එවං සන්තෙපි ජනං පස්සථ මෙධගං, ඉමං සාකියාදිජනං පස්සථ අඤ්ඤමඤ්ඤං මෙධගං හිංසකං බාධකන්ති. එවං තං පටිවිරුද්ධං විප්පටිපන්නං ජනං පරිභාසිත්වා අත්තනො සම්මා පටිපත්තිදස්සනෙන තස්ස සංවෙගං ජනෙතුං ආහ “සංවෙගං කිත්තයිස්සාමි, යථා සංවිජිතං මයා”ති. පුබ්බෙ බොධිසත්තෙනෙව සතාති අධිප්පායො.
පසළොස්වන අත්ත දණ්ඩ සූත්‍ර නිර්දේසයේ අත්ත දණ්ඩා භයං ජාතං යන පළමු ගාථාවේ අර්ථය- “ලෝකයාට මෙලොව හෝ පරලොවදී යම් භයක් ඇති වේ නම් ඒ සියලු භය ආත්ම දණ්ඩ භය හේතුවෙන් ඇති වේ. තමාගේ කායාදී දුශ්චරිත හේතුවෙන්ම ඇති වේ. මෙසේ ඇති කල්හි මේ ප්‍රතිවිරුද්ධ වූ ජනයා බලමු. ඔවුනොවුන්ට විරුද්ධව සිටියා වූ මේ ශාක්යාදී ජනයා දෙස බලවු.” මෙසේ ඒ ප්රතිවිරුද්ධව සටන් අභිමුඛව එළඹි ජනයාට නින්දා කරමින් තමාගේ සම්‍යක් ප්‍රතිපත්තිය දැක්වීම් වශයෙන් ඔවුන්ට සංවේග දැනවීමට කියන ලදී. “සංවෙගං කිත්තයිස්සාමි යථා සංවිජිතං මයා” පෙර මවිසින් දැනගත් ආකාරයෙන්, පෙර බෝසත්ත්ව සිටියදී දැනගත් අයුරින් සංවේගය ප්‍රකාශ කරන්නෙමි.
තයොති ගණනපරිච්ඡෙදො. දණ්ඩාති දුච්චරිතා. කායදණ්ඩොති කායදුච්චරිතං. වචීදණ්ඩාදීසුපි එසෙව නයො. තිවිධං කායදුච්චරිතන්ති පාණාතිපාතාදිකායතො පවත්තං දුට්ඨුං චරිතං, කිලෙසපූතිකත්තා වා දුට්ඨු චරිතන්ති ලද්ධනාමං තිවිධං දුච්චරිතං කායදුච්චරිතං. චතුබ්බිධන්ති මුසාවාදාදිචතුබ්බිධං. තිවිධන්ති අභිජ්ඣාදිතිවිධං. දිට්ඨධම්මිකන්ති දිට්ඨෙව ධම්මෙ ඉමස්මිංයෙව අත්තභාවෙ පටිසංවෙදනීයං. සම්පරායිකන්ති අනාගතෙ අත්තභාවෙ පටිසංවෙදනීයං. ආගුචාරීති පාපකාරී අපරාධකාරී. තමෙනං රාජා පරිභාසතීති පාපකාරිං රාජා පරිභාසති, භයං උප්පාදෙති. දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙතීති කායිකං දුක්ඛං චෙතසිකං දොමනස්සං වින්දති. එතං භයං දුක්ඛං දොමනස්සන්ති එවරූපං භයඤ්ච දුක්ඛඤ්ච දොමනස්සඤ්ච. කුතො තස්සාති තස්ස චොරස්ස කුතො උප්පන්නං. අත්තදණ්ඩතො ජාතන්ති අත්තනා කතදුච්චරිතතො උප්පන්නං.
තයො යනු සංඛ්‍යාව දැක්වීමයි. දණ්ඩා යනු දුශ්චරිතයන්ය. කාය දණ්ඩො යනු කාය දුශ්චරිතයයි. වචී දණ්ඩාදියෙහිද මේ ක්‍රමයමයි. තිවිධං කායදුච්චරිතං පර පණ නැසීමේ ආදී කයින් පවත්වන දුෂ්ට චරිතය. කෙලෙස් වලින් කුණු වූ බැවින් හෝ “දුෂ්ට චරිත” යයි ලැබූ නම් ඇති ත්‍රිවිධ වූ කාය දුශ්චරිත චතුබ්බිධං මුසාවාදා දී වාග් දුශ්චරිත සතරකි. තිවිධං අභිධ්‍යාදී වශයෙන් සිතින් වන දුශ්චරිත තුනකි. දිට්ඨධම්මිකං මෙලොවදීම, මේ ආත්ම භාවයේදීම විඳිය යුතු වූ, සම්පරායිකං අනාගත ආත්ම භාවයේ විඳිය යුතු වූ ආගුචාරිං පව් කරණ අපරාධ කරන රාජා තං පරිභාසති පවු කරන්නාට රජු නින්දා කරයි. අපහාස කරයි. භයං උප්පා දෙති දුක්ඛදෝමනස්සං පටිසංවෙදෙති කායික දුක්, චෛතසික දොම්නස් විඳියි. එතං භයං දුක්ඛං දොමනස්සං මෙබඳු භයක් ද දුකක් ද දොම්නසක් ද කුතො තස්ස ඒ සොරාට කොයින් උපදී ද? අත්ත දණ්ඩතො ජාතං තමා කළ දුශ්චරිතයෙන් උපන්.
අන්තමසොති හෙට්ඨිමතො. සවචනීයම්පි කරොති “න තෙ ලබ්භා ඉතො පක්කමිතු”න්ති ඉතො ඉමම්හා ගාමාදිනා ගන්තුං න ලබ්භා. න සක්කා බහි නික්ඛමිතුන්ති පලිබොධං සඞ්ගං කරොති. ධනජානිපච්චයාපීති ධනපරිහානිකාරණාපි. රාජා තස්ස විවිධා කම්මකාරණා කාරාපෙති. කසාහිපි තාළෙතීති කසාදණ්ඩකෙහි පොථෙති. වෙත්තෙහිපි තාළෙතීති සකණ්ටකවෙත්තලතාහි පොථෙති. අඩ්ඪදණ්ඩකෙහීතිආදයො හෙට්ඨා වුත්තනයායෙව. සුනඛෙහිපි ඛාදාපෙතීති කතිපයානි දිවසානි ආහාරෙ අදත්වා ඡාතසුනඛෙහි ඛාදාපෙති. තෙ මුහුත්තෙන අට්ඨිකසඞ්ඛලිකමෙව කරොති. සූලෙ උත්තාසෙතීති සූලං ආරොපෙති. රාජා ඉමෙසං චතුන්නං දණ්ඩානං ඉස්සරොති ඉමාසං චතුන්නං ආණානං කාතුං රාජා සමත්ථො.
අන්තමසො යටත් පිරිසෙන් කිවයුත්තෙකු කරයි. න තෙ ලබ්භා ඉතො පක්කමිතුං මෙයින්, මෙතනින්, මේ ගමෙන් යෑමට නොලැබේ. න සක්කා බහි නික්කමිතුං පළිබෝධ සඳහා කරයි. ධනජානි පච්චයාපි ධන පරිහානියට හේතු වූ ද; රජු ඔහුට විවිධ කර්ම විවිධ දඬුවම් කරවයි. කසාහිපි තාළෙන්ති කසයෙන් තලති. වෙත්තෙහිපි තාළෙන්ති කටු සහිත වේවැල් වලින් ගසති තලති. අද්ධදණ්ඩකෙහි ආදිය ඉහත කිවූ පරිදිමය. සුණඛෙහිපි ඛාදාපෙන්ති කිහිප දිනක් ආහාර දුරාසදා. [missing trans]
සකෙන කම්මෙනාති සයංකතෙන කම්මෙන. තමෙනං නිරයපාලාති එත්ථ එකච්චෙ ථෙරා “නිරයපාලා නාම නත්ථි, යන්තරූපං විය කම්මමෙව කාරණං කාරෙතී”ති වදන්ති. තෙසං තං “අත්ථි නිරයෙසු නිරයපාලාති, ආමන්තා. අත්ථි ච කාරණිකා”තිආදිනා නයෙන අභිධම්මෙ (කථා· 866 ආදයො) පටිසෙධිතමෙව. යථා හි මනුස්සලොකෙ කම්මකාරණකාරකා අත්ථි, එවමෙව නිරයෙසු නිරයපාලා අත්ථීති. තත්තං අයොඛිලන්ති තිගාවුතං අත්තභාවං සම්පජ්ජලිතාය ලොහපථවියා උත්තානකං නිපජ්ජාපෙත්වා දක්ඛිණහත්ථෙ තාලප්පමාණං අයසූලං පවෙසෙන්ති, තථා වාමහත්ථාදීසු. යථා ච උත්තානකං නිපජ්ජාපෙත්වා එවං උරෙනපි වාමපස්සෙනපි දක්ඛිණපස්සෙනපි නිපජ්ජාපෙත්වා තං කම්මකාරණං කරොන්තියෙව.
[missing trans]
සංවෙසෙත්වාති ජලිතාය ලොහපථවියා තිගාවුතං අත්තභාවං නිපජ්ජාපෙත්වා. කුඨාරීහීති මහතීහි ගෙහච්ඡාදනස්ස එකපක්ඛමත්තාහි කුඨාරීහි තච්ඡෙන්ති, ලොහිතං නදී හුත්වා සන්දති, ලොහපථවිතො ජාලා උට්ඨහිත්වා තච්ඡිතට්ඨානං ගණ්හාති, මහාදුක්ඛං උප්පජ්ජති, තච්ඡන්තා පන සුත්තාහතං කරිත්වා දාරු විය අට්ඨංසම්පි ඡළංසම්පි කරොන්ති. වාසීහීති මහාසුප්පපමාණාහි වාසීහි. රථෙ යොජෙත්වාති සද්ධිං යුගයොත්තඋපක්ඛරචක්කකුබ්බරපාජනෙහි සබ්බතො පජ්ජලිතෙ රථෙ යොජෙත්වා. මහන්තන්ති මහාකූටාගාරප්පමාණං. ආරොපෙන්තීති සම්පජ්ජලිතෙහි අයමුග්ගරෙහි පොථෙන්තා ආරොපෙන්ති. සකිම්පි උද්ධන්ති සුපක්කුත්ථිතාය උක්ඛලියා පක්ඛිත්තතණ්ඩුලං විය උද්ධං අධො තිරියඤ්ච ගච්ඡති. මහානිරයෙති අවීචිමහානිරයම්හි.
[missing trans]
චතුක්කණ්ණොති චතුරස්සමඤ්ජූසාසදිසො. විභත්තොති චතුද්වාරවසෙන විභත්තො. භාගසො මිතොති ද්වාරවීථීනං වසෙන භාගෙ ඨපෙත්වා ඨපෙත්වා විභත්තො. පරියන්තොති පරික්ඛිත්තො. අයසාති උපරි නවයොජනිකෙන අයපත්තෙන ඡාදිතො. සමන්තා යොජනසතං ඵරිත්වා තිට්ඨතීති එවං ඵරිත්වා තිට්ඨති, යථා සමන්තා යොජනසතෙ ඨත්වා ඔලොකෙන්තස්ස අක්ඛීනි යමකගොළකා විය නික්ඛමන්ති. කදරියාතපනාති සබ්බෙපි තෙ උස්සදෙහි සද්ධිං අට්ඨ මහානිරයා කදරියා නිච්චං තපන්තීති කදරියාතපනා. බලවදුක්ඛතාය ඝොරා. කප්පට්ඨිකානං අච්චීනං අත්ථිතාය අච්චිමන්තො. ආසාදෙතුං ඝට්ටෙතුං දුක්කරතාය දුරාසදා. දිට්ඨමත්තා වා සුතමත්තා වා ලොමානි හංසෙන්තීති ලොමහංසනරූපා. භීසනතාය භිස්මා. භයජනනතාය පටිභයා. සුඛාභාවෙන දුඛා.
[missing trans] දුටුමතින් හෝ ඇසූ පමණින් හෝ ලොමානි හංසෙන්ති ලොමුඩැහැ ගන්නා ස්වභාවය ඇති, බිහිසුණු වූ බැවින් භිස්මා (භෙස්මා) බිය උපදවන බැවින් පටිභයා. සැපයෙන් දුරු වූ බැවින් දුක්ඛා.
පුරත්ථිමාය භිත්තියාතිආදිගාථානං එවං අවීචිනිරයොති පරියන්තං කත්වා අයං සඞ්ඛෙපත්ථො – අග්ගිජාලානං වා පන සත්තානං වා තෙසං දුක්ඛස්ස වා වීචි අන්තරං නත්ථි එත්ථාති අවීචි. තත්ර හි පුරත්ථිමාදීහි භිත්තීහි ජාලාරාසි උට්ඨහිත්වා පාපකම්මිනො පුග්ගලෙ ඣාපෙන්තො පච්ඡිමාදීසු භිත්තීසු පටිහඤ්ඤති පහරති, තා ච භිත්තියො විනිවිජ්ඣිත්වා පරතො යොජනසතං ගණ්හාති, හෙට්ඨා උට්ඨිතා උපරි පටිහඤ්ඤති, උපරි උට්ඨිතා හෙට්ඨා පටිහඤ්ඤති. එවං තාවෙත්ථ ජාලානං වීචි නාම නත්ථි. තස්ස පන අන්තො යොජනසතට්ඨානං ඛීරවල්ලිපිට්ඨස්ස පූරිතනාළි විය සත්තෙහි නිරන්තරං පූරිතං චතූහි ඉරියාපථෙහි පච්චන්තානං සත්තානං පමාණං නත්ථි, න ච අඤ්ඤමඤ්ඤං බ්යාබාධෙන්ති, සකසකට්ඨානෙයෙව පච්චන්ති. එවමෙත්ථ සත්තානං වීචි නාම නත්ථි. යථා පන ජිව්හග්ගෙ ඡ මධුබින්දූනි සත්තමස්ස තම්බලොහබින්දුනො අනුදහනබලවතාය අබ්බොහාරිකානි හොන්ති, තථා තත්ථ අනුදහනබලවතාය සෙසා ඡ අකුසලවිපාකුපෙක්ඛා අබ්බොහාරිකා හොන්ති, දුක්ඛමෙව නිරන්තරං පඤ්ඤායති. එවමෙත්ථ දුක්ඛස්ස වීචි නාම නත්ථි. නිරස්සාදට්ඨෙන නිරයො.
පුරත්ථිමාය ච භිත්තියා ආදී ගාථාවන්ගේ “අවීචි තිරය මෙසේය” යනුවෙන් පරියන්ත කර එහි ඇති දුක් සංක්ෂිප්තව පවසන ලදී. ගිනිදැල්වල හෝ සත්ත්වයන්ගේ හෝ දුකෙහි හෝ කෙළවරක්, අතරක් මෙහි නැත්තේනුයි “අවීචි” නම් වේ. එහිදී පෙරදිග බිත්තියෙන් පැනනගින, ගිනි ජාලාව පවුකම් කළ පුද්ගලයන් දවමින් බටහිර දිග බිත්තියේ වැදේ. පහර දේ. ඒ බිත්තිය විනිවිද හාත්පස යොදුන් සීයක් විහිද යයි. යටින් උඩට නැගීම ගිනිදැල් මතුයෙහි සිට ද සත්ත්වයා පීඩාවට පත් කරයි. උඩින් නැගී ගිනිදැල් යටට වැදී පීඩාවට පත් කරයි. මෙසේ මේ නරකයෙහි ගිනිදැල්වල අතරක් නම් (නැවැත්මක්) නැත. එහි ඇතුලත යොදුන් සීයක් තැන කිරිවැල් පිටිවලින් (ඛීරවල්ලිපිට්ඨ) පිරවූ නැලියක් මෙන් සතර ඉරියව්වෙන් සිටින සත්ත්වයන් අතුරින් නිතර පැසෙන සත්ත්වයන්ගේ ප්‍රමාණයක් නම් නැත. ඔවුනොවුන් පෙළීමක් ගැටීමක් නම් නැත. තම තමා සිටින තැනම පැසෙති. මෙසේ මෙහි සත්ත්වයන්ගේ අතරක් නම් නැත. යම්සේ දිව අග මී පැණි බිඳු හයක් ම දමා සත්වැනිව දැමූ තඹ ලෝහ බිඳුව දිව දැමීමට හේතු වේද මීබිඳු ගණන් නොගත යුතු තත්ත්වයට පත් වේද, එමෙන්ම නිරයෙහි දැවීම බලවත් හෙයින් සෙසු අකුසල විපාක උපේක්ෂා සිය ගණන් නොගතයුතු තත්ත්වයට පැමිණේ. දුකම නිරතුරුව ප්‍රකට වේ. මෙසේ මේ නිරයේ ඇති දුක් සහගත භාවයෙහි අතරක් නම් නැත. ආශ්වාද රහිත වූ අරුතින් නිරයෝ නම් වේ.
තත්ථ සත්තා මහාලුද්දාති තස්මිං නිබ්බත්තා සත්තා මහන්තා ලුද්දා. මහාකිබ්බිසකාරිනොති මහන්තදාරුණකම්මකාරිනො. අච්චන්තපාපකම්මන්තාති එකංසෙන පාපකම්මිනො. පච්චන්ති න ච මිය්යරෙති ඡන්නං ජාලානමන්තරෙ පච්චන්ති, න ච මිය්යන්ති. ජාතවෙදසමො කායොති තෙසං සරීරං අග්ගිසදිසං. තෙසං නිරයවාසිනන්ති තෙසං පාපකම්මානං නිරයවාසීනං. පස්ස කම්මානං දළ්හත්තන්ති පාපකම්මානං ථිරභාවං ඔලොකෙහි. න භස්මා හොති නපී මසීති ඡාරිකාපි න හොති අඞ්ගාරොපි. පුරත්ථිමෙනාති යදා තං ද්වාරං අපාරුතං හොති, අථ තදභිමුඛා ධාවන්ති, තෙසං තත්ථ ඡවිආදීනි ඣායන්ති. ද්වාරසමීපං පත්තානඤ්ච තෙසං තං පීධීයති, පච්ඡිමං අපාරුතං විය ඛායති. එස නයො සබ්බත්ථ. අභිනික්ඛමිතාසා තෙති නිරයා නික්ඛමිතුං ආසා එතෙසන්ති නික්ඛමිතාසා. මොක්ඛගවෙසිනොති මුඤ්චනුපායං එසන්තා ගවෙසන්තාපි. න තෙ තතො නික්ඛමිතුං, ලභන්ති කම්මපච්චයාති තෙ සත්තා නිරයතො නික්ඛමනද්වාරං පාපකම්මපච්චයා නාධිගච්ඡන්ති. තෙසඤ්ච පාපකම්මන්තං, අවිපක්කං කතං බහුන්ති තෙසඤ්ච සත්තානං ලාමකං දාරුණකම්මං අවිපාකං බහුවිධං නානප්පකාරං අදින්නවිපාකං කතං උපචිතං අත්ථි.
තත්ථ සත්ත මහාලුද්දා එහි උපන් සත්ත්වයෝ මහා රෞද්රයෝය. මහා කිබ්බිසකාරිනො මහත් වූ දරුණු ක්‍රියා කරන්නෝය. අච්චන්ත පාප කම්මන්තා ඒකාන්තයෙන්ම පව්කම් කරන්නෝමය. පච්චන්ති නව මීයරේ සිව්දිසාවෙන් වැදෙන ගිනිදැල් මැද පැසෙති. නොමැරෙති. ජාතවෙදසමො කායො ඔවුනොවුන්ගේ ශරීරය ගිනි වැනිය. තෙසං නිරයවාසීනං ඒ පවුකම් කළ නිරයවාසීන්ගේ. පස්ස කම්මානං දළ්හත්තං පවුකම්වල ස්ථිර දැඩි බව බලව. නභස්මා හොති න මසි. අළුද නැත අඟුරුද නැත. පුරත්ථිමෙන යම්කිසි කලෙක ඒ නැගෙනහිර වාරය විවෘත වූ කල්හි ඒ දිශාවට දුවති. එහිදී ඔවුන්ගේ සම් ආදිය දැවී යයි. දොර සමීපයටම පැමිණිවිට එය වැසී යයි. බටහිර දිශාවේ දොර ඇරුණාක් මෙන් පෙනේ. සියලු තන්හි මේ ක්‍රමයයි. නික්ඛමිතාසා තෙ නිරයෙන් නික්මවීමට ආශාව මොවුන්ට ඇත්තේනුයි. නික්ඛමිතාසා. මොක්ඛගවෙසිනො මිදෙන උපායක් සොයන නමුත් ඔවුහු ඉන් මිදීමට මඟක් නොලබති. කම්ම පච්චයා ඒ සත්ත්වයෝ නිරයෙන් නික්මෙන දොරටුව පාපකර්ම හේතුවෙන්ම නොදැන ගනිති. තෙසං ච පාපකම්මං අවිපක්ක විපාකං කතං බහුං ඒ සත්ත්වයෝ ළාමක දරුණු කර්ම, නොපැසුණු විපාක ඇති බොහෝ වූ නානාප්‍රකාර නොදුන් විපාක ඇති පාපකර්ම කළාහු, රැස් කළාහු වෙති.
සංවෙගන්ති විනිලනං. උබ්බෙගන්ති ඨිතට්ඨානතො ගමනං. උත්රාසන්ති උබ්බෙජනං අසන්නිට්ඨානං. භයන්ති චිත්තුත්රාසනං. පීළනන්ති ඝට්ටනං. ඝට්ටනන්ති පීළාකරණං. උපද්දවන්ති ඊතිං. උපසග්ගන්ති රුන්ධනං.
සංවේගං සංවේගය ලැජ්ජා වීම උබ්බෙගං සිටින තැනින් යෑම. උත්රාසං තැති ගැනීම, අස්ථිර බව. භයං සිතේ හටගත් බිය උත්‍රාසය. ඝට්ටනං පෙලීම, ගැටීම. උපද්දවං විපත, උපද්‍රවය. උපසග්ගං නිරුජ්ඣනය, ඇවිරීම,
ඉදානි යථානෙන සංවිජිතං, තං පකාරං දස්සෙන්තො “ඵන්දමාන”න්තිආදිමාහ. තත්ථ ඵන්දමානන්ති තණ්හාදිට්ඨීහි කම්පමානං. අප්පොදකෙති අප්පෙ උදකෙ. අඤ්ඤමඤ්ඤෙහි බ්‍යාරුද්ධෙ දිස්වාති නානාසත්තෙ ච අඤ්ඤමඤ්ඤෙහි සද්ධිං විරුද්ධෙ දිස්වා. මං භයමාවිසීති මං භයං පවිට්ඨං.
දැන් මොහු විසින් මනාව දිනන ලද ආකාරය දක්වමින් ඵන්දමානං යනාදී ගාථාව වදාළහ. එහි ඵන්දමානං කම්පනය වන සැලෙන. අප්පොදකෙ දිය කඩිත්තක. අඤ්ඤමඤ්ඤෙහි ඛ්යාරුද්ධෙ දිස්වා නානාවිධ සත්ත්වයන් අන්‍යෝන්‍යව විරුද්ධ වූවන් ද දැක. මං භයමාවිසි මා කරා භය පැමිණියේය.
කිලෙසඵන්දනාය ඵන්දමානන්ති රාගාදිකිලෙසචලනාය චලමානං. පයොගොති කායවචීමනොපයොගො.
කිලෙස එන්දනාය ඵන්දමානං රාගාදී කෙලෙස් චලනයෙන් සෙලවෙනුයේ පයොගො කාය වාග් මන ප්‍රයෝග.
විරුද්ධාති විරොධමාපන්නා. පටිවිරුද්ධාති පටිමුඛං හුත්වා විරොධමාපන්නා, සුට්ඨු විරුද්ධා වා. ආහතාති කොධෙන ආහතා පහතා. පච්චාහතාති පටිමල්ලා හුත්වා ආහතා. ආඝාතිතාති ඝට්ටිතා. පච්චාඝාතිතාති විසෙසෙන ඝට්ටිතා. පාණීහිපි උපක්කමන්තීති හත්ථෙහිපි පහරන්ති.
විරුද්ධා විරුද්ධ බවට පැමිණියෝ. පටිවිරුද්ධා ප්‍රතිමුඛව විරෝධභාවයට පැමිණියෝ. කිපියෝ හෝ විරුද්ධ වූවෝ. ආහතා ක්‍රෝධයෙන් පහර දුන් ගසන ලද පච්චාහතා ප්රතිමල්ලයෝ වී පහර දුන් ආඝටිකා ගැටුණු. පච්චා ඝටිතා විශේෂයෙන් ගැටුණු. පාණිහිපි උපක්කමන්ති අතින්ද ගසති.
සමන්තමසාරො ලොකොති නිරයං ආදිං කත්වා සමන්තතො ලොකො අසාරො නිච්චසාරාදිරහිතො. දිසා සබ්බා සමෙරිතාති සබ්බා දිසා අනිච්චතාය කම්පිතා. ඉච්ඡං භවනමත්තනොති අත්තනො තාණං ඉච්ඡන්තො. නාද්දසාසිං අනොසිතන්ති කිඤ්චි ඨානං ජරාදීහි අනජ්ඣාවුට්ඨං නාද්දක්ඛින්ති.
සමන්තමසාරො ලොකො නිරය මුල් කරගත් හාස වූ ලෝකය අසාරය, නිත්‍ය හර ස්වභාවයෙන් තොර දිසා සබ්බා සමෙරිතා සියලු දිශාවන් අනිත්‍ය ස්වභාවය නිසා කම්පනය විය. ඉච්ඡං භවනමත්තනො තමාට ත්රාණයක් පිහිටක් කැමති වන්නේ නාද්දසාසිං අනොසිතං කිසිතැනෙක ජරා දියෙන් නොතැවරුණු තැනක් නොදුටුවෙමි.
අසාරොති න සාරො, සාරවිරහිතො වා. නිස්සාරොති සබ්බෙන සබ්බං සාරවිරහිතො. සාරාපගතොති සාරතො අපගතො. නිච්චසාරසාරෙන වාති සතතසාරසඞ්ඛාතෙන සාරෙන වා. උපරිපදද්වයෙපි එසෙව නයො. යෙ පුරත්ථිමාය දිසාය සඞ්ඛාරාති යෙ පුරත්ථිමාය දිසාය පච්චයෙහි සඞ්ගම්ම සමාගම්ම කතා සඞ්ඛාරා. තෙපි එරිතාති තෙපි සඞ්ඛාරා කම්පිතා. සමෙරිතාති සම්මා කම්පිතා. චලිතාති චලනං ගතා. ඝට්ටිතාති උදයබ්බයෙන පීළිතා. අනිච්චතායාති හුත්වා අභාවතාය. ජාතියා අනුගතාති නිබ්බත්තියා අනුපවිට්ඨා. ජරාය අනුසටාති පරිපක්කතාය අනුපත්ථටා. බ්යාධිනා අභිභූතාති චාතුවිසමෙන උප්පන්නබ්යාධිනා අජ්ඣොත්ථටා. මරණෙන අබ්භාහතාති මච්චුනා අභිආහතා පහතා. අතාණාති රක්ඛවිරහිතා. අලෙණාති ලෙණවිරහිතා. අසරණාති නත්ථි එතෙසං සරණන්ති අසරණා. අසරණීභූතාති සයං සරණකිච්චං න කරොන්තීති අසරණීභූතා.
අසාරො හරයක් සාරයක් නැත. නැතහොත් සාර විරහිතය. නිස්සාරො සියල්ලෙන් සියල්ල සාරවිරහිතය. සාරාපගතො සාරයෙන් පහ විය. නිච්චසාර සාරෙනවා නිතර සාරසංඛ්යාත වූ සාරයෙන් හෝ මතුයෙහි එන පද දෙකෙහිද මේ ක්‍රමයෙන් අර්ථ ගතයුතු. යෙ පුරත්ථිමාය දිසාය සංඛාරා පෙරදිග යම් සංස්කාරයක්, ප්‍රත්‍යය එකතු වීමෙන් හේතුප්‍රත්‍ය සමවායෙන් කරන ලද සංස්කාරයක්. තෙපි ඵරිතා ඒ සංස්කාරයෝ ද කම්පා කරන ලදී. සමෙරිතා මැනවින් කම්පා කරන ලදී. චලිතා චලනයට ගියේය. ඝට්ටිතා උදයව්‍යයයෙන් පෙළෙන ලදී. අනිච්චතාය වී අභාවයට යන බැවින්, ජාතියා අනුගතා ඉපදීමට පැමිණියේය. ජරාය අනුසටා ජරාවෙන් මුහුකුරා යෑමට පැමිණියේය. බ්යාධිනා අභිභූතා ධාතු විෂම වීමෙන් උපන් ව්‍යාධියෙන් මඬන ලදී. මරණෙන අබ්භාහතා මාරයා විසින් මනාව පහර දෙන ලදී. ආතාණා රක්ෂා විරහිතය. අලෙණා රැකවරණ රහිතය. අසරණා මොවුන්ට කිසි සරණක් නැත්තේනුයි අසරණය. අසරණීභූතා තමා කිසි සරණක් පිහිටක් නොකරත්නුයි අසරණ වූ.
අත්තනො භවනන්ති නිද්දෙසපදස්ස උද්දෙසපදං. තාණන්ති පාලනං. ලෙණන්ති ලෙණට්ඨානං. සරණන්ති දුක්ඛනාසනං. ගතින්ති පතිට්ඨං. පරායනන්ති පරං අයනං. අජ්ඣොසිතංයෙව අද්දසන්ති ජරාදීහි මද්දිතංයෙව අද්දක්ඛිං. සබ්බං යොබ්බඤ්ඤන්ති යොබ්බනභාවො යොබ්බඤ්ඤං, සචෙතනානං සබ්බං යොබ්බඤ්ඤං. ජරාය ඔසිතන්ති පරිපාකාය ජරාය අවසිතං මද්දිතං. එවං සබ්බත්ථ.
අත්තනො භවනං යනු නිද්දේස පදයේ උද්දේසයයි. තාණං පාලනය. ලෙණං රැකවරණ ස්ථානය. සරණං දුක් නැසීමයි. ගතිං පිහිටයි. පරායනං පරංඅයනං, පිහිට, පරම ප්‍රතිෂ්ඨාව. අජ්ඣොසිතංයෙව අද්දසං ජරාදියෙන් මඬනා ලද්දෙකුම දුටුවෙමි. සබ්බං යොබ්බඤ්ඤං යෞවන බව, යෞවනත්වය යොබ්බඤ්ඤ නම් වේ. චේතනා සහිත සියලු යොවුන් බව. ජරාය ඔසිතං මුහුකුරා ගිය ජරාවෙන් මඬනා ලදී. වැසුණි. මෙසේ සියලු තැන්හි අර්ථය ගතයුතුයි.
ඔසානෙ ත්වෙව බ්‍යාරුද්ධෙ, දිස්වා මෙ අරතී අහූති යොබ්බඤ්ඤාදීනං ඔසානෙයෙව අන්තගමකෙ එව විනාසකෙ එව ජරාදීහි බ්‍යාරුද්ධෙ ආහතචිත්තෙ සත්තෙ දිස්වා අරති මෙ අහොසි. අථෙත්ථ සල්ලන්ති අථ එතෙසු සත්තෙසු රාගාදිසල්ලං. හදයස්සිතන්ති චිත්තනිස්සිතං.
ඔසානෙ ත්වෙව බ්‍යාරුද්ධෙ දිස්වා මෙ අරති අහු යෞවනාදියේ, අවසානයෙහිම, අස්තංගමයේ දී ම, පරිනාමයේ දී, මෙසේ විනාශයට යන, මෙසේ ජරාදිය සමඟ විරුද්ධ වූ, ඉන් පහරදුන් සිතැති සත්ත්වයන් දැක මට අතිර සිතක් පහළ විය. අථෙත්ථ සල්ලං අනතුරුව, මේ සත්ත්වයන් කෙරෙහි වූ රාගාදී හූල හදයනිස්සිතං සිත ඇසුරු කළ,
යොබ්බඤ්ඤං ජරා ඔසාපෙතීති ජරා අත්ථඞ්ගමෙති විනාසෙති. එවං සබ්බත්ථ.
යොවුන් බව ජරාව විසින් වනසා දැමෙයි. අවසාන කෙරෙයි. මෙසේ සියලු තැන් පවත්නා කථාව හුලකි.
“කථං ආනුභාවං සල්ල”න්ති චෙ? යෙන සල්ලෙන ඔතිණ්ණොති ගාථා. තත්ථ දිසා සබ්බා විධාවතීති සබ්බා දුච්චරිතදිසාපි පුරත්ථිමාදිදිසාපි විදිසාපි ධාවති. තමෙව සල්ලමබ්බුය්හ, න ධාවති න සීදතීති තමෙව සල්ලං උද්ධරිත්වා තා ච දිසා න ධාවති, චතුරොඝෙ ච න සීදති.
යෙනසල්ලෙන ඔතිණ්ණො යන ගාථාවේ යම් රාගාදී ශල්යයකින් විදින ලද ද දිසා සබ්බා විධාවති සියලු දුශ්චරිතාදී දිශාවන්ට පෙරදිග ආදී දිශාවන්ට ද ගති දිශාවන්ට ද දුවයි. තමෙව සල්ලං අබ්බුය්හ න ධාවති න සීදති. ඒ හුලම උඩට ගෙන, උදුරා ගන්නා ලද්දේ නම් එවිට දිශාවන්හි නොදුවයි සතර ඕඝයන්හි ද නො ගැලේ.
අඤ්ඤාණන්තිආදීසු ඤාණදස්සනපටිපක්ඛතො අඤ්ඤාණං අදස්සනං. අභිමුඛො හුත්වා ධම්මෙන න සමෙති න සමාගච්ඡතීති අනභිසමයො. අනුරූපතො ධම්මෙ බුජ්ඣතීති අනුබොධො. තප්පටිපක්ඛතාය අනනුබොධො. අනිච්චාදීහි සද්ධිං යොජෙත්වා න බුජ්ඣතීති අසම්බොධො. අසන්තං අසමඤ්ච බුජ්ඣතීතිපි අසම්බොධො. චතුසච්චධම්මං න පටිවිජ්ඣතීති අප්පටිවෙධො. රූපාදීසු එකධම්මම්පි අනිච්චාදිසාමඤ්ඤතො න සඞ්ගණ්හාතීති අසඞ්ගාහණා. තමෙව ධම්මං න පරියොගාහතීති අපරියොගාහණා. න සමං පෙක්ඛතීති අසමපෙක්ඛනා. ධම්මානං සභාවං පති න අපෙක්ඛතීති අපච්චවෙක්ඛණා.
අඤ්ඤණං ආදියෙහි ඤාණ දර්ශනයට විරුද්ධ වූ බැවින් නොදැනීම, නොදැකීමයි. අභිමුඛ වී ධර්මයෙන් අවබොධ නොවේ. වැටහීමට නොපැමිණේනුයි අනභිසමයො. අනුරූප වශයෙන් ධර්මය අවබෝධ කරගනියිනුයි අනුබොධො ඊට විරුද්ධ වූ බැවින් අනනුබොධා. අනිත්‍යදී ධර්ම සමඟ යොදා අවබෝධ කර නොගනියිනුයි අසම්බොධො ආශාන්ත වූ අසම වූවක් අවබෝධ කර ගනිනුයි ද අසම්බෝධ නම් වේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළේනුයි. අප්පටිවෙධෙ. රූප ආදියෙහි එක් ධර්මයක්වත් අනිත්‍යාදී සාමාන්‍ය ධර්ම වශයෙන් නොගන්නේය. අරුතින් අසංගාහනා. එම ධර්මය හාත්පසින් බැලීමෙක් නැත්තේනුයි. අපරියොගාහනා. නොබලන්නේනුයි අසමපෙක්ඛනා. ධර්මයන්ගේ ස්වභාවය ප්රත්යවේක්ෂා නොකරයිනුයි අපච්චවෙක්ඛනා.
කුසලාකුසලකම්මෙසු විපරීතවුත්තියා සභාවගහණාභාවෙන වා එකම්පි කම්මං එතස්ස පච්චක්ඛං නත්ථි, සයං වා කස්සචි ධම්මස්ස පච්චක්ඛකරණං නාම න හොතීති අපච්චක්ඛකම්මං. යං එතස්මිං අනුප්පජ්ජමානෙ චිත්තසන්තානං මෙජ්ඣං භවෙය්ය සුචි වොදානං, තං දුට්ඨුං මෙජ්ඣං ඉමිනාති දුම්මෙජ්ඣං. බාලානං භාවො බාල්යං. මුය්හතීති මොහො. බලවතරො මොහො පමොහො. සමන්තතො මුය්හතීති සම්මොහො. විජ්ජාය පටිපක්ඛභාවතො න විජ්ජාති අවිජ්ජා. ඔඝයොගත්ථො වුත්තොයෙව. ථාමගතට්ඨෙන අනුසෙතීති අනුසයො. චිත්තං පරියුට්ඨාති අභිභවතීති පරියුට්ඨානං. හිතග්ගහණාභාවෙන හිතාභිමුඛං ගන්තුං න සක්කොති අඤ්ඤදත්ථු ලඞ්ගතියෙවාති ලඞ්ගී, ඛඤ්ජතීති අත්ථො. දුරුග්ඝාටනට්ඨෙන වා ලඞ්ගී. යථා හි මහාපලිඝසඞ්ඛාතා ලඞ්ගී දුරුග්ඝාටා හොති, එවමයම්පි ලඞ්ගී වියාති ලඞ්ගී. සෙසං උත්තානත්ථමෙව.
කුසලාකුසල කර්මන්හි විපරිත වූ පැවතුම් ඇති හෙයින් හෝ ස්වභාවය ගැනීමෙන් දුරු වූ හෙයින් හෝ එකම කර්මයක්, මොහුට ප්රත්යක්ෂ වූවක් නැත. තමා ම හෝ කිසිදු දහමක් ප්රත්යක්ෂ කරගැනීමක් නම් නොවේ යන අරුතින් අපච්චක්ඛ කම්මං නම් වේ. පිරිසිදු පවිත්‍ර සිත් නූපදනා කල්හි චිත්ත සන්තානය අපවිත්‍ර වන්නේනුයි දුම්මෙජ්ඣං එය මෙයින් දූෂිතය, අපවිත්‍රය යනුයි. බාල බව බාල්යං මුලා වේනුයි මොහෙ ඉතා බලවත් මෝහය පමොහෙ. හාත්පසින් මුලා වේනුයි සම්මොහො විද්‍යාවෙන් විරුද්ධ වු හෙයින් නොදනීනුයි අවිජ්ජා. ඔඝ යෝගාර්ථ ඉහත පැවසූ පරිදිමය. තදින්ම සිතේ තැන්පත්ව අත්නොහැර පවතිනුයි අනුසයො සිත මැඬගෙන නගියි, අභිභවනය කරයිනුයි. පරියුට්ඨානං හිත වූ දෙය නොගන්නා බැවින්, යහපත් කරුණු පෙරදැරිව යෑමට අසමත් වේ. ඒකාන්තයෙන් ම පවෙහිම ලග්නේය යන අරුතින් ලංගී නො ඇලේ යන අරුතයි. උදුරා දැමීමට අපහසු අර්ථයෙන් හෝ ලංගී නම් වේ. යම් සේ මහා ද්වාරයේ දොර අගුල නම් ලංගිය උගුලා දැමීම අපහසුවේ ද එමෙන් වූ අකුසල් නැමති ලංගිය වේ යන අර්ථයයි. සෙසු පදයන්ගේ අර්ථය සුගම ය.
යා එවරූපා කඞ්ඛාති එත්ථ කඞ්ඛනවසෙන කඞ්ඛා. කඞ්ඛං ආනයතීති කඞ්ඛායනා. පුරිමකඞ්ඛා හි උත්තරකඞ්ඛං ආනයති නාම. ආකාරවසෙන වා එතං වුත්තං. කඞ්ඛාසමඞ්ගිචිත්තං කඞ්ඛාය ආයිතත්තා කඞ්ඛායිතං නාම. තස්ස භාවො කඞ්ඛායිතත්තං. විමතීති විගතා මති විමති. විචිකිච්ඡාති විගතා චිකිච්ඡා විචිකිච්ඡා, සභාවං වා විචිනන්තො කිච්ඡති කිලමති එතායාති විචිකිච්ඡා. සා සංසයලක්ඛණා, කම්පනරසා, අනිච්ඡයපච්චුපට්ඨානා, අනෙකංසග්ගාහපච්චුපට්ඨානා වා, අයොනිසොමනසිකාරපදට්ඨානා, පටිපත්තියා අන්තරායකරාති දට්ඨබ්බා.
යම් මෙබඳු සැකයක් වේ නම් මෙහි සැක කිරීම් වශයෙන් කංඛා, සැකයට පැමිණේනුයි කංඛායනා, මුල් සැකයෙන් පසුව ඇතිවන සැකය පැමිණේනුය “ආදියති” නම් වේ. නැතහොත් ආකාර වශයෙන් මෙය කියවන ලදී. සැකයෙන් යුක්ත සිත, සැකයෙන් පිරුණු හෙයින් කංඛා යිතං නම් වේ. එහි ස්වභාවය කංඛායිතත්තං නම් වේ. විමති යනු දුරු වූ බුද්ධිය” විමතියයි. විචිකිච්ඡා දුරුවූ කිච්ඡාව විචිකිච්ඡාව යි. ස්වභාවය හෝ සොයමින් මෙයින් වෙහෙසට පත්වේ. ක්ලාන්ත වෙනුයි විචිකිච්ඡා නම් එය සංසය ලක්ෂණ කර ඇත. කම්පනය රසය කර ඇත. අනිච්ඡය පච්චුපට්ඨනය කර ඇත. නැතහොත් අනෙකංසග්රාහය පච්චුපට්ඨාන කර ඇත. විචිකිච්ඡාව අයෝනිසෝ මනසිකාරය පදට්ඨානය කර ඇත. ප්‍රතිපත්තියට අන්තරාය කරන්නේ යැයි දතයුතුයි.
කම්පනට්ඨෙන ද්විධා එළයතීති ද්වෙළ්හකං. පටිපත්තිනිවාරණෙන ද්විධාපථො වියාති ද්වෙධාපථො. “නිච්චං වා ඉදං අනිච්චං වා”තිආදිපවත්තියා එකස්මිං ආකාරෙ සණ්ඨාතුං අසමත්ථතාය සමන්තතො සෙතීති සංසයො. එකංසං ගහෙතුං අසමත්ථතාය න එකංසග්ගාහොති අනෙකංසග්ගාහො. නිච්ඡෙතුං අසක්කොන්තී ආරම්මණතො ඔසක්කතීති ආසප්පනා. ඔගාහිතුං අසක්කොන්තී පරිසමන්තතො සප්පතීති පරිසප්පනා. පරියොගාහිතුං අසමත්ථතාය අපරියොගාහණා. නිච්ඡයවසෙන ආරම්මණෙ පවත්තිතුං අසමත්ථතාය ඡම්භිතත්තං චිත්තස්ස, ථද්ධභාවොති අත්ථො. විචිකිච්ඡා හි උප්පජ්ජිත්වා චිත්තං ථද්ධං කරොති, යස්මා පන සා උප්පජ්ජමානා ආරම්මණං ගහෙත්වා මනං විලිඛන්තී විය, තස්මා මනොවිලෙඛොති වුත්තා.
කම්පනය වන අර්ථයෙන් දෙපරිදිව බෙදේනුයි ද්වෙළහකං. ප්‍රතිපත්තිය වැලැක්වීමෙන් දෙකට බෙදූ පථයක් මෙන් වේනුයි ද්වෙධාපථො. මෙය නිත්‍ය හෝ අනිත්‍ය ආදී වශයෙන් පැවති එකම ආකාරයකින් සිටීම ට අසමත් බැවින් හාත්පසින් ම සැකකෙරේනූයි සංසයො. ඒකාන්තයෙන් ගැනීමට අසමත් බැවින් න එකංසගාහොයි අනෙකංසගාහො අරමුණු නිශ්චය කිරීමට අසමත්ව, ආරම්මණයෙන් පසුබසීනුයි ආසප්පනා. ග්‍රහණය කරගැනීමට අසමත්ව හාත්පසින් ගමන් කරයි නුයි පරිසප්පනා. අරමුණට බැස ගැනීමට අසමත් බැවින් අපරියොගාහණ. අනිශ්චය වශයෙන් අරමුණ පැවතීමට අසමත් බැවින් ජම්භිතත්තං තැති ගැන්මක් යන අර්ථයයි. විචිකිච්ඡාව ඉපදී සිත තද කරයි. එය උපදින්නා වූ අරමුණ මනස (සිත) ලියා දමන්නාක් මෙන් වන හෙයින් මනො විලෙඛො යි කියන ලදී.
විද්ධොති සල්ලෙන ලද්ධප්පහාරො. ඵුට්ඨොති ඝට්ටිතො. පරෙතොති පීළිතො. ධාවතීති පුරතො ගච්ඡති. විධාවතීති අනෙකවිධෙන ගච්ඡති. සන්ධාවතීති වෙගෙන ධාවති. සංසරතීති ඉතො චිතො ච චරති.
විද්ධො සැරයෙන් (ඊතලයෙන්) ලැබූ පහර ඇති (විදිනලද) ඵූට්ඨො ගමනා ලදී. පරෙතො පෙළෙන ලද. ධාවති ඉදිරියෙන් දුවයි. විධාවති අනේකවිධව යයි. සන්ධාවති වේගයෙන් දුවයි. සංසරති ඔබිනොබ හැසිරෙයි.
අචෙලකොති නිච්චොලො, නග්ගොති අත්ථො. මුත්තාචාරොති විසට්ඨාචාරො, උච්චාරකම්මාදීසු ලොකියකුලපුත්තාචාරෙන විරහිතො ඨිතකොව උච්චාරං කරොති, පස්සාවං කරොති, ඛාදති භුඤ්ජති. හත්ථාපලෙඛනොති හත්ථෙ පිණ්ඩම්හි ඨිතෙ ජිව්හාය හත්ථං අපලිඛති, උච්චාරං වා කත්වා හත්ථම්හියෙව දණ්ඩකසඤ්ඤී හුත්වා හත්ථෙන අපලිඛති. තෙ කිර දණ්ඩකං “සත්තො”ති පඤ්ඤපෙන්ති. භික්ඛාගහණත්ථං “එහි භදන්තෙ”ති වුත්තො න එතීති න එහිභදන්තිකො. තෙන හි “තිට්ඨ භදන්තෙ”ති වුත්තොපි න තිට්ඨතීති න තිට්ඨභදන්තිකො. තදුභයම්පි කිර සො “එතස්ස වචනං කතං භවිස්සතී”ති න කරොති.
අචෙලකො, නිර්වස්ත්‍ර, නග්න, මුත්තාචරො හැරදැමු හැසීරීම් ඇති. මල මුත්‍රා කිරීම් ආදියෙහි ලෞකික කුල පුතුන් හැසිරෙන ආකාරයෙන් දුරස්ව, සිටගෙනම මල මූත්‍රා කිරිම කරයි. කයි, බොයි. හත්ථාපලෙඛනො අතෙහි පිඬ නිමවූ කල්හි දිවෙන් අත ලෙවකයි. මූත්‍රා කිරිම හෝ කර අතෙහි ම “දණ්ඩක්” යන සංඥාව උපදවා අතින් හූරා දමයි. ඔවුහු වනාහි දණ්ඩ “සතෙකුයැ”යි පනවති. භික්ෂාව පිළිගැනීමට “ස්වාමීනි, එන්න” යි කී කල්හි නො පැමිණේනුයි න එහි භදන්තිකෙ. “එසේ නම් ස්වාමීනි සිටින්න”යි කී කල්හි නොසිටින්නේනුයි න තිටඨභදන්තිකො. ඒ දෙකම ඔහු “මොහුගේ වචනය කරන ලදී” වන්නේයැයි නොකරයි.
අභිහටන්ති පුරෙතරං ගහෙත්වා ආහටං භික්ඛං. උද්දිස්සකතන්ති “ඉදං තුම්හෙ උද්දිස්ස කත”න්ති එවං ආරොචිතං භික්ඛං. න නිමන්තනන්ති “අසුකං නාම කුලං වා වීථිං වා ගාමං වා පවිසෙය්යාථා”ති එවං නිමන්තිතභික්ඛම්පි න සාදියති න ගණ්හාති. න කුම්භිමුඛාති කුම්භිතො උද්ධරිත්වා දිය්යමානං භික්ඛං න ගණ්හාති. න කළොපිමුඛාති කළොපීති උක්ඛලි වා පච්ඡි වා, තතොපි න ගණ්හාති. කස්මා? කුම්භිකළොපියො මං නිස්සාය කටච්ඡුනා පහාරං ලභන්තීති. න එළකමන්තරන්ති උම්මාරං අන්තරං කරිත්වා දිය්යමානං න ගණ්හාති. කස්මා? අයං මං නිස්සාය අන්තරකරණං ලභතීති. දණ්ඩමුසලෙසුපි එසෙව නයො.
අභිහටං මුලදී ම ගෙන එළවු භික්ෂාව. උද්දස්සකතං මෙය නුඹවහන්සේ සඳහා කරන ලදී යැයි කියා දෙන භික්ෂාව. න නිමත්තණං “අසුවල් කුළයට හෝ පිවිසෙන්න” යි මෙසේ ආරාධනා කළේ නම් එම භික්ෂුව ද නො පිළිගනියි. න කුම්භිමුඛා සැලයේ දමාගෙන විත් දෙන භික්ෂාව නොගනියි. න ඛලොපිමුඛා “ඛල” යනු සැළියක් හෝ පැසකි. එයින් දෙන භික්ෂාව ද නොගනී. කුමක් නිසාද? කළය හා පැස මා නිසා හැඳිපහර ලබයි යනුවෙන් සිතා නොගනියි. න එළකමන්තරං එළිපත මැද සිටින සේ දෙනු ලබන දෙය නොගයි. කුමක් නිසාද? “මා නිසා අන්තරකරණය ලබයි”යැයි සිතන හෙයිනි. දඬු මොහොල් අතර ද මේ ක්‍රමයමය.
න ද්වින්නන්ති ද්වීසු භුඤ්ජමානෙසු එකස්මිං උට්ඨාය දෙන්තෙ න ගණ්හාති. කස්මා? කබළන්තරායො හොතීති. න ගබ්භිනියාතිආදීසු පන “ගබ්භිනියා කුච්ඡියං දාරකො කිලමතී”ති, පායන්තියා දාරකස්ස ඛීරන්තරායො හොතී”ති, “පුරිසන්තරගතාය රතිඅන්තරායො හොතී”ති න ගණ්හාති. න සංකිත්තීසූති සංකිත්තෙත්වා කතභත්තෙසු. දුබ්භික්ඛසමයෙ කිර අචෙලකසාවකා අචෙලකානමත්ථාය තතො තතො තණ්ඩුලාදීනි සමාදපෙත්වා භත්තං පචන්ති, උක්කට්ඨො අචෙලකො තතොපි න පටිග්ගණ්හාති. න යත්ථ සාති යත්ථ සුනඛො “පිණ්ඩං ලභිස්සාමී”ති උපට්ඨිතො හොති, තත්ථ තස්ස අදත්වා ආහටං න ගණ්හාති. කස්මා? එතස්ස පිණ්ඩන්තරායො හොතීති. සණ්ඩසණ්ඩචාරිනීති සමූහසමූහචාරිනී . සචෙ හි අචෙලකං දිස්වා “ඉමස්ස භික්ඛං දස්සාමා”ති මනුස්සා භත්තගෙහං පවිසන්ති, තෙසු ච පවිසන්තෙසු කළොපිමුඛාදීසු නිලීනා මක්ඛිකා උප්පතිත්වා සණ්ඩසණ්ඩා චරන්ති. තතො ආහටං භික්ඛං න ගණ්හාති. කස්මා? මං නිස්සාය මක්ඛිකානං ගොචරන්තරායො ජාතොති. ථුසොදකන්ති සබ්බසස්සසම්භාරෙහි කතං සොවීරකං. එත්ථ ච සුරාපානමෙව සාවජ්ජං, අයං පන සබ්බෙසුපි සාවජ්ජසඤ්ඤී.
ද්වින්නං දෙදෙනෙක් වළඳමින් සිටි තැනින් එක් අයෙක් නැගිට දෙන කල්හි එය නොගන්නීය. මා නිසා බත් පිඬට අනතුරක් වන්නේ යැයි සිතන හෙයිනි. න ගබ්හිනියා ආදියෙහි ගැබිනියගේ කුස හොත් දරුවා වෙහෙසේ යැයි නොගනියි. පායන්තියා දරුවාගේ කිරි බීමට අනතුරක් වේ යැයි නොගනියි. පුරිසන්තරගතාය රතියට අනතුරක් වේ යැයි නොගනියි. න සංකීත්තීසු සංකීර්තනය කර (ගුණ කියා) කළ බතෙහි. දුභික්ෂ සමයේ අචේලක ශ්‍රාවකයෝ සදහා ඒ ඒ තැනින් සහල් ආදිය සපයාගෙන බත් පිසති. උසස් අචේලකයා ඉන් නොපිළිගනියි. න යත්ථ සා කෑම පිණිස පැමිණ සිටි සුනඛයෙකු සිටින විට, ඌට නොදී තමාට එළ වූ පිණ්ඩපාතය නොපිළිගනී. කුමක් නිසා ද? බල්ලාගේ ආහාරයට අනතුරක් වේ යන හැඟීමෙනි. සණ්ඩ සණ්ඩ චාරිණී සමූහ සමූහව හැසිරෙන, ඉදිං අචේලකයකු දැක “මොහුට භික්ෂාව දෙන්නෙමු”යි මිනිස්සු බත් ගෙයට පිවිසෙති. ඔවුන් පිවිසෙන විටදී සැලි කටවලින් නිල මැසි, මදුරු ආදීහු නැගී සමූහ සමූහව ඉවත්ව යති. එතැනින් ගෙන භික්ෂාව නො ගනියි. කුමක් නිසාද? “මා නිසා මැස්සන්ගේ භෝජනයට අනතුරක් විය” යනුවෙන් සිතන නිසයි. ථුසොදකං සියලු ශස්‍ය දමා සෑදූ සෝවීරක පානය. මෙහිදී සුරා පානයම සාවද්‍යය. මෙහිදී සියල්ල කෙරෙහි සාවද්‍යය යන සංඥාව ඇත.
එකාගාරිකොති යො එකස්මිංයෙව ගෙහෙ භික්ඛං ලභිත්වා නිවත්තති. එකාලොපිකොති යො එකෙනෙව ආලොපෙන යාපෙති. ද්වාගාරිකාදීසුපි එසෙව නයො. එකිස්සාපි දත්තියාති එකාය දත්තියා. දත්ති නාම එකා ඛුද්දකපාති හොති, යත්ථ අග්ගභික්ඛං පක්ඛිපිත්වා ඨපෙන්ති. එකාහිකන්ති එකදිවසන්තරිකං. අඩ්ඪමාසිකන්ති අඩ්ඪමාසන්තරිකං. පරියායභත්තභොජනන්ති වාරභත්තභොජනං , එකාහවාරෙන ද්වීහවාරෙන සත්තාහවාරෙන අඩ්ඪමාසවාරෙනාති එවං දිවසවාරෙන ආභතං භත්තභොජනං.
එකාගාරිකො යමෙක් එකම ගෙයක භික්ෂාව ලැබ නැවතෙයි. එකාලොපිකො යනු එකම බත් පිඬකින් යැපෙයි. ද්වාගාරික ආදියෙහිද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි. එකිස්සපි දත්තියා එක් දත්තියකින් යැපෙයි. දත්තිය නම් එක් කුඩා පාත්රයකි. තලියකි. එහි අග භික්ෂාව දමා තබති. එකාහිකං එක් දවසක් අතර කළ ආහාරය. අඩ්ඩමාසිකං අඩමසක් අතර කළ පරියාය භත්ත භෝජනං වාර බත් භෝජනය, එක් දින වාරයෙන්, දෙදවස වාරයෙන්, සත්දින වාරයෙන් මෙසේ දින වාර වශයෙන් පැමිණි.
සාකභක්ඛොතිආදීනි වුත්තත්ථානෙව. උබ්භට්ඨකොති උද්ධං ඨිතකො. උක්කුටිකප්පධානමනුයුත්තොති උක්කුටිකං වීරියං අනුයුත්තො. ගච්ඡන්තොපි උක්කුටිකොව හුත්වා උප්පතිත්වා උප්පතිත්වා ගච්ඡති. කණ්ටකාපස්සයිකොති අයකණ්ටකෙ වා පකතිකණ්ටකෙ වා භූමියං කොට්ටෙත්වා තත්ථ චම්මං අත්ථරිත්වා ඨානචඞ්කමාදීනි කරොති. සෙය්යන්ති සයන්තොපි තත්ථෙව සෙය්යං කප්පෙති. ඵලකසෙය්යන්ති රුක්ඛඵලකෙ සෙය්යං. ථණ්ඩිලසෙය්යන්ති ථණ්ඩිලෙ උච්චෙ භූමිට්ඨානෙ සෙය්යං. එකපස්සයිකොති එකපස්සෙනෙව සයති. රජොජල්ලධරොති සරීරං තෙලෙන මක්ඛෙත්වා රජුට්ඨානට්ඨානෙ තිට්ඨති, අථස්ස සරීරෙ රජොජල්ලං ලග්ගති, තං ධාරෙති. යථාසන්ථතිකොති ලද්ධං ආසනං අකොපෙත්වා යදෙව ලභති, තත්ථෙව නිසීදනසීලො. වෙකටිකොති විකටඛාදනසීලො, විකටන්ති ගූථං වුච්චති. අපානකොති පටික්ඛිත්තසීතුදකපානො. සායං තතියං අස්සාති සායතතියකං. පාතො මජ්ඣන්හිකෙ සායන්ති දිවසස්ස තික්ඛත්තුං “පාපං පවාහෙස්සාමී”ති උදකොරොහනානුයොගං අනුයුත්තො විහරති.
බත් භෝජනය සාකභක්ඛො ආදීයේ අර්ථ ප්රකටය. උබ්භටඨකො ආසන ප්‍රතික්ෂේප කර උඩුකුරුව සිටියි. උක්කුටිකප්පධාන මනුයුත්තො උක්කුටික වීර්යයෙහි යෙදුණු යන්නේ ද උක්කුටිකවම පැන පැන යයි. කණ්ටකා පස්සයිකො යකඩ කටු හෝ ස්වභාවික කටු හෝ ගෙන බිම සාරා තබා, එහි සම්කඩ අතුරා සිටීම්, සක්මන් ආදිය කරයි. සෙය්යං නිදන්නේද එහිම සයනය කරයි. ඵලක සෙය්යං ගස් ඵලක සෙය්යාව. ථණ්ඩිල සෙය්යං ථණ්ඩිලයෙහි උස් බිම නිදීම එක පස්සයිකො එක පසකින්ම නිදයි. රජො ජල්ලධරො ශරිරය තෙලින් පිරිමැද දූවිලි නඟින තැන සිටියි. එවිට ඔහුගේ මුලු සිරුරම දූවිලි වලින් ඇලුණේ වේ. ඔහු එසේ සිටී. යථා සත්ථිතිකො ලැබූ අසුන වෙනස් නොකර යම් සේ ලබයිද එහිම හිඳින ස්වභාව ඇත. වෙකටිකො මෙහි විකටිං යනු අසූචි කියනු ලැබේ. ආපානකො ප්‍රතික්ෂේප කළ සීත දිය පාන ඇති. සවස තුන් වැනි වූයේ නුයි සායතතියකං නම් වේ. උදෑසන, මධ්‍යාහ්නය හා සවස යැයි දවසට තෙවරක් පව් සෝදා හරිමි යි දියෙහි කිමිදීම ආදියෙහි යෙදී වාසය කරයි.
තෙ සල්ලෙ අභිසඞ්ඛරොතීති තෙ රාගාදිසත්තසල්ලෙ අභිනිබ්බත්තෙති. අභිසඞ්ඛරොන්තොති අභිනිබ්බත්තෙන්තො. සල්ලාභිසඞ්ඛාරවසෙනාති සල්ලාභිනිබ්බත්තාපනකාරණා. පුරත්ථිමං දිසං ධාවතීති පුරිමං දිසං ගච්ඡති. තෙ සල්ලාභිසඞ්ඛාරා අප්පහීනාති එතෙ රාගාදිසල්ලා පයොගා නප්පහීනා. සල්ලාභිසඞ්ඛාරානං අප්පහීනත්තාති සල්ලපයොගානං අප්පහීනභාවෙන. ගතියා ධාවතීති ගතියං ධාවති. ගතියා ගතින්ති ගතිතො ගතිං.
තෙ සල්ලෙ අභිසංඛරොති ඔවුහු රාගාදී හුල් සත උපදවති. අභිසංඛරොන්තෙ උපදවන්නේ සල්ලාභිසංඛාරවසෙන හුල් (සල්ල) උපදවන්නාවූ හේතු කාරණා පුරත්ථිමං දිසං ධාවති පෙරදිගට යයි. තෙ සල්ලාභිසංඛාරානං අප්පහීනත්තා ශල්‍ය (හුල්) ප්‍රයෝගයන්ගේ අප්රහීණභාවයෙන් ගතියා ධාවති ගතියට දුවයි. ගතියාගතිං ගතියෙන් ගතියට.
න සීදතීති න නිමුජ්ජති. න සංසීදතීති න සමන්තතො මුජ්ජති. න ඔසීදතීති න ඔසක්කති. න අවසීදතීති න පච්චොසක්කති. න අවගච්ඡතීති න හෙට්ඨා ගච්ඡති.
න සීදති නොකිමිදේ. න ඔසීදති නොබැසගනියි. න අවසීදති ඇතුලට නොපිවිසෙයි. න අධොගච්ඡති යටට නොයයි.
එවං මහානුභාවෙන සල්ලෙන ඔතිණ්ණෙසු ච සත්තෙසු – තත්ථ සික්ඛානුගීයන්ති, යානි ලොකෙ ගධිතානීති ගාථා. තස්සත්ථො – යෙ ලොකෙ පඤ්ච කාමගුණා පටිලාභාය ගිජ්ඣන්තීති කත්වා “ගධිතානී”ති වුච්චන්ති, චිරකාලසෙවිතත්තා වා “ගධිතානී”ති වුච්චන්ති. තත්ථ තං නිමිත්තං හත්ථිසික්ඛාදිකා අනෙකා සික්ඛා කථීයන්ති, උග්ගය්හන්ති වා. පස්සථ යාව සමත්ථො වායං ලොකො, යතො පණ්ඩිතො කුලපුත්තො තෙසු වා ගධිතෙසු තාසු වා සික්ඛාසු අධිමුත්තො න සියා, අඤ්ඤදත්ථු අනිච්චාදිදස්සනෙන නිබ්බිජ්ඣ සබ්බසො කාමෙ. අත්තනො නිබ්බානමෙව සික්ඛෙති.
මෙසේ මහානුභාව වූ හුලෙන් විඳින ලද සත්ත්වයන් කෙරෙහි. තත්ර (තත්ථ) සික්ඛානුගීයන්ති යානි ලොකෙ ගධිතානී (ගථිතානි) යන ගාථාවෙහි අර්ථ - යමෙක් සත්ත්‍වලෝකයෙහි යම් පංචකාම ගුණයක් වේ නම් එය ලබා ගැනීමට ගිජුවන්නේනුයි ගධිතානී යැයි කියනු ලැබෙති. නැතහොත් බොහෝ කාලයක් සේවනය කරන ලද හෙයින් හෝ ගධිතානි යැයි කියති. එහිදී ඒ නිමිති කරගෙන හස්ති ශික්ෂාදී (හස්ති ශිල්ප) නොයෙක් විධ ශික්ෂාවන් කියනු ලැබෙති. නැතහොත් ඉගෙන ගනිති. මේ ලෝකයේ පණ්ඩිත නුවණැති එහෙත් ප්රමාදී වූ කුලපුත්‍රයා දෙස බලවු. ඒ පස්කම් ගුණයෙහි හෝ හස්ති ශික්ෂාදියෙහි හෝ ගිජු වූ කල්හි අධිමුක්තියෙක් (ඉන් මිදුනෙක්) නම් අනෙක් අතට අනිත්‍යාදිය දැකීමෙන් සියලු ආකාරයෙන් කාමයෙහි කළකිරී තමාගේ නිවනෙහිම හික්මෙන්නේය.
පටිවිජ්ඣිත්වාති ඤාණෙන නික්ඛමෙත්වා වා නිබ්බිජ්ඣිත්වා වා.
පටිවිජ්ඣිත්වා ඤාණයෙන් නික්මී කාමය කෙරෙහි කළකිරි හෝ.
ඉදානි යථා නිබ්බානාය සික්ඛිතබ්බං, තං දස්සෙන්තො “සච්චො සියා”තිආදිමාහ. තත්ථ සච්චොති වාචාසච්චෙන ඤාණසච්චෙන මග්ගසච්චෙන ච සමන්නාගතො. රිත්තපෙසුණොති පහීනපෙසුණො. වෙවිච්ඡන්ති මච්ඡරියං.
දැන් යම්සේ නිවන පිණිස හික්මිය යුතු වේද එය දක්වමින්. සච්චො සියා යන ගාථාව වදාළහ. එහි සච්චො වාචා සත්‍යයෙන් ද ඤාණ සත්‍යයෙන් ද මාර්ග සත්‍යයෙන් ද යුක්ත වූ රිත්ත පෙසුනො පියුණුකීම ප්‍රහීන කරන ලද වෙවිච්ඡං මසුරුකම.
නිද්දං තන්දිං සහෙ ථීනන්ති පචලායිකඤ්ච කායාලසියඤ්ච චිත්තාලසියඤ්චාති ඉමෙ තයො ධම්මෙ අභිභවෙය්ය. නිබ්බානමානසොති නිබ්බානනින්නචිත්තො.
නිද්දං තන්දිං සහෙ ථීනං යනු නිදාවැටීම ද කය අලසකම ද සිත අලසකම ද යන මේ ධර්ම තුන මැඬලා සිටින්නේය. නිබ්බාණ මනසො නිවනෙහි නැමුණු සිත.
කායස්ස අකල්යතාති ඛන්ධත්තයසඞ්ඛාතස්ස නාමකායස්ස ගිලානභාවො. ගිලානො හි අකල්ලකොති වුච්චති. විනයෙපි (පාරා· 151) වුත්තං – “නාහං, භන්තෙ, අකල්ලකො”ති. අකම්මඤ්ඤතාති කායගෙලඤ්ඤසඞ්ඛාතො අකම්මඤ්ඤතාකාරො. මෙඝො විය ආකාසං කායං ඔනය්හතීති ඔනාහො. සබ්බතො භාගෙන ඔනාහො පරියොනාහො. අබ්භන්තරෙ සමොරුන්ධතීති අන්තොසමොරොධො. මෙධතීති මිද්ධං, අකම්මඤ්ඤභාවෙන විහිංසතීති අත්ථො. සුපන්ති තෙනාති සුප්පං. අක්ඛිදලාදීනං පචලභාවං කරොතීති පචලායිකා. සුප්පනා සුප්පිතත්තන්ති ආකාරභාවනිද්දෙසා. ඔලීයනාති ඔලීයනාකාරො. දුතියං උපසග්ගවසෙන වඩ්ඪිතං. ලීනන්ති අවිප්ඵාරිකතාය පටිකුටිකං. ඉතරෙ ද්වෙ ආකාරභාවනිද්දෙසා. ථිනන්ති සප්පිපිණ්ඩො විය අවිප්ඵාරිකතාය ඝනභාවෙන ඨිතං. ථියනාති ආකාරනිද්දෙසො. ථියිතස්ස භාවො ථියිතත්තං, අවිප්ඵාරවසෙන ථද්ධතාති අත්ථො.
කායස්ස අකල්ලතා ස්කන්ධත්රය සංඛ්‍යාත නාමකයේ පහත් කර බැඳීමක්. හාත්පසින් බැඳීමෙක් රෝගියා අකල්ලක යැයි කියනු ලැබේ. විනයෙහි ද කියන ලදී. “නාහං භන්තෙ අකල්ලකො” ස්වාමීනි! අකල්ලකයෙක් නොවෙමි. අකම්මඤ්ඤතා කායික ගිලන් බව නම් වූ අකර්මණ්‍ය බව ඇති කරන. අහසට මේඝය මෙන් කය පහත් කර බැදලානූයි ඔනාහෝ සර්වප්‍රකාරයෙන්ම බැද වෙළා දැමීම පරියො නාහෙ. අභ්‍යන්තරයේ ඇවිරීමක් ඇත්තේනුයි අන්තො සමොරොධො. නිදනුයේනුයි මිද්ධං අකර්මණ්යභාවයෙන් පෙළීමයි, හිංසා කරයි යන අර්ථයයි. නිදති, සයනය කරතියිනුයි. සුප්පං ඇසිපිය හෙළමින් ආදිය කරමින් කපි නිද්‍රාව ඇත්තේනුයි පචලා යිකා. නිදීමෙන් නිදි ආකාරයෙක් යනුවෙන් ආකාර ස්වභාවය දැක්වීමයි. ඔලීයනා නිදන ආකාරයයි. දෙවනි උපසර්ග වශයෙන් වඩන ලදී. ලීනං යනු පැකිලීම් නැති බැවින් හැකිලීමයි සෙසු දෙපදයෙන් ආකාර බව දැක්විනි. ථීනං යනු “ගිතෙල් පිඬක් මෙන් නොපැතිරී යන ඝන ස්වභාවයෙන් සිටි” යන අරුතයි. ථීයනා යනු ආකාර නිද්දේසයයි. නොපැතිරුණු බව ථියිතත්තං. නොපැතිරීම් වශයෙන් බැඳී සිටින යන අරුතයි.
සබ්බසඞ්ඛාරධාතුයාති නිබ්බානනින්නමානසො සබ්බතෙභූමිකසඞ්ඛාතධාතුයා. චිත්තං පටිවාපෙත්වාති චිත්තං නිවත්තාපෙත්වා. එතං සන්තන්ති එතං නිබ්බානං. කිලෙසසන්තතාය සන්තං. අතප්පකට්ඨෙන පණීතං.
සබ්බ සංඛාරධාතුයා සියලු ත්‍රෛභූමික සංඛ්‍යාත සංස්කාර ධාතුවෙන්. චිත්තං පටිවාපෙත්වා සිත නවත්වා එතං සන්තං මේ නිවන කෙලෙස් ශාන්ත භාවයෙන් ශාන්තය. නොතවයි, පීඩා නොකරයි අරුතින් ප්රණීතං ප්‍රණීතය.
න පණ්ඩිතා උපධිසුඛස්ස හෙතූති දබ්බජාතිකා කාමසුඛස්ස කාරණා දානානි න දෙන්ති. කාමඤ්ච තෙ උපධිපරික්ඛයායාති එකංසෙන තෙ පණ්ඩිතා කාමක්ඛයාය කාමක්ඛෙපනත්ථං දානානි දෙන්ති . අපුනබ්භවායාති නිබ්බානත්ථාය. ඣානානි භාවෙන්තීති පඨමජ්ඣානාදීනි වඩ්ඪෙන්ති. පුනබ්භවායාති පුනබ්භවකාරණා. තෙ පණ්ඩිතා නිබ්බානං අභිමුඛං හුත්වා දානං දදන්ති.
පණ්ඩිතා උපධිසුකස්ස හෙතූ පණ්ඩිත වූ, කාම සුඛයට හේතු වූ දානානි දදන්ති කාමඤ්ච තෙ උපධිපරික්ඛයාය ඒකාන්තයෙන්ම ඒ පඬිවරු කාමක්ෂය කරණු පිණිස, කාම සම්පත් විෂයෙහි ආශාව ක්ෂය කිරීමට දන් දෙති. අපුනබ්භවාය නිවන පිණිස ඣානානි භාවන්ති පඨමජ්ඣානාදිය වඩති. පුනබ්බවාය පුනර්භවය ඇති කරන ඒ පඬිවරු නිවනම අරමුණු කරගෙන දන් දෙති.
සාහසාති රත්තස්ස රාගචරිතාදිභෙදා සාහසාකාරණා. නිද්දෙසො උත්තානත්ථොයෙව.
සාහසා යනු රාගයෙන් රත් වූවහුගේ රාග චර්යාව ආදී භේද, සැහැසි කාරණයි.
පුරාණං නාභිනන්දෙය්යාති අතීතං රූපාදිං නාභිනන්දෙය්ය. නවෙති පච්චුප්පන්නෙ. හීයමානෙති විනස්සමානෙ. ආකාසං න සිතො සියාති තණ්හානිස්සිතො න භවෙය්ය. තණ්හා හි රූපාදීනං ආකාසනතො “ආකාසො”ති වුච්චති.
පුරාණං නාහිනඤෙය්ය අතීත වූ රූපාදී අරමුණු පිළිබද නො සතුටු වන්නේය. නවෙ වර්තමානයේ. හීනමානෙ විනාශ වන කල්හි. ආකාසං න සිතො සියා තණ්හාව ඇසුරු කළ අයෙක් නොවන්නේය. තණ්හාව වනාහි රූපාදියේ ආකර්ශනය කිරීමෙන් “ආකාශය” යැයි කියනු ලැබේ.
වෙමානෙති අභවමානෙ. විගච්ඡමානෙති අපගච්ඡමානෙ.
වෙමානෙ නොවන කල්හි, විගච්ඡමානෙ පහව යන කල්හි.
“ආකාසතී”ති “ආකස්සතී”ති ච දුවිධො පාඨො.
ආකාසති, ආකස්සති යැයි පාඨ දෙකකි.
කිං කාරණා ආකාසං න සිතො සියාති චෙ? ගෙධං බ්රූමීති ගාථා. තස්සත්ථො – අහඤ්හි ඉමං ආකාසසඞ්ඛාතං තණ්හං රූපාදීසු ගිජ්ඣනතො ගෙධං බ්රූමි “ගෙධො”ති වදාමි. කිඤ්ච භිය්යො – අවහනනට්ඨෙන “ඔඝො”ති ච ආජවනට්ඨෙන “ආජව”න්ති ච “ඉදං මය්හං, ඉදං මය්හ”න්ති ජප්පකාරණතො “ජප්පන”න්ති ච දුම්මුඤ්චනට්ඨෙන “ආරම්මණ”න්ති ච කම්පකරණට්ඨෙන “කම්පන”න්ති ච බ්රූමි, එසාව ලොකස්ස පලිබොධට්ඨෙන දුරතික්කමනීයට්ඨෙන ච “කාමපඞ්කො දුරච්චයො”ති.
කුමන කරුණකින් තණ්හාව ඇසුරු නොකළේ ද? මම වනාහි මේ ගෙධං බ්රෑමි යන ගාථාවේ අර්ථය.- මම වනාහි ආකාස නම් වූ තණ්හාව රූපාදියෙහි ගිජු වන බැවින් “ගෙධ” යැයි කියමි. “බලවත් ඇල්ම” යැයි ද කියමි. වැඩිදුර අර්ථ කියනු කුමටද? ගසාගෙන යන බැවින් ඔඝො යි ද, දිවෙන හෙයින් ආජවං යි ද මේ මගේ යැයි ජල්පන කිරීම වශයෙන් ජප්පනං යි ද මිදවීම අපහසු අර්ථයෙන් ආරම්මණං යි ද කම්පා කරන අර්ථයෙන් පකම්පනං යි ද කියමි. මේ කාමයද ලෝකයේ පළිබෝධාර්ථයෙන් ද ඉක්මවීමට අපහසුය යන අර්ථයෙන් ද කාමපංකො දුරච්චයො යනු වේ.
ආජවන්ති ආපටිසන්ධිතො ජවති ධාවතීති ආජවං, වට්ටමූලතාය පුනබ්භවෙ පටිසන්ධිදානතණ්හායෙතං අධිවචනං. ජප්පනන්ති පත්ථනා, තණ්හායෙතං අධිවචනං. ආරම්මණම්පි වුච්චති තණ්හාති රූපාදීසු ආරම්මණෙසු උප්පන්නතණ්හා මුච්චිතුං අසක්කුණෙය්යට්ඨෙන ආරම්මණාති කථීයති. කාමපඞ්කොති ඔසීදනට්ඨෙන කලලං. කද්දමොති සඞ්ගට්ඨෙන කද්දමො. තාපනට්ඨෙන කිලෙසො . නිය්යාසං විය ලග්ගාපනට්ඨෙන පලිපො. රුන්ධිත්වා ධාරණට්ඨෙන පලිරොධො. එවමෙතං ගෙධාදිපරියායං ආකාසං අනිස්සිතො.
ආජවං යනු ප්‍රතිසන්ධියේ පටන් දුවයි, ජවන කරයි අරුතින් ආජව නම් වේ. සංසාර පැවැත්මට මූලාධාර වූ බැවින් පුනර්භවයේ ප්රතිසන්ධිය ගෙන දෙන තණ්හාවට තවත් නමෙකි. ජප්පනං ප්‍රාර්ථනා කරන තණ්හාවට මේ යෙදු තවත් නමෙකි. ආරම්මණම්පවුච්චති තණ්හා රූපාදී අරමුණුවල උපන් තණ්හාවෙන් මිදීමට අසමත්ය යන අර්ථයෙන් අරමුණක් යැයි කියනු ලැබේ. කාමපංකො ගිලා බස්නා අරුතින් කාමය මඩවගුරකි. කද්දමො සංඝ (ඇලීම්) අර්ථයෙන් මඩවගුරකි. තවන අර්ථයෙන් කිලෙසො. ලාටුවෙන් ඇලෙන අර්ථයෙන් පලිපො. අවහිර කර ධාරණය කර ගන්නා අරුතින් බළිසො. මේ ආකාරයෙන් ගෙධා දී පර්යාය වශයෙන් දැක් වූ ආකාස නම් තණ්හව අනිශ්රිතය. එය එසේමය.
සච්චා අවොක්කමන්ති ගාථා. තස්සත්ථො – පුබ්බෙ වුත්තා තිවිධාපි සච්චා අවොක්කමං මොනෙය්යපත්තියා මුනීති සඞ්ඛං ගතො නිබ්බානථලෙ තිට්ඨති බ්රාහ්මණො, ස වෙඑවරූපො සබ්බානි ආයතනානි නිස්සජ්ජිත්වා “සන්තො”ති වුච්චති. නිද්දෙසෙ වත්තබ්බං නත්ථි.
සච්චා අවොක්කම්ම යන ගාථාවේ අර්ථය - පෙර කියන ලද ත්‍රිවිධාකාර සත්‍යයන් නොඉක්මවා මෝනෙය්‍ය බවට පත් වීමෙන් “චුති” යැයි සංඛ්‍යාවට ගිය, ඒ ක්ෂීණාස්රව බ්‍රාහ්මණයා නිවන් ඵලයෙහි සිටියි. මෙබදු වූ ඔහු සියලු ආයතන අත්හැර “ශාන්ත” යැයි කියනු ලැබේ. නිද්දේසයේ අර්ථ කිව යුතු අමාරු වචන නැත.
කිඤ්ච භිය්යො – ස වෙ විද්වාති ගාථා. තත්ථ ඤත්වා ධම්මන්ති අනිච්චාදිනයෙන සඞ්ඛතධම්මං අඤ්ඤාය. සම්මා සො ලොකෙ ඉරියානොති අසම්මාඉරියනකරානං කිලෙසානං පහානා සම්මා සො ලොකෙ ඉරියමානො.
බොහෝ සෙයින් කියනුයේ කුමට ද? සවෙ විද්වා යන ගාථාවයි. එහි ඤත්වා ධම්මං අනිත්‍යාදී වශයෙන් සංඛත ධර්ම දැනගෙන සම්මා සො ලොකො ඉරියාතො අයහපත්ව ඉරියවු පවත්වන කෙලෙසුන් ප්‍රහානය කළ බැවින් ඔහු සත්ත්ව ලෝකයේ මනාව ඉරියවු පවත්වන්නේය.
එවං අපිහෙන්තො ච – යොධ කාමෙති ගාථා. තත්ථ සඞ්ගන්ති සත්තවිධං සඞ්ගං යො අච්චතරි. නාජ්ඣෙතීති න අභිජ්ඣායති.
මෙසේ ආශා නැති බව දක්වනු සදහා යෝධ කාමෙ යන ගාථාව දේශනා කරන ලදී. එහි සංගං සත් වැදෑරුම් සංගය යමෙක් ඉක්මවූයේ ද ඔහු නාජ්ඣෙතී දැඩි ලෙස ආශා නොකරයි.
තස්මා තුම්හෙසුපි යො එවරූපො හොතුං ඉච්ඡති, තං වදාමි – යං පුබ්බෙති ගාථා. තත්ථ යං පුබ්බෙති අතීතෙ සඞ්ඛාරෙ ආරබ්භ උප්පජ්ජනධම්මං කිලෙසජාතං අතීතං කම්මඤ්ච. පච්ඡා තෙ මාහු කිඤ්චනන්ති අනාගතෙපි සඞ්ඛාරෙ ආරබ්භ උප්පජ්ජනධම්මං රාගාදිකිඤ්චනං මා අහු. මජ්ඣෙ චෙ නො ගහෙස්සසීති පච්චුප්පන්නරූපාදිධම්මෙපි න ගහෙස්සසි චෙ. එවං උපසන්තො චරිස්සසි.
එනිසා නුඹලා අතුරෙන්ද යමෙක් මෙබඳු ස්වරුප ඇත්තෙක් වීමට කැමති වේ ද එය කියමි. යි දක්වමින් “යං පුබ්බෙ” යන ගාථාව කියන ලදී. එහි පුබ්බෙ යනු අතීත සංස්කාරයන් අරබයා උපදින ධර්ම, කෙලෙස්වලින් හටගත් අතීත කර්මයද වේ. පච්ඡා තෙ මාහු කිඤ්චනං අනාගතයේ ද සංස්කාරයන් අරබයා උපදින ධර්ම, රාගා දී කිඤ්චන නොවේවා. මජ්ඣෙ චෙ නො ගහෙස්සසී ඉදින් වර්තමාන රූපාදි සංස්කාර ධර්ම නොගන්නෙහි නම් මෙසේ උපශාන්ත වන්නේ හැසිරෙන්නෙහිය.
අබීජං කරොහීති මග්ගඤාණෙන න බීජං කරොහි. රාගකිඤ්චනන්ති රාගඵන්දනං. දොසකිඤ්චනාදීසුපි එසෙව නයො.
අබීජං කරොහී මාර්ග ඤාණයෙන් බොල්, අබීජයක් කරව. රාග කිඤ්චනං රාගය, තණ්හාව දෝස කිඤ්චනාදියෙහිද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි.
එවං අරහත්තප්පත්තිං දස්සෙත්වා ඉදානි අරහතො ථුතිවසෙන ඉතො පරා ගාථායො අභාසි. තත්ථ සබ්බසොති ගාථාය මමායිතන්ති මමත්තකරණං. “මම ඉද”න්ති ගහිතං වා වත්ථු. අසතා ච න සොචතීති අවිජ්ජමානකාරණා අසන්තකාරණා න සොචති. න ජීයතීති ජානිං නාධිගච්ඡති.
මෙසේ අරහත් ප්‍රාප්තිය දක්වා දැන්, ඒ අරහත්වයට ස්තූති කිරීම් වශයෙන් මීට පසු එන ගාථා වදාරණ ලදී. එහි සබ්බසො යන ගාථාවේ මමායිතං යනු මමත්වය කිරීම, “මෙ මගෙය”ය ගන්නා ලද වස්තුවක් හෝ අසතා ච න සොචති මමත්වයක් නැති හෙයින් ශෝක නොකරයි න ජීයති හානියට පිරිහීමට නො පැමිණේ.
අහු වත මෙති මය්හං අහොසි වත. තං වත මෙ නත්ථීති යං අතීතෙ අහොසි, තං මය්හං ඉදානි න සන්ති. සියා වත මෙති යං මය්හං භවිස්සති, තං වතාහං න ලභාමීති ඉදානි අහං එකංසෙන න පාපුණාමි.
අහු වත මේ මට ඒකාන්තයෙන් වූයේ නම් තං වත මෙ නත්ථි යමක් අතීතයේ මට වී ද එය දැන් මා ලඟ නැත. සියා වත මෙ යමක් මට අනාගතයේ ලැබෙම් ද ඒකාන්තයෙන්ම එය ද නොලබමි. දැන් මම ඒකාන්තයෙන්ම නොපැමිණෙන්නෙමි.
කිඤ්ච භිය්යො – යස්ස නත්ථීති ගාථා. තත්ථ කිඤ්චනන්ති කිඤ්චි රූපාදිධම්මජාතං.
වැඩිපුර කියනු කුමට ද? යස්ස නත්ථි ගාථාවෙහි කිංචං යනු රූපාදී ධර්මයෙන් හටගත් දෙයයි. (අරමුණු සයයි)
අභිසඞ්ඛතන්ති කම්මෙන සඞ්ඛරිතං. අභිසඤ්චෙතයිතන්ති චිත්තෙන රාසිකතං. අවිජ්ජාය ත්වෙවාති අවිජ්ජාය තු එව. අසෙසවිරාගනිරොධාති විරාගසඞ්ඛාතෙන මග්ගෙන නිරවසෙසනිරොධා. සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සූති අවසවත්තිසල්ලක්ඛණවසෙන වා තුච්ඡසඞ්ඛාරසමනුපස්සනවසෙන වාති ද්වීහාකාරෙහි සුඤ්ඤතො ලොකං පස්ස. අත්තානුදිට්ඨිං ඌහච්චාති සක්කායදිට්ඨිං උද්ධරිත්වා. එවං මච්චුතරො සියාති එවං මරණස්ස තරණො භවෙය්ය. එවං ලොකං අවෙක්ඛන්තන්ති එවං ඛන්ධලොකං පස්සන්තං. මච්චුරාජා න පස්සතීති මරණරාජා න ඔලොකෙති න දක්ඛති.
අභිසංඛතං කර්මයෙන් සංස්කරණ කරගත්, සකසාගත් අභිසඤ්චෙතයිතං සිතෙන් රැස් කළ. අවිජ්ජායත්වෙව අවිජ්ජාය+තු+එව, අවිද්‍යාවේ ම යන අරුතයි. අසෙස විරාග නිරොධා විරාග සංඛ්‍යාත මාර්ගයෙන් ඉතිරි නොකරම නිරෝධයෙන් ගාථාවෙහි එන සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු තමාට අවශ්‍ය පරිදි නොපවතින ලක්ෂණ වශයෙන් හෝ හිස් සංස්කාර පුඤ්ජයක් බව සිහිපත් කිරීම් වශයෙන් හෝ යන දෙයාකාරයෙන් ම ශූන්‍ය වශයෙන් ලෝකය දෙස බලන්න. අත්තානුදිට්ඨිං ඌභච්ච සත්කාරය දෘෂ්ටිය උදුරා දමා, එවං මච්වු තෙරො සියා මෙසේ මරණයෙන් තරණය කිරීම වන්නේය. එවං ලොකං අවෙක්ඛන්තං මෙසේ ස්කන්ධ ලෝකය දෙස බලන. මච්චුරාජ න පස්සති මරණයේ රජු, මාරයා නොබලයි. නොදකි.
නාඤ්ඤං පත්ථයතෙ කිඤ්චීති අඤ්ඤං අප්පමත්තකම්පි න පත්ථයති න පිහයති. අඤ්ඤත්ර අප්පටිසන්ධියාති නිබ්බානං ඨපෙත්වා. “අඤ්ඤත්රප්පටිසන්ධියා”ති එකපදං කත්වාපි පඨන්ති.
න අඤ්ඤං පත්ථයතෙ කිඤ්චි අනික් අල්ප මාත්රවු ද දෙයක් නොපතයි ප්‍රිය නොකරයි. න අඤ්ඤත්ර පටිසන්ධියා නිවන හැර අන් තැනක ප්‍රතිසන්ධියක් නැත. නාඤ්ඤත්ර යැයි එක පදයක් ලෙස ද කියති.
කිඤ්ච භිය්යො – අනිට්ඨුරීති ගාථා. තත්ථ අනිට්ඨුරීති අනිස්සුකී. “අනිට්ඨරී”තිපි කෙචි පඨන්ති. සබ්බධී සමොති සබ්බත්ථ සමො, උපෙක්ඛකොති අධිප්පායො. කිං වුත්තං හොති? යො සො “නත්ථි මෙ”ති න සොචති, තමහං අවිකම්පිනං පුග්ගලං පුට්ඨො සමානො අනිට්ඨුරී අනනුගිද්ධො, අනෙජො සබ්බධී සමොති ඉමං තස්මිං පුග්ගලෙ චතුබ්බිධං ආනිසංසං බ්රූමීති.
වැඩිදුර කීමෙන් කවර ප්‍රයෝජයනක් ද? අනිට්ඨුරී යන ගාථාවයි. එහි අනිටඨුරී යනු ඊර්ෂ්‍යා නැත්තෙකි. ඇතමෙක් මෙය “අනුද්ධරී” යයි කියති. සබ්බධි සමො සෑම තැන්හිම සමානව උපේක්ෂා සහගත පුද්ගලයා යන අදහස කුමක් ද? යමෙක් මමය, මගේය යැයි ගෙන ශෝක කරන්නේ ද ඒ අකම්පිත පුද්ගලයා පිළිබඳ විමසූ විට මම; ඒ ඊර්ෂ්‍යා නැති, ගිජු නොවූ, තණ්හාව නැතිකළ, සියලු තැන්හි සම පැවතුම් ඇති යනුවෙන් ඔහු කෙරෙහි පවතින සිවු වැදෑරුම් ආනිසංස ප්‍රකාශ කරමි.
නිට්ඨුරියොති ඉස්සුකී. නිට්ඨුරභාවො නිට්ඨුරියං, තං නිස්සාය එත්තකම්පි නත්ථීති ඛෙළපාතන්ති අත්ථො. නිට්ඨුරියකම්මන්ති නිට්ඨුරියකරණං. ගහට්ඨො වා හි ගහට්ඨං භික්ඛු වා භික්ඛුං නිස්සාය වසන්තො අප්පමත්තකෙනෙව කුජ්ඣිත්වා තං නිස්සාය එත්තකම්පි නත්ථීති ඛෙළං පාතෙත්වා පාදෙන මද්දන්තො විය නිට්ඨුරියං නාම කරොති. තස්ස තං කම්මං “නිට්ඨුරියකම්ම”න්ති වුච්චති. ඉස්සාති සභාවනිද්දෙසො . තතො පරා ද්වෙ ආකාරභාවනිද්දෙසා. ඉතරත්තයං පරියායවචනං. ලක්ඛණාදිතො පනෙසා පරසම්පත්තීනං උසූයනලක්ඛණා ඉස්සා; තත්ථ ච අනභිරතිරසා; තතො විමුඛභාවපච්චුපට්ඨානා; පරසම්පත්තිපදට්ඨානා.
නිට්ඨුරියො, ඊර්ෂ්‍යා කරන බව නිට්ඨුරියං ඔහු නිසා “මෙපමණක්වත් නැතැයි”යි කෙල ගසයි. යන අර්ථයයි. නිට්ඨුරය කම්මං ඊර්ෂ්‍යා කිරිමයි. ගිහියෙක් ගිහියෙකුට හෝ පැවිද්දෙක් පැවිද්දෙකුට හෝ එක්ව වසද්දී අල්පමාත්‍ර වරදකින් කිපී, “මොහු කෙළ තරම්වත් නොවටී” යැයි බිම කෙළ ගසා පයින් පාගන්නාක් මෙන් කිරීම නිට්ඨුරිය නම් වේ. ඊර්ෂ්යාවන්තයාගේ ඒ ක්‍රියාව නිට්ඨුරිය කර්ම වේ. ඉස්ස යනු ස්වභාව නිද්දේසයයි. (හෙවත් ඊර්ෂ්‍යාවේ ස්වභාවයයි.) ඉන් අනතුරුව එන වචන දෙක එහි ආකාර දැක්වීමයි. ඊළඟට එන උසුයා දී වචන තුන ඊර්ෂ්‍යාවය ම යෙදු සමාන වදන් වේ. ලක්‍ෂණාදී වශයෙන් අනුන්ගේ සැප සම්පත් නො ඉවසන තාක්ෂණය ඊර්ෂ්‍යාව නම් වේ. එහිම රසය අනභිරතියයි. (නොඇලීමයි.) ඉන් ඉවත හරවා ගත් මුහුණ ඇති බව පච්චුපට්ඨානයයි. අනුන්ගේ සම්පත් දැකීම පදට්ඨානයයි.
ලාභෙපි න ඉඤ්ජතීති පච්චයලාභෙ න චලති. අලාභෙපීති පච්චයානං අලාභෙපි.
ලාභොපි න ඉඤ්ජති ප්‍රත්‍යය ලාභයෙහි නොසැලේ. අලාභෙපි ප්‍රත්‍ය නොලැබීමෙහි ද නොසැලේ.
කිඤ්ච භිය්යො – අනෙජස්සාති ගාථා. තත්ථ නිසඞ්ඛතීති පුඤ්ඤාභිසඞ්ඛාරාදීසු යො කොචි සඞ්ඛාරො. සො හි යස්මා නිසඞ්ඛරියති, නිසඞ්ඛරොති වා, තස්මා “නිසඞ්ඛතී”ති වුච්චති. වියාරම්භාති විවිධා පුඤ්ඤාභිසඞ්ඛාරාදිකා ආරම්භා. ඛෙමං පස්සති සබ්බධීති සබ්බත්ථ අභයමෙව පස්සති.
බොහෝ කොට කීමෙන් කවර ප්‍රයෝජනයක් ද, අනෙජස්ස යන ගාථාවේ විසංඛිතී යනු පුඤ්ඤාභිසංස්කාරාදියෙහි කිසියම් සංස්කාරයක්. (නිසංඛිත යැයි පෙළෙහි යෙදේ.) එය වනාහි රැස් කිරීම විනාශ කරයි යන අරුතින් හෝ විසංඛිතී යැයි කියනු ලැබේ. වියාරම්භා විවිධාකාර පුඤ්ඤාභි සංස්කාරයන්ගේ ආරම්භය. ඛෙමං පස්සති සබ්බධී සෑමතැන්හිම අභයම (නිරභයව) දකියි.
ආරම්භාති කම්මානං පඨමාරම්භා. වියාරම්භාති උපරූපරි විවිධආරම්භනවසෙන වීරියාරම්භා. තීසු භවෙසු පටිසන්ධිජනකකම්මානං එතං අධිවචනං. තස්මා වියාරම්භා ආරතො.
ආරම්භා පුණ්යාභිසංස්කාරාදී කර්මයන්ගේ පළමු ආරම්භයෙන් වියාරම්භා මතු මතුයෙහි විවිධාකාර ආරම්මන කිරිම වශයෙන් වියාරම්භ වූ තුන් භාවයෙහි ප්රතිසන්ධිජනක කර්මයන්ට මේ යෙදු තවත් වදනකි. ඒ නිසා වියාරම්භයෙන් දුරුව,
එවං පස්සන්තො න සමෙසූති ගාථා. තත්ථ න වදතෙති “සදිසොහමස්මී”තිආදිනා මානවසෙන සමෙසුපි අත්තානං න වදති ඔමෙසුපි උස්සෙසුපි. නාදෙති න නිරස්සතීති රූපාදීසු කඤ්චි ධම්මං න ගණ්හාති න නිස්සජ්ජති. සෙසං සබ්බත්ථ තත්ථ තත්ථ වුත්තනයත්තා පාකටමෙව. එවං අරහත්තනිකූටෙනෙව දෙසනං නිට්ඨාපෙසීති.
මෙසේ දකින්නේ, න සමෙසූ යන අවසන් ගාථාවේ න වදති “මා හට සමාන වේ” ආදී ලෙස මනා වශයෙන් තමා හා සම වූවන්ට නො කියයි. තමාට වඩා හීන වූවන්ට තමාට වඩා උසස් වූවන්ට ද නොකියයි. නා දෙති න නිරස්සතී රූපාදියෙහි කිසිදු දහමක් නොගනියි. බැහැර නොකරයි. සෙසු සියලු වචන ඒ ඒ තැන් කියූ ක්‍රමයෙන් අර්ථ ප්‍රකට වන බැවින් අර්ථ සුගමය. මෙසේ අරහත්වය කෙළවර කොට දේශනාව නිමාකළ සේක. අර්ථදණ්ඩ සූත්‍ර නිද්දෙස්ස අර්ථ වර්ණනාව නිමියේ ය.
සද්ධම්මප්පජ්ජොතිකාය මහානිද්දෙසට්ඨකථාය
සද්ධම්මපජ්ජොතිකා නම් මහා නිද්දේසට්ඨකථාවේ
අත්තදණ්ඩසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
පහළොස්වන අත්ත දණ්ඩ සූත්‍ර නිද්දේස වර්ණනාව නිමියේ ය.