16. සාරිපුත්තසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
16. සාරිපුත්තසුත්තනිද්දෙසවණ්ණනා
16. සාරිපුත්තසූත්රනිර්දේශ වර්ණනාව
සොළසමෙ න මෙ දිට්ඨොති සාරිපුත්තසුත්තනිද්දෙසො. තත්ථ ඉතො පුබ්බෙති ඉතො සඞ්කස්සනගරෙ ඔතරණතො පුබ්බෙ. වග්ගුවදොති සුන්දරවදො. තුසිතා ගණිමාගතොති තුසිතකායා චවිත්වා මාතුකුච්ඡිං ආගතත්තා තුසිතා ආගතො. ගණාචරියත්තා ගණී . සන්තුට්ඨට්ඨෙන වා තුසිතසඞ්ඛාතා දෙවලොකා ගණිං ආගතො, තුසිතානං වා අරහන්තානං ගණිං ආගතොති.
දහසය වන සාරිපුත්‍ර සූත්‍ර නිද්දේසයේ පළමු ගාථාව න මෙ දිට්ඨො නම් වේ. එහි ඉතො පුබ්බෙ යනු මේ සංකස්ස නගරයට බැසීමට පෙර වග්ගුවදො මිහිරි වදන් ඇති තුසිතා ගණිමාගතො තුසිත ලෝකයෙන් වුතවී මවුකුසට පැමිණි බැවින් “තුසිතයෙන් පැමිණි” නම් වේ ගණයාට, සමූහයාට, ආචාර්ය වන බැවින් ගණී නම් වේ. නැතහොත් සතුටු වූ යන අර්ථයෙන් තුසිත නම් වූ දෙලොවින් ගණයා වෙත පැමිණ. නැතහොත් තුසිතයාගේ, රහතුන්ගේ සමූහය මැදට පැමිණි.
ඉමිනා චක්ඛුනාති ඉමිනා අත්තභාවපරියාපන්නෙන පකතිමංසචක්ඛුනා. ඉමිනා අත්තභාවෙනාති ඉමිනා පච්ඡිමෙන අත්තභාවෙන. තාවතිංසභවනෙති තාවතිංසදෙවලොකෙ. පාරිච්ඡත්තකමූලෙති කොවිළාරරුක්ඛස්ස හෙට්ඨා. පණ්ඩුකම්බලසිලායන්ති රත්තකම්බලසදිසපාසාණපිට්ඨෙ. වස්සං වුට්ඨොති වුට්ඨවස්සො. දෙවගණපරිවුතොති දෙවසඞ්ඝෙන පරිවාරිතො. ඔතිණ්ණොති අවතිණ්ණො. ඉමං දස්සනං පුබ්බෙති අඤ්ඤත්ර ඉමම්හා දස්සනා පුබ්බෙ. න දිට්ඨොති අඤ්ඤදා න දිට්ඨපුබ්බො.
ඉමිනා චක්ඛුනා මේ ආත්මභාවයට අයත් ප්‍රකෘති මසැසින් ඉමිනා අත්තභාවෙන මේ අවසන් ආත්ම භාවයෙන් තාවතිංස භවනෙ තව්තිසා දෙව්ලොව. පාරිච්ඡාත්තක මූලෙ පරසතු ගස් මුල පණ්ඩුකම්බලසිලායං රතු කම්බිලියක් බඳු ගල් මත. වස්සං වුත්ථො විසූ වස් ඇති දෙවගණපරිවුතො දේව සමූහයා විසින් පිරිවරා ගත්. ඔතිණ්ණො බැසගත්, අවතීර්ණ වූ ඉමං දස්සනං පුබ්බෙ මේ දර්ශනය මිස ඊට පෙර න දිට්ඨො වෙනත් කිසිදාක නොදුටු.
ඛත්තියස්ස වාති ඛත්තියස්ස වදන්තස්ස න සුතො. බ්රාහ්මණාදීසුපි එසෙව නයො.
ඛත්තියස්ස වා ක්ෂත්රියකුගේ බසින් නො ඇසීම. බ්‍රාහ්මණාදීන්ගේ ද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි.
මධුරවදොතිආදීසු බ්යඤ්ජනසම්පන්නං මධුරං වදතීති මධුරවදො. පෙමජනකං පෙමාරහං වදතීති පෙමනීයවදො. හදයඞ්ගමචිත්තෙ ඨපනයොග්යං වදතීති හදයඞ්ගමවදො. කරවීකසකුණසද්දො විය මධුරඝොසො අස්සාති කරවීකරුතමඤ්ජුඝොසො. විස්සට්ඨො චාති අපලිබුද්ධො තත්ථ තත්ථ අපක්ඛලනො. විඤ්ඤෙය්යො චාති සුවිජානෙය්යො ච. මඤ්ජු චාති මධුරො ච. සවනීයො චාති කණ්ණසුඛො ච. බින්දු චාති ඝනො ච. අවිසාරී චාති න පත්ථටො ච. ගම්භීරො චාති න උත්තානො ච. නින්නාදි චාති ඝොසවන්තො ච. අස්සාති අස්ස සත්ථුනො. බහිද්ධා පරිසායාති පරිසතො බහි. න නිච්ඡරතීති න නික්ඛමති. කිංකාරණා? එවරූපො මධුරසද්දො නික්කාරණා මා විනස්සතූති. බ්රහ්මස්සරොති අඤ්ඤෙ ඡින්නස්සරාපි භින්නස්සරාපි කාකස්සරාපි හොන්ති, අයං පන මහාබ්රහ්මුනො සරසදිසෙන සරෙන සමන්නාගතො. මහාබ්රහ්මුනො හි පිත්තසෙම්හෙහි අපලිබුද්ධත්තා සරො විසුද්ධො හොති, භගවතාපි කතකම්මං වත්ථුං සොධෙති, වත්ථුනො සුද්ධත්තා නාභිතො පට්ඨාය සමුට්ඨහන්තො සරො විසුද්ධො අට්ඨඞ්ගසමන්නාගතාව සමුට්ඨාති. කරවීකො විය භණතීති කරවීකභාණී, මත්තකරවීකරුතමඤ්ජුඝොසොති අත්ථො.
මධුර වාදො යනාදියෙහි අර්ථ ව්‍යඤ්ජන සම්පන්නව මිහිරිව කියානුයි මධුරවදො නම් වේ. ප්‍රේම ජනනය කරන, ප්‍රේමයට සුදුසුව කියානුයි පෙමනීයවදො. කුරවි කොවුල් හඬ මෙන් මිහිරි ඝෝෂා ඇත්තේනුයි කරවීකරුත මඤ්ජුඝොසො විස්සට්ඨො ච විශිෂ්ඨ වූයේ, නොපැකිළෙනුයේ වේ. ඒ ඒ තැන නැවත නැවතී කථා නොකරන. විඤ්ඤෙය්යො ච මනාව දැනගත හැකි වන්නේය. මඤ්ජු ච මිහිරිවූයේ ද වේ. සවණියො ච කණට මිහිරි වේ. බින්දුව හැපුණේද වේ. අවිසාරීච නොපැතිරුණේ ද වේ. ගම්භිරො ච ගැඹුරු වූයේ වේ. නින්නා දීච නින්නාද ඇත්තේ වේ. අස්ස මේ බුදුරජුන්ගේ බහිද්දා පරිසාය පිරිසෙන් බැහැර. න නිච්ඡරති නොනික්මෙයි. කවර කරුණකින් ද? “මෙබඳු වූ මිහිරි ශබ්දය නිකරුනේ විනාශ නොවේවා” යි යන කාරණයෙනි. බ්රහ්මසරො අන්‍යයන්ට සිඳුණු ස්වර ඇත. බිඳුණු ස්වර ඇත. කාක ස්වර ඇත. බුදුරදුන් මහා බ්‍රහ්මයාගේ ස්වරය හා සමාන සවරයකින් යුක්තය. මහා බ්‍රහ්මයා වනාහි පිත්, සෙම් ආදී පීඩා නොවනක් වන නිසා ස්වරද ඉතා පිරිසිදු වූයේ වේ. කළ පින් බෙලෙන් බුදුරදුන්ගේ ශරීරාංග (වත්ථුං) ඉතා පිරිසිදුය. ශරීරාංගයන්ගේ පාරිශුද්ධභාවය නිසා නාභියේ සිට හටගන්නා වූ ස්වරය ඉතා පවිත්‍රය. අංග අටකින් සමන්විතව ම හටගනී. කෙවිල්ලන් (කොවුලන්) මෙන් හඬ ඇත්තේනුයි කරවීක භාණී නම් වේ. මත් කොවුලන්ගේ හඬ මෙන් මංජුස්වර ඇත්තේ වේ යන අර්ථයයි.
තාරෙතීති අඛෙමන්තට්ඨානං අතික්කාමෙති. උත්තාරෙතීති ඛෙමන්තභූමිං උපනෙන්තො තාරෙති. නිත්තාරෙතීති අඛෙමන්තට්ඨානතො නික්ඛාමෙන්තො තාරෙති . පතාරෙතීති පරිග්ගහෙත්වා තාරෙති, හත්ථෙන පරිග්ගහෙත්වා විය තාරෙතීති අත්ථො. සබ්බම්පෙතං තාරණුත්තාරණාදිඛෙමන්තට්ඨානෙ ඨපනමෙවාති ආහ – “ඛෙමන්තභූමිං සම්පාපෙතී”ති. සත්තෙති වෙනෙය්යසත්තෙ. මහාගහනතාය මහානත්ථතාය දුන්නිත්තරියතාය ච ජාතියෙව කන්තාරො ජාතිකන්තාරො, තං ජාතිකන්තාරං.
තාරෙති යනු බිය සැක සහිත ස්ථානය දක්වා ඉක්මවා යයි. උත්තාරෙති ක්ෂේම භූමියට පමුණුවමින් තරණය කරවයි. නිත්තාරෙති අක්ෂේම (බිය සැක සහිත) ස්ථානයෙන් නික්මවමින්, පිටත් කරමින් තරණය කරවයි. පතාරෙති මනාව ගෙන තරණය කරවයි. අතින් මනාව අල්ලාගෙන මෙන් එතෙර කරවයි යන අර්ථයයි. මේ සියල්ල එතෙර කිරීම, රැගෙන යාම ආදී ක්ෂේමස්ථානයේ තැබීමම යයි දක්වමින් ඛෙමන්තං භූමි සම්පාපෙති යයි වදාළහ. සත්තෙ යනු හික්මවන සත්ත්වයන්. මහත් වූ ගහණයක් බැවින් ද මහත් අනර්ථ එළවන බැවින් ද තරණය කිරීම ඉතා අපහසු හෙයින් ද ජාතියම කාන්තාරය වූයේ ජාතිකන්තාර නම් වේ. එය ජාති කන්තාරං වේ.
ගණස්ස සුස්සූසතීති ගණො අස්ස වචනං සුස්සූසති සුණාති උපලක්ඛෙති. සොතං ඔදහතීති සොතුකාමතාය සොතං අවදහති පතිට්ඨාපෙති. අඤ්ඤා චිත්තං උපට්ඨපෙතීති ඤාතුකාමං චිත්තං පණිදහති. ගණං අකුසලා වුට්ඨාපෙත්වාති ජනසමූහං අකොසල්ලසම්භූතා අකුසලා උට්ඨාපෙත්වා. කුසලෙ පතිට්ඨාපෙතීති කොසල්ලසම්භූතෙ කුසලෙ ඨපෙති. සඞ්ඝීති රාසිවසෙන සඞ්ඝො අස්ස අත්ථීති සඞ්ඝී. පරිසවසෙන ගණො අස්ස අත්ථීති ගණී. ගණස්ස ආචරියොති ගණාචරියො.
ගණස්ස සුස්සුසති සමූහයා මොහුගේ වචන අසනු කැමති වෙයි. ශ්‍රවණය කරයි. සැලකිල්ලට ගනියි. සොතං ඔදහති අසනු කැමතිව කන් යොමයි. පිහිටුවයි. අඤ්ඤා චිත්තං උපට්ඨපෙති දැනගනු කැමතිව සිත යොමු කරයි. ගණං අකුසලා වුට්ඨාපෙත්වා ජන සමූහයා, අදක්ෂ බවින් හටගත් අකුශලයෙන් නැගිටුවා කුසලයේ පතිට්ඨාපෙති දක්ෂභාවයෙන් හටගත් කුසලයෙහි පිහිටුවයි. සංඝී යනු රාශි වශයෙන් සමූහයක් මොහුට ඇත්තේනුයි සංඝී නම් වේ. පිරිස් වශයෙන් ගණනයක්, සමූහයක් ඇත්තේනුයි ගණී නම් වේ. ගණයාගේ ආචාර්ය වූයේනුයි ගණාචරියො නම් වේ.
දුතියගාථාය සදෙවකස්ස ලොකස්ස, යථා දිස්සතීති සදෙවකස්ස ලොකස්ස විය මනුස්සානම්පි දිස්සති. යථා වා දිස්සතීති තච්ඡතො අවිපරීතතො දිස්සති. චක්ඛුමාති උත්තමචක්ඛුමා. එකොති පබ්බජ්ජාසඞ්ඛාතාදීහි එකො. රතින්ති නෙක්ඛම්මරතිආදිං.
දෙවන ගාථාවේ සදෙවකස්ස ලොකස්ස යථා දිස්සති සදේවක ලෝකයාට පෙනෙන්නාක් මෙන් මිනිස්සුන්ටද පෙනේ. නොහොත් යථා දිස්සති යනු සත්‍ය වශයෙන් අවිපරීතව. චක්ඛුමා උතුම් ඇස් ඇති. එකො පැවිදි ආදීන්ගෙන් හුදකලාව. රතිං නෛෂ්ක්‍රම්‍ය රතියට.
පතිරූපකොති සුවණ්ණපතිරූපකො කුණ්ඩලො. මත්තිකාකුණ්ඩලොවාති මත්තිකාය කතකුණ්ඩලො විය. ලොහඩ්ඪමාසොව සුවණ්ණඡන්නොති සුවණ්ණෙන පටිච්ඡන්නො ලොහමාසකො විය. පරිවාරඡන්නාති පරිවාරෙන ඡාදිතා. අන්තො අසුද්ධාති අබ්භන්තරතො රාගාදීහි අපරිසුද්ධා. බහි සොභමානාති චීවරාදීහි බාහිරතො සුන්දරා.
පටිරූපකො ස්වර්ණ ප්‍රතිරූපක වූ කුණ්ඩලාභරණයක් මත්තිකා කුණ්ඩලොවා මැටියෙන් කළ කුණ්ඩලාභරණයක් මෙන් ලොහඩ්ඪමාසොව සුවණ්ණ ඡන්නො රනින් වැසූ ලෝහ මස්සක් මෙන් පරිවාර ඡන්නා පිරිවරින් වැසුනාහු. අන්තො අසුද්ධා අභ්‍යන්තර වශයෙන් රාගාදියෙන් අපරිශුද්ධ වූ. බහිසොභමානා සිවුරු ආදියෙන් බාහිර වූ සුන්දර වූ, ශෝභමාන වූ.
අකප්පිතඉරියාපථා චාති අසජ්ජිතඉරියාපථා. පණිධිසම්පන්නාති පරිපුණ්ණපත්ථනා.
අකප්පිත ඉරියාපථා ච නො සැරසූ ඉරියව්වලින් පණිධි සම්පන්නා පිරිපුන් ප්‍රාර්ථනා ඇති.
විසුද්ධසද්දොති පරිසුද්ධකිත්තිසද්දො, යථාභූතථුතිඝොසොති අත්ථො. ගතකිත්තිසද්දසිලොකොති කිත්තිසද්දඤ්ච සිලොකඤ්ච ගහෙත්වා චරණසීලො. කත්ථ විසුද්ධසද්දොති චෙ? “නාගභවනෙ ච සුපණ්ණභවනෙ චා”තිආදිනා නයෙන විත්ථාරෙත්වා වුත්තට්ඨානෙ. තතො ච භිය්යොති තතො වුත්තප්පකාරතො ච වෙනෙය්යවසෙන අතිරෙකතරොපි දිස්සති.
විසුද්ධ සද්දො පිරිසිදු කීර්ති ශබ්ද ඇති, යථාභූත (තත්ත්වාකාරයෙන් පැවති) ස්තුති ඝෝෂා ඇති යන අර්ථයයි. ගතකිත්තිසද්ද සිලොකො කීර්ති ශබ්දයද ප්‍රශංසාව ද ගෙන හැසිරෙන සුලු වූයේ. කිසිතැනක සුද්ධ සද්දො යි ද යෙදේ. නාගභවනයේද සුපර්ණ භවනයේද ආදී ක්‍රමයෙන් විස්තර කර දැක් වූ ස්ථානයන්හි. තතොච භීය්‍යො මෙකී ආකාරයට වඩා ගෞරවාන්විත වශයෙන් ඉතා වැඩි ලෙස, අතිරේකව දක්නා ලැබේ.
සබ්බං රාගතමන්ති සකලං රාගන්ධකාරං. දොසතමාදීසුපි එසෙව නයො. අන්ධකරණන්ති පඤ්ඤාලොකනිවාරණකරණං. අචක්ඛුකරණන්ති පඤ්ඤාචක්ඛුනො අකරණං. අඤ්ඤාණකරණන්ති ඤාණෙන අජානනකරණං. පඤ්ඤානිරොධිකන්ති පඤ්ඤානයනනාසකං. විඝාතපක්ඛිකන්ති පීළාකොට්ඨාසිකං. අනිබ්බානසංවත්තනිකන්ති අපච්චයඅමතනිබ්බානත්ථාය න සංවත්තනිකං.
සබ්බං රාගතමං සියලු රාගන්ධකාරය. දෝෂ තමාදියෙහි ද මේ ක්‍රමයෙන් අර්ථය ගතයුතුයි. අන්ධකරණං ප්රඥාලෝකය වලක්වන, වසන. අචක්ඛුකරණං ප්‍රඥා චක්ෂුවෙන් නොකිරීම. අඤ්ඤාණ කරණං ඤාණයෙන් නොදැනීම ඇති කරන පඤ්ඤානිරෝධිකං ප්‍රඥා ඇස නසන. විඝාත පක්ඛිකං පීඩා කොටසෙහි වූ අනිබ්බාණ සංවත්තනිකං ප්‍රත්‍ය රහිත අමාමහ නිවන පිණිස හේතු නොවන්නා වූ.
සබ්බං තං තෙන බොධිඤාණෙන බුජ්ඣීති තං සකලං තෙන චතුමග්ගඤාණවසෙන බුජ්ඣි. පඨමමග්ගවසෙන ජානි අනුබුජ්ඣි. දුතියමග්ගවසෙන පුන අඤ්ඤාසි පටිවිජ්ඣි. තතියමග්ගවසෙන පටිවෙධං පාපුණි සම්බුජ්ඣි. චතුත්ථමග්ගවසෙන නිස්සෙසපටිවෙධෙන සම්මාබුජ්ඣි. අධිගච්ඡි ඵස්සෙසි සච්ඡාකාසීති එතං තයං ඵලවසෙන යොජෙතබ්බං. පඨමදුතියවසෙන පටිලභි. තතියවසෙන ඤාණඵස්සෙන ඵුසි. චතුත්ථවසෙන පච්චක්ඛං අකාසි. අථ වා එකෙකඵලස්ස තයොපි ලබ්භන්ති එව.
සබ්බං තං තෙන බෝධිඤාණෙන බුජ්ඣි ඒ සියල්ල ඒ සිවුමඟ නුවණින් අවබෝධ කළ සේක. පළමු මාර්ග වශයෙන් දැනගත් සේක. අවබෝධ කරගත් සේක. දෙවන මාර්ගය වශයෙන් නැවත දැනගත් සේක. අවබෝධ කරගත් සේක. තෙවන මාර්ගය වශයෙන් ප්‍රතිවේධ කරගත් සේක. මැනවින් අවබෝධ කරගත් සේක. සිවුවන මාර්ග වශයෙන් ඉතිරි නොකරම මනාව අවබෝධ කරගත් සේක. අවබෝධයට ගිය සේක. ස්පර්ශ කළ සේක. සාක්ෂාත් කළ සේක යන මේ තුන ඵල වශයෙන් යෙදිය යුතුයි. පළමු, දෙවන මාර්ග වශයෙන් ලැබගත් සේක. තෙවන මාර්ග වශයෙන් ඤාණ ස්පර්ශයෙන් ස්පර්ශ කළ සේක. සිවුවන මාර්ග වශයෙන් ප්රත්යක්ෂ කළ සේක. නැතහොත් එක් එක් ඵලයන්හි මේ තුනම ලැබ ලබත්මය.
නෙක්ඛම්මරතින්ති පබ්බජ්ජාදීනි නිස්සාය උප්පන්නරතිං. විවෙකරතින්ති කායවිවෙකාදිම්හි උප්පන්නරතිං. උපසමරතින්ති කිලෙසවූපසමෙ රතිං. සම්බොධිරතින්ති මග්ගං පච්චවෙක්ඛන්තස්ස උප්පන්නරතිං.
නෙක්ඛම්මරතිං පැවිදිවීම් ආදිය නිසා උපන් රතිය. පවිවෙකරතිං කාය ප්රවිවේකාදියෙහි උපන් රතිය. උපසමරතිං කෙලෙස් සන්සිඳවීමෙහි උපන් රතිය. සම්බොධි රතිං ආර්ය මාර්ගය ප්රත්යවේක්ෂා කරන්නාට උපදින රතිය.
තතියගාථාය බහූනමිධ බද්ධානන්ති ඉධ බහූනං ඛත්තියාදීනං සිස්සානං. සිස්සා හි ආචරියපටිබද්ධවුත්තිත්තා “බද්ධා”ති වුච්චන්ති. අත්ථි පඤ්හෙන ආගමන්ති අත්ථිකො පඤ්හෙන ආගතොම්හි , අත්ථිකානං වා පඤ්හෙන ආගමනං, පඤ්හෙන අත්ථි ආගමනං වාති.
තෙවැනි ගාථාවේ බහුන්නමිධ බද්ධානං යනු මේ සසුනෙහි ක්ෂත්රීයාදී බොහෝ සිසුන් අතුරින්, ශිෂ්‍යයෝ වනාහි ආචාර්යවරුන් සමඟ බද්ධ වූ දිවි පැවතුම් ඇති බැවින් “බද්ධා”යි කියනු ලැබෙත්. අත්ථි පඤ්හෙන ආගමං ප්‍රශ්නයක් අසනු සදහා පැමිණියෙමි. නොහොත් ප්‍රයෝජන ඇත්තන්ගේ ප්‍රශ්නයකින් පැමිණියෙමි, නොහොත් ප්රශ්නය කරන කොටගෙන පැමිණීමක් ඇත. යනුයි.
බුද්ධොති පදස්ස අභාවෙපි තං බුද්ධන්ති පදෙ යො සො බුද්ධො, තං නිද්දිසිතුකාමෙන “බුද්ධො”ති වුත්තං. සයම්භූති උපදෙසං විනා සයමෙව භූතො. අනාචරියකොති සයම්භූපදස්ස අත්ථවිවරණං. යො හි ආචරියං විනා සච්චානි පටිවිජ්ඣති, සො සයම්භූ නාම හොතීති. පුබ්බෙ අනනුස්සුතෙසූතිආදි අනාචරියකභාවස්ස අත්ථප්පකාසනං. අනනුස්සුතෙසූති ආචරියතො අනනුස්සුතෙසු. සාමන්ති සයමෙව. අභිසම්බුජ්ඣීති භුසං සම්මා පටිවිජ්ඣි. තත්ථ ච සබ්බඤ්ඤුතං පාපුණීති තෙසු ච සච්චෙසු සබ්බඤ්ඤුභාවං පාපුණි. යථා සච්චානි පටිවිජ්ඣන්තා සබ්බඤ්ඤුනො හොන්ති , තථා සච්චානං පටිවිද්ධත්තා එවං වුත්තං. “සබ්බඤ්ඤුතං පත්තො”තිපි පාඨො. බලෙසු ච වසීභාවන්ති දසසු ච තථාගතබලෙසු ඉස්සරභාවං පාපුණි. යො සො එවං භූතො, සො බුද්ධොති වුත්තං හොති. තත්ථ සබ්බධම්මෙසු අප්පටිහතඤාණනිමිත්තානුත්තරවිමොක්ඛාධිගමපරිභාවිතඛන්ධසන්තානං උපාදාය පණ්ණත්තිකො, සබ්බඤ්ඤුතපදට්ඨානං වා සච්චාභිසම්බොධිමුපාදාය පණ්ණත්තිකො සත්තවිසෙසො බුද්ධො. එත්තාවතා අත්ථතො බුද්ධවිභාවනා කතා හොති.
“බුද්ධො” පදය ගාථාවේ නැති වූවත් බුද්ධං යන පදයෙන් දැක්වූ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය දක්වනු කැමතිව බුද්ධෙ යි කියන ලදී. සයම්භූ යනු ගුරු උපදේශ රහිතව තමන්ම අවබෝධ කරගත් බැවිනි. තමාම වූ. අනාචරියකො යනු සයම්භූ පදයේ අර්ථ විවරණයයි. යමෙක් වනාහී ගුරුවරයකු නැතිව චතුරාර්ය සත්‍යයෙන් අවබෝධ කරගත් සේක් ද ඒ උතුමන් වහන්සේ සයම්භූ නම් වේ. පුබ්බෙ අනනුස්සුතෙසු යනාදියෙන් ගුරුවරයකු රහිත බවේ අර්ථ ප්‍රකාශ කරයි. අනනුස්සුත යනු “ගුරුවරයෙකුගෙන් නො ඇසූ විරූ” යනුයි. සාමං තමන්ම අභිසම්බුජ්ඣි මනාව අවබෝධ කරගත් සේක. තත්ථ ච සබ්බඤ්ඤුතං පාපුණි යනු ඒ චතුරාර්ය සත්‍යයන් පිළිබඳ සර්වඥ බවට පැමිණි සේක. යසේ සත්‍යයන් අවබෝධ කරගැනීම මගින් සර්වඥ වෙත් ද එසේ සත්‍යයන් අවබෝධ කරගත් බව දක්වනු සදහා මෙසේ කියන ලදී. සබ්බඤ්ඤුතං පත්තො යන පාඨය ද යෙදේ. බලෙසු ච වසීභාවං දශවිධ තථාගත බලයෙන් ප්‍රධාන බවට පැමිණි සේක. යම් උත්තමයෙක් වශීභාවයට පත් වූවාහු වෙත් ද උන්වහන්සේ “බුද්ධ” යයි කියන ලද්දේ වෙයි. එහි සියලු ධර්මයන් හි අප්‍රතිහත ඤාණ නිමිති, අනුත්තර විමෝක්ෂාධිගමයෙන් වැඩු ස්කන්ධ සන්තානය අරමුණු කොට පණවන ලද හෝ සර්වඥබව පදට්ඨාන කරගත් සත්යාභිසම්බෝධිය අරමුණු කොට හෝ පනවන ලද විශේෂ සත්ත්වයා බුද්ධ නම් වේ. මෙපමණකින් “බුද්ධ” යන වචනයේ අර්ථ දැක්වීම කරන ලද්දේ වෙයි.
ඉදානි බ්යඤ්ජනතො විභාවෙන්තො “බුද්ධොති කෙනට්ඨෙන බුද්ධො”තිආදිමාහ. තත්ථ යථා ලොකෙ අවගන්තා “අවගතො”ති වුච්චති, එවං බුජ්ඣිතා සච්චානීති බුද්ධො. යථා පණ්ණසොසා වාතා “පණ්ණසුසා”ති වුච්චන්ති, එවං බොධෙතා පජායාති බුද්ධො. සබ්බඤ්ඤුතාය බුද්ධොති සබ්බධම්මබුජ්ඣනසමත්ථාය බුද්ධියා බුද්ධොති වුත්තං හොති. සබ්බදස්සාවිතාය බුද්ධොති සබ්බධම්මානං ඤාණචක්ඛුනා දිට්ඨත්තා බුද්ධොති වුත්තං හොති. අනඤ්ඤනෙය්යතාය බුද්ධොති අඤ්ඤෙන අබොධනීයතො සයමෙව බුද්ධත්තා බුද්ධොති වුත්තං හොති. විසවිතාය බුද්ධොති නානාගුණවිකසනතො පදුමමිව විකසනට්ඨෙන බුද්ධොති වුත්තං හොති. ඛීණාසවසඞ්ඛාතෙන බුද්ධොතිආදීහි ඡහි පරියායෙහි චිත්තසඞ්කොචකරධම්මප්පහානෙන නිද්දාය විබුද්ධො පුරිසො විය සබ්බකිලෙසනිද්දාය විබුද්ධත්තා බුද්ධොති වුත්තං හොති. සඞ්ඛා සඞ්ඛාතන්ති අත්ථතො එකත්තා සඞ්ඛාතෙනාති වචනස්ස කොට්ඨාසෙනාති අත්ථො. තණ්හාලෙපදිට්ඨිලෙපාභාවෙන නිරුපලෙපසඞ්ඛාතෙන සවාසනානං සබ්බකිලෙසානං පහීනත්තා එකන්තවචනෙන විසෙසෙත්වා වුත්තං. එකන්තනික්කිලෙසොති රාගදොසමොහාවසෙසෙහි සබ්බකිලෙසෙහි නික්කිලෙසො.
දැන් එය බ්‍යඤ්ජන වශයෙන් විග්රහ කරමින් බුද්ධොති කෙනට්ඨෙන යනාදිය කියන ලදී. එහි යම්සේ ලෝකයේ අවබෝධ කර ගන්නෝ “අවගත” (අවබෝධ කරගත්) නම් වේද එමෙන් බුජ්ඣිතා සච්චානීති බුද්ධො (සත්‍යය අවබෝධ කරගත් හෙයින් බුද්ධ වේ) නම් වන සේක. යම්සේ කොළ වියලක වායුව (පණ්ණ සෝසාවාතා) “පණ්ණසුසා” නම් වේද එමෙන් බොධෙතා පජයාති බුද්ධො නම් වෙති. සබ්බඤ්ඤුතාය බුද්ධො යන්නෙන් සියලු ධර්මය අවබෝධ කරගැනීමට සමත් බුද්ධියක් ඇති හෙයින් “බුද්ධ” නම් වී යැයි කියන ලදී. සබ්බ දස්සාවිතාය බුද්ධො සියලු ධර්මයෙන් නුවණැසින් දුටු බැවින් “බුද්ධ” වී යැයි කියන ලදී. අනඤ්ඤනෙය්යතාය බුද්ධො අනෙකුත් උපකාරයෙන් නොව තමන් වහන්සේ තනිවම අවබෝධ කරගත් බැවින් “බුද්ධ” යැයි කියන ලදී. විසවිතාය බුද්ධා යනු නොයෙක් නොයෙක් ගුණ පහළ කරවන බැවින් පියුමක් මෙන් විකසනය වේ යන අරුතින් “බුද්ධ” යැයි කියන ලදී. ඛීණාසව සංඛාතෙන බුද්ධො යනාදියෙහි සමාන යෙදුම් සයකින්, සිත හකුලුවන ධර්ම ප්‍රහානයෙන්, නිදා සිට අවදි වූ මිනිසකු මෙන් සියලු කෙලෙස් නම් නින්දෙන් මිදී, එය අවසන් කර අවදි වූ බැවින් “බුද්ධ” යැයි කියන ලද්දේ වෙයි. සංඛා සංඛාතං අර්ථ වශයෙන් එකක්මය. සංඛාතයෙන් යන වචනයේ කොටසින් යන අර්ථය ඇත. තණ්හා ලේප, දිට්ඨි ලේප නැති වූ බැවින්, නිරූප ලේප නම් වූ වාසනා ගුණ සහිත සියලු කෙලෙසුන්ගෙන් මිදුණු බැවින්, ප්‍රහීණ කළ බැවින් ඒකාන්ත වචනයෙන් විශේෂ කර කියන ලදී. එකන්ත නික්කිලෙසො රාග, ද්වේෂ, මෝහ වශයෙන් ප්රහාණය කළ යුතු කෙලෙස් රහිත බැවින් නික්කිලේස නම් වේ.
එකායනමග්ගං ගතොති බුද්ධොති ගමනත්ථානං ධාතූනං බුජ්ඣනත්ථත්තා බුජ්ඣනත්ථාපි ධාතුයො ගමනත්ථා හොන්තෙව, තස්මා එකායනමග්ගං ගතත්තා බුද්ධොති වුත්තං හොති. එකායනමග්ගො චෙත්ථ –
එකායන මග්ගං ගතොති බුද්ධො යන ගමනාර්ථ ඇති ධාතූන්ගේ අවබෝධ කිරීම් අර්ථයද අවබෝධ කිරීම් අර්ථය ඇති ධාතූන්ගේ ගමනාර්ථය ඇත. එම නිසා ඒකායන මාර්ගයේ (නිවනට ඇති එකම මාවතේ) ගිය බැවින් බුද්ධ යැයි කියන ලදී. මෙහි ඒකායන මාර්ගය වනාහි
“මග්ගො පන්ථො පථො පජ්ජො, අඤ්ජසං වටුමායනං; නාවා උත්තරසෙතූ ච, කුල්ලො ච භිසි සඞ්කමො”ති. (චූළනි· පාරායනත්ථුතිගාථානිද්දෙස 101) –
මග්ගො පන්ථො පරො පජ්ජො අඤ්ජසං වටුමායනං, නාවා උත්තරසෙතු ච කුල්ලො ච භිසි සංකමො තී
මාර්ගය, පන්ථය, පථය, පජ්ජය, අඤ්ජස, වටුමය, අයනය යනු මාර්ග වාචී වචනය. නැව උත්තර සේතුව, කුල්ල (පහුර), හිසි ආදියෙන් එය ඉක්මවා යයි.
මග්ගස්ස බහූසු නාමෙසු අයනනාමෙන වුත්තමග්ගනාමෙන වුත්තො. තස්මා එකමග්ගභූතො මග්ගො, න ද්වෙධාපථභූතොති අත්ථො. අථ වා එකෙන අයිතබ්බො මග්ගොති එකායනමග්ගො. එකෙනාති ගණසඞ්ගණිකං පහාය පවිවිත්තෙන. අයිතබ්බොති පටිපජ්ජිතබ්බො, අයන්ති වා එතෙනාති අයනො, සංසාරතො නිබ්බානං ගච්ඡන්තීති අත්ථො. එකෙසං අයනොති එකායනො. එකෙසන්ති සෙට්ඨානං. සබ්බසත්තසෙට්ඨා ච සම්මාසම්බුද්ධා, තස්මා එකෙසං මග්ගභූතො සම්මාසම්බුද්ධානං අයනභූතො මග්ගොති වුත්තං හොති. අයතීති වා අයනො, ගච්ඡති පවත්තතීති අත්ථො. එකස්මිං අයනො මග්ගොති එකායනමග්ගො. එකස්මිංයෙව බුද්ධසාසනෙ පවත්තමානො මග්ගො, න අඤ්ඤත්ථාති වුත්තං හොති. අපි ච එකං අයතීති එකායනො. පුබ්බභාගෙ නානාමුඛභාවනානයප්පවත්තොපි අපරභාගෙ එකං නිබ්බානමෙව ගච්ඡතීති වුත්තං හොති, තස්මා එකායනමග්ගොති එකනිබ්බානගමනමග්ගොති අත්ථො.
මාර්ගයට යෙදෙන බොහෝ නම් අතුරින් “අයන” නමින් මාර්ගය අදහස් වේ. ඒ නිසා එකම මාර්ගය වූ අර්ථයෙන් “මග්ග” වේ. පාරවල් දෙකක් නම් නැත. යන අර්ථයයි. නැතහොත් තනිවම යායුතු මාර්ගය වූයේනුයි ඒකායන මග්ග නම් වේ. “එකෙන “යනු සමූහ වාසය අත්හැර විවේකයෙන් යුතු වූ අයිතබ්බ යනු පිළිපැදිය යුතුයි. මෙයින් යන්නේනුයි “අයන” නම් වේ. සංසාරයෙන් නිවනට යති යන අර්ථයයි. එකම වූ මාර්ගයනුයි ඒකායනො. “ඒකේසං” යනු ශ්‍රේෂ්ඨ වූ සියලු සත්ත්වයන් අතුරින් ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේය. එනිසා ඒ උතුමන්ට මාර්ග වූයේ, සම්මා සම්බුදුවරුන් ට අයන වූයේනුයි “මාර්ග” යැයි කියන ලදී. යන්නේනුයි අයනො නම් වේ යයි. පවතී යන අර්ථයන්ය. එකක් වූම පිළිවෙත, මාර්ගය වූයේනුයි “ඒකායනමග්ග” නම් වේ. එක ම බුදුසසුනෙහි පමණක් පවත්නා මාර්ගයයි. අන් සමයක මේ මාර්ගය නොදැක්වේ යැයි කියන ලද්දේ වෙයි. තවද තනියම (හුදකලාව) යන්නයි ඒකායනෝ පූර්ව භාගයේ දී නානාවිධ මාර්ග, භාවනා විධි අනුව පවතින ආර්ය මාර්ගය අවසාන භාගයේ දී එකම නිවනට ම යන්නේ වෙයි කියන ලද්දේ වෙයි. ඒ නිසා ඒකායන මග්ග යනු “එකම නිවනට යන මාර්ගය” යන අර්ථයයි.
එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති න පරෙහි බුද්ධත්තා බුද්ධො, කින්තු සයමෙව අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධත්තා බුද්ධොති වුත්තං හොති. අබුද්ධිවිහතත්තා බුද්ධිපටිලාභත්තා බුද්ධොති බුද්ධි බුද්ධං බොධොති පරියායවචනමෙතං. තත්ථ යථා “නීලරත්තගුණයොගා නීලො පටො, රත්තො පටො”ති වුච්චති, එවං බුද්ධගුණයොගා “බුද්ධො”ති ඤාපෙතුං වුත්තං.
එකො අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුද්ධොති බුද්ධො යනු අනුන් විසින් අවබෝධ කළ හෙයින් බුද්ධ වූයේ නොවේ. වැලිදු තමන්ම අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරගත් බැවින් ම බුද්ධ යැයි කියනු ලැබේ. අබුද්ධි විහත්තා බුද්ධි පටිලාභා ති බුද්ධො යනු බුද්ධි බුද්ධ, බෝධ යනු පර්යාය වචනයි. එහි යම්සේ නිල්, රතු, ගුණයන්ගෙන් යුතු වස්ත්‍රය නිල් වස්ත්‍රය, රතු වස්ත්‍රය යැයි කියනු ලැබේ ද මෙසේ බුද්ධ ගුණයෙන් යුක්ත වූ හෙයින් “බුද්ධෝ” යැයි දැන්වීමට කියන ලදී.
තතො පරං බුද්ධොති නෙතං නාමන්තිආදි “අත්ථමනුගතා අයං පඤ්ඤත්තී”ති ඤාපනත්ථං වුත්තං. තත්ථ මිත්තා සහායා. අමච්චා භච්චා. ඤාතී පිතුපක්ඛිකා. සාලොහිතා මාතුපක්ඛිකා. සමණා පබ්බජ්ජුපගතා. බ්රාහ්මණා භොවාදිනො, සමිතපාපබාහිතපාපා වා. දෙවතා සක්කාදයො බ්රහ්මානො ච. විමොක්ඛන්තිකන්ති විමොක්ඛො අරහත්තමග්ගො, විමොක්ඛස්ස අන්තො අරහත්තඵලං, තස්මිං විමොක්ඛන්තෙ භවං විමොක්ඛන්තිකං නාමං. සබ්බඤ්ඤුභාවො හි අරහත්තමග්ගෙන සිජ්ඣති, අරහත්තඵලොදයෙ සිද්ධං හොති. තස්මා සබ්බඤ්ඤුභාවො විමොක්ඛන්තෙ භවො හොති. තං නෙමිත්තිකම්පි නාමං විමොක්ඛන්තෙ භවං නාම හොති. තෙන වුත්තං – “විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තාන”න්ති. බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස පටිලාභාති මහාබොධිරුක්ඛමූලෙ යථාවුත්තක්ඛණෙ සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස පටිලාභෙන සහ. සච්ඡිකා පඤ්ඤත්තීති අරහත්තඵලසච්ඡිකිරියාය සබ්බධම්මසච්ඡිකිරියාය වා ජාතා පඤ්ඤත්ති. යදිදං බුද්ධොති පඤ්ඤත්ති. අයං බ්යඤ්ජනතො බුද්ධවිභාවනා. ඉතො පරං වහස්සෙතං භාරන්ති පරියොසානං තත්ථ තත්ථ වුත්තනයත්තා යථාපාළිමෙව නිය්යාති.
ඉන් අනතුරුව බුද්ධොති නෙතං නාමං යනාදියට අර්ථයට අනුගතව මේ ප්රඥප්තිය වේයැයි දැන්වීමට කියන ලදී. එහි මිතුරෝ, සහායකයෝ මිත්තා නම් වේ. අමච්චා යනු මෙහෙකරුවෝය. (භච්චා) ඤාති පියපස ඥාතීහුය. සාලෝහිතා මවුපස ඥාතීහුය. සමණා යනු පැවිදි වූවෝය. බ්රාහ්මණා යනු භෝවාදීහුය. බමුණෝය. පාපධර්ම සංසිඳවූවෝ හා පාපධර්ම නැසුවෝ මෙයින් අදහස් වේ. දෙවතා යනු ශක්රාදීහු හා බ්රහ්මාදිහුය. විමොක්ඛන්තිකං යනු විමෝක්ෂය වූ අර්හත් මාර්ගයයි. විමෝක්ෂයේ කෙළවර අර්හත් ඵලයයි. ඒ විමෝක්ෂාන්තයේ වූ දෙය විමොක්ඛන්තික නම් වේ. සර්වඥ බව වනාහි අර්හත් මාර්ගයෙන් සිද්ධ වේ. අර්හත් ඵල උදාවේදි සිද්ධ වේ. ඒ නිසා සර්වඥ බව යනු විමෝක්ෂය අන්තයේ වන්නකි. ඒ නේමිත්තක නාමයද විමෝක්ෂය අන්තයෙහි ලැබෙන නාමයකි. එනිසා විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං යනුවෙන් කියන ලදී. බොධියා මුලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා යනු මහ බෝමැඩ මුල දී කියන ලද ක්ෂණයෙහි සර්වඥතා ඤාණයේ ප්‍රතිලාභයත් සමග සච්ඡිකා පඤ්ඤත්ති අර්හත්ඵල සාක්ෂාත් කරගැනීමෙන් හෝ සියලු දහම් සාක්ෂාත් කර ගැනීමෙන් හෝ උපන් ප්‍රඥප්තියකි. බුද්ධො යනු මෙය බ්‍යඤ්ජන වශයෙන් බුද්ධිය විදහා දැක්වීමයි. ඉන් අනතුරුව වහස්සෙතං භාරං යනු නිද්දේසයේ අවසානයයි. ඒ ඒ තැන කියූ පරිද්දෙන්, පෙළෙහි දැක්වූ පරිදි ම අර්ථ පමුණුවයි.
චතුත්ථගාථාය විජිගුච්ඡතොති ජාතිආදීහි අට්ටීයතො. රිත්තමාසනන්ති විවිත්තං මඤ්චපීඨං. පබ්බතානං ගුහාසු වාති පබ්බතගුහාසු වා රිත්තමාසනං භජතොති සම්බන්ධිතබ්බං.
සතරවන ගාථාවේ විජිගුච්ඡතො ජාති ආදියෙන් ජුගුප්සා කරන. ලැජ්ජා කරන රිත්තමාසනං හිස් ඇඳ පුටු පබ්බතානං ගුහාසු වා පර්වත ගුහාවෙහි හෝ “හිස් අසුන් භාජනය කළ” යැයි සම්බන්ධ කළ යුතුයි.
ජාතියා විජිගුච්ඡතොති ජාතිං විජිගුච්ඡතො. ජරාය. බ්යාධිනාතිආදීසුපි එසෙව නයො. භජතොති එවමාදීසු භජතොති භජන්තස්ස. සෙවතොති සෙවන්තස්ස. නිසෙවතොති සම්මා සෙවන්තස්ස . සංසෙවතොති පුනප්පුනං සෙවන්තස්ස. පටිසෙවතොති උපගන්ත්වා සෙවන්තස්ස. පබ්බතපබ්භාරාති පබ්බතකුච්ඡියො.
ජාතියා විජිගුච්ඡතො ජාතියෙන් ජුගුප්සා කරන්නට, ජරාවෙන් මඬනා ලද්දහුට. යනාදියෙහි ද මේ ක්‍රමයයි. සේවනය කරයි. යනාදියෙහි සෙවතො සේවනය කරන්නාට නිසෙවතො මනාව සේවනය කරන්නාට. සංසෙවතො පුන පුනා සේවනය කරන්නාට. පටිසෙවනො සමීපයට ගොස් සේවනය කරන්නාට. භජතො භජනය කරන්නාට. පබ්බත පබ්භාර පර්වත කුක්ෂිහු.
පඤ්චමගාථාය උච්චාවචෙසූති හීනපණීතෙසු. සයනෙසූති විහාරාදීසු සෙනාසනෙසු. කීවන්තො තත්ථ භෙරවාති කිත්තකා තත්ථ භයකාරණා. “කුවන්තො”තිපි පාඨො, කූජන්තොති චස්ස අත්ථො.
පස්වන ගාථාවේ උච්චාවචෙසු යනු හීන ප්‍රණීත වූ (උසස් පහත් වූ) සමනේසු විහාරාදී සෙනසුන්හි කුවන්තො නාද කරමින් කීවන්තො යන පාඨය ද යෙදේ. කොපමණකි එය එහි භය කාරණාවේද? යන අර්ථයයි.
කුවන්තොති සද්දායන්තො. කූජන්තොති අබ්යත්තසද්දං කරොන්තො. නදන්තොති උක්කුට්ඨිං කරොන්තො. සද්දං කරොන්තොති වාචං භාසන්තො. කතීති පුච්ඡා. කිත්තකාති පමාණපුච්ඡා. කීවතකාති පරිච්ඡෙදපුච්ඡා. කීවබහුකාති පමාණපරිච්ඡෙදපුච්ඡා. තෙ භෙරවාති එතෙ භයජනනුපද්දවා භයාරම්මණා. කීවබහුකාති පුච්ඡිතෙ ආරම්මණෙ දස්සෙතුං “සීහා බ්යග්ඝා දීපී”තිආදීහි විස්සජ්ජෙති.
කුවන්තො යනු ශබ්ද කරමින්. කූජන්තො අව්‍යක්ත ශබ්දය කරමින්, නදන්තො මහත් ඝෝෂා කරමින් සද්දං කරොන්තො වචන කියමින්. කතී යනු ප්‍රශ්න කිරිමයි. කිත්තකා ප්‍රමාණය විමසීම යි. කීවකා පරිච්ඡේද (සීමාව) විමසීමයි. කිව බහුකා ප්‍රමාණය සීමා දක්වන ප්‍රශ්න කිරීමයි. තෙ භෙරවා ඒ භය ජනනය කරන උපද්‍රව, භයාරම්මණ. කීවබහුකා යි විමසූ කල්හි ආරම්මණයන් දැක්වීමට; සීහ, ව්යාඝ්ර, දීප ආදී වශයෙන් විසඳයි.
ඡට්ඨගාථාය කති පරිස්සයාති කිත්තකා උපද්දවා. අගතං දිසන්ති නිබ්බානං. තඤ්හි අගතපුබ්බත්තා අගතං, නිද්දිසිතබ්බතො දිසා චාති. තෙන වුත්තං – “අගතං දිස”න්ති. අමතං දිස”න්තිපි පාඨො. අභිසම්භවෙති අභිසම්භවෙය්ය. පන්තම්හීති පරියන්තෙ.
සයවන ගාථාවේ කති පරිස්සයා යනු ලොව උපද්‍රව කීයක් වේද? අගතං දිසං නිවනයි. එය වනාහි පෙර නොගිය විරු බැවින් අගතං යනු ද නිර්දේශ කළ යුතු හෙයින් දිසං යි ද යන දෙපදය එක් කර “අගතං දිසං” යයි එනිසා කියන ලදී. අමතං දිසං යන පාඨයද යෙදේ. අභිසම්භවෙ මඬලන්නේ නම් පන්නම්හි කෙළවරෙහි,
අගතපුබ්බා සා දිසාති යා දිසා සුපිනන්තෙනපි න ගතපුබ්බා. න සා දිසා ගතපුබ්බාති එසා දිසා වුත්තනයෙන න ගතපුබ්බා. ඉමිනා දීඝෙන අද්ධුනාති අනෙන දීඝකාලෙන.
අගතපුබ්බා සා දිසා යම් දිසාවනට සිහිනෙන්වත් නොගිය විරු ද ඒ දිශාව “ගත පුබ්බ” නම් නොවේ. එම දිශාව ඉහත කියූ පරිදිම “අගතපුම්බ” නම් වේ. ඉමිනා දීඝෙන අද්ධුනා මේ දීර්ඝ කාලයෙන්.
සමතිත්තිකන්ති අන්තොමුඛවට්ටිලෙඛං පාපෙත්වා සමභරිතං. අනවසෙකන්ති අනවසිඤ්චනකං අපරිසිඤ්චනකං කත්වා. තෙලපත්තන්ති පක්ඛිත්තතෙලං තෙලපත්තං. පරිහරෙය්යාති හරෙය්ය ආදාය ගච්ඡෙය්ය. එවං සචිත්තමනුරක්ඛෙති තං තෙලභරිතං පත්තං විය අත්තනො චිත්තං කායගතාය සතියා ගොචරෙ චෙව සම්පයුත්තසතියා චාති උභින්නං අන්තරෙ පක්ඛිපිත්වා යථා මුහුත්තම්පි බහිද්ධා ගොචරෙ න වික්ඛිපති, තථා පණ්ඩිතො යොගාවචරො රක්ඛෙය්ය ගොපයෙය්ය. කිංකාරණා? එතස්ස හි –
සමත්තතිකං ඇතුලත මුවවිට දක්වාම (කට ලඟටම) පිරුණු අනවසෙසකං නොවැගිරෙන සේ, නො ඉහිරෙන සේ කොට තෙලපත්තං දැමූ තෙල් ඇති, තෙල් පාත්‍රය. පරිහරෙය්ය පරිහරණය කරන්නේය. රැගෙන යන්නේය. එවං සචිත්ත මනුරක්ඛෙ ඒ තෙල් පිරුණු පාත්‍රය මෙන් තමාගේ සිත කායගතා සතියෙන් ද අරමුණු කරා යෑමේ දී සම්ප්‍රයුක්ත සතියෙන් ද යන මේ දෙක අතර බහා, මොහොතක්වත් බාහිර අරමුණකට යා නොදී රැකගනියි ද, එලෙසින් ම නුවණැති යෝගාවචරයෝ තම සිත රැකගන්නේය. ගෝපනය කරන්නේය. කවර හෙයින්ද මෙහිදී,
“දුන්නිග්ගහස්ස ලහුනො, යත්ථකාමනිපාතිනො; චිත්තස්ස දමථො සාධු, චිත්තං දන්තං සුඛාවහං”. (ධ· ප· 35);
දුන්නිග්ගහස්ස ලහුනො යත්ථා කාමනිපාතිනො, චිත්තස්ස දමථො චිත්තං සාධු චිත්තං දන්තං සුඛවාහං
දමනය කිරිමට අපහසු, වහ වහා වෙනස් වන, කැමති තැනෙක වැටෙන සිත දමනය කරගැනීම යහපතකි. දමුණු සිත් සැප ගෙන දේ.
තස්මා –
එනිසා –
“සුදුද්දසං සුනිපුණං, යත්ථකාමනිපාතිනං; චිත්තං රක්ඛෙථ මෙධාවී, චිත්තං ගුත්තං සුඛාවහං”. (ධ· ප· 36);
සුදුද්දසං සුනිපුනං යත්ථා කාමනිපාතිනං, චිත්තං රක්ඛෙථ මේධාවී චිත්තං ගුත්තං සුඛාවහං
දැකිය නොහැකි ඉතා සියුම් වූ කැමති තැනක වැටෙන සිත නුවණැත්තා රැකගන්නේය. ගෝපණය වූ රැකගත් සිත සැප ගෙන දේ.
ඉදඤ්හි –
මෙහිදී –
“දූරඞ්ගමං එකචරං, අසරීරං ගුහාසයං; යෙ චිත්තං සංයමෙස්සන්ති, මොක්ඛන්ති මාරබන්ධනා”. (ධ· ප· 37);
දූරංගමං එකචරං අසරීරං ගුහාසයං, යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති මොක්ඛන්ති මාරබන්ධනා
ඉතා දුර යන, තනිව හැසිරෙන, ශරීරයක් නැති, හදවත නම් ගුහාවේ වසන සිත යමෙක් දමනය කර ගනිත්ද ඔවුහු මාර බන්ධනයෙන් මිදෙති.
ඉතරස්ස පන –
අනිකක් ද ඇත -
“අනවට්ඨිතචිත්තස්ස , සද්ධම්මං අවිජානතො; පරිප්ලවපසාදස්ස, පඤ්ඤා න පරිපූරති”. (ධ· ප· 38);
අනවට්ඨිත චිත්තස්ස සද්ධම්මං අවිජානතො, පරිපලවපසාදස්ස පඤ්ඤාය න පරිපූරතී
ස්ථිර නොවූ, අසංවර වූ සද්ධර්මය අවබෝධ කර නොගත් වහ වහා සැලෙන සිත් ඇත්තාගේ ප්‍රඥාව නොපිරේ.
ථිරකම්මට්ඨානසහායස්ස පන –
ස්ථිරව සිත කමටහන් යොදාගත්තහුයේ වනාහි –
“අනවස්සුතචිත්තස්ස, අනන්වාහතචෙතසො; පුඤ්ඤපාපපහීනස්ස, නත්ථි ජාගරතො භයං”. (ධ· ප· 39);
අනවස්සුත චිත්තස්ස අනන්වාහත චෙතසො, පුඤ්ඤපාපපහීනස්ස නත්ථි ජාගරතො භයං
රාගයෙන් තෙත් නොවූ, ද්වේෂයෙන් දැඩි නොවූ සිත් ඇති පින් පවු දෙකම දුරලූ නිදිවැරීමෙහි යෙදුනු රහතන් වහන්සේට කිසිදු භයක් නැත.
තස්මා එතං –
එනිසා –
“ඵන්දනං චපලං චිත්තං, දූරක්ඛං දුන්නිවාරයං; උජුං කරොති මෙධාවී, උසුකාරොව තෙජනං”. (ධ· ප· 33);
ඵන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං, උජුං කරොති මෙධාවී උසුකාරොව තෙජනං
සැලෙන, චපල, නොරැකිය හැකි තුන් දුසිරිතෙන් වළකාලීම අසීරු සිත නුවණැත්තා ඍජු කරන්නේ ය හී වඩුවා හී හී දණ්ඩකින් ඇද හරින්නාක් මෙනි.
එවං උජුං කරොන්තො සචිත්තමනුරක්ඛෙ.
මෙසේ සිත ඍජු කරමින් තම සිත රකින්නේය.
පත්ථයානො දිසං අගතපුබ්බන්ති ඉමස්මිං කායගතාසතිකම්මට්ඨානෙ කම්මං ආරභිත්වා අනමතග්ගෙ සංසාරෙ අගතපුබ්බං දිසං පත්ථෙන්තො වුත්තනයෙන සකං චිත්තං රක්ඛෙය්යාති අත්ථො. කා පනෙසා දිසා නාම –
පත්ථයානො දිසං අගත පුබ්බං, “මේ කායගතාසති කමටහනෙහි පරිකර්ම අරඹ ඉමක් කොනක් නැති මේ සසරේ පෙර නොගියවිරු දිශාව (නිවන) පතමින් ඉහත විස්තර කළ පරිදි සිත රකින්නේ නම් මැනවි” යන අර්ථයයි. මේ දිසාව නම් කුමක් ද?
“මාතාපිතා දිසා පුබ්බා, ආචරියා දක්ඛිණා දිසා; පුත්තදාරා දිසා පච්ඡා, මිත්තාමච්චා ච උත්තරා.
මාතා පිතා දිසා පුබ්බා - ආචරියා දක්ඛිණා දිසා, පුත්තදාරා දිසා පච්ඡා - මිත්තාමච්චා ච උත්තරා
“දාසකම්මකරා හෙට්ඨා, උද්ධං සමණබ්රාහ්මණා; එතා දිසා නමස්සෙය්ය, අලමත්තො කුලෙ ගිහී”ති. (දී· නි· 3.273) –
දාසකම්මකරා හෙට්ඨා - උද්ධං සමණ බ්රාහ්මණා, එතා දිසා නමස්සෙය්ය - අලමත්තො කුලේ ගිහී ති
එත්ථ තාව මාතාපිතාදයො “දිසා”ති වුත්තා.
යන මෙහි මවුපියාදීන් “දිසා” නාමයෙන් දැක්විණි.
“දිසා චතස්සො විදිසා චතස්සො, උද්ධං අධො දස දිසා ඉමායො; කතමං දිසං තිට්ඨති නාගරාජා, යමද්දසා සුපිනෙ ඡබ්බිසාණ”න්ති. (ජා· 1.16.104) –
දිසා චතස්සො විදිසා චතස්සා උද්ධං අධො දසදිසා ඉමායො, තං දිසං තිට්ඨති නාගරාජා යමද්දසා සුපිනෙ ජබ්බිසානං තී
එත්ථ පුරත්ථිමාදිභෙදා දිසාව “දිසා”ති වුත්තා.
යන මෙහි මවුපියාදීන් “දිසා” යැයි කියන ලදී.
“අගාරිනො අන්නදපානවත්ථදා, අව්හායිකා තම්පි දිසං වදන්ති; එසා දිසා පරමා සෙතකෙතු, යං පත්වා දුක්ඛී සුඛිනො භවන්තී”ති . (ජා· 1.6.9) –
අගාරිනො අන්නද පානවත්ථදා අව්හායිකානම්පි දිසං වදන්ති, එතා දිසා පරමා සෙතකෙත යං පත්වා දුක්ඛී සුඛිනො භවන්ත
එත්ථ නිබ්බානං “දිස”න්ති වුත්තං. ඉධාපි තදෙව අධිප්පෙතං. තණ්හක්ඛයං විරාගන්තිආදීහි දිස්සති අපදිස්සති තස්මා “දිසා”ති වුච්චති. අනමතග්ගෙ පන සංසාරෙ කෙනචි බාලපුථුජ්ජනෙන සුපිනෙනපි අගතපුබ්බතාය “අගතපුබ්බා දිසා නාමා”ති වුච්චති. තං පත්ථයන්තෙන කායගතාසතියා යොගො කරණීයොති. වජතොතිආදීසු එත්ථ මග්ගුප්පාදතො සමීපං වජතො. ඨිතික්ඛණෙ ගච්ඡතො. ඵලොදයතො අතික්කමතො.
මෙහි නිවන “දිසා” යැයි කියන ලදී. මෙහි දී ද ඒ නිවනම අදහස් කරන ලදී. “තණ්හක්ඛයං විරාගං” යනාදියෙන් පෙනේ. පෙන්වයි. එනිසා “දිසා” යැයි කියනු ලැබේ. අග මුල නැති සසර කිසිදු අඳබාල පුහුදුන් අයෙකු විසින් සිහිනෙන්වත් නොගියවිරු බැවින් “අගතපුබ්බා දිසා” නම් වේ යයි කියනු ලබයි. ඒ උතුම් නිවන ප්‍රාර්ථනා කරන්නා විසින් කායගතාසතියෙහි යෙදීම (වැඩීම) කළයුතුයි. වජතො යනාදියෙහි ද - මෙහි මාර්ගෝප්පත්තියේ සමීපයට වජතො යනුයේ වේ. ඨිතික්ෂණයෙහි ගච්ඡතො ගමන් කරනුයේ, ඵලය දැකීමෙන් අභික්කමතො අභිමුඛයට යන්නාට,
අන්තෙති අන්තම්හි ඨිතෙ. පන්තෙති වනගහනගම්භීරෙ ඨිතෙ. පරියන්තෙති දූරභාවෙන පරියන්තෙ ඨිතෙ. සෙලන්තෙති පබ්බතානං අන්තෙ. වනන්තෙති වනඝටානං අන්තෙ. නදන්තෙති නදීනං අන්තෙ. උදකන්තෙති උදකානං පරියන්තෙ. යත්ථ න කසීයති න වපීයතීති යස්මිං කසනඤ්ච වපනඤ්ච න කරීයති. ජනන්තං අතික්කමිත්වා ඨිතෙ. මනුස්සානං අනුපචාරෙති කසනවපනවසෙන මනුස්සෙහි අනුපචරිතබ්බෙ සෙනාසනෙ.
අන්තෙ කෙළවරෙහි සිටි. පන්තෙ ගැඹුරු වන ගහනයේ සිටි කල්හි. පරියන්තෙ ඉතා දුර බැවින් කෙළවර සිටි. සෙලාන්ත පර්වතයන්ගේ කෙළවර. වනන්තො වන ගහනයෙන් කෙළවර, න දන්තෙ නදියේ කෙළවර උදකන්තො දියේ කෙළවර. යත්ථ න කසීයති න වපීයති යනක සීසෑමත්, වැපිරීමත් නොකරයි ද වනත්තං අතික්ක මිත්වා ඨිතෙ මනුස්සානං අනුපචාරෙ සීසාන වපුරන මිනිසුන් විසින් නොසෙවුනා ලද සෙනසුන්හි. (නිර්ජන ජනශුන්‍ය සෙනසුන්හි)
සත්තමගාථාය ක්යාස්ස බ්යප්පථයො අස්සූති කිදිසානි තස්ස වචනානි අස්සු.
සත්වන ගාථාවේ ක්යාස්ස බ්යප්පථයො අස්සු ඔහුගේ වචන කවරාකාර වේද?
මුසාවාදං පහායාති එත්ථ මුසාති විසංවාදනපුරෙක්ඛාරස්ස අත්ථභඤ්ජනකො වචීපයොගො කායපයොගො වා. විසංවාදනාධිප්පායෙන පනස්ස පරවිසංවාදකකායවචීපයොගසමුට්ඨාපිකා චෙතනා මුසාවාදො. අපරො නයො – මුසාති අභූතං අතච්ඡං වත්ථු, වාදොති තස්ස භූතතො තච්ඡතො විඤ්ඤාපනං. ලක්ඛණතො පන අතථං වත්ථුං තථතො පරං විඤ්ඤාපෙතුකාමස්ස තථාවිඤ්ඤත්තිසමුට්ඨාපිකා චෙතනා මුසාවාදො. සො යමත්ථං භඤ්ජති, තස්ස අප්පතාය අප්පසාවජ්ජො, මහන්තතාය මහාසාවජ්ජො. අපි ච ගහට්ඨානං අත්තනො සන්තකං අදාතුකාමතාය “නත්ථී”තිආදිනයප්පවත්තො අප්පසාවජ්ජො, සක්ඛිනා හුත්වා අත්ථභඤ්ජනත්ථං වුත්තො මහාසාවජ්ජො. පබ්බජිතානං අප්පකම්පි තෙලං වා සප්පිං වා ලභිත්වා හසාධිප්පායෙන “අජ්ජ ගාමෙ තෙලං නදී මඤ්ඤෙ සන්දතී”ති පූරණකථානයෙන පවත්තො අප්පසාවජ්ජො, අදිට්ඨංයෙව පන දිට්ඨන්තිආදිනා නයෙන වදන්තානං මහාසාවජ්ජො.
මුසාවාදං පහාය මෙහි “මුසා” යනු අනුන් රැවටීමේ සිත පෙරටුකරගත් යහපත නැතිකරන වාග් ප්‍රයෝගය හෝ කාය ප්‍රයෝගයයි. රැවටීමේ අදහසින් අනුන් රවටන කාය වාග් ප්‍රයෝගයෙන් ඉස්මතු වූ චේතනාව මුසාවාදයයි. මේ තවත් ක්රමයකි. මුසා යනු සිදු නොවූ අසත්‍ය වස්තුවකි. ‘වාද’ යනු ඒ සත්‍ය ලෙස, සිදු වූ ලෙස දැන්වීමයි. ලක්ෂණ වශයෙන් වනාහි අසත්‍ය වස්තුවක් (කරුණක්) සත්‍ය ලෙස අනුන්ට දන්වනු කැමැත්තෙන්, එසේ දන්වන කාය වාග් විඤ්ඤත්තියෙන් හටගත් සිතුවිල්ල චේතනාව ‘මුසාවාද’ නම් වේ. ඔහු යම් අර්ථයක් බිඳ දමයි ද එහි අල්ප භාවයෙන් මුසාවාදය අල්ප සාවද්‍ය වේ. මහත් වූ අර්ථයක් බිඳ දමයි නම් මෙය මහාසාවද්‍ය අකුශලයකි. තවද ගිහියන්ගේ තම සන්තක වස්තු අනුන්ට නොදෙනු කැමැත්තෙන් පැවති ‘නැත’ යනාදී කියුම් අල්ප සාවද්‍ය වේ. සාක්ෂිකාරයෙක්ව අර්ථය, යහපත බිඳිනු සඳහා කියන ලද්දේ නම් මහා සාවද්‍ය වේ. පැවිද්දන්ගේ ඉතා අල්ප වූ තෙල්, ගිතෙල් ආදියක් ලැබ සිනහසීමේ අදහසින් ‘අද ගමේ තෙල් ගඟක් ගලන්නේයි සිතමි’ ආදී වශයෙන් පැරණි කටවහරින් ගෙන කියන කියුම් අල්ප සාවද්‍ය වේ. නොදුටුම දෙයක් ‘දුටුවෙමි’ ආදී වශයෙන් පැවසීම මහාසාවද්‍ය වේ.
තස්ස චත්තාරො සම්භාරා හොන්ති – අතථං වත්ථු විසංවාදනචිත්තං තජ්ජො වායාමො පරස්ස තදත්ථවිජානනන්ති. එකො පයොගො සාහත්ථිකොව. සො ච කායෙන වා කායපටිබද්ධෙන වා වාචාය වා පරවිසංවාදකකිරියාකරණෙ දට්ඨබ්බො. තාය චෙ කිරියාය පරො තමත්ථං ජානාති, අයං කිරියසමුට්ඨාපිකා චෙතනාක්ඛණෙයෙව මුසාවාදකම්මුනා බජ්ඣති.
මුසාවාදය සම්පූර්ණ වීමට කරුණු හතරක් අවශ්‍යය. අසත්‍ය වස්තුවක් වීම, රවටන සිත, රැවටීම දරනු ලබන වෑයම හා උත්සාහය, අනිකා එම අසත්‍යයෙන් රැවටීම (අර්ථ හානි කරගැනීම) යනුයි. එක් ප්‍රයෝගයක් සියතින්ම කරන්නේය. ඔහු කයින් හෝ කය හා බැඳුණු වචනයෙන් හෝ අනුන් රවටන ක්‍රියා කිරීමෙහි දතයුතුයි. ඉදින් ඒ ක්‍රියාවෙන් අනිකා එම අරුත දැනගනියි. මෙහි ක්‍රියාවෙන් උපදවන ලද චේතනාව පහළ වූ ක්ෂණයෙහි ම මුසාවාද කර්මයෙන් බැඳේ.
සච්චං වදතීති සච්චවාදී. සච්චෙන සච්චං සන්දහති ඝටෙතීති සච්චසන්ධො, න අන්තරන්තරා මුසා වදතීති අත්ථො. යො හි පුරිසො කදාචි මුසා වදති, කදාචි සච්චං, තස්ස මුසාවාදෙන අන්තරිකතාය සච්චං සච්චෙන න ඝටියති, තස්මා න සො සච්චසන්ධො. අයං පන න තාදිසො, ජීවිතහෙතුපි මුසා අවත්වා සච්චෙන සච්චං සන්දහතියෙවාති සච්චසන්ධො.
සත්‍ය කියනුයේනුයි සච්චවාදී. සත්‍යයෙන් සත්‍ය ගලපයි. ගටයිනුයි. සච්ච සන්ධො අතරින් පතර බොරු නොපවසයි. යන පුරුෂයෙක් කිසි කලෙක බොරු නොකියයි. කිසිකලෙක ඇත්ත කියයි. ඔහුගේ මුසාවාදයෙන් අතරක් ඇතිකළ හෙයින් සත්‍යයෙන් සත්‍ය නොගැටෙයි. එනිසා ඔහු සච්චසන්ධ නොවේ. සච්චසන්ධයා එසේ කිසිකලෙකත් බොරු නොකියයි. ජීවිත හේතුවෙන්වත් බොරු නොකියා ඔහු සත්‍යයෙන් සත්‍ය ගලපන්නේනුයි සච්චසන්ධ නම් වේ.
ථෙතොති ථිරො, ථිරකථොති අත්ථො. එකො පුග්ගලො හලිද්දිරාගො විය ථුසරාසිම්හි නිඛාතඛාණු විය අස්සපිට්ඨෙ ඨපිතකුම්භණ්ඩමිව ච න ථිරකථො හොති. එකො පාසාණලෙඛා විය ඉන්දඛීලො විය ච ථිරකථො හොති, අසිනා සීසං ඡින්දන්තෙපි ද්වෙකථා න කථෙති. අයං වුච්චති ථෙතො.
ථෙතො යනු ස්ථිර වූ. තදින් ම පිහිටි කථා ඇත්තේ වේ. ඇතැම් පුද්ගලයන්ට අමු කහපාට මෙන්, දහයියා ගොඩේ ගැසූ ඉන්න මෙන්, අසු පිට තැබූ කොමඩු ගෙඩියක් මෙන් අස්ථිර වූ කථා ඇත. ඔවුහු ‘ඨිතකථ’ නම් නොවේ. ‘ඇතැමෙක් ගලේ කෙටූ අකුරක් මෙන් ද ඉන්ද්‍රඛීලයක් මෙන් ද සිටිති. ඔවුහු ‘ඨිතකථ’ නම් වෙති. කඩුවෙන් හිස සින්ඳත් ඔවුන්ගේ වචන දෙකක් නම් නැත. මෙම ස්වභාවය ‘ථෙත’ නම් වේ.
පච්චයිකොති පත්තියායිතබ්බො, සද්ධායිතබ්බකොති අත්ථො. එකච්චො හි පුග්ගලො න පච්චයිකො හොති, “ඉදං කෙන වුත්තං, අසුකෙනා”ති වුත්තෙ “මා තස්ස වචනං සද්දහථා”ති වත්තබ්බතං ආපජ්ජති. එකො පච්චයිකො හොති, “ඉදං කෙන වුත්තං, අසුකෙනා”ති වුත්තෙ “යදි තෙන වුත්තං, ඉදමෙව පමාණං, ඉදානි උපපරික්ඛිතබ්බං නත්ථි, එවමෙව ඉද”න්ති වත්තබ්බතං ආපජ්ජති, අයං වුච්චති පච්චයිකො. අවිසංවාදකො ලොකස්සාති තාය සච්චවාදිතාය ලොකං න විසංවාදෙතීති අත්ථො.
පච්චයිකො ඇදහිය යුතු වදන් ඇත්තා, පිළිගත හැකි වදන් ඇති ඇතැම් පුද්ගලයෝ වනාහි ඇදහිය යුතු වචන ඇත්තෝ නොවේ. ‘මෙය කා විසින් කියන ලද්දේ ද?” “අසුවලා විසින් කියන ලදී” යැයි නම කී කල්හි ඔහුගේ වචන නො ඇදහිය යුතු යැයි කියනු ලබන්නෙක් බවට පත්වේ. සමහරු ඇදහිය යුතු කථා ඇත්තෝ වෙති. මෙය කා විසින් කියන ලද්දේ ද?” ඇසූවිට ‘අසුවලා විසින්’ යැයි කී කල්හි ‘ඉදින් ඔහු විසින් කියන ලද්දේ නම් එයම ප්රමාණවත්ය. මෙහි විමසා බැලිය යුත්තක් නැත’යි මෙ කරුණ මෙසේමය. කියනු ලබන්නේ ද එවැනි පුද්ගලයෝම “පච්චයික” නම් වෙති. අවිසංවාදකො ලොකස්ස ඒ සත්‍යවාදී බව නිසා, ලෝකයා නොරවටයි යන අර්ථයයි.
පිසුණං වාචං පහායාතිආදීසු යාය වාචාය යස්ස තං වාචං භාසති, තස්ස හදයෙ අත්තනො පියභාවං පරස්ස ච සුඤ්ඤභාවං කරොති, සා පිසුණවාචා. යාය පන අත්තානම්පි පරම්පි ඵරුසං කරොති, යා වාචා සයම්පි ඵරුසා, නෙව කණ්ණසුඛා න හදයඞ්ගමා, අයං ඵරුසවාචා. යෙන සම්ඵං පලපති නිරත්ථකං, සො සම්ඵප්පලාපො. තෙසං මූලභූතාපි චෙතනා පිසුණවාචාදිනාමමෙව ලභති, සා එව ඉධ අධිප්පෙතාති.
පිසුනාවාචං පහාය යනාදියෙහි, යම් වදනකින් එය කියනු ලබන්නාගේ සිතේ තමා පිළිබඳව ප්රියභාවයක් ද ඉන් කියවෙන්නා පිළිබඳ කේලමක් කිම සිදුවන්නේනුයි ‘පිසුනාවාචා’ නම් වේ. යම් වචනයක් කීමේදී තමා මෙන්ම අනිකා ද පරුෂ වූවෙක් කරයි ද, එමෙන් ම යම් වදනක් ස්වභාවයෙන් ම ඵරුස ද කණට ප්‍රිය නොවේ ද, හදවතට ප්‍රිය නොවේ ද මෙය ‘එරුසා වාචා’ නම් වේ. යමෙකු විසින් නිශ්ඵල, හිස් වදන් කථා කර කර සිටියි ද එය “සම්ඵප්පලාප” නම් වේ. මීට මුල් වූ චේතනාව ‘පිසුනාවාචා’ දී නම ම ලබයි. එයම මෙහිදී අදහස් කරන ලදී.
තත්ථ සංකිලිට්ඨචිත්තස්ස පරෙසං වා භෙදාය අත්තනො පියකම්යතාය වා කායවචීපයොගසමුට්ඨාපිකා චෙතනා පිසුණවාචා. සා යස්ස භෙදං කරොති, තස්ස අප්පගුණතාය අප්පසාවජ්ජා, මහාගුණතාය මහාසාවජ්ජා.
එහි කිළිටි සිත් ඇත්තාගේ අනුන් බිඳවීම සඳහා හෝ තමාට ප්‍රියභාවය ඇතිකරගනු සඳහා වූ හෝ කාය-වාග් ප්‍රයෝගයෙන් උපන් චේතනාව පිසුනාවාචා නම් වේ. එය යමකු හේද කරයි ද ඔහු අල්පගුණ ඇත්තකු නම් අල්පසාවද්‍ය වේ. මහත් ගුණ ඇත්තකු භේද කළහොත් එය මහා සාවද්‍ය අකුශලයකි.
තස්සා චත්තාරො සම්භාරා හොන්ති – භින්දිතබ්බො පරො, “ඉති ඉමෙ නානා භවිස්සන්ති විනා භවිස්සන්තී”ති භෙදපුරෙක්ඛාරතා වා, “ඉති අහං පියො භවිස්සාමි විස්සාසිකො”ති පියකම්යතා වා, තජ්ජො වායාමො, තස්ස තදත්ථවිජානනන්ති.
එහිද කරුණු සතරක් සම්පූර්ණ වීමෙන් පිසුනාවාචා අකුසලය සිදුවේ. මොව්හු දෙදෙන හෝ මොවුහු බිඳලිය යුතුය යන භේද භින්න කිරීමේ සිත හෝ මෙසේ මොවුන් හෝ වන්නාහ”යි බිඳීම පෙරටු කරගත් බව. මෙසේ මම ප්‍රියභාවයට විශ්වාස බවට යන්නෙමි”යි ප්‍රිය බව කැමති වීම, ඊට උත්සාහයක් වෑයමක් කිරීම, ඒ උත්සාහයෙන් වචනයේ අර්ථ ගෙන දෙදෙනා බිඳීම යනු ඒ කරුණු සතරයි.
ඉමෙසං භෙදායාති යෙසං ඉතොති වුත්තානං සන්තිකෙ සුතං, තෙසං භෙදාය. භින්නානං වා සන්ධාතාති ද්වින්නං මිත්තානං වා සමානුපජ්ඣායකාදීනං වා කෙනචිදෙව කාරණෙන භින්නානං එකමෙකං උපසඞ්කමිත්වා “තුම්හාකං ඊදිසෙ කුලෙ ජාතානං එවං බහුස්සුතානං ඉදං න යුත්ත”න්තිආදීනි වත්වා සන්ධානං කත්තා. අනුප්පදාතාති සන්ධානානුප්පදාතා, ද්වෙ ජනෙ සමග්ගෙ දිස්වා “තුම්හාකං එවරූපෙ කුලෙ ජාතානං එවරූපෙහි ගුණෙහි සමන්නාගතානං අනුච්ඡවිකමෙත”න්තිආදීනි වත්වා දළ්හීකම්මං කත්තාති අත්ථො.
ඉමෙසං භෙදාය යමෙකු පිළිබඳව ‘අසුවලා මෙසේ කීය’ ආදී වශයෙන් කියන ලද්දේ ද එය ඇසූ පුද්ගලයාගේ හා කියවුනු පුද්ගලයාගේ බිඳී යාම. භින්නානං වා සන්ධාතා මිතුරන් දෙදෙනෙකු හෝ සමාන උපාධ්‍යායවරු හෝ කිසියම් කරුණකින් බිඳී වෙන්ව ගියවිට එක් එක් පුද්ගලයා වෙත එළඹ නුඹවහන්සේලා මෙවැනි කුලයක උපන්හ. මෙසේ බහුශ්‍රැතයහ. මෙසේ භේද වී සිටීම නුසුදුසුය’ ආදී වශයෙන් කියා සමගි කළ යුතුයි. අනුප්පදාතා සමගිවීම, සන්ධානය ගෙන දෙයි. පුද්ගලයන් දෙදෙනෙකු සමගිව සිටිනු දැක, නුඹලා මෙවැනි කුලයක උපන්හ. මෙවැනි ගුණ ධර්මයන්ගෙන් පිරිපුන් වෙති. මෙසේ සමගිව සිටීම ඉතාම සුදුසුය’ ආදී වශයෙන් කියා සමගි බව දැඩි කළයුතුය යන අර්ථයයි.
සමග්ගො ආරාමො අස්සාති සමග්ගාරාමො, යත්ථ සමග්ගා නත්ථි, තත්ථ වසිතුම්පි න ඉච්ඡතීති අත්ථො. “සමග්ගරාමො”තිපි පාළි, අයමෙවත්ථො. සමග්ගරතොති සමග්ගෙසු රතො, තෙ පහාය අඤ්ඤත්ර ගන්තුම්පි න ඉච්ඡතීති අත්ථො. සමග්ගෙ දිස්වාපි සුත්වාපි නන්දතීති සමග්ගනන්දී. සමග්ගකරණිං වාචං භාසිතාති යා වාචා සත්තෙ සමග්ගෙයෙව කරොති, තං සාමග්ගිගුණපරිදීපකමෙව වාචං භාසති, න ඉතරන්ති.
සමගි බවේ සිත් අලවා විසීම ඇත්තේනුයි සමග්ගාරාමො. යම්තැනෙක සමගියක් නැතිනම් එහි විසීමටවත් නොයයි යන අර්ථයයි. සමග්ගරාමො යන පාඨය ද යෙදේ. දෙපදයේම එකම අර්ථයයි. සමග්ගරතො සමගියෙහි ඇලුණු ඔවුහු අත්හැර වෙනත් තැනක යෑමට ද නොකැමති වේ. සමගිව වෙසෙන්නන් දැක, අසා ඒ පිළිබඳ සතුටු වීම සමග්ග නන්දී නම් වේ. සමග්ගකරණිං වාචං භාසිතා යම් වචනයක් නිසා සත්ත්වයන් සමගි වේද එබඳු සමගි බව ඇතිකරන වචනම කියයි. අන්‍ය වචන නො කියයි.
පරස්ස මම්මච්ඡෙදකකායවචීපයොගසමුට්ඨාපිකා එකන්තඵරුසචෙතනා ඵරුසවාචා. මම්මච්ඡෙදකොපි පයොගො චිත්තසණ්හතාය ඵරුසවාචා න හොති. මාතාපිතරො හි කදාචි පුත්තකෙ එවම්පි වදන්ති “චොරා වො ඛණ්ඩාඛණ්ඩිකං කරොන්තූ”ති, උප්පලපත්තම්පි ච නෙසං උපරි පතන්තං න ඉච්ඡන්ති. ආචරියුපජ්ඣායා ච කදාචි නිස්සිතකෙ එවං වදන්ති “කිං ඉමෙ අහිරිකා අනොත්තප්පිනො චරන්ති, නිද්ධමථ නෙ”ති. අථ ච නෙසං ආගමාධිගමසම්පත්තිං ඉච්ඡන්ති. යථා ච චිත්තසණ්හතාය ඵරුසවාචා න හොති, එවං වචනසණ්හතාය අඵරුසවාචාපි න හොති. න හි මාරාපෙතුකාමස්ස “ඉමං සුඛං සයාපෙථා”ති වචනං අඵරුසවාචා හොති, චිත්තඵරුසතාය පනෙසා ඵරුසවාචාව, සා යං සන්ධාය පවත්තිතා. තස්ස අප්පගුණතාය අප්පසාවජ්ජා, මහාගුණතාය මහාසාවජ්ජා. තස්සා තයො සම්භාරා – අක්කොසිතබ්බො පරො කුපිතචිත්තං අක්කොසනාති.
අනුන්ගේ මර්මස්ථාන සිඳින කාය වචී ප්‍රයෝගයෙන් උපන් ඒකාන්ත ඵරුෂ සිතේ සෙනෙහසින්, ආදරයෙන් කියනු ලබන වචන ‘ඵරුස වාචා’ නම් නොවේ. මාපියාදීහු ද ඇතැම් දිනෙක දරුවන්ට මෙසේ කියති. සොරු නුඹලා කඩ කඩ කරත්වා’, මෙසේ කියූවත් හදවතින් ඔවුන් මත උපුල් පෙත්තක්වත් වැටීම නො ඉවසති. ආචාර්ය උපාධ්යායවරුද වැරදි දෙයකදී තමා ළඟ හික්මෙන්නන්ට, මෙසේ කියති. මොවුහු කුමක් හෙයින් විලි ලැජ්ජා නැති, විලිබිය නැති හිස් පුද්ගලයන් සේ හැසිරෙත් ද? මෙතැනින් පහ වෙවු. ඉවත්ව යවු’යි මෙසේ වචනයෙන් කියූවත් ඒ සිසුන්ගේ දියුණුවම, ආගමාධිගම සම්පත්තියම කැමති වෙති. මෙසේ සිතේ සිනිඳු, ස්නේහ සහගත බව නිසා, ‘එරුස වචනයක්’ නොවන නමුත් වචන මෘදු, සිනිදු භාවයෙන් යුතු නිසා අඵරුස වචනයක් ද නොවේ. කෙනෙකු මරවනු කැමතිව මොහු සුවසේ නිදිකරවන්න ආදී ප්‍රියවදන් කීම අඵරුෂ වාචාවක් නොවන්නේමය. සිතේ පවතින ඵරුෂ බව නිසා මෙය අඵරුෂ උපමාවක් නොවේ. සිතේ එරුෂ බව නිසා එරුෂ වාචාවක්ම වේ. අල්ප ගුණ ඇත්තෙකුට කියන ලද ඵරුෂ වදන අල්ප සාවද්‍ය වේ. මහත් ගුණවතෙකුට කියන ලද නම් මහා සාවද්‍ය වේ. ඵරුෂ වදන සම්පූර්ණ වීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතුයි. ආක්‍රෝශ, පරිභව කළයුතු කරුණක් තිබීම, අනිකකු කෙරෙහි කිපි සිත, ආක්‍රෝශ පරිභව කිරීම යනු ඒ කරුණු තුනයි.
නෙලාති එලං වුච්චති දොසො, නාස්සා එලන්ති නෙලා, නිද්දොසාති අත්ථො. “නෙලඞ්ගො සෙතපච්ඡාදො”ති (උදා· 65; පෙටකො· 25) එත්ථ වුත්තනෙලං විය. කණ්ණසුඛාති බ්යඤ්ජනමධුරතාය කණ්ණානං සුඛා, සූචිවිජ්ඣනං විය කණ්ණසූලං න ජනෙති. අත්ථමධුරතාය සකලසරීරෙ කොපං අජනෙත්වා පෙමං ජනෙතීති පෙමනියා. හදයං ගච්ඡති අපටිහඤ්ඤමානා සුඛෙන චිත්තං පවිසතීති හදයඞ්ගමා. ගුණපරිපුණ්ණතාය පුරෙ භවාති පොරී. පුරෙ සංවද්ධනාරී විය සුකුමාරාතිපි පොරී. පුරස්ස එසාතිපි පොරී, නගරවාසීනං කථාති අත්ථො. නගරවාසිනො හි යුත්තකථා හොන්ති, පිතිමත්තං පිතාති භාතිමත්තං භාතාති වදන්ති. එවරූපී කථා බහුනො ජනස්ස කන්තා හොතීති බහුජනකන්තා. කන්තභාවෙනෙව බහුනො ජනස්ස මනාපා චිත්තවුඩ්ඪිකරාති බහුජනමනාපා.
නෙලා යන්නේ ‘ඵලං’ යනු දෝෂයයි. මෙහි ඵලයක් හෙවත් දෝෂයක් නැත්තේනුයි නෙලා වේ. නිර්දෝෂ යන අර්ථයයි. ‘නෙලංගො සේතපච්ඡාදො’ යන්නෙහි කියූ සීලය මෙනි. කණ්ණ සුඛා බ්‍යඤ්ජන මධුර භාවයෙන් කණට මිහිරි වචන, ඉදිකටුවලින් කණට අනින්නාක් මෙන් අපහසුවක් නූපදවන වචනයි. අර්ථ මධුරභාවයෙන් මුලු සිරුරෙහි ම කෝපය ජනනය නොකර, ප්‍රේමය ජනනය කරන්නේනුයි පෙමනීයා නම් වේ. හදවතට ප්‍රිය වෙයි. හදවත නොනසා සුවසේ සිතට පිවිසේනුයි හදයංගමා නම් වේ. ගුණවලින් පිරිපුන් බැවින් නගරයේ, පුරයේ වූ අරුතින් පොරී. නගරයේ වැඩුණු ස්ත්‍රීන් මෙන් සුකුමාල බැවින් ද “පෝරී” නම් වේ. ‘පුරස්ස එසා’ යන අරුතින් ද ‘පොරී’ නම් වේ. ‘පුරස්ස එසා’ යනු නගරවාසීන්ගේ කථාවයි. නගරවාසීන්ගේ සුදුසු, යෝග්‍ය කථාවක් ම වේ. ප්‍රිය වූවහුට ‘පියා’ යැයිද සෝයුරාට ‘භාතා’ යැයි ද කියති. (තමාට වැඩිමහල්ලන්ට පියා යැයි ද තමා හා සම වූවන්ට සෝයුර යැයි ඇමතීම නගරයේ සිරිතකි.) මෙවැනි කථාව බොහෝ ජනයාට ප්‍රිය වේ. මනාප වේනුයි බහුජන කන්තා. කාන්ත භාවයෙන්ම බොහෝ ජනයාට මනාප වූයේ, සිත අභිවෘද්ධියට පත් කරන්නේනුයි බහුජන මනාපා.
අනත්ථවිඤ්ඤාපිකා කායවචීපයොගසමුට්ඨාපිකා අකුසලචෙතනා සම්ඵප්පලාපො. සො ආසෙවනමන්දතාය අප්පසාවජ්ජො, ආසෙවනමහන්තතාය මහාසාවජ්ජො. තස්ස ද්වෙ සම්භාරා – භාරතයුද්ධසීතාහරණාදිනිරත්ථකකථා පුරෙක්ඛාරතා, තථාරූපීකථාකථනඤ්ච.
අනර්ථය හඟවන කාය වාග් ප්‍රයෝගයෙන් හටගත් අකුසල චේතනාව සම්ඵප්පලාපො නම් වේ. එය සේවනය කිරීමේ මද භාවයෙන් අල්ප සාවද්‍ය වේ. සේවනය කිරීමේ මහත් තත්වයෙන් මහා සාවද්‍ය වේ. මේ සම්ඵප්පලාපය සම්පූර්ණ වීමට කරුණු දෙකක් සම්පුර්ණ විය යුතුයි. සීතාහරණාදී නිරර්ථක කථාවක් පෙරටු කරගැනීම හා එම කථාවේ නිරතව සිටීම යනු ඒ දෙකරුණයි.
කාලෙන වදතීති කාලවාදී, වත්තබ්බයුත්තකාලං සල්ලක්ඛෙත්වා වදතීති අත්ථො. භූතං තච්ඡං සභාවමෙව වදතීති භූතවාදී. දිට්ඨධම්මිකසම්පරායිකත්ථසන්නිස්සිතමෙව කත්වා වදතීති අත්ථවාදී . නවලොකුත්තරධම්මසන්නිස්සිතං කත්වා වදතීති ධම්මවාදී. සංවරවිනයපහානවිනයසන්නිස්සිතං කත්වා වදතීති විනයවාදී. නිධානං වුච්චති ඨපනොකාසො, නිධානමස්සා අත්ථීති නිධානවතී, හදයෙ නිධාතබ්බයුත්තං වාචං භාසිතාති අත්ථො. කාලෙනාති එවරූපිං භාසමානොපි ච “අහං නිධානවතිං වාචං භාසිස්සාමී”ති න අකාලෙන භාසති, යුත්තකාලං පන අපෙක්ඛිත්වාව භාසතීති අත්ථො. සාපදෙසන්ති සඋපමං, සකාරණන්ති අත්ථො. පරියන්තවතින්ති පරිච්ඡෙදං දස්සෙත්වා යථාස්සා පරිච්ඡෙදො පඤ්ඤායති, එවං භාසතීති අත්ථො. අත්ථසංහිතන්ති අනෙකෙහි නයෙහි විභජන්තෙන පරියාදාතුං අසක්කුණෙය්යතාය අත්ථසම්පන්නං. යං වා සො අත්ථවාදී අත්ථං වදති, තෙන අත්ථෙන සහිතත්තා අත්ථසංහිතං වාචං භාසති, න අඤ්ඤං නික්ඛිපිත්වා අඤ්ඤං භාසතීති වුත්තං හොති.
සුදුසු කල්හි කියානුයි කාලවාදී. කිවයුතු - සුදුසු කාලය සලකා බලා කියයි’ යන අර්ථයයි. සිදු වූ සත්‍ය, ස්වභාවයක්ම කියයි නුයි භූතවාදී. මෙලෝ පරලෝ අර්ථය ආශ්‍රය කරගෙනම කියානුයි අත්ථවාදී. නව ලෝකෝත්තර ධර්ම සන්නිශ්‍රිත වූවක් කර කියයිනුයි ධම්මවාදී. සංවර විනය, පහාන විනය ආශ්‍රය කර කියයිනුයි විනයවාදී. නිධාන යනු තබන අවකාශයයි. මෙහි තබාගැනීම ඇත්තේනුයි නිධානවතී. හදවතේ තබාගත යුතු වදන් කියයි යනු අර්ථයයි. කාලෙන මෙබඳු වචන කියන්නේ ද “මම සිතේ තබාගත යුතු වචනයක් කියමි’යි නුසුදුසු කාලයේ නොකියයි. සුදුසු කාලය බලාම කියයි යන අර්ථයයි. සාපදෙසං උපමා සහිතව, කරුණු සහිතව යන අර්ථයයි. පරියන්තවතිං වෙන්කිරීම්, පරිච්ඡේද දක්වා යම්සේ කරුණින් කරුණ වෙන් කිරීම් ඇති ද එසේ කියයි යන අර්ථයයි. අත්ථසංහිතං යනු නානාප්‍රකාර න්‍යායවලින් බෙදා දක්වනු ලබන්නේ දැඩිව ගැනීමට නොහැකි බැවින් අර්ථ සම්පන්නය. නැතහොත් ඒ අර්ථවාදියා යම් යහපත ගෙන දෙන වදනක්ම කියයි ද ඒ අර්ථයෙන් යුක්ත බැවින් අර්ථ සහිත වචනයක් කියයි. ‘අනිකක් බහා, අනිකක් නොකියයි’ යන අර්ථයයි.
චතූහි වචීසුචරිතෙහීති “මුසාවාදං පහායා”තිආදිනා නයෙන වුත්තෙහි චතූහි වාචාහි යුත්තෙහි සුට්ඨු චරිතෙහි. සමන්නාගතොති අපරිහීනො. චතුදොසාපගතං වාචං භාසතීති අප්පියාදීහි චතූහි දොසෙහි අපගතං පරිහීනං වාචං භාසති.
චතූහි වචීසුචරිතෙහි මුසාවාද අත්හැර ආදී වශයෙන් කියූ සතර වාග් දෝෂයන්ගෙන් මිදී සිවු වාග් සුචරිතයේ මනාව යෙදුණු. සමන්නාගතො නො පිරිහුණු. චතුද්දොසාපගතං වාචම්භාසති අප්රියාදී සතර වාග් දෝෂයන්ගෙන් පහ වූ, පිරිහුණු වචන කියයි.
අත්ථි අගොචරොති කිඤ්චාපි ථෙරො සමණාචාරං සමණගොචරං කථෙතුකාමො “අත්ථි අගොචරො, අත්ථි ගොචරො”ති පදං උද්ධරි, යථා පන මග්ගකුසලො පුරිසො මග්ගං ආචික්ඛන්තො “වාමං මුඤ්ච, දක්ඛිණං ගණ්හා”ති පඨමං මුඤ්චිතබ්බං සභයමග්ගං උප්පථමග්ගං ආචික්ඛති, පච්ඡා ගහෙතබ්බං ඛෙමමග්ගං උජුමග්ගං, එවමෙව මග්ගකුසලපුරිසසදිසො ධම්මසෙනාපති පඨමං පහාතබ්බං බුද්ධපටිකුට්ඨං අගොචරං ආචික්ඛිත්වා පච්ඡා ගොචරං ආචික්ඛිතුකාමො “කතමො අගොචරො”තිආදිමාහ. පුරිසෙන හි ආචික්ඛිතමග්ගො සම්පජ්ජෙය්ය වා න වා, තථාගතෙන ආචික්ඛිතමග්ගො අපණ්ණකො ඉන්දවිස්සට්ඨං වජිරං විය අවිරජ්ඣනකො නිබ්බානනගරංයෙව සමොසරති. තෙන වුත්තං – “පුරිසො මග්ගකුසලොති ඛො තිස්ස තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්සා”ති (සං· නි· 3.84).
අත්ථි ගොචරො තෙරුන් වහන්සේ ශ්‍රමණ ගෝචර කටයුතු කියනු කැමැත්තේ ‘අත්ථි ගොචරො අත්ථිඅගොචරො’ යනුවෙන් පදය ගෙනහැර දැක්වීය. යම්සේ මාර්ග පිළිබඳවද දක්ෂ පුරුෂයෙක් මාර්ගයක් කියා දෙනුයේ, ‘වම් මාර්ගය අත්හරුව, දකුණු මාර්ගය ගනුව’යි පළමුව අත්හළ යුතු භය හා විපත් කරදර ඇති මාර්ගය නොමග පෙන්වා දී පසුව යායුතු, ගතයුතු ක්ෂේම මාර්ගය සෘජු ගතිය දක්වයි ද එලෙසින්ම මාර්ග දැක්වීමේ දක්ෂ පුරුෂයා වැනි ධර්ම සේනාපති සැරියුත් මහ රහතන් වහන්සේ පළමුව අත්හළ යුතු, බුදු වදනට පටහැනි, අගෝචර මග ගෙනහැර දක්වා පසුව සුදුසු ගෝචර මග දක්වනු කැමතිව ප්‍රථමයෙන් කතමෙ අගොචරො යනාදිය වදාළහ. පුරුෂයා විසින් දැක්වූ මාර්ගය ශක්‍රයා විසින් විසි කළ වජ්රායුධය මෙන් නොවැරදීම නිවන් නමැති නගරයට ම සත්ත්වයා පමුණුවන්නේය. එනිසා ‘පුරිසො මග්ගකුසලො’ යනු තථාගත සම්මා සම්බුදු රජුන්ට යොදන තවත් වදනකි”යි කියන ලදී.
යස්මා වා සසීසං න්හානෙන පහීනසෙදමලජල්ලිකස්ස පුරිසස්ස මාලාගන්ධවිලෙපනාදිවිභූසනවිධානං විය පහීනපාපධම්මස්ස කල්යාණධම්මසමායොගො සම්පන්නරූපො හොති, තස්මා සෙදමලජල්ලිකං විය පහාතබ්බං පඨමං අගොචරං ආචික්ඛිත්වා පහීනසෙදමලජල්ලිකස්ස මාලාගන්ධවිලෙපනාදිවිභූසනවිධානං විය පච්ඡා ගොචරං ආචික්ඛිතුකාමොපි “කතමො අගොචරො”තිආදිමාහ.
සිය හිස නෑමෙන් දහඩිය, කුණු, තට්ටු, මල ආදිය දුරු කර පවිත්‍ර කරගෙන, දෙවනුව මල් ගඳ විලවුන් ආදියෙන් අලංකාර කරගන්නාක් මෙන් පාපධර්ම බැහැරලා කලණ දහම්හි යෙදීමෙන් ඉතා යහපත් රූප සම්පත්තියකින් යුතු වේ. එනිසා දහඩිය, කුණු තට්ටු. මල මෙන් පළමුව අගෝචර ස්ථාන අත්හළ යුතුයැයි දක්වා දෙවනුව දහඩිය, කුණු ආදියෙන් පවිත්‍ර කරගත් හිසේ මල් ගඳ විලවුන් යොදා සරසන්නාක් මෙන් පසුව ගෝචර ස්ථාන දක්වනු කැමතිව කතමො අගොචරො යනාදිය කියන ලදී.
තත්ථ ගොචරොති පිණ්ඩපාතාදීනං අත්ථාය උපසඞ්කමිතුං යුත්තට්ඨානං. අයුත්තට්ඨානං අගොචරො. වෙසියා ගොචරො අස්සාති වෙසියාගොචරො, මිත්තසන්ථවවසෙන උපසඞ්කමිතබ්බට්ඨානන්ති අත්ථො. තත්ථ වෙසියා නාම රූපූපජීවිනියො යෙන කෙනචිදෙව සුලභජ්ඣාචාරතා මිත්තසන්ථවසිනෙහවසෙන උපසඞ්කමන්තො වෙසියාගොචරො නාම හොති. තස්මා එවං උපසඞ්කමිතුං න වට්ටති. කිංකාරණා? ආරක්ඛවිපත්තිතො. එවං උපසඞ්කමන්තස්ස හි චිරරක්ඛිතගොපිතොපි සමණධම්මො කතිපාහෙනෙව නස්සති. සචෙපි න නස්සති, ගරහං ලභති. දක්ඛිණාවසෙන පන උපසඞ්කමන්තෙන සතිං උපට්ඨපෙත්වා උපසඞ්කමිතබ්බං.
එහි ගොචරො පිණ්ඩපාතාදිය පිණිස එළඹීමට සුදුසු තැන්ය. අයුතු නුසුදුසු ස්ථාන අගෝචර නම් වේ. වෛශ්‍යාවන් වාසය කරන ස්ථානය වෙසියගොචරො නම් වේ. මිත්‍ර සන්ථව වශයෙන් එළඹිය යුතු ස්ථානය යන අර්ථයයි. එහි වෙසියා යනු රූපය නිසා ජීවත් වන්නෝ ය. යම්කිසි කරුණකින් සුලභ වූ හැසිරිම් ඇතිව ඈලා වෙත මිතසන්ථව වශයන් එළඹීම වෙසියාගොචර නම් වේ. එනිසා මෙසේ ඔවුන් වෙත නොයා යුතුයි. කුමක් නිසා ද? ආරක්ෂා විපත්ති ඇතිවන හෙයිනි. වෛශය්යස්ථාන වෙත එළඹෙන්නා වූ ශ්රමණයාගේ, ඉතා බොහෝ කලක් රැකගත් ශ්‍රමණ ධර්ම පවා දින කිහිපයකින්ම නැසේ. ඉදින් ශ්‍රමණ ධර්ම නොනැසුනත් සමාජයෙන් ගර්හා, නින්දා ලබයි. දක්ෂිණාවක් පිණිස එම නිවෙස් වෙත යන්නේ නම් සිහිය පිහිටුවාගෙන යා යුතුයි.
විධවා වුච්චන්ති මතපතිකා වා පවුට්ඨපතිකා වා. ථුල්ලකුමාරියොති මහල්ලිකා අනිබ්බිද්ධකුමාරියො. පණ්ඩකාති ලොකාමිසනිස්සිතකථාබහුලා උස්සන්නකිලෙසා අවූපසන්තපරිළාහා නපුංසකා. තෙසං සබ්බෙසම්පි උපසඞ්කමනෙ ආදීනවො වුත්තනයෙනෙව වෙදිතබ්බො. භික්ඛුනීසුපි එසෙව නයො. අපි ච භික්ඛූ නාම උස්සන්නබ්රහ්මචරියා හොන්ති, තථා භික්ඛුනියො. තෙ අඤ්ඤමඤ්ඤං සන්ථවවසෙන කතිපාහෙනෙව රක්ඛිතගොපිතසමණධම්මං නාසෙන්ති. ගිලානපුච්ඡකෙන පන ගන්තුං වට්ටති. භික්ඛුනා පුප්ඵානි ලභිත්වා පූජනත්ථායපි ඔවාදදානත්ථායපි ගන්තුං වට්ටතියෙව.
විධවා යනු සැමියා මළ හෝ සැමියා හැර දැමූ බිරිඳයි. වැන්දඹුවයි. ථුල්ලකුමාරියො මහලු වූ නොඇලුණු කුමරියෝ. පණ්ඩකා ලෝකාමිෂ ආශ්රිත කථා බහුල වූ, උත්සන්න කෙලෙස් ඇති, නොසන්සුන් පරිදාහ ඇති නපුංසකයෝ. මේ සියල්ලන් වෙත පැමිණීමේ ඇති ආදීනව ඉහත පැවසූ පරිදි දතයුතුයි. භික්ෂුණීන් පිළිබඳව ද එසේමය. තවද භික්ෂූහු නම් උසස් බඹසර ඇත්තේ ය. භික්ෂුණීන් ද එසේමය. ඔවුහු අන්‍යෝන්‍යව එක්වී, කතාබහ, මිත්‍ර සන්ථව කිරීම් වශයෙන් දින කිහිපයකින්ම සුරැකි ශ්‍රමණ ධර්ම නිසා ගනිති. ගිලන් වූ විට විමසීම් වශයෙන් යෑම සුදුසුය. මල් ලැබ පිදීමට ද අවවාද දීමට ද සුදුසු කල්හි යෑම මැනවි.
පානාගාරන්ති සුරාපානඝරං, තං බ්රහ්මචරියන්තරායකරෙහි සුරාසොණ්ඩෙහි අවිවිත්තං හොති. තත්ථ තෙහි සද්ධිං සහසොණ්ඩවසෙන උපසඞ්කමිතුං න වට්ටති, බ්රහ්මචරියන්තරායො හොති. සංසට්ඨො විහරති රාජූහීතිආදීසු රාජානොති අභිසිත්තා වා හොන්තු අනභිසිත්තා වා, යෙ රජ්ජමනුසාසන්ති. රාජමහාමත්තාති රාජූනං ඉස්සරියසදිසාය මහතියා ඉස්සරියමත්තාය සමන්නාගතා. තිත්ථියාති විපරීතදස්සනා බාහිරපරිබ්බාජකා. තිත්ථියසාවකාති භත්තිවසෙන තෙසං පච්චයදායකා, එතෙහි සද්ධිං සංසග්ගජාතො හොතීති අත්ථො.
පානාගාරං, සුරාසල්, මේවායෙහි බඹසරට අනර්ථ කරන සුරාසොඬුන්ගෙන් නිතර පිරුණේය. එහි සුරාසොඬුන් සමග හිතමිත්රවීම් වශයෙන් යෑම නුසුදුසුය. බඹසරට අනතුරක් වේ. සංසට්ඨො විහරති රාජූහි යනාදියෙහි රාජානො අභිෂේක කළ හෝ නොකළ යමෙකු රාජ්‍යයේ අනුශාසනා කරන්නේ ද ඔවුහු. රාජමහාමත්තා රජවරුන්ගේ ඉසුරු සම්පත් හා සමාන වූ ඉසුරුමත් බවින් යුතු වූවෝ. තිත්ථියා වැරදි දෘෂ්ටි, දර්ශනවාද ඇති අන්‍යාගමික පිරිවැජියෝ. තිත්ථිය සාවකා භක්තියෙන් ඒ තීර්ථකයන්ට සිවුපසය දෙන්නෝ. ඔවුන් සමග ‘එක්වීමට ගියේය’ යන අර්ථයයි.
අනනුලොමිකෙන සංසග්ගෙනාති අනනුලොමිකසංසග්ගො නාම තිස්සන්නං සික්ඛානං අනනුලොමො පච්චනීකසංසග්ගො. යෙන බ්රහ්මචරියන්තරායං පඤ්ඤත්තිවීතික්කමං සල්ලෙඛපරිහානිඤ්ච පාපුණාති. සෙය්යථිදං? රාජරාජමහාමත්තෙහි සද්ධිං සහසොකිතා සහනන්දිතා සමසුඛදුක්ඛතා උප්පන්නෙසු කිච්චකරණීයෙසු අත්තනා යොගං ආපජ්ජනතා තිත්ථියතිත්ථියසාවකෙහි සද්ධිං එකච්ඡන්දරුචිසමාචාරතා එකච්ඡන්දරුචිසමාචාරභාවාවහො වා සිනෙහබහුමානසන්ථවො. තත්ථ රාජරාජමහාමත්තෙහි සද්ධිං සංසග්ගො බ්රහ්මචරියන්තරායකරො, ඉතරෙහි තිත්ථියසාවකෙහි තෙසං ලද්ධිග්ගහණං . තෙසං පන වාදං භින්දිත්වා අත්තනො ලද්ධිං ගණ්හාපෙතුං සමත්ථෙන උපසඞ්කමිතුං වට්ටති.
අනනුලොමිකෙන සංසග්ගෙන අනනුලෝමික වූ සංසර්ගයෙන්. ත්‍රිවිධ ශික්ෂාවට අනුලොම් නොවූ, විරුද්ධ වූ සංසර්ගය මෙනමින් හැඳින්වේ. යමකින් බඹසරට අනතුරක් ප්රඥප්ති ඉක්මවා යෑමක්, කෙලෙස් දිහා දැමීමේ පරිහානියක් වේද, ඒවානම්? රාජරාජ මහාමාත්‍යාදීන් සමග එක්ව ශෝකවෙමින්, එක්ව ප්‍රීතිවෙමින්, එක්ව සුවදුක් විඳිමින් සිටියි ද කිසියම් කළයුතු කටයුත්තක් එළඹි කල්හි තමා වඩාත් උත්සාහවත්ව, ඔවුන්ගේ එම කටයුතු කරයිද මෙය අනනුලෝමික සංසර්ගයකි. තීර්ථක ශ්‍රාවකයන් සමග සමාන කැමති, රුචි කිරීම් ඇතිව එක්ව හැසිරේ ද එකම කැමති - රුචි සමාචාර භාවය ගෙන දීම හෝ සෙනෙහස, බුහුමන, මිත්‍රසන්ථව ඇතිව වෙසෙත් ද එය ද අනනුලෝමික සංසර්ගයකි. මෙහි රාජරාජ මහාමාත්‍යාදීන් සමග පවතින සංසර්ගය බඹසරට අනර්ථකර වේ. අනෙක් කරුණ මිසදිටු ගැනීමට හේතු වේ. අන්‍යාගමිකයන්ගේ පිළිගැනීම් බිඳලා, තම පිළිගැනීමට ඔවුන් නතු කරගනු හැකි දක්ෂ භික්ෂුවට ඒ අන්‍ය තීර්ථකයන් වෙත එළඹීම සුදුසුය.
ඉදානි අපරෙනපි පරියායෙන අගොචරං දස්සෙතුං “යානි වා පන තානි කුලානී”තිආදි ආරද්ධං. තත්ථ අස්සද්ධානීති බුද්ධාදීසු සද්ධාවිරහිතානි. තානි “බුද්ධො සබ්බඤ්ඤූ, ධම්මො නිය්යානිකො, සඞ්ඝො සුප්පටිපන්නො”ති න සද්දහන්ති. අප්පසන්නානීති චිත්තං පසන්නං අනාවිලං කාතුං න සක්කොන්ති. අක්කොසකපරිභාසකානීති අක්කොසකානි චෙව පරිභාසකානි ච. “චොරොසි, බාලොසි, මූළ්හොසි, ඔට්ඨොසි, ගොණොසි, ගද්රභොසි, ආපායිකොසි, නෙරයිකොසි, තිරච්ඡානගතොසි, නත්ථි තුය්හං සුගති, දුග්ගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති එවං දසහි අක්කොසවත්ථූහි අක්කොසන්ති. “හොතු, ඉදානි තං පහරිස්සාම, බන්ධිස්සාම, වධිස්සාමා”ති එවං භයදස්සනෙන පරිභාසන්ති චාති අත්ථො.
දැන් තවත් ක්‍රමයකින් (පර්යායකින්) අගෝචර ස්ථාන දක්වමින් යානිවා පන තානි කුලානි 3 අරඹන ලදී. එහි අස්සද්ධානි යනු බුද්ධාදීන් කෙරෙහි ශ්‍රද්ධා විරහිත අයයි. ඔවුහු බුදුරදුන්ගේ සර්වඥ බව, ධර්මයේ නෛර්යාණික බව, සංඝයාගේ සුපටිපන්න බව නො පිළිගනිති. අප්පසන්නානි සිත ප්‍රසන්න වූවක්, නොකැළඹුනක් කිරීමට සමත් නොවෙති. අක්කොසක පරිභාසකානි අකෞශ කිරීම මෙන්ම පරිහාස කිරීම ද, නුඹ සොරෙක - බාලයෙක - මෝඩයෙක - ඔටුවෙක - ගොනෙක. ගද්රභයෙක - අපායෙහි උපන්නෙක - නිරයේ උපන්නෙක - තිරිසනෙක නුඹට සුගතියක් නම් නැත. නුඹ දුගතියට කැමතිවිය යුතුයි යනුවෙන් දසවිධ ආක්‍රෝශ වස්තුවෙන් පරිභව කරති. වේවා! දැන් නුඹට පහර දෙන්නෙමු. බඳින්නෙමු. වට පමුණුවන්නෙමු. මෙසේ භය දැක්වීමෙන් (භය කිරීමෙන්) පරිහාස කරති යන අර්ථයයි.
අනත්ථකාමානීති අත්ථං න ඉච්ඡන්ති, අනත්ථමෙව ඉච්ඡන්ති. අහිතකාමානීති අහිතමෙව ඉච්ඡන්ති, හිතං න ඉච්ඡන්ති. අඵාසුකාමානීති ඵාසුකං න ඉච්ඡන්ති, අඵාසුකමෙව ඉච්ඡන්ති. අයොගක්ඛෙමකාමානීති චතූහි යොගෙහි ඛෙමං නිබ්භයං න ඉච්ඡන්ති, සභයමෙව ඉච්ඡන්ති. භික්ඛූනන්ති එත්ථ සාමණෙරාපි සඞ්ගහං ගච්ඡන්ති. භික්ඛුනීනන්ති එත්ථ සික්ඛමානාසාමණෙරියොපි. සබ්බෙසම්පි හි භගවන්තං උද්දිස්ස පබ්බජිතානඤ්චෙව සරණගතානඤ්ච චතුන්නම්පි පරිසානං තානි අනත්ථකාමානියෙව. තථාරූපානි කුලානීති එවරූපානි ඛත්තියකුලාදීනි කුලානි. සෙවතීති නිස්සාය ජීවති. භජතීති උපසඞ්කමති. පයිරුපාසතීති පුනප්පුනං උපසඞ්කමති. අයං වුච්චතීති අයං වෙසියාදිගොචරස්ස වෙසියාදිකො රාජාදිසංසට්ඨස්ස රාජාදිකො අස්සද්ධකුලාදිසෙවකස්ස අස්සද්ධකුලාදිකො චාති තිප්පකාරොපි අයුත්තගොචරො “අගොචරො”ති වෙදිතබ්බො.
අනත්ථකාමානි අර්ථය, යහපත කැමති නොවෙති. අනර්ථයම කැමති වෙති. අහිතකාමානි අහිතයම, අනර්ථයම කැමති වෙති. හිත-යහපත නොකැමති වෙති. අඵා සුකාමානි යනු පහසුව නොකැමති වෙති. අපහසුවම කැමති වෙති. අයොගක්ඛෙම කාමානි යනු සතර යෝගයන්ගෙන් ක්ෂේමය, නිර්භය බව නො කැමති වෙති. භය ම කැමති වෙති. භික්ඛූනං යන මෙහි සාමණේරවරු ද ඇතුලත් වෙති. භික්ඛුනීනං යන මෙහි ද ශික්ෂ මානාවෝද සාමණේරියෝද ඇතුල් වෙති. භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූවන්ගේද සරණ ගියවුන්ගේද සිවු පිරිසට ඇතුලත් සියල්ලම අනර්ථය - පිරිහීම ඔවුහු කැමති වෙති. තථාරූපානි කුලානි යනු මෙබඳු ක්ෂත්රියාදී කුලයන් සෙවති ඇසුරේ ජීවත් වේ ද, භජති යනු එළඹෙති. පයිරුපාසති යනු නැවත නැවත එළඹෙති. අයං වුච්චති යනු මේ වෛශ්යාදී ගෝචර වශයෙන් වෙසඟනෝ ආදීහුද රාජ සංසර්ග වශයෙන් රාජාදීහු ද අශ්රද්ධාවන්ත කුල සේවකාදී වශයෙන් අශ්රද්ධාවන්තදී කුලාදියද යනුවෙන් ත්‍රිවිධාකාරයකින් දැක්වූ අයුක්ත අගෝචරයෝ ‘අගෝචර’ යැයි දතයුතුයි.
තස්ස ඉමිනාපි පරියායෙන අගොචරතා වෙදිතබ්බා – වෙසියාදිකො තාව පඤ්චකාමගුණනිස්සයතො අගොචරො වෙදිතබ්බො. යථාහ – “කො ච, භික්ඛවෙ, භික්ඛුනො අගොචරො පරවිසයො, යදිදං පඤ්ච කාමගුණා”ති . රාජාදිකො ඣානානුයොගස්ස අනුපනිස්සයතො ලාභසක්කාරාසනිචක්කනිප්ඵාදනතො දිට්ඨිවිපත්තිහෙතුතො ච, අස්සද්ධකුලාදිකො සද්ධාහානිචිත්තපදොසාවහනතො අගොචරො.
මෙහි මෙම පර්යායයෙන් ද “අගෝචර බව” දතයුතුයි. වෙසියාදීහු පස්කම් ගුණ පිරුණු තැන් බැවින් පළමුව අගෝචර යැයි දතයුතුයි. එනිසා කියන ලදී. “කො ච භික්ඛුනො අගොචරො පරවිසයො යදිදං පංචකාමගුණ (භික්ෂුවට අගෝචරය පරවිෂය කවරේද? යම් පස්කම් ගුණයක් වේද එයයි) යනුයි. රාජාදීහු උපත අනුව යෙදුණු, ලාභ සත්කාරාදිය ආශ්‍රය නොකිරීමෙන්ද සත් විතර්කයන් ගසා දමන දෘෂ්ටි විපත්ති හේතුවෙන්ද (අගෝචර වේ) අශ්රද්ධාවන්ත කුලාදීහු ශ්රද්ධාවට හානිකරන සිත් හා දෝෂයන් පමුණුවන හෙයින් ද අගෝචර ස්ථාන වේ.
අන්තරඝරප්පවෙසාදිකො ච චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහාදිකො ච සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා විසූකදස්සනානුයොගො ච පඤ්ච කාමගුණා චාති චතුබ්බිධොපි පන කිලෙසුප්පත්තිවසෙන අගොචරොති වෙදිතබ්බො.
ඇතුලුගෙට පිවිසෙන්නාද ඇසින් රූප දැක නිමිති ගන්නා තැනැත්තාද ශ්‍රද්ධාවෙන් දුන් භෝජන වළඳා විසූක දර්ශන බැලීම් ආදියෙහි යෙදීමද පංචකාම ගුණයෝ ද යන සතර වැදෑරුම් වූ කෙලෙස් උත්පත්ති ස්ථානද ‘අගෝචර’ වේයැයි දතයුතුයි.
මා භික්ඛවෙ අගොචරෙ චරථාති චරිතුං අයුත්තට්ඨානෙ මා චරථ. පරවිසයෙති සත්තුවිසයෙ. අගොචරෙ භික්ඛවෙ චරතන්ති අයුත්තට්ඨානෙ චරන්තානං. “චර”න්තිපි පාඨො. ලච්ඡතීති ලභිස්සති පස්සිස්සති. මාරොති දෙවපුත්තමාරොපි මච්චුමාරොපි. ඔතාරන්ති රන්ධං ඡිද්දං විවරං.
මා භික්ඛවෙ අගොචරෙ චරථ යනු හැසිරීමට නුසුදුසු ස්ථානයන්හි නො හැසිරෙවු. පරවිසයෙ සතුරු විෂයෙහි අගොචරෙ භික්ඛවෙ චරතං නුසුදුසු ස්ථානයේ හැසිරෙන්නන්ට. ලච්ඡතී ලබන්නේය. දකින්නේය. මාරො යනු දේවපුත්ත මාරයාද මෘත්‍යු මාරයාද ඔතාරං යනු හිඩැසක්, සිදුරක්, විවරයක්.
ගොචරනිද්දෙසෙ න වෙසියාගොචරො හොතීතිආදීනි වුත්තපටිපක්ඛවසෙන වෙදිතබ්බානි. අයං පන විසෙසො – චත්තාරො සතිපට්ඨානා ගොචරොති චරිතුං යුත්තට්ඨානවසෙන චතුසතිපට්ඨානා ගොචරො. සකෙති අත්තනො සන්තකෙ. පෙත්තිකෙ විසයෙති පිතිතො ආගතවිසයෙ.
ගෝචර නිද්දේසයේ න වෙසියගොචරො හොතී ආදිය කියන ලද ආකාරයට විරුද්ධ වශයෙන් දතයුතුයි. මෙහි ඇති විශේෂය නම් චත්තාරො සතිපට්ඨානා ගොචරො යනු හැසිරීමට සුදුසු ස්ථාන වශයෙන් සතර සතිපට්ඨානය ගොදුරුකොට ඇති. සකෙ තමාගේ සන්තකයේ. පෙත්තික විසයෙ පියාගෙන් පැමිණි විෂයෙහි.
ආරද්ධවීරියස්සාති සම්මාඋපට්ඨිතචතුසම්මප්පධානවීරියවන්තස්ස. ථාමගතස්සාති බලප්පත්තස්ස. දළ්හපරක්කමස්සාති ථිරවීරියස්ස. යස්සත්ථාය පෙසිතොති යෙන අරහත්තත්ථාය අත්තභාවො පරිච්චත්තො. අත්තත්ථෙ චාති අත්තනො අත්ථෙ අරහත්තඵලෙ ච. ඤායෙ චාති අරියෙ අට්ඨඞ්ගිකෙ මග්ගෙ ච. ලක්ඛණෙ චාති අනිච්චාදිලක්ඛණපටිවෙධෙ ච. කාරණෙ චාති හෙතුම්හි ච. ඨානාඨානෙ චාති ඨානෙ ච අට්ඨානෙ ච, කාරණාකාරණෙ චාති අත්ථො. ඉදානි විත්ථාරෙත්වා දස්සෙතුං “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”තිආදිමාහ.
ආරද්ධවිරියස්ස යනු මනාව එළවූ, සතර සම්‍යක් ප්‍රධාන වීර්යවන්ත වූ. ථාමවතො බලයට පත් වූ. දළ්හ පරක්කමස්ස දැඩි වීර්ය ඇත්තාට යස්සත්ථාය පොසිතො අර්හත් බව පිණිස ආත්මභාවය හැරදැමූ. අත්තත්ථෙ ච තමාගේ අර්ථයෙහි, අර්හත් ඵලයෙහි. ඤායෙ ච ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ද ලක්ඛණෙ ච අනිත්‍යාදී ලක්ෂණ ප්රතිවේධයෙහිද කාරණෙ ච හේතුවෙහි ද ඨානාඨානෙ ච ස්ථානයේ ද අස්ථානයේ ද කාරණයේ ද අකාරණයෙහි ද යන අර්ථයයි. දැන් විස්තර කර දැක්වීමට ‘සබ්බෙ සංඛාරා අනිච්චා” යනාදිය කියන ලදී.
අට්ඨමගාථාය එකොදි නිපකොති එකග්ගචිත්තො පණ්ඩිතො.
අටවන ගාථාවේ එකොදි නිපකො එකඟ සිත් ඇති පණ්ඩිතයා.
ජාතරූපස්ස ඔළාරිකම්පි මලං ධමතීති සුවණ්ණස්ස ථූලං ජල්ලං අග්ගිසංයොගෙන නීහරති. සන්ධමතීති සම්මා නීහරති. නිද්ධමතීති අපුනභවප්පත්තිකං කත්වා නීහරති. “ඣාපෙතී”ති කෙචි වදන්ති. මජ්ඣිමකම්පීති තතො සුඛුමතරම්පි. සුඛුමකම්පීති අතිසුඛුමතරම්පි. එවමෙවාති ඔපම්මසම්පටිපාදනං. අත්තනො ඔළාරිකෙපි කිලෙසෙ ධමතීති කායදුච්චරිතාදිකෙ ථූලකිලෙසෙ වීරියාතපෙන නීහරති. මජ්ඣිමකෙපි කිලෙසෙති කාමවිතක්කාදිකෙ ඔළාරිකසුඛුමානං මජ්ඣිමකෙපි. සුඛුමකෙපීති ඤාතිවිතක්කාදිකෙ අතිසණ්හකෙපි කිලෙසෙ. සම්මාදිට්ඨියා මිච්ඡාදිට්ඨිං ධමතීති සහ විපස්සනාය මග්ගසම්පයුත්තාය සම්මාදිට්ඨියා විපරීතසඞ්ඛාතං මිච්ඡාදිට්ඨිං නීහරති. සම්මාසඞ්කප්පාදීසුපි එසෙව නයො.
ජාතරූපස්ස ඔලාරිකම්පි මලං ධමති යනු ස්වර්ණයේ දැඩි වූ මල ගින්නෙහිලා ඉවත් කරන්නාක් මෙන් සන්ධමති මනාව ඉවත් කරයි. නිද්ධමති නැවත හට නොගන්නක් කොට බැහැර කරයි. ඇතැමෙක් ‘ඣාපෙති’ දවයි යැයි කියති. මජ්ඣිමකම්පි ඊට ද වඩා අතිශය සියුම් වූ. සුඛුමකම්පි අතිශය සූක්ෂම වුවත්. එවමෙව උපමාව දැක්වීමයි. අත්තනො ඔලාරිකෙපි කිලෙසෙ ධමති කාය දුශ්චරිතාදී දැඩි කෙලෙස් වීර්ය නැමති අව්වෙන් දුරු කරයි. මජ්ඣිමකෙපි කිලෙසෙපි කාම විතර්කාදී ඕළාරික, සියුම්, මධ්‍යම වූ කෙලෙස් අතරින් සුඛුමකෙපි ඤාති විතර්කාදී වූ ඉතා සියුම් වූ ක්ලේශයන්හි. සම්මා දිට්ඨියා මිච්ඡාදිට්ඨිං ධමති යනු විදර්ශනාවත් සමග මාර්ග සම්ප්‍රයුක්ත වූ සම්මා දිට්ඨියෙන් විපරීත නම් වූ මිසදිටුව බැහැර කරයි. සම්මා සංකප්ප යනාදියෙහි ද මේ ක්‍රමයමයි.
එවං ආයස්මතා සාරිපුත්තෙන තීහි ගාථාහි භගවන්තං ථොමෙත්වා පඤ්චහි ගාථාහි පඤ්චසතානං සිස්සානමත්ථාය ච සෙනාසනගොචරසීලවතාදීනි පුච්ඡිතො තමත්ථං පකාසෙතුං “විජිගුච්ඡමානස්සා”තිආදිනා නයෙන විස්සජ්ජනමාරද්ධං. තත්ථ පඨමගාථාය තාවත්ථො – ජාතිආදීහි ජිගුච්ඡමානස්ස රිත්තාසනං සයනං සෙවතො වෙ සම්බොධිකාමස්ස සාරිපුත්ත භික්ඛුනො යදිදං ඵාසු යො ඵාසුවිහාරො යථානුධම්මං යො ච අනුධම්මො, තං තෙ පවක්ඛාමි යථා පජානං යථා පජානන්තො වදෙය්ය, එවං වදාමීති. යං ඵාසුවිහාරන්ති යං සුඛවිහාරං. අසප්පායරූපදස්සනෙනාති ඉත්ථිරූපාදිසමණාසප්පායරූපදස්සනෙන. තං බොධිං බුජ්ඣිතුකාමස්සාති තං චතුමග්ගඤාණසඞ්ඛාතං බොධිං බුජ්ඣිතුං ඉච්ඡන්තස්ස. අනුබුජ්ඣිතුකාමස්සාති අනුරූපාය පටිපත්තියා බුජ්ඣිතුකාමස්ස. පටිවිජ්ඣිතුකාමස්සාති අභිමුඛෙ කත්වා නිබ්බිජ්ඣිතුකාමස්ස. සම්බුජ්ඣිතුකාමස්සාති පහීනකිලෙසෙ අපච්චාගමනවසෙන සම්මා බුජ්ඣිතුං ඉච්ඡන්තස්ස. අධිගන්තුකාමස්සාති පාපුණිතුකාමස්ස. සච්ඡිකාතුකාමස්සාති පටිලාභසච්ඡිකිරියාය පත්තුකාමස්ස. අථ වා බුජ්ඣිතුකාමස්සාති සොතාපත්තිමග්ගඤාණං ඤාතුකාමස්ස. අනුබුජ්ඣිතුකාමස්සාති සකදාගාමිමග්ගඤාණං පුන ඤාතුකාමස්ස. පටිවිජ්ඣිතුකාමස්සාති අනාගාමිමග්ගඤාණං පටිවෙධවසෙන ඤාතුකාමස්ස. සම්බුජ්ඣිතුකාමස්සාති අරහත්තමග්ගඤාණං සම්මා ඤාතුකාමස්ස. අධිගන්තුකාමස්සාති චතුබ්බිධම්පි අධිගන්තුකාමස්ස. ඵස්සිතුකාමස්සාති ඤාණඵුසනාය ඵුසිතුකාමස්ස. සච්ඡිකාතුකාමස්සාති පච්චවෙක්ඛණාය පච්චක්ඛං කත්තුකාමස්ස.
මෙසේ ආයුෂ්මත් සාරිපුත්‍ර මාහිමියන් විසින් මුල් ගාථා තුනින් බුදුරජාණන් වහන්සේට ස්තුති කර, පසුව එන ගාථා පහෙන් පන්සීයක් සිසුන්ගේ යහපත සඳහා සෙනසුන්, ගෝචර, සීලවතාදිය පිළිබඳව විචාරන ලද්දේ, එම අර්ථය ප්‍රකාශ කිරීමට, දෙසනු සඳහා (බුදුහු) විජිගුච්ඡ මානස්ස යනාදී ක්‍රමයෙන් විසඳීම ඇරඹූ සේක. එහි පළමු ගාථාවේ අර්ථය පළමුව දැක්වේ. ශාරිපුත්‍රය! ජාති ආදියෙන් පිළිකුල් කරන්නා වූ හිස් වූ අසුන විවික්තාසනය ශයනය සේවනය කරන සම්බෝධිය කැමැත්තා වූ භික්ෂුවට ඉදින් යම් පහසු විහරණයක් වේද, යම් අනුධර්මයක් වේද එය නුඹට කියමි. දැනගත් පරිදි, ප්රත්යක්ෂ කරගත් පරිදි එය කියමි. යං ඵාසු විහාරං යම් සුඛ විහරණයක්. අසප්පාය රූප දස්සනෙන ස්ත්‍රී රූපාදී ශ්‍රමණ අසප්පාය වූ රූප දැකීමෙන්. තං බෝධිං බුජ්ඣිතු කාමස්ස ඒ සිව්මාර්ග ඤාණ සංඛ්‍යාත වූ බෝධිය අවබෝධ කරගනු කැමැත්තහුට අනුබුජ්ඣිතුකාමස්ස අනුරූප වූ ප්‍රතිපත්තියෙන් අවබෝධ කරගනු කැමැත්තාට පටිවිජ්ඣතුකාමස්ස යනු ඉදිරියේ තබා නිවන් දකිනු කැමැත්තාට. සම්බුජ්ඣිතුකාමස්ස ප්‍රහීණ වූ කෙලෙස් නැවත නොපැමිණීම් වශයෙන් මනාව අවබෝධ කරගනු කැමැත්තාට අධිගන්තු කාමස්ස පැමිණෙනු කැමැත්තහුට. සච්ඡිකාතු කාමස්ස යනු ප්‍රතිලාභයට, සාක්ෂාත් කිරීමට පැමිණෙනු කැමැත්තහුට. නැතහොත් බුජ්ඣිතුකාමස්ස යනු සෝවාන් මාර්ග ඤාණය දැනගනු කැමැත්තාට අනුබුජ්ඣිතු කාමස්ස යනු සකෘදාගාමී මාර්ග ඤානය නැවත දැනගනු කැමැත්තාට. පටිවිජ්ඣිතුකාමස්ස යනු අනාගාමී මාර්ග ඤාණය ප්‍රතිවේධ වශයෙන් දැනගනු කැමැත්තාට. සම්බුජ්ඣිතුකාමස්ස යනු අර්හත් මාර්ග ඤාණය මනාව දැනගනු කැමැත්තාට. මේ සිවු මාර්ගයන් අවබෝධ කරගනු කැමැත්තාට. ඵුස්සිතුකාමස්ස, ඤාණ ස්පර්ශයෙන් ස්පර්ශ කරනු කැමැත්තාට. සච්ඡිකාතුකාමස්ස යනු ප්රත්යවේක්ෂාවෙන් ප්රත්යක්ෂ කරගනු කැමැත්තාට.
චතුන්නං මග්ගානං පුබ්බභාගෙ විපස්සනාති චතුන්නං අරියමග්ගානං පුරිමකොට්ඨාසෙ උප්පන්නඋදයබ්බයාදිවිපස්සනාඤාණානි.
චතුන්නං මග්ගානං පුබ්බභාගෙ විපස්සනා සතර ආර්ය මාර්ගයන්ගේ මුල් කොටසෙහි උපන්, ඇතිවීම-නැතිවීම පිළිබඳ වූ විදසුන් නුවණයි.
දුතියගාථාය සපරියන්තචාරීති සීලාදීසු චතූසු පරියන්තෙසු චරමානො. ඩංසාධිපාතානන්ති පිඞ්ගලමක්ඛිකානඤ්ච සෙසමක්ඛිකානඤ්ච. තෙ හි තතො තතො අධිපතිත්වා ඛාදන්ති, තස්මා “අධිපාතා”ති වුච්චන්ති. මනුස්සඵස්සානන්ති චොරාදිඵස්සානං.
දෙවැනි ගාථාවේ පරියන්තචාරී යනු ශීලාදී සතර පර්යන්තයන්හි හැසිරෙන්නා වූ. ඩංසාධිපතානාං යනු ඇටමැස්සන්ගේ ද සෙසු මැස්සන්ටද ඔවුහු ඒ ඒ තැනින් උඩට නැගී කති. එනිසා ‘අධිපාතා’ යැයි කියති. මනස්සඵස්සානං සොර ආදීන්ගේ ස්පර්ශ.
චත්තාරො පරියන්තාති චත්තාරො මරියාදා පරිච්ඡෙදා. අන්තොපූතිභාවං පච්චවෙක්ඛමානොති අබ්භන්තරෙ කුච්ඡිතභාවං සීලවිරහිතභාවං ඔලොකයමානො. අන්තො සීලසංවරපරියන්තෙ චරතීති සීලසංවරපරිච්ඡෙදබ්භන්තරෙ චරති විචරති. මරියාදං න භින්දතීති සීලමරියාදං සීලපරිච්ඡෙදං න කොපෙති.
චත්තාරො පරියන්තා යනු සතර සීමාවන් වෙන්කිරීම්. අන්තො පූතිභාවං පච්චවෙක්ඛමානො යනු අභ්‍යන්තරයේ පිළිකුල් බව සිල් රහිත බව සිහිකර බලමින්. අන්තො සීල සංවර පරියන්තෙ චරති යනු සීල සංවරයෙන් පරිච්ඡේද අභ්‍යන්තරයේ හැසිරෙයි. සැරිසරයි. මරියාදං න භින්දති. සීල මර්යාදය, සීල පරිච්ඡේදය (සීමාව) නොබිඳියි.
ආදිත්තපරියායං පච්චවෙක්ඛමානොති ආදිත්තදෙසනං (මහාව· 54; සං· නි· 3.61; 4.28) ඔලොකෙන්තො. අක්ඛබ්භඤ්ජනවණපටිච්ඡාදනපුත්තමංසූපමං පච්චවෙක්ඛමානොති සාකටිකස්ස අක්ඛබ්භඤ්ජනඋපමඤ්ච, කුට්ඨබ්යාධිනො වණානං පටිච්ඡාදනතෙලපිලොතිකඋපමඤ්ච, කන්තාරපටිපන්නානං ජායම්පතිකානං පුත්තමංසඛාදනඋපමඤ්ච (සං· නි· 2.63; මි· ප· 6.1.2) ඔලොකෙන්තො. භද්දෙකරත්තවිහාරං පච්චවෙක්ඛමානොති –
ආදිත්ත පරියායං පච්චවෙක්ඛමානො ආදිත්ත සූත්‍ර දේශනාව සිහිකර බලමින් අක්ඛභඤ්ජන පටිච්ඡාදන පුත්තමංසූපමං පච්චවෙක්ඛමානො රියදුරාගේ අක්ෂය (අලවංගුව) නොබිඳින උපමාව ද කුෂ්ඨාබාධිතයාගේ තුවාල වසන තෙල් රෙදිකඩ උපමාවද කාන්තාරයට පිළිපන් අඹුසැමි දෙදෙනාගේ පුත්රමාංසය කෑම පිළිබඳ උපමාවද සිහිකර බලමින්. භද්දෙක රත්ත විහාරං පච්චවෙක්ඛමානො යනු
“අතීතං නාන්වාගමෙය්ය, නප්පටිකඞ්ඛෙ අනාගතං; තං වෙ ‘භද්දෙකරත්තො’ති, සන්තො ආචික්ඛතෙ මුනී”ති. (ම· නි· 3.280; නෙත්ති· 103) –
අතීතං නාන්වාගමෙය්ය නප්පටිකංඛෙ අනාගතං, තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනී’තී
අතීතය පිළිබඳ මෙනෙහි නොකරන්නේය. අනාගතය ද කැමති නොවන්නේය. මේ වර්තමානයේ පමණක් සිත තබාගත් ශාන්ත අවස්ථාව භද්දේකරත්ත යැයි මුනිහු වදාළහ.
එවං වුත්තං භද්දෙකරත්තවිහාරං ඔලොකෙන්තො. තා උප්පතිත්වා උප්පතිත්වා ඛාදන්තීති නිප්පතිත්වා නිප්පතිත්වා ඛාදන්ති.
මෙසේ කියන ලද භද්දේකරත්ත විහරණය සිහිකර බලමින්. තා උප්පතිත්වා උප්පතිත්වා ඛාදන්ති යනු ඒ මැස්සෝ පැන පැන කති.
තතියගාථාය පරධම්මිකා නාම සත්තසහධම්මිකවජ්ජා සබ්බෙපි තෙ බාහිරකා. කුසලානුඑසීති කුසලධම්මෙ අන්වෙසමානො.
තෙවැනි ගාථාවේ පරධම්මිකා නම් සත්වැදෑරුම් සහධම්මික නොවූවෝ, බාහිර සමයන්හි වූ සියල්ලෝ ද කුසලානු එසී යනු කුශල ධර්මයන් පිළිබඳව සොයන.
සත්ත සහධම්මිකෙ ඨපෙත්වාති භික්ඛුභික්ඛුනීසික්ඛමානාසාමණෙරසාමණෙරීඋපාසකඋපාසිකායො වජ්ජෙත්වා. අථාපරානිපි අත්ථි අභිසම්භොතබ්බානීති අපරානිපි මද්දිතබ්බානි අත්ථි සංවිජ්ජන්ති.
සත්ත සහධම්මිකෙ ඨපෙත්වා යනු භික්ෂුව, භික්ෂුණිය, ශික්ෂමානාව, සාමණේරයා, සාමණේරිය, උපාසකයා, උපාසිකාව යන සත්දෙන අත්හැර. අථාපරානිපත්ථි අභිසමෙතබ්බානි යනු අන්‍ය වූ මැඩිය යුතු කරුණු ඇත. විද්‍යමාන වේ.
චතුත්ථගාථාය ආතඞ්කඵස්සෙනාති රොගඵස්සෙන. සීතං අථුණ්හන්ති සීතඤ්ච උණ්හඤ්ච. සො තෙහි ඵුට්ඨො බහුධාති සො තෙහි ආතඞ්කාදීහි අනෙකෙහි ආකාරෙහි ඵුට්ඨො සමානො. අනොකොති අභිසඞ්ඛාරවිඤ්ඤාණාදීනං අනොකාසභූතො. අබ්භන්තරධාතුපකොපවසෙන වාති සරීරබ්භන්තරෙ ආපොධාතුක්ඛොභවසෙන වා අඤ්ඤධාතුක්ඛොභවසෙන වා. උණ්හන්ති සරීරබ්භන්තරෙ තෙජොධාතුක්ඛොභවසෙන උණ්හං භවති. අභිසඞ්ඛාරසහගතවිඤ්ඤාණස්සාති කුසලාකුසලචෙතනාසම්පයුත්තචිත්තස්ස. ඔකාසං න කරොතීති අවකාසං පතිට්ඨං න කරොති. අවත්ථිතසමාදානොති ඔතරිත්වා ගාහකො.
සිවුවන ගාථාවේ ආතංක ඵස්සෙන යනු රෝග ස්පර්ශයෙන්. සීතං අථුණ්හං යනු සීතලත් උණුසුමත් සො තෙහි ඵුට්ඨො බහුධා යනු ඔහු ඒ රෝගාදී අනේකවිධ ස්පර්ශයන් නානාප්‍රකාරව පහස්නා ලද්දේ. (ස්පර්ශ කරන ලද්දේ.) අනොකො අභිසංස්කාර, විඤ්ඤාණාදියට අවකාශ රහිත වූයේ. අබ්භන්තර ධාතුසංඛොභවසෙන වා යනු ශරීරාභ්‍යන්තරයේ ආපෝ ධාතුව කැළඹීම් වශයෙන් හෝ අනික් අතින් ධාතුවක් කිපීම් වශයෙන් හෝ. උණ්හං යනු ශරීරාභ්‍යන්තරයේ තේජෝ ධාතුව කිපීම් වශයෙන් උෂ්ණය ඇතිවේ. අභිසංඛාර සහගත විඤ්ඤාණස්ස යනු කුශලාකුශල චේතනා සම්ප්‍රයුක්ත සිතට. ඔකාසං න කරොති යනු අවකාශයක් පිහිටක් නොකරයි. අවත්ථිත සමාදාතො යනු බැසගැනීමයි.
එවං “භික්ඛුනො විජිගුච්ඡතො”තිආදීහි තීහි ගාථාහි පුට්ඨමත්ථං විස්සජ්ජෙත්වා ඉදානි “ක්යාස්ස බ්යප්පථයො”තිආදිනා නයෙන පුට්ඨං විස්සජ්ජෙන්තො “ථෙය්යං න කාරෙ”තිආදිමාහ. තත්ථ ඵස්සෙති ඵුසෙය්ය. යදාවිලත්තං මනසො විජඤ්ඤාති යං චිත්තස්ස ආවිලත්තං විජානෙය්ය, තං සබ්බං “කණ්හස්ස පක්ඛො”ති විනොදයෙය්ය.
මෙසේ භික්ෂුවට ‘විජිගුච්ඡතො’යි යනාදී ගාථාවලින් මනාව අර්ථය ගෙනහැර දක්වා, දැන් ‘ක්යාස්ස ව්යප්පථයො’ යනාදී ලෙස ඇසූ ප්රශ්නය විසඳමින්. ථෙය්යං න කරෙය්ය යනාදී ගාථාව කියන ලදී. එහි ඵස්සෙ පතුරුවන්නේය. යදාවිලත්තං මනසො විජඤ්ඤා යනු යම් සිතේ කැළැඹුණු බවක් දන්නේ නම්, ඒ සියල්ල මාරයාගේ පක්ෂය යැයි දුරුකරන්නේය.
අදින්නාදානං පහායාති එත්ථ අදින්නස්ස ආදානං අදින්නාදානං, පරසංහරණං, ථෙය්යං චොරිකාති වුත්තං හොති. තත්ථ අදින්නන්ති පරපරිග්ගහිතං, යත්ථ පරො යථාකාමකාරිතං ආපජ්ජන්තො අදණ්ඩාරහො අනුපවජ්ජො ච හොති; තස්මිං පරපරිග්ගහිතෙ පරපරිග‍්ගහිතසඤ‍්ඤිනො තදාදායකඋපක්කමසමුට්ඨාපිකා ථෙය්‍යචෙතනා අදින්නාදානං. තං හීනෙ පරස්ස සන්තකෙ අප්පසාවජ්ජං, පණීතෙ මහාසාවජ්ජං. කස්මා? වත්ථුපණීතතාය. වත්ථුසමත්තෙ සති ගුණාධිකානං සන්තකෙ වත්ථුස්මිං මහාසාවජ්ජං, තං තං ගුණාධිකං උපාදාය තතො තතො හීනගුණස්ස සන්තකෙ වත්ථුස්මිං අප්පසාවජ්ජං.
අදින්නාදානං පහාය යන මෙහි නොදුන් දෙය ගැනීම අදින්නාදානයයි. අනුන්ගේ දේ ගැනීම සොරකමකි. එසේ කරන්නා සොරු නම් වෙති. එහි අදින්නං යනු අනුන් විසින් ගන්නා ලද. (අනුන්ට අයත් වූ.) යමක් පිළිබඳව අන්‍යයන් කැමති දේ කිරීමට පැමිණෙන්නේ දඬුවමට, චෝදනාවට නුසුදුසු වේද ඒ අනුන් අයත් වූ, අනුන්ගේය යන සංඥා ඇති වස්තුවෙහි ගැනීම සඳහා වූ උපක්‍රමයෙන් නැගි සොර සිත අදින්නාදාන නම් වේ. එහිදී සොරාගත් දෙය හීන, කුඩා දෙයක් නම් අකුසලය අල්ප සාවද්‍ය වේ. උසස් වස්තුවක් නම් මහා සාවද්‍ය වේ. කුමක් නිසා ද? වස්තුවේ උසස් බව නිසයි. වස්තුව සමාන වූ කල්හි වස්තු හිමියාගේ ගුණ සම්පත්තිය අධික නම් අකුසලය මහා සාවද්‍ය වේ. ඒ ඒ ගුණාධික බව ගැනීමෙනි. ඒ ඒ ගුණයන්ගෙන් හීන වූවහුගේ වස්තුව සොරාගත් විට එය අල්ප සාවද්‍ය වේ.
තස්ස පඤ්ච සම්භාරා හොන්ති – පරපරිග්ගහිතං, පරපරිග්ගහිතසඤ්ඤිතා, ථෙය්යචිත්තං, උපක්කමො, තෙන හරණන්ති. පහායාති ඉමං අදින්නාදානචෙතනාසඞ්ඛාතං දුස්සීල්යං පජහිත්වා. පටිවිරතොති පහීනකාලතො පට්ඨාය තතො දුස්සීල්යතො ඔරතො විරතොව. දින්නමෙව ආදියතීති දින්නාදායී. චිත්තෙනපි දින්නමෙව පටිකඞ්ඛතීති දින්නපාටිකඞ්ඛී. ථෙනෙතීති ථෙනො, න ථෙනෙන අථෙනෙන. අථෙනත්තායෙව සුචිභූතෙන. අත්තනාති අත්තභාවෙන, අථෙනං සුචිභූතං අත්තභාවං කත්වා විහරතීති වුත්තං හොති. ඉතො පරං වුත්තනයමෙව.
අදින්නාදානය සම්පුර්ණ වීමට කරුණු පහක් සම්පුර්ණ විය යුතුයි. අනුන් අයත් වස්තුවක් තිබීම, අනුන් අයත් බව දැනීම, සොර සිත, සොරාගැනීමට උපක්‍රමයක් යෙදීම හා ඒ උපක්‍රමයෙන් සිතු දෙය ගැනීම යනු ඒ කරුණු පහයි. පහාය මේ අදින්නාදාන චේතනාව නම් වූ දුසිල් බව අත්හැර. පටිවිරතො යනු ප්‍රහීණ වූ කාලයේ පටන්, ඒ දුසිල් බවින් වැලකී, වෙන්ව. දුන්දෙය ම ගන්නේ නුයි දින්නදායී නම් වේ. සිතිනුදු දුන් දෙයම කැමති වේනුයි දින්න පාටිකංඛී නම් වේ. සොරකම් කරන්නේනුයි ‘ථෙන’ නම් වේ. සොරකමින් වැලකීමෙන් න+ථෙනෙන = අථනෙන නම් වේ. සොරකම් නොකරන නිසාම සුචිභූතෙන, පිවිතුරු සිතින්. අත්තනා යනු ආත්ම භාවයෙන්, සොරකමින් තොරව පිරිසිදු භාවයෙන් යුතු ආත්මභාවයක් කර වෙසේයයි කියන ලදී. මින්පසු එන නිද්දේසපදයන්ගේ අර්ථ ඉහත පැවසූ පරිදිමය.
මෙත්තායනවසෙන මෙත්ති. මෙත්තාකාරො මෙත්තායනා. මෙත්තාය අයිතස්ස මෙත්තාසමඞ්ගිනො චිත්තස්ස භාවො මෙත්තායිතත්තං. අනුදයතීති අනුදයා, රක්ඛතීති අත්ථො. අනුදයාකාරො අනුදයනා. අනුදයිතස්ස භාවො අනුදයිතත්තං. හිතස්ස එසනවසෙන හිතෙසිතා. අනුකම්පනවසෙන අනුකම්පා. සබ්බෙහිපි ඉමෙහි පදෙහි උපචාරප්පනාප්පත්තාව මෙත්තා වුත්තා. විපුලෙනාති එත්ථ ඵරණවසෙන විපුලතා දට්ඨබ්බා. භූමිවසෙන පන තං මහග්ගතං. පගුණවසෙන අප්පමාණං. සත්තාරම්මණවසෙන ච අප්පමාණං. බ්යාපාදපච්චත්ථිකප්පහානෙන අවෙරං. දොමනස්සප්පහානතො අබ්යාපජ්ජං, නිද්දුක්ඛන්ති වුත්තං හොති.
මෛත්‍රී කිරීම් වශයෙන් මෙත්ති මෛත්‍රී කිරීම. මෙත්තායනා මෛත්‍රියෙන් යුක්ත චිත්ත ස්වභාවය මෙත්තායිතත්තං. කරුණාව දක්වන්නේනුයි අනුද්දයා රක්ෂා කරයි යන අර්ථයයි. කරුණාව, දයාව දක්වන ආකාරය අනුද්දයනා. කරුණාවෙන් යුතු පුද්ගලයාගේ ස්වභාවය අනුද්දායිතත්තං හිතවත් බව සෙවීම් වශයෙන් හිතෙසිතා. අනුකම්පා කිරීම අනුකම්පා. මේ සියලු වදන්වලින් උපචාර අර්පණාවට පත් මෛත්‍රිය අදහස් කරන ලදී. විපුලෙන යනු මෙහි පැතිරවීම් වශයෙන් විපුල බව දතයුතුයි. භූමි වශයෙන් එය මහග්ගතය. ප්‍රගුණ කිරීම් වශයෙන් ද සත්ත්වයන් අරමුණු කිරීම් වශයෙන් ද එය අප්‍රමාණ වූ බැවින් අප්පමාණං වේ. තරහව, සතුරුකම ප්රහාණය කිරීමෙන් අවෙරං. දොමිනස ප්රහාණය කිරීමෙන් අබ්යාපජ්ඣං. නිදුක්යැයි කියන ලදී.
ආවිලන්ති අප්පසන්නං. ලුළිතන්ති කලලං. එරිතන්ති අසන්නිට්ඨානං. ඝට්ටිතන්ති ආරම්මණෙන ඝට්ටනමාපාදිතං. චලිතන්ති කම්පමානං. භන්තන්ති විබ්භන්තං. අවූපසන්තන්ති අනිබ්බුතං.
ආවිලං යනු අප්රසන්නය. කැළඹුණේය. ලුලිතං මඩ වූයේය. ඵරිතං කම්පිත වූයේය. ඝටිතං අරමුණේ ගැටෙමින් පවතියි. චලිතං සෙලවේ. කම්පනය වේ. භන්තං භ්‍රාන්ත වේ. අවුපසන්තං නොසන්සිඳුණි. නොමනිවුණි.
යො සො මාරොති එවමාදීසු මහාජනං අනත්ථෙ නියොජෙත්වා මාරෙතීති මාරො. කණ්හකම්මත්තා කණ්හො. කාමාවචරිස්සරත්තා අධිපති. මරණං පාපනතො අන්තගූ. මුඤ්චිතුං අප්පදානට්ඨෙන නමුචි. මාරස්ස බළිසන්ති මාරබළිසං. වට්ටසන්නිස්සිතට්ඨෙන මාරස්ස ආමිසන්ති මාරාමිසං. වසවත්තනට්ඨෙන මාරස්ස විසයොති මාරවිසයො. ගොචරට්ඨෙන මාරස්ස නිවාසොති මාරනිවාසො . කාමචාරං චරට්ඨෙන මාරස්ස ගොචරොති මාරගොචරො. දුප්පමුඤ්චනට්ඨෙන මාරස්ස බන්ධනන්ති මාරබන්ධනං. දුක්ඛුද්දයොති දුක්ඛබන්ධනො.
යො සො මාරො යනාදියෙහි මහජනයා අනර්ථයේ යොදවා මරා දමයිනුයි මාරො කලු කර්ම ඇති නිසා කණ්හො, කාමාවචර ලෝක සත්ත්වයා ඇලුණු හෙයින් අධිපති. මරණයට පමුණුවන බැවින් අන්තගූ මිදීමට අවස්ථාව නොදෙන හෙයින් නමුචි. මාරයාගේ බිල්ල මාරබලිසං. සංසාර වට්ටය ආශ්රිත අර්ථයෙන් මාරයාගේ ආමිෂය වන්නේනුයි මාරාමිසං. සිය වසඟයේ පවත්වා ගනී යන අර්ථයෙන් මාරයාගේ විෂය වූයේ නුයි මාර විසයො. ගෝචර අර්ථයෙන් මාරයාගේ නිවාප වූයේනුයි මාරනිවාපො. කාමාචාරයේ හැසිරෙන අර්ථයෙන් මාරයාගේ ගෝචර වූයේනුයි මාරගොචරො. මිදීම අපහසු අර්ථයෙන් මාරයාගේ බන්ධනය වූයේනුයි මාරබන්ධනං. දුක්ඛද්දසො යනු දුක්ඛ බන්ධනයයි.
මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙති තෙසං කොධාතිමානානං යං අවිජ්ජාදිකං මූලං, තම්පි පලිඛණිත්වා තිට්ඨෙය්ය. අද්ධා භවන්තො අභිසම්භවෙය්යාති එතං පියාපියං අභිභවන්තො එකංසෙනෙව අභිභවෙය්ය, න තත්ථ සිථිලං පරක්කමෙය්යාති අධිප්පායො.
මූලම්පි තෙසං පිළිඛඤ්ඤ තිට්ඨෙ යනු ඒ ක්‍රෝධාතිමානයන්ගේ අවිද්‍යාදී මූලය ද උදුරා දමා සිටින්නේය. අද්ධා භවන්තො අභිසම්භවෙය්ය යනු මේ ප්‍රිය, අප්‍රිය වස්තු මැඩලා අභිභවනය කරන්නා ඒකාන්තයෙන් මාරයා මැඬලන්නේය. එනිසා මෙහි ලිහිල් වීර්යයක් නොකල යුතුය යන අර්ථයයි.
අවිජ්ජා මූලන්තිආදයො අවිජ්ජා කොධස්ස උපනිස්සයසහජාතාදිවසෙන මූලං හොති. අනුපායමනසිකාරො ච අස්මිමානො ච ඉමෙ ද්වෙ උපනිස්සයවසෙනෙව. අහිරිකඅනොත්තප්පඋද්ධච්චා ඉමෙ තයො උපනිස්සයසහජාතාදිවසෙන මූලානි හොන්ති, තථා අතිමානස්සාපි.
අවිජ්ජා මූලං ආදියේ අර්ථ - අවිද්‍යාව ක්‍රෝධයට උපනිශ්‍රය වීම, සහජාත වීම් ආදී වශයෙන් ‘මූල’ වේ. උපාය රහිත මනසිකාරය ද අස්මිමානයද යන දෙක උපනිශ්‍රය වශයෙන් ‘මූල’ වේ. අහිරිකය අනෝත්තප්පය - උද්ධච්චය යන තුන උපනිශ්‍රය, සහජාතාදී වශයෙන් ‘මූල’ වේ. අතිමානයේ ද මෙසේමය.
පඤ්ඤං පුරක්ඛත්වාති පඤ්ඤං පුබ්බඞ්ගමං කත්වා. කල්යාණපීතීති කල්යාණපීතියා සමන්නාගතො. චතුරො සහෙථ පරිදෙවධම්මෙති අනන්තරගාථාය වුච්චමානෙ පරිදෙවනීයධම්මෙ සහෙය්ය.
පඤ්ඤං පුරක්ඛත්වා යනු ප්‍රඥාව පූර්වාංගම කරගෙන. කල්‍යාණ පීති කල්‍යාණ ප්‍රීතියෙන් යුක්ත වූ. චතුරො සහෙථ පරිදෙව ධම්මෙ, මීට පසුව එන ගාථාවේ කියනු ලබන පරිදේව ධර්මයන් ඉවසන්නේ ය.
විචයබහුලොති පරිවීමංසනබහුලො. පවිචයබහුලොති විසෙසෙන වීමංසනබහුලො. පෙක්ඛායනබහුලොති ඉක්ඛණබහුලො. සමෙක්ඛායනබහුලොති එසනබහුලො. විභූතවිහාරීති පාකටං කත්වා ඤාතවිහාරී.
විචය බහුලො විමසීම බහුලකර ඇත්තේනුයි. පවිචය බහුලො යනු විශේෂයෙන් විමසීම් බහුලව. පෙක්ඛායන බහුලො නුවණින් දැකීම බහුල කර ඇත්තේ සමෙක්ඛායන බහුලො යනු සෙවීම බහුල කර ඇත්තේ විභූත විහාරී ප්‍රකට කර, දැන හැසිරෙන.
අභික්කන්තෙ පටික්කන්තෙති එත්ථ තාව අභික්කන්තං වුච්චති ගමනං. පටික්කන්තං නිවත්තනං. තදුභයම්පි චතූසු ඉරියාපථෙසු ලබ්භති. ගමනෙ තාව පුරතො කායං අභිහරන්තො අභික්කමති නාම. පටිනිවත්තෙන්තො පටික්කමති නාම. ඨානෙපි ඨිතකොව කායං පුරතො ඔනමෙන්තො අභික්කමති නාම. පච්ඡතො අපනාමෙන්තො පටික්කමති නාම. නිසජ්ජායපි නිසින්නකොව ආසනස්ස පුරිමඅඞ්ගාභිමුඛො සංසරන්තො අභික්කමති නාම. පච්ඡිමඅඞ්ගප්පදෙසං පච්ඡා සංසරන්තො පටික්කමති නාම. නිපජ්ජායපි එසෙව නයො.
අභික්කන්තෙ පටික්කන්තෙ මෙහි පළමුව දැක්වී අභික්කන්තං යනු ගමන් කිරීමයි. පටික්කන්තං යනු නැවතීමයි. ඒ දෙකම සිවු ඉරියව්වෙහි ලැබේ. ගමන් කිරීමේදී පෙරටුව කය ගෙන යන්නේ ‘අභික්කමති’ නම් වේ. ගොස් නැවත හැරීම ‘පටික්කමති’ නම් වේ. සිටින තැන ද සිටියේ කය පෙරටුව නැමීම අභික්කමති නම් වේ. පසුපසින් කය එළවීම ‘පටික්කමති’ නම් වේ. හිඳීමේදී හුන්නේම අසුනේ පෙරටුවට (ඉදිරිපසට) කය එළවා සිටීම ‘අභික්කමති’ නම් වේ. පසුපසට කය එළවා සිටීම පටික්කමති නම් වේ. සයනය කිරීමේදී ද මෙසේ අර්ථ දතයුතුයි.
සම්පජානකාරී හොතීති සම්පජඤ්ඤෙන සබ්බකිච්චකාරී, සම්පජඤ්ඤමෙව වා කාරී හොති. සො හි අභික්කන්තාදීසු සම්පජඤ්ඤං කරොතෙව, න කත්ථචි සම්පජඤ්ඤවිරහිතො හොති. ආලොකිතෙ විලොකිතෙති එත්ථ පන ආලොකිතං නාම පුරතො පෙක්ඛනං. විලොකිතං නාම අනුදිසාපෙක්ඛනං. අඤ්ඤානිපි හෙට්ඨා උපරි පච්ඡතො පෙක්ඛනවසෙන ඔලොකිතඋල්ලොකිතඅපලොකිතානි නාම හොන්ති. තානි ඉධ න ගහිතානි. සාරුප්පවසෙන පන ඉමානෙව ද්වෙ ගහිතානි, ඉමිනා වා මුඛෙන සබ්බානි ගහිතානෙවාති.
සම්පජාන කාරී හොතී යනු සිහිකල්පනාවෙන් සියලු කටයුතු කරයි. නොහොත් සිහියෙන් පිහිටුවාගෙනම කරයි. ඔහු වනාහී අභික්කන්තාදී සියලු කටයුතු සිහියෙන් ම සිදුකරයි. කිසිදු ක්‍රියාවක් අසිහියෙන් නොකරයි. ආලොකිතෙ විලොකිතෙ යන මෙහි ආලොකිත නම් පෙරටුව බැලීමයි. විලෝකිත නම් වටපිටාව බැලීමයි. අනිකුත් යට, උඩ, පසුපස යන දිසාවන් බැලීම් වශයෙන් ඔලෝකිත, උල්ලෝකිත හා අපලෝකිත යන වදන් පිළිවෙලින් යෙදේ. ඒවා මෙහිදී අදහස් නොකෙරුණි. සාරුප්‍ය වශයෙන් මේ දෙපදය පමණක් දක්වන ලද බැවින් සෙසු සියලු වදන් ද යෙදූ බව (අදහස් කරන බව) දතයුතුයි.
සමිඤ්ජිතෙ පසාරිතෙති පබ්බානං සමිඤ්ජනපසාරණෙ. සඞ්ඝාටිපත්තචීවරධාරණෙති එත්ථ සඞ්ඝාටිචීවරානං නිවාසනපාරුපනවසෙන , පත්තස්ස භික්ඛාපටිග්ගහණාදිවසෙන පරිභොගො ධාරණං නාම. අසිතාදීසු අසිතෙති පිණ්ඩපාතභොජනෙ. පීතෙති යාගුආදිපානෙ. ඛායිතෙති පිට්ඨඛජ්ජකාදිඛාදනෙ. සායිතෙති මධුඵාණිතාදිසායනෙ. උච්චාරපස්සාවකම්මෙති උච්චාරස්ස ච පස්සාවස්ස ච කරණෙ. ගතාදීසු ගතෙති ගමනෙ. ඨිතෙති ඨානෙ. නිසින්නෙති නිසජ්ජාය.
සම්මිඤ්ජිතෙ පසාරිතෙ අවයව හැකිලීම හා දිගහැරීමයි. සංඝාටිපත්තචීවර ධාරණෙ යන මෙහි සඟලසිවුරු ඇඳීම් පෙරවීම් වශයෙන් ද පාත්‍රයේ භික්ෂාවන් පිළිගැනිම් වශයෙන් ද පරිභෝග කිරීම ධාරණ නම් වේ. අසිතාදියෙහි අසිතෙ යනු පිණ්ඩපාත භෝජනයෙහි පීතෙ යනු කැඳ ආදිය බීමේ දී. ඛායිතෙ යනු පිටි කැවිලි ආදිය කෑමේදී. සායිතෙ මීපැණි ආදිය බීමේදී. උච්චාරපස්සාව කම්මෙ මලමුත්‍රා කිරීමෛහි. ගතාදියෙහි ගතෙ යනු ගමන් කිරීමෙහි. ඨිතෙ සිටීමෙහි. නිසින්නෙ හිඳීමෙහි.
සුත්තෙති සයනෙ. ජාගරිතෙති ජාගරණෙ. භාසිතෙති කථනෙ. තත්ථ උපාදාරූපස්ස සද්දායතනස්ස අප්පවත්තෙ සති භාසිතා නාම න හොති, තස්මිං පවත්තන්තෙ හොතීති පරිග්ගාහකො භික්ඛු භාසිතෙ සම්පජානකාරී නාම හොති. විමුත්තායතනසීසෙන ධම්මං දෙසෙන්තොපි බාත්තිංසතිරච්ඡානකථං පහාය දසකථාවත්ථුනිස්සිතං කථං කථෙන්තොපි භාසිතෙ සම්පජානකාරී නාම. තුණ්හීභාවෙති අකථනෙ. තත්ථ උපාදාරූපස්ස සද්දායතනස්ස පවත්තියං තුණ්හීභාවො නාම නත්ථි, අප්පවත්තියං හොතීති පරිග්ගාහකො භික්ඛු තුණ්හීභාවෙ සම්පජානකාරී නාම හොති. අට්ඨතිංසආරම්මණෙසු චිත්තරුචියං කම්මට්ඨානං ගහෙත්වා නිසින්නොපි දුතියජ්ඣානං සමාපන්නොපි තුණ්හීභාවෙ සම්පජානකාරී නාම. එත්ථ ච එකො ඉරියාපථො ද්වීසු ඨානෙසු ආගතො. සො හෙට්ඨා අභික්කන්තෙ පටික්කන්තෙති එත්ථ භික්ඛාචාරගාමං ගච්ඡතො ආගච්ඡතො ච අද්ධානගමනවසෙන කථිතො. ගතෙ ඨිතෙති එත්ථ විහාරෙ චුණ්ණිකපාදුද්ධාරවසෙන කථිතොති වෙදිතබ්බො. බුද්ධානුස්සතිවසෙනාතිආදයො හෙට්ඨා තත්ථ තත්ථ පකාසිතා එව.
සුත්තෙ සයනය කිරීමෙහි. ජාගරිතෙ නිදානොගෙන සිටින අවස්ථාවෙහි. භාසිතෙ යනු කථනයෙහි දී. එහි උපාදා රූපයේ ශබ්දායතනය නොපවතින කල්හි භාෂණය සිදු නොවේ. එහි පවත්නා කල්හි ම වේ. අල්වාගත් භික්ෂුව භාෂණයේ දී සිහිකල්පනාවෙන් යුතුව වෙසේ. විමුක්තායතන ශීර්ෂයෙන් ධර්මදේශනා කරනවිට ද දෙතිස් තිරිසන් කථා අත්හැර දසකථා වස්තු නිශ්රිත කථාව කරන විටද දෙතිස් තිරිසන් කථා අත්හැර දසකථා වස්තු නිශ්රිත කථාව කරන විට ද කථාකිරීමෙහි නුවණින් දැන කථා කරයි. තුණ්හීභාවෙ කථා නොකිරීමෙහි. එහි උපාදා රූප ශබ්දයතනයේ පවත්වන තුණ්හීභාවයක් නම් නැත. නොපැවැත්ම වේනුයි පරිග්‍රහණය කරගත භික්ෂුව නිශ්ශබ්දව සිටීමේ නුවණින් මෙහෙයවා කටයුතු කරන්නේ වේ. තිස්අටක් අරමුණුවල සිතට රුචි කමටහන් ගෙන හුන්නහුගේ ද දුතිය ධ්‍යානයට සම වැදුනහුගේ ද තුෂ්ණිම්භාවයේ සිහිකල්පනා ඇතිව සිටීම වේ. මෙහි ද එකම ඉරියව්ව දෙතැනක දැක්විණි. එය ඉහත අභික්කන්තෙ යැයි කී තැන භික්ෂාචාර ගමට යෑමේදී නැවත හැරී ඒමේ දී, මාර්ගයේ යෑම් ඊම් වශයෙන් කියන ලදී. ගතෙඨිතෙ යැයි මෙතැනදී විහාරයේ, තමා වසන තැන සුලු සුලු ඉරියව් පැවැතුම් වශයෙන් කියන ලදැයි දතයුතුයි. බුද්ධානුස්සති වසෙන යනාදිය ඉහත ඒ ඒ තැන්වලදී විස්තර කර ඇත.
අරතීති රතිපටික්ඛෙපො. අරතිතාති අරමනාකාරො. අනභිරතීති අනභිරතභාවො. අනභිරමනාති අනභිරමනාකාරො. උක්කණ්ඨිතාති උක්කණ්ඨනාකාරො. පරිතස්සිතාති උක්කණ්ඨනවසෙනෙව පරිතස්සනා.
අරතී යනු රතියට විරුද්ධ බවයි. අරතිතා යනු රමණය නොකරන ආකාරයයි. අනභිරති යනු තදින් නොඇලෙන බවයි. අභිරමනා යනු අභිරමණය නොකරන ආකාරයයි. උක්කුණ්ඨිතා යනු කළකිරෙන බවයි. පරිතස්සනා උක්කට්ඨාන වශයෙන් ම තැවීමයි.
කිං සූ අසිස්සන්ති කිං භුඤ්ජිස්සාමි. කුව වා අසිස්සන්ති කුහිං වා අසිස්සාමි. දුක්ඛං වත සෙත්ථ කුවජ්ජ සෙස්සන්ති ඉමං රත්තිං දුක්ඛං සයිං, අජ්ජ ආගමනරත්තිං කත්ථ සයිස්සං. එතෙ විතක්කෙති එතෙ පිණ්ඩපාතනිස්සිතෙ ද්වෙ, සෙනාසනනිස්සිතෙ ද්වෙති චත්තාරො විතක්කෙ. අනිකෙතචාරීති අපලිබොධචාරී නිත්තණ්හචාරී.
කිංසු අසිස්සාමි යනු කුමක් වළඳම්ද? කුවං වා අසිස්සං කොහි හෝ වළඳද? දුක්ඛං වත සෙත්ථ කුවජ්ජ සෙස්සං යනු මේ රැ ඒකාන්තයෙන් දුකසේ ශයනය කෙළෙමි. අද රෑට කොතැනක නිදන්නෙම් ද? එතෙ විතක්කෙ යනු මෙසේ පිණ්ඩපාතය නිසාත් සෙනසුන් නිසාත් දෙක දෙක බැගින් වූ විතර්ක සතරකි. අනිකෙතචාරී පළිබෝධයක් නැතිව හැසිරෙන, තණ්හා විරහිතව හැසිරෙන.
ඵලකෙ වාති වඞ්කාදිඵලකපීඨෙ ච. ආගාමිරත්තින්ති ආගමනිරත්තියං. ආදෙවනෙය්යෙති විසෙසෙන දෙවනිය්යෙ. පරිදෙවනෙය්යෙති සමන්තතො දෙවනිය්යෙ.
ඵලකෙ වා යනු වක් වූ පුවරු පුටුවෙහි (ඇඳි පුටුවේ) හෝ ආගාමිනි රත්තිං අද පැමිණෙන රාත්‍රියේ දී. ආදෙවනෙය්යෙ යනු විශේෂයෙන් වැලපිය යුතු වූ පරිදෙවනිය්යෙ හාත්පසින්ම වැලපෙන්නේය.
කාලෙති පිණ්ඩපාතකාලෙ පිණ්ඩපාතසඞ්ඛාතං අන්නං වා, චීවරකාලෙ චීවරසඞ්ඛාතං වසනං වා ලද්ධා ධම්මෙන සමෙනාති අධිප්පායො. මත්තං ස ජඤ්ඤාති පරිග්ගහෙ ච පරිභොගෙ ච සො පමාණං ජානෙය්ය. ඉධාති සාසනෙ, නිපාතමත්තමෙව වා එතං. තොසනත්ථන්ති සන්තොසත්ථං, එතදත්ථං මත්තං ජානෙය්යාති වුත්තං හොති. සො තෙසු ගුත්තොති සො භික්ඛු තෙසු පච්චයෙසු ගුත්තො. යතචාරීති සඤ්ඤතවිහාරො, රක්ඛිතඉරියාපථො රක්ඛිතකායවචීමනොද්වාරො චාති වුත්තං හොති. “යතිචාරී”තිපි පාඨො, එසොයෙවත්ථො. රුසිතොති රොසිතො. ඝට්ටිතොති වුත්තං හොති.
කාලෙ යනු පිඬු පිණිස යන කාලයේ, පිණ්ඩපාත සංඛ්‍යාත ආහාර හෝ සිවුරු හෝ මේ ආදී ආමිෂයක් දැහැමින් සෙමෙන් ලබන කාලයේ දී. මත්තං සො ජඤ්ඤා යනු පිළිගැනීමේ දී ද පරිභෝගයේ දී ද ඒ නුවණැති භික්ෂුව පමණ දැනගන්නේ ය. ඉධ යනු මේ සසුනේ නැතහොත් මෙය නිපාතයක් පමණි. තොසනත්ථං යනු සන්තෝෂ කිරීමට. මෙහි අර්ථය ‘පමණි දන්නේය’ යැයි කියන ලදී. (ලද දෙයින් තුටුවීම සඳහා) සො තෙසු ගුත්තො යනු ඒ භික්ෂුව එම සිවුපසයෙහි සංවර වූයේ. යතචාරී යනු සංවර විහාර ඇති, රැකි ඉරියවු ඇති, සුරැකි කාය වාග් මනෝද්වාර ඇති යි කියන ලදී. යතිචාරී යන පාඨය ද යෙදේ. එකම අර්ථයමයි. රුසිතො යනු අනුන් විසින් පීඩා කළේ, ගටන ලද්දේ නමුත්,
ද්වීහි කාරණෙහි මත්තං ජානෙය්යාති ද්වීහි භාගෙහි පමාණං ජානෙය්ය. පටිග්ගහණතො වාති පරෙහි දිය්යමානග්ගහණකාලතො වා. පරිභොගතො වාති පරිභුඤ්ජනකාලතො වා. ථොකෙපි දිය්යමානෙති අප්පකෙපි දිය්යමානෙ. කුලානුදයායාති කුලානං අනුදයතාය. කුලානුරක්ඛායාති කුලානං අනුරක්ඛණත්ථාය. පටිග්ගණ්හාතීති ථොකම්පි ගණ්හාති. බහුකෙපි දිය්යමානෙති අනප්පකෙපි දිය්යමානෙ. කායපරිහාරිකං චීවරං පටිග්ගණ්හාතීති එත්ථ කායං පරිහරති පොසෙතීති කායපරිහාරිකං. කුච්ඡිපරිහාරිකන්ති කුච්ඡිං පරිහරති පොසෙතීති කුච්ඡිපරිහාරිකං. ඉතරීතරපච්චයසන්තොසෙන සමන්නාගතස්ස භික්ඛුනො අට්ඨ පරික්ඛාරා වට්ටන්ති තීණි චීවරානි පත්තො දන්තකට්ඨච්ඡෙදනවාසි එකා සූචි කායබන්ධනං පරිස්සාවනන්ති. වුත්තම්පි චෙතං –
ද්වීහි කාරණෙහි මත්තං ජානෙය්ය යනු කරුණු දෙකකින් තමාගේ ප්‍රමාණය දැනගන්නේ ය. පටිග්ගහණතො වා යනු අනුන් විසින් දෙනු ලබන දේ ගන්නා කාලයේ හෝ. පරිභොගතො වා යනු පරිභෝග කරන කාලයේ හෝ. ථොකෙපි දීය්යමානෙ යනු ඉතා අල්ප දෙයක්වත් දෙනු ලබන කල්හි. කුලානුද්දයා යනු කුලයන් කෙරෙහි කරුණාවෙන්. කුලානුරක්ඛාය යනු කුලයන්ගේ ආරක්ෂාව සඳහා. පතිගණ්හාති යනු ඉතා අල්පයක් වුවත් පිළිගනියි. බහුකෙපි දීයමානෙ යනු අනල්පව දෙනු ලබන කල්හි. කායපරිහාරියං චීවරං පතිගණ්හාති යන මෙහි කය පරිහරණය කරයි. පෝෂණය කරයි නුයි කාය පරිහාරිය නම් වේ. කුච්ඡපරිහාරියං යනු කුස පරිහරණය කරයි. පෝෂණය කරයි නුයි කුච්ඡිපරිහාරිය නම් වේ. මෙසේ ඉතරීතර ප්‍රත්‍ය සන්තෝෂයෙන් යුක්ත භික්ෂුවට අටපිරිකර සුදුසුය. ඒවානම්, තුන්සිවුර, පාත්‍රය, දැහැටි දඬු කපාගන්නා වෑය, ඉඳිකටුව හා නූල, කය බඳිනා පටිය හා පෙරහන්කඩ යන අටයි. එය කියන ලදී.
“තිචීවරඤ්ච පත්තො ච, වාසි සූචි ච බන්ධනං; පරිස්සාවනෙන අට්ඨෙතෙ, යුත්තයොගස්ස භික්ඛුනො”ති. (දී· නි· අට්ඨ· 1.215; ම· නි· අට්ඨ· 1.294; 2.349; අ· නි· අට්ඨ· 2.4.198);
තිචීවරඤ්ච පත්තො ච වාසි සූචිච බන්ධනං, පරිස්සාවනෙන අට්ඨෙතෙ යුත්තයොගස්ස භික්ඛුනො’තී
තෙ සබ්බෙ කායපරිහාරිකාපි හොන්ති කුච්ඡිපරිහාරිකාපි. කථං? තිචීවරං තාව නිවාසෙත්වා ච පාරුපිත්වා ච විචරණකාලෙ කායං පරිහරති පොසෙතීති කායපරිහාරිකං හොති. චීවරකණ්ණෙන උදකං පරිස්සාවෙත්වා පිවනකාලෙ ඛාදිතබ්බඵලාඵලග්ගහණකාලෙ ච කුච්ඡිං පරිහරති පොසෙතීති කුච්ඡිපරිහාරිකං හොති.
මේ අටම කාය පරිහාරික ද කුච්ජි පරිහාරික ද වේ. ඒ කෙසේද? තුන්සිවුර පළමුව හැඳ පොරවා ඇවිදින කාලයේ දී කය පරිහරණය කරයි. පෝෂණය කරයිනුයි, කාය පරිහාරික වේ. සිවුරු කොණෙන් දිය පෙර වළඳනවිට ද කෑ යුතු ඵලාඵලාදියක් පිළිගන්නා විට ද සිවුර කුස පරිහරණය කරයි. පෝෂණය කරයි යන අරුතින් කුච්ඡි පරිහාරික වේ.
පත්තොපි තෙන උදකං උද්ධරිත්වා න්හානකාලෙ කුටිපරිභණ්ඩකරණකාලෙ ච කායපරිහාරිකො හොති . ආහාරං ගහෙත්වා භුඤ්ජනකාලෙ කුච්ඡිපරිහාරිකො. වාසිපි තාය දන්තකට්ඨච්ඡෙදනකාලෙ මඤ්චපීඨානං අඞ්ගපාදචීවරකුටිදණ්ඩකසජ්ජනකාලෙ ච කායපරිහාරිකා හොති. උච්ඡුච්ඡෙදනනාළිකෙරාදිතච්ඡනකාලෙ කුච්ඡිපරිහාරිකා. සූචි චීවරසිබ්බනකාලෙ කායපරිහාරිකා හොති. පූවං වා ඵලං වා විජ්ඣිත්වා ඛාදනකාලෙ කුච්ඡිපරිහාරිකා. කායබන්ධනං බන්ධිත්වා විචරණකාලෙ කායපරිහාරිකං. උච්ඡුආදීනි බන්ධිත්වා ගහණකාලෙ කුච්ඡිපරිහාරිකං. පරිස්සාවනං තෙන උදකං පරිස්සාවෙත්වා න්හානකාලෙ සෙනාසනපරිභණ්ඩකරණකාලෙ ච කායපරිහාරිකං, පානීයපාණකපරිස්සාවනකාලෙ තෙනෙව තිලතණ්ඩුලපුථුකාදීනි ගහෙත්වා ඛාදනකාලෙ ච කුච්ඡිපරිහාරිකං.
පාත්‍රය ද ඉන් දිය ගෙන නානවිට ද කුටියේ ගොමමැටි ගාන විට ද කාය පරිහාරික වේ. ආහාර ගෙන වළඳන අවස්ථාවේ දී පාත්‍රය කුච්ජිපරිහාරික වේ. වෑයෙන් දැහැටි දඬු කපාගන්නා විට ද ඇඳපුටුවල කැඩුණු කකුල්, සිවුරු කුටියේ දඬු ආදිය කපාගන්නා විට ද කාය පරිහාරික වේ. උක්ගස් සිඳින, පොල් ලෙලිගසන හා ගාගන්නා විට ද (ලියාගැනීම) වෑය කුච්ජිපරිහාරික වේ. ඉදිකටුව ඉරුණු සිවුරු මසාගන්නා විටදී කාය පරිහාරික වේ. කැවුම් හෝ ගෙඩි හෝ විඳ අනුභව කරනවිටදී කුච්ඡිපරිහාරික වේ. කාය බන්ධනය (පටිය) කය බැඳ ඇවිදින කාලයේ දී කාය පරිහාරිකද උක්ගස් ආදිය බැඳ රැගෙන එනවිටදී කුච්ඡිපරිහාරික ද වේ. පෙරහන්කඩ, එයින් දිය පෙරා නානවිට ද සෙනසුන ගොමමැටි ගාන හෝ සෝදන විට ද කාය පරිහාරික වේ. බොන පැන් පෙරා වළඳනවිට ද එයින්ම තල, සහල්, හබලපෙති ආදිය පිළිගෙන වළඳන විට ද කුච්ඡි පරිහාරික වේ.
පටිසඞ්ඛායොනිසොති උපායෙන පථෙන පටිසඞ්ඛාය ඤත්වා, පච්චවෙක්ඛිත්වාති අත්ථො. එත්ථ ච “සීතස්ස පටිඝාතායා”තිආදිනා නයෙන වුත්තපච්චවෙක්ඛණමෙව යොනිසො පටිසඞ්ඛාති වෙදිතබ්බං. තත්ථ චීවරන්ති අන්තරවාසකාදීසු යංකිඤ්චි. පටිසෙවතීති පරිභුඤ්ජති නිවාසෙති වා පාරුපති වා. යාවදෙවාති පයොජනාවධිපරිච්ඡෙදනියමවචනං. එත්තකමෙව හි යොගිනො චීවරපටිසෙවනෙ පයොජනං, යදිදං සීතස්ස පටිඝාතායාතිආදි, න ඉතො භිය්යො. සීතස්සාති අජ්ඣත්තධාතුක්ඛොභවසෙන වා බහිද්ධා උතුපරිණාමනවසෙන වා උප්පන්නස්ස යස්ස කස්සචි සීතස්ස.
පටිසංඛායොනිසො යනු උපාය මාර්ගයෙන්, නුවණින් දැන, ප්රත්යවේක්ෂා කරමින් යන අර්ථයයි. මෙහිදී ද සීතස්ස පටිඝාතාය ආදී ක්‍රමයෙන් දෙසූ ප්රත්යවේක්ෂාව ම ‘යොනිසො පටිසංඛා’ නුවණින් සලකා බලන බව දතයුතුයි. එහි චීවරං යනු අන්තරවාසකාදී යම්කිසිවක් (තුන් සිවුරෙන් එකක්). පටිසෙවති යනු වළඳයි. පොරවයි හෝ හැඳ පොරවා ගනියි. යාවදෙව යනු ප්‍රයෝජනය වෙන්කර දක්වන වචනයකි. මේ සඳහාම පමණක් යෝගාවචර භික්ෂුව චීවර හැඳ පොරවයි යනුවෙන් ප්‍රයෝජනය දක්වයි. ඒවානම් - සීතල නැසීම් ආදියයි. ඉන් ඔබ කිසිදු ප්‍රයෝජනයක් නැත. සීතස්ස යනාදියේ අභ්‍යන්තර ධාතු කිපීම් වශයෙන් හෝ බාහිර ඍතු විපරිණාමී තත්ත්ව නිසා හෝ උපන් කිසියම් ශීතලක්.
පටිඝාතායාති පටිහනනත්ථං. යථා සරීරෙ ආබාධං න උප්පාදෙති, එවං තස්ස විනොදනත්ථං. සීතබ්භාහතෙ හි සරීරෙ වික්ඛිත්තචිත්තො යොනිසො පදහිතුං න සක්කොති. තස්මා සීතස්ස පටිඝාතාය චීවරං සෙවිතබ්බන්ති භගවා අනුඤ්ඤාසි. එස නයො සබ්බත්ථ. කෙවලඤ්හෙත්ථ උණ්හස්සාති අග්ගිසන්තාපස්ස, තස්ස වනදාහාදීසු සම්භවො වෙදිතබ්බො. ඩංසමකසවාතාතපසරීසපසම්ඵස්සානන්ති එත්ථ පන ඩංසාති ඩංසනමක්ඛිකා. “අන්ධමක්ඛිකා”තිපි වුච්චන්ති. මකසාති මකසා එව. වාතාති සරජඅරජාදිභෙදා . ආතපොති සූරියාතපො. සරීසපාති යෙ කෙචි සරන්තා ගච්ඡන්ති දීඝජාතිකා සප්පාදයො, තෙසං දට්ඨසම්ඵස්සො ච ඵුට්ඨසම්ඵස්සො චාති දුවිධො සම්ඵස්සො; සොපි චීවරං පාරුපිත්වා නිසින්නං න බාධති. තස්මා තාදිසෙසු ඨානෙසු තෙසං පටිඝාතත්ථාය පටිසෙවති. යාවදෙවාති පුන එතස්ස වචනං නියතපයොජනාවධිපරිච්ඡෙදදස්සනත්ථං. හිරිකොපීනපටිච්ඡාදනත්ථන්ති නියතපයොජනං, ඉතරානි කදාචි හොන්ති. තත්ථ හිරිකොපීනන්ති තං තං සම්බාධට්ඨානං. යස්මිං යස්මිඤ්හි අඞ්ගෙ විවරියමානෙ හිරී කුප්පති විනස්සති, තං තං හිරිං කොපනතො හිරිකොපීනන්ති වුච්චති. තස්ස ච හිරිකොපීනස්ස පටිච්ඡාදනත්ථන්ති හිරිකොපීනපටිච්ඡාදනත්ථං. “හිරිකොපීනං පටිච්ඡාදනත්ථ”න්තිපි පාඨො.
පටිඝාතාය යනු නැසීම, වැනසීම සඳහා. ශරීරයේ ශීතලින් ආබාධා ඇති නොවන සේ රැකගැනීම සඳහා. ශීතලින් ශරීරය පීඩිත වූ කල්හි සිත විසිර යන බැවින් නුවණින් මෙනෙහිකර බැලීම ඉතා අපහසු වේ. එනිසා සීතල නැසීමට සිවුරු පෙරවිය යුතුයැයි බුදුහු අනුදත්හ. මේ ක්‍රමයෙන් සියලු පදවල අර්ථ දතයුතුයි. මෙහි හුදෙක් උණ්හස්ස යනු ගින්නෙන් තැවීමෙන්, වනලැව්ගිනි ආදියෙන් තැවීමද මින් අදහස් වේ. ඩංසමකස වාතාතපසිරිංසප සම්ඵස්සානං යන මෙහි ඩංස යනු ඩැහැ ලේ බොන මැසි, අන්ධමක්ඛිකා යැයි ද කියති. මකස යනු මදුරුවන්ය. වාතා යන සුළඟ දූවිලි සහිත, රහිත වේ. ආතපො යනු ඉර අව්ව. සිරිංසපා යනු යම්කිසි බිම හැසිරෙන, දිග ඇදී යන දිගු ශරීර ඇති ස්පර්ශාදීහුය. ඔවුන්ගේ දට්ඨ සම්ඵස්ස හා ඵුට්ඨ සම්ඵස්ස යනුවෙන් ස්පර්ශ දෙකකි. දෂ්ට කිරීමද ස්පර්ශය ද සිවුරු පොරවාගත් විට නැති වේ. එනිසා එබඳු සර්පාදීන් බහුල තැන්වලදී එම උවදුරු නැසීම සඳහා සිවුරු පරිභෝග කරයි. යාවදෙව යනු නැවත මේ ප්‍රයෝජන මිස වෙනත් ප්‍රයෝජන කිසිවක් සඳහා සිවුරු පරිභෝග නොකරන බව, වෙන්කර දැක්වීමට යෙදූ වචනයකි. හිරිකොපීන පටිච්ඡාදනත්ථං යන ලැජ්ජාව වසා ගැනීම නම් මෙකරුණ සිවුරු පෙරවීමේ ඇති නියත ප්රයෝජනයකි. සෙසු ප්‍රයෝජන ඒ ඒ අවස්ථාවල ලැබේ. එහි හිරිකොපීනං යනු ඒ ඒ සම්බාධ ස්ථාන, ඒ ඒ අංග ප්‍රත්‍යංග එළිපෙහෙළි වූ විට ලැජ්ජාව ඇතිවේ. හිරිය කිපේ. නැසේ. ඒ ඒ හිරියන්ගේ කෝපවීවෙන් ‘හිරිකෝපීන’ යැයි කියන ලදී. ඒ ලැජ්ජා කෝපනය වසාගැනීම සඳහා යනු ‘හිරිකොපීන පටිච්ඡාදනත්ථං’ වේ. ‘හිරිකොපන පටිච්ඡාදනත්ථං’ යන පාඨය ද යෙදේ.
පිණ්ඩපාතන්ති යංකිඤ්චි ආහාරං. යො හි කොචි ආහාරො භික්ඛුනො පිණ්ඩොල්‍යෙන පත්තෙ පතිතත්තා “පිණ්ඩපාතො”ති වුච්චති. පිණ්ඩානං වා පාතො පිණ්ඩපාතො, තත්ථ තත්ථ ලද්ධානං භික්ඛානං සන්නිපාතො, සමූහොති වුත්තං හොති. සෙසං හෙට්ඨා වුත්තනයමෙව.
පිණ්ඩපාතං යනු යම්කිසි ආහාරයකි. කිසියම් ආහාරයක් භික්ෂුවගේ පාත්‍රයේ පිඬු පිඬු වශයෙන් වැටුණු බැවින් පිණ්ඩපාත යැයි කියයි. පිණ්ඩයන්ගේ පතනය පිණ්ඩපාතයයි. ඒ ඒ තැන ලද භික්‍ෂාවන්ගේ එකතුව, සමූහය යැයි කියන ලදී. සෙසු පදයන්ගේ අර්ථ ඉහතින් විස්තර කරන ලදී.
සෙනාසනන්ති සයනඤ්ච ආසනඤ්ච. යත්ථ යත්ථ හි සෙති විහාරෙ වා අඩ්ඪයොගාදිම්හි වා, තං සෙනං. යත්ථ යත්ථ ආසති නිසීදති, තං ආසනං, තං එකතො කත්වා “සෙනාසන”න්ති වුච්චති. උතුපරිස්සයවිනොදනපටිසල්ලානාරාමත්ථන්ති පරිසහනට්ඨෙන උතුයෙව උතුපරිස්සයො. උතුපරිස්සයස්ස විනොදනත්ථඤ්ච පටිසල්ලානාරාමත්ථඤ්ච. යො සරීරාබාධචිත්තවික්ඛෙපකරො අසප්පායො උතු සෙනාසනපටිසෙවනෙන විනොදෙතබ්බො හොති, තස්ස විනොදනත්ථං එකීභාවසුඛත්ථඤ්චාති වුත්තං හොති. කාමඤ්ච සීතපටිඝාතාදිනාව උතුපරිස්සයවිනොදනං වුත්තමෙව. යථා පන චීවරපටිසෙවනෙ “හිරිකොපීනපටිච්ඡාදනං නියතපයොජනං, ඉතරානි කදාචි කදාචි භවන්තී”ති වුත්තං, එවමිධාපි නියතඋතුපරිස්සයවිනොදනං සන්ධාය ඉදං වුත්තන්ති වෙදිතබ්බං. අථ වා අයං වුත්තප්පකාරො උතු උතුයෙව. පරිස්සයො පන දුවිධො පාකටපරිස්සයො ච පටිච්ඡන්නපරිස්සයො ච. තත්ථ පාකටපරිස්සයො සීහබ්යග්ඝාදයො, පටිච්ඡන්නපරිස්සයො රාගදොසාදයො. තෙ යත්ථ අපරිගුත්තියා ච අසප්පායරූපදස්සනාදිනා ච ආබාධං න කරොන්ති, තං සෙනාසනං එවං ජානිත්වා පච්චවෙක්ඛිත්වා පටිසෙවන්තො භික්ඛු පටිසඞ්ඛා යොනිසො සෙනාසනං උතුපරිස්සයවිනොදනත්ථං පටිසෙවතීති වෙදිතබ්බො.
සෙනාසනං යනු සයනය ද ආසනය ද වේ. යම් යම් තැනක සයනය කරයි ද විහාරයක හෝ අඩ්ඪයෝගාදියක හෝ සයනය කරන තැන සේනාසනයයි. යම් යම් තැනක හිඳියි ද එය ආසනයයි. මේ දෙපදය එකතුකර සයන + ආසන = ‘සේනාසන’ යැයි කියයි. උතුපරිස්සය විනොදන පටිසල්ලාණාරාමත්ථං යනු විපතක්, අනතුරක් අර්ථයෙන් ඍතුවම ‘උතුපරිස්සය’ නම් වේ. උතු පරිප්සයන් (ඍතුවලින් වන උවදුරු) දුරුකිරීමටත් විවේක වාසය සඳහාත් සෙනසුන උපකාරී වේ. යම් ශරීර, චිත්ත විරූප කරන අසත්පාය (නුසුදුසු) ඍතුවලින් මිදීමට, ඉවත්වීමට සේනාසන පරිභෝගය උපකාර වේ. එසේ සියලු උවදුරු නැතිකිරීම, විනාශ කිරීමට සෙනසුන් පරිභෝග කරයි. සිත එකඟ කරගැනීම සැපයකි”යි කියන ලදී. කාමය ද සීතල නැසීම් ආදියද ඍතු විපර්යාස උවදුරු නැසීම ද කියන ලද්දේමය. සිවුරු පරිභෝජනයේදී ලැජ්ජාව කෝප නොවන සේ සිටීම නියත ප්‍රයෝජනයක් බව ද සෙසු ප්‍රයෝජන ඒ ඒ අවස්ථානුකූලව ලැබෙන බව ද ඉහත කියන ලදී. එමෙන්ම මේ සෙනසුනේ ඇති නියත ප්‍රයෝජනය වූ ඍතු විපර්යාස උවදුරු නැතිකිරීම සඳහා මෙසේ කියන ලද්දේයයි දතයුතුය. නැතහොත් ඉහත පැවසූ ලෙස උතු යනු ඍතුවමයි. පරිස්සයා දෙයාකාරයකින් දැක්වේ. සීහ ව්‍යාඝ්‍රාදී ප්‍රකට පරිස්සයන් (උවදුරු) ද රාග දෝෂාදී පටිච්ඡන්න (සැඟවුණු) පරිස්සයන් (උවදුරු) ද යනුවෙනි. ඔවුහු යම් තැනක අසංවර බව ද නුසුදුසු රූප දර්ශනාදිය ද නොමැතිව, ඒවායින් බාධා නොවේ ද එබඳු සෙනසුන මෙසේ දැන, ප්රත්යවේක්ෂා කොට ඇසුරුකරන - සේවනය කරන භික්ෂුව ‘පටිසංඛා යොනිසො සෙනාසනං -පෙ- උතුපරිස්සය විනොදනත්ථං පටිසෙවතී’ යැයි දතයුතුයි.
ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරන්ති එත්ථ රොගස්ස පටිඅයනට්ඨෙන පච්චයො, පච්චනීකගමනට්ඨෙනාති අත්ථො. යස්ස කස්සචි සප්පායස්සෙතං අධිවචනං. භිසක්කස්ස කම්මං තෙන අනුඤ්ඤාතත්තාති භෙසජ්ජං. ගිලානපච්චයොව භෙසජ්ජං ගිලානපච්චයභෙසජ්ජං, යං කිඤ්චි ගිලානස්ස සප්පායං භිසක්කකම්මං තෙලමධුඵාණිතාදීති වුත්තං හොති. පරික්ඛාරොති පන “සත්තහි නගරපරික්ඛාරෙහි සුපරික්ඛත්තං හොතී”තිආදීසු (අ· නි· 7.67) පරිවාරො වුච්චති. “රථො සීලපරික්ඛාරො, ඣානක්ඛො චක්කවීරියො”තිආදීසු (සං· නි· 5.4) අලඞ්කාරො. “යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා”තිආදීසු (ම· නි· 1.191-192) සම්භාරො. ඉධ පන සම්භාරොපි පරිවාරොපි වට්ටති. තඤ්ච ගිලානපච්චයභෙසජ්ජං ජීවිතස්ස පරිවාරොපි හොති, ජීවිතනාසකාබාධුප්පත්තියා අන්තරං අදත්වා රක්ඛණතො සම්භාරොපි. යථාචිරං පවත්තති, එවමස්ස කාරණභාවතො; තස්මා “පරික්ඛාරො”ති වුච්චති. එවං ගිලානපච්චයභෙසජ්ජඤ්ච තං පරික්ඛාරො චාති ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො, තං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං. ගිලානස්ස යං කිඤ්චි සප්පායං භිසක්කානුඤ්ඤාතං තෙලමධුඵාණිතාදිජීවිතපරික්ඛාරන්ති වුත්තං හොති.
ගිලානපච්චය භෙසජ්ජ පරික්ඛාරං යන මෙහි රෝගයට පති+අයන අර්ථයෙන් පච්චයො නම් වේ. ‘උවදුරු, සතුරු දෙය පහකරන” යන අර්ථයයි. සුදුසු, සත්පාය කිසියම් දෙයක් වේ නම් ඒ සඳහා යෙදූ තවත් වදනකි. භිසක්ක නම් වෛද්‍යවරයාගේ ක්‍රියාවකින් අනුමත කළ බැවින් භෙසජ්ජං නම් වේ. ගිලන්පසම බෙහෙත් වූයේනුයි ගිලානපච්චය හෙසජ්ජ නම් වේ. කිසියම් ලෙඩුන්ට යෝග්‍ය, වෙදකමින් අනුදත් තෙල්, මීපැණි ආදියෙන් කළ ආහාර-පානාදියක්ම මෙයින් අදහස් වේ. පරික්ඛාරො යන්නෙහි අර්ථ කිහිපයකි. ‘සත්තහි නගරපරික්ඛාරෙහි සුපරික්ඛිතං හොතී’ යනාදියෙහි පරික්ඛාර යන්නෙන් පිරිවර අදහස් වේ. ‘රථො සෙතපරික්ඛාරො ඣානක්ඛො චක්කවිරියො” යනාදියෙහි අලංකාර යන අරුත දෙයි. ‘සෙචි මෙ පබ්බජිතෙන ජීවිත පරික්ඛාරා සමුදානෙතබ්බා’ යනාදියෙහි සම්භාර (උපකරණ රාශිය) අර්ථයෙන් යෙදී ඇත. මෙතැනදී පරික්ඛාර යන්නෙන් සම්භාර අර්ථය ද පිරිවර යන අර්ථය ද යෙදේ. ඒ ගිලන්පස බෙහෙත් ජීවිතයට පිරිවරක් වේ. ජීවිතය නසන ආබාධ ඉපදීමට අවස්ථාවක් නොදී ආරක්ෂා කිරීම් වශයෙන් සම්භාරයක් ද වේ. සිරුර බොහෝ කලක් පවත්වා ගැනීම සඳහා උපකාර වන හෙයින් පරික්ඛාර යැයි කියනු ලැබේ. මෙසේ ගිලන්පස බෙහෙත් ආදිය පරික්ඛාර වූයේනුයි ‘ගිලානපච්චය භේසජ්ජ පරික්ඛාර’ නම් වේ. ඒ ගිලන්පස බෙහෙත් පිරිකර ගිලනාට කිසියම් යෝග්‍ය වූ වෛද්‍යවරයා විසින් අනුදත්.
උප්පන්නානන්ති ජාතානං භූතානං නිබ්බත්තානං. වෙය්යාබාධිකානන්ති එත්ථ බ්යාබාධොති ධාතුක්ඛොභො තංසමුට්ඨානා ච කුට්ඨගණ්ඩපීළකාදයො, බ්යාබාධතො උප්පන්නත්තා වෙය්‍යාබාධිකා. වෙදනානන්ති දුක්ඛවෙදනා, අකුසලවිපාකවෙදනා, තාසං වෙය්යාබාධිකානං වෙදනානං. අබ්යාබජ්ඣපරමතායාති නිද්දුක්ඛපරමතාය. යාව තං දුක්ඛං සබ්බං පහීනං හොති, තාවාති අත්ථො.
[missing trans] පහළ වූ. වෙය්යාබාධිකානං යන මෙහි ව්‍යාබාධ යනු ධාතු කිපීමයි. ඒ හේතුවෙන් හටගන්නා කුෂ්ට, ගඩු, පිළිකාදියයි. ව්‍යාබාධයෙන් උපන් බැවින් වෙය්යාබාධික නම් වේ. වෙදනා යනු දුක් වේදනාවයි. අකුසල විපාක වේදනාවයි. ඒ වෙය්යාබාධික වේදනාවන්ගේ, අබ්යාපජ්ඣ පරමතාය යනු නීරෝගී බව ඉතා උතුම් බැවිනි. යම් දුකක්, පීඩාවක් වේනම් ඒ සියල්ල පළමුව දුරුකරන ලද්දේය යන අර්ථයයි.
සන්තුට්ඨො හොතීති පච්චයසන්තොසෙන සන්තුට්ඨො හොති. ඉතරීතරෙන චීවරෙනාති ථූලසුඛුමලූඛපණීතථිරජිණ්ණානං යෙන කෙනචි. අථ ඛො යථාලද්ධාදීනං ඉතරීතරෙන යෙන කෙනචි සන්තුට්ඨො හොතීති අත්ථො. චීවරස්මිඤ්හි තයො සන්තොසා යථාලාභසන්තොසො යථාබලසන්තොසො යථාසාරුප්පසන්තොසොති. පිණ්ඩපාතාදීසුපි එසෙව නයො.
සන්තුට්ඨො හොති යනු ප්‍රත්‍ය සන්තෝෂයෙන් සතුටු වූයේ වේ. ඉතරීතරෙන චීවරෙන ගොරෝසු, සියුම්, රුක්ෂ, ප්‍රණීත, ස්ථිර, දිරාගිය මේ ආදී සිවුරු ගොඩගසා ගැනීමෙන්, රැස්කිරීමෙන් දුරු වේ. නැතහොත් ලැබෙන පරිදි, තමාට ලද පමණින්, කිසියම් සිවුරකින් සතුටට පත්වේ යන අර්ථයයි. සිවුරෙහි තිබිය යුතු සන්තෝෂ තුනකි. ඒවානම් - යථා ලාභ සන්තෝෂය, යථාබල සන්තෝසය හා යථා සාරුප්‍ය සන්තෝෂය යන තුනයි. පිණ්ඩපාතාදී සෙසු ප්‍රත්‍යයන් පිළිබඳව ද මෙය අදාළ වේ.
වණ්ණවාදීති එකො සන්තුට්ඨො හොති, සන්තොසස්ස වණ්ණං න කථෙති, එකො න සන්තුට්ඨො හොති, සන්තොසස්ස වණ්ණං කථෙති, එකො නෙව සන්තුට්ඨො හොති, න සන්තොසස්ස වණ්ණං කථෙති, එකො සන්තුට්ඨො ච හොති, සන්තොසස්ස වණ්ණං කථෙති, තං දස්සෙතුං “ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී”ති වුත්තං. අනෙසනන්ති දූතෙය්යපහීනගමනානුයොගප්පභෙදං නානප්පකාරං අනෙසනං. අප්පතිරූපන්ති අයුත්තං. අලද්ධා චාති අලභිත්වා. යථා එකච්චො “කථං නු ඛො චීවරං ලභිස්සාමී”ති පුඤ්ඤවන්තෙහි භික්ඛූහි සද්ධිං එකතො හුත්වා කොහඤ්ඤං කරොන්තො උත්තස්සති පරිතස්සති, සන්තුට්ඨො භික්ඛු එවං අලද්ධා ච චීවරං න පරිතස්සති. ලද්ධා චාති ධම්මෙන සමෙන ලභිත්වා. අගධිතොති විගතලොභවන්තො. අමුච්ඡිතොති අධිමත්තතණ්හාය මුච්ඡං අනාපන්නො. අනජ්ඣාපන්නොති තණ්හාය අනොත්ථටො අපරියොනද්ධො. ආදීනවදස්සාවීති අනෙසනාපත්තියඤ්ච ගධිතපරිභොගෙ ච ආදීනවං පස්සමානො. නිස්සරණපඤ්ඤොති “යාවදෙව සීතස්ස පටිඝාතායා”ති (ම· නි· 1.23) වුත්තං නිස්සරණං එව පජානන්තො. ඉතරීතරචීවරසන්තුට්ඨියාති යෙන කෙනචි චීවරෙන සන්තුට්ඨියා. නෙවත්තානුක්කංසෙතීති “අහං පංසුකූලිකො, මයා උපසම්පදමාළෙයෙව පංසුකූලිකඞ්ගං ගහිතං, කො මයා සදිසො අත්ථී”ති අත්තුක්කංසනං න කරොති. න පරං වම්භෙතීති “ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ න පංසුකූලිකා”ති වා “පංසුකූලිකමත්තම්පි එතෙසං නත්ථී”ති වා එවං පරං න වම්භෙති.
වණ්ණවාදී යනු ඇතැමෙක් මේ තුන් ආකාර සන්තෝෂයෙන් යුක්ත වූවත් එය වර්ණනා නොකරති. ඇතැමෙක් සන්තෝෂ නොවන නමුත් සන්තෝෂ වීමේ ගුණ වර්ණනා කරති. තවත් ඇතැමෙක් සන්තෝෂ නොවන අතරම සන්තෝෂවීමේ ගුණ ද නොකියති. සිවුවන පිරිස ඉතරීතර සන්තෝෂයෙන් යුක්තව එහි ගුණ ද පවසයි. එම සිවුවන පිරිස දක්වනු සඳහා ඉතරීතර සන්තුට්ඨියා ච වණ්ණවාදී යි කියන ලදී. අනෙසනං යනු දූතයන් යැවීම්, ගමනානුයෝගාදී ප්‍රභේද ඇති නානාප්‍රකාර අනේසනයන්, අප්පටිරූපං නුසුදුසුය. ලද්ධා ච දැහැමින් සෙමින් ලැබ. අගධිතො ලෝභයෙන් නොමැඩුණේ. අමුච්ඡිතො ඉතා වැඩි (අධික) තණ්හාවෙන් මුසපත් නොවී, අනජ්ඣාපන්නො යනු තණ්හාවෙන් නොබැසගත්තේ, නොබැඳගත්තේ. ආදීනව දස්සාවී අනේසනාපත්තිය ද ගිජු වූ පරිභෝජනයේද ආදීනව දකිමින් නිස්සරණ පඤ්ඤො ‘යාවදෙව සීතස්ස පරිඝාතාය” යනාදී ලෙස කියන ලද නිස්සරණය ද නුවණින් විමසා බලමින්, ඉතරීතර චීවර සන්තුට්ඨියා යනු ලැබුණු කිසියම් සිවුරකින් සතුටුවීම. නෙවත්තානුක්කංසෙති යනු ‘මම පාංශුකූලිකයෙකි’, ‘මම උපසම්පදා මාලකයේදීම පාංශුකූලිකංගය සමාදන් වූයෙමි. මා හා සමාන කෙනෙක් සිටීද?”යි තමා උසස් කර දැක්වීම නොකරයි. න පරං වම්භෙති, ‘මේ අනෙකුත් භික්ෂූහු පාංශුකූලික නොවෙති. බෙල්ලේ පාංශුකූලික මාත්‍රයක්වත් මොවුන්ට නැතැ’යි මෙසේ අනුන් හෙළා නොදකියි.
යො හි තත්ථ දක්ඛොති යො තස්මිං චීවරසන්තොසෙ වණ්ණවාදී, තාසු වා දක්ඛො ඡෙකො බ්යත්තො. අනලසොති සාතච්චකිරියාය ආලසියවිරහිතො. සම්පජානො පටිස්සතොති සම්පජානපඤ්ඤාය චෙව සතියා ච යුත්තො. පොරාණෙති න අධුනුප්පත්තිකෙ. අග්ගඤ්ඤෙති “අග්ගො”ති ජානිතබ්බෙ. අරියවංසෙ ඨිතොති අරියානං වංසෙ පතිට්ඨිතො. අරියවංසොති ච යථා හි ඛත්තියවංසො බ්රාහ්මණවංසො වෙස්සවංසො සුද්දවංසො සමණවංසො කුලවංසො රාජවංසො, එවං අයම්පි අට්ඨමො අරියවංසො අරියතන්ති අරියපවෙණී නාම හොති. සො ඛො පනායං අරියවංසො ඉමෙසං වංසානං මූලගන්ධාදීනං කාළානුසාරිගන්ධාදයො විය අග්ගමක්ඛායති. කෙ පන තෙ අරියා යෙසං එසො වංසොති? අරියා වුච්චන්ති බුද්ධා ච පච්චෙකබුද්ධා ච තථාගතසාවකා ච, එතෙසං අරියානං වංසොති අරියවංසො. ඉතො පුබ්බෙ හි සතසහස්සකප්පාදිකානං චතුන්නං අසඞ්ඛ්යෙය්යානං මත්ථකෙ තණ්හඞ්කරො මෙඞ්කෙරො සරණඞ්කරො දීපඞ්කරොති චත්තාරො බුද්ධා උප්පන්නා, තෙ අරියා, තෙසං අරියානං වංසොති අරියවංසො. තෙසං බුද්ධානං පරිනිබ්බානතො අපරභාගෙ එකං අසඞ්ඛ්යෙය්යං අතික්කමිත්වා කොණ්ඩඤ්ඤො නාම බුද්ධො උප්පන්නො…පෙ… ඉමස්මිං කප්පෙ කකුසන්ධො කොණාගමනො කස්සපො අම්හාකං භගවා ගොතමොති චත්තාරො බුද්ධා උප්පන්නා, තෙසං අරියානං වංසොති අරියවංසො. අපි ච අතීතානාගතපච්චුප්පන්නානං සබ්බබුද්ධපච්චෙකබුද්ධසාවකානං අරියානං වංසොති අරියවංසො, තස්මිං අරියවංසෙ පතිට්ඨිතො.
යො හි තත්ථ දක්ඛො යනු ඒ චීවර සන්තෝෂයේ ගුණ වර්ණනා කරන, එහි දක්ෂ වූ හෝ ව්‍යාක්ත වූ කුසල වූ. අනලසො යනු නිරන්තර ක්‍රියාවෙන්, අලස බවින් තොරව. සම්පජානො පතිස්සතො සම්ප්රජාන ප්‍රඥාවෙන් ද සිහියෙන් ද යුක්තව. පොරාණෙ දැන් උපන් අය විසින් නොවේ. අග්ගඤ්ඤෙ අගයැයි දතයුත්තේ අරියවංසෙ ඨිතො යනු ආර්යයන්ගේ වංසයෙහි පිහිටි. අරියවංසො යනු - ක්ෂත්රිය වංස, බ්‍රාහ්මණ වංස, වෛශ්‍ය වංස, ශුද්‍ර වංස, ශ්‍රමණ වංස, කුල වංස, රාජ වංස යන ලෙස මේ අටවන අරියවංසය වේ. ‘අරියත’ යනු ආර්ය ප්‍රවේණිය නම් වේ. ඒ මේ ආර්යවංශය අනෙකුත් වංසයන් අතුරින් අග්‍ර වේ. ප්‍රධාන වේ. මූල ගන්ධාදීන් අතුරින් කාලානුසාරික ගන්ධය ප්‍රධාන වන්නාක් මෙනි. කෙ පන තෙ අරියො යෙසං එසො වංසො යන්නෙන් ‘අරියා’ යනු බුදුවරු ද පසේ බුදුවරු ද තථාගත ශ්‍රාවකයෝ ද වෙති. මේ ආර්යයන්ගේ වංසයයි. මීට පෙර සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙරදී තණ්හංකර, මේධංකර, සරණංකර, දීපංකර යැයි සතර බුදුකෙනෙක් උපන්හ. ඔවුහු ආර්යයෝ ය. ඒ ආර්යයන්ගේ වංසය අරියවංස යයි. ඒ බුදුවරුන්ගේ පිරිනිවීමට පසුව එක් අසංඛ්‍යයක් ගිය පසු කොණ්ඩඤ්ඤ නම් බුදුරජාණෝ පහළ වූහ. මේ මහා භද්‍ර කල්පයෙහිදී ද කකුසඳ, කෝණාගමන, කස්සප, අපගේ ගෞතම භාග්‍යවතුන් වහන්සේ යන සතර බුදුවරු උපන්හ. ඒ ආර්යයන්ගේ වංසය අරියවංස නමි. තවද අතීත, අනාගත, වර්තමාන සියලු බුදු-පසේබුදු-බුද්ධශ්රාවක යන ආර්යයන්ගේ වංසය ‘අරියවංස’ නම් වේ. ඒ අරියවංසයේ පිහිටි.
ඉතරීතරෙන පිණ්ඩපාතෙනාති යෙන කෙනචි පිණ්ඩපාතෙන. සෙනාසනාදීසුපි එසෙව නයො. ආයතනෙසූති චක්ඛාදීසු ආයතනෙසු.
ඉතරීතරෙන පිණ්ඩපාතෙන යනු කිසියම් පිණ්ඩපාතයකින්, සේනාසනාදියෙහි ද මේ ක්‍රමයමයි. ආයතනෙසු චක්ෂු ආදී ආයතනයන්හි.
යතොති සඤ්ඤතො. යත්තොති යත්තවා. පටියත්තොති අතිවිය යත්තවා. ගුත්තොති රක්ඛිතො. ගොපිතොති මඤ්ජූසාය විය පට්ඨපිතො. රක්ඛිතොති පටිසාමිතො. සංවුතොති ද්වාරසංවරණෙන පිහිතො. ඛුංසිතොති ගරහිතො. වම්භිතොති අපසාදිතො. ඝට්ටිතොති ඝට්ටනමාපාදිතො. ගරහිතොති අවමඤ්ඤිතො. උපවදිතොති අක්කොසිතො.
යතො සංයත වූ යතත්තො යනු සංයත වූ සිත් ඇති. පටියතත්තො අතිශයින් සංයත වූ සිතැත්තේ. ගුත්තො යනු රක්ෂිත වූයේ ගොපිතො මංජුසාවක දමා මෙන් ආරක්ෂා කරන ලදුයේ රක්ඛිතො යනු තැන්පත් කර තැබූයේ සංවුතො ද්වාර සංවරයෙන් වසන ලදුයේ ඛුංසිතො ගරහන ලද්දේ. වම්හිතො අවමන් කරන ලදුයේ ඝට්ටිතො ගටන ලදුයේ. ගරහිතො අවමන්, ගර්හා කරන ලදුයේ උපවදිතො අක්‍රෝශ කරන ලදුයේ.
ඵරුසෙනාති මම්මච්ඡෙදනවචනෙන. කක්ඛළෙනාති දාරුණෙන. නප්පටිවජ්ජාති පටිප්ඵරිත්වා න කථෙය්ය.
ඵරුසෙන මර්මච්ඡේදන වචනයෙන්. කක්ඛලෙන ඉතා දරුණු වදනින් න පටිවජ්ජෙ පතුරුවා කථා නොකරන්නේය.
ඣානානුයුත්තොති අනුප්පන්නුප්පාදනෙන උප්පන්නසෙවනෙන ච ඣානෙන අනුයුත්තො. උපෙක්ඛමාරබ්භ සමාහිතත්තොති චතුත්ථජ්ඣානුපෙක්ඛං උප්පාදෙත්වා සමාහිතචිත්තො. තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙති කාමවිතක්කාදිවිතක්කඤ්ච කාමසඤ්ඤාදිකං විතක්කස්ස ආසයඤ්ච හත්ථකුක්කුච්චාදිකුක්කුච්චඤ්ච උපච්ඡින්දෙය්ය.
ඣානානුයුත්තො යනු නූපන් ධ්‍යාන උපදවමින්, උපන් ධ්‍යාන සේවනය කරමින් ධ්‍යානයන්ගෙන් යුක්තව වෙසේ. උපෙක්ඛමාරබ්භ සමාහිතත්තො සිවුවන ධ්‍යාන උපේක්ෂාව උපදවා සන්සිඳුණු සිත් ඇතිව. තක්කාසයං කුක්කුච්චියුපච්ඡින්දො යනු කාම විතර්කාදී විතර්කයන් ද කාම සංඥාදී විතර්කයේ ආශ්‍රවයන් ද අත් කුකුස් ආදී කුකුස් ද සිඳින්නේ ය.
අනුප්පන්නස්ස වා පඨමස්ස ඣානස්ස උප්පාදායාති තස්මිං අත්තභාවෙ අනුප්පන්නස්ස වා උප්පජ්ජිත්වා පරිහීනස්ස වා පඨමජ්ඣානස්ස උප්පාදනත්ථං අත්තනො සන්තානෙ පටිලාභත්ථං. උප්පන්නං වා පඨමං ඣානං ආසෙවතීතිආදීසු එත්ථ ආදරෙන සෙවති පගුණං කරොති භාවෙති වඩ්ඪෙති බහුලීකරොති පුනප්පුනං කරොති.
අනුප්පන්නස්ස වා පඨමජ්ඣානස්ස උප්පාදාය යනු ඒ ආත්මභාවයේ දී නූපන් හෝ ඉපිද පිරිහී ගිය ප්‍රථම ධ්‍යානය ඉපදවීමට, තම සන්තානයේ උපදවා ගැනීමට. උප්පන්නඤ්ච පඨමජ්ඣානං ආසෙවති යනාදියෙහි මෙහි ආදරයෙන් සේවනය කරයි. ප්‍රගුණ කරයි. වඩයි. දියුණු කරයි. බොහෝ කොට කරයි. නැවත නැවත කරයි.
උපෙක්ඛාති චතුත්ථජ්ඣානෙ උප්පන්නා තත්‍රමජ්ඣත්තුපෙක්ඛා. උපෙක්ඛාති සභාවපදං. උපෙක්ඛනාති උපපත්තිතො ඉක්ඛනාකාරො. අජ්ඣුපෙක්ඛනාති අධිකා හුත්වා ඉක්ඛනා. චිත්තසමතාති චිත්තස්ස සමතා චිත්තස්ස ඌනාතිරිත්තතං වජ්ජෙත්වා සමභාවො. චිත්තප්පස්සද්ධතාති චිත්තස්ස අප්පගබ්භතා, අථද්ධභාවොති අත්ථො. මජ්ඣත්තතා චිත්තස්සාති න සත්තස්ස න පොසස්ස, චිත්තස්ස මජ්ඣත්තභාවොති අත්ථො. චතුත්ථෙ ඣානෙ උපෙක්ඛං ආරබ්භාති චතුත්ථස්මිං ඣානස්මිං උප්පන්නං තත්රමජ්ඣත්තුපෙක්ඛං පටිච්ච. එකග්ගචිත්තොති එකාරම්මණෙ පවත්තචිත්තො. අවික්ඛිත්තචිත්තොති උද්ධච්චවිරහිතො න වික්ඛිත්තචිත්තො.
උපෙක්ඛාය යනු සිවුවන ධ්‍යානයේ උපන් තත්‍රමජ්ඣත්තතා උපේක්ෂාවෙන්, උපෙක්ඛාය යනු ස්වභාව පදයකි. උපෙක්ඛතා පැන නැගීමෙන් බලන ආකාරයයි. අජ්ඣුපෙක්ඛනා අධිකව බැලීම. චිත්ත සමථො යනු සිතේ ඌන, අතිරික්ත ස්වභාවයන් අත්හැර සමභාවයෙන් පවත්වා ගැනීමයි. චිත්තපස්සද්ධනා යනු සිතේ පුගල්භ බව, තද නැති බව යන අර්ථයයි. මජ්ඣත්තතා චිත්තස්ස සත්ත්වයාගේ නොවේ. පුද්ගලයාගේ නොවේ. සිතේ මධ්‍යස්ථභාවය යන අර්ථයයි. චතුත්ථජ්ඣානෙ උපෙක්ඛං ආරබ්භ සිව්වන ධ්‍යානයෙහි උපන් තත්ර මජ්ඣත්ත උපේක්ෂාව නිසා. එකග්ග චිත්තො එක අරමුණක පවතින සිත. අවික්ඛිත්ත චිත්තො යනු උද්ධච්ච විරහිත නො විසුරුණු සිත.
නව විතක්කා වුත්තනයා එව. කාමවිතක්කානං කාමසඤ්ඤාසයොති කාමවිතක්කං විතක්කෙන්තස්ස උප්පන්නා කාමසඤ්ඤා තෙසං විතක්කානං ආසයො වසනොකාසොති කාමසඤ්ඤාසයො. බ්යාපාදවිතක්කාදීසුපි එසෙව නයො.
නව විතර්කයෝ කියූ පරිදිම දතයුතුයි. කාමවිතක්කානං කාමසඤ්ඤාසයො යනු කාම විතර්කයන් විතර්කනය කරන්නාට උපන් කාම සංඥාවයි. ඒ විතර්කයන්ගේ නිවාසය, වසන ස්ථානය වූයේනුයි කාමසඤ්ඤාසයො. ව්‍යාපාද විතර්කාදියෙහි ද මේ ක්‍රමයෙන් ම අර්ථ දතයුතුයි.
චුදිතො වචීභි සතිමාභිනන්දෙති උපජ්ඣායාදීහි වාචාහි චොදිතො සමානො සතිමා හුත්වා තං චොදනං අභිනන්දෙය්ය. වාචං පමුඤ්චෙ කුසලන්ති ඤාණසමුට්ඨිතං වාචං පමුඤ්චෙය්ය. නාතිවෙලන්ති අතිවෙලං පන වාචං කාලවෙලඤ්ච සීලවෙලඤ්ච අතික්කන්තං නප්පමුඤ්චෙය්ය. ජනවාදධම්මායාති ජනපරිවාදකථාය. න චෙතයෙය්යාති චෙතනං න උප්පාදෙය්ය.
චුදිතො වචීහි සතිමාභිනන්දෙ යනු උපාධ්යාදීන්ගේ වචනවලින් චෝදනා කරන ලදුයේ සිහි ඇතිව, ඒ චෝදනා අනුව සතුටු වන්නේය. වාචං පමුඤ්චෙ කුසලං යනු නුවණින් උපන් වචන කියන්නේ ය. නාතිවෙලං ඉතා බොහෝ වේලා කාලවේලා, ශීල වේලා ඉක්මවා කථා නොකරන්නේය. ජනවාද ධම්මාය යනු ජනයාගේ උපවාද කථාවෙන් න චෙතයෙය්ය යනු සිතුවිලි නූපදවන්නේය.
ඉදං තෙ අප්පත්තන්ති ඉදං තව න පත්තං. අසාරුප්පන්ති තව පයොගං අසාරුප්පං. අසීලට්ඨන්ති තව පයොගං න සීලෙ පතිට්ඨන්ති අසීලට්ඨං, සීලෙ ඨිතස්ස පයොගං න හොතීති වුත්තං හොති. කෙචි “අසිලිට්ඨ”න්ති පඨන්ති, අමට්ඨවචනන්ති අත්ථං වණ්ණයන්ති.
ඉදං තෙ අප්පත්තං යනු මෙය නුඹට නොපැමිණියේය. අසාරුප්පං යනු ‘නුඹේ ප්‍රයෝගය අසාරුප්යය.’ අසීලට්ඨං යනු ‘නුඹේ ප්‍රයෝගය සීලයේ නොපිහිටියේය.’නුයි අසීලට්ඨ නම් වේ. සීලයේ පිහිටියහුගේ ප්‍රයෝගයක් නොවේ යැයි කියන ලදී. ඇතැමෙක් අසිලිට්ඨං යැයි ද කියති. නො පිහිටි, මටසිලිටි නොවූ වචන යැයි අර්ථ කියති.
නිධීනන්ති තත්ථ තත්ථ නිදහිත්වා ඨපිතානං හිරඤ්ඤසුවණ්ණාදිපූරානං නිධිකුම්භීනං. පවත්තාරන්ති කිච්ඡජීවිකෙ දුග්ගතමනුස්සෙ අනුකම්පං කත්වා “එහි සුඛෙන තෙ ජීවනුපායං දස්සෙස්සාමී”ති නිධිට්ඨානං නෙත්වා හත්ථං පසාරෙත්වා “ඉමං ගහෙත්වා සුඛං ජීවා”ති ආචික්ඛිතාරං විය. වජ්ජදස්සිනන්ති ද්වෙ වජ්ජදස්සිනො “ඉමිනා නං අසාරුප්පෙන වා ඛලිතෙන වා සඞ්ඝමජ්ඣෙ නිග්ගණ්හිස්සාමී”ති රන්ධගවෙසකො ච අඤ්ඤාතං ඤාපනත්ථාය ඤාතං අනුග්ගණ්හත්ථාය සීලාදිනා චස්ස වුද්ධිකාමතාය තං තං වජ්ජං ඔලොකනෙන උල්ලපනසභාවසණ්ඨිතො ච. අයං ඉධ අධිප්පෙතො. යථා හි දුග්ගතමනුස්සො “ඉමං ගණ්හාහී”ති තජ්ජෙත්වා පොට්ඨෙත්වාපි නිධිං දස්සෙන්තෙ කොපං න කරොති, පමුදිතොව හොති, එවමෙව එවරූපෙ පුග්ගලෙ අසාරුප්පං වා ඛලිතං වා දිස්වා ආචික්ඛන්තෙ කොපො න කාතබ්බො, තුට්ඨෙනෙව භවිතබ්බං. “භන්තෙ මහන්තං වො කතං කම්මං, මය්හං ආචරියුපජ්ඣායට්ඨානෙ ඨත්වා ඔවදන්තෙහි පුනපි මං වදෙය්යාථා”ති පවාරෙතබ්බමෙව. නිග්ගය්හවාදින්ති එකච්චො හි සද්ධිවිහාරිකාදීනං අසාරුප්පං වා ඛලිතං වා දිස්වා “අයං මෙ මුඛොදකදානාදීහි සක්කච්චං උපට්ඨහති, සචෙ නං වක්ඛාමි, න මං උපට්ඨහිස්සති, එවං මම පරිහානි භවිස්සතී”ති වත්තුං අවිසහන්තො න නිග්ගය්හවාදී නාම හොති, සො ඉමස්මිං සාසනෙ කචවරං ආකිරති. යො පන තථාරූපං වජ්ජං දිස්වා වජ්ජානුරූපං තජ්ජෙත්වා පණාමෙන්තො දණ්ඩකම්මං කරොන්තො විහාරා නීහරන්තො සික්ඛාපෙති, අයං නිග්ගය්හවාදී නාම සෙය්යථාපි සම්මාසම්බුද්ධො. වුත්තඤ්හෙතං – “නිග්ගය්හ නිග්ගය්හාහං, ආනන්ද, වක්ඛාමි, පවය්හ පවය්හාහං, ආනන්ද, වක්ඛාමි, යො සාරො සො ඨස්සතී”ති (ම· නි· 3.196). මෙධාවින්ති ධම්මොජපඤ්ඤාය සමන්නාගතං. තාදිසන්ති එවරූපං පණ්ඩිතං භජෙය්ය පයිරුපාසෙය්ය. තාදිසඤ්හි ආචරියං භජමානස්ස අන්තෙවාසිකස්ස සෙය්යොව හොති, න පාපියො, වුඩ්ඪියෙව හොති, නො පරිහානීති.
නිධීනං යනු ඒ ඒ තැන බහාතබන ලද, රන්-රිදී ආදියෙන් පිරුණු නිධිකුම්භයන්ගේ. පවත්තාරං යනු දුෂ්කර ජීවිතයක් ගෙවන, දුප්පත් මිනිසුන්ට අනුකම්පා කර, ‘එන්න නුඹලාට සුවසේ ජීවත්වන උපායක් පෙන්වන්නෙමි’යි නිධානයක් ඇති තැනකට ගෙනගොස්, අත දිගහැර ‘මේවා ගෙන සුවසේ ජීවත් වෙන්න’යි පවසන්නාක් මෙනි. වජ්ජදස්සිනං යනු වැරදි දැකීම් දෙකකි. ‘මේ වරදින් හෝ නොගැලපෙන දෙයින් හෝ මොහුට සඟ මැද නිග්‍රහ කරන්නෙමි”යි සිදුරක්, වරදක් සෙවීම පළමු වරද දැකීමයි. නොදත් දේ දැනගන්වනු සඳහාත් දැනගත් දේට අනුග්‍රහ කරනු සඳහාත් සීලාදියෙන් ඔහුගේ අභිවෘද්ධිය කැමැතිව ඒ ඒ වරද බලා එය උලුප්පා දක්වා නිවැරදි කරවීමේ අදහසින් වැරදි සෙවීම දෙවන වරද දැකීමයි. මෙම ගාථාවේදී මේ දෙවැනි වැරදි දැකීම අදහස් විය. දුප්පත් මිනිසෙක් ‘මෙය ගනුව’යි තර්ජනය කර, තළා පෙළා නිධානයක් දක්වනවිට කෝප නොවී, ප්රමුදිතවන්නේ යම්සේ ද එසේම මෙබඳු පුද්ගලයා තමාගේ නොගැලපෙන දෙය හෝ වරද (දෝෂය) හෝ දැක, එය පෙන්නා දෙනවිට කෝප නොකළ යුතුයි. සතුටින් ම එය පිළිගත යුතුයි. ‘ස්වාමීනි, නුඹවහන්සේ මා හට මහත් වූ උපකාරයක් කළ සේක. මගේ ආචාර්ය උපාධ්‍යාය ස්ථානයේ හිඳ මට තව තවත් අවවාද අනුශාසනා කරනු මැනවි’යි ආරාධනා කළයුත්තේමය. නිග්ගය්හවාදිං ඇතැමෙක් තම සද්ධිවිහාරිකාදීන්ගේ නොගැලපෙන දෙයක් හෝ වරදක් හෝ දැක, ‘මොහු මා හට මුවදෝනා පැන් ආදිය ගෙන එමින් මනාව සත්කාර සම්මාන කරයි. ඉදින් මොහුගේ වරද හෝ දෝෂය පෙන්වුවහොත් මොහු මා හට උවටැන් නොකරන්නේය. එය මගේ පිරිහීමට හේතුවේ’ මෙසේ සිතා නම්, වරද පෙන්වීමට අසමත් වේ නම් එම වෘද්ධ භික්ෂුව නිග්ගය්හවාදියකු නොවේ. උන්වහන්සේ මේ සසුනේ කසල විසුරුවති. (සසුන හැඩි කරති.) යමෙක් වනාහී එබඳු අයෙකුගේ වරදක් දැක වරදට අනුරූප වූ ලෙස තර්ජනය කර, නෙරපමින්, දඬුවම් කරමින්, විහාරයෙන් බැහැර කරමින් හික්මවයි ද ඔහුම නිග්ගය්හවාදී නම් වේ. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙනි. කියන ලදී. ‘නිග්‍රහ කළයුත්තාට ආනන්දය! මම නිග්‍රහ කරමින් කරුණු පවසමි. ඔසවා තැබිය යුත්තා, ඔසවා තබමින් සාරවත් භාවයෙහි තබන්නෙමි’. මෙධාවිං යනු ධර්මයෙන් හටගත් ප්‍රඥාවෙන් යුක්තව. තාදිසං මෙබඳු පඬිවරයා, භජෙ ඇසුරු කරන්නේය. පයිරුපාසනය කරන්නේය. මෙබඳු ගරුවරයකු ආශ්‍රය කරන්නා වූ අන්තේවාසිකයාට යහපතක්ම වේ. පව්කාරයෙක් නොවේ. වෘද්ධියක්ම වේ. පරිහානියක් නොම වේ.
ඔවදෙය්යාති උප්පන්නෙ වත්ථුස්මිං වදන්තො ඔවදති නාම, අනුප්පන්නෙ “අයසොපි තෙ සියා”තිආදිවසෙන අනාගතං දස්සෙන්තො අනුසාසති නාම. සම්මුඛා වදන්තොපි ඔවදති නාම, පරම්මුඛා දූතං වා සාසනං වා පෙසෙන්තො අනුසාසති නාම. සකිං වදන්තොපි ඔවදති නාම, පුනප්පුනං වදන්තො අනුසාසති නාම. ඔවදන්තො එව වා අනුසාසති නාමාති එවං ඔවදෙය්ය අනුසාසෙය්‍ය. අසබ්භාති අකුසලධම්මා නිවාරෙය්ය, කුසලධම්මෙ පතිට්ඨපෙය්යාති අත්ථො. සතඤ්හි සො පියො හොතීති සො එවරූපො පුග්ගලො බුද්ධාදීනං සප්පුරිසානං පියො හොති. යෙ පන අදිට්ඨධම්මා අවිතිණ්ණපරලොකා ආමිසචක්ඛුකා ජීවිකත්ථාය පබ්බජිතා, තෙසං අසතං සො ඔවාදකො අනුසාසකො “න ත්වං අම්හාකං උපජ්ඣායො, න ආචරියො, කස්මා අම්හාකං ඔවදසී”ති එවං මුඛසත්තීහි විජ්ඣන්තානං අප්පියො හොතීති.
ඔවදෙය්ය යනු දෙයක් සිදු වූ විට වරද පෙන්වාදීම ‘අවවාදය’ නම් වේ. වරදක් සිදුවීමට කලින්, නූපන් කල්හිම ‘නුඹලාට අයසක්, අපකීර්තියක් වන්නේය’යි ආදී වශයෙන් අනාගතය දක්වමින් කරුණු දැක්වීම ‘අනුශාසනා කිරිම’ නම් වේ. ඉදිරියේ සිට කරුණු දැක්වීම ‘අවවාද කිරීම’ නම් වේ. ඉදිරියේ නොවූවෙකු වෙත දූතයකු හෝ හසුනක් හෝ යැවීම ‘අනුශාසනා කිරීම’ නම් වේ. වරක් දෙයක් පැවසීම ‘අවවාද කිරීම’ නම් වේ. නැවත නැවතත් ප්‍රකාශ කිරීම ‘අනුශාසනාව’ නම් වේ. අවවාද කරමින් සිටීම ම හෝ අනුශාසනා කිරීම නම් වේනුයි ඔවදෙය්යානුසාසෙය්ය නම් වේ. අසබ්භා ච අකුශල ධර්මයෙන් වළකන්නේ ය. කුසල ධර්මයන්හි පිහිටුවන්නේය යන අර්ථයයි. සතං හි සො පියො හොති යනු මෙවැනි අවවාද අනුශාසනා කරන පුද්ගලයා බුද්ධාදී සත්පුරුෂයන්ට ප්‍රිය වේ. ඇතැමෙක් දහම නොදැක, හැරදැමූ පරලොව ඇතිව, ආමිෂය ලබමින් ජීවත්වීම සඳහාම පැවිදිව සිටිත් ද ඒ අසත්පුරුෂයෝ තමන්ගේ වරද පෙන්වමින් අවවාද අනුශාසනා කරන්නාට ‘නුඹ අපගේ උපාධ්‍යායවරයා නොවේ. ආචාර්යවරයා නොවේ. කුමක් නිසා අපට අවවාද කරන්නෙහිද?’යි මුඛ සැතින් විදිමින්, කපමින් විමසා සිටිති. මෙවැනි අසත්පුරුෂයන්ට එවැනි පඬිවරයා අප්‍රිය වේ.
එකකම්මන්ති අපලොකනකම්මාදිකං එකකම්මං. එකුද්දෙසොති නිදානුද්දෙසාදිකො එකුද්දෙසො. සමසික්ඛතාති සමානසික්ඛතා. ආහතචිත්තතන්ති කොධෙන පහතචිත්තභාවං. ඛිලජාතතන්ති ථද්ධභාවං. පඤ්චපි චෙතොඛිලෙති බුද්ධධම්මසඞ්ඝසික්ඛාසබ්රහ්මචාරීසු පඤ්චසුපි චිත්තස්ස ථද්ධභාවෙ.
එකකම්මං යනු අපලෝකන කර්මාදී ඒක කර්ම ඇති එකුද්දෙසො යනු නිදානුද්දේස ආදී වූ ඒක උද්දේස ඇති. සමසික්ඛතා යනු සමාන ශික්ෂා ඇති ආහත චිත්තතං යනු ක්‍රෝධයෙන් පහළ (ගැටුණු) සිත් ඇති බව. ඛිලජාතං තද බව. පඤ්චපි චෙතො ඛිලෙ යනු බුද්ධ, ධම්ම, සංඝ, ශික්ෂා, සබ්රහ්මචාරී යන පස්දෙනා කෙරෙහි සිතේ තද බව.
ඤාණසමුට්ඨිතං වාචන්ති ඤාණසම්පයුත්තචිත්තෙන උප්පාදිතං වාක්යං. මුඤ්චෙය්යාති විස්සජ්ජෙය්ය. අත්ථූපසංහිතන්ති අත්ථසහිතං කාරණසහිතං. ධම්මූපසංහිතන්ති ධම්මෙන යුත්තං. කාලාතික්කන්තං වාචං න භාසෙය්යාති කාලාතීතං වාචං න කථෙය්ය තස්ස කාලස්ස අතික්කන්තත්තා. වෙලාතික්කන්තන්ති මරියාදාතීතං වචනං න භණෙය්ය වචනමරියාදස්ස අතික්කන්තත්තා. උභයවසෙන කාලවෙලා.
ඤාණ සමුට්ඨිතං වාචං යනු ඤාණ සම්ප්‍රයුක්ත සිතින් උපදවන ලද වාක්‍යයක් මුඤ්චෙය්ය මුදන්නේය. අත්ථූපසංහිතං යනු අර්ථ සහිත. ධම්මූපසංහිතං යනු ධර්මයෙන් යුතු. කාලාතික්කන්තං වාචං න භාසෙය්ය යනු කල් ඉක්ම වූ වචනයක් නො කියන්නේය. ඒ වචනය කිවයුතු කාලය ඉක්මගිය බැවිනි. වෙලාතික්කන්තං සීමාව ඉක්මවූ වචන නොකියන්නේය. වචන සීමාව ඉක්මගිය බැවිනි. මේ දෙකම එකතුකර කාලවෙලා නම් වේ.
යො වෙ කාලෙ අසම්පත්තෙති අත්තනො වචනකාලෙ අසම්පත්තෙ. අතිවෙලන්ති වෙලාතික්කන්තං කත්වා අතිරෙකප්පමාණං භාසති. නිහතො සෙතීති නිග්ඝාතිතො සයති. කොකිලායෙව අත්රජොති කාකියා පටිජග්ගිතො කොකිලාය අබ්භන්තරෙ ජාතො කොකිලපොතකො විය.
කාලෙ අසම්පත්තෙ යනු තමාගේ වචන කිවයුතු අවස්ථා නොපැමිණි කල්හි. අතිවෙලං යනු වේලාව ඉක්මවා, අතිරේකව - ඉතා වැඩියෙන් පවසයි. නිහතො සෙති යනු නසන ලදුයේ හොවයි. කොකිලායෙව අත්ර ජො යනු කැවිඩිය විසින් පෝෂණය කළ කෙවිලියට දාව උපන් කොවුල් පැටියා මෙන්.
අථාපරන්ති අථ ඉදානි ඉතො පරම්පි. පඤ්ච රජානීති රූපරාගාදීනි පඤ්ච රජානි. යෙසං සතීමා විනයාය සික්ඛෙති යෙසං උපට්ඨිතස්සති හුත්වාව විනයනත්ථං තිස්සො සික්ඛා සික්ඛෙය්ය. එවං සික්ඛන්තො හි රූපෙසු…පෙ… ඵස්සෙසු සහෙථ රාගං, න අඤ්ඤෙති.
අථාපරං යනු ඉක්බිති, ඉන් අනතුරුව. පඤ්ච රජානි යනු රූප රාගාදී පස් සංයෝජනයන්. රංජනයන් යෙසං සතිමා විනයාය සික්ඛෙ යමෙකුගේ එළවූ සිහි ඇතිව ද හික්මවීම පිණිස ත්‍රිවිධ ශික්ෂාවන්හි හික්මෙන්නේ ය. මෙසේ හික්මෙන්නේ ද රූපයෙහි ද -පෙ- ස්පර්ශයෙහි ද ඡන්දරාගය මඩින්නේය. අනිකක් කෙරෙහි නොවේ.
රූපරජොති රූපාරම්මණං පටිච්ච උප්පන්නො රාගාදිරජො. සද්දරජාදීසුපි එසෙව නයො.
රූපරජො යනු රූපාරම්මණය නිසා උපන් රාගාදී රජස්. ශබ්ද රජාදියෙහි මේ ක්‍රමයමයි.
තතො සො තෙසං විනයාය සික්ඛන්තො අනුක්කමෙන – එතෙසු ධම්මෙසූති ගාථා. තත්ථ එතෙසූති රූපාදීසු. කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානොති සො භික්ඛු ය්වායං “උද්ධතෙ චිත්තෙ සමථස්ස කාලො”තිආදිනා (සං· නි· 5.234) නයෙන කාලො වුත්තො, තෙන කාලෙන සබ්බං සඞ්ඛතධම්මං අනිච්චාදිනයෙන පරිවීමංසමානො. එකොදිභූතො විහනෙ තමං සොති සො එකග්ගචිත්තො සබ්බං මොහාදිතමං විහනෙය්ය, නත්ථි එත්ථ සංසයො.
ඉක්බිති ඒ භික්ෂුව කෙලෙසුන් දුරලා මනාව හික්මෙන අයුරු අනුක්රමයෙන් දක්වනු සඳහා එතෙසු ධම්මෙසු යන ගාථාව දැක්විණි. එහි එතෙසු යනු රූපාදියෙහි. කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො යන්නෙහි ‘සො’ යනු ඒ භික්ෂුව. යමෙක් මේ විසිරුණු සිතේ සමථයට සන්සිඳීමට කාලය වේයැයි ආදී ක්‍රමයෙන් කාලය කියන ලද්දේ ද ඒ කාලයෙන් සියලු සංඛත ධර්ම අනිත්‍යදී ක්‍රමයෙන් මනාව විමසා බලනුයේ. එකොදිභූතො විහනෙ තමං සො ඒ භික්ෂුව එකඟ සිත් ඇතිව සියලු මෝහාදී අඳුර නසන්නේ ය. එහි සැකයක් නම් නැත.
උද්ධතෙ චිත්තෙති වීරියින්ද්රියවසෙන චිත්තෙ අවූපසන්තෙ. බලවවීරියඤ්හි මන්දසමාධිං වීරියස්ස උද්ධච්චපක්ඛත්තා උද්ධච්චං අභිභවති. එවං උද්ධතෙ චිත්තෙ. සමථස්ස කාලොති සමාධිස්ස භාවනාය කාලො. සමාහිතෙ චිත්තෙති උපචාරප්පනාහි චිත්තෙ සමාහිතෙ. බලවසමාධි හි මන්දවීරියං සමාධිස්ස කොසජ්ජපක්ඛත්තා කොසජ්ජං අභිභවති. සමාධි වීරියෙන සඤ්ඤොජිතො කොසජ්ජෙ පතිතුං න ලභති. වීරියං සමාධිනා සඤ්ඤොජිතං උද්ධච්චෙ පතිතුං න ලභති . තස්මා තදුභයං සමං කාතබ්බං. උභයසමතාය හි අප්පනා හොති. විපස්සනාය කාලොති එවං සමාහිතෙ අනිච්චාදිවසෙන විවිධාය පස්සනාය කාලො, සමාධිකම්මිකස්ස බලවතීපි සද්ධා වට්ටති. එවං සද්දහන්තො ඔකප්පෙන්තො අප්පනං පාපුණාති. සමාධිපඤ්ඤාසු පන සමාධිකම්මිකස්ස බලවතී එකග්ගතා වට්ටති. එවඤ්හි සො අප්පනං පාපුණාති. විපස්සනාකම්මිකස්ස පන පඤ්ඤා බලවතී වට්ටති. එවඤ්හි සො ලක්ඛණප්පටිවෙධං පාපුණාති. උභින්නං පන සමත්තෙපි අප්පනා හොති එව.
උද්ධතෙ චිත්තෙ යනු විරියින්ද්රිය වශයෙන් සිත නොසන්සිඳුණු කල්හි. බලවත් වීර්යය වනාහි මන්ද සමාධිය වීර්යයේ උද්ධච්චයට පක්ෂ වන බැවින් උද්ධච්චය අභිබවා සිටියි. මෙසේ සිත නොසන්සුන් වූ කල්හි. සමථස්ස කාලො යනු සමාධි භාවනාවට කාලයයි. සමාහිතෙ චිත්තෙ යනු උපචාර අර්පණාවලින් සිත සමාධිගත වූ කල්හි. බලවත් සමාධිය වනාහි මන්ද වීර්යය සමාධියේ කුසීතබවට පක්ෂ වන බැවින් කුසීතබව මැඬලයි. සමාධි වීර්යයෙන් එක්කොට බඳින ලද්දේ කුසීත බවෙහි වැටීමට අවස්ථාව නොලබයි. වීර්යය සමාධියෙන් මෙහෙයවන ලදුයේ උද්ධච්චයේ වැටීමට අවස්ථාව නොලබයි. එනිසා ඒ දෙකම සම කළ යුතුයි. උභය සමතාව (වීර්යයේ හා සමාධියේ සමබව) ඇති වූ කල්හිම අර්පණාව ඇතිවේ. විපස්සනාය කාලො යනු මෙසේ සිත සමාධිගත වූ කල්හි අනිත්‍යාදී වශයෙන් විවිධ වූ (විශේෂ) දර්ශනයට කාලයයි. සමාධි කම්මිකයාට බලවත් වූ ශ්‍රද්ධාව සුදුසුය. මෙසේ අදහනුයේ, විශ්වාස කරනුයේ අර්පණාවට (යෝගාවචරයාගේ සිත) පැමිණේ. සමාධි ප්‍රඥා දෙක අතුරින් සමාධි කම්මිකයාගේ ප්‍රඥාව බලවත්වීම සුදුසුය. මෙසේ ඔහු ලක්ෂණ ප්‍රතිවේධයට පැමිණේ. සමාධි ප්‍රඥා දෙකේ සමතාවය ඇති වූ කල්හිම අර්පණාවට සිත පැමිණේ.
කාලෙ පග්ගණ්හති චිත්තන්ති යස්මිං සමයෙ අතිසිථිලවීරියතාදීහි ලීනං චිත්තං හොති, තස්මිං සමයෙ ධම්මවිචයවීරියපීතිසම්බොජ්ඣඞ්ගසමුට්ඨාපනෙන තං චිත්තං පග්ගණ්හාති. නිග්ගණ්හතීති යස්මිං සමයෙ අච්චාරද්ධවීරියතාදීහි උද්ධතං චිත්තං හොති, තස්මිං සමයෙ පස්සද්ධිසමාධිඋපෙක්ඛාසම්බොජ්ඣඞ්ගසමුට්ඨාපනෙන තං චිත්තං නිග්ගණ්හාති. සම්පහංසති කාලෙනාති යස්මිං සමයෙ චිත්තං පඤ්ඤාපයොගමන්දතාය වා උපසමසුඛානං විගමෙන වා නිරස්සාදං හොති , තස්මිං සමයෙ අට්ඨසංවෙගවත්ථුපච්චවෙක්ඛණෙන සංවෙජෙති. අට්ඨ සංවෙගවත්ථූනි නාම – ජාතිජරාබ්යාධිමරණානි චත්තාරි, අපායදුක්ඛං පඤ්චමං, අතීතෙ වට්ටමූලකං දුක්ඛං අනාගතෙ වට්ටමූලකං දුක්ඛං, පච්චුප්පන්නෙ ආහාරපරියෙට්ඨිමූලකං දුක්ඛන්ති. රතනත්තයගුණානුස්සරණෙනාස්ස පසාදං ජනෙති. අයං වුච්චති “සම්පහංසති කාලෙනා”ති. කාලෙ චිත්තං සමාදහෙති යස්මිං සමයෙ සද්ධාපඤ්ඤානං සමාධිවීරියානඤ්ච සමභාවො, තස්මිං කාලෙ චිත්තං සමාදහෙය්ය.
කාලෙ පග්ගණ්හාති චිත්තං යනු යම් කාලයක ඉතා ලිහිල් වීර්යයෙන් අප්‍රකට සිතක් ඇති වේද, එම කාලයේ දී (එවිට) ධර්ම විචය, විරිය, පීති යන සම්බොජ්ඣංගයන් ඉපදවීමෙන් සිතට අනුග්‍රහ කරයි. නිග්ගණ්ගාති. යම්කලෙක ඉතා දැඩිව ඇරඹු (වේගවත්) වීර්ය නිසා සිත විසිරී යයි ද එවිට පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන සම්බොජ්ඣංගයන් ඉපදවීමෙන් සිතට නිග්‍රහ කරයි. සම්පහංසති කාලෙන යනු යම්විටෙක සිත ප්‍රඥා ප්‍රයෝගයේ මඳ බව නිසා හෝ උපසම සුඛයන්ගේ දුරුවීමෙන් හෝ සිත නිරාශ්වාද ඇතිවේද එවිට අෂ්ට සංවේග වස්තු පිළිබඳ ප්රත්යවේක්ෂාවෙන් සංවේග ඇතිකරයි. අෂ්ට සංවේග වස්තු නම් ජාති, ජරා, ව්‍යාධි (රෝග), මරණ යන සතරත්, සතර අපා දුක, අතීතයේ වූ සංසාරික දුක, අනාගතයේ වන සංසාරික දුක හා වර්තමානයේ ඇති ආහාර සෙවීම මූලික දුක යන සතරත් වේ. තුණුරුවනේ සූවිසි මහ ගුණ සිහිකිරීමෙන් ඔහුගේ සිතේ ප්‍රසාදය ඇතිවේ. මෙය ‘සුදුසු කාලයෙහි සංවේග ඇති කරයි’ (සම්පහංසති කාලෙන) නම් වේ. චිත්තං සමාදහෙ යනු යම්විටෙක ශ්‍රද්ධා ප්‍රඥා දෙකේත් සමාධි විරිය දෙකේත් සමභාවයක් (සම තත්ත්වයක්) ඇතිවේ ද එවිට සිත සමාධිගත කරන්නේ ය. සිත අර්පණාවට පමුණුවන්නේය.
අජ්ඣුපෙක්ඛති කාලෙනාති යස්මිං සමයෙ සම්මා පටිපත්තිං ආගම්ම අලීනං අනුද්ධතං අනිරස්සාදං ආරම්මණෙ සමප්පවත්තං සමථවීථිපටිපන්නං චිත්තං හොති, තදාස්ස පග්ගහනිග්ගහසම්පහංසනෙසු න බ්යාපාරං ආපජ්ජති සාරථි විය සමප්පවත්තෙසු අස්සෙසු. අයං වුච්චති “අජ්ඣුපෙක්ඛති කාලෙනා”ති. සො යොගී කාලකොවිදොති එසො වුත්තප්පකාරො කම්මට්ඨානයොගෙ නියුත්තො පග්ගහනිග්ගහසම්පහංසනසමාදහනඅජ්ඣුපෙක්ඛනකාලෙසු ඡෙකො බ්යත්තො. කිම්හි කාලම්හීතිආදිනා පග්ගහාදිකාලං පුච්ඡති.
අජ්ඣුපෙක්ඛති කාලෙන යනු යම්විටෙක සම්‍යක් ප්‍රතිපත්තියට පැමිණ, ප්‍රකට වූ, නොවිසුරුණු, නිරාශ්වාද රහිත වූ, අරමුණේ මනාව පවත්නා වූ සමාධි වීථියට පිළිපන් සිතක් ඇතිවේද, එවිට ඔහුගේ සිත අනුග්‍රහ, නිග්‍රහ, සංවේග පත් කිරීම් ආදියෙහි ව්‍යාපාරයට නොපැමිණෙයි. සමව යන අසුන් ඇති කල්හි සන්සුන් වූ රියදුරා මෙනි. මෙය ‘කාලෙන අජ්ඣුපෙක්ඛති’ නම් වේ. සො යොගී කාලකොවිදො යනු මෙසේ කියන ලද ආකාරයෙන් කමටහනෙහි යෙදෙන, අනුග්‍රහ - නිග්‍රහ - සතුටුකරන - සමාදන් කරවන - මධ්‍යස්ථ කරවන අවස්ථාවෙහි දක්ෂ වූ ව්‍යක්ත වූ. කිම්හි කාලම්හි යනාදියෙන් අනුග්‍රහ කිරීම් ආදී කාලය විමසා සිටියි.
ඉදානි පග්ගහාදිකාලං විස්සජ්ජෙන්තො “ලීනෙ චිත්තම්හී”තිආදිමාහ. අතිසිථිලවීරියතාදීහි චිත්තෙ ලීනභාවං ගතෙ ධම්මවිචයවීරියපීතිසම්බොජ්ඣඞ්ගසමුට්ඨාපනෙන පග්ගහො. උද්ධතස්මිං විනිග්ගහොති අච්චාරද්ධවීරියතාදීහි උද්ධතෙ චිත්තෙ පස්සද්ධිසමාධිඋපෙක්ඛාසම්බොජ්ඣඞ්ගසමුට්ඨාපනෙන නිග්ගහො. නිරස්සාදගතං චිත්තං, සම්පහංසෙය්ය තාවදෙති පඤ්ඤාපයොගමන්දතාය වා උපසමසුඛානං විගමෙන වා අස්සාදවිරහිතං ගතං අට්ඨසංවෙගවත්ථුපච්චවෙක්ඛණෙන වා රතනත්තයගුණානුස්සරණෙන වා තස්මිං ඛණෙ චිත්තං සම්පහංසෙය්ය.
දැන් ඒ පග්ගහා (අනුග්‍රහ) දී කාලයන් විසඳමින් (පැහැදිලි කරමින්) ලීනෙ චිත්තම්හි යන ගාථාවන් කියන ලදී. ඉතා ලිහිල් වීර්යාදිය නිසා සිතේ හැකිලුණු කල්හි ධම්මවිචය, විරිය, ප්‍රීති යන සම්බොජ්ඣංගයන් උපදවා ගැනීමෙන් සිතට අනුග්‍රහ කළ යුතුයි. උද්ධතස්මිං හි නිග්ගහො යනු ඉතා දැඩිව ඇරඹූ වීර්යය නිසා සිත විසිරුණු කල්හි පස්සද්ධි, සමාධි, උපේක්ෂා යන සම්බොජ්ඣංගයන් ඉපදවීමෙන් නිග්‍රහ කරයි. නිරස්සාදිකතං චිත්තං සමහංසෙය්ය තවදෙ යනු ප්‍රඥා ප්‍රයෝගයේ මද බව නිසා හෝ උපසම සුඛයේ දුරුවීමෙන් හෝ ආශ්වාද විරහිතව කරන ලද අෂ්ට සංවේග වස්තු ප්රත්යවේක්ෂා කිරීමෙන් හෝ තුණුරුවනේ ගුණ සිහි කිරීමෛන් හෝ එකෙණෙහිම සිත සතුටට පත් කරන්නේය.
සම්පහට්ඨං යදා චිත්තන්ති යස්මිං කාලෙ වුත්තනයෙනෙව සම්පහංසිතං චිත්තං හොති. අලීනං භවති නුද්ධතන්ති වීරියසමාධීහි සඤ්ඤොජිතත්තා ලීනුද්ධච්චවිරහිතඤ්ච හොති. සමථනිමිත්තස්සාති සමථො ච නිමිත්තඤ්ච සමථනිමිත්තං, තස්ස සමථනිමිත්තස්ස. සො කාලොති යො සො ලීනුද්ධච්චවිරහිතකාලො වුත්තො, සො කාලො. අජ්ඣත්තං රමයෙ මනොති ඣානසම්පයුත්තං චිත්තං කසිණාදිගොචරජ්ඣත්තෙ තොසෙය්ය අභිරමාපෙය්ය.
සම්පහට්ඨං යදා චිත්තං යම්කලෙක කියන ලද ආකාරයෙන් ම සතුටට පත් සිතක් ඇතිවේනම්. අලීනං භවති අනුද්ධතං යනු විරිය සමාධි දෙකින් යොදන ලද බැවින් සිතේ සැඟවීම, උද්ධච්ච බව විරහිත වේ. සමථ නිමිත්තස්ස යනු සමථය ද නිමිත්ත ද සමථ නිමිත්ත වේ. ඒ සමථ නිමිත්තේ යන අර්ථයයි. සො කාලො යනු යමෙක් ලීන උද්ධච්ච (සැඟවුණු-විසිරුණු) භාවයෙන් විරහිත වූ කාලයක් වේ ද එම කාලය අජ්ඣත්තං රමයෙ මනො යනු ධ්‍යාන සම්ප්‍රයුක්ත සිත කසිණාදී ගෝචරවලින් අධ්‍යාත්මය සතුටු කරන්නේය. අභිරමණය කරවන්නේය.
එතෙන මෙවුපායෙනාති එතෙන වුත්තඋපායෙන එව. ම-කාරො පදසන්ධිවසෙන වුත්තො. අජ්ඣුපෙක්ඛෙය්ය තාවදෙති යදා උපචාරප්පනාහි තං චිත්තං සමාහිතං, තදා “සමාහිතං චිත්ත”න්ති ජානිත්වා පග්ගහනිග්ගහසම්පහංසනෙසු බ්යාපාරං අකත්වා තස්මිං ඛණෙ අජ්ඣුපෙක්ඛනමෙව කරෙය්ය.
එතෙන මෙව උපායෙන යනු මෙයින් කියූ උපායෙන් ම. ‘ම’ කාරය පද සන්ධි කිරීම් වශයෙන් කියන ලදී. අජ්ඣුපෙක්ඛෙය්ය තාවදෙ යනු යම්කලෙක උපචාර, අර්පණාවන්ගෙන් ඒ සිත සමාධිගත වේද, එකල්හි සමාහිත වූ සිත දැන, අනුග්‍රහ - නිග්‍රහ සතුටු කිරීම් ආදියෙහි නොයෙදී එකෙණෙහි ම සිත මධ්‍යස්ථ කරගැනීම ම කරන්නේය.
ඉදානි “කිම්හි කාලම්හි පග්ගාහො”ති පුට්ඨගාථං නිගමෙන්තො “එවං කාලවිදූ ධීරො”තිආදිමාහ. කාලෙන කාලං චිත්තස්ස, නිමිත්තමුපලක්ඛයෙති කාලානුකාලං සමාධිසම්පයුත්තචිත්තස්ස ආරම්මණං සල්ලක්ඛෙය්ය, උපපරික්ඛෙය්යාති අත්ථො. සෙසං සබ්බත්ථ පාකටමෙව. එවං අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසීති.
දැන් කිම්හි කාලම්හි පග්ගාහො යි විමසූ ගාථාවට නියමිත පිළිතුර දෙමින් එවං කාලවිදූ ධීරො යන ගාථාව කියන ලදී. කාලෙන කාලං චිත්තස්ස නිමිත්තමුපලක්ඛයෙ යනු කලින් කලට සමාධි සම්ප්‍රයුක්ත සිතේ අරමුණ සලකා බලන්නේ ය. විමසා, පරීක්ෂා කර බලන්නේ ය. සෙසු පදයන්ගේ අර්ථ සුගමය. මෙසේ අර්හත්භාවය දැක්වීමෙන් (හෙවත් අර්හත් බවට ශ්රාවකයා යොමුකරමින්) සූත්‍රය නිමා කළ සේක.
සද්ධම්මප්පජ්ජොතිකාය මහානිද්දෙසට්ඨකථාය
සාරිපුත්තසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
දාසයවන සාරිපුත්ත සූත්‍ර නිද්දේස වර්ණනාව නිමියේ ය.
අට්ඨකවග්ගවණ්ණනා නිට්ඨිතා.
සද්ධම්මප්පජ්ජොතිකා නාම මහානිද්දෙස-අට්ඨකථා නිට්ඨිතා.
මහා නිද්දේස වර්ණනාව සමාප්තයි.